category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG
|
2014.03.07
|
http://pavithra994.blogspot.com/
|
නිවසෙදීම සජීවීව duck hunt ගහන්න | නවනිපයුමක්
|
සුළඟිල්ල | pinkie
|
මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා. කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ...:Dමෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො...පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ...:D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ. එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා. එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය..ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම...මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා. කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ.. ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_-කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා..අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ.ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම. *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ.ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...ප.ව.පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු..
|
BLOG
|
2014.07.18
|
http://shammiworld.blogspot.com/
|
ජීවතේ කොයි වගේද කියලා - ජීවත් වෙලාමයි බලන්න ඕනි
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
විවිධාකාර මිනිසුන් ජීවිතේට එන යන,ගොඩවෙලා යන, ඇවිත් නතර වෙන වකවානුවක අපිට අපේම කියලා ළෙංඟුතුකම් අපේමකම තියෙන බැඳීම් අතලොස්සක අපි නතර වෙද්දි. අපේ දේවල් අපේ නෙවෙයි දැනෙන් කාලේකදි, අපිට අයිති නැති දේවල් අපේම දේවල් වෙන හැටි ජීවිතේ පුදුමාකාරයිකවුද කියන්නේ. මමඑහෙම දෙයක් නෑ, ජීවිතේ කොයි වගේද බලන්න ජීවත් වෙලමයි බලන්න ඕනිවටපිටාවක ලස්සන දකින්න නම් අමාරුවෙන් වුනත් කන්ද මුදුනටම නගින්න ඕනි, ඒත් කන්දක් තියෙනවනම් පල්ලමුකත් තියෙනවා කියන එක අමතක නොකරන තරමට නොවැටී ඉන්න පුළුවන්කම වැඩී.. අපේ, මගේ, ඔයාගේ, අරයගේ.. කොතනත් මමත්වය පිරිලා යද්දි අන්තිමට ඉතිරිය මොකක්ද කියලා අපිම දන්නේ නෑ, තැන් තැන්වල එකිනෙකාපරයා යෑමේ වුවමනාව.. මොනවටද. ගාල්ලට ගියොත් කියාවි මුහුද අපේ කියලා, නුවරඑළියට ගියොත් කියාවි ඈත පේන කන්ද අපේ කියලා, කොළඹ නම් කියාවි අපි කොළඹ කියලා, ඔක්කම සෙල්ලම් රියන් හයක් යටට යනකම්නේ.. එක එක අය එකක එක එක බැඳීම්, දෙමව්පියෝ, සහෝදරයෝ, යාළුවෝ, නෑදෑයෝ.. ඒ අතරන් තව එක විශේෂ බැඳීමක්.. ජීවිතේ ඉස්සරහට යද්දි අපිට හැමෝම එක්ක නවතින්න බෑ, අපි ඒ වෙනකොටත් එක්කෙනෙක් තෝරගෙන ඉවරයිනම්, ඒකයි කියන්නෙ අපේ තෝරාගැනීම ඉස්රම්ම එක්ක වෙන්න ඖනේ කියලා, ලෝකෙට පේන්න නෙවෙයි එකට ජීවත් වෙන්න,කෙල්ලො/කොල්ලො සීයකට ආදරේ කරන එක නෙවෙයි ආදරේ, තමන්ගෙ කෙල්ලට/කොල්ලට සිය විදියකට ආදරේ කරන්න පුළුවන්නම් ඒකයි ආදරේ එයාව සතුටින් තියන්න පුළුවන්නම් එච්චරයි... එක තැනක සහෝදරයෝ සහෝදරයො රංඩු වෙද්දි, තව තැනක සහෝදරයෝ නෑ කියලා දුක්වෙන අය ඉන්නවා.. අපිට ඕනි හැමදේම අපිට ලැබෙන්නේ නෑ ඒකයි ඇත්ත.. ඒ දේ නැතිවුනා කියලා ජීවිතේ එතනින් නවත්නිනේ නැ.. හ කෙනෙක් තමන්ගේ අම්මගේ/තාත්තගේ වියෝවෙන් දුක් වෙනවා තැනක අම්මා ළමයින්ව පාරේ දාලා ගිහින්, තාත්තා හවසට බීලා ඇවිත් ගහනවා කියලා ඒ දෙන්නා එක්ක වෛරෙන් ඉන්නවා,..ජීවිතේ වෙනස්, ඒ වෙනසට මූණ දෙන්න, ජීවිත්වෙන කාලේ හැමදේම කරන්න බෑ, සුදුසු දේ විතරයි කරන්න පුළුවන්.. කෙලින් ඉන්න පුළුවන් වෙලාවට කොයි තරම් වඳුරු බණ කිව්වත් වැටෙන වෙලාවට හැමෝම වැටෙනවා..මොනවා කිව්වත් ඕකනේ ඇත්ත.. තැන තැන ගිහින් අරයා මෙයාගේ වැරදි කියන්නේන නැතිව, අනිත් අය තමන්ගේ හොඳ කියන විදියට ජීවිත් වෙන්න පුළුවනිනම්, අනිත් අයගේ මතකයේ හොද විදියේ මතකයක් තියන්න පුළුවන් විදියට ඉන්න පුළුවනිනම් ඒකයි ලොකුම ජයග්‍රහණය,.. ලොකුවෙලා දොස්තර කෙනෙක් වෙන්න පුතේ, ඉංජිනේරුවෙන් වෙන්න පුතේ කියලා කිවව්ට කීයෙන් කීදෙනාද දොස්තරයා ඉංජිනේරුවො වෙන්නේ.. ඒත් හැමෝටම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න බැරිකමක් නෑ..විවිධත්වයක් තියෙන්නෝනි පැවැත්මකට.. අපේ ජීවිත කොහේටද ය්නනේ, කවුද ඒ ඇතුළෙ ඉන්නේ, කාවද එලියට දාන්නෙ කියන දේවල් අපිටමයි පාලනය කරන්න පුළුවන්.. ඩ්‍රයිව්න් ලයිසන් එක ගත්තාම වගේ ජීවිතේ ලැබුනාම... වාහනේ පදවද්දි ඒකේ වගකීම අපේ වගේ තමයි ජීවිතේ වගකීමත් අපිමයි දරන්න ඕනි.. පිදිය යුත්තන් පිදිය යුතුයි වගේම තමයි කැපිය යුත්තන් කැපිය යුතුයි..ජීවිතේ බැඳීම් ගොඩගහගන්න එක නෙවෙයි කරන්නෝනි.. හැම පුංචි බැඳීමකටම ආදරේ කරන එක..ප.ලි - හෙන දුකක්නේ පෝස්ට් 8,9ක් තිබ්බත් ඩ්‍රාෆ්ට් එකේ පෝස්ට් කරන්න එක්ක නෑ..ප.ප.ලි - ආයේ තව මාස 6කින් විතර එනකම් බායි වේවා...
|
BLOG
|
2014.04.23
|
http://shammiworld.blogspot.com/
|
2o14 Cyber Festival අපිත් ආවා බොලව්..
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්. :D කෝමෙයි විස්තර.කෝමෙන් හරි පරක්කුවෙලා වුනත් මෙදා සැරෙත් තිබ්බ සයිබර් සිහින බක්මහ උළෙලට ගිහින් ආවා, එදා ආව අයගෙනුත් භාගයක් හම්බවුනේ, නාව අය, කලින් ඉදන් අදුරන අය, අදුරන තවමත් දැකලා නැති අය, එදා නොදැකපු අය බලන්න වෙන්නේ, ඊළග සැරේ තමයි, හැමදාම වගේ මෙදත් සංවිධායක මණ්ලයේ උළෙල හරිම ලස්සනට සංවිධානය කරලා තිබ්බා, නම් වලින් කියන්න බෑ සේරමලා, ඕකකෝටම තැන්කූ කියනවා:Dඒ වගේම අනුග්‍රහය දක්වපු ඕෂනික් ගේම් ආයතනයටත් ස්තූතියි .. ලස්සන දවසක්, මගේම නොවෙන මගේම එවුන් එක්ක අවුරුද්දකට සැරය්ක දෙකක් හම්බවෙලා කතා කරන්න ලැබෙන, හීනියට මඩක්ගියපු ගමන් නෝට් වුන රජතුමාගේ කිට් එකසුදු මහත්තයා සයිබර් සිහින උළෙල පුරාවටමකොට්ටාපොර ගහන්න උත්සාහ කරන මාරයියාවාහන හොරකමේ යන සරම් බළකායහුරතල් කොට්ටපොරසයිබර් ෆෙස්ටිවල් සෙල්ෆි ඕකේ මම නම් නෑ :( හැබැයි මගේම අය සේරම ඉන්නවා.. :Dප.ලි - පින්තූර අයිතිය ඒ ඒ අය සතුයි :Dප.ප.ලි - කාලෙකින් ලියපු නැති නිසා දැන් දැන් ලියන විදියක් අමතකයි :(.
|
BLOG
|
2014.01.28
|
http://shammiworld.blogspot.com/
|
සිතුවිලි වෙනස
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
ටයිල් අල්ලා සැදූ මන්දිරයේ ඇති පහසුව නැතකටුමැටි ගසා තැනූ පැළක දැනුනේ..කඳුළු ගංගා මැදින් සිනහවආයාසයෙන් තමයි ඇඳුනේ..නොදැන දුක හිත තුළකොහොම නම් වටහා ගන්නේ...නිහඬබව තුල බිඳුණු පැතුමන්ලෝකයා නැත තවම දන්නේ..හිතේ තෙරෙපෙන හීන් ඉකිබිඳුමකාටවත් නැතිදෝ ඇහෙන්නේ...එපා හැඩීමට නුඹ යැයිපැවසීම නැත අවැසි වන්නේ..මා වෙනුවෙන්ම ආදරේ ඉපදුනුළයක් පමණයි ඕනේ වෙන්නේ...සතුට නොව හිමිකම් කියන්නටසැනසීම කොහේදෝ තියෙන්නේ.
|
BLOG
|
2013.12.26
|
http://shammiworld.blogspot.com/
|
Cyබර් මෙga bEaච් පාර්tY '13
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
හම්මියෝ....... කාලෙකට පස්සේ....ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/හරි... කෝමෙන් කෝමෙන් හරි කරලා ඔන්න 10ට පටන් ගන්න තිබ්බ බීච් පාර්ටියට උදේ 7ට ගියාලු, නොහික්මුණු ඇහැ, සුදු මාතියා, දිල් ස්පීඩි,බට්ටා, අපි සේරෝම අදාල තැනට ගියාම එතනින් තිළිණ මලයාත් එකතු වුනා.. එතනදි අසංක අය්යාව දැකලා කිසි කෙනෙක් ආන්න මුදියා ඉන්නවා මුදියා ඉන්නවා කීවේ නැතිලු :D කොහොමන් කොහොමින් හරි ටික ටික කස්ටිය එකතු වෙලා සතුටු සාමිචියේ යෙදිලා ඒම ඉද්දි, නැටි ඇල්ලීමේ තරඟයක් තිබ්බාලු, ඒකේදි නරි කණ්ඩායම සහ කපුටු කණ්ඩායම අවසන් වටයට පැමැණියත් නරි කපුටු ජාතකයේ (අර කේජු කෑල්ලෙ කතාව ඇ) අතීත කතා වස්තුව වෙනස් කිරීමට අදහස් නොවූ අපේ නරි පැටව්/පැටික්කියෝ ටික කපුටන්ට දිනුම දුන්නාලු ඇ ^_^ඊළඟට මුකක්ද පොලු කෑල්ලක් වටේ කැරකෙන තරඟයක් තිබුණා,ඒක බලන් නොහිටිය හින්දා වැඩි විස්තර නොදනී.. :3ආ හරි දැන් සදාචාර සම්පන්න විදියට සුපුරුදු මඩ දිහාට හැරෙමු ^_^+++++++++++++++++++++++++++++++තරියාතුමෝ මුහුදු වතුර ස්නානය කල, ඒ අසිරිමත් අවස්තාව..අඩවි රජා අවසන් වතාවට සිය ජංගමයත් සමග..සිතිවිලි හන්තානෙට දාන්න ක්ෂ්ද්‍ර ජීවින්ගේ පොටෝ ගන්න රන්දු..Any Body Can Dance (ABCD) හඳයා විත් නාඩියා..නයි සුරතල්.. භූමි අය්යා සමග චන්දන අය්යා..චන්දන වන්නම..සුදු මහත්තයා is@ මලක් කඩමින්මුහුදේ ගිය ජංගමය ගැන විස්සෝප වෙන අඩවි රජා..සාස්තර දුලාන්... :3ෆුට් බෝලෙන් රගර් ගැසීම..+++++++++++++++++++++++++++++ඔව්වා ඔයාලටම භාරයි පිංවතුනි... :3+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++දැනට මඩ අහවරයි පිංවතුනි... :Dබලාසිටි ඔබ සමට ස්තූතියි ^_^සැ.යු - පින්තූර වල අයිතිය ඒ ඒ අය සතුය -_-.
|
BLOG
|
2013.09.05
|
http://shammiworld.blogspot.com/
|
අපි අපේ නම්..!!
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
හම්මේ............ මාස 2 1/2ට පස්සේ ඔන්න ආයෙත් ආවෝ................. ^_^ (කොච්චර දවසකටද දන්නෑ ඇ) බ්ලොග් එකට ආවෙත් නෑ,අනිත් බ්ලොග් කියෙව්වෙ නැති එකටත් සමාවෙන්නෝනි, ඒ ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා,නම් වශයෙන් කියන්න බෑ,එක නමක් හරි මගඇරුනොත් ඒම බැනුම් අහන්නත් වෙයි.. හරි දැන් පෝස්ට් එකට,..........මේ මෝඩයෝ... මොකක්ද කිව්වෙ. ඔයා තරහින් වගේ ඒක ඇහුවේ මූණත් රතු කරගෙනම.. ඒක හරි ලස්සනයි හැබැයි.., කොහොම ඔය විදියට බලන්න පුරුදු වෙලාද මන්දා, ඇස් දෙකත් කරකවලා, ඇස් පිල්ලම් ගහන්නෙවත් නැතිව බලන් ඉන්න විදියට බයත් හිතෙනවා හැබැයි පුදුම තරම් ආදරේ හිතෙනවා, මට නම් හිතෙන්නෙම ඔයා මගේ ජීවිතේ ඇතුළටම එබිකම් කරනවා කියලා ඔය බැල්මෙන්ම.. නැහ්, මම මේ කියන්න හැදුවේ ඇවිද්දා ඇති නේද. කකුල් දෙකත් රිදෙනවා දැන්නම්.. හහ්, මගේ එක්ක ඉන්නවා නම් ඇවිදින්න වෙයි ඔයාට මීටත් වඩා, හොදද කොළඹ නෝනා.. මේ ඔය කොළඹ කතාව කියාගෙන එන්න එපා හරිද.. මමත් තරහින්ම කිව්වා.. ඔයාට නම් හිනා, මම කොළඹ තමයි, ඒ වුනාට චාරයක් නැතුව හැදිච්ච සංකර කෙල්ලේක නෙවෙයි හරිද, අපෝ හරි හරි.. මොකද ඉතින් තද වෙලා... ඒක කියන ගමන් ඔයා සද්දෙට හිනා වෙනවා... හ්ම්, හරි දැන් අපි කොහෙද යන්නෙ මේ, ඇයි දැන් ඔයාම නේද කිව්වෙ ඇවිදින්න එක්ක යන්න කියලා ඔයාව, ම්ම් ඔව්.. කිව්වා.. ඉතින් මේ ඇවිදිනවා තමයි, දැන් එනවා යන්න ඔතනට වෙලා හති අරින්නෙ නැතිව, මම ඇස් දෙකත් ලොකු කරන්ම ඔයා දිහා බලන් හිටියේ ඉල්ලන් කෑවා නේද කියලා හිතාගෙනම වගේ.. කෝම වුනත් තවත් තරහා ගස්සනවට වැඩිය නැගිටලා යන එක හොදයි, මම නැගිටලා දුවන් ඇවිත් අතේ එල්ලිලා ඔයාගේ මූණ දිහා බැලුවා, මොකෝ.... ඔයා ඇහුවේ නිකම් ගහගන්න වගේ.. හිනා වෙලාම අතත් අල්ලන්මම අඩි කීපයක් ඉස්සරහට ගියේ ඔයාගේ ලොකු අතට හිරවෙච්ච මගේ අත තවත් හිර කරගන්න ගමන්මයි.. මැරෙනකම්ම ඔයාගේ අත් දෙකට හිරවෙලා ඉන්න පුළුවන් වෙයි නේද මට.., නානාප්‍රකාර දේවල් හිත හිත තව තව ඒවා කියව කියව අපි පැය 4කට වඩා ඇවිදින්න ඇති, මගේ කරච්චලේ අහලා ඇතිම වෙලාද කොහෙද ඔයා කිව්වෙ දැන්වත් ඔය කියවිල්ල නවත්තනවා කියලා, මම තව ටිකක් තුරුල් වෙලා කියවන්න ගත්තේ තව තරහා ගස්සන්නමයි.. ඔයා මගේ මූණ දිහා බැලුවේ මේකිට කියලා වැඩක් නෑ කියන්න වගේ.. තරහා ගියාම හිනා වෙන එක තමයි මම ආසම ඔයාගේ..ඒ මේ.(මම ඇහුවා) ඔය මගේ දිහා බැලුවේ නිකම් ඒ සරේ මොකද කියලා අහන්න වගේ, කවදා හරි අපි බැන්ඳාම අපේ ළමයි ඔයා වගේ වෙන්න ඕනි.. (මම කීවේ හීන මවන ගමන්මයි) ඒ කිව්වේ. නෑ ඔයා සුදුයි ලස්සනයිනේ, ඉතින් ළමයි තාත්තා වගේ වුනාම එයාලත් ඔයා වගේ ලස්සන වෙයිනෙ, (ඔයා රවලා වගේ මගෙ මූණ දිහා බැලුවේ) මම තව ටිකක් ඇස චූටි කරලා ඔයාගේ මූණට එබුනා,ඊ ලගට ඔයා මොනවද කියන්නෙ බලන්න, ම්ම්,, නැ නැ, ළමයි ඔයා වගේ වෙන්න ඕනි, ගතිගුණ මගේ වගේ වුනාම ඇති ... ඇයි. හැයි නෙවෙයි, මගේ පෙනුම ඇවිල්ලා ඔයාගේ ගතිගුණ ආවොත් එහෙම ළමයිනුත් කියවන්න ගනී, ඊට පස්සෙ ඔයාගෙයි එයාලගෙයි සේරගෙම කරච්චලේ අහන් ඉන්න වෙන්නෙ අහිංසක මටනේ, (ඔයා මට නෝන්ඩියට වගේ එහෙම කියන ගමන් හිනා වෙනවා) මම හයියෙන් පාරක් ඔයාට ගහලා තල්ලු කරලා දැම්මා, ඔයා ආයෙත් මාව ලගට ඇදලා ගත්තේ මෙන්න මෙහෙට එනවා කියන ගමන්මයි...වෙලාව ගියා තේරුණේම නෑ, අපි කියව කියව අපේ ගෙදර ළඟටම ආවා,තේ එකක් එහෙම බීලා, අම්මයි තාත්තයි එක්ක කතා කරලා ඔයා යන්න හදන්නෙ, එක තත්පරේකට හැමදේම නතර වුනා වගේ, ඒ කියන්නෙ දැන් ඔයා යනවා, ආයේ තව දවස් දෙක තුනකින් දකිනකල් මට ඔයාව දකින්න වෙන්නෙ නෑ,බොළඳකම නෙවෙයි,ඒත් ඇස්වලට නොදැනිම කඳුලු පිරීගෙන ආවේ හෙට නැතිනම් අනිද්දා දවසක හම්බවෙනකම් ඔය අතේ එල්ලිලා රණ්ඩුවේවි කියවන්න හම්බවෙන්නෙ නෑ කියලා හිතුන නිසා,ඒක පිස්සුවක්, හැමෝම කියයි, ඔව්,මටත් එහෙම හිතෙනවා,ඒ වුනාට ආදරේ වැඩි ඕනවටත් වඩා ඔයාට,දැනෙනවද නැද්ද දන්නෙත් නෑ ඒත් ඒක ඔයාට., අපි රංඩු වෙනවා,දවසක් දෙකක් කතා නොකර ඉන්නවා,ඊට පස්සෙ ආයේ යාළුවෙනවා,ඒත් කවදාවත් ළඟින් ඉද්දි කොච්චර රංඩු වුනත් ඔයාවත් මමවත් ඒක දුර අරන් යන්නෙ නෑ,එක්කො මම ඔයාට නැතිනම් ඔයා මට පාරක් ගහලා ඒක එතනින්ම නවත්තනවා,ඒක නිසත් ඈතින් ඉන්නවට වඩා ළඟට වෙලා ඇස් දෙකට පේන මානයේ ඔයා ඉන්නවා නම් මම ආසයි, කමක් නෑ එක්කෝ, කවදහරි දවසක් එයි, සුබ ගමන් කියනවා වෙනුවට සුබ රාත්‍රියක් කියලා දෙන්නට දෙන්නා කියන්න පුළුවන් වෙන,තාත්තා මාව අතින් අල්ලන් එක්කන් ඇවිල්ලා ඔයාගේ අත උඩින් මගේ අත තියලා මාව ඔයාටම බාරදෙන,ටිකක් කල් යාවි, තවමත් රණ්ඩු කර කර ඉන්න පුංචි එවන් දෙන්නෙක්නෙ අපි..මැට්ටියේ... (ඔයා කතා කරා මවාගත්තු තරහින් වගේ) මම ඔයා දිහා බැලුවා ඇයි අහන්න වගේ, ඔයා බනිනවා හෝ ගාලා,කොයි ලෝකෙද මෙච්චර වෙලා හිටියේ මම දැන් කී සැරයක් ඔයාට මම ගිහින් එන්නම් කිව්වද කියලා, ඒ වෙද්දි අම්මයි තාත්තයි ආපහු එයාලගේ වැඩ වලට ගිහින් තිබ්බා, මම පැනලා ඔයාට තුරුල් වුනා, ආයේ කවද්ද මාව බලන්න එන්නේ.මාව හැමතැනම එක්කන් යන්නේ. කකුල් රිදෙනකම් ඇවිද්දව ඇවිද්දව. අව්වෙ පිච්චි පිච්චි. ඔයා හිමින් මගේ ඔලුව අතගාලා නළලටත් හිමින් හාදුවක් දෙන ගමන්, ඉක්මනට කියලා, මාවත් අතින් අල්ලන් ටික දුරක් ගිහින් මට ගිහින් එන්නම් කියලා යන්න ගියා,,ළඟින් ඉන්නම් හැමදාම,ජීවිතේ කොයි අතකට පෙරලුනත්,කොච්චර ප්‍රශ්න ආවත්,අපි අපේ නම්.
|
BLOG
|
2013.06.25
|
http://shammiworld.blogspot.com/
|
අවුරුද්දයිලු
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^හැබැයි පෝස්ට් 100ක් සම්පූර්ණ කරලා නෑලු :(මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, සුට්ටි ප්‍රශ්ණයකට තියෙන්නේ මේ ටිකේ බ්ලොග් එකට එන්න වෙන්න ඩිංගක් අමාරුයි (කම්මැලිකම නිසා) :Dඔන්න ඉතින්ම මුලින්ම බ්ලොග් ලෝකෙට ආරාධනා කරලා, බ්ලොගේ හදා දීලා,ටෙම්පලේට් එක පවා දාලා දීලා, ආආ ඒ විතරක් නෙවෙයි, මේ කියා ගන්න බැරි නමත් දාලා දුන්නෙ ඔක්කම මගේ සාදිරිස් තමයි :D ^_^ හලි, ඊටත් පස්සේ, මෙච්චර කාලයක් තිස්සේ මම ලියන ඒවා කියවලා, බ්ලොග් එකට ඇවිල්ලා, පේජ් එකත් ලයික් කරලා, ලියන ඒවට ක්මෙන්ට් කරලා, හොද නරක කියා දීපු ඔයාලා හැමෝටමත් ගොඩා......රියක් ස්තූතියි, මින් ඉස්සරහටත් පුළුවන් හැමවෙලාවකම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න එන්න හොදේඔන්න ඔය පහළින් තියන කොටුවෙ මම ගැනයි මගේ බ්ලොග් එක ගැනයි හිතෙන දේ කියලම ගියා නම්.
|
BLOG
|
2013.06.08
|
http://shammiworld.blogspot.com/
|
වටපිටාව....
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
ඈත පේන පරිසරයේ ලස්සන දකිද්දි,හිතට එනසැනසීම හරිම අමුතුයි, හිමීන් ඇවිත් හිතත් එක්කම හිරිවට්ටලා යන සීතලත් එක්කම එක එකමට්ටම් වලින් දුර පේන කදුයි තැනිතලයි, කොළ පාටින් පිරිච්ච ගස් අස්සෙන් ඉර රැස් එනහැටි දැක්කාම කියාගන්න බැරිව හිතේ තියන හුගාක් දේවල් කියන්න වගේ හිත දඟලන හැටිදැනෙනවා, ඒකත් හරි අමුතුයි නේද. ඒ අමුතුකම අස්සෙන්ම මට හිතුනේ මමත් මහ තේරුම් ගන්නබැරි අමුතුම කෙනෙක් නේද කියලා ආන්න, අර බලන්නකෝ අර ඈතින්මතියන කන්ද උඩ තියන කළු ගල ගාව කවුදෝ දෙන්නෙක් අත් අල්ලන් ඉන්නවා, ඔයා නම් කියයි ඒකෙල්ලෙකුයි කොල්ලෙකුයි කොටුවක් පැනලා කියලා, නෑ ඇයි වයසක දෙන්නෙක් වෙන්න බැරිද.අලුත බැදපු දෙන්නෙක් වෙන්නත් බැරි නෑ, සමහර විට මැරෙන්න හදන දෙන්නෙක්ද දන්නෙත් නෑඔතනින් පැනලා,ඔයා නම් හිනා වෙයි, ආ ඇයි. ඒකේ වැරද්දක් නැහැනෙ බබා, ආදරේ කරන්නඅවස්ථාවක් එන්නම ඕනිද. නිශ්චිත වයසක් තියද. ඒ දෙන්නා කවුරුම වුනත් ලැබිච්ච වෙලාවේසතුටින් ඉන්නවා ඇති, මොකද මෝඩයා මගෙ මූණ දිහා ඔහොම බලන්නෙ.. න්නැ, මගෙ මැට්ටි හරිපණ්ඩිතයිනේ.. ආ මේ එන්නකෝ,ඔයාට තව බඩුවක් පෙන්නන්න, අර දැක්කද. ඈතින් පේන ගස් ටික මේහුළගට ඒ මේ අතට නැවෙන හැටි, ඉතින්. ඉතින් නෙවෙයි මැටි අලේ, අන්න එහෙමයි, අපේ හිතත්අපි තියාගන්න ඕනේ, ගහක් වගේද. නෑ නෑ.. මොන දේ ආවත් නම්‍යශීලී විදියට ඒ හැමදේමවිදගෙන ඉන්න, අපි නම්‍යශීලි නොවුනොත් තමයි අපිට විදවන්න වෙන්නෙ, හැබැයි බබා ඕනවටත්වඩා නම්‍යශීලී වෙන්න ගියොත් ඒකත් ප්‍රශ්ණයක්, ඒ මුකෝ. මොකෝ අහන්නෙ. අර දැක්කද අරගහ කඩන් වැටුන හැටි. හප්පා, ඔව් නේන්නම්.. ඔයා හරි අපූරු ඉරියව්වකට ඇවිල්ලා ඒක කිව්වෙ, මට හිනත් ගියා,ලස්සන පොඩි දිග කළු ඇස් දෙක, හැම දුකක්ම අමතක කරලා දාන්න පුළුවන් ඔයාගේ හිනාව,ආදරේ කියන්නෙ ඔයා ළඟින් ඉද්දි දැනෙන ඒ අමුතුම සැනසීමටද මන්දා..මොකද. න්නෑ, මුකුත් නෑ, මම ඔයාට මොනදේ කීවත්, මොන දේවල් කියලා දෙන්න හැදුවත් මගේ හිත හැමවෙලාවෙම මට කියනවා මට ජීවිතේ කියලා දෙන්නෙ ඔයා කියලා, මට හයියක් වෙන්නෙ ඔයා කියලා, ඔයා ටිකක් හරි මගෙන් ඈත් වුනහම මහා හුඟක් දුක හිතෙන්නෙ මට ඒ නිසා වෙන්නත් ඇති.. බලන්නකෝ කුරුල්ලො ඉගිලෙන ලස්සන,එයාලගෙ පාඩුවෙ,නිදහසේ.. අපිටත් ඒ වගේ නිදහසක් තිබ්බා නම්.. දැන් මොකෝ ඉතින්. ඉගිල්ලෙන්න ඕනෙද ඔයාටත්. ඉගිල්ලෙන්න පුළුවන් වුනා නම් ඉගිල්ලෙනවා මමත්, අහස පුරා.......ම, ඉතින් ඔතනින් පැනලා බලනවා ඉගිල්ලෙන්න පුළුවන්ද කියලා, පැන්නත් මට තටු නැහැනේ. එහෙනම් ඉතින් කට පියන් ඉන්න එකයි ඇත්තෙ, හරි හරී........ මම බොරු තරහක් මවාගෙන එහෙම කීවට හිත ඇතුළෙන් පුංචි හිනාවක් ගියා, ඇත්තටම මේක නම් මහම මහ දඟ පැකට් එකක් තමයි කියලා.. දැන් අද දවසම මෙතන ඉදන් ගස් ගල් දිහා බලන් ඉන්නද යන්නෙ. ම්ම්, ඔව් ඇයි. අකමැතිද. අනේ මේ මට නම් බෑ ඔයාට ඕනේ නම් ඉන්න, තව චුට්ටක් ඉදලා යමු,කොහෙ ඉන්නද. ඔන්න වහිනවා.. අහ් අපොයි... මොකෝ. මොකෝ අහන්නෙ. මේ ගහ තිබ්බෙ නැති නම් ඉතින් අපි දෙන්නට ලස්සන පරිසරයේ යස අපූරුවට තෙමි තෙමි ඉන්න තමයි වෙන්නෙ. ඉතින් මොකෝ බබා වෙන්නෙ. චුට්ටක් තෙමුනා කියලා මුනාවත් වෙන්නෙ නැහැනෙ, අනේ මට නම් බෑ, ඔයාට ඕනේ එකක් මගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් දරණ ඔයාගේ හිතට මම මෙච්චර ආදරේ ඇයි මන්දා. වෙලාවකට මට එහෙමත් හිතෙනවා,ඔයා හිතන්නෙ ඒක නොගැළපීම කියලා වෙන්නැති,හැබැයි මට නම් හිතෙන්නෙ නොගැළපීම් තේරුම් අරන් එකට ඉන්න එක තමයි ආදරේ කියලා,කොහොමත් ඉතින් හරියටම කකුලෙ සයිස් එකට සෙරෙප්පු ගන්නවා වගේ, හරියටම ගැලපෙන කෙනෙක් මේ ලෝකේ නැතිව ඇතිනේ, ඔය හැමදේම එක තත්පරේට හිතට හිතන ගමන්ම මම ඔයාගේ මූණ දිහා බැලුවේ ඔයා මොකද කරන්නෙ කියලා බලන්න, ඔය සුදු මූණෙ හිත ඇදලා ගන්න තරමේ ලස්සන හිනාවක් ඇඳිලා ගියේ ඒක තේරිලාද මන්දා, මගේ පුංචි එකාහිනා වෙද්දිකැටයම් ගොඩයි මූණෙ , ඔයා මගේ ආදරේ නොවී මගේ පුතෙක් වුනා නම් කියලත් හිතෙනවා.. මොනවද කල්පනා කරන්නෙ.මදැයි, මෙච්චර වෙලා හීන ලෝකෙ,, නෑ, දුවගෙන ගිහින් වැස්සෙ තෙමෙමුද. මේ කෙල්ලට නම් විකාර, ඔයාගේ ඒ වචන ඇහුනම මට හරි අමුතු ආඩම්බරයකුත් ආවා, වෙලාවකට ඔයත් මට තාත්තා කෙනෙක් වගේ නේද කියලා හිතුනා.. අර දැක්කද. ඔයාගේ කටහඩින්ම මම ගැස්සිලා ගියා,, මොකක්ද. අර බලනවා මැට්ටි දේදුණ්නක්, හානේ... ඔව්මයි,, ලස්සනයි නෙද්. ලස්සන නිසානේ පෙන්නුවේ, වචනයක් වරදින්න බැහැනෙ ඇත්තටම..බොරු ඔරොප්පු මූණක් මවාගන්න ගමන්ම මම එහෙම කිව්වා, ඔයත් මට ඇද කරලා හිනා වෙලා දේදුන්ණ දිහා බැලුවා, ඔයත් හරියට දේදුණ්නක් වගේ, වැහලා වැහලා ඉවරවෙච්ච මගේ ජීවිතේට කොහෙන්දෝ ඇවිත පායලා ලස්සන කරපු, කවදාවත් මැකිලා යන්න නම් එපා, දේදුන්ණෙ ලස්සන විතරක්ම දීලා ළඟින් ඉන්න.. මම විනාඩි දෙක තුනක් කොහෙදෝ අතරමංවෙලා ඉද්දි, ඔයා මගෙ දිහා රවාගෙන බලාගෙන ඉන්නවා,හප්පොච්චියේ හොදටම තරහා ගිහින් වගේ, මම හිනා වෙලාම ඇයි කියලා ඇහුවෙ ටිකක් ශේප් කරගන්නත් එක්කමයි, දැන්වත් යමුද කරදරකාරි.. ඔයා හරිම ඉක්මනට කූල් වෙලා ඒක ඇහුවෙ, යමු යමු,වැහැලත් ඉවරයිනේ..නැතිනම් ආයේ මේ ගහ යටට වෙලා ඉන්න වෙයි.. ඒක කියන ගමන්ම මම ඒ ලොකු ගහ දිහා බැලුවා, මෙච්චර වෙලා අපිව නොතෙමී තියාගෙන හෙවන දුන්නට ස්තූතියි, මේ තරම් වැහැලා හැමතැනම මඩ වෙලා තියෙද්දි, අපි දෙන්නා නොතෙමී හිටියෙ මේ ගහ හින්දනේ, එහෙම හිතන ගමන්ම අපි යන්න පටන් ගත්තා, ටිකෙන් ටික අපි ඒ ලස්සන පරිසරයෙන් ඈත් වුනා.. කෙල්ල, පොඩ්ඩක් ඉන්න.. ම්ම්, ඇයි. අර.. ඔයාට මතකයි එහෙනම්.. නැතුව. මතකද දවසක් ඔයා කිව්වා කවදමහරි මේ වගේ තැනකට ඔයාව එක්කගෙන එන්න කියලා.. .. ඔන්න දැක්කද. ඔව්, මං ආසයි..... මේ වගේ තැනක ගෙයක් හදමුද. මෙහෙම වටපිටායක් තියන. මේ කෙල්ලට පිස්සුද. එහෙම වුනාම ඉදලා හිටලා දකින මේ පරිසරේට තියන ආසාවත් නැති වෙනවා..,, එහෙම වෙන එකක නැති වෙයි, මම ආසයිනේ.. ඔයා හිතනවා ඇති මම මොකට මේ වගේ තැන්වලට ආසයිද කියලා, පුංචිකාලේ ඉදන් දැක්කෙම කොන්ක්‍රීට් කැලෑව, ඒත් පෙර පුරුද්දකටද මන්දා මම ආස කරන්නෙම මේ වගේ තැන් වලට..,ජීවිතේ නිදහස විඳින්න පුළුවන් මෙහෙදි,, කවදාහරි මම මෙතන ලෑලි ගෙයක් හරි හදනවා, ඒ ආසාවත් හිතේම තද කරන් අපි ගෙදර එන්න ආවා.
|
BLOG
|
2013.05.19
|
http://shammiworld.blogspot.com/
|
සියදිවි හානි කරගත්තා ඇය
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
බඩගිනි කීවාහිතේ සතුටක් නැතිවබඩට කෑම වැඩක් නෑ කීවාබලෙන්ම කැව්වත්බත් කටත් බත් කටක් ගානෙමහිතේ වේදනාව කඳුළු කැට වෙලාකම්මුල් දිගේ ගලාගෙන ගියානොකා ඉන්නවටත් බැනුම් ඇහුවාබඩගිනි තමයිහිතේ සතුටක් නැතුව බඩට කෑම වැටිලා මොකටදඒකයි ඇයගේ ප්‍රශ්නෙකුත් නොවුන උත්තරය වුනේසතුට හෙව්වා ඇයටිකින් ටික ලොකු වෙද්දිඇයගෙන් ඈත් වෙලා ගියපු හිනාව හෙව්වාආදරේ හෙව්වා ඇයකාගෙන්වත් නොලැබුණු තරම්හැමෝටම වැඩිය තමන්ව වටිනවා කියලා හිතන කෙනෙක්ඇය වෙනුවෙන්ම විතරක්තමන්ගෙ ඇස් ඉස්සරහා කඩා වැටුණුඇගේ ලෝකය හදාගන්න ඇය උත්සාහ කරාහැමදේම කාලෙකදි හරිගියාහැමදේමඒත්....පුරුදු විදියටමටික කාලයක් යද්දිජීවිතේ පුරුදු විදියටමඇයව සරදමකට ගත්තාඅඩලා හෙම්බත් වුණ ඇයවේදනාවෙන් මිරිකුනු ඇයඉවසීමෙන් මහන්සියට පත්වුණු ඇයකඩාගෙන වැටුණාතමන්ගෙම ජීවිතය ඉස්සරහාතීරණයක් ගත්තා අන්තිමේදිඅවසානයක් දකින්නහැමදේකමහ්ම්ම්ම්ම් ඔව්සියදිවි හානිකරගත්තා...අන්තිමට ඒකටත් වැරදිකාරි වුනේ ඇයමයි..ඒත් ඇගේ පැත්තෙනුත් හිතුවා නම්ඇගේ හිතේ තිබුණු දේ දැනගන්න තිබ්බාතමන්ගෙ ජීවිතේ බෙදාගන්න,සතුට බෙදාගන්න,දුක කියන්නතමන්ගෙ මූණට හිනාවක් අරන් ළගින් ඉන්නළග ඉදන් සැනසෙන්න, සනසවන්න තරම්හැඟීමකින් බැඳුණු බැඳීම් ඔක්කම නැති වුනායින් පස්සෙඋපාධි අරන්, සල්ලි හොයලා, මැරෙණකම් රස්සාවක් කරලා,ගෙවල්, වාහන, වතුපිටි අරන් දේපළ තියාගෙන මොකටද..සියදිවි හානිකරගත්තෙ වෙන මොකටවත් නෙවෙයිදුක්ඛිත භවයක අවසානයසතුටක් නැතත් අඩුම තරමින් සැනසීමෙන් ඉන්න පුළුවන්තවත් භවයක ආරම්භයක් වේවි නේද කියලා.මේ ලෝකෙ හොද අය දෙන්නයිඑක්කෙනෙක් මිය ගිහින්අනිකා තවමත් ඉපදිලා නෑදැන් මමත් ඒ දෙන්නගෙන් කෙනෙක්.
|
BLOG
|
2013.05.14
|
http://shammiworld.blogspot.com/
|
මතක් වේවිද?
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
හිතෙනවා දුරකට යන්නනුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇතිආදරෙත් හංගගෙන යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹටයන්නම් මම මතකයක් පමණක්ම වී නුඹටකොහොමද තවත් වදයක් වෙන්නේආදරෙත් නෑනේ නුඹ මටසමහර විට නුඹ මගේ මතයකටවත් ආදරේ කරාවීමතකයේ හිටියොත් මම ඒකත් ඇතිනේ මුකුත් නැති මටඉතින් යන්න තරම් හිත හයිය නැති වුනත් යන්න හදන්නේඉන්නවට වඩා යන එක හොදයි මමමට නෙමේ නුඹටඑළවන එළවන තරමට ආයෙත් ළගටම එන්න කෙනෙක් නැති වෙයි මින්පස්සේහිත සතුටින් නුඹ ඉන්නපුළුවන්නම් මතකයක් පමණකවත් හිතේ ලියාගන්නමතකයේ තියාගන්නමම කවදටත් නුඹටමහ ගොඩක් ආදරය කරන බව..ගිය දවසට මතක් වේවි ද නුඹටකරදරයක් වෙවී ළගට වෙලා කියවපු හැටි මමයන්න කියලා එළෙව්වමත් ආයේ දුවන් ආපු හැටිමොකක් හරි මෝඩ වැඩක් කරලා ඔයාගෙන් බැනුම් ඇහුවාමසමාව ඉල්ලපු හැටිඔයා තරහා වුනාම බලෙන්ම යාළු කරගත්තු හැටිමතක් වේවිද නුඹට,, ළගට වෙලා හිටපු හැටි මම..දවසක ආපහු හැරිලා බැලුවාම ජීවිතේ දිහා,, පාළු හිතේවිද. මම නැතුව.
|
BLOG
|
2013.05.11
|
http://shammiworld.blogspot.com/
|
අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන්, මගෙන්..
|
ශම්මිගේ සිහින ක්ෂිතිජය
|
සියල්ලන්සමගම සිනාසෙන්නකිසිවෙකුටත්වරදක් නොකරන්නකාහටත්නොරිදවන්නධර්මයෙන්ජීවත් වන්නසෑමවිටකම සතුටින් ඉන්නඅනන්‍යයන්ටදසතුට පතුරවන්නකියාඔවදන් දුන්නෙ ඔබයි අම්මා මගේ දයාබර..අප්‍රතිහතධෛරය හා නොපසුබස්නා උස්සාහය තුළින්තමඉලක්ක කරා ළගා විය හැකි බව කියා දුන්නෙ ඔබයි මට..සතුරාටවුවත් අපව අවශ්‍යය වූ විට සත්කාර කළ යුතු බව පවසාමාතුළ ගුණධර්ම දියුණු කෙරුවේ ඔබයි..ගසක්නම් හදුනාගත හැකි වන්නේඑයලබා දෙන ඵලයෙනි...මිනිසෙකුනම් හදුනාගතහැකි වන්නෙ ඔහුගේ ගතිගුණ හා ක්‍රියාවෙනියන්න, මා හට වටහා දුන් මගේ ආදරණීයඅම්මා ඔබයි..අම්මයි චූටි ශම්මියි ^_^.
|
BLOG
|
2014.07.21
|
http://www.nishuoc.blogspot.com/
|
සොඳයි පරකාස ලක මීමුරේයා
|
nishuoc
|
ඉතින් යාලුවනේ... කාලෙකට පස්සෙ වටිනා දෙයක් මගේ බ්ලොග් රසිකයින්ට දෙන්න හිතාගෙන මම ගියා ලංකාවේ සුන්දරම ගම්මානයකට. මීමුරේ. මීමුරේ කිව්වම ගොඩක් දෙනෙකුට මැවෙන්නේ දුෂ්කර ගම්මානයක්. මීට දශක කීපයකට කලින් ඒ කියමන සත්‍ය උනත් අද වනවිට මීමුරේ අතිදුෂ්කර ගම්මානයක් නෙවෙයි. හැබැයි ගැමි සුන්දරත්වයේ නම් අඩුවක් දකින්න නෑ.මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම මහනුවර මහියංගනය මාර්ගයෙන් (A26) හුන්නස්ගිරිය නගරයට යා යුතුයි. මහනුවර සිට හුන්නස්ගිරියට දුර කි. මී 44ක් පමණ වෙනවා. ඒ අතර ඔබටලේවැල්ල, තල්වත්ත, තැන්නෙකුඹුර, නටාරම්පොත, කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, බලගොල්ල, දිගන, තෙල්දෙනිය, මොරගහමුල, මැදමහනුවර, බෝමුරේ වැනි නගර හමුවේවි.හුන්නස්ගිරිය නගරයේ ඉඳන් මීමුරේ ගම්මානයට තවත් කි. මී 30ක් පමණ තියෙනවා. ඒ දුර යාමට සිදුවන්නේ වෑන්රථයකින්. ඒක තමයි ගමේ පොදු ප්‍රවාහන සේවය. නැතිනම් ත්‍රීරෝද රථයකින් වුවත් යා හැකියි. ඒ සඳහා රු. 2000/- ක පමණ මුදලක් අය කරනවා. ගම්මානයේ දින කිහිපයක් ගතකිරීමට යන ඔබ ඊට අවශ්‍ය කලමනා හුන්නස්ගිරිය නගරයෙන් රැගෙනයාමට අමතක කරන්න එපා.පහළ වම් ඡායාරූපයේ තියෙන්නෙ, මහනුවර-මහියංගනය මාර්ගයේ ඉඳන් මීමුරේ ගම්මානයට යන මාර්ගය පටන්ගන්නා තැන. මැද ඡායාරූපයේ තියෙන්නෙ, මඟදී හමුවෙන නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය. මෙතැනින් රු. 30/- ක ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ඔබට පුංචිලෝකාන්තය නැරඹීමට යා හැකියි. ඒ සඳහා කි. මී. 1.25ක දුරක් ඇවිදයාමට ඔබට සිදුවෙනවා. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ ලූල්වත්ත තේකඩේ. පැය දෙකකට අධික දුෂ්කර ගමනක යෙදෙන මගීන්ට තේ කෝප්පයක් බී වෙහෙස නිවා ගැනීමට මේක කදිම ස්ථානයක්. ඔය පේන කොලපාට වෑන් එකේ තමයි අපි ආවේ. මීමුරේ යන වෑන් එකේදී මට හමුවුනා අපූරු ගැමියෙක් . මේ ඉන්නේ උන්දෑ...මීමුරේ ජන ජීවිතය, අතීතය වගේම මීමුරේටම ආවේණික ජනකවි කීපයක් අපිඋන්දැගෙන් ඉගෙනගත්තා.එපිට කොනට කළු පානා කැලේයාමෙපිට කොනට ලග්ගල මී මුරේයාදෙසිය දෙකක් උස ඇති ගෝඹරේයාසොඳයි පරකාස ලක මී මුරේයාමීමුරේ හා ඒ අවට ගම් වැසියන්ගේ ජීවිත හරිම සරලයි. අහිංසකයි. අහස උසට පොදි බැඳගත් බලාපොරොත්තු ඔවුන් තුල නෑ. ඒ නිසාම කොළඹ ඇත්තන්තුල තියෙන මානසික පීඩනය ඔවුන්ගෙ ජීවිතවල දකින්න නෑ.මීමුරේ මොනවද බලන්න තියෙන්නෙ. සමහරු අහන ප්‍රශ්නයක්. විඳින්න... ගැමි සුවඳ... පරිසරයේ සුන්දරත්වය... ඇහුම්කන් දෙන්න.. ගැමියන්ගේ හද ගැහෙන රාවයට. ඒ හැර ප්‍රදර්ශන කුටි සහිත සංචාරක පුරවරයක් බලාපොරොත්තුවෙන් නම් මීමුරේ යන්න එපා.මේ බලන්න.. මීමුරේ යන අතරමග මගේ කැමරාව ක්‍රියාත්මක වුනු ආකාරය. හරි දැන් අපි ඉන්නේ මීමුරේ ගම්මානය අබියස. මීමුරේ ගම්මානයේ පවුල් 120ක් පමණ ජීවත්වෙනවා. නවාතැනක් සොයාගැනීම අමාරුවෙන එකක් නෑ. මීමුරේ වැසියන් ආගන්තුක සත්කාරයට කැමතියි. ගම් වැසියෙකුගේ ගෙදර ඔබට නවාතැන්ගත හැකියි. එසේත් නැත්නම් මෙවැනි කඳවුරක් තුල රැය පහන් කිරීමටත් පුලුවන්.දකුණු ඡායාරූපයේ තියෙන්නේ, අපි නවාතැන්ගත් වීරකෝන් මහතාගේ ගෙදර. දුකේ බැරිය ඇස ඇරලා බලන්නටසැකේ බැරිය පද කරලා කියන්නටබයේ බැරිය කළු ගල මත නගින්නටලකේ ගල සොඳයි දාගැබ බඳින්නටමේ තියෙන්නේ ඒ කියන ලකේගල. නැගෙනහිර මුහුදේ නාවික ගමනාගමනයේදී ගොඩබිම හඳුනාගැනීමේ ඉලක්කයක් විදියටලකේගලභාවිතාකරල තියෙනවා.ඒ වගේම බුදුරජාණන්වහන්සේගේ ප්‍රථමලංකාගමනේදී ලකේගල මත පාද ලාංඡනය පිහිටුවා ඇතිබව කියැවෙනවා.ලකේගලට අමතරව ඇඳිරිගල, හිරිගල්පොත්ත, දොතලුගල, කලුපහන, වමාරපුගල.....ආදී තවත් නකල්ස් වනාන්තරයට අයත් ගල් හා කඳුවැටි රාශියකින් මීමුරේ වටවී තියෙනවා.මීමුරේ සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ඇතැයි දැනගැනීමට ලැබුනා. ඇතැම් අය සඳහන් කලේ රාජ උදහසට ලක්වී පිටුවහල් වූ ජනතාව මී මුරේ පදිංචිකරුවන් වූ බවයි. තවත් තැනක කියවුනේ මීගස් බහුලව තිබූ නිසා එයින් මීමුරේ නම සෑදුනු බවයි. තවත් ජනප්‍රවාදයකට අනුව, අනුරාධපුර රාජධානි සමයේ රහතන්වහන්සේලා පිරිසක් සොයාගැනීමට ගේඳුරුවා නැමැති වැදිනායකයෙක් පිටත් වී ගොස් තිබෙනවා. ඔහුගේ සහයට ගිය පිරිසට වඩනහලු, රන්දුනුවා සහ කහටගහමුරා යන තිදෙනාත් අයත්වී තිබෙනවා. ඔවුන් මීමුරේ ආශ්‍රිතව ගම්මාන පිහිටුවාගෙන පදිංචිවී තිබෙනවා.මීමුරේ කියන්නේ රාජකීය ඉතිහාසයක් ඇති ගමක්. සිංහල රාජධානියේ අවසාන සමය ගැන ඔබ අසාතැතුවාට සැකයක් නෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බේරී පලායාමට සැලසුම්කර තිබුනේ මීමුරේ ගම්මානයට. ගමට ඇතුල්වන තැන "රූප්පේ" නම් මංකඩ 4ක් ඉදිකර නැවතීම සඳහා නිවසක්ද ඉදිකර තියෙනවා. උඩ වලව්ව නමින් ගැමියන් හඳුන්වන එම නිවස අදත් දැකගැනීමට හැකියි. මේ තියෙන්නේ එම රාජකීය පැල්පත මගේ කැමරාවේ සටහන් වූ ආකාරය. රජතුමා මුලින් තමන්ගේ බිසවන් දෙදෙනෙකු ගමට පිටත් කර එවා තියෙනවා. ඔවුන්ගේ ස්නානය සඳහා වෙන්වුනු "කටුපඳුරේ ලිඳ" නම් ස්ථානයක්ද ඇතැයි දැනගැනීමට ලැබුනා. කෙසේ නමුත් රජතුමා මෙම ස්ථානයට පළා ඒමට පෙර සුද්දන්ගේ ග්‍රහනයට හසුවූබව ඉතිහාසයේ සඳහන්වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානය හිමි නොවූ නිසාදෝ අද මේ නිවසේ ගැමි පවුලක් පදිංචිවී සිටිනවා.මේ ඉන්නෙ රලමන්. ඔහු තමයි උඩවලව්වට යන පාර පෙන්නුවේ. රනමන් මීමුරේ ගැමියාගේ ජීවන කැඩපතක් කියා මට හිතෙනවා. ඔහු අහිංසකයි. ඔහුගේ හිනාව නිර්ව්‍යාජයි. දවස පුරා කය වෙහෙසා වැඩ කරන ඔහුට කොළඹ ඇත්තන්ට තියෙන ලෙඩ රෝග නම් නැතුව ඇති. දවස පුරා AC කාමර වල පරිගණක අස්සේ හිරවී සිටින අපිට වඩා රලමන් කොච්චර පෝසත්ද කියල මට හිතුනා.සමුගන්න කලින් තව එක වටයක් මීමුරේ ගම හරහා යමු. එන්න මාත් එක්ක. සූරිය අරණ චිත්‍රපටියට පසුබිම්වුනු ප්‍රදේශත් මේ රූප වල තියෙනවා. අවසාන වශයෙන් එක දෙයක් මතක් කිරීමක් කරන්නම්. දින කීපයක් මීමුරේ සංචාරය කරන අපිට වඩා මේ පරිසරය අයිති ගැමියන්ට. සතුන්ට. ඒ වගේම එකම ඉල්ලීමකුත් කරන්නම්. පොලිතීන්, කැළිකසල ආදිය දමා මේ ස්ථාන අපිරිසිදු කරන්න එපා. ඉතිරි කරන්න ඔබේ දරුවාටත් දැකගැනීමට මීමුරයක්. ගිහින් එන්නම්. සුබ දවසක්.
|
BLOG
|
2014.02.18
|
http://www.nishuoc.blogspot.com/
|
සැඟවුනු උමඟක් සොයා ගිය ගමනක්!
|
nishuoc
|
කාලෙකට පස්සෙ හමුවෙලා අද මම හිතුවා ඔයගොල්ලන්ව මහනුවර ප්‍රදේශයට එක්කගෙන යන්න. මහනුවර කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ දළදා මාලිගාව. එහෙම නැත්නම් පේරාදෙණිය මල්වත්ත. තවත් අය පිළිමතලාවෙන් හැරිල ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ දේවාලය යන සිද්ධස්ථාන ත්‍රිත්වය වන්දනා කරනවා. මේ හැරුනාම සාපේක්ෂව ගත්කල අඩු සංචාරක ආකර්ශණයක් ලැබෙන තැනක් ගැන අද මම කතා කරන්න හිතුවා. ඒ තමයි දෙගල්දොරුව විහාරය. දෙගල්දොරුව විහාරය ගැන බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල තීරණය කල පලවෙනි සිදුවීම මේකයි.මම ගොඩවැදුනා මහනුවර දළදාමාලිගයට හූවක දුරකින් තියෙන කඩමණ්ඩියකට. දෙගල්දොරුවට යන පාර මම දැනගෙන හිටියා. ඒත් ඒක තහවුරු කරගන්න ඕන නිසා මම මුදලාලිගෙන් ඒ ගැන ඇහුවා. "මෙහෙ නෙවෙයි මහත්තයා දෙගල්දොරුව තියෙන්නෙ. ඒකට යන්න ඕන පිළිමතලාවෙන් හැරිලා..." ඔන්න මට ලැබුනු පිලිතුර. නුවර වැසියනුත් නොදන්නවා නම් ඒ ගැන දැනුවත් කරල බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල මට හිතුනා.දෙගල්දොරුව රජමහා විහාරය පිහිටල තියෙන්නෙ මහනුවර ඉඳල කි. මී. 6-7 ක වගේ දුරකින්. මේ තියෙන්නෙ සිතියම.මහනුවර ඩී. එස්. සේනානායක වීදිය (A9 පාර) ඔස්සේ කි. මී. 2ක් පමණ ගිය තැන වේවැල්පිටිය ක්‍රීඩා භූමිය හමුවෙනවා. එතැනින් ධර්මාශෝක මාවත ඔස්සේ ධර්මාශෝක හන්දිය වෙත ඔබ ගමන් කල යුතුයි. එතනින් සුලු දුරක් ගියවිට මහවැලි ගඟ හරහා වැටුනු පාලමක් හමුවේවි. පාලම පසුකර දකුණට හැරී ටිකක් තැන් ගිය විට මේ පෞරාණික විහාරස්ථානය හමුවෙනවා.කීර්ති ශ්‍රී රාජසිංහරජතුමාවිසින් මෙම විහාරස්ථානය ගොඩනැගීම ආරම්භ කල අතර රාජාධි රාජසිංහ රජතුමා විසින් මෙහි වැඩ නිමකොට මොරතොට ධම්මබුද්ධ හිමිට පූජාකල බව සඳහන්වෙනවා.ඒ ක්‍රි:ව 1786 තරම් ඈත අතීතයකදී.මෙම ලෙන් විහාරය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන බව දැන ගැනීමට ලැබුනා.මෙහි ඇති චිත්‍ර මහනුවර යුගයේ සිතුවම් කලාවේ උච්චතම අවස්ථාවක් නිරූපණය කරනවා.දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රමුඛ දෙවරගම්පල සිල්වත් තැන, හිරියාල නයිදේ සහ නීලගම පටබැඳි ආදීසිත්තරුන් විසින් සිතුවම් කල මෙහි චිත්‍ර අතර වෙස්සන්තර ජාතකය, මහා සුතසෝම ජාතකය, සන්තුභක්ත ජාතකය හා මහා සීලව ජාතකය, මාර පරාජය, පොලෝ මහී කාන්තාව, සදිව්‍ය ලෝකය, සූවිසි විවරණය ආදී චිත්‍ර දැකගැනීමට හැකියි.මේ තියෙන්නේ දෙගල්දොරු විහාරයේදී මගේ නෙත ගැටුනු දසුන් පෙලක්.මේ මැද සේයාරුවේ දැක්වෙන්නේ පිහිටි ගලෙන්ම නිර්මාණය කර තිබූ සැතපෙන බුද්ධ ප්‍රතිමාව. මේ ඡායාරූපයේ ඉන්නේ විහාරාධිපති හිමියන්. මට මේ බ්ලොග් ලිපිය ලිවීමට නිමිත්තක් සපයපු දෙවැනි කාරණය පෙන්වා දුන්නේ උන්වහන්සේ. ඒ රහස් උමඟක්. දෙගල්දොරුව විහාරයේ බුදුගෙයට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. උන්වහන්සේ සඳහන්කරපු ආකාරයට අතීතයේ මෙය දඹුල්ල දක්වා විහිදී පැවතුනා(ලු). නමුත් වර්ථමානයේ මෙය සම්පූර්නයෙන්ම වාගේ වැසී පවතිනවා. පහතින් තියෙන්නේ මගේ කැමරා කාචයේ සටහන් වුනු උමගේ සේයාරූ කීපයක්.වම් ඡායරූපයේ රතුපාට කවයකින් දක්වල තියෙන්නේ ඒ උමඟ. ඊලඟ වතාවේ මහනුවර සංචාරය කරන ඔබට මේ සුන්දර ලෙන් විහාරය වන්දනා කරන්නැයි මම ආරාධනා කරනවා. ඒ වගේම, මේ විහාරය ගැන කොළඹ ඇත්තන් දැනුවත් කරන්නැයි විහාරාධිපති හිමියන් මගෙන් ඉල්ලා සිටියා. මේ බ්ලොග් ලිපිය තුලින් උන්වහන්සේගේ ප්‍රාර්ථනය ඉෂ්ට වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
|
BLOG
|
2013.10.24
|
http://www.nishuoc.blogspot.com/
|
ලංකාවේ හරි මැද සොයා යමු!
|
nishuoc
|
මම මෙතෙක් ලියපු චාරිකා සටහන් වලට මගේ බ්ලොග් රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, අනුරාධපුර, මාතර, කතරගම, නුවරඑළිය වගේ චාරිකා සටහන් වලට. ඉතින් මම අදත් ඔයගොල්ලන්ව එක්ක යනවා සුන්දර මාතලේ පුරවරයේ සංචාරයකට.කොළඹ සිට මාතලේට ලඟාවිය හැකි මාර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් අපි තෝරාගත්තේ පේරාදෙණිය-කටුගස්තොට හරහා මාර්ගයයි. A1 මාර්ගය ඔස්සේ පේරාදෙණිය හන්දියට ගමන් කල අපි එතැනින් ගන්නොරුව පාරට හැරී එතැනින් ගොහාගොඩ පාර ඔස්සේ කටුගස්තොටට පැමිණියා. එතැන් සිට කි. මී 20ක් පමණ උතුරින් මාතලේ නගරය පිහිටා තිබෙනවා. ගමනේ මුලු දුර කි.මී. 140ක් පමණ වෙනවා.දැන් අපි ඉන්නේ මාතලේ නගරයේ. මාතලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක්වෙන්නේ අළුවිහාරය. ඒ හැරුණුකොට මාතලේ අවට නැරඹිය හැකි වෙනත් තැන් තිබෙනවාද. තිබේ නම් ඒ මොනවාද. මේ සිතියම ඒ ගැටලුවට පිලිතුරු සපයාවි.රිවස්ටන්මාතලේ ඉඳන් කි. මී 28ක් පමණ දුරින් රිවස්ටන් පිහිටා තිබෙනවා. රිවස්ටන් කියන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් කඳු පංතියට අයත් සුන්දර කන්දක්. ඒ වගේම සුළං කපොල්ලක්. මාතලේ ඉඳන් රිවස්ටන් යන ඔබට හමුවෙන එකම ප්‍රධාන නගරය තමයි රත්තොට.රත්තොටඉඳන් රිවස්ටන් දක්වා වූ කි. මී 15 ක පමණ දුර යන්න තියෙන්නේ බොහොම පටු පාරක. පළල් වාහන දෙකක් මාරුවීම ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනෙ. මේ ඡායාරූපයේ තියෙන්නේ රිවස්ටන් කන්ද මුදුනේ පිහිටා ඇති ටෙලිකොම් කුලුන. එතැනට ලඟාවීමට ඔබට කිලෝමීටරයක පමණ දුරක් පාගමනින් ඇවිද යාමට සිදුවෙනවා.පහලින් තියෙන්නේ ඒ අතරමඟ ඔබේ නෙත ගැටෙන සුන්දර දසුන් කීපයක්.පිටවල පතන (දික් පතන)රිවස්ටන් ඉඳන් කි. මී. 6ක දුරක් ගෙවා ඔබට පිටවල පතනට ලඟාවෙන්න පුලුවන්. නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් පිටවල පතන පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 865ක් උසින්. සදාහරිත වනාන්තර සහ නීල දිය දහරා වලින් පෝෂිත දුම්බර මිටියාවත වසා පැතිරුනු නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුලදී ඔබට ලංකාවට ආවේණික ශාඛ හා සත්ව විශේෂ රාශියක් දැකගැනීමට හැකිවෙනවා. පිටවල පතන කෙලවර ඇති කුඩා ලෝකාන්තය නැරඹීමටත් මේ ස්ථානයට එන කිසිවෙකු අමතක කරන්නේ නෑ. ඒ සඳහා රු. 28/- ක ටිකට් පතක් ලබාගන්නා ඔබ කිලෝමීටරයකට අඩුදුරක් පාගමනින් ඇවිද යායුතු වෙනවා.ඔබට දැන් ස්නානය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම්, මෙතැන්සිට කි.මී 4ක් දුරින් පිහිටි තෙල්ගමු ඔය ඊට කදිම ස්ථානයක්. ඒ වගේම මෙතැන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට කි. මී 42ක් දුරක් ඇති බව දැනගැනීමට ලැබුනා.මාතලේ අළුවිහාරයමාතලේ නගරයට ඉතා ආසන්නයේ ඇති අළුවිහාරය බෞද්ධයන්ට කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසු වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත්තේ මෙම විහාරයේදී. මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවත් උන්වහන්සේලා අවුරුදු තුනකුත් මාස තුනක් පුරා මෙම කාර්ය්‍ය සිදු කර වෙසක් පොහෝ දිනයකදී අවසන් කල බවත් දැන ගැනීමට ලැබුනා. එමෙන්ම පස් වැනි ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද මාතලේ අළුවිහාරය කේන්ද්‍රකරගෙන.මෙහි ඉදිරිපස ගල් ලෙන ආසන්නයේ මෙසේ සඳහන් පුවරුවකුත් දක්නට ලැබුනා."ථේරවාදී හෙළ අටුවා ග්‍රන්ථ පාලියට නැගීමට දඹදිව සිට පැමිණි බුද්ධ ඝෝෂ අටුවාචාරීන් වහන්සේ ත්‍රිපිටකය සහිත හෙල අටුවා ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කර තැබූ අලුවිහාර පොත් ගුලද පරිහරණය කරණුවස් මෙහි පැමිණ වැඩ සිටියේ ඉදිරිපස ගල්ලෙනෙහිය. මෙසේ හෙල අටුවාව උන්වහන්සේ අතින් පාලියට නැගුණු නිසා ථේරවාදී බුදු දහම අතීතයේ බෞද්ධ රටවල ව්‍යාප්තියට හේතුවිය."කවටයාමුණ විහාරයමාතලේ සිට A9 පාර ඔස්සේ කි. මී. 8ක් පමණ ගොස් පලාපත්වලින් හැරී මීටර් 500ක් පමණ ගිය තැන මෙම කවටයාමුණ විහාරය හමුවෙනවා. ගජබාහු රජ දවස සිරිසෙවන් නම් සෙන්පතියෙකු විසින් මෙම විහාරය කරවූ බව පැවසෙනවා. මෙම විහාරයේ ඇති අපායප්‍රතිනිර්මාණය මෙහි සංචාරක ආකර්ශණය සඳහා බලපා තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී මගේ කැමරා කාචයේ සටහන් වුනු ඡායාරූප කිහිපයක්.නාලන්දා ගෙඩිගේපලාපත්වල ඉඳන් A9 ඔස්සේ දඹුල්ල දෙසට කි. මී. 13ක් පමණ යන ඔබට නාලන්දා ගෙඩිගේ වෙත යන පාර හමුවෙනවා. (මාතලේ සිට කි. මී 22 ක් පමණ) ඒ අතරමඟදී මඩවල වැනි නගර ඔබට හමුවේවි. A9 පාරෙන් හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති මේ මනරම් ස්ථානය දැකබලා ගත හැකියි. ප්‍රතිමා මන්දිරය, චෛත්‍යය, බෝධිය ලෙස කොටස් තුනකින් සමන්විත මෙය 8-10 සියවස් වලට අයත් පල්ලව ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අංග ලක්ෂණ වලින් යුක්ත වනවා. මෙහි හින්දු කෝවිලක අංග ලක්ෂණ ඉතා පැහැදිලිව දැකගැනීමට හැකියි. ප්‍රතිමා මන්දිරය ඇතුලත පද්මාසනයක් මත වැඩසිටින ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවක් දැකගැනීමට හැකියි.නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි. මේ බ්ලොග් ලිපියේ මාතෘකාව ගැන දෙගිඩියාවෙන් කවුරු හරි හිටිය නම් ඔන්න දැන් ඒ අයටත් පිලිතුරු ලැබෙන්න ඇති.අපි මෙහි සේයා රූ කීපයක් බලල ඉමු.ඔය තුන්වෙනි ඡායාරූපයේ තියෙන්නේ බෝවතැන්න ජලාශය.නාලන්දා ගෙඩිගේ මුලින් තිබිල තියෙන්නේ බෝවතැන්න ජලාශය ඇති ස්ථානයේ. මෙය ජලාශයෙන් යටවීමට නොදී කොටස්වලට ගලවා නැවතත් මෙම ස්ථානයේ සවිකර 1985 වර්ෂයේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා උපදෙස් ලබා දීල තියෙන්නේ එවකට සංස්කෘතික ඇමති ලෙස සිටි එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ලේ මහත්මයා විසින්.නාලන්දා ගෙඩිගේ නරඹන ඔබ එහි ඇති නාලන්ද පුරාවිද්‍යා ඡායාරූප කෞතුකාගාරය නැරඹීමටත් අමතක කරන්න එපා.මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානයනාලන්දාවෙන් සමුගත් අපි නැවතත් A9 ඔස්සේ අරංගල පසුකර පනම්පිටිය හංදිය වෙත ගමන් කරා. එතැනින් වමට හැරී කි. මී 5ක් පමණ ගිය තැන අපි මනරම් භූමියකට පිවිසුනා. ඒ තමයි මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය. සෙනසුරාදා දිනයක් වෙලත් භූමියේ හැදී වැඩෙන බලුපැටව් කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් එහි සිටියේ නෑ. අපිට තේරුම් ගිය දෙයක් තමයි, මෙතන වටිනාකමට සරිලන ආකර්ෂණයක් සංචාරකයන්ගෙන් ලැබිල නෑ කියන එක.මෙහි වෘක්ෂෝද්‍යානයට අමතරව උපෝසථාගාරයක්, පිළිමගෙයක්, සභා ශාලාවක්, චෛත්‍යයක් සහ බෝධිඝරයක් දක්නට ලැබුනා.ඒ අතර තිබූ මැණික්දෙන පුවරු ලිපිය මගේ අවධානය දිනා ගත්තා. එහි සඳහන්ව තිබුනේ කොබොයතෙළෙහි වාසය කරන සෙන්ගේ බිරිඳ රන් කළං පහක් වැය කොට මිළ දී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බවත් ඒ දීමනාව හිරු සඳු පවත්නා තාක් පවතින බවයි.බලන්න. මේ ඡායාරූප මේ භූමියේ අසිරිය කියාපාන අන්දම....මැණික් දෙන රක්ෂිතයේ බොහෝ වේලාවක් ගත කල අපි නැවතත් A9 මාර්ගයට අවතීර්ණ උනා. දැන් අපි ඉන්නේ දඹුල්ල නගරයට කි. මී 10 කට නොවැඩි දුරකින්. ඔව්. අපි දඹුල්ලටත් ගියා. ඒ තලගොයි මරන්න නම් නෙවෙයි. මගේ බ්ලොග් රසිකයන් වෙනුවෙන් දඹුලු විහාරය වැඳපුදා ගන්න.රංගිරි දඹුලු රජමහා විහාරයදඹුල්ල නගරයට කි. මී. 2ක් පමණ මෑතින් A9 මාර්ගයට මුහුණ ලා මෙම විහාරය පිහිටා තිබෙනවා. දඹුල්ල ලෙන් විහාරයත්, බෞද්ධ කෞතුකාගාරයත් ඔබට මෙහිදී දැක බලා ගත හැකියි. ඒ අතර දඹුලු ගල මත්තෙහි ඈතින් පෙනෙන සීගිරි පර්වතයත් කන්ඩලම වැවත් ඉතා මනරම් දසුනක් මවනවා. ඒ වගේම ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේත් (උස අඩි 100) ඔබට මෙහිදී දැකබලා ගත හැකියි. එච්. ප්‍රේමදාස නමැති මූර්ති ශිල්පියෙකු විසින් ඉදිකල මෙය විවෘත කර ඇත්තේ 2001 වර්ශයේදී. දඹුලු විහාරයේ ඓතිහාසික වටිනාකමත් වැදගත්කමත් ඔබ ඕනෑ තරම් අසා ඇතුවාට සැකයක් නෑ. ඒ නිසා ඒ ගැන පුනර්කථනය කිරීමට මම බලාපොරොත්තුවන්නේ නෑ. මේ ඡායාරූප රස විඳින්න. ඔබට එහි අසිරිය දැනේවි.දඹුල්ලේ සිට කි. මී 150 කට ආසන්න දුරක් ගෙවාගෙන අපි ආපසු කොළඹ ආවා. අපි ගිය චාරිකාව මේ බ්ලොග් ලිපිය තුලින් ඔබටත් රසවිඳින්න පුලුවන් වුනා නම් ඒකයි මගේ සතුට. එහෙනම් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්.
|
BLOG
|
2013.10.02
|
http://www.nishuoc.blogspot.com/
|
අටවිසි බුදුවරු පිටදුන් බෝධී
|
nishuoc
|
අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන් වෘක්ෂ ගැනත් අද ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.ඔබේ දැනගැනීම සඳහා අතුරු කාරණා දෙකක් සඳහන් කරන්නම්.1) මෙතෙක් පහල වූ බුදුවරුන් ගණන සංඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් අප්‍රමාණ බව බුද්ධ දේශනාවේ සඳහන්වෙනවා. ඒ සියලු බුදුරජාණන්වහන්සේලා දෙසූ ධර්මය පමණක් නොව උන්වහන්සේලාගේ බුද්ධාත්මභාවයට සම්බන්ධ බොහෝ කාරණාත් සමානයි. උදාහරණ කිහිපයක් පවසනවා නම්, සතර පෙරනිමිති දැකීම, පුත් කුමරෙකු උපදින දින ගිහිගෙය හැරයාම, බුදුවන දවස කිරිපිඬු වැළඳීම, පරිනිර්වාණයට පෙර ගන්නා ආහාරය (සූකර මද්දවය) වැනි තවත් බොහෝ දෑ සියලු බුදුවරුන්ට පොදු වෙනවා.2) මේ ලිපියේ කියැවෙන අටවිසි බුදුරජාණන්වහන්සේලා මහා කල්ප 12ක් තුල පහලවී තිබෙනවා. පහලවන බුදුවරු ප්‍රමාණය මත මහා කල්ප වර්ග කොට තිබෙනවා.ශුන්‍ය කල්පය - බුදුරජාණන්වහන්සේලා පහල නොවන කල්ප.සාර කල්පය - එක් බුදුරජාණන්වහන්සේ නමක් පමණක් පහල වන කල්ප.මණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා දෙනමක් පහල වන කල්ප.වර කල්පය - බුදුරජාණන්වහන්සේලා තුන්නමක් පහල වන කල්ප.සාරමණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා සිවුනමක් පහල වන කල්ප.භද්‍ර කල්පය - බුදුරජාණන්වහන්සේලා පස්නමක් පහල වන කල්ප.අප ජීවත්වන්නේ භද්‍ර කල්පයක බවත්, දැනට කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම යන බුදුන්වහන්සේලා පහලවී, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ඉදිරියේදී පහල වීමට ඇති බවත් ඔබ දන්නවා ඇති. කල්පයක් යනු කොපමණ කාලයක් දැයි ඔබ දැන් සිතනවා විය යුතුයි. මීට කදිම උපමාවක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (සැතපුම් 16ක්) බැගින් එක සමාන වූ ඝන මහා කළුගල් පර්වතයක් වේද, එම කළුගල් පර්වතය අවුරුදු සීයයකට වතාවක් ඉතා සිනිදු කසීසළුවකින් පිරිමැදීම නිසා ඉතා දිර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නොවේ”. ඒ ගැන සිතීම එතැනින්ම නතර කර අපි මේ ලිපියට අවධානය යොමු කරමු. තණ්හංකර බුදුරජාණන් වහන්සේ - රුක්අත්තන මණ්ඩ කල්පයක පහල වූ තණ්හංකර බුදුරජාණන්වහන්සේ සුනන්ද සහ සුනන්දා යුවලට දාව ඉපිද රුක්අත්තන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. මේධංකර බුදුරජාණන් වහන්සේ -කෑල මණ්ඩ කල්පයක පහල වූ මේධංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ යසෝධරා දේවියට දාව ඉපිද කෑල ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. සරණංකර බුදුරජාණන් වහන්සේ - පලොල් මණ්ඩ කල්පයක පහල වූ සරණංකර බුදුරජාණන්වහන්සේ සුමංගල සහ යසවතී දෙපලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක. දීපංකර බුදුරජාණන් වහන්සේ -පතන සාරමණ්ඩ කල්පයක පහල වූ දීපංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජුට සහ සුමේධා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස්පතනගසක් මුල බුදු වූ සේක. එකල අප බෝසතාණෝ වැඩ නිම නොවූ මාර්ගයක මඩ වලක් තරණය කිරීමට තම ශරීරය ඒ දණ්ඩක් කොට දීම නිසා නියත විවරණ ලැබීය. කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ -සල් සාරමණ්ඩ කල්පයක පහල වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන්වහන්සේ සුනන්දා සහ සුජාතා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස්සාන මාසයේ මහා දානයක් දීම නිසා නියත විවරණ ලැබීය. මංගල බුදුරජාණන් වහන්සේ -නා සාරමණ්ඩ කල්පයක පහල වූ මංගල බුදුරජාණන්වහන්සේ උත්තර රජුට සහ උත්තරා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැන් නුමුසු කිරිබතක් සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය.නා ගස ලංකාවේ ජාතික වෘක්ෂයයි. සුමන බුදුරජාණන් වහන්සේ -නා සාරමණ්ඩ කල්පයක පහල වූ සුමන බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සිරිමා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙල ලක්ෂයක් පමණ සඟලු දන් දීම නිසා නියත විවරණ ලැබීය. රේවත බුදුරජාණන් වහන්සේ -නා සාරමණ්ඩ කල්පයක පහල වූ රේවත බුදුරජාණන්වහන්සේ විපුල රජු සහ විපුලා දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ ශාසනයෙහි ගුණ වනා උතුරු සළුවක් පිදීම නිසා නියත විවරණ ලැබීය. සෝභිත බුදුරජාණන් වහන්සේ -නා සාරමණ්ඩ කල්පයක පහල වූ සෝහිත බුදුරජාණන්වහන්සේ සුධර්ම සහ සුධර්මා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට තුන් මසක් දන් දීම නිසා නියත විවරණ ලැබීය. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ -කුඹුක් වර කල්පයක පහල වූ අනෝමදස්සීබුදුරජාණන්වහන්සේ යසවන්ත රජුට සහ යශෝදරා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය. පදුම බුදුරජාණන් වහන්සේ -මුරුත වර කල්පයක පහල වූ පදුම බුදුරජාණන්වහන්සේ අසම රජු සහ අසමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පදුම බුදුරජාණන්ට ජීවිත පරිත්‍යාගයෙන් සතියක් උපස්ථාන කිරීම නිසා නියත විවරණ ලැබීය. නාරද බුදුරජාණන් වහන්සේ -මුරුත වර කල්පයක පහල වූ නාරද බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ අනෝමා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මහා දානයක් දී රත්හඳුන් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ -හොර සාර කල්පයක පහල වූ පදුමුත්තර බුදුරජාණන්වහන්සේ වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් හොර ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට පිරිකර සහිතව දන් දීම නිසා නියත විවරණ ලැබීය. සුමේධ බුදුරජාණන් වහන්සේ -බක්මී මණ්ඩ කල්පයක පහල වූ සුමේධ බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සුදත්තනා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් බක්මී ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ අසූ කෝටියක් ධනය දන් දීම නිසා නියත විවරණ ලැබීය. සුජාත බුදුරජාණන් වහන්සේ - උණ මණ්ඩ කල්පයක පහල වූ සුජාත බුදුරජාණන්වහන්සේ උද්ගත රජු සහ ප්‍රභාවතී දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් උණ ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සක්විති රජෙකුව ඉපිද සතර මහා දිවයින් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය. පියදස්සී බුදුරජාණන් වහන්සේ - කුඹුක් පියදස්සී බුදුරජාණන්වහන්සේ සුදත්ත රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙළ ලක්ෂයක විහාරයක් කර දීම නිසා නියත විවරණ ලැබීය. අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ -සපු අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සාගර රජු සහ සුදර්ශනා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සපු ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබීය. ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ - රත්කරව් ධම්මදස්සී බුදුරජාණන්වහන්සේ සරණ රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් රත්කරව් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ රුවන් කරඬුවක ලා දිව්‍ය පුෂ්ප පිදීම නිසා නියත විවරණ ලැබීය. සිදුහත් බුදුරජාණන් වහන්සේ -කිණිහිරියා සාර කල්පයක පහල වූසිදුහත්බුදුරජාණන්වහන්සේ උදේන රජුට සහ සුඑස්සා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කිණිහිරියා ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දඹ පැලඳවීම නිසා නියත විවරණ ලැබීය. තිස්ස බුදුරජාණන් වහන්සේ -අසන මණ්ඩ කල්පයක පහල වූ තිස්ස බුදුරජාණන්වහන්සේ ජනසන්ධ සහ පදුමා යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් අසන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැවිදි වී මල් පිදීම නිසා නියත විවරණ ලැබීය. ඵුස්ස බුදුරජාණන් වහන්සේ -නෙල්ලි මණ්ඩ කල්පයක පහල වූ ඵුස්ස බුදුරජාණන්වහන්සේ ජයසේන රජුට සහ සිරිමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නෙල්ලි ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී පැවදි වීම නිසා නියත විවරණ ලැබීය. විපස්සි බුදුරජාණන් වහන්සේ -පලොල් විපස්සී බුදුරජාණන්වහන්සේ බන්ධුමත්තු සහ බන්දුමතී යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සත් දිනක් දන් දී සත් රුවන් පුටුවක් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය. සිඛි බුදුරජාණන් වහන්සේ - ඇටඹ (අඹ) මණ්ඩ කල්පයක පහල වූ සිඛී බුදුරජාණන්වහන්සේ අරුණවත්තු සහ ප්‍රභාවතී යුවලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් ඇටඹ ගසක් මුල බුදුවී වසර 70,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දන් දී ඇතකු පිදීම නිසා නියත විවරණ ලැබීය. වෙස්සභු බුදුරජාණන් වහන්සේ -සල් මණ්ඩ කල්පයක පහල වූ වෙස්සභු බුදුරජාණන්වහන්සේ සුප්පකිත රජු සහ යසවතී දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී ගඳ කිළියක් සහ විහාර දහසක් කරවීම නිසා නියත විවරණ ලැබීය. කකුසඳ බුදුරජාණන් වහන්සේ - මාර භද්‍ර කල්පයක පහල වූ කකුසඳ බුදුරජාණන්වහන්සේ ඛේමා රජු සහ විශාකා දේවියට දාව ඉපිද වසර 4000කට පසු ගිහිගෙය හැරගොස් මාර ගසක් මුල බුදුවී වසර 40,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සිවුරු පිරිකර පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය. කෝණාගම බුදුරජාණන් වහන්සේ - අට්ටික්කා භද්‍ර කල්පයක පහල වූ කෝණාගම බුදුරජාණන්වහන්සේ යඤ්ඤදත්ත සහ උත්තරා යුවලට දාව ඉපිද වසර 3000කට පසු ගිහිගෙය හැරගොස් අට්ටික්කා ගසක් මුල බුදුවී වසර 30,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස් තුන්මාසයේ දන් දීම නිසා නියත විවරණ ලැබීය. කස්සප බුදුරජාණන් වහන්සේ -නුග භද්‍ර කල්පයක පහල වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ බ්‍රහ්මදත්ත සහ ධනවතී යුවලට දාව ඉපිද වසර 2000කට පසු ගිහිගෙය හැරගොස් නුග ගසක් මුල බුදුවී වසර 20,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බ්‍රාහ්මණ වත් පිලිවෙත් කිරීම නිසා නියත විවරණ ලැබීය. ගෞතම බුදුරජාණන් වහන්සේ -ඇසතු භද්‍ර කල්පයක පහල වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සුද්ධෝදන රජු සහ මහාමායා දේවියට දාව ඉපිද වසර 29කට පසු ගිහිගෙය හැරගොස් ඇසතු ගසක් මුල බුදුවී වසර 80ක් ආයුශ වැලඳූ සේක. සමුගන්නට පෙර තවත් එක් අතුරු කාරණාවක් මතක් කරන්නම්. රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ බෝධිසත්ව අවදියේ පමණක් හමුවී ඇති බුදුවරුන්ගේ ගණන 512027 ක් බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. සසර ගමනේ දුර ගැන මීටත් වඩා සාධක කුමටද.* අනියත විවරණය යනු බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.** අනියත විවරණ යනු බුද්ධකාරක ධර්මයන් සපුරණ බෝසතෙක් අනිවාර්‍යයෙන්ම බුදුවන බව තවත් බුදුවරයෙක් විසින් ප්‍රකාශ කිරීමයි.මූලාශ්‍ර : අන්තර්ජාලය, බෞද්ධ පොත්පත්, උද්භිද විද්‍යා පොත්පත්.ඡායාරූප : අන්තර්ජාලයෙනි.
|
BLOG
|
2013.07.02
|
http://www.nishuoc.blogspot.com/
|
පුංචි තිරයේ එදා දුටු රූ
|
nishuoc
|
අද දවසේ රූපවාහිනී චැනල් කීයක් නම් තියෙනවද... ඒවායේ පෙන්වන නානාප්‍රකාර වැඩසටහන්, ටෙලිනාටක නම් කොපමණ තියෙනවද... ඒත් මීට අවුරුදු 25කට 30කට පමණ කලින් රූපවාහිනිය ලංකාවට ආපු දශකයේ මොන විදියෙ වැඩසටහන් තියෙන්නට ඇත්ද. ඔබ හෝ ඔබේ වැඩිහිටියන් එදා නරඹන්නට ඇත්තේ මොනවාද. අද ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.මේ තියෙන්නේ 1984 නොවැම්බර් 3 වැනි සෙනසුරාදා දිනමිණ පුවත්පතේ පලවී තිබුනු රූපවාහිනී වැඩසටහන් විස්තරය.රූපවාහිනීස්වාධීන රූපවාහිනීප. ව. 5.30 - නිව් ස්පයිඩර් මෑන්ප. ව. 5.58 - වැඩසටහන් නාමාවලියප. ව. 5.55 - ළමා සංග්‍රහයප. ව. 5.59 - සෙසමි ස්ට්‍රීට්ප. ව. 6.25 - ඉන් සර්ච් ඔෆ් ද පාස්ට්ප. ව. 7.00 - මධු රසාංගප. ව. 6.55 - රූපවාහිනී පුවත් දෙමළප. ව. 7.45 - ස්කූඩ්රන් සර්වයිවල්ප. ව. 7.15 - ඔක් රොජර්ස්ප. ව. 8.35 - මෙනි වයිව්ස් ඔෆ් පැට්‍රික්ප. ව. 8.15 - රූපවාහිනී පුවත් සිංහලප. ව. 9.00 - ජෙනරල් හොස්පිටල්ප. ව. 8.35 - යලි ගැයෙන ගීප. ව. 9.30 - රූපවාහිනී පුවත් ඉංග්‍රීසිප. ව. 9.05 - සංඛ පද්මප. ව. 9.50 - වැඩසටහන් නාමාවලියප. ව. 9.30 - රූපවාහිනී පුවත් ඉංග්‍රීසිප. ව. 9.50 - ජෙනරල් හොස්පිටල් ඉතිරි කොටසප. ව. 10.00 - ස්ටාස්කි ඇන්ඩ් හච්ප. ව. 10.20 - නිමාවප. ව. 10.30 - ලෝක ප්‍රවෘත්තිප. ව. 10.35 - ස්ටාස්කි ඇන්ඩ් හච් ඉතිරි කොටසප. ව. 10.55 - නිමාවඒ කාලයේ තිබිල තියෙන්න රූපවාහිනී නාලිකා දෙකයි. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විතරයි. පරිගණක, ජංගම දුරකතන ආදී බහුවිධ ඉලෙක්ට්‍රොනික උපාංග නොතිබුනු ඒ කාලයේ TV එකට තිබුනේ ඉහල තැනක්.අපේ ගෙදර ඒකාලෙ තිබුනෙ කලු සුදු TV එකක්. මට මතක විදියට අඟල් 14. අහල පහල TV නැති ගෙවල් වල කට්ටිය ටෙලිනාට්‍ය බලන්න අපේ ගෙදරට ආපු හැටි මට තාමත් මතකයි.එදා අපි දොලොස්මහේ පහණ, ලා හිරු දහසක්, ඇල්ල ලඟ වලව්ව, පලිඟු මැණිකේ, යශෝරාවයවගේ ටෙලිනාට්‍ය බැලුවේ කොච්චර ආසාවෙන්ද...මේ තියෙන්නේ එදා ටෙලිනාට්‍ය ගැන මතකය අවදිකරවන ඡායාරූපයක්. ටෙලිනාට්‍යය මොකක්ද කියල මතක්කර ගන්න එක ඔයගොල්ලන්ට බාරයි.පහතින් තියෙන්නේ 1989 නොවැම්බර් 23 වැනි බ්‍රහස්පතින්දා දිනමිණ පුවත්පතින් උපුටා ගත් වැඩසටහන් විස්තරය.රූපවාහිනීස්වාධීන රූපවාහිනීප.ව. 4.30 - අධ්‍යාපනික වැඩසටහන -තර්ක ශාස්ත්‍රය (සිංහල)ප.ව. 5.59 - වැඩසටහන් නාමාවලියප.ව. 5.00 - ප්‍රවෘත්ති (සිංහල)ප.ව. 6.00 - තෙරුවන් නමඳිමුප.ව. 5.05 - ද රෝඩ් රනර් ෂෝ (කාටුන්)ප.ව. 6.15 - රොකට් රොබින්හුඩ්ප.ව. 5.30 - මැජික් ව'ල්ඩ් ඔෆ් ජී ජී (කාටුන්)ප.ව. 6.45 - කලා රසාංගප.ව. 6.00 - තෙරුවන් නමඳිමුප.ව. 7.15 - 'දස දෙසින්'ප.ව. 6.15 - දෙමළ ගීප.ව. 7.30 - බ්‍රයිට් ඇන්ඩ් බ්‍රීසිප.ව. 6.30 - ප්‍රවෘත්ති (දෙමළ)ප.ව. 8.00 - 'ලයිෆ් බිගින්ස් ඇට් 40'ප.ව. 7.00 - ඌර් කෝලම් (දෙමළ)ප.ව. 8.30 - ක්‍රවුන් කෝට්ප.ව. 7.30 - පුණ්‍ය භූමි (වාර්තා)ප.ව. 9.00 - ෆැල්කන් ක්‍රෙස්ට්ප.ව. 8.00 - ප්‍රවෘත්ති (සිංහල)ප.ව. 10.00 - ප්‍රවෘත්ති (ඉංග්‍රීසි)ප.ව. 8.30 - අරවින්ද සහ ඉන්දුප.ව. 10.20 - වැඩසටහන් නාමාවලියප.ව. 9.00 - 'හනිමූනර්ස්'ප.ව. 10.21 - නිමාවප.ව. 9.30 - ප්‍රවෘත්ති (ඉංග්‍රීසි)ප.ව. 10.00 - සංගීත වැඩසටහන (ඉංග්‍රීසි)ප.ව. 10.55 - නිමාවමේ වගේ රසවත් තොරතුරක් අරගෙන තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්.
|
BLOG
|
2013.05.17
|
http://www.nishuoc.blogspot.com/
|
ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු!
|
nishuoc
|
ආයුබෝවන්. ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා.කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක ලෝකයේ තනි දූපතක් විදියට තියෙන කුඩාම රට වීම. විශාලත්වය වර්ග කි.මී. 21 ක්. මෙය වර්ග කි. මී. 65,610 ක් වූ ලංකාව සමඟ සසඳන විට ඉතා කුඩා දූපතක්.නහූරු දූපත ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන...මේ තියෙන්නෙ නහූරු දූපතේ සිතියම. ඒකෙ ඉහල වම් කෙලවරේ තියෙන නහූරු ධජය දිහා බලන්න. ඒ ධජයේ තුඩු 12කින් යුත් සුදු පාට තරුවක් පේනවා ඇති. එම තුඩු 12න් කියැවෙන්නේ අතීතයේ පටන් නහූරු රාජ්‍යයේ වාසය කරන ගෝත්‍ර වර්ග 12ක්. තරුවෙන් පෙන්නුම් කරන්නේ ඉහල සිට බැලූ විට රට පිහිටන ආකාරය. එහි නිල පාට පසුබිමෙන් පැසිෆික් සාගරයත්, කහ පැහැති රේඛාවෙන් සමකයත් නිරූපණය වෙනවා. සමකයට ආසන්නයෙන් පිහිටීම නිසා නහූරු දූපතත් සැලකෙන්නේ ලංකාව වගේම උෂ්ණාධික රටක් විදියට. දස දහසකට ආසන්න ජනතාවක් වාසය කරන නහූරු දූපත පරිපාලන දිස්ත්‍රික්ක 14කින් සමන්විතයි. රටේ පරිපාලනය කේන්ද්‍රගතව පවතින්නේ 'යැරන්' දිස්ත්‍රික්කයේ. ඔවුන් භාවිතා කරන මුදල් ඒකකය 'ඕස්ට්‍රේලියානු ඩොලර්'. නහූරු වැසියන්ගේ මව් භාෂාව නහූරුයන් (Nauruan). ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවත් හොඳින් හසුරුවන්න පුලුවන්. ඔවුන්ගේ වේලාව ලංකාවේ වේලාවෙන් බොහෝ වෙනස්. ඔවුන් සිටින්නේ අපිට වඩා පැය 5 1/2 ක් පමණ ඉදිරියෙන්.මේ මොහොත වන විට නහූරු දූපතේ වේලාව,time_is_widget.init({Yaren_z916:{time_format:"12hours:minutes:secondsAMPM"}});නහූරු කියන්නෙ පෝසත් රටක්ද.ඈතකාලයේ නහූරු දූපතේ ආර්ථිකය රඳාපැවතුනේ පොස්පේට් මත. නමුත් වර්ථමානය වනවිට මේ පොස්පේට් නිධි බොහෝ දුරට ක්ෂය වෙලා ගිහින් තියෙන නිසා ඔවුන් ආර්ථික වශයෙන් ඉන්නෙ ගොඩක් පහල මට්ටමක.පහත ජායාරූපයේ දැක්වෙන්නේ අතහැර දැමූ පොස්පේට් නිධියක්.සංචාරකයින්ට නැරඹීමට බොහෝ දේ මේ කුඩා දූපත තුල නෑ. නමුත්, ඔවුන්ට ඉතා සරුසාර මුහුදු තීරයක් නම් තියෙනවා. පහත ඡායාරූප ඊට සාක්ෂි සපයනවා.රටේ දේශපාලනික ඉතිහාසය ගැන කියනවා නම්,19 වන සියවස වන විට ජර්මනියේ යටත් විජිතයක්ව පැවති නහූරු දූපත පළමු ලෝක යුද්ධය හමාර වන විට ඕස්ට්‍රේලියා, නවසීලන්ත, එක්සත් රාජධානිය යන රටවල පාලනයට නතු වෙනවා. නැවතත් දෙවන ලෝක යුද්ධයේදී ජපානය විසින් යටත් කර ගන්නා මෙය දෙවන ලෝක යුද්ධය නිමවන විට එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස නම් කෙරෙනවා. පසුව 1968 ජනවාරි 31 වන දින ඔවුන් පූර්ණ නිදහස ලබනවා.නහූරු දූපත ගැන කියපු මේ විස්තරය ඔබේ සාමාන්‍ය දැනුමට ගොඩක් උදව් වෙයි කියල හිතෙනවා. එහෙනම් ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. සුභ දවසක්.
|
BLOG
|
2013.01.31
|
http://www.nishuoc.blogspot.com/
|
මහ බැංකුව විනාශයි
|
nishuoc
|
අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ. 'මහ බැංකුව විනාශයි.''මියගිය ගණන කියන්න බෑ.''ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන දුම් ගුලි අහසට විහිදෙද්දී'යනුවෙන් සඳහන් වූ ඡායාරූප කීපයක් මුල්පිටුව පුරා දක්නට ලැබුනා.ලංකාවම කඳුලු ගංගාවක ගිල්ලූ ඒ ශෝචනීය කතා පුවත දිවයින පුවත්පත වාර්ථාකර තිබුනේ මෙහෙමයි.'ශ්‍රී ලංකාවේ දරුණුම පිපිරීම''බෝම්බ ලොරිය පුපුරුවන්නට පෙර හතර පැත්තටම වෙඩි තබති.'මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් රැගෙන එන ලදැයි කියන අධි බලැති බෝම්බ සහිත ලොරියක් කොළඹ කොටුවේ ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල වෙත ඊයේ (31) පෙරවරු 10.49 ට කඩා වැදීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවල සේවය කළ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මෙය මෑත සමයේ සිදුවූ දරුණුම බෝම්බ පිපිරීම ලෙස සැලකේ.ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, සෙලින්කෝ ගොඩනැගිල්ල, එයාර් ලංකා ගොඩනැගිල්ල ඇතුලු ගොඩනැගිලි රැසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර දහසකට අධික පිරිසක් කොළඹ මහ රෝහල ඇතුලු රෝහල් ගණනාවකට ඇතුළත් කර ඇත. මෙයින් සියයකට අධික පිරිසකගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මියගිය ගණන ඊයේ සවස් වනතුරුත් හරිහැටි වාර්තා වී නොතිබිණි.බෝම්බය පිපිරීමෙන් ඇවිළී ගිය ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.බෝම්බ ලොරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දොර වෙත ගෙනයෑමට පෙර වාහනයකින් පැමිණි පිරිසක් එම වාහනයෙන් බැස හතර පැත්තටම දිගට හරහට වෙඩි තැබීමට පටන්ගෙන ඇත. බෝම්බ ලොරිය පුපුරුවා ඇත්තේ ඉන් පසුවය.සිද්ධිය වී ස්වල්ප වේලාවකින් අප එම ස්ථානයට ගිය අවස්ථාවේ ගිනි ගනිමින් තිබූ ගොඩනැගිලිවල ඉහළ මාලයන්හි කොටුවී සිටි විශාල පිරිසක් තමන් ඇඳසිටි ඇඳුම් වනමින් ආධාර ඉල්ලා කෑ ගසන අයුරු දක්නට ලැබිණි. ගින්න නිසා ඇතිවූ දුමාරයෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වැසී තිබූ අතර, ගොඩනැගිලිවල සිරවී සිටි කාර්ය්‍යාල සේවක සේවිකාවන්ගේ විලාපය මුළු කොටුව පුරාම දෝංකාර දුන්නේය. ක්‍රමයෙන් පැතිරගිය ගින්න මුහුදු සුළඟ නිසා ඊයේ දහවල්වන විට ගොඩනැගිලිවල ඉහල මාලවලට සීඝ්‍රයෙන් පැතිර යන අයුරු දක්නට ලැබිණි. රුපියල් 1000, 500 මුදල් නෝට්‍ටු පාර පුරා විසිරී ඇවිලෙමින් තිබිණි.සෙලින්කෝ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිරවී සිටි විශාල පිරිසක් ගිනි නිවන හමුදාවේ ඉනිමං මගින් ඉවතට ගනු ලැබූ අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ලේවලින් රත් පැහැ ගැන්වී තිබිණි. බෝම්බය පිපිරීමත් සමඟම එම ගොඩනැගිලිවල සිවිලිම ඇතුළු කොටස් කඩා වැටීම නිසා තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.සිද්ධිය වන විට කොළඹ කොටුව ප්‍රදේශයේත් ජනාධිපති ලේකම් කාර්යාලය අතරත් ධාවනය වෙමින් තිබූ බස් රථ ඇතුළු වාහන රැසකටද විශාල ලෙස හානි සිදුවී ඇති අතර, ඒවායේ ගමන් කළ විශාල පිරිසක් ද තුවාල ලබා සිටිති.රෝහල් ගතකල තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්වයේ සිටි කිහිප දෙනෙකු ඊයේ දහවල් වනවිට මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තුවාලකරුවන් අතර විදේශිකයන්ද සිටිනු දක්නට ලැබුණි.ගොඩනැගිලිවල සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා දැරූ උත්සාහය ව්‍යාර්ථ වූයේ ප්‍රදේශය පුරා පැතිරී තිබූ කළු දුමාරය නිසාය.බෝම්බය පිපිරීමත් සමඟ කොටුව ප්‍රදේශයේ විවිධ අවශ්‍යතා සඳහා පැමිණ සිටි ජනයා මෙන්ම පදික වෙළෙඳුන් ඇතුළු විශාල පිරිසක් දිවි බේරා ගැනීම සඳහා හිස් ලූ ලූ අත දිව ගියහ. පුවත්පත පුරාම දකින්න තිබුනේ මේ ආකාරයේ අතුරු සිරස්තල.'දුරකථන ගොළුවේ''සියලුම වර්ගවල ලේ ඕනෑ''ගැලවුම්කරුවන් ප්‍රමාණවත් නැහැ'ඒ අතුරින් 'එය කිසිවකු දැකිය යුතු නොවේ'යන සිරස්තලය යටතේ ලියැවුනු මේ ලිපිය මට උපුටා දක්වන්න හිතුනා.'සත්තකින්ම එය කිසිවෙක් විසින් නොදැකිය යුතු දර්ශණයක්.. කොටුව පැත්තෙන් විශාල දුම්ගොඩ අහස උසට නැගෙන ආකාරය අපි දුටුවේ කොච්චිකඩේ පල්ලිය හරියේදී. යෝක් වීදිය වගේ ඈත තැන්වල (මහබැංකුව පේනතෙක් මානයේවත් නැති) පාරවල්වල නවත්තල තිබුණු වාහන වල වීදුරු පවා කම්පනයට කැඩිල ගිහින්.''ඊට පස්සෙ අපිට දකින්න ලැබුනෙ ලංකා ඉතිහාසයටම සිදුවෙච්ච විශාලම විනාශය.''මහ බැංකුවේ සහ අනිත් ගොඩනැගිලිවල තැන්වල අඩි 20 විතර ආවාට හැදිලා. හරියට ආර්. පී. ජී. රොකට් වෙඩි ගැහුවා වගේ. බෝම්බය ගෙනාව ලොරිය පුපුරල ගිය තැන හැදිල තිබුණේ විශාල වලක්. ඒ ලොරි යෙ රෝදයක රිම් එකක් යැයි සිතිය හැකි කොටසක් තිබුණේ චැතැම් වීදිය හන්දියේ ඔරලෝසු කණුව ළඟ. මේ හැම දෙයකටම වඩා මහ පොළොව නුහුලන දර්ශනය දකින්න ලැබුණේ සෙලින්කෝ මන්දිරය උඩතට්‍ටුවල. ඒ ගොඩනැගිල්ලේ ගිනි ගන්න තට්‍ටුවල ඊට ටිකක් එහාට වෙන්න ලේ පෙරාගත්ත උදවිය බිම දිහා බලාගෙන අත් වැනුවේ ආධාර ඉල්ලලා. ඒ උදවිය ගොඩනැගිලි උඩ ඉඳන් ආධාර ඉල්ලුවේ ඇඳගෙන හිටපු සාරිවල කොටස් ඉරල අහසට වනමින්.''ඒත්... මහ ගින්නත් කඩා වැටෙන සුන්බුන් හින්දත් කිසි කෙනෙකුට ඒ අහලකටවත් යන්න විදියක් තිබුනේ නැහැ. උඩ හිටපු අයට මරණ බය හොඳටම දැනෙන්න ඇති. සමහරු අමු අමුවේ පිච්චුණු නිසා එතෙක් එකට වැඩකළ සහෝදර සහෝදරියන්ට වෙච්ච විපත්තිය ඔවුන් දකින්න ඇති. නමුත්... තමන්ටත් ඒ ඉරණම අත්වෙන බව දැනිදැනී කොහොම නම් තවත් ඉවසා සිටින්නද. ඔවුන් එහාට මෙහාට දුව පනිමින් බිම හිටපු අපෙන් ආධාර ඉල්ලුවේ වෙනත් කරන්න දෙයක් නැති නිසා. අපට සිදුවුණේ මම මුලින් ලියපු විදියට නොදැකියයුතු දර්ශණයක් දකිමින් හූල්ලන්න විතරයි.''අතපය කැඩිච්ච අය, හිසේ, පපුවේ පැත්තක් විනාශවෙච්ච අය, බඩවැල් මොළය එලියට ආව අය, උස්සගෙන ඇවිත් බස්, ලොරි,වෑන්, ට්‍රක්, ජීප් වලින් කඩිමුඩියේ අරන් ගියේ ඒ වන විටත් පණ නැතිවූ අය වුණත් තවදුරටත් යම් මෙහෙයක් ඔවුන් වෙනුවෙන් ඉටුකල යුතු නිසා. සමහර අයගෙ අරන් යන්න තිබුනේ අතපය කෑලි විතරයි.එහෙමත් නැතිනම් කඳෙන් වෙන්වුණු හිසක් විතරයි. ඒ අතරේ උදේ පාන්දර සිය දරු සිඟිත්තන්ගේ මුහුණු සිඹ නිවසින් පිටත් වුණු දෙමාපියන්... අම්ම, තාත්තගේ දෙපා නැමද පැමිණි වැඩට ආව දූ දරුවන්.'පුවත්පතේ එක් පිටුවක් පිරෙන්න තිබුනේ තුවාල ලබා රෝහල් ගතකර සිටින පිරිසේ නම් ලයිස්තුවක්. තවත් බොහෝ පිටුවල තුවාල කරුවන් සහ මියගිය අයගේ සිරුරු දැක්වෙන ඡායාරූප පලකර තිබුනා. මේ සිද්ධියෙන් මියගිය කිසිවෙක් මෙවැනි හදිසි මරණයක් අපේක්ෂා නොකරන්නට ඇති. ඔවුන් කලිසම් කමිස, සාරි වලින් සැරසී, ටයි පටි පැළද, පුයර විලවුන් දමාගෙන උදෑසන ගෙදරින් එන්නට ඇත්තේ හවසට මිනීපෙට්ටියකින් ගෙදර යන්නට නම් නොවෙන්නට ඇති. ජීවිතයේ හැටි එහෙමය. ඊටත් වඩා ත්‍රස්තවාදයේ තරම එහෙමය. එවැනි අඳුරු කාල පරිච්ඡේදයක් පසුකර පැමිණි අපිට දැන් දැන් ඒ අතීතය අමතකව යමින් ඇත. ඒ අමතකව යන අතීතය මතක් කර දීම මෙම ලිපියේ එක්තරා අරමුණකි. එසේම......ත්‍රස්තවාදයේ බහුවිද මුහුණුවර පවතී. එදා ත්‍රස්තවාදියා පැමිණියේ දෙමල ජාතිය නියෝජනය කරනවා යැයි කියාගනිමිනි. හෙට දිනයේ ත්‍රස්තවාදියා පැමිණෙනු ඇත්තේ වෙනත් ජාතියක්/ආගමක් වෙනුවෙන් යැයි කියා ගනිමින් විය හැක. එවැන්නක් යලි සිදුනොවීම සඳහා මෙය කියවන ඔබටත් මටත් යමක් කල හැක. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔබේ ආවේග පිට කිරීමේ හැකියාව නොව ඔබ සතු බුද්ධිය මෙහෙයවීමේ හැකියාව බව මගේ අදහසයි.
|
BLOG
|
2013.01.24
|
http://www.nishuoc.blogspot.com/
|
පාලොස්වක සඳ පායනු වැන්නේ
|
nishuoc
|
අද ලියන්න හදන්නේ 2013 වසරේ පලවෙනි බ්ලොග් ලිපිය. ඔක්කොටම කලින් ඔයගොල්ලො හැම දෙනාටම සුභ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. 2013 වසරේ පලවෙනි පෝය දිනය යෙදිල තියෙන්නෙ අනිද්දාට. ඒ වෙනුවෙන් අද මම ඔබට කියන්න යන්නේ දොළොස් පොහොය බෞද්ධයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියල.බුදුන්වහන්සේ පහලවීමටත් පෙර සිටම පෝය දිනය විවිධ ඇදහීම්වල ආගමික දිනයක් ලෙස යොදාගැනුනා. බිම්බිසාර රජුගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන්වහන්සේ විසින් සතරපෝය බෞද්ධාගමික දිනයක් ලෙස නම් කල බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වෙනවා.දුරුතු පොහොය (ජනවාරි)උරුවෙල් කස්සප, නදී කස්සප, ගයා කස්සප යන තුන් බෑ ජටිලයන් පැවදිවීමබුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන (බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මහියංගනයට)සුමන සමන් දෙවියන් මාර්ගඵල ලබාගැනීමශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීම (මහියංගන චෛත්‍යය)නවම් පොහොය (පෙබරවාරි)ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීමසැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීමඕවාද ප්‍රාතිමෝක්ෂය (භික්ෂූන්ට අදාල විනය මාලාව) දේශනා කිරීමබුදුරජාණන්වහන්සේ ආයු සංස්කාරය අතහැරීම (පරිනිර්වාණයට තෙමසකට පෙර පිරිනිවන්පාන දිනය තීරණය කිරීම)මැදින් පොහොය (මාර්තු)බුදුරජාණන්වහන්සේ 20000ක් පමණ භික්ෂූන් සමඟ කිඹුල්වත් නුවරට වැඩම කිරීමසඳහා පිටත්වීමබක් පොහොය (අප්‍රේල්)සිදුහත්කුමරු සතර පෙරනිමිති දැකීමේ පළමු දිනයබුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකාගමන (බුද්ධත්වයෙන් 5 වෙනි වසරේ නාගදීපයට)මැණික් පුටුව තැන්පත් කර නාගදීප චෛත්‍යය පිහිටුවීමමණිඅක්ඛික නාරජු විසින් නැවත වරක් ලක්දිවට වඩින ලෙස බුදුරජාණන්වහන්සේට ආරාධනා කිරීමවෙසක් පොහොය (මැයි)සුමේද තාපසතුමා දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ගැනීමතෙමඟුල (සිදුහත් කුමාරෝප්පත්තිය, බුදුවීම, පිරිනිවන්පෑම)බුදුරජාණන්වහන්සේගේ තෙවන ලංකාගමන (බුද්ධත්වයෙන් 8 වෙනි වසරේ කැළණියට)සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල සිරස මත ශ්‍රීපාදය පිහිටුවීමබුදුරජාණන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමඅග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ පරිනිර්වාණයරුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භකිරීමවිජයාගමනය -විජය කුමරු 700ක් පිරිස සමඟ දිවයිනට ගොඩබැසීමදෙවනපෑතිස් රජුගේ දෙවන අභිෂේකයපොසොන් පොහොය (ජුනි)මහින්දාගමනයමිහිඳුහිමිගේ ප්‍රථම ධර්මදේශනය(දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 40000ක පිරිසකට චුල්ලහස්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම)ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාවඇසළ පොහොය (ජූලි)සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගැනීමඅභිනිෂ්ක්‍රමණයරාහුල කුමරුගේ උපතකිසාගෝතමිය විසින් නිබ්බුත පද කීමප්‍රථම ධර්මදේශනය (දම්සක් පැවතුම් දේශනාව)බුදුසසුනේ ප්‍රථම වස්සූපගමනයගණ්ඩබ්බ රුක් මුලදී තීර්ථකයන්ගේ මානය බිඳීමට යමාමහ පෙළහර පෑමතව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමප්‍රථම ධර්ම සංගායනාව සඳහා වැඩකටයුතු ආරම්භ කිරීම (බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප රහතන්වහන්සේ ප්‍රධාන රහතන්වහන්සේලා 500කගේ සහභාගිත්වයෙන් සහ අජාසත් රජුගේ දායකත්වයෙන්)ලක්දිව ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීමඅරිට්ඨ කුමරු ඇතුලු 50 දෙනෙකු පැවදිවීම හා උපසම්පදාවමිහිඳු හිමි ඇතුලු හැට දෙනමක් ලක්දිව වස්විසීම (ලක්දිව ප්‍රථම වස්සූපගමනය)කණ්ඨක චෛත්‍යය වටා කරවූ ඇටසැට ලෙන් පූජාවරුවන්වැලි සෑ රදුන්ට මුල්ගල තැබීමරුවන්වැලි සෑයේ ධාතු නිධානයවිහාරස්ථානවල වස් ආරාධනයමහනුවර දළදා පෙරහැරේ ආරම්භයකතරගම ඇසළ පෙරහැරසියම් මහ නිකායේ උපසම්පදාව ආරම්භ කිරීම (කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටෙන් උපාලි තෙරුන් ඇතුලු සංඝයා ගෙන්වාගෙන)නිකිණි පොහොය (අගෝස්තු)පසු වස් එළඹීම (ඇසල පෝය දින වස් සමාදන්වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වස්සමාදන්වීම)ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ලෙස නම් දැරූ ආනන්ද හිමියන් රහත්වීමප්‍රථම ධර්ම සංගායනාව ආරම්භකිරීමබිනර පොහොය (සැප්තැම්බර්)භික්ෂුණී සාසනය ආරම්භ කිරීමවප් පොහොය (ඔක්තෝබර්)බුදුරජාණන්වහන්සේ තව්තිසාවේ සිට සංකස්ස නුවරට වැඩමවීමමෛත්‍රී බෝධිසත්වයන් පැවදිවීමසැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අග තනතුර ප්‍රධානය කිරීමසංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා ඉන්දියාවට පිටත්වීමමිහිඳු හිමිගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහරහතන්වහන්සේ විසින් ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීමජය ශ්‍රීමහා බෝධි අංකුරය පිහිටවීමවස් පවාරණය කිරීම සහ කඨින පිංකම් ආරම්භ කිරීමඉල් පොහොය (නොවැම්බර්)ප්‍රථම ධර්මදූත සේවයලෙස රහතන්වහන්සේලා 60 නමක් ධර්ම ප්‍රචාරය ඇරඹීමබුදුරජාණන්වහන්සේ තුන් බෑ ජටිලයන් වෙත වැඩමවීමමෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලබාගැනීමසැරියුත් හිමියන්ගේ මෑණියන් සෝවාන් මාර්ගඵලයට පැමිණීමසැරියුත් හිමියන් පිරිණිවන් පෑමමහින්දාගමනයෙන් පසු ප්‍රථම දාගැබ වූ ථූපාරාමය ඉදිකිරීම ඇරඹීමඅවසාන කඨින පූජා දිනය (චීවර මාසයේ අවසාන පෝය දිනය)සහපසු වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම (උන්වහන්සේලා කඨින චීවර භාරගන්නේ නැත.)උඳුවප් පොහොය (දෙසැම්බර්)සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් රැගෙන ලංකාවට පැමිණීමශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම (අනුලා බිසව ඇතුළු 500ක් කාන්තාවන් පැවදි කරවීමෙන්)ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඇතිවීමදහ අට වෘත්තියක කාර්මික ශිල්පීන් පැමිණීමවිශේෂ ස්තූතිය : රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිට සහ සුරත් සමරකෝන් මහතාට.
|
BLOG
|
2012.12.26
|
http://www.nishuoc.blogspot.com/
|
මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?
|
nishuoc
|
දෙසැම්බර් නිවාඩුවට කොහේ හරි යන්න ප්ලෑන් කරන අයට පොඩි ඔත්තුවක් දෙන්නයි මමඅදසූදානම් වෙන්නෙ.වෙනසකටත් එක්ක යමු බණ්ඩාරවෙලට.කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන ඔබ මුලින්ම රත්නපුරට ආ යුතුයි. මේ සඳහා මුලින්ම A4 මාර්ගයෙන් හෝමාගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරට පැමිණිය හැකියි. එසේත් නැතිනම්, මුලින්ම පානදුරටත් එතැනින් A8 මාර්ගය ඔස්සේ හොරණ හරහා රත්නපුරටත් පැමිණිය හැකියි. රත්නපුර සිට A4 මාර්ගයෙන් පැල්මඩුල්ල, ඕපනායක හරහා බලංගොඩට පැමිණිය යුතුයි. එතැන් සිට බෙලිහුල්ඔය හරහා බෙරගලට පැමිණෙන ඔබ අනතුරුව A16 මාර්ගයෙන් හපුතලේ හරහා බණ්ඩාරවෙලට ගමන් කරනවා.දුර ගැන අදහසක් දෙනවා නම්, කොළඹ සිට රත්නපුරට දල වශයෙන් කි. මී. 100ක් පමණ තියෙනවා. එතැන් සිට බලංගොඩට කි. මී. 45 ක් පමණ තියෙනවා. බලංගොඩ සිට බෙරගලට තවත් කි. මී 40ක් පමණත්, එතැන් සිට බණ්ඩාරවෙලට කි. මී. 18ක් පමණත් තියෙනවා.මුලු දුර දලවශයෙන් කි. මී. 200ක් පමණ වෙනවා.බණ්ඩාරවෙල අවට නවාතැන්පොලවල් නම් යහමින් තියෙනවා. නවාතැන්පොලක් සොයාගැනීමට ඔබ එතරම් වද වියයුතු නැහැ. හැබැයි උණුවතුර පහසුකම තිබේද කියල හොයල බලන්න.දින කීපයක නිවාඩුවක් ගතකිරීමට බණ්ඩාරවෙල පැමිණි ඔබට නැරඹිය හැකි තැන් මොනවාද.මුතියංගනය රජමහා විහාරයබණ්ඩාරවෙල සිට බදුල්ල නගරයට ඇත්තේ කි. මී. 30කට මඳක් වැඩි දුරක්. ඒ සඳහා ඔබට ගතවෙන්නේ පැයකට අඩු කාලයක්. මුතියංගන රජමහා විහාරය පිහිටල තියෙන්නෙ හරියටම බදුල්ල නගර මධ්‍යයේ. සොලොස්මස්ථාන වලට අයත් මුතියංගනය දෙවනපෑතිස් රජු විසින් කරවූ බවත් පසුව බොහෝ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවූ බවත්සඳහන් වෙනවා.මෙහි බුදුරජාණන්වහන්සේ විසින් තවත් පන්සීයක් මහරහතුන්වහන්සේලා සමඟ නිරෝධ සමාපත්ති ගතව වැඩසිටිබව කියැවෙනවා.දුන්හිඳ දියඇල්ලබදුල්ලේ සිට මහියංගනය පාරේ කි. මී. 4-5 පමණ ගියතැන දුන්හිඳ දියඇල්ලට යන පාර පටන් ගන්න තැන හමුවෙනවා. එතන ඉඳන් කි.මී 1ක් පමණ පාගමනින් ගිය තැන ඔබට දුන්හිඳ ඇල්ල දැකගැනීමට පුලුවන්. මේ මාර්ගය නම් තරමක් දුෂ්කරයි. ඒ දෙපස ඇති කඩවලින් ඔබේ පවස නිවාගැනීමට බෙලිමල් උගුරක් පානය කරන්න අමතක කරන්න එපා.මීටර් 63ක් උසැති දුන්හිඳ, බදුලු ඔයේ විශාලතම දිය ඇල්ල මෙන්ම ලංකාවේ සුන්දරම දිය ඇල්ලක්ද වෙනවා. හෙට්ටිපොල කඳුවැටියේ සිට ගලාහැලෙන බදුලු ඔය, ඇල්ල කපොල්ල ස්ථානයේ දී මහවැලි ගඟට එකතුවෙනවා. ඌවේ චූඩා මාණික්‍යය ලෙස විරුදාවලි ලබා ඇති දුන්හිඳ දියඇල්ලට ශ්‍රීලංකාවේ දියඇලි අතර උසින් හිමිවන්නේ 33 වන ස්ථානයයි.ඇඩිෂම් බංගලාවබණ්ඩාරවෙල නගරයේ සිට කි. මී 12ක් පමණ කොළඹ දෙසට එනවිට හපුතලේ නගරය හමුවෙනවා. එතැනින් හැරී කි. මී 3-4 ක් පමණ ගියතැන පිහිටි මනස්කාන්ත පරිසරයකට මැදිව ඔබට මේ සුන්දර බංගලාව දැකගත හැකියි.ඉංග්‍රීසි ජාතික තෝමස් ලිස්ටර් විල්යස් විසින් 1931දී සාදවන ලද මෙය සම්පූර්ණ කලුගලෙන් කරවා වහලට බුරුම හා තේක්ක ලී අතුරා තිබෙනවා. මෙය වර්ථමානයේ හැඳින්වෙන්නේ ශාන්ත බෙනදික් තාපසාරාමය ලෙසයි. මෙය නැරඹීමට ඔබට අවසර ඇත්තේ සති අන්ත දිනවල, පෝය දින සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පමණයි. මහසිකුරාදා සහ නත්තල් දිනයේදී මෙය නැරඹීමට අවසර නෑ.අපි ගිය දිනයේ මෙය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී පැවතුනා. ඉහත වම් ඡායාරූපයෙන් ඔබ දකින්නේ මීදුමට මැදිවූ ඇඩිෂම් බංගලාවයි. බංගලාවේ මිදුලේ සිට බැලූවිට අවට පරිසරය දිස්වන ආකාරය දකුණුපස ඡායාරූපයෙන් දැක්වෙනවා.දියලුම දියඇල්ලහපුතලේ නගරයේ සිට කි. මී. 6 ක් පමණ කොළඹ දෙසට එනවිට බෙරගල හමුවෙනවා. බෙරගලින් හැරී වැල්ලවාය මාර්ගයේ තවත් කි. මී. 23ක් පමණ ගිය විට දියලුම ඇල්ල දැකගැනීමට පුලුවන්.මීටර් 171ක් උස දියලුම ඇල්ල, පූනාගල ඔයෙන් පෝෂණය වෙන අතර ලංකාවේ දිය ඇලිවලින් උසින් තෙවන තැන හිමිවෙනවා. එමෙන්ම ලෝකයේ දිය ඇලි අතරින් 62වන ස්ථානය හිමිකර ගන්නවා. පූනාගල ආශ්‍රිතව ඇති දිය ඇලි සමූහයෙන් අවසානම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ දියලුමයි. කුඩාඔය හා එක්ව ගලාබසිනා මෙය කිරිඳි ගඟට මුසුව තිස්සමහාරාමය ආසන්නයෙන් මුහුදට එක්වෙනවා. ජලජ පහන, දියගැලුම ඇල්ල, දිය හලුම ඇල්ල ලෙසද මෙය හැඳින්වෙන බව දැනගැනීමට ලැබුනා.වඩාත්ම සොඳුරු දර්ශණ දැක ගැනීමට ලැබුනේ බෙරගල ඉඳන් දියලුමට එන මාර්ගයේ. එහිදී ඔබ නෙත ගැටෙන්නේ ඉතාමත් සුන්දර පරිසරයක්. වචනයෙන් විස්තර කරනවාට වඩා මෙම ඡායාරූප බැලීමෙන් එමසුන්දරත්වය ඔබට විඳගත හැකියි.බඹරකන්ද දියඇල්ලබෙරගල ඉඳන් කි. මී 10ක් පමණ කොළඹ දිශාවට යන ඔබට කලුපහන හන්දිය මුනගැසෙනවා. එතැනින් හැරී කි. මී. 5 ක් පමණ ගියතැන ඔබට මේ මනහර දිය ඇල්ල දැකගත හැකියි. අඩි 790ක් උසැති බඹරකන්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසත් ලෝකයේ දියඇලි අතර උසින් 48 වැන්න ලෙසත් සැලකෙනවා.මේ ආදී සුන්දර තැන් රැසක් නැරඹීමට අපිට මේ ගමනේදී හැකිවුනා. බණ්ඩාරවෙල චාරිකා කරන ඔබට නැරඹිය හැක්කේ මේ ලිපියේ සඳහන් ස්ථාන පමණක් නම් නෙවෙයි. ඔබ ගතකිරීමට බලාපොරොත්තු වන දින ගනන අනුව ඔබට බෝගොඩ පාලම, දෝව ගල් විහාරය, ලිප්ටන් සීට්, රාවනා ඇල්ල, දෙමෝදර පාලම, පූනගල ස්ටේට් ආදී සුන්දර තැන් රැසක් දැකබලාගැනීමට හැකියි. නමුත් මේ සියලු තැන් බැලීමට වෙහෙසීමෙන් ගත විඩාවට පත් කරගන්නවාට වඩා සීතල කඳුකරයේ පහස විඳිමින් විවේක සුවය විඳීමටත් කාලයක් වෙන්කරගත යුතු බවයි මාගේ අදහස. ඔබත් ඉදිරියේදී මෙවැනි සංචාරයක් යෑමට බලාපොරොත්තුවේ නම්, මේ ලිපිය ප්‍රයෝජනවත් වේ යැයි සිතෙනවා. එහෙනම් ඔබට සුභ ගමන්.
|
BLOG
|
2012.11.29
|
http://www.nishuoc.blogspot.com/
|
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...
|
nishuoc
|
කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මටඅනුරපුරේසංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මමඅදසූදානම් වෙන්නෙ,......................ඔබවවැව් බැඳි රාජධානියේවන්දනා ගමනක් රැගෙන යන්න. :)ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුරචාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම. ඒත් මම හිතන්නේ අපි චාරිකාවක් රසවිඳින්න පටන් ගතයුත්තේ ගෙදරින් පිටත්වෙන විටමයි. අතරමගදී ඔබට ගොඩක් ලස්සන තැන් හමුවේවි. නැරඹිය හැකි ස්ථාන හමුවේවි. ඒවා නරඹමින් පරිසරය විඳිමින් ගමන්කරන්න.කොළඹ ඉඳල අනුරාධපුරේට යන්න මාර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් අපේ අවශ්‍යතාවය අනුව තෝරාගත් මාර්ග දෙකක විස්තර පහතින් දක්වන්නම්.පුත්තලම හරහාකි.මී. 210ක් පමණ වූ මේ මාර්ගය අදියර 4කින් විස්තර කරන්නම්.මුලින්ම A3 මාර්ගය ඔස්සේ කොළඹ සිට මීගමුවට (36KM) යා යුතුයි. මේ ගමනේදී පෑලියගොඩ,වත්තල, මාබෝල, වැලිසර, නාගොඩ, කඳාන, ජාඇල, බණ්ඩාරවත්ත, සීදූව, කටුනායකවැනි නගර ඔබට හමුවෙනවා.අනතුරුව එම මාර්ගයේම මීගමුවේ සිට හලාවත දක්වා 47KMක දුරක් ඔබ යායුතුයි. එහිදී කොච්චිකඩේ, වෙන්නප්පුව, මාරවිල වැනි නගර පසුවෙනවා.ඊලඟට එම මාර්ගයේම තවත් 54KM ක දුරක් පසුකර ඔබ පුත්තලමට සේන්දු වෙනවා. එහිදී බංගදෙනිය, කිරියක්කල්ලි, මදුරන්කුලි, පලාවි යන ප්‍රදේශ පසුකරනවා.පුත්තලමේ සිට A12 මාර්ගයේ තවත් 75KM ක් ඇවෑමෙන් ඔබට අනුරාධපුරයට ලඟාවිය හැකියි. පෙරියවිල්ලු, මීඔය, කරුවලගස්වැව, දයියගම වැනි නගර ඔබට හමුවේවි.දඹුල්ල හරහාමෙම මාර්ගයත් දළවශයෙන් කි.මී. 210 ක් පමණ දුරයි. මෙම මාර්ගයත් පියවර 4කින් විස්තර කරන්නම්.පලමුව, කොළඹ සිට අඹේපුස්ස දක්වා කි.මී 58ක දුරක් A1 මාර්ගයේ යා යුතුයි. එහිදී, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, නිට්ටඹුව,පස්යාල, කජුගම, වේවැල්දෙනිය, දංඕවිට, වරකපොල වැනි නගර පසුවෙනවා.[ඕනෑ නම් පස්යාල හන්දියෙන් හැරී මීරිගම, ගිරිඋල්ල, නාරම්මල, වාරියපොල, පාදෙනිය හරහාත් අනුරාධපුරයට යාහැකියි. එසේ යනවා නම්, කි. මී. 10-15ක පමණ දුරක් අඩුවේවි.]දෙවනුව අඹේපුස්ස සිට දඹුල්ල දක්වා කි.මී 90ක දුරක් A6 මාර්ගයේ ගමන් කල යුතුයි. එහිදී තුල්හිරිය, අලව්ව, වලකුඹුර, පොල්ගහවෙල, පොතුහැර, බෝයගනේ, වඳුරාගල, කුරුණෑගල, ඉබ්බාගමුව, ගොකරැල්ල,මැල්සිරිපුර,පන්ලියැද්ද, ඕමාරගොල්ල, බෙලිගමුව, ගලේවෙල, තලකිරියාගම යන ප්‍රදේශ ඔබට හමුවේවි.[අවශ්‍යනම් කුරුණෑගලින් හැරී පාදෙනිය හරහාත් ඔබට අනුරාධපුරයට යාහැකියි. ඒ මාර්ගයේ යනව නම් කි.මී 6-7ක් ඉතුරුකරගන්න පුලුවන්.]හරි. දැන් ඔබට දඹුල්ල විහාරයත්, අවශ්‍ය නම්, ඊට කි.මී. 22ක් එහායින් වූ සීගිරියත් නැරඹීමට යන්න පුලුවන්.දඹුල්ලේ සිට A9 මාර්ගයේ කි. මී 52ක් දුරින් පිහිටියේ ගල්කුලම නගරය. (නමුත්,දඹුල්ලේ සිට ගල්කුලම දක්වා මාර්ගය අලුත්වැඩියා කටයුතු නිසා තරමක් දුෂ්කරයි. ඉතින්, ලඟදි අනුරාධපුරේ යන්න ඉන්න කෙනෙකුට නම් මේ මාර්ගය අනුමත කරන්න බෑ. අපි ඒ මාර්ගය තෝරාගත්තේදඹුල්ලහා සීගිරිය යාමේ අවශ්‍යතාවය තිබූ නිසයි.) මේ මාර්ගයඅතරමගදී මදටුගම, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ යන නගර හමුවෙනවා. ඒඅතරතුරදී ඔබට ජාතික නාමල් උයන හෝ අව්කන පිලිමය නැරඹීමට යා හැකියි.ගල්කුලමේ සිට තවත් කි.මී. 12ක් A13 මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට අනුරාධපුරයට පිවිසිය හැකියි.දැන් අප සිටින්නේ අපේ ගමනාන්තයේ. ඒ කියන්නේ, අනුරාධපුර නගරයේ.මුහුදුමට්ටමේ සිට අඩි 295ක් උසින් පිහිටි අනුරාධපුරය මෙරට වැඩිම කාලයක්, වැඩිම රජවරු පිරිසක් විසින් පාලනය කල රාජධානියයි.ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා කාලය තුල පණ්ඩුකාභය රජුගේ සිට Vවන මිහිඳු දක්වා රජවරුන් සියයකට අධික ප්‍රමාණයක් අනුරාධපුරය සිය රාජධානිය කරගෙන සිටියා.අනුරාධපුර සංචාරය කරන බෞද්ධයින්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ අටමස්ථාන වන්දනා කිරීම. දුරාතීතයේ පටන් අටමස්ථාන ලෙස හඳුන්වාඇත්තේ තිස්සාරාමය, කම්මාලකය, ඡන්තාඝර පොකුණ, ශ්‍රීමහා බෝධිය, ලෝවාමහාපාය, ලභබත්ගෙය, දාන ශාලාව සහ රුවන්වැලි මහා සෑයයි.කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් නටඹුන් වූ අනුරාධපුර නගරය සෑහෙන කාලයක් වල් වැදී පැවතුනා. එසේ තිබියදී ක්‍රි.ව. 1856 දී ඉංග්‍රීසි රජය විසින් අටමස්ථානය යලි නාමකරණය කරනවා.ඉහත සිතියම විශාල කර බලන්න. එහි නිල් පාට සලකුණුවලින් දක්වා ඇත්තේ එසේ නම්කෙරුණු අටමස්ථානයි. රෝස පැහැ සලකුණුවලින් දක්වා ඇත්තේ ඒ අවට ඇති සෙසු පෞරාණික සිද්ධස්ථාන කීපයක්.යමු මාත් එක්ක.. ඒ ප්‍රෞඩ අතීතයට යලිත් එබිකම් කරන්නට.මේ තියෙන්නෙ ශ්‍රී මහා බෝධියශ්‍රී මහා බෝධිය ගැන යමක් කියනවානම්, ක්‍රි. පූ. 3 වන සියවසේදී සංඝමිත්තා තෙරණියවිසින්මෙය ලංකාවට වැඩම කරවූවා.ජය ශ්‍රීමහා බෝධිය වැඳ පුදාගැනීමෙන් ඔබට අටමස්ථාන වන්දනාව ආරම්භ කල හැකියි.ශ්‍රී මහා බෝධියට පිටුපසින් තියෙන්නෙ, ලෝවාමහාපාය. මෙහි ගල්කණු 1600ක් දැකගත හැකියි. IIවන පෑතිස් රජු විසින් කරවන ලද මෙය දුටුගැමුණු රජතුමා විසින් නවමහල් කොට නවීකරණය කරවූවා. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂූනුත්, දෙවැන්නේ සිට නව වැනි මහල දක්වා රහතන් වහන්සේලාත් වැඩසිටි බව සඳහන් වෙනවා. පසුකාලීනව බොහෝ රජවරුන් මෙය ප්‍රතිසංස්කරණය කල බව කියැවෙනවා. ලෝවාමහාපායේ මැද ඇති ගොඩනැගිල්ල නම් මෑතකාලයේ සාදන ලද්දක්.මහාවිහාර භූමියට අයත් ගොඩනැගිලි ත්‍රිත්වයෙන් දෙකක් අපි දැන් වැඳපුදාගත්තා. ඊට අයත් ඉතිරි ගොඩනැගිල්ල රුවන්වැලිසෑයයි. වම්පසින් තියෙන්නේ මගේ කැමරා කාචයේ සටහන් වූ රුවන්වැලිසෑය. දකුණුපසින් තියෙන්නේ සොලීන් විසින් විනාශ කරන ලද රුවන්වැලිසෑයේ පෞරාණික ඡායාරූපයක්..බුබ්බුලාකාර හැඩයෙන් යුතු මෙය සාදවන ලද්දේ දුටුගැමුණු රජු විසින්. මෙය සාදවා නිමකරවන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසින්. අඩි 300ක් පමණ උස වූ මෙහි සර්වඥධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇති බව සඳහන් වෙනවා.ඊලඟට අපි වැඳපුදාගත්තේ මිරිසවැටිය චෛත්‍යය. අඩි 60ක් උස මිරිසවැටිය චෛත්‍යය ක්‍රි.පූ. 161 - 137 අතර කාලයේදී සාදවන ලද්දක්. භික්ෂූන්ට නොදී මිරිස් මාලුවක් කෑමෙන් ඇති වූ පශ්චාත්තාපය නිසා දුටුගැමුණු රජතුමා විසින් මෙය කරවන ලද බව සඳහන් වෙනවා.පහත වම් පැත්තෙ ඡායාරූපයේ තියෙන්නෙ මිරිසවැටිය චෛත්‍යය.දැන් අපි යමු ථූපාරාමයට. ඉහල දකුණු පැත්තෙ ඡායාරූපයේ තියෙන්නෙ ථූපාරාම චෛත්‍යය.ථූපාරාමය කියන්නෙ මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදිවූ පළමු චෛත්‍යය. IIවන පෑතිස් රජතුමා විසින් මෙය ඉදිකර තිබෙනවා. මුලින් ධාන්‍යාකාර වුවත් දැන් ඝාන්ටාකාර හැඩයක් ගන්නා ථූපාරාම දාගැබේ උස අඩි 63ක්. මෙහි බුදුරජාණන්වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට තිබෙනවා. එවකට දාගැබ වටා වටදාගෙයකුත් තිබිල තියෙනවා. අදටත් ඉන් ශේෂ වූ ගල් කණු දාගැබ වටා පිහිටා ඇති ආකාරය ඔබට දැක ගැනීමට පුලුවන්.මේ තියෙන්නේ අභයගිරිය ස්තූපය. මේකෙ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුකරමින් පවතිනවා. අඩි 245ක් උස අභයගිරිය ස්තූපය සාදවන ලද්දේ වලගම්බා රජතුමා විසින්. ක්‍රි. පූ 89-77 අතර කාලයේදී ඉදිකල මෙහි ඉතිහාසය විමසා බැලීම වටිනවා. වලගම්බා රජු පලා යද්දී ගිරි නම් නිඝන්ටයෙකු "මහා කලු සිංහලයා පළා යනෝ.." යැයි කෑ ගැසූ කථාව ඔබ දන්නවා ඇති. මෙම ස්තූපය සාදවා ඇත්තේ එදා ඒ සිදුවීම වූ භූමියේ.අභයගිරිය වැඳපුදාගත් අපේ ඊලඟ ගමනාන්තය උනේ ලංකාරාමය. මෙයත් වලගම්බා රජතුමා විසින් කරවු බව සඳහන් වෙනවා. අඩි 38ක විශ්කම්භයක් සහිත මෙය සෝමාදේවිය සිහිවීම පිනිස ඉදිකරන ලද්දක් යැයි සැලකෙන බැවින් 'සෝමාරාමය' ලෙසද හඳුන්වනු ලබනවා.ඊලඟට අපි නතර උනේ ජේතවන ස්තූපය අසල. මෙය ක්‍රි.ව. 273-301 අතර කාලයේදී මහසෙන් රජු විසින් සාදවන ලද්දක්. ඒ කාලයේ මෙය අඩි 400ක් පමණ උස උනත්, දැන් උස අඩි 232ක් පමණ වෙනවා. මෙහි බුදුරජාණන්වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර ඇතිබව සඳහන්වෙනවා.හරි. දැන් අපේ ප්‍රධාන අරමුණ සම්පූර්ණයි. හැබැයි, අනුරාධපුරයේ ඔබට දැක බලාගන්න තියෙන්නේ අටමස්ථාන විතරක් නම් නෙමෙයි. අටමස්ථාන අවට පුරාවස්තු නම් බොහොමයි. මේක පූජා නගරයක් මෙන්ම කෞතුක නගරයක් ලෙසද හැඳින්වෙන්නෙ ඒකයි.පහත වම් පසින් දැක්වෙන්නේ මගේ කැමරාව තුල සටහන් වූ සමාධි පිළිමය. දකුණු පසින් දැක්වෙන්නේ එහිඉතා පැරණි ඡායාරූපයක්.මේ මොකක්ද කියලත් ඔබට අමුතුවෙන් කිවයුතු නෑ. ඔව්, ඔබ හරි. මේ තියෙන්නේ කූට්ටම් පොකුණ.අනුරාධපුරය වන්දනා කරන අය යා යුතුම තැනක් තමයි ඉසුරුමුණිය. මනරම් බිම්කඩක පිහිටා ඇති මෙහි පිටුපසින් තිසාවැව දැකගැනීමට පුලුවන්. මෙහිදී මිනිසා සහ අශ්ව හිස කැටයමත්, දිය කෙලින ඇතුන් කැටයමත් දැකබලාගන්නා ඔබ, ඉසුරුමුණි කෞතුකාගාරයේදී දුටුගැමුණු රජ පවුලත්, ඉසුරුමුණි පෙම්යුවලත් දැකබලාගන්නවා.මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඉසුරුමුණි විහාරය.ඉසුරුමුනියේ නුඹ මැවූ.... පෙම්බරිය කොතනද කියා.....මා ඇසූ විට හිනැහුනා ඔහු... තවම තනිකඩයැයි කියා....අවසාන වශයෙන් අපි ගියේ මිහින්තලය වැඳපුදා ගන්න. අනුරාධපුර නගරයේ සිට කි. මී 17ක් පමණ දුරින් පිහිටි මිහින්තල පුදබිමේදී ආරාධනා ගල, මිහිඳු ගුහාව, මිහිඳු සෑය, සේල චෛත්‍යය, සිංහ පොකුණ, සන්නිපාත ශාලාව, මිහිඳු පුවරු ලිපි ඇතුලු තවත් බොහෝ දෑ දැකබලා ගැනීමට හැකියාව ලැබුනා.ඉහල දකුණු පැත්තේ ඡායාරූපයේ තියෙන්නේ මිහින්තලා පුදබිමේදී ලබාගත් ඡායාරූපයක්.මේ ආදී සිද්ධස්ථාන රාශියක් වැඳපුදාගෙන අපි ආපහු නිවෙස් වලට පිටත් වුනා. ඉදිරියේදී අනුරාධපුරයේ චාරිකා කරන්න ඉන්න අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබටත් එහෙම හිතෙනවනම්, මගේ සතුටත් එයයි.සැ. යු. සිතියම් ඡායාරූප google map වෙතින් ලබාගන්නා ලදී. පැරණි ඡායාරූප ඉමේජස් ඔෆ් සිලෝන් වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී. අනිකුත් සියලු ඡායාරූපවල අයිතිය මා සතුයි.
|
BLOG
|
2014.07.28
|
http://gimanniwananimthera.blogspot.com/
|
විවාහය..... (4 වන ලිපිය...)
|
රංග....
|
අපි දැන් කතා කරගෙන ආවා අතීතයේ තිබ්බ විවාහ මොනවාද. එතකොට විවාහ ක්‍රම 8 ක් ගැන.. අයේ නෑන මස්සිනා විවාහ පිලිබද...ඉතින් අද අපි කතා කරමු..මම ජෝතිෂ්‍ය ගැන කතා කරන්නේ නෑ.. මොකද මම ඒ ගැන වැඩිය උනන්දුවක් නෑ,. අතීතයේ මේ ජෝතිෂ්‍ය කටයුතු විවාහයට පෙර දැඩි ලෙස ඉටුකර තිබෙනවා.. මෙයින් ඔවුන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න අදහස් කරලා තියෙනවා...කපු මහත්තයා කියන චරිතය අපිට අතීතයේ විවාහ ගැන කතා කරද්දී නැතිවම බැරි චරිතයක්.. ඒ චරිතයට තියෙන භූමිකාව තමයි.. දෙදෙනාගේ හදහන් ගැළපවීම.. කුලමළ ...සමාජ තත්ත්වය.... වගේ දේවල් හොයන එක.. ඒ විතරක් නෙවෙයි.. අතීතයේ මනමාලිය විසින් මනමාල පාර්ශවය වෙත දෑවැද්දක් ලබා දෙනවා.. ඒ ගැන තීරණයකට එළඹිමේදී මේ කපු මහත්තයාගේම කාර්යයක්... සමහර වෙලාවට මේ දෑවැද්ද කියන එක බලාපොරොත්තු වෙන්නේත් නෑ... ඒත් තම දියණිය වෙනුවෙන් කුමන අන්දමින් හෝ පරිත්‍යාගයක් කිරීමටම මනාලියගේ දෙමාව්පියන් ඉදිරිපත් වෙනවා..පොරොන්දම් එහෙම බලලා ඊට පස්සේ ඒවා ගැලපෙනවා නම්.. මීලග අවස්ථාව තමයි ගෙවල් දොරවල් සහ වගතුග සොයන්න යෑම.. ඉස්සෙල්ලාම කරන්නේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන තරුණයා යනවා තරූණියගේ ගෙදරට... මේකට කියන්නේ ‘මනාලියක් බලන්න යනවා‘ හෝ ‘කරකාරයක් බලන්න යනවා‘ කියලා. ඒ දවසේ මනාලිය ලස්සනට අන්දලා හැඩ වැඩ කොරලා බුලත් හෙප්පුවක් දීලා එවනවා මනමාලයා ළගට....මනමාලිය කරන්නේ ඒ බුලත් හෙප්පුව මනමාලයාට පිළිගන්වනවා... ඉතින් මනමාලයා මනමාලිය.. එකිනෙකා දකින්නේ ඒ වෙලාවේ තමයි.. ඒත් එදා ලැජ්ජාව නිසා එකිනෙකා දකින්නේ නෑ හරියට.... ඒත් ඥාතින් වැඩිහිටියන් ඇයගේ ශාරීරික ලක්ෂණ හා ඉරියව් ගැන සැලකිල්ලෙන් බලනවා...මොනවාද ඉතින් ඔය බලන ඉරියව්.. අහන ප්‍රශ්නයක් නේ.. මම ටිකක් කියන්නම්..ඝන තොල් ඇත්තීයක් කාමාතුර කාන්තාවක් ලෙස හදුන්වනවා.. ඉදිරි දත් අතර හිඩැසක් තියෙනවානම් ඇය පර හිමයන් සොයා යන බවත්, පයේ දෙවැනි ඇගිල්ල මහපටැගිල්ලට වඩා දිගින් වැඩි වූයේ නම් ඇය තම ස්වාමියා කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ..නිකට කෙළවරෙහි උපන් ලපයක් තිබේනම් ඇය චපල ගති ලක්ෂණ සහිත බවත් වගේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියවෙනවා.. තව ඇය ඒ අවස්ථාවේ පැමිණෙන විට ඇගේ ගමන, ඉරියව් නිරීක්ෂණය කරන වැඩිහිටියෝ තමන්ගේ අදහස් මනමාලයාට කියනවා..ඉතින් බුලත් හෙප්පුවේ චාරිත්‍රයෙන් පසුව .. මනාල මහතා ඇතුළු පිරිස තේ මේසයට හෝ බත් මේසයට කැදවා ගෙන යාමයි.... සමහර ප්‍රදේශ වල තේ මේසයට කැදවාගෙන ගොස් පසුව චාරිත්‍රයද සිදු කරනවා... තේ පැනි සංග්‍රහයෙන් පසු ඒ විවාහයට සතුටු නම් මනාලියගේ පාර්ශවයට මනාලයාගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරවා.. ඒ වෙලාවේ තමයි දෙපිරිස අතර කතා බහ සිදුකොට විවාහය සිදු කරන හැටි කතා කරන්නේ...දැන් විවාහයට කැමැත්ත හම්බ උණානේ.. පස්සේ මොකද වෙන්නේ කියලා බලමු... අපි ඊළග ලිපියෙන්.
|
BLOG
|
2014.11.05
|
http://dineshumagiliya.blogspot.com/
|
මරණයේ සිහිනය
|
Dinesh
|
4pt 0cm 5.. කිසිම දෙයක් අමුත්තක් නොවුන නිසාම මම සිහිනයෙන් අවදි වන්නටඋත්සාහ නොකලෙමි.. සියල්ලක්ම කලින් වතාවල මෙන් සිදුවිය.. මොහොතක් වත් වෙනස් නොවී ඒකාකාරීවමා සිහිනයන් දෙකක් දැක ඇත්තෙමි.. එකක් කුඩා කල සිට තවමත් ඉදහිට දකින විශාල සර්පයකුගේසිහිනයය.. අනෙක වසර දෙක තුනක මෑත අතීතයේ සිට දකින මගේ මරණයේ සිහිනයය.. එහි අරුත ගැනමා නොදනිමි.. මා ඒ ගැන සිතන්නට උත්සාහ කල අවස්ථාද බොහෝ වුවත් එහි අවසානයේ මා ලද පිළිතුරක්නොවීය.. අවසානයේ සිතන්නට ගත් උත්සාහය පමණක් මා අත්හලෙමි.. සිහිනය චක්‍රයක් මෙන් මානිදි දෑස් අතරට තවමත් ඉදහිට ලංවෙමින් පවතී..සියල්ලක්ම නිස්කලංකය..රැස්ව සිටි මිනිසුන් අතරින් මම හෙමින් ඇවිදන් ගියෙමි.. ඔවුන් සිහින් හඬින් කරන කතාමට නෑසෙන තරම්ය.. එහෙමත් නැතිනම් මට වුවමනාවක් නැති නිසාම නොනෑසෙන තරම්ය.. සුදු හාකළු හැදගත් කිහිපදෙනෙක් අසළ මා නැවතීමි.. ඒ සමහරක් මුහුණු මට ආගන්තුකය.. අනික්වා මටබොහෝම හිතවත් මුහුණුය.. මා මෙන්ම ඔවුන්ද පෙරලා එක එල්ලයේ අප, අප දෙසම බලාසිටි කාලය බොහෝදිගු එකක් වුවද වචනයකදු අප අතර හුවමාරු නොවින.. නැත්නම් කතා කිරීමට තරම් ඕනෑ කමක් අපකිසිවෙකුත් අතර නොතිබින..ඒ මුහුණු වල හැඟීම්තේරුම් ගන්නට මා උත්සාහ කලෙමි.. කාලයක් පුරා මා දන්නා නමුදු ආගන්තුක වුන ඒ බැල්ම මගේසිතුවිළි වලට වැට බඳින්නාක්මෙන් විය.. මා එදෙස ඕනෑකමින් බැලිමි.. ඔවුන් ඔවුන්ගේ කතාබහඅතර කොහේදෝ තැනක නතර වී සිටියා මිසක මා ගැන උනන්දු වන්නට තරම්වත් වේලාවක් කාහටවත් නොතිබුනි..මා ඔවුන් මඟ හැර ඉදිරියට ඇවිද ගියෙමි.. අඳුරු පැහැ වුන මුහුණුත්නිහඬ මළාණික සෙල් රූ වැන්නවුනුත් අතර එකම දිශාවකට බලා සිටි කිහිප දෙනෙකු විය.. මා ඔවුන්නොහදුනනමි.. නමුත් ඒ ඇස් වල මානය දෙස මා උනන්දු වීමි.. සිහින්ව එක් අන්තයකින් නැඟ ආදුමාරය සුළගත් සමඟ කාමරයේ හිස් තැන් පුරා ඇදෙමින් තිබුනේය.. නමුත් එහි කිසිම සුවඳක්හෝ දුඟදක් මට නොදැනුනි.. මා ඒ දෙස බලාසිටියා මිසක එහි මිහිරියාවක් මා තුලට ඇද ගන්නටතරම් වුවමනාවක් මා තුල නොවින.. ඉබාගාතයේ දුවන කාලයගැන කිසිවකුට හෝ හිතන්නට තරම් වුවමනාවක් නොවීය.. මාද එලෙසමය.. නමුත් හැම දෙයක්ම අතරආගන්තුක හැඟීමක් මගේ හිත වටා හොල්මන් කරන්නට විය.. හැමදෙයක්ම මද්‍යයේ වූ තද රත් පැහැලී අසුරණය මගේ හිතේ සැහැල්ලුව උදුරාගන්නාක් මෙන් මට දැනෙන්නට විය.." ඒ මොකද්ද.ඇයි හැමෝම ඒ දිහාම බලාගෙන ඉන්නේ."හිතේ රැදි කුතුහලයතව දුරටත් මා රදවා තබන්නට තරම් ශක්තිමත් නොවීය.. මා පියවර කිහිපයක් ඒ දෙසට ගමන් ගතිමි..සියල්ලක්ම තවමත් පෙර මෙන් නිසළය.. අවට වූ කිසිවකුටවත් මාගෙන් හෝ මගේ ගමනෙන් කිසිදුප්‍රශ්ණයක් නොවීය.. ඔවුන් සියල්ලම පෙර මෙන්ම ඔවුන්ගේ සිතුවිළි අතර සිර වී සිටී.. මාදඑලෙසමය.. නමුත් මා තුල වූ එකම වෙනස නම් ඔවුන්ට වඩා මා නිදහස් වීමයි.. ඔවුන්ට මෙන් මාවටා හෝ මා අභිමුව කිසිවකුත් නොවීය..හුදෙකලා සිතුවිළිමා නිරායාසයෙන්ම මගේ අරමුණ වෙතට ගෙනවිත් තිබුනි.. මලින් සැරසූ ඇතිරිල්ල මත යමෙකු වැතිරසිටී.. එක් මොහොතකට ඒ රුව මට අපැහැදිළිය.. රිදී පැහැයෙන් නිම කල මනා ඇදුමකින් සැරසීහිදි නිසොල්මන් රුව දෙස මම ඕනෑකමින් බැලිමි.. මා මොහු හඳුනන්නේද. මගේ යටි හිත මගෙන්කිහිපවරක්ම අසන්නට විය.. අසළ වූ යමෙකු දෑස් වල කඳුළු පිසදමමින් ඒ රුව දෙසම බලා හිටියත්මගේ දෑසෙහි කිසිදූ වේදනාවක් නොවින.. එය බොහෝ කාලයක් සිටම වියළි ගියාක් මෙනි.. මා හැඟීම් වලින් තොරවඒ රුව දෙස බැලිමි.. තවමත් සමහරක් දේ අපහැදිළිය.. කිහිප වතාවක්ම මෙලෙස අවුත් ඒ රුව නොදැකහැරී ගියාක් මෙන් හැඟීමක් මගේ හිතේ හොල්මන් කරන්නට විය.. බොහෝ වේලාවක් කිසිදු හැඟීමකින්තොරව සිටි මා ගැහෙන්නක් මෙන් දැනෙන්නට විය.. ඔවු, ඒ සිටින්නේ මාය.. මම, මා දෙසටම එබීබැලිමි.. අප අතර වූ පරතරය ඉතා සීමිතය.. නමුත් මට වැතිර හිදි මාගේ හුස්මවත්, ඒ මුහුණටවැදී යලි එන මාගේ හුස්මවත් මට දැනුනේ නැත.. එසේ විය හැකිද. මා කල්පනා කලෙමි.. අප අතරවූ එකම වෙනස නම් වැතිර සිටි මා දෑස් පියාගෙන සිටීම පමණි.. හැද සිටි ඇදුමේ සිට අනෙක්සියල්ලම සමාන විය..මෙපමණ වෙලාවකට පසුමට යමක් දැනෙන්නට විය.. ඇඟිළි තුඩු අතරට දැනුන මද සිසිළසක් මගේ හැඟීම් මා තුලින්ම පිටතටගන්නට සමත් විය.. තවමත් හැම දෙයක්ම නිසංසළ වුවත් මද සුළඟක් මගේ ඇඟිළි තුඩු වටා විත්මුහුණ පුරා වෙලිනි.. මා මොහොතකට සියල්ල අමතක කර එය විදගතිමි.. හැම දෙයකටම වඩා හිතටකා වැදුන එකම හැඟීම එයම විය.. පියව ගිය දෑස් විවර කර මා වැතිර සිටි මා දෙස බැලිමි..මෙය මියෙන්නට කාලය නොවන බව මා හොදින්ම දනිමි.. " ජීවත්වෙන්න.."මම වැතිර සිටි මාදෙසට නැඹුරු වි කෙදිරුවෙමි.. මොහොතකට ඒ වදන් යලිත් විත් මගේ හිස පුරා රැදෙන්නාක් මෙන්හැඟීමක් මට දැනුනි.. එය ජීවිතය යලි නැගිටවීමේ ආමන්ත්‍රණය බැවු මා දනිමි.. මියෙන්ට තවබොහෝ කල් ඇත.. එය හැකිතාත් පසුපසටම තල්ලු කර දැමිය යුතුය.. මේ මරණයේ නපුරු සිහිනයෙන්නැඟිටීමේ කාලයයි..අති විශේෂයි, කොච්චර විවේකිව ඉන්න කියලා කිවුවත් මීට වැඩිය ඉතින් විවේකයක් මට වෙන තියෙනවද. අනික ඉතින් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ.. මේ ලිවිල්ලත් අන්න එහෙම ජාතියේ පුරුද්දක් තමයි.. ඕන එකක් වෙන්න කියලා ආයේ මම ලියනවා.. මොකද, මේ මියෙන්න කාලය නෙමෙයි..අර පිස්සු කතාව අමතක අය පොඩ්ඩක් ඔන්න ඒකට ඔළුව දාලා බලාගෙනම එන්න.. ලබන සතියේ ඒකේ අනික් කොටස දානවා..පිස්සුලන්තයට ඇද වැටීම පිස්සන්ගේ නාට්‍ය.
|
BLOG
|
2014.09.21
|
http://dineshumagiliya.blogspot.com/
|
වේදනාත්මක සමුගැන්ම
|
Dinesh
|
4pt 0cm 5.. කාලයෙන් කාලයට ජීවිතය පමණක්ම ඉතිරි කර මගෙන් බොහෝමයක් දේ ඈතටගෙනගොස් අවසන්ය.. ඉතිරි වේදනාවක් විතරමය.. එය ඇගේ ලේ නහර දිගේ ඇදී හුස්මක් අතර නිතරමමා තුලට ලං වෙන වේදනාවක්ව අවසන්ය.. ඉතිරිය ගැන හුදෙක් ඇත්තේ හිස් ඡායාවක් පමණි.. එයදඅඳුරු එකකි..මා යලින් අසනීප වීමි..ජීවිතේ අකුරු අතර ඔබ දත් බොහෝ දේට වඩා මා අද දුර්වලයෙක්ව ඇත.. වේදනාවෙන් වුවත් අවසානයේබරා ගත යුතු සත්‍ය එය වී අවසන්ය.. ඔවු, මා දැන් දුර්වලයෙකි.. හිස පුරා ඇදි යන වේදනාවත්දශමයෙන් දශමය අමතකව යන මතකයත් අතර මා තනිවී සිටිමි.. පමණට වඩා වේගයෙන් ගැහෙන හදවත මගේපාලනයෙන් තොරය.. බෙහෙත් මත ජීවිතය රදා තැබීමට තරම් මා අවසානයේ අවාසනාවන්ත වීමි.. එයකවදා කොයි තරම් නම් දුරකටදැයි මා නොදනිමි.. නමුත් එය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි මාවිශ්වාස කරමි.. ජීවිතේ බැහැර කිරීමටඅපහසු දේවල් අතර මේ අකුරු මගෙන් යලි පණක් ඉල්ලමින් කෑ ගහන හඩට සවන් දීමට තරම්වත් මාදැන් ශක්තිමත් නොවෙමි.. මා ජීවිතේ බොහෝ අපහසු තැන් පසු කලෙමි.. මෙයද තව එක් එවන් අවස්ථාවක්හෝ අවසන් අවස්ථාවද විය හැක.. එය කාලය පමණක් දැන හිදියි මා විශ්වාස කලෙමි.. ඇඟිලි තුඬුඅතර තෙරපෙන රුධිරය හා ආත්මිය බැඳිමක් නිතරම මේ අකුරු හා මුසු විනි.. නමුත් සියල්ල අතහැර දැමීමට කාලය එළඹ ඇත.. ඉතින් මා සබඳ, නුඹමා හා බොහෝ කල් පසු කර ජීවිතේ බොහෝ දුරක් මා සමඟ සිටියත් මේ හැර යන්නට කාලයයි.. එයමා විඳින වේඳනාවන් අතරේ තවත් එක වේදනාවක් පමණක්මැයි මා සිතමි.. ජීවිතය මා අවසාන මංසළකුණ කොතනකට ගෙනයාවිදැයි මා නොදනිමි.. මා ඒ ගැන සිතන්නටද වද නොවෙමි.. මේ ලොකය බොහෝකුඩා තැනක්යැයි මා විශ්වාස කරමි.. එහෙයින් නුඹ මා යලි කොතැනක හෝ මේ අකුරු අතර හමුවීමටඇත්නම් එය එලසින්ම සිදුවේවි.. ඉතින් අවසරයි සමුගෙනයන්න.. මේ මාගේ අවසන් සටහනයි.. ජීවිතය, වේදනාව, මරණය අතර තැනක ඔහේ අතර මං වුන මම ඔබේමආදරණිය දිනේෂ් උමගිලිය.. " වර්ණ " මගේ ජිවිතට වර්ණවත් කලාට නුඹට මා ණය ගැතිය.
|
BLOG
|
2014.09.11
|
http://dineshumagiliya.blogspot.com/
|
පිස්සන්ගේ නාට්‍ය
|
Dinesh
|
4pt 0cm 5.. ගෙවිලා ගිය අවුරුදු හතර ආයෙම ජීවිතේට ඇදලා ගන්න බැරි වේවි.. විශේෂයෙන්ම මානසිකලෙඩෙක් විදිහට අවුරුදු හතරක් කරන රඟපෑම කාගෙවත් ජිවිතේට දරාගන්න පුළුවන් දෙයක් නොවේවි..ඒත් අවාසනාවකට වගේ මට එහෙම කරන්න වෙලා.. ඒ මගේම කැමැත්තට නෙමෙයි.. ජීවිතේ බේර ගන්න.." ස්ටීව්, ඇයිඔයා මේ වගේ දෙයක් කලේ.."" මාව විශ්වාසකරන්න ලවුරා.. මගේ අතින් මෙහෙම දෙයක් වුනේ නෑ.."" ඒත් ස්ටීව්,හැමදෙයක්ම තියෙන්නේ ඔයාට විරුද්ධව.. ඔයා කොහොමද හරියටම එවෙලෙම එතනට ආවේ.. දැන් හැමෝමහිතන්නේ ඔයා මිණිමරුවා කියලා.."" මං දන්නේ නෑලවුරා.. කවුරුහරි මාව මේකට පටලවනවා.. ඔයත් හිතන්නේ මම මිණිමරුවා කියලද."" නැහැ ස්ටීව්..ඒත් මම හිතන දේ මෙතනදි වැදගත් වෙනවද. දැන් ඔයාට කාවද මේකට සැක."" මම දන්නේ නැහැලවුරා.. ඒත් ඒ හැම දෙයක්ම හොයා ගන්න ඕන.."ඇත්තටම ඒක බලාපොරොත්තුවක්විතරයි.. හැම දෙයක්ම කාලයත් එක්ක එකම තැනක නතර වෙලා.. බලාපොරොත්තු නොවුන දේවල් එක්කජීවිතේ තැනක නතර කරන්න වෙලා.. මම පිස්සෙක් නෙමෙයි වුනත්, අද පිස්සෙක් ගානටම වැටිලා..පෙනහළු වලින් ඇදෙන හුස්ම ටික විතරක් ඉතිරි වුනාට ජීවිතය කියන දේ අද කොහේදෝ මන්දා දුරඈතකට මගෙන් පැනලා ගිහිල්ලා.. කොයි විදිහෙන් හරි මම මෙතනින් යන්න ඕනමයි..***" මම ඔයාව හැමතැනමහෙවුවා.. ඇයි රාජ සභාවේ හිටියේ නැත්තේ."අඹ ගහ යටට වෙලා කල්පනාකර කර ඉද්දී සිල්වියා ආවා.. මෙයාටත් දැන් මාව නැතුව ඉන්න බැරි ගානයි.. මම පොඩ්ඩක් වටපිට බැළුවේ කවුද ඉන්නේ කියලා බලන්න.." මොකද හොරාවගේ වට පිට බලන්නේ."" නෑ මම බැළුවේරජතුමා එහෙම ඉන්නවද කියලා.."" එයා නෑ.. එයාරාජසභාවේ වැඩ.. ඔයා එන්නේ නැද්ද."" යමු, රජතුමාටකියන්න දේකුත් තියෙනවා.."" මං ගැනවත්ද."මෙයාට ඉදන් විකාර..ඕක කියන්න ගියොත් මට දිමිගොටු තමයි.." ඔයා ගැන කියන්නකලින් තාත්තා ලග වීරයෙක් වෙන්න එපැයි.. මම මේ එකට ලෑස්ති වෙන්නේ.."මම සිල්වියාවත් ඇදගෙනආවා රාජසභාව පැත්තට.. මම එද්දී ලොක්කා කියවනවා හොදටම.. වචනයක් වචනයක් ගානේ අත්පුඩිය..මම හෙමීට පිටිපස්සෙන් ඇවිත් සිංහාසනේ ගාවින් හිට ගත්තා.." කොහේද අයිසේහිටියේ. මේ යක්කු කියන කියන දේට අත්පුඩි ගහනවා.. මල වදේ, කතා කරන්නවත් නෑ.."" හා හා, එහෙමකියන්න එපා රජතුමනි.. ඔවුන් ඔබට ආදරෙයි.."" මඟුල තමයි..උන්ට තේරෙන්නේ නෑ.. ඒකයි අත්පුඩි ගහන්නේ.."උන් අත්පුඩි ගහන්නේගල් ගහන්නවත් හූ කියන්නවත් බැරි කමට කියලා ඉතින් මෙයා දන්න එකක්යැ.. මෙයාගේ හිතේ හරිජනප්‍රියයි කියලා.. ඒත් ඉතින් ඕව කියන්න පුළුවන්ද.. ඔන්න ඔහේ කියවනකන් කියලා මාත් අහගෙනඉදියා.. " තමුසේ කොහේදහිටියේ."" රජතුමනි කාරණාවක්තියෙනවා කියන්න.."" කියනවා බලන්න.."" රජතුමනි, මමහිට්ලර්ගේ මාලිගේ ගාවින් එද්දී මේක ඇහුනේ.. ඔවුන් හදන්නේ අර කළුවට කාමරේට දාලා ඔබවහිර කරලා රජ කම ගන්න.."" උන්ට කොහෙන්දඑහෙම හයියක්.. කෝ මගේ සේනාව.. ඒන්න කියපිය.."" ඔය ඉතින් කුල්ලපුවනේ..මේ මස් කදක් නැති එවුන් හතර පස් දෙනක් අරන් ගිහින් ඕක කරන්න පුළුවන්ද.. අපි ගහමු මොළෙන්.."" මොළේන්. මමඑහෙම ආයුධයක් අහලා නෑනේ.."" අහනන් ඉතින්එහෙම එකක් තියෙන්න එපැයි.."" මොකද්ද උඹකිවුවේ."" නෑ මුකුත්නෑ.. මම මේ කියන දේ අහන්නකෝ.."මේකට දෙයක් තේරුම්කරනවට වැඩිය හොදයි අර එහා පැත්තේ තියෙන අඹ ගහ එක්ක කතා කරනවා.. ඒත් ඉතින් කෝම හරි මේකකරන්නත් එපැයි.." එහෙම නෙමෙයිරජතුමනි.. අපි මෙහෙම කරමුකෝ.."" කොහොමද."මම ඉතින් හෙමීට මගේප්ලෑන විස්තර කරන්න පටන් ගත්තා.. හැබැයි ඉතින් කොච්චර දුරට තේරෙයිද කියල තමයි ප්‍රශ්ණේ.." අපි රඟපාමුනාට්‍යක්.. ලගදි ඔබ තුමාගේ ජන්ම දිනෙත් එනවනේ.. අපි ඒකේ පාටිය අල්ලලම කරමු මේ නාට්‍ය..එතකොට අපිව කවුරුවත් සැක කරන එකක් නෑ.."" නාට්‍යක්.."රජාගේ මුඩ් එකේ තිබුනේඒ හැටි හොද ලුක් එකක් නම් නෙමෙයි.. ඒත් කැමති කර ගන්න පුළුවන් බවක් නම් පේන්න තිබුනා.." ඔවු අපි මේකටහිට්ලර්ගෙත් හමුදාවෙත් උදවු ගමු.."" බෑ බෑ.. එහෙනම්මේක කොහෙත්තම වෙන්නේ නෑ.."" ඔය ඉතින් කළබලවෙනවනේ.. අපි සාමයෙන් ඉන්නව වගේ පෙන්නලා එයාලවත් කැමති කරන් මේක කරලා හෙමීට එයාලගේමආයුධ ටික මංකොල්ල කමු.. එතකොට අපිට උන් රජතුමාව කළුවර කාමරේට දාලා රාජධානිය පැහැර ගන්නකලින් උන්ට ගේමක් දෙන්න පුළුවන්.."" හ්ම්ම්.. දුවමොකද මේක ගැන කියන්නේ.. වැඩේ හරියයිද."" මෙයා එක්කකරන ඕන වැඩක් හරි යනවා.. මම දන්නවනේ.."කුමාරි හෙමීට මගේලගට එනවා.. රජතුමා ඉන්නවත් එක්ක.. තද වුනොත් එහෙම ඔක්කොම කරලා හමාරයි.." හ්ම්ම් හ්ම්ම්,පැත්තකට.."හොද වෙලාවට රජා වැඩියකේන්ති නොගෙන කිවුවා.. එහෙම කියලා ඉවර වෙලා සිංහාසනේ වාඩි වෙලා ටිකක් වෙලා කල්පනා කලා..මෑන්ස් දිහා බලාගෙන ඉන්න ජනතාව දිහාත් බැළුවා.. ජනතාව කට ඇරන් රජතුමා දිහා බලාගෙන ඉන්නවා.." හරි එහෙනම්අපි මේක කරමු.. පුරෝහිත ඕන විදිහකට වැඩේ කරන්න.. හැබැයි එක දෙයක්.."" ඒ මොකද්ද."රජතුමා සිංහාසනෙන්බැහැල ඇවිත් මගේ කරට අත දාගෙන හෙමිට මුමුණන්න ගත්තා.." මටත් රඟපාන්නචාන්ස් එකක් දෙනවකෝ.. මාත් මාර ආසයි රඟපාන්න.."" ඔබ තුමාට පිස්සුද.මේ මොනවා අහනවද මන්දා.. ඔබ තුමා නැතුව කොහොමදමේක කරන්නේ.."" හා එහෙනම්කමක් නෑ..ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා මට කියනවා.."රජතුමා ආයෙම සිංහාසනේටගිහින් වාඩි වුනා.. කුමාරිත් ඒ පිටිපස්සට වෙලා ඇඹරි ඇඹරි මගේ දිහා බලාගෙන ඉන්නවා..මම කල්පනා කලේ මේකට ගන්නේ කවුද කියලා.. ඉන්න ඔක්කොමගෙම කඳයි බඩයි ඇරුනම වෙන මොකවත්නැහැනේ.. " මොකද ඩාලින්ඔයා කල්පනාව."මම දන්නෙම නෑ කුමාරිඇවිත් අතින් අල්ලනකන්.. හොද වෙලාවට රජා වෙන සිහියක.." නෑ මම මේ කල්පනාකලේ මේකට ගන්නේ කවුද කියලා.. ඔයාලගේ මහලොකු ජනතාවගේ කඳයි බඬයි ඇරුනම වෙන මුකුත් නැහැනේ.."" වෙන ඒව ගැනහොයන්නේ.. මේකේ එහෙම ඒවත් තියෙනවද. ශෝක් ශෝක්... එහෙනම් ඔයයි මමයි හොදේ.."" අනේ මේ විකාරනැතුව ඉන්න.."සිල්වියට කොයි වෙලාවත්කිසිම දේක බරපතලක් නෑ.. මම මේ කල්පනා කරනවා නාට්‍ය ගැන.. මෙයා වෙන වෙන ඒවා ගැන.. මමබැළුවා රාජසභාවේ වාඩි වෙලා ඉන්න එවුන් දිහා.. කෝමත් ඉතින් මම කොල්ලා වෙලා කෙල්ලට සිල්වියාගන්න බැරිය.. රජත් ඉන්න එකේ තව ටිකයි තෝර ගන්නත් තියෙන්නේ.. " අර උස මිනිහාකවුද."රාජ සභාවේ වාඩි නොවීඈතට වෙලා හිටපු මිනිහෙක්ව පෙන්නලා මම සිල්වියගෙන් ඇහුවා.." ඒ අපේ වදකයනේ..පේන්නේ නැද්ද ඇඟේ සයිස් එක.. දැන් ඉතින් අපේ තාත්තා දඬුවම් දෙන්නේ අඩුවෙන්නේ.. ඒ හන්දාඑයා මේ ටිකේ වැඩි හරියක් නිවාඩු.."" ඒකත් එහෙමද."" ඇයි එයාවත්ගන්නද."" ඔවු මේකේමංකොල්ල කන වැඩේට මිනිහා හොදයි.."හවස් වෙනක්ම මම කල්පනාකලේ මේකට කාවද ගන්නේ කියලා.. දකින දකින හැම එකාම දිහා ඕන කමින් බැලුවා.. මෙච්චර කාලයක්වෙනවා ඇවිත් ඒත් සමහර එවුන්ව දකින්නෙත් අදමයි.. උන් හැංගිලා හිටියද එහෙම නැත්නම් මටඋන්ව මඟ ඇරුනද කියලා ඉතින් දන්නේ දෙයියෝ තමයි.." මොකද මනුස්සයෝඔච්චරම කල්පනා කරන්නේ."මහ හයියෙන් ගොරෝසුකටහඬ ඇහෙද්දී මාව ගල් වෙලා ගියා.." අහ් රජතුමනි..කෑ ගහන්න එපා අනේ ඔහොම.."" තමුසේ කවුදඅයිසේ මට උපදෙස් දෙන්න.. මම කතා කරන්නේ මෙහෙම තමයි.."" හා එහෙනම්කෑ ගහලා මේ වැඩේ අල කරගෙන හිට්ලර්ට අහුවෙලා අර කරුවල කාමරේට වෙලා ඉන්න.. මගේ මොකද.."" හරි හරි ඉතින්,ඕකට ඔච්චර කෑ ගහන්න ඕනයැ.."" අන්න එහෙමඑන්න.. නෑ, මම මේ කල්පනා කලේ මේකට ගන්න එවුන් ගැන.. අපේ වැඩේට හරි යන්නත් එපැයි.."" ඇයි දැන් එහෙමඑවුන් නැද්ද."" ඉන්නවා ඉන්නවා..යන්තම් දහ දොළොස් දෙනෙක් හොයා ගත්තා.."" හා එහෙනම්ඉතින් ප්‍රශ්ණයක් නැහැනේ."" ප්‍රශ්ණයක්තියෙනවනේ.. මුං ඇක්ටිං පාර හොදට දේවිද."" හරියට කලේනැත්නම් අපි දිම්ගොටු බඳිනවා කියමු.."" අන්න ඒක මරුඅදහස.. එතකොට මුං ටික හරියට කරයි.." " දැන් ඇත්තටමඅපි මොකද්ද කරන්න තියෙන්නේ."" අහ් ඒ ගැනමම හෙට රාජ සභාවෙදි කියන්නම්.. මම තාම ස්ක්‍රිප්ට් එක ලියනවා.."" ඕන ස්ක්‍රිප්ට්එකක්, හැබැයි මගේ කෑලි ටිකක් වැඩියෙන් ලියන්න ඕන හරිද.."රජා එහෙම කියලා පිටටතට්ටුවක් දාලා යන්න ගියා.. ඕකනේ ඉතින් කරන්න බැරි.. එක එක්කෙනාට ඕන ඕන විදිහට ස්ක්‍රිප්ට්එක ලියන්න ඕන.. ටිකකට කලින් සෙන්පතියට කතාකලාම ඒකට රොමෑන්ස් ඕනලු.. මේ යුද්ධ අස්සේමොන රොමෑන්ස්ද.. හරි ඉතින් ඕන තමයි.. ඒකටනේ මායි සිල්වියයි ඉන්නේ.. තව මොකටද..මම එහෙමම යහන් ගබඩාවපැත්තට එන්න ආවා.. හවස් වීගෙන ඇවිත් හන්දා කට්ටියම යහනට වෙලාද කොහේද.. හැබැයි ඉතින්එකෙක් දෙන්නෙක් තාම එහෙ මෙහේ කට්ටි පනිනවා.. " ස්ස්ස්...ස්ස්ස්.."කවුද මන්දා සූ සූගානවා.. ඇවිදන් එන අතරේ මම බැළුවා කවුද කියලා.. බැලින්නම් සිල්වියා.." ඇයි මොකද."" මෙහේ එන්නකෝඩාලින්.."" මේ ඔවට දැන්වෙලාවක් නෑ.."" කිවුවම ආහලාඑනවා ගුටි නොකා.."" ඇයි ඉතින්."" අර බලන්න.."මම සිල්වියා පෙන්නපුදිහා බැළුවා.. එතන හිටියේ හිට්ලර්ගේ ලගම ගෝලයෝ දෙන්නෙක්.. එයින් එකෙක් ලග තිබුනේ යතුරක්.. " ඔය යතුර තමයිඔය සෙන්පතියා අපේ ප්‍රධාන ආරක්ශකයගෙන් පැහැර ගත්තේ.."" අහ්, එහෙමද.හොද කෙල්ල මගේ.."" හරි අපි යමුදැන්.. කළුවරේ අපි මෙතන ඉන්නවා රජතුමාට ආරංචි උනොත් හෙට නාට්‍ය නෙමෙයි මගේ හිස දං දීමයිබලන්න වෙන්නේ.."" එහෙනම් උම්මාඑක්ක දෙන්නකෝ.."" හා හා එකයිහොදේ.."***රාත්‍රිය ගෙවෙන්නේඅනික් හැම දේකටම හෙමින් වගේ කියලයි මට දැනෙන්නේ..එක වෙලාවටක දවල්ට වගේ නිදහසේ රැයත් ගෙවලා දාන්න පුළුවන් නම් කියලා හිතෙනවා.. ඒත් මමමෙතනින් ඉක්මනට යන්න ඕන.. " ඒත් කොහොමදමෙතනින් යන්නේ."මම මගේ හිතත් එක්කමකතාකලා.. මගේ හිත ඇරෙන්න මට මෙතන වෙන කතා කරන්න පුළුවන් කෙනෙක්වත් විශ්වාස කරන්න පුළුවන්කෙනෙක් වත් හොයා ගන්න බෑ.. ඒ හන්දා හැම දෙයක්ම කරන්න ඕන මමමයි.. " සිල්වියා පෙන්නපුයතුර.."මගේ හිත මට මතක් කරලාදුන්නා.. මෙතනට ඇතුල් වෙන්නත් පිට වෙන්නත් තියෙන්නේ එකම එක දොරක් විතරයි.. සිල්වියාපෙන්නුවේ අන්න ඒ යතුර.. ඒත් මම ඒක ගන්නේ කොහොමද.. මම විශ්වාස කරන්න ඕන මං තරම්වත් සිහියක්නැති අයව.. මගේ විශ්වාසය වැරදුනොත් හැමෝම දැන ගන්නවා මගේ ඇත්ත තත්වය මොකද්ද කියලා..ඒත් ඒ ඇරෙන්න වෙන විකල්පයක් මගේ ලගත් නැහැ.. මම මගේ කාමරේ පුරාඑහේ මෙහේ ඇවිද්දා.. මම ඇරෙන්න අනිත් හැමෝම නින්දේ.. සමහරවිට ඒ කාටවත් මට හිතෙන දේවල්ගැන ගානක්වත් නැතුව ඇති.. ඒත් මම හිතින් මගේ සැලැස්ම ඇන්දා.. ලබන සතියට.
|
BLOG
|
2014.09.08
|
http://dineshumagiliya.blogspot.com/
|
මාත් කෑවා අමුමිරිස්
|
Dinesh
|
Normal 0 14 false false false IT X-NONE X-NONE MicrosoftInternetExplorer4 අමුමිරිස් කන එක හැබෑටමඅමාරු වැඩක්ද නැත්නම් ලේසි වැඩක්ද. ඒක ඉතින් නොකා ඒ දිහා බලන් ඉන්න අයටනම් කියන්න බැරිවෙයි.. කියන්න තියෙන්නේ කාලම බලන්න කියලා තමයි.. හම්බුවෙන අමුමිරිස් කරලේ හැටියට ලක්එක තීරණය වේවි.. මම කිවුවේ මේ සැර ගැන.. හරි ඒවයින් වැඩක් නෑ.. අදාල කාරණේට එමුකෝ..අමුමිරිස් චැලේන්ජ්එක ගැන හැමෝම දන්නවනේ.. ආයේ ආයේ අමුතුවෙන් ඒ ගැන බොහෝමයක් විස්තර කියන්න ඕන නෑ කියලාමම හිතනවා.. ඒ කෝම වුනත් කෙටියෙන් පොඩ්ඩක් ඒ ගැන කියන්නම් බැරි වෙලාවත් ෆේස්බුක් එකේසැරි සරන්නේ නැති මේ ගැන නොදන්න කෙනෙක් මේ සටහන කියවයිද නොදන්න නිසා..අපි හැමෝම දන්නවාකාලයක් තිස්සේ ඉදන් රජරට ඉන්න අපේම මිනිස්සු පහුගිය කාලය පුරාවටම වකුගඩු රෝගයෙන් පීඩාවිදිනවා කියලා.. ඉතින් මෙන්න මේ වකුගඩු රෝගෙන් පිඩා විඳින මිනිස්සු වෙනුවෙන් උපකාරයක්කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ශ්‍රී ලංකා අමුමිරිස් චැලේන්ජ් එක පටන් ගන්නේ.. මේකේ අදහසඅපේ සහෝදර බ්ලොග් කරුවෙක් වෙන රසික නානායක්කාර සහෝදරයගේ.. ඉතින් අපි මොනවද මේකෙදි කරන්නඕන.. කරන්න තියෙන්නේ මෙච්චරයි, අමුමිරිස් කරල් 3ක් කාලා තමන් කැමති තවත් කීප දෙනෙක්ටඒ අභීයෝගය බාර දෙන එක.. ඉතින් ඒ කෙනා අභියෝගය බාර ගන්නවනම් මේ අරමුදල වෙනුවෙන් රු.100ක්මුදලකුත් අභියෝගය බාර ගන්නේ නැත්නම් අමුමිරිස් කන්න අකමැති නම් රු.1000ක මුදලකුත් මේඅරමුදල වෙනුවෙන් බැර කරන්න පුළුවන්..දැන් ඉතින් එක පාරම කට්ටියහිතෙන්නේ අයියෝ මේක මේ අරකේ කොපියක්නේ කියලා.. ඔවු, මේකත් එහෙම එකක් තමයි.. ඒත් මගේපෞද්ගලික අදහස යහපත් දෙයක් වෙනුවෙන් මොනයම් හරි සංකල්පයක් අපිට ආවේණික විදිහට වෙනස්කරන් කලාට කමක් නෑ කියන එක.. ඔවු ඉතින් අපේ අයට අයිස් වතුර නාන එක හරි සිම්පල් වැඩක්උනාට අමුමිරිස් කන එක නම් සෑහෙන අමාරුවක් වේවි.. මොකද ඉතින් වැඩි හරියක් අපේ රටේ දැන්ඉන්නේ කළු සුද්දෝනේ.. අනිත් කාරණේ තමයි ඉතින් අයිස් වතුර නෑවා කියලා අපේ ගමේ මනුස්සයක්ට ඒ අසනීපේහැදුනා කියලා ඇමරිකාවෙන් එන්නේ නෑ ඒ කෙනාට බෙහෙත් කරන්න.. අන්න ඒක ඔය ෆේස්බුක් එකේතරඟෙට නාපු අපේ එවුන් දන්නවද කියලවත් මම නම් දන්නේ නෑ.. කොටින්ම ඔය රස්සාවක්වත් නැතිපොඩි එවුන් වතුර නෑවේ ඩොලර් 10ක් දීලද කියලත් මට වෙලාවකට හිතෙනව..හරි ඒවයින් වැඩක්නෑ.. මේක අපේ වැඩක්.. අපේ ලංකාවේ ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන් කෙරෙන වැඩක්.. මේ ගැනවිවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.. නමුත් අපිට පුළුවන් විදිහකට මේ දේ වෙනුවෙන් දායකවෙන එක තමයි අපෙන් වෙන්න ඕන යුතුකම කියලා මම හිතනවා.. සමහර විට ඔබට අමුමිරිස් 3ක් එකපාර කන්න අමාරු වෙයි.. එහෙම නැත්නම් ඉතින් දැන් මේ අමුමිරිස් ගනන් කාලේ ඔහොම කාලා පුළුවන්දකියලත් හිතෙයි..ඉතින් ඒකටත් හොද විකල්පයක්විදිහට අපේ වැප් නිශාන්ත සහෝදරයා හදුන්වලා දුන්න ක්‍රියා මාර්ගය ගන්නත් ඔබට පුළුවන්..ආයේ ආයෙත් මතක් කරන්නේමේ අපේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්.. ඒ හන්දා මේ දේ වෙනුවෙන් ඔබට පුළුවන් සහයදෙන්න.. මේ අවස්ථාව මඟ අරින්න එපා..හරි, සිරියස් කතාඅවසානයි.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ මට අමුමිරිස් කන්න කියලා අභියෝග කලේකවුද කියලා.. ඔවු ඔවු පොඩ්ඩී අක්ක තමයි.. හැබැයි ඉතින් වැඩේ හරි අසාධාරණයි.. මම හිතන්හිටියේ පොඩ්ඩි අක්කා අමුමිරිස් කාලා වීඩීයෝ එකක් එහෙම දායි කියලා.. එතකොට ඉතින් එහෙමහරි කමක් නෑ අපිට පොඩ්ඩි අක්කව බලාගන්න පුළුවන්නේ කියලා.. කොහේද ඉතින් එහෙම උනේ නෑනේ..හරි දුකයි ඉතින් ඒගැන.. ඒ කෝම වුනත් පොඩ්ඩිඅක්කගේ අභියෝගේ පැත්තක දාන්න බෑනේ.. ලොක්කා වගේ හා කිවුවට මොකද ෆ්‍රිජ් එකේ තිබ අමුමිරිස්දැක්කමයි අහෝ දෙවියනේ කියලා හිතුනේ.. බොරුනම් ඔන්න බලන්නකෝ..දැන් බලන්න ඉතින්ඉතාලියට එන අමුමිරිස් වල සයිස් එක.. මේවා මේ පතෝල කියලා හිතලා හදන ඒවද මන්දා.. සමාන්‍යකරල් දෙකක විතර සයිස් එක කරලක්.. මේයින් තුනක් කෑවොත් ඉතින් අනිවා අඹ සරණය.. ඉතින්පොඩ්ඩි අක්කට කියලා විඩියෝ එක සුට්ටක් පරක්කු වෙයි කියලා මම ගියා සමන්‍ය සයිස් අමුමුරිස්හොයන්න.. මගේ වෙලාව හොද කමට හම්බුනා.. ඉතින් මාත් ඔන්න කෑවා.. මේ තියෙන්නේ ඉතින් වීඩියෝව..විඩියෝ එකේ තියෙනවනේඉතින් අභියෝගය කාටද කියලා.. කිඹුල් ශානුවට නොදී ඉතින් මම කෝමද.. ෆේස්බුක් එකේ මට දාපුරෝන්ග් ටෝක් එකක් හන්දමයි මම කිඹුලිගේ නම දැම්මේ.. ආයේ මොකටද ඉතින් බොරු කියන්නේ..මම ඒම තමා.. බස්සිත් බස්සව අල්ලගෙන කන්නේ නැතෑ ඉතින් ජෝඩු දාලම.. අපිට වීඩියෝ බලන්නබැරිය..කවුරුවත් අමුමිරිස්කෑවා කියලා මහ ලොකු වීරයෝ වෙන්නේ නෑ.. අකමැති අයට ඒක ප්‍රතික්ශේප කරන්න පුළුවන්.. ඒහන්දා කාලා ඉවර වෙලා නොකාපු අයට ලොකුකම් කියන්න යන්නේ නැතුව හැමෝවම එකතු කරන් මේ වැඩසටහනසාර්ථක කර ගන්න මහන්සි වෙමු.. අනික හොදට මතක තියා ගන්න ප්‍රසිද්දීයේ අභියෝග කරන්න කලින්ඒ කෙනාගෙන් අහලා ඉන්න ඒක බාර ගන්න කැමතිද කියලා.. මොකද ඒක මේකේ නීතියක්.. කොයි දේ කරන්නත්කලින් හැමදේම ගැන දැනුවත් වෙලා ඉන්න.. එතකොට පස්සේ ප්‍රශ්ණ අඩුයි..4pt 0cm 5.
|
BLOG
|
2014.09.04
|
http://dineshumagiliya.blogspot.com/
|
පිස්සුලන්තයට ඇද වැටීම
|
Dinesh
|
4pt 0cm 5.. ඇත්තටම මට පිස්සු නෑ..ඒත් මෙතන ඉන්න හැමෝම හිතන්නේ ඒ විදිහට.. කොටින්ම තීන්දුව ලියන්න බලාගෙන ඉන්න කෙනත්..ඒත් මම පිස්සෙක් නෙමෙයි.. මගේ හිත දන්නවා මම පිස්සෙක් නොවෙන බව.. ඒත් මගේ හිතට වැඩියනීති තර්ක වෛද්‍ය වාර්ථා හැම එකක්ම ඉස්සර වෙලා.. මං ගැන කියන්න උත්සාහ කරලම මට දැන්ඇති වෙලා.. අන්තිමේ මම නිහඬ වුනා.." ලැබිලා තියෙනසාක්ෂි, වෛද්‍ය වාර්ථා සලකා බැළුවම හොදින්ම පේනවා මොහු මානසික ආභාදයකින් පෙලෙන්නෙක්බව.. නීතියෙන් එවැන්නෙකුට දඬුවම් කිරීමේ හැකියාවක් නැති බැවින් මොහුට වැඩි දුර ප්‍රතිකාරලබා දෙන ලෙස නියෝග කරනවා.."තීන්දුව ලියවුනේ ඒවිදිහට.. කීප දෙනෙක් ඇරුනම මෙතන හිටිය හුඟක් දෙනෙක් ඒ තීරණේට කැමති කියලා මම දන්නවා..ඒත්, ඒ අකමැති කීප දෙනා අතර මමත් තවත් එක්කෙනෙක් විතරයි.. අත් දෙකට දාපු මාංචු කූට්ටමත්එක්ක මාව බාර වුනේ මානසික රෝහලින් ඇවිත් තිබුන සේවකයන්ට.. රෝහලේ වෑන් එක ලගට යනකන්මහැම දෙයක්ම ඒ වගේමයි.. මගේ හිත, තාම මට කියන්නේ මම පිස්සෙක් නෙමෙයි කියල..****" ඒ පූරෝහිත,නැගිටපං.. රාජ සභාව රැස් වෙන වෙලාව.."" උඹලා මටත්කලින් පටන් ගත්තද. පොඩ්ඩක් හිටපං.."" හූ හූ, පුරෝහිතවිතරක් නෙමෙයි ඇහැරිලා ඉන්නේ.."" අනේ පලයන්.."මැද මිදුලේ රාජ සභාවරැස් වෙන්න හැමදෙයක්ම ලෑස්තියි.. පරක්කු මම විතරයි.. ඉක්මනට රාජකීය ඇදුමත් ඇදගෙන දුවලාඇවිත් සිංහාසනයට පිටි පස්සෙන් හිට ගත්තා.. හොද වෙලාවට රජතුමා නෑ.. දැක්කනම් එහෙම අදත්වෙනදා වගේම බැනුම් අහන්න වෙන්නේ.. " පප්පරම් පම්පා... රජුන්ගෙත් රජු වූද, මුළු යූරෝපේම පාලකයා වූද අපිට නිතරම ආදරේ කරන්නා වූද මහාසෙන්පති දහ අට වන ජෝර්ජ් රජූ රාජ සභාවට පැමිණේන වගායි.."හොද වෙලාවට මම ඉක්මනටආවේ.. තව පොඩ්ඩක් පරක්කු උනානම් එහෙම අදත් විනාසයි.. රජතුමයි, දූ කුමරියයි.. කුමාරියගේලස්සන.. රජ වාසලට ආව දවසේ ඉදන්ම මෙතන ආස වුන දෙයක් තිබුනනම් ඒ සිල්වියා.. සිල්වියාට තිබුනේ හරි ලස්සනඇස් දෙකක්.. ඒ එක්කම හරි අපූරු හිනාවක්.. හැමදාම වගේ මං ලගට එද්දී සිල්වියා ලැජ්ජාවෙන්මං දිහා බලලා හිනා වෙලා බිම බලගන්නේ ඇයිද මන්දා.. මට හැමදාම ඒක ප්‍රශ්ණයක්..සිල්වියා දිහා බලාගෙනඉද්දී රජතුමා කවදාවත් නැතුව මං දිහා බලාගෙන හිටියේ කන්න වගේ කේන්තියකින්.. මම ඉක්මනටබිම බලා ගත්තා.. සිල්වියා දිහා බලාගෙන ඉන්නවා කියලා දැන ගත්තොත් දඬුවම් විදින්න වෙන්නේ..එක පාරක් වැරදිමකින් සිල්වියාගේ අත ඉබපු එකෙක්ට අර එහා පැත්තේ තිබුන කොහොඹ ගහේ අත්තකමකොල කන්න වුනා.. අහු වුනොත් ඉතින් මටත් එහෙමම තමයි.. බිම බලන් හිටියට මොකද රජතුමා කෙලින්මඇවිත් නැවතුනේ මං ලග.." අයිසේ, තමුසේබිම බලන් හිටියට අනිත් ඒවා උඩ බලන් ඉන්න්නේ.. අනිත් දවසේ උඩ බලන් ඉන්නවා අහු වුනොත්දිමි ගොට්ට්ක් බඳිනවා මම.."කරන්න කිසිම දෙයක්නෑ.. අතේ තිබුන පලිහෙන් මම හෙමීට ලැජ්ජාව වහ ගෙන සිංහාසනේ පිටි පස්සට වෙලා හිටියා..එතකොට කාටවත් මාව නෝට් වෙන්නේ නෑනේ.. රජතුමාගේ ඉවරයක් නැති කතාව පටන් ගත්තා.. සංවර්ධනේගැන කිවුවට ඉතින් ඒවා කටින් කියන ඒවා විතරයි.. කිසිම වැඩක් නෑ.. කොටින්ම අර හිට්ලර්ගේසේනාවට හෙන බයයි.. අපිට ලොකූ ටෝක් දුන්නට හිට්ලර් ලග මීයා වගේ.. ඒත් ඉතින් අපිත් සද්දනැතුව අහන් ඉන්නවා.. අර ඉස්සරහා ඉන්න මෝඩයෝ නම් විසිල් ගහනවා අත්පුඩි ගහනවා ඉවරයක්නෑ.. උන් කෑ ගහන්නේ කියන දේ තේරිලාදවත් මන්දා.. සිංහාසනේ පිටි පස්සටවෙලා පලිහෙන් වහන් හිටියට කිසිම වැඩක් වෙලා නෑ.. සිංහාසනේ ගාවම හිටගෙන හිට්ය සිල්වියාමං දිහා බලන බැලිල්ලට මට බිම බලන් ඉන්න පුළුවන් වුනත් අනිත් අයට එහෙම බෑ.. රජතුමාත්කතාවේ හිටිය හන්දා බලාගෙන ඉන්න බැරිම තැන මම සිල්වියාගේ අතින් අල්ලලා සිංහානේ පිටිපස්සට ඇදලා ඇරන් සිල්වියාව ඉම්බා.. හුඟක් දවස් ඉදන් බලාගෙන හිටියේ මේකට.. මීට වඩා වෙලාවක්කොහෙන්ද. සිල්වියාගෙත් අකමැත්තක් නෑ වගේ.. මට කිස් එක නවත්තන්න ඕන වුනත් සිල්වියා තාමඑල්ලිලා ඉන්නවා.. බැරිම තැන මම ම නවත්තලා පැත්තකට වුනා.. එතකොටම වගේ රජතුමාගේකතාවත් ඉවරයි.. හොද වෙලාවට නැගිට්ටේ.. නැත්නම් මට දිමිගොට්ටක් එල්ලන් තමයි ඉන්න වෙන්නේ.." පුරෝහිත.."" රජතුමනි.."" මොනාද අයිසේතමුසේ හරකා වගේ තියාගෙන හපන්නේ.."මලා.. එතකොටයි මතක්වුනේ.. මේ සිල්වියා කකා හිටපු ටොපිය නේද. දැන් ඉතින් මොකද කරන්නේ." කෙනෙක් ආදරෙන්දෙයක් දුන්නම එපා කියන්න බෑනේ රජතුමනි.."" හා හා, ඒකමිසක්.. ඒක නෙමෙයි, බලනවා දේවිය කොහේද කියලා.. මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නෑ.."" අඬබෙරයක් ගහලාඊමේල් කරන්නද."" පිස්සුද අයිසේ,තමුසේ සද්ද නැතුව ගිහින් බලලා එනවා.."රජතුමා රාජ සබාවෙන්බැහැලා ගියා.. ඒ පිටිපස්සෙන්ම වගේ සිල්වියත්.. මට හිතුනෙම නතර කර ගන්න.. යන ගමන් මටඇහැක් ගහලා අතේ තිබුන ලේන්සුව බිම දාලා ගියා.. මාත් පැන්න ගමන් රජාට පේන්න කලින් ඒකඅර ගත්තා.. දැන් ඉතින් හවස් වෙලා නිදහසේ යන්න බැරිය අඹ ගහ පැත්තට ඉල්ලලා අඹ ගන්න..****මේ දේවියව හොයන එකඑපාම කරන වැඩක්.. කොයි වෙලාවකවත් එක තැනක නෑ.. උයන පැත්තෙයි, කුස්සිය පැත්තෙයි හැමපැත්තකම හෙවුවත් කොහේවත් නෑ.. ශුවර් එකටම අර නැටුම් ගුරා එක්ක පිටිපස්සේ මල් පාත්තියපැත්තේ ඇති.. ඇත්තටම මේ රජාටත් මං සිල්වියට ලයින් දාද්දී අහු උනාට මේක අහු වෙන්නේ නැතිහැටි.. කෝකටත් කියලා පිටිපස්සේමල් පාත්ති පැත්තට ගියා.. ඒ පැත්තේ හැම තැනකම වගේ හිට්ලර්ගේ මිනිස්සු.. රජා මේ පැත්තටකීයටවත් එන්නේ නැති බව දන්න හන්දම තමයි දේවියත් මේ පැත්තටම පනින්නේ.." ඒයි කොහේද යන්නේ."" මේ අපේ දේවියවහොයන්න.."" දේවිය, හාහා.. මේ වගේ පිස්සෝ එක්ක ඉන්නවට අපිට ගානක් දෙන්න ඕන.."පිස්සු ඉතින් මේ හිට්‍ලර්ගේමිනිස්සුන්ට තමයි.. ඒත් ඉතින් ඔවුවා කියන්න ගිහින් රජා නැති වෙලේ බැටන් පොලු පාරවල්කන්න ඕනද. අනික මම රජාගේ පුරෝහිත උනාට උනාටමුන් ඒක සත පහකට ගනන් ගන්නවා කියලයි.. ඒ හන්දම මම උන් හිනා වෙන එක ගැනවත් නොහිතා පිටිපස්සේතිබුන මල් පාත්ති පැත්තට ගියා.. මම හිතුවා හරි, මේ ඉන්නේ ඩබල මුකුළු කර කර.." දේවිය.."ලවු වලට බාල්දී දාන්නහොද නැති වුනාට මම ආව වැඩේ කරන්නත් ඕනනේ.. නැටුම් ගුරා මල් පත්තිය ලග ගස් හිට පොඩිකරලා.. අනේ මන්දා මෙහෙමත් ලවු.." අහ්, කොල්ලෝ..මොකද මේ."" රජතුමා දේවියවහොයනවා.. ඒ පණිවිඩේ කියන්නයි මේ ආවේ.."" උඹ කිවුවදමම මෙහේ කියලා.."" පිස්සුද, මමඑහෙමත් කියනවද."" මගේ හොද කොල්ලා.."එහෙම කියලා දේවියමගේ මුණ අත ගානවා.. ලාවට වගේ මම දැක්කා නැටුම් ගුරාටනම් ඒකට ටිකක් මල පැනලා වගේ.. ඒත්ඉතින් මම මොනවා කරන්නද. තාම එච්චරම වයසකුත් නැති හන්දා දේවියගේ අත මාරම සිනිදුයි..හොද වෙලාවට මතක් වුනේ.. සිල්වියා බලාගෙන් ඇති මම එනකන්.. දේවියටයි නැටුම් ගුරාටයි ඕන එකක් කර ගන්න කියලා මම ගියා සිල්වියා බලන්න..රජතුමා නැති වෙලාවටසිල්වියා නිතරම තනියම ඉන්න යන්නේ අඹ ගස් පැත්තට.. ඒක ඉතින් මම හොදටම දන්නේ මම හැමදාමවගේ සිල්වියා දිහා හොරාට බලාගෙන ඉන්න හන්දා.. ඒක ඉතින් එයා දන්නේ නෑ.. රජතුමා මාව පුරෝහිතකර ගත්ත දවසේ ඉදන්ම මම සිල්වියාට බැල්ම දැම්මා කියලා කවුරුත් දන්නවනම් එහෙම මෙලහටත්රජා දිමිගොටු බැදලා මට.. මම යද්දිත් එයා ඉන්නවාඅඹ ගහ ලගට වෙලා.. සුදුපාට ගවුමට එයාගේ ලස්සන තවත් වැඩියි.. වෙනදා පුරුද්දටම බලාගෙනහිටිය තැන වාඩි වුනාම මතක් වුනේ අද නම් ලගටම ගිහින් කතා කරන්න පුළුවන් නේද කියලා..සාක්කුවේ එච්චර වෙලා හංගගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන මම හෙමීට එයාට ලං වුනා.. අඹගහ ලග තිබුන පොඩි බංකුවක නැගලා පල්ලෙහම අත්තක තිබුන අඹ ගෙඩියක් කඩන්න ට්‍රයි එක මෙයාගේ.." සිල්වියා.."එකපාරම මම කතා කරයිකියලා සිලිවියා හිතුවේ නැද්ද කොහේද. අනික මගේ වොයිස් එකත් ටිකක් අප්සට් වෙලා තිබුනේ..ඒ හන්දමද කොහෙද බය වෙච්ච පාර ඇගලා හිටිය බංකුවෙන් එක පාරම වැටෙන්න ගියේ.. හොද වෙලාවටවැටුනේ මගේ ඇගටම.. මම ටක් ගලා අල්ල ගත්තා.. සිල්වියාව මෙච්චරම ලගින් හොදට ඇල්ලුවමදකොහේද.. දැන් නම් නිකන් කුචු කුචු හෝතා හේ වගේ.. ඇස් දෙක ලොකු කරන් සිල්වියා මගේ දිහාබලාගෙන ඉන්නවා.." මම මේ ඔයාගේලේන්සුව දීලා යන්න ආවේ.."" හා දෙන්න,හැබැයි මට අතට ගන්න විදිහක් නෑ.."ඇත්තනේ මෙයා මගේ කරේඑල්ලිලානේ.. බය වෙච්චපාරට තාම මගේ ඇඟේ එල්ලිලා.." එහෙනම් මොකදකරන්නේ.."" ඔයා ඕක මම හැමදාම ලේන්සුව තියන් ඉන්න තැනින්ම තියන්න.."හැමදාම තියන් ඉන්නතැනින්.. අහ්, හරි.. ඒත් ඉතින් මෙයා ඕක හැමදාම තියන් ඉන්නේ පපුව ගාවට වෙන්නනේ.. මමකොහොමද ඕක ඔතනින් තියන්න යන්නේ.." මොකද බලන්ඉන්නේ මෝඩයා වගේ.. කෝ ඕක තියන්න ඉතින්.."එයා කියනවනම් ඕන දෙයක්..මමත් හෙමිට ලේන්සුව අරන් දෙකට නවලා දාරෙට ගාන්ට තියලා අතින් හැදුවා.. හෆ්ෆා හොද වෙලාවටකවුරුවත් හිටියේ නෑ ලග පාත මේක දකින්න.. නැත්නම් රජාට කේලම ගිහින් කියයි මම කුමාරිගේපපුව අත ගෑව කියලා.." දැන් ඉතින්මාව බිමින් තියන්නකෝ.."ඇයි මල වදේ.. මගේඇඟේ කූඩැල්ලා වගේ එල්ලිලා ඉදන් දැන් කියනවා බිමින් තියන්නලු.. අම්මපා මෙහෙමත් කෙල්ලෝ.." මේ මම ඔයාගෙන්අහන්නමයි හිටියේ."" මොකද්ද."" ඔයා අපේ රාජධානියටඑන්න කලින් කොහේද හිටියේ."" මීට වැඩියහුඟක් ලස්සන තැනක.."" එහෙනම් මෙහෙටආවේ."" එන්න සිද්දවුනා.."" ආයෙම යනවද."ඒ අහපු ප්‍රශ්ණේටදෙන්න උත්තරයක් මගේ ලගත් නෑ.. යන්න පුළුවන් කමක් තියෙනවනම් මාත් ගිහින් හුඟක් කල්.." ඔයාට යන්නපුළුවන් උනොත් මාවත් එක්කන් යනවද. මට දැන් මේ රාජධානියේ ඉදලා එපා වෙලා.. හිට්ලර්ගේඅය එක්ක ඉන්න බෑ මෙතන.."ඒ ඇස් වලට ඉබේම වගේකඳුළු ගලාගෙන ආවේ හිතුවෙවත් නැති විදිහකට.. හැමදාම හිනා වෙලා දගලන් හිටිය සිල්වියාඅඬනවා දැක්ක පළවෙනි වතාව මේක මම.. ඇත්තටම ඒක හිතට හුඟක් තදේට දැනුනා.. කඳුළු පිහින්නකියලා හිතලා මම ටිකක් ලං වුනා.." හා හා හොරේදැනුනා දැනුනා.."ශික් විතරක්.. ජෝසප්කාරයා.. මූත් ඕන නැති වෙලාවටමයි කඩා පාත් වෙන්නේ.. කෙල්ලගේ හිත දිනා ගන්න තිබුන හොදමචාන්ස් එක.. " ඒයි, කෑ නොගහාපලයන් යන්න මෝඩයා.."සිල්වියා බැන්නම ජෝසප්කාරයා මූණත් ඇද කරන් යන්න ගියා.. තව වෙලා මෙතන ඉන්න එක එච්චර හොද නැති හන්දා මාත් සිල්වියත්එක්කම අඹ ගහ ගාවින් එන්න ආවා.. දැන් නම් හොදටම බඬගිණි එක්ක.. රජතුමාගේ කෑම වෙලාවත්හරි.. ඒ කියන්නේ දැන් කුස්සිය පැත්තට යන එකම තමයි හොද..කුස්සියට යද්දී රජතුමාකන්නත් පටන් අරගෙන.. බෙලෙක් පිඟානයි කෝප්පෙයි ලග තියාගෙන මෙලෝ සිහියක් නැතුව කනවා..වෙලාවකට පුදුමත් හිතෙනවා.. නිතරම එහේ මෙහේ බල බල හිට්ලර්ගේ මිනිස්සුන්ට හොරෙන් කන විදිහදැක්කම.. මම සිල්වියා එක්ක රජතුමාට පේන්නේ නැති වෙන තැනක වාඩි වුනා.. කොටින්ම කිවුවොත්රජතුමාට පිටි පස්සේ.. මේක ඉතින් අපේ පළවෙනිඩේට් එකනේ.. ඒ හන්දා මෙනු එකේ මොනාද දන්නේ නෑ තියෙන්නේ.. වැඩිය හිතන්න දේකුත් නෑ..දැන් දවල්නේ.. පාස්තා ටිකකුයි, මස් පෙත්තකුයි, සලාදෙකුයි ඇති.. ෆස්ට් ඩේට් එකකට කියාපු කෑම.." ඒ, මම ඔයාටකවන්නද."" මේ කවුරුහරිදැක්කොත් හරි නෑනේ.. අනික තාත්තත් පිටිපස්සේ ඉද්දී.."" එයාට මේ වෙලාවටඕව මතක නෑ.. ඔන්න ඔයා ඕක අරින්න අනේ.."" මොකද්ද."" කට.."මස් පෙත්තෙන් ලොකුකෑල්ලක් එහෙමම මගේ කටේ එඹුවා.. මාත් ඉතින් අමාරුවෙන් වගේ කාගෙන ගියා.. වෙන මොනා කරන්නදඉතින්..****හවස හැමදාම වගේ කම්මැලි..රජතුමත් සැතපෙන වෙලාව.. කරන්නෙයි කියලා ඒ තරම්ම දේකුත් නෑ.. සිල්වියා කොහේද කියලා බැළුවත්එයත් පේන්න නෑ.. යහනට වෙලා හොදටම හීන දකිනවා ඇති.. කරන්න දෙයක් නැති එකේ මාත් යන්නඕන යහනට කියලා හිතා ගත්තා.. මැද මිදුල දිහාවි තිබුන අඩි පාර දිගේ ඇවිදන් එද්දී මගේඉස්සරහට ආවේ හිට්ලර්ගේ මිනිහෙක්.. ඌ එකපාරම මගේ පාර හරස් කර ගත්තා.." කොහේද යන්නේ."" මගේ කුටියට.."" කුටියට කොහේයන්නද. මෙන්න මෙහේ එනවා ලොකු මහත්තයා එන්න කිවුවා.."බලෙන්ම වගේ මාව ඇදගෙනගියේ හිට්ලර්ගේ මාලිඟාව පැත්තට.. එහේට යන එකම එපා කරන දෙයක්.. ඒත් බලෙන්ම ඇදගෙන යද්දීගැලවෙන්න කියලා වෙන කරන්න දෙයකුත් නෑ.. හිට්ලර්ගේ මාලිඟාවේ හිට්ලර් ඇරුනම තවත් කෙනෙක්හිටියා.. යුදෙවුවෙක් වෙන්න ඇති.. කවුරු උනාම මට මොකද.. මම මේ රාජ්ජයේ පුරෝහිත.. එහෙමහිතලා පපුවත් ඉස්සරහට දාගෙන වෙන දෙයක් වුනා දෙන් කියල හිටියා.." ස්ටීව්, ඔයාගේවෛද්‍ය වාර්ථා හැම එකක්ම සමාන්‍යයි.. අපිට තවත් හිතෙන්නේ නෑ ඔයාට මානසික ආබාදයක් තියෙනවාකියලා.."" ස්ටීව්, කවුදස්ටීව්. මම මේ රාජ්ජයේ පුරෝහිත.."" ස්ටීව්, මේකසෙල්ලමකට ගන්න එපා.. දන්නවනේ අන්තිමේ මොකද වෙන්නේ කියලා.."" මොනවා වෙන්නද.මාව මැරුවත් මේ රාජ්ජය අල්ල ගන්න එක ලේසි වෙයි කියලා හිතන්න එපා.. අපේ රජතුමා බලවත්.."" ස්ටීවි, තමුසේපිස්සෙක් නෙමෙයි කියලා අපි දන්නවා.. දැන් වත් ඕක නවත්තනවා.."" එහෙනම් ඒකඔප්පු කරලා පෙන්නනවා.. මටත් ඕන කරලා තියෙන්නේ ඒකමයි.."අවුරුදු හතරකට කලින්මම පිස්සෙක් නෙමෙයි කියලා කොච්චරනම් කෑ ගහලා කියන්න ඇත්ද.. ඒත් ඒ වචන වලට හරි ඉඩක්තිබුනේ නෑ.. ඒත් මට ඇරුනම අනිත් හැමෝටම පිස්සු කියන එක මට හොදටම විශ්වාසයි.. ඔවු, මමපිස්සෙක් නෙමෙයි.. ඒත් ඒක ඔප්පු කරන්න ගිහින්ම උඹලා පිස්සෝ වෙයි.. මේ තාප්ප අතරේ ජීවිතේකොහේට යාවිද කියලා අපි බලමු.. මටත් ඕන කරන්නේ ඒකමයි..ලබන සතියට.
|
BLOG
|
2014.09.01
|
http://dineshumagiliya.blogspot.com/
|
සිරකාරිය
|
Dinesh
|
4pt 0cm 5.. එය හරියට ජීවිතෙන් වැඩිම කාලයක් ගෙවුනේ මේ කළුවර කාමරේඇතුලේ යැයි හැඟීමක් පමණක් නිරන්තරයෙන් මාතුල ඉතිරි කරන්නට සමත්ය.. නමුත් ඇත්තම නම්,වේදනාව කියන දේ හරියටම මා විදින්න පුරුදු වූ දවසේ සිටම මා මේ කළුවර කාමරේ සිරවී ඇතිබවය.. දෑත බැද දා තිබුන විලංගු මගේ ආයිතමක් සේ දැනෙන තරමට එය මට දැන් හුරුවී ගිහින්ය..ඒ වටා කාලයක් රත් පැහැවී තිබි දැන් දුර්වර්ණව කළුපැහැ ගැන්වුන පැල්ලම් තුලින් වේදනාවදැනෙන්නේද අඩුවෙනි.. සැබැවිනම් වේදනාව පෙර මෙන්මය.. නමුත් මා එයට හුරුවී ගිහින්ය..ඝණ බිත්තියේ ඉහල හිඩසඅතරින් වැටෙන සියුම් ආලොකය දැකිමට තරම් වත් මා වාසනාවන්ත වීම ගැන හිතින් මා සතුටු වෙමි..නිරන්තරයෙන්ම මා ඒ දෙස බලා සිටිමි.. ඒ සමඟම එන සුළං පොද අවසන් හුස්ම මෙන් සිතා විදගන්නටඋත්සාහ කරමි.. නමුත් අවාසනාවකට මෙන් එය මා විදින අවසාන හුස්ම පොද නොවන්නේය.. එසේ වුනිනම් මගේ වේදනා විදින ආත්මයටවත් නිදහසේ සැරිසරන්නට ඉඩක් ලැබෙනු ඇත.. එහෙත් සෑම දෙයක්මමා පතනා ආකාරයට වඩා වෙන්ස්වී ගොසින්ය..ශරීරයේ ඇට මිදුළුමතින් නැගෙන වේදනාවෙහි නිමක් නැතිය.. තුවාලව වියලී ගිය ලේ පැල්ලමක් නැති තැනක් සොයාගැනීමටත් අපහසු තරම්ය.. අභ්‍යන්තරය මගේ කෙලෙස ගිණි ගත්තත් හදවත වෙනදා මෙන්ම ඒ සුපුරුදුස්වරයෙන්ම ගැහෙන්නේය.. එය අවාසනාවකි.. ඇත්තෙන්ම එය අවාසනාවකි.. ඒ හඬ නවතින තෙක් මාබොහොම ඕනෑකමින් බලාගෙන හිදිමි..ඈත අඟුළුලෑ දොරවල්විවර වන දෝංකාරය නිරන්තරයෙන්ම හදවතේ ගැස්මවැඩි කරන්නට සමත්ය.. එය නොනැසී තියෙන දිනක්, පැයක් නොමැති තරම්ය.. මා බලාපොරොත්තු වුපරිද්දෙන්ම මොහොතකින් ඔහු මා ඉදිරියට විත් සිට ගත්තේය.. මොහොතක් මා දෙස බලාගෙන සිටියේය..විනාස වී ගිය සිරුර දෙස පිළිකුළක් ඇති වෙතැයි මා සිත කීය.. නමුත් මා වැරදිය.. ඒ මුවඟරැදුන හිනාව තුල හැම දෙයක්ම රසවින්දනයක් බව සනාත විය.. ඔහුගේ බැල්ම වෙනදාමෙන්මය.. ලිහිල් වු කලිසම බිම වැටෙන්නට ඒ තරම් වෙලාවක් ගත නොවීය.. මා තුලට නැඹුරු වූඔහුගේ වියරු මුහුණ දෙස තවත් බලා සිටින්නට මට වුවමනාවක් නොවීය.. මා දෙපා හැකි තරම් ලංකර ගතිමි.. නමුත් එය තවත් එක් අසාර්ථක උත්සාහයක් පමණක්ම විය.. ඔහුගේ ශක්තිමත් දෑත්වලින් මට මිදිය නොහැක.. ඔහු ඔහුට වුවමනා ඉඩ සාදා ගත්තේ මා ගැන කිසිදු හැඟීමකින් තොරවය..එය මට තවත් එක වේදනාවක්මපමණක් වන එකාකාරි චලණයක් විය.. ඔහුට හරි රිද්මයක් නොවීය.. ඔහු සිටියේ නිරන්තර වෙනස්වන අසාර්ථක උත්සාහයකය.. ගෙවී ගිය කාලය පුරාවට බොහෝ වේදනාකාරී මතකයන් තුලින් මා ගමන්ගත් නිසාම ඔහු ගැන මට ඇති වුයේ සිනහවක්ය.. අවාසනාවකට මෙන් මට එය පාලනය කර ගත නොහැකිවිය.. මොහොතකින් දත් විලිස්සා ගත් යක්ෂයකු මෙන් මා දෙස බලා හිදි ඔහු එල්ල කල කම්මුල්පහරවල් ඒ තරම්ම වේදනාවක් නොවීය.. ඒ මා දැන් ඒවාට හුරු වී ඇති හෙයිනි..තන පුඩු අතර නතර වුනඔහුගේ රළු ඇගිලි ඒවා තදින් ඇදී වේදනාවට දෑස් වල කඳුළු පිරෙන්නට ඒ තරම් කාලයක් වුවමනානොවීය.. දත් හා නිය පහරවල් වලින් පිරී ගිය ළමැද සුමුදු ආදර පහසකට පවා දැන් වේදනා දෙන තරමටවෙනස් වී ගිහින්ය.. ඔහු මා මත තව තවත් වේගවත් විය.. ඒ ඔහුගේ අවසන් වෑයමයි.. මා ගත පුරාතෙත් බිදු වලින් නහවමින් නැඟිටි ඔහු මා මුහුණට කෙල පිඩක්ද විසි කරමින් නික්ම ගියේ අපායමීට වඩා සුන්දර තැනක් යැයි මා හට තේරුම් කරමිනි..යටි බඩ පුරාවට ඇඳුනවේදනාව විදුළියක් මෙන් සිරුර පුරාවටම දුවන්නට විය.. ඔහු කී වෙනියාදවත්, ඒ ඔහුගේ කීවෙනි වතාවද වත් යන්න මා නොදනිමි.. නමුත් තවත් වාරයන් ඔහුට ඇති බව පමණක් මා දනිමි..බිත්තියට ඉහළින් කාමරයට වැටුන එළියේ හැඩය වෙනස් වී ගොසිනි.. කාලය ඒ තරම් වේගයෙන් ගෙවීනොගිය බව මා දනිමි.. වළාවක් ඉරට අවහිර කරනවා විය යුතුය..මගේ ජීවිතයත් ඒ ඉරත්අතර කිසිදු වෙනසක් මා නොදකිමි.. අප දෙදෙනම අපි ඉදිරියට ආ වළාවකින් බොහෝ දේ අහිමි කරගෙන සිටිමු.. මා අදටත් ඒ දවසට වෛර කරමි.. ජීවිතය මුළු මුනින්ම වෙනස් වූයේ ඒ දවසෙනි..***" ක්ලාරා, මොකදකල්පනාව."ජේසන් නිතරම මගෙන්මොනවා හරි දෙයක් අහන්නේ මගේ ඇඟිළි සියුම්ව පිරි මදින ගමන්.. මම ඇත්තටම ඒ පහසට කැමතියි..අපි ආදරෙන් ලං වෙලා ඉන්න හැම වෙලාවකම වගේම මම වචනෙන් නොකිවුවත් හිත යටින් ඒ පහස ලැබෙනකන් බලාගෙන හිටියා.. හරියට පොඩි එකෙක් වගේ.." මුකුත් නැහැ.."මම ඒ ඇස් දිහා ටිකක්වෙලා බලාගෙන ඉදලා අන්තිමේ උත්තර තිබුනා.. ජේසන්ට තිබුනේ කෙල්ලෙක්ට තියෙන්න ඕන තරම්ලස්සන බළල් ඇස් දෙකක්.. එක වෙලාවකට ලෝබත් හිතුනා ඒ වගෙ ඇස් දෙකක් මටත් තිබුනනම් කියලා..ඒ හන්දම මම ඒ ඇස් එක්ක මාව හිතින් මවා ගන්න උත්සාහ කරපු වාර ගාන කොච්චරද කියලා මටවත්මතක නැහැ.. " අපි ටිකක්ඇවිදිමුද."" මොකද එක පාරම."" නිකන්.."මම ජේසන් එක්ක හිතුමතේඇවිදන් ගියා.. මට ඕන වුනේ නිදහසේ ඉන්න.. ඒ නිදහස විදගන්න.. ජේසන් වුනත් එහෙමයි.. කාලයකොච්චර ගෙවිලා ගියාද කියන්න අපි දෙන්නම දන්නේ නැහැ.. ඇත්තටම අපිට ඒ ගැන හිතන්න තරම්වත්ඕන කමක් තිබුනේ නෑ.. හවස ගැනවත් හෙමිට වැටෙන අඳුර ගැනවත් අපිට තැකීමක් නෑ.. ඒ උණුසුම,ඒ හාදුව ඇරෙන්න මතකයේ තියා ගන්න කැමති වෙන කිසිම දෙයක් අපි ලග නැතුව ඇති..හදිසියේම වගේ ජේසන්ගේෆෝන් එක රිංග් වුනා.. උනන්දුවක් නැතුව ඒ කෙටි පණිවිඩේ දිහා බැළුවා වුනත් ජේසන්ගේ මුහුණහරි ඉක්මනට වෙනස් වුනා.. ඒ වැඩි හරියක්ම එයා අකමැති මොනාම හරි දෙයක් වෙන වෙලාවට.." ඇයි."" මට කැම්පස්එකට ඉක්මනට යන්න වෙනවා.. යුනියන් එකේ ප්‍රශ්ණයක්ලු.."" හ්ම්ම්.."මගේ හිතේ තිබුනේ අකමැත්තක්..ඒ ජේසන්ගෙන් ඈත් වෙන්න.. ඒත් ඒ අකමැත්ත ජේසන්වබලෙන් නතර කර ගන්න තරම්ම හේතුවක් නෙමෙයි කියලා මම දන්නවා.. ඇත්තටම මම කවදාවත්ම එහෙමකරලා නෑ.." යමු.. මං ඔයාවරූම් එකට දාලා කැම්පස් එකට යන්නම්.."" එපා ජේසන්..ඔයාට මෙතන ඉදන් කැම්පස් එක ලගට ලඟයිනේ.. ඔයා යන්න.. මම රූම් එකට යන්නම්.."" ඔයාට පාර මතකද.හිටි ගමන් පාරවල් පැටලෙනවනේ.. කෝ යමු.. මං රූම් එකට දාලා එන්නම්.."" ඒ ඉස්සර..දැන් මට මතකයි.. ඔයා යන්න.."තව වාද කරන්න කලින්මම ජේසන්ගේ තොල් සිපගත්තා.. විනාඩි දෙක තුනක්ම එක දිඟටම.. ඒ තාවකාලික සමුගැන්ම තවත්ටිකකට ලස්සන වෙන්න.. යන්තම් අඳුර අතරින් මාවත කෙලවරින් ජේසන් හැරිලා යනකන් මම බලාගෙනහිටියා..ඒතරම්ම කළබල කාරීනැති මාවත් දිගේ මම ඇවිදන් ආවා.. ජේසන්ව යැවුවට ඒ තනිකම හැම පියවරක් ගානෙම යන්තමින්මදැනුනා.. ඒත් එක දෙයක් හොදටම විශ්වාසයි.. මට පාර අමතක වුනේ නෑ.. ඒ ගැන මතක් වෙලා නොදැනිමවගේ ආව හිනාව එක්ක එකතු වෙලා තිබුනේ ජේසන්ගේ ආදරය.." පිස්සු කොල්ලෙක්.."මම මටම මිමිණුවා..නවාතැනට තිබුනේ තව ටික දුරයි.. කලබලෙන් කැම්පස් එකට දිවුවා වුනත් ජේසන් ආයෙම මාව බලන්නඑන බව හොදටම විශ්වාසයි.. ජේසන් ආසම කරපු චීන අවන්හල තිබුනෙත් මේ ලගමයි.. මම ගමන අතරමැද ටිකකට නතර වුනා.. ජේසන් කිවුවා හරි..මට සමහරක් පාරවල් අමතකයි.. ඒත් ජේසන් කැමතිම සුශි එකක් තිබුනනම් මඟ ඇරිලා ගිය හැන්දෑවවෙනුවට සුන්දර රාත්‍රියක් අපිට ගත කරන්න පුළුවන් නේද කියලා මට හිතුනා.. ඉතින් මම මතකයෙන්ඒ පාර හොයා ගන්න උත්සාහ කලා.. එකම තැන දෙතුන් පාරක්ම කැරකුනා.. කාලයත් ගෙවිලා ගියේමම හිතුවෙවත් නැති තරම් ඉක්මනට.. අඳුරත් එක්ක පාළුවත් ඇවිත්.. මාව පහු කරන් ගියේ බොහොමකළබලයක් නැති එක්කෙක් දෙන්නෙක් විතරමයි..මගේ පියවර ගාවින්මවගේ ඇහුන අඩි සද්දෙට බය වෙලා මම එහෙමම නැවතුනා.. පිටිපස්ස බලන්න තරම් ආත්මශක්තියක්ආවේ කොහොමද කියලවත් මට හිතා ගන්න අමාරුයි.. ඒත් මම ආපහු හැරිලා බැළුවා.. යන්තමට වගේමුහුණට වැටුන විදුළි එලියෙන් මම දැක්කේ මට වැඩිය උස හැඩි දැඩි මිනිහෙක් මට පිටිපස්සෙන්ඉන්නවා විතරයි.. ඔහු හිටියේ මට වැඩිය පියවර ගානක් පස්සෙන්.. ඒත් මම නවතිද්දීම වගේ ඔහුත්නැවතිලා..මං දිහාම බලාගෙන නොහිටියත්ඔහු හිටියේ මං ගැන උනන්දුවෙන් කියන එක තේරුම් ගන්න ඒ තරම්ම අමාරු දෙයක් නෙමෙයි.. මමආයෙම ඇවිද්දා.. කලින්ට වඩා වේගයෙන්.. ඇත්තටම මම දිවුවා.. මට ටිකක් ඈතින් වුනත් තාමත්ඒ පියවර මට ඇහුනා.. ඒත් තව පාරක් හැරිලා බලන්න තරම් ආත්මශක්තියක් මට ආයෙම ආවේ නෑ..ඉතින් මම දිවුවා.. මිනිස්සු ඉන්න කළබලකාරි මාවතක් එනකන් මම දිවුවා.. ඒත් නිතරම වගේ මගේඇස් ඉස්සරහා ඉතිරි වුනේ අඳුරයි තනිකමයි විතරයි..පළවෙනි වතාවට මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. ඒක ඒ තරම්ම සාර්ථක උත්සායක් නෙමෙයිකියලා මම දන්නවා.. ටිකින් ටික හැම තැනක්ම විදුළි එළිය අඩුවෙලා ගිය අඳුරු තැනක් වුනාඇරෙන්න මම බලාපොරොත්තු වුන විදිහේ කිසිම දෙයක් තිබුනේ නෑ.. හදිසියේම වගේ මගේදෙවුර ඇකිළුනා.. ඒ ආගන්තුක ස්පර්ශයකට.. ඔහු මාව තදින් අල්ල ගත්තා.. මට ඇහුනේ කෑ ගැහිල්ලක්විතරයි.. ඒ මගේම කෑ ගැහිල්ල.. මම ඔහුගෙන් මිදිලා යන්න උත්සාහ කලා.. ඒත් ඔහුගේ ශක්තිමත්දෑත් අතරින් මිදෙන එක ඒ තරමම් ලේසි දෙයක් නෙමෙයි.. ඒත් එක විනාඩියකට මට ඒ දේ කරන්නපුළුවන් වුනා.. ඒත් අවාසනාව.. වේගයෙන් අඩමානයට තියවුන අඩිය වැරදිලා ගිහින් මාව විසිවෙලාගියේ හරියට අඩි ගානක් උඩ ඉදන් පහලට වැටෙනවා වගේ.. ලගම තිබුන කුණු බක්කියේඔළුව වැදුනේ විදුළි වේගයෙන්.. ඒත් සිද්දවෙන හැම දෙයක් ගැනම කලින් වගේම මතකේ තිබුනා..ඒ මුහුණ මම හරි හැටි දැක්කේ ඒ වෙලාවේ.. ඒ ලගම තිබුන විදුළි පහන් එළියකට ඒ පිපාසිත මුහුණහොදින්ම පෙනුනා.. අහම්බෙන් වගේ මගේ අතට අහු වුනේ වීදුරු කෑල්ලක්.. ඔහු ඒක දකින්න නැතුවඇති.. ඔහු ආශාවත් එක්ක තව පියවර දෙක තුනක් ඉස්සරහට තිබ්බා.. මට දැන්නේ හැම දෙයක්මනිසල වෙලා ගිහින් වගේ.. කිසිම හඬක් කිසිම චලනයක් නොඇසෙන නොපෙනෙන ගානයි.. ඔහු බිම වැටිලාහිටිය මගේ දිහාවට නැඹුරු වුනා.. ඉතුරු වෙලා තිබුනේ එකම එක අවස්ථාවක් විතරයි.. අත යටහංඟගෙන හිටිය වීදුරු කෑල්ලෙන් මම ඔහුට ඇන්නා.. එක වතාවක් නෙමෙයි, දෙතුන් වතාවක්ම..නිහඬ වෙලා තිබුන හැම දේම දෙබෑකරගෙන මට ඇහුනේ ඒ විලාපය.. අතේ තිබුන වීදුරු කෑල්ල අතඅරින්නේ නැතුව තව දෙතුන් පාරක්ම මම ඒකෙන් ඔහුට ඇන්නා..හැම දෙයක්ම කලින්තිබුනා වගේම ආයෙම නිහඬ වෙලා ගියා.. එක දිගට ගැහෙන ඔහුගේ සිරුර දිහා මම බැළුවා.. ඒ එක්කමවගේ මට ඇහුනේ පොලිස් බටයෙක්ගේ විසිල් හඩ.. මගේ හිත සතුටු වුනා.. මම ඉක්මනට බැළුවේ ඒහඬ ඇහෙන්නේ කොහෙන්ද කියලා.. ඒත් අවාසනාව.. ඔහුට ඇහුන විලාපය මගේ නෙමෙයි.. ***මුහුණට වැටුන දියපහරකින් මම නින්දෙන් අවදි වීමි.. ඉදිමුම නිසාම අඩක් පියවී ගිය දෑස් වලින් මම ඒ දෙසබලන්නට උත්සාහ කලෙමි.. " තවත් එකෙක්.."මා මටම කියා ගතිමි..ඔහු හා පොර බදන්නට තරම්වත් ශක්තියක් මා තුල නොමැත.. හැකි වුවද පොර බැදීමෙන් මට පලායා හැකි දුරක්ද නොවීය.. මා දෙපා දෙපසට විසිරුවමින් ඔහු මා තුලට විය.. වේදනාවෙන් වුවත්එය පිට කිරීමට තරම් ශක්තියක් මා තුල නොවීය.. අඩවන් වූ දෑසින් මා බිත්තියේ ඉහල වු කුඩාආලෝකය දෙස බැලීමී.. එය සැබැවිනම් වෙනස් වී ගොස්ය.. එළිය සහ පැහැයද බොහෝ සෙයින්ම වෙනස්ය..හැම දෙයක්ම සිහිනයක් යැයි සිතන්නට මම උත්සාහ කරමි.. නමුත් එය අසාර්ථක උත්සායකි.. සිහිනයකදී වේදනාවක් දැනෙන්නේ නැත.. ගෙවෙන හැම මොහොතකම මට දැනෙන්නේ වේදනාවක්ම පමණි.. විවර වූ සිර මැදිරියේ දොරින් පිටව පලා යන්නට සිතුනත් අඳුර ඇරෙන්නට මට පෙනෙනා මාවතක් නොවීය.. ඔහු නික්ම ගොස් සිරකුටියවසන වන හඬ මට ඇසිනි.. ඔහු කොයි වේලේ නිමවූවාදවත් මා නොදනිමි.. නිරන්තර දැනෙන වේදනාවහැම හැඟීමක්ම වසන් කරගෙන පැතිර ගිහින්ය.. මා යලිත් එදා දවසට සාප කලෙමි.. නමුත් ඊට සාපකිරීමෙන්ද පලක් නැත.. අකමැත්තෙන් අනේක වාරයක් දූශණය වනවාට වඩා එදා කැමැත්තෙන් එක වරක්දූශණයා වුනා නම් යැයි අවසානයේ මට සිතිණි..නිමි.
|
BLOG
|
2014.08.25
|
http://dineshumagiliya.blogspot.com/
|
ආදරෙන් ලග ඉන්න
|
Dinesh
|
4pt 0cm 5.. කුමාරයා තනියම එයාගේ කාමරේට වෙලා ඈතවළාකුළු වනාන්තරේ දිහා බලාගෙන හිටියා.. හැබැයි ඒ හිටියේ කල්පනාවක.. එයා කල්පනා කලේආරක්ශකයන්ගෙන් බේරිලා පැනලා යන විදිහක් ගැන.. සූර්ය රජතුමා එයාගේ හොදම ආරක්ශකයෝකුමාරයව බලාගන්න දාලයි තිබුනේ.. මොකද කුමාරයා හුඟක් දක්ශයි කියලා සූර්ය රජතුමා දැනගෙන හිටියා..කොච්චර උත්සාහ කලත් කුමාරයට එතනින් පැනලා යන්න පුළුවන් කමක් තිබුනේනෑ.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලකිරීමෙන්.. ඒ සඳ රැජින රූමුව නිම්නයෙදිපොරොන්දු වුන විදිහටම එයාගේ කුමාරියව කඩා හැලෙන තරුවක ගැට ගහලා මනුස්ස ලෝකෙටයැවුවද නැද්ද කියලා දන්නේ නැති හන්දා.. ඉතින් කුමාරයා හිටියේ හුඟක් කලබලෙන්.. එයානිතරම වළාකුළු වනාන්තරේ දිහා බලන්නෙත් ඒ හන්දමයි..අපේ කුමාරයට සුර්ය රජ්ජුරුවන්ට කතා කරන්න ඕන වුනා.. එයා ඒ ගැන එතනහිටිය ආරක්ශකයන්ට කියලා පණිවිඩ කොච්චර යැවුවත් සුර්ය රජතුමා කුමාරයව බලන්න ආවේ නෑ..කුමාරයටත් ඕන වුනේ සඳ කුමාරි ගැන පණිවිඩ කරුවෙක් යවලා හරි විස්තරයක් දැන ගන්න..ඒත් එයා එක්ක කතා කරන්න එයාගේ තාත්තා ආවේ නෑ..කුමාරයට හිටියා හොද විශ්වාස වන්ත සේවකයෙක්.. කුමාරයා පොඩි කාලේ ඉදන්මඑයාව බලාගත්තේ ඒ සේවකයා.. දැන් උනත් කුමාරයට කෑම බීම අරන් එන්නේ එයාමයි.. ඒත්කුමාරයට එයා එක්කවත් ඒ තරම් වෙලාවක් කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.. ඒ, කුමාරයා වටේඉන්න ආරක්ශකයෝ හන්දා.. එයාලා පුළුවන් තරම් ඉක්මනට සේවකයව කුමාරයා ඉන්න කාමරෙන්එළියට ගෙනියනවා.. ඉතින් ඒ හන්දම කුමාරයා අහන දේකට හරි උත්තරයක් දෙන්නවත් එයාටවෙලාවක් ලැබෙන්නේ නෑ.. ***මනුස්ස ලෝකේ තනි වුන සඳ කුමාරියට ඒ හැම දෙයක්ම මහ අමුත්තක් වුනා.. ඒ,එයාට ඒ පරිසරය හුරු නැති එකක් හන්දා.. එයා ආව තරුව වැටුනේ මිටියාවතකට.. ඒක හරිමපාළු තැනක්.. ඒත් ඒ මිටියාවතේ තිබුන එකම ගෙදර හිටිය ආච්චි කෙනෙක් අපේ කුමාරියව එහේනවත්ත ගත්තා.. ඒ විතරක් නෙමෙයි එයා අපේ කුමාරියව හුඟක් හොදින් බලා ගත්තා..කුමාරි එයාගේ කතාව ආච්චි එක්ක කිවුවට එයා කුමාරිගේ කතාව විශ්වාස කලේනෑ.. ඒත් එයා ඒ හැම දෙයක්ම අහගෙන හිටියා.. එයත් පාළුවෙන් තනියම හිටිය හන්දාකුමාරිගේ හිත රිදෙන්න එයා මුකුත්ම කිවුවේ නෑ.." ඔයාගේ හිරු කුමාරයා ඔයාව එක්කන් යන්න ඒවි.." එයා නිතරම වගේ අපේ කුමාරියට කිවුවා.. අපේකුමාරියටත් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුනා..එයා නිතරම වගේ මිටියාවතේ අහස දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට රෑ නිදිනැතුවම කුමාරි අහස දිහා බලාගෙන හිටියා.. ඒ කුමාරයා එයාව හොයාගෙන ඒවි කියලා.." මඟ බලාගෙන මමතවම තනිව නුඹ නැතුවනොවඩින්නේද හිරු කුමරුනිමගේ අඳුරු අහස් කුසට..ගෙවෙයි දින නුඹ නැතුවපාළුවෙන් මම තනිවඉතින් තවම නුඹ කොහෙදසුවදුක් නොඅසන්නේ කිමද.නුඹට උරුම අහස යටකඩා හැළුන තරුවක්ව මමපායා එන තුරු ආයෙමතනිවුන හිතක් මඟ බලාගෙන.."දවස් ගෙවිලා ගියා.. අපේ කුමාරියගේ හිතේ තිබුනේ කලබලයක් දුකකටත් වැඩියබයක්.. එයා බය වුනේ කුමාරයා ගැන හිතලා.. එයා දැන් ඉන්නේ සඳ රාජධානියෙන් කොයි තරම්ඈතකද කියලා එයාට හිතුනා.. එහෙම නොවුනනම් වළාකුළක චිත්‍රයක් ඇදලා හරි කුමාරයටපණිවිඬයක් යවන්න තිබුනා.. එහෙම නැත්නම් කුමාරයම හීයක් එවලා පණිවිඩයක් හරි එවාවි..ඒත් දැන් ඒ කිසිම දෙයක් කරන්න බැරි හින්දා අපේ කුමාරි හිටියේ හුඟාක් දුකින්..***මනුස්ස ලෝකෙට වැඩිය සුර්ය රාජධානියේ දවස් හුඟක් කෙටි හන්දා කුමාරයාතනියම කාමරේට වෙලා හුඟක් කල් ගෙවිලා තිබුනා..එයාට කිසිම විදිහකින් බුරුලක් හම්බුනේනෑ.. ඒත් එක දවසක් එයාගේ කාමරේ ජනේලේ ලගට සඳ කුමාරියේ ගිණි කුරුල්ලා පියාඹලා ආවා..මාලිගාවේ කුමාරයාගේ කාමරේ පැත්තේ තිබුනේ රාජධානිය හරහා ගලාගෙන යන ගඟ හන්දා ඒපැත්තට ගිණි කුරුල්ලට එන එක ඒ තරම් අමාරුවක් වුනේ නෑ.. හැබැයි ගිණි කුරුල්ලා ආවේනිකන්මත් නෙමෙයි..ගිණි කුරුල්ලගේ හොටයේ යතුරක් තිබුනා.. එයා ඒක ජනේලයේ තිබුන පුංචි ඉඩඅතරින් කුමාරයට දුන්නා.. " කොහෙන්ද මේක." කුමාරයා ඇහුවා.. සඳ කුමාරිවමනුස්ස ලෝකෙට යැවුවට පස්සේ එයා කුමාරයව හොයාගෙන ආව විදිහත් එතනදී එයාට කුමාරයගේවිශ්වාසවන්තම සේවකයා හම්බුන විදිහත් ගිණී කුරුල්ලා කුමාරයට කිවුවා.. කුමාරයගේ හිතටආවේ පුදුම සතුටක්.. ඉක්මනටම දොර ඇරන් යන්න ඕන වුනත් කුමාරයට තව ටිකක් ඉවසන්නවුනා.. ඒ එයාගේ කාමරේ ඉස්සරහා ඉන්න ආරක්ශකයෝ හන්දා..රෑ වෙද්දී සූර්ය රාජධානියම නින්දට යන හන්දා එයාගේ කාමරේ ඉස්සරහාඉන්නෙත් ආරක්ශකයෝ ටිකයි කියලා කුමාරයා දන්නවා.. ඉතින් එයා කලේ රෑ වෙනකන් ඉවසන්ඉන්න එක.. සඳ කුමාරියට උදවු කලා වගේම ගිණි කුරුල්ලා කුමාරයටත් උදවු කරන්න බලාගෙනහිටියා.. ටිකක් රෑ වීගෙන එද්දී එයා මාළිගාවේ ආරක්ශකයෝ ඉන්න තැන් බලන්න පියාබලාගියා.. ඒ ගිහින් ඇවිත් හැම දෙයක්ම කුමාරයට කිවුවා..කුමාරයත් එයාගේ වෙලාව ආවම හෙමිට කාමරේ දොර ඇරන් එළියට ආවා.. ගිණිකුරුල්ලා ඇවිත් කියපු විස්තර හරි.. හුඟක් ආරක්ශකයෝ හිටියේ නින්දේ.. එයා හෙමීටමාළිගාවේ පඩිපෙල් බැහැලා ආවේ එයාගේ අශ්වයා ඉන්න අශ්වගාලට.. ඒ යද්දී එයාගේවිශ්වාසවන්තම සේවකයත් එතන හිට්යා.." ඔබට හුඟක් ස්තූතියි මිත්‍රයා.." කුමාර්යා ඔහුගේ උරහිස්වලින් අල්ලන ගමන් කිවුවා.." ඔබ තවත් ප්‍රමාද නොවීම තරු දොරටුව ලඟට යන්න කුමාරයාණනි..ගිහින් ඔබේ ආදරය හොයා ගන්න.." ඔහු කුමාරයට කිවුවා.. පරක්කු වෙන්න තරම් වෙලාවක් නැහැ කියලා කුමාරයත් දන්න හන්දම එයාඉක්මනට එයාගේ අශ්වයා පිටට නැග්ගා.. අශ්වයත් සද්ද නොඇහෙන්න මාළිගාවෙන් පිටතට ආවා..දැන් එයාලා ඉන්නේ වළාකුළු වනාන්තරේ මායිමේ.. තරු දොරටුව තියෙන්නේ මාළිගාවේ ඉදලාහුඟක් දුරින්.. ඉතින් කුමාරයා ඒ දිහාවට එයාගේ අශ්වයගේ පිටේ නැගලා යන්න වුනා.. ගිණිකුරුල්ලත් ඒ දෙන්නටම කලින් වේගයෙන් පියාඹලා ගියේ ආරක්ශකයෝ ඉන්නවද කියලා බලන්න..තරු දොරටුව කියලා කියන්නේ එයාලා වැරදි කරපු අයව මනුස්ස ලෝකෙට යවනතැන.. මෙයින් තරු දොරටුවක් සුර්ය රාජධානියේ වගේම සඳ රාජධානියෙත් තියෙනවා.. ඉතින්කුමාරයා ගියේ එයාගේ රාජධානියේ තරු දොරටුව ලඟට.. තරු දොරටුව ලඟ ඉන්නේ ඒක බාරව ඉන්නදොරටු පාලකයා විතරයි.. එතනට කිසිම කෙනෙක් කැමැත්තෙන් නොඑන හන්දා කවදත් එතනටආරක්ශකයෝ ඉන්නේ නෑ.. අනික ඒ දොරටුවෙන් ඇතුල් වෙලා සූර්ය රාජධානිට අයත් ලෝකෙට එන්නකාටවත්ම බැරිත් හන්දා අවුරුදු ගානක් ඉදන් එතන ඉන්නේ ඒ දොරටු පාලකයා විතරයි..රත්තරන් පාට එයාගේ නිල ඇදුම ඇද ගත්ත දොරටු පාලකයා තරු දොරටුව ලගදීකුමාරයව දැකලා පුදුම උනා.. ඒ, කුමාරයා එතනට ඒවි කියලා එයා කොහෙත්තම බලාපොරොත්තු උනේනැති හන්දා.. " මට මනුස්ස ලෝකෙට යන්න ඕන.. ඔබ මට ඒකට උදවු කරන්න.."කුමාරයා දොරටු පාලකයාට කිවුවා.. ඒත් එයා එක පාරම ඒක කරන්න කැමති වුනේ නෑ.. සූර්යරජතුමාගේ නියෝගයක් නැතුව එයාට ඒක කරන්න කොහෙත්තම පුළුවන් කමක් තිබුනේ නෑ.. අනික මේඉල්ලිම කරන්නෙත් කුමාරයම හන්දා එයාට ඒකට කැමති වෙන්න කොහෙත්තම පුළුවන් වුනේ නෑ.." මට ඔබේ ඉල්ලීම ඉටු කරන්න බැහැ කුමාරයාණනි.." දොරටුපාලකයා කිවුවා.. කුමාරයටත් ආපහු යන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඉතින් කුමාරයා හැමදෙයක්ම දොරටු පාලකයට කිවුවා.. එයත් හැම දෙයක්ම අහගෙන හිටියා.." හොදයි, මේකෙන් මට ලැබෙන්නෙත් කාලයක් සුර්ය රජතුමාගේ නියෝගයටමම අනිත් අයට දුන්න දඬුවමමයි.. ඒත් මම ඔබට මේ උදවුව කරන්නම් කුමාරයාණනි.."දොරටු පාලකයා කුමාරයට කිවුවා.. ***මනුස්ස ලෝකෙට වෙලා එයාව බලාගන්න වයසක ආච්චිත් එක්ක දවස ගෙවුවට නිතරමඅපේ සඳ කුමාරිය හිටියේ සතුටින් නෙමෙයි.. එයා හැම තිස්සෙම කල්පනා කලා.. දුක් වුනා..ඒ එයාගේ හිරු කුමාරයා ගැන හිතලා.. එක වෙලාවකට සඳ කුමාරි බය වුනා කුමාරයට එයාටලැබුනට වැඩිය ලොකු දඬුවමක් ලැබිලා ඇති කියලා.. ඒත් තව වෙලාවකට කුමාරිය දුක් වුනාහිරු කුමාරයා එයාව අමතක කරලා ඇති කියලා හිතලා..කුමාරියට එයාගේ හිතේ තිබුන හැමදේම කියන්න කෙනෙක් හිටියේ නෑ.. එයාගේයාළු ගිණි කුරුල්ලවත් හිටියනම් කියලා එයාට නිතරම හිතුනා.. ඉතින් අපේ කුමාරි කලේඑයාට පුළුවන් හැම වෙලාවකම චිත්‍ර ඇදපු එක.. එයාගේ ලස්සනම මතකයන් වගේම කුමාරයත්එක්ක ඇවිදපු තැන් එයා චිත්‍ර වල ඇන්දා..ඒ කොහොම වුනත් එයා හැමදාම රෑට අහස දිහා බලාගෙන ඉන්න පුරුදු වුනා.. ඒ කඩා හැලෙන තරුවක්දකිනකම්.. රෑ නිදි නැතුව එයා ඒ දිහා බලාගෙන හිටියා.. හුඟක් වෙලාවට එයා කලේ චිත්‍රඅදින එක.. එදත් ඒ වගේම දවසක්.. කුමාරි චිත්‍රයක් අදින ගමන් ඉද්දී එයා දැක්කා ඈතින්කඩාගෙන වැටෙන තරුවක්.. එයා බිම වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.. ඒ දිහා බලන්න..ඒත් ඒ තරුව කඩාගෙන වැටුනේ එයාට වැඩිය හුඟක් ඈතින්.. කුමාරියට හිතුනෙමඒ දිහාවට දුවලා යන්න.. ඒත් එයාට එහෙම කරන්න බෑ.. ඒ දුර හුඟක් වැඩියි කියලා එයාදන්නවා.. ඉතින් එයා දුක් වුනා.. මොකද එයාට ඕන වුනේ ඒ එයාගේ කුමාරයමද කියලා දැනගන්නනිසා..***මනුස්ස ලෝකෙදි කුමාරියව හොයන එක ඒ තරම්ම ලේසි දෙයක් නෙමෙයි කියලාකුමාරයට හිතුනා.. ඒ මොකද එයා දන්නේ නැහැ සඳ කුමාරිය දැන් ඉන්නේ කොහේද කියලවත්..ඉතින් කුමාරයා ටිකක් වෙලා කල්පනා කලා.. එයාට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.. ඉතින්කුමාරයා කලේ ඇවිදන් එන එක.. එයාට මුණ ගැහෙන හැමෝම අතරේ එයා සඳ කුමාරියව හෙවුවා.. දවස් ගානක්ම එක දිගටම කුමාරයා මේ විදිහට ඇවිද්දා.. හුඟක් ගම්මාන පහුකලා.. ඒත් එයාට සඳ කුමාරියව හම්බුනේ නෑ.. මේ විදිහට එයා හුඟක් දුර ඇවිද්දා.. සූර්යරාජධානියේ ගෙවපු ජීවිතෙත් එක්ක මේ දේවල් කුමාරයට අමාරු වුනත් එයා ඒ ගැන නොහිතමඇවිද්දා.. අන්තිමේ කුමාරයා නතර වුනේ සැනකෙළියක් ලග.. එයා ඈත ඉදන් ඒ දිහා බලාගෙනහිටියා..සූර්ය රාජධානිය වගේම ලස්සනට තිබුන සැනකෙළිට කුමාරයට ආස හිතුනා..ඉතින් එයා සැනකෙළිය බලන්න ඇතුලට ගියා.. කුමාරයට මතක් වුනේ රාජධනියේ සංක්‍රාන්තිඋත්සවය.. සැනකෙළියත් ඒ තරමටම ලස්සනට තිබුනා.. කුමරයා ඒ හැම දෙයක් දිහාම බලන ගමන්සැනකෙළියේ ඇවිද්දා.. එයාට එයාගේ හිතේ තිබුන මහන්සියත් ඒ වෙලාව් ටිකකට අමතක වුනා.. මෙහෙම හැම දෙයක්ම දිහා බලාගෙන යද්දී කුමාරයගේ ඇස් අහම්බෙන් වගේ නතරවුනේ එක චිත්‍රයක් ලග.. ඒකේ තිබුනේ ලස්සන රත්තරන් පාට ගිණි කුරුල්ලෙකුයි එයා දිහාබලාගෙන ඉන්න කුමාරිකාවකුයි.. ඉතින් හිරු කුමාරයටත් මේ දේවල් හොදට පුරුදු හන්දා එයාඒක දිහ ඕන කමින් බැළුවා.. ඒ චිත්‍රේ තිබුනේ පොඩි ළමයෙක්ගේ අතේ.." ඔයාට කොහෙන්ද මේක." කුමාරයා පොඩි ළමයට ලං වෙලා අහුවා..පොඩි එකා ඉක්මනට චිත්‍රේ එයාගේ ලගට කර ගත්තේ කුමාරයා චිත්‍රේ අරගනීයි වගේ බයෙන්..හැබැයි එයා අතින් පෙන්නුවා එයාට චිත්‍රේ හම්බුනේ කොහෙන්ද කියලා.. ඉතින් කුමාරයත් ඒ දිහාවට ඇවිදන් ගියා.. එතන එයාට හුරු පුරුදු, එයාදැකලා තියෙන හුඟක් දේවල් තිබුන චිත්‍ර තිබුනා.. කුමාරයට පුදුම හිතුනා.. එයා දන්නවාඒ විදිහට චිත්‍ර අදින්න පුළුවන් කාටද කියලා.. ඉතින් අපේ කුමාරයා කුමාරියව හෙවුවා..චිත්‍ර තිබුන තැනට ටිකක් එහායින් පොඩි ළමයි එක්ක කතා කර කර ඉන්නකුමාරියව හිරු කුමාරයා දැක්කා.. ඒත් කුමාරි නම් තාම එයාගේ කුමාරයව දැක්කේ නෑ.. කුමාරයාහුඟක් සතුටින් කුමාරිය දිහා බලාගෙන හිටියා.. එයා හොයාගෙන ආව එයාට හුඟම වටින දේඑයාට හම්බුනා කියලා කුමාරයට දැනුනා.." බොහොම දුර වෙහෙස ගමනකහිරු සඳු යා නොවෙන ඉසවුවකලියන්න පෙර සේම ආදරේ කතාවකනුඹ මට හමුවෙලා නුහුරු ඉසවුවක.."කුමාරියට කුමාරයගේ කටහඬ ඇහුනා.. එයා ඒ කටහඬ අදුනනවා.. කුමාරි ඉක්මනටහැරිලා බැළුවේ ඒ කටහඬ ඇහුන දිහා.. එයා දැක්කේ කුමාරයා එයා දිහා බලාගෙන ඉන්නවා..එකපාරටම කුමාරියට හිතුනේ එයා මේ දකින්නේ හීනයක්ද කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි කියලාඅපේ කුමාරියට දැනුනා..එයා දුවලා ගියේ කුමාරයා ලගට.. ගිහින් එයාගේ ඇස් වලට එඹුනා.. කුමාරිදිහාම බලාගෙන ඉන්න ඒ ඇස් වලින් කුමාරි එයාවම දැක්කා.. අපේ කුමාරියගේ ඇස් වල කඳුළුපිරුණේ සතුටට.. එයා කුමාරයට තුරුළු වුනා.. කුමාරයත් එයාව හොදට තුරුළු කර ගත්තේආයෙම වතාවකට කුමාරිය මග නොඇරෙන්නමයි..."උණුහුමේ ගුලි වෙන්නනුඹේ ලඟ දැවටෙන්නආදරේන් ඉතිරෙන්නඅද ඇවිත් නවතින්න.සඳ නුඹයි ජිවිතයආදරේ හෝඩියේමුල් අකුර නුඹ වෙන්නආදරෙත් නුඹ වෙන්න.ඇහි පියන් මත නටනසුව දසුන හැර යන්නඅඳුර ලඟ සමුගන්නදිනක් යළි නොම එන්න.මේ සොඳුරු දෙරණ මතඅපිට අපිම හැරබැඳිමක් තව කොහේදලතැවුලක් තව කුමට ."නිමි..විශේෂයි, මේ කතාවේ මුල් අදහස මගේ නෙමෙයි.. වෙන කාගෙද ඉතින් මගේ කම්මැලිකාර පෙම්වතීගේ තමයි ඉතින්.. මුල් කොටස් දෙක විතර ලියලා ඉවර වෙලා ඩ්‍රාෆ්ට් එකේ අවුරුද්දක් විතර අතර මං වෙලා තියෙද්දී පගාව දීලා කතාව ඉල්ලගෙන මට ඕන විදිහට වෙනස් කරලා ඔන්න ඉතින් මේ ලියලා ඉවරකලාලු... ;-).
|
BLOG
|
2014.08.21
|
http://dineshumagiliya.blogspot.com/
|
කඩා හැළෙන තරුවක්
|
Dinesh
|
4pt 0cm 5.. එයා තව හුඟක් කුමාරයාලගටම ලං වෙලා වෙන කරන්නම දෙයක් නැති හන්දා බලාගෙන හිටියා.. වළාකුළු වනාන්තරේ කළබලවෙච්ච කුරුල්ලෝ සමනළ්ළු එයාලට පේන දුරිකම පියාඹලා යන්න ඉගිලෙද්දි දෙන්නම දැන ගත්තාඑන කෙනා කවුරු වුනත් එයාලා ලඟටම ඇවිල්ලා ඉවරයි කියලා.. කුමාරයා කුමාරිගේ අත තදින්අල්ල ගත්තා..වළාකුළුවනන්තරේ මල් පිපුන ගස් වල අතු දෙබෑකරගෙන එයාල හිටිය තැනට ඇවිත් නැවතුනේ අශ්වයෝ හතරදෙනෙක් ගැටගහලා තිබුන යුධ කරත්තයක්.. ඒ කළු අශ්වයන්ගේ තිබුනේ මහ භයංකාර පෙනුමක්..කුමාරිත් කුමාරයගේ යුධ අශ්වයට ඇරෙන්න වෙන අශ්වයෙක්ට කිට්ටු වෙලා තිබුනේ නැති හන්දාඑයාගේ හිතේ තිබුන බය එන්න එන්නම වැඩි වුනා..නතර වුනයුධ කරත්තෙන් බැස්සේ මුළු ඇඟම වැහෙන්න යකඬ ඇදුමක් ඇදන් හිටිය ආරක්ශකයක්.. ඒආරක්ශකයා කුමාරයටත් වැඩිය උසයි.. ඔළුව වැහෙන්න දාගෙන හිටිය හිස් ආවරණය අතරින් ආරක්ශකයගේ රතු පාට ඇස් හොදටම පෙනුනා.. හිස් ආවරණය අතරින් ගලාගෙන ආවේ හුස්මත්එක්ක පිටවෙන දුමක්ද එහෙම නැත්නම් වේගයෙන් එද්දී තැවරුණ වළාකුළු වනාන්තරේ වළාකුළුදකියන්න අපේ කුමාරිටත් හිතා ගන්න බැරි උනා.."කුමාරයාණනි, ඔබට පිය රජතුමා වහාම එන්න කිවුවා.." ඒ කටහඬේ තිබුන ගැඹුරු සද්දෙටකුමාරි ගැස්සිලා ගියා.. ඒත් කුමාරයනම් පොඩ්ඩක් වත් බය වුන බවක් පේන්න තිබුනේ නෑ.."ඔබට යන්න පුළුවන්.. මම එන්නම්.." කුමාරයා බය නැතුව කතා කලා.. ඒත් කුමාරයගේඅණට කීකරු වෙන බවක් ආරක්ශකයගෙන් පේන්න තිබුනේ නෑ.. ආරක්ශකයා කුමාරයගේ අතින් බලෙන්මවගේ අල්ලන්න උත්සාහ කලත් කුමාරයා ඒකවැලැක්කුවා.."සමාවෙන්න කුමාරයාණනි.. ඔබට මාත් එක්ක එන්නම වෙනවා.. රූමුව නිම්නයෙදි පිය රජතුමාඔබව මුණ ගැහේවි.. ඇයටත් ඔබත් එක්කම එන්න පුළුවන්.." ආරක්ශකයා සඳ කුමාරි දිහාබැළුවේ කුමාරයා දිහා බලන තරම් කාරුණික විදිහට නම් නෙමෙයි.. අපේ සඳ කුමාරි තාමත්බයෙන් කුමාරයට හුඟක් ලං වෙලයි හිටියේ.."හරි යමු.." වෙන කරන්නම දෙයක් නැති තැන කුමාරයා කිවුවා.. සඳ කුමාරි ඇස් වලකඳුළු පුරෝගෙන කුමාරයා දිහා බලාගෙන හිටියා.. කුමාරයා සඳ කුමාරිගේ අතින් අල්ල ගෙනයුධ කරත්තයට නැග්ගා.. ඒ එක්කම වගේ ආරක්ශකයත් කරත්තේ උපරිම වේගයෙන් පදවගෙන රූමුවනිම්නය දිහාවට යන්න ගියා..අපේකුමාරිත් රූමුව නිම්නය ගැන අහලා තිබුනට කවදාවත් ඒක දැකලා තිබුනේ නෑ.. ඒක තිබුනේරාජධානි දෙක මායිමේ වළාකුළු වනාන්තරය නැති තැනක.. එතනදි තමයි සුර්ය රජ්ජුවුවොත් සඳරැජිනත් එයාලගේ රාජධානි ගැන කතා කරන්න ඕන වුනාම මුණ ගැහෙන්නේ.. ඒත් ශත වර්ශගානකින්ම එතනට කවුරුවත්ම ගිහින් නෑ.. ඒත් රූමුව නිම්නය හැමදාම ඒ වගේම තිබුනා..එතන්ට දහවල් එළියත් රෑ කළුවරත් යාන්තමට වැටුනා.. ඒකයි ඒ තැන ඒ තරම්ම විශේෂිතවුනේ..අපේ සඳකුමාරියි කුමාරයි යුධ කරත්තේ නැඟලා නිම්නයට එන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ..කුමාරිගේ ඇස් කඳුළු වලින් පිරිලා තිබුනා..කුමාරයා ඒවා පිහදාන්න කොච්චර උත්සාහ කලත් කුමාරිට එයාගේ කඳුළු නවත්ත ගන්න පුළුවන්වුනේ නෑ.. එයා හිටියේ හුඟාක්ම බයෙන්..රූමුවනිම්නයේ දෙපැත්තෙම රාජධානි දෙකේම ආරක්ශකයන්ගෙන් පිරිලා තිබුනා.. හරියටම එයාලා අහලාතිබුන අන්තිම යුද්ධයෙදි වගේ.. ඒක දැක්කම කුමාරයගේ හිතට පොඩි බයක් ඇති වුනා.. එයාලාහන්දා ආයෙම යුද්ධයක් ඇති වෙයිද කියලා.. සූර්යරාජධානියේ රත්තරන් පාටයි සඳ රාජධානියේ රිදී පාටයි එකතු කරලා හදපු මණ්ඩපේ සූර්යරජ්ජුරුවෝ වාඩි වෙලා හිටියා.. එයාට තිබුනේ මහා ප්‍රතාපවත් බවක්.. සුදට හැරුන දිගරැවුල එයාගේ රාජකීය ඇදුමේ බාගයක් විතර දිගට එනකන් වැහිලා තිබුනා.. එයා කුමාරයාදිහා බලන් හිටියේ හුඟක් තරහින්.. ඒ ඇස් වලත් ආරක්ශයකගේ රතු පාට ඇස් වලත් ඒ වෙලාවේලොකු වෙනසක් තිබුනේ නෑ.. කුමාරි බයේම බිම බලාගත්තා.."පිය රජතුමනි, මම කියන දේ අහන්න.." කුමාරයා කතා කරන්න හැදුවත් සූර්ය රජතුමාඑයාව නැවැත්තුවා.. තරහින් එයා වාඩි වෙලා හිටිය රත්තරන් සිංහාසනේම ඉදන් කුමාරයාදිහා බලාගෙන හිටියා.."ඔබට කතා කරන්න වාරය එන්න තව වෙලාව තියෙනවා.. සඳ රැජින ආවම දෙන්නාටම කතා කරන්න ඉඩලැබේවි.." සූර්ය රජතුමා කිවුවා..අපේ සඳ කුමාරි ඒක අහලා තවත් බය වුනා.. එයාදන්නවා එයාගේ පොඩි දඟකාරකම් වලට සඳ රැජින මුකුත් නොකිවුවට අද එයා ඉන්නේ හුඟක්තරහින් කියලා.. කුමාරිට හිතුනේ එතනින් පැනලා දුවල යන්න ඇත්නම් කියලා.. ඒත් එයාටඑහෙම කරන්න පුළුවන් කමක් නෑ..රූමුවනිම්නයේ සඳ රාජධානියට අයිති පැත්තෙන් ඈත තියලම එන සුදූ පාට අශ්ව කරත්තය අපේ සඳකුමාරි හොදටම අඳුනනවා.. එයා හිටියේ හුඟක් බයෙන්.. කුමාරයගේ උරහිස පිටිපස්සේහැංගිලා එයා කුමාරයගේ අත තදින් ඇල්ලුවා.. ඒ හරියට එයාව පුළුවන් නම් මෙතනින් අරන්පැනලා යන්න කියන්න වගේ.. කුමාරයටත් ඒක තේරුණා.. සුදුමසුදූ වළාකුළකින් හැඩ කෙරුන රාජකීය ඇදුම ඇදපු සඳ රැජින මණ්පය ලගට ආවේ කුමාරි දිහාබලාගෙනමයි.. එයාගේ ඇස් තරහින් රතු වෙලා තිබුනා.. හරියට කුමාරියි කුමාරයි එක්කන් ආවආරක්ශකයගේ ඇස් වගේ.. සඳ රැජින මණ්ඬපය ලග නතර වුනා.."මගේ කුමරියව මගේ රාජධානියට අරන් යන්න අවසරයි රජතුමනි.." සඳ රැජින එක පාරටම කිවුවා.. සුර්ය රජ්ජුරුවොත්ඒක අහලා එක පාරටම පුදුම උනා.."ඒත් අපි මේ ගැන තවමත් තීරණයක් ගත්තේ නෑ රැජිණ.." සුර්ය රජ්ජුරුවෝ එයාගේ සිංහාසනයෙන් නැගිටිනගමන් කිවුවා.."වෙලා අරන් කතා කලත් ගන්න තියෙන එකම තීරණය කියලා ඔබ වගේම මමත් දන්නවා රජතුමනි.. ඒහන්දා ඒ තීරණය ඒ විදිහටම ඉටුවේවි.. ඒක මගෙන් පොරොන්දුවක්.." සඳ රැජින හුඟක් කේන්තියෙන් කිවුවා..සූර්යරජ්ජුරුවන්ටත් වෙන කියන්න දෙයක් තිබුනේ නෑ.. එයා ආරක්ශකයන්ට විධාන කලා කුමාරියටයන්න දෙන්න කියලා.. ඒත් කුමාරිය හිටියේ කුමාරයගේ අතේ එල්ලිලා.. අපේ කුමාරියගේ ඇස්වලින් කඳුළු එක දිගටම වැටුනත් කුමාරයා ඇරෙන්න ඒ ගැන වදවෙන්න එතන කවුරුවත් හිටියේනෑ.. ***අපේඅහිංසක සඳ කුමාරි එයාගේ පාළු කුළුණට වෙලා හුඟක් ඇඬුවා.. එයා හිටියේ වෙනදටත්වැඩියෙන් තනි වෙලා.. එයාගේ කුළුණ වටේම වෙනදටත් වැඩිය ආරක්ෂකයෝ සද රැජින දාලයිතිබුනේ.. කුළුනේ ජනෙල් පවා හොදටම වහලයි තිබුනේ.. කොටින්ම එයාගේ යාළු ගිණිකුරුල්ලටවත් එයා ලගට එන්න පුළුවන් කමක් තිබුනේ නෑ.. ඒ හන්දම අපේ කුමාරි හිටියේහුඟක් දුකින්.. එයා කලේ එයයි කුමාරයයි ඉන්න චිත්‍ර දිහා බලාගෙන හුඟක් අඬපු එක..එයාගේ හිතට බයක් දැනුනා කුමාරයට මොනවා වෙයිද කියලා..කොච්චරවෙලාවක් කුමාරි මේ විදිහට ඇඬුවද කියලා එයාවත් දන්නේ නෑ.. අඬලා මහන්සියටම එයාටහොදටම නින්ද ගිහින්.. ඒත් එයා එකපාරම ඇහැරුනේ කුළුණේ එයා හිටිය කාමරේ අඟුල් ඇරෙනසද්දෙට.. ඒ ආවේ සඳ රැජින.. එයාගේ අම්මා.. එයා ඇදලාහිටියේ අළුපාට වළාකුළකින් හැඩවුන එයාගේ ගවුම.. එයා ඒක අඳින්නේ හුඟක් තරහා ගිහින්ඉන්න වෙලාවට කියල අපේ කුමාරි හොදටම දන්නවා.. සද රැජින මුකුත් නොකියම කුමාරිගේකාමරේ ඇවිද්දා.. අපේ කුමාරි ආසාවෙන් ඇදලා තියෙන චිත්‍ර දිහා එයා ඕන කමින් බැළුවා..කුමාරයත් එක්ක ඉන්න එයාගේ ඇද ලගම තිබුන චිත්‍රේ දැක්ක සඳ රැජිනගේ මුණ තවත් අඳුරුවෙලා ගියා..මුකුත්මකියන්නේ නැතුව එයා කාමරෙන් එළියට යද්දී කුමාරිගේ කාමරේට ආවේ සඳ රැජිනගේයාතිකාවියන් දෙන්නෙක්.. අපේ කුමාරිගේ හිත හොදටම ගැහෙන්න ගත්තා.. එයා බැළුවේ සඳරැජින දිහා.. කොටින්ම එයාගේ අම්මා දිහා.. සඳ රැජින කුමාරිකාව දිහා බලන්නෙවත් නැතුවඑයා හිටිය කාමරෙන් එලියට ආවා..***ලොකුමුරකාවල් තියෙන කාමරේක කුමාරයා විතරක් ඉද්දී ඊට පිටින් වෙනදට වැඩිය ආරක්ෂයෝයොදවන්න සූර්ය රජ්ජුරුවෝ අමතක කලේ නෑ.. පැය ගානක්ම ගෙවිලා ගියත් සූර්යරජ්ජුරුවොවත් වෙන කවුරුවත්ම එයා එක්ක කතා කරන්නවත් ආවේ නෑ.. කුමාරයට ඒ ගැනපුදුමයි.. ඒයා හිතුවක්කාරයි.. දෙතුන් වතාවක්ම මුරකාවල් දාලා තිබුන කාමරෙන් බලෙන්එළියට එන්න හැදුවත් කුමාරයට ඒක කර ගන්න බැරි උනා..කුමාරයගේහිටියේ සඳ කුමාරි ගැන හුඟක් බයෙන්.. කුමාරයා බයෙන් හිටියේ සඳ කුමාරියගේ දඬුවම මොනවගේ එකක් වේවිද කියලා.. කුමාරයා නිතරම වළාකුළු වනන්තරේ දිහා බැළුවා.. ඒ වළාකුලකඇදලා එවුව සඳ කුමාරිගේ පණිවිඩයක් තියෙයිද කියලා.. කුමාරයා කාමරේ එහා මෙහා කල්පනාකර කර ඇවිද්දා.. ඒ මෙතනින් එළියට යන විදිහක් ගැන හිතන්න.. කුමාරයාට ඕන වුනේ කොහොමහරි වළාකුළු වනාන්තරේට ගිහින් කුමාරියගේ කුළුණ දිහා බලන්න.. එයා හොදින්ද කියලා දැනගන්න..කල්පනාවඅතරේ ඉද්දී කුමාරයට කටහඬක් ඇහුනා.. ඉතින් කුමාරයා ඕන කමින් ඒක අහගෙන හිටියා.."සූර්ය රජතුමා කුමාරයටත් ඒ දඬුවම දේවිද."ආරක්ෂකයෝ කතා කරන දේ කුමාරයා එයාගේ කාමරේට වෙලා ඕන කමින් අහගෙන හිටියා.. ඒමොකද එයාට දැන ගන්න ඕන වුනෙත් ඒකම හන්දා.."නැහැ, සූර්ය රජතුමාට ඉන්නේ එකම කුමාරයෙක් හන්දා එයා ඒ දඬුවම දෙන එකක් නෑ.. කාලයක්යනකන් මේ කාමරේම හිර කරලා තියාවි.. මෝඩ සඳ රැජින.. එයා එයාගේ පොරොන්දුව ඉශ්ඨකරාවි.." තව ආරක්ෂකයෙක් කිවුවා.. ඒකටඒ ලග හිටපු හැමෝම වගේ හිනා වුනා..කුමාරයටතේරුණා වෙන්න යන දේ ගැන.. එයාගේ හිතේ තිබුණ කලබල ගතියට වැඩිට එයාට ආවේ ලොකුකේන්තියක්.. කොටින්ම එයාගේ තාත්තා සුර්ය රජ්ජුරුවෝ එක්ක.. කුමාරයා ආයෙම වතාවක් කාමරේ දොරට මහ හයියෙන් ගැහුවා.. ඒත් ඒකෙන් වැඩක්උනේ නෑ.. එයා ගිහින් බැළුවේ වළාකුළු වනන්තරේ දිහා.. කුමාරයාහුඟක් වෙලා වළාකුළු වනාන්තරේ දිහා බලගෙන කල්පනා කලා.. ඒ මෙතනින් පැනලා යන්නේකොහොමද කියලා.. සූර්ය රජ්ජුරුවන්ගේ පුතා වුනත් එයාට ඒක මේ වෙලාවේ කරන එක ලේසිවැඩක් නෙමෙයි කියලා කුමාරයට හොදටම තේරුණා..එයා ඒඑක්කම වළාකුළු වනාන්තරේට ඈතින් දැක්කේ ලස්සන ලා නිල් පාට එළියක්.. ඒ එක්කම ඒ එළියඅතරින් කඩා හැලෙන වල්ගා තරුවක්..හිරුකුමාරයට සඳ කුමාරියව හැමදාටම අහිමි වේවිද..ඒක ඊළගඅවසාන කොටසින් මම කියන්නම්..* රූමුව කියන්නේ සන්ද්‍යාවටම කියන තවත් වචනයක් බව හොයද්දී සම්බ විය.
|
BLOG
|
2014.11.18
|
http://mrishanshareef.blogspot.com/
|
அதைப் பற்றிச் சொல்வதற்கில்லை
|
M.RISHAN SHAREEF
|
4pt 0in 5.
|
BLOG
|
2014.10.15
|
http://mrishanshareef.blogspot.com/
|
மலையுச்சிப் பூவின் தியானம்
|
M.RISHAN SHAREEF
|
4pt 0in 5.
|
BLOG
|
2014.05.05
|
http://mrishanshareef.blogspot.com/
|
விலகல்
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2014.04.01
|
http://mrishanshareef.blogspot.com/
|
நுழைதல்
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2014.02.20
|
http://mrishanshareef.blogspot.com/
|
நீந்தும் மீன்களை வரைபவள்
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2014.01.01
|
http://mrishanshareef.blogspot.com/
|
இடையனின் கால்நடை
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2013.11.01
|
http://mrishanshareef.blogspot.com/
|
ஒரு பூக்காலத்தில் நான் மிதக்கும் தோணி
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2013.10.09
|
http://mrishanshareef.blogspot.com/
|
வேப்பம்பூக்களுக்காகக் காத்திருக்குமொருத்தி
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2013.09.03
|
http://mrishanshareef.blogspot.com/
|
நான் இசைக்கும் ஒற்றைப்பாடல்
|
M.RISHAN SHAREEF
|
4pt 0in 5.
|
BLOG
|
2013.07.01
|
http://mrishanshareef.blogspot.com/
|
செங்குருவி
|
M.RISHAN SHAREEF
| null |
BLOG
|
2014.11.25
|
http://www.sandapahana.blogspot.com
|
සඳෙන් අසමි
|
prasad weerasinghe
|
දිගු සංචාරයට පෙර,සමුගතිමිවත්ත පහළින් ගලනඇලේ මැඩි මිතුරන්ගෙන්කුටිය අද්දර තුරු මතගී ගැයූ රැහැයියන්ගෙන්හිරු නිවීගිය කළපිටත් වනු පිණිසකඩුල්ල කරා ආ මටඇහෙන නෑහෙන ගාණටසුසුම්ලන හඬ ඇසුණිසමුදුන් ලබැඳියන්වටහාගනිමි එය,දුකකි පිය විප්පයෝගයඒත් ඇයි මේපිනි කඳුළු .මාත් එක්කම යනසඳේ ඇස්වල.
|
BLOG
|
2014.11.18
|
http://www.sandapahana.blogspot.com
|
මධු මත් මතක ...
|
prasad weerasinghe
|
චන්ද්‍ර මඬල නමට පිදූමතක වස්ත්‍ර වළා පොටෙන්මුවා නොවුණු තරුවක ඇස්කතා කරනවා..පාලමෙන් එගොඩ දිලිහෙන පරාදීසයේ පැහැසර මීදුමේ ඇලී බොඳ වී හෙමින් මැකෙනවා..දෑල දෙගොඩ පඳුරු තලාමුහුද සොයා දිව එන්නට ඌලකින් උනන දිය කෙඳි පාර අහනවා..ඔබා මධු බඳුන් පතුලකනුරා විත් ඇනුණු හදවතබොහෝ දිගු ගැඹුරු නින්දකකෙනෙක් නිදනවා..
|
BLOG
|
2014.11.01
|
http://www.sandapahana.blogspot.com
|
ණය
|
prasad weerasinghe
|
බොහෝ ණයගැති වෙමිඔබ හට,පැණි වරකා ගස් මුදුනඅකුණකින් දැදිරි වන්නටඉස්සර ..සන්සුන් සුදු වළා කැටකුණාටුවකින් කැකෑරෙන්නටඉස්සර ..නිල් විල් තලය ඇවිලීපිළී ගඳ නැගෙන්නටඉස්සර ..පළාපෙත්තෙකු ගැනබමරෙකුට ඉරිසියා දැනෙන්නටඉස්සර ..සියුම් මල් පෙත්තක්රිදෙන තුරු නැවි නැවී,හද රිදුම් පිරිමැදි,ඒ නිමා වුන ඍතුවට ..ඔව් , ඒ නමක් නැති ඍතුවට .
|
BLOG
|
2011.12.15
|
http://padyakaviewageewa.blogspot.com/
|
"හෙළයේ මහා නළු" ජැක්සන් ඇන්තනී වෙත..
|
Maathalan - Priyantha Hewage
|
නිර්මාණය - ඉන්දික දිසානායකනෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේලොක්කා නොව පොර ඌයේ ජැක්සන්යඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසටදුන් රංගනය කියලානම් වැඩක් නැතලොකු පොරවල් නිදි කිරද්දී සීට් වලලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"ලොක්කාගේ කීකරු බලු කුක්කාය.
|
BLOG
|
2011.12.06
|
http://padyakaviewageewa.blogspot.com/
|
සරත් අමුණුගම වෙත....
|
Maathalan - Priyantha Hewage
|
කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිවගෙදර වවන් එළවළු කාපිය කියලාඅති ගරු අමුණුගම රජයේ සේවකයාඅපි වවලා රටනගනට රෙඩි වාගේසීයට අසූවක් යන්නේ පඩි වලටපඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝසීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ටපලා බබා හා ගොටු අල්ලන උන්ටවැඩ නම් බෑ කොලිෆයි වී උන්නාටදීපු හැම එකම නියමට නා ගත්තසීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්නබේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට.
|
BLOG
|
2011.11.13
|
http://padyakaviewageewa.blogspot.com/
|
මහ බැංකුවේ අධිපති තුමා වෙත..
|
Maathalan - Priyantha Hewage
|
හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොතනොරට එවුන් අන්දන එක ලේසී නැතකරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැතක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇතබිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූඑක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූගනන් හදන්නට බැරිනම් නොකර බොරූකැල් එක අරන් යනවද පින් මහත් හොරූ.
|
BLOG
|
2011.11.03
|
http://padyakaviewageewa.blogspot.com/
|
විභාග කොමසාරිස් වෙත...
|
Maathalan - Priyantha Hewage
|
ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ"බාල අපරාධ" වල යෙදුනේ ප්‍රසිද්ධීයේමරණ මංචකේ පින් පොත පෙරළනා විටකරපු පිනක් නැත තනිකර පවු මිසකසා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේඅරන් අපායෙම පලයන් උඹ මුත්තේඑහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වාඒ උනාට ඔව්වා සිම්පල් වේවාකනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයිකොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ.
|
BLOG
|
2011.10.31
|
http://padyakaviewageewa.blogspot.com/
|
සරත් එන් සිල්වා වෙත..
|
Maathalan - Priyantha Hewage
|
චෞර රැජිනගේ කීකරු බලු කුක්කා යදියවන්නාවේ ලව් කළ පෙම් කුමරා යඑල්මෝ පෙරේරා නොමරා මැරුවේ යමහ රැජිනගේ වසරකටත් කෙලියේ යඋනා දමා නීතීයේ දෙවගනගේ රෙද් දඅධිකරණය බල්ලට දැමුවා නේ දබලයේ ඉන්න විට කරණා යම යුද් ධඅද තනියෙන් බන දෙසමින් විඳිනව දහැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ ලානඩුවක් දමා දඟ ගේ ඇතුලට යව ලාකල පවු විඳින්නට ඉඩ කඩ සලසා ලාසැනසෙන් මැති සඳේ නඩුවක් බලවා ලා.
|
BLOG
|
2014.06.06
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Wallpaper With Names
|
comelout
| null |
BLOG
|
2014.06.06
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Melbourne Photos
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Wallpaper Photobucket
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Photo Effects
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Photo Booth Online
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Photo Gallery
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Photos Of Louis
|
comelout
| null |
BLOG
|
2014.06.05
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Picture Lyrics
|
comelout
| null |
BLOG
|
2014.06.04
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Dusseldorf Photo Shoot
|
comelout
| null |
BLOG
|
2014.06.04
|
http://sinhalaya1st.blogspot.com/
|
One Direction Photos July 2012
|
comelout
| null |
BLOG
|
2014.06.04
|
http://hansageethaya.blogspot.com/
|
යලි ඇරඹේවා ලොව අළුතින්
|
kavindya
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}දෙනෙතේ කඳුලක් වී ඉන්නම් මම සදාතනික සෙනෙහස පුරමින් ජන්මෙන් ජන්මෙටරැදෙන්න ඇති ලඟ සිත යන්නේ නැහැ ඔබේ ලඟින්සිතමි සියක් වර පතමි පැතුම් මම නවතීවා මේ ලොව මෙතැනින්ඔබ මාගේ වී මම ඔබගේ වීයලි ඇරඹේ නම් ලොව අළුතින්කඳුලැලි ගල්වී සිතිවිලි ගොළුවී ඔබගේ වන්නට එක මොහොතින් සදාතනික පෙම් සුසුමක් වීලා සැඟවෙන්නම් ලය තුලරහසින්.
|
BLOG
|
2014.05.13
|
http://hansageethaya.blogspot.com/
|
අළුත් වෙනස
|
kavindya
|
දෙනෙත් ඉඳුවර හීන දකිමින්රැයක නින්දට පෙරවදන් දෙයි සිතින් සියවර එකම පැතුමක්යලිත් යලි යලි ඉපිද සසැලෙයි පැතුම් පොඳි පොඩි හිතට බර නැහැ හීන ගං තෙර සිතුම් පොපියයිකලක් ගොළුවුණු පැරණී කවි හිත හැඟුමි බර පබැඳුමක් ගලපයි අළුත් පැතුමක් සිතට ඇවිදින් යලිත් ඉපදුණු බවක් දවනයියලිත් සිතකට පෙම් පුරන්නට සිතුම් සියුමැලි වෙමින් පවතියි.
|
BLOG
|
2014.03.20
|
http://hansageethaya.blogspot.com/
|
ඊම
|
kavindya
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}තැන නොතැන යති එතිසිත් තමෝ කමකට නැතීඑකට එක බැඳ නැතීසිතුම් සීතල විලක කිමිදෙතී සිත විඳින සිතුවිලිසමඟ මුසුකල අකුරකි අරුත් හෙම ඇති නැතිමගේ හිත කවි මඩුවකි.
|
BLOG
|
2013.08.12
|
http://hansageethaya.blogspot.com/
|
තරු කැකුල මම
|
kavindya
|
අහස් මායා අතර හැංගුනඔබට නොපෙනෙන ප්‍රේමයේ තරු කැටය මංස්නේහයේ මුදු එලියනොරිදවයි මුත් දුරයි නුඹසඳක එළියට බයෙන්පුර පසට අහසට ඇවිත්සඳ දිලෙන අරුමය දුරින්බලාගෙන නෙත් පිනා සැනසෙනකුමුදු මල නුඹනම්අමාවක අහසකත් පායනතරු කැකුල මම නුඹ නොදත්සහස් සියවස් ගනන් රෑ වලදිලිසුනා මම නුඹ නමින්.
|
BLOG
|
2013.08.05
|
http://hansageethaya.blogspot.com/
|
අනුන් සතු වත්කම
|
kavindya
|
සිනා නොමසෙන ඇස් වලපිරුනු කඳුලක හැඩතලඅයාගෙන මම දෙනුවනබලා උනි සිතුවිලි මැදනොකී රහසක වත ගොතනුඹත් කිසි කල නොඇසුවමටත් රහසෙම සිත තුලපිපි වියැකුණි පෙම් මලඉකි බිඳුම් මුව ගොලු කලවාවමින් සිනැහුනි මමසුබ පතූ වදනින් නුඹකියුවේ කවියකි වෙනඅපිට අපි හිමි නැති කලසිතට හොර කල පෙම් රසවාවගෙන හිනැහුණු විටඅනුන් සතු වත්කම නුඹ.
|
BLOG
|
2012.12.05
|
http://hansageethaya.blogspot.com/
|
සිතුවිල්ල - කවි සිතුවිල්ල
|
kavindya
|
තැවෙයි හදවතතවම තනියමකවක් ගලපමිසිතුම් කැටි කොටතවත් හිතනටසිතුම් නම් නැතසිසිල් සුලඟටරිදෙයි මගේ හිතසිතත් මට නැතතව කෙනෙකු ලඟඇත්තේ හදවතමටත් මම නැතගත්තේ තුරුලටබදා තදකොටඑකම වත්කමතමයි තනිකමපාළුයි මුළු හිතඑනුමැනවි අදම හෙටමගෙන් දුර ඇත ගියසිතුවිල්ල - කවි සිතුවිල්ල.
|
BLOG
|
2012.04.08
|
http://greenleafvisual.blogspot.com/
|
Shayani & Chethiya Wedding Visual
|
Sudara Fernando
|
.
|
BLOG
|
2012.04.08
|
http://greenleafvisual.blogspot.com/
|
Chamika & Gayan Wedding Visual
|
Sudara Fernando
|
.
|
BLOG
|
2011.12.03
|
http://greenleafvisual.blogspot.com/
|
Dimuthu & Mewan Wedding Video
|
Sudara Fernando
|
.
|
BLOG
|
2011.11.17
|
http://greenleafvisual.blogspot.com/
|
Sarangi & Roshan Wedding Visual
|
Sudara Fernando
|
.
|
BLOG
|
2011.09.17
|
http://greenleafvisual.blogspot.com/
|
Nirasha & Sandun Privet Session
|
Sudara Fernando
|
.
|
BLOG
|
2014.11.04
|
http://hasarallak.blogspot.com/
|
කරවිලේ කතාව - Going Solo 11
|
හස රැල්
|
කෝමද ඉතින්. දැන්නම් අපිව මතකත් නැතිව ඇති නේද ගොඩක් අයට..යාළු මිත්ත්රයෝන්ගේ කොතෙක් අවවාද අනුසාසනා තිබ්බත් සමහර අයට හැදෙන්න නම කෙලවෙන්නම ඕනලුනේ..ආන්න ඒ වගේ..මාත් කොච්චර අය කිව්වත් ලියන්නේ නැතිව අතැරදාල තිබ්බ බ්ලොගේ මතක්වුනේ කකුලේ වළලුකරට පොඩි අතුරු ආන්තරාවක් වෙලා ඇඳට වැටුනම තමා ඕන්න.වයිද්ද උපදේසේ සතියක් ඇඳට වෙලා හිටු කියලා.ඒ කිව්වට බොලන් එහෙම කොහොමෙයි ඇඳට වෙලා සතියක් ගතකොරන්නේ.ඒක නිසා ආයෙත් එන්න හිතුනා බ්ලොගේ දූලි ගසා බසා දාලා දැකුළු මල් කඩාදාලා සුද්ද පවිත්තර කොරල දාන්න.ඒකත් ඉතින් නිකම්ම නෙවෙයි මගේ යුගයේ ජනප්‍රියතම ආදරණීය....[හුටා වැරදුනා ] මෙගා ටෙලිය [ආයිත් වැරදුනා]...තීරු ලිපිය Going Solo නැවත පටන්ගැනීමත් එක්ක....අද අපේ කතාව"කරවිල" ගැන...කරවිල කිව්වම ඔයාලට මතක්වෙන්නේ මොකක්ද.[ඇහුවා නේද ගොන් ප්‍රශ්නයක්,කරවිල කිව්වම මතක්වෙන්නේ යකෝ කරවිල මිසක් පතෝලද.]ඒක තමා ඔබ හරි කරවිල කිව්වම මතක්වෙන්නේ කරවිල තමා...ඔය උඩ පින්තුරේ තියෙන්නේ ...අන්න ඒවා තමා...සමහර අයටනම් කරවිල කිව්වම මතක්වෙන්නේ තිත්තනේ...සමහර අයටනම් තමන්ගේ බ්ලඩ් සුගර් ලෙවල් එකත් මතක්වෙන්න පුළුවන්.කොහොමවුනත් කරවිල කියන්නේ ගොඩක් අයට තිත්ත දෙයක් වුනත් මටනම් අදටත් කරවිල කියන්නේ බොහොම රසවත් දෙයක්...කරවිල කියන්නේ තිත්ත ඒත් ගොඩක් ගුණ කෑමක් තමා.ඔය කරවිල වලත් තව තව අයියලා මල්ලිලා ඉන්නවනේ.ඒ වගේ එක්කෙනෙක් තමා ඔය "තුඹ කරවිල" කියන්නේ.ඔය තුඹ කරවිල මේ හේන්වල පාත්ති දාලා වගාකොරන ජාතියක් හෙම නෙවෙයි.අවුරුද්දේ එක්තරා කාලෙකට කැලේම ඉබේට හැදෙන ජාතියක් තමා ඔය තුඹ කරවිල.අපි ඒකාලේ විසුව බුත්තලට යන පාරෙත් දැන් ඔය යකඩ කුරුල්ලෝ හෙම නවත්තන මත්තල පැත්තේ ඉඳලා ඌව කුඩා ඔය හරියට යනකල් පාර දෙපැත්තේ තුඹ කරවිල එකතුකරන අය ඒ කාලෙට බොහොම සුලබ දර්සනයක්.මාත් ඉතින් බොහොම මනාපයි ඔය තුඹ කරවිල කිරට උයල හෙම කන්න.ඔය මං රැකියාවේ උසස්වීම ලැබිලා ගිය පළාතෙත් තිබ්බ නෙව තවත් කරවිලක්.කරවිල කිව්වට මේක ඔය එලොළුවක් හෙම නෙවේ.කරවිල කියන්නේ ඔය ඒ පැත්තේ තිබ්බ ගමක් නෙව.බඩල්කුඹුරේ ඉඳලා මැදගම යන පාරේ හමුවෙන්නේ.මං කලිනුත් කිව්වනේ අපි ඒ කාලේ ඔය සේවින්ග්ස් ප්‍රමොෂන් කැම්පේන් එහෙම කරනවා නෙව...ඉතින් ඕන්න ඔයි වගේ ඉරිදා දවසක අපිටත් යන්න තිබුනා කොහෙහරි ගමක් දෙකක් තෝරාගෙන යන්න.ඉතින් මේ කාලේ අපිත් එක්ක වැඩකලා ඔය කැම්පස් යනකල් තාවකාලිකව සේවෙට බන්දොගත්ත නංගි බබෙක්.මේ නංගි බබාලාගේ ගෙදර තිබ්බේ ඔය කිව්ව කරවිල ගමේ තමා.අපි කරවිල කිව්වට ඒ පැත්තේ උදවිය ඔය ගමට කියන්නේ "කරවිලේ" කියලයි.ඉතින් දවල්ට කන්න එහෙම ඒ නංගි බබාලාගේ ගෙදර ලැහැස්ති කොරනවා කිව්වා නිසා අපිත් උදහනැක්කෙන්ම ගියා කියමුකෝ ගමට.අපි කියන්නේ මමයි මාත් එක්ක වැඩකොරපු අනිත් අයියයි තව අපේ සිකුරිටි මහත්තයයි අනිත් කැම්පස් මලයයි තමා ඉතින්.ඉතින් ඔය ගමට කරවිලේ කියල නම හැදිච්ච විදිහත් රසවත් කතාවක් ලු නෙව.ඔය ගමේ තියෙනවා නිල් කැටේට ගලන දොළ පාරක්.දොළ පාරක් කිව්වට මේකේ විසේසත්වේ තමා පොළවෙන් එකපාරටම පැන නගින දිය බුබුලකින් පටන් ගැනීම.මං හිතන්නේ භූගත ගංගාවක් පොලොව උඩට පැමිණෙන වෙලාවක් තමා ඒක.නැත්නම් කොහොමටවත් එච්චර ලොකු වතුර උල්පතක් එකම තැනකින් එන්න විදිහක් නෑ.මේකේ වතුර නෑවහම ලෙඩ රෝග හොදවෙනවා කියලත් මතයක් ඒ පැත්තේ උදවිය අතරේ තියෙනවා.ඉතින් මෙන්න මේ දියපාරෙන් මතුවෙච්ච "රත්තරන්" කරවිල ගෙඩියක් නිසාලු ගමට කරවිලේ කියල නම වැටුනේ.හැබැයි ඉතින් ඕන්න අපිනම් නෙවේ ඒකවත් ඒක හම්බුනේ කාටද කියලවත් හොයන්න ගියේ.අපිට මුටද අනුන්ගේ වග නේද.ගම කරවිල උනාට ගමේ ඇවිදින්න ගිය අපිටනං වැඩේ තිත්ත වුනේ නෑ...යන යන ගෙදරින් තැඹිලි ,හැලප ,බෙලිමල්,තේ,කෝපි වගේ දෙයක් වැරදුනෙම නැහැ.කොහොමත් දවල් වෙනකොට අපිට රුපියල් 10000 කට වැඩිය deposit හොයාගන්න බැරිවුනාට හොඳට බඩ පැලෙන්න කාල බීලනම් තිබ්බා.දහම්පාසල් ගිහිල්ල එන අච්චෝ බච්චෝ අපේ handbill , leaflet එහෙම බොහොම ආසාවෙන් අරන් ගියා.උන් ඒවායේ තියෙන පින්තුර දිහා බැලුවේ ටවුමේ ළමයෙක් සෙල්ලම් බඩුවක් දිහා බලන තරම් ආසාවකින්.සමහර අය ඒවා දහම්පාසල් පොත ඇතුලේ දාගත්තේ ගෙදර ගෙනිහින් රූප කපන්න වෙන්නැති.කොහොමවුනත් හවස්වෙනකොට ගමේ ගොඩක් ගෙවල් වලට යන්න අපිට පුළුවන් වුනා.ඒත් ඉතින් වැඩිය deposit නම් ලැබුනේ නැහැ.ඒත් ගියපු හැම ගෙදරකින්ම ආගන්තුක සත්කාර වගේම අපි කියපුවට හොදින් ඇහුම්කම් දීමත් වුනා.කොහොමවුනත් හවස්වෙනකොට හිත සතුටින් වගේම එක අතකට දුකකුත් දරාගෙන අපි ගමෙන් පිටවුනා.කොහොමවුනත් අපි ඒ ගියපු ගමනේ ප්‍රතිපල අපිට ලැබුනේ සති දෙක තුනක් ගියාට පස්සේ.ගමේ හැම කෙනෙක්ම වගේ පොලේ ආපු දවසට තමන්ට පුලුපුලුවන් හැටියට කීයක් ඉතුරුකරන්නත් වෙන බැංකුවල දාල තිබ්බ සල්ලිත් අරන් ඇවිත් අපේ බැංකුවේ දාන්නත් පටන් ගත්තා.ඒ අයගෙන් විස්තර අහපු වෙනත් ගම්වල උදවියත් ඊට පස්සේ අපේ බැංකුවට වැඩි වැඩියෙන් එන්න ගත්තා.එක තරුණ ජෝඩුවක් හැමදාම පොලේ ඇවිත් කෙසෙල් කැන්,කිරි අල විකුනලා යන ගමන් පොඩි එකාගේ බැංකු පොතට හැමදාම රුපියල් 10,20 ක් දාන්නත් පුරුදුවෙලා හිටියා.ඒ අය හැමදාම පොඩි එකාගේ පොතට තෑගී තියෙනවද අහල යන්නේ.මූනත් ටිකක් නරක්කරගෙන.බැංකුවෙන් තෑගි දෙන්නේ ටිකක් මුදලක් එකතුවුනාමනේ.ඒත් ඒ අයට ඒ වගේ මුදලක් එකතුකරගන්න සෑහෙන කාලයක් යනවග මට තේරුනා.ඉතින් මං කලේ මගේ ගානේ පොත් බෑග් එකකුයි පැන්සල් පෙට්ටියයි වතුර බෝතලයයි පොත් පෑන් එහෙම ටිකක් ගෙනල්ලා දවසක් බැංකුවෙන් දෙන විදිහට දුන්නා.මොකද මං එහෙම කලේ ඒ අය කොච්චර දුප්පත්වුනත් "පිනට" දෙන දෙයක් නොගන්නා බව මට තේරුම් ගියනිසා.එදා ඒ අයගේ මූනේ තිබ්බ සතුට දැක්කම මට ඇතිවෙච්ච සතුට කොච්චර මුදලක් ගෙවලාවත් ලබාගන්න බැරි තරම් සතුටක්.තව දවසක එක සීයාකෙනෙක් ඊට අවුරුදු 10 කට කලින් විකුනපු ඉඩමක සල්ලි ලක්ෂ දෙකක් බැංකු පොතේ දාන්න ආවා.එතකල් ඒ සීයා ඒ සල්ලි ගෙදර ලිප්බොක්කේ මුට්ටියක දාලා වලදාලා තිබිල තියෙන්නේ.හැම සල්ලි කොලේම කාවෝ තැනින් තැන විදලා.ඒත් ඒවාට අයිති නියම වටිනාකම ලබාදෙන්න අපිට පුළුවන් වුනා.අන්න ඒ වගේ මට කියන්න ඕන වුනේ අපේ රටේ බැංකු කොච්චර තිබ්බත් තාමත් බැංකුවක් එක්ක ගනුදෙනු නොකරන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා කියනෙකයි.ඒක රටක විදිහට අපි දුක්වෙන්න ඕන කාරණයක්.අපි AC දාගෙන බැංකු ඇතුලට වෙලා ඉන්නවා කියන්නේ ගමේ ජනතාව තවදුරටත් බැංකුවලින් ඈත්වෙනවා කියනෙකයි.අපි ඒ කාලේ වැඩකලේ ග්‍රාමීය ප්‍රදේශේක නිසා මිනිස්සුත් බැංකුවත් අතර තිබ්බ දුරස්ථ භාවය අඩුකරන්න අපි සෑහෙන පියවර ගත්තා.ගමේ අයගේ සාක්ෂරතාවය ටිකක් අඩු නිසා ඒ අයගේ තැන්පතුපත්,මුදල් ආපසු ගැනීමේ කොළ පුරවල දෙන්න අපි වෙනම කෙනෙක් යෙදෙව්වා.AC නිවල දාල ඉස්සරහ දොර ඇරලා තිව්වා.මොකද අපිට තේරුනා වහල තියෙන දොරක් ඇරගෙන එන්නට වඩා ඇරලා තියෙන දොරකින් ඇතුලට එන්න මිනිස්සු කැමති විත්තිය.ඒ වගේම හැකි සෑම වෙලාවකම මාරු සල්ලි වලින් සල්ලි ගෙවන්නත් අපි පුරුදුවුනා.ඒක නිසා ඒ වෙනකොට ඒ ටවුමේ තිබිච්ච ප්‍රධාන බැංකු ශාඛාවලට වැඩිය අපේ සේවා මධ්‍යස්තානෙට එන්න මිනිස්සු පුරුදු වුනා.මමත් හැකි සෑම වෙලාවටම එලියට බැහැලා පොලට,කඩපිල්වල, ත්‍රිරෝද රථ නැවතුම්පලවල්වල ඉන්න අයත් එක්ක කතාබහකලා.ඒ අයගේ අදහස් වලට කන් දුන්නා.එහෙම ආපු අදහස් ක්‍රියාවට නැංවුවා.දැන් ගොඩක් අය market research කියල එක එක කොම්පැනිවලට සල්ලි ගෙවල කරන දේවල් අපි බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කළා.ඒවායේ ප්‍රතිපල ගත්තා.කොහොමවුනත් අපි ඒ කරපු ඒ දේවල්වල ප්‍රතිපල අනුව ඉතාමත් කෙටිකලකින් අපිට අපේ සේවා මධ්‍යස්ථානය online banking ක්‍රමයට පරිවර්තනය කරගන්න මෙන්ම තවත් ඉතා කෙටිකලකින් ප්‍රධාන ශාඛාවක් බවට පත්කරගන්නත් හැකිවුනා.ඔන්න ඕකයි මං අද කියන්න ආව කරවිලේ "රසවත් කතාව"....එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු.... ටටා.
|
BLOG
|
2014.06.05
|
http://hasarallak.blogspot.com/
|
බට්ටාගේ පලහිලව්ව - Spirit of the game
|
හස රැල්
|
හී...ඊ..ඊ...ඊ..ඊ..බට්ටෝ .....මොකෝ මගේ සුදු පුතේ....හී...ඊ..ඊ.. අනේ අම්මේ මන්නම් ආයි අර පින්වත්තේ කොල්ලෝ එක්කනම් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ....ඊ..ඊ....ඊ...ආ..නාඩ..නාඩ හිටපන් මගේ රත්තරනේ...මොකක්ද ඒ අසමජ්ජාතියෝ මගේ බට්ටට කරේ....අනේ අම්මේ උන් අද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඇවිත් හොර කරලා මාව අවුට් කළා....ඊ..ඊ..ඊ...අනේ මේ උඹලගේ ඔය කිරිකොට් කෙරුවාව ගැන මට ඒ හැටි තේරෙන්නේ නෑ...තාත්තා ආවමවත් කියහන්කෝ...දැන් ඉතින් නාඩ ඉඳින් තාත්තා එනකල්....----------මේ මැණිකේ...හරිම මහන්සියි...හදමුකෝ හොඳවයින් තේ එකක්...මේ ඇහුනද.....අද අර පින්වත්තේ කොල්ලෝ ටික සෙල්ලං කරන වෙලාවේ අපේ බට්ට පුතාට අරියාදු කරලනේ.....පින්වත්තේ කිව්වේ.......ඇයි අනේ....මතක නැද්ද... අර ඔයයිලගේ සීයලාගේ කාලේ අපිට සින්නවෙලා තිබ්බ ඉඩම....කොහෙද ඉතින් සීයා නැතිවුනායින් පස්සේ ඔයයිලගේ අම්මා පිනට කියලා උන්ටම ආයේ ඉඩම ලියලා දුන්නනේ...දැන් ඔන්න ඕකේ ඉන්න වසවර්තියෝ ටික ගැන තමයි මං කිව්වේ....ආ....හැබෑට මොකද වෙලා තියෙන්නේ...බට්ටෝ....මෙහෙ වරෙන් මයේ පුතේ...බට්ටෝ...මොකද උනේ මයේ පුතේ....අනේ තාත්තේ...අද හවස අර පින්වත්තේ කොල්ලෝ ටික ආවා අපේ වත්තේ ක්‍රිකට් ගහන්න.අපිමයි උන්ට එන්න කිව්වේ.අපේ පිලේ හිටියේ මහප්පාගේ පුතාලයි මායි සුදු නැන්දගේ පුතාලා දෙන්නයි.උන් සෙල්ලං කරද්දී හොරකරලා මාව අවුට් කරලා මැච් එක දින්නා තාත්තේ...මුන්ව තියන්න වටින්නේ නෑනේ...හැබෑට උන් මොනවද කලේ....අපිමයි උන්ට ඒ දවස්වල ක්‍රිකට් ගහනහැටි කියලා දුන්නෙත්.උන්ට ඒ දවස්වල බැට් බෝල තිබ්බෙත් නෑ.අදත් සෙල්ලං කලේ අපේ බැට් බෝල වලින්.සෙල්ලං කරද්දී උන් ගහන වෙලාවේ උන්ව අවුට් කරගන්න ඕන නිසා මහප්පාගේ ලොකු පුතා නීතියක් දැම්මා බෝලේ දාන්න කලින් ඉර පැන්නොත් අවුට් කරන්න පුළුවන්ය කියලා...ඉතින්.... ඉතින්....ඉස්සරත් නීති හැදුවේ අපිම තමා...ගස් කැච් ඔට්ටුයි කියලයි...වන්බම්ප් අවුට් කියලයි නීති හැදුවෙත් අපිම තමා.උන් ඒවාට මුකුත් සද්දයක් කලේ නෑ.ඊයේ මැච් එකේ උන්ට වැඩියෙන්ම ගැහුවේ මම.අද උන් ගහලා ඉවර වෙලා අපි බැට් කරද්දී අන්තිම හරියේදී බෝල දැම්මේ සේන මාමගේ පුතා.ඊයේ උන්ට ගහපු තරහටම අද ඌ එකපාරටම මම ඉර පැන්නා කියලා විකට් එක කැඩුවනේ.විකට් එක කඩලා උන් ඒ වෙලාවේ අම්පෙයාර් හිටපු සුදු නැන්දගේ පුතාගෙන් මගේ අවුට් එක ඉල්ලුවා.සුදු නැන්දගේ පුතා සද්ද නැතුව ඉන්න හදනකොට උන්ගේ පිලේ නායකයා හිටියේ අර මැතිව් මාමගේ කොල්ලා.ඌ වලියට ආවා.ඉතින් සුදු නැන්දගේ පුතාටත් අවුට් එක නොදී බැරිවුනා....අපි මැච් එකත් පරාදවුනා ඒ නිසා...උන් හරි හොරු තාත්තේ....ඊ...ඊ..ඊ..මං එක දවසකුත් කිව්වනේ ඔය පින්වත්තේ එවුන් එක්ක තියෙන ඇයිහොඳයි නවත්තන්න කියලා...කෝ ඇහුවය....නීතියක් රීතියක් දන්න එවුන්ය ඕවයේ ඉන්නේ.යකෝ අපේ ඉඩම් අල්ලාගෙන දැන් එනවා මෙතන අපේ පොඩි එවුන්ගේ ඔළුවටත් අත හෝදන්න...කෙලෙහි ගුණයක් නැති පාහර හැත්ත...යන්නේ එහෙම නෑ මින් පස්සේ ඕකුන් එක්ක සෙල්ලමට........................................................................................................ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවති පස්වැනි එක්දින තරඟයේදී 45 වැනි පන්දු ඕවරයේදී පන්දු යවමින් සිටි සචිත්‍ර සේනානායක විසින් ඒ අවස්තාවේදී පන්දු යවන්නාගේ අන්තයේ රැදී සිටි ජොස් බට්ලර් තමාගේ සීමා ඉර අබිභවා ඉදිරියට ගොස් සිටි බැවින් කඩුල්ල බිඳදමා [පන්දුව යැවීමට පෙර ]ඔහු දැවීගිය ක්‍රීඩකයකු මෙන් නම්කරන මෙන් විනිසුරු ගෙන් ඉල්ලා සිටියේය.ඊට පෙර ඕවරයේදීද සේනානායක විසින් දෙවරක්ම එසේ නොකරන මෙන් බට්ලර් වෙත අවවාද කරන ලදී.ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ගෙන්ද ඒ පිලිබඳ විමසූ විනිසුරු බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු සේ නම් කළේය.මෙසේ ක්‍රීඩකයකු දවා ගැනීම "මන්කාඩ්" කිරීම ලෙස හඳුන්වන අතර 1947 තරඟයකදී ඉන්දීය ක්‍රීඩක විනෝ මන්කාඩ් විසින් මෙවැනි ඉල්ලීමක් කලපසු දැන් එය ජාත්‍යන්තර ක්‍රිකට් නීතියක් බවට පත්ව ඇත.කෙසේවුවත් තරඟයෙන් පසුව එංගලන්තය චෝදනා කලේ ශ්‍රීලංකා පිල විසින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන අයුරින් එම දවාගැනීම කල බවටයි.එසේම ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ සඳහා එය අනිටු බලපෑමක් ඇතිකරවන්නක් බවයි.ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවතී පසුව නිදහස ලැබූ රටක් වන අතර ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට හඳුන්වාදෙන ලද්දේ එංගලන්ත ජාතිකයින් විසිනි.ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ නීති සකස්කර ඇත්තේ එංගලන්ත ජාතිකයින් විසිනි.පෙර කතාව සහ පසුව පැවසු සිද්දිය අතර කිසිදු සමානකමක් නොමැති අතර ඔබට එම කතාවල යම් සමානකමක් හැගේ නම් ගැත්තාට සමාව දුන මැනවි.
|
BLOG
|
2014.05.26
|
http://hasarallak.blogspot.com/
|
මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය [Micro-Finance] කියන්නේ ?
|
හස රැල්
|
"ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය...."ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක් හරි හොයාගන්න බැරුවය""ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ණයට දෙන්නෙත් නැහැ,දුන්නත් උන්දැගේ පොලිය ගෙව්වම කැවිලි හදලා ලාබයක් ගන්න බැහැ අක්කේ "උඹට කීයක්විතර තිබ්බනම් ඇතිද."රුපියල් 10000 ක් තිබ්බෝත්නම් කළමනා ටික ගන්න ඇතිවෙයි මයේ හිතේ,තාච්චි ආම්පන්න ටිකනම් මයේ ගාව තියෙනවා."එහෙනම් වරෙන් අද හවසට ප්‍රජා ශාලාවේ තියෙන අපේ සමිතියට.උඹට මේ වෙලාවේ උදව්වක් ගන්න බැරි වෙන එකක් නැහැ......-------------------මාතෘකාවට කෙලින්ම බහින්නේ නැතිව පොඩි කතාවක් ලිව්වේ වැඩේට ආරම්භයක් විදිහට.මේ වගේ කතා අපි කොතෙකුත් අපි අපේ ජීවිතවල අහලා අත්දැකලා තියෙනවනේ.ඉතින් අපි අද කතාකරන්න බලාපොරොත්තුවෙන ක්ෂුද්‍ර මූල්‍ය කියන අංශයේ අන්තර්ගතය ඔන්න ඔය ඉහතසිද්දවුණු කතාබහ ඇතුලේ තියෙනවා.ලෝකයේ බොහෝ රටවලට මේ ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ අළුත් දෙයක් වුනාට අපේ රටේනම් මේ නමින්ම නැතත් ඉස්සර කාලේ පටන්ම මේ ක්ෂුද්‍ර මූල්‍යක්‍රමය යම්පමනකට ක්‍රියාත්මක වුනා.ලංකාවේ සමුපකාර ව්‍යාපාරය පටන් ගත්තේ ග්‍රාමීය දිළිඳුකම ගමේ ජනතාව තුලින්ම ඇතිවෙන වැඩපිළිවෙලකින් අකාමකා දැමීමේ ප්‍රයත්නයක් හැටියට.ඉතින් ක්ෂුද්‍ර මූල්‍ය කියන්නෙත් මේ වගේ දේකටම තමා.ක්ෂුද්‍ර මූල්‍ය කියන දේට ගොඩක් නිර්වචන තිබුනත් මෙන්න මේ විදිහට ඒ දේ සරලව දක්වන්න පුළුවන්..."විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැකි,අඩු ආදායම් ලාභී ප්‍රජාවගේ ආරථික හා සමාජ තත්වය ඉහල නැංවීමට උපකාරී වන අයුරින් සපයන කුඩා පරිමාන මුල්‍ය සේවා ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හැඳින්විය හැකියි"ටිකක් බර වචන තිබ්බත් කාටත් පැහැදිලි ඇති කියලා හිතනවා.මේක කියෙව්වම කෙනෙකුට ඉස්සෙල්ලම එන්න පුළුවන් ගැටලුව තමයි ඇයි කෙනෙකුට විධිමත් මුල්‍ය ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශය විය නොහැක්කේ කියලා.ඒකටනම් හේතු ගොඩක් තියෙන්න පුළුවන්.අපි බලමු ඒ මොනවද කියලා..විධිමත්මුල්‍ය ආයතන වල පවත්නා නීතිරීතිදුරස්ථභාවයඅඩු මුල්‍ය සාක්ෂරතාවයඅනන්‍යතාවය තහවුරු කිරීමේ ගැටළුමුල්‍ය ආයතන වලින් ප්‍රතික්ෂේප කිරීම්ස්වයංව හිතාමතා බැහැරවීමඔන්න ඔය කියන හේතු එකක් හෝ කිහිපයක් නිසා සමහර ජනතාව විධිමත් මුල්‍ය ආයතන වෙතින් බැහැරවෙලා තියනවා.ගොඩක් වෙලාවට මෙහෙම වෙලා තියෙන්නේ අඩු ආදායම්ලාභී ජනතාව වීම විශේෂයි.ලංකාවටත් වඩා මේ තත්වය ඉන්දියාව ,බංග්ලාදේශය වැනි රටවල දකින්නට තියෙනවා.ඒකනිසා තමයි නූතන ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ නව නැම්මක් ඇතිකළ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකුව ඇතිවෙන්නේ.මහාචාර්ය මොහොම්මඩ් යුනුස් විසින් 1976 දී මෙම බැංකුව පිහිටවන්නේ දිළිඳු කමින් පීඩා විඳින එහෙත් යම්කිසි ආදායම් උත්පාදනය කිරීමේ හැකියාවක් ඇති ජනතාව වෙත ලිහිල් සුරැකුම් යටතේ ණය ලබාදීමේ වැඩපිළිවෙලක් සමගයි.ගොඩ දෙනෙක් මේ ක්ෂුද්‍ර මූල්‍ය කියන දේ ආධාරමුදලක් ලබාදීමක් විදිහටත් හිතනවා.එය සම්පුර්ණයෙන්ම වැරදි නිගමනයක්.මෙය කිසිසේත්ම ආධාර මුදලක්නම් නෙමෙයි.අනෙක් ණය මුදලක් මෙන්ම මේවාද නිසිකලට ගෙවා නිමකළ යුතුයි.එහෙත් වෙනත් ණයවලට වඩා ක්ෂුද්‍ර මූල්‍ය යන්න වෙනස්වෙන්නේ එම මුල්‍ය පහසුකම් මගින් එය ලබාගන්නා ජනතාවගේ ආර්ථික තත්වය මෙන්ම සමාජ තත්වයද ඉහලනැන්වීමඅරමුණු කරගෙන තිබෙන නිසා.ඒ වගේම ඔවුනට දාරගත හැකි පොලියකට සහ ලිහිල් සුරැකුම් කොන්දේසි යටතේ ලබාදෙන නිසා.වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම සංවර්ධනය ඇතිකරවන්නේ ඔවුන් තුලින්ම පැනනගින ක්‍රියාවලියක් හැටියටයි.බංගලාදේශයට අමතරව ඉන්දියාව ,ඉන්දුනීසියාව වැනි රටවලත් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපි දැන් ක්ෂුද්‍ර මූල්‍යකරණයේ ලංකාවේ පසුබිම දෙසට හැරෙමුකෝ.මං කිව්වා වගේම ලංකාවේ ඒ කාලේ ඇතිවුණු සමූපකාර ව්‍යාපාරය මගින් බලාපොරෝත්තුවුනේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්වය එම ජනතාව මගින්ම ඇතිවන සංවිධානයක් මගින් පලවාහැරීමයි.ඒ යටතේ ග්‍රාමීය බැංකුව සහ පසුකාලීනව මහජන බැංකුව වැනි ආයතනත් බිහිවුනේ අර මුලින් කිව්ව අරමුණම ඇතිව තමා.වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම ඇතිව ශ්‍රී ලංකාව පුරාම කුඩා කණ්ඩායම් ක්‍රමය මගින් මේ ක්ෂුද්‍ර මූල්‍යකරණය ක්‍රියාත්මක වෙනවා.ඒ සඳහා ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයකුත් සංවර්ධන බැංකු කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා.ඒ යටතේ කුඩා කණ්ඩායම් ඇති කිරීමත් ඒ මගින් අඩු ආදායම්ලාභී ජනතාවගේ ඉතිරිකිරීම් වැඩිදියුණු කිරීම,සමාජ සජීවීකරණ ක්‍රියා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ව්‍යවසාය සංවර්ධනය කිරීම සිදුවෙනවා.අන්න ඒ විදිහට පිහිටවපු සමිතියක් ගැන තමයි අපි ඉස්සෙල්ලම සඳහන් කරපු දෙබසේ කතාවුනේ.මේ පිළිබඳව වැඩිදුර විස්තර තවත් ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා.එහෙත් වර්තමානයේ ක්ෂුද්‍ර මූල්‍ය නමින් ලංකාව තුල ක්‍රියාත්මක වන යම් යම් ආයතන සිදු කරන වැඩපිළිවෙලවල් නම් කිසිසේත්ම අනුමතකල නොහැකියි.මං කලින් කිව්වා වගේ ක්ෂුද්‍ර මූල්‍යකරණයෙන් බලාපොරොත්තුවෙන කරුණු දෙකක් තියෙනවා.ඒ තමයි...ඉලක්කගත අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත ඔවුනට දැරිය හැකි මිලකට මුල්‍ය පහසුකම් ලබාදීම.එමගින් ඔවුන්ගේ දුප්පත්කම අඩුකරලීම.ඔන්න දැන් ඔයාලටම තීරණය කරන්න පුළුවන් ඒ ආයතනවලින් ඒ දේ සිදුවෙනවාද කියලා.ඇත්තටම සිදුවෙන්නේ මේකේ අනිත් පැත්ත.අඩු ආදායම්ලාභී ප්‍රජාවට දරාගත නොහැකි පොලියකට ණය ලබාදීම මගින් මේ වනවිටත් අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් විශාල පිරිසක් විශාල ණය උගුලක පටලවලා තියෙනවා.ළඟටම පැමිණ ණය දෙනනිසාත් ඉතා ඉක්මනින් ණය දෙන නිසාත් අපේ ගොඩ දෙනෙක් පොලී අනුපාතය ගැන සැලකිලිමත් වෙන්නේ නෑ.ඒත් හරියට බැලුවොත් මේ ආයතන වෙතින් වෙන්නෙත් අර ඉස්සර ගමේ "පොලී මුදලාලි"ගෙන් වුනුං සේවේම තමා.ක්ෂුද්‍ර මූල්‍ය ගැනත් එය ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනආකාරයත් ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම්.වැඩි දුර විස්තර සඳහා ....
|
BLOG
|
2014.05.15
|
http://hasarallak.blogspot.com/
|
බජ්ජන් දමනය....
|
හස රැල්
|
බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.බජ්ජන්ලාගේ තාත්තාගේ නම බාලමහත්තයාය.බාලමහත්තයා 417 හන්දියට අළුත් කෙනෙක් නොවීය.අහල පහල ගමේ කෙනෙක් වුනු බාලමහත්තයාට කඩේ දමාගත්පසු බිස්නස් අතින්නම් පාඩු නොවීය.මෙසේ ටික දවසක් ගතවනවිට දිනක් හදිසියේම කොහේදෝ සිට බජ්ජන් කඩාපාත් වුනේය.දඩාවතේ ගොස් ලෙල්ලටම නසරානි වී සිටි බජ්ජන් ගැන 417 හන්දියේ කොල්ලන් හොඳහැටි දැන සිටියේය.කේස් හතර පහකටම පොලිස් කූඩුවේ කූරු ගණන් කර තිබු බජ්ජන්ට ඒ වනවිටත් අවුරුදු 25 කට වැඩි නොවීය.බජ්ජන්ලාගේ ගෙවල් තිබුණු පැත්තේ හැමදාම හවසට වලියක්ය.පිරිමි පමණක් නොව ගෑනුන්ද රෙදි කරට ගෙන මුඛයෙන් ශ්‍රී වදන් තෙපලමින් කැති,පොළු,උදළු රැගෙන වලිය කාගේ වුවද ඊට සහභාගී වන්නේය.කුඩාකල පටන්ම මේ පරිසරයේ හැදුනු බජ්ජන් නියමිත කාලය වනවිට කොල්ලන් ගැන්සියක් හදාගෙන වැඩ පටන්ගෙන තිබුනේය.ඔන්න ඔය විදිහේ පොරක් වුනු බජ්ජන් හිටිහැටියේම තාත්තා හොයාගෙන පැමිණ අපේ ගමේ පදිංචි වීම මහත් පුදුමයක් විය.කුමක්හෝ කරුණකින් බජ්ජන්ට සුපුරුදු ගැන්සිය මගහැර සිටීමට වුනු සිද්දියක් වී තිබුනේය.එහෙත් ඒ කුමක්දැයි කාටවත් හොයාගන්නට බැරිවිය.ගමට ආ මුල් දිනවල සද්ද නැතුව කඩේ ඇතුලට වී සිටි බජ්ජන් ටික ටික කලඑළි බහින්නට විය.බජ්ජන් ඉස්සේලාම ආවේ අපි ක්‍රිකට් ගහන තැනටය.ක්‍රිකට් ගසද්දී සැරින් සැරේ කොල්ලන් සමග පොඩි පොඩි වළි දාගැනීම බජ්ජන්ගේ සිරිත විය.කොල්ලන්ගේ විහිළු නොතේරුණු බජ්ජන් බොහෝ වෙලාවට කොල්ලන්ගේ සිනාවට ලක්විය.එහෙත් ඉස්සර කරපු වැඩ 417 හන්දියේදී පෙන්විය නොහැකි බැවින් බජ්ජන් කටපියාගෙන පැත්තකට වුනේය.බජ්ජන් ගමට ඇවිත් ටික දිනකින් පොඩි වැඩකට අතගැසුවේය.ඒනම් අපේ කඩේ වහලට යටින් ඉටිරෙදි වලින් සිවිලිමක් ගැසීමයි.බජ්ජන් කොච්චර ලස්සනට වැඩේ කොලාද කියතොත් ඉන්පසු ගමේ ගෙවල් කිහිපයකම ඉටිරෙදි සිවිලිම් ගැසීමට බජ්ජන්ට සිදුවිය.එහෙත් ඒ කිසි වැඩක් සඳහා මුදල් නම් ගත්තේ නැත.මොන අලුගුත්තේරු වැඩේ කලත් බජ්ජන් අරක්කු උගුරක් හෝ කටේ තියනවා මම දැක නැත.බජ්ජන්ගේ මේ විපරියාසය ගොඩ දෙනෙකුට පුදුමයක් විය.මට බජ්ජන් හරියටම සෙට් වුනේ 2002 වෙසක් දවස්වලය.මම නිකන් ඉන්නට බැරි කමට තඩි වෙසක් කූඩුවක් හැදුවෙමි.අටපට්ටම්ක් වුනු මම එය හැදුවේ රීප්ප උදව් කරගෙනය.කූඩුව උසින් පමණක් අඩි 9 ක් විතර විය.අඩි 9 ක් උස කූඩුවේ සව්කොළ ඇලවිය නොහැකි නිසා ඒ වෙනුවට ඉටිකොළ ගසා දුන්නේ බජ්ජන්ය.ඒ පමණක් නොව ඒ අටපට්ටමට තවත් අඩි 40 ක් පමණ රැලි දමා කූඩුව අපේ ගෙදර ඉස්සරහා අලිගැට පෙර ගහේ උඩම අත්තට ලනුවක් දමා එල්ලන්නට උදව් වුනේද බජ්ජන්ය.මෙයින් පසු බජ්ජන් මාත් එක්කබොහොම හිතවත් විය.අපි ඊළඟට කලේ අපේ කඩේ පල්ලෙහා තිබුණු ලිඳ ඉහීමයි.පාර හදද්දී කවුදෝ අලුගුත්තෙරුවෙක් ඒ ලිඳට ගල් පස් දමා බාගෙට ගොඩකර තිබුනේය.බජ්ජනුත් මමත් එකතුවී ලිඳ හාරන්නට ලේස්තිවෙද්දී ගොඩ දෙනෙක් අපිට හිනාවුනේය.ඒත් බජ්ජනුත් මමත් සතියක් පමණ මහන්සි වී පස් ටික ඔක්කොමත් දෙකක් හැර ලිඳට දමා තිබු ගල් ඔක්කොමත් ගොඩට ඇද්දෙමු.ඉන්පසු අපිට සිනාවුණු ගමේ බොහෝ දෙනෙකුද පායන කාලයට ඒ ලිඳෙන් නා කියා ගත්තේය.417 හන්දියට එනවිට සිටි බජ්ජන් ටිකකලක් යනවිට හාත්පසින්ම වෙනස්වුනේය.කොල්ලන් රැල සමග බොහෝ හිතවත් වූ බජ්ජන් ක්‍රිකට් පිටියේ නිතර දකින්නට සිටි චරිතයක් විය.එහෙත් කොල්ලන්ගෙන් බයිට් වීම නිසාම කෝප ගැනීම බජ්ජන් වෙතින් ටික කලකින්ම ගිලිහුණේය.ගෙදරින් පැනගොස් සිටි කාලයේ බජ්ජන් බොහෝ රැකියා කර තිබුනේය.කුලී වැඩ,වඩු වැඩ,මේසන් වැඩ ඒ අතරින් කිහිපයකි.බජ්ජන්ගේ මේසන් වැඩදඅගය කළහැකිමට්ටමක තිබුණි.ඒ නිසා ඒ දවස්වල කඩේ සහ අපේ ගෙදර පොඩි පොඩි වැඩ කිහිපයක්ම බජ්ජන් අතින් නිමවිය.බජ්ජන්ලාගේ තාත්තා වුනු බාලමහත්තයා අපේ කඩේ අසල මුදල් ඔට්ටුවට ඕමි පිටියක් පටන්ගත්තේය.තාත්තා කලද බජ්ජන් මේ වැඩේට උදව් දීමට ගියේ නැත.ඕමි සෙල්ලම නිසාම ටික කලකින් බජ්ජන්ලාගේ තාත්තාට 417 හන්දියෙන් යන්නට සිදුවිය.ඒ නිසාම බජ්ජනුත් 417 හන්දියෙන් සමුගත්තේය.වසර 10 කට පමණ පසුව පහුගියදා මගදී මට බජ්ජන් නැවත හමුවිය.යතුරු පැදියක නැගී මාවෙත ආ බජ්ජන්...මහත්තයා...මම - ආ ...රුවන් [බජ්ජන්ගේ නියම නම රුවන්ය]කොහොමද.සෑහෙන වෙනස්වෙලානේ.මට එකපාරටම අඳුන ගන්නත් බැරිවුනා...ඔව්..මහත්තයා...දැන් මම මේසන් වැඩ කරනවා..බැන්ද...බබාලත් ඉන්නවා...අපි මේ සැරේ වෙසක් එකට තොරණක් ගහනවා..මම පහුගිය දවසක මාත්ත්යාලගේ ගෙවල් පැත්තේ ගියා.මහත්තයා වැඩට ගිහින්.තාත්තා ආධාරයක් දුන්නා...මම - හොඳයි...හොඳයි...මම එහෙනම් ගිහින් එන්නම්..."නභජේ පාපකේ මිත්තේ-නභජේ පුරිසාධමේ භජේථි මිත්තේ කළ්‍යාණෝ-භජේථ පුරිසුත්තමේ"පවිටු මිතුරු ඇසුරෙන් මිදෙමු - කලණ මිතුරන්ම ඇසුරු කරමු.
|
BLOG
|
2014.05.05
|
http://hasarallak.blogspot.com/
|
පරණ ලයිටරෙන් මෝටර්සයිකලයක් හදමු - Weekend Project
|
හස රැල්
|
comකාලෙකින් ඔන්න ඔයාලට සෙල්ලම් බඩුවක් හදන හැටි කියලා දෙන්න හිතුනා...මීට අවුරුදු 10 කට 15 කට කලින් මං නිතරම හදපු සෙල්ලම් බඩුවක් තමයි මේ.මීට කලින් Weekend Project වැඩසටහනෙන් කියලා දුන්නේ ස්වභාවික දේවල් වලින් හදන සෙල්ලම්බඩු වුනාට ඔන්න මේ පාර කියලා දෙන්නේ අපතේ යන කෘත්‍රිම දෙයකින් හදන චුට්ටිම චුට්ටි ඒත් ආස හිතෙන සෙල්ලම් බඩුවක්.අද තවත් විශේෂත්වයක් තියෙනවා.මට හදිස්සියට අවශ්‍යකරන දේවල් හොයාගන්න බැරිවුනා.ඒත් ඉතින් බයවෙන්නේ මොකටද නේද .දැන් අන්තර්ජාලේ හැම දෙයක්ම තියෙනවනේ.ඒක නිසා අද පින්තුර අන්තර්ජාලෙන් ගත්තු ඒවා තමයි තියෙන්නේ [පින්තුර -http://www.com වෙබ් අඩවියෙන්].පස්සේ වෙලාවක මං හදපු එකක ෆොටෝ එකක් දාන්නම්.අනික මේකේ තියෙන්නේ පොඩි පොඩි කෑලිබෑලි නිසා හොඳ කැමරාවකුත් ඕනා කරනවා ෆොටෝ ගන්න.මගේ දුප්පත් කැමර් එකෙන් මේ වගේ හොඳ ෆොටෝ ගන්න අමාරුයි.එනිවේ වැඩේ පටා....න් ගමු.මුලින්ම සුපුරුදු පරිදි අවශ්‍ය දේ....මේක හදන්න අවශ්‍ය එකම දෙයයි.ඒ තමයි පරණ ඉවරවෙච්චි ලයිටර් දෙකක්.ඒ දෙකේ කෑලි වලින් චුට්ටි සෙල්ලම් මොටර්බයිසිකලයක් හදන්න තමයි අද ලේස්තිවෙන්නේ.ඔය උඩම තියෙන පින්තුරේ විදිහේ එකක්.හැබැයි රජෝ මේකට ඕන වෙන්නේ අර ගිනිගලත් එක්ක රෝදේ තියෙන ලයිටර් දෙකක් හොඳේ...හරි බඩු හොයාගත්තනම් වැඩේට බහිමු...comමුලින්ම කෑලි ටික ගලවලා ලයිටර් දෙක මස් කරන්න තමයි තියෙන්නේ.ඔය උඩ පින්තුරේ තියෙන විදිහට..ඊළඟට වැඩේ ඉස්සරහට යන්න ලේසි වෙන්න ඕන කෑලිබෑලි ටිකට ඉලක්කම් දාගත්තා...මුලින්ම කරන්න තියෙන්නේ අංක 2 ප්ලාස්ටික් කැබැල්ල අරගෙන ඒකෙ සිදුරට අංක 5 කියන ස්ප්‍රින්ග් එක දාලා අංක 7 යකඩ විල්ල ඒ ස්ප්‍රින්ග් එකේ උඩට තියලා අංක 8 කියන යකඩ රෝදේ ඒ ස්රින්ග් එකෙන් තදවෙලා හිටින පරිදි ඔන්න ඔය උඩ රූපේ විදිහට රඳවාගන්න එක තමයි.මේ විදිහට සෙට් දෙකම හදාගන්න.ඔය අපි හදාගත්තේ බයික් එකේ රෝද දෙක.ඊට පස්සේ කරන්න තියෙන්නේ අර හදාගත්තු සෙට් දෙකෙන් එකක් අරගෙන ඒකට ඔන්න ඔය උඩ රූපේ විදිහට අංක 3 ප්ලාස්ටික් කැබැල්ලක් හයිකරගන්න එක.මේක තමයි බයික් එකේ සීට් එක වෙන්නේ.ඊළඟට කරන්න තියෙන්නේ අර සීට් එක හයිකරගත්තු රෝද සෙට් එකේම සයිලන්සර් දෙක හයිකරගන්න එක.ඒකට ඕනා වෙන්නේ අංක 4 සහ 6 කැබලි.ඔන්න ඔය උඩ රූපේ තියෙන විදිහට හයිකරගන්න තමයි තියෙන්නේ.ඊළඟට අර අනිත් රෝද සෙට් එක අරගෙන ඒකෙ ඔය උඩ තියෙන විදිහට අංක 9 කැබලි සවිකරගන්න තියෙන්නේ.රූපේ විදිහට චුට්ටක් දිග ඉතුරුවෙන්න කපලා පොඩ්ඩක් රත්කරහම ඉබේම සීල් වෙනවා.මේ තමයි අපේ බයික් එකේ හැන්ඩ්ල් එක.ඔන්න ඊළඟට කරන්න තියෙන්නේ අංක 1 කියන යකඩ විල්ල ලස්සනට බයික් එකේ ෆ්රන්ට් පැනල් එක විදිහට සවිකරගන්න එක.ඒක තමන් කැමති විදිහකට සවිකරගන්න පුළුවන්.ඔන්න වැඩේ අවසාන පියවර ...දැන් තියෙන්නේ අර රෝද සෙට් දෙක එකිනෙකට සවිකරගන්න.ඔය රූපේ තියෙන විදිහට.සුපර්ග්ලු බින්දුවක් දැම්මනම් වැඩේ හරි.මේක හදන හැටි වඩාත් පැහැදිලිවෙයි පල්ලෙහා තියෙන පොඩි වීඩියෝ එකත් බැලුවොත්.පොඩ්ඩක් වෙනස්වුනත් වැඩේ පැහැදිලියි නේද.Weekend එකේ පබ්ලිෂ් කරන්න හිටියත් මගේ වැඩේට ලයිටර් දෙකක් හොයාගන්න බැරිවුනා.කොහොමවුනත් වැඩේ ලේසියි.ලස්සනයි.එහෙනම් හදාගෙන පදින එකයි ඇත්තේ...අපි ගෙහුං එන්නං...ටටා...
|
BLOG
|
2014.04.16
|
http://hasarallak.blogspot.com/
|
සැන්ඩි දූපත.....
|
හස රැල්
|
මිනිසුන්ව ඉපදුනු අපි හැමටම සිහින ඇත්තේය.....කුඩා කල කෙනෙකු ලොකුමහත්වී දොස්තර කෙනෙකු වන්නට සිහින දකින අතර තවකෙකුට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයකි..කුඩාකල පටන්ම මා සතුව පවතී සිහිනය වුනේ කවදා කෙසේ හෝ මේ කරදිය වළල්ලෙන් එපිට රටකට පය ගැසීමේ සිහිනයයි....දිගුකාලයකට නැතත් කෙටි සංචාරයකට හෝ පිටරටකට යමියි මා අදිටන් කරගෙන සිටියෙමි.නොබෝ දිනකින්ම මා හට ඒ සඳහා අවස්තාවක් ලැබුණු අතර එය තායිලන්ත සංචාරයක් විය...මගේ සංචාරය ගැන ඇසු මගේ බොක්කේ ප්රෙන්තෙක්ද මගේ ගමනට සෙට්විය...මෙය කියවන ඔබ සැම ඔහු නොහඳුනන නිසා අපි ඔහු සමන් යයි නම්කරමු...සමනුත් මමත් සංචාරය සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අතර නියමිත වෙලාවටම ගුවන් යානය පිටත්විය.මගෙ මෙන්ම සමන්ගේද මුල්ම ගුවන්ගමන මෙය වූ බැවින් අපි දෙදෙනා බෙල්ල හරෝගෙන ගුවන් යානයේ වීදුරුවෙන් පෙනෙන දර්සන බලමින් උන්නෙමු.ගුවන් යානයේ සේවයේ නියුතු ලස්සන ගෑනුලමයෙක් ඉඳහිට කතාකොට කෑම ටිකක් බීම ටිකක් දීමක් හැර විශේෂිත කිසිවක් සිදුනොවීය.මේ මුලුකාලයම සමනා කලේ FB එකේ ස්ටේටස් දැමීමත් ඒ මේ අතට ෆෝන් එක හරව හරවා ෆොටෝ ගැනීමත් පමණි.බොන්නට දුන් වයින් වීදුරුවද මේ යෝධයා එක එක පැත්තට හරව හරවා ෆොටෝ ගත්තේ FB එකේ දාන්නය.එහෙත් ටික වෙලාවකින් යානයේ ඇතිවූ දරුණු ගැස්මක් සමග මගීන් විලාප නගන්නට විය.ටික වෙලාවකින් ගැස්ම තරමක් අඩුවූ නමුත් සම්පුර්ණයෙන් නැවතුනේ නැත.ඒ සමගම ගුවන්යානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ගුවන් නියමුවාගේ හඬ නැගී ආවේය."හිතවත් මගීනි,අපගේ යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිතවී තිබෙනවා මේ අවස්තාවේදී.අපි දැන් ගමන්ගන්නේ අන්දමන් දූපත්වලට ඉහලින් ,ඒ නිසා අපි ලගම ඇති ගුවන් තොටුපොළට යානය ගෙනයන්න උපරිම උත්සාහය දරනවා.ඒ නිසා ඔබේ ජීවිතාරක්ෂක ජැකට්ටු පලඳගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා"ඒ සමගම යානය නැවතත් තදින් ගැස්සෙන්නට වුනු අතර මගේ ඔලුව ඉදිරි අසුනේ වදිනවා මට මතකය.ඉන්පසු මට සිහි නැතිවුවා විය යුතුය......මුහුදු ලිහිණියන්ගේ හඬින් මා අවදිවුනෙමි.එක්වරම මට ඉන්නා තැන ගැන සිහියක් නොමැතිවිය.තැඹිලි පැහැති ජීවිතාරක්ෂක බෝට්ටුවක මමත් සමනත් තවත් චීනෙක් වැනි එකෙකුත් වුන්නෙමු.ගුවන්යානයේ ගමන ගැනත් අවසන් මොහොත ගැනත් මට සිහියට එන්නටවිය.නැගිට ගැනීමට පණක් නැතත් සමන් ගාවට බඩගාගෙන ගිය මා බෝට්ටුවේ රැස්වී තිබු වතුර ටිකක් ඉස ඔහු ඇහැරවීමට උත්සාහ ගත්තෙමි.මුලින් මලාක් මෙන්වුන් සමනා දෙතුන්වරක් තට්ටු දාන විට සිහියට ආවේය.මොකක්ද හු..... වුනේ.අනේ මන්දා බං මටත් හිතාගන්න බෑ.ප්ලේන් එක මූදට පාත්කරාට පස්සේ මටත් සිහිය නැතිවුනා...අපි කොහොමද බං මේකට ගොඩ වුනේ.....කවුරුහරි උස්සලා දාන්නතිනේ....බඩගාගෙනම චීනා ලඟට ගිය සමන්....ඒ බං...මු මැරිලද කොහෙද බං....මේ....මුගේ කකුලක් ඇඟේන්ම ගැලවිලා ගිහින් බං....ලේ ගිහින්ම මු මැරිලා....අඩෝ ... මේ මේකව මූදට දාමු...අපිට බඩිගින්න වැඩිවුනොත් මුගේ මස් කන්න හිතේවි.... මොකෙක්ගේ මස් කෑවත් චීනේක්ගේ මස්නම් කන්න බෑ ලොවෙත්.....මාත් සමනාත් එකතුවී චීනා මූදට ඇද දැම්මෙමු.දිවා කල වූ බැවින් ජීවිතාරක්ෂක බෝට්ටුවේ වහල කෑල්ල යටට රිංගාගත් අපි එහි වුන්නෙමු.හවස්වීමත් සමගම මුහුද පුදුමලෙස නිසන්සලවුණු අතර එක්වරම ඒ නිසසල බව බිඳගෙන මහා කුණාටුවක් බිරුසන් දෙන්නට විය.කුණාටුවට අහුවුණු අපේ බෝට්ටුව පිහාට්ටක් මෙන් ඒ මේ අත විසිවිය.සමනෝ....මක්කාවුනත් හයියෙන් බෝට්ටුව අල්ලාගෙන හිටපියෝ......කුණාටුවත සමග බොහොවේලා පොරබැදු අපි තවදුරටත් එය දරාගනු බැරිව නින්දට වැටෙන්නට ඇත.නැවතත් සිහිය එනවිට මා සිටියේ මුදු වැල්ලක් සිපගනිමිනි.නැගිට ගැනීමට උත්සාහකලත් මා ඇද වැටුනේ අධික තෙහෙට්ටුවෙනි.වටපිට බලනවිට ඈතින් මා දෙසට එන රුවක් පෙනුනි.විගසින් මා නොදන්නා දූපතක සිටින බවත් මේ එන්නේ මිනීමස්කන වනචාරියකු වියහැකි බවත් මගේ මොලය මගේ ඉන්ද්‍රියන්ට දැනුම් දුන්නේය...මොලය දුන් පණිවිඩය ඉන්ද්‍රියන්ට ලැබුණු නමුත් අතපය අධික වෙහෙස නිසාම වැඩකිරීම ප්‍රතික්ෂේප කලෝය.මරණය බලාපොරොත්තුවෙන් මා ඇස් පියාගතිමි....මේ...මේ....නැගිටපන් වද නොදී.... ඒ සමනාගේ හඬය....අඩේ උඹද බං....මං බයවුනා බං...අපි මේ කොහෙද ඉන්නේ බං....ඉන්නේ කොහෙදනම් කියන්න දන්නේ නෑ....මේක දූපතක් වගේ...අඩේ වතුර ටිකක් නැද්ද බං.....ඒක තමයි මං මේ ඇවිදලා බැලුවේ.....ම්හු ....දූපතේ වතුරනම් නෑ වගේ....මං බෝට්ටුවේ තිබ්බ වතුරටික බිව්වා බොට සිහිය නැතිනිසා.....තොගේ අම්....... බල්ලෝ....මටත් වතුර ටිකක් තියන්නේපයි....ඕවා දැන් කතාකරලා වැඩක් නෑ...අර දැක්කනේ බෝට්ටුවෙන් ගන්න දෙයක් නෑ...කවුරුහරි අපිව හොයාගන්නකන් මේකේ තමා ඉන්න වෙන්නේ...අමාරුවෙන් හරි නැගිටලා වරෙන් වතුර ටිකක් කෑම ටිකක් හොයාගන්න යන්න.....ඉතා අමාරුවෙන් වුවද නැගිටගත් මා සමනාගේ උදව්වද ඇතිව දූපතේ ඇවිද්දෙමි.බොහෝ වේලාවක් ඇවිද්දද වතුර හොයාගැනීමට බැරිවිය...මේ දූපතේ වතුරනම් නෑ වගේ බං...අපිට මැරෙන්න තමා වෙන්නේ...බලහන්කො පොල් ගහක්වත් නැහැනේ.....ඒ වුනාට බලහන්කො මේ මොනවද මේ දූපතේ තියෙන ගස් ජාතිය....අපි ජීවිතේට දැකලා නැහැනේ...නිකං පුවක්ගස්වාගේ....ඒ වුනාට පොල්ගෙඩි වගේ ගෙඩි තියෙන්නේ....ඒවායේ වතුර තියෙද්ද දන්නේ නැහැනේ බං...ගහකට නැගලා ගෙඩියක් දෙකක් කඩපන්කෝ....අම්මෝ....මටනම් බැහැ...කවුද්දන්නේ ඕවා වහවෙන්නත් පුළුවන්....මේ සමනෝ...මගෙන් කුණුහබ්බ නාහ කඩපිය ගෙඩියක් දෙකක්...වතුර නැතිවුනොත් අපි කොහොමත් මැරෙනවානේ....ගහකට නැගී සමන් ගෙඩි දෙකක් කැඩුවේය.ඉන්පසු සාක්කුවේ තිබු පැනපිහියෙන් ගෙඩිය සිදුරුකළ සමනා ඒක මට දික්කළේය....."බොට ගහට නැගලා මහන්සිත් ඇතිනේ බං...සමනෝ...උඹම බීපං ඕක"අනේ අම්මේ...උඹේ සත්තකරුනාව.....ඔනෙකක් වෙද්දෙන් ඕන් මං බිව්වා....මැරුනොත් අපේ ගෙදරට කියපන්.....කටේ තියාගෙන උගුරක් බිව් සමනා....තුහ් ...මේ මොන ජරාවක්ද බං...ඇයි මොකෝ....මේකේ වතුරනෙමේ තියෙන්නේ..මේ බීල බලහන්...අනේ මන්දා නිකං පුරුදු රහකුත් දැනෙනවා.....කෝ බලන්න.....මාත් උගුරක් බීමි...දියරය ගලනාලය පුච්චාගෙන ආමාසේට බැස්සේය....යකෝව්.....මේ.... විස්කිනේ.....මොකා....කෝ දියන් බලන්න... සමනාද උගුරක් බිව්වේය.....ඇඩෝව්...සිරාවට....මට එකපාර අඳුනගන්න බැරිවුනා...අපි ජීවිතේට සැන්ඩි නැතුව අමුවෙන් ගහන්නේ නැහැනේ....යකෝ මේ ගෙඩියේ තියෙන්නේ නිකං RED LABEL වගේ නේ....ඒකනේ බං....මේ තව ගෙඩි දෙකක් කඩපන්....ඒ ගහ උස වැඩී....මේ ගහෙන් කඩපන්....සමනා තවත් ගහකට බඩගෑවේය.එයින් ගෙඩියක් බිව් මා.....මේ මේ ගහේ තියෙන්නේ ඔරිජිනල් GALLERY නේ බං.....දූපතේ තිබු ගස් සියල්ලෙහිම ගෙඩිවල තිබුනේ එක එක ජාතියේ මද්‍යසාර වුනු අතර අපි ඊළඟ සති දෙකම ගතකලේ දූපතේ තිබුණු ගස් වර්ග කොට නම් කිරීමටය....අපට එසේ කිරීමට වුනේ....BLACK LABEL,VAT 69,GOLD LABEL,CHIVAS REGAL,ABSOLUTE VODKA වැනි ගස් අතරතුර ඉඳහිට කසිප්පු,කරිඤඤන් ගස්ද පිහිටා තිබීම හේතුවෙනි..එමෙන්ම COKE සහ SODA ගස්ද පිහිටා තිබුණි.වැඩිපුර තිබුනේ එවැනි ගස් බැවින් අපි අපේ දූපත "සැන්ඩි දූපත" ලෙස නම්කලෙමු.අපේ පානීය ගැටලුව මෙසේ විසඳුනු අතර අපට කෑමටනම් තිබුනේ අඩුවෙනි.දූපතේ තිබුනු පඳුරුවල FRENCH FRIES සහ සොසේජස් හැදුනු අතර වඩාත් වැදගත් දේ වුයේ ඒවා තෙලෙන් බැද සකස්කළ ආකාරයටම ගස්වල සෑදීමය.කෑම බීම ප්‍රශ්නය විසඳුනු කල අපිට තිබුනු වෙනත් ප්‍රශ්න නොසැලකිය හැකිතරම් විය.මුදේ හොඳහැටි නාගෙනBLACK LABEL ගෙඩියක් ගසාFRENCH FRIESඅහුරක් කටේ දාගෙන වැල්ලේ ඇලවුණු විට දිවියලෝකේ ගියා හා සමාන විය.මෙසේ සති දෙක තුනක්ම ගෙවී ගියේය.අපේ දිනපතා ජීවන චක්‍රය එකලෙසම ගෙවී ගියේය.දිනක් මා හොඳ හැටි මුදේ නා ගොඩට එනවිට සමනා කම්මුලේ අතගහගෙන මහත් සෝකයෙන් යුතුව ඉන්නා හැටි මට පෙනුනි.මොකෝ.....ඊයේ රෑ පොඩ්ඩක් වැඩිවුනානේ...කොහෙද තෝ අමුවෙන්ම VODKA ගෙඩි දෙකක්ම ගැහුවනෙ...මං කීවේ සමනා කබරයා දැමු වමනේ ගොඩක් වැල්ලෙන් වසන අතරතුරේය....එහෙම එකක් නෙවේ බං.....දැන් අමුවෙන්ම ගහලා ඇඟත් හුරුවෙලා තියෙන්නේ....එහෙනම් මොකෝ බං සමනෝ.....බොට ගෙදර මතක්වුනානේ.....මක්කා කොරන්නද බං....හැමදේම හොඳ පැත්ත දකින්න පුරුදුවෙයන්....බලහන් අපි මේ WHISKY ගහන විදිහටWHISKYගහන්නනම් අපේ තාත්තලාඇමතිකෙනෙක්වුනත් පුලුවන්ද බං....ඒ වුනාට වැඩක් නෑ බං.....ඒ මොකෝ සමනෝ.....කොච්චර වටින ජාති බිව්වත් වැඩක් තියේද බං...බීපුවා ගැන පම්පෝරි ගහන්න එකෙක්වත් නැතුව.....අඩුම ගානේ බොන වෙලාවට ෆොටෝ ටිකක් අරගෙන FB එකේ ස්ටේටස් එකක්වත් දාන්නතුව බොන බීමෙන් ඇති පලේ මොකක්ද බං.
|
BLOG
|
2014.01.15
|
http://hasarallak.blogspot.com/
|
"මා නිර්දෝෂයි ස්වාමීනි" - මහඋළු ගෙදර සිට ලියන වගනම්....
|
හස රැල්
|
කාළය යන්න ආපසු හැරවිය හැකිනම් අද දිනයේ මේ ලෝකයේ වඩාත්ම සතුටුවන පුද්ගලයා මම වෙමි.ජීවිතයේ ගන්නා කුඩාම කුඩා තීන්දු තීරනයක්වුවද අපේ ජීවිතය එළියෙන් අඳුරට ඇදදමන්නට ගන්නේ නිමේෂයකි.ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලදුව දින 14 කින් රිමාන්ඩ් කාළය දීර්ගකිරීම නිසා නැවතත් මගේ සිරකුටියට කොටුවුනෙමි.ඇප ඉල්ලීමක් කිරීමටවත් මාහට කෙනෙකු නොමැති වීමත් නීතිවේදීන් මා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මා හට අද මේ සිරකුටියේ බිත්ති හතරට (බිත්ති තුනට හා යකඩ දොරට) කොටුවී සිටීමට සිදුවී ඇත.පසුගිය කාලයේ පත්තරවල කියවූ ඇප ලබාදීමට අමතකවුණු සීයාගේ කතාව මගේ සිහියට නැගේ.මටද ඒ ඉරණමම අත්වේදොයි විටෙක මට සිතෙන බැවින් මාගේ කතාව මෙසේ ගොනුකරතබමි.මේ සිදුවීම නිසා මගේ පවුලේ උන් තියා නෑදෑ හිතමිතුරන් පවා මාහට අහිමිවී ඇත.රටේ කීර්තිය විනාස කළැයි රටේ සියල්ලන්ම මට අපවාද නගති.එහෙත් මා රටේ කීර්තිය විනාස කලාද නැතිනම් රටේ කීර්තිය ආරක්ශාකලාද යන්න තීරණය කිරීම ඔබට පවරා මාගේ කතාව මෙසේ අරඹමි.පාසල්කාලයේ සිටම මා ඉතාමත් චරිතවත් ළමයෙක වශයෙන් සහෝදර සිසුන් අතහැර මෙන්ම ගුරුභවතුන් අතරත් නමක් දිනා සිටියෙමි.එහෙත් ඒ සියල්ලටම වඩා මම මාගේ මේ මාතෘ භූමියට ආදරය කලෙමි.කිසිවෙකු හෝ එයට අපහාසයක් චෝදනාවක් කළහොත් මාගේ සිංහල ලෙය කැකෑරුනේය.කෙසේවෙතත් මට සිදුවූ සිද්දිය මෙසේය.පසුගිය සතියේ සුපුරුදු පරිදී මාගේ අධ්‍යයන කටයුතු සඳහා කොළඹ ගිය මා එම වැඩ අවසන් වූ පසු නැවතත් ගෙදර බලා පැමිණීමට බස් රථයකට ගොඩවුනෙමි.බස් රථය පිටවීමට ටික වෙලාවක් තිබුණු අතර ටික වෙලාවකින් බස් රථයට ගොඩවුයේ විදේශික තරුණියකි.තනිව පැමිණි ඈ මදක් විපිලිසරව වටපිට බලා මාසිටි අසුන කරා පැමිණ මා අසලින්ම වාඩිවූවාය.විදේශික තරුණියක වුවත් ඈගේ විශේෂත්වය වුයේ ඇය ලස්සන ගවුමකින් සැරසී සිටීමය.කාන්තාවන්ට කවදත් ගරුකරන මා අසුනේ අයිනටම වී ඈ හට හොඳින් වාඩිවී යාමට ඉඩ සැලසුවෙමි.[කතාව ඉදිරියට කීම සදහා අපි මෙතැන්සිට ඇයට සුදු නංගී යයි කියමු].අසුනේ වාඩිවුනු සුදු නංගී මදක් වටපිට බලා මාවෙතින්......සුදු නංගී - oh....මද වේලාවකින් බස් රථය පිටත්වුණු අතර මාද බස්රථයේ කවුළුවෙන් පිටත බලාගෙන ගමන්කලෙමි.බස් රථය වංගුගන්නා සමහර අවස්ථාවන්හීදී සුදු නන්ගීගේ අත වරින්වර මාගේ ඇඟේ විත් හැපුනි.විදේශික තරුණියක නිසා ඇය එය එතරම් ගණනකට නොගත් අතර මම එම අවස්තාවන්හීදී තවතවත් අසුනේ කෙළවරටම වී ගමන් කලෙමි.බස්රථවල ගමන්ගන්නාවිට නින්දට පත්වීම මාගේ සාමාන්‍ය පුරුද්දවුවත් එදින මම ඕනාකමින්ම නින්ද ඒම වලක්වා ගත්තෙමි.නැතහොත් මට නින්දගොස් සුදු නන්ගීගේ ඇඟට වැටුනහොත් එය හොදවැඩක් නොවේය.මා එසේ සිතුවත් බස්රථයේ පසුපස සිටි කොල්ලන් රැල ඇය වෙත ඉගිබිඟි පානබව මට පෙනුනි."අනේ අම්මපා,මේ වගේ යක්කු නිසා අපේ රටට සුද්දෙක්වත් ඒවිද"යන සිතිවිල්ල මගේ සිතට නැගුණි.බස්රථය කෙමෙන් කෙමෙන් ගම්නගර පසුකොට වැලිගම නගරයට සම්ප්‍රාප්තවිය.එහෙත් සුදු නංගී මෙලෝ සිහියක් නැතිව බලාසිටී.ශ්‍රීලාංකික අපි කවදත් ආගන්තුකයන්ට හොදින් සලකන්නෝ වෙමු.මිරිස්ස ලංවී ඇති බව ඇයට දැන්වීම මා සතු යුතුකමකැයි මා සිතීමි.සුදු නංගී - oh.....ඇය මෙසේ මා වෙත කියා ඈ සතුව තිබු බෑගයද රැගෙන අසුනින් නැගීසිටියාය.පසුපස අසුනේ සිටි කොල්ලන් රැලගේ "සු..සු.." හඬ මහා හිනාවක් බවට පත්වුණේ මේ අවස්ථාවේදීය.ඒ මන්දැයි මම සොයා බැලුවෙමි.මොහොතකින් මට කාරනාව පසක්විය.සුදු නංගීගේ ගවුම ඈගේ පශ්චාත්භාගයට අසුවී ඇත.සිංහලෙන්ම කිවහොත් "අල්මාරියට අසුවී ඇත".කොල්ලන් රැල සිනාවෙන්නේ එයටය.සිනාව පමණක් නොව මුන් මේ කරන්නේ අසමජ්ජාති වැඩකි.අපේ රටට පැමිණි විදේශික ආගන්තුක කාන්තාවකටවත් ගරුකරන්නට මුන් නොදනිති.බසයෙන් බසින සිහියෙන් සිටිනිසා සුදුනන්ගීට මේ බල්ලන්ගේ සිනහව ගැන අවධානයක් තිබුනේ නැත.එහෙත් මාගේ සිංහල ලෙය මේ වෙලාවේදී කැකෑරෙමින් නටන්නට ගත්තේය.අපේ රටේ අමුත්තෙකු මේ ආකාරයට නවනින්දිරා විදීම මාහටනම් කිසිසේත්ම බලාසිටිය නොහැක.විශේෂයෙන්ම ඇය කාන්තාවකි.මා අසුනේ මදක් මෙපිටට වී සුදු නංගීට නොදැනෙන්නට ඇයගේ ගවුම ඇද සකස්කලෙමි.මෙය දුටු සිනහසෙමින් සිටි කොල්ලන් රැලගේ සිනහව මහා "හූ" හඬක්බවට පත්විය.දැන්නම් තවත් ඉවසිය නොහැක.සිනහසීම එකකි.හූ කීම මහා පහත්ක්‍රියාවකි.තාමත් මේ ගැන අවධානය යොමුනොවුනත් සුදු නන්ගීගේ අවධානය කොයි මොහොතේ හෝ මේ හූවට යොමු වනු ඇත.භාෂාව නොතේරුණත් මේ ලෝකේ ඕන යකෙකුට හූ කියන්නේ අපහාසයට බව තේරෙන්නේය.විගසින් මා නැවතත් ක්‍රියාත්මක වියයුතුබව මාගේ මොලය මට දන්වා සිටියේය.මුන්ගේ හූව නවතාලන කෙටිම ක්‍රමය මාගේ මොලය මටදන්වා සිටියේය.මම ඇඟිල්ලෙන් ඇන සුදු නංගීගේ ගවුම පෙර තිබු ආකාරයට නැවතත් පත්කලෙමි.හූව නැවතුනු අතර මහා විලාපයක් නැගආවේය........................විලාපය නැගුනේ සුදුනන්ගීගේ කටින්බවත් කොල්ලන් රැල මට පහරදෙන්නට සරසේනබවත් මාහට අන්තිම වශයෙන් මතක තිබේ....නැවතත් සිහිඑනවිය මා මේ සිරකුටියේ බිත්ති අතරට කොටුවී සිටියෙමි.මට නැගී ඇති චෝදනානම් "විදේශික තරුණියකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම සහ රටේ කීර්තිනාමය කෙලෙසාදැමීම" යන වරදන්ය.දැනටමත් දේශීය මාධ්‍ය පමණක් නොව විදෙස් මාධ්‍යද මේ සිද්දිය අතිශයෝක්තියෙන් උපුටාදක්වමින් සිටී.මාගේ නිර්දොශීබව ප්‍රකාශ කිරීමට මා ලැබුණු අවස්තාවෙන් සිදුවූ සියල්ල ඔබහට ප්‍රකාෂකලෙමි..මා වැරදිකරුදැයි ...නිවැරදිකරුදැයි තීරණය කිරීම ඔබ සැමට පවරමි.මාංචු ඇතිව හෝ නැතිව මට පිහිනිය නොහැකිබැවින් මේ මාගේ අවසන් සටහන වියහැකිය.
|
BLOG
|
2013.12.31
|
http://hasarallak.blogspot.com/
|
Year- End පාටි සහ තවත් කතා - Going Solo 10
|
හස රැල්
|
හප්පේ.... ඒ අවුරුද්දත් අහවරයි නේද....මටත් බ්ලොග් එකක් කියලා දෙයක් තියෙනවා කියලා මතක්වුනේ ඕන්න අද ගෙදර ආවම තමා ඕන්.මමවත් මේක පැත්තපළාතේ පස්නොපෑගුවාට ගොඩක් උන්දැලා මගේ අඩවියේ දිනපතා කරක්ගහපු බවනම් පේන්න තියෙනවා.පහුගිය දොහේනම් පුල් නස්තාර් වෙන්න වැඩකරලා ඕන්න අද තමයි යාන්තම් හුස්මක් කටක් ගත්තේ.වෙන අවුරුදුවල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වැඩකරන්න වුනෙම ණය අංශෙ.ඉතින් වර්ශාවසානේ කියන්නේ යුද්ධයක්ම තමා.ඔය බැංකුවල වැඩකරන උන්දැලා ඕවා දන්නවා ඇති නොවැ.අවුරුද්ද අවසානෙට කලින් අතේ තියෙන ණය අයදුම්පත්වලින් දෙන්න පුළුවන් ටික තෝරලාකියලා කෝම කෝමහරි ඒ ටික නිදහස්කරගන්න එක තමා යුද්දේ.ඒකට බැස්සම ඉතින් රැයක් දවාලක් නැහැ.ඕන්න පහුගිය දාක හැන්දෑවේ වැඩ ඇරිලා එනකොට ගියා කියහන්කෝ ණයක් ගන්න ගෙදරක පරීක්ෂනෙකට.ඉතින් මහා පාරෙන් අතුරු පාරට හරෝලා පොඩි දුරකින් තමා මේ ගෙදර තියෙනවා කිව්වේ.මාත් ඉතින් ඔහොම යනකොට මෙන්න බොලේ රබර් වත්තක්.මාත් ඉතින් ඕම ඉස්සරහට ගියා.වමට දකුණට හැරි හැරි තමයි ගියේ.ඔහොම සෑහෙන දුරක් ගියා.මොන....මොකෙක්වත් නෑ...දිගටම රබර් වත්ත.මං ආපහු එන්න හැරුනා.දැන්නම් බිම් කරුවල වැටීගෙන එනවා.රබර් වත්ත ඇතුලේ නිසා කට්ට කරුවලයි.බයික් එකේ එලිය තියෙන නිසා එච්චර අවුලක් වුනේ නෑ.ආපහු එන්න ආවට මොකද දැන් රබර්වත්ත ඇතුලේ මට පාර වැරදිලා බව මට ටිකකින් තේරුනා.හතරවටේටම රබර් ගස් විතරයි පේන්න තියෙන්නේ.මොකෙක්වත් නෑ.කාගෙන් කියලා පාර අහන්නද.හිතටත් පොඩි බයක් නොදනුනාමත් නෙවේ.කෝකටත් කියලා එක පැත්තකටම වගේ එන්න ආවා.ඕන්න ඔහොම එනකොට යාන්තම් රබර් වත්තෙන් එලියට ඇවිත් ගෙවල් තියෙන මන්ඩියක් අහුවුනා.යාන්තම් එතන හිටපු මාමා කෙනෙක්ගෙන් පාර අහගෙන තමයි මහපාරට ආවේ.හැබැයි ඒත් මම අතුරුපාරට හරෝපු තැනට සෑහෙන ඈතකින් තමා.වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නෙ.මම ඔය අතරමංවුනු වෙලාවට පාර හොයාගන්නහැටි ඉගෙන ගත්තේ අපේ රූපචන්ද්‍ර මහත්තයාගෙන්.මෑන්ස් අපිත් එක්ක ඒ කාලේ බුත්තල රාජකාරි කෙරුවා.දවසක්දා මෑන්ස්ටයි මටයි කොළඹ යන්න සෙට්වුනා [මට හරියටම මතක නැහැ ගමන මොකක්ද කියලා...ට්‍රේනින් එකක් වගේ තමයි මතක]කෝමහරි වැඩේ කරගෙන ඉවරවෙලා ආයෙත් මොනරාගල එන්න අපි කොළඹින් පිටත්වුනා.ඔන්න එතකොටම අපේ රූපච.....[මොන .......ලයිට් ගියෝ]........[පැය 4 කින් යන්තම් ලයිට් ආවෝ....] ඔන්න එතකොටම අපේ රූපචන්ද්‍ර මහත්තයා අපේ ඩයිවර් මල්ලි අමතලා "පුතේ අපේ නැන්දා කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා ඔය කොටිකාවත්ත පැත්තේ,යනගමන් පොඩ්ඩක් ඒ පැත්තටත් ගොඩවෙලා යමුකෝ"කියලා කිව්වා.ආ..කලින් කියන්න බැරිවුනා අපේ රූපචන්ද්‍ර මාත්තයා කොයිවෙලෙත් පොඩ්ඩක් අනුමතවෙලා තමයි ඉන්නේ.ඉතින් මේ වෙලෙත් ඒ සේතේම තමා.මාත් ඒ දවස්වල ඔය කොළඹ පැත්තේ පාරවල් එහෙම දන්නේ නෑ.ඒ කිව්වට දැනුත් දන්නේ නෑ...හොදද.කෝම කෝම හරි අපි පාරවල් එහෙම අහගෙන කොටිකාවත්තට ආවා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා කියන විදිහට දකුණට ,වමට ආයෙත් වමට ඔන්න ඔය යනාදී වසයෙන් සෑහෙන දුරක් ගියා.එකපාරටම රූපචන්ද්‍ර මාත්තයා "පුතේ මට පාර මතක නෑනේ".කියලා කියපි.එතකොටම අපේ ඩයිවර් මලයත් "අනේ සර් දැන්නම් මටත් ආපහු යනවිදිහ මතක නෑ,සර්නුත් මාරවැඩ තමයි කොරන්නේ"කියලා කිව්වා.ඊට පස්සේ රූපචන්ද්‍ර මාත්තයා "රායිට්,,,පුතා බයවෙන්න එපා අපි කොයිපත්තටවත් හරවන්නේ නැතුව කෙලින්ම යමු.එතකොට මූද අහුවෙයිනෙ,එතකොට පාර හොයාගන්න පුළුවන්"...කෝමද ටිකිරි මොලේ.ඔහෙලා වුනත් ඔය කොහෙහරි ගිහින් අතරමං වුනු වෙලාවට ඔය පතිකර්මේ පාවිච්චි කොරාට කමක් නෑ.අත්දුටුවයි පත්යක්ෂයි.මොනාද මං මේ ලියන්නේ .......අද කතාව ඉතින්Year endපාටි ගැනනේ.අපි බුත්තල ඉන්න කාලෙ තමයි ඔන්න අපි ඉස්ඉස්සෙලාම බැංකුවේYear end පාටියකට හිටියේ.දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ඔය කොම්පීටර් ජිල්මාට් වැඩ දැනට වඩා අඩුයි.ඒක නිසා සෑහෙන වැඩකොටසක් කරන්න තිබ්බා.කොටින්ම අවුරුද්ද අන්තිම දවස ගනුදෙනුකරුවන්ට බැංකුව වහනවා ඒ කාලේ.ඔන්න ඔහොම වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරකරලා ලාබෙ එහෙම බලලා ....විසිල් ගහලා...බල්ටි ගහලා තමයි කස්ටිය පාටියට සෙට්වෙන්නේ.කෝමවුනත් මේ ඔක්කොම කරනකොට රෑ දෙගොඩහරියක් වෙලා.ඒ අතරේ අසල්වැසි ශාඛාවල ලාබෙ ගැනත් පොඩ්ඩක් හොම්බදාලා බලනවා.සාමාන්යෙන් මේYear end පාටිය දෙන්නේ මැනේජර් මාත්තයා ගානේ.ඒකෙ ඉතින් ඒ හැටි වැරැද්දකුත් නෑ.මොකද ඔක්කොම මාන්සිවෙලා වැඩේ ගොඩදම්මට වැඩිපුර ක්‍රෙඩිට් එක එන්නේ මැනේජර් මාත්තයටනේ.පාටිය පටන්ගන්නේ ඔක්කොම කස්ටිය පොඩි ෂොට් එකක් එහෙම නවාගෙන ඔක්කොම එකපාර "චියර්ස්" කරලා තමා.එහේ ඉන්නකොටනම් ඉතින් බයිට්වලින්නම් අඩුවක් වුනේ නෑ.ඒවා ගැන මං කලින් කිව්වනේ.ඔන්න ඉතින් එකක් දෙකක් වැටෙනකොට ගෙවිච්ච අවුරුද්දේ වුනු රසසිද්ධි එක දෙක ඉතින් එලියට එනවා.ඒවා අහලා ෆුල්ෆන් එකක් ගන්න අතරේ ලාවට සින්දුවක් දෙකක් කියවෙන්න පටන්ගන්නවා.සින්දු කිව්වම අපේ උන්දැලා ඉස්ටේජ් එකට නග්ගන්නෙම ජෝතියි,කපුගේයි තමා.ඔය අතරේ ඉදලා හිටලා බෙග් මාස්ටර්,මිල්ටන් එහෙමත් එනවා යනවා.කෝමහරි කස්ටියටම ටැප් වෙන්න වැදුනට පස්සෙනම් ඉතින් සොරිම තමා.ඔය වගේ දාසක අපේ කොස් මාත්තයට දවසක් වෙච්චි වැඩේමං කලින් කියලා තියෙනවනේ.කෝමවුනත් මනුෂ්‍ය පරිනාමනේ වගේ අපිත් දැන් ටිකටික ඔක්කොමවගේ කොම්පීටරේට භාරදීලා වේලාසන ගෙදරට මන්ගච්චනවා.අවුරුද්ද අවසානේ කියලා ඉස්සරවගේ ඒ තරම් ආතල් එකක් නෑ.ඔන්න ඔහොමයි දැන් කෙරුවාව....ලියන්න ආපු ගොඩක් කතා ලියන්න වුනේ නෑ.මේ ලයිට් යෑම නිසා.මාත් පොඩ්ඩක් විතර අනුමතවෙලා වගේ ඉන්නේ නිසා අද සෑහෙන්න පාරෙන් පිට පැනලා කැලේ කඩාගෙනම ගියා.ඒකනිසා සොරි වෙන්නලා....කියන්න බැරිවුණු කතාටික ඉස්සරහට කියන්නම්....ඒනම් ටටා බයි බායි චෙරියෝ...2013....වෙල්කම් 2014 කිව්වා ඈ....ප.ලි - රාජකාරි වසයෙන් මිසක් ජනවාරි 1 වෙනිදට ලබන අවුරුද්ද අපේ අවුරුද්ද කියලා මමනම් පිළිගන්නේ නෑ.ඒක නිසා කාටවත් විෂ්කරන්නෙත් නෑ..හොදේ....එළෙඹෙන හැම දිනයක්ම කාටකාටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන දිනයක් වේවායි පමණක් පතමි.
|
BLOG
|
2013.12.07
|
http://hasarallak.blogspot.com/
|
අපි කෑ හැටි මොකා දනී.... - Going Solo 9
|
හස රැල්
|
මනුස්සයාගේ ප්‍රධානම අවස්සතා වෙන්නේ කෑම,ඇදුම් සහ වාසස්තානනේ.ඔව්...ඔව්...තවත් එකක් තියෙනවා තමයි....හරි...හරි...ඕන්න අද කියන්න යන්නේ රස්සාවට ගිහින් අපි කාපු බීපු කෑම ගැන තමා.මේ කියන්න යන්නේ අර රයිස් කුකර් කතාවේ කියපු අමුතු කෑම ගැන එහෙමනං නෙවෙයි.කෝමත් ඉතින් ලංකාවේ පැත්තෙන් පැත්තට ඔය කෑම ජාති එහෙමත් වෙනස්වෙනවනේ.ඕන්න ඉතින් ඔය අපි රාජකාරි කොර පැත්ත ගැන කියනකොටම ගොඩක් උන්දලාට මතක්වෙන්නේ ඉතින් දඩමස් නෙව.ඒකනම් ඇත්ත ආයුබෝවන්ඩ වැඩිපුර මස්මාන්ස එහෙම වළඳන්නේ නැතිව උන්නු මාත් මස්වැද්දෙක් වුනා නෙව.දඩමස් කිව්වම ඉතින් අපිට ඉතින් වැඩිපුරම හම්බුනේ මුවා තමයි.අපි උන්දැලා පොසොන් පෝය දවසේ මුව දඩයමේ ගියහැටි ඉස්සරහට කියන්නම්.මුවමස් ගොඩක් වෙලාවට ලැබුනේ රජමාවතේ පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි ඔක්කම්පිටිය මාලිගාවිල පැත්තේ ඉදලා ආපු උන්දැලාගෙනුයි තමා,ඊලගට වැඩිපුරම අනුභව කරේ ඉතින් "ටන් ටන්" ගාන්නා නෙව.ඒ කියන්නේ ගෝනා.ඒවානම් ඉතින් බඩල්කුඹුර පැත්තේන් තමා වැඩිපුර ලැබුනේ.බුදු අප්පේ තව චුට්ටෙන් "සෙක්සි පෝර්ක්" අමතක වෙනවා.අපේ වර්ෂාවසාන පාටියේ අනිවාර්ය අංගයක් තමයි ඒ කාලේ "උල් වාරා" ඩෙවල් එක.එකටනං ගහන්න ඉතින් ආයේ කෑමක් නෑ බොලව්.ඔය තුනට අමතරව ඉතින් වළිකුකුලා,ඉබ්බෝ,කොකා වගේ ඒවත් ලැබුනා.හැබැයි ආයුබෝවන්ඩ මන්නං ඒවා කටෙවත් තිව්වේ නැති බව මේ අවස්තාවේදී පරකාස කොරන්ඩ ඕන.ඔය දඩමස් ගැන කිව්වම ඉතින් හොදම කතාවක් තියෙනවා කියන්න.හැබැයි ඉතින් ඒක කිව්වොත් අපේ උන්දැලා ආසාවටවත් දඩමස් කෑල්ලක් කටේ තියෙන එකක් නැහැ.ඒක නිසා ඒ කතාව නොකියා ඉන්නම්.මෙන්න මෙහෙම විතරක් කියන්නම් "ඔය කතරගම එහෙම ගිහින් හෝටල් වලින් දඩමස් එහෙම තියේද" කියලා අහලා ගෙනල්ල දුන්නොත් ඒවා දඩමස්මද කියලා පොඩ්ඩක් හොයලා බලලා වැළඳුවොත් තමයි යහපත්.ඒක එහෙම කිව්වම ඇති.ඇඹිලිපිටියේ ජනරංජන හෝටලේ කතාව එහෙම දන්නවා ඇතිනේ.එවනං ඇත්තද බොරුද දන්නේ නෑ.සමාරවිට ඒකෙන් කාපු උදවිය මේක කියවනවත් ඇති.දඩමස් කතා ඇති.දඩමසුත් ඉතින් නිකම්ම කන්න බෑනේ.හේනක හිටියනම් දන්නවා ඇති දඩමසට කියාපු කෑම තමයි කුරහන් තලප.දඩමසුත් එක්ක කුරහන් තලප ලොරියක් වුනත් කන්න පුළුවන්.ඔය දෙකත් එක්ක නියමෙටම ගැලපෙනවා "කොල්ලු" ආනමක් හදාගත්තාම."කොල්ලු" කියන්නේ අස්සයන්ගේ කෑමක් වුනාට ඔය හේන් තියෙන පැතිවල නැගලා යන කෑමක් තමා ඔය "කොල්ලු" ආනම.හදන හැටිනම් මං නොදනී.හේන්වල ඉතින් ඔයිට අමතරව වට්ටක්ක දළු,මයියොක්කා කොළ මැල්ලුම් එහෙමත් හදනවනේ.ඔය හේන් වලට ගොඩක් වෙලාවට කැඩෙන ගෙනියන්නේ කරෝල කෑල්ලක්,ලුණු ඩිංගක්,කොල්ලු ටිකක් වගේ තමා.අනිත් ඔක්කොම ඉතින් හේනෙන්ම සප්ලයි කරගන්නවා නෙව.ඊට අමතරව ඉතින් ඕන්න වැව්මාළු තමයි අපේ ෆෙවරිට්ම බයිට් එකවුනේ.බුත්තල ඉස්පිරිතාලේගාව පාලම අයිනේ හවසට කොරලි වැල් විකුනන්න තියෙනවා.එයින් එකක් දෙකක් අරන් ඇවිත් රජමාවතේ තොරණ ගාව තිබ්බ දුවනගිරියේ නයිට්කඩේ අය්යට දීලා හදාගත්තාම ඒකට ගහන්න ආයේ ලොවෙත් බයිට් එකක් නෑ.මිනිහා සමාර දාසට අපිට වැව්මාලු කොත්තු එහෙමත් දාලාදෙනවා.මාත් ඔය දවසක් දෙකක් මැණික් ගඟේ එතකොට යුදගනාව වැවේ එහෙම මාළු බාන්නත් ගියා.පව්කාරයෙක් නොවන හින්දද මන්දා එකෙක්වත් අහුවුනේ නං නෑ.ඔය පැත්තේදී කාපු තවත් අමුතු කෑමක් තමා "මඩු පිට්ටු" කියන්නේ.කාපු උන්දැලා නම් ඇති මයේ හිතේ.ඔය රටඉඳි වගේ ගහක් තමා මඩු කියන්නේ.ගෙඩි සාමන්යෙන් පුවක්ගෙඩි විතර ඇති.ඕවා කඩලා දෙකට පලලා අව්වේ වේලලා කොටලා ගන්න පිටිවලින් තමා මඩු පිට්ටු හදන්නේ.රසයි, ඒත් වැඩිපුර කෑවොත් ටිකක් මත්ගතියකුත් එනවා.මඩු ගස්නං හැදෙන්නේ ඔය බඩල්කුඹුර පැත්තේ විතරයි.ඔය අපි කවුරුත් කන "තුඹ" එහෙම හැදෙන්නෙත් ඔය පැත්තේම තමා.වැඩිපුරම තියෙන්නේ ඔය අලුත් එයාපෝර්ට් එක හදපු මත්තල පැත්තේ නෙව.නිකම්ම නිකම් කැලේට හැදෙන ජාතියක්.හැබැයි හැදෙන කාලෙට කැලේ පිරෙන්න හැදෙනවා.ඒ පැත්තේ මිනිස්සුන්ට නිදානයක් පහලවුනා වගේ තමා ඉතින්.ඔයිට අමතරව ඉතින් නයිට් කඩවලින් කාපුකෑම තමා ඉතින් අමුතු කෑම විදිහට තිබ්බේ.ඔය ට්‍රේනින්වලට එහෙම කොළඹ යනකොට කෑවෙත් ඒවයින්ම තමා.අපිත් එක්ක වැඩකරපු බණ්ඩාර බිත්තර ආප්ප කාපු හැටි එහෙම කියවන්න ඇතිනේ.අපේ චමරිය තිබ්බේ අඹ වත්තක නෙව ඉතින් අඹවලින්නම් අඩුවක් පාඩුවක් වුනේ නෑ.වෙන්නන් ඉතින් පලතුරකට කියලා කෑවේ ඔය අනිත් පැතිවල තියෙන පලතුරුම තමා.ඒ පැත්තේ උක්ගහකින් බල්ලෙක්ටවත් හැගුවට ගණන් ගන්නේ නෑ.ඒ තරමට උක්ගස්වලට ඩිමාන්ඩ් එක අඩුයි.අපේ කෑම ඉවිල්ලනං එහෙං එනකම්ම හරිගියේ නැහැ.සමාර දාසට බතුයි කරෝල තෙල්දාලා අල හොදියි හදන්න පටන්ගත්තට අන්තිමේදී හදලා තියෙන්නේ බතුයි කරෝල හොදියි අල තෙල්දාන ඒකයි.ඉතින් කොහොමැයි වළඳන්නේ...ඔය උඩ පින්තුරේ තියෙන ඒවානම් අපි ඒ කාලේ වැළඳුවේම නැහැ.ඒක නිසා ෆිගර් එක ගානට මේන්ටේන් කරගෙන උන්නා.ඒත් ඉතින් ගෙන්දගම් පොළොවට පයගැහුවත් එක්කම කෑම චක්කරෙත් වෙනස් වුනා.එදායින් පස්සේ පොල්ගස් වගේ හිටි අපි කොස්ගස් වගේ වුනා.ඒවා මතක්කොරලා හිත පාරගන්න මක්කටෙයි.ඕන්න පල්ලෙහා තියෙනවා කතාවක් කියෝලා නැත්නම් කියෝන එකයි ඇත්තේ...ගෙහුං එන්නං...
|
BLOG
|
2013.11.29
|
http://hasarallak.blogspot.com/
|
යකා බාස්ගේ කතා වස්තුව - Going Solo 8
|
හස රැල්
|
කොහොම කොහොමහරි අලුත් තැන ජීවිතෙත් පටන්ගන්න වුනා.හැබැයි ඉතින් සමහර දේවල් අපහසුවුනා වගේම සමහර දේවල් ඉස්සරට වඩා පහසුවුනා.මං කලින් කිව්වනේ අලුත් තැන තිබ්බේ අපේ සබ්බ්‍රාන්ච් එකක් කියල.ඉතින් ඒ හින්දම සේවකයින් දෙන්නෙයි ආරක්ෂක මහත්තයයි විතරයි රාජකාරි කෙරුවේ.පහසුකම් එහෙමත් සෑහෙන්න අඩුවෙන් තමයි තිබුනේ.හැබැයි තනියම හිතලා මතලා වැඩකරන්න නිදහසනම් ලැබුනා.පහසුකම් අතින් කිව්වම ඉස්සෙල්ලම මතක්වුනේ කරන්ට් එක ගැන.ඕයි කාලේ ඒ පැත්තේ නිතරම කරන්ට් එක යනවා.ඉතින් ඒ වෙලාවට කරන්ට් එක ඉක්මනට එනවද නැත්ද කියලා බලං ඉන්න එක තම ගොඩක් වෙලාවට කරන්නේ.ඉක්මනට කරන්ට් එක ආපහු ආවොත් ගොඩ.නැත්නම් ඉතින් සදා සොත්ති තමා.එහෙම කිව්වට අපේ බ්‍රාන්ච් එකේ ජෙනරෙටරෙකුත් තිබ්බා.ඒක හැබැයි සුද්දෝ ලංකාව අතැරලා ගියපු කාලේ එකක්.ඩීසල් ජෙනියක්.හැබැයි ඔටෝ ස්ටාර්ට් වෙන්නේ නම් නෑ.ලෑන් මාස්ටරේ වගේ අතින් කරකෝලා තමයි ඉස්ටාට් කරන්න ඕන.හැබැයි ඉතින් මෙලෝ පුතෙකුටනම් ලේසියෙන් ඕක ඉස්ටාට් කරන්න බෑ.අපිට ඕක හැමදාම ඉස්ටාට් කරලා දුන්නේ බැංකුවට එහා පැත්තේ හෝටලේ මල්ලි.මිනිහා ඇගේ වීරිය ඔක්කොම දාලා හයියෙන් හය්යෙන් පුලිය කරකෝලා එකපාරටම හැන්ඩ්ල් එක අහකට ගන්න දස්සයා.වැඩේ තියෙන්නේ උගේ උජාරු කමට ඌ මට ඕක කියලා දුන්නේ නෑ හරියට.ඒක නිසා පරඩල වගේ හිටපු මට ඕක කවදාවත් ඉස්ටාට් කොරගන්න හම්බුනේ නෑ.දවසක් උදේම කරන්ට් එක කපලා තිබ්බා.එදා දවසම කරන්ට් එන්නේ නෑ කියලත් කලින් දන්නල තිබ්බේ.අපේ කරුමෙට හෝටලෙත් වහලා ඒකෙ මල්ලිත් කොහෙද ගිහින්.දැන් ඉතින් මොන දෙය්යන්ට කියන්නද.මම කීප වතාවකම උත්සහ කොලත් ජෙනිය නෝ හෙල්ලුම්.ඉස්සරහ ත්‍රීවීල් පාර්ක් එකේ මල්ලිලා කීප දෙනෙකුත් ට්‍රයි කොරාට උන්ටත් බැරිවුනා.කෝම හරි දැන් උදේ 9 විතර වෙන්නත් ඇවිත්.කොමහරි ගනුදෙනු කටයුතුත් කරන්න ඕන නිසා අනිත් අය්යා මට කිව්වා "මල්ලි යකා බාස්වත් ගෙන්නලා මේක ඉස්ටාට් කොරගම්මු" කියලා.කවුද අය්යේ යකා බාස් කියන්නේ. මම ඇහුවා.මල්ලි මොනරාගල පැත්තට පයින් ටිකක් දුර යනකොට වමතට තියෙන තුරු පාරේ පොඩි ගැරේජ් එකක් තියෙනවා.ඒකෙ තමයි යකා බාස් ඉන්නේ.මිනිහා තමයි මේ මගුල කැඩුන වෙලාවට හැමදාම ගොඩ දැම්මේ.මමත් ඉතින් එලියට බැහැලා මොනරාගල පැත්තට පොඩ්ඩක් ඇවිදගෙන යනකොට අර අතුරු පාර තිබ්බා.මං ඒ පාරට හැරුණත් එක්කම ඒ පාරේ ඇවිදගෙන ආපු මනුස්සයෙක් ඉස්සරහට හම්බුනා.මමත් බෝම විනීතව...මහත්තයා...අර යකා බාස් ගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද."මොකක්"අර යකාබාස් උන්නැහේගේ ගැරේජ් එක තියෙන්නේ මේ පාරේද කියල ඇහැව්වේ"මේ මාත්තය....මයෙන් මුකුත් අහගන්න එපා.අරිද.ඒ මං තමයි"හප්පේ...මේ යකාගේ මූණ දැක්කම නමේ වරදක් නෑ නේද කියල මට හිතුනා.නියම "යකා"අනේ සමාවෙන්න...මං මේ බැංකුවෙන්..අපේ ජෙනිය ඉස්ටාට් වෙන්නේ නෑ,පොඩ්ඩක් බලල දෙන්න පුලුවන්ද.මාත්තය බැංකුවට අලුතෙන්ද ආවේ.මයේ නම චන්ද්‍රසිරි.මං නැති තැන අර නම කිව්වට කමක් නෑ.අරිද.කෝ යන්කො බාන්ඩ.බැංකුවේ වැඩක් කිව්වම බෑ කියන්න බෑනේ ඉතින්.ඔන්‍න එතකොට තමයි මගේ අගට ලේ ටිකක් ඉනුවේ.කෝම හරි යකාබාස් මාත් එක්කම බැංකුවට ආවා.ඇවිත් ඉතින් ජෙනිය ලග මජං ගොඩේ දන ගහගෙන ජෙනිය පරීක්සා කොරා."මේකේ ඇති අවුලක් නෑ.ඉන්න මං ඉස්ටාට් කොරලා දෙන්නන් "කියල මෑන්ස් එක පාරින්ම ජෙනිය ඉස්ටාට් කොලා."මට ඉතින් හැම තිස්සෙම මෙතෙන්ට දුවගෙන් එන්න බෑනේ.මාත්තයත් මේක පූදුවෙන්න"කියලා මිනිහා මගේ අතට හැන්ඩ්ල් එක දුන්නා.මාත් කීප වතාවක්ම ට්‍රයි කොරත් ජෙනිය සුපුරුදු විදිහටම නෝ හෙල්ලුම්"ඕම කරලා හරියන්නේ නෑ මාත්තය.හැන්ඩ්ල් එක කරකෝණ ගමන් මේ පොඩි චෝක් කෑල්ල උඩට කරල අල්ලගන්න ඕන.හැන්ඩ්ල් එක ගන්නවත් එක්කම මේක ආතාරින්න.එතකොට අරි....කඩේ මලයා මෙතක් මට කියලනොදීපු "ගුරු මුෂ්ටිය" යකාබාස් උන්නැහේ එක දවසින්ම මට කියලා දුන්න.ඊලග පාරේදී එක සැරේම ජෙනිය ඉස්ටාට් කොරන්න මට පුළුවන් වුනා."මරුනේ මාත්තය..."කියල එක පාරටම යකා බාස් උන්නගේ මගේ පිටට ගැහුවා.මිනිහගේ අතේ ඇඟිලි පහේම මජං පාර මගේ සුදු පාට ෂර්ට් එකේ.ඒක දැකලා මිනිහට තවත් හිනා....මටනම් යස්ස කේන්තියක් ආවා.කොමහරි එදා වැඩකරෙත් බැංකුව ගාව රෙදිකඩේන් ෂර්ට් එකක් ගෙනත් ඇදගෙන.කෝම හරි එයින් පස්සේ "යකා බාස්" මගේ හොදම යාලුවෙක් වුනා.හැමදාම හවසට ගැරේජ් එකේ වැඩ ඉවරකරලා බාර් එක පැත්තට යන ගමන් බැංකුවටත් ගොඩවෙලායන්න යකාබාස් උන්නැහේ අමතක කලේ නෑ.ඔහොම ටික දවසක් යනකොට මගේ කීමට බැංකු පොතකුත් ඇරලා හැමදාම කීයක් හරි දාන්නත් මෑන්ස් පුරුදු වුනා.හැබයි ඉතින් වැඩ නැතිවුණා දවසට හවසට ඇවිත් පොතෙන් සල්ලි අරන් යන්නත් ඒ වගේම පුරුදුවුනා.කෝම වුනත් එදා වගේම හැමදාමත් අපේ ජෙනිය කැඩුණු වෙලාවට අපිට පිහිට වුනේ "යකාබාස්" උන්නැහේ තමයි.මං එහෙං මාරුවෙලා එන දවසෙත් බැංකුවට ඇවිත් බෝම හොදින් ගොඩක් වෙලා කතාකරලා තමයි මෑන්ස් ගියේ.මනුස්සයෙක්ගේ පිටින් ස්වභාවය හෝ හැසීරීම ගැන දැකලා මනුස්සයෙක් ගැන තීරණේ කරන එක කොච්චර වැරදිද කියන අපූරු පාඩම මං මගේ ජීවිතේට එකතුකරගත්තේ "යකාබාස්" උන්නැහේ ආස්සරේ කිරීමෙන්.එහෙදී මට මුණගැහුණු තවත් අය සහ සිද්දි සමගින් ඊලඟ කොටසින් හම්බෙමු.ටටා.
|
BLOG
|
2014.11.08
|
http://ahasasenumba.blogspot.com
|
මම මවාගනිමි ඔබෙ සිනා සපිරි රුව.... හදේ කොනක රඟ දෙන්න ඔහේ....
|
සඳ කින්නරාවී
|
සුදුවෝ...... මගේ වස්තු කැටේ... හොඳින් ඉන්නෝද ඔයා... ඉස්සර හිටපු හිතුවක්කාර කොල්ලමද තාමත් නැත්තම් ඩින්ගිත්තක් වත් වෙනස් වෙලාද ආහ්.... කෝම උන්නත් ඉතින් තාමත් මගේ පණ ටිකනේ ඔයා... කේන්ති ගිහින් කෑ ගහල මූණ රතු කරගත්තට කතා නොකර ආඩම්බරෙන් හිටියට නපුරුම විදියට හැසිරුනාට ඔය අහිංසක හිත මං අඳුරන්නේ නැත්තේ නෑ රන්... ඔයා වත් නොදන්න තරමට මම ඔයාව අඳුරනවා හොඳට නැහැයි කියන්නේ කෝමද ආහ්.... ඉස්සර වගේ ළඟින් නොහිටියත් මගේ හැම සිතුවිල්ලකම ඔයා ඉද්දී මට තනියක් දැනෙන්නෙත් නෑ... ඒ තරමට හරි අපූරු සුවයක් ඔයා... ආදරණීයම ආදරේක උරුමයක් ලබන්න මමත් පින් කරලා තියෙන හැඩයි... මම තවදුරටත් මට අයිති නෑ කියලා මතක් කරලා දුන්නෙත් ඔයාමයි... ඉතින් කෝමද සුදුවෝ ඔයාගෙම නොවී ඉන්නේ මං..... <3.
|
BLOG
|
2014.10.26
|
http://ahasasenumba.blogspot.com
|
එකම අහසක් යට සිටියත්.... දෙතැනක හිඳ සුසුම් හෙළන අපි..... මායාවක්දෝ මේ ආදරේ...
|
සඳ කින්නරාවී
|
ෆොටෝ එකකින් දහසක් දේවල් කියාපාන්න පුලුවන්... එක්තරා කලාත්මක සන්නිවේදනයක් ඡායාරූපකරණය කියන්නේ... අපි ජීවිතේදී ඕන තරම් ෆොටෝස් දැකල ඇති... සමහරක් ඒවා හිතටම වැදිලත් ඇති... දුක, සතුට, සන්වේදී බව, කලකිරීම, පුදුමය, කෝපය, හාස්‍ය මේ හැගීම් අනන්තවත් පහළ වෙලා ඇති... ඒවා තමන්ගේ ජීවිතේ එක්ක සංසන්දනය කරලා හිතලා ඇති... හා නැද්ද මම අහන්නේ... . :Dමම මෙතෙක් දැකපු මගේ හැම සිතුවිල්ලක්ම මුසු වුණු ෆොටෝවක් තමා මේ... ඇත්තටම මේක ඉස්සරෝම කියලා දැක්කේ එයාගේ ෆේස් බුක් කවර් ෆොටෝ එක විදියට දාලා තියෙද්දී... මට මතකයි මම සෑහෙන්න වෙලාවක් මේ ෆොටෝව දිහා බලාගෙන හිටියා... පුදුමෙනුත් පුදුම හිතුනා... එයාට හිතෙන දේමයි මටත් හිතෙන්නේ කියලා තේරුනා... ඒක මහ අමුතුම ෆීලින් එකක්... නෝ වර්ඩ්ස්..මට හිතට දැනුන දේවල් ඒ විදියටම ටයිප් උනේ නෑ... :( අසාර්ථක උත්සහයක්... නිකන් විකාර පෝස්ටුවක් වගේ මේක... කියවන කස්ටිය පව් ඉතින්....
|
BLOG
|
2014.10.18
|
http://ahasasenumba.blogspot.com
|
සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි...
|
සඳ කින්නරාවී
|
මගේ ජීවිතේට මහ ගොඩක් කියලා හීන තිබ්බේ නෑ බබා...ලොකු ලොකු ආසාවල් තිබ්බෙත් නෑ...නිදහසේ සැහැල්ලුවෙන් හිටියේ මම...ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ...ඔයා මගේ ජීවිතේ ලස්සන, අහිංසක හීනයක් උනා...ඒ හීනෙත් එක්ක මම ජීවත් උනා...හැම මොහොතකම, හැම තත්පරයකම ඔයා මගේ හිතේ උන්නා...ඒත්...මගෙමයි කියලා තිබ්බ ඒ අහිංසක හීනෙ බිඳලා දාන්න තරම් ඔයා නපුරු උනේ ඇයි රන්...දුක හිතුනේ නැද්ද චුට්ටක් වත් මං ගැන...කියන්න මට...උන දේවල් මට තාම හීනයක් වගේ...අදටත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බයයි ඒ හැමදේම හීනයක් වෙලාම යයි කියලා... :( සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි.
|
BLOG
|
2014.10.08
|
http://ahasasenumba.blogspot.com
|
කෙසෙල් කොලේ බත් පතේ සුවඳට.... සිහිවෙනවා නුඹව තාත්තේ...
|
සඳ කින්නරාවී
|
ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ...ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා...කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්....දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා...ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්...
|
BLOG
|
2014.09.19
|
http://ahasasenumba.blogspot.com
|
පුoචි බිම් මලක් වෙමි මම..... තනිව හිනැහෙන....
|
සඳ කින්නරාවී
|
තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදිනදිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණුසුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලාපුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන.....සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙනඅතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළකළුවරයි හාත්පසම සීතලයි දසතමඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට....සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිතඉඳහිටනැවුම් හිරු කිරණක පහසින් නැහැවෙන විටවසාගෙන දෙනෙත් විදහාගෙන දෑත් හුස්මක් ගෙන දිගුවිඳිමි මා ලද චමත්කාරජනක දිවියේ අසිරිය....නිසොල්මන්ව හිදිනවිටසුපුරුදු හුදෙකලාවේපෙනෙන නොපෙනෙන දුරින් යයි කුහුඹුවන් රැළක්කඩිසරව දුවයි එඩිතර සිතින් පුoචි වුවද ගතින්මටත් සිතේ යන්නට ඇත්නම් ඔවුන් පසුපස්සේ.....මෙයයි මගේ ජීවිතය මෙයයි මගේ ලෝකයමසොබාදහම් මාතාවගේ තුරුලේ හිදිනදහවල ගෙවී රැය උදා වී දවස ගෙවී යයිමම තවම පුoචි බිම්මලක් තනිව හිනැහෙන.
|
BLOG
|
2014.09.10
|
http://ahasasenumba.blogspot.com
|
භාවනාවට බාධා කරන අමනුෂ්‍යයෝ....
|
සඳ කින්නරාවී
|
හොල්මන්, අවතාර, භූතයෝ, ප්‍රේතයෝ කියන්නෙඑක්තරාජීවීන් කොටසක්.වෙනසකට තියෙන්නෙ අපේ ශරීර ගොඩක් භෞතිකයි. ඒ ජීවීන්ගේ අංශුමය පදාර්ථ වලින් සෑදුන විනිවිද යා හැකි ශරීරයක් තියෙන්නෙ. අනිත් එක තමයි ඔවුන්ගෙ ආවර්ථය මිනිස්සුන්ට වඩා හුගක් වැඩී ඒ නිසා අපිට ඔවුන්ව පේන්නෙ නෑ. හැම තැනම ඒ ජීවීන් ඉන්නවා. උදාහරනයක් විදියට ඉතා වේගයෙන් කැරකෙන විදුලිපංකාවක් ගැන හිතන්න. ඒ පෙති වල වේගයට අපිට පෙති නොපෙනී පෙති තුලින් එහා පැත්ත පැහැදිලිව පේනවා. හරියට පෙති නෑ වගේ. මේ ජීවීනුත් එහෙමයි ආවර්ථය වැඩි නිසා අපිට පේන්නෙ නෑ. ඒත් ඒ ජීවීන්ව පේන සත්තු ඉන්නවා. හිත හොදට දියුණු කරගත්ත අයටත් පේනවා. ඒ ජීවීන්ගේ උවමනවටත් මිනිසුන්ට පේන්න සිටිය හැකියි. අපි නොදන්න දේ මේ ලෝකේ ගොඩයි.මට අත්දැකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන්...ඉතින් මට හිතුනා ඒ ගැන යමක් ලියන්න ඕනේ කියලා ඔයාලට දැනගන්නත් එක්ක..මීටඅවුරුද්දකට කලින්මමභාවනා ආරණ්‍යකට වෙලා මාස 3ක්විතරහිටියා භාවනානුයෝගියෙක් විදියට... බාහිර සමාජයෙන් ඈත් උන නිස්කලංක වනගත ආරණ්‍යක... අධ්‍යාත්මික වශයෙන් හිත දියුණු කරගත්තු මෙහෙණින් වහන්සේ නමක් තමයි ආරණ්‍ය භාරව ඉන්නේ... අපිට කමටහන් දුන්නේ උන්වහන්සේ... මම ටික ටික භාවනාවේ ඉහලට යනකොට.. ඒ කියන්නේ හිත දියුණු වෙනකොට, හිත දමනය වෙනකොට නොයෙක් ප්‍රශ්න එන්න පටන් ගත්තා... භාවනා කරද්දී නහයට අමුතුම ගඳක් එන්න පටන් ගත්තා... ඒක හරියට මනුස්සයෙක්ගේ පුස්ඹක් වගේ...දරාගන්න බැරි තරම්... හරියට මන් ළඟම කවුරු හරි ඉන්නවා වගේ..කියන්න තේරෙන්නේ නෑ... මම අනිත් අයගෙන් ඇහුවා එයාලට දැනුනද කියලා ගඳක්... එයාලට නැහැලු.. ඒ කියන්නේ මට විතරමයි...මුලදී මේකමන් ගනන් ගත්තේ නෑ... සුපුරුදු විදියටම භාවනාව කරගෙන ගියා... වැඩේ කියන්නේ හවස් වේගෙන එද්දී මට හැමදාම ඒ ගඳ දැනෙන්න ගන්නවා... මෙහෙණින් වහන්සේ ඒ දවස් වල විදේශගත වෙලා හිටියේ... උපදෙස් ගන්න විදියක් තිබුනේ නෑ ඉතින්... දැන් තත්වය එන්න එන්නම දරුණු වෙනවා... ඔලුවේ කැක්කුමත් ආවා එකපාරටම... මට තේරුනා මෙතන මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා... ආරණ්‍යයේ භික්ෂුණින් වහන්සේ නමක් මාව බෝධිය ලඟට එක්ක ගිහින් බුදුන් වැඳලා පින් බලාපොරොත්තුවෙන් ඉන්න ඔය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙලා මේ දරුවගෙන් අයින් වෙන්න කියලා පින් අනුමෝදන් කළා... පහුවෙනිදා ඔලුව උස්සගන්න බෑ උණයි ඔලුවේ කැක්කුමයි හොඳටෝම... මෙහෙණින් වහන්සේට කෝල් කරලා විස්තරේ කිව්වම පිරිත් කියන්න කිව්වා මගේ වටේ ඉඳන්.. පිරිත් කියලා ඉවර උනා විතරයි අමාරු ඔක්කොම අතුරුදහන්...ඇත්තටම මේ වගේ පුදුමාකාර සිද්ධීන් වලට මුහුණ දෙන්න උනා මට....ආරණ්‍යයේබෝධිය ළඟ මම භාවනා කරන ආසනය...දවස් 4,5කට පස්සේ මෙහෙණින් වහන්සේ ලංකාවට ආවම කිව්වා භාවනානුයෝගීන්ට ඔහොම බලපෑම් එනවා අමනුෂ්‍ය ආත්ම වලින්... කරණිය මෙතන සුත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කලේ ඒ නිසා තමයි කිව්වා.. ආරණ්‍යයේ අනෙකුත් භාවනානුයෝගීන්ට දානයක් දීලා අපි පින් අනුමෝදන් කරලා බලමු කිව්වා... දැන් අම්මයි මමයි දානේ දුන්නා... ඊට පස්සේ ටික දවසක් යනකන් වෙනසක් නැතුව ගෙවුනා... ආයෙත් ප්‍රශ්න ආවා... භාවනා කරන්න බැරි වෙන තැනට කරදර ආවා... ඒ හින්දම මට එපා උනත් එක්ක...මේ වෙන දේවල් ගැන අහලා අම්මත් බය වෙලා හිටියේ හොඳටම...කැම්පස් එකේ එක්සෑම් ලං උන නිසා ආයේ ගෙදර යන්න කාලේ ආවා.. භාවනා නොකර ඉද්දි අවුලක් නෑ... භාවනා කරගෙන යද්දී,, හිත දියුණු වෙද්දී අමනුෂ්‍යයෝ කරදර කරන්න පටන් ගන්නවා... ඒක හින්දා තමා කියන්නේ ගුරුවරයෙක්ගේ මග පෙන්වීමක් නැතුව භාවනාව ගැඹුරින් කරන්න එපා කියලා... ඒ වගේම මෙවැනි අවස්ථා වලදී බය නොවී බුදු ගුණ කෙරෙහි සම්පුර්ණ විශ්වාසයෙන් ඉන්න එකත් ගොඩක් වැදගත්..ගෙදර ආවට පස්සේමේකිසි දෙයක් නැහැ...සුපුරුදු විදියට ගෙවිලා ගියා... කාලයත් එක්ක දිනපතා භාවනා කරන පුරුද්ද අඩු වේගෙන ගියා... දැන් ඉඳලා හිටලා හිතුනම භාවනා කරනවා ඉතින්...කොහොම උනත්ජීවිතේට ලැබුන ලොකුම අත්දැකීමක් මේක නම්...බුදු ගුණ අනන්තයි.
|
BLOG
|
2014.03.23
|
http://aswanna.blogspot.com/
|
෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴
|
දයානන්ද රත්නායක
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}මෑත කාලයේ ගීතකීපයක් සම්බන්ධයෙන් facebook සමාජ ජාලය ඔස්සේත්, විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින්පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී. දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීතසම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටමයොමු කරවන්නක්. එසේ පදනම් විරහිත ඒ වගේමඅර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූසදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක්ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන්විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ.ඒ රසිකයන්ගේමානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින් රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත්සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙනගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළිදැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේසම්බන්ධතා අරුත් නිවැරදිද යන්න බෙහෝදෙනෙකු විසින් විමසන්නට පෙළඹුණේ එසේ පදනම්විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්.ඒ නිසා විටන්විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසාමුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත්හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේහොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත්කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳපැහැදිලි කිරීමක් වනු ඇත.රුවක් ඇදෙනවාගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරුබෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීතසාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්දදිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්නපුලුවන්.එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්දදිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධසාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන්සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි.“රුවක් ඇදෙනවාගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතරමතයක් ඇති වෙලානේ”මහින්දදිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජුපිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේදයන්න විමසා බලන්නටය.“මහින්ද අයියෙඑහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද.” මම යළිත් ඇසුවෙමි.“ඔව්, මේ ගීතයමගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත්තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්. ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේසිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක්බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසටහාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙරසිකත්වයට යම් පමණක හානියක් කරලා.ගීතයක් ගැනඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්නතමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක්ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරුකරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදිනහිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත්නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”මහින්දදිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරුපිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇතිමියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන්සිට කියන්නේ මගේ බසිනි.“අදුර වැටීහෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ වල සෙවනැලි පවානොපෙනෙන තරමට ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක්ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලටපිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින්නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහිඑළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරනහෙවනැළි පමණි.පාර කෙළවර වූඅවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවමහඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයටනෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිතතරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහලතරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේමිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්මනිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාදහා උසුළු විසුළු වලින් පිරුණි.අවන්හලේ ඉහළමාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ.රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යනමිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේපැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක්පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්නඅදුරේ වුවත් දැනගත හැකිය.හැමදාමත් අවන්හලවෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි.හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන්එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේකිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නාවේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවියඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත්ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේවේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටවයයි.රාත්‍රියේඅදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමිණියේතරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුටඅමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුටප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහුයමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසිසියලු දේත් ඔහු ඉදිරියේ විය.මීවිතක් තොලගෑඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලුකීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය.යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙකඅවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි කළේය.“මල්ලි ඇයිමේ......”“නෑ...නිකං...”හීන් සීරුවේදෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින්ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.“වෙන්න බෑමල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ.”මැදිවියඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාවසටහන්වී තිබුණි.“මට මගේමකියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා.කවදාවත්ම නොහිතපු විදිහට.......”“අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි”යෞවනයා සිය ප්‍රථමප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදිකළේය.“නෑ මල්ලි උඹතවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහටමොකට පරාද වුණත් බොන්න එපා... ආපහු හිතපන්”මධුවිතෙන්හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නටවස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක්තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්‍රගමනයගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටිකියල තියෙනවා.මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක්ඇදෙනවා ගීතය සම්බන්ධයෙන් තබා ඇති ඒ රසවත්සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි.“ 1981 දී මාරජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායකගීතයක් රචනා කරගෙන පැමිණියේය. අනතුරුව එහිතනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලකබණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.මීවිතෙන් ගිනි කණවැටුණ් ඇසකාගෙ රුවදෝ ඇඳෙන්නේනිමේෂයකින් ඔබට සැසඳෙනහිතවතෙකි ඔබ දකින්නේභද්‍ර යෞවන මලණුවනි ඔබකිමද මධු විත සොයන්නේනුරා දාහය නැතනිවෙන්නේඑයිනි දුක් ගිනි දළුදමන්නේජීවිතේ දියවී යා නොදීවෙනින් ඔරුවක නැගයමන්නේදෙතුන් වරක්මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවීඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මටමගේ කාර්යයේ අපහසුවක් දැනිණ..... රුවක්ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකදකියන්නේ.......”මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකටපත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදීමුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්වගැයූ ඒ ගීතයයි.”රුවක් ඇදෙනවා කවුදෝඑනවාමීවිත ඇඳරිය දෑස වසනවාහද පොදි බැඳි දුක දියකර පා කරඔබේ ලොවට මා මොහොතින්එනවාසොඳුරු යොවුන් විය මල්මග මුල හිඳකිම තොල මීවිතපොඟවන්නේනුරා විරහ ගිනි නිවාදමන්නයිසුරා විතින් මා දෙතොලතෙමන්නේනැගුණු නුරා ගිනි මීපොද වැටිලාහතර වටින් දළු ලා එනවාඅවන් හලේ මී විත තනිකරලාවරෙන් මලේ පියවර නගලාගීපදමාලාව: මහින්දදිසානායකසංගීතය: විශාරද ගුණදාසකපුගේගැයුම: විශාරද ගුණදාසකපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ සාර්ථක ගීතයක්බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේසංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙසබිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය.ඒ කාලේ ඔයවිදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද. මම මහින්දදිසානායකයන්ගෙන් යළි විමසීමි.ඔව්. ඔය ගීතයබිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක්ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එකකාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස්දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද. ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත්නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණයතුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා.ඒ තැනැත්තාමොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමටනොහැකි වූ තැන ඔහු වැටුණ අගාධයේ ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයිවැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්‍රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක්මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.”මහින්දදිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝඅදහස්වලට දීමට ඇති පිළිතුර එයයි. එහෙම බිහිවූගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවනහානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අපසතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය. ෴සටහන:මහින්දදිසානායකයන් මේ දිනවල සුවිශේෂ වූ නිර්මාණාත්මක කටයුත්තක නියැලී ඉන්නවා. නුදුරේ දීසිදුවන ඒ සුවිශේෂ වූ කාර්ය පිළිබදව තොරතුරුත් ඉදිරියේදි අස්වැන්නෙන් ඔබට කියන්නට සූදානමින් ඉන්නවා.
|
BLOG
|
2014.03.18
|
http://aswanna.blogspot.com/
|
෴ මනෝ.... සිංහල නාට්‍ය වේදිකාවේ දවස් පාළොස්දාහක් ෴
|
දයානන්ද රත්නායක
|
4pt 0in 5. ඔහුගේ කලාත්මක භූමිකාවේවපසරිය එතරම්ම පුළුල් පරාසයක විහිදී ඇති නිසා මනෝරත්නයන්ගේ රැඟුම් ගැයුම් ගැන අමුතුවෙන්හඳුන්වා දිය යුතු නැත. ලංකාවේ සිවු දිසාවේම රසිකයෝ ජයලත් මනෝරත්නයන්ගේ නම කියූපමණින් ඔහුගේ රංගනයේ භූමිකාව හොදින් හඳුනයි.ඒ රසිකයෝ ඔහු විසින් සිංහල කලාවට දායාද කළ රස උල්පත්වල මිහිර විඳ ඇත්තෝ වෙති. එපමණක් නොව සත් සමුදුරෙන් එපිට රට රාජ්‍යවල පවා මනෝරත්යන්ගේ කලාවේ ප්‍රතිභාව කිත් යසස් පතුරවා ලීමට සමත් වීතිබේ.අස්වැන්න මේ සටහන් තබන්නේ ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍යජීවිතයට දවස් පාලොස්දාහක් පිරීම නිමිති කරගෙන මේ දිනවල සැන්දෑසමය ඔහුගේ රැගුම් ගැයුම්වලින්පිරී තිරී යන නාට්‍ය රැගත් ආනනදනීය සතියක් කොළඹ අවට නාට්‍ය ලෝලීන්ට විඳ ගැනිමටඅවස්ථාව සළසා ඇති නිසාය. ලයනල් වෙන්ඩ්ට්රගහල මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍යපෙරහැරකින් ඒකාලෝක වී ඇති නිසා මනෝරත්නයන් වෙනුවෙන් අස්වැන්න පුංචි සටහනක්ලියාතබන්නට කල්පනා කළා.මනෝරත්න සිංහල නාට්‍ය වේදිකාවේ නූතන රජු විදියටසැළකුවොත් ඒක නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. මනෝරත්නයන්ගෙ කලාත්මක භූමිකාව ගැනසළකනවිට ඔහු අපේ විශිෂ්ඨයන් අතර අතිවිශිෂ්ඨයාකියල හැඳින්වීමත් එක්තරා විදියක අතිශයෝක්තියක් නොවෙයි.මනෝගෙ රැඟුම් ගැයුම් නිතර දකින්නෙ නාට්‍ය වේදිකාවෙ. ඒඔහුගෙ ප්‍රධානතම කලාංගය නිසා. ඒ නිසාම ඔහු වේදිකා නාට්‍ය කරුවකු විදියටයි ලංකාවෙරසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය. ඊටත් වඩා පුංචි තිරය එහෙමත් නැත්නම් රූපවාහිනියෙටෙලිනාට්‍ය වල රංගන ශිල්පියෙකු ලෙසින් පමණක් නෙවෙයි කාටත් දැනෙන ටෙලි වෘත්තාන්තයක තිර රචකයෙක්එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදියටත් අපට පුංචි තිරයේදි හමුවෙනව.සිනමාවෙදි මනෝරත්තන අපට හමුවෙන්නෙ චිත්‍රපට නළුවකු හැටියට. ඒ සියල්ල ඔහුගේ නාටකීය භූමිකාවවුවත් එයින් ඔබ්බට විහිදී ගිය ඔහුගෙකලාත්මක භූමිකාව සමහර විට අපේ රසිකයන්ගෙ මතකයෙන් බැහැරව ගිහින් තියෙන්න පුළුවන්. මනෝඅතින් ඉඳහිට ලියැවෙන කෙටිකතාවක්, කවියක්, ගීතයක් ඇහෙන කොට මේ ඉන්නෙ ඒ මනෝරත්නම දකියල දෙවරක් හිතන්න තරම් රසිකයෝ පෙළඹෙන්නෙ සමහර වෙලාවලට එවන් භූමිකාවක් ගැන එතරම්රසිකටන්ට නොදැනෙන නිසා.මනෝ අතින් ලියැවෙන එවන් කෙටිකතාවක, ගීයක කවියක පවා රැදිලතියෙන සුන්දරම වදන් පේලි වල ගැඹුර ඔහුගේ සිතුවිලි ඔස්සෙ රංගන භූමිකාව එක්කම සමාන්තරවතියන්නත් පුළුවන්. ඊටත් වඩා සරසවි වලඉගෙනුම ලබන සිසු සිසුවියන්ට සති අන්ත දිනවල දේශන පවත්වන ආරාධිත බාහිර කථිකාචාර්යවරයෙක් විදියට ඔහු නිරූපණය කරන්නෙ වෙනස්ම භූමිකාවක්. මේ විදියට එකිනෙකට වෙනස්හැඩතලවල එකිනෙකට වෙනස් භූමිකාවන් නිරූපණය කරන කලාකරුවෙක් හැටියට අපට ඉන්න එකමඑක්කෙනා අතිවිශිෂ්ඨ රංගධරයා ඔහුය . ඒ තමයි ජයලත් මනෝරත්න. ඔහුට වඩා තවත් දක්ෂයෙක් එහෙමත්නැත්නම් ඔහු අභිබවා යාහැකි තවත් රංගන ශිල්පියෙකු මෙරට සිටිනවා කියන එක පිළිගන්නඅපහසු කාර්යක්. නළුකමින් එහෙමත් නැත්නම් රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් , පිටපත් රචනයෙන්මිදුන වෙලාවක මනෝ අතින් ලියැවුණ ඉතාමත් ජනප්‍රිය ගීයක්තමයි මේ තියෙන්නෙ .ඔබ ඈත සඳ වීපායාමම මෑතතරුවක පිපිලාමේ නිසලරැයේ ලොව නිදනාමා ඔබ, ඔබ මා ළඟ ඉන්නාඅප දුරින්දුරක වුව තනියේනෙත් සරින්පමණි හමු වූයේඒ ඈත්බවිනි හද බඳුනේසෙනෙහසේසොඳුරු බව පිරුණේමධු සඳ තරුඅද හමුවිලාසිටියද ඔබමා ළං වීලා ඒ දුරක එදාඅප පිපිලාතිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලාගී පදමාලාව : ජයලත්මනෝරත්නසංගීතය: එච්.එම්.ජයවර්ධනගැයුම: විශාරද බණ්ඩාර අතාවුද 1960 දශකයේ මැද භාගයේ හෙන්රි ජයසේනයන්ගේ “මකරා” නාට්‍යයෙන් ඇරඹී එතැන් සිට මහාචාර්ය එදිරිවීරසරච්චන්ද්‍රයන්ගේ මනමෙ , සිංහබාහු වැනි නාට්‍ය වල කුඩා චරිතයකින් ඇරඹෙන සිංහල වේදිකාවෙගමන්මග තුළ අමරණීය සටහන් තියන්න සමත් වෙන්නෙ සරච්චන්ද්‍රයන්ගේ “පෙමතො ජායති සෝකො”නාට්‍යයෙන්. ඉන් පස්සෙ 70 - 80 දශකවල ලංකාවෙ බිහිවූ සියළුම අතිවිශිෂ්ඨ නාට්‍යකරුවන්ගේනාට්‍ය සියල්ලක්ම පාහේ ඔහුගේ රංගනයෙන් හැඩ වෙනව. එහෙම අධ්‍යක්ෂකවරයෙකුට මනෝරත්න මගහැරුණා නම් ඒකලාතුරකින්.දශක පහකට ආසන්න කාලයක් තිස්සෙ විවිධ කලාත්මක භූමිකාවන්නිරූපණය කරන මනෝරත්නයන් සිංහල නාට්‍යවේදිකාවෙ මැවූ මනමෙ නාටකයේ රාජගුරු චරිතය වගේම වෙස්සන්තර නාටකයේ වෙස්සන්තර රජුගෙභූමිකාවත් නිරූපණය කරනව.ඒ භාවාත්මක රංගන ශෛලියකින්. එහෙමත් නැත්නම් ඊට හාත්පස වෙනස් විනෝදයක් සපයනදයානන්ද ගුණවර්ධනගෙ ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයගෙ චරිතය නිරූපනය කරන්නෙ ජන සම්ප්‍රදායඇසුරු කර ගනිමින්.“ගම්වල සැමතැන ඇවිද ගොසින්නේවෙල්ලාවටරෙදි පුරවා ගන්නේ”මේ විදියට ඔහුගෙරසමුසු ගී රාවය ප්‍රේක්ෂකාගාරයට පතිතවූ සැනින් ඔහුගේ භාවාත්මක රංගන ශෛලිය විනෝදයක්සපයන මාධ්‍යක් බවට පත්වෙන්නට ගත වෙන්නෙ නිමේෂයක්.ඒ විදියට එකකට එකක් වෙනස් සංකීර්ණ රංගන පරාසයන් තුළ සියදක්ෂතාවයන් සියුම් හැඩතලවලින් මුවහත් කරන මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩ වූ දිවැසහෙළනු මැන, පුත්‍ර සමාගම, ද්විත්ව, තාරාවෝ ඉගිලෙති, රතුහැටිටකාරී, මායාදේවී,නාගගුරුලා, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, සොක්‍රටීස්, මධුර ජවනිකා, ගජමන් පුවත,සිරිසඟබෝ, අංගාරා ගඟ ගලාබසී මහගිරි දඹ, වැනිනාට්‍ය ඉතිහාසයේ ඔහු මැවූ අපූර්ව රංගන ප්‍රතිභාව ඔහු අතිවිශිෂ්ඨ රංගධරයෙකු බවටපත්කරනව.මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර නාට්‍යසඳහා ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට මනෝරත්නසමග මැණිකේ අත්තනායක ගැයූ ගීයක් මනෝරත්නයන් 70 දශකය ආරම්භයේ සුනිල් ආරියරත්න, බුද්ධදාසගලප්පත්ති සමග “දොළොස් මහේ පහන” නමින් කවිපොතක් ලියා පළකරනව. ඒත් ඉන් පස්සෙ නම්ඔහුගෙ කවිත්වය කාව්‍ය සංග්‍රහ ඔස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඉන් පස්සෙ මනෝරත්නයන්ගෙ ප්‍රධාන මාධ්‍ය වේදිකා නාට්‍ය හෝටෙලි නාට්‍ය ක්ෂේත්‍ර වුවත් ඒ ක්ෂේත්‍රයන්ගෙමඉන්න අතරෙ මනෝරත්නයන් අතින ලියැවෙන මෙවන් සුන්දර පද පෙළක් සවනට වැටෙනකොට අපටවේදිකාවෙ හමුවෙන මනෝරත්න ගෙ සියලු චරිත අමතකව මේ ගී පද අතර සැඟවුණ සාහිත්‍යකරුවා එහෙමත් නැත්නම් කවියා හමුවෙනව. ඒහරහ ඔහුගෙ කවි සිත අපේ හිත්වලට එබිල බලනව. එහෙම ඉඳහිටල එබිකම් කරන කවියාගේ සැබෑස්වරුපය අපට පේන්න ගන්නව. මෙන්න මේ විදියට නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා සිහිල් දිය ඉරක් වියඔබ උදෑසනක ගලනාබක් මී මල්රේණු ඇදී මාරුතයේ නටනාජීවිතයේහැන්දෑවක සමීපයේ හිඳිනාසෙනෙහස ඔබපමණීකලාමැදිරිමල් පිබිදී රැයෙක අදුර හඬනාජීවිතයේවිරාමයක ඔබ සැතපුණ සැණිනාමතකය ඔබපමණිගී පදමාලාව : ජයලත්මනෝරත්නසංගීතය: තිස්සසිරි පෙරේරාගැයුම: ලක්ෂ්මන් විජේසේකරමනෝරත්යන්ගෙ නාට්‍යවල මෙන්ම ඔහුගෙ ගී වලත් තියෙන්නේ රසිකයන්නැවුම් ආනන්දයකින් හිත පුරවන හැඟීම්. ගලනගඟ දිහා දෙවරක් බලන්නෙකුට එකම ගඟ දෙවරක් දැකිය නොහැකිය කියන අදහස මනෝ නිරූපනය කරනනාට්‍යවලත් දකින්න ලැබෙනව. එකම නාට්‍ය වුණත් එකම වේදිකාවෙ රඟ දැක්වෙන වාරයක්වාරයක් පාසා ඒ නාට්‍ය බලන රසිකයන් වගේම ඒ නාට්‍යත් අලුත් අත්දැකීමක් නැවුම්අත්දැකිමක් බවට පත් කරනව. ඔහුගෙ නාට්‍ය සහ රංගනය හැම විටම සජීවිව තියෙන්නෙ , ඒබවරසිකයන්ට දැනේනෙ ඒ නිසා.එහෙම වුණත් සිංහල සිනමාවෙත් ඉදල හිටල අපට හමුවනමනෝරත්නයන්ගෙ සිනමා භූමිකාව ගැඹුරු ලෙස වටහාගන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තවමත්හැකියාව ලැබිල නැහැ කියලයි මට හිතෙන්නෙ. නාට්‍ය වේදිකාව තරමක් දුරට ඈත්කරල ඔහුසිනමාවේ රංගන ශිල්පියෙකු බවට පත් කළහොත් සිනමා රංග ධරයෙකුගේ භූමිකාව කොතරම් දුරටවිකසිත වී ඇද්දයන්න අපට දැකගන්න පුළුවන්. එහෙම වුනත් ඉඳ හිට සිංහල චිත්‍රපටයක ඔහුමවන චරිතය පවා සිනමාවෙ ඔහුට අවශ්‍ය වපසරිය සකස්කර ගත් බව පෙන්වනව.ලංකාවෙ නාට්‍ය කලාව අද වනවිට කොළඹ නගරයට පමණක් සීමාවෙලා.කලාතුරකින් කොළඹින් පිටත නාට්‍යයක් රගදැක්වෙනවා නම් ඒ සමහර විට තදාසන්න නගරයක විය හැකියි.ඉස්සර ගම්දනව්වල පාසැල් ගානෙ ගිහින් නාට්‍යපෙන්වපු කාලයක් තිබුණා. 3.30 දර්ශනයවෙන්වෙලා තිබුණෙ පාසල් දරුවන්ට. 6.30 වෙන්වෙලා තිබුණෙ වැඩිහිටි දර්ශන වාරයට. එහෙමස්වර්ණමය යුගයක තිබුණ වේදිකා නාට්‍ය කලාව තවදුරටත් අත නොහැර ඒ මත්තෙම තමන්ගෙ භූමිකාවතවදුරටත් සජීවිව ප්‍රේක්ෂකයන එක්ක දොඩමලුවෙන්න මනෝරත්නයන් උත්සාහ ගන්නව. ඒ අනෙකක්නිසා නෙවෙයි. ඔහු තවමත් ඒ වේදිකාවට පෙම් බදින නිසා. ඒ නිසාම මාර්තු 17 – 23 සතියඔහුගෙ රංගන ජීවිතයෙ දවස් පාලොස්දාහක අබිසෙස් ලබනව.මේ තියෙන්නෙ තලමල පිපිලා නාට්‍යයේ රත්නා ලාලනී සමග ඔහු රෝහණවීරසිංහයන්ගෙ සංගීතයට ගැයූ වේදිකා නාට්‍ය ගීයක් . ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් මනෝරත්නයන් සිංහලනාට්‍ය කලාව ගැන ලීයූ නිබන්ධනයට පිරි නැමූ(PhD) ආචාර්ය උපාධියත් , මනෝරත්නයන්ගේ දශක පහක රංගනනයේකීර්තිමත් භූමිකාව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය සූරී (D.Litt) උපාධියත් තවදුරටත් ඔහු මේ ක්ෂේත්‍රයේ රඳවා තබන්නට රසික උත්තේජනයක් බවටපත්වෙනව. ඒ කුමන ආචාර්ය උපාධිය ලැබුණත් මනෝරත්නයන් ප්‍රේක්ෂකාගාරයේ දී දවස්පාලොස්දාහක් තිස්සෙ ලබන උණුසුමට සමකරන්න හැකි ප්‍රේක්ෂක උපාධියක් තවම ඔහුට හමුවෙලානැතුව ඇති. පසු සටහන:මනෝරත්නයන් ගෙ දවස් පාලොස් දාහ ගැන මේ සටහන තබන මොහොත වනවිට සිංහල නාට්‍ය වේදිකාවේ සිනාවේ රැජින “මර්සි එදිරිසිංහ” නම් වූ විශිෂ්ඨ රංගනශිල්පිණිය සියලු රංගනයන් හමාර කොට සදාතනික සුව නින්දට පිවිසිලා.මීට මාස තුනකට තුන හමාරකට පමණ පෙර ඇය වෙනුවෙන් උපහාරඋළෙලක් සංවිධානය කර තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය ක්‍රීඩාකණ්ඩායමක්. ඒ උපාහාර උලෙල. තිබුණෙත් ගම්පහ නගරයේ තිබෙන ප්‍රසිද්ධ අවන්හලක. ඇයවෙනුවෙන් ඒදා රැයේ පැවති උපහාර උළෙල වෙනුවෙන් රෝහන ධර්මකීර්තගේ පෙරදිග වාද්‍යවෘන්දය හමුවේ ගීත ගැයීමට ජයලත් මනෝරත්නයන්, නිස්සංක දිද්දෙණිය, එඩ්වඩ් ජයකොඩි ඇතුළු නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක්ඒ උපහාර උළෙලේ මර්සි එදිරිසිංහ වෙනුවෙන් මැදියමඉක්මවා යන තුරු ගී ගැයුව. ඇයත් ඇයගේ භූමිකාවේ අමරණීයම ගීත ගණනාවක් ඒ රාත්‍රිය පුරාගැයූ හැටි දැනුදු මතකයට නැගේ. ඇයගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත ගණනාවකින් රසිකසමූහය ගීයෙන් මුසපත් කළ ඇය නික්ම ගොසිනි.කිසිවකුටත් සදාකාලිකව ජීවත් වෙන්න වරම් නැතත් . සිය ජීවිතකාලය පුරා උපයාගත් දේවලින් ඉතිරිකර තබා ගිය කිසිදා අමතක නොවන මතකය පමණක් බැහැරවනොයනු ඇත. “සුබ රාත්‍රියක් මර්සි ඔබට.
|
BLOG
|
2014.02.18
|
http://aswanna.blogspot.com/
|
෴ විජය; සිනමාවේ හිතහොඳ අවංක පෙම්වතා෴
|
දයානන්ද රත්නායක
|
මෙතනින් ඇවිත් විජය ගැන නැවත කියවමු......................
|
BLOG
|
2014.02.16
|
http://aswanna.blogspot.com/
|
෴ විජය ; සිනමාවේ හිත හොඳ අවංක පෙම්වතා ෴
|
දයානන්ද රත්නායක
|
4pt 0in 5. අභ්‍යන්තරය රාත්‍රී 8.00 ට පමණ.මද විදුලිආලෝකයේ තවත් තුන්දෙනෙක් සමග මේසයක් වටා වාඩි වී බිබී ඉන්නවා. ඔවුන්ගෙන් දෙන්නෙක්චන්දරේගේ පාසල් මිත්‍රයෝ...1 වැන්නා: උඹලදිගටම එකටද හිටියෙ2 වැන්නා: (තුන් වැන්නා දිහාට මූණ හරවමින්) මූ අටේදිඅස්වුණා.... මට මතකයි ඒ කාලෙ (තුන් වැන්නාගෙන්)...... හතේදි නේද. කැප්පෙටිපොල ගැන වාක්‍ය රචනයක් ලියන්න කිව්වෙ.ගුරුවරයා කලු ලෑල්ලෙ මාතෘකිවලියන විලාසය 2 වැන්නා අභිනයෙන් දක්වනවාමූ ( චන්දරේ දෙසට ඇඟිල්ල දික්කරමින්)....ලිව්ව....... “බෙහෙවින්ම ගම්බද පෙදෙස්වල වැවෙන දෙපැත්ත බූව සහිත කොල විශේෂයකි”කියල.1 වැන්නා: (හිනැහෙමින්)මිනිහ ලියල තියෙන්නෙ කැප්පෙටි කොල ගැන.3 වැන්නා: අපිඅපේ වීරයෝ අඳුනන්නෑ.චන්දරේ: අපිඅහක විසිකරල තියෙන එරඬු දඬු වගේ. අපිට මුල් නෑ ඒත් දළු එනව.” (පාරදිගේ - තිර රචනය)ඒ තමයි විජය විජය කුමාරතුංග; ඔහු අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 69 කි.බෙහෙවින්ම වියපත් රංගන ශිල්පියෙකි. ඇතැම්විට සිනමාවෙන් සමුගෙන දේශපාලනයේ කිරුළු දරන්නටඉඩ තිබුණි. ඒ සියල්ල පසෙක තබා ඔහු අපෙන්සමුගෙන අදට වසර 26 කි. කාලය මේ තරම්වේගයෙන් ඉගිල ගියාදැයි නොදැනේ. විජය අපෙන්ඒ තරම් දුරට ඈත් වූවා දැයි නොසිතේ. රිදී තිරයේ ඉඳහිට ඇස ගැසෙන විජය තවමත් තරුණය;බෙහෙවින්ම කඩවසම්ය; සුකුමාර යෞවනත්වයේ සොදුරු පෙම්වතාය; රිදි තිරයේ ප්‍රේක්ෂයකාආදරෙන් වැළඳගන්නා නිර්ව්‍යාජ, හිත හොඳ අවංක පෙම්වතාය. ඔහුගේ රූපකාය තවමත් ඡායාවක්මෙන් රසික මනසේ නොනිදා හිඳින්නේ ඒ නිසා ය. එදා ඒ 70 -80 දශකවල සිනමාවට පෙම්බැන්ද අප අද බෙහෙවින්ම වියපත්ය. විජයකුමාරතුංග නම් වූ හිත හොඳ අවංක පෙම්වතා තවමත් තරුණ ය.අස්වැන්නෙන් නිරන්තරයෙන් ඇගැයුමට එසේත් නැත්නම් බුහුමනටලක්වන කලාකරුවන් අතර විජයට හිමිවන්නේ වෙසෙස් තැනකි. විජය අසාමාන්‍ය රංගනශිල්පියෙකි, අපූරු හඬක් හිමි ගායන ශිල්පියෙකි, ගීත රචකයෙකි, මානව හිතවාදීදේශපාලඥයෙකි. ඒ හැමටත් වඩා මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ හැඟීම් හඳුනන අප්‍රමාණවූ සොඳුරු මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අරුතින්ම නිර්ව්‍යාජ වු කලාකරුවෙකි.විජය ගැන බොහෝ දෙනා කෙසේ කොහාම ඇගැයුම් කලත් ඒ හැම එකක්මඅතීතයට අදාල වූ සටහනක්ම වන්නේය. ඒවා වර්තමානයට අදාල කර ගත හැක්කේ එවන් ජනප්‍රියකලාත්මක චරිතයක් වර්තමානයටත් වර්තමාන රසිකපරපුරටත්, කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්නන්ට මෙන්ම දේශපාලනය කරන්නන්ටද විජයගේ චරිතයතුළින් උගත හැකි දේ බොහොමයක් ඇති බැවිනි.ඒ අතිත මංතලා ඔස්සේ ඇවිද අස්වැන්නෙන් විජයකුමාරතුංග නම් වූ මම ආදරය කරන අප්‍රමාණසොදුරු මිනිසා සොයන්නේ නිතර අහන්නට නොලැබෙන ඔහුගේ දුර්ලභ ගීත කිපයක්ද සමග ය.1945 ඔක්තෝම්බර් 10 වෙනිදා උපන් කෝවිලගේ විජය ඇන්ටන්කුමාරතුංග එහෙමත් නැත්නම් අපි දන්න විජය සිනමාවට පිවිසෙන්නේ 1967 වර්ෂයේ තිරගත වූ“මනමාලයෝ” චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනි සිටිමිනි. එහෙත් ඔහු චරිතාංග නළුවකු ලෙසප්‍රේක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ පෙනී සිටන්නේ 1969 තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ“හන්තානේ කතාව” චිත්‍රපටයෙනි. හන්තානේ කතාව චිත්‍රපටයේ “බන්දුල” නම් වූ විශ්ව විද්‍යාලසිසුවාගේ චරිතයට විජය පණ පෙවීය. 70 දශකය මෙරටගොඩනැගෙමින් තිබුණ තරුණ ආකල්ප, තරුණ ජවය, තරුණ පරපුර කලාව සහ දේශපාලනය වෙනස්ආකාරයකට වටහා ගත් යුගය යි. හන්තානේ කතාව චිත්‍රපයට ද 70 දශකයේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් එබිකම් කර තිබුණේ මුලුමනින් ම නව පරපුරකට මගකියූ සිනමා කෘතියක් වූ නිසා ය.හන්තානේ කතාව තුළින් විජය ඇතුළු නව සිනමාකරුවන්ගේ සම්ප්‍රාප්තියඑවකට තරුණ පිරිසට මහත් ආශ්වාදයක් ගෙනදෙන්නක් වන්නට ඇත. ඒ යුගයේ තරුණ විලාසිතා, මෝස්තර, ඇදුම් පැළඳුම් අංගචලනය, බස හැසිරවිම මෙන්ම තරුණ පෞරුෂය පවා විජය තුළින් ප්‍රති නිර්මාණය විය. ඒවාසිනමාවේ අත්‍යවශ්‍ය රංගන රීතින් නොවන නමුත් විජය නිරායාසයෙන් ඒවා සිනමාවේදී භාවිතාකළේ ය. ඒ නිසා ඒ යුගයේ තරුණ පරපුර විජයගේ ඒ ආකාර්ෂණීය තරුණ පෙනුමට වඩවඩාත් ළං වූහ.විජයගේ ඒ නැවුම් ආකර්ෂණීය පෙනුම ගැඹුරින්ම ග්‍රහණයකරගන්නේ එවකට වාණිජ සිනමාවේ කිරුළු පැළැඳි චිත්‍රපට නිෂ්පාදකයන් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ සිනමාගාරවල ප්‍රේක්ෂකයන්සිහින ලෝකවල රඳවා තැබිය හැකි යෞවනත්වයේ කිරුළ හිමි කර ගත හැකි සිහින කුමාරයෙකි.විජයගෙන් මේ සියලු කාරණා පිඹිඹු වූ නිසා වාණිජ සිනමාකරුවෝ විජයට වාණිජ සිනමාවේ දැළඑලූහ.ඒවන විටත් සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ගාමිණී ෆොන්සේකාගේ ජනප්‍රියත්වයේ කිරුළ පවා විජය දෙසට හැරෙමින් තිබුණී.ඊට හොඳම නිදසුන වන්නේ 80 දශකය වන විට සිංහල සිනමාවේ “ජනප්‍රියම නළුවා” යන අභිෂේකනාමය විජය විසින් නතු කර ගැනිමය. ඊට ප්‍රධානමහේතුව වූයේ ඔහුගේ අසාමාන්‍ය රූප සම්පත්තියයි.එවන් අසිමිත රූප සම්පත්තියක් හෙබිරංගන ශිල්පියෙක් එදා මෙදා තුර සිංහල සිනමාවේ හමුවී නැත්තේ ඒ නිසා ය.වානිජ සිනමාවේ නැගී සිටීමෙන් සිදු වූයේ විජය තුළ සිටි ඒ චරිතාංග නළුවා සැඟවී ගොස් ජනප්‍රියම නලුවාවන්නට විජයට සිදුවිම ය. ඒ නිසා ම ප්‍රෙක්ෂකයන්ගේදෑස් ඉදිරියේ වූ තිරයේ විජය “හිත හොඳ නිහතමානී අවංක නිර්ව්‍යාජ පෙම්වතා” බවටපත්විය. ඔහුටද එයින් මිදෙන්නට අවශ්‍යතාවයක් නොතිබුණ බව පැහැදිළිය. වාණිජ සිනමාවේමේ අවශ්‍යතාවය විජය පසුපසු හඹා ආ හෙයින් චරිතාංග නළුවකු වීමේ වාසනාව ඔහුගෙන් ගිලිහි ඔහු ජනප්‍රියමසිනමා තරුව බවට පත් කළේ ය. හරියටම ඒබව ඔහුගේම ගීයකින් කිව්වොත් මේ වගේ ය.නූල්පොටක්උරුම නැතුව හඬමින් මොලොවට ආවේ හිනැහී මියයන්න මිසක හඬන්නට නොවේලබාදෙන්නඅකමැති දේ උදුර ගන්නෙ නෑසාගින්නෙන්මිය ඇදුනත් හිඟා කන්නෙ නෑඅමරස විඳිසුව යහනේ විසකටු ඇමිණේපැණි වරකෙටහෙන වැදිලා නාඩන් වවුලනේගැයුම : විජයකුමාරතුංගමෙහි සංගීතයසහ ගී පද රචනය සොයාගත නොහැක. විජය 1967 දී හන්තානේ කතාවෙන් සිංහල සිනමාවේ පළමු පියවරතබා 1988.02.16 දින නික්ම යන විට ඔහුගේ සිනමා දිවිය යාන්තමට වයස අවුරුදු 20 ක්සම්පූර්ණ කළා පමණි. ඒවන විටත් ඒ වසර 20 තුළ චිත්‍රපට 110 කට සිය රංගන දායකත්වයලබාදි තිබූණි. එයින් චිත්‍රපට 105 ක් තිරගත වූ ඒවා ය. චිත්‍රපට 05 ක් තිරගත වුයේනැත, ඒ අතර ඔහු විසින්ම නිර්මාණය කළ චිත්‍රපට දෙකකි. ඒ මංමුලාවැල් සහ සමාව යන චිත්‍රපටද්විත්වයයි. විජය මියගිය දිනය වන විට චිත්‍රපට92 – 93 ක් පමණ තිරගත කර තිබුණි. ඉතිරි චිත්‍රපට සියල්ල තිරගත වූයේ ඔහු මියගිය පසුව ය.විජය ගායන ශිල්පියෙකු ලෙසින් සිය ගායන සලකුණ තබන්නේදසිනමාවෙනි. ඒ 1980දි තිරගත වූ සුමිත්‍රා පීරිස්ගේ “ගඟ අද්දර” චිත්‍රපටය සඳහා නිමල්මෙන්ඩිස්ගේ සංගිතයට ඔගස්ටස් විනයාගරත්නම්ලියූ “ගඟ අද්දර” ගීතය ගැයීමෙනි. විජය හන්තානේ කතාව චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රියනළුවකු වූවා සේ ම ඉන් වසර 11 කට පසුව ගඟ අද්දර චිත්‍රපටයෙන් ගායකයෙකු බවට ද පත් විය. විජයගේ ගායනයේ ඇති කුසලතාවය ඊළඟට ලබාගන්නේප්‍රේමසිරි කේමදාසන් විසිනි. ඒ 1980 වසරේදි ම තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ“පාරදිගේ” චිත්‍රපටයට ඩබ්ලිව්. ජයසිරිලියූ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගිතයක් බවට පත් කරමිනි. එය යුග ගියකි.එදා විජයට ගායනයෙන් සහය වූයේ සුභාෂිනිඑවනස් නම් වූ ගායිකාව ය.අනතුරුව 1981 වර්ෂයේ දී විජය තෙවෙනි වතාවටත් ගායනශිල්පියෙක් බවට පත්වන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ “සූරියකාන්ත” චිත්‍රපටයෙනි.එදා සූරියකාන්ත චිත්‍රපටයේ සරත් දසනායකගේ සංගීතයටගීතයක් ගැයුවේය. ආසන්න වසර දෙකක් තුළ චිත්‍රපට ගීත ගායන ශිල්පියෙකු ලෙස චිත්‍රපටපසුබිම් ගී ගයමින් තම ආස්ථානය තහවුරු කරගත් විජය ඒ චිත්‍රපට තුනේම ප්‍රධාන චරිතනිරූපණය කිරිම විශේෂත්වයකි. මතු දැක්වෙන්නේ විජය සුරියකාන්ත චිත්‍රපටයට ගැයු ඒමියුරු ගීතය යි.සිතුම්විහඟ සෙන් සරා නිදැල්ලේජීවන පටුනපුරාපැතුම්විහඟ සෙන් සොයා ඉගිල්ලේදෑසක සිහිනදරාසිතකකැකුලු මල් හසරැල් පීදෙනඋයන් තෙරක්හමුවේදෝනෙතක කඳුළුගඟුළැල්ලක් වෑහෙනඅගාධයක්හමුවේදෝසුවඳසිහිනයක දේදුණු එළියේසිතකහැගුම් පිබිදෙන්නයිලොවටහොරෙන් මා හද කුටියටඔබේ සුවඳපිවිසෙන්නයිගී පදරචනය: කුලරත්න ආරිවංශගී තනුනිර්මාණය: රෝහණ වීරසිංහසංගිතය :සරත් දසනායකචිත්‍රපටය:සූරියකාන්තගැයුම:විජය කුමාරතුංගවිජය රඟ පෑ චිත්‍රපට 110 අතුරින් චරිතාංග නළුවකු ලෙසකුසලතාවය දැක්වූ චිත්‍රපට ඇත්තේ අතලොස්සක් තරම් වූ ප්‍රමාණයකි. ඒ සිනමා කෘති කිපය ඔහු අති විශිෂ්ඨ චරිතාංගනළුවක් බවට පත්කරන්නට ප්‍රමාණවත් චිත්‍රපටවේ.ධර්මසේනපතිරාජගේ - පාරදිගේ - (චන්දරේ)ධර්මසේනපතිරාජගේ - අහස් ගව්ව - (මහතුන්)ධර්මසේනපතිරාජගේ - එයා දැන් ලොකු ළමයෙක් ධර්මසේනපතිරාජගේ - බඹරු ඇවිත් - (බේබි මහත්තයා)ලෙස්ටර්ජේම්ස් පීරිස්ගේ - අහසින් පොළවටලෙස්ටර්ජේම්ස් පීරිස්ගේ - බැද්දේගම (බබුන්)සුමිත්‍රාපීරිස්ගේ - ගඟ අද්දර ( දොස්තර සරත් පතිරණ)ටයිටස්තොටවත්තගේ - මරුවා සමග වාසේවසන්තඔබේසේකරගේ - කැඩපතක ඡායා (ධනරත්න මුදලාලි)සුනිල්ආරියරත්නගේ - පොඩි මල්ලිසුනිල්ආරියරත්නගේ - අනූපමාසුනිල්ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ)කරුමක්කාරයෝසහ මධු සමයමේ චිත්‍රපටසියල්ල අතරින් සමහර ඒවා ඇතැම්විට වාණිජ සිනමාවට නැඹුරු වූත්, තවත් සමහර ඒවාකලාත්මක සිනමාවට නැඹුරු වූත් සිනමා කෘති වන අතර තවත් සමහර ඒවා කලාත්මක වාණිජ චිත්‍රපටවිය. කෙසේ වුවත් මේ සියලු චිත්‍රපටසංකේතාත්මකව ගත් කළ විජය විශ්වාස කළ දේශපාලනයත් , කලාකරුවනු තුළින් පළකරන්නා වූ මානව හිතවාදි ගුණයත් විහිද වූ විජයගේ සිනමාවේ පැතිකඩක් බඳු චිත්‍රපට වේ.මේ අතුරින් විජයගේ අතිවිශිෂ්ඨරංගන ප්‍රතිභාවක් පළ කළ සුනිල් ආරියරත්නගේ- ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ ) සිනමා කෘතිය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂයන්ගෙන්ගිලහී යන්නේ මෙරට ප්‍රේක්ෂකයන් බහුතරයක් බෞද්ධ ආගමිකයන් වූ බැවිනි. ඒ විජයගේ නිර්මාණයකට සෘජුවම ආගම අදාළ වූ නිසා ජනතාව එවන්චරිතයක් පිළිගැනිමට මැලි වූ නිසාත් ය. අද දවසේ මෙරට නිපදවෙන බෞද්ධ සංකේත මුල්කරගත්ඓතිහාසික ප්‍රබන්ධ ඇසුරින් නිර්මාණය වන සිනමා කෘති මුදල් උපයන් උල්පත් බවට පත්කරන්නත් එදා විජයගේ ක්‍රිස්තු චරිතය ප්‍රේක්ෂකයන්ඉදිරියේ අසාර්ථක වන්නේත් බෞද්ධ සහ ක්‍රිස්තියානිආගමික මුහුණුවර බලපෑ බවට තහවුරු වන හේතු සාධක පිරවරාගෙන ය.අපේ ආත්මයඋදුරන් තුරුළු කරන් සැතපෙන්නටමිනීපෙට්ටි නිදිමරනව අපි එනකල්දිග අඬුපඬුදික්කරගෙන සාම්බ්‍රානි දුම් බීගෙනමිනීපෙට්ටි නිදිමරනව අපි එනකල්සේසත් පෙරමග බලනව ලී ඇත් දල නිදි කිරනවමිනීපෙට්ටි නිදිමරනව අපි එනකල්කරදහි මල්ඉකි බිදිනව පාවඩ වැතිරී නිදනවමිනීපෙට්ටි නිදිමරනව අපි එනකල්ගැයුම : විජයකුමාරතුංගමෙහිසංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක. විජය දේශපාලනයට නැඹුරුවන්නේ 1977 නව දේශපාලන පෙරළියත්සමග ය. දේශපාලනයේදී විජයට සිනමාවේ මෙන්මපැහැදිලි දර්ශනයක් තිබුණි. ඊට සරිලන ප්‍රතිපත්තිද ඔහුට තිබුණි. ඔහු සිනමා ජීවිතයම කැප කළේ ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. එසේම දේශපාලන ජීවිතය ද මුලුමනින්මකැප කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙනි. එහෙත්එදා සිටි ජනතාව විජයගේ දේශපාලන දර්ශනය වටහාගන්නට අපොහොසත් වූයේ ඔවුන් රිදී තිරයේ ආදරය කළ සිහින කුමාරයා අතහැර දේශපාලනයටඅතපෙවීම විජයට නොගැලපේ යැයි ඔවුන් සිතූ නිසා ය. අනෙක් අතට අද මෙන් එදවස මාධ්‍යසංස්කෘතියක් නොතිබිමත්, තිබුණ එකම මාධ්‍යරජය සතුවිමත් නිසා විජය අපේක්ෂා කළ දර්ශනය නිසි ලෙස ජනතාව ඉදිරියේ තබන්නට ඔහුටනොහැකි විය. බහුතරයක් ග්‍රාමීය ජනතාව ඔහුදේශපාලකයෙක් ය යන මතය තහවුරු කරන්නට ඉඩ නුදුන්නේ සිනමාවේ දුටු හිතහොද අවංක පෙම්වතාඒ ගැමි ජීවිතය තුල ලැගුම් ගෙන සිටි බැවිනි.එසේ වුවත් එදා විජයගේ දේශපාලන සම්ප්‍රාප්තියට අකමැති වූජනතාවගේ දෙවන පරපුර අද දවසේ දේශපාලනය ගැන අබැටක් තරම්වත් දෙයක් නොදන්නා නළුනිළියන් දේශපාලනයට කැදවා ඉහළින්ම දිනවන්නේඑදා මෙන්ම අදටත් ඔවුන් තමන්ගේ සිහින ලෝකවලින් තවමත් මිදී නැති හෙයිනි.විජය ගිත ගායනයට පිවිස වසර හතක් වැනි කෙටි කාලයක් තුළගිත සියයකට ආසන්න ප්‍රමාණයක් ගැයුවේය. එයින් සියයට හතළිහක් පමණ ගිත ප්‍රේම ගීත ය.ඉතිරි සියයට හැටම විරෝධාකල්ප ගිත සාහිත්‍යයට නෑකම් කියන ගීත නිර්මාණයන්ය. මංගලනැකත, ගඟ අද්දර, දිනකර පායා, කවුලුව අතරින්, වේදනා, තනි යහන, සහ සිහින වෙරළ විජයගේගීත නිර්මාණ ඇතුළත් වූ කැසට් පටයන් ය. මෙයින් වේදනා, තනි යහන, දිනකර පායා කැසට් පටසාම්ප්‍රදායික ප්‍රේම ගීයෙන් මිදී සමාජය විවරණය කළ ගීත ඇතුළත් කැසට් පට වේ. මුල්වරට 80දශකයේදී විජය විරෝධාකාල්ප ගීත සාහිත්‍යයටනව ජවයක් ලබා දුන්නේ එවකට පැවති ආණ්ඩුවට එරෙහිවය. වේදනා කැසට් පටය අසූව දශකයේ ආරම්භයේදීමනිර්මාණය වුයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව ය. මේ ගීත අදටත් වළංගු වන්නේ ඒ නිසා ය.වහලේ යටලීයේඑල්ලී මිය ගියමගේ මලේමළේ කිමදනුඹ දනිමි මලේගෙපැල උගස්කර ලැබූ ශිල්පයට අවමන්ගැරහුම් කරන නිසාදැන හැදුනුම්කම්නොමැති කිසිම තැන සිනා පොදක්හෝ නොදුටු නිසාදම්සක්පැවතුම් සුතුර පුරද්දීනොදහමසිහසුන සිහසුන දරන නිසාඑල්ලී මළබව දනිමි මලේ නුඹමරණින් මතුලොව හොඳය සිතාබොජුන්සදන්නට මාපිය දෙපොළටඅතමිටසම්පත් සිඳුණු නිසාසිරසටවහලක් දෙපයට පොළවක්සිතකටනිවනක් නොලද නිසාමිනියටඅන්දා දෙනෙහි තබන්නටපමණක්ඇඟලුම් තිබුණ නිසාඑල්ලී මළබව දනිමි මලේ නුඹමරණින් මතුලොව හොඳය සිතාගී පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්නසංගීතය:රෝහණ වීරසිංහ ගැයුම : විජය කුමාරතුංග ඒ අයුරින් විජයසිනමාවේදී විවිධ චරිත නිරූපණය කරමින් මිනිස්කම විකසිත කළේය. එය සැබෑ ජීවිතයේ දී මිනිස්හදවත් වලට ළංව සැබෑ මිනිසකුගේ ගුණසුවඳ පැතිරවිම පිණිස දේශපාලනයේ පරිණත බවටළගාවෙමින් සිටියේ ය. ඔහුගේ දේශපාලනය තුවක්කුවකින් නිකුත්වන ජීව උණ්ඩයකට සිදුරු කළනොහැකි තරම් ශක්තිමත් අරටුවක් සහිත දර්ශනයක් විජය වටා ගොඩ නැගෙන බව විජයටනොදැනුනත් ඔහු දෙස බලා සිටි ඔහුගේ ප්‍රතිවාදීන්ට දැණින. විජය අප්‍රමාණව මිනිසුන්කෙරහි විශ්වාසය තැබීය. ඒ විශ්වාසයේ කුඩා සිදුරක් ඇති බව ඔහුට නොපෙනුණි. විජයගේදේශපාලනය සිදුරු කළ නොහැකි බව දැනගත් ජීව උණ්ඩය සිංහල සිනමාවේ හිත හොඳ අවංකපෙම්වතාගේ මුහුණ විනිවිද ගියේ ය.සැතපෙන්නෙදෙවියන් සුරඹුවන් සමගයිමළවුන්නිදන්නෙ මළවුන් සමගයිරහතුන්වැඩියද ගිරිකුලු මුදුනේසුවඳපිරුනු මල් කෙදිනද පිපුණේවැරදීමෙන්දෝ මා මෙලොව ඉපදුනේසයුර දිනනඔරු සයුරෙ දිලෙන්නේවෙරළ සිඹිනරළ වෙරළෙ හැපෙන්නේමතු කවදාදෝමා මට නැතිවෙන්නේ ගැයුම : විජය කුමාරතුංගමෙහිසංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
|
BLOG
|
2014.02.07
|
http://aswanna.blogspot.com/
|
෴ හැරී බලමි මම ඔබේ ඇසින්....100 ෴
|
දයානන්ද රත්නායක
|
මාතලන් ඇතුළු සහෘදයන් රැසක්ම දැනුම් දුන්නා 100 වෙනි සටහන සින්ඩිකේටර වලට ඇතුල්වී නොමැති බව. ඒ සියලු දෙනාටම ස්තූතියි. ෴ හැරී බලමි මම ඔබේ ඇසින්... 100 ෴ සහෘදයන්ගේ අදහස් මෙතනින් කියවන්න. මාතලන් සහෘදයා ලියනවා දයාට 100 යි කියලා ඒකත් මෙතනින් බලන්න..ඔබේ අදහස් ඇත්නම් ඒ ඒ පිටුවලම ලියා තබන්න.
|
BLOG
|
2014.11.01
|
http://www.poerty-dawson.blogspot.com/
|
දෙලොවක් අතර කවි|සුදු කතක් සහ මධු විතක්|නිරාෂ ගුණසේකර
|
ඩෝසන්
|
සුදු කතක් සහමධු විතක්දෙලොවක් අතරකවිනිරාෂගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “සුදු කතක් සහමධු විතක්” මා හට ගෙනආවේ අමුතුම හැඟුම් සමුදායකි. මෑතක කියවන්නට ලැබුණ කාව්‍ය සංග්‍රහ කීපයකින් කුමක්ගැන කුමක් ලියා තබම්දැයි විපිලිසරව හුන් මොහොතක නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ගැනලිවීම හිතට සැනසුමකැයි සිතුණේ මගේ ඉපැරණි රහස් මිත්‍රත්වයක් ඔහුගේ නිර්මාණ සමගින්ද තිබූ බැවිනි. ඔහුගේ “බඹරු එළපුදැල්” මගේ මාතරගෙදර පොත්ගුලේ ඇති බැව් මට මතකය. පොත්ගුලට මාව අමතකදැයි මම නොදනිමි. මන්ද යත් මගේපොත්ගුලෙන් මා දුරස්ව බොහෝ කල් බැවිනි.කෙසේ වෙතත් වෙනත් කුඩා පොත්ගුලක් හා පෙමින් මම දැන් කාලය ගත කරමි. ඒ කුඩා පොත්ගුලේඇත්තේ මෑතක අතපත ගාන පොත්ය. ඒ අතර නිරාෂගේ පොත ද වෙයි. ඒ විද්‍යුත් පිටපතක්වශයෙනි. මුද්‍රිත කරදහි, තීන්ත සුවඳ, රහිත තිරයක් මත ප්‍රක්ෂේපිතආලෝක රටාවක් වශයෙනි; ඒත් ඒ කවි ය; නිර්මාණ ය. විමසුමට, විඳුමට ඇණවුම් කරනුලබන ආලෝක තරංගයෝ ය.නිරාෂ ද මාමෙන්ම විදෙස්ගතව මානසික ශ්‍රමය වගුරා ජීවිතය ගැට ගසාගැනීමේ එකම ආදායම් මාර්ගය ලෙසවැටුපකට වැඩ කරන ශ්‍රමිකයෙකි; කම්කරුවෙකි.එනිසාවෙන් නිරාෂත් මාත් කම්කරුවන් ට පොදු වූ සියළු ප්‍රශ්නයන්හි ගිලී, පවත්නා ක්‍රමයේ - පද්ධතියේ සූක්ෂමගැටවලින් හිර වී, මිරිකීජීවිතය විඳින්නට, විඳ ගන්නටමොහොතක් උදාකර ගැනීමේ අනවරත උත්සහයේ යෙදෙමින් සිටින්නෝ වෙති. ඉතිං අපට ඒ බඳු මොහොතක් උදා වන්නේ මේ වැනිකෘතියක් මුල සිට අගට කියවා ගන්නට තරම් හෝ ඉස්පාසුවක් ලද මොහොතක යැයි මට හැඟේ.ජීවිතය තුළඇති මග හැර යා නොහැකි ව්‍යාජ මිනිස් සබඳතා-රැවටීම්-මෙලෝ රහක් නැති එවුන් ඇසුරටලැබීම-උන්ගේ කුප්ප තුප්පහි උගුල්වල පැටලීමට සිදුවීම-තම පන්තියේ සගයන්ගේම ඊර්ෂ්‍යාවටලක්වීම-කැපිල්ලට ලක්වීම-සූරා කෑමට ලක්වීම යනාදී සියළු ආකාර කටුක දුක්බරසංවේදනාවන්ගෙන් පීඩිතව ඉන් මිදෙන්නට අවසරයක් ලද මොහොතක මේ කවි සමුදාය ඔහු අතින්ලියැවීඇත. (ඔහුගේ පෙරවදනේ මේ බව සඳහන්ව ඇත.) මේ සතුටුදායක තත්ත්වයකි. මන්ද යත්, මේ ව්‍යාජ සමාජසම්බන්ධතා ජාලයේ ගිලී සිටින්නට සිදුව ඇති අයෙකුට, විශේෂයෙන් විදේශයක දී, එවැනි මොහොතක් හෝ ලැබීමසතුට නො දනවන්නේ ද.ඕස්ට්‍රේලියාවේවාසය කරමින් සිය කෘතිය සම්පාදනය කරන නිරාෂ “සුදු කතක් හාමධු විතක්” යනුවෙන් සියකෘතිය නම්ගන්වා ඇත්තේ කිසියම් රහසිගත ඇණවුමක් රසවතුනට දෙන්නට යැයි මට සිතේ. නොඑසේනම් එය ම වෙනත් ඕන තරම් නම්වලින් හැඳින්වීමේ හැකියාවන් ද නොමැත්තේ නොවේ.ලංකාවේමිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම්විශාල විග්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම්විවාදාත්මක නොවේ. එසේ බැවින් “සුදු කතක්” යන්න අපට ගෙනෙන්නේ වික්ටෝරියානුසදාචාරාත්මක වඩා වෙනස්, හාත්පසින් ආසියානුවටිනාකම්වලට විරුද්ධ හැඟවුමකි. එනම් වඩා හොඳ හෝ දියුණු හෝ සරාගික හෝ වෙනත් මොනයම්හෝ බටහිර දෘශ්ටියෙන් “සංවර්ධනාත්මක” හැඟවුමකි. එයම ලංකාවේපශ්චාත් කොලනීකරණයේ ශේෂ වූප්‍රතිඵලයක් ලෙසද අරුත් ගැන්විය හැකිය. මින් මාකියන්නට උත්සහ කරන්නේ නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ඉතා සියුම් ලෙස ලාංකික සංකේතලෝකයෙන් ඛණ්ඩනය වීමක් මෙම “සුදු කතක් හාමධු විතක්” යන නාමකරණයඔස්සේ සිදුව ඇති බැව් පෙන්වන්නටය. “මධු විතක්” යන්නෙහි හැඟවුම්කාරක බලපෑමදෙවිදියකි. ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ මධු විතෙහි නොඇලෙන්නා හ. එසේ හෙයින් “සුදු කතක් හා මධුවිතක්” යන්න එකට ගත්විට මධු විතක් අත ඇති සුදු කතක් ලෙස හෝ සුදු කත වෙනම ද වෙනත් අතක මධු විත ඇතැයිකියා ද ගත හැකි බැවින් ඒ මධු විතෙන් සිදුවන ඛණ්ඩනය එක්කෝ ලාංකීය සංකේත ලෝකයෙන්දුරස්ථකරණය පිළිබඳ මගේ ප්‍රවාදයට උදව් කරයි. නැතහොත් මඳක් එහි බර අඩු කරයි. කෙසේවුවු ද මේ සංඥාර්ථ යුගල එකට ගත්විට මේ කෘතියේ ඉදිරි ගමන්මග අප තුළ සළකුණු කරන්නටනියමිත සන්ධිස්ථාන පිළිබඳ සිතියමක් සකස් කරගන්නට මගක් පෑදේ.දැන් මාසෘජුවම එම කෘතියේ නමින් ම වූ කාව්‍ය නිර්මාණය වෙත යොමු වෙමි.සුදු කතක් හාමධු විතක්පුටු කකුල් අතරින් රිංගායට සායවල් අස්සෙන් එබෙමිනසුදු කකුල්වල තැවරීහීන් හිරිගඩු නංවනදඟකාර මද සුළඟ...වෙන වැඩක් නැත්නම්පිසදානවද අප අවටමේපල් පතින් හැඩිවුණමෑ කැමති නෑ ඕවට...ඉස්තරම් රතු වයින් පමණදතොල් තෙමාලන්නට නියමිතසිහින් දිගු වීදුරු ගැටෙන හඩඅතරතුරදීත්නුඹේ පා මුදු සරය ඇසුණේයන්තමින් මටමගේ ගීයට තාල ඇල්ලුව...ඔලිව් ගෙඩියක පුංචි කහටකදිව කොනිත්තන මිහිරියාවකඅතීතෙ එක්තරා දවසකවෙරළු ගස් යට සුසුදු මල් මතඇගේ අතගෙන ඇවිද ගිය හැටිහිතේ රාසේ ඉපිද මිය යයි...ඒ වුණත් මම අවන්හළ ළඟ පහන් කණුවට කියන්නම් කෝ ඇස් වහන්නටබමන දෑසින් තවත් ළං වීමගේ ඇස්වල කවි හොයනකොටඋහුලන්න බැරි එක ම දේ මටදැනී නොදැනී මාව රිදවනලැවන්දර මල් සුවඳ පමණිය....කවියා සිය පරිකල්පනය ආශ්‍රයෙන් උපදවන මේ සමස්ත සිතුවමටපිවිසෙන්නේ දඟකාර මද සුළඟකිනි. එම මද සුළඟට සුදු කත අවට අවන්හල් බිම ඇති මේපල් පත්‍රපිසලන්නේ නම් මැනවැයි කියමින් ඇගේ ඒ පරිසරයේ හැඩි බවට ඇති අකමැත්තක් ප්‍රකාශකරවයි. ඉන්පසු ඉස්තරම් වයින් සහ සිහින් දිගු වීදුරු මවමින් ඇගේ පා මුදු සරය ඔහුගේගීතයට තාල ඇල්ලූ බවක් රූපණය කරයි. එනමුත් හදිසියේ ඔහු ඔලිව් ගෙඩියක රස ඔස්සේඅතීතයට හඹා ගොස් වෙරළු ගස් යට වෙනත් ඇයක සමග ඇවිද යයි. මේ රහස් සිතුවිල්ල රහසින්මසිත තුළ මිය යයි. මේ සිතුවිල්ල එලෙස මිය ගිය ද අවන්හල නුදුරේ සුදු කතගේ බමන දෑසින්ඔහු ඇස්වල සොයන කවි හැඟුම් නොපෙනෙන්නට පහන් කණුවේ ඇස් වසන්නට ඇණවුම් කරයි. එහෙත්ඔහුට නොඉවසිය හැක්කේ සුදු කත සිරුරෙන් වහනය වන ලැවන්දර මල් සුවඳ පමණි.කවියාට හදිසියේ ඇතිවන මේ උහුලනු නොරිසි ලැවන්දර සුවඳ එසේඋහුලනු නොහැකි වන්නේ කුමක් නිසා ද. ඒ අතීතයේ ඇවිද ගිය වෙරළු ගස් යට සුසුදු මල්වැතිරුණු අතීතයේ සිට හමා ආ සුවඳක් නිසාවෙන් ද. මෙයින් කවියා ලාංකීය සංකේත ලෝකයටයලිදු බැඳ තබන රහස් රැහැණක් මතු නොවන්නේ ද. ලැවන්දර සුවඳ නියෝජනය කරනු ලබන වත්මන් ඕස්ට්‍රේලියානුයතාර්ථයත් වෙරළු මල් පලස් විසින් ඇණවුම් කරනු ලබන අතීත ලාංකීය ඝණීභවනය වූයතාර්ථයත් අතර කවියා දෝලනය වන බැව් පෙනේ.විදෙස්ගතව කාව්‍ය නිර්මානය කරන බොහෝ කවියෝ මෙලෙස දෙලොවක්අතර මනසින් දෝලනය වන්නාහුය. විටෙක ඔවුහු තම වාස්තවික යතාර්ථයෙන් උජ්වලිතව ඉන්මොහොතකින් සිය පෙකෙණිවැලට සම්බන්ධ වීනොස්ටැල්ජික රමණීය අතීතයක් ගෙනහැරපාමින් එම යථාවන් යුගල අතර පැල්ම වසාලයි.සැබැවින්ම ලංකාවේ ගත කළ කාලය රමණීය සොඳුරු අතීතයක් බවටපත්ව ඇත්තේ වත්මන ට සාපේක්ෂව විය යුතුය. මන්ද යත් ලංකාවේ අතීතය හෝ වර්තමානය හෝකිසිවෙකු වෙත කිසිදු රමණීයත්වයක්, සෞන්දර්යයක්කිසි කලෙකවත් නොපිදූ හෙයිනි. එනම් මේ මවන්නා වූ ලාංකීය සෞන්දර්යය කවියට උචිත හෝසීමා වන දෙයක් බැවිනි. යතාර්ථයට නම් එලෙස කිසිවක් හසු නොවන බැවිනි. මින් අනුමාන වනකරුණ නම් විදේශයක නැංගුරම් ලන ලාංකිකයෙකුට සිය මනෝ ලෝකය උඩුයටිකුරු කර ගන්නවා හැරවෙන විකල්පයක් එහි පැවැත්ම සාදා ගැනීමට පාදා ගත නොහැකිය බවයි. මීට සමීප හෝ දුරස්ථ උදාහරණලෙස ඕස්ට්‍රේලියාවේම වෙසෙන සුනිල් ගෝවින්න හෝ ජගත් එදිරිසිංහ හෝ රසික සූරියාරච්චියන කවියන්ගේ නිර්මාණ හරහා ද පොදුවේ මතුවන බැව් සටහන් කළ හැකිය. සුනිල් ගෝවින්නයන්සිය නොස්ටැල්ජික ස්මරණයන් ඔස්සේ සිය කාව්‍ය නිර්මාණ අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙකි.ඔහුට ඉන් කිසිදු ගැලවීමක් ලද නොහැකි බැව් මගේ අදහසයි. ජගත් එදිරිසිංහගේ කාව්‍යනිර්මාණ වඩාත් සමාජ අද්දැකීම් සහ ප්‍රේමය උදෙසා සමතුලනයක පවත්වා ගෙන යාමට සමත්නිරෝගී නිර්මාණශීලිත්වයක් නඩත්තු කරමින් සිටියි. රසික සූරියාරච්චි එලෙස කෙටිවැකියට හැකිලිය නොහැකි තරම් පැතිරුණුනිර්මාණකරනයක නියැලීසිටියි. ඔහුගේ නිර්මාණශීලීත්වය “තට්ටෙන් සොමිය දීම” වැනි වූඅතිශයසරල ගද්‍යයන්ගේ පටන් ඉතා සංකීර්ණ සිවුපද ශ්‍රේණි දක්වා විහිදෙයි. මේ සියල්ල ගේපොදු ඇනෝනිමසීය පාඨකයා වෙසෙන්නේ සිංහල ලියන- කියවන- කතා කරන යතාර්ථය ලෙසපරිපීඩිත වූශ්‍රී ලාංකීය මිනිස් වටයේ ය.සාහිත්‍ය නිර්මාණය කරන තැනැත්තාගේ කාර්යයඑක් අතකින් ස්වාධීන එකක් නොවේ. ඒ මක් නිසාද කිව්වොත් ඔහුගේ කාර්යය රසිකයා අපේක්ෂාකරන නිසායි. ඔහු නිර්මාණය කරන්නේ රසිකයෙකු සඳහායි. කිසියම් කෙනෙකුගේ වින්දනය සඳහාය. ඒ රසිකයා අසවලා කියා හෝ අසවල් ගණයේ පුද්ගලයෙක් කියා හෝ ඔහු සවිඥානකව සිතනවානොවන්නට පුළුවන්. එහෙත් කිවියාගේ යටි සිතෙහි කිසියම් අඥාන රසිකයෙකුගේ නොපැහැදිලිරූපයක් එහෙම නැත්නම් එබන්දෙකුගේ ප්‍රතිචාරය පිළිබඳ කිසියම් අවිනිශ්චිත හැඟීමක්තියෙනවයි කියල මම හිතනව. -එදිරිවීර සරච්චන්ද්‍ර-සාර සංග්‍රහය-සංස්කාරකයෝපී. බී. ගලහිටියාව/කේ.එන්. ඕ. ධර්මදාස-පිටුව 155විප්‍රවාසීව නිර්මාණ කටයුතුවල යෙදෙන්නන් ගැන මහාචාර්යවිමල් දිසානායක සවිස්තරාත්මක හැඳින්වීමක් කලකට පෙර පුවත්පතකට ලියා තිබුණු බැව් මටමතක් වේ. නිරාෂගේ නිර්මාන පොදුවේ යතාර්ථයේ කටුක බවට හෝ ව්‍යාජ බවටඌණපූරකයක් ලෙස හෝ එම කටුක ව්‍යාජ සංසිද්ධීන් විසින් බැහැර කරනු ලබන ඉතිරිය හෝ අඩුවපුරවා ලන්නට සමත් කරවන ඖෂධයක් ලෙස හෝ හිස් තැන් පිරවීමට ඇවැසි පොටියක් මෙන් භාවිතාවන බැව් වඩාත් සමීපව බලන කල පෙනේ. තව දුරටත් ඕස්ට්‍රේලියානු යතාර්ථය තුළ නැහැය තෙක් ගිලෙනකවියා සිය පණ ආරක්ෂා කරගන්නා අයුරු පෙන්වන මනරම් කවියක් කියවා බලමු.උදෑසන කවියනැඟෙන දුම් රැළි කවියකිඅළු බිඳින අතැඟිලි නළුවකිනා දලු සදිසි දෙතොලකිඅනන්තය පහුරු ගානාදිළිසෙන බළල් ඇස් සඟළකි...යන්තමට තැවරුව සුවඳකිදෙහි මලක සේ දුරට රිදුමකිසුරඟනන් අත රැඳුණ පැහැයකිඑය සොරා ගෙන දිලෙන කොපුළකි...පොරොත්තු දුම්රියකිතනිව ම විඳින ගීයකිදුරින් රාව දෙන මිතුරු කට හඩ ගොන්නකිහැරීවත් නොබලනාදඩබ්බර ඉටි රුවකි...ඇහිපිල්ලමෙන් ගැයූ ගීයකිදවා හළු කරන සුරත් ගිනි දැල්ලකිකොටට හැඳි ගවුම නම් සකිබහින හිරු රැස් වගේ සරාගික තෙලි තුඩු පහරකි...වයරය දෙසවනින් පන්නා ඔරවා බලන බැල්මකි...කන් දෙකත් මඳක් රතුවීගේ දොර අඹු දරුන් සිහිවීදෙනෝදාහක් අතර ඇසිල්ලේ නිවන් දුටුවෙකි...මේ නිර්මානය පසුබිම් වන්නේ එක්තරා උදෑසනක නිරාෂගේ ඕස්ට්‍රේලියාවදවස අරඹන අයුරයි. එය එක්තරා උදෑසනකැයි කීව ද චක්‍රීය ලෙස සිදුවන්නක් බවට ඉංගිත පළවෙයි. ඔහුට පෙනෙනූයේ ඕස්ට්‍රේලියානු සුදු කතුන් ය. ඔවුනගේ දෙතොල් නා දලු වැනිය; ඔවුනගේ බළල් ඇස්අනන්තය පහුරු ගානු ඔහුට පෙනේ; විලවුන් සුවඳපමණට ය; මුහුණේ ඇතිකෘත්‍රිම තැවරුම් පවා සුරඟනන් අත රැඳුණ පැහැයන් සොරා ගෙන අතුල්ලා ගත් වනමය. තවත්අයෙක් දුම්රිය එනතුරු වයර් කන්වල ඔබා සංගීත ශ්‍රවණයේ යෙදෙන ඉටි රූ පිළිම ය; එකියන් හැරීවත්නොබලති. ලංකාවේ කොල්ලෙක් උජාරුවට ජැන්ඩියට හැඳ පැළැඳ සිටිය ද උන් නොබලති. එවුන් මේකවියා දෙස සෘජුව නොබලන්නේ කවියා සිය ඇස් යොමා සිටින අශ්ලීල දසුන් උනුන් ඇසිපියන්යටින් දකිනා හෙයිනි. බහින හිරු රැස් මෙන් සරාගික තෙලි තුඩු පහර සේ සංසංදනාත්මකසිතුවිල්ලේ කවියා නිමග්න වන්නේ කෙල්ලන්ගේ කොට ඇඳුමින් නිරාවරණය වු දෙකකුල් දෙසඅනුරාගය වඩවමිනි. මේ අවස්ථාව කදිමට විචිත්‍ර කර ඇත්තේ කවියා කොතරම් නිර්මානයටඅවංකදැයි පසක් කරමිනි. එම සුදු ඉටි රුව වයරය දෙසවනින් පන්නා ඔරවා බැලූ අයුරඑනයින්ම සිත්තම් වී ඇත්තේ එබැවිනි. කවියෙකු සල්ලාලයෙකු වීමේ වරදක් නැත. මේ තිබෙනජීවිතේ කම්කටොළු මැද්දෑවේ යුවතියකගේ නිරාවරණය වූපා යුග කොතරම් සනීප, සමීප, මනස්කාන්ත, චිත්ත ප්‍රමෝදයකින්හිත කීරි ගස්සනව ද. එනමුත් කවියා එතෙකින් නොනවතී. ඔහු ඉන්පසු සිය සුතනඹුවන් සිහිවහිටි වනම නිවන් දකින්නේ මේ තත්ක්ෂණයක උපන් සර්ධාසම්පන්න සිතුවිලි දාමයේ අනුහසිනි.මේ කොතරම් පරිපූර්ණ ලාංකීය-ඕස්ට්‍රේලියානු ද්වන්ධ ලෝක සටනට පිළිපන් කවියෙකුගේආත්මාලාපයක් ද. සුදු කකුල් දැකුමින් නිවන් දකින්නේ යැ කියන්නේ ම ලාංකීය සමාජයක්ලෙස ඉරිතලා ගිය මොඩ් බුදු සසුනෙන් පුද්ගල විමුක්තිය කල් දමා තව තවත් සාහිත්‍යාංගනිමවමින් සිටිනවා යැයි ප්‍රකාශ කිරීමක් නොවෙ ද. මේ නිරාෂ කනට ගසන්නේ අතින් නොවකවියකිනි. “ව්‍යුත්පත්තියෙන්පරිණත වන කවියෙක්” යනාදී වශයෙන්සිය විමර්ෂනාත්මක ලිපියේ නිරාෂගේ මෙතරම් උත්ප්‍රාසවත් කවි භාවිතාවක් රත්න ශ්‍රීකිවිඳුන්ගේ කිවි ඇසට හසු නොවීමත් මගේ පුදුමයට හේතුවක් වේ.නිරාෂගේ කවිවල තව තවත් හමු වන විශද වන නොයෙකුත් දේ බොහෝඇත. ඒවා වෙන් වෙන්ව ගෙන විමසීමට මේ අවස්ථාව නොවේ. ඔහුගේ නිර්මාණ සමුච්චයේවිවිධාකාර දෘශ්ඨීන් මෙන්ම භූගෝලීය පැතිරීම් ආවරණය වීඇත්තේ මන්දැයි විමසීම දඅත්‍යවශ්‍ය කාරණයක් වුවද කල් තැබීමට සිදු වේ. මා අතිශයින් ප්‍රිය කරන කාව්‍යමයයෙදුම් විශාල ප්‍රමාණයක් ද මෙම කාව්‍ය සංග්‍රහයේ හමු වේ. ඒ අතරින් රාත්‍රියක කතාවක් හි උමා බෙලිහුල අතැරදාලාගූඨ අඳුරේ තනිව නිවසනසිහිල පහණෙක අවට හිරි තෙතඋරා බීගෙන වුණි ද මල්වර. කොටසට මම ඉතාප්‍රිය වෙමි. මධුරීනම් වු කාව්‍යයේමේ කොටසට ද මම ඉතා ප්‍රිය වෙමි.හොරා අරගෙන ගියා වාගේනුඹේ හෝරා කටුව දිවියේමගේ පොඩි උන් පවා දිනයකනුඹෙන් ඇවිලී යාවි රාසේ....මේ සියළු දේ ගැන සිත උපදින හැඟුමන් විස්තර කරන්නටගියහොත් ඒ “සුදු කතක් හාමධු විතක්” කෘතිය ඉක්මවාවිශාල වන්නා වූ ලියැවිල්ලක් වනු නියතයැයි මම සිතමි.අවසාන වශයෙන් මේ “ස්වෝන්ස්ටන්වීදියේ දි දුටු යුවතිය” විග්‍රහ කරගැනීම පාඨකයාට භාර කරමි.ස්වෝන්ස්ටන් වීදියේ දීදුටුයුවතිය හංස වීදිය කොණක හසඟනකි නෙත් එළනකංස දුම් වළාවට නේත්‍රා දිළිසෙමිනවංස කුළ ගොත් බිඳැර රාත්‍රිය ගෙවීයනසංසාරය ම අතර මග නතර කළලෙසිනමන්දාරමට ඉහළ සඳ පෙනේ යන්තමටමංමුලා වූ හිතක් සැරිසරයි වට අවටරන්මුවා දුනු දියැද මුදා හීසර හදටහංසියක සැරසුණි ද සඳකිඳුරු දඩයමටයාර ගඟ මොහොතකට නතර වී ඇදී යනපාරවා මගේ හිත නියොන් එළි හිනාවෙනසාර සිය ගව් දුර ම එක ඇසින් හකුලමිනනෑරකැටුවයි ගියේ පාර වැරදුණ බැවිනඇබින්දක් සඳ එළියෙ නුඹේ නෙත කියවගමිකාන්තිය ඇතුළ ඇති කුමක් දෝ අහුලගමිකාන්සිය සරතැසට පිනි පොදක තෙත සොයමිපාන්දර පමා වී උදා වන්නැයි පතමිදිවා කල වෙස් මුහුණ උනා දා නගරය මමවා පානා වැනිය සැබෑ රුව සියොළඟමනිවා දුක් සංතාප තබා පසෙකින් සැවොමගෙවා යන දුර පුදුම පා ලකුණු නොතබා මදියෙන් කිරි වෙන් කරන හංසියක ඇසෙහි තෙතහොරෙන් විඳි ගනිමි මම අහුල ගෙන පියාපතඑරන් සීනය පතා බිඳෙද්දී හදෙහි තතසුරන් ඩැහැගෙන ගියෙද හීනයක දකුණු අතසුරා සැල් පුරාවට ගැටෙන වීදුරු හඩයනුරා සඳ කළුව යට සරාගික නෙත් සරයවිරාමෙට ඉඩ තියා පලා ගිය සෙනෙහසයදිරා යන්නට නොදීවිඳින්නදයෞවනයහංස වීදිය කොණක හසඟනකි නෙත් එළුව සංසාරය ම අතර මග නතර කර දැමුවඩෝසන් ප්‍රීති1/11/2014.
|
BLOG
|
2014.10.28
|
http://www.poerty-dawson.blogspot.com/
|
හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය
|
ඩෝසන්
|
2014 ඔක්තෝබර් මස 28 වැනිදාආදරණීය සහෘදයින් වෙත,ගෞරවාදරණීය ස්තුතියහකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි.හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ සචී පනාවල යුවලට3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත් කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත් දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය දෙපලට5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ සිතුම් වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් සුසන්ත මූණමල්පේ සොයුරාට8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් මා දිරිමත් කළ සියළු දෙනාට9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට දමගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති වෙමි.මීට හිතවත්ඩෝසන් ප්රී තිහකාවති වැඩසටහනට දායකත්වය දැක්වූ අය වෙත තිළින ලෙස සුචරිත ගම්ලත් ශබ්දකෝෂ ප්‍රදානය වූ සහෘදයන්1. පැවරූ කටයුත්තකට දක්වන අතිශය කැපවීම සහ අතිවිශාල නිර්මාණශීලිත්වය අගයනු වස් ලිෂාන් පුවක්ඕවිට2. භයංකර බුද්ධියේ සහ සෞම්යතශීලි නිර්භීතභාවයේ සුසංයෝගය අගයනු වස් සුසන්ත මූණමල්පේ3. නිර්මාණශීලි දායකත්වය, ජාලීය මෙහෙයුම් සහ උද්යෝීගිමත් සහභාගීත්වය අගයනු වස් කාංචනා අමිලානි4. හෘදයංගම කැපවීම සහ සහෘදාත්මක සමාජශීලිත්වය පසසනු වස් චූලානන්ද සමරනායක5. අගණිත හිතුවක්කාරත්වය සහ හිතට විරුද්ධ කැරලිකාරත්වය පසසනු වස් කේ කේ සමන් කුමාර.
|
BLOG
|
2014.10.28
|
http://www.poerty-dawson.blogspot.com/
|
හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය
|
ඩෝසන්
|
හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය:ප්‍රථම ස්ථානය“හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික සමාජයට Reality Check එකක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් හකාවතිය රියැලිටි චෙක් එකක් ලෙස හඳුනා ගත්,නිල්මනීප්‍රනාන්දුදෙවන ස්ථානය“විනෝදය: ඇත්ත. අත්ශයෝක්තිය ටිකක් වැඩියි. මෙගා වගේ. ඇඟිලි හතරක් කතෘ දෙසට.” යනුවෙන් විනෝදය කතාවේ සුගතදාස වලිමුණි යනු 80%න් කෘතියේ කතෘ හා සමපාත වන බව සොයා ගත්,අනිල් හේරත්තුන්වන ස්ථානය“මරණයත්, විද්යාිවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත්…” යනුවෙන් හකාවතියේ යටිපෙල මරණයත් විද්යාාවත් යන සංඥාවන්ගේ සැකසුමක් බව අනුමානය කළ,හිමාලි එන් ලියනගේවිශේෂ (විචාර) ඇගයීම්හෂිත අබේවර්ධන(ලිපිය)මංජුල වෙඩිවර්ධන(ලිපිය)සුමේධා නවරත්න (ලිපිය).
|
BLOG
|
2014.10.26
|
http://www.poerty-dawson.blogspot.com/
|
ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන
|
ඩෝසන්
|
මංජුල වෙඩිවර්ධන හකාවතිය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත.එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම් ගමනක් වුව යා යුතුය. දුර්වල සිත් ඇත්තන් මීට ගොඩවැදීමෙන් වැළකිය යුතුයැයි මම නොකියමි.ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.ඩෝසන් කියූ හැටියේම මුලින්ම අපඅබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීයකුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ‘අර’ පල්ලම දෙස අභීතවබලන් සිටිනා කුළුණ ය. ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙපාරක් කැපුවද මන්ද.’’ කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්. ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි. ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත්දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි. අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.කැප්ටන් ඩෝසන් හදිසියේ මිය ගියේ කෙසේද. නයෙක් ගැසීමෙන්ද. බොහෝ දුරට උත්තරය, ‘‘ඔව්’’. ඔහු කොළඹ රැගෙන ආයේ නයි විස සමඟින්ද. එසේනම් ඔහු මිය ගියේ නයි විස සමගන්ද. උත්තරය.........කෙසේ හෝ අවසානයේ ඩෝසන් පුන්රුප්පත්තිය ලබා තිබේ. ඩෝසන් ප්‍රීති නමිනි. ‘රෝහණයේ’ උපන් පුතෙකුට ඩෝසන් යනුවෙන් නම් තබන්නටතාත්තකුට හිතෙන්නේ ඉන්ජිනේරුකම මිටින් අරන් උපන් නිසා නොවේද. ඔහු අලුත් පාරක් හදන්නට මුල් වන බව දැනුණු නිසා නොවේද. නොඑසේ නම් ප්‍රීතීන්ගේ තාත්තා වහාම ඔහු ඩෝසන්යනුවෙන් නම් කළේ ඇයි. ඒ ඔහුගේ අනාගතය ගැනදැන සිටි බැවින් මිස අන් කවර හේතුවක් නිසාද. නමුත් මේ උතුම් තාත්තා නොදැන සිටි ‘‘එක් සුවිශේෂ දෙයක්’’තිබේ. ඒ ඔහු පුනුරුප්පත්තියලැබුවේ අර නයි විසද සමගින් බව ය. ඔහු තුළ නයි විස වූ බව කෙමෙන්පිටතට පෙනෙන්නට වූයේ ඔහු භාෂාව හරහා සමාජයට දෂ්ඨ කරන්නට වූ විටයි. මෙයමෙතෙක් කාටවත් කියවා ගත නොහැකි වුවාට මා මක් කරන්නද. මට එය ඔප්පු කළ හැකිය. ගන්න ඔහුගේ පළමු කවි පොත අතට. මොකද්ද නම. ‘‘මුචලින්ද තාප්පය’’. දැන් හරිද.නමුත් මේ නයි විසෙන් මියගිය ඉන්ජිනේරුවා, නයි විස සමඟින්මයළි උපතලබා ඇති බව අපට හරියටම දැනේනනේ ‘‘ඔහු තම විස කැවු බස’’ අප හදවතට මුදා හැරිය නිෂ්චිතම නිමේෂය වන ‘‘හකාවති’’හරහා බව මම ඔබටපවසමි.මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කරපෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන්දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබාමිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.ඩෝසන්ගේ ප්‍රකටම කෙටිකතාව ලෙස මේතාක් සියල්ලන්ම සංවාදයට නතු කර ඇති ‘‘මිරැන්ඩා’’ ඇරඹෙන්නේමෙලෙසිනි. පළමු ඡේදය ය.‘‘රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයාසිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින්ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත්තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය.රතු නිල් පැල්ලම් අතර රන්වන්කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතීපහලටචලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම්වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනිදීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව්කිසිවෙකුත් නොදුටුවේය.’’නිශ්ශංක දකිමින් සිටි සිහිනයේ රතු-කොළ කොරහැඩි දිළෙන සර්පයා ඇතුළුවන්නේ සඳලතාගේ කලවා අතරින් මිස මිරැන්ඩාගේ විප්ලවීය රතුපාට විප්ලවීය කලවා අතරින්නොවේ. එය එසේ වී නම් එළැඹෙන මොහොතේ මරණදෙකක් සිදුවන්නේ නැත. සඳලතා ගැබ සැහැල්ලුකර ගන්නා මොහොතේදී එළියට ඒමට නියමිතව ඇති දෙදෙනෙක් මිරැන්ඩා තුළ සිටිති. එකකු දැරුවා ය.දෙවැන්නා නිල්-කොළ ලප සහිත සරුපයා ය. දෙනොමඑළියට නෑවිත්ඇතැයි අපට හැඟේ. ඒත් සරුපයා. සඳලතාත්, නිශ්ශංකත්, දරුවාත් ලෝකයෙන් තොලොංජිවුවද නිල් - කොළ ලප සහිත, රන්වන් කොරපොතු ඇති සර්පයාත්, විප්ලවීය මිරැන්ඩාත් තවමත්හිඳී. මේ නම් කදිම කතාවක කදිම අවශේෂයකි.විෂ සහිත අවසානයකි. ඩෝසන්ගේ සර්ප විෂ ය.සමස්ථ කෘතිය පුරා සාවධානව හිඳන්නේ මෙකී උගුරු කාරකචමත්කාරයයි. රමනීය වන්නේ ‘‘වමනීය’’ වේදනාවයි. ඩෝසන්භාෂාමය කැටපත අල්ලන්නේ සමාජය වෙත යි. අපවෙත ප්‍රක්ෂේපණය වන්නේ සමාජමය යථාවයි.සමාජය කෘෘර වූවාට ඩෝසන් මක්කරන්නද.සමාජය පාදඩ වූවාට සාහිත්‍යකරුවා මක්කරන්නද. කාලකන්නභාවය ලඹ දෙන අවාකාශයක, එය, කෘතියකින්නිරූපනය වන්නේ නම් කෘතිය දැමිය හැක්කේ කවර ගොඩට ද. පැහැදිලි ය. ඩෝසන් ප්‍රීති ස්වකීය කෙටිකතා සමුච්චය හරහාසහෘදභාවය රිදවා ඇත. එකී හදවත් පාරා ඇත.එසේ සිදුකළ ලියන්නා ඈතක හිඳ අපට හිනාවෙමින් සිටී. අපට දැනෙන්නේ මාරාන්තික රිදවීමකි. ඒමාරාන්තිකභාවයේ භාෂාත්මක වික්‍රමය සුවිශේෂි ලෙස පැන නඟින්නෙ ‘‘මාරාව’’හරහා ය. කතා නම්මෙහෙමය කියන්නාක් මෙනි. එකිනෙකට සම්බන්ද දේවල් එකිනෙකට වෙනස් උපැහැරණ ඔස්සේඅපට කියවන්නට සැලැස්වීම මාරාවකතාවේ තියෙන මාරාන්තික ශිල්ප දැක්විම ය. ‘‘කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපුවේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලාදෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මටඅතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඬේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුරගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින්’’ඩෝසන්ගේ සමස්ත කතා කලාව පැන නැඟෙන්නේ ෆන්තාසුසීය (Phanthasus)පදනමකින් යැයි මම කියමි. ඔහු මායාමය සහ මිත්‍යාමය සිහින මවන්නකු වන්නේය. එසේ නමුත් වෛරීය දෑ කතා අධ්‍යාත්මය තුළරෝපනය නොකරයි. නමුත් ඩෝසන්ගේ කතා කලාව ස්ථාපිත වන්නේ ඉකෙලොසීය ( Ikelos) සන්ධර්භයක යැයි මමපවසමි. ඔහු සිහිනයන්ගෙන් නිමවන්නේ සත්‍යයයි.ඒ සිහින තාත්වික වන්නේ වෙයි. එබැවින්මයථාව නිරූපනය කරන්නේ වෙයි. යථාව ඥානනයකරන්නේ වෙයි. මේ අනුව ඩෝසන් සිහින පිහිටුවනුයේ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයට ප්‍රතිපක්ෂවබව මම පවසමි. සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමකැයි ෆ්‍රොයිඩියානු අවකාශයේ විග්‍රහවෙතත්,මේ සිහින, ඒ සිහිනයන්ගෙන් වෙන්වන්නේ මේවා සිහින ආකෘතිය තුළ නිමවනා නිර්මාණකරුවකුසිටිනා බැවිනි. එබැවින් මේ නිර්මාණසමුච්චය තුළ ප්‍රාර්ථනාවන් නැත. ඩෝසන්කැටපත අල්ලා පෙන්වනා ලංකාවේ සැබෑවටම පවතිනා මෙ බඳු ම්ලේච්ඡකර අවකාශයක් පතන්නේ එකීගන්දස්සාරයම පැවැත්ම කරගත් මුග්ධ ධනේෂ්වරයේ දේශපාලක කූඨකයන් විනා නිර්මාණකරුවන්නොවේ. කෙසේ හෝ කතා 13ක් එකම විග්‍රහයක තැබිය හැක්කේකලාතුරකිනි. ඒ ‘කලාතුර’ ඩෝසන් අපට නිමවා දී ඇත. බොහෝ විට ඔහු ‘කතාවෙහි වන සත්‍ය’ නිමවන සිහිනයඅරඹන්නේ ම එකී සිහිනයට බැරල් බෝම්බයක් හෙලා එය කුඩුපට්ටම් කරලන වැකියකිනි.ඡේදයකිනි. මෙබඳු ය.‘‘මට කවි පැටියෙක්හදා ගන්න ඕන. ’ සුජාත පුත්‍රයන්ගේ වික්‍රමයපටන් ගන්නේ එහෙම ය. ඊළඟට........... ඊළඟට මෙහෙම ය.‘‘කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත්කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වන රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ’’ බීට් රූට් ලේහිදී සිද්ධ වන්නේ කුමක්ද. එය පටන් ගන්නේ මෙන්න මෙහෙම ය. ‘‘ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුරරුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේහදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප‍්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේපෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන්ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරු කළේපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයකප‍්‍රතිඵලයක් ලෙසය.’’ඊළඟට.........‘‘දිගින් දිගටම සිහින තුළ සහ අන්තර් සිහිනමය ප‍්‍රවෘත්තිවිකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප‍්‍රක්ෂේපණය වෙමින් පැවති මේ ස්වර්ගලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේස්වර්ග ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහයමත වැසීමත් සමගමය.’’කතා එකින් එක මෙසේ පෙන්වා දීමට හැකි ය. කුමටද. මාමෙහිදී ඔහුගේ නිර්මාණ අරභයා මතු කරන ප්‍රවාදය සාක්ෂාත් කරලීමට ඔහුම නිදසුන්සපයා දී ඇත. ඩෝසන් වනාහී අන්තිමහිතුවක්කාරයෙකි. ඉවසුම් විරහිතමිනිසෙකි. ඉදින් අප මේ කුමක් කීවද ඔහුතමන්ගේ නිර්මාණ කෙරෙහි වන නීති රීති පද්ධතියක් තෙමේම නිමවන්නේ යැයි හඬගා කියයි. දැන් ඉතින් කට උත්තර නැත. බලන්න. . මහා ජල පාතනය.ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙනසෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.භාෂාවේ තර්ක ශාස්ත‍්‍රය ඉපදෙමින් සිටි සමයයි. මේ අන් යුගයක් නොවේ.ඉක්ම යන මොහොතයි. ඔහු කොට්ට උරයක්සේ කනපිට ගසා පෙන්නවන යථාව ඥානනය කළ යුතු මේ නිමේෂයයි. මේ සියලුම කෙටි කතා ලෙනිනියානු ප්‍රවේශයකින්විග්‍රහ කළ හැකි වනුයේ එබැවිනි. අවසානායේ මම මෙසේ කියමි. ඒත්හකාවති ගැන ය. හකාවති යනු අරාබි වචනයකි.දැන් ඒ වචනය සිංහලයට එකතු වී ඇත.එය සිංහලෙන් මකා දැමිය නොහැකි ලෙස ය. එය එකතු කරන ලද්දේ ඩෝසන් විසිනි. වචන නාස්ති කරනා භාෂාප්‍රේමින් සිටින අවකාශයක අලුත්වචනයක හෝ සම්ප්‍රදානයක් සහිතව සාහිත්‍යට එකතු වීම ම වැදගත් වැඩකි. ඩෝසන් එය සිදුකර ඇත. ඔහු අලුත් පාරක් හදන්නට මඟ එළිපෙහෙලි කර ඇත. ඔහු ව්‍යාජ විචාරක‘‘සර්පයන්ගේ’’ දෂ්ඨ කිරීම් වලින් ප්‍රවේශම්වී සාහිත්‍යයිකව මිය නොයන්නේ නම් ඒ පාරතැනෙනවා නියත ය.මංජුල වෙඩිවර්ධන2014 ඔක්තෝබර් 25.
|
BLOG
|
2014.10.26
|
http://www.poerty-dawson.blogspot.com/
|
මෙබඳු විචාරයක්!
|
ඩෝසන්
|
මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර.හකාවති පහසු-අපහසු වියමනක් ලෙස..සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි.වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය.අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල් වරට විහිදුවා ලූ පසු ආපසු ගමනක් නැති විය. ඔහු අතින් සිදු කෙරුණේ පසු යටත්විජිතයක මිනිස් සබඳතා විශ්ලේෂණීයව කියවා ගැනීමට අවශ්‍ය ඛන්ඩණීය මැදිහත් වීමයි. ඉන්පසු තිරය මත වූ අංශු පමණක් නොව තිරය ඉදිරිපස හා පසුපස පාවෙමින් තිබෙන අංශූන් පවා පෙනෙන්නට විය.ෆැන්ටසි තිරයට අරක්ගත් එහි මෝස්තරය වන සළාවැටුමක් වෙයි. පවුල නම් එම සළාවැටුම් මෝටිෆ් එක [මාතිකාව]තිරයෙන් එළියට නොඉල්පෙයි හෝ පසුපසට එබී නොයයි. මේ කුඩා සළාවැටුම් රාශිය වෙත වෙනත් තරංග ආයාමයකින් යුත් එළිදහරක් එල්ල කිරීමට 1982 තෙක් කාලය ගත යුතුව තිබිණි. 'සර්පයෙකු හා සටන් වැද' [කේ කේ සමන් කුමාර] කෙටිකතා සංග්‍රහය උපදින්නේ එම සළාවැටුම් පමණක් බිම්බායමාන කෙරෙන කතා එකතුවක් ලෙසිනි. සර්පයා සිය කෙටිකතා පොත පුරා කරන්නේ පවුල නම් කුඩා සිපිරි ගෙය චිත්‍රණය කිරිමයි. බෞද්ධ ප්‍රඥාමාර්ග සාහිත්‍යය යනුම මේ සිපිරි ගෙය හා එහි කැණිමඬල විදාරණය කිරීමයි. සර්පයා සයිමන් හා ජයසේන ජයකොඩි ගෙන් ප්‍රඥා මාර්ගය තවමත් සොයමින් සිටින්නේ නම් ඒ දැඩි මුළාවකි. 'කුටුම්භ විශ්ලේෂණය' නම් විෂයය තවමත් ඉපිද නැත. එහි විවිධ පැතිකඩ තාක්ෂණයන්ට සීමා වී වියුක්තව තැන තැන විසිර පවතී. තමන් වයස 18දී ලියූ මේ කතා ගොන්න කොන්ටම් ඔපරේටරයක් කර ගැනීමට සමත් වීමෙන් පමණක් සර්පයාගේ චතුෂ්කෝටිකය විසඳා ගත හැකි වෙනු ඇත. සිංහල කෙටිකතා සාහිත්ය ය එහි තෙවෙනි විශ්ලේෂණාත්මක පිම්ම පනින්නේ ඩෝසන් ප්‍රීති ගේ ‘හකාවති’ නිසා යැයි කීමට මම ප්‍රගල්භ වෙමි. [එයින් සංස්ලේෂණීය වින්දනාත්මක කෙටිකතා අවැඩදායි යයි ගම්‍ය නොවෙන බව සැළකිය යුතුය]. මිරැන්ඩා හි 'මිරැන්ඩා' හා 'සඳලතා' නම් ශ්‍රෝඩිංගර් බැළලියන් දෙදෙන සිංහල කෙටිකතාවට කැඳවා ඒම ම ඒ සඳහා ප්‍රමාණවත්ය. සඳලතා මියගියා නම් මිරැන්ඩා ජීවත් වුනාද. නැතහොත් සිදුවුනේ එහි අනෙක් පැත්තද. මේ 'ඉමැජිනරි පැරඩොක්සයේ' එක් පද්ධතියක් නැවතී අනෙක පටන් ගන්නා තැන අතර සම්බන්ධය [අති පිහිතය] ප්‍රශ්න කිරීම ම දේශපාලනික අභියෝගයකි. බී 5 පිටු පහකින් මේ න්‍යායික අභියෝගය සූත්‍ර ගත කිරීම ෆැන්ටසි තිරයේ ප්‍රක්ෂේපණයන් කෙළ පැමිණි කෙනෙකු අතින් පමණක් සිදුවිය හැකිය. සුජාත පුත්‍රයින්ගේ වස්තුවේ යතාර්ථය වංගුවක් ගසන්නේ කාලයේ නැමීමක් ලෙස අවකාශය ද අවකාශයේ නැමීමක් ලෙස කාලය ද පවත්නා ලෙස උපකල්පනය කරවන 'පුරෝකථනය කළ නොහැකි' අවස්ථා ගණනාවකිනි. එහි ඇත්තේ සසම්භාවී අවකාශයක් පමණකි. කියවන්නා සවිඥානක වන්නේ එහි අන්ත ඵලයට පමණි එය 'හකාවති ගේ' උප්පරවැට්ටියකි. කතාවේ හරය වන්නේ ග්‍රහණය කරගත නොහැකි සිදුවීම් අවකාශයයි. කතාකරු 'ඩබල් ස්ලිට් [ද්විත්ව විවර]' පරීක්ෂණයේ මෙන් අපට පෙන්නන කොටස නිසා නොපෙනෙන කොටස උපකල්පනය කර ගැනීමට අවකාශ සලසයි. ආලෝකය අංශුමය නොවේ නම් මොන රෙද්දක් දැයි ඇසිය නොහැකි බව සුජාත පුත්‍රයාගේ මරණය සිහිකැඳවයි. රෝලන්ඩ් බාර්ත මහතා වියමන් වර්ග දෙකක් ගැන විමසයි. ඔහු රීඩර්ලි ටෙක්ස්ට් හා රයිටර්ලි ටෙක්ස්ට් යනුවෙන් බෙදන වියමන් වර්ග දෙක හකාවති සුගතදාස මහතා ගේ ජීවන වෘතාන්තය හා විනෝදාත්මකව පාහයි. කියවන්නිය අභියෝගයට ලක් නොකරන සුගතදාස මහතාගේ වෙබ් සාහිත්‍ය නොහොත් හෝද හෝදා මඩේ දැමීම නොහොත් අනවරත ස්වයං මෛථූනය -සුරතාන්තය මෙහි පරමාර්ථ නොවේ- නම් රීඩර්ලි ටෙක්ස්ට් එක විනිවිද දැකීමට උවමනා එක්ස් කිරණ ප්‍රහාරය 'විනෝදය' කෙටි කතාව විසින් කියවන්නිය වෙත ලබා දෙයි. විනෝදය රයිටර්ලි ටෙක්ස්ට් එකක් වන්නේ මේ විනිවිද යාම සංජානනය කර ගැනීම විසිනි. එම විනිවිද යාමෙන් අත්පත් වෙන 'දිව්‍ය සැපත' විනෝදයට වඩා පරමාර්ථ ය ට ආසන්න වෙයි.2009 ඔක්තෝබරය වෙන විට ‘ලේ’ යනු ඉතා සුලබ හා ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය කොමෝඩිටියකි. සැපයුම ඉල්ලුම ඉක්මවා යාම ද එකවිටම සිදු වීම පල්ලමකට චූ කළ කුඩාවුන් දෙදෙනෙකුගේ චූ ගැලීමේ වේග තරඟයක් මෙන් විය. ලේ බීට් රූට් වතුර තරම් තුනී විය, චූ තරම අතිරික්ත විය. නිරීක්ෂකයා කතාවේ අග වෙන විට නැවතත් යතාර්ථය හා පැරඩොක්සිකව සම්මුඛ වෙයි.අර්බුදයට ගොස් ඇත්තේ යතාර්ථය නොව නිරීක්ෂකයා බව නිරීක්ෂකයාට ඒත්තු නොයන්නේ බොරැල්ලේ දාස ගොඩනැගිල්ල පාඩු ලබන බිල්ඩිමක් බව එය ඉදිකරන මොහොතේම තෙරුම් නොගත් මුදලාලි ට සිදුවූ අයුරිනි.මේ අයුරින් හකාවති කියවා ගැනීම පහසු-අපහසු ක්‍රියාවක් වන්නේ එහි මතු පෙළ කියවා ගත හැකි නමුත් යටි පෙළ කවර වූ හෝ විශ්ලේෂණීය න්‍යායක් හා බැඳි ඇති බව සංජානනය කළ පසුවයි. හකාවති බ්ලොග් අඩවිය ලංකාවේ මුල්ම කෙටිකතා බ්ලොග් අඩවිය විය. 100% බ්ලොග් කෙටිකතා මුල්වරට පොතක් වූයේ හකාවති ගෙනි. ගැඹුරු කියවන්නන් අන්තර්ජාලයෙන් ඈත ඉන්නා නමුත් ගැඹුරු ලියන්නන් අන්තර්ජාලයෙන් ඇරඹිය හැකි බව හකාවතිගේ දෘශ්‍යමාන උදාහරණයයි.හකාවති ට දැන් බකන්නිලා සිටිය නොහැකිය. ඊළඟ පියවර තැබිය යුතුය. හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි .
|
BLOG
|
2014.10.23
|
http://www.poerty-dawson.blogspot.com/
|
හකාවති ලද ප්‍රතිචාර
|
ඩෝසන්
|
හකාවති එක්ක නොමග යාමඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ 'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතතීරචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නටඉඩ දී අපව නොමඟ යවයි.ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්රීයතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්නට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති, ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි.හකාවතියේ ජනප්රි යම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයිදැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරැන්ඩා නිමවා ඇති සිනමාරූපී ගතිය මගින් ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා, ඒ වූවා ද නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විලාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.හකාවතී, කතා එකතුවේ සියලුම කතා පිළිබඳ මා තුළ බොහෝ දුරට ඇත්තේ සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්රිබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පාඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්රීකතී මරණයත්, විද්යා වත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැකිය. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස 'විනෝදය' මා දිකින්නේ තනිකරම රචකයා විසින්එකතු කළ'ප.ලි.' කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගලයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නැවැත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහළින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ.ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසිකභාවය සහ අවිචාරක හැඟීම කියවන්නාට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.නමුත් 'ඔන්ලයින් පාංශකූල' කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි.කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්රීනති ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපටම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ.මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්රේදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැළ සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්රීනතිගේ හකාවතී කතාවලින් ඉගෙන ගත හැකි දේ බොහෝය.හිමාලි එන්.ලියනගේ.
|
BLOG
|
2014.10.01
|
http://www.poerty-dawson.blogspot.com/
|
හකාවති කෘතිය පිළිබඳ සංවාදය
|
ඩෝසන්
|
.
|
BLOG
|
2014.09.21
|
http://www.poerty-dawson.blogspot.com/
|
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනා ගැනීමට අවස්ථාවක්!
|
ඩෝසන්
|
.
|
BLOG
|
2014.09.20
|
http://www.poerty-dawson.blogspot.com/
|
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!
|
ඩෝසන්
|
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්.හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත.නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න.එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්‍රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්‍රදානය වේ.පොත් පත් කියවන සැමට ආරාධනා.
|
BLOG
|
2014.09.19
|
http://www.poerty-dawson.blogspot.com/
|
හකාවති
|
ඩෝසන්
|
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි.හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි.කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි.හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ගන්නා විට බොහෝ කතා මා ලියා අවසානය. ඒවා දැං ඒ ලියූ තැංවලම එල්ලී පණ අදිමින් සිටිති. තවත් කතා එලෙස එල්ලී සිට මැරී ගොස්ය.මේ පණ අදිමින් මැරි මැරී ඉපදෙමින් හුන් කතා වස්තුවලට නව ජීවයක් පිඹින්නට සහෘදයන් පිරිසකට වුවමනා විය.ඒ හමු වූ ස්වල්ප අය අතරින් බොහෝ අය හකාවතිය සමග බැඳුනි. ඒ අය අතර හෂිත අබේවර්ධන සහ සචී පනාවල ද මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ද සුවිශේෂී වෙති. මේ අය මගේ කතාවලට සැබැවින් ම එබී බැලූ අය වූහ. මුල්ම ලියැවිලිවල මගේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස සකස් කර මා දිරි ගැන්වූවෝ ද ඔව්හු ය.ලිෂාන් පුවක්ඕවිට හකාවතියේ පසුතල සකස් කරමින් මට උදව් වූයේ සෑහෙන කලක සිටය.තවත් බොහෝ අය මට නොයෙක් ආකාරයෙන් සමීප වන්නට මේ හකාවති කතා හිණිමගක් විය.කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍යයට මේ හකාවතිය ගෙන ඒමේ ප්‍රමුඛයෝ කීප දෙනෙක් වෙති. හෂිත අබේවර්ධනගේ අතිමහත් කැපවීමෙන් සකස් කෙරුනු අත් පිටපත සම ප්‍රකාශකයන් විසින් මුද්‍රිත මාධ්‍ය යෙන් එළි දක්වන්නේ සංජීව වඩිගමංගාව මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය යන සොහොයුරන්ගේ අප්‍රමාණ කැප වීමෙනි.මේ මුහුණු පොත් සමූහය වෙන් වන්නේ හකාවති කෙටිකතා සංග්‍රහය කියවන්නන් අතරට යොමු කිරීමේ ප්‍රයත්නයක් ලෙසිනි.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.