category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2013.08.31
http://galbooree.blogspot.com/
නිහඬ සියුමැලි සමනළී
Dishan Anuradha
නිහඬ සියුමැලි සමනළීනිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි.ඔහේ නැලවෙන විසේකාරීමගේ හීනෙ දඟ වැඩ කරයි.ඈත ජීවන මංතලේඑක දිනක ඔබ හමුවෙමි කියාඔබෙන් දුරකට යන්න යන්නඔබ තව තවත් මට ළං වුනා.සීත සඳ පිනි ආදරේ ළඟගැහැණු සිතකින් උපදිනාහිතුමතේ කීවාට නාහනපිරිමි හිත මගෙ පැරදුනා.
BLOG
2014.10.30
http://iwanpaulooshaa.blogspot.com/
මීරියබැද්ද සහ පොම්පේ
ඉවාන් පවුලූශා
ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා (Campania) ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ඉඩකඩ ඉතාම අල්ප බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා .හල්දුම්මුල්ල - බෙරගල සිට කොස්ලන්ද දක්වා නායයාම් අවදානම් කලාපයක් පවතින බව "භූ විද්‍යා හා පතල් කාර්යාංශය" සහ "ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය" හඳුනා ගන්නේ වසර 2000 තරම් ඈත අවධියේදී , වසර 2005 දී මේ ප්‍රදේශය ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස නම් කරනවා .ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස හඳුනාගත් පසු ඒ වෙනුවෙන් බලධාරීන් , නිලධාරීන් මෙන්ම අදාළ ආයතන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද , නැත්නම් සියල්ල සැලසුම් වලට පමණක් සීමා වූවාද යන්න දන්නේ ඔවුන්ම පමණි.මන්දයත් නායයාමේ අවධානමක් ඇති කලාපයක ගත යුතු කිසිදු සංවර්ධන කටයුත්තක් ඒ නොදියුණු පළාත තුල මේ වනතෙක් සිදුවී නොමැති බැවිනි. මේ ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර සියලුම නිවාස , කාර්යාල ,පාසල්, සහ අනෙකුත් සියලුම ගොඩනැගිලි බොහෝ වශයෙන් පවතින්නේ මේ බෑවුම් වලය.මෑත කාලීනව සිදුවූ මාර්ග සංවර්ධනයේදී බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගය සංවර්ධනය විය . සංවර්ධනය ගමට ගිය බවට උදම් ඇනීම් අතර තම පළාතේ දියුණුව දකිමින් ජනතාවද සතුටු විය. නමුත් අධික බැවුම් සහිත ප්‍රදේශයේ මාර්ගය පලල් කිරීමේදී නියමිත ප්‍රමිතීන්ට අනුව බෑවුම් සංරක්ෂණය (slope stability) සිදු නොවූ බව පැහැදිලි කරුණකි. මේ සඳහා බොහෝවිට සඟවන එහෙත් සැබෑ හේතුව වන්නේ භුමිය අයත් කරගැනීමේදී ඇතිවන ගැටලුය. මන්ද මේ කඳු වල මාර්ගයට ආසන්නයේ බෑවුමේ මාධ්‍ය කොටස අයත් වන්නේ පෞද්ගලික අයිති කරුවන්ටයි, ඉහලම කොටස් රජයට අයත් සංරක්ෂණ කලාප වේ .මාර්ගය පලල් කිරීමේදී නියමිත ආනතියට (angle) සැකසීමේදී මේ ඉඩම් බොහොමයකට වන්දි ගෙවීමට සිදුවේ , මාර්ග සංවර්ධන අධිකාරියට ව්‍යාපෘතිය සඳහා අනුමත වන මුදලින් මේ ගෙවීම් සියල්ල සිදු කිරීමට අපහසු වේ . ඒ නිසා සරල විසඳුමක් වන්නේ නියමිත අන්තියට වඩා වැඩි ආනතියක් රඳවා වන්දි ගෙවීම් අවම කිරීමයි.1 හි b රූපසටහනට අනුව සාමාන්‍ය පස් කන්දක රඳවාගත යුතු වැඩි ආනතිය නිසා පාරෙන් ඉහල කොටස් වල අහිමි වන භුමි ප්‍රමාණය වැඩිවේ , ඒ අනුව ගෙවිය යුතු වන්දි ප්‍රමාණය ඉහිල යයි. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ නුසුදුසු ආනතියක් රඳවාගැනීමෙන් වන්දි ලබාදීම් හැකිතරම් සීමා කිරීමයි. සැබවින්ම මෙය කාගේවත් වරදක් සෙවීමට වඩා ඉදිකිරීමට පමණක් වෙන්වෙන සොච්චම් මුදලෙන් ව්‍යාපෘතිය නිමකිරීමට සිදුවීමේ අභාග්‍යයයි (20% ට හෙන වදියිද -20% කිව්වට ඇත්තටම් කීයද .)අවසානයේ සිදුවන්නේ මේ සඳහා වන්දි ගෙවීමට අසරණයට සිදුවීමයි . පහත රූපය බලන්න .අවසානයේ ගහපු පදයකුත් බෙරේ පලුවකුත් දෙකම නැති තැනකට පත්වේ. නමුත් අවසානයේ නැවත නියමිත ආනතිය රඳවා ගැනීමට හෝ විකල්ප පස් සංරක්ෂණ ක්‍රම භාවිතා කිරීමට සිදු වේ. (එතකොට ඒකෙනුත් තව 20% සාක්කුවේ)සැබවින්ම මේ අවශ්‍ය ආනතීන් රඳවා ගැනීමට අපහසු ස්ථාන සඳහා බොහෝ විකල්ප සංරක්ෂණ ක්‍රම පවතින නුත් ඒවා බොහෝ සෙයින් වියදම් අධිකයඋදාහරණ - Soil Nailing- Geo gridsමේ ක්‍රම සඳහා වන යන්ත්‍ර සූත්‍ර , තාක්ෂණය මෙන්ම අමුද්‍රව්‍ය පවා අධික වියදම් සහිතය . නමුත් මේ තරම් ඉහල මට්ටමේ තාක්ෂණයකින් තොරව අඩුවියදම් තාක්ෂණය යොදාගෙන බොහෝ දුරට මේ කාර්යයන් කල හැක, පහතින් දැක්වෙන ගේබියන් වෝල් සහ තෘණ වැවීම වැනි සරල ක්‍රම යොදාගෙන මේ සඳහා යම් තරමක සහනයක් බලාපොරොත්තු විය හැක .තෘණ වගාවගේබියන් වෝල්නමුත් මෙවැනි සරල ක්‍රම වෙනුවෙන් වුවද නිසි ප්‍රමිතියක් පවත්වා ගත යුතුය, නමුත් ඒ සඳහාද අවසානයේ හරස්වන්නේ කාලකණ්නි දේශපාලනයමය." මේ මිස්ටර් *******ද කතා කරන්නේ , ආ මම මේ ***** මන්ත්‍රී තුමා කතා කරන්නේ , ඔය පාර දෙපැත්තේ තණකොළ ටික ගහන්න අපේ එකෙක් ඉන්නවා ඌට ඕක දෙන්න මොකෝ මැලේසියාවෙන් තනකොල ගේන්නේ නෑනේ, ..ඈ මතක් ඇතුව ඌට ඇඩ්වාන්ස් එකක් දෙන්න සතියකින් වැඩේ කරෙයි .." ඉන්පසුව වැඩේට වෙන දේ ගැන මෙතන විස්තර කිරීමට අවශ්‍ය නැත. හැම විටම නොවුනත් බොහෝ අවස්ථාවල මෙවැනි බලපෑම් මගින් ප්‍රමිතියට කරන අසාධාරණය සුළුපටු නැත.මීරියබැද්ද නාය යාමත් සමග මේ විස්තරය මතක් වුයේ සංවර්ධනය නිසි ප්‍රමිතියකින් තොරව සිදුවීම සිටියාටත් වැඩ අන්ත තත්වයකට අපව පත් කරන බව සිහිවූ නිසයි,එමෙන්ම කාලයක් මේ ප්‍රදේශයේ කඳු මුදුන්වල ව්‍යාප්ත කල ෆයිනස් සහ යුකැලිප්ටස් වගාව නිසා මේ බෑවුම් වල යටිරෝපනය සම්පුර්ණයෙන්ම විනාශ විය .ඒ මගින් සිදුවූයේ පාංශු ඛාදනය සීග්‍රයෙන් වැඩිවීමයි .කෙසේවෙතත් දැන් බොහෝ දේ සිදුවී හමාරය . අපට සමාලෝචනය කිරීමට බොහෝ දේ ඉතිරිවී තිබේ, නායාමේ අවදානමක් ඇති නිසා අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබියදී මේ ජනතාව ඉවත් නොවීම මීට හේතුව බව කියනු ඇත. නමුත් ............ඔවුන් යන්නේ කොතනටද. ඒ තැන්වලට ඔවුන් යොමු කරන්නේ කවුරුන්ද. වැඩපිළිවෙලක් නැත. ඔවුන්ව මේ ප්‍රදේශයේ පදිංචියෙන් ඉවත් කිරීමට මේ දක්වා ආරම්භ කර ඇති වැඩපිළිවෙල කුමක්ද . මෙතනින් පලයන් කියුපමනින් පරම්පරා ගණනක් පදිචිව සිටි සියල්ල අතහැර ඔවුන් යන්නේ කොහිද.දැන් බොහෝ දේ සිදුවී හමාරය , නමුත් මේ කලාපයේ සිටින අනෙක් ජනතාවද අනතුරේය, අඩුම ගනනේ ඔවුන්ව බේරාගැනීමේ වැඩපිළිවෙලක් දැන්ම පටන් සකස් විය යුතුය.ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින් ආතම්යක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.රූප සටහන් -LOW-VOLUME ROADS BMPS - Chapter 11අනෙක් පින්තුර - Google වෙතින්ලිපිය ලියන්න හිතුනේ මාතලන්ගේජාතික ශෝක දිනයක්.... පෝස්ට් එක නිසා.
BLOG
2014.10.17
http://iwanpaulooshaa.blogspot.com/
කරුමෙ ඩබල් - පින සිංගල්
ඉවාන් පවුලූශා
හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක් ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි මුලින්ම හිතට නගාගන්න උත්සාහ කලේ.නමුත් ඒ කිසිවක් සමාජ සම්මතයන්ට අනුකූල ඒවා නොවීම නිසයි ඔවුන්ට එතනට ගාල් වෙන්නට සිද්ධ වෙන්නේ . බහුතරයක් සිරකරුවන් තමුන් අතින් වන වරදට පසු තැවෙන බව හොඳාකාරවම පෙනෙනවා , මෙයින් අපගමනය වන කොටස්ද නැත්තේ නොවේ,කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්‍රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්‍රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්‍රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා . ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද ...... යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා"ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ "බොබ් මාලෙයි , චේගුවේරයි " දෙන්නනේ .."ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේමේ ඉන් කීපයක්" කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් ""අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න""සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "++++පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."++++තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්"කොහේටද යන්නේ අපිත් යන්නේ එහෙට තමයි "++++එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි."බත බාලා හොද්ද ලිපේ "" දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "++++කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්"බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් ""ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා ""වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි ""සම්බුදු සරණයි , එංජිම පරණයි "++++සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්"හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද."" අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් ""අපේම නයි අපේම කයි ""ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි ""රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව ""සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි "++++නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා"ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා "++++කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්" රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත""කරුමේ ඩබල් පින සිංගල්""රුපියල් සත නිසාද අපිට මේ දුක "++++වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් ..." සර් මමත් A/L කලේ මැත්ස් වලින් , කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . "මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය ."අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ "සංඛ්‍යා ලේඛන සහ පිංතුරය - Sunday Timesවිශේෂ ස්තුතිය - පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට.
BLOG
2014.10.11
http://iwanpaulooshaa.blogspot.com/
නිමේෂය
ඉවාන් පවුලූශා
"මිස්ටර් දුෂ්මන්ත ..හෝල්ඩ් ඉට් ප්ලීස් " විදුලි සෝපානයේ දොර වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී ඈතින් දිව එන මිනදී දුටු මට නැවත සෝපානයේ දොරටුව විවර කරන්නට වුනා.."ඔහ් මිනදී ......."ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් මේ ඇනේ සෙට් වෙන්නේ නෑනේ ..." ක්ෂණයකින් සිතට ආ සිතුවිල්ල වචන බවට පෙරලෙන්නට ප්‍රථම මම සෝපානයේ G අකුර සහිත බොත්තම වරක් ස්පර්ශ කළා"මොකෝ මේ මිස්ටර් කෑල්ලක් .""නෑ දැන් ඉතිං ලොකු මිනිස්සුනේ , එක නෙවෙයි අනේ,... ප්ලීස් මාව ෆැබ් එක ලඟින් ඩ්‍රොප් කරන්න පුලුවන්ද .....""ම්ම්ම්.......""අනේ ලොකු උදව්වක් ...... "මට සිහිවූනේ දින කීපයකට පෙර සුසන්තගේ විහිලුවයි .." මේ දුෂමන්තයා දැන්නම් මිනදී උඹේ ඇඟට එනවා හොඳටම වැඩියි.. උඹේ ප්‍රමෝෂන් එකෙන් පස්සේ තමා තත්ත්වේ දරුණු වුනේ.. බලාගෙන පුතේ ....මතකනේ අනුජයට වෙච්ච් දේ .. සේමිණි උඹව මරයි ඈ....""සෙමිනි කොහෙද බං මාව මරන්නේ ,අනේ පල යන්න .උඹ කොහොමද මගේ ගෑනි ගැන මට වඩා දන්නේ ..අපි අහුවෙයි ඕවට...............""හා හා බලමුකෝ ..ඔහොම කියන අයියලා තමා පෝලිමේ මුල්ම ඉන්නේ ..හැක හැක හැක ...""දුෂ්මන්තඅඅඅඅඅඅඅඅ........................." මිනදිගේ හඬින් මං නැවතත් පියවි ලෝකයට ..."ඔහ.....මම ඒ පැත්තට නෙවෙයි නේ මිනිදී යන්...............""අනේ ඉට්ස් ඔකේ අනේ පොඩි දුරනේ මාව ඩ්‍රොප් කරලා යන්නකෝ ...""අපෝ ආඩම්බර .."බොරු තරහක් මවා ගත් මිනදී මුහුණ පුළුටු කරගත් සැටි දුටු මට සිනහවක් නැගුණි.. ඇත්තෙන්ම ඇය සුන්දරය.. සිහින් සිරුර ..සිහින් ඇහිබැම ...දිගටි දෑස්.... මෙන්ම කතා කරන වචන පවා ඇතිකරන ආකර්ශනීය බව මගහැර යාහැකි කිසිවෙකු වෙත්ද ...**ඇත්තෙන්ම ඇය සමග එකට ගමන් කරන්නට මම අකමැතිද .... නෑ... හිත රවටා ගැනීමේ අසීරු උත්සාහය අවසනදී අත්හැර දැමූ මම"ආඩම්බරයක් නෙවෙයි ළමයෝ .... හා හා යමු ...""අපෝ ඇති .......""ඔහ් ගෝඩ්.... වහිනවා ...කොහොමද පාක් එකට යන්නේ .... ""ශිහ් ...තත්පර පහ හයක් ඉස්සර වුනානම් වැස්සෙන් බේරෙන්න තිබ්බා ..." එක්වරම කඩා හැලුණු මහා වැස්ස දෙස බැලු මට කියවින ."මේ තියෙන්නේ" අත් බෑගයෙන් එළියට ඇදුනු ලා රෝස පැහැ කුඩය මවෙත පාමින් ඇය කීවාය ."මේකේ දෙන්නෙකුට යන්න බෑනේ මිනදී ..""ආ ඇත්තද ... අනේ විකාරනතුව යමු දුශ් ....""දුෂ් ........." මට සේමිණී සිහිවුනේ මන්ද ... ආදරය කරන මුල් කාලේ ඇයද මා අමතන්නේ එසේය ..."ඔයා කුඩේ ගන්න දුෂ්... නැත්තම් ඔයාට දෙකට නැවිලා යන්න වෙන්නේ ..."සාරියේ රැළි ගොන්න කලවයේ ඉහල හරියට වන්නට අල්ලා මදක් ඔසවා ගත ඇය මා සමග කුඩේ යටින් ගමන් කරන්නීය ..."අඩෝ දුෂා අර බලපන් මියුසික් ටීච අදත් පූසා කනෙන් එල්ලන් එනවා ...." පාසල් කාලයේදී නිතරම මෙසේ සාරියේ මැද හරියෙන් ඔසවාගෙන යන සංගීත ගුරුවරිය නිරන්තර අපේ සිනහවට ලක් වූ හැටි මට මතක් වූයේ ඒ සමගිනි .ඇගේ සුසුම් වල උණුසුම පපුවේ දකුණු පසට දැනෙයි , ඊට වඩා වේගයෙන් මා උණුසුම් වනවා මට දැනෙයි , ක්ෂණික සුලන් රැල්ලත් සමග පැමිණි වැසි පොදෙන් අප දෙදෙනාම තෙමි යද්දී ඇගේ කෙහෙරැල් මගේ මුහුණේ දැවටෙන්නට විය ."ගෙදර යන්න කලින් කා එක වැකුම් කරගෙන යන්න ඕන , නැත්තම් කෙස් ගහක් වත් කොහේ හරි තිබ්බොත් සේමිණී මාව මරයි තමා .. "විවාහ වී වසරක් ගෙවුනද සේමිණී බොහෝ අවස්ථාවල මා අන් කාන්තාවන් කෙරෙහි ආසක්ත වන්නේයයි නිකරුනේ සැකකිරීම සමහර අවස්ථා වලදී මට හිසරදයක්ම විය**උණුහුම දුරලමින් නැවත සීතල දැනෙන්නට විය .කෙසේ හෝ මෝටර් රථය තුලට පිවිසෙන විට ...දෙදෙනා මදි නොකියන්නට තෙමී අවසන්ය .. එත් ඒ කෙටි ගමනේ අමුතුම මිහිරක් වින්දා නොවේද ."තෙමුනා නේ ""කමක් නෑ දුෂ්.... දැන් තෙමෙන්නේ නෑනේ ..."මෝටර් රථය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙත්ම වැස්සද බොහෝ සෙයින් වැඩි වන්නට විය ..."අද කලින් යන්න හිතුවේ ඇයි දුෂ්මන්ත .... සුසන්තත් හාෆ් ඩේ ගියා නේ ..."ඔව් ඔන්න අම්මලාගේ ගෙදර යනවා කියල ගියේ ...විශේෂයක් නෑ මිනදී .. ෂෝර්ට් ලීව් එකක් ගත්තෙම නෑනේ ... ටිකක් කලින් ගෙදර යන්න හිතුනා ..."අපරාදේ එහෙම යන්න ගිහින් මං නිසා වෙන පාරක යන්න වුනානේ ..""කමක් නෑ ඔයා නිසානේ .... "**දෙදෙනාම මහා හඬින් සිනාසුනත් ඒ හඬ අපටවත් නෑසෙන තරමට වැස්ස හොඳටම වැඩිවී තිබුණි .. කාර්යාල වෙලාව අවසන් වීමට තවත් පැය දෙකක් පමණ ඇති නිසා මහා මාර්ගය දෙසට යැවෙන මේ අතුරු මාවත එතරම් කාරය බහුල බවක් පෙන්නුවේද නැත, නමුත් මහා වතුර කඳක් මාර්ගය මැදින් ගලා එන්නේ ගංගාවක් මැද රිය පදවනවා වැනි හැගීමක් සිතට නවමිනි, සුළඟද බොහෝ තදින් හමන්නට විය ...රිය පැදවීමට වඩා නැවත්වීම මැනවයි ,මට කීපවරක්ම සිතුනත් මිනදී මොනවා හිතයිද යන සිතුවිල්ල හිතට වදදෙන්නට විය ."කොහේ තිබ්බ වැස්සක්ද මන්දා ශික් ......"පාර අයිනේ රිය නැවතුනේ ඉබේම මෙනි .. දෙනත් යාවන්නට ගතවුයේ නිමේෂයකි ...මිනදී සිහින් රත් පැහැ දෙතොල් වෙව්ලන ස්වාභාවයත් ලැම වේගයෙන් උස් පහත් වෙන ආකාරයත් මට පැහැදිලිව පෙන්නේන්නට විය . ඇයගේ සුසුම් හඬ දුන්හිඳ කඩාහැලෙන්නාක් මෙන් මහා ගෝෂාවක් මගේ සවන් තුල ඇති කරයි .. වාහනයේ ඉදිරිපස වීදුරුවට වැහිබිඳු වැටෙයි ... වීදුරුව දිගේ පහලට ගලා යායුතු වූ නමුත් සුලඟ සමග පොර බදිමින් වැහිබිඳු වීදුරුව දිගේ ඉහලට ගමන් කරයි .......අඳුර සමග එන මලානික එලිය ........ මගේ රෝම කූප තුලින් අමුතුම හිරියක් ඇඟ පුරා ගමන් කරනු මට දැනෙයි ...කන්පෙති රත්වී ගින්දර පිටවෙන්නාක් මෙනි .මිනදී ගේ මුහුණ දෙස බැලුනේ නිරායාසයෙනි.. ඒ දෙතොල් මට ආරාධනා කරන්නේද. ඇයගේ මුහුණේ වූයේ අමුතුම ආකර්ෂණීය බැල්මකි . කොතරම් සමීපව කාර්යාලයේදී ඇසුරු කලත් මෙතරම් සුන්දරව මා ඇගේ මුහුණ දකින්නේ ප්‍රථම වතාවටද... මා නිරායාසයෙන් මෙන් ඈ දෙසට නම්බුරුවන්නට විය. ඇයගේ මුහුණට නැඹුරුවත්ම ඇගේ දෙනෙත් පියවෙනවාත් ..දෙතොල් වඩාත් වේගයෙන් ගැහෙන්නට පටන් ගන්නවාත් මට පැහැදිලිව දර්ශනය විය ...එක වරම වැස්ස තුරල් විය .... සුළඟද අඩුවී ගියාක් වැනිය.. වැහි බිඳු නැවත වීදුරුව දිගේ සෙමෙන් පහලට ගාමන් කරන්නට විය .... වහාම රියදුරු අසුනේ කෙලින් වූ මම රිය පන ගැන්වූ මම හැකි ඉක්මනින් මහා මාර්ගයට අවතීර්ණ වීමි ..මිනිදී මහා විමතියක් රැඳී දෑසින් මා දෙස බලා සිටී .... සේමිණි ලෙන්ගතු දෑසින් මා දෙස බලා සිටියි .."මම මෙතනින් බහින්නම් මිස්ටර් දුෂ්මන්ත ..."වාහනය නැවැත්වීමටත් පෙර දොර හැර ගත මිනදී නැවතූ ඇසිල්ලෙන් රියෙන් එලියට පාන් ආපසු වැරදීමකින්වත් හැරී නොබලමින් යන්නට විය ... දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු විය ....**රෝහල් වටරවුම අසල රතු එලිය හේතුවෙන් රිය මදකට නැවතිණි .. "ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් රෙඩ් එකෙන් පැනගන්න තිබ්බා"මගේ හිත මට මුමුණන්නට විය .මගේ පිටුපසින් රිය පේලියක් සැදෙනු පැති කන්නාඩියෙන් දර්ශනය වෙයි ."RELAX - AC & Non AC Rooms" නාම පුවරුව ඉදිරියෙන් දර්ශනය වෙයි .එහි ගේට්ටුවෙන් එලියට එන රථයකි .."සුසන්තයගේ කාර් එක නේද .""මූ හාෆ් ඩේ දාලා මේකට තමයි පැන්නේ එහෙනම් .."එලියට එන වාහනයේ ඉදිරිපස අසුන දෙස ඇස යොමුවුණේ නිරායාසයෙනි ..."දෙවියනේ සේමිණී .."නිල ඡායාරූප අනුග්‍රහය - බස්සි ස්ටුඩියෝ.
BLOG
2014.12.04
http://sahaspiyawara.blogspot.com.au/
නිවාඩු
Malithi
අහසටත් ඉහලින්ඉගිලෙනා සමනල කැළනිවාඩුව පොදි බැඳ පාසැලින් ඉහිරෙන හැඩ.අකුරු පොඩි හැඩවී ලත වෙවී පොත් කියැවී මිතුරුදම් තිර වී තවත් වසරක් ගතවී pic-schoolatoz.
BLOG
2014.11.29
http://sahaspiyawara.blogspot.com.au/
a wish
Malithi
අත්ලත තබා පැතුමක්විසිරුවමි දුර ඈතටඝන නිල් විසල් අහසකරටාවක් වෙමි දුර සිටphoto- mobile cam.
BLOG
2014.11.23
http://sahaspiyawara.blogspot.com.au/
සීමා
Malithi
-වැටක එපිටින් මුල් ඇති ගසක් හිස මලින් ගවසා මෙපිටට බර ව හිඳී.නුඹට මල් පුබුදමි මමඑපමණක් කළ හැකි සඳඋපදිද්දී කවි රැස හිත සුසුම් ලා පුරුදුයි මටඅහස් දිය බිඳු මුහු කර කඳුළු වතුරෙන් පැහැ කර තනමි මල් සහසක් මමපිපෙන්නට හිමි නැති ඉම සිහිනයක් වන්නට හැකමලක් පුබුදා හදවතඑළි තිතක් වන්නට හැක කළු අඳුරු දුරු ගමනකpic curb-allure.
BLOG
2014.11.16
http://sahaspiyawara.blogspot.com.au/
සතුට
Malithi
to the one-legged bird splashing happily in a roadside puddleසතුට ඇරඹෙන තැනමෙයයි දුක නිමවෙන තැනඉරිගසා පෙන්වනලෝකයක නුඹ හිනැහෙනහෙටක එළඹෙන දිනගෙනෙන දේ ගැන නොමදැන පපුව මැද උපදිනපුංචි ගී තනු මුමුණන හිමි අහිමි දේ ගැන සිතුම් හද මැද සිරකරහඬන්නට බැරි තැන සිනාසෙන හැටි පෙන්වනpic- Gideon Knight.
BLOG
2014.10.10
http://sahaspiyawara.blogspot.com.au/
කෝපි~
Malithi
තැපැල් කන්තෝරුව අරින්නේ නමයට. නමයට කාලක් තියලාම ලොකු වීදුරු දොර පලු දෙක ඉස්සරහා පෝලිමක් තියෙනවා.මේ පෝලිමේ වැඩිහරියක් ඉන්නේ වයසක උදවිය.දැන් කාලේ ලියුම් ලියන්නේ ඒ අය නේ. හැමදාම එන්නේ එකම කට්ටියද කොහේද.එක කාලයක් කවදාවත් නොතිබුණු විදිහට මේ වයසක පෝලිමත් එක්ක මගේ තරහක් තිබුණා.එක තරහක් නෙමෙයි දෙකක් ම. එකක්,ගෙවල් වල වැඩ නැතිද කියලාහිතෙන තරමට එළිවුණ වෙලාවේ ඉඳන් මෙතන පෝලිම් ගැහිලා හිටිය එක.අනික තමයි මේ ඔළුගෙඩි ටික නිසා මට ලීසා ව හරියට නොපෙනුන එක. ලීසා වැඩ පටන් ගන්නේ අටහමාරට.ඒ දවස් වල පුංචි රතු කාර් එක එළියේ බැන්ක්සියා ගහ යට නවත්තන්නේ අටයි විසි තුනට.කාර් එකේ පිටිපස්ස බලන කණ්ණාඩිය හරවාගෙන ඊටපස්සේ එයා කොණ්ඩේ පීරනවා.ඒ කොණ්ඩේ පීරන්න දෙයක් නම් නැහැ.දිලිසිලා පිට මැද්දට කඩා හැලෙන කොණ්ඩයක් ලීසාට තියෙන්නේ.ඊටපස්සේ අඩියට දෙකට දුවලා දුවලා තැපැල් කන්තෝරුවට එනවා.ඇවිත් දොරවල් අරිනකම් පැය භාගයක් තිස්සේ ඇතුළේ එහේ මෙහේ එක එක වැඩ කරනවා. මම අන්තිම මිනිත්තුවට මේ හැමදේම කොහොමද දන්නේ.එක කාලයක් මම වතාවතක් වගේ මේ ටික බලාගෙන හිටිය නිසා. වැඩ කරන ගමන් මේ හැම දේම බලාගෙන ඉන්න පුළුවන් වුණු එක මට වාසියක්. මේ සාප්පු පේළියේ තැපැල් කන්තෝරුව දැම්මේ ළඟදී.ඉස්සර මගේ කෝපි මැෂිම ට හරි කෙළින් තිබුණේ පරණ බඩු කඩයක්. ඒකේ නම් මැස්සෝ ඇහිරුණා විතරයි.ඒක භාරව වයසක මිනිහෙක් හිටියා වගේ මතකයි. හරියටම කියන්න මතක නැත්තේ ඒ කාලේ මට ඒ පැත්ත බලන්න උවමනාවක් තිබුණේ නැති නිසායි.මගේ කඩේ නම‘වර්ෂා’. කෝපි විකුණන කඩේකට එහෙම නමක් ගැලපෙන්නේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන් වුණත් වැස්ස තරම් කෝපි වලට ගැලපෙන තව දෙයක් තියෙනවාද කියලායි මට නම් හිතෙන්නේ. බෙන්ජි-මගේ ගෝලයා නම් කියන්නේ රස්නේ දවස් වලටත් ගැලපෙන්නත් එක්ක මේ කඩේ අයිස් ක්‍රීම් ත් විකුණමු කියලා.ඒත් මට ඒකට හිත හදාගන්න බැරි වුණා. මම හිතන්නේ මේ ලෝකෙන් ම මම ආසම සුවඳ කෝපි සුවඳ. ඇස් පියාගෙන මට සුවඳින් උණත් කියන්න පුළුවන් කෝපි ජාති වල නම්.හැමදාම එන ගැනුම්කාරයෝ ඉල්ලන්න කලින් ඒගොල්ලන් කැමති ජාතිත් මට මතකයි.සමහරු කැමති එස්ප්රෙසෝ තනි කළුවට. සමහරු දොරෙන් එද්දී ම ඒ අයගේ මැකියාටෝ කෝපි එක ලෑස්තියි. කෝපි බොන්න එන අයගේ තනියට ඇවිත් වරුවක් තිස්සේ උණු චොකලට් කෝප්පයක් තොල ගගා ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම තමයි, ඕනේම ප්‍රශ්නයක් විසඳන්න කැපුචිනෝ කෝප්පයකට පුළුවන් කියලාත් මම අහලා තියෙනවා. මම ලීසා ව දැක්කේ අහම්බෙන්.හීතල කාලේ දවාලක, බොහොම කලබල වෙලාවක,හදිසියට සල්ලි මාරු කරන්න මට තැපැල් කන්තෝරුවට දුවන්න වුණා. වෙනදාට ඒ වගේ පුංචි වැඩ වලට යවන්නේ බෙන්ජි. ඒත් එදා බෙන්ජිව ත් පේන්නේ නැති තරමට කඩේ සෙනඟ පිරිලා හිටියා.කල් ඇතිව මාරු සල්ලි ඇතිවෙන්න ගෙනත් තියා නොගත්තු එක ගැන මටම හිත යටින් බැණ බැණ මම ඒප්‍රන් එක පිටින්මයි තැපැල් කන්තෝරුවට දිව්වේ.ඒ වෙලාවේ මගේ කඩේ උතුරන්න ගනුදෙනුකාරයෝ හිටියාට එතැන නම් කවුරුවත් හිටියේ නැහැ.වීදුරු දොර දෙබෑ වෙලා මම ආව වේගෙන් ම ඇතුළට දුවලා එක පාරට නැවතුණා. ලීසා හිටියේ උස රාක්කෙක සටහන් පොත් අහුරමින්. තැපැල් බඩු වලට අමතරව මේවායේ වයිවාරන ලියන කියන බඩු මුට්ටු තියෙන බව මම දැනගෙන හිටියාට කවදාවත් ඒවා ගන්න වුවමනාවක් වුණේ නැහැ. හැබැයිඑදා නම් මම ඒ කිසි දෙයක් දැක්කෙත් නැහැ.ලීසා පුංචි ඉනිමඟෙන් බැස්සේ හිනාවේගෙන."ඔව් විවේක්.... ඔයාට මොනවාද කෙරෙන්න ඕන."කාලයක් තිස්සේ අඳුරන විදිහට ලීසා මගෙන් ඇහුවේ කවුන්ටරය පිටිපස්සට යන ගමන්.මම හිටිය තැනම ගල් ගැහිලා අඩුම ගණනේ විනාඩියක්වත් ඉන්න ඇති. මෙයා කොහොමද මගේ නම දන්නේ.මම කොහොමද මෙයාව නොදන්නේ.මේ තරම් ලස්සන කෙල්ලක් මේ තරම් කල් මේ තරම් අතේ දුරින් හිටියා මම නොදැක්කේ කොහොමද. ලීසාට තිබුණේ පුංචි දිගටි මුණක්."බෝනික්කෙක් වගේ."මගේ හිත මට අදාළ නැති මතක් කිරීම් කරමින් හිටියා."හෙ...ලෝ...මොකද බයවෙලා. ඔයා ආවේ මේ ලියුම් දාන්න සෙනඟ අඩු වෙලාවේ මගේ පාළු කපන්න ද.නැත්නම් කෝපි බිස්නස් එක එපා වෙලාද."ලීසා ආයෙත් හිනාවෙලා අහන කම් මම කටත් ඇරගෙන හිටියා ද මන්දා."ඔයා..ඔයා.. මාව දන්නවා ද."මම වචන එකතු කරගත්තේ බොහොම අමාරුවෙන්.ඒ වෙද්දී ආව වැඩේත් උන්නු තැනත් මට සහමුලින් ම අමතක වෙලා තිබුණේ."නැතුව.ඔයාගේ කඩේ කෝපි සුවඳෙන් තමයි අපි මෙහේ වැඩ කරන්නේ. "වර්ෂා"කියලා නමක් තියෙන කෝපි කඩයක් ගැන කවුරුවත් නොදැන ඉන්නේ කොහොමද."ලීසා හිනාවුණේ පුංචි කෙල්ලක් වගේ. එයා හිනාවෙද්දි එයාගේ ලා නිල් ඇස්දෙක නිල්-කොළ පාට වුණ බව පේන තරම් කිට්ටුවෙන් මම හිටියේ. එයා එහෙම කිව්වත් මගේ ඔළුවේ පටලැවිල්ල ලෙහුණේ නැහැ. මට දැනුණේ මම වතුර යටක ඉඳන් අමාරුවෙන් උඩට මතුවෙනවා වගේ. පැහැදිලිව හිතන්න බැරි කමක් හැම දෙයක් ම අවුල් කළා."ඒත්..මගේ නම..දන්නේ."මගේ වචන ගැළපුණේත් නුහුරට.මේ කතාකරන්නේ මමම ද කියලාත් මට හිතාගන්න බැරි වුණා."වි-වේ-ක්.”කියලා ඇදලා පැදලා කියලා ලීසා ආයෙත් හිනාවුණා. “මට ඕනේ නම් කියන්න පුළුවන් මට දිවැස් තියෙනවා කියලා...එහෙම කියලා ඔයාගේ ඔළුව අවුල් ම අවුල් කරලා දාන්න.ඒත් ඉතින් පවු නේ...ඒ නිසා කියන්නම් ඔය ලොකු අකුරින් ඒප්‍රන් එකේ ගහලා තියෙන නම කියෙව්වා කියලා."ලීසා හිනාවුණේ හරි හපන්කමක් කළ විදිහට. ඇඳුමේ ම නම ගහගෙන නම දන්නේ කොහොමද කියලා කෙල්ලෙක් ගෙන් අහන තරමට මම මෝඩයෙක් වුණු හැටි ගැන මට දැනුණේ මහා ලැජ්ජාවක්.බෙන්ජි ගේත් මගෙත් ඒප්‍රන් දෙකට අපේ නම් එක්ක කඩේ නමත් මස්සමු කියලා කිව්වේත් මමමයි.ෂික්. මට ආ පයින්ම ආයෙත් එළියට දුවන්න හිතුණා.ඒ එක්කම අකුණක් ගැහුවා වගේ මතක් වුණා ආව කාරණාව. අරහේ බෙන්ජියා මට කුණුහරුපෙන් බැණ බැණ කෝපි හදනවා ඇති කියලාත් මතක් වුණා."හරි හරි, ඒවායෙන් වැඩක් නැහැ..මට මේ නෝට්ටු ටික මාරු කරලා මාරු කාසි ටිකක් දෙනවාද."මම ලීසා ගෙන් ඇහුවේ ඊට මොහොතකට කලින් පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් නොවුණු ගානට. මේ දැන් දෙවියෝ මගේ ඉස්සරහා මැව්වා වගේ පේන ලීසා ගේ ලස්සනට මත් නොවුන ගානට. ඒ වෙද්දී මම එයාගේ නම දැනගෙන හිටියෙත් නැහැ නේ.වෙන වෙලාවක නම් චාටුවක් දාලා නමත් අහගන්නවා. ඒත් ඒ, එහෙම චාටුවක් දාන්න පුළුවන් තරමට මට ලකුණු ලැබුණු වෙලාවක් නෙමෙයි. අනෙක ලීසාත් එහෙම කෙල්ලක් නෙමෙයි බව මට ඉවෙන් වගේ දැනුණා."සමාවෙන්න මිස්ට කොෆී මේකර්.. බඩුවක් ගන්නේ නැතිව සල්ලි විතරක් මාරු කරලා දෙන්නේ නැහැ කියලා අපේ නීතියක් තියෙනවානේ...මේ ගහලා තියෙන්නේ බිත්තියේ"ලීසා හිනාවුණු ගමන් ම බිත්තිය පැත්ත පෙන්නුවා. එක එක දැන්වීම් පිරිලා තිබුණු බිත්තියේ ඒ දැන්වීම හොයන්න මට ඒ වෙලාවේ වෙලාවක් වත් වුවමනාවක් වත් තිබුණේ නැහැ. ඒ වෙනුවට මේ පිස්සු කෙල්ල ත් එක්ක තව කතා කරන්න නම් ලොකුම වුවමනාවක් හිතේ මැවෙන්න ගත්තත් ඉක්මනට ආයෙත් කඩේට යන්න ඕන කියලාත් ඒ එක්කම මතක් වුණා. "හරි..එහෙනම්..ඉන්නකෝ බලන්න ..." මේ හදිස්සියට ගන්න දෙයක් හොයන්න මම වටපිට බැලුවා. මගේ ඇහැ ගැටුණේ කවුන්ටරේ ළඟම එල්ලලා තිබුණු පුළුන් පුරවපු සත්තු ටික.ලොකු ඇස් තියෙන කැත බල්ලෝ ටිකක් යතුරු රඳවන දම්වැල් වල එල්ලිලා මගේ දිහා බලාගෙන හිටියා."දැන්වත් මට මාරු සල්ලි ටිකක් ගන්න පුළුවන් ද." මම දුක මූණක් තියෙන කළු පාට බල්ලෙක් මගේ සල්ලි නෝට්ටු ටිකත් එක්ක කවුන්ටරේ උඩින් තියන ගමන් ඇහුවා.ලීසා වචනයක්වත් නොකියා පරණ හිනාවෙන්ම මට ඉතුරු සල්ලි දුන්නා.ඒත් මා එක්ක නෙමෙයි, ඒහිනාවුණේ මටයි කියලා මට දැනුණේ කිසි සාක්කියක් නැතිවමයි.'ඉන්නකෝ පාඩමක් උගන්නන්න.' මගේ හිත ඇතුළෙන් දැලි රැවුල් කොල්ලෙක් ඔළුව ඉස්සුවා."මේක ඔයාට" යන්නත් අඩියක් දෙකක් ගිහින් ආයෙත් ලීසා ළඟට ඇවිත් මම අතේ ගුලි කරගෙන උන්නු බලු පැංචා ලීසා ළඟින් තිබ්බා.ඒ වෙලාවේ නම් ලීසා ගේ හිනාව නැතිවුණා. එයා බලාපොරොත්තු නොවුණු දෙයක් කළ නිසා පුංචි කුරිරු සතුටක් මට දැනුණා."මට එපා. දැන් සල්ලි දීලා නේ ඔයා ඕක ගත්තේ."එක තප්පරෙන් ලීසාගේ ලස්සන මූණ නපුරු වුණා. ලස්සන මූණ ද නපුරු මූණ ද වැඩියම හැඩ කියලා මට හිතාගන්න බැරි වුණා."නෑ.ඔයා තියාගන්න,ඔයාටයි ගැලපෙන්නේ-ඌ ඔයා වගේත් එක්ක."අඩියට දෙකට තැපැල් කන්තෝරුවෙන් පිටවෙන්න කලින් මම කෑ ගහලා කිව්වේ ආයෙත් ලීසාට උත්තරයක් දෙන්න ඉඩ නොතියාම.හරියට මොකක්ද දිනුවේ කියලා නොතේරුණත් මොකක් හරි දේක පළවෙනි වටය දිනුවා වගේ ජයග්‍රාහී හැඟීමකින් ඉපදුණු හිනාවක් පුරවගෙනයි මම ආයෙත් ‘වර්ෂා’වට ගොඩවැදුණේ."කොහේද මනුස්සයෝ ගියේ.මාරු සල්ලි නැති නිසා මම කෝපි දෙක තුනක් නිකම් දුන්නත් එක්ක.." බෙන්ජි මට රැව්වේ මම කෝපි මැෂිම ළඟට එද්දී මයි.වෙන වෙලාවක නම් ඒ කතාවට මගෙන් බෙන්ජිට ගෙරවිල්ලක් ලැබෙනවා. ඒත් එදා වෙනස් දවසක්. හැම මූණකම නිල්-කොළ ඇස් පේන දවසක්."අර තැපැල් කන්තෝරුවෙන් සල්ලි මාරු කරන්න බැහැ කිව්වානේබඩුගන්නේ නැතිව,ඉතින් ඒ නිසා වෙලාව ගියා" බෙන්ජි කථාවෙන් භාගයක් දැනගත්තහම ඇති කියලා මට හිතුණා.බෙන්ජි කෝපි වීදුරුවකට කිරි වත්කරන එක නවත්තලා මගේ දිහා හොඳට බැලුවා."එහෙනම් මම හැමදාම බඩු නොගෙන සල්ලි මාරු කරගෙන එන්නේ...උඹ ව කවුරු හරි හොඳට අන්දලා වගේ." බෙන්ජි ගේ කටහඬේ තිබුණේ උපහාසයක්.මගේ මූණට ලේ පිරෙනවා එක්ක මට දැනුණේ ලීසා මගේ ඒප්‍රන් එකේ තිබුණු නම කියවපු වෙලාවේ දැනුණු ලැජ්ජාවමයි. එහෙනම් අර ඔක්කොම බිත්තියේ ගහලා තිබුණු නීති ගැන කතා බොරු."අර කෙල්ලට..."මට ඉබේ කියවුණා. මම දිනුවා කියලා හිතාගෙන හිටිය වටය මම හරියට ම දිනලා නැහැ වගේ දැනුණා."ආ..එක්කෙනෙකුට ලීසා ගේ මැජික් පාරක් වැදිලා වගේ." බෙන්ජි හිනාවෙවී කිව්වේ මේස උඩ තියෙන කෝප්ප එකතු කරන ගමන්. මට පෙනුණේ ඒ කතාවට කෝපි බොන්න ආව කීප දෙනෙකුත් හිනාවෙනවා වගේ."කෑගහන්න එපා මිනිහෝ."බෙන්ජි ව පැත්තකට අඬගහලා මම රහසින් කිව්වා. "එයා... එයා... ලීසා ද.""ඔව් ඔව්... එයා නම් ලීසා තමයි..” බෙන්ජි කිව්වේ අමාරුවෙන් හිනාව නවත්තගෙන. “ඒත් එයා නිතර යන එන අපිට නම් ඔහොම මැජික් පාරවල් දාලා නැහැ."ඒ තමයි නමක් නොදන්නා තරඟේ පළවෙනි වටය.දිනන්න හරි පරදින්න හරි තරඟය දෙවෙනි වටයට ඇද ගන්නේ කොහොමද කියලා මම එදා දහ අතේ කල්පනා කළා. හීන දකින්න නිදාගන්නම ඕන නැති බව මම හරියට ම ඉගෙන ගත්තේ එදා යි.මම මහන්සි නොවුනාට දෙවෙනි වටය බොහොම ලේසියෙන් පටන්ගෙන තිබුණා පස්සෙන්දා උදේ ම. හැමදාම උදේට මම 'වර්ෂා'වේ දොර අරිද්දී ත් මගේ පළවෙනි ගනුදෙනුකාරයො ඇවිත්. එදාත් වෑන්එකෙන් බැහැලා ඇවිත් ඒ අය එක්ක කතාකරන ගමන් මම දොර අරින්න යද්දියි දැක්කේ දොරේ අගුළේ පටලවලා තිබුණු දේ. කලින් දවසේ මම බලෙන් ලීසාගේ ඇඟේ ගහපු කැත බල්ලා යතුරු රඳවනයේ ඉඳන් මට විරිත්තුවා. ඉතින් එහෙමම, ලෙසියෙන් ම ලීසා දෙවෙනි වටයත් දිනලා තිබුණා.පරණ විවේක් නම් මේ කිසි දෙයක් බෙන්ජි ටත් නොකියා ලැජ්ජාව හංගාගෙන, ආයෙත් තැපැල් කන්තෝරුව පැත්ත බලන්නේ වත් නැතිව ඉන්නවා.ඒත් එදා හිටියේ ඔළුව අවුල් වුණු අලුත් විවේක් කෙනෙක්. සැරට ඉල්ලපු එස්ප්රෙසෝ වලට කිරි දාපු, හැමදාම එන අයගේත් නම් අමතක වුණු පිස්සෙක්.මම මාවම ගණන් තියාගෙන හිටියේලේසියෙන් කලබල නොවෙන කෙනෙක් හැටියටයි.ඒත් එදා නම් මම හිටියේ උණ විකාරයෙන් වගේ.මගේ හිත ඇතුළේ මන්තරයක් වගේ ඇහුණේ ලීසා ගේ නම. ලීසා ගැන නොරිස්සුමකුත්, ඒක පරද්දන තරමේ කැමැත්තකුත් මාරුවෙන් මාරුවට හිත වටේ කැරකුණා. "උඹට අසනීපයක් ද."තුන්වෙනි සැරේටත් මගේ අතින් වැරදි බොත්තම එබිලා කෝපි මැෂිමෙන් කෝපි ඉහිරෙද්දී බෙන්ජි ඇහුවේ බයවෙලා වගේ. මගෙන් උත්තරයක් නැති කොට බෙන්ජි තවත් බය වුණා. "මට ඇත්ත කියපන්,මොකක් හරි ප්‍රශ්නයක්ද. කඩේ වහන්න වෙනවාද."බෙන්ජි මගෙන් ඇහුවේ මාව කඩේ පිටිපස්සට ඇදගෙන ගිහින්. ඒ කතාවට නම් මට හිනා ගියා. මම වගේම බෙන්ජි ත් 'වර්ෂා'වට කොයිතරම් ආදරේද කියලා මම දැනගෙන හිටියා.ඒ නිසා මම මුළු කතාව ම කියලා දැම්මා.ලැජ්ජාවල් ටිකත් ඒ විදිහටම කිව්වා. ඒ ටික අහලා බෙන්ජි මට හිනාවෙන බව මම දැනගෙන හිටියා. හිතුව විදිහටම මිනිහා හිනාත් වුණා.ඒත් ඒ හිනාව පුදුමයක් දැවටුණ හිනාවක්.“පිස්සෙක් නේ උඹ.ඕකට ද ඔච්චර මූඩ් ගැහුවේ. මම හිතුවා කඩේ බැංකුවකට වත් අයිති වෙන්න යනවා කියලා.ඇයි හරකෝ තේරෙන්නේ නැතිද ඒ කෙල්ල උඹට කැමතියි කියලා.” බෙන්ජි හිනාවුණේ මගේ පිටට ගහලා යි.“කැමතියි.කැමති වෙන්නේ කොහොමද අර මම දීපු බලු නකුටා ආයෙත් දොරේ එල්ලලා ගිහින් තියෙද්දී.” මම ඇහුවේ අන්දුන් කුන්දුන් වෙලා.“විවේක්..”බෙන්ජි බොහොම ආයාසයෙන් ඉවසිල්ලෙන් කිව්වේ පොඩි ළමයෙකුට යමක් පැහැදිලි කරන තාලෙට. “කැමති වෙන්නේ කොහොමද උඹ තාම මුකුත් අහලා නැතිව තියෙද්දී..”“ඒත්..”මම කියන්න පටන් ගත්තා.ඒ වෙද්දීත් මගේ හිත හරිගිහින් තිබ්බේ නැහැ.“මාව විශ්වාස කරපන්”බෙන්ජි හිනාවෙලා කිව්වා. “උඹ වගේ නෙමෙයි මම ඇති තරම් කෙල්ලොන්ට ලව් කරලා බූට් කාලා තියෙනවා. උඹලා අපි හිතන විදිහට නෙමෙයි කෙල්ලෝ හිතන්නේ.ලීසා උඹට කැමතියි කියලා මම නම් දැනගත්තේ ඊයේ මයි. හැමදාම එතැනට යන මාත් එක්ක නොදාන සෙල්ලමක් උඹත් එක්ක දැම්මා කියලා දැනගත්තහම. මම කියනවාට උඹ පොඩ්ඩක් ඔය සීරියස් විවේක් ව පැත්තකින් තියලා බලපන්,මම කියන්නේ බොරු ද කියලා.. මොනවාද ඔට්ටු.”“උඹ මේ ඔට්ටුවක් කතාකරනවා... මට මෙහේ නිකම් උණ වගෙයිත් එක්ක.” බනින්න වගේ කිව්වට මටත් යන්තම් හිනා ගියා.“අන්න ඔහොම හිනාවෙලා හිටපන්, ලීසා එයි උඹේ ළඟටම. හරි මම කියන්නම්,මම කිව්ව දේ හරි ගියොත් අපි අයිස් ක්‍රීම් විකුණන්න ගන්න ඕන. මොකද කියන්නෙ.” බෙන්ජි ඇහුවේ දැන්මම ඔට්ටුව දිනලා වගෙ විශ්වාසෙන්. මම මොනවාත් නොකියා මිනිහාව තල්ලු කරලා දාලා ආයෙත් කෝපි හදන්න ගියේ හිනාවෙවී.එදා දවසේවත් සතියක් යනකම් වත් අපි ආයෙත් ලීසා ගැන කතාකළේ නැහැ.මට හිතන්න ඉඩ දීලා බෙන්ජි නිස්සද්දව ඉන්න බව මට තේරුණා.මාරු කාසි ඉවරවෙන්නත් කලින්,මම නොකියාම ගෙනත් තියලාත් තිබ්බා. ඒ දවස් ටිකේ‘වර්ෂා’ වේ කෝපි හැදුවත් මගේ හිත තිබුණේ තැපැල් කන්තෝරුවේ. හැමදාම අටයි විසි තුනට ආව රතු කාර් එකෙන් බැහැලා ලීසා මගේ ඉස්සරහින් ගියේ මගේ පැත්ත බලන්නේ වත් නැතිව. පරණ විවේක් ට ඒකට කේන්ති ගන්න අළුත් විවේක් ඉඩ දුන්නේ නැහැ.ඒ හැමදාම එක එල්ලේම මම ලීසා ට පේන හරියෙන් හිටියත් එයා එක සැරයක් වත් මගේ දිහා බැලුවේත් නැහැ.බෙන්ජි ගේ පළපුරුද්දටසලකලා විශ්වාස කළත් ලීසා මට කැමති බවක් පෙන්නන කිසිම ලකුණක් නම් පෙන්නුවේ නැහැ. සතියක් ගත වෙද්දී මම තීරණයක් අරගෙන හිටියේ.නින්දක් නැති වෙන තරමට ම නින්ද අඩු වෙලා දවසම හීනයක් වෙන තරමට හීන වැඩි වෙලයි ඒ වෙද්දී තිබුණේ.‘කොහොමද’ කියලා නොදැන හිටියත් ‘කොහොම හරි’ කියලා මම හිතාගෙන හිටියා.එදා නමයයි කාල විතර වෙද්දී ලීසා ගේ පළවෙනි ගනුදෙනුකාරයෝ රොත්ත අඩු වුණා. මගේ අදහස හරියටම ආවේ කෝපි බොන්න ආව කෙනෙකුට කැපුචිනෝ එකක් හදද්දීයි.හදන්න පුළුවන් රසම කැපුචිනෝ එක හදලා කලබලේට කඩදාසියකින් කපාගත්තු අච්චුවක් තියලා ඒක උඩින් චොකලට් කුඩු ඉහිද්දී මගේ අතත් ටිකක් වෙවුලුවා.කතාවක් නැතිව ම කඩේන් පිටවෙලා මම තැපැල් කන්තෝරුව පැත්තට යද්දී බෙන්ජි කර කර උන්නු වැඩේත් නවත්තලා මගේ දිහා බලාගෙන ඉන්නවා මට දැනුණා. මම යද්දී ලීසා හිටියේ කවුන්ටරේ පිටිපස්සේ. මොනවාද ලියන ගමන්.එයා ලොකු රාමු තියෙන කලු කණ්ණාඩි කුට්ටමක් දාගෙන හිටියා. මාව දැකලා ඒ නිල් ඇස් දෙකේ තිගැස්මකුත්, සතුටක් වගේ දේකුත් ඇඳිලා ඒ කණ්ණාඩි කුට්ටමෙන් රාමු වෙලා තියෙනවා මම දැක්කා.මම වචනයක් වත් නොකියා චොකලට් කුඩු හදවතක් ඇඳපු උණු කැපුචිනෝ එක ලීසා ළඟින් තියලා පිටවෙලා ගියා.තාම තැපැල් කන්තෝරුව අරින්නේ නමයට.ඒත් දැන් බැන්ක්සියා ගහ යට අටේඉඳන් රතු කාර් එකකුත් වෑන් එකකුත් නවත්තනවා.වෙනදා තැපැල් කන්තෝරුව අරිනකම් බලාගෙන ඉන්න වයසක උදවිය වැඩි හරියක් දැන් බලාගෙන ඉන්නේ 'වර්ෂා'වේ කෝපි බොන ගමන්. ඒ අය වැඩියත් ම කැමති ලීසා බලෙන්ම අටහමාර වෙනකම් කෝපි හදන්න ඉගෙනගන්නවා බලන්නවගේ. ලීසා අතින් හැදෙන හැම කැපුචිනෝ එකකම අනිවාර්යෙන් හදවතක් ඇඳෙනවා.රස හරියටම හරි නැතත් ඒ ටික වෙලාවේදී හරි සමහරු ලීසා අතින් හැදෙන කෝපි ම ඉල්ලන්නේ ඒ නිල්- කොළ ඇස් වල මැජික් එකට බව බෙන්ජිත් මාත් දන්නවා.කිසි හේතුවක් නැතිව බෙන්ජි මගේ දිහා බලලා සමහර වෙලාවට හිනාවෙන්නේ ඒ නිසා බවත් මම දන්නවා."අයිස් ක්‍රීම් මැෂිම තියන්නේ කෝපි මැෂිම එහා පැත්තෙන් ද."බෙන්ජි මගෙන් ඇහුවේ පළවෙනි ම සැරේට හදවතක් ඇඳපු කැපුචිනෝව මම ලීසාට දීලා ආව වෙලාවේ මයි. ඉතින්අපි දැන් බෙන්ජි කිව්වා වගේම 'වර්ෂා'වේ කෝපි වගේම අයිස් ක්‍රීම් ත් විකුණනවාකියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.4pt 0cm 5.
BLOG
2014.07.22
http://sahaspiyawara.blogspot.com.au/
You
Malithi
..
BLOG
2014.06.30
http://sahaspiyawara.blogspot.com.au/
පර්සි
Malithi
4pt 0cm 5. හරියට කියනවානම් පූස්මහත්තයෙක්. කළුයි සුදුයි.- වැඩිහරියක් කලු.බොහොම වැදගත් කමට දවස ගත කරන චරිතයක්. සෙල්ලම් කාලේදීවුණත් ජනෙල් රෙදි දිගේ නගින වගේ විකාර වැඩකළේ නැහැ.පර්සි තමන්ගේ මේ නමට කැමතියි. මේ නම ලැබුණේ ළඟදී. ජීවිතෙන් හතරෙන් තුනක් ගෙවුණහම. ඉස්සරතමන්ගේ නම පූසි. එහෙම කියන්නේ ගෑනු පූසොන්ටකියලා පර්සි දැනගෙන හිටියා. ඒක ට නොසෑහෙන්න තරමේ කලකිරීමකුත් තිබුණා.ඒත් කාටකියන්නද. ජෝන් අප්පු "පූසි.. පූසි." කියලා බත් මාළු අනපුතැඹිලි පාට පිඟාන බිම තිබ්බහම, "ඕකගෑනු නමක්. මමඑන්නේ නැහැ කන්න." කියන්න පුළුවන් යැ. ඒ වෙලාවට නමට තිබුණු අකමැත්ත පෙන්නන්න, ඇහුණේ නැති ගානට ටික වෙලාවක් අහක බලාගෙන ඉඳලා තමයි පර්සි කන්න යන්නේ. "අනේ උඹේ ආඩම්බර." ඒවේලාවට ජෝන් අප්පු දත් නැති කට විහිදලා හිනාවෙනවා. "මං නොහිටියා නම් උඹ මැරිලාහුඟ කල්." මේ කතාව ඇත්ත කියලා පර්සි දැනගෙන හිටියා. ඒ නිසා ජෝන් අප්පු තමන්ට පූසිකියන්නේ කටේ දත් නැති නිසා, ලේසියට, කියලා සමාවක් දෙන්න හිතේ පොඩි ඉඩකුත් තිබුණා.මේ මහා විශාල බංගලාවට තමන් ආවේ කොහොමද කියලා පර්සි ට මතකනැහැ. ඒත් පැටියා කාලේ ඉඳන් කන්න බොන්න දීලා බලාගත්තේ මේ මනුස්සයා කියලා නම් මතකයි. මේබංගලාවේ කාමර පේලියක්ම තිබුණට ඒ ඔක්කොම වහලා තිබුණේ. ජෝන් අප්පු මේ ගේයි, විශාල වත්තයි බලාගෙන කුස්සිය පැත්තේ තමයි පර්සි එක්ක ජීවත් වුණේ.පර්සි නම් හිටිය ගමන් බංගලාවේ අඳුරු අහුමුලු වල ඇවිදලා බලනවා. කාඩ්බෝඩ් පෙට්ටියක් හම්බවුණොත්වරුවක් ඒක ඇතුළේනිදාගෙන ඉඳලා එනවා. ජනෙල් දොරවල් වහපු ගෙදරක තියෙන පරණ පුස් සුවඳට පර්සි කැමතියි. ඒ සුවඳට තමන්ගේ රැවුල්ගස් කිති කැවෙනවා. පර්සි ප්‍රතිපත්තියක් හැටියට මීයෝ අල්ලන්නේ නැහැ. ඒවා මහා කරදර වැඩ. ඒත්තමන්ගේ සුවඳට මීයෝ දුවලා ගිහින් හැංගෙන එකටකැමතියි. ඒකෙ පොඩි වැදගත්කමක් තියෙනවා.ඉතින් පර්සි ට නම ලැබුණු හැටි කිව්වේ නැහැනේ. මීට මාසදෙක තුනකට ඉස්සෙල්ලා මේ බංගලාව ම උඩු යටිකුරු වුණා. වහපු කාමර ඇරුණා, ජනෙල් දොරවල් ඇරුණා, මකුළු දැල් කැඩුණා. ජෝන් අප්පු හරිම කලබලෙන් දවස ගෙව්වේ. අලුතෙන් ඇතිරිලිදැම්ම ඇඳක මැද නිදාගත්තා කියලා කවදාවත් නැතිවපර්සි ට පාරකුත් දුන්නා. පර්සි ඒකට නෝක්කාඩු වෙලා මූණ දික් කරගෙන හිටියා කියලාදැක්කෙවත් නැහැ. කොහොමහරි දවසක් දෙකක් ගිහින් තඩි කලු පාට කාර් එකකින් සෙනඟ කට්ටියක් බංගලාවට ආවා.වෙනදාට කවදාවත් නාරින සාලේ මහා දොර එදා ඇරලායිතිබුණේ. පර්සි කවිච්චිය යටට වෙලා සූදානම් සරීරෙන් හිටියේ ප්‍රශ්නයක් උණොත්දුවන්න බලාගෙනයි. ඒ නිසා දැක්කේ අලුතෙන් ආව අයගේ කකුල් විතරයි. ලොකු කකුල් ජෝඩු දෙකයි, පොඩි කකුල් ජෝඩු තුනයි. මේ තරම් සෙනඟ. ඒ ගොල්ලන්ගෙන් ආවේ ජෝන්අප්පු ළඟින් ආව සුවඳ නෙමෙයි. අමුතු අලුත් සුවඳක්. මේ සුවඳට මත් වෙලා තෝන්තු වෙලා උන්නු පර්සිටතමන්ව පුංචි අතකින් කවිච්චිය යටින් එළියටඇදලා ගන්නවා දැනුණේ අන්තිම මොහොතේ."ෂෝයි පූසෙක්." හීනි කටහඬ ක් පර්සිගේ කන ළඟින් ම ඇහුණා. "මේ බලන්න තාත්ති. මුගේ සයිස් එක. උස්සන්නත් බැහැ."මේ පොඩි අත් දෙක හූරලා පැනලා බේරිලා යනවද කියලාපර්සි ට තප්පරේකට හිතුණා.ඒත් මේගොල්ලන්ගෙන් තමන්ට හානියක් වෙන්නේ නැති බවත් ඒ එක්කම ඉවෙන් වගේදැනුණා. ඒ නිසාඑහෙමම හිටියා."මොකක්ද ජෝන් අප්පු මෙයාගේ නම."දෙවෙනි ගෑනු ළමයා ඇහුවහම තමයි පර්සි දැක්කේජෝන් අප්පුත් දොරකඩ ට හේත්තු වෙලා බලාගෙන ඉන්න බව."අනේ මොන නම් ද චූටි බේබි, මම ඔය කෑම ටිකක් දෙන්න ඕන වුනහම පූසි පූසි කියනවා" ජෝන් අප්පු දත් නැති කට විරිත්තලාහිනාවුණා. ඒක ඇහුවහම නම් පර්සි ට මහා ලැජ්ජාවකුයි කේන්තියකුයි දැනුණා. දැන් මේගොල්ලොත් දන්නවා තමන්ගේ ගෑනු නම."ඊයා... පූසි කියන්නේ මහා කැත නමක් නේ. අනික මෙයා බෝයිකෙනෙක් නේ...අද ඉඳන් ඔයා.. ම්ම්ම්... පර්සි. හොඳයිද නම." ලොකු ම ගෑනු ළමයා තමන්ගේ මූණ පර්සි ගේ මූණ ළඟටම ගෙනත් ඇහුවා. පර්සි.කොයිතරම් නම් වැදගත්නමක් ද. තමන්ගේ කලු සුදු පුල්ලි වලට ගැලපෙන ම නම. සතුට ඉහ වහා ගිය තරමට පර්සි ට ඉබේම පුරුපුරු ගෑවුණා. කවදාවත් නැතුව පපුව ඇතුළෙන්මෝටරයක් දැම්මා වගේ සද්දයක් ඇහුණහම පර්සි මුලින් ම තිගැස්සුණා.ඒත් ඒක මේ සන්තෝසේමකොටසක් කියලා දැනුණහම තවත් සද්දෙට පුරු පුරු ගෑවා. එදා ඉඳන් පර්සි මේ ගෑනු ළමයි තුන් දෙනා එක්ක තමයි දවස ගෙව්වේ. ඒගොල්ලෝ පර්සි ට පවුඩර් දැම්මා, පුංචි බුරුසු වලින් පීරුවා.නිදාගන්න ලස්සන කොට්ටයක්දුන්නා. බඩගිනි උණහම පර්සි තාමත් කුස්සියට යනවා. "අනේ උඹට හරි ගිය තරම." ජෝන් අප්පු ඒවෙලාවට හිනාවෙනවා. ඒත් ඒ වෙලාවට, තාම තමන්ට ජෝන් අප්පු අමතක වුණේ නැති බවපෙන්නන්න පර්සිඑයාගේ කකුල් වල එතෙනවා. පතුල් දෙකේ ඔළුව අතුල්ලනවා. ළඟදී ඉගෙනගත්තු විදිහට පුරු පුරු ගාලාත් පෙන්නනවා. මේකෝලම් දැකලා ජෝන් අප්පු තවත් හයියෙන් හිනාවෙනවා. "අනේ පලයන් යන්න.. උඹේචාටු." කියලා නොරිදෙන්න පයින් පාරක් ගහනවා. ඒත් පර්සි ජෝන් අප්පු ට දැන් සමාව දීලාඉවරයි. ජෝන් අප්පු ගේ දත් නැති කටෙන් තමන් ට "පූසි .. පූසි" නොකිව්වානම් තමන්ටපහුවෙලා හරි මේ වගේ ලස්සන නමක් නොලැබෙන්න තිබුණු බව පර්සිට හොඳටම විශ්වාසයි.
BLOG
2014.12.26
http://sinhalabuddhist.com/
සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම
Admin
2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා. එදා සිංහල දේශයෙන් 11/12 ක්ම මුහුදට යට වුණි. තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණි. මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා. එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි. ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.කැළණිතිස්ස රජු විසින් මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීමකැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීමවම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.2004 සුනාමිය සිදුවූයේත් එවැනි දෑ නිසා බව ජනතාව කතා කරනන්ට විය. අප රට නැවතත් බුදු දහමින් ඒකාළෝක කළ බුද්ධ පුත්‍රයෙක් වූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ දේශපාලනයට එතැයි බියෙන් රජයේ ඉහලම අදෘෂ්‍යමාන හස්තයක ආශීර්වාදයෙන් අපවත් කරවන ලද්දේ ඊට වසරකට පමණ පෙරදී බව ජනතාවට මතක තිබුණි.එදා මහ මුහුද මුහුදුබඩ අයට කරදර කරන්නට විය. නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්, අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි. අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත. පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ, සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත. මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත. මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණි. එදා කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුණි. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි, ඉතාමත් සැහැල්ලු , සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටි සේක. මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි. උන්වහන්සේගේ අධිෂඨාන, ආශිර්වාද සියල්ලක්ම මුලු "විශ්වය" පුරාවටම පැතිරී තිබේ.එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත. ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා ගේ ජීවිත ගැලවුණි. ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටි සේක. මෙය පුදුමයක් නොවේ ද.බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි...සාධු සාධු සාධු...පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිළිම වහන්සේලා කිහිප නමකි...වරක් දෙව්දතුන් බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලූ අවස්ථාවේදී, තවත් ගලක් පොළොවෙන් මතු වී එම ගල වලකාලූ අයුරු ඔබ අසා ඇති. ඒ අයුරින්ම බසයක් ගසාගෙන ගොස් පැමිණ බුදුපිළිම වහන්සේ ඉදිරියේ හරස් වී, සැඩ පහරට ගසාගෙන එන ගල් මුල් වලින් බුදුපිළිම වහන්සේව ආරක්ෂා වෙන අයුරු විනාඩි 1:58 - 2:05 අතරතුර බලන්න. එහි එල්ලී තරුණයින් දෙදෙනෙක් දිවි ගලවා ගන්නා හැටි ඔබ දුටුවාද.පහත ඇත්තේ පැරෑලිය කෝච්චි පෙට්ටිය පෙරලුන ස්ථානයේ පසු කලෙක, එය සිහි වීමට ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. මෙය බාමියන් පිලිමයේ අනුරුවක් ලෙස, ජපන් රජයේ අධාර ඇතිව ඉදි කර ඇත.Share කර යාළුවන්ටත් පෙන්වමු.
BLOG
2014.11.13
http://sinhalabuddhist.com/
මුස්ලීම් කාමාතුරයන් රෙදි සාප්පුවට ආ සිංහල තරුණියට අතවර කරයි.
Admin
පහත දැක්වෙන්නේ උක්ත සිද්ධිය සම්බන්ධව පුවත් වෙබ් අඩවි වාර්තාවකි.දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීමට පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර පරීක්ෂා කරන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ සේවකයකු එතැනට ඇතුලූවී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා දඹුල්ල නගරයේ ඊයේ (12 සවස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු එම එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව ඇත.මෙම කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත් තිරය මෑත්කර සේවකයා ඇතුළුව ඇති බවත් කියැවේ.ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් ආවරණය කරගෙන පමණි. සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර තරුණිය බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත. ‘කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල් වලට ඇයි අකමැති වෙන්නේ..’ යනුවෙන් තරුණයා පවසා ඇයට තවදුරටත් හිරිහැර කරන්නට උත්සාහ කර ඇත. අඟපසඟ අතගෑමත් සමග එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණියද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ සැ`ගවි සිට ඇත. කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම්වූ නමුත් සාප්පු හිමියා මැදිහත්වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත. පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි.පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත් ඔහු එලියට ගොස් ඇතැයි කියමින් සාප්පුහිමියා සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැුඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි සේවකයින් හිමිකරු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත, විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක, ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද උද්ඝෝෂණයට එක් වුහ.උපුටාගැනීම අවසන්.මෙවන් සිදුවීම් වලදී අපේ රටේ ලංකාදීප, හිරු, නෙත් ඇතුළු හැටහුටහමාරක් ගොසිප් වෙබ් අඩවි ප්‍රමුඛ ජනමාධ්‍ය වලට අමුතුම ආකාරයේ සර්වාගමික සහජීවනයක් වැළඳෙයි. එනම් මුස්ලීම් අය විසින් කරන වැරදි වාර්තා කිරීමේදී "මුස්ලීම්" යන නම කිසි ලෙසකත් භාවිතා නොකිරීමයි. (ඉහත සිදුවීම ගූගල් කර බලන්න, කිසිදු වෙබ් අඩවියක "මුස්ලීම්" යන වචනය සඳහන් කර නැත). නමුත් චීවරධාරියෙක් අතින් වරදක් වූ විටදී එකී ජඩමාධ්‍යයන්ම ප්‍රධාන පුවත ලෙස දක්වන්නේ "බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් අහවල් දේ කළා" ආදී ලෙසටයි. "මුස්ලීම්" යන වචනය නිසා ජාතිවාදය ඇවිස්සේවි කියමින් ස්වයංවාරණයකට ලක් වෙන කසිකබල් තුප්පහි ජඩමාධ්‍යයන්, චීවරධාරීන්ට "බෞද්ධ භික්ෂුව" යන වචන යොදන්නේ බෞද්ධයින්ගේ ඉවසීම නිවට කමක් සේ සිතලාද.මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඩ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා කළේත් වෙබ් අඩවි කිහිපයක් පමණි. එනම් මුස්ලීම් නම් ගම් හෙළි වීමෙන් ජාතිවාදය ඇවිස්සෙන නිසා විය හැකියි.ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් උදේ හවා උම්බෑ කියන හැට හුටහමාරක් ජඩමාධ්‍ය වල මුස්ලීම් ගැති ස්වභාවය නිසා දඹුල්ලේ සිංහල ජනතාවට සිදුවූයේ අත් පත්‍රිකා මගින් මේ ගැන දැනුවත් කිරීමටයි. පහත දැක්වෙන්නේ එවැන්නක්.දඹුල්ල නගරාධිපති (සංධානයේ) ජාලිය ඕපාත මහතා (මෙතුමා ජරා හම්බ කඩ වලටන හැටි මෙතනින් නරඹන්න) සහ විපක්ෂ නායක (එජාපයේ) තිස්ස බණ්ඩාර මහතා පක්ෂ බේධ වලින් තොරව සිංහලයින් ලෙස අත් වැල් බැඳගනිමින් මුස්ලීම් අන්තවාදයට එරෙහි වීම අප අගය කළ යුත්තකි.සහෘද ඔබගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙය කියවා අමතක නොකොට ඔබගේ සහෝදරියන්, දයාබර මෑණියන්, බිරිඳ ආදී බඩු භාණ්ඩ මිලදී ගන්නා අයව මෙවන් දෑ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසටයි. අප නිශ්ෂබ්දව සිටියහොත් හෙට ඔවුන් මෙවන් ඉරණමකට පත් විය හැකිය.Share කර මේ ගැන දැනුවත් කරන්න.
BLOG
2014.11.05
http://sinhalabuddhist.com/
කතෝලික පල්ලිය නැවතත් සඳකඩපහණ බෞතීස්ම කරයි
Admin
සිංහල බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයක් වන සඳකඩපහණ විකෘති කරමින්, කොහුවල ශාන්ත ජෝසප් කතෝලික දේවධර්ම පල්ලිය විසින් භාවිතා කර ඇති අයුරු අප වෙත වාර්තා වෙයි. මීට කලකට පෙරදී රාගම තේවත්ත පල්ලිය විසින් සිංහල බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කළ අතර, සිංහල බෞද්ධයින් නෑසූ කන්ව සිටි නිසාවෙන්, තවත් සමහර කතෝලික පල්ලි වලින්ද සිංහල බෞද්ධ ඉතිහාසය කතෝලික කරනය කිරීම ආරම්භ කර ඇත.සඳකඩ පහණේ බෞද්ධ මුහුණුවර පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා කළ පැහැදිළි කිරීම පහත දැක්වේ.එහෙත් සඳකඩපහණට කර ඇති දේ මේ බලන්න. කතෝලික ආගම කුඩා දරුවන්ට උගන්වන මෙම ආයතන එළිපිටම මෙහෙම කරනවානම්, කතෝලික පන්ති වලදී අපේ සිංහල බෞද්ධ ඉතිහාසය කොතරම් විකෘති කරනවා ඇතිද.කතෝලිකයින්ටම අනන්‍ය වූ අලංකාරවත් බටහිර ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් තිබියදී, සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිකාංග මෙලෙස කොල්ල කෑම මැදහත් කතෝලික ප්‍රජාව විසින් අනුමත නොකරන බව අප විශ්වාස කරමු. සිංහල බෞද්ධයින් සහ කතෝලිකයින් අතර අප රටේ ඉතා හොඳ සුහදතාවයක් තිබෙන අතර, මෙවන් ක්‍රියා වලට ඉඩ දී ආගමික ගැටුම් ඇති වීමට ඉඩ නොතබන මෙන් බලධාරීන්ගේන් අප ඉල්ලා සිටිමු. මේ සඳහා ක්‍රියාත්මක වීම ජාතික සංවිධාන වල යුතුකමකි.Share කර මේ ගැන දැනුවත් කරන්න.
BLOG
2014.11.03
http://sinhalabuddhist.com/
කොමර්ෂල් බැංකු පොත් ඉරා දමති. ශරියා බැංකු වලට එරෙහි වෙඩිමුරය!
Admin
කොමර්ෂල් බැංකුව ඉස්ලාම් ආගමේ ශරියා නීතිය (Sharia Law)සහ ඉස්ලාම් මූලධර්ම (Islamic Principles) අනුව කටයුතු කරන හැටිත්, ආගමික පදනම මත මුස්ලීම් අයට වෙනම බැංකු ශාඛා ලබා දෙන හැටිත් අප පසුගිය දිනෙක Sinhala Buddhist ෆේස්බුක් පිටුවෙන් හෙළි කළෙමු. කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියේද ඔවුන් ඉස්ලාම් ශරියා නීතිය අනුගමනය කරන බව සඳහන් කර ඇත. අපට පෙර තව බොහෝ අයද මේ ගැන වාර්තා කර තිබුණි.එසේම පසුගිය දිනෙක පාථලී චම්පික රණවක මහතා අපේ රටේ බැංකු ඉස්ලාමික ශරියා නීතියට යට වීම ගැන වැදගත් ප්‍රකාශයක් කළ අතර එමගින් මේ ගැන මුළු රටේම අවධානයට ලක් විය."බැංකු පද්ධතියත් හලාල් වෙයි. මුස්ලිමුන්ගේ ණය වලට පොලිය සිංහලයන්ගෙන්." නමින් The Sword - කඩුව පිටුවෙන් අගනා වාර්තාවක් පළ කළ අතර පහත දැක්වෙන්නේ එයයි.ආහාර සංස්කෘතිය හලාල්කරණය කරමින් ඉස්ලාමය නොඅදහන්නන් පිට ශරීයා නීතියේ අණසක බලහත්කාරයෙන් පැටවූ ඉස්ලාම් අන්තවාදය රටේ පිළිගත් නීතියෙන් මුස්ලිමුන් වෙන් කර කාති උසාවි ‍බිහිකරමින් ශරීයා නීතිය ප්‍රාථමික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අඩිතාලම දැමූහ. දැන් එයින්‍ බොහෝ ඉදිරි පියවරක් තබමින් රටේ මූල්‍ය ක්ෂේත්‍රයද ශරීයා නීතියට යටත් කරවීමට අවශ්‍ය පදනම මේ වනවිටත් දමා අවසානය. අවශ්‍ය නීති හා රෙගුලාසි රජයේ අන පනත් හරහාම සම්මත කරගැනීමට කටයුතු කර අවසානය.ලංකාවේ බැංකු කටයුතු පාලනය වන 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබද පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ඒ අනුව අමානා ඉස්ලාමීය මූල්‍ය සමාගම මුල් වරට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරමින් ඉස්ලාමීය ශරීයා බැංකු ක්‍රමය ලංකාවට හදුන්වා දෙන්නේ 2011 දී ය. රටටම හොර රහසේ තනිකරම ශරීයා නීතියට අනුගත මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරන මෙම ආයතනයෙන් පමණක් ඇරඹි ශරීයාකරණය මේ වන විට රාජ්‍ය බැංකු හා පුද්ගලික මූල්‍ය ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කර ඇති බව කියවේ. ඉස්ලාමීය ශරීයා නීතියට අනුව මුදල් පොලියට දීම ‍හා ගැනීම මුස්ලිමුන්ට තහනම් හෙවත් හරාම් ‍ය. ඒ අනුව ශරීයා බැංකු ක්‍රමයට අනුගත වූ මූල්‍ය ආයතන වලින් මුස්ලිමුන්ට ණය හා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ පොලී රහිතවය. එනම් ණයක් ලෙස නොව ප්‍රදානයක් ලෙස හැදින්විය හැකිය. පොලිය යනු බැංකු ආර්ථික ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වැදගත්ම සංරචකයයි. සමස්ථ මූල්‍ය ක්‍රියාවලියම රදා පවතින්නේ ඒ මතය. එසේනම් මුස්ලිමුන් පොලී මුදලින් නිදහස් කිරීමෙන් සිදුවන පාඩුව මෙම මූල්‍ය ආයතන පියවා ගන්නේ කෙසේද. ඒ ඉස්ලාම් නොවන පාරිභෝගිකයන්ගෙන් අධික ලෙස පොලී අය කිරීමෙනි. ඒ අනුව මුස්ලිමුන්ට පොලී රහිතව දෙන ණය මුදලේ පොලිය ගෙවන්නට සිදු වන්නේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ටය. බහුතර සිංහලයන්ටය. ලංකාවට ඉස්ලාමීය ශරීයා මූල්‍ය ක්‍රමය හදුන්වාදීමට පුරෝගාමියෙකු වූ "ලංකා ඔරික්ස් ලීසිං" සමාගම පමණක් 27% වැනි දැරිය නොහැකි පොලී මුදලක් මුස්ලිම් නොවන්නන්ගෙන් අය කර ගනී.පොලී රහිත ආයෝජනයකින් තැන්පත්කරුට ප්‍රතිලාභ ලැබෙන්නේ කෙසේද. බැංකුව තැන්පත්කරුගේ මුදල තෙවන පාර්ශවයකට ණය මුදලක් ලෙස ප්‍රදානය කිරීමෙන් හෝ ආයෝජනය කිරීමෙන් උපයාගන්නා පොලිය නිර්දේශිත ප්‍රතිශතයක් මත තැන්පත්කරුට ගෙවයි. සාමාන්‍ය බැංකු තැන්පතුවක මූලික සිද්ධාන්තය එසේ වුවත් ඉස්ලාමීය මුල්‍ය ක්‍රමයේදී පොලී ගෙවීමක් හෝ ලැබීමක් නැති නිසා බැංකුව ආයෝජනය කරන ව්‍යාපාරයේ ලාභාංශ ප්‍රතිලාභයක් ලෙස බැංකුවටත්, බැංකුවෙන් තැන්පත්කරුටත් හිමි වේ. එම ක්‍රමවේදය පිළිබද ගැටළුවක් නැතත් තවත් ගැටළුවක් ඇරඹෙන්නේද එතැනිනි. ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතිය අනුව ආයෝජනය කළ හැක්කේ හලාල් හෙවත් ඉස්ලාමීය ආගමික පදනම මත එහි නිර්දේශිත මුල්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරන ව්‍යාපාර වල පමණය. ඉස්ලාමීය නීති යටතේ ක්‍රියාත්මක වීම, උලමා සභාවේ නියෝජිතයන්ගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ නිෂ්පාදන හා මුල්‍ය කටයුතු සිදුවිය වීම, ඉස්ලාම් සේවකයන් සේවයේ වීම. මේ හලාල් ව්‍යාපාරයක මූලික ස්වභාවයයි. ඉස්ලාම් ශරීයා බැංකු ක්‍රමයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් ඕනෑම ව්‍යාපාරයක් මේ හලාල් ක්‍රමයට අනුගත වූ ව්‍යාපාරයක් විය යුතුය. සිංහල ව්‍යාපාරිකයෙක් බැංකුවේ පහසුකම් ලබා ගැනීමටනම් එම ව්‍යාපාරය අනිවාර්යෙන්ම ඉස්ලාමීය හලාල් ක්‍රමවේද වලට අනුගත විය යුතුය. මේ හරහා අවසානයේ සිදු වන්නේ සියළුම ව්‍යාපාර ඉස්ලාම් ආගමේ අනසකට යටත් වූ මුස්ලිම් පල්ලියට බදු ගෙවන ඉස්ලාම් ව්‍යාපාර බවට පත් කිරීමය. මෙය පාරිභෝගික නිෂ්පාදන සමාගම් හලාල් කිරීමටත් එහා දුර ගිය භයානක ආක්‍රමණයකි. ඉස්ලාම් බැංකුකරණය හරහා මානව සම්පතද ඉස්ලාම්කරණය වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. ආහාර හලාල්කරණයේදී එම නිශ්පාදන ආයතන මුස්ලිම් සේවකයන්ගේ සේවය ලබා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වූවා සේම ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මක කිරීමට නම් මුස්ලිම් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ නිසා බැංකු ක්ෂේත්‍රයේ මුස්ලිම් ජාතිකයන්ට වැඩි ඉල්ලුමක් හා අවස්ථාවක් නිර්මාණය වනු ඇත. වාර්ගික පදනම මත අසාධාරණ ලෙස සිංහලයන්ට අවස්ථා අහිමිකරමින් වාර්ගික පදනම මත මුස්ලිමුන්ට වැඩි වරප්‍රසාද හිමි කරදෙමින් බැංකු පද්ධතියද මුස්ලිම් ජාතිවාදයට යට වීම නොවැළැක්විය හැකි වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල හා බැංකු කටයුතු අධීක්ෂණය කිරීම අන්තවාදී උලමා පූජක සභාවේ සාමාජිකයන්ට පවරා ඇති බවද කියවේ. දැනට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බැංකු කටයුතු පවත්වාගෙන යන ආයතන. මේ පිළිබදව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවි වල දක්වා තිබේ.1.-MCB(මෙම ආයතන ද්විත්වය සම්පූර්ණයෙන්ම ශරීයා මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරයි)1.-NDB බැංකුව 2.-කොමර්ෂල් බැංකුව 3. පීපල් ලීසිං -PLC4. ලංකා බැංකුව -BOC5. ලංකා ඔරෙක්ස් ලීසිං -LOLC6. එල් බී ෆිනෑන්ස් -LB finance7. හැටන් නැෂනල් බැංකුව -HNB8. මහජන බැංකුව 9. ලංකා බැංකුව -BOCමේ රටේ පිළිගත් ව්‍යවස්ථාපිත නීතිය රෝම ලන්දේසි නීතියයි. රටේ සියලුම සිවිල් පරිපාලන හා මූල්‍ය කටයුතු පාලනය වන්නේ අඩු වැඩි වශයෙන් එකී නීතියට යටත්වය. මේ රටේ ව්‍යවස්ථාවෙන් හෝ කිසිම අධිකරණයකින් පිළිගෙන නැති අන්තගාමී ශරීයා ආගමික නීතිය රටේ බහුතරයකට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට බලය දුන්නේ කවුද. මෙය ව්‍යවස්ථා විරෝධිය, රටේ මූල්‍ය නීති වලට පටහැනිය. බහුතර සිංහලයන්ගේ ධනය අසාධාරණ ලෙස හූරා කමින් සුළුතර මුස්ලිම් ආගමිකයින් පෝෂණය කරන මේ පරපෝෂිත මූල්‍ය මගඩියට වහා එරෙහි විය යුතුය. -sword කඩුව -මේ ආකාරයෙන් ශරියා නීතිගත වාණිජ බැංකු විසින් සිංහල බෞද්ධයින්ව ජාතිවාදීව සහ ආගම්වාදීව සූරාකමින්, මුස්ලීම් අයට ලොකු හැන්දෙන් බෙදද්දී, පාරිහෝගිකයින් මේ අසාධාරණයට එරෙහිව තම විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබේ. "මම සිංහල. ඇයි අවුල්ද." නමැති පිටුවක පළ කළ කර ඇති, පාරිහෝගිකයෙක් ශරියා නීතිගත බැංකුපොත ඉරා දැමූ පින්තූරයි පහත දැක්වෙන්නේ.තවමත් මුස්ලීම් ශරියා නීතියට යට නොවූ සම්පත් බැංකුවට ඔහු එකතු වී ඇති බව පෙනෙයි.මුස්ලීම් ශරියා නීතියට යට වුණ බැංකු සහ ව්‍යාපාර ආයතන මේ ආකාරයෙන් තම සිංහල බෞද්ධ පාරිහෝගිකයින්ව අහිමි කරගනිමින් සිටී.මෙය මුස්ලීමුන් පසුපස යන දේශපාලඥයින්ටත් හොඳ පාඩමකි.Share කර මේ ගැන දැනුවත් කරමු.
BLOG
2014.11.02
http://sinhalabuddhist.com/
තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි
Admin
පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ.තවත් පින්තූර මෙතනින් බලන්න.මේ ගැන කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද.එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල සේනාව , හෙළ උරුමය , සිංහල රාවය යනාදී...) මේ ගැන තවමත් වැඩි අවධානයක් යොමු කොට නැති අතර ඔවුන්ගේද අවධානයට යොමු කරන්නෙමු. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන සහ රජය මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි.පාප් තුමා මෙරටට පැමිණීමත් සමග මේ ඉතිහාස විකෘතියට නිල පිළිගැනීමක් ලැබීමට යන බව අපට ආරංචි විය. ඒ අනුව මහාවංසය පට්ට පල් බොරුවක් බවත්, එහි ඇති කිසිවක් පිළිගැනීමට නොහැකි බවත් දැනටම මතයක් ගොඩ නගා ඇති අතර, ශ්‍රී ලංකාවේ සත්‍ය ක්‍රිස්තියානි ඉතිහාසය නැවතත් ගවේශණය කිරීමට යනවාලු.එවිට සූක්ෂම ලෙස කෘතිමව සෑදූ ව්‍යාජ ක්‍රිස්තියානි පුරාවිද්‍යා නටඹුන් ඔවුන් සොයා ගත් බව පෙන්වාවි.ඊට පෙර අප වහා ක්‍රියාත්මක විය යුතුය. එකිනෙකාට පුද්ගලික වශයෙන් මඩ / චෝදනා එල්ල කර ගනිමින් දේශපාලනික වශයෙන් දාම් ඇදීමට ගොස් අප තවත් බෙදී වෙන් වන්නේ නැතිව, සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එකමුතුව මේ මහා ඉතිහස මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙමු.මේක සිංහල බෞද්ධයින්ගේ රටක් බව පුරාවිද්‍යාත්මක වශයෙන් ලෝකයම පිළිගන්නා අන්තිම මාස කීපය මෙලෙස ගෙවී යයි.හැකි තාක් Share කර මේ ගැන දැනුවත් කරමු.
BLOG
2014.11.02
http://sinhalabuddhist.com/
පල්ලියේ ඉතිහාස මංකොල්ලය (පින්තූර)
Admin
දුර සිට බැලු විට පෙනෙන්නේ බෞද්ධ විහාරස්ථානයක් ලෙසටය. නමුත් ඇතුළට ගිය විට කතෝලික පල්ලියක් බව පසක් වෙයි. නමුත් හද කම්පා වන්නේ එහි ඇති ඉතිහාස මංකොල්ලය දෙස බලන විටය. මේ රාගම තේවත්ත පල්ලියයි.මේ ගැන සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් මෙතනින්.
BLOG
2014.10.27
http://sinhalabuddhist.com/
Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක් එයි! ෆේස්බුක් කඩාවැටේ?
Admin
ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි. මෑතකදී පැමිණි ෆේස්බුක් තරඟකරුවා වන Ello ට වඩා මෙහි මුහුණත ඉතා දැකුම්කළු හා හැසිරීමට පහසු එකක් වේ. එසේම alexa ශ්‍රේණිගත කිරීම අනුව පරිශීලකයන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ. වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම තිබේ.TSU ගිණුමක් අරඹන්න පිවිසෙන්න පහත සබැඳියෙන් http://tsu.co/SinhalaBuddhistඉහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුවට අදාල tsu ගිණුමයි. member's short code එකක් ඉල්ලයිනම් SinhalaBuddhist ලෙස යොදන්නයම් හෙයකින් ඉදිරියේදී මෙම සමාජ ජාලය ජනප්‍රිය වුවහොත් අප ෆේස්බුක් වෙනුවට එය ප්‍රධාන කොට භාවිතා කරන්නෙමු. "Follow" සහ "Add Friend" කර ඔබත් අප හා එක් වන්න.ෆේස්බුක් සාමාජිකයින් විශාල වශයෙන් tsu ට එකතු වෙමින් සිටිනවා, එහෙත් මෙම සමාජ ජාලය විසින් ෆේස්බුක් බංකොලොත් කරවාවි කියල අපිට හරියටම විශ්වාස නෑ. ඒත් අපි සියල්ලම ඒකට එකතු වුවහොත් අනාගතයේදී ෆේස්බුක් එකෙනුත් එහි පරිශීලකයින්ට තම ලාභය ගෙවන්න කටයුතු කරාවි. අපේ රටේ සමහර තරුණ තරුණියන් ෆේස්බුක් එකේ ඉන්න හැටියට රටට ලොකු ආදායමක් වේවි. ඒක නිකම්, චම්පික රණවක මහත්තයාව අපි සිංහලයන් අතර ප්‍රසිද්ධ කලාම මහින්දටයි රනිල්ටයි සිංහලයන් ගැන හිතන්න ඇස් ඇරෙනවා වගේ දෙයක්, නද්ද මං අහන්නෙ.[[මේ ගැන මේ පේජ් එකේ පළ කළේ ඇයි. එනම් එහි අපගේ tsu පිටුව කුමක්දැයි මෙහි සහෘදයින්ට දැන්වීමටයි. නැතිනම් සිංහල විරෝධියෙකුට ෆේක් tsu එකක් හදලා අපි වගේ පෙනී ඉන්න පුළුවන්.]]Share කර යාළුවන් අතරේ බෙද හරින්න.
BLOG
2014.06.25
http://sinhalabuddhist.com/
පොලිස් බල්ලා මුස්ලීම් මුදලාලිගේ ගෙදරට යයි. බේරුවල ගින්න අතේ පත්තු!
Admin
කඩාකප්පල්කාරී පිරිසක් විසින් තම වෙළඳ සැල ගිනි තබා ඇතැයි බේරුවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සැක කටයුතු බව පොලීසිය කියයි.ලැබුණු පැමිණිල්ල මත එහි පරීක්‍ෂණ කටයුතු සඳහා එහි ගෙන ගිය පොලිස් නිල සුනඛයා ඉව ඔස්සේ දෙවරක්ම ගොස් නැවතුනේ පැමිණිලිකරුගේ නිවසේමය.පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි. පොලීසිය සැක කරන්නේ ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇති බවයි.Share කර උන්ගේ හැටි දැනුවත් කරන්න.
BLOG
2014.06.23
http://sinhalabuddhist.com/
ගින්නෙන් ‘නෝ ලිමිට්’ කල්ල මරේ.. තක්සේරු අලාභය කෝටි 30ක්.. පූර්ණ රක්‍ෂිතයිලූ!
Admin
පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.ශ්‍රී ලංකවේ ප්‍රමුඛ පෙළේ සියලුම රක්ෂණ ආයතන වල වැඩිපුරම මුදල් ආයෝජනයක් ඇත්තේ සිංහලයින්ටයි. නෝලිමිට් වෙත ගෙවන කෝටි 30 ක රක්ෂණ වන්දිය වැය වන්නේ සිංහලයන්ගේ මුදලිනි.
BLOG
2014.06.22
http://sinhalabuddhist.com/
මුස්ලීමුන් සඳුදා කොළඹ හර්තාල් කරයි! ආරක්ෂක අංශ සීරුවෙන්!
Admin
පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.අද දිනයේ නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශ වන කල්මුණේ, අක්කරපත්තු, සම්මන්තුරෙයි වැනි නගර වලින් දහස් ගනනින් මුස්ලිම් තරුණයින් එක්රැස් කර බස් වල පුරවා කොළඹට එවමින් තිබෙන බව අසන්නට ලැබෙයි. මේ සදහා මුස්ලිම් බස් හිමියන් නොමිලයේ තම බස් රථ ලබා දෙන බවද නැගෙනහිර අපගේ තොරතුරු මූලාශ්‍රයන් පවසයි.හෙට දිනයේ ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද... සිංහලයින්ගේ ආරක්ෂාව තර කරන්නට ආරක්ෂක අංශ වහා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.පලි: මීට පැය කිහිපයකට පෙර පොලීසිය විසින් ජාතිවාදී හා ආගම්වාදී රැස්වීම් තහනම් කිරීමේ රහස මෙයයි.
BLOG
2014.12.25
http://electroniklanka.blogspot.com/
AUDIO SPECTRUM ANALYZER CIRCUIT 400 LED
TL LANKA
.
BLOG
2014.12.25
http://electroniklanka.blogspot.com/
Lm3915 VU METER CIRCUIT
TL LANKA
.
BLOG
2013.04.16
http://electroniklanka.blogspot.com/
Electronics Assistant
TL LANKA
Electronics Assistantඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.හොඳනම් කමෙන්ට් කරන්න.
BLOG
2013.04.15
http://electroniklanka.blogspot.com/
PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home
TL LANKA
PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් .ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහාආර්ට් පේපර් එකක්ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)අයන් එකක්කොපර් බෝඩ් එකක්(පරිපථයේ ප්‍රමානයට )ෆෙරික් ක්ලෝරයිඩ්(Ferric chloride)එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)ස්පොන්ච් කැබැල්ලක්ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක්(කොපර් බෝඩ්එක ඉවතට ගැනීම සඳහා)කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක්මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න(බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.)ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම් යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත.සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න.සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝනිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)දමා හොඳින් සුද්ද කරගන්න.PCB එක සාදා අවසන්.ගැටලු ඇත්නම් අහන්න.
BLOG
2014.04.18
http://victorrathnayakelyrics.blogspot.com/
සඟවාගනු මැන
සෝරෝ
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී සැලී සැලී යයි...මහ වන පියසෙක අදුරු ගුහාවෙකයම් දිනයෙක ඔබ සඟවා තබනෙම්හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳඉරිසියාවෙන් පිරැවේ මා හද...සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැතඑනමුදු ඊයේ මට පෙන් වූ රුවතව නෙත් දෙකකට හිමි විය යුතු නැත...පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංගතනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායකMp3 - Sangawa Ganu MenaYouTube.
BLOG
2014.04.16
http://victorrathnayakelyrics.blogspot.com/
පිනිබර මලක් වගේ
සෝරෝ
පිනිබර මලක් වගේ ගමේ පිපුණ නගේහෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේඅමතක කරන්නෙපා නුඹ එනතුරාමෙහෙ මං ඉන්නවා...සිදාදියේ නපුරු සතුන් රුවට නුඹේ වසඟවෙලානොයෙක වෙසින් නුඹ බිලිගන්නට සැරසේවීඅතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවීනඟේ පරිස්සමින් ඉඳින් අනේ රැවටෙන්න එපා...සිදාදියේ විසිතුරු මැද සිටින විටදි තනි වීලාඅලුත් පහේ වෙන මුහුණු නෙතට හමු වේවීගමේ රෑ පානේ රහසේ කිව් කතා ගොළු වී යාවීහිතේ සෝදිසියෙන් ඉඳින් අනේ හිත දෙන්න එපා...පද රචනය - කුලරත්න ආරියවංශසංගීතය හා ගායනය - වික්ටර් රත්නායකMp3 - Pinibara Malak WageYouTube.
BLOG
2014.04.16
http://victorrathnayakelyrics.blogspot.com/
ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවී
සෝරෝ
ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවීඈත දිගන්තයේ හෙමින් ඉගිල යාවීනුඹේ නමින් ගී ගයා වළා රොදක පා වෙලාප්‍රේමයෙන් ළඟින් හිඳින්න ආවේ...ඔබ මා තුරුලේ මඳහාසෙ පාලාවන මල් යහනේ තුරු සෙවණේඋණුසුම් සුව වෑහෙන දෙතොලේගීයක් වන්නෙමි මම සබඳේ...රෑ තරු වියනේ හඳ පාන වාගේතනි වී හිඳිනා විට යහනේකඳුළැල් වැටෙනා සඳ දෙනෙතේසුසුමක් වන්නෙමි මම නිබඳේ...පද රචනය - ගීතනාත් කුඩලිගමතනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායකMp3 - Prema WasanthayeYouTube.
BLOG
2014.04.13
http://victorrathnayakelyrics.blogspot.com/
රනින් ඉරක් පායා
සෝරෝ
රනින් ඉරක් පායා ඒ එළියෙන්නැවුම් ලොවක් මිහි මත බිහි වීමඟුල් හඬින් නෑඹුල් පොළොවේසතුටු උදානය සිත තුළ ඉපදීසිතින් සිතට පාවී නැළ වේ...කැපූ කරල් බර ගොයම් සුළං කර කුරුණි වලින් පුරවාකොටසක් අටුවෙහි අහුරා කොටසක් කිරිබතකට හරවාගෙමිදුල වෙත එන නව හිරු එළියේ මාගල් පැදුර එලාඉටු දෙවියන් යැද සව්දිය පිරුමට මුළු ලොව එකතු වෙලා...කිරල කැලේ බට කුරුලු කැලේ අලුත උපන් පැටවුන්අන්දර ගස් යට පිම්මේ ඉගිලෙයි පෙර නොහුරූ අයුරින්දොළොස් මහක් ජීවත් වූ ලෝකය අලුතින් අලුත් වෙලාතවත් අලුත් ලොවකට පිවිසෙන්නට ලොව ඉන් පිටත් වෙලා...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්තනු නිර්මාණය - ඩබ්. ඩී.
BLOG
2014.10.27
http://sonduruminisa.blogspot.com/
ලයියාගේ සිහිනය (true stories behind the green field)
සොමි යා
සෑම දිනක ම ලෝකයේ සැබෑ ම සත්‍ය කතා සිදු වන අතරඒවායින් බහුතරයක් කවුරු වත් මීට කලින් නො දැක ඇතුවාට කිසිදු සැකයක් නොමැත. එතරම් මවැඩි කාලයකට පෙර නොව දකුණු අප්‍රිකාවේසවානා බිමක විසූ මව්වරුන් දෙදෙනකුගේබලාපොරොත්තුවේ කතාවයි මේ. සෑම විටම ඔවුන්ගේ ජීවිත සුරැකී ඔවුන් සතු තිබුණේ අසාමාන්‍ය ධෛර්‍යය මතය.කඳුකරයේ නො දන්නා ඉසව්වකින් ඇරඹී මේ තැන්න හරහාවක ගැසෙමින් දඟර දමමින් ගලා ගිය ගංගාව ඔවුන්ගේ රාජධානිවල දේශ සීමා මායිම් කරතිබුණි. එය ප්‍රබල රාජධානි දෙකක් අතරින් නිදහසේ ගලා ගීයේ ය. දකුණු ගංගා රාජධානිය ගත්කල එහි අභීත සිංහ ධේනුවන් සය දෙනෙකුත්, උන්ගේ සුරතල් බිලාල කොලු කෙලි පැටික්කන්ගේදඟකාර කම් වලින් පිරී ඉතිරී තිබුණි. සෑම තැනකම පැතිර තිබුණේ ත්‍රාසය හා සැකය පමණි.ඒ ගැන මේ කොලු කෙල්ලන්ට නම් වගක් නැති ගානය. උන් එකමපෙළපතක උරුම කරුවන් ය. කොට්ටා සහිත පුංචි පාද හිමිහිට බිම තබමින් විමතිය පිරිදෑසින් කොටු කෑල්ලකට එරවුම් ගෙරවීම් කරනා පැටියෙකි. විටෙක කොටුවට හිමිහිට තට්ටුවකි, තවත් විට පිම්මකි, මොහොතකින් ඌ මවු තුරුලේය. ආදරණීය ලෙව කෑම් වලින් පැටවා නැහැවීයයි.ලයිලා, සියල්ලන් අතර පරිණත හා වැඩිමහල් ම දඩයම්දිවියේ අත්දැකීම් බහුල ම එකියයි. ලයිලා මාස හයක් වයසැති මාරාගේ මෑණියන් ය. සවානාබිම හොඳින් වැඩී ඇති තැන පඳුරු අතරින් කොට්ටා සහිත පාද පොලවටද නො දැනෙනා සේ යන ගමන් විලාසය ඇය මාරට කියාදෙමින් උන්නා ය. මාරාද මව පසුපසින් වැටී ඔහේ ඇවිද යමින් සිටියා ය.ලයිලා හා මාරාමාරාමේ අතර තවමත් තමන් උපන් ලෝකය ගැන කිසිවකුත් නොදන්නා පැටවුන් මවගේ වලිගය සමග සෙල්ලම් කරති. පසු කලෙක මහා සිහ නද නගන ගෙල වටා කළුලොමින් පිරී යන මුන් දැන් තබා ම කෑස් කෑස් හඬින් තම උගුර පාදා ගන්නවා දෝ කියා වරෙකසිතේ. ඒ කෑස් ගෑමත් සමග බිම පෙරලී යන පුළුන් බෝල එතරම් ම සුරතල් ය. පාද හතරම උඩහිඳුවන් එකෙක් තවකෙකුට යටත් වී ඇත. දිනපු එකා තව තවත් දුර්වල යා සපා කයි.දුර්වලායාද සටන අතහැර නොමැත, උගේ කෑස් හඬ තවත් තෙදවත් වේ.මේ දඟකාර කොලු කෙල්ලන් රැක බලා ගනිමින් කරන ජීවන අරගලයේදී උන්ගේ උදර පෝෂණය වනුයේ මේ සිංහ ධේනුන් රැල කරන ලද සමූහ ප්‍රයත්නයක අවසන් ඵලය එලාගත් අසරණ හරිත බුක්තිකයාගේ මාංශයෙනි. නමුත් උන්ව කිසිදු විටක දඩයමට නොයා කම්මැළිකමින් ඈනුම් අරිමින් මේ රාජධානිය පාලනය කරනුයේ රාජධානියේ පාලකයා විසිනි.ෆෑන්ග්, උගේ යටි හක්කේ කැඩී ඇතත් විදුරු මසේ එල්ලෙමින්තිබෙන දත උගේ වීරත්වය කියා පායි. ඒ අතීත සටනක මතක සැමරුම් ය. ඌ මේ කුඩා පැටවුන්සියල්ලගේ පියාය. අන්තඃපුරයක් බඳු සිංහ ධේනුන් පිරිවරා ඌ රාජකීය දිවියක් ගෙවයි. අගරැජින ලයිලාය. මාරා උගෙන් පසු කිරුල හිමි කුමරිය විය.කැඩුණු දත සහිත ෆෑන්ග්රවුම්කන් පෙති වලින් සහ උද්යෝගී දෑසින් යුතු මාරට නම් ලොව සිටින හොඳම තාත්තාෆෑන්ග් ය. ෆෑන්ග් මාරා සහ ලයිලාගේ ආරක්ෂාව සොයා බැලුව අතර . ඒ වගේම උගේ භූමියද ආක්‍රමණවලින් රැක ගත්තේ ය.මේ දඩ බිම් හරහා සෑම වසරක් පාසා ම ආහාර සොයා හරිතබුක්තිකයින්ගේ ශ්‍රේෂ්ඨ සංක්‍රමණය සිදුවේ. සැබවින්ම ඒ මිලියන ගණනක් වූ මස් පර්වත සිංහදඩ බිම් හරහා ජීවිතයත් මරණයත් අතරක සටනක නියැලෙමින් සංක්‍රමණය කරනු ලැබේ. ෆෑන්ග්අනෙකුත් ප්‍රාදේශීය සිංහයන්ට ඇසෙන්නට දකුණු රාජධානියේ එකම පාලකයා තමන් බව කියමින් තමන්ගේසිංහ නාදය සැතපුම් ගණනක් දුරට ගුවනේ පා කර හැරියේ ය. හරිත බුක්තිකයන් සංක්‍රමණය වෙමින්මේ භූමියේම ගඟ දිගේ උතුරු කොටස වෙනස් ම බළල් වර්ගයට අයත් බැළලියක් තම දඩ බිම් කර ගෙන සිටියාය. ඇය මිහිපිට වසන වේගවත් ම සත්වයායි. ඇය චීටාවෙකි. ඇගේ ජීවිකාව සින්හයින්ගෙන් සෑමඅතින් ම වෙනස් වූ වකි. මන්ද යත් ඇය ජීවත් වූයේ සමූහ වශයෙන් නොවූ නිසා ය. ඇය සීටා ය.ය සතුව රහසක් තිබුණි. එතරම් කාලයකට පෙර නොව මෑත දින කිහිපයකට කලින් ඇය ලොම් ගුලිපහකට මේ තෘණ බිමෙහි දී උපත දුන්නා ය. උන් තවමත් දෑස් විවර කර නොමැති, පිය සරණත්නොමැති උන්ට ඇති එකම සරණ තම මව සීටා ය. කෙඳිරි ගාමින් උන් සැවොම එක පොදියට මවට තුරුල්වෙමින් කිරි උරා බොන අයුරු සැබවින්ම අපූරුය.සීටාසීටාගේ ලොම් ගුලිසීටා සහයකයෙකු නොමැති වැන්දඹු වීදැයිද නො දන්නා තනිවූ මවකි. ඇය පඳුරු අතර තැනූ බිලක පැටවුන් සඟවා තනි කර දමා දඩයමේ යන්නී ය. ඇයට වෙන විකල්පද නොමැත. චීටාවුන් මිහිපිට වේගවත් ම සත්වයා වුවද දඩයම එතරම් පහසු නොවේ, එය සැම විටම සාර්ථකද නොවේ. සිටාගේ ප්‍රියතම මාංශය තොම්සන් ගැසෙල් මුවන් සතුය. එවුන් සියල්ලන් ම පාහේ වේගවත්එමෙන්ම ජවසම්පන්න සත්තු ජාතියකි. සිටාගේ දඩ බිම ඈ දෑස මානයේ ගැසෙල් මුවන් රංචුවකි.දින ගානක් නිරාහාරව සිට පැටවුන්ට දීමට තරම් කිරි ඇය සතු නොවීය.දඩබිම දෙස බලන සීටාසීටාද අලුත් දඩයමට සුදානම් ය. මද වෙලාවක් තණපඳුරු වලට ඉහළින් උන් දෙස බලා උන් ඈ තණ පඳුරු අතරින් කිසිදු හඬක් නො නගා කෙමෙන්කෙමෙන් රංචුවට කිට්ටු වෙමින් විටෙක නැවතී හිස පහත් කොට රංචුව දෙස නෙත් යොමයි. යලි පහත්වී ගමන් අරඹන ඈ ගෙල මත වූ ලෝම දැන් ඉලිප්පී ඇත. දෑස කිසිවිටකත් දයාමෙන් ඉවත් නොවේ.සීටාට ක්ෂණිකව වේගය උපදවා ගත හැකි වුවද එය දිගු කලක් රඳවා ගත නොහැක. ඒ චීටවුන්ගේහැටිය. දඩයම සාර්ථක කර ගැනීමට නම් කෙසේ හෝ සැඟවී උපරිමයෙන් දඩයමට ලඟා විය යුතුය. සීටාදැන් ලැහැස්තිය. එක්වරම පිම්මකින් ඇරඹි දඩයම හමා යාම විටෙක ඉදිරි හා පස්සා ගාත් ලංකරමින් ද විටෙක විහිදුව මින් ද ඇය තම ගත ත්වරණය කරමින් කරමින් උන්නා ය.දඩයම දෙස නෙත් යොමන සීටාසීටා බෙන්ඩ් එකක් ගනිමින් :Dනමුදු ඒකිසිදු විටක හිස හා දෑස් දඩයම කෙරෙන් ඉවතට නො ගත්තා ය. අනතුරක ඉව වැටුණු රංචුව සීසී කඩ දුවද්දී එක් ගැසෙල් මුවකු කෑස් ගා ක්ෂණික ත්වරණයක් ලැබ දිවි රැක ගැනුම උදෙසාදුව යන්නට විය. දැන් සීටා උපරිම වේගයට ලඟා වී සිටියාය. ගැසෙල් මුවාද ඒ මේ අතටපනිමින් වක්‍රාකාර දිවීමක නිරත වේ. සීටා ක්‍රමයෙන් දෙදෙනා අතර පරතරය අඩු කර ගනිමින්මුවා පසු පස එළවයි.ඩග් ඩග්......, ඩග් ඩග්........, ඩග් ඩග්........,ඩග් ඩග්......., ඩග් ඩග්........, ඩග්........, ඩග්..........., ඩග්ගැසෙල් මුවාගේ අවසන් මොහොතට මොහොතකට පෙරගැසෙල් මුවාගේ හදවත වේගයෙන් ගැසී අවසාන නතර විය.සිටා සාර්ථකත්වය අත් වින්දාය. ඇගේ පැටවුන් අද කුසගින්නේ සිටින එකක් නොමැත. ගැසෙල්මුවන්ද තම මියගිය සගයාගේ මාංශය බුක්ති විඳින්නට සැරසෙන සීටා හා මියගිය සගයාගේ සිරුරදෙස බලා තම කෙටි වල්ගා වනමින් අවසන් ගෞරවය මල සගයාට පුද කළහ.සගයාට අවසන් ගෞරව පුදන ගැසෙල් මුවන්(සීටා හා පැටවුන්ගේ සංක්‍රමණයන් හා වික්‍රමයන්, ලයිලාගේදඩයම් හා මාරගේ හතුරන් ගැන ඊළඟ කොටසට.......)ප.ලි.මෙය මා නැරඹු වයිල්ඩ් ලයිෆ් චිත්තර පටයක කතාවක්වන අතර ගොඩක් අය මෙය නරඹා ඇතුවාට සැක නොමැත, වනගත ජීවිත ගැන ලියවෙන පළමු අවස්තාව හා එවන් අත්දැකීම් නොමැති නිසා චිත්තර පටයක කතාවක් වුවද එය ලියපු අයුරු පට්ටම සාටර් විය හැකි අතර මේ මට දැනුනු ඒ චිත්තර පටය ඔබත් එක්ක බෙදා ගැනීමට ගත්තු පුංචි උත්සාහයකි. චිත්තර පටය ගැන විස්තරඅවසාන කොටසින් කියන්නම් :D.ප.ප.ලිමනොෂ් කොලුවෝ, ඔන්න මම වෙච්ච පොරොන්දුව ඉස්ට කොරාහරිය. මතකනේ GB :D, එහෙමනේ ප්‍රියා අයියා. බලපු කතාව ඔන්න ලීවා.
BLOG
2014.10.16
http://sonduruminisa.blogspot.com/
යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා
සොමි යා
සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු."රාහුලෝ ජාතෝබන්ධන ඡාතං"කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත.බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත.කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම ගැන විමිය යුතු වේ. කවියක් රචනයට කවියාට හැමවිටම සිදුවීමක් හෝ හැඟීමක් පාදක වේ. කවියා කවිය හරහා ගොඩනගන්නට වෙහෙසෙන්නේ ඔහු විඳි හැඟීම කියවන්න තුලද ඇති කරවීමටය. ඒ හරහා කියවන්න තුල කම්පනයක් ඇති කිරීම බොහෝ කවීන්ගේ අරමුණයි. කවියකු කියවන්නාගේ හැඟීම් අවුළුවා ලීම සුදුසු නොවේ. උසස් කවියා සහ කවිය කියවන්නාගේ හැඟීම් පුබුදුවා එය උසස් චින්තනයකට, උසස් තලයකට, උස්සි රස වින්දනයකට ගෙන ඒමට වෑයම් අවුළුවා ලූ හැඟීම් වල දිශානතියන් හරහා උසස් අදහස් කියවන්නා තුල ඇති කෙරෙන අතර ඒ හරහා යහපත් සංවාදයක් ගොඩ නැගේ. එමගින් කවියා තම කවියේ අරමුණු වලට ලඟා වේ. කවිය හරහා උලුප්පා දක්වන රසය කියවන්නා වැළඳ ගන්නේ යම්සේද කවියා ඒ සඳහා එම හැඟීම්, වචන වල ගක්තීන්, තම අත්දැකීම් හා අවශේෂ දෑ කලාත්මක ලෙස සම්බන්ද කරනු ලැබේ.යලිත් යශෝදරාවන් දෙසට හැරුණු විට එක කවියකු තම හැඟීම් කවියට නගා ඇත්තේ මෙලෙසිනි.පෙර මින් කඳුළු කිරි දරුවෙකු අතේ දරාපෙර ලා නොගොස් පෙම්බර මව් පියන් කරාදර දඬු ගැහැණු අතපය හාමතේ දරානර කාදියකි හිමියනි අද යසෝ දරාකුම රකු සමග තෙමි තෙමි කඳුලැලි වැස්සේබිම පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට පස්සේමම හිමි සඳුනි ගිය අවුරුදු හය තිස්සේමෙම පඩි පෙලෙන් නැහැ පහලට බැස්සේදඟ ගෙයි විඳින දුක රජ මැදුරෙහි වින්දේඉඟ ටම මෙතෙක් මා දළ රෙදිමය ඇන්දේළඟ නැති හිමිගෙ ගුණ සිහිකර අද නින්දේඅඟ නක් කවුද මේ තරමට ඉකි බින්දේමෙම පැදි පෙළ කියවපු විට මුලින්ම ඔබට ඇති වුයේ යශෝදරාවන් කෙරෙහි කුමන හැඟීමක්ද.සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගිය පසු යශෝදරාව තැවුණු අයුරු ඉස්මතු කිරීමට කවියා උත්සාහ ගෙන ඇති අයුරකි. ඒ හරහා යශෝදරාව කෙරෙහි දයානුකම්පාවක් කියවන්න තුල ගොඩ නැගීමට ඔහු සමර්ථ වී දැයි විමසා බැලිය යුතුය. එලෙස වීමට නම් ඇයගේ දුක වේදනාව ඉතා සියුම් ලෙස අපට දැනිය යුතුය. නමුත් මෙම පැදි පෙළ කියවන යද්දී හැඟෙනුයේ යශෝදරාවන් පොළොවේ පස් කාපු අයුරකි. ඇයට මාලිගය එහෙම්පිටින්ම සිරගෙයක් වී ඇති අයුරකි. පුංචි රාහුලයන්ද කිරි ඉල්ලා හඬන විට ඇයට එයද වදයක් වී ඇතුවා වැනිය. ඇයට සිදුහත් කුමරු අහිමි වීමට වඩා ඇයට ඇය ගැනම දුකක් ඇති හැටියකි.මේ යෙදුම් දෙස මදක් බල්ලන්න.දර දඬු ගැහැණු අතපය හාමතේ දරානර කාදියකි හිමියනි අද යසෝ දරායශෝදරාව කෙතරම් සියුමැලි වන්නට ඇතිද රාජ කුමාරියකව සිටි හෙයින්, එවන් යට දරඳඩු අතපය හිමිවිය හැකිද. සක්වල සියල්ලන්ම දුක නමැති නරකාදියෙන් එතෙර කරන්නට ගිය සිද්ධාර්තයන්ට යශෝරදාව අමුතුවෙන් නරකාදියක හිටි බවක් හැඟෙවී ද, යසෝදරාව විප්පයෝග දුකින් පෙලෙන මුත් ඒ දුක නරකාදියක ගානට උපමා කල හැකිද මේ සිදුවීම් දාමයෙන් පසුව. කවියා යසොදරාවන්ගේ දුක මතු කිරීමට යොදාගත් උපමාව නිසා එම දුකට වැඩිය නරකාදී දුකක් කියවන්නා තුල ජනිත වේ.කවි පෙලේ සමස්ථ යෙදුම් රළු හා ඕලාරික හැඟුමන් වැඩිපුර කියවන්නන් කෙරෙහි ජනිත කරන අතර ඒ සඳහා "බිම පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට පස්සේ" හා "දඟ ගෙයි විඳින දුක රජ මැදුරෙහි වින්දේ" වැනි යෙදුම් වලින් මතුවන අදහස් එවැනි හැඟුමන් තවත් තර කිරීමට සමත් වේ. ඒ හරහා යශෝදරාවන් කෙරෙහි දයානුකම්පාවක් මිශ්‍රිත දුකක් වීදනාවක් ය කෙරේ මතු නොවේ.මම කාවි පෙළ හරහා මතුවන්නේ සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගියාට පසු යශෝදරාවන් අපා දුක් විඳිමින් තැවුණු අයුරකි.ළඟ නැති හිමිගෙ ගුණ සිහිකර අද නින්දේඅඟ නක් කවුද මේ තරමට ඉකි බින්දේයන යෙදුම හරහා ඇය සිදුහත් කුමරු ගැන සිතෙමින් තැවෙන බව කියා පෑමට උත්සාහ ගත්තද එයට වඩා අර රළු යෙදුම් ප්‍රබලව මතු වේ. මේ නිසා ඇය සිදුහත් කුමරුන් කෙරෙහි සිතමින් තැවෙන ගතියක් නොහැඟී යයි. නමුත් තමාව දුකට පත් කල සිදුහත් කුමරුන් හට ආඩපාලි කියන හැටියකි.මෙම සිදුවීමම ජන කවියකු දුටු අයුරු හා එයට අදාළ වෙන ලෙස අකුරු ඇමිණු අයුරු විමසා බලන විට කෙලෙසද යත්සුවඳ බොජුන් වැළඳු මගේ හිමි සඳු ටනිබඳ බොජුන් රස කර දුනි වළඳන් ටසුවඳ පලා පල මැවියන් හිමියන් ටසුවඳ මල් නිතර පිපියන් හිමියන් ටහිමයේ ගොසින් මල් යහනක නිදනව දකොමල අනගි සිරි පා දෙක රිදෙනව දහිගේ නැතිව දෙවියෝ මුර කරනව දමගේ ඇත රජුනි හිමි සඳ කොතනක දකැලේ තිබෙන කොයි දේවත් රස වේ වාමලේ බමරු මෙන් පිරිවර ඇති වේ වාඅව්වේ තියෙන රැස් මාල අඩු වේ වාගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේ වාඉහත කවි පෙළත් එක්ක සැසඳූ කල මේ කවි පන්තිය කියවූ කල ඔබට කුමන නම් හැඟීමක් යශෝදරාවන් කෙරෙහි පහලවීද. එහෙනම් අහලත් බලන්නකෝ ඒ හැඟීමම අහද්දිත් දැනෙනවද කියලා.මේ වූ කලී යශෝදරාවතෙහි පැදි පෙළකි. මහනුවර යුගයේ ලියවුනු මෙහි කවියා අප්‍රකටය. සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියවුනු මෙහි කවි 130 කි. යශෝදරාවන්ගේ දිවිය අලලා ලියවුනු මෙහි සරල සුගම බස් වහර නිසාම කියවන්න හෝ අසන්නාගේ හදවතට යශෝදරාවන් සමීක කරවීමට සමත් වී ඇත.මෙම පැදි පෙළ කියවන විට කියවන්නට නිරායාසයෙන් ම යශෝදරා ව කෙරෙහි දයානුකම්පාවක් ඇතිවෙන අයුරු සැබවින්ම චමත්කාර ජනකය. මෙහි කිසිදු තැනක කඳුල දුක වේදනාවක් ගැන සඳහන් වී නොමැත, යශෝදරාව දුකෙන් තැවෙන බවක්ද සඳහන්ව නොමැත. නමුත් කියවන අපට ඇය කෙරෙහි දයානුකම්පාවක් ඇති වේ. පැදි පෙලේ සැඟවුණු යශෝදරාවගේ දුක නිතැතින්ම හදවතට දැනේ.මෙම පැදි පෙලේ යශෝදරාව තමා වැටී සිටින දුක්ක දායක තත්වය අතිශයෝක්තියකට නගා විස්තර කරමින් සිදුහත් කුමරුන්ට අවලාද කියමින් වැළපෙනු වෙනුවට පති භක්තියෙන් යුතුව තමා හැර ගිය සිවාමියාගේ සැප දුක ගැන හිතමින් ළතැවෙයි.සුවඳ රස බොජුන් වැළඳු හිමියන් සත්‍ය සොයා දුක් විදිනවා නොවේද, හිමි සඳුට වළඳන්න අහරක් වත් තියෙනවාද, මා ලඟින් උන්නා නම් ආහාරයක් හෝ හදා දෙන්නට තිබුනා නොවේද, අනේ හිමියන් විදින දුක නැතිවෙන්නට සුවද මල් වත් පිපියන් හිමි සමීපයේ ඒ සුවදින් වත් මාවත් එතුමන්ට මත වීයන්.වෙනදා විල්ලුද වන් සුව යහානාවක සැතපුන හිමියන් අද ගස් ගල් යට කෙලෙස නම් නිදනවා ඇතිද. අනේ ඔය කොමල සිරි පා දෙකට ඔය ගල් මුල් පෑගිලා හුරුවක් තියෙනවාද, ඒවා වේදනාවෙන් රිදෙනවා ඇති නේද. අනේ ලඟින් හිටියා නම් ඔය කොමල සිරිපා පිරි මදින්නට තිබුනා නොවේද, එතුමන් ඉන්න ඉසාවක් දන්නවා නම් කියන්නකෝ මටත් යන්නට එතුමන් ලඟට.බලන්න අවසන් පාර්ථනය යශෝදරාවන්ගේ කවියා දකින විදියට. යශෝදරාව ඇයට වඩා තැවෙන්නේ තමන්ව හැර ගිය සිදුහත් කුමරු ගැන. මොනතරම් ප්‍රේමයකින්ද ය ඉන්නේ, ඉතින් මෙම පඩි කියවන විට කියවන්න තුල යශෝදරාව ගැන දුකක් කනකාටුවක් දයානුකම්පාවක් ඇති නොවන්නේ නම් කෙලෙසකද.මෙලෙස කවිය තුලින් විමසා බැලීමේදී ආත්ම සන්යමයකින් තොරව රළු ලෙස හංගීම් ප්‍රකාශ කිරීමෙන් කවියකට වන හානියත්, දැඩි සංයමයකින් යුතුව සියුම් ලෙස හන්ගීම් ප්‍රකාශ කිරීමෙන් කවියක රසය කර වන අන්දමත් පැහැදිලිය.මේ සියල්ල කවියන් යශෝදරාවන් ගැන දැක්ක හැටිය, යශෝදරාවන් සිදුහත් කුමරුන් තමා හැර ගොස් බුද්ධත්වය ලබා කිඹුල්වතට වැඩම කොට ගෙයින් ගේද පිඬු සිඟා වදින කල පුංචි රාහුල කුමරුවන් තුරුලට ගෙන අර ඈත වදින්නේ පුතේ උඹේ පියාය, උඹේ පියා මේ මේ ගුණ වලින් යුතුය කියන ලද නරසීහ ගාථා සැබවින්ම සිත පහන් කරවන සුළුය. ඒවායේ සිහල තේරුම ගත විට මෙලෙසින් දැක්විය හැකිය.සත් රුවණින් ඵල රත් සුපතුල් වත්දික් විලුඹින් හොබනා ලකුණින් සන්වල් විදු නා කුඩ රූ රැඳි පා යුත්ඒ ඔබ වේ යැ පියා නර සී වූසෑ කුමරා වර බෝ මැ මොලොක් වූපින් ලකුණින් සැදි පුන් සිරිරින් යුත්වූ නර වීර ඉතින් ගිය ලෝ වෙත්ඒ ඔබ වේ යැ නර සී වූපුන් සඳ වන් පැහැපත් මුව දිස්නාදෙවි මිනිසුන් පිය වූ නර මානාමත් ගිජිඳුන් නෙ විලස් ගමනෙන් පෑඒ ඔබ වේ යැ නර සී වූකැත්වැ උපන් අග පත් කුලවත් වූදෙව් මිනිසුන් නැමැදුම් කළ පා යුත්සිල් එකඟින් පිහිටා ඇති සිත් වත්ඒ ඔබ වේ යැ නර සී වූදික් තුඩු වූ නැහැයෙන් යුතු සූ සන්වස්සකු ඇස් ගුලි වන් ඉඳුනිල් නෙත්දෙව් දුනු සේමැ සුනිල් බැම දිස්නාඒ ඔබ වේ යැ නර සී වූවූ වටහා සුමටත් කෙලසූ සන්සී හනු වූ මිඟිදුන් කය වන් ගත්වන් වැ කසුන් සිරි පෑය උතුම් වූඒ ඔබ වේ යැ නර සී වූවූ සිනිදුත් ගැඹුරුත් බඹ ගොස් යුත්දෑ හිඟුලේ වැනි පෑය සුරත් තිවුවිස්සෙකැ විස්සෙකැ සේ සම දත් යුත්ඒ ඔබ වේ යැ නර සී වූවන් රසඳුන් ඉඳු නිල් හිස කෙස් යුත්රන් පට වන් සුනිමල් නලලින් ඳුල්සේ දවහත් තරු සේ උනු ලොම් දාඒ ඔබ වේ යැ නර සී වූමේ සිංහල තේරුම් මම උපුටා ගත්තේටී.බී හේරත් ගේ බ්ලොග් සටහන්වලින්මේ අපුරු නරසීහ ගාථා බංගලාදේශ ගැහැණු ළමයෙකු කියන අයුරු ඉතාමත් අපුරුය. එය සිත පහන් කරවන සුළුය. එහි විශේෂත්වයම වන්නේ ඇය බන්ගලාදේශ වීම හා ඇගේ සුමියුරු කටහඬ නිසාමය. මෙන්න ඇය කියන අයුරු යූ බටයේ තිබුණු හැටි. එහෙනම් අසා බලා දැනෙන හැඟීම ඔබත් විඳ ගන්න.මේ ලිපිය ලියන්න අපේ සින්දු ඇනෝ මිත්‍රයා දක්වපු උදව්ව අමතක කරන්නම බැහැ, යශෝදරාවත හොයලා දීල ඊයකුත් විදලා දක්වපු සහයෝගයට ගොඩක් ස්තුතියි මිත්‍රයා.
BLOG
2014.10.08
http://sonduruminisa.blogspot.com/
කරත්ත කවි කියමුද?
සොමි යා
අව්ව සැරයි ගමන දුරයිහනික යමං මගෙ සුද්දෝඋඹත් ඉතිං එකතු වෙයන්පමා නොවී මගෙ රත්තෝකුර ගෙවිලා පය දනවානොදන්නවා නෙවේ ඉතිංඊට වඩා හිත දනවාඉකිබිදින්න බැරිලුඉතිංකොච්චර දුර ඇවිද ගියත්තවමත්අපිඑක තැනමලුඑතනින් තව කොහෙවත්යන්න නැතිලුයන්න බැරිලුකරත්ත කවි නොකීවාටදහසක් කවි හිතේ තියෙයිඒ කවි වල දුක අහන්ටඅපේ සවන් අපට තියෙයිහනික යමන් පමා නොවීපමා වුනොත් පාඩු ගොඩයිඑහෙම උනොත් මගෙ දෑතටලැබෙන කාසි පනං අඩුයි.
BLOG
2014.10.02
http://sonduruminisa.blogspot.com/
වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්)
සොමි යා
සුලන් කැළඹිලි මහ පොලවට හුරුයහෙනද සමගින් මහ වැසි ඇද වැටේයබොර දිය ඒ කවදත් බොරම පාටයපහත් තැන් තලා පොඩිකර ගලායතලන්නට පෙර යකඩය රත් කෙරේයතලනා කලට කිනිහිරටද එය දැනේයතල තලා හොඳ හැටි තැලේදැයි බැළේයතැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේයතොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදයකට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූයයක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේයආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේයබඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසිවේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසීඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසීපීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසීදුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙදමුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙදවේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙදවේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙදප.ලි.බස්සිඅක්කගේමුතු ඇටේ දැන් කාකි පාටයලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.
BLOG
2014.09.29
http://sonduruminisa.blogspot.com/
කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු
සොමි යා
කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු.හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්.කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේනමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළුකියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි,ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මකව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ,ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.ඔව් ඔබත් මමත් ඒරැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස්කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි.සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේඑහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ.අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒවර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාටහැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි.පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේඉරි රටා හද තල නැත්නම්, ඉතින් ඒ සියල්ලේ සංකලනය තමා දෘශ්‍ය මායාව මමත් ඔබත් දකින.ඉතින් මම අන්දපු ඒ මායාවල් ටිකක ඔබත් එක්ක බදාගන්නයි මේ සුදානම. හැමදාම ලියන එකේ චිත්‍ර ටිකක් ඔබට කියන කතා ටික පුලුවන්නම් කියවලා යන්න.මතක තියා ගන්න ඔබ දකින දෙය නොවන බව ඔබට පෙනෙන්නේඑහි වෙනස බවත් වෙනසක් නොමැතිව ම ඔබේ ඉඳුරන් එය ග්‍රහණය කොට ඔබ මුලා කරන බවත්.ඒ දේ හොඳින් මතක තියන් එහෙනම් ඉතින් බකන් නිලමු.1. නිව්ටන්ගේමොලේ පිටකොටුව පොලේ - වැටුණු ඇපල්2. දහසකුත් කටු අතර තවමත් පිපෙන - කළු රෝස3. හිනාවෙයන් - උඹටම4. සන්ධ්‍යා කාලෙනතැබෑරුම් අසලේනබහුජන හිතායබහුජන සුඛායකාල(කන්නි)5. උඹලා දිව්වට සමහරු තාමත් එකතැන - අස්පයා6. සැපය සොයා - එක මිනිහෙක්7. පළමු තොටිල්ල - දෙතන7.නුඹේ කැඩපත - මුහුණහරි මේ සියලුම මායාවල් වලින් ටිකක් ඇන්දේ මෙහෙමයි කොම්පීතරෙන්, ඉතාම සතුටින් දැනුම් දෙන වගනම් මේ ක්‍රියාවලියෙන් පසු මූසිකයේ වමත් බොත්තම ක්‍රියා විරහිත වී ඇත.හරි එහෙනම් බකන් නිලන්න ආවට ස්තුතියි, මීට වඩා යමක් කරන්නයි උත්සාහ කලේ, මොනවා කරන්නද වයධම්මා සංකාරා නේ , ඉතින් මවුස් ඒකටත් ඒ දේ පොදුයිනේ.ආ තවදෙයක්, මේ ටිකෙන් රසම සිතුවම මොකක්ද කියලා යනවා නම් ලොකු උදව්වක්, මටනම් කාලේ බෝතලේ.
BLOG
2014.09.26
http://sonduruminisa.blogspot.com/
කියවන එකේ වෙනසකට බකන් නිලන්න එන්න (ආරාධනා)
සොමි යා
ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ, ඒ චිත්‍රපාට ගොඩයි, සංකලන, සම්මිශ්‍රණ, රටා, හැඩතල, හෙවනැලි, ආලෝකය, අඳුර, ඒ චිත්‍රෙ ඇතුලේකතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද. දකින පාටමද පීන්නේ, පෙනෙන පාටමද තියෙන්නේ. පාටට පාට කොහෙන්ද. පාට එකතුවුනාම එක චිත්‍රයක්ද. ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද.මතකදඅම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරකින්, පාටකුරකින්, අඟුරු කෑල්ලකින් ගෙයි බිත්ති වල හීන සිතුවම් කරපු හැටි. සමනල්ලු, මල්, සුරංගනාවියෝ, කෝ උන්. උන්ටික කොහෙද ගියේ.මතකද. ඒ අතීතය, ඔබත් මෙහෙම කරාද.ටක් ටක්ටක්කව්ද ආවේ.රාස්සියෙක්මොකටදආවේපාටක්හොයන්නමොන පාටදඑදා ආපුරාස්සි ආයෙම පාට ඉල්ලන් කවම දාකවත් ආවේ නැහැ, එයාඔක්කොම පාට අරන් ගියාද. අනුන්නට දුන්න පාට අස්සේ මමතාමත් මගේම්ම පාටක් හොයනවා. එතකොට ඔබ.ජීවනසිතුවම ඔබ අඳින්නේ පින්සලෙන්ද. පන්සලෙන්ද. හුනු කූරකින්ද. නැත්තම් අඟුරු කෑල්ලකින්ද. හැබැයි ඔබට අලුත් කඩදාසියත් නැහැ, මකනකෑල්ලකුත් නැහැ,ඉතින්අඳින සිතුවම සමහර තැන වල වරදුනාද. වැරදුනා කියලා හිතුනද. ඉතින් වැරදුනාම සුදු පාට ගාල වැහුවද. නැත්තන් කළු පාටින් වැහුවද.මිනිස්සුකළුත් නැහැ, හැබැයි සුදුත් නැහැ, කලවම් වෙච්ච අලුත් නෙවේ, එතකොට උන් මොන පාටද.දේදුන්නේපාටද.වෙන්නබැහැ, දේදුනු කොහෙද අපි කොහෙද.හරි තවත්මොටද වැල් වටාරම්, මිනිරන් කූරක් ගහපුපැන්සලෙන් අත තද කරොත් කළුම කළු පාටට ලියවෙනවා, බුරුලටකලොත් අළු පාටයි, හිස්තැන තිබිච්චාවේ, ඒවා සුදු පාටයි, ඒ කළු සුදු අළු වලින් මමදැකපු දේ මම හොයන පාටින් ටිකක් ඔබට දෙන්නයි වෑයම.එහෙනම්මේ පුංචි ආරාධනාවක්සඳුදාහිතුන වෙලාවක වෙන කොහෙවත් නෙවේ, මෙහෙටම ගොඩ වදින්න, නොලියපු දේ කියවන්න, ඒ දේ විඳිගන්න.කළු සුදුඅළු - ඉරි රටා හැඩතලබකන්නිලන්න අවිත් යන්න.මෙන්න එයින් දෙකක්.1. පැරදුන ප්‍රේමය - කළු රෝස 2. අනේ නිව්ටන් බොලා මේක කෑවනම් - වැටුන ඇපල් ඉතින් මත ඇතිව බකන් නිලන්න සදුදාට මේ පැත්තට එන්නකෝ, නොලියූ කතන්දර කියවන්න, නොලියූ කතා විඳගන්න, කළු සුදු අළු - ඉරි රටා හැඩතල.
BLOG
2014.09.18
http://sonduruminisa.blogspot.com/
ගිරය (කෙටි කතාවට යන පාර)
සොමි යා
ගිරය (කෙටි කතාව)බොලොග් රෝල පිස්සු කෙලීම නිසා කතාව බ්ලොග් රෝලේ අප්ඩේට් වීමේ ගැටළු මතුවී තිබුණි ඒ නිසා සමාවෙලා ඉහත ලින්කුව හරහා කතාවට යන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි, කතාවට පේන්ට් මෘදුකාංගය හරහා කම්මැලිකමට අඳින ලද සිතුවම මෙයය.රෝල්ට කෙලවූ විට උදව් කල ප්‍රියා අයියාට බොහොම ස්තුතියි.
BLOG
2014.09.18
http://sonduruminisa.blogspot.com/
ගිරය (කෙටි කතාව)
සොමි යා
කමලා බිනූ වදන් හමුවේතමා මුව ගොළු වූවෙකු ලෙස කර බාගෙන හිටි අයුරු මතක් වන මොහොතක් පාසා ඒ වදන්වල වූ ශොකී රාවය සිරිසේනගේ දෙසවන් තුල නින්නාද දෙන්නට විය, හදවතේගැඹුරුම තැනෙක තැන්පත් වී ඇති එම වදන් නෙත් කෙවෙති අගින් පිට වීමට වෑයම් කරනසෙයකි. හුස්ම හිරවෙන්නාක් සේ දැනෙන්නට වූයෙන් යන්තම් ඉහලට ඇදගත් හුස්ම “හ්ම්ම්” යනහඬත් සමග එලියට පිට කල ඔහු කවුළුව ඉදිරියෙන් ඇදී යන අවට දෙස බලා හිඳින්නට විය. ගමන්කරන බසයයේ කවුළුව නොයෙකුත් සිතුවම් චිත්‍රණය කරයි. බසයේ කවුලුවත් රූපපෙට්ටියක්ම නොවේදැයි සිරිසේනට සිතුනි. බස් රිය ඉදිරියට ම ඇදී යන අතර නොයෙකුත්නැවතුම් වල විටෙක නවතමින් ද, විටෙක වේගයෙන් ද, තවත් විටෙක හෙමින්ද යයි, ඒ අතර මිනිසුන් ඊට ගොඩවෙනි, තවත් සමහරෙක් ඉන් බසිති, එ නමුදු සදා කල් රැඳෙන්නෙක් බසයේ නොමැත.තමා කමලාත් සමගසතුටින් හා සමාදානයෙන් මෙතුවක් කල් ජීවත් වූ අයුරු සිරිසේනට දැනෙන්නට විය.විශ්වවිද්‍යාලයේ දී දැන හැඳින තමා කමලා හා ආලයෙන් වෙලුනු අයුරුත්, විවාපත් වී ආදරයේ රස තැන සොයා ගිය අයුරුත් ඔහුට මතක් වන්නට විය. කල් යත්ම ඔවුන්ගේආදරයේ උතතරීතර දායාදයන් සපූද, එමෙන්ම හිරූද ඔවුන්ගේ කැදැල්ලට එකතු වුන දා සිට නිවසෙන් වාන් දමමින්තිබූ සෙනෙහස දැන් පිටවානෙන් කොහේදෝ ඈතට පැන ගිය අයුරකි. කමලාගේ ආදරය කෙමෙන් කෙමෙන්තමාගෙන් හීන වෙවී යන හැටියකි. නමුත් දැන් සියල්ල උඩු යටිකුරු වී හමාරය.සියල්ලට හේතුව නිමලාගේ ආගමනය නොවේ දැයි සිරිසේනට හැඟෙන්නට විය.“නිමලා වීරිය තියෙන එකී” සිරිසේනගේ තොල් පෙති ආයාසයෙන් විවර වවන්නටත්එයින් යළිත් හදවතේ ගැඹුරු ම තැනකින් පැන ආ සුසුමක් පිටවිය.“මහත්තයා බහින්නේනැද්ද. ටවුමටත්ආවා” කොන්දොස්තර කොලුවා සිරිසේනගේ සිහින ලෝකය බිඳින්නට සමත් විය.“ආ හරි හරි, මටමට පොඩ්ඩක් මේ නින්ද ගියා” යයි පිළිවදන් දුන් සිරිසේන බසයෙන් බැස තම ගමනාන්තයටමහමෙර ඉසිලුවෙකු එබර කර මතින් ගෙන ඇදෙන පරිද්දෙන් ගාටන්නට විය.............................................................................................................................................................“වෙලාවට බත් කටකන්ටනම් එනවා,ගෑනියෙක් හැටියට මන් කරන සුමේ මේ මිනිහට පෙන්නේ නැති ගානයිනේ අක්කා”“එක අතකට ඕවා ඔයාගෙත්වැරදි නිමලා,ඔයා ඔය මිනිහව නලවනවා වැඩි මට නම් හිතෙන්නේ”“කාපු පිඟානවත්හොදන්නති කොට ඒ වගක් මොනවටද අක්කා”“ඇත්තෙයි උඹ ඔයකියන්නේ නංගි.”“සත්තයි අක්කා, මටවෙලාවකට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, එත් අම්මව දාල කොයි යන්නද. හ්ම්ම් මොනවා උනත් ඒ මගේ කසාද මිනිහානේ”............................................................................................................................................................“මටනං නිමලා පවුකියලත් හිතෙනවා සිරි, ඒ මිනිහා කාපු පිඟානවත් හොදන් නැතිලු”“බේබද්දෙක්නේ”“හ්ම්ම්, අම්මලා ආපු වෙලාවෙත් දුව ගෙන ඇවිත් සේරම බඩ බැඳන් කරලා වලං හිටන්හෝදලා දීලනෙ ගියේ, මම සල්ලි කීයක් හරි මිට මෙලෙව්වම එපාම කිව්වනේ, හාල්තුනපහ ටිකක් දුන්නම අනේ ඕනාත් නෑ අක්කේ කියලා එත් පින් දීල ගන්නවා”“ඒකි හිත හොඳ එකී, අරකාලකන්නියා නිසානේ ඔහොම වෙලා තියෙන්නේ”“ඔයාට බැරිද ඔය ඔපිස්එකේ තේ හදන වැඩක් වත් මොකක් හරි හොයලා දෙන්න”“නෑ නෑ ඕනා නෑ ඕවා මහාඅහක යන කරදර වැටෙන වැඩ, අපි අපේ වැඩක් බලා ගෙන ඔය පුළුවන් විදියකට උදව්වක් කර ගෙනඉමු,ඔයලාම්පුව නිවල එන්න නිදා ගන්න”නිමලා සිරිසේනලාගේනිවසට යා ව ඇගේ රෝගී මවගේ කල මනා කරමින් සහ බේබදු සැමියෙකුගේ පති දම් රකිමින්දුකසේ දිවි ගෙවන්නියක විය. කවර හෝ කාලයක දැමු බවුන්ඩේසම මත ඉටි කොළ හා ලෑලි කෑලිවලින් වට වූ කොටුවක උන් සියල්ල වාසය කරයි, හිසට ඉහළින් සුළඟට ඒ මේ ඇත වැනෙන තහඩු කොළ කිහිපයක් එහි ඇත. ඇය කෙසේහෝ කුලියක් කර පවුල් ජීවිකාව ඇද ගෙන යන අතර අගේ බේබදු සැමියා ඇයයගෙන් යැපෙමින් ඇයපීඩාවට පත් කරයි. ඇගේද සැනසීම වූයේ ඉස්පාසුවක් ලද මොහොතක සපූ හා හිරූ සමග කාලයගෙවීමයි.............................................................................................................................................................“මහන්සියි අප්පාහරියට” කියමින් සිරිසේන හැන්දෑ යාමයේ බැස යන හිරු රැස් අතරින් නිවසට ගොඩ වැදිණි.පරිසරයට වඩා ඔහුගේ මුහුණ මලානික ය. වෙනදා තාත්ති මොනවාද අපට ගෙනාවේ අසමින් තමාඅසලට දුවගෙන එන හිරූත් සපූත් පෙනෙන්ට නොමැත.“කෝ දූලා.”“මේ හරි වැඩේනේ, දෙන්නනිමලාත් එක්කමයි, නිමලාත් පණ ඇරලා දෙන්නට, ඔන්න දෙන්නා ඉදි ආප්ප මිරිකනවා, කන්න පුළුවන් වෙයිද මන්දා”“දෙන්න මොනවා කරගත්තදදන් නෑ”“තාත්තී........, අක්කියිමායි ඉදි අප්පා හැදුවා නිමලා නැන්දිත් එක්ක, තාත්තී එන්ටකෝ කන්ට, රසායි.”“තාත්තිට කරදර නොකරඉන්නකෝ දූ, තාත්තීඇඟ සෝදාගෙන එයිනේ”“කෝ දූ හදාපුවා කන්නතාත්ති ඇඟ සෝදාගෙන එන්නම්කෝ”ඇදුම් ලිහා දමා සරමකටගුලි වී තුවායක් රැගෙන ලිඳ ලඟට ගිය සිරිසේන ලිඳෙන් ඇදගත් වතුර පනිට්ටුව ඇඟටහලාගත්තාය, සීතලවතුර ඔහු ගත කිලි පොලා යවන්නට සමත් විය.“හූ මෙන්න තාත්තිවෙව්ලනෝ, හූහූ සීතලායිද තාත්ති”“අහකට යන්න දූ තෙමෙන්නැතිව... අම්මිගෙන් සබන් කෑල්ලක් ඉල්ලන් එන්නකෝ”“සබන් ඉවරයි සිරි, දූලානාවද්දීත් තිබුනේ පොත්ත, ඕන් දෙන්නවම අද නෑව්වේ නිමලා”“සබනුත් ඉවරද.”“හ්ම්ම්”............................................................................................................................................................“අක්කේ, අක්කේ......”“ඇයි නිමලා මොකුත්හදිස්සියක්වත්ද.“අනේ නෑ අක්කේ, මමමේ රට රස්සාවකට යන්න කියලා, හැමදාමත් මෙහෙම ඉඳලා හරියන නැහැනේ.”“උඹට ඕවයේ ගොහින්පුරුදුය.”“මොනවා කරන්නාද අක්කේ, ටවුමේඒජන්සියේ රෙජිස්ටර් උනා අක්කේ, පාස් පොත නම් එයාල හදලා දෙනවයි කියලා පින්තූරත් ගත්තා.”“උඹලා ඔබයේ ගිහින්කවුද අම්මව බලා ගන්නේ”“එක තමයි අක්කේ මටත්තියෙන දුක, එත්ඉතින් මොනවා කරන්නද අක්කේ”“උඹට ඕවයේ යන්න සල්ලිතියෙනවද නංගියේ.”“එකවර ගෙවන්න තියෙනගානට තමා හිඟ පාඩු තියෙන්නේ, එහෙ ගිහිල්ලත් ගෙවන්න ඇහැකිලුනේ”“මම අයියා ආවම කියලාබලන්නම්කෝ, අනේමන්දා කෙල්ලෝ දෙන්නට තමයි පාඩුව”“කොයි අක්කේ දූලාදෙන්නා.”“ඔන්න වදෙන් පොරෙන්කවලා දැන් නිදි, ඔයැයිටම හුරු වෙලා බත් කන්නත් ඔයයි ඕනෙලු”“දුලා දෙන්න දාල යන්නමටත් දුකයි අක්කේ, එත් මං නොයා කොහොමද............................................................................................................................................................“සිරි, ඔයාඊයේ රෑ නිදා ගත්තේ නෑ නේද.”“හ්ම්ම් ඔව් පොඩිහිසරදයක් ඇල්ලුවා”“ඉන්න මම තේ හදා ගෙනඑන්නං”සිරිසේන පෙර දා රාත්‍රියගත කලේ නින්දත් නො නින්දත් අතරය, ඇඳ විට්ටමට හේත්තු කර ගත් කොට්ටයට පිට දී මුළු රෑ ම ඔහු කල්පනා ලොවකතනි වී සිටියේ ය. කමලා දරුවන් තුරුලු කර ගෙන නින්දෙහි ය. නින්ද ඔහු අසල කවත්නොමැත. නිමලා රට රැකියාවකට යන්නට සූදානම් වන බව කමලා පැවසීමත් සමග හිතේතෙරපෙන පීඩාවකින් ඔහු පෙළන්නට විය. ඉඳ හිට කමලාට හොරා නිමලාගේ අතින් අල්ලාවිහිළුවක් කිරීමටත් ඇති විටක කීයක් හෝ ඇය අත ගුලි කර “අක්කට ඕවා කියන්න යන්න ඕනෙනෑ” යනුවෙන් පැවසීමටත් සිරිසේන පුරුදු ව සිටියේ ය. නිමලා ද ඒ කිසිවකට අකමැත්තක්පෙන් වූයේ නැත. කොළ සිනාවෙන් ඇය තව තවත් සිරිසේනව උද්දීපනය කලාය.............................................................................................................................................................“සිරිසේන මහත්තයා..., වැඩඇරිලා ගෙදර යනවා වෙන්නැති”“ඔව් මුදලාලි, අදටිකක් වේලපහින් ආව”“ගණන් පොතෙත් ගනු දෙනුවගයකුත් තියෙනවා සිරිසේන මහත්තයෝ”“හරි මුදලාලි මේ මාසේපඩි ගත්තම ඒ ඔක්කොම බේරන්නම්කො, එහෙනම් මන් එන්නම්”“හොඳා හොඳා”නිවසට හැරෙන පාරේපිහිටි සිල්ලර කඩයෙන් ඇතැම් විට ණයට ගනුදෙනුවක් කර ගැනීමට කමලා පුරුදු ව සිටියා ය.කඩය තුල වූ මේසය මත ලොසින්ජර හා නාන ප්‍රකාර රස කැවිලි දැමු බෝතල කිහිපයක් එකිනෙකපරයා දිලෙමින් තම ආනුභාව පෙන්වයි. ඒවාට පිටුපසින් ලාච්චුව දිගහැරගත් මුදලාලිපුටුවට බරදී උපැස් යුවලින් නෙත් වසා ගෙන ණය පොත කියවයි.“නිමලා.........නිමලා...........”“ආ මේ සිරි අයියානේ, එන්නඇතුලට”“කාරී නෑ කාරී නෑ උඹලාරට රස්සාවකට යන්නලු නේද.”“නොගිහින් කොහොමද අයියා, හැමදාමත් මේ දුක විදින්න බැහැනේ.”“කෝ දාස. මොකදමිනිහා පෙන්න නැත්තේ”“ඔන්න අම්පාරේ මොකක්දවැඩකට ගිහිල්ලා අයියේ, එහෙත් බීගෙන නටනවා ඇති”“උඹලා ගියාම අපිට තමයිපාඩු”“නිකන් ඉන්න අයියාවිහිළු නොකර”“විහිළු නෙවේ බන්”“ඉන්න මන් තේ කහටටිකක් හදාගෙන එන්න”“ඕනා නෑ ඕනා නෑ දැන්ඔහොමම ගෙදර යන එකනේ, ආ මේක තියා ගනින්, අක්කට ඕවා කියන්න යන්න ඕනා නෑ, උඹ පස්සේ වෙලාවක හිමීට බේරපන්”“පින් සිද්ද වෙනවාඅයියේ”“උඹලගේ පිනෙන් වැඩක්නෑ බන්, උඹලාඉතින් අපිව දාල යනවනේ”“මම අයියලාව අමතකකරන්නේ නෑ”“මම යනවා බන්”............................................................................................................................................................“තාත්තී, මොනවාදඅපට ගෙනාවේ.”හිරූ පෙර ගමන් එයි.“නංගී, බලන්නෝ.....තාත්ති හන්ගාගෙන ඇත්තේ, හොයාගන්නෝ.....” සපූ හිරූට උපදෙස් දෙයි.සිරී දැන්ද ආවේ, මොකදඅද කලින්.” කමලාදවිමසයි.“කෝ තාත්ති ගෙනාපුවා”“තාත්තිට මතක නැතිඋනානේ දූ, තාත්තිහෙට අර රතු පාට රහ ඒවායින් ගෙන්නම්කො, කෝ තාත්තිට සමාව දෙනවද.”“තාත්ති හරි නරකයි, අපිතරහම තරහයි,ඔන්න හෙට නම් මතක ඇතිව ගෙන්න ඕනා” සපූ පැවසීය. හිරූගේ මුහුණ මැලවීගොසිනි. ඇය දැන් මව තුරුලේය.“මොකද සිරි උනේ, ඇයිකලින්.”“හිස රදේ වගේ කමලා, ටිකක්කලින් ආව”“හ්ම්ම්, මේදවස් දෙක තුනට ඔයා හරියට වෙනස් වෙලා, මුණත් මැලවිලා, මොකද ඔපිස් එකේ ප්‍රශ්නයක්වත්ද.”නෑ කමලා එහෙම මුකුත්නෑ, මේදවස් ටිකේ මහන්සි උන නිසා වෙන්නැති”කෙමෙන් හිරු බස ගොස්රාත්‍රිය උදා වෙයි, චිමිනි ලාම්පුවෙන් ආලෝකමත් වූ සාලය තුල දැරියන් හෙවණැලි රටා මවයි.සිරිසේන ඔහුගේ මනෝ ලෝකයේ ය.“ඔන්න නංගී මේන්සමනළයා”“ශා කෝ අර හාවා”“ලොකූ ලාම්පුව ගාවින්අයින් වෙන්න,අනේ සිරි මේ ළමයි දෙන්න දිහා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නකෝ, මටකුස්සියේ ඉඳන් පුළුවන් ද, මොකද ඔයාට වෙලා තියෙන්න.”“පොඩි යන්න තාත්තාගාවට, ලොකූහ්ම්ම් හ්ම්ම්”“තාත්තී කෝ කතාවක්කියන්නකෝ”“තාත්ති දන්නවද නිමලානැන්දි රට යනවලු, සෝයි නේද. අපට සෙල්ලම්බඩු ගොඩාරියක් ගේනවලු”“ඇත්තද දූ.”“ඕ......අක්කි අපිත්නැන්දිත් එක්ක යන් නේද”“එතකොට තාත්ති”“තාත්තිත් එක්කං යන්”“නැන්දිට දූලා අමතකවෙයි එහෙදි” දූලා කෙසේ වෙතත් ඔහුව අමතක වී යයි අනියත බියකින් ඔහු පෙළෙන්නට විය.“නෑ නන්දි හොඳායි”“පව් අසරණි, නැතිනාස්ති වෙලා යයි” සිරිසේනගේ මුවින් නො කියවුනත් සිත එසේ කීවේ ය.නිමලා රට රස්සාවකටගියා ය, හැඬුම්වැලපුම් මැද සියල්ලට ම සමු දී නිමලා සැමගෙන් වෙන් වී කතර හුදකලා වූවා ය. “අනේඅක්කේ අම්මව පොඩ්ඩක් බලා ගන්න, මන් හැකි විදියට ලියුම් කඩදහියක්වත් එවන්නම්” ඇයගේ අවසන් ඉල්ලීම විය.සියල්ලට ම වඩා හුදකලා වූයේ සිරිසේන ය. ඒකාකාරී ජීවන රටාව පුනරාවර්තනය කරමින්සිරිසේන කාලය ගෙවා දමන්නට හුරු විය.............................................................................................................................................................කාලය ගෙවී යත් මසිරිසේනලාගේ නිවසට යාව තිබූ බවුන්ඩේසම වටකොට සිටි ඉටි කොළ හා ලෑලි වෙනුවට සිමෙන්තිගල් බැදෙන්නට විය. නිමලා එවන ලද මුදලින් නිමලාගේ මවද සුව පත් වී ඇති සෙයකි. ඇයයුහුසුලු ව නිවසේ වැඩ කටයුතු සොයා බලමින් කාලය ගෙවයි.“තාත්තී, අල්ලපුගෙදරආච්චි දැන් සුවඳ සබන් ගාලා නානවා, අප්පා ඒවායේ සුවඳ”“ඇයි දූලා ගාන සබන්සුවඳ නැද්ද.”“සුවඳයි, එත්ආච්චිගේ සබන් සුවඳායි නේද නංගී, එයාලා දැන් ලයිටුත් ගන්න වලු, සෝයි නේ තාත්ති”“අක්කි අපිත් එහෙ යන්නේද.”ළදැරියන්ගේ වදන්සිරිසේනට බරය,පපුවට යවුලින් අනිනා සේය.“සිරි, දරුවොත්එක්ක හැමදාම කරුවලේ ඉන්න බෑනේ, අපිත් ලයිට් ගමුද.”“බලමු”“දහමාසේ ලෝන් එක වත්ගත්තොත් එකෙන් ලයිට් ගන්න පුළුවන් වෙයි නේද.”“අපි බලමු කමලා”කමලාගේ බලවත් වෑයම මතසිරිසේන නිවසට විදුලිය ලබා ගත්තේ ය. හිරූටත් සපූටත් සතුට නිම් හිම් නොවීය.ළදැරියන් දෙදෙනා සාලය මද දැල්වෙන කහ පාට විදුලි බුබුලේ ආලෝකය ආගන්තුක විය. ඔවුන්දෙදෙනා සාලය තුල ගී කියමින් නටන්නට විය. ඒ දෙස බලාහුන් කමලාගේ මුහුණ බැබළෙන්නටත්සිරිසේන තමාගේ මනෝ ලෝකයේ රජ වන්නටත් විය. නමුත් නිවස තාමත් අන්ධකාරයේ ඇති සෙයකි.බාගෙට සාදන ලද නිමලාගේ නිවස තුලින් ද විදුලි බුබුළු දැල්වේ. එය පහන් කූඩුවක අසිරියවිදහා පායි.............................................................................................................................................................පුරා වසර හතරකට පසුඑක් දිනක නිමලා යලි පැමිණ සිටියා ය. සිරිසේන ද පුරුදු පරිදි වැඩ නිම වී නිවස දෙසටපැමිණෙමින් සිටියේ ය. නිමලාගේ නිවස ඉදිරිපිට තොල් රතු කර අව් කන්නාඩියක් පැළඳ සිටිතරුණියකි. කොණ්ඩය අලුත් ආරකට මුදුන් කොට බැඳ පැත්තකින් කඩා දමා ඇත. හඬ සිටි රතුපැහැති දිග ගවුම යටින් තරමක් දිගට පලා ඇත. කිරිගරුඬ වන් දෙපා දෙකක් ඉන් යන්තම්නිරාවරණය වෙයි. ඈ දුටු මතින් ම සිරිසේනට ටවුමේ හවසට සිටින කෙල්ලන් මතක් විය.සිරිසේනගේ දෙපා ඒ දෙසට ගාටන්නට විය.“මේ සිරි අයියා නේද. තාමත්ඒ වගේ මයි, අඳුනන්නපුළුවන් ද .”“මේ නිමලා නේද.”“හම්මේ එහෙනම් අපිවමතකයි, යනඇතුලට මොනවා හරි බීල යන්න”කිසිත් අදහා ගත නොහැකි වූ සිරිසේන නිමලා දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්නට විය. කාර්යාලය ඉදිරිපිට වූමැනවින් පිරියම් කරන ලද ගරාවැටී තිබූ පිළිමය සිරිසේනට මතක් විය.නිමලා තමා ව නිවස තුලටකැඳවූයෙ මන්ද.ආ විසින් රැගෙන එන ලද බඩු මූට්ටු පෙන්වීමට ද. බොහෝකලකින් දුටු නිසා ඈ කතා නො කලා විය හැකි ද. ඈ තමා හා කතා කල එක කොතරම් හොඳද. ආ තමා හා කතා නො කලානම් ඇය අහංකාර වී ඇතැයි තමාට නොසිතේවි ද. තමා එහි ගොඩ වූ පසු මහත් අපහසුතාවට පත් වූවා නොවේ ද. අගේබදු බාහිරාදිය දැකීමෙන් තමා තුල ඇති වුයේ කුමන හැඟීම් ද. සියල්ලටවඩා දිනෙන් දින වැහැරී යන කමලා හා බැලුව කල නිමලා කෙතරම් රූමත් නොවේ ද. දහසකුත්එකක් සිත තුල උපදින ප්‍රශ්න නිදියහනේ සිරිසේන ව පෙළන්නට වූයෙන් නින්ද නම් අසලක වත්නොවීය.“සිරී, මොකදඅදත් නින්ද යන්නේ නැද්ද.” කමලාටද නින්දක් නොමැති සේය.“හ්ම්ම්” ඈ දෙස නොබලාමසිරිසේන කෙඳිරීය.“නිමලාට දැන් සරුයිනේද සිරි, අදවෑන් එකක් පුරවලා මොන මොනවදෝ පෙට්ටි ගොඩාක් ගෙනාවා”“ඇත්ත ද.” කමලාදෙස බැලූ සිරිසේන ඇසුවේ ය. ඇගේ අවුල් වී ගිය හිස කෙස් ඒ මේ අත ගොස් ය. බාගෙටවිවර වී තිබූ අගේ නිදන ඇදුමින් වැහැරෙමින් තිබූ ඇගේ ගත නිරාවරණය වී තිබුණි, දෙතොල්මැලවී ගොසිනි,ඇස් අවට කළු වී ගිලා ගිය සෙයකි, දෙපා ද රැලි වැටී ඇත. සිරිසේන දුටුවේ රතු ගවුමේ පැළුම මතින් දුටුනිමලාගේ දෙපාය. උඩට කර බද තිබූ කෙස්වැටියය.“මටත් සාරියක් දමොකක්ද දුන්නා”දරු දෙදෙනා අලුත්බෝනික්කන් දෙදෙනෙකු තුරුළු කරන් නිදි ලොවෙහි ය.............................................................................................................................................................“අම්මී තාත්ති ළඟ අදහරි සුවඳායි” සපූ කෑ ගසන්නට විය. හිරූද අලුත් සුවඳට ඉව අල්ලයි”“මොනවාද සිරී ඔය”“නිමලා සැන්ට් එකක්දුන්නා”“දැන් ඔයා සුවඳ ගහන්යන වයසක ද සිරි ඉන්නේ. එක එකා කරන විකාර වැඩ නො කර ඉන්න අනේ” කමලා සමච්චල් ලෙස සිනාසෙමින්පැවසුවද එහි කිසියම් හෝ කෝපයක් ගැබ්ව නොතිබුනාද නොවේ.“සලාන්.......”සිරිසේන ඇත වූ සෙන්ට් කුප්පිය යන්තම් රතු මදින ලද සිමෙන්තියද පලුදු කරමින් කැබලිවලට බිදී බිම සී සී විසිරුණු ඔහු දෙනෙත් කෝපාග්නියෙන් රතු වී තිබුණි.“තමුසේ නාකි උනාට මන් නාකි වෙලා නෑ ගෑනියේ”“මේ මිනිහට මොන යකෙක්වැහිලද. කමලාඉකි බිදින ගමන් පැවසීය. සපූ බියපත් වී බලාගත් අත බලාගෙන හුන්නාය. ඇගේ දෙනෙත්බියෙන් මුසපත් වී තිබුණි. හිරූ මවට තුරල් වී හඬන්නට විය.කමලා අත වූ කොටු කොටුලේන්සුවෙන් ඔතා පිගන් දෙකකට මැදි කර බඳින ලද සිරිසේනගේ දිවා ආහාරය තිබුණි.සිරිසේන කිසිවක් නොපවසා නිවසින් බැහැර විය. තවමත් හිරු උදා වීනොතිබිණි. නිමලාගේ නිවසේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රයකින් ගුවන් විදුලි සංස්ථාවෙන්උදෑසන විකාශය කරන ලද පිරිත් නාදය ඇසෙමින් තිබුණි. වැඩපලට යන සිරිසේන ඉදිරියට ආවේදාසය. දාස අත රත්‍රන් පැහැති ස්විස් ඔරලෝසුවකි. අලුත්ම ඩියුරෝ කමීසයකින් සැරසීසිටි ඔහු "ආ සිරිසේන අයියේ" පාච්චල් ලෙස සිනා සෙමින් පැවසීය."අයියේ දැන්ම යන්න දැන් හයයි පනහයි, හන්දියෙන් බස් එක හතට නේද."සිරිසේන එදින හවස ආවේ බීමතිනි. වෙනදා තාත්තී කියමින් පෙරගමන් එනදූවරු පෙනෙන්නට නොමැත."පිට දීපදේශ ජය ගාත්තා....... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගාත්තා......." නිවස තුලින් ගී හඬක් ඇසේ."නංගීඔයාට ඒ සින්දුව පාඩම්ද.""ජයගාතා......ජය ගාතා......""අක්කි, අපි නිමලා නන්දිලාගේ ගෙදර යන් ටීවී බලන්න""නෑනන්දිට කියමු අර පෙට්ටියට පටියක් දාල දෙන්න කියලා""නැන්දී හදලාදුන්නු කූල් රසායි නේද.""කමලා.........මේමොකක්ද ඕයි මේ."නිවසේ කෑම මේසය මත වූ ගුවන් විදුලි යන්තර දැකීමෙන් විමතියට පත් සිරිසේන බෙරිහන්දෙමින් විමසන්නට විය."ආ දණ්ඩආවේ, හන්දියේ මුදලාලිට කරාබු දෙක දීල එතන තිබුණු ණයත් පියවලා ඉතිරි එකෙන්තමා ඕක ගෙනාවේ,මට බෑ එක එකීලගේ ආඩම්බර බලන්න, ඔය රෑ කෑමකටත් එන්න කිව්වේ ගෙනාපුවා පෙන්නන වෙන්නැති. තෑග්ගට උපාධිසහතිකේ ඔතන් ගියානම් නම් හරි, ඒකිට දැන් නැත්තේ එච්චරනේ.ඔයාටත් ඕනා සුවඳ ගගහා යන්නනේ, මම නාකිනේ""තමුෂෙටපිස්ෂුද ඕයි.""නෑ තවමහැදුනේ නෑ, මෙහෙම ගියොත් නොහැදෙන එකකුත් නෑ, ඔය පොඩිඑවුන් දෙන්නට පෙන්නලා තියෙන්නේ වරුනාවත් එක්ක, කනක්ඇහෙන්න නෑ කොයි වෙලෙත් නිමලා, නිමලා, නිමලා.කුමක් හෝතමාට වැරදුනු සෙයක් සිරිසේනට හැඟෙන්නට විය. කමලාගේ වදන් වෙනදා මෙන් නොවේ. ආදර සිරීආමන්ත්‍රණය ඇගෙන් පලා ගොසිනි. දරුවන්ද බියපත්වූ ලෙස බලා හිදින්නට විය, නමුත් උන්ගේ බිය මොහොතකින් පලවා හරිමින් ගුවන්විදුලිය තව ගීතයක්වාදනය කරන්නට විය.එදිනරාත්‍රී සිරිසේනට ගැඹුරුම රාත්‍රියක් විය. රාත්‍රී කෑම හිරූටත් සපූටත් විනෝදජනක හාරසවත් වුවද නිමලාගේ වරුනාව හමුවේ කමලා දක්වන්නට වෙනස්ම ප්‍රතිචාරයකි. අගේ නුරුස්නාමුහුණ නිමලාගේ පුයර තවරන ලද මුහුණට වඩා කැපී පෙනුනි."අක්කලත්රේඩියෝ එකක් අරන් නේද.""ආ ඔව්නංගි, දැන් ඉතින් අපේ අසල වැසියෝ පොහොසත් උදවියනේ"රැයසෙමෙන් ගෙවී යයි, සිරිසේනට ආහාර රස වුවද ඒවාඋගුරෙන් පහලට යන්නේ ගෙල හිර කරමිදෝයි සිරිසේනට හැඟෙන්නට විය."නැඟී අපියන්නම් නේද රෑ උනානේ, දුඋලව නිදි කරවන්නත්ඕනා""හ්ම්ම්හොඳයි අක්කේ,ගුඩ් නයිට් හිරූ, සපූගුඩ් නයිට්""ගිඩ්නයිට් නැන්දී"..................................................................................................................................................................."තමුසෙටකෑම රස ඇති නේද මන් උයන ඒවට වඩා, අහුනනේ ඒකිගේ පාරට්ටුව, ගුඩ් නයිට්ලු, මේ තමුසේ දැක්කනේ ඒකිගේ බදුමුට්ටු, මෙන ලෝකෙන් හරි හෙට එද්දී ටීවී එකක් ගෙනාවා.ගෙවන්න හරි කමන් නෑ ගන්නවා, අපි කවුද අරකි කවුද, මන් මෙහෙම හරි මගුලක් ගෙනාව. තමුසේ හරි හෑන්ඩියානේ, තම්බලා දෙන දේ ගිලිනවා විතරයිනේ අර නිමල්ගේ මිනිහා වගේ.කමලාහාත්පසින්ම වෙනස් වී ඇත. ය දරුවන් හා අනික් පස හැරී නිදන්නට සැරසේ. හෙමින්කාමරයෙන් එලියට ආ සිරිසේන ඉස්තොපුවේ පුටුවකට බර විය. හෙට පොත හූරලා ගන්නවා, දූලගේ පොත් දෙක තියෙනවනේ. සිරිසේන කල්පනා කරන්නට විය. ඉස්තොපුවේදැල්වුණු විදුලි බුබුල නිවී ගියේය. තමා නිමලාට රැකියාවක් සොයා දුන්නානම් යයිසිරිසේනට සිතුනි....................................................................................................................................................................කතාවකියවපු එකේ හිතෙන දේවල් කියලා ගියොත් ගොඩක් වටිනවා. අකුරු වල වගේම ව්‍යාකරණ වලත්අඩුපාඩු ඇති. මෙන්න මෙතුවක් කල් මම ලියපු කෙටි කතා ටික. ඒ සමහරක් කෙටිකතාද කියන්නමම දන්නේ නෑ. මොකද කෙටිකතාවට සමාජය දීපු සම්ප්‍රදායක රාමුව, ඒ අච්චුවට ඒවා වැටෙන්නේ නැති වෙන්න පුළුවන්.වෙලාවතියෙනවානන් කියවලා යන්න. ස්තූතියි.1.මේ අපේ එකෙකුගේ කතාවක්.......2.ගං දිය3.යලි හිමිවූ අහිමි අතීතය4.අළුගෝසු සටහන5.ඈ නාමලීය6.යන්න අවසරයි අම්මි, අප්පච්චී.
BLOG
2014.09.07
http://sonduruminisa.blogspot.com/
අබිනිස් කරපන් හිමි සමින්දා
සොමි යා
ආලය කොයිබද දෙව්දත් හිමිනේරාහුල නොවේදෝ නුඹට උපන්නේයසෝදරා නුඹ තැලුම් ලබන්නේපෙරුමන් පිරුවා මදිද සිතෙන්නේවැදි බන අහලා රැවටුණු හන්දාදෑගිලි බැඳලා පෝරුත් නැග්ගාකාලය ගෙවිලා බිලිඳු උපන්නායසෝදරා නුඹ වියපත් වන්නාකිරි දිය ඉල්ලා බිලිඳු හඬන්නාකිරි නොව කඳුළුම තවත් එරෙන්නාමැදුරේ නුඹ ලද නිවන කොයින්දාබයිට් එක තනපන් ඔහු පැමිනෙන්නාරා කල බිව් නාලා ගිරින්දාවාගේ හිමි සඳු සවස වඩින්නාසයනයෙ රෑ ගුටි පිදුම් ලබන්නාකෙලෙස වන්නද රති රඟන්නාතනිව හිඳ සී මැදුරු කවුළුවෙන්අවට බැලු කල යොමා නුවන්යාහලු යෙහෙලියන් විශාකා වන්බුදුන් සරණෙය පුන් සඳක් වන්සංසාරෙම විඳි දුක මදිවද මන්දානුඹ දෙන දුක් මේ මොනවාද මන්දාතවත් දුක් නම් නොහිලිය හන්දාඅබිනිස් කරපන් මෙන්න වැන්දාමේකේ අන්තිම කවියේ පදේ ලිව්වේ මම අබිනිස් කරපන් හිමි සමින්දා කියලා, එත් එක එලි වැටට ගැලපෙන්නේ නැති හින්දා අබිනිස් කරපන් මෙන්න වැන්දා කියලා පස්සේ ලියලා එඩිට් කළා.ප.ලි.විභාගත් එක්ක මැරිලා වේලිලා තිබුණු කවි සිතට පන ගහලා එන්න ඔක්සිජන් පොඩ්ඩක් ගන්න මොණරිගෙමේ නිර්මාණය_ ගිලිහුණ හීන මතින්_ගොඩක් උදව් උනා, ඇත්තටම මේ ටික ලියුවුනේ ඒ නිර්මාණයට කමෙන්ට් එකක් විදියට, ඉතින් එක මෙතනට උස්සගෙන ඇවිල්ල අත හැරියා.
BLOG
2014.08.29
http://sonduruminisa.blogspot.com/
මම නොවන සමලිංගික වූ මම (මනුස්ස චරිත පිලිබඳ කතාවක්)
සොමි යා
"මොකක්ද මේ බහුබූතේමම gay ද.යකෝ මංවත් නොදැන මම ගේ වෙලානේඔව් එසේ මෙසේ ගේ එකෙක් නෙවේගේ කුරුල්ලෙක්ම වෙලාහෙක් හෙක්විසි එක් වැනි සියවසට ගලපවපු ගේ කුරුල්ලෙක්4G LTE යුගයේ 3G වලින්බලගැන්වුණුගේ කුරුල්ලෙක් "මේක මේ කියන්න කලින් ඇත්තටම මට තාමත් මේ ගැන පට්ටේටම හිනා.මේක මතක් වෙද්දී ඇත්තටමකියනවනම් කට කොනකින් මට තවමත් හිනා යනවා.ඇත්තටම මේකමම ගැන මම නොවෙන කතාවක්. මම ගැන කිව්වට අපි වටා අපිත් එක්කම ඉන්න මනුස්ස චරිතපිලිබඳ කතාවක්.ඇයි මම මෙහෙම මේ සමලින්ගිකත්වයක් ගැන කතා කරන්නේ. ඒ පැනයට පිළිතුරු මේ ලිපිය තුලම ඔබට හොයා ගහ හැකිවෙයි. අද ලාංකීය සමාජය තුල ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් පිරිස් නැහැ කියලාකියන්න ඔබට පුලුවන්ද.හොඳයි, සමලිංගිකත්වය පිලිබඳ ඔබ දරන මතය කුමක්ද. ඇත්තටමකාමාශාවල් සපුරා ගන්න සමලින්ගිකත්වය බාවිතා කල හැකිද. ඕනාඑකක්, එහෙත් මේ සම්බන්දව සංස්කෘතික සමාජය ගොඩ නගා ගතවිවිධ රාමු තියෙන බව පැහැදිලියි. හුඟක් අය මේ දෙස බලන්නේ තමන් දාගත්ත කණ්ණාඩියේ වර්ණයෙන්පෙරිලා එන පාටිනුයි. ඔව් සමලිංගිකත්වය ඒ විදියට ගත්තම පාට පාටයි. ඒ අතරේ ඔබ දකිනපාටකුත් ඇති. ඒ පාට පාට සමලිංගික කොඩිය තමා ඔය උඩින්ම තියෙන්නේ.ඔය කියන සමලිංගිකත්වය පිලිබඳ ආගමික විවරණයන් මෙසේ උපුටා දැක්විය හැක.කි‍්‍රස්තියානියේ මූල ග‍්‍රන්ථය වන බයිබලය තුළමසමලිංගිකත්වය දෙවියන්ගේ කැමැත්තට එරෙහිව යන පාපකාරී කි‍්‍රයාවක් ලෙස හඳුන්වා තිබේ.ඉස්ලාම් ධර්මයේ සමලිංගිකත්වය මව සමග නිදි වැදීමක් සේ සලකා නින්දා අපහාස කොටදෙවියන්ගේ අඩවියට පිවිසීමට බාධා කරන පාප කර්මයක් සේ හඳුන්වා ඇත.බුදු දහම තුළ සමලිංගිකත්වය පිළිබඳ නිර්වචනය කවර එකක්දැයි හඳුනාගතහැකි සඳහනක් නොවෙතත් ස්තී‍්‍ර පුරුෂ මෛථූන්‍යය පිළිබඳ විවිධ වාරණයන් ගැන ධර්මයේසඳහන් වේ.පාරාජිකා පාළියේ භික්ෂුවක් පාරාජිකවන ප‍්‍රධානතම කරුණක් සේ හඳුන්වාබුද්ධ වචනයෙන්ම එයට ගර්හා කොට ඇත.'හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇතිආශිවිෂයක්හූගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි.මාගමක ගේ අංග ජාතයෙහි සියඅංගජාතය බහාලන ලද්දේ නොමැනවි.හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයුක්හගේ මුඛයෙහිඅංගජාතය බහාලන ලද්දේ මැනවි. මාගමකගේ අංග ජාතයෙහි සිය අංග ජාතය බහාලන ලද්දේනොමැනවි. හිස් පුරුෂය,තා විසින් ඇවිලගත්, හාත් පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංග ජාතය බහාලනලද්දේ නම් මැනවි. මාගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.–පරාජිකා පාළිය - ප‍්‍රථම පාරාජිකය.(උපුටා ගත්තේ - http://www.lk/featured/item/550-)ඒ විදියට සමලිංගිකත්වය ගැන ආගමික මතවාදය සලකා බලුකල එය පාපකාරී ක්‍රියාවක් යන පොදු මතයට පැමිණිය හැකියි. ඇත්තටම ඔය කියනසමලිංගිකත්වය කියන්න අහවල් එකක්ද කියලා සිංහල විකිපීඩියාව සඳහන් කරන්නේ මෙන්නමෙහෙමයි.සමලිංගිකතාවයනු එකමලිංගත්වයහෝලිංග-භේදයහෝසහිත සාමාජිකයන් අතරඇතිවන්නාවූශෲංගාරාත්මකසහ/හෝ ලිංගික ආකර්ෂණය හෝහැසිරීමවෙයි.ලිංගික පෙළගැස්මක්නයින්, සමලිංගිකත්වයදැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකමලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත,හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායිමාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත්ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේචර්යාවන්, සහ මේවාට හවුල්අනෙකුන්ගේ ප්‍රජාවන්ගේසාමාජිකත්වය පදනම් කොට ගෙනයමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි.ඔය කියනසමලිංගිකත්වයගැන ඔබට මනා අවබෝධයක් ඇතිවග නිසැකයි, සයිබර් අවකාශය තුල මේ සම්බන්දව ලියවෙනලිපි ඕනා තරම් අපට මුණ ගැසෙන අතර ඒ හරහා ඔබ මේ සම්බන්දව මනා අවබෝධයක්ඇති අයෙකු බව මගේ මතයයි.හරි එත් මෙතන කතාව මාව සමලිංගිකයෙකුකරවීමයි. මොකක්. ඔව්එහෙම දෙයක් තමා. හැබැයි මම නම් ඇත්තටම ඒ ගැන ගණන් ගත්තේ නෑ කියලා කියන්ත් බෑ.පෘතක්ජනයෙක් වශයෙන් එක්තරා දුරකට කෝප ගැන්වීමක් සිදු නොවුනා කියලා කියන්නත් බැහැ.ඉතිං මම මේ ගැන පොඩ්ඩක් හොයාලා බැලුවා. මම මේ කියන්න යන්නේ සමලිංගිකත්වය කියනකාරණය කෙනෙකුට හිරිහැරයක්, ඔහුව අපහසුතාවයට පත්කරන්න,එහෙමත් නැත්තන් සයිබර් අපරාධ සඳහා යොදා ගත්තු හැටියක් ගැනයි. එකත් කරුමෙටම උනේ මටයි මගේ යාලුවන්ටයි. හෙක්.ලංකාව කියන්න මහා හරි අමුතුම රටක්. මම එහෙමකියන්න ලෝකේ තියෙන ඕනෑම කුණු ගොඩක් මේ රටට එනවා වගේම ඒ දේ තමන්ට ගැලපෙන විදියටහරියටම අච්චුවලට දාල හැඩ ගහලා අරගෙන පට්ට ගහන්න පුළුවන් ජනතාවක් තමා ඉන්නේ. ඒ ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.ඇත්තම කියන්න මේ සිදිය සිදු වෙන්නේ මට විතරක්ම නෙවේ, මගෙත් එක්ක එකම ආයතනයේ එකට ඒගෙන ගත්තු මගේ හොඳමමිතුරන් කිහිප දෙනෙකුටමත් මේ දේ මේ අයුරින්ම සිද්ද උනා. ඔබ දන්නවා සයිබර් අවකාශයතුල සමලිංගික අවශ්‍යතාව සඳහා නොයෙකුත් වෙබ් අඩවි පවතින අතර මේවා මටනම් තිබුනත්එකක්, නත්තත් එකයි. හරි ඇත්තම කාරණය මම කියන්නම්. සමලිංගිකත්වයමම දකින්නේ කරන අයට හොඳනම් එක ඒ ඒ අය අනිත අයට කරදරයක් නොවන අයුරින් කරගන්නවා නම් මට ප්‍රශ්නයක් නොවන බවයි, එහෙත් කෙනෙකු එයට බලෙන් පෙළඹවීම,අපහසුතාවයට ලක් කිරීම, එමෙන්ම සමජාඅපරාද සඳහා යොදා ගනීද, අන්න එතන ගැටලුවක් තියෙනවා.ඔය කියන වෙබ් අඩවි වලට ඕනෑම එකෙකුට ඕනෑම අයුරකින්ඇඩ් එකක් පල කරන්න අවස්තාව ලබා දීල තියෙනවා. ඔන්න ඕකෙන් තමා මේක කරන අය ප්‍රයෝජනගන්නේ. අවසන් වසර විභාගයට ආයතනය නිවාඩු දීල සිසුන්ට පාඩම් කරන්න අවස්තාවක්ලාබාදෙනවත් එක්කම තමා මේ සෙල්ලම පටන් ගන්නේ.මොහොතක් හිතන්න ඔබේ ජංගම දුරකතනයටඅතොරක් නැතිව දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබෙනවානම් තවත් අයගෙන් ඔවුන්ගේ ලිංගිකඅවශ්‍යතා සපුරාගන්න එන්න කියලා, එයත් ඔබ යම්කිසි කටයුත්තකට ඔබේ මානස හා අවදානය යොමු කරලා තියෙන මොහොතක.ඔව් අපිට ඒ දේ සිද්ද උනා, මොනතරම් පහත් අමන ජඩ මානසිකත්වයක්ද තියෙන්නේ මේකකරපු පුද්ගලයාට. අවසන් වසර විභාගයට ඔන්න මෙන්න තිබියදී මේ වගේ වැඩක් වෙනකොට කොහොමටඇතිද..මට නම් මේ දේ සිදුවුනේ අවසන් වසර විභාගය තියෙනකාලේදී, එත් මගේ අනිත් යහළුවන්ට මේ තෙවන වසර විබාග වල සිටමඅත්තද්කින්න සිදු වුනු දෙයක්. ඇත්තම කියනවානම් මට ජංගම දුරකතනයක අවශ්‍යතාවයතියෙන්නේ නිදාගන්න කලින් සින්දුවක් අහන්න, වැඩිපුරම පොටෝ ගන්න, කම්මැලි වෙලාවට ගේම් ගහන්න. ඒ නිසා මටදුරකතනයක් තිබුනෙම නැති තරම් මම ඔය ආයතනයට ඇතුල් වුනු කාලය වෙද්දී, ඒ නිසාමට තෙවන වසර විභාග වලදී ඔය අත්දැකීම මුහුණ දෙන්න වුනේ නෑ.ඔබ මේ ලිපිය මුල ඉඳන් කියෙව්වා නම් මම පොඩිනිසදැසක් වගේ එකකිනුයි පටන් ගත්තේ, එක එහෙම උනේ මෙන්න මේ නිසා. මේ තියෙන්නේ මට නෙවෙයි මගේ යාලුවෙක්ට අදාලවදාපු ඇඩ් එක ඔය කියන සමලිංගික අඩවියක. මට මගේ ගැන දාපු එක හොයා ගන්න බැරි වුනා.ඉතින් ඒ විදියට පටන් ගත්ත එක වැරදි නැහැනේ.mama (නම) .(කොළඹ අවට නගරයක) bodimakainne.ඉතින් මේ වගේ අද එකක් වැටුනා කියන්නේ ආයේ කිසිම හෙවිල්ලක්බැලිල්ලක් නැතිව මේ වගේ ඇඩ් එකක් වැටෙනකන් බලාගෙන ඉන්න පිරිසගෙන් පණිවිඩ එන්නයි ඇමතුම් ලැබෙන්නයි ගන්නවා ගැනිල්ලක් ආයේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා තමාබේරෙන්නේ. එන්නෙත් මරුම පණිවිඩ.patiyo oya koheda api set vemudaasl plzmama top oyaayour mine baby3g sapak gamudanumber eka daala thibunaa nedaමගේ එක යාලුවෙකුට එයා පාවිච්චි කරපු නම්බර් එක අයින්කරන්න තරම්ම උනා. එත් එයාගේ දෙවැනිනම්බර් එකඒදේම වුනා.පොඩ්ඩක් හිතන්න අවසන් වසර විභාගය ළඟ යාළුවෝත් එක්ක කතාබහකරලා ගැටළු විසඳ ගන්න විදියක් නැහැ,ඒ වගේම ආයතනයෙන් පිටවෙලා රැකියා ඉල්ලුම් පත්‍රයට දුරකථන අංකයක් දාන්නවිදියක් නෑ, අසනීපව රෝහල් ගතකරලා හිටිය ලෙඩෙක් ගැන විස්තරඅහගන්න විදියක් නෑ.උඹලා තරහකාරයන්ගෙන් පලිගන්න පාවිච්චි කරන මෙතඩ් වලටඇත්තටම අපිට හිනා බන්,අපිත් ඇත්තම කියන්න ඔය එන කෝල් වලින් අතල් එකක් ගත්තා. නෑකියන්නේ නෑ.මේ දේ අපිට කලේ කවුරු උනත් එක දෙයක් නම් පැහැදිලියි. ඒඅපිත් එක්කම එකට ඉගෙන ගත්තු කෙනෙක් යන වග. මොනවා උනත් අපි උඹට අනුකම්පා කරනවා මිත්‍රයා තියෙන ගැටලුවක් විසඳ ගන්න උඹට කශේරුකාවක් නොමැති වීම සම්බන්දව.ඒ වගේම මෙවන් මිනිසුනුත් ඔබත් සමග ඔබ අවටම සිටින බව ඔබට පවසමි.මේ ලිපිය කියවපු ඔබ මම ගිය ආයතනයේදී මට ලැබුණු අත්දැකීම්ගැන ලියපු ලිපියත් කියවලා ඇති කියලා හිතනවා. නැත්තන් මෙන්න.මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයන්පහලින් ලියමි.මම ලියන මේ වගේ ලිපි සියල්ලකම මම සඳහන් කරන දෙයක්තියෙනවා. ඒතමයිඋඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපාකියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත්මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙනවිදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත්පුළුවන් වෙනස් වෙන්න තාමත්.
BLOG
2014.10.27
http://raj-rajmyblog.blogspot.com
සොඳුරු හුදෙකලාව...!!
Raj
හුදෙකලා වූ මොහොතකදුටුව සොඳුරු නෙත් සඟලකපිපිරුණු සිනහ කැන් දැකඅමතක වීය හුදෙකලා සිතපුබුදුවා සිත් සොඳුරු දැහැනකකාලය ගතවීය නොදැනිමකිමැයි වියොවේ අරුමයපසක් කරමින් රැවිදීය සිත තුලඅනෙකුගේ ඇනුම් බහකටඅඳුරුවිය ඒ නේතු යුගඅහෝ සොඳුරු හුදෙකලා බවආයේමත් මා වෙලාගනු මැන.
BLOG
2014.09.24
http://raj-rajmyblog.blogspot.com
ජූඩ් ගේ ලට පට....!!
Raj
අපේ මාමගේ හොඳම යාලුව ජූඩ්, කියලයි පුංචි නම් කියන්නේ. “ ඇත්තටම ජූඩ් හිත හොඳ එකා… “ මාමත් කියනවා මට මතකයි. ඔය කොයිහැටි වෙතත්ජූඩ් කියන්නේ මතකය සුළු මොහොතකින් අමතකවෙලා යන ජාතියේ පුද්ගලයෙක්. එක දවසක් ජුඩ්මාමලගේ ගෙදර ආපු වෙලාවක, තමන්ගේ ගෙදරයතුරයි අයිඩින්ටි කාඩ් එකකයි ලඟ තිබ්බ මේසයක් උඩින් තියල සතුටු සාමිචියේ යෙදිලාසවස් වරුවේ ආපහුයන්න ගිහින්. මනුස්සයට ගෙදරගියහම තමයිදෙලෝ රත්වෙලා තියෙන්නේ දොරේ යතුර නෑ කියල. ඉතින් ඒදා රාත්‍රියගෙදර ෆොටිකොවේජූඩ්ට ගතකරන්න සිද්ද උනත්, පසුදා පහන් උනහමගෙදර අයිතිකාරයට කියල දොර ඇරවගෙන, මොකද ජුඩ් උන්නැහේ කුලී ගෙදරක තමයි වාසය කරන්නේඇත්තටම සිද්දවෙලා තියෙන්නේ අමතක වෙයි කියන බයට හැඳුනුම් පත උඩින් තියපු යතුරපැත්තකින් තියලා හැඳුනුම් පත විතරක් අරගෙන ගෙදර ගියපු එකයි.තවත් දිනයකජූඩ් දුර ගමනක් යන්න බස් එකක නැගුනා හැබැයි කුඩයකුත් අරගෙන. ඔහොම ටික දුරක් ගියබස් එක මඳ විරාමයකට තේ කඩයක් ලඟ නැවතුනා. එලිපහලියට යන්න කියලා ජූඩ් බස් එකෙන්බැස්සා. ඔන්නමිනිත්තු කිහිපයකින් වහින්න පටන් ගත්තා කලබල උන ජූඩ් බස් කවුළුවකින් තමන් හිටපුසීට් එකගාව මගියෙකුට කතාකරලා තමන්ගේ කුඩේ එතන ඇති බැවින් එක දෙන්න කියල ඉල්ලාසිටියා. ජූඩ් දිහාබලාගෙන හිනාවෙන ගමන් මගියා අහනවා “ එතකොට මහත්තයාඔය ඉහලගෙන ඉන්නේ ඒ කුඩේ නෙවෙයිද කියලා”ඔන්න ජූඩ්ගේ මතකේ තරම.සාමාන්‍යයෙන්ජූඩ් මාමලගේ ගෙදර ආවහම පුරුද්දක් විදිහට තමන් ඇඳගෙන ආව ඇඳුම් ටික සොදලා දානවා,එහේම ආව දවසක මාමලත්එක්ක සල්ලාපයේ යෙදිලා උන්න ජූඩ් කලබලේන් නැගිට්ටේ වැස්සක් අතලඟ බැවින් වේලෙන්නදාපු රෙදිටික ගෙට ගන්න හිතාන. එලියට දුවපු ජූඩ් කලබලෙන් ආපහු බාත් රූම් එකටදිව්වා හොදලා දාපු රෙදිටික ඒ වෙනකොටත් බාත් රූම් එකේ.කොහේ හරිගමනක් යන්න ලැහැස්ති උනොත් ඉස්සෙල්ලාම ලැහැස්ති වෙන්නේ ජූඩ් අංකල්. හැබැයි ඒකටත් ටිකවෙලාවක් ගතවෙනවා. මුලින්ම බාත්රූම් එකට ගිහින් ආපහු එනවා, ඒ බුරුසුවඅරගෙන යන්න ටිකකින් ආයිත් එනවා රේසර් එක අරගෙන යන්න ඔන්න ඔහොම දෙපාරක් තුම්පාරක්ආවට පස්සේ තමයි එයාගේ ලකලැහැස්තිය ඉවර වෙන්නේ.තවත් දවසකජූඩ් නාලා තුවායකින් විලි වහගෙන ගෙදර ෆොටිකොවේන් ඇතුළුවෙන කොට පාරේ කාන්තාවක්දැකලා බාගෙට විලිවහගෙන ඉන්නේ කියලා ගෙයි කාමරෙට දුවලා. ටිකකින් හිනාවෙවිඑලියට ඇවිදින් අර කාන්තාව උඩබිම බලනකොට ජුඩ් කලබලබලවෙලා බලන කොට ඇතුලට ගිය ජූඩ්එලියට ඇවිත්තියෙන්නේ නිරුවතින් නෙව.
BLOG
2014.08.12
http://raj-rajmyblog.blogspot.com
බහුබූත………
Raj
අම්මපල්ලාඇත්තට එකා හිටියනම්හිතයටපොරබදාඅල්ලාගනදුක්විද විදඉන්නටඑතරම් සැපක්කොහිද හිතකටඇසිපිය ගැසෙනඇසිල්ලෙකඑකා පැනගොස්යහනිකටඉතින්විදවන්නේ කෙලෙසටසැපය ඉවරයිහෙට අනිද්දටයලිත් විඳ විඳඉන්නටනොහැකි ලෙසගැලවුනුකොටඅම්මාපල්ලා ඇත්තටතියෙන තරහක්හිතේ ගැට්ටෙක…….
BLOG
2014.07.15
http://raj-rajmyblog.blogspot.com
විහිළු හතරක්...........
Raj
ඔලේවල් කරලාඉවරවෙනකොට මට ඔන උනේ කලා විෂයන්ගෙන් උසස්පෙළ හදාරන්න, කොහේද ඒකට ඉඩක්..." ඔය ආට් කරපු එවුන්ට වැලේ වැල් නෑ.. අඩුගානේ කොමස් වත් කරහන් " ගෙදර මහතැන් වලින් ලැබුනේ අන්න ඒවගේ නියොගයක්.ඉතින් ඊට පස්සේ හොල් ක්ලාස් ගෲප් ක්ලාස් ගානේ බඩගාලා "හැබැ එව්වැ ආතල් එකක් තිබ්බේ නෑ කිව්වොත් නම් ඒ සහගහන කෙප්ප" බොහෝමඅමාරුවට එලේවල් ගොඩදාගත්තා එත් රජෝ යුනිවර්සිටි යන්න රිසාල්ට් මදි." අන්න උබටහරියන කොම්පියුටර් ඩිග්‍රියක් තියෙනවා කරහන්" යකෝ කොමස් කරපු මට කොම්පියුටර්ගනං දිරවයිද . කොරන්ඩ දෙයක් නෑකොරන්ට දෙයක් නෑ නියෝගය ලැබී අවසන් , එහෙමවත් ගොඩයං ඔන්නඉතින් අවුරුදු තුනක් තිස්සේ ඩිග්‍රියක් පස්සේ දිව්වා " හැබැ ක්ලාස් එක පුරාම ඉංග්‍රිරිසියෙන්ටොක් කර කර හිටපු කලුසුද්දන්ට සිංහලෙන් කතා කරන හැටි පුරුදු කොරන්ට ලැබුන එක ඩිග්‍රිය නොලැබුනාට වඩාලොකු දෙයක් "මහා අධ්‍යාපනරටාවක් ගැනවත්, පිටරටවල අධ්‍යාපනක්‍රම මරු කියන්ඩවත්, රටකරනඇත්තන්ගේ චක්‍රලේක පට්ට ගහන්ඩවත්, මට ඔනේ නැතිඋනාට අපි සහ අපේ වැඩිහිටියන්ගේ ආකල්පවල ඇතිවෙන ගැටුම් කාරි ගතිය නිසා අපිට යන්නඋනේ කොයිපාරෙද . ගියේ මොනපාරේද . කියන එක ගැනපොඩි අවුලක් හිතට ආපු නිසා ඔන්න ඔහේ කොටලා දාන්ඩ හිතුනා. හැබැයි මතක තියාගන්ඩඔනේ 100%කටම මෙහේමවෙලා නැතිවගත් අන්න ඒ ගොඩට අපි හැමොටම වැටෙන්ඩ පුලුවන්නම් පට්ටය කියන නිගමනේ තමයිමම ඉන්නෙත්.දැන් ඔන්නඑලේවල් පාස් උන පලියට හැමොටම ලංකාවේ කැම්පස් වලට සෙට්වෙන්න වෙන්නැහැනේ, නමුත් වර්ථමානයවෙනකොට පනම් හතරක් අතේ තියෙන ඔන එකෙකුට කොහොම හරි ඩිග්‍රියක් ගහගැනිමේහැකියාව තියෙනව. ඒත් ඔය ගත්ත අධ්‍යාපන සුදුසු කමටම හරියන ජොබක් ලංකාව තුලසෙට්වෙන්නේ කීයෙන් කීදෙනාටද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා...කොච්චරඉගෙනගත්තත් අන්තිමට අපිට ජීවත්වෙන්න ආදායමක් ඉපයිය හැකි මාර්ගයකට අවතීරනය වෙන්න සිදුවෙනවනේව, එතනදි තමන්ගේමහැකියාවෙන් සහ ධන ශක්තියෙන්තමන්ගේම දේයක් පටන් ගන්න පිරිස හැරුනුකොට බහුතරයට මොනයම් හෝ ආයතනයක සේවයටබැඳෙන්න සිදුවෙනවා, අපට මුලින්මඅවශ්‍යවෙන්නේ යැපීය හැකි වේතනයක්සහිත ජොබ් එකක්නේ, නමුත් ඔයකියන රස්සාව ලැබිලා කාලයක් යනවිට ඕනෑම කෙනෙක් කැමති තමන් ඉන්න තත්වයෙන් ඉහලට යන්නරැකියාව පැත්තේන් ඒදේ විශේෂ වෙන්නේ ඉහලට යනවිට වේතනයත් වැඩිවන නිසා, ආන්න එතකොට තමයිතමන්ගේ අධ්‍යාපන සුදුසුකම් කරලියට එන්න පටන්ගන්නේ.“ ඒලෙවල් කරේකොමස් වලින්..තියෙන්නේ කම්පියුටර්ඩිග්‍රියක්... හැබැවැඩකරන්නේ බැංකුවක, පොස්ට් එකබැංකු සහකාර.. ඉන්නේ අයිටිඅංශයේ හැබැ පරිපාටිය (කාඩර් එක) බැංකුනිලධාරි. දැන් කොහොමද ඉහලට යන්නේ ඉන්න කාඩර් එකට අවශ්‍ය අතීරෙක සුදුසුකම් වලටඅයිටී ඩිග්‍රීය අදාල නැහැ. හැබැ අයිටිපරිපාටියට ඒ සුදුසුකම ප්‍රමානවත්. පැත්තකට වෙලා කල්පනාකරන කොට මේකත් හරියට අරවමෙව්වා දාල ගහපු කොත්තුවක් වගේ.”දැන් ඉතින්ආයිමත්, තියෙන ජොබ් එකට හරියන අතිරේක අධ්‍යාපන සුදුසුකම්එකින් එක අහුලන්ඩද වෙන්නේ ආපහු .“ එහේනම් ඉතින්ඒලෙවෙල් ඉවර උන ගමන්ම ජොබකටපැනගෙන, ආං ඒ ජොබ්එකට හරියන විදිහේ ඩිග්‍රියක් කොරගෙන, කාල බිලා ඉහලට ගොහින් සැපට ඉන්න තිබ්බනේ... මොන මගුලකටද බලෙන්ඇඟේ එල්ලපු ඩිග්‍රියකුත් කරපින්නගෙන.. උදේ හවහා පිම්මේ දුවන්නේ. දැන් එතකොටඒලෙවල් කරපු ගමන් ජොබක් දෙන්න අපේ රටේ හැම ආයතනයක්ම ආසාවෙන් බලං ඉන්නවද . එහේනම් මරුනේ…...හොඳ නැද්ද අපිකැමති විෂයකින් ඒලේවල් කරල, පුලුවං ට්‍රයිඑකක් දිලා අපේම කැම්පස් එකකට රිංගගෙන, අපි කැමති විදිහේ ඩිග්‍රියක් කොරගෙන, ඒ කට හරියන ජොබකටසේට්වෙලා සංතොසෙන් මැරිලා යන්න. ඇත්තට මෙව්වානිකං විහිළු විතරද මන්දා.......අම්මපාඅවුරුදු හතරක් කියන්නේ දැං නම් ඊයේ පෙරෙදා වගේ කියල තමයි මේ දුවන දිවිල්ලට හිතෙන්නේම. හැබැ අටෝගත්ත බ්ලොග් එක මෙච්චර කාලයක් ඇදගෙන එන්නලැබුන එක ගැනනම් පොඩි පහේ සංතොෂයක් තියෙනවා. ඒ එක්කම මේතාක් කල් මගේ බ්ලොග් පොස්ට්කියවපු සහ බ්ලොග් සම්බන්දයෙන් සිදුකෙරුන ඇතැම් පොදු කටයුතුවලදි මුනගැසි වචනයක්දෙඩු බ්ලොග් සහෘධයන් හැමොටම ස්තුතීයි...නමුත් බ්ලොග් රෝලදිගේ පහලට යනකොට මමආසාවෙන් කියවපු ඇතැම් සිංහල බ්ලොග් අතරමග නැවතී තියෙන බව දැක්කම කනස්සලක් ඇති උනා. ඒ කාලේ හිතට එකඟවකොමෙන්ටුවක් දාන්න පුලුවන් ලිපියක් කියෙව්වම අප අතර ඇතිවෙන සුහද අදහස් ප්‍රකාශකිරීම්සහ දැනුවත් වීම ඇත්තටම හරීම රසවත්. ඔවුන් ආපසුයමක් ලියනවනම් පාථකයෙක් විදිහට මා හරිම සන්තොසවෙනවා .. ඒ නිසාමනෑවතිමකකොමාවක් වැටිලා තිබුන බ්ලොග් අතුරින් කිහිපයක් සටහන් කරන්න හිතුනාමෙන්න මේවිදිහට..Z එක | ෴THE JD ONLINE෴ , මන්තරකාරි, හිතුමතේ බ්ලොග්, මගේ මරණය, මතකයේ රැඳුනුතැන්...., අළු පාටහැන්දෑව., ප්‍රහාරය, ගැහැනු ළමයි, Iceගේ කොලම, පැණි දොඩම්, දුමීගේ කට කහන කතා, නිසූගේ කතා, පලාමල්ල :::: palaamalla, හසිගේ සිතුවිලි, මගේ තනිකම, BLOG ගඩොල්, ඔසිකතා, අසරණයා, ළිහිණි ගේ ජීවිතය, සිහින සිත්තම්, වර්ණාගේ මතක, මගේ ලෝකය, වෙද ගෙදර, බට්ටී, ---- රත්ගමයා -----ආපහු වෙලාවකකොමෙන්ටුවකින් පොස්ට් එකකින් සෙට්වෙමු ආ ගාළු ආවොත් එහේදිත් සෙට්වෙන්න පුලුවන්නෙව ……….
BLOG
2014.06.17
http://raj-rajmyblog.blogspot.com
මිනිසෙක්...........
Raj
අළුපාට අහස් ගැබසුළඟට වැනෙන දුම් රොටුදා දියෙන් පෙඟුන කයගිනි වැකුන දේ ඇස්කම්මලක් වැනි සිතිවිලිඅතැක බරවු මන්නයසොයන්නේමිනිසෙක්..නොව,ජාතියක්ජම්මයක්නැතිරුහිරුබිඳක්.
BLOG
2014.05.28
http://raj-rajmyblog.blogspot.com
සප්ත්‍ය කන්‍යා කඳුවැටිය මත රැයක්......... [Night at the Seven Virgin peaks].
Raj
රේල් හයික් එකෙන් පසු ඇඟට දැනෙන්ට ගමනක් නොගියබැවින් සහ මේ වසරේ සැලසුම්කරගෙන තිබු පරිද්දෙන් සප්ත්‍ය කන්‍යවියන් මැද රැයක් ගතකිරිමේඅපිරිමිත ආශාවෙන් පෙලෙන්නන් වු අප බක්මහේ මුල් සතියෙහි දුෂ්කර ගිරි හිස් තරණයකලේමු.අපි සගයන්සයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක්විමු, නමුත් අපගේ එක් සගයකු හැටන්වලදී ද අනේකා ලක්ෂපානදී දඅපහා එක්වන්නට නියමිතය. වේලාව රාත්‍රි8ට ආසන්නයබදුල්ල බලා දිවෙන රාත්‍රි දුම්රිය මෙවරද අපේ ගමන් රථය ලෙස යොදාගතිමු. දුම්රියපිටත්වීමට තව ඇත්තේ විනාඩි දෙකක් පමනි අප නොයිවසිලිමත්ය, මන්ද අපේ එක් සගයෙකුතවමත් ප්‍රමාද බැවිනි. දුම්රිය තමසුපුරුදු නලා හඬවමින්ඉදිරියට ඇදෙන්නට සුදානම්වෙත්ම සෙනග අතැරින් දිව ආ අපේ මිතුරා දුම්රිය කුටියටඇතුලුවිය.කොළඹ හැටන්මහා මාර්ගය ඔස්සේකලුගල හන්දියට විත්, ලක්ෂපානමාර්ගයෙන් කොත්තැල්ලනට යාහැකිවුවත්, රාත්‍රිතැපැල් දුම්රියෙන් හැටන්වලට විත්, උදැසනගිනිගත්හේන ඔස්සේ කොත්තැල්ලනට යෑම අපේ අරමුන විය. ඇරත් රාත්‍රි දුම්රියගමන බසයේ ගමනට වඩා නිස්කලංක සහ සංතුස්ටිය උපදවන්නකි.අළුයම 1.30ටපමණ හැටන් දුම්රිය පොළට සෙන්දුවීමු.දුම්රිය විවේකාගාරයට පිවිස කෙටි නින්දක්ලබාගතිමු . උදැසන අපේ තවත් ගමන් සගයෙක් හැටන් වලදි අප හා එක්වීමත් සමග අපනැවත ගමන් ඇරඹීමු, කොත්තැල්ලනබලා යෑමට ගිනිගත්හේන බස් නැවතුමෙන් බසයක් අල්ලා ගතයුතු විය.ගිනිගත්හෙනින්පිටත්වි ලක්ෂපාන මග ඔස්සේ කොත්තැල්ලන බලා යන ගමනේදි අපගේ අවසන් සාමාජිකය අපහාසම්බන්ධවිය. පැවති පෑවිල්ලත් සමග මග දෙපස තරමක් කර්කෂ බවකින් යුක්තය, අප ගමන්ගත් මාර්ගයකාපට් අතුරා නොමැතිවු අතර මග තැනින් තැන තරමක් කඩතොලු බවින් යුක්තවිය, ඉදින් බසයේගමන්වේගයත් සමගින් අප දුහුවිලි වරුසාවන්ට අසුවු අවස්තා එමටය.බසය තමගමනාන්තයට පැමිනියේය. අවසන් නැවතුම අසල තරමක කඩයකි, පාරේ අනෙක් අන්තය සරු තේ වතුයායකින්පටන්ගෙන සප්ත්‍යකන්‍යා කඳුපන්තියෙ තෙක් විහිදින. කඩය හිමිකරු තලතුනා තැනැත්තකුමෙන්ම ඉතිහාසගත ගුවන්යානා අනතුර පිළිඹඳ අත්දැකුම් ඇත්තෙකුද විය. මොහොතක ආගියතොරතුරු සල්ලාපයෙන් පසු අප තේ යාය ඔස්සේ කඳු පන්තියේහි පිවිසුම වෙත පියවර තැබිමු.තේ යායපසුවීමත් සමග ඔවිටක ස්වරුපයක් ගත් බිම් කඩක් පසුකල අප ගෙවල් කිහිපයකින් සැදිගොඩැල්ලකට පිවිසීමු. ගැමියන් අපසුහදව පිලිගත් අතර කඳු මං පෙත අපට පෙන්වා දෙන ලදි, සිරිත් පරිදි වෙනදාමෙන් වනයට ඇතුලුවීමට පෙරදෙව් අවසරද ගෙන ශක්තිමත් සිතින් රූස්ස ගස් අතරට පිවිසීමු.එකවරම සීග්‍රනැග්මක යෙදෙන්නට අපට සිදුවිය, එතරම් ඝන යටිරොපනයක් නොමැති වූයෙන් නැග්ම එතරම් අපහසු වූයේ නැත. පලමු සහ දෙවන කඳු මුදුන්පසුකරන තෙක්ම වල්ලාපට්ට ශාකය දරුණු විනාශයකට ලක්ව ඇති බැවු දක්නට ලැබින, අවශේෂ කොටස්ලබාගැනිමට බොභෝ ශාකයන් කපා කොටා පෙරලා දමා තිබුනි.තෙවන කඳුමධ්‍යටපැමිනෙන විට යටිවගාව කෙමෙන් වෙනස්වීය, තැනින් තැන බටපඳුරු දක්නට ලැබුනි. ඇතැම් තැන්හී විශාලගස්කඳන් වැටී තිබුන බැවින් ගමනේ වේගය තරමක් අඩාලවිය. එසේම තරමක කලුගල් තට්ටුවක්කන්දවටා පැතිර තිබුනි. ඉරඅවරට යමින්තිබුන බැවීන් හතරවන කඳුමුදුනේහිකුඩාරම ගසාගැනිම අපේ අරමුන විය.තෙවැනි මුදුනපසුකල අප තරමක දළ බෑවුමකට සේන්දුවිය,පහලට බසීත්ම සතරවෙනි කඳුමුදුන තරමක මීදුමකින් වේලියනුදක්නට ලැබුනි, වැසිවනාන්තරවල ලක්ෂණ මනාව විදහාපාමින් රූස්ස ගස් අතුපතර විහිදා විශාල පත්‍රයන්ගෙන්සමන්විත විය. එනිසාම අඳුරතරමක් දැඩී විය, රැහැහියන්ගේ කෲෂ් නාදය සතරවටින්ම නැගී එන්නටවූයේ සිත කීරිගස්වමිනි. සතරවන කඳුමුදුනට ලඟාවෙත්ම ආනතියෙන් යුත් ගල් පොත්තක් නැගීමට අපට සිදුවිය. එසේම පලමු වරට අලිබෙටි තන්හි තන්හි දක්නට ලැබුනි, තරමක මීදුමක්අප වෙලාගත් බැවින් නැග්ම පරික්ෂාකාරීව කරන්නට සිදුවිය. ඇතැම් විට පා සතරම උපයොගී කරගෙන ඉහලටයායුතුවිය. වැසි සමයේ ආරම්භය සනිටුහන් කරමින් අහස ගිගුරුම් දුන් අතර තරමක සිරිසිරි වැස්සක් ඇදහැලෙන්නට පටන්ගැනින. ගල්පොත්ත අවසන් වූ පසු ඝන බට ගාලක් අතරින්ගමන් කිරිමට සිදූවිමත් සමග කූඩැල්ලන්ගේ නොනවතින් ප්‍රහාරයට අප නිතැතින්ම ගොදුරුවිය. වැස්සර තරමක්තුරල්වෙන විට අප නැවත යටිරෝපනය අවම ප්‍රදේශයකට ලඟාවිය. ඒ සතරවැනි කඳුමුදුනයි,වේලාව සවස 5හ පසුවෙමින් තිබූබැවින් ඉක්මනින් කුඩාරම ගැසිය යුතුවිය , නැවත වැස්ස වැඩිවෙමින් තිබු මොහොතක වදෙන්පොරෙන් කුඩාරම ගසා ගත්තෙමු. අප මිතුරකු වැසි කබායක් ගෙනැවිත් තිබූ බැවින් වැසි මැදකුඩාරම ගැසීමට එය මහත් පිටුවහලක් විනි. නැවත වැසි තුරල්වීමෙන් පසු ගිනිමැලය ගසාගතහැකිවිය. කැලයේ ඇති තරම් දිරාගියබටගස් තිබු බැවින් දර පිළිඹඳ ගැටලුවක් අපට ඇතිනොවීන. තරමක වැසි වැටුනද අළුයම් කාලයතෙක් ගිනිමැලය දැලුවුනු බවට, උදැසන අපඅවදිවන විටත් දුම් රොටු විහිදෙමින් තිබු ගිනි අඟුරු ශාක්ෂිදැරීය.රාත්‍රි ආහාරයචීස් සහ ක්‍රිම්කැකර් වලින් යුත්වූ බැවින්, උදෑසන සඳහා තරමක බර ආහාරයක් ගැනිමට අපසිතුවෙමු. ඒනිසාවෙන්මනූල්ඩස් සමග මීට්බොල්ස් පිස ආහාරයට ගතිමු. ඒ කදිම ආහාරවේලකි, කුඩා කැබලි වලට කඩාගත්නූල්ඩස් උනුවතුර සහිත බොතල් කිහිපයකට දමා තම්බා ගැනිමෙන් පසු වතුර පෙරාහැර,ගිනි අඟුරු මතපිලිස්සෙමින් තිබු මිට්බොල්ස් සමගින් මිශ්‍ර කර ප්‍රනීත බොජනයක රසය වින්දෙමු.උදෑසන 7 වනවිට නැවත පිටත්වීමු, සතුන්ගෙන් සෑදුන වනමං ඇරෙන්නට කිසිඳුඅඩිපාරක් දක්නට නොලැබින. ඒ නිසාවෙන්මකඳු පන්තියේ ආනතිය අසලින්ම අපි ගමනෙහි යෙදුනේ වනාන්තරය මධ්‍යයෙන්ගමන්කිරිමෙන්මංමුලා වීමට බොහෝ ඉඩකඩ තිබූ බැවිනි. කඳු පන්තියේ ඉහල ප්‍රදේශයේ අප ගමන් ගත් බැවින්රූස්ස ගස්වලට වඩා යටිවගාව ඉතා ඝනව වැඩි තිබුනි. එය තනිකරම බටකෑලැවකි අපගේ ගමන් වේගය තරමක්මන්දගාමි වූයේ බටගාල් කඩා බිඳගෙන ඉදිරියට යෑමට සීදුවීමනිසාය. ඇතැම් විට දනගාමින්ගමන් කිරිමට සිදුවිනි.පස්වෙනිකඳුමුදුන පසුකරමින් අප කඳු පන්තියේ උසම මුදුන වූ උඩලක්ෂපාන ගල වටා ගමන්කරමින්සිටියෙමු, සයවන සහ හත්වනකඳුමුදුන් අතරවු ඒම පෙදෙස විශාල අලි මංකඩකින් යුක්තවිය, එසේම වනස්පතිය එක් අන්තයක් දෙහිඔවිට බස්නාගලනූරිය ප්‍රදේශය දිශාගතව පැතීරියයි, මා පෙරකියූඅලි පාරද කන්ද වටා බස්නාගල දිසාගතව විහිදී තිබුනි.එසේමකඳුවැටියෙහි අපට දැකගතහැකිවූ එකම දියපහර සමුවූයේද හයවන සහ හත්වන මුදුන් අතර මේ ප්‍රදේශයෙදීය.ඉතා කුඩා දියපහරක් වු නමුත් මෙතෙක් හිස්ව තිබූ අපගේ වතුර බොහොතල් කිහිපයක්ම යලිපුරවාගැනිමට අපට හැකිවිය. දියකඳුර වටාපිටාවෙහි බොහෝ අලි බෙටි දක්නට ලැබිමෙන්ඔවුන්ද එම කඳුරෙහි නිතර ගැවසෙන්නන් බව අපට පසක්විය.1:50000 සිතියමට අනුවදියකඳුරු කිහිපයක් දක්නට ලැබුනද ඒවා කඳු පංතියෙහි මුදුනේසිට මිටර 100ත් 200 අතර බෑවුම්ගතවපටන්ගෙන ගලා යන බැව් අපට පසක් විය. කඳුමුදුන් ඔස්සේ ගමන්කරන විට හමුවන එකම දියකඳුරහයවන කඳුමුදුන පසුකර හත්වන මුදුන පටන්ගන්නා ඉසව්වේදී දැකගත හැක. නමුත් දින දෙකක්ගතකිරීමට අවශ්‍ය පමන වතුර අප අනිවාර්‍යෙන්ම රැගෙන යායුතුමය.දියකඳුර පසුකරඅවසන් කන්දෙහි නැග්මක යෙදුන අප ගල්තලාවකට සේන්දුවිය වේලාව පෙරවරු 10 පසුවූවා පමනි එක්වරමඝනමීදුමකින් හාත්පසවෙලීගත්තේය. ටිකවෙලාවක්අප ගල්තලාවේහි රැදුනි, මන්ද මීදුමත්සමග ගමන මහත් අවදානම් බැවිනි. ගල්තලාව අවට අලි බෙටි මෙන්ම ගෝනන්ගේ වසුරුදදැකගතහැකිවිය. ගෝනන් ගැවසෙන බවට ලැබුනු මුල්ම සඥාවයි ඒ.මීදුම පහවයත්මඅප නැවත අවසන් කඳු මුදුන කරා වේගවත් ගමනක යෙදුනෙමු. බට පඳුරු වඩා ඝනව වැවීතිබුනේඉදිරියෙන් එන කිසිවකුත් නොපෙනෙන අයුරිනි. බොහෝ විට බටපඳුරු පීරාන වඩා බිමට නැඹුරුවගමන් කිරිමට සිදුවිය. මං මෙතපාදාගැනිමට අප ගෙනැවිත් තිබු වක් පිහිය බොහෝ උපකාරිවිය.පෙරදිනටකලියෙන් වරුසාව පතිතවීමේ ලකුනු අහස්කුස පුරා දක්නට ලැබුන අතර කඳුකර කැලැව වඩාත්තෙත්ගතියෙන් යුක්තවිය, ඒනිසාමකුඩැල්ලන් සමග නිරන්තර අරගලයක යෙදි හෙම්බත්වි සිටි අප අවසන උන් අපේමශරීරකොටසක් යැයි සිත්සනසා ගත්තෙමු. නමුත්විශේෂත්වය වන්නේ අප හොඳින් දෙපා ආවර්ණයකොටගෙන තිබූවත් බට අකුල්සමගපොරබැදිමෙන් උන් අපගේ සිරුරපුරා එල්ලි සිටිමයි, බොහෝ විට ඉනවටා කුඩලු පොකුරු සිත්සේ ලේබීමෙහි නිරතවිය. කුඩැල්ලන් මතතකයත් සමක අපගේ එක් ගමන් සගයකුපැවසුවක් සිතට නැගේ… " මුං ඔක්කොමඑක්ක මුහුදට පනින්න හිතෙනවා " නොසන්සුන් සිතිවිලි අතර ඉබේම මුවින් පිටවු ඒවදන් අප කාගෙත් මුවගටසිනාකැන්දුවේය.දහවල මැද අපඅවසන් කඳු මුදුන පසුකලේමු. කෙමෙන්කෙමෙන් බැස්ම ත්‍රිවූර කෙරෙමින් ඝන යටි රෝපනයද අවම මට්ටමකට පත්ව තිබුනි. නමුත්තන්හි තන්හි තරම උසින් යුත් බට පඳුරු දැකගත හැකිවිය. පස්වරු 2ක පමන වෙත්ම සිරිපොදවැස්ස ඇදහැලීමට පටන්ගෙන ක්‍රමයෙන් තරමක් වර්ධනයවිය, අප කෙමෙන් තෙත්බරිවු අතර කෙසේහෝවනාන්තරයෙන් පිටතට පැමිනීම එකම අභිලාෂය වූයෙන් නොනැවති ඉදිරියටම ගියෙමු.බැස්ම දැඩිආනතියකින් යුක්ත වු අතර පහලට බැසීම ඉතා සීරුවෙන් කලයුතුවිය, තරමක දියපහරක් පහලටගලායෑමෙන් සැදුන මංකඩක් ඔස්සේ අප පහල බැසීමු.ඇතැම්විටආධාරකයන් ලෙසට බට පඳුරු උපකාරීවිය, එකා පසුපසඑකා තරමක දුර ප්‍රමානයක්පවතින ලෙසට බැසීම සිදුකල යුතුවිය, කිමද යත් සමහර ගල් කැබලි අඩමානයට තිබූඅතර, ලිස්සා ගොස් පහලින්ගමන්කල පුද්ගලයාට අනතුරක් සිදුවීමට වඩා ඉඩකඩක් පැවති නි. කෙමෙන් පහලට බැසීමඉතා මන්දගාමිවු අතර මිටර300ක පමනබැස්මකින් පසු බැවූම ප්‍රපාතාකාරි වූ බැවින් කන්ද හරහා ගමක් කර ගස්වැල්ආධාරයෙන් අවධානම අවමවන ලෙසට පහලට ඒමටසිදුවිය.සවස 5හ පමන වනවිට කඳුවැටියඅන්තයේහි ගලාහිය කැලණි ගඟ වෙත පැමිනිමට අපට හැකිවිය. අනේක් ඉවුරින් නැවතකඳුවැටිය පටන්ගත් අතර ඒ සමනොල අඩවිය කරා පැතිරයන්නක් විය, අපගේ ගමන් මගදිසාගතවූයේ ගඟ පහලට බැවින්ගල් උඩින් පනිමින් ගඟ ඔස්සේ පහලට ගමන්කලෙමු. වැස්සත් අඳුරත් තෙහෙට්ටුවත් අතරනොසන්සුන් සිතිවිලි සමග පොරබදිමින් අප පහලටම පැමිනියෙමු. ගඟ පටන්ගැන්මේ මුල් ප්‍රදේශය බැවින් දෝ කුඩා කුඩා දියඇලි කිහිපයක්තරණය කිරිමට අපට සිදුවිය. ගමනනිමාකිරිමට තිබු දැඩි අවශ්‍යතාව නිසාමදෝ අප එම කුඩා ඇලි වලින් බැස්සා නොවපැනදිව්වාක් යැයි කීම අතිශොක්තියක් නොවේ. ඒ අතර පය ලෙස්සා වැටුන අවස්තාද ඔනෑතරම්ය. මීටර 700ක් පමන පහල බැසිමෙදිතේවතුයායට පිවිසිමට අපට හැකිවිය. ඒ ඔස්සේ තේෆැක්ටරිය තිබු පෙදෙසට අප පැමිනෙන විට සවස 6 පසුව තිබුනි. මනුස්ස වාසයට පැමිනිමත් සමගමහත්වූ සැහැල්ලුවකින් සිතගත වෙලාගත් බවක් අපට දැනුනි.අපගේ වම්අන්තයෙන්, අප තරණයකලසප්තකන්‍යවියන් මිහිදුම්සේල මතින් සැරසි අහස්කුස අරා නොසැලිසිටි. ඒ දෙස බැලෙත්මකෙතරම් කෙඩෙත්තු සිරුරක් තිබුනද සිත මහා ප්‍රිතියකින් වෙලි අමන්දානයට පත්වන්නේඅපගේ අරමුන සාක්ෂාත් කරගැනිමට හැකිවුබැවිනි. නොපෙනෙන ශක්තීන්ට පින්සිදුවන්නට සහකන්ඩායමේ මහත්වු එකමුතුකමින් කිසිදු අන්තරාවකින් තොරව වනයෙන් පිටතට පැමිනිමට අපටහැකිවිය. කොත්තැලනින් නැගීම පටන්ගත් අප මස්කෙලිය ප්‍රදේශයෙන් ගමන අවසන් කලේමු. අදරාත්‍රිය ලක්ෂපාන අපගේ ගමන් සගයාගේ නිවස්නයේහි රැදී පසුදා අළුයමනිවෙස්බලා යැමේ සොඳුරු සිතිවිල්ලෙන් රාත්‍රි අඳුරහා මුසුවීමු.
BLOG
2014.04.01
http://raj-rajmyblog.blogspot.com
සුදු හැඳි තරුණයා..........
Raj
සීතල හිමිදිරිඋදැසන මිදුම අතරින් නොපැහැදිලි මාවත දිගේ ඔහු ඇවිදයයි. අප සැමට ඔහු නොපෙනුනත්පෙනෙන අතලොස්සට ඔහුගෙන් හිරිහැරයක් නොමැත. තම සංසාරගත පුරුදු ක්‍රියාකාරකම්හිඅජීවි ඔහු අදටත් යෙදෙන්නේ මිනිස්වෙස් ගත් පාපතරයන් විසින් අතරමග නවතාදැමු තම ජීවන ගමන නැවතුන අයුරු ඔහුටද වටහාගතනොහැකිබැවින්දොයි විටෙක මට සිතේ.1988 භීෂණය රටවටාසීග්‍රයෙන් පැතිරෙමින් අප කතා නායක විසූ අරංගල අතුරුගිරිය ඔරුවල ප්‍රදේශද තදින් තමග්‍රහනයට නතුකරගන තිබින. තමන් රාජකාරි කලකර්මාන්ත ශාලාවෙහි තරුණ කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඔහු දවසේ තම රාජකාරියටපලමු උදැසන ශාරිරික අභ්‍යසයන්හිද, සැඳැසමයේතම සෙවකමිතුරන් සමග පාපන්දු ක්‍රිඩාවේ ද නියැලින. හේ පාපන්දු ක්‍රිඩාවේකෙලපැමිනියෙකි. අතුරුගිරිය නගරාසන්න ආයතනික ක්‍රිඩා පිටියක් වුවද එකල ජනප්‍රියපාපන්දු ක්‍රිඩා සමාජයක් ඒවටා බිහිව පැවතියේය.ජවීපයට මුවාවෙමින් එකල රටකල ඇත්තන් තරුණයන්බිලිබෑම වඩ වඩාත් ත්‍රීවුරකරමින් පැවති සමයක් වුවද අප කතානායක සහ ඔහුගේ මිතුරු කැලතම ක්‍රිඩා දිවියට දොරගුලු දැමිමට අකමැත්තවුන් හෙයින්ම බිම්කලුවර වැටෙනතෙක් ක්‍රිඩාපිටියෙහිගතකලෝය.තවත් දිනයක්සුපුරුදු ලෙස ගෙවි දවසේ සැඳැසමය ගතවෙමින් පැවති මොහොතකි. අප කතානායක සුපුරුදුමිතුරන්ගෙන් වෙන්වි සෙමින් නිවෙස්නය කරා ගමන්කලේ ලඟ ලඟම ඉව අල්ලන මාරයා ගැන කිසිත්නොදැනය . අඳුරේ පැමිනි වෙඩිඋන්ඩයන් පිට පිටම තරුණ සිරුරවිනිවිද යෑමට ගතවුයේ එක් නිමෙෂයක් පමනි. මොහොතකට ප්‍රථම ජවාධික සිරුරක් හෙබි තරුණයාඋනු රුධිර ධාර වැහේමින් පරඬැල් කඳක් මෙන් මහපොළව සිපගත්තේය.ලේරහට වහවැටිබළලුන් තොලකට ලෙවකා පැනදිව්වොය. උදේහවා තමන්සමග එකට සිටි මිතුරාගේ අකල් වියෝවෙන් කම්පිතවුද, කොපාග්ගින්නෙන් බුරබුරා නැගි තරුණ කැල තමමිතුරාට ලෙහෙසියෙන් සමුදුන්නේ නැත. පොලිසීය නගරපීරායමින් මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙහෙසින. වැඩපොලේහි තම මිතුරාගේ සිරුරසඟවා තැබු තරුණයින් අවමංගල්‍ය පෙරහරින් නගරය පුරා විදිසංචාරය කරමින්, ඉමහත් ගෞරවාදරයෙන්යුක්තව තම හිතවතාගේ සිරුර මිහිදන්කරනු ලැබුවෝය.භීෂනයටපිංසිදුවන්නට පොලීසියද තම වාඩුව පියවාගත්තේ බුරුතු පිටින් තරුණයන් අතඩංගුවටගනිමිනි. ඔවුන්ටමසරිලන ලෙසට හමුදා කඳවුරක් අතුරුගිරිය නගරයේ ස්ථාපනය කොට පැවතීයෙන් තරුණයින් කිහිපදෙනකු හැර අනෙකුන්ට ගඩොල් පොරනු තුල සැතපෙන්නට සිදුවිය.කාලයත් සමගදේශපාලනික මෙන්ම සමාජීය සිතුම් පැතුම් වලද වෙනස්වීම් ඇතිවිය. අතීතයේ බොහෝ සිදුවීමකාලයත් සමග වැලලී හමාරය. නමුත්අහඹුලෙස ඇතැම් සිදුවීම මතුව නැතීවියැම ඇතැම්විට සිදුවේ. එසේම කාලයත් සමක වැලලීනොයනතවත් බොහෝදේ පවති. ධවල වර්ණයෙන් හැඩවූ ක්‍රිඩාඇඳුමෙන් සැරසුන තරුණයා හිමිදිරි උදැසන මිහිදුම් අතරින් පෙනි නොපෙනි යන්නේඑබැවින්දෝයි මට සිතේ.
BLOG
2012.05.24
http://inosha-sithumprasadhea.blogspot.com/
අඩුම තරමින්....???
ඉනෝෂා
ලබාගන්නා තුරු.. විමුක්තිවාදයෙන්ද,ලබාගත් පසු.. ප්‍රගතිගාමිත්වයෙන්ද,පවත්වාගනුවස්.. පක්ෂගාමිත්වයෙන්ද,ලොවට පෙනෙනුවස්.. පරහිතගාමිත්වයෙන්ද,ආදි වු.. මනෝ විලම්භනයෙන්..රඟනා නුඹට, කුමක් නැතත්,අඩුම තරමින්.. හෘදය සාක්ෂියක් වත්.
BLOG
2012.04.09
http://inosha-sithumprasadhea.blogspot.com/
අපේ ලෝකේ...
ඉනෝෂා
මා නිහඩ විමි..මන්ද,මා සුදු වැන් රියට බයමි...අතුරුදන් විමට බයමි...රකින්නටද,මා මත සිනා වෙන්නද,පවුලක් මා සතුය..ඉතින් කෙසේ හඩ නගමුද....මා අන්ධය,බිහිරිය..එවිට මා ඉබේමගොළු විය..අමාරුය යැපෙන්නට..විදින්නට ජිවිතය...ඒත්අපි ජිවත් වන්නෙමු..ආශ්චරයක් වන තුරුනැතත්..ලෝක විනාශය වනතුරුබලමු අපි..සැපක් විදින්නට නොවඑක්ව මියෙන්නට.
BLOG
2012.04.01
http://inosha-sithumprasadhea.blogspot.com/
ප්‍රාර්ථනා..
ඉනෝෂා
පාළුව, තනිකම නොදැනෙවා නිති.. පිරෙවා සිත පුරා සොම්නස... කුසටගින්දරනොවේවා නිති.. දිවට නීරස රසම වේවා... නොවේවා කිසි නපුරු ඇසුරක්.. ලැබේවා ප්‍රිය මිතුරු ඇසුරක්... නොවි ලෙඩ දුක් කිසිත් කිසිදින.. ගෙවේවා කල් ඉක්මනින්... හමුවෙනා මේ රුදුරු කරදර.. දුරු වෙවා නුඹේ ගුණ බලින්... ගෙවේවා මේ කල්ප කාළය.. නිමේෂය සේ ඉක්මනින්.
BLOG
2014.10.08
http://snimalka.blogspot.com
ඉතින් අවසරයි ජිවිතේ තවත් එක් හැරවුමකට
SN
හ්ම්ම් ඉතින් කාර්යබහුල කාලෙකට පස්සේ ලැබුණ දිග නිවාඩුවේදී තමයි ආයෙත් blog ලෝකේ පැත්තේ එන්න හම්බුණේ ..හැබැයි එද්දී එතකොට මට මුණගැසුණ පරණ යාලුවෝ නෑ .. දැන් ඉන්නේ අලුත් පිරිසක් :) එත් මොනදේ උනත් blog කලාව තාමත් ඉදිරියටම ගමන් කරනවා අභිමානයෙන් ...අහ්හ් දැන් ඉතින් තව පොඩ්ඩෙන් කියන්න ගිය දේත් අමතක වෙනවනේ ..කොහෙද ඉතින් :)මෙන්න මේකයි මම දැන් ඉන්නේ කටුබැද්දේ තියෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේ .. ඉතින් මාස 4 ක් විතර ඉගෙන ගත්ත අපිව අපේ ජිවිතේ තීරණය කරනවයි කියන විභාගයකින් පස්සේ විවිධ department වලට අපි කැමති විදියට දානවලු ..... :) ජිවිතේ අපි එක එක දේවල් පස්සේ යනවා ඒ යද්දී සමහර දේවල් මග ඇරෙනවා .. සමහර දේවල් මග අරිනවා .. අපිට යම් කිසිදෙයක් ලබාගන්න යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා :) එක නම් සදාතනික සත්‍යක් ... ඉතින් මුලින් ලොකු GPA කට යන්න හීනයක් තිබුනත් අන්තිමට ඊට පොඩ්ඩක් අඩු අගයකින් නවතින්න සිද්ද උණා .. මොනවා කරන්නද හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ .... මෙතන තමයි මගේ ජිවිතේ ඊලග අවුරුදු 3.5 ගත වෙන්නේ :) uni ගියපු මුල් දවස් වලත් අපිට මේකට තමයි යන්න උණේ .. ඒ නිසා නුපුරුදු තැනක් නම් නෙවෙයි ... :)හැබැයි ඒ දවස් වල කිව්වත් වගේ මගේ හීනේ තිබ්බේ ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි .. :( එක අපේ අම්මලාගේ හීනෙකුත් නෙවෙයි හැබැයි මව එතනට තල්ලු වෙලා ඇවිත් :( හීනේ එන්න එන්න ඈතට ගියා .. නීතිඥයෙක් වෙන්න අසාවෙන් හිටපු මට මෙතනින් නවතින්න වෙලා .. වාසනාව / ප්‍රතිපල හරහට හිටලා :) එත් තාමත් සතුටින් නීතිඥයෙක් වෙලා යන්න හිටපු තැනට අද වෙනකොට ඉන්ජිනේරුවොත් ගිහින් තියෙනවා .. මොරටුවෙන් ම ඉගෙන ගත්ත චම්පික රණවක කියන්නේ ඒ වගේ පුද්ගලයෙක් :) මහින්ද රාජපක්ෂ වගේ වෙන්න බැරි නම් චම්පික වගේ හරි එතනට යන්න තමයි ආසාව :) (හුගාක් අය යන්න අකමැති තැනක් ..අනේ මන්ද ඇයි කියලනම් ) .. ජීවිතේට රස්සාවක් ඕනෑ හැබැයි එක සතුටින් කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ :) ඉතින් සමහර වෙලාවට හීන වලට යන්න බැරි වෙනවා සමහර වෙලාවට පුළුවන් වෙනවා :) ඉතින් අපි බලමු 20 වෙනිදායින් පටන් ගන්න අවුරුදු 3.5 මාව මගේ හීන වලට අරන් යයි ද කියලා :) ඉතින් අවසරයි ජිවිතේ තවත් හැරවුමකට :) :).
BLOG
2014.10.05
http://snimalka.blogspot.com
දැනෙනවද ඔයාට ........
SN
ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට මම කොච්චර ලෝබ උනාද කියලා දැනෙනවද ඔයාට .....ඔයා වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා කියලා දැනෙනවද ඔයාට.....පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද කළේ ආදරේට කියලා දැනෙනවද ඔයාට .....ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා දැනෙනවද ඔයාට .
BLOG
2014.07.19
http://snimalka.blogspot.com
සංසාර පුරුද්දද මේ ....
SN
End එකට හරියටම තව සති දෙකයි ... තාමත් Field Selection එකේදී තෝරාගෙන යන්න ඕනමාවතක් ගැන පුංචිම හරි අදහසක් හිතට ඇවිත් නෑ ....එත් කාටවත් කියාගන්න බැරි ලොකු අවුලකින් මම ඉන්නව කියන එක නම් තේරෙනවා එත් ඒ මොන දේ නිසාද කියල කියාගන්න බැරිව ලෝකයක් ඉස්සරහ අසරණ වෙලා වගේ දැනෙන වර ගණන අනන්තයි ... හැබැයි මේ සිද්දි ඔක්කොම පෙළ ගැහුනේ ඉතාම පුංචි කාලයක් ඇතුලත ....ඒ පුංචි කාලය හැබැයි කල්පයක් වගේ..... ගොඩක් සතුටු උන වාර වගේම මගේම මුරණ්ඩු වැඩ නිසා තාමත් දුක්විදින වර ගණන කියාගන්න බැ ...ජීවිතේදී අපේ ගමන වෙනස් වෙන්න පුංචි එක හේතුවක් හොදටම ඇති ....ඒ හේතුව එකද නැත්නම් වෙන එකක්ද කියන්න මට තාමත් අත්දැකීම් අඩු ඇති ....එත් තාමත් බලන් ඉන්නවා මන් එනකම් .
BLOG
2014.04.07
http://snimalka.blogspot.com
සරසවි life 01
SN
කාලෙත් ගත වෙලාසරසවි ඇරබිලාජීවිතේ busy වෙලාaca තුල හිර වෙලානිවාඩු ඇරබිලාබෝඩිමෙන් පිටවෙලාගෙදරටත් ඇවිල්ලාජිවිතේ relax වෙලාබ්ලොග් වෙත ගොඩ වෙලාලියන්න ඉස්සර වගේ දැන් අමාරුයි ... පට්ටම කම්මැලි .... එත් කොහොමද අතාරින්නෙ බ්ලොග් එක ...මේ තියෙන්නේ මැවිසුරු ජිවිතේ ගෙවිච්ච සති 5 ක අත්දැකීම් .......ජිවිතේ පලවෙනි වතාවට ගෙදරින් පිටවෙලා බෝඩිමක ඉන්නව කියන අත්දැකීම ... අධ්‍යාපන කටයුතු ක්‍රීඩා වගේම එකී මෙකි ගොඩක් දේවල් හෙමිට ලියන්න හිතන් ඉන්නවා ....ආයෙත් හම්බෙමු ....
BLOG
2014.01.11
http://snimalka.blogspot.com
අපි නොදන්න මැජික් 01 (රජවරු තුන්දෙනාගේ කඩෙ යාම )
SN
ඔන්න අදනම් පුංචි මැජික් එකක් තමයි යන්නේ ... සමහරු මේක දන්නවත් ඇති .....මුලින්ම card pack එකක් ගන්න මෙන්න වගේ ...ඕකෙන් මුලින්ම මෙන්න මේ දෙන්නව අයින් කරගෙන ඉන්නකෝ ....දැන් හරි නේ ....ඔන්න බලන්නකෝ ඔයාලගේ pack එකේ මේ වගේ රජවරු (K ) 4 දෙනෙක් ඉන්නවද කියල ....හරි ඉන්නවනේ ..... එහෙනම් මෙන්න මේ තුන් දෙන වෙන් කරලා ගන්නකො ....දැන් ඒ තුන් දෙන එහෙම්ම තියලදැන් ඉතුරු card 49 න් (ඔව් ඔව් 52 න් 3ක් ගියාම 49 යි තමා )card 10ක් ගණන් කරලා දකුණු අත පැත්තෙන් තියන්න (මෙන්න මේ වගේ )ඊළගට තව ගොඩවල් දෙකක් පහල තියෙනවා වගේ තියන්න හැබැයි මතක් කරලා 15 , 15 තියන්න....ඉතුරු 9 ත් ඔන්න ඔහේ පැත්තකින් තියමුකෝ :Pදැන් මෙන්න මේ වගේ මුලින්ම අර 10 ගොඩට එක රජ කෙනෙක් ව දාන්නකෝ .....එක හරි නම් ......ඊළගට මැද තියන ගොඩෙන් කැමති ගානක් අරන් දකුණේ ගොඩෙන් තියන්න රජාව වැහෙන ව්දියටඊළගට මැද ඉතුරු ටික උඩින් තව රජ කෙනෙක් ව තියන්නකෝ .... ඊට පස්සේ එයාවත් වැහෙන්න අයිනේ තියෙන 15 නුත් ඔයාට හිතෙන ගානක් අරන් තියන්න ...දැන් වමේ තියෙන (15 න් ඉතුරු ගාන ) ටික උඩින් ඉතුරු රජාවත් තියලා ඉන්නකෝ ......දැන් තියෙන්නේ එකතු කරන වැඩේ තමයි වම අයිනෙන් පටන් ගන්නකො (අර 9 තමයි දැන් ගන්න ඕන)එකට යටින් වමේ ඉදන් දකුණට වෙන්න එකතු කරන එන්නකෝ ....මුල්ම 10 යටම හිටින විදියට තමයි එකතු කරන්නේ ..... තේරුනාද...ඊළගට උඩම තියෙන 4 බලන්නේ නැතුව යටට දාන්නකෝ ...දැන් තියෙන්නේ බෙදන පාර්ට් එක තමයි ...මුල්ම කොලේ පෙනෙන විදියටත්(ඔත්තේ ) අනික් කොලේ ඉදන් නොපෙනෙන විදියටත් මෙන්න මෙහෙම දාන්නකෝ ....දැන් ඔයගාව තිබ්බ K අකුරු පේන ගොඩේ තිබුනද.. නෑ නෙහ් .....එහෙනම් අර නොපෙනෙන්න දාපු ගොඩත් ඔය වගේ ඔත්තේ ඉරට්ටේ විදියට ගොඩවල් 2ක් ගහමු .....ඔහොම දිගටම කරගෙන ගියාම රජවරු 3 දෙන ඔයාට අන්තිමටම එකට ගන්න පුළුවන් .....ටිකක් හිතාගන්න අමාරුද. ....පොඩ්ඩක් යාලුවෙක්ට කරලා පෙන්නකෝ .... එතකොට ඔයාටම තේරෙයි මොකක් ද උනේ කියල ....ආයෙත් හම්බෙමු තවත් MAGIC තියෙනවා ....... ප .ලි: මැජික් එක තේරැණා නමි කොහොමද කියලත් කොමෙන්ටුවක් දාන්න අවුලක් නෑ.. තේරුනේ නැත්නමි ඒකත් කියන්නකෝ.
BLOG
2014.01.08
http://snimalka.blogspot.com
හනි හනිකට පාසල වෙත ( Walk to remember)
SN
කාලෙකින් ආයෙමත් ඉස්කෝලෙට ගියා ...කවද්ද : ඊයේ තමයි ඉතින් ගියේමොකටද : කැම්පස් යන්න කලින් පුරවන් කියල තිබ්බ Form වගයක් පුරවගන්නඉතින් : ඉතින් කියන්නේ මේකනේ ජිවිතේ ගෙදරින් පිට හිටියනම් ඒ වැඩිම කාලයක් හිටියේ ඉස්කෝලේ තමයි ..දුක ,සතුට, ජය, පරාජය,, නායකත්වය යුතුකම්, වගකීම්,මිතුදම් ,වෙන්වීම් වගේ ගොඩක් දේවල් විදින්න ,දකින්න ,ඉගෙනගන්න ලැබුනේ මට මගෙන් ඉස්කෝලෙන් ....6 වසරෙන් පටන් ගත්ත DS එකේ මගේ ජිවිතේ වැඩියෙන්ම කැමැති A /L අවුරුදු දෙක ගෙවපු විද්‍යා අංශ යට තමයි ...අද මම යම්කිසි තැනක ඉන්නවනම් එකට මුලික හේතුවත් විද්‍යා අංශයම තමයි ....ගොඩක් යාලුවෝ ගොඩක් වගකීම් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන කාලයක් තමයි අන්තිම අවුරුදු 2 කියන්නේ .....එත් විද්‍යා අංශ යට ගියත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත ආදරණිය පන්තියට යන්න තරම් හිත හදාගන්න බැරි උනා ...ගියත් ඒ පන්තියේ එදා හිටපු ........ යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ......ඉතින් ජීවිතේ හැරිලා බලද්දී ඉස්කෝලේ කියන්නේ ඇත්තටම වටිනාම වස්තුවක් .........ප. ලි :ඔයාලටත් පාසල් ජීවිතේ සුන්දර මතකයන් මොහොතකට හරි මතක් වෙයි කියලා හිතනවා.
BLOG
2013.04.20
http://snimalka.blogspot.com
සිහිනයක් නොවන්නට ......................
SN
හරියටම තව පැය 12 ක් වත් නැහැ...මොකටද..................................................................................................... අහ් සිහින බක්මහ උළෙලට මිසක් වෙන මොකටද නේද.... එහෙනමි හෙට හමිබෙමු මගේ පළමු සිහින බක්මහ උළෙලෙදි ඔයාලා සේරවම.
BLOG
2013.03.05
http://snimalka.blogspot.com
මාලිංග..........................................
SN
ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් බිලොග් එකක් තියෙනවා කියලා මතක් වුණා...ඉතින් ගොඩවුණේ මෙ දවස් වල හැමෝම කතා කරන දේ ගැන මට හිතෙන දේ ගැන කියන්න..ඔය පින්තුරේ තියෙන්නෙ අන්න ඒ මගේ අදහස් ටික තමයි.....ඉතින් ඔයාලා විරුද්ධ වෙන්නත් පුලුවන් ...පක්ෂ වෙන්නත් පුලුවන්...ගිහින් එන්න ඉක්මනටම ආයිත් පෝස්ටි ටිකක් ඉක්මනටම අරගෙන.
BLOG
2013.02.21
http://snimalka.blogspot.com
ෆස්ට කියමන්............
SN
ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්බලන්නට දාන්න හිතුවා...ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ.
BLOG
2013.02.16
http://snimalka.blogspot.com
ඇයි අවුල් ද?
SN
ලන්දේසි ආවාඋනුත් ගෙනාවාඉංග්‍රීසි ආවාඋනුත් ගෙනාවාසිවිල් පොදු නෙවෙයිමිශ්‍ර ක්‍රමයක් ඇති කළා.....මෙන් බලහන්ඒ විතරක්මදඋඩරටට වෙනම සීන්යාපනේට තේසවලාමෙයිඇයි කසාද හතරේමුස්ලිමි නීතිය ලංකාවටම.......අතේ ඇගිලිත් මදිවෙයිඒ තරමි නීතිපොත් පිටු ගණන්ඒත් අපරාධ.................අනේ මන්දා.
BLOG
2014.10.08
http://thapasgekoloma.blogspot.com/
හොඳම සිංහල චිත්‍රපට 10
තපස්
චිත්‍රපට,ගීතහෝකියවූපොත්අතරින්තමන්කැමතිමදේවල්ගැනකථාකිරීම,ඒවාලැයිස්තුවකටසකස්කිරීමවගේදේවල්ආස්වාදනීයඅත්දැකීමක්.තමන්කැමතිම,තමන්වඩාත්වින්දනයකළනිර්මාණතේරීමඒවිඳීම්ඇනලයිස්කිරීමේතෘප්තිය,ආස්වාදයඅපටලබාදෙනවා.සිංහලචිත්‍රපටරසිකයෙක්විදිහටමාකල්පනාකළාමාමෙතෙක්නරඹාඇතිසිංහලචිත්‍රපටවලින්මාවඩාත්ප්‍රියකරන,වඩාත්වින්දනයකළනිර්මාණඅනුපිළිවෙකටපෙළගස්වන්න.ඒඅදහස්ඔබත්එක්කබෙදාගන්න.මාතෝරනවානිර්මාණ10ක්.අපි පටන් ගනිමු 10 වෙනි ස්ථානයෙන්.10 වෙනි තැන: දියමන්ති:වසන්ත ඔබේසේකර 1976ස්පෙක්ස් දාපු විජයගේ අමුතුම ලුක් එකත්,මාලිනිගේ තාරුණ්‍යයේ සුන්දරත්වයත්, මහැදුරු සුනිල් ලියපු නන්දා මාලිනි ගයපු "යොවුන් වසන්තයේ" ගීතයත් බලන් ඉන්න හිතෙන තරම් වන කථා රසයත් මා මේ චිත්‍රපටයට ප්‍රිය කරන හේතු හැටියට සඳහන් කරන්න පුළුවන්.සම්භාව්‍ය නිර්මාණයක් නොවුනත් සරල රස වින්දනයක් දෙන ලස්සන ෆිල්ම් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.9වෙනිතැන:ගම්පෙරළිය-ලෙස්ටර් ජේමිස් පීරිස්මාටින් වික්‍රමසිංහගේ නවකථාවේ රසය බිඳකින් හෝ අඩු නොකර,එහි රසය උද්දීපනය කළ නිර්මාණයක් ලෙස ලෙස්ටර්ගේ "ගම්පෙරළිය" චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.නවකථාවලින් චිත්‍රපටි කරන්න ගියාම බොහෝ විට අසාර්ථක වීම් තමයි මම නම් දැකලා තියෙන්නේ.ඒ අතින් සිංහලයේ හොඳම නවකථාව චලන චිත්‍රයට නැඟීමේ අභියෝගය ඉහළින්ම ජයගෙන "ගම්පෙරළිය" නමින් හොඳම නවකථාවක් පමණක් නොවහොඳම චිත්‍රපටයක්ද ලාංකේය කලාවට එක්කළ ආචාර්ය ලෙස්ටර් ට මාගේ ප්‍රණාමය.8 වෙනි තැන සප්ත කන්‍යා:එච්.ඩී.ප්‍රේමරත්න 1993දූවිල්ලෙන් වත්සුණු තැවරූ අබිසරුලියක උන්මාද වූ ප්‍රේමාදරයක පැටලීමේ කථාවයි සප්ත කන්‍යා. කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න 90 දශකයේ ලාංකේය සිනමාවේ පෙම් යුවළ බවට මේ නිර්මාණයෙන් අබිසෙස් ලැබුවා.කළු චරිතයකට දියහැකි හොඳම භාවයන් එක්කළ ප්‍රවීන නළු ටෝනි රණසිංහ,කලකට පසුව ඉහළම ජනප්‍රියත්වයක් දිනූ සිනමා ගීත පෙළ මේ නිර්මාණයේ අගය වැඩි කළා. "උන්මාද වූ ප්‍රේමාදරේ", "සුවඳ දැනි දැනී දැනෙනවා" සහ "දූවිල්ලෙන් වත්සුණු තවරා" ජනප්‍රියත්වය අදටත් ගිලිහී නොගිය ගීත.අංක 7 - තුෂාරා :යසපාලිත නානායක්කාරවිජය-මාලනි සිනමා යුගයේ ආකර්ශනීයතම චිත්‍රපටය "තුෂාරා" යැයි මම සිතමි. යසපාලිත නානායක්කාරගේ නිර්මාණයක්. 1973 දී නිර්මාණය වූවක්."හෝ හෝ තුෂාරා", "කලක් තිස්සේ" වැනි ගීත අඩංගු වූ මේ චිත්‍රපටය විජය සහ මාලනී ගේ හොඳම තරුණ කාලයේ නිමැවූවක්. තාරුණ්‍යයේ චිත්‍රපටයක්.අංක 6 - සංකාරා:ප්‍රසන්න ජයකොඩිසංකාරා වෙනස්ම ආකාරයේ අපූර්වතම අත්දැකීමක් ලාංකේය සිනමා ප්‍රේක්ෂකයාට ලබාදුන් නිර්මාණයක්. ප්‍රසන්න ජයකොඩිගේ පළමු සිනමා නිර්මාණය වූවත් එය අතිශයින් පරිණත සිනමා කෘතියක් වුනා. තරුණ භික්ෂුවකගේ චිත්ත අභ්‍යන්තරය විනිවිද දකින්නට දැරූ නිර්මාණශීලී වෑයම සංකාරා අප වෙත ගෙන ආවා.5 වන ස්ථානය - සිහින දේශයෙන්:බුඩී කීර්තිසේනනාට්‍යක් නිර්මාණය කරන්නට එක්වුණු තරුණ පිරිසක් වටා, ඔවුන්ගේ ජීවිතවල සිදුවන නොයෙකුත් හැල හැප්පීම් හරහා 90 දශකයේ ලාංකේය තාරුණ්‍ය, ලාංකේය ජීවිතය පිළිබඳව අපූර්ව විග්‍රහයක් "සිහින දේශයෙන්" චිත්‍රපටයෙන් ගෙන ආවා. බුඩී කීර්තිසේනගේ පළමු සිනමානිර්මාණය.රොජර්, ශ්‍රියන්ත,පාලිත, මහේන්ද්‍ර ආදී දක්ෂතමයන් රැසක් මේ නිර්මාණයට එක්වී සිටියා."මරණය" සංකේතවත් කළ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය සිංහල චිත්‍රපටයක එවැන්නක් දුටු පළමු වතාවයි.4 වන ස්ථානය - ගරිල්ලා මාකටිං -ජයන්ත චන්ද්‍රසිරිආත්මය පැකට් කොට ජීවිතය මාකට් කළවුන්ගේ යාගය -ගරිල්ලා මාකටිං අප වෙත ගෙන ආවා. තිසර නම් නිර්මාණශීලී යව්වනයා(කමල් අද්දර ආරච්චි ) සහ ග්‍රෙගරි මහාධිකාරම් නම් දේශපාලඥයා අතර ගැටුම තුළින් බොහෝ අර්ථාන්විත, සිනමාත්මක අත්දැකීමක් ලාංකේය ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට ජයන්ත චන්ද්‍රසිරි සමත් වුනා.මගේ අදහසට අනුව ජයන්තගේ සිනමා නිර්මාණ අතරින් හොඳම නිර්මාණය මෙයයි.අංක 3 - නිධානය-ලෙස්ටර් ජේම්ස් පීරිස්අවාසනාවන්ත මිනිසෙක්ගේ (විලී අබේනායක- ගාමිණි ෆොන්සේකා) කථාවක්. ඒ අවාසනාවට ගොදුරු වූ අහිංසක ගැහැනියකගේ (අයිරින්-මාලනී ෆොන්සේකා) කථාවක්. ලෙස්ටර් නිමැවූ, තිස්ස අබේසේකර තිර පිටපත ලිවූ, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ, ගාමිණි-මාලනී රඟපෑ චිත්‍රපටයක් කියූ විට එහි විශිෂ්ටත්වය පිළිබඳව තවත් කියනුම කවරේද.අංක 2 - මිල්ලෙ සොයා:බුඩී කීර්තිසේන60,70 දශකවල ලෙස්ටර්, පතිරාජ වැන්නවුන් වර්තමානයේ නැතිද යන කුකුස තිබූ කාලයක, ඒ කුකුස නැතිකළ අපේ කාලයේ විශිෂ්ටත්ම සිනමාවේදියෙක් ලෙස බුඩී කීර්තිසේන හඳුන්වා දිය හැකියි. "මිල්ලෙ" සොයා ඉතාලි පනින ලාංකේය තරුණයාගේ ජීවිතයට කළ නිර්මාණශීලී එබී බැලීමක්.පළමු ස්ථානය- බඹරු ඇවිත්:ධර්මසේන පතිරාජවැල්ලට එන නාගරික තරුණයා-බේබි මහත්තයා (විජය ) සහ වැල්ලේ මාළු වෙළඳාමේ ආධිපත්‍ය එතෙක් හිමිකරගෙන සිටි ඇන්ටන් (ජෝ ) අතර ගැටුම ඒ සන්සුන් ධීවර ගම්මානයේ දිවි පෙවෙත සහමුලින් වෙනස් කර දමනවා. හරවත්, ගැඹුරු තේමාවක්, ජීවිත සහ සමාජ අවබෝධයක් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම පිළිබඳව සිංහල සිනමාවේ මා දුටු හොඳම උදාහරණය පතිරාජගේ "බඹරු ඇවිත්" චිත්‍රපටයයි.සරල ජනප්‍රිය සිනමාවේ විජය-මාලනි හොඳම චිත්‍රපටය "තුෂරා" නම් සම්භාව්‍ය සිනමාවේ ඔවුන් ගේ හොඳම චිත්‍රපටය "බඹරු ඇවිත්" යනු මගේ හැඟීමයි. එහි එන, කේමදාසයන් සංගීතවත් කළ "උදුම්බරා"සිංහල සිනමා ගීතයේ මුදුන් මල් කඩක්.අවාසනාවකට තවමත් මට "පාර දිගේ" (පතිරාජ) සහ "වැලිකතර" (ඩී.බී.නිහාල්සිංහ) සම්පූර්ණයෙන් නරඹන්න හැකිවෙලා නැහැ. ඒවා ගැන අසා, කියවා ඇති දෙයිනුත් බලන්නට ලැබී ඇති කුඩා කොටස් වලිනුත් මට හිතෙන්නේ නැරඹුවානම් ඒවා මේ ලැයිස්තුවට එක්විය හැකි ආකාරයේ නිර්මාණ බවයි.
BLOG
2013.07.29
http://thapasgekoloma.blogspot.com/
පණ නැති විපක්ෂයේ හුන් පණ ඇති මිනිසාගේ නික්ම යාම
තපස්
දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්‍රසාදයේ හොඳම කාලය. එයින් ප්‍රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ.නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන බැලුවොත් මේ තීරණය වැරදි එකක්. වයඹ මහ ඇමතිකම හරියට කරන්න පුළුවන් අය ( දයාසිරිටත් වඩා ) ඕනෑ තරම් ඉන්නවා. අතුල නිමලසිරි ජයසිංහලා වයඹට වැඩක් කළ, වැඩක් කරන දක්ෂ මිනිස්සු; මාධ්‍ය මඟින් පිම්බුණු චරිත නොවුණාට.ඒ අයට සින්දු කියන්න බැරිද. ලස්සන නැද්ද. කියන එක වෙනම කථාවක් :) .දයාසිරි මහ ඇමති වුනා කියලා වයඹ ජනතාවට අමුතු කෙංගෙඩියක් ලැබෙන්නේ නැහැ. ඔහු මේක දක්ෂ විදිහට කළොත් ඔහුට ලකුණු ලැබෙනවා හැරෙන්න. මේක වැටිච්ච තැනක් නෙමේ දයාසිරි ඇවිල්ලා ගොඩ දාන්න.නමුත් අද මිනිස්සු නැත්තේ කාටද. විපක්ෂයට. මේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න, විවේචනය කරන්න, කරුණු සහිතව හොරකම්, දූෂණ හෙළි කරන්න , කොන්දක් තියෙන, කට තියෙන, දක්ෂ , පණ ඇති මිනිසුන්ගේ අඩුවක් තියෙන කාලයක් මේක.යම් මට්ටමකට දයාසිරි ඒ කාර්යභාර්ය ඉෂ්ට කරමින් හිටියා. එයට තව තවත් එකතු වෙනවා වෙනුවට හිටපු මිනිහත් ගියාම.
BLOG
2013.03.19
http://thapasgekoloma.blogspot.com/
ඇත්ත සිදුහත්....!!!
තපස්
බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද. මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක් මාටින් වික්‍රමසිංහයන්විසින්"බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්..."රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."------------------------------------------------------------------මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය."පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය."පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය."අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි."කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.----------------------------------------------------------------------------අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන..."සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."-----------------------------------------------------------------------------අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනිසිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්.වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම,ඇදහීමෙන්ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.
BLOG
2013.01.28
http://thapasgekoloma.blogspot.com/
ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සදානුස්මරණීය "නිෂ්මි" ගැන මතකයෙන් බිඳක්...
තපස්
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්‍යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්‍රියාකාරකම් හරහා.ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් බිහිකර තිබෙනවා. ඒ නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි "නිෂ්මි"....80 දශකයේ අග භාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් නායකයෙක් ලෙස මතුවුණු නිෂ්මි ඒ යුගයේ ස්වාභාවය අනුව "ජෙප්පෙක්" බව ඇත්ත. නමුත් අවුරුදු විසි ගණනකට පස්සේ අපි ආපහු හැරී බලා ඔහු කළ දේශපාලනය හරිද වැරදිද කියා විග්‍රහ කරනවා වෙනුවට මේ තරුණයා පෑ අසාමාන්‍ය නායකත්ව කුසලතාව හා විදහා පෑ අසාමාන්‍ය පෞර්ෂය විග්‍රහ කරගැනීමේ වටිනාකමක් තියෙනවා.අද වෙනවිට නිෂ්මි ජීවතුන් අතර නැහැ. 88-89 ධවල භීෂණයේදී ඔහු ඝාතනයට ලක්වුණා.ඔහු ඇසුරු කළ සගයන් එක්ව ඔහු ගැන මතකයන් එක් රැස් කර පොතක් නිර්මාණය කර තිබෙනවා. ඒ "සැඩ සුළඟ සහ මඳ පවන " නමින්. එයට ඔහුත් සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සගයන්, එක්ව දේශපාලනය කළවුන්, විරුද්ධව දේශපාලනය කළවුන්, එකල විශ්ව විද්‍යාලයේ සිටි උප කුලපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ, ඔහුව මුණගැසී තිබූ ඉහළ හමුදා නිළධාරියෙක් වැනි බොහෝ පිරිසක් ඔහු ගැන සිය මතකයන් හා අදහස් එක්කර තිබුණා.මේ ඒ පොතේ ඔහු ගැන සඳහන් මතකයන්ගෙන් බිඳක්."දැඩි මානුෂීය බවද,කැපී පෙනීමේ උද්ධච්ඡ අදහස් වෙනුවට නිහතමානී නායකත්ව ලක්ෂණද, දැඩි සහෝදර බැඳීමද ඔහු වෙත නොඅඩුව පැවතුණි.".........."එවකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතාගේ ගෞරවාදරයට නිෂ්මි පත්වීමේ හේතුවද, ඔහු සතු තාර්කික හැකියාව සහ අව්‍යාජ නායකත්ව කුසලතාව විය".."නිෂ්මි ශිෂ්‍යන් අතර ජනප්‍රිය ම හා නිර්මාණශීලී ම නායකයා බවට පත්විය.මෙහිදී අනෙක් නායකයන්ට වඩා ඔහු තුළ පැවති සුවිශේෂිම දක්ෂතාවය වූයේ හා කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ තාර්කික හැකියාවයි. ඔහු ඉදිරියේ දී කුමන මතවාදයක අයෙකුට වුව තම මතය ජයගැනීමට හැකියාවක් තිබුණේ නැත.ඔවුහු සෑම විටම මෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වූහ.දේශපාලන වශයෙන් ඔහු හා විරුද්ධ වූ අය පවා නිෂ්මි නිවැරදි අයකු ලෙසද, ඔහු තම ගෞරවනීය නායකයා ලෙසද පිළිගත්හ."( නිමල් කරුණාසිරි - ආයුර්වේද කොමසාරිස්- බස්නාහිර පළාත් සභාව )--------------------------------------------------"නිෂ්මි රෑ එක දෙක වෙනතුරු වැඩ කරලා නිදා ගන්න අක්බාර් නෙල් ශාලාවට එනවා. ඔය වෙලාවට කොල්ලෝ ඒ කාමරේ උඩින් තියෙන හිලෙන් එල්ලිලා එබිලා බලනවා නිෂ්මි ඇවිත්ද කියලා. ඇවිත් නිදි කියලා දැනගත්තොත් ඒ ආරංචිය ඉක්මනට විසිරෙනවා. ඒක යන්නේ රහසින් කෙඳිරීම් වලින්. "නිෂ්මි ඇවිත්. සද්ද කරන්න එපා". මුළු ශාලාවම නිහඬ වෙනවා. හරියට මුළු ශාලාවම මීයට පිම්බා වගෙයි".............................(අයි.පී.ෂෙල්ටන්)ඒ ඔහුට සහෝදර සිසුන් අතර තිබුණු ආදරය සහ ගෞරවය...-----------------------------"එක වරක් නිෂ්මිගේ බැච් එකේ හිටි විකොස (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය) දේශපාලනය දැරූ සගයෙක් නුවරදී නිෂ්මිට මුණ ගැසුණ. ඒ වෙලාවේ ඔහු අහක බලා ගත්තා. නිෂ්මි ගොස් ඔහුට කථා කළා, පිටට තට්ටු කරමින්. එතකොට ඔහු කිව්වා "අපි අතරේ දේශපාලන ගනුදෙනු නෑ" කියලා. නිෂ්මි එතකොට කිව්වේ "මම මේ ආවේ දේශපාලන ගනුදෙනුවකට නෙවෙයි, උඹ මගේ බැචා හින්දා කථා කරලා යන්න" කියලා"....(අයි.පී.ෂෙල්ටන්) -------------------------------පරිපාලනය ඉදිරියේ පෑ පෞර්ෂය.."ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයේ කිසිම අයෙක් නොකළ විදිහට පරිපාලනය තමන්ගේ ග්‍රහණයට ගන්නට ඔහුට හැකි වුණා. ඔහු සමහරවිට ඔවුන්ට මූණට බැන්නා. නමුත් ඔහු මිය ගිය විට ඇඬුවේත් ඔවුන්. එය එසේ වූයේ ඔහුගේ වූ සුවිශේෂි ගුණය නිසායි.පුද්ගල ඇසුර ගොඩනඟා ගත් අයුර නිසායි.දැඩි විදිහේ ඝට්ටනවලට ගියා. ඔවුන් විසින් ම නිෂ්මිව ආරක්ෂා කළා. කොයිම මොහොතක හෝ පරිපාලකයින් නිෂ්මිව පාවා දෙනු මම දැකලා නැහැ.ඔවුන් වෙන අයව පාවා දෙන්නට ඇති. නමුත් නිෂ්මි පාවා දෙන්නට ඔවුන් දෙවරක් කල්පනා කළා."(කුමුදු බණ්ඩාර-වෛද්‍ය) ----------------------------------------------විශ්ව විද්‍යාලය තුළදී ශිෂ්‍ය නායකයන් හා සංවාදයක නිරත වන්නට එකළ මධ්‍යම පළාත භාර ආඥාපති බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා මහතාට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ සංවාදය ගැන ඔහුගේ මතකය ඔහු පළකර තිබෙන්නේ මෙලෙස..."මා සමඟ සංවාදයට පැමිණියේ නිෂ්මි. නිෂ්මි ඉතාමත් ලස්සනට තමන්ගේ කරුණු ගොනුකොට තර්ක කළා. වාදය ගියේ ඉතා උසස් ආකාරයකින්.ඉතා දියුණු ආකාරයකින්. ඔහු මුළු වාදය පුරාම හැසිරුණේ ඉතාම බුද්ධිමත් අයෙක් ලෙස.ඉතාම ලස්සනට තර්ක ඉදිරිපත් කළා. අතරමැදින් පැනීම් කළේ නැහැ.බාධා කළේ නැහැ.ඇත්තටම මගෙ හිතේ ඔහු ගැන ප්‍රශංසාවක්, ගෞරවයක් ඇතිවුණා."( බ්‍රිගේඩියර් රංජන් ද සිල්වා )------------------------------------"දේශපාලන වශයෙන් පමණක් නොවෙයි. සෑම මිනිසෙකුම මිතුරකු වශයෙන්, සහෝදරයකු වශයෙන් ඔහු දිනාගත්තා."(මැතිව් ප්‍රනාන්දු-පශු වෛද්‍ය )============================================================අද නිෂ්මි නමින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයක් නම් කර තිබෙනවා.ඔහු ගැන පුරාවෘතය අලුත් සිසුන්ට අහන්නට ලැබෙනවා. සැබෑ නායකයන්, යුක්ති ගරුක මිනිසුන් ලෙස ගොඩ නැඟෙන්නට එය ඔවුන්ට ධෛර්ය සපයනවා. ඔහු ගැන සම්පූර්ණ මතක සටහනක් ගොඩ නඟන්නට කැපවූ මේ පොතේ සම්පාදකයන්ට සහ එයට දායක වූ සැමට අපගේ ස්තුතිය හිමිවෙනවා.-------------------------------------------------------------[මේ පොත සම්පාදනය සහ සංස්කරණය කර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.නිෂ්මිගේ ඡායාරූපය ගත්තේ මෙතනින්.tk/ඒ වෙනුවෙන් ස්තූතිය:අරුණැල්ල ලියන රැංගෝට.
BLOG
2012.12.12
http://thapasgekoloma.blogspot.com/
සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ
තපස්
රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන.දෙරණින් බිහිවූ/බිහිවන "සිහින තරු" වලට මොකද වෙන්නේ. ස්වකීය අනන්‍යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ.මොන විවේචන තිබුණා වුණත් සිරස සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් යම් මට්ටමකින් හෝ තමන්ගේ අනන්‍යතාවන් ගොඩ නඟා ගන්නට සමත් වී තිබෙන බවක් පෙනෙනවා.SMS මනාප වලින් ලැබූ ජයග්‍රහණ කොහොම වුණත් අවසානයේදී දක්ෂයා ක්ෂේත්‍රයේ ඉතිරි වෙනවා.ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කරමින්, දිනාගත් ජන ප්‍රසාදය පවත්වා ගන්නට, සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් සමත් වී ඇති බව පෙනෙනවා.මේ ඔවුන්ගෙන් බිහිවූ ස්වතන්ත්‍ර නිර්මාණයන්ගෙන් මා වඩාත් ප්‍රියකරන් ගීත පහක් ගැන සටහනක්.. 5 වන ස්ථානය: සඳුනි....ගායකයා: නලින්ද රණසිංහමේ ගීතයට නිර්මාණය කර ඇති අපූරු තනුව එහි ජනප්‍රියත්වයට ප්‍රධානම සාධකය යැයි සිතමි. මුල් කාලීන සුපර් ස්ටාර් ස්වතන්ත්‍ර නිර්මාණ අතරින් මුලින්ම ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත්තේ මේ ගීතය..4 වන ස්ථානය: මේ සඳ වුනත්....මේ ගායකයා බුද්ධික උෂාන්. ඉතාම අපූරු තනුවක් සේම ලස්සන වදන් පෙළක්.මෙහි වචන ඉසුරු වීරසිංහ මුදලි. සංගීතය සංඛ දිනෙත්. පොරත් සුපර් ස්ටාර් ඩයල් එකක්.මේ සද උනත් පායා ඇවිත්ඉස්සර වගේ එලිය දුන්නා උනත්..............මේ හුලඟමත් අයෙත් ඇවිත්නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් ..........පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් ...............මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්............හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසයි දෝ.....මේ ගීතය නම් බොහෝ දෙනෙක් කැමති එකක්. පසුගිය කාලේ ජනප්‍රියතාවයේ ඉහළින්ම වැජඹුණේ මේ ගීතය. එපා වෙන තරමටම ඇහුණ ගීතයක් :) 3 වන ස්ථානය: ඔබ තරම් පෙම්කළ කිසිවෙක් - තීක්ෂණ අනුරාධ.........................මෙහි වචන- ඩිලාන් ගමගේසංගීතය- රදේශ් වැන්දබෝනා. ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්... ඔබට මන් ආදරේ බව මේතරම්... වෑටහුනේ ඔබ වෙන්වී ගියදා..-------------------------------------------------------------------------ශිහාන් මිහිරංග.....තරමක් ආන්දෝලානාත්මක චරිතයක්. මට අනුව නම් රියැලිටි වේදිකාවෙන් බිහිවූ එකම "තරු" ගායකයා ඔහුයි. ඔහු කරපු නාමල් උඩුගමගේ "රෑ සිහිනෙන්" රීමේක් එකත් "නියමයි" කියන්න පුළුවන්.ඔහුගේ ස්ව නිර්මාණ අතරින් මගේ ප්‍රියතම ගීතය.."පෙරදා මැවූ සිනා"..ඒකේ යූ ටියුබ් එකේ වීඩියෝ බර ගණනක් තිබුණත් මගේ කැමතිම වීඩීයෝව රිතික් රෝෂන් ඉන්න මේ වීඩියෝවටයි..මේ ගීතය නිර්මාණය වන්නේ "සුවඳ දැනුණා ජීවිතේ" ච්ත්‍රපටය වෙනුවෙන්. මෙහි වචන; දක්ෂ ගී පද රචකයෙක් වන නිලාර් එන්. කාසිම් ගෙනි. 2 වන ස්ථානය: පෙරදා මැවූ සිනා- ශිහාන් මිහිරංග............................පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..පෙරදා මැවූ සිනා..//මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේමල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැඟුම් සිරවීඔබගේ සෙනේ මවෙතින් මිදී ලත වේවි නම් මේ ජීවිතේනොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...පෙරදා මැවූ සිනා..මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේරැ කලුවරේ ගිලෙන්නේ සිහිනේ දසුන් බොඳ වීඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවිනම් මේ ආදරේනොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...පෙරදා මැවූ සිනා..සුපර් ස්ටාර් ගායකයන් අතරින් බිහිවූ හොඳම ගීතය ලෙස මා නම් කරන්නේ ......|||||||||||| ..................................................1 වන ස්ථානය: හිරු මැකී යයි - අමිල පෙරේරා....ඔහුගේ හඬ සුවිශේෂයි. හොඳ ගැඹුරක් ඇති කටහඬක් හිමි ගායකයෙක් ඔහු. ආසයි මං පියාඹන්න චිත්‍රපටයට නිර්මාණය වූ ගීතයක්. පූජාගේ ත් සනත් ගේත් රඟපෑම ඉහළයි. රොෂාන් ගේ නම් රඟපෑමේ හැකියාව මදි බව කියන්න වෙනවා. නමුත් පද මාලාවද මහේෂ් දෙනිපිටියගේ තනුව හා සංගීතටය මුසුවන අමිලගේ ගැඹුරු හඬ විශිෂ්ට ගීතයක් බිහිකරන්නට සමත් වී තිබෙනවා.මෙහි පද මාලාව කාගේ දැයි නොදනිමි :( හිරු මැකී යයි නීල අහසේසේද මීදුම් මායිමේ,,,නිමාවී යයි මේ වසන්තේයලිත් නොම එයි කිසි දිනේ,,,,,ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්,රිදුම් දෙයි ආදරේනෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,තුෂර පින්නේපැතුම් ඕවිල්ලේ,,,,,ඔබේ සෙනෙහේඔහු හදේ රැදුනේ,,,,,එදා මතකය සිතේ අහුරා..කාටවත් නොපෙනී අඳුරේ,,,ඉකිබිඳිමි රහසේනෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,,නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා,,,,,,සිනහ කඳුලේ දෙනෙත් දොවමින්,,,,,දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ,,,,,ඈත මීදුම් අතර සඟවායන්න ප්‍රිය ලඳුනේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,හද සුසුම් පවනේරැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේරැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේහිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේනිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේගිණි කඳු පුපුරාලෝදිය ගලනා තරම්රිදුම් දෙයි ආදරේ,,,,,,,රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ ,,,,,,,රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ ,,,,,,.
BLOG
2012.11.26
http://thapasgekoloma.blogspot.com/
වික්‍රමසිංහගේ "විරාගය" සහ අබේසේකරගේ "විරාගය"..
තපස්
අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.-------------------------------"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගතිද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි...විරාගය ශෝකාන්ත අධ්‍යාත්මක නාටකයකි.."ඒ විරාගය පොතේ පිටකවරයේ ඇති හැඳින්වීම.වෙසක් දවසක රැයක පෙරහැරක් බලනු පිණිස අරවින්දගේ ගෙදර පිරිස රැස්වූ දා අරවින්දට සරෝජනී හමුවෙයි...."ගෙපිලෙහි රැස්වී කතාබහින් සන්තෝෂ වන පිරිස අතර සිටි එක් දැරියක් මගේ සිත් ගත්තාය. පාසලට යනවිට ගවුම අඳින ඇගේ කය අද වසා සිටියේ සාරියකි. ඈ හා කතාබහ කිරීමටත් ඈ දෙස බැලීමටත් ආසාවක් මා තුළ හට ගත්තේය.පාසලෙහි දී මා හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙකත් කෙළින් පිහිටි නැහැයත් ඇති ඇගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් අද ලැබුවේ කෙසේද......"අරවින්දගේ හදවතට සරෝජිනි පිවිසෙන්නේ එලෙස."සරෝජිනී මා හා හුදෙකලාව කථා බහ කළ අවස්ථාවක මා ඇගේ මුහුණ සිපගනු ඇතැයි යන හැඟීමෙන් ඈ ඇගේ කොපුල් තලය මගේ මුහුණෙහි හැපෙන තරම් ළං කළාය. බියත් ලජ්ජාවත් නිසා මම ඇගේ මුහුණ නොසිම්බෙමි. ඈ මා දෙස යටැසින් බලා සිනාසුණා මිස කෝප නොවීය. ඈ මට ආලය කෙළේ මා හැඳිනගෙනය."නමුත් අවසානයේදී අරවින්දට සරෝජිනි හිමිවන්නේ නැහැ. අරවින්දගේ වැඩිමල් සොයුරිය මේනකා...ඇය අරවින්දට හාත්පසින්ම වෙනස් චරිතයක්. "නිදහසින් ප්‍රයෝජන ගන්නත් පුළුවන් කමක් තියෙන්න ඕනෑ.නුඹේ සිත ඉබාගාතේ පියාඹන කුරුල්ලෙක් වගෙයි. තාත්තාගේ මරණේ නිසා නුඹේ අතීතය නැතිඋණා. සරා වෙන කෙනෙක් සමඟ විවහ වීම නිසා නුඹේ අනාගතය නැති උණා." තනිව වෙසෙන අරවින්ද බලන්නට එන මේනකා, අරවින්ද ගැන දෙන්නේ එහෙම විනිශ්චයක්..මේනකා, සරෝජනී, සිරිදාස ආදී නවකථාවේ එන චරිත අතින් විතරක් නොවෙයි; විරාගය නවකථාව රස විඳි බොහෝ දෙනෙක් අතින් අරවින්දගේ චරිතය විවිධ විදිහට විග්‍රහ වුණා.විරාගයේ අනෙත් ප්‍රධානම චරිතය "බතී"...කාමරය තුළට වී සිටින බතීට මම හඬ ගෑවෙමි."දැන් ඇවිත් ගිය ඩ්‍රයිවර්ට උඹ ලියුම් යැව්වාද" මම මඳක් කෝපයෙන් ඇසුවෙමි."නැහැ" "ඒ මිනිහා ලියුම් එව්වාද""නැහැ"බතීගේ දෙවන පිළිතුර බොරුවක් නොවේ. ඔහු ලියුම් එවනු වෙනුවට බතී බැලීමට රැයෙහිත් ඇතැම් විට දවල් වරුවෙහිත් පැමිණියේය"ඒ මිනිහා උඹ බලන්න ආවාද"බතී පිළිතුරු නොදුන්නාය.-----------------------------------------------------කථාවෙන් ගොඩ නංවා ඇත්තේ ජයග්‍රාහකයෙක්ද පරාජිතයෙක්ද යන්න හෝ කථාවෙන් ආදර්ශයක් දෙනවාද නැද්ද හෝ නොවෙයි වැදගත් කාරණාව.එම චරිතය මාටින් වික්‍රමසිංහ ගොඩනැංවූ ආකාරයයි එහි විශිෂ්ටත්වය. නවකථාවක් ලෙස, නවකථාංගයන්ගෙන් පූර්ණ වූවක් ලෙස විරාගය හැඳින්විය හැකියි.මෙවැනි කෘතියකට අවශ්‍යම පරිදි මෙය ගොඩ නැංවෙන්නේ ආත්ම කථනයක් විදිහට.අරවින්ද සාමන්‍යය මිනිසුන්ට වෙනස් චරිතයක් වූවත් කථාවේ විශ්වාසනීයත්වට කිසිදු බලපෑමක් නැහැ. කථාව හෝ සිද්ධි කෘතීමව කථාවට පුරුද්දා ඇතැයි කිසිදු විටෙක පාඨකයාට සිතෙන්නේ නැහැ. ---------------------------------------------------ප්‍රවීන සිනමාවේදී තිස්ස අබේසේකරයන් අරවින්දව සිනමාවට කැඳවාගෙන ආවා.. විරාගය සිනමාවට නැඟෙන්නේ 1987 දී. සනත් ගුණතිලක ට අවස්ථාව ලැබේනවා විරාගයේ අරවින්ද සිනමා තිරයේ මවන්නට.ඔහු එය අපූරුවට ඉටු කරනවා; ඔහුගේ හොඳම රංගනයක් සනිටුහන් කරමින්.මෙවන් නිර්මාණ විශිෂ්ඨ යැයි කියන්නේ ඇයි. වර්තමාන නිර්මාණකරුවන් මේවායින් උගත යුත්තේ මොනවාද.අපූර්ව වූත් විශ්වාසනීය වූත් කථාව, මිනිස් සිතක හැඟීම් විනිවිද දුටු ප්‍රඥ්ඥා සම්පන්න, නිර්මාණශීලී රචනය ප්‍රධාන කරුණ යැයි සිතමි. වික්‍රමසිංහයන්ගේ විශිෂ්ඨ රචනය තිස්ස අබේසේකරයන් මනාව චිත්‍රපට තිර රචනයකට පෙරළා තිබුණා.තිර රචනය ප්‍රබල වූ විට දක්ෂ රංගන ශිල්පියෙකුට/ශිල්පිනියකට එයට ජීවය එක්කළ හැකිය. සනත් ගුණතිලකගෙන්, ශ්‍රියානි අමරසේන ගෙන් අප දකින්නේ ඒ ප්‍රතිභාවයි. විරාගය ආරම්භ වන්නේ නවකථාවේ ආකාරයට නොවේ. එයට අලුතෙන් කොටසක් එක්කර තිබුනා. අරවින්දගේ මරණයෙන් පසු හමු වී ඇති ඔහුගේ දිනපොතක් ඇසුරෙනුයි කථාව පටන් ගන්නේ. එය අපූරුයි. නිර්මාණාත්මක යෙදීමක්. ආනන්දයෙන් ප්‍රඥ්ඥාව මැවෙයි.සෞන්දර්ය, අපූර්වත්වය සේම ජීවන අවබෝධය ගෙනෙයි. සිනමා ශාලාවට ඇතුල් වූ රසිකයා සැබෑ නිර්මාණයක් රස විඳ, ආනන්දය ද ප්‍රඥ්ඥාවද ලැබ ඉන් පිටව යයි.විය යුත්තේ එය නොවේද. තරුණ, නිර්මාණශීලී සිනමාකරුවන් රැසක් ලාංකේය සිනමාවට අද එක්වී සිටිති. එය සතුටු වන්නට කාරණාවකි. අපට ඔවුන්ට කීමට ඇත්තේ මෙයයි.ව්‍යාජ සම්භාව්‍ය එක්ටැම්ගෙවල් වලින් මිදෙන්න...අන්තර්ජාතික සම්මාන සිහිනයෙන් ඇහැරෙන්න..ලාංකේය සිනමාවට විශිෂ්ඨත්වය උදා කරලන්න ඔබට හැකියාව ඇත.
BLOG
2012.10.29
http://thapasgekoloma.blogspot.com/
ගෞතම බුදුනි..මේ ඔබ වෙනුවෙනි...!
තපස්
පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්‍රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් මේ දර්ශනයේ අගය වැටහෙන්නේ සමාජයේ ජීවත් වෙනකොට..සතුට සේම දුකද ප්‍රශංසාවන් සේම නින්දාවන්ද උරුම ජීවිතය විඳිද්දී.ඕනෑම දෙයක් නොසැලී දරාගන්න අවශ්‍ය පදනම ලබාදෙන දැනුමක් විදිහට, මේක මටනම් මාරයි...නිකම් දේශනාව විතරක් නෙමෙයිනේ; බුද්ධ චරිතය ගත්තත් ඒක ප්‍රායෝගිකව පේන්න තියෙනවානේ. කොයි තරම් ශ්‍රේෂ්ට, විශිෂ්ට මනුස්සයෙක් වුණත් ගෞතමයන්ටත් කොයිතරම් නින්දා, අපහාස, දුක් කම්කටොළු විඳින්න වුනාද ;ගෞරවයන්, ප්‍රශංසාවන් වාගේම.නමුත් කිසිවකට නොසැලී, සන්සුන් මනසින් උන් වහන්සේ ඒවාට මුහුණ දුන් ආකාරය තම දේශනාවට ප්‍රායෝගික වටිනාකම එක් කළා. තියරි එක වාගේම ප්‍රැක්ටිකල් වලිනුත් බුදු හාමුදුරුවෝ මේ විෂන් එකේ අගය ඉහළින්ම පෙන්වා දුන්නා.තවත් කැමතිම තැනක් තමයි කාලාම සූත්‍රය."කාලාමයෙනි, යමක් ඇසූ පමණින් හෝ පොත පතෙහි සඳහන් වන්නේ යැයි කියා හෝ මෙය මෙසේ වීයැයි කියා හෝ පරපුරෙන් පරපුරට නොනැසී, නොසිඳී පැවත ආවේ යයි කියා හෝ තර්කය හේතු කොටගෙන හෝ න්‍යාය හේතු කොටගෙන හෝ මේ අපගේ ශාස්තෘවරයා විසින් දේශන කරන ලද්දකැයි ගුරු ගෞරවයෙන් හෝ නොපිළි ගත යුතුය.එය නුවණින් මෙනෙහි කර ස්වීය චින්තනයට යොමු කර සත්‍ය යයි තමන්ට වැටහෙන්නේ නම් පමණක් පිළිගත යුතුය"පූර්ණ නිදහස් චින්තනය පිළිබඳ මෙවන් ඉගැන්වීමක් කොයි තරම් ශ්‍රේෂ්ටද. බෞද්ධ දර්ශනය හෝ විවේචනය කිරීමට, එරෙහිව තර්ක කිරීමට බාධා පමුණුවා නැහැ. මෙහි අගය කොතරම් දැයි වැටහෙන්නේ නිදහස් චින්තනයට ඉඩක් නැති, ආගමික/දේශපාලනික දර්ශන ගැන සිතා බලන කොට.සාගරයක් වගේ විශාල බෞද්ධ දර්ශනයේ කථා කළ යුතු තැන් අසීමිතයි.ඒත් අදට මේ ඇති :).
BLOG
2012.10.21
http://thapasgekoloma.blogspot.com/
"සංකාරා" ගෙනා ප්‍රසන්න ජයකොඩිගෙන් "කර්ම"...
තපස්
ප්‍රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්‍රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද. අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද. එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්‍රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්‍රසන්න ජයකොඩි ඇති කරගත් ප්‍රතිරූපය මෙයට ප්‍රේක්ෂකයන් ඇදගන්නට උත්තේජනයක් සපයන්නටද ඇත. නමුත් මෙය ලියවෙන්නේ අසතුටෙනි. "කර්ම" නැරඹීමෙන් "හොඳ නිර්මාණයක් රස විඳීමේ" මගේ බලාපොරොත්තුව කඩවිය.[අවංකවම මෙය මගේ රස වින්දනයේ අඩුවක් විය හැක.තව කෙනෙකුට මෙය උසස් නිර්මාණයක් විය හැක. නමුත් මා ලියන්නේ මට හැඟුණු දෙයයි.]මෙය "බලහත්කාරයෙන් සම්භාව්‍ය " කිරීමට තැත් දැරූ නිර්මාණයක් බවයි මටනම් හැඟුනේ.අඩු දෙබසින් යුතුව, රූප වලින් කථාව කීම ප්‍රසන්න ජයකොඩිගේ සිනමාව බව අපි "සංකාරා" හිදී අත් දැක්කෙමු.නමුත් එය මෙහිදී අපූර්වත්වය මවනු වෙනුවට "බොරු සම්භාව්‍ය" බවක් මවයි. මේ කථාව වුව ඇඟට දැනෙන ගතියක් නැත. අහසේ පාවෙන, හුදෙකලා, මුල් නැති, ඕපපාතික වැනි වදන්භාවිතා වෙන්නේ මෙවන් නිර්මාණ වලට යැයි සිතමි.නමුත් මෙය අගය කළ හැකි දෙයක් ඇත්තේම නැති වර්ගයේ චිත්‍රපටයක් නොවේ. නිර්මාණශීලී රූප රාමු, අපූර්වත්වයක් ගෙනෙයි. ආලෝකකරණයද,පසුතලද අගනේය.අලුත් නළු නිළියන් යොදාගැනීම අගය කළයුතුය.නමුත් විශේෂයෙන් අගය කළ හැකි මට්ටමේ රංගනයක් ගැන කිව නොහැක.[මිෂෙල් නම් ලස්සනය. එය වෙනම කථාවකි.:)] රූප රාමුවලින්ද, දෙබස් වලින්ද විටෙක "හඳගම" සිහිවෙයි.ප්‍රසන්න ජයකොඩි සුවිශේෂි යමක් සිංහල සිනමාවට දායාද කළ හැකි නිර්මාණකරුවෙක් බවට සැකයක් නැත. තම මුල් නිර්මාණය "සංකාරා" තුලින් ඔහු එය ඕනෑවටත් වඩා ඔප්පු කළේය.විය යුත්තේ "සම්භාව්‍ය එක්ටැම් ගෙවල්" වලින් එළියට ඒමට හිත හදා ගැනීම පමණකි.
BLOG
2013.12.15
http://lishwish.blogspot.com/
බේරේ පන්සලේ පිරිත් නූල
Lishan kasun sri
හාමුලා, ලොකු ආප්පොලා මැද ඇමති මැතිවරු මැණිකෙලාසිටිති ඉඳගෙන කුළුණු බර වී බණ දෙසන හිමිනම දිහා කට ඇරන් ඇස් දෙක වසාඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්බුදුන් දෙසනා බණ අහන්නටඋවැසි උවැසියෝ පිරී හිටියේසඟ රුවන බණ දෙසනවාපිරිස ඈණුම් අරිනවාහොරෙන් ඇස් ඇර බලනවාසාදු සාදු කියනවාවතුර ටැංකිය, නූල් පන්දුවවරු තුනක් ඇත පිරිත් කරලාකැමති මැතිවරු ආධාර කරනූල්, දිය බිඳු ගන්නලාවටාපතකින් මුව වසාගෙනහීනි දෑසින් බැල්ම දීගෙනතුරුණුවන් ගුණ වයා ඒ හිමිපිරිත් නූලක් බෙදනවා වතුර උගුරක් පොවනවාටිකැට් පොතකුත් අදිනවාමේ වැඩපු ලොකු සාදු නම් හරිසිල්වත්ය දෙයියෝම බලංකතරගම නුවරද අනුරපුර ඉඩ කඩං ඇත ඇතිපදංපැයක් හරියට බණක් දෙසලාලැබුණු පිරිකර ගණන් කරලාපන්සලට ගෙන එන්න කියලාජිප් එකට හිමි වඩිනවා සැවොම සාධූ කියනවාහරිම සිල්වත් හිමිගේ බණ ටිකනිවං ගිය වග දැනෙනවාහාරදාහක් මිල ගෙවා ගත්පිරිත් නූලක් තියෙනවා හරිම ආසා හිතෙනවා නිවං ගිය වග දැනෙනවා.
BLOG
2013.12.11
http://lishwish.blogspot.com/
• කවටයාගේ පෙම්වතී •
Lishan kasun sri
සුමුදු දෙතොල නැත පහසක - රහමෙර විඳ ගත්ත තීසිනා කතා කියවා සත - ගත් රුපියල් සත මදීසිනාසුනද වෙස් මුහුණක - කඳුළු බිව්වා නැති මදීහඬන ඔහුට හිනැහෙන්නට - සවිය දුන්නේ නුඹද තීඇස් ලොකු කර ඔමරි පපා - දෙපිට කැපෙන වදනාකියවා සත හා සමඟිණ - එකට සිනහසෙනවාසර්කස් කඩ මුදලාලිගේ - බැල්ම නිතර වදිනාබව කියන්නේ කොහොමද - ඈ, ඔහු ඉන් දිවි ගෙවනාකලකට පෙර පෙම් ලෝකයේ - කිරුළු පැළඳි රජුඔහු උනාට, රජ මැදුරට - වැටේ රජ කඩොලුමුදලාලිගේ රුපියල් සත - දුන්නත් දිවි සලූහිමි සඳ මම ඉවසන්නේ - හින්දයි නුඹ මතුපෙම්වත නුඹ අසල ඉන්න - නැත සුදුස්ස මමලොවම හිනස්සා මාසෙම - ලැබෙනා සොච්චමඑක වරකින් හාන්සි වී - උපයන අන්දමඇසුවොත් නුඹ කෙතරම් - දුක් ගනීද මගේ පණ.
BLOG
2014.11.02
http://wikasitha.blogspot.com/
අහිමි
Rasika Kariyawasam
image-fromහාත්පසඝනඅඳුරවපුරාවැටෙනවැහිකාලයක්තිස්සේදරාගන්නටනොහැකිමොහොතේගලායනලෙසඉවුරුබිඳගෙනළයේමාහිසහොවාකඳුළින්දොවාලයිහදවතරිදුම්දෙනඉතාමත්දුරඈතඅහසටයොමාදෑසමබලාගෙනනුඹහිඳිද්දීසිරගතවිලාසෙන්කිරිල්ලියෙකෙලෙසකදරන්නදනුඹේප්‍රේමයදරාගන්නටමගේහදවතකුඩාවැඩිබවපසක්කළඒගෙවුණුකාලයඅතරමගමඟහැරුණුආලයපසුබිම : අග පිපි මල් නවකතාව (සුමිත්‍රා රාහුබද්ධ ), එහිම නාට්‍ය තේමා ගීතය.
BLOG
2014.07.23
http://wikasitha.blogspot.com/
උයන
Rasika Kariyawasam
image-fromහිතටහිතෙනහඬඅහන්නමල්නොපිපෙනඋයනේකටුවලටත්නොරිදෙන්නටපයතියන්නඅකුලේමිහිදන්කලපෙමකපුරාවතකියන්නරහසේහිතංඋන්නේනුඹගියාදමටත්නොකියඅඳුරේපොදක්විඩානිවාගන්නඅතරමඟදිරැඳුණාඋණත්නුඹටකටුඅකුලේමලක්වෙන්නතිබුණාඅවන්හලත්නිදිවැදුණාසඳමුදුනටආවාමලක්මඟදිමුණගැසුණානුඹදකියාසිතුණා.
BLOG
2014.02.26
http://wikasitha.blogspot.com/
ගඟක් ගලයි
Rasika Kariyawasam
image-from සීතහිමදියවෙනවවසන්තයළඟඑනවමිදුණුගංදියඋඩටඉරවැටිලදිලිසෙනවකාටලස්සනඋණත්ගඟක්කැමතියිහුඟක්නිහඬවමනිසසලවමිදිලඉන්නටතවත්මෙයප්‍රථමවසන්තයනොවේගඟපසුකරනදන්නහින්දාගැහැටකෙඳිරිගාමින්ගලනඅගකඅතුගඟටබරමලක්ළඟනවතීදවසන්තයඋදාවනවළක්වනුහැකිවේදමුහුදහමුවෙයිගඟටයළිත්නිසසලවෙන්ටතවත්ගංගාවැටුණහැකිදතරහාවෙන්ට.
BLOG
2014.01.30
http://wikasitha.blogspot.com/
ග්‍රීන් පාත්
Rasika Kariyawasam
image-from පින්තාරුකළසිහිනවෙන්දේසියේඉමක නැවුම්සායම්සුවඳනොඑනා පොදුනොවනසිහිනයක්නොවිකිණෙනසිත්තමක් ළඟහිඳීඇයනතරවීලා ටිකක්ඉස්සරඇන්දනමුත්උණුසුම්තවම නුඹේකොපුලේපාටහින්දා අදත්තරුණයිතාමහෙටක්සොයමින්පලා ඇයිදනුඹගියෙඅනේමන්දා එදාවාගේහෙවනනොමැතමේමඟදෙපස පාර්ක්එකටත්එළියවැටිලා අවන්හලමීපුරනළඟපමණිටිකක්වත් හෙවනඇත්තේඉතිරිවීලා ශේෂවූහසරැල්ලසුසුමකින්නොතවන්න වසන්තයනිමවීහමාරයි ඇන්ඳමුත්කඳුලකින්දියකරමනෙතනැඟුණ ගෙනයන්නමෙහිවර්ණනුඹගෙයි.
BLOG
2013.10.19
http://wikasitha.blogspot.com/
මිරිඟුව
Rasika Kariyawasam
image-from උදා වන්නට පෙර වසන්තය හැඳින සිටියාදෝ නොදන්නෙමි නමුත් පෙර මා මගේ ඇසුරින් මේ තරම් නුහුරක් නොවින්ඳෙමි නුඹේ දෑසින් දුටුව මිරිඟුව මගේ හද ගත් මගේ පිළිරුව බොඳ වෙලා නුඹ නැතිව අතරට තිබේ නටඹුන් බරට ඉතිරිව දෙසවනින් මා බොහෝ රසවිඳි නුඹ ගැයූ මා ලියූ පෙම් කවි හදේ ගැඹුරුම තැනුත් කැලතිනි පසිඳලන්නට අරුත නොදනිමි සිහින අහසට නැඟී පියඹා යාවි ඈතට රාව නංවා ඒ විහඟ තටු අග රැඳී තිබු බිංදු පිණි කැට විසිරිලා.
BLOG
2013.08.27
http://wikasitha.blogspot.com/
මඟහැර
Rasika Kariyawasam
image-from ඇගේජායාවඅන්තිමටදුටුහිමිදිරිය අන්ධකාරයඉරානැඟුණුඒහිරුඑළිය තෙතක්නොතිබූපොළවපැළීඉරිතලාගිය නිවෙන්නටගලාහැලෙනාසුමුදුසඳඑළිය නැවුම්දෙයකටකියාකුලීකුටියටතිබුණ සුවඳමල්වලපිපුණවැටේකවුරුදනෙළන හුරුපුරුදුකටහඬක්ආයෙමත්ඇහෙනවා මගේනෙතුඉමේඈකූඩුවක්හදනවා කඳුළුමඟකීවාදඋල්පතසොයාගන්න නුඹේමොළකැටිහදටබැහැමගෙන්පළිගන්න නවාතැන්කවුළුවෙන්මටඈතපෙනෙනවා නුඹේසෙනෙහසවින්දමටඑහෙමහිතෙනවා හැමදාමමල්පිපෙයිඇවිදින්නෙලාගන්න වැහිවලාකුළුමැකෙයිසඳේනුඹපායන්න සතුටකඳුළක්වෙලානෙතුඅගටඋනනවා කුලීනිවහනඈතකුඩාවටපෙනෙනවා.
BLOG
2013.07.13
http://wikasitha.blogspot.com/
හමුවීම
Rasika Kariyawasam
image-from රෑකසීතලටපිපුණුරෝසමල කවුරුදනීවිදරෑකපිපුණුවග නීලදෑසවැසිලාහිසවැස්මට රෝසපාටකම්මුල් පාවඑන්නහැකිනම්සුළඟේමට හාදුදෙන්නතහනම් මාඑක්කඇවිදින්නහැන්දෑවෙතනිවෙන්න එනවාදසඳමඬලහැරකින්නරී ඔබඉන්නඔයසඳලුතලයටමපැමිණෙන්න සඳඑළියහිමිකුමරුමමනොමවෙමී කීවදේකඅරුතක්නැතුවත්මට දෑසදෙතොලසිපගත් ආදරේටසුවඳක්ඇතිනම්එය මාදදනිමිදැන්නම් අපඅතරමංකරනලැව්ගින්නඇවිලේද රෑපිපුණුමලරෝසවනසාවිදෝ ඔබයන්නදුරයන්නකාලයයිසමුගන්න රෑඅහසෙපායන්නසඳරාජිනීමඟකීවේ:Pookal Pookum - Madrasapattinamහා විකසිත | තරම.
BLOG
2013.04.11
http://wikasitha.blogspot.com/
ජීවිතය කරුණාව
Rasika Kariyawasam
සිරිපා වැන්ද ඉර පෙරඹර නැඟ එනවා සමනලයින්ට කලියෙන් අපි ඇහැරෙනවා බැරි බර හිස තියාගෙන කන්දේ යනවා තටු නැති අපට කන්දම පිහිටක් වෙනවා රත් වූ පඩි ගැටී යටි පතුලම දනවා ඉර ලං ලං වෙලා දාහෙන් බැට දෙනවා කන්දේ වැඩ ඉන්න දෙයියෝ දිරි දෙනවා කරුණා කරන ඇත්තෝ ඉස්සර වෙනවා ලන්දේ දුවන පොඩි උන් මවු නළවනවා ගින්නේ හිටන් උන්ගේ බඩ පුරවනවා ඝණ්ඨා හඬට දෙපයත් ඉක්මන් වෙනවා මං එනතුරා කඩයේ ලිප ලතවෙනවා.
BLOG
2013.03.02
http://wikasitha.blogspot.com/
සිහ වලප
Rasika Kariyawasam
image-from:hasithaphotography ගල්තලාවටඈතඅහසේඝනකැලෑවටසූර්යයා බසිනවාවේගෙන්අඹන්නටබැහැඋනත්මංසිංහයා විපත්ගොරතරකැලෑවේඑකලාවුනත්නැහැගෙනාවේ දුකක්මේසාගුහාවේතනිවෙලාමාහුදෙකලාවේ මගේලේමාහටමඑදිරිවසොයාරජකමවංගයේ සිංහබාපුතුනේගියේඇයිනුඹයිරජමාගේලොවේ පුංචිදෝනීවෙච්චිහුරතල්මගේදෝතේමොළකැටී නුඹත්නෑනේමේසැඳෑවේඅසන්නටදුකසැපමගේ චන්ද්‍රයාඔච්චම්කරයිගල්තලාවේඅවරින්නැඟී මන්දමේහුදෙකලාවේකෝකොහිදසඳඔබගේඅසයි දන්නවාමංදේවියේනුඹපුතුගෙබහටයිහැරගියේ මන්දිරේඉසුරත්පරාදවුනුඹේනිකැළැල්ආදරේපිදුම : සිංහබාහු නාට්‍යය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර.
BLOG
2013.02.10
http://wikasitha.blogspot.com/
කතර
Rasika Kariyawasam
image-from වියළිකතරටවැස්ස ඉඳහිටවැටෙයි අහසත්අපිත්එක්ක පොළවක්සිතයි වැහිබිංදුවියළිපස සමඟමුහුවෙයි උඩනැඟෙනදුහුවිල්ල නැවුම්සුවඳයි දියෙන්බොහොමයක්යළි අහසහාමුහුවෙන්නෙ බොහොමඩිංගයිපොළව කිමිදීවෙලාගන්නෙ නිල්අහසයටකතර එදාවාගෙයිතාම දුඹුරුපසුබිමෙතැනෙක ඉඳහිටපතොක්හැදෙන මෘදුබඳෙකකටුතියෙන.
BLOG
2014.11.09
http://deuduwa.blogspot.com/
දැන් "දෙව්දුව" DEUDUWA (Angel) Google play වෙතින්
Iresha Madushani
දැන් "දෙව්දුව" DEUDUWA (Angel) Google play වෙතින්.
BLOG
2014.09.16
http://deuduwa.blogspot.com/
ආයුබොවන්
Iresha Madushani
ආයුබොවන්.සැහෙන කලේකට පස්සේ ..අයේම අවා.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
හෙමි හෙමින් විත්
Iresha Madushani
+++++++++++++++++++හෙමි හෙමින් විත්වැටෙන වැහි බිංදුව..ගලාගෙන ගොස්සරු කරයි මහ සයුරනුඹ ඇවිත් මගේතරු සබදදිදුලවයිමේසිත් අහස.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
හිරු නුඹය නැගෙන අහස මම
Iresha Madushani
වැස්ස නුඹ,ඇද හැලෙන විටමහ පොලොව මමවැහි බිංදුවරැක ගන්න...හිරු නුඹයනැගෙන අහස මමහිරු එලියරැක ගන්න....මගේ ලොවට සදු නුඹයමම එහි රැදේනසද එලිය.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
පියෙන් පියවර
Iresha Madushani
පියෙන් පියවරනුඹෙන් අරගෙනජිවිතයපා තබා යනගමනක ඇරඹුමකි මේ...දැස්මත ලියවුනුමගේ ප්‍රෙමය...එකිනෙක ගොනුකරඔබට පුදන්නටකාලය ඇවිත්මගේ බබරුනි.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
ජිවිතය නුඹේන්..
Iresha Madushani
+++++++++++++++++++++++++++ජිවිතය නුඹේන්..ඉල්ලා ගේනඇවිද ගියේමිඅත්වැල් පටලාගෙනසිනාසිසි අපි අනන්තයටසිටියා නුඹ පෙර භවයකනොසැලෙන...පහන් වැටක් ලෙසඅද ඇවිදින් මේ ලෙසසසර පුරුද්දටතුරුල්වෙලා...මගේ හද මඩලට.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
අප සමග එක්ව මියේනාතුරා...
Iresha Madushani
මගේ ජිවිතය නුබකදුලු, හසරැල්මතින් හෙට දිනපිය නගන එ සොදුරැ ලොවඅපේ පැතුමන් ඇතගොනුවෙලා..අඩක් නිමවුනකලයේ බොහොඅ දුරයන්න ඇත අපසමග එක්වමියේනාතුරා....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
පන්හිදට පණ දුන්
Iresha Madushani
හුස්ම නුබ වියජිවිතය මගේ වුවපන්හිදට පණ දුන්කවිය විය නුබසතුට රජ කරකදුල සැගවුවපහන නුබමයිදිලෙන එලිය මම වුව.....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
BLOG
2013.11.24
http://deuduwa.blogspot.com/
ඉතින්.....
Iresha Madushani
අවිහිංසක ඔයමුව මඩලින්බලනා කලනිසල නෙතින් දුටුවා නුබමගේම නමින්ලියවුනකුමරා නොවේදඉතින්.....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
BLOG
2014.07.18
http://sithuwilihanthana.blogspot.com
අවදි කරවමි යළිත් කවි සිත ෴
රන්දු
දරා නෙක නෙක සිතුම් සිතයටවිරා රස සිත පතුලෙ යටකොටනුරා මුසු පෙම් හැඟුම් මතු කොටසරා සුරඟන කරා සිත වටගෙවුණ සමයේ හැඟුම් විරහිතකවිය වෙත වුව තැබුවෙ මා තිතසිතට සුපුරුදු හැඟුම් දී මතඅවදි කරවමි යළිත් කවි සිත෴ රන්දු ෴.
BLOG
2014.07.02
http://sithuwilihanthana.blogspot.com
චූටි ඇහි පිය යට... මනමාල කවි ඇත......෴
රන්දු
චූටි ඇහි පිය යට,මනමාල කවි ඇතඇති නමුත් අවසර,ගයන්නට හිත නැත...පාට පිනි පොද කැට,ඇත සිනිඳු තටු මතකෝඩු පෙම් හුළඟට,ගසාගෙන යනු ඇත...සිතාරයෙ තත් නද,දෙන නමුත් රස විතඅයෙක් එය වැයු සඳ ,ඇඟිළි තුඩු වෙයි රත...දැවටෙන්න හිතුණට,හැඟුම් වැල් පොදි මතසැඩයි රුදුරුයි ලොව,රඳවගනු එය සිත...ආල ලතැවුල් හද,ගෙනෙයි බාධා සිතජය ගන්න මතු දිනතව යන්න දුර ඇත...~ රන්දු ~2014 මාර්තු 30.
BLOG
2014.12.12
http://networkshell.blogspot.com/
Google සිංහල පරිවර්ථන සේවය අද සිට කරලියට..! :)
Yohan Bashitha
ඔන්න අපි හැමෝම ගොඩක් මහන්සි වුන දෙයක් Google දෙවියන් විසින් එලියට අද දිනයේ Release කරලා තියෙනවා. ඔබ සැමට මෙම දැන් පහසුවෙන්සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.දැන්ම පිවිසෙන්න : https://translate.com/උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. දැන් ඉතින් මඔන කතා ද China ද. Google Translator සිංහලෙන්ම පරිවර්තනය කිරීමෙ හැකියාව ඇත. ;)දැනට පවතින Translation වැරදි ඇත්නම් ඒවාත් නිවැරදි කිරීමේ හැකියාව එම ස්ථානයෙම ලබා දී ඇති අතර හා මෙය 100% සම්පුර්ණ කිරීමට ඔබ සැමගේ දායකත්වය ලබා දීමට මෙම ලිපිය බලන්න. බලා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.මේ සදහා සහය දෙක්වු සැමටTranslation Team එකට Google Translation Week පැවත්වා මෙය සාර්ථක කරගැනීමට අත හිත දුන් සැමට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා... කියා මම ප්‍රාර්ථනා කරනවා. .මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2014.08.14
http://networkshell.blogspot.com/
Internet එන එකේ හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද..?
Yohan Bashitha
මොකො කියන්නේ, දන්න දෙයින් හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද...එහෙනම් මෙන්න මේකයි සීන් එක.Google Translate කියන්නේ මොකක් ද කිව්වොත් දැනට ලොකයේ භාවිතාවන හොදම ලිඛිත පරිවත්තනය මෙය වේ. තවද වචනය ශබ්ද කිරීමෙ හැකියාව ද ඇත.උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. ඉතින් අපිට මොන China ද අපිට පුලුවන් Google Translator එක දාලා English වෙනයම් තිබෙන ඕන භාශාවකට පරිවර්තනය කිරීමෙ හැකියාව. සිංහලත් වැඩෙ ගොඩ දැම්මොත් කිසි සමාවක් නෑ China To Sinhala තමයි. ;)ලංකාවෙ කොල්ලො ටික දඟලලා දඟලලා Google Translate එකතු කරලා. ඒත් ඉති එකතු කලාට විතරක් මදි නේ. සුද්දො සිංහල ඉගෙනගෙන නෑනේ. අපි ඉතින් සුද්දාගෙ වචනයෙන් වචනය හො වාක‍යයෙන් වාකයය අපෙ භාශාවෙන් දෙන්න ඕන. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.හරි එහෙනම් කරන්න තියෙන්නෙ මොකක් හරි තමන්ගේ Gmail Account එකකට ලොග් වෙන්න. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න.com/community ලින්ක් එකට යන්න.ඔන්න ඊට පස්සේ ඔය විදියට එකක් එයි. Got It කරන්න.දැන් My Languages කියන Button එක click කරන්න.එහෙනම් භාෂාව විදිහට Sinhalese කියන එක තෝරලා දෙන්න ඕනේ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. කල යුතු ආකාරය පහසුවෙන් හදුනා ගත හැකි ආකාරයට දක්වා ඇත.සිං සිංහල එක හරි නැත්තම් කෙලින්මසිං එක click කරත් හරි.හරි ඔන්න අපිට පලවෙනියටම හම්බවුන සුද්දාගෙ භාශාව අපෙ බසට හරවනවා. සිංහල type කරන්න තියෙන්නෙ Snglish ආකාරයට.උදා : අම්මා කියලා type කරන්න ඕන නම් මේ විදියට => ammaaඅපට පහසු වෙන්න ඊට සමාන වචන අපිට පෙන්වනවා පහත රූප සටහනින් එය පෙන්නුම් කෙරෙ. අපිට ඔන කරන එක click කිරීමෙන් එම වචණය ස්ථිර කරගත හැක. (සිංහල ලේසියෙන් Type කරන්වා නම් ඉතින් Google Input tools තමයි.. ;))ඔන්න අපි Type කලා එහෙනම් ඉතින් Submit කරන්න.ඊලඟට ආපු එක අපි තේරුම දන්නේ නැත්තම් ඉතින් අනේ Plz බොරු, වැරදියට Translate කරලා නම් දාන්න එපා. පුලුවන් නම් Dictionary එකකින් බලලා හරි බැරිමනම් Skip කරලා ඊලඟ වාක්යයට යන්න. මේ කරන වැඩේ අනාගතයේ හැමොටම හුගාක් ප්‍රයොජනවත් දෙයක්..තවත් වැඩ රාශියක් තියෙනවා Rate, Validate වගේ. ගිහිල්ලම බලන්න මොනා ද කරන්න පුලුවන් කියලා.පටන් ගත්තාම මේ වැඩේ අමාරු නෑ, ගේම් එකක් ගහනවා වගේ හිතෙනවා. ඒ නිසා ආසාවෙන් කරගෙන යන්න පුලුවන්. Translation Team එකේ සංවිධානය කරපු අයට සහය දක්වන අයට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා... කියා මම ප්‍රාර්ථනා කරනවා.මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2014.07.24
http://networkshell.blogspot.com/
මහා පහන් කූඩු රාජයා..!
Yohan Bashitha
හැමදාම වගේ වැඩ රාජකාරි අස්සෙ පොඩි වෙලාවක් අරගෙන ඔබ හමුවට පැමිණියා එහෙනම්. ;)සමහරු හිතයි වෙසක් ඉවර වෙලා පිස්සුද මේවා දාන්නේ කියලා. :P @$#$@6වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරනු ලැබු මහා පහන් කූඩු රාජයාදින කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් කරන ලදි. ඔහුගේ කල මහන්සිය අගය කිරීමට මම මෙය ඔබ හමුවට ගෙන ආව එහෙනම්.3D MAX ආදාරයෙන් කල සුපිරි නිර්මාණයක්.මෙය කල Venuka සහොදරයට බොහොම පින්.ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2014.04.10
http://networkshell.blogspot.com/
සයිබර් සිහින බක්මහ උළෙල 2014
Yohan Bashitha
මේ මාසෙ 20වෙනිද බ්ලොග් ලියන කියවන හැමෝටම විශේෂ දවසක් කියල දැනටමත් ඔයාල ගොඩදෙනෙක් දන්නවා ඇති, ඒ පිළිබද නොදන්න අයටයි මේ දැනුවත් කිරීම.පසුගිය වසරවල වගේම මේ වසරෙත්සයිබර් සිහින බක්මහ උළෙලපසුගිය බක්මහ උළෙලවල් වලටත් වඩා අති උත්කර්ෂවත් ලෙසපැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ තමයි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ, උදෑසන 9යේ සිට හවස් වන තුරාවටම විවිධ අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.View Larger Mapමේ තියෙන්නෙ බුද්ධදාසෙට එන පාර 20වෙනිදට පැමිණෙන සියළු දෙනාම එදාට එන්න කලින් කරන්න ඕන වැඩක් තියනවා ඒක තමයි පහල තියන ලින්ක් එකට ගිහිල්ලා තමන්ගෙ විස්තර ඇතුලත් කරල අදාල ෆෝරමය පුරවලා තමංගේ සහභාගීත්වය තහවුරු කරන එක.සයිබර් සිහින බක්මහ උළෙල සදහා ලියාපදිංචිය එදාට බක්මහ උළෙලට එන ඔයාල හැමෝටම දිවා ආහාරය සහ වතුර බෝතලය බැගින් ලැබෙනවා, ඒකට ඔයාලට කරන්න තියෙන්නෙ බක්මහ උළෙලට ඇතුළු වීමේදී ඇතුළුවීමේ ගාස්තුව වශයෙන් පුංචිම පුංචි රුපියල් 200ක මුදලක් ගෙවන එක විතරයි.ඔයාල ඇතුළුවීමේදි ගෙවන රුපියල් 200 වගේ කිහිපගුණයක වටිනාකමක් ඔයාලට ලැබෙනවා කියල ඔයාලට මතක් කරන්න කැමතියි,.ඒ වටිනාකම 100%ක් ලබාගැනීමටනම් ඉහල තියන ෆෝරමය පිරවීම හා එදින උදෑසනම බුද්ධදාස ක්‍රීඩාංගණයට පැමිණීම වැදගත්.ඔන්න අපි නොකිව්වයි කියලනම් එදාට කියන්න එපා. මෙහිදි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා, ඒ තමා මෙවර බක්මහ උළෙලට සාදර අනුග්‍රහය දක්වන ඕෂනික් ගේම්ස් ආයතනය, ඔවුන්ගේ අනුග්‍රහය නිසා තමයි මෙවර බක්මහ උළෙල සාර්ථකව පැවැත්වීමට අපට හැකියාවක් ලැබෙන්නේ.ඕෂනික් ගේම්ස් කියන්නෙ මොකක්ද හා ඔවුන් ගැන සියළු තොරතුරු එදිනට ඔයාලට දැනගන්න පුලුවන්. ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා, ඒ තමයි බ්ලොග් අවකාශයේ මිතුරන්ව බක්මහ උළෙල ගැන දැනුවත් කිරීම සදහා අප විසින් සකස් කල විජට්ටුව හා අපගේ අනුග්‍රාහක ඕෂනික් ගේම්ස් ආයතනය පිළිබද විජට්ටුව ඔයාලගෙ බ්ලොග් වලටත් ඇතුලත් කරල අනික් අයවත් මේ පිළිබද දැනුවත් කරන්න අපට සහාය වෙන්න කියන ඉල්ලීම.swf"></object> ඉහල තියනව වගේ විජට් 2ක් ඔයාලගෙ බ්ලොග් වලත් ඇතුලත් කරල අපිට සහය වෙන්න කියල අපි කාරුණිකව ඉල්ලන්න කැමතියි.ඒව ඔයාලගෙ බ්ලොග් වලට ඇතුලත් කරන්න අදාල විජට්ටුවට යටින් තියන කෝඩ් එක කොපි කරල ඔයාලගෙ බ්ලොග් එකේ ඩෑෂ්බෝඩ් එකේ තියන ලේඅවුට් කියන තැනට ගිහින් පහල පින්තූර වලින් පෙන්නල තියන විදිහට මේ විජට් ඔයාලගෙ බ්ලොග් එකට එකතු කරගන්න පුලුවන්.Layout වෙත පැමිණ Add a Gadget සිලෙක්ට් කරන්නඉන්පසු විවෘත වෙන වින්ඩෝවේ ඇති HTML/JavaScript සිලෙක්ට් කරන්නTitle හිසයිබර් සිහින බක්මක උළෙලලෙස සදහන් කර Content හි විජට්ටුව සදහා අදාල කෝඩ් එක පේස්ට් කර සේව් කරන්න. ඉහත පියවර අනුගමනය කරල මෙම විජට්ටු දෙකම ඔයාලගෙ බ්ලොග් වලට දාගෙන ඔයාලගෙ සහය අපට ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.එහෙනම් අප්‍රියල් 20වෙනිදාට බක්මහ උළෙලේදී හමුවෙමු.....මේ ගැන ලියැවුණු අපේ නිල අඩවියට මෙතැනින්....-------------------------------------------------------------------------------- මේ පාර එද්දි හැමෝම තමාගේ ප්‍රමාණයට සරිලන ලෑලි කෑල්ලක් ගෙන්න අමතක කරන්න එපා, ගියපාර සෑම කිව්ව මතක ඇතිනෙ.මතක නෑ වගේනම්මෙන්න ලින්ක් එකගිහින් බලාගන්න. :D(උපුටා ගැනීමසසිදුගේ blog අඩවියෙන්).
BLOG
2014.01.01
http://networkshell.blogspot.com/
සුභම සුභ 2014 නව වසරක් වේවා..! :)
Yohan Bashitha
ඔබ සියළු දෙනාටම ලබන්නා වූ 2014 නව වසර සුභම සුභ වෙන්නත් ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවෙන සාර්ථක අවුරුද්දක් වේවායි... කියා මම ප්‍රාර්ථනා කරනවා. එවගේම ඔබ සියළු දෙනාටම ජයෙන් ජයම වේවා... :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2013.12.04
http://networkshell.blogspot.com/
Company Network කිරීම. (මුල සිට සරලව)
Yohan Bashitha
අනේ Sorry වෙන්න ඕනේ ටික කාලෙකින් මේ පැත්තට වාර්තා කිරීම සම්භන්දව. වැඩ වලට ටිකක් විතර හිරවෙලා හිටියේ මෙ දවස් වල. Free Time එකක් බලෙන්ම සෙට් කරගෙන තමයි පොස්ට් එකක් දාන්න හිතුවෙ.මේ ගැන ප්‍රශ්ණය ඉදිරිපත් කරපු එලකිරියේ malithx2 යහළුවට බොහොම ස්තුතියි. :)හරි එහෙනම් පටාන් ගමු.එහෙනම් මුලින්ම Company 5ක් තියෙනවා කියලා හිතමුකො. එහෙනම් ඔයා කියමුකො Network Admin.ඔයාට Boss කියනවා. අපේ Company ටිකත් අපේ Head Office එකටම සෙට් කරමු කියලා. එතකොට අපේ එක System එකෙන්ම ඔක්කොම කරගන්න පුලුවනේ කිව්වා කියමුකො. (ඒ කිව්වේ අපෙ Head Office එකටම අනිත් Sites ටික සම්භන්ධ කරමු කියලා. ). එහෙම කිව්වාම බෑ කියලා බෑනේ. ඒ නිසා අපි ලේසියෙන් අපිට මේ වැඩේ ගොඩ දාගන්නත් ඕනෙ.හරි එහෙනම් මුලින්ම මේ ගැනත් හිතමු. (Company Network කලාම හුගාක් වාසි නම් තියෙනවා. අවාසිත් තියෙනවා.)වාසි *. Company එකේ වැඩ ලේසි පහසු වෙනවා. *. අපි හැමෝම සියල්ල දත් නෙවෙයි නේ. :Pඒ නිසා නොදන්න දේවල් හුගාක් ඉගෙන ගන්න පුලුවන් වෙනවා *. එක එක Sites වල වෙන වෙනම දුවන System එක Systemකට join කරගන්න පුලුවන්. (හැබැයි ඉතින් මේක අපිට අදාල දෙයක් නම් නෙවෙයි. අපේ Software Team එක සතු වගකීමක්. අපි ඔක්කොම එකම Department එකක් නේ ඒ නිසා. ඔක්කොම එකමුතු වෙලා කලොත් සියල්ල වඩා ලේසි වෙයි.) *. අපිට Remote Log වෙලා පහසුවෙන් ප්‍රශ්ණ නිරාකරණය කිරීමේ හැකියව. *. ඔය වගේ හුගාක් වාසි තියෙනවා.අවාසි *. මේ සඳහා යම්තාක් මුදල් වැය වෙනවා. *. සමහර වෙලාවට අපිට සහය දෙන සේවා ආයතනයේ ගැටලුවක් පැමිණි විට Sites වල වැඩ කිරීමට නොහැකි අවස්තා පැමිණිම.ඔය වගේ වාසි අවාසි රාශියකට මුහුණ දෙන්න වෙනවා. අළුත් Experience ගන්නත් මෙමගින් හැකියාව ලැබෙනවා. හැබැයි පුතේ මුලදි නම් හෙන කට්ටක්. හැබයි වැඩේ ගොඩ දාගත්තාම ඉතින් අවුලක් නෑ.අපි හෙන Plan එකක් ඇතුව වැඩ කරන්න ඕන. හුගාක් අනාගතය ගැනත් හිතන්න ඕන. එහෙම හිතන්න ඕන පැති ටිකක් කියන්නම්. * Company වල තියෙන Computers අනාගතයේදි තව Computers එකතු වෙන්න පුලුවන්නේ. ඒවා ගැනත් හිතන්න ඕන. * IP Assign කරන්න ඕන කොයි විදියට ද. කියලා ටිකත් හිතලා. හොද දැනුම් තේරුම් තියෙන අයගෙන් අහලා බලලා හොද විදියකට ගොඩ දාගන්න පුලුවන්.හරි එහෙනම් ලහැස්ති නම් වැඩේට බහිමු.මම එහෙනම් අනුමාන කරනවා ඔක්කොම Siteවල Computers 200ක් විතරලාඑති කියලා. ඒ කියන්නේ අපිට 255.255.255.0 කියන Subnet එක Use කරන්න පුලුවන්. අපි මේ සඳහා ගන්න ඕන Private Network එක මොකක් ද. එහෙනම් අපි ගන්නවා 192.168.0.0 range එක. (හැම Company එකකම Computers 40ක් වත් ඇති කියලා හිතමුකො.) Company 01: 192.168.0.1 - 192.168.0. 192.168.1.1 - 192.168.1.254 Company 03: 192.168.2.1 - 192.168.2.254 Company 04. 192.168.3.1 - 192.168.3.254 Company 05. 192.168.4.1 - 192.168.4.254දැන් අපි හැම Network එකටම Default Gateway එකක් assign කරමු. Company01 : 192.168.0.168.1.254 Company03 : 192.168.2.254 Company04 : 192.168.3.254 Company05 : 192.168.4.254දැන් තමයි අමාරුම ටික පටන් ගන්නේ. මේ Network 5 Connect කරන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට Router 5 ඕන වෙනවා Network 5ට. Router එකේ තියෙනවානෙ Wan & Lan Ports. ඒ Port එකට Assign කරන්න ඕනේ Network එකේ Last IP එක. මෙන්න මේ විදියට.168.0.168.1.168.2.168.3.168.4.254දැන් ඔක්කොම Computers වල Default Gateway දාලා නිසා, ඒ ඔක්කොම Computers දන්නවා Router එක කොහෙද තියෙන්නේ කියලා. එහෙනම් Lan පැත්ත හරි.. :)අපිට දැන් තියෙන්නේ Router එකේ Wan පැත්ත. මෙන්න මේකට අපි ISP ගෙන් ගත්ත Static IP තියෙන Internet Connection එක Fix කරන්න ඕන. අපි හිතමු අපිට Static IP හම්බුනේ මේ විදියට කියලා.20.1.20.1.20.1.20.1.20.1.5දැන් කරන්න තියෙන්නෙ Router එකේ Wan Interface එකට Configure කරන්න.ඊලඟට තියෙන්නේ Router එකේRouting Rules ටික Add කරන්න.Network 01: එකේRouting Rules 4ක් දාන්න ඕන.උදා : Route 192.168.1.0 255.255.255.0 223.20.1.2( Network 01 එකේ Computer එකක් Network 02 එකේ Computer එකකට Communicate කලොත් Network 02 Router එකේ WAN interface එකකට යන්න කියලා තමා මේRouting Ruleඑකෙන් කියන්නේ.) Route 192.168.2.0 255.255.255.0 223.20.1.3 Route 192.168.3.0 255.255.255.0 223.20.1.4 Route 192.168.4.0 255.255.255.0 223.20.1.5පහත රූපසටහන බලන්න. මම ඉහත කිව්ව දේ මනාව පැහැදිලි වේ. Option 2 : VPN මගින් LankaCOM වගේ ISP කෙනෙක් ගෙන් VPN Connect එකක් ගන්න ඕන. (මේක නම් ඉතින් ලේසි වැඩක්. අපිටකරන්නදෙයක් ඇත්තේම නැති තරම්) මෙම ආයතනනේ වෙන වෙනමAntenna සවි කරනවා අපට අවශ‍ය Company වලට. හැමAntennaවේම Router එකක් තියෙනවා. එමගින් තමා සියල්ල කරනු ලබන්නේ.රැහැන් රහිත තාක්ශණය මගින් සියල්ල සිදු කරනු ලබයි. මෙහි දත්ත ගමන් කරන වේගය අනුව එම ආයතනයට ගෙවිය යුතු මුදල වෙනස් වේ.පහත රූපසටහන බලන්න. මම ඉහත කිව්ව දේ මනාව පැහැදිලි වේ.මේ සදහා සහය දැක්වු Niroshana සහොදරයාට බොහොමත්ම ස්තුතියි. :)මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2013.09.17
http://networkshell.blogspot.com/
Dongle Firmware Updates - Network සිංහලෙන්
Yohan Bashitha
ඔන්න එහෙනම් අදත් මේ පැත්තට වාර්තා කලා. කලින් දැමු Post එකට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහල බැවින් ඉක්මණටම දෙනවා කියපුවා ලබා දෙන්න තීරණය කලා, Bt චුට්ටක් විතර පරක්කු වුනා. ;)"DONGLE UNLOCK කිරීම මුල සිට සරළව" පොස්ට් එකට බැලුවෙ නැත්තම් දැන්මenter වෙන්න.හුඟක් අය Mails, Comments & FB හරහා විවිද ගැටළු අසා තිබෙනවා. ඒ සමහර ඒවා වලට අදාල Firmware Updates මම පුලුවන් විදියට Upload කලා.ඕන්න.... :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2013.09.01
http://networkshell.blogspot.com/
Dongle Unlock කිරීම මුල සිට සරළව.
Yohan Bashitha
ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මුලින්ම කියන්න ඕන ඒකෙන් මේකෙන් blog අවකාශයට enter වෙලා අවුරුද්දකුත් ගත වුනා. එදා මෙදා අපත් සමග රැදී සිටි සියලු දෙනාටම බොහොමත්ම ස්තුති වන අතර අපත් සමඟ දිගටම රැදී සිටි කියා යැයි අප බලාපොරොත්තු වෙමු. මේ ටිකේ අද කියලා දෙන්න යන්නේ DongleUnlocking මුල සිට සරළව කියලා දෙනවා එහෙනම් හොදට අහගෙන ඉන්න ඕනා. ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)මම මේ ගැන කියලා දෙන්නේ කාගේවත් රැකියාවකට පහර ගැසීමට නම් නොවෙ. මේ කාලේ හැමොටම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ.මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම නිතරම උත්සහ කරන්නේ.මම සමාව ඉල්ලනවා මම වැරද්දක් කරනවා නම්.ඕන්න එහෙනම් වැඩේට බැස්සා.Dongle Unlock කියන දේ එතරම් අමාරු නෑ.ButWarranty තියෙන Dongle එකක් Unlock කලොත් Warrantyය නම් නැත්තටම නැති වෙනවා. සමහර වෙලාවට කට්ටක් කන්නත් වෙනවා. ;)වැදගත් : පරිගණකයේ Ups එකක් නොමැතිව නම් Dongle Unlock කිරීම නොකරන්න.හේතුව : එම අවස්ථාවේ දී විදුලිය විසන්දි වුවහත් Dongle එක භාවිතා කල නොහැකි තත්වයට පත්වේ.Dongle Unlock කිරීම ගැන මන් දන්න තරමින් ක්‍රම 2ක් තියෙනවා. 1. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා. 2. සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ.සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලනවා. මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් වැඩෙ ටිකක් විතර ලේසියි. හැබැයි ලබා දෙන Unlock Code එක 100% නිවැරදි වෙන්න ඕනෙ. අවස්ථා කිහිපයක් Dongle එක lock කරපු ආයතනය විසින් ලබා දෙනවා. අවස්ථා කිහිපය මඟ හැරුන හොත්Dongle එක ගොඩ දැමීම Sure කල නොහැක. මෙම Dongle වල Unlock Code එක සොයා ගත හැක්කේ Dongleයේ ඇති Imei අංකය Generate කිරීම මගින්ය. මේය Software එකක් මගින් කර ගත හැක. (සමහර අවස්ථා වලදී Unlock Code එක එම ආයතනට කතා කිරීමෙන් නොමිලේම ලබා ගත හැක.) Links පහලින් දමා ඇත. web එකෙන් කරන එක හොඳා මොකද දන්නව ද. හුගාක් tools වල Hacking Tools Bind කරලා ඒ නිසා කාවවත් අමාරුවෙ දානවට වැඩිය හොදයි. මේ ඉහත URL වලින් try කරලා බලන්න. හැබැයි ඉතින් වෙන Brand එකක් නම් ඉතින් පොඩ්ඩක් හිත්තන්න වෙනවා. වෙනBrand වල code calculators online තියෙනවානම් කියන්න. මන් Post එකට දාන්නම්. :) නැත්තම් Tool එකකින් තමයි ගොඩ දාගන්න වෙන්නේ. :(සමහර Dongle වෙනත් ජාලයක සිම් දැමීමෙන් Code එකක් ඉල්ලන්නේ නම් නෑ. මේ ආකාරයේ Dongle එකක් තියෙනවා නම් ඉතින් කරන්න තියෙන්නේ Internet එකේDongle Model ගහලා Firmware එක හොයා ගෙන Download කරගෙන වැඩේ ගොඩ දාගන්න එක තමයි. සමහරු හිතනවා ඇති Firmwareක දාන්නේ ඇයි කියලා. මෙන්න මේකයි සීන් එක Dongle එකේ (Inbuilt එන Software එක ) පරණ Version එකක් තමයි හුගාක් වෙලාවට තියෙන්නේ. ඔන්න ඔය පරණ Version එක තිබියෙදීම තමයි එම ජාල ආයතනය විසින් Dongle එක lock කරනු ලබන්නේ. අපි Unlock කරන්න ඔනෙ නම් ඉතින් කරන්න තියෙන්නේ Dongle එකෙන් පරණ Version එකට උඩින් අළුත් Version එක ගෙනල්ලා අතහැරීම පමණයි.සමහර අවස්ථා වලදී පොඩි Software කෑල්ලකින් නිකන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. හැබයි ඉතින් හැම Dongle එකකටම හරියන්නේ නෑ.. උදා : DC Unlocker, Code Writters (හුගක් අය නම් මේ ගැන දන්නවා.)ඔන්න එහෙනම් Dongle එකක් Unlock කරන විදිය. ඔන්න ඔය Dongle එක තමයි අද Unlock කරන විදිය කියලා දෙන්නේ.පුලුවන් නම් මේ ටික Notepad එකක Save කරගෙන තියා ගන්න. එතකොට වැරදීමේ සම්භාවිතාව අඩුයි. Model : Huawei E 180 Imei # : 356185034825983ඔය රූපයේ පෙනෙන්න තියෙන්නේ Mobitel Sim එකක් Dongle එකට දමා ඇති විට.Dongle එකේ Imei එක ලබා දෙන්න. Submit කරන්න.ඔන්න අපිට ඕන කරන දේවල් ටික ආවා.ඔන්න ඔය විදියට Notepad එකකට දාලා තියාගන්න. අපට එවිට වඩා පහසු වෙයි.අපිට Dongle එක Unlock කරන්න සියල්ල සූදානම්. ඒත් තාම මෙම Dongle එකේ අලුත් Version එක තාම හම්බුනේ නෑ.. :(දැන් තමයි ටිකක් Internet එකේ දුවන්න තියෙන්නේ. Dongle එකේ firmware Search කරලා හොයාගන්න වෙනවා. හැබැයි 100% හරිම එක වෙන්න ඕනේ. නැත්තම් Dongle එක Sorry.com වෙයි. වැරදි firmware එකක් දැම්මොත් සමහරවිට Rollback කරන්නත් බැරිවෙයි.ඔන්න මට Firmware එක හම්බුනා. එහෙනම් ඉහත රූපයේ ඇති ආකාරයට Run කරන්න. දීලා Next කරන්න.Next කරන්න.ඔන්න මම මුලදි කියපු ටික අයිත් තියෙනවා. කියවලා බලලා Start කරන්න.ඔන්න දැන් වැඩේ ගොඩ. :) නැවත් Auto Dongle එක Restart වෙනවා. Password එකක් ඉල්ලන්වා. ඕක දැකපු ගමන්ම බලන්න එයා ඉල්ලන්නේ Unlock Code එකද නැත්තම් Flash Code එකද කියලා. අපිට අවස්ථා කියක් ලබා දෙනවාද කියලත් බලන්න.ඔය නම් ඉල්ලන්නේ Unlock Code එක තමයි. එතනට Unlock Code එක දුන්නම හරි. අවස්ථා 10ක් තියෙනවා අවශය නම්, සාමාන‍යයෙන් Flash Code එක තමයි ඉල්ලන්නේ ඒක model එකෙන් model වෙනස් වෙන්නේ. අපි Unlock කරන්න කලින් New කියන Button එක Hide වෙලා තිබ්බෙ දැන් Hide එක අයින් වෙලා. :) New යන්න.මම Dongle එකට දැම්මේ Mobitel Sim එකක්. ඒ නිසා Mobitel Settings ටික දාන්න ඉහත රූපයේ තියෙන විදියට. :) Save -> Ok කරන්න.හරි ඔන්න Signal Strength එකත් ආවා.. දැන් රාහු කාලය පන්නලා Connect කරන්න. :Dඔන්න දැන් Connect උනා. වැඩේ ගොඩ කියන්නේ, ගොඩම තමයි.ඔන්න Google දේවාලය පැත්තටත් ගියා. :)මම ඉදිරියෙදි Model එකට අනුව Firmware එක හොයලා upload කරලා දෙන්නම්.මේ දවස් වල ටිකක් කාර්යයබහුල නිසා තව ටික දවසක් දෙන්න. Upload කරපු ගමන්ම මම Post කරන්නම්.මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2013.08.16
http://networkshell.blogspot.com/
Network සිංහලෙන් 1st Anniversary.. :)
Yohan Bashitha
ඔන්න කස්ටියටම සුභ උදෑසනක් වේවා... කියාගෙනම ඔන්න අපි අවා Blog එක පැත්තට :) Network සිංහලෙන් Blog අවකාශයට පැමිණ වසරක් අද දිනට වසරක් ගතවේ. අපිත් එක්ක රැදී සිටි සියලු දෙනාටම බොහොමත්ම ස්තූති වන අතර. තව තව තාක්ශණික දැනුම ඔබට කියා දීමට මම බැදී සිටිමි. ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.
BLOG
2013.07.13
http://networkshell.blogspot.com/
Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).
Yohan Bashitha
ඔන්න යාළුවනේ අදත් Network සිංහලෙන් පැත්තට වාර්තා කලා. මේ ටිකේ ප්‍රශ්ණ වැලකට මුහුණ දුන්නා ඒකයි මේ පැත්තට වාර්තා කරන්න බැරි වුනේ. ඒකෙන් මේකෙන් කමක් නෑ අද ආපු වැඩේට බහිමුකො.ඔන්න එහෙනම් කස්ටියට කියලා දෙන්න යන්නේ Computers දෙකක් හරියට Network කරන විදිය තමයි. මෙ විදියට පරිගණක 2ක Network කලාම පහසුවෙන් අපිට අනික් පරිගණකයෙ ඇති Data access කරන්න. වගේ සෙල්ලම් ටිකක් දාන්න පුලුවන්. :O ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)මුලින්ම කියන්න එපැයි ඕන කරන ටික.. ඕන්න එහෙනම්Windows 7 පරිගණක දෙකක් Network කිරීම.අවශ‍යය දෑ. * පරිගණක 2ක්.එහෙනම් පටාන් ගමු.Cross-Over Cable Cross-Over Cable එකක් කියන්නේ යම්කිසි පිළිගත් Standard එකක් අනුව සාදන Cable එකකි. මෙය සාදන ආකාරය Color Code එක ගැන. මෙය සම්භන්ධ කල යුත්තෙ මොන වර්ගයේ Device වලට ද යන්න මම පරණ Post එකකින් කියා දුන්නා ඔබට මතක ඇති. අමතක නම් ඉතින් ආයි බලන්න..TRANSMISSION MEDIA PART 02ඔයතියෙන්නේ නිවැරදි ආකාරයට සාදා ගත් Cross-Over Cable එකක්. මෙම Cable එක පරිගණක දෙකට සවිඉ කරන්න.හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.PC A & PC B කියලා පරිගණක දෙකක් තියෙනවා කියලා හිතමුකො..PC Aහරි එහෙනම් Start -> Control Panel යන්න.ඊලඟට Network And Internet එකට යන්න. සමහරු කියයි අහ් ඔතනට යන්න ද මෙච්චර දුර ආවෙ. . ඔතනට අර වෙලාව තියෙන තැන Network Icon එකෙනුත් යන්න තිබ්බා කියලා. ඔව් හරි. එත් යන හරි පාර ඕක නෙවෙයි නේ ද... මම ඔය පාර කියලා දුන්නා කියමුකො. බැරිවෙලා ඔතන Network Icon එක Hide උනොත්. අනාතයි නේ ද..:Pඔන්න තැනට ආවා. (Double Click කරත් හරි)ඔතන Internet Protocol Version 4 (TCP/IP) Double Click කරත් හරි නැත්තම් Properties ගියත් අන්තිමට එන්නේ පහල තියෙන රූප සටහන තමයි.මෙතන තමයි PC A කියන පරිගණකයෙ කිරීමට ඇති අවසාන Step එක.ඔය ආකාරය type කර ok කරන්න.දැනට * 192.168.1.1 මෙම IP එකේ අග ඉලක්කම 255 වෙනකම් ඕන ඉලක්කමක් යෙදිය හැක. * එක වරක් යෙදු IP තව වරක් යෙදිය නොහැක.ඉදිරියේ දි IP addressing ගැන කියලා දෙන්නම්. okPC Bමේ තමයි අනික් පරිගණකය (PC B) ඔයාලට තියෙන්නේ කලින් වගේම (PC A) ගිය path එකේ ඔන්න ඔය තැනට අවිත් ඔය ආකාරය type කර ok කරන්න.දැන් වැඩේ හරි.අපි Ping දාලා වැඩෙ හරියටම හරිද කියලා check කරලා බලමු. (PC A එකේ ඉදන් PC B එකට.)Start-> Run(Win 7 වල Default Run Disable enable කරගන්න ඕනේ නම් ඔන්න.ඊටපස්සේ ඔය Window එක Open වෙයි.Type කරන්න ping 192.168.1.ping කරනවා කියන්නේ Temporary Packets වගයක් එකස්ථානයක සිට තවත් තැනකට Send කරලා බලනවා. එම Packets නිසියාකාරව අනික් පුද්ගලයාට හො එම ස්ථානයට ලැබෙනවා ද කියලා. අපිට පොඩි Report එකක් දෙනවා. අන්න ඒක තමයි ඉහත රූපයේ රතු පාටින් කොටු කර ඇති ස්ථානයෙන් පෙනෙන්නේ.Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න.හොදටම තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්.PC A & PC B කියලා දෙකක් තියෙනවා කියලා හිතන්න. මේ දෙකේ IP 192.168.1.1. & 192.168.1.2කියලා හිතමුකොPC AStart->Runඔන්න ගැහුවා PC B එකේ IP එක. \\ 192.168.1.2 මෙහෙමත් පුලුවන් Computer Name එක ගහන්නත් පුලුවන්. හැබයි කොහොම ගැහුවත් \\ මේක අනිවා ඕනෙ.ඕන්න ඇහුවා PC B Username Password හරියට දුන්නොත් පමණයි පරිගණකයට log වෙන්න පුලුවන්.ඔන්න හරි.කෝ මුකුත් නෑනෙ.. අහ් ඔහොම ඉන්න. තව වැඩ තියෙනවා.PC Bමේ ටික කරන්න (PC B වල)හැම Partition එකක්ම අවශ‍ය නම් Share කරගන්න. මන් හිතනවා රූපසටහනින් මනාව පැහැදිලිවන නිසා නැවත විස්තර කිරීමට ඕන වෙන එකක් නෑ.168.1.2ඔන්න Share කරපු Partition එක පෙන්නුවා. ඇතුලට ගිහින් බලන්න එහෙනම් වැඩේ හරි. :)දිග වැඩි ද මන්දා Post එක..:D"Pc දෙකක් හෝ ඊට වැඩි ගණනක Data Share කරන විදිය තමයි මෙන්න" මේ කලින් Lesson එකක් මතකද දන්නේ නෑADSL ROUTER CONFIGURATION & SHARING STEP BY STEPකොටසක් මේLesson එකට මෙහෙම කලේ සියල්ල සම්පූර්ණ වෙන ආකාරයටය. පරිගණක පිළිබද දැනුමක් නොමැති අයකුට වුනත් කල හැකි ආකාරයට දක්වා ඇත.මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.. ;)ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)අපිනැවත හමුවෙමු.. :)෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴.