category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG
|
2014.12.11
|
http://ctkumara.blogspot.com
|
ජවිපේ හයිය මෛත්‍රී මහත්තයට...
|
මාරයාගේ හෝරාව
|
වැඩි වැල් වටාරං නැතිව මං මේ ගණන් හදා බලන්ට යන්නේ මේ පාර ජවිපේ හරහා මෛත්‍රී මහත්තයට කොයි තරං තල්ලුවක් ගතෑකිද කියලා හොයලා බලන්ට...ඔව් ඔව් මේ වතාවේ ඉතිං ජවිපේ මෛත්‍රී මහත්තයට සපෝට් නැහැ තමා.. එහෙමනේ එයාලා කියන්නේ... අර විමල් ගොයියා අනුරට නක්කලේ දානවා වගේ “අන්න සතා මෙන්න පොල්ල අපිනං සිල්“ තියරිය තමා.. ඒත් ඉතිං නොකියා කියන්නේ අපි මෛත්‍රීටම තමයි කියලා මිසක් වෙන මොකක්දෑ... :Dඒත් දැන් ලොකු තැන්වලින් කිව්වටවත් ගංවල උන් පෝස්ටර් ගහන්න ගස් ගල් ගානේ බඩ ගාවන්න අමාරු හින්දයි.. පෝස්ටර් බලකායේ හිටිය දක්ෂ බඩු ටික කුරුට්ටෝ එක්ක ගිය හින්දයි.. මේකට කෙලින්ම බැස්සොත් තියෙන ජවිපේ ඡන්ද ටිකත් ඊ ළග වතාවේ හෝදලා යන එක ඉර හද වගේ ෂුවර් හින්දයි... එයින් පස්සේ සුපුරුදු විදියට පහුගිය වතාවල් වල උනා සේම තමන් සපෝට් කල එකා තමන්ට ඇරලා දැම්මම ඇවිත් කියන්න කතාවක් හදා ගන්න තියෙන අමාරුව හින්දයි වගේ ඉතාම සාධාරණ හා මානුෂිය හේතු මත ජවිපේ මේ ගත්ත තීරණය නිවැරදිම එකක් කියලයි මං හිතන්නේ...වෙනම ඉල්ලිල්ල එයිට එහා ගස් යන වැඩක්... බොහෝම ආමාරුවෙන් බුකියේ ජනාධිපති වෙලා හරි ඌවේ ඡන්දේ වෙනකල් අල්ලං හිටිය අළුත්ම නඩේ ගුරා වෙච්ච අනුර කුමාර කරුණානායක සහෝදරයගේ සායම යන හින්දා ඒක කරන්න බැහැ මොන විදියකින්වත්... එව්වාත් අපි තේරුම් ගත යුතු දේවල්... ඒවට දොස් කියලා වැඩක් නැහැ..ඉතිං අපි වඩාත් ප්‍රායෝගික වෙලා මේ වෙලාවේ කරන්න ඕන ඒ කොරන්න බැරි දේවල් පැත්තක තියලා දැන් මේ කරන්න යන වැඩේ.. ඒ කිව්වේ මේ වට වන්දනාවෙන් මෛත්‍රී මහත්තයට සපෝට් කරන්න ගත්ත තීරණය සාර්ථක කරගන්න හැටියක් ගැන කල්පනා කොරන එක තමා...අපි කවුරුත් දන්නවනේ ඉතිං කෙනෙකුට දෙයක් දෙන්නනං තමන් ගාව පළමුවෙන්ම දෙන්න දෙයක් තිබිය යුතුයි කියන සරල කාරණාව... තමන්ට නැති දෙයක් කොහෙන් දෙන්නද....හරි එහෙමනං වංගු ගහලා හරි මෛත්‍රී මහත්තයට දෙන්න කොච්චර හයියක් ජවිපෙට මේ මොහොතේ තියෙනවද... ඒ කිව්වේ ඡන්ද පදනමක්... ( කතා වලින් දෙන හයියක් තියෙනවා උනත් කෙලින්ම සප් එකක් දෙන්නේ නැති තැනක ඉද්දි ඒක ඒ තරමටම ප්‍රායෝගික නැහැ... මිනිස්සු උනත් කාටවත් සපෝට් කරන්නේ නැහැ කියලා කියන ගමන් එක්කෙනෙකුට විතරක් ගහන අය කියන දේ ඒ හැටි කණකට ගන්නේ නැහැ.. ඒකත් හරියට අර අයිටීඇන් එකේ තුලාවට උනා වගේ වැඩක්.. එක පැත්තක එකෙක් දාගෙන නිවේදකයයි ඒකයි පාලු ගෙයි වළං බිඳිනවා වගේ මැන්ටල් වැඩක් )හරි අපි දැන් හොයමු මේ පාර මෛත්‍රී මහත්තයට ජවිපෙන් කොච්චර ඡන්ද ලැබෙයිද කියලා... ඒකට ඉතිං අපි පරණ මැතිවරණ වාර්ථා දෙක තුනක් අහුලං එමු ඒවා තියෙන තැනින්ම.. ඒ කිව්වේ මෙතැනින්...Department of Electionsඕකෙන් තොරතුරු ගත්තාම ලේසියි ඉතිං කාට උනත් බලා ගතෑකි තැන නෙව...හරි අපි යමු මුලින්ම ජවිපේ තනියම ඉල්ලපු වෙලාවක් හොයාගෙන... ඇත්තටම කිව්වොත් එහෙම පැහැදිලි එකක් හොයා ගන්න අමාරුයි...2010 ජනාධිපතිවරණය... ෆොන්සේකා දිනවන්න යූඇන්පීය ඇතුළු පක්ෂ රාශියක් එක්ක එකට එකතු වෙලා කැප උනා.. වෙනම ඉල්ලුවේ නැහැ.. ෆොන්සේකා මහත්තයා ගත්ත 4173185 ක් (හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය අසූ පහක් ) උන ඡන්ද ප්‍රමාණය ඇතුලේ ජවිපේ ඡන්ද ටික හැංගිලා ගියා... ඒ සමස්ථ ජවිපේ බලයමයි කියලා කියන්න අමාරු උනත් සැලකිය යුතු තරමක ජවිපේ ඡන්ද එතනදී ප්‍රකාශ උනා කියලා අපිට හිතන්න පුළුවන්...2010 මහ මැතිවරණය... එතනදීත් ෆොන්සේකා මහත්තයා එක්ක එකට එකතු වෙලා ඡන්දය ඉල්ලුවා මුළු රටින්ම දෙගොල්ලම එකතු වෙලා ඡන්ද 441251 ක් (හාර ලක්ෂ හතලිස් එක් දහස් දෙසිය පනස් එකක්) ගත්තා. එතනදිත් ජවිපේ ඡන්ද ෆොන්සේකා මහත්තයගේ ඡන්ද එක්ක කලවං උනා.. පැහැදිලි අදහසක් ගන්න අමාරුයි...ප්‍රාදේශීය සභා ඡන්ද වලින් මේක හොයන්න ගියොත් ලේසි නැහැ...(කාට හරි පුළුවන්නං ඒකත් හොයලා එකතු කරලා බලලා කියන්න ඒක ලොකු උදව්වක්)අපිට ගන්න පුළුවන් පැහැදිලිම අදහසක් ගන්න ඉතිරි වෙලා තියෙන්නේ පසුගිය පළාත් සභා ඡන්ද වලින් විතරයි.. ඒ අනුව අපිට මෙන්න මෙතනින් ගන්න සංඛ්‍යා ටික මෙහෙම දක්වන්න පුළුවන්...(2014) ඌව පළාත - 36580 (2014) බස්නාහිර පළාත - 156208(2014) දකුණු පළාත - 109032(2013)මධ්‍යම පළාත - 13887(2013)උතුරු පළාත - 288(2013)වයඹ පළාත - 19624(2012)නැගෙනහිර පළාත - 3154(2012)උතුරු මැද පළාත - 16066(2012)සබරගමුව පළාත - 12164සියල්ලගේම එකතුව 367003 යි.(ගණන් හිලවු වල වැරැද්දක් ඇතොත් පෙන්වන්න මම එක පාරින් මේ ටික ලියාගෙන යන්නේ වැඩිය බල බල ඉදිල්ලක් නැහැ...)හරි ඒ කියන්නේ ඔය ගාන තමයි අද වෙද්දි ජවිපෙට තියෙන උපරිම ඡන්ද හැකියාව කියලා අපිට හිතන්න පුළුවන්... මොකද මට මතක හැටියට ජවිපෙට සිද්ධ උන දරුණුම බිඳ වැටිම් දෙකම උනේ ඔය 2012 පළාත් සභා මැතිවරනයට කලින්... (විමල් වීරවංශගේ කඩාගෙන යාම -2008/ පෙරටුගාමීන්ගේ කඩාගෙන යෑම - 2011) එහෙම ගත්තම ඔයින් පස්සේ ඔය ඡන්ද පදනමේ ලොකු වෙනසක් වෙන්න තරං කාලයක් ආවේ නැහැ.. ඒකට හොදම උදාහරණය හැටියට අපට ගතෑකි නව නායක අනුර කුමාරගේ පත්විමෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ වගේ ඔහු සෑහෙන්න ජනප්‍රිය උනත් එයට සාපේක්ෂව බිම් මට්ටමේදී වැඩි උන ඡන්දයක් නැහැ කියලා ඌවේදී ඔප්පු වීම වැනි කාරනා හරහා.. අනුරට ලැබුන වැඩි දිස්නය ආවේ රනිල් සමග කලකිරීමේන් හා දිගින් දිගටම පරාජිත යූඇන්පීය තුල සිටිමින් යූඇන්පීය වෙනුවෙන් කතා කිරීමට ලැජ්ජා සිතුනු බුකීවාසී බහුතර යූඇන්පී පාක්ෂිකයින් වෙතින්.. ඒ අය එවෙලේ ගැලවීමට අනුරගේ කරේ එල්ලුනාට සැබෑ ජේවිපී කාරයින් නොවන බව පැහැදිලියි.. (මේ වෙද්දි ඒඅය අතුරින් සමහරක් බැහැලම නැවත තමන් හිටිය තැන වැඩ කරනවා බලාගන්නත් අපට පුළුවන්.. ) ඒ අනුව ගත්තම අපට ඔය “තුන් ලක්ෂ හැට හත්දහස් තුන“ ජවිපේ වත්මන් උපරිම හැකියාව හැටියට සලකන්න පුළුවන්...එතකොට ජවිපෙ හරහා මෛත්‍රී මහත්තයට ඔය තුන් ලක්ෂ හැටහත් දාස් තුනෙන් කොච්චර ඡන්ද ලබා දෙන්න පුළුවන් වෙයිද.... සම්පූර්න ගානම....මම නම් හිතන්නේ නැහැ.. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී උනත් ෆොන්සේකා මහත්තයට සම්පූර්ණ ජවිපේ ඡන්ද කුට්ටියම ආවා කියලා හිතන්න අමාරුයි.. අපි එහෙම ආවා කියලා හිතුවත් උපරිමය තමා ඔය ගාන... ඔයිට වැඩි බලයක් ජවිපෙට කිසිම කෙනෙක් වෙනුවෙන් දෙන්න හැකියාවක් නැහැ... එතකොට ඕකෙන් යම් යම් හේතු නිසා යම් ප්‍රමාණයක් අඩු වෙන්න හැකියාවනං තියෙනවා...මොනවද හේතු... ගිය වර ෆොන්සේකා මහතා ඉල්ලුවේ කෙලින්ම ඔහුටම ජනාධිපති වෙන්න වීම හරහා ජවිපේ ගනුදෙනු තිබුනේ ඔහු සමගයි.. නමුත් අද බලය ඉල්ලන්නේ මෛත්‍රී මහත්තයා.. බලය ලැබුනට පස්සේ ඒ බලය ව්‍යවස්ථානූකූල ක්‍රමයක් හරහා යොමු කරනවා කියන්නේ රනිල් උන්නැහේට... පොඩි අවුල් සහගත තත්වයක් එතන තියෙනවා.. ජවිපේ සාමාජිකයින් ෆොන්සේකාට කොහොම වෙතත් රනිල්ට කැමතියි කියලා මං හිතන්නේ නැහැ.. අනුර කුමාර කොච්චර කිව්වා උනත් මිනිස්සුන්ට තම තමන්ගේ පුද්ගලික හැගීම්.. මතවාදයන් නැති වෙන්නේ නැහැනේ... 2005 දී මහින්දට උදව් කරන්න ජවිපේ ඉදිරිපත් වීමට වඩා සෑහෙන වෙනසක් මේ තැනදී තියෙනවා... මහින්ද කියන්නේ අතීතයේදී ජවිපේ යම් ආකාරයක මිතුරෙක් විනා සතුරෙක් නෙවෙයි... මහින්ද නිසා දකුණේ භීෂණ කාලයේ දිවි ගලවගත්ත අය හිටියා වගේම ඒ ගැන සෑහෙන පිරිසක් දැනුවත්ව හිටියා... ඒ හින්දා මහින්ද වෙනුවෙන් පෝස්ටර් අලවන්න.. වැඩ කරන්න.. ඡන්දේ දෙන්න ජවිපේ පහලම සාමාජිකයාට උනත් බැරි අමාරුකමක් තිබුනේ නැහැ... පක්ෂ නායකත්වය තීරණය කලානං මහින්දට සහය දෙන්න ගැටීමකින් තොරව ඒ දේ කරන්න පුළුවන් වාතාවරණයක් පහල මට්ටමේ තිබුනා..ඒත් ෆොන්සේකා ගාවට එද්දි ඒ තත්වය තරමක් වෙනස්.. එකක් ෆොන්සේකා එක්ක එක පැත්තකින් රනිල් ඇතුළු යූඇන්පීය හිටගෙන ඉන්නවා... අනිත් පැත්තෙන් ෆොන්සේකාගේ උනත් හමුදා ජීවිතය තුල අතීතයේ ජවිපේ සමඟ ගනුදෙනුව යහපත් එකක් නෙවෙයි... මෙතනින් ෆොන්සේකාගේ අවුලටත් වඩා රනිල් එක්ක එකට වැඩ කරනවා කියන එක ජවිපේ සාමාජිකයාට තරමක් අසීරු කාරණාවක්... මහින්දගේ මොන අවුල තිබුනා උනත් රනිල් සමඟ අවුල එයිට වඩා දරුණු තුවාලයක්.. වත්මන් ජවිපේ නායකයින් විසින් ඒක වහන්න හැදුවට තුවාලේ තිබුන එකාට ඒ වේදනාව මතකයිනේ... විශේෂයෙන්ම භීෂණ සමය තුලදී එවකට පැවති යූඇන්පී රජය විසින් පවත්වාගෙන ගිය බටලන්ද.. කොළඹ නීතී විද්‍යාලය වැනි වධකාගාර එක්ක සෘජුවම නම ගෑවී තිබුන රනිල්ගේ වගතුග එක්ක මේක ලේසි දීගයක් නෙවෙයි... පොඩි හරි වාසියක් තිබුනනං තිබුනේ බලය දෙන්න යන්නේ ෆොන්සේකාට මිසක් රනිල්ට නොවීම... ඒ නිසා 2005 හේදී මහින්දට වගේ ජවිපේ උපරිම බලය ෆොන්සේකාට ලැබුනා කියලා අපිට හිතන්න අමාරුයි... නමුත් සැලකිය යුතු හයියක් ලැබුනා කියලා අපිට හිතන්න පුළුවන්... අඩුම ගානේ ඔය තුන් ලක්ෂ හැට හත් දාහෙන් ලක්ෂ දෙක හමාරක් තුනක් වගේවත් ලැබුනා කියලා හිතුවැකි.. අපි ඒක උපරිම වාසි තියලා ඕනනං ලක්ෂ තුනක් කියලා ගමු... කවුරු හරි කියනවනං විශ්වාසයෙන් හා සාධක ඇතිව ඒක එයිටත් වැඩියි කියලා අපි එතැනට එමු... ඒකේ අවුලක් නැහැ..නමුත් අද වෙද්දි තත්වය එයිට වඩා සෑහෙන්න වෙනස්... 2005 දී මහින්ද අවුලක් උනේම නැහැ...2010 දී ෆොන්සේකා මුලට හිටිය හින්දා යම් තරමකින් හවුලකට යන්න පුළුවන් උනා...නමුත් මේ පාර තියෙන්නේ කැඳ හවුලක් වීම නිසාත්.. අනිවාර්යයෙන්ම මේ විපක්ෂ එකමුතුවේ අරමුණ කෙටි කාලයක් තුලදී බලය හුවමාරුවකින් රනිල්ට රටේ බලය පවරන එක කියලා අපේක්ෂයම කියන හින්දාත් මං හිතන්නේ නැහැ අනුර කුමාර උන්නැහේ බිම හැපිලා කිව්වත් ඔය තියෙන තුන් ලක්ෂ හැට හත් දාහෙන් බාගයක්වත් මෛත්‍රී උන්නැහේට දෙයි කියලා... ඒත් මං හිතන දේම වැදගත් නොවන හින්දත්... මේ වෙලාවේ විපස්සයේ අයගේ හිත් කඩන එක හරි නැති නිසාත්.. ගනු දෙනු වඩාත් විශ්වාසදායක විය යුතු නිසාත් වැඩිම වාසියක් තියලා අපිට ඕනනං කියන්න පුළුවන් ඔතනින් ලක්ෂ දෙකක් විතරනං වැටෙයි කියලා... කාට හරි ඒ ගානත් වැරදියි ලක්ෂ තුනක්වත් වැටෙනවා වගේ කියලා හිතෙනවනං අපි ඒ ගාන උනත් පිළිගන්නම්.. ඒකේ අවුලකුත් නැහැ... (හැබැයි ඉතිං ඒ අස්සෙම ජවිපෙන් කලින්ම කඩාගෙන ගිය පෙරටුගාමීන්ගෙන් මේ පාර දුමින්ද නාගමුවද කොහේද කියලා කෙනෙකුත් ඡන්දෙට දාලා තියෙන හින්දා සමහරක් විට තමන්ගේය කියලා හරි හමන් අපේක්ෂකයෙක් නැති වේදනාවට මොකා උනත් අපේ එකෙක් කියලා මෑන්ටත් ජවිපේ අය ඡන්දේ දුන්නොත් වැඩේ මෙයිටත් වඩා අවුලක් වෙනවා... දිනන්නම නෙවෙයිනේ විජේවීරත් ජනාධිපතිවරණයට ඉල්ලුවේ.. විජේවීර දිනයි කියලා හිතලත් නෙවෙයිනේ එදා ජවිපේ සාමාජිකයා විජේවීරට දුන්නේ... එහෙම තත්වයක් මත ජවිපේ සාමාජිකයා මොන අන්දමට තීරණයක් ගනීද කියලා කාටද කියන්න පුළුවන්..)ඉතිං අවසානයේදී අපට මොන විදියට ගැට ගැහුවත් පේන දේ තමා ජවිපෙට මේ වෙලාවේ වළදේ අඩියම හූරලා ගත්තත් තුන් ලක්ෂ හැට හත්දාස් තුනට වඩා වැඩි සහයක් මෛත්‍රීට දෙන්න බැහැ කියන එක... වළඳ හීරිල්ල කරන්න බැරි බව අපි දන්න නිසා (ඉහත කියා ඇති පරිදි) ලක්ෂ තුනකට වඩානං මොන විදියකින්වත් හයියක් දෙන්න බැහැ කියන එක පිළිගත යුතුයි... ඒ තමා මෛත්‍රී මහත්තයට ජවිපෙන් ලැබෙන උපරිම හයිය... උපරිම ලක්ෂ තුනයි...මගේ ගානනං ලක්ෂ එක හමාරත් දෙකත් අතර.. ඒත් අපි ඒක අමතක කරමු.. වැඩි වාසිය මෛත්‍රී මහත්තයට දෙමු.. ලක්ෂ තුනයි... අවසානයි...---------------------------------මෙතනදී අවසාන වශයෙන් තව කාරනාවක් මතු කරන්න ඕන... ඒ තමා 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය...මහින්ද - 6015934ෆොන්සේකා - 4173185(දෙදෙනා අතර පරතරය 1842749 ක්.. ඒ කියන්නේ දහ අට ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය හතලිස් නවයක්... දළ වශයෙන් ගත්තොත් ලක්ෂ දහ අට හමාරක්...)හැබැයි ඔය ප්‍රතිඵලය එන වෙලාවේ ජවිපේ ඡන්ද ටික තිබුනේ ෆොන්සේකාගේ ගාන ඇතුලේ... ඒ කියන්නේ ජවිපේ මේ පාර උදව් කලා කියලා විපක්ෂයේ පොදු අපේක්ෂකයට වැඩිවෙන අමුතු ඡන්දයක් නැහැ.. එකම දේ ජවිපේ සහය හරියට නොලැබිම නිසා ඔය ලැබුන ඡන්ද වලිනුත් යම් කොටසක් අඩු වීම පමණයි. අපි හිතුවොත් ගිය පාර ලක්ෂ තුනක් ෆොන්සේකා මහත්තයට ලැබුනත් මේ පාර ලක්ෂ දෙකයි හම්බ වෙන්නේ කියලා.. අනිත් සාධක ඒ ආකාරයටම තියෙනවා කියලා හිතුවොත් ෆොන්සේකටත් වඩා ලක්ෂයක් අඩුවෙන් තමා මෛත්‍රී මහත්තයට හම්බ වෙන්නේ... මහින්ද සමග තියෙන ඡන්ද පරතරය තවත් වැඩි වෙනවා.. ඒ කියන්නේ ලක්ෂ දහ නවය විස්ස අතර ප්‍රමාණයක් දක්වා ඒ වැඩි ඡන්ද ගාන යන්න පුළුවන් කම තියෙනවා...ඒ නිසා මෛත්‍රී මහත්තයා මේ සම්බන්ධව කල්පනා කරලා බැලිය යුතුයි සහ උපරිම ජවිපේ බලය ලබා ගැනීමටවත් උත්සහ කල යුතුයි.. එහෙම නොවුනොත් ගිය පාර ෆොන්සේකා මහත්තයටත් වඩා අමාරුවක මෛත්‍රී මහත්තයට වැටෙන්න වෙනවා...අපි අනිත් දේවල් ගැනත් ඉස්සරහට වෙලාවක් තිබුනොත් කතා කරමු.. ඒ කිව්වේ හෙළ උරුම සහය නිසා ෆොන්සේකාට වඩා බලයක් මෛත්‍රී මහත්තයට ලැබෙන්නේ කොහොමද... සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රී මහත්තයට කොච්චර හයියක් ලැබේවීද... පැන්න අය හරහා මෛත්‍රී මහත්තයගේ දෑත් ශක්තිමත් වීම කොහොම වෙයිද...කලින් නොවැටුන හා මෙවර අළුත් ඡන්දවල හැසිරීම...වගේ කියන කාරණා.
|
BLOG
|
2014.11.28
|
http://ctkumara.blogspot.com
|
ජනපතිතුමනි මේ කරගැට ඔබට නොපෙනේද..?
|
මාරයාගේ හෝරාව
|
අහම්බෙන් වගේ දකින්න උන වීඩියෝවක්... දැකලා අහක බලං ඉන්න එක හොඳ වැඩක් නොවන හින්දා මේ මැතිවරණ කටේ මහින්ද අයියට හෝ මෛත්‍රී මහත්තයට පාඩුවක් වෙන විදියේ මොනවත් නොලියා ඉන්න හිතං හිටියා උනත්... මේක නොලියා ඉන්න එක මට හිතට හරි මදි කාරණාවක්...අවංකවම මෙන්න මේ තත්වයනං හොඳ දෙයක් නෙවෙයි.. මහින්ද අයියා වහාම අවධානය යොමු කල යුතු දෙයක් මේක... මොකද මේ මිනිස්සුන්ගේ හයිය තමා මහින්ද අයියට තියෙන ලොකුම ධනය... මේ මිනිස්සුන්ව ඇස් දෙක වගේ බලා ගැනීම මහින්ද අයියගේ යුතුකමක්...මහින්ද අයියට කලින් හිටිය චන්ද්‍රිකාලා රනිල්ලා හින්දා මේ මිනිස්සුන්ගේ අයියලා තාත්තලා බාප්පලා මහප්පලා වහ බිබී මැරුනා.. සමහරුන්ට වහ කුප්පියක් සල්ලි දීලා ගන්නවත් වත්කමක් නැතිව ගිය හින්දා කනේරු ඇටයි සීනියි කකා මැරුනා.. යන්තං ඒ වහ කාලා ගොවීන් මැරුන යුගය නිමා උනේ මහින්ද අයියගේ ආණ්ඩුව යටතේ... ඒ විතරක් නෙවෙයි..මේ මිනිස්සු අත්වල කරගැට දානකලං කුඹුරු කොටද්දී.. බිම පෙරලද්දි.. රෑට නිදි නැතිව සතා සරුපයාගෙන් වෙන අනතුරු මැද්දේ ගස් උඩ ගල් උඩ නැගගෙන නැහීගෙන වගාවන් ආරක්ෂා කරගෙන ඉද්දී... අලියා ගහලා මැරෙද්දී.. කොටියා ගහලා මැරෙද්දී... මේ මිනිස්සුන්ගේ ළමයි තමා යුද්දේට ගිහින් මැරුනේ.. එහෙම නැතිව මේ කොළඹ ඉන්න මිනිස්සුන්ගේ ළමයි නෙවෙයි... එදා උතුරේ කඳවුරු එකින් එක බිමට බිමට පාත් වෙද්දි අලිමංකඩ.. පුනරින් වගේ කදවුරු වලදී සෙබළු තුන් හාර දහ එක ගොඩේ වතුර ටිකවත් නැතිව පිපාසෙන් වැටිලා ඉද්දි කොටින්ගේ මන්නා පාරවල් කාලා මලේ මේ මිනිස්සුන්ගේ දරුවෝ... මේ මිනිස්සු එදා නොසෑහෙන දුකක් වින්දා.. ළමයි නැති උනා.. වහ කාලා මලා.. දැන් ආයෙම එහෙම කාලයක් උදා වෙන්න දෙන එක යුතු නැහැ... වහාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න... රජයේ පැත්තෙන් හෝ.. නිලධාරීන්ගේ පැත්තෙන් මොන යම්ම හෝ අකටයුතුකමක් වෙනවනං වහාම ඒ දේවල් හරි ගස්සලා මේ මිනිස්සුන්ගේ අත්වල තියෙන කරගැට වලට සාධාරණයක් කරන්න... මේ මිනිස්සු ඒ සැලකීම ලබන්න සුදුසුකං ඇති මිනිස්සු... ඒ අයට යුතුකම් ඉෂ්ඨ කරන්න පරක්කු වෙන්න එපා... එහෙම නොවුනොත් මේ මිනිස්සු හෙට මහින්ද අයියා වෙනුවට රනිල් චන්ද්‍රිකාලට මේ කර ගැට පාලනය කරන්න බලය දෙන්න බැරි නැහැ.. එහෙම උනොත් වැඩි දවසක් නොගිහින් ආයෙම මේ මිනිස්සු කනෙරු කන... වහ බොන... යුගයක් එයි... ඒ තත්වෙට මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්න එපා.. මොවුන්ව රැක ගන්න... ඡන්ද කටේ තියං ප්‍රශ්න අදිනවා කියලා නොහිතා ඔවුන්ව මේ විපතෙන් ගලවා ගැනීම ඔබට බාර වූ රාජකාරියක්... ඒ රාජකාරිය දේව කාරියට වඩා ලොකු එකක් බව අමතක නොකරන්න.
|
BLOG
|
2014.11.21
|
http://ctkumara.blogspot.com
|
ඔහු බාරයි ඔබට පුතේ..! ඇමති තුමනි සුභ ගමන්..!
|
මාරයාගේ හෝරාව
|
එළස් වැඩේ යන්තං අවසානෙදි කෙරුණා ඕං... දවස් ගාණකඉදන් වෙයං වෙයං කියලා හිත හිත හිටිය වැඩකින් සෑහෙන හරියක් හිතුව ගානටම නැතත් යම්තරමකින් කෙරුණා කිව්වොත් හරි...ඔහෙලට කියන්න මෙච්චර කාලයක් මට මතක ඇති කාලෙක මේතරං අපූරු මැතිවරණ අවස්තාවකට මං මුහුණ දීලා නැතිවා... මතක තියෙන කාලෙක ඉඳලමමැතිවරණයක් කියන්නේ ඇගේ මයිල් ඉස්මයිල් වෙන කාලයක් නෙව.. පොඩි කාලෙනං ඉතිං පරදිනවාපරදිනවා අහවරයක් නැහැ... මේ පාරවත් පාර හැදෙයි.. තාර වැටෙයි.. ලයිට් ලැබෙයි.. බස්එකක් වැටෙයි කියලා හිත හිත හිටලා සංසාරෙම එපා වෙලා.. හැම ඡන්දෙටම පහුවෙනිදා ජනෙල්වීදුරු අස්සට කාඩ් බෝඩ් කෑලි ඔබලා බුදියගත්ත ඒ කාලේ යන්තං නිමා කරලා බස්නාහිර පළාතදිනිල්ලෙන් පටන් අරං අගමැති ජනපති දක්වාම චන්දිරිකා ආවට පස්සේ ඔන්න යන්තං ඡන්දභීතිකාව ටිකක් අඩු උනා. ඒත් ඉතිං එයින් පස්සේ ආව හැම ඡන්දෙ දිමත් හිතේදෙගිඩියාවෙන්ම තමා හිටියේ.. මොකද පාර්ලිමේන්තුවේ බලය අල්ලං හිටියේ යන්තං කෙස්ගහෙන් හින්දා.. ඒත් කොහොම හරි බෙල්ලබේරගෙන ආවා.. අවසානෙදි ඔන්න එක පාරක් කෙල උනා.. ආවා රනිල්... ඒත් ගෙදර වීදුරු ටිකබේරුනා මොකද ජනාදිපති පුටුවේ චන්දිරිකා ඒ වෙද්දිත් හිටිය හින්දා.. ඒත් බෝක්කුහන්දියේ සරත් අයියා ඇතුළු පිරිස එදා හවහත් කට්ටිය දාගෙන කැබ් එහෙකන් යන ගමන් ගෙදරවත්තේ මල් අතු එහෙම කඩං ගිහින් තියෙන්නේ අහන්නෙවත් නැතිව.. නිකං දෙන්නං තොපිටසෛලෙන්... එදා චන්දිරිකා නොහිටියනං තමා අපිට වැඩේ බලන්න වෙන්නේ...ඔහොම හිටලා යන්තං ඔන්න මහින්ද විපක්ෂ නායක..තැන හිටලා එක පාරටම අගමැති තැනටපැන්නා... හැබැයි ඒ වෙද්දිත් ගංවල සිරිලංකාකාරයෝ වෙච්ච අපේ හිත්වල හිටිය නායකයාමහින්ද නෙවෙයි.. අනුර සහ කදිරගාමර්... එයිටත් පස්සේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන එහෙමතමා... මහින්ද ගැන ඒ හැටිම අදහසක් අපේ හිත්වල තිබුනේ නැති ගණන්... කොහොම උනත්මංගලගෙයි ජවිපේ හයියෙනුයි මහින්ද බලේ ඇල්ලුවා.. අගමැති උනා.. ජනාධිපති අපේක්ෂකයාඋනා... යන්තං මංගලගේ සහ ජවිපේ හයිය තමයි ඒ වෙලේ මහින්දට තිබුනේ... අපි හිටියෙත් ඒදවස්වල ජවිපේ උණ හැදිගෙන එන සමයේ... ඒ හින්දා තමා මහින්දට එකතු උනේ ජවිපේ මහින්දඑක්ක හින්දා.. අනිත් පැත්තෙන් අනුර ඉද්දි විජිත හේරත්ලව ගම්පහින් මනාප ලයිස්තුවේඋඩට ගියෙත් අපි හින්දා.... කොහොම උනත් පළවෙනි ජනාධිපතිවරණ හටනෙදි මහින්දව කරේ තියංගිහින් දිනෙවුවේ මංගලයි සිරිපතියි.. මහින්දානන්ද අළුත්ගමගේයි වගේ කටවල් ටිකක් එක්කජවිපේ... ඒ වෙද්දිත් චන්දිරිකා මහින්ද එක්ක තියෙන ආරෝවට රනිල් එක්ක ආලවන්ත කං පපාහිටියේ.. ඒ ආලවන්ත කම හින්දම සිරිසේන උන්නැහෙත් මහින්දට කිසිම සපෝට් එකක් නොදීචන්දිරිකා කියන කියන පදේට නට නට හිටියා.. මං හිතන්නේ සිරිසේන ඇමතිතුමාගෙන් සිද්ධවෙච්ච ලොකුම වරද ඔන්න ඕක තමා... පක්ෂයේ මහ ලේකම් වෙලත් පක්ෂයේ අපේක්ෂකයට සපෝට්නොකර කර ඇරිල්ලේ පාපකර්මය උන්නැහේට අවසානය දක්වාම විපාක දුන්නා කියලයි මංහිතන්නේ.. සාමාන්‍යයෙන් මහින්ද ලොක්කා තමන්ව මරන්න කුමණ්ත්‍රණය කලා කියලා කියනහතුරා එක්ක උනත් ෂේප් එකේ ඉන්න මනුස්සයා.. කපටිකමට හරි එව්වා එහෙමයි.. බේරෙන්නම බැරි එකෙක්නං විතරයි ටිකක් ආණ්ඩු මට්ටු කරන්නේ.. එහෙම නැත්තං ආලවකයා එක්ක උනත් කරට අත ගනී.. හවහට හවහට එකතු වෙලා කෝපි බොයි... උපන් දිනේට උදේම සුභ පතයි.. එයාගේ වැඩ එහෙමයි... යූ ඇන්පී සිරිලංකා කියලා වෙනසක් නැතිව ඔය කෝකත් කරේ දාගනියි...අර පාක්ෂිකයෝ මේ පාක්ෂිකයෝ කියලා නැතිව ඔය ඕන කෙනෙක් කිව්වොත් පුළුවන් දෙයක් කරලා දෙයි... (ඔය ගතියම තමා ඕනවට වඩා ගිහිල්ලා සමහරඅන්තවාදීන්ට ඕනවට වඩා ලීලේ පාලා වැඩේ ඔඩුදුවා ගන්න හේතු උනෙත්) හැබැයි මොනහේතුවක් හින්දා හරි මංගලවයි සිරිපතියි දෙන්නා එතැනින් විසි උනා.. සිරිසේන හීලෑඋනා.. ඒත් සිරිසේනට කවදාවත්ම අගමැති තනතුරු හම්බ උනේ නැහැ.. සමහර විට මහින්ද අයියටමේ අපිට වඩා සතා හදුනගැනීමේ හැකියාව තිබුනා වෙන්ට ඕන... දේශපාලනික වශයෙන් අපිටසිරිසේන ඇමතිතුමාගෙන් කිසිම වරදක් නැති උනත් පක්ෂ නායකයා හැටියට මහින්ද අයියා සහඋන්නැහේ අතර තිබුන ගැටළු ගැන අපි දන්නේ නැහැ නෙව.. කොහොමින් කොහොම හරි ඔයින් පස්සේහෙලඋරුමයේ සහ ජවිපේ උවමනාව මතම මහින්ද අයියට යුද්ධ නොකර බැරි තැනට කටයුතුසැලසුනා... එතැනින් හෙල උරුමේ තමන්ගේ අනුදැනුම සහ බල කිරීම මත ආරම්භ උන යුද්ධයඅවසානය දක්වාම මහින්දව තනි නොකර හිටියා උනත් අවස්ථාවාදී ගේමක් ගහපු ජවිපේ තමන්ගේ පක්ෂයත්විනාශ කරගෙන.. යුද්ධයටත් බාධා කරගෙන අහක් උනා.. විමල් විතරක් උදව් කලා... කොහොමහරි යුද්ධය නිමා උනා.. දිනන්න බැරි යුද්ධයක් පටලවලා දීලා මහින්ද නැති කරලා බලයඅල්ලන්න බලං හිටිය ජවිපේ හාන්සි වෙලා ගියා වගේම ඒ වෙනකල් යුද්ධය අවසන් කරන්නනොහිතා කොටි හුරතල් කල යූඇන්පියට ඇසිඩ් ගැහුවා වගේ උනා... තමන්ගේ කාලෙදි දහස්ගනනින් හමුදා ජීවිත සමඟ කඳවුරු බිමට පාත් වෙච්ච... ආර්ථික මර්මස්ථාන වලට කෙලවගත්තචන්දිරිකාත් වෙඩි කෑව හැපින්නක් වගේ වෛර බැඳගෙන තමා ඒ යුද්ධය හමාර උනේ.. යුද්ධයහමාර වෙද්දි මුල් කාලේ ටිකක් සැකෙන් සැකෙන් වගේ බලං හිටිය අපිත් මහින්ද අයියා දිහා කෙලින් බලන්න ගත්තා...යුද්ධය නිමා වීමෙන් පස්සේ පළමු ජනපතිවරණය ආවා..ආපි හිතුවා දැන්නං මොන වෙසක්ද... නිදං හිටියත් සීයට අසූවකින් අනූවකින් දිනනවාකියලා... ඒත් අපි හිතුව විදිය වැරදුනා... යුද්ධයේදී මහින්දට තිබුන හොදම ආයුධයක්වෙන ෆොන්සේකව විපක්ෂයේ උන්දලා ඉස්සුවා.. ඒ මනුස්සයව රවට්ටලා විනාශ වෙමින් තිබුන යූඇන්පියයි.. කුණු බක්කියටවිසි උන ඉතුරු උන ජේවීපි බාගෙයි විසින් සටනට දැම්මා.. ඔන්න අර අපේ කූල් එක ඉවරඋනා.. දැන් ආයෙමත් තරගයක් තියෙනවා.. එක පැත්තක මහින්ද අයියා... දිනුවොත් කිසිකරදයක් නැතිව මේ ඉන්න විදියට අපේ මහන්සියෙන් හම්බ කරං කාලා බයක් හැකක් නැතිව පාරේබැහැලා ගියෑකි.. අනිත් පැත්තේ නූල් ගොඩකට පැටළුන ෆොන්සේකා.. තමාටම කියලා කිසිමදේශපාලන බලවේගයක් නැති.. තමන්ට තමන් විතරක් උන ඒ මනුස්සයා මේ නරි ගොඩක් මැදට වෙලාඔහේ දැගළුවා.. උන්දැව අන්දලා තිබුන තරමටම ඇදගත්ත හින්දා කියන කියන අතට නටලාඅන්තිමේදී පරාද උනා... ඒත් නිදාගෙන ඉදන් දිනන්න තිබුන මැතිවරණය එහෙම නොවී පොඩිතරගයක් තියෙන තැනකට ආවා.. අපිට උනත් කටවල් ඇරලා කතා කරන්න උන කාලයක් ඒ...එයින් පස්සේ ඉතිං හිමිං හිමිං කාලය ගෙවුනා..පොඩි පොඩි මැතිවරණ ආවා ගියා.. ඒ ඒ හැම කාලෙදිම ලොකුවටම නැතත් යම් කිසි සටනක්තිබුනා.. ඒ වයින් ආන්ඩුව ටික ටික ජය ගත්තා.. හැබැයි දවසින් දවස බලය අඩු උනා මිසවැඩි උනේ නැහැ.. ඒක එහෙම වෙනවා කියලා අපි කොහොමත් දැනං හිටියා... එහෙම නොවී බලයේඉන්න පක්ෂයක් කවදාවත් දවසින් දවස ජනප්‍රිය වෙන්න බැහැනේ ලේසියකට... ඒ හැම මැතිවරණයකමඅපිටත් ඉතිං අපේ මට්ටමෙන් කරන්න මොනවාම හරි දෙයක් තිබුනා.. මොකද එක පැත්තක මහින්දඅයියා ඇතුළු කවදාවත් භීෂනයක් ඇති කලේ නැති.. සාමකාමී ඉතිහාසයක් තියෙන සිරිලංකානිදහස් පක්ෂේ...(චන්ද්‍රිකා වයඹ චන්දෙදි අපේ තිබුන ඒ සාමකාමී ගතියට තාර ටිකක් ගෑවා හැබැයි.) අනිත් පැත්තෙන් දිනුව ගමන් බලකාමයෙන් මත් වෙන සැට් එකක් ඉන්නයූඇන්පීය සහ ඒකටම හරියන ඉතිහාසයක් ඇති නායකයින්... බලේ ගියොත් අපිට අද ඉන්නවා වගේ ඉන්න වෙන්නෙත්නැති... පාක්ෂිකයින් බලවත් වන විරුද්ධ පාක්ෂිකයින් බලු වන කාලයක් ආයෙමත්... ඔය වගේතත්වයන් එක්ක තමා අපි මේ දක්වා කාලය ගෙවාගෙන ආවේ....අන්තිමේදී ඔන්න මේ පාරත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයටපත් උනා... කවුද නොදන්නේ ගිය පාර තරං මේ පාර ලේසි නොවන බව... එහෙම ලේසි වෙනවනං ඉතිංහදේ තමා... හරිහමන් නායකයෙක් හිටියොත් විපක්ෂයට සෑහෙන සටනක් දෙන්න පුළුවන් තත්වයක්නිර්මාණය වෙලා තිබුනා...(වැඩිමනත්ම නාගරික ප්‍රදේශවල) රනිල් ජනාධිපතිවරණයට ඉල්ලන්න ආසයි බයයි තත්වයෙන් උන්නේ...මොකද පැරදුනොත් පක්ෂනායකකම විතරක් නෙවෙයි හැම දෙයක්ම නැතිව යනවා.. ඉතිං තාමත් දිනිල්ල අවදානමේ තියෙන තත්වයක් යටතේදෑන් මේ පාරත් ෆොන්සේකා මහත්තයගේ ජාතියේ එළුවෙක් හෙව්වා දංගෙඩියට යවන්න... චන්ද්‍රිකාත්ඒකට ආස උනාට සිරිලංකාකාරයින්ගේ චන්ද ලස්සයක්වත් හොලවන්නඋන්දැට බැරි බව දන්නහින්දා එයාට ටිකට් එක ගන්නත් බැරි උනා.. කරූ හෝ සජිත් වැනි තවත් යූ ඇන් පීකාරයෙක්ව සටනට දාන්න රනිල් ඉඩ දෙන්නෙත් නැහැ.. මොකද ඒත් ප්‍රතිඵලය පක්ෂ නායකත්වටයටකෙලවීම නිසා.. අපේක්ෂකත්වයට එහෙම කෙනෙක් දැම්මත් රනිල්ම මැදිහත් වෙලා ඒකාවපරද්දනවා.. ඇත්තටම මේ පාර ජනාධිපතිවරණය ගැන මගේ තිබුනේ ඒ බලාපොරොත්තුවම තම මුල්දවස්වල... කරූ ආවනං රනිල්ම මැතිවරණ වියාපාරේ නන්නත්තාර කරලා දානවා.. ඒ වගේ වැඩ වලටරනිල් දක්ෂයි.. මීටිං දෙකකට ගිහින් කට ඇරියනං චන්ද ලක්ෂ දෙක තුන නැති කරන්නේ...රනිල් ඉල්ලුවනං සජිත් ගොයියත් ඒ ගේමම රනිල්ට දෙනවා.. මං ඉතිං ඔය සුභවාදී තත්වය ගැනහිත හිත හිටියා... ඒත් ඉතිං අතපය අකුලං ඉන්න තරං විදියක් නැහැ විපක්ෂය සියළුම වාසිගත්තොත් 55ට 45 හේ තරගයක් මෙතනත් තියෙන හින්දා ඒ අස්සේ චම්පිකත් එළියට බැහැපි...තත්වය හොදම නැහැ... විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට ඇරුනු කොට අනිකුත් අයට පමණක් වාසිදායක වෙන විදියට කරුණු කාරණා රටේ වෙමින් පැවතුන කාලයක මහින්ද අයියා එක්කත් සැරෙන්සැරේට මල පැනලා හිටියා කිව්වොත් ඒක හරි.... රනිල් නැතිව අනිත් පැත්තේ විශ්වාස කලහැකි සුළු ජාතීන්ට කඩේ නොයන හරි හමන් නායකයෙක් හිටියනං මහින්ද අයියට සෑහෙන හානියක්වෙනවා උනත් කාගේ හොද වෙලාවටද මංදා එහෙම කෙනෙක් හිටියේ නැහැ.. හැමදාම පේන්න තිබුනේසිංහලයට වඩා අනිත් පැත්තට අදින රනිල්ගේ දර්ශනයම තමා... සිංහලයින්ට වෙන අකටයුතුකංනවත්තන්න කියලා මහින්ද අයියට විරුද්ධව රනිල්ට සපෝට් කරනවා කියන්නේ අර මොකක්ද අතින්අල්ලලා පශ්චාත් භාගයෙන් තියා ගන්නවා වගේ වැඩක්නේ... ඒ හින්දා මහින්ද අයියට කරදරයක්තිබුනෙත් නැහැ.. ඒ වගේම මහින්ද අයියා වෙනුවෙන් මැරීගෙන හරි කතා කරනවාට වඩාවිකල්පයක් තිබුනෙත් නැහැ... මොකද තාමත් එක පැත්තකින් බෞද්ධයාට සිංහලයාට අකටයුතුකංකෙරුනා උනත් අනිත් පැති වලින් රටට වැඩක් කෙරෙන බව පැහැදිලිව පේන්නේ මහින්ද අයියගෙන්හින්දා... අනිත් පැත්තේ ඉන්න භයානක චරිත ඒ විදියටම ඉන්නකල් අපිට යුතුකමක් තිබුනාමහින්ද අයියව කොන්දේසි විරහිතව රකින්න.. කතා කරන්න... ඒත් චම්පික එළියට යාමත් එක්කමහින්ද අයියට තුනෙන් එකක තරගයක් දිය හැකි නායකත්වයක් මතු උනා.. ඒ කියන්නේ ජනාධිපතිවරණයකදීචම්පික වෙනම ඉල්ලුවොත්.. මහින්ද අයියට තුනෙන් එකයි.. විපක්ෂයට තුනෙන් එකයි සහචම්පිකට තුනෙන් එකයි වගේ තත්වයක්.. මේක ලොකු අවුල් ජාලයක්... මට මහින්ද වගේමචම්පිකවත් වටිනවා... මහින්ද වත්මන් නායකත්වය... චම්පික කියන්නේ මගේ පැත්තෙන් ගත්තමරටේ අනාගත නායකත්වය... මගේ බලාපොරොත්තුව තිබුනේ මේ පාරින් පස්සේ ලබන පාර චම්පිකවමේ බලවේග සියල්ල එකතු කරගෙන සටනට එයි කියන එකයි.. ඒත් චම්පික එළියට බැස්සා ටිකක්වේලපහම... ඒකටත් මොනවත් කියන්න බැහැ ඒ බැහිල්ලටත් සාධාරණ හේතු තියෙනවා... ඒක පහසුවෙන්ම නවත්තගන්න මහින්ද අයියට පුළුවන් කම තිබුනා සහ තාමත් තියෙනවා. ඔන්නඉතිං ඇත්තම කිව්වොත් අවිනිශ්චිත තත්වයක් ඇති උනා... මේ චන්ද තුනට කැඩිල්ලෙන් කවුරුදිනයිද.. කවුරු පරදීද... මොන දේ උනත් චම්පිකට ජනාදිපති වෙන්න තරං ඡන්ද මේ පාර ගන්නහිතන්නවත් බැහැ... ඒත් මහින්ද අයියට තියෙන ඡන්ද ටික කඩන්න පුළුවන්.. යූ ඇන්පීයේ සිංහලබෞද්ධ ඡන්ද ටිකත් කඩන්න පුළුවන් උනාට මහින්දටත් චම්පිකටත් නැති සුළු ජාතික බලය යූඇන්පීයට තියෙනවා... හකීම්ලත් වෙලාව බලලා ජැක් එක ගහයි.. එහෙම උනොත්මහින්ද/රනිල්/චම්පික කියන පාර්ශව තුන සටනට බැස්සොත් පැහැදිලිව රනිල්ට වාසියක්පේන්න තිබුන වෙලාවක් මේ ගත උනේ...ඒත් අන්තිමේදී ඔන්න යන්තං දෙයියෝ අපේ මූණබැළුවා...අද උන දේ කියන්න ඕන නැහැනේ.. සිරිසේන ඇමතිතුමාබැස්සා එළියට.. හැබැයි නිකංම නෙවෙයි.. යූඇන්පීය බෙල්ල ගාවටම හිරකරවලා.. උදේ ඉදන්ඇදලා ඇදලා අවසානෙදි එළියට බැස්සොත් පොදු අපේක්ෂකයා කරන්නං කියලා කැරට් පෙන්නුවටඑළියට නොබැහැ හිටලා අවසානෙදි හරි හරි ඔන්න පොදු අපේක්ෂක හැටියට යූ ඇන්පීයේ කැමැත්ත දුන්නා කියන ප්‍රකාශය නිල වශයෙන් දෙනකල්ම අල්ලගෙන හිටියා.. ඉතිං දැන් පැහැදිලිවමඅපිට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඉන්නවා... ඒ තමයි හිටපු සෞඛ්‍ය ඇමති.. හිටපුසිරිලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්.. ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා... මම අරමුලින් කිව්වා වගේ මහින්ද අයියට මුලින් උදව් නොකල එක ඇරෙන්න සිරිලංකා කාරයෙක්හැටියට මට කිසිම වරදක් නැති හාදයෙක්.. පහුගිය කාලේ ඉතිං ඔය යූ ඇන්පී ජේවීපි අයනංමිනිහා නූගතාය.. ග්‍රාම සේවකය... වී මුදලාලිය.. පුතා මැරයාය කියලා කිව්වට ඔය කිසිමදෙයක් මංනං චෝදනා හැටියට ඉදිරිපත් කරන්න යන්නේ නැහැ.. ඒවා කියපු අයම දැන් ඒවාඇත්තද නැත්තද කියලා හොයා බලාගෙන කටයුතු කරන එකයි.. එව්වා අපිට අයිති රාජකාරිනෙවෙයි...ඒ ඔක්කෝටමත් වඩා තවත් වටින්නේ එදා මහින්ද අයියගේලග හිටිය චම්පික ගම්මන්පිල.. රතන හාමුදුරුවෝ වගේ බලවේග ටිකත් අද මෛත්‍රීපාලසිරිසේන අපේ සිරිලංකා පක්ෂ මංතිරිතුමා අසල ඉන්නවා.. කවදාවත් ෆොන්සේකා වගේ තනිචරිතයක් බවට උන්නැහේ පත් වෙන්නේ නැහැ... රනිල්ටවත් ජේවීපියටවත් උන්නැහේව රූකඩයක් කරගන්න ලේසි නැහැ. ඒ වගේම අද හෙට දිහාවේ තව සිරිලංකා පක්ෂකට්ටියත් යයි සිරිසේන මංතිරිතුමා වටේ හිට ගන්න.. ඒ කියන්නේ සිරිසේන මංතිරිතුමා තනිවෙලා නැහැ... තමන්ටම කියලා බල වේගයක් තියෙනවා.. ඒ වගේම විමල් එක්ක ඒ හැටිසම්බන්ධයක් පිටින් නොපෙන්නුවත් විමල් එක්ක යම් යම් ගනුදෙනු තියාගෙන හිටිය නන්දනගුණතිලක උන්නැහෙත් කල් ඇතිවම ඒ පැත්තට ගිහින් ඉඩ අල්ලං හිටියේ.. එහෙම ගත්තමසිරිසේන උන්නැහේ වටේ බය නැතිව අපේ කියන්න ඇහැකි සෑහෙන සෙට් එකක් ඉන්නවා... එදාමහින්ද අයියා වගේ හිටිය තරමටම නැතත් හෙල උරුමය.. ජවිපෙන් ඉවත් වූ බලවේග.. සිරිලංකානිදහස් පක්ෂයේ යම් තරමක පිරිසක්... වගේම මෙතුවක් කාලයක් හරිහමන් සිංහල නායකයෙක්නැති කමින් අන්ත දුක් වින්ද... අන් අයගේ උසුළු විසුළු මැද හරි තාමත් අලියට ඡන්දේදෙන යූ ඇන්පී කාරයෝ බර ගානකටත් තමන්ට බාර ගන්න පුළුවන් ජාතියේ සරම කමිසේ අදින...නායකයෙක් හම්බ උනා... මේ ඔක්කෝම ගත්තම වැඩි කාලයක් නොගිහින් සාකච්ඡා කරලා විපක්ෂයේබල වේග වල එකමුතුවක් හදා ගන්න එතුමට අමාරු වෙන එකක් නැහැ.. විශේෂයෙන්ම මැතිවරණයක්පැරදුනාම රටේ තියෙන තරං විකාර දොඩවන තිස්ස අත්තනායකලා වගේ පණ නැති ලේකම් වරුන්ටනැති... කටින් මිසක් ක්‍රියාවෙන් වැඩ පෙන්වීම කාලයකට කලින් ඉදලා නවත්තලා දැම්මටිල්වින්ලා වගේ ලේකම්වරුන්ට නැති මනා සංවිධාන ශක්තියක් සිරිසේන ඇමතිතුමාටතියෙනවා.. රටේ ප්‍රදාන පක්ෂයක ලේකම් හැටියට.. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන පක්ෂසමූහයක් එක්ක එකට කටයුතු කරලා අත්දැකීම් තියෙන.. විශේෂයෙන්ම තිස්සලා වගේ ආවට ගියාටකතා කියලා මිනිස්සුන්ට විහිළුවක් නොවුන කෙනෙක් හැටියට එතුමට පුළුවන් අද විපක්ෂයවසාගෙන ඇති භීෂණය වපුරවන්න බලං ඉන්න බලවේග යම් දුරකට යටපත් කරවලා.. සිංහල මිනිස්සුන්ට විශ්වාස තැබිය හැකිවිපක්ෂයක් ගොඩ නංවන්න.. බොහෝ දුරට මේ ජනාධිපතිවරණයෙන් එතුමා පරදීවි... මොකද රනිල්කිසිසේත්ම තමන්ගෙන් තොර කෙනෙක් ඔය පුටුවට යවන්න කැමති නැති හින්දා.. ඒ වෙනුවෙන්රනිල්ගේ වැඩ පිලිවෙල ඉස්සරහට අපිට බලා ගතෑකි.. ඒත් ඒ පැරදුනා උනත් එයින් පස්සේ එනමහ මැතිවරණයට සූදානම් වීමේදී සිරිසේන ඇමතිතුමාට පුළුවන්කම තියෙනවා පනහට පනහේ සටනක්දෙන්න ටීම් එකක් හදාගන්න... ෆොන්සේකට නැති.. හයියක් එතුමා වටේ තිබීම නිසා ඒ දේකරන්න ඉක්මනට හැකියාව ලැබෙයි.. එහෙම උනොත් බොහෝ දුරට ලබන මහ මැතිවරණය වෙද්දිවිපක්ෂයේ වැඩි බලය අල්ලන්නත්.. ඇතැම් විට ආණ්ඩුව අල්ලන්නත් එතුමාට හැකියාවලැබේවි... එහෙම උනොත් සිරිලංකා නිදහස් පාක්ෂිකයින් හැටියට අර කාලයක් තිස්සේ බයෙන්හිටිය විපක්ෂය දිනුවොත් සිද්ධ වෙන අලකලංචිවලින් තොර අනාගතයක් බලාපොරොත්තු උනෑකි...එතුමා මේ පාර රනිල්ගේ කකුලෙන් ඇදිලි මැද්දේ උනත් දිනාගත්තොත් ඒත් තත්වය හොදටම හොදයි.. මොකද දැනට ආණ්ඩුවේ ඉන්නේ එතුමා එක්ක එකට දීර්ග කාලයක් කටයුතු කරපු අය කිසිම කරදරයක් නැතිව ඒ අයගේ සහයත් අරං ලබන පාරත් සිරිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් වෙයි...එහෙම ගත්තම ඇත්තටම මේ ජනාදිපතිවරණ වෙලෙත්මට දැනටනං සිරිසේන මංතිරිතුමාට විරුද්ධ වීමට තරමේ හේතුවක් නැහැ. දෙපැත්තේ ඉන්නදෙන්නම මට හොඳ නායකයින්.. මහින්ද අයියා දිනුවත්.. සිරිසේන මංතිරිතුමා දිනුවත් මටඑකයි.. ඔන්න උන්නැහේ තනියම ඒ පැත්තට පැන්නනං ඇති වැඩක් නැහැ.. ඒත් අපේම බලයක් ඇතිවඒ මැද ආරක්ෂා වෙලා ඉන්න තාක් කල් එතුමාත් අපේ මිනිහෙක් එච්චරයි.. ඒ හින්දා මෙතැනහිටනං ඔය විහිළුවක් තහළුවක් කරං ඉන්නවා මිසක ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දඅයියටවත්.. සිරිසේන මංතිරිතුමාටවත් විරුද්ධව කතා කරන්න උවමනාවක් මට නැහැ... කවුරු කොහොම දිනුවත් සිරිලංකාකාරයෝ විපතට පත්වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසා මේ පාර ඔන්න ඉතිහාසයේ පලමු වතාවට මටපුළුවන්කම තියෙනවා ඡන්දයකදී මැදිහත්ව හිටින්න... ඉතිං මෙතැන ඉඳලා වැඩ ටික තියෙන්නේඒ ඒ අය අතේ තමයි... මහින්ද අයියා වෙනුවෙන් තව දුරටත් බැහැලා වැඩ කරන අය එහෙමත්...සිරිසේන ඇමතිතුමාව තමන්ගේ නායකයා හැටියට බාරගෙන එතුමාව දිනවන්න කටයුතු කරනයූඇන්පී.. ජේවීපි අපේම යාළුවෝ ටිකටත් ඒ ඒ කටයුතු කරගන්න කියලා මේ පාර මං පොප්කෝන්කනවා ඕං... සිරිසේන මංතිරිතුමා පැරදුනා උනත් එතුමා කෙරෙහි ලොකු අනාගත විශ්වාසයක්ඇතිව පොප් කෝන් අහුරක් හප හප කූල් පිට මැතිවරණය දෙස බලා ඉන්න එක තමා මෙදාරාජකාරිය... ඒ ඇවිල්ලා මෙතුවක් කාලයකට මට මැතිවරණයකදී ලැබුන ලොකුම සංතෝෂය වෙයි...එහෙමනං දෙපැත්තටම සටන් වදින්න අවසරයි...අපි මේ පාර පොප්කෝන් කල්ලිය...මහින්ද අයියටත් තමන්ට වැරදුන තැන් ටික දන්වත්හදුනාගෙන කැමතිනං ඒවා නිවැරදි කරගෙන තමන්ගෙන් කැඩී ගිය තමාගේ සැබෑ හිතවතුන් නැවතත්ලංකරවාගෙන මේ රට තව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබේවා... චම්පික ගම්මන්පිල වගේම රතන සෝභිත හිමිවරුන්ගේආරක්ෂාව මැද හිතවත් සිරිලංකා දේශපාලඥයින්ගෙත් සහය ඇතිව එතුමාට වල් වැදී ඇතිවිපක්ෂය හෙලි පෙහෙලි කිරීමටත්... අවජාතික ගමනක යෙදෙන විපක්ෂ නායකයින් එයින් ගලවාගෙන ඔවුන්ටත් රටට ජාතියට ආදරය කිරීමට පුරුදු පුහුණු කිරීමටත් හැකියාව ලැබේවා... ඔබ දිනුවත් පැරදුනත් නැවතත් සිරිලංකා පාක්ෂිකයින් සමඟ එක්වි සුහදව කටයුතු කරගෙන යෑමට හැකියාව ලැබේවා...ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සිට සිරිසේන මැතිතුමා සමඟ යන්නට පොරොන්දු වී සිටින සියළුම මංත්‍රීවරුනි.. ඔහු මේ මොහොතේ තනි නොකොට පොරොන්දු වූ පරිදි ඔහු සමඟ යනු මැනවි. ඔබලා නොමැති වුවහොත් ඔහු දුර්වලයෙක් වීමටත්.. විපක්ෂයේ බලයන්ට යට වී විනාශ වී යාමවත් වැලැක්විය නොහැක. එහෙයින් ඔහු ශක්තිමත් කිරීම ඔබගේ වගකීමකි.රටට හිතැති ආණ්ඩුවක්.. රටට හිතැති විපක්ෂයක් හිමිවීමේ භාග්‍යය මේ හරහා හෝ අප සැමටම උදා වේවා...මෙතෙක් කලක් හරිහමන් නායකයින් නොමැතිව සොහොන් බිම්වල සටන් කල යූඇන්පී.. ජේවීපිසහෝදරවරුනි... ඔබලාගේ ඒ අරමුණක් පාරක් නැති ගමන අදින් නිමා කොට මේ ලැබී ඇති උතුම්නායකත්වය අප වෙනුවෙනුත් රට වෙනුවෙනුත් ආරක්ෂා කරමින් එතුමාව දිනවීමට ඔබලාගේ සියළුසහය දෙනු මැනවි. ෆොන්සේකා උන්නැහේට කලා වගේ කකුල් මාට්ටු නොදා අවංකව කැපවී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඔබ සතු වගකීමකි.ඔහු බාරයි ඔබට පුතේ.
|
BLOG
|
2014.11.20
|
http://ctkumara.blogspot.com
|
බිරියානි ගෙදර හදමු...
|
මාරයාගේ හෝරාව
|
රයිටෝ අද කියන්න යන්නේ බඩට යමක් දමා ගැනීම ගැන පාඩමක්.. :Dමේ මේ මං ඊයේ පෙරේදා හදාපු කෑමක් ගැන.. බුකියේ ඉන්න මගේ මිත්තරයෝනං මේ වෙද්දි විස්තරේ සෑහෙන හරියක් දන්නවා වගේම එක්කෙනෙක් දෙන්නෙක් මේ වෙද්දි හදලත් තිබුනා... බුකියේ ලිව්වට ඉතිං ආයේ හදිසියකට ඕවා හොයාගන්න ලේසි වෙන්නේ නැති හින්දත්... සීමිත පිරිසකට විතරක් සීමා නොවී ඔය ගූගල් සර්ච් පාරක් හරි දාද්දි කෙනෙකුට ලේසියෙන් හොයාගෙන පරයෝජනයක් ගැනීමට හැකි වනු පිණිසත් මේකෙත් ලියා තියන්ට හිතුවා...මේක ඇවිල්ලා බිරියානි වර්ගයක්.. “බිරියානි“ කිව්වට ඉතිං අපේ රටේ වැඩි භාවිතාවෙන වචනේ තමයි “බුරියානි“... ඉස්සර ඉතිං අපි පොඩි කාලේ ඔය වචනේ ඉඳහිට ඇහෙන වචනයක්... කෑමක් කියලා දැනං හිටියට ඕක ටිකක් සල්ලිකාරයින්ගේ කෑමක් හැටියටයි ඒ දවස්වලනං කනට වැටුනේ... “කන්නේ බුරියානි.. යන්නේ පැජරෝවේ“ වගේ යෙදුං ආවම ඉතිං චිත්තරේ ටිකක් ඉහලයි... ඉහල පැලැන්තියේ උදවියට.. දේශපාලනයෙන් හම්බු කොරගත්ත අයට... වගේ අතමිට කාසි පණං තියෙන අයට නිතර කන්න හැකියාවක් ඇති කෑමක් කිව්වම ඉතිං අපිත් ආසයිනේ... (දැන්නේ දන්නේ ඉන්දියන් කාරයින්ගේ මුස්ලිම් ජාතිකයින්ගේ කෝකටත් තෛලයක් වගේ කෑමක් කියලා.. :D )කොහොමින් කොහොම හරි හා හා පුරා කියලා මට බුරියානි කන්න පුළුවන් උනේ කඩවත නගරයේ ඔය ගනේමුල්ලට හැරෙන පාර තියෙන තුන් මං හන්දිය හරියේ ජය සුමන ලී බඩු වෙළඳසැලට ටිකක් එහායින් වගේ සයිවර් කඩයක් දැම්මට පස්සේ තමයි... කොළඹ පැත්තේ ඔහොම කඩ කොච්චර තිබුනත් කඩවතට එහෙම පොට් එකක් තිබුනේම නැහැ.. කොහොමින් හරි ටිකක් විතර නගරේ තිබුන අනිත් කඩත් එක්ක ගත්තම පොඩි කල එළියක් තියෙන.. පිරිසිදුවට කෑම ටිකක් කන්න පුළුවන් වගේ හිතෙන කඩයක් තමා ඕක... දවසක්දා අපේ අම්මා මාවයි මලයවයි එක්ක ගෙහුන් බුරියානි කන්න අරං දුන්නා.. දන්නවනේ අර තෝස කඩවල තියෙන ලොකු සුදු යකඩ පිගන්.. ආන්න එයින් එකක් මැද්දට වෙන්න බත් කෝප්පයක් වගේ එකක් කෝම්පිට්ටුවක් වගේ ගහලා.. ඒක උඩින් තම්බලා බැදපු බිත්තරයක් එහෙමත් තියලා.. තව කොල පාට සම්බල් වගේකුත් පැත්තකින් තියලා.. පොඩි නිකල් කෝප්පෙක දාපු තැම්බුං හොදි වගේකුත් එක්කලා.. තමා ඕක හම්බ උනේ.. බත් එක කහ පාටයි. අතරින් පතර රතුපාටට හුරු ඇටත් තිබුනා... බත් එක ගාකෙන යද්දි මෙන්න බොලේ බස් අස්සේ යට ලොකු කුකුළු මස් කුට්ටියටකුත් තිබුනා... දැන් කාලෙනං ඉතිං ඇත්තටම ඕක ටිකක් සතුටු හිතෙන වැඩක් උනාට මොකද... ඒ වෙලාවෙනං මට හෙනට අප්සැට් ගියා.. ඇයි යකෝ බුරියානි කිව්වම බත් ජාතියක් කන්න ආවා මිසක් කවුද මස් කන්න ආවේ.. මං ඒ දවස්වල මස් කන්න කැමතිත් නැහැ... එහෙවු කාලෙක මෙච්චර අපූරු බත් එක යට කුකුල් මස් කුට්ටියක් තිබුනම කන්න තියෙන බත් ප්‍රමාණය නෙව අඩු වෙන්නේ.. යස්සයා නගින වැඩ ඔව්වා.. :D ඒත් ඉතිං අමාරුවෙන් යන්තං මස් ටිකකුත් කඩාගෙන බත් ටික කාලා අහවර කලා.. අපරාදේ කියන්න බැහැ මලයා හිටිය හින්දා මගේ මස් කුට්ටියත් වාස්ප වෙලා ගියා.. මං නොකෑවට ඒකා මස් පෙරේතයා... :Dඉතිං ඒ තමා මගේ ජීවිතේ පලවෙනි බුරියානි අත්දැකීම.. එයින් පස්සේ ඉතිං කොළඹ ආවම එහෙම මුස්ලිම් කඩයකට රිංගලා වතාවක් දෙකක් බුරියානි කෑවා උනත් ඔය බුරියානිය මට ඒ හැටි අල්ලලා ගිය කෑමක් නෙවෙයි... හැබැයි එක වංගියක් තිහාරියේ කඩේකින් කාපු බුරියානි එකනං ඔන්න ටිකක් අල්ලලා ගියා... එයින් පස්සේ මේ මෑතකදී අපේ ජාත්තියන්තර හෝටල් පාසලේ ඔය බටහිර කෑම හදන අස්සේ හැමදාමත් ඉගෙන ගන්න විස්සක් විතර සැට් එකට කන්න හදන කෑම මෙනු එකේ බුරියානියක් තිබිලා හැදුවා... අනේ ඒකත් මට අල්ලලා ගියේ නැහැ... හැබැයි අපේ සෑර් උන්නැහේ ඒක හදන ගමන් ලෝකේ පුරා රටවල් ගානක ඕක හදන විවිධ ක්‍රම ගැන සෑහෙන් විස්තරයක් කලා වගේම ඒ ඒ රටවලදි ඒකට එකතුවෙන මස් වර්ගවල වෙනස්කම්... එකතු කරන කුළු බඩුවල වෙනස්කම්... හදන ක්‍රමයේ ඇති වෙනස්කම්.. භාවිතා කරන අමුද්‍රව්‍යවල ඇති සුවිශේෂ ලක්ෂණ වගේ සෑහෙන්න දේවල් පැහැදිලි කරලා දුන්නා.. ඒ කරලා දෙන ගමන් බුරියානිය හැදුවා වගේම දැනට ලංකාවේ හෝටල් බහුතරයක ඕක හදන ලේසි ක්‍රම ගැනත් කියා දුන්නා.. හැබැයි ඒ කියලා අවසානෙදි ඔව්වා තිබුනට කන්න යන්න එපා කියලත් කියා දුන්නා... :D අපේ සෑර් ඉතිං හෝටලේ මොනවා හැදුවත් ගෙදර ඇවිත් නෝනා හදලා තියෙන වෑංජනයක් එක්කලා බත් කන හාදයා...නියම විදියට මේක හදනවනං ස්වාභාවික කුළු බඩු සහ වර්ණක පමණක් යොදාගෙන මේක කරන්න පුළුවන් උනාට වැඩි පෙනුමක් සහ ඇබ්බැහි කරවන රසයක් දීම වෙනුවෙනුත්.. අඩු වියදමෙන් වැඩි ලාබයක් ගන්න ඕන හින්දත් කඩවල්වල හදන බුරියානිවල වැඩි හරියක් තියෙන්නේ වහ... ඕකට ගහන අජිනමෝටෝ කන්දරාවත්... ඩයි ටිකත් කනවා කියන්නේ ඒ හැටි හොද දෙයක් නෙවෙයි... බුරියානිය නියම පෙනුමක් එන්නනං ඒකේ වර්ණ කිහිපයක සංකලණයක් තියෙන්න ඕන... ඒ වර්ණ අතර කහ පැහැය.. සුදු පැහැය.. රතුපැහැය.. ගුරු පැහැය වගේ වර්ණ මිශ්‍රණයක් තියෙන්න ඕන... ඔය වර්ණ මිශ්‍රණය කඩ කාරයෝ ගන්නේ ලේසියෙන්ම බත කොටස් කිහිපයකට විවිධ වර්ගවල වර්ණක යොදලා මිශ්‍ර කරලා.. ඒ ඒ බත් කොටස් එකට මිශ්‍ර කරලා... ඒක කරන හැටිත් අපේ සෑර් කියා දීපු හින්දා වැඩේ ගැන හොද දැනීමක් මටත් තියෙනවා... එහෙම ඩයි දාපුවා ඉතිං ලස්සන පමණයි... රසේ ගන්නෙත් අජිනමොටෝ වගේ දේවල් දාලා.. ඇත්තටම බැළුවොත් කඩේකින් කන බිරියානියක් කියන්නේ තනිකරම වහ ගොඩක්... ඒ හින්දා ඔය ජරාව ගිලින්නේ නැතිව ගෙදරදීම බිරියානියක් හොද රහට හදාගෙන කාලා බලන්නයි තියෙන්නේ... ඒකට ඔන්න මං උදව් කරන්නයි යන්නේ... මේක ඇවිල්ලා අපේ සෑර්ගේ අවවාද අනුශාසනා වගේම යූ ටියුබ් හරහා ඉගෙන ගත් හයිද්‍රාබාද් ක්‍රමයකට අනුව සකස් වෙච්ච එකක්...මේකට උවමනා ද්‍රව්‍ය ගැන කතා කරද්දි ඒ ඒ දේවල් ගැනත් වෙන වෙනම විස්තරයක් කරන්න වෙනවා... මොකද මේක නියම විදියට ගන්නනං අපි යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය වගේම.. ඒවා යොදාගත යුතු ප්‍රමාණයනුත්.. ඒවා යොදන වේලාවලුත් ආදී වශයෙන් ඔය කොයි එක ගැනත් කල්පනා කරන්න ඕන.. වැඩේ අල්ලගත්තට පස්සේ මේක බොහෝම පහසු වැඩක් උනාට.. මුලින්ම කරද්දි හරියට ක්‍රමය අල්ල ගන්න එක වැදගත්...1) මස් වර්ගයක්------------------අපි කාගෙත් පහසුවට කුකුළු මස් ගැන කතා කරමු... කැමැති කෙනෙකුට මේ සඳහා එළු මස් උනත් භාවිතා කලෑකි... කුකුළු මස් සහ එළු මස් බිරියානි තමා ඉතිං ප්‍රසිද්ධ.. ඒත් අනිකුත් මස් වලිනුත් මේක පුළුවන් සහ ලෝකයේ ඒ ඒ පළාත්වල බහුලව තියෙන මස් වර්ග වලින් මේක හැදෙනවා...මේ සදහා කුකුළු මස් ගනිද්දි තරමක ලොකු මස් කෑලි උවමනා කරනවා... මස් මිලදී ගැනීමේදී ඔබට පහසු ආකාරයකට මිලදී ගතෑකි.. මේ සඳහා ඔය බෙල්ල කොටස.. කොඳු නාරටිය.. තටු වැනි කොටස් යොදා නොගන්න තරමට හොදයි... ඒ හින්දා චිකන් පාට්ස් වශයෙන් මිලදී ගැනීම තමුන්ට ලේසියි.. නමුත් මමනම් සම්පූර්ණ කුකුලෙක් ගෙනත් මට උවමනා කොටස් කපා වෙන් කරගන්නවා... කොහොම උනත් තරමක් විශාල කැබලි තමා මේකට උචිත වෙන්නේ.. සාමාන්‍යයෙන් එක් අයකු සඳහා පිළිගැන්විමේදී පිගානකට බත් සමග එක මස් කුට්ටියක් පමණක් යෙදීම ප්‍රමාණවත් නිසා සකස් කරන්නට බලා පොරොත්තුවන ආහාර පිඟන් ප්‍රමාණය මත කුකුළු මස් කුට්ටි තිබීම ප්‍රමාණවත්... ඔය පොඩි පහේ කුකුලෙක් කෑලි 6කට 8කට විතර කැපියැකි...මස් කෑල්ල ලොකු විම කිසිම ප්‍රශ්ණයක් නෙවෙයි... :D සම ඉවත් කල මස් වඩාත් සුදුසුයි...2) සහල්----------බිරියානි සඳහා ලංකාවේ සහ ලෝකයේ බොහෝම ජනප්‍රිය හාල තමා බාස්මතී... බාස්මතී කිව්වමත් ඉතිං මේ අපිට කන්ට ඇහැකි දෙකයි පණහේ බාස්මතියේ හිටං සුපිරි ගණන්වල එව්වා තියෙනවා නෙව.. ඒ හින්දා තමුන්ට පාවිච්චි කල හැකි මට්ටමේ හොද බාස්මතියක් ගන්ට... මමනං පළවෙනි පාර අත්හදා බැළුවේ පොන්නි සම්බා කියන හාල් වර්ගය.. ඉන්දියාවේ සමහර පැතිවල බිරියානිය සකස් වෙන්නේ ඒ ඒ පළාත්වලට ආවේණික සම්බා වර්ග වලින්ම තමයි... ඒ හින්දා බාස්මති නැති කෙනෙකුට පොන්නි සම්බා වගේ ඇට හීනි හාල් වර්ගයක් උනත් අවුලක් නැහැ... බාස්මතී ගන්නවනං එක් අයකු සඳහා සහල් 150g විතර සෑහෙනවා... ඒ ප්‍රමාණය සහ මස් කැබැල්ලේ ප්‍රමාණය මත ඕන ලොකු කෙනෙකුට ඇති වෙයි... පොන්නි සම්බා වගේ දෙයක් ගන්නවනං 180g වත් උවමනා වෙනවා... වැඩිය නොකන අය වෙනුවෙන්නං ඔය ප්‍රමාණ වලින් තව 30g විතර අහක් කලත් කමක් නැහැ..3) කිරි--------එතකොට තව මේකට උවමනා වෙල ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මුදවපු කිරි... තමන්ට හොද මුදවපු කිරි හොයා ගන්න පුළුවන්නං එහෙමයි... බැරිනං ගන්න වැඩිය රස නැති යෝගට් වර්ගයක්... කඩපලවල්වල තියෙන කිරි හට්ටි.. කිරි දාපු ප්ලාස්ටික් ඇසුරුම් ගන්නවට වඩා හොද වර්ගයක යෝගට් ගැනිල්ල ඇගට ගුණයි... දැන් මාකට් එකේ තියෙන තරමක් තියෙන්නේ කෙමිකල් ගහපු කිරි.. ඒ හින්දා හයිට වඩා හයිලන්ඩ් වලින් ගහන මුදවපු කිරි හරි.. හයිලන්ඩ් ප්ලේන් යෝගට් හරි ගන්න.. මම ගන්නෙත් හයිලන්ඩ් යෝගට් එක.. ඕවට ඉතිං වැටෙන්නේ ජෙලටින් තමා.. ඒවා අර මුදවපු කිරිවලට ගහන දේවල් තරම් අගුනයක් නැහැ...4) බිරියානි කුළු බඩු මිශ්‍රණය---------------------------------එතැනින් ගියාම තව උවමනා වෙනවා බුරියානිය සඳහාම සාදන කුළුබඩු මිශ්‍රණයක්... සුපර් මාකට්වල එහෙම තියෙනවා සකස් කරන ලද බුරියානි මිශ්‍රණ ඕන තරං.. හැබැයි එක දවසක් මේ විදියට හදලා තව දවසක් ඕනනං ඒ පැකට් එකක් ගෙනත් දාලා හදලා බලන්න කොහොම වෙනසක් මේ දෙක අතර තියෙනවද කියලා... ඉන්දියානු සහ පාකිස්ථාන් බුරියානි හැදිල්ලෙදි මේ අය ඔය කුළු බඩු දැමීමත් ක්‍රම දෙකකට යොදනවා.. එකක් ගරම් මසාලා නමින් හදුන්වන සැර කුළුබඩු මිශ්‍රණයත්.. අනික බුරියානි මිශ්‍රණය කියලා යොදන මිශ්‍රණයත්.. නමුත් මේ දෙකෙදීම එකම කුළුබඩු වර්ග දෙවතාවක් බාවිතා වෙනවා.. උදාහරණයක් කිව්වොත් ගරම් මසාලා වලදිත් කරපුනැටි වැටිලා.. ආයෙම මේ බිරියානි මික්ස් එකටත් කරාබු නැටි වැටෙනවා... ඒ විදියට දෙවතාවක් යොදනවට වඩා ගරම් මසාලා මිශ්‍රණයත් ඇතුළුව එකටම මිශ්‍රණය සකස් කර ගත්තම හරි... මේක තමා බිරියානි එකේ වැදගත්ම කොටස ඒ හින්දා අපි ඒක හදා ගැනිල්ල පරිස්සමට කල්පනාවෙන් කරගමු...කුරුඳු - කොටස් 3යිකරඳමුංගු - කොටස් 2යිකරාබු නැටි -කොටස් 2යිගම්මිරිස් - කොටස් 2යිසාදික්කා - කොටස් 1යිවසාවාසි - කොටස් 1යිසූදුරු - කොටස් 4යිමාදුරු - කොටස් 1යිකොත්තමල්ලි - කොටස් 2යිමෙන්න මේ පිළිවෙලට ගන්න.. මේ ටික යන්තම් වගේ කබලේ රත් කරලා... බ්ලෙන්ඩරේකට දාලා කුඩු කරගන්න ඕන.. යන්තම් කෑලි ටිකක් එහෙං මෙහෙං හිටින ගානට.. ඒ කිව්වේ හොදටම කුඩු උන අස්සේ කෑලි ටිකකුත් හිටින්න... ඔහොම හදා ගන්න මිශ්‍රණයෙන් කුකුළු මස් කුට්ටි 5ක් සහිතව.. බාස්මති හාල් 750g වගේ යොදාගෙන හදන පස් දෙනෙකුට වගේ සෑහෙන බිරියානි එහෙකට ඔය විදියට කුඩු කරගත්ත මිශ්‍රණයෙන් 15g-20g විතර සෑහෙනවා.. ඔය හැම එකම කිර කිර කරන්න පහසු නැත්තං පුරවපු මේස හැදි දෙකක් කියලා ගන්නකෝ...5) තෙල් සහ එළඟි තෙල්-----------------------------මේ සදහා පාම් ඔයිල්... එළවළු තෙල්.. සූරියකාන්ත තෙල් වගේ දේවල් වඩාත් සුදුසුයි... පොල් තෙල් උනත් අවුලක් නැහැ.. හැබැයි පොල් තෙල්වලටත් වඩා පාම් ඔයිල් හොඳටම හොඳයි... එළඟි තෙල් තියෙනවනං එයිනුත් ටිකක් තෙල් එක්කම දාන්න ඕන.. එළඟිතෙල් නැත්තං ඉතිං අමතක කරන්න ඕන.. :D එළඟිතෙල් යෙදුවාම සුවදේ රසේ වෙනසක් තියෙනවා තමයි...හැබැයි ඉතිං ලංකාවේ අපිට එළඟිතෙල් නැති උනා කියලා ලොකු අවුලක් හිටින්නේ නැහැ...ඒ හින්දා ඒ ගැන වැඩියම හිත නරක් කරගන්න උවමනා නැහැ.. තියෙනවනං දාන්න...6) අමු මිරිස්-------------බ්ලෙන්ඩ් කර හෝ අඹරා තලපයක් වශයෙන් ගත යුතුයි...7) අමු ඉඟුරු හාසුදු ළුණු-----------------------------මෙයත් තලපයක් වශයෙන්...8)කොත්තමල්ලි කොල සහ මින්චි කොල--------------------------------------------------කුඩාවට කපා ගත යුතුයි...9) රතු හෝ බී ලූණු-----------------------සිහින්ව කපා බැදගෙන තෙල් බේරිමට තබා වියළිව ගත යුතුයි...10) වියළි මිරිස් කුඩු-----------------------11)කහ----------තේ හැන්දක පමණ කුඩු වතුර (හෝ රෝස වතුර) මේස හැදි දෙකක දිය කරගත යුතුයි..12) ලුනු----------13) පාන් පිටි---------------භාජනය සීල් කිරීම සඳහා වතුරෙන් අනාගත යුතුයි...ඔන්න ඔය කියන දේවල් තමා ඕන කරන්නේ... මෙයට අමතරව තියෙනවනං රෝස වතුර ටිකක් එහෙමත් යොදා ගතෑකි.. හැබැයි ඒවා අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි... කහ වෙනුවට සැෆ්රෝන් යොදා ගතෑකි.. නමුත් සැෆ්රෝන් කියන්නේ ලෝකයේ මිල වැඩිම කුළුබඩුව.. ග්‍රෑම් එකක් ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් 5000ක් විතර වෙනවා.. ඒ හින්දා ඒක අල්ලලා බව්වට දාමු... තියෙනවනං දාන්න..සැෆ්රොන් තියෙනවනං ලෝබ නැතිව රෝස වතුර ටිකකුත් හොයා ගන්න..... අපි මේක හදන්නේ 5 දෙනෙකුට කියලා හිතලා වැඩේ කරං යමු.. ඒක ලේසියි.. කාට හරි ගාන වෙනස් කරගන්න ඕනනං මේ කියන ගණන් බෙදලා කරලා ගතෑකි.. කාට හරි ඒක හරියට බෙදා ගන්න බැරි උනොත් අහන්න මම උදව් කරන්නම්.මුලින්ම පතුල තරමක් ගණකමත් ඇති.. පියනක් සහිත.. ඒ පියනෙන් සෑහෙන හොදින් භාජනය වැසිය හැකි අන්දමේ භාජනයක් ගන්න...මේ භාජනයට මේ කියන දේවල් ටික එකතු කරන්න...තරමක විශාල මස් කැබලි 5ක්...සාදා ගත් කුළු බඩු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක්..මිරිස් කුඩු මේස හැඳි දෙකක්ලුනු මේස හැන්දක්යෝගට් හෝ මුදවාපු කිරි කෝප්ප බාගයක්...(75g) (සම්පූර්ණ යෝගට්ටුවක ප්‍රමාණය)අඹරාගත් අමු මිරිස් තලපයෙන් මේස හැන්දක්අඹරාගත් ඉමු ඉගුරු සුදුළුණු තලපයෙන් මේස හැන්දක්කුඩාවට කපා ගත් කොත්තමල්ලි සහ මින්චි කොල ලොකු අහුරක් (මින්චි ගස් 5ක.. කොත්ත මල්ලි ගස් දහයක විතර කොල)තෙල් මේස හැඳි පහක් විතර... ඒකටම තියෙනවනං එළඟි තෙල් (ගී) මේස හැන්දකුත් එක්ක.බැදගත් බී ලූනූ මේස හැඳි දෙකක්... (තව ලූනු මේස හැන්දක් දෙකක් විතර ඉතිරි කරගන්න ආයෙම උවමනා වෙනවා...)දැන් මේ ටික හොදින් කලවම් කරමින් අත ගාන්න... සියල්ලම හොදින් මිශ්‍ර වෙලා ආවම මිශ්‍රණයෙන් ස්වල්පයක් අරං දිව ගාලා බලන්න පුළුවන්නං වඩාත් හොදයි.. ඔය මිශ්‍රණයෙන් තරමක දැවිල්ලකුයි.. හොද සුවදකුයි.. ලුනු රස තරමක් වැඩියෙනුයි දැනෙන්න ඕන...ලුනු රස මදි වගේනං ලුනු තව ටිකක් විතර එකතු කරන්න ඕන.. ලුනු වැඩිවෙනවනං අඩුයි.. මොකද බත් එක්ක ඕක කලවං වෙන්න නියමිත හින්දා...හරි දැන් ඒ මිශ්‍රණය වහලා තියන්න පැය බාගයක් විතර...දැන් අපි බත් එක සකස් කර ගන්න ඕන...හාල් ග්‍රෑම් 750ක් විතර හොදින් සෝදලා දිය බේරෙන්න ඇරලා වතුර එකක් ලිපේ තියන්න ඕන තරමක් ලොකු භාජනයක... වතුර ලීටර් හතරක් පහක් විතර තියන තරමට හොදයි... ඒ වතුර එකටම ලුනු මේස හැන්දක් විතර දාන්න...එළගි තෙල් තියෙනවනං තේ හැන්දක් විතර දාන්න... වතුර එක නටන්න ගත්තම හාල් ටිකත් පරිස්සමට දාන්න.. මතක තියා ගන්න හාල් එක්කම වතුරනං ලිපේ තියන්න එපා.. වතුර රත් උනාමයි හාල් දාන්නේ.. නැත්තං කන්න වෙන්නේ බිරියානි කිරිබත් :Dහරි දැන් තත්පර දහයෙන් දහයට වගේ බත් එක හැදි ගාමින් නිතරම බත් ඇටයක් පිටතට අරගෙන හපලා බලන්න යන්තම් තැම්බිලාද කියලා.. සම්පූර්ණ බත මෙතනම ඉදුනොත් වැඩේ හබක්.. බත් එක බාගෙන ඉදුන ගමන් වතුර ටික පෙරලා බත් ටික ගන්න ඕන... බත් ඇටයක් හපද්දි යන්තමට ඇටේ මැද හාල් ගතිය අහු වෙන ගානට ආව ගමන් ලිප නිවලා බත පෙරා ගන්න...අන්න එහෙම බාගෙට ඉදුන බත ඒ ගන්න ගමන්ම අර මස් වලට උඩින් අතුරන්න... මතක තියා ගන්න පතුල වැහිලා තියෙන්නේ මස් මිශ්‍රණයෙන්...ඒ උඩටයි අපි මේ බාගෙට ඉදුන බත දාන්නේ.. අඩියට එහෙම නෙවෙයි... ඒ වගේම බත් දාන ගමන් මස් එකත් එක්ක කලවං කරන්න යන්නත් එපා.. සීරු මාරුවට උඩින් බත් ටික ඉහින්න...හරි බත් ටික දාලා ඉවර උන ගමන් බත උයලා පෙරා ගත්ත උණු වතුරිනුත් කෝප්ප බාගයක් විතර මුළු බතම තෙමෙන විදියට ඉහින්න... වතුර වැඩිය එපා.. කෝප්ප බාගේ වැඩිත් එක්ක...එයින් පස්සේ ඇල් වතුරින් හෝ රෝස වතුරින් දිය කරගත් කහ දියර මේස හැඳි දෙකක් විතර බතට උඩින් ඉහින්න.. මේක නිකං එහෙට මෙහෙට ඉරි දෙක තුනක් ඇදෙන්න දැම්මනං හරි... පැතිරෙන්න වක්කරන්න යන්න ඕන නැහැ.. කහ වතුර දැම්ම ගමන්ම එයට උඩින් බැදගත්ත ලූනු ටිකක් නැවතත් යහමින් අතුරන්න ඕන... එයින් පස්සේ තියෙන්නේ පියන සීල් කිරිල්ල... ඒ සඳහා වතුරින් තරමක ගණකමට අනාගත් පාන් පිටි ටිකක් අරං භාජනයේ කට වටේතියලා පියන එයට උඩින් තියලා හොදින් තද කරලා.. පුළුවන්නං පියන උඩින් බරකුත් තියන්න.. ඔය ටික මෙහෙම ලතාවට කිව්වට වැඩිය වෙලා ගන්න එපා.. බත පෙරලා ගත්ත තැන හිටං භාජනයේ කට සිල් කරන තැනට එනකල් වැඩ ටික අඩුම කාලයකදී කරන්න.. විනාඩි දෙකක් වගේ ඇතුලත ඔය ටික කරන්න පුළුවන්නං වඩාත් හොදයි.. නැත්තං බත් එකට සුවඳ අල්ලලා නියම විදියට ඉදෙන එකක් නැහැ.. නිකංම බතේ රස්නෙට ඉදිලා හිටියි...හරි දැන් ඉතිං තියෙන්නේ යන්තම් ගින්දර දීලා මේක ඉදෙන්න අරින්න... ගින්දර වැඩි කරගන්න එපා... එහෙම උනොත් බත හරියට තැම්බෙන එකකුත් නැහැ.. අඩියත් කර වෙයි... මේක හිමිහිට ඉදෙන්න අරින්න ඕන එකක්.. මඳ ගින්දරේ හිමිං ඉදෙන්න අරිද්දි අර සීල් තියපු පිටි වාටියත් විනිවිද ගිහිං හුමාලයත් එක්ක හොද සුවදක් පැතිරෙන්න ගන්නකොට ගින්දර නිවලම දාලා තව දුරටත් විනාඩි හතලිහක් වගේ කාලයක් ලිප මතම තියෙන්න අරින්න... එයිට කලින් හදිසියට අරින්නනං එපා.. වැඩේ දෙල් වෙයි.ඔන්න දැන් වැඩේ හමාරයි... දැන් තියෙන්නේ හිමිහිට භාජනයේ පියන විවෘත කරලා.. කට වටා ඇති පිටි මුද්‍රාව ඉවත් කරලා දාන්නයි... එයින් පස්සේ හැන්දක් හෝ ලී හැඳි මිටක් වගේ දෙයක් ආදාරයෙන් බත් එකේ එක පැත්තක ඉඳන් සීරු මාරුවට කලවං කරන්න ඔන.. යටම තියෙන මස් ටික හිමිහිට ඉහලට ගන්න ගමන්.. යට තියෙන රතු පැහැ බත උඩටත්.. උඩ ඇති කහ පැහැ බත් යටටත් ආදී වශයෙන් හොදින් මිශ්‍ර වෙලා ලස්සන වෙනකල් හිමිහිට මිශ්‍ර කරන්නයි තියෙන්නේ... එයින් පස්සේ පුළුවන් කැමති විදියකට පිළිගන්වන්න.. සාමාන්‍යයෙන් බිරියානි එක බෙදනකොට මුලින් මස් කුට්ටිය බෙදලා ඒ මතට බත් බෙදිල්ල තමා වඩා හොඳ...ඇත්තටම කිව්වොත් ඔය බත් එක කන්න වෙන මොන මගුලක්වත් ඕන නැහැ... නියම විදියට හැදුනනං සුවඳත් එක්කම කෑහැකි.. :Dඒත් මේක පවුලේ අයට විශේෂයක් හැටියට හදන වෙලාවක ඔහොම මදි මදි වගේ කියලා හිතෙනවනං ඕකට තව එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා...තම්බා සුද්ධ කරගත් බිත්තර නැවතත් බිත්තරය වටා ආවරණය රන්වන් පාට වෙනතුරු තෙලෙන් බැදලා බත් එක මතින් තියන්න පුළුවන්... එයට අමතරව අඹ චට්නි... රසම් හොදි... මින්චි සම්බල්... ඇඹුලට උයාගත් වම්බටු වෑංජනයක්.. අඹරාගත් මස් වර්ග වලින් සාදන ලද උකු හොදි වර්ගයක් වැනි දාහකුත් එකක් ජාති ඕකට තියන්න පුළුවන්... ඒත් සරලව කරනවනං හොදම ටික තමා බිරියානි/බිත්තර/මින්චි සම්බල්/ රසම් හෝ චට්නි ඔය ටික තිබුනනං ඇති.... ආයේ ඉතිං ගෙදරට එන ඕන ලොක්කෙකුට ඇඩෙන්න දෙන්න ඇහැකි...මෙච්චර විස්තර කිව්වට හිතන්න එපා මේක හදන්න හෙන අමාරු වැඩක් කියලා.. ගෙදර බඩු තියේනං ඔය ඔක්කෝම කරලා දහ දෙනෙකුට උනත් බිරියානි එකක් හදන්න පැය එකහමාරෙන් පුළුවන්.. එතනිනුත් වෙලාව යන්නේ අර අවසානෙදි ලිප නිවලා බත හරියනකල් තියන විනාඩි හතලිහ හින්දයි.. නැත්තං මේක පැයක් යන්නේ නැති වැඩක්...හරි දැන් මේකටම අල්ලලා තව පොඩි ගුරු මුට්ටියක් දෙකක් දෙන්නං...එයින් එකක් තමා මේ... ඒ කිව්වේ අපිට සැෆ්රෝන් තියෙනවනං.. මේ කහ වතුර යෙදිල්ල කරන්න ඕන නැහැ...බැදගත්ත ළුනු ඕනත් නැහැ... ඒ වෙනුවට සැෆ්රෝන් බතට උඩින් ඉහලා ඒ උඩට රෝස වතුර මේස හැදි දෙකක් ඉහින්න... එච්චරයි...එතකොට අපිට තව පුළුවන් අර බත යොදන වෙලාවෙදි බත් වලින් බාගයක් විතර යොදලා මැදින් වියළි බේලිව්ස් වගේ කොල තියලා ඉතිරි බත් ටික දාන්න.. බේලිව්ස් වෙනුවට වියළි කුරුඳු කොල වගේ දේවලුත් පුළුවන්...ඒ වගේම මෙන්න මේක විශේෂම දෙයක්.. සාමාන්‍යයෙන් කුක්ලා කියා දෙන්නේ නැති දෙයක්... (මං ඇවිල්ලා කුක් නෙවෙයි හින්දා කියා දෙනවා ඈ.. :D ) අර මුලින්ම මස් මිශ්‍රණය හදලා ඒක භාජනයේ පතුලේ හොදින් පැතිරෙන්න අහුරද්දි අපිට තව වැඩක් කරන්න පුළුවන්.. ඒ තමා කුකුළු මස් කැබලි කපද්දි අපි ඉවත් කරගත්ත මස්වල තිබූ තෙල් හෝ හම් කොටස් කිහිපයක් අරං මස්වලටත් යටින් භාජනයේ පතුලේ තැන්පත් කිරීම... මේක භාජනය පතුල පුරාව වෙන්න ඕන නැහැ.. යන්තම් තෙල් කෑලි හෝ තෙල් සහිත හම් කැබලි දෙක තුනක් තැනින් තැනට අඩියට දානවා... ආයේ ඉතිං රත් වෙද්දි ඔය තෙල් ටික රත් වෙලා ඒකෙන් මස් ටික හොද පදමට බැදෙනවා සහ.. වැරදීමකින් හරි ඔයාලා අතින් ගින්දර රස්නේ වැඩි වෙලා අඩිය කරවෙන්න එහෙම බැළුවොත් කර වෙන්නේ ඔය කියාපු තෙල් කොටස් ටික මිස අපි හදන බතවත් මස් ටිකවත් නෙවෙයි... බත බේර ගැනිල්ලයි.. රස කර ගැනිල්ලයි දෙකම එකට කර ගන්න පුළුවන් වැඩක්.. හැබැයි සෞඛ්‍ය හේතුන් මත තෙල් අඩු කරලා තියෙන අය ඉන්නවනං ඔය වැඩේ කරන්න යන්න එපා... දාන තෙල් මදිවට තව මස් තෙලුත් මොකටද...හරි ඔය දේවල් වගේම අපි ටිකක් වැඩි පිරිසකට බිරියානියක් හදනවනං.. අර මුලින්ම මස් මිශ්‍රණය හදලා එයින් මස් කෑලි ටික අඩියට තුනී කරලා පුළුවන්නං මස් එක්ක තියෙන තාවරය.. ඒ කිව්වේ යෝගට් අනං මනං හින්දා හැදුන දියරයෙන් චුට්ටක් විතර අහක් කරගෙන ඒකත් බත් වලින් බාගයක් දැම්මට පස්සේ දාලා නැවත බත් දාන්න... අර බේලිව්ස් දාන්න කිව්ව හරියට.. බේලිව්ස් එක්ක හරි නැතිව හරි...රයිටෝ එහෙමනං ඔන්න වැඩේ ආයේ මුට්ටි නැතිවම කියා දුන්නා... මේක දිගට ලියලා තියෙන හින්දා බොහෝමයක් අය කියවන එකක් නැහැ.. ඒත් ඒකට අවුලක් නැහැ.. වැඩේට උනන්දුවක් තියෙන අයට ආයේ අතරින් පතර හිතන්න දේවල් නොතියා ලියන්නයි මට උවමනා උනේ.. ඒත් ලියං යද්දි මොනවා හරි අතරිලා තියෙනවා වගේනං කරුණාකරලා පෙන්නලා දෙන්න.. මට සමහර වලොවට ඔක්කෝම ලියනවා ලුනු දාන්න ලියන්න අමතක වෙනවා වගේ වැඩ වෙනවා.. :D අකුරුනං අම්බානක වැරදිලා ඇති.. මට බැහැ එව්වනං හද හද ඉන්න... කම්මැලියි.. :Dඑහෙමනං ඔන්න යටින් එල්ලනවා මං පලවෙනි පාර හදාපු බිරියානියේ පිංතුර ටිකක්... දෙවැනි පාර බාස්මතියෙන් හදපු එක පොටෝ ගහන්න උනේ නැහැ.. උයලා ඉවර වෙද්දිම බඩගිනි වැඩි කමට කෙලලා ඇද්දා.. :Dබය නැතිව කියලා තියෙන විදියට හදන්න... කාලා බලන්න.. විශේෂයෙන්ම මස් ටික කොයි තරම් අපූරුවට සකස් වෙලා තියෙනවද කියලා බලන්න.. කිසිම විදියකින් ඒ වගේ රසට සහ මෘදු අමුතුම ගතියකින් තිබෙන අන්දමට මස් රස විදින්න වෙන විදියකින් ලැබෙන්නේ නැති වෙයි... අනිත් දේ තමා සුවඳ.. රසයටත් කලින් සුවඳට කෙල උණනන්න ගනීවි.. කරලම බලන්න...මස් සහ කලමනා සියල්ල හරි...බාගෙට පිසූ බත්/කහ දිය/බැදපු ළුනුඉහත දසුනෙහිම සමීප රූපයක්...භාජනය මුද්‍රා තබා බත පිසීම...බිරියානි සූදානම්...ඔන්න බත් එකේ මුද්‍රා ඉවත් කර බත කොහොමද කියලා පෙන්වන වීඩියෝවකුත් තියෙනවා.. කැමතිනං බැලියැකි.
|
BLOG
|
2014.11.18
|
http://ctkumara.blogspot.com
|
සෙනසුරු මාරුව සිංහයින්ට කොහොමදෑ...
|
මාරයාගේ හෝරාව
|
හරි එහෙමනං ඔන්න අද තවත් ලග්නයකට පහුගිය දෙවැනිදා වෙච්ච හෙනහුරු මාරුවෙන් පස්සේ කොහොමද කියලා කියන්නයි යන්නේ... කට්ටිය කරුනාකරලා මෙයිට කලියෙන් ලිව්ව මේ සම්බන්ධ සටහන් ටිකත් කියවලා ආවනං මට ලේසියි.. මොකද පලවෙනියෙම්ම විස්තර කරපු මේෂ ලග්නයට අදාල ලිපියේ මං තරමක් මේ හැම එකටම පොදු වශයෙන් දැනගෙන ඉන්න ඕන කාරණා එහෙම විස්තර කරලා තියෙනවා.. අතර මැද ඒවායෙදිත් ඒ වගේ සුළු සුළු වැදගත් කරුණු කියවිලා තියෙන හින්දා ඒ ටික කියවලා හිටිය කෙනෙකුට මේ ලියන දේවල් තේරුං ගැනීමේදී යම් කිසි පහසුවක් වෙයි.. තමන්ගේ ලග්නයම නොවුනට කමක් නැහැ ඒවත් කියවලා බලලා තමුන්ගේ නෑදෑ හිතවත් අවට හිටින ඒ ඒ ලග්න හිමි අයගේ ජීවිත තත්වයන් එක්ක සසඳලා බලන්නවත් බැරියෑ මේ කියන ඒවයින් කොච්චරක් ඒ අයගේ ජිවිතවලට හරියනවද කියලවත්...හොඳයි ඔන්න එහෙමනං රවිට අයිතිය තියෙන සිංහ ලග්න කාරයින්ට මේ මාරුවෙන් පස්සේ කොහොමද කියන හැටි...ඔය උඩින්ම දාලා තයෙන්නේ අද දවස වෙද්දි සිංහ ලග්න හිමියන්ගේ කේ්න්දර වල ග්‍රහයින් ගමන් ගන්නා හැටි... එයිට කලියෙන් බලලා ඉන්ට මේ පහත තියෙන සටහන...සිංහ ලග්නයෙන් උපන් තම තමුන්ලාගේ උත්පත්ති කේන්දරයේ.. (ඒ කිව්වේ අර ගෙදර තියෙන හදහන් පොතේ හරි පුස්කොලේ හරි තමා) මෙන්න මේ පේන විදියට “ච“ යන්න.. එහෙමත් නැත්තං සඳු පිහිටලා තියෙන අයට (සඳු 3/4/5/9) මම මේ කියන්න යන දේවල් ඒ හැටියෙන්ම බලපාන්නේ නැහැ.. ඒ අය ගැන මං අවසානෙදි කතා කරන්නං.. මේ කියන්නේ මෙහෙම පිහිටලා නැති අය ගැන...මේ ග්‍රහ මාරුව සිංහ ලග්නය තියෙන අයට නරකක් නැතත් ඒ හැටිම හොඳකුත් නැති එකක්.. ඇයි එහෙම වෙන්නේ... සිංහ ලග්න කාරයාගේ ලග්න ඒරාශ්ඨය නිමා උනේ 2012 අගෝස්තුවල වගේ තමයි.. ඒ කිව්වේ හෙනහුරා 12/1/2 කියන කොටුවල ගමන් කරපු කාලේ.. ආන්න ඒ ඒරාශ්ඨක අපල කාලේ නිමා වෙලා 2012 අගෝස්තු හිටං මේ පහුගිය නොවැම්බර් දෙක තුන විතර වෙනකල් හෙනහුරා ගමන් කලේ මේ අයගේ කේන්දරයේ තුන් වැන්නේ.. සිංහ ලග්න හිමියන්ගේ කේන්දරේ තුන් වැන්න කියන්නේ තුලා රාශිය.. හෙනහුරාට උච්ච රාශිය.. එහෙමත් නැත්තං හෙනහුරාට හොදම තැන... එතකොට පහුගිය අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ වගේ හෙනහුරා හිටියේ තුන් වැන්නේ උච්ච බල සහිතව.. ඒ විතරක් නෙවෙයි මං අර මුල් ලිපිවල කිව්වා වගේ තුන් වැන්න කියන්නෙත් හෙනහුරාට හොඳම තැනක්... ඔය කාරනා ඔක්කෝම ගත්තම උත්පත්ති කේන්දරයේ කියන්න තරං වෙන අවුලක් නොතිබුනානං... ඔය ගත වෙච්ච කාලය සිංහ ලග්න හිමියන්ට බොහෝම යහපත් කාලයක් වෙලා තිබුනා... සහෝදරාදීන්ගේ දියුණුවට වැඩ සැලසෙන.. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි.. ප්‍රමාද වෙවී තිබුන මංගල කාරණා එහෙම ඉස්ඨ සිද්ධ කෙරෙන.. අළුත් අළුත් අත්දැකීම් හම්බු වෙන.. තරමක් ක්‍රියාශීලී.. සිංහ ලග්න හිමියන්ගේ උපතින්ම එන නිදිමත ගතිය ටිකක් අඩුවෙන :D ... කම්මැලිකං ගසා බසා දාලා ටිකක් වැඩ කරන්න හිතෙන.. නොහිතුනත් එහෙම බලෙන් හරි කරන්න වෙන කාලයක්... කොටින්ම කිව්වොත් හෙනහුරාගෙන් කරදරයක් නැති කාලයක් තමා ගෙවුනේ... හැබැයි ඔය කාලේ රාහුත් හෙනහුරා එක්ක හිටිය හින්දා ටිකක් විතර පිස්සු වැඩත් කෙරුනා වෙන්න ඕන... භයානක තීන්දු තීරණ ගැනීම... වෙන කාලෙකනං කීයටවත් කරන්න හිතෙන්නේ නැති භයානක වැඩ උනත් කරන්න හිතීම.. අවදානං සහගත දේවල් කරන්න බය නැතිව යාම වගේ දෙවලුත් ටිකක් තියෙනවා.. ඒ ඇරුනම පහුගිය මාස හතර පහක පුරාවට රාහු දෙවැන්නේ හිටිය හින්දා මේ ටිකේ තරමක් වියදං වැඩි වීමත්.. ආදයම්වල අඩුවක් වීමත් වගේ දේවලුත් නැතිවම නෙවෙයි. ඒත් සමස්ථයක් හැටියට ගත්තම යමක් කෙරුන.. යමක් ජිවිතයට එකතු උන කාලයක්...එතකොට එහෙම හිටිය තැනින් තමා මේ හෙනහුරා මාරුවෙලා ඇවිත් තියෙන්නේ.. ඉතිං කොහොමද හොඳයි කියලා කියන්නේ නේදෑ...එතකොට දැන් ඉන්නවා ඔන්න හතර වැන්නේ... හතර කියන්නේ ගේ දොර.. යාන වාහන.. අම්මා.. තමුන්ගේ පපුව ආශ්‍රිත ප්‍රදේශ වගේ බොහෝමයක් දේවල්වලට සම්බන්ධ තැන... එතැනට හෙනහුරා ආවම කොහොමද... අනික තමා කලින් හිටිය උච්ච රාශීය වෙච්ච තුලාව වගේ නෙවෙයි හතරවැන්න කියන්නේ වෘශ්චික රාශිය.. හෙනහුරාට ඒ හැටි හොඳ තැනක් නෙවෙයි.. හෙනහුරාට සතුරු රාශියක්.. අයිතිකාරයා ග්‍රහ ලොව කචල් කාරයා..කුජ...හෙනහුරා ඇවිල්ලා නූල් සූත්තරකාර අළුගුත්තේරු වයසක ලොක්කා... චණ්ඩියා ඉතිං අතින් පයින් ගේම මිස සූත්තර වැඩ නැහැනේ... වයසක ලොක්කට ඉතිං යටිකූට්ටු වැඩ මිසක් මූණට මූණ ෆයිට් බැහැ... දෙන්නට දෙන්නා රුස්සන්නේ නැති උනාට දෙන්නටම ගහගන්න පුළුවන් එකම ක්‍රමයක් නැහැ.. ඉතිං හීතල වලියක් තියෙන තමාට බලයක් නැති.. තැනකටයි මේ ගියේ.. කොටින්ම කිව්වොත් සීසර්ගේ ගෙදරට සාත්තර ගුරුන්නාන්සේ ගියා වගේ.. මර්වින්ගේ ගෙදරට ජේ ආර් ගියා වගේ... හා හා ඒවා ඕනෑ නැහැ.. අරූ කචල් කාරයා මූ නූල් සූත්තරකාරයා... දෙන්නට දෙන්නා හැප්පෙන එක තමා වැඩේ... එතකොට ඉතිං අර කියන්නේ අලි මොනවද කරනවා අපි තැලෙනවා වගේ සීන් එකක් තමා ඇති වෙන්නේ...එතකොට මේ එක්කලාම අපි බලන්න එපෑ ගුරු කොහේදෑ කියලා.. අනේ මෙන්න උන්දැත් ඉන්නවා කේන්දරේ දොලොස් වැන්නේ... වැයස්තානයේ... උන්නැහේගේ උච්ච රාශිය උනත් ඉතිං අතේ තියෙන දේ වියදං කරලා ඉවරයක් නැහැ... එතකොට රාහු ඉන්නවා දෙවැන්නේ.. ධනස්ථානය... ඉතිරි කරං හිටිය ඒවටත් බබා හම්බු වෙන වැඩක්.. කේතු අටේ... පරණ ලෙඩ දුක් හිටං ටික ටික මතු වෙන්ට ඇහැකි... ඔන්න සම්පූර්ණ චිත්තරේ කෙටියෙන් කිව්වොත්...කොටින්ම කිව්වොත් නරක පැත්ත හැටියට ගත්තොත් මේ කාල සීමාව සිංහ ලග්න කාරයින්ගේ මව් පාර්ශවයට තරමක් කරදර ඇතිකරවන කාලයක්... මව් හෝ මව් පාර්ශවයේ තමාට සමීප ඥාතීන්ට කරදර ඇති වීම... තමාටත් පපුවේ මහන්සි ගතිය.. මව් ජීවතුන් අතර ඉන්නවනං උන්දැටත් පපුවේ මහන්සි ගති.. වාත අමාරු ආදිය... ඇති කොරවන්ට ඇහැකි කාලයක්.. ඒ වගේම පදිංචි තැනින් ටිකක් වෙනස් වීම් සිද්ධ වෙන කාලයක්.. රැකියා ස්ථාන මාරු වෙන්ටත්.. ඉන්න හිටින තැන වෙනස් වෙන්ටත්.. උත්සහ කරනවනං විදේසගත වෙන්නත් සිද්ධ වෙන කාලයක්... ඒ වගේම පදිංචි තැන සුව පහසුව තරමක් අඩුවෙන.. වැඩ වැඩිවෙන.. ආකාරයේ දේවලුත් සිද්ධ වෙන්ට ඇහැකි.. ඒ විතරක් නෙවෙයි ඉන්න තැන අළුතින් තීන්ත ටිකක් ගාන්න හරි කැඩුනු උළු කැට මාරු කිරිල්ලක් හරි වගේ සුළුම දේක ඉඳලා ටිකක් බරපතල වියහං යන අන්දමේ නඩත්තු කටයුතුත් යෙදෙන්න ඇහැකි... රථ වාහන පාවිච්චි කරන කෙනෙකුටනං ඒවයෙත් ලෙඩ දෙන්න ගන්නවා.. විසේසයෙන්ම වාහනවල ලෝහමය කොටස් ගෙවී යාම නිසා ඒවා නැවත දමන්න වෙනත් කාල වලට වඩා වැඩි මුදලක් යොදවන්නත් වෙයි... ගෙදර දොරේ තියෙන විදුලි උපකරණ.. ඔය ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් උනත් බොහෝම ඉක්මනට කැඩෙන්න පුළුවනි.. ඒ හින්දා ඒ දේවල් නඩත්තු කරන්න නැත්තං අළුතින් ගන්නත් මුදලක් විය පැහැදං කරන්න වෙයි... ඔන්න ඔය වගේ තත්වයක් තමා තියෙන්නේ....හැබැයි ඔය අතරෙම මෙන්න මෙහෙම දේවළුත් තියෙනවා.. ඒ කිව්වේ දැන් ඔය ගුරු ඉන්නවනේ දොලොස් වැන්න වෙච්ච වැයස්ථානයේ.. ඉන්නෙත් උච්ච වෙලා.. ඔන්න ඔහොම ඉන්න වෙලාවට ටිකක් හිතලා මතලා කල්පනා කරලා තමන් අතේ තියෙන මුදල් යම් කිසි වියාපාරයකට වගේ දේකට.. එහෙමත් නැත්තං උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හරි යෙදෙවුවට පාඩු නැහැ.. මේ කාලේ ආයෝජනය කරන මුදල් තව අවුරුදු දෙකක් ඇතුලත අනිවාර්යයෙන් පැටවු ගහනවා.. ඒ හින්දා 2015 අවුරුද්දේ ජූලි විතර වෙනකල් කාලය මුදල් ආයෝජන කටයුතු වලට හොදයි.. හැබැයි මතක තියා ගන්න ප්‍රතිඵල එන්නේ අවුරුද්දකට පස්සේ... ඒ හින්දා තමන් යොදවන මුදල මොන වගේ දේකටද යොදවන්නේ කියලා හිතලා මතලයි යොදවන්න ඕන.. හෙට අනිද්දම ආයෙම ගන්න බලං අතේ තියෙන හැම සතේම දාන්න යන්න එපා.. තමාට හදිසියක් නැති මුදලක් තියේනං ඒක තමා යොදා ගන්න ඕන.. නැත්තං අතේ තියෙන දේ පොලියට දීලා පිටින් පොලියට ආයෙම ගන්න වෙයි... (ඔය චීනෙන් අරං පලස්තීනෙට දුන්නා වගේ.. :D)උදාහරනයක් කිව්වොත් අතේ සල්ලි තියෙනවා.. කවුරු හරි කතා කරනවා වගාවක් කරන්න.. හරි අවුලක් නැහැ.. හැබැයි වගා කරන දේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන අපි හිතමු මඤ්ඥොක්කා කියලා.. වගාව දාන්නේ ලබන මාර්තු අග අප්‍රියල් මුල වගේ කියලා හිතමු.. ඕකේ අල බහින්නේ නැහැනේ ජූලි වලට කලින්.. අනිවාර්යයෙන්ම ඒක වැටෙන්නේ අවුරුද්ද අගට... ඒ කියන්නේ කෙලවීමක් තමා.. මොකද ජූලිවල ඉදලා 2016 අගෝස්තු විතර වෙනකල් කාලය අතර ලැබීම අඩුයි.. එහෙමනං අතේ සල්ලි තිබුන පලියටවත් කවුරුවත් වගා කරන්න කතා කල පලියටවත් මඤ්ඥොක්කා වගේ දෙයක් දාන එක සාර්ථක වෙන්නේ නැහැ... මොකාක් නමුත් මගුලක් වෙලා වගාව විනාශ වෙන්න හරි.. නැත්තං අල ගැලවෙන කාලෙට මඤ්ඥොක්කා දෙකයි පනහට යන්න හරි පුළුවන්.. ඒ හින්දා කල්පනා කරන්න ඕන තරමක් කල් අල්ලලා ආදායං ලැබෙන දෙයක් ගැන.. අපි හිතමු අන්නාසි කියලා.. ඒ හැටි අවුලක් නැහැ.. මොකද පලවෙනි මුරේ දෙවැනි මුරේ අතෑරියම අර කිව්ව හොද කාලෙට තමා තුන්වැනි හතරවැනි මුර වැටෙන්නේ.. මුල් මුර වලින් ඔය ගිය ගාන යන්තමින් පියව ගත්තම මදෑ.. ලාබ එයි තුන් වැනි මුරෙන් පස්සේ... මං මේ ටික ලිව්වේ ජෝතිෂය කියන එකෙන් වැඩ ගන්නත් යම් කිසි හිතිමේ ශක්තියක් ඕන කියන එක පැහැදිලි කරන්න.. හඳහනේ තියෙන දේ ප්‍රායෝගිකව භාවිතා කරලා හොදම ප්‍රතිඵල අත්කරගන්නේ කොහොමද කියලා සිහි නුවණින් කටයුතු කරනවනං හඳහන් බැලිල්ල හොඳ වැඩක්.. එහෙම නැතිව “ආ හදහනේ හොදයි කිව්වා“ කියලා අතේ තියෙන සල්ලි ටික අරං ගිහින් බූරු කෙලින එක හරියන කෙලියක් නෙවෙයි... හඳහනෙන් සුදුසු කාලය නුසුදුසු කාලය කිව්වම නුසුදුසු කාලයේ අවධානම් වැඩ නොකර ආරක්ෂිතව.. තියෙන දේ රැකගෙන... පරිස්සමට කටයුතු කිරීමත්... ඒ ඒ කාලයට කලාට කමක් නැති වැඩ දැන හැදුනගෙන ඒවා සාර්ථක කර ගැනීමත් කල යුතුයි... අපි මේ ඇලවල් උතුරන මහ වැස්සේ වී ඉහින්න යන්නේ නැහැනේ.. අන්න එහෙම... මහ වැස්සට කරන්න ඕන ගේ ඇතුලට වෙලා කරන්න පුළුවන් වී කෙටිලි.. වගා උපකරණ අළුත් වැඩියා කිරිලි වගේ වෙලාවට සුදුසු කල හැකි දේ... පෑව්වම පුළුවන් වී ටික ඉහ ගන්න... එහෙම සුදුසු කාලය සුදුසු පරිද්දෙන් යොදා ගැනිල්ල තමා ජෝතිෂයෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ... එහෙම නැතිව කාලේ නරකයි කියලා පැත්ත වැටිලා බුදියැවිල්ලවත්.. කාලේ හොදයි කියලා කටට වැටෙයි කියලා උඩ බලන් ඉදිල්ලවත් නෙවෙයි. ඔය ටික තේරුං ගන්න බැරි මිනිස්සු තමා මේක දෙකයි පණහට දාන්නේ.. කේන්දර බලන.. බලවන කොයි කෙනා උනත්...හරි ඒ වගේම තමා... තවත් අපූරු මාරුවක් තියෙනවා ඉස්සරහට.. ඒ තමා රාහු දැනට ඉන්න දෙවැන්නෙන් ලග්නයට (රාහු ඇවිල්ලා යන්නේ රිවස් එකට) ඒම.. මේක සිද්ධ වෙනවා 2016 ජනවාරි අග.. ඒ වෙද්දි ගුරුත් ලග්නයට ඇවිල්ලා... මේක බොහෝම අපූරු කාලයක්... විශේෂයෙන්ම විදෙස්ගත වෙන්න ඉන්න අයට..කිසිම කරදරයක් බාධකයක් නැතිව තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්කම හම්බු වෙනවා.. ඒ වගේම ඔය රාහුගේ කේතුගේ විශේෂ ගතියක් තියෙනවා.. ඒ තමා යම් කිසි රාශියකට මාරුවෙන්න තුන් මාසයක් විතර කලියෙන් ඉදලා අර මාරුවීමට නියමිත රාශියේ පලයි.. දැනට ඉන්න රාශියේ පලයි දෙකම දෙන්න පටන් ගැනිල්ල.. ඒ අනුව 2015 ඔක්තෝබර් අග ඉදලම මේ රට යන වැඩට.. පදිංචියේ හෝ රැකියාවේ හෝ මාරුවක් අපේක්ෂා කරන අයට ඒ අදහස් සාර්ථක කරගන්න ඇහැකි වෙන්න ගන්නවා...2015 ඔක්තෝබර් අග ඉඳන් 2016 අගෝස්තු මැදක් වෙනකල් මේ තත්වය හොදින් තියෙනවා...2016 අගෝස්තු මැදින් පස්සේ අන්න මේ කාලේ ආයෝජනය කල දේවල්වල ප්‍රතිඵල එන්න පටන් ගන්නවා... ඒ හින්දා ඔය කියන කාලය බලාගෙන ප්‍රතිඵල ලබාගත හැකි දේවල්වලට අත ගහන එක.. විභාග වලට සූදානම් වන එක... සෑහෙන්න හොද දෙයක්.. ඒ වගේම දැනට තියෙන කාලය තුල පැරණි නිවාස ආදිය මිලට ගැනීම වගේ දේවලටත් කාලය හොදයි.. ඒ වගේම පැරණි වාහන මිලට ගැනීමත් මේ ඉදිරි මාස අට නවය තුල හොදයි... ඒ හැම එකකින්ම තමන්ට වාසියක් මිස අවාසියක් වෙන එකක් නැහැ....හරි මං දැන් කියන්න යන්නේ අර සදු උපතේදී විශේෂ තැන් කිහිපයක හිටිය අයට තත්වේ මොකද කියලා.. අන්න ඒ අය පොඩ්ඩක් සාමාන්‍ය සිංහ ලග්න කාරයට වඩා පරිස්සමෙන් වැඩ කරන්න ඕන.. මොකද ඔහේලට තාමත් ඒරාශ්ඨක අපල තත්වයක් තියෙනවා... ඒ හින්දා තරමක් ඔය ඉහතින් කියාපු හොද ඒ තරමටම පල නොදෙන්නත්.. නරක ටිකනං තදින් බලපාන්නත් ඇහැකි.. ඒ හින්දා තව දුරටත් පිනට දහමට යොමු වෙලා.. ප්‍රතිපත්ති ගරුකව යහපත් ජිවිතයක් ගත කරන ගමන් හදිසි වැඩ කරන්න නොයා.. කරන හැම දේම ටිකක් වෙලාව අරං.. හිමිහිට සිහි කල්පනාවෙන් කරං යන එක හොදයි.. ඒ වගේම පපුවේ අමාරු අනං මනං තියේනං ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන.. කැපුං කෙටුං කරන්න වෙන අන්දමේ ප්‍රතිකාරවලටත් යොමු වෙන්න යම් හැකියාවක් ඇති නිසා... ඒ වගේම සමේ රෝග.. පාදවල රෝග වගේම.. විකාර හීන පේන.. නින්දෙන් බය වෙන වගේ දේවළුත්.. මිය පරලව ගිය ඥාතීන් එහෙමත් හිනෙන් පේන්න ගන්න කාලයක් වෙන්න ඇහැකි. පොඩ්ඩක් අනිත් අයට වඩා “හිමිහිට..පිළිවෙලට“ වැඩ කරං යනවනං ඒ හැටි අවුලක් වෙන්නේ නැහැ.. “හදිසියට සහ ඕනෑවට එපාවට“ වැඩ කරන අයටනං ඉතිං අබ සරණයි.. :Dඑහෙම අපල තත්වයන් තියෙන අය පින් දහම්.. බණ භාවනා ආදිය කරමින් යහපත් බබලා වගේ ඉන්න උත්සහ කරන්න.. වැඩිය අළුත් ඇදුම් ආයිත්තං මිලට ගන්න..පරිහරණය කරන්න නොයා.. ඔය තියෙන දෙයක් ඇදලා.. වැඩි කල එළියක් පෙන්නන්න නොයා සරල ජිවිත ගත කරන්න... වැඩි විනෝදයත් කලබල සහිත තැනුත් මග ඇරලා හිටින්න... එච්චරයි...හරි එහෙමනං ඔන්න ඒකත් අහවරයි.. දොළහෙන් පහක් අහවරයි.. තව දෙකක් තුනක් විතරනං ලියා ගන්ට ඇහැකි වෙයි.. ඊ ළගට වෘෂභයත් එයින් පසුව වෘශ්චිකයත් ලියන්ට හිතං ඉන්නවා.. හැබැයි එයින් එහාටනං ඒ හැටි උවමනාවක් වැඩි දෙනෙකුට තිබුන පාටක් පේන්ටත් නැති හින්දත්.. මටත් වැඩ වැඩි වීම සහ කම්මැලි වීම නිසාත්.. ඔය දෙක ලිව්වට පස්සේ හිතුනොත් මේක අල්ලලා දානවා.. :D12න් 7ක් ලියාගන්නවා කියන්නෙත් සෑහෙන කෙලියක්නේ නේද.
|
BLOG
|
2014.11.12
|
http://ctkumara.blogspot.com
|
කන්‍යා ලග්නයට 2014 නොවැම්බර් සෙනසුරු මාරුවේ පල...
|
මාරයාගේ හෝරාව
|
ඔන්න මේ පාර වෙච්ච හෙනහුරු මාරුවෙන් තවත් බොහෝම හොඳ ප්‍රතිඵල අයිති වෙන සැට් එකක්...කන්‍යා ලග්න හිමි උදවියට පහුගිය අවුරුදු හත අටක ඉදලා තිබුන දීර්ඝ කාලීන ලග්න ඒරාශ්ඨක අපලයක් නිමා කරවගෙන තමා මේ මාරුව සිද්ධ උනේ... 2006 අවුරුද්ද නිමා වෙලා 2007 අවුරුද්ද ලබාපු කාලේ හිටං ආරම්බ වෙච්ච ඔය කියන ඒරාශ්ඨක අපලේ දැන් සෑහෙන කාලයක් තිස්සේ තිබුන එකක්...මෙතනදී සඳහන් කල යුතු තවත් කාරණාවක් තියෙනවා... මං කලියෙනුත් කිව්වනේ ලග්න ඒරාශ්ටකයක් සාමාන්‍යයෙන් අවුරුදු හත හමාරක් විතර හිටිනවා සහ ඒකේ අවධි තුනක් තියෙනවා කියලා.. එතකොට සමහර උදවියට ඔය කොටස් තුනම තදේට අපල දෙවනවා උනත් තවත් සමහරුන්ට 12 වැන්න..ලග්නය සහ 2 වැන්න කියන මේ ලග්න ඒරාශ්ඨකයට ආදාල අවධි තුනට සම්බන්ධ ස්ථාන එක්ක සෙනසුරාට තියෙන ගනු දෙනුව කොහොමද කියන කාරණයත් එක්කත් ඔය අපලේ අඩු වැඩි වීම් තියෙනවා...ඒ ආකාරයට ගත්තම කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයක 12 වැන්න කියන්නේ සිංහ රාශිය.. සිංහය අයිති වෙන්නේ රවිට... රවි සහ ශනි අතර ගනු දෙනුව ඒ හැටි හොඳ එකක් නොවන හින්දා ආන්න ඒ කියාපු 12 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තමා කන්‍යා ලග්න කාරයෙකුට ඔය ඒරාශ්ඨක අපලය තුල අභියෝග වැඩිම කාලය වෙන්නේ... (සඳු වැරදිලාවත් ලග්නයේ.. දෙවැන්නේ.. හය වැන්නේ හෝ හත් වැන්නේ සිටියොත් 12ට වඩා ලග්නය සහ දෙවැන්න නරක් වෙන්න පුළුවන්.. මේ කියන්නේ එහෙම අබග්ගයක් නොවුන තැන) මේ කන්‍යා ලග්න හිමි අයගේ කේන්දර වල සෙනසුරු 12 වැන්නේ ගමන් කල 2006 නොවැම්බර් ඉඳලා.. 2009 සැප්තැම්බර් මැදක් විතර වෙනකල් කාලය ආන්න ඒ කිව්වා වගේ ටිකක් තද අමාරුකං ඇති කරවන කාලය වෙලා තිබුනා වෙන්ට පුළුවන්... උත්පත්ති කේන්දරයේ සඳුත් පස් වැන්නේ වගේ තිබුනනං ඉතිං සෑහෙන අමාරුයි.ඒත් කන්‍යා රාශියට හෙනහුරා තරමක් මිත්‍ර ගතියක් දක්වන හින්දා ලග්නයේ හෙනහුරු ගමන් කරන 2009 සැප්තැම්බර් මැද ඉඳන්.. 2012 අගෝස්තු විතර වෙනකල් කාලය.. (ඔය කිව්ව කාල වකවානු අතර හෙනහුරාගේ රිවස් කිරිල්ලක් තියෙනවා උනත් ඒක ටිකකට අමතක කරලා කතා කරන එක අපට ලේසියි.. ) ඒ හැටිම තදින් ගහන්නේ නැති කාලයක්..ඒ වගේම එතැන් පටන් මේ පහුගිය හෙනහුරු මාරුව සිද්ධ වීම දක්වා වෙච්ච කාලයේදී හෙනහුරා ගමන් කලේ කේන්දරයේ දෙවැන්නේ... ඒ කිව්වේ ශනිගේ උච්ච රාශිය වෙච්ච තුලාවේ... උත්පත්ති කේන්දරයේ සඳු දෙවැන්නේ හෝ හත් වැන්නේ නොවුන කෙනෙකුට මේ කාලය ඒ හැටිම නරකක් වෙන්නේ නැහැ.. ඒත් උපතේදී සඳු 2 වැන්නේ හෝ හත් වැන්නේ උන අයට ඕක ඒ හැටිම සුභ කාලයක් වෙන්නේ නැහැ හෙනහුරාගේ උච්ච රාශීය උනත්...හරි මං ඒ කිව්වේ පහුගිය කාල වකවානුව ගැන කෙටියෙන්... ඒ ටික කිව්වේ වෙන එහෙකට නෙවෙයි.. කන්‍යා ලග්නය හිමි කෙනෙකුට.. මං අර කිව්ව විදියේ සඳුගේ විශේෂ අවුලක් නොතිබී දෙවැන්නේ හිටපු සෙනසුරුගෙන් කරදර අඩුවෙන් තිබුනනං (2012 අගොස්තු සිට - 2014 නොවැම්බර් දක්වා) දැනට මේ මාරුව හින්දා ලොකුම වෙනසක් එක පාරට දැනෙන්නේ නැහැ කියලා කියන්න.. මොකද ඒරාශ්ඨක අපලයක උනත් හෙනහුරා උච්ච රාශියේ ඉඳලයි දැන් මේ හෙනහුරාට ඒ හැටි හොඳ රාශියක් නොවන කුජට අයිති වෘශ්චික රාශියට ඇවිල්ලා තියෙන්නේ කියන කාරණය පැහැදිලි කරන්ට... කොච්චර අපල කරදර මැද්දේ උනත් උච්ච රාශියේ හිටිය හෙනහුරාගෙන් පහුගිය කාලේ උදව් උපකාර නොතිබුණා වෙන්ට බැහැ. අපල හැටියට ගත්තොත් අසනීප.. සුළු සුළු අනතුරු... නින්දා අපහාස.. විශාල විය හියදං.. නෑදෑයින්ට වන විපත් ආදිය මැද උනත් අනිත් පැත්තෙන් කරන කියන දේවල්වල සාර්ථකත්වයක්... රැකියා දියුණුවක්.. උසස්වීම් ආදියටත් ඔය හෙනහුරු තුලාවේ හිටිය කාලේ අවස්ථා තියෙනවා... ඒ හින්දා ඒරාශ්ඨකේ කියලා සම්පූර්ණයෙන්ම කරදර විතරක් තිබුන කාලයක් කියලා කිව්වොත් ඒක වැරදියි.හරි ඒ කොහොම උනත් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා යාළුවා කුජට අයිති.. වෘශ්චික රාශිය වෙන තුන් වැන්නට... වෘශ්චිකයට හෙනහුරා ඒ හැටි යහපත් නොවුනා උනත්.. ඕනම ලග්නයක් හිමි අයකුගේ කේන්ද්‍රයේ තුන් වැන්න කියන්නේ ගෝචර ගමනින් එන හෙනහුරාට හොඳම පොට් එකක්... උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීමෙන් වන ලොකු අවුලකුත් නැත්තං.. දැනට කේන්දරයේ ගමන් කරන අනිකුත් ග්‍රහයින්ගේ නරක බලපෑමකුත් හෙනහුරාට නැත්තං.. ආයේ ඉතිං මොන මගුල උනත් මේ කාලය ඇවිල්ලා හොඳම කාලයක්... මං ඔය ලිපිය ආරම්භයේදීම දාලා තියෙන සටහන අද දවසේ ග්‍රහ ගමනේ තත්වය දක්වන දළ සටහනක්.. එතකොට මේ පහතින් දාන සටහනත් කන්‍යා ලග්න හිමි අයට මේ කියන පලාපල වලට උදව් කරගන්න පුළුවන් එකක්...පොඩ්ඩක් ඔන්න ඔය සටහන බලලා තම තමුන්ගේ උත්පත්ති කේන්දරවල සඳු.. එහෙමත් නැත්තං චන්ද්‍රයා ඔය ආකාරයට හිටලා තියේද කියලා බලන්න.. ඒ කිව්වේ උපතේදී සදු 2/3/4/8 කියන ස්ථාන වල හිටියනං මං මේ ඉස්සරහට කියන්න යන හොඳ කියන තරමටම බලාපොරොත්තු වෙන්ට එපා... ඔය ආකාරයට සඳු නැත්තං... මහ දශා අතුරු දශා අපලයක් එහෙමත් තදින් නැත්තං... දෙයියනේ කියලා ලෑස්ති වෙන්න මේ කියන හොඳ පැති ගැන විශ්වාස කරලා රේස් එක දුවන්ට...හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ හිටං.. 2017/10/26 විතර වෙනකල් කාලයට අදාලව කන්‍යා ලග්න හිමියන්ට බොහෝම යහපත් වාසි හිමි කරගන්න පුළුවනි.. ඒ කිව්වේ බොහෝ හිතේ ප්‍රීතිය ඇති වෙන්න හැකි වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා... තමාගේ වැඩ අනිත් අය විසින් කරලා දෙන අවස්ථා බොහෝමයි.. යන එන තැන තමාට උපකාර කරන්න උදවිය හිටීවි... ආර්ථික වාසිත් බොහෝමයි... ලෙඩ දුක් කරදර තිබුන ඒවා හොද අතට හැරිලා.. හොඳ කායික මානසික ශක්තියක් ඇතිව කටයුතු කරං යන්න පුළුවන්කම ලැබෙනවා.. රැකියා ස්ථානවල.. ගෙදර දොරේ තමන්ගේ බලය වැඩි වෙන කාලයක්.. ඒ වගේම මෙච්චර දවසක් තමන්ට කොකු දාපු.. බාල්දි පෙරලපු අය තමා ඉස්සරහා පරාද වෙන කාලයක් වගේම ඒ අයවත් තමන්ට උවමනා හැටියට හසුරුවන්න පුළුවන් තත්වයක් උදා වෙයි... සතුරන් පරාජය වෙනවා වගේම සතුරන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඇති වෙනවා... අළුත් බලවත් යාළු මිත්තරයෝ ඇති වෙන්ටත්.. ඒ අයගේ ආධාර උපකාර හිමිවීමටත් පුළුවනි. තමන්ට අයත් වෙන්ට තිබුන ඒ් මොන මොනවා හරි ප්‍රශ්න හින්දා කල් යමින් තිබුන දේපල ආදිය බොහෝම පහසුවෙන් අයිති වෙනවා.. සමාජයේ පිළිගත් තැන්වල හැසිරෙන්නට අවස්ථා කරුණු යෙදනවා.. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන.. යම් යම් නිලතල නම්බු නාම හිමිවන... කරන කියන වැඩ වලින් ලාබ හිමිවන... පවුලේ එකමුතුව ඇතිවෙන... දියුණුව ඇතිවන.. කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන.. යම් කිසි දඩුවමකට එහෙම ලක් වෙලා හිටියනං ඒ දඩුවම් නිමා වෙන... ඉඩ කඩම්.. ගෙවල් දොරවල් ආදියේ සංවර්ධන කටයුතු කරගන්න ලැබෙන.. නව ව්‍යාපාර.. රැකියා ආදිය හිමිවන.. කරන රැකියා..ව්‍යාපාර උස්ස තත්වයට පත්වන..තමන්ට සැපසේ සිටිය හැකි ස්ථාන වලින් බැහැර වෙලා වෙන වෙන තැන්වල වැටිලා හිටිය අයට නැවතත් තමාට හිමි.. තමාගේ පහසුව වැඩිවන තැන්වලට යාමට හැකිවන... පුරුෂයකුටනං ස්ත්‍රීන්ගේත්.. ස්ත්‍රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි... ඒ විතරක් නෙවෙයි මේ කාලය විශේෂයෙන්ම අළුතින්ම ආරම්භ කරන්න බලාගෙන හිටිය ව්‍යාපාරයක් වේවා.. කර්මාන්තයක් වේවා.. එහෙමත් නැත්තං අළුතින් ගෙයක් දොරක් සෑදීමක් වේවා.. ඔය ඕනම ආකාරයක මතු දියුණුවට හේතුවන ලොකු ලොකු වැඩ ඕන එකක් ආරම්භ කරන්න හොඳම කාලයක්... ඒ වගේ දේවල්වලදී වැඩිහිටි.. උසස්.. උගත් අයගේ ආධාර උපකාර හිමි වෙනවා වගේම අවසාණ අරමුණට ඉතාමත් කෙටි කාලයකදී ගමන් ගැනීමේ හැකියාව ඇති වෙනවා... පොළව සම්බන්ධව වැඩ කරන අයටනං දියුණු වෙන්න මේ තරං හොඳ කාලයක් තවත් නැති තරං...ඔය ඇවිල්ලා හොඳ පැත්ත.. නරක ටිකක් හරි නැත්තං ඒක ලොකු අඩුවක් නෙව.. එ් හින්දා ඔන්න ඔහේ මේ ටික ගැනත් අවධානය යොමු කරං ඉන්න... ඔය කියාපු හොද ඔක්කෝම අස්සේ තමන්ට කරදරයක් හිරිහැරයක් වෙනවනං වෙන්නේ එකකෝ සහෝදර සහෝදරියෝ.. නෑනලා මස්සිනාලා වගේ අය හරහා එන දේවල්.. එහෙමත් නැත්තං දරුවන්ගේ පොඩි පොඩි මුරණ්ඩු වැඩ හින්දා වෙන අබග්ග.. එයිටත් අමතරව උසස් අධ්‍යාපන කටයුතු කරන අයට පොඩ්ඩක් විතර වරින් වර ඒවා අතහැරලා දාලා වෙන වෙන වැඩ ගැන බලන්න වෙන අවස්ථා යෙදෙන්න පුළුවන්... පොඩ්ඩක් පපුවේ උඩ කොටස්වල.. බෙල්ල හා කන් සම්බන්ධව අසනීප ගති වගේම පිරිමි උදවියගේ වෘෂණ කෝෂ ආශ්‍රිත ආබාධත් ස්ත්‍රීන්ගේත් යටි කයේ රෝගී තත්වයන් මතු වෙන්ට පුළුවනි.. (හා හා දැන් ඕක කිව්ව ගමන් පුරුෂ පාර්ශවය වෘෂණ අල්ලන්ට දුවන්ට ඕන නැහැ.. ඒ තැන්වල මෙයිට කලින් හිටං සුළු සුළු රිදීම් හෝ වෙනත් රෝගී ලක්ෂණ තිබුණ අය ටිකක් බල බල ඉන්නේ නැතිව පරීක්ෂා කරවා ගත්තනං ඇති.. අනිත් අය ඔව්වා පරිස්සං කරගන්න එහෙ මෙහෙ වද්දගන්නේ නැතිව... :D )හරි ඔය තමා හොඳ නරක ඔක්කෝම.. ඔය ටිකට අමතරව ඉතිං කේන්ද්‍රයේ අනිකුත් ග්‍රහ ගමන් වල බලපෑමත් ඔය අතරට එන හින්දා ඉදිරි අවුරුදු තුන ගැන දළ වශයෙන් තව කරුණු කිහිපයක් කියන එක හොඳයි නෙව...විශේෂයෙන්ම ඔය කිව්ව හොඳ පැති වලින් වැඩි හරියක් දැනට මේ එකොලොස් වැන්නේ ගුරු ගමන් කරමින් ඉන්න ඉදිරි මාස අටක විතර කාලය තුලින් හොඳින් සිද්ධ වෙන්ට පුළුවන්... ඒ කාලය ලැබීම් පැත්තට බොහෝම හොදයි.. දියුණුවට ඉතාමත් හොදයි... ඒ වගේම ඔන්න අද ඉදලා ලබන මාසේ හය වෙනිදා විතර වෙනකල් හෙනහුරා එක්ක සිකුරුත් යෝග වෙලා තුන් වැන්නේම ගමන් කරනවා... ඒකත් හොඳයි.. දෙන්නා බොහෝම හොදට මිත්තරකං ඇති දෙන්නා.. දරුවන් එක්කලා සතුටු වෙන්ට.. දරුවන්ගේ දියුණුවට කරුණු යෙදෙන.. විනෝදයට බර.. තරමක් වෙනදාට වඩා සැහැල්ලු හිතක් ඇතිවෙන.. මාසයක් ගත කලෑකි. හැබැයි ඔය අතරේ දැනට රාහු ලග්නයේ ගමන් කිරීම ගනත් අවධානයෙන් ඉන්න ඕන.. කන්‍යාවට රාහු බොහෝම බලවත් අපූරු හිතවතෙක් වීම නිසා ඔය අනිත් අයට වගේ රාහු ලග්නයේ ගමන් කරද්දි වෙන අබග්ග ගොඩක් සිද්ධ වෙන්නේ නැති උනත් තරමක් වෙහෙස අධික ගමන් බිමන් 2014 මැද හිටලා 2016 ජනවාරි වෙනකල්ම යෙදෙන්න පුළුවන්.. ඒ වගේම දුර ගමන් බිමනුත්.. යෙදෙනවා.. රාහු කියන්නේ තනිකරම පිස්සු ගති ඇති කරවන හින්දා ටිකක් විතර ඔය කියාපු කාලේ ඇතුලත හිත චංචල කරවන එකත්.. වෙනදා තරමට හිතේ ඒකාග්‍රතාවය රඳවා ගන්ට අපහසු වෙන එකත් සාමාන්‍ය දෙයක්... නිකං හදිසි වෙලා පිස්සු වැඩ කරන්ට එහෙමත් හිතෙයි... පොඩ්ඩක් අති ධාවනකාරී වැඩ කරන්න ගිහින් කරදර වෙන්ට පුළුවන් හින්දා ඕනම වැඩකට සුදුසු කාලය අනිත් අයත් එක්කත් කතා බහ කරලා හදුනගෙන වැඩ කලාම හරි. ඒ වගේම කේතු හත්වැන්නේ ඉන්න හින්දා අනිත් අයගේ බස් අහද්දිත් ටිකක් කල්පනාවෙන් අහන්ට ඕන.. විශේෂයෙන්ම පුරුෂයෙක්නං බාරියාවගෙනුත්.. ස්ත්‍රියක්නං හස්බන්ඩාගෙනුත් ලැබෙන උපදෙස් ගැන ටිකක් කල්පනාවෙන් ඉන්ට ඕන... පොදුවේ දෙපාර්ශවයම ස්ත්‍රීන්ගෙන් ලැබෙන උපදෙස් ගැන ඒ හැටි විස්වාස නොකරන තරමට හොදයි...ලබන අවුරුද්දේ ජූලි මැද වගේ ගුරු දොලොස් වැන්නට යාමත් එක්ක ටිකක් විතර වියදං පැත්ත වැඩි වෙන්ට පුළුවන්.. හැබැයි ඒ වියදං අතරින් වැඩි හරියක් එක්කෝ දෙමාපියන් වැඩිහිටියන් වෙනුවෙන් කරන්න වෙන ඒවා.. නැත්තං තමුන්ගේ ඉගෙනීමේ කටයුතුවල වැඩි දියුණුවට කරන්න වෙන ඒවා... එහෙමත් නැත්තං ප්‍රධාන වශයෙන්ම අළුත් ව්‍යාපාර වගේ දේවල් වලට කරන අනාගත ආයෝජන වෙනුවෙන් කරන්න වෙන ඒවා... ඒ කරන වියදං වලින් තමන්ට පාඩුවක් වෙන්නේ නැහැ... විශේෂයෙන්ම ලබන වර්ෂයේ මැද ඉදන් වසරක් වගේ කාලයක් ඇතුලත වියදං කරන ඒවා පොලිත් එක්ක එයින් වසර දෙකකට පමණ පස්සේ තමුන්ට ආයේ ලැබෙන වර්ගයේ ඒවා...හැබැයි ගුරු 12 ඉද්දි හෙනහුරා තුන්වැන්නේ ගමන් කරනකොට දෙන්නා අතර ඇතිවන බැදීම තරමක් තම තමන්ගේ දෙමාපියන්ට වැඩිහිටි ඥාතීන්ට හොද මදි. ඒ වගේම දැනට ලග්න ගත රාහුත්.. හත් වැන්නේ කේතුත් 2016 ජනවාරි අග වෙද්දි කේන්ද්‍රයේ දොලොස් වැන්නට යාමත් එක්කනං ඔන්න තරමක් ආදායං නොලබන වියදං යෙදෙන්න පටන් ගන්නවා... හෙනහුරාගෙන් ලැබෙන හොදත් එයින් පස්සේ තරමක් බාල වෙන්ට පටන් ගනීවි. ලෙඩ දුක් අසනීප තරමක් යෙදෙන්ටත් එයින් පස්සේ පුළුවනි...ඔය කරුණු ඔක්කෝම එකට කොටලා මිරිකලා ගත්තම දැන් පටන්.. ලබන වර්ෂයේ ජූලි මැදක් වෙනකල් කාලය බොහෝම හොඳය බවත්.. එතැන් පටන් දෙදහස් දාසයේ ජනවාරි අග වෙනකල් තත්වයත් හොඳ බවත්... දෙදහස් දාසයේ ජනවාරි අග ඉදන් දෙදහස් දාසයේ අගෝස්තු මැද වෙනකල් නරකම නැති බවත්.. එයින් පස්සේ ටික ටිකක් හොඳ නරක දෙකම එක්ක දුවන කාලයක් බවත් කිව්වැකි...පොඩ්ඩක් මෙව්වා දාන්න පරක්කු උනාට අමනාප වෙන්ට එපාලා පුළු පුළුවන් හැටියට දාන්නං... කන්‍යාව ගැන මෙයිට කලින් ලියන්න හිතං හිටියට වෙලාවක් සැට් උනේ නැහැ.. පොඩ්ඩක් හිමිහිට ලියන්ට උවමනා හින්දා.. මොකද කන්‍යා ලග්නය කියන්නේ මට ටිකක් විශේෂ එකක්.. මගේ තාත්තණ්ඩේ.. මලයණ්ඩිගේ පටන් පවුලේ නෑදෑයින් වගේම මගේ පෞද්ගලික ජීවිතයේ එදා පටන් මේ වන තුරු හිටිය හිතවතුනුත්වැඩි දෙනෙක් කන්‍යා ලග්න කාරයෝ... මං ඉතිං ඒ හින්දා ඔය මේෂ ලග්නය ඇරුනම කන්‍යා ලග්නය ගැනත්.. එයට අමතරව වෘශ්චික ලග්නය ගැනත් වැඩි උනන්දුවක් තියෙනවා... ඒ උනාට ඉතිං ඊ ළගට ලියන්න වෙන්නේනං සිංහ ලග්න කාරයෝ ගැන... සිංහයෙන් පස්සේ වෘෂභද වෘශ්චිකද කියන ප්‍රශ්නය තාම තියෙනවා.. මොකද ඒ දෙකෙටම එක හා සමානව ඉල්ලීම් ගොඩක් බ්ලොග් එකේ වගේම වෙන වෙන මාර්ග වලිනුත් එන හින්දා... තව දුරටත් ඔහෙලගෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි බලම් සිංහයෙන් පස්සේ මොකක්ද කියලා... එහෙනං අදට ඔය ඇතිනේ... ටටා බායි වේවා...
|
BLOG
|
2014.11.08
|
http://ctkumara.blogspot.com
|
මකර ලග්නයට 2014 නොවැම්බර් සෙනසුරු මාරුව බලපාන හැටි...
|
මාරයාගේ හෝරාව
|
කලින් පෝස්ටුවේ මුල්ම ඉල්ලීම හැටියටත්.. වැඩි ඉල්ලීම් ගණනක් තිබුන බව පෙනුන හින්දත්.. ඔන්න මේ පාර මකර ගැන ලියන්න කල්පනා කලා... ඒ වගේම කන්‍යාවටත් සිංහයටත් තිබුන ඉල්ලීම් ගැනත් හිතලා ඒ දෙකටත් ඊ ළගට අවස්ථාව දෙන්ට කියලා හිතුවා.. බ්ලොගයේ කමෙන්ට් හැටියට නොවුන.. ඒත් වෙනමම කෙරුණ පෞද්ගලික ඉල්ලීම් රාශියක් වෘෂභයට හා වෘශ්චිකයට තිබුනා උනත් මං මෙතන පොරොන්දු වෙන දේවල් මෙතන ඉෂ්ඨ කරන එක නෙව යුතුකම.. ඒ හින්දා ඒ ඉල්ලීම් වලට ඉඩ දෙන්ට කලින් මෙතන වෙච්ච පොරොන්දු ඉෂ්ඨ කරලාම ඉමු... (මං දන්නව මේ කෙලියෙන් මට කීප දෙනෙක්ගෙන් හොදට අහ ගන්ට වෙනවා කියලා :D )ආ ඒ වගේම ඉතිං ආයෙමත් මං අර මුලින් ලිපියේ මුලින්ම කිව්ව කාරණාව නැවත නැවත මතක් කරන්ට උවමනා වෙන එකක් නැහැ... කවුරු හරි ජෝතිසේ විශ්වාස නොකරනවනං.. ඒ ගැන උනන්දුවක් නැත්තං කරුණාකරලා තමන්ගේ වත්තේ හතර මායිම කොටාගෙන පාඩුවේ ඉන්ටලා... නිකං මේවා කියවලා තමන් උනන්දුවක් නැහැයි කියලා පුන පුනා කියන දේ ගැනම හාර අවුස්ස අවුස්ස තම තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්ට නොයා.. මොකද මං යම්තාක් දුරකට ඉගෙන ගත්ත දේ.. මං යම් තරමකින් දන්න දේ.. මට කැමති තැනක ඒකට කැමති අය එක්ක බෙදා හදා ගැනිල්ලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්ට හැටියක් නැහැනේ... ඔය ඉවුම් පිහුම් වැඩ ගැන කවුරු හරි මොනවා හරි අහපු වෙලාවට දන්න තරමින් කියා දෙනවා වගේම තමා මේ වැඩත්.. ඒකට මේ කවුරුවත් ලේ කෝපකරගෙන නලියන්ට උවමනාවක් නැහැ නෙව.. අනික එයාලම කියන විදියට එයාලා මේ ගැන උනන්දුවක් නැහැයි කියනවනේ.. ඉතිං ඇයි මේ අමුතු කැක්කුමක්... අර කියමනක් තියේ නෙව... “ලිඳ මගේනං.. මං ලිඳේනං.. කාටවත් ඇයි වේදනා“ කියලා :D මේක මං විනෝදයට කරන කියන දේ.. ඒක ගැන ඔය හැටි උනන්දුවක් නැති උදවිය නහින්ට උවමනාවක් නැහැ...හරි බහිමු කාරණාවට...මකර ලග්නය.. ඔන්න ඔය උඩින් දාලා තියෙන දළ සටහනේ හැටියට තමා අද දවස වෙද්දි මකර ලග්න හිමි උදවියගේ ග්‍රහයෝ ගමන් කරන්නේ.. ඒ අනුව සෙනසුරු මේ වෙද්දි ඉන්නේ කේන්දරයේ එකොලොස් වැන්නේ.. ඔය එකොලොස් වැන්නට අපි කියනවා අයස්ථානය කියලා... ඒ කියන්නේ කෙනෙකුට ලැබෙන්න තියෙන දේවල් ගැන කියවෙන ප්‍රධාන ස්ථානය... ඒ වගේම මරණය ගැන වගේම විවාහය ගැනත් පොඩි පොඩි සම්බන්ධකං ඔතනට තියෙනවා...මං කලිනුත් කිව්වනේ මීන ලග්නය ගැන කියන වෙලේ හෙනහුරාට හොඳ තැන් කිහිපයක් කේන්දරයේ තියෙනවාය කියලා... ඒ අතරින් කේන්දරයේ නව වැන්න ප්‍රධානයි... නවය ඇරුනු කොට ඔය ගමන් කරමින් යන හෙනහුරාට තවත් හොද තැන් තමා එකොළහ.. තුන.. හය වගේ ස්ථාන.. පස් වැන්නේ සමහරුන්ට හොඳයි සමහරුන්ට ටිකක් නරකයි...ඉතිං මේ මකර ලග්න කාරයින්ටත් මේ හෙනහුරා එකොලොස් වැන්නට යාම එක පැත්තකින් බොහෝම හොඳ කාරණාවක්... මොකද මේ හෙනහුරාම තමා මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා... ලග්නාධිපති ග්‍රහයා එකොළහට යනවා කියන්නේ ඒක එක්තරා අන්දමක ධන යෝගයක්... ධන යෝගයක් කිව්ව ගමන් හා දැන් ඉතිං ගන්න තමා තියෙන්නේ රටේ තියෙන තරං සුවිප් කියලා මේ ලේසි සල්ලි ගැන හිතන්න යන්න එපා.. එව්වට බලපාන්නේ හෙනහුරාටත් වඩා රාහු... හෙනහුරාගෙන් ඔය සුවීප් අද්දනවා වගේ ලාබ බාල දේවල් හම්බ වෙනවා අඩුයි... එව්වට ටිකක් හරි බරක් තියෙන්නේ රාහු වගේ පිස්සෙක් ඔය තැනකට ගිහින් පිස්සු කෙලින වෙලාවල්වලට.. ඒත් ඉතිං ග්‍රහයෙක් තැනකට ගියා කියලා නිකංම ස්වීප් කඩං පාත් වෙන්නනේ නැහැ කාටවත්.. අපේ උන්දලා ග්‍රහයා හොදයි හරි.. ධන යෝගයක් හරි කිව්ව ගමන් හිතන්නෙම අස්සයෝ අල්ලන්නයි.. ස්වීප් ගන්නයි... බූරු කෙලින්නයි වගේ පිනා චාන්ස් වද්ද ගන්නමනේ... ඕන මී හරකෙකුට තේරෙන්න එපෑ දෙයියනේ දවසකට මේ ලංකාව ඇතුලේ කොයි තරංනං ගාණක් සුවිප් විකුණනවද කියලා.. ඒ අතරින් එකම විදියට ග්‍රහයෙක් එක තැනක ඉන්න මිනිස්සු කී දෙනෙක්නං ඔය ස්වීප් ගන්නවද.. එහෙම බැළුවම ඒ හැමෝටම ස්වීප් ඇදෙනවනං බැරියෑ... එහෙමනං ඉතිං ලොතරැයි මණ්ඩලේ විකුණන සුවිප් වලින් හතරෙන් එකක්වත් දිනුං තියෙන ඒවා වෙන්ට ඕන.. ඒ වගේම ඉතිං ඔය විස්සේ කෑලි වගේ ඒවා ඇදුනත් ඇති වැඩක් තියේයෑ.. ස්වීප් ඇදෙනවා වගේ දේවල් වෙන්නනං ඉතිං පෙර කරන ලද පිංකං තියෙන්න ඕන... ඒ කිව්වේ තමන් සන්තක දේවලුත් එක එක අයට හිතාගන්න බැරි අන්දමේ වෙලාවල්වල හිටු කියලා දන් දීලා තියෙන ඈයින්ට තමා ඔහොම හිටි හැටියේ හිතාගන්න බැරි අන්දමේ ධනස්කන්ධයන් කඩං පාත් වෙන්නේ... එහෙම නැතිව මේ හන්දියේදී හිඟන්නෙකුට රුපියල් පහක් දීලා.. ඊ ළග හන්දියේදී විස්සක් දීලා ගන්න ලොතරැයියට ලක්ෂ ගණන් වැටෙනවනං බැරියෑ.. (අපේ අය එහෙම දේවල් නෙව කරන්නේ :D )හරි එතකොට අපි මේ වැල් වටාරං නවත්තලා සීන් එකට ඇන්ටොර් උනොත්... මේ වෙද්දි සෙනසුරු එකොලොස් වැන්නට ගිහින් තියෙද්දි.. මේ අවුරුද්දේ මැද භාගයේ හිටලාම කේ්න්දරයේ හත්වැන්නේ ගමන් කරන ගුරු ලබන වර්ෂයේ ජූලි මැද වෙනකල්ම හත්වැන්නේ ගමන් ගන්න නියමිතයි. එතකොට ගුරු වගේම මේ අවුරුද්ද මැද ඉඳං කේන්දරයේ නව වැන්නට ආව රාහු දෙදහස් දාසයේ ජනවාරි වෙනකල්ම නව වැන්නේත් ගමන් කරනවා.. රාහු නවයේ ඉන්න කාලයම කේතු තුන් වැන්නේත් ගමන් කරනවා...එතකොට ඔය කියන පිහිටීම් ප්‍රධාන කොට සලකලා.. කතා කලොත්...මේ සෙනසුරු මාරුව මුල් අවස්ථාවේ මාසයක් විතර ගියාට පස්සේ මකර ලග්න හිමියන්ට බොහෝම හොදින් වැඩ කරනවා.. මාසයක් විතර යනකල් කිව්වේ මේ වෙද්දි කුජ ගමන් කරන්නේ කේන්දරයේ දොලොස් වැන්නේ වීම නිසයි.. දැන් ඔය හෙනහුරා ඇවිත් වැටුන එකොලොස් වැන්න කුජට අයිති තැන නෙව.. කුජයි හෙනහුරයි කියන්නේ ඒ හැටි ගැලපෙන දෙන්නෙක් නෙවෙයි.. ඔය ආදී කරුණු කිහිපයක් හින්දා එකොලහ අධිපති කුජ දොලොස්වැන්න වෙච්ච වැයස්ථානයේ ගමන් කරන කාලය ටිකක් වියදං කරදර වැඩි... අහක යන වලි කරේ දාගන්න නිකං නම නාස්ති වෙන කාලයක්.. හැබැයි ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ ඒ කාලය තියෙන්නේ මේ නොවැම්බරය අවසාන වෙනකල් විතරයි.. ඔන්න නොවැම්බරය අහවර වෙලා දෙසැම්බර් පටන් ගැනීමේ හිටං ලබන වරුසයේ ජූලි මැද වෙනකල් හරියටම කිව්වොත් මකර ලග්න හිමියන්ට ධන යෝග වගේම මංගල යෝගත් තියෙනවා... විසේසයෙන්ම පහුගිය ජූනි විස්සේ විතර ඉඳලා ලබන අවුරුද්දේ ජූලි දහතුන විතර වෙනකල් මකර ලග්න හිමි අයගේ කේන්දර වල ගුරු හතේ ගමන් කිරීම විවහා මංගල කටයුතු අතින්නං නොම්මර එකයි... බොහෝමයක් විවාහයන් පරක්කු උන උදවියටත්.. මගුල් හරියන්න ඇහැකි කාලයක් ඕක... හැබැයි ගුරුට දොලොස් වැන්නත් අයිති හින්දා ටිකක් අතින් පයින් වියදං යන මගුල් තමා සැට් වෙන්නේ... ඒ කිව්වේ මේ විවහා සහකරුගෙන් සහකාරියගෙන් දායාද දේපල හම්බ නොවෙන සීන් එකක් නෙවෙයි.. ටිකක් වියපැහැදං අධික මගුල් තමා ගන්ට වෙන්නේ.. විවහා මංගල උත්සවවලට විතරක් නෙවෙයි මේ අයට මොන විදියට මගුල් කන්න ගියත් ටිකක් වැඩි මිල මුදලක් හිතනවට වඩා වියදං වෙන්ට ඇහැකි. හැබැයි ඉතිං ඔය ටිකක් ගියාට මොන එකක්ද මගුල කෙරෙනවනං නේද... ඉතිං එහෙම මංගල යෝග යෙදෙන කාලය අහවර උනාම.. ඒ කිව්වේ ජූලි දහතුන පැන්නයින් පස්සේ අවුරුද්ද විවාහය නිසාම ලැබිය යුතු දේපල දායාද එහෙමත් අඩු නැතිවම ලැබේවි.. ඒ හින්දා ලාබ පාඩු බලන්න දෙයක් නැහැ යෙදෙන හොද කාරණාවක් වෙයිනං වැඩිය කල් නොදා කරගන්න දෙයක් මේ කාලේ කරගන්නයි තියෙන්නේ...එතකොට ගුරු හතේ ඉන්න මේ කාලේ මකර ලග්න උදවියට වැඩිහිටියන්ගේ උදව් උපකාරත් යහමින් තියේවි.. විශේෂයෙන්ම පහුගිය කාලේ අම්මගෙන් අප්පගෙන්.. අහල පහල උන්ගෙන්.. පවුලේ නෑයෝ කියන වේයන්ගෙන් අවලං කතා අහ අහ නිකං දෙකේ කොලේට වැටිලා හිටිය උදවියටත් ඔන්න වෙනදට වඩා ගරු නම්බු ඇතිව සලකන්න ඒ අය උත්සුක වෙයි... එහෙම ගත්තාම කාලේ නරකක් නැහැ කියලා තේරෙනවනේ...එතකොට මේ සෙනසුරු එකොලොස් වැන්නේ හිටින වසර තුනක විතර කාලය තුලම පොදුවේ ගත්තම ආදායම් පක්ෂය ඉහළ යාම.. විශේෂයෙන්ම පැරනි වාහන.. පැරණි ගේ දොර ආදිය හිමි විමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා... හිත අමනාප කරගන්ට එපා ඇන්ටික් බඩු හම්බවෙන එකද මේ මහ ලොකු ධන යෝගේ කියලා.. මොන මගුලක්වත් නැතිවට වඩා හම්බවෙන මගුල මදෑ.. අනික ඔය හෙනහුරාගෙන් අළුත් දේවල් හම්බ උනාට ඒවා යාදෙනවා අඩුයි.. හැබැයි හම්බු වෙන පැරණි දේවල් ඔය සුළු නඩත්තුවක් කරලා ගත්තම කාලයක් කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්ට පුළුවන් දේවල් බවට පත් වෙනවා.. ඒ හින්දා මේ කාලය තුලදී පැරනි දේවල් මිලදී ගැනීම අළුත් දේවල් මිලට ගන්නවට වඩා යා දෙනවා.. විශේෂයෙන්ම පැරණී නිවාස ආදියෙහි දැනටත් වාසය කරන අයට මේ කාලය වඩාත් හොදින් ගුණ දෙනවා කියලා කියන්නත් පුළුවන්. හෙනහුරාගේ වැඩි සැලකිලි ඉතිං හෙනහුරාටම හරියන්න ජීවත් වෙන උන්දලට නෙව... වැඩි සෝබන ඇති ඈයින්ට හෙනහුරාගේ හැන්ද ටිකක් අඩුවෙන් බෙදන්නේ...එතැනින් ගියාම රැකි රක්ෂා ආදියෙත් කලින්ට වඩා ස්ථාවර ගතියක් ඇති වෙනවා.. පහුගිය කාල සිමාවේ පිස්සු හැදිලා වගේ දිවුව අයට නැවතිලා හුස්මක් අරං වැඩ කරං යන්න පුළුවන් තරමේ ඉස්පාසුවක් හම්බ වෙන්න පුළුවන්.. ඒ වගේම වෙහෙස මහන්සිය අධික තත්වය තරමක් අඩු වෙයි.. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර.. කෘෂිකර්මය හා මහ පොළවට සම්බන්ධ කටයුතු.. තාක්ෂණික පැත්තට වගේම ලෝහ වර්ග වලට සම්බන්ධ රැකියා.. කර්මාන්ත..ව්‍යාපාර කරන අයට මේ කාලය අනිත් අයටත් වඩා දියුණුවට හේතුවෙන කාලයක්...තවත් අපි කල්පනා කරලා බලනකොට කේතු තුන් වැන්නේ හිටින ඉදිරි වර්ෂයක පමණ කාලයත්..පොඩ්ඩක් විතර සහෝදරාදින්ගෙන් තමන්ට කරදර ඇති උනා උනත්.. ඒ ඒ අයටත් ටිකක් වෙනදට වඩා කරදර ඇති උනා උනත්.. තමන්ගේ ඉගෙනීමේ වැඩට... සරීර සනීපයට යහපත් වෙනවා... හිතේ සතුට දැනෙන... කරන කියන දේවල්වල වෙනදට වඩා සාර්ථකත්වයක් දකින්න ලැබෙන... සල්ලිය බාගේ පැත්තෙනුත් වෙනදට වඩා සාර්ථක ලැබීම් පෙන්නුම් කරන කාලයක්... රාහු නවයේ හිටිල්ලත් ඉස්සරහට වර්ෂයක් විතර තියෙන හින්දා... ඒ කාලය ඇතුලත විදේශ ගමන් එහෙම බලාපොරොත්තු වෙන අයට යහපත් පල ලැබෙයි.. ඒ වගේම දැනට විදේශගත වෙලා ඉන්න උදවියටත් ඉදිරි කාලය හොඳයි... ආර්ථික අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න වගේම කාලයක් තිස්සේ හිතාගෙන හිටිය අරමුණු සාර්ථක කරගන්නත් මේ කාලය යොදා ගතෑකි. පොඩ්ඩක් විතර දුර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්.. ඒ වගේම එක තැනක වැඩි කාලයක් ඉදිල්ල අමාරු වෙන්නත් පුළුවන්... පවුලේ ඥාතීන්ගෙන් ටිකක් විතර ඈතට යන්නත් කරුණු ඔය අතරේ යෙදෙන්න පුළුවන්.. හැබැයි ඒ එකක්වත් තමන්ගේ නරකට සිද්ධ වෙන ද්වල් නෙවෙයි... සාමාන්‍යයෙන් ඉති මිනිහෙකුට ඔළුව උස්සන්නනං තමන්ගේ ගෙදරින්.. නෑයින්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නම එපෑ.. :Dහරි එහෙමනං අපි පොදුවේ මේ ඔක්කෝගෙම හොඳ පැත්ත ගත්තොත්... මකර ලග්නහිමි අයට මේ මාසේ අවසානේ ඉඳලා දෙදහස් දාසයේ ජූලි මැද විතර වෙනකල් කාලය හොඳින් ආදායම් මාර්ග සැලසෙන.. මංගල යෝග උදාවන.. ගෘහ ජීවිතය සාර්ථක වෙන... හවුල් වැඩට යහපත්... ව්‍යාපාර ආරම්භයට ඉතාමත් සුදුසු.. අළුත් රැකියා හිමිවන.. සෑම අතින්ම යහපත් කාලයක්.. එතැනින් පස්සෙත් දෙදහස් දාසයේ ජනවාරි අවසාන වන තෙක්ම වගේ ලැබීම්වලට යහපත්.. කරන කියන දේවල් හොඳට හරියන.. රැකියා දියුණු වෙන.. අළුත් යහපත් රැකියා හිමිවන... ඉගෙනීමටත් යහපත් කාලයක්... එයින් පසුව දෙදහස් හා හතේ සැප්තැම්බර් අවසානය විතර වෙනකල් මුල් කාලය තරම්ම නැතත් සාමාන්‍යයෙන් දියුණුවට හේතුවන.. කාලයක්... ආ විසේසයෙන්ම දේශපාලනය කරන මකර ලග්න හිමියන්ට කාලය හොඳයි.. ඒ අය අල්ලන අඩවු සෑහෙන්න සාර්ථක වෙනවා. අර කියන පොදු අපේක්ෂකයා විසේස අපලයක් නැති මකර ලග්න කාරයෙක්නං ඉතිං සෑහෙන්න බලාපොරොත්තුවක් තියා ගතෑකි.. :D (දැන් ඉතිං හොයපල්ලකෝ එහෙම එකෙක් :D :D :D )මේ ඔක්කෝම හොද අතරේ නරක පැත්ත ගැනත් කතා කරන්න එපෑ.. නිකං බොරුවට ඔක්කෝම හොඳයි හොඳයි කියන්න බැහැනේ... නරක ගැන කිව්වොත් මේ නොවැම්බරය ටිකක් හොඳ මදි.. ඒ වගේම ඉදිරි වසර තුනක කාලය තුල විටින් විට කල කෝලාහල.. රණ්ඩු සරුවල් වලටත් තරමක් හේතුවන දේවල් විය හැකියි... විශේෂයෙන්ම නෑයින්ගෙන් ගරු නම්බු සැලකිලි ඇතත් ටිකක් විතර එයාලගෙන් ඈත් වෙන්න වෙන.. කාලයක්.. කතා කරන දේවල් හින්දා කීප දෙනෙක්ම තමන් එක්ක හතුරු වෙන කාලයක්.. හැබැයි ඒ අය තරහා උනත් ඒ තරහා දැන්ම පෙන්නන එකක් නැහැ. දෙදහස් දාහත අවසන් උනාට පස්සේ තමා ඒ අය තොයිලේ පටන් ගන්නේ.. ඒ හින්දා කතා බහ කරද්දි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕන.. ඒ වගේම තමන් යටතේ ඉන්න අයට කරුනාවෙන් සලකන්න ඕන.. නැත්තං පස්සේ හම්බ වෙනවා හොද පෝරියල් එකක්... ඒ වගේම දහ වැන්න හෙනහුරාටයි රාහුටයි මැදි වෙලා තියෙන දෙදහස් දාහයේ ජනවාරි අවසානය වෙනකල් කාලය තුල පිය පාර්ශවය එක්ක ටිකක් ගැටීම් ඇති වෙන්ට වගේම පියාට තරමක් කරදර කාලයක් වෙන්ටත් පුළුවන්.. ඒ වගේම රැකියාව සම්බන්ධවත් වරින් වර පොඩි පොඩි හැල හැප්පිලි වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්ට ඕන... පොඩ්ඩක් විතර රස්සාවේ වගකීම් වැඩි වීම නිසා ටිකක් හිතේ බර ගතිය වැඩි වෙන්නත් පුළුවන්... දරුවන් සම්බන්ධවත් තරමක් ආවේගශීලීව කටයුතු කරන්නට විය හැකි කාලයක් වගේම දරුවන් සම්බන්ධව තරමක් විතර හිතේ නොරිස්සුමින් ඉන්ට වෙන කාලයක්... දෙදහස් දාසයේ ජනවාරි වලින් පස්සේ තරමක් දුරට අසනීප කරදර මතු වෙන්ටත්.. වියදංවල වැඩිවීමක් වෙන්ටත් පුළුවන්... ඒ තමා අපේක්ෂා කල හැකි නරක පැති...ඔය තමා මකර ලග්න හිමියන්ගේ ඉදිරි කාලය ගැන සැකෙවින් විස්තරේ.. හැබැයි උත්පත්ති කේන්දරයේ සඳු 4/10/11/12 වගේ තියෙන අයට ඔය කියපු තරම්ම හොඳක් නොවෙන්න පුළුවන්... ඒ ගැනත් සිහි කල්පනාවෙන් ඉන්ට... විශේෂයෙන්ම උත්පත්ති කේන්දරයේ සදු 11 හේ හිටිය අයට ඔය හොඳ වලින් බොහෝම ස්වල්පයයි ලැබෙන්ට පුළුවන්... ඒක නොකියා හිටියොත් ඉතිං අන්තිමට මට බනී මූ හොදයි හොදයි කිව්වා ඒත් වෙච්ච හොඳක් නැහැ කියලා.. එව්වට මව අල්ල ගන්ට එපා ඈ...ආ ඒ වගේම ඒ වගේ අපල තියෙන අයට මේ කාලයේ නුග බෝධියකට පූජා තැබිල්ල... බලු කපුටු දාන දීම.. රෝහල් සිර ගෙවල් වැනි තැන්වලට දාන මාන දීම.. රෝහල් පිරිසිදු කරන වැඩට සම්බන්ධ වීම වගේ දේවල් බොහෝම ගුණ දෙනවා. ඒ ඇරුනම ශ්‍රමදාන.. සමාජ සේවා වැඩ ආදියට බරව වැඩ කිරීම හරහා අපල නැති අයට උනත් ලැබෙන හොඳ වැඩි වැඩි යෙන් ලැබෙනවා...හා දැන් ඉතිං ඔය මදෑ නේද... පරිස්සමට කියවලා බලලා සිහි කල්පනාවෙන් වැඩ කරන්ටලා.
|
BLOG
|
2014.11.06
|
http://ctkumara.blogspot.com
|
සෙනසුරු මාරුව 2014 නොවැම්බර්... මීන ලග්නය...
|
මාරයාගේ හෝරාව
|
හැමදාම මොනවා හරි එකක් ගැන ලියන්ට ගියොත් මේෂ ලග්නයෙන් පටන් අරගෙන මුල එකක් දෙකක් කියල දාලා අවසාන හරිය දාන්නේ නැහැ කියලා හෙන චෝදනාවක් එල්ල වෙලා නෙව.. කාරණාව ඇත්ත ඉතිං.. චෝදනාව වැරදිත් නැහැ... :Dඔය මොන මොනවා හරි වෙලාවක් තිබිලා ලියන්ට පටන් ගත්තට ආයෙම කම්මැලි හිතුනම හිටි හැටියේ අල්ලලා දාන හින්දා දැන් විඩයක් දෙකක් ඔය අසාධාරණයට ලක් වෙච්ච ලග්න හිමියන්ට සාධාරණයක් වෙන්ටත් එක්කලා මං කල්පනා කලා මේ පාර පිළිවෙල කඩන්ට කියලා... ඒ හින්දා ඔන්න මේෂ ලග්නය ගාවට තියෙන වෘෂභ ලග්නය ගැන නොදා ලග්න දොළහින් අවසානෙටම වැටෙන මීන ලග්නයට අත තිබ්බා... ඒ ඉතිං හැමදාම අවසානයට ඉන්න අයට වෙන අසාධාරණයට පිළියමක් හැටියට.. මෙයින් පස්සේ ලියන්ට ඕන මොන ලග්නය ගැනද කියලා ඔහෙලා කියන හැටියක් බලලා ලියඤ්ඤං.. ඒ කිව්වේ වැඩිම ඉල්ලීමක් තියෙන ලග්නයට ඊ ළග අවස්ථාව දෙඤ්ඤං.. ඒ තමා මට කොරන්න පුළුහං සරලම ෂාධාරණ කොරමය.. අවුලක් නැහැනේ... :Dහරි එහෙමනං අපි බහිමු අද කාරණාවට... මීන ලග්නය...රයිටෝ ඔන්න මේ පාර සෙනසුරු මාරුවෙන් හරි ගිය උන්දලා... :Dඒ කිව්වේ මෙච්චර කාලයක්... මෙච්චර කාලයක් කිව්වේ පහුගිය අවුරුදු තුනක විතර කාලයක් මේ උදවියගේ කේන්දරයේ අට වැන්නේ.. එහෙම නැත්තං අපි කලින් ලිපියෙ විස්තර කොලා වගේ මාරක ස්ථානයේ තමා හෙනහුරා හිටියේ...දැන් ඉතිං මේ හෙනහුරාගේ මාරුවත් එක්කලා උන්දැ ඒ හිටිය මාරක ස්ථානයෙන් අහක් වෙලා... ඔන්න ආවා කේන්දරයේ නව වැන්නට.. එහෙමත් නැත්තං...භාග්‍යස්ථානය.. එහෙම නැත්තං පුන්‍යස්ථානය කියලා අපි හඳුන්වන .. හෙනහුරා නෙවෙයි ඔය ඉන්න ඕනම ග්‍රහයෙක් තමුන්ගේ තියෙන හයිකාරකං අතෑරලා සිල් ගන්න සෙට් කරවන තැනට... සාමාන්‍යයෙන් හෙනහුරාට නෙවෙයි ඔය ඕනම ග්‍රහයෙකුට නව වැන්න නරකක් නැහැ. විසේසයෙන්ම මේ ගෝචර කේන්ද්‍රයටත් වඩා... (ගෝචර කේන්ද්‍රය කිව්වේ ඒ ඒ කාලයට ග්‍රහයෝ ගමන් ගන්නා ආකාරය දක්වන කේන්දරයට කියලා සරලව හිතා ගන්ටකෝ.. ) උත්පත්ති කේන්දරයක.. (ඒ කිව්වේ කෙනෙක් උපන් වෙලාවට හදා ගන්න කේන්දරය..) නව වැන්නේ යෙදෙන කොයි ග්‍රහයා උනත් නරකක් කරවනවා අඩුයි... විසේසයෙන්ම උත්පත්ති කේන්දරයක විසේස අවුලක් නැත්තං හෙනහුරාට එහෙම හොඳම තැනක් තමා නව වැන්න... කේන්දරයක තියෙන අන්තිම නස්කූනි තැන අට වැන්න විදිහටත්.. අන්තිම හොද තැන නව වැන්න හැටියටත් තමා කියැවෙන්නේ..හරි ඉතිං මෙතුවක් කාලයක් ඒරාස්ටකයකින් පීඩා විඳිමින්.. කායිකව.. විතරක් නෙවෙයි මානසිකවත් වැටිලා.. අත පය කඩාගෙන හිටිය උන්දලට යන්තං ඔන්න සේලයින් පාරක් වදින්න පටන් ගන්නේ දැන් තමා...හැබැයි ඉතිං අපි එක පාරටම ඒරාස්ටකයක් ඉවරයි කියලා උඩ පැනලත් බැහැ.. ටිකක් හොයන්ට එපෑ හෙනහුරා හිරෙන් නිදහස් වෙද්දි අනිත් උන්දලා කොහේ කොහේ වැටිලද කියලා... ආන්න එහෙම බලද්දි අපිට පේනවා ගුරු ඉන්නවා කේන්දරයේ පස් වැන්නේ.. කෙහෙතා ඉන්නවා ලග්නයේ.. හතේ රාහු... දැන් ඉතිං මේ හෙනහුරා නිදහස් වෙච්ච වෙලාවේ අනිත් උන්දලත් ඉන්න කියන තැන් බලලා තමා දෙයක් කියන්ට ඕන... එහෙම නැතුව හෙනහුරාගෙන් විතරක් ඔක්කෝම පලාපල කියන්ට ඇහැකිනං අහවල් එහෙකටයෑ අනිත් අට දෙනා... :Dරයිටෝ ඔන්න මං ෂෝට් කට් එකක් ගහනවා.. ඒ කිව්වේ අනං මනං වැදි බයිලා නැතිව කෙටියෙන් ඉදිරියට වෙන්ට ඇහැකි ටික පොදුවේ කියනවා.. හැබැයි මේ දේවල් තම තමුන්ගේ උත්පත්ති කේන්දරවල තියෙන යම් යම් යෙදීම් හින්දා එහෙට මෙහෙට වෙන්ට ඇහැකි ඒවා.. ඒ හින්දා මං මේකේ හොදයි කිව්වා කියලා හෙට ඉඳන් කටට කඩං පාත් වෙයි කියලා උඩ බලං ඉන්ටවත්... මං කරදරයි කිව්වා කියලා නිකටේ අත ගහං හෙන හත ගැහිලා වගේ බලියං ඉන්ටත් ලෑස්ති වෙන්ට එපා... මේ ඇවිල්ලා සරල පොදු කාරණා කිහිපයක් විතරයි... මේ කොයිකත් වෙනස් වෙන සුළු.. වෙනස් කල හැකි දේවල්.. ඒන කරන්නේ සිහි බුද්ධිය විතරයි...ඉතිං ඉදිරි කාලය ගැන කියනවනං මේ වෙද්දි ගුරු පස් වැන්නේ ඉඳන් නව වැන්නට ත්‍රිකෝණීව තියෙද්දි ඒ ත්‍රිකෝනෙටම අහු වෙන්න කෙහෙතත් ලග්නේ ඉන්න හින්දා... මෙතුවක් දවස් තිබුන බාධක කම් කටොලු රාසියක් අහක් වෙලා යන අතරේ.. කාලයක් තිස්සේ ලෙඩ දුක් අසනීප වලින් කිසිම සහනයක් නැතිව හිටි අයට ඔන්න ටිකින් ටික ඒ ලෙඩ දුක් දුරු වෙලා හිමි හිමිහිට සනීප ගතියක් ගතට හිතට දෙකටම දැනෙන්ට පටන් ගන්නවා. හැබැයි කෙහෙතා ලග්නේ ඉන්න හින්දා තව අවුරුද්දක විතර කාලයක් යනකල් වැඩි සිල්ප දැක්විලි වලට යන්ට නාකයි.. ටිකක් පාඩුවේ තමන්ගේ වැඩක් බලං ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න අතරේ සාමකාමී කාලයක් ගත කරන එක තමා යහපත්.. අනිත් පැත්තෙන් අටෙන් හෙනහුරා අහකට පැන්නට තාමත් අට වැන්න තියෙන්නේ රාහුටත් හෙනහුරාටත් මැදි වෙලා.. ඒ හින්දා අතරින් පතර පොඩි පොඩි අසනීප තත්ව මතු වෙන්ටත් සුළු ඉඩ කඩක් තියෙනවා... ඒ හින්දා වැඩි දැගලිලි ඕනම නැහැ... දෙදහස් දාසයේ මුල පැන්නට පස්සේ ඉතිං දෙයියනේ කියලා ලෙඩ දුක් වලින් බොහෝම ඈත් වෙලා හිටියැකි...ඒ වගේම දැන් ඉතිං ඉස්සරට වඩා පිං අතේ වැඩ කරන්ට හිතෙන වගේම එහෙම කොරගන්ට ඉඩ පහසුකං ලැබෙන කාලයක්.. ටිකක් දුර ගමන් බිමන් එහෙමත් අතරින් පතර වැටෙයි.. හැබැයි 2016 ජනවාරි වෙනකල්ම වැඩියම ඇවිදින්න වෙන එකක් නැහැ.. එයින් පස්සේ අවුරුදු දෙකක් විතරනං ඉතිං හොද හොද සවාරි ටිකක් ගැහියැකි...පහුගිය කාලේ අත පහු වෙවී තිබුන වැඩ ඔන්න ටිකෙන් ටික පිලිවෙලක් වෙලා කර ගන්ට හම්බ වෙනවා... විසේසයෙන්ම මේ මුල් කාලය.. ඒ කිව්වේ දැන් හිටං ලබන වරුසයේ ජූලි විතර වෙනකල් කාලය ඉගෙනීමට ටිකක් බර දාලා වැඩ කරන අයට හොඳ ප්‍රතිඵල ගන්ට ඇහැකි කාලයක්... වෙනදට වඩා සිහි කල්පනාව පහල වෙලා... මතක ශක්තිය හොද වෙලා... යහපත් අධ්‍යාපනයකට මේ මුල් කාලය හොදයි... ලබන අවුරුද්දේ ජූලි වලින් පස්සේ ටිකක් විතර දැන් ඇති වෙන ගැම්ම අඩු වෙලා දෙදහස් දාසයේ වර්ෂයේ මුල් සති දෙකෙන් විතර පස්සේ සෑහෙන්න අඩු වෙලා යයි.. එ් හින්දා ඉගෙන ගන්න අය මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරං පුළුවන් තරං ඉගෙනීමට තැන දෙන්ට ඕන...එතැනින් ගියාම මේ මුල් මාස අටක නවයක කාලය දූ දරුවන් ඉන්න අයටත් තමන්ගේ දූ දරුවන් ගැන හිතලා සංතෝස වෙන්ට පුළුවං කාලයක් වෙයි... දරුවන්ගේ දියුණුව සැලසෙනවා වගේම ඒ අයගේ තිබුණ දුර්වලතා එහෙම සෑහෙන්න අඩු වෙලා යන්න ඉඩ කඩ සැලසෙනවා... විශේෂයෙන්ම අසනීප ගානේ එහෙම හිටිය දරුවෝ එහෙම සුව ලබන අතට හැරෙනවා... ටිකක් කචල් දාන ළමයි උනත් වෙනදට වඩා සිල් ගත්ත පූසෝ වගේ හිටීවි... හැබැයි තමන්ගේ වැඩි මහල් කල වයස සම්පූර්ණ වෙච්ච දරුවෝ තමන්ගෙන් ටිකක් ඈතට යන්නත් මේ කාලය තුලදී කරුණු සැලසෙනවා කියලත් කියන්න ඕන.. ඒ තත්වය මේ ඉදිරි අවුරුදු තුනක විතර කාලයම පවතිනවා.. එව්වා ඉතිං නරක දේවල් නෙවෙයි.. ළමයි ලොකු උනාම ඉතිං ඉගෙනීමට.. රස්සාවට.. පරස්තාවට යොමු වෙන්ට එපෑ... එකම දේ එහෙම වෙන් වෙලා යන්ට තනන ළමයින්ට යන ගමන ෆිට් එකේ යන්ට උදව් කරන එක තමා.. එව්වට කචල් නොදා.. එහෙම කචල් දාන්ට ගියොත්නං ළමයි තමන්ගෙන් ඈතට ගතින් විතරක් නෙවෙයි හිතිනුත් යන්ට යයි...රැකි රක්ෂා පැත්ත ගැන කල්පනා කලොත් හෙම කරමින් හිටිය රැකි රක්ෂාවල තිබුන වෙහෙස කාරී ගතිය අඩු වෙන්ටත්... ප්‍රමාද වෙමින් තිබුන රක්ෂා.. උසස්වීම්.. ස්ථාන මාරුවීම් වගේ දේවල් තමන්ට උවමනා හැටියට කර ගන්නත් ඉස්සරහා කාලේ හොදා...හරි දැන් එතකොට ළමයි ගැන කිව්වා.. ඉගෙනීම ගැන කිව්වා... රස්සාව ගැන කිව්වා.. සවුක්කිය ගැනත් යන්තං කිව්වා.. එතකොට තව මොනවද ඉතිරි.. ආ මංගල කටයුතු.. පෙරේම සම්බන්ධතා... විවහා ජීවිතේ වගේ එව්වා...හරි ඒ ගැන කිව්වොත් මේ වෙද්දි රාහු හතේ ඉන්නේ.. මොනවා උනත් මීන ලග්න කාරයගේ හත ඇවිල්ලා කන්‍යා රාසිය නෙව.. කන්යාවට රාහු නරක එකෙක් නෙවෙන හින්දා වැඩි කරදරයක්නං නැහැ... හැබැයි ඉතිං මගුල් පරස්ථා ගැන පොඩි දෙගිඩියාවක් ඇති වෙන්ට ඇහැකි.. කොටින්ම කිව්වොත් විවහා ජීවිතේ ගැන වේවා.. පෙරේම සම්බන්ධතා ගැන වේවා... මංගල යෝජනා ගැන වේවා.. ඔය එනි වෙඩිං එකක් ගැන ගත්තම පොඩ්ඩක් විතර හිතේ සැක සංකා උපදින.. හරි තීරණයක් ගන්ට බැරි කම හින්දා වැඩ අනා ගන්න... පොඩි පොඩි අප්සට් සීන් ටිකක් වෙන්ට ඇහැකි කාලයක් තමා... එව්වා ඉතිං මහ බරපතල සීන් නෙවෙයි... ඔය බාරියාව හෝ සුවාමි පුරුසයා ගැන පොඩ්ඩක් හැකේට හැකේට බැලීම.. යාළු වෙලා ඉන්න එකා හරි එකී හරි දිහා හුරහට බැලිල්ල.. ඕනවට වඩා සැක කිරිල්ල වගේ දේවල් හින්දා පොඩි පොඩි කචල් දාගන්න වැඩ වෙයි.. ඔව්වා ඉතිං මහ දේවල්යෑ... ටිකක් ඉවසලා කරලා හිටියම බේරුං කර ගන්ට ඇහැකි සීන්.. ඒ හින්දා එව්වා අල්ලලා දාමු.. ආ එකම එකක් විසේසයෙන් කියන්ට ඕන ලබන අවුරුද්ද ඇතුලත කේලං අහන්ට යන්ට එපා.. කේලං අහලා වැඩ කරන්ට ගියොත්නං මගුල් අවමගුල් වෙයි... ඒ තරං ලනු ටිකක්නං හම්බ වෙන්ට ඇහැකි.. එහෙම නැතිව අනුන්ගේ වෙඩිං අපට මොටෝ කියලා හිටියනං පවුල් ජීවිත.. පෙරේම සම්බන්ධතා.. ආදියට වෙන කරදරයක් නැහැ... ඒ වගේම දරු සම්පත් එහෙම අපේක්ෂා කරන අයටත් 2015 හොඳ අවුරුද්දක්... 2016/2017 ට වඩා...ඒ වගේම විදෙස්ගත වෙන්න එහෙම බලං ඉන්න අයටත් කාලය හොදයි.. සෑහෙන කාලයක් රටින් පිට වෙලා ඉන්න අයට නැවත තමන්ගේ ගං රටවල් වලට එන්නත් ඒ වගේම හොදයි... හවුල් ව්‍යාපාර වලට අත ගහන්න එහෙමනං තාමත් කාලය ඒ හැටිම හොඳ මදි... හැබැයි තනියම කරන දේකට නරකක් නැහැ. පොත පත ආශ්‍රිත දේවල්වලට යොමු වෙලා ඉන්න අයට තම තමන්ගේ ඒ හා සම්බන්ධ දේවල් දියුණු කරගන්ට පුළුවන්කම ලැබේවි... සමාජසේවා වැඩටත් බොහෝම හොඳ කාලයක්.. හැබැයි රණ්ඩු වලට යාමත්.. තරඟකාරී දේවල්වලට යාමත් බෙල්ල නැතිව ගෙදර එන්න හේතු වෙයි... ඒ හින්දා තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න මීන ලග්න කාරයින්ට කරදරයක් නැතිව දියුණුවට ගමන් ආරම්භ කරන්ට ඇහැකි මෙයින් ඉස්සරහට...නරක පැත්ත ගැනත් ටිකක් කතා කලොත්... හවුල් වැඩට යාම කෙලවිමට හේතුවකි... තරඟයට යාමත් එසේමය... වැඩි පිරිසක් හා සම්බන්ධ වෙලා කරන වැඩත් අගුණය... වලිනං ඉතිං අගුණය.. මීන ලග්න කාරයෝ පොඩිම හරි රණ්ඩුවලට ගියොත් දවසක් හරි හොස්ස පිටල් තමා... තමන්ගේ වත්ත බලං පාඩුවේ පිනක් දහමක් කරං ඉන්නවනං එච්චරයි. එයිට අමතරව මෙච්චර කාලයක් යාළු වෙලා හිටිය උන්දලා ටිකක් තරහා වීමත්.. තමන්ගේ ගෝල බාලයෝ තමන්ගෙන් අතෑරිලා යන එකත් වෙන්ට ඇහැකි... ඒ වගේම පහුගිය කාලේ ලග හිටියේ නැති..කූඩැල්ලෝ වගේ වාසියට විතරක් එල්ලෙන උන් ටිකක් ආයෙම තමන්ට කිට්ටු වෙන්න එයි.. එව්වා ඉතිං එල්ල ගන්නවද නැද්ද කියලා තමන් එපෑ තීරනය කරන්ට... :Dහරි ඔව්වා ඔන්න ඔහොමයි.. පොදුවේ ගත්තම තිබුන කරදර අඩුවෙලා ක්‍රමයෙන් හොද අතට ජීවිතේ කැරකෙන කාලයක් තමා මේ ආරම්භ උනේ... උවමනා කරන්නේ පරක්කු උන වැඩ අළුතින් පටන් අරං කාගෙන ඉස්සරහට දුවන එක තමා... කරදර බාධක අඩු.. ගමනට පහසු කාලයක් ලැබුවා කියලා හිතලා දුවන්ටයි තියෙන්නේ...සුළු සුළු අපල තියේනං ඒවා දුරු වෙන්ටත් කියලා දාන මාන පිංකං එහෙම කිරිල්ල බොහෝම හොදයි.. ඒ ඇර ලෙඩ දුක් කුෂ්ඨ රෝග තියෙන මනුෂ්‍යයින්ට වගේම සතුන්ටත් ප්‍රතිකාර කිරීම බොහෝම ගුණ දෙන වැඩක් මේ පලවෙනි අවුරුද්ද ඇතුලත...ඔය මදෑ නේද.. යන්තං ඔන්න ලග්න දෙකක් ගොඩ දාගත්තා.. තව දහයක් තියෙනවා නෙව... හප්පා... තව දෙක තුනක්වත් ගොඩ දාගන්ට මට ඇහැකි වේවා.. .
|
BLOG
|
2014.11.05
|
http://ctkumara.blogspot.com
|
සෙනසුරු මාරුව 2014 නොවැම්බර්... මේෂ ලග්නය
|
මාරයාගේ හෝරාව
|
ඔන්න මුලින්ම කිව්වා මේක ලියන්නේ මේ සම්බන්ධව උනන්දු වෙන උන්දලාට පරයෝජනයක් වෙයි කියලා හිතලා මිස කා එක්කලවත් වාද කොර කොර මගේ කාලේ කාගන්නවත් ඒ උන්දලගේ කාලේ කන්නවත් නෙවෙයි... ඒ හින්දා උවමනාව ඇත්තෝ කියවා ගත යුත්තක් ඇත්තං ගනිත්වා.. උවමනාවක් නැති ඇත්තෝ මේක කියව කියව ඉන්න වෙලේ තමුන්ට වැඩක් පලක් ඇති කාරියක් කොර ගනිත්වා... ආයේ පස්සේ නිකං නාහෙන් අඩන්ට කාරියක් නැහැ නෙව.. :Dඔය ජෝතිසේ ගැන හඳහන් ගැන ගිරහයෝ ගැන උනන්දු කවුරු කවුරු උනත් මේ දවස්වල කතා බහ වෙන දෙයක්නේ පහුගියදා වෙච්ච හෙනහුරු මාරුව... ඕක ඉතිං අපේ ලිත්වලට අනුව උනාට ගරහයින්ගේ පිහිටීම අනුව වෙලා නැතිය වගේ කතාත් එහෙං මෙහෙං ඇහෙනවා... ඒ වගේම ඔය විසය ගැන උනන්දුවක් ඇති අයට වඩා උනන්දුවක් “නැතිය“ කියන අය වැඩි දෙනෙක් මේ ගැන කතා බහ කරන බවත් පේන්ට තියෙන හින්දා මාත් හිතුවා උවමනාවක් උනන්දුවක් නැති උන්දලා මේ හැටි මේක මත්තේ නහින හින්දා ඔන්න ඔහේ කරණාව ගැන සුළුවෙන් හරි දන්න කියන.. උනන්දුවක් ඇති අය වෙනුවෙනුත් මගෙන් යමක් කෙරෙන එක හොඳ වැඩක්ය කියලා... ඒ හින්දා ඔන්න ඉතිං නොලියවී කාලයක් තිබුන බ්ලොග් එකේ ආයෙම ලිපි කිහිපයක් ලියලා දාන්ට හිතුවා... ගරහයා කොහේ ගියත් මේක ආයේ ලියන්න හිතක් ඇති වීමත් මදෑ...හරි එහෙමනං අපි කාරණාවට බහිමු.අපි මුලින්ම ගමු මේෂ ලග්නය ගැන... ආ හැබැයි එයිට කලියෙන් හෙනහුරා ගැනත් කතා කරලා ඉමු ටිකක්.. උන්දෑ ගැන කතා නොකර වැඩේට බැස්සොත් නිකං මනාලි නැති මගුල් ගේ වගේ වෙනවා නෙව මේකත්...සාමාන්‍යයෙන් හෙනහුරා කියන්නේ කේන්දරේ බොහෝම හෙමින් යන ග්‍රහයෙක්... උන්නැහේ කේන්දරයේ සියළුම කොටුවල ගමන් කරලා වටයක් සම්පූර්ණ කරන්න අවුරුදු තිහක් විතර කාලයක් ගන්නවා.. ඒක ඉතිං කොටු දොලහෙන් බෙදුවම එකක අවුරුදු දෙක හමාරක් වගේ කාලයක් ඉන්නවා... ඒ කිව්වට ඉතිං ඒක අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා... ඔය හිමිං ගමන හින්දම හෙනහුරා කේන්දරයේ එකම තැනට එන අවස්ථා මනුස්ස ජීවිතයේ තුන් පාරකට වඩා උපරිම එන්නේ නැහැ... එහෙම කිව්වේ තුන් පාරකට වඩා එහෙම හිටිය තැනකට ආපහු එන්නනං ඉතිං උන්දෑ අවුරුදු අනූවකට එහා කාලයක් ජීවත් වෙන්ට ඕන..ඒ වගේමයි ඉතිං හෙමින් යන හින්දා ඒ ඉන්න තැනට අදාලව දෙන්න තියෙන තෑගි බෝග ඔක්කෝම නිසි ආකාරයට කල් අරගෙන ක්‍රමානූකූලව දීලා අහවර කරලම තමා යන්නේ... ඔය හදිසියට යන තැපැල් මාමලා අපේ ලියුං නොදී යන අවස්තා වගේ මේ හදිසියේ යන ග්‍රහයින්ගෙනුත් අපිට ලැබෙන්න තියෙන හැම දේම ඒ ආකාරයටම හම්බ වෙනවා අඩුයි... ඒත් හෙනහුරා වගේ නිවාඩු පාඩුවේ ගමන යන කෙනා ඇවිත් අපේ ගෙදර හොදට හරි බරි ගැහිලා වාඩි වෙලා.. තේ එකක් කාරිය බීලා.. විටක් හපලා..වත්තේ හතර මායිං පරීක්ෂා කොරලා.. අහල ගං හතේම ඕපාදූප ටික අපේ කනේ තියලා.. අපි දන්න ඕපා දූප ටිකත් අඩු නැතිව අහගෙන කලබලයක් නැතිව මාරු වෙලා යන රොයිටර් අම්මණ්ඩියෙක් වගේ තමා ඕං... පැහැදිලි ඇති නෙව...ඔය වගේ ටිකක් හිමිහිට යන අනිත් ග්‍රහයා තමා ගුරු.. උන්නැහේ සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් එක තැනක ලගා ගහනවා... ඒ වගේම ඡායා ග්‍රහයෝ හැටියට සැලකෙන රාහු සහ කේතු ඩබලත් අවුරුදු එකාහමාරක් වගේ තැනක පැල පදියං වෙනවා... අනිත් අය ඉතිං ටිකක් හැල්මේ ගමන.. හයියෙන්ම යන්නේ ඉතිං අපිට ඔය නිතර පේන්න ඉන්න චන්දරයා තමා.. උන්දෑ දවස් දෙක හමාරකින් කොටුවක් පනිනවා.. චන්දරේ උන්නැහේ කොටු පනින්න හැබෑ දස්සයි නෙහ්...හරි ඉතිං ඔය හිමිං ගමන හින්දා අඩු නැතිව දෙන දේ දීලා යනවා වගේම තමා හෙනහුරාගෙන් ලැබෙන දේවල් ගැනත් බොහෝම අය ඒ හැටි මනාපයක් නැහැ... ඒත් ඇත්තටම කිව්වොත් මංනං කේන්දරේ ඉන්න ග්‍රහයින්ගෙන් වැඩියම කැමති හාදයා තමා හෙනහුරා... ඒ ඇයි....හා හා මට දැන් හිතා ගතෑකි කට්ටියගේ හිතට එන දේවල්... ඔව් ඔව් හෙනහුරා හින්දා තමා හුගක් අයට කේන්දරේ බලව ගන්න ඕන වෙන්නේ.. ඒ හින්දා ඉතිං අපි කැමති වෙන්ට එපෑ නේද.... :D :D :Dඒකත් හොඳ හේතුවක් තමා.. ආයේ ඉතිං නැහැ කියන්ට දෙයක් නැහැ.. හෙනහුරා තමා කේන්දර බලන උදවියට වැඩිම ආදායමක් උපයා දෙන ග්‍රහයා.. කට කෑවත් ඇත්ත කියන්ට එපෑ ඉතිං... ඒත් ඉතිං මං මෙතනදී අදහස් කලේ ඒක නෙවෙයි...ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන සමාජයේ ඕනම කෙනෙකුගෙන් අපිට මොනවම හරි හම්බ වෙනවා කියමුකෝ... ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය... අම්මා තාත්තගෙන් ආදරය රැකවරණය පෝෂණය... යාළුවන්ගෙන් දැනමුතුකං... වගේ දේවල්... ඉතිං මේ ඕන කෙනෙක්ගෙන් අපිට වැඩියෙන්ම හම්බ වෙන්නේ ඒ ඒ අය ගාව තියෙන දේවල් වලින් තමා...ඕකට අපි උදාහරණයක් හැටියට ගුරුවරයෙක් ගත්තොත්.. උන්නැහේ අපිත් එක්ක ආස්සරේට වැටිනොත් අපිට ලැබෙන දේවල් ටිකක් තියෙනවා.. එතනිනුත් උන්නැහේ අපිත් එක්ක හිත හොදින්නං ඉන්නේ.. අපිට හොඳ ගුරු උපදෙස්.. අවවාද අනුශාසනා.. දියුණුවට පාර එහෙම පෙන්නයි... මොනවා නමුත් හිත නොහොඳකින් ඉන්න ගුරුවරයෙකුගෙන් අපිට අධ්‍යාපනය අස්සෙම පොඩි පොඩි වැරදි උපදෙස් වගේම ඉද හිට වේවැලි පාරකුත් කෑහැකි.. හැබැයි ඉතිං එයිට වඩා නරකක් වෙනවා අඩුයි.. අර කිව්වට වඩා වැඩි හොදක් සිද්ධ වෙනවත් අඩුයි... දැන් ඔය අපේ ගරහයෝ අතර ඉන්න අයත් ඔහොමම තමා... ගරහයෝ අතර ඉන්න හොඳම ගරහයා හැටියට කවුරුත් සැලකුම් කරන ගුරුත් ඇවිල්ලා ඔය ගුරුවරයා වගේ කෙනෙක්ම තමා.. හොඳට හිටියොත් හොඳ ඉගෙනීම.. දියුණුවට පාර කියා දීම.. සමාජයේ ගරු සැලකුම් ලැබීම... වගේ දේවල් දෙනවා... නරකට හිටියොත් තමා ඉතිං ඔය රැකියා මාරු... වැරදි පාරවල් වල යන්ට හිත් දීම වගේ දේවල් කරවන්නේ... එව්වත් ඉතිං බරපතල කාරණාමත් නෙවෙයි...හැබැයි අපි හිතමුකෝ පළාතේ චණ්ඩියෙක් ඉන්නවා කියලා.. නිකං ඔය මැරවින් සිල්වා වගේ බුවෙක් එක්ක අපි ෆිට් උනා කියලා හිතමුකෝ.. ආයේ ඉතිං පලාතේ එකෙක් නෙවෙයි අපිට අතක් උස්සන්නේ.. වචනයක් කියන්නේ.. චණ්ඩියගේ එකවුන්ට් එකට වැටෙන්න ඕන තැනකින් කාලා බීලා තව තව ඕන කරන දෙයක් තියේනං ඒවත් කරගෙන අයියා වගේ ඉඳිල්ලක් තමා තියෙන්නේ... ඒ චණ්ඩියා අපි එක්ක හොඳයිනං.. එහෙම නැතිව චණ්ඩියා අපි එක්ක හිත නරකින්නං ඉන්නේ අපිටත් ඉතිං ආ ගිය තැන ගුටි මුර... කැපිලි කෙටිලි.. බැණුං ඇහිලි... ආයේ ඉතිං හොදි ඕන නැහැ...අන්න ඔය දේවල්වලට අපිට ආදේශ කොර ගතෑකි කුජව.. ග්‍රහයින් අතර බාල්දි කාරයා නොහොත් කුජත් ඔය වගේ චණ්ඩියෙක්...දැන් මං මේ කියාපු කාරණාව තේරෙනවනේ.. ඒ ඒ අය ගාව තියෙන දේ අනුව තමා අපිට හොද වගේම නරකත් ලැබෙන්නේ... එතකොට මේ හෙනහුරා ගාව මොනවද තියෙන්නේ.. දුක.. කරදර.. හානි.. විපත්... කෙලවිලි විතරමද... හපොයි නැහැ මෙයාලා.. හෙනහුරා හොඳට හිටියොත් නොදෙන දෙයක් නැහැ... ධනය බලය.. කීර්තිය.. ලස්සන වටිනා ගුණවත් ඉස්තිරීන්... ගහට කොලට පලදාව.. රටේ ලෝකේ උන් හීනෙන්වත් නොහිතන අන්දමේ දේවල් හිතන්න පුළුවන්කම... ඉවසීමේ හැකියාව.. දරා ගැනීමේ හැකියාව... ඕනම බැරි දෙයක් කර පෙන්වීමේ හැකියාව.. ඔය වගේ එකී නොකී හුගක් දේවල් මෙයා ගාව තියෙනවා.. එකම දේ ඉතිං හෙනහුරා අපිටත් එක්ක ෂේප්ද කියන එක තමා.. ෂේප්නං ඉතිං ස්වීප් එක ඇදුනා වගේ තමා.. ෂේප් නොවෙුනොත් ඉතිං පොඩ්ඩක් කේස්.. ඒ හින්දා කොහොම හරි හෙනහුරා ෂේප්නං ඉතිං එය අනිත් අයගෙන් හම්බවෙන පොඩි පොඩි දේවල් වගේ නෙවෙයි.. මෙයාගෙන් සෑහෙන දේවල් ගන්ට හැකියාව තියෙනවා.. ආන්න ඒකයි මං වැඩියම කැමති ගරහයා මෙයා කියලා කිව්වේ... හරියට නිකං දේශපාලඥයෙක් යාළු කරගත්තා වගේ කිව්වොත් හරියටම හරි... ඔය දේශපාලනේ කොරන්ටත් හෙනහුරාගේ සප් එක ඕන නෙව.. හෙනහුරා හරියට හිටියොත් දේසපාලුවන් අතර දේසපාලුවෙක් වීමේ හැකියාව තියෙනවා... ඒ වගේමයි වෛද්‍ය කර්මයට දස්සතා ඇති වෙන්නත් හෙනහුරාගේ සපෝට් එක තියෙනවා...පොඩි අවුලකුත් මේ ගැන නැතිවම නෙවෙයි හැබැයි... ඔහෙලා දන්නවනේ ඉතිං දේශපාලුවෙක්ට කිට්ටු වෙලා ඉන්නවා කියන්නෙත් බෙල්ල යන සීන් එකක් කියලා.. හොදට ඉන්නකල් ආයේ මොනවද මිහිපිට සුර ලොව.. වැරදිලාවත් අමනාප උනොත්... ආයේ ඉතිං ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.. බඩුම තමා... මං ඉතිං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ... පරණ ෆයිල් එළියට ඇදෙන තැනේ හිටලා... කෑම බීම වස වෙන තැන දක්වා වැඩේ දුවන්න පුළුහං... ඔය හින්දා සමහරු ටිකක් හෙනහුරාගෙන් ලැබෙන දේට බයයි.. මොකද දෙනවා වගේම ගන්න ගියොත් ආයේ පොලියත් එක්කම ගන්න හින්දා... ඒත් ඉතිං ජීවිතේ කියන්නේ පොඩි අනතුරු දායක බිසිනොස් එකක් නෙව කොයි මොහොතේ උනත්.. ඒ හින්දා යකාගේ මෑණීයන් එක්ක හරි ඩිල් එකක් දාගෙන හරියට වැඩේ කරගන්න පුළුවන්නං ඔය කොයි යකත් අවුලක් නැහැ.. ඒකට ඉතිං මේක තිබිලා හරියන්නේ නැහැ මෙන්න මේක තියෙන්න ඕන... (වයඹ මහ ඇමටි සිහි කරගන්න :D )ඉතිං සිහි කල්පනාව සහ උවමනාව තියේනං හෙනහුරා කියන්නේ බොහෝම හොඳ ගරහයෙක්... එහෙම නැති හාදයට ඉතිං ගුරු සිකුරු කියන්නෙත් වැඩක් නැති උන්දලා... ආන්න ඒ ටික සිහියේ තියං අපි බහිමු කාරණාවට...මේෂ ලග්නයට හෙනහුරාගෙන් මක්කැයි වෙන්නේ....මේෂ ලග්න හිමියට මේ මාරුව හින්දා සිද්ධ වෙන යහපත් අයහපත් කාරණා ගැන... ඔන්න එය උඩ තියෙන කේන්දර සටහන දිහා බලමුකෝ.. ඔය තමා දළ වශයෙන් අද උදේ මේෂ ලග්න කාරයින්ගේ කේන්දරේ ග්‍රහයෝ ගෝචර වෙන හැටි. එහෙම නැත්තං ග්‍රහයෝ ගමන් කරන හැටි දක්වන සටහන... ඕකේ අංක දාලා තියෙන පිළිවෙල දැක්කම තේරුං ගතෑකිනේ කොයි අතටද ග්‍රහයෝ ගමන් කරන්නේ කියලා... දැන් ඕකේ පහුගිය දෙවැනිදා රාත්තිරී නවයකුත් ගානක් වෙනකල් හෙනහුරා හිටියේ කේන්දරයේ හත් වැනි කොටුවේ.. ඒ කියන්නේ දැන් ඔය “බු/ර/ශු“ කියලා සටහන් වෙලා හිටිය කොටුවේ.. දැන් උන්දෑ ගෙහුං ඉන්නේ එතැනින් එකක් එහාට.. ඒ කිව්වේ අට වැනි කොටුවට... ඕක තමා සිද්ධ වෙච්ච මාරුව... අපි ඉතිං කතා කොරන්න යන්නේ ඕකෙන් වෙන්නේ මොන වගේ දේවල්ද කියන කාරණය තමයි...මුලින්ම අපි බය වෙන පැත්ත ගැන කතා කරමු... හෙනහුරා අටට ඇවිත්.. ඒක ඒ හැටි හොඳ වැඩක්නං නෙවෙයි.. මොකද කේන්දරයක තියෙන ප්‍රධාන මාරක ස්ථානය තමා අට වැන්න කියන්නේ... ඕනම ලග්නයක් හිමි කෙනෙකුගේ කේන්දරේ අට වැන්නට සෙනසුරු එනවා කියන්නේ ඒ කෙනාට හෙනහුරාගෙන් එල්ල වෙන අෂ්ඨම ඒරාශ්ඨකය කියන අපලය ලබනවා කියන එකයි.. පහුගිය දෙවැනිදා ඔය මාරුව වෙනකල්ම ඔය හෙනහුරා අට වැන්නෙ හිටියේ මීන ලග්න කාරයින්ගේ... දැන් තමා මේක මේෂ ලග්න කාරයින්ට පටන් ගත්තේ... දැන් මං මෙතැනදි ඒරාශ්ඨක අපල ගැනත් ලිය ලිය ඉන්ට ගියොත් මට තව ලිපි දෙක තුනක් ලියන්ට වෙන හින්දා මං ඒ ගැන පස්සේ දවසක මතක් උනොත් විස්තර කරඤ්ඤං.. දැනට අපි එතැනින් ඉස්සරහට යමු...එතකොට යම් කිසි කෙනෙක්ගේ කේන්දරයෙන් ලග්න ස්ථානයෙන් අට වැන්නට සෙනසුරු පැමිණීම සෙනසුරුගේ ඒරාශ්ඨක වර්ග තුනෙන් එකක් වෙන අශ්ඨම ඒරාෂ්ඨක අපලයයි කියලා මතක තියා ගමුකෝ.. අනිත් ඒරාශ්ඨක දෙක අවුරුදු හත අටක් ඇදෙන ඒවා උනත් මේ ඒරාශ්ඨකේ අවුරුදු දෙක හමාරක් තුනක් වගේ කාලයක් විතරයි තියෙන්නේ.. හැබැයි කාලය කෙටි වෙන හින්දම ටිකක් සැර වැඩියි.. හරියට නිකං හීන් කොච්චි වගේ... අමු මිරිස් සුදු කොච්චි වගේ ටිකක් ලොකු ඒවට වඩා හීන් මිරිස්.. එහෙම නැත්තං හීන් කොච්චි කොච්චර සැරද කියලා කාපු අය දන්නවා නෙව... මේකත් එහෙමයි.. අනිත් තැන්වලදී අවුරුදු හත හමාරකින් දෙන දේවල් ටික කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දෙක හමාරෙන් දෙන්ට ගියාම මොනවා දෙයිද.. මොනවා නොදෙයිද කියලා හිතන්ට අමාරුයි...ඉතිං මේ කියන තත්වය 2014/11/03 වැනිදා (දළ වශයෙන්) හිටන්... 2017/10/26 විතර වෙනකල් (මේ අතර තුර සෙනසුරුගේ ආපහු ගමනක් නිසා සුළු කාලයකට ධනු රාශියට ගොස් පැමිණිමක් තියෙනවා.. ඒ ගැන කියන්න ගියොත් තව මේක දිග් ගැස්සෙනවා වැඩියි) මේ කියන තත්වය මේෂ ලග්න හිමියන්ට පවතිනවා...ඒ කොහොම උනත්.. පහුගිය දෙවැනිදා සෙනසුරු මාරුව උනත්... මේකේ තද අහිතකර බලපෑමක් දැන්මම එල්ල වෙනවා අඩුයි.. ඒකට හේතුව මේ වෙද්දි මේෂ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ හතර වැන්නේ ගුරු උච්චව ගමන් කිරීමයි.. ගුරුට පස් වැන්නේ සෙනසුරුත්.. සෙනසුරුට නව වැන්නේ ගුරු ආදී වශයෙන් මේ වෙද්දි ගුරු හා සෙනසුරු ඉන්නේ ත්‍රිකෝණී අවස්ථාවක... මෙහෙම උනාම හෙනහුරාගෙන් වෙන්ට තියෙන බොහෝමයක් කරදර නවත්තගෙන ඉන්ට ගුරු සමත්කං දක්වනවා.. ආන්න ඒ හින්දා ගුරු හතර වැන්නේ ගෝචර වෙන කල් ලොකු අවුලක් හෙනහුරාගෙන් වෙන්නේ නැහැ... ගුරු ඔතන ඉන්නවා ලබන වරුසයේ... ජූලි මාසේ මැද්ද විතර වෙනකල්.. ආන්න එයින් පස්සේ ගුරු ඔතැනින් පල්ලං බැස්සමනං හෙනහුරා නිකං ඇප පිට එළියට ආවා වගේ තත්වයක් තියෙන්ට ඇහැකි... එයිනුත් කාලෙකට පස්සේ ඒ කිව්වේ 2016 අවුරුද්දේ මුල් මාසය ඇතුලත වගේ දැනට හය වැන්නේ ඉන්න රාහුත් රිවස් එකට ඇවිල්ලා ගුරු එක්ක යෝග වෙනවා... අන්න එහෙම උනාම හෙනහුරා ටිකක් ලිහා දාපු ගොනා වගේ වෙන්ට ඇහැකි... එහෙම බැළුවම මේ හෙනහුරු අට වැන්නේ හිටින කාලයෙන් තරමක් අසීරූ කාලය වෙන්නේ 2016 ජනවාරි හිටං.. 2017 සැප්තැම්බර් දක්වා වන අවුරුද්දයි මාස දහයක වගේ කාලය තමා... දැන්ම හිටං පොඩි පොඩි පණිවිඩ දුන්නත් කට්ටිය හිතං ඉන්න විදියට පෙරලගෙන ගැහිල්ලක් වෙන එකක් නැහැ.. එහෙම පෙරලගෙන ගැහිල්ලක් වෙන්ට ඇහැකි උත්පත්ති කේන්ද්‍රයෙත් යම් යම් දුර්වලතා තිබිලා ඒවත් එක්ක දැන් තියෙන තත්වය පෑහෙන්නේ නැති උදවියට.. එහෙම නැතිව සමස්ථයක් වශයෙන් ගත්තම මේෂ ලග්නකාරයින්ට මේ මාරුව උන පමණින්ම බයට පත් වෙන්ට කාරියක් නැහැ...ඒ වගේම 2016 ජනවාරි වෙනකල්ම කාලය තුල ඉගෙනීම වෙනුවෙන් ටිකක් මහන්සි වෙන අයට වැඩිපුර මුදලක් විය පැහැදං කරන්න උනත්.. වියදමේ හැටියට ප්‍රතිඵලත් ගන්ට ඇහැකි...උදාහරණයක් හැටියට උත්පත්ති කේන්ද්‍රයේ අට වැන්නේ සඳු හිටිය අයට.. දැන්ම තියා කරදර හිරිහැර ටිකක් පටන් ගන්ට ඇහැකි... එහෙම වෙන්නේ එයාලට මේ යෙදෙන අශ්ඨම ඒරාෂ්ඨකයට අමතරව ජන්ම ඒරාෂ්ඨකයත් එලටම උදාවෙන හින්දයි.. ඒ වගේ උපතේදී සඳු/කුජ/සෙනසුරු කියන ග්‍රහයින් තිදෙනා දුර්වලව යෙදී තිබුන අයට මේ මාරුව ටිකක් අහිතකර එකක් වෙයි.. එහෙම නැති උපතේදී සදුබලවත්ව.. කුජ බලවත්ව.. සෙනසුරු බලවත්ව සිටි මේෂ ලග්න හිමි අයට මේක බය වෙන්න තරං තත්වයක් නෙවෙයි... හැබැයි ඔය කොයි කවුරුත් දෙදහස් පහලොහේ ජූලි මැද හිටං ටිකෙන් ටික හෙනහුරාගේ වග තේරුං ගන්ට සූදානං වෙන්ට ඕන... දෙදහස් දහසයේ ජනවාරි හිටං දෙදහස් දහහතේ සැප්තැම්බර් අහවර වෙනකල් ජීවිතයේ වසර තිහකට පමණ වතාවක් සිදුවන අල කලංචි ටිකකට සූදානං වෙන්ට ඕන...හරි මොනවද මෙයාගෙන් ඔය කියන නරක කාල වලදී විය හැකි දේවල්... ප්‍රධාන වශයෙන්ම හෙනහුරා ගහන්නේ කෙනෙකුගේ හිතට... වෙන මොකකටවත් ගහන්න කලින් මෙයා කෙලින්ම ගහන්නේ හිතට... සමහරුන්ට හෙනහුරු අටට ආවා කියලා ඇහුන වෙලේ ඉදන් කේන්දරේ ඔළුවේ තියං හිත අමාරු කරං ඉන්ට ගියොත් මං හිතන්නේ වෙන අමුතුවෙන් අපලයක් ඕන වෙන එකක් නැහැ ඒකම ඇති වෙයි නන්නත්තාර වෙන්ට.. :D ඒ හින්දා කේන්දර බලන හාදයෙක් හැටියට මට කියන්න තියෙන මුල්ම දේ තමා.. කේන්දරේ උනත් ඕනවට වඩා ඔළුවට ගන්න යන්න එපා... මේකත් නිකං කාලගුණ වාර්ථාව වගේ දැනගෙන හිටියම ප්‍රමාණවත්.. කාලගුණ වාර්තාවට වහිනවා කිව්වනං කුඩයක් අරං ෆෝන් එක දාගන්න ඉටි කවරක් අරං ගමන යන්නැහේ.. (ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.. :D ) මේකත් දැනගෙන සිහි කල්පනාවෙන් කල යුතු දේ කරන්න හිතට ගන්න එක විතරයි වෙන්න ඕන... වෙනදට දෙපාරක් නොහිත කරන දේවල් මේ වෙලාවෙදි සිහි බුද්ධියෙන් නැවතිලා කල්පනා කරලා උපදෙස් ගත හැකි අයගෙන් උපදෙස් අරං පිළිවෙලකට ක්‍රමානූකූලව කිරීමයි විය යුත්තේ... එහෙම නැතිව කිසිවක් නොකර ඉඳිල්ල නෙවෙයි...හිතට ගහන හෙනහුරා කරන දේවල් තමා කටයුතු කල් දැමීම... මේක තමා අපිට වෙන්න පුළුවන් ලොකුම අපලේ.. වැඩ පස්සට දදා හිටියොත් මේ කාලය ඇතුලත අපි ජීවිතයේ සෑහෙන දේවල් ටිකක් අතපසු කරගනීවි... ඒක දියුණුවට බාධාවක්ද නැද්ද කියලා මං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ... අනිත් දේ තමා එක තීරණයක් ගන්න බැරි වීම.. හදිසි හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම.. සෙනසුරා ඉන්නේ කුජගේ රාශියකත් වීම නිසා බොහෝම ඉක්මනට කේන්ති යාම.. එහෙම කේන්ති යාම නිසා මිනිස්සු එක්ක ගැටීම.. ප්‍රශ්න හදා ගැනීම.. එක පැත්තකින් වැඩ කල් දාන ගමන් අනිත් පැත්තෙන් කරන වැඩ ඕනවට වඩා වේගයෙන් කරන්න ගිහින් ඔක්කෝම ඇන ගැනීම... වගේ දේවල් වෙන්න පුළුවන්... වැඩ කරන එක නවත්තලා කල්පනා කරකර ඉදිල්ල.. පහුගිය ජීවිතයේ වෙච්ච වැරදි ගැන හිත හිත දුක් වෙවී ඉන්න එක... ඔය වගේ හිතේ දෝෂ දාහකුත් එකක් හින්දා ජීවිතය කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩියි... ඔය තමා හෙනහුරාට කරන්න පුළුවන් ලොකුම විපත...අනිත් පැත්තෙන්.. හොර වැඩ කම්මැලි වැඩ කරන්න ගිහින් එක වැඩේ දෙක කර ගැනීම... මිනිස්සුන්ගේ නින්දා අපහාස ලැබෙන අන්දමේ දේවල් සිදුවීම.. ගමන් බිමන් වලදී හදිසි අනතුරු ආදියට ලක් වීම.. තරමක් කල් පවතින රෝගාබාධයන්ට ලක් වීම. ශරීරයේ සන්ධි ආශ්‍රිතව වේදනාවල් මතු වීම.. ලේ දෝෂ.. අර්ෂශ් අමාරු.. වැනි රෝගී තත්වයන් නිතර නිතර මතු වීම.. ඇස් යට කලු වීම.. නිසි ලෙස නින්ද නොයාම... නිදා ගන්නා තැන්වල සැප පහසුව අඩු වීම.. කෑම බීම ටික හරියකට නැති වීම... කරමින් හිටි වැඩ දෙගුණ වී ගතට සිතට අධික වෙහෙසක් ගෙන දීම.. තමාට වඩා පහත් අය හා ඇසුරට යොමු වීමත් ඒ සම්බන්ධකම් නිසා තමාට කරදර විපත් පැමිණිමත්.. පවුලේ සමීප වැඩිහිටියකුගේ වියෝව නිසා හට ගන්නා චිත්ත වේදනාවන්ට තදින් මුහුණ දීමට සිදු වීම... දරුවන් ඇති අයට නම් වැඩි මහළු දරුවන්ට අසනීප කරදර ඇති වීම ඔවුනගේ ඉගෙනීම දුර්වල වීම... තමාට ආධාර උපකාර කල අය හා අමනාප වන්නට සිදු වීම... කාලයත් තිස්සේ කරං ආ බොහෝ දේවල් නැත්තටම නැති වී යාම...මෙන්න මේ වගේ දේවල් වෙන්නට වැඩි ඉඩක් තියෙනවා.. ඔය මං ඉහත කිව්ව ඡේදය මේෂ ලග්න හිමියන්ට පමණක් නෙවෙයි පොදුවේ සෙනසුරු නරක් වීමෙන් හා ඒරාශ්ඨක යෙදීමෙන් ඕනම ලග්න හිමියකුට අත් විඳින්න වෙන දේවල්වලට සමානයි. මේ වෙලාවේ මේ ටික බලපාන්නේ මේෂ ලග්න හිමි.. උපතේදී සඳු/කුජ/සෙනසුරු දුර්වලව සිටි හා මේ වෙද්දි අහිතකර දශාවන් ගෙවමින් සිටින අයටයි.ඒ වගේම විශේෂයෙන්ම හත් වැන්න සෙනසුරුටත් රාහුටත් මැදිව තිබෙන 2014 නොවැම්බර් සිට 2016 ජනවාරි අතර කාලය තුල විවහා ජීවිතය.. ප්‍රේම සම්බන්ධතා.. මංගල යෝජනා වැනි දේවල් සම්බන්ධ හිත් අමාරුකං තරමක් තදින් මතු වීමත් කිව යුතු කාරණයක්. හවුල් වැඩට හෙමත් මේ කාලය ඒ හැටි යහපත් නැහැ. ඒකත් සිහියේ තබා ගැනීම වැදගත් වෙයි.එතකොට මේ කාලය ඇතුලත අපිට ලැබෙන හොඳ දේවල් මොනවද... බොහෝ දුරට මේ කාලය තුලදී තමන්ට පරම්පරාවෙන් උරුම වෙන්නට තිබුන දේපලක්.. පැරණි ගෙයක් දොරක් වාහනයක් වගේ දේක අයිතිය තහවුරු වෙන්ට ඇහැකි... ඒ වගේම කවදාවත් ලේසියකට කරන්න පුළුවන් වෙයි කියලා නොහිතපු වැඩ එකක් දෙකක් හරි ඉවර කරගන්නත් පුළුවන් වෙන කාලයක් මේක... රැකියා ස්ථානයේ තමාට ඉහලින් සිටි අයකුගේ ඉවත් වීම වැනි දෙයක් නිසා හදිසි තාවකාලික හෝ උසස්වීම් ලැබෙන්නත් වැඩි ඉඩක් තියෙන කාලයක්... වගාවට හා පොළවට සම්බන්ධ දේවල් කරන අයට හදිසි ධන ලාභ.. වගේ දේවලුත් අපේක්ෂා කරන්න පුළුවන්... යන්ත්‍ර සුත්‍ර වැඩ කරන අයට ඒ ඒ අංශයන්ට සම්බන්ධ නව දේවල් නිපදවීමට හැකියාව බුද්ධිය ලැබෙන කාලයක්... උසස් වීම බලාපොරොත්තුවෙන් ඉන්නා අයට ස්ථාන මාරු සමඟින් උසස් විම් හිමි වීම.. සමාජයේ තමා අපේක්ෂා නොකල අය වෙතින් ගරු සැලකිලි ලැබීමේ හැකියාවත් පවතිනවා... දිගු කල් පවතින වැඩ ආරම්භ කිරීමටත් ඒවා කෙසේ හෝ පවත්වාගෙන යාමේ හැකියාවත් ලැබෙන කාලයක්... විදෙස් ගත වීමට උනන්දුවෙන් ඉන්න අයටත් උත්සහයන්ගේ ප්‍රතිඵල අත්කර දෙන කාලයක්.. අඩුම ගානේ ඉන්න තැනින් අවුරුද්දක් දෙකක් හරි පිටස්තර තැනකට යන්ට පොට පෑදේවි. එහෙම යන්ට අහු උනොත් බල බල නොයිද යන එක තමා හොඳම වැඩේ... ඉන්න තැනම ඉන්ට ගියොත් තමා ඔක්කෝම කරදර...හරි ඔය තමා හොද සහ නරක දෙවර්ගයම.. ඔය කිව්ව ටික අඩු වැඩි වශයෙන් මේ කාලය තුල මේෂ ලග්න හිමියට මුහුණ පාන්න පුළුවන්...පොදුවේ ගත්තම කියන්න තියෙන්නේ හිත කලබල කරගන්නේ නැතිව.. නිතරම සිහි කල්පනාවෙන්.. තමන් කරන දේ ගැන අවධානයෙන් වැඩ කරනවනං ඔය කිව්ව නරක දේවල් වලින් සෑහෙන්න බේරිලා ඉන්න පුළුවන් වගේම කිව්ව හොද වලින් සීයට සීයක්ම උනත් අත් කර ගන්න පුළුවන්කම තියෙනවා... වැදගත්ම දේ සිහිය පවත්වා ගැනීමයි... මොන දේ කලත් ඒ වෙලාවට ඒ කරන දේ ගැන අවධානය තිබිය යුතුයි. කිසිම වෙලාවක ඉදිරිය හෝ පසුපස කාලය ගැන හිත හිත වැඩ කිරීම අන්තිම නරකයි... අනිත් දේ තමා අභියෝග බාර ගන්න පසුබට නොවීම.. මං කලින් කිව්ව කරුණු අතර තියෙනවා තමාට ඉහලින් සිටින අයකුගේ ඉවත් වීම නිසා හදිසි තනතුරු ආදිය හිමිවන කතාවක්.. ඒ වගේම තමාගේ වැඩ දෙගුණ වීම නිසා අධික වෙහෙසට පත්වන කතාවත් මේකෙම ඇති... ඔය දෙකම කෙනෙකුට එක වර වෙන්න පුළුවන් දේවල්.. මේ කාරණා දෙකම නරක දේවල් නෙවෙයි තමන් එය භාර ගන්න විදිය අනුව.. ලැබෙන අවස්ථාව තමාට අභියෝගයක් හැටියට සලකා එයට හොඳින් මුහුණ දෙන්න අධිෂ්ඨානයෙන් කටයුතු කරන කනෙකුට ඔය වැඩ දෙගුණ වීම අපලයක් නෙවෙයි.. ඒ තමා තමාට තාවකාලිකව හිමිවන තනතුර ස්ථීර කරගන්නා මාර්ගය... එතැනදී තමන්ට වෙන කරදර කියන්නේ තමන්ට ලැබෙන අවස්ථා කියන එකයි...එතැනින් ගිහාම වැඩිහිටි අයට ඇති අපල... තමන්ගේ වයස්ගත අම්මා තාත්තා හරි වෙන කවුරු හරි පවුලේ සමීප වැඩිහිටියෝ ඉන්නවනං සහ ඒ අය වෙනුවෙන් තමන් කවදා හෝ කරන්න කියා හිතා හිටි දේවල් තියේනං... මොන ප්‍රශ්න කරදර මැද්දේ හරි ඒ දේවල් කරන්න පහු වෙන්න එපා... එච්චරයි.. වෙනදට වඩා උවමනාවෙන් ඒ අය ගැන හොයා බලන්න... ඒ අයගේ ආරක්ෂාව ලෙඩදුක් ගැන බලන්න... ඒ දේවල් වලින් විය හැකි කරදරයක් වලක්වා ගැනීමට වගේම සිද්ධ වෙන කරදරයකදී තමාගේ සිතට ඇතිවන පීඩාවන් සෑහෙන්න අඩු කර ගැනීමටත් හැකියාව ලැබේවි.වෙනදාට වඩා තමාගේ සෞඛ්‍ය තත්වය ගැන විපරමෙන් ඉන්න.. සුළු අසනීප කියලා කල් දදා ඉන්නේ නැතිව ප්‍රතිකාර ගන්න...පොඩි වියදමක් වැඩි වෛයි.. ඒත් වියදමට වඩා වටින දේවල් ඉතිරි වෙයි.. කාලසටහනකට අනුව ජීවත් වෙන්න බලන්න... කරන්න තියෙන එකම දෙයක්වත් අත ඇරෙන්නේ නැති විදියට හැම දේටම කාලය බෙදාගෙන වැඩ කරන්න.. තමාගේ නින්ද අඩු වෙයි.. වැඩ කරන්න වෙන කාලය වැඩි වෙයි.. වියදමත් ටිකක් වැඩි වෙයි.. ඒත් අවසානයේදී අපල කාලයක් අවසානයේදී තමන්ට ඒ අපලය තුලත් හරි හම්බ කරගත්ත දේවල් තියේවි.. හැබැයි ඒ හම්බ කරගන්න දේවල් අර අපල නැති කාල වල හම්බ කරගත්ත දේවල් වලට වඩා සිය දහස් ගුණයකින් තමාට වටින දේවල් බව පසු කාලයකදී අවබෝධ වේවි....මෙයට අමතරව බෝධි පූජාවන් තියන්න හැකියාව තියෙන අය බෝධි පූජා තැබීමේ කිසිම වරදක් නැහැ.. හැබැයි බෝධි පූජාව තියන තැන තමාගේ හිතට සහනයක් ගෙන දෙන ස්ථානයක් වීමත් වැදගත්.. ඇසතු බෝදියකටත් වඩා නුග බෝධියක් ඇති තැනක් නම් තවත් හොදයි... ඒ වගේම රටේ තියෙන තරං මල් වර්ග බීම වර්ග වලට ගාථා කිය කිය දුක් නොවිඳ.. බෝ මළුව සුද්ද පවිත්‍ර කරලා.. බිමට වැලි ටිකක් ඉහලා... පායන දවසකනං වතුර ටිකක් ගෙනත් දාලා.. පන්සිල් සමාදන් වෙලා බෝ හෙවන ඇති තැනක නිදහසේ වාඩි වෙලා ආනාපාන සති භාවනාව.. මෛත්‍රී භාවනාව.. බුද්ධානුස්සති භාවනාවක් වඩලා නිදහසේ ටිකක් නිදාගෙන හරි ඉඳලා ඉන්න පුළුවන්නං ඒ ඇති...එතැනින් ගිහාම අසරණ වයස්ගත අයට දාන මාන දීම.. තිරිසන් සතුන්ට ආහාර පාන දීම.. රෝගී සතුන්ට උපස්ථාන කිරීම... ආදී දෙයිනුත් සෑහෙන හොද ප්‍රතිඵල තියේවි... කාට හරි සල්ලි වැඩියි වැඩියි වගේනං ඉතිං ශනි මෘතුංජයත් හොඳයි.. කාක නිලත් හොදයි... හැබැයි ඒ දේවල් වලට වඩා අර මුලින් කිව්ව දේවල් සිය දහස් ගුණයක් ප්‍රතිඵල දෙනවා...හා අදට ඔය ඇති.. අනිත් ලග්න ගැන ලියද්දි මෙයිට කෙටියෙන් ලියන්ට ඇහැකි වෙයි මේකේ මූලික කාරණා ටිකක් කතා කල හින්දා.
|
BLOG
|
2013.07.18
|
http://sandanathisanda.blogspot.com
|
මගේ වරදට සමාව දෙනවා නේද අයියේහ්..?? (මානවකට පිළිතුරක්)
|
Pramudi
|
රංග අයියාගේ ලිපියආදරණීය රංග අයියා වෙතටයිඅනේ අයියෙ මට ඔයා එවපු ලියුමේ තිබුන දේවල් අදහගන්නවත් බෑ.මගේ හිත හත් කඩකට ටිකක් අඩුවෙන් පැලී ගියාද මන්දා.මට තේරෙනවා අයියගේ හිතේ තියෙන වේදනාව.අයිය මට කැමති වුනේ මගේ ඉස්කෝලෙට තියෙන තැන නිසාවත් තමන් යාලු වෙලා ඉන්නේ "විශාකා එකේ" කෙල්ලෙක් එක්ක කියල යාළුවො එක්ක කියවන්නවත් නෙවෙයි කියල මම දන්නවා මගේ ඉස්කෝලේ නම නිසා.විශාකා කියන්නේ බුදු සසුනේ අග්‍ර දායිකාව.ඒ නමට තියෙන ආදරය,ගෞරවය නිසා නේද අයිය මට කැමති වුනේ...එහෙම නැතුව මගේ මූණ ලස්සන නිසාවත් මගේ ඇඟ හැඩ නිසාවත් නෙවෙයි නේද...එහෙව් අයියගේ හිත අර පාගමන නිසා රිදෙන එක සාධාරණයි කියල මට දැන් තේරෙනවා.අනික මම දන්නවා.අයියලාගේ ඉස්කෝලේ බිග් මැච් එහෙම තියෙනකොට අයියලා එව්වට ගියේ ආරිය සිංහල ඇඳුම ඇඳගෙන.ඔයාලා අරක්කු බියර් එහෙම අතින්වත් අල්ලලා නෑ.බිග් මැච් වලට යන අයියලා කොච්චර සංවරව හැසිරෙනවද... ක්‍රීඩාවක් වෙලත් අයියලා එහෙම හැසිරෙනකොට ඒ ජාතියේම නංගිලා අක්කලා වෙච්ච අපි ඩෙනිම් ඇඳගෙන පාගමන් ගිය එක හරිම වැරදියි අයියේ.ඒ විතරද අපි මහ පාරේ නැටුවත් එක්ක.ඒවා මතක් වෙනකොට මට මම ගැනම චික් විතරක් කියල හිතෙනවා.අයිය මාව එක්කන් රූම් ගානේ ගියෙත් ආතල් එකට නෙවේ සිංහල ජාතිය නගා සිටුවන්න.මගේ තිබුන නැහැදිච්ච කමට තමා බඩට ආව ළමයිනුත් නැති කරගමු කියල අයියට බල කරලා කිව්වේ.අයිය කොච්චර නම් විරුද්ධ වුනා ද ඔය එක එක ජාති ගන්න ෆාමසි වලට එහෙම යන්න.මගේ බල කිරීමටනේ අයිය එව්වටත් ගියේ.මට ඒ දවස්වල මෙව්වා මොනවත් තේරුනේ නෑ.දැන් තමා තේරෙන්නේ මම හරිම නැහැදිච්ච කෙල්ලෙක් කොටින්ම කිව්වොත් කුඩු ගහන බඩුවක් කියල.අර අයිය කිව්වා 70% ගානේ කතාවට මාත් දායක වෙලා තියෙනවා තමා.ඒත් ඒ එකක්වත් අයියගේ වැරැද්ද නෙවේ.මගේ වැරැද්ද.මොකට අයිය මට ආදරේ නිසා,මගේ බල කිරීමටනේ මාත් එක්ක එහෙම හිටියේ.මම නිසා අයියගේ හිරි ඔතප් බිඳුනට මට සමාවෙන්න අයියේ.අයිය කියනවා වගේ සමහර දේවල් ගැන මටත් තේරෙන්නේ දැන් තමයි අයියේ.මේක "සිංහල -බෞද්ධ" රට.මේකේ ඉන්න ඕනි ඒ විදිහට.එහෙම ඉන්න බැරි නම් අපි එක්කෝ අරාබියට හරි යුරෝපෙට හරි යන්න ඕනි.මාත් මෙච්චර කල් හිතන හිටියේ ඉගෙන ගෙන එහෙම ඉවර වෙලා ඔයත් එක්කම ඉංග්ලන්ඩ් යන්න.ඒ වුනාට අයිය එවපු ලියුම මගේ ඇස් පෑදුවා.දැන් මට ඕනි වෙන කිසි දෙයක් නෙවේ මේ පින්බිමේ යහපත් සිංහල කුල කාන්තාවක් වෙලා,අයියගේ කීකරු වයිෆ් වෙලා,දරු පැටව් හත අටක් හදාගෙන ලුනුයි බතුයි හරි කකා ඉන්න.මම දන්නවා මම අද අයිය ලඟට ආවත් අයිය මාව පිලිගන්නවා.මගේ අයියට මම ඔයත් එක්ක රූම් ගිහින් කරපු කියපුවා කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද ඔයා නියම බෞද්ධයෙක්.අතීතය ගැන නෙවේ වර්තමානය ගැන හිතල ජීවත් වෙන්න කියන බුදු වදන අයිය හොඳටම පිළිපදිනවා කියල මම දන්නවා.ඉතින් අයියේ නොර්වේ කුමන්ත්‍රණකාරියන්ගේ උගුලට නොදැනුවත් කම නිසා අහුවෙලා අර පාගමනේ ගිහින් වැස්සේ නැටුවට මට සමාවෙන්න.එහෙම කළා කියල අයියලා අපිට ගල් ගහල මරන්න කිව්වෙත් නෑ අර බුර්කා අඳින්න කිව්වෙත් නෑ.ඔයාලා වගේ අයියලා අපිට ඉන්න එක කොච්චර වාසනාවක් ද මගේ අයියේ....නොදැනුවත්කම නිසා මගේ අතින් වුන වැරදි මම හදාගන්නවා මගේ අයියේ.ඒක තමා අපේ ලේ වල තියෙන නියම සිංහලකම.මිනිස්සු දාහක් මැරුව අංගුලිමාලට රහත් වෙන්න පුළුවන් වුනා නම්,හදිසි කෝපය නිසා අර ටීචර් ව දණගැස්සුව මන්ත්‍රීට ඒ වැරැද්ද හදාගත්ත නිසා ආයේ පළාත් සබාවට ඉල්ලන්න නාම යෝජනා ගන්න පුළුවන් වුනා නම්,ගෑනු 500 ක් දූෂණය කරපු සාරුවා සුනිල් මහත්තයා වැරදි හදාගෙන මන්ත්‍රී පුටුවේ ඉන්දගත්තනම්,මගේ මේ පුංචි වැරැද්ද හදාගෙන අයිය කියන විදිහට ජීවත් වෙන්න මට බැරි කමක් නෑ නේ.මීට පස්සේ මම කොහේ ගියත් අඳින්නේ ළමා සාරිය.මගේ ළඟ තියෙන ඔක්කොම ඩෙනිම් ටිකයි ටී ෂර්ට් ටිකයි පුච්චලා දානවා අදම.අපි එක්කෙනෙක් ඒ දේ කරන්න පටන් ගත්තොත් අනිත් අයත් ඒක කරන්න පටන් ගන්නවා.ඇත්තට ළමා සාරි ඇඳලා බඩ පෙන්නගෙන,පපුව එහෙමත් සුට්ටක් විතර පෙන්නගෙන යනකොට අයියලාට එහෙම කොච්චර ශෝයිද... ඒක කොච්චර ලස්සනද...ලියුම ගොඩක් දික් වුනා.මම හිතනවා අයිය මගේ හිත හඳුනාගෙන මගේ වරදට සමාව දෙයි කියල.අයියට සියලු දෙවි පිහිටයි....මේ ඔයාගෙමනංගි නිපුනි.
|
BLOG
|
2014.07.01
|
http://galaayanajeevithaya.blogspot.com/
|
අරන් යන පොත් | Please Return
|
නදී
|
කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :) පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද . :(මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද . ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.
|
BLOG
|
2014.07.01
|
http://galaayanajeevithaya.blogspot.com/
|
පැන් පෙරහැර | Paen Perahera
|
නදී
|
"පැන් පෙරහැර" පැවැත්වෙන්නෙ හැම අවුරුද්දකම පොසොන් මාසෙ පෝය දිනය යෙදෙන සතියෙ පෝය දවසට කලින් දවසක. 2014 අවුරුද්දෙ පැන් පෙරහැර තිබ්බෙ ජූනි මාසෙ 09 වෙනිදා.... එදා ඉදල 17 වෙනිදා දක්වා සති පිරිත් පින්කම පවත්වනව.පෙරහැර පටන් ගන්න දිනයේ ඉදන් උඩමලුවෙ සති පිරිතකුත් සජ්ජායනා කරනව, ඒ වෙනුවෙන් දාන මානත් පිලියෙල වෙනව. පැන් පෙරහැර පටන් ගන්නෙ ඉසුරුමුණිය රජ මහා විහාරයෙන්. එතනින් පෙරහැර පටන් ගෙන තිසාවැවෙන් පිරිසිදු කරල ගත්ත පැන් අරන් පෙරහැරේ එන එක සිද්ද වෙනව උඩමලුව දක්වාම.මේ පැන් කළ වලට අමතරව අනුරධපුර දිස්ත්‍රික්කයේම තියෙන තිසාවැව, නුවරවැව, මහකනදරාව, රාජාංගනය වගේ මහා වාරිමාර්ග ව්‍යාපාර වල පැන් අරගෙන එනව. ඒ පැන් තමයි පිරිත් පාත්‍රයට එකතු කරන්නෙ පිරිත් කරන්න.
|
BLOG
|
2014.06.28
|
http://galaayanajeevithaya.blogspot.com/
|
තක්කාලි | Tomato
|
නදී
|
තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය. හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :( ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල වලට සාත්තු කරන්න පටන් අරන්.
|
BLOG
|
2014.06.27
|
http://galaayanajeevithaya.blogspot.com/
|
රුවන්වැලිසෑය | Ruwanweliseya
|
නදී
|
මේ අවුරුද්දෙ පොසොන් පෝය යෙදුන සතියෙම උඩමලුව, රුවන්වැලිසෑය පැත්තෙ තමා ගොඩක් වෙලා ගත කරන්න හම්බුනේ.9 වෙනිදා පැන් පෙරහැරෙන් පටන් ගත්තට පස්සෙ සතියක් පුරාවටම පිරිත් තිබුන නිසා ඒවට සහයෝගය දක්වන්නත් උනා.හවස් වරුව වෙනකොට රුවන්වැලිසෑය පැත්තෙ ගිහින් රෑ වෙනකම් එතන වාඩි වෙලා හිටිය. හිතට හරිම සනීපයක් සැහැල්ලුවක් දැනුනා.
|
BLOG
|
2014.06.26
|
http://galaayanajeevithaya.blogspot.com/
|
මිරිස් වගාව | Chilly Cultivation
|
නදී
|
මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම.නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ , මිරිස් වගා කිරීම මිරිස් තවාන් දැමීමමේ වෙද්දි එක සැරයක් මිරිස් කඩලත් ඉවරයි. මේ දවස් වල මෙහෙට ගොඩක් පායන නිසා පැල වලට ටිකක් සාත්තුව වැඩි කරන්නත් වෙනව. මේ පැල පොඩිම කාලෙ
.
|
BLOG
|
2014.05.25
|
http://galaayanajeevithaya.blogspot.com/
|
එළබටු |
|
නදී
|
ගොඩක් දෙනෙක් මේ කාලෙ කාබනික ගොවිතැන ගැන කතා වෙනව පුලු පුලුවන් විදියට ගෙදර හදාගන වවාගන කන්ඩ කියනව.වහ කාල ලෙඩ වෙනවට වඩා ඇත්තටම එහෙම පුලුවන් නම් ගොඩක් හොදයි. ඉඩ කඩක් තියනව නම් පැල කීපයක් හරි හදාගන්න, මානසික තෘප්තියකුත් ලැබෙනව,පැලයක් ඉන්දල ඒක ලොකු වෙලා දල්ලක් මලක් කරලක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ.ඒත් සමහරු නම් කියනව ,"අනේ අපිට ඔවට කාලෙ නෑ... අනික වතුර දාන්ඩයි... (වතුර බිලුත් දැන් ගනන් නිසා ) මඩ අනන්ඩයි... එපා වෙනව. ලෙඩත් හැදෙනව පොහොර නොදා කොහොමද ඕව කරන්නෙ. ඊට වඩා හොදයි කීයක් හරි දීල පොලෙන් / කඩෙන් ගේන එක" කියල.සමහර වෙලාවට හිතෙනව ඒකෙත් ඇත්තක් තියනව කියල ඒ උනාට පොඩි හරි ට්‍රයි එකක් දීල ගහක් දෙකක් හදල බලන්ඩකෝ ඒකෙත් අමුතු ගතියක් තියනව :) .දවසක් එක එළබටු ගහක් හැදුව.වතුර එහෙම දාල ගස් වලින් වැටෙන් කොල එහෙම ලන් කරල පොඩි සාත්තුවක් දුන්න, ඔය උඩ තියෙන්නෙ ඒ ගහේ පලදාව. මේ වෙද්දි ගොඩක් වතාවක් ගෙඩි කඩල තියනව අහල පහල අයටත් දීල තියනව. ඉතින් සතුටුයි.
|
BLOG
|
2014.05.25
|
http://galaayanajeevithaya.blogspot.com/
|
බීල නිදිද?
|
නදී
|
එදා සෙනසුරාද දිනයක් .සුපුරුදු පරිදි පොලට ගිහින් ඉරිදා පත්තරේයි කෙහෙල් ගෙඩියි අගුණ කොලයි ගන්ඩ ඔනී නිසා යාලුවත් එක්ක ටවුමට ගියා.ගිහින් එයාට ඔනේ අඩුම කුඩුම අරගන්නකම් පස්සෙන් ගිහින් බස් එකට දාල පත්තර අරගන්න කියල පොල පත්තට හැරුන විතරයි ව0ගුවෙම මෙන්න සෙනගක් එකතුවෙලා ඉන්නව, හොම්බ දාල බැලින්නම් ගෑණු කෙනෙක් හෝටලයක් ඉස්සරහ පේව්මන්ට් එකේ වැතිරිලා.බැලූබැල්මටම මට නම් හිතුනෙ මැරිලාවත්ද කියල. තව ටිකක් කර පොවල බලද්දි තමා අවුරුදු 2කට අඩු ඇති කියල හිතුන පොඩි එකෙකුත් ජාරා වෙච්ච් කලිසන් කොටයකුත් ඇදන් ඉන්නව දැක්කෙ.ලමයගෙ අතේ කවුරුහරි දීපු පොඩි බිස්කට් පැකට් එකක්. විඩෙන් විඩේ ලමය අම්ම කියල හිතන්න පුලුවන් අර ගෑනු කෙනා ගාවට ගිහින් අතින් අදිනව, ඒ ගෑණුකෙනාට ගානක් වත් නෑ අඩුගානෙ හෙල්ලෙන්නෙ වත් නෑ. මම් නම් හිතුවෙම මැරිලා තමා කියල.ඔය අතරෙ ස්ටෑන්ඩ් එකේ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙකුත් ආවා, එතකොට තමා ඒ හෝටලේ කොත්තු හදන බාස් කෙනෙක් කීවෙ, ඔය "ගෑණි හැමදාම ඔහොමයි හවසට බීල මෙතන බුදියනව, මේ ලමය කානුවෙ වැටිල ඉදල මේ දැන් ගොඩගත්තෙ" කියල.
ප්‍රධාන පාර දෙපැත්තෙ තියන කානුව ආවරණය කරල තිබ්බත් ඔය කියපු තැන පොඩි ඉඩක් තිබිල අර ලමය එතන්ට වැටෙන්ඩ ඇති.සෑහෙන ගැඹුරකුත් තියනව. වෙලාවට කවුරුහරි දැකල තියනව රෑක වැටුන නම්....පොලීස් රාළහාමි වතුර ෙබා්තලයක් අරන් ඇවිත් අර ගෑනු කෙනාගෙ කටට වක් කරා. කොහෙද මැරිල වගේම තමා හෙල්ලෙන්නෙවත් නෑ නිදි. වටේ පිටේ හිටපු අය ගෑනු කෙනාට බැන බැන යනව... ලමයා අම්මගෙ අතින් අදිනව ඇහැරවන්න හිතන් වෙන්න ඕනි.හැමදාම රස්සාවට යද්දි ඔය හෝටලය අහුකරන් ගියත් මේ වෙනකම් ඒ ගෑණු කෙනා අාය දකින්ඩ හම්බුනේ නෑ.
|
BLOG
|
2014.02.13
|
http://galaayanajeevithaya.blogspot.com/
|
මම ආයෙත් | Started Dating Again - 3
|
නදී
|
ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම හිතමිනුයි හිටියෙ.මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත් මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව හම්බ වෙන එක නැවැත්තුවා. දැන් මට කියන්න පුලුවන් මම ආයෙමත් ප්‍රකෘති තත්වයට ඇවිත් කියල.දැන් මට ඕනෙ මම ගිය අවුරුදු වල අතපසු කරල දාල තිබ්බ දේවල් ගැන අවධානය යොමු කරන්න, රස්සාවෙ තත්වය උසස් කර ගන්න එක , අධ්‍යාපනය වගේ දෙවල්. මම මගේ පරණ සම්බන්ධකම් ගැන මතක් කළේ , මගේ පළවෙනි , දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් අතරේ ලොකු කාල පරතරයවල් තිබ්බේ නෑ කියන එක පැහැදිලි කරන්නයි.දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් පටන් ගනිද්දි , පළවෙනි සහ දෙවෙනි සම්බන්ධකම් බිඳිච්ච එකෙන් ඇති වෙච්ච වේදනාවෙන් මං සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට ඇවිත් හිටියෙ නෑ. මට ඕනෙ නෑ ඒ දේ නැවත වෙන්න.ඒක හින්දා මට ඕන උනේ ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක යාලුවො විදිහට එහෙම නැත්තන් අනාගතයේ වෙන්න පුලුවන් විවාහ සහකාරිය විදිහට කතාබහ කරල මගේ හදවතට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එක අඩුම තරමින් මාස කීපයකටවත් සහ ඒක නතර වෙන්නෙ කොතනද කියල බලන එක.මම දන්නවා මේ මට්ටමේදී ඒක ටිකක් අමාරු වැඩක්, අනික මට ඕනෙ නෑ මගෙ අතීතේ හංගන්න. විශේෂයෙන්ම වෙලාවෙ වෙනස හින්දා මේක තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.මම ගෙදර ඉන්න වෙන් කර ගත්ත වෙලාව හැරුන කොට ජිම් එකට යන්න, උයන්න, ඇඳුම් හෝදන්න, පාඩම් කරන්න, ගෙදර පිරිසිදු කරන්න යන වෙලාවත් එක්ක කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි.මට හැමදේම තියනව එකක් ඇර, ඒ මගේ හිතේ සතුට, මගෙ ලගට වෙලා මට ආදරය කරන්න කෙනෙක් නැතිකම. ඒත් මට ඕනෙ මට නැති වෙච්චි ජීවිතේ ආයෙමත් මං ලගට ගන්න. සමහර විට එහෙම දෙයක් සදහටම නොවෙන්නත් පුලුවන්, ඒත් මං තාමත් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.
|
BLOG
|
2014.02.13
|
http://galaayanajeevithaya.blogspot.com/
|
මම ආයෙත් | Started Dating Again - 2
|
නදී
|
හැබැයි කවදාවත්ම මට පළවෙනි එක්කෙනා ගැන තරම් දෙවෙනි එක්කෙනා ගැන ආදරයක් ඇති වුණේ නෑ,අඩුම තරමින් 50% ක් වත්. ඒ දවස් වල එයාට කෝල් දෙන එක ගොඩක් වියදම් අධිකයි, එයාට ඊමේල් තිබ්බෙත් නෑ.හැබැයි හැම මාසෙම එයා එයාගෙ චූටි අත් අකුරු වලින් ලියාපු A - 4 කොළ කීපයක් මට තැපෑලෙන් එවුවා. මට දිග ලියුම් ලියන්න ඕනෙ වුනේ නෑ. ඒකෙන් වෙන්නෙ මගේ දුක වැඩි වෙලා, තනිකම , පාලුව වැඩිවෙලා මම ආපහු ලංකාවට යැවෙන එක.මම මෙහෙ තනි වෙලා නිසා, මට ඕනෙ වුණේ මේ රටෙන් සම්බන්ධයක් හදා ගන්න. ඒක නිසා මම එයත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවැත්තුවා.අන්තිමේදි මම ගොඩක් වයසෙන් අඩු කෙල්ලෙක් එක්ක යන්න එන්න පටන් ගත්තා.වයසෙන් වැඩි වෙද්දි එයා ගොඩක්ම වෙනස් වුණා.ඒත් අපි අවුරුදු කීපයක්ම එකට හිටියා. සමහර විට ඒ අපි දෙන්නම වැඩි කලබල නැති ගෙදරටම වෙලා ඉන්න කැමති අය හින්ද වෙන්න ඇති.සමහරවිට මෙහෙ දැන ඇඳුනුම්කම් අඩු හින්ද වෙන්නත් ඇති. හැබැයි ලොකුම හේතුව අපි අතරෙ තිබ්බ ආර්ථික බැඳීමයි අපිට එකිනෙකාගෙන් හම්බ වෙච්ච උදව් උපකාරයි වෙන්න ඕනෙ.ඒකත් කාලයක් යද්දි අවසානෙ කරා ලගා උනා. ඊට පස්සෙ මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් විජාතික කෙල්ලෙක් එක්ක මම් සම්බන්ද උනා .අපිට ලොකු අනාගතයක් නැති බව හොඳටම දැනගෙන වුණත් මම එයාට ගොඩක් ආදරේ වුණා. සමහර විට අර පළවෙනිම කෙල්ලට ආදරේ වුණාටත් වඩා.මට ඕන වෙලා තිබ්බෙ ආදරේ...මට ලගින් ඉන්න කෙනෙක්...ඒත් එයා මාව සෙල්ලමකට ගත්තා විතරයි.එහෙමත් නැත්තන් එයාට හැඟීම් ඇතිවෙනවා, නැති වෙනවා වෙන්න ඕනෙ. ඒත් නැත්තන් එයාට ඕනෙ වුණේ කායික සම්බන්ධයක් විතරක් වෙන්න ඇති.
|
BLOG
|
2014.02.13
|
http://galaayanajeevithaya.blogspot.com/
|
මම ආයෙත් | Started Dating Again - 1
|
නදී
|
ඔයා දන්නව මම ලගකදි ඉඳන්ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන.මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක් විතර පළවෙනි කෙල්ල පස්සෙන් ගියා. ඒ අවුරුදු දෙකේදිම අපි යාලු වෙමුද කියල එයාගෙන් ඇහුවෙ නෑ. එහෙම අහන්ඩ මම් ගොඩක් ලැජ්ජා වුණා.කොහොම හරි අන්තිමේදි ඒ සම්බන්දෙ පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර වගේ තිබුන. සමහර විට ඊටත් වඩා අඩු ඇති. ඒ දවස්වලම තවත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම් ඒ කාලෙ ගොඩක් හැන්ඩ්සම්. ඉතින් ඒ දෙන්නවම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාලුවො හිටිය නිසා ඒ දෙන්න එකිනෙකාව දන්නවා.එයාල දෙන්නම හොඳ පෙනුමයි, එකම සයිස්,එකම වගේ පෙනුම, ගොඩක් පැහැපත්, හැබැයි මට වඩා වැඩිමල්. මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පස්සෙන් ආපු ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒත් මම ලැජ්ජාවෙන් හිටියෙ, ඒ දවස් වල මම ගොඩක් අහිංසක පෙනුමයි.මගෙ යාලුවොත් මට හිනාවෙන වෙලාවල් තිබ්බ ඔහොම ඉදල නම් හරි යන්නෙ නෑ කියල.ඒ දෙවෙනි කෙල්ල ටිකක් කොල්ලෙක් වගේ.එයා සමහර වෙලාවට මට කැමති වෙලා හිටපු අනිත් කෙල්ලන්ට ගහන්න, රණ්ඩු කරන්න පවා ගියා. එකපාරක් එයාට එහෙම දෙයක් හින්දා ඉස්කෝලෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නත් ගියා. ඒත් එයා ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු හින්දයි, එයා ගොඩක් දක්ෂ කෙනෙක් හින්දයි ඒ ප්‍රශ්නෙන් බේරුණා.දැන් ඒ දෙන්නම කසාද බැඳල, දෙන්නටම දුවල දෙන්න ගානෙ ඉන්නව. පලවෙනි එක්කෙනා බැංකුවක ඉහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, දෙවෙනි එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්.මගේ පළවෙනි සම්බන්දෙ නැතිවෙච්චි ගමන්ම දෙවෙනි කෙල්ල ඇවිත් තව පාරක් මගෙන් ඇහුවා කැමතිද කියල. මට ඒ වෙලේ එයාට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ මොකද කියනව නම්, පළවෙනි කෙල්ලව නැති වෙච්ච එක ගැන මම ගොඩක් දුකෙන් හිටියෙ, මට වෙනස් වෙන්න ඕනෙ වෙලා තිබ්බ.අපි දෙන්න අවුරුද්දක් විතර එකට ගමන් බිමන් ගියා. ඔහොම කාලෙ ගෙවිල ගියා. පස්සෙ මම මේ රටට ආවා. අපේ සම්බන්දෙ තවත් අවුරුදු ගාණක්ම තිබ්බා. ඒ සම්පූර්ණ කාලෙදිම මම එයාට බොහොම අවංකවයි හිටියෙ.ඒක මම් කියන්නෙ වගකීමෙන්.ප.ලි:- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
|
BLOG
|
2014.07.02
|
http://kapilasudesh.blogspot.com/
|
අපිම Firmware update කරගනිමු.
|
Kapila Sudesh
|
කමරාවේ firware update කරගත්තෙ නැතිනම් මේ වීඩියෝවෙන් ඔබටම කරගත හැකි විදිය මම විස්තර කරනවා. Nikon සහ Canon firmware සයිට් වලට යොමු පහතින් ඇති නිසා පහසුවෙන් ඔබට බාගත හැකි වේවි. Facebook පිටුවටත් Like එකක් දාන්න සහ ඔබගේ ප්‍රශ්න එතනදී කතා කරමු.gl/QC7AZM ඔබගේ කොමෙන්ට්ස් මට ලොකු ධයිර්‍යයක්. කැමැත්ත අකමැත්ත ගැන දැනගන්න කැමතියි. ස්තුතියි.
|
BLOG
|
2013.05.05
|
http://kapilasudesh.blogspot.com/
|
Lens Calibration
|
Kapila Sudesh
|
ගන්නා පින්තූර උපරිම පැහැදිළිව ගන්න. Lens Calibration කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක්.ඉතා සරලව කොහොමද එය කරගන්නේ කියල මේ එපිසෝඩ් එකෙන් මම පැහැදිලි කළා. අනෙකුත් කැමරා මොඩල වලත් මේ calibration එක කරගන්න හැටි ඒ අදාළ මොඩලවල manual කියවා සොයා ගන්න පුළුවනි. මේ ගැන අදහස් ප්‍රශ්න ඇතොත් කොමෙන්ටුවකින් අහන්න. ඔයගොල්ලත් ලෙන්ස් එක calibrate කරගෙන ලැබුණු ප්‍රතිපල කොහොමද කියල කොමෙන්ටුවකින් දාන්න පුලුවනිනම් මෙය බලන අනිත් අයටත් උදව්වක් වේවි. ස්තුතියි.
|
BLOG
|
2013.01.02
|
http://kapilasudesh.blogspot.com/
|
Digital Photography-a Quick Photo Shoot 1
|
Kapila Sudesh
|
ටිකක් වෙනස් විදියේ ෆොටෝ ගන්න පුළුවන් විදියක් දැක්ක නිසා, ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න episode එකක් කළා. කරලා බලන්න ඔයාලත්.
|
BLOG
|
2012.12.23
|
http://kapilasudesh.blogspot.com/
|
Digital Photography- Photo shoot in Arashiyama
|
Kapila Sudesh
|
මේ දවස්වල කියෝතෝවේ අරශියමා කියන ප්‍රදේශයේ රාත්‍රියට ආලෝකමත් කරලා ගොඩක් ලස්සනයි. මමත් සුපුරුදු පරිදි බදු ටිකත් අරගෙන පැද්දා බයිසිකලේ. D7000 කැමරාවේ ISO handling ගැන මම ගොඩක් සෑහීමකට පත් වෙනවා. මේ වගේ රාත්‍රී පින්තුර ගන්නකොට ISO එන්නේ හරියට දෙවිකෙනෙක් වගේ. ගොඩක් දෙනෙක් කැමරා මිලදී ගන්නකොට අඩුවෙන්ම සලකන දෙයක් තමයි ISO. ඔයගොල්ලන්ටත් බලාගන්න එක්ක post එකක් දැම්මා. ස්තුතියි.8 VC, Sigma 70-200 f2.
|
BLOG
|
2012.11.19
|
http://kapilasudesh.blogspot.com/
|
Digital Photography – in Kyoto, Japan.
|
Kapila Sudesh
|
අදත් සුළු නිවාඩුවක් ලැබිල ගිය photo shoot එකකට. මෙම පින්තුර ගත්ත ස්ථානය(Nagaoyakyo) ඉතිහාසයේ ජපානයේ අගනුවරක් විදියට තිබිලා තියෙන්නේ. Kyoto කියන්නේ ජපානයේ ලස්සනම පළාත කියල බොහෝ දෙනා කියනවා. දිනකට පැමිණෙන සංචාරකයින් ගණන ගැනල ඉවරකරන්න බැහැ. ඔයගොල්ලත් දකින්න කැමති ඇති කියල post එකක් දැම්ම.
|
BLOG
|
2012.11.14
|
http://kapilasudesh.blogspot.com/
|
Photo shoot එකකට Arashiyama ගියා.
|
Kapila Sudesh
|
කාලෙකට පස්සේ photo shoot එකකට යන්න ලැබුණා. ඔයාල එක්ක බෙදාගන්නයි post එකක් දැම්මේ.
|
BLOG
|
2012.08.15
|
http://kapilasudesh.blogspot.com/
|
Unboxing Kenko Extension Tubes
|
Kapila Sudesh
|
Nikon AF අද මම unboxing කරන්නේ Kenko සමාගම නිෂ්පාදනය කරන extension tubes pack එකයි. මෙය Nikon කැමරා වලට පමණක් නොව. අද ජනප්‍රිය සැම කැමරා වර්ගයක් සඳහාම extension tubes එම සමාගම නිෂ්පාදනය කරනවා. extension tubes භාවිතා කරන්නේ macro photography සඳහායි. මිල අධික macro lenses වෙනුවට තමන් ළඟ තියෙන ඕනෑම ලෙන්ස් එකකට සම්බන්ධ කරගෙන macro ඡායාරූප ගැනීමට මෙයින් හැකියි. වැඩි විස්තර එහෙමනම් මේ වීඩියෝ එකෙන්ම බලාගන්න පුළුවනි. ප්‍රශ්නයක් ඇතොත් අහන්න. ස්තුතියි.
|
BLOG
|
2012.08.06
|
http://kapilasudesh.blogspot.com/
|
Digital Photography-ISO එක ගැන දැනගනිමු.
|
Kapila Sudesh
|
ISO - Noise and Speed අද මම Exposure Triangle එකේ අවසන් කොටස වන ISO එක ගැන කතා කරනවා. ISO එක තුල noise එකත් speed එකත් කියන ගුණ දෙකම තිබෙනවා. අවශ්‍යතාවයේ හැටියට එය අඩු වැඩි කරගෙන භාවිතා කරන්න පුළුවනි. එහෙමනම් වීඩියෝ එක බලල, ප්‍රශ්න ඇතොත් අහන්න. ස්තුතියි.
|
BLOG
|
2012.07.29
|
http://kapilasudesh.blogspot.com/
|
Unboxing Vanguard Espod Plus 234AP Tripod
|
Kapila Sudesh
|
මෙම එපිසෝඩ් එකෙන් Vanguard tripod එකේ unboxing කරනවා. මෙය මුදලේ හැටියට වටිනා විවිධ angle වලින් පින්තූර ගතහැකි tripod එකක්. මෙය නිපදවා ඇත්තේ Aluminum Alloy වලින්. එනිසා ගොඩක් සැහැල්ලුයි. ඕනෑම අකාරයේ ඡායාරුප ශිල්පියෙකුට මෙය ගැලපෙනවා. මිල, යෙන් 8,200/=. මුදල යෙන් වලින් දැම්මේ, රුපියල් වලින් දැම්මොත්, තවත් මාස කිහිපයකින් බලන කෙනෙකුට ඇත්ත වටිනාකම දැනගන්න නොහැකිවන නිසයි. හේතුව රුපියලේ අගය වෙනස් වන නිසා. මෙය ලෙහෙසියෙන්ම google කලොත් “8200 yen in LKR” කියල, අදට පවතින රුපියලේ අගයට ගණන බලාගන්න පුළුවනි. ස්තුතියි.
|
BLOG
|
2012.07.19
|
http://kapilasudesh.blogspot.com/
|
ජපානයේ Gion Festival එක බලන්න ගියා.
|
Kapila Sudesh
|
ජූලි මාසේදී ජපානයේ Gion Festival කියල උත්සවයක් තියෙනවා. ලංකාවේ දළදා පෙරහැර වගේ වීදි දිගේ පෙරහැර යනවා. හැබැයි දළදා පෙරහැර තරම් දියුණු නම් නැහැ. ඉතින් මමත් D7000 කැමරාවයි 17-50mm f2.8 ලෙන්ස් එකයි අරගෙන ගිහිල්ල ගත්ත පින්තූර ටිකක් දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. කිසිදු edit කිරීමක් කරලා නැහැ. කැමරාවෙන් ගත්ත විදියමයි. Gion Festival VIEW SLIDE SHOW ඔබේ කොමෙන්ට්ස් මට ධෛර්යයක්. ස්තුතියි.
|
BLOG
|
2013.06.13
|
http://mamaiarui.blogspot.com/
|
වර්ථමානයේ බහුතරයක් හොට් ඇන් සෙක්සි ටීචර්ලාට උපහාර පිනිස පොඩි මෑන් ලියූ.... " ටීචාලංකාරය "
|
පොඩි මෑන්
|
බුරිය පෙන්නන සාරියලොවෙත් පිට නැති හැට්ටයපාසලට අපෙ සුරලියවනමි ම ටීචාලංකාරයපන්තිය අපෙ ටුවෙල් සීකොල්ලො ටික ෆුල් නොයිසී"මචංලා අර කම් සී "හදිසියේ එක් අයෙක් පැවසීඑක්ස්ප්‍රෙෂන් උගෙ මාරයහක්ක පනිනා ගානයදික් කරපු අත මානයබැලුව අප කිමදැයි විකාරයඅර එපිට කොරිඩෝරයපන්තියට අපෙ පාරයකොනෙන් මතු වුන සාරියදැක සියලු සිත් ෆුල් බකල් වියටක ටකස් හැඩ පැතිරීවිය අපේ කන් බිහිරීඅයිස්චර්යත් පදිරීඅලුත් ටීචර් නමින් මිහිරීගමනෙ තාලෙට පැද්දෙනඋකුල එහෙ මෙහෙ විසිවෙනකුමට ඇස් මේ නොදකිනදෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙනපොත් මිටිය ගෙන වමතටරැගෙන සාරිය දකුණටඔතා රවුමක් ඉනවටසිනා සලමින් ආව ඇතුලටනොවී පමනක් දෑසටමිහිර දැනුනා නහයටපිබිදුනා හිත සුවඳටවැස්ස වාගෙයි වැටුන කතරටආයුබෝවන් කී සරලැමැද දෑතට සිර කරහැට්ටයේ කැපු ඇගෙ කරසිහි කරා අර නෝටි ටීචරහැට්ටෙ පහලින් ඇති ඉඩකිරිගරුඬ වගෙමයි හැඩගැහුන හදවත දඩ දඩදැක්කෙ දැන් නෙව ඈගෙ සුදු බඩහැට්ටෙ පහලට අඩියයිඑතැන තැන ඇගෙ බුරියයිඅඟල් තුනකින් නෙරියයිබලනකොට නං මාර සුදියයිබැඳලා උඩට තද කරඇතිය හංසයො සිරකරසිටියමුත් උන් හැර සරපනීවිද සැක හැට්ටෙ කුඩුකරසිනාසෙන ඇගෙ දෙතොලේගෑවිලා වගෙ අමු ලේරෝස පාටයි කොපුලේඅහසෙ පාටයි දෙනෙත් සඟලේහුණූ කූර ගෙන වමතටහැරුණ හරවා ඇගෙ පිටවියපු පැදුරක් තරමටනූල් හැට්ටේ ගනන දහ අටලියන විට ඈ නැමිලාකළු ලෑලි හැඩ කරලාඋස නිතඹ ඇගෙ පිරිලාවගේ කලයක් මුනින් නවලාහමා සුළඟක් පැමින...කෙස් කළඹ මන බඳින...දුටු විටදි හැටි සැලෙන...තාලෙටම මගෙ හිතත් නටන...ලියා අවසන පැවරුම...ගොසින් සිට ඈ ලගටම...එබිල පොඩ්ඩක් බැලුවම...බැලුන් වාගෙයි වතුර පිරුනම...අදින් පසුනං පාසැල...වගෙයි මටනං පංසල...නිවන් දකිනා මංසල...ඇයයි වේලෙන අපට දන්සැල...ශිල්පයට රස මුසුවී...ගලා යන හැටි නැලවී...රැයේදිත් මට සිහිවී...කොට්ටයේ ඇත පුළුන් විසිරීසුර ලොවින් ආ කිඳුරීවගෙයි අප හට මිතුරීකලඹනා සිත මධුරීවනමි මේ ලෙස ටීච මිහිරී _____ හාට් Piercing...
|
BLOG
|
2014.12.21
|
http://www.burubabe.blogspot.com/
|
කාලෙකට පස්සේ.... (Shifting)
|
Buru
|
බොහෝම කාලෙකට පස්සේ මේ පැත්තට ඔළුව දාන්න හිතුනා. ;) එහෙන් මෙහෙන් අනිත් අයගේ බ්ලොග් වලට ඔළුව දැම්මට පසුගිය කාලය පුරාවටම යමක් කියවන්නවත් ලියන්නවත් හිතුනේ නෑ. (මම හිතන්නේ එක එක කාල තියෙනවා අපිට හැමදෙයක්ම එපා වෙන. බොහොම දුක් කරදර ගොඩක් මැද්දේ හිටපු හින්දා වෙන්නැති මට බ්ලොග් එක විතරක් නෙමෙයි මාවත් අමතක වෙලා තිබුනේ.) ඒත් ඉඳල හිටලා බොහෝ අය "ඔයාට මොකද වෙලා තියෙන්නේ ඇයි ලියන්නේ නැත්තේ" කියලා අහනකොට ලියන්න ඕනේ කියලා උවමනාවක් ආවත් ආයෙත් ටිකකින් උදාසීනකමයි අරවයි මේවයි ඔක්කොම එක්ක මට ලියන්න වුනේ නෑ. ඒත් ඉඳලා හිටලා කොහෙන් හරි පොප් අප් වෙලා මොනවා හරි ලියන්නකෝ කියලා බල කරපු හිතවතුන්ට අඩුම තරමින් අවුරුද්ද ඉවර වෙන්න කලින් හරි සටහනක් ලියන්න ඕනේ කියලා හිතුනා. නැත්නම් හරි නෑ නේ නරක ළමයි වෙන එක. :) මේ පොස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක අප්ඩේට් වෙන එකක් නෑ. මම කාලයක් තිස්සේ ඉඳන් ලියපු තවත් බ්ලොග් එකක් සුද්ද පවිත්‍ර කරලා ගත්තා මගේ එදිනෙදා දේවල් ලියන්න. මෙන්න මෙතනින් එතනට එන්න පුළුවන් කැමති අයට. හැමෝටම "සුභ නත්තලක් හා අලුත් අවුරුද්දක්" කලින්ම මෙතනින්ම කියලා ඔන්න මම සමුගන්නවා එහෙනම්.... ;).
|
BLOG
|
2014.08.12
|
http://www.burubabe.blogspot.com/
|
එහෙන් මෙහෙන් කතා.... තාරා මගේ දෙව්දුව.......
|
Buru
|
ඊයේ තාරා මගේ දෙව්දුව කියෙව්වා. පොත අතට ගත්තේ කම්මැළිකමෙන්. සති කිහිපයක්ම පොත් ටිකක් ගෙදර තිබ්බට කියවන්න අලස වෙලා හිටියේ. මම හිතන්නේ කලින් කියවපු පොත් වලින් ලැබුන විප්‍රයෝගය එහෙම නැත්නම් බලාපොරොත්තු අහිමිකිරීම හින්දා වෙන්නැති. මේ පොත් මගේ අතට එන්නේ බ්ලොග් ලියන්නියක් වෙන තරුරසීට පින්සිදුවෙන්නයි. ඇය පොත් කඩයක් කඩයක් ගානේ ගිහින් වෙහෙසිලා මට පොත් එවලා තිබුනා. තවමත් එවන් යහළු යෙහෙළියෝ මේ බ්ලොග් අවකාශයේ ඉන්න බවම මදිද හිත සනසගන්න. කවරදාවත් නොදැකපු කළුයිද සුදුයිද කියලාවත් නොදන්න මිනිස්සු වෙනුවෙන් ආදරය බෝ කරන සමාජයක් හීනෙන් පවා දකින හීනෙක ඉන්න අපි වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙද්දි, හිතට දැනෙන්නේ නිරාමිස සුවයක්. තරු ඔබට බොහෝම ස්තූතියි. කාලෙකට කලින් සිංහල පොතක් ගැන කියන්න යන කතාව මට හීනයක් වුනා විතරයි. ඒත් මේ වයර් අස්සෙම මට සිංහල කියවීම බෝ කරපු, ලිවීම බෝ කරපු, අකුරු එකින් එක ගැට ගහද්දි ඒ වෙනුවෙන් වචනයක්වත් නොකියා සතුටුවෙන බොහෝ අයටත් ස්තූතියි. පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ විදර්ශන එකේ ජනක ඉණිමංකඩ තාරා ගැන මුලින්ම කියලා තිබුනේ පොත් කියවන අය ගෲප් එකේදියි. ඊට පස්සේ සචී හා එකී නොකී අය තාරා මගේ දෙව්දුව ගැන කියපු කතාත් දැක්කේ "පොත් කියවන අය" අස්සේමයි. ඔය පොත් කියවන ගෲප් එක මම බොහොම ආසාවෙන් ඉන්න කැමතිම තැනක්. දැන් දැන් නම් පැරලල් සමාජයේ කියවීම ගැන හොඳම කියවීමත් එතනින් ගන්න පුළුවන් ඒ ගෲපයට ට බහුතරයක් දාන පින්තූරවලින් හා කොමන්ට් වලින්. දැන් බොහෝ අය පොත් කියවන්නේ නෑ. ඒත් කියවනවා කියලා ප්‍රදර්ශනය කරන්න ආසයි. ඒකට හොඳම උදාහරණ මේ ෆේස්බුක් ගෲප් වල පැයක් සැරිසැරුවම දැක බලා ගන්න පුළුවන්. පොතක පින්තූරයක්, එහෙම නැත්නම් තමන්ගේ ගෙදර පොත් රාක්කේ, එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන පොත් රාක්ක වල පින්තූර, පොත් ගැන කතා නොකරන පරපුරක් මිසක් පොත් වලට ආදරේ කරන අය දැන් අඩුවෙලා කියලා දැනෙද්දි හිතට දැනෙන්නේ කළකිරීමක් මුසුවූ හැඟීමක්. ඒත් අදටත් දයා දිසානායකලා වගේ එකී නොකී විද්වත්තු පොත් ගැන කතාකරන්නෙත් මෙතන. මගේ මරණය වගේ පොත් වලට හැබවින්ම ආදරේ කරන, පොත් කියවන, පොත් ගැන අපූරු උනන්දුවක් තියෙන කෙනෙක් මේ ගෲප් එක හැසිරවීම හරහා තවමත් ලංකාවෙන් මට හමුවුන වැදගත්ම ගෲප් එකත් මේක කියා නොකියා බෑ. සිංහලෙන් ලියවෙන බොහෝ පොත් වල දැන් දැන් වෙද්දි නීරස බවක් තියෙනවා. එක්කෝ අපේ කියවන, දැනෙන නහර වෙනස් වෙලා. නැත්නම් අපේ විඥාණය වෙනස් වෙලා හරි ඉදිරියට ගිහින් හරි. සිංහලෙන් ලියවුනු මහ ගොඩක් පොත් නොකියවපු මට එහෙම කියන්න අයිතියක් තියෙනවද මන්දා. ඒත් ටික කාලයක් හරි සාහිත්‍යය විශයයක් විදිහට ඉගෙනගත්ත කෙනෙක් විදියට මට එහෙම හිතෙනවාත් ඇති. මොනවා වුනත් අපේ ලියන්නෝ තවදුරටත් සාහිත්‍යය ඇසුරු කරනවා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ කියන බොහොමයක් පොත් අස්සේ තියෙන නීරස කිසිම සංධ්වනියක් පාඨකයන්ට ලබා දෙන්නේ නැති පොත් බහුලයි කියලා දැක්කමයි.(සමහරවිට යුද්දයක් තිබුන රටක මේ වගේ දේවල් සාමාන්‍ය වෙන්නත් පුළුවන් ඇති. අනේ මන්දා ඒත් සාහිත්‍යය ඊට එහාට යන්න ඕන නේද. ) මේ වගේ එකී නොකී කතා අස්සේ ඊයේ උදේ "තාරා මගේ දෙව්දුව" දිව්‍ය ලෝකයේ කියවීමක්ම වුනා. කතුවරයාගේ අසිරිමත් ලිවීමේ රටාවත් එක්ක මම එක හුස්මට කියවපු පොතක්. හිටි ගමන් ඇඳේ පෙරලෙමින්, තව ටිකකින් දරණුවක් වගේ එතිලා. තව ටිකකින් බාත් රූම් එකේ, ආයේ කුස්සියේ කෑම මේසේ, ආයේ තව ටිකකින් කෝපි කෝප්ප අස්සේ, ආයේ ගෙදර කප්බෝඩ් එකක තිබුන සැන්ඩ්විච් බන් එක්ක කලවමට බටරුයි,කැට කැට ක්‍රස් ක්‍රස් හැපෙන රතු සීනියි හවුල් වෙවී මම පොතේ පිටු අස්සේ අතුරුදහන් වෙලා භානුයි, තාරායි මාරුවෙන් මාරුවට මාව අයිතිකරගනිමින් හිටියා කියලා විතරයි මතක. රෑ නිදන්න ගියාම හීනෙනුත් මම මඩොල්සිමා පැත්තේ රවුම් ගැහුවා. මේ ලියන මොහොතෙත් තාරාගේ ආත්මය මගේ ඔළුව අස්සේ හැංගිලා වගේ මට දැනෙනවා. සමහරවිට රටේ තියෙන හැබෑ තත්ත්වය ලේඛකයා කියන කෝණයෙන්ම දැනෙන හින්දා මේ පොත මට ඒ තරම් රස වුනා වෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් අනාථවෙලා ඉන්න මට මේ වගේ කියවීමක් එහෙම ලේසියෙන් අමතක කරන්නත් බෑ. හොස්පිටල්වලයි, ක්ලිනික් වලයි විතරක් රවුම් ගහන්න අරන් කාලයක්ම වෙලා හින්දා සමහරවිට මේ වගේ පුංචි සතුටක් වුනත් මට දැන් මහ දෙයක් වෙන්නැති. ලි. පොත ගැන කිසිම සඳහනක් නෑ කියලා යාළුවෙක් චරු චුරු ගෑවා. ඇත්තෙන්ම මේ පොතම එකම රසක් මට දැනින හින්දා එහෙම උපුටගන්නවත් දෙයක් නෑ මට නම්. ඒත් මොබයිල් එකෙන් ගත්ත කොටස් ටිකක් මේකට අමුණනවා මට කම්මැලි හින්දා එකින් එකට ලියන්න.).
|
BLOG
|
2014.08.07
|
http://www.burubabe.blogspot.com/
|
ඔබව මුණ ගැසෙන්නට ආසයි, විටක් කාලා ටිකක් කතා කර කර ඉන්න එන්න.....!!!!
|
Buru
|
(මෙහෙම කියන්නේ තිලකේ) තිලකේ ගේ තිලක සිත ගැන අතන මෙතන හැම තැනම කියවෙන හින්දා අමුතුවෙන් මම කියන්න යන්නේ නෑ. මෙන්න මේ කතාව කියවපු දවසේ මට හීන් දාඩිය දැම්මා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපේ අතීතය මතක් වෙලා. එතකොට මම බොහොම පුංචියි. වම්බටු ගෙඩියක් විතර උස තියෙන්න ඇති. ඒ විතරක් නම් කමක් නෑ ඒ කාලේ මට තිබුනේ එසේ මෙසේ කැසිල්ලකුත් නෙමෙයි. එක විනාඩිපහක් එක තැනක ඉන්න බෑ කියලා හැමෝම මට දොස් කියනවා ඒ කාලේ. ඒ ඉතින් බොරුවකුත් නෙමෙයි. අනේ මන්දා ඒ කාලේ කහඹිළියා ගෑවෙන්න මම කොහේ හරි ගොල්ලක ගියාද කියලා හැමවෙලේම. අපේ ගම් පළාතේ භීෂණය ආවේ බොහෝම භයානක විදියට. රෑට රෑට හමුදා ජීප් එකකින් හරි ලොකු ට්‍රක් එකකින් හරි ගොඩබහින මිලිටරි බුවාලා හැමපැත්තකින්ම ගම වට කරනවා. ඉන්න අහිංසකම කොල්ලා වුනත් පටව ගත්තා පහුවදාට කොහේ හරි පාරක් අයිනේ අමු අමුවෙන් පිච්චුනා ටයර් අස්සේ. ඒ දුප්පත් ගම්වල භීෂණය කියන එක බිහි කලේ රාජ්‍ය මැදිහත්වීමෙන් කියලා ඒ වෙනකොට අවුරුදු දොළහක් වුන මටත් තේරුනා. කවුරුවත් කැමති වෙන්නෑනේ බිල්ලෙක් ඔළුව හැරවුවාම පහුවදාට ටයර් එකක අමු අමුවේ පිච්චෙන්න. ඒ කාලේ තිබුන එකම විකල්පය ලාම්පුවක්වත් පත්තුනොකර පහ හය වෙද්දි කොහේට හරි ගුලිවෙලා ආත්මාරක්ශාව වෙනුවෙන් හැන්ගෙන්න. මේ කියන කාලේ කොහොමටවත් අපිට පවර් තිබුනේත් නෑ. තිබුනත් ට්‍රාන්ස්ෆෝමර් අරවා මේවා ගිණි තියලා විදුලිය සැපයීමක් නොතිබුන ගාණයි. අපේ ගම්වල ඒ වෙනකම් හොර හතුරු බිය කියලා දෙයක් තිබුනෙත් නෑ. ඒත් මේ බූට් සපත්තු එන්න ගත්තත් හරි කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් පරිස්සම් කරගන්න ගම්මුන්ට සිදුවුනා. අපේ අම්මාට තිබුන ලොකුම හීනය අපි හතර දෙනා ලොකුමහත් කරගන්න එක විතරයි. ඉතින් අපි කිකිළි පස්සේ යන පැටව් ටික වගේ ඇයගේ පස්සෙන් කිසි සද්දයක් බද්දයක් නැතිව. අර කහඹිළියා ගෑවිච්ච මම ඒ වෙනකොට අතුරුදහන් වෙලා. ඒ දවස් වල බොහොමයක් රැයවල් ගෙවුනේ අවදියෙන්. අපිට කරදරයක් වෙන්නේ නෑ කියලා විස්වාශයක් තිබුනත් අපි දන්න කියන අයට එහෙම නෑ කියන එක ඒ වෙද්දි බොහොම දරුණු විදියට අත්දකිමින් හිටියේ අපි. අපේ ගෙදර බොහොමයක් වෙලාවට ලොකු මුට්ටිවල කෑම ඉදුනේ. අපි වෙනුවෙන් නෙමෙයි අපේ අම්මගේ දරුවෝ නොවුන තවත් කාගේ හරි දරුවෝ වෙනුවෙන් අපේ අම්මගේ ආදරය හින්දා. අපේ ඉඩම් වල තිබුන තාවකාලික ගෙවල් ඒ වෙද්දි බොහෝ අයගේ ස්ථිර නේවාසිකාගාර වෙලා. ජීවිතය ගැන දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නොතිබුනාට ඒ කැම්පස්වල ඉගෙනගත්ත සහෝදරයින්ගේ කතාවන් අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ආදරය අසරණකම අදටත් මාව ගල් කරනවා. " අපේ ගෙවල්වලට බූට් සපත්තු එන්න ගත්තේ ගම්වල හිටපු එකිනෙකාගේ කුහකගතිත් එක්කමයි. අනේ එක දවසක ' නැන්දේ කන්න මොනවා හරි තියෙනවාද' කියලා අහලා එවෙලේ අපි කාලා ඉතිරිවෙලා තිබුන කෑම කාලා භාගෙට ඉරිච්ච කමිසෙයි කලිසමයි ඇඳගෙන එලියට බැහැලා ගිය සරත් අයියා පහුවදා උදේ අක්කයි මායි ටවුමට යනකොට පාරේ මැද පිච්චෙනවා අර කිළිටි ඇඳුමෙන් භාගයක්ම ඉතිරිත් වෙලා." ඒ වගේ දේවල් ළමාකාලේම අත්දැකපු මට භීෂණය කියන වචනය ඇහෙද්දිත් බයයි. ඒත් ඒවා වචනයෙන් අකුරු කරන්න අපි හැමෝටම බෑ. මේ තිලක සිත ලියන සහෘදයා නම් ඒවා අකුරු කරන්නේ හරියට ඒ සිදුවීම් අස්සේ අපිත් ජීවත්වෙනවා වගේ. මේ පොතේ ලියවෙන බොහො කතා අස්සේ ඒ 87-89 අඳුරු කාලයේ සිදුවීමුත් තියෙනවා කතුවරයා මුහුණදෙන. තිලකසිරි ඒකනායක වෘත්තියෙන් ඉන්ජිනේරුවෙක් වුනාට ඔහු ලියන්නෙක් වෙලා තියෙන්නේ පේරාදෙණි යුගයෙන් කියලයි මම හිතන්නේ. ඔහු බ්ලොග් ලියන්න එන්නේ මෑතකදි වුනාට අතීතයේදි ඔහු පුවත්පත් වලට ලියපු කෙනෙක්. ඔහුගේ අපූරු වියමන් ජනගතවෙන මේ මොහොතේ ඔහු එක්ක බුලත් විටක් කන්න ඔහු ඔබටත් ආරාධනා කරනවා. අගෝස්තු 08 දා දොරට වඩින තිලකසිරිගේ "තිලක සිත" තිලකසිරි ඒකනායකගේ "තිලක සිත" කතා එකතුව ජනගත කිරීමේ උළෙල, 2014 අගෝස්තු මස 08 වන සිකුරාදා, සවස 3:30ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. සඹැඳිය බූන්දියෙන්.
|
BLOG
|
2014.07.30
|
http://www.burubabe.blogspot.com/
|
Missing you desperately
|
Buru
|
කෝපි එක්ක දවසම ගෙවුනේ. ඒ තරම් හිත හීතල වෙලා. එකින් එකට ඉවර වෙන කෝපි කෝප්ප දිහා බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට දැනෙන හිස් හැඟීමත් එක්ක කෝපි ආපහු රත්වෙනවා- ඒ රශ්ණේ කෝපි වලටවත් මගේ හිතට රශ්ණේ ගේන්න බැරි වෙලා. අපේ අම්මා මියගිහින් ඊයේට හරියටම වසර 21ක් වුනා. තව අවුරුදු පහකින් මම ඇයගේ වයසට යනවා. මායි අම්මයි අතර තිබුන බැඳීම මම හරියටම තේරුම් ගන්නේ ඇය අපිව දාලා ගියාට පස්සේ.එහෙම තමයි ජීවිතේ එක එක කාලවලදි අපිට අපි ළඟ ඉන්න මිනිස්සු තේරුම් ගන්න බැරිව යනවා. හැමදාම වගේ මම නම් හැමෝවම තේරුම් ගන්නේ ඒ අය මාව හැර ගියාට පසුවයි. ඉස්සර වගේ කාටවත් මගේ දුක කියලා මගේ කඳුළු හෝදන්න මම දැන් ලෑස්ති නෑ. ඒ දැන් මම ලොකු කෙනෙක් කියලා මටම දැනෙන හින්දා. ඒත් ඒ කඳුළු වලට හේදෙන්නේ නැති මගේ හැඟීම් ඉස්සර වගේම තවම තියෙනවා. කඳුළු වචන නොවුනට තේරුම් ගත්ත මිනිස්සුත් දැන් ළඟ පාතක නෑ. ඒ හැමෝම ඒ ඒ අයගේ ලෝකවල.ඒ ඒ අයගේ ප්‍රශ්නවල. අන්තිමට මම මම විතරක් මගේ ප්‍රශ්න වල. ඒක තමයි චක්‍රය අපි හැමෝම අස්සේ අපි අපි විතරයි.
|
BLOG
|
2014.07.17
|
http://www.burubabe.blogspot.com/
|
එහෙන් මෙහෙන් කතා..... holidays
|
Buru
|
වහිනවා හොඳටම. ජූලි මාසේ කියලා නෑ සෘතු වල උඩයට වීමක් එක්ක දැන් ජූලි මාසෙත් වහිනවා.ඒක හොඳයි අපි වගේ රශ්ණෙට ඔරොත්තු නොදෙන ඈයොන්ට. ඊයේ හොස්පිටල් ගිහින් ඇවිත් ඊයේ දවසේමත් අද දවසේමත් නිදාගත්තා. කන්න බොන්න විතරයි නැගිටලා හිටියේ. ඒත් එක පාරට ලොකු වැස්සක් කඩා පාත් වුනාම මාව ඉබේම ඇඳෙන් එලියට විසි වෙලා හිනාවක් ආවා. මම හරි ආසයි සමර් එකට වහිනවට. පොඩ්ඩක් රශ්නේ ආව ගමන් මී පැටියෙක් වගේ ගැහෙන මාව වැස්සට පුළුවන් ආපහු පණ ගැහෙන්න දෙන්න. මම වයසට ගියාට මගේ අස්සේ ඉන්න පොඩි එකාට වයස නෑ නේ. එයා හරිම ආසයි වැස්ස එක්ක සෙල්ලම් කරන්න. පොඩි කාලේ කඩදාසි ඔරු හදලා වැස්සට වතුර පිරෙනකොට පා කලා වගේ දේවල් කරන්න තට්ටු ගෙවල් වල ඉන්න අපිට බෑ. ඒ වුනාට ජනේල ගාව වෙලා වැහි බින්දු ජනෙල් වලට වැටෙනකොට මැවෙන සිතියම් දිහා තාමත් දවස් ගාණක් වුනත් බලාගෙන ඉන්න මට පුළුවන්. පොඩිකාලේ අපේ ගමේ ගෙදර වැස්ස වහිද්දි, වැස්සට වතුර පිරෙන පීලී යටට වෙලා නානවා. අකුණු ගහනකොට බය වුනාට ඔය කොච්චර වැස්සක වුනත් අපිව වැස්සේ තෙමෙන එකෙන් අයින් කරවන්න කාටවත් බැරි වුනා. අනික මේක කලේ අපි ඔක්කොම එකතු වෙලා. කොහොමත් පොඩි කාලේ මම අපේ ලොකුගේ නැට්ට වගේනේ. එයා කරන හැමදෙයක්ම මටත් කරන්න අයිතියක් තිබුනා කියලා මම හිතාගෙන ඉන්නැති. ඊටත් වඩා මාව ප්‍රොටෙක්ට් කරන්න එයා බැඳිල ඉන්න ඇති. අනෙක අම්මත් ඒවා අනුමත කරන්න ඇති. ගොඩාක් වෙලාවට මට කඩදාසි ඔරු හදලා දුන්නේ අම්මානේ. ඉස්සර අපේ ගමේ කුස්සිය තිබ්බේ වහල දෙකකට. අපි පුංචිම කාලේ කුස්සියට උළු තිබුනෙත් නෑ. උළු එන්නේ තල් කොළ වහලෙට නිතර නිතර සර්පයෝ එන්න ගත්තම වෙන්න ඕනේ. නැත්තම් අවුරුදු ගාණක් තිස්සේ උළු ගෙනත් බිම ගොඩ ගහලා පස් වලටත් හා වෙවී තිබුනට කාටවත් උළු තියන්න උවමනාවක් තිබ්බේ නෑ මොන හේතුවක් හින්දද මන්දා. ඒ කාලේ අපි වහල කොයි තරම් ශක්තිමත්ද බලන්න වහලෙට ගල් ගහනවා. ඔය වැස්ස වහින වෙලාවට පීලි උතුරලා ගේ තෙමෙන්නත් හේතුවක් වෙනවා ඔය අපේ වහලෙට ගල් ගැහීමේ හැකියාව හින්දාම. ඒ වෙලාවට අප්පච්චි බලන බැල්මටත් අපි දිය වෙන තරම්. එහෙම උනත් වැස්සේ තෙමෙන එකට කොච්චර බැනුම් ඇහුවත් වැස්සේ නාන්න නම් බය වුනේ නෑ. සමහරවෙලාවට ඒක අපේ නිරාමිස සතුටක් කියලා අම්මයි අප්පච්චියි තේරුම් අරගෙන ඉන්නත් ඇති. නැත්නම් අද කාලේ අපි වගේ ඕන එකටයි එපා එකටයි හැම එකටම ළමයින්ට වද දෙන්න අපේ දෙමාපියෝ අකමැති වෙන්න ඇති. මම පොඩි කාලේ වැඩි හරියක්ම හිටියේ පොඩි කොට කලිසමක් ඇඳගෙන. කොහොමත් අපේ ගෙදර කොල්ලෙක් වගෙ හැදුන මට ගවුම් අඳින්න වගේ දේවල් කරන්න වුනේ ස්කෝලේ යන්න විතරයි. අපි පොඩි කාලේ නාවන්න ගෙනාව ලොකු ඇළුමිණියම් බේසමක් තිබුනා දෙපැත්තෙන්ම අල්ලන්න කොකු දෙකක් තිබුන. වැස්සට පීල්ලට ඒක ගෙනත් තියාගෙන ඒකට වෙලා ඉඳගෙන තමයි මගේ ඔක්කොම වැහි වික්‍රමයන් කලේ. කොයි තරම් සීතල වුනත් නාලා ඉවර වෙන්නෙ මට හිතුනම තමයි. එතකොට ඒ කාලේ සුදුපාට බටු ඇටයක් වගේ හිටිය මාව සීතලට බිබිලි බිබිලි දාපු කළු පාටකුත් තිබුනේ කියලාත් මතකයි. වතුරෙන් එලියට එන්න කියද්දිම මම කරන්නේ සබන් ටිකක් ගාගන්න එක. වැහි වතුරට සබන් දියවෙන්නේ නෑ කියලා ඒ කාලෙත් මම දන්නවා. ඉතින් අක්කා බැනුම් ඇහුවත් මට නිදහසට ඒක ලොකුම හේතුවක් වුනා. වැස්ස දවසට කුස්සියේ බෝතල් වල තියෙන අපේ ගෙදර වත්තෙන්ම කඩපු කෝපි උණු උණුවෙම කබලේ රත් කරලා කොටලා කෝපි හදනවා. මම හිතන්නේ අර වැස්සේ තෙමිල පොරි වෙලා එන අපිට ප්‍රතිජීවක ඖෂධය වුනේ ඒ සුවඳින් පිරිච්ච අළුත්ම අළුත් කෝපි. කුස්සියේ චූටි ලී බංකුවලට වෙලා අපි ඔක්කොමලා කෝපි බොනවා හෙම දැන් හරියට එහා ලෝකයකින් එන සිදුවීමක් වගෙ හිතුනට ඒ කාලේ ගැන මතක් කරන හැම වෙලාවකම මට හිතෙන්නේ අපි සතුටින්ම ජීවත් වුන කාලේ ඒ කියලා. අනික අපේ ගෙවල් වල කෝපි පාවිච්චියක් තිබුනේ නෑ. අම්මලා තේ බීවට අපි තේ බීවෙත් නෑ පොඩි කාලේ නම්. ඒ කාලේ ඔය කළු පාට බීම ගැන හිතන් හිටියේ ඒවා බීවම කළු පාට වෙනවා කියලානේ. මම ඒ කාලේ පොඩ්ඩක්වත් ආස නෑ කළු පාට වෙන්න. කලු පාට මිනිස්සු එක්ක කතා කරන්නවත් කැමති නැති කෙනෙක්. දැන් මම ලීටර් ගණන් තේ බොනවා. කෝපි කීවම ඒක මගේ දිව්‍යමය පානයක්. කෝපි නැතිනම් මාත් නැති තරම්. දොස්තරලා කොයි තරම් අඩු කරන්න කීවත් කෝපි එක්ක ඩීල් කරන්න මට බෑ පැණි හැලියට වැටුන ඇඹලයා වගේ කෝපි මතක් වෙද්දිත් මගේ රස නහර ඉල්පෙනවා. ඒ විතරක් නෙමෙයි හමේ පාට . දැන් කළු වෙනවා කීවොත් ඊට එහාට දෙයක් නෑ. කළු කොල්ලෙක් කීවොත් හුස්මගන්නත් අමතක වෙන තරම්. කාලේ කොයි තරම් නම් වෙනස් කරලද අපිව......... මේ දවස් වල මගේ කළු කොල්ලා හොඳටම වැඩ. උදේ, රෑ, වීක් එන්ඩ් නැතිව කොල්ලා හොඳටම මහන්සි වෙනවා . එයාටත් ඉතින් ඔය මට වගේම තමයි. මම කොයි තරම් ඇණයක් වුනත්, වදයක් වුනත්, චරු චුරු ගෑවත් මාව එපා වෙන්නේ නෑ. කොහේ හරි රස කෑමක් තියෙනවා කියලා ඇහුන ගමන් 'එනවකෝ හලෝ අපි යමු' නැත්නම් මොනවා හරි බීමක් ගැන මතක් වුනත් 'බියර් එකක්වත් බොන්න එනවකෝ හලෝ' කියලා මාව අවුස්සනවා. ඇත්තටම එයා මගේ මල්ලිද නැත්නම් මගේ අප්පච්චිද කියලාවත් වෙලාවකට හිතාගන්න බෑ. මාත් එහෙමනේ මටත් මල්ලි කීවම වෙන දෙයක් නෑ නේ. කොහේ කවුරු හිටියත් මල්ලිටයි මටයි ඔය අපේ බීම, කෑම කතා නැතිව අවුරුද්දක් නම් ඉන්න බෑ. හවසට හවසට කොළඹ මුහුදක් අයිනේ Deep fry hot batter cuttle fish, ආප්ප, Corona, Carlsberg, Philip Morris super lights නැති වුනාම ජීවිතේම නැති වෙලා වගේ. ඒක කොයි තරම්ද කියනවා නම් මේ අන්තිම කාලේ ලියවෙන හැම නොස්ටැල්ජික් සටහනක්ම ලියවෙන්නේ නිවාඩු යන්න වෙන්නේ නැතිව ඉන්න මගේ දුක වෙනුවෙන්. ඒ මදිවට ඉඳල හිටලා මල්ලිත් 'ඕයි මේ මාළු තියෙන තැනක් තියෙනවා' කීවම දුක කොටස් ගණන් වර්ධනය වෙලා මැරුණත් කොළඹ ගිහිල්ලනේ කියලා නොහිතා ඉන්නත් හිතුවක්කාර බුරු බබාට තාම බෑ.
|
BLOG
|
2014.07.07
|
http://www.burubabe.blogspot.com/
|
Orange barley
|
Buru
|
ගිය සතියේ දවසක පොඩි කාලේ මතක අවුස්සලා කට්ටියවම අමාරුවේ දැම්මයි කියලා මට හිතුනා.ඇත්තටම ඒ වගේ පොඩි දෙයක් අද වෙනකොට අපිට මේ තරම් දැනෙන්නේ ඇයි. ඒකාලේ අපි සතුටින් සැහැල්ලුවෙන් ඉඳපු හින්දා. ඒවා තවදුරටත් අපේ ජීවිත වලට හීනයක් විතරයි. දැන් ඉතින් අපි post mortem කර කර ඉන්නවා අපේ සතුටට මොකද වුනේ කියලා.අපී ජීවත් වුනේ ගමක. අපේ ගෙදරට කවදාවත් කවුරුත් ආවම පාට බීම ගේන සිරිතක් තිබුනේ නෑ. හේතුව අපේ වත්තේ තැඹිළි හෝ කුන්දිරා තිබුනා ඇති වෙන්න. නැත්නම් හොඳ තේ කෝප්පයක් දෙන්න අපේ අම්මා මැලි වුනේ නෑ. මොකද ඒ කාලේ අපිට අර හීටර්, කෙට්ල්, ගෑස් අරවා මේවා තිබුනේ නෑ. දර ලිපේ තේ හැදුවේ. අපේ ගෙදර කෙසේ වෙතත් අපේ කිරි අම්මලාගේ ගෙදර කොයි වෙලේත් ලිපට ගින්දර දමමින් අඟුරු බැඳිච්ච කේතලයක් රත් වෙමින් තිබුනා. ඒ වුනාට ඒ කාලේ ආසාවටවත් අපි තේ බිව්වේ නෑ. ඒ වුනාට අපේ කිරි අම්මා හකුරු ගෙනත් තියාගෙන ඉන්න ඒවා නම් තේ නොබීවට අපි බලෙන් ඉල්ලගෙන කනවා. මට මතක නෑ අපේ ගෙදර හකුරු එක්ක තේ බීව කතාවක්. ඒත් කිරි අම්මලාගේ ගෙදර නම් සීනි දාපු තේ තිබුනේම නෑ. එයාගේ ගෙදර අපිට වගේ තැඹිළි තිබුනෙත් නෑ නේ. ඒත් එහේ අපිට නොතිබුන බොහෝ දේවල් තිබුනා. එකක් තමයි ඔරේන්ජ් බාර්ලි. අපේ අම්මා අපිව හැදුවේ නීති දාහක් දාගෙන. ඒ තමයි අපිට කඩෙන් කන කෑම බීම මොකුත් නෑ. ඒකට සාධාරණ හේතුත් තිබුනා. අයියයි මායි හැමවෙලේම මොකක් හරි එලියෙන් කෑව ගමන් ලෙඩ වුනා. එහෙම කාලෙක අපිට ඔරේන්ජ් බාර්ලි හීනයක් විතරමයි. අනික මම ඒ කාලේ හිතාගෙන හිටියේ ඒවට සර්පයෝ හෙම දානවා කියලාත් එක්ක. Ceylon cold stores වැඩ කරපු කවුරු හරි නෑයෙක් එහෙම කතාවක් කීවා වෙන්න ඕනේ. ඒත් කිරි අම්මලගේ ගෙදර ගියාම නම් කිරි අම්ම අපිට ගෙනත් තියාගෙන හිටිය ක්‍රීම් සෝඩා බොනකොට ඕවා මතක් වුනේ නෑ. ඔරේන්ජ් බාර්ලි කීවම මතක් වෙන කතා කීපයක්ම තියෙනවා. අපි පොඩි කාලේ මළගෙවල් වල ගියාම දුන්නේ ඔරේන්ජ් බාර්ලි. ඒ කාලේ මම හිතන් හිටියේ ඔය මිය ගිය මිනිස්සු ඇඟේ ගෑවෙනවා කියලා. පොඩි කාලේ කාගෙ හරි මළගෙයක් වුනාම අම්මලා පස්සෙන් යන්න අහන හින්දා එහෙම අම්මලා කියන්න ඇති සමහරවිට. කොහොම වුනත් මම ඒ කාලේ මළගෙවල් වල යන මිනිසුන්ට කැමති නෑ. ඒක හින්දා ඔරේන්ජ් බාර්ලි නොබොන්නත් හේතුවක් හදාගන්න ඇති.අනික පොල් වත්තක් තිබුන අපි ඔරේන්ජ් බාර්ලි වලට වඩා වැඩි පුර ආර්ථික වාසියටත් එක්කම තැඹිළි කුන්දිරා බොන්න කැමති වෙන්න ඇති.ඊටත් වඩා පස්සේ කාලෙක පිට රට ආවම හැමදේම සුන්දර වුනාට තැඹිළි ගෙඩියක් තියා ගහක් ගලක්වත් දකින්න නොලැබුනාම අර ගමේ තැඹිළි වලට වැඩි වටිනාකමක් ලැබෙන්න ඇති. ඔන්න මට ඔරේන්ජ් බාර්ලි අමතකම වෙලා ගියා. ඊට පස්සේ උදේ පාන්දරට නැගිට්ට ගමන් ඉඳන් රෑ එකටත් තැඹිළි බොන ලෙඩක් මට හැදුනා. ඉතින් ආයේ මට ඔරේන්ජ් බාර්ලි මතක් වුනේවත් නෑ.2006 විතර මායි අපේ මල්ලියි රවීයි කොටුවේ ස්ටේසන් එක ළඟ හම්බ වුනා. ඒ කාලේ වෙනකොට තැඹිලි නැත්නම් තේ විතරයි මම බොන්නේ. අපි කඩ කීපයකට ගියත් නෙස්කැෆේ කියලා අර මැශින් එකකින් එන මික්ස්චර් එක මිසක් බොන්න කිසි දෙයක් තිබුනේම නෑ. ඔන්න ඉතින් අපේ මල්ලියි රවීයි ගන්නවා පාට පාට ඔරෙන්ජ් බාර්ලි. ඒ විතරක් නම් කමක් නෑ උන් දෙන්නා මට ඒවා අගේ කරනවත් එක්ක. රශ්නේ ඉන්න බැරිව බොන්න මොනවා හරි හෙව්වෙත් මට ඒ වුනාට මට බොන්න දෙයකුත් නෑ. රතුම රතු පාට බීම එකක් මාත් ගන්නවා. (ඒකේ ක්‍රීම් සෝඩා තිබුනෙත් නෑ. ) ඒක තමයි මෑත ඉතිහාසයේ මතක හිටිනම ඔරේන්ජ් බාර්ලි බීම. මඩ ඕනේ නෑ ඉතින්. අපේ මල්ලි බෝයි හිතන් ඉන්නේ මම කවදාවත් රස දේවල් කාලා බීලා නෑ කියලා. :-P අනික ඉතින් ඔය අපේ මල්ලි බෝයි මට පිට කොටුවෙන් ෆලූඩාත් අරන් දීලා තියෙනවා. නැතිව මම කට ඇරගෙන මොනවද හලෝ ඔය ජරාව කන්නේ කියලා එයාටත් බැන්නේ හෙම නෑ. -:) දැන් නම් හිනහත් යනවා මම කාපු නැති බීපු නැති කොච්චර කෑම ලංකාවේ තියෙනවද. මම දන්නවා මම කවදාවත් දැන්නම් ඒවා කන එකක්වත් බොන එකක්වත් නැතිවෙයි කියලාත්. ඒත් ඇත්ත බොහෝම ශෝචනීයයි. මම කස කස ඇට දාපු බීම එකක්වත්, ෆලූඩා එකක්වත් මොකක්වත් බීලා නෑ. අවුරුදු කිහිපයකට කලින් මගෙ ගේ ඉස්සරහම රසම රස පාට පාට එවෙලේම හදලා දෙන කස කස ඇට දාන පළතුරු බීම තිබුනා. නිකමටවත් ආසාවටවත් බීලා නෑ. ඒත් අපේ ගෙදර ආපු හැම එකාටම මමම ගිහින් ඒකෙන් බීම අරන් දුන්නා. මගේ ගෙදර බීම කලෙක්සන් එකක් තියෙනවා. ඉස්සර ඉඳන් මම ආස කරන hobby එකක් තමයි බීම එකතු කරන එක. බොන එක නෙමෙයි. යාළුවෝ අපේ ගෙදර එන්නේම හොඳ බීම බොන්න බලාගෙන.( ඒ කියන්නේ අර බෝතලේ මූඩිය හිස් වෙනකම් බීම නෙමෙයි.) ඔය කුකුල් වලිග අර වලිග හදන්න මම ඔය පාට බීමත් ගේනවා. මේ ඊයේ පෙරේදා තිලකේ කීව කතාවක් දැකලා මට ඔරේන්ජ් බාර්ලි මතක් වෙලා දොලදුකක් හැදුනා ඒවා බොන්න. අවාසනාවට අපේ ගෙදර එවෙලේ තිබුනේ මාස පහක් හයක් තිස්සෙ ෆ්‍රිජ් එකේ දොරේ හිටපු කොකා කෝලා බෝතලයකුයි Schweppes එකකුයි විතරමයි. orange barley වෙනුවට ඒවා හරියනවැයි.(පසු සටහන)අපේ මල්ලි එක්ක කියනවා එයා මට අරන් දුන්නේ ඔරේන්ජ් බාර්ලි නෙමෙයි නෙක්ටෝලු. මම හිතන් හිටියේ ඔරේන්ජ් බාර්ලි කියන්නේ ඒ වර්ගයේ බීම වලට කියන නමක් කියලා. එහෙම කියන්නේ ගම් වල මිනිස්සුලු. අලියා එකෙන් ගහපු මුල්ම බීම එකලු ඔරේන්ජ් බාර්ලි කියන්නේ. එතකොට අපේ කිරි අම්මා අපිට අරන් දීලා තියෙන්නේ ක්‍රීම් සෝඩා. අර සිලෝන් කෝල්ඩ් ස්ටෝස් එකත් මම හිතන්නේ අලියා බීම සමාගම වෙන්න ඕනේ. අපේ මල්ලි මට ඔරේන්ජ් බාර්ලි අරන් දෙන්නේ නැතිව අපොයි ඔයා ඒකවත් දන්නේ නැද්ද කියලා අහලා මට හිනාත් වුනා. :(.
|
BLOG
|
2014.07.02
|
http://www.burubabe.blogspot.com/
|
මතක පාරේ....
|
Buru
|
මෙච්චර මේ දැවෙන ප්‍රශ්න තියෙන වෙලාවේ කටට රහට කෑම ලියලා අර මාතලන් ගොයියලා වගේ එවුන් අපෙ රස නහර අවුල් කරලා අපිව බලෙන් කියවනවා. අපි පොඩිම කාලේ අපි මාළු කෑව කියලා මට මතකයක් නෑ. හේතුව ඒ කාලේ අර දැන් වගේ මාලෝ කියලා කෑගහපු මෝටර් බයික් තිබ්බේ නෑ. ඊටත් වඩා බෞද්ධ පරිසරයක හිටපු අපේ ගම්වල එහෙම මාළු ඇල්ලීම කෑම වගේ ඒවා නොවෙන තරම් වෙන්න ඇති. ඒකටත් එක්ක හරියන්න දඩ මස් නම් ගම්වල ගෙවල් වල මිනිස්සු බෞද්ධ කියලා නෑ කෑවා වෙන්න ඕනේ. නැත්නම් දඩ මස් මතක මට මාළු මතක නැතිවෙන්නේ කොහොමද. අනික අපේ අම්මා වෙජිටේරියන් හින්දා ඒ කාලේ මාත් මස් කෑවේ නෑ. . අපේ අක්කලා අයියා හෙම නම් එහෙම නෑ. මාත් දැනගෙන නෙමෙයි අර අම්මා නොකන කේස් එකක් වෙන්න ඕනේ. ඒත් මම පොඩි කාලේ ගම් බිත්තර කනවා. සැමන් කනවා. කරවලත් කනවා. හාල් මැස්සොත් කනවා. අනික අපි පොඩි කාලේ දැන් වගේ නෙමෙයිනේ අර බ්‍රොයිලර් චිකන් වගේ නම් වලින් අඟලින් අඟලට කුකුල් මස් කඩවත් මාළු කඩවත් තිබ්බේ නෑ. හැමෝම අමුත්තෙක් ආව ගමන් හැදුවේ සැමන්. අම්මෝ ඒ කාලේ සැමන් ගේන්නේ සමූපකාරයෙන් හෝ සතොසින්. එක පාර ටින් කිහිපයක් ගෙනත් තියාගන්නවා. ඇයි ඉස්සර නෑයෝ එනකොට අද වගේ කෝල් කරලා කෑමට එන්නම් කියනවැයි. ටෙලිෆෝන් තියා එතකොට power වත් තිබුනේ නෑ. ගම් වල කොයි දේටත් ලෑස්ති වෙන මිනිස්සු විදියට සැමන් ටින් එකක් ස්ටෑන්ඩ් බයි නොතිබුන ගෙදරක් නොතියෙන්න ඇති.අනික ඒ කාලේ සැමන් හදනවා කියන්නේ හෙන සීරියස් කෑමක්.ඉස්සර ඒවා හොදි වෙන්න ඕනේ හදන්නෙත් බහුලවම. අනේ ඔය සැමන් කෑල්ල කන්න විඳපු දුකක්. ඒ කාලේ මස් මාළු හදන්නේ මිරිස් දාලානේ ඉතින් අපිට කන්න වෙන්නේ හෝදපු මාළු කැල්ලක්. දැන් මම නිකමටවත් හැරිලා බලන කෑමක් නෙමෙයි. ඒත් පොඩි කාලේ ඒක මගෙ ලිස්ට් එකේ හිටපු desirable food එකක්. ;) මේක අපිට නිකම් සුරංගනා කතාවක් වගේ වුනාට මේ ළඟ කාලෙක ඈත ගමක මොනරාගලටත් එහා ගෙදරකට අපි අහම්බෙන් ගිය වෙලාවක ඒ මිනිස්සුත් හදිස්සියෙන් කඩේ ගිහින් සැමන් ටින් එකක් උස්සන් එනවා දැක්කම මට හිතුනේ කාලේ වෙනස් වුනාට බහුතරයක්ගේ ජීවිත මිසක් හැමෝගේම ජීවිත මහ ලොකුවට මොඩර්න් වෙලා නෑ කියලා. එදා සැමන් නොකන මම සැමනුත් කෑවා මගේ පොඩි කාලේ මතක මතක් වෙලා. ඔව් මිරිසුත් දාලා තිබුනා. ඕක ඇවිත් අපේ ගෙදර කීවම අපේ අක්කා මට හිනාවුනේ ඔයාටත් හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ අපි කන කෑම එක්ක තමයි කියලා. අපේ අම්මලාගේ ඉඩම් තිබුනේ හඳගිරිය කියලා සමනලවැව පවර් ප්‍රජෙක්ට් එකට ළඟ. අම්මගේ අයියා කෙනෙක්ගේ ගෙයක් තිබුනේ එතනම තිබුන වැවක් අයිනේ. අපි කිරි අම්මලාගේ ගෙදර ගියාම ඉස්සර එහෙත් යනවා. මගේ කසින්ස්ලාගෙන් මම ආදරේම බණ්ඩාර අයියගේ ගෙදර තමයි ඒ. එයාත් අපි කීවම පණ ඇරලා ඉස්සර. ඉස්සර විතරක් නෙමෙයි තාමත් එහෙම වෙන්න ඕනේ. එයා අපේ අම්මට අයිතිවාසිකම් කීවේ මගේ නැන්දම්මා කියලා විතරමයි. එයා අපිට වඩා ගොඩාක් ලොකුයි. දැන් නම් එයා ඉන්නේ බන්ඩාරවෙල හරි කොහෙ හරි කියලා අක්කලා කීවා. මට නම් අන්තිමට හම්බ වුනේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර අපේ අප්පච්චිගේ මලගෙදරදි වෙන්න ඕනේ. පොඩි කාලේ අපිව නිතර ආරක්ශා කරන්න ඉදිරිපත් වුනේ එයා. එයාගේ යාළුවෝ තමයි වැවේ ලී ඔරුවක් තිබ්බේ. අපිව හබල් ඔරු පදින්න, ඕළු මල් කඩන්න වගේ එක එක ඒවට ගයිඩ් කරන්නේ එයා. එයා හරිම ලස්සන අපේ අම්මා වගේ හැඩරුවත් තිබ්බේ. පොඩි කාලේ කොහේ ගියත් එයා හිටියා නම් මාව පිටේ තියාගෙන ලුණු ගෙනියනවා කියලා ගෙනිච්චෙත් එයා. අපේ බන්ඩාර අයියා තමයි අපි එයාගේ ගෙදර ගියාම ඔෆීසියල් වැව් මාළු සපයන්නා. ඒවා මුදලට ගත්ත ඒවා නෙමෙයි. හිතවත්කම මත ලබාගත්ත ඒවා වෙන් ඕනේ. නැතිව මම හිතන්නේ නෑ ඒ ගමේ මිනිස්සු මාළු විකුණන්න තරම් මාළු ඇල්ලුවා කියලා. මම එහෙදින විතරයි එතකොට වැව් මාළු කාලා තිබ්බෙත් මතක විදියට. සමහරවිට ඔය අතීත මතකේ හින්දම වෙන්න ඕනේ අදටත් මම වතුර වලක් දැක්කත් බලන්නේ වැව් මාළු ගන්න පුළුවන්ද කියලා. කොටින්ම ලංකාව පුරා කොහේ ගියත් වැව් මාළු තියෙනවා නම් හරි මාළු බාන ඔරුවක් දැක්කත් ඒක ගොඩ එනකම් බලාන ඉන්න කෙනෙක්. දැන් නම් වැව් මාළු බැදලා වැව් මාළුවෝ පහක් හයක් වුනත් ගිලින්න තරම් පෙරේතකමකින් ලංකාවට එන්නේම. ;) ඒත් අපිට අවුරුදු පහක් හයක් වෙනකොට මේ තත්වේ වෙනස් වුනා වෙන්න ඕනේ. උඩවලවේ වැවෙන් අපිට වැව් මාළු ආවා. තව ටවුන් එකේ සති පොළට මුහුදු මාළු ආවා. අපි අර අපි හිටපු කූඩු අස්සෙන් එලියට ආවා. එහෙම කාලෙක තමයි තිස්සමහාරාමේ ගිය දවසක කඩයක් තිබ්බ තිස්ස අම්මා කියලා අපි හඳුන්වපු වයසක ආච්චි කෙනෙක් මට චූටි කූරි මාළු රසට හදලා දෙන්නේ. ඒක ඇඹුල් තියල් කියලා කියපු කතාවක් මට මතකේ තිබුනා. පොඩ්ඩක්වත් මිරිස් රහක් තිබ්බේ නෑ. මම ඒ කාලේ එහෙම ආසාවෙන් කෑව කියන්නේ මොකක් හරි විශේස යමක් තියෙන්න ඇති. මේ අවුරුදු විසි අටකටත් එහා කාපු කෑමක් වුනාට මට අදටත් ඒ මාළු එකේ රස දැනෙනවා. ඔච්චර රස කෑම කන්න හම්බවුනත් ඒ මාළු එකේ රස නම් මට කොහෙන්වත් කන්න හම්බවෙලා නෑ. සමහරවිට ඒක අතිශ්යෝක්තියක් වෙන්න ඇති. ඒත් අතීතය රහයි කියලා හිතන අපිට ඕක වෙනස් කරගන්න බෑ නෙව. ): මට තියෙන්නේ එක්තරා adventurous life එකක් නේ. මම ආස වෙන්නේ මොනාටද මට මහ ලොකුවට ප්ලෑන් කරන්න ඕනේ නෑ ඒක ලබාගන්න හිතන්න වගේ. විසේශයෙන් ඔය කෑම වගේ දේවල්, නාන තැන්. රෑ එකට ඉන්නේ ආනුරාධපුරේ නම් පහුවදා උදේ වෙද්දි කතරගම ඉන්නත් පුළුවන්. ඒක බොහෝ අයට මහ විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් ගෙවෙන මොහොත සතුට වෙනුවෙන් ජීවත් වෙන මට වගේ අයට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නැත්නම් අපිට කවදාවත් ජීවිතේ විඳින්න ලැබෙන එකකුත් නෑ. අසහනයෙන්, දුකෙන්ම අපි මැරිලා යයි. අපිට මගහැරුණු දේවල් අදටත් කොයි තරම් තියෙනවද. ඒත් මොකවත් නැති කාලේ මිනිස්සු බොහොම සතුටින් නිදහසින් හිටියා කියලා පිළිගන්න අපි අපේ ජීවිතේ එහෙමටම නොවුනත් හිරකාරයෝ වෙන්න නම් හිතන්නේ නෑ. ඒක හින්දා මම කරන දේවල් අරයා මෙයා කියන දේවල් අනුව, සමාජයට ඕනේ දේ අනුව හෝ කිසිම දෙයක් මත නෙමෙයි තීරණය වෙන්නේ. කාටවත් කරදරයක් නොවෙන මගේ සතුට වෙනුවෙන්. ඒක බොහොම ලේසි පහසු දෙයක්. අපි කරන රැකියාවල වගකීම් අස්සේ අපිව මෙහෙම හිතන්න බල කරලත් ඇති. ඊයේ අහම්බෙන් මම කොහු අඹ ගෙඩි තුනක් හම්බ වෙලා ගෙනවා. රෑ ගෙදර ඇවිත් පාන්දර දෙකට වගේ තමයි නිදාගත්තේ. ඒ නිදාගත්තට මට අඹ අමතක කරන්නම බැරි වුනා. උදේ පහ වෙද්දිත් මම අද ඇහැරලා. හිතලා ප්ලෑන් කරලා හෙම නෙමෙයි. හය වෙනකොට මම අර අඹ ගෙඩියකුත් කාලා. මම දන්නවා මම එහෙම අද උදේ ඇහැරුනේ අඹ කන්න කියලා. ;)ඒ වුනාට අපේ ගමේ වත්තේ එහෙම අඹ ගස් යට කොයි තරම් අඹ ඉදිලා කුණු වෙලා යනවද. රිලව්, සත්තු කොයි තරම් කාලා දානවද. ඒත් ඉතිරි වෙලාත් තියෙනවා. ඒත් ඒ ගෙදර හැදුන මම අඹ ගෙඩියක් දැක්කොත් ඒක මැජික් බෝල් එකක් වෙනවා. මම දන්නවා මට ඔය අඹයකින් නෙමෙයි සතුට තියෙන්නේ අර මගේ අතීත රස අස්සේ කියලා. මගේ ජීවිතයේ විඳීම කියන එක තියෙන්නේ එතනයි කියලායි. මහ ලොකු සතුට කියන එකක් හොයාගෙන යන්නේ නැති කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක් වෙලාද මම දැන්.හැමදාම හැමදේදිම එහෙම සිම්පල් විදියට ජීවත් වෙන්න පුළුවන් නම්.
|
BLOG
|
2014.06.21
|
http://www.burubabe.blogspot.com/
|
Sharing ups and downs
|
Buru
|
ලියන්න බොහෝ දේවල් තිබුනත් මේ ඒකට හොඳම වෙලාව නෙමෙයි. ඊටත් වඩා මේ වෙනදේවල් දිහා බලාගෙන ඉන්නවා මිසක් මොනවා කියන්නද කියලා හිතාගන්නත් බෑ.ආදරය ගැන කතා කලයුතුම කාලයක අපි කතා කරන්නේ ආදරය නෙමෙයි එකිනෙකා කෙරෙහි ඇති වෛරය විතරමයි. එහෙමත් නැත්නම් උදේ ඉඳන් රෑ වෙනකම් සමාජ ජාල වල ඉඳගෙන මානසික ලෙඩ්ඩු වෙච්ච ඈයන්ගේ උන්මාදයට පෝර දාන එක විතරමයි වෙන්න ඕනේ. මට යුද්ධය හිරිකිතයි. ඒක යාපනේද මාතරද පොලොන්නරුවේද ඇෆ්ගනිස්ථානයේද ඉරාකයේද කියලා නෑ කොහේ වුනත් මැරෙන්නේ මිනිස්සු. අසරණ වෙන්නේ මිනිස්සු. අපි හැමෝම මිනිස්සු. අපි එකිනෙකාගෙන් කොටස් වෙලා ජාති ආගම් භේද හදාගෙන මරා ගන්නවා කියන එකට එහා කොයිතරම් සුන්දර දේවල් අපිට බෙදාගන්න පුළුවන්ද. අනික මේ දේවල් කාගේ උවමනාවට වෙනවද කියලා අමුතුවෙන් හිතන්න මහන්සි වෙන්න ඕනේ නෑ. හැමදාම අපේ මිනිස්සු ගහමරාගත්තේ කොහෙවත් ඉන්න දේශපාලකයන්ගේ උගුල් වලට අහුවෙලා. ඒක තමයි හිත වැඩියෙන්ම රිදවන්නේ. ******************** මේ දවස් වල උපන් දින සැමරුම් වියෝවීම් වල සැමරුම් වගේ නානාප්‍රකාර දේවල් යෙදිලා. අනිද්දට මගේ එක ප්‍රේමවන්තයෙක්ගේ උපන්දිනේ. ඒත් එදාට මට ඔහු එක්ක උපන්දිනය සමරන්න වෙන එකක් නෑ කියලා පසුගිය දවසක මොනිකාට කතා කරලා ගන්න ඕන තෑගි මොනවාද කීවම මොනිකා කීවේ වැඩි වියදමක් නම් කරන්න එපා මේ පාර එයාට කියවන්න පොත් ටිකක් අරන් දෙන්න කියලා. ඉතින් මායි ෆේදේ බෝයි යි පසුගිය දවසක ගියා book shopping . whatsapp එකෙන් appointment දාගෙන එයා Feltrinelli එකට එනවා කියපු හින්දා මාත් කියපු වෙලාවටත් කලින් එතනට ගියා ප්‍රේමවන්තයන්ව රස්තියාදු කරන්න හොඳ නෑනේ කියලා. එයා එතකොට ඇවිත් නැති හින්දා වට්ස් ඇප් කලා මම ඇතුළට යනවා එයාට ඇතුළට එන්න කියලා. ඊට පස්සේ ඉතින් මාත් පොත් අස්සේ අතරමං වුනා. කාලෙකින් තමයි මාත් පොත් ශොපින් ගියේ . ටිකකින් මෙන්න අඩි හයකටත් වඩා වෙනස්ම වෙනස් කොල්ලෙක් ඇවිත් මගේ කරට අතදාලා ගොරෝසු කටහඬකින් මගේ නමත් කියලාම මට උණුසුම් හාදුවක් දෙනවා. තව පොඩ්ඩෙන් මට සිහි නැතිවෙනවා. ඒ කොහොමටවත් මම මීට මාස දෙකකට කලින් දැකපු මගේ ෆේදේ බෝයි නෙමෙයි. මීට අවුරුදු පහලොවකට කලින් හිටපු මී පැටියාත් නෙමෙයි. ඊයේ පෙරේද වෙනකම් මගේ අතේ එල්ලිගෙන හිටපු ෆේදේ බෝයි දැන් ලොකු මිනිහෙක් වෙලා. කාලේ ගෙවිලා ඉක්මණින්. අපේ ළමයි දැන් ලොකු මිනිස්සු. අපි තාමත් අපේ ළමයි ගැන හිතන්නේ උන් පොඩි එවුන් කියලා. ෆේදේත් එක්ක අතින් අත අල්ලගෙන අපි දෙන්න පැය ගාණක් පොත් හෙව්වා. කොහොමත් ෆේදේ මගේම නොවන මගේම ළමයෙක්. ෆේදේ ලොකු වුනාට එයා ඉස්සර හිටපු චූටි පැංචම තමයි. මගේ අස්සේ, අපේ සුපර් ටෙකී කතා අස්සේ, මට දැන් තියෙන්නේ එයාව අහගෙන ඉන්න විතරයි. එයා දැන් ලෝකේ ගැන මට වඩා දන්නවා. ඉස්සර අරකයි මේකයි ඔක්කොම අහලා මට වද දුන්න ෆේදේ දැන් එයාගේ දැණුමේ දිග පළල මා එක්ක බෙදාගන්නවා. මට දැන් එයාට කියාදෙන්න දේවල් නැති තරම්. එවෙලේ අපි දෙන්නා අයිස්ක්‍රීම් කාලා මම වැඩ වගයක් තිබුන හින්දා එයාව දාලා එන්න ආවා. ඒ ගෙවුන පැය කීපය හරිම ආදරණීය පැය කීපයක්. කොටින්ම එයා මගේ අත අතෑරියේ මම එයාව දාලා එනකොට විතරමයි. මොනිකාත් මට හිනාවෙන්නේ 'ෆේදේ මගේ අත අල්ලන් නම් පාරේ යන්නේ නෑ උඹගේ වගේ' කියලා. ඉස්සර මම එයාගේ අතින් අල්ලගෙන ගියා වගේ එයා දැන් මගෙ අත අල්ලගෙන පාරේ යනකොට කාලේ කොයිතරම් වෙනස් වෙලාද කියලාත් දැනෙන්නේ හීන් සතුටක් එක්ක දුකක් වගේ හැඟීමක් වෙන්න ඕනේ. අද හවස මට visitor කෙනෙක් ඉන්නවා කීවම අමාරුවෙන් වුනත් මම මාව බලන්න එන අමුත්තන්ව පිළිගන්න එලියට එන්න ලෑස්ති වුනා. මෙන්න ෆේදේ බෝයි මගේ රූම් එකේ දොර ළඟ. කලින් දවසේ මම එයාට කීවේත් නෑ මම මෙහේ ඉන්නවා කියලා. එයා යම් දේවල් වලට බොහෝ සංවේදියි. මාව දැකපුගමන් ඇස්වල කඳුළු පුරෝගෙන ඔයා හරි නරකයි කියලා චෝදනාවකුත් කරගෙනමයි ආවේ. එයා ඇවිත් තිබුනේ මම ආසම කෙසෙල්, පිස්ටාචියෝ හා පොල් අයිස්ක්‍රීම් අරගෙන. එයාට වෙනම ක්‍රීම් හා චොකලට්. අයිස්ක්‍රීම් කකා අපි ෆුට්බෝල් ගැනයි අපේ ඉටෑලියන් ටීම් එක අපිට දෙන හාර්ට් ඇටෑක් ගැනයි කතා කර කර හිටියා පැය ගාණක්. යන්න ලෑස්ති වෙලා වෙනදට මම කියනවා වගේ පරිස්සමින් ඉන්න කියලා ලොකු මිනිසෙක් වගේ කියලා ගියා. මට මේ ඔක්කොම හරි පුදුමයක්. හවස මට මොනිකා ටෙක්ස්ට් කරලා තිබුනා. 'රංගි, ෆේදේ ගෙදර ආවේ අඬ අඬා. උඹ ඉක්මණට සනීප වෙලා වරෙන්. උඹෙයි මගෙයි ළමයා උඹ එයාගේ උපන්දිනයට එනකම් බලා ඉන්නවා' කියලා. ජීවත් වෙන්න ආදරය ඕනේ. ඒ ආදරය එක්ක මේ බැඳීම් හරියට වර්ණ ගන්වපු දේදුන්නක් වගේ. ඔයාලා මගේ ජීවිතේට ආව වාසනාවන්ත දේදුන්නක් කියලා මට හිතෙන්නේ අන්න ඒ වෙලාවට ....... දාලා යන්න උවමනා වුනත් ඒකට ලෝභ වෙන්නෙත් මේ හැමෝගේන්ම ලැබෙන ආදරය හින්දමයි.
|
BLOG
|
2014.06.15
|
http://www.burubabe.blogspot.com/
|
ආදරේ කහ පාටද ? කුරිරු සරදම්......
|
Buru
|
පසුගිය දවසක අපේ තිලකේ ගේ කහපාට ආදරය ගැන කියෙව්වම මට තව කතාවක් මතක් වුනා. මේකනම් ආදර කතාවක් නෙවෙයි. ඒත් අර කියන භීෂණ කාලේ එකම ඉරණමට මුහුණ දීලා ජීවිතේ දෙපැත්තට වෙන්ව ගිහින් දශක දෙකකට පස්සේ ආයිමත් අහම්බෙන් හම්බ වෙච්ච මිතුරියන් දෙදෙනෙක් ගැන. එයා ප්‍රදීපා. ප්‍රදීපා බොහොම දුක් මහන්සියෙන් ඉගෙනගත්තා කියන්නත් යම් යම් දුශ්කරාතාවයන් අස්සේ ජීවිතය ජය ගත්ත කෙනෙක් විදියටත් මම බොහොම ගරු කරන කෙනෙක්. ඇය සමාජේ ඉහළම නිලයක් දරන යමක් කමක් තියෙන තැනැත්තියක් විතරක් නෙමෙයි බොහොම හොඳ පවුල් ජීවිතයක් ගෙවන එදිනෙදා ජීවිතය ආදර්ශමත්ව ගෙවන කෙනෙක්. ඉඳලා හිටලා ලංකාවට ආවම පාර බලාන ඉඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් බොහෝ අවස්ථාවල අපි පෙළඹෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රදීපාගේ සැමියත් අපේ අල්ලාප සල්ලාප වලට බොහොම කැමති. එයාල කොහේ ගියත් ඉස්සර අපිත් එනවද කියලා අහලා හොලිඩේ ප්ලෑන් කරපු අය. මටයි ඒමිටයිත් ඉතින් ඒ වගේ අවස්ථා මඟ හැරගන්න ඕනේ නැති හින්දාම ලංකාවට ආවම විතරක් නෙමෙයි ලෝකේ වටේ රස්තියාදු ගමන් වලටත් එයාලගේ හවුල්කාරයෝ වුනා. ප්‍රදීපාගේ අතීතයේ බොහෝ දේවල් මා එක්ක ඇය කියලා තියෙනවා. මටත් ඇයට බොහෝ දේවල් කියන්න පුළුවන් සහෝදරියක් වගේ හොඳ යාළුවෙක්. අදටත් ඉඳලා හිටලා ඔයාට නම් පිස්සු හලෝ ඒමි වගේ කොල්ලෙක් අතෑරියේ මොකටද හලෝ ඊටත් වඩා උඹලා දෙන්නගේ මේ යාළුකම මට නම් තේරෙන්නේ නෑ කියලා මම හම්බවෙන ඕනේම වෙලාවක මගේ ෆෝන් එකම අරන් ඒමිටත් ඒකම කෝල් කරලා කියන තරම් ඇය මගේ හිතවතියක්. ඒමිත් ඒ වෙලාවට මොකක් හරි කියලා විහිළු කලාට ප්‍රදීපා ගැන අපි දෙන්නම ඉස්සර වගේම බොහොම ලෙංගතුව හිතන්නේ. කොටින්ම ඇයගේ දරුවන් පවා අපිටත් එහෙමයි. මේ කතාව අහම්බෙන් මෙහෙම කියවෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් අහම්බෙන් ප්‍රදීපට සන්ධ්‍යාව හමුවෙන හින්දා. ඒක සමහරවිට ප්‍රදීපටත් අදටවත් හිතාගන්න බැරි හමුවක් වෙන්න ඇති. ඇය මා එක්ක ඒ සිදුවීම කියනකොටත් ඇය අස්සේ තිබුන හැඟීම මේ මොහොතෙත් මට දැනෙනවා. කොටින්ම ප්‍රදීපා කියන්නේ තමන්ගේ අතීතය ව්‍යාපාරයක් කරගත්තු කාන්තාවක් නෙමෙයි. ඒත් සමාජයේ පැවතෙන්න ඕන හින්දා එයා වෙනස් වුන කෙනෙක්. ඒක හින්දා ප්‍රදීපාගේ බොහෝ අතීත කතාවන් එයා හැමෝටම කියලා නෑ. එයාගේ සැමියා වුනත් ඒ වගේ දුශ්කර අතීතයක් ප්‍රදීපට තිබුනය කියලා හිතන එකක් නෑ. ඔය කොළඹ කොයි කවුරුත් වගේ ප්‍රදීපාලටත් තියෙනවා වාහනයක් මාරු කරපු ගමන් කතරගම යන පුරුද්දක්. මට මතක විදියට මේකත් කතරගම ගිහින් එමින් ගමන් වෙච්ච සිදුවීමක්ද කොහෙද. නැත්නම් අද සමාජයේ ප්‍රදීපලා මේ ඈත ගමක යැවෙන එකක්වත් මේ කියන සන්ධ්‍යාව හමුවෙන එකක්වත් නෑ. වටේ පිටේ දේශගුණයයි දුර ගමනක විඩාවයි හින්දා ඇඹිලිපිටියටත් එහා ඈත ගමක පොඩි බෙලිමල් කඩයක් ළඟ වාහනේ නතර කරලා. බොහොම පොඩි කඩයක්. ප්‍රදීපා බෙලිමල් බොන්නත් කලින් වටේ පිටේ සුන්දරත්වයෙන් වශී වෙලා. එක පාරට 'ලෝචනා............' කියාගෙන බොහොම හිතවත් කටහඬකින් කෙසඟ කාන්තාවක් ප්‍රදීපා දිහාට එනවා. ප්‍රදීපාට අන්තිමට කවුරු හරි ඒ නමින් කතා කරලා ඇත්තේ එයිට වසර විස්සකටත් එහා කාලේ. ඊටත් වඩා මේ ඈත ගමක..... ප්‍රදීපාට කිසි දෙයක් හිතාගන්න බැරි වෙලා. එහෙන් එයාගේ මහත්තයා බලන් ඉන්නවා මේ කවුද මේ පිස්සු විදියට තමන්ගේ බිරිඳ දිහාට යන කාන්තාව දිහා. ඒ මොහොත නිකම් දාහක් දේවල් සිදුවන ඩ්‍රාමා එකක කොටසක් වගේ මටත් හිතුනේ ප්‍රදීපා ඒක කියනකොට. ඒත් ප්‍රදීපාට තේරෙනවා මේ තමන් දන්න අතීතෙක කෙනෙක් කියලා. ඒ ක්ෂණයෙන් ඇයට මතක් වෙනවා සන්ධ්‍යා. ඒ ආදරය බෙදාගැන්ම බොහොම අපූරු වෙන්නේ ඒ හින්දා වෙන්න ඕනේ. කොටින්ම ප්‍රදීපා කොයිතරම් විශ්මයට පත් වුනාද කියනවා ඇයට කිසි දෙයක් හිතාගන්න බැරි වෙලා. එහෙන් එයාගේ මහත්තයාගේ විශ්මයෙන් පිරීගිය බැල්ම. එහෙන් සන්ධ්‍යාගේ ආදරණීය ඇමතිම. එකම තත්පරයේ වෙවුලන ප්‍රදීපා. ඒ බැල්මෙන්ම ප්‍රදීපා සන්ධ්‍යාදිහා බලද්දි සන්ධ්‍යා ප්‍රදීපාගේ කතාව වටහ ගන්නවා වචනයකින්වත් ප්‍රදීපාගෙන් පිට නොවී. සන්ධ්‍යා මේ වෙනකොට ප්‍රදීපා කොහොමටවත් බලාපොරොත්තු නොවුන චරිතයක් වෙලා. කේඩැරි වෙලා. දරුවන් බිහිකරලා ඇයව වැහැරි ගිහින්. ප්‍රදීපා දැකලා තිබුනා එයාගේ ළමයි හතරක්ද කොහෙද එවෙලේ. සන්ධ්‍යා විවාහවෙලා තියෙන්නෙ ඇයට වඩා වයසින් වැඩි බොහොම දුප්පත් ගැමියෙක් වෙච්ච මේ කඩේ මුදලාලිව. සන්ධ්‍යා ඇස් වලින් තමයි ඉන් එහාට ප්‍රදීපා එක්ක කතා කරලා තියෙන්නේ. ඒ ප්‍රදීපා එහෙම කියලාවත් නෙමෙයි ඇයට වැටහිලා. එහෙම නොවුනා නම් ප්‍රදීපාගේ කතාවත් බොහෝ වෙනස් වෙන්න තිබුනා එදාම. ඒත් එදා මේ කොළඹ සල්ලිකාර ප්‍රදීපලාට රස කෑම හදලා දීලා තමන්ගේ කඩේ තිබ්බ හැම වර්ගයේ ධාන්‍ය වර්ගයක්ම, ඔය බෙලිමල් අර මල් වගේ ඔක්කොම දේවල් තෑගි දීලා තමයි සන්ධ්‍යා එයාගේ අර ඒ කාලේ හිතවත්කම බෙදාගෙන තියෙන්නේ. ඒ ඔක්කොම දේවල් අස්සේ ප්‍රදීපා තවත් අසරණ වෙලා. ඒ සන්ධ්‍යාලාගේ දුප්පත්කම ට වඩා හදවත් කොයිතරම් උණුසුම්ද කියලා දැනිලා. ඒත් සන්ධ්‍යාට ඕනේ සල්ලි ටිකක්වත්, ප්‍රදීපාගේ අනුකම්පාවවත් නොවෙයි කියලා ප්‍රදීපා දන්නවා. එයා මට මේ සිදුවීම කියද්දිත් කීවේ මචන් එවෙලේ විතරක් නෙමෙයි තාමත් මට හිතාගන්න බෑ සන්ද්‍යාට මොනවද අපෙන් වෙන්න ඕනේ කියලා. අපි කොහොමද සන්ධ්‍යාට මේ අපේ ඔෆීස් එකක රස්සාවකට එන්න කියන්නේ එහෙම නැත්නම් අපි දන්න තැනක වැඩට යවන්නේ ඒක අනුකම්පාව විතරමයිනේ ඒක එයා අපෙන් බලාපොත්තුවෙන්නේ නෑ කියලා. මම දන්නවා මගේ යාළුවා මොන තරම් නම් එතනදි අසරණ වෙන්න ඇතිද කියලා. මේ කතාව කියලා මට ප්‍රදීපා කීවා අපි දෙන්නා වෙලාවක සන්ධ්‍යාව බලන්න යමු කියලා. මාත් හරි ආසාවෙන් හිටියා යන්න. ඒත් ප්‍රදීපාට ඒකට මුහුණදෙන්න පුළුවන් කමක් නැතිව ඇති කියලාත් මට හිතුනා. අපි එහේ ගිහින් සන්ධ්‍යාගේ කෑම කාලා එයාගේ දුප්පත්කම බලන්න යනවා වගේ නේ කියලා එයා මට කීවා. ප්‍රදීපා එහෙම කරන්නේ එයා බුද්ධිමත්ව හිතන හින්දා කියලාත් මම දන්නවා. සන්ධ්‍යාට දුක හිතෙයිනේ ප්‍රදීපා ආයේ ආයෙත් දැක්කම. කොටින්ම අද ඒ දෙන්නා අහසයි පොළවයි වගේ අන්ත දෙකක. අතීත කතාව. ප්‍රදීපාට මුලින්ම සන්ධ්‍යාව හම්බ වෙන්නේ මීට දශක දෙකකටත් එහා කාලෙක රැදවුම් මධ්‍යස්ථානයකදි. ඒ කාලේ බොහොම තරුණයන් වගේ මේ දෙන්නම විකල්ප බලවේග හොයාගෙන ගිහින් කාලයේ දඬුවමට ලක් වෙලා. ප්‍රදීපා කියපු හැටියට සන්ධ්‍යා කියන්න ඒ කාලේ දකුණේ බ්‍රයිට්ම කේස් එකක්. ඒ විතරක් නෙමෙයි කොල්ලෙක් සන්ධ්‍යාව දැක්ක ගමන් ආපහු හැරිලා නොබලන්න බැරි තරම් ලස්සනයිලු. සන්ධ්‍යාට අවාසනාව ගේන්න මේ ලස්සනත් හේතු වෙන්නැති කියලයි ප්‍රදීපා කිව්වේ. ඒ කාලේ ස්කෝලේ යන උසස් පෙල කෙල්ලක් වෙච්ච සන්ධ්‍යා සමහරවිට ජීවිතේ බේරගන්න ඇත්තෙත් ඇගේ ලස්සන හින්දා වෙන්න ඕනේ. ප්‍රදීපා කියපු හැටියට සන්ධ්‍යාගේ බොහෝ යෙහෙළියන් අතරින් ඇය විතරයි කෑම්ප් එන්න තරම් වාසනාවක් හෝ අවාසනාවක් ලබාගෙන තියෙන්නේ. ප්‍රදීපා කියන්නෙත් හෙන බ්‍රයිට් කේස් එකක් හින්දා මට තේරුම් ගන්න පුළුවන් ඇයි එයා සන්ධ්‍යාට ඒ තරම් ආදරේ වෙන්න ඇත්තේ කියලත්. කොටින්ම වෙන අය වගේ නෙමෙයි ප්‍රදීපා කැම්පස් ගිහින් තියෙන්නෙත් ඔය රැඳවුම් මධ්‍යස්ථානයක ඉඳගෙන. දැන් සමහර වෙලාවට ඒ කාලේ දේවල් කියද්දි කියලා හිනා වෙනවා මචන් අද මට මැඩම් කිය කිය මල් තියන මේ ඔක්කොමගෙන් මම කොච්චර වද හිංසා වලට ලක්වෙලා ඇතිද කියලාත්. කොටින්ම අද ප්‍රදීපාටයි සන්ධ්‍යාටයි ජීවිතය මොන තරම් වෙනස් විදියටද සලකලා තියෙන්නේ. ප්‍රදීපා අද සමාජයේ ඉහලින්ම ඉන්න කාන්තාවක් වෙන්නත් සන්ද්‍යා ඈත ගමක දුප්පත් වෙළෙන්දෙක්ගේ බිරිදක් වෙන්නෙත් ඒ සරදමම හින්දා නේද. කොටින්ම හොඳම යාළුවෝ වෙච්ච ඒ දෙන්නට තවදුරටත් එකට කෝපි එකක් බොන්නවත් අවස්ථාවක් ලබාදීලා නෑ. ප්‍රදීපා ලොකුකමට නොයා ඉන්නවා කියලා මම කොහොමටවත් හිතන්නෙ නෑ මොකද මම දන්නවා එයාගේ හැඟීම. ගිහින් සන්ධ්‍යාට ශෝ එකක් වෙනවට වඩා නොයා ඉන්න එකත් එක අතකින් හොඳයි කියලා ඇය හිතනවා ඇති එයා මට කිව්වෙත් මචන් මම ආයේ ගියත් සන්ධ්‍යා මගේ අනුකම්පාව ලබාගන්න ඕනේ කෙනෙක් නෙමෙයි ඒකි අපිට කන්න බොන්න හදලා දීලා වාහනේ පිරෙන්න බඩු දාලා දෙයි. ඒකිට අපි කොහොමද මේ හිඟන්නෙකුට දෙනවා වගේ සල්ලි ටිකක් දික් කරන්නේ ඒකෙන් වෙන්නේ අපි තවත් දුරස් වෙන එක විතරයි කියලා. ඒත් ප්‍රදීපා නැතිව හරි සන්ධ්‍යා හම්බ වෙන අදහසක් මට තියෙනවා. මේ කතාව ඇහුවම එහෙම නොකර හිත හදාගන්න මට අදටත් බෑ. මට නම් සන්ධ්‍යා ගැන අනුකම්පාවක් නෙමෙයි තියෙන්නේ පුදුමයක් ඒ තරම් බ්‍රයිට් කේස් එකක් වෙච්ච එයා කොහොමද මේ දුප්පත් ඈත ගමක ගොවියෙක් වුනේ. අපිට මේ අපි ජීවත් වෙන රටා වෙනස් කරලා දවස දහයක් ඉන්න බැරිව චරු චුරු ගානකොට සන්ධ්‍යා කොහොම මේ ජීවිතේට හැඩ ගැහෙනවද කියලා බලන්න මට තියෙන්නේ ඇත්තෙන්ම කුකුසක්....ඒත් එයාට වෙන චොයිස් එකක් නැතිවෙන්නත් ඇති..... (පසු කතාව) අද උදේ ඉඳන් මාකට් ගිහින් , කෑම හදලා, ඒවා කාලා වැඩි වෙලා හවස වරුවෙම නිදාගෙන රෑට නින්ද නොයන හින්දා ලියවුන සටහනක් මේ. ).
|
BLOG
|
2014.06.11
|
http://www.burubabe.blogspot.com/
|
එහෙන් මෙහෙන් කතා..... මට ඕනේ මගේම මුහුදක්.....
|
Buru
|
මේ දවස් වල පුදුම විදියට රශ්නෙයි.මට හරියටම මතක නෑ ඒත් ගිය මාසෙත් අපි වැඩට ගියේ ජැකට් එකක් දාගෙන. හිතාගන්නත් බෑ මේ ජූනි මාසේ මුල කියලා. හරියට ජුලි අගෝස්තු වගේ. ඉහින් කණින් දාඩිය දාගෙන මොකාද වගේ ඉන්නේ. පෙරේදා රෑ මට නින්ද ගියෙත් නෑ රශ්නේ පටන් ගත්ත ගමන්ම හින්දා කොහොම හරි පළවෙනි මදුරුවා මගේ බෙඩ් රූම් එකට රිංගගෙන. අම්මෝ ඌ දීපු වදයක්. තුනේ ඉඳන් නිදි නෑ. ඇඳට ගියෙත් පරක්කු වෙලා. මම ඉතින් ඔය හොඳ, අහිංසක බුරු බබානේ ඒ වුනාට මදුරුවෝ කන්නෙත් මාවමයි. ඊයේ උදේ මම වැඩට ගියෙත් නෑ. ඇයි අනේ මට නිදිමත. අපේ මල්ලි බෝයිට මම ඊයේ ඉන්න ගමන් ඒක කිවුවා. එයා මට හිනා වෙනවා. එයා කියනවා මම තැලිලා පොඩි වෙලා නෑලු අරවා මේවා. ඒ ගමන් ඉතින් මම එයත් එක්කත් තරහා වෙලා ගිහින් ආයෙත් නිදාගත්තා. එයාට නම් මොකද එයා ඔෆීස් යන්නේ දහයට නම් නමයයි හතලිස් පහටත් නිදි. රැවුල කපන්නෙත් සුමානෙට දවසයිද කොහෙද. සමහරවෙලාවට එකොලහට කතා කරද්දිත් අපේ මල්ලි බෝයි ගෙදර. ඒ වුනාට එයාගේ ඔෆීස් එකේ ඉන්න ආදර්ශමත් සේවකයාත් එයාද කොහෙද. අදත් එහෙමට කියලා වෙනසක් තිබ්බේ නෑ. උදේ වරුවෙම ගෙදර ඉඳන් වැඩ කලා. හවස නම් ඉතින් පොඩ්ඩක් ඔෆීස් එක පැත්තේ රවුමක් දාලා ආවා. බොරු කියන්නේ මොකටද මේ දවස්වල වැඩක් කියලා කරන්නම හිතෙන්නේ නෑ මට. කාටද අනේ පුළුවන් මේ රශ්නේ වැඩ කරන්න. හරි නම් අපිට මුහුදු යන්න නිවාඩු ලැබෙන්න එපැයි. ඒ වුනාට බලන්න එපැයි ගේ අස්සේ ඉන්නකොට ආස හිතෙනවා. සීතල විතරක් නෙමෙයි. නිකම් අමුතු නිදහස් හැඟීමක් ඒක. මම අහන්නේ මේ අපි වගේ හොඳ ළමයින්ට හරි නම් රශ්නේ කාලෙට මුහුදක් අයිනේ එහෙම නැත්නම් මඩ වලක හරි බැහැල ඉන්න ආර්ථිකය ශක්තිමත් කරන්නනේ තිබුනේ ඔය සියළු දේ මැවූ දෙවියන්ට. මම ඕක අපේ මල්ලිට හරි කාට හරි කියපු ගමන් උන් කියන කතා අහනවට වඩා හොඳයි හෙට ඉඳන්වත් වැඩට යනවා.
|
BLOG
|
2014.12.20
|
http://sltechboys.blogspot.com/
|
Paidverts :මාසයකට Rs.30000/= ***සුපිරියි***සමහරු මාසයකට ලක්ෂ දෙක තුන හොයනවා !
|
Kura
|
Paidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහාඅ ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.com/2014/11/blog-post_6.
|
BLOG
|
2014.12.05
|
http://sltechboys.blogspot.com/
|
Paidverts :ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= ***සුපිරියි***
|
Kura
|
තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.ඔන්න Paidverts අලුත්වැඩියාවෙන් පස්සෙ අයෙත් ආවා...Paidverts කරන අයට හොඳ ආරංචියක් තියෙන්වා කියන්න. Paidverts වාගෙම මාසයකට ලොකු ගානක් හම්බ කරන්න පුලුවන් උණු උණු website එකක් ගිය සතියෙ ආව...මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ Paidverts එකේ විදියටමයි..මේ අලුත් website එකේ බැදෙන්න කැමති අය පල්ලෙහා button එක ක්ලික් කරන්නPaidverts නම් සුපිරියි. සමහරු මාසයකට ලක්ෂ 2ක 3ක් හොයනවා , මට දැන් හැමදාම සුපිරි ඇඩ්ස් එනවා..Paidverts වලින් මාසයකට ලොකු ගානක් හොයන්න කැමති අය පල්ලෙහාඅ ලින්කුව ක්ලික් කරලා සියල්ල සරලව සිංහලෙන් ඉගෙන ගන්න➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.com/2014/11/blog-post_6.htmlහොඳට කරගෙන යන්න කොල්ලනේ..ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න ...ඔබට ජය .
|
BLOG
|
2014.11.28
|
http://sltechboys.blogspot.com/
|
Paidverts :ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= ***සුපිරියි***
|
Kura
|
➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.com/2014/11/blog-post_6.
|
BLOG
|
2014.11.10
|
http://sltechboys.blogspot.com/
|
අන්තර්ජාලයෙන් නොමිලෙ මුදල් හොයමු**ගෙදර ඉඳන් සක්කුවට කීයක් හරි හොයාගමුද
|
Kura
|
➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.එහෙනම් සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගැනිමට මෙතන ක්ලික් කරන්න.com/2014/11/blog-post_6.
|
BLOG
|
2014.11.06
|
http://sltechboys.blogspot.com/
|
අන්තර්ජාලයෙන් නොමිලෙ මුදල් හොයමු**ගෙදර ඉඳන් සක්කුවට කීයක් හරි හොයාගමුද
|
Kura
|
➟දවසට මිනිත්තු දහයක් ඇඩ්ස් ක්ලික් කරල මාසයකට රු.30000 ක් හොයන්න කැමතිද.➟ගෙදර ඉඳන් Part Time Online Job එකක් කරල Sri Lanka වේ ATM එකෙන් සල්ලි ගන්න කැමතිද.➟ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට පහසුම සහ ඉක්මන්මක්‍රමය ඉගෙනගැනිමට කැමතිද.මම අද ඔයාලට කියන්න හදන්නෙදවසට මිනිත්තු දහයක් වැඩ කරල මාසයකට රු.30000ක් හොයන්න පුලුවන්පිස්සු හැදෙන දෙයක් තමයි.මේක PTCලෝකයට ආපු අලුත්ම දෙයක් .ඔයාල හැමෝම දන්නවානෙ Ads ක්ලික් කරල සල්ලි හොයන්න නම් සැහෙන කාලයක් යන බව.ඒත් මේකෙන් සල්ලි හොයන්න වැඩි කල් යන්නෙ නෑ..හරියට කරගත්තොත් ගොඩම තමා..කොටින්ම කිව්වොත් මාසයක්ට රු.30000/= කට වඩා හොයන්න පුලුවන්.එහෙනම් මේකෙ වැඩ කරන්නෙ කොහොමද කියලා බලමුද.▶මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන් ..▶මෙකේ මූලික පදනම වෙන්නෙ BAP(Bonus Ad Points).සරලව කිව්වොත් ඔයලට තියෙන Points ගනන.▶ඔයලට තියෙන BAP වැඩි වෙන කොට ලැබෙන ඇඩ්ස් වල වටිනාකම වැඩි වෙනව.ඔයලට කරන්න තියෙන දේ:1. මුලින්ම Account එකක් හදන්න ..Account එකක් හදන්න මෙතන ක්ලික් කරන්න. Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.2. ඊට පස්සෙ හැමදාම ලොග් වෙලා Paid Ads and BAP Ads ක්ලික් කරන්න ( 1 සහ 2 පින්තූරය)◉BAP Ads 8 ක් ලැබෙනව .එකක වටිනාකම 25BAP .එ කියන්නෙ BAP Ads ඔක්කොම ක්ලික් කරාම 200 BAP ලැබෙනව ..(මුල් කලයෙදි Activation Ads 16ක් දෙනවා 25BAP*16= 400BAP )3. Account Balance එක $1 වුනු හැටියෙ Buy Ads කරන්න.මේ සදහා Buy Ads ක්ලික් කරන්න. ( 3 පින්තූරය )4. ඊට පස්සෙ CREATE CAMPAIGN ක්ලික් කරන්න.(4 පින්තූරය)5. ඉන්පසු එන BOX එකේ ඔයාලා Advertise කරන්න කමති ලින්ක් එකක් ටයිප් කරන්න ( මේ සඳහා ඔබගෙ බ්ලොග් එකේ හෝ website එකේ ලින්ක් එක දිය හැකිය ...මම නම් කරන්නෙ මගෙ Neobux Referral Link එක ටයිප් කරනවා)(5 පින්තූරය)6. ඔබගේ ලින්ක් එකට අදාල Banners upload කරන්න.ඊට පස්සෙ ඔබෙ ලින්ක් එක ගැන පේළි 3 කින්විස්තර කරන්න.(6 පින්තූරය)7..*එවිට ඔබේ Advertise කරපු website,එක blog එක හෝ Neobux Referral Link එක මේ සයිට් එකෙ Advertise වෙනවා සහ ඔබට පොඉන්ට්ස් 3100 ලාබෙනව..*ඔයාල කැමති නම් Payment Method එක Paypal කර ඒකෙන් ගෙවන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔයාලගෙ සාක්කුවෙන්.( මතක තියගන්න ඔබට ලැබෙන ඇඩ්ස් වල වටිනකම වැඩි වෙන්නෙ Points (BAP) වැඩි වෙන තරමටයි.. (7 පින්තූරය)BAP groups100 to 16001600 to 64006400 to 1200012000 to 2400024k to 48k48k to 96k96k to 180k180k to 360k360k to 720k720k to 1.5m1. මේ තමයි BAP Groups :)ඔයලගෙ Points වැඩි වෙනවත් එක්කම ඔයලට පල්ලෙහ Groups වලට යන පුලුවන්..ඔයාල ඉන්න Group එක අනුව ඔයලට ලබෙන ඇඩ්ස් වල වටිනකම තීරනය වෙනවා...*සාමනයෙන් $1 ඇඩ්ස් ලැබෙන්න නම් ඔයලට BAP 50000 විතර තියෙන්නෙ ඕන.සැලකිලිමත් විය යුතු කරුණු:➤ඔයාට දෙන ඇඩ්ස් පැය 18 කින් recycle(අවලංගු) වෙනවා.ඒක හින්ද අවලංගු වෙන්න කලින් ads ක්ලික් කරන්න.ඇඩ් එකක් අවලංගු වෙන වේලාව ඇඩ් එක යට දාල තියෙනවා.මේකේ ads දෙන වේලාව හිතාගන්න අමාරුයි.ඒක හින්දා ඔයා උදේ 9ට ඇඩ්ස් ක්ලික් කරානම් ආයෙමත් රැ 7ට 8ට විතර බලන්න .එතකොට තව ඇඩ්ස් ඇවිල්ල තියෙවී.ඒක හින්ද පැය 12න් 12ට වාගේ ඇඩ්ස් අවිල්ලද කියලා බලන්න...➤ඔබට ලැබෙන BAP Ads (Activation Ads)හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති BAP Ads ක්ලික් කරන්න ( පල්ලෙහා පින්තූරය බලන්න )➤ඔයාට ලැබෙන හැම Ad එකකටම BAP කිසියම් ගනනක් කැපෙනවා.හම්බ කරන සල්ලි එලියට ගන්නෙ කොහොමද.ජංජාලෙන් හම්බ කරන ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි හම්බ කරන සල්ලි එලියට ගන්නෙ කොහොමද කියල..අපි හැමෝම දන්නවානෙ Paypal වලින් අපිට මුදල් ගෙවිම් කරන්න පුලුවන් වුනත් මුදල් ලබාගන්න බෑ කියලා..ඒකට විසදුමක් විදියට කට්ටිය Malaysian විදියට Paypal හදනවා..ඒත් ඉතින් කොයි වෙලාවේ ලෙඩක් වැටේවිද දන්නෙ නෑ..ඒත් අපේ වාසනවට දැන් Payza කියල එකක් තියෙනවා..ඒක ලංකාවට full support කරනවා..ඒක හින්දා Paypal වගේ වදයකුත් නෑ ,බයවෙන්න දේකුත් නෑ..මම ඉහත දීල තියෙනා හැම Site එකක්ම Payza support කරනවා..ඒක හින්ද කිසි අවුලක් නැතුව උඩ තියෙන Site වලින් හම්බ කරන සල්ලි Payza එකෙන් සල්ලි ගන්න පුලුවන්..Payza එකේ තියෙන සල්ලි අපිට කෙලින්ම අපේ Visa card එකට දාල ATM Machine එකකින් සල්ලි එලියට ගන්න පුලුවන් ( මම නම් භාවිතා කරන්නෙ Commercial Visa Debit Card එක , ඔනේනම් HNB වුනත් භාවිතා කරන්න පුලුවන්.).Payza Account එකක් හදාගැනීමට පහතබැනරයක්ලික් කරන්න..වැදගත් : Payza එකෙන් Visa Card එකට සල්ලි මාරු කරන හැම වේලාවකම $8 ගානේ කැපෙනවා..ඒක හින්දා ටිකක් ලොකු ගානක් Payza එකෙ එකතු වෙනකන් ඉඳල Visa Card එකට සල්ලි මාරු කරන එක තමා නුවනට හුරු....එහෙනම් ඉතින් අදට මෙතනින් නවතිනවා....ඔබට ජය ...මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් mihirankura@gmail.com යන ලිපිනයට e-mail කරන්න ..තව ටිකක් දැනගන්න පල්ලෙහා Videos බලන්න .
|
BLOG
|
2014.11.01
|
http://sltechboys.blogspot.com/
|
Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද? ** කිරි කජු වගේ**
|
Kura
|
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.
|
BLOG
|
2014.11.01
|
http://sltechboys.blogspot.com/
|
Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද? ** කිරි කජු වගේ**
|
Kura
|
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.
|
BLOG
|
2014.10.31
|
http://sltechboys.blogspot.com/
|
Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද? **ආයිත් සුපිරිම තමා**
|
Kura
|
Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද. **ආයිත් සුපිරිම තමා**තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.Paidverts වල වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න මෙතනින් යන්න >>http://sltechboys.com/2014/09/paidverts.htmlඑයාල තවම එයලගෙ එක site අලුත්වැඩියා කරනවා...එයාලගෙ servers update කරන්න තව ටිකක් වෙලා යාවිලු. දවසක්වත් යයි කියල තමයි කියල තියෙන්නෙ...වැඩි විස්තර සඳහාඑයාලගෙ facebook පිටුවටපිවිසෙන්න >>>>https://www.
|
BLOG
|
2014.10.25
|
http://sltechboys.blogspot.com/
|
Paidverts : අන්තර්ජාලයෙන් මාසයකට Rs.30000/= ක් හොයමුද? **ආයිත් සුපිරිම තමා**
|
Kura
|
තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.Paidverts වල වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න මෙතනින් යන්න >>http://sltechboys.com/2014/09/paidverts.htmlඕන් ඉතින් Paidverts කරන අයට Paidvertsහි වැඩ කරන්න අවශ්‍ය පොඩි සරල සැලසුමක්:1.මුලින්ම Points (Bonus Ad Points) ගණන 55000 කට විතර වැඩි කරගන්නඊට පස්සෙ හැමදාම ads ක්ලික් කරන්න..ඔයාලට ඇඩ්ස් ලැබෙන කොට Points ගාණක් කැපෙනවා..2. Points 50000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ...ඊට පස්සෙ අයෙමත් $2 කින් Buy Ads කරන්න..එතකොට Points 56000 වේවි.3.අයෙමත් Points 51000 ට බහිනකම් ඇඩ්ස් ක්ලික් කරන්න ..ඊට පස්සෙ අයෙමත් $2කින් Buy Ads කරන්න...4.දිගටම මෙහෙම කර්ගෙන ගිහින් මාසෙ අන්තිමට ඉතුරු ශේෂය Cashout කරන්න..මේ වගේ පොඩි සැලසුමකට මේ වැඩේ කරගෙන යන්න ...ඔබට ජයෙන් ජය.***ගෙදර ඉන්න ගමන් සාක්කුවට කීයක් හරි හොයගමු***.
|
BLOG
|
2014.10.07
|
http://sltechboys.blogspot.com/
|
Paidverts :ඩොලර් වලින් හොයමු :) මාසයකට Rs.30000/= හොයමුද?
|
Kura
|
Paidverts :ඩොලර් වලින් හොයමු :)මාසයකට Rs.30000/= හොයමුද.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම් මෙතනින් යන්න ...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.( පහත ලින්කුව ක්ලික් කොරන්න )මාසයකට Rs.30,000ක් හොයන්න මෙතන ක්ලික් කරමු.
|
BLOG
|
2014.10.08
|
http://sansaare.blogspot.com/
|
[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට !
|
ජීවිතේ මල්
|
ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය .ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද , පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය.මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය .නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය.පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය . ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය . ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද.) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ.මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි.
|
BLOG
|
2014.09.06
|
http://sansaare.blogspot.com/
|
[311] සුදු ඇඳගත් සඳ
|
ජීවිතේ මල්
|
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනටරිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරටඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවටඒ ගං ඉවුරට ...බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මටඇයි දැයි දොස් පවරන සඳ සිතනුඹෙ වරදද මගෙ වරදද .එය මා දන්නේ නැතනුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියටකෙලෙසක දොස් පවරමි නුඹ හටකිසි කෙනෙකු නොදුන් ආදරයක්නුඹ මට දුන් කොට .. සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි.හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි. අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී. එහෙත් , එක් දිනෙක,සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද . උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද. නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී. එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද. 'Love you' ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ, අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත.'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න'සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි. ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද.' වහින්න වගේ නේද . ඇයි ඒ .' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය .මෙදින පවසමි , සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය.තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද. ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ. සිතුම් සුලඟක ඇමිණීහැඟුම් කෙම්බිම් සරමීසුසුම් පැහැ තවරමිනීකවක් සඳ මුව මිමිණී ...රැස් දෙන ඉරට ලං විනිලත් හිරු රැසින් මත් විනිමල් සර විතෙන් විස ඉනිනෙත් අඳ සඳක් ඇවිලිනි ...සුපෙම් අහසක් අහිමිසොවින් සඳ මියැදෙමිනිසසර හුරු ඇස් හැඟුනියලි අහසෙ සඳ උපනි..මැකී යලි සඳ පිපුනීපිපී සඳ බොඳ නොවිනීමසින් මස මෝරමිනිසඳින් අහසද උපනි....සහසැස් සිඹින අහිමිඅහිමිව නොහෙනු හඬමිහැඬු නෙත් සිඹින ම'හිමිහිමි නුඹ අහිමි නොහෙමි....වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද.අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද . වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත. බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත .අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය.ප.ලි සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය.
|
BLOG
|
2014.09.06
|
http://sansaare.blogspot.com/
|
[310] ස්වප්න කතිකාවතක සිරව සිටිමි
|
ජීවිතේ මල්
|
මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් වීමේ හැකියාව තීරණය වෙයි.ඇතැම් සිහින නිදා නොනිදා මෙන් කල්ප කාලාන්තරයක් හද පතුලේ සැඟව සිටියි. එක්කෝ එය දිගු කලක් තිස්සේ හෙමින් උස යන රූස්ස ගසක් සේ වැඩී , පෙර කී දැඩි අභිලාෂයක් විලසින් සිතෙන් පිට දමයි.ඒ කෙසේ වෙතත් , මිනිසුනගේ විවිධ චර්යා දෙස ලංව බැලූ කල , සිහින දකින්නන් , සිහින හඹා යන්නන් , සිහින නොදැක ජීවිතාභිලාෂයන් සැබෑ කරගැනීමට යත්න දරන්නන්ද හමුවෙයි. පුද්ගලිකව , සිහින දැකීම පිලිබඳ මගේ අදහස නම් එය නිර්මානකරණයෙහි ඉතා හිතකර ප්‍රවණතාවක් වන්නේ යම් සේද , සැබෑ ජීවිතයේ කටුක බව ඉදිරියෙහි මනා සන්තුෂ්ටි මාර්ගයක්ද වන බවකි. සිහින ලෝකයක පූර්ණ කාලීන වශයෙන් සැරිසරන්නේ , උන්මත්තකයන්ය . එහෙත් ජීවිතයට සුන්දරත්වයද එක් කොට ගත හැකි බවක් විස්වාස කළ හැක්කේ නිර්මාණශීලි සිහින දකින්නන්ට පමණකි.දුම් රියෙක නැගී යන යුවලකි. තරුණිය හිස් බැල්මෙන් කවුලුවෙන් පිටත බලාගෙනය. ඇය මොනවා සිතනවා ඇද්ද. මට ඒවා සොයා බලන්නට සදාචාරාත්මක අයිතියක් නැත්තේය. එහෙත් එසේ සිතා බලද්දී එක්තරා මිහිරකුත් දැනෙයි. මොහොතකට ඇයගේ සිත වන්නට ඇත්නම්... . ඇය පසෙකින් ඇගේ පෙම්වතා විය යුතු තරුණයෙකි. ඒ නිගමනය තහවුරු වන්නේ, තරුණිය ඔහුගේ වැලමිටෙන් අල්ලාගෙන සිටින අයුරෙනි. අයිතිය හඟවන සංඥාවක් . තරුණයාගේ කට බාගෙට ඇරී තිබෙයි. ඔහු ආසනයට හේත්තු වීගෙන නින්දකය.. . මිහිරිතම වංගු ගණනාවක් , බිම්ගෙවල් අතලොස්සක් පසු වෙයි. මම තව තවත් තරුණියගේ මනසට සමපාත සිතුවිලි ධාරාවක් ජණනය කරගනු වස් මනස නිද්‍රෝපගත කරවමි. සිහින දකින්න්නියකගේ මනසින් මට එලියට එනු අපහසු බව මම පසක් කරගනිමි.මොහොතකට ඒ සියලු වංගු සහ බිම්ගෙවල් පසු වූ ගමන මම ආපසු කරකවාගෙන යමි.තරුණිය තරුණයාගේ උරහිසට හේත්තු වී එලිය බලාගෙන සිටියි. ඇගේ වමත ඔහුගේ සුරතෙහි පැටලී තිබේ. ඇගේ සුරතින් තරුණයාගේ සුරතද තදින් අල්ලා සිටී. ඇයගේ කෙහෙ රැලි සුලඟේ ලෙල දෙද්දී තරුණයා නිදහස් වමතින් ඒවා කොතෙක් ඇගේ කන් පිටුපස්සේ රැඳවුවද ඒවා රිසිසේ යලිත් සුලඟත් සමග එලියට පනිති. අහක බලා සිටින ඇගේ මුහුණ ඔහු නොනවත්වා තමා වෙත හරවා ගන්නට තැත් කරයි. ඇය මවා ගත් නොමනාපයකින් සහ අඩ සිනාවකින් ඔහුගෙන් මිදෙන්නට තැත් කරයි. තරුණ සිත්වලට කොතෙක් නම් සිහින අස්සේ මත් විය හැකිද. . නොදුටුවා සේ පුවත්පතකට එබීගෙන හිඳින මම සිතමි. බිම්ගෙයක් පසු වෙයි. අන්ධකාරය පෙම්වතුන්ට බියකරු ආශිර්වාදයකි. බිම්ගෙයින් පසු ආලෝකවත් වෙන පරිසරයට තරුණියගේ රතුවූ ලැජ්ජාබර මුහුණ ගෙන එන්නේ සුන්දරත්වයකි.එහෙත් මේ මහපොළවෙන් උඩ මා දකින සිහිනයකැයි පමණක්ම කියන්නෙමි. සිහින ලොවක ජීවත් වීම මහපොළව තුල කොතෙක් සාධාරණදැයි මම දැණ් නොවිමසමි. ලෝකයට සිහින දකින්නන් මෙන්ම , සිහින නොදැක යන්ත්‍ර මෙන් ජීවිතය හඹා යන්නන්ද අවැසිය. සිහින දකිමින්ම ජීවිතය ගොඩ දා ගත හැකි මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම මගේ ජීවිතයේ සිහිනයද.යුස්ටයින් ගෝඩර් 'සොෆීගේ ලෝකය' පොතේ පවසන ආකාරයට , කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක, අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු .ජීවිතේ පුරුද්දක් වෙන එක මොන අපරාධයක්ද. මට සිතෙන්නේ එහෙමය , මන්ද ගතවන මිනිත්තුවක් පාසා ජීවිතය විස්මයන්ගෙන් පිරී පවතින බැවිනි.
|
BLOG
|
2014.08.14
|
http://sansaare.blogspot.com/
|
[309] ආතුර හීන
|
ජීවිතේ මල්
|
ජීවිතය නිහඬ වී සිටී...දෙබැම ඉහළ නංවා වරෙක කුහුලින් මුසපත්ව දොඩමලු වන්නටද අර අඳී... මුහුණත් පුලුටු කර ගෙන මා උරිස්සට ඉහළින් පෙර වැසි වට දිනට එබීගෙනතවමත් සිහිවටන පිරි මදී...ජීවිතය , නුඹ නිදා නොවැටී මාද දෑත දී නැගිටුවනු නොහැකිද. අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන් ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්.
|
BLOG
|
2014.07.10
|
http://sansaare.blogspot.com/
|
[308] පූස් rescue මිශන් හෙවත් අනාරක්ෂාවේ සුරක්ෂාව
|
ජීවිතේ මල්
|
ඒ එක්දාස් නවසිය අනූ අට අවුරුද්දය . අපේ ගෙවල් ඉස්මත්තේ එක්තරා අයාලේ යමින් සිටි බලු මවකට පැටවු රොත්තක් හම්බුනේ ඒ කාලේය. පැටවු සමග බලු මාතාව සුරතල් කරන්නට බොහෝ සෙනග සැදී පැහැදී සිටියද උන් අයාලේ ලොකු මහත් වූ පසු නිරායාසයෙන්ම වද කරදරයකැයි ඒ සෙනග උන්ව පන්නා ගත්තෝය . ඒ නිසාවෙන්ම පෙරකී බලු පැටවුන්ගෙන් දිවි ගලවාගෙන ඉතිරි වූ එකම පැටවා , දිනෙක වාහනයෙහි දමාගෙන වෙනත් පෙදෙසකින් තබා එන්නට වුනේය.පින් පව් කෙසේ වෙතත් ඉන්නා තැනක දිවි බේරාගෙන ජීවිකාවක් කර ගනිතැයි සිතනවාට වඩා අන් යමක් කළ හැකි නොවූයේය. මේ සිද්දියේ නිරීක්ෂකයකු පමණක් වූ මට මේ සිද්දිය හිතට වැදුනාද නොවැදුනාද කියා මතක නැත. ඒත් අහුවෙන හැම පණ්ඩිතමානී අදහසම කතාවක් හෝ කවියක් කොට ලිවිය යුතු යැයි ශපථ කොට සිටියාක් මෙන් මම පඬි වදන් ලියන්නට කැස කවාගෙන සිටි යුගයකි ඒ. එහෙයින් 'අනුකම්පාව වෛරය හා ශෝකය' යනුවෙන් මම කුඩා කෙටි කතාවක් ලිව්වෙමි. එහි කතා නායිකාව වන මමද මූලිකව මේ බලුපැටවුන්ට අනුකම්පාවෙන් අහර දෙන්නේ මුලින්ය. එහෙත් වරෙක මේ බලු පැටවුන් ගැන උපදින්නේ තරහකි. ඒ මගේ හොඳම ගවුමක් ඉරාදමනලද නිසාය. අවසනදී උන්ගේ වදයෙන් බේරෙන්නට බැරිව මහමග දමා යද්දී ඒ සියල්ල අමතකව යලිත් ආත්ම ලැජ්ජාව සහ ශෝකය ඉස්මතු වෙයි. සැබෑ කතාවේ නොමැති ලුණු ඇඹුල් දමා මා කතාව අවසන් කරන්නේ මහමග දමා හැරී එද්දී ලොරියකින් පැගෙන තද තිරිංග නාදයක් සමගිනි. ඒවා සිද්ද වූ දේවල් නොවේ. කතාන්දරයක් ලිවීමේදී සත්‍ය සිද්ධියම වාර්ථා කරනවා වෙනුවට සිදුවීම විචිත්‍රවත් කොට කතාවක් ගොඩ නැගිය යුතු යැයි , කතුවරයකු කියා තිබූ පඬි වදන මා එකල අසා නොතිබුනි. එහෙත් වැඩිමනත් ආටෝප සාටෝප වලින් මනස ඔද්දල් වී නොතිබූ කුඩා මල් වයසේ , කියවන ඇසෙන දකින හැම දේම පිවිතුරු සුදු රෙදිකඩකට පෑදි දිය උරා ගන්නා සේ ලිවීමට සුදුසු දෑ නිරවුල්ව ගලා ආ යුගයකි ඒ.ඒ ලියූ කෙටි කතාව දින කිහිපයකට පසුව අපේ ගෙදරට අසු වී , අපේ ගෙදර උදවිය , මගේ ලපටි සිත මෙතරම් තැලුනු බවක් නොහැඟුනේයැයි විස්සෝප වූවාද මතකය. එහෙත් මා එතරම්ම (කතාවේ ලියු තරම්ම ) මානසික වූවාදැයි මට එච්චර නිනව්වක් නැත්තේය. (මට හිතක් පපුවක් නැතිද.)එකල්හි ලියූ බොහෝ දෑ තුල මට හුරුබුහුටි විචිත්‍රත්වයක් පෙනෙයි. ඒ කොතරම්ද කියතොත් ඒ මල් යෞවනය කෙරෙහි මහත් වූ ආලයක් හට ගනී. සුදු ගවුම් , පොත් පත් , කවි , මල් වයසේ විරුද්ධ ලිංගික ආකර්ෂණයේ කුඩා අතුරු පල කොතරම් සොඳුරුදැයි සිතෙයි. ( බස් පොලේ දැක් හිත් මලෙහි මියගිය මගේ ප්‍රථම ප්‍රේමය යන ලිපිය මා මුල්ම කාලයේ ලියූ එබඳු මතකයකි) මේ හැම වල් පලයක්ම අද මේ දිග අරිමින් මා කියන්නට තෙපර බාන්නේ මොනවාදැයි ඔබ අසනු ඇති. දවස් පහකට මත්තෙහි අපේ පාලු විසාල ගෙදරට අලුත් සද්දයක් එකතු වුනේය. වහලය උඩ සීලිමෙන් සිඟිති පූස් කෙඳිරිලි ගොඩක් එක උදේක එකපාරම මතු වුනේය. අහෝ පාලු කලුවර සීලිම , පූස් තිඹිරිගෙයක් වී ඇති අරුම . ඉතින් කුමක් කරන්නද .පූස් කෙඳිරිල්ල මෝරා පොඩ්ඩක් වැඩිමහල් ඤාව්වක් බවට පත්වෙන්නට ගියේ දවස් කීපයකි. ඉතින් අපිට මේ දවස් ටිකේ නින්දක් නොතිබූ බව කියන්නත් දෙයක්ද . දවස් දෙකතුනක් ගිය තැනේදී පූස් ඤාව් කිහිපයකින් එකක් පමණක් සිවිලිම උඩ ඉතිරිව තිබෙයි. අහෝ එක් සහෝදරයෙක් / හෝ සහෝදරියක් අතරමං කර අනික් ඈයින් සිවිලිමෙන් මහපොළවට බැස ගිහින්ය . අම්මා කොයි . අම්මා සොයා අප වට පිට පීරුව මුත් පලක් වූයේ නැත . ටික දිනක් ගිය තැනදී අපට ආරංචි වෙන්නේ පූස් අම්මා අපේ නිවස අවට වසන කමකට නැති බලු රොත්තට අසු වී මිය ගොස් සිටි බවකි. ඇතැම් විට ඈ මිය යන්නට ඇත්තේ සිය අවසන් පැටවා සිවිලිමෙන් බස්වාගෙන එන්නට යන අතර මග විය හැකිය . දැන් පූස් පැටියා තනිවී සිවිලිම උඩය . පිරිමි නැති අපේ ගෙදර සිවිලිමට නගින්නට කිසිවෙක් නැතිය. පූස් අඳෝනාව අසා සිටින්නට අමාරු තරම් දුකය . දිනක් දෙකක් තුනක් කල හැකි දෙයක් නොමැතිව තැවිල්ලේ ගෙවී යයි. නොදුටු පූස් පැටවා සිවිලිම දෙවනත් කරමින් කුඩා සිදුරු වෙත මුහුණ තියමින් ඤාව් කියන එකෙත් ඉවරයක් නැත . දැන් මෙයට කරන්නේ කුමක්ද . කිසිවෙකු නග්ගා පූස් පැටවා බිමට බස්වා ගනු හැරුනු කොට පිලියමක් නැත. එසේ නොකලහොත් එක්කෝ කන්නට නැතිව ඌ මියෙනු ඇත. අවසානයේදී මට පිහිටට එන්නේ මගේ කාර්යාල මිතුරන් දෙන්නෙකි. ඔවුන් දෙන්නාත් පටවා ගෙන අද දහවලෙහි මම ගෙදර ආවෙමි. පූස් පැටවාගේ හැඬිල්ල ඉවරයක් නැත. ඉණිමග සොයාගෙන , දූවිලි වලින් බේරෙන්නට ටීශර්ට් දෙකක්ද අන්දවා මම ඔවුන් දෙදෙනා සිවිලිමට නගිනු බලා සිටියෙමි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දස වද විඳිමින් , උලුකැටද ගලවමින් , අඩව් ඇල්ලීමෙන් අනතුරුව මේ ත්‍රස්තවාදී හිතුවක්කාර අසරණයාව බිමට බස්සාගන්නට මගේ මිතුරන් දෙන්නා සමත් වූහ. කලුම කලු පුලුන් බෝලයක් අස්සේ කොල පාට බෝංචි ඇට දෙකක් ගැසූ අයුරෙන් දිලිසෙන ඇස් දෙකත් , මැක්කන්ගෙන් පිරුනු බියපත් කෙසඟ සිරුරත් දකිද්දී, තව දිනක් දෙකක් ඇතුලත පූස් පැටවාගේ ඉරණම තීරණය වන්නට තිබූ බව පෙනී ගියේය. සාගින්නේ සිටියද කිරි බිඳක්වත් තොල ගාන්නට තවම හුරු නැති හෙයින් , අම්මා නැති අසරණයා අපේ කකුල් සූරමින් තවත් පැයක් දෙකක් සිය හෝන්දු මාන්දුවෙන් මිදෙමින් සිටියේය. සැබෑ ප්‍රශ්නය උද්ගත වන්නේ දැන්ය. මෙයාට දැන් මොකද කරන්නේ . ඔන්න ප්‍රශ්නය. ගෙදර තබා ගැනීම කිසි සේත් කළ නොහැක්කේ පූසෙකු ඇති කිරීම කිසිදා අප නිවසේ සිදු නොවන බව දන්නා හෙයිනි.අනෙක් අතට පූස් අම්මාට වූ ඉරණමම පූස් පැටවාට අත්වීමද එයින් නොවැලැක්විය හැක්කේය. දැන් ගැලවුම් කාර මිතුරන් දෙදෙනාත් ගැටලුවකට මැදි වී ඇති සේය. මාද එම ගැටලුවම පෙරදැරිව තැවෙමින් සිටියෙමි. පිලිතුරක් නැති තැන , කරන්නට තිබූ එකම දෙය කරනවා මිස අපට වෙන විසඳුමක් නොතිබුනේය. එහෙත් එහි ධණ සෘණ , යහපත අයහපත එක එක අතට පෙරලා විශ්ලේෂණය කර බලන්නේ නම් , නානාප්‍රකාර ප්‍රතිචාර ලබා දිය හැකි වුවද , අපද අසරණ වූ ඒ අවස්ථාවෙහි කුඩා මිතුරාව , ආරක්ෂාකාරී තණපඳුරු ගොන්නක් තුල සඟවා එනු මිස අන් කළ හැක්කක් නොවූයේය.අනාථයෙක් වූ කල , සුරක්ෂිතතාවයද අනාර්ක්ෂිත වන අතර , බියකරු අවදානම් කලාපයක තනිවීමද සුරක්ෂාවක් සේ තාවකාලිකව දැනෙනු ඇත. ජීවිතය යනු රැකගනු උදෙසා අරගල කල යුතුව තිබෙන්නේ තිරිසන් සිඟිත්තෙකුට පමණක් නොවේ. මනුසත් මහල්ලෙකුගේද ඉරණම එයමය.දැන් ඔබේ අදහස් දැක්වීමේ කාලයයි. අමනාප නොවන්න . කළ හැකි උපරිමය වූයේ නුඹ සාගින්නෙන් හා තනිකමෙන් මුදා ගෙන මහ පොළවට ඇරලීම පමණකි.
|
BLOG
|
2014.05.31
|
http://sansaare.blogspot.com/
|
[307] ඉටි බෝලය 'කියැවීමෙන්' අනතුරුව .....
|
ජීවිතේ මල්
|
අවුරුද්දේ එක් කලෙක උෂ්ණය සමග වසංගතයක් සේ පැතිර එන හෝහපුටු හමුදාවක වේගයෙන් , පොත් පත් ධනස්කන්ධයක් මා අරක් ගෙන සිටී. සිතෙහි ප්රීතිය නිමක් නැත. නොකියැවූ පොත් ගොන්නක් දැකීම වේදනාවකි. කියැවීමේ ආශාවට කාලය නමැති මාර දූත තෙම නිරතුරු බාධා පමුණුවන හෙයින් , තව තවත් පොත් කෙරෙහිම සිත අලවා සිත දැඩි කොට ගෙන සිටින්නෙමි.දහසය වසරක් තිස්සේ මගේ පොත් රාක්කයෙන් අතුරුදන්ව තිබූ 'ඉටි බෝලය' නමැති ගී ද මෝපසාං ගේ දිගු කෙටි කතා එකතුව වෙනුවෙන්ම මේ සටහන ලිවිය යුතු යැයි සිතීමි.මම මේ පොත කියවන්නට ලැබෙන්නේ 1998 දීය. ඒ අපේ අක්කාගේ කියැවීමේ මනා රසිකත්වයට පින් සිද්ද වෙන්නටය. 1998 මගේ 15 වන උපන්දිනයට එතරම් ශ්‍රේෂ්ඨ පොතක් මා තෑගි ලබන්නේ එසේය. ඒ මා ප්‍රථමයෙන් ඉටි බෝලය 'කියවන' වතාවය. යම්තම් බස හසුරුවා හතර පදයක් ගැට ගසා ලන්නට තරම් සීමිත භාෂා ඥාණයකින් පමණක්ම සන්නද්ධව සිටි මට පරිවර්තන ලෝකයෙහි පතාක යෝධයකුගේ අපූර්ව නිර්මාණයක් කියවන්නට ලැබෙන්නේ එසේය. ඒ කේ ජී කරුණාතිලක සූරීන්ය.පොත මගේ කුඩා එකතුවෙන් අතුරුදන්ව දැන් වසර දහසයකි. ඒ දහසය වසර තිස්සේම ඉටි බෝලය මට නොයෙක් වර මතක් වූයේය. නොයෙක් පොත් ප්රදර්ශන වලදී මේ පොත මා හොයා අසා බැලූ වාර ගණන නිමක් නැතිය. මේන්න 2014 දී මට මේ පොත පැරණි පොත් එකතුවකට පින් සිදුවන්නට ආයෙත් ලැබෙන්නේය. ඉටි බෝලයට මා අසක්ත වූයේ නව යොවුන් වියේ , වැඩිමනත් යමක් නොදන්නා කුඩා කෙල්ලක් හැටියටය. ඊයේත් අදත් ඉටි බෝලය මා නැවත කියවන්නේ කාලයත් සමග බොහෝ සමාජ සංසිද්ධීන් හමුවේ තැලී ගැටී වියපත්වී කරකුට්ටන් වූ සිත් ඇත්තියක සේ යැයි අවංක මට කීමට සිදුවෙයි. ඉටි බෝලය නැවත කියැවීමේදී , එහි වූ සොඳුරු අහුමුලු ස්පර්ෂ වෙද්දී දැනෙන සාහිතමය රසය සහ සොයා ගැනීමේ නව ප්රහර්ෂය වචනයෙන් කිව නොහැකි තරම්ය.බොහෝ දෙනා නගන පොදු ප්රශ්නයක් නම් , මා කියැවූ පොත් නැවත කියවන්නේ මන්ද යන්නයි . කියැවූ පොත් යනු එක් වරකදී එක් අයුරකින් 'කියවා ගත්' ලේඛනයක් වූ පමණින් ඉවත දැමිය හැක්කක් නොවේ. නැවත කියැවීමේ සන්තෑසියට බරපතල වශයෙන්ම ලක්ව තිබුනේ ජයසේන ජයකොඩි මහතාණන්ගේ 'පිච්චමල ' සිට 'සුදු නෙලුම' දක්වා පොත් 8යි. පසුගිය දශක එකහමාර තිස්සේ ඒවා නැවත කියවූ වාර ගණන සිය ගණනක් විය යුතුය. කියවන කියවන වාරයක් පාසා නොදුටු සොඳුරු යටි අරුතක් , උපහැරණයක් , නොතේරී තිබූ යමක් හිසට සන් කරයි. සිත සහ ලෝක ස්වභාවය මේ යයි වටහා ගන්නට මෙතරම් සොඳුරු සරල වෙනත් නවකතාවක් මට හමුවී නැත්තේය.2006 පමණ වනතුරුම මේ සන්තෑසිය එහෙමම සිද්ද වූයේ ඔය පොත් ටිකටය. එහෙත් ඒ 'ජෙරල්ඩ් ඩරල්ගේ මගේ පවුලයි අනෙක් සත්තුයි , කුරුල්ලෝ සිව්පාවෝ සහ නෑදෑයෝ , දේව උද්යානය හමුවන තෙක්ය. දැන් ඒ පොත් තුනට නිවනක් නැත්තේය. මේ පොත් තුනෙන් එකක් මගේ ඇඳ ඉහත්තාවේ නොමැති දිනයක් නැත්තේය. නිදන්නට පෙර ගන්න බෙහෙත් අවුසදයක් මෙන් , අහම්බෙන් පෙරලෙන පිටුවක් දෙකක් යල්ත් ,යලි යලිත් සිය දහස් වතාවක් කියැවූවද රස නොනැසී ඇති හෙයින් , නින්ද එන තුරු කියවමින් රස විඳිමි. එය දැන් යාවජීව කාරියක් වී පුරුද්දක්ම වී තිබෙන්නේය.,අද හැන්දෑවේ සිට මට ඉටි බෝලයෙහි ගැඹුර විද්යමාන වීමට පටන් ගෙන ඇත්තේය. මෙතෙක් නොදුටු ස්පර්ශයකින් ගී ද මෝපසාං දකිමින් සිටිමි. 1998 උපන්දිනයේදී අක්කා මේ පොත තෑගි දෙද්දී ඒ පොතේ මෙහෙම ලියා තිබ්බා මතකය..'ඉටි බෝලය' _________ වුවත් ඔබ කිසිදා ඉටි බෝලයක් නොවන්න.... ඉටි බෝලය යනු අසාධාරණයට ලක් වූ , අනුන් උදෙසා තම ප්‍රාණ පරිත්‍යාග කිරීමෙන් ගැරහීමම පමණක් ලැබූ අසරණ ස්ත්‍රියකැයි පමණක් මට 1998 දී ගම්‍ය වූ බව ඇත්තකි. ජීවිතය ලෝකය , ගැරහුම් අවමන් , හැඬුම් වැලපුම් යන්නෙහි ඊට එහා ගිය අතිශය සියුම් සංවේදනාවන් ඝැබ්ව ඇතයි විචක්ෂණ මනසින් බලන්නට මම බුහුටි නොවීමි.එහෙත් ඉටි බෝලය සතු මානව හිතවාදීත්වය . ඇගේ දැඩි මතවාදීත්වය ... අනුන් වෙනුවෙන් සිය ප්‍රතිපත්තින් මෙන්ම ජීවිතයද කැප කළ උදාරත්වය . මට ඉටි බෝලයක් නොවිය යුතුයැයි කී අක්කා, මට එසේ නොවන්නැයි කීවාද . එසේ නොවන්නැයි අදහස් නොකලාද . එය දන්නේ ඈ පමණි ..ඉටි බෝලය තරම් විවාදශීලි අදහස් නොදරන්නැයි ඈ කීවා වෙන්නට පුලුවන . ඉටි බෝලය මෙන් සාධාරණ නොවන්නැයිද කීවා වන්නට පුලුවන. ඉටි බෝලය මෙන් නොවිකිණෙන්නැයිද කීවා වන්නට පුලුවන. එක්කෝ ඒ කිසිවක් නොසිතා ඉටි බෝලය වාගේ සමාජයෙන් නරක ලේබයට පත්වූ ගැහැනියක නොවන්නැයි කිවා වෙන්නට ඇත. (මට ගණිකාවකගේ අකැප ආදරය සිහි වෙයි) අද කියවන ඉටි බෝලය තුල විදාරණය වන සර්ව සාම්‍ය සමාජ විෂමතාව , තරඟකාරීත්වය , කුහක කම , අවස්ථාවාදිත්වය මේ කී නොකී දහසකුත් එකක් මානව ලක්ෂන එක් දිගු කෙටිකතාවක ගී ද මෝපසාං කැටි කළේ කෙසේදැයි මට විමතිය නවත්වා ගත නොහැකි. ඊටත් එහා ගිය විමතිය පහළ වන්නේ , ගී ද මෝපසාං අවසන මානසික ආතතියෙන්ම දිවි නසා ගැනීමය. මේ තරම් ජීවිතය අතැඹුලක් සේ දැකීමේ ඥාණයකින් හෙබි ඔහු ජීවිතයෙන් පලා යන්නේ ඇයි. ජීවිතාවබෝධය සහ ලිවීමේ හැකියාව අතර විසල් පරතරයක් තිබේද.ලියන දෑ ජීවිතයක ගැබ්ව නැතිද. ජීවිතයත් ලිවීමත් යනු දෙකකැයි සිතේ. ජීවිතය උවමනාවට වඩා ඇනලයිස් කිරීමට යාමේ අතුරු ප්‍රතිපලය ගී ද මෝපසාං ජීවිතයෙන් වන්දි ගෙවීමද .
|
BLOG
|
2014.03.23
|
http://sansaare.blogspot.com/
|
[306] යාත්‍රා කළ වැලි කැට
|
ජීවිතේ මල්
|
. .වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරටතුරුල් වී පෙම් කෙලින මූදට නැලවි නැලවී එපා වෙන විට ගාට ගාටා ඇදෙයි වෙරළට .. පිහිනගන්නට නොදත් වැලිකැට කැන්දගෙන ගොස් දියඹෙ ඈතටක්ෂිතිජ රේඛා පෙන්වු පලියට මූද රැඳෙවිද උන්ගෙ තනියට . මෙතෙක් ගතවූ කල්ප කාලෙට මූදු දෙව්ලොව දොරටු හරිනට යාත්‍රා කළ වෙරළෙ වැලි කැට නතර වූයේ බඹ ගණන් යට .
|
BLOG
|
2014.03.20
|
http://sansaare.blogspot.com/
|
[305] ජීවිතේ රඟහලක්
|
ජීවිතේ මල්
|
ආලය ...පෙති ඇහැරී නොමැති වුව ,පිපී අවසන් මලක ,නටු අගෙහි එල්ලී ගත්දාහයෙන් ශේෂ පිණි බිඳුවකි..අතීතය ...හීනි සුලඟටත් සසැලෙනදුබල පෙති ගිලිහුනෝතින්විදාරණය වන නිරුවතවියැලි හද රේණු අහුරකි..වසන්තය ..එන වසන්තයටත් බඹරු විත්යන තුරුත් , හිස ගසා සැඟවගත්පොහොට්ටුවක අකල් නිද්‍රාවජීවිතයෙන් ඉපැදුනු මරණයකි ...2014 - 3 - 20.
|
BLOG
|
2014.10.17
|
http://hadageepotha.blogspot.com/
|
අල්ප ප්‍රාණ!
|
තිස්ස දොඩන්ගොඩ
|
"ප්‍රොයිඩ් කියන්නෙ නං පිරිමි යටිහිතින් හොයන්නෙ අම්ම වගේ මූන කට තියන ඈයොලු සහේට ගන්න. ඉතිං බොලෑ පරම්පරාව උඩහ පලාතෙ නේද. ඒ පැත්තේ ඈයෝ නං ඉතිං රවුං රවුං තමා. දැං ඔය මැරෙන්න හදන්නේ ඊට ඉංතේරුවෙංම වෙනස් විදිහේ කෙනෙකුටනෙ. මොකවුණත් හෙටවත් අහපං ගොනෝ වෙන එකෙක් ඩැහැගන්න කලිං."මා ලස්සන කෙල්ලක් ලොව පුරාසෙව්වෙමි නෑ ඇය දුටුවේඒ ලස්සන ඇත්තේ ඈ ලඟයිහද මත් මේ ඇය හමුවේලඟ පාත සිටිද්දී ඈ ගමේමට දැනුනේ ඈත වගේකටු අකුලක සුවඳින් නෑවිලාඇයි ලස්සන මල් පිපුනේදේදුන්නේ පාටින් ආදරයේ ගීතිකාලියැවෙද්දී මා හදේඒ හද අරන් ගියා ඇගෙ රුව දෙනෙතේ සිතුවම් වෙලාමට ඇය හැම තැනම පෙනේඒ මුහුනේ සෙනෙහස ඉතිරිලාමුළු ජීවිතයම පිනවාමට මොකටද ඇය නැති ආදරේ පුන් සඳ නැති රැය වාගේබැබැලෙන්නෙ මගෙ හද පැල එයා කැඳවාගෙන ආ දාටයි "දැං ඉතිං කී දවසක් ගියාද පස්සෙං. අනේ මන්ද ගෑනු එපා වෙලා කීව එකා දැං පස්සෙන් යනව දවසක් ගානෙ. අනේ අම්මප උඹනං. අහල දාපංකෝ ඕක මොකක් හරි ඉවරයක් වෙන්න."බිනරමලී ඔබ හැඩයි නේකුමටද කඳුලැලි සලන්නේ මගෙ හද දිනු සුදු කුමරියේපුදනෙමි මෙ ආදරේපින් පාටයි ඔබෙ නෙත් සඟලාසීදේවී ඔබෙ මුව කමලාසිරියා පානා කොමල සිනාසිතුවදෝ ඒ හැඩ රුව මදියි කියාඅගනා රුවිනා බැබලෙනා ඔබට මා පුද දෙමීහද මගේ මල් වගේකැකුලු මලක් ලෙස ඔබ දුටු මාරොනට වඩින බිඟු මෙන් සිතුවා සෙනෙහස මගෙ හද තුල බැඳුනාඔබ කොහෙදෝ මා ඔබ ලඟයි සදා "අම්මට සිරි ඇහුවද තෝ සිරාවටම.. ඉතින් මොකෑ කියන්නේ.. කල් ඉල්ලනව. එහෙමනම් ලොක්කා ඉතින් ගොඩ තමා, බැයිනං බෑ කියනවනේ බං කෙලින්ම, නැද්ද හොඳයි."ප්‍රේමාදරයක සරන සොයාසල් ගස වට වැල එතුනි දයාසඳ පසුපස යන තරුව නියාමම ආවෙමි ඔබව සොයාඔබෙ හද ආදර කැදැල්ලකීමා එහි සැතපෙන කුරුල්ලෙකීඔබෙ හද ආදර කැදැල්ලකීමා එහි සැතපෙන කිරිල්ලකීසැනසෙන්නට සුබ සරන බැඳීලාආවෙමි ඔබව සොයාජීවන මග ගන අඳුරු රැයේආලෝකය ඔබ වන්න ප්‍රියේජීවන මග ගන අඳුරු රැයේආලෝකය ඔබ වන්න ප්‍රියේ ඈත ලෝකයක කැදලි බඳින්නටඅපි යමු පියා සලා "මොකද යකෝ ගෙට්ටුව කඩන්න හදන්නෙ මේ. පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හැදුව විතරයි. නෑ.. සිරාවට හා කිව්වද.. දාමු යකෝ පාටියක් එහෙමනම්.. හැබැයි ලොක්කා ඔන්න කැන්දං යනකල් බලාගන්න ඕන පරිස්සමින් හරිද. තව සෑහෙන කාලයක් තියනව උඹට මිනිහෙක් වෙන්න."ලස්සන දවසක ලස්සන දෑසක් හමුවීලායෞවන ලෝකය පිළිබඳ විසිතුරු පවසාලාඅනංග දෙසේ කතා කියාකිංකිනි සැලෙනා හඬ පරදාඇසුනා ගී රාවේඅසා - ගංගා - ඉවුරේ - උතුරාපියවිලි අතුරා හද අරනේතරුමල් මාලාවේඔබ දෝ - රජිඳේ - වඩිනා - කුමරා "කොහොමද බං ජොබ. උඹ එදා කෝල් එකක් දීපු වෙලාවේ කිව්ව නේද ඉක්මන්ටම එකලාසයක් වෙන්න යන්නෙ කියල. ඔව් බං උඹ හරි එක අතකට, ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔක්කොම සම්පූර්න කරගෙන ඔව්ව කරන්න බෑ. උඹ පැනපං, අපි ඉන්නව උඹව ගිලෙන්න නොදී අල්ලං ඉන්න, බයවෙන්න එපා උඹ."වාසනාව දෝතට ගෙන සිනා සලාප්‍රේමවන්ත සැමියකු හා සරන වෙලාමේ මනමාලී වෙයි සුකුමාලීතුං තුඹ මල් දොං තරිකිට තාලෙට යාවීආරිය කුල තාලෙ බලා සාරිය ඇඳලාඉද්ද සමන් මල් ගවසලාසඳුන් වලින් තිලක තියා මුතුපොට බැඳලාසුබ නැකතින් පිටවී යනවාආදර බර දෙමාපියන් පා යුග වැඳලාආසිරි ලැබ සිත සනසාලානෑ පිරිසට හාදු දෙමින් මුහුන තෙමාලාසුබ නැකතින් පිටවී යනවා "යකෝ ඩ්‍රින්ක් එකක් දාන්නේ කොච්චර කාලෙකින්ද මේ උඹත් එක්ක.මොකක්ද ඉතින් ඔය කතාකරන්න ඕන කිව්ව කේස් එක."මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකිමොනවා කරමිද මොනවා කියමිද නොදැනෙයි පුදුමයකීනොදැනෙයි පුදුමයකී යන එන මාවත ඇහිරී කොටුවී අද මට මා නැත්තේහෙට ඉරු එළියේ මෙතනින් පිටවී කොයිබද යා යුත්තේසුලු වරදක් ගැන මහමෙර තරමට ඇයි ඔබ සලකන්නේමිනිස් ගතිය ලොව බිහිවුන දා සිට වෙනසක් වී නැත්තේ හිත ගිය කෙනෙකුට ආදරෙ පිදුවොත් එහි වරදක් වේදෝඑයින් පරාදව පසුබට වුවහොත් කැලලක් ඇතිවේදෝවරද වරද ලෙස පිලිගන්නෙමි මම දෙනෙතින් කඳුලු පෙරාලොව මට සලකයි ඔබ අන්දව ඇයි නිහඬව හිතට හොරාමගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකිකිඳුරු රැජිනියේ මගේ ආදරේ තවම ඔබට පමනයි.
|
BLOG
|
2014.10.09
|
http://hadageepotha.blogspot.com/
|
මල්ලී - පුබුදූ!!
|
තිස්ස දොඩන්ගොඩ
|
"යළි පුබුදමු ශ්‍රී ලංකා" නමින් සිංහලෙන් 2002 වසරේ කල එළියට බට "Regaining Sri Lanka" නම් වැඩ පිළිවෙලෙහි මූලිකම පරමාර්ථය වූයේ අධික ණය බරින් මිරිකෙන අප රට, නුදුරෙහිම එන බරපතල ආර්ථික අගාධයකින් ගලවා ගැනීමය. මෙය අනූව දශකයේ අග භාගයේ සිදුවූ ආසියානු මකරුන්ගේ කඩාවැටීම් වලින් ගොඩ ඒමට ඔවුන් අනුගමනය කල ලිබරල්වාදී ක්‍රියා පටිපාටීන් අප රටට හඳුන්වාදී අනාගත උවදුරකින් අප ගලවාගැනීමේ චේතනාවෙන් කෙරෙන්නක් බැව් එවක ශ්‍රී ලංකා රජයේ අග්‍රාමත්‍යතුමා වැඩසටහන එළි දක්වමින් පැවසීය.සිංහලෙන් පුබුදමු යන්න නිද්‍රාවට පත් යමක් ප්‍රස්තුත කර භාවිතා කල හැක. ඉංගිරිසියෙන් "Regaining" යන්න පමණක් ගෙන, එහි අරුත "අත්පත් කරගැනීම" ලෙසද ගතහොත්, ඒ නැවත අත්පත් කරනුයේ ගිලිහී ගිය යමක් විය හැක. මේ මුකුළිත හෝ ගිලිහුණු 'යම' හරි හැටි ප්‍රකාශ නොකිරීම මෙබඳු වැඩසටහන් නිර්මාතෲන් අතින් නිතරම මගහැරෙනා කරුණකි.අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය ලෙස එන අණන සූත්‍රය, පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් දක්වයි. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි. අණන සුඛය පසෙකලා ණය ගැනීමට ගොස් පුද්ගලයාද, පවුලද, ගමද, රටද 'අනන සුඛය' බුක්තිවිඳීමට පත්වීම වැලැක්විය නොහැක.ණය වීම හෝ ණය ගැනීම නොයෙක් ලෙස කල හැක. සංකල්ප, චින්තන, ක්‍රම සහ විධි ලෙසින්ද ණය ගත හැක. අයිස් බකට් අභියෝග සමගින් අප රට බිහිවූ අමුමිරිස් අභියෝගයටද සමගාමීව 'නෑමක්' හෝ 'කෑමක්' නොමැති තවත් අභියෝග සමූහයක් අන්තර්ජාලයේ පැතිරීම සිදුවුණි. මේවා වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදුනොවීමද විශේෂත්වයකි. තවත් එබඳු අභියෝගයක් වූයේ "තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කල පොත්" දහයක් නම් කිරීමේ අභියෝගයයි. තමන් ඒවා නම් කල පසු තවත් පස් දෙනෙකුද එසේ කිරීමට නම් කිරීමද කල යුතුය. අභියෝග බාරගත් නිර්භය මිනිසුන් බොහෝ දෙනෙකු තම ජීවිත වලට බලපෑම් කරගෙන ඇත්තේ නොරට වියතුන්ගේ ග්‍රන්ථ පරිවර්ථනානුසාරයෙන් බව එයින් මොනවට පසක් වුණි."සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම" ලෙසින් ලියමනක් ලියන, මෙරට සෙනරත් පරණවිතාන වියතාණන් මෙසේ කියයි:"සිංහල අටුවා ග්‍රන්ථ, ඒවායේ පාලි පරිවර්තනත් සමග, ලංකාවේ විහාරාරාමයන්හි 12 වැනි සියවස දක්වා භාවිත විය. එහෙත් අප සාකච්ඡා කරන යුගාරම්භයේදී සිංහල අටුවා ග්‍රන්ථ භාවිතයෙන් ඈත් වන්නටත් බුද්ධඝෝෂගේ පාලි පරිවර්තන වඩ වඩා ව්‍යවහාරයට පත් වන්නටත් පටන් ගැනිණි. අටුවා ග්‍රන්ථ ලියැවුණු පැරණි සිංහල භාෂාව, ඒ කාලය වන විට තේරුම් ගැනීමට අසීරු තත්වයක පැවතීම ඊට එක් හේතුවක් විය. ඒවා එදා පැවති සිංහල භාෂාවට හරවා ගැනීම පහසුවෙන් කරගත හැකිව තිබුණු බැවින් ඉහත සඳහන් කල හේතුව ප්‍රධාන නොවූ බව පෙනේ.ලංකාවේ විහාරාරාමයන්හි 11වැනි ශතවර්ෂයේදීත් ඉන් පසුවත් බුද්ධඝෝෂ ගේ පරිවර්තනයට වැදගත් තැනක් දීමේ ප්‍රධාන හේතුව වූයේ එකල ලියලමින් පැවති එක්තරා විශ්වාසයකි. විදේශයකු විසින් පළ කරනු ලබන අදහස වඩා වැදගත් ලෙස සැලකිය යුතුයි යනු ඒ විශ්වාසයයි.බුද්ධඝෝෂ විසින් පවා ගෞරවාදරයෙන් සඳහන් කරන ලද පුරාණ සිංහලාචාර්‍යවරුන් රහතන් වහන්සේ හැටියට නම් කරන ලද නමුත්, අනුරාධපුර රාජධානියේ පරිහානියෙන් පසු ඇතිවූ තත්ත්වය අනුව රහතන් වහන්සේ නමක් වුවද ස්වදේශිකයකු වීම මදිකමක් ලෙස සැලකීම සිරිතක් විය. එවක් පටන් ස්වදේශික රහතුන්ගේ අදහස් පවා සඳහන් වූයේ විදේශික බුද්ධඝෝෂ ගේ මතය ලෙසිනි" "මෙසේ පාලි ත්‍රිපිටකය හදාරන විට ඉදිරිපත් වූ දුෂ්කරතාවලදී පාලියෙන්ම ලියන ලද විස්තර ප්‍රයෝජනයට ගතයුතු විය. එහෙත් සාමාන්‍ය ශිෂ්‍යයකු ගේද ඇතැම් විට සාමාන්‍ය ගුරුවරයකුගේද පාලි දැනීම, පාලි අටුවා ග්‍රන්ථ තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එහෙයින් ඒවායේ සඳහන් දුෂ්කර පද සිංහල භාෂාවෙන් විස්තර කොට 'ගැටපද' නම් වූ ශබ්ද මාලා සැකසිණි.පාලි ත්‍රිපිටකය විස්තර කැරුණු පාලි අට්ඨකථාවන් තේරුම් ගැනීමට මේ ගැටපද භික්ෂූනට උදවු වු බව නිසැකය. එහෙත් ඒ භික්ෂූන් ගැටපද වලට නියම කෘතවේදීභාවයක් දැක්වූ බව පෙනෙන්නට නැත. සිංහල ගැටපදයක් අතේ අතැතිව උපාසක උපාසිකාවන් විසින් දකිනු ලැබීම පවා තමන්ගේ තත්ත්වයට මදිකමක් ලෙස ඒ භික්ෂූහු සලකන්ට වූ හ. එසේ හෙයින් එම ගැටපද ටීකා(උප-අට්ඨකථා) ලෙසින් නැවතත් පාලියට පරිවර්තනය කොට 'සාරත්ථදීපනී' ආදී අලංකාර නම් තැබූහ."පාලියට නැගීම නිසා අභාවයට පත්, භාවිතයෙන් තුරන් වූ ග්‍රන්ථ ලෙස 12 වන සියවසේ වේදේහ තෙරුන් විසින් රචිත රසවාහිනී, ශ්‍රී මේඝවර්ණ රජු දවස ලියැවුණු එළු දළදා වංශය, ආදී පොත් දක්වා ඇත. තවද:"මෙසේ සිංහල ග්‍රන්ථ පාලියට නැගීමේ පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ එකල ව්‍යවහාරයෙහි පැවති සිංහල භාෂාව හෝ නොදත් විදෙස් වැස්සන්හට ඒ ග්‍රන්ථවල සඳහන් කරුණු කියවන්නට මග සැලැස්වීමයි. මේ පරිවර්තනකරණය නිසා ලෝකයාගේ ප්‍රයෝජනය පිණිස පරිවර්තනයට භාජනය වූ වැදගත් සිංහල ග්‍රන්ථ නැති වී නොගියේ නම් පරිවර්තනය කිරීම ප්‍රශස්ත ක්‍රියාවක් ලෙස මීට වඩා අගය කල හැකිව තිබිණි""ගාමීණි හෝල් පොත් කඩ" නමින් ප්‍රසිද්ධ පැරණි පොත් කඩ වල රාක්ක පවා මුලුමණින්ම ආක්‍රමණය කර වැජඹෙන, විදෙස් බසින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතීන්වල මුල් කෘතීන් වලටද, පැරණි සිංහල ග්‍රන්ථ වලට අත් වූ ඉරණම අත් නොවේවායි මම ඉත සිතින්ම පතමි.නූතන සිංහල පාඨක ජීවිත වලට කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිවූ ග්‍රන්ථ රචකයකු, නාට්‍ය කරුවකු, වියතකු වන දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනය කොට එළිදක්වන ලද නාට්‍ය ද්විත්වයකි 'මධුර ජවනිකා' හා 'ආනන්ද ජවනිකා'.'මධුර ජවනිකා හෙවත් හිංගල වංශය' හා 'ආනන්ද ජවනිකා' නාට්‍ය නිමවා නොනවතින ගුණවර්ධනයන්, නාට්‍ය පෙල ඇතුලත් අපූරු ග්‍රන්ථ යුගලයක්ද නිර්මාණය කරයි. කිසිදා ඉංගිරිසි නවකථාවක් හෝ කියවා රසවිඳ නැති මට, මේ ග්‍රන්ථ යුගල 'මැජික්' වන්නේ එවායෙහි ඇති උපග්‍රන්ථ නිසාවෙනි.ගුණවර්ධනයන්ම කියනා පරිද්දෙන්ම මේවා ශාස්ත්‍රීය පර්යේෂණ නොව, නාට්‍ය සම්පාදනයේදී සොයා බලා දැනගත් දෑ එකලස් කිරීමකි. අප වියුණු සටහන් විෂය ක්ෂේත්‍රය වන සැඟව ගිය ගී අතරට රැස් දහර එල්ල කරන්නටද මේ නාට්‍ය යුගලයෙන් බිහිවුණු ගී යුගලක් සමත් වෙයි.ආදී ආනන්දීයන්ගේ ආරාධනයෙන්, ආනන්ද විදුහලේ ශත සංවත්සර උත්සවය සඳහා, ආනන්දයේ උපත හා වර්ධනය ගෙනහැර පාමින් කල වාර්තාමය නාටකයකි "ආනන්ද ජවනිකා". ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස් සටනට දිරිදුන් චූලාලංකාර තායි මහා රාජයාණන්ගේ [King Chulalongkorn] සුහද නාමයට "ආනන්ද ජවනිකා" ග්‍රන්ථය, ගුණවර්ධනයන් ගෞරවයෙන් පිලිගන්වයි.අප හද පුබුදු කරනා පළමු ගීය ගැයෙන්නේ ආනන්ද ජවනිකා නාටකයේ අවසානයේයි. මෙම ගීයෙන් 1914 ප්‍රථම වරට සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි දෙපක්ෂය පහලොස් දහසක් පමණ එක්කාසුවී වික්ටෝරියා පාක්හි පැවැත්වූ අවුරුදු උත්සවයේ විසිතුරු කම, සංකේතාත්මකව ඉදිරිපත්වේ. ගීයේ පළමු පෙල නිමවා ඇත්තේ 1883 ප්‍රංශයේ උපන් රෝමානු කතෝලික පියතුමකු වන ගරු ජෝශප් මොන්තඤ්ඤොං පියතුමා විසිනි.1910 දී පමණ ලංකාවට පැමිණෙන පියතුමා නාගොඩ, වැලිවිට, වෙන්නප්පුව, පමුණුගම, හල්පෙ, යන ස්ථානවල සේවය කොට පසුව කුරුණෑගලට නුදුරු මීසමක ප්‍රධානියා වශයෙන් පත්වී ඇත. ධර්ම ග්‍රන්ථ රාශියක් සිංහලෙන් ලියූ, සිංහලට අතිශයින් ප්‍රියකල මෙතුමා කොළඹදී ස්වර්ගස්ථවීමට ප්‍රථම දේව මෑණියන්ට යාඥා කර ඇත්තේද සිංහලෙනි. සැළළිහිණිය ආදී නොයෙක් සිංහල ග්‍රන්ථ වල ඇති දුශ්කර බන්ධන සහිත කවි බඳු කවි ගෙතීමටද එතුමා දක්ෂයකු වී සිටි බව කියැවේ.එතුමා විසින් විරචිත 'ආරණ්‍ය වැණුමක්' ප්‍රබන්දය ඇසුරෙන් පළමු පෙල ගෙන, පැරණි ගැටපදාචාර්‍යවරුන් ගත් මගම යමින්, අරුත් පැහැදිලි කරමින්, එයට මනරම් දෙවැනි පෙලක් එක්කරන්නේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. තණුව බන්දුල විජේවීරයන්ගෙනි. වරහන් තුල ඇත්තේ මුද්‍රිත පොතේ ඇති පදයි.මල්ලී පුබුදු රජස වැදිය වසමින් මඩ වාලුකාවෙල්ලී කුබුදූ විලස ලදිය දිනමින් කිඩ ලාසිකාඅල්ලී මොවුදූ සදිස විදිය අඳිමින් දඩ මාලිකාපල්ලී පුලුදූ අනස බුදිය සොයමින් කිඩ ජාලිකාපිපුන සමන් මල් රේණු සලා ලා සුවඳයි වැල්ල පුරානටන [තුරු]ලෙසින් වැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා[බුදින]සරන සිතින් [රං]ලොල් රාං කුරුල්ලා නරකයි විදිනු මරාසුදන [ලෙසින්]බැතින් [දැන්]මල් [සමගි දමින් අපි]දමින් එතීලා බැඳෙමුයි භේද හැරාදෙවැනි ගීතය එන්නේ "මධුර ජවනිකා" නාටකයේ එළාර රජතුමාට කථකව මුණ ගැසෙන අවස්ථාවේදීයි."කථක: එහෙනං ඔබ වහන්සේ මේ අපේ එළාර රජ්ජුරුවෝ.එළාර: දැන් කොහොමද... අපේ මිනිස්සු තවමත් කලබල කරනවද.කථක: අනේ දේවයන් වහන්ස ඔබවහන්සේට බොරුවක් කියන්න ඕනෑයෑ. ඔය පිටරටවල කියන කිසිම කලබලයක් මෙහෙ නෑ. තියෙන්නෙ එකමුතු වෙන්න තියන කලබලයක්. දැන් බලන්න, අපි ජාත්‍යන්තර තත්වෙට එන්ඩ ඕනෑ කියලා කොච්චර ලස්සන කුමාර හෝටල් හදනවද පිටරට මිනිස්සු මෙහාට ගෙන්න ගන්ඩ. ඒ වුණාට අපේ සාමාන්‍ය මිනිස්සු ඕවට අඩියක්වත් තියන්නෙ නෑ. හැබැයි ඔබවහන්සේලාගේ ජාතියෙ කෙනෙක් හේම හෝටලයක් දැම්මොත්, දිවා රෑ නොබලා එව්වට යන්නේ... ජාත්‍යන්තර වෙන්ඩ ඉස්සෙල්ලා අපි ජාතික වශයෙන් එකමුතු වෙන්ඩ ඕනෑ කියල තමයි ඒකෙ අදහස.එළාර: ඒක නේන්නං බලමුකෝ මේ දිව්‍යලෝකේ පත්තරවල උණත් පළවෙන ආරංචි වැරදි ඇත්තටකථක: ඔව්ව ගැන කලබල වෙන්ඩ ඕනැ නෑ දේවයන් වහන්ස... මොකක්ද ඔය උරේ.එළාර: ආ මං ලඟ තියනව හොඳ බෙරයක් මේ උරේ... මේකට තමා තාවිල් බෙරය කියන්නෙ. ඒ කාලේ අපි මේක මෙහෙමයි හැදුවෙ ඔය ගොල්ලන්ගෙ දවුල් බෙරේ ආශ්‍රයෙන්කථක: ඔබ වහන්සේට පුළුවන්ද ඕක ගහන්ඩ.. ඇහුවට සමාවෙන්ඩඑළාර: ගහන්ඩ විතරක් නෙමේ, සින්දුවකුත් කියන්නම් ඕනෑ නම්කථක: කොච්චර එකක්ද, දෙමළ භාෂාවෙන්ද කියන්නෙ.එළාර: ඔව්, ඒ වුණාට මම ඉස්සර වෙලා පටන් ගන්නම් සිංහලෙන්කථක: මොනව. ඇත්තට.. ඔබ වහන්සේ නම් පුදුමයිඑළාර: පුදුම වෙන්ඩ දෙයක් නෑ. මම රජ කරපු කාලෙ ඔය ප්‍රතිපත්තියම තමා මං අනුගමනය කළේ. සිංහල මිනිස්සු වැඩියෙන් ඉන්න රටේ සිංහලට මුල් තැන දෙන්න ඕනෑ නෙ.කථක: මට නං පුදුමෙනුත් පුදුමයිඑළාර: මටත් පුදුමයි ඔහේ සිංහල මිනිහෙක් වෙලා ඕකට පුදුම වෙන එක ගැන.කථක: ඔබතුමාගේ සින්දුවේ මාතෘකාව මොකක්ද.එළාර: මම කියන්න යන්නේ අපේ පත්තිනි මෑණියන් ගැන. ඒත් ඒක පටන් ගන්නේ බුදුහාමුදුරුවන්ගෙ ගුණ සිහි කරලා. ඒ මොකද මේ රටේ වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෝනේ. ඒකත් අපි සලකන්න එපායෑකථක: ඔබ වහන්සේ නම් ඇත්තටම පුදුමයිඑළාර: ආයෙත් ඉතින් පුදුම කථාවක් ඇදල ගත්ත. ඕක තමා සිංහල මිනිස්සුන්ගෙ වැරැද්ද. සිහිකල්පනාව නැති එක. මතක නැද්ද මගෙ ගුණ යහපත් කම ගැන මතක් වෙන්න, අනුරාධපුරේ එළාර සොහොන බැන්ද හැටි දුටු ගැමුණු රජ්ජුරුවො.කථක: අනේ ඒක නේන්නං. ඔබ වහන්සේව මරණයට පත් කරපු එක මටනම් දැන් වැටහෙන්නේ අපි කරපු බරපතල වැරැද්දක් කියලාඑළාර: දැන් ඉතින් ඔය පහු ගිය එව්වා ගැන කම්පා වෙලා වැඩක් නෑ. ඉදිරියටවත් හිතේ තියාගන්නවා හොඳයි. එහෙනං අපි සින්දුව පටන් ගම්මු. මේක ඇවිල්ලා මේ වන්දනා කරුවෝ පයින් වන්දනාවේ යන කොට කියපු වයි නඩේ කවි. අපේ පත්තිනි මෑණියෝ තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් වින්ද දුක් කරදර මේ කවිවලින් කියවෙනවා"තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානාතෙන තෙන්දි නානා - තෙන තෙන්දි නානාඑක් සමයෙකි සාවෙකු වී මුනි සඳදුක් නොව ඇඟ මස් දන් දෙන ලෙස සොඳවික්‍රම පෑවේ ගින්නට පැන ඉඳසක් දෙවි ඇන්දේ සා ලප සඳ මැදඔරු සමයෙක මුනි මුසල පුරන්දේකරුනින් නන්නුඩ සැඩ සතුරුන්දේනෙරුප්පුලේ උළු පූඩිත්තරින්දේමුරුගන් කූඩිල් එල්ලත සුරිඳේපරිවර්තන බහුලවන්නේ සංස්කෘතික කාන්තාරයයක් වන අප රටෙහි, සාකච්චාවට, නිර්මාණයට බඳුන් විය යුතු විවිධ සංකීර්ණ ප්‍රස්න, චර්‍යා, ඇවතුම් පැවතුම්, ඔසවා තැබිය යුතු සිතුම් පැතුම්, නව සංකල්ප, නිර්මාණ නැති නිසා වුව හැක. පොත් සාප්පු වෙත යන මා, හැඳ යන්නේ තරමක් ජරාජීර්ණ වූ කළිසමකි. ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක.
|
BLOG
|
2014.10.01
|
http://hadageepotha.blogspot.com/
|
ලක් මව රුව සරසන මල්.....
|
තිස්ස දොඩන්ගොඩ
|
ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද. "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන් තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්‍යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්‍රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය.සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්.ගීත අසන්න...ගීත පොත බාගන්න මෙතැනින්....ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි].
|
BLOG
|
2014.08.28
|
http://hadageepotha.blogspot.com/
|
මෙවර විස්කම් දෙවිඳු සිරි දී රකිති නිතියෙන් සෙත් පතා.....
|
තිස්ස දොඩන්ගොඩ
|
"අඩුක්කු ගන්න උන්නැහේ"ගෙන් පටන්ගෙන "ළමා බණ්ඩාර දෙයියන්"ගෙන් නිමවන "සිංහල දේව පුරාණය" කෘතියේ දෙවිවරුන් දෙසිය හතළිස් දෙදෙනෙකුගේ ලැයිස්තුවක් ඇත. කවුරු හෝ හිතවතකුගේ උදව්වක් ලැබ අපහසුවකින් ගොඩ ආ කල "අම්මප යකෝ උඹ නම් දෙයියෙක්" යනුවෙන් යක්ෂයාත් දෙවියාත් කළවමේ යොදාගෙන කෘතවේදීවීමට තරම් අප ජනයා නිර්මාණශීලීය.මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය. සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි. හින්දු ආගමික විශ්වකර්‍මයාමෙකි නොකී සියලු දෙවි දේවතාවන් අතර "විස්කම් දෙවියන්" ලෙසින් අප රට අද්‍යතනයේ වැඳුම් පිදුම් ලබන දෙවි කෙනෙක් ගැන දැනගන්නට අවස්ථා ලැබෙන්නේ අඩුවෙනි. හින්දු ආගමට අනුව විශ්වකර්මයා සියලුම නිමැවුම් වලට අධිපතිය. එහෙමත් නැත්නම් මිනිසා අතින් නිර්මාණය වන සියලු නිර්මාණයන්හි මූල බීජයය. ලෝකුරුවන්, වඩුවන්, රන්කරුවන්, ගල් කැටයම් කරුවන් හා වාත්තු ශිල්පීන් විස්වකර්මයාගේ දරුවන්ගෙන් මූලෝත්පාදවූ කර්මාන්ත ගුරුකුල යැයිද හින්දු සාහිත්‍යයේ වේ. හස්තිනාපුර, ද්වාරක හා ඉන්ද්‍රප්‍රාසාද යන නගරද විශ්වකර්මයාගේ නිර්මාණයන් බව කියැවේ. හින්දු දේව කථා, රාමයනය හා මහාභාරතය කෙසේ හෝ කෙළවරකින් සම්බන්ධ කරගන්නා බැවින් ඒවායේ නොපැටලුනු තතු, ඒ පිළිබඳ වියත් විමැසුම් වල නියැලෙන විද්‍යාර්ථීන්ගෙන්ම (සැබෑ වුවමනාවක් තිබේ නම්) අසා දැනගන්නවානම් යෙහෙකි. අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද. ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින් පුවක් පොල් මල පහලින් ඇති බොත්තමක් ඔබන ලෙස ඉල්ලා ඇත. එය එබූවිට පොල් මල දිගහැරී පීදුණු පොල් මලක් ලෙස දිස්වී ඇත. ඒ සියල්ල ඇත්දල වලින් නිමවා කැටයමින් අලංකාර කර තිබී ඇත.ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:දේවසුරේන්ද්‍ර මුහන්දිරම්විසින් අඳින ලද විස්කම් දෙවිඳු"සින්‍දුුරම් පඤ්ච-වක්ත්‍රම්, දශ-භුජ-සහිතම්,පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,කුණ්ඩකම් අක්ෂමාලම්නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,පීත යජ්ඤො-පචිතම්විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහාවිශ්වකර්‍මම් නමාමී"එහි තෙරුමද මෙසේ දක්වා ඇත."තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්,පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හාඅක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්,ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි" අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.විස්කම් බලිය සුරත පොත කඩු සමග පන්හිද - නෙළුම් කල තව කටුයුතේ... වමත කලසද කෙන්ඩි ත්‍රිශුලවි - සමග පාෂාවකි අතේ...නැවත අඹමින් අභය හස්තය - සියල් හරණින් සැදි ගතේ...නගිත ගවයෙකු දේව විස්කම් - බලිය මේ ලෙස බබලතේ....නොහැරගත ගුම්පැහැයබබලා සුසැට භරණින් සැදෙමිනා...පතරභූ පද්මයකපිට හිඳසැදී දෙව් විමනක යුතා...නිතරදඬු මඩුකම්ගෙවල් කරඑයින් පැමිණුන දොස එතා....මෙවරවිස්කම්දෙවිඳුසිරි දීරකිති නිතියෙන් සෙත් පතා.....විවිධාකාරයේ කර්මාන්තවල, නිර්මාණකරණයේ, යෙදෙමින් දෑ දියුණුවට උරදෙන සියලු සොයුරු සොයුරියනට විස්කම් දෙවිඳුගේ බැල්මාරක්ෂාව ලැබේවායි පතමි.ඇසුරුකලා: • සිංහල දේව පුරාණය - කේ එන් ඕ ධර්මදාස / එච් එම් එස් තුන්දෙනිය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව• මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි - ජාතික කෞතුකුකාගාර දෙපාර්තමේන්තුව• බලි යාගය - විනි විතාරණ - ජාතික අධ්‍යාපන ආයතනය.
|
BLOG
|
2014.08.19
|
http://hadageepotha.blogspot.com/
|
මංගල කසී සළු මාලා...
|
තිස්ස දොඩන්ගොඩ
|
මංගල කසී සළු මාලා දෑතේ රන් වළලූහැඳ පැලැඳ මාසිටියා ඔබගේඅතිනත ගත් දිනයේඅතිනත ගත් දිනයේමල්සර මිණි බුබුළු දිලිසීසිහිනෙන් නොදුටු රැයේනීල තරු පොකුරූ මා දුටුවානීල තරු පොකුරූ මා දුටුවාජීවන ගීය ලොවේ මියුරූසවනට නොදී සැලේසියොතුන්ගේ ගීතේ මා ඇසුවාසියොතුන්ගේ ගීතේ මා ඇසුවා෴.
|
BLOG
|
2014.08.15
|
http://hadageepotha.blogspot.com/
|
සඳ එළියේ ඔබ ඉන්නේ...
|
තිස්ස දොඩන්ගොඩ
|
අමරදේවයනට මහගම සේකර විය. වික්ටර්ට, මර්වින් පෙරේරාට, ශ්‍රීමතී තිලකරත්නට ප්‍රේමකීර්ති සිටියේය. මහගම සේකරගේත් ප්‍රේමකීර්තිගේත් කිත් යසස් මැද වැළලී යන්නන්ද බොහෝය. ඒ මහගමසේකරගේවත් ප්‍රේමකීර්තිගේවත් වරද නම් නොවේමය.ඉස්සර වූයේ නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල ඉක්මණින්ම සුදු වී යාමයි. එහෙත් අද වන්නේ නිතර දෙවේලේ දකින කුකුලා 'බෝයාවක්' කරගන්නා සුහුඹුල් මාධ්‍යවේදීන් තමා ගිලෙන්නට නොදී මේ බෝයාවන්හි එල්ලීමය. [මේ බෝයාවේ කථා රසකර කියන්නේ දුෂාන් සොයුරාය. ඒවා පසුවට..] ගීත එක්දහස් හයසීයක් පමණ ලියූ, නීලා වික්‍රමසිංහයනට ගී පද මාලා උල්පතක් වූ, පසුවූ දශක දෙකහමාරක පමණ යුගයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක සාකච්ඡාවට, විභාගයට ලක් නොවූ ගීත නිබන්ධකයෙකු, ශබ්ද පරිපාලකයකු, නිවේදකයකු, සහාය සිනමා [දෙව්දුව, පරසතුරෝ, මිහිදුම් සිහින, මේජර් සර්, මධු සිහින] අධ්‍යකෂකවරයකු වූ එක් අපූරු මිනිසෙක් ගැන සොයන්නට බලන්නට මා පෙළැඹවූයේද ඔහුගේ ඒ අපූරු ගී නිර්මාණයි.මීට දශකයකට පමණ පෙර අප්‍රිකාණු මහද්වීපයේ දකුණු කෙළවරටම වන්නට වී ගතකල කාලය තුල, කුමක් හෝ හේතුවක් නිසා මගේ මතකයට නිතරම ආ ගීයකි: එහි රචකයා ගැන එදා ඒ හැටි නිනව්වක් නොවිණි:"සදා උකුළු තල - මා සුව යහනටතොළගින් මැතිරූ - නැලැවිල්ලෙන්හැරලා මා සුව - සිහින විමානෙටනිදි ගන්වා මා - ඔබ තුරුලේ...."දකුණු පයාගල උපත ලැබූ අපේ කථා නායකයාට වයස හය හත වන විට එස්රාජ් පුහුණුවට යන නැන්දාගේ තනියට ඇයත් සමග යෑමට සිදුවෙයි. මේ කම්මැලි රාජකාරියක් වුවද කථා නායකයාට මේ වටපිටාව සැකසෙන්නේ අප වන් රසිකයින්ගේ භාග්‍යයටමය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළ සඳහා හේ කොළඹ ඉසිපතනට විද්‍යාලයට එයි. අද 'කිවි' දේශයේ වසන, එදා මේ අප තරුණ, කඩවසම් කිවියා, සිය කිවි කමින් නොසෑහී නිබයවම ප්‍රසිද්ධ ගායක ගායිකාවනට සිය ගීත ප්‍රබන්ධ ලියා, තැපැල් කර යවන්නේ පාසල් සගයින්ගේ ඔච්චම්ද මැද්දේය. "කෝ තාම උඹේ සින්දුවක් කීවේ නැද්ද කවුරුත්..." කාලය මෙසේ ගෙවී යද්දී අප කථා නායකයාට අතුල සෝමසිරිගෙන් "මල්ලී" ආමන්ත්‍රණයෙන් අපූරු තැපැල් පතක් ලැබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සිය බිරිය වන ලාලනී සෝමසිරිගේ සරල ගී වැඩසටහනකට අප කථා නායකයාගේ ගී තුනක් ගායනය කරවා පටිගත කර ඇති බවත්, අසුවල් දා, අහවල් වේලාවට ඒ විකාශනය කරවන බවත්ය. මේ එක්දාස් නමසිය හැත්තෑ එක වසරයි.ගුවන් විදුලි යන්ත්‍රයක් තමන්ටය කියා නොතිබූ අප කිවියා ඩිස්ප්‍රීන් දෙකක් ගැනීමට යයි කියා සිය මිතුරු සිරිපාල සමග සිය නිවසින් එළියට බසින්නේ සිරිපාලගේ පියාට හිමි පිළියන්දල 'සිරි බේකරිය' අසලට යාමටය. ඒ එතැන ඇති ගුවන් විදුලියෙන් අර තමන් ලියූ ලාලනී සෝමසිරි ගැයූ ගීත අසන්නටය.සියලු බලාපොරොත්තු ගිලිහී යන්නේ 'ප්‍රවෘත්ති' ඇසීමට සිරි මුදලාලි රේඩියෝව අනෙක් චැනලයට සුසර කිරීම නිසාය. අවසානයේ තම නිර්මාණ දිවියේ පළමු සජීවී ප්‍රචාරය ඇසීමේ භාග්‍යය ඔහුට අහිමි වේ. ගුවන් විදුලියෙන් තැටි වලට නොකැපුණු, නොනැගුණු මේ ගීත අද සොයා ගැනීමටවත් නොහැකි බව හෙතෙම කියයි. එහෙත් දුර්මුඛ නොවී ගී එක්දහස් හයසීයක් ඒ පන්හිඳෙන් ලියැවෙන්නේ කළු වලාවන්හි රිදී වනින් දිළිසුණු රේඛා හෙතෙම දුටු නිසාය.සුළං කෝඩ වැහි වලා පෙළ ගැසේසිත් සමුදුරු අහසේකුණාටු විහඟුන් අඳුරු වලා මැදරිදී වනින් දිළිසේ...ඔබ සයුරේ මා අඳුරු පැල්පතේරළ නැගෙනයුරින් නුරා වේදනානැගී නැගී තෙරපේ සිත් සයුරේ...වාරකන් සුළං සිත් සනහාලයිනුරා වේදනා නිවී නිවී යයිකුසගිනි සෙබලුන් හිස ඔසවාලයි...[සංගීතය සේන වීරසේකර | ගායනය නීලා වික්‍රමසිංහ]සහන නිවේදයකයෙක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කල සමයේ, සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. ඒ, මැද මාස්ටර් (අමරබන්දු රූපසිංහ) හා පොඩි මාස්ටර් (ප්‍රේමකීර්ති) ට අමතරවය. සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි. එහෙත් නොසිතූ ලෙස සම්භාවනීය අමුත්තන්ගේ කලින් පැමිණීම නිසා එදා වැඩසටහන පෑ භාගයක් ඉදිරියට පැමිණෙන්නේය. රිජ්වේ තිලකරත්න පාලන සමය වූ එදවස වැඩසටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණී මහත්මියගේ බලවත් ඉල්ලීම පිට කාරිය බාරගන්නා ඔහුට, හතරවාරයක්ම වැසිකිලි ගොස් වුවද සාර්ථක සජීවී ප්‍රචාරයක් ලබා දීමට හැකිවී ඇත. එදා එසේ වූයේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය මේ සද්කාර්‍යය සඳහා නොඅඩුවම ලැබූ නිසාම විය හැකි බව අද හේ සිනාසෙමින් කියයි. "ඉඟි බිඟි කරනා - තරු නෙතු වලට හොරාසැඟව සිනාසෙමු - අප ලොව හිඳින තුරා"'ඔබේ ගීත එකතු කරල පොතක් එහෙම නිකුත් කරන්න බාලාපොරොත්තුවක් නැද්ද.' මම විමසීමි. "අත් පිටපතක්වත් මම තියාගෙන නෑනේ... ඒත් ඉතින් මගේ ප්‍රියාදර බිරිඳ ඉතින් හෙමින් සැරේ මේව එකතු කරගෙන යනව...". රිඟින් ටෝන්ස් වලින් කෝටිපතියන් බිහිකරන සමාජයක මෙවන් මිනිසුන්ද අපිස් සතොස් බවින් යුක්තව විසීම හැබෑටම පුදුම සහගතය."ප්‍රේම යාතිකා - ඇති ඔබ ගැයුවාගායකයාණෙනි මන බඳිනා - මන බඳිනාසෝ ලතැවුල් හද උතුරන අයුරින්පෙම් ගී නොගයන් මතුදවසේ - මතු දවසේ.."ඔහුගේ අසාමාන්‍ය සරල වාග් විලාශයට විෂය වන්නේ ප්‍රේමය පමණක් නොවන වගට ඉහත ගීය කදිම නිදසුනකි. ඒ වචනවල ඔහුටම ආවේණික ගුණයක් මම දකිමි. සාහිත්‍යමය ගුණයත්, ජනවහරත්, කටවහරත් එක මිටියට බැන්දු රන් හුයක් ලෙස මම ඒ අර්ථ දක්වමි. තවද ඒවායේ අතිශය සුගායනීය බවකුත්, නොගැටෙන නම්‍යශීලී බවකුත් මම දකිමි."ඔබගෙ සෙවනේ - දැනෙන සහනේවේවා සදා වාසනාවන්ඔබගෙ සරණේ - නොහිමි සෙනෙහේසසර සරණ තුරුම වාසනා.."[විජේසුන්දර මහත්මිය විසින් මේ කුලරත්න ආරියවංශයන් ගේ නිර්මාණයක් බව දන්වා එවා තිබුනා. නිවැරදි කරමි. කුලරත්න ආරියවංශයනට කණගාටුව පලකරමි]ලංකාවෙන් බැහැර ගතකලත් වසරකට වරක් හේ සිය මවිබිමට එන්නේ නිකම්ම නොවේ. සිය ශක්ති පමණින් කිවි දේශයේ මිතුරන් හා එක්ව එක් රැස්කරගන්නා යමක් සිය මව්බිමේ කිසියම් පුණ්‍ය කටයුත්තක යෙදවීමටය. මව්බිමෙන් බැහැරවී, මව්බිමේ දොස්ම වයා සිටින්නට ඔහුට උවමනාවක් නැති සෙයකි. ඔවුන්ගේ සවියෙන් මවිබිමේ හිනා මල් කොපමණ මැවේද.රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්නබකිණි ගහේ ඉඟි කරනා කණාමැදිරි මල් ගණින්නඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්නඅක්කණ්ඩී - ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න...කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්නඉරටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්නකෝම්පිට්‍ටු ගෙදර ඉඳන් රණ්ඩු වෙවී ඇද කරන්නඅක්කණ්ඩී - ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...[සංගීතය රෝහණ වීරසිංහ | ගායනය නීලා වික්‍රමසිංහ]සොඳුරු නිර්මාණකරණයේ යෙදුනු / යෙදෙන මිනිසුන්ගේ මා දුටු සුන්දරම කරුණකි. එනම් ඔවුනගේ නිහතමානිත්වයයි. ඒ සිත් වශීකරවනසුළුය. අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා, සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි. ඔබ සිටින්නේ සිතට සිතාගන්නට බැරි තරම් ඈතක නොවේ. ඔබ විසින් නිමැවූ සියළුම ගී නිර්මාණ ඔබ ඔබේ ගුණ සුවඳ රැගෙන මේ ගුවන් ගැබේ සදා ඇදෙනු ඇත. ප්‍රියානන්ද විජේසුන්දරයාණෙනි; ඔබට නිදුක් නිරෝගී සුවත්, දීර්ඝායුත් පතමි. මෙතැනට එන සහෘදයන්ගේද නියත පැතුමත් එය වන බව මට විශ්වාසය."සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේඅතක දුරක පෙනෙන තැනක - සඳ එළියේ ඔබ ඉන්නේඔබේ සුවඳ අරන් ඇදෙන - සුළං රොදක පැටලීගෙනගත දැවටුනු මගේ සළුව - ඔබ පහසට ඉගිලෙන්නේගතේ පබා කැල්ම දුටිමි - නෙතේ සරා බැල්ම දුටිමිඔබ අසලට දිව එන්නට - දෙපා ගිගිරි පොරකන්නේ"[සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වා | ගායනය නීලා වික්‍රමසිංහ].
|
BLOG
|
2014.08.04
|
http://hadageepotha.blogspot.com/
|
ඉතින් සබඳ අවදි වන්න...!
|
තිස්ස දොඩන්ගොඩ
|
කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියල...හිතාගන්නත් බැරි ගානක් ලැබෙනව කී නිසානෙ ජොබ් එක බාරගත්තෙ......කන්න බොන්න සම්පාදනය කරල මේ හතරදෙනෙක් රැක බලාගන්න විතරනෙ තිවුණෙ. ඒත් අර පණ්ඩිතයෙක් ඇවිල්ල යසට කරගෙන හිටි වැඩේට විසක් දැම්මනෙ, "මුන් මහ නසරණියෝය, හොඳට හොඳයි, නරකට අන්තිම නරකයි, පොඩ්ඩක් පමා වුණොත් බෙල්ලම යනව" කියල.අතේ ඒ හැටි ගානක් ඉතිරි වෙලා තිබ්බෙත් නෑ. තිබ්බ ටිකත් මිට මොළෝන තාප්පෙන් පැන්නේ වෙන දෙයක් වෙද්දෙන් හිතාන. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ වුණා කියල හිතුණෙ තුන්කොණ්ඩෑරුමෙන් එහා පෑත්තට පතබෑවෙච්චම. මුං නම් කුලී මැරයො නඩයක්ද මන්ද අහිංසකයෙක් අල්ලගන්නම බලන් උන්නු. ඇයි හත් ඉලව්වේ පස්සෙන් පන්නන්න වෙන උන් නැද්ද. අර පත්තරේ තිබුණු පස් දෙනාගෙ කල්ලියද මන්ද මුං..එකට එකපතේ කාල බීල හිටි, සහෝදරයෙක් වාගේ හිටි, මාව හොඳටම දන්න, උස මහත වොචර් කාරය, දෙපැත්තට වැනි වැනී ඉස්සරහට ආහම මම හිතුවෙ උන්නැහැවත් මට උදව් කරාවි කියල. ඇන්තූරියම් ගාල අස්සේ තිබ්බ මලකඩ කාච්ච කඩුවක් ඇදල ගත්ත නෙව මූත්. එකත් එක්කටම කලින්දා රෑ අරුන්ගෙන් සප්පායම් වෙන්ඩෑති.. මම නොදන්නවෑ උන්දැගෙ තරම. කකුල් දෙකට වීරිය අරන් දීව නිසා යාන්තම් ඡායාව පෙනෙන නොපෙනෙන ගානට මගෑරගන්න පුලුවන් වුණා..එහෙම ඇවිල්ලත් ඕං වැටුණෙ නැතෑ කාත් කවුරුවත් නැති, මහම මහ පාලුම පාලු තැනකට.... එතන පුදුම හිස් ගතියක් නෙව තිවුණෙ..ඒ පාලුවට ගිය නවාතැං දැක්කම හිත කොච්චර කීවද මෙතන නැවතියං, නැවතියං, කියල. අර හාදය දාපු විස ඔලුවෙ ඇතුලෙ කෑකෑරි කැකෑරි තිබ්බෙ නැත්නම් කියල හිතුන ඒ වෙලාවේ නම් අප්ප. අත් දෙකින්ම හිස අල්ලං කීවනේ "එතන නං කීයටවත් නවතින්න එපා, නිතරම රොබරි කාරයො කඩාපාත්වෙන තැනක් ඕක..." කියල.කටේ කෙල බිංදක් නෑ, මහන්සිය, වෙහෙස, කියාගන්න කෙනෙක් නෑ, ආයෙත් දිවිල්ල...මහ පළලට, පතුලක් පේන්නෙ නැති ගානට, නිස්කලංකව ගලා යමිං තිවුණ වතුර පාර ගාව විඩාහරින්න ඕන තරම් තිබ්බ; අර රොත්තම පස්සෙං එන්න පුලුහං කියල නොහිතුනානං. ඒත් ගුටියක් වත් කන්න තරම් සරීරයේ සත්තියක් ඉතිරිවෙලා තිබ්බායෑ.. ඉතිරි වීරිය දාලා මේකෙනුත් කොහොමෙං හරි එගොඩට ගියොත් කියල හිතුනෙ ඇයිද මංද. අහල පහල තිබිච්ච දර ඉපල් එක්කහු කරල මැස්සක් වාගෙ පහුරක් හදාන අත පය දෙකෙන්ම හබල් නොගාන්ට ආයිබෝවංඩ වෙන කොහොමෙං කියල බේරෙන්නද...ඔබ සැමට යහපතක්ම වේවා.පහන් දොරින් දොරින් දොරටපින් සිරිකත වැඩමවන්න....ඉතින් සබඳ උදාසනේනිදි දැහැනින් අවදිවන්න....අප මහ බෝසත් පොරණේදීපංකර පා සෙවණේ....විවරණ ලත් එඅනුහසින්නිදි දැහැනින් අවදි වන්න....බුද්ධ රත්නයේ සරණයි ඉතින් සබඳ අවදි වන්න....බරණැස්පුර ඉසිපතනේ ගෞතම මුණිඳුන් එදිනේදෙසු දම්සක් දහම් බෙලෙන්නිදි දැහැනින් අවදි වන්න...ධම්ම රත්නයේ සරණයිඉතින් සබඳ අවදි වන්න...සැරියුත් මුගලන් නමිනේමහ සඟගණ පිළිවෙළිනේ....සසුන සුරැකි අනුහසයෙන්නිදි දැහැනින් අවදි වන්න...සංඝ රත්නයේ සරණයිඉතින් සබඳ අවදිවන්න.
|
BLOG
|
2014.08.02
|
http://hadageepotha.blogspot.com/
|
'හිස් ටින්' & Nihal
|
තිස්ස දොඩන්ගොඩ
|
ධනුෂ්ක හිස් ටින් එක නැවත කරළියට ගෙනාවේය. සමාන්තරව එම්. එස්. ආයෙමත් වෙබ් අඩවි වලින් මතුවෙන්නට පටන් ගත්තේය. ඒ පැරණි ශිල්පීන්ගේ නිර්මාණ ආනුභාවයෙන් හා තමන්ගේ දක්ෂතාවයෙන්, ධනුෂ්ක ලැබූ ආඪ්‍ය සම්පත්තීන් ගැන මුදිතාවෙන් තොරව බලා 'මෑන් හොඳා හැබැයි එම්. එස්. තමා පොර' කීමක්දෝයි නොදනිමි. නැත්නම් අතරින් පතර කථාවුනු එම්. එස්.ට හදිසියේම කෘතිම ශ්වසනය දෙන්නට සැමට මතක්වුයේ ධනුෂ්කගේ දක්ෂතාවය විසින් ඇඟිල්ලෙන්ම ඇන පෙන්වීම නිසා විය හැක.එම්. එස්., ගී පද රචකයෙකු, සංගීතඥයෙකු හා ගායකයෙකුද වෙති. එනයින් හේ වාග්ගේයකාර පදවි ලැබීමට සුදුසුය. ක්ලැරන්ස්, අමරදේව, සෝමතිලක ජයමහ මේ පදවි හිමි කරගත් මට මතක්වන අනෙක් අයවළුන්ය. තමාගේ රිද්මයට සුදුසු ගී නිර්මාණය කරගන්න ලැබීම මේ වාග්ගේයකාරයන් ලබාගත් වාසනාවක් නොව අප වන් රසිකයන් ලැබූ පිනකි. නිහාල්ට ඒ වාසනාව නොවීය - ඒ වෙනුවට යස අපූරුවට හැල්මේ තම සංගීත දිවිය පටන් ගත් නිහාල් මතට හිස්ටින් ලොරි ලෝඩ් දෙක තුනක් නොව, කන්ටේනර් ගනනාවක්ම පෙරළිණි. ඒ ගොඩට යටවුණු නිහාල් ඒ බර දරාගෙන අවුරුදු පණහක්ම ගත කලේය. හැබැයි නිහාල් ඒ ටින් වලට යටවී නිකම් හිටියේම නැත. තමන්ගේ දෙපාත්, කොන්දත් සවි ශක්තිමත් කරගැනීමට එය ආශීර්වාදයක් කරගත්තේය. පාඩුව වූයේ අපටය.. මේ සා බරක් ඉසිලීම වෙනුවෙන් ඔහුට ගිය අවුරුද්දේ උත්සවයක් පවත්වා උපහාරද ලබාදුණි. උපහාර උළෙලට සමගාමීව පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවන්හිදී මෙහෙම ප්‍රස්නද ඔහුගෙන් විමසෙයි. ඔහුද මෙසේ උත්තර දෙයි.අද කලා ක්‌ෂේත්‍රය ගැන ඔබට සතුටුද.: ගායක ගායිකාවන්ට කලාකරුවන්ට විශ්‍රාම වැටුප්, අර්ථසාධක නෑ... ස්‌ථිර ආදායම් මාර්ග නෑ... ඒත් රජයට ගෙවිය යුතු ගෙවීම් ඔවුන් හිඟ නැතිව මාසිකව ගෙවනවා... ලයිට් බිල්, වරිපනම්, වතුර බිල් දුරකථන බිල් නොපමාව ගෙවනවා. කෑම බීමට, බේත් හේත්වලට ගෙවනවා... කලාකරුවන් කිසි කෙනෙක් ලයිට් කපා ගත්තේ නෑ... වතුර බිල් නොගෙවා වතුර කපා ගත්තේ නෑ. අපි ආණ්‌ඩුවට සලකන්නේ එහෙමයි.... ඒත් කලාකරුවාට... කලා ක්‌ෂේත්‍රයට මොනවද වෙලා තියෙන්නේ... කලා ක්‌ෂේත්‍රයට යමක් කළොත් එහි ප්‍රතිලාභ ඉබේම කලාකරුවාට ලැබේවි. ඔබ තෘප්තිමත්ද.: ඔව්... මම කලා ක්‌ෂේත්‍රය තුළ බයත් නෑ.... ණයත් නෑ... මගේ ගමන පාඩුවේ යනවා.... මා කළ යුතු දේ කර තිබෙනවා. - දිවයින -අජිත් අලහකෝන්'සොමියට වරෙන් පුතා' නැත්නම් ආතල් එකට සෙට් වෙන්න කතා කරපු 'ගුණේ අයියගෙ' කාමරේ තාමත් ආතල්ද.: ඒක ඉතින් සමාජය තමයි තීරණය කරන්නේ. ඒක මිනිස්සු අතරට කොයි තරම් ගියාද, කොයි තරම් ආතල් ගත්තද කියලා මට හරියටම කියන්න බැහැ. මම හිතන්නේ ඒ ආතල් එක තවමත් හිත්වල ඇති. ඒ නිසානේ ඔයා වගේ තරුණ ගෑනු ළමයෙක් අදටත් මේ ගීතය ගැන මගෙන් අහන්නේ. නිහාල් අයියගේ සින්දුවලට මේ තරම් ආතල් වචන සෙට් වෙන්නේ කොහොමද.: මේවා ඉතින් සමාජයේම තියෙන වචන තමයි. මට තියෙන ආතල් එක තමයි ඒ වචන එකතු කරලා ගීතයක් හදලා ඒක මිනිස්සු අතරට දාන එක. දැන් බලන්න සිංහල වර්ණ මාලාවේ අ යන්නෙන් පටන් ගත්තම සෘ, සෘෘ, වෙනකන් අකුරු තියෙනවා. ඒක මම ඉගෙන ගෙන තියෙනවා. ඉතින් දෙයක් මම කළා. ඒක ඔවුන් පිළිගත්තා කියලා දැනෙන එකම මට මාර ආතල්. Riging Tone එකකට සින්දුවක් දීලා ආතල් ගන්න අදහසක් නැද්ද.: මම ඒ අංශය නම් කරලාම නැහැ. මට වඩා හොඳ Riging Tone එකක් තියෙනවාද නෑනේ. මට උප්පත්තියෙන් ලැබුණු Riging Tone එකක් තියෙනවානේ. ඒක මම මුළු ලෝකෙටම ඇහෙන්න Riging කරලා තියෙන්නේ. - මව්බිම - අරුණි මල්ලවාරච්චි [මව්බිම මෙහිදී කථා කරන්නේ 'Riging(.)' ටෝන්ස් ගැනය..]ඔබේ මේ ගමනට අතහිත දුන් වෙනත් පුද්ගලයින් කවුරුන් ද.: අතහිත දුන්නු පුද්ගලයින් ගැන නම් නැව් ගාණක් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම ලියන්න. ඒ. ජේ. කරීම් සංගීත ශිල්පියා ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට මාව හඳුන්වා දුන්නා. චන්ද්‍රසේන මාස්ටර් ගාවට ගියාට පස්සේ තමයි මුළු රටේම ව්‍යාප්ත වෙන්න මගේ ගායන දිවියේ වැඩ පිළිවෙළ කෙරුණේ. (“ලස්සනට පිපුණු වනමල්” ගීතය සංගීතවත් කළේ ද චන්ද්‍රසේන මාස්ටර්මයි.) ඉන්පසු කරුණාරත්න අබේසේකර ශූරීන් ඇතුළු ලංකාවේ සියලුම ගී පද රචකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන් හැමෝම මට සහයෝගය දුන්නු නිසා තමයි රසික රසිකාවියෝ එක්ක එකතු වෙලා මේ ගමන එන්න මට පුළුවන්කම ලැබුණේ.- සිළුමිණ - ජෝජ් රොබින්සන් ද සිල්වාතවත් බොහෝ දෙනෙක් නිහාල් ගැන නොයෙක් දේ ලීවේය.එහෙත් අර හිස් ටින් කන්දට යටව ගැයුනු අපුරු ගායනාවන් ගැන කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක් හරි හැටි කථා නොකලේය. පුවත් පත් වලට නිහාල් තවත් ස්පේස් එකකි. රූපවාහිනී වලට ස්ලොට් එකකි. ගුවන් විදුලි සේවාවලට කට ගැස්මකි.අද දවසේ මටද නිහාල් ගැන ලියන්නට දෙයක් නැත.ඇත්තේ සිතෙහි සිර කර ගත් උද්ඝෝෂණ පාඨයක් පමණි.ඒ උද්ඝෝෂණ පාඨයද "ජූලි වර්ජකයෝ වහා සේවයේ පිහිටවනු." යන්නට නොදෙවෙනි උද්ඝෝෂණ පාඨයක් බව මටම තේරේ..ත්‍යාගා එන් එඩ්වඩ්ට තමන්ගේ සී ඩී පටය නිකුත් කරගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි.විජේසිරිවර්ධන පොලොන්ඕවිටට තමාගේ සී ඩී තැටිය විකුනාගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි..නිහාල් හිස කෙළින් තබාගෙන සිටී...හිස් ටින් වලද ආනුභාවයක් ඇත.එය ධනුෂ්ක, නිහාල් පමණක් නොව අපි සියල්ලන්ම වෙලාගත් රැස් දහරකි.එහිම ආනුභාවයෙන් තවත් තරුවක් 'නිහාල්වද' නැවත කරළියට ගෙනෙන තුරා ඉමු. බන්දු සමරසිංහද මතක් වේ."ටින් බෙලෙක්ක තක්ක බක්ක - සද්ද අඬවලා කබල්ම බස් එකක් සොයා - කොල්ලො ට්‍රිප් එකක් ගියා.".
|
BLOG
|
2014.07.29
|
http://hadageepotha.blogspot.com/
|
මේවාට පිටුපෑවද ආදරේ....?
|
තිස්ස දොඩන්ගොඩ
|
පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේතිරසර ගතිය ගැන මම සිහි කරමි පණේජය පැරදුම දෙකම ඔබ හට එකද අනේමහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේකුළුණු ගුණේ සුදන සෙණේ - හිත උණුවන තරම අනේමේවාට පිටුපෑවද ආදරේ - වෑවේද මේවාට පිටුපෑවද ආදරේඔබේ හද විමණේද කරුණාව මැවුණේ දුටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ සෝ දුක නිවුණේ....බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටීසීනේකි මායාවකි ආදරේවෑවේද මේවාට පිටුපෑවද ආදරේ....ඇට කටු මස් මාගෙ සටනක යෙදිලාඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා සටනක යෙදිලා....සුර්‍ය රජුගෙ ගගන ගැබේතීරසාර ගතිය ඔබේමේවාට පිටුපැවද ආදරේ.....බැරිවුණු විටදී පිහීටට පැමිණීදෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී මගෙ තනි නැසුණී .
|
BLOG
|
2014.07.23
|
http://hadageepotha.blogspot.com/
|
බිඟු වැල රොන් සොයලා...
|
තිස්ස දොඩන්ගොඩ
|
එක්දහස් නමසිය හතලිහේ ජූනි හතරවෙනි දින කොස්ගම ජුවානිස් රත්නායක හා හිල්ඩා රත්නායක දෙපලට කුළුඳුලේ ලැබුණු දරුවාට 'වින්සන්ට්' යැයි නම් තැබිණි. සෞන්දර්‍යටම නැඹුරුවක් දැක්වූ එ පුත් කුමරා පාසල් ඉගෙනුම අවසන ලක්නව් භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයෙන්, විශාරද සනත් නන්දසිරි වැන්නවුන් හා සමකාලීනවම විශාරද උපාධිය ලැබීය.අමරදේවයන් හා සමලෙසට හෝ ඊටත් වඩා දක්ෂභාවයෙන් යුතුව වයලීන් වාදනයේ යෙදුණු හෙතෙම ජීවිකාව ලෙස ගුරු වෘත්තියම තෝරාගති. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන ආදී විදුහල් බොහොමයක දරු දැරියනට සංගීත සෞන්දර්‍ය දායාදයන් ලබා දුන් හෙතෙම, වඩාත් පුළුල් ලෙස තම ශාස්ත්‍ර ඥාණය බෙදාදෙනු වස් කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්‍ය අධ්‍යපන ආයතනයට බැඳෙන්නේය.කවුන්ට් ඔෆ් ද මොන්ටි ක්‍රිස්‍තෝහි එඩ්මන්ඩ් දාන්තේට සිරගෙයහිදී හමුවන පූජක තැන "ජීවිතයේදී පරිස්සම් වියයුතු එක් දෙයක් නම් භයානක ජ්වර රෝගයි" ලෙස අනතුරු හඟවයි.වයලීනයේ තත් මිහිරි හඬ මවමින් පිරිමැදි වින්සන්ට් රත්නායකයන්ගේ ඇඟිලි හිරිවැටීමක් ලෙස මුලින් පටන් ගන්නා රෝගය ඔහුගේ සිරුර වෙලාගන්නේ කිසිවෙකුටත් එයට මැදිහත් වීමට ඉඩ නොතබිමිනි.හොරණ ශ්‍රී පාළියට මාරුවක් ලැබීම ඔහුට වධයක් වන්නේ ප්‍රතිකර්ම කිරීම සඳහා නිතරම කොළඹ ඒමට වූ නිසාය. බාහිරින් කිසිම කිසිම රෝගී තත්වයක් නොපෙන්වුවද ඇතුලතින් උග්‍ර රෝගී තත්වය මත හෙතෙම වෛද්‍ය උපදෙස් මත ස්වකීය රැකියාවට සමුදෙන්නේය. ඒ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියකු වෙන එතුමාගේ සියළු කටයුතු කෙරෙන්නේ චන්ද්‍රානී රත්නායක මහත්මිය අතිනි. දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු කර ඔවුන් පාසැල් පිටත් කරහරිනා ඇය ඉනික්බිති තම දයාබර ස්වාමි පුරුෂයාව සෝදා කවා නිවසෙහි රඳවා තබා තම වෘත්තිය පිණිස නික්ම යන්නීය.දහසක් සිසුන්ගේ රසභාවයන් කුළුගැන්වූ ගුරුපියෙකුට, එලෙස නිවසක දෑත් දෙපය නිසොල්මන්ව, සිය ප්‍රියයන් නැවත නිවසට එනතෙක් තනිවීමට සිදුවීම දෛවයේ කුමණ සරදමක්ද. එහෙත් එබඳු මිනිසුන්ට දෛවය විසින්ම දේව දූතයින්, දූතිකාවන් සපයා දෙන්නේය. චන්ද්‍රානී රත්නායක මහත්මිය අවුරුදු දහහතක්ම වින්සන්ට් රත්නායකයන් සුරැකිව බලාකියාගනිමින් දූ දරුවනටද ඉහල අධ්‍යාපනයක් ලබා දෙමින් කල සටන, අප කිසිවෙකුටත් අනුමානවත් කල නොහැකි එකකි. දියණිය වෛද්‍යවරියක් ලෙසත් පුතණුවන් ඉංග්‍රීසි ආචාර්‍යවරයෙකු ලෙසටත් සමාජයට දායද කල ඇගේ භූමිකාව, අප රට මවුවරුන් අනාදිමත් කාලයක සිට නිහඬවම කරණා සේවයට කදිම සංකේතයකි. රත්නායක මහතාගේ සොයුරු සොයුරියන් චන්ද්‍රානී මැතිණියව තනි නොකරමින් ඇයට ශක්තියක් වී සිටීම ඇගේ ධෛර්‍යය වඩාත් වඩවන්නක් විය. කොතෙකුත් නිර්මාණ කලද ඒවායේ පිටපතක් හෝ තමන් සන්තකයෙහි තබා නොගත් වින්සන්ට් රත්නායකයනට තම ගීත අවසානයේ අසන්නට වන්නේ ගුවන් විදුලියෙන් ඒවා ප්‍රචාරය කරවා ගනිමිනි. අභාවප්‍රාප්ත කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් අතින් ලියැවුණු , තමාම තනු නිමවා ගැයූ "බිඟු වැල රොන් සොයලා..." ගීතයට ඔහු ඉමහත් ලෙස ප්‍රිය කර ඇත. කුඩා කල මගේ සවන්ද පිනැවූ ඒ ගීය, මා සිතෙහි අනායාසයෙන්ම සටහන් වී ඇත්තේද ඒ නිර්මාණයේ අපූර්වත්වය නිසාම වන්නට ඇත. එක්දාස් නමසිය අනූහතේ දෙසැම්බර් දාහත් වනි දින අභාවප්‍රාප්ත වූ එතුමාගේ නිර්මාණ අද ශ්‍රාවකයනට ඇසෙන්නට ප්‍රචාරයවන්නේ ඉතාම කලාතුරකිනි.කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ගේ දයාබර බිරිඳට ස්තූති වන්නට, අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම නිසංසල පරිසරයක පිහිටි රත්නායක නිවසේදී චන්ද්‍රානි මහත්මිය හමුවී මේ කරුණු දැන කියාගන්නට හැකිවිය. ඈ ඉතාමත්ම කරුණාවන්ත ගුරු මාතාවකි."වින්සන්ට් සර්ගෙ කටහඬ හැබෑවටම අහන්නට තිබ්බනම් කොච්චර හොඳද." ඇයට සමුදීමට සුදානමින් මගේ මුවින් පිටවුණි."පුතාට ඒ කටහඬ තියනව, ඒත් එයා කියනව අඩුයි.." ඇගේ පිළිතුර විය.අපිස් සතොස් ජීවිතගත කල රත්නායක යුවල යහපත් දරුවන් සමාජයට බිහිකර ඇති බවට ප්‍රත්‍යක්‍ෂය.බිඟු වැල රොන් සොයලාමල් ගොමු තුල සරලා නැංවු ගී සරේ....මගෙ සවන් තැලූ පෙලූ බඹර ගී සරේ.....තුංමංසල අයිනේ කිසිවෙකු නැති යාමේඇගේ අඳුරු ලොවේ මාද අතරමං කලේ.... බිඳුනු ආදරේ.....මිලිනව මද්දහනේ රෑ පිබිදෙන දැහැනේමගේ සතුට ඇගේ කඳුල සමග මුසු කලේ...බිඳුනු ආදරේ......තුංමංසල රැඳී සිටි ඇයගේ අඳුරු ලොවේ ඔබේ සතුට සොයා ගියද, ඇයද, බිඳුණු ආදරයක ලසොවින් තැවෙන්නියකි - ගීයෙහි අපූර්වත්වය විඳගන්න ඔබටත් ඇරයුම්.
|
BLOG
|
2014.10.14
|
http://wiitharaagii.blogspot.com/
|
නම සහ ගම
|
වීතරාගී
|
ඉස්සරම මගෙන් කවුරු හරි මගෙ නම ඇහුවම මම කියන්නෙ මගෙ නමේ පළවෙනි කොටස වුණාට දැන් වැඩියෙන් පාවිච්චි කරන්නෙ මගෙ වාසගම. මුල් නමේ නොමේරුම්කමක් වගේ මොකදෝ දෙයක් මට දැනෙනවා.දෙවෙනි නමට මම බොහොම ආස වුණත් දෙවෙනි නම වරද්දලා කියවපු පරණ ප්‍රේමවන්තයෙක් මතක් වෙන නිසා මට ඒ කොටසත් එක්ක දැනෙන්නෙ සාංකාවක්.මුඩු හැඟීමක්. මම මුලින්ම මොන්ටිසෝරි ගියෙ පන්සලේ තිබ්බ ළමයි දහදෙනෙක් විතර උන්න තැනකට. ඒකට නමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ලොක්කෙක් නම් "ගාමිණියට "මොන්ටිසෝරි ගිය කෙනෙක් වෙන්න ඕන. අපි දන්න ලොකුම නෑදෑ අක්කල අයියලා උන්නෙ ශිෂ්‍යත්ව පන්තියෙ වගෙ වයසෙ. ඒ හැමෝම ගිහින් තිබ්බෙ ගාමිණියට. වෙන එකක් තියා මට ලෝකෙන් එපාම කරපු චරිතෙ වෙච්ච අල්ලපු ගෙදර සුරංග කොල්ලත් ත් ගියෙ ගාමිණියට. නමක් නැති මොන්ටිසෝරියක ඉගෙනගැනිල්ලෙ විලිලැජ්ජාව තමයි මම හිතන්නෙ ඒ වයසෙ ළමයෙක්ට විඳින්න සිද්ද වෙන ලොකුම අවනම්බුව වුණේ. දුක දිනා ජයගන්න ඕන කියන එක මගෙ ඔලුවට මුලින්ම ආවෙ ඒ විළිලැජ්ජාව එක්ක කියලයි මම හිතන්නෙ.. පූරුවෙ පිනකට වාගෙ, දෙයියො බලලා මට එකවසරෙ ඉඳන් ඉස්සරහට නම් නමක් තියෙන ඉස්කෝලෙක ඉගෙන ගන්න වාසනාව ලැබුණා. සීයගෙ නම හින්දා ඉස්කෝලෙදි මම බැබලෙන චරිතයක් වෙන්න මහ කාලයක් ගියෙ නෑ. එතනින් එහාට ගමන නවතින්නෙ මගෙ වාසගම වෙනස් කරන්න වෙන තැනකින්. අවුරුදු විසිපහක ජීවිතේ ගෙවලා අළුත් වාසගමක් ගන්න වෙලාවෙ මට කිසි සතුටක් දැනෙන්නෙ නෑ. මම උත්සව සභාවෙ පුටුපෙරලලා බලෙන් සිහිනැති කරවලා මගෙ වාසකම වෙනස් කරන්න ඇවිත් උන්න බතල අම්මන්ඩිව තල්ලු කරලා ගෙදර ආව. දෙයියන්ගෙ පිහිටෙන් කොහොම හරි මම අන්තිමට මගෙ වග වාසගම රැකගත්තා.නම බේරගත්තා. නම ගැන මෙච්චර කිව්වට ගම ගැන කියන්න තියෙන්නෙ පොඩ්ඩයි.දාරළුව තියෙන්නෙ ගම්පහයි බෙම්මුල්ලයි දුම්‍රිය ස්ථාන දෙක අතර මැද්දෙ. මේ ගමේ නම මතක් වෙද්දි සිහියට එන සිද්ධි තුනක් තියෙනවා.එක- අඩිපහයි අඟල් හතරෙ ප්‍රේමවන්තයෙක් තම කුළුඳුල් ප්‍රේමෙ නැවතුණු දවසෙ "අම්මපා දිවිතොර කරගනිමි පැනලා ජලේ " කියලා දුවගෙන ගියෙ දාරළුවෙ තියෙන කෙටවල ජලාශෙටදෙක- පෙම්බර කොල්ලෙක් එක්ක අවුරුදු දහ අටක කෙල්ලෙක් පුන්චි ලී බංකුවක වාඩි වෙලා අයිස්පලම් කන විරල දර්ශණය පළමු සහ අවසන් වතාවට දැක්කෙ මේ දාරළුවෙදි.තුන - අටාමාරට යන අයිටීඑන් ටෙලි නාට්ටියක ප්‍රේමය හුටස් වෙලා කෙල්ල ගඟේ පැනලා මැරෙන සීන් එකක පෙන්නන්නෙ මේ දාරළුව ඉස්ටේසම ළඟින් කෙටවල ජලාසෙට යන ඔය පාර.අසා සිටි ඔබ සැමට ඉස්තුති.
|
BLOG
|
2014.05.31
|
http://wiitharaagii.blogspot.com/
|
වජිරපාණී 2
|
වීතරාගී
|
කොහොමත් ඔය හුරතල් කිරිලි, නැලවිළි වාගෙ දේවල් මගේ ජීවිතේ තිබ්බෙ බොහොම අඩුවෙන්. බාලයාය කියලා මල්ලිටත් , වැඩුමලීය දක්සයාය කියලා අක්කටත් බෙදිලා ගිහාම මට ඉතුරු උණේ සොච්චමයි. එච්චරකට ඉගෙන ගන්නත් බැරි එකේ, මටය කියලා තේරෙන වයසක ඉඳන් අගේ කරන්න කියලා දෙයක් තිබ්බෙ ලස්සන විතරයි කියලා මම තේරුම් ගත්තද එහෙම නැත්නම් මං ගැන මම වත් අගේ කරන්න පාරක් හොයමින් ඉද්දි මට ඒක හම්බ වුණාද කියන්න මම දන්නේ නෑ. අපේ අක්ක ලස්සනත් නැ එහෙමට.අක්කයි මායි එකට තිබ්බම අක්ක නගෝ කියලා අඳුනගන්න පුළුවන්කම තිබ්බට මාව කොතනත් කැපිලාපෙනුණා රූපෙ හින්දා. අක්කට ඒක ගැන තරහක් ඉරිසියාවක් තිබ්බද කියන්න මම දැනගෙන උන්නේ නෑ. ඒත් එක පුන් සඳින් දුරු වෙයි ගනඳුරු කිව්වා වාගෙ පරම්පරා හතකට හරියන්න දස්සකං රාසියක් අපේ අක්කට පිහිටියෙ කොහොමද කියලා හිතන්නවත් බැරි තරමට මගෙ හිතේ කේන්තියක් වාගෙ දෙයක් පිරිලා තිබ්බෙ ඉරිසියාවට වෙන්න ඇති කියලා අද හිතද්දි මට දැනෙනවා. කවියට ගියත්, කතාවට ගියත්, නැටුමට ගියත්, ඉගෙනිල්ලට ගියත් හැම තැනම අක්කා පළවෙනි. එයා ඉසිස්සරෝම ප්‍රේමවන්තයෙක් හොයා ගනිද්දි වයස හරියටම දහ අටයි. මට ඒක එච්චරම මතක "මම නම් ආදරේ කරන්නෙ අවුරුදු දහ අට පිරුණට පස්සෙ" කියලා එයා ගෘහමූලිකයාණන් සහ මෑණියන් දෑ ඉදිරියේ එක දවසක් කරපු ප්‍රකාසේ මට හොඳට මතකෙ තිබ්බ හින්දා. තිබ්බ හොඳ නම ඔප් නංවා ගන්න චේතනාවෙන් එහෙම කිව්වා කියලා හිතුණට අනේ මෙයා දිහා බලන කොල්ලෝ කියලා මට අනිත් පැත්තට හිතුණා. එයාගෙ බොහොමයක් වැඩ වාගෙ ඒ ප්‍රේම ප්‍රකාශය සහ හතර වරිගයාට දැනුම් දීමත් හෙනම සාම්ප්‍රදායික වුණා. යාළු වෙන්න අඬගහන කොල්ලගෙ වග විස්තර ටික අම්මට කියලා තමයි එයා පළවෙනි හමුවට ගියාය කිව්වෙ. පහුවදාම කොලුවට කියලා තිබ්බා ගෙදර ඇවිත් අප්පච්චිගෙන් අවසර ගත්තොත් කැමැත්ත දෙනවා කියලා. විගඩං. මේවට කැමති වෙන මිනිහත් මෙයාටම හරියන දොන්ත පතාර් මොට්ට බතලයෙක් වෙන්න ඇති කියලා හිතුවට උන්දව දැක්ක වෙලාවෙ නම් මට අදහා ගන්න බැරි වුණා....................................................................................................................................................................ප.ලි. ප්‍රලාපයකුත් නොවන, නොවන්නේද නොවන දිග කතාන්දරයක් ලිවීමේ ආසාව හිත කොනක පැහැවන්නේ කලක සිට ය. මේ වෑයම රජ වෙන්නට නොවේ කියා ත්‍රීවීලයක ලියා තිබූ වාක්ය දුටු දවසේ ඔන්න ඔහේ ලියා දමන්නෙමියි හිතා, දන්නා කියන හිත් ගත් කතාන්දර කීපයක් එක මල්ලක දමා අහඹු වීදුරු බෝලය ගන්නා විදියෙන් එක එක එළියට අදින්නට හිතාගත්තෙමි. කරදර වී කියවන්නට එන යන උන්දලා තවත් අපහසුවකට පත්වන්නේ නම් කමා කරත්වා.
|
BLOG
|
2014.05.30
|
http://wiitharaagii.blogspot.com/
|
වජිරපාණී 1
|
වීතරාගී
|
මල්ලි ඉපදෙනකොට කළුම කළු ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින් ගෙදරට ගෙනාව හැටි චායාවක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා. ආච්චිට කන්නක්කා කිව්වෙ ගම කන්නාදෙණිය හින්දා.ආච්චි දීග ඇවිත් තියෙන්නෙ ඇතෙකුත් එක්කලු.එච්චරකල් ආසාවට කර කර උන්න අට පාස් අයට ඒ කාලෙ දුන්න නර්ස් රස්සාවත් අත ඇරලා තියෙන්නෙ සීයගෙ අණඥාවට.ඉරිගේෂන් එකේ චීෆ් ක්ලාක්ගෙ නෝනා මොකටද රස්සාවට යන්නෙ. ගොඩින් අක්කර ගාණයි, මඩින් අක්කර ගාණයි නුවර පාර අයිනෙ කඩ කාමර හතරයි. හාල් පොල් ගෙදරම. මොන රස්සාද තව. එංගක්කා ඒ කිව්වේ සීයගෙ අම්මා කියලා තියෙන්නෙ එහෙමයි. වෙද මුලාදෑණියෙක් වෙච්ච අපෙ මුත්තා , ඒ කිව්වෙ ආච්චිගෙ සීයා කාලෙ තාලෙට වඩා ඉස්සරහින් හිතපු කෙනෙක් වෙන්න ඇති කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. නැත්නම් අටේ පන්තිය වෙනකල් හරි ඉස්කෝලෙ යවලා, රස්සාවකටත් යවයි යැ පවුලෙ වැඩුමල් ලමිස්සිව.අනික ආච්චිගෙ සුකුරුත්තං වැඩවල, සීය එක්ක උණත් නොහොඳ නෝක්කාඩු වුණාම ගස්සන ඔරවන රටාවෙම අමුතු තාලයක් තිබ්බා. සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද. අනේ ඇත්තට එහෙම කාලයක්.
|
BLOG
|
2014.03.07
|
http://tharindu-rusira.blogspot.com
|
Stanbol Enhancement Engine fundamentals
|
Tharindu Rusira
|
1.0.0.0.......0.0.
|
BLOG
|
2014.11.22
|
http://ambaroxy.blogspot.com/
|
True Love…Mistakenly!
|
අමා...
| null |
BLOG
|
2014.09.05
|
http://ambaroxy.blogspot.com/
|
Importance of RSVP
|
ආගන්තුකයා | Stranger
| null |
BLOG
|
2012.12.19
|
http://ambaroxy.blogspot.com/
|
When you were gone..
|
ආගන්තුකයා | Stranger
|
..........
|
BLOG
|
2012.05.14
|
http://ambaroxy.blogspot.com/
|
Finnaly...
|
ආගන්තුකයා | Stranger
|
...............
|
BLOG
|
2011.11.23
|
http://ambaroxy.blogspot.com/
|
Screw You... HighChair Busterds..
|
ආගන්තුකයා | Stranger
|
.
|
BLOG
|
2011.08.10
|
http://ambaroxy.blogspot.com/
|
Executive Level Slave...
|
ආගන්තුකයා | Stranger
|
..................
|
BLOG
|
2010.12.07
|
http://ambaroxy.blogspot.com/
|
still in love with you...
|
ආගන්තුකයා | Stranger
|
....
|
BLOG
|
2010.07.01
|
http://ambaroxy.blogspot.com/
|
Jealousy
|
ආගන්තුකයා | Stranger
|
.....
|
BLOG
|
2010.06.11
|
http://ambaroxy.blogspot.com/
|
loneliness
|
ආගන්තුකයා | Stranger
|
..
|
BLOG
|
2010.06.10
|
http://ambaroxy.blogspot.com/
|
Waving Flag
|
ආගන්තුකයා | Stranger
|
..
|
BLOG
|
2014.11.22
|
http://www.chandanadm.blogspot.com
|
සැඳෑ හිරු රැස්...
|
Chandana
|
දුරුතු මස සීතල දැඩිව දැනෙන්න ට පටන් ගෙන තිබුණි. සරම කඩා ඒ තුළ ගුලි වී පැරණි සරමක් ඇඟ මත දමා ගෙන පැදුරේ වැතිරී සිටි පියදාස, පාන්දර ජාමයේ වෙනදාටත් වඩා කලින් අවදි වූයේ ටකරන් පියස්සේ එකතු වී ඇඟ මතට වැටුණු පිනි බිංදුවක් හේතුවෙනි. ජනේලයෙන් පිටත කෙසෙල් පඳුර යට ඇති කිරි අල ගස් වල පත්‍ර මතට බොල් හඬින් පිනි වැටෙන හඬ ඔහුට දැන් ඇසේ. අබලන් වූ ජනේලයේ සිදුර ලෑලි කෑල්ලක් ගසා වසා දමන්නට සිතා සිටියත් එය කරන්නට තමාට තවමත් නොහැකි වූ බව පියදාසට යළිත් සිහි වූයේ, පින්න කපා ගෙන ජනෙල් සිදුරින් ගෙතුළට ආ මලානික සඳ එළිය දැකීමෙනි.එළි වෙන්නට තව වැඩි වේලාවක් නොමැති බව ඔහුට දැනෙයි. බිත්තියෙන් අනෙක් පස වූ මුළුතැන් ගෙය දෙසින් ඇසෙන සිහින් හඬ හේතු කොට ගෙන, මැණිකා; එනම් සිය භාර්‍යාව මේ වන විටත් දවසේ රාජකාරි ආරම්භ කර ඇති බව හේ වටහා ගත්තේ ය. පැදුර මත හිඳ ගත් ඔහු තුවාය ගෙන කන් දෙක ආවරණය වන සේ බැඳ ගෙන සරොම් කඩමාල්ල ද පොරවා මුළුතැන් ගෙය දෙසට ඇදුණේ ය.ලිප් දෙක අසල කෙටි බංකුවෙහි ඇණ බාගෙන ආප්ප පුච්චමින් සිටි මැණිකා, පියදාස ආ වග ඉවෙන් මෙන් දැන, හැරී බලා එක් තාච්චියක් ලිපෙන් බා කේතලය රත් වෙන්න ට තැබුවා ය."හප්පා හීතල..පොඩි උන්ට රෙදි දෙක තුනක් වත් පෙරවන්ඩ.." කළගෙඩියෙන් වතුර ස්වල්පයක් රැගෙන කට සෝදාගෙන යළි ගෙට එන අතර පියදාස කී ඒ වදන් උඩු හා යටි දත් ඇඳි අතර ගැටී නැගුණු ටට් ටට හඬක් හා මුසු විය."චීත්ත දෙකක් පෙරව තිව්වා. පොඩි එකා දඟලනව. තියන්නෙ නෑ..""කඩ පොළ දිහාට ගිය වෙලාවක බ්ලැන්කෙට්ටුවක් වත් ගෙනාව නම්..""ඒක නම් හොඳා.. ගණන් තමයි උහුලන්ඩ බැරි..""කාරි නෑ.. ගේන්ඩ. මක්කා හරි කොර ගම්මු..තව ගස් දෙකක් විතර හරි යයි හෙටානිද්දට..""ම්ං බැලුවෙ ඔහේ ට සරමක් වත් ගේන්ඩ මේ පාර ගියාම.. බුදියන්නෙත් බි වෙච්චි කොට""ඕනැ නෑහ්..."මැණිකා වත් කර දුන් කහට කෝප්පය ද බෝතලයෙන් ගත් හකුරු කැබැල්ලක් ද අතැතිව කුඩා මේසය අසල ලී වංගෙඩිය මත හිඳ ගත් පියදාස කෝප්පය මේසය මත තබා යළි ඉදිරියට නැවී ආප්පයක් අතට ගෙන එය හපන්නට වූයේ ය. ඒ දුටු මැණිකා,"මේ උණු ඒවයින් ගන්ඩ..." යි පවසා ආප්ප වට්ටිය ඔහු දෙසට තල්ලු කළා ය."දැන් නම් ඔය එළියත් වැටිල තියන්නෙ." කියමින් කෝප්පය අඩියේ තිබූ රොඩු ටික දොර පියනේ උඩ පලුවෙන් විසි කර දැමූ පියදාස ලිපෙන් ගිනි පෙනෙල්ලක් ගෙන බීඩියක් දල්වා පිටුපස වූ මඩුව ට ගොස් සිය ආම්පන්න ද රැගෙන නිවස පෙනෙන මානයේ වූ පොල් ගස් මණ්ඩිය දෙසට නික්ම ගියේ ය.පරම්පරා ගණනාවක් තිස්සේ පියදාසලා ගේ ජීවන වෘත්තිය වූයේ රා මැදීමයි. නගරයේ සිට එකතු කරන්න ට එන්නන් හට ද එදිනෙදා උදේ හවස එන ඉල්ලුම් කරුවන් ට ද ඔවුහු රා සැපයූ හ. ඒ අතර තවත් කොටසක් පැණි හා හකුරු වෙනුවෙන් වෙන් විය. අනපේක්ෂිත දේශගුණික විපර්‍යාසයන් හි දී නිෂ්පාදනය තරමක් අඩාල වුව ද ඒ කටුක තත්ත්වයන් මධ්‍යයේ වුවද ඔවුහු සිය හුරු පුරුදු කර්මාන්තයෙන් පිටත ට නොගියහ.එක් දියණියක ගේ හා පුතුන් දෙදෙනකු ගේ පියා වූ පියදාස, ඔවුන්ගේ සියලු කටයුතු සිදු කළේ මේ රැකියාවෙන් උපයා ගන්නා මුදලිනි. එහිදී ඔහුගේ බිරිඳ ද ඔහුට නොමද සහයක් වෙමින් ඇගේ කොටස නොපිරිහෙලා ඉටු කළා ය. දරුවන් පාසල් යන වයස එළඹෙත් ම විය හියදම් තරමක් දැඩිව දැනෙන්න ට වූ නමුත් අවුරුද්දෙන් අවුරුද්ද ඉහළට යද්දී කෙමෙන් පැහැදිලි වන බලාපොරොත්තුවේ වෛවර්ණ ආලෝකය විසින් ඔවුන් ගේ විඩාව නිවාලී ය. වැඩි මහල් දරුවන් දෙදෙනා ඉගෙනීමෙහි ඉතා ශූරයන් වෙමින් ගමේ පාසලේ ඉහළම පන්තිය ඉක්මවා වෙනත් පාසලක ට යාමට සුදුසුකම් ලැබූවේ ළඟ ළඟ වසර දෙකක් තුළ යි. ඊට වසර හතරක් පමණ පහළ පන්තියක සිටි බාලයා එතරම් ඉගෙනීමෙහි දක්ෂ කමක් නොපෙන්වූව ද ක්‍රීඩා කටයුතු වලදි කැපී පෙනෙන සිසුවෙක් විය. ඒ මතු නොව කුඩා කල සිට ලද වැඩි ආදරය නිසා දෝ තරමක් මුරණ්ඩු ගති පෙන්වූ ඔහු වයසින් වැඩෙත්ම පාසලේ දී අනෙක් සිසුන් හා ඇති වන රණ්ඩු සරුවල් වල චූදිතයෙක් ද වූයේ ය."ඕං ඉස්කෝලෙට එන්ඩ කියල පණිවිඩයක් එවල තිබුනෙ ලොකු මහත්තයා..""ඇයි කොල්ලා ආයෙ කා එක්කවත් අංචියක් අල්ලල ද..""හේතුවක් නං කියල තිබුණේ නෑ.. හෙට උදේ එන්ඩ කියල කිව්වලු..""මුන්ට ත් කාල ඉන්ඩ බෑනෙ. හ්ම්ම්..හෙට ලණු ටිකක් අලුත් කරන්ඩ කියල හිටියෙ.. අලුත් ගස් ටිකකුත් තියනව බලන්ඩ.. ඒක කරන්ඩ වෙන්නෑ එහෙනං..""ඔහේ ඒ වැඩේට යන්ඩ.. මං ඉස්කෝලෙට දුවල එන්නං..""එහෙම කාරි නැද්ද..""කාරි නෑ.. ලොකු මහත්තෙයා වුණත් දන්නෙ නැතුවයැ ඉතින්...""හ්ම් හ්ම්.."පිට ඉරී ගිය බැනියම ගලවා මිදුලේ වැලට දැමූ පියදාස බිත්තිය අයිනේ තිබූ පනිට්ටුව අතට ගෙන ළිඳ දෙසට යන්න ට ගොස්, යළි නැවති කැඩී ගිය කොක්ක ට ගැටගසා තිබූ කම්බි පොට, ගල් පතුරකින් ගසා තද කර ගත්තේ ය.පසු දාට පහන් වූයේ ය. වෙනදා කඩ මණ්ඩියට ආප්ප රැගෙන යන විට හඳිනා රෙද්ද පසෙක තබා ඒ වෙනුව ට ට්‍රන්ක පෙට්ටිය හැර එහි තිබූ සේදූ රෙද්දක් හැට්ටයක් හැඳගත් මැණිකා ගෙයින් එළියට බැස්සා ය."පුතේ.. මං මේ ටික දාල ඉස්කෝලෙට එන්නම්.. උඹ දොර අඩවල් කරල වරෙන්..""හා හ්..."ඒ වන විට පියදාස සුපුරුදු රාජකාරිය සඳහා නික්ම ගොසිනි. ඔහු යළිත් නිවස වෙත එන්නේ පැය කිහිපයක් ඉක්ම ගිය පසුවය. එතෙක් අද නිවසේ අන් කිසිවෙකුත් නැත. *********උදෑසන නික්ම ගිය පියදාස තෙලිජ්ජ ටික රැගෙන එන විටත් මැණිකා පැමිණ සිටියේ නැත. දහවල ට යොදා ගත් කටයුත්ත නිසා හේ උදේ ආහාරය පමණක් ගෙන ඉක්මණින් ආපසු පොල් ගස් මණ්ඩිය බලා පිටත් වූයේ ය. අසල්වැසි හිතවතකු ද කැටුව ගොස් ඒ කටයුතු නිමවා ආපසු එන විට ඉර හැරෙන්න ට ආසන්නව තිබිණි. මුළුතැන් ගෙය පිටුපස මඩුවේ බංකු කෙටිය මත හිඳ, බෝතල් වලට පැණි වත් කරමින් සිටි මැණිකාගේ මුහුණ වසා සිටි අඳුර ඔහුට මැනැවින් පෙනුණේ ය."මොකද කොල්ලා කොරල තියන්නෙ මෙදා..""ඔහේට මාන්සිත් ඇති.. බත් ඩිංගක් බෙදන්නං.." කියමින් හුන් තැනින් නැගිටින ඇගේ මුවින් "ම්හ්.." හඬක් නික්මිණි."දැම්ම කන්ඩ බෑ හාමිනේ... ඩිංගක් ඉඳල කනවා..""එහෙනං මං බෙදා තියල වතුර ඩිංගක් ගාගෙන එන්නං.. රස්නෙ බෑ. හවහට හීතලයි""නැතත් කමක් නෑ.. මට කන වෙලාවක කන්ඩ බැරියැ.."දහවල් ආහාරයෙන් පසු බීඩියක් දල්වා ගත් පියදාස ගෙමිදුලේ අඹ ගස යට බංකුවට බර දුන්නේ ය. එතෙක් වේලා එහා මෙහා වෙමින් සිටි මැණිකා දැන් තමා දෙසට එනු දුටු පියදාස ට, ඇය මේ එන්නේ කිනම් හෝ කතාවකට බව තේරුම් ගන්න ට අපහසු නොවීය."මං මේ කියන්ඩ ඩිංගක් පරක්කු කෙරුවෙ.. ඔහේ මාන්සි වෙලා ඉන්න අස්සෙ මේව කියල කේන්ති අවුස්සන්නෙ මොට ද කියල.. අපේ කොල්ලා...""ආ.. හැබෑට මට ඒක සිහි නැතුව ගියා නෙ.. මොකදැ වුණේ..""මූ තව උන් ටිකක් එක්ක ඉස්කෝලෙන් පැනලා රා බොන්ඩ ගිහින්. අර කළුවගෙ.. ඒ යකාට අතටම අහු වෙලා. මුන් කළුවට ගහල රාත් බීලා ආපහු ඇවිදින්..""අම්මපා.. අනික් උන් දෙන්නගෙ අහලකින් තියන්න පුළුවන් ද මූ... ආදෙංකො අද..""අනේ කේන්ති ගන්ට එපා.. මං ඌට කියන්නං..""ඔය හුරතලේ තමයි හාමිනේ හෙනේ.. අපි මේ කොච්චර මාන්සියෙන් ද මුන්ට වියදම් හොයන්නෙ.. එහෙව් එකේ..""අස් කරනවා කියල කිව්වෙ.. මං යන්තං ලොකු මහත්තයට පිංසෙණ්ඩු වෙලා නවත්ත ගත්තෙ.. හැබැයි කළුවා මොනවා කරයිද දන්නෙ නෑ කියල තමයි මහත්තයත් කිව්වෙ.."මේ කතාව අතර පියදාස ගේ ඇස ගැටුණේ තමාගෙන් වසන් වී නිවසේ පිටුපස දෙසට හෙමින් සීරුවේ ඇදෙන තම බාල පුත්‍රයා යි. සිය භාර්‍යාව කී දේ ඔහුට නිමේෂයකින් අමතකව ගියේ ය."පොඩ්ඩො.. මෙහෙ වරෙං.. කොහෙද උඹ හැංගි හැංගි යන්නෙ.."බිම බලාගෙන ඔහු තමා අසලට එත් ම කෝපයත් ශෝකයත් එක් වූ සිතින් මෙහෙයවුණු පියදාසගේ සුරත සිතන්න ට වත් කාලයක් නොලබා ඉහළ ගොස් පහළට ඇදුණේ ය."චටස්..""ඈ යකෝ... තොට අපි මේ හැටි කරන්නෙ පුළුවන් කමකට ද.. ඒ වෙලත් ඉල්ලූ දෙයක් නොදී තියනව ද.. එහෙව් කොට අකුරක් ඉගෙන ගන්නව නෙවෙයි, එක එකාගෙ ගුබ්බෑයම් අස්සෙ රිංගන්න, ගුටි ඇණ ගන්නයි.. මං අද...""අනේ ඇති ඇති.. ඌ ආයෙ යන එකක් නෑ.. පුතේ උඹ පලයන් ගෙට.."පියදාස අල්ලා ගෙන බංකුවේ හිඳ වූ මැණිකා පුත්‍රයා ඇදගෙන ගොස් ගේ තුළට වැදුණා ය. සිය දකුණත ඔසවා අත්ල දෙස බැලූ පියදාසට එය තවමත් වෙව්ලනවා සේ පෙනුණේ ය. අත්ල දිගේ ආ යමක් පපු පෙදෙසේ හිර වුණා සේ දැනුණු බැවින් ඔහු වමත ගෙන පපුව මත තබා දිගු හුස්මක් ගත්තේ ය.ඉන් පසු ගෙවුණු කාලය තුළ ද එවැනි දේ නිතර සිදු වූයේ ය. කෙටි කලක දී ම ඔවුන්ගේ බාල පුත්‍රයා පාසල් ගමන නවතා දමා ප්‍රසිද්ධියේ කල්ලි ගැසෙන්නට පටන් ගත්තේ ය. දින ගණන් ගෙදර නාවේ ය. පාසල් නොයන්නේ නම් කුමක් හෝ දෑතේ කර්මාන්තයක් වෙත හෝ යොමු එන ලෙස දෙමහල්ලන් විසින් ද සහෝදරිය හා සහෝදරයා විසින් ද දෙන ලද අවවාද රා මුට්ටියේ සිටි කුහුඹුවෙක් පමණක් ම විය. **********"පුතේ... පුතේ.. ලොකු පුතේ.."කඩුල්ල දෙසින් ඇසුණු මැණිකා ගේ හඬ ඇසී ගෙතුළ වැතිර සිටි පියදාස හනි හනික එළියට ආවේ කුතුහලයෙනි.."මොකෝ හාමිනේ.. බෙරිහන් දෙන්නේ..""කෝ කොල්ලා.. ඒකට ලියමනක්""ආ ඒක මිසක්කා.. ඔන්නොහෙ හිටියෙ දැන්"පියදාස ගේ ත් මැණිකා ගේ ත් සැනසීමට හේතු වූයේ ඔවුන්ගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ය. දියණිය මේ වන විට විවාහ වී දුර බැහැරට ගොස් සිටි අතර දෙවැනි පුත්‍රයා අධ්‍යාපන කටයුතු හමාර කොට නිවසේ රැඳුණේ ය. එදා සිට තමාට හිතවත් වූ මේ පොල් ගස් දැන් දැන් තමා කෙරෙන් දුරස් වන බවක් පියදාසට හැඟෙයි. තෙලිජ්ජ මුට්ටිය බර වැඩි බව ද, කඳුළ වෑහෙන මල පෙරට වඩා රළු බව ද අතු අතරින් හමන සුළඟ පෙරට වඩා චණ්ඩ බව ද ඔහුට දැනෙයි. නිවසේ සිට පොල් ගස් මණ්ඩිය දක්වා ඇති දුර දික් වී ඇති සෙයකි.මැණිකා ට ද ඊට වඩා වෙනසක් නැත. එහෙත් දෙදෙනාටම පෙනෙන එක දෙයක් ද තිබේ. ඔවුන්ගේ ඇසින් බලන කල මේ දරුවන් තවමත් දනගායි. වඩා ගෙන නළවන්නට සිතෙයි. ඇතැම් විටෙක ඔවුහු, ඇත්ත වශයෙන් ම බොහෝ ගැඹුරු නමුත් ඒ මතක ජලාශයේ පහසුවෙන් කිමිදෙති. **********උදෑසන තෙලිජ්ජ ටික එකතු කරගෙන ආ පියදාස, ඉස්තෝප්පු කෑල්ලේ කබල් පුටුවේ හාන්සි වූයේ වෙහෙසකර බවක් දැනුණු නිසාවෙනි. මඳ වේලාවකින් පනාවක් ද රැගෙන එදෙසට ආ මැණිකා හිස පීරමින් ගොස් පඩිය මත හිඳ ගත්තා ය. කිහිප වරක් සිය වරලස පීරා දැමූ ඇය පනාව ඉහළට අල්ලා, එහි රැඳි කළු සුදු කෙස් අතර උකුණන් වේ දැයි විමසන්නට වූවා ය."කොල්ලට ඉන්ටොව් යන්ඩ කියල ලු තිබුණෙ.."පියදාස ට කැස්සක් මතුව ආයෙන් ඔහු පුටුවේ මඳක් ඉදිරියට නැවී කහින්නට වූයේ ය. ඒ නිසා මැණිකා කී දෙයින් වැඩි කොටසක් ඔහුගේ දෙසවන් මග හැර යන්නට ගියේ ය."මක් කිව්වා හාමිනේ...""කොල්ලට රස්සාවකට යන්ඩ කියල අර ලියමන ඇවිත් තිබුණේ..""ආ.. ඒක හොඳා... කොහෙද හාමිනේ, කවද්ද..""ඔන්න කොහෙද දුරක නමක් කිව්වා, මට මතකත් නෑ. අනිද්දා කිව්වෙ..""එහෙනම් කීයක් හරි දෙන්ඩ ඕන වෙයි නේද..""මා ගාව තිබිල දුන්නා...""ම්ම්.. එක්..කොහො..ක්.." ඔහුට නැවත කැස්ස මතු වූයේ ය. මඳක් බලා සිටි මැණිකා නැගිටින්නට ගොස් යළිත් ඉන්ද වී ආපසු නැගිට පියදාස හුන් පුටුව වෙත ගියා ය. *******"මොකෝ දත අල්ල ගෙන..""මේ කෙහෙම්මල හෙල්ලෙනවා හාමිනේ..""අර පෙරුංකායං ඩිංගක් තිව්ව නං වැටෙයි, කලින් වාගෙ..""ම්හ්... දෙවෙනි ලිවුමක් වත් එව්වෙ නෑ නේද කාලෙකින්..""අනේ අර පොඩි උන් ගෙ වැඩ අස්සෙ ඉවරයක් නැතුව ඇති.. බලන්ඩත් ආසයි..""අන්තිමට ඇවිදින් ගියෙ ගිය අවුරුද්දෙ..""හ්ම්ම්.. උන් ගැන නම් දුකක් නෑ. කොහෙ හරි හොඳින් ඉන්න එක මදෑ. මට දුක අර වසවර්තියා ගැන..""ඊයෙ පාරෙදි හම්බ වෙලා මං එපා කියද්දි සල්ලි වගයක් දුන්නා මට..""නාකි අපිට නම් මොනව කොර ගන්ඩ බැරි ද.. මට මේ හතිය හන්දා මිසක්කා නැත්තං පුරුදු රස්සාව ඒ හැටි දෙයක් නෙමෙයි මට""ඔහෙට පිස්සු ද.. ඉස්සර වගෙ ආකාසෙ යන්ඩ පුළුවනෑ දැං.. ඔය කොහොම කොහොම හරි වේලක් ඇර වේලක් ගැට ගහ ගත්තත් මදෑ..""අම්මේ.."නිවසේ ඉදිරිපසින් ඇසුණු හඬ ද ලං ලං ව ඇසෙන්න ට වූ පිය ගැටෙන හඬ ද ඇසූ දෙමහල්ලෝ, මුහුණෙන් මුහුණ බලා එදෙස ට යන්නට නැගී සිටිය හ. ********** පොල් ගස් මණ්ඩියට ඉහළින් සැඳෑ හිරු ගේ අවසන් රැස් දහර රත් පැහැ අහස පුරා විසිරී ගොස් ඇතැම් තැනෙක වලා වියන විනිවිද යන ආලෝක ධාරා මවා පායි. ඊට එපිටින් වූ කන්ද, අඳුරු පැහැයෙන් යෝධයෙකු සේ එදා මෙන්ම අදත් නිසලව එහෙත් තව මොහොතකින් සූර්‍යයා ගිලදැමීමේ ප්‍රීතිය සමරන්නට මෙන් බලා හිඳී. අඳුරු පැහැයෙන් දිස් වන පොල් ගස් අතර බැඳ ඇති අතුරේ ගමන් ගන්නා අඳුරු ඡායාව තව මොහොතකින් අතු පතර අතරින් අතුරුදහන් වෙයි."තාත්තා මක් කරනව ද මිදුලෙ..."ළඟින්ම ආ හඬක් නිසා පියදාස මෙතෙක් කිමිදී සිටි ලෝකයෙන් පියවි ලෝකයට ආයේ ය. දීර්ඝ කාලයක් තිස්සේ ඔහු හා මිතුරුව සිටි අතුර දැන් ටික කලක සිට ඔහුගේ අකීකරු පුත්‍රයා හා හාද වී සිටියි."අ..න්නෑ පොඩි පුතේ.. මං මේ උඹ පරක්කු මොකද කියල බලන්ඩ ඩිංගක් එළියට බැස්සෙ.."ඔය උඩින් තියන ගීතය මං කැමතිම ගීත වලින් එකක්. "වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ.. හීන් සීරුවේ පහළ බසින් පුත, ගොම්මන් අඳුරයි නැග එන්නේ.." ඒ ගීතය අහන කොට මගෙ හිතේ ඇඳෙන්නෙ පොල් ගස් යායකට පිටුපසින් තියන කන්දක ට මුවා වෙන්න උත්සාහ කරන සැඳෑ හිරු, රත් පැහැ ගත් අහස, යාන්තම ට ඉර අව්ව වැටුණු පොල් ගස් සහ මෙපිට පැතිර එන අඳුර තුල තියන පුංචි ගෙයක මිදුලේ ඉඳන් ඈත බලා ඉන්න වයසක පුද්ගලයෙක් ගේ රුවක්.. මං මේකට දාල තියන පින්තූරය ඒ ඇඳුනු සිතුවම ට සමාන කරන්න බෑ. නමුත්, මේක කියවන පාඨකයො දන්නවා නෙ ලිපි වලට ගැළපෙන පින්තූර සෙවීමෙහි ලා මං තරම් උනන්දු වෙන තව කෙනෙක් නැති බව... ගීතය ගයන්නේ ෂෙල්ටන් මුතුනමගේ ගායකයා. මං දාල තියන්නෙ මුල් ගීතය නම් නෙවෙයි. පසු කලෙක සන්ෆ්ලවර් සමග ගැයූ ගීතය. මුල් ගීතය මීට වඩා හැඟුම් බර බවයි මට මතක. මේ මා මීට පෙර ලියූ මෙවැනි කථාවක්. කැමති නම් කියවා බලන්න.අප්පච්චි.......
|
BLOG
|
2014.11.20
|
http://www.chandanadm.blogspot.com
|
මෙය විය හැකි ද
|
Chandana
|
මඳ පවනේ රැළි නගමින් හරිත සේලයක සිතුවමක් මවා පාන නිල්වන් වෙල් යායට ඔබ්බෙන් ඇති, ඝන වන ගහනයෙන් ගැවසී ගත් කඳු යාය පසු කරමින් නැගී ආ හිරු, මේ වන විට සිය දෛනික ගමන් මගේ තරමක් දුර ගෙවා තිබුණේ ය. නමුත් වෙල් යායේ තැනින් තැන තිබූ ගොඩැලි මත ඇති කුඩා රුක් ගොමු තුළ උදෑසන අඳුර හා සිසිලස එලෙසම පැවතුනේ ය.පැළ නැගී එන ළපටි ගොයමට දිය ගෙන එන ඇළෙහි ස්ථිර නිවැසියන් වූ තිත්තයින් ගෙන් එකෙක් දෙන්නෙක් උදෑසන හිරු රැස් විඳින්න ට දිය මතු පිටට ආවෝ, කණ්ඩියෙහි සිටි විලෝපීයයකු ගේ උදෑසන ආහාරය සපයා ලූහ. මඳකට සිය ස්වරය වෙනස් කල ඇළ යළිත් සිහින් හඬින් සුපුරුදු ගීතය ගයමින් ගමනේ යෙදුණේ ය. කණ්ඩියට මෙපිටින් වූ ගුරු පාර ඔස්සේ ඉඳ හිට ගමන් ගන්නා ගැමියකුගේ ඡායාව, දැනට ටික වේලාවක ට පෙර දී පාරේ අනෙක් කොන දක්වා දිව ගිය ද, දැන් එය ඊට වඩා තරමක් කෙටි වී, තව දුරටත් කෙටි වෙමින් තිබේ.ගුරු පාරේ එක් වංගුවක් අසල වූ විසල් දඹ ගසක් සෙවණේ, වෙල් ගොයමට ලං විය නොහෙන ඉමක ඇළ අයිනේ දිගේලි කර සිටි කළු ගොන් නාම්බා, සිය හිස ඔසවා නාස් පුඩු විසල් කර කලබල ගතියෙන් වල්ගය වනමින් ඇළට පනිත් ම පාරේ අනෙක් පසින් වූ වංගුවෙන් මතු වූයේ කළු පැහැ මොටෝ රියකි.වල ගොඩැලි වල පිහිටීම ට අනුව උස් පහත් වෙමින් පැද්දෙමින්, නිහැඬියාව බිඳිමින් ගුරු පාර ඔස්සේ ඉබි ගමනින් ඇදී යන මෝටර් රථය පසුපසින් වැටුණු, ජංගි කොට වලින් සැරසී ගත් කොළු කුරුට්ටන් රෑනකි. ඔවුන් ගෙන් ඇතැමෙකු ගේ හිස කෙස් අපිළිවෙලට කොට කර තිබූ අතර අනෙකෙකු ගේ කෙහෙ රැලි උරහිස දක්වා වැටී, ඔවුන් ගේ ගමනේ තාලයට අනුව එහා මෙහා නැලැවුනේ ය. මොටෝ රියෙන් නැගුණු හඬ හා කොළු කුරුට්ටන් ගේ කෑ කෝ හඬෙන් ද විමසිලිමත් සිත් අවදි කර ගත් ඇතම් ගැමියෙක් දෙන්නෙක් කටු මැටි ගේ තුලින් මෑත්ව ගුරු පාර අයිනට පැමිණ නැවී බලා, හිසෙහි වූ රෙදි කඩ අතට ගෙන ගෞරව සම්ප්‍රයුක්ත බවක් පෙන්නූහ. ඇළ කණ්ඩියෙහි රෙදි සෝදමින් සිටි ගැහැණියක් මොටෝ රිය දෙස බලා හිස නවා, එය තමන් පසුකර ගිය කල අනෙක් ගැහැණියක හා සතර කන් මන්ත්‍රණයකට මුළ පුරන අතර සෝදමින් සිටි රෙදි කඩක් ඇළ ඔස්සේ පහල යනු දැක යලිත් වහා ඇලට පැන්නාය.මේ සියල්ල අතර තුර මොටෝ රිය සෙමෙන් ගම් ආරච්චිගේ නිවාසය වෙත සේන්දු වන විට එය පිළිගන්නට ආරච්චි ගෙයින් පිටතට බැස්සේ ය."හා... ආයිබොවන්ඩ මුදලාලි.. එමු එමු.." කතාවේ තාලයට ආරච්චිගේ විහිදී ගිය උඩු රැවුල නැටවුණේය. මොටෝ රියෙන් බිමට බට ආගන්තුකයා නැතහොත් දැන් මුදලාලි ඔහු සමඟ ආ කොල්ලකුට කථා කොට,"ඒයි... ඔය කාරෙකේ තියන බඩු ටික වලව්වෙ කුස්සිය පැත්තෙන් ගෙහුන් දාපිය.." කියා ආරච්චි සමඟ ම ගෙට ගොඩ වුණේය. "ඉතිං ආරච්චි මහත්තයෝ.. කොහොමෙයි මේ දවස් වල..""වැඩ වැඩ තමයි මුදලාලි... අදත් රාජකාරි ගමනක් යන්ට තිවුණා ඩිංගක් බැහැරට. ඒක පමා කොර ගත්තා අපෙ මුදලාලි මේ අහ එන වග කියාපු හින්දා..""ඔහෝ.. මං හින්දා ආරච්චි මහත්තයගෙ වැඩෙත්....""නෑ නෑ... ඒව නම් කොහොම කොර ගන්ට බැරිද මේ අපිට.. ඒ වගෙ ද මුදලාලි දෙයක් කිව්වම... හරි ඒකෙන් කාරි නෑ... තේ කහට ඩිංගිත්තක් බොමු. එන්ටකෝ එන්ටකෝ ඇතුලට..""කහට නෙවෙයි ආරච්චි මහත්තයෝ නැද්ද වෙන මොනව හරි එහෙම...""මොකෝ නැතුව මොකෝ නැතුව... ඇන්න යන්ට ත් එක්කම ලැහැත්ති කොරල තියන්නෙ.. කහට ඩිංගක් බීල දවල් වෙලා යං..""හ්ම්ම් හ්ම්ම්ම්... එහෙම හොඳා.."සංග්‍රහය අතර තුර දී මුදලාලි තමා ආ කාරිය විස්තර ඇතුව ආරච්චිල ට පවසා තවත් හෝරාවක් පමණ ආ ගිය කථා ද දොඩමින් සිට ආපසු යන්න ට ගියේ ය. ඔහු නික්ම ගිය පසු වලව්වේ වැඩකාර කොල්ලා අත ගම් වැසියන් කිහිප දෙනෙකු ට පණිවිඩයක් යැවූ ආරච්චිල ඉස්තෝප්පුවේ ඇති සිය සුපුරුදු හාන්සි පුටුවට බර දී දෙපා ඉහ ට ගෙන ඇන්ද මත සතපා, සිය හිතවතා විසින් ගෙන ආ අළුත් සුරුට්ටුවක් දල්වා ගත්තේ ය. ********************දින කිහිපයක් ගෙවී ගොස් රාත්‍රී අහසේ චන්ද්‍රයා අවපස ලැබූ පසු ගැමියන් පස් දෙනෙක් ආරච්චිල ගේ ඇණවුමෙන් ඈත වනය කරා යන්නට පිටත් වූහ. දින ගණනාවකට ප්‍රමාණවත් වන තරමේ ආහාර ද්‍රව්‍යය ද කියත්, පොරෝ, කඹ, කොටන තුවක්කු, ඈ ආම්පන්න ද ඔවුන්ගේ හිස් හා උරිස් මත ලැගුම් ගත්තේ ය."මට හිතුණා බං මුදලාලියා එන කොට... මොකක් හරි එකක් තමයි කියල.""ඕකා නං ගිය ආත්මෙක ගුල්ලෙක් වෙන්ටැති... අම්මපා""ඕකුන් කාසි හොයන්නෙ ඕවයින් තමා බොලං..""හා හා යමල්ල යමල්ල.. තව සෑහෙන දුරක් යන්ට තියනව..""හ්ම්ම්...හ්ම්ම්ම්"ආරච්චිල ගේ හිතවතෙකු වන මුදලාලි, සිය අනෙක් වෙළඳ කටයුතු අතර දැව සැපයීමත් කළේය. ඔහුට ලැබෙන දැව ඉල්ලුමෙන් සැලකිය යුතු කොටසක් සම්පූර්ණ කළේ ආරච්චිල විසිනි. මෙවැනි කටයුතු වල දී තමා නොයා අදාළ කාරිය කරවන්න ට ආරච්චිල හැම විටම වග බලා ගත්තේ ය. ඒ සඳහා ගැලපෙන අත්දැකීම් බහුල මිනිසුන් ඔහු වටා හිඟ නොවී ය. ලාභයෙන් ලැබෙන මුදල් කොටස සේම වෙනත් පඬුරු පාක්කුඩම් වලින් ද මුදලාලි විසින් ආරච්චිල තමන් කෙරෙහි රඳවා ගන්නට සමත් විය. එසේ වුවත් ඇළෙන් ලියැද්ද ට හැරවෙන ජල ප්‍රමාණය ගැන දැන සිටියේ මුදලාලි පමණකි.ඉරුම්කරුවන් නඩයට මෙවර යා යුතුව තිබුණේ වනයේ තරමක් දුරින් පිහිටි ඉසව්වක් වෙත ය. මුදලාලි විසින් ඉල්ලා තිබුණු දිගින් වැඩි ලී සපයා ගන්න ට නම් උසින් වැඩි ගස් බිම හෙළා ගත යුතු ව තිබුණේ ය. පැය කිහිපයක දුෂ්කර ගමනකින් පසු ඔවුහු තමනට ඇවැසි බිම වෙත පැමිණ වාඩි ලා ගැනීම් ආදී කටයුතු වල යුහුසුළු වූයේ පසු දින සිට වැඩ අරඹන්න ට බලාපොරොත්තුවෙනි.පසු දින සුපුරුදු ලෙසින් වනයේ තුරු හිස් මත උදා හිරු රැස් වැටුණේය. ඒ අතරින් ඇතැම් ගස් අවසන් වරට සූර්‍යය රශ්මිය විඳිමින් සිටියේ ය. තවත් ටික වේලාවක ට පසු, තියුණු පොරෝ පහරින් ද කියත් කැපුමෙන් ද බිම පතිත වන මහ ගස් වල වේදනාවෙන් හා තුරු හිස් මත හිඳ බියෙන් පලා යන සියොතුන් ගේ හඬින් ද වනයේ නිහැඬියාව බිඳී ගියේ ය.දින කිහිපයක් ගත වී ගිය කල සැලකිය යුතු තරමේ දැව තොගයක් ඉරුම් පල අසල ගොඩගැසී තිබුණේ ය. බිම හෙළූ ගස් වලින් ඉරීම සඳහා තවත් ඉතිරිව තිබුණේ එක් ගසක් පමණෙකි."ආරච්චි මහත්තයට පයිණ්ඩයක් අරින්නෙ කවද දිහාට ද බං.."නිතරම පාහේ වාඩියේ ලිප මත තිබෙන තරමක් විශාල මුට්ටිය ට දිගු ලීයක අග ඇමිණූ පොල් කටුවක් ඔබමින්, ලිපේ දුමෙන් හා රත් වූ දියෙන් නැගෙන හුමාලයෙන් මුහුණ බේරා ගන්න ට දෑස් පියාගෙන, තේ කහට ස්වල්පයක් වත් කර ගන්න ට සැරසෙන සයිමන් එසේ විමසා සිටියේ මාටින් ගෙනි."හ්ම්ම්.. තව තුන් හතර දොහක් යද්දි නං වැඩේ එකලාශියක් කොරන්ට ඇහැකි වෙයි..""කලින් වගෙ... සේරම අහක වෙන්ට දොහක් විතර තියද්දි එකෙක් ගෙහුං පයින්ඩෙ දීල එන එක හොඳා.. නෙව""හ්ම්ම්..නා කොටේ අහවර කොරන්ට ත් තියේ නෙ.. එහෙම හොඳා "**************වලව්වේ සුපුරුදු අසුන මත හිඳින ආරච්චිල ගේ කටෙහි වූ සුරුට්ටුව නිවී යන්න ට ආසන්නව ඇති සෙයකි. පසෙකින් වූ කුඩා ටීපෝව මත වූ ඉරමුසු පැන් බඳුන සෑහෙන වේලාවකින් ඔහුගේ මුව ගැටී නොතිබුණු අතර පීරිසිය මත තිබූ කිතුල් හකුරු කැබැල්ල වෙත කුහුඹුවන් එකා දෙන්නා ඇදෙමින් සිටියෝ ය.ආරච්චිල ගේ වම් අත ඔහුගේ පපුව මත එහා මෙහා අක්‍රමවත් ගමනක යෙදී සිටියේ ය. මේ සියල්ල දෙස ටික වේලාවක් බලා සිටි ඔහුගේ ඇඹේණිය, ගොතමින් සිටි රේන්දය අනෙක් පස වූ පුටුව මත තබා ඔහු වෙත ආවා ය."ඉරමුසු එක ඇල් වෙලා අපේ මහත්තයා... මොකක්දෑ මේ හැටි කල්පනාව..""අහ්..අ අ..හාමිනේ.. "සිහිනයකින් අවදි වූවකු මෙන් තිගැස්සී ගිය හේ මුවෙහි වූ සුරුට්ටුව අදින්නට උත්සාහ කොට එය නිවී ගොස් ඇති බව දැන පසෙකින් තබා පුටුවෙහි හාන්සි වී උගුර පෑදුවේ යම් කථාවක ට බව වටහා ගත් ඇය අසල වූ කුඩා පුටුවක් මත අසුන් ගත්තා ය."අපේ නඩෙන් තවම පයිණ්ඩයක් ආවෙ නෑ හාමිනේ. ඒකයි මං මේ කල්පනා කොලේ.. මේ දවස් වල ලැබිච්චි ආරංචිත් එච්චර සුබ නෑ..""මක්කැයි අපේ මහත්තයෝ ආරංචි කිව්වේ .""කැලෑ කපන උන් අල්ලන්ට කැලෑ මහත්තැන් වගයක් වල් වැදුණා කියල හා හෝවක් තියනවා.. මෙදා අපේ උන් ටික ගියේ මයෙ වැයික්කියෙන් පිට ඉසව්වකට... මං මේ කල්පනා කොලේ ඒක.""අපෙ මහත්තයා කියන්නෙ උන් අහු වෙලා කියල ද..""කියන්ට බෑ. කෝකටත් හෙට දිහාටත් බලලා මක්කා හරි විපරමක් කොරන්ට වෙනවා.. කාලෙ ගත වුණා වැඩියි.."ඉරුම්කරුවන් ගෙන් පයිණ්ඩයක් ලැබීම පමා වෙත්ම ආරච්චිගේ සිතෙහි යම් භීතියක් හොල්මන් කරන්න ට ගත්තේ ය. එහෙත් සිය තනතුරේ ආරක්ෂාව ගැන සලකා බලා ඒ ගැන විපරම් කරන්නට යෑම හෝ අනිකකු යැවීම හිතා මතාම ඔහු තරමක් පමා කළේ ය. නමුත් දැන් ගතවී ඇති කාලය පෙර වාර වලට වඩා සතියක් ද ඉක්ම ගොසිනි. සරමේ පිටුපසින් ඔසවා ගෙන මිදුලේ එහෙ මෙහෙ බොහෝ වාර ගණනක් ඇවිදිමින් තරමක් අඳුර වැටෙන තෙක් සිටි හේ යම් තීරණයකට එළඹුණු සෙයක් පෙන්වන මුහුණින් යුතුව පඩි දෙක නැග නිවෙස තුළට වැදුණේය.පසු දින උදෑසන වෙල් නියර ඔස්සේ වන ඉම දෙසට පිය මනිනා මිනිසුන් කිහිප දෙනෙකි. එකෙක් යම් කිසි මල්ලක් උරයෙහි රඳවා සිටි අතර තවකෙක් කඹයක් උරේ දරාගෙන ගියේ ය. පොල් අතු වලින් තැනූ පන්දම් දෙකක් එකකු අත විය. ඉදිරියෙන් යන්නා අන් කිසිවක් නොදරා දකුණු උර මත තුවක්කුවක් පමණක් ඇතිව ගමන් කළේ ය. හේ අන් කිසිවකුත් නොව ගම් ආරච්චිල වීය. බැලූ බැල්මට ඔවුන් ගෙන් දිස් වූයේ මී පැණි නැත්නම් බඹර පැණි සොයන්නට යන්නවුන් ගේ විලාසයකි..එසේ ගිය ඔවුහු වනයේ තරමක් දුර ගෙවුණු පසු වරින් වර එකෙක් ගසකට නංවා ඈත විපරම් කරන්නට වූහ. එවැනි වූ එක් වරෙක ගස මත හිඳි පුංචා නම් ගැමියා "පේනවා පේනවා.." යයි මොර දෙමින් හනි හනික ගසින් බස්න්නට වූයේ තවත් මොන මොනවා දෝ මුමුණමිනි. කලබලයෙන් ගසින් බසින්නට ගිය ඔහු පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ වහා අනෙක් අත්තක එල්ලී ඉන් වැළකෙන්නට සමත් වූයේ ය."හිමින් බැහැපිය.. උඹත් මෙතන හතර හන්දි කඩා ගත්තොත් තවත් විජ්ජුම්බරයක්.."පුංචා දැක්වූ ඉසව්ව වෙත ළඟා වන්නට ඔවුන්ට තවත් හෝරාවක් පමණ වැය වන්නට සිදු විය. ඈතින් ඇසෙන වඳුරකු ගේ මොර ගෑමත් තුරු හිස් මත හඬ නගන පක්ෂීන් ගේ හඬත් ඒ සියල්ල පරයා තොරතෝංචියක් නැතිව නැගෙන රැහැයි නාදයත් හැරුණු කොට වනයේ සියල්ල නිහඬය."ආරච්චි මහත්තයා.. ගඳක් දැනෙන්නෙ නැද්ද..""දැනුණා බං දැනුණා.. මයෙ හිතේ කොටියෙකුට අහු වෙච්චි සතෙක් වත් වැටිල ඇති කොහෙ හරි.."ආරච්චිගේ අනුමානය නිවැරදි කරමින් මඳ දුරක් යත් ම ඔවුනට දකින්නට ලැබුණේ පෙර දින රැයේ අනිකකුගේ කුස පුරවනු පිණිස තම දිවිය කැප කල මුව වර්ගයට අයත් කුඩා සතෙකුගේ මල සිරුරකි.. එතැන ට ලං වූ ඔවුහු මඳක් විමසා බලා ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් යළි ගමන් ආරම්භ කළහ.මඳ දුරක් යත් ම පහළ නිම්නයේ හිරු රැස් නිදහසේ පොළොවට පතිත වන බිමක සේයාවක් යටි කැලය තුළින් ඔවුනට දිස් විය. එදෙසට ගමන් කල ඔවුහු මඳක් විමසිල්ලෙන් සිට යළි පල්ලම් බසින්නට වූහ.එබිම එක් පසෙක වාඩියකි. තරමක් වන රොද තුළට වන්නට ඉරූ දැව පිළිවෙළකට අඩුක් කර තිබේ. පලංචිය මත මහ කියතක් රැඳී සිටින්නේ එහි හිමිකරුවන් යළි ඒය යන බලාපොරොත්තුවෙන් සේය..ආරච්චිල ප්‍රමුඛ නඩයේ සියල්ලෝම සිය ජටා ගලවා මුහුණු ආවරණය කර ගත් හ. තවත් ලං වන විට වාඩිය තුළින් පිටතට පැමිණි සිවලෙක් වහා සිය සගයාට සංඥාවක් දී ඔහු ද කැටුව වනයට වැදුණේ අමුත්තනට විරෝධය පාන හඬක් ද නගමිනි.වාඩිය අසලට ලං වෙත්ම ඔවුන් ගේ ඇස ගැටුණේ එතෙක් ගස් කඳකට මුවා වී තිබූ, නිල් පැහැ ගැන්වී ඉදිමී තැනින් තැන ඕජස් ගලන මිනිස් සිරුරු දෙකකි.. ඊට මඳක් ඔබ්බෙන් පහළට වන්නට තවත් මළ සිරුරක් වී ය. වාඩිය තුළ වූ මැස්ස මත හා බිම අනෙකුන් ගේ සිරුරු වැටී තිබුණේය. වරින් වර හඬ නගමින් ඉගිලෙන නිල මැස්සන් ඒ සිරුරු වසා සිටිය හ. මෙතෙක් වේලා ඇස් කොනින් බලමින් සිටි ඩිංගා තවත් එතැන රැඳෙනු නොහැකිව ඉවතට ගොස් වමනය කරන්නට වූයේ ය.වනයේ ඇවිද, දඩයම් කර තරමක හුරුවක් ලද්දකු වූ පුංචා වාඩිය තුළට ගොස් විමසිලිමත් දෑස් ඒ මේ අත යවමින් හිඳ ලිප මත තිබූ මුට්ටිය වෙත නැමුණේ ය. එහි පතුලේ පල් වී ගොස් තුබුණු දිය ස්වල්පය අතරෙහි වූ යම් දෙයක් ඔහුගේ තීක්ෂණ දෙනෙත ට හසු විය. යළිත් ලිප කෙළින් වූ වාඩි පියස්ස දෙස යොමු කළ ඔහුගේ දෙනෙතට හසු වූයේ යම් යම් දෑ රඳවන්නට හැකි වන පරිද්දෙන් එතැන රඳවා තිබූ පිට ලෑලි කොටසයි. මුට්ටිය ගෙන වාඩියෙන් එළියට බට ඔහු කෝටු කැබැල්ලක් ගෙන මුට්ටිය පතුලට දමා මඳක් කරකවා ඉහළට එසවූ කල එහි පැටලී, කුණු වෙමින් තිබූ යම් කිසි දෙයක් ඉහළට මතු වී ආයේ ය.තරමක් දුර ට ඇවිද ගොස් පොළොව මත වැටී තිබුණු ගස් කඳක් මත හිඳ ගත් ඔවුහු කඳුළක් උනන නිමේෂයක ට වඩා බොහෝ දික් වූ ගැඹුරු නිහැඬියාවක එකාවන්ව ගිලුණා හ. එය බිඳිමින් වරින් වර නැගුණු ගැඹුරු සුසුම්, නික්ම ගියවුනට පවනක් වෙමින් ඔවුන් ගිය මඟ සොයා වා තලය සිසාරා පාවී ගියේ ය. -----නිමි-----ප.ලි. 2014-11-20 ඉතින් කාලෙකට පස්සෙ ඔන්න කතාවක් වගෙ එකක් ලිව්වා. මේ සටහනට හේතු පාදක වුණේ දැනට අවුරුදු දෙකකට විතර කලින් මං ලියපු එකෝමත් එක කාලෙක කතන්දරේ ට kosvitha නම් පාඨකයෙක් විසින් දමනු ලැබූ කමෙන්ටුවක්. ඒ කමෙන්ටුවේ තිබුණු මේ ලිපියට අදාළ කොටස මෙන්න මෙහෙමයි.[ඔබට තවත් කතාවක් ලියන්නට වස්තු බීජයක් දෙන්නම්."ඉස්සර කැලේ ලී ඉරන්න ගිය මිනිස්සු හතර දෙනෙක් ඒහිදී මිය ගිහින්, පසුව සොයා බලන විට ඔවුන් තේ උණු කල මුට්ටියේ තැම්බුනු පොලගෙකුගේ සිරුරක් තිබිලා".]ඉතින් ඔහුට/ඇයට ස්තුතියි කියල කියන්න ත් මං කැමතියි. මේ සිද්ධිය 'විය හැකි' එකක් බවට පත් කරන්න ට තරමක් වෙහෙස වෙන්න සිද්ධ වුනා. ඒ අතර මගෙන් ගිලිහී ගිය සහ මට හසු නොවුණු දේවල් ඔන තරම් තියෙන්න ත් පුළුවන්. කොහොම කොහොම හරි ඔන්න කඩ වෙන්න ගිය එක පොරොන්දුවක් නම් ගොඩින් තියා ගත්තා. sinhala Blog, katha Blog, cyber literature, සයිබර් සාහිත්‍යය, සිංහලෙන් ලිවීම, සිංහල බ්ලොග්, වනගත ගම්මාන, ගැමි ජීවිතය.
|
BLOG
|
2014.11.14
|
http://www.chandanadm.blogspot.com
|
යා යුතු මඟ දුරයි...
|
Chandana
|
මරණය අත වනනා බිම් කඩ මතමරු පළවන්නට වැදී සටන්පෙනෙන ඉසව්වක නොමැත දකින්නටමා හා එක මඟ ආ සගයින්හිරු ද මා දවයි, තවමත් නොපෙනෙයිඅවිය තබන්නට සුදුසු බිමක්ගිලෙනා දිව මුවෙහිම රඳවන්නටදිව ඔසුවකි මඩ දියෙන් බිඳක්Image Source: Google.
|
BLOG
|
2014.10.31
|
http://www.chandanadm.blogspot.com
|
බෝතල් වාසි
|
Chandana
|
දින සති මාස නොදැනිම ගත වුණේ යපෙර බල, දුබල වී ගත හැකිළුනේ යබර වැඩ එකල මෙන් නොම හිනැහුණේ යපුරවන්න ට තිබෙන බඩ, රැලි පෙනේ ය කාණු ද වතුර බැස යන එහි ඉවුරු මතවැතිරී සිටී රුපියල් හා පුංචි ශතපුරවා මල්ලකට ගමි කරකවා නෙතවිසිකර දැමූ බිඳුවෙන් රත් කරමි ගත ~~~~~~~ නිමිත්ත:ඉඳ හිට ගොතන්නට කව් මම යොදමි හිතලද හැකි සතුට ඉන් පවසා නිමක් නැතඅද දින දුටිමි බෝතල් මිනිසකුගෙ වතපතුලෙහි ඉතිරි 'පැන්' ඔහුගේ බඩට යෙතහිටිවන කවි, සයිබර් කවි, සිව්පද, සදැස් කවි, කවි බ්ලොග්, පද්‍ය නිර්මාණ, කවි සංවාද, සිංහල කවි, hitiwana kawi, kawi madu, kawi sanwaada, sadas kawi, sinhala kawiImage Source : Google.
|
BLOG
|
2014.10.30
|
http://www.chandanadm.blogspot.com
|
දැන්......
|
Chandana
|
ගොරවන ගගන, හා එහි එළි ද දිලිහුනීවස්සානය සමග නියඟය ට බැට දුනීදහවල එකට හෝ දොළහට කඩා පනීගෙමිදුල, අවට හැම තැන දැන් වැවක් වැනීවියලුණු තණ බිස්ස දැන් දැන් නැගිට එතීමැළැවුණු කෙසෙල් කොළ පවනේ ගමන් යතීදවසට දහ දොළොස් පාරක් කරන්‍ට් නැතිරැය දහවල ට හා ඒ දෙක මාරු වෙතීමිය ගිය දොළක් පෙර ගිය මග ඉව අල්ලාගැලුවා එක රැයෙන් සිය අයිතිය ඉල්ලාපෙරමග වැට කඩුලු මුළු විරියෙන් සොල්ලාගලවා විසුරුවා යයි රුදු ජල බිල්ලාපස් කඳු වැල් අකුල් කාණුව අරක් ගතිතව මදි වන හරිය පොලිතින් වලට දෙතිතාර ද කාපට් ද හැමදාමත් දමතිසොච්චං පාරවල් වල දැන් නැව් ද යති.
|
BLOG
|
2014.10.29
|
http://www.chandanadm.blogspot.com
|
දිරා යන දඬු ගෙන වැටක් බඳිමි
|
Chandana
|
මෙය කතාවක් නොවේ. නිකම්ම නිකං හිතට ආ වචන ටිකක් පමණක් බව සළකන්න.සමනල වැව පුරවන්න ට බෙලිහුල් ඔය ගලා ඇවිත්..ඔය සින්දුව මං ආස කරන සින්දු වලින් එකක්. ඒ සින්දුව ඇහෙන කොට බෙලිහුල් ඔයට ආසන්නව පිහිටි, මං පුංචි කාලෙ ගිය ගමක් මතක් වෙනව. ගෙදර දි නිතර ගැවසුණු පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් වුණු බෙලිහුල් ඔය ප්‍රදේශයට යනව කියන එක කියන්න බැරි තරම් සතුටු දායක කාරණයක් වුණා මගෙ පුංචි කාලෙදි.. අපේ ගමට වඩා විශාලව පිහිටල තිබුණු වෙල් යාය, සීතල වතුර අඩුවක් නැතුව ගලාගෙන ගිය ඇලවල්, නිල් කඳු, ඒවයෙ තැනින් තැන තිබුණු අඳුරු පැල්ලම් වගෙ පෙනුනු ෆයිනස් වගාව සහ තවත් බොහෝ දේ එක්ක එකට එකතු වුනු 'වෙනස' ඒකට හේතු වෙන්න ඇති.උදේට නැගෙනහිර අහස රතු කර ගෙන මහා විශාලව පායන ඉරට යටින්, වෙල් යායෙ පහළ බෑවුමෙන් ඉහළ නගින මීදුම් වලා දිහා ඇල ගැට්ටෙ ඉඳගෙන මං බලා හිටියෙ හීතලත් තකන්නෙ නැතුව.. ගොයම් ගස් වල කොළ උඩට වැටුණු රිදී පාටින් බැබළුණු ලොකු පිනි බින්දු තව ටිකකින් ඉර අව්ව වැටිල දේදුනු පාටින් දිලිසුණා.. ඒක පුංචි එකෙකු ට අමුතු ලෝකයක්.කූඩැල්ලො විමානයක් වුණු ඒ වෙල් යාය පහු කර ගෙන පුංචි නියරවල් දිගේ පහළ ට ගියාම තියන බෙලිහුල් ඔයේ ලිස්සන ගල් උඩින් පැන පැන සීතල වතුරෙ බැහැගෙන යන එක තරමක අවදානමක් නොතිබුණාමත් නෙවෙයි.. ඒත් අතක් පයක් කඩා ගන්නෙ නැතුව ගිය විදිහටම ආපහු එන්න හැමෝටම වාසනාව තිබුණා.පස්සෙ කාලෙක සමනල වැවේ වතුර අඩු වුණාම, බෙලිහුල් ඔය දිගේ වතුර උඩට පිරුණු ඉසව්වට කීප සැරයක්ම මට යන්න ලැබුණා. (කලින් ලිපියක කිව්වෙ වලවෙ ගඟ දිගේ වැව් ජලය ඉහළ නැගල තියන ඉසව්ව ගැන නේ. ඒක ලියන කොටත් මේ ලිපිය ටිකක් ලියල තිබුණේ. මේ සෑහෙන කාලෙක ට ඉහත දි ගිය ගමනක් නිසා පින්තූර නෑ). ඒ ඉසව්වෙ කලින් හොඳට තිබුණු, වැවට යට වෙලා ගිය කුඹුරු ආයෙත් මතු වෙලා. අත් හැරපු ගම්මාන වල ගෙවතු අස්සෙ දොඩම්, පොල් වගෙ ගස් වර්ග දකින්න ලැබුණා. ඒවා නම් වතුරට යට වුණු ඒවා නෙවෙයි. ඒ ආසන්නයේ තිබුණු ඉඩම්. ඒවා, වැව සම්පූර්ණයෙන්ම පිරෙව්වොත් වතුරට යට වෙන සීමාව තුළ තියන ඉඩම් වෙන්න ඕන. පන්සලකුත් මතු වෙලා තිබුණා මතකයි.අරහෙම මතු වුණු කුඹුරු ඉතාම සාරවත් රොන් මඩ වලින් පිරිලා, වැවට යට වෙලා තිබිල දැන් මතු වෙලා තියන බාගෙට දිරාපු උස ගස් වල දියකාවො එකෙක් දෙන්නෙක්, තඩි මාන කොක්කු, කලාතුරකින් උකුස්සෙක් ලැගල හිටියා. වැවේ වතුර මට්ටමෙන් ටිකක් විතර උඩට තියන ලී කොට වල උස තරමක් අඩු වුනාම තමයි පේන්නෙ ඒව උඩත් දියකාවුන් ඉන්න බව. උන් දහ පහලොස් දෙනා එහෙම ලැගල ඉන්නවා.සරු පොළවෙ එක යායට වැවුණු තණකොළ වර්ග වුණත් තිබුණෙ වෙන වෙනම. වෙන වෙන වර්ගත් අතරින් පතර නොතිබුණා නෙවෙයි. සමහර හින්දි සිනමා පට වල එහෙම පෙන්නන දර්ශන මැවිල පෙනුණ මට ඒක දැකල. මලින් බර වුණු ගඳපාන ගස් එක යායට. හුළං තලා වගෙ තණ කොළ වර්ග එකට.. ඒකේ ඒ හැටි අමුත්තකුත් නෑ බලපුවාම. පොඩි කලාත්මක ගතියක් පේන්නෙ වෙන ලොකු ගස් කොළං නැති නිසා ඔක්කොම එක යායට තියන නිසයි.තොර තෝංචියක් නැතුව කෑ ගාන කිරලුන්ගෙ හඬ, එතකොට මගෙ කන් වලට තරමක් අලුත්. කතාවට කියන්නෙ කිරල්ලු අහස කඩා වැටෙයි කියල බයට කකුල් උඩ දාගෙන බිත්තර රකිනව කියලයි. මං අහල තියන විදිහට උන්ගෙ කූඩු තියන්නෙ බිම.. ඒ ඉසව්වට මොකෙක් හරි කිට්ටු වෙන කොට උන් උඩ ඉගිලි ඉගිලි කෑ ගානව. ඒ අස්සෙ අපි හිටපු මුළු වෙලාවෙම වාගෙ අහසෙ තරමක් උඩින් ඉගිලි ඉගිලි හිටියෙ කුරුලු ගොයෙක් වෙන්න ඕන.. වතුර බැහැල මතු වෙලා තිබුණු බිමේ තැන් තැන් වල අපේ අල්ලෙන් භාගයක් විතර ලොකු බෙල්ලො වර්ගයක පිට කටු දකින්න ලැබුණා..ඔය කියපු බිම මැද්දෙන් බෙලිහුල් ඔය පුංචියට ගලාගෙන ගියා. බලා ඉඳිද්දි ඉවුරු සෝදා ගෙන යන්නෙ, ඒ ඉවුරු වල තියන්නෙ තද නොවූ පිරුණු පස් හින්දා. ඒ වගේම මතුපිට වැලි තට්ටුවක් වගේ පේන්න තිබුණු හුඟක් තැන් වල ඊට යටින් තිබුණෙ අඩිය තිව්වොත් එරා බහින ඝන රොන් මඩ තට්ටුවක්. වැවේ ජල මට්ටම එක්ක සමපාත වෙලා යන කෙටි දුරේදි නම් ඉතා විශාල, පිරිසිදු වැලි තලාවක් මතිනුයි ගඟ ගලාගෙන ගියේ. ඒ සීතල වතුරේ බැහැල, දණහිස හරියට වතුරත් ඉන් උඩට උදෑසන හිරු එළියත් එක්ක ගඟ දිගේ ඇවිදින එකත් හරිම ආශ්වාදජනක කාර්‍යයක්.අර කලින් කිව්ව, මතු වූ කුඹුරු ලියදි එළවළු වගාවට කියාපු බිමක්. පොහොර කිසිවක් ඕනෙ නෑ.. මාස කිහිපයක් වැවේ ජල මට්ටම අඩු වෙලා තියන නිසා බොහෝ දෙනෙක් නියං කාලෙට ගතමනාවක් හොයා ගන්න හෝ පරිභෝජනයට හෝ එළවළු වගා කළා. ඒ නැතත් යම් යම් බෝග වර්ග ඉබේම පැල වෙනව මෙවැනි බිම් වල..අපි ඊට පස්සෙ කාලෙ, දවසක වැව බලන්න යං කියල හතර පස් දෙනෙක් එක්කාසු වෙලා ගියා.. ඒ ගිය පැත්තෙන් නම් අමුතු දෙයක් තිබුණෙ නෑ. අපි ඉන්න තැනට පේන, මීටර් දහය දොළහක දුර තියන නිම්නයක අනෙක් ඉවුරට යන්න පැයක් හමාරක් ඇවිදින්න වුණා සමහර තැන් වලදි. පටු නිම්නය දිගේම වතුර පිරිල තියන එක නිසයි එහෙම වුණේ.. මානා පඳුරු අතරින්, කටු අකුල් යටින් රිංග රිංග තැන් තැන් වල ඉඳගෙන අරන් ගිය ඒව කකා ගිහින් අන්තිමට ඉතුරු වුණේ කව්දෝ අරන් ගිහින් තිබුණු අළුවා ටිකක් විතරයි. අළුවා කෑල්ලක් කටේ දාගෙන වැවේ වතුර ටිකක් කටේ හලා ගත්තම, කටේ හිරවුනු අළුවා හරිම පහසුවෙන් උදරය කරා ගමන් ආරම්භ කරනවා. (ඌරන් ට මොන සෞඛ්‍යය ද......)ඉතින් වැව් ඉවුර දිගේ එහෙම ඇති වෙන කල් ඇවිදල, ආපහු එන්න එන අතරෙ තිරිවානා බහුල කඳු ගැටයක් මත ලස්සන මල් වර්ගයක් දකින්න ලැබුණ.. පෙති පහක් විතර ඇති මතක හැටියට. මල තද රෝස පාටයි.. කඳ තරමක් දුඹුරු පාටට හුරුයි. පුංචි පඳුරක් වගෙ. ඒ ඉසව්ව පුරාම ඒ මල් පඳුරු විසිරිලා තිබුණ. ඉතින් එක එකා ඕවයින් පැළයක් දෙකක් ගලව ගෙන එන්නට ත් අමතක කළේ නෑ.. ඕක ගෙනල්ල දන්න සත්කාර සේරම කරල හිටෙව්වත් ඒ එකක් වත් හරි ගියෙ නම් නෑ.. ඒ පැලේ ට අවශ්‍ය කරන පස වගේම අනෙකුත් සාධක ත් නොලැබෙන්න ඇති..මට ඔය මල් හිටවිල්ල මතක් වුණේ ගල් ගොඩක සරුවට හැදුණු පැළෑටියක් දැක්කට පස්සෙ. මගෙ මිත්‍රයෙක් තවත් ඔහුගෙ මිත්‍රයෙකුට ඕව පැළයක් දීල තිබුණා වටින මල් වර්ගයක්, ගිහින් හොඳට සාත්තු කරල හිටව ගනින් කියල. අනේ අර දෙවෙනියට කිව්ව මිත්‍රයා මේක හිටවගෙන, තව අයට ත් මලේ වරුණාව කියල හෙම මල් පිපෙනකල් බලා ඉඳලා. ගහේ මල් පිපුණ ට පස්සෙ විස්තරේ දැන ගෙන සිංහල භාෂාවෙන් ම ස්තුතියකු ත් ලැබුණ ලු.බලපුවාම ඒක එසේ මෙසේ මල් ගහක් නෙවෙයි. මේකා දීල තියන්නෙ ඉර අව්ව අඩු තැනක, පාට වෙනස් වෙලා හැදුණු වල් තම්පලා, නැත්නම් පුළුන් බැද්ද කියල හඳුන්වන පැළයක්. මේ පින්තූරෙ තියන්නෙ නම් සාමාන්‍ය එකක්. මේව මල් වලට හිටවනව ද මන්දා. මට මතක විදිහට මේක 'වාර්ෂික වල් පැළෑටි' කියන ගණයට වැටෙන්නෙ. අපිට නම් මේවා මහ වධක පැළෑටි වර්ගයක්. මල් පිපිල හුළඟත් එක්ක ගහගෙන ගිහින් තවන් දැම්ම වගෙ හැම තැනම හැදෙනව. ප/ලිමං හිතුව වැඩිය කල්පනා කර කර ඉන්නෙ නැතුව හිතට එන එකක් එහෙමම ලියල මට හොඳයි වගෙ නම් මේකෙ දාන්න. ලියපු දේ ගැන කල්පනා කර කර ඉන්න ගියොත් මට ලියන්න කම්මැලි හිතෙනව. මේක කාලෙකට ඉහත දි ලියල ඩ්‍රාෆ්ට් එකේ තිබුණු එකක්. හ්ම්ම්... ඉතින්, මා ඔබේ කාලය හා දත්ත අනුභව කළා නම් ඒ ගැන සමාවන්න.කලින් ලියූ කතාව වැවට යට වී ගිලී ගියේ ය. කියවූයේ නැත්නම් මෙන්න කිමිදී බලන්න.. ලේ.
|
BLOG
|
2014.10.24
|
http://www.chandanadm.blogspot.com
|
ලේ
|
Chandana
|
නාගරාජ්... මට ඔහු මුලින්ම හමු වුණේ මං දෙකේ පන්තියෙ විතර ඉඳපු කාලෙ. ඒ, අපේ එළවළු කොටුව ට දාන්න පෝර ගේන්න ගිය වෙලාවක. අපේ ගමට එහා පැත්තෙ ගමේ තිබුණු ලැයිමෙ ඉඳපු අය එළුවන් කුකුළන් සහ ගවයින් එහෙම ඇති කළා. ඒ සතුන්ගෙ ජරාව එකතු කරලා පෝර විදිහට ඒවයෙ ඉන්න මිනිස්සු පිට අයට විකිණුවා. හුඟක් වෙලාවට අපේ ගම් වල වගා කරපු එළවළු වලට දැම්මෙ ඒ පෝර තමයි.පියසෝම මාමගෙ ලොරි බාගෙ අරගෙන අපේ තාත්තා පෝර ගේන්න යන වෙලාවල් වලදි මාත් යන්න හැදුවට මාව එක්ක ගියෙ නෑ. ඒත් මේ වතාවෙදි නම් අඬල අඬල මගෙ වැඩේ කරගන්න මට පුළුවන් වුණා. පෝර පටවන්න යන්න ආපු දෙන්නා ලොරියෙ පිටිපස්සෙන් නැග්ගෙ මට හිනා වෙන ගමන්. මං ඉස්සරහින් නගින්න හදන කොට තාත්ත මාව උස්සල ඇතුළෙන් තිව්වා."පස්සෙන් ආව වගෙ නෙමෙයි, දඟලන්නෙ නැතුව ඉන්න ඕන. අපිට වැඩ තියනව. හරිද.." කියල තාත්තා කිව්වම මං හා කිව්වෙ කමිසෙ කොලර් එකෙන් කඳුළු පිහදාන ගමන්. ඊට පස්සෙ දිගටම යන ගමන් තාත්තයි පියසෝම මාමයි මොන මොනවදෝ කතා කර කර ගියා. වට පිට බල බල ගියා මිසක් මට ඒවයෙ ගාණක් තිබුණෙ නෑ.ලොරි බාගෙ පාර දිගේ ගිහින් අතුරු පාරක ට හැරිලා වළවල් වල වැටි වැටි ගැස්සි ගැස්සි යනකොට මාත් දෙපැත්ත ට පැද්දුණා. එතකොට තාත්තා එයාගෙ අතක් මගෙ ඇඟට තියල මාව විසි වෙන්නෙ නැතුව නවත්ත ගත්තා. ඔහොම ගිහින් පුංචි ගෙවල් පේළියක් මැද්දෙන් ආපු අපි ලොකු නා ගහක් පහු කරල එක තැනක නතර වුණා. තාත්තා ලොරියෙන් බැහැල මාව බිමින් තියන කොට තව මිනිස්සු දෙන්නෙකුයි පුංචි පුංචි ළමයි ටිකකුයි අපි ළඟට ඇවිත් හිටියා."මාත්තියා උදෙන්ම ආවා නේ....." අර ආපු එක්කෙනෙක් එහෙම අහන ගමන් මගෙ දිහා බලල"හා පුංචි මාතියත් ඇවිල්ල නෙ.." කියල කියන කොට ත් මං එයාගෙ කට දිහා බලා හිටියා."ඔව් ඔව්.. ගොම ගාගෙන පෝර උර ටික අදින්න එයාට තමයි දෙන්නෙ.. එපා කියද්දි ආවට " පියසෝම මාම කිව්ව ට මං දන්නව ඒක වෙන්නෙ නැති විත්තිය.ඒ ගොල්ලො කතා බහ කරන අතරෙ ලොරිය වටේ ඉන්න මං වගෙ පොඩි ළමයි ඒක අත ගානව. එක්කෙනෙක් ලයිට් එක අල්ලල බලනවා. දිගට දිගේ සායක් වගෙ එකක් ඇඳගෙන හිටපු ගෑනු ළමයෙක් මං දිහා බලපුවාම මං එයාට විරිත්තුවා. එයා කට අතින් වහගෙන අනිත් පැත්ත හැරිල එහායින් ඉඳපු කොල්ලට මොකක්දෝ කිව්වා. ඒ ඔක්කෝම සැරෙන් සැරේ මං දිහා බල බලා මොනවද කිය කිය හිනා වුණත් මට ඒ මොනව ද කියල තේරුණේ නෑ. මං කැප් තොප්පිය අනෙක් පැත්ත කරකවල දාගෙන ලොරියෙ ටයර් එක උඩින් කකුල තියා ගත්තා.ඔහොම එදා පෝර පටවගෙන ගෙදර එනකොට ටිකක් දවල් වෙලා තිබුණා. ගඳයි කිව්වට මට නම් ඒ පෝර සුවඳයි.ඊට සතියකට විතර පස්සෙ උදේ කවුදෝ කෙනෙක් අපේ ගෙදරට එනවා කඩුල්ල පැනගෙන. පොඩි ළමයි දෙන්නෙකුත් එක්ක. ලං වෙනකොට තමයි මං දැක්කෙ ඒ එදා අපි පෝර ගේන්න ගිය දිහා හිටපු එක්කෙනෙකුයි අර මං විරිත්තපු ගෑනු ළමයයි කියල.තාත්ත ඒ මනුස්සයට එන්න කියල අපේ වත්තෙ තේ කපන්න. "පොඩි උන් එක්ක ආවම කරදර නැද්ද කංකානම..." කියල තාත්ත ඇහුවෙ අර ආපු මනුස්සය ගෙන්. "ඒ ගොල්ලො මා එක්ක ආව මාතියා.. ඒකට කමක් නේ. මාතියට කරදර නේ..""හා හා එහෙනම් තේ ඩිංගක් එහෙම බීල යංකෝ වත්ත දිහාට..."ඔන්න ඔහොම තමයි නාගරාජු යි සිවකේසරී යි මට මුලින්ම හම්බ වුණේ. පස්සෙ එයාලගෙ තාත්ත වුණු කංකානම එක්ක ආයෙ ආයෙත් අපේ ගෙදර ආව ගිය ඒ දෙන්නයි මායි යාළුවො වුණා.කාලය ගතවෙලා ගියා. මං සාමාන්‍ය පෙළ විභාගයට ලියන කාලෙ වෙනකොට ත් නාගරාජ් ගෙයි මගෙයි යාළුකම එහෙම්මම තිබුණා. අපි මගතොටේ හමු වුණා. පාලම් උඩ බෝක්කු උඩ බස් හෝල්ට් එකේ හැන්දෑවට එකතු වුණු අපේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වුණු නාගා හොඳ විහිළුකාරයෙක් වගෙම හොඳ මිත්‍රයෙක් වුණා. කටට හුරු නැති සිංහල වචන කියද්දි අපිට හිනා ගියාට නාගා කවදාවත් කේන්ති ගත්තෙ නෑ අපි එක්කම හිනා වුණා මිසක්. අපි එක ප්ලේන්ටිය බිව්වා එක සිගරට් එක බෙදාගෙන.ඒ කාලෙ වෙනකොට, නාගට වඩා අවුරුද්දක් බාල වුණු කේසරී හැඩකාර කෙල්ලක්. වම් කම්මුලේ තිබුණු උපන් ලපය මට පෙනුණෙ ඈට ආභරණයක් කියලයි. ඒක පැහැදිලිව දැක්ක දවස තමයි කෝවිලේ උත්සවේ තිබුණු දවස. දිග කොණ්ඩයක් ගොතලා අගට මල් ටිකක් ගහල, මට නුපුරුදු මොකක්දෝ සුවඳක් විහිදුවාගෙන මගෙ ළඟින් යන්න ඇවිල්ල, මාව දැකල නතර වුණු ඇය "ආ අයියා..." කියල ඇදල පැදල කියද්දි කවදාවත් නැතුව මාව පොඩ්ඩක් සලිත වුණේ ඇයි කියල මට හිතා ගන්න බැරුව ගියා."කෝ අපේ අයියා හම්බ වුණේ නෑ.. ආව නේ එයා..." ඇය එහෙම කියල කකා හිටපු කජු පැකට් එකෙන් ටිකක් මට දෙද්දි එයා එක්ක හිටපු අනෙක් කෙල්ලො ටික හිහි හිකි ගගා හිනා වුණා."නාගා මෙතන ඉඳල දැන් ඔන්න කෝවිල ඇතුළට ගියා කේසරී""ඒමද... ඒනං අපි එන්නං.. දෙන්ම යන්නෙ නැනේ.." එහෙම කියල යන්න ගිය කේසරි මගක් ගිහින් ආයෙත් පස්ස හැරිල බලද්දි ඇගෙ කොණ්ඩෙ උඩ ගිහින් අනිත් එකියකගෙ උරහිස උඩින් වැටුණා.එදා කෝවිලේ අනික් උන් ටිකත් එක්ක හිටිය වුණාට මං නිතරම හෙව්වෙ කේසරී ව. කොහොම හරි මගෙ වෙනස අපේ අනික් උන්ට නොදැනෙන්න ටික දවසක් ගෙවා ගන්න පුළුවන් වුණා ට කණ්ඩායම මග ඇරල තනියම බයිසිකලෙත් අරන් යන්නෙ කොහෙද කියන එක ගැනයි මගෙ වෙනස ගැනයි ඔවුන් න් පස්සෙ අහන්න ගත්තම මට කියන්න දෙයක් නැති වුණා. එහෙම ගිය වාර වලදි කේසරී ව හම්බ වුණත් සාමාන්‍ය කතා බහකින් ඒ ගමන කෙළවර වුණේ මගෙ මිත්‍රයා වෙච්චි නාගා මොකක් කියයි ද කියල සිහියට එන නිසා. පස්සෙ බැරිම තැන මං හිතුව නාගා එක්කම මේ ගැන කතා කරනව කියල.වෙන මොන තරම් දේ කතා කරල තිබුණත්, අනුන්ගෙ ආදර අන්දර වලට තල්ලු දීල තිබුණත් මට මේක නාග එක්ක කියන්න ගියාම පොඩි චකිතයක් නොතිබුණාම නෙවෙයි. ඒත් පස්සෙ දවසක හන්දියෙ කඩෙන් ප්ලේන්ටි දෙකකුයි සිගරට් එකකුයි අරගෙන පිටිපස්සෙ බංකුව උඩට ගිහින් ඒක අදින ගමන් මගෙ කතාව මං නාගට කිව්වා. නිවිහැනහිල්ලෙ ඒක අහගෙන හිටපු නාගා අන්තිමට මගෙ පිටට තට්ටුවකුත් දාල කිව්වෙ මෙච්චරයි.."මචං... මට නිකමට වගෙ හිතුණ ඕක. ඒත්.. කේසරී පුංචි කාලෙම වෙන කෙනෙක්ට කතා කරල තමා තියන්නෙ.. උඹට මං ඕන සපෝට් එකක් දෙනව ඒ යකාට නිකා ඉන්න කියල. ඒම කරන්න විදිහක් නැත්තෙ, ඒම කළොත් අපේ අප්පට තමා ප්‍රශ්න එන්නෙ.. කරන්න දෙයක් නෑ මචං.."ඉතින් ඔන්න ඔහොම ඒ හීනෙ බිඳිලා ගියත්, හීනයේ සුන් බුන් මගෙ හිතේ හතරකොනේ තැන්පත් වෙලා තිබුණා. අපි අමාරුවෙන් මූණු හදාගෙන වෙනද වගෙම හමු වුණා, වෙන් වුණා. ඉර පායලා බැහැල ගියා. සමහර රාත්‍රීන් අන්දකාරයි. සමහර රාත්‍රීන් වල දි අහසේ සඳ බැබලුණා. ලෝකය තව ටිකක් කැරකුණා.ඔය අතර තමයි දවසක් හවසක, නාගා අලුත් ඒත් දුක්මුසු ආරංචියක් ගෙනාවෙ. ඒ නාගා ගෙ අප්පා, අසනීප තත්වයෙන් ඉන්න නිසා ඔහුගේ සහෝදරියගේ නිවසට පදිංචියට යනව කියන එක. තව දුරටත් වත්තේ වැඩ කරන්න නොහැකි කමත්, නාගාගෙ නංගි විවාහ කර ගන්න ඉන්න තරුණයා ඉන්නෙ ඒ පළාතෙ වීමත් යන කාරණා දෙකම නිසා තමයි ඔහු ඒ තීරණය අරන් තියන්නෙ. ඉතින් අපේ හොඳ යාළුවෙක් වෙච්චි නාගරාජ්... නාගා ඒ විදිහට වෙන් වෙලා ගියා. අපේ කාණ්ඩෙ ඉන්න අනික් වුන්ට උන්ට තිබුණෙ මිත්‍ර වියෝගය විතරයි. ඒත් මට.... තවත් වියෝගයක් ඒ එක්ක එකතු වෙලා තිබුණා. තේරුමක් නැති කථාවක අවසානය ලියවෙන්න තීරණය වෙලා ඇත්තෙ මෙහෙම වෙන්න ඇති කියල මං හිත හදා ගන්න උත්සාහ කළා.නාගා ට සිංහල කතා කරන්න, ගැට ගහ ගහ හරි කියවන්න පුළුවන් වුණත් ලියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. අපිට දෙමළ බෑ. ඉතින් ඒ මතකයන් ක්‍රම ක්‍රමයෙන් කාලයට යටවෙලා ගියා.අවුරුදු දෙකකට පස්සෙ මං උසස් පෙළ විභාගය ට වාඩි වුණා. ඉන් පස්සෙ ප්‍රතිඵල එනකල් පොඩි රස්සාවල් කර කර ඉන්න අතරෙ ඒ සුළු කාලයත් ඉක්මනින්ම ගෙවිල ගිහින් විභාග ප්‍රතිඵල ත් ආව. මට කැම්පස් යන්න ලකුණු මදි. කොහොමත් දෙපාරක් විභාගය ලියන්න මගෙ කැමැත්තක් තිබුණෙ නෑ. ඒ වෙනකොට තාත්තත් අසනීප තත්ත්වයෙන් හිටපු නිසාම මට ඕන වුණේ රස්සාවක් හොයා ගන්න. පන්තියෙ යාළු මිත්‍රයින් ටික බණ කියන්නා වගෙ දෙවෙනි වතාවට විභාගය කරපං කියල කිව්වට, මං මගෙ තීරණේ ම හිටියෙ මට වඩා මං ගැන දන්නා වෙන කෙනෙක් නැති නිසා.ඉතින් හිතවතෙක් මාර්ගයෙන් කොළඹ වැඩපලක රස්සාවක් හොයා ගත්තු මං එක පාන්දරක ගමෙන් පිට වුණා. රස්සාවක් කිව්වට ඒක ඉදිකිරීම් වැඩ බිමක්. මට තිබුණෙ කම්කරුවෙක් විදිහට වැඩ කරන්න. ආවට පස්සෙයි ඒ විස්තර දන්නෙ. පස්සෙ පස්සෙ සුපවයිසර් ළ එහෙම හිතවත් වෙනකොට ඕ ටී පැයක් දෙකක් ඉඳ හිට දා ගත්තට මට ඒ රස්සාව වැඩි කාලයක් නොගිහින් ම එපා වුණා. රෑට මදුරුවො තල තලා බිලට් එකේ දූවිලි ලැල්ල උඩ ලගින්නයි, වතුර කොයි වෙලේ ඉවර වෙයිද දන්නෙ නැති නිසා බාගෙට නාන්නයි, ඒ මදිවට එක එකා එක්ක ඇරගන්නයි.... ඔය අතර හිතවත් වුණු කොල්ලොත් නොහිටියා නොවෙයි. ඒත් කර්කශ පරිසරයේ වැඩිපුර තිබුණෙ වියළි රළු පැළෑටි .අනෙක් කාරණය තමයි මේක කිසිම ස්ථිර බවක් නොතිබුණු රස්සාවක් වීම. පඩි වෙලාවට ලැබෙන්නෙ නෑ. ගන්න එකෙන් වැඩි හරියක් කෑමට ඉවර වෙනවා. ඔහොම ඉන්න අතරෙ තමයි එකට වැඩ කරන මිත්‍රයෙක් කතා කළේ ආමි එකට යමු කියලා. ටිකක් කල්පනා කරල බැලුවම මටත් හිතුණා මෙහෙම වේලෙනවට වඩා ඒක හොඳයි කියල. ඉතින් ආපහු ගමට ඇවිත් අරන් යන්න ඕන ග්‍රාම සේවක සහතික වගෙ දේවල් ටිකත් අරගෙන මං ආපහු කොළඹ ආවා. ඇවිත් යාළුවෙක් ගෙ බෝඩිමේ එදා රෑ ඉඳල, පහුවදා අපි හතර දෙනෙක් ඒ කිට්ටුව තිබුණු කෑම්ප් එකට ගිහින් හමුදා සේවයට ඇතුළත් වුණා.පුහුණුව කොච්චර අමාරු වුණත් අපි හතර දෙනාම හිතා ගත්තෙ කාගෙන ඉන්නව කියලයි. ආයෙ හැරෙන්න බෑ. ඔහොම ඉතින් පුහුණුවෙන් පස්සෙ එක් එක් ප්‍රදේශ වල රාජකාරි වලට වැටුණු මං අවුරුද්දකට විතර පස්සෙ වවුනියාවෙ සේවයට අනුයුක්ත කරල තිබුණා. ඒ දවස් වල ත්‍රස්තවාදි කලබල ටිකක් දරුණුවට තිබුණා ඒ පැත්තෙ. සමහර දාට රෑට එල්ල වන පොඩි පොඩි ප්‍රහාර වගේ ම බර අවි වලින් එල්ල වුණු දරුණු ප්‍රහාරත් කොහොම හරි අල්ලගෙන ඉන්න අපිට පුළුවන් වුණා. ඔහොම එක දවසක මාත් එක්ක එක බංකරේ ඉඳපු ජයේ සතුරන්ගෙ වෙඩි පාරකින් මිය ගියේ මං ඉස්සරහදි මයි. ජයේ ලබන මාසෙ විවාහ වෙන්න හිටියෙ. ඒ කතාව කලින් දවසක ඔහු මට කියල තිබුණා. කොහොම හරි එහෙම සිද්ධ වුණා.ඔය අතරෙ අපිට දවසක් යන්න වුණා මුර සංචාරයකට හවස් කාලෙදි. කුඩා කණ්ඩායමක් විදිහට ගිය අපිට එක තැනක ලඳු කැලෑවක් අසල දි හදිසි ප්‍රහාරයක් එල්ල වුණා. අපේ කණ්ඩායම වහ වහා අවරණ සපයා ගනිමින් ප්‍රති ප්‍රහාර දෙද්දි සතුරු ප්‍රහාරයට ලක් වුණු අපේ සෙබළුන් දෙන්නෙක් වැටුණා. ඉන් එක්කෙනෙක් ගන්න ගිය මගෙ අතට ත් වෙඩි පාරක් වැදුණා. ඒත් ඒක එච්චරම බරපතල එකක් වුණේ නෑ.සතුරු ඉසව්වේ ඉතාම ආසන්නයෙන් තිබුණු එක පඳුරක් ළඟින් නොකඩවා එල්ල වෙන වෙඩි වරුසාව ඒ වෙද්දි අපිට තරමක පීඩනයක් වෙලා තිබුණේ. නමුත් එතන ට ඇටෑක් එකක් දෙන්න නම් නිරාවරණ බිමේ සුළු දුරක් යන්න වෙනවා. මං ග්‍රෙනේඩ් එකක් අරගෙන ඒ පැත්තට විසි කළේ ලැබෙන සුළු විරාමයකින් අනෙක් පසට මාරු වෙන්න ඉඩක් ලබා ගන්නත් එක්ක. ඒත් බෝම්මබ පුපුරනවාත් එක්කම පෙර කී සතුරු වෙඩි ප්‍රහාරය නැවතුණා. තවත් මඳ වෙලාවකට පස්සෙ ප්‍රදේශය පරීක්ෂා කරන අපිට දකින්න ට ලැබුණේ තැන් තැන් වල විසිරී ගිය ප්‍රහාරකයින් ගේ මල සිරුරු සහ ඔවුන්ගේ අවි.මං එල්ල කරපු බෝම්බය වැටුණු පඳුර දිහාට ගිය මට දකින්න ට ලැබුණේ බරපතල ලෙස හානි වුණු මළ සිරුරක්. ඒ කාන්තාවක් බව මං දැක්කෙ එතැන ට හොඳටම කිට්ටු වුණාට පස්සෙ. ආපහු එන්න හැරිලත්, අවිනිශ්චිත වුණු සිතිවිල්ලක් විසින් මෙහෙයවුණු මං තව අඩියක් ළං වෙලා ගිනි අවියේ කෙළවරින් ඇගේ මුහුණ මත වැටී තිබුණු පොලිතින් බෑගය ඉවත් කලා. ඒත් එක්කම මගේ ඇස් කිසිදු හානියක් නොවූ ඇගේ මුහුණ පුරා ගමන් කරල අවසානයේ නතර වුනේ වම් පස කම්මුලෙහි වූ උපන් ලපය උඩයි...මං ඉබේටම එතැන බිම දණ ගැහුණා. ආපහු නැගිටිනකොට මගේ අතෙහි ගෑවිලා තිබුණු ලේ, මං ලබාපු තුවාලයෙන් ගලපු ඒව ද, නැත්නම් ඇගේ සිරුරින් ගලපු ඒව ද එහෙමත් නැත්නම් එතැනම වැටිල හිටිය අනිත් වෙඩික්කරුවගෙ ලේ ද කියල වෙන් කර හඳුනා ගන්න ට මට බැරි වුණා... -------නිමි------sinhala blog, keti katha, අන්තර්ජාලයේ නිර්මාණ, සිංහලෙන් ලිවීම, නවක කෙටිකතා, සයිබර් සාහිත්‍යයImage Source: Flickr.
|
BLOG
|
2014.10.20
|
http://www.chandanadm.blogspot.com
|
දිය වුනි ද ලොව සියලු හිමකැට
|
Chandana
|
ශීත කාලය අවසන් වෙලා. මේ ටිකෙන් ටික අවට උණුසුම් වෙමින් තියන කාලය. නිදා ගත්තු ගහකොළ හෙමින් හිස ඔසවමින් තිබුණා. ඈත කඳු මුදුන් වහගෙන ඉන්න හිම යාය, ඉර අව්වට දිලිසුණා. ඒ හිම ටිකෙන් ටික දිය වෙමින් නිම්න ඔස්සේ පහළට ඇවිත් තැනිබිම හරහා ගලා බහින ලස්සන සුපැහැදිලි සීතල ජල දහරා නිර්මාණය කළා.ටානියා... ඇය අද ඉන්නෙ හරිම සන්තෝසෙකින්. ඇගේ නිල්පාට ඇස් වලින් ඒ සතුට උතුරා ගියා. පහුගිය කාලෙ පුරාවට ගෙදරටම වෙලා ඉඳල ඇයට ඇති වෙලා තිබුණෙ. කාලෝස්.. ඒ කියන්නෙ ටානියා ගෙ පෙම්වතා නිතරම ඇය බලන්න නිවස ට ආවත් ඉන් පිට කොහෙවත් යනව ට ඇගේ මව කැමති වුණේ නෑ. "ඔයා පරිස්සම් වෙන්න ඕන" එහෙමයි ඇගේ මව ම වෙලාවෙම කිව්වෙ.ඉතින් අද ඒ තහනම ඉවත් වුණා. ඒත් කොන්දේසි සහිතව. අද කාලෝස් ආවම ටිකක් ඇවිදින්න යන්න ට ටානියාගෙ මව අවසර දුන්නා. "වැඩිය දුර එහෙම යන්න එපා, ඉක්මනින් එන්න, මතක ඇතුව ඔයාගෙ බෙහෙත් ටික අරන් යන්න"... දහ වෙනි වතාව ට, නැත්නම් පහළොස් වෙනි වතාවටත් ඇය එහෙම කිව්වෙ, නගරය ට යන්න පිටත් වෙන්න ට මෝටර් රථය පණ ගන්වන අතරෙ දි.උදේ නමය හමාර වෙනකොට කාලෝස් ආවා. දෙන්නම උදේ ආහාරය අරගෙන දහය විතර වෙද්දි නිවස පිටු පසින් ගිහින් අත් හැරුණු ගොවිපළ ඔස්සේ කඳු දිහාව ට ඇවිදගෙන ගියා. දළු ලමින් එන තෘණ පඳුරු අතර හිටපු වල් හාවෝ ජෝඩුවක්, පිමි දෙකක් ඈතට පැනලා පිටුපස කකුල් දෙකෙන් ඉස්සිලා තමන් දිහා බලා ඉන්න හැටි දැකපු ටානියා ගෙ මූණෙ සිහින් සිනාවක් ඇඳුණා.උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න ඇරලා ටානියා කාලෝස් ගෙ අතේ වෙලිලා මුමුණමින්, සිනාසෙමින් ඉස්සරහට ඇවිදගෙන ගියා. කොච්චර කාලෙකට පස්සෙ ද මෙහෙම නිදහසේ ඉන්නෙ.ටික වෙලාවක් යනකොට දෙන්නට ත් නොදැනීම ඔවුන් සෑහෙන දුරක් ඇවිත් තිබුණා. දිරා යමින් තිබුණු ගස් කඳක් ළඟ නතර වුණු ටානියා තමන් ගෙ පුංචි ගමන් මල්ල ඉවත් කරල සපත්තුවෙ ලේස් තද කරන්න ට වුණා."අපි මෙතන ටිකක් ඉමු.."ටානියා එහෙම කිව්වම, "මහන්සි ද.. මහන්සි නැත්නම් අපිට අර කන්ද උඩට ගිහින් විවේක ගන්න පුළුවන්. එහා පැත්තෙ තියන වැව පේනව ඇති ලස්සනට..""ඔහ්.. එහෙනම් යමු.. මහන්සි නෑ.." ඇය පුංචි කාලෙ පියා එක්ක ඒ ඉසව්වට ගිහින් තිබුණා වුණත් ඉන් පස්සෙ සෑහෙන කාලෙකින් ය බවක් ඇගේ මතකයේ නෑ.ගල් උඩින් පැනගෙන ගිහින් පුංචි දොලකින් එගොඩ වුණු ඔවුන් කඳු ගැටය පාමුලට ළඟා වුනා. අවට විපරම් කරපු කාලෝස් ටානියා ට සහයෝගය දෙමින් තරමක් ලිස්සන සුළු ගල් සහිත පටු මාර්ගයකින් ගමන් කරල, ටික වෙලාවකින් කන්ද උඩට ආවා. ටානියා, මඳ සුළඟ නිසා අවුල් වුණු කෙටි කෙහෙරොද යළිත් හිස් ආවරණය ඇතුළෙ සඟවා ගෙන, ගලක් මත හිඳ ගත්තා.ඒ දිහාට ගිය කාලෝස් ඇය අසලින් හිඳ ගෙන යළිත් වහා නැගිට ගත්තේ විමසිලිමත් දැසින් ද යුක්තව යි. වැව් දිය මත තැන් තැන් වල තවමත් හිම කුට්ටි පා වෙමින් තිබුණා. ඒ අතරේ තමන් සිටින ඉසව්වට වඩා කිට්ටු වැව් ඉමේ හිම අතර සෙලවෙන සෙවනැලි කිහිපය, කාලෝස් ගෙ දෙනෙත් මත සටහන් කළේ අනතුරක සේයාවක්. ඔවුන් සිටි තැන පසු කරමින් වැව දෙසට සිහින් සුළං රැල්ලක් ඒ වන විටත් හමා යමින් තිබුණා.හිඳ සිටි වනම උඩ බලා, කාලෝස් ගේ කලවයට ඇඟිල්ලෙන් ඇන "මොකෝ...." යයි ටානියා ඇසුවත් කාලෝස් ගේ දෙනුවන් හා දෙසවන් ද තිබුණේ වැව් තෙර සෙවනැලි වෙතයි. වහා පහත් වී ඇගේ අත අල්ලා නැගිටවූයේ අනෙක් අතින් ඇගේ බෑගය ගෙන කරේ දමා ගන්නා අතර."ටානියා.. නැගිටින්න, අපි ඉක්මනින් මෙතනින් යන්න ඕන .."නැගී සිට, කාලෝස් විසින් බලා සිටි වැව් තෙර දෙස දෙනෙත් දැල්වූ ඇයට ද, ලං වෙමින් පවතින අනතුර වටහා ගන්නට ගත වූයේ නිමේෂයක් පමණයි."හිම වෘකයින්... කාලෝ, දැන් අපි මොකද කරන්නෙ ...""අපිට වෙලාව ඇති, බේරෙන්න පුළුවන් තැනකට යන්න.." ඔහු කිව්වෙ ඇය ද සමඟ ආපසු දුවන අතරේ. එහෙත් මඳ දුරක් ගිය ඔහු වහා ගමන් මඟ වෙනස් කොට අනෙක් දිශාවකට හැරුණා. ඔවුන් ආ ලිස්සන සුළු, රළු මාර්ගය ඔස්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත යන්නට නම් සෑහෙන දුරක් ගමන් කල යුතුව තිබුණා. ටානියා ද කැටුව එවන් අවදානමක් ගැනීම ප්‍රඥාගෝචර නොවන වග දුටු කාලෝස් ඔහුගේ දෙවන විකල්පය ලෙස තෝරා ගත්තේ තරමක් ඔබ්බෙන් වූ රුක් ගහණය යි.හැකි වේගයෙන් දිවගිය ඔවුන් රුක් ගොමුව වෙත ළඟා වන විට කුසගින්නෙන් පීඩිත වූ වියරු වෘකයින් හය දෙනෙක් හෝ හත් දෙනෙක් ලේ ඉව අල්ලමින් ඔවුන් පසුපස හඹා එමින් සිටියා. නැගගත හැකි ගසක් සොයා ගන්න ට නොහැකි බවක් දිස් වුණත් තවත් ඉතා කෙටි විනාඩියක් තුළ වාසනාව තවමත් තමන් සතු බව පසක් කරමින් ප්‍රපාතයක ට ආසන්න ව ගසක් තිබූ ඔවුන්ට දකින්න ට ලැබුණා.ටානියා මුලින් ගසට නංවා, දෙවනුව කාලෝස් ද ගසට නැග ගන්නා විට වෘකයින් හා ඔවුන් අතර පරතරය මීටර් සියයක් පමණ හෝ ඊටත් තරමක් අඩු වන්නට ඇති. එහෙත්.. නොසිතූ අකරතැබ්බයක ට ඔවුන්ට මුහුණ දෙන්නට වූයේ ඊ ළඟ නිමේෂයේ දී. කාලෝස් විසින් තම වම් උරහිසේ රඳවා ගෙන සිටි, ටානියා ගෙ ගමන් මල්ල ඔහු කෙරෙන් ගිලිහී බිම පතිත වුණා. වාසනාව ට මෙන් එක ප්‍රපාතයට නොවැටී ගස මුල රැඳුනත් එය ගන්නට යාම මරණයට අත වැනීමක් ම වුණා.ශ්වසන රෝගයකින් පීඩා විඳින ටානියා ට, පසුගිය කාලයේ දැඩි ලෙස ප්‍රවේසම් වන්නට සිදුව තිබුණා. රෝගී තත්ත්වය එක් වර මතුවන ඕනෑම විටක ගන්නට නියම කර ඇති ඖෂධ කිහිපය හා තවත් කළමනා සියල්ලක් ඇත්තේ හමා අතින් ගිලිහී ගිය ගමන් මල්ලේ බව කාලෝස් ට සිහි වුණා. දැන් මේ උදා වී ඇති තත්ත්වය අනුව, කවර වේලාවක ආපසු යන්න ට වේ දැයි නිශ්චය කර ගතනොහැකි වට පිටාවක එම ගමන් මල්ල ආරක්ෂා කර ගත යුතු බව ඔහුට වැටහුණා. ටානියා විසින් "එපා කාලෝ... එපා..එපා.. .." යැයි කියා නිම වෙන්නට ත් පෙර ගස මුලට බැස ගත් කාලෝස්, ගමන් මල්ල අහුලා ගන්නට පහත් වී අවසන්.යළි නැගී සිටි ඔහුට දකින්නට ලැබුනේ තමාට මීටර් දෙකක් පමණ ආසන්න වී ඇති දඩයක්කරුවන් පිරිසයි. ඔවුන් ඉතා නිවැරදිව ඉලක්කය කරා ළඟා වුණා. ගස මත සිටි ටානියා ට කෑ ගැසුණා. තවත් ඇසිල්ලෙකින් ඇයට දකින්න ට ලැබුණේ උඩ විසි වෙන කාලෝස් ව යි.වෘකයා තමා වෙත පනින්නට තත්පරයෙන් දහයෙන් එකක් තිබිය දී ඉහළට පැන ගසේ අත්තක එල්ලෙන්නට ඔහුට වාසනාව තිබුණා. නතර වී තිබුණු ටානියා ගේ හෘද ස්පන්දනය යළි ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්න ට තවත් නිමේෂයක් ගත වුණා.තද හුස්මක් ගත් කාලෝස් පහළ සිට ගොරවන වෘකයින් වෙත යළිත් බැල්මක් හෙළා, හිඳ සිටි අත්ත මත නැගී සිටියා. ඉහළට අත ඔසවා, ගමන් මල්ල අත්තක රැඳවූ ඔහු යළිත් තව මදක් ඉහළට නගින්නට ගත් උත්සාහය සියල්ල කණපිට හරවන නිමේෂය බව ඔහු වත් ඇය වත් දැන සිටියේ නෑ. ජීවිතයේ දුටු, කිසිදා කිසිවෙකුට දකින්නට නොලැබේවා යයි පතන අවාසනාවන්ත දසුනක් දකින්න ට ඇයට නියම වී තිබුණා.බලාපොරොත්තු නොවූ ලෙස පය ලිස්සා ගිය කාලෝස්, සීතල පොළොව මත ඇද වැටුණේ සිහින සියල්ලක්ම සිහින බවට ම පත් කර දමමින්. දමා ගැසිය හැකි දඬු කඩක් වත් සොයමින් සතර අත බලන ටානියා ට මඳකින් තමා අවට සියල්ල කැරකෙන්නාක් මෙන් දැනෙන්නට වුණා. ඒ සමඟම ගෙරවිලි, හා කෙඳිරිලි හඬ ද කෙමෙන් නෑසී යන්න ට වුණා. ඇය, තම හිස දෙබලයේ හොවා දෑත් දෙපා ගස වටා දවටා ගත්තා. ඇය යළිත් පියවි සිහියට එළඹියේ වෙඩි හඬක් වැන්නක් ඇසීමෙන්. පහළ බලන ඇයට තමා සිටි ගසට ආසන්නව, තුවක්කුවක් ද අතැතිව සිටි අයෙක් දකින්න ට ලැබුණා. ඔහු බලා සිටින ප්‍රපාතය දෙස නෙත් යොමු කල ඇයට දකින්න ට ලැබුණේ පොළොව මත පතිතව තිබෙන අඳුරු පැහැති වස්තූන් කිහිපයක්. ඉන් එකක් පමණක් යන්තමින් චලනය වන්නාක් මෙන් ඇයට පෙනුණා. ------නිමි------Image source : Google Image sinhala blog, keti katha, අන්තර්ජාලයේ නිර්මාණ, සිංහලෙන් ලිවීම, නවක කෙටිකතා, සයිබර් සාහිත්‍යය.
|
BLOG
|
2014.10.06
|
http://www.chandanadm.blogspot.com
|
තෙර හිඳ බලන කල
|
Chandana
|
කිමිදී රැළි සමගවෙහෙසුණු සමය නිම විය..ආයෙමි වෙරළ වෙත - එහි හිඳඉසුඹුලමි - යළි බලමි - සිනාසෙමිනිමක් නැති රැළි සමග.නැගි නැගී - බිඳි බිඳී යනඈත ඉම ගල් පර මත දෙනුවන් ගැටෙන සෙවනැලිඋන් ද මා මෙන් දිය කෙළැවෙහෙස වූවෝ දැයිනැගෙයි පැනයක්.....සයුරට පෙම් කරමි - තෙර හිඳිමිනොයන්නෙමි රළ තුළටඇවිද යන්නට වෙරළ ඔබ මොබකාලය ඉතිරි වී ඇතඉඳ හිට ගෙන කැටක්විසි කරමි සුවිසල් සයුර වෙතසිහින් හඬ ඉන් ජනිතවනඋපන් ගෙයි මියැදෙනු ඇතඑහෙත් ඉන් මට කම් නැත....
|
BLOG
|
2014.09.23
|
http://www.chandanadm.blogspot.com
|
වචන දෙකේ තුනේ කතා..
|
Chandana
|
බ්ලොග් කරන අය තමන්ගෙ බ්ලොග් එකේ බැනර් එකට යටින් පොඩි හැඳින්වීමක් දානව නෙ. එහෙම දාන සමහර යෙදුම් වැඩිදුර නොහිතා දානව. ඔය මං දාල තියනව වගෙ. හැබැයි සමහර ඒවා හිතා හෝ නොහිතා හෝ ඔය කොහොම දැම්මත් හරිම ආකර්ශණීයයි කියලයි මට හිතෙන්නෙ. මේ එහෙම ඒවයින් මගේ සිත් ගත් කිහිපයක්. පින්තූර සියල්ල අදාළ අඩවි වලට ලින්ක් කරල තියන්නෙ.මේ බ්ලොග් එකට නම් මං මේකට ආපු මුල්ම කාලේ ඉඳලම ගියා. ඔය වැකිය ටිකක් කල් වෙනස් කරලත් තිබුන වගෙ මතකයි. ඒක දකිද්දි මගෙ හිතේ ඇඳුනු 'රෙපෙක්' ගෙ පින්තූරයකුත් තිබුනා. ඒක සැබෑ එකට වඩා බෙහෙවින්ම වෙනස්.මේ තව එකක්. මේ පේලියෙ තියන කාව්‍යමය ගතියටත් මං කැමතියි.. නොදන්න කෙනෙක් නෑනෙ මෙයාව. :)මේ බැනර් එකේ තියන පද වලට වගේම ඒ දර්ශනයට ත් මං කැමතියි. ඒ දෙක එකට ගැලපෙනව කියලයි මට හිතෙන්නෙ.මේ බැනර් එකේ පාටට මං කැමති නෑ. ඒ වුනාට මට ඕන විදිහට තියන්න ඒක මගෙ බ්ලොග් එක යැ. නේද . . නමුත් අර වචන ටිකේ තියන "මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔළුවේ" කියන කොටස නම් දැඩිව මගේ සිත් ගත්තා.මේ ඊ ළඟ එක. මේ අඩවියට යන්න මට පාර පෙන්නුවෙ සෙන්නා. ඒක නම් ඇත්තටම නිදහසේ ලියන එකක් ම තමයි. කිසිම කලබලයක් නෑ. ඒ පැත්තට යනව නම් අකුරක් නෑර කියවන්න බලාගෙන නිදහසේම තමයි යන්න ඕන. .මේ බ්ලොග් එකෙත් ඔක්කොම නැතත් සෑහෙන ලිපි ප්‍රමාණයක් කියවල තියනව මං. අටම් ගෙ කතා වගෙම තමයි ඒ වැකි දෙකත්. ලස්සනට ගැලපිලා ආපු පද තුනක්.. අමාරුවෙන් අටවගත්ත අටම්පහුරමේ පහල බැනර් එකේ වැකිය දැකපු මුල්ම දවස් වල මං හිතුවෙ එනකොටම පේන්න එහෙම එකක් තියන එක සුදුසු නෑ කියල. පස්සෙ නෙ තේරුණේ ඒකත් හීනි ටොක්කක් වගෙ එකක් බව. .මෙන්න මං මෙතෙක් දුටු වඩාත්ම මගේ සිත් ගත් වැකිය. මේකෙ තියන බැනරයේ පින්තූරය ත් ඒකටම ගැලපෙනව. නමුත් අද මේ අඩවියේ මෙම බැනරය වත් මේ වැකිය වත් දකින්නට නෑ.ඇතැම් විට, නෑ බොහෝ විට ඔබ දුටු මා නුදුටු මෙවැනි දේ තිබෙන්න ට පුළුවන්.
|
BLOG
|
2014.08.17
|
http://bingunada.blogspot.com/
|
හෙළුවෙන් වනන්නේ බලාගෙනයි
|
බිඟූ
|
මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන මගුලක් කෙරුවද දන්නේ නෑ ඒත් මෑන්ස්ට ජයයි කියලා මං දැනගෙන හිටියා.ඉස්සර අපේ හිටියා පොඩි සෙට් එකක්, සෙට් උනාම හෙණ පඬිවරු වෙනවා. කාගේ හරි සිංදුවක් හරි, කියමනක් හරි අල්ලගෙන ඉතින් පතුරු ගහනවා. පතුරු ගහනවා කිව්වේ ඒකේ අරුත මොකක්ද, මෙහෙම කිව්වේ මොකද, ඇයි ඒක මෙහෙම නොකියන්නේ, මෙහෙම කිව්වනම් වඩාත් නිවැරදියි නේද වගේ ලොකු කතාවක්. අපි සිරාවට කතාව කරන්නේ. නෝ ජෝක්ස්.. දැන් නම් හිතෙනවා මොන තරම් අපි කෙප්ප ඇදබාලා තියෙනවද කියලා. හිනාත් යනවා... අපි දෙන්නා පදමට රත් වෙනකොට අපිටත් නොදැනීම ඒ අතීතයට අපි දෙන්නම ගිහිල්ලා ඉවරයි...මචං උඹට මතකද පොල්පිත්තී.මොකෝ බං ඒකි අමතක... මට තාම මතකයි ඒකි මට ගස්සපු හැටි. මම කිව්වා..ඒ අර උඹ ලියපු නිසැඳස හින්දා නේද.ඔව් ඔව්.. ඒකි කොහොමත් මාත් එක්ක වලිනේ බංහැබැයි පස්සේ ඒකි පට්ට චාටර් උනා නේද. ඇසෙම්බ්ලියෙත් කිව්වනේ..ඔව් බං. ඒකෙන් පස්සේ මගේ මූණවත් බලුවේ නෑ බං...ඔහොම දිගටම අපි දෙන්න ඉස්කෝලේ කාලේ වෙච්ච අකරතැබ්බයක් මතක් කලා. කතාව කිව්වොත් මෙහෙමයි. අපි හිටියේ මැක්ස් පන්තියෙනේ. ඉතින් සයන්ස්කාරයෝ (අපි නං කිව්වේ සංස්කාරයෝ කියලා) එක්ක හැමදාම වලි. මැත සර්ලා මැක්සා. උගන්වන වෙලාවට සිරා, අනිත් වෙලාවට ෆන් එකේ ඉන්නවා. ඒකට බයෝ මැඩම්ලා.. හෆ්ෆා.. මතක් වෙනකොටත් මයිල්-කිලෝමීටර් ඔක්කොම කෙලින් වෙනවා. ඒකට හරියන්න බයෝ කාරයෝ ටික. අර මැඩම්ලා මොනවද කියන්නේ ඉස් මුදුනෙන් පිළි අරගෙන දුම් අල්ලාගෙන ඉන්නවා. ඉතින් හැමදාම අපේ වලිය. කෂේරුකාවක් නැති හෝමෝ සේපියන්ස් කියලා බයිට් එක පටන් ගන්නේ. මේ අතර පොල්පිත්තක් සේ කෙසඟ සිරුරක් ඇති හැමෝටම සැරදාන මැඩම් කෙනෙක් හිටියා. මට නම මතක නෑ. අපි ඔක්කොමලා කිව්වේ පොල්පිත්තී කියලා. එයා පින්සිපල්ගෙන් පටන් අරගෙන සික්කා දක්වා හැමෝටම දෙස් දෙවොල් තියෙනවා. කට ඇරියොත් ඉවරයි. අනේ මේ අතරේ හිටියා දෙවිවරු වගේ ටීචර්ලත්.ඉතින් අපි ඔය අවකලණය, අනුකලණය වගේ වචන දාලා බයෝ කරන එවුන් බය කරනවා. අනේ උනුත් බය වෙනවනේ. ඉතින් අපේ තිබ්බා බොටනිකල් ගාර්ඩන් කියලා එකක්. ඒකේ තිබ්බා ටිකක් හැදිච්ච ගස් දෙක තුනක්. ඉස්කෝලේ ඇරුනාම අපේ මැත එකේ හිටිය සෙට් එක ඕවට නගිනව, සිංදු කියනවා පොඩි ෆන් එකක් ගන්නවා. බයෝ එකේ එවුන් එන්නේ නෑ පැත්ත පලාතේ බයිට් කරන හින්දා. දවසක් අපි මෙහෙම හවස ඉන්නකොට අරයා අවනේ. එයාට මල. නිකම්ම මල පැන්නා. අපිට බැනලා එලවන්න ගත්තා. අපි "පොත්පිත්තී වගේ රණ්ඩු කරන්නේ...." කියලා සිංදු කෑල්ලක් දාගෙන හිමීට මාරු උනා. මේක ඇහිච්ච අරයට තවත් මල. පහුවදාම එයාගේ සෙට් එක අරගෙන ඇවිල්ල අර ගස් ටික කප්ප්ලා දැම්මා. අපරාදේ.. අපිව කපන්න බැරි කමටට කොහෙදෝ ඒක කලේ.මම ඒ කාලේ ඉඳලම නිසඳැස් ලියනවා. වෙනදා වගේම මං එකක් ලියලා දැම්මා බිත්ති පුවත් පතේ හැබයි මේ ගැන නෙමෙයි. මෙන්න දවස් දෙක තුනකට පස්සේ එකපාරම අංශභාර ආවා. මට නෙලාගෙන නෙලාගෙන ගියා. පන්තියම අන්දුන් කුන්දුන්... මං ගුටි කන ගමන් අහනවා ඇයි ගන්නේ කියලා. තෝ දන්නේ නෑ කිය කිය මට තලනවා.. මම දැක්කා අරයා ඉන්නවා පැත්තක, ඉතින් තේරුනා මේක එයාගේ ගේම් එකක් කියලා. පස්සේ මං ගිහින් පිංසිපල්ට විස්තරේ කිව්වා. මාත් එක්කම ගිහින් බැලුවා ඒ කියන නිසඳැස. අනේ බලලා කිව්වේ මෙන්න මෙච්චරයි."හෙළුවෙන් වනන්නේ බලාගෙනයි කොල්ලෝ."පස්සේ මං කල්පනා කරලා බලනකොට තේරුනා මං ලියපු එක, එක් එක් කෙනාට තමන්ගේ කෝණයෙන් බලලා තොප්පි දාගන්න පුලුවන් බව. පොල්පිත්තී තොප්පිය දාගත්තා විතරක් නෙමෙයි, අංශභාරවත් කඩේ යවලා එයාටත් තොප්පිය දම්මවලා තමා මට ගැස්සෙව්වේ.අනේ ඒ වෙලාවේ මට හිතුනේ ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයි කියලායි. ඒත් මේක අරුම පුදුම ලෝකයක් හින්දා එහෙම වෙන්නේ නෑ. ලියන්නා කිසේ ලීවත් කියවන්නා තමන්ට උවමනා පරිදි කියවා බලා වාසි ලබා ගන්නවා. විශේෂයෙන් වාණිජ ලෝකේ, තිබෙන තරඟය හරහා මේක මහත් සේ කැපී පෙනෙන්න තියෙනවා. තමන්ට රිසි දේ ලබා ගැනීමට නොහැකිනම් අන් අය එය ගැනීමෙන් වැලැක්වීම පිනිස මේ අකටයුතුකම් කෙරෙනවා. ඉතින් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා සමාජයක ඉහළ පෙල තාන්ත්‍රිකයින් කිසිවක් නොසොයා ඇසූ සැනින් ක්‍රියා නොකටයුතු කාලයක්. නැත්නම් මං වගේම ඔබට පහළින් මහත් පිරිසක් නොකල, නොසිතූ දේ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. මේ ගැන අපි දෙන්නා තවත් කතා කලා.මේකයි මචං... ඒදා අංශභාර අරක ගැන හොයන්නෙත් නැතුව නෙලන්න ගත්තේ අපේ ඉතිහාසේ කේස්නේ. අපි බං කී සැරයක් එහා පැත්තේ පන්සලෙන් කුරුම්ඹා කඩලා මාට්ටුද.ගුටිකෙලි කීයකට මාට්ටුද. අපේ සෙට් එක කොහොමත් විසේකාර එවුන් කියලා හංවඩු වැදිලනේ බං තිබ්බේ. අවස්ථාව ආවා. අපිට බඩු.බලපං එදා පිනා උඹට කෙලියද. නෑනේ...ඔන්න ඔය විදියට අපි දෙන්න ඒ කතාව සෑහෙන්න වෙලාවක් කතා කලා. මදුරුවෝ තල තලා, දුම් දාගෙන ඉන්නකොට මහ රෑ වෙලා. ඉතින් කුස්සියට ගිහින් තිබ්බ දෙයක් බෙදාගෙන ගිලබාලා සාලෙට වෙලා හිමීට නිදා ගත්තා, මොකෝ පොඩි එවුන් දෙන්නා ඇහැරුනොත් ඉතින් ඉවර තමානේ...අන්තිමට නින්ද යනකොට මටත් හිතුනේ හෙලුව කොච්චර බලගතුද කියලා.
|
BLOG
|
2014.07.28
|
http://bingunada.blogspot.com/
|
ස්‌වප්නමය කල්පිත
|
බිඟූ
|
මිථ්‍යා ගතික වූභාවාත්මක උත්කර්ෂණය සහිතඅත්‍යානන්දන සිතුම් වේදඅධිතාත්විකත්වීයෙන් විමසන්නේදඒ වත් බැඳි චිත්තරාගනිර්මාපකයා සිතනුවත් නොතබාමහුදෙක්‌ස්‌වප්නමය කල්පිතයකපදනමක් සේඅටවා බිළාලයකුලා හෙරලි ඇටගාන්නාටියෙන් මෙරමාලවාදසුන් වෙන්වාදී මනඃකල්පිතආත්මීය ලෝකයක ගිල්වන්නේය.වියත්කැල නුවණින්විමසාසිටිනුයෙන්අනේකප්‍රකාර දෛව නියුක්තයන්හුදෙක්සකය සේඅනෙකක්මතටම වන්නේය.
|
BLOG
|
2014.06.09
|
http://bingunada.blogspot.com/
|
මස්ටකයා
|
බිඟූ
|
යටගිය දසව නෝර්වේ පුරවරයේ වසන කල්හි එක් ශ්වේත වර්ණක කතක් බාරේ කාරිය කෙරෙමින් කල් ගත කරන එක් සැඳෑ සමයක ඇගේ ආරධනාව පරිදි මාත් තවත් එක් වන්දි බට්ටයෙකුත් ඇගේ වාසභවනට වන්නේ ශ්වේත වර්නයෙත් යුත් පුෂ්ප ගොන්නක්ද අතැතිවය. එසේ ගිය කල්හි පර සිරිත් අනුව සැර බාල කරන ලද බීම සංග්‍රහයකින් අප උන්මාද වන්නට වූ අටියෙන් ප්‍රීතිය වඩ වඩාත් වැඩි කරනු වස් කලින් සැකසූ මස්ටකයා සහිත අපරදිග ආකාරයටම සැකසූ ආහාර ඵලකය අපහට රස බලනු වස් නිදහස් කරනුයේ අප කන් දෙකන්ව යන පරිද්දෙනි. හනිකට ක්‍රියාත්මක වූ වන්දි බට්ටයාණෝ ස්වංක්‍රීය තිරගන්වනය ක්‍රියාත්මක කරමින් දසුන් ගන්නා ලද්දෙන් පසුව පැමිණි කාල හොරාවෙන් අපද මස්ටක ආහාරය රස කෙරෙමින් බුදින්නට වූයෙම්හ. මද පමණින් ක්ෂාර පමණක් එක් කෙරෙමින් මනාව සැකසූ ආහර පිණ්ඩය අවසනදී ඔවුන්ට සමුදී යලිත් අපේ ගුල වෙතට පැමිණියේ නැවත් දිනයකදී මෙවන් මස්ටක ආහාරයක් ලැබේවායි සිතින් පතමින්ය. එකී ආහාර ඵලකයේ රුවක් මෙසේ සටහන් කරනුයේ ඒ කාන්තාවට කරන අනුග්‍රහයක් බැවින්මය.
|
BLOG
|
2014.06.05
|
http://bingunada.blogspot.com/
|
අහිංසකාවී
|
බිඟූ
|
.
|
BLOG
|
2014.06.03
|
http://bingunada.blogspot.com/
|
පිරෙව්වොත් හපනා
|
බිඟූ
|
පිරෙව්වොත් හපනාදවසක් ඉන්නකොට මේසේ උඩ තිබිච්ච කොළ කෑල්ලක මෙහෙම කොටු ටිකක් ඇඳලා අරවා මෙවා කොරනකොට නිකම්ම වගේ මෙහෙම එකක් ඇඳුනානේ.බලන්න ඒක පුරවන්න පුලුවන්ද කියලා ඔයාලටත්.
|
BLOG
|
2014.12.23
|
http://efacmemories.blogspot.com/
|
TWO EPISODES - a short story
|
E-Fac Memories
| null |
BLOG
|
2014.09.27
|
http://efacmemories.blogspot.com/
|
Professor E O E Pereira Memorial Lecture - 2014 :: Delivered by S B Weerakoon, Professor in Civil Engineering, Faculty of Engineering University of Peradeniya
|
E-Fac Memories
| null |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.