category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2013.03.26
http://danishkanavin.blogspot.com
බිංගන්තලාව සාගලපුර විදුහලට උදව් දෙන්න ඔබටත් ඇරයුම්
Danishka Navin
මම මීට පෙර සටහනේ සඳහන් කළ පරිදි අපි නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලක් වන කඳපොල, බිංගතලාවේ, සාගලපුර විදුහලට පරිගණක විද්‍යාගාරයක් සඳහා අවශ්‍ය පරිගණක 5ක් සහ අවශ්‍ය අනෙකුත් දෑලබා දිමටත්සාහයක නියැලෙනව.නව පරිගණක උපාංග එකලස් කර තැනෙන පරිගණක 5ක් මුල් අදියරේදි ලබා දීමයි අපෙ අරමුණ. මේ සදහාCore i3 Processor2GB RAM500GB HDDLED DisplayKeyboard/Mouse(UPS රහිතව)මහනුවර ආයතනයකින් රුපියල් 52,000ක මුදලකට ලබා ගත හැකි බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරන අතුල හේරත් මහතා දන්වා සිටිනවා. මධ්‍යම පලාතේ දුෂ්කර පෙදෙසක තියෙන පාසලක් නිසා ප්‍රවාහන පහසුකම් ගැනත් අපි හිතුව. නමුත් මේ සඳහා මීට අඩු මුදලකට ගුණාත්මක උපාංග සහිතව පරිගණක ලබා ගැණීමට උදව් කළ හැකි අයෙක් වෙතොත් අතුල හේරත් මහතාව අමතන්න.දැනට ඇස්තමෙන්තුව පරිගණක 5 සඳහා අවම වශයෙන් මුලු මුදළ ලෙස රුපියල් 260,000ක මුදලක් අවශ්‍යව ඇති අතර රුපියල් 40,000ක මුදලක් දැනට සිව් දෙනෙක් (එක් අයෙක් 10,000) ලබා දීමට පොරොන්දු වී ඇත.ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.ගිණුම් අංකය: 8480050534බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්ගිණුම් වර්ගය: ඒකා බද්ධCOMMERCIAL BANK, UNION PLACEACC NO: 8480050534ACCOUNT HOLDERSMR BANDULA PUSHPAKUMARA RANATUNGAORMR WELIVITIGODA HEWAGE KALPA PATHUMමූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:ජංගම දුරකතන අංකය: 0714315426විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} comකල්ප පැතුම්: callkalpa {[AT] } gmail {[DOT]} com පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:ජංගම දුරකතන අංකය: 0718217443කල්ප පැතුම් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන අතර, බන්දුල රණතුංග මහතා පලාත් පාලන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපෘති කළමණාකාර වරයෙකු ලෙසත්, අතුල හේරත් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවේ, පරිගණක දෘඩාංග පිළිබඳ කටයුතු සඳහා සක්‍රීයව දායක වන ගුරුමතකු බවත් ඔබගේ දැන ගැණීම සඳහා මෙලෙස සටහන් කරමි.සාගලපුර විදුලට මා ගිය විට දුටුවේ 1 වසර සහ 2 වසර එකට උගන්වන බවත් 5 සහ 6 වසර දරුන්ද එක් පංතියක් ලෙස ඉගෙනිමි කටයුතු කරන බවයි. ගුරුවරු හිගයක් ඇති පාසලකට පරිගණක තාක්ෂණය හීනයක් නොවන අතර අපි පරිගණක පහසුකම් පමණක් නොව ගුරුවරුන් සඳහා අවශ්‍ය මූලික දැණුම ලබා දිමෙ මූලික වැඩසටහන් මාලාවක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වවනවා. එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල වල ඉන්න නංගිලා මල්ලිලට උනත් අපිත් සමඟ එක්වෙන්න පුලුවන්.ඔබට මූල්‍යමයව දායක වීමට නොහැකි වුවත් මෙලෙස උදව් කිරීමට දායක විය හැකිබේ මිතුරෙකුට හෝ ආයතනයකට මෙම තොරතුරු දැන් වීමත් ඉතා පහසුවෙන් කළ හැකි උදව්වක් බව දන්වා සිටිමි. එමෙන්ම තවත් මෙවැනි පාසල් සඳහා ඉදිරියට අප උදව් කිරීමට සැලසුම් කරගෙන සිටිබව සතුටින් දන්වා සිටිමු.එමෙන්ම මෙම පරිගණක සඳහා භාවිත කරන්නෙ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය බව කරුණාවෙන් සලකන්න. පහත විඩීයෝව මීට පෙර පාසලකට ලබා දුන් අවස්ථාවේ එම පාසලෙ ගුරුතුමියගේ, දෙමාපියන්ගෙ සහ විදුහල් පතිතුමාගෙන් අදහස් මෙන්ම දරුවන්ගෙ ක්‍රියාකාරකම් දැක්වෙන විනාඩි 15ක විඩියෝවකි. මෙම කාර්යයත් එක්තරා ආකාරයක පිනක් බව අද පොහෝ දිනයේ මතක් කර සිටිමි.
BLOG
2014.09.26
http://gossipnine.blogspot.com/
රවුම් මුරුක්කු හදමු
Samanmali Pathirage
.
BLOG
2014.09.10
http://gossipnine.blogspot.com/
null
Samanmali Pathirage
.
BLOG
2014.09.03
http://gossipnine.blogspot.com/
null
Samanmali Pathirage
.
BLOG
2014.10.14
http://karuugesithroo.blogspot.com/
යාල් දේවි හීන අරං - යාල් පානමට වඩින්න......
අල්තයීර්-Altaïr (කරූ)
කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..යාල් දේවි හීන අරංයාල්පානමට වඩින්න..යාල් දේවි උඹ තරහදඅහිතක් නෑ මට කියන්නයකඩ හදට උඹේ රිදුනදමිනිස් අතින් නුඹ පෙලුවදලේ මස් කැටි කොට මිරිකුණුහද කාගේද උඹ හිතුවදසම් මස් ඇට ලේ විහිදුනුයදඬු අතින් නුඹ පෙළුනදතූ තූ කොට උඹ කෙලෙසුවඑවුන් තාම පණ පිටින් ද.යාල් දේවි හීන අරන්යාල්පානමට වඩින්නමෙච්චර කල් නාවේ මොකදහීන් සැරේ දැන් කියන්න.
BLOG
2014.09.06
http://karuugesithroo.blogspot.com/
හිත නැවතුන තැන.....
අල්තයීර්-Altaïr (කරූ)
පරිපූර්ණම සතියක නින්දක් නැතිව ගත කරපු අවසාන දවස් තුනේ හදවතට වැඩිපුරම සමීප වුන දවස අද. ඊයෙ දවසේ බැච් පාටියේ රාත්‍රියටත් වඩා අද හවස මගෙ හිතට සමීප වුනා කිව්වොත් කවුරුත් මගෙ එක්ක අමනාප වෙන එකක් නෑ කියලා හිතනවාගෙදර එද්දි රෑ එකොලහ ලං වුනත් මේ සටහන ෆේස්බුක් එකට වගේම බ්ලොගේට එකතු නොකර නිදාගන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මේක එක අතකට පම්පෝරියක් තමයි, හැබැයි එක්තරා විදියක.නින්දක් නැතිව එක දිගට දවස් කීපයක් මහන්සි වෙන එක වගේම ගමනක් යන්න වාහනයක් නැත්තම් කිලෝමීටර් පනස් හතරක ගමනක් වුනත් අවුරුදු දහයක් පරණ බයිසිකලේකින් යන එක මට මහ ලොකු වැඩක්වත් නුහුරු දෙයක්වත් නෙවේ. මොකද කාලෙකට කලින් උදේ ඉස්කෝලෙ ගිහින් හවස ගෙදර ඇවිල්ලා පුටුවෙ ඉඳගෙන, පහුවදා පුටුවෙන් නැගිටලා ක්ලාස් ගිහින් රෑ දහයට ගෙදර ඇවිත් තව පැය දෙකතුනක් කෙලින් ඉන්න එක ලොකු ගේමක් වුනේ නැති නිසා වගේම අනද අබිමන් කාලෙ පැය හතලිහ හතලිස් පහ එක දිගට ඇහැරගෙන වැඩ කල වාර ගණන මටවත් මතක නැති නිසා.එහෙම කැපකිරීමක් මගෙන් ලබපු අය බොහොම සීමිතයි. ඒ අය අතරින් අංක එක මගේ ආනන්දය. ඉස්කොලේ බැච් පාටියට යම්දෝ නොයම්දෝ දෙගිඩියාවෙන් උන්න මොහොතක මිත්‍රයන්ගෙ ඉල්ලිම නිසාමයි යන්න තීරනය කලේ. එහෙම මොහොතක මංගල සහෝදරයගෙන් ලැබුනේ අහක දාන්න හයියක් නැති ඉල්ලීමක්. පාටියට කලින් දවසේ ගම්පහ වැඩපොලට ඇවිල්ලා මල් සැරසිලි වැඩ හිරවෙලා තිබ්බ තැනින් ගොඩ ගන්න පුංචි උදව්වක් දෙන්න යන්න තීරනය කලේ ඒ නිසයි. ඒ ගමන වෙනුවෙන් සතියේ වැඩ කටයුතු එහෙ මෙහෙ කරගනිමින් ඉන්න මොහොතක කලණක සහෝදරයගෙන් ලැබුනේ තවත් අහක දාන්න බැරි ඉල්ලීමක්. කලින් දවස් දෙකේ යොදාගෙන තියෙන වැඩවල වෙහෙස ගැන වගේම බැච් පාටියෙන් පස්සෙ මං ගෙදරයන වෙලාව ගැන හාංකවිසියක් නොදන්වාම බැච්පාටි රාත්‍රියෙන් පස්සේ ගෙදර ඇවිත් ආයෙත් පැය කීපෙකින් ආපහු කොළඹ එන්න වචනෙ දුන්නෙ මංගල වගේම කලනක සහෝදරයගෙත් වචනයක් අහක දාන්න මට බැරි නිසාමයි.අද මං මොකක් හෝ තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ මගෙ දෙමව්පියො, ආනන්දය වගේම මේ නම් කිව්ව නොකිව්ව මහෙ සහෝදරත්වයේ ඉන්න යාලුවෝ නිසා. මේ කොල්ලො සෙට් එක මට මගේ සහෝදරයො වගේ දැනෙන්නේ ගෙදරට ඉන්න එකම එකා මං නිසා විතරක් නෙවේ. ජීවිතේ මං කාපු කටුවලදි මාව තනි නොකර තමන්ගෙ වැඩපොලත් පස්සට දාගෙන මගෙ ජීව්තේ වෙනුවෙන් දුන්න ගාඩ් එක වගේම හිත අවුල් කරගෙන නටද්දි දුන්න සැර වැර උපදෙස් නිසා. මම මේ කියන්නේ කොහෙවත් යන ගෑනියෙක්ගෙන් බූටක් කාපුවාම ලඟට වෙලා හොටු පිහලා දෙන එක වගේ බොළඳ දෙයක් නෙවේ, ඇත්ත ජීවිතේ ඊට වඩා එහා ගිය පොලවේ පය ගහලා ඉන්න තත්වේ අවස්තාවල එකට උන්න සහෝදරකම නිසා.අද කලනකගේ ජීව්තේ විශේෂ දවසක්. ඕනතරම් මිනිස්සු ඔනෑ තරම් ඕනෑවට එපාවට කරන දෙයක, වෙනස් විදියේ ආරකට ජීවිතේටම මතක හිටින සිහිවටනයක් එක් කරන්න මේ දේ සංවිධානය කෙරෙද්දී තිරයෙන් පිටිපස්සෙ උන්න සහ අද එකතු වුන මිත්‍රයෝ ගණන විස්සකට කිට්ටුයි. එහෙව් කණ්ඩායමක මට අද වැඩියෙන්ම සතුටු හේතුව ඒ දේ වෙනුවෙන් කලේ'ටත් කොලේ වහලා අද නිදහස් චතුරස්‍රයට එකතු වෙන්න මම කාපු කට්ට මතක් වෙද්දියි. නින්දක් නැති තුන් වෙනි දවසේ හවස් වරුවේ "අඩෝ උඹ කොච්චර ට්‍රයි කලත් උඹට ඇස් දෙක බාගෙකට වඩා ඇරං ඉන්න බෑ බං" කියලාජනකසහෝදරයා කියද්දී දැනුන සතුට ඇත්තටම දන්නෙ මං විතරමයි වෙන්න ඇති.මං ජීවිතේට මුදලට විකිනිලා නෑ, මුදල් වෙනුවෙන් මගෙ එක ඉස්පිල්ලක් හෝ එක දාඩිය බිංදුවක් ගන්න උත්සහකල කිසිම කෙනෙක්ට ඒ මුදල වෙනුවෙන් මම විකිනෙන්න සූදානම් වෙලත් නෑ. යම් හෙයකින් එහෙම නොවුනා නම්, හෙට දවසේ හතරවෙනි ජයග්‍රාහී නිදි නැති දවස වෙනුවෙන් මගේ මුදල්මය වටිනාකම නම් කරන්න මම පැකිලෙන එකකුත් නෑ.නමුත්, ජීවිතේ එක මිනිත්තුවත් කල්ප ගණනක් වගේ දැනුන කාලවල ඒ කල්ප කාලාන්තරේ ජීවත් වීම පහසුවක් කරවපු සහෝදරත්වයේ මිතුරන් දෙන්නෙක් වෙනුවෙන් මගේ උපරිම මහන්සිය කැප කරලා, හෙට සෙනසුරාදා දවසෙ ලැබුන වෘතිමය කටයුත්තේ මගේ මහන්සිය වෙනුවෙන් යෝජනාවුන මුදල්මය අගයන් මම ප්‍රතික්ශේප කලා.කවදාවත්,කිසිම කෙනෙක්ට මාව හෝ මගේ එක මිනිත්තුවක් හෝ මගෙ අතින් ලියවුන එක ඉස්පිල්ලක් පාපිල්ලක් මුදලට ගන්න ලැබිලා නෑ. නමුත්, කොන්දේසි විරහිතවම මගේ ජීවිතේ හිමිකාරකම කියන්නේ මගේ ආනන්දයත්,මගේ අම්මාත්, සහෝදර සහෝදරියන් හිස් වුනා කියලා මගේ තිබුන සිතුවිල්ල කොච්චර නම් වැරදිද කියලා මට පෙන්නපු කොල්ලො ටික විතරයි,විතරමයි. උන් වෙනුවෙන් කැප කරන වෙහෙස මට ගෞරවයක්. මනුස්සයෙක් විදිහට මට අවුරුදු තුන් හාරසියයක ජීවිත කාලයක් ගෙවන්න ලැබිලා නැති බව හැබෑව. නමුත් ජීවිතේට මුනගැහුනු සමහර ගුණමකු මිනිස්සු වෙනුවෙන් කැප කල අති විශාල කාලෙකටත් වඩා මගේ ආනන්දය,මගේ අම්මා වගෙම මගේ කොල්ලො ටික වෙනුවෙන් හෙලන එක දාඩිය බිංදුවත් මට අති විශාල සතුටක්.ප.ලි. මේක ලියවුනේ ඊයේ මහ රෑ. නමුත් ඊයෙම පල නොකළේ, ඊයේ දවසේ මගේ කැමරා ඇසට අහු වුන හොඳම චායාරුපය පල කිරීම පිලිබඳ අදාළ පාර්ශව වෙතින් අවසර ගන්න හිතපු නිසයි. ;) ඔන්න ඒකත් හරි :D.
BLOG
2014.07.04
http://karuugesithroo.blogspot.com/
ඔබ විශ්වාස කරන්නේ නම්, ජිවිතේ සුන්දරයි..
අල්තයීර්-Altaïr (කරූ)
පුංචි කතා දෙකක්.. ඔබ අවධානයෙන් සිටින්නේ නම්, සීමා මායිම් පරයමින් ඔබේ සිතුවිලි වෙනස් කරාවි.කතාව අංක එක..මගේ පුංචි ලේන්නු දෙන්නා. මගේ කිව්වට මගේ නෙවෙයි, අයිතිය මගේ හිමිකාරකමත් කියන ස්වභාවධර්මයටමයි. වෙන කිසිම කෙනෙක්ට ලං නොවෙන මේ දෙන්නා මටත්,මගේ අම්මටත් විතරක්, බය සැක නැතිව ලං වනවා. කෑම කන වෙලාවට නොවරදවාම ලඟට එන්නේ කන්න දෙයක් වරදින්නේ නැති බව දන්නා නිසායි.වෙලාවකට මගේ කාමරේ, අදත් එක සිනි බනිසේ බෙදාගෙන අපි තුන් දෙනා කෑවේ. කාලා ඉවර වෙලා එලියට ගියා, එක තුන් ඉරි අප්පු කෙනෙක්, නෑ වැරදුනා. තුන් ඉරි මැණිකේ කෙනෙක්. ඔන්න අම්ම කෙනෙක් වෙන්නයි ලෑස්තිය.මගේම කාමරේට රිංගලා මගේ කෑම එකත් කිසි අනුකම්පාව්වක් නැතිව ගිල දාන මෙයා, පුංචි කූඩුව හදන්නත් කපලා තිබ්බේ අප්පච්චි නිදියපු මෙට්ටේ. අරං එද්දිම මං දන්නවා හොරා කවුද,හොරකම කොහෙන්ද කියලා. මං ළඟ උන්නට ගානක් නෑ, මෙයා මං අත පොවන මානේම පුංචි කුඩුවක් හදන්න පටන් අරං. හෙමින් සීරුවේ හොරකම කරගෙන ඇවිල්ලා,මං බලන් ඉඩදීම පුංචි කූඩුව ඇතුලට රිංගුවා. කූඩුව ඇතුලේ පුළුන් නලියනවා විටින් විටේ, හොරකම මට මාට්ටු නෑ කියලා උඩ පනිනවද මංදා. සෑහෙන වෙලාවක් මං බලන් උන්නා.ලේනෙක් වෙලා උපන්නත්, උඹත් මව් රැජිනක් තමයි. මෙට්ටේ කපනවා දැක්කේ මං හින්දම හොඳයි.මට හිතුනා.කතාව අංක දෙක..අහම්බෙන් හම්බුන වීඩියෝවක්.. ඔබ දුකෙන් සිටින්නේ නම්,මෙය ඔබේ මුවට සිනහවක් ගෙනේවි. හෙඩිමේ තිබ්බේ එහෙමයි.සැවානා තණ බිමක්. සුපුරුදු විදියටම කැලෑ හරක්, සීබ්‍රාවන්, සිංහයන්,චීටාවන් හා හයිනාවන්.අපේ කතා නායකයා මොහොතක වයස ඇති කැලෑ හරක් පැටියෙක්.අපේ කතා නායකයා මවු කුසින් අපේ සැවානා කරලියට එනවා. විනාඩි කිහිපයක අවෑමෙන්, ඔහු ඇවිදින්නට ඉගෙන ගන්නවා. ගොදුරු සොයා ඇදෙන විලොපිකයන්ගේ අරමුණ,පහසු ඉලක්කයක්.අලුත උපන් අපේ කතා නායකයා,හයිනා රැලකගේ ඉලක්කය බවට පත් වෙන්නේ අන්න ඒ නිසයි.හයිනාවන් ප්‍රහාරය අරඹනවා, ගව රෑන පැවැත්ම වෙනුවෙන් දිවයද්දී අවසානයේ මව් ගව දෙනත් ඊට එක් වෙනවා. පහසු ඉලක්කය වශයෙන් අපේ කතා නායකයා ඉතිරි වද්දී කොහේදෝ සිටි සිංහ ධේනුවක් කරලියට පැමිණෙනවා.ඇය හයිනා ග්‍රහණයෙන් ගව පැටියාව මුදා ගනු ලබනවා.ඇය පැටවාව සපා බලනවා. තවමත් කලලාවාරික තරලයෙන් මේ පැටියා තෙත බරිතයි. සිංහ දෙන ගව පැටියාව ලෙව කනවා. තමා සමග සිටින්නා ගැන කිසිම හැඟීමක් නැති ගව පැටියා,නොපෙනෙන මානයේ සිටින තම වර්ගයා අමතක කොට සිංහ දෙනගේ ඇඟේ දැවටෙමින් ඇය හා යනවා.ඔහුට බඩගිනි, කිරි බිඳක් නැතිව පැය ගණනකට පසු දළු කොළ උලා කන්නට ගව පැටියා උත්සහ දරනවා. සිංහ දෙන අසලම මේ දෙස නෙත් යොමනවා.නැවතත්, ගව රැල තණබිම් වෙත පැමිණෙනවා. පුදුමයකට මෙන්, සිංහ ධේනුව පටවා ගව රැල වෙත යොමු කරනවා. පැය විසි හතරක් තිස්සේ තමා අතුරේ සිටි ගව පැටවාට මෙන්ම,ගව රැලටත් ඇයගෙන් තර්ජනයක් හෝ සිදු වන්නේ නෑ.සිදු වූ සන්තැසිය ගැන කිසිදු අදහසක් නැති ගව පටවා දන්නේ බඩගින්න පමණයි. තමන්ගේ මව කොහීද,ඔහු විපරීත වන්නට ඇතී.පැටවෙකුට කිරි දෙන මවකගේ කිරි දිය වෙනුවෙන් ඔහු යොමු වෙනවා. නොපහන් පිළිගැනීමක් ලබන ගව පැටියාව අංවලින් ඇනීමෙන් පලවා හැරෙනවා.දෛවය, කෙසේ හෝ ගව පැටියාව මව වෙතම යොමු කරනවා. මව්-පුතු හමුවෙන් දෙදෙනාගේම පිපාසාවන් සන්සිදෙනවා.සිංහයා කැලයේ රජා වුනත් කැලයේ සතුන්ව රකිනවාද. මං ඉස්සර එහෙම හිතුවේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා.කතා දෙක මෙතනින් ඉවරයි,කතා දෙකක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ එකම කතාවයි.සබදතා කිසිවක් අසම්මත නෑ. සම්මතයට පිටින් තිබුනාට අසම්මත වෙන්නෙත් නෑ. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ජිවත් වන සමාජය කුමක් වුනත්,ඔබේ සිතුවිලි ඔබගේ ජීවිතය ලස්සන කරාවි.අදට එපමණයි.-අල්තයීර්.
BLOG
2014.06.26
http://karuugesithroo.blogspot.com/
ලංකා ඊ නිව්ස්! ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින්??
අල්තයීර්-Altaïr (කරූ)
සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය.ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත්,නාන මංකඩටත් වඩා හරි අපුරුවටත් පහසුවටත් වසුරු පීප්ප ගණන් පතුරුවා හරින්න බුකියත් එහි සරි සරණ බුකියෝත් හරි හපනුන් ය. බුකියන්ගේ ටේස්ට් එකට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්නට බුකි පේජ් සහ ඇඩ්මින් බුකියෝත් බුකියේ හැරෙන හැරෙන අත වැහි වැහැලා ය.බුකි පිටුවල රසික බුකිවරුන්ගේ හා ගොසිප් සයිට්වල රසික බුවාලාගේ හරි අපුරු සමානතා ඇත. ඔවුන්ට අනුව මේ රටේ වැදගත් දේශපාලනයක නිරත වූ කිසිදු මිනිසෙකු නැත. අපේ රටට ගොඩ ඒමක්ද නැත. පාර්ලිමේන්තුවකින් වැඩක්ද නැත. ගමේ පොල් අතු මඩුවේ ඉගෙන ගන්නා කෙල්ලෝ හැදියාවෙන් ඉස්තරම්ය. කොළඹ පාසලක ඉගෙන ගන්නේ සල්ලි වැඩිකමකටය.ඒ නිසා උන් වල්කමට ඇනුවල් වෝක් යනවාය. ඉස්කෝලේ යන්නේ කොලබ නම් ඕන කෙල්ලෙක් බඩු ය. කොළඹ බාලිකා පාසල් යනු බඩු පොට් ය. ඒවා වසා දැමිය යුතුය. මෙකි බුවාලා තරම් දැනමුතු බුවාලා ලොවෙත් නැති යයි දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා ය. ඔවුන් තරම් දැනුමින් පිරිපුන් නිර්දෝෂී බුවාලා මේ රටට වාසනාවන් ය.මේවා එක අතකින් ට්‍රෙන්ඩ් ය. හෙවත් පෙරකී ඉල්ලුමට අනුව සැපයුම දෙන එල කිරි ටොපික් එකක් හසු වූ කල මවන නිර්මාණ ය.කොයි හැටි වේවා බුකියේත් සයිබරයේ තබා කුමන මාධ්‍යකින් හෝ තමන් අසා දැනගන්නා තොරතුරු පැතිරවීමට පෙර නුවනින් විමසා බැලිය යුතු ය. මේ ලංකා ඊ නිව්ස් හී පලවුන එවැනි සටහනක් පිලිබඳ කෙටි විමසුමකි.ආනන්දය ගැන මේ මාතෘකාවට එළබෙන විට නොකියා මග හරිය නොහැකි කතාවක් ඇත. ඒනම් ආනන්දය කෙසේ බිහිවී කුමන ගමනක් ආවේද යන්න යි. ලංකා ඊ නිව්ස්වලට අනුව එය බිහිකළේ බෞද්ධ සුද්දෙකි. ඒ අදහස ඉඳුරාම පිළිගන්නා අතර මේ ටිකද එක් කරමි. හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇමරිකන් කාරයෙකි, කොකා කොලා ගුගල් ගහන රටේ තවත් එක් වර්ජනය කල යුතු ට්‍රේඩ් මාක් එකකි. නමුත් එකී ට්‍රේඩ් මාක් එක යටතේ බිහිවුන ආනන්දය නම් පාසල කොකා කොලා කෑන් එකට යට වුන කොළඹ පොෂ් සමාජය වෙනුවෙන් නොව ඉංගිරිසිය නිසා බාදාවට පත් වූ තම ජාතිය ආගම පාවා නොදුන් ස්වදේශිකයන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බිහි වුවකි. එය එදාටත් අදටත් එසේමය. චේතනාව පාරිශුද්ධ වේ නම් ඕල්කට්තුමාගේ ඇමරිකන්කමෙන් අහක ඉන්න ගොබිලන්ට පලක් තිබිය යුතු නැත.ආනන්දය බිහි වන්නේ බෞද්ධ ඉංගිරිසි පාඨශාලාව නමිනි. ඒනම් ආගමත් ජාතියත් පාවා නොදුන් ස්වදේශියන්ට ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ආයතනය යි. එය බිහි වෙන්නේ අද කාලේ කට වහරට අනුව NGO ඩොලර් හෝ පිට රට කළු සල්ලි වලින් නොවේ. පිටකොටුවේ කොළඹ නගරයේ පාරක් පාරක් පාසා ඇවිද එකතු කර ගන්නා කැට සල්ලි වලිනි. ආනන්දය බිහි වන්නේ රාත්‍රියේ ආලෝකය වෙනුවෙන් ලාම්පු තෙල් මිලදී ගැනීමට කඩපිලට ආ ආච්චි කැටයට දැමු, ඒ සන්තකේටම තිබු සත කාලේ ඒවාගෙනි. නැව් වලින් මෙරටට ගොඩ බට මිෂනාරි අධ්‍යාපනඥයන්ගේ පහස ලත් රැජිනගේ පවුම් වලින් ගොඩ නැගු පාසල් අතරේ පිටකොටුව මැලිබන් විදියේ ගොඩේ සිංහල කොලු ගැටයන්ට අකුරු කියා දෙන්නට පොල් අතු මඩුවක් බිහි වෙන්නේ එලෙසිනි. යාබද පල්ලියේ කෙනෙහිලිකම් මැද මරදානට ස්ථාන මාරු ලබන ආනන්ද කොලීජිය තම පනස්වන සංවත්සරය දිනයේදීත් මරදානේ ඉඩම් ණය තුරුස් ගෙව්වාය.අතීත කතා තුලින් මෑත කාලයට එද්දීසිහි වන්නේ මෙවන් කතා පුවතකි.විසි එක්වන සියවසේ අකුරු කරන්නට පැමිණි අපත් භාවිතා කරන විද්‍යා මන්දිර ගොඩනැගිල්ල, 1930-40 දශකයෙදී බිහිවන්නේ දුටුගැමුණු අරමුදලෙනි. ඒ වෙනත් පාසලක අධ්‍යාපනයට සුදුසුකම් නැති සිංහල බෞද්ධ කොල්ලන් පාරක් පාරක් ගානේ ඇවිද එකතු කරගත් රුපියල් හතලිස් පන්දහසකිනි. අදටත් ආනන්දයේ ජිව විද්‍යා විද්‍යාගාර දෙකක්,රසායන විද්‍යා විද්‍යාගාර දෙකක්,භෞතික විද්‍යා විද්‍යාගාර දෙකක්,කෘෂි විද්‍යාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් පවතින්නේ එදා කොලු ගැටයන්ගේ හිඟා කෑමට පින් සිදු වන්නටය.ඒ ආනන්දයේ එදා තත්වයයි. අද.අද ආනන්දය යනු දිවයිනේ ප්‍රධානතම පාසලකි. නමින් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ යි. කෝපාවිෂ්ට ගුරුවරියකගේ අදහසකට අනුව මුදුන් මල්කඩ නොව මුදුනේ මළකඩ යි. එයට යම් සත්‍යතාවක්ද ඇත. පාසල බිහි කළාවූ අරමුණු කෙසේ වෙතත් අද නම් බෞද්ධ අධ්‍යාපනයක් වෙනුවෙන් කාල සටහනේ විශේෂ තැනක් බුදු දහම වෙනුවෙන් ආනන්දයේ නැත. වෙනත් ඕනෑම පාසලක මෙන් ආනන්දයේද ඇත්තේ බුද්ධ ධර්මය විෂයය සදහා කාලචේද දෙකකි.ඉගැනිවීමේ නිරත වන්නේද වෙනත් ඕනෑම ජාතික පාසලකින් මාරුවක් හරි ගිය ගුරුතුමෙක් හෝ ගුරුතුමියකි. ඒ අතරින් තමා මේ පා තබා තිබෙන්නේ, කෙසේ කුමට බිහි වූ තැනකටදැයි දන්නා ගුරුතුමන්ලා මෙන්ම ශිෂ්‍යයෝද අද කාලේ විරලය. කාලය විසින් මැවූ අරුමයකට වඩා එය නම් දැන දැන මවනා ලද වෙනසකි. නුදුරු අනාගතයේ මීටත් වඩා තතු වෙනස් විය හැකිය.එවැනි වාතාවරණයක් හමුවේ සමාජයේ යම් ස්ථරයකට පැමිණි ආදී ශිෂ්‍යයෝ නොසිටියා නම් ආනන්දය වසා දමන්නට සිදු වී බොහෝ කළකි. විදුහලේ විදුලි හා ජල බිල් වියදම මාසිකව ලක්ෂ ගණනකි. ඒවාට රජයෙන් සොච්චමකවත් ආධාරයක් ලැබෙන්නේ නැත.විද්යාලය විසින් සේවයට ගත යුතුව ඇති අනධ්‍යන කාර්ය මණ්ඩලයද සුළු පටු නැත. ඔවුන්ට සරිලන වැටුපක් සැපයිය යුතුය. ඇතැම් විට අවශ්‍ය සේවකයන් ලබා ගන්නේ ළමුන්ගේ දායකත්වයෙනි,ඇතැම්විට ආදී ශිෂ්‍යයෙකු හෝ දෙමාපියෙකු සහයෝගය ලබා දෙයි.දිවා ආහාරයක් සපයන්නේ ඇතැම් විට ගුරු මවකි,උදෑසන තමන්ටත් පවුලේ උදවියටත් බත් මුල් ඔතද්දී සිහිවෙන හිතෛෂී මුහුණ වෙනුවෙන් තවත් බත් මුලක් එතෙන්නේ මිනිස් කමේ නාමයෙනි. ආනන්දය නමැති සමාජ ඒකකයෙන් ලබා ගන්නා අමිල සත්කාර වෙනුවෙන් කුමක් හෝ දෙයක් ආපිට ලබා දෙන්නට උත්සුක වන පිරිසක් මෙහි වෙති.ගැටලුව පැන නගින්නේ මෙහිදීය. සාමාන්‍ය පෙළ දක්වා සිසුවෙකුගෙන් වසරකට පහසුකම් හා සේවා ගාස්තු සමගින් පන්තිය පිළිසකර කර ගැනීම සඳහා රුපියල් තුන් දහසේ සිට පන් දහස දක්වා වාර්ෂිකව මුදලක් අයවේ.එයින් සැම සතයක් සඳහාම රිසිට්පත් නිකුත් වන අතර පන්තිය පිලිසකර කර ගැනෙන්නේ දෙමාපියන්ගේ මුල්‍ය කළමනාකාරිත්වයෙන් දෙමාපියන්ගෙන් තෝරාගත් කෙනෙකු සතුව ඇති කළමනාකරණ හැකියාවකින් හා පුර්ණ විනිවිද භාවයෙනි. උසස්පෙළ වසර දෙක සඳහා වසරකට රුපියල් 6000ක් වැනි මුදලක් පාසල වෙත ලබා ගනී. වැදගත්ම කරුණ වන්නේ යම් ශිෂ්‍යයෙකුට මෙම මුදල දැරිය නොහැකි නම් ඒ සඳහා කිසිදු බලකිරීමක් නොමැති වීමයි. එසේ වුවත්,මෙම ආනන්දය නමැති සම්ප්‍රධාය හා සමාජ ඒකකයේ රටාව තුල මොනයම් හෝ අයුරින් පාසල වෙත ඇති ණය ගෙවාලිමට මෙහි බහුතරය උත්සුක වෙති.ආනන්දයට පය තබා හෝ දිනක් මෙහි ජිවත් වී නොමැති, වත්මන් සමාජ ආර්ථික ධාවන තරඟයේ යෙදෙන අයෙකුට මෙම සංසිද්ධිය වටහා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇත. ග්‍රාම සේවා සහතික අවශ්‍ය නැත, තමාව පෝෂණය කරනා ආනන්දය පවත්වා ගැනීමට සහයෝගය දැක්වීමට තරම් තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව පෙන්වීමට අවශ්‍ය එකම සහතිකය හදවතේ සාක්ෂිය පමණි.ලංකා ඊ නිව්ස් හි දැක්වෙන මෙම සිද්දියේ අගමුල විමසීමට නම් මෙම තොරතුරු කෙනෙක් විමසා බලා සිටිය යුතුය. ආනන්දය වෙනුවෙන් එක වසරෙන් ළමුන් ඇතුලත් කර ගත් පසු ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රධානම අවස්තා දෙක පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මත ඇතුලත් කර ගැනීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් උසස්පෙළ සඳහා ඇතුලත් කර ගැනීමයි. මේ අතරින් පතර පැරෂුට් එකෙන් බසින්නන්ද නැතුවාම නොවේ. එයද සිමා සහිත වන අතර මා ආනන්දයේ උගත් සමයේදී අප වසරට සිසුන් ඇතුලත් කරගත්තේ ඇති තරම් ඉඩ කඩ තිබු ඉංග්‍රිසි මාධ්‍ය පන්ති දෙකෙන් එක පන්තියකට පමණි. පහ වසර සමතුන් ලෙස ආනන්දයට ඇතුලත් වූ මට මෙන්ම මගේ සහෘද ශිෂ්‍යයන්ටද ඩොනේෂන් පිලිබඳ ඉල්ලීමක් ලැබුනේ නැත.නමුත් මා උසස් පෙලට පැමිණෙන විට තත්වය වෙනස් වී තිබිණ. සියල්ලටම පාහේ පාසලට කල හැකි ආධාරයක් පිලිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුන අතර බහුතරය ඇති හැකි අයුරින් කුමක් හෝ දායකත්වයක් සපයා දී තිබුණි. නමට රජයේ පාසලක් වුවත් රජයෙන් කිසිදු නඩත්තුවක් සිදු නොකෙරේ නම් එය තම තමන් සපයා ගන්නා තත්වයට කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ පාසල් පත් වුයේ අද ඊයේ නොවේ. ඩොනේෂන් සංස්කෘතිය හා එහි ගෝත්‍රික වියුත්පන්නය වන පාගා සංස්කෘතිය බිහි වුයේ ඊට පින් සිදු වන්නටය.මෙවන් සමයකදී ලංකා ඊ නිව්ස් මගින් වාර්තා කරන්නේ හරි අපුර්ව පුවතකි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි යම්කිසි දෙමාපියෙකුට තම දරුවා ඉදිරියේ එක්තරා ගුරු මාතාවක් විසින් "ඔයාගේ දෙමව්පියෝ ඔයාට සලකන්නේ මෙහෙම නම් ආනන්දයට ඒම ගැන හිතන්නවත් එපා"යනුවෙන් ප්‍රකාශ කර ඇත.ලංකා ඊ නිව්ස් වාර්තා කරන සිදු වීම ගැන කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. බණ්ඩාරනායක නම් ගුරු මාතාව ආනන්දයේ ජෙෂ්ටතම ගුරු මාතාවකි. ආනන්දය හෙවත් තමා පය ගසා සිටින භූමිය කුමක්දැයි දන්නා, විනය ඉහලින් අගය කරනා ගුරු මවකි. එතුමියගේ පාලනයට ඉහලින් ගණිත අංශය උඩින් මැස්සෙකුටවත් පියඹා යා නොහැකි බව එකල අප සිතුවේ බිය මුසු බවකින් මෙන්ම අද වන විට ඉතාමත් ගෞරවයකිනි. මෙම පුවත බොහෝ විට එතුමිය පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් හෝ එතුමිය මෙන්ම සමස්ත ආනන්ද ප්‍රජාව පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් විය යුතුය. එතුමිය හඳුනන,එතුමිය හා එක්ව කටයුතු කර ඇති ඕනෑම කෙනෙකුට එතුමිය හා මෙකි වචනවල ඇති පරස්පර විරෝධය හසු වේ.ආනන්දය බිහි වූ අරමුණ ධනපති පන්තියට අධ්‍යාපනය දීම නොවේ. ධනපතීන්ට එරෙහිව සටන් කිරීමටද නොවේ. සිංහල බෞද්ධ දරුවාට අකැප වූ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමත්, ඔහු ගුණ දහමින් පෝෂණය කර, ඇති හැකි අයෙක් ලෙස සමාජයට දායාද කිරීමත් ආනන්දයේ අරමුනයි. එය එසේ නොවන්නට අද මටත්,තවත් බොහෝ දෙනාටත් ආනන්දය අහිමි වන්නට ඉඩ තිබිණ. ලංකාවේ දහස් ගණනක් පාසල් අතර ආනන්දය යනු තවත් එක් පාසලක් පමණක් බවට පත් වීමට ඉඩ තිබු බව මුළු සමාජයම විසින් ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු කරුණකි. කොළඹ තදාසන්න නාගරික සංස්කෘතියක් මැද ආනන්දයේ දොරටුව පසු කල විට අභය භූමියකට,පන්සලකට ඇතුළු වූ හැඟීම ලබා දෙන්නා වූ ආනන්ද පරිසරය තුල අකුරු කිරීමට අවශ්‍ය එකම සාධකය වාසනාව මිස මිල මුදල් හෝ ඩොනේෂන් නොවේ. එසේම අපව තැනුවා වූ අපව වැදුවා වූ ආනන්දය පෝෂණය කිරීම රක බලා ගැනීම අප ජිවිතයට බරක්ද නොවේ. කුමන බාහිර බලපෑම් හමුවේ වුවද,ආනන්දය තවත් චිරාත් කාලයක් ආනන්ද ප්‍රජාව තුලින්ම රැකි සමාජයේ දිදුලනවා ඇතී.
BLOG
2014.03.16
http://karuugesithroo.blogspot.com/
...නිහඬ කල්පනා...
අල්තයීර්-Altaïr (කරූ)
හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි.අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේදැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේවෙන්වමු ඉතිං හමුවන සිතින්අපි ආයේ දවසක.... අද වගේ.. අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා. එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..අදින් පසු ඔබඔබට හිමි මගඉතින් මටඋරුම තනි මගආයෙමත් හමු වන තුරාදෙතැන ඉමු අපි මග බලා...තුටින් හමු වුනසුහදබව අපිඅරං යමු අපෙ මතක මැදුරටආයෙමත් හමුවන තුරාඑකම තැනකදි ජීවිතේ.. මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද. මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා.. හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.හිරු හිනැහෙන ගන නිල්වන් අහසේපහනකි මා හිරු එලියෙන් නොදිලෙනපහන ඔබය ඔබමය මා පැතුමදහිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..සඳ දිදුලන පුර පෝදා අහසේතරුවකි මා සඳ එළියෙන් නොපෙනෙනතරුව ඔබය ඔබමය මා පැතුමදසඳ නොව කල එළියෙන් ලොව බබලනඋඩවැඩියා සුපිපෙන වන උයනේකුසුමකි මා තණ බිම මත සැඟවුනකුසුම ඔබය ඔබමය මා පැතුමදඋඩවැඩියා මල නොව නෙත පිනවනකුසුම ඔබය ඔබමය මා පැතුමදඋඩවැඩියා මල නොව නෙත පිනවන.
BLOG
2014.02.14
http://karuugesithroo.blogspot.com/
මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ
අල්තයීර්-Altaïr (කරූ)
මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙනහමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න. වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද. මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද. මේවාගේ සැබෑ අරමුණ කුමක්ද. මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය. හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.
BLOG
2013.09.09
http://karuugesithroo.blogspot.com/
අහිමි නොවූ ඔහු-සොඳුරු මං පෙතේ ධාරාට පිළිතුරක්
අල්තයීර්-Altaïr (කරූ)
සොඳුරු මං පෙතේ පියනගන්නී ධාරා පහුගිය දවසක අපූරු කවි පන්තියක් ලියා තිබුනා.ගමේ සුවඳ ගමේ මතකයන් විහිදෙන අපූරු කවිපන්තියට ධාරා අරමුණු කරගෙන තිබුනේ ගැමි තරුණියකගේ සිතිවිලි දහරාවයි. බාල කාලයේ පටන් කෙලිදලෙන් ගත කල මිතුරු පෙමක්,සොවුරු පෙමක් ඔවුන්ටත් නොදැනීම ඉන් ඔබ්බට ගිය අප්‍රකාශිත පෙමක් බවට පත් වී ,අවසානයේ තරුණයා සරසවිය වෙනුවෙන් ඉවත ගිය පසු තරුණිය තුලින් ප්‍රකාශ වෙන අයුරු ගැමි ලියගේ සිතුවිලි දහරාවටම ඔබින ශෛලියකින් ඇය ගලපා තිබුනා. ඒ කවි පෙළ මෙතනින්ගිහින් රසවිඳින්න පුළුවනි. සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්. "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි. පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය අරාසුපස න් හදින් නැගෙනා මතකයන්දරාකෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙසරාසැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම කරාතුඩ තුඩ ගැයෙන ගී අම රසදැනේ වීනිල් නුබ දිලෙන සොමි පව්වෙන්එබේ වීහද හද දිලෙන පැතුමන් හෙට යාවෙ වීහසුනක් ලැබෙන තුරු ඔබ මගබලා වීකඳු හෙල් රළු හසර ඔබ හා පසුවූවාහන්තානටත් නුඹේ අත ගෙන ලං වූවාදොළ අයිනේ නුඹ හා සිත යා වූවාඅක්බර් පොකුණ ළඟ අද මම තනි වූවාවෙහෙස නිවා ගන්නට අප රැඳුන එදාසිහිලැල් නදී දිය ඇලි මතකයේ සදාමහවැලි ඉවුර ළඟ මා තනි විටදී මෙදාගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරුබිඳාබිඳෙ යි මහද රජ කල සිතුවිලි රෑ නනැගෙ යි අපේ බාලේ මතකේ ගේ නරිදෙ යි කීරි ගැහෙනා හදවතගැහෙ නබඳි යි හද වැටක් නුඹ පමණක් ඉන් නරොද හැරගියත් බිඟු මල් පැණි සොයාගෙනේ සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී දයාවෙනේමල් මී ගොමුව වෙත ආවත්විගසකිනේඑයි සිය රොදට නොඇලෙයි මල්මීගොන්නේරම්නද සිවිලිමේ මං නෙත යවන වෙලේඅත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිතඑකලේගෙන එයි දසකයක් එපිටින් සොඳුරු කලේනුඹ හද පිදුවේ මට බව දැනුනයි ආලේසරසවි දිවිය වෙහෙසයි හද විඩාගෙනේමල් මාවතක් ඇතිමුත් තනිකමක් දැනේහසුනක් එවන පමා මවෙත නැතිවමෙනේපවස නිවන වදන් ලියන හැටි නොදැනේපමා බවට මගෙ හසුනට රහස එයයිදමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයිසමා අයැද මං නුඹේ බව කියන බවයිමෙමා ලියන පළමු හසුන ලැබුනවගයි ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.
BLOG
2013.09.04
http://karuugesithroo.blogspot.com/
ලින්කන් හා කෙනඩි ඝාතනවල අබිරහස් සමානතා-කෙටි සටහනක්,අනිවාර්ය කියැවුමක්!
අල්තයීර්-Altaïr (කරූ)
මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතුරන් අතර ප්‍රසිද්ධ කරුණකි.මගේම සොයුරෙකු බඳු සුලක්ෂණ,මගේ ඇස දැන්වීම් පුවරුවක් දෙස හැරී ඇති බව දුටු සැනින් "දැන් ඉතින් ඉවරයි" කියන්නේ මා එහි රැඳුනහොත් කෙලෙසින්වත් නැවත කැඳවාගෙන යා නොහැකි බව දන්නා හෙයිනි.විවේක කාලය හා ඇතැම්විට මීළඟ කාලචේදය පසුවන තුරු යලිත් පන්ති කාමරය වෙත යාම අමතක කරවන රසයක් මේවාගේ තිබිණ. එකල මගේ ප්‍රියතම (පසුකාලීන පරිපාලනයන්ගේ මහිමයෙන් නන්නත්තාර වී ගිය) බිත්ති පුවත්පත වූයේ හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව යි.එකල එහි පල වූ අදහස් කෙතරම් තියුණු හා මතභේදාත්මක මුහුණුවරක් ගත්තේද යත්,කී වරක් මේ පුවත්පතට ප්‍රහාර එල්ල කොට විනාශ කෙරුනේදැයි මටද නිනව් නැත.මෙකී පුවත සොයා වාර්තා කර තිබුනේ එක්තරා 10 වසර පන්තියක්(මා ඊටත් කුඩා කලදී) විසින් පවත්වාගෙන ගිය බිත්ති පුවත්පතකය. එය පිහිටා තිබුනේ දැනට ඉවත්කර දැමීමට යෝජිත මුවර් ගොඩනැගිල්ලේ කුලරත්න අන්තය දෙසිනි. නැවතත් අන්තර්ජාලය පීරා එකී කරුණු කාරනා මෙපරිද්දෙන් සොයා බ්ලොග් සටහනට ඇතුලත් කිරීමට කල්පනා කලේ එහි ඇති ගුප්ත රසය ඔබ සමගින්ද බෙදාගන්නා අරමුණෙනි.ජෝන් ඇෆ්.කෙනඩි හා ඒබ්‍රහම් ලින්කන් යනු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බව අමුතුවෙන් නොකිව මනා ය.එයින් ඒබ්‍රහම් ලින්කන් යනු ජාතිකත්වය පසෙකලා මුහු මහත් ලෝකයම විසින් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රේෂ්ට මිනිස් චරිතයකි.නමුත් අවාසනාවකට මෙම ජිවිත දෙකම කෙලවර වූයේ අමු ලේ වැගිරවීමකිනි. මෙම ජීවිත කතා දෙකෙහි ඉතාමත් සිත්ගන්නාසුළු 100 ඉලක්කම වටා ගෙතුණු සමානතාවක් ඇත.ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩිකෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.ලින්කන්ට පෙර ජනපති :Andrew Johnsonකෙනඩිට පෙර ජනපති :Lyndon Johnsonලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908ලින්කන් ඝාතකයා උපන්නේ : 1839කෙනඩි ඝාතකයා උපන්නේ : 1939ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු වියකෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු වියලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදීකෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදීLincoln යන නමේ අකුරු ගණන 7Kennedy යන නමේ අකුරු ගණන 7දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකයදෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.කෙසේ වුවද ලින්කන්ට කෙනඩි නම් ලේකම්වරයෙකු නොසිටි බවත්,එම කරුණ කටකතාවක් බවත් මම තැනක දිටිමි.එනමුත් කෙනඩි ජනපතිවරයාට ලින්කන් නමින් ලේකම්වරයෙකු සිට ඇත.
BLOG
2013.09.01
http://karuugesithroo.blogspot.com/
පරංගියා අපෙන් කෑවෝ! තුන් විජාතික ඉල්ලං කෑම! (නොමිලේ)
අල්තයීර්-Altaïr (කරූ)
අද ඉරිදා.ගොඩක් දෙනා ගෙදර ඉන්න දවස.ඇත්තටම මේ ඉරිදා කියන දවසට නිවාඩුවක් හඳුන්වා දුන්නේ කවු ද. ඒ ගැනත් සඳහනක් අද පොස්ටුවෙන් කෙරේවි.පෝස්ටු කීපයක් ලියවෙමින් පැවතුනත් එක ගැම්මට කරලා ඉවර කරන්න වාරයක් ලැබුනේ නෑ.සමහර ඒවා හිර වෙලා,සමහර ඒවා අතගහන්න හිතෙන්නේ නෑ.මේක ටිකක් වෙනස් විදියේ කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත ඉතිහාස කතාවක්. 1505 කියලා කියන්නේ ලංකාවේ අපේ සමාජ රටා උඩු යටිකුරු වෙන්න මුල පිරූ අවුරුද්දක්.කුනාටුවකට ගහගෙන අවුදින් ලක් පොලවට පය ගැහුව අල්මේදා උන්නැහේ ලංකාවේ අපේ ජන ජීවිතයට ගෙනාවේ නම් හැබෑම කුණාටුවක්.හැබැයි එදා ඒ පය ගහපු භූමියම පරංගියා මුළු ආසියාකරයෙන්ම ලබන ලොකුම යුධ පරාජයට හේතුවෙන භූමිය කියලා හීනෙකින්වත් නොහිතන්න ඇතී. 1875-මරාදාපු තැන හෙවත් මරදානපරංගි හටන සමගින් නිතැතින්ම බැඳුනු වදනක් පරණවාඩිය කඳවුර. කොළඹ කොටුවට කොටුවී අන්තිම අසරණ අඩියට වැටුණු පරංගි හමුදා බළල් මසෙන් ජිවිතේ රැකගද්දී සිංහල හමුදා රැඳී සිටි ආසන්නතම සහ ප්‍රධානම කඳවුරයි මේ පරණවාඩිය. පරණ වාඩිය කඳවුරේ සිට සැලසුම් කල කිසිම මෙහෙයුමක් අසාර්ථක වී කෙළවරව නොමැති බව ජනප්‍රවාදයේ එනවා.වීදිය බණ්ඩාර තමන්ගේ මූලස්ථානයක් කරගත් තැනක් ලෙසත් පරණවාඩිය සඳහන්.මේ අඩවියේ හිමිකාර වංශවතුන් වුනේ වාසල මුදලි රාජපක්ෂ පරම්පරාවයි. අදටත්,පරණවාඩිය ගම්මානය එනමින් නැතත් ලංකාවේම ප්‍රසිද්ධ ප්‍රදේශයක් ලෙස කොයි කව්රුත් දන්නවා.(අන්තිමට කියන්නම්.) හරි, අප්‍රසිද්ධ ඉතිහාස කතාවෙන් අපි දැන් යමු ප්‍රසිද්ද ඉතිහාස කතාවට,හැබැයි අද කතාව කවියෙන්.අපහාසය උපහාසය වගේම වදින තැන්වලට රිදෙන්නත් මේ කවි පෙළ ලියැවී තිබෙනවා.පරංගි යුධ කාලයේ පටන් අවසානයේ මේ පරණවාඩියට අත්වූ ඉරණම ඉන් කියවේවි. මේ කවි පෙළ ලියවෙන්නේ මගේ මිතුරු මංගල සේනාධිපති අතින්,ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.ඉදින් මේ කවිපෙලේ පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවිය යුතුම යි.මේ අපේ කවි ගී සඳැල්ලේ ආරම්භකයා වගේම අපේ ලොකු උන්නැහේගේ කවි පෙළක්. අහ්හ්. තව දෙයක්. කොන්ස්තන්තිනෝපලය බිඳ වැටිලා,ඉස්තාන්බුල් කියලා හලාල් උනාට පස්සේ පරංගින්ට වගේම කොයි යුරෝපියාටත් පෙරදිගට ගොඩබිම් මාර්ගය වගේම තමන්ගේ වෙළඳාම් අහිමි උනා.මේ මං තුමා හෙවත් අල්තයීර් උන්නැහේ( ඔරිජිනල් එකා)ලගේ වැඩ හින්ද තමා යුරෝපියන්ට ගොඩබිම් මාර්ගය අහිමි උනේ. ඒ ගෞරවය ගෞරවපූර්ව මහත්වූ මෙව්වා එක පෙරදැරිව (අල්තයීර් වෙනුවෙන්) මේ මං තුමාට පුද කරන්න ඈ.. :Dසුද්ද නගරෙ අරාබියාගෙන් ගන් නයුද්ද කළා පාප්ගේ හමුදා ගොන් නසිද්ද වුනේ සතුරා හට පරදින් නසද්ද වහන් ඉන්නව මේ අය ඔන් නමසට දාන්නට දැන් දුරු මිරිස් නැ තීරසට නොවේ කල් තියාන කන්න නැ තීකන්ට නැතිව දරුවෝ හාමතේ වෙ තීකුසට පහල වූ නුවණක් එයින් එ තීමහා රටක් ඉන්දියාව නමින් ඇතේඑහා ඉමේ අරාබියට සතුරු වෙතේමහා රජෙක් ජෝන් කියා රජ කරතේවහා ගියොත් යුද්දෙට ඔහු සහය දෙතේපාප්ගේ සවනෙ වත්කළ ඒ මී බින්දුසේප්පු බින්දා පල්ලියෙ බිම රැන්දුතාප්ප වට්ටා සතුරට ජය කැන්දුපාප් සිතන්නේ ගැයුමට ගී සින්දුරවටා ගෙන පල්ලියෙ රත්තරන් අරන් ගොස්තරේවෙරදා ගෙන ගොඩ නගන්නේ නැව් හදනා සාස්තරේබිඳදා ගෙන හැම බාදක සොයා ගන්නෙ සූත්තරේපදවා ගෙන ගොස් සොයන්නෙ ඉන්දියාව හීන් සැරේවැරදී ලා ඇමෙරිකාව ඉන්දියාව යැයි සිතාලානම දීලා මිනිස්සුන්ට රතු ඉන්දියානුවො කියාලාපැටලීලා සිදු වූවත් එවන් වැරදි ඉඳ හිටලාපාවී ලා අහම්බයෙන් ඉන්දියාව හමු වීලාඑම නැවේ නැව් පති තුමානම වස්කෝ ද ගාමාසැම සතුටු සිත කෝමාතම හඬින් දක්වම්මා"ක්‍රිස්තු අදහන ජෝන් රජුගේ පිරිස යිකුරුඳු විකුණන ගොවියන් දැක්ම සතුටු යිසයුර බිඳගෙන සැපත් වූයේ එනිස යිවස්තු අරගෙන යන්න නම් තව කල් ය යි"මහා මුහුද පරන්ගියගේ සපත්තුවට පෑගෙන වාලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවට අහු වෙන වාකණ කොක් නද හෙළ ගුවනේ ඒ මේ ඇත රැව් දෙන වාපෝදා සඳ රාහු ගිලී පරංගියා මෙහි එන වාඑක් අතකින් බයිබලයි බයිනෙත්තුව අනිත් අතේවයින් ගඳින් ගෙරි මස් ගඳ නෑ යන්නේ හපුටු ගතේඅසරණ බිලිඳුන් අමුණයි බයිනෙත්තුවේ තුඩග පුතේවිහාරයන් වනසාලා පල්ලි හදයි හතර අතේදියුණු යැයි සම්මතව ඉන්නාමහත්මා යයි කියා ගන්නාමිත්‍යාව ඇයි ඇත්තෙ පෙන්නාසිංහලේ හයි එසේ කන්නාසිහි කල යුත්තකි මෙහි ලා වන්නේනැවකට පරංගි පනහකි එන්නේනිසි අණ දීමයි විනයයි දන්නේකපටි උපායෙනි රටක් නසන්නේපරන්ගියාගේ සිවල් උපාමිහිබට හෙළයට නිරය දපානොපනත් කම් ඇත සිනා පපාඅසිපත ගත යුතු වාද එපාසීහල විරුවන් එසේ සිතාමරුවාටත් මරු වෙමුයි පතාකඩු ගාමුයි ඒ නපුරු සතාසතුරට හටනට කළා කතාරණ දවුලේ හඬ නංවාලාකඳවුරු බැඳුමට තැන් සොයලාජය බිම සේසත් ඔසවාලාවිජය කොඩිය ඇත ලෙලදීලාසිංහලයන් පන්නමුයි කියාපරංගියා එහි පිනූ නියාසතුරාගේ හිස අහස සොයාහෙළ අසිපත වැද කැපී ගියාපරංගි හිස් වැහි බිඳු වැන්නේහෙළ අසිපත විදිලිය දෙන්නේදෙගොඩ තලා ලා ගලමින්නේසුදු වැදි ලේ ගඟ වෑහෙන්නේමරා දාපු තැන අද මරදාන යිසීහල කඳවුර හෙටත් ජය බිම යිවිරුවන් බිහිවෙන සාර පින් කෙත යිආනන්දේ කවදත් ආනන්ද යි=======================================================සිඟාල සිවල් කැනහිල් වැනි නම් බෝමානරියට යෙදෙයි උන් හැම නරියන් සේමාහම සුදු වුවත් හදවත කළුවන් බෝමාතුන් ජාතියක් ඒරොප්පෙන් මෙහි ඒමාපරංගි ලංසි ඉංග්‍රීසින් නම් වන්නේකල්කිරියාවෙන් එක ලෙස හැසිරෙන්නේඉන්ගිරිසියා අවසානේ ජයගන්නේරට වනසාලා සාරය එහි ගෙන යන්නේපුරවා ගන්නට විගහට සුද්දගේ මල්ලපැල කෙරුවා මෙහි ගෙනවිත් තේ දල්ලදල්ල නෙලන්නට ආ ලෙච්චමී කෙල්ලකොටි පැටියෙක් වැදුවා දෙයියන් පල්ලසුළු වරිගේ තෝරා බේරා ගන්නේමිෂනාරීන් උන් හට ඉගෙනුම දෙන්නේමහ ජාතිය සුලුවරිගෙන් බැට කන්නේහැමදා යුද ගැටුම් රට තුල ඇති වෙන්නේඑයයි සුද්ද රට රට වල කල හදියලංකාවටත් දුන්නා රස කර සුදියසීහල පැටව් හට නෑ අධ්‍යාපනයකොටිපැටියාට ඇත ඉගෙනුම් අවසරයමුදල් හදල් ඇති බොදු මව්පියො දෙන්නාසුද්දගෙ පාසලට පැටියව දක්කන්නාමිෂනාරියා වැඩ කිඩ හොඳ හැටි පෙන්නාකළු සුද්දෙක්ව හදලා එලියට දුන්නාඉංගිරීසියෙන් කතා කරනවා කලිසම් අඳිනා මහත්තුරුකලිසම උඩහින් සරමක් ඇන්දා ඉංගිරිසිය බැරි මහත්තුරුගිණි මද්දහනේ ටයි පටි බැඳගෙන දාඩිය දාගෙන මහත්තුරුසුද්දගෙ පදයට අඩිය තියනවා මේ හැම කළු සුදු මහත්තුරුරු 2000 සමරු කාසියමේ විපතින් ජාතිය ගලවා ගන්නඕනේ අපේ පාසල් මෙහි අරඹන්නහෙළ බොදු වියත් වැට එය සිතුවා ඔන්නසීහල ගමෙත් හැදුනා පාසල මෙන්නගුණානන්ද හිමි තැනු පාසල් පොකුරේමුල් පාසල ගුණානන්ද විය මිතුරේවාසල මුදලි ටියුඩර් රාජපක්ෂහිමි ඉල්ලීම මත වෙනසකි ඒ අතරේආනන්දය යන නම එලෙසින් පැතිරේ එදා පරන්ගියාව හිස් ලූ ලූ අත එලවූ අවි ආයුධ සන්නද්ධ යුද්ධය,පසු කාලීන ඉංගිරිසි ආණ්ඩු ක්‍රමයේදී වෙනස් මුහුණුවරකට හැරෙන්නට පටන් ගත්තා.අධ්‍යාපන අයිතිය හිමි කර ගනිමින්,හෙළ බිම වෙනුවෙන් වියතුන් බිහි කර ගැනීමේ අසීරු ,දිගු කාලීන මෙහෙවර වෙනුවෙන් පැරණි පරණවාඩිය කඳවුරු බිම වෙන් වුනා. දහනම වන සියවස අගභාගයේදී එම රණ භූමියේ හිමිකරුවා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන් එකී ජය බිම ආනන්දය ගොඩ නැගීම වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්නේ අන්න ඒ නිසාමයි. එදා පරණවාඩිය කඳවුර, යුධ මූලස්ථානය,පසුව පරණවාඩිය ගම්මානය ආනන්දය නම් වූ තක්සලා බිමක් බවට පත් වෙන්නේ ඒ විදියටයි.පරංගියා මරා දැමු මරදානක් අද තිබුනත්,පරණවාඩිය නම ඉතුරු නොවුනේ එලෙසින්.නමුත් අදටත්,පරණවාඩිය සෙන්ට්‍රල් එක විදියට ආනන්දේ කොල්ලෝ තමන්ගේ ඉස්කෝලේ හඳුන්වන්නේ හරිම ආඩම්බරෙන්.නමින් ආනන්දේගෙනෙයි ආනන්දේසදයි ආනන්දේබෙදයි ආනන්දේ..සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක (function(d, s, id) { var js, fjs = d.
BLOG
2013.08.29
http://karuugesithroo.blogspot.com/
නොඑනු මැනවි ගිම්හානය- Aging! you aren't welcome!
අල්තයීර්-Altaïr (කරූ)
වසන්තයේ හිමිදිරියටපිණි වැස්සෙන් අලුත් වෙලාතණ ගොල්ලේ පිපෙන කුසුම්යලි නොඑන්න පිටත් කරනගිම්හානේ කටුක කිරණඅපෙ මිදුලට එපා එන්නනිසංසලේ සැරි සරන්නගිරා මලිති කැන්දන් එනවසන්තයේ අතු අග ඵලඅවසන් කර උන් යවන්නගිම්හානේ කටුක කිරණඅපෙ මිදුලට එපා එන්නනිවන් සදන කණ පිනවනසනසන අප සිත නලවනකොවුල් නාද සැම අගයනනිහඬ ලොවක තනි කරවනගිම්හානේ කටුක කිරණඅපෙ මිදුලට එපා එන්නරතු පාටින් එරබදු මල්ගෙමිදුල සැරසු මතකයඈත් කරන් එරබදු කටුඅප දෙදෙනට පෙන්වන්නටගිම්හානේ කටුක කිරණඅපෙ මිදුලට එපා එන්නගිම්හානේ කටුක කිරණඅපෙ වත්තට එපා එන්නඈත් වෙලා යමින් ගමන්වසන්තයට අත වනන්නවසන්තයට රැඳෙනු නොදීඑන්න එපා මෙහි රැඳෙන්න_________කරූ_________(function(d, s, id) { var js, fjs = d.
BLOG
2014.09.12
http://www.linuxjo.com/
اعرض سطح مكتب جهازك على شاشتين بدون الحاجة إلى تركيب كرت شاشة اضافي
محمود التكريتي
.
BLOG
2014.09.12
http://www.linuxjo.com/
كل ما تود معرفته عن الساعة الذكية Xtouch Wave بالفيديو
محمود التكريتي
.
BLOG
2014.07.18
http://www.linuxjo.com/
كيف تحمي حسابك في غوغل وصورك وملفاتك على الأندرويد من الاختراق حتى لو حصل المخترق على كلمة السر؟!!
محمود التكريتي
.
BLOG
2014.07.11
http://www.linuxjo.com/
الحل النهائي لمشكلة الواتس آب Whatsapp على نوكيا Nokia X
محمود التكريتي
null
BLOG
2014.07.11
http://www.linuxjo.com/
أخف لعبة سباق سيارات على الأندرويد
محمود التكريتي
null
BLOG
2014.07.05
http://www.linuxjo.com/
كيف تثبت تطبيقات whatsapp, bbm, office mobile على تابلت بنظام أندرويد؟
محمود التكريتي
.
BLOG
2014.03.27
http://mahason-brotherhood.blogspot.com/
කට පරිස්සම්
Mahason Brotherhood
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;} අදකතා කරමු කට ගැන,ඇස(2) කණ(2) නාසය(පුඩු2) අනෙක් අගපසගයන් තුලින් කරනා කරුණු කරනා එක්කටකින් පතිචාර දක්වන විට කොතෙක් ප්රෙවේසම් විය යුතුද,එම ප්‍රවේසම් වීමෙන් තමුන්ටනිහඩව කුසල් රැස්කරන්නට හැකියාවක් ලැබෙනවා,එසෙය් නොකිරීමෙන් විපාක ලැබෙනවා,උදාහරණයක් සමගින් අප කට ගැන කරනා කීපයක් දැනගමු “ කෝකාලික “ යනු දේවදත්ත හිමියෝශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන්මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ. දිනක් බුදු රජාණන්වහන්සේ හමුවට පැමිණ “කෝකාලික“ හිමියන්සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත්ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනාකළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේතුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම හිමියෝබුද්ධ අවවාදය නොපිළිගත්හ. සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත්දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාලමතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.රෑමැදියම බුදුරදුන් හමුවට පැමිණි “ සහම්පති” මහාබ්‍රහ්මයා “ කෝකාලික”හිමියන් මරණයට පත්වපදුම නරකයේ උපන් බව දැන්වීය. බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදීඑම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. එමසූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක්තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.සමාජ සබඳතා පවත්වාගෙන යාම සඳහා පුද්ගලයා විසින් වචනය ප්‍රධාන මාධ්‍යයක් ලෙස ප්‍රයෝජනයටගනියි.එසේ භාවිතා කරන වචන සුභාෂිත හා දුභාෂිත හෙවත් යහපත් වචන හා අයහපත් වචන නමින්කොටස් දෙකකට වෙන් කළ හැකිය. බුදු දහමට අනුව අයහපත් වචන යනු වචනයෙන්සිදුවන අකුසල්ය. ඒවා සතරාකාරවෙයි. එනම්, බොරුකීම , කේළාම් කීම, අසභ්‍ය වචන කීම,හිස් වචන කීමයනුවෙනි. මෙම වැරැදි වචනභාවිතයෙන් පුද්ගලයාට හා සමාජයට සිදුවන හානිය ඉතා විශාලය. අන්‍යෝන්‍යවිශ්වාසය හා සුහදතාවය බිඳ වැටීම, සමගිය සාමය නැතිවීම ගැටුම් ඇතිවීම හා වටිනා කාලයනිකරුණේ විනාශ වී යාම එමගින් සිදුවෙයි. අයහපත් වචන කතා කරන පුද්ගලයාමෙලොවදී විවිධ නින්දා අපහාස වලට ලක්ව මරණයෙන් පසු දුගතිගාමී වීමදවැලැක්විය නොහැකි දෙයකි. පුද්ගලයාට සිදුවන මෙවැනි අයහපත් ප්‍රතිඵලනිසා ධර්මයේ දුර්භාෂිතය කෙටේරියකට උපමා කර ඇත. භාවිතා කරන වචනසුභාෂිත වචන වීම සඳහා සම්පූර්ණ විය යුතු අංග හතරක් සංයුක්ත නිකායේසුභාෂිත සූත්‍රයේ පෙන්වා ඇත.සභ්‍ය වචනයක් වීමදැහැමි වචනයක් වීමපි‍්‍රය වචනයක් වීමසත්‍ය වචනයක් වීම මෙවැනි සුභාෂිත වචන භාවිතා කිරීම ,වාචසික කුසල් වර්ධනයකර ගැනිමකි. එය සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයකු වීමට පමණක් නොව සසර සුගතිගාමිවීමටද හේතුවකි.නිර්වාණගාමී මාර්ගයේ සම්මාවාචා අංගය සපුරා ගැනීම සඳහා ද යහපත් වචනකථා කිරීම ඉවහල් වේ.එනිසා බුදුරදුන් වාචසික සංවරය බෙහෙවින් අගය කර ඇත. පිරිසක් රැස් වූ විටදැහැමි දෙයක් පමණක් කතා කරන ලෙසත් නැතිනම් රහතුන් වහන්සේ සේ නිශ්ශබ්දවසිටින ලෙසත් අවධාරණය කර ඇත. “ ධම්මීවාකථා අරියොවා තුණ්හි භාවොති “ (අරිය පර්යේෂණ සූත්‍රය මඞන)පින්වත, ඔබ ද මෙම දහම් කරුණු කෙරෙහි අවධානයයොමුකර තම වාචසික සංවරය තුළින් දෙලොව සැනසීම සලසා ගැනීමට උනන්දුවන්න .මෙය ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමි විසින්බුදුසරණ පුවත් පතට කල ලිපියක් ඇසුරින්.
BLOG
2014.03.12
http://mahason-brotherhood.blogspot.com/
ඇසුරට සුදුස්සා
Mahason Brotherhood
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-language:AR-SA;} මා මෙලෙස වෙනස් වන්නට පෙර මාහට නොයෙක් මිනිසුන් මුණ ගැසුණා අප්‍රමාණ මිතුරන් සිටියා කලක්යත්ම මා කරනා කියන කටයුතු වෙනස් කලා,එහි ප්‍රතිපල ලෙස මිතුරන් මාවහැරගියත් හිතවත් අයවලුන් මා හැරගියේ නෑ, එමනිසාවෙන් අද කාලයේ ඇසුරු කරන්නට මිනිසකුව සොයන්න හරිම අමාරු කාර්ර්යයක් වුවත් ඔහුගේ ක්‍රියාවන් මානව සලක බැලුකල සුදුසු නුසුදුසු බව ඔබට තේරුම් ගන්නට හැකියාවක් එන්නට මෙම ලිපිය පල කරන්නට සිතුනා, පුද්ගලයෙකුගේඅභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වනවා.පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා හැමකල්හිම දුසිරිතම, පාපයටම පුද්ගලයා රැගෙන යනවා.ඒ නිසා ආශ්‍රයසඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක් අවසානයේසත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන්ප්‍රතික්‍ෂේප කරන්නට ‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා.සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපටඋගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී තම ජීවිතය පුණ්‍යවන්තකර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංචදුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා නම් ඒ පුද්ගලයාසත්පුරුෂතරයා බවට පත් වෙනවා.සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නට වටිනා කරුණුකීපයක් චූල පුණ්ණම සූත්‍රයෙහි බුදුහිමියන් වදාළා. භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩවසන සමයෙහි පුන් පොහෝදිනයෙක සන්ධ්‍යාවේ තමන් පිරිවරාගත් භික්‍ෂු සමූහයා වෙතසත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නා ආකාරය පිළිබඳ කළදේශනාව මේ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. එයට අනුව අසත්පුරුෂයා හඳුනාගන්නා ලක්‍ෂණ අටක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. මහණෙනි. අසත්පුරුෂයාපාප ධර්මයෙන් යුක්ත වෙනවා. (අසද්ධම්ම සමන්නා ගතො හොති) අසත්පුරුෂයාඅසත්පුරුෂයන්ව ආශ්‍රය කරනවා. (අසත්පුරිස හත්තො හොති) අසත්පුරුෂයාඅසත්පුරුෂ සිතිවිලි වලින් යුක්ත වනවා. (අසත්පුරිස චින්තී හොති) අසත්පුරුෂයාඅසත්පුරුෂ ලෙසට කථාවෙන් යුක්ත වනවා (අසත්පුරිස මන්තී හොති) අස්තපුරුෂයාඅසත්පුරිස වචනවලින් යුක්ත වනවා. (අසත්පුරිස වාචො හොති) අසත් පුරුෂයාඅසත්පුරිස ක්‍රියාවලින් යුක්ත වනවා. (අසත්පුරිසා කම්මන්තො හොතී)අසත්පුරුෂයා අසත් පුරිස දෘෂ්ටි ඇත්තෙක් වනවා.(අසත්පුරිස දිට්ඨි හොති)අසත්පුරුෂයා අසත්පුරිස දානයන් දෙනවා.(අසත්පුරිස දානං දෙති)මේ ආකාරයෙන්බුදුපියාණෝ අසත්පුරිස ගති පෙන්වා මෙම සූත්‍රයේදී ඊළඟට ඒ එක් එක් කාරණාවවිවරණය කර තිබෙනවා. ඒ අනුව අසත්පුරුෂයා තෙරුවන් කෙරෙහි කිසිදු පැහැදීමක්නැති ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කම්මැලි කුසීත සිහි මුළා වූඅඥානයකු බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළා. එමෙන්ම අසත් පුරුෂයානිතරම ශ්‍රද්ධාව නැති, විලිබියනැති අල්පශ්‍රැත කම්මැලි, සිහිය මුළා වූ අඥානයන්ම ආශ්‍රයට එකතු කරගන්නවා. අසත්පුරුෂයා තමන්ට ද අනුන්ට ද අහිත පිණිසම සිතනවා.තමන්ටත් අන්‍යයින්ටත් නපුරු ලෙසට සිතිවිලි ගොඩ නඟාගන්නවා. ඊළඟට අසත්පුරුෂයා හැමවිටකම අසත්පුරුෂ කථාවෙන් යුතු වනවා කියන්නේ කරන කථාව තමන්ටත් පීඩාඇති කරනවා. අන්‍යයන්ටත් පීඩා පිණිස ම පවත්වනවා. තමන්ටත් අනුන්ටත්අනර්ථය පිණිස ම හේතුවන කථා කරන්නේ අසත්පුරුෂයායි. එමෙන්ම අසත්පුරුෂයාබොරු, කේලාම්,පරුෂ වචන සහ සම්ප්‍රලාපනිතර නිතරම කියනවා. අනුන්ගේ වතගොත සොයමින් ඒවායේ වැරැදි අඩුපාඩු තවත්කෙනෙක් සමඟ කියනවා. අන්‍යයන්ගේ කීර්තිය නැති වන විදියට විවිධ බොරු ප්‍රවාදහදනවා. ඊළඟටඅසත්පුරුෂයා පරපණ නසමින් සොරකමින් ම ජීවත් වන්න උත්සාහ කරනවා. දුෂ්ටවෙළඳාම් ආදියෙහි නිතරම නිරත වනවා. මිනිසුන්ගේ ජීවිත විනාශ වන ආකාරයෙන්මිනිසුන්ට වස විෂ විකුණනවා. ඒ වගේම තමයි කාමයෙහි වරදවා හැසිරෙමින් ජීවිතතිරිසනකුගේ තත්ත්වයට පත් කර ගන්නේ ද අසත්පුරුෂයෙක්, තිරිසනා හැසිරෙන්නේ තමන්ට සහජයෙන් ලැබුනචර්යාවන්ට අනුවය.එහෙත් මිනිසුනට එහෙමනොවෙයි. මනසක් ලැබී තිබෙන්නේ සිතට එන විදියටම වැඩ කරන්න නොවෙයි. ඒ නිසාතම හැඟීම්වලට වහල් වෙලා රාගයෙන් මුලා වෙලා සමාජයේ සල්ලාලයන් සේ ක්‍රියාකරන්නේ අසත්පුරුෂයායි. ඒ වගේම අසත්පුරුෂයාහොඳ නරක මෙලොව පරලොව, කර්මයහා කර්මඵලය පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. ඒවා පිළිගන්නේනැහැ. මෙලොවක් පරලොවක් හෝ කුසල අකුසල පිළිබඳ විශ්වාසයෙන් තොර මනුෂ්‍යයාතම ජීවිතයේ දී මොන තරම් පාප ක්‍රියා සිදු කර ගන්නවා ද. කුසලය හා අකුසලයපිළිබඳ විශ්වාසය නැතහොත් කර්මය පිළිබඳ විශ්වාසය පුද්ගලයකුසදාචාරාත්මක දිවි පෙවෙතකට යොමු කරවනවා. වැරැද්දෙන් මිදී ජීවත් වීමටඋත්සාහ කරනවා. ඒත් අසත්පුරුෂයාගේ හැටි බලන්න. ඔහු මේකිසිවක් පිළි නොගෙන පව් කර ගන්නවා.එමෙන්ම අසත්පුරුෂයා යමක් දෙන විට පරිත්‍යාග කරනවිට තමන්ගේම ඡ\න්මඑය කරන්නේනැහැ. දෙන දෙය කෙරෙහිත් ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් කිසිම ගෞරවයක් ඇත්තේනැහැ. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි දේවල් ම සොයා දන් දෙනවා. විපාකයපිළිබඳවත් විශ්වාසයක් නෑ. සමාජයෙන් කීර්තියක් ලබා ගැනීම සඳහා දන්දෙන අය මේ සමාජයේ ඉන්නවා. මේ අනුව බලන්න,මෙම සූත්‍රයේ දීඅසත්පුරුෂයා පාප ධර්මයෙන් යුතු බවත් අසත්පුරුෂයන්ව ආශ්‍රයකරන බවත් සිතන සිතිවිලි අසත්පුරුෂ බවත්, කථාව වචන අසත්පුරුෂ බවත් ක්‍රියාවහා දෘෂ්ටි අසත්පුරුෂ බවත් දන්දෙන්නේ ද අසත්පුරුෂස්වභාවයකින් බවත් බුදුපියාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා. මේඅසත්පුරුෂයා මරණින් මතු නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබන බවද බුදුපියාණන් වහන්සේ වදාළා.එබැවින් පින්වතුනි, ඔබ හැම විටකම මේ අසත්පුරුෂ ගතිවලින්දුරුවීමට උත්සාහ කළ යුතු සේම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අසත්පුරුෂයන්සේවනය නොකළයුතු බවයි ‘අසේවනාචබාලානංච නභජේ පාපකේ මිත්තේ’ යනදේශනාවන් විමසා බලන විටත් විවිධ සූත්‍ර දේශනා විමසන විටත්මේ අසත්පුැරෂයන් ගැන බුද්ධ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා.එබැවින්ම ජීවිතයශක්තිමත් කර ගැනීම සඳහාත් මෙලොව අභිවෘද්ධිය සඳහාත්, දුගතියෙන් බේරීම සඳහාත් නිවනට මඟ සාදාගැනීම සඳහාත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය සසර පුරා ලබන්නට ප්‍රාර්ථනා කළයුතු වනවා. මේ දේශනාව කියවූ ඔබට අසත්පුරුෂයා තේරුම් ගෙන ඔවුන්ගෙන්මිදෙන්නට හා සත්පුරුෂයා දැන හැඳීන කටයුතු කරන්නට ඔබටශක්තිය සැලසේවා.
BLOG
2014.02.28
http://mahason-brotherhood.blogspot.com/
නොතමෙන නිවස
Mahason Brotherhood
නොතමෙන නිවසක් හිතට සහනයක්,එවැනි තැනක් හදන්නටපටන් ගන්නට ආරම්බයක්ජීවත් වීම සඳහා අපවිවිධ වූ තාලවලට නිවාස ඉදි කරනවා. ඇතැම් අය නිවසේ වහල සඳහා ශක්තිමත්සෙවිලි යොදා වැස්සෙන් ගේ ඇතුළත තෙමීම වළක්වා ගන්නවා. අපේ බුදුහාමුදුරුවෝමෙම නිර්මාණය ශ්‍රාවකයාට ධර්මය දෙසීමට යොදාගෙන තිබෙනවා.මෙහිදී අපටපැහැදිලි කරන්නේ මනා ලෙස සෙවිළි කළ නිවාසය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් තමසිත රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් නොතෙමෙන ලෙස සකස් කර ගන්නා ලෙසයි.මෙලෙසරාගාදි කෙලෙස් ධර්ම යටපත් කිරීමට හැකිවන්නේ නිවැරැදි ශ්‍රාවකත්වය ලබාගත්තැනැත්තාටය. උපතින් අප බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වන බව ඇතැම් අය ප්‍රකාශකරති. නිවැරැදි ශ්‍රාවකත්වය ලැබෙන්නේ ධර්මය දුටු තැනැත්තාටය. ‘ධර්මය’ යනු උතුම් චතුරාර්යසත්‍යයි. එනම් උතුම් සත්‍යය හතරයි.1. දුක2. දුක හට ගැනීම3. දුක නැති කිරීම4. දුක නැති කිරීමේමාර්ගය යනුවෙනි. එම සත්‍යයහතරයි. මෙම සත්‍ය කරුණු පිළිබඳ අධ්‍යයනය කර අවසන් අරමුණ වූ නිවන ලබාගැනීම බුද්ධ ශ්‍රාවකයාගේ උතුම් බලාපොරොත්තුවයි. ඒ සඳහා ගමන් කළයුතු ප්‍රතිපදාවවන්නේ් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එසේ නම් යාඥා කිරීමෙන්පුද පූජා පැවැත්වීමෙන්, දෙවියන්සතුටු කිරීමෙන් නිවන් කරා ගමන් කළ ;නාහැකිය. ක්‍රියාශීලිප්‍රායෝගික ප්‍රතිපදාවක් තුළින් අරමුණ කරා ළඟාවිය හැකි බව බුද්ධදේශනාවයි. ඒ සඳහා අප සමාජයෙන් පලාගොස් වනගත වීමටද අවශ්‍ය නැත. සමාජයේ මසිට තම අරමුණසාක්ෂාත් කරගත හැකිය. එලෙස හැකිවන්නේ තම සිතට ඇතුල්වන කෙලෙස් ධර්මහෙවත් පාප සිතිවිලි බැහැර කිරීමෙනි.ප්‍රායෝගික ජීවිතයේඇතිවන පාපී සිතිවිලි තුරන් කර ගැනීමට ප්‍රයෝජනවත් වන උපමා කතා බොහොමයක්ධර්මයේ සඳහන් වේ. මා අද දින පැහැදිලි කර දීමට බලාපොරාත්තු වන්නේජාතක පොතෙහි සඳහන් කතාවන් දෙකක් ය. මෙහි දැක්වෙන පළමු කතාවෙන් පෙන්වාදෙන්නේ ආසාව නිසා ජීවිතය විනාශයට පත්වන ආකාරයයි. බුදුරජාණන් වහන්සේසැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක. එකල ආහාරයෙහි ලොල් වූ එක්තරාභික්ෂුවක් අරභයා මේ ජාතකය දේශනා කළ සේක. එම භික්ෂුව ඉතා ලොල්කෙනෙක් බව අනිකුත් භික්ෂූන් වහන්සේ බුදුරදුන්ට දැනුම් දුන්හ. පසු වබුදුරදුන් එම භික්ෂුව කැඳවා ඔබ ආහාරයෙහි ලොල් වූ කෙනෙක් දැයි විමසාවදාළහ. එවිට එසේය ස්වාමිනි. යැයි එම භික්ෂුව බුදුරදුන්ට පිළිතුරුදුන්හ. භික්ෂුවඔබ අද පමණක් නොව පෙරත් මෙලෙස ආහාරෙහි ලොල් වී ජීවිතක්ෂයට පත්වූයේ යැයි දේශනාකළ සේක. පසුව භික්ෂූන්ගේ් ආරාධනයෙන් එම අතීත කතාව ගෙන හැර දැක් වූ සේක.අපකුඩා කළ දෙමාපියන් යටතේ ද පසුව ගුරුවරුන් යටතේ ද ජීවිතය සකස් කර ගනී.ඇතැම් අය දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ අවවාද නොපිළිගනිමින් ඉතා අකීකරු ලෙසජීවත් වන පිරිස් ද සමාජයේ සිටිති. එබඳු අයගේ ජීවිත දඅකාලයේ විවිධ අනතුරුවලට පත්වන්නේ ය. එබඳු අකීකරු භික්ෂුවක් පිළිබඳතොරතුරු ජාතක පොතෙහි සඳහන් වේ. ‘වේළුක’යනු එම ජාතක කතාවය.බුදුරජාණන් වහන්සේජේතවනාරාමයේ වැඩ වසන කළ අකීකරු භික්ෂුවක් සිටින බවට තොරතුරු ලැබුණි.පසුවඑම භික්ෂුව කැඳවා ඔබ අකීකරු භික්ෂුවක් දැයි බුදුරදුන් විචාලහ. එසේය,ස්වාමිනි. යැයි මෙමභික්ෂුව පිළිතුරු දුන්නේ ය. මහණ ඔබ අකීකරු වූයේ දැන් පමණක් නොවඅතීතයේද මෙලෙස අකීකරුකම නිසා ජීවිත හානියක් සිදු වූ බව දේශනා කළහ. බොහෝභික්ෂූන්ගේ ඉල්ලීම පරිදි එම අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.අතීතයේ බරණැස් නුවරබ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළේය. අප මහ බෝසතාණෝ මහා සම්පත්ඇති රාජ්‍ය කළේය. අප මහ බෝසතාණෝ මහා සම්පත් ඇති කුලයක ඉපිද පංචකාමයෙහි ආදීනව හැඳිනගිහි ගෙයින් නික්ම වනයට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදිවඋසස් ඤාණ ලබා ගත්තේ ය. එකල සර්පයෙක් ආහාර සොයමින් ඇවිදගෙනතාපසතුමාගේ අසපුවට ගියේය. තාපසතුමා එම සර්පයා උණ පුරුකකදමා ආරක්ෂා කළේය. උණ පුරුකේ වාසය කරන නිසා සර්පයා ‘වේළුක්’ නමින් ප්‍රසිද්ධ විය.මෙම කරුණබෝසතාණන්ට ආරංචි විය. පසුව එම තාපසයා කැඳවා තාපසයා, සර්පයන් විශ්වාසනොකරන්න. මෙසේ රක්ෂා නොකරන ලෙස අවවාද කළහ. ඇදුරුතුමනි,මේ සර්පයා මාගේ පුත්‍රයෙකුවන්නේ ය. මට පුතාගෙන් වෙන් ව වාසය කිරීමට නොහැකි බව කීවේය. එසේ නම් මේ සර්පයාඔබගේ ජීවිතයට අනතුරක් වන්නේ යැයි කීය. බෝසතාණන් එසේ අවවාද කළද තාපසයා එයනොපිළිගත්තේ ය.දිනක් පලතුරු ගෙන ඒම පිණිස වනයට යන තාපසයා සර්පයා උණ පුරුකෙහි දමාගියේ ය.ගිය තැන පලතුරු බහුල නිසා දින කිහිපයක් එහි වැස පසුව පැමිණ වේළුක නම්සර්පයාට ගොදුරු දෙමියි සිතිය. ‘පුත වේළුක’ යැයි කියා ඉතා ආදරයෙන් අත දිගු කළේය.නිරාහාරව සිටි සර්පයා කිපී තාපසයාගේ අතට දෂ්ඨ කළේය. පසුවඅනික් තාපසවරු එක්ව මියගිය තාපසයාගේ් අවසන් කටයුතු සිදු කළහ. එසේඅකීකරු වීමෙන් තමාගේ් ජීවිතයද විනාශයට පත් වන්නේ ය. යනුවෙන් අවවාද කළහ. මෙලෙස අතීත කතාවගෙනහැර දැක් වූ බුදුරජාණන් වහන්සේ අකීකරු ව ජීවත්වන තැනැත්තා වේළුක නම්සර්පයාගේ පියා සේ විනාශයට පත්වන්නේ යැයි දැක්වූහ. බුදුරදුන්ගේ නිවැරදිශ්‍රාවකයන් ලෙස කටයුතු කිරීමේදී අප ආහාරයෙහි ගිජු වීමෙන් තොරවිය යුතුය.එසේ ම අකීකරු නොවිය යුතුය. අන්‍ය මතවලට සවන් දිය යුතු ය. අනුන්දෙන අවවාද පිළිගත යුතුය. සිත, කය,වචනය සංවරය ඇතිකරගතයුතු ය. එලෙස සිදුකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගික ව පුහුණු කළයුතුය. එවිටබුදු දහමෙන් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැකිය. අවසානයේ තමන් බලාපොරොත්තු වනචතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට ද හේතු වන්නේ ය.මෙය පූඩලුගස්යායේ ධම්මදස්සි හිමිහිමියන්විසින් ලියන ලද බුදුසරණ පත්‍රයට පළවූ ලිපියක උපුටා ගැනීමක්,.
BLOG
2013.11.23
http://mahason-brotherhood.blogspot.com/
බුදු දහම තුල රැදෙන්න කාටද ?
Mahason Brotherhood
4pt 0in 5.මෙයට හේතුව නම් අප ගත කරනා ජීවිතය තුල බුදු දහමවැඩියෙන් පිහිටා සිටිනුයේ කාසමගද,ලෝකය මිනිසා තාක්ෂනය හා මිල මුදල් බලය ආදිය සමගතරග වදින කොට මිනිස් සිත තුල පහන් සිතිවිලි සියල්ල පහත් සිතිවිලි බවට පත්වෙනවා,ඇයි එම වෙන්නේ කියල බැලුවොත් අප ගොඩක් දෑ එකතුකරන් සීමිත පරමනයක් බුක්ති විදිනවා,අසාවන් පොඩි බදින්න බදින්න අප ජීවිතය තව තව බර එකතු කර ගන්නවා, මේ ගැන ලිපියක් රත්මලාන,අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩසිරිධම්ම නා හිමි විසින් ලියල තියනවා මම 1 උපුටා ගත්තා, බුදුරජාණන් වහන්සේ ‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම්වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේප්‍රාචීනවංශ අභය භූ®මියෙහිවැඩ සිටියා.අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්නමේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුමවිදිහේ අදහස් කීපයක් පහළ වුණා.‘අප්පිච්ඡායං ධම්මෝනායං ධම්මෝ මහිච්ඡස්ස’ මේ ධර්මය අල්පේච්ඡඅයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයටනොවෙයි යනු අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.බුදුදහම ප්‍රායෝගිකයි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්.නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන් නොමැති නිසා ප්‍රශ්නවලට මැදිවීසිටිනවා. බුදුදහමේ නිසිඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරනඅයට යි. ගිහි පැවිදි කාටත් සතර අකාරයකින් අලේපේච්ඡ වීම වැදගත් බව පෙන්වාදෙනවා. අප කාටත් අවශ්‍ය කරන ප්‍රත්‍යය සතරක් තිබෙනවා.ඇදුම් පැළඳුම් ආහාරනිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන්. මේ මූලික අවශ්‍යතා පිළිබඳව සරලබවත්, චාම්බවත් තිබෙන්නට ඕනේ. අවුරුද්ද කිට්ටුවෙන කොට සමහර අය ඇඳුම් ගන්නපෝලිමේ බොහෝ දෙනෙක් ප්‍රමාණයට වඩා ඇඳුම් එකතු කරගෙනඇඳුම් වලින් අල්පේච්ඡ වෙලා නැහැ.බුදුරජාණන් වහන්සේභික්ෂූන්ට නියම කළේ තුන් සිවුරයි. පාත්තරය යි. එය කොතරම් සරල ද චාම් දකියා සිතා බලන්න. ගිහි ජනතාව මංගල උත්සවයෙන් උත්සවයට අලුත් ඇඳුම්ගන්නවා. මේ ආකාරයට ජීවත්වෙන්න ගියාම ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. ඒනිසා ඇඳුම් පැළඳුම්වලින් අල්පේච්ඡ වීම වාසිදායක යි.දෙවනුව කෑම් බීම්වලින් අල්පේච්ඡ වීම වැදගත්. අද විවිධ ආකාරයේ ආහාර. බොහෝ දෙනෙක් කැමැතික්ෂණික නිෂ්පාදන කෑම වලට. නමුත් ඒවා රසකාරක වලින් බහුල යි. අපවඉක්මනින් රෝගී තත්ත්වයට පත්කරනවා. ආයුෂය, බලය අඩු කරනවා.කෑමවලින් අල්පේච්ඡ වෙනවා කියන්නේ නොකා නොබී සිටීම නොවෙයි. දුටු දුටු බොහෝදේවල් අනුභව කරනවාට වඩා ශරීර සෞඛ්‍යයට හිතකර දේ පමණක් ගැනීම වැදගත්වෙනවා.තෙවනුව සෙනසුන්වලින්අල්පේච්ඡ වීම, අපේසමහර අය මේ අංශයෙන් ද අල්පේච්ඡ වී නැති බව පෙනෙනවා. කුරුල්ලකුට වුණත්ඉන්න කූඩුවක් අවශ්‍ය කරනවා. ගිහි සැමටත් ඉන්න නිවසක්අවශ්‍ය යි. එය අල්පේච්ඡ වුණ තරමට සිතට සැනසීමක් ලැබෙනවා.තෙවන කරුණ සෞඛ්‍ය ය.සමහර අයට මේ රටේ ඉහළ ම රෝහල්වලට ගොසින් ප්‍රතිකාර ලබන තුරු රෝගය සුවවන්නේ නැහැතවත් කෙනෙකුටකොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම සුවපත් භාවය ලැබෙනවා. ඒ නිසා මේ අංශයෙන් දඅල්පේච්ඡ වුණ තරමට හොඳයි. මේ කියන ඇඳුම්, ආහාර, සෙනසුන්් සෞඛ්‍යය යන අංශවලින් අල්පේච්ඡජීවිත ගතකරන අයටයි බුදුදහම. පරියත්තිඅල්පේච්ඡතාවයක් ඇති අයටයි බුදුදහම. සමහර අය නැති ගුණ පෙන්වන්න යනවා.නො ලබා ඇති මාර්ග ඵල පිළිබඳ පෙන්වන්න උත්සහ කරනවා. සෝවාන්ඵල ලාභී අසවලාගේපොත කියවන්න කියල පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. තමන්ධර්මයදන්න කෙනෙක් බව අමුතුවෙන් ලෝකයාට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නියම බෞද්ධයා.මෙන්න මේ කාරණාවලින් අල්පේච්ඡ ඕනෑම කෙනකුට බුදුදහම පිළිපදින්න පුළුවන්බව සිතට ගන්න. බුදුදහම කා සඳහා ද.යන ප්‍රශ්නයට අදාළ දෙවන පිළිතුර ඊළඟට පහදා දෙන්න අපේක්ෂා කරනවා. අප ප්‍රශ්න කළොත්වැඩිහිටියකුගෙන් හරි තරුණ කෙනකුගෙන් හරි බුදුදහම කා සඳහාද. කියලපිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත්නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූ®ලව කල්පනා කරන විට ඊටවඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒතමා, සන්තුට්ඨායංධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස’ මේ දහමසතුටෙන්, සන්තෝෂයෙන්ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේසන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්. මනස සැහැල්ලු තරමට කය සැහැල්ලුතරමට අප නිරෝගිමත් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ්දේශනාවට අනුව උත්සාහයෙන් වීර්යයෙන් ධාර්මිකව හරිහම්බ කරන්න තහනමක්නෑ. බාධාවක් නෑ. වෙර වීරියෙන් හම්බකරල හුඟක් ලැබුණත්, ටිකක් ලැබුණත් ඒලැබෙන ප්‍රමාණයට සතුටට පත්වෙන්න, සෑහීමට පත්වෙන්න හැකියාව තිබෙනවා නම් එය ඉතාඋසස් ගුණාංගයක්. එය ධර්මයේ උගන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. සමහරඅයට කොපමණ ලැබුණත් මදි. අතෘප්තිකරයි. බොහෝ ය සතුටින් නො වෙයිඉන්නේ. ඒ නිසා පින්වතුනි බුදුදහම එබඳු අයට නොවෙයි. අපිකවුරුත් කැමති නැහැ කාගෙවත් වැඩකාරයො වෙන්න. එනමුත් අපි දන්නෙමනැතුව එක අයකුගෙ වැඩකාරයො වෙලයි ඉන්නේ. ඒ තමයි තෘෂ්ණාවේ වැඩකාරයෝඅපි. අපේ ආශාවන්ට ඕන විධියටයි අපි කවුරුත් හැසිරෙන්නේ. මේතත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෙ. නැතිනම් අපේ සතුට පලා යනවා. අසහනයළඟා වෙනවා. එතකොට ප්‍රශ්න වැඩිවෙනවා. මොකක්ද. මේ අසහනය. අද සමාජයේනිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපෙ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි.නමුත් හිතන තරමට ලැබෙන්නේ් නැහැ. ලැබෙන ප්‍රමාණය යි බලාපොරොත්තුªප්‍රමණය යි අතර විශාලපරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩාබලාපොරොත්තු ඇතිකර ගත්තහම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක්නැහැ. සහනයක්නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතුකළ යුතු කාලයක තමයි අප ජීවත් වන්නේ. අපේ හිතේ් තිබෙන ප්‍රශ්න අඩුකරගෙනසිත සැහැල්ලු කරගෙන ජීවත්වීම තමයි වටින්නේ. එතකොට ඒ ජීවිතය තමන්ටත්බරක් නෑ. අනුන්ටත් බරක් නෑ. සමාජයටත් බරක් නෑ. සැහැල්ලු ජීවිතය තමන්ටම සතුට ගෙන දෙනවා. සතුට පවතින්නේ් භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අයසිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා. සතුට අධ්‍යාත්මය හාසම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේසතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොමලස්සන යි.නමුත් සතුට නැහැ. ඒත්පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැතිසතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකිජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ටනෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා.එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්නපුළුවනි. පින්වතුනි තුන් වෙනුව‘පවිවිත්තස්සායං ධම්මෝනායං ධම්මෝ සංසරිකාරාමස්ස’ බුදුදහමවිවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි. කාලය රන් හා සමාන යයිඅතීතයේ කීවා. අද කියන්න වෙලා තිබෙන්නේ කාලය මිල කළ නො හැකියි. කාලයසීමා සහිතයි. ඒ සීමා සහිත කාලයෙන් අසීමිත කාර්ය භාරයක් සිදුකර ගැනීමටඅවශ්‍ය බව හැමදෙනාම සිතට ගැනීම වැදගත්. කාර්ය බහුලව සමූහ වශයෙන්ඉන්න අයට බුදුදහම පිළිපදින්න අපහසු යි. පිළිපදින්නට හැකිවන්නේ විවේකය පි‍්‍රයකරන අයට යි.විවේකය කියන්නේ වැඩපල නොකර පැත්තකට වෙලා ඉන්න එක නො වෙයි.ධර්මානුකූ®ලවවිවේකය කායික විවේකය, චිත්තවිවේකය, උපධිවිවේකය කියා කොටස් තුනකට බෙදා තිබෙනවා. කාය විවේකය කියන්නේ ශරීරයට විවේකදීම. දෙ වන කරුණ චිත්තවිවේකය යි. එයින් අදහස් කරන්නේ සිතට විවේක දීම. වත්මන් සමාජය හරිමසංකීර්ණයි. හැම තැන ම විවිධ ප්‍රශ්න ගැටලු. මේ අභියෝගවලට මුහුණ දීලජයගන්න නම් මානසික විවේකය අවශ්‍ය යි. මානසික විවේකය ලබාගෙනමොහොතක් බුදුගුණ, දහම්ගුණ, පරිත්‍යාගය,මරණය ගැන මෙනෙහි කරන්න.එසේ කිරීමෙන් නිතිපතා අපිරිසුදු වන ඔබේ සිත මොහොතකට හෝ පහන් වේවි.පිවිතුරු මනස සැප එළවනවා. තුන් වන කාරණය තමාඋපධි විවේකය. ජීවිතයක් සාර්ථක කරගන්න කෙලෙසුන්ගෙන් විවේක ගැනීම අවශ්‍යයි. නමුත් සමහර අය කෙලෙස් වැඩිකර ගන්නවා. මුළු දවසෙම හම්බ කරනවා.හැන්දෑවට බීල ඇවිත් වටේම ඉන්න අයටයි අම්මටයි තාත්තටයි බැනල නිදා ගන්නවා.එහෙම නැතුව කෙලෙස් අඩුකර ගන්න අයත් ඉන්නවා. හතරවන කාරණය තමා මේබුදුදහම වීර්යවන්ත අයට යි කියන එක. එසේ නැතුව කුසීතව කම්මැලිව ඉන්නඅයට නොවෙයි. සෑම මිනිසකු තුළ ම අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණංගයක්තමයි වීර්ය ය. ඒ තත්ත්වය තමා ළඟ නැත්නම් තම චරිතයට ජීවිතයට සමීප කරගතයුතුම ය. අකුසල් දුරුකර ගැනීමටත් කුසල් දියුණු කර ගැනීමටත් වීර්යය අවශ්‍යම ය. වීර්යය යන ගුණ ධර්මය ප්‍රගුණ කළ නිසා පුරුදු පුහුණු කළනිසා සියල්ල දත් බුදුහාමුරුවන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් නමක්ගැන අපට ඉගෙන ගන්න ලැබුණා. ඒ චරිතයෙන් අප අපගේ ජීවිතයට උපරිම ලෙසචරිතාදර්ශ එකතු කරගන්න උත්සාහ කරමු. ජීවිතයට අභියෝග ආ විට අඬ අඬා ඉන්නේනැතිව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ නැතුව අභියෝගය ජයගන්නඋත්සාහ කිරීමයි අවශ්‍ය වන්නේ. එබඳු උත්සාහය වීර්යය ඇති අයට තමයි මේ බුදුදහම.පින්වතුනි, උපට්ඨිත සතිස්සායංධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්ස’ බුදුදහම එළඹසිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි.මතක ශක්තිය දුර්වල වුණාම බොහෝ අවැඩ සිද්ධ වෙනවා. අතපය කඩන්නේ නැතුවදුක් මහන්සි වෙලා හදා වඩා ඇතිදැඩි කළ දෙමව්පියන් සමහරදරුවන්ට අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිය හැම තැන ම අවශ්‍යදෙයක් බව.හිතන කියන දේවලට පමණක්් නොවෙයි ඉන්ද්‍රිය මගින් සිදුකරන සෑම ක්‍රියාදාමයකටම සිහිය නැත්නම් සතිය අවශ්‍ය යි. ඒ එක්කම භාවනාවකින් සිත එකඟ කරගන්නත් සතියහොඳට පුරුදු පුහුණු කරල තිබීම අවශ්‍ය කරනවා.විවේකීව වැඩ සිටිනඅනුරුද්ධ හාමුදුරුවන්ට මෙහෙම අදහසක් පහළ වෙනවා. ‘සමාහිතස්සායං ධම්මො නායං ධම්මොඅසමාහිතස්ස’ මේදහම තැන්පත් සිතක් ඇති අයට යි. සිත විසිරිලා විකෂිප්ත වෙලාඉන්න උදවියට නොවෙයි. කාරණා පහක් සිතේ් බලවත්වන විට සිත හරිම වික්ෂිප්තයි. කලබලයි. ඒ තමා පංචනීවරණ ධර්ම. ඉඳුරන් පිනවීමට යාමෙන් සිතවික්ෂිප්ත වෙනවා. ඒවා හැකිතාක් පාලනය කර ගත්තොත් ආර්ථිකවශයෙන් ද සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා. දෙ වන කරුණ තමා තරහව. මේතරහව අපේ සිත වසා ගත්තම ඇතිවන තත්ත්වය විස්තර කළ හැකියි. සිතේ තරහවඇති වුණාම හොඳ නරක තේරුම් ගත නො හැකියි. කරන කියන දේ ගැන ඉන්න තැන ගැනඅවබෝධයක් නැහැ.තුන්වන බලවේගය තමයිථීනමිද්ධ ය. සිතේ සහ කයේ ඇතිවන මැලි ගතිය තමයි ථීනමිද්ධ කියන්නේ,සිතේ් නිදිමත ගතියඅලසකම ඇති නොවීමට වැඩ සැලසුම් කර ගැනීම දියුණුවේලක්ෂණයක් බව සිතට ගන්න. සිත නො සන්සුන් කරන අනෙක් කාරණය තමයි උද්දච්චකුක්කුච්ඡ ය. එයින් කියන්නේ සිතේ නොසන්සුන්කම යි. සමහර අයහරිකලබල යි. කලබලයට වැඩ කරන්න ගිහින් විවිධ විපත්වලට මුහුණ පානවා. සිත කැලඹුණවිට නො සන්සුන් වූ විට මතකය අවදිවන්නේ නැහැ. එනිසා කලබල වන්නේ නැතුවවැඩ කරන්න කල්පනාකාරී වන්න.අනෙක් කරුණ තමයිවිචිකිච්ඡාව. සෑම දෙයක් ගැනම සැක කරනව. ප්‍රධාන වශයෙන් තුණුරුවන් ගැන සැකකරනවා ඉපදීම ගැන. දෙමව්පියන් ගැන සැක කරනවා. සැකය දියුණුවට බාධාවක්.ඉක්මණින් ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් සංවර වූ සිතක් ඇති අයට මිස අසංවර වූසිතක් ඇති අයට නො වෙයි.අවසාන වශයෙන්පින්වතුනි, මේබුදුදහම බුද්ධිමත් අය සඳහා ඳස මෝඩ අයට නො වන බව බුදුපියාණෝමෙහෙම දේශනා කරල තියෙනවා. මේ දහම ප්‍රඥාවන්ත අයට මිස මෝඩ අයට නො වේ.බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එයභක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්. ප්‍රඥාව මිනිසකු සතු උසස් මවස්තුවක්. යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වන්නනම් ඒ පුද්ගලයා ගුණයෙන්පිරුණු කෙනෙක් වෙන්නත් ඕන. ප්‍රඥාවෙන් යුක්ත වෙන්නත් ඕනේ.බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහු සිල්වතෙක්, ගුණවතෙක් කියලා. ඒනිසා සීලය යි. ප්‍රඥාව යි ලෝකයෙ අග්‍රයි කියලා දක්වලා තිබෙනවා. එහෙම නම්අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලය යි. ප්‍රඥාවයි. නැත්නම් ගුණය යි.නුවණ යි. ගුණවත් නො වී නැණවත් නොවී මොන තරම් දේ කළත් අර්ථයක් නැහැ.බුදුහාමුදුරුවෝ මේධර්මය දේශනා කරල තිබෙන්නේ අධික තෘෂ්ණාවෙන්, වැරැදි අදහස්වලින්, අධික මානයෙන් ඉන්නඅයට නොවෙයි. ඒවා අවම කරගන්න උත්සාහ දරන නිවන් සොයන, නිවනට ඇළුණු අයට යි.අපගේ ජීවිතය කෙටියි. ඒ කෙටි කාලය තුළ ගුණදම් පුරන්නටයුතුකම් ඉටුකර ලන්නට, හැකිතාක්නුවණ වැඩෙන ක්‍රියා කරන්නට කටයුතු කිරීම වැදගත්. අපේසිත්වලට ගලා එන පවිටු චේතනා පවිටු අදහස් බැහැර කරමු.සෝදා හරිමු. සිත් සතන් පිරිසුදු කර ගනිමු.
BLOG
2013.11.16
http://mahason-brotherhood.blogspot.com/
එන අකුසලය දුරලන්න උපායක්
Mahason Brotherhood
අද ලිපිය සිතට එන සිත හා ගැටෙන දහසක් සිතිවිලි තුලින් අකුසල් සිත්ඉවත් කරන්නට උදව් කරනා සරල වැඩක්,හිතනවා පින්වත් ඔබට උදව්වක් වෙයි කියල, බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන ඒවා ද විය හැකි ය. මේ ජීවිතයට අවශ්‍ය ගතිගුණ පුරුදු කරවීම අරඹන්නේ මවුපියන් ප‍්‍රධාන පවුලේ සමීපතමයන් විසිනි” යන්නවේ භාජනේ ලග්නඞ, සංස්කාරෝ නාන්‍යතා භවේත්” යන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ වදනට අනුව මේවා අමු මැටි බඳුනක අඳින රේඛා සටහන් සේ කල්පාන්තරයක් ගත වුව ද මැකීනොයයි. ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත් පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ. එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. අප කෙසේ හෝ හොයාගෙන ගොස් එකතුවන්නේ ද අප වටා කෙසේ හෝ එක් රැස්වන්නේ ද අපට ගැලපෙන අය ය. නොගැලපෙන්නන් කෙසේවත් එකතුකර තැබිය නොහැකි ය. ගැලපීම සිදුවන්නේ මූලික ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති. මූලික ස්වභාවයන් මේ ජීවිතයේදී ලැබූ දේ නොවන අතර, සසර පුරා අපේ සිත්වල ට පුරුදු කරගෙන තිබෙන දේය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේට සසර පුරුදු අතහැර ගැනීමට නොහැකිවීමෙන් කරදරයට පත්වූයේ, අසරණ ගොවියෙකි. මේ අයුරින් තම තමන් ගැන ම කල්පනා කර බලන ඔබට , ගැලපෙන මෙන් ම නොගැලපෙන ගති සිරිත් ද වශයෙන් කොතරම් ප‍්‍රමාණයක් නම් ඔබේ ජීවිතයට ඇබ්බැහි වී තිබේදැයි දැක ගත හැකි ය. ඔබට සැප හෝ දුක සකස් කර දෙන්නේ මෙම ගති සිරිත් මගින් වන නිසා ඒවා නොතකා හැරිය හැකි දේ නොවේ.සතුටු වන හැම විටම කල්ලි ගැසී පිරිස පිරිවරා ගැනීමට අපි පුරුදුව සිටිමු. මහගම සේකරයන් කී පරිදි ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමග සිනාසෙන බවත් නමුත්, ඔබ හඬන විට ඒ ලොව ඔබ අතහැර සිනාසෙන ඒ කිසිවිටෙකත් ඔබට නොවැටහෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි මේ සතුට හෝ දුක කවරක් වුව ද, එය සැකසෙන්නේ ඔබේ සිත පුරුදු කර තිබෙන පිළිවෙළ අනුව ය. ඔබේ සිතෙහි තිබෙන්නේ කුමක්දැයි යන්න හරියටම දන්නේ ඔබ ය.ශාරීරික කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය රසායනික කොටස් සිරුර තුළ නිපදවෙන්නේ ඔබේ සිතිවිලිවලට අනුවය. ඒවායේ බලපෑම මත මුහුණේ සහ සිරුරෙහි ස්වභාවයත් ඇතැම් අසනීප ආදියත් සැකසෙන නිසා, ඔබ කවර අයුරකින් අන් අයට ඇගවීමට උත්සාහ කළ ද ඔබේ කල දවස ගතවන්නේ සැප සේ, සතුටෙන් නොවේ නම් ඒ බව ලෝකයාට හෙළිදරව්වීම කෙසේවත් වැළැක්විය නොහැකි ය. මෙනිසාම සකසා ගත් සිතින් ලැබෙන ආශිර්වාදය අන් කවර ආශිර්වාද පූජාවකිනුදු ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පෙන්වන පරිදි කිසිවෙකුටත් උදුරාගත නොහැකි පර ම ධනය, එය ය. සාමාන්‍ය මිනිස් සිත කිසිම වගාවකට යොදා නොගත්, සරුසාර බිම්කඩක් වැනි ය. එය ඉතාමත් ඵලදායි ලෙස දියුණු කළ හැකි ශක්ති බීජයන්ගෙන් පිරුණකි. එහෙත්, ඔබේ අවධානය නොයෙදෙන්නේ නම් එහි වැවෙන්නේ කිසිදු පලක් නොමැති වල් පැළෑටි ය. පිරිස් පිරිවරාගෙන සතුටුවන සමහර මෝඩයන් , තම සරුසාර ඉඩමෙහි වල්පැළෑටි වැවෙන්නට හැර, එයිනුදු ආස්වාදයක් ලබන්නට පුරුදුව සිටිනු දැකිය හැකිය. රැස් පිරිවර සමග සතුටු වන මේ අය, මැටියෙන් තනා, පිටතින් රන් ආලේප කිරීමෙන් දිළිසෙන කර්ණාභරණ වැනි යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.සිත පිරිසිදු කිරීම වල් අලියකු හීලෑ කිරීමක් වැනි යැයි කියති. පළමුවෙන් ම කළ යුත්තේ අලියාගේ ප‍්‍රමාද දෝෂයක් බලා සිට , උපක‍්‍රමශීලිව ඌ අල්ලාගැනීම ය. ඉන්පසු පහසුවෙන් උදුරා දැමිය නොහැකි ගසකට තබා ශක්තිමත් කඹයකින් බැද දැමිය යුතුය. තුන්වන පියවරෙහි දී උගේ සුපුරුදු ආහාරපාන, පාලනය කර කායිකව ද දුර්වල කළ යුතු ය. මුලදි දඟලමින් , කෑගසමින්, කිට්ටුවන්නට බැරිතරම් සැඩපරුෂ ලෙස හැසිරෙන සතා ටිකෙන් ටික දමනය වී, සන්සුන් වෙයි. පසුව අවශ්‍ය කටයුත්තකට මෙහෙයවිය හැකි පරිදි පුහුණු කරවිය හැකි ය. සිත පුහුණු කිරීම ද මෙසේ පියවරින් පියවර කළ යුතු අතර, නොකළ යුතු එකම දෙය වන්නේ සිත අල්ලා ගැනීමට එය දුර්වල වන අවස්ථාවක් එළඹෙන තුරු බලා නොසිටීමය.මජ්ඣිම නිකාය ද්වේධාවිතක්ක සූත‍්‍රයෙන් පැහැදිලි කැරෙන පිළිවෙළ පුරුදු පුහුණු වීම ඉතා පහසුය. දිනක් බෝසතණාන් වහන්සේ, තැන්පත්ව තම සිතෙන් ඒ සිත ම , පරීක්‍ෂා කරමින් වැඩ සිටින විට , එහි නිමක් නොමැති ව මතුවන, අනේකවිධ සිතිවිලි දුටහ. ඒ දෙස හොඳින් පරීක්‍ෂාකාරීව බැලීමෙන් හොඳ සිතිවිලි මෙන් ම නරක සිතිවිලි ද විටින් විට මතුවන බව දුටු උන්වහන්සේ, මේවා එකිනෙක නම් කරන්නට පුරුදු වූහ. ලෝභ සහගත සිතිවිල්ල ලෝභ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර, පසෙකට කළහ. ද්වේශ සහගත සිතිවිල්ල, ද්වේශ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර පසෙකට කළහ. කරුණාව ඇතිවී නම් එය කරුණාවන්ත සිතිවිලි ගොඩට දැමූහ. මේ අයුරින් සිතෙහි ඇතිවන විවිධ සිතිවිලි නම් කර, හොඳ සහ නරක වශයෙන් ගොඩවල් දෙකකට ඒවා වෙන්කර තැබීමට පුරුදු වූහ. නැවත ඇතිවන අවස්ථාවල දී එම සිතිවිලි ඉතා ඉක්මනින් හඳුනාගන්නට පහසුවක් වන මේ පළපුරුද්ද යහපත් සිතිවිලි ගොඩෙහි තිබෙන ඒවා නැවත නැවත ඇතිකර ගැනීමේදීත්, අයහපත් ගොඩෙහි තිබෙන ඒවා ඇති වන විට ඒවා කෙරෙහි නොසැළකිලිමත් වෙමින් ඇතිවූ තැන ම ලොප්කර දැමීමේදීත් ,ඉක්මනින් කි‍්‍රයාත්මකවීම සඳහා මහත් පිටුවහලකි. මේ ක‍්‍රම අනුගමනය කරමින් නොබෝ කලෙකින් යහපත් සිතිවිලි සිතෙහි තහවුරු කරගන්නටත් අයහපත් සිතිවිලි සිතෙන් බැහැර කරවන්නටත් සමත් වූ උන්වහන්සේ එය ම ආදර්ශයට ගන්නා ලෙස මජ්ම නිකායෙහි ම විතක්ක සණ්ඨාන සූත‍්‍රයෙහි දී පෙන්වා දෙති.බුදුවරු, බෝසත්වරු අනුගමනය කළ තවත් පිළිවෙළ කිහිපයක් සහිත එම ආදර්ශය කවරකුට වුව ද අනුගමනය කිරීම එතරම් අපහසු නොවේ. අනුන්ගේ වගතුග සොයමින්, කන බොන ලද දේ ආ ගිය තැන් ගැන පුරසාරම් දෙඩීමට ගතකරන කාලය මෙවන් පුහුණුවකට යොමු කරගත හැකි නම්, එයින් අත්කර ගත හැකි යහපත, මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. තැන්පත් සිතක් පවත්වාගැනීමට වෑයම් කරන විට, ආශාව, තරහ හෝ මුළාව මුල්කරගත් සිතිවිලි ඇතිවන්නේ නම්, ඒවා ඔබේ සිත, කය , වචනය අසංවර කරවා, ඔබව සීලයෙන් පිරිහීමට පත්කරවයි. සිත නොසන්සුන් වී, සමාධිය සිතින් දුරුකරවයි. මුළාව ඉස්මතු වී යමක් නිවැරැදිව තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව යටපත් කරවයි. එම නිසා ම මෙබඳු සිතිවිලි පාප සහගත ය. නරක යනුවෙන් වටහගෙන ඒවා ඇතිවුවහොත් එවිගස ම තමාට ගැලපෙන, යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනිමින් එම පාප සහගත සිතිවිල්ල යටපත් කරගැනීමට තරම් තමන් ඤාණවන්ත විය යුතුය. බොහෝ විට දක්නට ලැබෙන්නේ තමාගේ සිතෙහි පව්කාර සිතිවිලි ඇතිකරගෙන , ඒවා දියුණුවන්නට හැර , එසේ වූයේ මවුපියන් නිසාය. ගුරුවරුන් හෝ වෙනත් පරිබාහිර කිසිවකු නිසා යැයි චෝදනා කරමින් අලසව සිටීමට මාන බලන අය ය. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ, තමාට තමන් මිස අන් කිසිවකුත් නැති, නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිමින්, මරණයෙන් කෙළවර වන, යළිත් කිසියම් තැනක නැවත උපදින ජීවිතයක් ගත කරන අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට ගත කරන අප අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට පත්වීමේ දී සිදුවන හානිය , වෙනත් ක‍්‍රමයකින් ආවරණය කළ නොහැකි බවය. සිතක අයහපත් සිතිවිල්ලක් ඇතිවන්නේ නම්, වහා ම ආවරණය කළ නොහැකි බවය. යහපත් සිතිවිල්ලක් ඇතිකරගනිමින් ඒ අයහපත් සිතිවිල්ල යටපත් කරදැමීමට සැළකිළිමත් වීමය. මෙහිදී උපකාර කරගතහැකි වටිනා ලක්‍ෂණයක් ස්වභාව ධර්මය අපට පෙන්වාදෙයි. ඒ හැම දෙයකටම ප‍්‍රතිවිරුද්ධ දෙයක් ද තිබෙන බව දකින්නට සලස්වා තිබීමයි. අඳුරට අකමැති අය කළ යුත්තේ ආලෝකය ඇති කර ගැනීමය. එමෙන්ම ලෝභකම පරිත්‍යාගයෙන් ද, තරහ මෛති‍්‍රයෙන්ද, මුලාව නුවණින්ද යටපත් කරවන්නට උත්සුක විය හැකිය. ඕනෑම සිතිවිල්ලක් ඊට ප‍්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇති කරගෙන යටපත් කරවිය හැකිය.සාමාන්‍ය ලෝකය තුළ වුව ද පාපයට විශාල පිළිගැනීමක් තිබෙන බවක් පෙනේ. පාපය ලස්සන ය. බොහෝ දෙනෙක් එයට කැමතිය. පව්කිරීම ඉතා පහසුය. ඒවා කරන අයට පිරිස් ඕනෑතරම් සිටිති. එහෙත් ඒ බොහෝ කලකට නම් නොවේ. ඒ නිසා පාප සහගත සිතිවිල්ලක් ඇති වූවිට, එහි පාප සහගත බව සිහිපත් කරමින් එය සිතෙන් බැහැර කරවිය හැකිය. එය නරක බව සිතට ඒත්තු ගන්වා, එය අනුගමනය කිරීමෙන් ඇතැම්විට සතුටු විය හැකි නමුත් පාපය දුකට මුල් වන බව දැක, එය වැරැදි ය යන බව ම සිතට ඒත්තු ගැන්වීම ය. මෙහි දී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ගෙලෙහි බැඳි බලු කුණක් හා සමානකොට සලකා පාපය බැහැර කළ යුතු බවයි. තවත් සමහර විටක දී අනුගමනය කළ හැකි පිළිවෙළකි පාපය සිහිපත් නොකර සිටීම . එය හරියටම අකැමැති දෙයක් දකින්නට සැලසුණු විට , ඇස් පියාගෙන එය මඟහැර යෑම වැනිය. ඕනෑම සිතිවිල්ලක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා සිතෙහි වඩවඩාත් තහවුරුවන බව වඩ වඩාත් ශක්තිමත්ව මුල්බැස ගන්නා බව, අත්දැකීමෙන් ම දන්නා ඔබට, මේ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.නැවත සිහිපත් නොකර සිටීමෙන් ද යටපත් නොවන තරම් බලසම්පන්න පාප සිතිවිල්ලක් නම් එය මතුවන්නේ කවර කාරණයක් මුල් කර ගෙන දැයි සිතා බලා, එහි නිශ්ඵල බව සිතට පෙන්වාදී, එය යටපත් කර දැමීමේ ක‍්‍රමයක් ද තිබේ. එය තමන්ට කරන්නට සිතෙන කිසියම් නිශ්ඵල දෙයක් එසේ කරන්නට සිතන්නේ ඇයි දැයි තමා විසින් ම දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් , විමසමින් අවලංගු කර දැමීම වැනිය.අවසන් වශයෙන්, තවදුරටත් පාපය බලවත් ව තිබේ නම් දත් සපාගෙන, දිව උඩුතල්ලට තදකරගෙන අධිෂ්ඨානශීලිව උත්සාහකිරීමෙන් එය යටපත් කර දැමිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.පාපය කෙසේ හෝ යටපත් කළ යුතුම දෙයක් වන බැවින්, මේ කවර උපක‍්‍රමයක් හෝ යොදාගෙන කළ යුතුව ඇත්තේ තම සිතෙන් පාපය බැහැර කර ගැනීමය. කුසල් දහම්වලට දියුණුවීමට අවශ්‍ය පරිසරය නිරායාසයෙන්ම එවිට ගොඩනැගෙනු ඇත.උතුරු ඇමරිකාවේ චිකාගෝ බෞද්ධ විහාරවාසී කුඩගම්මන සීලරතන හිමියන් බුදුසරණ කලාපයට ලියවූ ලිපියක් තුලින් උපුටා ගැනීමක්.
BLOG
2013.10.31
http://mahason-brotherhood.blogspot.com/
ජීවිතය බබළවන
Mahason Brotherhood
මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප‍්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල වන පින් සිතිවිලි ඇසුරින් හිතේ ගොඩනැගෙන පුණ්‍ය බලවේග මේ සම්පත් හිමි කර දෙන ආකාරය හඳුනාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේටයි. අදෘෂ්‍යමාන දෙවිකෙනෙකුගේ මාර්ගයෙන් ඉල්ලා ලබාගත නොහැකි මෙම සම්පත් ව්‍යායාම් වල නිරතවීමකින්ද හිමිකර ගත හැකි යයි සිතන්නේ නම් එයද නිසරු සිතිවිල්ලකි. මිනිසත්බවම අතිවිශාල පින්රැසක ප‍්‍රතිඵලයකි. එම මිනිසත්බව බබලවන ආර්ථාන්විත බවට පත්වීමට ඉඩසලසන මෙම කරුණුවලට හිමිකරුවෙක් වීමට ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු පුණ්‍යකි‍්‍රයා වෙන වෙනම හඳුනාගෙනම කටයුතු කිරීම මිනිසත් බව බැබලීමට උපකාරවන බව වටහා ගන්න. ඒ බව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී අනාථ පිණ්ඩික සිටුතුමාට මැනවින් පහදා දුන්සේක. එදා මහත් යස ඉසුරෙන් බැබළුන එතුමා මෙම සම්පත් සියල්ලටම හිමිකරුවෙක්ව මිනිස් සමාජයේම ධර්ම මාර්ගයට අවනත කිරීමට කි‍්‍රයාකළ උතුමෙකි. බුදුරදුන්ගේ ප‍්‍රධාන දාකයාවීමම එතුමා සසර පින්කරමින් කළ ප‍්‍රාර්ථනාවල අග‍්‍රඵලයයි. දෙවි දේවතාවන් අදහමින් දැඩි අන්‍ය ආගමික විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී සිටි එදා දඹදිව වැසියෝ තම සියලු සිතුම් පැතුම්, අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ලබාගත හැකිය යනුවෙන් විවිධ තපස්ක‍්‍රම අනුගමනය කළහ. විශාල පර්වත වනාන්තර ගස්ගල් සරණගිය ආදිකාලීන මිනිස්සු බියෙන් සැකයෙන් දවස් ගෙවූ ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම දක්නට ලැබේ. බහුං වෙ සරණං යන්ති පබ්බතානි වනා නිච ආරාම රුක්ඛ චෙත්‍යානි මනුස්සා භය තජ්ජිතා. යනුවෙන් ධම්ම පද දේශනාවේ සඳහන්වන පරිදි එදා දඹදිව සමාජය පිළිබඳ සමාජ පසුබිම සිතාගත හැකියි. එම නිසරු පිළිවෙත් අතර තපස්රැකීම, ජටාධරවීම, දත්නොමැද සිටීම, ඇඟ පුරාමඩගාගෙන සිටීම, ආහාර නොගෙන දින ගණන් ගත කිරීම, අජවුත, ගෝවුත, උක්කුටිකව සිටීම, වැනි ලාමක කි‍්‍රයාවලින් සැනසීමක් බලාපොරොත්තු වූහ. මෙවැනි සිදුවීම් දුටු හැමවිටකදීම ඒවායේ නිසරු බව නොබියව පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, සැපපහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක. ආයුෂ වැඩිදියුණුවන පින්කම් අතර අභයදානය විශේෂයි. දාන ආනිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ භෝජන සූත‍්‍රයේ මෙසේ වදාළ සේක. භොජනං භික්‍ඛවෙ දදමානොදායකො පටිගගාහකානං පඤ්චධානානි දෙති, කතාමානි පඤච, ආයුං දෙති, වණ්ණං දෙති, සුඛංදෙති, බලං දෙති, පටිභාහනං දෙති, දන්දීමේ දී ත්‍යාගශීලී හිත මෙන්ම එම දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ නිදුක් නිරෝගී චිරජීවනය හදපත්ලෙන්ම පැතිය යුතුයි. මැනවින් සැකසූ ආහාරපාන ගැනීම ආයුෂය ප‍්‍රධාන සිරුරේ සංවර්ධනය සමඟම දායකයාට එම සම්පත් හිමිවන කුශලශක්තියක් තමාවටා ගොඩනැංවෙන බව පිළිගත යුතුයි. ප‍්‍රාණඝාතය, සතුන්ට වධදීම, වැනි පාපකි‍්‍රයා ආයුෂ නිරෝගීකම අහිමිකරන දරුණු අකුසල් බව හඳුනා ගන්න. අභයදාන ආමිස දානය සතුටු සිතින් කළ තරමට දීර්ඝායුෂයට හිමිකරුවෙක් වෙනවා ඇත. තුණුරුවන්ට අවනතව කටයුතු කිරීම හිත සැහැල්ලු ආකාරයට තබාගැනීම එදිනෙදා ජීවිතය සුවදායක කරගැනීමට උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න. මිනිසෙක් වශයෙන් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළ අනාථපිණ්ඩිත සිටුතුමාට එතුමාගේ පිණින් පිරීගිය ජීවිතය මිනිස් සමාජයටම හඳුනාගත හැකි ආකාරයට අගේ කරමින් මෙම දේශනාව දේශනා කළේ මිනිස් සමාජයටම ආදර්ශයක් වනු පිණිසයි. නුවණින් කටයුතු කිරීම තම තමාගේ වගකීමයි. පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං. තෙරුවන් සරණයි.බත්තරමුල්ල පූර්වාරාමාධිපති, ශාස්ත‍්‍රපති නාගොඩ නන්දපාල හිමියන් විසින් අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත‍්‍රයයි පදනම් කරගත් ලිපිය බුදුසරණ උපුටා මහසෝන් පත් ඉවූර තුල සටනනක් තැබුවා... කියවූ සියලුදෙනාට සම්මා සම්බුදු සරණයි.
BLOG
2013.10.26
http://mahason-brotherhood.blogspot.com/
සැපත නසන පිළිවෙත
Mahason Brotherhood
ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ අක්ඛ ධුත්තෝ ච යෝ නරො ලද්ධං ලද්ධං විනාසේති තං පරාභවතෝ මුඛං සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තං පරාභවතෝ මුඛං අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුක්‍ඛනිං තස්සා ඉස්සා න සුපති තං පරාභවතෝ මුඛං ති ශ‍්‍රද්ධා ගුණෝපේත කාරුණික පින්වත්නි. ධර්ම ශ‍්‍රවණය කිරීම හා දහම් පත පොත පරිශීලනය කිරීම මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන්නකි. තථාගත දහමට සම කළ හැක්කේ ධර්මයම පමණි. “සුනන්තු සග්ග මොක්ඛදං” යනුවෙන් දේවතාරාධනයෙහි සඳහන් වන පරිදි ලෞකික ඉහළම සැපත වන දිව්‍යලෝක සැපයත්, ලෝකෝත්තර අවේදයිත අග‍්‍ර වූ නිර්වාණ සම්පත්තියත් ලැබිය හැකි පුණ්‍ය කර්මය ධර්ම ශ‍්‍රවණය කිරීමයි. එනිසා ධර්මය අසමින් දරමින් ඒ අනුව කි‍්‍රයා කළ යුතු ය. “සුනාථ ධාරේථ චරාථ ධම්මේ” ධර්මය කියන්නේ පුද්ගලයාගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට ඉවහල්වන බුද්ධ වචනයයි. සම්බුද්ධ දේශනය මුල මැද අග පිරිසුදුවූත් නිරවුල් වූත් සැමතින්ම පරිපූර්ණවූ අර්ථව්‍යංජනයන්ගෙන් පරිපූර්ණ වූවන් ලෙසයි ධර්මයේ විග‍්‍රහ කොට දක්වා තිබෙන්නේ. ආදි කල්‍යාණය මජ්ෙඣ කල්‍යාණං පරියෝසාන කල්‍යාණ කේවල පරිපුණ්නං සාත්ථං සබ්බ්‍යංජනං යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. මෙකී ධර්මය අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ ඉතාම සංසුන්ව කාය වාග් මනඞ යන ති‍්‍රවිධද්වාරයෙන් සංවරව සිහිනුවණින් යුක්තවයි. කියවිය යුත්තේ ද තිදොර සංවරයෙන් විවේක බුද්ධියෙන් යුතුවයි. “ධම්මකාමෝ භවංහෝති ධම්ම දෙස්සී පරාභවෝ” යනුවෙන් ධර්මයට කැමැති වන්නා දියුණු වන බවත් ද්වේශ කරන්නා පිරිහෙන බවත් දේශනා කොට වදාළහ. ඉහත සඳහන් ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේවතාවකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද්දක්. පරාභවයට හෙවත් පිරිහීමට හේතුවන කරුණු කවරේද යන්න මෙයින් අවධාරණය කළා. වත්මන් සමාජයට ඉතා වැදගත් දේශණයක් හැටියට මෙය අගය කළ හැකියි. දියුණුවට වඩා පිරිහීමට පත්වන කරුණු පිළිබඳ වේගයෙන් හඹායන නූතන ලෝකයේ ජනතාවට එකී කනගාටුදායක අනර්ථකාරී ජීවන රටාවෙන් මිදී යහපත් ජීවන දර්ශනයක් ගොඩ නගා ගැනීම උදෙසා මෙම කරුණු වෙසෙසින් උපකාරී වන බව සඳහන් කළ යුතු ය. පරාභව සූත‍්‍රයේ අටවැනි නවවැනි දසවැනි ගාථාවන් අද දහම් දේශනයේ මාතෘකාව වෙනවා. “ඉත්ථි ධුත්තෝ සුරාධුත්තො” යනාදී ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනුයේ යමෙක් ස්තී‍්‍රන් කෙරේ ලොල්වේද, සුරාවට ලොල් වේද. ලැබෙන ලැබෙන ධනය නිකරුණේ, විනාශ කරයිද. එය පිරිහීමට හේතුවන කරුණක් බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පන්සිල්හි මෙම අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප වින්දනය හෙවත් කාමභෝගී ජීවිතයක් ගත කිරීමද මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජු වීමද උපයන මුදල් නොමනා දේ සඳහා යෙදවීමද පරිහානියේ ලක්‍ෂණයන් ය. සාමකාමී සෙනෙහෙබර ලෙන්ගතු ජීවන පැවැත්මක් ගොඩ නඟා ගැනීම කෙතරම් සුන්දරද. කෙතරම් ආදර්ශ සම්පන්න වන්නේද. එබඳු පවුල් සංස්ථාවක් තුළ සාමය සමඟිය දියුණුව අභිවෘද්ධිය නිරතුරුවම ගොඩනැගෙනු ඇත. නැතහොත් සැකයේ බිජුවට වපුල කෙතක් වෛරයේ ගිනිදැල්වලින් විනාශවන්නා සේ පවුල් සංස්ථාව තුළ අඩ දබර කල කෝලාහල නිර්මාණය වී ජීවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන්නේ ය. අහිංසක දූ දරුවන් කාත්කවුරුත් නොමැතිව හුදෙකලාවනු ඇත. ප‍්‍රකෘති බව විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය භාවිතයට ගිජුවීම කායික හා මානසික සෞඛ්‍යයට බරපතල හානියක් වන්නාසේම ආර්ථික පරිහානියට ද හේතු වන්නේ ය. ගෙදරදොර අසමඟිය ගොඩනැගෙන්නාසේම ආදරය දයාව, කරුණාව වැනි ගුණදම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යොන්‍ය යුතුකම් ද විනාශ වන්නේ ය. සමාජ අවමානයටද හේතු වේ. විවිධ කායික හා මානසික විසඥතාවයන්ට ලක් වෙයි. තවද සම්පූර්ණයෙන් පිරිහුණු සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකු බවට පත්වේ. ලද දෙයින් සතුටු නොවී අධික තෘෂ්ණාවෙන් හා ඇස, කණ, නාසය, දිව, ශරීරය හා පසිඳුරන් පිනවීම කෙරේ දැඩි කැමැත්ත ඇති තැනැත්තාට ද දියුණු විය නොහැකි ය. මේ සියල්ල කෙරෙහි උපේක්‍ෂාවෙන් මැදහත් සිතින් කි‍්‍රයාත්මක කිරීමෙන් කායික මානසික සතුට සැනසීම සළසාගත හැකි ය. නැතහොත් උමතුවූවන් රෝගීන් පිරි අයහපත් සමාජයක් නිර්මාණය වන්නාක් මෙන්ම සාමය සමඟිය සහෝදරත්වය එකමුතු බව අහිමි ක්‍රෝධයෙන් වෛරයෙන් කෝපයෙන් දැවෙන විෂ සහිත හදවත් ඇති අතෘප්තිකර සමාජයක් ගොඩනැගෙනු ඇත. මෙකී තත්ත්වයන් බැහැර කිරීමෙන් ස්වාර්ථය හා පරාර්ථය සලසා ගන්නා මිනිසුන් පිරි යහපත් වූ සුන්දර හෙට දිනක් උදා කරගත හැකි වන්නේ ය. පරිහානියේ නව වැන්න, ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සේහි දාරේහි සන්තුට්ඨෝ වෙසියාසු පදිස්සති, දිස්සති, පරදාරේසු, යන්නයි. නෛතික උරුමයන් ඇති තම බිරින්දෑගෙන් සතුටට පත් නොවූවෙක් පරඹුවන් වෙත යාද, ඔහු පිරිහීමට පත්වන බවයි. බහුතර බෞද්ධයන් ගහන අප වැනි රටක සමාජ සංස්ථාව ගොඩනැඟී ඇත්තේ බෞද්ධ සංස්කෘතියට අනුවයි. මෙසේ තිබියදී යමෙකු පස්කම් ගිජුව වෛශ්‍යාවන් හා පරස්තී‍්‍රන් කරා යාද එය නීතියට සදාචාරයට හා අපේ සංස්කෘතියට පටහැනි ය. මෙබඳු සමාජ විරෝධී කි‍්‍රයාකලාපයන්ට යොමු වීමෙන් ආර්ථිකය සමාජමය තත්ත්වය, ගෞරවය, කීර්තිය පිරිහෙන්නාසේම, දඬුවම් හා තාඩන පීඩන වලට ද ලක්වීමට සිදු වේ. තවද විවිධ සමාජ රෝගයන්ටද ගොදුරු වේ. අකාලයේ වටිනා ජීවිත මිලින වී යනු ඇත. අවසානයේ මෙලොව පරලොව සතුටක් සැපතක් නොලැබ ඉතා දුක්ඛදායකව ජීවන යාත‍්‍රාව පදවන්නට සිදු වේ. තාරුණ්‍ය ඉක්ම වූ යම් පුරුෂයෙක් භද්‍ර යෞවන වියේ පසුවන තරුණියක හා විවාහ වීම පිරිහීමට හේතුවක් වන බව මෙම සූත‍්‍රයේ දසවැනි කරුණ ලෙස සඳහන් වේ. තම දරුවන් සුදුසු කළ ආවාහ විවාහ කරවීම අවශ්‍ය බව සිඟාලෝවාද සූත‍්‍රයේ දී අනුදත් බුදුරදුන් එය මව්පිය දෙපළගේ යුතුකම හා වගකීම ලෙසද පෙන්වා වදාළා.වියපත් වන විට තරුණ ශක්තිය පිරිහීම ස්වාභාවිකය. එබඳු කාලයක විවාහවීම නුසුදුසු ය. මන්ද. සමහර විට බිරිඳ කෙරෙහි සැකය අවිශ්වාසය මතු වී ඊර්ෂ්‍යාව හා වෛරය ද ඇතිව ඈට විවිධ තහංචි පනවයි. රැකවල් යොදයි. මෙයින් අසහනයට පීඩනය කලකිරීමට පත් බිරිඳ තමන්ගේ නිදහස සීමා වූයේ යැයි පෙරළා ඔහුට වෛර කරයි. ඇතැම් විට මෙනිසා ජීවිත කාලයම උනුන් වෙත වෛර කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ කරමින් අකුසල් ද රැස් කරගනිමින් ජීවත් වන්නට සිදු වේ. ලෞකික වූ කායික මානසික සතුට ද ලෝකෝත්තර ශාන්තිය සුගතියද දුරස් වන්නේ ය. අවිඳු අදුරෙන් වෙලී ගැලී සිටින නිරතුරුව ජාති ජරාදී එකොළොස් ගින්නෙන් ගිනි ගෙන දැවෙන ඔබ අප නගන්නේ කවර සිනාවක්ද. ලබනුයේ කිනම් සැපතක්ද. ධර්මය පිළිසරණ කොට ධර්මය අනුව ජීවිත දෙස බැලිය හැකි උදාර සත්පුරුෂයන් වීමට උත්සාහ ගනිමු. ඒ උතුම් සත්පුරුෂ ගුණ දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුළ සත්‍යාවබෝධය කිරීමට සැමට භාග්‍යය උදාවේවා.තැඹිලිපොල රජ මහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, රුක්අත්තනේ පුරාණ විහාරය යන සිවු මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමියන් විසින් ලියන ලද ලිපිය මහසෝන් පත් ඉවුරට බුදුසරණ දහම් ලිපියෙන් උපුටා ගැණුනි.
BLOG
2014.10.01
http://efsuuom.blogspot.com/
රකින්නම් ඔබ... - ( කාවින්ද තිරාණගම )
EFSU UOM
මහා මේඝ පසුකර කටු අකුළු තරණය කරදහතුන් වස අග,මහේබත් වූ දෑතට ලැබුණු තිළිණයඔබයි ....ඇරඹුමවමි මලොව දකින්නට ඇකමයහි තුරුළු වී,මපන්නුවා ඔබ මට මලෝකයම දිනන්නට,හදවත් දකින්නට,සරසවි මව්නි ඔබ....ඔමබන් ලද ජීවමයන්,මින් මතුත්කැකුළු පුබුදන්නඉඩ මනොමදන උන් සමග මපොර බදින්නේ ඔබ රකින්නට,අවැසිනේ ප්‍රාණයත් මුහු කරන්නේ ඔබ රකින්නට....මලන්ගතුයි මෑණියනිඔබ හට.... - කාවින්ද තිරාණගම -.
BLOG
2012.09.30
http://efsuuom.blogspot.com/
සමාජ විහිළු...
EFSU UOM
ගිනි අව්ව දරාගන්න බැරි වෙලාවක්. එත් මේ වෙලාවේ ඤාව්වයි කැවුම් මුණයි හිටියේ සිතල කඩාහැලෙන A/Cකාමරේක.“අනේ බලන්න මෙයා අපිට කියන කතා”කැවුම් මුණා හරිම හැඟීම් බරව කිව්වා.“ඔන්න බලන්න මචෝ මං නම් ඔයවගකීමෙනුත් නිදහස්” ඤාව්වා සුපුරුදු හිනාවම දැම්මා.“පුංචි ප්‍රතිඵලයක් වෙනස් වුණාටමොනවා වෙනවද” කැවුම් මුණා කේක් කෑල්ලක් අතට ගත්තා.“හා හා චොකෝ කේක්, වැඩිපුරකෑවොත් පිම්පල් එයි” ඤාව්වා ආයෙත් හිනාවුණා.“නෑ මෙයා නිතරම නාන හින්දා සැරඅඩුයි.”“හ්ම්, සොක්‍රටීස් ඉර ගිනිගෙනදැවෙන ගුලියක් කියලා කිව්වේ ඇයි දන්නේ නෑ. හරිම කුල්නෙ” ඤාව්වා කිව්වා.“ඒක නෙමේ මොකක්ද අර result කතාව,ලියපු නැති විෂයන්ට result ඇවිත් කියන්නේ.”“අය්යෝ, ඒක බොහොම පොඩි ප්‍රින්ටින්මිස්ටේක් එකක්ලුනේ. මිනිස්සු පොඩි දේත් අල්ලන් කෑ ගහනවා.” කැවුම් මුණා මල් හිනාවක්‌දැම්මේ හිත පිනායන විදිහට.“ඔයාගේ හිනාවට සියලු දුක් කරදරනිවෙනවා අනේ, ඇයි මන්දා මේ ළමයින්ට බැරි ඔයාගේ හිනාව බලලා සැනසෙන්න.”“නැතුව අනේ, මං කියන හුරතල්කතාවලට විතරක් නෙමේ ඔයාගේ කතාවලටත් ළමයි වශීවෙලා ඉන්නේ. ඒක නෙමෙයි අර ළමයි ඔයාටfacebook එකේ දාලා තිබුණු අං තට්ටුව මාර හැඩයි නේද.”“චියා මං ඒ පාටට ආසා නෑ . ලානිලට හුරු රතු පාට තිබුණනම් ජාති” ඤාව්වා උත්තර දුන්නා.“විශ්වවිද්‍යාලවල ආචාර්යවරුත්ස්ට්‍රියික්ලු නේද.” කැවුම් මුණා ඤාව්වා දිහා බලලා සිරියස්ව ඇහුවා.“ඔන්න ඔයාටත් වැරදුණු තැන” ඤාව්වාබළල් නාදය පතුරලා මහා හඬින් හිනාවුණා. ඒක ස්ට්‍රියික් එකක් නෙමෙයි අනේ, පුංචි පහේවැකේෂන් එකක්.“ඒ කොහොමද” කැවුම් මුණාට ප්‍රශ්නයක්මතුවෙලා.“අවුරුද්දක්ම වැඩකරලා කරලා අපේදරුවන්ටයි දේශකවරුන්ටයි හුඟාක් මහන්සියි එයාලට නිවාඩුවකුත් එපායැ ඒකයි අපි වැඩියගණන් නොගෙන ඉන්නේ”“ඒ වුණාට මේ හදිස්සියේ මොකදවැකේෂන්.” කැවුම් මුණා මෝඩ තාලෙට ඇහුවා.“ඒක අපෙන් ළමයිට ස්ප්‍රයිස් එකක්”“ඔයා නම් ජාති මෙයා. එත් ඇයිදන්නේ නෑ ළමයි පාරවල්වල බෙරිහන් දුන්නේ.” කැවුම් මුණා ආපහු ඇහුවා.“අය්යෝ කැවුමා ඔයත් මහ මෝඩ ප්‍රශ්නනෙඅහන්නේ.එයාල මට thanks කළා. තරුණ උද්වේගකර ළමයි thanks කරන්නේ දැන් ඔය විදිහටනෙ.”“ඉතිං කවද්ද ඔය වැකේෂන් එක ඉවරවෙන්නේ.” කැවුම් මුණට තවත් ලොකු ප්‍රශ්නයක්...“මෙහෙමයි කැවුමා, අපි ඒ තීරනෙත්ළමයින්ට දීල තියෙන්නෙ. වැකේෂන් එක ඇති වුණාම එයාලම අපිට කියයි. මේකේ තියෙනවිශේෂත්වය තමයි කැමතිනම් නොනිමි වැකේෂන් එකක් දක්වා දික්කර ගැනීමට හැකිවීම. අපිහැමවෙලේම හිතන්නේ අපේ මේ දරුවන්ගෙ අනාගතේ කැමති නම්, විවාහවෙලා දරු සුරතල් බලලාම,විශ්වවිද්‍යාල අධ්‍යාපනේ පස්සේ කැමති දවසක අවසන් කරන්නත් බැරියැ.”“එත් ඤාව් එයාලට සල්ලි.”“ඇයි අනේ මහපොළ දෙන්නෙ. ඒකෙන්අවුරුද්දක්ම වුණත් ජිවත් වෙන්න බැරියැ.”“එක අතකට ඒකත් ඇත්ත.”“එක අතකට නෙමේ කැවුමා. හැම අතටමහොඳයි.” ඤාව්වාගේ මුණේ මල් පිපිලා වගේ.“එක නෙවේ ඤාව්වා මේ පාර මහ කඩඉම්විභාගේ ලිව්ව ළමයින්ව කවද විතර කැම්පස්වලට ගනීද.”“අනේ කවදා ගියාම මොකෝ, ඔයා අහලනැද්ද මිනිහෙක් ජිවිත කාලෙම, ජිවිත කාලෙ පුරාම ඉගෙන ගන්නවා කියලා. ඕනේ නම් වැඩිපුරඅවුරුදු තුන හතරක් යාවි. ඒක මොකක්ද ගෙදරට වෙලා දෙමාපියන්ටත් උදව් කරගෙන, පුරන් වුණකුඹුරක් එහෙම කොටාගෙන සල්ලිත් හොයන්න පුළුවන්නේ. පස්සේ ඩිග්‍රිය කරගන්න බැරියැ. ඔයඔස්ට්‍රේලියාව වගේවගේ දියුණු රටවල් එහෙමත් ඒ වගේනේ කරන්නෙ.”“එතකොට උන්ගේ හොඳ කාලෙ ඉවරවෙයිද.”“නෑ ඤාව් අවුලක් නෑ. එතකොට මේළමයි පරිනත වෙලා, තරුණ වයස පහුකලාමලුනේ සාමාන්‍යයෙන් නියම මොළේ පෑදෙනවා කියන්නේ.වර්තමාන සමහර විශ්වවිද්‍යාලවල ඉන්න ගිණි ගංජා කාරයෝ දැක්කාම මට හිතට දැනෙන්නේ,අවුරුදු 25 න් විතර පස්සේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගැනීම ගැන පනතක් ගෙනාවොත්හොඳයි කියලා.”“ඒ විතරක් නෙමේ, එතකොට ප්‍රතිඵලවලප්‍රශ්නයක් යන්තමට උද්ගත වුණත් දෙතුන් පාරක්ම බලලා සංශෝධනය කරලා, හිතේ සතුටින් ප්‍රතිඵලයභාර ගන්න පුළුවන්නේ, කැවුම් මුණා Nonstop එකේ කියාගෙන ගියා.”“අනේ මාරයි. ඔයා මගේ හිතකියෙවුවා නේද.” ඤාව්වා සුපුරුදු ස්වරයෙන්ම හුරතල් වුණා.“ඒ කියන්නේ, ඔයත් මං විදිහටයිහිතන්නේ කැවුම් මුණටත් හිනා ගියා.” දෙන්නටම හරි සතුටුයි.ඒ විතරක් නෙමේ, එතන හිටපුපැපරාසි මල්ලිටත් හිනා ගියා. පැපරා මල්ලිගේ හිනාවට කැවුම් මුණයි ඤාව්වයි හැරිලාබැලුවා.“අනේ නෝටි පැපරාසියෙක්” ඤාව්වාකිව්වා.පැපරා මල්ලි කට කනට යනකල්මහිනාවුණා.“මල්ලී ඔයා කාලද ඉන්නේ.” කැවුම්මුණා චොක්ලට් කේක් කෑල්ලක් පැපරා මල්ලිට දික්කළා.“කෑවා නම් තමයි.ඒත්...” පැපරාමල්ලි ටිකක් බොරුවට අදිමදි කරලා කේක් කෑල්ල කන්න ගත්තා.“අපි ගැන බොරු එහෙම දාලා ජනීජනයාගේ හිත විතරක් රිද්දන්න එපා.” කැවුම් මුණා විහිළුවට වගේ කිව්වා.“අපි කන්න දුන්න ඇත හපා කන අයනෙමෙයි අය්යෝ” පැපරා මල්ලි හරිම ලැජ්ජාවෙන් කිව්වා.අනේ බොරුවට ජනී ජනයා දැඟලුවට ඤාව්ඇමැතියි කැවුමා ඇමතියි කොච්චර චාම්ද, අහිංසකද. ඒ දෙන්නට විරුද්ධ වුණොත් මට පව්පිරෙයි. අනිත් එක කේතුමතී නුවර ටෙලි නාලිකාවලවත් මේ දෙන්නට බනින්නෙත් නෑනේ. එකෙනුත්තේරෙන්නේ මෙයාලගේ අහිංසකකම. පැපර මල්ලි හිතුවා.හැබැයි ඇත්තටම ඤාව්වයි කැවුම්මුණයි ගැන විශ්ප විජ්ජාල ළමයින්ගේ හද පත්ලෙන්ම බුර බුරා නැගෙන ආදර ගෞරවය වැඩිකරන්න කැමති හින්දා පැපර මල්ලි සිද්ධිය ඒ හැටියෙන්ම ලියලා දැම්මා.-මොරටු සරසවි ශිෂ්‍යාවක්‍--.
BLOG
2012.08.31
http://efsuuom.blogspot.com/
දැන් නම් ඇති වෙලා මේ කරුමය විදලා .......................... දෙනකන් විසදුමක් ඉක්මනටම හිතලා.......................
EFSU UOM
සදෙව් ලොවට අධිපති සක් දෙවිදු මෙමාදැන්නම් චන්දෙකුත් ළග ළග එනව තමාදෙවිවරු හට මෙකල ඇති ගැටලුවද කිමාහිතුනා බලන්නට පොඩ්ඩක් දෙකන් යොමාපළවා හළෙමු වින කළ අසුරයො ගොන්නනිදහස් ලොවක දැන් හැක රිසි සේ ඉන්නදෙව් ලොව ඉන්නේ දෙවිවරු කළගුණ දන්නඑබැවින් බයක් නැත දෙව් හමුවට යන්නපෙර වෙණ නදින් හැඩ වන විට වා තලයඅපෙ සුර ළදුන් නැටුවේ තැන් තැන් වලයදැන් උන් නටන්නේ දී උපරිම ඵලය"පරසතු පොකුණ සක් දෙව් රගහල" තුළයවසවත් ලොවේ සිට තුසිතෙට යන්න පැයයිඅනෝතප්ත විල උඩ පාලම් ම හයයිකඩුපුල් කුළුණෙ උස දැක්කත් හිතට බයයිදෙව්ලොව දෙවිවරුන් මට ඇත්තෙන්ම ණයයිපඩුපුල් අසුන වෙත මහ අබිමනින් ගියත්කොච්චර මුත් දැනේ කොර වෙයි කියන බියත්එබැවින් දෙපස හිදුවා දෙව් මඩුව වියත්"සක් රජ දෙව් හමුව" නිසි ලෙස කළෙමි දියත්මුහුණින් සිනා සී සිටියත් රජ අස්නේදෙවිවරු දකින කොට වැඩි වෙනවා රස්නේනැති වී යන්න පෙර මුහුණේ වූ දිස්නේ දෙව් ගැටයෙක් නැගිට ඇහුවා මුල් ප්‍රස්නේගුරු වර්ජනේ තාමත් තිබු තැනම ඇතගෙදරම ඉදන් හොදටම ගැලවිලා දතකැම්පස් පටන් ගන්නා පාටකුත් නැතදෙනු මැන විසදුමක් සලසන අටින් සෙතමේ දින වල දිගට සාකච්ඡා යනවාඉක්මන් විසදුමක් අපි ළගදිම දෙනවාමගෙ දෙව් මඩුල්ලට ඒ ගැන හරි මොනවාකීමට තිබේ නම් මම අවසර දෙනවාපළමුව නැගිණි ගණ දෙවිදුගෙ මධුර හඩකරනවනම් කොච්චර තියෙනවද වැඩලැබ දුන් නිවාඩුව අපතේ නොහැර ඉඩඅතපසු වෙච්ච ඇක ටික දාගන්න ගොඩනෑ ම තමා කොහොමත් ගෙදරම ඉද්දීසරස්වතිය කීවා පැද්දී පැද්දීඕකත් අවුලක්ද රියැලිටි ෂෝ එද්දීකහවනු කෝටියක් මුල් දිනුමට දෙද්දීකද සුරිදුගෙනි නැගුනේ ඉන් පසුව හඩඕකත් පැනයක්ද ඔබ දැම්මාට උඩගෙදරම කකා හිටියොත් නැති වෙනව හැඩජිම් එකකට ගිහින් අඩු කරගන්න බඩලක්ෂ්මිය නැගී සිටියා නෙත් අවට යොමාඉපැයීමට මුදල් දැන ගත යුතුයි තමාකැම්පස් නැතත් දූලා ඇයි වෙන්නෙ පමාඇහි බැම ගැලෙවුවත් දැන් නම් සල්ලි තමාමුන් ටික එක දිගට ගොන් විසදුම් දෙනවාතව මෙය දිගට ගියොතින් නම් කෙල වෙනවාහිතමින් සිටියදී මම කරමිද මොනවාදෙව් ගැටයාම මේ විදිහට පවසනවාදැන් නම් ඇති වෙලා මේ කරුමය විදලාදෙනකන් විසදුමක් ඉක්මනටම හිතලාලෙක්චස් නැති නිසා අපි ගෙදරම ඉදලාගානක් හොයගන්නම් ඇඩ් ක්ලික් කරලාසදෙව් ලොවටඅධිපති(චමිඳු මිහිරංග).
BLOG
2012.08.28
http://efsuuom.blogspot.com/
බුද්ධිමය සංවාද
EFSU UOM
දැන් හැමදේම උඩු යටිකුරු වෙලා. හීන පේන්නෙත්කණපිටට. නිරායාසයෙන්ම මගේ අහිංසක හිත ඇදිලා ගියේ ඊයේ දවාලෙ මං දැක්ක පිස්සු හැදිලාසඳ බොඳවෙන ජාතියේ චාම් හීනෙකට.මී හරක් ජෝඩුවක්‌ සුපර් මාකට් එකක ඉඳගෙන කතාකරනවා.“මචෝ, මේ දවස්වල රසම රස කෑම ජාතිය මොකක්ද එක මීහරකෙක් අහපි.”“ම්හ්, අධ්‍යාපනේ තමා රසම, එකෙත් ජාතිම කොටස තමරිසල්ට් කියන්නේ, මං ආසම ඒ හරියට.”“මාත් ඕක අහල තියනවා. ඇත්තම කියපං බංපුන්නක්කුවලටත් වඩා පට්ටද.” පලවෙනි මීහරකා අනිත් එකාගෙන් අපහු අහනවා.“අනේ මචෝ, මට හරි ආසයි මැරෙන්න කලින් ඇමතියෙක්වෙන්න”“ඉතින් ආණ්ඩුවෙන් හරි විපක්සෙන් හරි නාම යෝජනාදුන්නොත් හරිනේ”“එත් අනේ ජනී ජනයා අපට ඡන්දෙ දෙයිද.”මේ ප්‍රශ්නෙට පළවෙනි මී හරකා තප්පුලලා හිනාවුණා.“මොහ්, මොහ්, මොහ්”“අනේ මැට්ටෝ කතා සාප්පුවේ ඉන්නෙත් අපේම උන්නේ.අපි දෙන්නත් එතෙන්ට වැඩි නෑ. ජනී ජනයා අකමැති උනොත් අපි අර ලිස්ට් එකෙන්වත් යමුකො”“නායක වෘෂභ රාජ කැමති වෙයිද.”“එයාට ඕවා ගාණක් නෑ බං, අධ්‍යපනෙත් ඇඳගෙන නානවනෙ”එක මී හරකෙක් කිව්වා.“අපරාදේ කන්න තියන එක” අනිත් හරකා බොහොම දුකින්කිව්වා.“මේ දවස්වල රස්නෙ හින්ද වෙන්න ඇති”ඔන්න එතකොටම මට උඩ ගිහින් ඇහැරුණා. වෙලාව අමුමඅමු දවල් දොළහයි. මං නිව්ස් දැම්මා. ස්ට්‍රයික් එක ගැන වගක්වත් නෑ. Z score ගැනහාවක්හුවක් නෑ. ප්‍රවෘත්ති මුල ඉඳලා අගටම මල්මාලා දාලා හිනාවෙන දර්ශන, මුල්ගල්තැබීම්, රගර් මැච්.....“ඇත්තටම ඇයි දන්නෑ නේද පච පෙට්ටියේ ඔය ඉස්ට්‍රයික්ගැන යන්නේ නැත්තේ” මී හරකෙක් ආයෙත් අහපි.“පච පෙට්ටිවල, පත්තර කඩදාසිවල ලියන්න තරම් අධ්‍යාපනයත්ඉතුරු වෙලා නෑලු බං. දැන් හැමෝම කාලා ඉවරලු ඒක.”“එතකොට ඔය හුචැස් අධ්‍යපනෙත් අපේ වෘෂභරාජලා කාලාදාලාද.”“කාලා ඉවරමත් නෑලු, අපේ ජෝඩුවක් ඒක අනනව කියලාතමා ආරංචි.”“කතා සාප්පුවේ අය හැම වගකිමකින්ම නිදහස් බං,සල්ලිත් ලැබෙනවා, පිටරට යන්නත් පුළුවන්.”“ඒක නෙමේ හරිම ගිරිස්මයි කූල් ඩ්‍රින්ක් එකක්වත්බොමුකෝ.” එක මී හරකෙක්යෝජනා කළා.“බැහැ මෙයා බිල් ඇමති පැය තුනහමාරකට විතරක් බලේනැති කරලනේ.”“අර මොකද.”“විෂ්ප විද්‍යාල ළමයි අයිස් පැකට් බීලා ලෙඩවෙනවලු.අනිත් ඒක හැමදාම වැඩ කරන මිනිස්සුන්ට පැය තුනක විරාමයක් දවසකට ලබා දෙන්නලු.උතුම් පරමාර්ථයක් එහෙම නේද. ඒ විතරක් නෙමේ අර මහ විභාග ලියන ළමයි වැඩිපුර පාඩම්කරලා ලෙඩවෙයි කියලා බල ඇමතිට බයයිලු.”“ඇත්ත, ඇත්ත රට සංවර්ධනයට ශ්‍රම බලකාය ලෙඩ නොවීඉන්න එපායැ”“අනේ බලන්න කතා සාප්පුවේ අය මිනිස්සු ගැනගොඩාරියක් හිතනවා. විශේෂයෙන්ම ළමයි ගැන.”“ඒක හරි ළමයි නම් හරිම වාසනාවන්තයි. ආයෙත් විෂ්පවිද්‍යාල වලට ළමයි ගද්දි ඩබොල් බැජ් ගන්නවා කියලා තමා ආරංචිය.. ”“එතකොට ඒවා ඇතුලෙ ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වෙන්නෙනැද්ද.”“ආයෙ පිස්සුවක් ඇතැ , කතා සාප්පුවෙ අය මොළකාරයෝ.ඔය ඩබොල් බැච් ගන්න තව අවුරුදු පහක්වත් යනවා. එතකොට බඳින අය බැඳලා, රට යන අය රටගිහින් මැරෙන අය මැරිලා ...” එක මී හරකෙක් කියාගෙන ගියා.“එතකොට.”“ප්‍රතිඵලවලින් වගේම සොබාවික වරණයෙන් තේරෙන අපේදරුවො ටිකක් විෂ්ප විද්‍යාලවලට යයි.”“ආ මට තේරුණා, මාරයිනේ. සොබාදහමට අනුව...” අනිත්මී හරකටත් මාර හැපි.“එතකොට ඔය විෂ්ප විද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නෙ.”එක මී හරකෙක් බැරෑරුම්ව ඇහුවා.“අය්යෝ, එතන ප්‍රශ්නයක් නෑ. බොහෝම පැහැදිලිපිළිතුරක් විතරයි තියෙන්නේ.”අනිත් මී හරකා බොහෝම සැහැල්ලුවෙන් කිව්වා.“පිළිතුර....” ඒ මොකක්ද.“පිළිතුර තමා කාලය.”“ඒ කිව්වේ.”“එපා වුණාම හැමෝටම ස්ට්‍රයික් එක කාලයක් එක්කමනැතිවෙලා යයි”“එපා වුණේ නැත්තම්...”“එහෙම වුණොත් කාලය විතරක් යයි”“එතකොට...”“හා හා වැඩිපුර ප්‍රශ්න අහන්න එපා ඕනෑවට වඩා ප්‍රශ්නගැන හිතුවාම උමතු වෙනවා කියල බුදුබනෙත් තියනවලු.”“ඒ වුණාට අප්පා...”“අනේ මෝඩ ගොනෝ, ගොනෙක් වුණාට උම්බෑ කියන්න එපා”එක මී හරකෙක් කියනවා.උඹත් ගොනෙක් නෙ ඉතින් “මොහ් මොහ් මොහ්” අනිත් මීහරකත් හිනාවුණා.“ඔව් ඉතින් කෑගහන්න එපා...”මී හරක් දෙන්නම නිහඬ වුණා. දැන් දෙන්නම කතාසාප්පුව පැත්තට ඇදෙනවා.මහ මැතිවරණය ඇරඹේ. මම අපහු උඩ ගිහින් ඇහැරුණා.එතකොටම විදුලියත් විසන්දි වුණා. ආ ලයිට් කපලා. මම පුටුවෙම තව ටිකක් ඇහැපියා ගත්තා,කව්රු හරි මාව නැගිට්ටවනකම්...-මොරටු සරසවි සිසුවෙක්-.
BLOG
2012.07.31
http://efsuuom.blogspot.com/
කියවන්න!!! දැනුවත් වෙන්න !!! මෙය අපේ පමණක් නොව, ඔබේත් රටේත් දැවෙන ප්‍රශ්නයක් ...
EFSU UOM
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,මොරටුව විශ්වවිද්‍යාලය.ආදරණීය අම්මේ තාත්තේ, අයියේඅක්කේ, මේ බෙදපු පුංචි අත්පත්‍රිකාව යන ගමන් වීසි කරලා යන්න ඔබට හිතේවි. ඒත් අපිමේ කියන්න හදන දේට පොඩ්ඩක් ඇහුම්කන් දෙන එක කොච්චර වැදගත් ද කියලා ඔබට ම තේරේවි.අපි මේ කියන්න හදන්නෙ විශ්වවිද්‍යාලවලත්, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් ඇතිවෙලා තිබෙනවත්මන් අර්බුදය ගැනයි. මේ ප්‍රශ්නය බලපාන්නේ ආචාර්යවරුන්ටයි, ශිෂ්‍යයන් වන අපටයිවිතරක් නෙමෙයි. ඔබට නොතේරුනාට මේක ඔබෙත් ප්‍රශ්නයක්. කොටින්ම මේක මුළු රටේම දැවෙනප්‍රශ්නයක්. ඒත් තවම මේක ගොඩක් මිනිස්සුන්ට හරියට තේරිලා නෑ. පොඩි උදාහරණයකින්කියන්නද. කාඩ් කුට්ටමක් අරන් ඒකෙ හැම කොලයක්ම දෙකට නවල එකම අතකට හිටින විදියටරවුමට තියාගෙන යන්න. මෙහෙම තිබ්බම එක කාඩ් එකක් හරි පෙරලුනොත් කාඩ් ඔක්කොම ටිකපෙරලීගෙන යනවා. දැන් හිතන්න ඒකෙ එක කාඩ් එකක් තියෙනවා යටින් පොඩ්ඩක් ඉරිලා වැටෙන්නඔන්න මෙන්න. අනිත් කාඩ් වලට ඒ ගැන කිසිම ගානක් නෑ. මොකද වැටෙන්න යන්නේ තමන්නෙවෙයිනේ. ඒත් අර කාඩ් ඒක වැටුන ගමන් මොකද වෙන්නේ. ඊට ඉස්සරහින් තියෙන කාඩ් ඔක්කොමපෝලිමට වැටීගෙන යනවා. දැන් අනිත් කාඩ් බය වුණා තමනුත් වැටෙයි කියල. ඒත් අනිත්කාඩ්වලට හැරෙන්නවත් ඉඩක් තිබ්බේ නෑ. සේරම එතකොට පරක්කු වැඩියි. ඔන්න ඔය දේම තමයි අදඅපේ අධ්‍යාපන ක්ෂේත්‍රයටත් වෙන්න යන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි අර අබලන් වෙලාපෙරලෙන්න ඔන්න මෙන්න තිබ්බ කාඩ් එක. අනික් මිනිස්සුත් මේක වැටෙන්න යන බව නොදැක්කානෙවෙයි. ඒත් ඒගොල්ලෝ ඇඟ බේරගෙන මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි වගේ හිටියා. මේකෙන්කියන්න උත්සහ කලේ මේකයි. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැටුනොත් එදාට ලංකාවේ සෑමක්ෂේත්‍රයක්ම වැටෙයි. හැමෝම මේක තමන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි කියල ඉඳීවි. ඒත් ඕකතේරුම් ගත්ත දාට ඔබත් පරක්කු වැඩි වේවි. හැබැයි තාම අපි පරක්කු නෑ.විශ්වවිද්‍යාලආචාර්යවරුන්ගේ හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයට දැනට දෙමසකටත් අධික කාලයක්ගතවෙලා. පසුගිය වසරෙත් මේ වගේම ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයක් පැවත්වුනා. ඒත් ඔවුන්ගේඉල්ලීම්වලට අද වන තුරුත් සාධාරණයක් ඉටුවෙලා නෑ. මේ වෙලාවේදී අපි හිතලා බලන්න ඕනේවැදගත්ම දේ තමයි ඇයි ආචාර්යවරුන්ට මේ විදිහට වැඩ වර්ජනයකට යන්න සිද්ධ වුනේ කියලා.පිටින් පේන දේට වඩා ගැඹුරින් සලකා බැලිය යුතු කරුණු කාරණා ගොඩක් ඔවුන්ගේ ඉල්ලීම්ඇතුලේ තියෙනවා. අපි මොහොතකට එකම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු සහ පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයෙකු සසඳා බලමු. විශ්වවිද්‍යාලආචාර්යවරයා මසකට රුපියල් 80000ක පමණ වැටුපක් ගනිද්දී පුද්ගලික අංශයේ සේවානියුක්තිකයා නිලනිවාස නිලරථ වැනි සියලු දීමනා එක්ක මසකට රුපියල් ලක්ෂ දෙක තුනකඅදායමක් උපයනවා. ඉන්දියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලබන වැටුපෙන් අඩක්වත් අපේආචර්යවරයෙක්ට ලැබෙන්නේ නෑ. තමන්ට ලැබෙන සොච්චම් පඩිය අතහැරලා රට යන්න පුළුවන්කමතියෙද්දිත් ඔහු තම සේවාව අපේ රටට ලබා දෙන්නෙ ඇයි. ඒ ඔහු අපේ රටට ආදරේ නිසා නේද.නමුත් මේ වෙන කෙනහිලිකම් දිගටම පැවතුනොත් අනාගතේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලඋගන්නන්න කවුරුවත් නැති වේවි. එහෙම වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වැහිල යාවි. ඒකබලපාන්නෙ ඔබේ ආදරණීය දරුවාට නෙවෙයිද. අවුරුද්දකට මිලියන 2000ක් වෙන්කරලා නායකත්වපුහුණුවක් තිබ්බ. අපි මෙහෙම හිතමු. ලංකාවේ වැඩිම උනොත් විශ්වවිද්‍යාල අචාර්යවරුයිකාර්ය මණ්ඩල නිලධාරීනුයි 10000ක් ඉන්නව කියමු. ඔය මිලියන 2000, 10000න් බෙදුවමඑක්කෙනෙක්ට රුපියල් ලක්ෂ 2 ගානේ වැටෙනවනේ. අපි අහන්නෙ එලොවටත් මෙලොවටත් වැඩක් නැතිනායකත්ව පුහුණුවක් දෙන වේලා ඔය ලක්ෂ දෙකෙන් ඒ මිනිස්සුන්ගේ පඩි වැඩි කරා නම් මොකදවෙන්නෙ.මෙහිදී ආචාර්යවරුන් පුලපුලා මතුකරන තවත් කාරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන් කරන මුදල් ප්‍රතිශතයප්‍රමාණවත් නැහැයි කියන එක. අන්ත අසරණ ඉතියෝපියවෙත් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතිකඅදායමෙන් 4.8%ක් වෙන් කරද්දී අපේ රටේ වෙන් කරලා තියෙන්නේ 1.8%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක්.එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව රටක අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික අදායමෙන් 6%ක්වත් වෙන් විය යුතුයි. රටේ ජනතාවගෙන් අයකරන අධික බදු මුදල්වලින් මෙම අවශ්‍යතාවයපහසුවන්ම සපුරාලන්න හැකියාව තියෙද්දිත් එහෙම නොකරන එක අපිට ප්‍රශ්නයක්....ඊළගට උසස් පෙළ කරපුළමයින්ගෙ ප්‍රතිඵල වලට කරපු වින්නැහිය. මුලින්ම සමහර ළමයින්ගෙ island rank එක ආවා district rank එකටත් වඩා අඩු වෙලා.දෙයියනේ රටේ ලෝකෙ වෙන්න පුලුවන් දෙයක්ද. අනිත් කාරණේ. විෂය නිර්දේශ දෙකක ළමයින්විභාගෙට ලිව්වනෙ. දෙගොල්ලන්ගෙම ලකුණුවල z-අගයන් එකම සුත්‍රයකින් ගණනය කළා. එහෙම කරන එක ගොන් වැඩක්කියල කලින් ලංකාවේ හිටි අධ්‍යාපන බලධාරීන්ට තෙරුණානම් ඇයි බන්දුල මහත්තයට ඕකතේරුම් ගන්න බැරි. මොකද කලින් ලංකාවේ විෂය නිර්දේශ වෙනස් වුණු වෙලාවල්වලදී විභාගතිබ්බෙ නැද්ද. හරි, ඊළගට ආයේ z-අගයන් වෙනස් කරලා ඊයේපෙරෙයිදා ප්‍රතිපල ආවනෙ. පේපර් බලලත් ඉවරනම්, තිබ්බෙ z-අගයන්වල අවුලක් විතරක්නම්, මෙච්චර දවසක් පරක්කු කර කර ඕක තියාගෙන මොන මගුලක්ද කළේ. දැන් විභාගෙට සතියක්තියල මෙන්න බොලේ ප්‍රතිපලේ වෙනස් වෙලා එනව, කලින් කැම්පස් එකට තේරිලා උඩ පැන පැනහිටපු එකාගෙ රෑන්ක් එක බර ගානකින් අඩු වෙලා කියල. දැන් ඉතින් කරපංකෝ සති දෙකෙන්ඒ-ලෙවල්. අවුරුදු දෙක හමාරක් තිස්සේ ඉගෙනගත්ත දේවල් සති දෙකෙන් පාඩම් කරන්නදකියන්නේ. අපේ ඇස්.බී. මහත්තය කියනව තුන්වෙනි සැරේ කරපු අයට හතරවෙනි සැරෙත් කරන්නදෙනවලු. අවුරුදු හතරාමාරක් විතර කට්ට කාගෙන තුන්වෙනි සැරේ විභාගෙ කරපු එකා කරයිහතරවෙනි සැරෙත්. මෙන්න අදහන්න වටින මිනිස්සු.ලංකාවේ ඉන්න අහිංසකදුප්පත් දරුවන්ගෙ දුක තේරුම් ගත්ත සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර කියන රත්තරන්මනුස්සයා, ඔබටත් මටත් ඔබේ දරුවටත් දායාද කරපු නිදහස් අධ්‍යාපනය නැති වෙන්න ඉඩ දීලනිකං ඔහේ බලන් ඉන්නද කියන්නේ. මේ ගැන මොකුත් නොකළොත් අද නොමිලේම අපි යන විශ්වවිද්‍යාලයටඔබේ දරුවාව ඇතුලත් කරන්න රුපියල් ලක්ෂ 35ක්වත් යාවි. දරාගන්න පුළුවන් වේවිද. සල්ලිකාරයන්ට නම් ඒක ගානක් නැතිවෙයි. ඒත් එතකොටඅර කපරාදු කරලවත් නැති බිත්ති හතරට මැදිවෙලා, මදුරුවො තල තල, කුප්පි ලාම්පු එළියෙන්පාඩම් කරලා විභාගෙ පාස් වෙච්ච දුප්පත් කොල්ලට මොකද වෙන්නෙ. ඌ පොල් කඩන්නද. කමක්නෑ, බැරිමනම් ඒකා පොල් කඩල හරි ජීවත් වෙයි. එතකොට අර උපාධියට මොකද වෙන්නෙ.සල්ලිකාර ලොකු ලොක්කන්ගෙ පුත්තු ටික පොරකාලා උපාධි ටික බෙදා ගනීවි. උන් ඒ.සී.කාමරවලට වෙලා සැප විඳ විඳ ඉඳියි. ඒ අතරේ ලෝකයක් වටින උඹලගෙ පොඩි එවුන් ටික උන්ටබැලමෙහෙවර කර කර ඉඳියි. ලංකාවේ හොඳම මොලගෙඩි ටික කැලේට පිපිලා කැලේටම පරවෙලා යාවි.කටවල් වහගෙන අත් දෙක බැඳගෙන ඔය විදියට බලාගෙන හිටියොත් නම්, සල්ලි වලට ඕනම ජරාවැඩක් කරන අපේ නායකයො “නිදහස් අධ්‍යාපනය” කියන මාණික්‍යය රට්ටුන්ට විකුණල දාන්නවැඩි කාලයක් යන එකක් නෑ. ඔය දැන් බොරුවට කෑගහනලොකු ලොක්කොත් ඔය පුටුවලට අවේ මේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගෙන නෙවෙයිද.උන්ට දැන් මුල අමතක වෙලා. තමන් කොහොම හරි කරලා ඉනිමග දිගේ ගහට බඩගා ගත්තනෙ.ඒගොල්ලෝ කරන්නෙ වෙන එකෙක්ට නගින්න ඉඩ නොදී නිදහස් අධ්‍යාපනය කියන ඉනිමග කපල දානවවගේ හෙණ ගහන අපරාධයක් නෙවෙයිද. ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලවලින් පටන් ගත්තුවිනාශය අද උසස් පෙලටත් ගෙනත් තියෙනවා. හෙට ඔය විනාශය අරන් එන්නෙ අපේ රටේ පොඩි උන්ටික යන ඉස්කෝල ටිකට වෙන්න බැරිද. ආදරණීය අම්මේ තාත්තේ, පොඩ්ඩක් හිතන්න. කවදාවත්පාරට බහින්නෙ නෑ කියන ඒකායන අරමුණේ හිටපු මොරටුව සරසවියේ අපි අද පාරට බැස්සෙ, මේගැන එක සැරයක් දෙසැරයක් නෙමෙයි දහ වතාවක්වත් හිතලා. අපේ රටේ බස් ස්ට්‍රයික් එකක්කළොත් පහුවෙනිදම ඒක සාකච්චා කරලා විසඳනවා. මොකද ඒ ප්‍රශ්නේ ඇති වුණු ගමන් ලංකාවේහැමකෙනෙක්ටම ඉක්මනටම ඒක දැනෙනවා. ඒත් මේ අර්බුදය තාම හරියට දැනිල තියෙන්නෙ ලංකාවේකොටසකට විතරයි. ඒ මේ අර්බුදය ඍජුවම දැනෙන ආචාර්යවරු, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍යශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට පමණයි. තවම මේ අර්බුදයේ වක්‍ර කොටස්කාරයින් වෙනසමස්ත ශ්‍රී ලාංකිකයන්ට මේක හරියට දැනිල නෑ. ඒක දැනුනානම් රජය මෙච්චර සෙල්ලම්දාන්නෙත් නෑ. අපිට ඔය පාට පක්ෂ භේද නෑ කියල අපි කියන්නෙ දැඩි වගකීමක් ඇතුවයි. අපිඅද ආවෙ දේශපාලන විරෝධතාවක නෙවෙයි. අපි ඉල්ලන එකම දේ රටේ විශ්වවිද්‍යාලවලට කරන මේඅපරාධය නවත්වන එකයි, රටේ අධ්‍යාපනයට සුරක්ෂිත අනාගතයකුයි විතරයි. ආදරණීය අම්මේ තාත්තේ, අයියේඅක්කේ, ඔබ මෙයට එකඟ වෙනවාද. ඔබ මේ ගැන දැනුවත් වී සිටියාද. ඔබේත් මගෙත් සමස්ත ශ්‍රීලාංකිකයින්ගේත් මේ අධ්‍යාපනික අර්බුදය ගැන, දැනුවත් වන්න. අන් අයදදැනුවත් කරන්න. එපමණක් නොව ක්‍රියාකාරී වන්න.).
BLOG
2012.07.31
http://efsuuom.blogspot.com/
සිසු අයිතිවාසිකම් ලබාගැනීමේ සාමකාමී උද්ඝෝෂණය...
EFSU UOM
සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නය සහ උසස් පෙළ සිසුන්ගේ Z Score ගැටළු වලින් රජය දිනෙන් දිනම නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටි.මෙම වැඩපිළිවෙලත් සමඟතව තවත් නිහඩතාවය රැක ගැනීමට අපොහොසත් වු මොරටු සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ හඬ අවදි වු අයුරුයි මේ.
BLOG
2012.03.03
http://efsuuom.blogspot.com/
අඛණ්ඩ වැඩ වර්ජනේ.................
EFSU UOM
ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න.................................... මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය."ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ.""පිස්සුද ඕයි." සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය."එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ.." දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත."ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි." කොල්ල ඉකි ගගහා අඬන්නට විය."මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ."පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය."එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද. අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”"ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද.""ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය."එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය. "නරක හීනයක්වත් දැක්කද." බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය."මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ.""පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ.""නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.“දඩෝරියා කොහෙටද යන්නේ.”“මැතිතුමා හම්බෙන්න කියලා සර්”“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”“උඹ මොකද ඒ පැත්තේ යන්නේ.” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”“ඔව් ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය. A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය."කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ."මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති."මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි...""ඒ කිව්වෙ."මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද.”දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා. “යන්න තියෙනව නම් කොච්චර එකක්ද.. ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්.”විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්.” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා. “ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ. මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ..... මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ.....”මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා."කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.“මොකක්.................”විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය. මතු සම්බන්ධයි.............නුවන් සුරත් එදිරිසුරිය.
BLOG
2012.02.17
http://efsuuom.blogspot.com/
විචාරශීලිව ඇත්ත දකිමු......
EFSU UOM
ගතවන මේ නිමේෂය වූ කලී ලාංකීය තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය සුවිශේෂී කඩඉමක් බව නොකිවමනාය. 1948 කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයක් ලෙස ඇරඹි නිදහස් අධ්‍යාපන සාර කෙතින් මුළු මහත් දිවයිනම විකසිතවුණු ඉතිහාසයක් අපට උරුමය. අද දින රට හමුවේ පවතින මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමය පිළිබඳව මතුපිටින් සිදුකරනු ලබන ඊනියා අතපතගෑමකින් එහාට ගිය පුළුල් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව එම ඉතිහාසය ඔබෙනුත් මගෙනුත් බලකර ඉල්ලා සිටින බව අතිශෝක්තියක් නොවන්නේ එබැවිනි.ඔබත් මමත් දන්නා පරිදි ඕනෑම ප්‍රස්තුතයක් සර්වකාලීන හෝ සර්වභෞම තත්වයන්ට අනුව විග්‍රහකිරීම හෝ විසඳුමක් දීම සෛධාන්තිකකව විනා ප්‍රායෝගික තලයේදී සිදුකළ හැක්කක් නොවේ. මතුව ඇති තත්වය විග්‍රහ කිරීමේදී පවා බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද්දා ගන්නා තැනක් බවට එය පත්ව තිබේ.ඒ වැරැද්ද හරහා ඇතම් විටක පරිකල්පන සීමාවෙන් ඉක්මවා ගිය, අනුභූතීන්ට භාජනය නොවූ සීමාවක් දක්වාම ඔවුන් මෙය විග්‍රහ කිරීමට කැන්ඳා ගෙන ගොස් ඇත. නමුත් මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප මෙම කාරණය ගැන කරන සාකච්ඡාව පවත්නා තත්ව හා රාමුව ගැන පුළුල් අවබෝධයක් හරහා සිදුකරනු ලැබූවකි.ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය වූ කලී අද වනවිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අයත් වන්නකි. ඒ අර්ථයෙන් බලූ කල රජය විශාල අවදානයක් අධ්‍යාපනයට යොමු කර ඇතැයි යමෙක්ට සිතෙනු පුළුවන. මෙවන් කාරණයක් හරහා බලාපොරොත්තුවන ඵලදායීතාව කෙසේ වෙතත් කිසිවකුත් වගකීමක් භාර නොගන්නා තත්වයකට පත්ව ඇති බවක් දැකගත හැකිය. මේ බෝල පාස් කරගැනීම මීට දින කිහිපයකට පෙරාතුව සිදු වූ උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව හරහා පැහැදිලිව දක්නට ලැබිණ. උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව මෙහිලා සාකච්ඡාවේ වැදගත්කම අප දකිනුයේ එය ලාංකීය තෘතික අධ්‍යාපනයේ ප්‍රවේශ දොරටුව වන බැවිණි. යමෙකුට ප්‍රවේශ දොරටුව බිඳ වැටෙන තැන ඉන් එහා ලෝකයක් ගැන සිතීමත් මිරිගුවක් නොවන්නේද.ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන සුපුරුදු ප්‍රමාදයෙන් එහාට ගිය දිග්ගැස්සුණු පමාවක් මෙවර දක්නට ලැබිණ. ඒ පිලිබඳ කරන විමසුමේදී බලධරයන්ගේ පිළිතුර වූයේ විෂය නිර්දේශ දෙකක සිසුන්ගේ z-score එකම අගයකට ගෙන ඒමට අවශ්‍ය “ජ්‍යාමිතික සූත්‍රය” තවම සකස් වී නොමැත කියාය. එය තිබුණේ නම් ප්‍රතිඵල හෙට වුවත් දිය හැකි යයි විටක කියවිණ. අවසානයේ ප්‍රමාදයේ වගකීම භාරවුණේ සූත්‍රයටය. සූත්‍රයත් විභාග කළ සිසුන් හැදිය යුත්තේ දැයි සිතෙන තරමට ප්‍රතිඵල ප්‍රමාද කරමින් දිගින් දිගටම සිසුන් අසහනයට පත් කෙරිණ. විෂය නිර්දේශ දෙකක සිසුන් විභාගයට මෙවර මුහුණ දෙන බවත්, එම දෙපිරිසටම එකම Z ලකුණක් දිය යුතු බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතින බවත් හඳුනාගත යුත්තේ මේ අවසාන නිමේෂයේද. මීට වසර ගණනාවකට පෙර මෙවන් තත්වයක් උද්ගතව තිබු බව හඳුනාගැනීමට අදාල බලධාරීන්ට නොහැකිවූයේ මන්ද. සතියක් ප්‍රමාද වී නිකුත් වූ ප්‍රතිඵලවල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුව මතුවන්නේ ඊළඟටය. රජය කුමකින් කුමක් පැවසුවත් රජයේ ඉතිරිව තිබු එකම විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුව තම විශ්වසනියත්වය නැමති සාධකය නිරුවත් කොට හමාරය. ඒ සාධකය තවමත් ඉතිරිව ඇත්නම් සොයාගොස් අපුල්ලා, නැවත පළඳා ගැනීමේ බැරෑරුම් අභියෝගය අද එම ආයතනය ඉදිරියේ ඉතිරිව ඇත. ප්‍රතිඵල කලට වෙලාවට නිවැරදිව ඉදිරිපත් නොවේ නම් වසර තුනක් පුරා දහසකුත් වේදනා විදිමින්, නිඳිවරමින්, රටට ලෝකයාට ණය වෙමින් උසස් පෙළ කිරීමේ ප්‍රතිඵලයක් ඇත්දැයි යන ප්‍රශ්නය අද ද්විතියික අධ්‍යාපනයෙහි හිණිපෙත්තට යන සිසුවා තුළ මතුව ඇත. මෙකී ප්‍රතිඵල හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වන සංදර්භයක මතුව ඇති තත්වයේ බරපතළකම වහ වහා රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත.රජය මගින් මෑත කාලිනව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත වෙන් කරමින් පවතින මුදල් ප්‍රමාණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් ඇත. වාර්ෂිකව වැඩි වැඩියෙන් මුල්‍යමය සහය අවශ්‍ය සංදර්භයක පසුගිය වසරේ මුදල් ප්‍රමාණයවත් ඊළඟ වසරට වෙන්කිරීමට උත්සුකව ඇති බවක් නොපෙනේ. වාර්ෂිකව වැඩිවන උද්ධමනය හමුවේ එම මුදල් ප්‍රමාණයෙන් සරසවි පද්ධතියේ නඩත්තු වලින් එහාට යාමට හැකි වේ නම් ඒ අහම්බයකින්ම පමණි.මෙවන් ක්‍රමෝපායන් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් (Knowledge Hub) කිරීමේ රජයේ ඊනියා අභිමතාර්ථ හා කෙසේ පෑහේදැයි අපට නොතේරේ.මේ මොහොත වන විටත් සරසවි පද්ධතියේ පීඨ ගණනාවක අත්‍යවශ්‍ය ගොඩනැඟිලි හිඟයක් පවත්නා බව නොරසකි. ප්‍රමාණවත් තරමට දේශනශාලා, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් නොදියුණු වූ අවස්ථා අනන්තවත් පෙන්වා දිය හැක. මේ අඩුපාඩු නැවත නැවත උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් අකැඹුලක් සේ දන්නා බැවිනි. ඒවාට අවශ්‍ය තරමින් ප්‍රයෝගික තලයේ විසදුම් නොදෙන කළ දැනුවත්කමින් ඇති ඵලක් නොමැත. සංවර්ධන හා පර්යේෂණාත්මක කටයුතු සඳහා පවතින නොහැකියාව මත බොහෝ පීඨ වලට සිදුව ඇත්තේ මීට දශක ගණනාවකට ඉහතදී තිබුණු දැනුම, ක්‍රමවේද සිසුන්ට ඉගැන්වීමටය.නමුත් වසර 4 කින් වැඩ ලෝකයට පිවිසෙන උපාධිධරයාට අත්දැකීමට සිදුවන්නේ එම යල්පැනගිය ක්‍රමෝපායන් නොවේද.මේ තත්වයන් වෙනස් වීමට දැන්වත් විසදුම් සෙවීමේ දැවැන්ත වගකීමක් රජය සතුය. අධ්‍යාපනයට වැයකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව පසක් කරගත යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ 5’ ක අවමයකට යටත්ව අධ්‍යාපනයට මුදල් ආයෝජනය කිරීමට අප කටයුතු නොකරද්දී, ඒ පිළිගත් ජාත්‍යන්තර සම්මත නම රැදී, ලෝකමට්ටමින් අපට වඩා අන්ත දුගී දුප්පත් රටවල් අපට වඩා මිලියන ගණනකින් මුදල් වෙන්කරන්නේ එය ආයෝජනයක් බව වටහා ගැනීමෙනි. රජය විසින් සිදුකරනු ලබන පුහු මාධ්‍ය සංදර්ශනාත්මක වැඩසටහන්, අතළොස්සගේ මන දොළ පිනවන, හරසුන් ව්‍යපෘති වලට කරනු ලබන බිලියන ගණන් ආයෝජන රාජ්‍ය සරසවි වලට කළ නොහැක්කේ මන්දැයි අපට නොතේරේ. රජය විසින් මෙම තත්ත්ව හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියම් යෙදිය යුතුය.විටෙක රජය විසින් නිර්ලජ්ජිත මඩ ප්‍රහාර එක පිට එක එල්ල කළද විශ්වවිද්‍යාල පද්ධතියේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයයි.අද වන විට සමස්ථ සරසවි පද්ධතියටම අඩු ගුරු හිඟයකින් පිඩාවට පත්ව හමාරය.ඇතැම් පීඨවල අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයවත් නොමැතිකමින් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත. තව තවත් ආචාර්යවරුන් කැන්දාගෙන එම වෙනුවට ඉතිරිව සිටින ආචාර්යවරුන්ටත් පල නොකියා පළා බෙදන අයුරක් දක්නට ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට මේ දක්වා ස්ථිරසාර පිළියමක් ලැබී නැත. විදේශගත වීම හරහා වඩාත් සුඛිත මුදිත දිවිපෙහෙතක් ලැබිය හැකිවුවද ඔවුන් එම පහසු තීරණයට යනු වෙනුවට ලක් මවට සේවය කිරීමට අභිලාෂයෙනි. නමුත් ඔවුනට හිමි නිසි ගරුත්වය ලබා දීම රජයේ මුලිකම වගකීමකි. ඔවුන්ට පර්යේෂණ සඳහා , වැඩිපුර අධ්‍යයනයට තිබු කාලය පවා අද මුදල් ඉපයීමට වෙන්කිරීමට ඔවුනට බලකර ඇත්නම් ඉන එහාට කවර නම් කතාවක්ද. මෙම තත්වය වහවහා වෙනස්ව ගොසින් කතාවෙන් ක්‍රියාවෙන් ඔවුනට නිසි ගරුත්වය ලබාදෙන වටපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.අද වන විට රැකියා විරහිත උපාධිධරයන් ගණන 45,000 ක් දක්වා වැඩිව ඇත. එක වසර සිට සරසවියේ සිව්වැනි වසර තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දී රැකියාවක්ද රජය විසින් ලබා දිය යුතු යැයි අපි විශ්වාස නොකරන්නෙමු. නමුත් උපාධිධරයන් මෙතරම් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටීම හරහා පවත්නා විෂය නිර්දේශය හා උපාධියේ සැකැස්ම කොතරම් දුරට පවත්නා සමාජ ආර්ථික තත්ත්වයට ගැලපේදැයි විචාරශීලිව විමසීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. විශ්වීය නව ප්‍රවණතාවන්ට අනුකුලව එමෙන්ම ලාංකීය මුද්‍රාව සහිතව විෂය නිර්දේශ නිරන්තරයෙන් යාමත් කාලින කළයුතුය. මේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනුම උද්ගතව ඇති ප්‍රශ්න අතරින් අතලොස්සක් පමණි. පෞද්ගලික විශ්වවිද්‍යාල පණත කඩිමුඩියේ ගෙන ඒමට පෙරාතුව නැවත නැවත මෙම කරුණු විශ්ලේෂණාත්මක විමසා බලා කල්යල් නොයහම නිසි පිළිතුරු ලබාදීම කළ යුතුමය.පංචාල් අබේසිංහ.
BLOG
2012.02.13
http://efsuuom.blogspot.com/
ENGINEERING...
EFSU UOM
...
BLOG
2012.02.10
http://efsuuom.blogspot.com/
උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම
EFSU UOM
ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා උනේඅද දෙනවා හෙට දෙනවා කියල අනේදෙනවා කියල පැය ගාණක් පමා උනේදුන් ප්‍රතිඵලත් මේ මොනවද අවුලක්නේඑකෙක් කියයි උඹට වඩා මම දක්ෂයිrank එකෙන් කිව්වානම් ඒක සැකයිඒ නම් මදැයි තව දේවල් සිද්ධ උනයිකලා කරපු උන් ගණිතෙත් පාස් උනයිකාටත් සැකයි දැන්නම් මේ ප්‍රතිඵලය සැවොම කියයි වරදිලු දිස්ත්‍රික් අගයකාටත් හොරා නැතුවම කිසි කලබලයජාලෙන් යළිත් මතුවුනි නව ප්‍රතිඵලයදෙවන වරත් දුන් ප්‍රතිඵල නිම වුයේ තව එක් බසක ප්‍රතිඵල නෑ හමු වුයේපේපර් බලන්නට යැව්වද රුසියාවේඑහෙ කොම්පියුටරෙත් කැඩිලද වගේ අපේ පායේකොහොමද එකතු කලෙ දෙරණින් ප්‍රශ්න කලාකැරකුනි කොමා 360 කුත් එකක් කලාපත් අට එකට සිඳ අරගෙන මෙව්වා කලා ඇයි වැරදිද මම ඒ දෙක එකතු කලාප්‍රතිඵල අවුල දැන අප මහ රජාණෝදැමු කොමිසමේ උප කුලපති තුමාණෝවිමසා බලා වූ සැම කාරණාවෝකොම්පියුටරේ වරදකි කිසි සැකක් NOඋප කුලපති පත් කළේ සිසු ඡන්දෙන්දඔහු පත්කළේ ජනපති බව දන්නැද්දඑහෙව් කොමිසමක විනිවිද බව නැද්දඇහුවේ පේන හොරාගේ අම්මාගෙන්දමට බැරි දේ වයිමට කළ හැකි උනිදඑහෙව් මෙමට ගණ දෙවියොත් කජ්ජක්දප්‍රතිඵල ගැන සිසු පැමිණිලි නැගුනාදකියයි බන්දු මැති සබේ දාගෙන සද්දකිවත් ඇමති ප්‍රතිඵල හරි දැකුම්කලුමානව හිමිකමේ පෙත්සම් ගොඩ වේලුමෙවන් බසට ගැමි වහරේ කිව්වාලුමුව නරි වදන් රෙදි පල්ලෙන් බේරේලුජීවන මීගහගේ6 කණ්ඩායම - ඉංජිනේරු පීඨය.
BLOG
2014.10.01
http://mrishans.blogspot.com/
தலைப்பற்ற தாய்நிலம் - ஜூனியர் விகடன் விமர்சனம்
M.RISHAN SHAREEF
06.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.com/2014/06/21/168227/#sthash.
BLOG
2014.09.03
http://mrishans.blogspot.com/
'With You, Without You' - திரைப்பட இயக்குனர் ப்ரசன்ன விதானகேயுடன் ஒரு நேர்காணல்
M.RISHAN SHAREEF
4pt 0in 5.
BLOG
2014.03.03
http://mrishans.blogspot.com/
எங்கும் சொல்லப்படாத மௌன மொழிகளின் கண்ணீர்
M.RISHAN SHAREEF
null
BLOG
2014.01.15
http://mrishans.blogspot.com/
பெண்மனதின் அரூப யுத்தம் 'அம்மாவின் ரகசியம்'
M.RISHAN SHAREEF
null
BLOG
2014.10.09
http://cyberyaya.blogspot.com/
පැටියා | මේ ඔබේ ද මගේ ද කතාවයි...! (විදෙස් සිත්තරාගේ සිතුවම් සමගින්)
බුද්ධි
දවසක් චාලි මුදලාලිගේ ඌරු කොටුව පැත්තෙන් කෙහෙල් කොටුව ට යන අතරේ අපි දැක්කා ඌරු කොටුව ගාව තිබුනු සලකුණු වගයක්. ඒවා ලොරියක රෝද වලින් ඇඳුනු ඒවා. සිමෙන්ති බැම්මෙන් ඌරු කොටුව බැඳලා තිබුනට මොකද ඒ අසබඩ නිතරම තෙත බරිතවයි තිබුනේ. ඒ නිසා ලොරියේ බරට රෝද වල සලකුණු පොලොවේ සටහන් වෙලා තිබුනා. රෝද, මඩත් එක්ක කළවමට තිබුනු පසට කිදා බැහැලා. ඒ නිසා මඩ, රෝද වල සීමාව දෙපැත්තේ නැවතුනු මුහුදු රැල්ලක් වගේ උඩට ඉස්සිලා තිබුනා. ඇතුලට තල්ලු වුනු පස් තට්ටුවේ, රෝද වල කට්ට රටා උඩට මතුවෙලා තිබුනා. ලොරිය හරවන්න උත්සහ කරද්දි රෝද පාරවල් එක පිට එක ගිය තැන් ඇරුණම, මේ මොස්තර කෙනෙක් හිතා මතා අඹපුවයි කියලා හිතෙන තරමට පිලිවෙලට තිබුනා. ඒ ලොරියේ රෝද පාරවල් ඌරු කොටුව පැත්තේ ඉදලා චාලි මුදලාලිගේ ගෙවල් පහුකරගෙන වත්ත හරහා ප්‍රධාන ගේට්ටුව පැත්තට ඇදිලා ගියා. ඌරු කොටුව අසබඩ වැවිලා තිබුනු දවල් කුමාරි මල් ගස් වලින් සමහරක් ඒ රෝද පාරවල් වලට අහුවෙලා තැලිලා. දවල් කුමාරි මල් වල පෙති නටුවෙන් ගැලවිලා අවට විසිරිලා. කාලෙකින් ලොරියක් ඒ පැත්තට ආවේ නැති නිසා නිදහසේ රැදුනු දිය සීරාවයි, පොහොර රසයි උරාගෙන සාරෙට හැදීගෙන ආපු තණකොල ගස් රෝද පාරවල් වලට අහුවෙලා. ඒවා රෝද සළකුණු වලින් හෑරුණු සමහර තැන් වලට කාන්දු වුනු මඩ වතුරේ, විසිරිලා ගිය දවල් කුමාරි මල්පෙති එක්ක පාවුනා. ඒ රෝද පාරවල් දැක්ක හැටියේ අපිට කවදත් මතක් වෙන්නේ පැටියා ව. පැටියා කියන්නේ තමුන්ගේ කෑම වේලට ඕනම වෙලාවක සබන් කෑල්ලක් දෙකක් එකතු කරගන්න කැමති ජාති ඌරු පැටියෙක්. පිලිවෙලක් ඇතුව කතාව කියනවා නම් ඒක පටන් ගන්නේ මෙහෙමයි. එකෝමත් එක දවසක අපි මේ වගේම චාලි මුදලාලිගේ කෙහෙල්කොටුව පැත්තට යද්දි එයාලගේ ඌරු කොටුව පැත්තෙන් විලාප සද්දයක් ඇහුනා. මීට කලින් අපි ඌරන්ගෙන් එහෙම සද්දයක් අහලා තිබුනේ නෑ. අපි යන්න ආපු ගමන පැත්තක දාලා ඒ පැත්තට දිව්වා. සද්දේ ‍‍බොහොම තියුණු එකක්. ළඟට ගිහිල්ලා බලද්දි අපි දැක්කා චාලි මුදලාලිගේ පොහොර ඊරි ට පැටව් ලැබෙන්න යන විත්තිය. එයා ඒ වේදනාවෙන් හොඳටෝම හෙම්බත් වෙලා. හැබැයි තාම පැටව් කව්රුත් ලැබිලා නෑ. ඒත් වේදනාව හොඳටෝම දරුණු වෙලා. එයා දිහා බලන්නත් දුකයි. ඒ පාර අපේ කව්රු හරි කෙනෙක් මෙහෙම ඇහැව්වා.''දැන් අපි මොකද කරන්නේ.......''''අපි චාලි මුදලාලිට කියමු....." ''පිස්සු ද කාටවත් කියන්න එපා.... මෙතෙන්ට වෙලා වෙන දේ බලාගෙන ඉමු..." ඒ කුමාර.''ඊරි පව්. අපි කාගෙන් හරි උදව් ඉල්ලමු......''''පිස්සුද, කව්රු ආවත් කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉන්නවා මිසක්.... මොකද ඉස්පිරිතාලේ අරගෙන යන්නද. නිකං ඉන්ඩ..... කාටහරි කිව්ව හැටියේ ඒ මිනිස්සු මුලින්ම කරන්නේ අපිව මෙතනින් පන්නන එක.... පිරිමි අපිට ළමයි හම්බෙන හැටි බලන්න හොඳ නෑ කියලා.... මම දන්න හින්දනේ කියන්නේ......‘'''ඔයා මීට කලින් ඌරටන්ට පැටව් හම්බෙනවා දැකලා තියෙනවද.''''නැතුව..... බලා ඉන්ඩකෝ.... ආය මේ සම්මජ්ජාතියේ අපිට හිතලා බලන්ඩ බැරි දෙයක් ඔය......" මිනිහා එදා පාර ගණන් උස්සලා කතා කලා.''එහෙම ද......'' අපි මිනිහට තැන දීලා මිනිහගේ කීම අනුගමනය කරන්න හිතුවා. ඌරු අම්මට පැටව් ලැබෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ දිහා බලාගෙන ඉන්න කාටත් ඒක තේරුම් යන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. ඌරු අම්මා කෑගහන සද්දෙට අපේ ඇඟවලුත් සීතල වෙලා හිරි වැටෙනවා. එයා දැන් තමුන්ගේ පළවෙනි දරුවා බිහි කරන්න හොඳටම කිට්ටු වෙලා කියලා අපිට දැනෙන්න ගත්තා. ඔන්න තවත් ටික වෙලාවකින් ඌරු අම්මා එයාගේ පළවෙනි දරුවා බිහි කලා. ඒක එයාට කොයිතරම් වේදනාකාරී දෙයක් ද කියලා අපි දැක්කා. ඒත් ඒවා වචන වලට පෙරලන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. දැන් මෙයා ඌරෙක් වුනත් අම්මා කෙනෙක්. ඒ කොහොම වුනත් තමන්ගේ උත්පත්තිය ඌරු පැටියට නම් අන්තිම ත්‍රාසජනක අද්දැකීමක් වෙන්නැති. ඒ මොකද මෙච්ච්චර කාලයක් තෙතමනයෙන් පිරුණු අඳුරු ගුහාවක් අස්සේ ඉඳලා හිටි අඩියේ ඉර එළිය වැටුනු, හුළං හමන පරිසරයකටයි එයා පාත්වුනේ. මුලින් මුලින් එයාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනා වගේ. අපි එහෙම හිතුවා. ඒත් ඒ සිතුවිල්ල එච්චර වෙලා අල්ලලා හිටියේ නෑ. මිනිහා මහපොළවට වැටුන හැටියේ බැලුමකින් හුළං යද්දි වගේ කීස් කීස් ගාලා සද්දයක් පිට කලා. ඊලඟට තමන්ගේ කකුල් වලින් හිටගන්න බැලුවා. ඔන්න ඇඳගෙන වැටුනා. ඊලඟට ආයිම. එදා පාර කකුල් වෙව්ලලා වෙව්ලලා කොහොමහරි එයා සමබර වුනා. ඊලඟට මිනිහා අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බා. හරියට වෙරි වුනු මිනිහෙක් වගේ. එයා චූටි දෙයක වැදුනත් ඇදගෙන වැටුනා. ඇවිදිනකොට හැමතැනම විසිවුනා. ඊලගට තව අඩිදෙකක් ඉස්සරහට ආවා. ඇඳගෙන වැටුනා. ඒත් උත්සාහය අත ඇරියේ නෑ. ආයෙත් දණිපනි ගාලා නැගිටලා එයාගේ ඉලක්කෙට ගියා. එයා ගියේ ඌරු අම්මා ලඟට කිරි බොන්න. එයා ජාති ඌරු පැටියෙක්. අපේ නංගිලාට‍ තමා ඉපදිලා අවුරුදු ගාණක් ගිහිල්ලත් හරියකට කකුල් දෙකෙන් අඩි දෙක තුනක්වත් ඇවිදගන්න බැරිවුනේ. ඒකට මෙයා. ඉපදිලා මොහොතයි ගතවුනේ එයාගෙම කකුල් දෙකෙන් ඇවිද්දා. ඒ විතරක් ද එයා තනියෙම හොයාගත්තා කිරි බොන්න යන්න ඕන ඉසව්ව. ඊලගට පුරුදු කාරයෙක් වගේ අම්මගේ උණුසුමට ගුලිවෙලා කිරි බොන්න ගත්තා. හරියට බූල් පිරුණු රෝස පාට බෝලයක් වගේ. එයාගේ ඇඟ තාමත් තෙතමනයෙන් පිරිලා. ඒ හින්දා සමහර බූල් පෙගුණු පාපිස්සක් වගේ එකට ඇලිලා. හැබැයි මිනිහට ඒකේ වගේ වගක් නෑ. මිනිහා තමුන්ට මේ ලෝකේ කරන්න තියෙන එක ම රාජකාරිය අම්මගෙන් කිරි බීමයි කියලා හිතල දෝ අනිත් සේරෝම දේවල් අමතක කරලා තමුන්ගේ වැඩේ කරගෙන ගියා. ඒත් එයාට ඒක ලේසි වුනේ නෑ. ඒ මොකද එයාගේ සහොදර සහෝදරියෝ තාම මඟ. ඉතින් ඌරු අම්මා තමුන්ගේ ඊලඟ පැටියා ලැබෙන්න යද්දි මුල ම වතාවෙදි වගේ වේදනාවෙන් පිරුණු තියුණු සද්දයක් පිට කලා. ඒ එක්ක ම මුලම ඌරු පැටියගේ තවත් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ ලෝකේ එළිය දැක්කා. ඊලගට එයාලත් අර වගේම දණිපනි ගාලා නැගිටලා විසිවෙවී ඇවිල්ලා අම්මගෙන් කිරි බොන්න ගත්තා.අපි මේ සේරෝම ටික ඌරු කොටුව වටේ හදපු ගල් පිළිම වගේ බලාගෙන හිටියා. ඊලඟට කුමාර කට ඇරියා.''දැන් තමා පරිස්සං වෙන්ඩෝන...... ඊරි‍‍ට යටවෙලා පැටව් මැරෙන්න පුලුවන්. ඌ එහාට මෙහාට දඟලද්දි. කකුලට එහෙම පෑගුනොත් ආය එතනමයි.....''''එහෙනං අපි දැන් චාලි මුදලාලිට කියමුද.''''ඔහොම ඉන්ඩ, දැනට එහෙම දෙයක් වුනොත් අපිට පුලුවන් ඊරිගෙන් පැටියා බේර ගන්න..... සේරෝම පැටව් හම්බුනාට පස්සේ අපි කියමු..... එතකොට එයාලා ඇවිල්ලා ඊරිව වෙන් කරයි."''ඒ කිව්වේ......""ඒ කිව්වෙ ද, ඊරිගෙන් පැටව් කිරි බීලා ඉවර වුනාම රෑට එහෙම ඊරිව වෙන් කරලා තියෙන්නේ..... එතකොට නින්දෙදි යට වෙයි කියලා බය වෙන්න දෙයක් නෑනේ.... මහ රෑ පැටව් කිරි ඉල්ලලා කෑ ගැහුවොත් ආයිමත් පැටව් ඉන්න කොටුවට දායි......" කුමාර ඌරෝ ගැන කියවෙන පාඩමක් උගන්වන ගුරුවරයෙක් වගේ හිතට අරගෙන කිව්වා. තවත් ටික වෙලාවක් යද්දි හැම දේම ඉවරවුනා. අපි ජීවිතේ පළවෙනි වතාවට ඌරු පැටව් මේ ලෝකේට එන හැටි දැක ගත්තා. ඌරු අම්මා එතන ඇලවෙලා මහන්සි අරින්න ගත්තා. පැටව් සේරෝම එකා පිට එකා වැටිලා කිරි බිව්වා. එයාලා කෝච්චියට පරක්කු වෙලා ටිකට් කන්තෝරුව ළග පොර කන මිනිස්සු වගේ පොර කෑවා. "සේරෝම දාහතයි." හැමතැනින් ම මතුවුනු කකුල් තියෙන රෝස පාට බෝල ටික ගණන් කරපු කුමාර කිව්වා.ඔය විදිහට දවස් දෙක තුනක් ගත වුනා. ඒ දවස් වල ඉස්කෝලෙන් පස්සේ අපේ ප්‍රධාන රාජකාරිය මොකද්ද කියලා ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවසක් අපේ දැනමුත්තා කුමාර, කාලයක් තිස්සේ හොය හොය හි‍‍ටපු යමක් හමුවුනා වගේ ඔලුව වැනුවා. ඊලගට "හරි" කිව්වා. ඒ පාර අපි සේරෝමලා කලබල වුනා."හරි කිව්වේ......" අපි කුමාරගෙන් ඇහැව්වා. ඔන්න මිනිහා හිතට ගත්තා.''අර පොහොර එකා ගාව ඉන්න අනිත් පැටියා පේනවා නේද." අපි හැමෝම පොහොර වැටුනු ඌරු පැටියා ලඟ ඉන්න අනිත් කෙනාව හෙව්වා. අපි දැක්කා අම්මගෙන් කිරි බොන තරගෙන් පැරදිලා පැත්තක ඉදගෙන කිරි සුවඳට ඉව අල්ලන කෙසඟ ඌරු පැටියෙක්."ඔව්" අපි කිව්වා."ඒ තමයි දුරුවලයා .''''ඒ කිව්වේ ." ''ප‍ට්ටිය ලොකු නං ඔහොම එකෙක් දෙන්නෙක් හිටිනවා......" ''ඒ කිව්වේ....." අපි ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහැව්වා. ඒ පාර කුමාර ලොකු කතාවක් තේරුම් කරන්න හරි බරි ගැහුනා.''ඒ කිව්වෙද........, මිනිහා තමයි මේ පැටවුන්ගේ දුරුවලම පැටියා...... අර බලන්ඩ මිනිහට කිරි බොන්න තැනක් නෑ. සේරෝම ටික අනිත් පැටව් අයිති කරගෙන. සමහර විට මිනිහා වෙන්නැති දාහත්වැනියා. මිනිහා හම්බෙලා කිරි බොන්න එද්දි අයියලා අක්කලා සේරෝම ටික අයිති කරගෙන. ඉතින් මිනිහා මුල ම දවසේ ම දුරුවල වෙන්නැති..... ඔය විදිහට ගිහිල්ලා ‍අන්තිමේ මිනිහගේ ඇඟට හරි හමන් විදිහට කිරි වැටුනේ නෑ...... මිනිහා කිරෙං බාල වුනා. ඉතින් මිනිහට බෑ තමුන්ගේ ම සහෝදර සහෝදරියෝ එක්කලාවත් සටන් කරලා බඩ පිරෙන්න කිරි ඩිංගක් බී ගන්න.''ඔන්න අපිට හැමදේම පැහැදිලි වෙන්න ගත්තා. මීට කලින් වතාවල් වලත් චාලි මුදලාලිගේ හරක් පට්ටිය බලා කියාගෙන ඉන්න විල්බට් මාමා මේ විදිහට ඌරු පැටව් ලැබිලා දවස් දෙක තුනක් ගත වෙද්දි කෙසඟ ගැහිලා තමුන්ගේ ජීවිතේ අත ඇරුණු ඌරු පැටව් අරගෙන යනවා වල දාන්න. බාග වෙලාවට මේ ඉන්නේ ඒ වගේ දුරුවල එක්කෙනෙක් වෙන්න ඇති. ඊලඟට අපි කල්පනා කලේ මේ කෙසඟයට තමුන්ගේ දුක්බර ඉරණමෙන් ගැලවෙන්න මොනවා හරි උදව්වක් කරන්න පුලුවන් ද කියලා. ඒත් හිතලා බලද්දි මිනිහ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ. ඒ මොකද මිනිහගේ සරීරේ දුරුවල කම නැති කරගන්න නම් කොහොම හරි බඩකට පුරා කිරි බොන්න ඕනෑ. කිරි බොන්න නම් ලොකු තරගයක් දෙන්න ඕනේ. තරගයක් දෙන්න නම් ඇගපත හයිය තියෙන්න ඕනේ. ඇඟපත හයිය වෙන්න කිරි බොන්න ඕනේ. ඉතින්..... අපි උනත් ඔය වගේ වෙලාවක අසරණ වෙනවා. ඒ මොකද ප්‍රශ්ණය රවුමක් වුනාම කොණක් හොයාගන්නේ කොහොමද. ඉතින් මිනිහට සිද්ද වෙන්නේ තමුන්ගේ බඩගින්නෙන් පිරුණු දුක්බර අවසානය එනකල් බලාගෙන ඉන්න විතරයි. කල්පනා කරලා බලද්දි මේක අන්තිම අසාධාරණයි. කිසිම දෙයක් නොතේරෙන ‍තොත්ත බබෙක් කොහොමද තමුන් වෙනුවෙන් සටන් කරන්නේ. ඒකට හොඳ උදව් කාරයෙක් ඉන්නම ඕනේ. ඔහොම කල්පනා කරද්දි තමයි හැම දෙනාව ම පුදුමය ට පත් වෙන විදිහේ ජාති අදහසක් මගේ ඔලුවට පාත් වුනේ. ‘‘අපි මෙයාව චාලි මුදලාලිගෙන් ඉල්ලා ගමු..... ඊට පස්සේ අපි ඌට අපේ කිරි පංගුව දීලා හදා ගමු“ ඒ පාර කවුරුත් නිහඬ වුනා. ඇත්තටම අපිට ඌරු පැටියෙක් හදා ගන්න පුලුවන්ද. එයා රෑට කොහෙද ඉන්නේ. පොඩිම කාලේ අම්මගේ උණුසුම නැතිව වෙන මොනවා ලැබුනත් වැඩක් තියෙයිද. ඊලගට ඔය වගේ ප්‍රශ්ණ ගොඩකට අපිට උත්තර හොයන්න වුනා. ලොකුම රාජකාරිය ඒක නෙමෙයි. මේ අරුම පුදුම අදහස අපි චාලි මුදලාලිට කියන්න ඕනෑ. ඊලඟට චාලි මුදලාලි ඒ අදහසට කැමති වෙන්න ඕනේ. හරියට අපි කැමති හීනයක කොටසක් වගේ. දවසක් උදේ වරුවක විල්බට් මාමා ඌරන්ට කෑම දාන්න යන වෙලාවක් බලලා අපිත් ගියා ඒ පැත්තට. චාලි මුදලාලිත් තමුන්ගේ අලුත් ම ඌරු නඩේ දැක බලාගන්න හිත සන්තෝසෙන් ඒ පැත්තට ගාටනවා. ඊලඟට බොහොම වැදගත් විදිහට චාලි මුදලාලි ට අපේ යෝජනාව ඉදිරිපත් කලා. ඒ පාර චාලි මුදලාලි හොඳට කල්පනා කලා. එයා විල්බට් මාමා දිහා බැලුවා. විල්බට් මාමා මෙහෙම කිව්වා,“දීලා දාන්ඩ මුදලාලි මහත්තයා.... ඕකා කොහොමත් දුරුවලයා.....“ ඒ පාර චාලි මුදලාලි ආයිමත් කල්පනා කලා. “හරි එහෙමනං මේ ළමයි පැටියට කන්න බොන්න දීලා හදා ගන්නකෝ...... හැබැයි එකක්. රෑට එහෙම ඔය තැන්තැන්ඔල පැටියා තියාගන්නෑ, ඒකට අම්මගේ උනුහුම ඕනෑ... තේරුනා ද.“ චාලි මුදලාලි බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා. චාලි මුදලාලි ඒක මොන විදිහට කිව්වත් අපිට වැඩක් නෑ. ඒ මොකද මේ කතාව ඉවර වුනේ කටවචනෙන් හරි ඌරු පැටියා අපිට අයිතිවෙලා. මේ කතාබහ මෙච්චර ලේසියෙන්, මෙච්චර සරළව අවසාන වුනු එක ගැන අපි කව්රුත් පුදුම වුනා. ඒත් අපිට පුදුම වෙන්න ඊට වඩා වටිනා කාරණයක් තිබුනු හන්දා චාලි මුදලාලිගේ අරුම පුදුම තීරණය අපිට කිසි වැදගැම්මකට නැති වචන ටිකක් වුනා.කොහොම හරි ඒ උදේ වරුවේ දුරුවලයගේ අයිතිකාරයෝ වෙන්න අපිට පුලුවන් වුනා. මුල ම දවස් වල මම නංගිගේ පරණ කිරි බෝතලෙන් එයාට කිරි පෙව්වා. මහ පාන්දර නැගිටලා දෙවැට පැනලා චාලි මුදලාලිගේ ඌරු කොටුවට යනවා. ඊලඟට දුරුවලයා හොයාගෙන හා පැටියෙක් ව වගේ අපේ කුස්සිය ගාවට ගේනවා. ඊලගට සූප්පුවෙන් කිරි පොවනවා. මුලම දවස් වල එයා කිරි බොද්දි එයාගේ හොස්ස දිගේ බෙල්ලට කිරි බේරුනා. ඉතින් එයා අපිට තනියෙම බැන බැන කිරි බිව්වා. බනින්න හේතුවක් නැතිනම් පොඩි ළමයෙක් වගේ තනියෙම කියව කියව කිරි බිව්වා. අපි මිනිහට නමක් යොජනා කරන්න ලෑස්ති වෙද්දි මිනිහා දන්නෙම නැතුව පැටියා කියන නමට හුරු වෙලා තිබුනා.ටික දවසක් යද්දි මහ පාන්දර මම ඌරු කොටුවට යන එක නතර කලා. ඒ වෙනුවට කුස්සිය පිටිපස්සට ගිහිල්ලා, චාලි මුදලාලිගේ වත්ත පැත්ත බලාගෙන “පැටියා...............“ කියලා කෑ ගැහුවා. මොහොතකින් මිනිහා අඳුර අතරින් මතුවෙලා අපේ කුස්සිය ගාව නැවතුනා. තවත් ටික කාලයක් යද්දි මම පැටියා කියලා කෑ ගහන එකත් නතර කලා. ඒ මොකද මම පාන්දර නැගිටලා බිත්ති වල වැදි වැදී කුස්සියට එද්දි මිනිහා ඊට කලින් දොර ළඟ හිටගෙන අම්මා එක්කලා බර කතාවක. ඊලඟට අපිට සිද්ද වුනා මිනිහට බර ආහාර දෙන්න. හැබැයි නංගිලාට කෑම කවන රාජකාරිය තරම් ඒක අමාරු වුනේ නෑ. ඒ මොකද මිනිහා කොයි වෙලාවේ බැලුවත් හිටියේ බඩගින්නේ. කුමාරලා වසන්තලා එයාලගේ ගෙවල් වල කෑම වල ඉතුරු බිතුරු මල්ලක දාගෙන අපේ ගෙදර ගෙනාවා. අපි ඒවා වී කුඩු එක්ක අනලා පැටියට දුන්නා. හැබැයි එහෙමත් දවස් වලට රසවත් කෑම මුකුත් හොයා ගන්න බැරි වුනාම අපි මිනිහට වී කුඩු විතරක් වතුරේ දිය කරලා දුන්නා. එදාට තමා සෙල්ලම. මිනිහා කෑම කොරහට ඉව කරලා බලලා හොම්බෙන් කෑම භාජනේට ඇනලා ඒවා හලලා දැම්මා. ඊලගට පිම්මේ දුවන්න ගන්නවා. ඒ මොකද මිනිහා දන්නවා කෑම හලපු හැටියේ අපෙන් හොඳවයින් අහගන්න වෙනවා කියලා. කොයික වුනත් එයා සූප්පුවෙන් කිරි බොන එක නවත්වන්න කැමති වුනේ නෑ. ඒත් අපිට පුලුවන්ද හැමදාම කිරි දෙන්න. ඊලඟට අපි තේ වතුර දුන්නා. මිනිහා අපූරුවට බිව්වා. “අන්න බලන්ඩ වෙනස.......“ අපි තේ වතුර බොන පැටියව වැඩිහිටියන්ට පෙන්වලා ගිරව් දෙන්නගේ කතාව මතක් කරලා දුන්නා. මිනිහට අපිව කොච්චර විශ්වාස ද කිව්වොත් ඌරු කොටුව ට කෑම දාන වෙලාවට ඒ පැත්තවත් නොබලා අපේ ගෙදර දුවගෙන ආවා. අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න වෙලාවට කෑම දෙන රාජකාරිය කලේ අම්මා. “වැඩ නැතුවට වැඩ.....“ අම්මා පැටියා කන දිහා බලාගෙන ආදරෙන් කියනවලු. අම්මා ට පවරපු වැඩ කටයුතු හරියාකාරව කෙරෙනව ද කියලා බලා ඉදලා, හවස් අතේ වාර්තාව ඉදිරිපත් කලේ නංගි. ඔන්න ඔය විදිහටයි ඌරු පට්ටියේ හිටපු දුරුවලම ඌරු පැටියා තමුන්ගේ දුරුවලකම හන්දම වාසනාව පාදගත්තෙ.ටික කාලයක් යද්දි එයා ජාති ඌරු පැටියෙක් වුනා. මිනිහගේ කැමති ම අතුරුපස වුනේ සබන්. එලියක පහලියක සබන් කෑල්ලක් දැක්කොත් එයා ඒක කොයිකටත් කියලා කටට දෙකට කාලා දැම්මා. සමහර දවස් වලට සබන් කෑලි වල අයිතිකාරයෝ අපිව හොයාගෙන තැපැල් කන්තෝරුවට ආවා. මම එයාලව කුමාරලාගේ ගෙදරට පිටත් කලා. කුමාර එතකොට කියනවලු, “ඌරු පැටියා අපේ නෙමෙයි චාලි මුදලාලිගේ“ කියලා. එතකොට සබන් අයිතිකාර කට්ටිය සබන් කෑල්ලක් වෙනුවෙන් මේ හැටි නැහෙන්න බෑ කියලා කරබාගෙන යන්න යනවලු. ඒ වගේ අත්වැරදීම් වුනත් පැටියා පුංචි බලු පැටියෙක් වගේ හුරතල්. හැබැයි බලු පැටව් වගේ සෙල්ලම් දාන්න පුලුවන් ඇඟක් එයාට නෑ. ඉතින් එයා කකුල් තියෙන බෝලයක් වගේ අපේ පස්සෙන් පැන්නුවා. මිනිහට පොඩ්ඩ ඇත්නම් මහන්සියි. ඒක හන්දා ටිකක් දුවලා හතර ගාතේ දාලා බිම වැටුනා. ඒ වෙලාවට අපි මහන්සිය නැති වෙලා යන්නත් එක්කලා පරණ ඉදලක් අරගෙන මිනිහගේ ඇඟ පිරිමැද්දා. ඔහොම ඉන්න දවසක කුමාර මිනිහා ගැන මහා පුදුම හිතෙන කතාවක් කිව්වා මෙන්න මෙහෙම,“දෙයියෝ සාක්කි, මූ ඌරු පැටියෙක් නෙමෙයි, ඊරි පැටියෙක්......“ අපිත් වටවුනා. බලාගෙන යද්දි ඒ කතාව ඇත්ත කියලා අපිට වැටහුනා. ඉතින් ඔය විදිහට පැටියා, ඇත්තටම නං පැටික්කි - ගැටිස්සියෙක් වෙලා, ලමිස්සියෙක් වෙලා එයාගේ කල වයස හරි යන්නත් ඒ හැටි කාලයක් ගියේ නෑ. ඒත් ඔය කාලේ වෙන කොට චාලි මුදලාලිගේ ඌරු වරිගේ හොඳ නාම්බෙක් හිටියේ නෑ. ඒක නිසා පැටික්කිට හොඳවයින් සහකාරයෙක් හොයා දෙන වැඩේ බාර වුනේ පට්ටි නැන්දට. පට්ටි නැන්දගේ ඇත්ත නම ඇග්නස්. නම මොකක් වුනත් නැන්දා රස්සාවට කරන්නේ එයා ගාව ඉන්න ඌරූ නාම්බන්ට, ගමේ ඉන්න නාම්බෝ නැති ඊරියන්ව ජෝඩු කරන එක. ඒ හිලව්වට එයා අලුත් ජෝඩුවට ලැබෙන මුල ම පැටව් මුරෙන් එක පැටියෙක් හිලව් කර ගත්තා.එක දවසක් චාලි මුදලාලිගේ ගෙදරටත් පට්ටි නැන්දා ආවා. ඊලගට එයා අපේ පැටික්කිගේ බෙල්ලට කඹයක් දාලා ඌරු ගැටෙන් තද කලා. ඒ ගැටේ ට එයාගේ බෙල්ල හිර වෙන්නේ නෑ. අපි මේ හැමදේම බලාගෙන හිටියා. අපි පට්ටි නැන්දව අල්ලගෙන පැටික්කි ගැන සේරෝම විස්තර කිව්වා. පැටික්කිත් කට ඇරගෙන සේරෝම අහගෙන හිටියා. ඊලඟට නැන්දා, "හැබෑද." කියලා පුදුම වුනා. ඊලගට “පුංචි මහත්තුරුන්ට බයවෙන්ඩ දෙයක් නෑ..... පැටික්කිව මම ඊටත් හොඳට බලාගෙනයි ආයිමත් එවන්නේ....“ කියලා අපිට පොරොන්දු වුනා. ඒ එක්කම අපේ ඔලුවේ තිබුනු බරක් අඩුවෙලා හිත ඩිංගක් සැහැල්ලු වුනා. ඊලඟට පැටික්කිව බැඳලා තිබුනු කඹය ගත්තු පට්ටි නැන්දා, “හා යමං කෙල්ලේ එහෙනං.......“ කියලා එයාලගේ ගෙදර යන්න පාරට බැස්සා. ඔය විදිහට ඉපදුනු දා ඉදලා අපිත් එක්ක හිටපු පැටික්කි පට්ටි නැන්දා එක්ක පිට වෙලා ගියා.එයා ඒක කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයි කියලා අපි හැමොම දැනගෙන උන්නා. ඒ මොකද පට්ටි නැන්දා එයාව පාරට කැන්දන් ගිය හැටියේ එයා කඹයේ අනිත් කෙලවරේ ඉන්න පට්ටි නැන්නදවත් ගැස්සිලා එන විදිහට පස්සට ඇද්දා. ඇයි එයා පොඩි කාලේ ඉදලා හොඳට කිරි බීලා හැදුනනේ. ඉතින් පට්ටි නැද්දා “අම්මද බොල.....“ කියලා කඹය ඇදලා අල්ලා ගත්තා. අන්තිමේ කොහොමහරි නැන්දා එයාව එක්කගෙන ගියා. ඔය ගිය ගමන පැටියා ආපහු එන්නේ තවත් මාස ගාණක් ගත වුනාට පස්සේ. එයා අම්මා කෙනෙක් වෙන්න මුල ම ලකුණු පහල වුනාම. ඒ ගැන හොඳ හැටි අද්දැකීම් නැන්දට තිබුනා. ඔය විදිහට මාසයක් හමාරක් ගත වෙලා ගියා. මෙන්න දවසක් නැන්දයි පැටියයි පාර කෙළවරේ ඈතින් මතුවුනා. පැටියා බඩ දරු අම්මා කෙනෙක් වගේ බොහොම නැත්පත් ලීලාවෙන් නැන්දා පස්සෙන් ආවා. මේ මීට ටික දවසකට කලින් අපිත් එක්කලා දුවලා පැනලා සෙල්ලම් කරපු පැටිය ද කියලාත් අපිට හිතුනා. එයා ඒ තරමට සන්සුන්. බොහොම පරිස්සම්. ටික දවසක් යද්දි එයා හොඳටෝම වෙනස් වුනා. එයා හොඳටම විමසිලිමත් වුනා. කව්රු දිහා වුනත් සැකෙන් බැලුවේ. කාටවත් එයා ලඟට කිට්ටු වෙන්න දුන්නේ නෑ. කෑම දෙන විල්බට් මාමටවත්. අපිට නම් එහෙම නෑ. ඒත් ඉස්සර වගේ එයා සෙල්ලමට ආවෙත් නෑ. ඒ මොකද එයා දැන් බඩ දරු අම්මා කෙනෙක්නේ. ඔය විදිහට තවත් කාලයක් ගත වුනා. දවසක් අපි ඉස්කෝලේ ඇරිලා එද්දි එයා පැටව් ගොඩක් වටකරගෙන හිටියා. අර මුලම වතාවේ අපි එයාව දැක්කා වගේ. ඌරු පැටව් අපි වගේ නෙමෙයි. එයාලා ගොඩක් කෑම කාලා ඉක්මනට ලොකු වුනා. තව ටික දවසක් යද්දි පැටව් තනියෙම කෑම කෑවා. පැටවුන්ගේ අම්මා, ඒ කියන්නේ අපේ පැටියට, හරි විදිහට නම් පැටික්කිට පොඩි විවේකයක් ලැබුනා. ඉතින් එයා නිදහසේ කල්පනා කරන්න ඇති. එයාට පරණ දේවල් මතක් වෙන්නත් ඇති. ඒ මොකද දවසක් දා එයා ආයෙත් අපේ මිදුලට ආවා. ඇවිල්ලා හතර ගාතේ දාලා වැටුනා. හැමෝම කල්පනා කලා මේ මොකද කියලා. ඒත් මම මොකටද ඒ ගැන කල්පනා කරලා කාලේ නාස්ති කරන්නේ. මම දුවලා ගිහිල්ලා මගේ පරණ ඉදලා ගෙනල්ලා පැටික්කිව පිරිමැද්දා. ඊලඟට හැමෝටම තේරුනා එයා බලාපොරොත්තු වුනේ ඒ දේම තමයි කියලා.එයා බිම පෙරලිලා ඉන්න කොට අපිට මුල ම දවස් වල එයා මහන්සියට මේ විදිහට වැටිලා හිටපු හැටි මතක් වුනා. එතකොට එයා හොඳටම තරුණයි. ඉදල් කොටේ එයාගේ ඇඟ මතුපිට දිව්වා. හැබැයි දැන් එයා ඉස්සර වගේ නෙමෙයි. එයාගේ තරුණ කමට, සවි ශක්තියට තිබුනු ඇඟ දැන් නෑ. හරියට වතුර පුරෝපු සිලි මල්ලක් වගේ එයාගේ ඇඟ බුරුල් වෙලා. ඒ මදිවට මුලු ඇඟේ ම මඩ. ඇඟ හැමතැනම එයාගේ ලේ උරා බොන පරපෝෂිතයෝ පිරිලා. ඒක දැකපු නංගි දුවලා ගිහිල්ලා එයාගේ සෙල්ලම් ගෙදර තිබුනු පරණ පනාවක් ගෙනල්ලා පැටියව පීරන්න ගත්තා. පැටියගේ ඇඟේ වහලා හිටිය පරපෝෂිතයෝ පනාවට බේරිලා ආවා. එයාට නින්ද යන තරම් සැහැල්ලුවක් දැනෙන්න ඇති. “මේ වගේ ඌරෙකුයි, මේ වගේ ළමයි ටිකකුයි නම් මම කවදාවක් දැකලා නෑ......“ මේ දිහා බලාගෙන හිටපු තාත්තා එහෙම කියාගෙන ගෙට දුවලා ගිහිල්ලා එයාගේ යසිකා කැමරාව උස්සගෙන ආවා. තාත්තා කැමරාවේ ක්‍රෑන්ක් එක පස්සට ඇද්දා. පැටියා ඒ සද්දෙ මොකද්ද කියලා එක කනක් උස්සලා බලලා ආයිමත් නිදා ගත්තා. තාත්තා ක්ලික් ගාලා පොටෝ එකක් ගත්තා. ඔය විදිහට ඉඩ ලැබුනු හැම වෙලාවකම පැටියා අපිව හොයාගෙන ආවා. අපි සෙල්ලම් කලා. තාත්තා පොටෝ ගත්තා. ඇයි මොන දේ සිද්ද වුනත් එයයි අපියි හොඳම යාලුවෝ නේ. අනික එයාට හොඳ හැටි මුල මතක ඇති.එක දවසක් අපි ඉස්කෝලේ ගිහිල්ලා එද්දි චාලි මුදලාලිගේ වත්ත පැත්තේ එකම ගාලගෝට්ටියයි. අපි ඒ පැත්තට දිව්වා. ටවුමේ ඉදලා ලොරියක් ඇවිල්ලා ඌරු කොටුව ගාවට. මුණවල් බිලිං ගෙඩි වගේ ඉදිමුනු මිනිස්සු ටිකක් ලොරියට ඌරෝ පටවනවා. කලබල වෙලා කොටුවෙන් පනින ඌරන් ගැන බලාගත්තේ එයාලා එක්ක ආපු වේලුනු මූණවල් තියෙන බල්ලෝ. උන් ඕන ම දෙයක් එක පාරින් අල්ලගන්න පුලුවන් තියුනු දත් විලිස්සගෙන කොටුව දිහා බලාගෙන උන්නා. අපි අපේ පැටියව හෙව්වා. එයත් මේ කලබගෑනියට මැදි වෙලා යටිගිරියෙන් කෑ ගහලා උදව් ඉල්ලමින් උන්නා. අපිට මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා. අපි දුවගෙන ගියා ඈත ඉඳලා මේ දිහා බලාගෙන ඉන්න විල්බට් මාමා ලඟට. විල්බට් මාමා අපි දිහා බැලුවෙ නෑ. “ඕවා ඔහොම තමා..... කවද්ද ළමයිනේ ඌරෝ වයසට ගිහිල්ලා මැරිලා ගියේ.......“ විල්බට් මාමා ඈත බලාගෙන කිව්වා.ඒ වෙනකොට අර මිනිස්සු පැටව් ඉතුරු කරලා මහ සත්තු ටික ලොරියට පටවලා ඉවරයක් කලා. අපේ පැටියත් ඒ අස්සේ හිර වෙලා හිටියා. මේ වෙන සේරෝම දේවල් දිහා චාලි මුදලාලි පැත්තකට වෙලා බලාගෙන හිටියා. ලොරියේ ආපු මනුස්සයෙක් චාලි මුදලාලි ගාවට ගිහිල්ලා ගණන් කරලා සල්ලි මිටියක් එයාගේ අතේ තිබ්බා. චාලි මුදලාලි ඒක තමුන්ගේ උඩ සාක්කුවේ දා ගත්තා. ඊ ලඟට අර මනුස්සයා ලොරියට නැග්ගා. එක්ක ම ලොරිය ඇද්දුවා. අපේ පැටියා, හරි විදිහට නම් පැටික්කි අපි දිහා බලාගෙන හිටියා. එයාට හොඳටම මහන්සියි. ඒ වගේ ම බයයි, වේදනාවයි. එයා අන්තිම මොහොත වෙනකල් එයාගේ යාලුවෝ ගැන විශ්වාස කරගෙන ඉන්න ඇති. මේක හරිම අසාධාරණයක්‍. ඒත් පැටික්කිටවත් අපිටවත් ඒ ගැන කියන්න කව්රුත් හිටියේ නෑ. පැටික්කි එයාගේ ළමයින්ව යි අපිව යි දාලා ඈතට ගියා. එයා ඈතට යනකල් අපි දිහා බලාගෙන හිටියා.ඔන්න ඔය විදිහට පැටියගේ කතාව ඉවර වුනා. දවසේ ඉතුරු ටික කලින් ම අඳුරු ට එකතු වුනා.______________________ඊලගට පහුවෙනිදා ට ඉර පැව්වා. අපි දන්නෙම නැතුව තවත් දවස් ගෙවිලා ගියා. පැටික්කිගේ පැටව් ලොකු වුනා. ඒ අයත් පැටව් බිහි කලා. පැටික්කි මේ ලෝකෙට ආපු දවසේ වගේම, ඒ අය අතරෙත් සුද්දෝ, රත්තෝ, කල්ලෝ, පොහොර පැටව් වගේ ම දුරුවලයොත් හිටියා. ඒත් ඒ හැමෝම අපි නොහිතන විදිහට එළඔ‍ෙන අඳුරු දවසක ටවුමෙ ඉදලා එන ලෝරියෙ ඉන්න මිනිස්සු අරගෙන ගියා. ඒ ලොරියේ රෝද පාරවල් ඌරු කොටුව පැත්තේ ඉදලා චාලි මුදලාලිගේ ගෙවල් පහුකරගෙන වත්ත හරහා ප්‍රධාන ගේට්ටුව පැත්තට ඇදිලා ගියා. ඌරු කොටුව අසබඩ වැවිලා තිබුනු දවල් කුමාරි මල් ගස් වලින් සමහරක් ඒ රෝද පාරවල් වලට අහුවෙලා තැලුනා. දවල් කුමාරි මල් වල පෙති නටුවෙන් ගැලවිලා අවට විසිරුනා. කාලෙකින් ලොරියක් ඒ පැත්තට ආවේ නැති නිසා නිදහසේ රැදුනු දිය සීරාවයි, පොහොර රසයි උරාගෙන සාරෙට හැදීගෙන ආපු තණකොල ගස්, රෝද පාරවල් වලට අහුවුනා. ඒවා රෝද සළකුණු වලින් හෑරුණු සමහර තැන් වලට කාන්දු වුනු මඩ වතුරේ, විසිරිලා ගිය දවල් කුමාරි මල්පෙති එක්ක පාවුනා.................................- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා. පසුවදන - මීට අවුරුදු ගණනාවකට කලින් පැටියා නැමැති ඌරු පැටියෙක් කෙහෙල්කොටුවේ චූටි මහත්තයලා සමඟ මිතුරු වී සිටි බව කියන්නට දැනට ඇති එකම සාක්ෂිය මේ පින්තූරය යි. මේ පින්තූරය වසර ගණනාවක් තිස්සේ හොයන අතරතුර තාත්තාට ම හමුවුනා. පින්තූරය ලබා දුන්නේ තාත්තා. තාත්තාට ස්තුතියි.
BLOG
2014.08.25
http://cyberyaya.blogspot.com/
කරාටි කාරයෝ !
බුද්ධි
කාලෙක ඉදලා මට නිවුනු මිනිහෙක් වෙන්න ඕන කමක් ඇවිල්ලා තිබුනා. දවසක් මම ඒක කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා. ඒ කල්පනාවේ අන්තිම ටික හැදුනේ මෙහෙමයි. මම නිවුනු මිනිහෙක් වෙන්නේ කොහොමද. ඔහොම කල්පනා කරගෙන යද්දි මට මතක් වුනේ තාත්තව. තාත්තත් නිවිලා. ඒ කොහොමද. අපේ තාත්තා කරාටි කලුපටි කාරයෙක්. ඔය වගේ ශිල්පයක් දන්න කවුරුත් හොඳටම නිවුනු අය. මොකද ඒ අය කැලේ ඉන්න සිංහයෝ වගේ. කාටවත් බය නෑ. කාටවත් කරදරේකුත් නෑ. කරදරයක් ආවොත් එයාලා දන්නවා ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ. මටත් නිවුනු මනුස්සයෙක් වෙන්න ඕනෑ වුනේ ඔය කාරණාව හන්දම තමයි. ඒ කිව්වේ මටත් ඕනෑ කරාටි කලු පටි කාරයෙක් වෙන්න. මම දවසක් තාත්තට කිව්වා මාවත් තාත්තගේ කරාටි පංතියට ඇතුල් කරගන්න කියලා. තාත්තා කිව්වා ගෝරි වලට පැටලෙන්නෙ නැතුව නිවුනු මනුස්සයෙක් වගේ ඉවසීම ඇතුව හරියට මාසයක් හිටියොත් සලකලා බලන්නම් කියලා. මම මාසයක් කොහොම හරි නිවුනු මිනිහෙක් වගේ ඉන්න තිරණය කලා. ඒ මොකද මට ඕනෑ වුනේ කොහොමහරි තාත්තගේ කරාටි පංතියට ඇතුල් වෙලා හොඳ අඩියක් දෙකක් ඉගෙන ගන්න. ඊලඟට බැරියැයි ඉහල පංතිවලින් එන අරියාදු වල දි හරි කොහේවත් යන ගෝරි මගේ ඇඟට පාත් වෙද්දි හරි හොඳ අඩව්වක් අල්ලන්න. එදා ඉදලා මමත් උත්සහ කලා කොහොම හරි නිවිලා ඉන්න. ඒත් අමාරුම රාජකාරියත් ඒකයි. ඒ මොකද කරදරයක් ආපු හැටියේ ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ මට කල්පනා වෙන්නේ ටිකක් පහුවෙලා. එතකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. මට ඕනේ ඒ වැරැද්ද පුලුවන් ඉක්මනට හදා ගන්න. අපි නිකමට හිතමු, ඉස්කෝලේ පාපන්දු තරගයක් පැවැත්වුනත්, ළමා දිනයක දී වුනත්, අඩුම ගානේ පැහැදිලි කාරණාවක් දන්නෙම නැතුව වුනත් අපිට ගෝරි වලට පැටලෙන්න වෙනවා. ගෝරියකට පැටලුනාම කාට ඇන්නද, කාගෙන් ගුටි කෑවද කියලා කව්රුත් දන්නේ නෑ. උදාහරණයක් හැටියට අපේ යාලුවෙක් පණ එපා කියලා දුවගෙන ඇවිල්ලා කියනවා, “ආං.... පිට්ටනියේ ගොරියක්.... දුවමු....“ කියලා. ඒ වෙලාවට අපි එතෙන්ට දුවනවා. හෝදිසි කරලා බලද්දි එතන හොඳටම ගුටිකන පැත්තේ ඉන්නේ අපේ යාලුවෙක් වෙන්න පුලුවනි. නැත්තම් අපි කාලෙක ඉදලා වාඩුව ගන්නේ කොයි වෙලාවෙද කියලා හිත හිතා හිටපු ඉහල පංතියක ළමයෙක් වෙන්නත් පුලුවනි. ඔය කොයික වුනත් ඊලගට වෙන්නේ අපිත් ඒ ගෝරියට ම පැටලෙන එක. හරි ඔය කිසිම දෙයක් නොවුනා කියමු. ඒත් මොකක් හරි කල්පනාවක් දාගෙන ඉස්කෝලේ ඇවිදින වෙලාවක අපි දන්නෙම නැතුව තවත් ළමයෙක්ගේ ඇගේ වැදුනා. එතකොට ඒ ළමයා අහයි “ඇයි ගණන්ද, ඉලක්කන්ද .‘‘ කියලා. අපි ‘‘ඉලක්කං‘‘ කිව්වොත් ඒකේ තේරුම අපි එයාගේ ඇගේ වැදුනට සමාව ඉල්ලලා සිංහයෙක් ඉස්සරහා බලු වුනු කැණහිලෙක් වගේ එතනින් අයින් වෙන්න ලෑස්තියි කියලා. අපි ‘ගණං‘ කිව්වොත් ඒකෙන් කියවෙන්නේ වරද කාගේ වුනත් හොඳ පණ යනකල් ගණන්කාරයෝ වගේ ගුටි ඇණගන්න ලෑස්තියි කිව්වා කියලා. කව්රුවත් නැති තැනක් නම් අපිට ‘‘ඉලක්කං‘‘ කියලා ජාමේ බේරාගත්තැකි. ඒත් අපේ යාලුවෝ හරි පංතියේ ගෑණු ළමයි හරි අහල පහල ඉන්න වෙලාවක මේ වගේ අලකලංචියක් වුනොත් අපි කොහොමද කටක් ඇරලා ‘ඉලක්කං‘ කියන්නේ. වීරයෙක් වගේ ‘‘ගණං හලෝ ඇයි මොකද.‘‘ කියලා පපුව ඉස්සරහට දානවා මිසක්.මම නිවුනු මිනිහෙක් වගේ ඉන්න තිරණය කරපු එක ගැන යාලුවොත් පුදුම වුනා. මොකද ඒ අය දන්නේ නෑ මේ නිවිච්ච කම ඇතුලේ තියෙන්නේ මොන තරම් භයානක දෙයක් ද කියලා. කොහොමහරි මාසයක් ඉවර වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි හරි වැඩක් වුනා. ඒ ඉස්කෝලේ පටන්ගන්න සීනුව ගහපු වෙලාව. අපි රැස්වීමට යන්න පෝලිම හැදි හැදි හිටියේ. මම මුලින්ම ගිහිල්ලා පෝලිමේ හිටගත්තා. එතකොට මට කලින් ඉන්නේ පංති නායකයා විතරයි. ඒත් මෙන්න ඉහල පංතියේ ජයවීර ඇවිල්ලා මට ඉස්සරහින් හිටගත්තා. මම ඇහැව්වා ඒ මොකද්ද කලේ කියලා. මිනිහා කියනවා පරක්කු වෙලා පෝලිමට එන්න වුනු නිසා එයාලගේ පංතියේ අය එයා දාලා ගියාලු. අද තියෙන්නේ මහ රැස්වීම නිසා තනියෙම ගියොත් අහුවෙනවලු. ඒ හින්දා අපේ පංතියත් එක්ක ගිහිල්ලා එතනදි එයාලගේ එකට පනිනවලු. මම කිව්වා එව්වයින් වැඩැක් නෑ. මමයි අපේ පංතියේ පෝලිමේ නායකට පස්සේ ඉන්න පළවෙනියා. ඒක නිසා ඕනෙම නම් අපේ පංතියේ පෝලිමේ අන්තිමට යන්න කියලා. මෙන්න මිනිහා කියනවා ‘‘මම පස්සට යන්නේ නෑ....... පුලුවන් දෙයක් තියෙනවා නම් කරනවා‘‘ කියලා. මම කොහොමහරි සමාදානෙන් මේ ප්‍රශ්නෙ විසඳන්නයි හැදුවේ. කොහෙද ජයවීර ආවෙම ගොරියට. ඔන්න ඔය වෙලාවෙයි අපේ පංතියේ අනිත් සගයෝ ටික මට උදව්වට මගේ වටේ රොක් වුනේ. ඒත් ජයවීර තනියම. ඒ අස්සේ ගෑණු ළමයි අපිට රවන්න වුනා. මොකද මේ වගේ ගොරි නිසා පංතියට වෙන අවනම්බුව හන්දා. ඒත් මම තව ඉවසුවා. ඒ මගේ නිවුනු කම නැතිවෙලා යන හන්දම නෙමෙයි. ජයවීර එක්ක ගෝරියට පැටලුනාම ඒවට ලැබෙන විපාක අපි කව්රුත් හොඳ හැටි දන්න නිසා.ජයවීර කියන්නේ එයාගේ පංතියේ ඉන්න වැඩිමල් ම ළමයා. හරියට බැලුවොත් එයා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න අනිත් අයට වඩා වැඩිමල්. ඒ එයා පංති අසමත් වෙලා හන්දා නෙමෙයි. ජයවීරගේ දෙමව්පියෝ එයාව ඉස්කෝලේට බාරදීලා තියෙන්නේ පරක්කු වෙලා හන්දා. අනික ජයවිරගේ අතපය යකඩ වගේ හයියයි. එකක් කෑවත් හොඳ ගණන්. ජයවීරලාගේ තාත්තා කරන්නේ පොල්කටු පුච්චන එක. සති අන්තයේ ජයවීරයි එයාගේ තාත්තයි කරත්තෙ බැඳගෙන යනවා පොල්කටු හොයන්න. පොල්කටු ගෙවතුවලින් හොයලා, ඒවා ගෝනි වල අහුරලා, ඒවා කරත්තයට පටෝලා, ගෙදර ඇවිල්ලා ඒවා කරත්තෙන් බාලා, ආයිමත් පොල්කටු පුච්චලා, ඒවා ගෝනි වලට දාලා දාලා ම ජයවීරගේ අතපය යකඩ වගේ හයිය වෙලා තිබුනා. ගෝරියට යන කව්රුත් ජයවීරට අත උස්සන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්නේ ඒකයි. ඉතින් මම කියලා ඒකේ වෙනසක් නෑ.ඔය දේවල් හිතන්න මට මොහොතයි ගියේ. ඒත් ජයවිර හිතුවේ වෙන දෙයක්. ඉතින් මිනිහා ‘‘මොකද මට රවන්නේ.....‘‘ කියාගෙන මගේ කොලර් එකෙන් අල්ලන්න ආවා. මගෙත් සීමාව පැන්නා. මම හිතුවා දෙකෙන් එකක් මෙතනදි ම බේරගන්නවා කියලා. ජයවීරටත් ඕනේ මට හොඳවයින් දෙකක් ඇනලා කෙරුමා වෙන්න. මට අකමැත්තෙන් හරි මගේ නම්බුව වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වුනා. මෙතන ඉන්ඩ තිබුනේ අපේ තාත්තා. එහෙනම් එයා හැබෑවටම දුක්වෙයි. ඒ මොකද තමුන් කලුපටි කාරයෙක්. ඒ වුනත් තමුන්ගේ පුතාගේ ඉල්ලිම තමුන් කල් දැම්මා. ඒ තීරණය හන්දා වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ගේ ම පුතාට. දැන් ගෙවල් ගානේ ගිහිල්ලා පොල්කටු අහුලන තාත්තා කෙනෙක්ගේ පුතෙක් කරාටි කාරයෙක්ගේ පුතෙකුට හොම්බෙන් යන්න දෙන්නයි යන්නේ. හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ ඒ ගැන පසුතැවිලා වැඩැක් නෑ. ඉතින් මම ඊලගට කරන්න ඕන දේ ගැන කල්පනා කලා. සාමාන්‍යයෙන් අපි ගොරියක් පටන් ගන්න යද්දිම කරන්නේ සතුරා ව මානසිකව වට්ටන එක. එතකොට සතුරා කොච්චර හයිය හත්තිය තියෙන කෙනක් වුනත් ව්‍යාකූල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සැලසුම් කරලා ගෝරි දාගන්නවා නම් අපි සතුරව මානසිකව වට්ටන්න පටන් ගන්නේ සෑහෙන කාලෙකට කලින් ඉඳලා. බාග වෙලාවට ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩත් අමතක වෙනවා.මේ වෙලාවේ මටත් ඉතිරි වෙලා තිබුනේ සතුරව මානසිකව වට්ටලා කරන දෙයක් කරන්න ගන්නයි. මම පැන්න ගමන් ජයවීර ව තල්ලු කලා ගෑණු ළමයි ඉන්න පැත්තට. මාසයක් තිස්සේ නිවි නිවී හිටපු මිනිහෙක් එක පාරට එහෙම කරයි කියලා කව්ද විශ්වාස කරන්නේ. ඉතින් මිනිහා මේස පුටු පෙරළගෙන මහ සද්දයක් දාගෙන ගිහින් පෙරලුනේ නැතැයි ගෑණු ළමයිගේ දෙපා මුල. ගෑණු ළමයි ඒ අයගේ ගවුම් කකුල් අස්සෙ ගහගෙනම පස්සට පැනපි. නිකනුත් නෙමෙයි, “මේ වරත්තු කොල්ලෝ.....“ කියාගෙන. ඇයි ඒ අයට කලින් ම තරහා ගිහිල්ලත්නෙ තිබුනෙ. ගෑණු ළමයින්ගේ දෙපාමුල හතරගාතේ දාලා වැටිලා ඉන්න එක තරම් ලැජ්ජාවට කාරණයක් මේ ලෝකේ තවත් තියෙනවද. මිනිහට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. මට මිනිස්සු දෙන්නෙක්ගේ හයියක් ආවා ඒක දැකලා. අපේ පංතියෙ ළමයි ‘‘ඉවරයක් කරලා දාන්ඩ ඔය පුස් චන්ඩියාව.....“ කියලා බෙරිහන් දුන්නා. මම දත් විලිස්සගෙන කෑ ගහගෙන පැන්නා මිනිහා පැත්තට. ඊලගට වැටිලා ඉන්න මිනිහගේ කඳ දෙපැත්තට කකුල් දාලා හොඳ පොල් අඩි පාරක් මුණටම දෙන්න හිතුවා. එතකොටම මට සිහිවුනේ තාත්තා කරාටි පංතියේ අයියලා අක්කලාට දීපු උපදේශයක්. ඒ ගෝරියක දී වැටිලා ඉන්න සතුරෙක් ගාවට යන්න කලින් දෙපාරක් හිතන්න කියන එක. ඒ මොකද බිම වැටුනට නියම සතුරෙකුට ඒ අවස්ථාව ඇති අපිට හිතාගන්න බැරි විදිහේ හානියක් කරන්න හොඳ සැලැස්මක් හදා ගන්න. මිනිහා බිම වැටිලා හිටියට එයා අපට වඩා ස්ථාවරයි. අපි මිනිහට ගහන්න කිට්ටු වෙද්දි අපේ සමබරතාවය බිදින්න කොහොමත් මිනිහට ලේසියි. මොහොතක් ඇතුලත මේ සිතුවිලි සේරම මැවිලා නැති වුනා. ඒ එක්කම තාත්තගෙ කතාව ඇත්ත කරලා බිම වැටුනු ජයවීර එයාගේ ලැජ්ජාවයි, තරහයි දෙකම එකතු කරලා දුන්නැද්ද මට දෙදරන්න. ඒ පාර වැදුනේ විලිස්සගෙන හිටපු මගේ දත් වහල්ලට. මට දැනුනා උඩු ඇන්දේ කෘන්තක දත් දෙකයි, රදනක දත් දෙකයි සද්දෙ වැඩි කරපු ස්පීකරයක් වගේ රැව් දෙනවා. මම හිතුවා දැනටමත් දත් වහල්ල සංගීත ප්‍රස්තාරයක් වගේ පාවෙලා ගිහිල්ලා බිත්තියේ තියෙන කාල සටහනේ වැදිලා බිම වැටිලත් ඇති කියලා. ඒත් එහෙම වුනේ නෑ. දත් ටික සේරම එක පාර හිරි වැටිලා හැමදේම දෙක ගානේ පේන්න වුනා විතරයි. ඒ එක්කම රැස්වීමට පිටත් වෙන සීනුව ගැහැව්වා. කව්දෝ කට්ටියක් අපිව දෙපැත්තට කලා. හොඳ වෙලාවට.අපි ආපහු පේලි හැදිලා මහ රැස්වීමට ගියා. රැස්විම අතරතුර ළමයි අතර කසු කුසුවක් ගියා. මම නිකමට ජයවීර දිහා බැලුවා. මෙන්න ජයවීරගේ කකුල දිගේ ලේ වැක්කෙරනවා. මිනිහා මගේ දත් වහල්ලට ඇන්න වෙලාවේ දත් පාර වැදිලා මිනිහගේ මැද ඇඟිලි දෙකේ හම ඉරාගෙන ගිහිල්ලා. එතනින් ලේ ගලනවා. ලේ ගලන අත ජයවීර තමුන්ගේ සාක්කුවට දාගෙන හිටියා. ඒ මේ සිද්ධිය ගුරුවරුන්ගෙන් වසන් කරන්න. සාක්කුවෙන් බේරුනු ලේ කකුල දිගේ වැක්කෙරුනා. මට කලන්තේ හැදෙන්න ආවා. ඇයි මිනිහගේ ලේ හොලවලා තියෙන්නේ මමනේ. අනික මිනිහා කැමති නෑ මේ වගේ සිද්දි ගුරුවරු ලඟ කිය කියා කාලේ නාස්ති කරන්න. ඒ වෙනුවට තමන්ට දෙයක් වුනානම් ඒකේ වාඩුව තමන් ම ගත්තා වෙලාවක් බලලා. ඕවා මතක් වෙද්දි මට උණ ගැනෙන්න වගේ ආවා.ඊලඟට අපේ පංති දෙකට ම වැඩ අධික කාලයක් ආවා. ඒ මොකද ඉහල පංතියේ වීරයාට හොඳටම වැදිලා. ඒ හන්දා ඒ අය එයාලගේ නැතිවුනු අභිමානය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙනවා. අනිත් අතට අපේ පංතියේ අහිංසකයෝ ටික හොඳටම උඩ ගිහිල්ලා. මම අපට වඩා අවුරුදු තුනක් වැඩිමල් කොල්ලෙකුට ලේ දාන්න ගහලලු. ඒක ලේසිපාසු සෙල්ලමක් නෙමෙයිලු. කවදාවත් අමතක වෙන්නෙත් නෑ ලු. ඒකනේ මම අහිංසකයෝ කිව්වේ. එයාලා ඇත්ත දන්නවනම් සේරෝම කණපිට. මොකද ජයවීරගේ අතින් ලේ ආවේ මගේ සැලැස්මකට නෙමෙයි, මිනිහගේ පාර අහම්බෙන් මගේ දත්වහල්ලේ වැදුන හන්දා. ඒක කව්රුත් දන්නේ නෑ. තව පොඩ්ඩෙන් සේරම දත් ටික මගේ බඩේ. මේ හැමදෙනාටම වඩා කාර්යබහුල වුනේ ඔත්තුකාරයෝ. සමහරු ඉහල පංතිය අපිට විරුද්ධව කරන සේරම සැළසුම් අපේ කනේ තිබ්බා. වැඩේ නැගලා ගියෙ දෙපැත්ත කන අය හින්දා. ඒ අය ඇවිලෙන ගින්නට අගේට පිදුරු දැම්මා. අපි කොයි වෙලාවේ මූණට මූණ හමුවෙයි ද දන්නෙ නෑ කියලා පංති දෙකේ ම පිරිමි ළමයින්ට හිතවත් ගෑණු ළමයි බයවුනා. ඒ අය ‘‘සේරම දේවල් අමතක කරලා දාන්ඩලාකෝ. කොච්චර පොඩි දෙයක්ද ඔය දිග්ගැස්සිලා තියෙන්නේ....“ කියලා අපට උපදෙස් දුන්නා. එහෙම කියද්දි අපි තවත් ඉදිමුනා. අපි වීරයෝ කියලා හිතුනා. අපිට ඇත්ත කතාව අමතක වුනා.හැබැයි තනිපංගලමේ මේ ගැන දිගින් දිගටම කල්පනා කරද්දි මගේ තුණටිය පණ නැතුව ගියා. මට මැවිලා පෙනුනා රැවුලයි කොණ්ඩෙයි වවාගෙන හිර කූඩුවක තමුන්ගේ අතීතය මතක් කරලා දුක්වෙන හිරකාරයෙක්. මේ දේවල් තාත්තට ආරංචි වුනු හැටියේ මගේ ලකුණු සේරෝම ටික කැපිලා යනවා. ඒ මොකද මට නිවිලා ඉන්න කියාපු කාල සීමාව ඇතුලෙ ම මේ වගේ අපරාධයක් කරපු එකට. ඉතින් මට කොයිපැත්තෙන් වත් ගැලවිල්ලක් නැති බව තේරුනා. ඒ වෙලාවට මගේ මූණෙ වෙනස දැකපු කුමාර, ‘‘ඔයා කිසි දේකට බයවෙන්නෙපා..... සේරම මම බලාගන්නං.....‘‘ කියලා මාව දිරිමත් කලා. එයා කොහෙද හැමදේම බලාගන්නේ, එයා මට වඩා හොඳටම කෙට්ටුයි. අනික මිනිහට තියෙන්නේ උපදෙස් දෙන්නයි හුරේ දාන්නයි. මම එපැයි සේරෝටම මූණ දෙන්න. ඒත් කල්‍යාන මිත්‍රයෙක් කියන්නේ එහෙම කෙනෙකුට තමයි. ඒ හන්දා මම කුමාරව පැත්තකට අඬගහලා මෙතන ඇත්තටම වෙන්න ඕන දේ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නා. මම කිව්වා මේ ගෝරිය ආයෙත් ඇදුනොත් අපේ ගෙවල් වලට ආරංචි වෙනවා. ඊලගට මගේ කරාටි පංතියට ඕන කරන නිවුනු කම මම නැති කරගත්තා කියලා ඔප්පු වෙනවා කියලා. මම කරාටි පංතියට ඇතුල් වෙන දවසෙම මිනිහවත් පංතියට ඇතුල් කර ගන්නවා කියලා පොරොන්දු වුනු නිසා මේ කතාවෙන් මිනිහා ගැස්සුනා. ඇයි මට කරාටි පංතිය නැතිවෙනවා කියන්නේ මිනිහටත් නැති වෙනවා කියන එකනේ. ඊලගට අපි දෙන්නම අපේ පංතියේ සේරෝටම හොරෙන් මේක ගොඩින් බේරගන්න සැලැස්මක් හැදුවා. අන්තිමේ මගේ හිතට ජාති අදහසක් ආවා. මම හොඳට කල්පනා කරලා කුමාරගෙන් උදව්වක් ගන්න තීරණය කලා. කාරණාව කිව්වම කුමාරගේ මූණ දම්පාට වුනා. ඒත් මිනිහා ඒ ගැන හොඳට කල්පනා කරලා මගේ කියමන අනුමත කලා. හැබැයි මෙහෙමත් කිව්වා, ‘ඒ අදහස නං හොඳයි, හැබැයි ජයවීර ලෝකය..... කොහොමවුනත් කල්‍යාන මිත්‍රයන්ගෙන් උදව්වක් ඉල්ලපු හැටියේ එයාලා උදව් කරන්නේ අතින් හැමදේම අමතක කරලා. ඒක නිසා මේ වෙලාවෙත් එයා එකඟ වුනා උදව් ව කරන්න. කුමාර විවේක කාලය ආපු හැටියේ වීරයෙක් වගේ ජයවීර හමුවෙන්න ගියා. ඊලගට ජයවීර ව කැන්දගෙන ආවා දං ගහ යටට. ඇත්තම කියනවානම් මම උත්සහ කලේ මේ සිද්දිය ගොඩින් බේරලා අහවර කරන්න. ඒක අපි කාටත් හොඳයි. කව්ද කැමති ‘මේ ළමයා කිසි වැදගැම්මකට නැති ළමයෙක්‘ කියලා ගුරුවරු අතරේ නමක් පටබැඳෙනවට. අපි හැමෝම උත්සහ කලේ කාටත් කීකරු, ඉස්කෝලේ වැඩ කෝකටත් දක්ෂ අපේ පංති පොතේ ඉන්න සිරිමත් වගේ යහපත් ළමයෙක් වෙන්න. වැදගත් ම දේ ජයවීර වගේ නාහට නාහන කෙනෙකුට යමක් පිළිපදින්න කැමත්තක් ඇති වෙන විදිහට දෙයක් තේරුම් කරලා දෙන එකයි. අනික ලෝක යුද්දෙකට වගේ පංති දෙකක් සූදානම් වෙන වෙලාවක. ජයවීරයි මමයි දං ගහ යට මූණට මුණ මුණගැහෙන වෙලාවෙත් ඕනෑම දේකට ලෑස්ති පිට පංති දෙකක් සීරුවෙන් උන්නා අපි දිහා බලාගෙන. ඔන්න ඔයවගේ හැමදේම පැටලිලා, හැමදේම උණුසුම් වෙලා තියෙන වෙලාවක ගන්න එක තිරණයකින් සේරෝම දේවල් හොඳ අතට ඇරෙන්න පුලුවන්. එහෙම නැතුව ඔය වගේ වෙලාවක ගන්න එක වැරදි තීරණයක් නිසා ලෝකයෙන් බාගයක් ගැලවිලා වැටෙන තරම් මහ ලොකු විනාශයක් වෙන්නත් පුලුවන්. ආන්න ඒකයි කරාටි කාරයෙක්ගේ තියෙන නියම වටිනාකම. මොකද ඒ අයට පුලුවන් ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ මොකද්ද කියලා නිවැරදිව තීරණය කරන්න. ඉතින් මමත් ඒ වෙලාවේ ගන්න ඕන හොඳම තීරණය ගත්තා. මම එහෙම කියන්නේ බැලු බැල්මට කොයි පැත්තට පෙරලලා බැලුවත් මේ තීරණය ඇතුලේ තියෙන්නෙ එහෙම්පිටින් ම බුද්ධිමත් බව නිසා. ඊලගට මම හැම දේටම කලින් නිරාකරණය කරගන්න තියෙන දේ ගැන හිතලා ජයවීරගෙන් මෙහෙම ඇහැව්වා.‘‘ඔයා ඔයාගේ අත කෑලි වෙලා ලේ ගලන්න ගත්තේ කොහොමද කියලා දන්නවද.‘‘මම එහෙම ඇහැව්වේ හොඳට හිතලා බලලා. මේ වෙලාවේ වැඩිය වැදගත් වෙන්නේ මේකයි. මම ඒත්තු ගන්වන්න ඕනේ ජයවීරගේ ලේ හෙල්ලුනේ අහම්බයට නෙමෙයි, ඒක මම හිතා මතාම කළ එකක් කියලා. එහෙම නොවුනොත් සේරෝම වතුරේ.‘‘නෑ.....“ ජයවීර කිව්වා. මිනිහා ටක්කෙටම හිතුවා ඒක මම හිතාමතා කළ දෙයක් කියලා. ඒකයි එහෙම කිව්වේ. කව්ද කැමති තමුන්ගේ දුර්වල කමක් හන්දා ප්‍රතිවාදියා තමන්ගේ ලේ හෙලෙව්වයි කියන්න. ඉතින් අපේ සැලැස්ම සාර්ථක කරගන්න එයාගේ පැත්තෙන් වෙන්න ඕන දේ හරි. දැන් මගේ පැත්ත. මම ඊලගට වීරයෙක් වගේ කතා කලා. මම මිනිහගේ අත දිහා බැලුවා. මිනිහා රෙදිපටි වගයක් හොයාගෙන තුවාලේ ඔතාගෙන. ‘‘ආං ඒකනේ කියන්නේ...... අයිමත් අපි දෙන්නා හැප්පුනොත් ඔයාට මොනවා වෙයි කියලද හිතන්නේ....... අපේ තාත්තා කරාටි කලු පටි කාරයෙක්. කලු පටිය බඳින්න හම්බවෙන්නේ කරාටි හොඳටම දැනගත්තට පස්සේ........ මම තාත්තගේ පංති වලට එක දවසක් වත් ගිහිල්ලා නෑ. බලාගෙන ඉදලයි ඔයාට දුන්නේ ලේ දාන්න..... හැබැයි මම තව ටික දවසකින් තාත්තා දාන අලුත්ම පංතියට බැඳෙන්නයි හිතාගෙන ඉන්නේ..... ඔයා හෙට විවේක කාලෙදී සේරෝම ඉස්සරහා මට ගහන්න ආවොත් සමහර විට මම ගුටි කයි.... ඒ මොකද තාත්තා කියලා තියෙන්නේ මට ඉවසන්න කියලා..... ඉවසන්න පුලුවන් කෙනෙක් කියලා ඔප්පු වුනොත් තාත්තගේ කරාටි පංතියට ඉක්මනට බඳවා ගන්නවා කියලා...... එහෙම වුනොත් අද ඔයා දිනයි. හැබැයි මම කරාටි පංතියට ගිහිල්ලා හොඳවයින් අඩියක් දෙකක් ඉගෙන ගෙන ඔයා හම්බවෙන්න එනවා. ඒ කොතනදි ද, කොයි වෙලාවද කියලා මමවත් දන්නේ නෑ...... ඒ මොකද කරාටි කාරයෙකුට තැන නොතැන වැදගත් නෑ... කරාටි කියන්නෙ හිස් අතපයෙන් ගහගන්න සටන් කාරයොන්ට අයිති දෙයක්.... පොලු මුගුරු තියා අඩුම ගානේ දතකින්වත් එයාලා ගහන්නේ නෑ අතපය ඇරුනම..... එහෙම එක්කෙනෙක් එක්ක හැප්පුනාට පස්සේ ඔයාට වෙන දේ ඔයාම හිතලා බලන්න.... ඒකට ඔයාට විවේක කාලේ ඉවරවෙනකල් විතරයි වෙලාව තියෙන්නේ......“ ඕං ඔච්චරයි මම කිව්වේ. මිනිහා මා දිහා බලාගෙනම හිටියා. ඊලඟට ලොකු කල්පනාවකට වැටුනා. දං ගහේ මුලක් උඩ ඉඳගත්තා. ආයෙත් කල්පනාව. මේ දිහා බලාගෙන හිටපු අපේ පංතියේ සගයෝ කුමාරව එව්වා අපි ඉන්න තැනට. ඒ අලුත්ම විස්තරේ දැනගන්න. කුමාර මේ සේරෝම දන්නවානේ. ඇයි මිනිහයි මමයිනේ මේ අහස පොලොව නුහුලන සැලැස්ම හැදුවේ. මිනිහත් මම ළගට ඇවිල්ලා දං ගහ පල්ලේ මුලක් උඩ වාඩිවෙලා ඉන්න ජයවීර දිහා බලාගෙන උන්නා. ටිකක් වෙලා කල්පනාවක් දාගෙන උන්නු ජයවීර අන්තිමේ නැගිට්ටා. අපි ලඟට ආවා. ඇවිල්ලා මෙහෙම කිව්වා.‘‘හරි මම කැමතියි මේක මෙතනින් ඉවර කරන්න......“ ඒක ඇත්තටම ඇහුන දෙයක් ද නැත්තම් අපේ හිතලුවක්ද කියලා හරියටම දැනගන්න වගේ කුමාර මා දිහා බැලුවා. මමත් කුමාර දිහා බැලුවේ ඒකටමයි. හැම දෙයකින්ම මම නිදහස් වුනා වගේ මට දැනුනා. මාව පාවෙන්න ගත්තා. ඒ එක්කම මිනිහා ආයෙත් කට ඇරියා.“හැබැයි තව එක දෙයක් කරන්න බැරිද.......“ මිනිහගේ හුළං බැහැලා වගේ. ඒ හන්දා ආමාරුවෙන් වචන එකතු කරලා කතා කලේ.“ඒ මොකද්ද.“ මම ඇහැව්වා.“ඔයගොල්ලන්ගේ තාත්තට කියලා මාවත් ඔයාලගේ කරාටි පංතියට ම ඇතුල් කරගන්නකෝ......“‘‘මොකක්.‘‘ කියන බැල්මක් මූණේ හදාගෙන කුමාර මා දිහා බැලුවා. මිනිහගේ කට ඇරිලා.මම ඔලුව වනලා, ‘‘ඕක මොකද්ද.‘‘ කියලා ජයවීරට කිව්වා. සේරෝම ඔය විදිහට හොඳ අතට ඉවර වුනා. මහ ලොකු විනාශයකින් කෙළවර වෙන්න ගිය සිදුවීමක් අපේ බුද්ධිමත්කම නිසා වැලකිලා ගියා. ඒක එහෙම වුනේ අපි ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ කල නිසා.ඊලඟට මම කුමාරට කිව්වා දැනටමත් කරාටි ඉගෙන ගන්න මම නියම සුදුස්සෙක් කියලා. කුමාර ඇහැව්වා ඒ මොකද කියලා. මම කිව්වා, ‘‘ඇයි මනුස්සයෝ අපි ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ කලානේ .“ කියලා.ඒ පාර කුමාර කල්පනා කරලා මෙහෙම කිව්වා,‘‘ඔයාට ඓහෙම හිතෙනවද., මටනං හිතෙන්නේ අන්තිම මොහොතේ දි හොඳම දේ කලේ ජයවීර කියලා...... මං කිව්වේ, මිනිහා ලෝකය.“____________________________________- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
BLOG
2014.07.12
http://cyberyaya.blogspot.com/
අද කාටුන් 24 - කතන්දරකාරයාගේ බ්ලොග් කට්ටෙහි අවසානය | End of an ERA !
බුද්ධි
කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්.මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්, මුල් කාලෙදී වගේම විටින් විට මම ගැන කතන්දර බ්ලොග් එකේ ලිපිවල සඳහන් කරපු නිසා, මම ඇඳපු චිත්‍ර වලට වැඩියෙන් ම වස්තු විෂය වුනේ කතන්දරකාරයා නිසා, මගේ බ්ලොග් ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු නිසා හෝ මගේ බ්ලොග් එකට ඇදෙන රසිකයන්ගෙන් බොහෝ පිරිසක් කතන්දර බ්ලොග් එක හරහා එන හින්දා විතරක් නෙමෙයි.අද කාටුන් එකෙන් මම ඇඳලා තියෙන්නේ කතන්දරගේ බ්ලොග් කට්ට අවසාන කිරීම ගැන මගේ අදහස සහ ප්‍රාර්ථනය. කොහොම වුනත් කතන්දරකාරයා අපි කාටත් ලේසියෙන් කරන්න අමාරු දෙයක් කලා. ඒ වසර පහක් එක යුගයක් කරපු එක..සිතුවමක් තියෙද්දි වැඩි විස්තර කතා කරන්න ඕන නෑ. ඉතින් කතන්දරකාරයගේ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.මීට,කෙහෙල්කොටුවේ වූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.
BLOG
2014.03.10
http://cyberyaya.blogspot.com/
මම යුධ වීරයෙකුට පන්දු දෙක තුනක් යැව්වෙමි...:D | සයිබර් යාය
බුද්ධි
මිනිස්සු තමන්ගේ හිතගත්තු අයට සලකන්නේ විවිධ ක්‍රම වලට.ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද.මේ කතන්දරේ යුධ වීරයෙකුට අපි සළකපු හැටි ගැනයි. ඒ අපි කුරුලු හමුදාවේ හිටපු කාලේ. කුරුලු හමුදාවෙදී අපි දැක්ක එක වැදගත් දෙයක් තමයි, මිනිස්සු රට වෙනුවෙන් කරපු කැපවීම. සමහරු රට වෙනුවෙන් මුලු දවසම වැඩ කලා. සමහරු දවසෙන් බාගයයි. සමහරු නියමිත නිල කාලයේ පමණයි. ඒක ඉතින් තමන් කැමති හැටියට. අපි කුරුලු හමුදාවට ආපු හැටියේ අපේ උපදේශකයා අපට නියමයක් කිව්වා. ඒක තමා උඹලට ඉහලින් පිදුරු ගහක් තිබුනත් උඹලා ඒකට නිසි ගෞරවය දෙන්න ඕනේ කියන එක. කුරුලු හමුදාවේ එක විනය. දෙක තමයි අනිත් හැමදේම. ඒගොල්ල අපට කිව්වා. ඒ කියමන අපි අකුරට පිලිපැද්දා. අපිට වඩා එක නිලයක් ඉහලින් ඉන්න සමහරු අපේ ගෞරවය බොහොම ඉහලින් පිළිගත්තා විතරක් නෙමෙයි ඒකේ උෂ්ණයත් සමහර වෙලාවට අපට පෙන්නුවා. හැබැයි අර කතාවක් තියෙනවා වී කරළ පැහෙන්න පැහෙන්න ඒක ඉදිරියට නැමෙනවා කියලා. ඒ කතාව ඇත්තක් කරලා නිලයන්ගෙන්, ගෞරව නාමයන්ගෙන් ඉහලට ම ගිය කුරුලු හමුදාවේ ගොඩදෙනෙක් හරිම නිහතමානි අය වුනා. විශේෂයෙන් කෆීර් යානා පදවන නියමුවෝ ඒ අතරින් අපේ හිත ගත්තා. අපේ වයසෙම තරුණයෝ වුනු ඒ අය වෙලාවක් ලැබුනම හවස ක්‍රීඩා පිටියෙදී, ජිම් එකේ දී අපිත් එක්ක එකතු වුනා. අපි හිතුවා එයාලා තමා කුරුලු හමුදාවේ නියම අයිතිකාරයෝ කියලා. සමහර වෙලාවට එයාලා නිල ඇඳුම ඇඳලා ආවාම අපට ඉරිසියා හිතෙන තරම් කඩවසම්. අපි අවංකව ම දුක් වුනා එයාලගේ පෙම්වතියෝ, තමන්ගේ පෙම්වතාගේ අභිමානය, ඡායාරූපවලින් ඇරුනම ඇත්තටම දකින්නෙ නැති එක කොච්චර අපරාදයක් ද කියලා. තමන්ගේ පෙම්වතා මේ වගේ කෙනෙක් කියලා තමන්ගේ යාලුවන්ට පෙන්වන්න වුනත් ඒගොල්ල අකමැති වෙන එකක් නෑ. හොඳම දේ තමා කිසිම හේතුවක් නිසා දිය නොවුනු ඒ ගොල්ලන්ගෙ නිහතමානීකම. ඒගොල්ල අපිට කතා කලේ නිල නාමයෙන් නෙමෙයි. ගොඩක් වෙලාවට මචං කියලා. අපි ඒකට ගොඩක් ගරු කලා. අපිට වඩා වැඩියෙන් “එක පටියක්“ ගහගත්තු අය අපට රැස් පෙන්වද්දි, තරුණ වයසෙ, ඒත් අපට වඩා හැම අතින්ම ඉදිරියෙන් ඉන්න මේ අය අපට කතා කලේ මචං කියලා. ඊටත් වඩා එයාලා අපිව අගය කලා. අපේ හැකියාව ගැන.දවසක් අපියි ඔය කියන ප්‍රහාරක යානා නියමුවෙකුයි කතාවට වැටිලා හිටියා. අපි හිටියේ ජිම් එකේ ඉදිරි පැත්තේ තියෙන ටේබල් ටෙනිස් මේසය ලඟ. අපි යුද්ධය ගැන කතා කලා. සාමාන්‍යයෙන් එහෙම කතා බහක් ඇති වෙන්නේ කලාතුරකින්. මොකද කඳවුරක කාලයක් හිර වෙලා ඉන්න අයට කතා කරන්න තව කොච්චර දේවල් තියෙනවද. කොහොමහරි මිනිහා කතාව පටන් ගත්තා. “මචං මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා.....“ අපි ඇහැව්වා මොකද්ද කියලා. එයා ටේබල් ටෙනිස් මේසය මුලතිව් කැලේට සමාන කරලා, අතේ තිබුනු අල්පෙනෙත්තකින් මේසෙට ඇන්නා. “එක පාරක දී අපි ගිහිල්ලා මුලතිව් කැලේට දාන බෝම්බ මේ අල්පෙනෙති තුඩ වගේ......“ අපි හැමෝම කල්පනා කලා. අන්තිමේ මිනිහා ම මෙහෙම කිව්වා. “ඒ වුනාට මේක කරන්න බැරි දේකුත් නෙමෙයි..... මිනිහා හිතේ සැලැස්මක් තියාගෙන කතා කලා. කොහොමහරි අද එයා ඇත්තටම සතුටු වෙනවා ඇති, හිතාගන්න බැරිව හිටපු දේ, හිතාගන්න බැරි විදිහට ඉවර කරගන්න ලැබුනු එක ගැන.ඔය වගේ නියම අභිමානවත් වීරයෝ හැමෝටම අණ දෙන්න ඊටත් වඩා ඉහල නිලධාරින් ඉන්නවා. නියමුවෝ ගැන කතාව එහෙමනම් එයාලට අණ දෙන අයගේ විස්තර කියලා වචන නාස්ති කරන්න දෙයක් නෑ. හැබැයි අද කතාව මේ දෙගොල්ල ගැනම නෙමෙයි. ඒ උසස්ම නිලයන්ටත් අණ නිකුත් කරපු ජාති වීරයෙක් ගැනයි. ඒ කාලේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නැති වුනත්, කුරුලු හමුදාවේ අපි අතර නියම යුධ වීරයෙක් හිටියා. එයා යුද්ධයට බය මිනිහෙක් නෙමෙයි. නීතිය අකුරට පිළිපදින, විනය ගරුක, තමන්ගේ සෙබලුන් ගැන තාත්තා කෙනෙක් වගේ හොයා බලන නියම යුධ නායකයෙක්. එයා හරිම කඩවසම්. හරියට රොෂාන් මහානාම වගේ. එයා ගැන කතන්දරත් එමටයි. නිල වශයෙන් ඔප්පු කරන්න බැරි වුනත් අපි කව්රුත් ඒ කතන්දර ඇහැව්වේ හරිම උද්යෝගයෙන්. එයාගේ තිබුනු එක හොඳ පුරුද්දක් තමයි යුද්ධය රාමෙට නැගලා යද්දි ආරක්ෂිත ස්ථානයක ඉදලා අණ දෙන එක පැත්තක දාලා එයා එනවලු ඩිෆෙන්ඩරෙත් අරගෙන ලයින් එකට. කොල්ලන්ගේ මොරාල් එක අප් කරන්න. කොල්ලෝ නේද එතකොට යක්කු වගේලු. ඔය වගේ කතා සීයක් අතරේ හොඳම කතාව මේකයි. යුද්දේ කරට කර ඇවිලිලා යනකොට වීරයා කොළඹට කතා කරලා එයාසපෝට් ඉල්ලනවාලු. ඒ කියන්නේ සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කරලා භූමියේ ඉන්න සෙබලුන්ට උදව් දෙන්න කියලා. පළවෙනි පාර උදව් ඉල්ලලා පරක්කු වුනොත් දෙවෙනි පාර පණිවිඩ හුවමාරු යන්තරෙන් කියන්නේ මෙන්න මෙහෙමලු. “කොළඹ ඉන්න එවුන් හොඳට අහගනිල්ලා, තව විනාඩි හතරක් ඇතුලත එයාසපෝට් දුන්නෙ නැත්තම් මුන්ට ගැහිල්ල පැත්තක දාලා කොල්ලෝ ටික අරගෙන ගිහිල්ලා ගහනවා එහා පැත්තේ ආමි කෑම්ප් එකට.....“ ඔන්න ටික වෙලාවයිලු ගත වෙන්නේ. කෙළගෙන එනවලු කෆීර් යානා අහස දෙදරවාගෙන. ඔන්න හරි විදිහට කතාව පටන් ගන්නෙ දැනුයි. දවසක් අපේ කට්ටිය අතර කසු කුසුවක් ගියා. ඔය කියන වීරයා රාජකාරි වැඩකට උඩහා ඉදලා අපේ කඳවුරට ඇවිල්ලා කියලා දින කිහිපයකට. ඉතින් අපි කාගෙත් යටි හිත්වල තිබුනා වීරයා දැකලා කරලා වචනයක් දෙකක් කතා කරන්න. ඔය අතරතුර දවසක හවස් අතේ රාජකාරි වැඩ ඉවර කරලා අපි ක්‍රිකට් සෙල්ලම් කර කර හිටියා පිට්ටනියේ. මෙන්න අපි දෙවියන්ට වගේ සලකන මනුස්සයා පීටී කිට් එකත් ගහගෙන ග්‍රවුන්ඩ් එකට ආවා. අපි හැමෝම වීරයා හැබැහින් දැක්කා. ඉතින් අපි සෙල්ලම් කෙරිල්ල පැත්තක දාලා එයා වටකර ගත්තා. මුලින්ම සුබ සැන්දෑවක් කියලා සුබ පතලා අපිව හඳුන්වලා දුන්නා. නිසි ගෞරවය දුන්නට පස්සේ අපි ආය සෙල්ලම පටන් ගත්තා. එයා ග්‍රවුන්ඩ් එක වටේ ශරීර යෝග්‍යතාවය සඳහා දුවන්න ගත්තා. එයාගේ මිත්‍රයොත් වට කරගෙන. ටික වෙලාවකින් එයාගේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් කරන්න ඕන දේවල් ඔක්කොම කරලා අපි ඉන්න පැත්තට ආවා. “කොල්ලනේ කාලෙකින් ක්‍රිකට් පාරක් ගැහුවෙත් නෑ.... “ කියාගෙන. අපිට නේද ඊට වඩා දෙයක් නෑ. අපි සෙල්ලම් කරකර හිටපු මැච් එක මොහොතකට නතර කලා. අපි බොහොම ගෞරවයෙන් “වෙල්කම් සර්, සර් එන්න බැට් කරන්න.....“ කිව්වා. අපේ යාලුවෙක් බොහොම ගෞරවෙයන් සර්ට බැට් එක පිරිනැමුවා. සර් බැට් කරන්න ගියා. බොල් කරන්න හිටියේ කව්ද දන්නවද. මම. ඇඬෙනවා නේද ඔයගොල්ලන්ට‍. ඒකනේ මේ කතා සේරම. මාව සීතල වුනා. මම කල්පනා කලා සර්ට බෝල් කරන්න ඕන විදිහ. වේග පන්දුවක් දානවද. ඒකට සර්ට බැට් කරගන්න බැරි වෙයිද. ඉතින් මම ස්ලෝ බෝලයක් දාන්න හිතා ගත්තා. හැබැයි ඒක වැඩිය ස්ලෝ කලොත් සර්ට හිතා මතා අගෞරවයක් කලා වෙනවා.මම මේ දේවල් හිත හිතා බෝල් කරන සීමාව ගාවට ඇවිදගෙන ගියා. ආපහු හැරෙද්දි සර් යුද්ධයට යන්න වගේ ලෑස්ති වෙනවා. ඊට පස්සෙ මම දිහා තියුණු බැල්මක් දැම්මා. ඒ කියන්නේ සර් ලෑස්තියි. අපේ යාලුවෝ හැමෝම හෙන උද්යෝගයෙන්. පිට්ටනියේ වෙනත් ක්‍රිඩාවල නිතර වෙලා හිටපු අයයි, පිට්ටනිය නඩත්තු කරන සිවිල් සේවකයෝ හැමෝමයි තමන්ගේ වැඩ නවත්තලා වීරයගේ ක්‍රිකට් ගැහිල්ල බලන්න තියාගත්තා. අපි හෙන උඩ ගිහින් හිටියේ ඒ වෙලාවේ. ඇයි මෙච්චර මිනිස්සු ඉද්දි සර් ආවේ අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඊටත් වඩා මම. ඒ මොකද සර්ට බෝල් කරන වාසනාවන්ත පන්දු යවන්නා මම හන්දා. හැමෝම මට ෆිට් තමා කියලා සංඥා කලා. ඒ වුනාට මම දන්නවා, මුං මගේ යාලුවෝ වුනාට හැමෝම බලාගෙන හිටියේ මම යවන බෝලයට සර් හොඳ හයේ පාරක් ගහනකල්. එතකොට හැමෝම “ගුඩ් බැටින් සර්...“, “වෙල් ඩන් සර්...“ කියලා අත්පුඩි ගහයි. ඇත්තටම උන්ට වරදක් කියන්නත් බෑ. මමත් බලාගෙන හිටියේ මම යවන බෝලෙට සර් හයේ පාරක් ගහනකල්. ඔයගොල්ල කොහොම හිතුවත් ඒක මට ගෞරවයක්. මොකද මේ මං ඉදිරියේ බැට් එක තියාගෙන ඉන්නේ සතුරො පවා නම කියපු හැටියේ සලිත වෙලා යන යුධ වීරයෙක්. නවින අවි ආයුධ නිකම් කුරුම්බැට්ටි මැසිමක් වගේ හසුරුවන්න පුලුවන් නියම දක්ෂයෙක්. ඒ මදිවට තමන්ගේ සඟයින්ට තාත්තා කෙනෙක් වගේ සලකන නියම නායකයෙක්. ඉතින්. අන්තිමේ මම හිතාගත්තා සර්ට ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට පන්දුව යවන්න. ඒ කියන්නේ බෝලය පිච් එකේ තරමක් ඉස්සරහා වැදිලා බැට් එකේ නියම තැනට එල්ලවෙලා ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට. මම හිමින් හිමින් දුවන්න අරගෙන වේගය වැඩි කරලා හිතපු විදිහට බෝලය යැව්වා. බෝලේ නියම තැන පතිත වුනා. ඊලගට ඒක සර්ගේ බැට් එකට ලේසියෙන් ගහන්න පුලුවන් තරම් උඩට ඇවිල්ලා බැට් එක පැත්තට ඇදුනා. මම හිතපු හැටියටම. හයේ පාරක් ගහන්න කියාපු බෝලේ. ඒත් මෙන්න ඊලග මොහොතේ මාර වැඩක් වුනා. බෝලේ සර්ගේ බැට් එකේ වදිනවා වෙනුවට ඒකට වෙට්ටුවක් දාලා ගිහිං විකට් එකේ වැදුනා. පොලු දෙකක් ම දේයි ගාලා බිම. කොල්ලෝ මා දිහා බැලුවේ හරියට මම සර්ට වෙඩි තිබ්බා වගේ.ඇත්තට ම මෙතන අපි කාගෙවත් වරදක් නෑ. තුවක්කුව හුරු වෙලා තිබුනු අත් දෙකකට එකපාරට ම කොහොම බැට් එකක් හුරු වෙන්නද. අනික මම දුවගෙන ආපු වේගය ගණනය කරලා සර් ගහන්න යන්නැති. මම වේගයෙන් දුවගෙන ආවාට මොකද යැව්වේ ස්ලෝ බෝලයක්. ඒ ඉතින් සර්ගෙ ම හොඳට. ඒත් වැඩේ කොට උඩ ගියා. එහෙමයි කියලා අවුරුදු ගාණකින් පිට්ටනියට බැස්ස මනුස්සයෙක්ට ආපයින් යන්න දෙන්න පුලුවන්ද. අනික මේ අපේ වීරයනේ. ඉතින් මම තැනට සුදුසු නුවණ පාවිච්චි කලා. මම වහාම මගේ දකුණු අත උස්සලා, “සොරි සර්... ඉට්ස් අ නෝ බෝල් අයි තින්ක්.....“ කිව්වා. මේ හෙන ගහන්ඩ වගේ හැම දේ ගැනම තීරණය දෙන්න විනිශ්චයකාරයෙක් මගේ පිටිපස්සෙන් ඉන්න කොටම. සර්, “ආහා..... ගුඩ් නිව්ස්....“ කියලා බැරෑරූම් විදිහට මූණ හදලා, ඊලග බෝලේ ගැන හිතන්න ගත්තා. එතකොට විනිශ්චයකාරයා, එයත් අපේ යාලුවෙක් ම තමා. මිනිහා වැදගත් මෝඩයෙක් වගේ මගේ කියමන ඔලුව වනලා අනුමත කරලා, නෝ බෝල් කියන සංඥාව දුන්නා. හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ.මම ඊලග බෝලය දාන්න සීමාවට ගියා. කොල්ලෝ මා දිහා බැලුවේ “මොනාද යකෝ උඹ කරන්නේ“ කියන බැල්මෙන්. ඉතින් මම මගේ ඉෂ්ඨ දේවතාවට කෙටි කන්නලව්වක් කරලා, දුවගෙන ගිහිල්ලා ඊලග බෝලෙත් දැම්මා. මෙන්න යකෝ ඒකත් පොලු කියහංකෝ. දැන් මොන දෙයියට ද කියන්නේ. මට කරකියා ගන්න දෙයක් නැතුව ගියා. මම අපේ බුද්ධිමත් විනිශ්චයකාරයා දිහා බැලුවා. මගේ ඉටු දෙවියා මා දිහා නොබැලුවට මොකද ගණ දෙයියෝ මිනිහා දිහා බලලා තියෙනවා. මොකද මම හැරෙන්නත් කලින්ම මිනිහා ඒ බෝලෙත් “නෝ බෝල්“ කියලා සංඥා කරලා, තටුවක් කැඩිච්ච ප්ලේන් එකක් වගේ එක අතක් දික් කරගෙන ඉන්නවා. ඉතින් මම එකතු කරලා හැම දෙයියෙක්ටම පින් දුන්නා.ඔයගොල්ල විශ්වාස නොකලට මම ඊලග බෝලෙත් දාන්න හිත හදාගත්තා. අපි කවදාවත් සැලෙන මිනිස්සු යැයි. අඩුම ගානේ ඒකටවත් සර් හොඳ පාරක් දෙයි කියලා හිතලා. ඔන්න මම දුවන්න පටන් ගත්තා. වේගය වැඩි කරගෙන ඇවිල්ලා පළපුරුදු පන්දු යවන්නෙක් වගේ බෝලේ දැම්මා. ඒකට නං සර් ගැහුවා ගැහිල්ලක් නප්පි නදර් වෙන්ඩ. හැබැයි කරුමෙක මහත කියන්නේ බෝලේ බැට් එකේ වැදුනේ නෑ. ගිහිං වැදුනේ විකට්ටුව ආවරණ වෙලා තිබුනු සර්ගේ පිටිපස්සේ කකුලේ. මම පුරුද්දට වගේ විනිශ්චයකාරයාගෙන් ඉල්ලීමක් කලා. ඒක එල්බීඩබ්ලිව් එකක් විදිහට අවුට් ය කියලා. අපේ කොල්ලොත් ඒකට උදව් වුනා. එහෙමනේ ක්‍රීඩාවේ නියම ජිවගුණය තියාගන්නේ. අපේ බුද්ධිමත් විනිශ්චයකාරයාට දෙලෝ රත්වෙලා. ඇයි මේක පැහැදිලිව ම දැවී යාමක්. ඒත් මේ වගේ මනුස්සයෙක් ව අවුට් කරන්න තරම් මිනිහා පිං කරලා නෑ. ඒත් මිනිහා සෑහෙන්න කල්පනා කරලා සර්ගේ ඉරණම තීරණය කරන්න අත උඩට උස්සන්න ගියා. මම නේද, පොර පැත්තට හැරිලා “ඒ ඒ..... පිස්සුද උඹට....“ කියලා රැව්වා. මිනිහට කර ගන්න දෙයක් නෑ. මිනිහා උඩට උස්සපු අත කෙලින්ම නළලට ගෙනිහින් නළල කසන්න ගත්තා. මෙච්චර වැඩ තියෙද්දි අපේ විනිශ්චයකාරයා නළල කසනවා. බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේක මහ විකාරයක් වගේ පේන්න ඇති.ඉතින් මම වට පිට බැලුවා. හැමෝම ගල් ගැහිලා. හිතාගන්න බෑ. හැබැයි සර්, බැට් එකට බර දීලා දණබිම ඔබාගෙන තනියෙම හිනාවෙනවා. සර්ට හිනාව නතරකර ගන්න බෑ. සර් මුල ඉදලා වෙච්ච දේවල් සේරම මතක් කරකර හිනාවෙනවා. මුල් පන්දුවේ ඉදලා වෙච්ච දේවල් සේරම. නියම වීරයෝ හිනා වෙනවා ඔයගොල්ල දැකලා තියෙනවා ද. ඒක බලන්න වටින දර්ශණයක්. හැබැයි හැමෝටම ඒකට වාසනාවක් නෑ. ඉතින් අපිත් හිනාවුනා. හැබැයි බොහොම ගෞරවයෙන්. සර් හොඳටම හිනා වෙලා අන්තිමේ සංඥවක් කරලා අපිට ලඟට ගෙන්නුවා. අපි බොහොම කැමැත්තෙන් සර් වටේ වටවෙලා පහසුවෙන් හිටගත්තා. සර් හිනාවෙලා ඉවර වෙලා හැමෝම දිහා බලලා බොහොම සුහදශීලි හිනාවකින් කතා කරන්න ගත්තා. “උඹලා ගැන මට ආඩම්බරයි. තමන්ගේ එකෙක් වෙනුවෙන් උඹලා නොකරන දෙයක් නෑ..... “ සර් කිව්වෙ එච්චරයි. තව ගොඩක් දේවල් කියන්න තිබුනත්, සර් කිව්වෙ නෑ. ඉතින් ඒ සේරම අපි හිතාගත්තා. ඊලගට සර් ආය ඔලුව දෙපැත්තට වනා වනා හිනාවුනා. “උඹලා ඔය පූල් එකේ නොහිටින්න ඔක්කොම මම පටවගෙන යනවා උඩහට.....“ සර් එහෙම කියනකොට අපිව පුපුරන්න වගේ ආවා ඇතිවුනු සතුටට. “තැන්ක්යූ සර්...“ අපි නිහතමානීව ආඩම්බර වුනා.ඊලග මොහොතේ සර් වෙලාව බලලා තමන්ට පිට්ටනියෙන් පිටවෙන්න වෙලාව ඇවිල්ලා කියලා කිව්වා. අපි සර්ට සුබ රාත්‍රියක් කියලා සමු දුන්නා. සර් ඩිෆෙන්ඩර් රථයට නැග්ග හැටියේ එයාගේ රියදුරා රථය පණගැන්වූවා. සර් ආයිම පාරක් පිට්ටනිය දිහා බැලුවා. ඊලග මොහොතේ සර් අපි කව්රුත් නොහිතපු දෙයක් කලා. සර් එයාගේ කැප් එක ඔලුවෙන් ගලවලා ඒක උඩට උස්සලා අපිට ආචාර කලා. ඔව්. වීරයෙක් අපිට එහෙම කලා. අපි හැමෝම සීරුවෙන් හිටගෙන ඒ ආචාරය පිළිගත්තා. ඒක තමා ආචාරයක් පිළිගන්න ඒ මොහොතේ හොඳම විදිහ.ඔන්න ඔය විදිහට අපි අපේ වීරයාට, නැත්තම් අපේ හිතගත්තු පුද්ගලයට පුලුවන් උපරිම විදිහට සැලකුවා. ඉතින් ඒ සිදුවීම අපේ හිත් වල මකන්න බැරි මතකයක් වුනා. ඒ ගැන අපි කතා කරන හැම වෙලාවකම මම කිව්වේ කවදාහරි දවසක සර්ට පන්දු ඕවරයක්ම දාලයි පස්ස බලන්නේ කියලයි. එදා මට යවන්න ලැබුනේ බෝල් තුනයි නේ. හැබැයි තවත් ටික කාලයක් යද්දි ඒ බලාපොරොත්තුව මට හිතෙන් අයින් කර ගන්න වුනා. මොකද ඒ සිදුවීමෙන් අවුරුදු දෙක තුනකට පස්සේ අන්තිම සටන මාවිල් ආරු වලින් පටන් ගත්තා. අපේ වීරයෝ කාටත් ඊට පස්සේ උදා වුනේ බොහොම කාර්යබහුල කාලයක්. අන්තිම සටන ගැන විස්තර මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑ. ඒ ගැන විස්තර ඕන හැටියේ ඔයගොල්ල දැකලත් තියෙනවා, අහලත් තියෙනවා.ඒ වුනාට මේ කතන්දරේ මම නොකියන්න කවදාවත් ඔයගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ. මේ කතාව මට කියන්න ලැබුනට හැමෝටම මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. වීරයෝ ගැන මීට වඩා කතා දන්න අයටවත්. ඒක නිසා හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. කලාතුරකින් හමුවුනත් ඒ අය කව්රුත් නොදන්න නාඳුනන සෙබලු විතරක් වෙන්නත් ඉඩකඩ තියෙනවා.ලොකුම අවාසනාව තමා අපි ඔයගොල්ල වගේ වීරයන්ට සලකන්න කැමති හුඟක් දෙනෙකුට ඒ අයට සලකනවා තියා ඒ අය ගැන දැනගන්නවත් වාසනාවක් නැති වෙලා යන එක. ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද.
BLOG
2014.01.21
http://cyberyaya.blogspot.com/
අපි හදපු බුදු මැදුර....!
බුද්ධි
අභිනවයෙන් බුදු මැදුරක් කරවා, මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තැන්පත් කළ යුතු යැයි කාලයක සිට අප තුල බලාපොරොත්තුවක් තිබුනා. ගිය වසරේ මැද අප අනුරාධපුරයේ ගිය අවස්ථාවක ඊට කිලෝමීටර් 35 පමණ ඈත මහ විලච්චිය ප්‍රදේශයේ පාසලකට බුදු මැදුරක් අවශ්‍ය වී ඇති බව දැන ගන්නට ලැබුනා. ඉන් පසු අපි ගොස් ඒ ගැන සොයා බලා බුදු මැදුර ඉදිකිරීමේ කාර්ය පටන් ගත්තා. බ්ලොග් එකෙනුත් පොඩි දැනුවත් කිරීමක් කලා. ඊට මාස හතරක් පමණ ගතවෙන මේ මොහොත වෙන විට අපි බුදු මැදුර හදලා පූජා කරලා අවසන්.....විශේෂයෙන් කිවයුතු කාරණයක් තියෙනවා. බුදු මැදුර ඉදිකිරීම සදහා අවශ්‍ය වූ මුදල් වලින් හරි අඩක් පමණ අපහට ලබා දුන්නේ මම කෙදිනකවත් නුදුටු සයිබර් මිතුරන්. මේ කලාගාරයක් බඳු වු බුද්ධ ප්‍රතිමා වහන්සේ බෙල්ලන්විල ප්‍රදේශයෙන් මිල දී ගෙන කිලෝමීටර් 250 කටත් වඩා දුරක් ගෙවමින් එය අරක්ෂාකාරීව අප වෙතටම ගෙන එමින් එය තමාගෙනම කාර්යක් විදිහට සලකලා තවත් බ්ලොග් කරුවෙක් මේ කාර්යට හැම අතින් ආලෝකයක් සැපයූවා. බුදු මැදුරේ සැළසුමේ සිට ඉදිකිරීමේ සියලු කටයුතු ඉතා වගකීමෙන් කලේ තවත් සයිබර් පවුලක්. තවත් මිතුරන් පැමිණ ශ්‍රමයෙන් දායක වූනා. සයිබර් අවකාශයේ ඔබ, මීට සම්බන්ධ නොවෙන්න අපට තව වසරකවත් කාලයක් මේ කාර්යය කල් දමන්න වෙනවා. මෙතරම් උදව් උපකාර කළ සයිබර් මිතුරු මිතුරියන්ගෙන් මේ වන විටත් මා දැක හඳුනාගෙන තියෙන්නේ දෙතුන් දෙනෙක් පමණයි. මේ තියෙන්නේ බුදු මැදුර ඉදිකිරීමේ සිට පූජා කිරීම දක්වා පින්තූර කිහිපයක්.මේ තියෙන්නේ අපේ සැළසුම් ශිල්පියාට මම මුලින්ම යවපු බුදු මැදුරේ සැලැස්ම... :Dහැරෙන තැපෑලෙන් ආපු නිර්මාණය - දළ එකක් කියලයි කිව්වේ....වෙලාව බලලා වැඩේ පටන් ගන්න පොඩි කතා බහක් ගියා.පරණ බුදු මැදුර සහ අලුතින් බුදු මැදුර හදන්න ලෑස්තිය...දුර ප්‍රශ්නේ හන්දා සමහර දේවල් ගැන අපේ නිර්මාණ ශිල්පියාව දැනුවත් කලේ මෙන්න මෙහෙමයි...වැඩ පටන් ගත්තු දවස...තේ වෙලාව...ඕනමැන්ටල් බාසුන්නැහේට වැඩ කියලා දෙන හැටි...පළවෙනි අදියර ඉවරයි...මූලික වැඩකටයුතු ඉවරයි...බුදු පිළිම වහන්සේ වැඩම කරවන්න ඉස්කෝලේ පොඩි අය ලෑස්තියි...පොඩි විවේකයක්.....ලොකු අය ලෑස්තිවෙමින්...රිය පෙරහැර.... :Dවැඩ අල්ලන්න යන්නේ... උත්සවය සැළසුම් කලේ තනිකරම ඉස්කෝලෙන්.... අපේ සම්බන්ධයක් නෑ....:Dනැකැත් වෙලාව....සම්පූර්ණයෙන් පෙනෙන්නේ මෙහෙමයි...එදා රෑ පිළිම වහන්සේ.... රෑ වෙද්දි විදුරු කුටියට පිනි වැටුනා....මේ තියෙන්නේ ඉදිරි පෙනුම.... කලුවර වැටෙද්දි ඉබේම බුදු ගේ එලිය වෙන්න පොඩි ගැජට් එකක් හයි කලා. අපි නැතත් බුදු කුටිය අඳුරු වෙන්නේ නෑ ඒ නිසා.... මේ ඉන්නේ අපේ සැළසුම් ශිල්පියා, ඉන්ජිනේරුවා, වැඩ සුපරික්ෂක වගේ භාරදූර රාජකාරී ගොඩක් කළ වාසනා මහත්මයා...පින්තූර එච්චරයි. සියලු දෙනාටම ස්තුතියි.අභිනවයෙන් බුදු මැදුරක් කරවා, මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තැන්පත් කළ යුතු යැයි පහල වූ අපගේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කරගැනීම උදෙසා සිය මුදලින්, ශ්‍රමයෙන්, දැනුමෙන්, කුසලතාවයෙන්, අනුශාසනයෙන්, වචනයෙන් හෝ සිතුවිල්ලකින් දායක වූ, දායක නොවූ පිං කැමති සියලු ම දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මේ පින උපකාර වේවා යි අප අධිශ්ඨාන කරනවා.
BLOG
2013.10.14
http://cyberyaya.blogspot.com/
ඥාණතිස්සගේ කෑම පෙට්ටිය | කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතාවක්.
බුද්ධි
කාලෙක ඉදලා ටීවී වල රේඩියෝ වල අමුතු හා හූවක් ගියා. ඉස්කෝලේ ළමයිගේ දවල් කෑම වේල ගැන. ඒවයේ කියවුනේ ළඟදිම ඉස්කෝලෙ ළමයින්ට ඉස්කෝලේදී ම දවල් කෑම ගන්න සිද්ධ වේවි කියලා.ඉස්කෝලේට කෑම ගෙනියන්න වෙනවා කිව්ව හැටියේ අපි කව්රු කව්රුත් හොඳටම සතුටු වුනා. අපි කතා වුනා දැන් තමා ළමයින්ට ම වෙන්වුනු ලෝකයක් හැදීගෙන එන්නේ කියලා. ඒ මොකද යාන්තමට සීනි ඩිංගක් ඉහපු හරි, ඇතුලට රතු පාට ජෑම් බිඳක් මැදි කරපු හරි බනිස් ගෙඩියක් දවල් කෑම හැටියට ලැබෙයි කියලා අපි කව්රුත් විශ්වාස කළ හන්දා. ඒත් හැම බලාපොරොත්තුවක් ම සුන්වුනේ අපි කව්රුත් නොහිතපු තාලෙට. ගුරු දෙගුරු රැස්වීමෙදි කියවුනාලු, හරිහමන් කෑම වේලක් ගෙනාවේ නැත්තම් නමට කෙලින් කතිරේ වැටෙනවා කියලා. එහෙම වුනොත් මාසේ අන්තිමට සමූපකාරෙන් බඩු ගන්න ලැබෙන මුද්දරයට ඒ කතිර ටික එකතු වෙනවා. ඉතින් අකමැත්තෙන් හරි අපේ බලාපොරොත්තු පැත්තකට දාලා විවේක කාලෙදී හොඳිත් එක්ක බත් ගිලින්ඩ අපි හිත හදා ගත්තා. එක සඳුදා දවසක උදේම අපිත් මහ මිනිස්සු වැඩට යද්දි වගේ බත් මුලකුත් අරගෙන ඉස්කෝලෙ යන්න පිටත් වුනා.විවේක කාලේ දි බත් ගිලින එක ලේසි වැඩක් නෙමයි. ඇති වුනාම බත් එක පැත්තකට කරලා නැඟිටින්න බෑ. බඩගිනි නෑ කියලා කෑම වේල මඟ අරින්නත් බෑ. මොකද කෑම එපා කියලා ඒක කුණුවළ ට හැලුවොත් ඒ මොහොතෙම ඔත්තුකාරයෝ සිද්ධිය අදාල ළමයින්ගේ පංතිභාර ගුරුවරුන්ගේ කණේ තිබ්බා. ඉතින් අපි හැමෝම බොහොම අමාරු කාලෙට මුණ දෙන්න පටන් ගත්තා. කව්රුත් උත්සහ කලේ තමන්ගේ මුද්දරේ කතිර වලින් ඉඳුල් කර ගන්නෙ නැතුව මාසේ අහවර කර ගන්නයි. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි.මොකද නම් ලකුණු කරද්දි අපි කියන්න ඕනේ එදා වේල මොකද්ද කියලා. උදාහරණයක් හැටියට අපේ නිරූපා චීටර් “නම් පොත“ බලාගෙන අපේ නම කියද්දි, “ඉන්නවා - බත්“ කියලා කියන්න ඕනේ. කව්රුහරි හරිහමන් කෑම වේලක් ගෙනල්ලා නෑ කියලා හිතමු. එතකොට ඒගොල්ල “ඉන්නවා - පාං“, “ඉන්නවා - රොටි“, “ඉන්නවා - බනිස්“ වගේ තමන්ගේ කෑම වේලට අදාල වචනේ අවංකව කියන්න ඕනේ. එහෙම නැතිව මුලින් “ඉන්නවා - බත්“ කියලා ඊලගට කෑම පරික්ෂා කරන්න එද්දි වැඩේ එලිවුනොත් ගුටිත් එක්ක නමට කෙලින් කතිරේ වැටෙනවා. මේ සිදුවීමෙන් වැඩිපුරම බැට කෑවේ එක දිගටම හරිහමන් කෑම වේලක් ගේන්න බැරි ඥාණතිස්සලා, කුමාරලා වගේ අය. ඒත් අපි විවේක කාලෙදී කෑම ගත්තේ හොඳි මාලුපිනි හුවමාරු කරගෙන. ඉතින් තමන් ගෙදරින් ගේන කෑම පෙට්ටිය මොන තත්වයේ තිබුනත් විවේක කාලෙදි අපි කාගෙත් කෑම පෙට්ටි බත් ඇට පේන්නෙ නැති වෙන තරමටම හොඳි ජාති වලින් වැහිලා ගියා. කජු මාලුවක්, ඉස්සෝ ඩිංගක් ගෙනාපු දවසට කොහොම වුනත්, කරවිල, වට්ටක්කා, මැකරල් වගේ වෑංජන තියෙන දවසට හිතේ තියෙන ලෝබකම යන්නත් එක්කලා මමත් වැඩි වැඩියෙන් යාලුවන්ට කෑම බෙදනවා. අපි කෑම කෑවේ ලොකු කරපිංචා ගහයට තියෙන නයා අතඇරපු හුඹහා උඩ. අපේ පංතියේ අනිත් ළමයිගෙන් සමහරක් අලුත් කුණුවලේ කන්ද වටේ. කොටසක් පොල් කඳන් උඩ. දං ගහයට මුල් දිගේ තවත් අය. පලු ගහයට කලුගල් ගොඩේ තවත් කාණ්ඩයක්. මඤ්ඤොක්කා ගාලේ මායිමේ ටික දෙනෙක්. ගබඩා කාමරේට පිටින් තියෙන සිමෙන්ති බෑම්මේ තව කට්ටියක්. ගෑල්ලමයි නං මැහුම් පංති යන ලොකු අක්කලා වගේ ගාට ගාට මැයි ගස් පේලියට පාවෙලා ගිහිල්ලා වට්ටි අම්මලා වගේ කෑම පෙට්ටි දිග ඇර ගන්නවා. ඔය අතරතුරේ මෙහෙම ආරංචියක් පැතිරුනා. ඉදලාමත් දවස් වලට පැමිණීම ලකුණු කරන වෙලාව අල්ලලා ලොකු සර් කඩා පාත්වෙනවා ලු පංති කාමර වලට. කෑම වල ගුණ දොස් බලා කියාගෙන යන්ඩ. හරි හමන් කෑම වෙලක් ගෙනල්ලා නැති ළමයින්ට හොඳවයින් වේවැල් පාර දීලා, ඊලග දවසේ දෙමව්පියන්ව ඉස්කෝලෙට ගෙන්නනවලු. ඒ ගොල්ලන්ටත් හොඳටම දෙහි කපනවලු, තමන්ගේ ළමයි ගැන ඔහොමද කල්පනා කරන්නේ කියලා.ඔය ආරංචිය පැතිරිලා වැඩි දවසක් ගියේ නෑ. එක උදේක පැමිණීම ලකුණු කරන වෙලාව අල්ලලා ලොකු සර් අපේ පංතියෙ දොරකඩට පාත්වුනා. නිරූපා චීටර්ගෙන් පංතිය ඇතුලට එන්න අවසර ගත්තා. ඊලඟට කලින් දැනගෙන උන්නා වගේ තෝරගත්තු කට්ටියකගේ කෑම පෙට්ටි පරික්ෂා කරන්න පටන් ගත්තා. ඔය විදිහට ගිහිං අන්තිමේ ලොකු සර් ඥාණතිස්ස කෙලින් හිටගත්තා. ඥාණතිස්සගේ මූණ අවතාරයක් වගේ නිල් වුනා. ඉතින් අපි හිතාගත්තා එදා දවසෙත් ඥාණතිස්ස හොඳ කෑම වේලක් ගේන්න නැතුව ඇතියි කියලා. ඥාණතිස්සලා අද ඔහොම හිටියට ඒ කාලේ හරි සරුවට හිටපු මිනිස්සු. ඥාණතිස්සගේ තාත්තා කොහෙවත් යන ගෝරියක් බේරන්න ගිහින් කඩුවකින් හොඳවයින් පාරක් කාලා තියෙනවා ටවුමෙදි. කකුල හරහා වැදිච්ච කඩුපාරෙන් තාත්තගේ නහරයක් කැපිලා ගිහිං. අන්තිමේ දොස්තරලා කැපිච්ච නහරේ කොන් දෙක අල්ලලා ගැටගහලයි කකුල ගොඩ දාලා තියෙන්නේ. ගැටගැහිල්ල නිසා තාත්තගේ කකුල කොට වෙලා. ඉතින් තාත්තව රස්සාවෙන් දොට්ට දැම්මා. කකුල හොඳ වෙනකල් ගෙදර හිටපු තාත්තා අන්තිමේ දී ඥාණතිස්සලා බඩගින්නෙ ඉන්නවා බලාගෙන ඉන්න බැරිම තැන “තමා හිසට තම අතමය හෙවනැල්ල“ කියලා නොන්ඩි කකුලත් අරගෙන එලියට බැස්සේ කොහොමහරි පනං හතරක් හොයාගෙන එනවාමයි කියලලු. කොහොම කොහොම හරි දැන් ඥාණතිස්සගේ තාත්තා පරණ චැලියක් තියාගෙන තැඹිලි විකුණනවා. ඥාණතිස්ස කියන්නේ පොතේ පතේ වැඩ වලට වඩා ඇගේ පතේ හයියෙන් වැඩ කරන්න දන්න ළමයෙක්. දවසක් එයා බකමූණෙකුත් අල්ලගෙන ඉස්කෝලෙට ගෙනාවා. අනික අත්වැඩ වලදී, මල් පැල වලට වතුර දාද්දි, වීල්බැරෝවෙන් කුණු අදිද්දි, පාපන්දු තරග වලදී මිනිහත් එක්ක හැප්පෙන්න පුලුවන් එහෙමත් අයට විතරයි. හැබැයි පංති කාමරේදී මිනිහා ඉන්නෙ පැත්ත ගහලා. එක්කෝ පොත ඉවරයි. නැත්තං පාට පෙට්ටියේ පාට කූරු ඉවරයි. එක්කෝ ගෙදර වැඩ කරලා නෑ. ඔය කරදර ඔක්කොම තියෙද්දි මිනිහට අලුතෙන් තව කෑම ප්‍රශ්නෙකුත් එක්කහු වුනා. මොන ප්‍රශ්ණ ආවත් මිනිහා නෙමෙයි සැලුනේ. තැනේ හැටියට මොනවා හරි කියලා ගැලවුනා. ඉදලාමත් දවස් වලට උදේ ඉඳලා එක දිගට මූණ දෙන්න වෙන ප්‍රශ්ණ හන්දා ඥාණතිස්සගේ ඇස් වලට කඳුලු ඉනුවා. ඒත් පිරිමි ළමයෙක්ගේ ඇහැකට කඳුලක් එනවා තරම් ලැජ්ජාවට කාරණයක් තවත් තියෙනවද. ඒ වෙලාවට ඥාණතිස්ස වහලේ දිහා බලාගෙන දෙතුන් පාරක් වේගෙන් ඇහිපිල්ලම් ගහලා කොහොමහරි තමන්ගේ ඇහැට උනපු කඳුලු බිංදු අතුරුදහන් කරගන්නවා. ඒ වෙලාවට එයා අපිත් එක්ක වුනත් කතා කරන්නේ නෑ. මොකද වචන වුනත් ඇදේට ඇහිලා තමන් ඉන්න තත්වේ අවට ඉන්න අයට දැනෙන්න පුලුවන් නිසා. ඒ නිසා අපට කවදාවත් ඥාණතිස්සගේ ඇහේ කඳුලු දකින්න බැරි වුනා. ඉතින් අපිත් අමාරු වෙලාවක් ආවම ඥාණතිස්සගේ ක්‍රමය අනුගමනය කලා.“කෝ..... ඥාණතිස්ස අරින්ඩ බලන්ඩ කෑම පෙට්ටිය......‘ ලොකු සර් ඥාණතිස්ස දිහා බලාගෙන කෙලින් කිව්වා.ඥාණතිස්ස ටිකක් වෙලා කල්පනා කරලා කෑම පෙට්ටිය ගන්න පොත් මල්ලට අත දැම්මා. මට නං ඥාණතිස්සගේ කෑම වේල මැවිලා පෙනුනා. එකත් එකට ම එයා සුදු බතුයි, කහ සම්බෝලයි, හාල්මැස්සෝ දෙතුන් දෙනෙකුයි බැඳගෙන ඇවිල්ලා ඇති. ඔය වගේ කෑම වේලක් බැලු බැල්මට රසවත්ව පෙනුනට මොකද, ඒක තමන්ගේ මුද්දරේ, කතිරෙකින් බේරගන්න තරම් හොඳ තත්වෙක එකක් නෙමෙයි. ඉතින් වට පිට බලද්දි පංතියේ කව්රුත් ඥාණතිස්ස ගැන වද වෙනවා කියලා පෙනුනා. දැන් ඥාණතිස්සගේ බැරි අමාරුකම් මුලු පංතියම දැන ගන්නවා. විශේෂයෙන් ගෑල්ලමයි. ඉතින් එයාගේ උගුරකට ලැජ්ජාවයි, බයයි නිසා වේලිලා ගිහිල්ලා. හරිහමන් කෑම වේලක් ගේන්න බැරිකම ඥාණතිස්සගේ වරදකුත් නෙමෙයි. අනිත් අතට ලොකු සර් මේ ගැන හොයලා බලන්නෙත් අපේම හොඳටයි කියලා දවසකුත් කිව්වා. මොන දේ වුනත් ඥාණතිස්සගේ බත් පෙට්ටියේ පියන ඇරපු හැටියේ ලොකු සර් පරළ වෙයි. මුලු පංතියක් ඉස්සරහා ඥාණ තිස්සට හොඳට වේවැල් කසාය හම්බවෙයි. බාගදා දෙමව්පියෝ ගෙන්වන්නත් ඉඩ තියෙනවා. මේ දේවල් කල්පනා කරද්දි අපිවත් එක්ක සීතල වෙලා ගියා. වෙන එකක් තියා නිරූපා ටිචරුත් ඥාණතිස්ස ගැන දුක් වෙනවා කියලා අපිට හිතුනා. ඒත් අපි කාටවත් කරන්න කිසි දෙයක් නෑ. විවේක කාලෙදි අපි හැමොම එකා වගේ බෙදා හදාගෙන කෑම කනවා තමා. ඒත් මේ වෙලාවේ ඥාණතිස්ස වෙනුවෙන් අපට කරන්න පුලුවන් බලාගෙන ඉන්න එක විතරයි.“හරි වැඩේ නේද වෙන්න යන්නේ......“ කුමාර ඇහැව්වා. එයාගේ මූණ මකන කෑල්ලක් වගේ වේලිලා.“ඥාණතිස්ස මොනවා කරගනීද දන්නෙ නෑ.......“ මම කිව්වා.“ඔයා බයවෙන්ඩ එපා. මිනිහා ලෝකය......“ එහෙම කිව්වට මොකද කුමාරත් දන්නවා ඥාණතිස්සට මේ උගුලෙන් ගැලවෙන්න කිසිම මගක් ඉතුරු වෙලා නැති විත්තිය. ඒත් අපි හැමෝගෙම බලාපොරොත්තුව වුනේ මේ කරදරෙන් ඥාණතිස්ස ගැලවුනොත් කොච්චර එකක් ද කියලා.කොහොමහරි මේ අතරතුර ඥාණතිස්ස එයාගේ පරණ වෙච්ච රතුපාට කෑම පෙට්ටිය එලියට ගනිමින් උන්නා. නිරූපා ටීචරුයි, ලොකු සරූයි, අපි හැමෝමයි මැජික් පෙට්ටියක ඇතුල බලන්න වගේ, ඥාණතිස්ස කෑම පෙට්ටිය අරිනතුරු නොයිවසිල්ලෙන් දත කෑවා.මෙන්න මේ වෙලාවෙදී - ඒ කියන්නේ පොත් මල්ලෙන් කෑම පෙට්ටිය එළියට ගන්න ගෙවෙන පුංචි වෙලාවෙදී මිනිහා බලාගෙන ඉන්න හැමෝගෙම ඇස්වලට වැලි ගහලා මහ පුදුම වැඩක් කලා. ඒක ජාති ඇස්බැන්ඳුම. හැබැයි වෙලාවේ හැටියට ඒක අහසෙයි, පොලොවෙයි පැති මාරු කරනවා වගේ මහ අමාරු රාජකාරියක්. ඒත් අපේ ඥාණතිස්ස නේද, ඒක ටක්කෙටම කලා. මිනිහා පොත් මල්ලෙන් කෑම එක අරගෙන ඒක අත උඩ තියාගත්තා. හැබැයි තියාගත්තේ කාටත් නොපෙනෙන තරම් වේගයකින් කෑම පෙට්ටියේ උඩයට මාරු කරන ගමන්. දැන් කෑම පෙට්ටියේ පියන තියෙන්නේ යට පැත්තේ. කෑම දාන පෙට්ටියේ ප්‍රධාන කොටස පියන තියන පැත්තෙ - ඒ කියන්නේ පියන වගේ උඩින්. ඒ එක්කම කාටවත් කිසිදෙයක් හිතන්න වෙලාවක් ඉතුරු නොකරම යට තියෙන අතින් පියන අල්ලගෙන උඩට ඇවිල්ලා තියෙන යට කොටසින් අල්ලලා ඉහලට ඇදලා කෑම පෙට්ටිය බාගෙට ඇරියා. ඒ එක්කම උඩු යටිකුරු වෙලා ඇරුනු කෑම පෙට්ටියේ කෝම්පිට්ටුවක් වගේ තද වෙලා තිබුනු බත් කාටත් පෙනුනා. අයිනකින් ඩිංගක් කැඩිලත් වැටුනා.“මොකද්ද මිනිහෝ ඔය කරගත්තේ.............“ ලොකු සර් පංතිය දෙදරන්න කෑ ගැහුවා. ඒ මොකද පෙට්ටිය උඩ යට මාරු වෙලානේ. දැන් ඉතින් හරි හමන් වෑංජනයක් තිබුනත් ඒක පේන්නෙ නෑ. මොකද පියන පැත්ත යට පැත්තට හැරිලා නිසා. සමහර විට පැති මාරුව හන්දා බත් එකේ හිටපු කෙසඟ හාල්මැස්සෝ දෙතුන් දෙනාට කිසි දෙයක් හිතාගන්න බැරුව බත් වලටයි, කෑම පෙට්ටියේ පියනටයි හිරවෙලා අසරණ වෙලා ඇති. කොහොමහරි ඥාණතිස්සගේ මේ ඇස්බැන්ඳුම හන්දා ලොකු සර්ට ඥාණතිස්සගේ කෑම පෙට්ටිය ගැන කිසිම සාධාරණ නිගමනයකට එන්න බැරි වුනා.“සර්..... කලබලේට මම කෑම පෙට්ටිය අනිත් පැත්තටයි අරගෙන තියෙන්නේ....... පියන කියලා වැරදිලා අනිත් පැත්තෙන් ඇද්දේ.......“ ඥාණතිස්ස බය වෙච්ච මූණක් හදාගෙන කිව්වා.“උඹගේ ඔලුවේ තියෙන්නෙ මැටිද ඥාණතිස්ස, කව්ද උඹට ඔය නම දැම්මේ..... පංතිය හැඩි නොකර ඕක වහගන්නවා දැන්....‘ ලොකු සර් උදේම අතුගාපු සිමෙන්ති පොලොවට වැටෙන බත් කැට දිහා බලන ගමන් කේන්තියෙන් කිව්වා. ඊට පස්සේ මුලු පංතිය ම දිහා බලපු ලොකු සර්,“දැක්කද මේ කරපු මැටි වැඩේ..... මිනිහෙක් වුනාම හොඳ සිහිබුද්ධියෙන් වැඩ කරන්ඩ ඕනේ.... එහෙම නැති වුනොත් මේ ඥාණතිස්සට වගේ කන පතත් බිම හලාගන්ඩයි වෙන්නේ.... තේරුනාද.“ කිව්වා.අපි හැමෝම වෙනදටත් වඩා වේගයෙන් ‘ඔව් ලොකු සර්...“ කියලා කිව්වා.ඊලගට ලොකු සර් නිරූපා ටිචර් දිහා බලලා “ඉතුරු වැඩ ටික කරගෙන යන්ඩ.....“ කියන බැල්මක් දාලා වේවැලෙන් තමන්ගේ ම කකුලට තට්ටු දදා නොයිවසිල්ලෙන් පිටවෙලා ගියා. ඔන්න ඊලඟටයි අපිට තේරුනේ අපේ හුස්ම නැවතිලයි තිබිලා තියෙන්නෙ කියලා. ඉතින් අපි ලොකු හුස්මක් ගත්තා. හැබැයි අපි හැමෝම බලාගෙන හිටියේ විවේක කාලේ එනකල්. විවේක කාලේ ආපු හැටියේ අපි ඥාණතිස්ස වටකරගෙන මිනිහට මේ වගේ නුවණක් පහල වුනේ කොහොමද ඇහැව්වා. මිනිහා අපි හැමෝම දිහා බලලා පණ්ඩිතයෙක් වගේ මෙහෙම කිව්වා, “තමා අතට තම හිසමය සෙවනැල්ල......“ඒ එක්කම අපි හැමෝම බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්තා. මොකද මිනිහා බත් පෙට්ටිය වගේ ම මේ කියමනත් අනිත් පැත්ත හරෝලා කිව්ව නිසා. ටික වෙලාවකින් මිනිහා කරපු වරද මිනිහටම තේරුනා. ඒ එක්කම ඥාණතිස්සත් හොඳටම හිනා වුනා. අපි පළවෙනි පාරට ඥාණතිස්සගේ ඇස්වල කඳුලු දැක්කා. හැබැයි හිනා වෙවී ඉද්දි..------------------ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.ශිෂ්‍ය දිවා ආහාර මුද්දරය දැක්වෙන පින්තූරය උපුටා ගත්තේ Old Ceylon Facebook පිටුවෙනි.
BLOG
2013.09.28
http://cyberyaya.blogspot.com/
බුදු මැදුරක්.
බුද්ධි
අනුරාධපුරේට කිලෝමීටර් 20 ක් විතර ඈතින් තියෙන ගමක ඉස්කෝලෙකට බුදු මැදුරක් හදලා දෙනවා මේ අවුරුද්ද අන්තිමේට. වැඩ පටන් ගන්නේ ලබන මාසේ මැද. අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්නේ ලෝකේ පුරා ඉන්න කෙහෙල්කොටුවේ සාමාජිකයෝ. ඕගොල්ලත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමතිනම් cyberlipi@gmail.com එකට පණිවිඩක් එවන්ඩ.
BLOG
2013.09.02
http://cyberyaya.blogspot.com/
ගැසට් බෝට්ටුව - කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතාවක් !
බුද්ධි
දවසක් බොහොම උද්යෝගිමත් තාලෙට - ඉර තමන්ගේ එලියෙන් හවස් වරුව උණුසුම් කරන්න ඔන්න මෙන්න කියලා තිබුනා. මෙන්න එක පාරටම හැම දෙයක් ම වෙනස් වුනා. මායාකාරයෙක්ගේ විජ්ජාවකින් වගේ අහස අඳුරු වෙලා ගියා. ටිකකින් කොහේදෝ තිබ්බ කැටි වළාකුලු වගයක් උණුසුම් හුළගක පාවෙලා ඇවිල්ලා අපේ ගම කෙලින් හිටියා. තවත් ටික වෙලාවකින් අපේ ඇස් වලට නොපෙනෙන ඒවයේ ධණ රිණ අංශූ එකට ගැටුනා. ප්‍රතිඵලය වුනේ බලපු හැටියේ ඇස් නිලංකාර වෙලා යන විදිහට අහස ඉරිතලපු එකයි. එක්කම අහස පැලිලා යන්න තරම් ලොකු හෙන පිපිරුවා. ඊටත් පස්සේ ගම හිටි හැටියේ වැහි බිංදුවලින් වැහිලා ගියා. ඒවා කැටපොල් වලින් විදපු ගල් කැට වගේ තැපැල් කන්තෝරුවේ වහලේ වැදුනා.හිටි අඩියේ වුනු මේ වෙනස නිසා හවස් වරුව ගෙවන්න මම හදලා තිබනු සැලසුම් සේරම වෙනස් කරන්න වුනා. මම වහාම වැස්සට ලැස්ති වුනා. මම හිතාගත්තා එංජින් බෝට්ටුවක් හදන්න. වැස්ස තව පැයක් දෙකක් අල්ලලා හිටියොත් පාර දෙපැත්තේ කානුව පිරිලා වතුර ගලාගෙන යන්න පටන් ගන්නවා. වතුර පාර තැපැල් කන්තෝරුවේ වැට මායිමේ තියෙන කොස් ගහ හන්දා දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන වතුර පාරෙන් එකක් පාරට සමාන්තරව ගලාගෙන යනවා. අනික අපේ වත්තට හැරෙනවා. ඒක ප්‍රධාන වතුර පාරට එකතු වෙන්නේ අපේ කන්තෝරුව වටේ ගිහිල්ලා චාලි මුදලාලිගේ වත්ත හරහා පැති බෝක්කුව තරණය කලාටත් පස්සෙයි. මම කරන්න යන්නේ ජාති එංජින් බෝට්ටුවක් හදලා වැඩි මහන්සියක් නැතුවම තැපැල් කන්තෝරුවේ ඉස්තෝප්පු කෑල්ලේ ඉඳලම බෝට්ටුව දියත් කරන්නයි.තාත්තගේ තැපැල් කන්තෝරුව කියන්නේ කඩදාසි ගුහාවක්. මං වගේ නව නිර්මාණ කරන්න කැමති ළමයෙක් තැපැල් මහත්තයෙක්ගේ පුතෙක් වෙන්න ජාති ජාතිත් පෙරුම් පුරන්න ඕනේ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු හඳේ ඇනෙන්න තරම් ඉහල යන්න පුලුවන් රොකට් එකක් හදන්න ඕන වුනා කියලා. ඒකට මම පාවිච්චි කරන්නේ කහපාට හරි හතරැස් කොලේ. ඒක තාත්තලා, රණවීර මාමාලා පාවිච්චි කරන්නේ තැපැල් මල්ල ගැටගහලා ඒක උඩ විස්තරේ ලියලා යවන්න. ඒක නියම විදිහට නමලා, ලාකඩ වක්කරලා, සීල් එක තියලා කොහේවත් තියෙන තැපැල් කන්තෝරුවකට පිටත් කරනවට වඩා හොඳ නැද්ද දෙතුන් පාරක් නමලා රොකට් එකක් හදලා තුන්පාරක් පිඔලා උඩ යවලා ඒ කඩදාසියට නියම වටිනාකමක් දෙන එක.තැපැල් කන්තෝරුවේ ප්‍රධාන රාක්ක හතරක් තියෙනවා. පළවෙනි එක බෙදන ලියුම් වෙන් කරන තැන. අනිත් රාක්කේ තියෙන්නේ කන්තෝරුවේ වැඩ වලට අදාල පොත් පත්. ඉතුරු රාක්ක දෙක පොඩියි. එකක් තැපැල් කන්තෝරුවේ ප්‍රයෝජනයට අරගෙන ඉවරවෙලා අයින් කරන්න නියමිත පොත්. අවශ්‍ය වුනොත් ගන්න කියලා ඒවා කාලයක් යනකල් රාක්කේ වේලෙනවා. එතකොට අනිත් රාක්කේ. ඒක තාත්තගේ වැඩකරන මේසෙට අතේ දුරින් තියලා තියෙනවා. මගේ නව සැලසුම් වලට අදාල ලිපි ද්‍රව්‍ය වලින් වැඩිහරිය තියෙන්නේ එතන. ටෙලිග්‍රෑම් කොල, තැපැල් මල්ලේ නම ලියන කොල, දිග ලියුම් කවර, කොට ලියුම් කවර, මුද්දර කවර, රට ලියුම් කවර, විවිධ වර්ගයේ මුද්දර සිය ගණන් පිරුණු මුද්දර පොත් එවායින් ටිකක්. ඊට අමතරව රාක්කේ උඩම ලෑල්ල වෙන් කරලා තියෙන්නේ ගැසට් පොත් වලට. හැම මාසෙකම තැපැල් කන්තෝරුවට එන ගැසට් පොත් පිලිවෙලට රාක්කේ උඩම වැජඹුනා. කාලයක් තිස්සේ එකක් පිටිපස්සේ එකක් තියලා දැන් ගැසට් පේලියත් සෑහෙන දිගට වැවිලා. ගැසට් එක ආපු හැටියේ තාත්තා කරන්නේ ඒක කෙලවරක ඉදලා කියවන්න ගන්න එක. ඊට පස්සේ ගමේ ඉගෙන ගත්තු අයියලා අක්කලාට පාරේ යන අය අතේ පණිවිඩ යවනවා සුදුසු රැකියාවක් තියෙනවා ඉල්ලුම් පත්තරයක් දාන්න වෙලාවක එන්න කියලා. මට නං ඔය ගැසට් පත්තරේ වැදගත් වෙන්නේ ඒ කාරණාව හන්දා නෙමෙයි. ගැසට් පොතේ කොල නැමුවොත් නැමුව තැන විතරක් නැමිලා තියෙන හොඳ හයිය කොලේ. අන්න ඒකයි.ගැසට් පොත බෑලු බැල්මට අනිත් පොත් වලට වඩා වෙනස්. ________________________________________________________________________________ ගැසට් පත්‍රයශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ගැසට් නිවේදනයයි. ______________________________________________________ මුල් පිටුවේ ඔන්න ඔය විදිහට බොහොම ගාම්භිර තාලෙට ලියලා තියෙනවා. අදාල මාසයට අයිති අලුත් ම අලුත් ගැසට් පොත් අපේ කන්තෝරුවට එන්නේ ටවුමේ ඉදලා එන තැපැල් මල්ලේ. තැපැල් මල්ල ඇරපු හැටියේ මුලු කන්තෝරුවම අලුත් කඩදාසි සුවඳින් වැහිලා යනවා. එයින් එකක් අතට ගත්තම ඉස්කෝලේ ලොකු සර්ගේ කාර්යාලයට ගියා වගේ හරි අමුත්තක් දැනෙනවා.කොහොමහරි එදා වැස්ස දවසේ මගේ නිර්මාණය - මගේ ඇන්ජින් බෝට්ටුව හදන්න මේ ගාම්භීර පොත් වලින් හොඳටම පරණ පොතකින් එකම එක කොලයක් ගන්න තීරණය කලා. මොකද පරණ පොතකින් එකක් ගත්තා කියලා මේ ලෝකේ විරැකියාවෙන් පෙලෙන කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ. මේ පොත් දැන් අතීතයට අයිති දේවල් නේ.ඇන්ජින් බෝට්ටු හැදිල්ල මට කොච්චර ලේසිද කියනවා නම් මට පුලුවනි හමුදා සෙබළෙක් එයාගේ තුවක්කුව ගලවලා නැවත සවිකරණවටත් වඩා වේගයෙන් බෝට්ටුව හදන්න. බෝට්ටුව හැදුවට පස්සේ තාත්තගේ තීන්ත පෑන අරගෙන බෝට්ටු බඳේ මම මෙහෙම ලිව්වා. “කෙහෙල්කොටුවේ චූටි මහත්තයාට අයිතියි.“ ඊලගට අනිත් පැත්තේ Made in Sri Lanka කියලා ලිව්වා. කවුද දන්නේ මේ බෝට්ටුව කොහේ ගිහින් නතර වෙයිද කියලා. දැන් මම මේක තැපැල් කන්තෝරුවේ ඉස්තෝප්පුව ළගින් දියත් කරනවා. ඊලඟට චාලි මුදලාලිගේ වැට මායිමේ බොක්කුවෙන් පනිනවා. වසන්තලාගේ අම්මලා පොල් අතු පොඟවන ඇලට වැටෙනවා. ඊලගට මහවැලි ගගට. ඊටත් පස්සේ මුහුදට. එතනින් ඉන්දියාව පැත්තට ඇදිලා යයි. ඊලගට ඉන්දියාවේ වයසක ධිවරයෙක්ගේ දැලේ පැටලෙයි. එයා දැනගනිවී මේ බෝට්ටුව අසල්වැසි රටේ එකක්ය කියලා. එයා තමන්ගේ වෙව්ලන වම් අත තමන්ගේ කටේ වම්පැත්තේ සිරස්ව තියලා කෑගහලා අවට දියඹ තරණය කරන තමන්ගේ සඟයින්ට කෑ ගහයි. “මෙන්න බලාපල්ලා.... අල්ලපු රටේ පොඩි එකෙක් මෙහාට බෝට්ටුවක් එවලා“ කියලා. ඒ එක්කම එයා ඈත ඉන්න තමන්ගේ සගයින්ට පැහැදිලිව ඇන්ංජින් බෝට්ටුව බලාගන්න ඒක උඩට කරලා අල්ලගනියි. ඒ එක්කම අනිත් සඟයොත් කරන්න ගිය වැඩේ පැත්තකින් දාලා ආපිට තමන්ගේ බෝට්ටු හරවගෙන එයි. ඒ ගොල්ලන්ගේ ඇස් පුදුමයයි, කුතුහලයයි නිසා පුංචි වෙලා නළල රැලි වැටිලා තියෙයි. අන්තිමේ ඒ අය අර වයසක ධීවරයා වටේ රැස් වෙලා “දෙවියනේ ලංකාවේ ඉදලා මෙහාට කඩදාසි බෝට්ටුවක් ඇවිත්..... මේක නං හාස්කමක්....“ කියලා ඉහලට ගත්තු හුස්ම පහලට ඒවි කියලා බයෙන් තමන්ගේ කටවල් අතින් වහගෙන පුදුමෙනුත් පුදුම වෙලා මේ දිහා බලාගෙ ඉදියි. ඊටත් පස්සේ එතන ඉන්න බුද්ධිමත් තරුණ ධීවරයෙක් “කෝ බලන්ඩ මෙහාට දෙන්ඩ බෝට්ටුව.... බලමු මේක හදපු ළමයගේ නම සටහන් කරලා තියෙනවද මෙතන......“ කියලා බෝට්ටුව අතට අරගෙන හොඳට විපරම් කරයි. මේවා මතක් වෙද්දි මාව නිකං පුපුරන්න වගේ දැනුනා. මම වහාම ඉස්තෝප්පුවට ගිහිල්ලා බෝට්ටුව දියත් කලා.හැමදේම හොඳ විදිහට වුනා. බෝට්ටුව වතුර පාරේ ඈතින් ඈතට ගිහිල්ලා ඒ වීර චාරිකාව පටන් ගත්තා. දවස් දෙක තුනක් ගෙවුනා. එදා මම පාගන සයිකලේ පරිනාමය ගැන කියවෙන පින්තූර පොතක් බල බලා හිටියෙ. හිටි හැටියෙම තාත්තගේ වචන වගයක් ඇවිදින් මගේ කණ්බෙරේ වැදුනා. ඒක එච්චර හොඳ වැදිල්ලක් නෙමෙයි. මම හැමදේටම ලැස්ති පිට කන්තෝරුව පැත්තට ගියා. තාත්තා ගැසට් පොතක් තියාගෙන තරහා මූණක් හදාගෙන හිටියා. පොතේ පිටු වගයක් අඩුයිලු. ඒ බව එලිවෙලා තියෙන්නේ ගැසට් පොත බලන්න ආපු මීණු අක්කයි එයාගේ කාණ්ඩෙයි දුන්නු ඔත්තුවක් හන්දා. මේ දැන් ඔයගොල්ලන්ට හිතුනා වගේ තමයි. මටත් හැමදේම තේරුම් ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. මම පරණ ම පරණ ගැසට් පොත කියලා අරගෙන තියෙන්නේ අලුත් ම අලුත් ගැසට් පොත. මට තාත්තගේ මූණ බලනවා තියා ඒ ගැන හිතන්නවත් අමාරු වුනා. ඒත් මම අවස්ථාවට උපරිමයෙන් ලෑස්ති වුනා. හරියට පරාජය නියත යුද්ධයක් මෙහෙයවන්න නියෝග ලැබුනු ජෙනරාල් කෙනෙක් වගේ.තාත්තා මාව දැක්ක හැටියේ,“කෝ මේකේ ඉතුරු කොල ටික......“ කියලා ඇහැව්වා. ඇත්තටම ඒක අසාධාරණ ප්‍රශ්ණයක්. හරි නම් තාත්තා පළවෙනි ප්‍රශ්ණෙ හැටියට අහන්න ඕනේ “චුටි මහත්තයා ඔයා මේ පොතේ කොළ එහෙම ගත්තද.“ කියලා. ඒත් තාත්තා පළවෙනි ප්‍රශ්ණය වෙනුවට කෙලින්ම ඇහැව්වේ දෙවෙනි ප්‍රශ්ණය. ඒ නිසා මම අසරණ වුනා.“එදා බෝට්ටුව හදලා තියෙන්නේ ඒකෙන්ද කොහෙද.“ මට ඉබේටම කියවුනා. තාත්තා නලලේ අත ගහගත්තා. චටස් ගාලා සද්දෙකුත් එක්ක.“දැන් කෝ ඒක....““හදලා යැව්වා““හදලා යැව්වා.......... කොහාටද.“ඇයි දෙවියනේ. නියමුවෙක් නැතුව, කිසිම පණිවිඩ හුවමාරු ක්‍රමයක් නැති ව බෝට්ටුවක් දියත් කලාම කාටද කියන්ඩ පුලුවන් ඒක මොන පැත්තට පාවෙලා ගියාද කියලා. ඒත් මම “අර පැත්තට......“ කියලා ජපානේ පැත්තට අත දික්කරලා ඔහොම්ම ම ඒක මධ්‍යම අප්‍රිකාව පැත්තට හැරෙව්වා. ලෝක බෝලයෙන් සෑහෙන කොටසක් අහුවෙන විදිහට.ඒක දැකලා තාත්තා පරල වුනා. “චූටි මහත්තයා..........“ තාත්තා තරවටු ස්වරයෙන් මොනවද කියන්න ගිහින් ඒ ටික ගිලගෙන දත්මිටි කෑවා. ආපහු මා දිහා කෙලින් බලපු තාත්තා “මම කොල ටික හොයාගෙන එනකල් මෙතන දණ ගහගෙන ඉන්ඩ ඕනේ හරිද.“ කියලා කන්තෝරුව පිටිපස්සට ගිහිං වතුරට හැදුනු ගං ඉවුරු දිගේ බෝට්ටුව හොයන ඒ වීර චාරිකාව පටන්ගත්තා.බෝට්ටුව දැන් ඉන්දියාවට ගිහිල්ලා ඇති. තාත්තා පයින් ම ඉන්දියාවට යන්න යැයි. බෝට්ටුව තාත්තට හම්බවෙන්නේ නෑ කියන්නේ, ගැසට් පොතේ පිටු ව කවදාවත් තාත්තට හරිගස්සන බැරි වෙනවා කියන එකයි. ඔහොම හිතාගෙන යද්දි මගේ ඉරණම ගැන මට ම හිතා ගන්න බැරි වුනා. මට වයසට යනකල්ම මෙතන දණ ගහගෙන ඉන්න වෙයි. ඔහොම හිතලා ඉවර කරන්න වුනේ නෑ, ඔන්න තාත්තා මතු වුනා, එක අතක ජාති එංජින් බෝට්ටුවකුත් එක්ක. එංජින් බෝට්ටුව හොඳටම මුහුදු බත් වෙලා. වහලේ කොටස වතුර පාරට දියවෙලා ගිහිල්ලා. මුලු බෝට්ටුව ම පුලුන් අලවලා වගේ කෙඳි මතුවෙලා. ඒ මදිවට තණකොල ගස්වල මුල් වගයක් බෝට්ටු බඳේ ඇලිලා. ඒ අතරින් බඳේ තවමත් සම්පූර්ණයෙන් ම මැකිලා නොගිය තනතුර, ඉල්ලුම් කරු, සුදුසුකම් වගේ වචන මම අමාරුවෙන් කියවගත්තා. ඒත් මම බෝට්ටු බඳේ ලියපු එක වචනයක් තියා, වචන ලියපු සේයාවක් වත් හොයාගන්න බැරි වුනා. ඒ මොකද මම අකුරු ලිව්වේ තීන්ත පෑනෙන්. තාත්තා බෝට්ටුව සීරුමාරුවට දිග අරින්න ගියා. අවාසනාවක මහත කියන්නේ වැස්සට පෙඟිලා අව්වට වේලිච්ච මගේ ඇංජින් බෝට්ටුවේ බඳ පරණ පාං ගෙඩියක් වගේ වෙලා තිබුනා. ඒක තාත්තා අල්ලන අල්ලන තැනින් කෑලි කෑලි කැඩී කැඩී ගියා. තාත්තට කර කියා ගන්න දෙයක් නෑ. මීනූ අක්කලත් වෙලාවකට හිනා වෙවී, වෙලාවකට මට රව රවා මේ අවස්ථාව අන්තිම භයානක අඩියකට දැම්මා.“දැක්කද වෙලා තියෙන දේ............“ තාත්තා කෑ ගැහැව්වා. ඒ එක්කම හොදවයින් ටොකු දෙකක් ඇන්නා කන් දෙකෙන් තරු විසිවෙන්න. “දැක්කද වෙලා තියෙන දේ...........“ තාත්තා ආයිමත් ඇහැව්වා. “ඔව්....“ මම අසරණ මූණක් හදා ගෙන කිව්වා.“ඔව්..... ඔව් තමා.... හොඳ වෙලාවට මේක මේ මනුස්සයෝ දැක්කේ, අයි අයි මහත්තයා ආපු වෙලාවක මේක දැක්ක නං මගේ රස්සාවත් ගහලා යනවා...... බලන්ඩ දුවේ මේ කොල්ලා කරලා තියෙන දේ.....“ තාත්තා මීනු අක්කා ප්‍රමුඛ එයාගේ කාණ්ඩේ පැත්තට මුහුදු බත් වෙච්ච බෝට්ටුව පාලා කිව්වා.“ඇයි මාමා මෙයාව කල්පිටිය පැත්තේ කරෝල වාඩියකට විකුණලා දැම්මෙ නැත්තේ............. උන් කැමති වෙයි මේ වගේ දකින දකින එව්වයෙන් බෝට්ටු හදන කොල්ලන්ට.....“ මීනු අක්කා මට රවන ගමන් කිව්වා.“කරොල වාඩියකට විකුණලා මදි...... මේ ළමයා එක වතාවකට එක වැරැද්ද ගානේ හදාගත්තා නං දැන් හොඳ ළමයෙක් වෙන්න කල්....... ඕනෙම ළමයෙකුට වැඩිහිටියෙක් වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක තේරුම් ගන්න ශක්තියක් තියෙන්න ඕනේ.......“ කියලා තාත්තා මා දිහා බැලුවා. දැන් හැමදේම ඉවර කරන්න වෙලාව හරි කියලා මට දැනුනා. මම මේ දේවල් හිතා මතා කරපුවත් නෙමයි. අනික තාත්තලාගේ පුතාලගේ ප්‍රශ්ණ වලට කොහෙවත් ඉන්න අම්මණ්ඩිලා ටිකක් මැදිහත් වෙනවට මම කොහොමත් කැමති වුනේ නෑ. ඉතින් තැනේ හැටියට හිතලා මම අසරණ මූණක් හදාගෙන මෙහෙම කිව්වා. “ඊ ලඟ පාර මම හොඳට හොයලා බලලා වැඩ කරන්නම්.....““ඔය ඇත්තමද. කිවෙනි පාරටද ඔයා ඔය කතාව කියන්නේ මට..........““මේ අන්තිම පාර......“ මම හැමදාම වගේ ස්ථිරසාර විදිහට කිව්වා.“අන්තිම පාර....., මේ පාරවත් හැදුනේ නැත්තං ඉතින්.....දන්නවනේ වෙන දේ......“ තාත්තා දෙපැත්තට ඔලුව වනලා ඉදිරියෙ දී මට වෙන්න තියෙන භයානක සිදුවීමක් දිවැසින් දැක්කාම වගේ කණගාටුව පෙන්වන මූණක් මවා ගත්තා. “ඔව්....“ මම ස්ථිර අධිෂ්ඨානයෙන් කිව්වා. හැමදාම වගේ.එදා මම තේරුම් ගත්තා මම ලොකු වැරැද්දක් කරලා තියෙනවා කියලා. බාගදා මේ වැරැද්ද මගේ අනාගත ජිවිතේට උනත් නුහුරට බලපාන්න තිබුනා. ඉන්දියාවට නොගිහින් මඟදි මුහුදුබත් වුනු බෝට්ටුව මට උගන්වපු හොඳම පාඩමත් ඒකයි. අනිත් අතට තාත්තා කිව්ව විදිහට වැරදි තේරුම් ගැනීමේ ශක්තිය මට හොඳටම තියෙනවා කියලා මම දැනගත්තා. ඉතින් මම එක වැරැද්දක් නැවත කවදාවත් නොවෙන විදිහට හදාගත්තා. ඒ ඊලග වස්සාන කාලේ මම ගැසට් පොත්වලින් හදපු එකම බෝට්ටුවකවත් මගේ නමයි, රටේ නමයි ලියන්න තීන්ත පෑන පාවිච්චි නොකරපු එක. ඒ වෙනුවට මම කාබන් පෑන පාවිච්චි කලා. මොකද මම එදා දැනගත්තා වතුර වැටුනු හැටියේ තීන්ත පෑනෙන් ලිව්ව අකුරු හේදිලා සදහටම මැකිලා යනවා කියලා.ඉතින් ඔය ගොල්ලත් හොඳට හිතලා බලන්න, වැඩිහිටියෙක් වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක තේරුම් ගන්න ශක්තියක් ඔයගොල්ලන්ගේ හිත්වලත් තියෙනවද කියලා, හරියට මේ මට වගේ...... .................-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
BLOG
2013.07.13
http://cyberyaya.blogspot.com/
අහසින් පැමිණි අමුත්තා ! | අවසාන කොටස | වසර විසිහතරකට පසු සියල්ල හෙලි වෙයි.
බුද්ධි
හැම දේකටම වඩා පුදුම සහගත දේ මේකයි. මම දැක්කා අහස් යානයේ නියමුවාව. එයා අහස් යානයේ ඉදිරියේ වීදුරු වලින් හදාපු කුටියක් ඇතුලේ හිටියා. එයා දක්ෂ රොබෝ කෙනෙක් හරි, පිටසක්වල ජීවියෙක් හරි වුනානම් කියලා මට හිතුනා. මෙච්චර හරියක් වෙද්දිත් එයා චිත්‍රයක් වගේ කලබලයක් නැතිව උන්නා. ඇත්තට එයාගේ ඇඳුම පංකාදු පහයි. ඒක වීරයෙකුට ඔබින නියම ඇඳුම. එයා හිටපු වීදුරු කුටිය උදේ ඉර එලියෙන් දිලිසිලා නැති වෙලා ගියා. වීරයා ගුවන් යානාව වනාන්තරේ පැත්තට අරගෙන ගියා. ගුවන් නියමුවා දැක්ක හැටියේ මට එක දෙයක් පැහැදිලි වුනා. එයා අහස් යානයට පුංචි සීරීමක් වත් නැතුව හොඳම විදිහට පොලොවට ගන්නවා සිකුරුයි.මෙතෙන්ට එනකල් කතාව මම පහුගිය අඟහරුවාදයි, බ්‍රහස්පතින්දයි කිව්වා. මේ තියෙන්නේ අන්තිම ටික....මම එහෙම හිතුවත් වුනේ වෙන දෙයක්. ඔයගොල්ල වුනත් එකපාරට මේ කතාව විශ්වාස කරන එකක් නෑ. අපි හිටිය ඉසව්වෙන් වනාත්තරේට ඉහලින් නොපෙනී ගිය අහස් යානය, සුලු මොහොතකින් ටිකක් වමට වෙන්න මතුවුනා. හරියට ඩයිනසෝර උකුස්සෙක් වගේ. උදේ පාන්දර සෙල්ලම් බඩුවක් වගේ අහසේ පාවුනු යානය දැන් උදාහරණයකින් කියන්න බැරි තරම් ලොකු වෙලා අපිව බය කලා. ඊලගට තවත් එක රවුමක් ගිය අහස් යානය අර කොහුබත් වේලෙන ප්‍රධාන ධාවන පථයෙන් ඔබ්බෙන් තිබුනු ඉලුක් ගාල පහුකරගෙන ගියා. දැන් ඒක වනාන්තරය පිටිපස්සෙ." ඒක බාන්නයි යන්නෙ......" මට හිතුනා.ඊලගට මොහොතක විරාමක් ගත්තු අහස් යානය දෙපැත්තට පැද්දෙන ගමන් කියන්න බැරි තරම් වේගයෙන් පොලොව පැත්තට ආවා. මම හිතෙන් ඉරක් ගහලා බැලුවා අහස් යානයේ ඉඳලා ගුවන් තොටුපලට. අවාසනාවක මහත. මම ගහපු ඉරේ මඟක් දුරින්, ඒ කියන්නේ අහස් යානයත් ධාවන පථයත් අතර මග තැනක දී වනන්තරේ උසම පලු ගස් දෙකකින් ඒ ඉර කැපුනා. ඒත් හිතපු නැති තරම් වේගයෙන් අහස් යානය පහලට ආවා. ඊලග මොහොතෙ දී දකුණු පැත්තෙ තටුව පලු ගහේ උසම අත්තෙ වැදුනා. ඒ මම එතෙක් අහපු භයානකම සද්දෙත් එක්කලා. ඒ එක්කම තටුවේ කෑලි වගයක් ගිනි පුලිගු විසිකරගෙන ඒ හරියේම බිමට වැටුනා. ඒ නිසා සමබරතාවය ගිලිහුනු අහස් යානයෙන් ගුවන් ධාවන පථය ගිලිහුනා. ඒක අපි ඉන්න පැත්තට හැරුනා.වේගය පාලනය කරගන්න බැරිව පොලොවට කඩාගෙන වැටෙන අහස් යානයක් තමන්ගේ පැත්තට එද්දි කොහොමට තියෙයි ද. ඕගොල්ලත් මම කියනවට නිකමට හිතලා බලන්න. මොහොතකට කලින් උඩුගුවනේ තිබුනු අහස් යානය දැන් අපි පැත්තට වේගයෙන් එනවා. ඇසිල්ලකින් සිදුවුනු මේ වෙනස නිසා අපි ඒ තැන් වලම ගල් වුනා. ඊලග මොහොතෙ දී කව්රු හරි "දුවමු" කියලා කෑ මොර දුන්නා. මම අහස් යානය එන පැත්තෙන් දකුණට හැරිලා ඉලුක් ගාල පැත්තට දුවන්න ගත්තට මාව ගල්වෙලා. ඒ එක්කම වගේ මාව ඉහලට එසවුනා. ඒ තාත්තා. තාත්තා මාවත් උස්සගත්තා. අපි පස් දෙනා කියන්න බැරි තරම් වේගයකින් ඉලුක් ගාල තරණය කරලා, රූස්ස ගහක් පල්ලෙ බිම දිගා වුනා.ඒ අතරතුර පාලනයක් නැති අහස් යානව නිදහසේ, ඒත් බය හිතෙන වේගෙන් පොලොව පැත්තට ආවා. පොලොවට සමාන්තරව තවත් ටික දුරක් ගිය අහස් යානය අපි කලින් හිටපු තැනත් පහු කරගෙන ඉස්සරහට ගියා. තටු අවට ගස් කොලන් වල වදින සද්දෙයි, අහස් යානය ගොදුරු වෙන අනිත් අනතුරුයි නිසා ඒ පැත්තම මහ භයානක සද්දවලින් පිරුනා. ඊලග මොහොතෙ දී පළවෙනි වතාවට අහස් යානයේ වම්පැත්තෙ රෝදේ පොලොවේ වැදුනා. ඒ එක්කම රෝදේ ඒක සවිකරලා තිබුනු ආධාරකයේ කොටසතුක් එක්ක කැඩිලා ගියා. ඒක ගිනි පුලිගු පිටකරගෙන අහස් යානයට සමාන්තර ව වේගයෙන් ඉදිරියට ඇදුනා. ඊලගට ආධාරකය පොලවට හිරවුනු නිසා නැවතුනා. ඒ එක්කම අහස් යානයේ අනිත් රොදෙත් කැඩිලා විසි වුනා. මුලු ලෝකෙම එකම තහඩු සද්දෙකින් වැහිලා ගියා. ඒ අතරතුර අහස් යානය තවත් තත්පර ගානක් පොලොව දිගේ ඉදිරියට ඇදුනා. කලින් දැනුම් දීමක් නැතුව ගුවන් තොටුපලට අමුත්තෙත් ගොඩ බහිනවා. ඉතින් මෙයාව පිළිගත්තේ ඊට හරි කෙලින් තිබුනු විශාල පලු ගහක කඳක්. ඉතාම භයානක, ඉතාම විස්මිත, කෙනෙකුට කවදාවත් ලේසියෙන් දකින්න බැරි ඒ හමුවීම ඔන්න ඔය විදිහට පුපුරන සද්දෙකුත් එක්ක තත්පර ගාණකින් අවසාන වුනා.ඊලගට අහස් යානය ලොකු හුස්මක් පිට කරලා නිහඬ වුනා වගේ දැනුනා. ගුවන්තොටුපල වල ඉගිල්ලෙන්න බලාගෙන සාඩම්බර ලීලාවෙන් ඉන්න අහස් යානා පින්තූර වලින් අපි කොච්චරවත් දැකලා ඇති. ඒත් තමන්ගේ තටු කැඩිලා තැන තැන විසිරිලා ගිය, තමන්ගේ අතපය වගේ තියෙන රෝද ගැලවිලා අසරණ වුනු, පැත්තකට ඇලවිලා, පැත්තකට හැරවිලා තියෙන ගුවන් යානයක් තමන්ගෙ ම ඇස් ඉදිරිපිට තියෙද්දි කොහොමට තියෙයි ද.ඔය විදිහට තවත් තත්පර ගාණක් කිසි හැලහොල්මනක් නැතිව ගෙවිලා ගියා. හරියට කිසිම දෙයක් නොවුනා වගේ.අහස් යානයක් පොලොවට කඩාගෙන වැටුනම ඊලගට වෙන දේ අපි කව්රුත් දන්නවා. ඒ අහස් යානය මහ සද්දෙකුත්, ගිනි ජාලාවකුත් පිටකරගෙන පුපුරන එක. අපි චිත්‍රපටි වලිනුත්, ප්‍රවෘත්ති වලිනුත් ඒ ගැන හොඳටම අහලා තියෙනවා. ඒත් තමන්ගේ ඇස් ඉදිරිපිට ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා කව්රුවත් හීනෙකින් වත් හිතන්නෙ නෑ.මේ මොහෙතේ මගේ හිත තත්පර ගානක් ආ පස්සට ගියා. අහස් යානව අන්තිම වතාවට අ‍පේ ඔලුවලට ඉහලින් යද්දි ඒක ඇතුලෙ හිටපු ගුවන් නියමුවාව මගේ හිතේ ඇදිලා ඇසිල්ලකින් මැකිලා ගියා. ඔව්. අර ජාති ඇඳුමක් ඇඳගෙන වීරයෙක් වගේ උන්නේ. එයා අන්තිම තත්පරේ වෙනතුරු උත්සහ කරන්න ඇති එයාගේ යාලුව ව හොඳම විදිහට ගොඩබස්සවන්න. ඒත් දැන් ඔක්කොම වෙලා ඉවරයි. එයා තවමත් අහස් යානය ඇතුලේ ඉන්නවා ඇති. ඒත් ඒ කොයි විදිහට ද කියලා අපි කව්රුත් දන්නෙ නෑ. එයා වෙනුවෙන් මම යමක් කරන්න ඕන කියලා හිතුනත්, ඒ වෙනුවෙන් කතා කරනවා තියා, හිතන්නවත් මට බෑ. දැන් අපි ඇවිල්ලා ඉන්නෙ කතාවේ භයානකම කොටසට. ඔයගොල්ලත් හිතට අරගෙන මේ කතාව කියෙව්වනම් ඒ විදිහට හිතෙන එක වලක්වන්න බෑ. අපි දන්න හැටියට තවත් සුලු මොහොතකින් අහස් යානය මහ සද්දෙකින් පුපුරලා ඒක ඇතුලෙ ඉන්න නියමුවත් එක්කලා විනාශ වෙලා යයි."අපි මොකද කරන්නෙ.........." රත්නෙ මාමා ඇහැව්වා."ඔහොම්මම ඉන්න...... කව්රුත් නැගිටින්න එපා....“ එහෙම කියාගෙන තාත්තා මාව තව ටිකක් ළඟට කර ගත්තා."පයිලට් ඉන්නවද දන්නෑ......." මම අමාරුවෙන් අකුරු එකතු කර ගත්තා.“කව්රුත් නැගිටින්න එපා.....“ තාත්තා ආයිමත් අනතුරු හැගෙව්වා.අපි හැමෝගෙම හිත් මේ වෙද්දි නොදන්න කෙනෙක් වෙනුවෙන් තැවෙනවා. ඒත් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඒක හරිම අවාසනාවක්. අපිට තිබුනේ වෙන දේ ගැන බලාගෙන ඉන්න විතරයි. ඉතින් අපි හැමෝම බලාගෙන හිටියා. තාත්තා, මම, චාරුක, ප්‍රදීප් අපි හැමෝම. ඒත් හැම වැදගත් වැඩක දී ම තාත්තට ලියුම් කඩදහියක් එවලා උපදෙස් ගන්න, තාත්තා කියන දේ බොහොම ගෞර‍වයෙන් පිලිගන්න රත්නේ මාමා මේ වතාවේ තාත්තට පිටින් ගියා. තවත් තත්පර ගාණක් අපි වගේ බිම දිගා වෙලා හිටපු රත්නෙ මාමා, ඇසිල්ලකින් නැගිටලා, සරම කැහැපොට ගහගන්න ගමන් ම ගුවන් යානය පැත්තට දිව්වා.තාත්තාවත්, චාරුකවත්, ප්‍රදීප්වත් මමවත් එයා ව නවත්තන්න හැදුවේ නෑ. ඉලුක් ගාල තරණය කරපු රත්නෙ මාමා, කොන්ක්‍රීට් වලින් හදපු ධාවන පථය හරහා දිව්වා. ඊට පස්සෙ හමුවුනු තණකොල වැවුනු විවෘත බිමේ වේ‍ගයෙන් ඉදිරියට ඇඳුනා. ඊලගට සමතලා කොන්ක්‍රීට් තහඩුව පහුකලා. අන්තිමේ ගුවන් තොටුපල අවසන් වෙලා වනාන්තරය ආරම්භ වෙන පලුගස් යායෙන් එකක හිරවෙලා තිබුනු අහස් යානයට කිට්ටු වුනා. හැමදේටම වඩා ලොකුවට පෙනෙන අහස් යානය ලඟට ගිය රත්නෙ මාමව අපිට පෙනුනෙ බොහොම පුංචි මනුස්සයෙක් හැටියට. මුලින් අහස් යානයේ තටු කෑල්ලක් උඩට නැග්ග රත්නෙ මාමා, නියමු කුටියට ඇතුල් වෙන අගුල අරින්න උත්සහ කරන බවක් පෙනුනා. ඒ උත්සහාය හරි නොගිය තැන එයා එතනින් බිමට පැන්නා. ඊලගට කොට කෑල්ලක් අරගෙන නැවත නැගලා දොරට තඩිබාන සද්දෙ, හුළඟට මුසු වෙලා මොහතකට පස්සේ ඇහුනා. අන්තිමේ තහඩු සද්දෙත් එක්ක තවත් සද්ද ගොඩක් එකතු වෙලා දොර ඇරුනා. බාගදා දොර කැඩුනා. ඒ එක්කම රත්නෙ මාමා නොපෙනී ගියා.තවත් තත්පර කිහිපයක් කිසිදෙයක් නොවී ගෙවිලා ගියා. ඒ වෙද්දි අහස් යානය පුපුරලා යන වෙලාව හොඳටම ලංවෙමිනුයි තිබුනේ.ඊලග මොහෙතෙ දී අපි ඔක්කෝමලාගේ ම ඇස් විස්මයට පත් කරලා රත්නෙ මාමා මතුවුනා. ඒ ‍අහස් යානයේ හිටපු නියමුවාව දෑතට ඔසවගෙන. කාකී පාට තනි ඇඳුමක් ඇදගෙන හිටපු නියමුවා, බොහොම ආයාසයෙන් රත්නේ මාමා දිහා බැලුවා. හරියට පොඩි දරුවෙක් නින්දෙන් අවදි වෙලා බලනවා වගේ. රත්නේ මාමා කලන්තෙ හැදිච්ච දරුවෙක් ව ඔසවාගෙන ඉන්න තාත්තා කෙනෙක් වගේ නියමුවාව ඔසවාගෙන හිටියා. එයා මොහොතකට අහස් යානයේ ඉදලා අපි ඉන්න ඉසව්ව දිහා බැලුවා. හරියට වික්‍රමයක් කරපු වීරයෙක් වගේ. ඇත්තටම රත්නෙ මාමා වීරයෙක්.ඊලග මො‍හොතෙ දී රත්නෙ මාමා නියමුවත් ඔසවාගෙනම අහස් යානයෙන් බිමට පනින්නයි උත්සහ කලේ.මම මේ කතාවට මුල පුරද්දිම කිව්වා වගේ චිත්‍රපටියක දී හරි ටීවී එකේ යන කතාවක දී හරි නම් මේ විදිහෙ තැනක දී කතාව ඉවර වෙනවා. ඒත් ඇත්ත ජීවිතේ දී එහෙම වෙන්නෙ කලාතුරකින්. ඕනම සිද්ධියක සතුටුම කොටසට පස්සෙ හරි, දුකම කොටසට පස්සෙ හරි, තවත් දේවල් වෙන්න පුලුවන්. ජීවිතේ කවදාකවත් අමතක වෙන්නෙ නැති විදිහෙ. ඒත් ඒ හැමදේම කියන්න ඕනේ කියලා කිසිම නීති පොතක නෑ. අනුන් දන්නේ නැති ඕනම සිද්ධියක් තමන් කැමති තැනකින් නතර කරන්න පුලුවන් අසාධාරණ බලයක් කතාව කියන කෙනාට නිකම්ම ලැබෙනවා. ඒක නිසා මමත් දැන් කතාව ඉවර කරනවා. ඊලගට රත්නේ මාමාටයි, රත්නේ මාමගේ දෑත මත හිටපු ගුවන් නියමුවාටයි, අහස් යානයටයි වුනේ මොකද්ද කියලා මම කියන්නෙ නැත්තේ මෙච්චර දවසක් මේ කතාව අහපු ඔයගොල්ලන්ට අසාධාරණයක් කරන්න හිතාගෙන නම් නෙමෙයි. රත්නේ මාමා වීරයෙක් ද නැද්ද කියලා ඔයගොල්ලන්ට තීරණය කරන්න මේ සිදුවීම් ටික හොඳටම ප්‍රමාණවත් හන්දා.මෙච්චර දිග කතාවක් මම ඔයගොල්ලන්ට කියන්න තීරණය කලේ රත්නේ මාමා වෙනුවෙන්. රත්නෙ මාමලා වගේ වීරයෝ අපේ රටේ ඕන තරම් තවත් ඇති. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අනුන්ගේ ජීවිතේ ගැන හිතපු. සමහරුන්ට ඒක මහ මෝඩ වැඩැක් කියලා හිතෙන්නත් බැරි නැහැ. හැබැයි ඒ අයගේ වීරක්‍රියා වලට නියම ලංසුව තියලා, එයාලා වෙනුවෙන් ඉතිහාස පොතේ පිටුවක් වෙන් කරන්න කව්රුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් මම දෙවෙනි කොටසෙ දී කිව්වා වගේ ඔයගොල්ලන්ට පුලුවන් වුනානම් තමන්ගේ හිතේ පුංචි කොටසක් හිස් කරලා තියාගන්න, රත්නේ මාමලා වගේ වීරයන්ගෙන් ඒ කොටස නැවත පුරවගන්න - හිත හදාගන්න මීටත් වඩා හොඳ වෙලාවක් එයි කියලා මම හිතන්නේ නෑ. ඒකයි මම මුලින් ම කිව්වේ කාලයේ වැලි තලාවට අහුවෙලා හැමදේම මැකිලා යනවා කිව්වට එහෙම මකන්න බැරි දේවලුත් තියෙනවා කියලා. අපි හැමෝම එකතු වුනොත් මේ කතාවත් අන්න එහෙම එකක් කරන්න පුලුවන්. අවුරුදු විසිහතරකට පස්සේ හරි.............................................................- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
BLOG
2014.11.30
http://charithsriyan.blogspot.com/
කියවන්න පොත් 8ක්
Charith Weerakkody
සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් මෙන්න මේ පොත් ටික හොයා ගෙන කියවල බලන්න කියල ඉල්ලා හිටිනව.1. පිච්චමල2. අරලියමල් ආරාමය3. මහමෙර4. උපේකා5. පින්කෙත6. සිල් සුවඳ7. සුදු නෙළුම8. තෙර තරණය.
BLOG
2014.10.31
http://charithsriyan.blogspot.com/
Old Sri Lankan Advertisements
Charith Weerakkody
.
BLOG
2014.09.14
http://charithsriyan.blogspot.com/
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2014 - Colombo International Book Fair 2014
Charith Weerakkody
September 10අද ගත්ත පොත්මුල්ම දවසෙම ප්‍රදර්ශනේට ගියා. පොත් 5යි ගත්තෙ. වෙනද නම් අතින් කටින් එල්ලන් එන්නෙ. පොත් වලට ගිය මුළු වියදම රුපියල් 1840. කෑම, බීම, ටිකට් එකට, බස් ගාස්තු එකතු වුණාම සම්පූර්ණ වියදම වුණේ රුපියල් 2033.com/groups/134123179997191/permalink/706758049400365/September 10අද මුල්ම දවසෙම පොත් ප්‍රදර්ශනේට ගියා. ගත්ත පොත් ගැන විස්තරයක් පින්තූරත් එක්කම දැන්ම. ලේඛකයො කීප දෙනෙක්මත් හම්බ වුණා. මුලින්ම මුණ ගැහුනෙ සේනාරත්න වීරසිංහ මහත්මයව. ඪීන් තෙ ඹූක්මන් බර්ගඉන් පොත් කඩේදි මුණ ගැහුනෙ. මනෝරාම ගැනත් ඇහුව. (හරියට මං දන්න කියන කෙනෙක් වගේ. කිසිම දවසක දැකලවත් නෑ. කතා කරලත් නෑ. හැබැයි දාන පොස්ට් නම් කියවනව. ඒ ඇඳුනුම් කමටයි ඇහුවෙ.)ඊට පස්සෙ හම්බ වුණා ටී. අන්ද්‍රාදි මහත්මයව. ඒත් බර්ගඉන් පොත් කඩයක් වෙච්ච Sඅරත් ඹූක්ස් වලදි.ඊට පස්සෙ දැක්කෙ මෙන්න මේ ලේඛකයන්ව. මොහාන් රාජ් මඩවල, මහින්ද කුමාර දළුපොත, මහාචාර්ය ජේ. බී. දිසානායක, නාලන් මෙන්ඩිස්. (නාලන් මෙන්ඩිස් ක්‍රිකට් ගැන පොතක් ලියල තියෙනවා.) කැළණියේ පන්සලේ ලොකු හාමුදුරුවන් වන මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේත් වැඩල හිටිය.සමස්තයක් විදිහට කියන්න තියෙන්නෙ පොත් කඩවලට වඩා කෑම කඩ හොඳයි කියලයි. දැන් පොත් ප්‍රදර්ශනේ බහින කාලය ඇවිල්ලයි කියලයි මට හිතෙන්නෙ.com/groups/134123179997191/permalink/706760539400116/September 11මම මුලින්ම පොත් ප්‍රදර්ශනේට ගියේ මතක විදිහට 2005දි. ඒ අවුරුද්දෙ නම් බියර් විකුණන්නත් තිබ්බ. ඊට පස්සෙ නම් බියර් විකිණිල්ලක් දැක්කෙ නෑ.අවුරුදු 9ක් තිස්සෙම පොත් ප්‍රදර්ශනේට ගිය කෙනෙක් විදිහට මට පේන්නෙ පොත් ගන්න එන අයට වඩා පොත් බලන්න එන අය ප්‍රමාණය වැඩි වෙලා කියලා. සමහරු ඇත්තටම පොත් ගන්න උවමනාව තිබ්බත් සල්ලි නැති නිසා පොත් බලල යන්න එනවා. ඒ වගේම කෙල්ලෙක්ව සෙට් කර ගන්න එන අය, කන්න බලන්න එන අය වගේ අයත් දකින්න පුළුවන්. ඉස්සරත් එහෙම අය හිටියට දැන් ඒ ප්‍රමාණය වැඩි වෙලා.ඒ වගේමයි අපිට දෙන වට්ටමත් එන්න එන්නම අඩු වෙලා. ඉංග්‍රීසි පොත් විකුණන්න තියෙන කඩ ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව අඩු වෙලා. අපේ රටේ ජාතික භාෂාවක් වෙච්ච දෙමළ පොත් කඩ කීයද තිබ්බෙ. ඒ නිසා දෙමළ පොත් කියවන දෙමළ, මුස්ලිම් ජතිකයන්ගේ ප්‍රමාණයත් සාපේක්ෂව අඩු වෙලා. ඉස්සර මීට වඩා ප්‍රමාණයක් දෙමළ, මුස්ලිම් අය බලා ගන්න පුළුවන් ප්‍රදර්ශනේදි. ප්‍රදර්ශනේ දැක්කම මට හිතෙන්නෙ මේක සිංහල පුළුවන් මිනිස්සුන්ට විතරක් තියෙන ප්‍රදර්ශනයක් කියලයි.තව ටික කාලෙකින් මේ වගේ දේවලුත් ප්‍රදර්ශනේදි දකින්නට ලැබෙයි. කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳේ බයිසිකල් පැදීම, තාරාවට වළලු දැමීම වගේ දේවලුත් දකින්නට ලැබුණොත් පුදුමයක් නෙමෙයි.com/groups/134123179997191/permalink/707325906010246/September 12දෙවෙනි වතාවටත් පොත් වන්දනාවේ යාම.අදත් පොත් ගන්න ගියා. මේ තියෙන්නෙ ගත්තු පොත් වල මිල ගණන් එක්ක ගත්තු තැන ගැන විස්තරයක්.1. මුලින්ම ගියේ ඵෙරෙර-Hඋස්සේන් කුටියට. ඹ්ලුඑ කියන පොත ගත්තෙ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක්. මම පොත මිලදී ගන්නකොට ඇමීන Hඋස්සේන් මහත්මිය පොඩි විහිළුවකුත් කළා මට ඔය පොත ගන්න තරම් වයසක් නෑ කියලා. ඇමීන Hඋස්සේන් මහත්මිය පොත අත්සන් කරලම දුන්නා. පොතේ මිල වුණේ රුපියල් 560.2. ඊට පස්සෙ පොතක් ගත්තෙ Sඅරත් ඹූක්ස් වලින්. Fඔර්ස්ටෙර්ගෙ ඇ ඵස්සගෙ ඨො ඓන්ඩිඅ පොත. මිල වුණේ රුපියල් 250.3. අන්තිමට පොත් ගත්තෙ Wඅර්නසුරිය ඹූක් ෂොප් වලින්. පොත් 3ක් ගත්තා. ඵ්. ඓ ළොවෙ ‍යොඋ, Eඅට්, ඵ්‍රය්, ළොවෙ අන්ඩ් ථෙ Oතෙර් ඹොලෙය්න් ඝිර්ල්පොත් 3ම මිල රුපියල් 1300.පොත් වලට විතරක් වියදම ගියා රුපියල් 2110. නාරං කැවුම් 1යි, වැලි තලප කෑලි 1යි, ස්ට්‍රෝබෙරි බීම එකටයි රුපියල් 170ක් ගියා. බස් ගාස්තු රුපියල් 23. ටිකට් එකට එකට රුපියල් 20. අද මුළු වියදම වුණේ රුපියල් 2323. පොත් ප්‍රදර්ශනේට ගිය දවස් දෙකේම මුළු වියදම රුපියල් 4356. ඉරිදත් යන නිසා තව රුපියල් 2000කට කිට්ටු ගාණක් ඕකට එකතු වෙයි.com/groups/134123179997191/permalink/707792029296967/September 12පොත් ප්‍රදර්ශනේ තුන්වෙනි දවස වෙච්ච අද, මම දෙවෙනි වතාවටත් නිකන් ඉන්න බැරි කමට ප්‍රදර්ශනේට ගියා. මේ ඒකෙදි මට අත්දකින්න ලැබිච්ච අත්දැකීම් ටිකක්.පළවෙනි දවසට වඩා වැඩි සෙනඟක් අද ඇවිත් හිටියා. පළවෙනි දවසෙ දකින්න හිටියෙ නැති පාසල් ළමුන් ගොඩක් දෙනෙක් අද ඇවිත් හිටියා. ඒත් ගොඩක් ළමයින්ගෙ අතේ තිබ්බෙ පොත් වෙනුවට මැගී නූඩ්ල්ස්. නැත්නම් අයිස්ක්‍රීම්. පොත් අරන් හිටපු ටික දෙනාගෙන් බහුතරයකගෙ අතේ තිබ්බෙ විෂායානුබද්ධ පොත් මිසක් නවකතා වගේ පොත් නෙමෙයි.ගොඩක් ඉස්කෝලවල ළමයින්ව ගුරුවරු එක්ක ගියේ පෝලිම් ගස්සවලා. හරියට නිකන් සත්තු වත්ත බලන්න හරි, කටු ගේ බලන්න හරි යනව වගේ. කෝච්චියක් යනව වගේ පිටිපස්සෙ කෙනා ඉස්සරහ කෙනාව තල්ලු කරන් යන එකෙන් වෙන්නෙ ඒ ළමයින්ට පොතක් තෝර ගන්නවත්, අඩු ගානෙ පෙරළල බලන්නවත් වෙලාවක් නැති වීම. පොත් ගන්න ආපු අනිත් අයටත් ඒක කරදයක්.ඕකට විසඳුම විදිහට මට හිතෙන්නෙ ළමයින්ට පොත් ගන්න නිදහස දීල නියමිත වෙලාවකට එක ස්ථානයකට එන්න කියල කීම. ඔය විදිහෙන් පොත් ගන්න ඇත්තටම ආපු අයට පොත් ගන්නත්, පොත් පෙරළල, අත ගාල යන්න ආපු අයට ඒ වැඩේ කර ගන්නත්, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් කන්න ආපු අයට ඒවා කන්නත්, තමන්ගෙ ඉස්කෝලෙ කෙල්ල එක්ක ආපු අයට තමන්ගෙම ලෝකෙක තනි වෙන්නත්, පොත් ගන්න එන අක්කල, ඇන්ටිලව බලන්න ආපු අයට ඒක කර ගන්නත්, කොළඹ රස්තියාදුවක් ගහන්න ආපු අයට රස්තියාදුවක් ගහන්නත් ඔය ක්‍රමයෙන් පුළුවන් වෙනවා.තව ඉතින් ගැහැනු ළමයෙක්ට ඉන්න තැනකින් එන්න කියල කීප සැරයක් අන්නොඋන්cඑ කරනවත් අහගන්න පුළුවන් වුණා. සමහර වෙලාවට ඒ ළමයා කොල්ලෙක් එක්ක ටික වෙලාවකට ගල් වෙන්න ඇති. නැත්නම් ඇත්තටම අසනීපයක් වෙලා හරි, නැත්නම් අතරමං වෙලා හරි වෙන්නත් ඇති.මුල්ම දවසෙ යන්න බැරි වෙච්ච චීනගෙ පොත් කුටියටත් ගියා. යන කොටම ලස්සන නංගිලා දෙන්නෙක් ඉදල මාව පිළිගත්තා. ඒත් අනේ ඒකට ගිය මෝඩකම කියල හිතුනේ පොත් දිහා බැලුවමයි. පොත් 5,6ක් ඇරෙන්න ඔක්කොම චීන පොත්. තියෙන ඉංග්‍රීසි පොත් ටිකත් ගිනි ගණන්. අවම මිල ආසන්න වශයෙන් රුපියල් 1500කට වැඩියි. චීන තේ හදල බොන හැටි තියෙන පොතක් රුපියල් 5000ක් විතර. චීනටත් රුසියන් කාරයා වගේ තමන්ගෙ සංස්කෘතිය මෙහෙ පතුරුවන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ ඔය චීන පොත් ටිකක් සිංහලට පරිවර්තනය කරල දාන එකයි. නැතුව ඔය චීන පොත් ලොකු ගාණක් දීල අරන් ගිහිල්ල කඩල කාරයෙකුට විකුණන්නයැ. නැත්නම් අපිත් චීන දන්නවයි කියල ගෙදර පොත් ගොඩ ගහල තියා ගන්නයැ. ඔය චීනට දීල තියෙන ඉඩ ප්‍රමාණය පරණ පොත් විකුණන අයට දුන්න නම් ඔයිට වඩා සේවයක් පොත් ගන්න අයට සිද්ධ වෙනවා.අර රහත් වෙච්ච හාමුදුරුවො දාල තියෙන පොත් කුටියට නම් වැඩිය සෙනඟක් පේන්න හිටියෙ නෑ. කහ සිවුරු ඇඳ ගත්තු හාමුදුරු දෙනමක් නම් හිට ගෙන ඉන්නව දවස් දෙකේම දැක්කා. හැබැයි එතන වැඩ කරන ගෑනු කට්ටිය නම් හොඳට ප්ලාස්ටික් පුටු වල වාඩි වෙලයි හිටියෙ. අර හාමුදුරුවරු දෙන්න අද නම් හිටියෙ සසර කළ කිරිච්ච මූඩ් එකකින්. හිටගෙන ඉඳලම එපා වෙලා වෙන්න ඇති.අදනම් ලේඛකයො දෙන්නෙක්ව විතරයි දැක්කෙ. පළවෙනි කෙනා තමා ඇමීන Hඋස්සේන්. මාත් එක්ක විහිළු කර කර, පොත් ගැන විස්තර කිය කියා මිනිත්තු දහයක් විතර ගත කළා. ඇමීන Hඋස්සේන්ගෙන් ගත්තු පොත ගැන වෙනම පොස්ට් එකක් අද දැම්මා.ඊට පස්සෙ දැක්කෙ සමන් අතාවුදහෙට්ටි මහත්මයව. දැක්ක මිසක් කතා කරන්න ලැබුනෙ නෑ.ඊළඟට දැක්ක සුවිශේෂම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. දවල් 11ට විතර වාහනෙන් සිරිමාවෝ බණ්ඩාරණායක ශාලාව පැත්තට යනවා දැක්කා. මොනව වුණත් අපිට පේන්න පොත් පෙරළන්නෙ නැතුව පොත් කියවන කෙනෙක් වෙච්ච එක ගැන එකම ඉස්කෝලෙ ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මට නම් සංතෝෂ වෙන්න පුළුවන්.කෑම කඩ ගැනත් දෙයක් කියන්න ඕනෙ. ඒවල දාල තියෙන පුටු වල ඉඳ ගත්තු මිනිස්සු ආපහු තව කෙනෙකුට කන්න ලේසියෙන් නැගිටින්නෙ නෑ. කාල ඉවර වෙලා නැගිටල යනව නම් තමා හොඳ. මහන්සි වුණත්, කකුල් රිදුණත් පුටුවක වාඩි වෙලා ගොඩක් වෙලා ගත කිරීමෙන් වෙන්නෙ තව කෙනෙකුට කන්න තියෙන තැනක් නැති වෙන එකයි. ඒ ගැනත් වාඩි වෙලා කන බොන මිනිස්සු හිතුවනම් තමා හොඳ.මනෝරාම වීරසිංහගෙ තාත්තට අයිති පොත් කුටියටත් ගියා. ඒත් ඒක පිහිටල තියෙන තැන නම් පොත් විකුණන්න හොඳ තැනක් කියල හිතන්න අමාරුයි. බහුතරයකට ඒ පොත් කුටිය මඟ ඇරෙන්න තියෙන අවස්ථාව වැඩියි. එඩ්වඩ් මල්ලවආරච්චි මහත්මයගෙ පොත් කුටියත් දකින්න තිබ්බෙ නෑ. මනෝරාමලගෙ පොත් කුටිය වගේ ඒකත් කොහෙ හරි තැනක හැංගිල තියෙනවද දන්නෙත් නෑ.අද යන්නතම් ගුඉඩෙ මප් එක ලැබුණා. ඒත් ඕකෙන් බල බල පොත් කුටි හොයන් යන පුරුද්දක් මට නම් නෑ. ඝුඉඩෙ මප් එක ගත්තු ගොඩක් අය ඇතුල් වෙන කොටම ඒකෙන් පොත් කුටි හොයා ගන්න උත්සාහයක් ගන්නව දැක්කත් ඊට පස්සෙ නම් ඕක දිහා බලන අය මම දැක්කෙ අඩුවෙන්.නෙත් FM එකේ බැලුම්ගලෙන් දාපු කුටියක් ළඟ දිග පෝලිමක් තියෙනව දැක්ක. පෝලිම දිග වැඩි නිසා ඒකට ඔළුව දාන්න ගියේ නෑ. ඵොර්ට්‍රඉට් චිත්‍ර අදින කට්ටියටත් මේ පාර හොඳ තැනක් ලැබිල නැති පාටයි. ඒගොල්ලොත් හිටියෙ සිරිමාවෝ එකේ එළියෙ අස්සකට වෙන්න. වෙනද වගේ එළියෙ තැනක නෙමේ.අන්තිමට කියන්න දේවල් 2ක් තියෙනවා. පළවෙනි එක තමයි ඉංග්‍රීසි පරණ පොත් ගන්නවනම් Wඅර්නසුරිය ඹූක් ෂොප් (Hඅල්ල් ඝ් 255-256) එකට යන්න. හොඳ තත්ත්වයේ ඉංග්‍රීසි නවකතා පොත් රුපියල් 400 - 500 අතර මුදලකට එතන තියෙනවා.අනිත් දේ තමයි ඔබ ප්‍රසිද්ධ වෙච්ච නවකතාවක් ගන්නකොට ප්‍රකාශකයා හා අනිත් පොත් කඩත් එකම මිලකට, එකම වට්ටමක් දෙනව නම් පොඩි පොත් කඩේකින් ගන්න කියන එක. ඒකෙන් තමන්ටත් නිදහසේ, තෙරපෙන්නෙ නැතුව පොත තෝර ගන්න ලැබෙනවා. ලොකු ලොකු තල්මස්සු වෙච්ච පොත් මුදලාලිලා වගේම පොඩි පොඩි පොත් මුදලාලිලාටත් ඒකෙන් සෙතක් වෙනවා. නැත්නම් ඒ මිනිස්සුත් ප්‍රදර්ශනෙන් ටික ටික හැලිල යාවි.එදා වේල ටුවර්ස් දුවන මට මේ වෙනකොට රුපියල් 4356ක් වියදම් වෙලා තියෙනවා. ඉරිදත් යන්න ඉන්නවා "හමුවෙමු" ග්‍රොඋප් එකේ යාළුවන්ව මුණ ගැහෙන්න. එදාට ගියාම ගන්න ඉන්නෙ ඵෙරෙර-Hඋස්සේන් එකෙන් තව පොත් ටිකක් ගන්නයි, තව බර්ගඉන් කඩවලින් පොත් ටිකක් ගන්න එකයි තමයි. සල්ලි ඉතුරු වුණොත් ඹ්‍රිටිශ් Cඔඋන්cඉල් පුස්තකාලෙ සාමාජිකත්වයත් ගන්න හිතන් ඉන්නවා.com/groups/134123179997191/permalink/707833199292850/September 12ගොඩක් අය පොත් ප්‍රදර්ශනයේ තියෙන බර්ගඉන් පොත් කුටි ගැන අහල තිබ්බ නිසා මේ විස්තරය දාන්නෙ. මං ගිය කුටි අංක තමා පහත දක්වලා තියෙන්නෙ. (මේවයින් මගේ මුල්ම තේරීම වෙන්නෙ Wඅර්නසුරිය ඹූක් ෂොප් එක. පොත් වල තත්ත්වය හොඳයි. ගොඩක් ඒව අළුත් පොතක් වගේමයි. කිසිම වෙනසක් හොයා ගන්න නෑ පරණ පොතක් කියල.com/groups/134123179997191/permalink/708018389274331/September 14තුන්වෙනි වතාවටත් පොත් ප්‍රදර්ශනේට අද ගියා. පොත් ගන්න නෙමේ, කන්න. අයිස්ක්‍රීම් සිට පොප්කෝන් දක්වාත්, නාරං කැවුමේ සිට පිට්සා කෑල්ලක් දක්වාත්, තැඹිලි ගෙඩියේ සිට කෝක් එකක් දක්වාත්, අවසානයේ ගල්කිස්ස හෝටලයේ ෆ්‍රයිස් රයිස් එකක් දක්වාත් කෑම බීම භුක්ති වින්දා. ගෙදර ගිහින් තේ බොන ගමන් හවසට කන්න ආස්මි එකකුත් අරන් ගියා.අද බුඩ්ගෙට් එක විදිහට රුපියල් 5000ක් ගෙනිච්චත් කිසිම පොතක් ගන්න කිට්ටු කරන්නවත් බෑ. නිකන්ම තල්ලු වෙලා යනව මිසක් පොතක් තෝරන්න හම්බ වෙන්නෙ නෑ. ඒ නිසා හොඳල කාල බීල ආවා ඒ සල්ලි වලින්. (කන්නත් පෝලිම්. දුක තමා හැමෝම කන නූඩ්ල්ස් මේ අවුරුද්දෙ මට කන්න නොලැබීම.)දැන් ඉතින් ලබන අවුරුද්දෙ වෙනකම් පොතක් ගන්න ඉන්න වෙනව. එතකල් පුස්තකාල වල පිහිට තමා.ලබන අවුරුද්දෙ මීටත් වඩා සාර්ථකව කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳේ බයිසිකල් පැදීම, තාරාවට වළලු දැමීම වගේ අංග සහිත, කෑම බීම කඩ වැඩි, පොත් කුටි අඩු, පොත් මිල වැඩි, වට්ටම් අඩු, සම්මාන බලු පොර වැඩි සාර්ථක පොත් කානිවල් එකක් දකින්නට හැකි වේවා...com/groups/134123179997191/permalink/709168259159344/.
BLOG
2014.08.28
http://charithsriyan.blogspot.com/
ෆ්ලෝටින් මාර්කට් ගියෙමි
Charith Weerakkody
නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.බුලත්, පුවක්, දුම්කොළ විකුණන කාන්තාවකුත් හිටියා. ඒ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කමට ඉන්නව මිසක් ලාබයක් ගන්නවයි කියලනම් හිතන්න බෑ එතන.එක තැනක තිබ්බ කඩේකින් බඩගින්න නිසා ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් කෑවා. මම ඉල්ලුවෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒත් දුන්නෙ මාළු කෑල්ලක් එක්ක. චිකන් නෑ කිව්වෙ කෑම එක ගෙනත් දුන්නටත් පස්සෙ. මාළු ඇඹුල් තියල් කියල කිව්වෙ. ඒත් දුන්නෙ බල මාළු කෑල්ලක්. කඩේ අයියලගෙ තිබ්බ මරුමුස් පෙනුමත් එක්ක තනියෙන් ගහ ගන්න යන්න බැරි නිසා කාලා ආවා. රුපියල් දෙසීයට ඒ ෆ්‍රයිඩ් රයිස් එක නම් හොඳටම පාඩුයි.ආපහු නම් ෆ්ලෝටින් මාර්කට් එක පැත්තෙ යන්න කිසිම අදහසක් නෑ. නිකන් ගිහිල්ල ඇවිදල එන්න විතරක් නම් හොඳ තැනක්.
BLOG
2014.07.30
http://charithsriyan.blogspot.com/
පරිවර්තනය vs අනුවාදය - 2
Charith Weerakkody
පළමු කොටස මෙතනින් බලන්න.(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)අනෙක් අතට1. අනුවාදනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟීම අවශ්‍ය නැත.2. අනුවාදනයේ දී, අනුවාදකයාට අභිමත පරිදි, මුල් කෘතියේ කොටසක් හෝ කොටස් ගණනාවක් හෝ සිංහල අනුවාදයෙන් ඉවත් කළ හැකි ය. මුල් කෘතිය සංක්ෂිප්ත කිරීමට ද පුළුවන.3. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම සිංහල අනුවාදයේ දී ඉදිරි පත් කිරීම අවශ්‍ය නැත.4. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම, ප්‍රදේශ නාම ආදී සංඥා නාම, අනුවාදකයා ගේ අභිමතය පරිදි වෙනස් හෝ විකෘත හෝ කළ හැකි ය. සිංහල ඌරුවට යැ යි කියමින් සිංහල නම් ද යෙදිය හැකි ය.5. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසය ම හා රචනා ශෛලිය ම අනුගමනය කිරීම අවශ්‍ය නැත. අනුවාදකයාට සිතෙන අන්දමේ නැත හොත් අනුවාදකයාට හැකි අන්දමේ භාෂා විලාසයකින් හා රචනා ශෛලියකින් ලිවිය හැකි ය.6. අනුවාදනයේ දී, මුල් කෘතියේ එන අදහස සම්පූර්ණයෙන් දීම අවශ්‍ය නැත. භාවය පමණක් දීම ප්‍රමාණවත් ය.7. අනුවාදනයේ දී, එම අනුවාදය මුල් කෘතියෙන් බොහෝ අංගවලින් වෙනස් විය හැකි ය.8. අනුවාදකයාට පරිවර්තකයාට නො තිබෙන ලොකු නිදහසක් ඇත.ඉහත දැක්වූ කරුණුවලින්, පරිවර්තනය හා අනුවාදය අතර ඇති ඉමහත් වෙනස මනා ව පැහැදිලි වෙයි. මේ අනු ව විදේශීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක්, එම ලේඛකයා එය ලියූ අයුරින් ම, භාෂාවේ වෙනස් කම පමණක් ඇති ව, සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව කියවා, පූර්ණ සාහිත්‍ය රසාස්වාදයක් ලබා ගැනීමට ද, එම ග්‍රන්ථය පිළිබඳ ව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද, බලාපොරොත්තු වන පාඨකයින් කියවිය යුත්තේ එම ග්‍රන්ථයේ පරිවර්තනයක් ම විනා අනුවාදයක් නම් නො වේ. අනුවාදයක් කියවීමෙන් ලබා ගත හැක්කේ එම ග්‍රන්ථය පිළිබඳ ව අල්ප මාත්‍ර දැනුමක් පමණි. ඇතැම් විට එම දැනුම වැරදි දැනුමක් වීමට ද ඉඩ තිබේ.දැනය සිංහලයට නැඟී ඇති විදේෂීය සාහිත්‍ය කෘති අතුරෙන් සියයට අනූවකට ද වඩා ඇත්තේ අනුවාද කෘති ය. එයට හේතුව, පරිවර්තනය කිරීමට වඩා අනුවාදය කිරීම ලෙහෙසි හා සුකර කාර්යයක් වීම ය. එ පමණක් නො ව, එහි වග කීම ද අඩු ය. අනුවාදකයාට මුල් කෘතියේ ගැටළු තැනක් හමු වුව හොත්, නැති නම් නොතේරෙන තැනක් හමු වුව හොත්, ඒ තැන අත් හැර දමා, අනුවාදය කර ගෙන යා හැකි ය. පරිවර්තකයාට එ සේ කළ නො හැකි ය.එම නිසා සිංහලයට නඟන ලද විදේශීය කෘති තෝරා ගැනීමේ දී, පාඨකයා ඉතා පරීක්ෂාකාරී විය යුතු ය: ඉතා විමංසන ශීලී විය යුතු ය. නො එ සේ වුව, පියවරක් පියවරක් පාසා ඇති අනුවාද නමැති බොරු වළවල වැටීමට ඉඩ ඇත.
BLOG
2014.06.21
http://charithsriyan.blogspot.com/
නීතියක් නැති රටක සිට ලියමි
Charith Weerakkody
දැන් රටේම මාතෘකාව වී ඇත්තේ සිංහල - මුස්ලිම් ප්‍රශ්නය ගැනය. මේ ඒ ගැන මට හිතෙන විදියය.නීතියක් නැති රටක් කීවාට මා දන්නා තරමින් අපේ රටේ නීති 5ක් ඇත. වෙනත් රටවලත් මේ වගේ මහ ජාතීන්ට වෙනම නීතියකුත්, සුළු ජාතීන්ට වෙනම නීතියකුත් තියෙනවාදැයි නොදනිමි.මොන නීති තිබ්බත් ඒ නීතිය ලොකු ලොකු මෝරුන්ට හා තල්මසුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත. මොන නීතියත් ඇත්තේ හාල්මැස්සන්ටය.බේරුවල, අලුත්ගම ඇවිලුණු ගින්න තවටිකදිනකින් පාණදුරටත් පැමිණීමට ඉඩ ඇත. (පාණදුර යනු මා උපන්දා සිට සිටින නගරයයි.) අද අළුයමපාණදුරNo Limit එකත් ගිනි ගෙන ඇත. එක්කෝ ඔවුන්ම ගිනි තියා ගත්තා විය හැකිය. නැත්නම් මාධ්‍ය ප්‍රකාශ කරන ලෙස විද්‍යුත් කාන්දුවකින් ගින්න හට ගෙන ඇත. තමුන්ම ගිනි තියා ගත්තා නම් ඒ කරන්නට ඇත්තේ සිංහලුන් පිට වරද පැටවීමට විය හැක. ඒ ගමන්ම විශාල වන්දියක්ද ලබා ගත හැක. එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාව අපකීර්තියට ලක් කිරීමටද පුළුවන. එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම බිලී බා ගැනීමට පුළුවන. මොවුන්ගේ අතීතය අනුව එවැනි දෙයක් නොකරතැයි කිය සිතා ගැනීමටත් බැරිය.මේ දවස්වල බුකියේ මුස්ලිමුන්ට දැමිය යුතු නීති ගැන දකින්නට ඇත. එයින් කියවෙන එකක් නම් මුස්ලිමුන්ට දරුවන් දෙදෙනෙකු පමණක් හැදීමට හැකි වන ලෙස නීති පැණවිය යුතු බවයි. මෙවැනි නීතියක් අපේ දේශපාලුවන් විසින් නීති ගත කරනවායැයි සිතීමටවත් බැරිය. ඔවුන්ට හැමදාමත් ලොකු මුස්ලිමුන් නිසාය.මට හිතෙන හැටියට නම් කළ යුත්තේ මෙවැනි දෙයකි. එය ඉතාමත් පහසු දෙයකි. එනම් මුස්ලිම් ව්‍යාපාර සම්පූර්ණයෙන් වර්ජනය කිරීමයි. මුදල් නැති වන විට හම්බයින්ගේ උපත් පාලනයත් ස්වභාවිකවම සිදු වනු ඇත. ඉතාමත් සුළු ලාබයක් තකා හම්බ කඩ වෙත යාම සම්පූර්ණයෙන් නැවැත්විය යුතුය. මෙය තම තමාගේ කැමැත්ත අනුව සිදු වන්නකි. කාටවත් බල කිරීමක් නැත. කැමැත්තෙන් යන්නන්ට කළ යුත්තේ කුණු බිත්තර ගැසීම නොව ඔවුන්ට කරුණු පහදා දීමය. ඒත් ඔවුන්දිගටමයන්නේ නම් කරන්නට දෙයක් නැත. ඔවුන් කරන වැරැද්දට වන්දි ගෙවන්නට වන්නේ අද සිටින අප නොව අප හැමගේම ඉදිරි පරම්පරාවලටය.හම්බ කඩ වර්ජනය කිරීම විතරක් මදිය. සිංහල ව්‍යාපාර වල තත්ත්වයද ඉහළ දැමිය යුතුය. සමහර සිංහල කඩයකට ගිය විට පාරිභෝගිකයාටඔවුන් සලකන්නේ කරදරකාරයකුගේ පැමිණීමක් ලෙසය. මෙවැනි දුර්වලතා වළක්වාගෙන කටයුතු කළහොත් සිංහලයන්ගේ ව්‍යාපාර දියුණු වනවා මෙන්ම හම්බයන්ගේ ආර්ථික ශක්තියද පිරිහීමට ලක් වනු ඇත.මේ විදිහට ගියොත් තව අවුරුදු කීපයකින් අපට ජීවත් වන්නට සිදු වන්නේ බංග්ලාදේශයේ හෝ ඉන්දුනීසියාවේ සිටින බෞද්ධයින් ලෙසය. දැනටත් එම රටවල සිදු වන දෑට සමාන සිද්ධි මුස්ලිමුන් වැඩියෙන් ජීවත් වන ප්‍රදේශවල සිදුවේ. මේ දිවයින පුවත්පතෙහි පළ වූ එවැනි ලිපියකි.බේරුවල, අලුත්ගම ප්‍රශ්නයට මුල් වූවා යැයි කියන්නේ පොසොන්පොහෝදාභික්ෂුන් වහන්සේ නමකට කළ පහර දීමක්ය. නමුත් හැමෝම ඇඟිල්ල දික් කරන්නේ බොදු බල සේනාවේ රැස්වීම දෙසටය. භික්ෂුන් වහන්සේට පහර දුන් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වූවා දැයි නොදනිමි. නමුත් සියළුම හම්බයන් කරන්නට යන්නේ බොදු බලේ සිවුරු ගැලවීමට හැදීමය. මට ඇත්තේ එක ප්‍රශ්නයකි. සිංහලුන්ට එවැනි අවස්ථාවක රැස්වීමක් පැවැත්වීමතහනම්කළ යුතු නම් එසේම දින කීපයක් යන තෙක් හම්බයන්ට පල්ලි යාමද තහනම් කළ යුතු වීමය.සිංහලයන් එක් රැස් වූ එක වරදක් නම් හම්බයන්ද පල්ලි ඇතුලේ එක් රැස් වී කරන්නේ මොනවැදැයි සොයා බැලිය යුතුය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ එවිටය.එමෙන්ම තවත් කළ යුත්තක් ඇත. ලංකාවේ ත්‍රස්තවාදී සංවිධාන තවදුරටත් ක්‍රියාත්මක වේ නම් ඒවා තම තමන්ගේ ඡන්ද පදනම නොතකා විනාශ කොට දැමීමය. එමෙන්ම ලංකාවට පාකිස්ථනය වැනි රටවලින් පැමිණෙන සරණාගතයන්ව නැවතත් ඔවුන්ගේ රටවලටම පිටුවහල් කිරීමය. මුස්ලිම් රටකට අවශ්‍ය නැති හම්බයන්ව බෞද්ධ රටකට වැද්ද ගැනීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගේ පැමිණීමෙන් වන එකම දෙය රට තව තවත් අඳුරෙන් අඳුරට යෑම පමණි.මේ දවස්වල මුණූ පොතේ සිටින මගේ හම්බ මිතුරෙක් දිනපතාම සිංහලයන්ට විරුද්ධව විවිධ දේ පළ කරමින් සිටියි. රජ්ජුවන්ගේ ඉස්කෝලෙ මාත් එක්ක එකට ඉගෙන ගත් මොහු සා. පෙ. වත් පාස් නැති අයෙකි. දැන් ඔහු බෞද්ධයන් විනාශ කිරීමට අල්ලාගේ ආශිර්වාදය ඉල්ලයි. හැබැයි මේ විදියට ගියොත් 2050 විතර වෙන කොට ලංකාවත් අල්ලාගේ රටක් වීමට බැරි නැත.මට තවත් එක ප්‍රශ්නයක් ඇත. එනම් හම්බයන් විශ්වාස කරන ලෙස සියළුම දේ සිදු වන්නේ අල්ලාගේ කැමැත්ත අනුවය. එය සත්‍යයක් නම් හම්බ කඩ ගිනි ගන්නේත්, මෙවැනි කලබලයක් ඇති කළේත් අල්ලා විසිනි. එසේ නම් හම්බයන් කළ යුත්තේ වෙච්ච හැම සිද්ධියකටම සිංහලයන්ට චෝදනා කිරීම නොව තමන්ගේම අල්ලාට චෝදනා කිරීමය.වර්ගවාදයට විරුද්ධ වූවන්ට කිව යුත්තක් ඇත. "Stand Against Racism" කියා අපේ රටේ නම් කිව හැක. ඒත් "Stand Against Racism" කියා බංග්ලාදේශයේ බෞද්ධයින්ට පහර දෙන විට ඔබ කිව්වාද. එවැනි රටක ඔවැනි දෙයක් කීවා නම් සමහර විට ඔබට ලැබෙන්නේ විවෘත මරණ වරෙන්තුවකි. තවමත් බෞද්ධාගම තියෙන අප රටේ එවැනි දෙයක් සිදු වන්නේ නැත. කවදා හෝ අප හම්බයන්ට යටත් වීමට සිදු වුව හොත් "Stand Against Racism" කිය කියා සිටින වුන්ට සිදු වන්නේ වෙනත් රටකට ගොස් "Stand Against Racism" කීමටයි.හම්බයන් සර්වාගමිකයන් නොවේ. දැන් පෙනෙන විදිහට ඔවුන් 100%ක්ම වර්ගවාදීන්ය. ඔවුන්ට තව දුරටත් මෛත්‍රී කළහොත් සිදු වන්නේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධයන්ට සිදු වූ දේමය. එරටේ සිදු වූ ලෙසම මෙරට ඇති පොළොන්නරුවේ ගල් පිළිම, අවුකන පිළිමය මෙන්ම අනෙකුත් පිළිම වහන්සේලා නිකන්ම නිකන් ගල් හෝ සිමෙන්ති ගොඩවල් කියා විනශා කර දමනු ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගසක්කියා කපා දමනු ඇත. කලින් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දැමුවා සේ හම්බයන් ලංකාවේ හැම බෞද්ධ සිද්ධස්ථානයක්ම විනාශ කර දමනු ඇත.ඒ ඔවුන්ට පිළිම වලට වන්දනා මාන කිරීම අකැප නිසාය.සිංහලුන් සිංහලයන් ගැන කතා කිරීම ජාතිවාදය නම් එය හම්බයන්ටත් එකසේ අදාළ විය යුතුය. මෙරටේ ජීවත් වනවා නම් ඔවුන් මෙරට සංස්කෘතිය අනුව දිවි ගෙවිය යුතුය. යන්තම් ඇස් දෙක පමණක් පෙනෙන ලෙස ඇවිදගෙන යන ගෝනිබිල්ලන් දැකීමට කිසිම අයෙකු කැමති නැත. සමහර විට හම්බයන්ට නම් එය මංගල ලකුණක් වීමට පුළුවන. ඇසට ප්‍රිය උපදවන දෙයක් වීමට පුළුවන. ආරක්ෂාවට තර්ජනයක් වන එවැනි දේ තහනම් කළ යුතුය. ප්‍රංශයට එවැනි දෙයක් කිරීමට කොන්දක් තිබේ නම් අපේ රට කරන්නවුන්ට එවැනි කොන්දක් නැත්තේ ඇයි.මේ විදිහට දිගටම ගියොත් අපට සිදු වන්නේ එක්කෝ කොන කපාගෙන හම්බයෙක් වීමටය. ගෑනුන්ට ගෝනිබිල්ලියක් වීමටය. නැත්නම් වෙනත් රටකට ගොස් ජීවත් වීමටය. එසේත් නැත්නම් හම්බයන්ගේ අඩම්තේට්ටම් විඳිමින් මේ රටේම ජීවත් වීමටය. නැත්නම් කවදා හෝ හම්බයෙක්ගේ අතින් මැරුම් කෑමටය.මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැතැන තැන බියව මුලු වැදුමෙන් පලක් නැහැදිනුමත් පැරදුමත් කොකත් කමක් නැහැඑනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැකෙස් ගස් පවා වෙන රටවන මිනිසුන් නේඋස් නිදහස පිණිස සටනට සැරසෙන් නේහිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන් නේ.
BLOG
2014.05.30
http://charithsriyan.blogspot.com/
පරිවර්තනය vs අනුවාදය - 1
Charith Weerakkody
(එච්. රයිඩර් හැගාඩ් ගේ "She" (1887) පොතෙහි සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වූ "ඈ හෙවත් අයේෂා" පොතෙහි පිටු අංක 17 - 21 දක්වා උපුටා දක්වා ඇත.)මගේ දයා බර පාඨකයන්ට තව ද එක් වැදගත් කරුණක් පැහැදිලි කර දීමට මම මෙහි දී අදහස් කරමි. එ නම්, පරිවර්තනය හා අනුවර්තනය හෙවත් අනුවාදනය අතර ඇති ඉමහත් වෙනස යි. අනුවර්තනය කීව ද අනුවාදය කීව ද දෙක ම එක ම ය. වචන දෙකක් වුව ද, වචන දෙකෙන් ම කෙරෙනුයේ එක ම ක්‍රියාවලිය යි. එ බැවින් මේ සාකාච්ඡාවේ දී මින් ඉදිරියට අනුවාදය යන වචනය පමණක් මම භාවිතා කරමි. වඩා ප්‍රචලිත ව ඇත්තේ ඒ වචනය වන හෙයිනි.මේ තාක් දුරට, මට දකින්ට ලැබී ඇති පරිදි නම්, විදේෂීය ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ සිංහලයට නඟන අනුවාදකයන් පරිවර්තනය හා අනුවාදය යන වචන දෙක, එකම අර්ථයක් ඇති වචන දෙකක් ලෙස, නැත හොත් එකම ක්‍රියාවලියක් හඟවන වචන දෙකක් ලෙස, පාඨකයන්ට හඳුන්වා දීමේ සියුම් ප්‍රයත්නයක යෙදී සිටින බව කිව යුතු ව ඇත. ඔවුන් වචනයෙන් මේ පිළිබඳව කිසිවක් නො කියුව ද, ඉඟියෙන් හා ඇතැම් විට ව්‍යංගයෙන් පරිවර්තයත් අනුවාදයත් යන දෙක එකක් ම ය යන අදහස පාඨකයන්ට දී ඇති බවක් ද, දැනුදු එසේ දෙන බවක් ද මට පෙනේ. පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර අහසට පොළොව මෙන් පවත්නා අතිමහත් වෙනස ගැන අනුවාදකයන් දනිතත්, ඔවුහු ඒ වෙනස පාඨකයන්ට නම් දැන ගැනීමට ඉඩක් නො තබති: එ මෙන් ම, එය ඔවුන්ට පැහැදිලි කර දීමට ද අදහස් නො කරති. එ සේ පැහැදිලි කර දීම ඔවුන්ට පාඩුවකි: එයින් ඔවුන්ට සිදු වන්නේ අලාභයකි. එය ඔවුන් පැහැදිලි කර නො දෙන්නේ ඒ නිසා ය. ඒ නිසා ම, පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර පවත්නා බලවත් වෙනස නො දන්නා සාමාන්‍ය පාඨකයා, පරිවර්තනය යැයි කිව ද, අනුවාදය යැ යි කිව ද, දෙක ම එකක් ලෙස සිතති. මේ වචන දෙක ම යෙදෙන්නේ, එක ම ක්‍රියාවලිය සඳහා යැ යි විශ්වාස කරති. එහෙත් මේ ක්‍රියාවලීන් දෙක අතර ඇත්තේ ඉතා බලවත් වෙනසකි.පරිවර්තන ක්‍රියාවලියත් අනුවාද ක්‍රියාවලියත් අතර ඇති බලවත් වෙනස මෙ සේ සම්පිණ්ඩනය කර දැක්විය හැකි ය:1. පරිවර්තනයේ දී, මුල් කෘතිය සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට නැඟිය යුතු ය.2. පරිවර්තනයේ දී, මුල් කෘතියේ කිසි ම කොටසක්, යටත් පිරිසෙයින් එක ම අනුච්ඡේදයක් වත්, සිංහල පරිවර්තනයෙන් ඉවත් නොකළ යුතු ය.3. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන අදහස්, එම කතුවරයා ඉදිරි පත් කර තිබෙන ආකාරයෙන් ම, සිංහල පරිවර්තනයේ දී ඉදිරි පත් කළ යුතු ය.4. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන පුද්ගල නාම හා ප්‍රදේශ නාම ආදි සංඥා නාම, ඒ අන්දමින් ම සිංහල පරිවර්තනයේ යෙදිය යුතු ය: ඒවා වෙනස් කිරීමක් හෝ විකෘත කිරීමක් නොකළ යුතු ය.5. පරිවර්තනයේ දී, මුල් කෘතියේ එන භාෂා විලාසයට හා රචනා විලාසයට සමාන භාෂා විලාසයක් හා රචනා විලාසයක්, සිංහල පරිවර්තනයේ තිබිය යුතු ය. මුල් කෘතියේ කතුවරයා, දීර්ඝ වාක්‍යවලින් යුත් රචනා ශෛලියක් අනුගමනය කර තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද, මුල් කෘතියේ උපමා, රූපක, අනුප්‍රාසාදියෙන් බහුල ආලංකාරික රචනා ශෛලියක් තිබේ නම්, සිංහල පරිවර්තනයේ ද එ බඳු රචනා ශෛලියක් ද තිබිය යුතු ය. කෙටියෙන් කියතොත්, මුල් කෘතියේ අදහස මෙන් ම, රචනා ශෛලිය ද සිංහල පරිවර්තනයෙන් පිළිබිඹු විය යුතු ය.6. පරිවර්තනයේ දී, මුල් කෘතියේ අදහස සම්පූර්ණයෙන් ම සිංහලයට නැඟිය යුතු ය.7. පරිවර්තනයේ දී, මුල් කෘතියෙන් සිංහල පරිවර්තනය වෙනස් විය යුත්තේ භාෂාවෙන් පමණි.8. පරිවර්තකයාට අනුවාදකයාට තිබෙන නිදහස නැත.
BLOG
2014.04.29
http://charithsriyan.blogspot.com/
Top Cat ද හොඳ? පිස්සු පූස ද හොඳ?
Charith Weerakkody
Top Catපිස්සු පූසා.
BLOG
2014.03.30
http://charithsriyan.blogspot.com/
පරණ පොත් කඩයකට ගියෙමි
Charith Weerakkody
හැමදාම කොළඹ යනකොට මම දැකපු පොත් කඩයක් තමයි වැල්ලවත්තේ සේනානායක පොත් කඩය. පුංචි කාලෙ ඉඳල දැකල තිබුණත් අද තමයි ඔය කඩේට යන්න අවස්ථාව ආවෙ.විනෝදාංශය විදිහට පොත් කියෙව්වත් අළුතෙන් පොතක් මම ගන්නෙ බොහොම කලාතුරකින්. හේතුව පොත් තියාගන්න ඉඩකඩ මදි වීමත්, පොත් ගන්න වියදම් කරන්න මුදල් අඩු වීමත්. කලාතුරකින් හරි පොතක් ගන්න ඕන වුණොත් යන්නෙ මරදානෙ ගාමිණී හෝල් එක ගාව පරණ පොත් කඩවලට තමයි. නැත්නම් නුගේගොඩ Sarasavi Warehouse එකට. ඒ යන්නෙත් බොහොම කලාතුරකින්.පොත් කියවීමේ ආශාව සංතෘප්ත කරගන්න පාණදුර හා කොළඹ මහජන පුස්තකාල දෙකටත්, විවෘත විශ්ව විද්‍යාලයේ පුස්තකාලයටත් පිං සිද්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා.අතේ සල්ලි ටිකක් තියෙන වෙලාවෙ පොත් ටිකක් ගන්න වුවමනා වෙච්ච නිසා අද සේනානක පොත් කඩයට ගොඩ වැදුණා. නිකන්ම නෙමේ ගියේ. ගන්න ඕනෙ කරන පොත් ලැයිස්තුවකුත් පිළියෙල කරගෙන. ඒ වගේම මේකට යන්න තිබ්බ ඕනෙකම වැඩිවෙලා තිබ්බෙ Yamu website එකේ තිබ්බ මේ පොත් කඩය ගැන විස්තරය දැක්කට පස්සෙයි.ඇතුළත යනකොට කඩේ දොර ළඟ හිටපු මනුස්සයගෙන් නවතකා තියෙන තැන ගැන ඇහුවම මට උත්තර දුන්නෙ දෙමළෙන්. සමහර විට මම මුස්ලිම් මනුස්සයෙක් කියල හිතාගෙන වෙන්න ඇති. ඒත් එතන තියෙන පොත් ගොඩවල් වලින් මට ඕනෙ පොත හොයා ගන්න බැරි බව තේරුණාම මම ආපහු සැරයක් ඒ මනුස්සයට කතා කළාම නම් හොඳට සිංහලෙන් කතා කරල ඇතුලෙ හිටපු කෙනා ගාවට මාව යොමු කළා. ඔහු තමයි මට පොත් හොයා ගන්න සහාය වුණේ.මම ගන්න හිතා ගෙන හිටපු එක පොතක්වත් මේ කඩේ නම් තිබ්බෙ නෑ. ඒත් කඩේ අයිති කෙනා විය යුතු පුද්ගලයා නම් ඉතාම සුහදශීලී පුද්ගලයෙක් බව කිව යුතුයි. ඒ වගේම පොත්වල මිලත් මරදානෙ පරණ පොත් කඩවලට සාපේක්ෂව මිලෙන් අඩුයි. පොත් තුනක් ගන්න මුළු කඩේම අට්ටි ගහල දාල තිබ්බ පොත් ටික ඇද්දත් ඒ මනුස්සයා ඒ ගැන මුකුත් කිව්වෙ නෑ.මෙතන පොත් ගොඩ ගහල තියෙන විදිහට නම් පොතක් හොයා ගන්න හරිම අමාරුයි. ටිකක් හොඳ පොත් තියෙන්න කාඩ්බෝඩ් පෙට්ටි ඇතුළෙ දාලා. ඇතුළු වෙන තැනම අඩි දෙක, තුනක් උසට ගොඩ ගහල තියෙන පොත් නම් ඇඳල බලන්නත් බයයි, පෙරළෙයිද කියලා. ඒ වගේමයි දූවිල්ලත්. හැම පොතකම දූවිලි තට්ටුවක් නම් තියෙනවමයි. කවදාවත් පිහදාලවත් නැති ගාණටයි ඒවා තියෙන්නෙ. ඒත් මරදානෙ කඩවල නම් මේ තරම් දූවිල්ලක් දකින්න නැහැ. හැමදාම දූවිලි පිහදාන නිසා වෙන්නත් පුළුවන් ඒකට හේතුව.ඒ වගේම මෙතන තියෙන බහුතරයක් පොත්වල තත්ත්වයත් ඒතරම් හොඳ තත්ත්වයක නැහැ. මරදානට සාපේක්ෂව මිල අඩු වුණත් පොත් නම් බාලයි. සමහර පොත්වල පිටු කාවො කාලා. සමහර ඒවා වල පිටු ගැලවිලා. සමහර ඒවා වල පිටු අඩුයි. පිටු කහ ගැහිලා. ඒ වගේමයි ගොඩක් පොත් වල සටහන් යොදා තියෙනවා. (නවකතා වල පවා, highlight කිරීම් වැනි දේවල්.) ඒත් මේ වගේ තත්ත්වයක් මරදානෙ පොත් කවඩල පොත් වල නම් මම දැකල නෑ. පරන පොත් වුණත් පිටු කැඩුණු, සටහන් ලියූ, කාවො කාපු, කහ ගැහුණු පොත් නම් මට කවදාවත් මරදානෙන් හමු වෙලා නැහැ.ඒත් අඩු මිලට පොතක් ගන්න නම් හොඳ තැනක් තමයි සේනානායක පොත්හල. ඒත් ගන්න කලින් හොඳට පොත පරීක්ෂා කරල බලන්න ඕනෙ. සහමර පොත් අල්ලපු ගමන්ම කෑලි හැලිල බිමට වැටෙනවා. ඒත් හොඳ තත්ත්වයේ පොතුත් තියෙනවා. ඒවගේ ඒවා රුපියල් දෙසීයක් වගේ වෙන්නෙ. මරදානෙ ඒ තත්ත්වයේ පොතක් රුපියල් හාරසීයක්, පන්සීයක්, සමහරවිට ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.ඒ වගේමයි විද්‍යා විෂයන්වලින් උපාධිය හදාරන අයට ගැළපෙන පොත් වගේකුත් මෙතන තියෙනවා, සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව ආදිය පිළිබඳව. ඒවා නම් හොඳ තත්ත්වයේ පොත් බව කියන්න ඕනෙ. ඒ වගේමයි විවෘත විශ්ව විද්‍යාලයෙන් පළ කරන පොතුත් මෙතන තියෙනවා. රුපියල් සීයකට වගේ අඩු මිලකට විද්‍යා විෂයන්, නීතිය, ඉංජිනේරු විද්‍යාව ආදිය ගැන පළ කෙරුණු විවෘත විශ්ව විද්‍යාලයේ පොත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. (විවෘත විශ්ව විද්‍යාලයෙන් මිලදී ගන්නවනම් මේ පොතක මිල රුපියල් තුන්සීයකට වඩා මිල වැඩි වෙනවා.)අන්තිමට කියන්න තියෙන්නෙ ලාබෙට පොතක් ගන්න ඕනෙනම් සේනානායක පොත්හලට ගිහින් බලන්න කියලයි. ඒත් පොත ගන්න කලින් හොඳට පෙරළල බලන්න. පිටු අඩු වීමේ හැකියාවක් තියෙනවා. පිටු කාවන් කා ඇති දැයි බලන්න. සටහන් තැබූ පොතක් ඔබට ප්‍රශ්නයක් නැති නම් මිලදී ගන්න. මම නම් පුද්ගලිකව සටහන් තැබූ පොතක් මිලදී ගන්න අකමැතියි. සල්ලි නැති නිසා පරණ පොත් මිලදී ගත්තත් ඒ වගේ පොත් නම් ගන්න කැමැත්තක් මගේ නැහැ. ඒ වගේමයි එතන සේවයට සිටින මහත්මයත් ඉතාම සුහදශීලී මහත්මයෙක්. කොච්චර පොත් ඇඳල නොගෙන හිටියත් බනින්නෙ නම් නෑ, සමහර ලොකු නම් තියෙන පොත් කඩවල සේවකයන් වගේ. ඒත් කඩේ දොර ගාව ඉන්න මනුස්සය නම් නිතරම ඇහැ ගහගෙනයි ඉන්නෙ පොත් මිලදී ගන්න පුද්ගලයන් පිළිබඳව. සමහර විට පොතක්, දෙකක් හොරකම් කර ගන්නත් එතන හොඳටම ඉඩකඩ තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබ ගාව තියෙන පරණ පොත් විකුණා ගන්න හෝ වෙනත් පොත් වලට හුවමාරු කර ගන්නත් එතන පුළුවන්කම තියෙනවා.අළුත් පොතකින් එන සුවඳ වෙනුවට මේ පොතකින් එන්නෙ පුස් කාපු, දූවිලි මිශ්‍ර වෙච්ච සුවඳක්. හැබැයි මේ පොත්වල එකතු වෙලා තියෙන දැනුම නම් පුස් කාලා නෑ.ඔබට අවශ්‍ය පොතක් හොය හොයා, පොත්වල දූවිලි පිස දමමින් හා දූවිලි නා ගනිමින් පොතක් හොයන්න අකමැති නම් මෙන්න මේ දුරකතන අංකයට කතා කරල බලල පොත තියෙනවද කියල අහල බලල මිලදී ගන්න යන්න. 011 2361948මේ පහළ තියෙන්නෙ මම මිලදී ගත්ත පොත් තුනේ ඡායාරූපයක්.(ජේම්ස් හැඩ්ලි චේස් පොතක් රුපියල් සීයයි. තවත් හැඩිලි චේස්ගෙ පොත් තිබ්බත් ඒවා ගන්න හිතෙන්නෙ නැති තරමටම බාල තත්ත්වයේ පොත්. අනෙක් පොත රුපියක් දෙසීයයි.).
BLOG
2014.02.01
http://charithsriyan.blogspot.com/
කවුද කැමති කුං ෆු ආපහු බලන්න?
Charith Weerakkody
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි.ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි.මේ කතාව මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් රූපවාහිනියෙ හවස තුනට විතර පෙන්නුවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුණා, ඒ කාලෙ ටියුෂන් පන්ති යන්න වෙච්ච නිසා.ඔන්න ඒ කාලෙ බලන්න බැරි වුණාට දැන් බලන්න පුළුවන් වෙලාවක ආපහු NTV එකේ කුං ෆු පෙන්නනවා. මේක උපසිරසි ගන්වලා තියෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයා විසින්. ඒ නිසා දැන් හඬ කවපු වැඩසටහන් වලට වඩා හොඳ කතාවක් කියල කියන්න පුළුවන්.මට මේක NTV එකෙන් බලන්න ලැබුණෙ බදාදා රෑ අටට. අනිත් දවස්වලත් යනවද දන්නෙ නෑ. අහම්බෙන් බලන්න ලැබුණෙ. තාම NTV එකේ වැඩසටහන් විස්තරයක් NTVwebsiteඑකේ නම් නෑ.පල්ලෙහා වීඩියෝවත් බලලා හිතට අල්ලනවනම් NTV එකේ යන කුං ෆු TV series එකත් බලන්න.
BLOG
2014.12.19
http://nirogemaths.blogspot.com/
ධන ඍන කචල් ඉවරයි.
සුගත් නිරෝෂණ
ගණිතයේ අදුනිකයින්ට තියන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි ධන සංඛ්‍යා හා ඍන සංඛ්‍යා සුළු කරගන්න තියන අමාරුව. ඉතින් මේ හදන්නේ ධන ඍන කචල් එක සදහටම ඉවර කරලා දාන්න. ඉතින් එහෙනම් පහලින් දානවා වීඩියෝ එක . බලන්නකෝ.......බලන්න.
BLOG
2014.10.28
http://nirogemaths.blogspot.com/
6 , 10 විෂය නිර්දේශ වෙනස් වෙයි.
සුගත් නිරෝෂණ
ඔන්න ඉතින් අලුත් ආරංචියක් අරන් ආවා. 2015 වසරේ ඉඳලා 6 වසර හා 10 වසර විෂය නිර්දේශ වල පොඩි වෙනස්කම් ටිකක් කරලා තියනවා. 6 වසරනම් ටිකක් අඩුවෙන් වෙනස් කම් කරලා තියන්නේ. පාඩම් 28ක් තිබුන 6 වසර නිර්දේශය පාඩම් 25 කටත්, පාඩම් 35 ක් තිබුන 10 වසර නිර්දේශය පාඩම් 31 කට අඩු කරලා තියනවා. 10 වසර තිබුන අනුපාත පාඩම, ත්‍රිකෝණමිතිය පාඩම අයින් කරලා තියනවා. තවත් සිලින්ඩරය පාඩම වෙනස් කරලා ඒකට ප්‍රිස්මයත් එකතු කරලා. තව සමානුපාත පාඩම ප්‍රතිලෝම සමානුපාත වලට සිමා කරලා. වේගය පාඩම සීග්‍රතාවය කියලා වෙනස් කරලා. තව බදු හා රක්ෂණය පාඩම වෙනුවට ප්‍රතිශත පාඩම එකතු කරලා. ඔහොම වෙනස්කම් ගොඩක් 10 වසර ගණිතයේ කරලා තියනවා. කොහොම උනත් ගුරු අත් පොත් හා විෂය නිර්දේශ ගොඩක් පිළිවෙලට භාවිතයට පහසු වන පරිදි සකස් කරලා තියනවා. පහතින් දාලා තියන ලිනික් පාවිච්චි කරලා ගුරු අත් පොත් බාගන්න පුළුවන්. මේ ලින්ක් එක ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් සයිට් එකට තියන්නේ. (NIE)ජාතික අධ්‍යාපන ආයතනයේ සබැදිය - බාගන්නඉහත ලින්ක් එක භාවිතා කරලා බාගන්න අමාරුනම් පහත ලින්ක් පාවිච්චි කරලා බාගන්න. NIE එකේම තියන ඒවා බාලා තමයි පහතින් දාලා තියන්නේ.6 වසර10 වසර.
BLOG
2014.10.05
http://sithuwili-sithu.blogspot.com/
මම කියවන හැටි
සිතුවිලි සිතූ
පොතකට මිනිස්සුවෙනස් කරන්න පුළුවන් ද. ඔව් ඇත්තටම. මම හිතන්නේ ගොඩක් දෙනා ඒ මතය පිළිගනීවි. පහුගියකාලෙ Book Bucket Challenge එකේ තිබුණෙත් තමන්ගේ ජීවිතේ වෙනසක් කරපු පොත් 10ක් ගැන කියන්න කියලානේ. ඒත් හැමපොතක්ම ජීවිතේ වෙනස් කරනවා. නොගිණිය හැකි ප්‍රමාණෙකින් හරි. ඒත් සමහර පොත් හරිම දරුණුවිදියට ජීවිතේ වෙනස් කරනවා. අපි කැමති වුණත් අකමැති වුණත්.මම පොත්කාවෙක් ද පොත් ගුල්ලෙක්ද කියන්න නම් මම දන්නේ නැහැ. ඒත් මම පොත් කියවනවා. පොතේ මාතෘකාවේඉඳන්, පෙරවදනේ ඉඳන් හැම අකුරක්ම පසුවදන වෙනකන්ම කියවනවා. පොතේ පරිච්ජේද, අකුරු පේළිවිතරක් නෙවෙයි ඒ අකුරු පේළි අතර යටින් දිවෙන කතාව මම කියවනවා. ගොඩක් වෙලාවට පොතේ කතාවටත්වඩා රසවත් වෙන්නේ මේ යටි පෙළ. ඒ යටි පෙළ තේරුම් ගත්තේ නැත්තම් සමහර වෙලාවට පොත කියවලත්වැඩක් නැහැ.සමහර පොත්උඩින් පල්ලෙන් කියෙව්වම ඇති. ඒ වගේ පොත් වල තියෙන්නෙ මතුපිටින් දිවෙන සරල කතාවක්. මහන්සිවෙලා හිතලා තේරුම් අරන් විඳින්න දෙයක් ඒ කතාවේ නැහැ. ඒත් සමහර පොත් එහෙම නෙවෙයි. ගොඩක්හිතලා තේරුම් අරන් කියවලා විඳින්න ඕනේ පොත් ඒ වගේ. ඒ පොත් අර තලු මරලා රස විඳින්න ඕනේජාතියේ පොත්. ඒත් තවත් සමහර පොත්... ඒවා එක පාරක් කියවලා මදි. ආයෙ ආයේ කියවන්න ඕනේ.කියවන හැම වතාවකදිම කලින් පාර හමු නොවෙච්ච දෙයක් හම්බ වෙනවා ඒ පොතෙන්. අවුරුදු ගාණකටපස්සේ වුණත් ආයේ කියවද්දි මුලින් විඳි රසය කිසිම අඩුවක් නැතුව දෙන්න පුළුවන් ඒ පොත් වලට. මේ වගේ පොත් වලනම් වටිනාකම කියලා නිම කරන්න බැහැ. ගොඩක් වෙලාවට අපි අකමැති වුණත් හරිම හිත් පිත් නැතිවිදියට අපේ ජීවිතේ වෙනස් කරන්නේ මේ වගේ පොත්.මට ගොඩක්වෙලාවට චිත්‍රපටියක් එක දිගට බලන්න බැහැ. එහෙමබලන්න නම් ඒ මගේ හිත ඉතාම තදින් ඇදගත්ත චිත්‍රපටියක් වෙන්න ඕනේ. හින්දි චිත්‍රපටි නම්කොහොමටත් බලන්න බැහැ ඉතාම විශේෂ නැත්තම්. එහෙම නැත්තම් මට කරන්න වෙන කිසිම වැඩක් නැතිවෙන්න ඕනේ. ඒත් පොත් එහෙම නැහැ. කොච්චර බොළඳ සීනිබෝල පොතක් වුණත් මට එක දිගට කියවන්නපුළුවන්. ඒක කියවලා අමතක කරලා දාන එක වෙනම කතාවක්. ඒත් මට කියවන්න පුළුවන් එක දිගට.සමහර පොත්,පොත් සාප්පුවෙන් හරි පුස්තකාලෙන් හරි ගෙනාවම ඉවසිල්ලක් නැහැ ඒ පොත් කියවන්න පටන් ගන්න.එදා දවසෙම කොහොමහරි ඒ පොත කියවලා ඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් එහෙම නැහැ. ඒ පොත කියවන්නඅවශ්‍ය මූඩ් එකට ඇතුල් වෙන්න දවස් ගණන් බලන් ඉන්න වෙනවා. එහෙම නැත්තම් හරියටම ඒ පොතවිඳින්න බැහැ. සමහර පොත් එක හුස්මට කියවලාඉවර කරන්න ඕනේ. ඒත් සමහර පොත් වල චරිත ඇතුලට කිමිදිලා ඒ චරිත එක්ක ජීවත් වෙලා ඒ පොතේපිටු අතරෙ රඟපාන ගමන් පොත විඳින්න ඕනේ.මගේ කියවීමේකතාව ඇතුලේ චරිත ගොඩක් ඉන්නවා. මේ හැම චරිතෙම රඟපාන්නේ සිතූ. තාත්තා සිතූට ඇහෙන්න කළුකුරුල්ලා පොත කියවද්දි ඒකේ එන අනිත් ලස්සන කුරුල්ලෝ කළු කුරුල්ලට නපුරුකම් කරලා රිද්දනකොටසෙදි ඉකි ගගහ අඬන පුංචි සිතූ. අම්මා රෑට බත් උයනකල් “පුංචි” පත්තර මිටියක් තියාගෙනඅම්මට ඇහෙන්න මිස්ටර් ෆොක්ස් කියවන පුංචි සිතූ. තාත්තා වැඩ ඉවර වෙලා එනකල් කොළඹ විශ්වවිද්‍යාලේපුස්තකාලෙ ලොකුම ලොකු හාන්සි පුටුවක කකුල් දෙකත් උඩට අරගෙන “ නිදි මීයා සහ ඉගිලෙන මීයා”කියවන එක වසරේ සිතූ. ඒ කාලේ අපිට අල්ලන්න වත් නොදීපු පුස්තකාලෙ හතර, පහ වසරවල අක්කලාගෙලොකු පොත් රාක්කෙ පොත් හොරෙන් කියවපු තුන වසරෙ සිතූ. සිකුරාදට පුස්තකාලෙන් ගෙනියන පොත්සෙනසුරාදා වෙද්දි කියවලා ඉරිදා දවසෙම කම්මැලිකමේ ඉන්න සිතූ. පහ වසරෙදි සිංහල පාඩම උගන්නනවෙලාවේ සිංහල පොත ඇතුළට “හීන් සැරය” පොත දාගෙන කියවලා මිස්ගෙන් බැනුම් අහන සිතූ.ඊටත් පස්සේඅම්මගේ මේස ලාච්චුවේ පොත්, ෆයිල් ගොඩක් අස්සෙ හංගපු “ උදා වූ යෞවනය” හොරෙන් කියවන සිතූ.හැමදාම කෝච්චියේ ගෙදර යන ගමන් ඔලුව උස්සන්නේ නැතුව පොතකට ඔලුව නවාගෙන ගිහින් ඔලුව කැක්කුමහදාගෙන අම්මගෙන් බැනුම් අහන සිතූ. රෑට හොල්මන් කතා පොත් කියවලා නිදාගන්න යද්දි ලයිට්එක නිවලා එන අතර මගදි හොල්මනක් අල්ලගනියි කියලා බයේ පන කඩාගෙන ඇඳට දුවලා වේගෙන් ඇඳටපනින සිතූ. දහය වසරෙදි මල් පොත් සිහිය නැතුව කියෙව්වත් ඒවා කියෙව්වා කියලා මේ මෑතක්වෙනකම්ම පිළිගන්න ලැජ්ජාවෙන් හිටපු සිතූ.ඒ ලෙවල්විබාගෙට මාස දෙකක් තියලා කකුල කඩාගෙන ඇඳට වෙලා ඉන්න වුණාම ඒ පිටින් දාලා “ඈන්” පොත්සෙට් එකම විසි තිස් පාරක් කියවපු සිතූ. ඉස්කෝලේ යන දවස් වල ආස පොතක් යාළුවෙක්ගෙ ළඟතියනවා කියලා දැකලා ඒ පොත් ඉල්ලුවාම යාලුවා දෙන්න බෑ කිව්වාම කවදහරි ලොකු රස්සාවක්කරලා ලොකු පඩියක් අරන් මුළු පඩියෙන්ම පොත් ගන්නවා කියලා හිතපු සිතූ. මේ අදටත් බුක්ෆෙයාර් එකේ සිකියුරිටි රස්සාවක් කරනවද කියලා යාළුවෝ අහන්න තරම් වතාවක් බුක් ෆෙයාර්එකට හැමදාම වගේ බඩගාන සිතූ.කියවන්නපටන් ගත්ත මුල් කාලෙට වඩා දැන් ගොඩක් වෙනස්. කියවන පොත්, කියවන විදිය වගේම කියවන්න යන වෙලාවත්. ඒත් අදටත් වෙනස් නොවෙන එකම දේ තමයි පොත් වලට පණ තියෙනවා කියලා තදින්ම විශ්වාසකරන එක. පොත් වලට කතා කරන එක. පොතක් ලැබුණ ගමන් කියවන්න කලින් ඒ පොත් වලට කවර දාන එක.පොත් වලට රිදෙයි කියලා පොත මුනින් අතට නවන එකත්, පොතේ පිටු නවන එකත් කවදාවත් නොකරනඑක. එහෙම කරන්න එපා කියලා මගෙ පොතක් ගෙනියන්න එන කෙනාට විසි තිස් පාරක් කියන එක. ඒත්ඒ මොනවා කිව්වත් කළත් යාළුවෝ මම කොච්චර ආස පොතක් නැති කළත් මොනවත්ම කියන්නේ නැතුව දුකහංගන් ඉන්න එක.
BLOG
2014.08.30
http://sithuwili-sithu.blogspot.com/
ජීවිතේ..... විඳින්න....
සිතුවිලි සිතූ
ජීවිතේවිඳින්න තියනවනම් අපි හැමෝම කැමතියි. මොකද අපි හැමදෙයක්ම කරන්නේ සතුට හොයන්න නිසා.ඒත් ජීවිතේ විඳින්නේ අපි කීයෙන් කී දෙනාද. ජීවිතේ විඳින අය නම් අතේ ඇඟිලි ගණනටත් වඩාඅඩුවෙන් අපිට හම්බ වුණාට ජීවිතේ විඳවන අය නම් ඕනේ තරම් ඉන්නවා.නීති රීති,යුතුකම්, වගකීම් ඔය හැම දේකින්ම අපිව සමාජයට බැඳලා. අපිට අපිවම ලිහාගන්න බැරි විදියට.ඒ බැඳීම් වලින් මිදෙන්න උත්සහ කරන තරමටම අපිව ඒ දේවල් වල තව තවත් පැටළෙනවා. ඒ නිසාබැඳීම් වලින් මිදිලා අපිට ජීවිතේ විඳින්න බැහැ. ඒ බැඳීම් ඇතුලෙම ඉඳන් ජීවිතය විඳින්නඅපිට සිද්ධ වෙනවා.කවදාවත්හැම දේකම පරිපූර්ණත්වය හොයන කෙනෙක්ට ජීවිතේ විඳින්න බැහැ කියන්නේ ඇත්තද. අපිට හම්බවෙන කිසිම දෙයක් පරිපූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා ඒක අපිට ජීවිතේ විඳින්න බාධාවක්ද.හැම දේම නීතියට කරන ( මෙතන නිතිය කියන්නේ රටේ නීතිය නෙවෙයි), ඒ නීතියෙන් පොඩ්ඩක්වත්ඔබ්බට යන්නේ නැති අයට නම් ජීවිතේ විඳින්න ගොඩක් අමාරුයි. දකින දේවල් වල මතුපිට පමණක්බලන, ඒ දේවල් බලන්නේ නැතුව ඔහේ පෙනෙනවට දකින අයට නම් ජීවිතේ විඳින එක සිහිනයක් පමණයි.මෙහෙම ජීවිතේවිඳින එකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. දකින්නේ හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්.ඒත් හරියට බැලුවොත් එතන ගොඩක් ලොකු දෙයක් තියනවා. තේරුම් ගන්න වගේම විඳින්න. මතුපිටින්විඳින විඳීම් හරිම තාවකාලිකයි. ඒ වගේම හරිම නොගැඹුරුයි. ඒවා හැමෝම විඳිනවා. ඒත් හැමෝමනොදකින පොඩි දේවල් වල ගොඩක් ගැඹුරු ඒත් සරල විඳීමක් තියනවා. ඒක හැමෝටම පේන්නේ නැහැ.ඒ වගේම ඒක කාටවත් තේරුම් කරන්නත් බැහැ. ඒ වගේ දෙයක් වෙන කෙනෙක්ට තේරුම් කරන එක හරිමඅමාරු වැඩක්. ඒක ලේසියෙන් තේරුම් ගන්නත් බැහැ. අපේ යාළුවෝකියන්නේ ගොඩක් වෙලාවට අපි කැමති දේටම කැමති, සමාන අදහස් තියන අය. ඒත් එහෙම නොවන අයත්අපේ යාළුවෝ වෙන අවස්ථා තියනවා. ඒ වගේ අවස්ථා වලදි අපි අනිත් අයගේ වෙනස් අදහස් වලට එකඟවිය යුතුයි යැයි නියමයක් නැහැ. ඒත් ඒ අදහස් ඉවසීම වැදගත්. එයාලා අපි වගේ ජීවිතේ විඳින්නේනැති වෙන්න පුළුවන්. හැම දේකම අපි දකින වෙනස එයාලා නොදකින්න පුළුවන්. ඒත් ඒ අයගේ අදහස්වලිනුත් අපිට ගන්න දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ අදහසුත් අපිට වටිනවා.ඒත් අපිටඉන්න මිතුරු ලයිස්තුව ඇතුළේ අපේ අදහස් වලට ගොඩක් සමානකම් තියන යාළුවෝ ඉන්නවා. එයාලත්පොඩි දේවල් වල ගැඹුරු ඒත් සරල විඳීමක් දකිනවා. අපි දකින දෙයක් ගැන කිව්වම ආයේ අමුතුවෙන්පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරිම ගැඹුරු තේරුම් ගැනීමක්. ඒ වගේ යාළුවෝඉන්න එක හරිම වටිනවා.ඉතින් මේපෝස්ට් එක මගේ මිතුරන් අතරේ ඉන්න අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ඒ වගේ මිතුරන් වෙනුවෙන්….
BLOG
2014.07.12
http://sithuwili-sithu.blogspot.com/
ආයෙත් දවසක......
සිතුවිලි සිතූ
වෙලාව හවසපහයි. වැඩ ඇරෙන වෙලාව. පාර පුරාම සෙනග. මේ වෙලාවට එළියට ඇවිත් මම කරගත්තෙ මෝඩකමක්දමන්දා. ගන්න ආපු බඩු වලින් බාගයක්වත් ගන්න බැරි වුණා. මොනවා කරන්නද. තවත් දවසක් එන්නවෙනවා.බස් එකනවත්තන තැන හොයාගන්න පාර පනින්න වෙනවා. මෙහේවෙනස් වෙලා තියන තරම්. මෙහේ පාරවල් ගෙදර වගේ දැනගෙන හිටපු කාලෙකුත් තිබ්බා. දැන්නම්කොච්චර වෙනස් වෙලාද. බස් එක නවත්තන තැන කාගෙන් හරි අහනවද. ඕනේ නෑ. පාර පැනලා පරණ හෝල්ට්එකටම ගිහින් බලනවා.මම පාරපනින්න කහ ඉර ළඟට ආවා. “ සිතූ,සිතූ” කවුද මගේ නම කියනවා ඇහුණා. මට නෙවෙයි වෙන්න ඇති. සිතූලා කොච්චර ඉන්නවද. ඒත් ආයේමත්“ සිතූ, සිතූ” කියනවා ඇහුණා. කවුද මේ. මේ බඩු ගොඩත් උස්සගෙන මට හැරෙන්නත් අමාරුයි.මම පිටිපස්ස හැරිලා බැලුවා. ඕ. මේ ඔයාමද. නැත්තම් ඔයා වගේ වෙන කවුරුහරිද. වෙන කවුරුහරි නම් මට නම කියලා කතා කරයි ද.“මේ ඔයාද.”මම ඇහුවා. “ඔව් නේ.මේ මම තමයි” ඔයා හිනා වෙවී කිව්වා.“මෙහේ කොහේද.”ආයෙත් මගෙන් ප්‍රශ්නයක්. “දැන් මමවැඩ කරන්නෙ මෙහෙනේ. ඔයා කොහෙද මේ බඩු ගොඩකුත් උස්සගෙන.” “මම බඩුවගයක් ගන්න ආවා.” මම කිව්වා. “ඔයා නම්පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හිටපු විදියමයි” ඔයා කිව්වා. ඒක ඇත්ත. මම වෙනස් වෙලා නැහැ.වෙනස් වුණේ ඔයා නේ. ඒත් ඕවයෙන් දැන් වැඩක් තියෙයිද. නැහැනේ.“ඔයා නම්සෑහෙන්න වෙනස් වෙලා. මට අඳුරගන්නත් බැරි වුණා” මම ඇත්තම කිව්වා. ඔයාගේ මූණ වෙනස් වුණාදමන්දා. ඒත් ඔයා ඒ බවක් නොපෙන්නා ඉන්න උත්සහ කරන බවක් මට දැනුණා.“ඔයාට පරක්කුවෙනවද. අපි මොනවහරි බීලා කතා කරමුද” ඔයා ඇහුවේ හරිම පරිස්සමෙන්.“හා” මටයන්න ඕනේ වුණත් එහෙම කියවුනේ එයාගේ හිත රිදෙයි කියලා වෙන්න ඇති. මට කවදාවත් එයාගේ හිතරිද්දලා පුරුද්දක් තිබුණේ නැහැ. හැමදාම හිතරිද්දන කොටස තිබ්බේ එයාගේ අතේ.අපි කතානැතුවම ඇවිදගෙන ආවා. ඒ නිහඬ බව ඔයාටත් දරාගන්න බැරුව වෙන්න ඇති ඔයාම ආයෙත් කතාව පටන්ගත්තේ. “දැන් කොහෙදවැඩ කරන්නේ.” ප්‍රශ්නේ ඔයාගෙන්. “නුවර එළියේ”මගෙන් කෙටි උත්තර. “ෂා නියමයිනේ.ක්වාටර්ස් වලද ඉන්නේ” ආයෙමත් ප්‍රශ්නයක්.“ඔව්” ආයෙමත්මගෙන් කෙටිම කෙටි උත්තරයක්.“දැන් නිවාඩුද.” ආයෙත් ඔයා අහනවා.“ නෑ. මේවීකෙන්ඩ් එකට ආපු ගමන්” මම ගහගන්න වගේද මන්දා උත්තර දෙන්නේ. ටිකක් හෙමීට කතා කරන්නඕනේ.අපි පාරබෙදෙන තැනකට ඇවිත්. පාර දෙපැත්තේ අවන්හල් දෙකක්. “කොයි එකටදයන්නේ” ඔයා මගෙන් අහනවා.“ මුහුදපැත්තේ එකට” ඒ මගෙ උත්තරේ.“තාමත්මුහුදට ආසයිද” ආයෙත් ඔයාගෙන් ප්‍රශ්නයක්.“ හ්ම්ම්ම්”ඒ මගෙ උත්තරේ.අපි දෙන්නාඅවන්හලට ඇතුල් වුණා. “ අයිස්කොෆී බොමුද” “ හා” අපි වාඩිවුණා. ඔයා මගේ දිහා බලාගෙන. මම මුහුද දිහා බලාගෙන.“අයියාබැන්දලු නේ. මටත් වෙඩින් එක කිව්වා. ඒත් රස්සාවට ගිය අලුතම නිසා නිවාඩු ගන්න ටිකක්අමාරුයි. ඒ නිසයි එන්න බැරි වුණේ” ඔයා කියාගෙන ගියා.“ ඔව්.බැඳලා ඒ දෙන්නා රට ගියා” මම කිව්වා.“ ඔයා බැන්ඳේනැද්ද” ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් මාව ගැස්සුණා.“නැහැ.මුහුද ළඟ ගෙයක් තියන එක්කෙනෙක් හම්බ වුණේ නැහැ නේ” මම කිව්වා නෙවෙයි කියවුණා. ඊට පස්සේඅපි දෙන්නටම හිනා. ඒ උත්තරෙන්පස්සේ අපි දෙන්නා අතරේ තිබ්බ ආගන්තුක බව ටිකක් හරි අඩු වුණාද මන්දා. ඊට පස්සේ ගෙදරවිස්තර, රස්සාවේ විස්තර, තවත් රටේ නැති වල්පල් කියව කියව ටික වෙලාවක් හිටියා. දන්නෙමනැතුව කලුවරත් වැටුණා.“ මම දැන්යන්න ඕනේ” ඔරලෝසුව දිහා බලපු මට කියවුණා. “ කළුවරත්වැටිලා. ඔයාට ගිය හැකිද” ඔයා ඇහුවා.“ඔව්, මටපුළුවන්” මම කිව්වා. “ යමු.මම ඔයාව බස් එකට දාන්නම්.” ඔයා අසුනෙන් නැගිට්ටා.ආයෙත් බස් හෝල්ට් එකට එනකම් අපි අතරෙ කතාවක් වුණේනැහැ. බස් හෝල්ට් එකටම ආවට පස්සෙයි ඔයාගේ කටහඬ අවදි වුණේ.“ ඉතින්කියන්න, අපි ආයෙත් හම්බ වෙයිද.” ඔයා ඇහුවා. මට කියාගන්න දෙයක් නැති වුණා. මට ඕනේ වුණේඒ ප්‍රශ්නෙන් පැනලා යන්න. “ මම දන්නේනැහැ. බලමු ඉතින්” මම කිව්වා. “ මම ගිහින් එන්නම්” ආයෙත් ඔයා මොනවත් කියන්න කලින් මමකිව්වා. “පරිස්සමෙන්යන්න” බස් එක ඇද්දුවා. බස් එක නොපෙනී යනකම් බලන් ඉන්න ඔයාව මම යන්තමට දැක්කා. මතු යම් දවසකආයෙත් හමුවෙමුකියූ කතා බස්මතකෙට නංවමුආගන්තුක ලෙසයන්තම් හිනැහෙමුනැවතත් හමු නොවෙනාලෙස වෙන්වෙමුප.ලි.- මේ මම මූණුපොතේ දාපු කවියකට ලියපු කතාවක්. නිර්මාණයක් පමණයි.
BLOG
2014.06.24
http://sithuwili-sithu.blogspot.com/
හුදෙකලා රස්තියාදුව
සිතුවිලි සිතූ
අරමුණක්නැතුව කොහේ හරි ගියොත් හැමෝම මට පිස්සු කියලා හිතයි ද. ඒත් අරමුණු, බැඳීම්, වගකීම්මේ හැමදේකින්ම හිර වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ. ඒ වගේ වෙලාවට හුදෙකලා රස්තියාදුවක්තරම් තවත් දෙයක් නැහැ.හුදෙකලාරස්තියාදුවක් හැම වෙලාවෙම තනියම යන්න ඕනේ නැහැ. හුදෙකලාව රසවිඳින්න පුළුවන් තවත් කෙනෙක්මේකට හොඳටම ගැළපෙනවා. ඒත් නීති රීති, මේ වෙලාවට මෙතන්ට යන්න ඕනේ වගෙ වගකීම් වලින් බැඳුනේනැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් එක්ක මෙහෙම රස්තියාදුවක් යන එක් හරිම රසවත්. ඒත්එහෙම කෙනෙක් නැත්තම් ගමන විනාස කරගන්නවට වඩා තනියම යන එක වටිනවා.බස් එකේයන ගමන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මනෝ ගහන එක. ඔය වගේ වෙලාවක කන් අඩි පුපුරන බස්සින්දුවක් නිසා මනෝ රාජ්‍යය සුනු විසුණු වෙලා යන එක නම් හරිම අවාසනාවක්. බස් එකේ ඉන්නමිනිස්සු, ට්‍රැෆික් එකේ නවත්තලා තියනකොට පාරේ යන මිනිස්සු ගැන එක එක කතා ගොතන එක මමකැමතිම වැඩක්. එයාලා මොනවා හිතනවා ඇත්ද. එයාලගේ ජීවිතේ මොන වගේ වෙන්න ඇත්ද. ඔන්න ඔයවගේ දේවල් හිතන එක හරිම රසවත් වැඩක්.මට මෙහෙමමනෝ ගහන්න සෙට් වෙන්නෙ කැම්පස් එකට යන එන ගමන් තමයි. ඔය වෙලාවට කතා කරන්න කැමති කෙනෙක්හරි කතා කරන්න කැමති මාතෘකාවක් හරි තිබ්බෙ නැත්තම් කතා කරනවා කියන්නේ මම අකමැතිම වැඩක්.අහන්න හොඳ සින්දුවක් තිබ්බේ නැත්තම් ඔහේ කල්පනා කර කර යනවා. පහු කරගෙන යන ගොඩක් තැන්ගැන කියන්න මට කතාවක් තියෙනවා. ඒ කතා සමහර වෙලාවට එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එහෙම ගළපගන්නඕනෙකමකුත් නැහැ. ඒත් ඒ හැම කතාවක්ම මට වටිනවා.ඔය වගේවෙලාවට තමයි මම හිතන්නෙ නැතුව කියපු දේවල් නිසා වෙන කෙනෙක්ගේ හිතක් රිදුනා නම් ඒ ගැනහිතන්නෙත්. හිතාමතා කරන සිත් රිදවීම් මේකට අදාළ නැහැ. ඒ වෙනුවට ඊට වඩා වෙනස් විදියටඒක කියන්න තිබුණා නම් කියලා හිතන්නේ ඒ වගේ වෙලාවට තමයි. ඒත් ඉතින් ඒ වෙද්දි හිත් රිදිලාඉවරයි.මට නම්ඉතින් හුදෙකලා රස්තියාදුවක් යන්න අවස්ථාවක් ලැබෙන්නේ පුස්තකාලෙට යන එන ගමන් විතරයි.ඔය වෙලාවට යන එන පාරෙ තියෙන පොත් සාප්පු ඔක්කොම කවර් කරන්න මට ඕනේ. සමහර වෙලාවට එකමකඩේ පැය ගානක්. එකම කඩේට දෙපාරක් යන වෙලාවලුත් තියෙනවා. ඔය වගේ ගමන් තව කවුරුහරි එක්කගියොත් එහෙම අනිවාර්යයෙන්ම මට පිස්සු කියලා හිතනවා.කතන්දරපොත් විතරක් නෙවෙයි, ලිපිද්‍රව්ය තියන කොටසටත් මට යන්න ඕනේ. මුළු පොත් කඩේම අවුස්සලාහරි මට ඕනේ ජාතියේ කඩදාසි වර්ගේ, පෑන් ජාතිය, සටහන් පොත් වගේ දේවල් මට හොයාගන්න ඕනේ.ඔය වගේ වෙලාවක වෙන කවුරුහරි එක්ක ගියොත් ඉතින් එයාලට එපා වෙලා “ ඔන්න ඔහෙ තියන එකක්අරන් එමු සිතූ” කියලා කියනවා. එතකොට ඉතින් එයාලා පව් නිසා තියන එකක් අරන් ආවත් මගේහිතට හරි මදි ඉතින්.ඔය වගේගමන් වලදි කැමති තැනකින් කන්න, බඩගින්න ගැන හිතන්නේ නැතුව අතට අහුවෙන ඕනේ දෙයක් කන්න,කකුල් රිදෙන එක ගැන හිතන්නේ නැතුව ඕනේ දේ හම්බ වෙනකල් ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ.ඔය එක එක අරුමෝසම් බඩු ගන්න ගියාමත් හරියන ඩිසයින් එක හම්බ වෙනකල් ඇවිදිනවා ඉතින් අපි.වැඩිය සල්ලි වියදම් කරන්න බැරි නිසා අතේ තියන ගානට ගැළපෙන හොඳ එකක් හොයන්න අපි කොච්චරනම් ඇවිදිනවද. ආවාට පස්සේ කොච්චර මහන්සි වුණත් ඇවිදිනකොට නම් හරිම විනෝදයි. ඔය හැමදේකටමගැලපෙන යාළුවෙක් මටත් ඉන්නවා. ඕනෙම රස්තියාදුවක් ගහන්න පුළුවන්, ඒ වගේම ඒකෙන් විනෝදයක්ලබන යාළුවෙක්. ඉතින් මේ පෝස්ට් එක එයා වෙනුවෙන්.
BLOG
2014.05.31
http://sithuwili-sithu.blogspot.com/
සිතූගේ පාසල් කාලය...
සිතුවිලි සිතූ
සිතු ඉස්කෝලේගියේ කෝච්චියේ. සිතූලගේ ගෙදර ඉඳන් ස්ටේෂන් එකට යන්න විනාඩි පහළවක් විතර ඇවිදන් යන්නඕනේ. ඔය උදේ පාන්දරම නැගිටිනවා කියන නරක පුරුද්ද සිතූට කවදාවත් තිබ්බේ නැති නිසා සිතූහැමදාම ගෙදරින් එළියට බහින්නේ කෝච්චිය එන්න ඔන්න මෙන්න තියලා. ඉතින් සිතූට සිද්ධ වෙනවා අර විනාඩි පහළවේ දුර විනාඩි පහෙන් අද්දන්න.කොහොමින්කොහොමහරි ඉතා වේගෙන් රන් එකක් දීලා සිතුවා ස්ටේෂන් එකට් එනකොට කෝච්චිය අද්දලත් ඉවරයි.ඉතින් මහා බයානක විදියට අද්දන කෝච්චියේ ෆුට් බෝඩ් එකේ එල්ලෙන්න සිතූට සිද්ධ වෙනවා.ඊට පස්සේ ස්ටේෂන් දෙක තුනක් යනකම් සිතූට වෙන්නේ කෝච්චියේ යන ඇන්ටිලගෙන් බැනුම් අහන්න.මට බනිනවා විතරක් නෙවෙයි ඒ කේලම් ඔක්කොම හැරෙන තැපෑලෙන් අපේ අම්මගේ කනේ තියන්නත් මේඇන්ටිලා ටික පසුබට වෙන්නේ නෑ. ඉතින් හැමදාම හවසට බැනුම් වැස්සක තෙමෙන්න වුණා.දැන්නම්සිතූ සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වුණාට (දන්නෝ දනිති) ඒ දවස් ගැන නම් කියලා වැඩක් නෑ.ටියුෂන් ක්ලාස් වලදි ඉගෙන ගන්න එක ඉතාම කලාතුරකින් කරපු වැඩක්. ඒවටම හරියන යාළුවෝ සෙට්එකකුත් හිටියා. පන්තියේ හිටපු හැම ළමයටම ගෑණු පිරිමි භේදයක් නැතුව නම් දාන එක අපේ ප්‍රියතමවැඩක්. මේ වැඩේ නම් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් වෙලා තියනවා කැම්පස්එකේදිත්. අපි කාටහරි දාපු නමක් ඊට පස්සේ අපේ මුළු බැච් එකම පාවිච්චි කරන්න පටන් ගන්නනිසා අපිට ඒ නම් වෙනස් කරන්න වෙන වාර අනන්තයි.ඒ ලෙවල්ක්ලාස් වලදි නම් අපේ පාඩම් වලට අදාල වෙන නම් තමයි දැම්මේ. ආත්‍රපෝඩා, වොට්සන් සහ ක්‍රික්වගේ අපේ පාඩම් වලට ඕනේ වෙන නම් තමයි දැම්මේ. ඒත් දැන් නම් නම් තැබීමේ ඉහළටම ගිහින්නිසා අනිවාර්යයෙන්ම අපි දාන නම් වලට නිධාන කතාවක් තියෙනවා. එ දවස්වල ඉන්ටවල් එකක් දෙනකන්ඉන්නේ පන්තියෙන් එළියට පැනගන්න. හදිස්සියේවත් ඉන්ටවල් දෙන්න පරක්කු වුණොත් එහෙම ඉන්ටවල්ඉල්ලලා උද්ගෝෂණ කරන්නත් අපි පසුබට වුණෙ නැහැ. ඒ දවස් වල මිස් කියපු දෙයක් තමයි ඒ පන්තියේහිටපු කොල්ලෝ ටික හොඳයි කියලා අපිට වඩා. ඉන්ටවල් එකෙන් පස්සේ පන්තියට එන්නේ හැමතැනමරවුම් ගහලා විනාඩි දහයක් විතර පරක්කු වෙලා. ඒ වෙද්දි කොල්ලොත් ඔක්කොම පන්තියට ඇවිත්.මිස් පාඩම් පටන් ගන්න අපි එනකම් බලන් ඉන්නවා. මොනවා වුණත්අපේ සෙට් එකේ හැමෝම අන්තිමට කැම්පස් සිලෙක්ට් වෙච්ච එක ගැන නම් අදටත් අපි හැමෝම ගොඩක්සතුටුයි. මොන පිස්සු වැඩේ කරලා හරි අන්තිමට ඉගෙන ගන්න වැඩෙත් හරියට කරපු නිසා. ඒත්පාසල් දෙකක් අතර සිදු වූ වලියක් මැද්දට පැනීම වගේ බරපතල වැඩත් ඒ කාලේ කරලා තියෙනවා.ඒ දවස් වල මමයි මගේ යාළුවයි මොන තරම් කලබල කරලා තියනවද කියලා කියනවා නම් දවසක් අපිදෙන්නා පහළට යනකොට අපිව දැකලා බය වෙච්ච පාර එක ළමයෙක් උණු තේ එකක් ඇඟෙත් හලා ගත්තා.කෝච්චියේෆුට් බෝඩ් එකේ යන එකයි අර කෝච්චි පෙට්ටි දෙකක් මැද්දෙන් එහා පැත්තට වැඩිම වාර ගණනක්යන එකයි තමයි ඒ කාලේ මගේ ප්‍රියතම වැඩේ. ඒ වගේම සීට් අල්ල ගන්න ප්ලැට්ෆෝම් එක නැතිපැත්තෙන් කෝච්චියට නැගීම, ජනේලෙන් පැනීම වගේ දේවලුත් කරන්න වෙනවා. ඒත් ඔය හැම දේකටමතිත තියන්න වුණේ ඒ ලෙවල් විබාගෙට මාස දෙකක් තියලා ඔය වගේ වීර වික්‍රමයක් කරන්න ගිහින්අතකුත් කකුලකුත් කඩා ගැනීම නිසා. දැන් වුණත් අද්දන කෝච්චියකට නගින්න ගියාම වැටිච්චහැටි මතක් වෙන නිසා කෝච්චිය නවත්තන කල් ඉඳලා තමයි කෝච්චියට නගින්නේ. ඒ දවස්වල වගේ දුවලා පැනලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද. ඒත් දැන් නම් ඉතින්අපි හිතන්නවත් බැරි තරම් වෙනස් වෙලා.
BLOG
2014.05.17
http://sithuwili-sithu.blogspot.com/
ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ... And They Lived Happily Ever After...
සිතුවිලි සිතූ
ඉස්සර හැමදාමඅපි කියවපු සුරංගනා කතා ඉවර වුණේ මේ විදියට. “ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.”ඒ කාලේ නම් මම හිතාගෙන හිටියේ කුමාරයයි කුමාරියි කසාද බැන්දාම එයාලා අනිවාර්යයෙන්මසතුටින් ජීවත් වෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තේ ගොඩක් පහු වෙලා.සතුට කියන්නේ මොකද්ද. ඒ අද හැමෝම හොයන දේ. ඇයි ඒහැමෝම සතුට හොයන්නේ. සතුට නැති වෙලා ද. නැහැ. සතුට නැති වෙලා නෙවෙයි..සතුට අපි අතරෙමතියෙනවා. ඒත් හොයාගන්න බැහැ.සල්ලි වලටසතුට මිලට ගන්න පුළුවන් ද. බැහැ. ඒත් සල්ලි තියන අය නැති අයට වඩා සතුටින් ඉන්නවද. ඒකකියන්න අමාරුයි. මොකද සල්ලි තියන කෙනෙක්ටයි නැති කෙනෙක්ටයි තියන ප්‍රශ්න ගොඩක් වෙනස්නිසා. සල්ලි නැති කෙනා හිතන්නේ සල්ලි නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න කියලා. ඒත් සල්ලිතියන කෙනා දන්නවා සල්ලි වලින් හැම ප්‍රශ්නෙම විසඳන්න බැහැ කියලා.සමහර මිනිස්සුලෝකෙට පේන්න සතුටින් ඉන්නවා. හිතින් දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා වුණාට ලෝකෙට පේන්නහිනා වෙලා ඉන්නවා. ඒ ඇත්තටම සතුටින් නිසා නෙවෙයි. එකම ප්‍රශ්නෙට හැමදාම විඳවලා තේරුමක්නැති නිසා. විඳවලාම වෙහෙසට පත් වෙලා නිසා. කෙනෙක් පිටතට පේන්න සතුටින් හිටියට එයා ඉන්නේසතුටින් නෙවෙයි වෙන්න පුළුවන්. අපි අනිත්අයගේ සතුටට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේ සතුටින් මටත් ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒත්අපි සතුටු වෙන දේවල් එකිනෙකාගෙන් වෙනස්. මොනවා වුණත් පුංචි දේවල් වලින් සතුටු වෙන්නපුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම හරිම අමාරුයි. එතකොටහරිම වෙහෙසකරයි. මොකද අපි බලාපොරොත්තු වෙන දේවල් හැම වෙලේම අපිට නොලැබෙන නිසා. පොඩිදේවල් වලින් සතුටු වෙන්න පුරුදු වුණාම වැඩි බලාපොරොත්තු නැහැ. හිතටත් හොඳයි.
BLOG
2014.12.27
http://www.lankaday.com/
කෙල්ලෙක්ගේ කණ පැලෙන්න ගහලා.. බිහිරි බව සුව කරන අමුතු වෙදෙක් ලංකාවේ (video)
lanka day
.
BLOG
2014.12.27
http://www.lankaday.com/
ඒ සල්ලි මල්ල කාගෙද?........මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතිය හැංගිලා...
lanka day
.
BLOG
2014.12.27
http://www.lankaday.com/
මුතුහෙට්ටිගමට කියලා සීනිගම පොල් ගහ ගහන්න එපා කියලා මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කියන්නේ....... -- මුතුහෙට්ටි සිංග්පපූරුවේ සිට කතාකරයි
lanka day
“මාධ්‍ය ප්‍රකාශකට වැඩක් නැතිනම් වැඩක් හොයලා දෙන්නම් අපි. නිශාන්ත මුතුහෙට්ටිගමට කියලා සීනිගම පොල් ගහ ගහන්න එපා කියලා මම කියන්නේ. මිරිස් ටිකක් අඹරලා පොල් ටිකක් ගහලා දෙයින්ට තමයි මම මේ කාරණේ බාර දෙන්නේ.” යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.චෝදනා කිහිපයක් මත වරෙන්තු ලබා සිටින නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.ඔහු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මුතුහෙට්ටිගම මහතා ප්‍රභූ පර්යන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි.ඔහු දිවයිනට පැමිණි පසු අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔහු රටින් පිටවයාමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට ඒ ගැන ඇතැමුන් දුරකථන ඇමතුම් ලබාදී ඇති බවත්, ඒ ගැන පරීක්ෂණ කරන බවත්, පවසා තිබුණි.ඒ අනූව සිංගප්පූරුව බලාපිටත්ව ගිය මුතුහෙට්ටිගම මහතාderanaවාර්තාකරු සනත් පතිරණ විසින් දුරකථන ඔස්සේසම්බන්ධ කර ගනිමින් ඇසූ ප්‍රශ්න හා ඒවාට ඔහු ලබාදුන් පිළිතුරු පහත පරිදි දක්වා තිබේ.ප්‍රශ්නය - ගුරු නියෝජ්‍ය ඇමතිතුමා මේවන විට කොහේද ඉන්නේ.පිළිතුර - සිංගප්පූරුවේ.ප්‍රශ්නය - ඔබතුමා නඩුවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරගෙන සිටිනවාද.පිළිතුර - මගේ ආධාරකරුවන් තුන්දෙනෙක් දැනට රිමාන්ඩ් කරලා ඉන්නවා. ඒ අයට දැනුවත් කරලා තියෙන්නේ 29 වැනිදා උදේ බද්දේගම උසාවියේ පෙනී ඉන්න කියලා. මම 29 වැනිදා උදේ අනිවාර්යයෙන්ම උසාවියේ පෙනී ඉන්නවා. නීතියට ගරු කරන කෙනෙක් විදියට. මම මිනී මරලා නෑ. හොරකම් කරලා නෑ. වංචා කරලා නෑ. දූෂණ කරලා නෑ. මට සිතාසියක් ලැබිලා නෑ. සිතාසියක් බාරදීලා නෑ කවුරුවත්. ඒ කිසිම හේතුවක් නැතිව එක එක ප්‍රකාශ කරනවා.මාධ්‍ය ප්‍රකාශකට වැඩක් නැතිනම් වැඩක් හොයලා දෙන්නම් අපි. නිශාන්ත මුතුහෙට්ටිගමට කියලා සීනිගම පොල් ගහ ගහන්න එපා කියලා මම කියන්නේ මිරිස් ටිකක් අඹරලා පොල් ටිකක් ගහලා දෙයින්ට තමයි මම මේ කාරණේ බාර දෙන්නේ. මොකද මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ සාමාජිකයෙක් දැන්. නිල් බලකායත් එක්ක වැඩ කරනවා. කාන්තා සංවිධාන එක්කත් වැඩ කරනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණය මෙහෙයවනවා. ඊයේ දවසෙත් මම ඒ කටයුතු කරලා තමයි මම සිංගප්පූරුවට ආවේ. රෑ අටෙන් පස්සේ. ජනාධිපතිතුමාට මම වේලාවේ කරදර කරන්න බලාපොරොත්තු වෙන්නෑ. එතුමා විශාල සටනක ඉන්න වෙලාවේ.කොහොම වුණත් මට අනවශ්‍ය විදියට කටයුතු කරන්න ආවොත් මම නීති මගින් කටයුතු කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිවත්. නිශාන්ත මුතුහෙට්ටිගම කවුද කියලා නොදැන තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. මම ගැන දන්න ඩී.අයි.ජී මහත්තුරු ඉන්නවා. මම බොහෝම විනය ගරුක විදියට නීති ගරුක විදියට පොලීසියත් එක්ක ගනුදෙනු කරන්නේ. මට කියලා මට්ටු කරගන්න එපා කියලා මම යෝජනා කරනවා සහකාර පොලිස් අධිකාරිවරයෙක් වුණ පලියට. බද්දේගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියට. ඒ ආසනයේ සංවිධායකට හිරිහැර කරන්න චෝදනා කරන්න ගන්න ක්‍රියාමාර්ග ගැන මම දැඩි අප්‍රසාදය පළ කරනවා.පොලිස්පතිවරයාට මම දැනුම්දෙනවා පේන තෙක් මානයේ ඉන්නවානම්.නිශාන්ත මුතුහෙට්ටිගම 29 වැනිදා උදේ 10ට හරි අධිකර‍ණය ඉදිරියේ පෙනී ඉඳිවී. එතනදී කඩුකාර හාමුදුරුවෝ මට සාධාරණයක් ඉටුකරයි කියලා බලාපොරොත්තු වෙනවා.මට විරුද්ධව නඩුවක් නෑ සාක්ෂියක් නෑ. බී ‍රිපෝට් එකේ නිකන් මගේ නම දාලා තියෙනවා. මට හිරිහැර කරන්න දඟලනවා.පොලීසියෙන් කෙරෙන්න ඕන රාජකාරී නිසියාකාරව ඉටුකරන්නැතුව ඒ රැස්වීමක් තියෙන තැන පොලිස් නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක් රාජකාරීයට යො‍වන්නැතුව බුදියගෙන ඉඳලා ඇහැරිච්චි ගමන් මට විරුද්ධව කටයුතු කරනවා. මගේ අප්‍රසාදයට පළ කරනවා. ගතවෙන පැයකම මගෙන් ජනාධිපතිවරයාට ඉටුවෙන්න තියෙන මෙහෙවරට තමයි මේ අය කෙළවන්න හදන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොන පක්ෂයට අදිනවා කියලා මට නම් තේරෙන්නෑ මේ මොහොතේ. මෛත්‍රිපාල සිරිසේනට දිනන්න ඉඩදෙන්නේ නෑ. මෛත්‍රිපාලට විරුද්ධව හිරගේ ඇතුළේ හිටියත් ගන්න පුළුවන් සියලූම ක්‍රියාමාර්ග ගන්නවා.ප්‍රශ්නය - පොලීසිය ගුවන් තොටුපළේදී ඔබතුමා අත්අඩංගුවට ගන්න හැදුවානම් ඒකට හිස නමනවාද.පිළිතුර - මම හිස නමන්නෑ පොලීසියට හිස නමන්නේ නෑ. මම හාමුදුරු‍ කෙනෙකුට වුණත් හිස නමන්නේ සිවුර දිහා බලලා. මුහුණ දිහා බලලා. පොලීසිය ආවත් එච්චරයි. පොලිස් නිලධාරීන් දහක් දෙදහක් ආවත් අත්අඩංගුවට ගන්න බෑ. මම වැරැද්දක් කරලා නෑ. නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්න බෑ. දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ‍අනිද්දා රෑට ගුවන් තොටුපළට ගොඩබැස්ස ගමන්.ප්‍රශ්නය - ඔබතුමා හදිසියේ විදේශ ගතවුණේ ඇයි.පිළිතුර - පෞද්ගලික කාරණයක් උඩ. මට හිරිහැර කරන්න පොලීසිය කරන උත්සාහය නිසා. සවස් වෙලා මම වි‍වේකයක් ගන්න ආවේ. ඒ විවේකය අරන් මම ඒ කටයුතුවලට මැදිහත් වෙනවා. ඡන්දයක් කරලා මහන්සි වෙලා ඉන්නේ.ප්‍රශ්නය - ඔබතුමා පිල් මාරුවකට සුදානම් වෙලාද සිංගප්පූරුවට ආවේ.පිළිතුර - මම කිසිම දවසක පිල් මාරු වෙන්නේ නෑ. බොරු ප්‍රකාශ කරන මාධ්‍ය ප්‍රකාශකට නිසි උත්තරයක් දීලා තමයි මම මාරු වෙන්නේ වෙන අය ගැණූ මාරු කරනකුට මිට පිල් මාරුකරන එක වැඩක් නෙවෙයි. මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ. මැරෙන්නෙත් මේ පක්ෂයේමයි.
BLOG
2014.12.27
http://www.lankaday.com/
මම කැසිනෝ ගහලා කාර් එකක් දින්නා තමයි දැන් ඒක විකුණලත් ඉවරයි - ඩඩ්ලි සිරිසේන
lanka day
කැසිනෝ ගහලා කාර් එකක් දින්න කතාව ඇත්තදඔව්. මම කැසිනෝ ගහලා කාර් එකක් දින්නා තමයි. ඒ කතාව ඇත්ත. මම ඒ කාර් එක දැන් විකුණලත් ඉවරයි. කැසිනෝ ව්‍යාපාරය රටේ නීත්‍යනුකූලව ලියාපදිංචි ව්‍යාපාරයක්නෙ.
BLOG
2014.12.27
http://www.lankaday.com/
රට ගිලෙද්දී බයිලා කීම සහ බොර ගංදියේ මාළු බෑම
lanka day
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අමු සොහොනක්‌ බවට පත්කළ සුනාමිය පැමිණ දශකයක කාලයක්‌ ගෙවී යද්දී, මුහුදෙන් පැමිණි සුනාමි රළ මෙන් කිහිප ගුණයක ජල ධාරිතාවක්‌ මේ මොහොතේ අහසින් මෙබිම මතට පතිතවෙමින් ඇත. එයින් පවුල් එක්‌ ලක්‍ෂ අසූදහසක්‌ අවතැන් වී ඇත. මුරණ්‌ඩු වැසි ජලය සමග හාදුවී කඳු බෑවුම්ද දඟ කරන්නට පටන්ගෙන ඇත.ඊයේ වන විට පස්‌ කඳු කඩාවැටීම සහ එම අවදානමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය සහමුලින්ම අඩාල වී තිබුණි. බදුල්ල පැත්තේ නායයැමකින් කිහිප දෙනෙක්‌ ජීවිත හැර ගොස්‌ තිබුණි. නමුත් අහස කිසිදු ඉස්‌පාසුවක්‌ හෝ සමාවක්‌ නොදෙන අයුරකි. වර්ෂාව තව වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේය. නිවාස 3500 කට වැඩි සංඛ්‍යාවක්‌ දැනටමත් ගංවතුර විසින් සමතලා කර ඇත. පොළොන්නරුවේ පමණක්‌ කුඹුරු අක්‌කර 40,000 ක්‌ විනාශ වී තිබේ. මෙය සැබැවින්ම ජාතික ආපදා තත්ත්වයක්‌ නොවන්නේද.එහෙත් මේ දක්‌වා තමන් පත්ව ඇති අසරණ බව විමසන්නට කිසිවෙක්‌ පැමිණ නැතැයි පොළොන්නරු ගොවීන් පවසන බව 'දිවයින' ඊයේ වාර්තා කළේය.ඒ කියන්නේ මේ රටේ ජනතාව ගැන උතුරා යන කැක්‌කුමකින් දේශපාලන වේදිකා මත, දේශපාලන වාද මණ්‌ඩපවල කෑ කොස්‌සම් ගහන දේශපාලනය, රට මතට අනෝරා වැසි ඇදහැලෙන බවක්‌ නොදන්නා බවද. ඔවුන් සිතාසිටිනේ සිය සරුසාර අස්‌වැන්න ඉහළම මිලකට විකුණා කෝටිපතියන් බවට පත්ව සිටින පොළොන්නරුවේ ගොවීන් මේ මොහොතේ පවුල් පිටින් තරු හෝටලවල නිවාඩුව ගතකරන අතරවාරයේ සුද්දන් මෙන් අව්ව තපිමින් සිටින බවක්‌ද.රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කළා මෙන්, ශ්‍රී ලංකාව ගංවතුරේ ගිලෙද්දී දේශපාලකයන් වේදිකාවල බයිලා කියමින් සිටින්නේද.ඒ අතර හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් නිලධාරීන් දසදහසක්‌ පමණ දෙනා සිය දීමනා වැඩි නොකිරීමට එරෙහිව ලබන අඟහරුවාදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමට සැරසෙන්නේය.ඒ කියන්නේ ගංවතුර නිසා ගහෙන් වැටුණු මිනිසාට ඇනීම පිණිස ගොනකු බවට පත්වීමට සෞඛ්‍ය සේවයේ මේ පිරිස්‌ බලා සිටිනා බවය.ගොන්නු නොවන්නට, ලෙඩ රෝග බහුලව පැතිරයන මෙවැනි ආපදා මොහොතක මේ ආකාරයේ තීරණවලට නොඑළඹෙති.වර්ජනය පවත්වන කාලයේ හදිසි සේවාවන් පමණක්‌ ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය උන්නැහේ පවසා තිබේ.ඒ අනුව දෙගොඩතලා යන වතුරෙන් වගාබිම පාළුවී, ජීවිතයම නන්නත්තාර වී සිටින ගොවියා, වැස්‌සට, පින්නට හසුව උණ හෙම්බිරිස්‌සාව හැදී බෙහෙත් උගුරක්‌ ගැනීමට රජයේ රෝහලට පැමිණි විට ඔහුව පිළිගෙන ප්‍රතිකාරයට මේ උන්නැහේලා සූදානම් නැත. නමුත් බෙහෙත් උගුරක්‌ මුදලට හෝ ගැනීමට සතයක්‌ නොමැතිව ඒ කළකිරීමෙන් ඒ ගොවියාම වසබී ආපසු රෝහලට පැමිණෙද්දී බෙහෙත් කිරීමට මේ උන්නැහේලා සූදානම්ය. අපූරුය...මේ රටේ සෞඛ්‍ය සේවාව, රෝගියාව ප්‍රාණ ඇපයට ගන්නා කාලකණ්‌ණි පිරිසකගේ ග්‍රහණයට හසුවන්නේ දේවත්වයෙහි ලා සමාජය විසින් සැලකූ ක්‍ෂේත්‍රයක වටිනාකම බල්ලාට බිල්ලක්‌ කරමිනි. මිනිසුන්ව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවකි. රෝගියාව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදියාටද පංතියක්‌ පහළ ම්ලේච්ජ ක්‍රියාවකි. නමුත් අද මෙරට සෞඛ්‍ය සේවාව ඒ ම්ලේච්ජත්වයට ඇබ්බැහි වී ඇත්තේය.ජනාධිපතිවරණයක්‌, මහා මැතිවරණයක්‌ යනු සිය ඉල්ලීම් ඉටුකරගැනීමට හොඳ අවස්‌ථාවක්‌ බව බොහෝ වෘත්තීය සමිති දන්නේය. අදාළ සෞඛ්‍ය වෘත්තීය සමිතිය ද ඒ බව හොඳින් දනියි. අනෙක්‌ අය පරිද්දෙන්ම කල දුටු කල වළ ඉහ ගැනීමට ඔවුන්ද සැරසෙන්නේය. නමුත් ඔවුන් මේ මාළු බාන්නේ රටම ආපදාවට ලක්‌කර ගලායන බොර වතුරක බව හිතට ගන්නේ නම් මැනවි.
BLOG
2014.12.27
http://www.lankaday.com/
මුස්ලිම් ඡන්ද සියයට 99ක් මෛත්‍රීටලු
lanka day
.
BLOG
2014.12.27
http://www.lankaday.com/
මෙය නොදුටු දෑස් කුමට?
lanka day
මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා.පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.
BLOG
2014.12.26
http://www.lankaday.com/
මුතුහෙට්ටිගම රට හැර යයි
lanka day
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද අළුයම හොර රහසේ කටුනායක ගුවන් තොටුපළ හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අළුයම 12.51කට සිංගප්පූරු ගුවන් සේවයට එස්.කියූ. 468 දරණ ගුවන් යානයෙන් මොහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා ලෙසට බද්දේගම අධිකරණ මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ, වඳුරඹ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව පසුගිය 24 වැනිදා යළි විභාගයට ගත් අවස්ථාවේදියි.
BLOG
2014.12.26
http://www.lankaday.com/
වරෙන්තුකාර මුතුහෙට්‌ටිගමට ආචාර කරන පොලිසිය
lanka day
සැකකරුවන් තිදෙනකු පැහැරගෙන යැම සම්බන්ධයෙන් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා පෙරේදා නියෝගයක්‌ නිකුත් කළේය.එහෙත් එදිනම පස්වරුවේ බද්දේගම පොලිස් නිලධාරීන් ඔහුව හමුවූ අවස්ථාවේදී නියෝගය පසෙකලා ඔහුට ආචාර කරන මෙම ඡායාරුපය මේ වන විට ජනමාධ්‍ය වෙත ලැබී ඇත.
BLOG
2014.12.26
http://www.lankaday.com/
ඉංගිරියේදී රනිල්ට එජාප පාක්ෂිකයින් “හූ” කියයි (video)
lanka day
ඉංගිරියේ පැවැති පොදු සිරිසේන රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහට, එජාප පාක්ෂිකයින් විසින් “හූ” කියමින් උසුළු විසුළු කර තිබේ.
BLOG
2014.12.22
http://bingunada.blogspot.com/
සීතල සිතිවිලි
බිඟූ
.
BLOG
2014.12.09
http://bingunada.blogspot.com/
හද පැලී මි'යැන්නට මත්තෙන්...
බිඟූ
යාන්තමට හෝ දකින්නට ඔබේ රුවනෙත් පොපියා සිටි'මුත්සැගව ගොසින්ය කාටත් හොරාදැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියාවෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගතනික්ම ගොසින්ය කාටත් හොරාසියොතුන්ද සැඟව ගොසින්යනිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුනකියන්නට සිත් නොවනදකින්නට රිසි නොවනහනික පිය නගනු මැනහද පැලී මි'යැන්නට මත්තෙන්.
BLOG
2014.11.12
http://bingunada.blogspot.com/
දොර්වල් දෙකේ ගැටළුව
බිඟූ
ඔබ ගමනක් යනවිට මංමුළා වූයේය. අවසානයේද පාර දෙකට බෙදෙන එක් ‍සංදියකට පැමිණියේය. එයින් එක් මාර්ගයක් නිවැරදි වෙයි. එතැන මිනිසුන් දෙදෙනෙක් වෙයි. එක් අයෙක් බොරු කියන අතර අනෙකා සත්‍ය පවසයි. ඔබට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් එක් පැණයක් පමණක් ඇසීමට හැකියාව ඇත.ඔබ නිවැරදි මග සොයා ගන්නේ කෙසේද.
BLOG
2014.10.13
http://bingunada.blogspot.com/
දාක්ෂිණ්‍යය - පිං අතේ වැඩක්
බිඟූ
ඔන්න දවසක් අපේ කස්ටිය සෙට් වෙලා ඉන්නකොට හිතුනා කාලෙකින් අපි එකතුවෙලා චැරිටි වැඩක් ඒ කියන්නේ දාක්ෂිණ්‍යය වැඩක් එහෙම නැත්නම් සරලව කිව්වොත් පිං අතේ වැඩක් කරමු කියලා. කට්ටියම වැඩේට කැමති හින්දා ඔන්න තුන්-කුළුඳුල් කොමිටියක් ඒ කියන්නේ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කර ගත්තා කියමුකෝ. දැන් තියෙන්නේ පොට් එකක් හොයන එකයි. ඔන්න ඔක්කොලටම කිව්වා තමන් දන්න කියන තැන් තියෙනවනම් නම් ගම් දාලා එවන්ඩ කියලා.අම්මෝ...සූ ගාලා 3ක් විතර යෝජනා ආවා. අර තුන් දෙනත් තව තැන් ටිකක් හොයාගෙන තිබ්බා. ඔය තැන් ඔක්කොම ලැයිස්තු ගත කරලා අර තුන්දෙනා ගූගල් කරන්න ඒ කියන්නේ තොරතුරු හොයන්න ගත්තා.හපොයි...ඒ කෙරුවාවත් එසේ මෙසේ වැඩක් එහෙම නෙමෙයි ඔන්න. සමහර දුරකතන අංක වැඩ නෑ. වැඩ කරන සමහර අංක පිළිතුරු දෙන්නේ නෑ. පිළිතුරු දෙන අංක වලින් හරි දෙයක් කියන්නේ නෑ.. දැන් බිසීලු. පස්සේ කතා කරන්නලු. ජරමර ගොඩයි... ඉතින් අර තුන්දෙනා කොහොමහරි අර ලැයිස්තුවේ තියෙන තැන් වලට කතා කරලා තොරතුරු හොයා ගත්තා. අම්මෝ දැන් කාලේ පිං අතේ වැඩක් කරන එකත් හරිම කොමර්ෂල් වෙලා වගේ කියලා හැඟීමකුත් යන්තමින් හරි ආව නැතුවාම නෙමෙයි ඔන්න. ඉස්සර නං ඉතින් මොනවද මේ හිතුනා මේ ගියා මේ කලා. ආයේ ගැන ගැන ඉන්න දෙයක් නෑ. ඒක හිත් දරාගෙන වැඩේ කළා. එච්චරයි. ඒකට දැන් කාලේ...ඉතින් ඔන්න අර කොමිටිය තීරණය කලා අවසාන තැන් තුනක්. ඒක කරනකොටත් ඉතින් ගොඩාක් දේවල් හිතන්න උනා. යන එන දුර ප්‍රමාණය, ඒ ඒ තැන්වල තිබුණ උවමනාව, ඉන්න පුද්ගලයින් ප්‍රමාණය සහ වර්ගය ඒ කිව්වේ පොඩි ළමයිද, වයසක අයද, ආබාධිත අයද යන වග, නිතර දාන ලැබෙන තැන්ද නැතිද යන්න වගේ බොහෝ කරුණු කාරණා සලකලා බලලා ඔන්න තැන් තුනක් අවසන් ලැයිස්තුවට එක් කලා. මේ අතරේම අර තුන්දෙනා ඒ ඒ තැන් තුනටම උවමනායැයි කියලා දුන්න ලැයිස්තුත් ඉල්ලා ගත්තා කලා. ඊට පස්සේ ආයෙත් අපි ඔක්කොමලා එකතුවෙලා යන්නේ කොතැනටද කියලා අවසන් තීරණයක් ගත්තා. ගොඩාක් අය කැමති උනේ පොඩි ළමයි ඉන්න තැනකට යන්න. හැමෝම වගේ කැමති උනේ පොඩි එවුන්ට තෑගි දිලා උන්ගේ මූණේ තියෙන අහිංසක හිනාව බලන්න.. ඉතින් උන්න අන්තිමට තීරණය උනේ මෙන්න මෙතැන්ට යන්න. සමහරු කැමති නෑනේ පිං බෙදා ගන්න. අපිට උවමනා උනා පොඩි එවුන්ට රෑට කෑමක් දීලම තෑගි එහෙම දෙන්න. ඉතින් අපි බලුවා දවසක් ඉල්ලා ගන්න. වැඩේ කියන්නේ සමහරු කැමති නෑ අපිත් එක්ක එකට සෙට් වෙලා දානේ දෙන්න. එයාලට ඕනෑ තනියම ඒක කරන්න. අනේ මංදා ඇයිද කියලා. සමහරු නම් ඒකට කැමතියි. ඒත් ඒ දවස් අපිට බෑ වෙනත් වෙනත් වැඩ හින්දා. ඉස්සරලාම කලේ අපේ දවස තෝරා ගන්න එක. ඉතින් ඒකට දවසක් ඕනෑ හින්දා පොඩි ඡන්දයක් තිබ්බා සතියේ දවස් 5 දාලා. හොර ඡන්ද නැති හින්දා ලේසියෙන්ම අපිට දිනේ සෙට් කර ගන්න පුලුවන් උනා. අන්තිමට ඔක්තෝම්බර් 9 වෙනිදා විදියට දවස වෙන් කෙරුණා. ඉතින් ඔන්න ෆන් එක පටන් ගත්තා.මුදල් ඇමති විදියට අපේ කටසැර පදමක්කා වැඩ බාර ගත්තා. ඉතින් එයා ළඟට ගියොත් වෙන වැඩකටත් අහන්නේ සල්ලි දෙන්නද ආවේ කියලා. කන්දොස්කිරියාවේ බෑ. හික්ස්... හැබැයි කියන්න අපරාදේ වැඩේ නම් ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි. පදමක්කගේ වාසනාවට ද කරදරේට ද අපේ උන්ගේ දානමය සිතිවිල්ලටද මංදා සිරි සිරි ගාලා සල්ලලි එකතු වෙන්න ගත්තා. නදීකක්කා එයාගානේ ඉස්තිරික්කයක් දෙන්නම් කිව්වා. අනේ වාසනාවන්. අපි ගිහිල්ලා එයාලට උවමනා දේවල් මොනවද කියලා ලැයිස්තුවක් අරගෙන ආවා.එතැන ඉස්කෝලේ යන ළමයි 25ක් හිටියා. අවුරුදු 6 ඉඳලා අවුරුදු 17 වෙනකල් පිරිමි ළමයි. අපෙන් ඉල්ලුවේ සෙරප්පු අරගෙන දෙන්න පුළුවන්ද කියලයි. එයාලට තියෙන්නේ එක ඉස්තිරික්කයයිලු. අනේ පව්... හැබැයි එතැනට කතා කලාම හොඳ ලැයිස්තුවක් දුන්නා මේකෙන් පුලුවන් දේවල් අරගෙන දෙන්න කියලා. කිසිම බල කිරීමක් කලේ නෑ. කමිස කොලර් සයිසස්, සෙරෙප්පු සයිසස්, පොත් ප්‍රමාණ... ඔය වගේ...ඉතින් පද්මක්කා මුදල් වැඩේ කරන ගමන් මල්ලිකක්කා අනිත් පැත්තෙන් සෙරෙප්පු වැඩේ ගැන බැලුවා. එයාට තියෙනවා ලොකු ලොකු කනෙක්ෂන්ස්.. ලාබෙට වැඩේ කරලා දුන්නා එක පයින්. මධුමතියත් ඉතින් අපේ බැසයන තාරකාවක්නේ... මතකනේ මෙයාව අර ඔබ යන්නේ බහුවචන කතාව.. ඉතින් මෙයාගෙත් හරි කනෙක්ෂන්ස්.. ඉතින් අපි කතා කර ගත්ත විදියට ළමයි කැමතියි කිව්වා කොත්තු කන්න. එ හින්දා අපි හිතුවා කොත්තු දෙන්න. මධුමතියගේ කනෙක්ෂන් හරහා මල්ලිකක්කා ඒ ගැන හොයා බලලා වැඩේ ගාණට සෙට් කලා. ඉතින් සල්ලි ඔක්කොම එකතු උනාට පස්සේ පොඩි බජෙට් එකක හදලා බඩු ගන්න ගත්තා. චානකයියයි පන්ඩුකයියයි අපේ ප්‍රවාහණ ඇමති කමට සෙට් උනා. කොටුව පීරලා සෙල්ලම් බඩු ගත්තා.ක්‍රිකට් පිති 2යිටෙනිස් බෝල ටින් 2යිස්ටම්ප් කූරු 6යිකැරම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයිදාම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයිකාඩ් පැක්, ඌනෝ පැක්බෝඩ් ගේම්ස් ටිකක්ටිං කැඩිල්ල නව උපකරණ සෙට් එකක්. (අපේ කාලේ නම් ඉතින් ටිං ටික තිබ්බා දුන්නා බෝලෙන්.)පොඩි සෙල්ලම් කාර්වොලි බෝලයයි නෙට් එකයි (මේ හා බැඳි නිලූකක්කගේ කතා ගොඩයි)බැට්මිටන් රැකට් 4යි නෙට් එකයිබේස් බෝල බැට්තව පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකකුයි අරගෙන තිබ්බා. පෙට්ටි ගොඩාක් පිරෙන්න බඩු.පිටු 120 CR පොත් 50ක්පෑන් පෙට්ටි, පැන්සල් පෙට්ටිකවකටු පෙට්ටිපාට පැන්සල් පෙට්ටිවොටර් කලර්ස් පෙට්ටි, පින්සල්මේ වගේ ගොඩාක් ඉස්කෝලේ වැඩට උවමනා කරන දේවලුත් පෙට්ටි පිරෙන්න තිබ්බා.සෙරෙප්පු කුට්ටම් 25යි සුදු අත් කොට කමිස 25යි ගන්න අමතක කලේ නෑ අපි. ඒ එක්කම කුඩ 12කුත් අරගෙන ගියා. හාල් සීනි වලින් නම් උන්ට කිසි ගතියක් නෑ ඒවා ගෙනිච්චට. ගෙනිච්ච බඩු මෙච්චරයි කියලා හරියටම ලැයිස්තු නැති උනත් පොඩි එවුන්ගේ මූණු පිරෙන්න බඩු තිබ්බා. අපි ගිහිල්ලා පොඩි ක්‍රිකට් මැච් එකකුතු ගැහුවා. ඒක නම් උඩිම්ම පරාදයි. පොඩි එවුන් ආසාවෙන් දින්නා. අපි දිනන්න දුන්නා ඇත්තටම. දිනන්න බැරිකම නෙමෙයි ඔන්න. එක පැත්තක වොලි බෝල් ගහනවා. තව පැත්තක බැට්මිටන් ගහනවා. මේ අස්සේ මහා වැස්සක් වැටුනා. අපි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. ඒත් පොඩි එවුන්ට නම් කිසිම ගාණක් නෑ. වැස්ස කොල්ලන්ට තවත් ජොළියක් එකතු කලා. අපිත් ඔය වයසේදී ඔය වගේම වැස්සේ නාලා අම්බානක ගුටි කාල තියෙනවනේ. අනිවාර්යෙන් මුන්ටත් හම්බවෙයි හෙට වෙනකොට. ඒත් ඒ හෙටනේ කියලා පොඩ්ඩෝ ටික ආතල් ගත්තා. මහා වැස්සේ මහා යුද්දේ...පස්සේ අපි ගෙන්නපු කොත්තු මාස්ටර් ඉස්සරලාම ආප්ප දාන්න ගත්තා. හැම ළමයටම බිත්තර ආප්ප දෙකයි. ඕනෑ තරම් ආප්පයි. මුලදී පොඩ්ඩෝ ටිකක් අදි මදි කලා එතනට සෙට් වෙන්න. ටික වෙලාවකින් ආප්ප ටික නම් සරස් ගාලා වාෂ්ප උනා. කොල්ලෝ ටික ආසාවෙන් ඒවා කාලා ගියා කෑම කාමරේට. කොත්තු ටිකත් සෙට් උනාට පස්සේ අපිට පිං දීලා කන්න ගත්තා. කොත්තු කාල ඉවර උනාම අයිස් ක්‍රීම් දුන්නා. අර වැස්සේ නටලා නටලා ඇවිල්ල කිසි ගේමක් නැතුවම අයිස් ක්‍රීම් කෑවා අපි වගේම. හෙට වෙනකොට තියෙයි හොඳට. ඊටත් පස්සේ පටන් ගත්තේ නත්තල් සීයාගේ සීන් එක. ඒ කියන්නේ ඉතුරු තෑගි බෙදන එක.හප්පා.. ආසාවේ බෑ..අයියේ මටත් එකක් දෙන්න.. අනේ මටත් එකක් දෙදෙන්න..කිය කිය පොඩි එවුන් ඉල්ල ඉල්ල තෑගි ගත්තේ.. දුක හිතෙනවා වෙලාවක..අනේ පව් මට මගේ පොඩි එවුන් දෙන්නත් මතක් උනා..පොඩි එවුන් හැම එකාටම තෑගි දෙන්න පුළුවන් වෙච්ච් එකනම් මාර පිනක්. පුදුම සතුටෙන් තෑගි තුරුළු කරගෙන හිටියේ. ලොකු පොඩි බේදයක් නෑ අපි කවුරුත් කැමතිනේ තෑගි වලට. මෙතැන විශේෂත්වය තමා නන්නාඳුනන කෙනෙක් දෙන තෑග්ග වීම.ඉතින් ඔය වැඩ ටික ඉවර වෙලා අපි ආපහු එන්න සූදානම් උනා. පොඩි කට්ටිය ඔක්කොමලා දුන්න තෑසි වලට ස්තුති කලා. ආයෙත් එන්න කියලත් කිව්වා. ගොඩාක් රෑ වෙලත් තිබුණ හින්දා ආයෙත් දවසක යන අරමුණ ඇතිව එතැනින් අපි පිටත් උනාමේ වැඩේ කර ගන්න අපේ ටීමයේ ඔක්කොමලා ගොඩාක් මහන්සි උනා. මං හිතන්නේ ඒක ටීම් එකේ තියෙන ස්පිරිට් එක වෙන්න ඕනෑ. යෝජනාව ගේනාපු වෙලාවේ ඉඳලා අන්තිම මොහොත වෙනකල්ම එකාවගේ එක අරමුණක ඉඳගෙන වැඩේ කර ගෙන යන්න තරම් එකමුතුකම තියෙන බව නම් කියන්න ඕනෑ. මේ අස්සේ පොඩි පොඩි මඩ පාරවල් ටිකකුත් නොගියාම නෙමෙයි පුරුදු විදියට. ඒක වෙන්නෙත් ෆිට් එක වැඩි කමටමයි. මේ ෆිට් එක හැමදා මෙහෙම තියාගන්න පුළුවන් නම් කොච්චර අගනේද.ප ලි: තම තම නැණ පමණින් කරුණු විමසා කියවීම යහපති.
BLOG
2014.09.21
http://bingunada.blogspot.com/
සිංහල භාෂාවේ පිලි
බිඟූ
කා වා ඇලපිල්ලකැ වැ කෙටි ඇදපිල්ලකෑ වෑ දික් ඇදපිල්ලකි වි කෙටි ඉස්පිල්ල කී වී දික් ඉස්පිල්ලකු කෙටි වක් පාපිල්ලවු කෙටි කොන් පාපිල්ලකූ දික් වක් පාපිල්ලවූ දික් කොන් පාපිල්ලකෘ වෘ කෙටි ගැටපිල්ලකෲ වෲ දික් ගැටපිල්ලකෙ වෙ කොම්බුවකේ කොම්බුව හා උස්පිල්ලවේ කොම්බුව හා උඩුපිල්ලකෛ වෛ කොම්බු දෙකකො වො කොම්බුව හා ඇලපිල්ලකෝ වෝ කොම්බුව හා දික් ඇලපිල්ලකෞ වෞ කොම්බුව හා හා ගයනුකිත්ත.
BLOG
2014.10.05
http://anacondavit.blogspot.com/
null
Anaconda
වැඩි වැඩියෙන් දරුවන් හදමු. ඇමරිකාවේ ඔරිගන්හි කාලයක් පදිංචිව සිටි ඉන්දියානුවකු වූ රාජනීස් භගවාන්, ක‍්‍රිස්තියානි ආගම හා ඇමරිකානු සිරිත් විරිත්, සම්ප‍්‍රදායන් විවේනය කරන්නෙක් වූයේය. එහි අවසාන ඵලය වූයේ ඇමරිකානු පොලිසිය රාජනීස් අල්ලා සංක‍්‍රමණික නීති උල්ලංඝණය කළ තැනැත්තකු වශයෙන් චෝදනාකර රටින් පිටුවහල් කිරීමයි. ඉන්දියාවේ මාධ්‍ය ආයතන පවා ඔහුට විරුද්ධව නැගී සිටියේය. ‘ප්ලේබෝයි’ වැනි කාම සඟරා, පොත පත පළකරන මාධ්‍ය ආයතන පවා ඒ කාලයේ රාජනීස්ව හැඳින්වූයේ ‘සෙක්ස් ගුරු’ නමිනි. රාජ පුරුෂයන්ට හසුවූ අපරාධකරුවෙකුගේ තත්වයට පත්ව සිටි රාජනීස් මිය යාමට පෙර ඔහුට විරුද්ධව නැගී සිටි බටහිර හා බටහිර සම්ප‍්‍රදාය කටයුතු කරන සියලූම ඉන්දීය ජනමාධ්‍යයන් සම්බන්ධව අපූරු පැහැදිලි කිරීමක් කළේය.‘බටහිර ජනමාධ්‍යයන්ට කිසිම සදාචාරසම්පන්න භාවයක් නැත. පුද්ගයාගේ මනස කුණු කරන අපරාධ ¥ෂණ යුද්ධ කෝලහාල කාමය වැනි දේ පිළිබඳව මිස පුද්ගලයාගේ ඥානය අවදිකරවන ප‍්‍රවෘත්ති පළකිරීමට මොවුන් අකමැතිය. රටක කිසියම් ස්ථානයක අපරාධයක් සිදුවූ විට එතනට දුවන ඔවුහු ඒ ගැන තලූ මර මරා විස්තර කරති. බටහිර සම්ප‍්‍රදායේ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන්, පුද්ගලයකු භාවනා කර ප‍්‍රඥාව පහළකර ගැනීම සමාජයට දැන්විය යුතු දෙයක් ලෙස නොසිතති’ යනුවෙන් ඒ පැහැදිලි කිරීමේදී කීවේය.අපේ ජනමාධ්‍ය ආයතන පමණක් නොව මාධ්‍යකරුවෝද බටහිර මාධ්‍ය සම්ප‍්‍රදාය අනුගමනය කරති. එම නිසා මාධ්‍ය මගින් පුද්ගල සිත උසස් කිරීමේ වැදගත්කම ඔවුන්ට නොවැටහේ. මිනීමරුම් අපරාධ ස්ත‍්‍රී ¥ෂණ දහජරා වැඩ දේශපාලනඥයන් හා නළු නිළියන් පිළිබඳ ප‍්‍රවෘත්ති ඔවුන්ගේ රස බොජුන්ය. එම නිසා බොදු බල සේනා සංවිධානය භික්ෂුන් වහන්සේලා පන්දහකට අධික සංඛ්‍යාවක් සැප්තැම්බර් 28 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයට රැුස්කරවා කළ කී දේ මහජනයාට නොපෙන්වීමට ඔවුන් අදහස් කිරීම පුදුම විය යුතු කරුණක් නොවේ. මෙවැනි රැුස්වීම් සිංහල බෞද්ධයාගේ ඥානය අවදි කිරීමට හේතුවන නිසා ඒවා ආවරණය කළ යුතු නැතැයි රජයේ රුපවාහිනී මාධ්‍ය ආයතන සිතුවා නම් පුදුම විය යුතු නැත. ‘මහජනයා දැනගත යුතුම මෙවැනි උත්සව ආවරණය කිරීමෙන් තමන්ගේ පැවැත්මට හානියක් සිදුවෙතැ’යි යන දුර දක්නා නුවණ ඒවායේ බලධාරීන්ට තිබිය යුතුය. නැතිනම් ඔවුන්ට සිදුවන්නේ කුමක් ද. ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස්ට ප‍්‍රසිද්ධියේ කනේ පාරක් ගැසූ පුවත දැන් මුළු ලෝකයම දන්නා සිදුවීමකි.බොදු බල සේනාව මෙහෙයවූ සඟ සමුළුව අන්තර් ජාලය ඔස්සේ නිරීක්ෂණය කළ ඇන්ජී ඕ කණ්ඩායම් බටහිර සංවිධානවලට නියම වාර්තා සපයා තිබේ. එක් කල්ලියක් පවසා ඇති ලෙසට සිංහල ජාතිය පුබුදුවන්නට භික්ෂුන් වහන්සේලාට තාමත් හැකියාව ඇත. මේ විස්තරය සපයන්නේ සිංහල ජන උපත් පාලනයට බොහෝම උපකාර කළ පිරිසකි. පෙරට වඩා දැඩිව හා සූක්ෂමව සිංහල උපත් පාලන වැඩ පිළිවෙළ ක‍්‍රියාවට නැගිය යුතු යයි ඔවුන් උපදෙස් දී තිබේ. ඒ උපදෙස් ඉදිරි කාලයේදී ක‍්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. එවිට සිංහල උපත් පාලන ප‍්‍රතිපත්තිය මීට වඩා සැරට ක‍්‍රියාත්මක වන්නට පුළුවන. එවිට සිංහල දරු හිඟය මීට වඩා වැඩිවනු ඇත. බොහොමයක් ගම්බද පාසැල් වැසී යන්නේ ළමයින් නැති කමිනි. මහණ කරන්නට ළමයකු සොයා ගැනීම කළුනික සෙවීමක් වී විහාරස්ථාන පාළුවීම වළැක්විය හැක්කේ කාටද. එවිට සඟ සමුළු පැවැත්වීමට හා සිංහල ජාතිය නගාසිටුවීමට සඟ සසුනක් ඉතිරි නොවේ. වැඩිවන ඉස්ලාම් ජනගහණය ගමක් ගානේ මස්ජිඞ් ගොඩනංවනු ඇත. දැන් ගොඩනංවාගෙන යන ඉස්ලාම් මූලධර්වාදී ආගමික කල්ලිවලට අසුවන පිරිස් බටහිර රටවල ආධාරයෙන් පණ රැුකගනු ඇත.උපත් පාලන වැඩ පිළිවෙළ සිංහලයන් අතරේ පමණක් ක‍්‍රියාවට නැගෙන්නකි. මේ වැඩ පිළිවෙළ යටතේ සිංහල ජාතිය හෙමින් හෙමින් අඩුකරමින් ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ පටන් ගෙන දැන් අවුරුදු හතළිහකට ආසන්න කාලයකි. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රීලනිපය සහ එය වෙනත් පක්ෂ සමග සම්බන්ධවී පිහිටවූ හවුල් ආණ්ඩු සියල්ලම මෙම වැඩපිළිවෙළට ආධාර උපකාර කර තිබේ. පවුල් සෞඛ්‍ය සේවිකා වැඩ පිළිවෙළ යටතේ සිදුවු ප‍්‍රධානම කටයුත්ත සිංහල ගමක් ගමක් පාසා පවුල් සැලසුම නම් වූ ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමයි. මෙය සිංහලයන්ගේ ඇඟට නොවැටහෙන ලේ උරාබීමකි. පුංචි පවුල රත්තරන් කියමින් සිදුකරන සිංහල ජාතිය වඳ කිරීමේ වැඩපිළිවෙළ සාමාන්‍ය ජනතාවට තියා ජාතික හැඟුම් ඇති සිංහලයන්ට හෝ නොවැටහුණි. වැටහුන ස්වල්පයක් සිටියේ නම් ඔවුන්ට ඒ ගැන ජනතාවට කියාදීමට මගක් නොවීය.මුස්ලිම් පිරිමියාට විවාහ කීපයක් කරගත හැකිය. නමුත් සිංහල පිරිමියකු විවාහ දෙකක් කරගැනීම ද`ඩුවම් ලැබෙන වරදකි. (රටේ පිරිමි අනුපාතයට අනුව ගැහැණු අනුපාතය ඉහළයාම සැලකිල්ලට ගෙන වසර ගණනාවකට පෙර වයඹ පළාතේ පිරිමින්ට විවාහ දෙකක් කරගැනීමට අවසර ලැබෙන පනතක් පළාත් සභාවට ඉදිරිපත්වූ බවට මාධ්‍ය වාර්තා පළ විණි.* මෑතකදී විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමේදීද සිංහල තරුණයන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි වාර්තා වේ. සිංහල තරුණයන් ගෙවිය යුතු විවාහ ලියාපදිංචි ගාස්තුව ඉහළය. මුස්ලිම් තරුණයන් ගෙවිය යුත්තේ අඩු මුදලකි. මෙසේ හැම අතකින්ම අවාසි සිදුවන්නේ සිංහලයන්ටය.මුස්ලිම් ජනඅනුපාතය වැඩිවීම ගැටුම්වලට හේතුවක් බව අවබෝධ කරගත් බුරුම ආණ්ඩුව මුස්ලිම් දරු උපත් සීමා කිරීමට තීරණය කළේය. මුස්ලිම් බහුවිවාහයට තහංචි දැම්මේය.සිංහල ජාතිය වඳකිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන පිරිස මෙහෙයවන ලද්දේ විදේශීන් පිරිසක් විසිනි. තිඹිරිගෙයි පටන්ම අබෞද්ධ අසිංහලයන් පිරිසක් මෙම වැඩපිළිවෙළේ නියාමකයෝ වූහ. කැලේ ගසක් නසන්නට කැලේ ගසක් යොදා ගන්නා පරිදි, මුදල්, තනතුරු හා නිලතල දී සිංහල බෞද්ධයන් සහභාගි කරවා ගැනීමට එම අබෞද්ධ අසිංහල පිරිස් සමත් වූහ. මුලින්ම කළේ රජයේ ඇමතිවරු අල්ලා ගැනීමයි. සිංහල අම්මලාට දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ඉතාම වැඩි කොටසක් සිංහල බෞද්ධ කාන්තාවෝ වූහ.උපත් පාලනය අපරාධයක් යයි කතෝලිකයෝ පිළිගනිති. උපත් පාලනයට පාප්තුමා එකඟ නැත. උපත් පාලනය අපරාධයක් යයි පාප්තුමා ප‍්‍රකාශකර තිබේ. දරු උපත් දෙවියන්ගේ කැමැත්ත යයි ඉස්ලාම් ආගමිකයෝ කියති. එමනිසා දරු උපත් පාලනය කිරීමට ඉස්ලාම් පූජකවරුන් එකඟ නැත. නමුත් මේ හැමෝම සිංහල බෞද්ධයන් උපත් පාලනයට පොළඹවති. පාප්තුමාගේ හා ඉස්ලාම් නායකයන්ගේ උපත් වැඩි කිරීමේ වැඩ ගැන වචනයක් කතා නොකරන නමුත් සිංහල බෞද්ධයන්ට උපදෙස් දෙන මෙවැනි සුළු ලියවිල්ලකට පවා ඔවුහු කෝප වෙති. ප‍්‍රාණ ඝාතනය මහා අකුසලයක් නමුත් සිංහල අම්මලා ලවා ඉපදෙන්නට සිටින දරුවන් මැරවීම උපත් පාලන වැඩපිළිවෙළ මගින් සිදුකරනු ලබයි. මෙය බෞද්ධ කාන්තාව පවට පෙළඹවීමකි. උපදින්නට සිටින දරුවන් නැතිකිරීම නමැති මහා පාප කර්මයට සම්බන්ධ වී මොනතරම් පින් දහම් වැඩ කළත් කුමකටද. සිංහල කාන්තාව පවට පෙළඹවීම මගින් සිංහල සමාජ සංස්ථාවේ සාරධර්ම සුන්වීමද වැළැක්විය නොහැක.පවුල් සංවිධාන වැඩපිළිවෙළ මගින් සිංහල බෞද්ධ සමාජය හීනකොට නැතිකර දැමීමේ වැඩපිළිවෙළ ගැන බොදු බල සේනාවේ අවධානය යොමු විය යුතුය. ඊට දැන් වුවමනාවටත් වඩා වැඩ කටයුතු පැවරී ඇති නමුදු සිංහල ජාතියට පිහිටවන එකම සංවිධානය බවට බොදු බල සේනා සංවිධානය පත්වෙමින් සිටී. දරුවන් සම්පතක් බව ඔවුන් සිංහල සමාජයට දැන්විය යුතුය. වැලේ ගෙඩි වැලට බර නැතියි අපේ මුතුන් මිත්තෝ කීහ. පුංචි පවුල පෙන්වන දරු දෙදෙනා සහ අම්ම තාත්තාගේ පෝසටර්ය වෙනුවට ලොකු දරු පවුල දැක්වෙන පෝස්ටර්ය සිංහල සමාජයට ඉදිරිපත් කළ යුතුය. හැම විටම හැම තැනකම දරුවන් සම්පතක් බව කියමින් ලොකු දරු පවුල් බිහිකිරීමට පදනම දැමීය අවශ්‍යය.සිංහල ජාතිය හීනකරන රජයේ උපත් පාලන වැඩපිළිවෙළ දුර්වල කිරීමට යම් යම් ක‍්‍රියා මර්ග ගැනීමට බොදු බල සේනා සංවිධානයට හැකියාව ඇතත් දරු උපත් වැඩි කිරීම එම සංවිධානයට කළ හැකි දෙයක් නොවේ. ඊට සිංහල බෞද්ධ ජනතා සහය අවශ්‍ය කෙරේ. විශේෂයෙන්ම ඊට සම්බන්ධවන සිංහල තරුණ තරුණියන් අනිකුත් සිංහල තරුණ තරුණියන්ට ආදර්ශ සැපයිය යුතු වන්නේය. අවවාදයට වඩා ආදර්ශය වැදගත් බව අපි දනිමු. සිංහල දරු සම්පත වැඩි කිරීම සහ වෙළහෙල\ාමට සිංහල බෞද්ධයා පෙළඹවීම සිංහල ජාතිය හා බෞද්ධයා එසවිය හැකි ප‍්‍රධාන මාර්ග දෙකයි.
BLOG
2014.09.26
http://anacondavit.blogspot.com/
වෘත්තීය සමිති සහ බොදු බල සේනාව
Anaconda
බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව කියවෙන පුවතක් අසන්ට ලැබුණී. මෙය වර්තමාන යුගයේ ජීවත්වන දේශපේ‍්‍රමියෙකුගේ කනට මිහිරිම පුවතකි. ඊට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. සුද්දා රට පාලනය කරන කාලයේදීම රට ගෙනයන සුක්කානම වශයෙන් සැලකිය යුතු වෘත්තීය සමිති ව්‍යාපාරය සිංහල ජාතිය කෙරේ කිසිම හැඟීමක් නැති බුදු සසුන කෙරෙහි කිසිම ආදරයක් නැති කළු සුද්දන් පිරිසකට අයත් වුණි. දැන් ඔවුන් නැත. ඔවුන්ගෙන් බෝවුන පිරිසකට වෘත්තීය සමිති බූදලය අයිති වී තිබේ.සුද්දන්ගේ කාලයේ ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ඇරඹුණි. ඒ. ඊ. ගුණසිංහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ ප‍්‍රාරම්භකයා ලෙසින් ගෞරවයට ලක්වේ. කම්කරු පක්ෂයක් හදා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම ගුණසිංහගේ සිහිනය වූයේය. ලංඩන් නගරයේ කැරකෙමින් පැවති මාක්ස්වාදී ව්‍යාපාරය ලංකාවට පැමිණියේ මේ කාලයේය. එය මෙහි ගෙනාවේ එංගලන්තයේ ඉගෙනීමට ගිය ගෙදෙර දොරේදී කිසිවිටක සිංහල කථා නොකළ කිසිදිනක පන්සලකට ගොස් පුරුද්දක් නැති ලංකාවේ සුපිරි ධනපති පංතියේ තරුණයන් කිහිප දෙනෙකු විසිනි. ඔවුන් විසින් ආරම්භ කරන ලද සමසමාජ නමැති කොමියුනිස්ට් ව්‍යාපාරය ගුණසිංහ යූඇන්පියට එළවා දමා ඔහුගේ ආධිපත්‍ය යටතේ පැවති කම්කරු ව්‍යාපාරයේ බලය පැහැර ගත්තේය. මෙතැන් පටන් ලංකාවේ කම්කරු ව්‍යාපාරය මාක්ස්වාදීන්ගේ අතකොළුවක් වූයේය.ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය වනාහි ඉංග‍්‍රීසීන්ගේ කාලයේ එංගලන්තයෙන් ලංකාවට ගෙනා කළු සුද්දන්ගේ වැඩ පිළිවෙළකි. රටේ ඉතිහාසය නොසැලකීම, ජාතික උරුමයන්ට ගරු නොකිරීම, බටහිර සම්ප‍්‍රදායන් සහ උරුමයන් පෝෂණ කිරීම මාක්ස්වාදී ව්‍යාපාරයට නායකත්වය දුන් කළු සුද්දන්ගේ ප‍්‍රතිපත්තිය වූයේය. අධිරාජ්‍ය විරෝධී හඟීම් නිසා රටවැසියෝ ඔවුන්ට මුළා වූහ. පසු කලෙක රටවැසියන් යථා තත්වය වටහාගත් නමුත් වෘත්තීය සමිති ව්‍යාපරය තුළ කම්කරුවන් සිරකර තබා ගැනීමට මාක්ස්වාදීහු සමත් වූහ. අදටත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කළු සුද්දන්ගේ මතවාද භ‍්‍රමණය වේ.ලංකාවේ මාක්ස්වාදී නායකයෝ කම්කරුවන්ට ඔවුුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා ‘ඇහැට ඇහැක්’ නමැති බයිබල් උපදේශය තෝරාගත්හ. ව්‍යාපාරිකයාගේ පරමාර්ථය ශ‍්‍රමය සූරාකෑම යයි කී ඔවුහු, ශ‍්‍රමිකයා හෙවත් කම්කරුවා ලවා ‘ධනපතියන් භංගවේවා’ කියවූහ. මෙහිදී ව්‍යාපාර හිමිකරුවා ධනපතියා වශයෙන් සැලකුන නිසා, වෙළඳාමක් ව්‍යපාරයක් කරගෙන කිසියම් ධනයක් රැුස්කරගත් සිංහල මුදලාලි ධනපතියකු වී සාමාන්‍ය ජනයාගේ හතුරෙක් බවට ‘සම්මත’ වූයේය.මූල ධනයක් ආයෝජනය නොකර රජයකට හෝ පුද්ගලයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිය. ලාභයක් නැතිනම් පුද්ගලයෙක් හෝ සමාගමක් ව්‍යාපාරයක් ආරම්භ නොකරයි. රටක් සංවර්ධනය වීමට කර්මාන්ත හා ව්‍යාපාර අවශ්‍ය වේ. කිසියම් ව්‍යාපාරයක කොටස්කරුවන් වන එහි සේවකයන් ව්‍යාපාරය ධනපතියකු ලෙස සලකමින් ධනපතියා භංගකරන්නට සිතීම එම ව්‍යාපාරයේ විනාශය පැතීමකි. වාමාංශික ව්‍යාපාරය කළේ සේවකයන් වැඩ වර්ජනවලට පොළඹවමින් ව්‍යාපාර විනාශ කිරීමයි.වෘත්තීය සමිති ව්‍යාපාරයට මුවා වී මාක්ස්වාදීන් හඳුන්වා දුන් වෛරී චින්තනය නිසා ව්‍යාපාර හිමිකරුවා තම වෛරක්කාරයෙක්ය යන සිතුවිල්ල සේවක සිත් තුළ පහළ විය. කුසගින්නේ නොසිටි නමුදු ‘සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්’ ගීය ගායනා කරවමින් කම්කරුවන් පෙළපාළියේ ගෙනයාමට වෘත්තිය සමිති නායකයෝ සමත්වූහ. වෛර කරන්ට පුරුදු පුහුණු සේවක පිරිස්, ‘මගේ රට මගේ ජාතිය මගේ ආගම’ යන හැඟීමෙන් ඈත්වී ආත්මාර්ථය සඳහා සටන් වදින්නන් කොටසක් බවට පත් වූහ. විජාතික සිතිවිලි පහළ කර ගැනීම කම්කරු පංතියටම පොදුවූ නමුත් ආගම හා ජාතිය කෙරෙහි ඇල්ම නැතිකර ගැනීම සිංහල බෞද්ධයන්ට පමණක් විශේෂ වූයේ ය.සිංගප්පුරුව දියුණුරටක් ලෙස ගොඩනැගීමටත්, ලංකාව දිළිඳු රටක් කිරීමට හේතු වූයේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වරක් ලංකාවේ කම්කරු ව්‍යාපාරය එක දිගටට අවුරුද්දක්ම වරායේ වැඩ වර්ජන පැවැත්වීය. නැව් සමාගම්වලට විකල්ප වරායක් අවශ්‍ය විණි. මේ අවස්ථාවේ ඉදිරිපත් වූ සිංහගප්පූරු රජය කඩිනමින් තම කුඩා වරාය සංවර්ධනය කොට ලංකාවට පැමිණීමට පුරුදුව සිටි නැව් එහි ගෙන්වා ගත්තේය. සිංගප්පූරුව දියුණු වූයේ එසේය.එපරිද්දෙන්ම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා වනසා දමා අසිංහල අබෞද්ධ ව්‍යාපාරිකයන්ට රට අල්ලා දුන්නේත් වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාර විසිනි. මෙම පරගැති චින්තනයකින් කටයුතු කළ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා මේ වන විට සිංහල බෞද්ධයා ශ‍්‍රී ලංකාව තුළ දෙවැනි පංතියේ පුරවැසියකු වෙමින් සිටී. එම කටයුත්ත සම්පූර්ණ වූ විගස ලංකාවෙන් සිංහල ජාතියත් බුදු සසුනත් අතුරු දහන්වීම වැළැක්වීමට සමතෙක් නැත.මේ සියලූ විස්තර කෙටියෙන් සඳහන් කළේ බොදු බල සේනාව වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වන බව දැනගත් හෙයිනි. මෙය වර්තමාන යුගයේ ජීවත් වන දේශපේ‍්‍රමියෙකුගේ කණට මිහිරිම පුවතකැයි කීමට හේතුව මෙපමණ කලක් රට ගෙනයන සුක්කානම හෙවත් වෘත්තීය සමිති ව්‍යපාරය කෙරෙහි කිසිම සිංහල බෞද්ධ සංවිධානයක අවධානය යොමු නොවීමයි. එමනිසා බොදු බල සේනාව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකොට හැම ක්ෂේත‍්‍රයකම බොදු බල සේනා වෘත්තීය සමිති පිහිටුවන්නේ නම් එය රටට ජාතියට අංශ කිහිපයකින් ප‍්‍රයෝජණවත් වන්නේය.පළමුවැන්න වෘත්තීය සමිති ව්‍යපාරයට සම්බන්ධවීම මගින් බොදු බල සේනාවට රටේ වැඩකරන ජනතාවගේ සිත් සතන්හි දේශපේ‍්‍රමය හා ආගමාලය ඇතිකිරීමට මග පෑදේ. එවිට ඇතැම් ඇමතිවරුන් ජාතික සේවයේ යෙදෙන භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කිරීමට පෙළඹෙනු ඇත. බොදු බල සේනා වෘත්තීය සමිති තිබේ නම්, ඒවා, සිංහල බෞද්ධයන්ගේ ඡුන්ද ලබා බලයට පත්වන ආණ්ඩු සිහිය විකල් කරගත් විට, ඔවුන්ගේ සිහිය පෑදීමට මාර්ගයක් කර ගත හැකිය. එම නිසා බොදුබල සේනා වෘත්තීය සමිති සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වටිනා වැඩ පිළිවෙලකි.එසේම බොදු බල සේනාව වෘත්තීය සමිති තැනීමට ඉදිරිපත්වීම පරගැති වාම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් පිස්සු වට්ටන කාරණයකි. එමනිසා ඔවුන්ගෙන් නොයෙක් ගල් මුල් බොදු බල සේනාවට එල්ලවීම වැළැක්විය නොහැක. සමහරවිට ඔවුන් මෙම සංවිධානයේ හාමුදුරුවරුන්ට විනය ඉගැන්වීමට ඉදිරිපත්වීමටද බැරිකමක් නැත. දැනටමත් සමහර ඇමතිවරුන් බොදු බල සේනාවේ භික්ෂුන් වහන්සේලාට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීම නිදසුනකි.වෘත්තීය සමිති යනු වාමාංශිකයන්ගේ බූදලයක් යයි සිතාගෙන සිටින මෝඩයෝ ලංකාවේ වෙසෙති. ඒ මතය තහවුරු කිරීමට වෙහෙසෙන තක්කඩියන්, ‘හාමුදුරුවරු පිනට හම්බවෙන දානෙ ටික කා පන්සලට වෙලා හිටියාම මදිදැැයි’ ඇසීමට පුළුවන. මේ කිසිවකට නොසැලී සිංහල බෞද්ධ වැඩකරන ජනතාව එක්සත් කිරීමට බොදු බල සේනාවට හැකිවිය යුතුය. ජර්මනියේ ක‍්‍රිස්තියානි කම්කරු පක්ෂය ඒ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල නාමිකව නැතත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධය. ඉස්ලාම් රටවල නම් හැම දෙයක්ම ඉස්ලාම්ය.ලංකාවේ පමණක් වෘත්තීය සමිති ව්‍යාපාරය අල්ලාගත් අබෞද්ධ අසිංහලයෝ සිංහල බෞද්ධයන් මඩවති.
BLOG
2014.09.20
http://anacondavit.blogspot.com/
යුනිලීවර් කොම්පැනියෙන් ජරාව කෑ සෞඛ්‍ය ලොක්කෝ රටේ දරුවන්ට වස කවන්නට නීති ගෙනෙති.
Anaconda
අනාගත පරපුරම අනතුරේ.... වහාම මේ ගැන හිතවතුන්ට කියන්න.විස්තර අතටම දීලත් ඇමතිවරු බුදි.... (හේතුව ජරාවදැයි තවම නොදනිමි....)කොම්පැනිකාරයා දැන්වීම් නොදේවි යැයි බියෙන් මාධ්‍ය නිහ`ඩයි.....මිනිසාගේ ආහාර පරිභෝජන රටාව වෙනස්වීම වර්තමාන මිනිසා මුහුණ පා සිටින විශාලම ගැටලුවකි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය මේ ශ්‍රී ලංකාවයි. ‍පෝෂ්‍යදායී බත්, කුරක්කන්, මුං ඇට, අල බතල කා කැඳ, ඔසුපැන් බි නිරෝගී ජීවිතයක් ගත කළ සිංහලයා අද වන විට රසායනික වස විස යොදා වගා කරන එළවළු, පලතුරු, රසායනික ද්‍රව්‍ය යොදා රස කළ ආහාර තලුමරමින් ගිලදමා ජීවිතයෙන් වැඩි කාලයක් රෝහල් ගානේ ඇවිදිමින් දහදුක් විඳිති. ළදරුවෝ පවා පිළිකා, දියවැඩියා ආදී රෝගවලින් පෙළෙති.බහුජාතික රසායනික සමාගම් ලෝකයම ආක්‍රමණය කර ඇත. මේ විපත හඳුනා සිටින පුද්ගලයන් මිනිසුන් මේ විපතින් ගලවාගැනීමට දැඩි වෙහෙසක් ගන්නා නමුදු දැවැන්ත ව්‍යාපාර අත දිගහැර වීසිකරන මුදල්වලට ඔවුන්ගේ වෑයම් යටපත් වීම අවාසනාවකි.කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන නන්විධ ආහාර ද්‍රව්‍ය කල්පවත්වා ගැනීමටත්, රසවත් කිරීමටත් යොදන විවිධ රසායන ද්‍රව්‍ය මිනිසාට කරන හානිය ඉතා විශාලය. පිළිකා, වකුගඩු ආබාධ, ස්නායු රෝග වැනි රෝග ගණනාවක් හටගැනීමට මේ රසායනික ද්‍රව්‍ය ප්‍රබල හේතුවක් වී තිබේ.මෙහි ඇති භයංකරම තත්ත්වය නම් මේ ආහාරවලින් බහුතරයක් ගැබිනි මව්වරු, ළදරුවන් හා වැඩෙන වයසේ දරුවන් පරිභෝජනය කිරීමයි. කුඩා දරුවන් පවා පිළිකා, වකුගඩු ආබාධ, දියවැඩියාව ආදියෙන් පෙළීමට මූලික හේතුවක් වී ඇත්තේ මේ විෂ සහිත ආහාරයි.එම නිසා එබඳු විෂකාරක සහිත ආහාර විශේෂයෙන්ම දරුවන්ට දීම වැළැක්වීමට ලෝකයේ බෙහෝ රටවල් උත්සාහ ගනී. මේ තත්ත්වය හඳුනාගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් 2009 වසරේ වටිනා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2009 ජූලි 28 වැනි දින සෞඛ්‍ය ආරක්ෂක හා ‍පෝෂණ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2009 සැප්. 01 දාතමින් යුතු අංක 1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයයි.2010 මාර්තු මස 01 වැනි දින සිට බලපවත්වන පරිදි නිකුත් කෙරුණ මේ නියෝග 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග යනුවෙන් හැඳින්වේ.1617/16 දරන මේ අති විශේෂ ගැසට් නියෝග යටතේ ආහාර සඳහා භාවිත කළ හැකි ප්‍රතිඔක්සිකාරක කීපයක් නම් කරන ලද අතර ඒවා භාවිත කළ හැකි මාත්‍රා ද සඳහන් කෙරෙයි. ඒ හැර කිසිදු ප්‍රතිඔක්සිකාරකයක් ආහාර සඳහා භාවිත කිරීම පමණක් නොව නිෂ්පාදනය, ආනයනය, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම, භාවිත කිරීම හෝ ප්‍රචාරය කිරීම තහනම්ය. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ 04 වැනි නියෝගය ඉතා වැදගත් එකකි. එය මෙසේයි:“එසේ වුව ද, ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාරයක් හෝ ඒ ආහාරයක් මත 1 වැනි උප ‍ලේඛනයේ 1 වැනි, 2 වැනි සහ 3 වැනි අයිතමවල නිශ්චිතව සඳහන් කරන ලද යම් ප්‍රතිඔක්සිකාරකයක් හෝ ඒවායේ සංයෝගයක් අඩංගු නොවිය යුතුය.”ගැසට් නිවේදනය මගින් අනුමැතිය ලබා දී ඇති ප්‍රතිඔක්සිකාරක වුවද ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා වන ආහාර සඳහා භාවිත නොකළ යුතුය යන්න එහි අර්ථයයි.ප්‍රතිඔක්සිකාරක යනු මොනවා දැයි නොදන්නා පාඨකයන්ගේ දැනගැනීම පිණිස ඒ පිළිබඳ හැඳින්වීමක් කරමු.ගැසට් නිවේදනයේ අංක 9 යටතේ සඳහන් පරිදි “‘ප්‍රතිඔක්සිකාරක’ යනු ආහාරවල මුඩු රසක් හෝ ඔක්සිකරණය මගින් රසයෙහි පරිහානියක් ඇති කිරීම ප්‍රමාද කරන, අඩු කරන හෝ වළක්වන ද්‍රව්‍යයක් අදහස් වන අතර ඊට ලෙසිනීන්, ඇස්කෝබික් අම්ලය හෝ එහි ලවණ,ටොකෝෆෝරල් වර්ග, සිට්රික් අම්ලය හෝ ‍පොස්පරික් අම්ලය ඇතුළත් නොවේ.”එසේම ගැසට් නිවේදනයට අනුව,“ළදරුවන් යන්නෙන් මාස දොළහට අඩු ළමයින් අදහස් වේ. කුඩා ළමයින් යන්නෙන් වයස අවුරුදු එක සහ තුන අතර ළමයින් අදහස් වේ.”මේ ගැසට් නිවේදනය නිකුත් කර කලකට පසුව 2011 වසරේදී ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කහටගස්දිගිලිය අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ලකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඇස්ට්‍රා මාගරින් වයස අවු. 3ට අඩු දරුවන්ට හානිකර බැවින් ඒ බව පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස වන සටහනක් ඇස්ට්‍රා මාගරින් බඳුන්වල ප්‍රදර්ශනය කළ යුතු බවට නියෝගයක් නිකුත් කළේය.එසේ නියෝග කිරීමට හේතු වූයේ අදාළ මාගරින් වර්ගයේ ජ් 319 නමැති ප්‍රතිඔක්සිකාරකය අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණිලි කර තිබිමයි.E319 හෙවත් ටර්ට්-බියුටයිල් TBHO ්‍රාක්විනෝන් යනු 1617/16 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත්, “ආහාරවලට එකතුකිරීමට අනුමැතිය ඇති නමුදු ළදරුවන් හා ළමයින් ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවලට එක් නොකළ යුතු” ප්‍රතිඔක්සිකාරකයකි.E 319 ප්‍රතිඔක්සිකාරකය ළදරුවන්ට සහ වයස අවු. 3ට අඩු දරුවන්ට නුසුදුසු වන්නේ එය ඔවුන්ගේ මොළයට හානි සිදු කරන නිසාය බොහෝ බටහිර රටවල E 319 ආහාර සඳහා භාවිත කිරීමට අවසර නොදේ.මේ අධිකරණ නියෝගයෙන් පසුව යුනිලීවර් සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදනය ළදරුවන්ට හා කුඩා ළමයින්ට නුසුදුසු බවට අවවාදාත්මක සටහනක් තම නිෂ්පාදනයේ පළ කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතනයක් මගින් තම ආයතනයට දැනුම් දී නැති බවත් තම නිෂ්පාදනය ළදරුවන් හෝ කුඩා ළමයින් ඉලක්ක කර නිපදවනු ලබන්නක් නොවන බවත්ය.යුනිලීවර් ආයතනයේ එම ප්‍රකාශයට විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අභියෝග කළේය.“එම නිෂ්පාදනය ළදරුවන් හා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන්නේ නම් දරුවන් මව්වරුන්ගෙන් එම නිෂ්පාදනය ඉල්ලන දර්ශන යොදාගෙන මාධ්‍ය මගින් එම නිෂ්පාදනය ප්‍රචාරය කරන්නේ ඇයි.” ම.සෞ.ප. සංගමය යුනිලීවර් ආයතනයෙන් ප්‍රශ්න කළේය. ආහාර පනත යටතේ වරින් වර කෙරෙන සංශෝධන ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධ කරන බැවින් මේ පිළිබඳ තමන්ට කිසිවකු දැනුම් දී නැති බවට නිෂ්පාදන ආයතනය කරන ප්‍රකාශය පදනම් විරහිත එකක් බවත් සංගමය පැවසීය.මෙසේ යුනිලීවර් ආයතනය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අතර ගැටුමක් නිර්මාණය විණි.මේ සිදුවීම් පෙළෙන් කලකට පසුව 2013 මැයි මස 6 වැනි දා සෞඛ්‍ය අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. අංක 1809/4 දරන එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉහත විස්තර කළ අංක 1617/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයට සංශෝධන කීපයක් එක් කෙරිණ.ඒ අනුව 1617/16 දරන ගැසට් නිවේදනයේ 4 වැනි නියෝගයේ අතුරු විධානයෙහි “ළදරුවන් සහ කුඩා ළමයින් සඳහා” යන වචන වෙනුවට “ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා” යන වචන ආදේශ කෙරිණි.එහි 9 වැනි නියෝගයෙහි, “ප්‍රති ඔක්සිකාරක යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට “‘ප්‍රතිඔක්සිකාරක’ යන්නෙන් ඔක්සිකරණය මගින් නරක්වීමට එරෙහිව ආරක්ෂා කිරීම මගින් ආහාරවල සජීවී ජීවී කාලය දීර්ඝ කරන්නා වූ ආහාර ආකලන ද්‍රව්‍යයක් අදහස් වේ” යන අර්ථ නිරූපණය එක් කෙරිණි. එසේම 9 නියෝගයෙහි ‘ළදරුවන්’ යන යෙදුමේ අර්ථ නිරූපණයට ඉක්බිති පහත දැක්වෙන අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන්,“ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා වූ ආහාර යන්නෙන් ළදරුවන් හෝ කුඩා ළමුන් සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද, නිෂ්පාදිත හෝ අලෙවිකරණය කරන ලද ආහාර ද්‍රව්‍ය අදහස් වේ” යනුවෙන් සංශෝධනය කෙරිණ.මෙහි අර්ථය නම් “ළදරුවන් හා කුඩා ළමයින් සඳහාම විශේෂයෙන් සකසන ආහාරවලට පමණක් එකී ප්‍රතිඔක්සිකාරක එක්කිරීම තහනම්” බවයි.සෞඛ්‍ය බලධරයන් 2009 ආහාර (ප්‍රතිඔක්සිකාරක) නියෝග මේ ආකාරයෙන් වෙනස් කිරීමට හේතුව කුමක් ද.කහටගස්දිගිලිය අධිකරණයේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් යුනිලීවර් සමාගම කියා සිටියේ ඔවුන්ගේ නිෂ්පාදනය ළදරුවන් හෝ ළමයින් ඉලක්ක කර නිපදවන එකක් නොවන බවයි. ඔවුන් එයින් පවසන්නට උත්සාහ කරන්නේ තම නිෂ්පාදනය ළදරුවන් හා කුඩා ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය නොකරන නිසා E 319 ප්‍රතිඔක්සිකාරකය එහි අඩංගු වූවාට ප්‍රශ්නයක් නැති බවයි.මෙය අපූරු ආඳා තර්කයකි. මාගරින් යනු දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා පරිහරණයට කරන ආහාරයකි. විවිධ රසකැවිලි, තෙල් දැමූ ආහාර ආදිය මගින් ඒවා ළදරුවන්ගේ හා කුඩා ළමුන්ගේ ශරීරයට එක් වේ. සෞඛ්‍ය බලධරයන් ආහාර පනත සංශෝධනය කරමින් සිදු කරන්නේ මේ නිෂ්පාදකයන්ට තවදුරටත් තම නිෂ්පාදනවලට E 319 එක් කිරීමට අනුබලදීමයි. සමාගමට වාසි වන පරිදි නීතිය වෙනස් කරදීමයි.ළදරුවන්ගේ හා කුඩා ළමයින් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර ඇත්තේ සීමිතවය. මාගරින් බඳු ආහාර එසේ විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන බවක් අපි නම් නොදනිමු.අඩුම තරමින් ළදරුවන්ට හා කුඩා ළමයින්ට හානිකර ප්‍රතිඔක්සිකාරක ඇතුළත් ආහාර ද්‍රව්‍යවල ඒ බව සඳහන් කළ යුතු බවට වගන්තියක්වත් මේ සංශෝධනයේ දී ඉදිරිපත් කළ යුතුව තිබුණි. මෙය ජාතියේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුරේ නිරෝගීභාවයට අදාළ කාරණයක් බව හිතා හෝ එබඳු වගන්තියක් ඇතුළත් කළ යුතුව තිබුණි. එහෙත් සෞඛ්‍ය බලධරයන් ඒ යුතුකම ඉටුකර නැත.දැන් යුනිලීවර් සමාගම තම ඇස්ට්‍රා මාගරින්වල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බව සඳහන් නොකරයි. අප සතුව ඇති ඇස්ට්‍රා මාගරින් බහාලුමක ඒවා මාස 9ක් කල්තබාගත හැකි බව සඳහන්ව ඇත. එහෙත් එහි අන්තර්ගත ද්‍රව්‍ය අතර ප්‍රතිඔක්සිකාරක නැත. ප්‍රතිඔක්සිකාරක නැතිව මේවා මාස 9ක් තබාගන්නේ කෙසේද. 2011 වසරේ ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල E 319 ඇති බව සඳහන් කර තිබේ.වෙළෙඳ‍පොළේ ඇති වෙනත් මාගරින් වර්ගවල ප්‍රතිඔක්සිකාරක ඇතුළත් බවට සඳහන් කර ඇත. එසේ නම් මේ වර්ගයේ ප්‍රතිඔක්සිකාරක නැතිව නිෂ්පාදනය කරන බව අපට පිළිගත හැකිද.දැන් සෞඛ්‍ය බලධරයන් පනත වෙනස් කර ඇති නිසා මේ නිෂ්පාදනයේ E 319 තිබුණද නීතියෙන් බේරීමට යුනිලීවර් සමාගමට හැකියාව තිබේ. එහෙත් එම ප්‍රතිඔක්සිකාරකය නිෂ්පාදනයේ තිබියදී එය සඳහන් කර නැත්නම්, සමාගම කර ඇත්තේ 2005 ජනවාරි 19 වැනි දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005 ආහාර (‍ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ) නියෝග කඩකිරීමකි. එහි 04 වැනි වගන්තියට අනුව “මේ පනත යටතේ සාදන ලද නියෝග මගින් නියම කරන ලද කුමන හෝ අවසරලත් ආකලන ද්‍රව්‍ය නම් වශයෙන් හෝ ජාත්‍යන්තර අංක යෙදීමේ ‘අයි’එස්.එන්’ (ISN) ක්‍රමයෙන්”; සහ “එවැනි ආහාරයක අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඒවා සඳහා භාවිත කරනු ලබන ‍පොදු නම්වලින් යොදාගනු ලබන ප්‍රමාණයන්ට අනුව අවරෝහණ ක්‍රමයට දැක්විය යුතුය.”ඒ අනුව මේ නිෂ්පාදනය E 319 හෝ වෙන යම් ප්‍රතිඔක්සිකාරකයක් අන්තර්ගත නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුව තිබේ. එහෙත් ඇස්ට්‍රා මාගරින් බහාලුම්වල එවැනි සඳහනක් නැත.එදා යුනිලීවර් සමාගම සමග ‍පොරට වැටුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය අද ඒ සමාගම සමග එක්ව සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වන බවත් ඒ වැඩසටහන්වලට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ද සම්බන්ධ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. (2014 පෙබරවාරි 23 ඉරිදා ලක්බිම 31 පිටුවේ දැන්වීම) පසුගිය කාලයේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව අවස්ථාවේ යුනිලීවර් සංගමයෙන් විශාල අනුග්‍රහයක් ද ලැබි ඇති බවත් සාමාජිකයන්ට රු. 2000ක් වටිනා ප්‍රණීත ආහාර වේලක් සමාගමේ අනුග්‍රහයෙන් ලැබෙන බවට නිවේදන පවා නිකුත් කෙරුණු බවත් වාර්තා වේ. ඉතින් ඔය අහක යන කුණු ගොඩවල් පරීක්ෂා කරන්නේ මොකටද අප්පා...මහජන මුදල් කෝටි ගණන් යොදවා තමන්ට වැටුප් ගෙවන්නේ සමාගම්වල අතපල්ලෙන් වැටෙන ඉඳුල් ලෙවකා ජනතාවට කෙකා පෙන්නීමට, දරු පරපුරත් රටේ අනාගතයත් විනාශ කරන්නට නොවන බව ඔවුන් තදින් සිතට ගත යුතුව තිබේ.දැන් කල් ඉකුත් වූ ආහාර, කල් ඉකුත් වූ ඖෂධ, නරක් වූ ආහාර ආදී සියල්ල සොය සොයා හෙළිදරව් කරන්නේ පාරිභෝගික අධිකාරියයි. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් අතින් එම වගකීම් නිසියාකාරව ඉටු නොවන බැවින් විය යුතුය. ඉස්සර කිරුම් මිනුම්වලට හා මිල පාලනයට කොටුවී සිටි පාරිභෝගික අධිකාරිය මේ වැඩට බැස ඇත්තේ පවතින හිඩැස දැකීම නිසා විය හැකිය. ඉදිරියේ දී ආහාරවල අන්තර්ගත සංඝටක පිළිබඳ තවත් ‍ලේබලයක් ආහාර ඇසුරුම්වලට එක් කරන්නට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේද ඒ නිසාම විය හැකිය.කිරිපිටිවල ඩීසීඩී පරීක්ෂා කිරීමට මැදිහත් වූ පරිද්දෙන්, කාර්මික තාක්ෂණ ආයතනයට මේ අවස්ථාවේ මීට මැදිහත් වී තම යුතුකම ඉටු කිරීමේ හැකියාව තිබේ. ඒ මෙකී නිෂ්පාදනයේ E 319 අන්තර්ගත ද නැද්ද යන්න පරීක්ෂා කර බලා සත්‍ය තත්ත්වය රටට කීමෙනි.එම ප්‍රතිඔක්සිකාරකය එහි අන්තර්ගත නම් ඔවුන් එය සඳහන් නොකිරීමේ රහස කුමක්ද.සෞඛ්‍ය බලධරයන්ට ද අවංකකමක් තිබේ නම්, හෘද සාක්ෂියක් තිබේ නම් 2005.01.19 දින දරන අංක 1376/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කටයුතු කළ හැකිය.වයස අවු. 3ට අඩු දරුවන් සිටින දෙමාපියනි. ඔබ දරුවන් දෙන ආහාරවල මේ විස රසායනිකවලින් එකක් තිබේ දැයි හොඳින් පරීක්ෂා කර බලන්න. ආහාර ඇසුරුම්වල මේ බව සඳහන්ව තිබේ. E 304, 305, 310, 311, 312, 319, 320 අංක සහිත ප්‍රතිඔක්සිකාරකයක් ඇතුළත්ව තිබේ නම් ඔබේ දරුවාට ඒ වස මුසු ආහාර දෙන්න එපා.ඇස්ට්‍රා සහ වෙනත් මාගරින් වර්ග යෙදා සැදූ ආහාර ඔබේ අවු. 3ට අඩු දරුවන්ට දෙන්න එපා.
BLOG
2014.09.17
http://anacondavit.blogspot.com/
අනගාරික ධර්මපාල නම විකුණාගෙන කෑම
Anaconda
සිංහල බෞද්ධයාගේ වර්තමාන තත්වය ඉංග‍්‍රීසි පාලන කාලයටත් වඩා නරකය. ඊට හේතුව ජනගහණයට සාපේෂකව සිංහල බෞද්ධ උපත් පහළට වැටීම සහ ඉස්ලාම් උපත් ඉතා සීඝ‍්‍රයෙන් වැඩිවීමයි. මේ අපරාධයට වර්තමාන ආණ්ඩුව මෙන්ම පසුගිය කාල පරිච්ෙඡ්දයේ ලංකාව පාලනය කළ හැම ආණ්ඩුවක්ම වගකිව යුතු වන්නේය. පවුල් සංවිධානය යන නමින් සිංහල පවුල එක දරුවෙකුට හෝ දෙදෙනෙකුට සීමාකර ඉස්ලාම් පවුල දහයකට දොළහකට වඩා වැඩිකිරීම අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ. සංවිධානාත්මක වැඩකි. මීට සමාන ක‍්‍රියාවක් කළු ජාතිකයන්ගේ උපත් අඩු කිරීම සඳහා මීට කාලයකට ඉහත දී ඇමරිකාවේ ක‍්‍රියාත්මක වූයේය. උපත් පාලන වැඩ පිළිවෙලත් ලංකාවට පිටින් ආපු එකකි. දුරදිග හිතා සැලසුම් හදන්නන්ගේ වැඩකි.පුංචි පවුල රත්තරන් කිරීමට ගොස් පන්සලට හාමුදුරුවරුන් නැතිව ගියේය. පන්සල් වැහෙන්නට වුණි. ගම්බද සිංහල පාසල්වලට ළමුන් හිග වී සිංහල පාසල් වැසෙන්නට වුණි. පුංචි පවුල රත්තරන් න්‍යාය හා පවුල් සංවිධානය ඉස්ලාමික සමාජයට නැත. මූලධර්ම ඉස්ලාමික සංවිධාන ලොවපුරා ක‍්‍රියාත්මක වන අතර ලංකාව එහි කේන්ද්‍රස්ථානයක් වෙමින් පවතින නිසා රට සල්ලිවලට ඉස්ලාම් දේවස්ථාන හැම තැනන්ම මතුවෙයි. ඉස්ලාම් පවුල් ලොකු කිරීමට හැම පවුලකටම උපදෙස් ලැබේ. කිසිම පවුල් සෞඛ්‍ය සේවිකාවක් දරු උපත් සීමා කරන්නැයි මුස්ලිම් කාන්තාවකට නොකියයි. කිව්වොත් කම්මුල රත්කරගෙන එන්න වෙයි. එම නිසා ඉස්ලාම් පාසල් ඉස්ලාම් ළමයින්ගෙන් පිරි ගොසින් සිංහල පාසල් ද ඉස්ලාම් ළමයින්ගෙන් පිරෙන තත්වයක් උදාවෙයි. සිංහල ගම හැකිලෙයි. ඉස්ලාම් ගම වැඩෙයි.අනගාරික ධර්මපාල 150 වෙනි ජන්ම සංවත්සරය පැවැත්වෙන්නේ මෙවැනි කාලයකය. සිංහල බෞද්ධයාගේ පැවැත්ම පිළිබඳව තර්ජණයක් පවතින නිසා ධර්මපාලතුමා එදා සිංහලයන්ට කී බණ හා දුන් අවවාද මොනතරම් සැබෑදැයි වර්තමානයේ ජීවත්වන සිංහලයන්ට සිතේ. ඒ කාරණය වටහා ගන්නා සිංහලයන්ගේ සිත් තුළ ධර්මපාලතුමා කෙරෙහි අප‍්‍රමාණ ආදර භක්තියක් ඇති වේ. එය දිනෙන් දින ඉහළ යන්නකි. ජීවත් වූ ධර්මපාලතුමාට සවන් දුන් සිංහලයන් සුළු ප‍්‍රමාණයකි. අබෞද්ධ සිංහලයින් එතුමා කී දෙයක් කනට ගත්තේ නැත. එසේ වුණත් ධර්මාපලතුමාගේ වටිනාකම ක‍්‍රමයෙන් සිංහලයන්ට දැනෙන්නට වුණි. මේ වන විට රටේ ජීවත් වූ හෝ ජීවත්වන කිසිම දේශපාලනඥයකුට නැති ජනප‍්‍රියතාවයක් සිංහල බෞද්ධයන් අතර ධර්මපාලතුමා කෙරෙහි ඇති වී තිබේ. සිංහල බෞද්ධයන් පමණක් නොව සිංහල කතෝලිකයන්ද දැන් දැන් එතුමාගේ අගය කියති. එතුමාගේ අගය පෙන්වමින් ලිපි ලියති. සිංහල බෞද්ධයන්ගෙන් හිස්වන ලක් පොළවේ සිංහල කතෝලිකයන්ටද පැවැත්මක් නැති බව ලෝකය ගැන වැටහීමක් ඇතිකර ගන්නා ඔවුන් අවබෝධ කර ගන්නා බවක් පෙනේ.රටේ මෙබඳු තත්වයක් පවතින නිසා ධර්මපාලතුමාගේ නම කියමින් කෑ මොරදීම හා ධර්මපාලවාදියකු ලෙස ප‍්‍රදර්ශනය වීම පිම්බෙන්නට මගක් යයි සිතන පිරිසක්ද රටේ සිටිති. ඒ දේශපානඥයන් පමණක්ම නොවේ. සංඝයා වහන්සේලා පවා ඒ කණ්ඩායමේ සිටිති. මේ පිරිස ‘ධර්මපාලතුමා කිව්වෙ මේකයි. ලිව්වෙ මේකයි. කෙරුවෙ මේකයි. හැසිරුනේ මෙහෙමයි’ කියමින් මහජන ප‍්‍රදර්ශනය සඳහා නොයෙක් සෙල්ලම් දමති. මේ හැම ක‍්‍රියාවකම පරමාර්ථය සිංහල ජනතාව ගොනාට ඇන්දවීමයි. ඉස්ලාම් හෝ දෙමළ ජනයා ඇන්දවීමට ඔවුන්ට නොහැක.ධර්මපාලතුමාගේ නම හෝ පින්තුරය ඔසවාගෙන සිටින නමුදු මොවුන් ධර්මපාලතුමාට මොනම ආදරයක්වත් නැති කපටි රැුලක් බව පළමුවෙන් කිව යුතුව තිබේ. එසේ කියන්නට හේතු තිබේ. කාලයක පටන් පවුල් සංවිධාන කටයුතුවලට උපකාර කරමින් සිංහල බෞද්ධ ජන අනුපාතය අඩුකරන්නට සහයෙයෝගය දක්වන්නෝ මොවුන් අතර සිටිති. සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන් යොදවා සිංහල ජාතිය වඳකරන්නෝ මේ ගොඬේ සිටිති. සිංහල බෞද්ධ අම්මලා ගබ්සාවට පොලඹවා සිංහල අම්මලා මිනීමරුවන් කරන්්නෝද මොවුන් අතරේ සිටිති. ‘හැම ශාස්තාවරයකුම කියා තියෙන්නේ සාමය සමාදානය පිළිබඳවයි’ කියමින් බොරු වැපිරුවේද මොවුන්මය. සිංහල ජාතිය, බුදුසසුන ගැන කථාකරන දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ආගම්වාදීන් කියමින් හංවඩු ගසන්නේ මොවුන්මය. එවැනි දේශපේ‍්‍රමී පිරිස්වලට පහරදිම් පිටුපසද මෙයින් සමහරු සිටිති. ධර්මපාලතුමාගේ ආගමික ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වැඩසටහන් අත්පත් කරගෙන ඒවා විනාශකර ඇත්තේත් මොවුගේම කොටසකි.පුරංඅප්පු බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට බේරා ගැනීමට නැගී සිටි සිංහල කතෝලිකයෙකි. කතෝලික ආගම අතහැර පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වී මාතලේ කැරැුල්ලට සම්බන්ධ වූයේය. බි‍්‍රතාන්‍ය පාලකයෝ පුරං අප්පු අත් අඩංගුවට ගෙන මැරූහ. එජාපයේ ප‍්‍රබල ඇමතිවරයකුව සිටි ටිරෝන් ප‍්‍රනාන්දු මහතා බොහෝ අවස්ථාවලදී තමා පුරංඅප්පුගේ ඥාති පුත‍්‍රයකු බව කියා සිටි දේශපාලනඥෙයෙකි. වරක් එංගලන්තයේ හෝටලයක සම්භාෂණයකින් අනතුරුව ඇතිවූ කතාවකදී පුරංඅප්පුගේ නෑදැ කතාව කියූ ටිරෝන් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවේය.ටිරෝන්ගේ කතාව අසා සිටි ඔහුගේ අයෙක් ‘තමුසෙ වෙන්ඩැති ඒ කාලෙ පුරංඅප්පුව එල්ලූව අලූගෝසුවා’ කියා කීවේය. මේ කතාව ටිරෝන්ට අපහාසයක් නොවන බව පෙන්වීමට උත්සාහ කළ එම පුද්ගලයා ‘මම එහෙම කිව්වෙ සාහිත්‍ය අර්ථයෙනුයි. ටිරෝන්ගෙ ඇඳුමෙන් පැළඳුමෙන් කතාවෙන් හැසිරීමෙන් අදහස්වලින් ආගමින් ජීවිතයෙන් මේ කිසිම දේකින් පුරං අප්පුට සමානකමක් නැහැනෙ. අලූගෝසුවට තමා සමාන වෙන්නෙ’ ඔහු කීවේය. මෙය පෞද්ගලික සංවාදයකදී සිදුවූ දෙයක් නමුදු කතාවේ ලොකු අර්ථයක් තිබේ.පරංගි ලංකාව අල්ලා ගැනීමට වෙහෙසුන කාලයේ පරංගින්ට ඉතා හිතවත් දුමින්ගෝ කොරයා නම් ලස්කිරිඤ්ඤ සේනාපතියෙක් සිටියේය. මොහුගේ පවුලම පරංගින්ට සේවය කළ ද්‍රෝහීන් පිරිසකි. විමලධර්මසූරිය රජතුමා කන්ද උඩරට රජ වී පරංගින් සමග සටන් කරද්දී දුමින්ගෝ කොරයාගේ සිංහලකම මතුවුණි. තාත්තා දුන් දුමින්ගෝ නමත් දේවගැතිවරයා දුන් කතෝලික ආගමත් අළුයමලූ කෙල පිඬක් සේ ඉවත දැමු ඔහූ එදිරිල්ලේ බණ්ඩාර නමින් බෞද්ධ සිංහලයකු වී විමලධර්මසූරිය රජුගේ පක්ෂය ගෙන පරංගි විරෝධී සටනට සම්බන්ධ වූයේය. සමරකෝන් ප‍්‍රනාන්දු නමැති ලස්කිරිඤ්ඤ සේනාධිපතියාගේ පාවාදීම නිසා එදිරිල්ලේ අල්ලා ගැනීමට පෘතුගීසිහු සමත් වූහ. එදිරිල්ලේව මාසයක් තියාගෙන ප‍්‍රශ්න කළ පෘතුගීසිහු අන්තිමට මහජනයා ඉදිරියේ ඔහුගේ අත් පා කපා හිස ගසා දැම්මේය. ඉතිරි කතාව මෙසේය. කොරයා පවුලේ වෙබ් අඩවියක් තිබේ. එහි සඳහන්ව ඇත්තේ සිංහල බෞද්ධයන් දන්නා කතාව නොවේ. ඊට අනුව දුමින්ගෝ තමා කරපු වැරදි ගැන ශෝක වූයේය. ඉතාම භක්තිමත් තතෝලිකයෙකු වශයෙන් යේසු යදිමින් මරණ දඬුවම ලබා ගත්තේය. මොවුන් කියන ආකාරයට එදිරිල්ලේ මැරෙන විටත් පරංගියෙකි.එම නිසා ධර්මපාල නම උස්සාගෙන කෑගසන්නන්ගේ පසුබිම සොයන්න. බොහෝ සිංහලයන්ගේ ලොකුම දුර්වලකම අන්ධයන් පරිද්දෙන් කටයුතු කිරීමයි. ධර්මපාලතුමා පල්ලියෙත් පන්සලෙත් වදින්නේ එකම ඝණ්ඨාරය යයි කීවේ නැත. කිසිම විටක පාදිලිවරුන් සමග කමින් බොමින් බෞද්ධයා රැුවටුවේ නැත. නරි රඟපෑම එතුමා නොදත්තේය. එතුමා යුක්තිය ඉදිරියේ පොඩි දරුවකු වූයේය. පරවැඩ කරන්නන් ප‍්‍රතික්ෂේප කළේය.ධර්මපාලතුමන් අනුකරණය කළ යුතු නැත. අනුකරණය නුසුදුසු දෙයකි. ධර්මපාලතුමාට දක්වන ලොකුම සැලකිල්ල සිංහල බෞද්ධයා එසවීමයි. සිංහල බෞද්ධයා රැුවටිලිකාරයන්ගෙන් ගලවාගැනීමයි. සිංහල බෞද්ධයාට පිහිටවීමයි. සිංහල බෞද්ධයා ශක්තිමත් කරන්නා ධර්මපාලතුමා පුදන්නෙකි. ඊට කෑගැසීමක් වුවමනාම නැත.
BLOG
2014.09.11
http://anacondavit.blogspot.com/
සර්ප කාන්තාවන් යොදවා තිබේ
Anaconda
මැද පෙරදිග රටවල ජීවත්වෙන ක‍්‍රිස්තියානි ආගම අදහන ජනයා ආරක්ෂා කරන්නැයි ඝෝෂා කරන කතෝලික ආගමට අයත් පුජකවරුන් සහ නොයෙකුත් තරාතිරමේ උගතුන්ගේ රාවය පසු ගිය මාස ගණන තිස්සේ බටහිර ජනමාධ්‍යන්ගෙන් නිරතුරුවම ප‍්‍රචාරය වුනි. ඝෝෂාව අන්තිමට බටහිර යුරෝපීය බලවතුන්ට ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වුනි. බටහිර යුරෝපා රටවල් ඇමරිකාව දෙස බලා සිටියේ මහත් උනන්දුවකිනි. ලෝකයේ ප‍්‍රධානම ක‍්‍රිස්තියානි රාජ්‍යය වු ඇමරිකාව එකවර ඉදිරිපත් වුයේ නැත. ආසන්න හේතුවක් බලාගෙන සිටියේ ය. ඉස්ලාම් ත‍්‍රස්තයෝ ඇමරිකානු ජනමාධ්‍යවේදින් දෙදෙනෙකුගේ බෙලි කපා එය මහා හපන්කමක් විදිහට ලොවට පෙන්වීම අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇනීමක් වුයේ ය.ඉස්ලාම් මුලධර්මවාදින් මෙම ක‍්‍රියාවෙන් ඇමරිකාවට තර්ජනයක් පෑ ව නමුදු ක‍්‍රිස්තියානි ආගමිකයන් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවන බවක් ද ක‍්‍රියාවෙන් පැහැදිලි වුයේය. පෘථිවිය ඉස්ලාම් කිරිම ඉස්ලාම් ආගමිකයාගේ කාර්්‍යයක් බව මුල ග‍්‍රන්ථයේ සඳහන් වෙන්නකි. ඔවුන් එය කරගෙන යයි. මේ අතර ඇමරිකානු ජනාධිපතිතුමා සිරියාව හා ඉරාකය මැදි කරගෙන ඉස්ලාමික රාජධානියක් හදන්ඩ සුදානම් වෙන ඉස්ලාම් අන්තවාදින්ට පහරදීමට තිරණය කිරිම ඇමරිකාව ක‍්‍රිස්තියානි ලෝකය වෙනුවෙන් පෙනි සිටිමකි. ඉස්ලාම් අන්තවාදින්ගෙන් නොව ආගමිකයින්ගෙන් දරුණු විදිහට පිඩා විඳි පිරිසක් ලොව ඇත්නම් බෞද්ධයෝ වෙති. තුර්කියේ සිට ගොඩබිම මහාද්විපය හරහාත් මහමුහුදෙන් ඉන්දුනිසියාව මාල දිවයින් ආදි රටවල් දක්වාත් සියලූම බෞද්ධ රාජ්‍යයන් නැතිකරපු ඉස්ලාම් අන්තවාදිහු මරා දමා ඇති බෞද්ධයන් සංඛ්‍යාව ගැන සෙවුවොත් බිලියන ගණනකි. මරාදමන මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ භාර්්‍යාවන් හා ගැහැණු දරුවන් වහලූන් වශයෙන් තමන්සතුකර ගැනීමට ඉස්ලාමික සොල්දාදුවන්ට අවසර දී තිබිම නිසා පිරිමින් මරා දැමීම සහ කාන්තාවන් අයිතිකර ගැනීම සඳහා ආසියාවට ඇතුල්වු හැම ඉස්ලාමික සොල්දාදුවෙක්ම උනන්දු වී තිබේ. ඒ අතීතය හාරන්නේ නැතුව මෑත කාලයේ සිදුවු බමියාන් බුදු පිළිම විනාශ කිරිම නිදසුනකට ගනිතොත් ඒ අපරාධකරුවන්ට දඩුවම් දෙන්ඩ ලොව බලවතුන් කිසිවෙක් ඉදිරිපත් නොවුහ. ඇමරිකාව ඇෆ්ගනිස්ථාන පහර දෙන්නේ සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදිමට ප‍්‍රති උත්තරයක් ලෙසිනි. දැන් අයිසිස් ත‍්‍රස්තයන්ට ගහන්නේ ඇමරිකානු මාධ්‍යවේදින්ගේ බෙලි කැපීම හා ක‍්‍රිස්තියානි ජනයාට කරන හිංසා වලට පිළිතුරක් ලෙසිනි. බෞද්ධයන්ට එදා කරපු හානිය ගැන ශෝක වන්නේ ඒ ගැන දන්නා බෞද්ධයන් පමණි. එදා මෙන්ම මෙදාත් බෞද්ධයන්ට හානිකරන්නට විරුද්ධ වන්නෙක් නැති බව හොඳහැටි පෙනෙන්නේ ක‍්‍රිස්තියානි ජනමාධ්‍ය අලූත්ගම කාදියවත්තේ සිද්ධියේදී පක්ෂග‍්‍රාහිව කටයුතු කරපු ආකාරයෙනි. කාදියවත්ත සිද්ධියේදී මුලධර්මවාදි ත‍්‍රස්තවාදින් යහපත් පුරවැසියෝ වුහ. අහිංසක බෞද්ධයෝ ත‍්‍රස්තවාදින් වුහ. නෝබල් තැග්ග දී බටහිරට කීකරු කරගෙන සිටින දලයිලාමා තුමා පිම්මක් පැන ඉස්ලාම් පැත්ත ගත්තේ ක‍්‍රිස්තියානි මාධ්‍යය මගින් සැපයු තොරතුරු ඇසිමෙනි. ලංකාණ්ඩුවේ මාධ්‍ය ආයගන අසත්‍ය ප‍්‍රචාරයට ඉඩ සලසා දුන්නේ ආගමික කෝලහාල ඇතිවීමේ බියෙන් යයි රජයේ ප‍්‍රබලයෝ කීහ. මෙය බේගලයකි. ඇත්ත ඊට වෙනස් ය. මාධ්‍ය ව්‍යාපරයේ යෙදෙන අබෞද්ධ බලවේගය මුලධර්මවාදින්ගේ පැත්ත ගත්හ. එහි සිටින බෞද්ධ පිරිසට රජයේ පිළිවෙතට උපකාර කිරිමට සිදුවුනි. රජයේ පිළිවෙත රටේ ඉන්න ඉස්ලාම් නායකයින් ලවා ආණ්ඩුව ඉස්ලාමිකයින්ට බොහොම හොඳයි කියා හොඳ කියවා ගැනීමයි. ඇමරිකාව ලංකාවේ පාලකයින්ට විරුද්ධව කලක සිට ඇගිල්ල දික්කරගෙන සිටී. ආණ්ඩුව ඉස්ලාම් රටවල ලෝගුව ඇතුලේ රැුකවරණය පතයි. එමනිසා මෙනා තිරමේ හෝ ඉස්ලාමික පිරීස් ලවා ආණ්ඩුවේ හොඳ කියවා ගැනිම ගැලවීමේ මග යයි නායකයෝ සිතති. ඉස්ලාම් නායකයින් සහ සංවිධාන ඒ වැඬේ කරදෙන අතර තමන්ගේ වැඬේ නියමෙට කර ගනිති. මෙහෙම ගියොත් තව ටික කාලයක් යනවිට ලංකාවේ එකම නගරයක්වත් බෞද්ධයෝ නැත. සිංහල බෞද්ධයාගේ පිහිටට සිටින්නේ සංඝයා වහන්සේලා පමණකි. එයිනුත් කොටසක් සර්වාඝමික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති. මෙන්න මේ කාදියවත්ත සිදුවීම සිදුවු අවස්ථාවේ දේශපානඥයන් හැසිරුන හැටි තේරුම්ගත යුතුයි. රජයට විරුද්ධව කෑ ගසන ආණ්ඩුව පෙරලන්න මහන්සිගන්නා විරුද්ධ පක්ෂය සහ ඇන්ජී ඕ සංවිධාන පුසන් වුහ. රනිල් වික‍්‍රමසිංහ මහතා නිර්භයව හෝ තමන්ගේ පිය උරුමය අනුව සිතා බෞද්ධයන් කලහකාරින් බව කිවේය. අන් පිරිස හා ඇන්ජි ඕ ලා නිහඩතාවයෙන් ප‍්‍රකාශ කළේ රජයේ මාධ්‍ය පිළිවෙත අනුමත කරන බවයි. කාදියවත්ත සිද්ධියෙන් පසුව සිංහල බෞද්ධයා වෙන් පෙනි සිටින ප‍්‍රධාන සංඝයා වහන්සේලාට නිරතුරුවම මඩ ගැසිමක් සිදුවේ. ඇමතිවරු පවා ඊට සම්බන්ධ වි සිටිති. ඇතැමුන් අන්තර්ජාලය උන්වහන්සේලාව අවමානයට හා ඔම්පාවට ලක්කිරිමේ රග මඩලක් කරගෙන තිබේ. අබෞද්ධයන්ට කඹුරන ඇතැම් මාධ්‍ය ආයතනයන් කරන්නේ කබල් නිවේදිකාවන් යොදවා සම්මුඛ සාකච්ඡුා මුවාවෙන් සංඝයා වහන්සේලාට අපහාස කිරීමයි. ඉස්සර ඉන්දියාවේ රජවරු සර්ප වෛශ්‍යාවන් නැමැති ස්ත‍්‍රින් පිරිසක් අපරාධ සඳහා යොදාගත්හ. සර්ප කාන්තාවන් හැදුවේ කුඩා කාලයේම රාජ සේවයට ගන්නා ගැහැණු දරුවන්ට ආහාර පාන සමග ඉතාම ටික ටික විෂ කන්ට පුරුදු කිරිමෙනි. ඔවුන්ට ආහාර සමග සෑහෙන විෂක් ගිල දමන්ඩ පුලූවන. රාජකිය අමුත්තන් පැමිණිවිට රජතුමා අකමැති අමුත්තෙක් නම් මෙවැන් විෂ තරුණියක් හෝ දෙනෛක් එම අමුත්තාගේ සේවයට යවනු ලැබේ. කාන්තාවන් ඔහුට සේවය කරන අතර ආගන්තුකයා පෙළඹවා ගනි. එවිට කාන්තාව සමග හැසිරෙන පුද්ගලයා විෂ ශරීරගත විමෙන් රෝගියෙක් වේ. මේ නිවේදිකාවන් ජාතිය වෙනුවෙන් කැපවි සිටින සංඝයා වහන්සේලාව අපවත් කිරීමට හදා තියෙන සර්ප කාන්තාවන් හා සමානය. නැතිනම් සංඝයා වහන්සේ නමකගෙන් වල් ප‍්‍රශ්න අසන්නේ නැත. සංඝයා වහන්සේ නමකගෙන් කාමුක ප‍්‍රශ්න අහන්නේ නැත. මෙවැනි කාන්තාවන් ප‍්‍රසිද්ධ ස්ථානයක් නොවේ නම් හාමුදුරුවරුන්ට තව මොනවා නොපෙන්වයිද. එමනිසා සර්ප කාන්තාවන් සමග සම්මුඛ සාකච්ඡුාවලට නොයන්නැයි ජාතිය වෙනුවෙන් කැපවි වැඩකරන සංඝයා වහන්සේලාට උපදෙස්දිම උන්වහන්සේ ඇසුරුකරන ජාතියට හා ආගමට ආදර ඇති බෞද්ධයන්ගේ වගකිමකි. හාමුදුරුවනේ, උන් මළපුඩු ය.. නිවේදිකාවන් ලෙසින් පෙනී සිටින සිංහල බෞද්ධයා හා සසුන නැසිමට අන්‍යාගමික ව්‍යාපර මගින් ඇති දැඩිකරපු විෂකුරු සර්පයෝ ය. කියා උන්වහන්සේලාට කිව යුතු වන්නේය.
BLOG
2014.07.10
http://anacondavit.blogspot.com/
ඇමරිකාව ශ‍්‍රී ලංකාවට මේ හැටි ගහන්නේ ඇයි?
Anaconda
බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධානයන් ඉස්ලාම්වරුන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල නියැළෙන බව නිතර නිතර ප‍්‍රචාරය කිරීම විවේචනය කෙරෙන ලිපි කිහිපයක් පසුගිය සතියේ දෙකේ වෙබ් අඩවි කිහිපයකම පළ විය. මේ අතර ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන පවතින්නේද යන ප‍්‍රශ්නය අසමින් ලියවුන ලිපියක් දෙකක්ද දක්නට ලැබුණි. බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ අවදියේ සිටම බටහිරට විරුද්ධව නෝක්කාඩු කියාපෑමේ සිරිතක් සමහර ශ‍්‍රී ලාංකිකයන් අතර පවතී. යුරෝපීන් අපගේ රට කාපු නිසා නෝක්කාඩු කීම වරදක් නොවේ. වරද සුද්දන්ට නෝක්කාඩු කියමින් සුද්දන් පස්සේ යාමයි. පස්සෙන් ගමන් කිරීම මොනතරම් අන්ධ විදිහට කරනවාදැයි කිව්වොත් පස්සෙන් යන බොහෝ දෙනා තමන් පස්සෙන් යන බව නොදනිති. මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන මානව හිමිකම් ආරක්ෂාකරන බටහිර රටවල් මුස්ලිම්වරුන්ට මෙහෙම තඩිබාන්නේ ඇයි. යන ප‍්‍රශ්නය නගන්නේත් තමන් පස්සෙන් යන බව නොදැන පස්සෙන් යන්නෝය. ලංකාවේ ඉස්ලාම් ත‍්‍රස්තවාදී සංවිධාන ක‍්‍රියාත්මක වෙනවාදැයි ප‍්‍රශ්න නගන්නන් ගැන නම් කතා කිරීමටවත් නොවටී. මෙවැනි ප‍්‍රශ්න නගන්නෝ මාධ්‍ය කිරිසප්පයෝය. නැතිනම් කුලියට ලියන්නෝය.ලෝකයේ අණසක පතුරුවාගෙන සිටින බටහිර රටවලට සම්බන්ධ මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන ආයතන අතර අපක්ෂපාත ආයතන යනුවෙන් නම් කළ හැකි කිසිම ආයතනයක් නැත. එවැන්නක් ඇතිවිය නොහැක. බටහිර උපන් හැම ආයතනයක්ම බටහිරට සේවය කරන්නකි. නමුත් අපගේ රටවල සමහරු ඒවා අපක්ෂපාතව කටයුතු කරන ආයතන යයි සිතති. නිදසුනක් බලමු. බි‍්‍රතාන්‍යයේ කීර්තිය රඳවා ගැනීමේ මූලික පරමාර්ථයෙන් කටයුතු කිරීම හැර වෙනත් පරමාර්ථයක් බීබීසියට නැත. ඇමරිකාවේ සීඑන්එන් කවර කවදාකවත් ඇමරිකාවට එරෙහිව ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයක් නොකරයි.බටහිර රටවල උපන් එම රටවල සිට ක‍්‍රියාත්මක වන මෙවැනි සියලූ ආයතනයන්ගේ තවත් ස්වභාවයක් වන්නේ බටහිර සාරධර්ම හා ක‍්‍රිස්තියානි ආගම ආරක්ෂා කිරීමට දක්වන උනන්දුවයි. මෙම ආයතන ගැන දැනුමක් වැටහීමක් ඇති මාධ්‍යකරුවෝ, ‘නුඹලා ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැනම මේ තරම් ඝෝෂා කරන්නේ ඇයි. උඹලාගේ රටවල්වලින් කෙරෙන එවැනි වැරදි ගැනත් ඒ විදිහටම කෑ ගහපල්ලාකෝ’ කියා නෝක්කාඩු නොකියති. බටහිර යනු ක‍්‍රිස්තියානි ලෝකයකි. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෝකය ඉස්ලාම් ලෝකයයි. දෙපිරිසම මැවුම්කරුවකු විශ්වාස කරන නමුදු ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිට කටයුතු කරති. තමන් අන්තයක සිටිනා බව බටහිර පාර්ශ්වය නොපිළිගනී. ඉස්ලාම්වරුද නොපිළිගනිති. ‘අපි හරි යයි’ දෙපිරිසම කියති. නමුත් සන්නිවේදන තාක්ෂණයේ වැඩි ජයග‍්‍රහණයන් අත්කර ගෙන සිටින බටහිර පාර්ශ්වයේ හ`ඩ බලවත්ව ඇසේ.ඔටෝමොන් තුර්කි අධිරාජ්‍යය යුරෝපය ගිලගැනීමට ව්‍යාප්තවීමත් සමග ස්පාඤ්ඤය හා පෘතුගාලය යන රටවල් දෙක යටත් විජිත සොයා යන්නට උනන්දු වූහ. පාප්තුමා යුරෝපීය ක‍්‍රිස්තියානි හමුදාව මෙහෙයවූයේය. මිලියනයකට වඩා ඉස්ලාම්වරුන් මරා දමා කුරුස යුද්ධ නිමකර ජයග‍්‍රහණය ලබාගැනීමට ක‍්‍රිස්තියානි පාර්ශ්වය සමත් වූයේය.අධිරාජ්‍ය ගොඩනැගීමට ගොස් යුරෝපීයයන් අතර පසු කාලයේ තරගයක් හා භේද ඇතිවූ බව ඇත්ත නමුදු ක‍්‍රිස්තියානි ආගමට තර්ජණයක් එල්ල කිරීමට සමත් ඉස්ලාම් බලයක් නැග එද්දී සියලූ බටහිර රටවල් එක්වෙති. බටහිර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන සියල්ල ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන කතාකරන ලෙසටම ඉස්ලාම් රටවල් ඉස්ලාම් අදහන්නන් අතරේ බටහිර රටවල් කෙරෙහි වෛරය ඇති කරවති.ලංකාව වැනි රටවල් ප‍්‍රතිපත්ති වචනවල සීමා කරගෙන සිටිති. ක‍්‍රියාකාරී භාවයේදී මඬේ සිටවූ ඉනි හා සමානව එහාට මෙහාට නැමෙති. නිදසුනක් ගනිමු. බුද්ධාගම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට ලංකාව පාලනය කරන පාලකයෝ ව්‍යවස්ථාවෙන් බැඳී සිටිති. නමුත් ලංකාව බෞද්ධ රටක් යයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමටවත් ශක්තියක් බොහෝ දේශපානඥයින්ට නැත. සිංහල බෞද්ධ ඡුන්දයෙන් බලයට පත් වූ බව බොහෝ දෙනෙකුට අමතක වේ. බුද්ධාගම පාවා දෙමින් සර්ව ආගම ගැන දෙඩවීම මොවුන්ගේ ස්වභාවයකි.භික්ෂුන් වහන්සේලාගේ අවිහිංසාවාදී ස්වභාවය හොඳහැටි දන්නා බැවින් ඇති පදමට භික්ෂූන්ට නින්දා කිරීම මොවුන්ගේ තවත් ගතියකි. සිංහල බෞද්ධයන්ට බනිමින් ඉස්ලාම් හා දෙමළ දේශපාලන නායකයින්ට නිවටයින්සේ දත් විලිස්සීම තවත් සිරිතකි.ඇමරිකාව දත නියවන රටක් නොවේ. රටවැසියන්ගේ ආත්ම ගරුත්වය රැුකීමට හැම මෙහොතකම සූදානම් වූ කොන්ද පණ ඇති නායකයන් ඉන්නා ප‍්‍රතිපත්ති ගරුක රටකි. ඇමරිකාව ත‍්‍රස්තවාදීන්ට සුදුහුණුගාමින් ත‍්‍රස්තවාදී සංවිධාන සතුටු කිරීමක් නොකරයි. ඇෆ්ගනිස්ථානයට ගැහුවේ, තලිබාන්වරුන් වැට්ටුවේ, සදාම් හුසේන් බිම දැම්මේ, ගඩාපි එලොව යැව්වේ ඇමරිකාව විසිනි. තවත් හපන්කම් කරන නමුදු ඒවා ලිවීමට අවශ්‍ය නැත. ඉදිරියට බලාගන්නට අවස්ථාව ලැබෙනු ඇත.බීබීසිය හා සීඑන්එන් අලූත්ගම සිද්ධිය විකෘති කිරීමේ හා වැරදියට ලොව පුරා ප‍්‍රචාරය කිරීමේ ප‍්‍රමුඛයෝ වූහ. ඇමරිකාව බොදුබල සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇමරිකාවට ඇතුල්වීමට නිකුත්කර ඇති විසා බලපත‍්‍රය අහෝසි කළ බව දැනගන්නට ලැබුණි.මේ සියල්ලක් සිදුවූයේ ඇමරිකාව හෝ බටහිර රටවල් හෝ ලංකාවේ සිදුවූ හා සිදුවන දේ නොදැන යයි සාමාන්‍ය ලාංකිකයකු සිතුවහොත් එය වරදක් නොවේ. ඇමරිකාව හෝ බටහිර රටවල් යථාර්ථය නොදන්නේ යැයි සිතන හෝ උපකල්පනය කරන මාධ්‍ය ශිල්පියා ලොකු වරදක් කරයි. එවැන්නා දුරදක්නා නුවණක් නැත්තෙකි. ලංකාව ඉතා වේගයෙන් ජිහාඞ්වාදයට ගොදුරුවන රටක් බව බටහිර රාජ්‍යයෝ දනිති. සිංහල බෞද්ධයා අසරණ බවත් ඔවුහු දනිති. එසේ නම් ඔවුන් සිංහල බෞද්ධයා ඉතිහාසයට යැවීමට වෙහෙසෙන්නේ ඇයි. ලංකාවේ ජිහාඞ්වාදීන්ට ඔවුන් අත හිත දෙන්නේද. අපට වැටහෙන පරිදි මෙහි ඇත්තේ වෙනත් කෝන්තරයකි. සිංහල බෞද්ධයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වූ හා පත්වන දේශපාලන නායකත්වය සදහටම නැතිකිරීමේ වුවමනාව ඔවුන්ට තිබේ. ඒ ඇයි.ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූ තැන් පටන් රටේ සිංහල බෞද්ධයෝ බෞද්ධ නායකයන් නොමැතිකමින් නොමග ගියවුන් පිරිසක් වූහ. මේ අනාථයන් අතරින් පිරිසක් එංගලන්තයේ ඉගෙනීම අවසන් කොට ලංකාවට පැමිණි පට්ට ධනපති තරුණයන් කිහිප දෙනෙකු ගෙනා මාක්ස්වාදයට ගොදුරුවූහ. ඒ මෝඩ මාක්ස්වාදී චින්තනය තාමත් සිංහල බෞද්ධ බහුතරය තුළ හොල්මන් කරයි. ජවිපෙ, සමසමාජය, කොමියුනිස්ට් පක්ෂය වැනි රට හා ජනතාව අමාරුවේ දැමූ පක්ෂ තවමත් රටේ පැවතීම ඊට සාක්කියයි. තමන්ගේ අඹුවන්, ¥දරුවන් ඇමරිකාවට යවා ඇමරිකාවේ පදිංචියට ගෙවල් හදාගෙන ඉන්න අතර ‘ඇමරිකාව භංගවේවා’ කියමින් පෙළපාලි යන මාක්ස්වාදී නායකයන් පස්සේ වැටී ‘ඇමරිකාව භංගවේවා’ කියමින් යන මිනිස් රංචු ලංකාවේ මිස වෙන රටක දකින්නට නොලැබේ.ඉස්ලාම්වරු ජනගහනය බෝකරති. ලංකාව ඉස්ලාම් රටක් කරන්නට වෙහෙසෙති. ක‍්‍රිස්තු භක්තිකයෝ ක‍්‍රිස්තියානි දේශයක් ගොඩනගන්නට වෙහෙසෙති. (ප‍්‍රභාකරන්ගේ ඊළම යනු ක‍්‍රිස්තියානි දේශයේ කොටසකි*. පාප්තුමාගේ ලංකා සවාරිය සංවිධානය කරන්නන්, රාසප්පු ජෝෂප් හමුවීම වේලාසනින්ම කාලසටහනට එක්කර ඇතැයි දැනගන්නට ලැබේ. දෙමළ ජනයා ඊළමක් වෙනුවෙන් වෙහෙසෙති. සිංහලයෝ තමන්ගේ රට රැුකගැනීමේ වුවමනාවක් නැතිව පිස්සු කෙළිති. මේ අතර සිංහලයන් වඳකිරීම සිංහල පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ප‍්‍රධාන කටයුත්ත වී තිබේ. සිංහලයන් විසින් බලයට පත්කරන ලද නායකයෝ සර්වාගමික රටක් ගැන දොඩවති. ළඟදී සිංහල බෞද්ධයන් පිරිසක් එක්වී මුස්ලිම් පල්ලියක් හැ¥ බව පත‍්‍රවල සඳහන්ව තිබුණි.තමන් කවුද. සිදුවන්නේ කුමක්ද. මේ කිසිවක් වටහා ගැනීමට හැකි තරමේ මොළයක් සිංහල බහුතරයට නැතැයි යන හැ`ගීම ඔවුන්ගෙන් ඡුන්දය ගන්නා දේශපාලනඥයන් බහුතරයකට තිබේ. එමනිසා අප බටහිර මාධ්‍යයන්ට හෝ මානව හිමිකම් සංවිධානවලට දොස් කීම මෝඩකමකි. ඔවුහු ඔවුන්ගේ කටයුත්ත නිවැරදිව කරති. අපේ අය අප කළ යුත්තේ කුමක්දැයි නොදැන අඳුරේ අතපතගාති.
BLOG
2014.07.01
http://anacondavit.blogspot.com/
‘කලාකරුවන්’ රැලේ යාම
Anaconda
සංස්කෘත නාට්‍ය ශාස්ත‍්‍රය හැදෑරීමේදී හෙළිදරව් වන පරිදි, පළමුවෙනි නාට්‍ය රචනය හා නිෂ්පාදනය අශ්වඝෝෂ ස්වාමීන් වහන්සේගේය. උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘බුද්ධ චරිතය’ පළමුවෙනි සංස්කෘත නාට්‍යය වශයෙන් පිළිගැනේ. පැරණි සේද මාවතට අයත් අවකාන දේශයේ (වර්තමාන ඇෆ්ගනිස්ථානය) උපත ලැබ එහිදීම ශාසනයට ඇතුලත් වී එහිම ජීවත් වූ අශ්වඝෝෂ හිමියෝ අවකානයේ පමණක් නොව තුර්කිය ඉරානය ආදි රටවලින් ද චීනය හා ඉන්දියාවට අයත් රටවලින් ද මහත් ගෞරව ප‍්‍රශංසා ලැබූහ. එම යුගයේ විසූ දැවැන්තම කලාකරුවා වශයෙන් උන්වහන්සේ ගෞරවයට පත්වීමට හේතුව බුද්ධ චරිතය කාව්‍යය පමණක්ම නොවේ. උන්වහන්සේ තවත් කලාකෘති කිහිපයක්ම කළහ. බුද්ධ චරිතය කාව්‍යය නාට්‍යයකට නැගූ උන්වහන්සේ එය සේද මාවතේ ප‍්‍රධාන නගරයන්හි ප‍්‍රදර්ශනය කරවූහ. ඒ හැම කටයුත්තකින්ම උන්වහන්සේ කළේ, සොඳුරු කලාව මහජනයාට නිවන් මග පෙන්වීම සඳහා යොදා ගැනීමයි. පුරාණ බෞද්ධ ලෝකයේ සහ පසුව ගොඩනැගුණු භාරත හින්දු සමාජයේ විචාරකයෝ කලාවේ පරමාර්ථය ලෝකෝත්තර සුවය යයි පැවසූහ. ඉස්ලාම් ආක‍්‍රමණ ආසියාවට එල්ලවෙමින් ආසියාවේ මුස්ලිම් ලෝකයක් ගොඩනැගෙද්දී කලාව පිළිබඳ බෞද්ධ හා හින්දු දෘෂ්ඨින් වෙනස් විණි. කලාවේ පරමාර්ථය ලෝකෝත්තර භාවයෙන් ලෞකික භාවයට මාරු විය. බටහිර රටවල් යටත් විජිත ආරම්භ කිරීම නිසා ඇති වූ යටත් විජිත යුගයෙන් පසුව ක‍්‍රිස්තියානි ලෝකය සකස් වීමේදී කලාව පිළිබඳ ඉස්ලාම් දෘෂ්ටිය තව තවත් සවිමත් වූයේ ය. මාක්ස්වාදීහු කලාවේ පරමාර්ථය ජනතා සේවය බව කීහ. ධනවාදී සමාජයේ කලාකරුවා ජනතාව ආනන්දයට පත්කරමින් ඔවුන් අවදි කරන්නකු වශයෙන් පිළිගැනෙන්නට විය. කලාකරුවා යනු රැුලේ යන්නෙක් හෝ රැුල දක්කන්නෙක් හෝ නොවේ. කලාකරුවා පොදු සමාජයට හා පුද්ගලයාට වඩා උතුම් මෙහෙවරක් කරන්නෙකු බව වර්තමාන විචාරකයෝ පොදුවේ පිළිගනිති.මේ කරුණු ස්වල්පය සටහන් කරන්නේ ලංකාවේ කලාකරුවන් පිරිසක් බොදු බල සේනාවට එරෙහිව පෙරමුණක් ගොඩනැංවීමට උත්හාස දරන බවට ප‍්‍රවෘත්තියක් දක්නට ලැබුණු හෙයිනි. ඒ ඇයි ඇසූ විට, ‘ආගම්වාදය ඇවිස්සීම හා ජාතිවාදය ඇවිස්සීම බොදුබල සේනාව මගින් සිදු කෙරේ’ යන පිළිතුර එක් අයකුගෙන් අසන්නට ලැබුණිි. එය ‘හිස් මාස්ටර්ස් වොයිස්’ පිළිතුරකි. ‘හිස් මාස්ටර්ස් වොයිස්’ යනු ග‍්‍රෑම්ෆෝන් යුගයේ ප‍්‍රධාන ග‍්‍රැම්ෆෝන් තැටි සමාගමක වෙළෙඳ නාමයකි. වෙළෙඳ ලකුණ උඩු බුරලන සුනඛයෙකි. සුනඛයාගෙන් ස්වාමියාගේ නාදය ප‍්‍රකාශ වූයේය. අපට පිළිතුරු සැපයූ පුද්ගලයාත් ‘හිස්’ මාස්ටර්ගේ නාදය පිට කළේය.ජිහාඞ් මූලධර්මවාදය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය අන්තර්ජාතිකව පැතිරෙන භයානක ආගම්වාදයකි. ලෝකය ඉස්ලාම් කිරීම සහ ඉස්ලාම් නොවන ආගම් හා ඇදැහීම් සියල්ල අල්ලාගේ නාමයෙන් මිහිතලයෙන් අතුගා දැමීම ජිහාඞ්වාදින්ගේ පරමාර්ථයයි. ඔවුහු මේ සඳහා විවිධ උපක‍්‍රම භාවිතා කරති. පසුගිය වසර 1400 මුළුල්ලේ ඉස්ලාම් ජනගහණයෙන් ලොව පිරවීම එක ක‍්‍රියාවකි. රෝම ලන්දේසි නීතිය වෙනුවට ෂාරියා නීතිය ලොවේ ක‍්‍රියාත්මක කරවීම තවෙකකි. පැරණි කුරාන සම්ප‍්‍රදාය එපරිද්දෙන්ම ලොවෙහි පැතිරවීම තවත් වුවමනාවකි. මෙවැනි කාර්යයන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවේ සිට අන්ත ත‍්‍රස්තවාදී මාර්ගය දක්වා නොයෙක් උපක‍්‍රම අනුගමනය කිරීම ජිහාඞ්වාදීන්ගේ ස්වභාවයයි. ඔවුන් අනුගමනය කරන උපක‍්‍රම රටින් රටට ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැක. සමාන වෙන අවස්ථාද තිබේ.උදාහරණයක් දක්වන්නේ නම්, සැප්තැම්බර් 11 ප‍්‍රහාරය ඇමරිකාවට විරුද්ධව එල්ල කරන ලද්දකි. කාන්තාවන්ට මේට්ටැක්කිලය ඇන්දවීම මොවුන් හැම රටකදීම සිදු කරන කාටත් සමාන ක‍්‍රියාවකි. ඉස්සර ලංකාවේ කාන්තාවෝ සාරිය, රෙද්ද හැට්ටයය සහ ඔසරිය යන ඇදුම් භාවිතා කළහ. ඊට ආගම් හෝ ජාති භේදයක් නොවීය. බටහිර බලපැම් වැඩි වනවිට කාන්තා ඇඳුමේ වෙනස්කම් සිදුවිය. ඔවුහු ගවුම් අඳින්ඩ ගත්හ. ඉන්පසුව ජින්ස් කලිසම් හා කොට කලිසම් අඳින්ඩ වූහ. නමුත් ජිහාඞ්වාදය පැතිරීමත් සමගම ඉස්ලාම් කාන්තාවනට තමන්ට සුපුරුදු සාරිය ඇදීම තහනම් වූයේය. ඔවුන්ට පර්දාව අනිවාර්ය කෙරුණි. මෙය කාන්තාව කැමැත්තෙන් සිදුකරන දෙයක් නොවේ.නිදසුනක් කියමි. ඔබ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක සිට මැද පෙරදිග රටකට ගුවන් මගින් ගමන් කරයි නම් අතරමග සිංගප්පුරුව වැනි රටකදි ජින්ස් කලිසමින් සැරසී යුරෝපයේ හෝ ඇමරිකාවේ සිට එන කාන්තාවන් කිහිප දෙනෙකු මොට්ටැක්කිලි ඇඳුමට මාරුවෙන හැටි දකින්ට පුළුවන. ඔවුන් මහත් බියකින් හා තැතිගැන්මකින් යුතුව මෙම ඇඳුම් මාරුව සිදු කරති. දැන් සිංගප්පූරුව වැනි රටක පවා ඉස්ලාම් කාන්තාවගේ වෙස්මාරුව දෙස ඇස් ගසාගෙන සිටින රහස් ඔත්තුකරුවෝ සිටිති. කාන්තාවන්ට ඔවුන්ගේ රුවට ගැලපෙන ඇඳුම් අදින්නට නිදහස නැතිකිරීම ඔවුන්ගේ මානව හිමිකම් උලලංඝණය කිරීමකි. ඉස්ලාම් තරුණ කාන්තාවන්ගෙන් සියයට අනූවක්ම පර්දාවට අකමැත්තක් දක්වන බව සංඛ්‍යාලේඛණවලින් ප‍්‍රකාශ වේ.ඉස්ලාම් කාන්තාවට අධ්‍යාපනය අහිමි කරවීමද ඇතැම් ඉස්ලාම් සමාජවල සිදුවන්නකි. ඇෆ්ගනිස්ථානයේ එය ක‍්‍රියාත්මක වූයේය. පකිස්ථානයේ ක‍්‍රියාත්මක කිරීමට සැරසේ. මලාවි ශිෂ්‍යාවට වෙඩි බින්්දේ ඇය අධ්‍යාපනයට පක්ෂ වූ බැවිනි. නයිජීරියාවේ බොකො හරම් ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්, පාසැල් සිසුවියන් 60 දෙනෙකු පැහැරගෙන ගියේ ඔවුන් පාසැල් යන හෙයිනි. ‘හොනර් කිලින්’ හෙවත් පවුලේ ගෞරවය රැුකගැනීම සඳහා ගැහැණු දරුවන් මරා දැමීමද රට රටවල් අනුව සිදුවන්නකි. මෙමගින් මූලික වශයෙන්ම කෙරෙන්නේ ඉස්ලාම් කාන්තාවන් වෙනත් ආගමිකයකු සමග විවාහවීම හා පේ‍්‍රම සබඳකම් ඇතිකර ගැනීම වැළැක්විමයි. ඇතැම් විටක බලහත්කාරයෙන් කාන්තාවක ¥ෂණය කරන පිරිමියා වරද ¥ෂණයට ලක්වූ තැනැත්තිය මතම පටවා ඇය ද`ඩුවමට ලක්කෙරෙන අවස්ථාද ඕනෑ තරම් තිබේ.පසුගිය කාලය තුළ පකිස්තානයේ ගායිකාවන් සහ නිළියන් කිහිප දෙනෙකුටම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය. වෙඩි තබා ඝාතනය කිරීම් හා ඇසිඞ් ප‍්‍රහාර ඒ අතර වූ බව සකල සිරින් පිරි සිරි ලංකාවේ කලාවේ නාමයෙන් ජීවත් වන සියලූ ජනයන් වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.ලංකාවේ ඉස්ලාම් සමාජයේ මරා දැමීම් තවම සිදු නොවුවත් ඉස්ලාම් නීතියට පිට මගක යන කාන්තාවන් හිංසාවට ලක්කිරීම සිදු වේ. සිංහල ගම්මාන අසල ජීවත් වන ඇතැම් මහමදිකයන් සිංහලයන් හා කුළුපග වීමත් සිංහල සංස්කෘතියට අනුව ජීවත් වීමත් නිසා සෙස්සන්ගේ තාඩන පීඩනවලට ලක්වීම් පිළිබඳ තොරතුරු අපට වාර්තා වී තිබේ.ජිහාඞ්වාදය ලංකාවේ සීඝ‍්‍රයෙන් පැතිර යන්නකි. ඉස්ලාම් කාන්තාව පීඩනයට ලක්කර ඇති පිළිවෙළ ඊට හොඳම නිදසුනයි. උපක‍්‍රමශීලී අයුරින් සිංහලයන් නගරවලින් ඉවත් කරමින් නගර හා උප නගර සියල්ලකම පාහේ බලය ඉස්ලාම්වරුන් සතුකර ගැනීම හා සියලූ වෙළඳ බලය ඉස්ලාම්වරුන් සතු කර ගැනීමට කටයුතු කිරීම තවත් නිදසුනකි. අළුත්ගමදී භික්ෂුවට පහරදීමට හේතුවද උන්වහන්සේ මුස්ලිම්වරුන්ට පන්සල් භූමිය විකිණීම ප‍්‍රතික්ෂේප කිරීමයි. හලාල් වැඩ පිළිවෙලද ජිහාඞ්වාදයට පාර කපන්නකි. බොදු බල සේනාව මේ ජිහාඞ්වාදයට විරුද්ධව ජනතාව අවදිකිරීමට වෙහෙසෙන බෞද්ධ සංවිධානයකි. තවත් මෙබඳු බෞද්ධ සංවිධාන තිබේ. හින්දු සංවිධාන සහ රහසේ කටයුතු කරන නිදහස් ඉස්ලාම් සංවිධානද තිබේ.ඔබට ඇත්තටම රටේ සිදුවී ඇති දේ බැලීමට අවශ්‍ය නම් වෙස්වලාගෙන තනිව නැගෙනහිර පළාතේ සංචාරයක් කර බලන්න. මහමදිකයන් අත්පත් කරගෙන සිටින නගරයක ඇවිද බලන්න. ඔබේ මවට සොහොයුරියට මෙවැනි නගරයකට ඇතුල්වීමට හැකිදැයි සොයා බලන්න.මහා විපතක පෙර නිමිත්තක් අද (ජුනි 29 වෙනි ඉරිදා* ඇමරිකාවේ ක‍්‍රිස්තියානි ගුවන් විදුලියෙන් (සීබීඑන්* ප‍්‍රකාශයට පත් කළේය. එම පුවතට අනුව ඉරාක සිරියා දෙරටේ කොටස් එකතු කරගෙන සිටින ඉස්ලාම් සංවිධානය කාලිෆ්වරයෙකු ප‍්‍රකාශයට පත් කරයි. මෙම කාලිෆ්වරයා ( අබුබකර් අල් බෂාඞ් * යටතේ ඒකාරාශි වෙන්නැයි එම ඉස්ලාම් සංවිධානය ලෝකයේ සියලූම ඉස්ලාම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කුරුස යුද්ධවලින් ඔවුන්ට අහිමි වී ගිය, යළි පිහිටුවීමට වසර 1400ක් තරම් දීර්ඝ කාලයක් වෙහෙසුණු නායකයා පත් කරගත් බව දන්වමිනි. ක‍්‍රිස්තියානි ප‍්‍රවෘත්ති සේවය කාලිෆ් පුවත දවසේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වශයෙන් පළකරන්නේ කාලිෆ්වරයෙකු යටතේ ඉස්ලාම්වරුන් නැගී සිටීම ක‍්‍රිස්තියානි ලෝකයට තර්ජණයක් බව පැහැදිලි කිරීමේ පරමාර්ථයෙනි. ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී ඉස්ලාම් අන්තවාදය බෞද්ධයාට වඩා ක‍්‍රිස්තියානි ආගමිකයාට අනතුරකි.සැබෑ කලාකරුවා යනු ඇත්දැකීම් බහුල පුද්ගලයෙකි. ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සම්ප‍්‍රදායික ඥානයෙන් පොහොසතෙකි. ලාභ, ප‍්‍රශංසා, කීර්තිය සොයන්නන්ට අවනත නොවන්නෙකි.සැබෑ කලාකරුවා යනු ප‍්‍රාඥයෙකි. වීර්යවන්තයෙකි. මහත් ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙකි. ඔවුන් කෙරෙහි සමාජය ආදරයක් හා ගෞරවයක් දක්වන්නේ ඔවුන්ගෙන් සමාජයට සිදුවන විශාල මෙහෙවරක් පිළිබඳව වැටහීමෙනි.නමුත් ලොවේ පැතිරෙන, ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින ජිහාඞ්වාදය වැනි දෙයක් අඳුනාගන්නට නොහැකි පුද්ගලයෙකුට කලාකරුවෙකු විය නොහැකිය.ලංකාවේ කලාකරුවන්, මාධ්‍යකරුවන් වශයෙන් පෙනී සිටින ඇතැම්හු සැබෑ කලාකරුවෝ, මාධ්‍යකරුවෝ නොවෙති. සමාජය විනාශ කිරීමට භයානක අවි නිපදවූ පුද්ගලයෙකුට වැරදුන පසු සමාජය මෙහෙයවන මාධ්‍යකරුවෙකු විය හැක්කේ ලංකාව වැනි රටක පමණි. ගුණෙ අයියගෙ කඬේ තයිලාම් අදිමින් මස්කට් කෑම, රස කරමින් සමාජයට බෙදන්නා සමාජ හිතකාමී කලාකරුවෙක් නොවේ. මෙවැනි පුද්ගලයන් සමග රැුලේ යන්නෝද කලාකරුවෝ, මාධ්‍යවේදියෝ නොවෙති. ඔවුන් සැලකිය හැක්කේ, ආත්ම ලාභය පතන නැතිනම් නොමග ගිය හිස් මිනිසුන් වශයෙනි.4pt 0in 5.
BLOG
2014.06.26
http://anacondavit.blogspot.com/
ගෙදර ගියොත් අඹු නසී මග රැඳුණොත් තෝ නසී
Anaconda
ගමනක් ගිය බමුණෙකු අතරමගදී විඩා නිවාගැනීමට නැවතුණේය. ඔහු තමා ගෙන ගිය අග්ගලා මල්ල ලිහා අග්ගලයක් කා මල්ල ගසක් මුළ තියා වතුර බොන්ඩ ඇළට ගිය අතරතුර මල්ල ඇතුළට විසකුරු සර්පයෙක් රිංගුවේය. ඒ බව නොදත් බමුණා මල්ලේ කට බැඳගෙන ගෙදර බලා යද්දී, ‘ගෙදර ගියොත් අඹු නසී. මග රැඳුණොත් තෝ නසී’ යැයි රුක් දෙවියෙක් කීවේය.ශ‍්‍රී ලංකාවේ පාලකයන්ද බමුණාගේ තත්වයට පත්ව සිටින බවක් පෙනේ. ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක් හමුවට ගෙන ගොස් වරදකරුවන් කිරීමේ වුවමනාව ඉන්දීය සාගරයේ බලයට පොරකන බටහිර බලවතුන්ට තිබේ. නමුත් ලංකාවේ ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වූවෙකි. ඔහුගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ඡුන්ද පදනමේය. සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය බිඳ නොවැටෙන තාක් ඔහු රට තුළ පරාජය කිරීමට නොහැකිය. මීට උපායක් සොයන බටහිර බලවතුන් ඉස්ලාම් රටවල් හා ලංකාවේ පාලකයින් අතර සම්බන්ධතා තර කරවන බව විචාරකයෝ පවසති.මැද පෙරදිග ඇමරිකාවේ දකුණු අත වශයෙන් හැඳින්විය හැකි සවුදි අරාබිය මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට පක්ෂව ඡුන්දය දීම ජාත්‍යන්තර ක‍්‍රියා ගැන වැටහෙන නුවණැත්තන්ට අරුමයක් නොවේ. එහිදී ලංකාවේ පාලකයින් බේරාගැනීමට මුස්ලිම් රටවල් සියල්ලම වාගේ ඉදිරිපත් වූ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ සමග ලංකාවට ජාත්‍යන්තර ඉස්ලාම් බලය හා මූලධර්වාදය නිදහසේ සංක‍්‍රමණය වීම ඇරඹුණි. එය සිංහල බෞද්ධයාගේ ආයුෂ කාලය තව පරම්පරා දෙකකට තුනකට සීමා කිරීමට සමත්ව සිටී. ‘පුංචි පවුල රත්තරන්’ කියමින් සිංහල වින්නඹුවන් ලවා පවුල් සංවිධානය දිගටම කළහොත් තව පරම්පරා දෙකකින් අළුත්ගම තත්වය රටේම ඇතිවීම වැළැක්වීමට හැකි ජගතෙක් නැත.තමන්ගේ කතිරයෙන් බලයට පත් වී මුස්ලිම් ගලනයට හා ආධිපත්‍යයට ඉඩදෙන පාලක පිරිස් බිම දැමිය යුතු බව සිංහල බෞද්ධයෝ සිතති. බෞද්ධයාගේ විශ්වාසය බිඳ වැටුණු සැණින් වත්මන් පාලනය පැරදවීමට වෙනත් ව්‍යාපාර අවශ්‍ය නැති බව ජාත්‍යන්තරය දනී.ඉස්ලාම්වරු සතුටු නොකොළොත් පාලකයන්ට ජාත්‍යන්තරයේදී කෙලවේ. සිංහල බෞද්ධයන් අසතුටු කළොත් රට තුළදී කෙලවේ. ඔවුන්ගේ එකම වාසනාව ජාතිය ගැන, සංස්කෘතිය ගැන නොවැටහෙන විරුද්ධ පක්ෂ නායකයෙකු සිටීමයි. ඔහුටම ගැලපෙන තෙවරප්පෙරුමලාද එතන සිටිති.ලංකාව ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ මූලස්ථානයක් නොවේ. ඉතා වේගයෙන් එම ස්ථානයට පත්වෙමින් පවතින රටකි. මේ ගැන ඉන්දියාව පවා ඉතාම සෙවිල්ලෙන් පසුවෙයි. ඉන්දියාව දැනටමත් ලංකාවෙන් පිටවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිදැල්ලේ හැසිරෙමින් මූලධර්මවාදි මතවාදය පතුරුවන හා තරුණ මරක්කල පිරිස් ඒ සඳහා සංවිධාන කරන විදේශීය මූලධර්මාචාරයවරුන් පවා සෑහෙන සංඛ්‍යාවක් ලංකාවේ සිටිති. මොවුන් මූලධර්මවාදී චින්තනය රටේ පැලපදියම් කොට මහා ජිහාඞ් සේනාවක් ගොඩනගා ඇති බව ලංකාවේ අභ්‍යන්තර සිදුවීම් ගැන විමසිලිමත් වුවෝ කියති. ඔවුන්ට ආයුධ ඇත. මුදල් ඇත. එම මුදල් වලින් දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් මිලයට ගැනීමට පුළුවන.අළුත්ගම ප‍්‍රහාරය ඊට සාක්කියකි. භික්ෂුවකට පහරදීමට පොසොන් පොහොය දිනය යොදා ගෙන ඇත්තේ කෝලහාලය පැතිරවීමේ පරමාර්ථයෙනි. පහර කෑ භික්ෂුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. පහරදීම සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක‍්‍රියාමාර්ග නොගැනීමට විරුද්ධව රැස්වීමක් පැවැත්වීම ප‍්‍රජාත්නත‍්‍රවාදී රටක සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවකි. ඒ රැස්වීමේ සිට පිටත්ව එන පිරිස් වලට මහමගදී පහරදීමට මස්ජිඩයක් ඇතුලේ සටන්කරුවෝ පිරිසක් සූදානමින් සිටියහ. පොලිසිය ක‍්‍රියාත්මක වී නැත. ජිහාඞ් බලය හමුවේ සියල්ලම අකර්මණ්‍ය වූ බවක් පෙනේ.ආගමික ගැටුම් පිළිබඳව විමසිල්ලෙන් බලන විට එහි මහ මුලක් පෙනේ. මධ්‍යතන අවදියේ තුර්කිය බලවත් වී යුරෝපය ආක‍්‍රමණය කළේය. ඒ අනුව ඉස්ලාමිකයන්ගෙන් ක‍්‍රිස්තියානි ආගම බේරා ගැනීමේ සටන් ඇරඹුණි. පෘතුගාලය මෙම සටන් ඉන්දියානු සාගරයට ගෙනාවේය. සියල්ල කෙවර වුයේ කුරුස යුද්ධවලිනි. ඉස්ලාම් සේනාව අන්ත පරාජයක් ලැබුවේය. ඔවුන්ගෙන් පැවතෙන්නෝ, ජනගහණය බෝ කිරීම යළි නැගිටීමට ආයුධයක් ලෙස භාවිතා කරන්ට වුහ. දැන් ඉස්ලාම් ජනගහණය යුරෝපයට තර්ජණයකි. නමුත් නැවත කුරුස යුද්ධ ආරම්භ කළ නොහැක. ඒ වෙනුවට ආගමික ගැටුම් ඇති වේ.ආගමික කෝලහාල ගෝලීයකරණයේ ලක්ෂණයකි. මේවා ගැන බටහිර රටවල්ම සමීක්ෂණ පවත්වති. රටවල් 198ක් ඇසුරින් කරනු ලැබූ එවැනි සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙන ලෙසට පසුගිය වසර 6 තුළ ලොව ආගමික සටන් වැඩි වී ඇත. 2007 වසරේ 20%ක් වූ ආගමික ගැටුම් 2011 වන විට 29% දක්වාත් 2012 වන විට 33% දක්වාත් වර්ධනය වී ඇත. ඇමරිකානු කලාපයේ හැර ලෝකයේ සියලූම ප‍්‍රධාන පෙළේ දේශපාලන කලාපයන්හි ආගමික ගැටුම් වැඩිවෙමින් පවතී. ආගමික ගැටුම් බහුලවම ඇත්තේ මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකා කලාපවලයි. ආසියා පැසිපික් කලාපයේ ආගමික ගැටුම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නා ලැබේ. පළමු වරට චීනයේ ආගමික ගැටුම් ‘ඉහළ’ මට්ටම ආසන්නයට පැමිණ ඇත.මේ වාර්තාව ශ‍්‍රී ලංකාවේ සිදුවීම් දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඒ ලොව සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහි බලහත්කාරකම් පිළිබඳ නිදසුන් දැක්වීමේදීය. ශ‍්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා 2012 අපේ‍්‍රල් මාසයේදී දඹුල්ලේ මුස්ලිම් මස්ජිදයකට පහර දුන්නේලූ. 2012 අගෝස්තුවේ දෙනියායේ ‘සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට්’ දේවස්ථානයකටත් පහරදුන් තවත් භික්ෂු පිරිසක් එය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරගන තිබේලූ. මේවා කියවන්නෙකුට මීට වසර දෙකකට පෙර ඇමරිකාවේ සීඇන්ඇන් ප‍්‍රවෘත්ති ආයතනයේ කාන්තාවක නිර්මාණය කළ රණකාමී භික්ෂූන් පිළිබඳ වාර්තා චිත‍්‍රපටය සිහිපත් වේ. මේ වාර්තාවේ තොරතුරු එම වාර්තා චිත‍්‍රපටය තහවුරු කරයි.දීඝවාපියට ඩෝසර් යාම හෝ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම හෝ ගැන පෙර කී වාර්තාවේ සඳහන්ව නැත්තේ ඒවා මහ ජාතියේ සිද්ධස්ථාන නිසා විය යුතුය. බංගලි දේශයේ චිතගොං කඳුකරයේ බෞද්ධ සංහාර සඳහන්ව නැත්තේ හදපු පුද්ගලයින්ට ඒ ගැන ආරංචි නොවූ නිසා විය යුතුය. පකිස්ථානයේ ස්වාත් නිම්නයෙහි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම හෝ මාලදිවයිනේ කෞතුකාගාරයේ තිබූ පුරාවස්තු වැනසීම වැදගත් සිද්ධීන් ලෙස සලකා නැත්තේ ඒවා ඉස්ලාම් රටවල් නිසා විය යුතුය.ලංකාවේ ජිහාඞ්වාදීන්ට බටහිර රටවල් ආශිර්වාද කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය පාලකයන් හා සිංහල බෞද්ධයන් භේද කරවීමයි. ජිහාඞ් බලවේගය ඒ වුවමනාව ඉටුකරයි. මේ නිසා බීබීසිය අළුත්ගම කෝලහාලය බොදු බල සේනාවේ ක‍්‍රියාවක් යැයි ලොවට දැන්වීය. ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතනයන්හි රස්සාවෙන සිංහල හරිහැටි කතා නොකර කුණුහරුප සිංහල බෙදන නිවේදක නිවේදිකාවෝ පවා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නරක සිංහලෙන් කතාවක් පවත්වා මහජනයා උසිගැන්වී යැයි චෝදනා නැගුහ. මොවුන් පෙන්වන හැටියට නම් සිංහල බෞද්ධයන් යනු අමන මරිමෝඩ ජනවර්ගයකි. හාමුදුරුනමකගේ කතාවක් ඇසිමෙන් පරළ වී කෝලහාල කරන පිරිසකි.යථාර්ථය වටහා ගනිමු. මේ කෝලහාල ජිහාඩි වැඩපිළිවෙළ, සිංහල ජාතිය පුංචි කිරීම ආදි සියලූ සැලසුම් යට සැඟවුණු බලවේග ඇත. අවාසනාව නම් සිංහලයන් වැඩි පිරිසක් තවමත් මේ අනතුරුදායක තත්වය තේරුම් ගෙන නොතිබීමයි.
BLOG
2014.10.28
http://galbooree.blogspot.com/
කවුරුන්ද මා
Dishan Anuradha
ඔබමා සමඟ ගත කලදින මිනිත්තු කිහිපය මතමා කවුදැයිතීරණය කිරීමට ප්‍රථමබසින්න මාගේ සපත්තුවටහිරිවැටුණු දෙපා සනහාලූ;පිය මනින්න මා සමඟඒ අඳුරු මාවත්වලගොරබිරම් වැස්සටගුලිවෙන්නට තැනක් නොපෙනෙන.තනිවෙන්න මා සමඟමුහුදු තෙර ගල්කුල මත;විඳිමු ඒ අරුණ හිරු කෙඳිතිදෑස් පෙති පියාගෙනහරිම උණුසුම් නේද.ගිල්වන්න ඔය අත්මගේ අත් වැසුමටරළු කරගැට සඟවාලූ;දහඩියෙන් තෙත ඇති,සොඳුරු මතක සටහන්පොරොන්දු වූයේ නෑ ඔබට.මී ඔඩම් හප්පන්නට එන්නමේ මිහිරි මිනිසුන් සමඟ;ඇදදමා මා මිටියාවතටඅත්වැල් බැඳ ගී ගැයූ.හැඳගන්න මාගේ කබායපෑරුණු හදවත සඟවාලූ.ඈ සමඟ මිමිණූ වදන්ඔබට නෑසෙන්න ඇතිබොඳ මීඳුම් පටලයක්හදේ රැඳි රූ ඇගේ.සෑම කෙනෙකුට මකතාවක් ඇතකියන්නට සිතේ සිරවූ.ජීවත් වූ පසුඔබමගේ ජීවිතයහැකිවේවි හඳුනාගන්නටකවුරුන්ද මා.
BLOG
2014.10.05
http://galbooree.blogspot.com/
තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්.
Dishan Anuradha
ඉඳු නීල නෙතු කවුළු මා දෙසට හැරපියන්නින්ද නැති සිහිනයක ඔබ මාව සිරකරන්මේ සුවඳ ආදරය අයිති මා හට නම්තුරුළු කර විඳ ගනිමි මේ මිහිරි දඬුවම්.හද මැදුර දොර අගුළු ඔබට හැර දමන්නටමේ වසත් කාලයයි ඔබ ඇවිත් නැහැ තවමසඳවතිය මා ළඟයි පියවරක් ගානේ මමං නැතිව පාළුවක් නොදැනුනිද ඔය හිතට.සියක් මල් මියෙද්දෙන් හද පුදසුන මත්තේ නොපිදූ මලක සුවඳට සිත ලතැවෙන්නේඔබ කෙරේ බැති සිතින් මම මෙහේ මියෙන්නේමේ කඳුළු මගෙ නෙමෙයි ඔය ඇසට නොදෙන්නේ.
BLOG
2014.07.26
http://galbooree.blogspot.com/
හමුවනතුරු අප ආයෙත්...
Dishan Anuradha
අවසන් දිනයේ අවසන් මොහොතේ ඔබට නොකියා යන්නට ගිය මා නැවත ඔබ ළඟට පිය නැංවූයේ කුමන ඉන්ද්‍රජාලයකින්දැයි මට තවමත් නොතේරේ. දෙනෙතින් සිනා පා ඔබෙන් සමුගැනීමට ගිය මගේ අත අල්ලා සුභ පැතූ ඔය දෑත අල්ලා ගත්තේ නැවත අතහරින්නට නම් නොවේ. ඔබ හා සිනාසී වචනයක් කතා කරන්නට දුටු සිහින කොතරම්ද; සැබෑ වූ ඒ සිහිනය මැද ඔබගේ ආදරය විඳින්නට මගෙ හිතේ ගැබ්බරව ඇති ආදරය ලෝබකමක් නැතිව ඔය අත්ල මත තබන්නට සිහින දකිමි විරාමයක් නොමැතිව. දුහුවිල්ලකි බාධක ගල් පරුවත මිහිරි ගීයකි ඇනුම් බැනුම්ද ඔබ රුව හිත ළඟ තනි රකිනා විට. සිනාසෙමි මා තනිව ළදරුවෙකු ලෙස දුක කුමක්දැයි නොහඳුනන. මා නිල් අහසේ පාවෙන දුහුලු වලාවක් කල, මඳ සුළඟේ නැලවෙන ලපල්ලක් කල මේ ආදරය රැක ගනිමි දිවි තුරාවට රැගෙන යමි සංසාරයෙන් සංසාරයට හැමදාමත් ආදරෙන්.
BLOG
2014.06.22
http://galbooree.blogspot.com/
ඔබ නීල නෙතු ලඟ ....
Dishan Anuradha
ඔබ නීල නෙතු ලඟඅසරණයි මා,මගේ කවිකම.උවම් සොයමි ද කොහේවචන දමගෙන් දුර ඈත විට.සුමිතුරු මගේ පන්හිඳඅවනත නෑ මට ම දඅකුරක් නෑ ලියන්නේකුරුටු ගානවා විතරයි.නිඳිගන්නේ කොහොම,ඇසිපියා සයනයේයුද වැදුනා පමණයි;සුසුම් ලෑවා විතරයි.නෑ හිතේ තරහක්හැංගුනාට සඳ කොමලියසුදු වලා සේද‘තරසොරා යමි මේ අහසින්මගේ ම විශ්වයට ඈතටවසන්තයේ එක දවසකහොවා මා දෝත‘තරඔබේ රූ මී අමා පුරා බොමි මා නෙතු විත.
BLOG
2014.02.10
http://galbooree.blogspot.com/
ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම්.....
Dishan Anuradha
ඔබ ඉන්න පෙම් හීන සියුමැලිද කොයිතරම් මුදු රෝස කොපුල් පෙති සිපගතිමි සියවරක් ඔය නීල නෙත් කැළුම් යදින්නේ මාව නම් දුරින් ඇයි මේ තරම් ඉවසන්න බෑ තවත්. ඇසෙන හැම ගීයක් ම හද පතුල පෑරුවා මුළු රෑ ම නිඳි නැතිව හිත හිතා වි‍‍ඳෙව්වා මේ හීන එලි වෙන්නෙ කවර දින දෝ කියා අකීකරු සුසුමකින් පපුව ඇවිලී ගියා. අරමුණත් ගැන නොදැන ගෙවූ කල නිමාවී ඇරඹුමද මාවතද නැවතුමද ඔබම වී මේ හීනයක් නෙමෙයි සත්තක් ම පවසමී ඔබ මගේ කරගනිමි ඉවසන්න සමනලී.
BLOG
2013.12.30
http://galbooree.blogspot.com/
මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර
Dishan Anuradha
මැදියමේ නිඳි නැතිව තෙත් කරමි මා මේ පත් ඉරු තවමත්. නෑ සිතුම් නැවතුමක් නවතිනා තැනින් යලි යලිත් දළු දානවා විනා. ඔබ විසල් නෙත් කැළුම් අවදිව තබයි මා සිතුම් තවමත්. මට මා කවුදැයි කියා දුන්නේ ඔබයි; ඔබයි මා පෙරමඟ පහන් තරුවත්; පියවරක් ගානේ පෙනෙන සුභ ලකුණත්. මොහොතක් මොහොතක් ගානේ ඔබ ගැන ම මා මැවූ ඒ මවුවත් සිතුවිලි කුසුමන් අසල පැරදුනාදෝ නිමල සඳ කිරණත්. පුදමි ඒ පිවිතුරු ආදරය උන්මාදිනිය ඔබ හට ම. කැපකලා මා ජීවිතය ම ඔබ කෙරෙහි සෙනෙහසින්. කිසිවක් නෑ මා අත ඉතිරිව, පරිත්‍යාගයක් මිස අයිතිකරගැනීමක් නොවන වග ආදරය, කියා දුන්නේ ඔබමයි. ඔබ වෙනුවෙන් ජීවත්වන්නට හුස්ම පොද පමණක් සිරකරගත්තා පපුව තුල, එපමණයි මා ළඟ ඉතිරිව. ඔබේ සිත සොරා යන්නට මේ වචන හැර නැත කිසිදු වස්තුවක් මා මෙතෙක් ඉතිරි කර, එයද වටිනා දෙයක් යැයි කිව හැකිනම් පමණක් ඔබට අයිතියක් ඇත එයට අවනත වන්නට. - 29/12/13.
BLOG
2013.11.29
http://galbooree.blogspot.com/
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා
Dishan Anuradha
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා අතින් අත පටලා ඔහේ යන්නට හීන මවනා සංසාරයෙන් සංසාරයේ එක්ව ඉන්නට පැතුම් පතනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ඇස් කෙවෙනි රතුවන තුරා මා එන පෙර මග ම බලනා දහක් නෙත් අතරේ මගේ නෙතු බැල්ම යදිනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ගැහෙන හදවතට කන්දීඇහිරෙන්න පපුතුරේ ලංවී කතා කරන ඇස්වලට කිමිදී කියවන්න කිසිදා නොලියූ කවීහිතක් ඇතිදෝ මටත් පෙම් කරනා.
BLOG
2013.10.15
http://galbooree.blogspot.com/
ඒ සංසාර ආදරය කවදා හෝ මා ලඟයි.
Dishan Anuradha
එක් ආදරණීය බැල්මක් සතුටු කරනවාද පෙම්වත් හදවතක් කෙතරම් කල්ප කාලාන්තරයක් පුරා ලං කරගන්නට පෙරුම් පිරූ ඒ සංසාර ආදරය මා ලඟ කවදා හෝ නතරවන බව දැනෙයි දැන් දැන් නිසැකව ම. දහසක් නෙත් පසුකර නැවතුනේ ඔය නෙත් ලඟ ම යි. ඒ නීල නෙත් විලේ කිමිදෙන්නේ මා කවදා. ඔහේ ගියා මා මෙතෙක් කල් ගමන කුමක් දැයි නොදත්තෙම්; මාවත කුමක් දැයි නොදත්තෙම්; නැවතුම කුමක්දැයි නොදත්තෙම්. ඔබ පසුපසින් මා එමි මවක පසුපස්සෙන් යන ළදරුවෙකු පරිද්දෙන් නොඅසමි ඔබ රැගෙන යන්නේ මා කොහේ ඔබ ම මා අරමුණ බැවින්. වසර ගණනකින් නොඇන්දෙම් මා සිතුවමක්;මා තෙලිතුඩට සත්තමයි නොතිබුනේ අරමුණක් මගේ පැන්සල දැන් සොයන්නේ ඔය රුව ම යි. ඒත් කොහොම අඳින්නද ඉන්නේ නෑ එක විදිහකට හිනාවෙනව, ඇද කරනව, පැද්දෙනවා, නැලවෙනවා හිත ඇතුලේ හරි කලබල. ඔය විදිහට ම දඟ කරන්න මා තුරුලේ ඉඳන් තරවටු කරන්නේ නෑ කවදාවත් ආදරෙයි මං මගේ දඟ මල්ලට.
BLOG
2013.09.17
http://galbooree.blogspot.com/
ඔබ ම මා කවිය වී....
Dishan Anuradha
ඔබේ රුව වනන්නටමගේ කවිකම් මදී ඔබ ගැන ම කවි කුමට ඔබ ම මා කවිය වී.නුඹේ රුව සම කරන සිතුවමක් වනු බැරි ව සුදු කොලය මත වැතිර පැන්සලය මගෙ හඬයි. රළු පරළු මිනිරනින් ඇන්ද සිතුවම් කුමට ඔබ මගේ හදවතේ සිතුවමක් වී නිදයි. නුඹට ඇති සෙනේහය පවසන්න ලතවෙමින් නුඹේ සඳ උවන ලඟ පිළිරුවක් වී හිඳිම් වචනයෙන් කිලිටිකර කුමට මා කියනු එයඔබ අතර මා අතර ගෙවී යන නිහඬ බව ඔබ කෙරෙහි විලිලමින් ගැබ්බර ව ඇති සිතුම්කාටවත් නෑසෙන්න ඔබට කොඳුරයි හෙමින්.