category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.12.18
http://peoplesforumsl.blogspot.com/
කල්ලුම‍ලේ වත්‍‍තේ, ලයිසන් රා - කැන්ටිම
janasansadaya
රාජපක්ෂ ‍‍ගේමතට තිත ‍කෙතරම් දුරට සාර්ථකව පවත්වා‍ගෙන යනවාද කියන එකට ‍හොද උදාහරනයකි කල්ලුම‍ලේවත්‍තේ රා කැන්ටිම.ප්‍රදේශවාසීන්පවසන අන්දමට, රාජපක්ෂ ආණ්ඩු‍වේ පූර්ණ සහය ඇතිව, බලපත්‍ර ලබා‍ගෙන පවත්වා‍ගෙන යන මේරා කැන්ටිම පිහිටා ඇත්‍ තේ, බදුරලිය ‍පොලිස් වස‍මේ, කල්ලුම‍ලේ වත්‍‍තේය.ගම්මු පවසනඅන්දමට ‍මෙවන් රා කැන්ටිමකට අවසර ‍දෙන්‍‍නේ අක්කර 150 කට වැඩි පවුල් 18කට වැඩි වතුවලටය.නමුත් අක්කර50ක පවත්වන ‍මේ වත්‍තේ සිටින්‍‍නේ, එක පවුලයි. වත්‍‍තේ හිමි කාරිය ශ්‍රියානි බස්නායකනැමැත්තියකි.
BLOG
2014.12.18
http://peoplesforumsl.blogspot.com/
කොන්ක්‍රීට් පාර දැම්‍මේ ‍ගේ යට‍වෙන්න. පළාත් සභා පංත්‍රී නිහාල් ‍‍දේ‍වෙන්ද්‍රගේ ‍නි‍යෝගයක්.
janasansadaya
තම නිවස වැසිජල‍යෙන් යට ‍වෙන ආකාරයට ප්‍රමිති‍යෙන් ‍තොරව පාරට ‍කොන්ක්‍රීට් දැමු‍වේ - හිටපුසභාපති වත්මන් පළාත් සභා මංත්‍රීවර‍යෙක් වන නිහාල් ‍දේ‍‍වේන්ද්‍ර නැමැත්තා බවත්,ඔහු තමාට අසභ්‍ය වචන‍යෙන් බැන වැදුනු බවත් - ලිඛිත පැමිණි‍ල්ලක් මගින් ප්‍රකාශකරසිටින්‍‍නේ, පානදුර ‍බෙක්කේගම, පද්මලතා මහත්මියයි.සිය වි‍රෝධතාවය‍නොතකා, ප්‍රමිති‍යෙන් ‍තොරව පාරට ‍කොන්ක්‍රීට් දැමීම නිසා, ‍මේ දිනවල වැස්සට තමනිවස යටවන බව, පානදුර ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නද කිසිම පියවරක් ‍නොගන්නා බවඇය සිය පැමිණිල්ලෙන් කියා සිටී.
BLOG
2014.12.27
http://amaleymunasinghe.blogspot.com/
එන්න, අපි කතා කරමු
කඳු
වෙනසක් ඇති කරමු. මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු. මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොටලියනවා වෙනුවට ලියැවෙන දේවල්ඇති කොටඅඬනවා වෙනුවට ඇඬෙන දේවල්ඇති කොටපැමිණෙන්න අපි කතා කරමුසීතල කුණාටුවකදිත්පන්නරය ලබන හැටි වානේඑන්න, අපි කතා කරමුමිතුරනි, පුවත්පත් කරනාකොතරම් දුක්ඛිතද ඔබේ අකුරුව්‍යාජයන් පසුපස හඹා යන කලසොයා ගත නොහැකි තරමටගනඳුරක්ද හදවතහඬා වැළප ගෙවුණු යුගවලසිටි නමුත් ඉන්නක් මෙන් සිටගෙන නොසැල එක දිගටදියාරුව යන්ට නොදෙනෙක හදවතමොනතරං අපහසුද දුෂ්කරදමල් පවා නැවී ගඟ දියටපෙති විසිර යන කල දිය සැඩටආදරය සෙනෙහස පවා රිදුම් දෙනවැති මිතුරදුයිෂෙන්ලා එලවලා ඈතටරජවෙලා පල්හොරුන් ගුරු ගෙයඉහළ අස්සනින් තටු ලැබකවරක් උගන්නන්නෙහුදසොරකම පටන්ගන්නා 'යුරුදකුණාටුවක් වෙලා වත් අපටපුළුවන්ද ශුද්ධ කරන්නටතැන තැන ලෙය පිරුණුකිණිසි තුඩු විසිරි බිමඑන්න, අපි කතා කරමු මිතුරPicture -Ikenaga Yasunari (Japanese, Contemporary, b.
BLOG
2014.12.27
http://amaleymunasinghe.blogspot.com/
*
කඳු
ඤාණ ප්‍රභාව ප්‍රලේඛන ප්‍රතිභාසුරකිමු අප සෙවණින්බුද්ධි සුභාව විද්‍යාව කලාවඔසවමු අප දෑතින්ගීත සුගීත සුභාවිත විද්‍යාකීර්ති සුලක්ෂණ නිමැවුම් ධාරාතෙලිතුඩ පන්හිඳ සල රූ මාලානව්‍ය විභූතිය විදු දිය සීරාසුරකිමු අප සෙවණින්ඔසවමු අප දෑතින්රට දැය නැඟුමට මං පෙත් පාදානැණ ගුණ මණ්ඩල රැක එක සේමාඅපි මුළු ලෝකෙට පහනක් වන්නෙමුපහනේ එළියෙන් තරු දල්වන්නෙමුදල්වමු නැණැස් පහන්රැක දෙමු මිනිස් දහම්Picture -Landon Mackenzie (Canadian, b.
BLOG
2014.12.24
http://amaleymunasinghe.blogspot.com/
ස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන!
කඳු
* සක්‍රීය ලෙස දුරකථනයක් භාවිත කිරීමට නියම වෙයි.කථනය ගඟට විසි කරබෝ කලක් ගෙවුණි සකිසඳදියට වන් කල හස වසඟ මිසවුණිද කිසිවක් රළ කලම්බනකුරුලු ගීයක් මිසක සුන්දරනිදන කල සිත නඳන කර නැතසිඳඟනට මිස නොආ හැකි වියනිදන කුටියට බිළිඳු කඳුකරකඳු පලස් මත අතුරනා කලනුබ ළඳුන් සිය දිය පෙරෙන කෙසමගේ හදවත තබන පියහඬගීතයක් වී වැයුණි වන ගැබපියාණෙනි දැන් මා මුදා හැරස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන.
BLOG
2014.12.24
http://amaleymunasinghe.blogspot.com/
හදවත රෝස මලක්!
කඳු
හදවත රෝස මලක් බවදැන උන්නෙමි මම කලෙක සිටකවා සරළ සුගන්ධයනලමුදු සුවඳ මනකලඔබ වැතිරෙන්න කඳු යාය මත මිතුරසීත කල වැසි සිඹින කල අහසPicture -Guan Zeju.
BLOG
2014.12.24
http://amaleymunasinghe.blogspot.com/
මා මරා රන් කගක්..
කඳු
ලේඛකයා මරා දැමූ තැනින්රන් නෙළුමක් උපන්නෙයඑක අකුරක් පවා වැළපෙනසමුදුරු ගොසක් ඇසෙන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයමා මරා රන් කගක් උපන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයනිදහසක් ඉල්ලා වැළපෙනඑක අකුරකුදු නොම විරත විලසටමහ හඬින් හඬන්නෙයදුරුතු වැසි වසින්නෙයරන් මලක් පිපෙන්නෙයමිය යන්ට ඉඩ නොදෙනරන් මලක් පිපෙන්නෙයPicture -Karen Hollingsworth, from Atlanta, Georgia.
BLOG
2014.12.22
http://amaleymunasinghe.blogspot.com/
යළිත් මට මා හමුවෙයිද?
කඳු
මට මා යළිදුකිසි දිනෙක සොයා ගත හැකි වෙදඉස්තරම් කපු සාරියකින් වැසීසාරි පැහැයෙන් වොරඳ අබරණ සමඟවෙන් වූ කුටියක උස් වූ පුටුවක හිඳබරසාර ලිපි ගොනු එකින් එක පෙරළමින්සියෙරානුලියාවේ චෙක්පත්වලට අත්සන් තබමින්අලවා ගත් මුවින් යුතුව සෘජු බැල්මක් දරමින්අහෝ අසරණයෙක්මි,සහෝදරයාණෙනි යළිත් මට මා හමුවෙයිදකැලෑ කෙල්ලැයි ඔබ සිනාසෙන විටඋස් කඳු මුදුන් මත දුව පනිමින්දුනු විද රළ විදින ජල කලාපයන්ටඅකුරු විසි කළ ආකාසයටසම්ප්‍රාප්තව ඇත තුඟු තාප්පකොම්බුවක් පවා මිහිදන්වහුස්මහිරවෙන කල අකුරුවලනිදහස යැයි තිබුණිද යමක්ගිලා බසියි එය සමුදුරු පත්ලටහඬ නඟමින් තෙරපෙමින් ඉහළ අහසට මඟ බලමින්සියෙරාලියනු මිටියාවතක නලමුදු සුවඳ සුපතමින්දිය රළකට අසුව අඳුරු පතුලකට ගසා ගෙන යමිනිර්වාණයේ දොරටුවෙන් බොහෝ ඈතකට විසි වෙමිඅනුකම්පාවෙන් වෙළෙමිසහෝදරයාණෙනිමම බොහෝ රහස් දනිමිවදනකුදු දොඩන්නට නොහැකිඅගුලු ලූ ලවනින් පසු වෙමිPicture -Evgeny Mukovnin.
BLOG
2014.12.19
http://amaleymunasinghe.blogspot.com/
නිල් කට්රොල් මල්
කඳු
නිල් කට්රොල් මල් අතු අග පිපිලානිලට නිලෙන් සැරසෙන්නේමල් මකරන්ද සුගන්ධ උරාලදපිනිබර සුළඟ හමන්නේසුළඟට විසිරෙන කියුඹු තුඩින් තුඩළය මත නිතොර රඟන්නේනිල් මල් සුවඳට මත් වුණු මුවරදමන්ද අමන්දැර යන්නේකන්කලු නන්දන මිහිර සරින් සරමල්බර උයන ගයන්නේඋවන සුරංගන ගයනා ගීයටකවුරුද අතහැර යන්නේමන්ද ඉතින් තව පෙම්බර හද මතනොනිදා තවම නිදන්නේනයනග කැලුමට ගර්හිත තරු නුබතිමිරත සැඟව ඉඳින්නේඅංජන කල්ක උලා රන් පුරසඳපංකජ විලිබර වන්නේමන්ද ඉතින් තව ගංතෙර දිය මතසළුව ලිහා නොනිදන්නේPicture - Josephine Wall.
BLOG
2014.12.18
http://amaleymunasinghe.blogspot.com/
යාදේද ඉතින් ගම්බිම්
කඳු
නිල් මල් බිසව්අසන් මෙ'පවත්යාදේද ඉතින් ගම්බිම්මල් සිඳුණු උයන්වියැකූ වැසිකම්යාදේද ඉතින් ගම්බිම්ගනඳුරක ගෙබිම් මිදුලස මල් බිම්නුඹෙ සුවඳ ගෙනෙන මුදු සුළඟ සිඹිම්මියුරස මධු පෙම් වියැකුණු මැදියම්ගන රැයකදි මං ගන තිමිර ඉරම්නිල් මල් බිසව්අසන් මෙ'පවත්යාදේද ඉතින් ගම්බිම්විල් මත මනරම් බොඳ කර හද මංයාදේද ඉතිං ගම්බිම්Picture - Charles Francois Daubigny.
BLOG
2014.12.18
http://amaleymunasinghe.blogspot.com/
ගසට හැකි නම්..
කඳු
ගසට හැකි නම් කඳු මුදුන් ළඟ තනි වෙලා ඉන්නඋසට උස යන අඩි පාර ළඟ නැවතිලා ඉන්නගඟ විලාසන ලෝල ලාලන අතර එක වන්වපුරුදු විදිහට සුළඟ ආ කල - මිදුණු පත් හා නුබට ඉගිලෙන්න.නුඹට හැකි නම් ඒ වගේ වෙන්න - විසිරෙනා පත අරුත පසිඳන්නගසක් වාගෙම පත් විසුළ කල හිනැහිලා ඉන්නPicture -කඳු @ Bibile.
BLOG
2014.12.17
http://amaleymunasinghe.blogspot.com/
හඬන සිත - කවියක්ය
කඳු
මුහුදු දිය හා බද බදා පොරනැඟෙන කල රළ හඬ නඟාකුමක්දෝ ඔබ ගයන්නේසිතාරය අත අවුලුවාහිත බිඳ බිඳා..කැඩුණු තත් අග නොලිව් කව් පැදිදහසක්යබිඳුණු හිත් ළඟ කඳුළු කඳු මුහුලක්යමුහුලක්ය මුදුනක්ය මුහුදක්යහඬන සිත - කවියක්යලියෙන පද අග මිදෙන තරමට සුසුමක්යකියන කවි ගී අතර ලිහි සුවඳක්යසුසුමක්ය සුවඳක්ය සුළඟක්යබිඳුණු පෙම - සයුරක්යPicture -Andrew Astrochenko.
BLOG
2014.12.24
http://sinduwagemiyasiya.blogspot.com/
කූට දත්ත මසුරු වෙළෙන්දූ - වෙළඳ සුරින්දූ
වයලීනෝ
කැම්පස් ගියාම එපාවෙන ප්‍රධානම අප්සැට් එකක් තමයි දිව පිනන අම්මා අතින් උයන කෑම පිඟාන මිස් වෙන අවුල . වයලීනෝගේ ගෙදරත් කෑම උයන්නේ මාතර පදමට නිසා වයලීනෝ කොහෙන් කොහොම කෑවත් ලුණු ඇඹුල් මිරිස් තුනපහ ගැන මනා විමසිල්ලෙන් ඉන්නේ . ගෙදරනම් ලුණු පොඩ්ඩක් මිරිස් පොඩ්ඩක් එහා මෙහා උනාම දන්න අඩව් කස්තිරම් ඔක්කොම අල්ලනවා .ලීඩර් ෂිප් ට්‍රේනින් එකට ගිය දවස්වල ඒකෙ වෙන මහන්සියයි , මහන්සිය නිසාම හැදෙන බඩගින්නයි නිසා දෙන ඕන මගුල කාලා දැම්මා . ඒත් ඒ පුරුද්ද ආයෙත් අප්සැට් උනේ කැම්පස් ගියාට පස්සේ . හම්මේ කැන්ටිමේ බත් එක . කියලා වැඩක් නෑ . දිව්‍ය බෝජන පරාදයි , කිව්වේ දෙවියන්ගේ කුස්සියේ වැඩ කරන එකා කන කෑම එක පරාදයි .ඒ නිසාම වයලීනෝ කටින් කකා හිටපු කෑම පිටින් කන්න පටන් ගත්තා . ඔහොම පිටින් කන්න පටන් ගත්තට පස්සේ කැම්පස් එක කිට්ටුව තියෙන කෑම කඩ ඔක්කොම වගේ පරීක්ෂා කරා වේල වේල ගානේ කාලා . පස්සේ කඩ දෙකක් පරීක්ෂණයෙන් සමත් උනා .ඔයින් එක කඩයක් කරන්නේ අක්කා කෙනෙක් . අක්කා කෙනෙක් කිව්වට ඉතින් මේ අක්කා එයාහේ හස්බන්ඩා අයියත් එක්ක තමා කඩය කරගෙන යන්නේ . දවසක් අක්කා ගාව මාරු සල්ලි නෑ කියලා මගෙන් කෑම එකට සල්ලි ගත්තේ රුපියල් 10ක් අඩුවෙන් . පහුවෙනිදා මම කෑවේ අනිත් කඩෙන් . ඊටත් පස්සේ දවසේ ආයෙත් මේ අක්කගේ කඩෙන් කාලා සල්ලි දෙනකොට අක්කට මම කිව්වා " අක්කේ ඉතුරු සල්ලි වලින් තව දහයක් ගන්න පෙරේදා සල්ලි අඩුවෙන් ගත්තේ " කියලා . ඉතින් අක්කා සල්ලි අරගෙන මට ටැංකු මල්ලි කියලත් කිව්වා .බත් කඩේක අක්කෙක් ටැංකුයි කියලා කිව්වමයි . පස්සේ මම දිගටම ඒ කඩෙන්ම කන්න ගත්තා . අක්කා ඉතින් අපි අක්කා කියලා කිව්වට අපේ අම්මට වඩා ටිකක් විතර තමා වයසින් බාල . අක්කා අපෙන් හැමදාම බත් එක බෙදන ගමන් අහනවා කොහොමද මල්ලි අද උගන්නපුවා තේරුනාද . එක්සෑම් ලේසිද . කෝ අද යාලුවා දැක්කේ නැහැනේ සනීප නැතුවද . කියලත් .දවසක් මමයි මගේ කුටියයි කෑම කනකොට අක්කා ඇහුවා අද කොහොමද මල්ලි එක්සෑම් කියලා . පස්සේ මගේ කුටියා කිව්වා හම්මෝ අක්කේ එක්සෑම් කෙසේ වෙතත් නිදි මරලා එපා වෙලා ඉන්නේ කියලා . අක්කගේ මහත්තයා අයියත් එතන හිටියා සල්ලි ගණන් කර කර . අයියා කියනවා අපි දෙන්නට ," හපෝ මල්ලි ඔයාලට නිදි මරන්න තියෙන්නේ මේ ටික විතරයි . අපි දෙන්න හැමදාම නිදාගන්නේ 12ට ආයෙත් 3ට නැගිටිනවා . ජීවිතේම එහෙමම තමයි . ඔයාලා හොඳට ඉගෙන ගෙන ලොකු මහත්තුරු වෙන්න .එහෙම වෙලා කාර් එකක් එහෙම අරගෙන ඒකෙන් යන දවසට අපේ කඩේටත් එන්නකෝ මේ වගේම බත් කටක් කාලා යන්න " කියලා .මේ අක්කගෙයි අයියගෙයි මනුස්සකම ගැන මම හැමවෙලේම වගේ කල්පනා කරා . එක අතකට එයාලාගේ කපටිකම වෙන්නත් පුළුවන් ඒක . මොකද ඕක මාකටින් ට්‍රික් එකක් වගේ . මිනිස්සු එක්ක ලඟින් ආස්සරේ කරනකොට තමන්ගේ භාණ්ඩ හා සේවාවන් මාකට් කරන්න පුළුවන් දලමට . ඒත් කාලයක් ආස්සරේ කරාම හිතුනා ඒ එයාලගේ කපටිකමක්මත් නෙවෙයි කියලා . මොකද එයාලා අපිට කතා කරන්නේ අපේම නෑදෑයෝ වගේ . වෙලාවකට අම්මා තාත්තා වගේම අපිට් අවවාද දෙනවා .මේ ලඟදි දවසක් දැක්කා අක්කගේ ජීවිත කතාව පත්තරේ දාලා තියෙනවා . ඒ පත්තර කොලේ අක්කා කඩේට එන අයට පේන්න කඩේ බිත්තියේ අලවලා තිබුණා . ඉතින් දවසින් දවස බත් කන ගමන් පොඩ්ඩ පොඩ්ඩ ඕකකියෙව්වා . බලනකොට අක්කත් මාතර ඩයල් එකක් . මට කෑම එකත් අල්ලලා ගියේ අක්කලා උයන්නේ මාතර රහට නිසා වෙන්න ඇති කියලා හිතුනා .කතාවෙන් අපිව අල්ලගෙන අපිට බත් කවලා හම්බ කරන මේ අක්කයි අයියයි කූට දත්ත මසුරු වෙළෙන්දන් උනත් අක්කා මාතර කියලා දැනගත්තට පස්සේ අක්කා කොහෙද කියලා දැනගන්න හෙන උවමනාවක් තිබුණා . මම ඉතින් දවසක් ඇහුවා අක්කාගෙන් අක්කා මාතර කියලා පත්තරේට කියලා තියෙන්නේ මාතර කොහෙද අපේ මහ ගෙවල් තියෙන්නේ සිංහාසන පාරේ කියලා . පස්සේ ඉතින් යනු එනු ගැන කියනකොට අක්කා අපේ නෑයොන්ගේ ගෙවල් වලත් යන එන ආස්සරේ කරන එක්කෙනෙක් .මමත් බාගෙට මාතර පීතර කෙනෙක් කියලා දැනගත්තම අක්කා මට කියනවා " මේ පැතිවල අය දන්නේ නෑ මල්ලි බිස්නස් කරන්න . වැඩි හරියක් මෙහෙ බිස්නස් කරන අය කෝහෙද කියලා බැලුවොත් හැමෝම වගේ දකුණේ අය තමයි " කියලා .තව සිද්දියක් තියෙනවා අද ගීතයත් එක්ක බැඳුනු .උඩ සීන් එකට වඩා මටනම් මෙන්න මේ සීන් එක ආතල් . සෙනසුරාදා දවස් වලට වයලීනෝ වැඩි හරියක් සමන් දේවාලේ යනවා කියලා ගොඩක් දෙනෙක් මගේ පොස්ට් කියවන අය දැන් දන්නවා ඇතිනේ . ඔහොම ගිය දවසක බෙල්ලේ එල්ලන්න මොකක් හරි ගන්න ඕන කියලා තොරොම්බෝල් කඩ කීපයක් වටේ කැරකුනා .ඒ කැරකි කැරකි ඉන්නකොට මතක් උනේ වයලීනෝ බබා කාලේ වයලීනොගේ ආච්චිඅම්මා වයලීනොගේ බෙල්ලේ එල්ලපු ගජ්මදාරා සුරේ . ඒක මොඩිෆයි කරන්න මොකක හරි ගත්තනම් හරි කියලා හිතලා කොටි දතක් වගේ ප්ලාස්ටික් වලින් හදලා තිබ්බ අයිටම් එකක් දැකලා අතට ගත්තා .කඩේ හිටියේ අවුරුදු 30ක් විතර වෙන අයියා කෙනෙක් . ඌ නැගිටලා එතන හිටපු අවුරුදු 10ක විතර පොඩි එකෙක්ට කියලා ගියා " මම කාලා එනකල් කඩේ බලාගන්න " කියලා . මම ඉතින් අර අතට ගත්ත කොටි දත වගේ එක අල්ලන් ඒ පොඩි එකාට කිව්වා " ඔයා දන්නවද මේවායේ ගණන් කොහොමද කියලා " කියලා .පස්සේ ඒ පොඩි එකා කියනවා මහත්තයා මොකද්ද ගන්න බැලුවේ කියලා . මම ඒ කොටි දත වගේ අයිටම් එක නූලත් එක්කම අරන් ඌට පෙන්නුවම මෙන්න මූ කියාපි" මහත්තයා ඕක එකසිය හතළිහක් වෙනවා එකසියදහයට වගේ දාලා දෙන්නම් " කියලා . මම ඩිම් උනා පින්වතුනී . සමන් දෙවියන්ගේ පිහිටෙන් තමා ආයෙත් පත්තු උනේ . ඒ කඩේට අල්ලපු කඩේ හිටිය මැදි වයසේ ඇන්ටි කෙනෙක් . ඒ ඇන්ටි එවෙලේ ඇර පොඩි එකාට කතා කරලා අහනවා" ඒ කොල්ලෝ මේ සෙල්ලම් ඩෝසරේ කීයටද දෙන්න ඕන කියලා . ඌ කියාපි එතකොට ඕක දෙසිය හැටක් වෙනවා . දෙසිය තිහකට දාලා දෙන්නම් " කියලා . මම එවෙලේ ඩිම් වෙච්ච ඩිම් විල්ල පත්තු උනේ ආයෙත් ගෙදර ආවටත් පස්සේ . මම ඇර කොටි දත් අයිටම් එක අරගෙන එකසිය හතළිහම දුන්නා පොඩි එකෙක්නෙ කියලා . මෙන්න ඌ මට තිහක් දීලා කියනවා කමක් නෑ මහත්තයා එකසිය දහය ඇති කියලා . මූ ලොකු උනාම යකෝ සමන් දෙවියොත් මාකට් කරන සයිස් එකේ එකෙක් .ඔන්න ඔහොමයි වෙළඳාම කියන එක . බස් එකකට නැග්ග වෙලේ ඉඳලා කී දෙනෙක් කීයක් ඒවා වෙළඳම් කරනවද . ඒවා ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැනේ . පහල ඇති එහෙම වෙළඳාම් කරන කීප දෙනෙක් බස් එකේ බෙදන කොළ වල ෆොටෝ දෙක තුනක් මම ගත්ත ඒවා .මේවා ඔක්කොම එක්ක මට මතක් උනා මෙන්න මේ ගීතය මේ සිද්දිත් එක්ක ගැළපෙනවා කියලා . අද මේ ලිව්වේ ගීතයේ තේරුම කියා දෙන්න නම් නෙවෙයි . මට ඕන උනේ වැඩිපුර ඇහෙන්නේ නැති මේ ගීතය ඔයාලට මතක් කරලා දෙන්න විතරයි .සත් මුතු පරපුරක් පුරාපුන් සඳ වූ වෙළඳ පුලඹරේකූට දත්ත මසුරු වෙළෙන්දූවෙළඳ සුරින්දූසිනහ සපිරි මුසා බසින් හිත රවටන්නානෙත පිනවා හිත රවටා අත පුරවන්නාපින් නොලදත් දන් දෙන්නට තරඟ වදින්නාකූට දත්ත මසුරු වෙළෙන්දූවෙළඳ සුරින්දූනුවරුන්ගේ දුක් ගින්දර සංසිඳවන්නාසුරලොව සැප සැනෙකින් මිහි මතට ගෙනෙන්නාකල දුටු කල වල ඉහිනා සිරිත රකින්නාකූට දත්ත මසුරු වෙළෙන්දූවෙළඳ සුරින්දූගායනය - අමරසිරි පීරිස් මහතාමේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ ටිකක් ඉස්සර කාලේ . වී ජේ මු ලොකුබණ්ඩාර මහත්මයා කථානායක වෙලා ඉන්න කාලේ කථානායක නිල නිවස ඉස්සරහා දෙසැම්බර් 31 දවසක සංගීත සංදර්ශනයක් පවත්වපු එකක් ටීවී එකේ පෙන්නුවා . ඒක සංගීත සංදර්ශනයක් කිව්වට බුංගු හුචාන් එකක්මත් නෙවේ . හොඳ අහන්න පුළුවන් ගීත තමා ගායනය කෙරුනේ . මෙන්න මේ ගීතය මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ එදා තමයි . ඒක අලුත් සහ සිත් ගන්නා සුළු නිසා මතකයේ රැඳුනා . ඒත් ආයෙත් ගීතය හොයාගන්න ඒ කාලේ නෙට් වත් තිබුනේ නෑ . රේඩියෝ වලත් මේ ගීතය වැඩිය වාදනය වෙනවා ඇහුනේ නෑ .ලියන්න ඕන කියලා හිතුන නිසා හොයලා බලනකොට තමා ගීතය හොයාගත්තේ . එහෙනම් ඔයාලත් අහලා බලන්න . තේරුම මොකක්ද කියලා අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ . සරල පදවැලක් වගේම සරල සංගීතයක් තමයි මේකේ තියෙන්නේ . සංගීතය සහ පද රචනය කවුද කියලා හොයාගන්න උනේ නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න .එහෙනම් ආයෙත් මොකක් හරි ලියාගෙන එන්නම් . ගීතයත් අහලාම යන්නඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා .
BLOG
2014.12.22
http://sinduwagemiyasiya.blogspot.com/
ඇත් සොහොන් සංකල්පය
වයලීනෝ
පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා .දවසක් ඔහොම එනකොට අපේ ත්‍රීවිල් එක ඉස්සරහට ආවා අපේ සබරගමුව මහ සමන් දේවාලේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොයම් කපාගෙන වී කරල් මිටිය දේවාලෙට වැඩම කරවන පෙරහැර . මම ඉතින් නින්ද පැත්තක තියලා ත්‍රීවිල් එක නවත්තන්න කියලා පෙරහැර යනකල් බලාගෙන හිටියා මට මතකයි . මේ අලුත් සහල් මංගල්‍යය ගැන මම ඉස්සර මගේ බ්ලොග් එකේ සවිස්තරව ලිව්වා .මෙන්න මේ ලිපියේ ඇති ඒ චාරිත්‍ර වාරිත්‍ර ගැන . අලියෙක් පිටේ තමයි මේ වී කරල් මිටිය වැඩම කරවන්නේ . එවෙලේ ඔන්න ඔය අලියා දැකලා අපේ තාත්තා කිව්වා " ආ අද ටවුන් එකේ කට්ටිය කතා උනා ඇහුනා ඇන්ටන් අප්පොගේ අලියෙක් වලව්වේ ටොයිලට් වලක් කඩාගෙන වැටිලා මැරිලා " කියලා .ඇන්ටන් අප්පෝ කියන්නේ මෑත කාලයේ සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනය කරපු බස්නායක නිලමේ තුමා . දැනට අවුරුද්දකට කලින් වගේ එතුමා මිය ගියා . එතුමා තමයි දේවාලේ ගොඩක් ඉඩම් එහෙම නිරවුල් කරලා පූජා නගර ව්‍යාපෘතිය යටතේ දේවාලේ තියෙන ගරාවැටුන ගොඩනැගිලි අලුත් කරලා , තාප්ප බන්දලා දේවාලේ හැදුවේ . එතුමාට අලි ඇත්තු හිටියා . දළදාව වැඩම කරවපු සුප්‍රසිද්ධ " රත්නපුර මුද්දුව වලව්වේ විජේදන්ත " කියන ඇතා මෙන්න මේ ඇන්ටන් අප්පොට අයිති ඇතෙක් .කොහොම හරි මට කියන්න ඕන උනේ අලියෙක්ගේ මරණයක් ගැන අහන්න මට ලැබුණු වඩා........ත්ම පරණ මතකය තමයි මම අර කලින් කිව්ව අලියා වැසිකිලි වලක් කඩාගෙන වැටිලා මිය යාම .ඒ සිද්දියත් කියාගෙනම අද මේ කියන්න යන්නේ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව ලිව්වට පස්සේ ලියන්න ඕන කියලා හිතුන අලි ඇතුන්ගේ ආයු කාලය සහ මරණය එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇත් සොහොන් කියන සංකල්පය ගැන .මේක ලියන්න යොදාගන්න තොරතුරුත් එක්කම අලි ඇත්තු ගැන වැඩිපුර තොරතුරු මම හොයාගත්තේ අපේ කැම්පස් එකේ ලයිබ්රියට රිංගලා කියවපු පොත් පත් වලින් . සහ අලි බලන අයියලා මාමලා සීයලා එක්ක කරපු කතාබහ වලින් මම එකතු කරගත්ත කරුණු වලින් .අලියෙක්ගේ ඇතෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අද කාලේ මනුස්සයෙක්ගේ ආයු කාලයට ආසන්න වශයෙන් සමානයි . හීලා අලි ඇත්තු සාමාන්යෙන් අවුරුදු 65 - 75 අතර කාලයක් වගේම කැලේ ඉන්න අලි ඇත්තු අවුරුදු 70 - 80 අතර කාලයක් ජීවත් වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා .සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ අලින්ගේ දන්ත වින්‍යාසයයි දත්වල වර්ධනයයි ඇතෙක් වගේනම් එයාගේ දල දෙකේ වර්ධනයයි දල දෙකේ පරිධියයි එයාලගේ උස සහ කකුලේ පරිධිය වගේ මිනුම් අරගෙන . ඒ වගේම ආසියාතික අලින්ගේ වයස නිර්ණය කරන්න උපයෝගී වෙනවා එයාලගේ ඇඟේ වයසත් එක්ක හැදෙන ගෝමර නැත්නම් අලි බලන අය නම් කියන්නේ කබර හැදෙනවා කියලා . මෙන්න මේ ගෝමර වල වර්ණයේ තීව්‍රතාවය , ගෝමර ගණන වගේ දේවල් .වයසට යනකොට අලි ඇතුන්ගේ මුහුණ ගිලාබැහැපු බවක් , කන් දෙකේ තියෙන පෘෂ්ටිමත් බව නැති වීමත් ඇස්වල තියෙන දීප්තිමත් බව අඩු වීමත් වගේ දේවල් වෙනවා . ඇත්තුන්ගේ නම් සමහර වෙලාවට දලයේ ඇතුලේ තියෙන ගජමුතු ගැලවිලා දතේ කුහරයේ එහා මෙහා හෙලවෙන නිසා ඇතා මුණ හොලවනකොට දලෙන් ඇහෙනවා ඒ ගජමුතු පෙරලෙන සද්දේ ටක ටක ගාලා . වයසට ගියාම අලි ඇත්තු රළු ආහාර වලින් අයින් වෙනවා .කැලෑවල් වල ඇත් සොහොන් කියලා අද වෙනකොට හොයාගෙන තියෙන ආසියාතික සහ අප්‍රිකානු කියන ඇත්සොහොන් දෙවර්ගයම වැඩි හරියක් පිහිටලා තියෙන්නේ වතුර වැඩිපුර තියෙන තෘණ වර්ග වැඩිපුර තියෙන ප්‍රදේශ වල . තෘණ කියන්නේ හරක් කන තෘණ නෙවේ . ඊට වඩා උසින් වැඩි මානා වගේ තෘණ වර්ග .ඒ කියන්නේ වයසින් වැඩි වෙනකොට අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න පෙළඹෙනවා . පස්සේ ඒ කිට්ටුවම වගේ තමයි මිය යන්නේ . ඒ අනුසාරයෙන් තමයි ඇත් සොහොන් නිර්මාණය වෙලා තියෙන්නේ .අලි ඇත්තු මිය යන්න තවත් රෝග ගොඩක් හේතු වෙනවා . ප්‍රධානම හේතුව තමයි ආහාර නොදිරවීම . බර ආහාර වර්ග උනත් බර නැති ඒවා උනත් කාලයත් එක්කම ආහාර දිරවන්නේ නැති වෙනවා .ඒ වගේම ඊළඟ හේතුව තමයි කොච්චර හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියත් මෙයාලගේ දත් ගෙවිලා ගිහිල්ලා කෑම හපන්න බැරි වෙනවා . එතකොට මෙයාලා කන්න බැරුව මන්ද පෝෂණය වගේ හැදිලා මිය යනවා . අලි ඇත්තු මිය යන්න හේතු වෙන ප්‍රධානම හේතු දෙක තමයි ඔය දෙක . හීලෑ වල් ආසියාතික අප්‍රිකානු කියන කාටත් පොදුයි මේ හේතු දෙක .ඊට අමතරම අලින්ටත් අපිට වගේ ලෙඩ හැදෙනවා . මෙයාලට හැදෙනවා හෘද සනාල රෝග , වැඩිපුරම මෙයාලට ඒ වගේ හැදෙන ලෙඩක් තමයි අපිට වගේම කලෙස්ටරෝල් තැම්පත් වීම . ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපන වෙලා මිය යනවා . ආතරය්ටීස් , ක්‍ෂය , ජලභීතිකාව , පිටගැස්ම , නිව්මෝනියාව , ආමාශ ප්‍රදාහය , මුඛය සහ පාද ඉදිමීම වගේ ලෙඩ මෙයාලට හැදෙනවා . තව මෙයාලට හැදෙනවා අපිට චිකන් පොක්ස් පැපොල හැදෙනවා වගේ එලිෆන්ට් පොක්ස් කියලා පැපොල රෝගයක් . තව ආහාර මාර්ගයේ පනුවෝ හැදිලා පණුවෝ ලේ බීලා බීලා ලේ අඩුකම නිසාම අලි මැරෙනවා . ඒ නිසා අලි උනත් සෙල්ලන් නෑ . උන්ටත් මාර ලෙඩ හැදෙන්නේ . තව අලි ඇත්තු මැරෙන හේතුවක් තමයි ගෑණි බෙදාගන්න බැරුව ඇත්තු ඇත්තු හරි අලි ඇත්තු හරි අලි අලි හරි කෙලගන්න එක . අවසානේ එකෙක් මැරෙනකල්ම කෙළගෙන ඉවරයක් වෙලා ගිහින් මැරෙන වෙලාවලුත් තියෙනවා .ඉතින් මේ ලෙඩ ගැන හිතලා බැලුවම මට මතක් වෙනවා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා . වෙද මහත්තයා කියන්නේ මේ ඇතාව පයින් ඇවිද්දවන එක ඇතාගේ සෞඛ්‍යයට හොඳයි කියලා . ඇත්තටම අලියෙක් ඇතෙක් කැලයේ ඉන්නකොට දවසකට කිලෝමීටර් 4 - 5 අතර දුරක් අවිදිනවා කියලා හොයාගෙන තියෙනවා . එනිසා හීලා අලි ඇතුන්ට වඩා වල් අලි ඇත්තු හෘද සනාල රෝග වලට ගොදුරුවෙන ඉඩ අඩුයි . ඉතින් මගේ යාලුවත් ගම්පහ ඉඳලා නුවරට බෙල්ලන්විලට රත්නපුරේට පයින් එන එක අලි බලන අයට කරදර උනත් එයාගේ පැවැත්මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා .එහෙනම් දැන් අපි එමු ඇත් සොහොන් ගැන බලන්න . මේක ඉතින් අදාළ වෙන්නේ වල් අලි ඇතුන්ට තමයි . මට ඔය ඇත්සොහොන් කියන කතාව ඉස්සර අදාළ වෙලා තිබෙම නෑ . මොකද මමත් ඕක ගැන විශ්වාස කලේ නෑ . ඒත් කියවපු පොත් වල එක එක අය තමන්ගේ අත්දැකීම් වලට ලියලා තියෙන ඒවා එක්ක ඇත් සොහොන් සංකල්පය ඇත්ත කියලා කියන්න පුළුවන් . සමහර අයනම් මාස ගණන් කැලේ රැකගෙන ඉඳලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ .එයාලා කියලා තියෙන හැම දෙකම සාරාංශයක් වගේ ගත්තම මෙහෙම තමයි අලියෙක්ගේ ඇතෙක්ගේ අවසානය වෙන්නේ . මෙයාලගේ අවසානය කිට්ටු උනාම මෙයාලා ක්‍රම ක්‍රමයෙන් කැලයේ ජලාශ තෙත් බිම් වගේ තියෙන තැන් වලට එකතු වෙනවා . එයාලා ඊට පස්සේ කන්නේ ඒ තෙත් බිම් ආශ්‍රිතව තියෙන තෘණ වර්ග පොඩි පොඩි පැලැටි වර්ග . ඒවායින් ජීවිතේ අල්ලාගෙන ගියාට ඒවායෙන් එයාලට ලැබෙන පෝෂණය හරිම අඩුයි . ඊට පස්සේ මෙයාලා වැඩි හරියක් කෑම ගන්නේ නැති වෙලාවට මේ ජලාශ හෝ තෙත්බිම් වල වැතිරිලා ඉන්නවා .අලි ඇතුන්ට ඇඟේ හරි ගිනියමක් තියෙනවා කියලා කියනවනේ . එනිසා වෙන්නැති එහෙම කරන්නේ . නැත්නම් මම හිතන්නේ වයස නිසා උෂ්ණත්ව යාමනය කරගන්න අපොහොසත් නිසා මෙහෙම වෙනවා ඇති . පස්සේ එයාලා එහෙමම මැරන අයත් ඉන්නවා . සමහර අය මැරෙන්න ආසන්න මොහොතේ හිටගෙන ඉන්නකොට අනිත් අලි ඇත්තු ඇවිත් එයාට හිටගෙන ඉන්න සපෝට් කරන්න වගේ හේත්තු වෙලා ඉන්නවා ඒ මැරෙන එක්කෙනාගේ වටේට . පස්සේ පන ගියාට පස්සේ වටේ අය අයින් වෙනකොට තමයි මැරුන කෙනා බිමට වැටෙන්නේ .මැරුණට පස්සේ මෙයාලගේ මස් කන්න නරි වල්ඌරෝ වගේ සත්තු එනවා . ඊට පස්සේ ඉතුරු මසත් දියවෙලා දිරලා ගියාම අනිත් අලි ඇත්තු කරන්නේ මේ මැරුණු සතාගේ දල තියෙනවනම් ඒ දල එක්කෝ කඩල බිඳලා කුඩු කරලා දානවා . නැත්නම් ඒවා උස ගස්වල මුදුන්වල රඳවනවා . ඇටකටු එක තැනකට ගෙනත් දානවා . ඔන්න ඔහොම ගෙනත් දාන තැන තමයි ඇත් සොහොන කියලා කියන්නේ .අප්‍රිකානු අලි ඇතුන්ගේ මේ ඇත් සොහොන් ගැන දීර්ඝ ලිපි ලියලා තියෙනවා පර්යේෂණ කරපු අය . ලංකාවේ වගේම ආසියාතික අලින් ගැනත් මෙහෙම ලිපි ලියවිලා තියෙනවා . ඉස්සර දේශාටනයේ යෙදුන අය ලංකාවේ ඇත් සොහොනක් ගැන කියනවා . ඔයාලා මම කිව්වා කියලා ඉතින් හොයන්න ගිහිල්ලා වැඩ වරද්දගන්න එපා . මේක ගොඩක් ඉස්සර කාලේ තිබ්බ වාර්තාවකට අනුව කියන්නේ . ශ්‍රීපාද කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් කැලේට වැදුනම මහ ඝන වනාන්තරේ ගොඩක් ඈතුලේ තවත් ඇතුලේ ඇතුලේ පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන තවත් ඇතුලට ඇතුලට ගියාම ඇත් සොහොනක් තිබිලා තියෙනවා .ඇත් දල එකතු කරන්න හොඳ තැනක් කියලා කියනවා ඇත් සොහොන් . ඒ නිසා මිනිස්සු ඇත් සොහොන් හොයාගත්තම කොනක ඉඳන් එතන සුද්ද කරනවනේ . ඉතින් අලි ඇත්තු තමන්ගේ පූජනීය ඇත් සොහොන් පිහිටලා තියෙන තැන් වෙනස් කරලා තියෙනවා කියලත් මේ ගැන පර්යේෂණ කරපු අය වැඩි දුර විස්තර කරලා තියෙනවා . එහෙනම් එච්චර තමා අලි මරණ ගැන කියන්න තියෙන්නේ .මම කලින් පෝස්ට් එකක කියලා ඇති කමෙන්ට් එකකට අලි නිල ගැන කියනවා කියලා . ඊළඟට අපි බලමු අලි නිල කොහොමද බෙදෙන්නේ සහ ඒවායින් මොනවද කරන්නේ කියලා . දැන් ඉතින් ධර්මරාජ ගල ගාවින් කරුණා කරනකොට කස්ටිය වයලීනොවත් මතක් කරයිනේ නේද .ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා .
BLOG
2014.12.21
http://sinduwagemiyasiya.blogspot.com/
ගෙඩි සියයක් බිම හෙළුවත් !
වයලීනෝ
මේ දවස්ටිකෙම දිගට දිගට දිගආආආආආආආආආආට යක්කු භූතයෝ පෙරේතයෝ කුම්භාන්ඩයෝ ගැන ලිව්ව නිසා අද හිතුවා තවත් ගීතයක් ගැන ලියන්න ඕන කියලා . මියැසියේ රස කතා උනාට දැන් මේක මියැසියේ බලි කතා වෙලානේ නේද මෙයාලා . මේ ගීතය ඉතින් ඉස්සර ඉඳල ඇහුවට මොකද ලියන්න ඕන කියලා හිතුනේ දැනට මාස දෙක තුනකට කලින් .අපේ කැම්පස් කිට්ටුව ඉන්නවා පොල් කඩන ඩයල් එකක් . මිනිහා කෑගගහා යන්නේ " පොල් කඩනවා . තැඹිලි බානවා , පොල් ලෙලි ගහනවා " කියලා . ඕක කිය කිය යන වෙලාවට අපි හිනාවෙන්නේ නැතුව ඉන්නේ හරිම අමාරුවෙන් . බෝඩිමේ ඉන්නවෙලාවට නම් නැති තැඹිලි පැළ කරලා හරි කස්ටිය එක්ක හිනාවෙනවා . හිහ් හිහ් හිහ් . ඉතින් ඔය සීන් එක්ක තමයි මේ ගීතය ගැන ලියන්න ඕන කියලා හිතුවේ . ඒ දවස්වල ඉඳලම මේ ගීතය ෆෝන් එකට දාගෙන තැනක් නොතැනක් නැතුව බස් එකේ , මහපාරේ යන එන ගමන් ඇහුවා .අපේ බෝඩිමේ මල්ලිකෙනෙක් ඉන්නවා ටිකක් සින්දු ගැන වෙනස් විදියට හිතන කෙනෙක් . මිනිහගෙන් මම ඇහුවා මේ සිංදුව අහනකොට මොකද හිතෙන්නේ කියලා . මිනිහානම් කිව්වේ පොල් කඩන අයගේ දුක ගැන තමයි කියන්නේ කියලා . පස්සේ මම දවසක් සිංදුවගෙන් ඇහුවා ඔය සිංදුව අහනකොට මොකද මතක් වෙන්නේ කියලා . සිංදුවට මතක් වෙන්නේ වෙරළු වට්ටියක් තියාගෙන පාරේ ඉන්න කෙනෙක්ලු . එකපාරටම වෙරළු වට්ටිය පෙරලිලා හැමතැනම වෙරළු ගෙඩි රෝල් වෙවී යනවා මතක් වෙනවලු .වයලීනොටනම් මේ ගීතය අහනකොටම මතක් වෙන්නේ දොඩම් ගහක් . ගහ යට දොඩම් වැටිලා තියෙනවා . හැබැයි අප්පච්චිට එක ගෙඩියක් දීලා අනිත් ඔක්කොම ළමයි ටික කනවා කියලා වගේ තමා වයලීනොට මතක් වෙන්නේ . පොඩි කාලේ මේ ගීතය ගැන ඔලුවට ගියේ එහෙම අයිඩියා එකක් . ඒවා කවුරුවත් බලෙන් ඔලුවට දැම්මේ නෑ . අපිම හදාගෙන අපිම ඔලුවට දාගෙන අපිම රසවින්දා . ඒකෙත් මාර ලල් එකක් තියෙන්නේ මෙයාලා . ඒ උනාට අද කියන්න යන්නේ මේ ගීතයට දෙන්න පුළුවන් හොඳම තේරුම කියලා මට හිතෙන තේරුම .අපේ ගෙදර වත්තේ එහෙ මෙහෙ හිටවලා පොල් ගස් කීපයක් තියෙනවා . කලින් නම් එක ළඟ එක ළඟ හිටවලා පොල්ගස් පහලවක් විතර තිබුනා . ඒත් වටේ පිටේ ගෙවල් වලට වැටෙයි කියලා බය නිසා ගොඩක් කපලා දැම්මා . දැන් තියෙන ඒවා වැටුනොත් වැටෙන්නේ අපේ ගෙදරට තමා . ඉතින් මේ පොල්ගස්වල පොල් කඩන්න කීපදෙනෙක්ම ඉස්සර ඉඳලා ආවා .මට මතක මුල්ම කාලේ පොල් කඩන්න අවේ මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි . ඒ දෙන්නාම ඇවිද ඇවිද පොල් කඩන්න යනවා . ළමයි නැද්ද කොහෙද එයාලට . ඒත් දවසකට හොඳ ගානක් හම්බ කරගන්නවා . ඒ නැන්දා පොල් කඩන තැන් වලට යන්නේ ඒ මාමා පොල් කඩලා ගන්න සල්ලි වලින් කසිප්පු බොන නිසා කියලා තමයි කිව්වේ . ඒත් ඉතින් ඒ මාමා හවසට ෂොට් එක දාගන්නවා . දැන් එයාලා දෙන්නම වයසයි . දැන් ඒ මාමා පොල් කඩන්නේ නෑ . මට දවසක් මුණගැහුනා පාරේ තණකොළ කප කප ඉන්නවා . හරක් ඇතිකරන තැනකට තණකොළ හොයලා දෙනවලු දැන් එයාලා . ඒකෙන් හම්බෙන ගානෙන් ජීවත් වෙනවලු .ඊට පස්සේ අපේ ගෙදර පොල් කඩන්න ආවේ අපේ පුංචි උගන්නන ඉස්කෝලේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක් . ඒකත් හොඳ කසිප්පු මරුවෙක් . ඒත් වැඩට දස්සයා . පොල් කඩනවා විතරක් නෙවේ . එයා ගස් කපන්න ගස් ඉරන්න වගේ දේවල් වලටත් හවුල් උනා . ඒත් බීම නිසා අගහිඟකම් තිබුනා . ඉතින් ඒ මාමගේ ළමයට ඉගෙන ගන්න අපේ පුංචි උදවු කරා .ඒ මාමගේ නැන්දත් හිටපුගමන් එනවා අපේ ගෙදර පොත් අනං මනං ගන්න නැති උනාම සල්ලි ඉල්ලන් යන්න . දවසක් ඒ මාමා කොට්ට පුළුන් ගහක අතු කපන්න ගහට නැග්ග වෙලාවේගහ කඩාගෙන වැටිලා මිය ගියා . එයාගේ පුතා කොහොමහරි ඉගෙනගත්තා . උසස්පෙළ පාස්වෙලා දැන් රස්සාවක් කරනවා . හැමදාම සිංහල අවුරුද්දට එනවා අපේ පුංචිට බුලත් දීලා වැඳලා යන්න .ඊට පස්සේ පොල් කඩන්න තව ඩයල් එකක් ආවා . හැබැයි පොරනම් ලකුණු කපා ගත්තා . ඒ කලටි පොල් වැඩිපුර කඩලා දාන නිසයි හොරෙන් පොල් මල් කපන නිසයි . මිනිහත් කසියා . මිනිහා සමහර තැන්වලින් සල්ලි ගන්නවා , උවමනාවලට පොල් මල් කපලා දෙන්නම් කියලා . දවසක් පොර ගහට නැගලා පොල් කඩලා ඉවරවෙනකොට පොල් මලකුත් බිමට වැටුනා . අපි බැලුවා මේ මොකද යකෝ මේ කියලා . පොල්වල ගානේ හැටියට දැන් පොල් මල් කපලා දාන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ . මේ තියෙන ගස්වලින් අපේ ගෙදර පොල් අවශ්‍යතාවයත් ගානට වගේ තමයි පිරිමහගන්නේ .ඊටපස්සේ මිනිහා ගහෙන් බැහැලා කියනවා පෑගිලා කැඩුනා කියලා . සද්ද නැතුව ඉඳලා පොර යන්න ලාස්තිවෙලා දැන් පොල් මලත් ගෙනියන්න අයිඩියාව . අපි ගෙනියන්න දුන්නේ නෑ . පොල් මලේ කැපුම් පාර තිබුන නිසා පොල් මලෙන් මිනිහා වටේ ලස්සනට සරසලා , මිනිහට හොඳට දෙහි කපලා , වස් දොස් දුරු කරලා යැව්වා . ඊට පස්සෙත් මිනිහා පොල් කඩන්න ආවට අපි පොල් කඩන්න දුන්නේ නෑ .ඊටපස්සේ එන පොල් කඩන අයියා තමයි දැනුත් එන්නේ . මිනිහා මාර දියුණු පොරක් . කෙලින්ම ඕඩර් එක එන්නේ මිනිහගේ ෆෝන් එකට . මිනිහ ස්කූල් වෑන් එකක් ඩ්‍රයිව් කරනවා . ළමයිටික ඉස්කෝලේ දාලා පොල් කඩන්න ඇවිදලා දවල් වෙලා ළමයිටික ආයෙත් ගෙවල් වලට ගිහින් දාලා ආයෙත් පොල් කඩන්න් යනවා . තව නිවාඩු දවස් වලට ළිං හාරනවා , ගස් කපනවා ඒවා මේවා මාර මාර වැඩ ටිකක් තමයි කරන්නේ . මිනිහා දියුණුවෙන්න දඟලන පොරක් නිසා අපේ ගෙදර අයත් පොල් කඩන්න මිනිහටම කෝල් කරලා එන්න කියනවා .ඉස්සරම පොල් ගහකට මට මතක හැටියට දුන්නේ රුපියල් 30යි . දැන් ඒක 100 දක්වා වැඩිවෙලා තියෙනවා . සමහර ගෙවල් වලින් නම් ගහකට පොල් මෙච්චරක් කියලා පොල් දෙනවා . ඒත් අපිනම් දෙන්නේ සල්ලි තමා . ඒ නිසා පොල් කොච්චරක් දෙනවද කියලා දන්නේ නෑ .අද කියන්න යන මේ ගීතය පටන් ගන්නෙත් අන්න එහෙම ගහකට දෙන පොල් ගණන කියලා තමයි . අපි එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහලා බලමුකෝ .ගෙඩි සියයක් බිම හෙළුවත්අප්පච්චිට එක ගෙඩියයිඅපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේපුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේගස් සොලවා හමා ඇදෙනසුළඟ තවත් මුරණ්ඩු වෙයිහයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේඅප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේපියෙන් පියට ඉහළට යනහැටි බලන්න බය හිතුනොත්පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...පද රචනය : සමන් ප්‍රියදර්ශනසංගීතය : ආනන්ද ගමගේගායනය : නන්දා මාලිනීපොල් කඩන කෙනෙක් ගෘහමූලිකයා වෙච්ච පවුලක් . දුවලා දෙන්නෙක් ඉන්නවා මේ පවුලේ . හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ ගෙදර අම්මා ජීවත් වෙනවද නැද්ද කියන එක . අම්මා ජීවත් වෙනවා කියලා හිතන්නත් පුළුවන් . දෙවෙනි දරුවා ඉපදුනාට පස්සේ අම්මා මිය ගිහින් නිසා දැන් බාල දරුවාව බලාගන්නේ වැඩිමල් ළමයා කියලා හිතන්නත් පුළුවන් .මගේ තවත් අදහසක් තියෙනවා මේ ගීතයට විෂය වෙන පවුල ගැන . ඔයාලා සමහරවිට දන්නවා ඇති සමහර වලව් , ලොකු පොල් වතු තියෙන තැන්වල වත්තේ පොල් කඩන්න ඉන්න කෙනා ඒ පොල් ඉඩමේම ගෙයක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ . එයාට මාසික වැටුපක් දෙන්නේ නැහැ . පොල් කැඩුවම එක්කෝ සල්ලි දෙනවා . නැත්නම් පොල් දෙනවා විකුණගෙන සල්ලි කරගන්න කියලා .මේ ගීතය ගැන හිතලා බලනකොට , ගීතයේ එක එක අවස්ථා වලදී මේ දේවල් ඔක්කොම වගේ සාධරනීකරණයකරන්න පුළුවන් .ගෙඩි සියයක් බිම හෙළුවත්අප්පච්චිට එක ගෙඩියයිඅපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේපුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේපොල් ගහක සාමාන්‍යයෙන් එක වතාවකට කඩන පොල් ගණන කාලෙන් කාලෙට ගහේ වයස වගේම බාහිර පරිසර සාධක හා ගහට ලැබෙන පෝෂණයත් එක්ක වෙනස් වෙනවා . මට පොල් කිව්වම තවත් මතක්වෙනවා පොඩිලෙවල් කරන කාලේ අපිට කෘෂිකර්මය උගන්නපු මිස් කිව්ව කතාවක් . අපිට පසේ ආම්ලික භාෂ්මිකතාවය ගැන උගන්නනකොට මිස් කිව්වා රත්නපුරේ පැත්තේ වැස්ස වැඩි නිසා කඳු උඩ පස ආම්ලිකයි කියලා . මොකද වැහි ජලයත් එක්ක ක්ෂාරීය ලවන හෝදගෙන යනවලු කඳු පාමුලට . ඉතින් කඳු උඩ පොල් හැදෙනවා හොරයිලු . කඳු පහල තමයි හොඳට පොල් හැදෙනවා කියන්නේ . ඉතින් මිස් කිව්වා මෙන්න මෙහෙම ." මම මේ ඔයලාට කියන්නේ , කවුරු හරි කිව්වොත් අනේ රත්තරන් අපි කන්දක් උඩ ගෙයක් හදාගෙන පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙමු කියලා , යන්න නම් එපා මගේ දරුවනේ . ඔයාලා කියන්න අපිට කෘෂිකර්මයට ඉගැන්නුවා කඳු උඩ පොල් හැදෙන්නේ නෑ කියලා . ඒ නිසා මට බෑ ඔයත් එක්ක එන්න . ඔයා ආම්ලිකතාවය භාෂ්මිකතාවය ගැන මොකවත්ම දන්නේ නෑ . මට ඔයා එපා කියලා " හිහ් හිහ් හිහ් හිහ් . කොහොමහරි අපිට පොල් වගාව ගැන ඕකෙන් හොඳට මතක තිබුණා .ලොකු ලෙවල් කරන කාලේ බයෝ පාඩමක් අපිට තිබුණා ජීව විද්‍යාව සඳහා මූලික සංඛ්‍යානය කියලා . ඒකෙ තිබ්බේ මොකක් හරි ජෛවීය සංඝටකයක් ගැන සංඛ්‍යාන විජ්ජාවට අනුව ගණනය කරලා වගාව ගැන සාත්තර කියනවා වගේ වැඩක් කරන්න . ඒකෙත් අපිට උදාහරණ වලට ගොඩක්ම කරේ පොල් වත්තක පොල් ගහක හැදෙන පොල් ගෙඩි ගණන වෙනස් වෙන්න බලපාන සාධක මොනවාද කියලා කරපු පරීක්ෂණ ගැන .ඉතින් ඔහොම ඔහොම පොල් ගහක ගෙඩි ගොඩක් හැදිලා ගෙඩි සීයක්ම හොඳට පැහිලා ඉදිලා බිමට නැවිලා බරවෙලා අතු........... කියලා තියෙනවා කියලා අපි හිතමුකෝ . මේ ගහේ පොල් ඔක්කොම කඩලා බිමට දැම්මත් පොල් කඩන කෙනාට දෙන්නේ එක ගෙඩියයි ගහට නැග්ගට කුලිය විදියට . ඉතින් මේ පොල් කඩන කෙනාගේ ලොකු දුව , තමන්ගේ නංගිට කියනවා "නංගියේ අපේ තාත්තා පොල් ගහකින් ගෙඩි සීයක් බිමට දැම්මත් ලැබෙන එක පොල් ගෙඩිය හන්දියේ තියාගෙන විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් තමයි අපිව ජීවත් කරවන්නේ . ඒ නිසා පොල් ගෙඩියේ වතුර බොන්න ඕන කියලා අඬන්න නම් එපා කියලා .මෙතන ගීත රචකයා පුංචි ලිඳක් ගැන සඳහන් කරනවා . මට මතක හැටියට පුංචි ලිඳේ වතුර රසයි කියලා අහන තේරවිල්ලට උත්තරේ විදියට අපි පොඩි කාලේ කිව්වේ තැඹිලි කියලා . ඒත් මේ ගීතයේ හැටියටනම් කියවෙන්නේ පොල් නැත්නම් කුරුම්බා කියලා නේද . ඔයාලා මොකද කියන්නේ පොල්ද තැඹිලිද . . එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් . :p :pගෙඩි සියයක් බිම හෙළුවත්අප්පච්චිට එක ගෙඩියයිකියලා කියන පද දෙකෙන් අපිට පේන්නේ ධනපති පංතිය විසින් නිර්ධන පංතියට සලකන පහත් ආකාරය ගැන . ගහෙන් ගෙඩි සීයක් කැඩුවොත් ඒවා විකුණලා ගහේ අයිතිකාරයා ලොකු මුදලක් ලබනවා . ඒත් ජීවිතය පරදුවට තියාලා පොල් කඩන්න ගහට නගින මනුස්සයාට දෙන්නේ එක පොල් ගෙඩියයි .අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේපුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේඉතින් නිර්ධන පංතියේ ජනතාව ජීවත් වෙන්න කරන ජීවන අරගලය මේ ගීතයේ මේ පද දෙකෙන් කියවෙනවා කියලා කියන්න පුළුවන් . තාත්තා පොල් කඩලා කුලිය විදියට ලැබෙන පොල් ගෙඩි ටික ගෙනාවම අම්මයි දුවලා දෙන්නයි හංදියේ තියෙන මැස්සේ තියාගෙන නැත්නම් බිම්ම තියාගෙන මේ පොල් විකුණලා සල්ලි හොයාගෙන ඒ සල්ලි වලින් තමයි ජීවිතය ගැටගහ ගන්නේ ." දැන් ගෙදර සල්ලි ඉවරවෙලා කන්න ගෙනාපු කෑම ජාතිත් ඉවර වෙලා . ඉතින් මේ ගෙදර පොඩි කෙල්ල අඬනවා බඩගිනියි කියලා . දෙන්න තියෙන්නේ පොල් ගෙඩියක් බිඳලා පොල් වතුර තමයි . ඒත් නංගියේ මේ පොල් ගෙඩිය බින්දොත් අපිට සල්ලි කරගන්න තියෙන එක පොල් ගෙඩියක් අඩු වෙනවා . ඒ නිසා අඬන්න එපා " කියලා අක්කා නංගිට කියනවා .මට කලින් කියන්න බැරි උනා තේරවිල්ලත් එක්කම මට හිතෙන තව දෙයක් ගැන . පුංචි ලිඳේ වතුර රසයි . ඒ කියන්නේ මෙතන බොන්න පුළුවන් පොල් ගෙඩි ගැන තමයි කියන්නේ . ඒ කියන්නේ කුරුම්බා ගෙඩි වෙන්න ඕන . කුරුම්බාවලට කිට්ටුයි කියන්නේ පොල් කලටියි . ඉතින් ගස් අයිතිකාරයා පොල් කඩන කෙනාට දෙන්නේ පැහුන පොල් නෙවෙයි . කලටි කුරුම්බා ගෙඩි . එතනත් මේ ගීතයෙන් පේන්නේ අපේ සිංදුවා වගේ ධනපති පංතියේ හාම්පුතාලා නිර්ධන පංතිය පාගා පොඩි කරදමන ආකාරය නේද පිංවතුනී.......... හිහ් හිහ් හිහ්ගස් සොලවා හමා ඇදෙනසුළඟ තවත් මුරණ්ඩු වෙයිහයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේඅප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේදැන් මෙතන ගීත රචකයා කියනවා ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙන්න පුළුවන් නිසා තාත්තා ගහේ ඉන්න වෙලාවට හයියෙ හුස්ම ගන්න එපා කියලා . ඔතනින් තමයි මම හිතන්නේ මේ පවුල ජීවත් වෙන්නේ පොල් වත්තක් එක්කම තියෙන නැත්නම් පොල් වත්තේම තියෙන ගෙදරක කියලා . මොකද පොඩි වයසක ගෑණු ළමයෙක් පොල් කඩන්න යන යන තැන එක්කගෙන යයි කියලා හිතන්න අමාරුයි . මොකද ළමයාගේ ආරක්ෂාව ගැන මොන තාත්තා උනත් හිතන නිසා .මේ කතාව නිසා මම හදිස්සියේම දෙවෙනි අන්තරා කොටසටත් පොඩ්ඩක් යන්නම් . දෙවෙනි අන්තර කොටසේ අවසාන පදයෙන් කියන්නේ " මමත් එහෙම කළා මගේ පුංචි සන්ධියේ කියලා . අක්කා පොඩි කාලේ එහෙම පොල් කඩනවා බලන් හිටියා කියන්නේ ඒ කාලේ නංගි ඉපදිලා නෑ . ඒ කියන්නේ අම්මා ජීවත් වෙලා ඉඳලා නම් තියෙනවා සුවර් එකටම . නැත්නම් මොකෝ නංගි හම්බුනේ උඩින් වැටිලය . ඒත් දෙවෙනි අන්තරා කොටසේ අම්මා ඉන්නවද නැද්ද කියන එක ගැන හිතන්න පුළුවන් වෙන විදියකට .ඒ කියන්නේ අම්මා ජීවත්වෙලා ඉන්නවනම් ඒ කාලේ ගෑණු ළමයා තාත්තා යන යන තැනට එක්ක යන්න උවමනාවක් නැහැනේ . ඒ කියන්නේ මෙයාලා සුවර් එකටම ඉන්නේ පොල් වත්තේ හෝ පොල් වත්ත කිට්ටුවම හදලා තියෙන ගෙදරක තමයි .මේ අන්තරා කොටසින් කියවෙන්නේ අප්පච්චි ගහේ ඉන්න වෙලාවට හයියෙන් හුස්ම ගන්නවත් එපා , මොකද ඒ හුස්ම පාරෙන් වැඩිවෙන සුළඟින් වෙන බලපෑමෙන් උනත් පොල් ගහ හෙලවිලා අප්පච්චිට අනතුරක් වෙන්න පුළුවන් කියලා තමන් විශ්වාස කරන නිසා . ගීත රචකයා මෙතනින් උත්සාහ කරන්නේ පොල් කඩන කෙනෙක්ගේ ජීවිතේ තියෙන අස්ථීර බව උඩට ඔසවලා පෙන්වන එක .පියෙන් පියට ඉහළට යනහැටි බලන්න බය හිතුනොත්පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...දැන් අක්කා නන්ගීට කියනවා මෙහෙම . අප්පච්චී පියවරෙන් පියවර ගහ උඩට නගිනකොට ඒ දිහා බලාගෙන ඉන්න බයයි වගේ නම් ඒ දිහා බලන්න එපා , පුංචි දෑස තදින් පියාගන්න කියලා . එහෙම කියලා අක්කා මතක් කරනවා තමන් පොඩි කාලෙත් එහෙම කරා කියලා .දෙවෙනි අන්තරා කොටස ඉවරවෙනකොට මට කියන්න පුළුවන් මේ පවුලේ අම්මා කලින් ජීවත්වෙලා ඉඳලා දෙවෙනි ළමයා ඉපදුනාට පස්සේ මිය ගිහින් කියලා . මොකද ස්ථායි කොටසේ කියන්නේ නංගි බඩගිනි වෙලා අඬන සීන් එකක් ගැන . දැන් නංගි බඩගිනි උනාම ඒක කියන්නේ අක්කටනම් , ඒකට නංගිගේ හිත සනසන්න දේවල් කියන්නේ අක්කා නම් අපිට සාධාරණව හිතන්න පුළුවන් අම්මා දැන් ජීවත් වෙන්නේ නෑ කියලා . තාත්තා කඩාගෙන එන පොල් ගෙඩි , අක්කයි නංගියි සමහරවිට තාත්තත් එනවා ඇති . මෙයාලා ඒවා විකුණලා තමයි ජීවත් වෙන්නේ .මේ අන්තරා කොටස් දෙකම හරිම සමබර විදියට පද බෙදලා ලියලා තියෙන්නේ . බලන්න , අන්තරා කොටස් දෙකේම මුල පේලි දෙක ගත්තම ඒවායින් කියවෙන්නේ බය හිතෙන දෙයක් ගැන .ගස් සොලවා හමා ඇදෙනසුළඟ තවත් මුරණ්ඩු වෙයිපියෙන් පියට ඉහළට යනහැටි බලන්න බය හිතුනොත්අනිත් පද දෙක ගැන හිතුවම ඒ පද දෙකෙන් කියවෙන්නේ දුක හිතෙන දෙයක් ගැන .හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේඅප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේපුංචි දෑස තදින් පියාගන්න නංගියේ..මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...මේ විදියට පද ගැලපීම සමබරව වෙලා තියෙන නිසා සංගීත සංයෝජනයේදී මේ ගීතයට සංගීතය සපයපු සංගීත ශිල්පියාට හරිම ලේසි වෙන්න ඇති ගීතයේ තියෙන හැගීම් ඉස්මතුවෙන විදියට ගීතයට සංගීතය සංයෝජනය කරන්න .ගීතයේ තාල වාදනය කරන්න ඔක්ටර් පෑඩ් එකක් , හයිහැට් එකක් භාවිතා කරනවා . තව බේස් ගිටාර් එකෙනුත් තාලය වාදනය කරන්න සෘජු වගේම වක්‍ර විදියට සහය වීමක් කෙරෙනවා .ගීතයේ ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම ඔක්ටර් පෑඩ් එකෙන්බෙට්ටක් කටබෙට්ටක් කටබෙට්ටක් කටබෙට්ටක් කටකියලා තාලය වාදනය වෙනවා . මටනම් වැඩිපුරම ඔය ඔක්ටර්පෑඩ් සද්දෙන් ඇහෙන්නේ ගහෙන් පොල් වැටෙනවා වගේ හඬක් . නැත්නම් නිකන් කලටි පොල් හොලවනකොට ඇහෙනවා වගේ හඬක් . ඒක ගීතයේ තේමාවට ගැලපෙනවා කියලා හිතෙනවා .හයිහැට් එකටිටිටි ටො ටිස්ටිටිටි ටො ටිස්ටිටිටි ටො ටිස්ටිටිටි ටො ටිස්කියලා ගීතය පුරාවටම වාදනය වෙනවා . ඔයාලට ඒ හඬ නිකන් සමීප බවක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද . . මටනම් ඇහෙන්නේ හයිහැට් එකේ හඬ හැටියට පොල් කට්ටකට කෝටු කෑලි දෙකකින් තට්ටු කරනවා වගේ සද්දයක් . නැත්නම් කෝම්පිට්ටු හදනකොට එක පොල් කට්ටකට පස් පුරවලා තව පොල්කට්ටකින් තලනවනේ . හයිහැට් සද්දේ ඒ වගේ දෝ කියලත් මට හිතෙනවා . ගීතයේ තේමාවට වගේමමේ ගීතයේ අක්කයි නංගියි කියන චරිත දෙක ශ්‍රාවකයාගේ හදවතට ඇතුළු කරන්න ඒ තාල වාදනය ලොකු රුකුලක් ලබා දෙනවා .බේස් ගිටාර් පාට් එක ගීතය පුරාවටම වාදනය කෙරෙන්නේ බුන්ග් බුකුං බුන්ග් බුකුං බුන්ග් බුකුං බුන්ග් බුකුං කියලා . ඒක හැබැයි ගීතයේ කීප තැනකදීම වෙනස් වෙනවා ඒ ඒ වෙලාවට ගායනය වෙන හෝ වාදනයවෙන ස්වර වලට අනුව .අපි යමු දැන් ගීතයේ එක එක සංගීත කොටස් වලට . ගීතයේ තේමා වාදනය ගැන සලකලා බලනවනම් . තේමා වාදනය ආරම්භ වෙන්නේ එකට වාදනය කෙරෙන සංගීත භාණ්ඩ දෙකකින් . සිතාරයකින් වාදනයවෙන ඒ සංගීත කොටස , සිතාරයෙන් වගේම බැන්ජෝ ගිටාර් එකකිනුත් වාදනය කෙරෙනවා . ඊට පස්සේ ඒ ස්වර ටිකම ඇදිලා යන විදියට ඒ කියන්නේ වයලීන් වලින් ස්ල වාදනය කෙරෙනවා කියනවා එහෙම ඇදිලා යන විදියට වාදනය කරනවට . අන්න එහෙම වාදනය කෙරෙනවා ඒ ස්වර ටිකම . වයෙලීන් වලින් වාදනය කරනකොට ඒ වාදනයට අදාළ බේස් නෝට්ස් ටික , කවුන්ටර් පාට් එකක් විදියට චෙලෝ එකකින් වාදනය කරනවා . ඒ බේස් පාට් එක නිසා වයලීන් වලින් ගෙනෙන වාදන කොටස් හදවතට වඩා හොන්දික් කා වදිනවා .මේ ඔක්කොම අතරේ අපිට ඇතුලෙන් ඇහෙනවා අවධානයෙන් අහගෙන හිටියොත් ග්ලොකන් ස්පීල් කියන වාදන භාණ්ඩයෙන් ස්රාන් ස්රාන් කියලා වාදනය කිරීමක් . ඒක හරියට පෙරහැරපොලේ බීම විකුණන මිනිස්සු බීම බෝතල් වලට බීම කටර් එකෙන් අතුල්ලලා සරාන් සරාන් ගාලා සද්ද කරනවා වගේ .ගීතයේ තියෙන දුක , අසරණකම , බය වගේ දේවල් එක එක අවස්ථාවලදී ඉස්මතු කරලා පෙන්වන්න මේ තේමා වාදනය වඩාත් උදවු වෙනවා කියලා මට හිතෙනවා .දැන් ඔන්න ගීතය ගායනා කරන්න පටන් ගන්නවා .අප්පච්චිට එක ගෙඩියයි කියලා කියනකොට ඒ වචන ටික යටින් වාදනය කෙරෙනවා සයිලෆෝන් කියලා කියන වාදන භාණ්ඩය . හැබැයි මෙතන ඒ වාදන භාණ්ඩය වාදනය කෙරෙනවා කියලා කිව්වට හරියටම නම් වෙන්නේ ඕගන් එකකින් ඒ හඬ ගන්න එක . ඒ හඬ ලොකුවට ගන්නවානම් ග්ලොන් ග්ලොන් ග්ලොන් කියලා ඇහෙනවා . ඒත් මෙතන ඒ හඬ ගොඩක් අඩු කරලා හරිම අඩු සද්දෙකින් තමා වචන යටින් යන විදියට ඒක වාදනය කරන්නේ . සමහරවිට දැනෙන නොදැනෙන ගානට වගේ තමයි වාදනය කෙරෙන්නේ . අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හංදියේ කියන වචන ටික කියනකොට වයලීන් වලින් වාදනය කරනවා කවුන්ටර් පාට් එකක් . ඒ කවුන්ටර් පාට් එකෙන් ඒ වචනවල තියෙන දුක ඉස්මතු වෙලා එනවා ඉතාම හොඳට .වතුරට නාඩන්න නංගියේ කියන තැන් වලින් පළවෙනි වතාවේදීත් අර සයිලෆොන් පාට් එක වාදනය කරනවා .දැන් අපි යමු අතුරු වාදනය කොහොමද කියලා බලන්න . අතුරු වාදනයෙදීත් මුලින්ම යන්නේ අර තේමා වාදනයේ මුලින්ම ගිය ස්ට්‍රින්ග් පාට් එකමයි . සිතාරයයි බැන්ජෝ ගිටාර් එකයි වාදනය කෙරෙනවා . ඒත් ඊට පස්සේ වයලීන් සහ චෙලෝ කියන වාදන භාන්ඩ දෙක එකතුවෙලා නිකුත් කරන්නේ දුක සහ බය කියන දෙකම මිශ්‍ර වෙන හැගීමක් ඇති කරන වාදන කොටසක් .ඒත් එක්කම පොඩි ෆ්ලූට් පාට් එකක් වාදනය කරනවා . ඒකෙන් නම් ඇතිවෙන්නේ මේ අයගේ දුක ඉස්මතුවීමක් . ආයෙත් වයලීන් වාදනය ගිහින් ෆ්ලූට් පාට් එකක් වාදනය කෙරෙනවා .දැන් එන්නේ මම මේ ගීතයේ වඩාත්ම කැමති කොටසට . ඒ තමයි අන්තරා කොටසේ සංගීත සංයෝජනයට .ගස් සොලවා හමා ඇදෙනසුළඟ තවත් මුරණ්ඩු වෙයිපියෙන් පියට ඉහළට යනහැටි බලන්න බය හිතුනොත්බලන්න අන්තරා කොටස් දෙකේ මේ පද ගායනය කරනකොට ඒ යටින් වාදනය කරන වයලීන් වාදන කොටස . එක කවුන්ටර් පාට් එකක් . මේ පද කොටස් දෙකෙන්ම කියවෙන්නේ භය උපදවන හැගීමක් . ඒ භය හොඳට ඇඟට දැනෙන්න පුළුවන් විදියේ වාදන කණ්ඩයක් තමයි වයලීන් වලින් වාදනය කරන්නේ . බේස් ගිටාර් එකේ වාදන ශෛලීය පොඩ්ඩක් වගේ වෙනස් වෙනවා මෙන්න මෙතැනදී . ගීතයේ වඩාත්ම සාර්ථක තැනක් කියලා මම කියන්නේ මෙන්න මේ අන්තර කොටස් දෙක . ඒ කොටස් දෙක අන්තරා කොටස් දෙකේ එකම තැන් වලට එන්න ලියලා තියෙන නිසා සංගීත ශිල්පියාට එකම ආකාරයට හැගීම් ඉස්මතුවෙන්න සංගීතය සංයෝජනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා .අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේමමත් එහෙම කරා මගේ පුංචි සංදියේමෙන්න මේ ගායනා කොටස් වලදී ආයෙත් වයලීන් වලින් කවුන්ටර් පාට් වලින් ඒ පදවල තියෙන දුක ඉස්මතු වෙලා පෙන්නනවා .මේ ගීතය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඔහොම අර්ථකතනයක් තමයි . හැබැයි මට මේ ගීතයේ එක වැරද්දක් පේනවා . ඒක වැරද්දක්ම නෙවෙයි . අඩුවක් වගේ . මේ ගීතයට භාවිතා කරන වයලීන් වල හඬ මේ ගීතයට ගැළපෙන්නේ නැත්දෝ කියලා මට හිතෙනවා . මොකද අපේ වචනෙන් කියනවනං මේ වයලීන් හඬ හරිම ටකරං හඬක් . කිසිම ස්මූත් ගතියක් ඒ හඬේ නැහැ . හඬ තව ටිකක් ස්මූත් උනා නම් මේ ගීතය තවත් ලස්සන වෙන්න තිබුණා කියලා මට හිතෙනවා .
BLOG
2014.12.17
http://sinduwagemiyasiya.blogspot.com/
හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 2 කොටස )
වයලීනෝ
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.පසුගිය කොටසින් ......" මට පේන හැටියට අලියගේ ජීවිතේ ගන්න යක්ෂ බැල්ම වැටිලා තියෙන්නේ . මේ යකා එලවන්න මෙහෙම බෑ . ගුරුකමක් තියෙනවා . ඒත් ඒක කරන්න ඇත් සොහොනක් හොයාගෙන ගිහින් ඇත් සොහොනෙන් යක්ෂ දිශ්ටියක් බන්ධනය කරගෙන එන්න ඕන . මොකද කරන්නේ . යමු වලව්වට මේ ගැන කතා කරගන්න "සීයා නැවත වලව්වට පැමිණ වලව්වේ ප්‍රධානියා සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්චා කළේය . පසුව ඇත් සොහොනක් සොයා යාමට තීරණය කළේය . නමුත් ඇත් සොහොනක් තිබෙන්නේ කුමන ප්‍රදේශයකද කියා අපට වැටහීමක් තිබුණේ නැත . වලව්වේ ප්‍රධාන අලි බලන්නා ඇත් සොහොනක් පිළිබඳව දන්නා බව පැවසීම නිසා එම මොහොතේ අපට සතුටට පත් වීමට හැකි විය .ඇත් සොහොන පිහිටා තිබුණේ ශ්‍රීපාද කන්දේ මහා ඝන කැලයේය . එබැවින් ඇත්සොහොන සොයා යෑම තවත් වික්‍රමයක ආරම්භයක් විය .අද එතැන් සිට ...........ඇත්සොහොන සොයාගැනීම පිළිබඳව මාගේ සිතෙහි කිසිඳු හෝ පැහැදිලි අරමුණක් අධිරෝපණයවී තිබුනේ නැත . ඊට හේතුව මෙම ඇත් සොහොන පිළිබඳව තතු දත් පුද්ගලයා වූයේ මෙම වලව්වේ ප්‍රධාන අලිබලන්නා පමණක් වීම නිසා විය යුතු යැයි මම සිතමි . සැබවින්ම අලි ඇතුන් තමන් ජීවත් වන වනාන්තරයේ තම සම්පූරණ ජීවිත කාලය ගෙවා අවසන් කල පසු මිය ගියද , ඔවුන්ගේ ඇටසකිල්ලක් හෝ සොයාගැනීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැත .එවැනි ඇටසැකිල්ලක් ඇසින් දුටු පුද්ගලයෙකු හෝ මාහට මෙතෙක් හමුවී නැත . අලි ඇතුන්ට තිබෙන්නේ තේජවන්ත මහේ ශාක්‍ය ජීවන පැවත්මක්ය . එබැවින් ඔවුන්ගේ අවසානයද එවැන්නක් විය යුතුයැයි මම අනුමාන කරමි .සීයාද වලව්වේ ප්‍රධානියාද දිගින් දිගටම සාකච්චාකරන ලද්දේ ඇත්සොහොන වෙත යාමට කටයුතු සූදානම්කලයුත්තේ කෙසේද යන්න පිලිබඳවය . ඒ අතරතුර ඔවුන්ගේ එම සංවාද මණ්ඩපයෙන් මම හෙමින් සීරුවේ නික්ම වලව්ව වටා ඇවිදීම ආරම්භ කලෙමි .මෙම වලව්ව සිංහල රජකාලේ සිට පැවත එන්නක් යයි සීයා මා හා පැවසුවද , එහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව එය ලන්දේසි පාලන සමයට අයත් එකක් බව මම නිගමනය කලෙමි . නමුත් එම නිගමනය මත මා කෙතෙක් දුරට නිවැරදිදැයි මම නොදනිමි .වලව්වේ සියලුම බිත්ති කබොක් ගල් වලින් බඳිනලද බිත්ති බව , වලව්වේ පිටුපස ප්‍රදේශයේ ඇවිදින විට දැකගත හැකිවිය . ලැටිස් ගසන ලද ඉදිරිපස ඉස්තෝප්පුව සහ සාලයට පිවිසෙන ස්ථානය අවට ඉදිකිරීම් , අමතර ලී කැටයම්ද එකතු කිරීමෙන් තවත් අලංකාර කර තිබිණි . සාලයේ තබා තිබුණු පිත්තල පහන් සහ මල්පෝච්චි කාලයක් තිස්සේ ඔප නොදැමීම හේතුවෙන් දිස්නය දීමෙන් වැළකී සිටියේය . නමුත් ඒවායේ තේජවන්ත ලීලාවේ අඩුවක් නම් නොවීය .වලව්වේ මැද මිදුල් කීපයකි . ඉන් එක් මැද මිදුලක අලංකාර මල් වවා තිබිණි . තවත් මැද මිදුලක සිහින් වැලි අතුරා තිබුණද එහි වෙනත් කිසිවක් තිබුනේ නැත . එය වලව්වේ කුඹුරු වලින් ගෙනෙන වී වේලන මාගල් එළනු ලබන මැද මිදුලක් විය යුතය . තවත් මැද මිදුලක පොකුණක් නිමවා තිබිණි . එය දෙකොනෙන් වෘතාකාර වන අතර මැදින් දිගටි හැඩයක් ගත්තේය .එහි මසුන් ඇතියි කියා මම සැක කලෙමි . නමුත් එහි මසුන් සිටියේ නැත . නෙලුම් මල් පමණක් එහි සිටුවා තිබිණි . වැසි ජලය එකතුවන ලෙසත් වැඩි වතුර ඉන් ඉවත් වන ලෙසත් එහි පිටත බැම්ම මනාව ආනත කර තිබූ අතර වැඩි ජලය ඉවත්වන්නට සාදා තිබුණු කවුළුව ආරම්භ වූයේ කළු ගලින් නිමවන ලද කටකින්ය . එයින් ඇරඹෙන නලයක් මගින් ජලය පිටවීම සකසා තිබිණි . අපගේ වලව්වේ නැති මෙම අංගය මාගේ වඩාත් සිත්ගත් අංගයක් විය . වලව්වේ මුළුතැන්ගෙය තරමක් විශාල මුළුතැන් ගෙයක්ය . එහි චිමිනිය බැඳ තිබිණි . පැත්තකින් ලෙලිගැසූ පොල් ගොඩක් තිබිණි . ඊට අමතරව මුළුතැන් ගෙයකට අවශ්‍ය ගල් වංගෙඩියක් මෝල් ගස් දෙකක් හිරමන කැති මන්න පිහි ආදියෙන් එම මුළුතැන්ගෙය පරිපූර්ණය . කුස්සියේ වැඩ කිරීමට මැදිවයස ඉක්මවා ගිය කාන්තාවක් හා තවත් මෙහෙකරුවෙකු සැදී පැහැදී සිටියහ .වලව්වේ මා සිත්ගත් තවත් වැදගත් අංගයක් වූයේ වී කොටනගෙය තුල බිම වූ වී කොටන ගලයි . එය වෘතාකාර තැටියක් මෙන් නිමවා තිබිණි . අපගේ වලව්වේ වූ වී කොටන ගල හරි හතරැස් ගලකි . එබැවින් වෘත්තාකාර වීකොටන ගලක් මා දුටුවේ පළමු වතාවටය . " පුංචි මහත්තයා වලව්වේ වටේ ඇවිදිනවා වගේ "වීකොටන ගෙය අසලදී මා අමතන ලද්දේ තෙගිරිස් විසිනි . හෙතෙම වලව්වේ සේවය කරන ශාන්ත පෙනුමක් සහිත පුද්ගලයෙකි ." ඔව් මාමේ . මම ටිකක්වලව්වේ ඇවිදලා බැලුවා මේ පැත්තේ කොහොමද කියලා .මම කැමතියි මේ වගේ පරණ දේවල් දැකබලා ගන්න . මේ වීකොටන ගල හරිම අපූරුයි . මම මේ වගේ වීකොටන ගලක් දැක්කේ අදමයි "" පුංචි මහත්තයා ගුරුන්නාන්සෙගේ කවුරු වෙනවා කියලද කිව්වේ . "" ඒ අපේ සීයා " මම සිනහ මුසු මුහුණින් පැවසුවෙමි ." ආ මේ ගුරුන්නාන්සෙගේ මුණුබුරා "එයටද පිළිතුරු වශයෙන් මා සිනහසුනා මිස කිසිවක් පැවසුවේ නැත ." මාමේ , මේ වලව්වේ තව කවුද ඉන්නේ . "" වලව්වේ හාමුදුරුවෝ ඉන්නවා . තව කුමාරිහාමියි එයාලගේ දරුවෝ දෙන්නයි ඉන්නවා . එක්කෙනෙක් පුතා . අනිත් කෙනා දුව . පොඩි අප්පෝ තමයි වැඩිමලා . කුමාරිහාමියි පොඩි අප්පොයි පොඩි මැණිකෙයි , කුමාරිහාමිගේ අම්මලා ඉන්න වලව්වට ගියා දැන් තුන් දොහකට විතර කලියෙන් . සමහරවිට පුංචි මහත්තයට දැකගන්න පුළුවන් වෙයි එයාලා ඉක්මනටම ආවොත් . ඔය ලෙඩවෙලා ඉන්න අලියා අපේ පොඩි අප්පොට හරිම ලෙන්ගතුයි . දැන් තමයි ඔය අසනීප උනාට පස්සේ කවුරුවත්ම පේන්න බැරි උනේ . පොඩි අප්පොත් හිටියේ හරිම විස්සෝපෙන් ඒ ගැන "මා අසන්නටද පෙර තේගිරිස් වැඩි විස්තරද කියාගෙන ගියේය ." මම එහෙනම් යන්නම් මාමේ . අපි තව දවස් ඉන්නවනේ . මම එන්නම්කෝ මාමා එක්ක ටිකක් කතා කරලා රත්නපුරේ පැත්තේ විස්තර අහගන්න "" මහත්තයා වලව්වේ වත්තේ ඇවිදින්නේ බලාගෙන . වලව් වත්තේ පහල විසාල නයි දෙන්නෙක් ඉන්නවා . තාම කාටවත් කරදර කරලා නම් නැහැ . ඒත් මහත්තයා ආගන්තුක නිසයි මම කිව්වේ "මම එයටද සිනහවක් පෑවා මිස , ඉන් එහා කිසිවක් කියන්නට ගියේ නැත . පසුව මම තේගිරිස්ට සමු දී සීයා සහ වලව්වේ ප්‍රධානියා කතාකරමින් සිටි තැනට ගියෙමි . තවමත් දෙදෙනාගේ සාකච්චාව ඉවර වී නැත ." මට ඇත් සොහොනට යන්න කලියෙන් මේ වැඩේට ඕන කරනවා පුහුල් ගෙඩියක් . ඒක මමම ගිහින් හොඳට හොයලා බලලා පුහුල් වැලකින් කඩාගන්න ඕන . තව අත් උදව්වට කෙනෙක් ඕන . මේ අලි බලන අයගේ මහ උන්දත් එක්ක . මමයි , අත් උදව්වට එක්කෙනයි , පුතයි හිටියම ඇති මේ ගමනට . දවස් දෙකතුනකට විතර කන්න කෑමට මොනවාහරි ගෙනියන්න වෙයි . තව පැදුරක් , සුදු රෙද්දක් , සාම්බ්‍රානි , අඟුරු කබලක් , හුළු අතු ඕන කරනවා "සීයා එකදිගට වලව්වේ ප්‍රධානියා වෙත කියාගෙන කියාගෙන ගියේය ." අපි ගිහිල්ලා ඒ රාජකාරිය අහවර කරගෙන එනකං මෙන්න මේ දේවල් කෙරෙන්න ඕන . අපේ ගුරුන්නාන්සේ වලව්වටට මෙහෙන් කවුරුහරි යවන්න ඕන . ඒ යවලා කියන්න බෙරගහන බෙරගල කියන කෙනාට මම එන්න කිව්වා කියලා . එතකොට බෙරගලයි තවත් බෙරගහන කෙනෙකුයි එයි . අපේ වලව්වේ කරත්තෙන් එයාලව එක්ක එන්න කියන්න . එතකොට මට මේ වැඩ අහවර කරලා මගේ කරත්තෙන්ම ආපහු යන්න පුළුවන් . තව ඕන කරනවා වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් , වෙඩිබෙහෙත් . වැදගත්ම දේ තමයි හරියට ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් කෙනෙක් ඕන . ඉලක්කේ වැරදුනොත් හැමදේම අපතේ ගිහින් අලියත් මැරිලා මේ කටයුත්තෙන් වැඩක් ගන්න බැරි වෙනවා . ඒ නිසා ඉලක්කෙට වෙඩි තියන කෙනාගෙ ඉලක්කය හරිම වැදගත් . තව මම ලියල දෙන්නම් මේ ගමේ එහෙන් මෙහෙන් ඕන කරන දේවල් . ඒවා එකතු කරලා තියන්න අපි ඇත් සොහොනට ගිහින් එනකං " වලව්වේ ප්‍රධානියා මේ සියල්ල සාවදානව අසා සිටියා මිස සීයාගේ කතාවට බාධා කරේ නැත . පසුව ඔහු වලව්වේ සේවය කරන කීප දෙනෙකු සීයාට හඳුන්වාදී අවශ්‍ය සියල්ල ඔවුන්ගෙන් ඉටුකරවාගන්නට අවස්ථාව ලබාදුන්නේය . මාහට කිරීමට කිසිවක් නොවූයෙන් අසනීප අලියා සිටින අලිගාලවෙත නැවත පියමැන්නෙමි .අලියාට පියවි සිහිය ලැබී නැවතත් ගොරවමින් කෑගසමින් සිටියේය . ප්‍රධාන අලි බලන්නා ඒ අසල බිම ඇණ තියාගෙන සිටි අතර මා ඔහු අසලට ලං වත්ම හෙතෙම මා සමග සිනාසුනේය . මමද ඔහු සමග මද සිනහවක් පා ඔහු අසලින් හිඳගතිමි ." මහත්තයාගේ බෙල්ලේ ගැටගහලා තියෙන්නේ ගජමදාරා ලී කෑල්ලක් නේද . "" ඔව් මාමේ . මාමා දන්නවද ඒවා . "ඔහු මා ඇසූ පැනයට පිළිතුරක් නොදී ඔහුගේ ඉනේ ගැටගසා සිටින සුරය මාහට පෙන්වීය . එයද රිදී කොපු දමා සාදන ලද ගජ මදාරා සුරයකි ." අලියා මේවට මෙල්ල වෙනවද මාමේ . "" පුංචි මහත්තයා මේ මොනවා කියනවද , ඕන අලියෙක් මෙහෙම කරනකොට මෙල්ල වෙනවා මේවට . ඒත් මදකිපුන අලි ඇත්තුන්ටනම් මේවා අහන්නේ නෑ " " මාමා කොහොමද ඇත් සොහොන ගැන දන්නේ . "මෙතෙක් වෙලා මා හා කුළුපගවී කතාකරමින් සිටි ප්‍රධාන අලිබලන්නා එම පැනයත් සමගම මදක් නිහඬවී කල්පනා කරන්නට විය . මම ඔහුගේ දැහැන නොබිඳ ඔහුගෙන් පිළිතුරු ලැබෙනතුරු බලා සිටියෙමි . ඔහු එම කාලය තුල තමාගේ අතීතයට ගියේය ." මම අලි සාත්තරේ ඉගෙනගත්තේ මඩුවන්වෙල වලව්වේ අලිබලන්න හිටපු ගුරුවේ නයිදේ කියන කෙනාගෙන් . උන්නැහේ තමයි මගේ ගුරුන්නාන්සේ . කාලයක් මම මඩුවන්වෙල වලව්වේ අලි ගාලේ වැඩ කරා . මුලින්ම කරේ අලින්ට කෑම හොයන එක . පොල්ගස් නැගලා පොල් අතු කැපුවා , කිතුල් ගස් කැපුවා වගේ ඒවා තමයි කරේ . පස්සේ මටත් ආසාවක් ආවා අලි බලන සාත්තරේ ඉගෙන ගන්න . මම වැඩිපුර වැඩ කරේ ගුරුවේ නයිදේ එක්ක . උන්නැහේ අලි බලන්න හරි හපනා . ඕනෑම කුලප්පුවෙච්ච අලියෙක් පැයක් හමාරක් යන්න කලින් ගස් බඳිනවා . අලි අල්ලන්නත් හරිම සූරයා . ඉතින් මම උන්නැහේට කිව්වා මටත් සාත්තරේ උගන්නන්න කියලා . ඉස්සෙල්ලම මම අලින්ගේ පිටේ ගියා . ඊට පස්සේ තමයි හෙන්ඩුව අතට දුන්නේ . හෙන්ඩුව අතට දෙන්න නැකතකුත් බැලුවා . ඊටපස්සේ ඉඳලා ටික ටික මට මේ සාත්තරේ කියලා දුන්නා . අලි නිල ගැන ඉගැන්නුවට පස්සේ ගුරුවේ නයිදේ වයස නිසා වලව්වේ අලි බලන වැඩෙන් අයින් උනා . ඊට පස්සේ මම ටික කාලයක් ගුරුවේ නයිදේ බලපු අලියා බලාගෙන මඩුවන්වෙල වලව්වේ හිටියා . ඊට පස්සේ තමයි මට ඇත් සොහොනට යන්න පුළුවන් උනේ "කතා කරන අත්දැකීම් හමුවේ ඔහුගේ දරදඬු හදවත තරමක් මෘදු වූ බවක් මට පෙනී ගියේය . ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලා ගැනීමට සුදුසුම අවස්තාව මෙය බව මට වැටහී ගියේය ." එහෙනම් මාමා කියන්නකෝ කතාව . මම ආසයි දැනගන්න ඒ කතාව "" සුදුඅලි ඇත්තු ගැන මහත්තයා අහලා තියෙනවද . "" වෙස්සන්තර ජාතකේ වෙස්සන්තර රජතුමාට හිටියේ සුදු ඇතෙක් . තව මතක නෑ . හැබැයි ගොඩක් කතාවල් වල මම අහලා තියෙනවා සුදු ඇත්තු හිටියා කියලා "" මට ඕන උනා සුදු ඇත්තු ඉන්නවද කියලා බලන්න . ඉතින් මම ඒ කාලේ හැමවෙලේම හිත හිත හිටියේ කැලෑවල්වල ඇවිදලා සුදු අලි ඇත්තු ඉන්නවද නැද්ද කියලා ඇත්තටම බලන්න ඕන කියලා . ඔය කාලෙම කොහොමහරි ගුරුවේ නයිදේ බල බල ඉඳලා මට බලන්න කියලා පවරපු අලියා මැරුණා . ඊටපස්සේ වලව්වේ තව අලි හිටියත් මම වලව්වේ ඉන්නේ නැතුව සුදු අලි හොයන්න පටන් ගත්තා "" ඉතින් මාම කසාද බැඳලා එහෙම නෙවෙයිද හිටියේ . රස්සාවත් නැති උනාම ඉතින් පවුලක් නඩත්තු කරන්න බැරිවෙනවනේ "" නෑ මහත්තයෝ මම ඒ කාලේ තනිකඩයා . ඒ නිසා තමයි මගවැරදුන ඇතා දුවන්නහේ සුදු අලින්ගේ පස්සේ දුවන්න ගත්තේ . මට වටින් ගොඩින් ආරංචියක් ආව සමන්දෙයියන්ගේ අඩවියේ සුදු අලියෙක් ඉන්නවා කියලා කීප දෙනෙක් දැක්කා කියලා "" ඉතින් . " මම දෑස් විශාල කර ඇසුවෙමි . " මම හෙන්ඩුව වත් ගත්තේ නෑ . ඉනේ ගහන් ඉන්න පිහිය විතරයි තිබුණේ . සමන්දෙයියන්ගේ අඩවියට ඇතුල් උනා සුදු අලියෙක් දැකගෙන මිසක් ආයේ යන්නේ නෑ කියලා . මම දෙවියන්ගෙනුත් ඉල්ලුවා මට කොහොමහරි සුදු අලියෙක් මුනගස්සන්න කියලා . මම රත්නපුර පාරෙන් සිරීපාද කන්දට යන්න පිටත් උනා . සිරීපාද කන්ද මායිමට ඇවිත් මම කල්පනා කරා මිනිස්සු වැඩිපුර ගැවසෙන මේ පාර කිට්ටුවට අලි වැඩිය එන්න ඉඩකඩක් නෑ කියලා . ඒ නිසා මම පාර මග ඇරලා මහ ඝන කැලේට ඇතුල් උනා "" ඉතින් මාමට සුදු අලියෙක් හම්බුනාද . "" මම දවස් ගානක් තිස්සේ ඇවිද්දා ඇවිද්දා . ඒත් සුදු අලියෙක් හම්බුනේ නෑ . මම පස්සේ තවත් කැලේ ඇතුලට ගමන් කරනකොට මම දන්නෙම නැතුව ඇවිත් තියෙන්නේ ඇත් සොහොනකට " " ඉතින් මාමා කොහොමද දැනගත්තේ මේක ඇත් සොහොනක් කියලා . "" ඒතන ගස්වල අතු අතරේ ඇත් දල ගහලා තියෙනවා මම දැක්කා . පස්සේ ටිකක් වටපිට සෝදිසි කරලා බලනකොට තිබුනා අලින්ගේ ඇත්තුන්ගේ ඇටකටු ගොඩක් "" ඉතින් මාමේ එහෙමයි කියලා කොහොමද එතන ඇත් සොහොනක් තියෙනවා කියලා මාමා හරියටම දැනගත්තේ . "" පුංචි මහත්තයා දන්නේ නෑ . මට ගුරුවේ නයිදේ මේ සාත්තරේ උගන්නනකොට ඇත් සොහොන් ගැනත් කියා දුන්නා . අලි ඇත්තු මැරෙන්න ලං උනාම මේ ඇත් සොහොන් කිට්ටුවට එනවා . ඒ එන්නේ තනියම නෙවෙයි . තවත් රැලේ අලිත් එක්ක . ඒ ඇවිත් ඉන්නකොට තමන්ගේ මැරෙන මොහොත ලං උනාම අනිත් අලි ඇත්තු ඇවිත් මේ මැරෙන සතාගේ වටේට හේත්තු වෙලා ඒ සතා වැටෙන්නේ නැති වෙන්න අල්ලාගෙන ඉන්නවා . පස්සේ හිටගෙන ඉන්නකොටම තමයි මැරෙන සතාගේ පන යන්නේ . පස්සේ වටේ ඉන්න අලි ඇත්තු අයින් වෙනකොට මරුන සතා බිමට ඇදගෙන වැටෙනවා "" ඉතින් ඇටකටු ගොඩගහන්නේ කවුද . ඇත් දල ගස්වල රඳවන්නේ කවුද . "" මැරුණ සතාගේ මස් කුණුවෙලා දිරලා ගියාට පස්සේ අනිත් අලි ඇත්තු ඇවිත් ඒ සතාගේ ඇටකටු එක ගොඩකට ගෙනත් දානවා . එහෙම ගෙනත් දාන ඇටකටු ගොඩක් තමයි ඇත් සොහොනක තියෙන්නේ . මැරුණේ ඇතෙක් නම් ඒ ඇතාගේ දල දෙක මේ ඇටකටු ගොඩට දාන්නේ නෑ . ඒ දලදෙක වෙනත් සත්තුන්ට අල්ලන්න බැරිවෙන්න උස ගස්වල අතු අතරේ හිර කරනවා . තිරිසන් සත්තු උනත් අලියා කියන්නේ හරිම අමුතු සතෙක් . වෙලාවකට මනුස්සයෙක්ට වඩා මොලේ තියෙන වැඩ කරනවා අලි ඇත්තු උනත් "" ඉතින් මාමට සුදු ඇතෙක් හරි සුදු අලියෙක් හරි බලාගන්න පුළුවන් උනාද . "" මම මේ ඇත් සොහොනක් තමයි කියලා දැනගත්තට පස්සේ එතන නැවතිලා ඉන්න ඕන කියලා හිතුවා . මොකද කොයිවෙලේ හරි මෙතනට සුදු අලියෙක් හරි ඇතෙක් හරි ඉන්නවනම් එනවා කියලා හිතුන නිසා . පස්සේ මම එතන වටපිට කරක්ගහලා බලනකොට තමයි දැක්කේ ගල්වලින් වටවෙච්ච ගුහාවක් වගේ තැනක් තියෙනවා ඇත් සොහොන පේන මායිමේ . මම හිතුවා එතන ඉන්න ඕන කියලා. ඒ කිට්ටුවම වතුරපාරකුත් තිබුන නිසා වතුර කරදරයක් උනේ නෑ "" අලින්ට මිනිස්සුන්ගේ ඉව ඉක්මනට දැනෙනවා කියනවා නේද . "" ඒකට මම කරා හොඳ වැඩක් . මහත්තයටනම් කැත හිතෙයිද දන්නේ නෑ . මම වැඩි හරියක්ම ඔතනට අලි එන වෙලාවට ඇඟේ අලිබෙටි ගාගෙන තමයි හිටියේ "එය ඇසීමත් සමගම මට මහත් අප්‍රසන්න හැගීමක් ඇති වුවද අලිබලන්නා වෙත එය නොපෙන්වා සිටීමට මා වගබලාගත්තෙමි ." අලි බෙටිවල මහත්තයෝ හිතන තරම් මහලොකු කැතක් අපිටනම් නෑ . අපි අතින් අරන් තමයි අලිබෙටි අස් කරන්නෙත් "" ඉතින් මාමා කෑවේ බිව්වේ . "" ඒ කාලෙම කෑවේ ගස්වල ගෙඩි ජාති තමයි .සුදු අලියෙක් බලන්න තිබ්බ උවමනාව නිසා මට එක දුකක් කියලා දැනුනේ නෑ "" ඉතින් කියන්නකෝ මාමට සුදු අලියෙක් හම්බුනාද . " - තුන්වන කොටසින් හමුවෙමු -.
BLOG
2014.12.15
http://sinduwagemiyasiya.blogspot.com/
කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම ( 1 )
වයලීනෝ
එක දෙයක් කියන්න ගත්තම මතකයට එන දේවල් නිසා ලියන ලියන පෝස්ට් දැන් එකකට එකක් බද්ධ වෙලා වගේ මෙයාලා .හරියට දම්වැලක පුරුක් වගේ .බාල්දියයි බාල්දි කොක්කයි වගේ .ග්‍රාහකයයි අනුජයයි වගේ .පෑනයි ක්ලිප් එකයි වගේ .ලැප් එකයි චාජරෙයි වගේ .එයයි මමයි වගේ .රාජතරංගනී තෙල් ගැන ලියනකොට තමයි මේ පෝස්ට් එක ලියන්න හේතු භූත බහු භූත වෙච්ච දේවල් මතක් උනේ . මමත් ඉතින් මේවා ඇහුවේ පොඩි කාලේ නෙවේ . එක පාරට මතක් වෙන්නේ නෑ . පොඩි හින්ට් එකක් ඕන මතක් වෙන්න . මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ කිව්වලු . හිහිහිහිහිහි.....දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව .රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව හඳුන්වන්නේ . විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ හාමුදුරුවන්ට අභිධර්මය පිළිබඳව මහාචාර්ය පදවිය පිරිනමල තියෙනවා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් වගේම රේරුකානේ හාමුදුරුවොත් හරිම වැදගත් පොත් ගොඩක් ලියලා තියෙනවා . වයලීනෝ ධර්මාචාර්ය කරන දවස්වල දහම්පාසලේ ධර්මාචාර්ය පංතියට ගියේ නෑ නෙව . පොත් ටික කියවලා තමයි විභාගය ලිව්වේ . අභිධර්මයයි බෞද්ධ විනයයි කියන සබ්ජෙක්ට් දෙක අච්චුපොත කියෙව්වට තේරෙන්නෙ නෑ . රේරුකානේ හාමුදුරුවන්ගේ මේ විෂයන් වලට අදාළ පොත් දෙක කියවලා තමයි ඒ දේවල් තේරුම් ගත්තේ .තව පොත් ගොඩක් තියෙනවා මේ හාමුදුරුවන් ලියපු . මමගාව තව තියෙනවා මේ හාමුදුරුවෝ ලියපු වංචක ධර්ම හා චිත්තෝපක්ලේෂ ධර්ම කියලා පොතකුත් . ඔන්න ඔය පොතේ මුල් අයිතිකාරයා තමයි අද කතාවේ කතා නායකයා වෙන්නේ .එයා අපේ ලඟින්ම නෑයෝ වෙන සීයා කෙනෙක් . මේ සීයා හිටියේ මාතර . එයාට අච්චු කන්තෝරුවක් තිබුණා . මාතර දැනට ඉන්න වැඩිහිටි පරපුරේ වැඩි දෙනෙක් ඒ අච්චු කන්තෝරුවේ නම කිව්වම දන්නවා කවුද කින්ද මන්ද කියලා . ඉතින් මේ සීයාට රේරුකානේ හාමුදුරුවෝ තමයි අර මම කලින් කිව්ව වංචක ධර්ම කියන පොත දීලා තියෙන්නේ .පොතේ රේරුකානේ හාමුදුරුවන් තමන්ගේම අත් අකුරෙන් ලියලා තියෙනවා කර්තෘ විසින් පරිත්‍යාග කරන ලදී කියලා . කොහොමහරි ඒ පොත කැරකිලා කැරකිලා අපේ ගෙදරට ආවා . ඒ පොතට වඩා මටනම් වටින්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ඒ වචන ටික . ඉහිහීහ්හිහිහිහිහ්එහෙනම් ඔන්න මම දැන් එන්නම් මගේ කතාවට ඉතින් මේ සීයා තමන්ගේ ව්‍යාපාරය හොඳින් කරගෙන දියුණු කරගෙන ජීවත් උනා . එයාගේ වයිෆ්ආච්චි පාසල් ගුරුවරියක් . ඉතින් මෙයාලට හොඳට සල්ලි එහෙමත් තිබිලා තියෙනවා . එයාලා හැදුව තට්ටු තුනක ලොකු ගෙයක් . දැනට අවුරුදු 50 කට විතර කලින් වගේ කාලේ තට්ටු තුනක ගෙයක් කියන්නේ ටිකක් විශේෂ දෙයක් . මොකද එ වගේ දෙයක් කරන්න තරම් පුළුවන් අය ඉඳලා තියෙන්නේ ටික දෙනයි . ඒ කාලේ එව්වා එහෙම උනා . පස්සේ ඉතින් මේ අච්චු කන්තෝරුව කරගෙන ගියපු සීයා මියගියා . මම දෙකවසරේ විතර හිටියේ ඒ සීයා මැරෙනකොට .මට තාම මතකයි එයාගේ මරණ දැන්වීම උදේ රේඩියෝ එකේ කියනවා මම අහගෙන හිටපු හැටි . මරණෙට මාවත් එක්ක ගියා . කෞරව වංශික අයගේ මරණ වලදී කරන විශේෂ චාරිත්තර එහෙම මට දැකගන්න පුළුවන් උනා ඒ මරණේදී . එව්වා ඉතින් එහෙම උනා කියමුකෝ . මේ සීයාගේ වයිෆ් ආච්චි මේ ළඟදී අපේ ගෙදර ආවා . ඇවිත් සතියක් විතර නැවතිලා හිටියා . එයා අපිත් එක්ක කතා කරනගමන් මට කිව්වා " මම පුතේ තට්ටු තුනක ගෙදරක හිටපු කෙනෙක් , දැන් මෙහෙම උනාට " කියලා . එයා ඒක කිව්වේ ලොකු කමකට නෙවේ . කිව්ව විදියට තේරුනේ එයා මේක කිව්වේ අසරණ කම මුල් කරගෙන වගේ කියලා .එයාලට වෙච්ච දේවල් බොහොම ඉස්සර මට අපේ ආච්චිඅම්මා පිළිවෙලකට කියලා තිබුණා . කොඩිවිනයක් පවුලක් විනාස කරේ කොහොමද කියලා ඔයාලට කියන්න ඕන නිසයි පඳුර තලාගෙන ආවේ . සමහරවිට ඔයාලා හිතයි මේක මනෝවිද්‍යානුකූලව පදනමක් රහිත කතාවක් කියලා . ඒත් ඒවා ඇහින් දැකපු අය තාමත් ඉන්න නිසා මමනම් හිතන්නේ මේක ඇත්ත කතාවක් කියලා .මේ කට්ටිය අර තට්ටු තුනේ ගෙදර හදන්න පටන්ගෙන තට්ටු දෙකක් විතර ඔන්න දැන් හැදුවලු . මේ කාලේ අපේ ආච්චිඅම්මගේ තාත්තා , ඒ කිව්වේ මම අර කලින් තෙල් වර්ග ගැන කිව්ව කතා කීපයකම කියලා තියෙන වෙදමුත්තා ජීවත් වෙලා ඉඳලා තියෙනවා . හැබැයි ගොඩක් වයසයි . ඇවිදින්නෙත් වෙන අයගේ වාරුවෙන් . ඉතින් මේ වෙමුත්තා කිව්වලු අපේ ආච්චිඅම්මට" මට අර අච්චු කන්තෝරුවේ ළමයා අලුතෙන් හදන ගෙදර බලන්න යන්න ආසයි " කියලා . ඊට පස්සේ ඒ වෙදමුත්තව එතනට එක්ක ගියාලු . එයාව ඒ අලුත් ගෙදර වටේ රවුමක් එක්ක ගියාට පස්සේ එක තැනක එයා නවතුනාලු . එයා ඒ ගෙයි අඩිතාලමේ ඉඳලා උඩට විහිදිලා ගිහින් තියෙන ලොකු පැල්මක් පෙන්නලා කියලා තියෙනවා " මේ ගෙදරට කාලයක් තිස්සේ පවතින කොඩිවිනයක් කරලා තියෙනවා . මේ පැල්ම තියෙන හැටියට එහෙම දෙයක් පේනවා . මේක හරි හමන් අදුරෙකුට කියලා කප්පවන්න වෙයි , නැත්නම් කවදා හරි මේක ඔය ළමයිගේ ජීවිත වලට හරහට හිටිනවා කියලා .දැන් ඉතින් මේක කියවන උන්දලටත් මතක් වෙනවා ඇති ගෙදර කොහේ හරි පැලුම් තියෙනවනම් . මේ කියන්නේ බොලල්ලා , ඔය කොහේ හරි තියෙන වගුරකට පස් දාලා ගොඩ කරලා එතන උඩට පහලට ගෙවල් හැදුවම බිත්ති පුපුරන එක ගැන නෙවෙයි . හරි විදියට , පිහිටි පොළවට යනකං හාරලා අඩිතාලම් දාලා හදපු ගෙවල්වල ඇතිවෙන පැලුම් ගැන තමයි මේ කියන්නේ .ඉතින් වෙදමුත්තා එහෙම කිවම , අර අච්චුකන්තෝරුවේ සීයා ඒවා අහගෙන හිටියට ඒවා ගණන් අරගෙන නෑ . එයා පස්සේ වෙලාවක කියලා තියෙනවා " ලොකු තාත්තට දැන් වයස නිසා කල්පනාව අඩු ඇති , එහෙම කියන කතා ඕවා " කියලා . ඒත් එයාලට වැරදුනා .එයාලගේ ගෙදරට ලොකු ගුරුකමක් කරලා තිබුණා .සමහර දවස්වල ගෙදර කවුරුවත් ඉඳලත් නෑ . ඒත් එයාලගේ ගෙදර අල්මාරි ඉබේම ගිනි අරගෙන . සේප්පුව ඇතුලේ සල්ලි , සේප්පුව ඇරලා බලනකොට අළු වෙලා . ගෙදර රත්තරන් බඩු තිබුණේ නාන ලිඳේ . අන්තිමට අච්චු කන්තොරුවත් වැහිලා ගියා . එයාලගේ බාල පුතාට පිස්සු වැටුණා . එහෙම පිස්සු වැටිලා එහේ මෙහෙ ඇවිදලා අන්තිමටම එයා ගඟේ පැනලා ජීවිතේ නැති කරගත්තා . මේවා වෙනකොට එයාලට මතක් වෙලා තියෙනවා අර මුත්තා කිව්ව විනය ගැන . මාතර මැද්දවත්ත කියන පැත්තේ හිටියා ගුරුකම් කරන්න දස්ස කිරි අම්මා කියලා ආච්චි කෙනෙක් . එයා ලවා තමා මෙයාලා ඒ විනය කැප්පෙව්වේ . හැබැයි මේ ගෙදර අය ගුරුකම කරනකොට බෙරගහන්න එපා කිව්වලු . වැඩිය මුකුත් කරන්න එපා කිව්වලු .ඒ නිසා මේ විනය කපපු කිරිඅම්මා කිව්වලු " මේ ගුරුකමෙන් අවුරුද්දකට විතරයි මේ අමනුස්සයා බන්ධනය වෙන්නේ , අවුරුද්ද ගෙවුනම අමනුස්සයා ඒ බන්ධනය කඩාගෙන එනවා , එ නිසා අවුරුද්දකට කලින් මේක සම්පූර්නෙන් කපන්න ඕන තොවිලයකුත් නටලා " කියලා . ඒත් මෙයාලාට අවුරුද්දක් යනකොට වෙච්චි ඒවා අමතක වෙලා . ආයෙත් මතක් වෙලා තියෙන්නේ ගෙදර කරදර වැඩිවෙනකොට . පස්සේ එයාලා ඒ ගෙදර විකුණලා දැම්මා . දැන් එයාලට ඉන්න හිටින්න තැනක් හරියට නෑ . ඔන්න ඔහොමයි ඒක උනේ .දැන් කාලේ කරන වින සහ වින කැපිලි කොහොමද දන්නේ නෑ . හැබැයි ඒ කාලේ ඒවා කිරිගහට ඇන්නා වගේ වෙලා තියෙනවා . කොඩිවින උපත ගැන එක එක මතවාද කවි කතා තියෙනවා . ඒවා එක එකක් වෙන වෙනමම අරගෙන දිගට දිගට පෝස්ට් දෙකතුනක් හතරක් පහක් ලියන්න තමයි මේ කතාවක් කියලා පටන් ගත්තේ .ඊළඟ පෝස්ට් එකෙන් කොඩිවින ඉපදුන හැටි ගැන බලමු . එහෙනම්ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා .
BLOG
2014.12.11
http://sinduwagemiyasiya.blogspot.com/
තරංගනී දේවියට මග කියන " මහා රාජතරංගනී තෛලය "
වයලීනෝ
රාජ තරංගනී ගැන ලියන්න හිතාගෙන නෙවෙයි හිටියේ . ඒත් හෙනරාජෙ ගැන ලිව්වට පස්සේ දෙතුන් දෙනෙක්ම කිව්වා දන්නවනම් රාජතරංගනී ගැන නොලියා ඉන්න එපා , ඒ ගැනත් ලියලා දාන්න කියලා . නැත්නම් මම හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාවේ දෙවෙනි කොටස කොටලා දාන්න කියලා හිතාගෙන හිටියේ .ඒත් ඉල්ලුම මේක නිසා ඔන්න ලියන්න යන්නේ අද ඒ ගැන . මම දැක්කා සයිබරේ සැරිසරනකොට මේගැන ලියවිලා තියෙනවා . ඒවා ඔක්කොම වගේ මම කියවලා බැලුවා . එහෙම කියවලා ඒවායේ නැති දේවල් කියලා හිතෙන දේවල් ටිකක් එකතු කරලා තමයි මේ පෝස්ට් එක ලිව්වේ . තැඹිලි තෙල් හිඳින විදිය , බෙහෙත් වර්ග වගේ දේවල් ගැන මම විස්තර කරේ වෙන ලිපිවල සඳහන් වෙලා නැති දෙයක් කියලා මට තේරුණ නිසා .රාජතරංගනී තෙල දෙවෙනි වෙන්නේ හෙනරාජ තෛලයට විතරයි . සමහරු කියනවා කළුකුමාර තෛලය තමයි හෙනරාජ තෛලයට පස්සේ තියෙන බලගතුම තෙල කියලා . ඒත් ඒක වැරදියි . රාජතරංගනීතෛලය තමයි ගුප්ත විජ්ජාවේ දෙවෙනියට බලගතුම තෛලය වෙන්නේ . කළුකුමාර තෛලය වෙනත් සම්ප්‍රදායක තෛලයක් , ඒත් රාජතරන්ගනී තෛලය දෙවියන්ට කැපවෙච්ච තෛලයක් . මම කලින් පෝස්ට් එකේ කිව්වා මතකද දන්නේ නෑ , හෙනරාජ තෛලය පිය පාර්ශවය නියෝජනය කරන තෙල කියල .ඒ වගේ මේ රාජතරංගනී තෙල තමයි මවු පාර්ශවය නියෝජනය කරන්නේ . තෙල හිඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් . ඒත් ඇදුරන්ට අයිති කාර්යක් විදියට සලකන , මේ තෙලට තරංගනී දේවිය බන්ධනය කරන විදිය ගැන මගේ දැනීමක් නෑ . මේකෙත් ක්‍රෙඩිට් එක යන්නේ අච්චිඅම්මට තමයි . පොඩිකාලේ මොන්ටිසෝරි ගිහින් ආවම මට කවලා පොවලා මම නිදාගත්තේ නැත්නම් අපේ ආච්චිඅම්මා කරන්නේ මේවගේ රස කතාවක් මාත් එක්ක කිය කිය ඉන්න එක . ඒවායේ මතුපිටින් පේන රස වගේම ඒවායේ ඇතුලේ හැංගිලා තියෙන අද්භූත බවත් මට ඒ කාලේ දැනුනේ නෑ . ඒක විඳින්න ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර හොයලා බලන්න ඕන .මේ සිද්දිය උනේ ආච්චිඅම්මාගෙ ළමා කාලයේ .එතකොට අපේ ආච්චිඅම්මට අවුරුදු දොළහක් විතර . ඒ කියන්නේ 1926 - 1927 වගේ කාලේ . ආච්චිඅම්මගේ තාත්තා , මම කිව්ව අර අපේ වෙද මුත්තා ජයටම වෙදකම් කරපු කාලේ . ඒකාලේ බෙහෙත් අහගන්න , තෙල් වර්ග ගෙනියන්න ගෙදරට ඇවිත් තියෙනවා දෙවුන්දර මාතර පැත්තේ අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු .මේ ලගදී දවසක් අපේ මාමා , මාතර මළගෙදරක ගිහින් ඉන්න වෙලාවක මරණෙට පාංසකූල දෙන්න වැඩපු දෙවිනුවර දේවාලය ළඟ තියෙන පරමවිචිත්‍රාරාම රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ අපේ මාමාව අඳුරගෙන ඒ වෙද මුත්තව මතක් කරලා තිබුණා " අපිත් පොඩි කාලේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්න ඇවිත් තියෙනවා " කියලා . ඔය පන්සලේ වැඩහිටපු නායක හාමුදුරුවරු වැඩිදෙනෙක්ම අපේ ආච්චිඅම්මලාගේ පවුලේ නෑදෑයෝ වෙනව කියලා මම අහලා තියෙනවා . එහෙම නෑයෝ වෙන නායක හාමුදුරු කෙනෙක් තමයි ජම්බුවත්තේ පියරතන හාමුදුරුවෝ .ඒ හාමුදුරුවෝ අපේ ආච්චිඅම්මාගේ මාමා කෙනෙක් වෙනවා .ඉතින් අපි එමුකො කතාවට . මේ වෙද මුත්තා සමහර ලෙඩ වලට වෙදකම් කරේ අනුමානෙට මිසක් හරියටම ලෙඩේ හොයාගෙන නෙවෙයි . තවත් සමහර වෙලාවට සර්පයෙක් කාලා ආවට පස්සේ දූත ලක්සනෙන් මේ සර්පයා කවුද කියලා හොයාගන්න අමාරුවෙලාවල් පවා තිබිලා තියෙනවා . ඔය ප්‍රශ්නය නිසා විස බහින්න එක එක වෙදකම් ගොඩක් කරන්න වෙලා තියෙනවා . ඒවා කරන එක කෙසේ වෙතත් ඒවාට කාලයක් ගතවෙන නිසා ඒක හරිම කරදර වැඩක් උනාලු .මේ හේතුව නිසාම මේ වෙදමුත්තා අඳුනක් හදන්න ඕන කියලා හිතලා තියෙනවා හනුමන්තාගෙන් බෙහෙත් අහගන්න . ඔය අඳුන හදන්න ගස් වර්ගයක් ඕන . මේ ලගදි සිංදුවා මගෙන් ඔය ගහේ නම අහනකොටත් මට ඔය අඳුන මතක් උනා . සමන්දේවාලේ වගේම අපේ කැම්පස් එකේ කීප තැනකමත් ඔය ගස් ජාතිය තියෙනවා . ඒ නිසා මට ඔය ගස් දකින දකින වාරයක් ගානේ ඔය අඳුනමයි මතක් වෙන්නේ .ඒ ගස් දෙවුන්දර තිබුණත් ඒ ගහ ගාව මාස තුනක් විතර නැවතිලා ඉන්නත් ඕන නිසා මේ මුත්තා යනවා එයාගේ මල්ලිමුත්තා ජීවත්වෙලා හිටපු ගම්පහ උඩුගම්පලට . එහේ නැවතිලා ඉඳගෙන තමයි අඳුන හදන වැඩ කරලා තියෙන්නේ .අඳුනේ වැඩ බාගෙට වගේ ඉවරවේගෙන එනකොට මුත්තගේ කකුලේ ලී පතුරක් ඇනිලා තුවාල වෙලා තියෙනවා . ඒත් එයා ඒකට වැඩි දෙයක් කරලා නෑ තුවාලේ සනීප වෙන්නවත් . මොකද එයා ඒ මුළු කාලේම කැපකරලා තිබුණේ අඳුන හදන්න නිසා . ඇදුරෙක් ඇවිල්ලා අඳුන ජීවම් කරන නිසා ඒ වැඩවලට මහන්සි වෙන්න උන නිසා තුවාලේ ගැන වැඩි විමසිල්ලෙන් ඉඳල නෑ . ටික ටික තුවාලේ වැඩි වෙලා . අන්තිමට එයා ගම්පහ ඉඳලා දෙවුන්දරට ආවේ ඇවිදගන්නත් බැරුව කීපදෙනෙක්ගේ වාරුවෙන් .වඩුවගේ ගෙදර ඉඳගන්න පුටුවක් නෑ කියන්න වගේ , දෙවුන්දර නමගිය වෙදා ඇඳට වැටුණා . කේන්දර බලන්න දන්න මේ මුත්තා ගෙදර ආවට පස්සේ ගෙදර අයට කිව්වලු එයාගේ ග්‍රහචාරේ නරකට හිටලා තියෙන වෙලාවක මේ තුවාලේ උනේ , සමහරවිට මෙතනින් එයාගේ ජීවිතේ හරි කකුල හරි කෙලවර වෙන්නත් පුළුවන් කියලා .ඉන්න තරම් දස්ස වෙදමහත්වරු ඇවිත් තියෙනවා මේ මුත්තට බෙහෙත් කරන්න . එයාලා ඒ මුත්තට නියම කරන බෙහෙත් සීට්ටු ලියාගෙන තියෙන්නේ අපේ ආච්චිඅම්මා . වෙලාවට ඒ බෙහෙත් සීට්ටු ලියපු පොත තාම මම ගාව තියෙනවා . සමහර බෙහෙත් වලට කියලා තියෙන ගස් වල නම් මමවත් තාම අහලා නෑ . කොහොමහරි බෙහෙත් කරාට ටිකෙන් ටික තුවාලේ නරකට හැරෙනවා මිස අඩුවක් නැහැලු .ඔය වෙලාවේ වෙදමුත්තාගෙ ජීවිතය බේරුවේ මේ රාජතරංගනී තෛලය තමයි . 1883 ඉපදිච්ච මේ වෙදමුත්තා මියගිහින් තියෙන්නේ 1965 මැයි 12 . සමහර වෙලාවට ගමේ මරණ උනාම අපිත් යනවා මාතර . එහෙම ගියාම මාතර කනත්තේ මේ වෙදමුත්තා සැතපිලා ඉන්න සොහොන වටේ රවුමක් කැරකිලා පහන් සංවේගයට පත්වෙලා එන්න අපි අමතක කරන්නේ නෑ .අන්තිම වතාවේ මාතර කනත්තට මම ගියේ දැනට අවුරුද්දකට විතර කලින් අපේ සීයා කෙනෙක්ගේ මරණෙකට . ඒ ගියවෙලේ අපේ පුංචි අම්මා මේ වෙදමුත්තාගේ සොහොන්කොත අල්ලලා වැඳලා ආවා මට මතකයි . අපේ ගෙදර හැමෝම ගෞරවයෙන් මතක් කරන චරිතයක් තමයි ඒ වෙදමුත්තා . මොකද ඒ වෙද මුත්තාගෙන් පස්සේ වෙදකම සම්පූර්ණෙන්ම නැවතිලා ගිය නිසා . ඒ මුත්තාගේ ධාරණ ශක්තිය හරිම ඉහලයි කියලා අපේ නෑදෑයෝ තාමත් මතක් කරනවා . එයාගේ ෆොටෝ එකක් අපේ ගෙදර තාමත් තියෙනවා . එන කෙනෙක්ට ඒක දැකලා බලල පහන් සංවේගයට පත්වෙලා යන්න පුළුවන් . හැබැයි පහන් සංවේගයට පත්වෙලා මෙතන පහන් පත්තු කරන්න හදන්න එපා . හීඉහිහිහීහිහීහීඉහ්.........මේ වෙදමුත්තාගෙ හොඳම යාලුවෙක් හිටියා දෙවුන්දර ඉස්කෝලයක මුල් ගුරුවරයෙක් . මුල්ම කාලේ මම ලිව්ව පෝස්ට් දෙක තුනකම වගේ මම කියලා ඇති , දෙවුන්දර හිටියා කියලා හූනියම් දෙවියෝ වසඟයට ගත්ත , මතුරලා සර්පවිස බස්සන්න හැකියාවක් තියෙන කෙනෙක් ගැන . ඔන්න ඔය ඉස්කෝල මුල්ගුරුවරයා තමයි ඒ .නම මොකද්ද කියලා නම් දන්නවා , ඒත් කියන්න බෑ , මොකද එයාගේ පවුලේ අය තාමත් දෙවුන්දර ඉන්න නිසා . එයා නැතත් එයාගේ දැනුම ඉතුරුකරලා ගියපු පොත් ගොන්න තාමත් ඒ ගෙදර පුස් කකා තියෙනවා . සමහර වෙලාවට ඒ ගෙදර අයගෙන් මම මේ ශිල්පය ගැන වැඩිපුර දේවල් හොයාගෙන තියෙනවා .ඉතින් මේ ගුරුතුමා ආවලු අපේ මුත්තට කොහොමද කියලා බලන්න . ආවම දැන් මුත්තා ඇඳේ ඉන්නවලු . අර ගුරුතුමා අපේ මුත්තට කියන්නේ වෙද අයියා කියලා . ඉතින් ගුරුතුමා කියනවලු"නරක වෙලාවට වෙද අයියගේ සාත්තරෙත් බොරු උනා එහෙනම් " කියලා .ඒ මුල්ගුරුතුමා ඊටපස්සේ සූනියම් දෙවියන් ආරූඪ වෙච්චි වෙලාවක මේකට මොකද්ද කරන්නේ කියල බලනකොට තමයි තමයි කියලා තියෙන්නේ රාජතරංගනී තෙලෙන් අපේ මුත්තාව සනීප කරන්න පුළුවන් කියලා . තෙල හිඳින බෙහෙත් අපේ වෙදමුත්තත් දැනගෙන ඉඳලා තියෙනවා . ලෙඩ ඇඳේ ඉඳගෙනම එයා තමයි තෙල හිඳින්න බෙහෙත් කියලා තියෙන්නේ .මාතර නුවර ගම්පහ අනුරාධපුරය කියන පැති හතරෙන් නමගිය හමගිය දස්ස ඇදුරෝ හතරදෙනෙක් ඇවිත් තියෙනවා ඔය තෙල ජීවම් කරන්න . ඒ හතරදෙනයි අර ගුරුතුමයි තමයි තෙල හිඳලා ඔක්කොම කරලා ජීවම් කරලා අපේ වෙද මුත්තට තෙල් පොවලා සනීප කරගත්තේ .සාධු කියන්න පින්වතුනී එහෙනම් . මේ තෙලට ඕන කරන කඟවේන අං තමයි හොයාගන්න අමාරු . මේ කඟවේන අං ගැන එක එක මත තියෙනවා . සමහර අය කියන්නේ ගවරා කියන සත්වයාගේ අං තමයි මේ තෙල් හිඳින්න ගන්නේ කියලා . ගවර අං වෙනුවට වෙන ආදේශක තියෙන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා . ඒත් හරියට මීටර් නෑ . මොකද එහෙම තියෙනවා කියලා කියන අය ඒ මොකක්ද කියලා හරියට කියන්නේ නෑ .සමහරවිට ඒ දේවල් වල යම්කිසි සමාන කමක් ඇති . ඔය කඟවේන අං අඳුරගන්න එක එක ක්‍රම තියෙනවා . ඒවා එක එක පරපුරවල් වලින් වෙනස් වෙනවා . මම අහලා තියෙන ක්‍රමය තමයි ඔය කඟවේන අං කෑල්ලක් ඌරච්චි කරලා ඇඟිල්ලක ගාගෙන වෙලුනාට පස්සේ ගින්දරට ඇල්ලුවට ඇඟිල්ල පිච්චෙන්නේ නෑ කියන එක . ඒකෙ සත්‍යතාවය කොච්චර දුරට නිවැරදිද කියලා කියන්න නම් අමාරුයි .මොකද අත්දැකීම නැති නිසා . සමහර තැන් වලදී මම අහලා තියෙන්නේ කඟවේනා කියන්නේ මනඃ කල්පිත සතෙක් කියලා . ඒත් වෙදපොත්වල වට්ටෝරුවේ තියෙන්නේ එහෙමයි .තෙල් හිඳින්න අලුතෙන් ගොම මැටි ගාලා පිරිසිදු කරගත්ත තැනක් යොදාගන්නවා . උඩට උඩුවියන් , පයට පාවාඩ , වටට වටතිර , සුදු පාට රෙදි වලින් යොදන්න ඕන . ඒ පොළව කහ දියර වලින් පිරිසිදු කරන්න ඕන . මේ ගන්න බෙහෙත් වර්ග හැම දෙයක්ම හරිම පිරිසිදුව ගන්න ඕන . මේ බෙහෙත් වර්ගවල හැම දේකම වගේ ඉස්ම තමයි කොටලා මිරිකලා පෙරලා ගන්නේ .හැබැයි මිරිකන්න කියලා වතුර දාන්නේ නෑ . තනිකර ඉස්ම විතරයි ගන්නේ . ඒවා වෙන වෙනම ගන්න ඕන භාජන වලට . යකඩ භාජන නම් මොකවත්ම ගන්නේ නෑ . මැටි භාජනත් ගන්න එක අවුල් . මොකද මැටි භාජන වලට ටිකක් මේවා උරාගන්නා නිසයි මැටි දිය වෙන්න පුළුවන් නිසයි . ඒ නිසා ගන්න ඕන පිත්තල , රිදී , තඹ වගේ භාජන . ඒ නැත්නම් වීදුරු භාජන තමයි ගන්නේ .මේ ලිස්ට් එකේ තියෙන තෙල් වර්ග වලින් තැඹිලි තෙල් තමයි හිඳගන්න අමාරු . තැඹිලි තෙල් කියලා ගන්නේ රන් තැඹිලි තෙල් . රන් තැඹිලි තෙල් හිඳින හැටි දන්නවද දන්නේ නෑ ඔයාලා . මම කියලා දෙන්නම් රන් තැඹිලි තෙල් හිඳින හැටි . ඒක ශාස්ත්‍රානුකූලව කරන වැඩක් . එහෙම කරාම තමයි තැඹිලි තෙලේ නියම ජීව ගුණ තියෙනවා කියන්නේ . ඔයාලා ඔලුවේ ගාන්න තැඹිලි තෙල් හිඳිනවානම් මේ ක්‍රමය පුළුවන් නම් අනුගමනය කරන්න . හොඳ ගුණ ලැබේවි .රන් තැඹිලි තෙල් හිඳින්න යොදාගන්න පුද්ගලයා දවල් කාලේ ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන . දවල් කියන්නේ ඉර උදාවේ ඉඳලා ඉර බැසයාම කියන වෙලාවල් දෙක අතර ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන . හැමදේම එයා කරනවානම් හොඳයි . ඒ නැතත් පොල්ගාන මිරිකන සහ පොල් කිරි ලිපේ තියලා රත්කරන කියන වැඩ තුන දවල් කාලේ ඉපදිච්ච කෙනෙක්ම කරන්න ඕන . එහෙම කියන්නේ ලැබෙන තෙල් ප්‍රමාණය වැඩිවෙනවා කියලා පිළිගැනීමක් තියෙන නිසා වගේම එහෙම කරනකොට තෙල් වලට ලැබෙන ජීව ගුණ බලය වැඩිවෙනවා කියලා කියන නිසා .රන්තැඹිලි ගෙඩි කඩන්න කලින් ඒ තැඹිලි ගහට වැඳුම් පිදුම් කරලා සුවඳ දුම් අල්ලලා පේ කරන්න ඕන . පස්සේ ගහට නැගලා තැඹිලි ගෙඩි බිමට කඩලා දාන්නේ නැතුව ගෙඩි බිමට බාන්න ඕන . කොහොමත් තැඹිලි කඩනකොට ගෙඩි බිමට බානවනේ . ඒත් තැඹිලි මෝරලා නිසා පුපුරන්නේ නෑ කියලා සමහරු මේ ගෙඩි බිමට අතාරින්න පුළුවන් . එහෙම නැතුව මේවා බිමට බාන්න ඕන . පොල් ලෙලිගහන්න ගන්නේ හොඳට උල් කරගත්ත ලීයක් . අලවංගු පාවිච්චිකරන්නේ නෑ . පොල් බිඳින්න පිහියක් ගන්නේ නෑ . ලීයකින් ගහලා තමයි පොල් බිඳින්නේ .පොල් ගාන්නේ හිරමනයකින්නෙවෙයි . ලී පතුරක් උල් උල් තියෙන්න කපලා අරගෙන එකෙන් තමයි පොල් ගාන්නේ . ඊටපස්සේ පිරිසිදු මිරිස් ගලකින් හොඳට පොල් අඹරලා කිරි මිරිකලා තඹ හැළියක දාලා මදගින්නේ රත් කර කර හින්දවන්න ඕන . මේකට ගන්න ඕන කුරුඳු දර . වෙන මොකවත් ලිපට දාන්න හොඳ නෑ . අපේ ගෙදර තිබ්බා මේ තෙල් හිඳින්න ඉස්සර පාවිච්චි කරපු තඹ මුට්ටියක් . ඒක පට්ට අයිටම් එක . ඒක හෝදලා නෑ කාලෙකින් . එනිසා ඔක්සයිඩ් බැඳිලා . මම පස්සේ වෙලාවක හෝදලා කරලා ෆොටෝ කෑල්ලක් දානම් .එහෙනම් අපි යමුකෝ රාජතරන්ගනී හිඳින්න ගන්න බෙහෙත් වර්ග ගැන බලන්න . මේකේ ගොඩක් ඉස්ම වර්ග තියෙනවා . ඒවා පත බැගින් ගන්න කියලා තමයි වට්ටෝරුවේ තියෙන්නේ . ඝන ද්‍රව්‍ය ගන්න ඒවා මංචාඩි දහයක බරින් ගන්න ඕන . කොළ ඉස්ම වර්ග ඔක්කොම එකට දාලා ටිකක් රත් වෙනකොට එළකිරි ගිතෙල් එක්ක අනිත් තෙල් වර්ග ටික දාලා හොඳට හිඳගන්න ඕන . පස්සේ තමයි ඝන දේවල් ඔක්කොම එකට දාලා අඹරගත්ත කල්කය මේ තෙල් හැලියට දාන්නේ . මේ ලිපට ගින්දරදාන්නේ සගන්ධ තෙල් නිපදවන්න ගන්න ලී වර්ගවලින් . හොඳම ලී වර්ග වෙන්නේ සුදු හඳුන් නැත්නම් දේවදාර ලී . ඒවා නැත්නම් කුරුඳු උනත් කමක් නෑ ආයිබෝං .මේ තියෙන්නේ ඕන කරන දේවල් ටිකක් .4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}ඇහැළපොතුඋපුල් කොළකරඳ විස දූවිලි හබරල ඇඹල කිතුල් මුල් සැවන්දරා මුල් ගිනිහිරිය අහුදලු කොල්ලං අන්දර බෝ පුලිල එළකිරි ගිතෙල්ඉරිවේරිය වම්මුතු තොටිලමුල් පලොල් මුල් බැබිල මුල් නික දලු හාතවාරිය බෙලිමුල්නෙලුම් දඬු රුක්අත්තන පොතු මදුරුතලා මුල්කීකිරිඳියඅඩහැරකොබෝනීලබිම්කුඹුරුඑල ඔලිඳබෝමුල් තැඹිලි තෙල් අබතෙල් තලතෙල් එඬරුතෙල් Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}කඟවේනා අං කුඩු තිප්පිලි සූදුරු තඹ සාදික්කා ඉඹුල් මැලියම්කොල්ලු ගල් දුම්මල දෑසමන්සුදු හඳුන් රත්හඳුන් ඉඟිනි ඇට සහිඳ ලුණු ජටාමකුට මහදුරු ගෝරෝචන කොකුම් පොතු රිදී රත්තරං මුතු දාලා තෙල හොඳට හිඳුනට පස්සේ ඒ තඹ හැලියේම තියෙත්දිම තමයි මන්තර මතුරලා මේ තෙලට දේවතා බන්ධනය කරන්නේ . ඒක හරිම අමාරු වැඩක් . දේවතා දිෂ්ටිය වැටෙනකන් මේ තෙල සති ගණන් මාසගණන් මතුරන්නඕන .දේවතා දිෂ්ටිය වැටෙනකොට මතුරන ඇදුරා පිස්සු වැටෙනවා . ඒ නිසා මේ තෙල ජීවම් කරන්න අඩුම තරමේ දක්ෂ මන්තර ශාස්ත්‍රය දන්නා දෙන්නෙක්වත් ඉන්න ඕන . එක්කෙනෙක්ට පිස්සු හැදුනම අනිත් කෙනා තමයි මතුරලා ඒ දොස් නැති කරන්නේ .අපේ මුත්තාට වෙදකම කරන්න එදා තෙල් හිඳිනකොට තෙලට දේවතා දිෂ්ටිය වැටිච්චවෙලේ අන්තිමට මතුරමින් හිටපු ඇදුරා පිස්සු වැටිලා ගෙදරින් පැනලා දුවලා තියෙනවා දෙවුන්දර පෙරලගෙන . පස්සේ බොහොම අමාරුවෙන් තමයි එයා ඉන්න තැන හොයාගෙන ගිහින් එයාව එක්ක ඇවිත් එයාටත් මන්තර මතුරලා දෙහි කපලා එයාගේ දොස් ඉවත් කරලා තියෙන්නේ . තරංගනී දේවිය බන්ධනය වෙනකොට තමයි මෙහෙම වෙනවා කියන්නේ .මේ තෙල දාලා තියන්නේ රත්තරන් නැත්නම් රිදී මංජුසාවක . වෙන වෙන භාජනවල දාන්නේ නෑ . තෙලේ ගුණ කියනවනම් මෙන්න මේ ගුණ තියෙනවා මේ තෙලට . * තෙල් තියෙන අවට යක්කු භූතයෝ පිසාචයෝ ඉන්නේ නෑ* තෙල් බිව්වොත් ඇඟේ තියෙන විවිධ ලෙඩරෝග විශාල ගණනක් සුවපත් වෙනවා ( හොරි දද වණ ගෙඩි කුෂ්ට පිළිකා වගේ දේවල් )* පිස්සන්ගේ පිස්සුව සනීප කරන්න පුළුවන් ගුණයක් තියෙනවා* බහිරවයා වසඟයට ගන්න පුළුවන්* කොඩිවින වදින්නේ නෑ* අංගම් කාලම් පිල්ලි සැර වදින්නේ නෑ* මේ තෙල් සුරේක දාලා එල්ලගත්තම මිනිස්සු ඉක්මනින් වසඟයට පත්වෙනවා* දරුවන් නැති ඒත් නියම වයස තියෙන කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවා* පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරනවාතව ගොඩාආආආආආක් ඒවා තියෙනවා . එව්වා එයාකරයි ඉතින් අදකාලේ මෙහෙම තෙලක් හිඳින එක ලේසි වැඩක් නෙවෙයි . කඟවේනා තියා අද ගවරා කියන සතාවත් හොයාගන්න නැහැනේ . අපේ අයත් තෙල් හිදින්න කොහෙන් ඕවා හොයාගත්තද දන්නේ නෑ . අපේ ආච්චිඅම්මත් ඒ කාලේ දැනගෙන ඉඳලා නෑ මොකක් ගත්තද කියලා . සමහරවිට වෙන ආදේශකයක් තියෙන්න ඇති කියලා මට නිකමට හිතෙනවා . බලමු ඒ මොකක්ද කියලා හොයාගත්තොත් කියන්නම් .එහෙනම් හැමෝටම තරංගනී දේවියගේ පිහිටයි ආආආආආරස්සාවයි .ආ වයලීනොට එක්සෑම් ඉවරයි . ආයෙත් ලියන්න පුළුවන් දිගට හරහට පළලට උසට .( සිංදුවාට මෙය අපලදායක වියහැකි බව කරුණාවෙන් සලකන්න ).
BLOG
2014.10.26
http://sinduwagemiyasiya.blogspot.com/
අකුණු හෙනගිනි දේවතාවාට මග කියන " මහා හෙනරාජ තෛලය "
වයලීනෝ
අද කියන්න යන මාතෘකාව ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න අමාරුයි . මොකද අද්භූත බලවේග ගැන ගවේෂණය කරන වයලීනෝ විතරක් නෙවේයි ඒ වගේ තවත් අය බොහොම ගෞරවයෙන් කතාකරන මාතෘකාවක් ගැන තමයි අද කතාකරන්න යන්නේ . ඒ ගැන ගින්නක් නැතුවම කතා කරන්න මට සාධාරණ අයිතියක් තියෙනවා කියලා මම හිතනවා . ඒ මොකද කියලා මම කියන්නම්කො පෝස්ට් එකේ අතරමැදදී .ගිය සිංහල අවුරුද්දට අපේ ගෙදර චාරිත්‍ර ඉෂ්ටකරා විතරයි ෆෝන් එක රින්ග් වෙනවා දිගට හරහට . යාලුවොනම් ගානක් නෑ . උන් කොහොමත් කතාකරන්නේ මගේ ෆෝන් එකටනේ . මේ කතා කරන්නේ අපේ ගෙදර ෆෝන් එකට . වෙන කවුරුවත් නෙවේ . වේයන් මීයන් යන අඩිපාරේ යමින් අපිව කවදත් කන නෑයෝ . අපේ අම්මලටනම් ඔය නෑයෝ ඔක්කොම එක ඉත්තක පිපිච්ච මල් වගේලු . හනේ බම්බුව. මටනම් එහෙම නෑ .ඉස්සර ඉඳලා මම නෑයෝ ගැන හොඳට අධ්‍යනය කරලා උන්ව කැටගරි දෙකකට වෙන් කරලා තියෙන්නේ . එයින් එක කැටගරියක කට්ටිය හරිම හොඳයි . අපි උන්නද මලාද කියලා ඉඳල හිටලා කතාකරලා බලනවා . තව එයාලා අපේ ගෙවල් පැත්තේ ළඟ කොහෙට හරි ආවම අපේ ගෙවල් පැත්තෙත් එනවා . තව කට්ටියක් ඉන්නවා , උන් ඉන්නේ දානෙට මරණෙට මගුලට විතරයි . එහෙම එකක් කිව්වම පැනගෙන එනවා . ඒත් ඉන් එහා කිසි කතාවක් නෑ . උන් ආවත් අපිවත් හූරගෙන කාලා තමා යන්නේ . ඒත් ඉතින් දානෙට මරණෙට මගුලට උන්ට එන්න කියලා කියනවා . මොකද ඉතින් වලන් ටිකවත් හොදවගන්න කවුරුවත් ඉන්න එපාය . හැක හැක හැක .හැබැයි මේ අයගෙන් සමහර අය අවුරුද්දට අනිවා එනවා . ඉතින් මේ අවුරුද්දෙත් එහෙම සෙට් එකක් අවුරුද්ද දවසේ කතා කරලා අපේ අම්මගෙන් ඇහුවා අක්කේ ඉතින් අපි මේ සිංහල අවුරුද්දට හෙට දිහාවට ඔයපැත්තේ එන්න හදන්නේ කියලා . ඔන්න ඉතින් නැකතටම මගේ යකා ආවේස උනා . අම්මා කෝල් එක ඉවරවෙලා කිව්වා අර කස්ටිය හෙට එනවා කිව්වා කියලා . මම කිව්වා මම ඉන්නේ නෑ ඕකුන් එන වෙලාවට . මම යනවා සිංදුවගේ ගමේ ගෙදර කියලා . වෙනදත් මම ඔයවගේ අපත සෙට් එන වෙලාවට කරන්නේ වෙන ගමනක් සෙට් කරගෙන මග ඇරලා යන එක . මොකද කාඑක්ක උනත් මූනිච්චාවට හිනාවෙන්න මට පුරුද්දක් එදත් නෑ අදත් නෑ හෙටත් නැති නිසා .මම ඉතින් පහුවෙනිදා උදේම හදාගත්ත අරවයි මේවයි ඔතාගෙන සිංදුවගේ ගමේ ගෙදර ගියා . ඒ නැතත් සිංදුවගේ අම්මි බබාගේ හැපී බර්ත්ඩේ ඒ කිට්ටුව තිබ්බ නිසා සිංදු අම්මි බලන්න යන්න කියල තමයි මම හිතාගෙන හිටියේ . ඔන්න ඉතින් මම ගියා සිංදුවගේ ගමේ . එහෙ ගිහින් ටික වෙලාවක් යනකොට ඔන්න එනව සිංදුවගේ අයියා . ඒකිව්වේ ලොකුසිංදුවා .ලොකු සිංදුවා එක්ක එහෙ ආවා තව ඥාති සහෝදර පොරක් . මිනිහා කවුද කියලා ඉස්සර ඉඳල දැනගෙන හිටියට පොඩ්ඩක් ආස්සරේ කොරලා බලන්න හම්බුනේ එදා තමයි . ඉතින් එදා දවල් වරුවේ ඇන්ඩ් හවස් වරුවේ සිංදුවගේ ගෙදර කස්ටියත් එක්ක රවුමක් ඇවිදලා ඔන්න රෑ වෙනකොට කස්ටිය කයිය ගහන්න සෙට් උනා . ලේඩීස්ලා කුස්සියේ සංගමය දාගත්තා . අපි කස්ටිය සාලේ පැත්තක අපේ සෝන් එක හදාගෙන කැම්පස්වල විස්තරයි අරවයි මේවයි කියෝ කියෝ ඉන්නවා .එක පාරටම අර මම කලින් කිව්ව ලොකු සිංදුවගේ ඥාති සහෝදරයා මගෙන් ඇහුවා මල්ලි හෙනරාජ තෛලයද බෙල්ලේ එල්ලන් ඉන්නේ කියලා . එක එක කාලෙට මගේ බෙල්ලේ එල්ලන් ඉන්න සුර මම මාරු කරනවා . විවිධත්වයක් තියෙන්න එපාය ජීවිතේ . හැමදාමත් එකම උරචක්කරමාලාව එල්ල ඉන්න පුළුවන්ය නේද . හැක හැක හැක . ඉතින් මේ වෙලාවේ මගේ බෙල්ලේ තිබ්බේ රිදී සුරයක් . ඒකෙ තිබ්බේ පිරිත් වලින් පුරපු යන්තරයක් .මම කවදත් පුරුදු සයිලන්ට් හිනාව දැම්මා මිස මොකවත් කිව්වේ නෑ . එවෙලේ සිංදුවා බලාගෙන ඉන්නවා දැන් මොකද්ද අර ඥාති පොර දෙන උත්තරේ කියලා . පස්සේ ඉතින් පොර කියනවා , හෙනරාජ තෛලය සුරේක දාලා බෙල්ලේ එල්ලගත්තම වෙඩි වදින්නේ නෑ කියලා . පස්සේ හෙනරාජ තෛලය ගැන ජෝක් එකට ගොඩක් දේවල් කිව්වා .මටනම් එව්වා ඇල්ලුවේ නෑ . වෙන මොකවත් නිසා නෙවේ . මොකද බාගෙට ඕක දැනගෙන කට දෙකොනෙන් හිනාවෙවී ඒවා සෙකන්ඩ් කරලා කතා කරණ එක මෙලෝ රහක් නැති වැඩක් නිසා . විවේචනය කරනවනම් එන්න ඕන ඒ විවේචනය කරණ දේ ගැන දිග පළල හරියට මැනගෙන . , නැත්නම් කට වහගෙන ඉන්න ඕන . ඒත් අදකාලේ වෙන්නේ මේ දෙකෙන් මොකුත් නොදැන විවේචනය කිරීම නිසා ඒගැන කතා කරලම වැඩක් නෑ . කොහොමහරි අපේ කතාව වෙන පැත්තකට මාරු උනා . මම හිතෙන් හිතාගත්තා අනේ යකෝ උඹයි මමයි දන්න හෙනරාජ තෛලය කියලා . හැක හැක හැක....මම කිව්වා සර්පවෙද දූත ලස්සන විජ්ජාව ගැන කියනකොට , අපේ ආච්චිඅම්මා වෙද පවුලක කියලා . මම ඕක කියන්නේ නැතුව ඉඳලා ඉඳල තමයි ළඟදී ඔය පෝස්ට් එකේ කිව්වේ . ඉතින් දැන් මම කියන්න යන්නේ මට හෙනරාජ තෛලය ගැන තොරතුරු ලැබුන විදිය ගැන . අපේ අච්චිඅම්මා බෙහෙත් වර්ග ගොඩක් මතක තියාගෙන හිටියා මිස එයාගෙ ළඟ පොත් තිබුණේ නෑ . ඒ නිසා එයාගෙන් පස්සේ දැනුම ඉදිරියට ගමන් කලේ නෑ . ඒකෙ එක හොඳක් තියෙනවා නරකකුත් තියෙනවා . හොඳ තමයි ඒ දැනුම පිට නොගිය එක . නරක තමයි මට ඒවා ඉතුරු නොවුන එක .අපේ ගමේ ටිකක් වයසක මාමා කෙනෙක් ඉන්නවා , එයා ටිකක් මේ වෙදකම , ගුරුකම් සම්භන්ධව වැඩ කරනවා . මම හතර වසරේ ඉන්න කාලේ තමයි අපේ සීයා නැති උනේ . ඒ මරණෙට මේ මාමත් ආවා . පස්සේ හත් දවසේ දානෙත් ඉවරවෙලා ටිකක් කල් මෙයා අපේ ගෙදර හිටියා . ඒ හිටියේ , මම හොඳටම දන්නවා අපේ ආච්චිගෙන ලකුණු දාගෙන බෙහෙත් අහගෙන යන්න . එත් ආච්චි එයා බලාපොරෝත්තු වෙච්ච ඔක්කොම දේවල් දුන්නේ නෑ .ඉතින් දවසක් මේ මාමා මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මට කිව්වා ආච්චිඅම්මා ගොඩක් දේවල් දන්න කෙනෙක් ඔහොම හිටියට . ඒ නිසා ආච්චි අම්මගෙන් වෙදකම ගැන ඉගෙන ගන්න කියලා . පස්සේ මම එයාගෙන් ඇහුවා විස්තර . එයා කිව්වා අපේ ආච්චි අම්මගේ පියා ජීවත්වෙලා ඉන්න කාලෙත් එයා හිටියා කියලා . එයා එතකොට පොඩි ළමයෙක්ලු . ඒ වෙද මුත්තා ගාව තිබුණලු තෙල් වර්ග දාලා තිබ්බ කළුවර ලී පෙට්ටියක් . ඒකෙ තිබ්බේ කවදාවත්ම පිට කෙනෙක්ට අල්ලන්නවත් දුන්නේ නැති තෙල් බෝතල් කීපයක්ලු . හෙනරාජරාජ තරංගනීඉරු දැපනවිෂ්ණුරාජසරස්වතීචින්තාමාණික්‍යම් කියන තෙල් වර්ග තමයි ඒවායේ නම් .හෙනරාජය ගැන මම දැන් කියන්නම් . අනිත් තෙල් වර්ග ගැන වැඩිදුර කියන්න යන්නේ නෑ . හැබැයි ඔයාලා දන්නවනේ සරස්වතී තෛලය ගැන . අර තොටගමුවේ හාමුදුරුවෝ බීලා සිහිය නැති උනේ . අන්න ඒක තමයි සරස්වතී තෛලය . ඔය සරස්වතී තෙල පොඩ්ඩක් දිවේ ගාගන්න කෙනාට ඇහෙන ඇහෙන දේවල් මතක හිටිනවාලු .මම ඉතින් ඒකාලේම වගේ ඔය ගැන ආච්චිගෙන් ඇහුවා . එයා කිව්වේ එයාගේ සීයා එයාට කියා දීපු දේවල් ගැන . ඒ කියන්නේ ආච්චිගේ තාත්තාගේ තාත්තා . එහෙම බලනකොට මම මේ කියන ඒවා පරම්පරා පහක් පරණයි ඈ .දැන් කියන්නම් මේ පෝස්ට් එක ලියන්න හිතුවේ ඇයි කියල . ගිය සතියෙ සෙනසුරාදා සුපුරුදු පරිදි සිංදුවගේ ගෙදර ගිය වෙලාවේ බත් කන්න කුස්සියට රිංගපු වෙලාවේ දැක්කා මිරිස්ගල වහලා තියෙන පත්තර කොලේ රත්තරන් පාට සුරයක රූපයක් තියෙනවා . මම ටක් කාලා ඒක අතට අරන් බලනකොට තමයි දැක්කේ හෙනරාජ තෛලය ගැන තියෙන්නේ කියලා .ඒත් ඒ කොලේ පොඩි කොළ කෑලි දෙකක් ඉරලා දාලා තිබ්බේ . ඒ විස්තරේ කියවන්න තිබ්බ ආසාව නිසාම මම මිරිස්ගල අයිනේ අවුස්සලා අවුස්සලා කොලේ කම්ප්ලීට් කරලා ෆොටෝ එකක් ගත්තා . සිංදුව ඉතින් විරිත්තගෙන මම මේ කරණ දේ දිහා බලාගෙන ඉන්නකොට මම කිව්වා ඔන්න තව පෝස්ට් එකක් ලියන්න මාතෘකාව කියලා . දැන් මේ ලියන්නේ ඒක තමයි . ඒ පත්තර කොලේ හෙන රාජ තෛලයෙ මූලික තොරතුරු ගැන තිබ්බේ කියලා තේරුනේ ඒක කියෙව්වම . අවුලක් නෑ . මම දන්නා හරිය ඔන්න මම ලියනවා.ගුරුකම් ශාස්ත්‍රය ඒ කියන්නේ මන්තර ශාස්ත්‍රය සහ වෙදකම කියන ශිල්ප දෙක නැත්නම් විද්‍යාවන් එක සමහර තැන් වලදී එකට හා වෙනවා . මෙන්න මේ තෙල් වර්ග කියනෙත් අන්න ඒ හා වීම සිදු කරන එක පාලමක් . ඉතින් අතීතයේ හිටපු ඍෂිවරු , රාවණා වගේ මහා නුවණැත්තන් තමන්ගේ තුන්කල් දක්නා නුවණින් සහ ප්‍රඥාවෙන් නිපදවපු ඉතාම වටිනා රහස් බෙහෙත් වට්ටෝරු වලින් තමයි මේ තෙල් වර්ග ඇති උනේ .නිකන්ම තෙල් හිඳලා ගාලා ලෙඩ සුවපත් කරනවා වගේ නෙවෙයි මේ කලින් කිව්ව විශේෂ තෙල් වර්ග . මේවා හිඳලා අන්තිමට මන්තර වලින් මතුරලා ඒවාට බල පිහිටවන්නත් ඕන . එහෙම බල පිහිටවපු තෙල් සමහර හේතු නිසා බල බිඳිලා බල රහිත වෙනවා .එතකොට ආයෙත් මන්තර පුරලා බල පිහිටවන්න ඕන නැත්නම් ඒවායේ හරි ප්‍රතිඵලය ලබන්න බැරි වෙනවා .ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ මව සහ පියා විදියට හඳුන්වන ප්‍රධානම තෙල් වර්ග දෙකක් තියෙනවා . ඒ තමයි මහා හෙන රාජ තෛලය සහ මහා රාජතරංගනී තෛලය . එහෙම හඳුන්වන්නේ මේ තෙල් වර්ග පළඳින , ආලේප කරගත්ත කෙනාට මව සහ පියාගෙන ලැබෙන ආරක්ෂාව ලැබෙන නිසා . මේ තෙල් වර්ග දෙකෙනුත් ප්‍රධානම තෙල තමයි මහා හෙන රාජ තෛලය .මේ තෛලයට මේ නම ලැබුණේ ඇයි කියලා දන්නවද . මම නම් මුලින් හිතාගෙන හිටියේ හෙන රාජ කියන්නේ ලොකු අයිටම් එකක් නිසා වෙන්නැති කියලා . ඒත් අපේ ආච්චිඅම්මා මට කිව්වා මේ තෙලට මේ නම ලැබුණේ අකුණට අධිපති අකුණු හෙනගිනි දේවතා පුත්‍රයා මේ තෙලට බන්ධනය කරණ නිසා කියලා . ඒ කියන්නේ මන්තර වලින් මේ තෙලට අකුණු හෙනගිනි දේවතාවා බන්ධනය කරල තමයි හදලා තියෙන්නේ කියලා . අර මම කිව්ව පත්තර කොළෙත් මේ විස්තරේ තිබ්බා .තෙල හිඳින්න ගන්න සම්පූර්ණ බෙහෙත් වට්ටෝරුවෙ මෙන්න මේ බෙහෙත් වර්ග තියෙනවා . ඒ තමයිඇත්දෙමටඅංකෙන්දවෙනිවැල්රසකිඳඅරළුබුළුනෙල්ලිරත් සඳුන්සුදු සඳුන්කොකුම්පොතුඉරිවේරියසපුමල්නාමල්ගවරාගේ අංමුව අං වගේ දේවල් ගොඩක් ගන්නවා .මේ තෙල හිඳින්න ගන්න බෙහෙත් වර්ගවල තියෙන දුර්ලභ බව නිසාම මේ තෙලේ වටිනාකම වැඩි වෙනවා . තෙලට ගන්න ගවර අං ගැන එක එක මත තියෙනවා . සමහරු කියන්නේ කඟවේන අං නැති නිසා ගවර අං ගන්නවා කියලා . ඒත් අපේ ආච්චිබබා මට කිව්වේ නම් ගවර අං කියලා තමයි . තෙල හිඳින්න ප්ලේස් එක විදියට ඉස්සරම කාලේ ගල් ගුහාවක් තමයි අරගෙන තියෙන්නේ . එත් පස්සේ කාලෙකදී ඒක අලුතෙන් මැටි ගහලා ගත්ත අලුත් නැවුම් මැටි ගෙයක් බවට පත්වෙලා තියෙනවා . ඉස්සර කාලේ මේ තෙල හිඳින්න බෙහෙත් වර්ග හොයාගෙන තියෙන්නේ යක්ෂ ආවේස වෙච්ච පුද්ගලයෙක් මගින් . ඒත් පස්සේ කාලෙකදී මොනාද ඕන බෙහෙත් වර්ග කියලා හොයාගත්තට පස්සේ මේ තෙලට බෙහෙත් සාමාන්‍ය පුද්ගලයෙක්ටම හොයාගන්න පුළුවන් කම ලැබිලා තියෙනවා .ඔන්න බහෙත් ජාති හොයාගත්ත කියමුකෝ . දැන් තියෙන්නේ තෙල හිඳින්න . තෙල හිඳින එකත් ලේසි වැඩක් නෙවේ . තෙල හිඳින්න ලිප හැදිල්ලේ ඉඳලා ගොඩක් දේවල් කෙරෙන්නේ නැකත් බලල . අනික තමයි මේ තෙල හිඳින්න ලිපට ගින්දර ගන්න ඕන අකුණක් ගහලා පත්තුවෙන ගින්නකින් . ඉස්සර අයනම් මතුරලා ඒ මන්තර වලින් ලිපට ගිනි අවුලවලා තියෙනවා . ඒත් අකුණක් ගහපු තැනකින් ගන්න ගින්දර තමයි මේ තෙල හිඳින්න වඩාත්ම සුදුසුයි කියලා කියන්නේ . මම අහලා තියෙනවා ගුරුකම් වලදීත් දෙවිවරු වඩිනකොට අකුණු පුපුරනවා කියලා . ඒ විදියටත් මේ තෙල හිඳින්න පුරාණයේ හිටපු අය ගිනි ඇවිලෙව්වා කියලා කියනවා .ඊට පස්සේ කරන්න තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි තෙල හිඳින තැනයි තෙල් භාජනයයි ආරක්ෂා කරණ එක . මේකට මල් තටු හදලා , පහන් පළවල් අටවලා මේ තැන ආරක්ෂා කරන්න අමනුෂ්‍ය බලවේග වලට ආරාධනා කරනවා . මෙතනදී දෙවිවරු වගේම ඇතුල් පංතියේ යක්ෂයින් ගෙන්නනවලු . මේ අමනුෂ්‍ය බලවේග මේ තෙලයි තෙල හිඳින පුද්ගලයි ඒ ස්ථානයයි ආරක්ෂා කරනවලු . තෙලට අවශ්‍ය කරණ සත්තු එහෙම ඉන්නවා . ඒ සත්තු දෙවියන්ගේ බලයෙන් ඉබේම ඇවිත් කැකෑරෙන තෙලට පනිනවා කියලා කියනවා . ඒ කියන්නේ කුරුල්ලෝ පියාඹලා ඇවිත් තෙලට වැටෙනවලු .තෙල හිඳින වැඩේ ඉවර උනාට පස්සේ තමයි තියෙන්නේ තෙලට අකුණු හෙන ගිනි දේවතාව බන්ධනය කරණ රාජකාරිය . මේ රාජකාරිය එසේ මෙසේ කෙනෙක්ට කරන්න බැරිලු . සාමාන්‍යයෙන් ඒ ශිල්පයේ හොඳ පළපුරුද්දක් තියෙන නිවැරදි ඝන පිහිටවලා මතුරන්න පුළුවන් අයටලු මේ වැඩේ කරන්න පුළුවන් . කාටත් පුළුවන් ඉතින් . එත් ප්‍රතිඵල ෂුවර් වෙන්නේ එහෙම උනාම . මේ බන්ධනය කිරීම කරාට පස්සේ තමයි තෙල පන පිහිටලා සම්පූර්ණ වෙන්නේ . සමහර වෙලාවල් වලදී මේ පන පිහිටවීමෙදී මතුරන කෙනා මන්තර වැරැද්දුවොත් ඒ කෙනා පිස්සු වැටෙනවා කියලා අපේ ආච්චිඅම්මා මට කිව්වා . වෙන්න පුළුවන් . යක්ෂයින් බන්ධනය කරනවා වගේ ලේසි වැඩක් නෙවෙයිනේ දෙවිකෙනෙක් බන්ධනය කරනවා කියන එක . අකුණු හෙන ගිනි දේවතාවා කියන්නේ සමහරවිට ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න සියුස් වෙන්න පුළුවන් . නැත්නම් ශක්‍රයා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා .දැන් තෙල හැදුවට පස්සේ තෙල තැම්පත් කරලා තියන කරඬුව හරි බෝතලේ හරි ඉතාම පිරිසිදු එකක් වෙන්න ඕන . මේ තෙලට කිලි අහුවෙන්න හොඳ නෑ කියලා මම පිටින් අහලා තිබ්බට ආච්චිඅම්මානම් කිව්වේ මේ තෙලට කිලි වදින්නේ නෑ කියලා . ඒත් තෙලේ බලය අඩු වීමක් පොඩ්ඩක් වෙන්න පුළුවන් , එහෙම උනොත් ආයෙත් මන්තර පුරලා තෙලේ බලේ වැඩි කරන්න පුළුවන්ලු . ඔන්න ඔහොමයි ඉතින් මහා හෙන රාජ තෙලේ බලේ . හරියට හිඳගත්ත තෙල දීප්තිමත් කහපාටකින් වගේම හොඳ සුවඳකින් යුක්ත වෙනවා .තෙල ගැන කියන්න තව දේවල් මතක් උනොත් කමෙන්ට්ස් වල කොටලා තියන්නම් . තව වැදගත් දෙයක් තමයි මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා කියලා කියනවා . එහෙම වෙන්නේ මේ තෙල් වල තියෙන කාබනික අකාබනික සංයෝගවල බලයකින් නම් නෙවෙයි . මේ තෙලට අරක්ගන්න අකුණු හෙනගිනි දේවතාවාගේ බලය නිසා . තමා වෙතට උණ්ඩයක් එනකොට මේ දෙවියන්ට පුළුවන් ඒ උණ්ඩයේ පැත්ත වෙනස් කරන්න .එහෙමයි වෙඩි වලින් ආරක්ෂාව ලැබෙන්නේ . ඔය රජකාලේ එහෙම වෙඩි පත්තු කිරිල්ලක් තිබිලා නෑහැ . ඒ කාලේ ඊතල විදිල්ලක්නේ තියෙන්නේ . යුද්ධවලදී ඊතල විදගන්නකොට මේ හෙනරාජ තෛලය පැළඳගත් කෙනාගෙ පැත්තට එන ඊතල වල ගමන් මාර්ගය වෙනස් කරන්නත් මේ හෙනරාජ තෛලයට පුළුවන් වෙලා තියෙනවා . මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා විතරක් නෙවෙයි ; තවත් ගන්න පුළුවන් ප්‍රයෝජන් ගොඩයි .තමන්ට කවුරුවත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑමූණ දිහා එකඑල්ලේ බලාගෙන කතා කරන්නේ නෑකඩු කිනිසි වලින් අනතුරක් කරන්න බෑසමහර වෙලාවල් වලට තමාට වෙඩි තියනකොට තුවක්කුව පුපුරනවාරාජ රාජ මහාමාත්‍යාදීන් ගෙන් උදවු ලැබෙනවාරාජ උදහස්වීම් වලට ලක්වෙන්නේ නෑඅලි ඇත්තු දිවි වලස් සර්පයින් වගේ සත්තුන්ගෙන් කරදර වෙන්නේ නෑපහන් පත්තු කලොත් ඒ එලිය වැටෙන ප්‍රදේශයේ යක්කු භූතයො ඉන්නේ නෑතමා හීනෙන් භය වෙන්නේ නෑමන්තර ගුරුකම් වලින් ගොඩක් වෙලාවට බේරෙන්නේ පුළුවන්ඔන්න ඔහොමයි තෙලේ තත්ත්වේ . අර මම කිව්ව මාමා කිව්වා එයා මහගෙදර ඉන්න දවසක , මේ තෙල් බෝතලේ අපේ ආච්චිගේ තාත්තා ඒ තෙල් බෝතල් තිබ්බ කළුවර ලී පෙට්ටියෙන් එළියට ගත්තලු . එහෙම ගත්තට පස්සේ ඒ මුත්තා මෝල් ගස් දෙකක් ගෙන්නලා අරන් මේ තෙල් බෝතලේ දෙපැත්තෙන් තිබ්බලු . ඒ මෝල්ගස් දෙක පෙරලිලා ඇවිත් බෝතලේට වදිනවලු ටික් ගාලා . ආයෙත් මෝල්ගස් දෙක දෙපැත්තට කළාම හෙමීට පෙරලිලා ඇවිත් ආයෙත් බෝතලේට ඇලෙනවලු මෝල්ගස් දෙක . අන්න එහමයි තෙලේ බලේ .ආ තව දෙයක් කියන්න බැරි උනා . මේ තෙල බෙල්ලේ එල්ලගන්නවනම් දඹ රන් සුරයක දාලා තමයි එල්ලගන්න කියන්නේ . ඒ මුත්තා ගාවත් තිබිලා තියෙනවා හෙනරාජ තෙල් දාපු දඹරන් සුරයක් . මම මුලින්ම දාලා ඇති ඒ සුරයේ ෆොටෝ එකක් . අද මට ඉතුරු වෙලා තියෙන්නේ ඒ හිස් සුරය විතරයි .අපේ ආච්චිඅම්මා ඒකත් චෛත්‍යයක් හදනකොට නිධන් කරන්න හැදුවේ . මම දුන්නේ නෑ . හැක හැක හැක . ඇයි වදේ තෙල් නැති එකේ අඩුගානේ තෙල් ආලා තිබ්බ සුරයවත් තියෙන්න එපාය .ඒ වෙද මුත්තා මැරෙන්න කලින් මේ තෙල් බෝතල් මුහුදට දාලා තියෙනවා . එහෙම කරලා තියෙන්නේ මේවා වැරදි කෙනෙක් අතට ගියොත් ඒකෙන් සමාජෙට වෙන නරක ගැන හිතලාලු . ඒ නිසාම වෙන්න ඇති එයාල ඊළඟ පරපුරට මේ දැනුම දෙන්නේ නැතුව ඉන්න ඇත්තේ . එයාලා ආච්චිඅම්මලට දැනුම දෙන්න නෑ . ආච්චිඅම්මලා අපිට දෙන්න නෑ . ඔහොම ඔහොම දැනුම ක්ෂය වෙලා ගිහින් අන්තිමට මුකුත්ම නැතිවෙන කාලයක් එයි . ඒත් පරපුරක උරුමය නිසා මේගැන කතා කරන්න මට සාධාරණ හිමිකමක් තියෙනවා . හැක හැක හැක ..........අදකාලේ සමහර අය හෙනරාජ තෛලය කියලා සුර විකුණනවා . ඒත් මමනම් හිතන්නේ නෑ මේ ඔක්කොම වතාවත් කරලා හරියට හිඳපු තෙලකට මුදල්මය වටිනාකමක් දෙන්න පුළුවන් කියලා .හොරුන්ට අහුවෙන්න එපා .මාසෙකට වගේ වයලීනෝ සයිලන්ට් . අපිට කැම්පස්සුවේ එන්ඩ් එක්සෑම් ළඟයි නෙව . අරවිජ්ජා මේ විජ්ජා තමයි ඉතින් එක්සෑම් ඉවර වෙනකන්ම . හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු දෙවෙනි කොටස අරන් එන්නම්කො ආයෙත් . එහෙනම් මම ගියා ..........හැමෝටම අකුණුහෙනගිනි දේවතාවගේ පිහිටයි , ආරස්සාවයි .
BLOG
2014.04.05
http://www.slstagedrama.blogspot.com
රාජ්‍ය නාට්‍ය උලෙළ 2014 සම්මාන ලැබූවෝ
නාට්‍යකාරයා
මේ සති කිහිපයම ඉතාම කාර්‍යබහුලව තමා ගෙවුනේ මේ පැත්තේ ඇවිල්ල යන්නවත් බ්ලොග් එකක් කියවන්නවත් කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මොකද මගේ මිත්තනිය මියගියා ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මගෙත් අම්මා අවුරුදු 104ක් ආයුෂ වලදලා තමා ඇය අපිව දාලා ගියේ. එම නිසා කාර්‍ය බහුල වුනා වගේම මගේ HND එකේ අන්තිම අවුරුද්ද තමා මේ ගෙවෙන්නේ ඉතින් මුත්තම්මගෙ මරනය නිසා පාඩු උන දේශන එහෙමත් නැවත නෝට්ස් හොයාගෙන බලා ගත්තා එකී මෙකී නොකී සියලු කාරනා අස්සේ මට මී මුරේ යන්නත් අවස්ථාවක් ලැබුනා එහි විස්තරත් ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. ඉතින් මේ ලිපිය පල කරන්න කියලා සෙරන්ඩිප් ඔටුවත් ඉල්ලලා තිබුන නිසා ඔන්න අද ඕගොල්ලන්ට අරන් ආවා රාජ්‍ය නාට්‍ය උලෙළේ නිල ප්‍රතිපල.රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2014 පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමා පැවැත් උනේ. සමහර අයනම් කියනවා මේ නාට්‍ය උලෙළේ සාධාරන විනිශ්ශ්‍යක් කෙරුන්නෑ කියලා ඒක ඕගොල්ලන්ට බාරයි ඕන් එහෙනම් ප්‍රතිපල ටික. හොඳමනළුවා - ආදරවස්‌තුව වේදිකා නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දුහොදම නිළිය - චේ ගුවේරා නාට්‍යයේ ජුලියාගේ චරිතය නිරූපණය කළ ගයනිගිසන්තිකාහොඳම සහාය නිළිය - හුණුවටයේ නාට්‍යයේ නටාලියාගේ චරිතය නිරූපණය කළ රොණිකා චාමලීහොඳම සහාය නළුවා - මකරට නාට්‍යයේ සබේ විදානේ චරිතය නිරූපණය කළ සරත් කරුණාරත්නහොඳම නාට්‍ය - පරාක්‍රම නිරිඇල්ලගේ හුණුවටයේ කතාවහොඳමරංගාලෝකය - මකරට නාට්‍යයේ චන්දන අලුත්ගේහොඳමරංග වස්‌ත්‍ර නිර්මාණය - මකරට නාට්‍යයේ සුවිනීතා පෙරේරාහොඳම පසුතල නිර්මාණය - මකරට නාට්‍යයේ ප්‍රදීප් චන්ද්‍රසිරිහොඳමඅංග රචනය - මකරට නාට්‍යයේ ප්‍රේමජයන්ත කපුගේහොඳම වේදිකා පරිපාලනය - හුණුවටයේ කථාව නාට්‍යයේ දිනේෂ්, අරෝෂා තරංගනී සහ යශෝ ප්‍රසාත්හොඳමරංග වින්‍යාසය - හුණු වටයේ කතාව නාට්‍යයේ රෝණිකා චාමලිහොඳම සංගීත නිර්මාණය - මකරට නාට්‍යයේ ළහිරු මාඩිවිල කුසලතා සහතික රංගනය - අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ සර්ජුක්‌ චරිතය නිරූපණය කළ සම්පත් තෙන්නකෝන්, ඉඩමේදී විකිණේ නාට්‍යයයේ පිස්‌චිකගේ චරිතය නිරූපණය කළ ප්‍රසාද් සුරියආරච්චි, මකරට නාට්‍යයේ එළිසාගේ චරිතය නිරූපණය කළ තෙරුණි ආශාංසා, විසේකාරියෝ නාට්‍යයේ මහලු ස්‌ත්‍රියගේ චරිතය නිරූපණය කළ නදීශානී කෞෂල්‍යාඅධ්‍යක්‍ෂණය කුසලතා සහතික - රාවණ ආදරයේ හුස්‌ම ළඟ නාට්‍යයේ අධ්‍යක්‍ෂණය කළ සපුමල්, විසේකාරියෝ නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ප්‍රියංකර රත්නායක මහතාහොඳමසහාය නළුවා නිර්දේශිත නම් - 1. මකරට නාට්‍යයේ සබේ විදානේ චරිතය නිරූපණය කළ සරත් කරුණාරත්න, 2. අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ සර්ජුක්‌ගේ චරිතය නිරූපණය කළ සම්පත් තෙන්නකෝන්, 3. ඉඩමේදී විකිණේ නාට්‍යයේ පිස්‌චික්‌ගේ චරිතය නිරූපණය කළ ප්‍රසාද් සූරියආරච්චි.හොඳමසහාය නිළිය - නිර්දේශිත නම් 1. හුණුවටයේ කථාව නාට්‍යයේ නටාලියාගේ චරිතය නිරූපණය කළ රොණිකා චාමලී, 2. අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ලරිසාගේ චරිතය නිරූපණය කළ අමාවිඡේසේකර, 3. ඉඩමේදී විකිණේ නාට්‍යයේ ආන්‍යාගේ චරිතය නිරූපණය කළ මිහිරි ප්‍රිංයගනී.හොඳමනළුවා නිර්දේශිත නම් - 1. හුණුවටයේ කතාව නාට්‍යයේ අසඩක්‌ චරිතය නිරූපණය කළ සංජීව උපේන්ද්‍ර, 2. ආදර වස්‌තුව නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දු,3. ට්‍රේන් ඩ්‍රයිවර් නාට්‍යයේ සයිමන්ගේ චරිතය නිරූපණය කළ අමිල සඳරුවන්හොදම නිළිය නිර්දේශිත නම් - 1. මකරට නාට්‍යයේ එළිසාගේ චරිතයනිරූපණය කළ අශංසා.2. සෙල්ලම්නිරිඳු නාට්‍යයේ සුමිත්‍රා බිසවගේ චරිතය නිරූපණය කළ මාධනිමල්වත්තගේ,3. චේගුවේරා නාට්‍යයේජූලියා කෝට්‌ස්‌ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකා.හොඳම නළුවා කෙටි නාට්‍ය (සිංහල) - 1 වන ස්‌ථානය අජරාමර නාට්‍යයේ කරුගේ චරිතය නිරූපණය කළ තුසිත ලක්‌නාත්හොඳම නළුවා කෙටි නාට්‍ය (දමිළ) - 1 වන ස්‌ථානය කනවු නාට්‍යයේ තරුණයාගේ චරිතය නිරූපණය කේ. ජයශීලන්හොඳම නිලිය කෙටි නාට්‍ය (සිංහල) - 1 වන ස්‌ථානය ඕටී (අතිකාල) නාට්‍යයේ ශ්‍රියාගේ චරිතය නිරූපණය කළ ලංකා බණ්‌ඩාරනායකහොඳම නිළිය කෙටි නාට්‍ය (දමිළ) - 1 වන ස්‌ථානය නාන් ඩොට්‌ ෆයින් ආර්ට්‌ස්‌ නාට්‍යයේ ෆයින් ආර්ට්‌ස්‌ චරිතය නිරූපණය කළ එෆa රෙජිනා මේරිහොඳම රංගාලෝකය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ රංග සමරකෝන්හොඳම රංගාලෝකය - කෙටි නාට්‍ය (දමිළ) සවප්පෙට්‌ටි නාට්‍යයේ එස්‌. රාජිව්හොඳම රංගන වස්‌ත්‍ර නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ තිලක්‌ෂනී රත්නායකහොඳම රංග වස්‌ත්‍ර නිර්මාණය කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ ටී. අමල්රාඡ් හොඳම පසුතල නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ මහේෂ් තාබෲහොඳම පසුතල නිර්මාණය - කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ එම්. කේදිස්‌වරන්හොඳම අංග රචනය කෙටි නාට්‍ය (සිංහල) සුධම්මාවතී නාට්‍යයේ ප්‍රේමජයන්ත කපුගේහොඳම අංග රචනය කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ එන්, නිරුශාන්ත්හොඳම වේදිකා පරිපාලනය - කෙටි නාට්‍ය (සිංහල) මං බහින්නෑ නාට්‍යයේ ඒ. එම්. ආර්. එම්. ගුණවර්ධනහොඳම වේදිකා පරිපාලනය - කෙටි නාට්‍ය (දමිළ) කනවු නාට්‍යයේ එස්‌. මුකුන්තන්හොඳම සංගීත නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) (පිරි නමුනේ නැත)හොඳම සංගීත නිර්මාණය - කෙටි නාට්‍ය (දමිළ) කනවු නාට්‍යයේ ඊ. සුදර්ශන් මහතා සහ එන් ගෞරීහොඳම රංග වින්‍යාසය කෙටි නාට්‍ය (සිංහල) සේසතයි කුමරියයි නාට්‍යයේ ආලෝක සම්පත් සහ සමන් චන්දනහොඳම රංග විනයාසය - කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාටයයේ එම්.4pt 0in 5.
BLOG
2014.03.10
http://www.slstagedrama.blogspot.com
මාධ්‍ය අත නොතැබූ අතිවිශාල හිස් ඉඩ නාට්‍යකාරයා මාධ්‍යවේදීන් සමග කතිකාවත
නාට්‍යකාරයා
මා ගිය සතියේ වඩාත් කාර්‍යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ මෙය කාලීන මාධ්‍ය ස්පර්ශ නොකල යම් පැතිකඩක් පිලිබදව කතාවූ බැවිනි.මෙම කතාව ඇතිවූයේ අපගේ ගමනේ තෙවැනි දිනයේදීයි අප ගාල්ල මාතර පසුකරමින් තෙවැනි දින පැමිනියේ ඇබිලිපිටිය නගරයටයි. උදේ සිට එහි ප්‍රවර්ධන කටයුතු කල පසු ලක්මාල් අයියා එනම් අපව මෙම කාර්‍ය සදහා මහෙයවූ පුද්ගලයා පැවසූයේ හවසට අපේ රිපෝටර් කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න යමු මටත් මීට කලින් මූනට හම්බෙලා නැතැයි කියාය. අප සියලු වැඩ අවසන් කර පියමන් කලේ ඔහුගේ සොදුරු නිවස්නය වෙතයි. ඔහු නමින් සතිස්චන්ද්‍ර නම් විය. එම ප්‍රදේශයේ නාලිකා කිහිපයහම වාර්තාකරුවා වූයේ ඔහුයි. අපව උනුසුම්ව පිලිගත් ඔහු අපට ඇග පත පිරිසිදුකර නා ගැනීමට පහසුකම් මුලින්ම සැපයුවේය. ඉන්පසු අපට සංග්‍රහ කර මදුවිතින් අප හට සංග්‍රහයක් සූදානම් කලේය එම මදුවිත සාදය ඉතා සොදුරු නිමේශයක් විය අපගේ දවසේ මාතෘකාව වූයේ ගුවන්විදුලිනාලිකා වල වර්තමාන තත්වය හා මෙතෙක් මාධ්‍යනාලිකා නොඇල්ලූ අති විශාල හිස් ඉඩයි. ඒ වෙන කිසිවක් නොව මම මේ කතාව කිව්වම ඔබත් තේරුම් ගනීවි ලක්මාල අයියා පැවසුවේ තම දියනියට හොද කාබයිට් නොගැසූ ගස්ලබු ගෙඩියක් මිලදී ගැනීමට ඔහු විදින දුකයි. කොලබ වටේ කෙතරම් රවුම් ගැහුවත් තමන්ට සොයාගත නොහැකි බව ඔහු පැවසුවේය. අන්න ඒ මොහොතේ සතිස්චන්ද්‍ර මහතා කීවේ ඕක තමා මගේ මාතෘකාව කියායි. එනම් ජනයා විශාල පීඩාවකට පත් වී සිටින්නේ මේ වස විෂ සහිත ආහාර නිසා වගේම ගොවි තැනේදී බවිතා කරන රසායනික ද්‍රව්‍ය බෙහෙත් තෙල් නිසයි. ඔහු පවසන පරිදී රටේ ඉන්නා සම්පත් එකතු කර රසායනික පොහොර වලින් තොරව වගා කරන ආකාරය එම වගා ක්‍රම මෙන්ම රසායනික පොහොර බෙහෙත් බාවිතා නොකල එලවලු පලතුරු හදුනා ගන්නා විදි මෙන්ම ඒවා ලබා ගත හැකි ආකාරය පිලිබදව කිනම් හෝ නාලිකාවකට වැඩසටහනක් කිරීමට විශාල ඉඩක් ඉතුරු වී තිබෙන බවයි. රටේ සියලු ජනය මේ පිලිබද දැනුවත් වීමට කැමැත්තෙන් සිටින බවත් ගොවිමහතුන්ගෙන් 100% වාගේම මෙම වැඩසටහන කලහොත් එයට ඇහුන්කන් දෙන බවත් පවසා සිටියේය. නමුත් ඉන් පසුව අපට පැමිනි ගැටලුවනම් දැන් තිබෙන රැල්ලත් සමග මෙයට අනුග්‍රාහක මහතුන් ලබාගන්නේ කෙසේද යන්නයි මන්ද මෙවන් වැඩසටහනකට පොහොර වර්ග කෘසිරසායනික වර්ග අනුග්‍රාහය ලබාගත හැකි නොවේ එසේ ලබා ගත හොත් වැඩසටහනින් වැඩකුදු නැත. අපට මේ ගැන සුකුවෙන් හෝ කතාකරන වැඩසටහන් ගැන මතක් වී සිනා පහලවුයේ ඒවායේ අනුග්‍රාහක මහතුන් මතක් වීය.නමුත් අප අතරින්ම එයටද පොඩි පිලිතුරක් ලැබුනි එනම් අතීතයේ ඔබටත් මතක අති කිබුලා උදැල්ල වැනි වෙලද දැන්වීම් යනවා. අපට ට්‍රැක්ටර් උදලු ආදී කෘෂි උපකරන වලින් අනුග්‍රාහය ලබා ගත හැක ඒ අපේ මතයයි. මේ තමා අපේ එදා කතාවෙ හරය. තවත් විවිද දේ කතා උනා නමුත් මගේ හිතට තදව කාවැදුනේ මෙයයි.නාට්‍යකාරයාගේද ටිකිරි මොලයට වැටහෙන පරිදි ද මේ අදහස ඉතා වටනා අදහසකි. අප කී දෙනෙක් මේ තාක්ෂණික දැනුම ලබා ගැනීමට බලා සිටිනවාද. වස විස නැති අහාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද ඉතින් එහෙම වැඩසටහනක් පටන් ගත්තොත් ගුවන් කාලය අපතේ යාවිද පිලිතුර ඔබට් බාරයි.
BLOG
2014.11.13
http://weirdreasons.blogspot.com/
ප්‍රවාහනයේ ආරක්ෂාව....
vudara
ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හෝ යම් දෙයක්යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. ගුවන් මගින්, ජලයෙන්, මහාමාර්ගමතින්, රැහැන් මගින්, නළ මාර්ගයෙන් හෝ අවකාශය හරහා ප්‍රවාහනය වර්තමානයේ ක්‍රියාත්මකප්‍රවාහන ක්‍රම වන අතර තාක්ෂණයේ දියුණුවත් සමග සියලූම ප්‍රවාහන ක්‍රම එහි උපරිමකාර්යක්ෂමතාවය කරා ලගා වෙමින් පවතී. වර්තමානයේ මෙම දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවකුනොසිතූ විරූ අයුරින් ලොව වෙනස් කිරීමට සමත්ව ඇත. ලෝ ජනයාගේ එදිනෙදා ජීවිතය මෙන්ම ව්‍යාපාරිකලෝකයද නොසිතූ මට්ටමක් කරා ගෙන යාමට වර්තමානයේ මෙම දියුණු වෙමින් පවතින ප්‍රවාහනපද්ධතිය හේතු කාරක වී ඇත.අතීතයේ දින ගණන් මිඩංගු කිරීමට සිදුවූ ගමන්අද පැය කිහිපයක් තුල යාමට හා ඒමට අවස්ථාව උදා වී ඇත. පැය ගණන් මහමග ගත කල අප අදමිනිත්තු කිහිපයක් තුල ඒ අවශ්‍යතාවය ඉටුකර ගනී. පයින් ගමන් කල අවධියේ සිට අශ්වයන්,බූරුවන් මතින් ගමන් කර පසුකාලීනව එම සතුන් ලවා අද්දවා ගත් වාහන මගින් තම ප්‍රවාහනඅවශ්‍යතා සපුරා ගත් අවධිය පසු කර මෝටර් වාහන මගින් ප්‍රවාහනය දක්වා අප තාක්ෂණයදියුණු වී ඇත. මෙම තාක්ෂණික අවධියේ ආගමනයත් සමගම විවිධ පන්නයේ මෝටර් රථ, වෑන් රථ,බස් රථ, මෝටර් සයිකල් වෙළදපලට මෙන්ම මහමගටද හදුන්වාදීම ආරම්භ වූ අතර මහමග ආරක්ෂාවපිළිබද අවශ්‍යතාවයද මතු වන්නට පටන් ගත්තේය.ලොව ප්‍රථම මාර්ගය තැනූවන් ලෙස සටහන් වන්නේආදී මිසපොතේනුවන් වන අතර ඒ වර්ෂ 4000 BC ලෙස සටහන් වේ. එදින් පටන් විකාශනය වූ අපමහාමාර්ග පද්ධතිය වර්තමානයේ අතිවිශාල අධිවේගී මාර්ගයන් දක්වා විහිදී ඇත. මෑත ශ්‍රීලංකාවේ ආර්ථික විජයග්‍රහණයත් සමග අප රටට දායාද වූ අධිවේගී මාර්ගයන්, ගුවන් පාලම්හා මාර්ග ආරක්ෂණ පද්ධති එම සදහන් කල මහාමාර්ග විකාශනයේ නවමු පැතිකඩ මනාවට විදහා දක්වයි.වර්තමාන වෙළදපලට ඉදිරිපත් වන, හදුන්වා දෙනමෝටර් රථ විවිධ පන්නයේ ඒවා වන අතරම විවිධ වේග පරිමාවන්ගෙන් හා විවිධ හැකියාවන්ගෙන්සමන්විතය. මෑත කාලීනව වෙළදපොල ආක්‍රමණය කිරීම සදහා මෝටර් රථ නිෂ්පාදකවරුන්ට ඉහතදැක්වූ අංගයන් මෙන්ම තවත් විශේෂාංගයක් ඇතුලත් කල යුතු විය. ඒ නම් පාරිභෝගිකආරක්ෂාවයි. මහමග තම ගමනේ ඉක්මන් බව හා සුවපහසුව මෙන්ම තම ජීවිතාරක්ෂාව පිළිබදවසමාන සැලකිල්ලක් පාරිභෝගිකයා විසින් දැරීම එයට හේතුවයි.වඩාත් තාක්ෂණික අයුරින් උසස් කරන ලද ආරක්ෂකපද්ධති, වැඩි දියුණු කරන ලද ප්‍රධාන/තිරිංග ලාම්පු පද්ධති, මීදුම හෝ හේතුන් නිසාඅපැහැදිලි නොවන වීදුරු, ටයර් හා තිරිංග පද්ධති නිසා වර්තමානයේ බිහිවන මෝටර් රථහුදෙක් පාරිභෝගික ආරක්ෂාව කේන්ද්‍රකර ගනිමින් නිපදවනවා සේ පෙනී යයි.වාහනයේ ආරක්ෂිත අංග මෙන්ම මහමග ආරක්ෂකපද්ධතියන් නියමාකාරව ක්‍රියාත්මක වීමද ප්‍රවාහන අනතුරු වළක්වා ගැනීමට හේතු සාධක වනප්‍රධාන කරුණකි. කෙතරම් අධිවේගී මාර්ග තැනුවද, මාර්ග පද්ධතිය දියුණු වුවද මාර්ගසංඥා, මාර්ග නීති හරිහැටි යාවත්කාලීන නොවේ නම් එම සංවර්ධනයෙන් පලක් නැත. අප රටේමාර්ග සංවර්ධනයත් සමගම මාර්ග සංඥා, මාර්ග නීති නිසි තත්වයෙන් නඩත්තු කිරීම සදහාගෙන ඇති පියවර සතුටුදායකය.මාර්ග පද්ධතිය අන්තර්ජාතික තත්වයන්ට අනුගතවතනා තිබූවත්, ලොව සුපිරිතම ආරක්ෂන පද්ධතිය වාහනයේ ස්ථාපිත වී තිබුනත් ඒ සියල්ලහරිහැටි භාවිතය අප සැමගේ වගකීමයි. මහමග රිය පදවන රියදුරු වේවා, මග දෙපසින් ගමන්ගන්නා පදිකයන් වේවා අප ඔබ සියල්ලන්ම මාර්ග නීති නියමාකාරයෙන් දැන සිටිය යුතු වනඅතර ඇති සිටියෙන් ඒවා පිළිපැදිය යුතු වනවා. අපරික්ෂාකාරී, නොසැලකිලිමත් ක්‍රියාකාරකම්(උදා: බීමතින් රිය පැදවීම, පාරේ වමෙන් ගමන් කිරීම) වලින් මිදී කටයුතු කිරීම මගින්මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අප වගකීම් ඉටුකල හැක.ව්‍යාපාරික ලෝකයේදී ප්‍රවාහනය යනු ඉතාමත්වැදගත් අංශයක් වන අතර ව්‍යාපාරයේ කලමණාකාරීත්වය මෙන්ම සියලූම පරිපාලන අංශ මේපිළිබදව වඩා අවධානයක් යොමු කරයි. වෙළදපොල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීමවෙනුවෙන් තම නිෂ්පාදිත යොමු කිරීම සදහා ප්‍රවාහනය ප්‍රධානම සාධකයක් වේ. වර්තමානයේබොහෝ දියුණු ව්‍යාපාර තම ප්‍රවාහන අංශය ශක්තිමත් කර ගන්නවාත් සමගම තම රියදුරන්,රියදුරු සහයකයින් මාර්ග නීති හා මහ මග හොද හැසිරීම් පිලිබද මනා පුහුණුවකින්සන්නද්ධ කිරීම සිදු කරයි. ඒ සදහා විශේෂිත වූ පාඨමාලාවන් ද දැන් දැන් ශ්‍රී ලංකාවේවිවිධ ආයතන මගින් ලබා දෙන අතරම විශේෂ පුහුණුව ලත් රියදුරෙකු / සහයකයෙකු ලෙස එමපුද්ගලයන්ට සහතික පත්‍රද පිරිනැමෙන අතර එම සහතික පත්‍ර රැකියා ජීවිතයේදී එමපුද්ගලයන්ට වඩා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ක්‍රමයන්ට එහා පියවරක් ද තබමින් තවත් ආයතනතම ප්‍රවාහන අංශයේ ආරක්ෂාව හා සේවක සුරක්ෂිතතාව වෙනුවෙන්ම සුරක්ෂිතතා කළමණාකරුවකුපත් කර ප්‍රවාහන අංශය අනතුරු වලින් තොර ඵලදායී සේවා අංශයක් කිරීම සදහා වගකීම්පවරනු ලබයි. විවිධ අභිප්‍රේරණ ක්‍රියාවලියන් මගින් ද මහ මග අනතුරු වැලකීම සදහාසමහර ආයතන ඇප කැප වී සිටී. උදාහරණයක් ලෙස පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම,රූපවාහිනී / ගුවන් විදුලි දැන්වීම් පල කිරීම වැනි දෑ දැක්විය හැක.ආයතනික මට්ටමින් මෙවන් උත්තේජන දැයට ලබාදුන්නද, රජය විසින් මහාමාර්ග පද්ධතිය සුවිසල් සංවර්ධනයකට ලක් කොට ඇති වුවද, අතිනවීන ආරක්ෂන තාක්ෂණය අප සතු වුවද බස් එකේ පාපුවරුවේ යාම හුරේ වැඩේ යයි සිතන, සිතූතැනින් මහ මග මාරු වන්නට හිමිකම් ඇතැයි සිතන, වාහනය තනි රෝදෙන් යවා නයිට් රයිඩර්ලාවන්නට තනන අපේ සමහර අයියලා අක්කලා එක්ක මේ වැඩේ බැරිය...නමුත්, දෙයියනේ කියා මහමග සීරුවට යන්නට අපටපුළුවන.
BLOG
2013.03.10
http://weirdreasons.blogspot.com/
කරන රැකියාවත් අපිටම කෙලියි ද?
vudara
4pt 0in 5. හුස්ම ගන්නත් සල්ලි ඕනේ මේ කාලේ රැකියාව කියන දේටතියෙන්නේ ප්‍රධානම තැන. ඒත්,ජීවිතේ ගැට ගහගන්න ඔට්ටු වෙන රස්සාව තමාගේ ජීවිතේට, කල් පැවැත්මට තර්ජනයක් වෙලාද කියන එක ගැනඔබ සැලකිලිමත් ද.වෘත්තීය සුරක්ෂීතතාවයහා සෞඛ්‍ය කියල කියන්නේ මුළු ලෝකෙම සැලකිල්ල දිනා ගත් මාතෘකාවක්. යම් කිසි රැකියාවක නිරත වන්නෙකු එම රැකියාවේ ස්වභාවය හේතුවෙන් අනතුරු වලට හෝ රෝගාබාධයන්ට ලක් වේ නම් එය අනුමත කල හැකිද. ශ්‍රී ලංකාව අතින් කතා කිරීමේ දී විවෘත ආර්ථිකයත් සමග බිහිවූ කර්මාන්ත හා ව්‍යාපාර,දහස් ගණනක් ජනතාවට රැකියා අවස්ථා ලබා දීමට සමත් වුණා. අලුතින් බිහි වන කර්මාන්ත සමග මෙරටට පැමිණි දියුණු තාක්ෂණය හා කාර්මික ක්‍රමඋපයෝගී කර ගනිමින් රැකියාවේ නියුතු වීමටසේවකයන්ට හැකි වුණා. නමුත් එම තාක්ෂණය හා නවීන ක්‍රම සේවකයන් අනතුරු, රෝගාබාධ වෙත නැඹුරු කිරීම සීඝ්‍ර ලෙසඉහල යෑමට පටන් ගැනුනා. මෙම හේතූන් පදනම් කොටගනිමින් අන්තර්ජාතික ප්‍රජාව සේවකයාගේ වෘත්තීමය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් නීති හා රෙගුලාසි, සංවිධාන,තත්ව සහතික හා රාජ්‍ය ආයතන බිහි කිරීමට අත්පොත් තබන ලදී.හාල් ගෝනිය කර ගහන්නාගේ සිට ශල්‍ය වෛද්‍යවරයා දක්වා සියල්ලෙකුටම වෘත්තීමය සෞඛ්‍ය ගැටලු මතු විය හැක. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම, නිවැරදි උපදෙස්භාවිතා නොවීම, පුද්ගල ආරක්ෂණ උපකරන පැලදීම ප්‍රතික්ෂේප කිරීම, මැලි කමක් දැක්වීම මෙන්ම තමන් නිරාවරණය වී සිටින්නේ කුමන ආකාරයේ වෘත්තීමය සෞඛ්‍ය ගැටලුවකට ද යන්න පිළිබදවදැනුවත් නොවීම හේතුවෙන් සේවකයින් නිරන්තරරෝගාබාධයන්ට ලක් වේ. ඉදින් මෙම ගැටලුවට නීති පැනවීම පමණක් ප්‍රමාණවත් වේවි ද. නැත.නීති පැනවීමත් සමගම සේව්‍ය සේවකදෙපාර්ශවයම දැනුවත් කිරීම, පුහුණු කිරීම හා එම ගැටලු අවම කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. සේව්‍ය සේවක දෙපාර්ශවයේම දැක්ම හා අරමුණු වල සැබෑ වෙනසක් සිදු කල යුතුය.මෙම අවශ්‍යතාවයන් සැපිරීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇත. කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීයසුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය මගින් යම්කර්මාන්තයකට අවශ්‍ය වෘත්තීමය සුරක්ෂීතතාවය පිළිබද උපදෙස්, තත්ව සහතික හා පුහුණු පාඨමාලා ලබා ගත හැක.ශ්‍රී ලංකා රජයේ අනුමත සහතිකයන් තම කර්මාන්තයට ලබා ගැනීමට හැකි වනවා සේම මෙම ක්ෂේත්‍රයේ වසර ගණනක ජාතික හා අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් හා පුහුණුව ලත්නිළධාරීන්ගේ සේවාව හා අනුමැතියන් ඔබ ආයතනයට ලබා ගතහැක.ඉහත දැක්වූ ආකාරයේ සේවාවන් ලබා දීමට සමත් පෞද්ගලික ආයතන බොහෝමයක් ද ලංකාවේ ආරම්භකර ඇත. හුදෙක්ම ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් අරමුණු කරගත් එම ආයතන වෙතින් සේවකයාගේවෘත්තීය සුරක්ෂිතතාවය මනාව රැකේවි යැයි විශ්වාස කල නොහැක. එනමුත්, රාජ්‍ය ආයතනයක්වශයෙන් ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් හායාවත්කාලීන වන අත්දැකීම් හරහා තම සේවාවන් බෙදා හරියි. ඔබ ආයතනයේ වෘත්තීමය රෝග හා අනතුරු සදහා අවදානමක් ඇතැයි ඔබට සිතෙන්නේ නම් ඒ සදහා පිළියම්යෙදීමට ප්‍රමාද වෙන්න එපා. සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් යනු ආයතනයේ සහ රටේ දියණුවයි.. ජාතික වෘත්තීයසුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතන වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
BLOG
2011.02.19
http://weirdreasons.blogspot.com/
ගොඩනැගෙන ලංකාවට යනෙන මාවත
vudara
යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද.පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, දැන් දැන් අප රටේ ගමනාගමන රටාවන් තුළ සිදුවන විපර්යාස පිළිබදව ඔබ විමසිලිමත් වූවාද.රටක දියුණුව රජය මතම පවරා නොසිට පුද්ගලික අංශයද ඒ සදහා හවුල් කරගත් රාජ්‍යයන් අද රජුන් සේ ලොව කැපී පෙනෙයි.නමුත්,යටගියාවේ අප රට තුළ වූයේ කුමක්දැයි ඔබ අවබෝධයෙන් සිටින බව මා දනිමි.නමුත්,එම යටගියාව වළලා දමමින් වර්තමානයේ සියලු අංශයන්ගේ ආශිර්වාද මැද රටේ ප්‍රවාහන පහසුකම් නගා සිටුවෙන බව ඔබට දැනුනාද.මහාමාර්ග ප්‍රවාහනය අතින් අධිවේගී මාර්ග ඉදිවීම,ලංගම ශක්තිමත් කිරීම, අධි සුඛෝපභෝගී බස් රථ සේවා (විවිධ ‍පුද්ගලික ආයතන විසින් ආසන වෙන් කරවා ගත හැකි) වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක.දුම්රිය මාර්ග ප්‍රවාහනය දෙසින් සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් හා එම ආසන වෙන් කරවා ගැනීමේ පහසු ක්‍රම මෙන්ම ඉදිරියේදී එක්වන විදුලි දුම්රිය සේවාවන් (අද දින මුල්ම විදුලි දුම්රිය කට්ටලය මෙරටට ගෙන්වා ඇත.) දැක්විය හැක.ගුවන් ප්‍රවාහන‍ය අතින් ප්‍රාදේශීය මට්ටමේ ගුවන් සේවා ඇරඹීම විශේෂ මංසළකුණක් ලෙස දැක්විය හැක.ජලය මගින් එසේත් නැතිනම් මුහුදෙන් හෝ ගංගා මතින් ප්‍රවාහනය දියුණුව පිළිබදවද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම සතුටුදායකය.ඔව්.ඔබ සිතන දේ නිවැරදිය.මේ සේවා කොපමණ දියුණු වුවත් අප තවමත් මහ මග පැය ගණන් තපින්නෙමු. නමුත්, මේ අප රටේ ප්‍රවාහන අංශයේ දියුණුවේ ආරම්භක අවධියයි.අඩු වියදමකින් සුඛෝපභෝගී සේවාවක් ලබා දීමේ අවස්ථාවට රට සූදානම් වන මේ අදි‍යරේ ඒ සදහා පුංචි කාලයක් ලබා දීම සාධාරණ නොවේද.
BLOG
2011.02.12
http://weirdreasons.blogspot.com/
පාරිභෝගිකයන් කරකවා අතහැරි වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපොල
vudara
දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට මෙන්ම සුපිරි කුණු ‍ගො‍ඩවල් වල හිමිකරුවන් වීමට මෙම අවධිය සුපර්ය.නමුත්, මා ඉහත පැවසූ සියල්ල දැන් දැන් පුස්සක් වෙමින් පවතී.ඒ සදහා උදාහරණයක් ලෙස වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපලේ වේගවත් මිල බැස්ම හැදින්විය හැක.මීට හය හත් මාසයකට පෙර තිබූ විදුලි උපකරණ මිළ මට්ටම වර්තමානයේ ඉන් හරි අඩක්වත් නොගන්නා බව ඔබ දන්නවාද.පසුගිය අයවැය හරහා සිදුවු බදු අඩු කිරීම මේ සදහා වූ මූලික අඩිතාලම ලෙස අපට හැදින්විය හැකි අතර නව තාක්ෂණය පෙර නොවූ අයුරින් වෙළදපල ආක්‍රමණය කර ගැනීමත් මෙයට හේතුවක්.මේ මිල අඩුවීම කණවැකුණු මමත් සුප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සපයන ප්‍රදර්ශණාගාරයකට ගොඩවුනේ දෙසැම්බරයේ අවසාන සතියේදීයි.නමුත්, සාප්පුව තුළට ගො‍ඩවැදුනු මා හට දකින්නට හැකි වූයේ හිස් රාක්ක කිහිපය හා ප්‍රදර්ශණ පුවරු පමණයි.ඒ වන විටත් ඔවුන්ගේ සියලූම භාණ්‍ඩ ( ප්‍රදර්ශණයට තිබූ භාණ්ඩ පවා) විකිණි අවසන්ව තිබිණ.ඒ ශාඛාවේ මෙන්ම දිවයින පුරා විසිරී ඇති අනෙකුත් ප්‍රදර්ශණාගාරද ඔවුන් නොසිතූ වෙළදාමක් ඒ වන විටත් ලබා සිටියා.අපි එළවලු මිළ වැඩියි කියා කෑ ගසමු.නමුත්, මේ තත්වය. ඔව්.මෙම අසාමාන්‍ය ඉලෙක්ට්‍රොනික වෙළදාමට (ඇත්තෙන්ම අතීතයට සාපේක්ෂව අසාමාන්‍ය වෙළදාමක්) මූලික වූ හේතුවක් ඇත‍.ඒ නම් Credit Card භාවිතයෙන් පොළී රහිතව මාස 24 ඇතුලත ගෙවීමේ පහසුකම ලබාදීමයි.සල්ලි නැතත් ණයට හෝ LCD TV , HIFI SETUP, BLUERAY PLAYERS, WASHING MACHINE, REFRIGERATORS පාවිච්චි කරන්න අකමැති කවුද.නමුත්, මේ මිළ අඩුවීමට කෙලවීමට නව තාක්ෂණය සමත් වෙමින් පවතී.LCD TV එකක් වෙනුවට LED TV ආදේශකයකි.නමුත්, එය මිලෙන් අධිකය.අනාගතයේ තව තව සොයාගැනීම් බිහිවනු ඇත.ඒවා මීටත් වඩා මිලෙන් අධික වනු ඇත.මිල කෙසේ වුවද නව තාක්ෂණය අනෙක් දියුණු රටවලට සාපේක්ෂ අවධියේම මෙහි පැමිනීම පිළිබදව අප සතුටු විය යුතුමය.අනාගත ශ්‍රී ලංකාවේ තාක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම මෙතරම් දුෂ්කර නොවනු ඇත.එහි පෙරමග ලකුණුයි මේ.
BLOG
2011.02.05
http://weirdreasons.blogspot.com/
නෝ නෝ women නෝ cry
vudara
Bob Marley කියන්නේ අපි කව්රුත් හදුනන චරිතයක්.ඔහුගේ නිර්මාණ, සංගීතයට ඇලුම් කරන අපිට අලුත් දෙයක් නොවේ.සංගීතය තුළින් යම් කිසි දර්ශණයක්, වෙනසක් ඇති කරන්න‍ට ඔහු සමත් වුනා.තවමත් ඔහුගේ නිර්මාණ නොනැසී සංගීත ලොව දිදුලවන්නේ ඒ නිසා විය හැක.නමුත්,මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ ගීතයක් නොව ඔහුගේ ගීතයක් පාදක කොටගත් හාස්‍යමය වැඩසටහනක පටිගත කිරීමකි. "අරේ සහ මරේ" නම් මෙම වැඩසටහන පිළිබදව ඔබ අසා ඇති බව නොඅනුමානය.අප හොදින් හදුනන සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද (අපි නොදන්න ලයිව් එකේ දෙන්නා) විසින් ඉදිරිපත් කෙරූ මෙම වැඩසටහ‍න "ලයිට් එනකන්" යන නමින් ආරම්භ වූ අතර පසුකාලීනව "අරේ හා මරේ" ලෙසින් ගුවන්ගත විය.No women No cry ගීතය හා බොබ් මාලි වටා ගෙතුනු මෙම කථාබහ හාස්‍යජනකය.මෙහි මා උපුටා දක්වන පටිගත කිරීම මා විසින් සිදු කරන ලද්දක් නොවන අතර, කව්රු කළද කල කාර්යය අගය කිරීම සිදුකළ යුතුමය.
BLOG
2011.01.29
http://weirdreasons.blogspot.com/
ගබඩාකරණය
vudara
අපි පරිභෝජනය කරන සියල්ල අපේ නුදුරටම ස‍මීප වී තිබීම සෑම පාරිභෝගිකයෙකුටම පහසුවක්.ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට මිළදී ගන්න වර්තමාන වෙළදපල අවස්ථාව සළසා දී තිබෙනවා.නමුත්,පාරිභෝගික අප සැමට මෙම පහසුව ලබාදීමට පාර්ශව කීයක් නම් යුහුසුඑ වෙනවාදැයි ඔබ දන්නවාද.ඔව්.එම ක්‍රියාවලි අපට වැදගත් නැහැ තමයි.නමුත්,එයින් සමහර දෑ සොයා බැලීම නිකරුනේ කාලය වැය කිරීමක් නොවන බව නම් ස්ථීරයි.ගබඩාකරණය යනුද ඉහත කී අදියරයන්ගෙන් මූලිකම තැනක් ගන්නා මාතෘකාවක්.පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුම සැලසීම උදෙසා ගබඩාකරණ‍ ක්‍රියාවලිය ප්‍රාණවත්ව තිබිය යුතුමය.නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව එම නිෂ්පාදිතයන්ගේ වගකීම පැවරෙන්නේ ගබඩාකරණය මතයි.නිෂ්පාදිතයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම වෙළදපළ ඉල්ලුමේ උච්චාවචනයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමේ වගකීමද මෙම ක්‍රියාවලියට අයත්.ගබඩාකරණය (Warehouse Operation) වර්තමානයේ වෙළද ප්‍රජාව දැඩි අවධානයකට ලක් කළ මාතෘකාවක් ලෙස අපට හැදින්විය හැකියි.මන්දයත් මෙම අදියරේ බිද වැටීම අදාළ ව්‍යාපාරයේ අවසානය‍ විය හැකි බැවිනි.මෙම ව්‍යාපාරික විශ්වාසයේම ප්‍රතිඵලයක් ලෙස‍ වර්තමානයේ බිහිවන ගබඩාකරණ පාඨමාළා හැදින්විය හැක.එමෙන්ම ගබඩාකරණය හා සම්බන්ධ විශාල රැකියා වෙළදපලක් බිහි වී තිබීමද මෙහි වැදගත්කම මනාවට පැහැදිලි කරයි.ගබඩාකරණ‍ය යනු පුඵල් මාතෘකාවකි.ඒ හා සම්බන්ධ පටිපාටියන් රාශියකි.නමුත් එය ගවේෂණය ඉතාමත් රසවත්ය.ඔබත් වැඩිදුර අධ‍්‍යාපනයේ නව මංපෙත් සොයන්නෙක් නම් මේ මාවතත් සැළකිල්ලට ගත හැක.
BLOG
2010.03.08
http://weirdreasons.blogspot.com/
වර්තමාන ජීවීන්ගේ අනාගතය
vudara
මේ අන්තර්ජාතික ජෛව විවිධත්ව වසරයි.ජෛව විවිධත්වය කියන දේ අපේ කන් වලට ටිකක් හුරුපුරුදුව ඇතිමුත් එහි නියමාකාර අර්ථය ලොව කිහිපදෙනෙකු හැර අප කිසිවෙකු තවමත් වටහා‍ගෙන නොමැති බව නම් නොඅනුමානයි.මේ ලෝකය මත වෙසෙන සෑම සත්වයෙකුම එකිනෙකකට වෙනස්.ඒ කියන්නේ එකම වර්ගයක සත්වයෙකුගේම විවිධාකාර අනුවර්ගයන් රාශියක් අපිට දැකගන්න පුලුවන්.නමුත්, අපි ඒ දැකලා තියෙන්නේ ඉන් 1000/1 විතරක් කියලත් අපි දැනගන්න ඕනා.ඒ අපි නොදැකපු සත්ව ජීවිත අපිට කවදාවත්ම දකින්න නොලැබෙන්න ඉඩ කඩ දැන් පැතිරිලා ඉවරයි.ඒ අවසානය‍ට පෑදුණු මංපෙත් වහ‍ලා ඉන්න ටික හරි රැකගමු කියන එක තමයි මේ වසරේ තේරුම.මීට අවුරුදු 08කට විතර ඉස්සෙල්ලා දිනයක ලොව රටවල් 190ක විතර පරිසර බලධාරීන් රැස්වුණා.ඒ රැස්වීමේ ප්‍රතිඵලයක් විදිහ‍ට තමයි 2010 වසර වෙද්දි ලොව පුරා සිදුවන මේ ජෛව විවිධත්ව හානි වළක්වන බව‍‍ට එකගතාවයකට ආවේ.මේ කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාකරන්නේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයයි.කාරණා කොහොමින් කොහොම වුනත් එදා අවුරුදු 08කට ඉස්සෙල්ලා කරන්න හිතා ගත්ත දේවල් ඔක්කෝම අවසන් කරන්න නම් හැකි වෙලා නැහැ.නමුත්,ලෝකයේ ජෛව විවිධත්වය සංරක්ෂණ ක්‍රියාමාර්ග ඇහැට කනට පේන ගානට,ස්ථිර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ මේ වසරට පින්සිද්ද වෙන්න බව නම් කිව යුතුමයි.ඇත්තටම කියනවනම්, අපේ රට තුලත් ජෛව විවිධත්වයේ අනාගතය වෙනුවෙන් ‍ලොකු වැඩ කොටසක් ඉටුවෙලා හමාරයි.2010 වෙද්දි ඉවරකරන්න බැරිවුණ වැඩ ටික ඉදිරියට පෙළගස්ව ගැනීමේ අරමුණින් මේ සදහා වගකියන බළධාරීන් 2010 ඔක්තෝම්බර් මාසේදී නැවත හමුවීමට නියමිතයි.බළධාරීන්ට පමණක් ජෛව විවිධත්වය රකින්න දීලා කටබලියන් ඉන්නේ නැතිව අපිට පුලුවන් දෙයක් වචනෙකින් හරි කරන්න පුලුවන් නම් 2011 රතු දත්ත වාර්තාවට අලුතින් එකතුවෙන සත්ව නාම හරි අඩකින්වත් අඩුකර ගන්න අපිට පුලුවන් වෙයි.2010 වසරින් ඔබ්බටත් ජෛව විවිධත්වයට සුභ කලදවසක් බිහිවේවි ද.
BLOG
2014.11.12
http://shashindrasri.blogspot.com/
Randomz
shashindra silva
id=41629.
BLOG
2014.11.04
http://shashindrasri.blogspot.com/
What happened to IPL corruption probe ?
shashindra silva
com/_media/bs/img/article/2013-05/16/full/1368700278-4845.
BLOG
2014.10.26
http://shashindrasri.blogspot.com/
The Glorious Sons
shashindra silva
null
BLOG
2014.03.06
http://shashindrasri.blogspot.com/
Heaven Knows - Pretty Reckless
shashindra silva
null
BLOG
2014.01.01
http://shashindrasri.blogspot.com/
Happy New Year !
shashindra silva
.
BLOG
2013.12.24
http://shashindrasri.blogspot.com/
Merry Christmas 2013
shashindra silva
null
BLOG
2013.09.13
http://shashindrasri.blogspot.com/
Friday The 13th
shashindra silva
null
BLOG
2013.06.24
http://shashindrasri.blogspot.com/
ICC Champions Trophy ( part 2 )
shashindra silva
null
BLOG
2013.06.19
http://shashindrasri.blogspot.com/
ICC Champions Trophy ( part 1)
shashindra silva
null
BLOG
2013.05.27
http://shashindrasri.blogspot.com/
IPL, Cricket, Politics and Money
shashindra silva
null
BLOG
2014.11.09
http://nursinglanka.blogspot.com/
169) ඇගෙ හද පුරවන රිද්මය බිඳවන PPCM
Mahesh Nishantha
කාළය වසර දෙදහස් හතේ විතර , ස්ථානය හෘද දැඩිසත්කාර එ්කකය , වෙලාව උදේ හයයි පනහට විතර , ...“අයියේ .....මේ , සුනන්දනී , වයස තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්‍රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන් චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම . ““ උදේ සේවා මුරය බාර දෙන්න රෝගියාගෙන් රෝගියාට යන ගමනේ එක් ඇඳක් ළඟදි මගේ හෙද මිතුරිය එක දිගටම කියාගෙන ගිය විස්තරේ හැමදාම ඇහෙන එක වගේම වුනත් , මොකක්දෝ පොඩි හුරු පුරුදු බවක් දැනුන , “සුනන්දනී “ මගේ පාසල් කාළේ එකම පාසලේ හිටිය මගේ මිතුරියකගේ නමක් . පෙනුමත් ඇය වගේමයි .“කොහොමද සුනන්දනී . .“ඇය මගේ මුහුණ දිහා බලල හිනාවෙන්න උත්සාහ කළා ,“බය වෙන්න එපා සුනන්දනි , පුරුදු වාට්ටුව වගේ නෙවි ඇති මේක , ඒ වුනාට ඔයාට ඕන කරන බහෙත් පරික්ෂණ , වගේම ඔයාව බොහොම පරිස්සමින් බලාගන්නත් ඕන නිසා තමයි මේ වාට්ටුවට එවල තියෙන්නේ ,විවේක ගන්න , මොනම හරි ඕනකමක් තියේනම් , නැගිටින්න මහන්සි වෙන්න එපා , අපට කියන්න , නැත්නම් ඔය අතගාව තියෙන කොළපාට බොත්තම තද කරන්න . එහෙම නම් අපි අනිත් අයත් එක්කත් කතා කරල එන්නම් , “ඇගේ ඇඳෙන් ඈත් වෙලා ඊළඟ ඇඳට යන්න ගියත් ඇය මොකක්දෝ කියන්න හදනවා“අැයි සුනන්දනී , .“ ඔක්සිජන් ලබා දෙන මුව වැස්ම පොඩ්ඩක් එහා මෙහා කළේ ඇය කියන්නට තනන දේ හරියට අහගන්න‘‘අපේ මහත්තයට කියන්න ..එනකොට ....ගේ පිංතූරයක් ......අරගෙන ....එන්න ...කියල“ අමාරුවෙන් වදන එකතු කරනවා ඇය .“අයියේ ඔය කියන්න හදන්නේ , මෙයාගේ මහත්තයට කියන්නලු , බබාගේ පිංතූරයක් අරගෙන එන්න කියල , ඊයේ ගෙනා වෙලාවේ ඉඳළ කියනවා , අපි ඊයේ රෑම එක‍්ස්චේන්ජ් එකෙන් කොල් එකක් දුන්න , ......අපි ඊයෙම කීව ගෙදරට , අද දවල්ට එනකොට අරගෙන ඒවි සුනන්දනී “ මගේ මිතුරු හෙද නිලධාරිනිය කතාවේ අගමුල පැහැදිලි කළා .ඊළඟ රෝගීන් ටිකත් බාර දීම් , බාර ගැනීම් ඉවර වුනාට පස්සෙ අපි උදේ සේවා මුරය ආරම්භ කළා . මූලික වැඩ කටයුතු නිමා කරල අළුත් රෝගීන්ගෙ ඇඳ ඉහපත් ( ඒකියන්නේ ටිකට් එක Bed Head Ticket - BHT) ගන්නේ ඔවුන් පිළිබඳ සෞඛ්‍ය තොරතුරු , රෝග තත්ත්ව ගැන දැන ගන්න . මුලින්ම ගත්තෙ “සුනන්දනී“ ගේ විස්තර ටික බලන්න ගත්තා .අවුරුදු තිස් දෙකයි, එක් දරු මවක් , දරුවට සති දෙකයි , ගර්භනී කාළයේ කිසිම විශේෂ රෝග තත්ත්වයක් තිබිල නැහැ . සෞඛ්‍ය පුරුදු , රෝග ඉතිහාසය , පවුලේ අයගේ රෝගී තත්ත්ව .. කිසිම තැනක විශේෂත්වයක් දකින්න නැහැ, ඒත් අද තත්ත්වය , පෙහළුවල තරළය පිරිලා , හුස්ම ගන්න අමාරු, හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුයි , රුධීර පීඩනය අසාමාන්‍යයි ... කළ පරික්ෂණ අනුව අපේ විශේෂඥ වෛද්‍යවරයා රෝග විනිශ්චය ලබා දීල තිබෙන්නේ PPCM එහෙම නැත්නම් Peripartum Cardiomyopathy කියන තත්ත්වය විදියට ....දින කිහිපයක් ගත වුනා , ඇය දැඩි සත්කාර ඒකකය තුල හැමෝම හඳුනන කෙනෙක් බවට පත්වුනා. අළුත් උපන් දරුවගේ පිංතූර පොතක් අපි හැම කෙනෙක්ගෙම අතේ රැඳවු ඇය , ඒ පිංතූර තුලින් සුන්දර කිරි සිනහවේ සතුටු අප ද විඳිනු දැකීමට මහත් රැචියක් දැක්වූවා. තවත් දින කිහිපයක් ගලා ගියා ,මතකයේ හැටියට ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර පස්වන දිනය . උදා සේවා මුරය අරඹන්නට තිබුණේ හෘද සත්කාර ඒකකයේම වෙනත් කොටසක වුවත් , නිකකමට වගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වුනා .හැමෝම අපෙ ඒකකයෙ මැද තිබෙන “නිරීක්ෂණ ඒකකයට Observation center “ එකතු වෙලා , හෙද වෙද කම්කරු සියළුම දෙනා සෝ බරිතව ...,ඇගේ ඇඳ තවත් සම්පුර්ණයෙන් වැසෙන්නට තිරයක්.... ,ඇඳ අසල හදිසි ප්‍රතිකාර ඖෂධ... ,හෘද කම්පන උපකරණ , ස්කෑනින් යන්ත්‍රය ...සිතා ගත හැකියි සිදුවීම ....“ඔව් අය්යේ , දැන් පොඩ්ඩකට ඉස්සර වෙලා සුනන්දනි නැති වුනා , ඊයේ රෑ දෙපාරක් ඇරෙස්ට් වුනා, අපේ සර් රෑම ඇවිත් බලල ඩ්‍රග්ස් වෙනස් කළා , ආයෙත් උදේ හයට විතර . හරිම දුකයි අයියේ , මට මතක් වෙන්නෙම අර පුංචි කෙල්ලව , “ මගේ මිතුරියක සිදුවීම විස්තර කළා .“අනේ මිස් මේ බලන්න .....“ සුනන්දනීගේ මිය ගිය සිරුර , පිළීයෙල කරමින් සිටි අපේ කණිෂ්ඨ සේවා සොයුරියකගේ කෑගැසීම , දඩි සත්කාර ඒකකය දෙවනත් කළා වගේ . අපි හැමෝම එතැනට දිව ගියේ සිතන්නට මොහොතක්වත් නොවී .“මේ බලන්න , .....“ ඇය මෘත සිරුරේ ඇඳුමක් එහා මෙහා කරමින් යමක් පෙන්වනවා .ඇගේ උඩුකය ඇඳුමට ඇතුළින් , පුංචි පැටියෙක්ගේ පිංතූරයක් , දහදියෙන් හෝ එරුණු කිරි වලින් පෙඟීගිය ඒ කිරි කැටියාගේ පිංතූරය දුටු අපි අතරේ සිටි කිසිවෙක් නොහැඬුවා මට මතක නැහැ.මේ දවස් කිහිපය පුරා “සුනන්දනී , පුංචි පැටිය මේ විදියට තුරුළු කරගෙන හිටි බවක් දන්නේ දැන්“ මේ සිදුවීම වෙලා අදට අවුරුදු ගණනක් ගියත් , එහි සේවය කළ අපි හැමෝටම කිසිම දවසක එය අමතක නොවන බව මට විශ්වාසයි.(සුනන්දනී යන නම හැරෙන්නට මේ සිදුවීම , කතා පුවත මා සේවය කළ කාළය තුල මා දුටු සත්‍ය සිදුවීමක් බව කියන්න ඕන)සුනන්දනීගේ ජීවිතයට අසුන්දර නිමාවක් එක් කළ එම රෝග තත්ත්වය පිළිබඳව යම් තරමකින් දැනුවත් කිරීම තමයි මේ ලිපියේ මීළඟ අරමුණ, ඒ “සොඳුරු සුව අසපුවේ “ ආකෘතිය .එහෙම නම් අද මාතෘකාව Peripartum Cardiomyopathy , මුලින්ම කියන්නට ඕන මේ රෝගයට යෙදෙන සිංහල නම පිළිබඳ මම දැනුවත් නැහැ , කියවන ඔබ අතරේ ඒ පිළිබඳව දැනුවත් අයෙක් සිටී නම් සටහන් තබනු ඇතැයි සිතනවා .රෝගයේ සිංහල නම නොදනිතත් , රෝගයේ නම සිංහලෙන් මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්. Peripartum කියන්නෙ ගර්භනීත්වයේ අවසාන මාසය සිට උපත සිදුවීම සහ දරු උපතින් මුල් සති කිහිපය කියන කාළ සීමාව , එතකොට Cardio කියන්නේ හෘදය සම්බන්ධ කියන එක , myo කියන්නේ පේෂිමය කියන අදහස pathy කියන්නේ රෝගී / අසාමාන්‍යතාව වගේ අරුතක් .මේ විදියට කෙටියෙන් කීවත්PPCMකියන්නෙ හරිම සංකීර්ණ රෝගතත්ත්වයක් , කොයි තරම්ම සංකීර්ණදැයි කීවොත් , රෝගය ඇති වන්නට හරිම හේතුව මෙය යැයි තවමත් සොයාගෙන නැහැ. අවදානම් සාධක හඳුනාගත්තත් ප්‍රධාන සාධකය තවමත් සැඟවී ඇත්තෙ. එතෙක් අපි අවදානම් සාධක වලින් ආරම්භ කරමු , මොකද නොදන්නා දේට පෙර දන්නා දේ කියන න්‍යාය වැදගත් නිසා.මොනවද මේ අවදානම් සාධක ,වියපත්ව ගර්භණීත්වයට පත්වීම ( සමාවන්න “වියපත්ව“ යනුවෙන් හැදින්වීම පීළිබඳව , නමුත් මවට වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වීමPPCMසඳහා අවදානම් සාධකයක් බව 2013 දී නිකුත් කළ වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.දරුවන් එක් අයෙකුට වඩා පිළිසිඳ තිබීම( ඒක අවස්ථාවකදි) , තව විදියකින් කිව්වොත් නිවුන් , සිව්නිවුන් වැනි අවස්ථා වල යම් අවදානමක් තිබෙනවා. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ මේ රෝග තත්ත්වය අතිශ්‍යයින්ම , අතිශ්‍යයින්ම දුර්ලබ රෝග තත්ත්වයක් බව .පෝෂණ ඌනතා / නිරක්තිය සහිත ගර්භනී මවුවරුන්ස්වයං ප්‍රතිශක්තික රෝග සහ කාළීන රෝග තත්ත්ව සහිත මව්වරුන් (සරළව කිව්වොත් , කාළිනව පවතින පාළනය නොකළ හතිය හෝ අධිරුධීර පීඩනය තත්ත්වය වුනත් මීට දායක වෙන්න පුළුවන් ,)වෙනත් හෘද රෝග සහිත වූනන්.අධික දුම්පානය හෝ අධීක ද්විතීක දුම් ආග්‍රාණයට පත්වූ මව්වරුන්පවුලේ ළඟම අයෙක් (මව , සොයුරියක) මෙවන් තත්ත්වයට පෙර පත්ව ඇත්නම්ඔය වගේ ලිස්ට් එකක් ලියාගෙන යන්නට හැකි වුනත් , මේ තමයි හඳුනාගත් ප්‍රධාන අවදානම් සාධක . හොඳට මතක තබා ගත යුතු දේ අවදානම් සාධක යනු , මේ ලක්ෂණය ඇත්නම් අනිවාර්යයෙන්ම රෝගයට ඇතිවේ කියන එක නොවේ , යම් අවදානමක් ඇති බව සහ ඒ අවදානමට අදාල පූර්ව සූදානම් ගැනීමේ වැදගත් කම හඳුනාගැනීමයි .ඒ හරියට , “පරිස්සමින් පාරේ යන්න “ කියන උපදෙස දුන් පමණින් , පාරෙ යන සියල්ලන් රිය අනතුරු වලට පත්වෙනවා යයි නොහඟවනමුත් , අවදානමක් ඇති බව සහ ආරක්ෂාකාරීව ගමන් කළ යුතු බව පෙන්වා දීමක් වැනිමය.දරු ප්‍රසූතියට සුදානම් වන අවසන් මාසය තුල හෝ දරු උපතින් මුල් සති කිහිපය තුල මතුවන්නට පුළුවන් මේ රෝගයේ මුලික ලක්ෂණ ආරම්භ වන්නේ , මද උණ ගතියක් , ඇඟ පතේ තෙහෙට්ටුවක් , දැඩි වඩාපත් බවක් එක්ක , නමුත් මේ කාළ සීමාව තුල ගර්භණී මව මුහුණ දෙන වෙනස් වීම් එක්ක මම ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීමට හුඟක් අපහසුයි. (නමුත් අවදානම් සාධක තුල ඇති මව් වරුන් , නිසි වෛද්‍ය පරික්ෂණකයට යොමු වෙනවා නම් මෙය මුලික ලක්ෂණයක් ලෙස හඳුනාගන්නට ඉඩ වැඩියි)මේ ලක්ෂණ සමඟින්ම හුස්ම ගැනීමේ අපහසුවක් , විශේෂයෙන්ම හාන්සි වෙලා ඉඳිත්දි හුස්ම ගන්නට අපහසුබවක්,හුස්ම ගැනීමෙදි සෙම පිරුණු බවක් , අසාමාන්‍ය මහන්සි ගතියක් , බඩ පුරවා දැමූ වැනි ස්වභාවයක් දැනෙන්නට පුළුවන් , විටින්න විට ඇති වන ගැඹූරු කැස්සක් එක්ක පපුවේ , උදරයේ තව වේදනාවක් මතුව නැතිව යන්නට පුළුවන්. ඒ ඒකකම පපුව ගැහෙන ගතියක් , ඒ කිව්වෙ “තමන්ට දැනෙන ගැස්මක් “ මතුවන්නට පුළුවන් , පාදයේ විළුඹ ප්‍රෙද්ශය වෙනදාට වඩා ඉදිමුණු , තඩිස්සි වුනු බවක් මේ එක්කම පෙන්වන්නට ඉඩ තිබෙනවා .පිංතූරයhttp://www.org පිටුවෙන්මේ ලක්ෂණ කිහිපයක් මතු වීමේදිම “වෛද්‍යවරයා “ වෙත යොමුවුනොත් , ඔහු මුලික පරික්ෂණයකට පස්සෙ සරළ රැධීර පරික්ෂ කිහිපයක් කරන්නට ඉඩ තිබෙනවා , විය හැකි වෙනත් සාධක හඳුනාගනිමින් නියම රෝග ලකෂණයට එන්නට එය වැදගත් ,ඉන් අනතුරුව පපුවේ එක්සේ එකක් ගනීවි, බොහෝ දුරට මේ සමඟින් රෝගයPPCM ද කියන මූලික සැකයවෛද්‍යවරයාට ඇතිවන්නට පුළුවන් , මක් නිසාද රෝගයෙදි අසාමාන්‍ය ලෙස සිදුවන හෘදයේ පේෂි දුර්වල වීම නිසා , හෘදය තුලට එන ලේ ඉන් ඉවතට තදින් පොම්ප කිරීමේ හැකියාව අඩුවෙනවා , ප්‍රතිපලය හෘදයේ කෝෂිකා තුල ලේ එක් රැස්වෙන්නට පටන් ගන්න එක , ඊළඟට ප්‍රධාන රුධිරවාහිනි තුල , මේ ලේ එක් රැස්වීම් නිසා රැධීර සංසරණ පද්ධතිය තුල අසාමාන්‍ය පීඩනයක් ඇතිවෙන්නට පටන් ගන්නවා , ප්‍රතිපලට ලේ නහර තුලින් දියරමට කොටස් කාන්දු වීම , එහි ඊළඟ ප්‍රතිපලය පෙනහලු තුල එය දියරමය කොටස් එක් රැස් වී හුස්ම ගැනීම අපහසු කිරීම , මේ ලබා ගත් එක්රේ ඡායාරූපය තුල හෘදයේ , ප්‍රධාන ධමණියේ සහ පෙනහළුව තුල සිදුවන මේ වෙනස්කම් සටහන් වෙනවා.මෙතැනින් පසු බොහෝ දුරට රෝගියාව හෘද විශේෂඥ ඒකකයකට මාරු කරන්නට ඉඩ වැඩියි , නැත්නම් හෘද විශේෂඥ උපදෙස් ලබා ගන්නට වෛද්‍යවරයා කටයුතු කරනවා. එහිදි කරන හෘද ස්කෑනින් පරික්ෂණ , හෘදය තුලට කැතීටරයක් යවා කරන (මේ පිළිබඳ පෙර ලිපියක කතා කළා) ඇනිජියෝග්‍රෑම් පරික්ෂණ වැනි පරිකෂණ දාමයක ප්‍රතිපල ඔස්සේ රෝග තත්ත්වය තහවුරු කරගන්නට පුළුවන්.මේ රෝගයටම යැයි විශේෂිත වූ ඖෂධයක් නැති වුවත් , සාමාන්‍ය හෘද රෝග තත්ත්ව වලදි යොදා ගන්නා ඖෂධ කාණ්ඩ කිහිපයක් මඟින් ක්‍රමාණූකූලව ප්‍රතිකාර ලබා දෙමින් , හෘද පේෂියට ඇති වී තිබෙන පීඩනය අඩු කරමින් දැඩි නිරික්ෂණ තත්ත්වයේ රෝගියාව තබා ගන්වන්නවා . සාමාන්‍යෙයන් දින 5-8 තුල රෝගයේ උච්ච අවස්ථාව අඩුවුවත් , බොහෝ අවස්ථාවල අවම වශයෙන් සති කිහිපයක් දකවා වූ ප්‍රතිකාර මාලාවකට , යොමු වන්නට සිදුවනවා. නිසි ප්‍රතිකාර ලබා ගත්හොත් රෝග තත්ත්වය සුව වීමේ ප්‍රතිශතය 90-95%ක් තරම් ඉහළයි , නමුත් යම් පිරිසකට දිගු කාළීන ප්‍රතිකාර මත තම ජීවිතය ගත කරන්නට වන්නටත් පුළුවන් . කෙසේ වුවත් නැවතත් මතක් කර දිය යුත්තේ මෙම රෝගය වැළඳුනත් , සුව කරගැනීමේ හැකියාව ඉහළයි , ඒ නිසි ප්‍රතිකාරයට යොමු වුවොත් .නමුත් වැදගත්ම දේ නැවත වතාවක්PPCMතත්ත්වයට පත් නොවීම , ඒ සඳහාරෝග තත්ත්වය සහ වයසට අනුකූලව ලබා දෙන ආහාර , ව්‍යායාම , ඖෂධ උපදෙස් පිළිපැදීම ප්‍රධානම අවශ්‍යතාවයක් , ඒ වගේම අතිශ්‍යය සංවේදී නමුත් වැදගත්ම පරිස්සම් වීම , ඒ තමයි තවත් දරු පිළිසිඳ ගැනීමක් ඇති කරගන්නට පෙර ඊට සුදුසු තත්වයක් මව සිටීදැයි තහවුරු කරගැනීම , ඒ සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් , පරික්ෂණ ගණනාවක් කෙරුණත් , මවගේ හෘද පේෂියට වූ ආපදා තත්ත්වය ඉහළ නම් බොහෝ අවස්ථාවල ලබා දෙන උපදෙස වීම ඉඩ ඇත්තෙ , “තවත් දරුවන් පිළිසිඳ නොගන්නවා නම් වඩා ආරක්ෂාකාරීයී “ කියන පිළිතුර වන්නට පුළුවන්.නමුත් , ඒ උපදෙස ලබා ගන්නට සුනන්දනි රැඳුනේ නැහැ අප අතර , ඇය යන්න ගියා , ආදරණිය සැමියාගේ , කිසිවක් නොදන්නා දරු පැටියගේ , අප හැමෝගෙම හිත වලට දුකක් එක් කරමින් ඇය යන්න ගියා ,ඒත් වෙනද වගේම උදෙ පාන්දර කෑම බීම , පිරිසිදු කරගත් ඇදුම් පැළදුම් අරගෙන කඩිමුඩියේ දැඩිසත්කාරයේ ඇඟළුම් දමාගෙන දුව ගෙන ආ ඇගේ ආදර සැමියාට සිදුවීම විස්තර කරන්නට අපේ වෛද්‍ය නිලධාරිවරයා ගත් උත්සාහය , ඒ සියල්ලට පසු සුනන්දනීගේ දරු සෙනෙහෙසින් ගලා ගිය කිරි වලින් තෙමුණු , කිරි කැටියාගේ පිංතූරය සිප ගනිමින් ඔහු වැලපුනු අයුරු මේ ලියන මොහොතේ පවා ඇසට කඳුලක් එක් කරන තවත් එක් සුවිශේෂී සංවේදී මතකයක් විය මට .ඉතින් අදට මේ ලිපිය මෙතැනින් නිමා කරන්නටයි සුදානම , ලැබෙන විවේකයේ අගහඟකම් නිසා “සොඳුරු සුව අසපුවට“ ලිපි එක් වීම ප්‍රමාද වුවත් , ඉඩක් ලද විටෙක මීළඟ ලිපිය එක් කරන්නට සිත දරාගෙන සමුගනිමි, ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.තවත් කියවන්නhttp://www.
BLOG
2014.08.27
http://nursinglanka.blogspot.com/
168) එබී බලන “එබෝලා“
Mahesh Nishantha
මෙන්න බලන් අපි අස්සෙ අම්ම ඉන්නෙ පිටිපස්සෙදවස ... සෙනසුරාදාවක්ප්‍රදේශය .... ගාල්ල , වක්වැල්ල පාර ..හීරෝ හොන්ඩා යතුරු පැදියේ , හුළං පාර කපා ගෙන යන “ පුංචි පවුලක් “ගමනාන්තය , ගාලු කොටුවේ , පරණ ලයිට් හවුස් එක ගාව “බිත්තර රොටි කඩේ ““ අද ටිකක් සීතලයි වගේ , වැස්සට අහුවේද දන්නෙ නෑ .... එන ගමන් මට හිරිඹුරේ මෝළට යන්නත් ඕන තුනපහ ගන්න , අපි වැඩි වෙලා ඉන්නේ නැතුව එමු අද ...“සීතල හුලං පාරට හිර වෙලා තිබුණු කණ ගාවටම කරල යෝජනාවක් මනෝජගෙන් ..“අනේ , අපි වහිනක්ම ඉඳළ , වැස්සේ තෙමි තෙමි එමුකෝ “ ....යෝජනාව මට වුනත් , යෝජනාවට උත්තර දෙන්නෙ , හීරෝ හෝන්ඩ එකේ , පෙට්‍රල් ටැංකිය බදු අරගෙන ඉන්න “චූටි නෝන කෙනෙක්“ ...එන්න කන්න උණු උණූ බිත්තර රොටි‘‘ඔව් අම්මේ , අම්ම හෙට නිවාඩුත් එක්කනෙ , අපි ටිකක් ඉඳළ එමු“ , දී කිරට සාක්කි දෙන තවත් කෙනෙක් නංගිටයි , තාත්තටයි මැදි වෙලා .‘‘හ්ම් .. බලමු එ්ක පස්සෙ , ඉස්සර වෙලා අපි යමුකෝ .....අද බිත්තර රොටි දැනටමත් ඉවරද දන්නෙත් නෑනේ .. සීතල දවස නේ....““ට්‍රීං ට්‍රීං .....ට්‍රීං ට්‍රීං “නිවාඩු වෙලාවට අහන්න අකමැතිම නාදේ ...ගහගන්තා ෆෝන් එක හෙල්මට් එක අස්සට ....“හෙලෝඕ ...““මිස්ටර් මහේෂ් , මම ලොකු මිස් , අනේ අද පුළුවන් නම් නයිට් එකක කරල දෙන්න , මේ දැං යුනිට් එකට ගෙනාව “රේබීස් පේෂන්ට් කෙනෙක් , ටිකක් ඇග්‍රසිව් වගේ , අද නයිට් එකට ඉන්නේ මේ පොඩි කෙල්ලො දෙන්නනෙ , දෙන්න ටිකක් බයේ ඉන්නෙ , පුළුවන් නම් ලොකු උදව්වක් “ යතුරු පැදිය යන වේගෙට වඩා වැඩි වේගයකින් ලොකු මිස් කියවගෙන යනවා .“අනේ ලොකු මිස් , අද නයිට් එකක් නං කරන්න බැහැ‍හෙට උදෙත් ඩියුටිනෙ , මෙහෙම කරන්නං , මට ඩියුටි දාන්න එපා , මම පේෂන්ට් සෙඩේට් වෙනකම් දහය විතර වෙනකම් ඉඳළ ගෙදර එන්නං “ වාට්ටු පරිසරය තුල අපි හැමෝටම “අම්ම කෙනෙක් වගෙ ආදරය කරන “ලොකු මිස්ගේ මූණට බැහැ කියන්නත් බැහැ“ , නයිට් එකක් කරන්නත් බැහැ .කරාපිටිය රෝහලේ සේවය කළ අන්තිම ඒකකය වූ ඒකළන ප්‍රතිකාර ඒකකයේ සේවය කරන කාළේ , හුඟක් දවසට සිදුවන කතාවක්මේ .මේ අපේ ඒකළන ප්‍රතිකාර ඒකකයඒකළණ ප්‍රතිකාර ඒකකය කියන්නේ , දරුණුම බෝවන රෝග තත්ත්ව ඇති රෝගීන් , සහ ප්‍රතිශත්කිය ඉතාමත් දුර්වල වූ රෝගීන් ( ඔව් මේ දෙගොල්ල පරිස්පර කණ්ඩායම් දෙකක්) වෙන කර ප්‍රතිකාර කරන , විශේෂීත ඒකකයක් . දෙදහස් දහයේ අන්තිම කාළෙ පැතිරී ගිය , H1N1 තත්ත්වයට මුහුණ දීම සඳහා විවෘත කළ මෙම ඒකකයේ සේවට කරන්නට කැමති වූ “හෙද නිලධාරින්“ කිහිප දෙනාගෙන් , එක් අයෙක් වීමේ භාග්‍යය ලැබූවෙක් මම .මේ ඒකකය තුල අපෙ අතින් ප්‍රතිකාර ලැබූ , සාත්තුව ලැබූ රෝගීන් කණ්ඩායම් අතරේ , H1N1 රෝගීන් , ජලභීතිකා රෝගීන් , HIV සැක සහිත රෝගීන් , හෙපටයිටිස් බී වැළඳුන අය , ඒ වගේම බහුලවම , ප්‍රතිජීවක ප්‍රතිරෝධී වූ රෝගීන් (Multi Drug Resistant) වැනි අවදානම් කාණ්ඩ ප්‍රධාන වුනා. ඊට අමතරව පිළීකා සහ රුධීරය ආශ්‍රිත රෝග නිසා තම ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතාමත් පහළට වැටුනු කණ්ඩායම් ද වුනා . කාමර හතරක , ඇඳන් අටක , ආසාදන පාළන සහ ඒකළණ වශයෙන් සුවිශේෂී පහසුකම් තිබුණු වාට්ටු අංක 58 පුංචි වුනත් එයින් රෝගී්න සිය ගණනකට සේවය ලැබුණා.“සොඳුරු අතීතය ගැන “ කතා බහක් කරන්නට සිතුනෙ , ආයෙත් මෙබඳු “ඒකළන එ්කක “ වල අපේ සගයන් මේ දවස් වල ටිකක් කළබල ඇති , විශේෂ පුහුණූ ඇති , අඩුපාඩු උපකරණ ගෙන්වනවා ඇති , ටික ටික සූදානම් වනවා ඇති ......කුමකටද මේ සූදානම් වනවා ඇත්තෙ . ඒ එබෝලා උණ රෝගීන් වෙනුවෙන් .සමහර විට මේ රෝග තත්ත්වය තවමත් ලංකාව තුල අවදානමක් නොපෙන්වුවත් , මෙබඳු අවස්ථාවක පෙර සූදානම් වීම , විශේෂ පුහුණු ලබා දීම සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ සියළුම අංශ වල සිදු වුනත් මෙවන් විශේෂිත එකක් වල එම කටයුත්ත අනිවාර්යයි.එහෙම නම් පරණ කයිවාරුවෙන් පස්සේ දැනුයි පටන් ගන්නේ අද මාතෘකාව . ඒ අද දවස වන විට ලෝකයටම තර්ජනයක් එල්ල කළ හැකි “එබෝලා රක්තපාතික උණ රෝගය “ ගැන .අඟර දඟර එබෝලාඅද දවස වනවිටත් මේ රෝග තත්ත්වය පිළිබඳව ඔබ යම් පමණකට දැනුවත් ඇති. මෙයත් තවත් උණ රෝගයක් . සාමාන්‍ය උණක් නොවේ රක්තපාතික උණ තත්ත්වයක් . ඔව් අපි අහල පුරුදු ඩෙංගු වලත් රක්තපාතික උණ අවස්ථාවක් තිබෙනවා . අන්න ඒ වගේ , අසාමාන්‍ය ආකාරයෙන් දේහයෙන් ලේ පිටවන්නට පුළුවන් , ඒ සමඟින් දේහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දුර්වල කර අකර්මන්‍ය කර රෝගියාව මරණය කරා කැඳවාගෙන යන්නට පුළුවන් බොහොම දරුණු වයිසර පවුලක් තමයි මේ එබෝලා වයිරස කියන්නෙ. මේ දරුණූ වයිරස පවුලේ චණ්ඩි පස් දෙනෙක් හිටියත් , මේ වතාවේ එයින් දරුණූම එක්කෙනා තමයි වැඩ පෙන්නනත් පටන් අරන් තිබෙන්නෙ .අප්‍රිකාවේ දි රෝගී වුනු වඳුරන් , වවුලන් වැඩි සතුනේගේ දේහ වලින් පිටතට ඇවිත් මිනිසාට ඇතුළු වුනු බව කියන ( නමුත් මේ පිළිබඳ විවිධ මත පළවෙනවා ) එබෝලා දැන් මිනිසාගෙන් තවත් මිනිසෙක්ට බෝවන රෝගයක් බවට පත්වෙලා . ඒ විතරක් නොවෙි ඉදිරියෙදි ලෝකයටම බලපෑමක් කළ හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියනවා. ඒ මේ රෝග තත්ත්වය වැළදුනාම ඇති අවාසනාවන්ත තත්ත්ව නිසා පමණක් නොවෙයි , මේ රෝගයේ පැතිරීමෙ ස්වභාවයත් ඉතාම අවදානම් .සියයට සියයක්ම නිවැරදි යැයි නොකීවත් දැනට පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇති ආකාරයට එබෝලා මිනිස් දේහයට ඇතුළු වුනාම , අපේ සුදු රුධීරාණූ (ප්‍රතිශක්තියට උදව් වන) වලට පහර ගහමින් ඒවා බලහත්කාරයෙන් තම ග්‍රහණයට ගනිමින් , එබෝලා පැටවු හදන ෆැක්ටරි බවට පත්කරනවා . එතකොට සුදු රුධීරාණුවට තමන්ගෙ නියමිත රාජකාරි කරගන්නට බැහැ . තව ටිකක් ගියාම මේ ෆැක්ටරිය පිපිරෙන්නට පැටවු , දැන් මේ සුදු රුධීරාණූ ෆැක්ටරි පුපුරවා ගනිමින් “එබෝලා බබලා“ ලේ වලට එකතු වෙනවා (ඇත්තෙන්ම පැටවු නොවේ වයිරස ග්ලයිකෝප්‍රෝටින් අණූ , ඒත් බබාල කිව්වම ලේසියිනේ ) එබෝලා බබාල හද හැටිමේ පිපිරුම් එක්ක ලේ වලට එකතු වන රසායනික ද්‍රව්‍ය නිසා (සයිටොකයනීස්) රෝගියාට තද උණක් සම මතුපිට දදයක් වැනි ලප (rash) තත්ත්වයක් ඇති වෙනවා . මේ වන විට ඔහුගෙ ප්‍රතිශක්තිමය හැකියාව දුර්වල වී ඇති නිසා තත්ත්වය ටිකෙන් ටික දුර්වල වෙනවා . තව ටිකක් වෙලා යත්දි මේ වයිරස් අපෙ කුඩා රැධීර වාහිනී “හපා කමින් “ කඩා බිඳ දමන්නට පටන් ගන්නවා , ඔන්න දැන් රක්තපාතය , රැධීරවහනය වන්නට පටන් ගන්නවා ,වයිසරයේ බලපෑමෙන් රැධීරයේ ඇති “ස්වභාවික ලේ කැටි ගැසීමේ ක්‍රියාවලියත්“ අඩපණ වී ඇති නිසා මේ රුධීර වහනයන් පාළනය කරන්නට අපහසුයි , මෙ සමඟින්ම දේහය තුල තිබෙන ප්‍රධාන ඉන්ද්‍රියයන් , මොළය , අක්මාව , ආහාර ජීරණ පද්ධතිය වැනි ඉන්ද්‍රියන්ට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙනවා. මේ නිසා සහ තවත් සාධක කිහිපයක බලපෑම නිසා එම ඉන්ද්‍රියයන් “මිය යන්නට“ පටන් ගන්නවා . මේ රෝගියාගේ ජීවිතය ඉතාමත් අවදානම් අවස්ථාවක් , රෝගින් මෙම රෝග තත්ත්වයෙන් මිය යන ප්‍රධාන හේතු වන්නේ රක්තපාතය සහ ඒ මඟින් ඇතිවන කම්පන තත්ත්වය Hypovolimic shock සහ බහු ඉන්ද්‍රිය පද්ධති බිඳවැටීම් (Multi organ failure) කියන සිදුවීම් නිසා.මේ තරම් දරුණූ එබොලා පැතිරෙන්නේ කොහොමද . දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අකාරයට , රෝගියෙක්ගෙ දේහ තරල , කෙළ , රැධිරය , ලිංගික තරල , කැඩුනු සම හෝ මුඛයේ , නාසයේ , නැත්නම් ඇසේ වැනි ස්ථාන වල තිබෙන තුනී පටල ( ශලේශ්මල පටල) ඔස්සේ . නිරෝගී අයෙක්ගේ ඇඟට ඇතුළු වන්නට පුළුවන්, විශේෂයෙන්ම සෘජු ස්පර්ශය Direct contact, ඒ කීවේ කෙළින්ම රෝගියාගේ තරළ ඇඟේ ගෑවීමෙන් , නැත්නම් වක්‍රකාරයෙන් , ඒ කීවේ රෝගී තරළ ගෑවුනු උපකරණ , ඇඳ ඇතිරිළි ස්පර්ශ කිරීමෙන් .නමුත් සාමාන්‍ය උණ හෙම්බිරිසාව , නැත්නම් පැපොල සරම්ප වගේ , සුළඟ ඔස්සේ වයිරස ඇවිත් එබෝලා ඇති කරන්නට ඇති අවදානම (Airborne) ඉතාමත් අඩු , නැත්නම් එවන් අවදානමක් නැති බවයි මේ පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ ( අගෝස්තු 27 වන අද දින වනවිට) .මේ යම් ආකාරයකින් වයිරසය ශරීර ගත වුනොත් , ඉන් දින 2ක් 21 අතර කාළයේදි රෝග ලක්ෂණ ඇති වෙන්නට පටන් ගන්නවා . එතැන් ඉඳළ මාස තුනක් විතර යනකම් වුනත් රෝගයාගේ ඇඟ ඇතුලට වෙලා ඉන්න මෙයාට පුළුවන් . යම් හෙයකින් රෝගියා සනිීප වුනත් , තවත් මාස දෙකක් විතර යනකම් ඇඟ ඇතුලට වෙලා හැංගිලා ඉන්න එබෝලාට පුළුවන් . රෝගය පැතිරීමේ අවදානම වැඩි කරන්නට මේ හැංගි හොරා සෙල්ලමත් ලොකු දායකත්වයක් දරනවා.ලෙඩේ හැදුනොත් සාමාන්‍ය උණක් වගේම තද උණක් , ඇඟ පත වේදනාව , තදබල හිසේ කැක්කුමක් ,අප්‍රාණික බව , බඩේ අමාරු ගතියක් වගේ පොදු ලක්ෂණ ගණනාවක් එන්න පුළුවන් . ඉන් පස්සේ ඇඟපුරා මතුවන රතුපාට ලප එක්ක දදයක් වගෙ දකින්නට පුළුවන් . සමහර විට මේ එක්කම වමනය , මල පහ එක්ක ලේ පිටවීම් ආරම්භ වන්නටත් ඉඩ තිබෙනවා . ඒ කියන්නෙ දැන් ඉන්නේ රක්තපාතික අවස්ථාවේ .මෙතෙක් ඉන්නේ තැනිව අවදානම පිළිබඳ සැකයක් ඇත්නම් සහ මුල් රෝග ලක්ෂණ පෙන්වා නම් ඉක්මණින් රෝහල් ගත වීම , තමාටත් අනේක් අයටත් යහපතක් ,රෝහලේ දී රෝග ලක්ෂණ , රෝග ඉතිහාසය (විශේෂයෙන්ම රෝගය ඇති ප්‍රෙද්ශ වල සංචාරය කිරීම වැනි සාධක) වගේ කරුණු විමසා බලත්දි මෙය එබෝලා විය හැකිද කියන සැකය ඇති කරන්නට වෛද්‍යවරයාට පුළුවන්. ඉන් පසුව වයිසර රෝග තත්ත්වයකට අදාලව කෙරෙන බොහොම සුක්ෂම රැධිර පරික්ෂා කිහිපයක් ඔස්සෙ , හරියටම මෙය එබෝලා දැයි කියන්නට අද පුළුවන්.ප්‍රතිකාරයේ දී පළමු පියවර ආරම්භ වන්නේ “රෝගියා ඒකළනය කිරීමෙන් “ , ඒ කිව්වෙ “රෝගියා අනෙක් අයගෙන් සෞඛ්‍යාරක්ෂක ක්‍රම මගින් වෙන් කිරීමෙන් . බොහෝ දුරට මෙහිදි කෙරෙන්නෙ ,රෝගියා අපි මුලින් කතා කළ ඒකකය වැනි Isolation unit , නැත්නම් ඒකළන ප්‍රතිකාර ඒකකයකට යොමු කරන එක. එතැනදි දේහයේ රැධීර පරිමාව අඩුවීමට අදාලව , අනෙක් ඉන්ද්‍රියයන් අඩපණවීම වලක්වා ගැනීමට සහ පවතින රෝග ලක්ෂණ වලට අදාල ප්‍රතිකාර ලබා දේවි. නමුත් මේ වන විට රෝගයට සෘජුව ප්‍රහාර එල්ල කළ හැකි කිසිම ඖෂධයක් සොයාගෙන නැහැ. ( කැනඩාවේ එක්තරා වෛද්‍ය පර්යේෂණ ආයතනයක මැදිහත් වීමෙන් තැනූ ඖෂධයක් මගින් මෙම රෝගයට පත්වූ අයෙක් සුව වූ බව පැවසුනත් , පිළිගන්නා ආකාරයේ ඖෂධයක තබව නැහැ)යම් හෙයකින් රෝග තත්ත්වය අපේ රටට ආවොත් , මෙන්න මේ අය වඩාත් පරිස්සම් වෙන්න ඕන . ඒ තමයිසෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්මෘත ශරීර වල කටයුතු කරන පුද්ගලයින්පොදු ප්‍රවාහන පද්ධතිය බහුලව භාවිත කරන පුද්ගලයින්ප්‍රතිශක්තිය අඩු විය හැකි ( දියවැඩියාව , කාළීන රෝග) රෝග ඇතිස්ටීරොයිඩ ඖෂධ කාළීනව ගන්නා අයසහ පොදුවේ රෝගීන් සමඟ සම්බන්ධ වන පිරිස (රෝගියාගේ පවුලේ , ප්‍රජාවේ අය)දැනට ලංකාව තුල ලොකු අවදානමක් නැති නිසා , නොසළකා නොහැර එබෝලා ගැන දැනුවත් වීම එක්තරා විදිය පෙර සූදානමක් වන්නට පුළුවන් . ඒ වගේම රෝගය පිළිබඳ සැක සහිත මූලික අවස්ථාවේම වෛද්‍ය උපදෙසකට යොමු වීම , අත් සේදීම , ශාරීරික පවිත්‍රතාව නිිසි ලෙස පවත්වා ගැනීම , රෝගය පිළිබඳ සැක සහිත පුද්ගලයන් සිප වැළඳ ගැනීම් හෝ ලිංගික එක්වීම් වලින් වැලකීම ( වයිරසය ශරීරයේ තැනැයි තහවුරු කරන තෙක්) , දැනෙන තුවාල අනතුරු ඇත්න්ම ඒවා ආරක්ෂිතව ආවරණය කර ගැනීම , විශේෂයෙන්ම සෞඛ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් රෝගය පිළිබඳව දැනුවත්ව සහ සැළකිළිමත්ව කටයුතු කිරීම තමයි මෙම අවස්ථාව වන විට “පරිස්සම් වන්නට “ කළ හැකි දේ .මෙ පිළිබඳ පර්යේෂණ කරන ආයතන කිහිපයක් ප්‍රකාශ කරන විදියට තවත් මාස හත අටක් යත්දි එබෝලා වෙනුවෙන් යම් ප්‍රතිකාරයක් සොයා ගන්නට ලැබේයැයි අපේකෂා කරන්නට පුළුවන් . නමුත් ....දැනුවත් වීම සහ පරිස්සම් වීමට කල් ගත කරන්නට අවශ්‍ය නැහැ.“ලොකු මිස් , දැන් නම් පේෂන්ට් නිදි , ඩxxxම් ඉන්ෆියුෂන් එක යනවා , හිටපු ගමන් ස්පැස්ම් ආවට ,සෙඩේට් වෙලා ....එහෙම නම් මම යන්නද ලොකු මිස් , ...... නංගි ඩියුටි ඉන්නවා , අපෙ ජයන්තත් ඉන්නවනේ , බය වෙන්න දෙයක් නැහැ“ යක්කු ගස් නගින යාමේ ලොකු මිස්ට කෝල් කළා , එහෙම නොකළොත් හෙට එළිවෙන කම්ම හිතේ කළබලෙන් ඉඳීවි. තමන්ගේ රෝගීන් ගැන වගේම තමන්ගේ ඒකකය ගැනත් පුදුම කැපවිමකින් කටයුතු කළ අපේ ඒකකය භාරව සිටි හෙද නිලධාරිනිය අද විශ්‍රාම සුවයෙන් කල් ගෙව්වත් ,එදා කළ සත්කාරයන් ගැන මතක් වෙත්දි තවමත් හිතේ සතුට පිරිල ඉතිරෙනවා ඇති.“ නඟා , ...එහෙම නම් ජයන්තට කියන්න දොරවල් වහන්න කියලා , මම ගියා ...... ඒකකයේ අයිනක නතර කරල තිබුණු හීරෝ හොන්ඩා බයිසිකලේ ස්ටාර්ට් කරගෙන මෝචරිය අස්සෙන් පාරට එත්දි වෙලාව රෑ දොළහයි . ප්‍රශ්නයක් හිතේ , හෙට උදේට එත්දි මේ ජලභීතිකාවෙන් පෙළෙන අහිංසකයා ජීවත් වේවි .එදා එහෙම වුනත් අද දැන් වෙලාවට උදේ දෙකයි . නිදාගන්නට වෙලාව. එසේ නම් සමුගන්නවා ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.අළුත්ම තොරතුරු ගත්තෙ http://www.int/mediacentre/factsheets/fs103/en/ වෙතින්මේ ලිපියට සම්බන්ධ පෙර ලිපි,ජලභීතිකාව ගැනhttp://www.com/2011/06/12th-discussion.htmlබහු ඖෂධ ප්‍රතිරෝධීතාව ගැනhttp://www.htmlහෙපටයිටිස් බී පිළිබඳවhttp://www.com/2011/11/blog-post.
BLOG
2014.09.24
http://miniwares.blogspot.com/
Dropbox ගැන දන්නවද ???
Haritha Gayashan
Dropbox ගැන දන්නවද ...කොහොමදයාලුවනේ.. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මම අද බ්ලොග් එක පැත්තට ගොඩ උනා ඔයාලට යමක් කියල දෙන්න...උඩ තියෙන පින්තූරේ දැක්කම පේනවනේ කතාවේ ටොපික් එක.මේ කියන්න යන්නේ Dropbox කියන ෆයිල් හොස්ටිං සේවාව ගැන.දැන් ඔයාල බලනවා ඇති මොකද්දමේකේ තියෙන විශේෂත්වය අනිත් ඒවාට වඩා කියන එක. මුලින්ම කියන්න තියෙන දේ මේක බොහොම සරලව හදල තියෙනවා කියන එක. කොටින්ම කිව්වොත් ඩ්‍රොප්බොක්ස්වෙබ් සයිට් එකත් බොහොම සරලයි....සොෆ්ට්වෙයා එකත් බොහොම සරලයි.මේ තියෙන්නේ ඩ්‍රොප්බොක්ස් වෙබ් සයිට් එක .පේනවා නේ වැඩිය අනම් මනං නෑ ඇඩ් නෑ ඕන ටික ලස්සනට දීල තියනවා. අනිත් තියන විශේෂම දේ තමයි ඔයාලට ඔයාලගේ ඩ්‍රොප්බොක්ස් එකවුන්ට් එක පාවිච්චි කරන්න ඕන උන වෙලාවට සැරින් සැරේ ලොග් වෙන්න ඕන නෑ. සොෆ්ට්වෙයා එක උඩ ක්ලික් කරහම ලස්සනට එකවුන්ට් එකට ලොග් වෙනවා.අනිත් එක මේකේ android app එකත් මේ වගේම තමයි බොහොම සරලයි. පාවිච්චියට ලේසි.මේකේ ඔයාලට හම්බු වෙන්නේ මුලින්ම 2.25 GB නමුත් ඔයාලට ඩ්‍රොප්බොක්ස් එකට යාළුවො රිෆර් කරලා ඔයාලගේ ස්ටෝරේජ් එක 16GB දක්වා වැඩි කරගන්න පුළුවන්.දැන් ඔයාල අහයි යකෝ අනිත් ඒවගේ නිකන්ම 16GB 20GB දෙනවා නේ කියල... නමුත් මේකේ තියෙන ගොඩක් වාසි අනිත් ඒවගේ නැහැ.මේකේ තියෙන ලොකුම වාසිය තමයි. අපි මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් එක සම්පුර්ණයෙන්ම ඩිලීට් වෙන්නේ නැහැ. ටෙම්පරි Recycle Bin එකකට තමයි යන්නේ.එහෙම ගිහින් ඔයාලගේ ඩ්‍රොප්බොක්ස් එක ෆ්‍රී වෙනවා.අනිත් ගොඩක් ෆයිල් ස්ටෝරේජ් සේවාවන් වල මෙහෙම නැහැ.දැන් මෙන්න මෙහෙමයි වැඩේ කරන්න ඕන මුලින්ම ඔයගොල්ල මේ පහල තියෙන ලින්ක් එක උඩ කොටලා ඩ්‍රොප්බොක්ස් වෙබ් සයිට් එකට යන්නDropbox Official Linkඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ විස්තර ටික පුරවල එකවුන්ට් එකක් හදාගන්න.දැන් මේ ලින්ක් එක උඩ ක්ලික් කරලා ඩ්‍රොප්බොක්ස් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්නDownload Dropboxමේක ඉන්ටනෙට් හරහා ඉන්ස්ටෝල් වෙන්නේ. බොහොම පොඩි මෙගාබයිට් ප්‍රමාණයක්.ඉන්ස්ටෝල් උනාට පස්සේ සොෆ්ට්වෙයා එක ඕපන් වෙලා ඔයාලට ලොග් වෙන්න කියයි.දැන් කලින් අර ඔයාල දුන්න විස්තර දීල ලොග් වෙන්න.එතකොට මෙන්න මෙහෙම පෙන්නයි මෙතන ඔයාලගේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ ..එක උඩ ක්ලික් කරහම මෙන්න මෙහෙම එකක් එයි.ඔතන මම 1 ඉලක්කමෙන් පෙන්නලා තියෙන Dropbox Folder කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඩ්‍රොප්බොක්ස් ෆෝල්ඩර එක ඕපන් වෙයි.දැන් ඔයාලට ඔන්ලයින් ස්ටෝර් කරන්නඕන ෆයිල් ටික ඔයි ඕපන් උන ෆෝල්ඩර එකට කොපි කරන්න. දැන් ඔයාලට පෙනෙයි කොපි කරපු ෆයිල් උඩ පොඩි නිල පාට ඊතලයක් වැටිලා තියෙනවා.ඒ කියන්නේ ඒ ෆයිල් එක තාම අප්ලෝඩ් වෙනවා කියන එක. අප්ලෝඩ් වෙලා ඉවර උනාම කොළ පාටට හරියක් වැටිලා තියෙයි.එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔය උඩින තිබ්බ පින්තූරේ මම දාල තිබ්බ අංක 2 කියන තැන ක්ලික් කරලා ඔයාලගේ dropbox එකවුන්ට් එකට නිකන්ම ලොග් වෙන්නත් පුළුවන්ආහ් තව එකක් ඔයාලට ඔයාලගේ ෆෝන් එකටත් ඩ්‍රොප්බොක්ස් එක දාගන්න පුළුවන්. android ios ෆෝන් වලටඔක්කොටම වඩා මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාලට ඉඩ මදි වෙලා හරි වැරදිලා හරි මොකක් හරි ෆයිල් එකක් ඔයාලගේ අතින් ඩිලීට් උනොත් එක ආයෙමත් තිබුන විදියටම රිකවර් කරගන්න පුළුවන්. එක තමයි ලොකුම වාසිය.ඉඩ මදි උන වෙලාවට ෆයිල් එක ඩිලීට් කරලා පස්සේ ආයෙමත් ඉඩ හදාගෙන ෆයිල් එක රීස්ටෝර් කරගන්න පුළුවන්.ඊටත් වැඩ වාසිය තමයි ඔයාල අලුතින් සැම්සුන්ග් ෆෝන් එකක් එහෙම අරන් තියෙනවනම් එකටම ද්රොප්බොෂ් ඇප් එකත ඇවිල්ල තියෙන ෆෝන් එකක් නම් ඔයාල dropbox එකවුන්ට් එක හදල ෆෝන් එකටත් දාගත්තම 50GB නොමිලේ අවුරුදු 2 ක් පුරාවට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න ලැබෙනවාකොහොමද පට්ට නේ...එහෙනම් අපි ගිහිල්ල එන්නම්...කරලා බලන්නකෝ වැඩේ.
BLOG
2014.07.25
http://miniwares.blogspot.com/
How to install Teamviewer on your own
Haritha Gayashan
..
BLOG
2014.04.22
http://miniwares.blogspot.com/
Delete Facebook Account ෆේස්බුක් එකවුන්ට් එකක් සදහටම ඩිලීට් කරමු.......
Haritha Gayashan
Delete Facebook Account ෆේස්බුක් එකවුන්ට් එකක් සදහටම ඩිලීට් කරමු.......ඔන්න ඉතින් කට්ටියටම වදයක් වෙලා තියෙන ෆේස්බුක් එකවුන්ට් එකක් කොහොමද ඩිලීට් කරන්නේ කියල තමයි මේ කියල දෙන්න හදන්නේ.මේක මේ ඔයගොල්ලෝ හරියට වින්ඩෝස් වල Shift + Del කීස් ගහල මොනවා හරි ෆයිල් එකක් ඩිලීට් කරනවා වගේ තමයි. ආයේ ගන්න බෑ.වින්ඩෝස් වලනම් ආයේ ගන්න පුළුවන් නමුත් ෆෙස්බුකියේ නම් ආපහු ගන්න බෑ.එහෙනම් ඔයාලගේ ෆේස්බුක් එකවුන්ට් ඩිලීට් කරන්න ඕන අය තමන්ගේ එකවුන්ට් එකට ලොග් වෙලා ඉන්න මුලින්ම.ඊට පස්සේ මෙන්න මේ ලින්කුව උඩ ක්ලික් කරන්න.Delete Facebook Official Linkඊට පස්සේ ඉතින් ඔයාලගෙන් එක එක ඒවා ටිකක් අහයි.මෙන්න මේ වගේ.ඔහොම එක එක කතන්දර ටිකක් අහයි....කොහොම හරි මේගොල්ලෝ ඔයාලගේ එකවුන්ට් එක මකන්නේ දවස් 14 කට පස්සේමේ දවස 14 ඇතුලත ඔයාලට ඕනනම් ආයෙමත් ඔයගොල්ලෝ එකවුන්ට් එකට ලොග් උනොත් මෙයාල ඒක ඩිලීට් කරන ඒක නවත්තනවා.එහෙනම් ඔයාලට කැමති දෙයක් කරගන්න. අපි ගිහින් එන්නම් මමත් මගේ ෆේස්බුක් ඒක මකල දාල දැන් පාඩුවේ ඉන්නවා. හරිම නිදහස් කිසි වදයක් නැහැ.බායි.... අපි ගිහින් එන්නම් එහෙනම්.
BLOG
2014.03.31
http://miniwares.blogspot.com/
ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම
Haritha Gayashan
ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීමPayPal යනු කුමක්ද.PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.ගැටළුවශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.ගැටළුවට හේතුවඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:“Why does my PayPal account have only send capabilities.2075623774.locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=11811&isSrch=Yesශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.විසඳීමශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.විසඳන මග. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.ඔබේ සහය දක්වන්නපෙත්සම අත්සන් කරන්න: http://j.com/site/ppforsrilanka#PayPalForSriLanka හැෂ්ටැගය සමග Twitter සංවාදයට එකතු වෙන්න.Facebook සමූහය වෙත එකතු වෙන්න: https://www.
BLOG
2014.03.08
http://miniwares.blogspot.com/
Download Microsoft .NET Framework 3.5 Offline Installer for Windows 8 and 8.1
Haritha Gayashan
1ඔන්න යාලුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් අරගෙන මම අද බ්ලොග් එක පැත්තට ආව...මේක ගොඩක් වැදගත් වෙන්නේ වින්ඩෝස් 8 සහ 8.1 පාවිච්චි කරන කස්ටියට.....ඔයාල මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට මෙහෙම එරර් එකක් ආව මතක ඇතිනේ.....ඉතින් මේක හදාගන්නේ කොහොමද කියල තමයි අද මේ මම කියන්න හදන්නේ.මෙතෙන්දි ඔයාල ඔය Download this Feature කියන එක සිලෙක්ට් කරත් සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ....ඒ නැතත් ඩවුන්ලෝඩ් වෙන්න ගත්තත් සමහර වෙලාවට පට්ට වෙලාවක් යනවා සමහර වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්නෙම නැහැ.ඒ නැතත් ඔයාල .5 for windows 8 කියල ගූගල් සර්ච් කරලා ගත්තත් මෙගාබයිට් 230 ගානක සෙටප් එකක් දෙනවා....ඒ උනත් කමක් නෑ කියමුකෝ....මටත් ඔන්න ඔය වගේ කේස් එකක් ඇවිල්ල මම ඔය මට හම්බුවෙච්ච 230 mb සෙටප් එක බාල ඉන්ස්ටෝල් කරන්න ඩබල් ක්ලික් කර....මෙන්න යකෝ .මේක ඉන්ස්ටෝල් කරන්නත් ආපහු.5 ඕනෙයි කියල මැසේජ් එකක් එනවා.ඉතින් බිල් ගේට්ස් ගේ අම්ම මතක් කර කර මම හෙව්වා මේකට ටූල් එකක්.....කොච්චර අනං මනං දාල බැලුවත් හරිගියේ නෑ...අන්තිමට හම්බුනා පට්ට පට පට ටූල් එකක්.zipමෙන්න ඉන්ටෆෙස් එක >>>>>>>>මේකෙදි බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ....මුලින්ම ඔයාලගේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව් එකට ඒ කිව්වේ ඩීවීඩී රොම් එකට හරි රයිටරේට හරි වින්ඩෝස් 8 බූටබල් ඩිස්ක් එකක් දාල ඉන්න...එහෙම නැත්නම් වින්ඩෝස් 8 ඉමේජ් ෆයිල් එකක් තියෙනවනම් Virtual ඩ්‍රයිව් එකකට දැම්මත් කමක් නෑ....ඊළඟට ඔය Installation Settings කියල තියෙන තැන තියෙන Drop down ලිස්ට් ඒකෙන ඔයාලගේඩිස්ක් ඩ්‍රයිව් එකට අදාළ ඩ්‍රයිව් ලෙටර් එක තෝරාගන්න....ඊළඟට ඔය Installation Source කියන තැනට අරදාපු වින්ඩෝස් 8 ඩිස්ක් එකේsources\sxsකියන ෆෝල්ඩර එක තෝරලා දෙන්න. මේක ගොඩක් වෙලාවට තෝරන්න ඕනෙත් නෑ.ඊළඟට ඔය පැත්තකින් තියෙන Start Installation කියන බොත්තම උඩ ක්ලික් කරලාටිකක් වෙලා ගේ වටේ පිටේ ඇවිදලා අම්මට පොඩ්ඩක් උදවු කරලා තේ එකක් එහෙම බීල ඇවිත් බලන්න.Installation Completedකියල වැටිලා තියෙයි.දැන් ඔයාලට අර එරර් එක ආපු සොෆ්ට්වෙයා එක ආයෙමත් දාල බලන්න ලස්සනට ඉන්ස්ටෝල් වෙයි.එහෙනම් මෙන්න ටූල් එක බාගන්න ලින්ක් එක....මේක ගොඩක් දෙනාට වැඩ කරලා තියෙනවා. fail උනොත් ඔයාල වෙන මොකක් හරි ක්‍රමයක් හොයල බලල මටත් කියන්න...එහෙනම් අපි ගියා....zipබායි.
BLOG
2014.03.08
http://miniwares.blogspot.com/
OS X Mavericks Transformation Pack 2.0 ඔයාලගේ කොම්පියුටරේට අලුත්ම ඇපල් ඉන්ටෆෙස් එක දාමුද ?
Haritha Gayashan
0 ඔයාලගේ කොම්පියුටරේට අලුත්ම ඇපල් ඉන්ටෆෙස් එක දාමුද .කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මම ඔයාලට අද තවත් බඩුවක් අරගෙන ආව.වැඩිය කියන්න දෙයක් නෑ නේ නම දැක්කම පේනවා නේ මොකද්ද කියල...වැඩි කයි කතන්දර ඕන නෑ... මෙන්න ලින්ක් එක බාගෙන දාල බලන්න....
BLOG
2014.03.04
http://miniwares.blogspot.com/
Power Scheduler අපිට ඕන වෙලාවට කොම්පියුටරේ ෂට්ඩවුන්, රීස්ටාට්, හයිබර්නේට්, ලොක් කරමු......
Haritha Gayashan
Power Scheduler අපිට ඕන වෙලාවට කොම්පියුටරේ ෂට්ඩවුන්, රීස්ටාට්, හයිබර්නේට්, ලොක් කරමු......ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ඔයාලට වටිනා කියන පොඩි බාන්ඩයක් අරගෙන ආව....මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ඕන වෙලාවකට ඔයාලගේ කොම්පියුටරේට ඔය මම උඩින් කියපු කතන්දරේ කරන්න පුළුවන්.....දැන් අපි බලමු මෙක කොහොමද වැදගත් වෙන්නේ කියල අපිට.......ඔන්න ඉතින් අපි ගිගා ගානක ෆයිල් එකක් කොපි වෙන්ඩ දාල තියනවා මේකට පැයක දෙකක් යනවා....ඔන්න ඉතින් ඔයි අතරේ අම්ම කතා කරනවා මෙන්න මෙහෙට ගිහින් වරෙන් කියල...ඉතින් දැන් මේක දාල පලයන්කෝ.අම්ම කියන වැඩේට ගියොත් පැය 5ක් විතර යනවා කොම්පියුටර් එකේ වැඩේට යන්නේ පැය එකහමාරක් වගේ... ඉතින් වැඩේ ඉවර උනාම නිකන් කොම්පියුටරේ ඔන් එකේ පැය 2, 3 ක්.එහෙම නැතත් ඔන්න ඔයාල ඩවුන්ලෝඩ් එකක් දානවා රෑ වෙලා.... බට් මොනවිදියකින් හරි කනෙක්ෂන් එක ස්ලෝ වෙලා හරි වැඩේට පැය ගානක් යනවා.ඉතින් දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකං බලන් ඉන්න බෑ.පට්ට නිදිමතයි.ඔන්න ඉතින් ඒ වගේ වෙලාවට මේක හරි වැදගත්වෙනවා.මෙන්න සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න කස්ටිය...Power scheduler For Windows8Power Scheduler For Windows XP, Vist, 7ඔන්න ඉතින් හැමදාමත් වගේ කොහොමද සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්නේ කියල කියල දෙන්න හදන්නේ.මේකේ ඉතින් කියල දෙන්න දෙයකුත් නෑ හබයිඉතං කෝකටත් කියල හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඔන්න කියල දෙනවා. ඔය අංක 1 තියෙන තැනින් ඔයාලට වෙන්න ඕන ඇක්ෂන් එක තෝරගන්න.ඒ කිව්වේ shutdown , restart ද මොකද්ද වෙන්න ඕන කියල.දෙවෙනියට ඔය අංක 2 දාල තියෙන තැනින්වැඩේ වෙන්න ඕන වෙලාව තෝරලා තියන්න... ගොඩක් වෙලාවට හරියටම වෙලාව දෙන්න එපා. වැඩේ වෙන ටයිම් එකට වැඩිය පැය බාගයක් විතර වැඩියෙන් දෙන්න කෝකටත් කියල.උදාහරණයක්‌ විදියට ඩවුන්ලෝඩ් එකක් එහෙම නිතරම එකම ස්පීඩ් එක තියෙන්නේ නැහැනේ.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අනුව වෙලාව වෙනස් වෙන නිසා කෝකටත් හොඳයි පොඩ්ඩක් වැඩියෙන් වෙලාවක් දෙන එක.ඊළඟට එයි මෙහෙම එකක්මෙතෙන්ට ඔයාල කැමති පාස්වර්ඩ් එකක් දෙන්න.හැබැයි මතක තියාගන්නඔයාල හදන මේ ටාස්ක් එක කැන්සල් කරන්න නම් ඔයාලට මේ පාස්වර්ඩ් එක ඕන වෙනවා. මෙන්න මේ වගේ....එහෙනම් හරි නේ වැඩේ.... ඔන්න කට්ටියම බාගෙන බලල කියන්නකෝ හොඳද කියල..... හැමෝටම සුබ දවසක්.
BLOG
2014.02.28
http://miniwares.blogspot.com/
Network Printer Installation නෙට්වර්ක් ප්‍රින්ටරයක් කොහොමද අපේ කොම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්නේ ???
Haritha Gayashan
Network Printer Installation නෙට්වර්ක් ප්‍රින්ටරයක් කොහොමද අපේ කොම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්නේ ...කොහොමද ඉතින් යාලුවනේ......ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ ලිපියක් ලියන්න.දැන් හරිම කාර්ය බහුල වෙලා දැන් ඉන්නෙත් ගෙදර නෙමේ නේ ඒ නිසා ඉස්සර වගේ නිතරම ලිපි ලියන්න වෙන්නෙත් නෑ.කොහොම උනත් මට පුළුවන් වෙලාවට මම දන්නා කියන දෙයක් හෝ අලුතින් ඉගෙන ගත්ත දෙයක් මම ලිපියක් විදියට බ්ලොග් එකේ ලියනවා.අද මේ ටිකක් වැඩ අඩු දවසක් නිසා ලිපියක් ලියන්න සෙට් උනා මේ ඉතින්. අද මේ කියන්න යන්නේ කොහොමද නෙට්වර්ක් කරලා තියෙන ප්‍රින්ටරයක් අපේ කොම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්නේ කියල. ඒ කියන්නේ නෙට්වර්ක් ප්‍රින්ටරයක් නෙට්වර්ක් එකක පාවිච්චි කරන්න කොහොමද Configure කරන්නේ කියන එක නෙමේ.කෙනෙක් ඒ විදියට හදල තියෙන Printer එකක් කොහොමද අපේ කම්පියුටරෙන් ප්‍රින්ට්අවුට් දාන්න පුළුවන් විදියට අපේ කොම්පියුටරේට ඇඩ් කරගන්නේ කියල. නෙට්වර්ක් ප්‍රින්ටරයක එහෙම සෙටින්ග්ස් හදල වෙන කම්පියුටර් වලට ඇඩ් කරගන්න පුළුවන් විදියට ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියල වෙන දවසක කියල දෙන්නම්. අද මේක කියල දෙනවා..... ඔන්න එහෙනම් කතන්දරේ අහගන්න......මම දැන් මේ කියන්න යන්නේ වින්ඩෝස් 7 වල මේක කරන්නේ කොහොමද කියල.xp වලටත් මීට වැඩිය පොඩ්ඩයි වෙනස් වෙන්නේ ඒ කොතනද කියල මම කියල දෙන්නම්. ඔන්න එහෙනම් මුලින්ම යන්න ඔයාලගේ කොම්පියුටරේ ප්‍රින්ටර්ස් තියෙන තැනට...... ඒ කොතෙන්ටද .....ඊළඟට Add Printer කියන ඔප්ෂන් එක තෝරාගන්න.ඊළඟට ඔයාලට එනවා මෙහෙම එකක් මේකේ Local Printer කියන එක තෝරාගන්න. දැන් ඔයාල බලයි යකෝ නෙට්වර්ක් ප්‍රින්ටරයක් නම් යට තියෙන Network Printer option එක නැතුව Local Printer යන්න කියන්නේ ඇයි කියල.ඒ මොකද කියල කියල දෙන්නම් දැනට Local එක සිලෙක්ට් කරන්න මේ වගේ.ඊළඟට එයි මෙහෙම එකක්... මේකේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන Create A new Port කියන option එක තෝරන්න. ඊළඟට එකට එහා පැත්තෙන් තියෙන ලිස්ට් ඒකෙන් Standard TCP/IP Port කියන එක තෝරලා Next දෙන්න.ඊළඟට එයි මෙහෙම එකක් මේකේ Hostname or IP Address කියන තැනට ඔයාලගේ නෙට්වර්ක් ප්‍රින්ටර් එකේ අයිපී එක දෙන්න.මේක ඔයාලට ඔයාලගේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් ගෙන් දැනගන්න පුළුවන්.එතනට අයිපී එක දීල යට පොර්ට් Name කියන එකට කැමති නමක් දෙන්න.දීල Next දෙන්න.ඊළඟට එයි මෙහෙම එකක්.මේ කියන්නේ එයා ප්‍රින්ටර් පොර්ට් එක ඉන්ස්ටෝල් කරගන්නවා කියල. මෙතෙන්දි මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා සමහර වෙලාවට ඔයාල දෙන මේ අයිපී ඇඩ්රස් එක හොයාගන්න බැරුව මෙයා ගොඩක් වෙලා Detecting කියල වැටිලා තිබුනොත් මුලින්ම ඔයාලගේ අයිපී එකට පොඩි පින් පාරක් දාල ඉන්න.පින් කරන්නේ මෙහෙම Command Prompt එකේPing<space>XXX.XXXටයිප් කරලා එන්ටර් කරන්න.එතකොට මෙහෙම 4 ක් ඔයාලට ඩිස්ප්ලේ වෙයි.ඊළඟට එයි මෙහෙම.මෙහෙම ඉන්නේ මමදැනටමත් ප්‍රින්ටර් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා.ඔයාලට මෙහෙම එන එකක් නෑ ඔයාලට එයි මෙහෙම එකක්.මෙතන තියෙන ඔය ප්රින්ටෙර් ලිස්ට් එකේ ඔයාලගේ ප්රින්ටෙර් එක තෝරලා නෙක්ස්ට් දෙන්න .එහෙමත් නැත්නම් ඔය Have disk කියන බට්න් එක ප්‍රෙස් කරලා ඔයාල සාමාන්‍ය විදියට ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල්කරගන්න විදියට ඉන්ස්ටෝල් කරගන්න.ප්‍රින්ටර් එකේ ඔරිජිනල් ඩ්‍රයිවර් එක සයිට් ඒකෙන ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.ඔතන Have Disk වින්ඩෝ එකේදී ඉල්ලන්නේ ප්‍රින්ටර් එකේ ඩ්‍රයිවර් එක තියෙන .inf කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක තියෙන ෆයිල් එක කියල දන්නවනේ.එක සයිට් ඒකෙන ලැබෙන ඩ්‍රයිවර් එක extract කරගත්තම හොයාගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.එහෙම කරගෙන නෙක්ස්ට් දෙන්න.ඊළඟට එයි මෙහෙම එකක්.මේ වින්ඩෝ එක පාවිච්චි කරලාඔයාලට පුළුවන් ඔයාල දැන් මේ ඉන්ස්ටෝල්කරගත්ත ප්‍රින්ටර් එක ඔයාලගේ මැෂින් එකට ගහපු Local Printer එකක් වගේ අනිත් අයට ෂෙයාර් කරන්න. එතකොට එයාලට ඔයාගේ කොම් එක through ප්‍රින්ටර් එක ඇඩ් කරගෙන එක පාවිච්චි කරන්න පුළුවන්.මෙතෙන්දි කැමතිනම් ෂෙයාර් කරන්නඑහෙම අවශ්‍ය නැත්නම් නොකර යන්න.....ඊළඟට එයි මෙහෙම එකක්.දැන් ඉතින් වැඩේ ඉවරයි. ඕනනම් ටෙස්ට් පේජ් එකකුත් දාල වැඩේ හරියටම හරිද කියල බලාගන්න පුලුවන්.මේ තියෙන්නේ ඔයාලගේ ප්‍රින්ටරේඑහෙනම් අපි ගිහින් එන්නම් මට මේක කියල දුන්නේ මගේ බොස් දසුන් සර්....ඉතින් සර්ටත් තැන්කු කියන ගමන් ගිහින් එන්නයි හදන්නේ. හැමෝටම සුබ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
BLOG
2014.12.08
http://chan-cup.blogspot.com/
කඳුලු
...සිතූ...
සුනිල ගගනත සරණ තරු කැටඅතර සැඟවුනු තාත්තේ නුඹනැවත ඒ නම් බලා ඉන්නටකවුලු අතරින් මා යනෙන රඟඅහස දෙදරා ඉකිබිඳින සඳමහා වැහි බිඳු වැටෙයි මිදුලටඔබේ කඳුලුත් සමග මුසු කොටවැහි වහී යයි සිතෙයි මා හට.
BLOG
2014.11.17
http://chan-cup.blogspot.com/
අපි ආයිත් දවසක
...සිතූ...
අපි ආයිත් දවසකඅත් පටලාගෙනහෙමින් ඇවිද යමුමැයි ගස් පාමුලවළාකුලක බරහිතට දැනුනෙ නැතිපැතුම් පොකුරු පිරිඅරුම වසන්තෙකතත්පර කටු මතබර වැඩි වීලාකාලය ඉගිලීඈතින් ඈතටසමුගෙන ගිය ඒසොඳුරු අතීතයනෙතු පොඟවයිකඳුලක් එබිකම් කර.
BLOG
2014.09.08
http://chan-cup.blogspot.com/
සඳ ඇවිදින්...
...සිතූ...
සඳ ඇවිදින් ගං ඉවුරටනුඹ ඇවිදින් සිත් ඉවුරටසඳ ගඟුලට - නුඹ මහදටඑළිය ගෙනෙනවාවසන්තය රැගෙන දෝතටජීවිතය ගෙනා නුඹ මටගොඩක් ආදරෙයි සත්තට ගඟත් දන්නවාසිත් මඬලේ කතන්දරේනුඹෙ සවනට කොඳුරන විටගං දියරැලි සඳ මඬලටරහස කියනවා.
BLOG
2013.08.21
http://chan-cup.blogspot.com/
ලෝකය නැවතුම්පලක්ය...
...සිතූ...
අතමිට සරු කාලෙටගත හැඩි දැඩි කාලෙටසිත සවි ඇති කාලෙටදැසිදස්සන් බෝමාවත්සුණු තවරාගෙනරියසක පදවාගෙනමහ මන්දිර තැනුවමමිතුරන් බෝමානැටුම් ගැයුම් සංගීතයිරසමසවුල් නම් එමටයිස්වර්ණ වියන් මනලෝලයිතේජස බෝමාඅතමිට හිඟවුනදාලෙඩ දුක් හමුවනදාසිත ඔද තෙද බිඳිදාතනිකම බෝමාමන්දිර නටඹුන් වුනදාකුසගිනි දැඩි වුනදාමදහස වියැකුනදාදුක නම් බෝමායන්නට ආ ගමන්යලෝකය නැවතුම්පලක්යසිහියට ගත හැකිනම්සැපතකි බෝමා.
BLOG
2011.03.31
http://chan-cup.blogspot.com/
මතක පොකුර
...සිතූ...
රුක් මල් සුවඳ මැදින් බන්ඩි ගොයම කිරි වැදුනාබිම්මල් පොකුරු පොඩිති හෙමිහිට හොරැහින් බැලුවාහමනා සුවඳ සමග ලා උණ පත් පොර බැදුවාතුරු මත බටිති මලිති රන් රස සවනට බෙදුවාගල්පොත්තක් මත්තේ පය වතුරට ඔබානකොරලින් දන්ඩි පැටව් පීනන හැටි බලානමාදං පේර හිඹටු පොකුරක රස බලානදොළ ලඟ හිටියා මං, මැවුවා නෙතු පියානගිණි ගත් කටුක බිමෙන් මොහොතක් පිටමන්වෙලාසිත ඉගිලුනා සෙමෙන් අතීත සුවඳක් සොයාගම්මැද සොඳුරු මතක පොකුරක් යලි සිහිවෙලාදැනුනා හීන් දුකක් හෙමිහිට හදවත වෙලා.
BLOG
2010.10.12
http://chan-cup.blogspot.com/
අපූරුව
...සිතූ...
ඇහැල මල් වල පාට..මාර ගස් වල කොළ නැලවෙන සුවඳ..සතර දෙස නරඹන සිමෙන්ති බංකු..හැමදේම සමගින් විරාජමාන වූ නුඹ,දෙපයින් නැගිටින්න මග කියූ හැටි අපූරුයි..මං වත් නුදුටු මාව හරියටම දුටු,නුඹේ සෙවනේ සිටි නුඹ ඊටත් වඩා අපූරුයි.
BLOG
2010.05.09
http://chan-cup.blogspot.com/
දෝරගලන මනුස්සකම
...සිතූ...
බදුලු දුම්රිය හෙල් වැටි අතරින් වේගයෙන් ඇදෙයි. හාත්පස වසාගෙන ඇත්තේ වැහි අඳුරකි. දිය ඇලි අතරින් රිංගා එන දුරුතු සීතල කය කිලිපොලා යන තරම් විය. එක එක වැහිපොද බිමට වැටෙන්නට විය. කරටි නවමින් හමා ආ සීතල සුළඟ දත් කීරි ගැන්වීමට සමත් විය. ඊළඟ වංගුවෙදී දුම්රියේ හූ හඬ ඇසුනේ මොර ගෙඩි තරම් වූ වැහි බිංදු එක පිට එක වැටෙන ඝෝෂාව අතරිනි. හාත්පස වසා ගෙන එන අඳුර අතරින් ඊළඟ නැවතුම්පලේදී දුම්රිය නැවතුණි. රියට ගොඩවූයේ දෑතින් ගමන්මලු ගත් උදවිය යයි මම අනුමාන කළෙමි.බුලත් කහටින් යුත් දසන් දක්වාගෙන ආ මගියාට පසුව දුම්රියට නැගුන තරුණයෙක් මා ඉදිරිපස වූ අසුනේ අසුන් ගත්තේය. කාන්තිමත් දෑසින් යුතුව මදෙස බලා හිනැහුණු ඔහු සුරතින් සිය අවුල් වූ හිසකෙස් සකසන්නට විය.හමා ආ සුළං රැල්ලක සීතල මගේ ඇටමිදුළු තෙක් දිවෙන්නට වූ හෙයින් ඇඳ සිටි ස්විටරයේ කොලරය සකස් කරගත් මා"පුදුම සීතලක් නේ " යයි පැවසීමි. "හ්ම්ම් එක නම් ඇත්ත. තව රැ වෙන්න සීතල වැඩියි."ආගන්තුක තරුණයා ලෙන්ගතු ලෙස පැවසුවේය. ද්‍රවිඩ ආරට හුරු සිංහල කතා බහ නිසා ඔහු ද්‍රවිඩ තරුණයෙකු යැයි මට හැඟුනි."මේ කාලෙට හැමදාමත් මෙහෙම වෙන්න ඇති නේද.""ඔව් වැස්සත් එක්ක එන සීතල ඉවසගන්න බෑ. එත් මේ වතාවේ වෙනදාටත් වඩා දරුණුයි. ම්ම්... මේ මහත්තය මේ පළාතේ නෙවෙයි වගේ..""ඔව් , මං මේ මංගල උත්සවයකට ආපු ගමන්, හිතවතෙකුගෙ." මම පිළිවදන් සැපයිමි.කඳුකර පළාතට හිමිකම් කී ඔහුගේ හැඩරුව ප්‍රියමනාපය. ඔහු තුලින් නිරූපනය වූ ලක්ෂණ මසිතෙහි මිතුරු හැඟුම් ජනිත කිරීමට සමත් විය. "මහත්මයා කොළඹ යන ගමන් වෙන්න ඇති" මම පැවසීමි. "ඔව්, ඊළඟට කොළඹින් ගාල්ලට" ඔහු හිනැහුනේය."මං මහා විද්‍යාලේ ගුරුවරයෙක්. මේ නිවාඩුවට ගෙදර ගිහින් ආපහු යන ගමන්." යයි ද පැවසීය."ආ ගාල්ලේ..., මමත් ඒ කිට්ටුව. ගාල්ලට ටිකක් මෙහා.. හික්කඩුවේ. ඉතින් මං වැඩ කරන්නෙ .... පත්තරේ කොළඹ කන්තෝරුවේ. " "හඳුනගන්න ලැබීම සතුටක් " ඔහු සිය සුරත දිගු කරමින් පැවසීය. ඔහුට ඒ අයුරින්ම ප්‍රතිචාර දැක්වූ මම, "ඉතින් මං චමිඳු, මහත්මයා..... " ඇසීමි. "මම ශංකර් ගම නම් නුවර එළිය.විශ්ව විද්‍යාලයෙන් පස්සෙ මුල්ම පත්වීම ගාල්ලට. ම්ම්... චමිඳු මේ ගමන්ම ගමේ යනවද.""ම්ම්ම්... නැහැ ශංකර්, මමහෙට උදේ වැඩට යන්න ඕන. අම්මලත් ආවා බදුල්ලේ මගුල් ගෙදරට. එයාලා හෙට ආයිත් ගෙදර යයි. කාලෙකින් නොගිය නිසා මටත් ගෙදර යමු කිව්වා. හිත කැමති වුනත් එහෙම යන්න නම් තවත් දවස් කීපයක්වත් නිවාඩු දාන්න වෙනවා. එහෙම නිවාඩු අරන් රස්සාවල් කරන්න බැහැනේ." "ඔව් චමිඳු, පුංචි කාලේ ඉඳලා ජීවත් උන ගම මතක් වෙනකොට හිත දෙන්නේ නෑ ගමෙන් පිට ඉන්න. කැමතියි මාත් ගම්පළාතට මාරුවක් හදා ගන්න. එත් ඉතින් කොයි පළාතෙත් ඉන්නේ අපේම දරුවොනේ. උන්ගේ දෑස් පාදන එක අපේ වගකීමක්.""එක ඇත්ත. මටත් කොළඹ ජීවිතේ ඒ තරම් රසවත් නැහැ. එත් අපි පත්තර කාරයෝ. මේ රස්සාව තෘප්තිමත්. ඒ නිසා කරගෙන යන්න පුළුවන්. .......... ඔන්න ආයිමත් වැස්ස. පුදුම දේශගුණයක්නේ. ""මේකාලෙට මේ පළාතට වැස්ස අරුමයක් නෙවෙයි චමිඳු ." ඔහු සිනාසෙමින් පැවසුවේය.දුම්රිය හූ හඬ නගමින් දිවෙයි. රාත්‍රී අඳුරට මුසු වූ රැහැයි නද බියකරු බවක් ගෙන ආවේය. දුම්රිය කවුළු වීදුරු මත ගැටෙන සුළඟ නැගූ මහ හඬ එය දෙගුණ කළේය. ශංකර් රෑ අඳුර අතරින් ඈත බලා සිටියි. නිවෙස් වල දැල්වූ විදුලි ආලෝකය ඈතට පෙනෙන්නේ කනාමැදිරියන් මෙනි."කොළඹට යනකොට පාන්දර වෙයි නේද ශංකර් ." මම ඔහුගේ කල්පනා දැහැන බිඳිමින් ඇසීමි."ඔව්, පාන්දර වේවි. අනෙක වැස්ස තුරල් නොවුනොතින් ඊටත් වෙලා ගත වෙයි." ඔහු සිය ඇත ඔරලෝසුව දෙස බලමින් පැවසුවේය. දිගටි නාසයත්, දිදුලන දෑසත්, සිහින් දෙතොලත් ඔහුගේ මුහුණට ගෙන ආවේ නැණවත් බවක් යයි මට සිතුනි. අකීකරු කෙස් රොදත්, පිරිපුන් මුහුණත්, සවිමත් කයත් ඔහුගේ තාරුණ්‍යයට පිරිපුන් බවක් එක් කිරීමට සමත් විය. ඊළඟ වංගුවේදී දුම්රියේ හඬත් සමග දසතින් ගිගුම් දුන්නේ හෝ හෝ හඬකි. "හ්ම්ම්.. දිය ඇල්ලක් නේද..." මම ශංකර් දෙස බැලුවෙමි."ඔව්.. කන්ද උඩරට තියන දර්ශනීයම දිය ඇල්ලක්, අන්න අර ඉසව්වෙන් තමයි තියෙන්නේ. " ඔහු අත දිගු කල දෙස බැලූ මගේ මනසේ ද දිය ඇල්ලක රුවක් සටහන් විය. "ශංකර්, මේ හරියේ තියෙන්නේ තේවතු නේද.""ඔව් තේවතු තමයි එක යායට. අන්න අර පැත්තට වෙන්න තමයි තේ ෆැක්ට්‍රි එක තියෙන්නේ. ""හරි ලස්සන ඇති නේද.. එක නිල්ලට පේනකොට තේයාය... උදේ පාන්දරට පිණි බිංදු තැවරුණු තේ කොළ ලා ඉර එලියට දිලිසෙන හැටි... කොයි තරම් වාසනාවන්තද ඒ වගේ දර්ශනයක් හැමදාම දකින්න ඇත්නම්... " මම සිතේ මැවුණු රුවක් විස්තර කලෙමි."ඔව් හරිම දැකුම්කළුයි... එත් චමිඳු, ඒ ලස්සන පිටිපස්සේ තියෙන්නෙ වත්තේ කම්කරුවන්ගේ දුක. ඉර එලියට දිලිසෙන්නේ දළු කඩන මිනිස්සුන්ගේ දාඩියට මුහු වුන කඳුළු."ඔහු හැඟුම්බර විය. එහෙත් ඔහු තුල තිබුනේ පුදුමාකාර ශාන්ත බවකි. ඔහුගේ දැස් වල සනිටුහන්ව තිබූ අධිශ්ටානය කියවීමට, එවෙලෙහි මම සමත් නොවීමි. "ඒ දවස් වල අපි පාන්දරට නැගිටින්නේ උදේ කෝච්චිය යන සද්දෙට. ඒ වෙනකොට අම්මා නැගිටලා දළු කඩන්න යන්න හදනවා. කහට තේ කෝප්පේ බීලා අපි ඉස්කෝලේ යනවා. මුළු දවසම අම්මත්, අක්කත් වැඩ කරනවා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් නංගිලා මල්ලිලා එක්ක මාත් වත්තේ වැඩට යනවා. දවස පුරාම මහන්සි වුනත් අන්තිමට ලැබෙන්නේ මොනවද... තවමත් ගම් වල වතු ජීවිතේ වැඩි වෙනසක් නැහැ." ඔහුගේ හඬ ආවේගශීලී විය."ශංකර්, පුංචි මිනිස්සුන්ට අන්තිමේදී වෙන්නේ ඔහොම තමයි. මගේ තාත්තා ධීවරයෙක්. ලන්තෑරුම් එලි අරගෙන මූදු යන්නෙ මාළු අල්ලන්න. එත් ඒ ජීවන සටනේදී අපිට ලැබෙන දේ එදාවේල පිරිමහගන්නත් මදි. ලොකු මුදලාලිලාට සොච්චමට විකුණන මාළු අද කොළඹදී විකුනන්නේ කීයටද. වාසිය අතරමැදියට.ඒ කාලෙයි, අදයි කියල වැඩි වෙනසක් නැහැ. එක එක දේශපාලන පක්ෂ ආවා. පොරොන්දු දුන්නා. අපේ මිනිස්සු පොරොන්දු මතම ජීවත් වුණා."වැස්ස තවත් වැඩි විය. සුළඟේ සීතල අබිබවා අපේ සිතුවිලි ගිනියම් විය. "එක ඇත්ත තේ වතු හිමිය හැමදාම වාසි ගන්නවා. කම්කරුවෝ දුක් විඳිනවා. ඊයෙත් අදත් ඒක එහෙමයි. එත් මත්තටත් එහෙමම නම්, අද අපි දරුවන්ට උගන්වන දෙයක තේරුමක් තියෙය්ද ජනතාව දැනුවත් කරන ඒක පාලකයගේ වගකීමක්. . එත් අද වෙන්නේ මොකද්ද... " ඔහු දිගු සුසුමක් හෙලුවේය.සීත සුළං රැල්ලක් අවුත් මගේ ඇඳුමේ බොත්තම් විවර තුලින් ඇඟ ඇතුලටම දිව්වේය. මම කෝපි සහිත උණුසුම් බෝතලය ගෙන කොටසක් බඳුනකට වත් කර එය ශංකර් ට පිළිගැන්වීමි. "බොමුද ශංකර් කෝපි ටිකක්...""ම්ම්ම් කෝපි.. මේ වෙලාවට මසුරන් වගේ.." ඔහු ස්තුති පූර්වකව එය පිළිගත්තේය.ශංකර් ගේ කතාබහින් හෙළිදරව්වූයේ, ඔහු වචනයේ පරිසමාප්ත අයුරින්ම ගුරු පියෙකු බවය. සිසු හදවත් තුලට හා මනසට දයාවත්, විෂය කරුණුත් කාවැද්දීමට ඔහු තුල ඇත්තේ අපරිමිත හැකියාවක් යයි මට සිතුනි.කල්පනාවේ නිමග්නව සිටියද, දුම්රිය කඳු හෙල් නැග-බැස යන අයුරු මා හට හොදින්ම දැනෙන්නට විය. ශංකර් අඳුර තුලින් නැවතත් ඈත බලාගෙන සිටියි. අඳුර විනිවිද දැකීමට ඔහුට හැකි යයි මට සිතිනි. දුම්රියේ අසුන් වල සිටි බොහොමයක් මගීන් අප වැනි සාමාන්‍ය ජීවිත ගතකරන්නවුන් විය හැක. අතරින් පතර සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන්දැ ඇති බව ඇඳුම් පැළඳුම් වලින් දිස් විය. ඔවුන් අතරින් ඇතැම්හු අල්ලප සල්ලාපයේ යෙදී අහරක රසවිඳිමින් සිටියහ. තවත් අය නිදි සුව වින්දෝය."ආහ්........ අම්මේ.........ආ.... " එවර මගේ සිතිවිලි දැහැන බිඳ දැමුවේ අවට ඝෝෂාව අතරින් ආ සිහින් කෙඳිරියකි. ශංකර් මදෙස බැලුවේය. දුම්රියේ ඇතැමෙක් හඬ ආ දෙස බලයි. තවත් අයෙක් නෑසුනා මෙන් සිටියි. අවට ඝෝෂාව නිසා එම හඬ ඔවුනට නෑසුනා යයි මට සිතුනි.නැවත නැවතත් එම කෙඳිරිය ඇසෙන්නට විය."කවුරු හරි අසනීප වෙලා වෙන්න ඇති." සමහරු උදාසීනව මිමිනූහ.ශංකර් මටත් පෙර අසුනින් නැගිටිටේය. අපි කතාබහින් තොරව හඬ ආ දෙසට ගියෙමු.අප සිටි මැදිරියේ පිටුපස අසුනක ඇලවී කෙඳිරිගාන වයසක ගැහැනියකි. දුර්වර්ණ වූ සළු පිළි ද කඩමලු වූ ගමන් මල්ලද ඇය පිලිබඳ තතු හෙළි කිරිඉමට තරම් සමත් විය. ඇය වටා වූ මගීහු වගක් නැතුව මෙන් සිටින්නට විය. මම ඇයට සමීපව "ඇයි අම්මේ...." යයි විමසීමි. අප පසුපස එකා දෙන්නා එදෙසට ඇදෙන්නට විය."අනේ මන්ද ඔය මනුස්සයට මොනවා හරි වුනොත් අපිටත් යන්න වෙයි සාක්ෂි දෙන්න.. මෙන්න මෙහෙන් ඉඳිමු." එහෙන්මෙහෙන් එවන් අදහස්ද ඉගිලුනේය."ඔය මනුස්සයා කෝච්චියට නැග්ග වෙලාවේ ඉඳලා හිටියේ සීතලේ. කොළඹටලු යන්නෙ. මේ දුරගමන් යන්න වයසක උදවියව තනියම එවනවද... අනේ හැබෑටම පුදුම දරුවෝ...." දුම්රිය මගීහු රොගී කත ගේ නුදුටු දරුවන්ට දොස් තබන්නට විය.ඒ අතර ..,"ශංකර්, මේ සීතලට වෙන්න ඇති. තව කොපි ටිකක් තිබ්බා. ඉන්න මං ඒ ටික ගේන්නම්. " මම පැවසීමි."ඔව්, එක හොදයි චමිඳු "මම කොපි බඳුන ගෙනවිත් ඇයට පෙව්වෙමි.ද්‍රවිඩ දෑතක් මත සිහල ඇය වාරු වී සිටියි. "මනුස්සකමට ලංසු තැබීමට කිසිවෙක් සමත් වී නොමැත." කලකට ඉහත මා ලියූවක් මාහට සිහිවිය. අනෙක් මගීහු මේ පිලිබඳ විවිධ මත ඉදිරිපත් කළහ. ඒ මදිවාට තර්කත් ගෙන ආහ.කෝපි උගුරු කිහිපයෙන් ඇයට නව පණක් ලැබුණි. ඇය අසිඉරුවෙන් අසුන මත ඍජුව හිඳගත්තාය. මාරුවෙන් මාරුවට ශංකර් හා මාදෙස බලන්නට වූවාය. ඒ දෑසින් විද්‍යාමාන වූ ස්තුති පූර්වක බව හා අනුපමේය ස්නේහය යළි නොමැකෙන ලෙස මසිතෙහි සනිටුහන් විය.චමිඳු, මේ අම්මව සීතලට ඔරොත්තු දෙන්නෙ නැහැ.රෑ වෙන්න තව සීතල වැඩිවෙයි." ස්වකීය ස්වීටරය උණමින් ශංකර් පැවසුවේය.වයස්ගත කත ඇඳ සිටි දියවීගිය හැට්ටය හා සිල්ක් සාරියටත්, දෙවුර වැසූ රෙදිකඩටත් ඒ හිරිගඩු පිපෙන සීතල හා සටන් වැදීමට නොහැකි බව මටද පසක් විය.එහෙත් ශංකර්. , සැහැල්ලු ටී ෂර්ටයක් ඇඳ සිටි ඔහුට දැඩි සීතලට මුහුණ දීමට සිදුවේ. සීතල මග ඔස්සේ ගමනින් තවත් අඩකටත් වඩා ඉතිරිව ඇත. මා කිසිත් පැවසීමට මත්තෙන් ඔහු සිය වටිනා සීත කබාය ගෙන ඇයට පෙරවීය."ආ අම්මා මේක අරගන්න..""මේ දරුවන්ට බුදු බව අත්වෙන්න ඕනේ, අසරණ මට පිහිට වෙනවට." අතරින් පතර ඉතිරිවුණු කහට ගැන්වුණු දසන් දක්වා ඇය හිනැහුනේය. ඈ යථාතත්වයට පත් වූ පසු අපි නැවත ගොස් අසුන් ගතිමු."ශංකර්, වැස්ස තවත් වැඩි කළා. හොදටම සීතලයි නේද...""ම්ම්ම්.. ප්‍රශ්නයක් නැහැ.. මට මේ සීතල පුරුදුයි." ඔහු සිය අසීරුතාව සඟවාගෙන පැවසුවේය.සිද්දිය දුටු ඇතැම්හු විවිධ මත ඉදිරිපත් කළහ. සමහරු අපේ ගුණ වැයීය.හතරවට හමන සුලඟේ සීතලට ශංකර් දෑත් බැඳගෙන මුහුණ දෙයි. ඔහු ශීතලෙන් මිරිකී ඇත. මම එම මුහුණ දෙස ඍජුව බැලුවෙමි. එහි කරුණාවත්, මනුෂ්‍යත්වයත් අරක්ගෙන ඇත. පසුතැවිල්ලක් අසලකුදු නොවීය. උදාර බවක් වඩවඩාත් විද්‍යාමාන විය. ඔහු සිටින විලාශය මට සිහි කලේ පුරාණ කතාවක එන අභීත සෙන්පතියෙකි.ඉන්පසු අපි විවිධ දේ ගැන කතා කළෙමු. සමහර අවස්ථාවල අන් මගීන්ද එට සම්බන්ද වූ අතර ශංකර් සැමවිටම ප්‍රීතිමත්ව සිටියේය.මධ්‍යම රාත්‍රිය ලඟාවත්ම නිදි දෙව්දුව වැළඳගත් හෙයින් පසුදා අලුයම ශංකර් විසින් මා අවදි කරන තෙක්ම දීර්ඝ නොවූ නින්දක පසුවීමි. ඒ යහපත් මිනිසා මුළු රාත්‍රියම නිදිවර්ජිතව පසු කල බව ඔහුගේ දෙනෙතින් මට පසක් විය.කොළඹට, හිරු සිය ප්‍රථම රස දහර පතිත කලේ අප දුම්රියේ සිටියදීමය. කෙමෙන් ගමන බාල කල දුම්රිය වේදිකාවේ නතර විය. එතැන එකම ගාලගෝට්ටියකි. අතරමග රෝගී වූ තැනැත්තිය දුම්රියෙන් බැස දුබල ලෙසින් සෙනග අතරින් ගමන් කළාය. ශංකර් ගේ රුහුණු දුම්රිය අනෙක් වේදිකාවට පැමිණ ඇත. දැන් අපද සමු ගත යුතුය."ඉතින් ශංකර්, ආයුබෝවන්.... නැවත හමුවෙමු."ඔහු එවර මගේ දෑත් අල්ලාගත්තේය. මමද එම දෑත් උණුසුම් ලෙස ග්‍රහණය කර ගතිමි. පවසන්නට ඇති වදන් අමතකව ගොස් මුවග ගොළු විය."හ්ම්ම්... චමිඳු, සමහර විට මේ වගේම දුම්රියකදී යළි මුණගැසේවි. මට ලියන්න අමතක කරන්න එපා. ඔබටත් ආයුබෝවන්.."ඔහු ගමන් මල්ල සුරතට ගත්තේය."සුභ ගමන් මිත්‍රයා"ඔහු හිස සලා සෙනග අතරින් ඉදිරියට ඇදුනේය. මමද ගමන් මල්ල රැගෙන මගේ නවාතැනට යාමට සැරසුනෙමි.මා තාර පාරට බට විගසම, මා ජීවිත කාලයේ දුටු සොඳුරු මිනිසත් බවින් යුතු ඒ අපුරු මිනිසාද කැටිව රුහුණු කුමාරිය සිය ගමන පිටත්විය. ~~නිමි.~~.
BLOG
2010.03.27
http://chan-cup.blogspot.com/
ආවෝ ගියෝ
...සිතූ...
ලාම්පුව වටේ තරඟයට රඟන රඟ..පුදුමයි,ඒත් පව් මෙරු විඳින වධ..අලංකාරයටද, රශ්මියටද ඇදී ගියේ නුඹ..අමතකද මේ දැනුත් නුඹේ සකි සඳ නැසුනු වග..පිලිස්සුනු තටු යලිත් පියඹන්න ඉඩ දෙයිද..වක ගැසුනු නුඹෙ දෙපා දුර ඈත දිව යයිද..නේකවිධ රුදුරු සතුරන්ට නුඹ බිලිවෙයිද..පසු පසින් තවත් කී දෙනෙක් හෙට ඉගිලෙයිද.
BLOG
2010.02.11
http://chan-cup.blogspot.com/
මහ වැහි වැහැලා
...සිතූ...
මහ වැහි වැහැලා ගං දිය උතුරා දෙගොඩ තලා යයි රන් කෙත් කලඹා අකාලයට නිල් ගගනත හඬලා ගේ දොර වතුපිටි වතුරට සින්න වෙලා රන් අස්වනු නෑ - හිතට සතුට නෑ පිල් සෙවනේ අද සිනහ කවඩි නෑ පංති කාමරේ කොමල කතා නෑ හීන් නගා පාසල් ඇවිදින් නෑ වට වැහි ගොයමේ අස්වනු අරන් ගියා මුකුළු කතා මල් තුරු මත පරව ගියා සොඳුරු මිතුරු සිතුවිලි අඩ අඳුරෙ තියා හීන් නගා සැම හදවත් අරන් ගියා.
BLOG
2010.01.10
http://chan-cup.blogspot.com/
ලක්බිම පත්තරේ අපේ ලිපි
...සිතූ...
අද ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් 6ක ලිපි පළවෙලානෙ. ඒ බ්ලොග් අඩවි 6 තමයි,කැටපත් පවුරසිතූගේ සිතුවිලිමනුසත් උයනඅරුණි ශපිරෝ වෙතින්සංකල්පනාඅච්චාරුඉතින් ඒ අතරේ මගේ බ්ලොග් ලිපියකුත් තියනවා. මට දැනෙන්නෙ පුදුමාකාරසතුටක්.
BLOG
2014.12.08
http://charithwg.blogspot.com
නිදහස සමරා
charith's Blog
දැන් යුද්දය ඉවරයි. එය සදහා හමුදාව, ආරක්ෂක ලේකම්, හමුදාපති, හා අනිකුත් සන්නද්ධ හමුදාපතිවරුන් පොලිසිය සහ ජනපති තුමා කල මහගු සේවාව ජන සිත් තුල සදා නොමියන මතකයන් වී ඇත. යුද්ධ ජය ලැබූ දින රුසියාවේ අප නේවාසිකාගාර පරිසරය තුල ලංකා කොඩි රැගත් ශිෂ්‍ය පෙළපාලිය තවම මට මතකය. මගෙන් අලුත් යෝජනා කීපයක් අලුත් අභියෝග වශයෙන් ඇත. ඒවා පැරදවීමට කටින් නොව වැඩෙන් සටනට බැසීමට ආණ්ඩුවට සිදුවනු ඇත. 1) ලංකාව ණය බරින් නිදහස් කිරීම. 2)ලාංකික සියලු පවුල් සදහා ඉස්තිර අදායම් මාර්ග හෝ රැකියාවක් සැම පවුලක අයෙක්ටම ලබාදීම. නිසි වැටුපක් දීම.3)සැම හිසට සෙවනක් ලබා දීම.4)මහ පක්ෂ දෙකේ විකාර වැඩ නොව දේශපාලන ජාතික ප්‍රතිපත්තියක්.5)ලංකික ඒකීය භාවයට හානි කරන විදෙස්ගත ලාංකිකයන් මෙන්ම විදේශිකයන් හේතු සාධක සහිතව තනු විනිවිද පෙනෙන නීති පද්දතියක් හරහා දඩුවම හෝ පුරවැසි භාවය අත්හිටුවීමේ පිළිවෙතක්.(මෙය ආන්දෝලනාත්මක නමුත් කාලීන අවශ්‍යතාවක් වෙමින් පවතී.රුසියාව,චීනය ඇමරිකාව,ඉන්දියාව සමාජවාදී දකුණු ඇමෙරිකානු රටවල් ක්‍රියාත්මක කරයි. වැඩිවිස්තර සුප්‍රසිද්ද ඇමෙරිකා රුසියා මග්නිට්ස්කි ලැයිස්තු පිළිබද කියවීමෙන් දැනගත හැකි වනු ඇත.) 6)රට තුල පළමු රටට අවශ්‍ය සියලු අහාර නිපදවීමේ වැඩ සටහනක්.(ඉතාමත් දරුණු අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. කෘෂිකාර්මිකව ස්වයන්පොෂිත අනිත් රටවල් අන්තර්ජාලය තුල බලන්න.)7)ඉවක් බවක් නොමැතිව ඉන්දියානු චීන භාණ්ඩ වලට අප රට වෙළඳ පොලක් කරදීමට වඩා තාක්ෂනය නිරන්තරයෙන් අනෙත් රටවලට නොමිලේ හෝ අඩු වියදමින් ලබාදෙන රුසියාව, කියුබාව, වැනි රටවලින් දැනුම ලබා දේශීය තාක්ෂණ නිපැයුම් වැඩි කිරීම. විදේශ වලින් මෙරටට ගෙන්වන නිෂ්පාදන අඩු කර ඒවා දේශීයව නිපැයීම.8)විදේශ කොම්පැනි හා විදෙස් පුද්ගලයන්ට අයත් ලංකාවේ මාධ්‍ය කොම්පැනි අධ්‍යනයට, පාලනයට හා ලංකාවේ සුබ සිද්ධිය උදෙසා රජයේ මාධ්‍ය කොමිසමක් පත් කිරීම(ඇතැම් ලාංකික ඉංග්‍රීසි.දෙමළ,සිංහල, පුවත් පත්. සැමදා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක ඉන්දියානු සිරස, බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රියාත්මක සංදේශය, වැනි වැඩ සටහන් කෙතරම් ලංකාවට විස ප්‍රචාර ගෙන යයිද. රුසියාවේ Russia today මාධ්‍ය ජාලය තම රටේ වටිනාකම,සංස්කෘතිය දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලට, බ්‍රිතාන්‍ය තුලට සාර්ථකව ගෙන යන අන්දම බලන්න. අප රටෙනම් සංදේශය නම් බ්‍රිතාන්‍ය ගැති මාධ්‍ය සිංහල ප්‍රවුත්ති නාමයෙන් ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන හා ප්‍රතිපත්ති හදුන්වා දෙමින් සිටි.)9)සොරකම අනිවාර්යෙන්ම නවතා දැමීම.(අමාරුම කාර්ය වනු ඇත. නමුත් හරි දේ කර හෙට ගෙදර ගියත් එය නින්දාවක් නොවනු ඇත.)10)සුදුස්සන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දීම. උදාහරණයක් ලෙස කට හැකර පවිත්‍රාට බලශක්ති අමාත්‍යවරිය ලෙස කල හැකි බිබික්කමක් නැති බව අප හැමෝම දනිමු. ගොනෙක්,හරකෙක්,බුරුවෙක්,තක්කඩියෙක්,අනුවණයෙක්,අධ්‍යාපනය නොලැබුවෙක් වන සජින් වාස්ට විදෙස් කටයුතු අමාත්‍යංශය අධීක්ෂණයට දීම ආණ්ඩුවේ ගොන්කමක් වී හමාරය.11)සියලු රජයන් තේරුම් ගතයුතු දෙයක් නම් බලය ගත්පසු තම දරුවන්ට නිසි අධ්‍යාපනය දීමට ජනපතිට නීතිමය අයිතියක් ඇත. නමුත් රේස් පැදීම ජන ප්‍රසාදය,මෙන්ම රටේ සල්ලිද අපතේ යැවීමක් මෙන්ම පහත් වැඩකි. මේ වැරදි හදාගන්න.12)මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න විමසීමට රාජ්‍ය ආයතනයක් මෙන්ම විනය පවත්වාගැනීමට නීති විශාරධයන්, හා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගෙන් සමවිත ස්වාදීන ආයතන පිහිටුවීම.13)රාජ්‍ය ඒකීයත්වයට හානි නොවන කොමිෂන් සභා වහා ආරම්භ කිරීම.14)සියලුම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට රාජ්‍ය ආයතනයක් හා නිතිය ඔව්න්ට තදින්ම ක්‍රියාත්මක කිරීම.වෙනත් දේ බොහෝ ඇත කියන්න. දැනට මේ ඇති. ඔබේ අදහස් ලියා දන්වන්න. නැතිනම් කොමෙන්ට් කරන්න.com/news/world-europe-19644897සංවර්ධනයට ගෙන යන චීන ඉන්දීය ව්‍යාපෘති ඇත්තටම අපිට ඇති ආදරය නිසාද.
BLOG
2014.12.08
http://charithwg.blogspot.com
නිකන් ඉන්නවනම් මෙන්න වැඩක්
charith's Blog
අපේ සිංහල කොල්ලෝ හුගක් වෙලාව බෝක්කු උඩනේ ගතකරන්නේ. ඒ වුනාට අපේ රටේ අනිත් ජාතින් වල අය අපට වඩා ඉගෙනීමේ වටිනාකම දන්නවා. බනිනවා නෙවේ. අපි මේවා දැන ගන්න ඕන. බිස්නස් ඇඩ්මිනිස්ට්‍රසන්. ඇම් බි ඒ උපාදි හුගක් ගන්නේ මුස්ලිම් කාන්තාවෝ. තරහක් නැහැ. ඉගෙන ගන්න ඕන. රවුෆ් හකීම් අධිකරණ ඇමති කමම ඉල්ලනේ ඇයි. ඇයි හොර කරලා හරි මුන් ඒ ජාතියේ අය වැඩිපුර නීති විද්‍යාලයට ගත්තේ. ලංකාවේ දැනට පවතින ෂරියා නීතිය තව තවත් පුළුල් කිරීමටයි. මේව කිව්වට අපේ ඔලුවලට තවම වදින්නේ නැහැනේ. තව අවුරුදු 50 විතර අපිව විඳවනකොට තේරේවි අපිට. අයි විග්නේශ්වරන් මහත්තය (ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන මොහු මහත්තයෙක් කිවහැකිද.) මොහු ඇමරිකන් තානාපති කාර්යාලේ මගඩි කාරයන් අල්ලාගෙන ඇමෙරිකන් සෙන්ටෙර් හදල දෙමල අයට උගන්වන්න යන්නේ ඇයි. දකුණට නැති ඇමරිකන් සෙන්ටර් උතුරට විතරක් ඇයි. අධ්‍යාපනයෙන් අපව පැරදවූ පසු අප ඉතා පහසුවෙන් පැරදිය හැකි නිසාවෙන් නොවේද. ඔබ දන්නවාද අන්තර්ජාලය හරහා දැන් බොහෝ දේ නොමිලේ ඉගෙනගත හැකි බව. සහෝදර සහෝදරයනි අපිට හරියමටනම් විශ්ව විද්‍යාලේ යන්න සල්ලි නැතත් මෙකකින් හරි ඉගෙන ගම්මු. උපාධි ලේබලේ නැතත් වැඩකාරයා වැඩකාරයා තමයි.
BLOG
2014.12.03
http://charithwg.blogspot.com
මානව හිමිකම් සම්මාන ලැබිය යුත්තෝ.
charith's Blog
පසුගිය දිනක කොළඹ යම් ස්ථානයක මානව අයිතිවාසිකම් සම්මාන උත්සවයක් තිබුණා (2014). හොදක් කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම සම්මානයට පාත්‍ර වියයුතුයි. නමුත් මේ සම්මාන ගත්ත සමහර අය රටේ මානව අයිතීන් රැකුමට කළදේ මොනවාද. යන්නත් කිව්වනම් කොච්චර වටිනවද.(දන්නා කවුරු හරි මේ හේතු දන්නවනම් කරුණාවෙන් අපිටත් ලියා දන්වන්න.) තරහින් කියන දෙයක් නෙවේ මානව අයිතිවාසිකම් සම්මාන අරන් ෆොටෝ සිය ගණන් ගහල ෆේස්බුක් එකේ දැම්මට සම්මා ගන්න තරම් මේ ය කලේ මොනවද කියල මට සැකයි. පුදුමයි මානව දයාව පතුරන තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අයට ලැබුණු සම්මනයක්නම් නැහැ.තව ගොඩක් මානව හිමිකම් සුරැකීමේ සම්මානයට පාත්‍ර වියයුත්තෝ ඉන්නවා. නමුත් ඔව්න් සැමදාම නිහඩ සේවයක් කරන්නේ. ඇයි ඒවා සමහර මාධ්‍ය ආයතනවලට , සමාජ ක්‍රියාකාරීන්ට , රාජ්‍යනොවන සංවිධාන වලට නොපෙනෙන්නේ. සම්මාන දෙනවනම් මිනිස්සු තව කොච්චර ඉන්නවද මේ රටේ සම්මානනීය අය. මේකියන සම්මාන උළෙලෙත් අපිට පසක් උනේ මාර්කට් කරන්න බැරි මිනිසුන්ට සම්මාන දීමෙන් වැඩක් නැහැ කියන අඥාන රීතිය/නීතිය නැවත සිහි කැඳවීමක් පමණක් යයි මම සිතමි.මානව සම්ම්මාන යන්නෙත් මානව අයිතීන් රැකපු මිනිසුන්ට වඩා ජනමාද්‍ය තුල නට නට ඉන්න නිළියන්ට නළුවන්ටද.මම 5 දෙනෙක්ගේ නම් කියනවා ඇත්තටම මානව හිමිකම් සම්මානයක් ලංකාවේ ලැබියයුතු. හිතල බලන සේක්වා.(මේ සමහර අයත් ජනප්‍රිය තමා නමුත් ඇත්තටටම වැඩක් කරලා තියෙන අය). සුනිල් මාදව ප්‍රේමතිලක.(සාහිත්‍ය හරහා කළ කී දේ)එඩ්වර්ඩ් ජයකොඩි (සාහිත්‍ය හා ගායනය.)හසන්ත හෙට්ටිආරච්චි.(මම දොරමඩලාවේ ලොකු රසිකයෙක් නෙවේ නමුත් එකෙන් සමාජයේ කොච්චර අයිතිවාසිකම් ගැන කතා වී ඇතිද.)දරණාගම කුසල ධම්ම (මම ආගම පටලවා ගත්ත කියන්න එපා. මම බුද්ධාගමේ කෙනෙක් නිසා මේ නම යෝජනා කලේ. හැබැයි අගරදගුරු තුමත් හොඳ මිනිසෙක්. යෝජනා කලයුතු කෙනෙක්)මොහාන් සමරනායක(ලංකාව,ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් හා සුබසෙතවෙනුවෙන් මානව වර්ගයේ යහ පැවැත්ම වෙනුවෙන් වැඩකරපු පුදුම අවංක නිවුණු මිනිසෙක්)ඇත්තටම කියන්නම් තව නම් කී නොකී ගොඩක් අය ඉන්නවා. මීට වඩා සේවාවන් කළ මිනිසුනුත් ඇති.(මම දන්නා තරමින් ආරක්ෂක හමුදාවකට කවදාවත් මේවගේ සම්මාන දෙන්නේ නැහැ. නමුත් ලංකාවේ හමුදාවේ මහා උත්තමයෝ යුද්දයේ අවසන් අවුරුදු දෙක තුල ජීවිත 6500 පමණ පරිත්‍යාග කර, ලොව විශාලතම ත්‍රස්තවාදයෙන් දුකට පත් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම අති සාර්ථකව නිමකළ බව මතකද. ගුණ නොගැයූ මානව හිතවාදීන් පිරිසක් නොවේද. සමහර හමුදා විරුවන්ගේ මළ දේහයවත් හමු වී නැහැ.) මානව හිමිකම් සම්මාන ගත්ත අයට මානව හිමිකම් ගැන අවම වශයෙන් පාටමලාවකට නිදහස් ශිෂ්‍යත්වයක් වත් දුන්නනම් කියල සිතෙනවා. මොකද මේ සම්මාන ගත්ත සමහරුන් වැඩිපුර කරලා තියෙන්නේ අඩනිරුවත් රංගන කිරීම පමණක් නිසා. වීරයන්, සම්මනනියයන්, නායකයන්, තෝරන විට අපි මිට වඩා හිතන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඔය සමහර සම්මාන ගත්ත අයට වඩා යාපනේ බිම්බෝම්බ ගලවන තවම විවහයක්වත් කරගත්තේ නැති අහිංසක මනවහිතවාදීන් කියක් ඉන්නවද. මේවා තරහින්,මඩ ගහන්න, චරිත ඝාතනයට කියන දේවල් නෙවේ. හිතේ වේදනාවට කියන දේවල්.කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වළල්ල බින්දහෙලිමේ ,එහෙයුමේදී දිවි පිදුවන් පහත දැක්වේ. මේවා කලේ කවුරුන් වෙනුවෙන්ද.. (ඔබලාට මොවුන් ගැන මතකයක් තිබේද.)මේ මිනිස්සු මෙහෙම වැටිලා පොලව බදාගෙන, පස ඉඹගෙන, අවසන් හුස්ම ඇරියේ උඹල අපේ මනවහිමිකමක් වෙච්ච නිදහසේ ජීවත්වීමේ අයිතිය රකින්න. මේ වගේ ලාභ,බාල, නිසි තේරීමක් නැතුව දීපු සම්මාන වලට වඩා වටිනා විදියේ සම්මාන වලින් අපේ සබැ මානව හිතවාදීන් අගයිමට ලක්වේවා. ඉන් තවත් අපේ පරපුර දිරිමත් වේවා. යයි පතමි.
BLOG
2011.10.30
http://wenasak.blogspot.com/
ආදරය
MaRLaN
ජීවිතය සුන්දරයිආදරයක් ලබද්දීඑත්...ප්‍රශ්නයක්ආදරය ලබන්න කලින්ආදරයේ දකින සුන්දරත්වය,ටික කලක යද්දීබාදක පිරුනකටු පදුරු වැවුණුමහා දුෂ්කර මාවතක් වෙනවා...ඉතින් හැගීමට වහල් වෙලාඋත්තරයක්‌ දෙන්න කලින්හිතන්න....පුලුවන්ද කියලාතරණය කරන්නකටු පදුරු පිරුන මාවත...ලබන්නට නම්සතුට පිරුන ජිවිතයක්කැප කරන්න වෙනවා හුගක් දේවල්එක වචනයක් වෙනුවෙන්අකුරු හතරක් වෙනුවෙන්...ඒ බාදකය තරණය කරන්න බැරුවඑක හැගීමකට වහල් වෙලාකවමදාවත් දෙන්නා එපාඋත්තරයක්‌.
BLOG
2014.08.22
http://exploreinlife.blogspot.com/
null
oncome
null
BLOG
2014.08.22
http://walisundara.blogspot.com/
ලංකාවේ පොලීසිය
Prashantha Walisundara
ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර,පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහාපොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු,තමන්ගේජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්කොටසකි.ගරු පොලිස්පති තුමනි,මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වනපුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවටගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒඅනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නාලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.1.මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.2.මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගාඅංසලට මා ගෙනයාමෙන් වලකින්න.3.මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝගකරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදුඅදහසක් නොමැති බව ද දන්වා සිටිමි.4.මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එමරථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.5.තවද,පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහාආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.6.මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මාරෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒසම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.ස්තුතියි,මෙයට ඔබේ විශ්වාසී,...........................(උපුටා ගැනීමකි).
BLOG
2014.07.10
http://walisundara.blogspot.com/
මහින්ද මහත්තයා ගියොත් ෆයිනල් මැච් පරදිනවා ද?
Prashantha Walisundara
මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්..මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.
BLOG
2014.07.05
http://walisundara.blogspot.com/
ඒක තමයි මහත්තයා අපේ ෂතුට
Prashantha Walisundara
අපි කඩේට කෑම කන්න යනවා. රූ 12ත් පසුවී තබීම නිසා කඩෙත් කෑම ඔක්කොම වගේ ඉවර වෙලා.''මහත්තයා ෆ‍්‍රයිඞ්රයිස් විතරයි තියෙන්නේ'' කියලා එතන හිටපු හිසේ රවුම් තොප්පියක් (ටාකියාද මොකද්ද එක ) දාගත්ත වේටර් කියනවා.''හා කමක් නැහැ එහෙනම් දෙකක් දාන්නකෝ...'' කියලා මම කිව්වා.ගෑස් එකෙන් පන පොවන, විශාල තාච්චියට තෙල් දාලා බිත්තර දෙකක් විතර කඩලා දාලා හීනියට කපා ගත් කැරට්, ලීසුත්දානවා. කලින් උයා ගත් බතුයි තවත් මොන මොනවද දාලා සද්දෙට හැදිගාලා පිගන් දෙකක දාලා මෙසේ උඩින් ගෙනත් තියනවා.''ඹහත්තයා.. තව මොනවද ඕන තව චිකන් හොදි ටිකකුත් ගෙන්න ද. '' වේටර් අහනවා.''නැහැ එපා මේ ඇති.. ''''කූල් වතුර හොදයි ද නැත්නම් ඇල් වතුර දෙන්න ද'' නැවත්ත ඔහු අහනවා.''කූල් වතුර දෙන්නකෝ අපි කියනවා. ''''තව ෂෝටීසුත් ගෙන්නකො..''. කෑම කාලා අවසාන වෙලා මගේ යාළුවා වේටර්ට කියනවා.''ඇයි මහත්තයාට කෑම මදි වුණා ද. අපරාදේ කිව්ව නම් තව ටිකක් දාලා දෙනවානේ... ගොඩක් අය ඉතිරි කරන නිසා අපි සාමාන්‍ය ගානකට තමය ිදාලා දෙන්නේ. හැබැයි කන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඇති තරම් දෙනවා. ඒක තමයි මහත්තයා අපේ ෂතුට කියලා'' ඒ වේටර් කියනවා.********************පහුවදා දවල්ට අපි කෑමට යන්නේ ඒ කිට්ටුව තියන වෙනත් කඬේකට. ඒ කඬේ වේටර් නම් අර රවුමට තියන තොප්පිය දාලා නැහැ. දවල්ට කන්න ගියේ ටිකක් පරක්කු වෙලා. ඒ කියන්නේ හවස 2.30ට විතර.''ඇයි අයියේ''''කෑම තියනවා ද''''අයියෝ මේ වෙලාවේ කොහෙද කෑම'' කියලා කඩේ කෙනා නොන්ඩි හිනාවකුත් දානවා. ‍''ෂෝටීස් විතරයි.. ''''හා හොදයි මල්ලි'' කියලා අපිත් එන්න එනවා.
BLOG
2014.06.03
http://walisundara.blogspot.com/
ඩෙංගි රෝගයෙන් ආරක්ෂා විමට මේ ගැනත් සිතන්න... බලධාරින්ගෙත්... මහජනයාගෙත්... අවධානය පිණිසයි...
Prashantha Walisundara
ඩෙංගි මර්ධනය සම්බන්ධයෙන් අපි හැමෝගේ ම අවධානය යොමු වන්නේ ඩෙංගි මදුරුවන් ඇතිවන තැන් විනාශ කිරිමත්, මදුරුවන් දෂ්ඨ කිරිමෙන් ආරක්ෂා විමත් කෙරෙහි පමණි. අවාසනාවකට පොදු මහත් ජනයා ඩෙංගි රෝගය හැදුණු රෝගීන්ගෙන් ආරක්ෂා වීම කෙරෙහි දැනුවත් නැත. ඩෙංගි මර්දන බලධාරින් ද ඒ ගැන අවධානයක් යොමු කර නැති බවට හොඳම සාක්ෂිය වන්නේ ඩෙංගි මර්දනය කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වී තිබීම යි. ඩෙංගි මදුරුවන් (ඩෙංගි වාහක මදුරුවන්) අපට දෂ්ඨ කළ පමණින් ඩෙංගි වැළඳෙන්නේ නැත. ඩෙංගි වැළදිමට නම් ඩෙංගි මදුරුවා ඊට පෙර ඩෙංගි රෝගියකුගේ දෂ්ඨ කර තිබිය යුතු ම ය. එනම් ඩෙංගි තවත් අයකුට වැළදෙන්නේ ඩෙංගි රෝගියකුගේ ශරිරගතව ඇති ඩෙංගි වෛරස කොටස් ඩෙංගි මදුරුවා හරහා පැමිණීමෙන් පමණි. එහෙත් මේ ගැන නිසිපරිදි දැනුවත් ව නැති බහුතර ජනයා හිතන්නේ ඩෙංගි මදුරුවන් දෂ්ඨ කළ පමණින් ම ඩෙංගි රෝගය ඇති වන බව ය. නැත. ඩෙංගි රෝගය වැළදිමට නම් මදුරුවා ඊට පෙර අනිවාර්යයෙන් ම වෙනත් ඩෙංගි රෝගියෙකුගේ දෂ්ඨ කර තිබිය යුතුය. එම නිසා ඩෙංගි රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළකුවහොත් රෝගය ව්‍යාප්ත වීම අවම කළ හැකිය. මහජනයා මේ ගැන දැනුවත් නැති නිසාම ඔවුන් ඩෙංගි රෝගීන් ව මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා කරන්නට පෙලඹෙන්නේ නැත. අවාසනාවට බලධාරීන්ගේ නිසි අවධානය මේ කෙරෙහි යොමු වී නැත. බලධාරීන්ගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙන්නේ මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමත්, එසේ ම කැලි කසළ ඇති බව කියමින් දඩ ගසමින් මිනිසුන් පීඩාවට පත් කිරීමත් පමණි. පරිසරය පිරිසිදුව තබා ගැනීම හොඳ දෙයකි; එහෙත් එමගින් ඩෙංගි වැළැක්විය හැකි බව පූර්ණ විශ්වාසය තබාගෙන සිටීම නම් විහිළු සහගත තත්ත්වයකි. දැන් නැවත වැසි සමය ආරම්භ වී ඇති හෙයින් ඩෙංගි රෝගය ඉතාමත් ඉක්මණින් ව්‍යාප්ත විය හැකිය. ඉන් ආරක්ෂා වීම උදෙසා පහත කරුණු දෙක බලධාරීන්ට යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම්01- ඩෙංගි රෝගීන් සිටින නිවාස සොයා බලා එම රෝගීන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විම සහ ඒ ආශ‍්‍රීත මදුරුවන් ඇති තැන් පූර්ණ වශයෙන් විනාශ කිරිම.02- රෝහල්වල සිටින ඩෙංගි රෝගින්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්විමට කටයුතු කිරීම (රෝගීන් සිටින වාට්ටු අවට මදුරුවන් සම්පුර්ණ වශයෙන් විනාශ කිරීම හෝ රෝගීන්ට මදුරු දැල් දමා මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා විමට කටයුතු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි දේවල් වේ).පොදු මහත් ජනයාට මෙසේ යෝජනා කරමි. ඔබගේ නිවසේ හෝ අවට නිවාසයක ඩෙංගි රෝගියෙක් සිටී නම්, ඔහුට/ඇයට මදුරුවන් දෂ්ඨ කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන්න. එසේ ම රෝහලක හෝ පොදු ස්ථානයක සිටින විට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් හැකි පමණ වැළකෙන්නට උත්සාහ කරන්න.වලී.
BLOG
2014.01.09
http://walisundara.blogspot.com/
සත්තයි ගසේ ඉදුණු අඹ
Prashantha Walisundara
”සත්තයි ගසේ ඉදුණු අඹ” කියලා පාර අයිනේ බොඞ් එකක් දමාගෙන පිරිසක් අඹ විකුණනවා. ටිකක් අමතු තාලේ දැන්වීමක් හින්දා මමත් එකේ පින්තූරයක් ගන්න අමතක කළේ නැහැ. මේ පහළින් තියෙන්නේ ඒ පින්තූරය.තවත් දවසක තවත් කට්ටියක් ”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් එකක් පාර අයිනේ තියාගෙන අඹ විකුණනවා. මෙයාලාගේ වෙළෙඳ උප්පරවැට්ටි දැන දැන උනත් මම අඹ ගෙඩි කිහිපයක් මිල දී ගත්තේ අඹ ගෙඩියක් කන්න තිබිච්ච ආසාවටත් එක්කම යි.”මහත්තයා මේවා ගහේ ම ඉදිලා කඩපු අඹ” කියලා ඒ මුදලාලි ඔහු ළඟ ම තියාගෙන සිටිය අඹ ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපලා මට කන්න දුන්නා. ගසෙන් කඩන ලද නැවුම් අඹ ගෙඩියක තරමට නොමැති වුණත් යම් රසයකුත් එහි තිබුණා. ***”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් ගහගෙන අඹ විකුණුවට මම හිතා සිටි විධියට ම ඒ අඹත් මෙලෝ රහක් නැති, කෘත‍්‍රීම ලෙස ඉදවන ලද අඹ බව වැටහුණේ ගෙදර ඇවිත් කපලා කන්න හදනකොට යි. ඇත්තට ම මේ අඹ කන්න ම බැහැ. කිසිම රහක් නැහැ. සමහර ගෙඩි ඇතුළේ පැත්තක් අමුයි. ඒ මදිවවට ඇඹුල්. කොටින් ම අඹ ගෙඩියෙන් පොත්තවත් ගළවා ඉවත් කරන්න බැහැ. ***මේ පහළ පින්තූරයේ තියෙන්නේ ගහේ ම ඉදුණු විලාට් වර්ගයේ අඹ ගෙඩියක්. මේ ගෙඩියේ තිබුණු රහ වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ම පුදුම රහක් තියෙන්නේ.අඹ වාරෙට ව්‍යාපාරිකයන් කරන්නේ අඹ තියන පළාත්වලට ගිහිල්ලා ගස් පිටින් අඹ මිල දී ගන්නවා. සාමාන්‍යයෙන් රු.1000ට, 1500, 2000ට වගේ තමයි මෙයාලා ගහේ මිල තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහේ තියන ලොකු පොඩි බේදයක් නැති ව සියලූ අඹ කඩා ගන්නවා. හොදින් පැසුණු, අඹ වගේ ම නොපැසුණු, ගැට පවා කඩා ගන්නවා. ඊට පස්සේ කාබයිට්, මැජික් (වස කඩවලින් මිල දී ගත යුතු හෝමෝනයකි) වැනි කෘත‍්‍රීම දේ යොදා මේ අඹ ඉදවනවා. දවසක් දෙකක් යනවිට ලොකු පොඩි සියලූ අඹ එක ම විධියට ලස්සනට රන්වන් පාටට ඉදෙනවා. හොඳට පැහී තිබෙන ගෙඩියක් දෙකක් ඇරෙන්නට අනිත් ගෙඩි කිසිම රහක් නැත්තේ ඒකයි.පාර දිගට බොඞ් දාගෙන අඹ විකුණන අය කරන්නේ හොදින් පැසුණු අඹ ගෙඩියක් තියාගෙන කෑලි කපා කපා කන්න දීලා ශේප් එකේ අනිත් අඹ ගෙඩි ටික විකුණ ගන්න එකයි. මිහින්තලේ අඹ, ඇඹිලිපිටියේ අඹ, මොනරාගල අඹ කිය කියා ඔය විකුණන කව්රුත් කරන්නේ මේ ටික ම තමයි. ඒ අතරේ මට එක් අයෙක් හමුවුණා ඔවුන් කරන්නේ ඇත්තටම ගහ බදු අරගෙන පැසෙන පැසෙන අඹ විතරක් කඩා ගන්නවා. එක අඹ ගහකින් එවිට අඹ කඩා ගන්න පස් හය පාරක් විතර පැමිණෙනවා. එහෙම අවංක ව බිස්නස් එකක් කරන අයගෙන් ඇත්තට ම ටිකක් වැඩි ගාණක් ගෙවලා අපිට කිසි ම පාඩුවක් වෙන්නේ නැහැ.මරදාන ප‍්‍රදේශයේ මගේ මිත‍්‍රයෙක් කියූ දෙයක් මා මවිත කරන්නට සමත් වුණා. ඔහු කිසිම දිනෙක අඹ ගහකින් ඉදුණු අඹ ගෙඩියක් කඩාගෙන කාලා නෑලූ. ඔහුට මම දවසක් ගහේ ඉදී කඩාගත් අඹ ගෙඩි කිහිපයක් දුන්නට පස්සේ ඔහු පුදුම වුණා අඹ මෙච්චර රස ද කියලා. ගමේ හැදුණ වැඩුණ අපිට නම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ. කොහොම ද හොඳින් ඉදුණු කර්තකොළොම්බන් අඹ ගෙඩියක් එහෙම ගහේ ඉදගෙන කනකොට දැනෙන සනීපේ... අම්මෝ මතක් වෙනකොට කටට කෙළත් වුණනවා...හොඳ අඹ වෙළෙඳ පොළේ දී හඳුනා ගත හැකි ක‍්‍රම තියනවා. හොඳින් පැසුණු අඹ ඉදෙන්නේ ගෙඩියේ නැට්ට පැත්තේ සිට පහළට ය. නොපැසුණු අඹවල ඇටය පිහියෙන් කපන්න පුළුවන් වුවත් හොඳින් පැසුණු අඹ එසේ පහසුවෙන් කැපිය නොහැකි ය. තව ද අඹ පොත්තේ මතුපිට රැළි වැටුණු ස්වභාවයක් පවතී නම් ඒවා හොද අඹ නොවේ. ඉතින් වෙළෙඳ පොළෙන් අඹ මිල දී ගන්නා විට මේ තොරතුරු ඔබට සමහර විට වැදගත් වේවි. ඔක්කොටමත් වඩා අඹ පැලයක් ඔබේ නිවසේ හිටවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා.වලී08.01.2014.
BLOG
2013.12.07
http://walisundara.blogspot.com/
කනත්තේ හොල්මන් තියනවා? රෑ 12ට හොල්මන් පේනවා ද?
Prashantha Walisundara
පහත ලිපිය පළ වෙලා තිබුණේ “රිවිර“ පුවත්පතේ. මෙතනින් ලිපිය කියවන්නහොල්මන්, අවතාර, නැවත ඉපදීම වැනි දේ ගැන බෙද්ධ සාහිත්‍යෙයේ තියනවා. එහෙත් බුද්ධ දේශනාවල තියනවා ද කියන එක නම් ගැටලුවක්... මේ ලිපියේ දක්වන ආකාරයට මේ ළමයා බුදුදහමත් සමග, පන්සලත් සමග හැදීවැඩෙන කෙනෙක්... ඒ නිසා ඔහුටත් සමාජයේ පවතින, බෙවුද්ධ සංස්කෘතියේ එන හොල්මන්, අවතාර වැනිදේ ගැන පූර්ව විශ්වාසයක් ඇති අයකු බව විශ්වාස කළ හැකි යි. කනත්ත ආශ්‍රිත ව හොල්මන් තියනවා, රෑ 12ට හොල්මන් තියනවා ය කියන පූර්ව විශ්වාසයක් අපේ සමාජයේ තියන බව අප තේරැම් ගත යුතුයි. පිරිත් නූලක් බැන්දහම හිතේ තිබුණ බිය, චකිතය නැති වූ බව කියනවා. ඔව් වෙන්න පුළුවන්... මානසික සුවපත් බාවය ඇති කළ හැකි ආකාර බොහොමයක් තියනවා. කොහොමත් මෙහි අදහස් දක්වා ඇති හාමුදුරැවෝ දෙදෙනාගේ උත්තර නම් බාලාංශ උත්තර බව ය මගේ හැගීම... මුලින් ම මේ පින්තූරවල සත්‍යතාව තහවුරැ කළ යුතු යි. ඉන් පසු සාමාන්‍යෙයන් රාත්‍රි කාලයේ දී ඇතිවන අකුණු ගැසීම්, වාහනවල එළි, ජලවාෂ්ප දිලිසීම්, ආලෝකපරාවර්තනයන් වැනි දේ ඇති බව අවබෝධ කර ගත යුතුයි.. එවිට වැටහෙයි ඇත්ත කුමක් ද. කියන දේ..වලී.
BLOG
2013.11.27
http://walisundara.blogspot.com/
ITN එකේ බම්බු ''වෙනස''
Prashantha Walisundara
බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්...ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...අදාළ වීඩියෝ ව මෙතැනින්වලී.
BLOG
2013.11.25
http://walisundara.blogspot.com/
මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...
Prashantha Walisundara
ගොඩක් අය කැමතියිනේ හොල්මන් කතා අහන්න, මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්............මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්.මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලිබල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...පාන්දර 2-3ට විතර වෙන්න ඇති...කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...........බුදු අම්මෝ... පූසෙක්..........ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...වලී.
BLOG
2013.08.25
http://walisundara.blogspot.com/
නිලාවෙලි බීච් එකේ දී නංගිලා ගත් ආතල්
Prashantha Walisundara
මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි.එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ.මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක‍්‍රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.වලීපිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.
BLOG
2013.08.24
http://walisundara.blogspot.com/
මහජනතාවනි.........
Prashantha Walisundara
මහජනතාවනි.........කරන්ට් එක දෙන්නම් කිව්වටවත්, වහලේ තහඩු ටික අරං දෙන්නම් කිව්වටවත්, පාර හදලා දෙන්නම් කිව්වටවත්, දුවට පුතාට ජෝබ් එකක් අරං දෙනවා කිව්වටවත්, සමිතියට පුටු අරන් දෙන්නම් කිව්වටවත්, ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා භාණ්ඩ අරන් දෙන්නම් කිව්වටවත්, ඡන්දේ දෙන්න එපා...මෙහෙම ඡන්දේ ඉල්ලන්නේ ඡන්දෙන් පස්සේ තමන් හම්බ කර ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සු මිසක් රට වෙනුවෙන් අවංකව වැඩ කරන මිනිස්සු නෙමෙයි...ඔබට යමක් දුන්නා, ඒ නිසා ඔබේ ඡන්දේ ඔහුට දෙනවා කියලා කියලා ඔබ කියනව නම්... එයින් කියවෙන්නේ ඔබේ දරුවාගේ වගේ ම රටේ අනාගතය තව තවත් අඳුරට තල්ලූ කරනවා කියන එකයි...වලී.
BLOG
2014.08.23
http://ipmanz.blogspot.com
Crack කිරීමකින් තොරව IDM Active කරමු!
The Vigilante
හොදයි, කාලෙකින් කියලා දෙන්න යන්නේ සුපිරි වැඩ කෑල්ලක්. ලංකාවේ කට්ටිය ගොඩ දෙනෙක් ඩවුන්ලෝඩ් කරන්න භාවිතා කරන Download Manager වැඩසටහන තමා IDM. ලංකාවේ විතරක් නෙවෙයි, මුලු ලෝකෙම මේක හෙන ප්‍රසිද්ධයි. ඒ නිසාම හැකර් (hacker) කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙලා තියෙන්නේ IDM කියන එක ජංජාලේ ඉන්න ගොඩ දෙනෙක් දන්නවා. ලංකාවේ බුවාලා කරනවා වගේ ගූගල් දෙයියගෙන් සර්ච් පාරක් දාලා ටොරන්ටුවෙන් ක්‍රැක් එකත් බාගෙන, බොහොම සන්තෝසෙන් ෆයිල් බාන්න ගියොත් එහෙම අපේ ඔක්කොම පාස්වඩ්, ක්‍රෙඩිට් කාඩ් අංක වගේ ගොඩක් දේවල් හැකර් ලා අතට යන්න පුලුවන්. ඒ නිසා අපි පුලුවන් තරම් Crack කිරීමකින් තොරව සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ඕන. ඒත් ඉතින් සල්ලි දෙන්න පුලුවන්යැ. එහෙමනේ. අන්න ඒ නිසා තමා මම මේ අද කියලා දෙන ට්‍රික් එක වටින්නේ. මම කියලා දෙන්නේ, ක්‍රැක් නොකර සුපිරියට, IDM එක active කරන හැටි. ඒ විතරක් ඈ, මේක ඕන වර්ශන් එකකට වැඩ.. එහෙනම් ඔන්න වැඩේ පටාආආඅන් ගමු.පියවර 1මුලින්ම IDM අලුත්ම version එක බාගන්න.com/ දැන්, ඔයාලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරපු drive එකට යන්න. ගිහින් ඒකේ ‍‍x:\windows\system32\driver\etc\ වලට යන්න.පියවර 2දැන් ඔය hosts කියන file එකේ backup එකක්, ඒ කියන්නේ කොහෙට හරි කොපි කර ගන්න, අවුලක් ගියොත් එහෙම හදාගන්න පුලුවන් නේ.පියවර 3ඊට පස්සේ notepad ඕපන් කරල, etc ෆොල්ඩර් එකේ තියෙන hosts ෆයිල් එක drag කරලා අතහරින්න. (නෝට්පෑඩ් එක උඩට). එතකොට hosts ෆයිල් එක notepad එකෙන් ඕපන් වෙයි.පියවර 4දැන් මේ පහල තියෙන ටික කොපි කරලා ඒකෙ අන්තිමට පේස්ට් කරන්න. (ඔය උඩ තියෙන ස්ක්‍රීන් ශොටේ වගේ)127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com127.0.0.com පියවර 5ඊලඟට IDM ඕපන් කරලා, Registration යටතේ (toolbar එකේ) තියෙන Registration ඔප්ශන් එක ක්ලික් කරලා එක බොක්ස් එකේ කැමති නමක් දෙන්න. ඊට පස්සේ key එකට මේ පහල තියෙන key වලින් එකක් දීලා register බටන් එක ක්ලික් කරන්න.*ඊට පස්සේ මැසේජ් එකක් එයි, වින්ඩෝස් වල "important file is damaged, do you want to fix it now." කියලා. ඒකෙදි no බටන් එක ක්ලික් කරන්න.exe එක close කරලා දන්න.පියවර 6 ඊට පස්සේ IDM install කරපු Folder එකට (path එකට යන්න). දැන් එතන තියෙන IDMGrHlp.exe කියන File එක Rename කරන්න. නැත්තම් Delete කරන්න.පියවර 7 ඊට පස්සේ Notepad එක Open කරන්න. මොකුත්ම ටයිප් නොකර Save As ගිහිල්ලා Text එක IDMGrHlp.exe යන නේම් එකෙන් Save කරන්න. (Exe එකක් විදියට). ඊට පස්සේ ඒ අපි හදාගත්ත IDMGrHlp.exe ෆයිල් එක IDM install කරපු folder එක ඇතුලට Move කරන්න. (Cut & Paste කරන්න)එතකොට වැඩේ ගොඩ. IDM Active වගේම block වෙන්නෙත් නෑ. ගින්දර වගේ වැඩ.එහෙනම් මේ වගේ වෙන පෝස්ට් එකකින් හම්බවෙමු. ඔබට ජය.
BLOG
2014.07.05
http://ipmanz.blogspot.com
චීනා 8 බෑන් කලේ ඇයි? අපිත් බෑන් කල යුතු ද?
The Vigilante
අපේ ලොක්කෝ දොහොත් මුදුන් තියලා වදින චීනා වින්ඩෝස් 8 බෑන් කරපු නිව්ස් එක්ක දැන් ලෝකේ හැමෝම දන්නවනේ. මේක කෙලින්ම අපේ බිල් මාමට ගහපු කනේ පාරක් කියලා කිව්වොත් ඒකේ වරදක් නෑ. මොකද පොඩියට හිටියට චීනය කියන්නේ අද ලෝකේ තියන ප්‍රබලතම බලවතුන්ගේ කෙනෙක්. (ඒකනේ අපේ එක්කෙන උගේ පස්සෙන්ම යන්නේ). කනේ පාරක් ගැහුව විතරනම් කමක් නෑ. ඔන්න අලුත්ම නිව්ස් එකෙන් Microsoft Office එකත් චීන රජයෙන් බෑන් කරලා කියන්නේ. ඒ කියන්නේ චීන රජයට අයිති කිසිම ආයතනයක ජනේල් අටවත්, ඔෆිස් එකවත් පාවිච්චි කරන්න බෑ. මෙහෙන කරන්න හේතුව මොකක්ද කියලා බිල් මාමා හොටු පෙර පෙර අහලා තියෙනවා.චීනා කියන්නේ වින්ඩෝස් 8 හරහා ඇමරිකන් SSA එක චීනේ ඔත්තු බලනවා කියලයි. මයික්‍රෝසොෆ්ට් ලා කොච්චර නෑ කිව්වත් චීනා ඒක පිළිගන්න බවක් නෑ. දැන් චීනා ඉන්ටනෙටුත් චීනේ නවත්තලා උන්ගෙම කියලා නෙට් එකක් පටන් ගන්නලු යන්නේ. කොහොම උනත් ගිය මාසේ සිද්දිය මෙන්න මෙහෙම තමා මාධ්‍ය වාර්ථා කරලා තිබ්බේ."චීනගේ සැකේ නැතිවෙන්න බිල් මාමා වින්ඩෝස් වල සෝස් කෝඩ් එකේ ප්‍රධාන කොටස් චීන නියෝජිතයන්ට පෙන්වලා තියෙනවා. ඒත් චීනා කියන්නේ හැම කෝඩ් එකක්ම චෙක් කරන්න මාස ගානක් යනවා, අනික අප්ඩේට් එකක් හරහා වින්ඩෝස් වලට ස්පයිවෙයා වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕන වෙලාවක දාන බිල් අයියට පුලුවන් කියලයි. කොහොම උනත් මයික්‍රෝසොෆ්ට්ලා ඔෆිස් එකත් බෑන් කරපු එකෙන් හොදටම දුක් වෙන්න පටන් අරන් තියෙන්නේ. බිලියන එකකට ආසන්න පරිගණක ගණනක දැන් 8 සහ ඔෆිස් තහනම්. ඒ වෙනුවට චීනා ඕපන් සෝස් වලට බැහැලා. ඕපන් සෝස් වලට අකමැති චීන්නු විස්ටා සහ 7 වලට බැහලා.චීනේ ඉන්න කොම්පිතර් වැඩ්ඩෝ කියන්නේ වින්ඩෝස් කියන්නේ සුපිරියටම හදපු ඔත්තු බලන වැඩසටහනක් කියලයි. ඒ කියන්නේ ඇමරිකන් පාදඩයෙක් කියලයි. කොහොම හරි තාම මෙයාලා එපා කියන්නේ 8 වලට විතරක් නිසා ‍චීනේ 40% ක්ම XP පාවිච්චිය දිගටම කරගෙන යනවා.ලෝක බලවතෙක් වෙන චීනා මේ කරපු දේන් පස්සේ වින්ඩෝස් ගැන හැම රටක්ම සැක කරන්න පටන් අරගෙන තියෙනවා. ඉස්සරහට වින්ඩෝස් වෙලදාම පහත වැටුනත් පුදුම වෙන්න දෙයක් නෑ. මේක ගැන හරියටම CCTV නාලිකාව වැඩසටහනක් කරලත් තියෙනවලු..... මම පොඩ්ඩක් බැලුවා. හම්බවුනේ නම් නෑ. පුලුවන් නම් හොයාගෙන බලන්න. කොහොම හරි ඉංජිනේරුවෝ ගොඩක්, වින්ඩෝස් වල රෙදි ගැලැව්වා කියලනම් ආරංචියි.දැන් තමා වැදගත්ම ප්‍රශ්නේ. දැන් අපි කරන්නේ චීනා සරනං ගච්චාමි වගේ වැඩක් නේ. දැන් එහෙනම් අපේ මහින්ද ලොක්කත් 8 බෑන් කරයිද. (චීනා කියන්නේ චීනේ ඔත්තු බලන්න හදලා කියලා). එහෙම කල යුතුද. කොටින්ම අපේ හැම ඔෆිස් එකකම වගේ වැඩකරන ඔෆිස් පැකේජ් එකත් බෑන් කරන්න ඕනෙද. මම නම් හිතන්නේ මේක චීනා අලුත් බිස්නස් එකකට කරන ට්‍රයි එකක් කියලයි. ඒත් ඇමරිකන් බුවාලවත් විස්වාස කරන්න බෑ. කොහොම උනත් ඉතින් මේක ඇත්තක් කියලා හෙලිවුනොත් එහෙම බිල්ට වෙන්නේ ඇමරිකන් රෙද්ද අස්සේ හැංගෙන්න.දැන් එහෙනම් මදෑ නිව්ස් කිව්වා. මේ ගැන ඔයාලා හිතන්නේ මොකක්ද. ඒ ගැනත් කමෙන්ටුවකින් කිව්වා කියලා බිල් අයියා කට්ටියව නිදි පැදුරෙදිම උස්සන් යන්නේ එහෙම නෑ ඕං.
BLOG
2014.04.30
http://ipmanz.blogspot.com
Amazon Lanka ගැන Neth FM කල හෙළිදරව්ව!
The Vigilante
Amazon Lanka ගැන අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්, මොකද ටීවී වල, රේඩියෝ වල, පත්තර වල වගේ හැම තැනම මෙයාලා ගැන ප්‍රසිද්ධ කරනවනේ. මොකටද ප්‍රසිද්ධ. ඊ මනී වලට. කියන්නේ කෙලින්ම මාසෙට ලක්ෂයයි කියලා. හැබැයි මෙයාලගේ මේ බොරුවට විරුද්ධව iplus වගේ බ්ලොග් දිගින් දිගටම පහර ගැහුවනේ. ඒත් මේ වැඩේ නතර උනේවත්, රජයෙන් ක්‍රියා මාර්ගයක් ගත්තෙවත් නෑ. දැන් ටික කාලෙකට කලින් Neth-FM එකේ බැලුම්ගලෙන් මේ ගැන ලොකු හෙලිදරව්වක් කලා. තාමත් Amazon Lanka ගැන ඔයාලගේ දෙගිඩියාවක් තියෙනවනම්, ඒක නැතිකරගන්න මෙන්න මේ පහළ තියෙන Program එක අහන්න. මේක මම ගොඩක් කලින් පෝස්ට් කරන්න තමයි හිටියේ, ඒත් වෙලාව මදිකම නිසා කරගන්න බැරි උනා. කොහොම උනත් ලගකදීනම් මේ කට්ටිය ගැන මට අහන්න ලැබුනේ නෑ. වැඩේ නවත්තලාද දන්නේ නෑ. කොහොම උනත් ලක්ෂේ හීන පෙන්න පෙන්න අහිංසක ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ටිකගෙන් කෝටික ගානක් සල්ලි මුන් ටික මාටියා ගැහුවා කියන එකනම් 100% ශුවර්.
BLOG
2014.04.02
http://ipmanz.blogspot.com
PC Game Repack නිර්මාණය ගැන සරල සිංහලෙන්......
The Vigilante
හලෝ කොහොමද. ඔන්න මාසෙකින් විතර පෝස්ටුවක් දාන්නයි හදන්නේ. කට්ටිය දැකලා ඇතිනේ ලංකාවේ පේමන්ට් වල ගේම් තොග ගණන් තියෙනවා. මේ පට්ට අලුත් ගේම්. බාන්න බැරි තරම් පත ගේම්, පොඩි DVD එකකට ගහලා විකුනනවා. ඇත්තටම කොහොමද මෙහෙම කරන්නේ. අන්න ඒකට තමා Repacking කියන්නේ. වැඩ්ඩො වගේ වික්කට ලංකාවේ ඉන්න හැම බුවාම Repack බාන්නේ ටොරන්ට් වලින් තමා. ඔයාලත් ඩවුන්ලෝඩ් කරලා ඇතිනේ Black Box වගේ Repackers ලගේ Repack. මේකේ ප්‍රධාන වාසිය තමා සයිස් එකෙන් අඩු එක. අනික Rip වල වගේ වීඩියෝ, සවුන්ඩ් කපලා නැති නිසා හිතටත් සුවයි. ඇත්තටම මේ පොස්ටුවෙන් මම කියලා දෙන්නේ අපේම කියලා Repack හදන හැටි. ටයිප් කිරීමේ කම්මැලිකම නිසා සිංහලෙන්ම Tutorial එකක් හැදුවා. අප්ලෝඩ් කිරීමේ කම්මැලිකම නිසා part 2 කට කඩලා අප්ලෝඩ් කරා. ඔන්න එහෙනම් මම පහලින් ඒ tutorial එක embed කරනවා. කට්ටිය බලලා අදහසුත් කමෙන්ට් කරගෙනම යන්න.Modification [සංශෝදනය]- game එකේ size එක දෙන්න ඕනේ MB වලින්. මම වීඩියෝ එකේ කිව්වේ KB වලින් කියලා. ඒක වැරදීමක්.- ඒවගේම තීම් එකේ ලෝගෝ එක පහලට යන්නේ මගේ කොම් එකේ තීම් එකේ අවුලක් නිසා. ඒ හින්දා ඒක නොසලකා හරින්න.com/file/D926D5AFE320A372.
BLOG
2014.02.24
http://ipmanz.blogspot.com
වයස්ගත වීමෙන් වළකින්නට රූමත් සිටු දේවියක් සොයාගත් අභිරහස් බෙහෙත!
The Vigilante
1561 දී හංගේරියාවේ උපන් එළිසෙබෙත් බැතොරි අතිශයින්ම රූමත් කාන්තාවක් වූවාය. ඇගේ අභිලාෂය වූයේ ජීවිතාන්තය දක්වා ඒ රූමත් භාවයත් තාරුණ්‍යත් නොඅඩුව රක ගැනීමයි.වයස අවුරුදු 15 දී එලිසබෙත් බැතොරි උසස් රාජ්‍ය නිලධාරියෙක් හා විවාහ වූවාය. එසේම ඇයට ඉතාම උසස් තත්වයකුත්, රජ මාලිගයේම වාසය කිරීමට වාසනාවකුත් හිමි වූවාය. 1604 දී ස්වාමි පුරුෂයා මිය යන විට එලිසබෙත්ගේ වයස අවුරුදු 43 කි. වන්දබුවක වූ ආ තමාගේ හුදකලා ජීවිතය ගැන බොහෝ සෙයින් පසුතැවිලි වූවාය. නැවත විවාහයක් වීමේ තදබල ආශාවකින් ඇය පසු වූවාය. වයස්ගත වීමේ පොදු ලකුණක් වූ අග රැලි වැටීම ඇගේ මුහුණෙත්, දෙපාවලත් දක්නට ලැබුණි. මෙයින් ඇය මහත් අපහසුතාවට පත් වූවාය. දිනක් එලිසබෙත් මාලිගය තුළ ඇවිදින අතර ඇගේ පරිවාර කාන්තාවක් ඇගේ ඇගේ ගැටුනාය. මෙයින් කෝපයට පත් එලිසබෙත් ඇත දිග හැර වැරෙන් අයට පහරක් ගැසුවාය. ඒ පහරින් ඇගේ නාසය බිදී වැගිරුන ලෙයින් එලිසබෙත්ගේ ඇත නැහැවී ගියේය. ලේ තැවරුණු ඇත දෙස බැලීමේදී එහි රැළි මැකී ගිය අලුත් තරුණ පෙනුමක් දිස් විය.ඇග රැලි මකාගෙන අලුත් තරුණ පෙනුමක් ලබා ගැනීමේ මගක් පෑදුනා යැයි සතුටට පත් එලිසබෙත් තවදුරටත් උපදෙස් ලබා ගැනීම සදහා මන්ත්‍ර ගුරුකම් කරන්නන්ද සොයා ගියාය. ඉන් අනතුරුව ඇය සමාජ වරප්‍රසාද සහ සමාජ චාරිත්‍ර ඉගැන්වීමේ මුවාවෙන් අසල්වැසි ගම්වලින් අවිවාහක තරුණ කාන්තාවන් මාලිගයට ගෙන්වා ගත්තාය.එය 1604 දෙසැම්බර් මාසයේ හිම වැටෙන අදුරු රැයකි. එදින රෑ දොළහට පමණ එලිසබෙත් පොලොව යට අදුරු කාමරයට බැස ගියාය. එයින් පය දෙකකට පමණ පසු ය නිරුවත්ව මුළු සිරුර පුරා මඩ රොන් වැනි යමක් තවරාගෙන පොළොව යට අදුරු කාමරයේ සිට උඩු මහලට ආවාය. ඇගේ තොල් අගින් ඝන දියරයක් පපු පෙදෙස දක්වා වෑහෙමින් තිබුණි. එපමණක් නොව ඇය කාමරය දෙසට යන විට ඇගේ කෙස් අගින්ද ඝන දියරයක් බිම වැටෙන අයුරු ඇගේ සේවිකාව වූ වෙරෝනික දුටුවාය.වෙරෝනිකා ඒ ඝන දියරයෙන් ස්වල්පයක් තම ඇගිලි අග තවරාගෙන ආලෝකය ඇති තැනකට ගොස් බැලුවාය. ඒ දුටු දෙයින් ඇය වික්ෂිප්ත වූවාය. එලිසබෙත්ගේ කෙස් අගින් වැගිරෙමින් තිබුනේ රුධිරයයි. ඒ අනුව විමසිලිමත් වූ වෙරෝනිකාට පොළොව යට අදුරු කාමරයේ සිදුවන අභිරහස අනාවරණය කර ගැනීමට මාස හතරක කාලයක් ගත විය.මේ රහස හෙළි කරගත් හැටියේ වෙරෝනිකා භයින් තැති ගත්තාය. මෙම සිදුවීම තවත් සංකීර්ණ කරවන තත්වයක් ඇති වුයේ එක දිනක් ඇය තම සැමියාගේ අත්වල ලේ තැවරී ඇති අයුරු දැකීමෙනි. "මොනවා..... ඔයා මාලිගාව පැත්තේ කියාද..... සිටුවරිය ලේ බොන ගමන් ලේ බාල්දියේ බැහැගෙන නානවා දැක්කද." යි ඇසුවාය.මේ ප්‍රශ්නයෙන් තැති ගත් වෙරෝනිකාගේ සැමියා වූ විල්මර් තමන් කොයි මොහොතක හෝ අමාරුවේ වැටෙන්නට පුළුවන් යැයි සිතා වෙරෝනිකාත් කැටුව හංගේරියාවෙන් පිට විය. 1609 අවුරුද්දේ දිනක හංගේරියාවේ කාපාතියන් කදුකරයේ සේජි මාලිගාවේ තාප්පයක් පිටුපස තරුණ කාන්තා මළසිරුරු හතරක් ඇති බවත් ඒ හැම සිරුරක්ම සිදුරු කොට ඇති බවත්, එකම සිරුරකවත් ලේ බිදක් නැති බවත් රටට ආරංචි විය. මේ සිවු දෙනාම එලිසබෙත් ගේ උපදෙස් පන්තියට සහභාගී වූවන් බවට හදුනාගෙන තිබුණි. මේ ආරංචියෙන් පසුව කුපිත වූ රට වැසියෝ හංගේරියාවේ දෙවන මෙතියස් රජ මාලිගය ඉදිරිපිට රැස්වී විරෝධතා දැක්වූහ. මෙයින් අන්දමන්ද වූ රජතුමා වහා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළේය. එම පරීක්ෂණයෙන් හෙළිවූ කරුණුවලින් රජතුමා සන්ත්‍රාසයට පත්විය. පෙර කි සිටුවරියගේ මාලිගයේ පොළොව යට අදුරු කාමරයේ තවත් තරුණ කාන්තා මළසිරුරු 18 ඇති බවත් ඒ හැම සිරුරක්ම සිදුරු කොට ඇති බවත් ඒ සියල්ලෝම මියගොස් ඇත්තේ අධික රුධිර වහනයෙන් බවත් රජතුමාට දැනගන්නට ලැබුණි. හැම රාත්‍රියකම මාලිගයට ගෙන්වගන්නා අවිවාහක තරුණියන්ගෙන් කෙනෙක් නිරුවත් කොට, පොළොව යට අදුරු කාමරයේ හිස පහතට සිටින සේ එල්ලා යුද භටයෙකු ලවා මුළු සිරුරම කඩුවෙන් සිදුරු කරවන ලද බවත්, ඉක්බිති සිරුරෙන් වෑහෙන ලේ එකතු වීමට බේසමක් තබා එහි බැස ගන්නා නිරුවත් එලිසබෙත් තම මුළු සිරුරම ලේවලින් නහවා ගන්නා බවත් අතේ වීදුරුවක් රදවාගෙන එය ලේවලින් පුරවා පානය කළ බවත් පරීක්ෂණයෙන් හෙළිකර ගන්නා ලදී. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ අවිවාහක තරුණියන්ගේ ගණන හයසියයද ඉක්මවා ඇති බව පරීක්ෂණ නිලධාරින් දැන්වූහ. රජතුමා වහාම එලිසබෙත් බැතොරි රාජාධිකරණයට ඉදිරිපත් කර ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබා දුන්නේය. ඇයගේ සිර කුටිය වුයේද ඇය රුධිරය පානය කළ පොළොව යට අදුරු කාමරයමය.යකඩ තැටියකට දමා දොර යටින් තල්ලු කළ අහාර ස්වල්පයකින් දිවි ගැටගසාගත් ඇය මෙම දදුවමෙන් තවත් අවුරුදු හතරකට ආසන්න කාලයක් බොහෝ දුක්විද මිය ගියාය.
BLOG
2014.02.22
http://ipmanz.blogspot.com
Facebook Block කලොත්, FB එන්නේ කොහොමද?
The Vigilante
කෙල්ලන් බෙල්ලේ වැල දාගන්න ප්‍රධානම හේතුවක් විදියට බොහොම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනා ගන්න සමත් උන අපි කවුරුත් දන්නා වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. දැන් දැන් මේක අපේ මහින්ද මාමටත් තේරිලා තියෙනවා. ඇත්තටම මෙතන වරද තියෙන්නේ ෆේස්බුක් භාවිතා කරන කෙල්ලන්ගේ උනත්, රජය හදන්නේ "බෙල්ලේ වැල දාගන්නේ සාරි වලින්ද, එහෙනම් සාරි තහනම් කරන්න ඕනේ" වගේ වැඩක් කරන්න. මේකට ෆේස්බුක් තහනම් කලාට වැඩක් නෑ. මොකද ෆේස්බුක් වල විතරද ඔහොම සීන් දාන්න පුළුවන්. පිස්සු හැදෙයි. එතකොට Skype, VK, WhatsApp මේ ඔක්කොගෙන්ම කරන්නේ ෆේස්බුක් වල වගේ චැට් කරන එක තමයි. එතකොට එහෙනම් ඔක්කොම තහනම් කරන්න ඕනේ. නැත්තම් අන්තරජාලයම තහනම් කරන්න ඕනේ. ෆේස්බුක් තහනම් කලත් ,එන මිනිහා මොකක් හරි ක්‍රමේකින් එනවා. දෙමාපියෝ දැනගන්න ඕනේ තමන්ගේ දුවව හදාගන්න. නැතුව මේ ෆේස්බුක් වහන්න කියලා විලාප තියන එක නෙවෙයි. මේක මේ අපේ රටේ පලවෙනි ෆේස්බුක් මරණය නෙවෙයිනේ. ඔයිට කලින් කොච්චර මැරුණද. Skype නිසා කොච්චර මලාද. එතකොට Skype නවත්තලා හරි යනවද. වරද තියෙන්නේ මිනිස්සු අතේමයි. ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්න දන්නේ නෑ. හදන්න ඕනේ අන්න එතන, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තමයි වෙනස් කරන්න ඕනේ. මේ එල හරක්ට ඒක තේරෙන්නේ නෑ. මුන් හදන්නේ ෆේස්බුක් තහනම් කරලා තව චන්ද ටිකක් කඩාගන්න. හරි, ඒ අපතයන්ට බැන්නා ඇති. දැන් මේ මී හරක් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වලින් නිවැරදි ප්‍රයෝජනේ ගන්න යටත් ඒක අහිමි වෙනවා. ඒ නිසා මම අද කියලා දෙන්නේ බැරි වෙලාවත් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වෙත හොරෙන් රිංගන විදිය. ඔයාලා මුලින්ම https://www.org/ වෙබ් අඩවිය වෙත පිවිසිලා Tor Browser Bundle එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. මේක මගින් බ්ලොක් කරපු ඕනෑම වෙබ් අඩවියකට යන්න හැකියාව තියෙනවා. Tor කියන්නේ ලොව පුරාම ගොඩක් ප්‍රචලිත නොමිලේ ලබාදෙන ව්‍යාපෘතියක්. මේකෙදි අපි ෆේස්බුක් වලට එනකොට අපිව ෆේස්බුක් වලට එවන්නේ ලොව පුරා ඇති Tor Server වලින් එකක් හරහා. ඒ කියන්නේ Tor ජාලය හරහා. එතකොට අපේ ISP ඒ කියන්නේ ඉන්ටනෙට් දෙන සමාගමට පෙන්නේ අපි Thr ජාලයට විතරක් විසිට් කරනවා කියලා විතරයි. ISP දාල තියෙන කිසිම බ්ලොක් එකක් Tor වලට වලංගු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඕනෑම තාප්පයක් කඩාගෙන යන්න පුළුවන්. මෙය නිවැරදිව භාවිතා කරන හැටි දැනගන්න ඕන අය මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට වීඩියෝවක් මගින්ම මේක පාවිච්චි කරන හැටි ඉගෙනගන්න පුළුවන්. දැන් මම කිව්වනේ කොහොමද ෆෙස්බුක් තහනම් කලොත් එහෙම ෆේස්බුක් යන්නේ කියලා. හිතනවා කට්ටියට තේරෙන්න ඇති කියලා. ඕනෑම ගටල්වක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් හරියට නින්ද නොයන ලේදෙටත් පිලියමක් ලැබෙන්න ඇතිනේ :D. කොල්ලෝ කෙල්ලන්ට Tor ඔයාලගේ android phone එකටත් දාගන්න පුළුවන්. ඒ සදහා මෙන්න මේ ලින්ක් එකට යන්න - https://www.org/docs/androidඑහෙනම් ඔබට ජය. තවත් මේ වගේ පොස්ට් එකකින් පසුව හමුවෙමු.
BLOG
2014.02.18
http://ipmanz.blogspot.com
මදි නොකියන්නට Youtube Views දෙමුද?
The Vigilante
මම කලින් පොස්ට් එකේBlog/Website එකකට Fake Hits දෙන හැටි කියලා දුන්නා මතක ඇතිනේ. අන්න එකේදී දුන්නා වගේ traffic bot එකක් තමයි මේ පොස්ට් එකෙනුත් දෙන්න යන්නේ. මේකෙන් කරන වැඩේ අර කලින් පොස්ට් එකේ දුන්න software කෑල්ලේනුත් කරගන්න පුළුවන්. කෝකටත් කියලාYoutube Views ලබාගන්නම හදපු bot එකක් අද කට්ටියට දෙන්න ඕන කියලා හිතුනා. මේකේ interface එකත් කලින් එකේ වගේමයි, පොඩි පොඩි වෙනස්කම්ත් ටිකක් තමා තියෙන්නේ.මුලින්ම මෙතන ක්ලික් කරලා බොට් එක ඩවුන්ලෝඩ් කරගන්නකො. දැන් ඩවුන්ලෝඩ් වුන RAR එක extract කරන්න. එතකොට ලැබෙන exe එක open කරාම මේ පහල වගේ window එකක් තමා ඔයාලට ලැබෙන්නේ.මේකේ ටිකක් වෙනස්කම් තියෙනවා කිව්වනේ, මේකේ Delay එක දෙන්න ඕන miliseconds වලින්. URL එක දෙන්න ඕන කලින් විදියටමයි. ඒවගේම මේකටත් proxy list එකක් අවශ්‍ය වෙනවා. එකට මෙතන ක්ලික් කරලා එන proxy list එකෙන්, ඔබට අවශ්‍ය proxy තෝරාගෙන text document එකක් තුල save කරගන්න. ඊට පස්සේ load proxy list කියන බටන් එක ක්ලික් කරලා proxy list එක add කරගන්න. (ඔබට අවශ්‍ය proxy මුලින්ම වෙන්කර ගන්න). දැන් හරි. URL Here කියන තැනට URL එක (youtube video එක තියන ලින්ක් එකේ url එක) දෙන්න ඕන. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරිනේ. දැන් එහෙනම් Start බටන් එක ක්ලික් කරන්න. දැන් බලන්නකෝ video එකේ views පට පට ගාලා වැඩි වෙන හැටි.
BLOG
2014.02.15
http://ipmanz.blogspot.com
Blog/Website එකකට Fake Hits ලබාදෙන හැටි! [Fake Pageviews]
The Vigilante
හලෝ අද මම කියලා දෙන්නේ බ්ලොග් එකකට නැත්තම් වෙබ් එකකට fake hits දෙන හැටි. මේක fiverr කරන කෙනෙක්ට වගේනම් service එකක් විදියට sell කරන්න පුළුවන්. මම අද කියලා දෙන විදයට ඔයාලට පුළුවන් ඕනෑම බ්ලොග් එකකට තමන් කැමති තරම් page views හිටු කියලා දෙන්න. මේක 100% වැඩ කරනවා. නමුත් adsense කරන අයටනම් මේක භාවිතා කරන්න බැරි බව කියන්න ඕන. එතකොට අතේ මාට්ටු වෙනවා. හරි කොහොම නමුත් මේකේ වටිනාකම කියලා නිමකරන්න බෑ. මොකද මේ වගේ එකක් hitleap වගේ සයිට් එකකින් කරන්න යනවට වඩා බොහොම ලේසියෙන්, ඒවගේම සුපිරි වේගයෙන් මේ ක්‍රමයට කරගන්න පුළුවන්. දැන් එහෙන අපි බලමු මේක කරන විදිය. මේකට ඔයාලට vb වලින් ලියපු පොඩි සොෆ්ට්වෙයා එකක් අවශ්‍ය වෙනවා. ඒක මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඩවුන් කරපු RAR එක extract කරන්න. දැන් පහල පියවර අනුගමනය කරන්න.1)ඒ folder එක ඇතුලේ තියෙනවාhits කියලා text fileඑකක්, ඒක open කරලා තමන්ට hits ගන්න ඕන site එක/ටික පහලට ටයිප් කරන්න. ඊට පස්සේ සේව් කරන්න.2)දැන්proxies කියන text ෆයිල් එක ඕපන් කරලා proxy list එකක් add කරන්න. වැඩ කරන proxy list එකක් ඔය folder එකේම100% Free working Proxy List. කියන text එකේ තියෙනවා. ඕන proxy ටික තෝරලා ඉවර වෙලා proxies text file එකට පේස්ට් කරලා සේව් කරන්න.3)Main step දෙක දැන් හරි. දැන් ඒ folder එකේම තියෙනFakeTrafficGenerator.exe එක open කරන්න. දැන් time between කියන තැනට 1,2 දෙන්න. මෙතනට තමන්ට කැමති time දෙන්න පුළුවන්. time දෙන්න ඕන seconds වලින්.4)දැන් වැඩේ ගොඩ. ඊළගට hit em' බටන් එක ක්ලික් කරන්න. දැන් එහෙනම් බලන්නකෝ පට පට ගාලා pageviews වැඩි වෙන හැටි.
BLOG
2014.02.12
http://ipmanz.blogspot.com
නිර්භීත කපිතාන්ගේ අරුම පුදුම වාසනාව - 1 කොටස
The Vigilante
වෙලාව සවස තුනට පමණ වන්නට ඇත. ලන්ඩනයේ කයිරෝගේ හස්ත රේඛා පරීක්ෂණ කාර්යාලය ඉදිරිපට මාවතේ යම්කිසි කලබලකාරී තත්වයක් ඇති වී ඇති බව පෙනෙන්නට තිබුණි. මිදුම් ස්වභාවයක් ඇති ලන්ඩන් නගරයේ මේ දිනයේ වඩාත් සිරිකඩ වැසි ගතියක් දක්නට ලැබුණි. වීදිවල ඇත දිග කබා ඇදගත් මිනිස්සු අදුරුවන් සෙවනැලි සේ සාක්කුවල දෑත් ඔබාගෙන වේගවත් ගමනින් ඔබ මොබ යමින් සිටියහ. ඔවුහු කබා සාක්කුවලට දාත ඔබ ගන්නෙත් හිස බිමට නැබුරු කර ගන්නෙත් සීතලෙන් අත්මිදීමට විය යුතුය. මහා මාර්ගයේ පසෙක කයිරෝගේ කාර්යාලට ඉදිරිපිට දස දෙනෙකු පමණ පිරිසක් රැස්ව සිටියහ. හමුදා නිල ඇදුම් ඇදගත් තිදෙනෙකුගෙන් එක අයෙක් අතපය දිගු කරමින් යමක් පැහැදිලි කිරීමට උත්සහ ගත්තේය. වරින්වර දකුණතින් කයිරෝගේ කාර්යාලය පෙන්වන හෙයින් කතාව කයිරෝට විරුද්ධව බව අනුමාන කරගත හැකිය. "මෙතන වෙන්නේ සම්පුර්ණ ප්‍රෝඩාවක්. ආනාගතය ගැන කිව්වට ඒ මොහෙතේම දැනගන්න බෑ ඒක වෙනවද නැද්ද කියලා. කයිරෝ කිව්වම අනික් මිනිහාට එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා කියන්න විදියක් නෑ. කියන ඩේ ඇත්ත කියලා හිතාගෙන යන්න වෙනවා. ඒ නිසා තමයි අපි අතීතය ගැන, ගතිගුණ ගැන අහන්නේ. අඩු තරමේ ඒවා ඇත්තනම් අනාගතය ගැන කියන දේත් ඇත්ත කියලා හිතාගන්න හැකි. නමුත් අතීතය ගැන කියන ඒවත් වැරදිනම්......" කතා කරමින් සිටි සොල්දාදුවාට හදිසියේම කතාව නවත්වන්නට වුයේ එම ස්ථානයට පොලිස් භටයෙකුගේ පැමිණීම නිසාය. "ඇයි මේ මෙතන රැස්වෙලා ඉන්නේ. මොකක්ද තියෙන ප්‍රශ්නය." පොලිස් භටයා ශබ්ද නගා ප්‍රශ්න කළේය. "මහත්මයා, අපි හමුදාවේ නිලධාරීන්. මේ ඉන්නේ කැප්ටන් බව්ලස්. අපි මේ කතා කරමින් හිටියේ මේ ඉදිරිපස ආයතනයේ අනාගතය කියනු ලබන්නේ යැයි කියන කයිරෝ ගැන. අපි ඔහු මුණගැහෙන්නට පැමිණියා. මුලින්ම අවස්ථාවැ හම්බවුනේ මේ ඉන්න "කැප්ටන් ජෝර්ජ් බව්ලස්ටයි ඔහු අද ලෝක පූජිත සෙබලෙක් ඔහුට...." "පොඩ්ඩක් ඉන්න" පොලිස්භටයා බාධා කළේය. "මේ කැප්ටන් බව්ලස් කිව්වේ මේ අවුරුද්දේ නිර්භීතකම වෙනුවෙන් "වික්ටෝරියා ක්‍රොස්" පදක්කම දිනුව හමුදා නිලධාරියාද." "අන්න හරි, මේ ඉන්නේ එයා තමයි" පොලිස් භටයා කැප්ටන් බ්ව්ලස්ගේ සුරත ගෙන ආචාර කළේය. "ඉතින් මේ කැප්ටන් බව්ලස් අද තමාගේ අනාගතය ගැන දැනගන්න කයිරෝ ඉදිරියේ වාඩි උනා. ඔහු මිනිත්තු දහයක් පමණ බව්ලස්ගේ ඇත තියුණු ලෙස පරික්ෂා කළා. ඔහු ප්‍රකාශ කලේ මෙන්න මේ වචන" "බව්ල්ස් මහත්මයා ඔබ හමුදා නිලධාරියෙක් වුවත් හමුදාවට ඔබ ගැලපෙන්නේ නෑ. ඔබගේ මනස බොහොම බියසුලුයි. කිසිම වීර ක්‍රියාවක් කිරීමට ඔබගේ බියගුළු මනස ඉඩ දෙන්නේ නෑ. හැබැයි මට පෙනෙනවා ඔබගේ ජිවිතයේ වයස හතලිස් ධෙක වනතෙක් ඉතා පුදුමාකාර ලෙස වාසනාව ඔබ සොයා එනවා. හතලිස් දෙකේදී ශ්රියාකාන්තාව හෙවත් වාසනාවේ දෙවගන ඔබ අත්හැර යනවා. දුක්ඛිත අන්තමට වයස 46 දී ඔබ මිය යනවා. කිසිදු ධනයක් නොමැතිව. මරණය සිදු වන්නේ හදිසියෙමයි. එසේම ඔබ වංචාවට බරයි. පාවා දෙන සුළුයි" කයිරෝ මෙන්න මෙහෙමයි කිව්වේ. "කයිරෝගේ මෙම විග්‍රහය ඇහුවම අපිට කේන්ති ගියා. මම ඇහුවා ඔයා බියසුල්ලෙක් කියන කැප්ටන් බව්ලස් මේ අවුරුද්දේ නිර්භීතකම වෙනුවෙන් මහ රැජිනගේ පදක්කම දිනිව කෙනෙක් කියලා දන්නවද කියලා. ඔහු ඒ ගැන කතා කලේ නෑ. බියසුලු මිනිසෙක්, වංචනිකයෙක් කියලා වෙන කාට කිව්වත් අපිට කේන්ති යන්නේ නෑ. එත් කැප්ටන් බ්ව්ලස් වගේ කෙනෙක්ට කිව්වාම අපිට තරහා යනවා. අනික එක මහ රැජිනට කරන අපහාසයක්. මොකද එම පදක්කම පිලිගන්නුවේ වික්ටෝරියා මහ රජින නිසයි. අයට එම නිර්භීතකම පිලිබදව සහතික කරන්නේ හමුදාපති. ඉතින් මේ ඔක්කොම මෝඩ වෙන්න බැහැනේ.ඒ නිසයි අපි කයිරොට දොස් කිව්වේ. අපි ඔහුට කිව්වා කරුණාකරලා මේ වංචාව නවත්වන්න කියලා. එංගලන්තයේ ඉන්න නිර්භීතම සෙබලාටත් කයිරෝ කියන්නේ බයගුල්ලෙක් කියලා...." ඉතින් මොකක්ද මේකේ තේරුම. "ඉතින් ඊට පස්සේ මොකද උනේ." පොලිස් නිලධාරියා විමසීය. "මොනවා වෙන්නධ අපි එලියට බැස්සා. හැබැයි මම එක දෙයක් කියන්න ඕන. අපිට කොයිතරම් තරහ ගියත් මේ කැප්ටන් බව්ලස් මහත්තයාට තරහා ගියේ නෑ. කයිරොට දොස් කියන්න ඉදිරිපත් උනෙත් නෑ. අන්න බලන්න ශේෂ්ඨ මනස. තමාට දොස් කිවත් ඔහු කලබල උනේ නෑ. තමාගේ පදක්කම හෑල්ලුවට ලක් කලත් කයිරෝට විරුද්ධව වචනයක්වත් කිව්වේ නෑ. අන්න නිර්භීතකම. "ස්මිත්" නමැති හමුදා නිලධාරියා පැවසීය. එයා තවමත් කියන්නේ කාට උනත් වරදින්න පුළුවන් කියන එක විතරයි." "හැබැයි ඉතින් මෙතන චෝදනාවක් නැහැ" "ඇයි නැත්තේ." "කයිරෝ ඇත බලන්න කලින් ඔයා කිව්වද මේ කැප්ටන් බ්ව්ලස් ට නිර්භීත සෙබලාගේ පදක්කම ලැබුනා කියලා" "එහෙනම් කොහොමද මෝඩයෝ ඒ මනුස්සයා දැනගන්නේ මෙයා නිර්භීත සොල්දාදුවෙක් කියලා." කයිරෝට දොස් කියන්න එපා ඔය ගොල්ලන්ගේ වැරැද්ද"" පොලිස් නිලධාරියා මහ හැදින් සිනාසෙන්න විය. "මීට පස්සේවත් කයිරෝව හම්බ වෙන්න යනවානම් හම්බවෙච්ච පදක්කම්, සහතික එහෙම තියනවානම් ඒවා ඔක්කොම ගැන ඒ මහත්තයා කලින් දැනුවත් කරන්න. එතකොට මේ වගේ ගැටළු පැන නගින්නේ නෑ. අපූරුවට සාස්තරත් කියයි" පොලිස් නිලධාරියා සිනාසීම නවතා පැවසීය. "දැන්වත් ඔයාලට තේරෙනවද කෙනෙකුගේ අත දිහා බලලා මේ කරන්නේ මොන විදියේ ප්‍රෝඩාවක් ද කියලා. හෙට වෙන දේ අද කියන්නේ කොහොමද. බුද්ධිමත් පුත්ගලයෙකුට අනිත් මිනිහා වචන දෙකක් කතා කරනකොට හුගක් දේවල් තේරුම් ගන්න පුළුවන්. කතා විලාශය, කතා කරන වචන, ඇදගෙන ඉන්න ඇදුම, වාඩි වෙන විදිය, මේ හැම දෙයකින්ම යම්කිසි කතාවක් කියවෙනවා. ඒවායින් මුළු කතන්දරයම ගොඩ නගා ගත හැකියි. අද ඔය කවුරුත් කරන්නේ ඕක තමයි. මේ තරම් විද්‍යාව දියුණු කාලයේ මොනවටද ඕව පස්සේ යන්නේ. දැන් ඉතින් මෙතන මිනිස්සු අවුස්සන්නේ නැතුව ගෙවල් වලට ගිහින් තමුන්ගේ වැඩක් බලාගන්න" "පිස්සෝ රැලක්" තමාටම සෙමින් මුමුණා ගනිමින් පොලිස් නිලධාරියා යන්නට ගියේය. කැප්ටන් බව්ලස් ඇතුළු හමුදා නිලධාරින් තිදෙනාද එතනින් පිටමං වන බව පෙනුනි. කැප්ටන් බව්ලස් ගියේ හිස නමාගෙන කල්පනාකාරිවය. "හොදයි පදක්කම ගැන කියපු කතාව පැත්තකින් තියමුකෝ. මම වයස 46 දී මිය යන බවකුත් පවසුවනේ" ඔහු පැවසීය. "අනේ අල්ලලා දාන්න කැප්ටන්. ප්‍රධාන කාරණයක් බොරු වෙන කොට අනිත් කාරනා හරි යයිද. ආයේ ඔය කතාව අදින්න එපා. මේ ලැබුණු නිවාඩු කාලයේ අපි ටිකක් විනෝද වෙමු. එහෙනම් අපි විසිරිලා යමු. අනිද්දා ඩරන්ගේ ගෙදර රෑ කෑම මෙසේදී ආයෙත් මුණ ගැහෙමු." එදින රාත්‍රිය වනවිට කයිරෝ රාත්‍රී ආහාය ගෙන නිමවී සිය කවිච්චිය මත දිගාවී දුම්වැටියක් උරමින් දහවල හමුදා සෙබළුන් මතු කල ප්‍රශ්නය ගැන කල්පනා කරමින් සිටියේය. "නිභිත භාවයට බව්ලස්ට පදක්කමක්. එකත් රටේ තියෙන ඉහලම පදක්කම. මේක කොහොමද සිදුවුණේ." අත්ලෙහි මහපට ඇගිල්ලේ පිහිටීමත් ජිවන රේඛාවේ ඇති දිමත් අනුව කිසිසේත්ම සුවිශේෂී නිර්භිතබාවයක් ඔහු තුල පැවතිය නොහැකිය. රවී රේඛාවේ ගමන්මග අනුව මේ වකවානුවේ ඔහු කීර්තියට පත්වීම සිදුවිය හැකිය. එහෙත් නිර්භීතකම මේක කොහෙන් ආපු නිර්භිතකමක්ද." "ක්‍රින්..." විදුලි සීනුව නාද විය. තව මොහොතකින් නිග්‍රෝ ජාතික සේවකයා පැමිණ එය දැනුම් දෙනු ඇත. "සර්. අර දවල් කන්තෝරුව ලග අපිට බැනලා ගිය හමුදා නිලධාරියන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මම කිව්වා මේ වෙලාවේ හමුවෙන්න අමාරුයි සර් පොත් ලියන වෙලාව කියලා. එත් යන්නේ නෑ" "එක්කෙනයිද ඇවිල්ලා ඉන්නේ." "ඔව් සර් ඇත බලපු එක්කෙනා. තනියම ඇවිල්ලා" "හොදයි වාඩි කරලා තියන්න. මම එන්නම්." කයිරෝ කාර්යාල කාමරයට යනවිට කැප්ටන් පව්ලස් වාඩිවී සිටි හුස්නෙන් නැගී සිටියේය. "හෙලෝ කයිරෝ" කයිරෝ කතා නොකරම විමසිලිමත් දෑසින් බව්ලන් දෙස බැලීය. එම බැල්මෙහි මතු වුයේ "පැමිණියේ මන්ද" යන ප්‍රශ්නයයි. "කයිරෝ මට සමාවෙන්න. දහවල් ඇතිවුන සිද්ධිය ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මම කල්පනා කළා ඇවිත් ඔබව තනියම මුණ ගැසිලා සාකච්චා කල යුතුයි කියලා." "මගේ ප්‍රකාශ වලට ඔබ මොකුත් විරෝධයක් දැක්වුයේ නෑනේ. විරුද්ධව කතා කලේ ඔබේ යාලුවෝ. සමහර විට ඒගොල්ලන්ට ඒකට හේතු තියෙන්න ඇති." කයිරෝ පැවසුවේය. "මේ වෙලාවේ ඔබ වාදක දීලද නැත්තම් නිදහසේද ඉන්නේ. මට ටිකක් නිදහසේ ඔබ සමග කතා කරන්න අවශ්‍යයි" "හොදයි කැප්ටන් අපි වාඩිවෙලා නිදහසේ කතා කරමු. මමත් නිදහසේ ඉන්නේ." කයිරෝ කප්ටන්ට දුම් වැටියක් පිළිගන්වමින් පැවසීය. "දැනට දස වසරකට පෙර සිටම, එකියන්නේ දැන් මගේ වයස 30යි. වයස විස්සේ සිටම මම ඔට්ටු ඇල්ලීමට හුරු උනා. ඔබ මා සම්බන්ධව කිව්වා වගේම මා සතුව පුදුමාකාර වාසනා ගුණයක් තිබුනා. මේ ඔට්ටු අල්ලිම්වලින් මම විශාල වශයෙන් මුදල් ජයග්‍රහණය කළා. කවදාවත් මම අල්ලපු ඔට්ටුවක් සම්පුර්ණයෙන්ම පැරදිලා නෑ. ජයග්‍රහණය නොකරපු අවස්ථාවල වුනත් මම ජාමේ බේරගත්තා. මට මම ගැන ලොකු විස්වාසයක් තිබුනා. මෙම වාසනාව ඔස්සේම මම ඊළගට දෑත ගැහුවේ Stock Exchange වලටයි. මෙහිදීත් කයිරෝ මම වාසනාවන්ත බව ඔප්පු උනා. මම යෙදවූ මුදල් ඉතා සාර්ථක ලෙස ආපහු ආවා. එම ක්ෂේත්‍රයේ වාසනාවන්තම පුද්ගලයා මම බව ඒ කාලයේ හොදින්ම පිළිගැනීමක් තිබ්බා" "ඔව් කැප්ටන්, මම ඔය විත්තිය ඔබට අද දවල් කිව්වා. ඔබ පසුපස ඒ කාලයේ වාසනාව හබා ආවා." කයිරෝ පැවසිය. "ඒක මහා පුදුම දෙයක් කයිරෝ. මේ ලෝකයේ වාසනාව හා අවාසනාව කියලා මහා පුදුම සාධක දෙකක් තියෙනවා. අවාසනාවන්ත පුද්ගලයා, මොන ඩේ කලත් එක වරදිනවා වගේම වාසනාවන්ත පුද්ගලයා ඇත තියන සෑම දෙයක්ම රත්රන් වෙනවා.හැබැයි මෙහෙම වෙන්නේ ජිවිතයේ එක්තරා වකවානුවකදී විතරයි" "ඉතින් කයිරෝ මෙන්න මේ වාසනාවන්ත මාවතේ මම බොහොම විනෝදයෙන් පියමැන්නා. කෑම සදහා හොද හෝටල්, නාට්‍ය බලන්න එක්ක යන්න ලස්සන ගෑනු ළමයි,මුදල් මට තිබුනා. ජීවිතය සම්බන්ධ කිසිම බරක් මට තිබුනේ නෑ. විවහා වෙන්න කල්පනාවක් වත් මට තිබුනේ නෑ. ඔහොම ටිකෙන් ටික අපි 1899 අවුරුද්දට ආවා. එංගලන්තයට විරුද්ධව දකුණු අප්‍රිකානු යටත් විජිතවල කැරලි මතු වුනා. බෝයර්වරු තීරණාත්මක ලෙස එංගලන්ත හමුදා සමග ගැටුනා. යුද්ධ හමුදාවට තරුණයන් බදවාගන්න මධ්‍යස්ථාන හැම තැනම පිහිටෙව්වා. ලෝඩ් කිචනර් වගේ යුද්ධ නායකයෝ ජනතාවට කරුණු පැහැදිලි කලා. බෝයර්වරු පරාද කිරීමේ වැදගත්කම ගැන. මම මේ සෑම දේශනයකටම සහභාගී වුනා. අවසානයේ මම තීරණය කළා එංගලන්ත හමුදාවට බැදෙන්න. කතාව මදකට නතර කල කැප්ටන් බවුලස් ඉදිරියට නැවී පැකට්ටුවෙන් දුම්වැටියක් ගෙන දල්වාගත්තේය. "ඊට පස්සේ දකුණු පරිකානු යුද්ධ භූමියට ගියා." "ඔව් කයිරෝ මම හමුදාවට එක උනේ ඔය විදියටයි. මම දැන් ඔබට කියන්නම් මේ රෑ ඔබ හමුවීමට හේතුව. ඔබ කිව්වා මම බියගුල්ලෙක් කියලා. ඔබ කිව්වා සටනකදී මගේ දහිරිය නැති වෙනවා. මම අකර්මන්‍ය වෙනවා කියලා. මම කියන්න කැමතියි කයිරෝ ඔබ ඒ කියූ කරුණු සර්වප්‍රකාරයෙන්ම නිවැරදි බව. මම ඉතාම බියසුලු බව මට වැටහුනේ මම යුද්ධ භූමියට ගියාට පස්සේ. සතුරාගේ තුවක්කුවට මුහුණට මුහුණ හිටගන්නකම් මම හිතාගෙන හිටියේ මම නිර්භීත මිනිහෙක් කියලා. නමුත් කයිරෝ ලන්ඩනයේ විනොධයෙන් කාලය ගතකරද්දී මට දැනුනු හැගීමයි බෝයර් යුධ පෙරමුණේදී මට ඇතිවුන හැගීමයි අතරේ විශාල වෙනසක් තිබුනා. මම ඔබට කිව්වා නේද ලන්ඩනයේ කටයුතුවලදී මම වාසනාවන්ත උනා කියලා. එක ඉල්ලා අස්කරගන්නම් කයිරෝ. මම සැබවින්ම වාසනාවන්ත උනේ ලන්ඩනයේදී නෙවෙයි බෝයර් යුධ පෙරමුණේදීයි. "ඔබට මතකද දන්නේ නෑ "ඩමෙන්" නදිය ලග මහ සටන. අපේ හමුදාවේ බැටෑලියන එකක්ම බෝයර්වරුන්ගේ ඇම්බුෂ් එකකට අහුවුනා. අපේ හොදම නිර්භීත සෙබළුන් කුකුල් පැටවුන් වගේ මාරි වැටුනා. අපේ හොදම නිර්භීත සෙබළුන් තුන්සියයක් අතරින් පන බේරගන්න සමත් උනේ මම විතරයි. මම බේරුනේ මගේ ලක් එකටයි. මම බය බව ඇත්තයි. ඒ වුනත් මගේ වාසනාව කොයි තරම්ද කියනවනම් අවසානයේ මම මගේ වාසනාව ගැන විශ්වාස කළා. වාසනාව පිළිබද මේ සිතුවිල්ල මට මට බය පාලනය කරගන්න හුඝක් උදව් උනා. මම මට යමක් වෙන්නේ නෑ කියන හැග්හිමෙන් අනතුරු මැද්දෙන් යාමට පුරුදු වුනා. තවත් එක වතාවකදී අපේ රෙජිමන්ට් එකට උන් වට කරලා ගැහුවා. රෙජිමන්ට් එකේ සියලුම නිලධාරින් මැරුම් කාවා. ඉතිරි කට්ටිය ආරක්ෂා සහිතව ආපසු කාමප් එකට අරන් යන්න මට හැකි වුනා. මෙතන සිද්ධියෙන් පස්සේ මම කොමිෂන් නිලධාරින් උනා. එතන ඉදලා ඉතා පහසුවෙන් කැප්ටන් වුනා. දැන් ඉතින් කයිරෝ මම ඔබට කියන්න යන්නේ වසරේ නිර්භීතම සෙබලාට හිමි පදක්කම මට ලැබුන හැටියි. මේ කතාව ඇහුවාම ඔබට වැටහේවි බියසුලු වීමත් කොයි තරම් ප්‍රයෝජනවත්ද කියන එක. හැබැයි කයිරෝ ඔබ දන්නවා මම ජීවත්වෙන්නේ තව අවුරුදු 16යි. ඒ කියන්නේ 1816 දී මම මැරෙනවා. මම මැරෙන තෙක් මේ කතාව ප්‍රසිද්ධ නොකළ යුතුයි. මෙය තවත් කන් දෙකකට නොයා යුතුයි. " (ඊලග කොටස ලගදීම.......)*මේ කතාව ටයිප් කරන්න හරිම අමාරුයි ගුගල් සිංහලීස් ඉන්පුට් එකත් එක්ක. මේක fix කරගන්න හැටි කවුරු හරි දන්නවනම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න. ලොකු උදව්වක්.*.
BLOG
2014.10.14
http://nirogemaths.blogspot.com/
සා/පෙළ ගොඩ යන්න. සම්භාවිතාව 1
සුගත් නිරෝෂණ
ඔන්න ඉතින් සා/පෙළ විභාගයත් ගොඩක් ළඟටම ඇවිත්. ඉතින් මේ හදන්නේ සම්භාවිතාව කොටසේ ලක්ෂ්‍ය ප්‍රස්තාර වලට අදාළ ගැටළු ටිකක් දෙන්න. පාතින් බා ගන්න. අමාරු ඒවට උදව්වක් දෙන්නත් පුළුවන්. බාගන්න.
BLOG
2014.08.06
http://nirogemaths.blogspot.com/
සා / පෙළ ගොඩයන්න. ප්‍රස්තාර
සුගත් නිරෝෂණ
ඔන්න ඉතින් ගොඩදවසකට පස්සේ අයෙත් හිතුනා සා/ පෙළ ප්‍රස්තාර ගැන කතා කරන්න. අපි ඉස්සෙල්ලාම ප්‍රස්තාර අඳින්න කලින් පොඩි තැන ඉඳලම ඉගෙන ගමු. අද දෙන කොටස පහතින් බාගන්න. එහෙනම්, ප්‍රස්තාර දෙවන කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා.බාගන්න.
BLOG
2014.02.18
http://nirogemaths.blogspot.com/
10 වසර වැඩ කාරයන්ට 1
සුගත් නිරෝෂණ
ඉතින් යාලුවනේ කොහොමද. අද මේ දෙන්න හදන්නේ 10 වසර ඉගෙන ගන්න වැඩ කාරයන්ට නිබන්ධනයක්. මේ නිබන්දනයේ; වර්ගමුලය හා වර්ගඵලය යන පාඩම් ඇතුලත්.පාඩම් ඇතුලත් වෙනවා. A4 කොළ 4ක් තියන්නේ. බාගෙන ප්‍රින්ට් අවුට් ගත්තනම් ගොඩක් ලේසියි. මේ දෙන්නේ පලවෙනි නිබන්ධනය. අනිත් පාඩම් වලට වගේම අනිත් පන්ති වලටත් නිබන්ධන දෙන්න බලාපොරොත්තු වෙනවා.
BLOG
2014.02.18
http://nirogemaths.blogspot.com/
6 වසර පොඩ්ඩන්ට 1
සුගත් නිරෝෂණ
ඉතින් යාලුවනේ කොහොමද. අද මේ දෙන්න හදන්නේ 6 වසර ඉගෙන ගන්න පොඩ්ඩන්ට නිබන්ධනයක්. මේ නිබන්දනයේ; නිමානය හා සන්නිකර්ෂණය , කෝණ , සංඛ්‍යා රේඛාව යන පාඩම් ඇතුලත් වෙනවා. A4 කොළ 4ක් තියන්නේ. බාගෙන ප්‍රින්ට් අවුට් ගත්තනම් ගොඩක් ලේසියි. මේ දෙන්නේ පලවෙනි නිබන්ධනය. අනිත් පාඩම් වලට වගේම අනිත් පන්ති වලටත් නිබන්ධන දෙන්න බලාපොරොත්තු වෙනවා.
BLOG
2013.12.31
http://nirogemaths.blogspot.com/
වර්ගජ සමීකරණ විසඳන්න නියම බඩුවක්
සුගත් නිරෝෂණ
ඉතින් යාලුවනේ ,ගොඩක් කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ. මේ දවස් වල EXAM . දන්නවනේ ඉතින්. පාඩම් කර කර ඉදිද්දී ඔයාලවත් මතක් උනා. ඉතින් අපි වර්ගජ සමීකරණ විසඳන හැටි කලින් කතා කරලා තියනවනේ. මේ කියන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳන්න වෙන දෙයක් දෙන්න. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් පුළුවන් වර්ගජ සමීකරණයක විසඳුම් හොයා ගන්න. මේක සිංහල සොෆ්ට්වෙයා එකක්. වලින් හදලා තියන්නේ. 24kb තරම් පොඩි එකක්. වර්ගජ සමිකරණයේ සංගුණක ටික මේකට දුන්නාම සුටුස් ගාලා උත්තර එනවා. හැබැයි සංකීර්ණ සංඛ්‍යා වලින් එන උත්තර නම් එන්නේ නෑ.බාගෙනම බලන්න එහෙනම්. DOWNLOAD NOW මේක exe එකක් විදිහට තියන්නේ. ආය ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ.
BLOG
2013.11.07
http://nirogemaths.blogspot.com/
9 වසර ගණිත පෙළපොත PDF විදිහට බාගන්න.
සුගත් නිරෝෂණ
අද දෙන්න යන්නේ... 9 වසර ගණිත පෙළපොත PDF කරලා. ( 11 වසර පෙළපොත PDF එකක් විදිහට) ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද, අද තාක්ෂණයේ දියුණුවත් එක්ක E book ප්‍රචලිත වෙලානේ තියන්නේ. පොත් උස්සගෙන යනවා වෙනුවට Lap එකක් හරි ජංගම දුරකතනයක් හරි, Tab එකක් හරි අරන් යන එක ලේසියිනේ. O/L කරන අයට වගේම ගුරුවරුන්ටත් මේ ටික වැදගත් වෙයි. android phone ජනප්‍රිය වෙන කලයක්නේ මේ, එකකට දාගත්තනම් PDF ෆයිල් හොදට වැඩ කරනවා. rar විදිහට තියන්නේ. 9 mb විතර තියනවා. පහලින් download කර ගන්න. 6 වසර ඉදලා 10 වසරට යනකන් තියන ගණිත පෙළ පොත් ටිකත් ඉක්මනටම දෙන්නම්.
BLOG
2013.11.07
http://nirogemaths.blogspot.com/
සා/පෙළ ශ්‍රේඩි ගාන ගොඩදාගන්න.............
thilini sewwandi
ඉතින් යාලුවනේ,මම අද දෙන්න හිතුවේ................. සාමාන්‍ය පෙළ කරන අයට වැදගත් දෙයක්. ඔයාලගෙ exam එකට ගොඩක් මේ ලිපිය වැදගත් වෙයි. පසුගිය විභාග ගණනාවකින් එකතු කරල හදපු ශ්‍රේඩි ගණන් තියෙන pdf file එකක් තමයි දෙන්න.මේකේ තියෙන ගණන් ටික හදා ගත්තොත් 2වෙනි paper එකේ 7 වෙනි ගාන ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි. මේකේ අමාරු ගණන් තියෙනවා නම් අහන්නත් පුළුවන්....................එහෙනම් බාගෙන බලන්නකෝ.
BLOG
2013.10.17
http://nirogemaths.blogspot.com/
සා/පෙළ අත ළඟ
සුගත් නිරෝෂණ
ඉතින් යාලුවනේ සා/පෙළ විභාගය අත ළඟටම ඇවිත්. මේ හදන්නේ සා/පෙළ ලියන යාළුවන්ට maths පේපර් ටිකක් දෙන්න. හරි වෙලාවට time තියලා ලියන්න. මේ වෙලාවේ එක පේපර් එකක් දෙන්නම්. පේපර් ඕන අය email එක හරි ගෙදර ලිපිනය හරි එවන්න.මේ ඔක්කොම දෙන්නේ නොමිලේම..... email වලින් පේපර් ගන්න අයට pdf ටයිප් එකේ පේපර් එකක් ලැබෙන්නේ. ඒක ප්‍රින්ට් කරගෙන ලිව්වොත් තමා ගොඩක් හොඳ. පේපර් ලියන්න කලින් මේ ලිපි ටිකත් බලන්න ...........සා/පෙළ ගණිතය 1සා/පෙළ ගණිතය 2 සා/පෙළ සමත් වෙන්න ජ්‍යාමිතියසා/පෙළ සමත් වෙන්න වර්ගජ සමීකරණ එහෙනම් ජය වේවා.
BLOG
2014.11.30
http://hindisng.blogspot.com
Janam Janam - සංසාරය පුරාවට ඔබ මගේ අම්මා වෙන්නට ඇති අම්මේ - Phata Poster Nikla Hero - 2013 | Atif Aslam & Sunidi Chauhan | Shahid Kapoor
Dulan A
..ඒ සසර පුරා ඔබ මට අහසත් මුළු ලොවක්ම වෙන්නට ඇති අම්මේහදවතේ දෙවියන් වැඩ සිටිති යි මම දනිමීමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්Pagli hai duniya, rab ko manaaneMandir mazaaron, tak jaati haiGhar mein hi mere, hota hai teerathMujh ko nazar jab, maa aati haiලොව සැවොම දෙවියන් සොයාකෝවිල් දෙවොල් වෙත පියමනී..නමුදු මගේ අම්මා සිටින කල නිවසේදෙවියන් හා සමයිමාගේඅම්මාJanam janam meri ardaas maaJanam janam tu mera ehsaas maaSach ka pata dil mein hi hai par mujh ko ye pataMere dil mein rehti, bholi bhali meri maaසංසාර ගමණ පුරාවට ඔබ මගේ යැදුමයි අම්මේ...ඒ සසර පුරා ඔබවයි මගේ සිතුමන් පැතුම් අම්මේ...හදවත ගැඹුරේ සත්‍ය සැඟව තියේළුමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායි එනමුත්Bachpan se ab tak maa se kya seekhaaMain ye jahaan ko batlaaungaJab naaz hogaa, tum ko bhi mujh peWo din yakeenan, main laaungaකුඩාවිටම තේරුම් ගත්තා මගේ අම්මේමම කවදා හෝ ලෝකය ජයගන්නා විටඔබ මා ගැන ආඩම්බර වන බවJanam janam houn tera vishwaas maaJanam janam rahoon main tere paas maaIn khwahishon in koshishon se pehle to magarMere dil mein rehti, Bholi bhali meri maaසංසාරය පුරා ඔබේ විශ්වාසයයි වන්නට ඇති මම අම්මේසංසාරය පුරා ඔබ හා ජීවත් වන්නට ඇති මම අම්මේමගේ හැමදේකටම පලමුවත් ඔබයි අම්මාමා හදෙහි වෙසෙන්නේ මගේ අහිංසක අම්මායිගීතය බාගත කරන්න | Download Song (Film Version)චිත්‍රපටය :Phata Poster Nikla Heroගීතය‍: ජනම් ජනම්ගායනය : අතීෆ් අස්ලාම් සමඟ සුනිධී චෞහාන්පද : ඉර්ෂාඩ් කමිල්සංගීතය : ප්‍රීතම්අධ්‍යක්ෂණය : රාජ් කුමාර් සන්තෝෂ්රංඟනය : ශාහිඩ් කපූර්, පද්මිනි කොල්පුරේ, ඊලියානා ඩී සූzස්.
BLOG
2014.11.07
http://hindisng.blogspot.com
Sawan Aaya Hai - ඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ - Creature 3D 2014| Bipasha Basu |Imran Abbas | Arijith Sing | Arjun (18+)
Dulan A
Mohabbat barsa denaa tu, saawan aayaa haiTere aur mere milne ka, mausam aayaa hai ආදර වරුසාවක් වනු මැනේ,වැහි සමය එළඹ තිබේඔබ හා මා හමුවන කාලය එළඹ තිබේ.දුරස්ව සිටිනු එපා ආදරෙයේ මා ළඟින්ම සිටිනු ප්‍රියේ..ඔබ බලාපොරොත්තුවෙන් බලා සිටීයෙමි බොහෝ රාත්‍රීන්Kaise bataaun jazbaat ye mereMaine khud se bhi zyaada tujhe chaaha haiSab kuchh chhod ke aana tu, saawan aaya haiTere aur mere milne ka, mausam aaya hai මා හැඟුමන් කෙලෙසින් හඟවන්න දෝ ඔබටමටත් වඩා මා ආදරෙයි ඔබටසියල්ල හැරදමා එනු මැනේ වැසි සමය එළඹිලාඅපට හමුවන්නට කාලය එළඹිලාSabse chhupaa ke tujhe seene se lagaana haiPyaar mein tere hadd se guzar jaana haiItna pyaar kisi pe, pehli baar aaya haiBheege bheege tere lab mujh ko kuch kehte hainDil hai khush mera ki khayaal ek jaise hainRoko na ab khud ko yoon, sun lo dil ki baat koDhal jaane do shaam aur aa jaane do raat koKitna haseen ye lamha hai, kismat se maine churaaya hai දෙතොල් ඔබේ යමක් පවසයි මටඅප හැඟුම් එකම දේ පවසයි ඉන් හදවත ඉපිලෙයිනවතනු එපා දැන්, ඔබේ හදවත පවසන දෙයට සවන් යොවනු මැනේසවස වූවත් රාත්‍රිය වූවත් ගෙවන්නට දෙන්නමසුන්දර වූ මේ මොහොත මා දෛවයෙන් සොරා ගෙනාවෙමී....අපට හමුවන්නට කාලය එළඹිලා තිබේ....
BLOG
2014.10.29
http://hindisng.blogspot.com
Samjhawan -මා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝ- Humpty Sharma Ki Dulhania 2014 |Arijith Sing, Shreya Goshal, Alia Bhatt | Alia Bhatt , Varun Dhawan
Dulan A
comමා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති වඔබ මාගේ ආදරය ගැන මොනවා නම් දන්නවා දෝමා බලාසිටීමීඔබ මාගේ හදවතයි, ජීවිතය ද ඔබයි මාගේMere dil ne chun laiya neTere dil diyaan raahaanTu jo mere naal tu rehtaTurpai meriyaan saahaJeena mera.. hun hai tera,kee main karaanTu kar aitbaar meraමාගේ හදවත ඔබේ මග තෝරාගෙන ඇතඔබ මා හා සිටිනා විට මේ ජීවිතය නම් තවත් සැහැල්ලුවකීමාගේ ජීවිතය ඔබට පුදනවා හැරවෙන කුමක් නම් කරම් දෝඔබට මා විශ්වාස කල යුතු වෙනවාMain karoon intezar teraTu dil tuiyyon jaan meriMain tenu samjhaawaan keeNa tere bina lagda jeeමා බලාසිටීමීඔබ මාගේ හදවතයි, ජීවිතය ද ඔබයි මාගේමා ඔබට කෙලෙසින් නම් තේරුම් කරන්නදෝඔබ නැතිව මේ හදවතට ද පැවතුම් නැති වVe changa nayion keeta beebaDil mera tod keVe bada pachhtaiyaan ankkhaanNaal tere jod keඔබ දන්නේ නැ හදවද බිඳ දමන්නේ කෙසේ දෝ කියා කෙල්ලේඔය දෑස් හා බැඳීමෙන් මා දෑස් ද වේදනාවේTenu chhadd ke kitthe jawanTu mera parchhaavaanTere mukhde vich hi main taanRab nu apne paawaanMeri duaa.. haaye,Sajda tera kardi sadaaTu sun ikraar meraකොහේ කියා මා ඔබ හැර යන්න දඔබ සෙවනැල්ලයි මාගේඔය මුහුණේ මා දෙවියන් ද දකීඒ ඔබ වේවායි මා සෑමවිටම පත්නෙමීඒ පැතුමට සවන් යොමුකරනු මැනේMain karoon intezar teraTu dil tuiyon jaan meriMain tainu samjhawan kiNa tere bina lagda jee ගීතය බාගත කරන්න | DownloadSong | Arijith Singh , Shreya Goshal - Film Versionගීතය බාගත කරන්න | DownloadSong | Alia Bhatt - Unplugged Versionගීතය - සම්ජවාන්චිත්‍රපටය - හම්ටි ශර්මාකී දුල්හනියා (2014)ගායනය - අරිජිත් සින්ග් සමඟ ශ්‍රෙයා ඝෝශාල් ආලියා භට් (අන්ප්ලග් වර්ශන්)පද රචනය - කුමාර්සංගීතය - ශරීබ් සහා තෝෂීඅධ්‍යක්ෂණය - ශෂාන්ක් කයිතන්නිශ්පාදනය - කරන් ජොහාර්රංගනය - වරූන් ධ්වාන් සමඟ ආලියා භට්ගීතයේ කථාවමෙම ගීතයේ මුල් ගායනය රාහේත් ෆාහේත් අලී ඛාන් සමඟින් ෆාරා අන්වර් විසිනි.හම්ටි ශර්මාකි දුල්හනියා චිත්‍රපටය සඳහා සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් නව නිශ්පාදනයක් ලෙසින් යොදාගෙන තිබේ. මුල් පද රචනය අහ්මඩ් අනීස් හා ජාවේඩ් අහ්මඩ් සංගීතය සිදුකර තිබේ. පහතින් එම ගීතය ද ශ්‍රවණය කරන්න.
BLOG
2014.09.21
http://hindisng.blogspot.com
Kabi Jo Badal Barse - වැහි වැටෙනා විට ඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමී - Jackpot -2013 | Sunny Leone | Sachin J Joshi |Arijith Singh
Dulan A
..සමහර විට වැහි වැටෙනා විටඒ තුලින් දෑස් පුරා ඔබව දැකගනිමීඔබ හරියට සෘතුවේ වහිනා පළමු වැස්ස වාගේයි.................ඔබේ සෙවනේ රැඳෙන්නම්ඔබේ නමින් උමතු වී කියන්නම්සැපක් දුකක් වූව ද ඉවසන්නම් ප්‍රියේ.............කවුරුත්නෑ ඔබ වගේගමනාන්තයයි ඔබ සියල්ල මගේ එන්න තව ළං වීජීවිතේ බෙදාගන්න මා හාබැලුම් හෙලා මා වටහාPehle kabhi, na tune mujhegham diya.....පෙර,කවදාවත් ඔබ රිදුම් දී නැ මටඇයි මේ තනියම මා දමාඅප පෙම්කල මතකයන් සිතුවා ඔබ මගේ කියාමග වෙනස් කලේ ඇයි ඔබමෙලසින් කලේKabhi jo baadal barseMain dekhoon tujhe aankhein bharke......Download Song (film version)Download Song (Female version - Shreya Goshal)Download Song (Remix - Arjun)Download Song (Remix - Maxi)Download Song (Remix - Rishi)කබී ජෝ බාදල් බර්සේචිත්‍රපටය - Jackpot (2013)ගායනය - අරිජිත් සින්ග්සංගීතය - ශාරිබ් , තෝෂීපද රචනය - තුරාස්, අසීම් සිරාසිඅධ්‍යක්ෂණය - කයිසාද් ගුස්සාද්නිශ්පාදනය - රයිනා සචින් ජෝශීරංගනය - සනී ලියෝනි , සචින් ජේ ජොශී.
BLOG
2014.09.14
http://hindisng.blogspot.com
මට ඔයාවයි ඕනා - Zaroorat - Ek Villan - 2014
Dulan A
.හදවත තනිවම ඇයි දෝමේලෙසින් වෙන් වී සිටින්නට හේතු කුමන් දෝමාගේ ආත්මයම ඇයි මේලෙසින් ඉවසා සිටින්නේමා තනිවයි ජීවත් වූයේමට ඕනා ඔබයිAndheron se tha mera rishta badaTune hi ujaalon se waakif kiyaAb lauta main hoon in andheron mein phirTo paaya hai khud ko begaana yahaanTanhaayi bhi mujhse khafaa ho gayiBanjaaron ne bhi thukra diyaMain adhoora jee raha hoonKhud par hi ik sazaa hoonMujhe teri zaroorat haiMujhe teri zaroorat haiඅඳුර හා බැඳුන මා ජීවිතේ ඔබයි ආලෝකයක් එක් කලේදැන් මා ඒ අඳුරටම ආපහු ඇවිත්මගේ තනිකමයි මෙහි ඉතිරිව ඇත්තේමේ තනිකම ද මා හා වෛර බැඳංනිවසක් නැති මා ඉවත දමාඅසම්පූර්ණයි මා ජීවත්වූවත්මටම දණ්ඩනයකී මේමට ඔයාවයි ඕනාඔයාවමයි ඕනාTere jism ki wo khushbuyeinAb bhi in saanson mein zinda haiMujhe ho rahi in se ghutanMere gale ka ye phanda haiඔබේ සුවඳ මේ සුසුම් තුල තවමත් ජීවත්ව සිටියි.මා ගෙල වටා එතෙමින් මා තුල වේදනා ඇති කරයි.teri choodiyon ki wo khanakYaadon ke kamre mein goonje haiSun kar ise aata hai yaadHaathon mein mere zanjeerein hainTu hi aa ke in ko nikaal zaraaKar mujhe yahaan se rihaaMain adhoora jee raha hoonYe sadaayein de rahaa hoonMujhe teri zaroorat haiMujhe teri zaroorat haiඔබේ වළලු ගැටී දෝංකාර නංවයි මේ කාමරේ අවදි කරයි මතකයන් අපේමගේ දෑත් දම්වැලින් එතී තිබුනා ඔබ පමණයි ඇවිත් ඉන් මා මිදෙව්වේඅසම්පූර්ණයි මා ජීවත්වූවත්අමතමී මා ඔබට අමතමීමට ඔයාවයි ඕනාඔයාවමයි ඕනාගීතය බාගත කරන්න | Downloadචිත්‍රපටය - ඒක් විලන්ගීතය - සරූරත්ගායනය - මුස්තාෆා සාහිඩ්සංගීතය හා පද - මිතූන්අධ්‍යක්ෂණය - මෝහිත් සූරිනිශ්පාදනය - එක්තා කපූර්, ශෝභා කපූර්රංගනය - සිද්ධාර්ත් මල්හෝත්‍රා , ශ්‍රද්ධා කපූර්.
BLOG
2014.08.04
http://hindisng.blogspot.com
කවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේ - Banjaara - Ek Villan - 2014
Dulan A
හදවත ද එසේ පවසන්නේ ඇයි. අළුත් හැඟුමන් මා තුල පිබිදිලා ඒවා මොනවාගේ දැයි කියන්නට මට ද තේරෙන්නේ නැ මා තුල නව බලාපොරොත්තු ඇති වෙලා හරියට යමෙක් මා පිලිගත්තා වගෙයි Haan.. Kisi shaayar ki ghazalJo de rooh ko sukoon ke palKoi mujhko yun mila haiJaise banjaare ko gharNaye mausam ki seharYaa sard mein dopaharKoi mujhko yun mila haiJaise banjare ko gharආත්මයම ශාන්තියට පත්කරන්නා වුකවියෙක්ගේ සුන්දර පැබැඳුමක් වගේමට ඔබ හමු වූවානිවසක් නැත්තෙකුට නිවසක නවාතැන් හමුවූවා සේසෘතුවේ පීදෙනා නව උදෑසනක් සේශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේහමු වූවා යමෙක් මටනිවසක් නැත්තෙකුට නිවසක නවාතැන් හමුවූවා සේ Jaise koi kinaaraDeta ho sahaaraMujhe wo mila kisi mod parKoi raat ka taaraKarta ho ujaalaWaise hi roshan kare woh sheharසහයන් දෙන මර්යාදාවක් සේඇය මට හමූ වී පෙරලියක් කරාරැයක දිලෙන තාරකාවක් සේඇ මුළු නගරයක්ම එලිය කරාDard mere woh bhula hi gayaaKuch aisa asar huaaJeena mujhe phir se woh sikha rahaඇ මගේ වේදනාවන් අමතක කරායඇ මා තුල වෙනසක් ඇති කරායඇය මට නැවතත් ජීවත් වන්නට ඉගැන්වූවාHmm..Jaise baarish kar de tarYaa marham dard parKoi mujhko yun mila haiJaise banjare ko gharNaye mausam ki seharYaa sard mein dopaharKoi mujhko yun mila haiJaise banjaare ko gharවර්ශාවකින් සියල්ල සේදී යන්නා සේරිදුම් දෙන තුවාලයට ඖෂධ ගැල් වූවා සේහමු වූවා යමෙක් මටඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේසෘතුවේ පීදෙනා නව උදෑසනක් සේශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේහමු වූවා යමෙක් මටඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේMuskaata yeh chehraDeta hai jo pehraaJaane chhupata kya dil ka samandarAuron ko toh hardam saaya deta haiWoh dhoop mein hai khada khud magarChot lagi hai usey,Phir kyun mehsoos mujhe ho raha haiDil tu bata de kya hai iraada teraඔය වතේ ඇඳෙන සිනහවන්මා රක්ෂා කරයිකිසිවෙකු දන්නේ නෑ සයුරක්එහි හදවතේ කුමක් නම් සඟවා සිටීදෝ කියාඈ හිරු රැස් දරමින්අන් සැමට සෙවණක් වෙයිඇ හට යම් අනතුරක් වූ සැනින්එහි වේදනාවන් මා හට ද වෙයිහද, ඔබම කියන්න ඔබේ අරමුණ කුමක් දෝ කියාMain parinda besabarTha uda jo darbadarKoi mujhko yun mila haiJaise banjarey ko gharNaye mausam ki seharYaa sard mein dopaharKoi mujhko yun mila haiJaise banjarey ko gharමම පියඹා යන්නෙමි තැනින් තැනටඉඩහසරක් නැති පක්ෂීයෙකු ලෙසින්හමු වූවා යමෙක් මටඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේසෘතුවේ පීදෙනා නව උදෑසනක් සේශීත සෘතුවේ එළඹෙනා සැඳෑවක් සේහමු වූවා යමෙක් මටඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේKoi mujhko yun mila haiJaise banjare ko gharJaise banjare ko ghar.......හමු වූවා යමෙක් මටඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේඅහිගුණ්ඨික ජීවිතයකට නිවසක් හමූ වූවා සේගීතය බාගත කරන්න | Downloadචිත්‍රපටය - ඒක් විලන් (2014)ගීතය - බන්ජාරාගායනය - මොහොඩ් ඉර්ෆාන්පද රචනය - මිතූන්සංගීතය - මිතූන්අධ්‍යක්ෂණය - මෝහිත් සූරිනිශ්පාදනය - එක්තා කපූර්,ශෝභා කපූර්රංගනය - සිද්ධාර්ත්, ශ්‍රද්ධා කපූර්.
BLOG
2014.07.30
http://hindisng.blogspot.com
මා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයි - Pardesiya Yeh Sach Hai Piya - Mr. Natwarlal - 1979*
Dulan A
O pardesiyaඕ පිටරැටියාණෙනි,Pardesiya yeh sach hai piyaSab kehte hain maine tujhko dil de diyaපිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේමා ඔබට හද දුන් බව සැවොම පවසයිPardesiya yeh sach hai piyaSab kehte hain maine tujhko dil de diyaපිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේමා ඔබට හද දුන් බව සැවොම පවසයිMain kehti hoon tune mera dil le liyaමා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයිPhoolon mein kaliyon mein gaaon ki galiyon meinHum dono badnaam hone lage hainNadiya kinare pe, chhat pe chaubaare peHum milke hansne rone lage hainපුෂ්පයන්හී, ගහකම මෙන්ම ගම්මානේ මාවත් දිගේඅපට නරක නම් පටබැඳුන දගං ඉවුරේ හැම ඉසව්වක දීමඅප හමු වී සිනහා වීමු හැඬුවෙමු එක් වීSunke piya, sunke piya dhadke jiyaSab kehte hain maine tujhko dil de diyaMain kehti hoon tune mera dil le liyaප්‍රියේ අහන්න මා හද ගැස්මන් පවාසැම පවසයි මා ඔබට හද දුන්නා කියාඑනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයිHoHa ha ha ha, ho ho ho ho hoLogon ko kehne do kehte hi rehne doSach jhooth hum kyun sabko bataayenMain bhi hoon masti mein tu bhi hai masti meinAa is khushi mein hum naache gaayenමිනිස්සුන් ඕන දෙයක් කියාපුදෙන්ඇත්ත නැත්ත අපි කුමට අනිත් අයට කිව යුතු ද.මම සතුටින් ඔබ ද සතුටින්එන්න ගීයා එක්ව නටා සමරන්න ට ඒ සතුටේKisko pataa kyaa kisne kiyaSab kehte hain tune mera dil le liyaකවුදෝ දන්නේ කවුරුන් කුමක් කරා දෝ කියාසැම පවසයි මා ඔබට හද දුන්නා කියාඑනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයිSab kehte hain maine tujhko dil de diyaසැම පවසයි මා ඔබට හද දුන්නා කියාMera dil kehta hai tu dil mein rahta haiMeri bhi dil ki kali khil gayi haiTeri tu jaane re maane na maane reMujhko meri manzil mil gayiමගේ හදවත පවසන්නේ ඔබ එ් තුල සිටින්නා බවයිමා හද පුෂ්පයන් පවා විකසිත වීඔබ දන්නවා ඔබ ඒය පිලිගත්ත ද ප්‍රතික්ෂේප කරා වුව දමාගේ ඉරණම මා සොයාගත් බවTu mil gaya mujhko piyaSab kehte hain maine tujhko dil de diyaMain kehti hoon tune mera dil le liyaඕ පෙම්වත ඔබ මට හමු වූවාසැම පවසයි මා ඔබට හද දුන්නා කියාඑනමුත් මා නම් කියන්නේ ඔබ මා හද හොරාගත් බවයිPardesiya yeh sach hai piyaSab kehte hain maine tujhko dil de diyaපිටදේසින් ආ මා පෙම්වතාණෙනි, සත්‍යයි මේ පවසන්නේමා ඔබට හද දුන් බව සැවොම පවසයිMain kehti hoon tune mera dil le liyaමා නම් පවසන්නේ ඔබ මා හද හොරාගත් බවයිගීතය බාගත කරන්න | Download (Film Original Version)ගීතය බාගත කරන්න | Download (Remix)චිත්‍රපටය - මිස්ටර් නට්‍ර්වලාල් (1979)ගීතය - පර්දේසී යාසංගීතය - රාජේෂ් රෝෂන්ගායනය - කිශෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කාර්පද - ආනන්ද් භක්ෂීඅධ්‍යක්ෂණය - රාකේෂ් කුමාර්නිශ්පාදනය - ටෝනි ග්ලාඩ්රංගනය - අමිතාබ් බච්චන්, රේඛා‍ෙ.
BLOG
2014.07.14
http://hindisng.blogspot.com
ඔබේ නිම්තෙරේ ඔබ සමීපයේ - Teri Galliyan - Ek Villan - 2014
Dulan A
Jab tak hum kisi ke humdard nahi bante na,Tab tak hum dard se aur dard hum se juda nahi hota“අප එකිනෙකාගේ වේදනාවන් තේරුම් නොගන්නා තාක් කල්අප කවදාවත් තම තමන්ගේ වේදනාවෙන් මිදිමක් නැහැ වගේම වේදනාවන් ද අපෙන් ඇත්වෙන්නේ නැ“Yahin doobe din mereYahin hote hain savereYaheen marna aur jeenaYaheen mandir aur madeena..මා දවස ගෙවෙන්නේ මෙතැනයිහුදකලාවේ දවස අරඹන්නේ මෙහි සිටයිජීවිතයත් මරණයත් මෙහිදීමයිමදීනාවත් දෙවොලත් මෙහිමයිTeri galliyan......ඔබේ නිම්තෙරේ ඔබේ සමීපයේමා හටම වන ඔබේ මාවතේඔබේ මාවතේ ඔබ සමීපයේමා හට වේදනා දෙවයි ඔබේ නිම්තෙරේTu meri neendon mein sota haiTu mere ashqon mein rota haiSargoshi si hai khayaalon meinTu na ho, phir bhi tu hota haiHai silaa tu mere dard kaMere dil ki duaayein hain.. Teri galliyanමා නින්දෙහි ඔබ සැතපෙයිමගේ කඳුලෙහි ඔබගේ හැඬුමයිමා සිතුවිල්ලේ ඔබගේ පැතුමයිඔබ නැතිමුත් ඔබ එහි සිටීයිමා දුන් වේදනාවේ ඵලය ද ඔබ වේවාමා පතන්නේ මෙයයි ඔබ සමීපයේKaisa hai rishta tera-meraBe-chehra phir bhi kitna gehraYe lamhe, lamhe ye resham seKho jaayein....ගැඹුරු මේ ආදරයට අරුතක් දෙන්නට නොහැකිකෙලිසින් කියනවා නම් අප ප්‍රේමයමේතරම් වේගයෙන් ගෙවෙනා අවස්ථානැතිවීමයාමට ඉඩක් නොදෙමු.කාලයේ යාත්‍රා නවතාලමුඉන් අප හදවත් නොවී හිඳීවීTeri Galiyaan, galiyaan teri galiyaan... galiyaanඔබේ නිම්තෙරේ ඔබේ සමීපයේමා හටම වන ඔබේ මාවතේඔබේ මාවතේ ඔබ සමීපයේමා හට වේදනා දෙවයි ඔබේ නිම්තෙරේ[Smile...ඒ රාක්ෂයෝගීතය බාගත කරන්න | Download (Film)** SPECIAL VERSION ගීතය බාගත කරන්න | Download (Unplugged - by SHRADDA KAPOOR)චිත්‍රපටය - ඒක් විලන් (2014)ගීතය - තේරි ගලියාන්ගායනය - අන්කිත් තිවාරී* Unplugged Version - ශ්‍රද්ධා කපූර්පද රචනය - මනෝජ් මුන්ෂ්ටාර්සංගීතය - අන්කිත් තිවාරී, මිතූන්අධ්‍යක්ෂණය - මෝහිත් සූරිනිශ්පාදනය - එක්තා කපූර්,ශෝභා කපූර්රංගනය - සිද්ධාර්ත්, ශ්‍රද්ධා කපූර්.
BLOG
2014.07.09
http://hindisng.blogspot.com
රබන් වයන්නානෙ නී රබාන වයනු මැනේ - Dafliwale dafli baja - Sargam -1970
Dulan A
Lata:Dafliwale dafli bajaMere ghungroo bulate hai aaMain nachoon tu nachaDafliwale dafli bajaMere ghungroo bulate hai aaMain nachoon tu nachaDafliwale dafliwaleරබන් වයන්නානෙ නී රබාන වයනු මැනේමා සළඹ හඬයි ඔබට එන්නටයි කියාමා රඟන්නේමී එහි රිද්මය ඔබයිරබන් වයන්නානෙ නී රබාන වයනු මැනේTere bin main kya mere bin tu kyaIk duje bin ham akeleDonon ke man se man ke milan seLagte hain sargam ke mele haay haay haayTu tode ke jode tu rakhe ke chodeYe dil kiya tere hawaleDafliwale dafli bajaMere ghungroo bulate hai aaMain nachoon tu nachaඔබ නැතිව මා කවරහු දෝමා නොමැතිව ඔබ කවුරුන් දෝඑකිනාගෙන් දුරස් වූවහොත් තනිවෙනවා නොවේදෝදෙදෙනාගේ හිත එකිනෙකට යාවෙලාහරියට සප්තකයේ ස්වරයන් වගේඔබට හද පිදුවෙමිඑය රකින්නේ ද බිඳින්නේ දතීරණය ඔබ සතුයිරබන් වයන්නානෙ නී රබාන වයනු මැනේමා සළඹ හඬයි ඔබට එන්නටයි කියාමා රඟන්නේමී එහි රිද්මය ඔබයිRafi:Teri chamcham se meri damdam seKya rang chaane laga haiඔබ ගිගිරි සරත් මා වයන පදත්කෙතරම් නම් විනෝදයක් රැගෙන ඇවිත් ද.Lata:Aankhon ke raste tu hanste hansteDil mein samaane laga hai haay haay haayඔය දෑසේ සිනහවන් පවසන්නේමා හද පිලිගත් බව නොවේ දෝRafi:Unhe bhi dikhaoUnhe bhi dikhao unhe bhi bulaaoKahan hai ye duniyawaleඔබත් එය මට පෙන්වාලෝකයට ම ඒ පවසනවා නොවේදෝLata:Dafliwale dafli bajaMere ghungroo bulate hain aaMain naachoon tu nachaDafliwale dafliwaleරබන් වයන්නානෙ නී රබාන වයනු මැනේමා සළඹ හඬයි ඔබට එන්නටයි කියාමා රඟන්නේමී එහි රිද්මය ඔබයිගීතය බාගත කරන්න |Downloadචිත්‍රපටය - සර්ගම් (1970)ගීතය - ඩෆලී වාලේගායනය - මොහොමඩ් රාෆී සමඟ ලතා මංගේෂ්කාර්සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්යාරේ ලාල්පද - ආන්නද් භක්ෂීඅධ්‍යක්ෂණය - කේ විශ්වනාත්නිශ්පාදනය -රංගනය - රිශී කපූර් සමඟින් ජෛප්‍රදා.
BLOG
2014.07.01
http://hindisng.blogspot.com
ඔබට දෙවියන් ලෙසින් පිදුවෙමී - Maine khud ko de diya hai tujh ko - Ragini MMS 2 - 2014
Dulan A
.. din meraඔබට දෙවියන් ලෙසින් පිදුවෙමීමා ඔබේයි ඔබේමයිඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවීමාගේ දිනයන් , දිනයන් මාගේAa tujh mein bitaaun ratiyaanDil dil ko sunaaye batiyaanAa tujh mein bitaaun ratiyaanHo tu mujh mein kahin pe bas jaaපැමිණේන ප්‍රියේ, මා ඔබේ තුරුළේ රැය පහන් කරමී,අප හදවත් කථාකරාවීප්‍රියේ එනු මැනේ , ඔබ හා රැය පහන් කරන්නමීපැමිණ මා තුල ජීවත් වනු මැනේTune chhuaa to main dhadakne lagaDil ki duaa hothon pe rakhne lagaඔබේ පහසින් හදගැස්මන් ද සැලෙන්ට ඇරඹේපැතුමන් හදේ දෙතොලේ තබාMeri raahein, kadmon pe tere rukeinYe panaahein, sajde mein tere jhukeinඔබේ පිය අද්දරින් මාගේ මාවතේ නිමාවයිමේ ගමන් ඔබට කරන්නා වු ආචාරයකී... din meraඔබට දෙවියන් ලෙසින් පිදුවෙමීමා ඔබේයි ඔබේමයිඉන් මඟ නොහැරේවී, ආපසු හරවාවීමාගේ දිනයන් , දිනයන් මාගේගීතය බාගත කරන්න | Downloadචිත්‍රපටය: Ragini MMS 2 (2014)සංගීතය: Pranay Rijiaපද රචනය : Kumaarගායනය: Mustafa Zahidඅධ්‍යක්ෂණය : Bhushan Patelනිශ්පාදනය : Ekta Kapoorරංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස්.