category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.11.21
http://asanka-mind.blogspot.com
117 සතිය
Asanka Karunarathna
තමාගේ එකම හා පරම හතුරා සිතයි.
BLOG
2014.11.13
http://asanka-mind.blogspot.com
116 සතිය
Asanka Karunarathna
ඉවසීම යනු කල්මැරීම නොව අත්හැරීමයි.
BLOG
2014.11.07
http://asanka-mind.blogspot.com
මගේ කතාව 2 - ටාසන්
Asanka Karunarathna
මගේ මවගේ මහගෙදර පිහිටියේ කරණ්දෙනිය නගරාසන්නයේ මහේදණ්ඩ නම් ප්‍රදේශයේය. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට එහි සිට තුබුනේ හූවක් තරම් දුරකි. ඒ නිසායි අප එහි රදවා අම්මත් තාත්තාත් රැකියාවට ගියේ.නුමුත් තාත්තාගේ මහගෙදර පිහිටියේ නගරයෙන් වසන්ව තිබූ කිරිණුගේ ග්‍රාමයේය. එහි යාමට තිබුනේ එක් බස්රථයක් පමණි. දවසට දෙවරක් බස්රිය බටපොල සිට අම්බලන්ගොඩට ගොස් නැවත බටපොලට පැමිණේ. පුද්ගලික වාහනයක් නොමැති වූවෝ බස්රිය එන වේලාව අනුව තම ගමන් බිමන් සූදානම් කර ගතයුතුය. නැතිනම් පයින් ගමන් කල යුතුය. එ වැනි අවස්ථාවල පාරේ යන කරත්තයක හෝ ලැන්ඩ්මාස්ටර් වර්ගයේ ට්‍රැක්ටරයක හෝ නංවාගෙන යාමට ගම්වැසියන් පුරුදුව සිටියා.තාත්තාට පාසැල් යන කාලේ සීයා විසින් බයිසිකලයක් අරන් දී තිබුනා. ඒ නිසා නිවාඩූ දින වලදී බයිසිකලයෙන් ගෙදරතාත්තාගේ (සීයා) දිහා යාමට පුරුදුව සිටියා. ඒ ගොස් එනවිට තාත්තා ගෙදරට අවශ්‍ය යමක් රැගෙන එනවා. එසේ එක් දිනක් රැගෙන ආවේ බලු පැටියෙකි. අවුරුද්දක් විතර වයස තිබූ නිසා තාත්තා ඌ රැගෙනවිත් තිබුනේ දිග පටියක් බෙල්ලේ ගැටගසා අනෙක් කෙලවර බයිසිකලයේ ගැටගසාගෙනය. බල්ලාට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් කියන්නැහේ ඌ මුලු දුරම බයිසිකලය පස්සෙන් ඇවිත් තිබුණි.බල්ලා දුටු පමණින් සත්තුන්ට මහත් ආදරයක් දක්වන ලොකු අයියා ඌට කැමති විය. බල්ලා ඔහුගේ ජීවිතයේම කොටසක් විය. අපි ඌට ටාසන් යන නම දැමුවෙමු. ඌගේ හොම්බ දිගයි. සුදු ශරීරයේ තැනින් තැන කලු වයිරම් තිබුනු නිසා ඌට තිබුනේ හොදවර්ගයේ සුනකයකුගේ පෙනුමකි. ටාසන්ගේ ස්වාමීයා වූ ලොකු අයියාට ඌ ඉතා ලෙංගතු විය. නිතරම අයියාගේ පස්සේමය.අයියා ඌට නොයෙකුත් ක්‍රියා පුරුදු කලේය. අයියාගේ අණට බොහෝවිට කීකරුව සිටි නිසා පස්සා ගාත් දෙකෙන් ඇවිදීමට, අතට අත දී ආචාර කිරීමට, ඉහල ඇති දෙයක් උඩපැන කඩා ගැනීමට, ඈතට විසිකරන යමක් අහුලා ගෙනත් දීමට සහ තව නොයෙක් දේ කිරීමට ටාසන් පුරුදු කිරීමට හැකිවුනා. නිවාඩු කාලයට වත්ත පිටුපස වූ කැලැවේ ටාසන් සමඟ දඩයමේ යැම අයියාගේ සිරිතකි. මගේ අසනීප තත්වය මත එවැනි ගමන් වලට මා සහභාගී කරගත්තේ කලාකුරකිනි. එවැනි එක් අවස්ථාවක් මගේ මතකයේ තවමත් ඇත.ඒ කැලෑවක් කීවට එය තණ පිටියක් කීවොත් වඩා නිවැරදිය. එහි අපටත් වඩා උස තණකොල ගස් වෑවී තිබුණා. ඒ කියන්නේ අඩි 4ක් 5ක් විතර. ඒ කැලෑවේ හාවන් බහුලව සිටියා. ඊට අමතරව තලගොයි, කබරගොයි තමයි වැඩිපුර හිටියේ. මොකද කනත්ත තිබ්බෙත් ඒ කිට්ටුවමනේ. ඉතින් අපි කැලෑවේ ඇවිදිනකොට, ඒ කියන්නේ කෝපි දන්ඩක් නවලා දෙකෙලවරට ලණුවක් ගැටගහලා හදාගත්තු දුන්නකුත් කෝපි කෝටු සුද්ද කරලා හදාගත්තු ඊ තලත් අරගෙන යනකොට දැක්කා සුදු හාවෙක්. සාමාන්‍යයෙන් කැලෑ හාවෝ අලු පාට හෝ දුඹුරු පාටයි. අයියා වහාම ක්‍රියාත්මක වෙලා විද්දා හාවට. හැබැයි වැදුනේ පඳුරට. මොනාකරන්න ද, හාවා කඩාගෙන බිදගෙන දුවන්න පටන්ගත්තා. ඊ ළඟට ක්‍රියාත්මක උනේ ටාසන්. වහා ම ඌ හාවා ලුහුබැඳ අතුරුදහන් උනා. අපි ටාසන් එනකම් බිං කළුවර වැටෙනකම්ම බලා හිටියත් ඌ ආවේ නැති නිසා දුකෙන් ගෙදර ආවා. ඌ රෑට කන්නවත් ආවේ නැතිනිසා අයියට නම් ගොඩක් දුකයි. ටාසන් කබර ප්‍රහාරයකටවත් ලක්වුනාදෝයි අපි බයෙන් උන්නේ. නමුත් පහුවෙනිදා උදේ ටාසන් නිරුපද්‍රිතව පැමිණ සිටියා. ඒත් ටාසන්ට හාවා අල්ලාගන්න හැකි උනාදැයි අපි දන්නේ නෑ.අපි උදේ ගෙදරින් එනවිට මෝටර්සයිකලය පසුපස මදක්දුර පැමිණිම ටාසන්ගේ පුරුද්දක්. ඒ ඌට මෝටර් සයිකලයේ වේගයට ලඟා වීමට නොහැකි වූ නිසයි. නමුත් දිනක් ටාසන් ඉවපාරේ ගෙදරඅම්මාලාගේ නිවසට ආවේ ය. එදා සිට ඌ ගෙදරම්මලාහට වී අයියා පාසැල් ඇරී ගෙදර එනතුරු බලාසිටීමට පුරුදු විය. එක් දිනක් එසේ බලා සිටි ටාසන් අයියා එනු දැක ඉදිරියට ගොස් ඔහුව පිලිගත්තතේ ය. එවෙලාවේ ගෙයි සිට පැමිණි ගෙදරම්මා අයියාට කඩේට ගොස් යමක් රැගෙන එන ලෙසට කිව්වා. ටාසන් අයියා පසුපස එමට සැරසෙන බවදුටු නිසා "මල්ලී ඔකා මගේ පස්සෙන් කඩේට ඒවී. පොඩ්ඩක් මං යනකන් ටාසන්ව අල්ලා ගන්න" කියා කිව්වා. මම ද අයියා නොපෙනී යනතෙක් ටාසන්ගේ කරපටියෙන් අල්ලා සිටිමුත් යම් බුරුලක් ලද ඇසිල්ලේ ඌ අයියා ගිය දිසාවට දිව ගියා. අයියා නැවත එන විට ඌ ද පිටුපසින් එමින් සිටියත් හදිසියේ පාරෙන් එහා පැත්තේ උන් බල්ලෝ රැලක් අයියාට බුරන්නට පටන්ගත් නිසා කෝප වූ ටාසන් ඒ බල්ලන්ට බුරාගෙන පාර පැන්නා. ඒත් සමගම පැමිණි ලොරියක ටාසන්ව ගැටී ඈතට විසි උනා. ඒත් සමගම නැගිටගත් ඌ ලේ පෙරාගෙන කැලේට දිව්වා. ටික මොහොතකින් මහගෙදර පිටුපසින් පැමිණි ටාසන් ලේ බේරෙමින් ගේ මැද්දෙන් දුවන්නට උනා. ඒ දුටු චූටිමම්මා (චූටී පුංචි) කොස්සක් ගෙන ඌව එලවා දැමුවා. අයියා "අනේ ඌව එලවන්න එපා. අල්ලගෙන බෙහෙත් දාමූ" යි කෑ ගැසුවත් පලක් නොවිනි. නැවත කැලයට දුවගිය ඌ නැවත අපට දකින්නට ලැබුනේ ඊට සතියකට පමණ පසූ අපේ ගෙදර මිදුලේ ය. අපේ ටාසන් ගෙදර ඉස්සරහා මිදුලේ තණබිස්ස උඩ මැරී සිටිනු අපට දැකගතහැකි උනා.
BLOG
2014.10.28
http://asanka-mind.blogspot.com
115 සතිය
Asanka Karunarathna
ලොව වඩාත්ම වේගවත් දේ වෙනස් වීමයි. අප පුදුම විය යුත්තේ යමෙකු වෙනස් වීම ගැන නොව නොවෙනස් වීම ගැනයි.
BLOG
2014.12.26
http://www.tikakhinawenna.blogspot.com
තිස්ස අත්තනායක එළියට දාපු හොර ගිවිසුම රටට කෙසේ බලපාවිද?
අභීත
පසුගියදා තිස්ස අත්තනායකයන් විසින් රටට හෙළි කරන ලද රනිල් සහ මෛත්‍රී අතර ඇති වුනා යැයි කියන ගිවිසුම බොරු එකක් යැයි, දැන් දැන් විපක්ශයේ පාර්ශ්ව විසින් හෙළි කරමින් යමින් සිටී. එසේ කලානම් තිස්ස කර ඇත්තේ ඉතා බරපතල වැරැද්දක් මෙන්ම පහත් පෙලේ කඩේ යාමක් බවද මම විශ්වාස කරමි. විපක්ෂය මේ පිළිබඳ විස්තර කරමින් මෙම ගිවිසුම බොරු එකක් බව ඔප්පු කරන අයුරු පිළිබඳව අපි සලකා බලමු.1. අත්සන් ව්‍යාජ යැයි පැවසීම.මෙය හොද ස්ථානයකි. අත්සන් වැරදිනම් ආයේ කතා කල යුතු දෙයක් නැත.2. මෛත්‍රී නොවැම්බර් 1 වන විට මේක අත්සන් කරන්නේ කොහොමද යැයි පැවසීම. තර්කානුකූලව නිවැරදි නමුත්, පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටීම සම්භන්දව එජාප කෘත්‍යාධිකරණ මණ්ඩලය තීරණය කරන්නට යම් සාධක අවශ්‍ය බව සිතේ.. අනෙක නම් ඊයේ එන්න කියා අද මෛත්‍රී ආවා යැයි විශ්වාස කිරීමට නොහැකි වුවත් මේ කාරණයේදී විපක්ශය ඉදිරිපත් කරන කාරනය බර වැඩිය.3. රනිල් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමමේ තුලින් රනිල් නිර්දෝශී යැයි මහජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...4. රුපියල් මිලියන 2500ක් ඉල්ලා මෛත්‍රී තිස්සටවිරුද්ධවඑන්තර වාසියක්යැවීම.මේ තුලින් මෛත්‍රී නිර්දෝශී යැයි රටේ ජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...ඉහත කරුණු නිසා තිස්ස අත්තනායක කල හෙළි දරව්ව පිළිබඳව ප්‍රභල ගැටුමක් අද වන විට ඇති වී තිබේ... ඒ පිළිබඳව විමසීමේදී එතනින් එහා ගිය යමක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.විපක්ශ වේදිකාවේදී තිස්ස අත්තනායකගේ මෙම ගිවිසුම බොරු යැයි පුන පුනා කියන ඔවුන් මෙහි සඳහන් කාරණයන් පිළිබඳව නිශ්ෂබ්ද වන්නේ ඇයි කියන කරුණ පිළිබඳව කිසිදු කතිකයෙකු කට නොඇරීම පිළිබඳව විස්මයට පත් විය යුතුය.. ඇරියත් ඒ පාඨලී රණවක හැර වෙන අයෙක් නෙවේ.. ඔහුද කට අරින්නේ මඳ වෙලාවකටය.. අපි එම කාරණය කරුණු වශයෙන් විමසා බලමු. මෙහි අනෙක් කරුණු අභ්‍යන්තර කරුනු නිසා 2.7 සිට විමසා බලමු.. ඇයිද යත් එය රටේ තිබෙන ජාතික ප්‍රශ්ණය නිසාවෙනි.1. සියළු අධි ආරක්ෂිත කලාප ඉවත් කර එහි මුල් ඉඩම් අයිති කරුවන්ට ලබා දීමටද,මේ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශණයේදී මෙන්ම මැතිවරණ වේදිකාවේදීත්විපක්ශය කටක් අරින්නේ නැත.2. දෙමළ ජනතාවගේ අභිලාශය ඉටුවන පරිද්දෙන් 13වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් සිදු කිරීමටද,මේ පිළිබඳවත් විපක්ශයේ කිසිවෙක් කට හොල්ලන්නේ නැත. ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහනක්ද නැත.3. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා, ජාත්‍යාන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද,මේ පිළිබඳව ලංකාවේදී කටක් අරින්නේ නැති නමුදු, ද හින්දු පුවත්පතට අදහස් ලබා දී තිබේ... ඒ යුධ අපරාධ සම්භන්ධයෙන් දේශීය පරීක්ෂනයක් ඇරඹීමට නියමිත බවය.5. යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40%කින් කපා හැර එම අරමුදල් උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටද,මෙහි වරදක් නැත. ආරක්ශක හා නාගරික සංවර්ධන යන කොටස් දෙක වෙන් කලාට පසු ඉතිරි වෙන්නේ 60% වගේ ප්‍රමාණයක්ය.6. රාජ්‍ය අංශයට බඳවා ගැනීම් මහා භාණ්ඩාගාරයට බරක් වී ඇති හෙයින්, රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගැනීම් වහාම අත් හිටුවා දේශපාලන වශයෙන් ලබා දුන් සියලු පත්වීම් සහ උසස්වීම් වහාම අවලංගු කිරීමටද,මේ සම්භන්ධවද කිසිදු වැකියක් ප්‍රකාශ වී නැත. ඒ පිළිබඳවද විපක්ෂ කතිකයන් මුනිවත රකී.ගිවිසුම වැරදි නම් ඒ ගන්නා ක්‍රියා මාර්ග ගත යුතු සේම එහි අන්තර්ගතය පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම වටිනා බව මගේ අදහසයි.. මේ කරුණු රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ අනාගතයටද සැබෑ ලෙස බලපාන කරුණු වේ.. ඒ නිසා මෙම කරුණු පිළිබඳව විපක්ෂයේ මතය දැන ගැනීමට රටේ ජනතාව බලා සිටින බව අපි හැමෝම දනිමු. එබැවින් එය ඉක්මණින් සිදුවන තරමට මෛත්‍රී පාර්ශ්වයට හිතකර බලාපොරොත්තුවක් ඇති කර ගත හැකියැයි මම සිතමි.නමුත් වේදිකාව තුල මේ සම්භන්දයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ප්‍රතිපත්ති ප්‍රකාශණය තුලට මෙය ඇතුලත් නොකිරීමත්, දැනට ඔහු වටා රොක් වූ මුස්ලිම් කොන්ග්‍රසය, ටී එන් ඒ වැනි සංවිධානවල අරමුණු කෙරෙහිත් බැලූ කල මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයාට මෛත්‍රීට විරුද්ධ වීමට එයම ප්‍රමාණවත් කරුණක් වනු ඇත.
BLOG
2014.12.19
http://www.tikakhinawenna.blogspot.com
මෛත්‍රී මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ඔබේම අවධානය පිණිස ලියමි...
අභීත
ගරු මැතිතුමණි, මීට සති දෙකකට පමණ පෙර ඔබ වෙත ලිවූ පරිදි නැවතද ඔබව අමතන්නට සිතුවෙමි. කාර්‍ය බහුල ජීවිතයක් ගත කරනවා වුනාට සුවෙන් ඇතැයි සිතමි. කලින් ලිපිය මෙතනින් බලාගත හැකිය.ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබතුමාත් මමත් දන්නා පරිදි නව ජනපතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු, රටේ වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ හද ගැස්මයි. එය හුදෙක් බලාපොරොත්තු වලින් පිරි ලියැවිල්ලක් වනවාට වඩා, රටේ ඉදිරි ගමන පිළිබඳ යහපත් චිත්‍රයක් මැවෙන වෙනස් අත්දැකීමක් සමඟ එන ප්‍රකාශනයක් නම්, එය එම මැතිවරණ ව්‍යාපාරයට යහපත් අඩිතාලමක් වනු නො අනුමානයි.. ඉතින් ඉහත කරුණ සිහියේ තබාගෙන අපි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මදක් සාකච්ඡා කරමු.කියවන අයගේ අවධානය පිණිස ඔබතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින් කියවිය හැක.ඔබතුමාගේ ප්‍රකාශනයේ පිළිවෙලින්ම, අපි පටන් ගමු මැතිතුමනි,දැක්ම.මේ දැක්ම ඉතා යහපත්ය. රට ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කරගත් ඔබතුමාගේ දැක්ම අගය කල යුතුය. ඒ සමගාමීව පෙරලෙන ඊලඟ පිටු දෙකෙහි ඉතා සාර්ථක ගමනක් පිළිබඳව ඔබ විසින් විස්තර කර ඇත. සැබැවින්ම එය අපූරුය. ආස්වාදජනකය. මේ රට තුල විය යුත්තේ එයයි. මේ කරුණු වලට එකඟ නොවෙන කිසිවෙකුත් නැත. මහ ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව එළෙසින් බිහි විය යුතු බව මමද තදින් විශ්වාස කරමි.නමුත් නමවන පිටුවේ අවසන් ඡේදයේදී බළලා හොරෙන්ම මල්ලෙන් එළියට පැමිණ ඇත. ඒ "ජනාධිපති ධූරයට පත් වී වසර හයක් තුල මම මගේ කාර්‍ය අවසන් කරමි" යන වැකියෙනි. ගරු මැතිතුමනි. දින සියයක් තුල කලයුතු ප්‍රධානතම කාර්යය ඔබතුමාට මඟ හැරී ඇත. පොදු ජනතාවගේ බලාපොරොත්තු අහස උසට නංවමින්, පොදු අපේක්ශකය ලෙස වාඩිවී, උත්තරීතර ධම්ම පදයේ ගාථා දෙකක් පවසමින්, ඔබතුමා අපට දුන්න පළමුවෙනි හා පාරිශුද්ධ පොරොන්දුවට ඔබතුමා මේ කලේ කුමක්ද. රනිල් පරදා අතුරලියේ රතන හිමි පෙරට පැමිණ ඇත. ඔබව කරේ තියන් යන ප්‍රධානතම බලවේගය වූ එක්සත් ජාතික පාක්ශිකයා පැත්තකට විසි වී හෙළ උරුමය නම් බෞද්ධහිතෛශී පක්ෂය පෙරට පැමිණ ඇත. ඔබ නිතරම පුන පුනා කියන, ඉතාම ඓතිහාසික කැපකිරීමක් කල රනිල් වික්‍රමසිංහයන් පරදා, දෙපැත්තට කකුල තියාගෙන හිටපු, අවසන්මොහොතේ කල හැක්කක් නොමැති නිසාවෙන් ඔබ වෙත පැමිණි, පාඨලී චම්පික රණවකයන් ඉදිරියට පැමිණ ඇත. ඔබට ලැබෙන ඡන්දයෙන් 80%කටත් වඩා නියෝජනය කරන කරන එක්සත් ජාතික පාක්ශිකයාට මැතිවරණයට පෙරම ඔබදුන් නත්තල් තෑග්ග නිසා ඔවුන් හෙට දින වීදි බැස ප්‍රීති ගෝශා කරනු ඇතැයි ඔබට සිතෙනවාද මැතිතුමනි.මීලඟට අනෙක් පරිච්ඡේද වලට යාමට කලින් මම වෙනත් පැත්තක් වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ව්‍යවස්ථාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්තිය, රජයේ සේවය හා පරිසර පද්ධතිය වැනි මාතෘකා වලට සාපේක්ශව ඊට වඩා වැදගත් කරුණක් වන අපේ රටේ වාර්ගික අර්බුධය පිළිබඳවය. ඡන්ද දායකයා ඔබ ඇතුළු සියළු අපේක්ෂකයින්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කටයුත්ත, මේ එකට කල මතෲ භූමිය නැවත දෙකඩ වන්නට ඉඩක් තිබේද නැද්ද යන්නයි. ඒ හේතුව නිසාම ඔවුන් දමිල සන්ධාණය හා මුස්ලිම් කොන්ග්‍රසය ගන්නා තීරණ පිළිබඳව දෑස් දල්වා බලා සිටියි. ඊට කලින් ඔබ ඒ පිළිබඳව දක්වන ආකල්පය කෙසේද යන්න පිළිබඳව මහ ජනතාව ඉතා දැඩි උනන්දුවකින් මෙන්ම විමසිල්ලෙන් බලා සිටි බව ඔබතුමාට රහසක් යැයි මම නොසිතමි.ඉතින් මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ කිසිදු තැනක මේ පිළිබඳව සටහන් නොවීම පිළිබඳව මම විමතියට පත් වීමි. මෙය ඔබතුමාට මඟ හැරුණු බවක් නම් මට කිසිසේත්ම විශ්වාස කරන්නට නොහැකි බව මම ඔබතුමා වෙත ඉතා දැඩිව අවධාරණය කරන්නෙමි. ආණ්ඩු පක්ශය, චන්ද්‍රිකා මැතිණිය ප්‍රමුඛ ඔබගේ කණ්ඩායම වෙත දිගින් දිගටම එල්ල කරන "ඩොලර් කුට්ටි" චෝදනාව සාධාරණ යැයි සිතන්නට, ඔබතුමාම පාර කපාවි යැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඉදින්, මෙය මඟ හැරීම තුළින් අපට ගම්‍ය වන්නේ කුමක්ද. පුද්ගලිකව මටනම් සිතෙන්නේ ඔබතුමා සිතා මතාම "කොලේ වහලා ගසා ඇති" බවයි. දහතුන් වන සංශෝධනය පිළිබඳව ඔබේ අවධානය යොමු කරද්දී, උතුරු පළාත් සභා මහ ඇමතිගේ ක්‍රියා කලාපය දේශ මාමක ජනතාවගේ කථා බහට දැඩිව බදුන් වෙද්දී, දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා කලාපයන් පිළිබඳ රටේ ජනතාවගේ සිත් සතන් මහා පරිමාණයෙන් කලබද්දී, ජනපතිවරණ අපේක්ෂකයෙක් වූ ඔබතුමාගේ මනසින් මෙය ඉවත් වුනේ කෙසේද. අතුරලියේ රතන හාමුදුරුවන් වගේම පාඨලී චම්පික රණවක මැතිතුමන් ඔබ අසල සිටිද්දී මේ පරිච්ඡේදය ඔබතුමන්ගෙන් ගිලිහී ගියේ කෙසේද.ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඇත්ත කියන්න. අපි තරහ වෙන්නේ නෑ. ඔබතුමා ඔබේ ඡන්ද දායකයාට කොළේ වහලා ගැහුවා නේද. දේශපාලනික වශයෙන් පිරිසිදු චරිතයක් වූ ඔබතුමාව, වටේ සිටින අය විසින් බිත්තියට හේත්තු කලා නේද. ඔබතුමා තනිව හේත්තු වූවානම් අපට අහක බලාගන්නට තිබුනා මැතිතුමනි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මෙන්ම පිවිතුරු හෙටක් ජාතික සභාවේ නිර්මාතෲ වරුන් වූ, පූජනීය වන්දනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේත්, මාවිල් ආරු සොරොව්ව ක්‍රියාන්විතයේ පුරෝගාමියා වූ අතුරලිය රතන ස්වාමීන් වහන්සේත්, එද මෙදාතුර සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිට ජනතා හදවත්වල මහත් ප්‍රසාදයක් හිමි කරගත් පාඨලී චම්පික රණවක මැතිතුමාත් ඔබත් සමඟ බිත්තියට හේත්තු වී කර කියාගත දෙයක් නොමැතිව සිටින බව මේ රටේ ජනතාවට නොතේරෙයි කියා ඔබ සිතනවා නම්, එය හුදෙක් විහිළුවක් පමණයි ගරු මැතිතුමනි. මේ කාරණය එතරම් සුළුකොට තකනවා නම් තවත් කවර කතාද මැතිතුමනි.ඔබේ ඊලඟ ඡේදය ව්‍යවස්ථාව පිළිබඳවයි. මේ ගැන නම් කථා කිරීමට කිසිම දෙයක් ඔබතුමා ඉතිරි කර නැත. කලින් කියූ පරිදිම ඔබතුමාගේ පළමු මෙන්ම පිවිතුරු මැතිවරණ පොරොන්දුව වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කුඩු පට්ටම් වී ගොස් ඇත. ඊලඟට ආපු විධායක අගමැති පොරොන්දුවද කොහි ගියාදැයි නැත. මෑතදී ආ උප අගමැති කථාවද හොයා ගත නොහේ. ඔබතුමා හදවතින්ම පැවසූ ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමේ බලාපොරොත්තුවද නන්නත්තාර වී ඇත. හිතවත් මැතිතුමනි, ව්‍යවස්ථාව පිළිබඳව ඔබ දුන් පොරොන්දු සටහන් වී නැති ලේඛනයක සටහන්ව ඇති, නොදුන් පොරොන්දු පිළිබඳව අපි කෙසේ විශ්වාස කරන්නද.ඊලඟට මම ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජයේ සේවකයන්ට ඔබතුමා දී ඇති පොරොන්දු පිළිබඳවයි. ඔවුන්ගේ වැටුප රුපියල් 10000.00 කින් වැඩි කිරීම, ඔවුන්ට ලබා දුන් යතුරු පැදි වල වල ණය වාරික කපා හැර, අය කරපු 50000.00 ක මුදල ආපසු ගෙවීමටත් ඔබතුමා රජයේ සේවකයින්ට පොරොන්දු වී ඇත. මේ ගැන යමක් කියන්න කලින් ඔබතුමාට අතීතය මතක් කර දීමට කැමැත්තෙමි. පහුගිය සැරෙත් මේ රුපියල් 10000.00 වැඩිවීම ගැන කියා, විපක්ශය තැපල් ඡන්ද ඉහළින්ම පැරදුන බව ඔබට මතකඇතැයි සිතමි. රජයේ සේවකයාවනා හී බුද්ධි මට්ටමෙන් අඩු කොටසක් නෙමෙයි මැතිතුමනි. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන රජයේ සේවකයාට පොරොන්දුව ඇහෙද්දී දැනෙනවා, මේ ඔවුන්ට ලැබෙන දෙයක්ද. නැත්නම් තැපැල් ඡන්ද ගුන්ඩුවක්ද කියන එක. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, රජයේ සේවකයා පිළිබඳව ඔබ තුල ඇති මේ පටු ආකල්පය ඉවත් කර ගන්න ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.විශ්‍රාම වැටුප 3500 කින් වැඩි කිරීම, ඉන්ධන බදු කෝටි 4000ක් අහෝසි කර ජනතාව වෙත සහන සැල්සීම, පිං පඩිය 1500 කින් වැඩි කිරීම සමෘද්ධිය දෙගුණයකින් වැඩි කිරීම වැනි ආර්ථිකමය පොරොන්දු ඉටු කල පසු, මේ රට කොතනට ගමන් කරයිද කියන එක තාර්කිකව සිතන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයාට බලවත් ගැටළුවක් මැතිතුමනි.ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තවත් අසන්න බොහෝ කරුණු තිබුණත් මම මෙතැනින් නවතිමි. හිතේ දැවෙන වැදගත්ම ගැටළු ටික පමණක් ඔබෙන් ඇසුවෙමි. මට මෙන්ම ඔබටද මේ ගැටළු වලට උත්තර නැතැයි සිතමි.අවසන් වශයෙන් ඔබතුමා වෙත කරුණු දෙකක් පැවසීමට ඉතා කාරුණිකව අවසර පතමි.1. මිනිසුන් සුරංගනා කථා ඇසීමට රුචිකත්වයක් දක්වන්නේ බාල කාලයේදී මිස ඡන්ද අයිතිය ලැබන වයසට පැමිණීමෙන් පසුනොවේය කියන කාරණය2. ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියූ පුද්ගලයා හෝ මෙම කණ්ඩායම, ඉතා දැඩි මහින්ද රාජපක්ෂ පාක්ශිකයෙක් හෝ පාක්ෂිකයෝ යැයි මගේ සිතේ ප්‍රභල කුකුසක් නැඟීඇති බව.අදට නවතිමි මැතිතුමනි. නොසිතා හෝ යම් වැරැද්දක් සිදු වූවානම් ඉතා කාරුණිකව සමාව අයැද සිටිමි.සුභ පැතුම්,අභීත.
BLOG
2014.12.15
http://www.tikakhinawenna.blogspot.com
හිරුණිකා, දිගම්බරන්, රාධක්‍රිශ්ණන් සහ තිස්ස, කැටගොඩ, ගම්මන්පිල...
අභීත
දේශපාලන පිල් මාරු සම්භන්ධයෙන් පසුගිය දිනවල තිබුණේ දැඩි උද්වේගකර තත්ත්වයකි. මෙහි ආරම්භය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පිරිසක්, එම සන්ධානය කඩාගෙන විත් එක්සත් ජනතා පක්ෂය ප්‍රධාන සන්ධානය හා එක්ව පොදු අපේක්ෂක චරිතයට පණ පෙවීමය. අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ "පිවිතුරු හෙටක්" කාර්‍ය්භාරය නිසාවෙන් හෙළ උරුමයද තම තනතුරු අතහැර ඒකාබද්ධ පොදි විපක්ෂය හා එක්විය. නමුත් හෙළ උරුමයේ ප්‍රධාන සංඝටක දෙක වූ පාඨලී චම්පික රණවක ඇමතිතුමා සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීතුමා මේ පිළිබඳව එතරම් හිතකර අදහස් නොදැක් වූ නමුත් අතුරලියේ රතන හිමි නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් රජයෙන් එළියට ඒම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොවිණ.. ඉහත සඳහන් පිල් මාරු තරමක් පැරණි හෙයින් අපි මෑත පිල්මාරු පිළිබඳව විමසා බලමු.නාම යෝජනා දුන් දිනයේදී ආණ්ඩුව විපක්ෂයේ ප්‍රභල සමාජිකයෙක් මෙන්ම එහි මහලේකම් වූ තිස්ස අත්තනායක නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ග්‍රහණයට ගත්තේය. ඒ සමඟ ජයන්ත කැටගොඩ නම් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායකද විය. ජයන්ත කැටගොඩ යනු සරත් ෆොන්සේකා ගෙන් හිස් වූ අසුනට පාර්ලිමේන්තු පැමිණියෙකි. එබැවින් ඔහුගේ පැමිණීම "ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක" නමැති ටැග් එක හැර ගත යුත්තක් නැති බව මගේ හැඟීමයි. ඔහුට මේ පිම්මෙන් ලොකු වාසියක් අත් වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මම පෙර කිවූ ටැග් එක හැර වෙනත් වාසියක් නැත.නමුත් තිස්ස අත්තනායක යනු සුළුකොට තැකිය නොහැකි දේශපාලඥ්ඥයෙකි. මේ පිල් මාරුව නිසා මෛත්‍රී පාක්ෂිකයින් ඔහුව සුළුකොට තැබුවද, ඔහුගේ ප්‍රභලතාවය පෙන්වා දීම වටී යැයි මට හැඟෙයි. එක්සත් ජාතික පක්ෂයේ මෑත කාලීන පරාජයන් වලින් පසුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා පිළිබඳව ඔබට මතක ඇති. තනියම මාධ්‍යයන්ට මුහුණ දෙමින් ආණ්ඩුවේ ජය අවතක්සේරු කර, විපක්ශයේ පරාජය සාධාරණය කරන්නට ඔහු තනිව ප්‍රභල වෑයමක යෙදුනේය. පක්ෂය තුල ඇති වූ මතභේදයන් දුරු කරලන්නට ප්‍රභල කාර්‍යභාරයක් කල පුද්ගලයෙක් ලෙස තිස්සව අපට පෙන්වා දිය හැක. තම නායක රනිල් වික්‍රමසිංහයන් ප්‍රශ්ණ වලට මුහුණ පෑ සෑම වෙලාවකදීම ඔහු කුමක් හෝ කරමින් නැවතත් ඔහුව රජ කරවන්නට දර දිය ඇද්දේය. ඉතාම මෑත කාලයේ උදාහරණයක් ගමු. ඌව පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා පක්ෂය යම් නැගිටීමක් පල කර බව අප සියළු දෙනා පිළිගත යුතු තරම් වූ සත්‍යයකි. එයට හේතුව ලෙස හැමෝම දැක්කේ හරීන්ගේ සාර්ථකත්වය වගේම රනිල්-සජිත් දෙපලගේ එකමුතුකමය. මේ එකමුතුකමේ පාළම වූයේ තිස්ස අත්තනායකයි. එවැනි කාර්‍යභාරයක් කල මහ ලේකම් වරයාව බාල්දු කර කථා කිරීම නොවටිනා බව ඔබත් මමත් පිළිගත යුතුව ඇත. තිස්සගේ දේශපාලන ඉතිහාසය ගැනද යමක් පැවසිය යුතුය. විශ්ව විද්‍යාල කාලයේ සිටම ඔහු එක්සත් ජාතික පක්ෂපාක්ෂිකයෙකි. 1989 වසරේ සිට 2010 වනතුරුම ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්ථා කර පාර්ලිමේන්තු පැමිණියෙකි. නමුත් 2010 වසරේදී ඔහුට හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදූරයකි. ඒ ඇයිද කියා විමසා බැලීමත් වටී.. එම මැතිවරණයේදී සුළු ජාතික අපේක්ෂකයින් රාෂියක් එක්සත් ජාතික පක්ෂය වටා රැඳිණ. සුළු ජාතික අපේක්ෂකත්වයකට ඉඩ දීම පිණිස තිස්ස අත්තනායකයන්ට තම මැතිවරණ ප්‍රවේශ පත්‍රය කැප කරන්නට සිදු වූ බව එක්සත් ජාතික පාක්ෂිකයාට අමතක වීමට තරම් කාලයක් නොවේ යැයි හැඟේ... මෙවන් ඔහුට ඡන්ද පදනමක් නැත කියන්නට තරම් මෛත්‍රී පාක්ෂිකයින් ලඳ බොළඳ වීම පිළිබඳව විස්මයට පත්වීම විනා වෙන කල හැක්කක් නොමැත.මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයද දැවැන්ත පහරක් එල්ල කලේය. ඒ මනාප විශාල සංඛ‍යාවකින් බස්ණාහිර පළාත් සභාව ජයග්‍රහණය කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් වූ පළාත් සභා මන්ත්‍රීවරියව තම පාර්ශ්වය වෙත ඇද ගනිමිනි. හිරුණිකාගේ සිරිකොත ආගමනය නිවැරදිය, සංවේදීය. තම පෞද්ගලික තරහකරුවන් සමඟ එක මේසයේ වාඩිවී කෑම ගත නොහැකි බවත්, ඒ නිසා මානුශීය පැත්තෙන් ඒ පිළිබඳව කිසිදු දොසක් නැඟිය නොහැකි බවත්, මේ ලිපිය ලියන මමත් පිළිගත් සත්‍යයක් බව කිව යුතුය. ඇයගේ දේශපාලනය ගැනත් යමක් කිව යුතුය. ඇය්ගේ දේශපාලනයට හොඳම පූර්වාදර්ෂයක් චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගෙන් ගත හැකිය. චන්ද්‍රිකා මැතිණිය විජය කුමාරණතුංග නම් මානව හිතවාදියාගේ දේහය මතින් මහ ඇමති පුටුව කරා පැමිණියේය. අන්තුරුව ජනපති පුටුව කරා පැමිණීමටද ඇයට අවශ්‍ය වටපිටාව සිරිමාවෝ මැතිණිය විසින් එකල පැවති පවුල් වාදය හරහා අවස්ථාව උදා කර දෙනු ලැබින. හිරුණිකාත් එසේමය. භාරත් ලක්ෂ්මන් නම් මානව හිතවාදියාගේ මරණයත් සමඟ වූ අනුකම්පා ඡන්ද විශාල ප්‍රමාණයක් ඇය වෙනුවෙන් මනාප පෙට්ටියට වැටිණ. ජයග්‍රාහී පක්ෂයක් තුලින් ඡන්දය ඉල්ලීම නිසාත්, එක්පුද්ගලයෙකුට මනාප තුනක් ලබා ද්ය හැකි නිසාත් හිරුණිකාගේ මනාප අංකයට, ඡන්ද දායකයාගේ ප්‍රමුඛත්වය නොවුනත් දෙවන හෝ තෙවන මනාපය හිමිවීම තුළින් ඇය මේ ජයග්‍රහණය ලැබූ බව පැවසිය හැක. නමුත් ඇගේ ඡ්න්ද දායකයා ඇය පසුපස මෛත්‍රී කරා ඒයැයි සිතිය හැකිද යන්න අප අපගේම මනසින් විමසා බැලිය යුතුය. නමුත් වර්තමාන දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ඉදිරියේදී මෛත්‍රී, පාඨලී හවුලෙන් ඇරඹෙන නව දේශපාලන පක්ෂයකට හිරුණිකාද එක් වුවහොත් ඇයගේ ඡන්ද පදනම පිළිබඳව යම් අදහසක් ඇති කර ගැනීම ඔබ වෙතටම බාර කරමි.දිගම්බරන් සහ රාධාක්‍රිශ්නන් ගැනද කතා කල යුතුය. ඔවුන් අප පෙර කී පුද්ගලයින් තරම් වැදගත් නොවෙතත් ඔවුන්ගේ එජාප ආගමනය නිසා කුමක් සිදුවේද යන්න වාක්‍ය කිහිපයකින් කිව හැක. මේ දෙදෙනාගේම රාජධානිය නුවර එළිය දිස්ත්‍රික්කයයි. මොවුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂයන්ගේ කර පිටින් දේශපාලනයේ යම් තැනකට පැමිණි දෙදෙනෙකි. නමුත් වතුකරය නියෝජනය කරන තොන්ඩමන් සහ චන්ද්‍රසේකරන් තවමත් මහින්ද රාජපක්ෂ සමඟිනි. මෙය උදාහරණයකින් පැහැදිලි කලොත් තරාදියක එක් පැත්තකට වට්ටක්කා ගෙඩියක් සහ ලබු ගෙඩියක් දමා අනෙක් පැත්තට නෙල්ලි ගෙඩියක් හා ලොවි ගෙඩියක් දමා ඇති සේය. පාක්ෂිකත්වය නිසා මේසේ නොපෙණීමට ඉඩ ඇති අතර ඒ පිළිබඳව මැදහත් සිතින් බලන ලෙස ඉල්ලා සිටිමි.මේ සම්භන්ධ අවසාන සාමාජිකයා උදය ප්‍රභාත් ගම්මන්පිල වේ. ඔහුගේ එහෙට පැන මෙහෙට පැනීම ගැන අපි සමබර මනසින් විමසා බලමු. උදය ප්‍රභාත් ගම්මන්පිල නම් හිටපු පළාත් සභා ඇමති වරයාගේ අතීතය දෙස බලන කල, රටට අහිතකර මෙන්ම තම ආත්මාර්ථය වෙනුවෙන් ගත් තීරණයන් පිළිබඳ මතකයක් නැත. අවංකවම කිවහොත් හෙළ උරුමයද එවන් දේශපාලන තීරණ පිළිබඳව ඇත්තේ අල්ප මතකයකි. ඔහු සති කිහිපයකට කලින් පක්ෂයත් සමඟ එක්ව රටේ යහපාලනය උදෙසා වෙනත් මඟක ගමන් කිරීමට තීරණය කලේය. නමුත් ඔහුගේ මනසට ඒ දීගය රිස්සා නැත. ඔහු එය දුටුවේ රට කබලෙන් ලිපට ඇද දැමීමක් ලෙසයි. එහි ආසන්නතම උදාහරණයක් ලෙස ජ.වි.පෙ. කිසිවෙකුට සහය නොදීමට ගත් තීරණයද සැලකිය හැක. ජවිපෙට මෙන්ම ගම්මන්පිලටද මෛත්‍රී පාර්ශ්වයේ ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි විශ්වාසයක් නැත. සාපේක්ෂව නිවැරදි යැයි හැඟෙන තීරණයක් වෙත ගම්මන්පිල පැමිණ ඇත. පෝස්ටර් බැනර් වලින් තොර 100%ක් පරිසර හිතකාමී මෙන්ම විනිවිද භාවයෙන් යුක්ත මැතිවරණ ව්‍යාපාරයක් තුළින් ජනතා මනාප තුනක ප්‍රමුඛත්වය හිමි කරගත් ගම්මන්පිලගේ පුනරාගමනයේ වැඩි වාසිය හිමිවන්නේ මහින්දටද. මෛත්‍රීටද. යන්න තර්ක කල යුතු දෙයක් නොවන බව හැඟේ..ඉතින් මේ පිල්මාරු ගැන මට හැඟෙන දේ මෙසේය. එයින් වැඩි වාසි අත් වෙන්නේ කාටදැයි මම විසින් නොපවසන අතර එය තීරණය කිරීම ඔබ වෙත භාර කරමි. මෙම කරුණු සියල්ල විවාදයට විවෘත වන අතර එම විවාදය තුලදී ඔබේ සභ්‍යත්වය ආරක්ෂා කර ගන්නා ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
BLOG
2014.12.08
http://www.tikakhinawenna.blogspot.com
ඔබේ ඡන්දයට මෙම කරුණු බලපාවිද?
අභීත
මැතිවරණයක්... නිකන් එකක් නෙවෙයි... ජනාධිපතිවරණයක්.... රටේ ඉන්න පළමු පුරවැසියා ඔබේ තීරණය මත පත්වෙන මැතිවරණය... මේ මැතිවරණයේ ඇත්තටම උණුසුමක් තිබ්බේ නෑ... නමුත් 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මෛත්‍රීපාල මහත්තයා යූ හැඩයේ වංගුවක් හරවලා අරගෙන ඇවිත් පොදු අපේක්ෂකයා කියන චරිතෙට පණ පෙවීමත් එක්ක මේ සටනට පොඩි කික් එකක් ආවා... පොඩි කික් එකක්මත් නෙවෙයි... මේ සටන මහ දැවැන්ත සටනක් බවට නිර්මාණය වුනා... මම දාගෙන ඉන්නේ නිල් පාට කණ්ණාඩියක් කියලා තමයි ගොඩාක් අය කියන්නේ... නමුත් ඒ කණ්ණාඩිය තුලින් හෝ මේ මැතිවරණයේදී මේ දෙගොල්ලෝ මුහුණ දෙන හැටි විමසා බලන්නයි හදන්නේ....පළවෙනි එක... මහින්ද රාජපක්ෂ යුද්ධය විකුණාගෙන කෑම.. ඔව්.. මේ සම්භන්ධව කාරණා ගොඩාක් තියෙනවා.. ඔව්.. ඔහු යුද්ධය මාකට් කරනවා.. ඔබට මතක ඇති... එදා මෙදා තුර හිටපු අනිත් අපේක්ෂකයොත් යුද්ධය මාකට් කලා.. හැබයි ඔවුන් මාකට් කලේ ඔවුන්ටවත් ඔවුන්ගේ හිටපු නායකයිටවත් විසඳන්න බැරි වුණ යුද්ධයක්.. මතකනේ සින්දුවකුත් ආවා "යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ..." කියලා... එතකොට මහින්ද රාජපක්ෂ මාකට් කරන්නේ ඔහුගේම සේනාධිනායකත්වයෙන් අවසන් කරපු යුද්ධයක්.. මේ මාකට් කරන විදි දෙකේ ඔබ වඩා හොඳ විකල්පය ලෙස දකින්නේ කුමන කාරණයද.ඊලඟ කාරනය... මිනීමරු කේපීලා, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා ඔහුගේ ඔඩොක්කුවේ දාගෙන ඉන්නවා කියලා විපක්ෂයචෝදනා කරනවා...ඒ අතරෙම රනිල් මහත්තයා කියනවා ඔහුගේ කාලයේ ලිච්ඡවි රජ දරුවන්ට සේ සාමෙන් මේක විසඳගන්නයි වැඩ කලේ කියලා.. ප්‍රභාගේ දකුණු අත වෙච්ච කරුණා ගැලෙව්වෙත් ඔහු කියලයි ඔහු කියන්නේ... එතකොට අපට මෙහෙම ප්‍රශ්ණයක් එන්නේ නැද්ද. කරුණා ඒ කාලේ ගැලෙව්වානම් ඇයි ඔහුට ඒ කාලේ දඬුවම් නොදුන්නේ... අර කියන සාම මාවතට ප්‍රභා ඇවිත් ආයුධ බිම තිබ්බානම් ඔහු ඔවුන්ට දඬුවම් කරන්නේ නැද්ද. ඒ න්‍යාය අනුව රනිල් මහත්තයා හිටියානම් කේපීලා, කරුණාලා, පිල්ලෙයාන්ලා විතරක් නෙවෙයි, නඩේසන්ලා, සුසෙයිලා, බාලසිංහම්ලත් එක්ක ප්‍රභාකරනුත් ඉන්න තිබ්බේ ඔහුගේ ඔඩොක්කුවේ නෙවේද. අනෙක් අතට මනුශ්‍ය ඝාතන රැසකට වග කියන්න අවශ්‍ය ජවිපේ අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද. එල්ටීටීය මිනීමැරුවානම්, රට අරාජික කරන්න හැදුවානම් එය ජවිපෙත් කරන්න හැඳුවා කියලා රටේ මිනිස්සුන්ට මතකයි... එල්ටීටීය කලා සේම ඔවුන් මිනිසුන්ගේ ඡන්ද අයිතිය පවා අවි ආයුධ පෙන්වා වලක්වපු කාලයක් තිබ්බා කියන එක අමතක කරන්න මහ ජනතාවට තාම අමාරුයි.. එතකොට ඒ ගොල්ලට එකකුයි මේ ගොල්ලට තව එකකුයි දෙන එක සර්ව සාධාරණද. එහෙම නැත්නම් මේ විදිහ හොඳද. එහෙමත් නැත්නම් කල පව් නැවත විමර්ෂණය කරලා මේ දෙගොල්ලොම හිරේ දානවද. මේ වෙනුවෙන් අහන්න තව එක කාරණයක් තියෙනවා... ජවිපේ මිනී මරද්දි ඒ ආණ්ඩුව ජවිපෙ පුනරුත්ථාපනය කලාද මර්ධනය කලාද. එල්ටිටීය එහෙම කරද්දි මේ ආණ්ඩුව ඔවුන්ව මර්ධණය කලාද පුනරුත්ථාපනය කලාද. මෙන්න මේ වගේ විපක්ෂය තම වාසිය තකා යටපත් කරණ කරුණු කාරණා බොහොමයි.. ලිපිය දිග් ගැස්සෙන නිසා මෙහෙම නවතිමු...ඊලඟ කාරණය... මේ මැතිවරණ පොරොන්දු.. ඒ කාලේ ඉඳන් බලය ඉල්ලපු සියළු ජන නායකයින් දුන්න පොරොන්දු ගත්තම ප්‍රධාන වශයෙන් පොරොන්දු හතරයි තිබ්බේ.. එතනින් එහාට පොරොන්දු තිබ්බේ නෑ.. මේ මට දැනෙන විඳිහට ඒ පොරොන්දු හතර..1. අපි යුද්ධය අවසන් කරනවා2. අපි රට සංවර්ධනය කරනවා.....3. විධායක ජනාධිපතික්‍රමය අවසන් කරනවා...4. ව්‍යවස්ථාව සංශෝධනය කරනවා...මීට සාපේක්ෂව පොඩි පොඩි පොරොන්දු තව තිබුනත් ඔය උඩ තියෙන හතර තමා ප්‍රධාන වශයෙන් තිබුනේ... මහින්ද රාජපක්ෂට කලින් ආපු සියළු නායකයින් මේ හතරින් කරපු එක දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවද. මම හිතන්නේ තව දුරටත් කතා කරන්න දෙයක් නෑ කියලයි...මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දන්න යකා නෙව... අපි මේ නොදන්න දෙවියා ගැන හොයලා බලමු... මෛත්‍රී මහත්තයා ඇවිත් කීවා නොයෙකුත් කථා.. ඒ අතරින් රටේ ජනතාවට දැනුන ලොකුම කථාව තමයි ආණ්ඩුව පෙරලන් 20ක් මෛත්‍රීත් එක්ක එනවා... 20ක් නාම යෝජනා දවසේ එනවා.. තව අය පස්සේ එනවා... අනිත් ඔක්කොම ජනපතිවරණ පොරොන්දු... මේ පූර්ව මැතිවරණ පොරොන්දු... අද වෙනතුරු 7 දෙනෙක් ඇවිත් තියෙනවා.. ඊට අමතරව අලියගේ මහ ලේකම් තුමා මහින්ද රාජපක්ෂ ලඟට ගිහින් තියෙනවා... ප්‍රධාන පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න අසමත් වීම තුල මගේ හිතේ නැඟුනේ මෙහෙම ප්‍රශ්ණයක්..."දවස් 20ක් යනකොට ආණ්ඩුවේ මන්ත්‍රීන් 20ක් ගන්න බැරි මනුස්සයා කොහොමද රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් අරගෙන ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නේ....."අනෙක් කාරණය මේ කට්ටියට චන්ද්‍රිකා මැතිණිය සෙට් වුනේ කොහොමද. බොහොම සරල ප්‍රශ්නෙකින් ගොඩාක් දේවලට උත්තර හොයා ගන්න පුළුවන්.. ප්‍රශ්ණය මෙයයි.. "අවුරුදු ගාණක් රටේ විධායක පුටුවටම වෙලා ඉඳලා හදන්න බැරි වෙච්ච රට හදන්න නැවත ආසාවක් ඇති වුනේ ඇයි." හිටපු ජනපතිනිය ගැන හදවතට එකඟව දන්න අයට මේ ප්‍රශ්ණෙට පිළිතුරක් හොයා ගන්න එක කජු කනවටත් වඩා ලේසියි මම දන්න විඳිහට.. වෛරයක් අරවා මේවා තියෙනවද කියලා මම දන්නේ නෑ... නමුත් කුමක් හෝ පෙරළියක් ඇය පිටිපස්සේ තියෙනවා කියන එක ඕනෑම මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්...තවත් වැදගත් කාරණයක් ගනිමු... ඒ තමයි රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක. මම කියන්නේ මේ දෙන්නම පැන්නා.. එක්කෙනෙක් විතරක් නෙවෙයි.. රනිල් ඡන්දෙන් පැන්නා.. තිස්ස පක්ෂෙන් පැන්නා... මේ මැතිවරණය දිනන්න පොඩි හරි චාන්ස් එකක් තිබ්බනම් රනිල් මෛත්‍රී කෙනෙක් හොයන්නේ නෑ... පරාජයෙන් භරිත වෙලා ඉන්න ඔහුට තව දුරටත් රෙදි ඇදගෙන පරාජය වෙන්න බෑ... පරාජය දැක දැක දුවපු කෝච්චියට මෛත්‍රී බෙල්ල තිබීමෙන් රනිල් ගැලවුනා... ඒ අතරේ තිස්ස.. යන්තමින් හෝ ජයග්‍රහණයක් පෙනෙනවනම් ඔබ හිතනවද පක්ශයක මහ ලේකම් කෙනෙක් අනිත් පැත්තට පනියි කියලා.. අපි අහලා තියෙනවා ගිලෙන් නැවෙන් මීයෝ පනිනවා කියලා.. හැබැයි ගිලෙන නැවට මීයෝ නගිනවා කියලා අහලා නෑ... ඒ නිසා මෙතනදි මෛත්‍රී ඇරුනම අනිත් ඔක්කොම මෛත්‍රී පරදින බව දන්න බවයි මගේ අදහස....තීරණය ඔබ සතුයි... ජනවාරි නව වෙනිදා උදේ වෙනතුරු අපි බලාගෙන ඉමු...ඊලඟ ලිපිය... "හෙළ උරුමය, ජවිපෙ, හිරුණිකාට මොනාද කරන්න පුළුවන්...".
BLOG
2014.11.27
http://www.tikakhinawenna.blogspot.com
ආදරණීය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලියමි....
අභීත
රටේ මහත් බලාපොරොත්තු ඇතිව රට වෙනුවෙන් උඩුගම් බලා පිහිනීමටත් පොදු අපේක්ෂකයා නැමැති දං ගෙඩියට බෙල්ල තැබීමටත්, දේශ්ප්‍රේමී බලවේග එක වේදිකාවකට එක්කර ලීමටත් ඔබ තුමන් ගත් තීරණය බොහෝ සේ අගය කරන අතර ඒ පිළිබඳ වූ ස්තූතියද පළමු කොට ඔබතුමා වෙත දැන්වීමටකැමැත්තෙමි.. එබැවින් ඔබතුමා පොදු අපේක්ෂක වේදිකාවට ගොඩ වී දින හතක් ගිය පසු, එනම් අද වන විට රටේ සාමන්‍ය ඡන්ද දායකයෙක් වන මට හැඟෙන කරුණු කිහිපයක් වෙත ඔබ තුමාගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙමි.. එය හුදෙක් ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නටවත් ඔබතුමාට මඩ ගසන්නටවත් නොව ඔබතුමාගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම උන්නතිය සඳහාද වන බව කාරුණිකව සිහි තබා ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි... මගේ අදහස් කරුණු වශයෙන් පහත පරිදි ගොනු කිරීමට කැමැත්තෙමි...1. ජනපතිවරණයට අදත් සමඟ තව ඉතිරිව ඇත්තේ දින 42ක් වැනි ඉතා සුළු කාලයකි... ඔබ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දින පටන් තිබුනේ දින 49කි. මට හැඟෙන පරිදි එය ඉතා සුළු කාලයකි.. ඔබේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කර සතියක් ගොස් ඇතත් එහි ලොකු ජීවයක් සහ ගැම්මක් අද වනතුරුත් මට පෙනී යන්නේ නැත.. එබැවින් දියාරු වී ගොස් ඇති කැම්පේන් එකක් පිළිබඳ මහජන සිත් ධනාත්මකව හැසිරෙයිද කියන ගැටළුව මට පැන නැඟී ඇත.2. මිනිසුන් ඔබේ පළමු අදහස් වලට එකඟව ඔබේ විසිල් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින වෙලාවයි.. ඔබ එන්නට පෙර සිටම ඔබත් සමඟ විපක්ශයේ අසුන් ගන්නා ආණ්ඩුවේ චරිත පිළිබඳව ප්‍රභල අපේක්ෂාවක් මහ ජනතාවට තිබිණ.. අදටත් එම කරුණ රැදෙන්නේ "විසිල් මත පිහිටූ බල්ටි නොතිබූ නාටකයක්" ලෙසය... මහ ජනතාවගේ අපේක්ෂා බංගත්වය මෙම කරුණහේතුවෙන් ඉහල යන ප්‍රවණතාවක්මෙතුලින් දක්නට ලැබේ.. එබැවින් "හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට" කියා තම ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් නොසිට ඉදිරි දින තුන හතර තුලදී නිකම්ම නිකන් සුළුජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් සැහීමට පත් නොවී ආණ්ඩුවේ ප්‍රභල බලකණු හතර පස් දෙනෙක් වත් ඔබේ ගමනට එක් කර ගැනීම තුලින් මේ අපේක්ෂා බංගත්වයට පිළිතුරු සැපයීම ඔබ කල යුතුම කාර්‍යයක් ලෙස මට හැඟේ... "මෛත්‍රීගේ විසිල් විතරයි.. කෝ තවම කවුරුත් ආවේ නෑනේ" යන්න මහ ජනතාවගේ සිත් තුළ පැලපදියම් වුනාට පසුව ඔබ මහින්ද රාජපක්ශයන් පොදු විපක්ශයට ගත්තත් වැඩක් වෙන්නේ නැති බව ඔබේ පරිනථ දේශපාලන බුද්ධියට නොවැටහෙන දෙයක් යැයි මම නොසිතමි...3. ඔබේ ප්‍රකාශයේ සඳහන්ව ඇති "දින 100ක් තුල විධායක ජනපති තනතුර අහෝසි කිරීමත් රනිල් වික්‍රමසිංහයන්ටවිධායකබලතල ලබා දීමත්" යන කරුණු, කරන්නේ කෙසේද කියා තවමත් අප (මහ ජනතාව) වෙතඅදහසක් නැත.. අප දන්නා පරිදි පාර්ලිමේන්තුව හරහා එය කල හැකි නමුදු ජනපතිවරණ චන්දයකින් දිනූ ගමන් ඔබට මෙය කල හැකියැයි අපි විශ්වාස නොකරමු.. ආණ්ඩුවේ කථිකයින් මෙන්ම ජවිපේ නියෝජනය කරන ලාල්කාන්තයන්ද මෙය දිගින් දිගටම ප්‍රකාශ කිරීම තුල මෙම කරුණ මහජන සිත් තුලට එබෙන්නට පටන් ගෙන ඇති අතර හැකි ඉක්මනට මේ පිළිබඳව අප දැනුවත් කිරීම ඔබ සතු යුතුකමක් මෙන්ම ඔබේ ජයග්‍රහණයට පාර කැපීමක් ලෙසද මම දකිමි..4. ග්‍රමීය මට්ටමේ ජනයා ඔබේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැන් දැන් දෙගිඩියාවකට පත් වෙමින් සිටී.. ඔබේ ප්‍රභල අනුගාමිකයා වන එක්සත් ජාතික පක්ෂයට හිතැති ග්‍රාමීය ජනතාවගෙන් බොහොමයක් දක්වන අදහස ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.. "අපි අපේ අපේක්ශකයෙකුට ඡන්දේ දෙන්න හිටියා.. දැන් ගහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කාරයෙකුට.. ඊට හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.." මෙසේ පවසන්නෝ බොහෝ වෙති.. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රමීය මට්ටමේ කථිකයින් ලවා එම ජනතාව දැනුවත් කිරීම තුලින් ඔබට වාසියක් අත් විඳිය හැකි බවද මම විශ්වාස කරමි.. එසේ නොවේ නම් ඔබට පොළොන්නරුවෙන් පමණක් සෑහීමට පත් වී ඔබේ උදාර අරමුණ කෙරෙහි සුසුම් ලෑමට සිදුවන බව මඟේ හැඟීමයි...5. මීලඟට මඳක් සංකීර්ණ ගැටළුවක් වෙත ඔබේ අවධානය යොමු කරමි..ඒ රටේ එක්සත් භාවය පිළිබඳ ගැටළුවයි.. ඔබේ ප්‍රධාන අනුගාමිකයා වන රනිල් වික්‍රමසිංහයන් ඔහුගේ පාලන කාලයේදී දෙමළ ඩයස්පෝරාව පිළිබඳව අනුගමනය කල ක්‍රියා පටිපාටිය අමතක කල කිසිවෙක් නැත.. 2002 - 2004 කාලයේදී ඔහුගේ පාලනය නොදන්න කිසිවෙකුට අද වනවිට ඡන්ද බලය හිමිව නැත.. අද ඡන්ද බලය හිමි සැමට ඒ කාලය මතක තිබේ.. වෙනම රටකට යන්නාක් ලෙස යාපනේ ගිය හැටි, එල්ටීටීඊ සාමජිකයන් අපේ සෙබළුන්ට පස්ස පෙන්වා හමුඳා කදවුරු අසල මලපහ කර ගිය හැටි, හමුදා බුද්ධි අංශ ඝාතනය කල හැටි, මෙන්ම තවත් ගොඩාක් කරුණු ඔවුන්ට මතක ඇත. ඊට අමතරව ඔහු රජයේ සේවකයන් බඳවා ගැනීම නතර කල හැටි, රාජ්‍ය දේපල කුණු කොල්ලෙට පෞද්ගලීකරණය කල සැටි වැනි දේවල් නිසා ඉතා කෙටි කලකින් බලයෙන් සමුගන්නට ඔවුන්ට සිදු වූ හැටි ඔබටත් අදට ඡන්ද බලය හිමිවන සැමටත් මතක ඇති දෙයක් යැයි මට මෙන්ම ඔබතුමාටත් හැඟේ යන්න මම විශ්වාසකරමි.. එබැවින් මෙවරත් එයම සිදු වේවිදැයි මහ ජනතාවගේ සිත් තුළ ඇති පැණයට හැකි ඉක්මණින් පිළිතුරු දී එම සැක සංකා ඉවත් කිරීම ඔබ සතු හදිසි කාර්යයක් ලෙසද මම දකිමි.6. රටේ අති මහත් දැවැන්ත සංවර්ධන ක්‍රියා දාමයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.. ඔබ බලයට පත් වූ පසු එම සංවර්ධන ක්‍රියාදාමයට කුමක් සිදුවේද යන්න මහජනතවගේ සිත් තුල ඇති තවත් ප්‍රශ්ණයකි... අද ගමේ පාසලට ගුරුවරු ඇත. විද්‍යාගාර ඇත.. මීමුරේ වැනි හුදෙකලා ගම්මාන වලට පවා ජාතික පද්ධතියෙන් විදුලිය සැපයේ.. නාගරික බොහෝ දෙනාට අඩුම තරමේ යතුරු පැදියක්වත් ඇත.. පාරවල් සුව පහසුය.. අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී.. විකල්ප වරායන් සේම විකල්ප ගුවන් තොටුපලවල්ද ඇත.. සංචාරක කර්මාන්තය සීග්‍ර දියුනුවකට බඳුන් වී ඇත.. ත්‍රිරොද රථගාල් වල ඇති ත්‍රිරෝද රථගණනින් විශාලය. ගොවියන් මෙන්ම කිසිවකුත් රටේ පොදු කරුණු අරඹයා වහ බොන්නේ නැත. ජනතාව නිදහසේ රට පුරා ගමන් කරයි... කොළඹ පැල්පත් වාසීන්අඩු වෙමින් පවතී.. නගර අලංකාර වෙමින් පවතී.. ක්‍රිකට් පමණක් දියුණු වූ අප රටේ රගර් ද, දරුවන්ගේ ආශාව මුදුන් පත් කල නිසා හෝයම් මට්ටමක ජාත්‍යාන්තර දියුනුවකට පැමින තිබේ.. පොලීසි, රෝහල්, බස් නැවතුපොලවල් වල යටිතල පහසුකම් වර්ධනය වී ඇත. ඉතින් මෙවැනි ක්‍රියාවන් ඉදිරියටත් පවත්වා ගෙන යෑම පිළිබඳ ඔබේ අදහස කෙබඳුදැයි දැන ගැනීමට කැමැත්තෙමි.. ඔබේ මැතිවරණ ප්‍රකාශයේදී එය එළි දැක්වීමට ඉඩ ඇති යැයි මගේ හැඟීමයි.. නමුත් ආණ්ඩුවේ කථිකයින්ට ඉණිමන් තනන කරුණු ඇතුලත් වුවහොත් ඔබට ජනපතිකම තබා විපක්ශ නායකකමවත් නැති වන බව ඔබේ බුද්ධියට තේරුම් යතැයි මම බලාපොරොත්තු වෙමි.7. රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ "රට හැදෙනවානම් උන් කොච්චර ගැහුවත් කමක් නැත" යන මානසිකත්වයේ බව ඔබටත් මටත් අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි... මේ කුඩා කාලය තුල මිනිසුන්ගේ සිත් වලින් එම ආකල්පය බැහැර කිරීමට ඔබ පියවර ගත යුතුය.. එපමණක් නොව, ඔබ වටේ ඇරියස් කවර් කිරීමට බලා සිටින දේශපාලනඥ්ඥයන්ගෙන් මෙම වංචා දූෂණ නැවත සිදු නොවන්නේ යැයි යම් සහතිකයක් ඔබ විසින් ජනතාවට දිය යුතුව ඇත. නැතිනම් ජවිපේ කියනා ලෙස "බලය අනෙක් පාර්ශ්වයට ලබා දීම තවත් එක් ඔළුගෙඩි මාරුවක් පමණක් වනු ඇත". මෙවර ඔබේ අනුගාමිකයින් සතුව මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලකයෙන්ගෙන් ගත් පාඩම් නිසා ඔවුන්ද නිසි අයුරින් වංචා දූෂණ කිරීමට පෙළබෙනු ඇත.. කලින් කී ලෙසට එම කරුණු කාරණා සම්භන්ධව ඔබේ ප්‍රතිපත්තිය කෙසේ දැයි මහ ජනතාව වන අප බලා සිටිමි...8. තවත් එක් ඉතා වැදගත් ප්‍රායෝගික කරුණක් පිළිබඳවද ඔබේ අවධානය යොමු කරමි. මහින්ද රාජපක්ෂයන් අගමැති වීමට ප්‍රථම ඔබ වැනි චරිතයකි.. නමුත් ඔහුව විශාල ප්‍රතිරූපයක් ලෙස පිම්බූවේ ෆේස්බුක්වත්, අන්තර් ජාලයවත්, මේ කොටන බ්ලොග් වත් නෙමේය.. ඔබ ඇතුළු දක්ෂ කථිකයින් විසින් ඔහු අති ප්‍රභල චරිතයක් කරනු ලැබුවෝය.. අපේ වචනයෙන් කියනවානම් කථිකයින් ඔහුව පොරක් කරනු ලැබුවෝය.. එම අවස්ථාවෙන් හා එතුලින් ඇති වූ ජනවරමින් ප්‍රයෝජනය ගත් ඔහු දේශීය විදේශීය බලවේගයන්ට නතු නොවී යුද්ධය දිනා, රට මිනිසුන්ගේ දෑසෙට පෙනෙන සීග්‍ර සංවර්ධන මාවතකට ඇද දමමින් පොරක් බවටම පත් විය.. මෛත්‍රී මැතිතුමණි, මේ බැලුමේ හුලං පිරවූ එකට වඩා හුලං බැස්සවීම අමාරු බව ඔබත් දන්නවා ඇතැයි සිතමි.. මහින්දයන් පොරක් කරන්නට සිටි කථිකයින්ට වඩා ඔබ වටේ සිටින කථිකයින් සාපේක්ශව අඩුය.. දුර්වලය... අඬමින් ජනතාව අමතනවාට වඩා ආඩම්භරයෙන් ජනතාව අමතන එක හිතට වදින බව අප දන්නා කරුණකි.. කෙඳිරියෙන් ජනතාවට කරුණු කියනවාට වඩා ආවේගශීලීව මැතිවරණ වේදිකාවේ කරන කථාවට ජනතාව කැමතිය.. මෙන්න මේ අඩුව ඔබේ පාර්ශ්වය තුල දක්නට ඇති ප්‍රභල අඩුපාඩුවක් බව නොකියාම බැරිය. 9. දැන් ඇතියැයි කියා සිතමි.. තව කරුණු විශාල ප්‍රමාණයක් තිබුනත් ඒවාත් ප්‍රකාෂ කලොත් ඔබට මෙම සටනද එපා විය හැක..කෙටි කලක් තුල මෙවැනි සුළු කරුණු වගේම බරපතල කාරණා රැසක් පිළිබඳ වූ විකල්පද ජනපතිවරණ සටනේදී ඔබ මහ ජනතාව වෙතට ධනාත්මකව ලබා දිය යුතුව ඇත. එය සාර්ථකව කිරීම සඳහා ඔබට සුභ පතමි.තවත් ලිපියක් සති දෙකකින් විතර එවන්නට බලාපොරොත්තු වෙමි.. මෙහි ඇති ඌණපූර්ණය මෙන්ම මෙහි කරුණු වලට එකඟ හා විරුද්ධ අදහස් පහතින් වැටෙන කමෙන්ට් වලින් ඔබට බලාපොරොත්තු විය හැකි බවද මතක් කරමි..එසේනම් සුභ අනාගතයක්... මෛත්‍රී පාලනයක්...මෙයට,ටිකක් හිනා වෙන්නටලියන අභීත.
BLOG
2014.11.03
http://www.tikakhinawenna.blogspot.com
මෙන්න මෙහෙම පොඩ්ඩක් ඔබලා බලමුද?
අභීත
මෙන්න මෙතනින් ඔබලා බලන්න පොඩ්ඩක්...හැබැයි එතනටත් ගිහින් පොඩ්ඩක් ඔබලා එන්න... නිකන්ම එන එකත් හරි නෑනේ.
BLOG
2014.08.29
http://www.tikakhinawenna.blogspot.com
රසික නානායක්කාරගේ (රනාගේ..) මෝඩ චූන් චැලෙන්ජ් එකට....
අභීත
එක එක කාලවලින් එක එක මෝඩ චූන් චැලෙන්ජ් එනවා.. අළුත්ම එක අයිස් බකට්.. බැරැක් ඔබාමාගේ ඉඳලා අනන්තවත් මිනිස්සු දැන් මේකට අයත් වෙලා.. සමහරු නානවා.. සමහරු නොනා සල්ලි දෙනවා.. සමහරු බාල්දි ඔළුවේ කඩන් වැටිලා මැරිලා වැටෙනවා.. අනිත් උන් බාල්දිය ඔළුවට වැටෙද්දි ඒ පිම්මටම ඇලට වැටිලා ගිලිලා මැරෙනවා.. මේ ඔක්කොම මොකට කරනවද කියලා හිතෙද්දි එක වෙලාවකට මහ පුදුමත් හිතෙනවා...මූණු පොතේ තිබ්බ එක කණ්ඩායමක් ගියා විල්පත්තු.. රසිකත් ගියා ඒ එක්ක.. ගිහින් නානකොට මොලේ පෙඟිලද කොහෙද ඌටත් ඇවිත් අර අයිස් බකට් වගේ හද්ද පජාත මෝඩම මෝඩ අයිඩියා එකක්.. මේක කියවන සමහරු දන්නවා ඇති.. දැනටමත් පොර, බ්ලොග් ලෝකේ මූණු පොතේ හෙන පොරවල් වෙලා රඟන සෙට් එකක් එකතු කරගෙන මේ අමු මිරිස් අභියෝගේ කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න අඩි තාලම් දාලා... දැන් මොකද්ද මේකේ අරමුණ....ලංකාවේ අපි ඕනම විපත්තියකදි එකතු වෙන්න හරිම ආසයි.. සුනාමියේදිවත් ඒ වගේ අනිත් විපත් වලදිවත් අපි අපේ මිනිස්සුන්ව තනි කලේ නෑ.. ඒ හැම වෙලාවෙම අපි ඒ මිනිස්සුත් එක්ක හිටියා.. ඇත්තටම රසික මේ වෙලාවේ එහෙම එක පාර එන විපතක් නොවෙන, ඒත් කාගෙවත් අවධානයක් වැඩිපුර නොදෙන පැත්තක් ගැන හිතලා මේ වැඩේ පටන් අරන් තියෙනවා.. රජරට ඉන්න අහිංසක මිනිස්සු බොහොම පීඩාවට පත් කරන වකුගඩු ගැටළුවට ලක්ශ 30ක් වැනි දැවැන්ත මුදලක් ප්‍රධානය කිරීම තමයි මේ කාර්යයේ අරමුණ...මෙතන ඉදන් කියවන අය පහල තියෙන ඕන දෙයක් කරන්න...ඕන අය අමු මිරිස් කන්න...එපා අය නොකා ඉන්න...ඕනනම් මේ වැඩේ සමච්චලයට ලක් කරන්න...තවත් ඕනනම් ඌට ඇති තරම් මඩ ගහන්න...නැත්නම් මේ කාර්යයට විරුද්ධ වෙලා කකුලෙන් ඇදලා එක දාගන්න...දාගෙන හෙන පට්ට පොරක් වෙලා වීරයෙකුත් වෙන්න...ඒත් අවසානයට අර අහිංසක මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න හිතේ තියාගන්න...එහෙනම් ලෑස්ති වෙන්න....බ්ලොග් කරුවන්ගේ මුහුණු පොත් මිතුරන්ගේ අති විශාලතම සමාජ සේවයට එකවෙමු... ඔන්න පහල තියෙනවා ලින්ක් එක එතනින් ගිහින් දැන ගන්න විස්තර...වකුගඩු රෝගීන් සඳහාම වූ අමු මිරිස් අභියෝගය හා ඔබත් එක්වෙන්න.
BLOG
2014.06.10
http://www.tikakhinawenna.blogspot.com
ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....
අභීත
ආදරණීය සංචාරකයිණි, මිතුරණි, සුභ පතන්නෙනි.. අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත් දෙකක ඔබ ආදරය කල අපූරු නවාතැන වූ මීමුරේ ජන්ගල් රිසෝට් පිළිබඳව ඉතා ද්වේශ සහගත් පුවත් පත් ලිපි දෙකක් පලවී තිබුනා ඔබ දකින්නට ඇති.. මීමුරේ ජන්ගල් රිසෝට් වෙත පය තැබූ ඔබ මෙහි සඳහන් කරුණු වල තිබූ සාවද්‍ය කරුණු වලට එකඟ නොවෙන බවට අපගේ දැඩි විශ්වාසයක් තිබේ... මීමුරේ කඳවුරට පාතබන ඔබට අපගේ කාර්‍ය මණ්ඩලය පළමුවෙන් පනවන නීති රෙගුලාසි ඔබට මතක ඇති.. ඊට අවනත නොවූ කණ්ඩායම් දෙකක් පිටව ගොස් ඇති බවත් අප ඔබ වෙත පවසා ඇත... අප මේ සැරසෙන්නේ මේ පුවත් පත් වර්තා දෙකේ ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත හෙළි කිරීමටයි.. ඒ විතරක් නොව ලංකාව අගාධයට පත් කිරීමට පෑන මෙහෙයවන නිරුවත් ජඩ මධ්‍යකරුවන්ගේ සැබෑ නිරුවත ඔබ වෙත ගෙන එන්නටය...පලමු ලිපියේ සබැඳිය පහත සඳහන් වේ.....com/2014/06/10/feature02.htmlමොහු නමින් ජගත් කණහැරආරච්චිය... දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකි.. අද උදේ වරුවේ අපගේ ව්‍යාපාරයේ හිමිකරු හා ජනිත් අරන්දර මල්ලිත් ඔහු හා ඔහුගේ දිනපතා දිවයින ප්‍රධාන කතෲ තුමන් මුණ ගැහුනෙමු..මෙහි හඬ පටයද අප සතුවන අතර ඉදිරි දිනෙක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත... කිසිදු සාක්ෂියක් නොමැතිව, මනුස්ස ආත්මයක් ලද්දෙක් තමන්ගේ පිරිමිකමත් උගසට තබා ලියූ බොරු,සාධාරණය කරන්නට නොහැකිව ලත වෙන ආකාරය අප එහිදී දැක්කෙමු... අප ඔහුට අභියෝගකිහිපයක් භාරදෙන්නෙමු...1. අප කඳවුරු භූමියට පැමිණෙන සංචාරකයින් ඔහු කියන ආකාරයට හැසිරෙනවානම් ඒ පිළිබඳ ඡායාරූප හෝ වෙනත් සාක්ශි අප වෙත සපයන ලෙසට...2. අප විසින් කඳවුරු භූමිය තුල ගංජා, මත්කුඩු, හා ගණිකා ව්‍යාපාරයේ නියැලෙන බවට පිළිගන්නට හැකි කුමන හෝ පිළිගත හැකි සාක්ෂියක්...3. අප ව්‍යාපාරයේ හිමිකරු අභීත නමින් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනවානම් ඔහුගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන ලෙසද ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමු...4. උඩුදුම්බර කලාපයේ පළමු පුරවැසියා වන ගරු ප්‍රදේශීය ලේකම් තුමන් බඩේ බිත්තර තබාගෙන අභීත නමින් වූ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නා වෙනුවෙන් යම් දිනෙක පෙනී සිටියානම් ඒ කවද්ද කොතනද යන්න ප්‍රකාශ කරන ලෙස අපි ඔහුගෙන් කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු...5. ඔහුගේ ලිපියේ පස්වෙනි ඡේදයේ සඳහන් පළමු වාක්‍ය හතර හැර වෙනත් කිසිදු කරුණක සත්‍යතාවක් තිබේනම් එයද අප වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමු...6.අනිකුත් කඳවුරු බිම් මෙහෙයවන්නන්ගේ කඳවුරු බිම් ඔබගේ ඇස ගැටුනේ නැත්තේ ඇයි... ඒ ඔබ ඉලක්ක කරමින් ගියාද. නැත්නම් ඔබ දැක්කේ මෙච්චරද.7. එසේ සාක්ශි සැපයීමට ඔහු අපොහොසත්නම් අප ඔවුන් වෙත දුන් ලිපිය, ලබන සතියේ අඟහරුවාදා පළවන දිවයින පත්‍රයේ සොබාසර අතිරේකයේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට නිහතමානී විය හැකි බව අප වෙත පෙන්වීමටද ඔහු වෙත අප අරාධනය කරන්නෙමු...ඔබට ඔහුගෙන් කෙලින්ම දැනගත හැකි දෙයක් වේනම් පහත සඳහන් කරනුයේ ඔහුගේ ෆේස්බුක් සබැඳියාවයි.... මේ තුලින් ඔබට ඔහුගෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගත හැකි වේවි කියා අප ඉතා තරයේ විශ්වාස කරමු...9.fref=tsඔහු පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී.. ඔහුගේ ප්‍රොෆිලය පුරා ඔහු දුම්බර මිතුරෝ ටී ශර්ටයෙන් සැරසී පින්තූර පල කර ඇති බව ඔබට දකින්නට පුළුවන් වේවි... එම පින්තූර දකින ඔබට වැටත් නියරත් උඩ පැනගෙනම ගොයම් කා ඇති බව ඔබට සාක්ශාත් වෙනවා ඇති.... දුම්බර මිතුරෝ සංවිධානයේ ෆේස්බුක් සබැඳියාව පහත දැක්වේ...fref=tsමෙම පිටුව හා අප පිටුව දකින ඔබට මීමුරේ වෙසෙන අහිංසක අව්‍යාජ ගම්වාසීන්ට වැඩි මෙහෙයක් කල පිරිස කවුදැයි අදහසක් ගත හැක...ජගත් කණහැරආරච්චි මැතිතුමනි, ඔබගේ අසත්‍යය පිරුණු, ජඩ, තිරිසන්, නොහික්මුණු පෑන් තුඩට සදාචාරවත් ඉදිරියක් ලබාදෙතැයි සමස්ත ශ්‍රී ලංකිකයින් වශයෙන් අප බලාපොරොත්තු වෙමු...අපි දැන් දෙවන ප්‍රවෘත්තිය දෙස හැරෙමු... මව්බිම පත්තරේ කැලෑහඳ අතිරේකයේ තමයි ඒක පළවුනේ.. පහත තියෙන්නේ සබැඳිය...htmlමෙහි කතෲ හසිත කුරුප්පු හා ලිපිය ලියූ සවනි ශේසාදිවත් අපි අද උදේ මුණ ගැහුනෙමු... මෙහිද හඬ පටය අප සතුව ඇති අතර එයද ඉදිරි දිනෙක ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙමු...අරුම පුදුම කාරණාව නම් මෙයයි.... ලිපිය ලියූ සහ සංස්කරණය කල දෙදෙනාම මීමුරෙ ගමට පය තබා වත් නැත... කොහෙන් හෝ ආපු ඡායාරූප කිහිපයක් ගෙන හිට් වෙන නිව්ස් එකක් පළ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.. අප ව්‍යාපාරයේ අයිතිකරුට අපූරු නමක් ඔවුන් පට බැඳ ඇත.. ඒ "කොළඹින් ඉඟිල ආ මූසල උලලේනා" ලෙසයි... එය පමණක් අපේ සිත් ගත්තෙමු... පහත දැක්වෙන්නේ සංස්කාරක හසිත කුරුප්පුගේ ෆේස්බුක් සබැඳියයි... ඒ තුලට ගොස් ඔබට ඔහුගේ අදහස් ලබාගත හැකියි...fref=ts&ref=br_tfමොවුන් තරුණ මාධ්‍ය කරුවන්ය... අදරණීය නංගිටයි මල්ලිටයි අපි මේ සහෝදර සෙනෙහසින් කියන්නේ... තරුණ මාධ්‍යවේදීන්ගේ වගකීම ඕක නෙවෙයි දරුවනේ... ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්... මීට පස්සෙවත් කොහෙන් හරි ඡායාරූප කිහිපයක් ලැබුනාම සිඟිති ආතල් එකක් අරගෙන චූන් නොවී වග කිව යුතු මධ්‍ය කරුවෙක් ලෙස හැසිරීමට කටයුතු කරණ ලෙස අපි ඔබ දෙපලගෙන් ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි...දැන් කියවූ ඔබට මෙතන වෙලා තිබෙන්නේ කුමක්දැයි අවබෝධයක් ඇති... එකම ඡායාරූප කිහිපයක් සමඟ එකම සාවද්‍ය ප්‍රවෘත්තියක් එකම දවසේ පුවත්පත් දෙකක පළවීම හරිම අපූරු අත්දැකීමක් නොවේද.ආදරණීය මාධ්‍යකරුවණි... ලබන අඟහරුවාදා එනම් 2014 ජූනි මස 17 වන දිනයේ ඔබගේ පුවත් පත් දෙස අප දෑස් දල්වා බලා සිටිමු... මේ අසාධාරණය සාධාරණයක් කලේ නැතිනම් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප කිසිදු පසුගාමීත්වයක් නොදක්වන බව ඔබ වෙත ඉතා කරුණිකව දැනුම් දෙමු...ස්තූතියි...මීමුරේ ජන්ගල් රිසෝට් කාර්ය මණ්ඩලය. ප.ලි. මේ සමඟම හඬ පටත් ලබා දෙන්නටත් අප අදහස් කරගෙන සිටියත් නීතීඥ්ඥ උපදෙස් මත එය ඔබ වෙත ඉදිරි දිනෙක ඉදිරිපත් කරනවා ඇත..ප.ප.ලි. ගිය සතියේ බලන්න බැරිවෙච්ච කට්ටිය අද රෑ 10.00ට වෙනස වැඩසටහන බලන්න ස්වාධීන රූපවාහිනියේ.
BLOG
2014.05.10
http://www.tikakhinawenna.blogspot.com
අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම...... 2
අභීත
බ්ලොග් ලියන කියවන අපි... කාලෙකට සැරයක් දකින එහෙම නැත්නම් කවදාවත් නොදැකපු මිනිස්සු... බ්ලොග් ලියන්න කාලෙන් කාලෙට එක එක අය ආවා.. සමහරු ගියා.. සමහරු ඉන්නවා... මොන ප්‍රශ්ණ තිබ්බත් අපි එකා වගේ එක පවුලක උන් වගේ හිනාවෙවී, කකාබිබී, රණ්ඩු වෙවී, තරහ වෙවී තාමත් එකට ඉන්නවා... ඒක අපේ හැටි.. ඒත් මේ කෙනෙකුට කරදරයක් උනහම අපි ඔක්කොම එකතු වෙන්නේ ඒ අපේම එකෙක් කියලා අපේම හදවත් වලට දැනෙන හින්දා... අද මම මේ ලියන කථාව ඒ වගේ එකක්... මේකේ හිනාවෙන්න තැනක් නෑ... නමුත් අපේ එකෙක් වෙනුවෙන් දුක් වෙන්න හඬා වැටෙන්න උදව් කරන්න එකතු වෙන්න ඔයාලට පුළුවන්...ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්‍රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....ඔබ අදහන ආගමෙන් ඉල්ලන්නජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දිමලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
BLOG
2014.04.28
http://www.tikakhinawenna.blogspot.com
ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?
අභීත
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද. මෙන්න මෙහෙම වෙලා තියෙනවද. මේ ලිපියේ දෙවෙනි කොටස දාන්නපහකට ආසන්න කාලයක්වුනා.. හදිස්සියේ අපේකථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටිකථාවකුයි.... රස හරිය පස්සටතියලා සූටි කථාවකියලා ඉමු...මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..දුම්රියගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරටකෝල්එකක්..සුදූ ඔයා කොහෙද ඉන්නේ...මම අභියත් එක්ක ස්ටේශන් එකේ....කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද.ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද.හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....අභියා මාර සීන් එක...ඇයි මොකද.කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...එතකොට මේ ටික...ඒ ටික අරන් යමන්....හරි යමන්....දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...ඇයි...විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේයකාගේප්‍රශ්ණයක්...එ මොකද්ද.ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...ඒ මොකෝ බන්...අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....අයියෝ සල්ලි...ඒ කථාව ඉවරයි... දැන්ප්‍රධානමාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින්අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට...පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...මචන්.. මම දැන් යන්නද.ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...බෑ බන්.. යන්නම ඕන....එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා...හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද.ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි.
BLOG
2014.12.26
http://sahaspiyawara.blogspot.com.au/
භාෂා
Malithi
Normal 0 false false false EN-AU X-NONE SI-LK MicrosoftInternetExplorer4 පුතා ඔහුගේ අලුත්ම මිතුරිය සොන්යා එක්ක ලොකු සෙල්ලමක්. ඈ ඔහුට වඩා කුඩායි. ඒත් හුරතල් චණ්ඩිකමෙන් පිරිලා. දෙන්නාත් එක්ක සෝපාව පිටිපස්සේ නගරයක් හදලා. ලෙගෝ කෑලිත්, පුංචි කාර් රොත්තකුත්, ඈ ගෙන ආ බෝනික්කන් දෙන්නෙකුත් සම්බන්ධ මේ සෙල්ලම සංකීර්ණයි. හිටිය ගමන් නෝක්කාඩු ඇතිවෙනවාත් පේනවා. ආයෙත් මොහොතින් හිනා උතුරනවා. මේ දෙන්නාට ම කතාකරන්න එක පොදු භාෂාවක් නැතිවයි මේ හැම දේම කෙරෙන්නේ. අතින් පයින්, ඇස් දෙකෙන්, හිනාවෙන් තමයි මේ සෙල්ලම ගලාගෙන යන්නේ. සොන්යාගේ අම්මාත් මමත් සාලයේ කෙළවරක කෝපි බොන ගමන් මේ අපූරු ගනුදෙනුව බලාගෙන හිටියා. සොන්යා ට හුරුපුරුදු භාෂාව ජර්මන්.ඇගේ අම්මා සිංහල නිසා ඈ ට සිංහල යන්තම් තේරෙනවා. ඒත් කතාකරන්නේ නැහැ. පුතාට සිංහල තෙරුම්ගන්නත් කතාකරන්නත් පුළුවන්. නමුත් පාසැල් යාමත් එක්ක වඩා හුරු භාෂාව ඉංග්‍රීසි වෙලා. පුතා දන්නා සීමිත සිංහලත් සොන්යා කථානොකරන ඊටත් වඩා සීමිත සිංහලත් සෙල්ලම් කිරීමේදී සමපාත වුණේ නැහැ. ඒත් ඒ බව බාධාවක් වුණෙත් නැහැ.මගේ පුංචි කාලය ගෙවුණේත් පොදු භාෂාවක් නැති යහළු යෙහෙළියෝ රංචුවක් එක්ක. පුංචිම කාලේ පිටරටකට ගිය නිසාත් ඒ රටේ රජයේ පාසලකට ගිය නිසාත් මම බොහොම ඉක්මනට ඒ භාෂාවට හුරුවුණා. ඒ නිසා අහල පහළ ළමයි රංචුවට මම කිසි බාධාවක් නැතිව එකතු වුණා. අපේ පාරේ ඉන්දියානු පවුලක් හිටියා. ඒ ගෙදර ළමයි ගියේ ජාත්‍යන්තර පාසලකට. ඒ නිසා ඔවුන්ට ඒ රටේ භාෂාව කතාකරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒත් ඔවුන් අපේ සෙල්ලමට එකතු වුණා. ඔවුන්ගේ පාසැල් යාළුවෙක් වුණු එහා පාරේ උන්නු පුංචි චීන දරුවෙකුත් ඔවුන් සමඟම ආවා. චීන යහළුවාගේ පියා අසල රෝහලේ වෛද්‍යවරයෙක්.ඉන්දියානු හා චීන මිතුරනුත් මා මෙන්ම දෙමාපියන්ගේ රැකියාව නිසා එරටේ පදිංචි වී සිටියා. පුංචි ළමයින්ගේ ඉංග්‍රීසි භාවිතයත් අඩුයි නේ. ඉතින් අපි කට්ටිය කතා කළෙත් අතින් පයින්. නිතරම රණ්ඩු වෙන්නත් ඒ පමාවට යාළු වෙන්නත් වචන නැතිකම අපට බාධාවක් වුණේ නැහැ. ඒ සෙල්ලම් වල මතක අද ඊයේ වගේ තාම මගේ හිතේ තියෙනවා. එකක් පිටි ලොරියක් ගැන මතකයක්. අපේ පාරේ තොග වෙළෙන්දෙකුගේ ගෙදරක් තිබුණා. ඔහුගේ ගෙදර වත්තේ ඉඩ මදි කම වැනි හේතුවක් නිසා ඔහුගේ එක ලොරියක් අපේ වත්තේ ගාල් කළා.දෙමව්පියන්ගේ එකඟතාවයට මෙය සිදුවුණත් ඒ අපට ඒ ලොරිය ඇතුළේ සෙල්ලම් කරන්න දුන්නු අවසරයක් නම් නෙමෙයි. එහෙම වුණත් ඔහුට හොරෙන් අපි වැඩියත්ම සෙල්ලම් කළේ ඒ ලොරිය ඇතුළේ. එය වැඩියත්ම පිටි ගෝනි ප්‍රවාහනයට භාවිත කළ බවට හැමදාම සාක්‍ෂි තිබුණා.අපි මුහුදු කොල්ලකරුවන් වෙද්දී අපේ නැව වුණේත් අනෝරා වැස්සෙන් බේරී හොල්මන් කතා කියන්නට සෙවණක් වුණේත් එතනමයි. හැමදාම මෙවැනි සෙල්ලම් අවසානයේ ලොරිය ඇතුළේ හැලී තිබුණු පිටි ඇඟවල් පුරා තැවරී අපි එකම පාටට ගෙදර ගියා. එක එක රටවල එක එක පාට ළමයි අන්තිමේදී එකම පාටට."සොන්යා රතු කාර් එකක් පුතාගේ අතින් උදුරලා කියනවා..මෙහෙමකරමුද." පුතා එතැනින් පුංචි කෝච්චියක් තියනවා. සොන්යාගේ මූණේ හිනා මලක් පිපෙනවා.පුංචි ළමයි විදිහට ලොකු මිනිස්සුන්ටත් අසමානකම් අමතක කරන්න පුළුවන් නම් ලෝකය කොයිතරම් සොඳුරු තැනක් වේවි ද.4pt 0cm 5.
BLOG
2014.12.22
http://sahaspiyawara.blogspot.com.au/
The Ride
Malithi
4pt 0cm 5.4pt 0cm 5.
BLOG
2014.12.08
http://sahaspiyawara.blogspot.com.au/
The Wattle Bird
Malithi
මේ දවස්වල නින්දත් නොනින්දත්අතරමැද අළු පාට තීරුව පිරිලා යන්නේ පුරුදු තියුණු සද්දයකින්. ඉහඉද්දරින්මතුවෙනවා වගේ දැනුනත්, මේ වත්තේ එහාම කෙළවරින් එන තාලයක් බව මම දන්නවා. මාත්රාදෙකකින් උස්පහත් වෙන මේ තාලය, පහුගිය වසන්ත කාලය පුරාවටමවගේ නිතරම ඇහිලා බලෙන් මතකෙට රිංගා ගත්තු තරමක් ගොරහැඩි කුරුලු ගීයක්. ලෝකෙම ඇහැරවන්නසින්දු කිව්වත් ගස් මුදුන් වල හැංගුන මේ ගායකයාගේ කුලෑටි කම නිසා හැඩ රුව නම්කවදාවත් හරියට පෙනුණේ නැහැ. ස්වභාව ධර්මය බලෙන්ම තෑගි කළමේ එලාම් ඔරලෝසුව උදේ හයටත් කලින් වදින්න පටන් ගන්නේ වසන්ත කාලය පටන් ගන්නවාත්එක්කම. වත්තේ කෙළවර මල් පිරුණු සිල්කි ඕක් ගහේ මල් පැණි බොන්න ගහට රොක් වෙන කුරුලුරංචු වල කෝලාහල මේ කාලෙට සුපුරුදු දෙයක්.ඒ හැම සද්දේටම ඉහළින් ඇහෙනමේ අමුතු ගීතය ගහ මුදුනේ හැංගුන වොට්ල් කුරුල්ලෙකුගේ බව මම දැනගත්තේ අහම්බෙන්.අනවශ්‍ය වෙලාවක ඇහැරීමේ වාසිය, දවසේ වැඩටනික්මෙන්න කලින් එළියේ බරාඳයේ ටික වෙලාවක් ගත කරන්න ඉඩ ලැබෙන එක. ගෙවිලාගිය දවසේ අඳුරු මතකයන් ඈත් කරලා එළඹුණු දවසට හිත සූදානම් කරගන්න ඒ පුංචි වෙලාවඉස්තරම්. සිල්කි ඕක් ගහටත්, ඊට එහායින් තියෙන උණ ගස් කැලෑවටත් පළවෙනි ඉර එළිය තීරු වැටෙන්නේ තාලයකට. ගහකොළ දිගේරත්තරන් පාට බේරෙන ඒ වෙලාවට මේ කුරුල්ලාගේ කන්කරච්චලයේත් අමුතු සුන්දරකමක් තියෙනවා."දවසක් ඇන්ජෙලා මගෙන් ඇහුවේවැට අයිනට ඇවිත්. එදාඉරිදා දවසක්. ඒත් පුරුදු එලාම් ඔරලෝසුවටම දිනුම දෙන්නට සිද්දවුණු දවසක්. ඇන්ජෙලාගේ වත්තේ ෆිග්ගහ යටට අපේ ගේ පිටිපස්සේ බරාඳය හොඳට පේනවා. මම ඈව නොදැක්කාට වරුවක්තිස්සේ මෙතන පඩියක් උඩ කෙරෙන මගේ භාවනාව ඇන්ජෙලා බලාගෙන ඉන්න ඇති. ඇන්ජෙලාටසුදුම සුදු පුළුන් කොණ්ඩයකුත් කුදු ගැහුණු පුංචි සිරුරකුත් තිබුණා. බැලූ බැල්මටදුර්වල බවක් පෙනුණත් ඇගේ ආත්මය යකඩින් තැනුණක් බව මට තේරුණේ ඈ හා කතාකළ මුල් දවස්වල මයි. දරුමුණුපුරන් රොත්තක්ම උන්නත් තනියමම ජීවත් වන්නට ඈ තෝරාගත්තේ ඒ නිසාවෙන්නත් ඇති. එහෙත් ඈ සමහර වේලාවට පුංචි දැරියක් තරම් දඟකාරියි. මම ඇයට මුලදී ‘මිසිස්ඩෙන්වර්’යැයි කතාකළේ ඇගේ වයස ගැන හිතූ නිසා.” යැයි ඈ ඊට පිළිතුරු දුන්නේ කැකිරි පලමින්.මම ඇන්ජෙලාගේ මිනිබිරියකගේවයසේ වුණත් අපේ මිතුරුකමට එයින් බාධාවක් වුණේ නැහැ. ෆිග් ගහ යට බංකුවේ වූල්ගොතමින් ඈ වැටෙන් එපිට උන්නු මට නිතරම නොයෙක් කතන්දර කිව්වා. වටපිට සිදුවෙනහැමදේම උරාගන්නා ඇගේ තියුණු බුද්ධියත්, රසට කතන්දර කියන්න තිබුණුදක්ෂකමත් මාව නිතර පුදුම කළා. මගේ කතන්දර නොකියා ඇගේකතන්දර ආසාවෙන් අහගෙන ඉන්න මේ ගණුදෙනුවට ඇගේ විරෝධයක් තිබුණේ නැහැ. කොහොම වුණත්තනියම ගෙවෙන ඇගේ ජීවිතේ එක කොටසක් පාට ගන්නන්න මට පැවරිලා තිබුණු බව මම දැනගෙනහිටියා."මම හිනාවෙලා කිව්වේ වැට අද්දරට යන ගමන්. අපේ කතාව ඇහුණ ගානට සිල්කිඕක් ගහ මුදුනෙන් ආව තියුණු සද්දය ආයෙත් වතාවක් පළාතම දෙවනත් කළා. ඒ සද්දයට උණපඳුරු වල මුදුන් අවුල් කරමින් උන්නු හුළඟත් බින්දුවක් නැවතුණා. ඇන්ජෙලාහිනාවුණා. ඉස්සරම කාලයක ලෝකය මැවෙද්දීඑක එක කොටස භාරව වෙනම දේවතාවෝ හිටියා. මල් වලට පාටදෙන්න, පලතුරු වලට රස දෙන්න, තරු වලට එළියදෙන්න වෙන වෙනම අය හිටියා. ඒ හැමෝම හරිමහන්සි වෙලා තමන්ගේ රාජකාරිය කළා. ඒ හැමෝගෙමමහන්සිය නිසා ලස්සන පාට මල් අතු අග පිපුණා. රෑ අහසේ තරු බැබලුණා. කුරුල්ලන්ට හඬදෙන්න භාරව තිබුණේ ටොරිටා කියලා දේවතාවියකට. ඈ කොයිතරම් උනන්දුවෙන් මේ රාජකාරිය කළාද කියනවානම් ඉක්මනටම කුරුල්ලන් හුඟදෙනෙකුට ලස්සන කටහඬවල් දුන්නා. ඒ කුරුල්ලෝඈතට ඉගිලිලා ගිහින් ඒ හඬවලින් ලස්සනට ගී ගයනවා අහලා ටොරිටා සතුටු වුණා. ඈ ත් ඇගේ ලස්සන කටහඬින් ඒ ගීතවලට හවුල් වුණා. ඒත් කොයිතරම් ගී ගැයුවත් ටොරිටා ගේ ළය මැද පුංචි කුහරයක් තිබුණා. කිසිම කුරුලු ගීයකින්වත් ඇගේ ගීයකින්වත් ඒ කුහරය පුරවන්න බැරි වුණා. ඒ වෙද්දී ලෝකය පුරාවටම එක එක වර්ගවල කුරුල්ලෝ ගණන් කරන්න බැරි තරම් හිටියා. දිවා රෑ නොබලා තමන්ගේ රාජකාරියට මහන්සි වුණු ටොරිටා කිසි දවසක තමන් ගැන හිතුවේනැහැ. වැඩි කල් නොගිහින් ඇගේ ගී හඬත් ගොළු වුණා. ඇය ළය මැද කුහරය ලෝකයෙන් ම හංගාගෙන උන්නු නිසා එය බිඳෙන් බිඳ විශාල වන හැටිඈ දුටුවේ නැහැ. අන්තිමට ඈට හඬදෙන්න ඉතිරි වුණේ එක කුරුල්ලෙකුට විතරයි. ඒ, දුඹුරු පාට සුදුපාට තිත් තිබුණු අවලස්සන වොට්ල් කුරුල්ලෙක්. දිග ගෙලක් වගේම මල් පැණි බොන්න හැඩ වුණු දිග හොටක් තිබුණු මේ කුරුල්ලාතමන්ට හඬක් ලැබෙන තුරු ටොරිටාගේ දෙපා පාමුල බලාගෙන උන්නා. ඒත් මේ කුරුල්ලාට හඬක් දෙන්නට කලින්ම ළය මැද කුහරය නිසා ටොරිටා අවසන් හුස්මහෙළුවා. ඇගේ දුක පවසන්නට කෙනෙක් නොමැති වීම නිසාත් රාජකාරිය නිම කරන්නට නොලැබීමනිසාත් ඇතිවුණු සිත් තැවුලෙන් අවසාන මොහොතේදී ඇගේ දෑසෙන් කඳුළක් කඩා වැටුණා. ඒ කඳුළ වැටුණේ අවලස්සන කුරුල්ලාගේ හොට මතට. ඒ කඳුලේ මායා බලයෙන් කුරුල්ලා හඬක් ලැබුවා. ටොරිටා ගේ දුකත් හඬක් ලැබුණු කුරුල්ලාගේ සතුටත් දෙකම කැටිකරගත් ඒ හඬ මිහිරිබවටත් ගොරහැඩි බවටත් දෙකටම අයිති නැති හඬක්. ඒ හඬ දෙව්ලොව පුරා නින්නාද වුණා. එය ඇසුණු අයගේ හදවත් කීරි ගැසුණා. ඒ හඬේ තියුණු බව නිසා ටොරිටා නැවත පණ ලැබුවා. ඇය සිනාසුණත් ඇගේ දෑසින් කඳුළු ඉතිරුවා. ඇගේ ළයේ කුහරය ඒ කුරුලු ගීයෙන් සුවපත් වී තිබුණා. ඒ ගැන තුටු වූ ටොරිටා ලොව පුරා පියාඹා දුකේත් සතුටේත් ගීය ගයා හදවත් සුවපත්කරන ලෙස ඒ කුරුල්ලාට අණ කළා. තමන්ගේඅවලස්සන බව නිසා තුරු මුදුන් වල හැංගී ගී ගයන මේ වොට්ල් කුරුල්ලා තාම ඉටු කරන්නේඑදා ටොරිටාගෙන් ලැබූ අණ යි.ඇන්ජෙලාගේ කතාව නිම වෙද්දීවටපිටාවත් නිහඬ වෙලා තිබුණේ ඈට බාධා නොකරන්න වගේ. සිල්කි ඕක් ගහේ මල්පැණි වලටපොරකන මී මැස්සන්ගේ ගුම් සද්දය විතරක් පසුබිමෙන් වාදනය වුණා. වෙනදාටත් වැටේ මෙපිටඉඳන් ඇන්ජෙලාගේ කතන්දර අහන, හරස් ප්‍රශ්න සීයක් අහන මට මගේ කටහඬ අමතක වී තිබුණා. වොට්ල් කුරුල්ලාගේකතාව ජනකතාවක්ද ඈ ඒ වෙලාවේ මටම ගෙතූ ප්‍රබන්ධයක් ද අහන්නට මගේ දිව නැමුණේ නැහැ." යැයි කියන්නටමට අන්තිමේදී පුළුවන් වුණා. ඇන්ජෙලා ඇගේ සුපුරුදු මඳ සිනහවෙන් මා දිහා බලාගෙනහිටියා. දශක ගාණක් ලෝකයත් ජීවිතයත් දැක තිබුණු ඇගේ දෑස කරුණාවෙන් පිරී තිබුණා." ඇය ඒසිනහවෙන්ම රහසින් කීවා. ඒ වෙලාවේ තුරු මුදුන් සිසාරා දුකත් සතුටත් කැටි වුණු ගීයක්ගිගුම් දුන්නා.
BLOG
2013.08.10
http://living.hartstuff.com
ලෝකලයි සීන්ස්
hare :-)
ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා.සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයිස් කිරීම් මට පේන්නෙ විකාර වගේ. අළුත් දැනුමක් ලෝකලයිස් වෙද්දි ඒ දැනුම සංක්‍රමණය වුණ භාෂාවෙන්ම දේශීයව භාවිතා වෙනව ඒක නම් ලොකු පහසුවක් වෙනව කියලයි මට හි‍තෙන්නෙ. උදාහරණයක් විධියට අපි පරිගණක තාක්ෂණයම ගත්තොත් ඒක ලෝකලයිස් වෙන්නෙ පට්ට අමාරු විධියට. පරිගණක තාක්ෂණය සිංහලෙන් ඉගෙනගන්න උත්සාහ කරපු කෙනෙක් ඒක දන්නව ඇති. එතනදි වැඩේ තවත් සංකීර්ණ වෙලා මිසක් ලේසි වෙලා නෑ.ඉස්සර ඉඳන්ම අළුත් දැනුම ලෝකලයිස් කිරීමේ ව්‍යාපෘති තිබිල තියෙනවා. අනුර සී පෙරේරා, එස්. එම්. බන්දුසීල, ඊ.ඩබ්ලිව්. අදිකාරම් වගේ වියතුන් සිංහල භාෂාවෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියපු ලේඛකයො. ඒ අය ඔය විද්‍යාභිවර්ධන සංගමය වගේ ඒව එක්ක එකතු වෙලා වෙනත් භාෂාවලින් ආපු විද්‍යා දැණුම සිංහලෙන් කියන්න සිංහල වචන හැදුවා. ඊට පස්සෙ බිහි වුණ පරම්පරාවල් විද්‍යාව ඉගෙනගත්තෙ ඒ වචනවලින්. ඒක නිසා හැත්තෑව අසූව දශකවලින් පස්සෙ අපට විද්‍යාව ඉගෙනගනිද්දි ඒක ලෝකලයිස් වුණ දැණුමක් විධියට දැණු‍ණෙ නෑ. විස්තාපනය, ත්වරණය, ප්‍රවේගය වගේ වචනවල තේරුම අපි දන්නෙ නැතිව වුණත් ඒව ඉගෙනගනිද්දි වෙන භාෂාවකින් නිපදවුණ දැණුම කියන වගක්වත් අපට දැණුණෙ නැත්තෙ ඒ නිසයි.කොහොමත් විද්‍යාවෙන් ඉගෙනගත්ත දේවල් අපේ ප්‍රායෝගික ජීවිතේ එක්ක ඒ තරමට සම්බන්ධ වුණේ නෑ. පස්සෙ කාලෙකදි ඒ සම්බන්ධ විෂයන්වල වැඩ කරන්න ලැබුණ කෙනෙකුට මිසක් අනිත් කාටවත් ඒ දැණුමින් වැඩක් වෙලා නෑ. නිකංම දැණුමක් විධියට ඉගෙනගත්ත මිස ඒව ප්‍රායෝගික නොවුණ නිසා ගිරව් වගේ කටපාඩම් කරන්න කිසි බාධාවක් වුණේ නෑ.නමුත් පරිගණක තාක්ෂණය ලෝකලයිස් වෙන්නෙ දැන්. ඒ තාක්ෂණය ගැන විධිමත් විධියට දැණුවත් වෙන්න කලින්ම පරිගණක තාක්ෂණය අපේ ගෙවල්වලට ඇවිත් ඉවරයි. ඔය ටෙක් ශ්‍රී ලංකා වගේ ආරම්භක අවදියෙ ආයතනවලින් පරිගණක දැණුම ව්‍යාපාරික මට්ටමින් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කලින්ම ඒ දැණුම අවශ්‍ය අයට ළං වෙලා තිබුණ.හැබැයි ඒ ලෝකලයිස් වෙලා නෙවෙයි. අමු ඉංග්‍රීසියෙන්. පරිගණක තාක්ෂණය පැත්තට යොමු වුණ ලාංකික මුල් පරම්පරා කීපයම ඒකට යොමු වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. තවමත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පරිගණකය ගැන උගන්වන්නෙ ඉංග්‍රීසියෙන්. මේක මහ ලොකුවට සිංහල කරන්න ඕන වෙලා තියෙන්නෙ රාජ්‍ය අංශයට. පාසල් විෂය මාලා වල සම්පාදකයන්ට. හැබැයි ඒක පට්ට එපාකරවන සුළුයි. ඉස්කෝලවල තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට කොහොම දැණෙනවද කියල හොයල බලන්න පුළුවන් නම් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.මට හිතෙන දේ නම් දැණුම සංක්‍රමණය වෙන භාෂාව ලෝකලයිස් වෙන එක වැඩක් නැති දෙයක් කියල. විශේෂයෙන්ම ලෝකලයිස් වෙනකොටත් මිනිස්සුන්ට අමුතුවෙන් දෙයක් ඉගෙනගන්න වෙනවනම් ඒ ලෝකලයිස් වීමට වඩා මුල් භාෂාවෙන්ම ඉගෙනගන්න එක වඩා පහසුයි.මෙතනදි ගැටළුවක් වෙන්නෙ වෙන භාෂාවකින් කියවෙන දැණුමක තියෙන පාරිභාෂික වචන ලෝකලයිස් වෙන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන්ම වෙනත් භාෂාවක වචන ඒ විධියටම පාවිච්චි කළොත් ලෝකල් භාෂාව හසුරුවද්දි තියෙන ආවේණික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි උපකරණ සිංහලට ලෝකලයිස් වීමේදි පාවිච්චි වෙන 'එක' කියන වචනෙ සෑහෙන්න පාවිච්චි කරන්න වෙනවා. 'සීපීයූ එක', 'මව්ස් එක', 'කී බෝඩ් එක' වගේ. 'මොනිටර් එක' මේ වෙද්දි 'මොනිටරය' විධියට පාවිච්චි වෙනවා. නමුත් හැම වචනයක්ම එහෙම සුමටව සිංහලීකරණය කරන්න අමාරුයි.ලෝකලයිස් වීම අවශ්‍යයි කියන අයට තියෙන ප්‍රධාන තර්කයක් විධියටත් ඒක මතුවෙනවා. භාෂාවේ සුමට බව විනාශ වීම. නමුත් ඒක ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. දැනටමත් අපිට ගාණක් නැතිව සුමට වෙලා විශේෂත්වයක් නැතිව මුල් වදනයෙන්ම ලෝකලයිස් වුණ වචන කොයි තරමි තියෙනවද. අපි පාවිච්චි කරන සමහර පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි වචන වෙන භාෂාවකින් ආව බවක් අපි දන්නෙවත් නෑ. මොකද වචනවල තියෙන නුහුරු වීම කාලයක් යද්දි සාමාන්‍ය වෙනවා. අනික මවුස් එකට මූෂිකය කියල කොච්චර පොත්පත්වල ලිව්වත් ප්‍රැක්ටිකලි නොකියවෙන දෙයක්. එහෙම වුණා කියල අමුතුවෙන් භාෂාව දියුණු වෙන ඉලව්වක් වෙන්නෙත් නෑ. තව සංකීර්ණ වෙනව මිස.නමුත් ලෝකලයිස් වීම ව්‍යාපාරික අගයක් ලැබෙන දෙයක් බවට පත්වීගෙන යද්දි මිනිස්සු කැමති වුණත් නැතත් ඒක අනිවාර්යයෙන් ‍සිද්ධ වෙන දෙයක් වෙයි. ඒ වගේම දේශීයත්වය ප්‍රමෝට් කිරීමෙන් ලකුණු දමාගැනීම වගේ මේ කාලෙ ලේසියෙන් පොර වෙන්න පුළුවන් අවස්ථා මගඅරින්න කට්ටිය ලෑස්ති වෙන එකකුත් නෑ.
BLOG
2013.06.04
http://living.hartstuff.com
ඔළුව ඇතුලෙ චිත්‍රපටි
hare :-)
ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසිල්ලෙන් ඉන්න එක සාමාන්‍යයෙන් පිස්සු රසිකයන්ට තියෙන උවමනාවක්. ඒ පසුබිම ගැන කලින් මෙතන සහ මෙතන ලියවිලා තියෙනවා. ඒ එක්කම ඕනම කෙනෙක්ට අනාගතේදි චිත්‍රපටි නළුවෙක් වෙන්න අවස්ථාව සලසන විද්‍යාත්මක සොයාගැනීම ගැන මෙතන තියෙනවා. හැබැයි දිග චිත්‍රපටි බලන්න අකමැති අය මේ සටහනටත් කොහොමත් කැමති වෙන එකක් නෑ.අපි පොඩි කාලෙ හෝ දැණෙන්න චිත්‍රපටි බලන්න පටන්ගත්තු කාලෙ කවදාවත් ලබන්න නොහිතපු අත්දැකීමක් ත්‍රිමාණ චලන රූප තාක්ෂණය ඔස්සේ අපට විඳින්න ලැබිල තියෙනව. ඒ හැකියාව චිත්‍රපටියක සජීවී බව තීවෘ කරන ප්‍රබල සාධකයක්. සාමාන්‍ය විධියට දෘෂ්‍ය රූප සහ හඬ විතරක් ආශ්‍රය කරගෙන චිත්‍රපටිය විඳිනවට අමතරව ‍ත්‍රිමාණය ඔස්සේ අපට එක්තරා විධියකට විත්‍රපටියෙ තල දෘෂ්‍ය පරාසය තුල ගැඹුර ගැන අත්දැකීම විඳගන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ ඇස් රවට්ටනවා. ත්‍රිමාණය තලීය දර්ශන මාධ්‍යකින් පෙන්නන තාක්ෂණික පැහැදිලිකිරීම වීඩියෝ කතා කියන සම්පත් මෙතන කියල තියෙනවා.ජුරාසික් පාක් චිත්‍රපටිය ප්‍රදර්ශණය වුණ කාලෙදි චිත්‍රපටි ශාලාවේ පුටුව යට ස්පීකර් හයි කරල ශබ්දයෙන් අමතර වින්දනයක් දෙන විධියෙ වැඩක් ක්‍රියාත්මක වුණා. ඒක ගැන ඊට පස්සෙ වැඩිය ඇහුණෙ නැත්තෙ සාමාන්‍ය දෙයක් වුණ නිසාද.වෙනත් රටවල සිනමා ශාලාවේ පුටුව මෝටර්වලින් චලනය කරමින් චිත්‍රපටියෙ අවස්ථාවට අදාල කම්පනයන් ප්‍රේක්ෂකයට දැනෙන්න සලස්වන ක්‍රමයක් තියෙන බව කියවල තියෙනව. ලංකාවෙ එහෙම ශාලාවක් තියෙනවද මන්දා.ඉස්සර රූපවාහිනියෙ ගිය beyond 2000 වැඩසටහනේ පෙන්නුව චිත්‍රපටියට අදාල එක එක සුවඳ වර්ග ඒ ඒ අවස්ථාවලදි නිකුත් කරන ක්‍රමයක් ගැන. මට මතක විධියට ඒක ජපානෙදි අත්හදා බලපු ව්‍යාපෘතියක්. ඒක අනුව සුවඳ වර්ග කීපයක් කාට්‍රිජ් විධියට පුටුවෙම තැනක රඳවන්න පුළුවන්. ඒ ඒ සුවඳ නිකුත් කරන්න ඕන වෙලාවල් චිත්‍රපටියෙ සේයා පටලය අනුව කලින් සැලසුම් කලාම චිත්‍රපටිය පෙන්වන අතරෙ අදාල අවස්ථාවලදි ඒ සුවඳ නිකුත් වෙනවා. ඒක වාණිජ මට්ටමින් ක්‍රියාත්මක වෙනවද කියන එක ෂුවර් නෑ. හැබැයි වෙනවනං ඒක වෙනම විධියෙ මාකට් එකකට දොර අරිනවා. උදාහරණෙකට අපි හිතමු චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා පොල් සම්බල්, කුම්බලා කරවල බැදුම එක්ක කැකුළු හාලෙ බත් කන දර්ශනයක් තියෙනව කියලා. ඒක යද්දි කුම්බලා කරවල, පොල් සම්බල් සහ උණු බත්වල සුවඳ ශාලාව පුරා විහිදෙනවා. ඊට පස්සෙ ඉන්ටවල් දෙනවා. ඉන්ටවල් එකේදි සිනමා ශාලාවෙ කැන්ටිමේ තියෙනවා කුම්බලා කරවල, පොල් සම්බල් එක්ක උණු බත් පැකට්. බඩු විකිණෙන්නෙ නැති වෙයිද. (උදාහරණෙට පේස්ට්‍රිවලට වඩා බත් ෂේප් නේ)මේ විධියෙ අමුතු අමුතු අතුරු ගැජට් කෑලි අටවපු පුටුවල ඉඳන් චිත්‍රපටි බලන්න දැනටත් අවස්ථාවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය චිත්‍රපටි ශාලාවකට ඒ වගේ දේවල් වියදම් වැඩි නිසා මේව තියෙන්නෙ ඔය ඩිස්නිලන්තෙ වගේ 'තීම් පාක්' සංකල්පයේ තැන්වල තියෙන සිනමා ශාලාවල කියල තමයි කියවන්න ලැබුණේ. ඒවට කියන්නෙ 4D චිත්‍රපටි ශාලා කියල.ඒ කිව්වෙ අතුරු කතා ටිකක්. මම මේක ලියන්න හිතුවෙ අනාගතේදි චිත්‍රපටි වින්දනය කරන්න අපට මොන මොන විධියෙ තාක්ෂණයන් ලැබෙයිද කියන එක ගැන ටිකක් කතා කරන්නයි.දැනට ගෙදරදි චිත්‍රපටියක් බලනවනං කෙනෙක්ට සිද්ධවෙනව තමන්ගෙ රූපවාහිනී හෝ පරිගණක තිරයේ සීමාවේ රැඳෙන්න. ටිකක් සල්ලි තියෙනවනං වීඩියෝ ‍ප්‍රොජෙක්ටරයක් ගන්න පුළුවන්. ඒත් ඒවයෙ බල්බ් එක පිච්චුනාම දාගන්න එක මාර වාතයක්. ජංගම දුරකථනයේ ප්‍රොජෙක්ටරයක් ඇතුලත් වෙන කතාවක් ටික කාලෙකට කලින් කියෙව්වට ඒක තවම මාකට් වෙලා නෑ. Samsung galaxy beam කියල එකක් ගිය අවුරුද්දෙ ආවත් ඒ ගැන ඒ තරං හොඳ ප්‍රතිචාර ලැබිල නැද්ද මන්දා. මට හිතෙන්නෙ ඒකට හේතුව ප්‍රොජෙක්ටර් යාන්ත්‍රණය විසින් සෑහෙන්න විදුලියක් පාවිච්චි කිරීම වෙන්න ඕන. ඒක ජංගම දුරකථනයේ බැටරියට දරාගන්න අමාරුයි. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ප්‍රොජෙක්ටරේ ජංගම දුරකථනෙකට එන්නෙ නෑ කියල. වැඩේට ප්‍රමාණවත් බල සැපයුමක් හැදුණු දවසක ෆෝන් එක බිත්තියකට එල්ල කරලා අඩි තුන හතරක ප්‍රමාණයට චිත්‍රපටි බලන්න අපිට පුළුවන් වෙයි.සිනමා ශාලා අතින් ගත්තොත් අපේ දෘෂ්‍ය පරාසය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ පුළුල් තිර සිනමා ශාලාවල හැදෙන්න ඉඩ තියෙනවා. දැනටමත් එහෙම ඒව තියෙනව කියල මම කියවල තියෙනවා. ඒකෙන් වෙන්නෙ සාමාන්‍යයෙන් අපට ඇස් දෙකෙන්ම ආවරණය වෙන අංශක 170ක විතර කෝණයක පරාසය තිරයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වීමයි. ඒ කියන්නෙ ඒක ලොකු තිරයක්. ඒකෙන් චිත්‍රපටියක් නරඹද්දි අපිට තිරයේ සීමාව දැණෙන එකක් නෑ.චිත්‍රපටිය රස විඳින එක ඊට වඩා පුද්ගලික මට්ටමට යද්දි අපට ලැබෙන්න පුළුවන් ගොගල්ස් දෙකක්. ඒ කියන්නෙ ඇස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ කණ්නාඩි යුවලක්. ඒකෙන් ආයෙමත් අපේ ඇස්වලට විතරක් පෞද්ගලික දෘෂ්‍ය පරාසයක දර්ශණ අපිට ලබා දෙනවා. මේක දැනටමත් වීඩියෝ ක්‍රීඩාවල තියෙන තාක්ෂණයක්. ඇත්තටම කිව්වොත් ඒ තාක්ෂණේ තවත් දියුණුයි. නිකංම නිකං චලන රූප පෙන්නනවට වඩා ඒකට පුළුවන් අපේ ක්‍රියාකාරකම් ඒ වෙලාවෙදිම සැකසුම් කරල වීඩියෝ ක්‍රීඩාවට යොමු කරවන්න. හැබැයි ඒ හැකියාව තනිකරම ගොගල්ස්වල හැකියාවක් නෙවෙයි. virtual reality හෙවත් අතථ්‍ය යථාර්ථය, augmented reality හෙවත් වර්ධිත යථාර්ථය වගේ තාක්ෂණයන් වීඩියෝ ක්‍රීඩාවලට ටිකෙන් ටික පැමිණෙමින් තියෙනව. සමහර විට ඒ තාක්ෂණය චිත්‍රපටි කර්මාන්තයටත් ආවොත් අපි චිත්‍රපටි බලන විධිය සහමුලින්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පැත්තක ඉඳන් චිත්‍රපටිය නරඹනව වෙනුවට අපට යම් යම් විධිවලින් චිත්‍රපටිය එක්ක ගණු දෙනු කරන්න පුළුවන් වෙයි. චිත්‍රපටිය විවිධ කැමරා කෝණ වලින් බලන්න පුළුවන් වෙයි. චිත්‍රපටියෙ දර්ශණ තල ඔස්සේ දුවගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වෙන්න නං ඒ චිත්‍රපටිය තව දුරටත් සාමාන්‍ය විධියට හදපු චිත්‍රපටියක් වෙන එකක් නෑ. චිත්‍රපටි නිෂ්පාදන තාක්ෂණයත් ඒ එක්කම අළුත් වෙයි. කවුද දන්නේ.ඔය ක්‍රමය තවත් දියුණු වෙද්දි අපට පුළුවන් වෙයි චිත්‍රපටියෙ චරිතයක් වෙන්න. ඒ කියන්නෙ කලින් කියපු අථත්‍ය යථාර්ථය හෙවත් සිංහලෙන් වර්චුවල් රියැරිටි වගේ තාක්ෂණේකින්. ඒ වෙද්දි චිත්‍රපටි ඇතුලෙ ප්‍රේක්ෂකයට ආදේශ වෙන්න පුළුවන් විධියෙ විවෘත වුණ චරිත නිර්මාණය වෙයි. තවත් ඉදිරියට යද්දි විත්‍රපටිය විවිධ විකල්ප අවසානයන් කීපයක් තියෙන විධියට නිර්මාණය වෙයි. එක්කෝ දුෂ්ධයා මැරෙයි. නැත්තං කෙල්ල තනි වෙයි. අවශ්‍ය අවසානය තීරණය කිරීම ප්‍රේක්ෂකයට ලැබෙයි. හරියට වීඩියෝ ගේම් එකකදි වගේම චිත්‍රපටියෙ ඇතුලෙදි අපට චිත්‍රපටිය වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙයි. වීඩියෝ ගේම් එකක් ඇතුලෙ වර්චුවල් චරිත රඟපානව වගේ චිත්‍රපටියක් ඇතුලෙත් කීප දෙනෙක්ට වර්චුවල් විධියට රඟපාන්න ලැබෙයි. එහෙම වුණොත් යාළුවො එකතු වුණාම චිත්‍රපටියක සජීවීව රඟපාන්න සෙට් වෙයි. තුන් හතර දෙනෙක් චිත්‍රපටියෙ චරිතවලට ඇතුල් වෙලා චිත්‍රපටියෙ ඇතුලෙ ජීවත් වෙමින් චිත්‍රපටිය රස විඳියි.මේක මෙහෙම වෙන්නෙ නෑ කියල ඕන තරම් තර්ක ගේන්න පුළුවන්. නමුත් වර්තමානයෙදි ලෝකය ගමන් කරන්නෙ පෞද්ගලික රසවින්දනය පැත්තට. යම් දෙයක වින්දනය හැකි තරම් පෞද්ගලික වෙන විධියට ලබා දෙන්නයි මේ වෙද්දි කටයුතු වෙන්නෙ. මූඩ් එකට ගැලපෙන්න කැමතිම සින්දුව ඉල්ලනව වගේ අනාතගේදි මූඩ් එකට ගැලපෙන්න චිත්‍රපටියත් වෙනස් කරල ඉල්ලුවොත් දෙන්න බඩු තියෙන්න එපැයි ;-)මෙතනදි මතක් වෙන්නෙ ක්ලාක් මහත්තයගෙ 3001 වීර චාරිකාවෙදි කියවෙන මොළ වැස්ම කියන උපකරණය. මේක තාක්ෂණිකව සහ ජෛව විද්‍යාත්මකව සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් යයි. තාක්ෂණය ගමන් කරන විධිය අනුව අනිවාර්යයයෙන් සැබෑ වෙන්න හැකියාව තියෙනවා. මේකෙ සංකල්පය ගොඩක් සරළයි. අපි දන්නව අපිට සංවේදන කියල තේරෙන්නෙ මොළය විසින් තේරුම්ගන්න සංඥාවන් කියල. ඇස් වලින්, කන්, නාසය, දිව, ස්පර්ශය කියන ‍භෞතික සංවේදකවලින් ලැබෙන සංඥා ඔස්සේ මොළය තේරුම්ගන්නව ඒ මොකක්ද කියල. මේ සංවේදන අපට විද්‍යුත් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවගන්න පුළුවන් නම් අපට ඒකෙන් සෑහෙන්න දෙවල් ටිකක් කරන්න පුළුවන්. මොළ වැස්ම කියල කියන්නෙ මේ වැඩේ කරන උපකරණය. ඒක 3001 වගේ කාලෙ වෙද්දි හැමෝගෙම හිසේ හමට යටින් හිස් කබල මත තැන්පත් කරන පරිපථ ගොඩක් තියෙන තුනී හෙල්මට් එකක් වගේ එකක් කියල හිතමු. ඒකෙන් විහිදෙන ඉලෙක්ට්‍රෝඩ මොළයේ සංවේදන තේරුම්ගන්න සෛල දක්වා දිවෙනවා. ඒකෙන් මොළයෙන් නිකුත් කරන සංඥා විද්‍යුත් තරංග බවටත්, විද්‍යුත් තරංග මොළයෙන් තේරුම්ගන්න පුළුවන් සංඥා බවටත් පත් කරනව. ඒ වගේම ඒ සංඥා වෙනත් ග්‍රාහකයකට යවන්න පුළුවන් ගුවන් විදුලි පරිපථයකුත් මොළ වැස්මෙ තියෙනවා. සරළවම කිව්වොත් මොළේට කොම්පියුටරයක් හයි කලා වගේ වැඩක්. මේක නිකංම නිකං විද්‍යා ප්‍රබන්ධයක කතාවක් විතරක් නෙවෙයි. මේ දේවල් වර්තමානයෙදි පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනව.මේකෙදි අපි හිතන දේවල් ලියනව හෝ කියනව වෙනුවට ඒව ඉලෙක්ට්‍රොනිකව වෙන තැනකට යවන්න පුළුවන්. ඒ වගේම අපට කියවන්න අවශ්‍ය දෙයක් දෑහින් කියවන්නෙ නැතිව කෙලින්ම මොළයට ඉන්පුට් කරන්න පුළුවන්. ඔයාල මේට්‍රික්ස් චිත්‍රපටිය බලල තියෙනවනං තේරෙයි මේ කියන්නෙ ඒකෙ කියන ට්‍රේනින් ‍ප්‍රෝග්‍රෑම් ලෝඩ් කරන එක නේද කියලා.චිත්‍රපටි බැලිල්ල මෙතනට සම්බන්ධ වෙන්නෙ එහෙම. ඒ කියන්නෙ තව දුරටත් චිත්‍රපටියට පිටින් ඉඳන් ඒක බලනව වෙනුවට මොළ වැස්ම ඔස්සේ අපට පුළුවන් චිත්‍රපටිය අපේ ඔළුව ඇතුලෙ විකාශය කරවන්න. මෙතනදි වෙන්නෙ අපේ මොළේට චිත්‍රපටියෙ රූප මාලාව පේන්න සලස්වන එක. ඒකට හරියන උපකරණයකුත් එයි. අපට අවශ්‍ය චිත්‍රපටිය අර උපකරණය මගින් ගුවන්විදුලි තරංග ඔස්සේ මොළ වැස්මට ලැබෙන්න සලස්වනවා. මොළ වැස්මෙන් ඒ රූප අපේ මොළයේ තියෙන දෘෂ්‍ය රූප තේරුම්ගන්න සෛල වලට ලබා දෙනවා.නමුත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා දියුණු වෙයි. අර කලින් කියපු චිත්‍රපටියක් ඇතුලෙ චරිතයකට ආදේශ වෙලා චිත්‍රපටිය විඳින එක මොළ වැස්ම නිසා තවත් ඉදිරියට යයි. ඔන්ලයින් වීඩියෝ ගේම් සෙල්ලං කරනව වගේ අපි යාළුවො එක්ක චිත්‍රපටියෙ චරිතවලට ආදේශ වෙලා චිත්‍රපටි බලයි. ඒක වෙනකල් අපි වගේ උන් (මේ වෙනකල් මේක කියවන උන්) නොහිටියොත් හොඳා නැත්තං අර මත් වෙන ඒව පාවිච්චි කරනව වගේ දවස් ගණන් චිත්‍රපටි අස්සෙ ජීවත් වෙන්න ගනියි. ‍ආර්ථිකේට කොයි තරං පාඩුවක්ද ;-)_______________________________________________බෝනස්All Time 10s කියන යූ ටියුබ් චැනල් එකෙන් ලෝකෙ කාටවත් තවමත් පැහැදිලි උත්තර දීගන්න බැරි වුණ ගැටළු 10ක් ගැන විද්‍යාත්මක පදනමින් කතාකරන්න අවස්ථාවක් අරගෙන. අඩුගානෙ උන්ට ඒ ගැන කතාකරන්න තරං දියුණු කැපෑසිටියක් තිබීම ගැන ඉරිසියාවෙන් මාත් බැලුවා.කැමැත්තෝ ඒක ගිහින් බලත්වා.
BLOG
2013.05.23
http://living.hartstuff.com
පඬියා සහ බිරිඳ
hare :-)
පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කි‍යනව.පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම ‍තනිකමක් උවමනා වුණා.දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්‍රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ... ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.ජීවිතේට උස් පහත්වීම් ඕන.පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.සුභ පැතීම් හරි කෘතිමයි.පඬිය හිතුවෙ එහෙම. නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ. නමුත් මිනිහට ඒක තේ‍රෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.ඔහු බිරිඳට කිව්වා.විස නසන්න ඕන විසෙන්බිරිඳ පඬියට කිව්වා.පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්.ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...බිරිඳ කිව්වා.
BLOG
2013.05.12
http://living.hartstuff.com
ස්ටාර්ට් ලයින් එක අඳිමුද?
hare :-)
මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක.වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ‍ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද. මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජ‍යකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්. ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපුචිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...Sirius චිත්‍රපටියෙ අදාල රූප රාමුවමට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද. ඔයාලත් හඳට ගල් විසි කරනවද.ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය ‍මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද. මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද.හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා ‍අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද. දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ. මොනවද කරන්නේ. කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද. නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද. ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් ‍දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන. නමුත් වැඩක් වෙයිද.සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද.
BLOG
2013.05.09
http://living.hartstuff.com
ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද?
hare :-)
අප්සෙට් ගී එක්ක රැ‍ඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.එව්වයෙන් වැඩක් නෑ.සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට සමහර සින්දු අහද්දි තේරෙන සමහර දේවල් ගැන නොකියා බෑ. මතකයිනෙ ශ්‍රී ලාංකික සමරිසි ගීත එකතුව ගැන, එහෙම නැත්තං සුද්දන්ගෙ සංගීත පිඟාන ගැන. අද කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් එකක් ගැන...අවුරුදු 4කින් කෙලවාගැනීම කියල කියන්නත් පුළුවන් මේකට. ඒ කියන්නෙ අවුරුදු 4 ලව් ගැන ගැන සඳහන් වෙන ගීත. විශේෂයෙන් ලියන්න තරම් ඒක විශේෂ වෙන්නෙ මේ ලක්ෂණ තියෙන සින්දු 4ක්ම මට හමුවීමයි. අනික මමත් අවුරුදු 4කින් කෙලවාගැනීම නිසයි... ඒක වෙන කතාවක්.මේක තමයි පළවෙනි එක. තනි වෙන්නට මගේ ලොවේපුරුදු පාළුවෙන්‍රැගෙන යන්න සොඳුරියේ ඔබේසුවඳ මා ළගින් // සිව් වසරක පෙම් ගීතයගොළු වෙලා ගියාදෝ //අළුත් ලොවක ඔබ සතුටින්කිරුළු පැළඳුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ... මායාවකි ප්‍රේමය මාහදවත රිදවූයේ //සෝ ගීයකි දුක්බර වූසැනසුම කොහි වේදෝ තනි වෙන්නට මගේ ලොවේ... සංගීතය - රෝහණ වීරසිංහයන්ගී පද - බුද්ධදාස ගලප්පත්තිඅනේ පව්... අවුරුදු 4කින් ගොළු වෙලා ගිහින්. හැබැයි වික්ටර් රත්නායක තාම ගොළු නෑ.බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියලාසිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනාකඳුලක් වී දෙනෙතෙහි පාවේවාසුසුමන් හැඬුවා ඒ ඔබ හින්දාආදරයට සිවු වසරක් ගෙවුණාආදරයට සිවු වසරක් ගෙවුණා රතු මල් කලඹක සුවඳ ගලා ගියමනරම් වූ ඒ හැන්දෑවේසුදු මල් අහුරක් අතින් තුරුලු කර කවුරුද හොර රහසෙම හැඬුවේකාටද පෙම් ලොව දුක දැණුනේ සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා... පෑයූ රන් දේදුනු නිල් අහසේවැහි කෝඩෙන් සැඟවී යනවාමනමාලී ඔබෙ විකසිත පැතුමන්පවු කල දෑසින් පාරනවාරෑ සඳ මගෙ තනියට එනවා සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...ආදරේට අවුරුදු 4 පිරෙන දවසෙ වෙන කෙනෙක් එක්ක යන එක හරිද මන්දා. චන්දන ලියනාරච්චිත් අවුරුදු 15ක් විතර පැණි බේරෙන සින්දු කිව්වට පෙළවහක් කරගත්තෙ මේ ළඟදිලු නේ...මෙතන තියෙන්නෙ තව ඒ වගේ එකක්...සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණාමනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණාඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණාඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේපාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා... මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේපෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේසිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...පුන්සිරි සොයිසට නං වෙලා තියෙන්නෙ මේ වගේ අකරතැබ්බවල්ම තමයි.මේකත් බලන්නකෝ. ඒ තරම්ම ජනප්‍රිය නෑ මගෙ හිතේ. හැබැයි මේත් එහෙම එකක්. මේක මට හම්බ වුණේ මෙතන තියෙද්දි.හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්සරසවියෙ තුරුවදුලු මිලින වී නෑ තවත්එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යටපෙම්වතුන් පෙම් වදන් දොඩනවාඅප සමග නිදා සිටි අවන්හල දෙසුම්හලපුරුදු සේ බලාගෙන ඉන්නවා හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත් මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතයයලි යලිත් මතකයට නැගෙනවාමහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා සංගීතය - ඩැනිස්ටර් පෙරේරාගී පද - උපාලි මල්දෙණියඅමරසිරි පීරිස් හන්තානට පායන හඳ ගැන අවුරුදු 4ක්ම අහලත් වැඩක් වෙලා නෑ...ඇත්තට හන්තාන ගැන සින්දුත් බර ගාණක් ඇති නේද.ඔය කිව්වෙ අවුරුදු හතරෙ කතාව... මේ කියන්නෙ මැකී යන කතාව...අහල තියෙනව ඇති මේක. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්තයගෙ...මිරිඟුව නලියන පාර දිගේ ඔබ යනවා ඈතට යනවානොපෙනී යන තුරු පුංචි තිතක් වීමා සිටියා ඔබ මැකී ගියා අහිංසකයි ඔබ පරාජිතයි මාඑකම හදයි මේ දෙකඩ වුණේසමුගන්නේ ඔබ හමුවුනු හින්දයිමියැදෙමු උපදින්නට ආයේ මිරිඟුව නලියන පාර දිගේ... අකුරු ලියා නැති හිස් පිටුවක් වීහිතත් ඉතින් අසරණ වෙද්දෙන්අතොරක් නැති පෙම් විරහ කරදරෙන්මමත් ඔහේ අසරණ වෙද්දෙන් මිරිඟුව නලියන පාර දිගේ...මැකී ගිහිල්ල නේද. එතකොට මෙන්න මේකත් අහල ඇති අනිවාම. අමරසිරි පීරිස් ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න විධියක් නෑ...ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලාපිණි කඳුල මල පෙති අග තවරා ඉහිදුම් සලුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් කඳු වැටි අතරේසඳ එළියේ මංපෙත පාදාරහසක් සඟවා ගොලුවූ හදකින් ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා යළි කවදාවත් හමු නොවනා බවමද පවනක් හිස අත ගා කීවදඅදහා ගන්නට නොහැකිය කිසි දිනඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙරඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා සංගීතය - එච් එම් ජයවර්ධනගී පද - සුනිල් සරත් පෙරේරා ඒකටත් පස්සෙ එහෙනං මේක... මේක පහුගිය ටිකේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයව උඩට උස්සල තියපු සින්දුවක්නේ. ඒකත් දැන් මැකිල ගිහින්...ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන් තනිකමෙන් ගඟ ගලා යනවා ස‍ඳේ නුඹ නෑ අම්බරේවිඳවමින් සිත සොයනවා තව ඔයා කොතනද හැංගුනේඅපි හමුවුනොතින් සඳ එයි නැගිලාගංගාවට එලිය අරන් ආදර මල් යායක් අරන් බලා ඉන්නම් තව හුඟක් කල්ඔයා එනතුරු මා සොයාඔයා නාවත් ඉවසලා හිත හදාගන්නම් ඔබ නිසාතනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින් සෙනෙහස රන්දා රහසින් ඔයා නිසා මගේ සිනා ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිසංගීතය - රදීශ් වැන්දබොනාපද රචනය - ලසිත් ජයනෙත්තිආරච්චිගේඑහෙනං හරිනේ... ඔය තමයි අහම්බෙන් අහුවුණ අවුරුදු හත‍රෙන් මැකී යන ගීත. මේවයින් ගන්න තියෙන්නෙ එකම එක ආදර්ශයයි. ඔයාලත් අවුරුදු 4 සමරන විධියෙ අවස්ථාවල් බලාපොරොත්තු වෙනවනං ප්‍රවේසං වෙන්න වෙයි. ‍මොකද නොසිතූ විධියට මැකී යන්ඩ ඉඩ තියෙනවා.
BLOG
2014.10.21
http://senehaskusm.blogspot.com/
මතකයිද මගෙ කවිය
Senehas Kusum
රතු පාට පොරෝගෙනබහින ඉර හරස් කරවලාකුලු කලාවෙන්චිත්‍ර ඇදි හැන්දෑවේපෙන බුබුලු පුරෝගෙනගුමු ගුමුවේ කතන්දරකුඹුක් මල් නලවගෙනගඟ ගලන හැන්දාවේහනික ගෙදරට දුවනකිරිල්ලිගෙ බරසාරගීතයේ තනුව ගෙනකලබලෙන් මම ලීවලතාවට කතාවටමුදු සුලඟෙ තාලයෙන්වචනයෙන් වචනෙ ගෙනහරි හිමින් ඔබ වින්දහැන්දෑවෙ ආදරයපද ගානෙ තැවරිච්චමං ලිව්ව ඔබ වින්දමතකයිද මගෙ කවිය.
BLOG
2014.08.17
http://senehaskusm.blogspot.com/
ගමන
Senehas Kusum
මං යමින් හිටියේ කවදාවත් ගිහින් නැති නගරෙකට. බස් එකට නැග්ගේත් නොදන්නා තැනකින්. රාජකාරී අවශ්‍යතාවයකට ඒ පැත්තේ ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙන එක තමයි මගේ ගමනේ අරමුණ උනේ. මං කොන්දොස්තර මහත්තයට මට බහින්න ඕනේ තැන කියලා මාව එතන බස්සවන්න කිව්වත් මිනිහ උත්තර දුන්නු විදියෙන්ම මට තේරුනා වැඩේ කෙරෙන්නේ නැති විත්තිය. මා ගාවින් තවත් කෙනෙක් වාඩි උනේ ඔය අතරේ. ආච්චි කෙනෙක්. දෙමල තාලෙට සාරිය ඇදල. නළලේ ලොකු රතු පොට්ටුවක් තිබුනා. මේ පැත්තේ කොහොමත් දෙමල ජනගහනය වැඩි. දන්නා කියන අයගෙන් දැන ගත්තු මග සලකුණු එක එක වෙනවා. ව්‍යාපාරික මහත්තයා මුණ ගැහෙන්න දා ගත්තු වෙලාවත් ලං වෙනවා. ලගද දුරද කියලවත් තේරුමක් නෑ. මං ලග උන්නු කෙනාගේ මුණ බැලුවා. බුලත් කහට බැදුණු දත් පේන්න තොල් ඈත් කරලා මා දිහා බැලුවා. සිංහල දන්නවද දන්නේත් නෑ. කරන්න දෙයක් නෑ. මං යන්න නියමිත ව්‍යාපාරික ස්ථානයේ නම කිව්වා. කට අරගෙන මගේ දිහා බැලුව එයා ඔලුව වැනුවා. දන්නවද. ආයෙත් ඔලුව වැනීමක් විතරයි. මං ජනේලයෙන් ඉවත බැලුවා. පාරේ විස්තර දුන්න කෙනා කිව්ව ඔරලෝසු කනුවත් පහු වුණා. දැන් ලගම ඇති. ඒ අතරේ අර ආච්චි තව කෙනෙක් එක්ක සද්දෙට කයිය. කතාව නතර කරලා මා දිහා බැලුවා. මට ඔලුවෙන් කතා කරලා එයත් නැගිට්ට. මං ආච්චි මෙච්චර වෙලා කතා කරපු කෙනා දිහා බැලුවා. එයත් දෙමළ. මැදි වයසේ පිරිමි කෙනෙක්. මා දිහා බලල යන්තමට හිනා වුනා. මං බස් එකේ ශීට් අල්ලාගෙන ආච්චිගේ පස්සෙන් බස්සෙකෙන් බැස්සා. බස් එක ඇද්දුවා. දෙමල ආච්චි ලග හිටිය ත්‍රිවිල් මල්ලි කෙනෙක් ගාවට ගිහින් තව මොනවදෝ ඇහුවා. ඒ මල්ලි පාර එහා පැත්තේ තිබ්බ බිල්ඩිමක් පෙන්නුවා. ආච්චිගේ මුණට හිනාවක් ආවේ නොදනුවත්වමයි. ඒ හිනාවෙන්ම මා ගාවට ඇවිත් අර මල්ලි පෙන්නපු බිල්ඩිමම පෙන්නුවා. එක තමයි මං හොයපු තැන. මං අත් ඔරලෝසුව බැලුවා. තව විනාඩි කීපයයි. මං ආච්චිගේ අත් අල්ලාගෙන ස්තුතියි ආච්චියේ කියල පාර මාරු වුණා. ආච්චි හිනාවකින් මං දිහා බලාගෙන උන්නා. දුවගෙන ගිය මං පිළිගැනීමේ කවුන්ටරයේ හිටපු ගෑනු ළමයාට මං ආව බව දැනුම් දුන්නා. එයාගේ අවසරයෙන් ලොබියේ වාඩි වෙලා සගරාවක් අතට ගන්න ගමන් පාර දිහා බැලුවේ නිකමට. මට පාර පෙන්නපු ආච්චි තාම බස් නැවතුමේ. ටික වෙලාවක් ගියා. ව්‍යාපාරිකයාත් ඇවිත් සාකච්චාව පටන් ගත්තා. මේක හරිම දුක්ෂර පලාතක් බස් එකක් යන්නෙත් පැය බාගෙන් බාගෙට. ඒ මහත්තය කියනවා. ආච්චි තාම පාරේ. සමහර වෙලාවට පැයකටවත් නෑ. ආච්චි ඉර මුවා කර ගන්න අත අල්ලාගෙන ඉහට උඩින්. අපේ සාකච්චාව තව දුර ගියා. පැයක් විතර යන්න ඇති. බස් එකක් නතර කරන සද්දේ ඇහුනා. ආච්චි නගින්න ඇති. බස් එක යනවා පෙනුනා. මං වෙනුවෙන් නතර කරපු ගමන් යන්න ආච්චි ආයෙත් බස් එකට නගින්න ඇති.ඔව් පැයකට විතර පස්සේ.
BLOG
2014.07.17
http://senehaskusm.blogspot.com/
...........මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…
Senehas Kusum
මතක ඇති කාලෙක ඉදන් ආසාවෙන් අහපු සින්දුවක් ඔන්න ආයෙමත් ඇහෙනවා. විසි කරලා දාපු මතකයක් හිත ඉවුරට ගොඩ උනේ හිතුවේ වත් නැති විදිහට. කාලයක් තිබ්බ අමතක කරන්න බැරි මතකයක් විසි කරන්නවත් තැනක්වත් හොයා ගන්න බැරි උනු. මහවැලියක්වත් තිබ්බේ නෑ දුක කියන්න. මහා වැලියක් නොවුනාට ගම මැද්දෙන් ගලන 'කුඩා ඔයක්' තිබුනත්, ඔය ඉහත්තාවෙන් විසි කරන මතකේ අපේ ගේ ගාවින් ගොඩ වෙන්න තිබ්බා.ඕන දෙයක් වෙන්න කියල කුඩා ඔයාටම මහා මතකයක් විසි කරපු මං කොළඹ ආවේ උඩු ගං බලා එයි කියල හිතපු මතකය ඇහැ නොගටෙන්ට.කාලයක් එක්ක අලුත් අලුත් දේවල් එක එක අත්දැකීම් ජීවිතේට පුරෝ ගත්තත් හිතේ පැත්තක මලකඩ අස්සේ නොදිරාම මතකයක් ඉතිරි නොවුනා නෙමේ. ඉදලා හිටලා ගමට එද්දී මුණ ගැහුණු ගහ කොළ අස්සෙත් අර මතකේ දළු දාල තිබුන කිව්වොත් ඔයත් පුදුම වෙයි.එත් එක එහෙම්මම තමයි. ගමෙන් යද්දිත් ඇදුමේ නෙමේ හිතේ ඇමිණිලා තිබ්බ තුත්තිරි කටු අස්සෙත් ඔය මතකෙම විස එක්ක තිබ්බ. තාමත් හිත අස්සේ ඒ කටු හිත අස්සේ ඇදුම් කනවා.
BLOG
2013.04.08
http://senehaskusm.blogspot.com/
මට කොහෙද මගේ වුන අහසක්
Senehas Kusum
අහස නිල් පාට දිග වියනක්සිහින ඇතිරූ ගඟුලක්දුර යන්න දුර ඈත තිබුනත්නිල් පාට දිග අහක්මට කොහෙද මගේ වුනඅහසක් වලාකුළු තරමටත් ලොකු පියපතටත් බර අඩු හීන ඔස්සේ පිය සලනාහරිම හිස් හදවතක් මට කොහෙද එහෙම හිස් හදවතක්කඳුළු වැහි වටෙන්නැති මන්දාරමක් දැක නැති සිහින විතරක් පිපෙනවිසල් මහා පොළවක්කොහෙන් මම හොයන්නද එහෙම මහපොළවක්.
BLOG
2013.03.11
http://senehaskusm.blogspot.com/
ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
Senehas Kusum
පොඩි කාලේ ඉදලම මට පීනන්න පුළුවන්. හේතුව වුනේ අපේ ගෙට පහලින් කුඩා ඔය ගලා ගෙන යාම. ඒ නිසා කවදාවත් අපේ අම්මාට මාව නාවන්න කරදර වෙන්න ඕනේ වුනේ නෑ.එයාට කරදර වෙන්න වුනේ මාව වතුරෙන් ගොඩට ගන්න. පැය ගානක් වතුරේ නටද්දී මටයි මගේ යාළුවො සෙට් එකටයි කරන්න ඇති තරම් සෙල්ලම් තිබුනා. කොච්චර නෑවත් කිසි ලෙඩක් දුකක් තිබ්බේ නෑ. මං මේ කතාව කිව්වේ ඔය ගැනවත් මගේ පිහිනීම ගැනවත් කියන්න නෙමේ. පහුගිය දවසක මං අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඉංගිරියේ පැත්තේ ට්‍රිප් එකක් ගියා. අපි නතර වුනේ ඒ පැත්තේ හෝටලේක. එකේ තිබුනානියම පූල් එකක්. ඒක දැක්ක විතරයි වතුරට බහින්නේ නෑ කියල හිටපු මං අනිත් හැමෝටම කලින් වතුරට පැන්නාකොහොම හරි එදා හිතේ හැටියට පිනුවා අවුරුදු ගානකට පස්සේ.මං ඉතින් ගෙදර ඇවිත් හොයල බැලුවා ලග පාත ස්විමින් පූල් එකක් කොහෙද තියෙන්නේ කියල . වැඩේ පැවරුවේ අපේ චුටි මල්ලිට මිනිහත් ඉතින් කියපු පරක්කුවෙන් මට පූල් එකක් හොයල දුන්නා. ගේ ලග පාතම හොටෙල් එකක පූල් එකක්. මල්ලි වැඩි හොදටත් එක්කම ගණන් හිලවුත් අහගෙන ඇවිත් තිබුනා. බුදු අම්ම්මෝ...... ඒවායේ ගණන්.මට යකා නැග්ගා. හේතුව පූල් එකේ ගණන් නෙමේ.කතාව කියන්න ආයෙත් යමුකෝ ගෙට පහල ඔය පැත්තට.ඔයේ එක එක අය බෙදා ගත්ත මන්කඩවල් තිබුනා. අපේ මංකඩ, ඊට උඩහ බසුන්නේහෙගේ මංකඩ, නොනලගේ මංකඩ, මාස්ටර්ගේ මංකඩ, මැණිකෙලාගේ මංකඩ මේ විදිහට ඉරි ගහල බෙදා ගත්තේ නැති උනත් අපිටම කියල අපි සුහදව බෙදා ගත්තු මංකඩවල් තිබුණා.අපේ මන්කඩේ වතුර පුදුම සීතලක්. මොකද ඔයටම නැමිච්ච්ච මහා කුඹුක් ගස් දෙකක්ම අපේ මන්කඩේ තිබුනා. ඉස්කෝලේ ඇරිලා තද අව්වේ ගෙදර ගියාම පැය ගානක් ඔයේම ඉන්නේ අම්මල හොයන්න එනකම්. ඔයේ වරුනවා ඇති.කොහොමින් කොහොම හරි මේ ඔය මගේ ජිවිතේ කොටසක් වෙලා තිබුනා වගේම ගමේ මිනිස්සුන්ටත් උදව් උනා. කොච්චර උදව් උනත් මේ ඔය දැන් ඉන්න මිනිස්සුන්ට මතක කාලේදී එකම එක වතාවය් පිටාර ගලලා තියෙන්නේ. එකත් මම ඉපදෙන්න ඉස්සර.කොහොමින් කොහොම හරි රටේ ප්‍රසිද්ද මංසන්දියක් ලග තිබ්බ අපේ ගම ටික ටික දියුණු උනා. කඳු කැපුනා, රබර් ගැලෙව්වා, ලොකු හෝටල් එහෙම ගජ රාමෙට පටන් ගත්ත. ඒ හෝටල් වල කුණු කානු සේරම ටික හැරෙව්වේ මේ ඔයට. ගම වගේම ඔයත් වෙනස් උනා.ඒ වෙද්දී ජල සම්පදානේ වතුර ගමටත් ආවා. දැන් අපේ ගම දියුනුය්. අපේ ගෙදරටත් ජල සම්පදෙනෙන් වතුර ගත්තා.මංඉස්කෝලේ ඇරිලා ඇවිත් ෂවර් එකෙන් නෑවා. හරකා බල්ලාගේ ඉදන් තමන්ගේ යාන වාහනත් ටැප් වතුර්න් මිනිස්සු හෝදවනවා. මුළු ගමටම ඔය අමතක උනා.දැන් ආපහු පරණ කතාවටම යමු. අර මන් කලින් කියපු හෝටලෙත් තමන්ගේ කුණු වතර ලට්ට ලොට්ට සේරම හරවන්නේ ඔයට තමයි. ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.මේවා හොද පාඩම් ඔය විනාශ වෙනකම්ම බලාගෙන උන්නු අපට.
BLOG
2013.01.03
http://senehaskusm.blogspot.com/
සුබ පැතුම් වෙනුවට
Senehas Kusum
කඳුල පමණක් ඉතිරි කර නික්ම ගිය ඔබටසුබ පැතුම් මා කවුරු අත එවන්නද සුබ උපන් දින වෙනුවට පතන්නම් මම නිවන් සුව අම්මා තව කඳුලෙන් මල්ලි තව තනියෙන් තාත්තට උහුලන්න බ මේ තරම් සුසුමන්සුබ උපන් දින වෙනුවට පතන්නම් මම නිවන් සුවනිවන් දකිනට පෙර තවත් එක භවයක එන්න අපේ ගෙදරට මල්ලි වී මාගේම.
BLOG
2011.12.26
http://senehaskusm.blogspot.com/
උරුම කඳුලමද?
Senehas Kusum
සියවරක් ඉකි බිදසෙවූ සිනහවමිතුරු වෙනකොටඔබම දුර හිඳකඳුල අයෙත්මගේ දෝතටඑවන ලස්සන.
BLOG
2011.10.26
http://senehaskusm.blogspot.com/
නිරුත්තර පැණයක්
Senehas Kusum
රෑට කොට්ටය යටින්සුදු පාට පුරුදු මුදුවක්හොරෙන් එලියට ඇදෙනවාමගේ දුක සැප අහනවාඉඳහිට තෙමනකදුලු බිඳුවකපුරුඳු සිතල විදිනවාහැමදාම වගෙ මමපුරුදු ප්‍රශ්නයක් අහනවාමේ මුදුව හඳපුඒ අත් දෙකට බැරි වුනේ ඇයිමගේ හිතට කදුලකබර හුරු කරන්නමුද්ද වාගේම කඳුළුවලටනොපෙඟි ඉන්න.
BLOG
2011.10.25
http://senehaskusm.blogspot.com/
සඳ හොරෙන් එබී
Senehas Kusum
සඳවතිය බැස ගියාකාලෙකට ඉස්සර දවසකමටත් නොකියමවෙනම අහසකවෙනම ලෝකෙකපායන වග දැනන් උන්නා"අපිට දැන් පුතෙක් ඉන්නවාලස්සනමාස තුන හමාරකපුංචි පුතෙක් ඉන්නවා"නොහිතු මොහතකඇගේ මුණු පොතේ බිත්තියේ දැක්කපුන් සඳක් නොවුනටඅඳුරු මගේ අහසේමඅහිංසක පොඩි තාරකාවක්සඳා තනියට ඉන්නවා"අපි ලඟදි බඳිනවා".
BLOG
2011.10.03
http://senehaskusm.blogspot.com/
පුරවැසියා සහ රට කජු වැල
Senehas Kusum
පුරවැසියාට නාකි ගොන් වැස්සියෙකු උන්නේය. මේ දවස්වල ගෙදර අඩුපාඩු ඉහට උඩින්ය. පුරවැසියාගේ හාමිනේ නම් කියන්නේ මේ වැස්සි මස් කඩයකට හරි විකුණලා කීයක් හරි ගෙදරට ගේන්න කියාය. පුරවැසියාට හොදටම දුකය. ඇයි දෙයියනේ ගෙදරට ගොම පෝර ටික දුන්නේ, දරුවන්ට කිරි ටික දුන්නේ මේ වැස්සි. මොන හිතකින් මස් කඬේට දක්කන්නද.පවුලේ සමගියට ගරු කරපු පුරවැසියා උදේ පාන්දර වැස්සිවත් දක්කගෙන පාරට බැස්සේය.ඒ එනකොට රට ඉදන් ආපු රොබට් අයියා මුලච්චි වුණා. ‘‘ආ මිස්ට පුරවැසියා, කොහෙද මේ බෑරක්ද.’’ පුරවැසියා විස්තරේ කීවා. ‘‘ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවද.’’ රොබට් ගොයියා ඇහුවා. ‘‘අපේ රට ආසියාවේ ඵෙශ්චර්යය වෙන්නනේ යන්නේ එතකම් අපි ඉවසනවා’’ රොබට් අයියාට ලංකාව ගැන ආස හිතුණා. මේ ලංකාවේ කවදාවත් මානව හිමිකම් කඩවෙන්නේ නෑ. මෙහෙ උන් බඩගින්නේ මලත් රටට දොසක් කියන්නේ නෑ. මිනිහාට ආපහු ඇමරිකාවට යන්නත් හිතුනේ නෑ. මොනවා උනත් මිනිහට පුරවැසියා ගැන දුක හිතුණා. එයා වැස්සිව ඉල්ලාගෙන පීනට් ඇට ටිකක් දුන්නා හප හප යන්න. මළ කෙළියයි. මොනවා කරන්නද. කමක් නෑ ඇමෙරිකානු පීනට්ස්නේ පුරවැසියා හිත හදාගෙන ආපහු හැරුණා.හැබැයි විස්තරේ අහපු හාමිනේට යකා නැග්ගා. දැන් ළමයින්ට කන්නයි බොන්නයි දෙන්නේ මෙනවද. හාමිනේ ඇගට ගොඩවුණා. කන්නයි බොන්නයි නම් ඔය පැකට් කරලා කඬේ තියෙන්නේ. පුරවැසියා හිතුවා විතරයි කීවේ නෑ. හාමිනේ පීනට් ඇට ටික වත්ත පහළට විසි කරා. හාමිනේගේ කෑගැහිල්ල අහගෙන ඉන්න බැරි තැන පුරවැසියත් ගියා වත්ත පහළට.අර විසිකරපු ඇටවලින් මහ උස රට කජු වැලක් හැදිලා තිබුණා. පුරවැසියා හිතන්නේ බලන්නේ නැතුව උඩටම නැංගා. දැන් පුරවැසියා වලාකුඵවලිනුත් උඩ. පුරවැසියා දැක්කා ලොකූ මාළිගාවක් වලාකුඵ අතර. පුරවැසියා ගියා ඒක ඇතුළටම. කොක්ක කෝ...ක් කෝ...ක් ගාන සද්දේ හැමතැනම. තව පැත්තකින් ඇහෙනවා හරක් උම්බෑ... කියලා කෑගහන සද්දයක්. හත්වලාමයි පාට පාට කුකුළෝ. අඬේ මං ඇවිත් තියෙන්නේ කුකුල් කොටුවකටද. පුරවැසියා ළග හිටපු කිකිළියක් ළගට ගිහිං පොඩි ටෝකක් දැම්මා. ‘‘නංගි මේ කොහෙද.’’ ‘‘මෙ මෙ මේ දු දු දුටු ගැමුණුතුමාගේ මාළිගාවනේ අයියේ ’’ දුටු ගැමුණුතුමා. ‘‘ඔහ් ඔහ් ඔව් අයියේ. එ එ ඒ උත්තමයා තමා අපිව බේරගත්තේ.’’ එතකොට තමයි පුරවැසියා පින් පොතක් පෙරළ පෙරළ ඉන්න මෑන්ව දැක්කේ.‘‘අඩෝ මේ අපේ පුරා මල්ලිනේ.’’ එතකොට තමයි පුරවැසියා දුටු ගැමුණුතුමාව අදුනගත්තේ.මේ අපේ පුරවැසි සම්බන්ධන්ධතා නිළධාරිතුමානේ’’ ‘‘නෑඩෝ මං දැන් කුකුල් හා ගව සම්බන්ධතා තුමානේ. මං කාලි අම්මට තියා මෙලෝ යකෙක්ට බය නෑ. අද ඉදන් මගේ ඒරියා එකේ එකෙකුටවත් හරක් මස් කන්න බෑ.’’‘‘සුපර් මාර්කට් එකෙන් කන අයටත් බැරිද තුමෝ.’’ ඒ පාර ඇහුනේ නෑ වගේ තුමා කුකුළන්ට බා බා ගානවා. නුවන් මල්ලි සීනි නැති තේ එකක් හදාන ආවා. ‘‘ තුමාට දියවැඩියාවවත්ද.’’ පුරවැසියා ඇහුවා. ‘‘මෙවුන් මේ හොර සීනි විකුණනවනේ බං’’ ‘‘ඉතින් ඉතින්.’’ ‘‘මං ඒවා සේරම විනාශ කළා. දැන් මට තේ එකක් බොන්න සීනි නෑ’’ ‘‘තුමෝ පොඩි ඔත්තුවක් තියේ.’’ පුරවැසියා රහසින් කීවා. ‘‘මොකද්ද බං’’ ‘‘තුමාලගේ පැත්තේ තවත් පොඩි හොර කේස් එකක් තියේ’’ දැන් තුමා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ‘‘ඒකත් සීනි වගේ දෙයක්’’ ‘‘දැන් පුරෝ තෝ මට කියනවද නැද්ද.’’ නුවන් මල්ලිත් ළ`ගට කිට්ටු වුණා. ‘‘මේ කු_ඩු’’ පුරවැසියට එච්චරයි කියන්න ලැබුනේ දෙන්නම උන් තැන්වලින් නැගිට්ටා. ‘‘ඒවා අපි බලා ගන්නම්. තමුසේ නැහෙන්න එපා.’’ දෙන්නම එකපාර කීවා. පුරවැසියා සද්ද නැතුව හීන් සැරේ ගෙදර එන්න පටන් ගත්තා.
BLOG
2014.10.13
http://www.mrurealpage.blogspot.com
ගලන ගඟකි ජිවිතේ.....
Roshan Buwa
ref=760384ජීවිතය ගලන ගඟක් සේයවිටෙක නිදහසේ ගලයිවිටෙක රළු වන්නේයකෙලෙස වුවද ගඟදිගටම ගලා යන්නේයඑලෙසම අපේ ජීවිතෙත්දුක් කරදර මැදින්සතුටු කදුළු මැදින්අවසානය තෙක්මගලා යන්නේය....පහුවෙන ගල්මුල්ජීවිතේට එනදුක් කරදරවිලස හැගෙන්නේයගංගාවල් කොපමණ කෙලෙසගලුවදගඟක ජලය අඩු වුවදජලය වැඩි වුවදපිරිසිදු ජලය හෝ බොරජලයගලා ගියදසියල්ලේම අවසානයමහ මුහුද විලසින්මඅපේ ජිවිතත්දුප්පත් පෝසත් විලසසැප දුක විදිමින්ගලා ගියදඅවසානය එකම බවඇයිද මේ මිනුසුන්තේරුම් නොගන්නේ.2014 – 10 –10.
BLOG
2014.01.25
http://www.mrurealpage.blogspot.com
අහිමි පෙම
Roshan Buwa
ආදරෙයි ප්‍රියේ සැමදා සඳක් පායලා මගේ අදුර දුරු කළාමලක් විලා ඔබ මට සුවඳ ගෙනාවාමං දුර ඉඳ බලාන ඉන්නම්ඔබේ හිනාව මං අර ගන්නම්ඔබේ ඔය හිත මට දෙනවානම්මම ඔබ ළඟ අනෙ නවතින්නම්දුරින් ඉඳකෙසේදෝ ඔබේ මුව දකින්නේදැනුනේ නැද්ද මාගේ හිතේ ආදරේමේ තරම් හීනයක් වේද ආදරේදුකම නේද මා හට ලං වුනේ ප්‍රියේමම හැමතැන ඔබවම හෙව්වානැහැ මට ඔබ හමු වන්නේඔබේ හිනාව මම අරගන්නම්ඔබේ ඔය හිත මට දෙනවානම්මලක් සේ රකින්නම් සිහින මාදකින්නම්ඔබේ ඔය ආදරේ දෙනවදෝ ප්‍රියේමං දුර ඉඳ බලාන ඉන්නම්ඔබේ ඔය හිනාව මම අරගන්නම්ඔබේ ඔය හිත මට දෙනවානම්මම ඔබ ළඟ අනෙ නවතින්නම්.
BLOG
2013.12.19
http://www.mrurealpage.blogspot.com
මගේ සොයුරේ
Roshan Buwa
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ansi-language:EN-GB; mso-bidi-language:SI-LK;}සැප දුක අපි එකටමවින්දේ එක බත් පත වට වීකෑවේ විහිලු තහළුකරමින්නේ සැමදා සතුටින්උන්නේබොරුවට හරි ඔබමිතුරේ මතකද මට ඔච්චම්කෙරුවා තරහ තියන් හිනා උනාමතක නැද්ද මගේමිතුරේ සැමදා අපි එකමසොයුරෝ නැත මටනම් අමතකවෙන්නේ අදත් මතුවටත් මටනම්එලෙසයි ඔබ හැම මගේ මිතුරන්වෙන්නේ ආසයි නැවතත් යන්නටඇත්නම් අපේ සොදුරු ඒ පාසල්කාලේ බැහැ නොවැ මිතුරේවෙනස් කරන්නට අපේ අරුම මේ ජිවිතගමනේ හැල්මේ දිව්වත් අපිජිවිතේ මොහොතක් හරි වැයකරමි මිතුරේ ඔබ හැම වෙනුවෙන් ඔබ හැම කල උදවු නැතකිසි දින නොමැකෙන්නේ ඒ හැම සැමදා මතකින්සමරන්නේ පතනෙමි මිතුරේ හදපිරි සතුටින් මා පෙර භවයේදීත් අපිඑකටම වෙන්න උනයි මිතුරේ නෙතටකදුලක් ඔබ සිහිවෙද්දී ඔබ කල උදවු සිහි වීසතුටට වන්නේ කලේ නැත වරදක්හිතකින්වත් මා මිතුරේ නොදැන උනත් වරදක්සිදුවීනම් මාගෙන්සමාව අයදින්නෙමිමිතුරේ හද පතුලෙන් අදහස් ගලයි මිතුරෝගැන වැල නොකැඩිඒත් ලියන්නට මටසීමාවක්‌ ඇත්තේ දුකින් උනත් මාඉන්නේ මගේ සොයුරේ සමුගන්නෙමිමෙලෙසින් මා සිතුවිල්ලෙන්.
BLOG
2013.11.09
http://www.mrurealpage.blogspot.com
කුළුදුල් ආදරය
Roshan Buwa
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-fareast-language:EN-US;}කුළුදුලේ මගේ ආදරේ ඇය දන්නේ නෑනේ මගේආදරේ ඒ උනත් මා හඳින් ඇයදෙසම බල බලා සැමදාම පැතුවා ඇගේආදරේහීනයක්ද මගේ ආදරේ සැමදා මා පැතුවා ඇයමගෙමයි කියලා නිතරම ඇය දෙසම බලන්සිටියේ සැමදා ඇයිද ඇයට මතකනැත්තේ ඒ බව මිතුරේ ඔබට වගෙම මටහීනයක්ද ආදරේ සිහිනෙන් ඇය හා මාසතුටින් සිටියා ඇගේ තුරුලට වී මාඋණුහුම් වුවා ඒ සොදුරු සිහින මාසැමදා වින්දා නොසිතු ලෙසක ඇය මාදමා යයි කියාසිතුවේ නැහැනේ මන්මගේ ප්‍රිය මිතුරේ.
BLOG
2013.10.22
http://www.mrurealpage.blogspot.com
අම්මා කොයි ගියාදෝ.?
Roshan Buwa
4pt 0cm 5.හාත්පස සිසාරා අඳුරදැහැ ගනිමින් සිටියි.අවට පරිසරයද දැඩි මූසල පාළු ගතියකින් වේලි ගොසිනි.අඳුර මකමින්දැවෙන පහනකින් ආලෝකමත් වූ කටු මැටි බිත්ති හතරකින් වට වූ කුඩා නිවසකි.පැවතියේ දැඩිනිහඩ බවකි.විටින් විට බල්ලෙකුගේ උඩු බිරුම් හඩ පරිසරය බිය ගැන්වීය.ඒ පාළු ගතියමකන්නට මෙන් ගොරහැඩි කටහඩක් ඈතින් නිවස දෙසට ලං වෙමින් තිබිණ.“ තනි..වයි.....උප.න්......නේ............තනි..වයි......මැ....රෙන්නේ...........මේ.....ඉන්න.......ඩින්ගේ...........අඩිමයි.........ගස....න්...නේ...........”ඒ කට පුරා බීගෙන එන උක්කුවාගේ කට හඩයි.“ තුහ් නොදකින්........අදත් මේ කාලකන්නිය කණ මදය වගේ බීගෙන එන රගේ....ආවදෙන්කෝ..හ්ම්.....”එතලිනාගේ සුපුරුදුවචන සැට් එක උක්කුවාගේ හඩ නැවත්තිමට තරම් තීව්‍ර විය.“ මොකද ගෑනියේබෙරිහන් දෙන්නේ.... ”උක්කුවා ගෙට ගොඩවෙන ගමන් ඇසුවේය.වාරු නැති වූ උක්කුවා එලිපත්තේම බිම ඉන්ද විය.“ ඇයි මනුස්සයෝ තොටඅමතක උනාද මේ ගෙදර තට්ට තනියම ගෑනියෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා කියලා,හැමදාම අසමච්ජාතියාබීගෙන ගෙදර එනවා...අනේ හප්පේ මේ දරු පැටවූ දෙන්නා කෑවද බීවද කියලවත් මේ මිනිහටගානක් නැති හැටි....නොදකින් විතරක්මාත් කාපු දීගෙක හැටි...”එතලිනාගේ කටහඩ අවදිවිය....නමුත් ඒ කියූ දේටනම් උක්කුවාට කුකුල් කේන්ති ආවේය.“ පට්ටබැල්ලියේ...මොකක්ද යකෝ තෝ කිව්ව හරුපේ.....තෝව මං අද ඉතුරු කරන් නෑ.ඉදපන් තොටමං.......”උක්කුවා වහා හිදසිටි තැනින් නැගිට්ටේ වෙඩිල්ලක් මෙනි.වහා එතලිනා දෙසට ගොස් ඇගේ කෙස් වැටියෙන්අල්ලා ඇද්දේය.“ වේසියේ....තෝව මංඅද පට්ට ගහනවා.......” උක්කුවා ඇගේ කෙස් වැටියෙන් අල්ලා තදින් සෙලවුවේය....“ ඉතින් මරපියමාව....එතකොට ඔක්කොම අහවරයිනෙ..” ඉවසුම් නැති තැන එතලිනා කෑ ගෑවාය..ඒ වඳන් වලින්උක්කුවාගේ කේන්තිය උපරිම වුයේය.උක්කුවාගේ හැදි දැඩි සිරුරට හිර වූ එතලිනාට පහර දෙකතුනක් දෙන්නට උක්කුවා මැලි නොවීය.මේ කලබගෑනිය නිසා බියට පත්ව දොර මුල්ලේ සැගව සිටිදරු දෙදෙනා තම මව බේරා ගැනීමට ඉදිරියට පැන උක්කුවාගේ ඇගේ එල්ලුණේය.“ අනේතාත්තේ.....අම්මට ගහන්න එපා තාත්තේ......තාත්තේ.......අනේ..අම්මේ.......”“ තාත්තේ අම්මටගහන්න එපා තාත්තේ..අම්මේ.........”දරු දෙදෙනාඋක්කුවාගේත් එතලිනාගේත් ඇගේ එල්ලෙමින් බෙරිහන් දුන්නේය..“ පල යන්න පැත්තකටතොපි ”.කියා දරු දෙදෙනාව පැත්තකට ඇද දැමු උක්කුවා එතලිනාගේ කෙස් වැටියෙන් අල්ලාතදින් සොලවා ඇයව පැත්තකට තල්ලු කළේය.ඒ පහරින් විසි වී ගිය එතලිනා බිම ඇද වැටුනාය.අහෝ.... අවාසනාවකමහත.නිවසේ පසෙක බිම හිඳ ගැනීමට තබා තිබූ ගල් පොත්තේ එතලිනාගේ හිස තදින්ම වැදිණි.ඇයසිහිසුන් වී වැටී සිටි අතර ඇය සිටි තැන ලේ විලක් වීමට වැඩි වෙලාවක් ගත නොවීය.වාරුනැතිව උක්කුවාද බිම ඇද වැටුණේය.තම මවට වූ හදිය ගැනකම්පා වූ දරු දෙදෙනා වහා දුව විත් ඇගේ ඇඟේ එල්ලී කෑ ගසමින් හැඩීමට පටන් ගත්තේය..“ අම්මේ........අනේඅම්මේ.........නැගිටින්නකෝ ............අම්මේ........අ.....ම්...මේ.............ඇයිඅම්මේ කතා කරන් නැත්තේ.... අම්මේ......”දරු පැටවුන් දෙදෙනාගිරි යටින් කෑ ගසා හැඩුවේය...මේ සන්තෑසිය කණවැකුණු අහල පහළ නිවෙස් වල වූ පිරිස් වහ වහා නිවස දෙසට දිව ආවේය.සිදුව ඇති දෙයින්මහත් කම්පාවට පත් වූ සියල්ලෝම කම් මුලේ අත් ගසාගෙන බලා සිටියේය...ඒ අතරින්උක්කුවාට හොද හැටි බනින වචන ද ඇසුණේය.නමුත් සියල්ලන් පැමිණෙන විටත් එතලිනා ඇගේඅවසන් හුස්සමත් හෙලා තිබිණි..අවසානයේ උක්කුවාගේ වූ බීමත්කම අසරණ දරු පැටවුන්දෙදෙනෙකුට උරුම වූ තම මවගේ උණුහුම සොරා ගත්තේය.පසුව එතලිනාගේ මරණයට වග කිව යුතුපුද්ගලයා ලෙස උක්කුවා ජීවිතාන්තය දක්වා මහ උළු ගෙදර තපින්නට නියම විය.අම්මාත්තාත්තාත් අහිමි වූ දරු දෙදෙනා අනාථ නිවාසයකට බාර දෙන ලදී.තවමත් හය හතර නොතේරෙන ඒදරු දෙදෙනා තම මව එන තුරා අනාථ නිවාසයේ ජනෙල් කවුළු දොරින් එබිකම් කරයි.
BLOG
2013.10.06
http://www.mrurealpage.blogspot.com
අම්මා
Roshan Buwa
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-fareast-language:EN-US;}ඇත්තටම මෙහෙම සින්දුවක් ලියන්න හිතුනේ මගේ මිත්‍රයා ලගදි සින්දුවක් ලිවිම ගැන මතක් කල නිසා.ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා...සින්දුව හොදයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා... අම්මා ඔබෙ පෙම් සුවඳින්මා නෑවෙද්දීතුරුළෙහි හිද මාසැනසුනාඔබෙ ඇකයෙහි හිදඋණුසුම් වී මමකිරි බිව් හැටිමතකයි අම්මේඅම්මා.................ඔබ මගෙ සුදුඅම්මා....ඉන්නා විට මාඔබගෙන් වෙන් වීහැඩුවෙමි අම්මා එනමතුරාඔබ දුව ඇවිදින්තුරුලට ගෙන මානලවුව හැටි මතකයිඅම්මේඅම්මා..................ඔබ මගෙ සුදුඅම්මා....බත් ගුලි කරමින්රසට කවද්දීසතුටින් කෑ හැටි මටමතකයිතාමත් අම්මේ ඔබේඅතින් බත්කන්නට මට ආසයිඅම්මේඅම්මා..................ඔබ මගෙ සුදුඅම්මා....අම්මා..................මගෙ ආදරඅම්මා.
BLOG
2014.12.13
http://geepadura.blogspot.com/
හදවත ගැහෙනා - විරාජ් පෙරේරා | Hadawatha Gahena - Viraj Perera - sinhala lyrics
~RaසිකyA~
දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා..හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..පාළුවේ තනිවෙලා මා ඉන්නවා..ඔබ ලඟින් උන්නු කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා..හදවත ගැහෙනා...මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..පාළුවේ තනිවෙලා මා ඉන්නවා..ඔබ ලඟින් උන්නු කාලයේ..දුන් ආදරේම ජීවිතේ වෙලා..හදවත ගැහෙනා...ගායනය :විරාජ් පෙරේරාපද රචනය : සත්සර කසුන් පතිරණසංගීතය : සත්සර කසුන් පතිරණවීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music.
BLOG
2014.12.12
http://geepadura.blogspot.com/
සමාවෙනවාදෝ හැර ගියත් - සුරේන්ද්‍ර පෙරේරා | Samawenawado Hera Giyath Ma Eda - Surendra Perera - sinhala lyrics
~RaසිකyA~
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..තියාගෙනයි හිතේ..පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..කියන්න ඇයි මෙසේ..සමාවෙනවාදෝ...ගායනය : සුරේන්ද්‍ර පෙරේරාපද රචනය : සජිත් වී. චතුරංගසංගීතය : රධීශ් වැන්දබෝනාවීඩියෝව ගත්තෙ මෙතනින් - srilankabestmusic.
BLOG
2014.12.10
http://geepadura.blogspot.com/
කඳුළු කතාවේ නිමක් දුටුව දා - ඩබ්ලිව් ඩී අමරදේව | Kadulu Kathawe Nimak Dutuwa da - W.D.Amaradewa - sinhala lyrics
~RaසිකyA~
කඳුළු කතාවේ නිමක් දුටුව දාසිහින ලතාවේ මලක් පිපුනු දා..//සතුටු ගඟක් ගැලුවා..හදට හදක් බැඳුනා...ආසිරි චාමර පවන් සැලී..සෝ දුක් සංකා සෙමින් වැකී..//දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..අපේම ලොව අප තනිවූවේ..කඳුළු කතාවේ...සුසුමක පාකර හසුන් යවා..දෙතැනක තනිවී හඬා දොඬා..//ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..අළුත් ලොවක රන් කිරුළු දරා..කඳුළු කතාවේ...ගායනය :ඩබ්ලිව් ඩී අමරදේවසංගීතය :සනත් නන්දසිරිවීඩියෝව ගත්තෙ මෙතනින් - Erandi Jayasinghe.
BLOG
2014.12.09
http://geepadura.blogspot.com/
කදුළු බිදුවක් නෙතු - රුවන් හෙට්ටිආරච්චි | Kandulu Biduwak Nethu Agin Watuna - Ruwan Hettiarachchi - sinhala lyrics
~RaසිකyA~
කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා..නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා..පෙනෙන නොපෙනෙන - මතක අතරේ..හිතට හුරු නැති තනිකමක් දැනුණා..තනිකමක් දැනුණා...සිහින ගිළිහී දෙපාමුල වැටුණා..ඔයා නොකියම දුර ගිහින් තිබුණා..බිදී මිය ගිය පැතුම් අභියස..දරන්නට බැරි තරම් දුක හිතුණා..තරම් දුක හිතුණා...කදුළු බිදුවක්...සුවඳ අහිමියි කියා හිත හැඬුවා..ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා..බිදී මිය ගිය පැතුම් අභියස.. ආදරේ නැති අඬුව මට දැනුණාඅඬුව මට දැනුණා....කදුළු බිදුවක්...ගායනය :රුවන් හෙට්ටිආරච්චිපද රචනය : ප්‍රසංගි විජේවර්ධනසංගීතය :රධීශ් වැන්දබෝනාවීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV.
BLOG
2014.12.21
http://thunpathrata.blogspot.com/
වින්දනය |Feeling|
Udayanga
15.4pt 0cm 5. ජීවිතේ අපිට කොතෙකුත් වින්දනයන් ලැබ ඇතිද...කෙනෙකු වින්දනයකරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ කෙසේ වෙතත් කොයි පුද්ගලයත් හොයන්නෙඅවසානයේ සතුටයි. එහෙත් ඒ හැම වින්දනයක් අවසානයේ අපට ඉතිරි දුකක් පමණි. එහෙත් අපේමනස ඒ දුක අපෙන් හංඟයි. මන්ද මනස වින්දනය ලෝභ කරයි. යම් ලෙසෙට අපි වින්දනයක්අවසානයේ අපට ඉතිරි දුකක් පමණක් වැටහුනු කල ඒ වින්දනයන් පසු පස හඹා යාමෙන් වලකී. ඒනිසයි මනස අපිට එය සඟවයි. අපි තව තවවත් වින්දනය පසු පස යයි. මෙහි අවසානයක් පවතීද...එක දෙයකින් ලැබුන වින්දනය නොලැබී ගිය කල එයට ආදේශක හොයයි. මනසට ඕනේකොහොම හරි වින්දනය ලබන්නයි. ඒත් එහි අවසානයක් පවතීද... එහිඅවසානය අනන්තය කරා ගමන් ගනී. මැරෙන තුරා එය එලෙසම සිදුවේ. මැරුනත්…ඊළඟ ආත්මේ,ඊළඟ ආත්මේ,ඊළඟආත්මේ වගේ කෙලවරක් නැතුව වින්දනය කරා අපි හඹායයි.ඒත් එහි අවසානයක් පවතීද...අපි නිතරම බලන්නේ කුමකින් හෝ වින්දනයක් ලැබුවොත් තවත් ඒ ලැබූවින්දනය වැඩි කරගන්නේ කෙසේද කියලා නොවේයිද...එහෙත් ඒ වින්දනය නැති වූ කලලැබෙන දුකද වඩා වැඩි නොවේද... උදාහරණ ලෙස ඔබේ දිවට වින්දනයක්ලබා දෙන්න කියා වැඩියෙන් සීනී යෙදූ තේ පානයක්දිනකට පස්වේල බැගින් මාසයක් පානය කරොත් ඔබ අවසානයේ දියවැඩියා රෝගියෙක් වීමේසමභාවිතය කෙතරම්ද යන්න ඔබට හැගෙයි.දියවැඩියා රෝගියා විදින දුක පිළිබඳව ඔබට වැටහීමක් ඇති. සාමාන්‍ය තේකොප්පයක් බී අවසානයේ අපට හැගෙන මේ තේ එක ඉවරයි කියන දුකට(මෙය අපේ මනස අපට සඟවයි)වඩා වැඩි වින්දනයක් ලබන්න ගොස් දියවැඩියා රෝගය වැලඳගෙන විදින්න සිදු වුන දුකවැඩියි නේද... මෙලෙසමඔබේ ජීවිතේ ලබන විදීම් පිළිබඳ සිතා බලන්න. හොදින්ම සිතා බැලුවොත් අපේ ජිවිත දුකටපත්කරගන්නේ වින්දනය පසු පස හඹා යෑම තුලින්අපි අපිමයි.වින්දනයේ ලොකුම වේදනාව,දුක අපටඇතිවන්නේ අපිට ලෙඩක් හෝ ආබායක් හෝ කිසිවක්කර කී ගත නොහැකි ලෙස වයසට ගිය කලයි.මන්ද ඔබේ මගේමනස ඉල්ලන වින්දනය අපිට ලබාදිය නොහැකි ලෙස ඔබ සහ මම දුබල වීමයි.එහි අවසාන ප්‍රතිඵලයවිශාල වේදනාවක් පමණි. අද පවතින සියලුම සාමාජීය ගැටලුවකටමූලික හේතුවක් මේ වින්දනය.වින්දනය සොරකම් මැරකම්,දුෂණ සහ වංචා,ලිංගික අපරාධ,පාරිසරික, දේශපාලනික ගැටලු ආදී බොහොමයක්(සියලුම)ගැටලු වලට මුලික හේතුවකි. රාග,දේෂ,මෝහයෙන්(මේපිලිබඳ නිවැරදි වැටහීමක් නොමැති නම් භාවනායෝගී හිමිනමකින් අසා දැන්ගන්න) යුතුඔබටත් මටත් වින්දනය ලැබීම එක පාර නැති කරගත නොහැකිය. ඒත් ඔබට මට වින්දනය පසු පසහඹා යාම නම් නැවතිය හැකිය. ඒ සඳහා ඔබට මට කරහැක්කේ වින්දනය පසු පස හඹා යන අද සමාජ ‍රැල්ලෙන් මිදී , මනස තුල වූරාමුන් බිද දැමූ ආකල්පය මෙය වෙනසක් පමණි.....අවසාන වශයෙන්දෙයක් පැවසුවොත් ඔබ මෙය කියවන වන විට ඔබ විදපු හෝ විදින්නට බලාපොරොත්තු වෙනවින්දනයක් ඔබ ලඟ දැන් පවතීද... දැන් ඔබ ලඟනැති,අතීතයේ හෝ වර්තමානයේ පවතින වින්දනයක් පසු හඹායාම මෝඩකමක් බව ඔබට වැටහෙනවා ඇති. තවද සමාජයේ මතයක් තියෙනවා ජීවිතේ තියෙන්නෙවිඳවන්න නොවේ විඳින්න කියලා.ඒත් මෙය කිය වූ ඔබට වැටහෙන්න ඇති විඳීමේ හා විඳවීමේඅවසාන ඵලය දුකම පමනයි බව....හිතන්න… හැබයි වෙනස් ආකාරයකට.
BLOG
2014.01.30
http://thunpathrata.blogspot.com/
පව්කාරයෙකුගේ ඇරයුම...
..........
"මට උදෙත් එකයි..රෑත් එකයි...රෑ දහයත් එකයි..සිගිති...... මේ තුශාර බෝඩිං සෙල්ලමට පුරුදු උනේ අවුරුදු දහ අටේ ඉදලා...තේරුණානේ... තුශාර බෝඩිං හෙල්ලුවා.හොස්ටල් හෙල්ලුවා.මේ තුශාර කොහෙවත් පදිරි වෙලා නෑ හරිද..""තුශාරට කවුරුත් සෙල්ලම් දාල නෑ.." සිගිති සිනාසුනාය. ඇය නැවත තුශාරට සරදම කලේ ඔහු කෝප කිරීමේ අදහසිනි.වැඩය පසෙක තැබූ තුශාර ඇය පසුපස එලෙව්වේය.හි‍ටු කෙල්ල..බලාපොරොත්තු නොවූ ලෙස තුශාර සිගිති පසුපස එලවීම නිසා ඇයට පෙර මෙන් කාමරයට වැදී දොර වසා ගත නොහැකි විය.ඇය කාමරයට ගොස් ඇදට පැන්නාය.කෙස් කළබ ඇල්ලීමට පොර කෑ තුශාර ඉදිරියේ ඇය නිහඩව සිටියාය.සිගිතිගේ සුන්දර එහෙත් පිපාසිත දෙනෙත් ඉදිරියේ තුශාර නිහඩ විය. උඩුබැලි අතට ඇදෙහි සිටි ඇය මදක් එසවීය.ඇදෙන් පහලට දෙපා වැටෙන සේ සිටි සිගිති, තුශාරව ඇය වෙතට ඇද ගැනීම නිසා, ඔවුනොවුන්ගේ සිරුරු තරයේ ස්පර්ශ වීම වලක්වනු බැරි විය.තුශාරගේ සිරුර ගිනියම් වී ගියේය.සිගිති තව තවත් තුශාරව ඇය වෙතට ඇද ගත්තාය."අම්මා එයි"තුශාර බිදුනු ස්වරයෙන් කථාකළේය.සිගිති කිසිත් නොකීවාය.ඇයගේ කෙටි සුසුම් හා දිග සුසුම් ඔහුගේ මුහුනේ වැදුනේ ආගන්තුක යම්කිසිවකට කරන ආරාධනාවක් පරිද්දෙනි.ඇගේ ළැම පුරා පැතිරගත් යම්කිසි සුවදක් ඇතැයි තුශාරට සිතුනි.සිගිති තුශාරගේ බරත් සමග එසවී ඔහුගේ උරහිස සපාකෑවේ ආවේස වූ එකියක ලෙසිනි.ඈ එක එල්ලේම තප්පර ගණනාවක්ම ඇබරෙමින් ඔහුගේ උරහිස සපාගෙනම සිටියාය.තුශාරට එවෙලේ ඉන් ලැබුනේ දැඩි සුවයකි.ඔහු ගිනියම් වූ සිරුරින් යුතුව ඇය සිය සිරුරට දැඩිව යට කර ගත්තේය.තුශාර යමක සීමාව හදුනාගැනීමට තරම් ප්‍රසන්න සිහියෙන් සිටියේ නැත."ඔය ඇති තුශාර.."සිගිති එය අතින් තල්ලු කලේ කොදුරමිනි.තෘප්ත නොවූ සිරුර දඩ බල්ලෙක් මෙන් මස් රස සොයා වල් වැදීමට උත්සාහ කළේය.ඒ මේ අත ඇබරෙන සිගිතිගේ උනුසුමින් නැගිටීමට තරම් ප්‍රසන්න කෙළවරක ඔහු සිටියේ නැත."අම්මා එනවා වගේ.."සිගිති දුබල ස්වරයකින් කීවාය.තමා මැද සාලයට පිවිසුනේ යැයි ඔහු සිතුවේය.එතරම් ඉක්මනින් කාමරයට ඒමට තරම් හයියක් ලැබුනේ කෙසේදැයි ඔහු මැද සාලයේ සිට කල්පනා කළේය.මුලින් සිටි ඉරියව්වෙන්ම ඇදේ වැතිරී සිටින සිගිති දු‍ටු විට, ඇදුමට ඔරොත්තු නොදෙන උනුසුමින් සිරුර වෙහෙස කරන්නේය.ප්‍රලය නොවූ අසාව තවමත් සිරුරේ කැකෑරෙමින් පවතින්නේය.තමා එදින ඇයගේ නිවසට නෑවිත් සිටියානම් හොද යැයි ඔහුගේ සිත නිරන්තරයෙන් වද විය.කොට කලිසම් ජංගි කොට හැද, වැලි සෙල්ලම් කළ කාලයේ සිට තම නැගනියක බදු වූ ඇයගේ උනුසුමට තමා යටවීම ඔහුට පුදුමයක් මෙනි.ඇයගේ මුරන්ඩු,හිතුවක්කාර සිත තුල මත්වන නොබැදියාව ඔහුව අතරමං කරවීය...(මතුවට....).
BLOG
2013.12.19
http://thunpathrata.blogspot.com/
සැනසුම සොයා....
..........
සුදු මීදුම නිල්වන් කදුවැටිය වැළදගත් ගමන්ය.නාමල් සුවදින් සුවදවත් වූ මද පවන හීනයක් සේ මුමුන මුමුනා යයි..කෝකිල නාදයත් ,බබරුන්ගේ ගුමු ගුමුවත් එකට වෙලී පැටලී ඇත්ත සේය.මැදියම් ‍රැයේ වැ‍ටුනු පොද වැස්සෙන් පොළව තෙමී නැවුම් සුවදක් පතුරවයි. රන්වන් හිරු කිරණ තැවුරුනු බෝපත් , මිහිරියාව දෙගුන තෙගුන කරවයි.."සුමේධ.."පෙරදා සසුන්ගත වූ හිමියන්ගේ සුරතෙහි තිබූ ඉදල වහා නතර විය."අපේ හාමුදුරුවනේ.."පොඩි හිමියන් ප්‍රතිඋත්තර බැදීමට කල ගත නොකලේය."දැන් ඉතින් පොඩි නම ඔහොම කල්පනා කර කර ඉදල බෑ.,ඉක්මනට විහාර මළුව අතුගාල වත්පිළිවෙත් පුරන්න ඕනෑ.. "නාහිමියන්ගේ කරුණාබරිත වූ හඩ තම හදවතේ ගැස්මක් සමග ගෞරව සම්ප්‍රයුක්ත බවක් වඩාලයි.උදෑසන නැගිට ගෙමිදුල් පිරිමැදීම නුහුරු නුපුරුදු බව තමා දනී.දෙමපිය සෙවනේ වැඩුනු තමා ලද මහනකමද අපූර්වත්වයකින් යුක්තය.මහනවීමට ප්‍රථම ගෝලයෙකු සේ දිගුකලක් පංසලේ වත්පිලිවෙත් පිරිය යුතුය.එසේ නොකල තමාට සතියක් තරම් කෙටි කළකදී පැවිදිබව ලැබුනේ මහනවීමට දැඩි අධිෂ්ඨානය හා කැමැත්ත නිසාය.අතට ගත් පොත පපුවට තුරුළු කරගනිමින් බෝ සෙවනට පැමිනි තමාට සිත එක්තැන් කර ගැනීමට නොහැකි වූයේ කුමන බලවේගයකින්දැයි තමාටම සිතාගත නොහැක.සිත අතීතයට දිවගියේ නිතැතින්මය.ඇය හමුවූයේ පාසලේ තෙවන වසරේ සිප්සතර හදාරන අවධියක සොදුරු මතකයන් අතරින්ය.සුන්දර ළමාවියේ ඇය සමග එකට සිප්සතර හැදෑරූ ඇය පිළිබදව ඇතිවූ පැහැදීම අචල සෙනෙහසක් බවට පෙරළුනේ සියල්ලන්ටම රහසේය.තීරණාත්මක නව ජීවිතයකට ආශිර්වාද ලබමින් නගරයේ පාසලකට මාරු වුවද ඇය පිළිබද නොනිමෙන සෙනෙහසක් සිත කොනක ලැගුම්ගත්තා සේය.නගරයේ ක‍ටුක වූ ඝෝශාකාරී බව පරදවා සිත තුලසක්මක් කලේ ඇයගේ හඩබවයි.තැන්පත්බවයි.ඇයගේ ආදර්ශමත් චරිතය ඔස්සේ තමා අසරණ වූ සැටියකි.නිරන්තරයෙන් ඇයගේ රුව සෙවනැල්ලක් සේ සක්මන් කරද්දී තමා නිහඩවම ජීවිතය කියවූයේය.හදිසියේ ඇය ගුප්ත වෙනසකට ලක් වූයේ දෛවයේ සරදමකට මෙනි.ඇයව ඔපවත් කල ගතිගුන දිනෙන් දින පිරිහී යද්දී නොපෙනෙන ඉමකට ඇයව ඈත් වෙද්දී හදවතින් හඩාවැ‍ටුනද වේදනාවට සහනයක් නොවීය.ඇය ජීවිතය ‍තෝරාගනිද්දී දුක,වේදනාව,කලකිරීම මගේ මුළු ජීවිතයම වීය.ඔව්..ඇය නිහඩය.එහෙත් ඒ නිහඩ බව වේදනාබරය.නිතර නෙත ගැටෙන රජමහා විහරයේ දසුනින් සිතට යම් හෝ සැනසීමක් ලබාගත හැකිවීමි.කසාවන් සිවුරින් සැරසී බණ පොත් තුරුළු කරන් යන එන පුංචි තෙරුණ්වහන්සේලා තම සිත මදකට හෝ පහන් කිරීමට සමත් විය. උන්වහන්සේලා තුල වූ නිවුන සැනසුම ගෙන දෙන බව තම සිත පැහැර ගත්තේය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ පාසල් වියේදීම පාසලට හා ගිහි කමට ආයුබෝවන් කීමය."පොඩි හමුදුරුවනේ..."සුපුරුදු කටහඩක් සුමේධ හිමියන්ගේ සමාධිය මදකට සසල කලේය.පොතෙහි පි‍ටු අතර වැටී තිබූ කදුළු බින්දුව පිස දමමින් පොත වසා සමාධිගතව හැරී බැලුවේය."නදී.."පොඩිහිමියන්ට පුදුමයකි.පොඩිහිමි ඇය දෙස ශාන්තව බැලුවේය.පොඩිහිමි ඉදිරියේ ඇය මොහොතක් ගොළුවිය.වෙනදා සිටින ඔහුද මේ...ඇය තුල තේරුම් ගතනොහැකි පැනයකි.මුහුන පියකරුය.සැනසුම ගෙනදෙන පරිදිය.වචනවල ශක්තිය පොඩිහිමි ඉදිරියේ බොදවී යයි.නමුදු ඇය කථාකිරීමට තැත්කළාය."පොඩි සාදු..මට........"පැවිදිබව අමතක වූ පොඩිහිමිගේ නෙතගට කදුලක් නැංවීමට ඒ හඩ ප්‍රමාණවත් විය.වැදවැ‍ටුනු ඇය දෙස තවදුරටත් බලාසිටිය නොහැකි වූ පොඩිහිමි බුදුගෙයි ශාන්තව දිදුලන බුදුහිමිගේ පියකරු වූ මුවමඩල වෙත නෙත් යොමුකලේය.(2004.06.
BLOG
2012.02.26
http://thunpathrata.blogspot.com/
අපි නොදු‍ටු අපේ කම...
..........
ෆයිනල්ස් ගොඩ දා ගැනීම පිණිස යහන් ගත වූ යටා...අපේ බැච් එකේ ඉදපු ඩයල් එකක් තමා A to Z යටවර කියන්නේ..ඌට එහෙම කියන්නේ උගේ මුල් අකුරු සෙට් එක දිගයි ඌටත් වඩා...හරියටම කියනවනම් උගේ සම්පූර්ණ නම් ලියන්න අයිඩෙන්ටියෙ ඉඩ මදි..කයියත් මුගේ නම වගේම හැම වෙලවෙම දිගයි..ඒත් කොයිම වෙලාවකවත් අහගෙන ඉන්න එපා වෙන්නෙ නැත්තෙ මූ ඒක රගපාල, ඇක්ශන් එහෙම දාල කියන නිසයි...මූ දිගට දිගේ කථාව කියවල ඉවර උනාට පස්සේ ඌ පොඩි නෝන්ඩි හිනවාකුත් දාල කියනවනෙ.."මචන් මං බොරුවක් බං කීවෙ කියල"ඉතින් කට ඇරන් අහන් ඉදපු අපේ උන්ට පට්ට මල..මූ අරින නයි නිසා මූ සිරාවට මුකුත් කීවත් අපේ අය ඩෝන්ට් කෙයා තමා..ඉතින් මු කතාව කියද්දි "අම්මා.........පල්ල බන් " කියන්න පුරුදුවෙලා ඉදියා.. ඒක නිසා මූ පාරෙදි දැක්කත් "යටා.. අම්මා....පල්ල කතාවක් කියල පලයන්කො"පජාතම කරලා යන්න පුරුදු වෙලා ඉදියා..කොහොම උනත් මූ හොද එකා..මූ තමා අපේ කැම්පස් එකේ hutch කපල් පැකේජ් එක කරන්නේ..ලොකු ගනන් වලින් වැඩ නිසා මුදලාලි කියලයි වැඩි දෙනා මූට කියන්නේ..කපල් වුන අයට වගෙම කපල් නොවුන අයටත් මෙ කපල් සිම් ඇගේ ගහන්න මූ තමා දක්ශයා..කොයි තරම් සල්ලි අත පත ගෑවත් මූ අනිත් උන්ට වඩා මනුස්සකම තියෙන එකෙක්.අපිත් එක්ක කන්න එන ***ගෙ කෑම එකේ ගාන මූ ගෙවන්නෙ ඌට සල්ලි නෑ කියලා දැනගෙන. දවසක් අපි හතර පස් දෙනා ගොඩට කන්න එද්දි මුත් ආව එදා..(ගොඩ කියන්නෙ මොර‍ටුවෙ තීන ෆේමස් කැන්ටිමක්..)එදා සෙට් එකම එකතු වෙලා මාව බයිට් කරන්න පටන් ගත්තෙ නැතෑ.මූ තමා මූලිකයා.මූ කෑ ගහලා, රගපාල මාවම අල්ලගෙන.. හි** (අපේ ගම) ගැනයි, ගමේ අය ගැනයි කිය කියා මවම බයිට් කරනවා..මටත් ඉතින් මල තමා.මල කියලා මුන් දැන දැනත් මුන්ගේ නැවතීමක් නෑ, මට දැන් යටාව කන්න හිතයි.අන්තිමේ මලම පැනලා මන් යටාට කේස් කරා. කෝමත් මන් කුකුල් කේන්තිකාරයනෙ.එදා ගොඩ උඩදි ඇගිල්ල දිග් කරලා ඌට කෑ ගහනවා ගොඩේ ඉදපු කොල්ලො,කෙල්ලො ඔක්කොම බලාගෙන.තව ඩිංගෙන් මහ වලියක්.අපෙ උන් යටාව පැත්තකට අරන් ගිය නිසා නිවුනා.ඌට හැබයි වෙන වෙලාවට තිබුනු කට එවෙලෙ තිවුනෙ නෑ,ඇග පත තිවුනට කවුරු හරි "මොකෝ හු**." කියලා ඇහුවොත් ඌ හරී අහිංසක සමනලයෙක් තමා.එදා සිද්දිය වෙලා හොස්ටල් එකට ආවට පස්සේ මට හොදටම අවුල්.අර වෙලේ මා එක්ක ඌත් එකට එක කියාගෙන ආවනම් එහෙම අවුලක් වෙන එකක් නැහැ.උගේ නිශ්ශබ්ධ ප්‍රථිචාරය මට වේදනාවක් උනා.කළබල වුන මන් කලේ මහා මෝඩ වැඩක්, මන් මහා දුශ්ඨයෙක් කියලා මගේ හිත මට දඩුවම් දුන්නා. මොකද ඌ ඕනම කෙනෙකුට උදව්වක් කරන්න දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.මටත් ඌ ගොඩාක් උදව් කරපු එකෙක්.මේ සිද්දිය උනේ ෆයිනල් එක්සෑම් දවස් අතරෙදි.එත් ඊට පස්සෙ එදා මට පොතක් අල්ලන්නවත් හිත නැහැ.අවුල යන්නත් එක්කලා එක්සෑම් යකාට දාලා මුළුවරුවම නිදාගත්තා.පස්සේ මන් උගේ රූමට ගිහින්, මචන් වුන දේ සීරියස් ගන්න එපා කියලා කීවා.උගේ මනුස්සකම කියන්නේ "උබ නෙවෙයි බන් මමයි වැරදි,මමයි ඕනවට වඩා එල්ලිල ආවෙ" කියාල වැ‍රැද්ද ඌ පිට දාගන්නයි හැදුවෙ.මං වෙන කෙනෙකුට අර වගේ ටෝක් කළා නම් ඌ මගේ මූනවත් බලන්නේ නෑ.ඒක මට හොදටම ශුවර්.ඒත් එදා මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ඌ නිහඩවම මට තේරුම් කළා.යටා.. කුහක, ආත්මාර්ත්කාමී මේ සමාජේ උබ තවමත් ඔළුව කෙලින් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අද මං දන්නවා. උබෙන් උදව් ගන්න එවුන් උබටත් කෙලවලා ගිය අවස්ථා එකට ඉදපු අපි දන්නවා.ඒත් ඒ දේවල් වලටවත්,සල්ලිවලටවත් උබේ මනුස්සකම තාම යටවෙලා නැහැ.සල්ලි හුගක් තියෙන අය ඕන තරම් ඉන්නවා.විභාග වලට A ගන්න අයත් ගොඩක් ඉන්නවා.එත් යටා... උබ වගේ අය මේ සමාජේ ගොඩක් අඩුයි.
BLOG
2012.02.26
http://thunpathrata.blogspot.com/
The Human Stain
..........
ඇය තරුණයි.. ලස්සනයි... රාගිකයි...ඔහු මහාචාර්යවරයෙක්.., බුද්ධිමතෙක්.., මහල්ලෙක්... ඔහුට නැහෙන්නට අවශ්‍ය විය.නැහෙන්නට හොදම මාර්ගය ඔහුට හමුවිය.
BLOG
2012.02.25
http://thunpathrata.blogspot.com/
මුතුකුමාරණ මිස් සහතික කළ මගේ අනාගතය....
..........
මේ සිද්දිය උනේ මම ඉස්කෝලෙ ගිය නවය වසරෙදි."නාහෙට නාහන ඇට්ටර කොල්ලෙක්"අංශ ප්‍රධානී ඉදල හැම ගුරුවරයෙක්ම මට දීලා තිබුනු චරිත සහතිකය ඒක.ගමේ ඉස්කෝලෙක ඉදලා ශිෂ්‍යත්වෙ පාස් වුන වැ‍රැද්දට ගාල්ලෙ ලොකු ඉස්කෝලයක් කියපු කොන්ක්‍රීට් වනාන්තරේට අවට පස්සෙ හොදයි කියල හිතුනු හැම දෙයක්ම වෙනස් වුනා..ඒ ගමේ පරිසරය,දුව පැනපු වෙල් ඉපනැලි,වැල් වල එල්ලිලා වැල් පැදපු කාලෙ,කොට්ටම්බා තලාගෙන කාපු,ඉස්කෝලෙ පිටිපස්සෙ කැලේ බංකර් හදාගෙන වෙඩි තියාගත්ත ඒ සුන්දර කාලෙට තිත තියන්න උනා.... ලොකුයි කියාපු ඒ අලුත් ඉස්කෝලේ අපෙන් බලාපොරොත්තු වුනේ නීට් එකට වැඩ කරන,පිරිසිදුවට කීකරුව ඉන්න විනයානුකූල ළමයි ටිකක්.ඒ ගොල්ලො හොද ළමයි කීවේ ඒ වගේ අයට.අපිට නම් කවදාවත් හොදයි කියලා ඒ ගොල්ලන්ගෙන් වැරදිලාවත් කියවුනේ නැහැ.කොහොමත් තිබුනු කෙලිලොල් දඩබ්බර කම නිසාම පංති කාමරයක පාඩුවේ ඉන්නවා කියන දේ පට්ට බෝරිං වෙලයි තිබුනේ.නවය වසරේ මේ කාලෙ වෙනකොට වෙනදට වඩා කොල්ලොන්ගෙත් අමුතුම වෙනසක්.නීට් එකට ඉන්න ට්‍රයි කරනවා,වැරදි වලට මාට්‍ටු නොවී ඉන්න බලනවා,කට්ටිය සෙට් බහින්න පටන් ගන්නවා,කෑලි ට්‍රයි කරනවා.අමුතුම වැඩ ගොඩයි.බහුතරයක් හිතින් තමා පෙම් කලේ.කොල්ලො නවයෙදි පොඩි වුනාට අපේ වයසෙ කෙල්ලොනම් අපි වගේ දෙකක් විතර ලොකු වෙලා.ඇගපතේ වෙනස නිසාද කොහෙද හිතින් ඇරෙන්න ළගට ගිහින් පොර සේ ටෝක් කරන්න බහුතරයකට ගටක් තිබුනෙම නෑ.ඔන්න ඔය කාලෙ තමා කොල්ලොන්ගෙ බෑග් වල සෙන්ට් කුප්පි,පනා,කන්නාඩි වගේ බියුටි උපකරන තිබුනේ.ඒත් මොන මගුල නිසාද මංදා විනය භාර සර්ට නම් මේ දේවල් ඇල්ලුවෙම නෑ.ඒ නිසාම සතියකට දෙසැරයක්,තුන් සැරයක් පංති චෙක් කිරීමක් නම් වැරදුනේම නෑ.ෆ්‍රිෆෙට්ලා එක්ක එන මේ මස් වැද්දා(විනය භාර සර් ගේ නිළ නාමය) ඇවිල්ලා බලන්නෙ මේ දේවල් වුනාට අහුවෙන්නෙ ගිනිපෙට්ටි,ලයිටර්(සිගරට් නම් මතක විදියට කා ගාවින්වත් අහු වුනේ නෑ),ෆ්ලොපි ඩිස්ක(අද වගේ පෙන්,dvd, තිවුනෙ නෑ නොවැ),මැගසින් තමා.මැගසින් කීවට ඔවා පොඩිහිටියන්ට තහනම් ඒවද කොහෙද..(ඕං මං නම් ඕවට සම්මාදන් නෑ හොදේ.)ඔයින් එකක් අහුවුනා කියන්නේ උන්ට රටක් රාජ්ජයක් අල්ල ගත්තා වගේ.කොල්ලා බයවෙලා වෙව්ලද්දි උන් වීරයෝ වගේ.යකෝ දීපල්ලකො සමාවක් හෙට අනිද්දා රට භාරගන්න ඉන්න වැඩිහිටියො කියලවත්.උන් ඒව අරගෙන ගිහින්,උනුත් ඒවා හොදට බලලා දෙමව්පියන්ටත් දැනුම්දෙන එක තමා උන්ගෙ ආතල් එක. ඒ දවස් වල අපේ සෙක්ශන් හෙඩා තමා ඔය මුතුකුමාරණ මිස් කියන්නේ.මට ඉතින් ඔය කාලෙ කෑලි සීන් තිබුනෙ නැතත් වෙලවට කලින් ඉස්කෝලෙන් පනින එකේ නම් ආතල් එකක් තිබුනා.වෙලාවට කලින් පැන්න වුනත් ගෙදර නම් යැවෙන්නේ ඒ වෙලාව වගේ තුන් හතර ගුනයක් පරක්කු වෙලාම තමා.ඔහොම ඉතින් දිනපතා පනින්න බැරි උනත් ගොඩක් දවස් වල අනිවා පනිනවාම තමා.ටොයිලට් එක උඩින් එහා පැත්තෙ මැටි පාරට,බයෝ ක්ලාස් එක ගාව උස තාප්පෙන් පල්ලිය දිහාට,ඩෙන්ටල් එක ගාවින් කන්දෙවත්ත පාරට වගේ මර්මස්ථාන කීපයක්ම තිබුනා අපිට පනින්න.එදා ඉන්ටවල් එකෙන් පස්සෙ දිගටම කැරකුනත් මොකක් හරි නිසා මේ එක තෙනක් වත් හරියට අපිට සෙට් උනේම නෑ.එක්කෝ ෆ්‍රිෆෙටෙක්, සර් කෙනෙක්,නැත්නම් මොකෙක් හරි බායියෙක්(කේලමෙක්). ඉතින් එදා දවසම මුස්පේන්තුවෙන් තමා ගත කලේ.පනින්න වුනෙත් නෑ නොවැ.ඔහොම ඉන්නකොට ඉස්කෝලෙ අවසන් රිංග් එකත් වැදුනා.දැන් ඉතින් "යෝ වද තංපව" කියලා දෙවි පිහිටෙන් යන්නයි තියෙන්නෙ.ඒ යන එකත් ගේමක්.දිගට දීගේ තියෙන පෝලිමේ වාත වෙලා,පෝලිම් පැනල අහුවෙන්නෙ නැතිව පරිස්සමින් ඉස්කෝලෙ ගේට්‍ටුව ගාවට වෙනකම් යන්න ඕන.ඊට පස්සේ අපේ ඩිසිප්ලින් හදල තිවුනෙ ගෙට්‍ටුව පහු වුන හැටියෙම පොඩි ඇයෝ තල්ලු කරලා දාල ගාල කඩා ගත් හරක් ‍රැල වගේ දුවන්නයි.මේ ගාථා ප්‍රොසීඩියර් එක ඉතින්බෝරිං නිසාම එදා රිංග් එක වැද්දා විතරයි,චතුවත් එක්ක බෑග් එකත් කරෙ එල්ලන් තප්පරෙන් දෙකෙන් නැවතුනේ බයෝ ක්ලාස් එකේ උස තාප්පෙ ගාව.විසිකරා බෑග් එක තප්පෙට උඩින්,දුන්නා ජම්පර් ගේමක් තාප්පෙන් එහා පැත්තට,අනිත් උන් ගාථා කියන්නත් කලින්ම අපි ස්ටෑන්ඩ් එකේ.ඒත් අපේ වාසනාව...හෙඩ් කෝට් එකේ ඉදන් දෙයියනේ කියලා අපේ හෙඩා මේ ක්‍රියාන්විතේ හොදට නිරීක්ශනය කරලා.කොට කලිසම් ගහපු පොඩිවුන් දෙන්නෙක් මීටර් තුනකටත් වඩා උස තාප්පෙන් දාපු ජම්ප් එකදිහා බොහෝම අහිංසක විදියට බලාන ඉදලා.පස්සේ දවසේ උදේම අපි මිස්ගේ ඔ‍ෆිස් එකේ.බනිනවා බනිනවා ඉවරයක් නැහැ. මොනා කීවත් අපි අහිංසක සමනලයො වගේ බිම බලාගෙන."තමුසෙලා වගේ මිනිස්සු තමා කවදාහරි ත්‍රස්තවාදියෝ වෙන්නෙ.." තරහ වැඩි කමට මිස් වෙව්ලනවත් එක්ක.මට ඇහුනු,තේරුනු එකම දේ එච්චරයි.මොකද ඒකාලෙ රටේ තිබුනු පසුබිමත් එක්ක ත්‍රස්තවාදියෝ කියන්නෙ කවුද කියලා හොදට දැනගෙන ඉදියා.ඉතින් ඒ අනාගත වරෙන්තුවත් එක්ක එදා දවසෙම ඔ‍ෆිස් එක ගාව දන ගහගෙන ඉදියා.අවුරුදු කීපයකට පස්සෙ මුතුකුමාරණ මිස් විශ්‍රාමගියා.ඒ අපෙ ඉස්කෝලෙ නියෝජ්‍යය විදුහල්පතිනියක් විදියට.ඒ අතරේ ඕනතරමක් පොදුවේ අපිව අමතලා,කථාකරලා තියෙනවා.ඒ හැම දේටම වඩා එදා පෞද්ගලිකව අපිට දීපු අනාගත වාක්‍යය ලොකු ඇතුලෙ අදහසක් තියෙනවා කියලා අද මට හිතෙනවා.ඔව් මේවෙනකොට අවුරුදු ගානක් ගතවෙලා.ඒත් මට තාමත් ඒඅනාගතය ළගාකරගන්න බැරිවුනා.අදටත් මට වුවමනා කරන අනාගතයත් ඒකම තමා.ත්‍රස්තවාදියෙක් වෙන්න.ඔව් කවදාවකම හරි.
BLOG
2012.02.23
http://thunpathrata.blogspot.com/
බිල් ගේට්ස් පැරදවූ සැබෑ සුපිරි ධනවතා...
..........
ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසනායේ බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඔහු පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු. ඒ කාලේ හරිම ලාභයි අදට වඩා.♣ ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න... 2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...♣ සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් හෝ වැටක් අදටත් නොතිබීමයි.♣ ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන අයෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.♣ ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා.♣ අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න...6. ඔහුගේම ආයතනයක් සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.♣ නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...7. ඔහු යටතේ සිටින විධායක අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න2. පලමු නීතිය අමතක නොකරන්න.♣ ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරන අයුරු නිරීක්ෂණය කරන්න...8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් සාද ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි...♣ ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි...10. ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසනායේ බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී.. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්....ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..1. ණය කාඩ් පත් වලින් මිදෙන්න. ආයෝජනය කරන්න.2. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහැකිය. මතක තබා ගන්න මුදල් නිර්මාණය කලේ මිනිසායි.3. සරල ජීවිතයක් ගත කරන්න.4. අනුන්ට පවසන දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.5. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.6. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇති අයෙකුට පරිත්‍යාග කරන්න.7. ඔබේ ජීවිතය ඔබ නිදහසේ ගෙවන්න. අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න.ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...මේ ලෝකයේ දෙවන සුපිරි ධනවතා Warren Buffett. ඔහු ලෝකයේ හැම කෙනෙකුටම වඩා ධනවත්ය... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි, සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා.
BLOG
2012.02.23
http://thunpathrata.blogspot.com/
සංකල්පනා...
..........
.
BLOG
2012.02.23
http://thunpathrata.blogspot.com/
නායකයෙකු විසින් පරාජයන් කලමනාකරනය කල යුත්තේ කෙසේද?
..........
මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි...ඔබේ ප්‍රශ්ණයට පිලිතුරු ලෙස මම මගේම අත්දැකීමක් ඔබට පවසන්නම්. මම 1973දී ඉන්දීය චන්ද්‍රිකා වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස තේරී පත්වුනා. අපේ අරමුණ වුනේ 1980 වන විට ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම.ඒ සදහා අවශ්‍ය කරන සියළුම ප්‍රතිපාදන සහ මානව සම්පත් මා වෙත ලබා දුන් අතර ඉතා පැහැදිලිව මට උපදෙස් ලබා දුන්නේ 1980 වන විට අනිවාර්යෙන්ම ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත විය යුතු බවයි. ඉතින් ඊළග වසර හය පුරාවටම ඉංජිනේරුවන් තාක්‍ෂණික නිළධාරීන් සහ කම්කරුවන්ගෙන් සමන්විත වූ අප කණ්ඩායම ඒ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී වැඩ කලා.1979 වසරේදී,මට මතක හැටියට ඒ අගෝස්තු මාසය,අපි හිතුවා අපි අපේ අරමුණට සූදානම් බව,එනම් ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස මම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත දිනයේදී පාලක මධ්‍යස්ථානයට පැමිනියා.චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට පෙර ප්‍රධාන පාලක පරිගණකය නියමිත පරීක්‍ෂාවන් ආරම්භ කල අතර මද වේලාවකින් පරිගනක තිරයේ රතු පැහැයෙන් සටහන් වූයේ යානයේ ඉන්ධන පිලිබද වූ ගැටලුවක්,එම ගැටළුව නිසා චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම පරිගණකය විසින් නවතා දැමුවා. නමුත් මා සමග පාලක මධ්‍යස්ථානයේ ඒ මොහොතේ සිටි ඉංජිනේරුවන් ඔවුන් ඒ සියලුම දත්ත කලින් පරීක්‍ෂා කර ඇති බව පැවසූ නිසාත් ඒ පිලිබදව ගැටලුවක් නොමැති බව පැවසූ නිසාත් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකලා. පලමු විණාඩිය ඇතුලත සියලුම දේ හොදින් සිදුවූවත් දෙවණ විණාඩිය ඇතුලත එය පුපුරා විනාශ වුනා,අපේ උත්සාහය ව්‍යර්ථ වුනා.එදින ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා චන්ද්‍රිකාව විනාශ වීම පිලිබදව මාධ්‍ය හමුවක් කැදවූවා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වුනේ උදෑසන 7ට වූ අතර මාධ්‍ය හමුව පැවැත්වූවේ උදෑසන 7.45ටයි. 7.45 වන විට ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයට රැස් වුනා.නියමිත වේලාවට මාධ්‍යහමුව ආරම්භ වුනා,ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා මාධ්‍ය හමුව ඇමතූ අතර අපේ පරාජයේ සියලුම වගකීම ඔහු බාර ගත්තා. අප කණ්ඩායම බොහෝ වෙහෙසී වැඩ කලත් තාක්‍ෂණික අංශයේ සුලු වරදක් නිසා චන්ද්‍රිකාව විනාශ වූ බව පැවසූ ඔහු ලබන වසරේදී අප කණ්ඩායම අනිවාර්යෙන්ම සාර්ථක වන බවට බොහෝ විශ්වාසයෙන් පැවසුවා. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස චන්ද්‍රිකාව විනාශ වීම මගේ වගකීමක් වූවත් ඔහු අප ආයතනයේ සභාපතිවරයා ලෙස චන් ද්‍රිකාව විනාශ වීමේ වගකීම භාර ගත්තා.ඊලග වසරේ,එනම් 1980 ජූලි මාසයේදී අප නැවතත් චන්ද්‍රිකාවක් අභ්‍යාවකශ ගත කිරීමට උතාසාහ ගත් අතර එය සාර්ථක වුනා,ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවුනා,මුලු ජාතියම ප්‍රීති ප්‍රමෝදයට පත් වුනා. සතිෂ් ධාවන් මහතා නැවතත් මාධ්‍ය හමුවක් කැදවූවා,මාධ්‍ය හමුව ආරම්භ වීමට මොහොතකට පෙර මා අසලට කැදවූ ඔහු මාධ්‍ය හමුව ඇමතීම මට භාර කලා.එදින මම ජීවිතයේ විශාල පාඩමක් ඉගෙන ගත්තා. ආයතනයේ ප්‍රධානියා පරාජයේ වගකීම භාර ගත් අතර ජයග්‍රහනයන් ඔහු තම කණ්ඩායමට භාර කලා. මා ජීවිතයේ උගෙන ගත් හොදම කලමනාකරණ පාඩම උගත්තේ පොතකින් නොවේ,මගේම එම අත්දැකීමෙන්.උපුටා ගත් මෙම post 1 ට නිමිත්ත : පසුගිය මස ශ්‍රී ලංකාවට පැමිනි මොහොතේ අප සරසවියට පැමිණ කරන ලද දේශනය වෙනුවෙන් උපහාරය පිණිසයි.
BLOG
2012.02.22
http://thunpathrata.blogspot.com/
දිවි පුද නොකළ ජාතික වීරයෙක්......
..........
මේ කතාව දිවි පුද නොකළ ජාතික වීරයෙක් ගැනයි. සුද්දන්ට සිංහල කුණුහරපෙන් බැනල කකුල දෙපාරක් පොළවෙ හැප්පුවේ නම් ඔහුටත් නිදහසේ දේශප්රේටමියෙක් වීමට හැකිවන්නට ඉඩ තිබුණි.....ඉන්දියාවෙ නිදහස වෙනුවෙන් ඒ රටේ දේශප්රේ මීන්ගේ ලේ ඇට මස් නහර ශරීරකූඩු වලින් එලියට පැන කෑ කෝ ගසද්දි ඔහු සුද්දන්ට අතටඅත දුන්නේය. අපේ රටේ ජාතික හැඟීමට සිංහල භාෂාව රාජ්යි භාෂව කළ සියල්ලෝම සරොම් කමිස අඳිද්දි ඔහු ටයි කෝට් හැඳ සුද්දටත් වඩා අපූරුවට ඉංග්රීීසි කතා කළේය.ඔහු මහ අමුතු මිනිසෙකි. දෙපැත්තෙන් ඉහළට නැමුණු උඩු රැවුළ ඔහු හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන ප්රාකඥයෙක් බව ඔප්පුකරවන කදිම සංකේතයකි. මතකයේ හැටියට ඔහුගෙ කාලයේ, 1948දී විතර ඉංග්රීිසීන් නිළ වශයෙන් අපට නිදහස ලබා දුන්නේය. සමහරු කියන හැටියට එය බියගුලු නිදහසකි. ඔවුනට අනුව ඔහු ගැත්තෙක් ය ඉත්තෙක්ය.අප නිදහස ගත්තේ නැත. අපට නිදහස දුනනේය. ඒ අපූරු මිනිසා ගැන අප අවුරුද්දකට සැරයක් එන පෙබරවාරි 4 වෙනිදාට වත් සත්න්නේ නම් වටින්නේ යැයි මට හැඟේ. අපි දැන් ඒ ගැන හිතමු.ලොකෙ රටවල් අධිරාජ්යේවාදයෙන් නිදහස්වෙන්න පටන් ගත්ත. ඉන්දියාව නිදහස වෙනුවෙන් ලේ ගංගා වගුරවද්දි එක ලේ බිඳක්වත් නොසොල්වා අපිත් නිදහස ගත්ත. වෙනසකට තියෙන්නෙ ලේ නොවැගිරුණ එක විතරයි. හිරු නොබසින්න තරම් බලයක් තියන බ්රිගතාන්යස එක්ක හැප්පෙන්න බැරි බව ඔහු හොඳින් දැනගෙන හිටිය.පල නොකියා පලා බෙදන්නේ කෙසේදැයි කියාපාන මහෝෂධ නුවනක් මෙ මහා මාන්න සහිත පුද්ගලයාට තිබ්බ. අන්තිමේදී සුද්දාට අපිට නිදහස නොදී ඉන්න බැරිවුනා. ලබාගත් නිදහස ආරක්ෂා කරන්නට ඒ කාලෙ ලංකාවේ හමුදාවක් තිබ්බෙ නැති නිසා අවි ආයුධ දෙන්නත් ආරක්ෂක පුහුනුව දෙන්නත් සුද්දා එකඟවුනා. ලංකාව වෙනුවෙන් පිටරටවලට ගිහිල්ල කතා කරන්නත් සුද්දා එකඟවුනා.උරන්ගේ මාලු උරන්ගේ පිටේම තියල කපන්නේ කොහොමද කියල මේ අපූරු මිනිසා පසක් කලා. ඇතමුන් කිව්වෙ ඔහු බටහිර ගැත්තෙකු කියල. මටත් හිතෙන විදිහට ඔහු බටහිර ගැත්තෙක්. හෙළ දිව වෙනුවෙන් තම දිව බටහිරට නැවපු බටහිර ගැත්තෙක්.මොහුගෙ වෑයම වුනේ ඉංග්රී සි කතා කිරීමවත් ටයි කෝට් පැළඳීමවත් නොව තමා තුළ සිටින කලු සිංහලයාව සුද්දන්ට සුද්දන්ගේ භාෂාවෙන් පෙන්වීමයි.අවසානයේ සුද්දාට ඒ භාෂාව තේරුනා. 1948 පෙබරවාරි 4 වෙනිදා සුද්ද අපට නිදහස දුන්න.අපි මේ මහ ඉහළින් සමරන්නේ ඒ නිදහසේ මහා මාන්ය ය.ඒ ටයි කෝට් ඇඳගත් මහ කලු සිංහලයා කවුද කියනව නම් ඔහු මහාමාන්යද ඩී. එස්. සේනානායක.ඔහු අපට නිදහස ලබා දුන්නෙ දිවිහිමියෙන් නෙවෙයි මනස වෙහෙසවල. සේනානායකයනි. ඒ නිසා මට ඔබ ජීවිතය පූජා නොකළ ජාතික වීරයෙක්. රට වෙනුවෙන් මැරෙනවට වඩා රට වෙනුවෙන් ජිවත් වෙනතාලෙ කියල දුන් වීරයෙක්. එු වෙනුවෙන් ඔබට ස්තූතියි.facebook එකෙන් උපුටා ගත්තට හිතන්න තියෙන දෙයක්.
BLOG
2014.12.24
http://nextstepcherub.blogspot.com
ප්‍රේමණීය පුණර්භවය දෙවන කොටස - ප්‍රේම ගන්ධබ්බය....
මගේ සිතුවිල්ල
4pt 0in 5. හැම කෙනෙක්ම හොඳින් ඇති කියල හිතනව. වැඩි කථා ඕනෙ නෑ. කථාවපටන් ගනිමුකො.පුතා කියන කථාව අහන්හිටපු මම ඉබේටම අතීතෙට ගියා. ඒ මීට අවුරුදු 8කට කලින් තමන්ගෙ අතීතෙට මාව ඇදන්ගියා. මේ කියන්නෙ මගේ කථාවම නේද කියල මට හිතුන. කාලෙකට කලින් මට සමන්ත මුණ ගැහුණුහැටි මට ආපහු මතක් වුනා.පළමු කොටස කියවන්න.එදා සමන්ත එක්ක කථා කරලගියපු වෙලාවෙ ඉඳලම මට යාළුවො එක එක පද කියන්න පටන් ගත්ත. මටත් එයා ගොඩක් හොඳකෙනෙක් කියල හිතුන. මගේ ඒ කාලෙ හොඳම යාළුව වුනේ සඳමාලි.“මොකෝ බන් මේ කල්පනාව,අද උදේ අපි බලන් කෙල්ලගෙ මුකුළුව. කවුද බන් ඒ කොල්ල.”“එදා මාව බස් එකෙන්බහිද්දි වැටෙද්දි අල්ල ගත්තෙ එයා.”“ඌ නම් හොඳ කොල්ලෙක්හැබැයි.”“එහෙම එකක් නෑ සඳා”“නැත්තෙ මොකද හිත වෙනකොහේවත්ද අද දාල ආවෙ.”“පිස්සුද බන්. මගේ හිතකොහේ දාල එන්නද බන්.”මේ අතරෙ පන්තියෙ කටකාරමකෙල්ල සරලත් මෙතනට ආවෙ මාගේ නරකම වෙලාවටද කියල හිතුන.“මේ අද උදේ එහා ඉස්කෝලෙසමන්ත අපේ ඉස්කෝලෙ දර්ශි කියල කෙල්ලෙක් එක්ක පහල ‍අක්කගෙ කඩේ ඉස්සරහට වෙලා කථා කරකර හිටියලු නේද බන්.”“උඔ කොල්ලගෙ නම දන්නවකෙල්ල දන්නෙ නෑ නේද.”“නෑ බන් ඉතින් මේ ළමය මේලෝකෙ නෙමෙයිනෙ දැන් ඉන්නෙ. දැන් දරුවො කීයද බන්. 6ක්. නැත්නම් පුංචි පවුලරත්තරන්ද.”“අනේ පලයන් සරා.”“ඒ කියන්නෙ කෙල්ලගෙ හිතේමොකක්වත් නෑ කිවුවට මොනව හරි තියෙනව වගේ නේද සරා.”යාළුවොන්ගෙ කථාත් එක්කමගේ හිතත් ටික ටික සමන්ත ගැන හිතන්න පටන් ගත්ත. ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් කියලහිතුන. අනිත් කොල්ලො වගේ නෑ තැම්පත් කොල්ලෙක්. හැමදාම බස් එකේ ගියත් කවදාවත් මමකථා කරලවත් නෑ. එදායින් පස්සෙ දවස් තුනක් යනකම් සමන්තව දැක්කෙ නෑ. හතරවෙනි දවසෙහවස සඳමාලි මට එයා බස් එකෙදි පෙන්නුව ටිකක් ඉස්සරහ ඉන්නව. සඳමාලි“ස්ස්.... ස්ස්....සමන්ත.”කිවුව. සමන්ත හැරිල බැලුව.ඔළුවෙන් ඇයි කියල ඇහුව.“අපේ දර්ශිට පොඩ්ඩක් කථාකරන්න ඕනෙලු”“මාත් ඒක්කද.”“නෑ මාත් එක්ක”“අනේ සඳා මොකක්ද මේකරන්නෙ.” මම ඇහුව.සමන්ත හෙමින් හෙමින් අපේපැත්තට ආව.“කවුද දැන් මේ දර්ශිකියන්නෙ.”“දන්නෙම නෑ නේ. මේඉන්නෙ”සමන්තගෙ ප්‍රශ්නෙට උත්තරදුන්නෙ සරා.“දැන් මාත් එක්ක කථාකරන්න තියෙනව කිවුවෙ මොනවද.” සමන්ත ඇහුව.සමන්ත කථා කරාම ම‍ට කථාකරන්න මොනවද කියල හිතා ගන්න බැරි වුනා. එයා මගේ මූණ දිහා බලාගෙන හිටිය දැක්ක. මමබිම බලන් හිටිය.“මොකද බිම බලන්.”“මේමෙයාලගෙ විහිලු අනේ.”“‍මොකටදයාළුවො විහිළු කරන්නෙ.”“අනේඒකවත් දන්නෙ නැද්ද.” සරල පැනල ඇහුව.“මොකක්ද.”“මෙයාහැමතිස්සෙම කියවන්නෙ ඔයා හොඳ කොල්ලෙක්ලු. එයාට උදවු කරාලු.”සරලකියවගෙන යනව. මෙහෙම ගියොත් මට ඉන්න නැති වෙනව.“අනේමෙයාලගෙ බොරු අනේ. ඔයා එදා මං එක්ක කථා කරනව දැකල මුන් මට පද හදනව.”“ඒවඇගේ වදිනව කියලද. ඔන්න ඕනි එකක් කියන්න අරින්න.”“සමන්ත,ඔයා කොහෙන්ද බහින්නෙ.” සරා ඇහුව.“මමපාලම ළඟ බහින්නෙ.”“ෂාමරුනෙ.”“අපිත්බහින්නෙ අද එතනනෙ. අපි අද කාන්ති මිස්ගෙ ක්ලාස් යනව.”“කාන්තිමිස්ගෙ.”“ඔවු,ඇයි.”“මමත්යන්නෙ ඒකටමනෙ දැන්. මම ඔයාලව මීට කලින් ක්ලාස් එකේදි දැකල නෑනෙ.”“අදබලන්නකො එතකොට පෙනේවි.”“බලමුකොඑහෙනම්.”“පාලමළඟටත් ආව. අපි බහිමු නේද.”“මමයන්නද එහෙනම්.”සමන්තසරා එක්ක කතා කර කර ඉඳල බැහැල ගියා. අපි මොනව හරි කන්න හිතාගෙන ළඟ තියෙන කඩේටගියාම එතන සමන්ත කෑම කනව. සරා මමයි සඳායි ඇදගෙන එතනට ගියා. සරා “මමමොනව හරි කන්න අරන් එනකන් පොඩ්ඩක් ඔතන ඉන්න...”කියලසඳාත් ඇදගෙන දුවල ගියා. මම සමන්ත ළඟ තනි වුනා.සිතුවිල්ලඅදට මෙතනින් නවතිනව. කතාව ගැන ඔයාලගෙ අදහස් වලට සිතුවිල්ල ගොඩක් කැමති. සිතුවිල්ලලියන්නෙ ඔයාල වෙනුවෙන්මයි. ඉතින් ඔයාලගෙ අදහස් වලින් සිතුවිල්ල වෙනස් කරන්නපුළුවන්. තව හොඳ දෙයක් ඔයාල වෙනුවෙන් දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න සිතුවිල්ල ගියා.තව කොටසකින් ආපහු මුණගැහෙමු.
BLOG
2014.12.18
http://nextstepcherub.blogspot.com
කලකට පස්සේ.....
මගේ සිතුවිල්ල
4pt 0in 5. කා‍ලයක් එන්න බැරි වුනු නිසා දැන් සිතුවිල්ලඅමතක වෙලාද දන්නෙත් නෑ සමහරුන්ට. බ්ලොගියෙ පැත්තෙ එන්න බැරි වෙච්ච ටික කාලෙට ගොඩක්දේවල් වෙන්නත් ඇති අනිත් අයටත්. සිතුවිල්ලත් ගොඩක් වෙනස් වෙලා දැන්. දුක සතුටවෙන්වීම් හමුවීම් මුණ ගැහීම් හැරයාම් ගොඩක් වුනා. සමහර කරපු වැඩ ගැන මට මං ගැනමදුක හිතෙනව. ඒත් ඉතින් මොනව කරන්නද. දැන් ඔක්කොම ඉතිහාසෙට එකතු වෙලා ඉවරයිනෙ. හැමදෙයක්ම අත්දැකීමක් කරගෙන දැන් වර්තමානෙ හොඳින් ජීවත් වෙන එක තමා තියෙන ලොකුමඅභියෝගෙ. ඒ වගේම සිතුවිල්ලගෙ බොස් කෙනෙක් පහුගිය දවසක යුග දිවියට ගියානෙ. ඉතින් ඒයුග දිවියට එළඹුනු මහේෂ් සර් වගේම ශෂිකාට සිතුවිල්ලෙන් උණුසුම් සුභ පැතුම් වගේමසොඳුරු යුග දිවියකට ආසිරි පතනව.හරි දැන් වටේ ගියා ඇතිනැත්නම් ආයෙමත් අදත් වැදගත් දෙයක් දාන්න වෙන්නෙ නෑ. අද ඉඳල සිතුවිල්ල අළුත්ම අළුත්ලස්සන කථාවක් සිතුවිලි පාඨක ප්‍රජාව වෙනුවෙන් ගේනව. ආදරයක පුනරුප්පත්තියක් ගැනකියවෙන මේ කථාවෙ අදහස මීට අවුරුද්දකට විතර කලින් දවසක සිතුවිල්ලෙ හොඳම යාළුවෙක්වෙන රුක්ෂි මගේ ඔළුවට දැම්මත් ඒක ලියන්න වෙලාවක් වගේම සිතුවිලි හිතේ නිදහසක්තිබුනෙත් නැති නිසා කාලයක් තිස්සෙම මේක කල් ගියා. ඒත් දැන් මේක ලියන්න හොඳම කාලෙකියල සිතුවිල්ලට හිතුන. ඔවු මෙන්න කියවන්න සිතුවිල්ලේ අළුත්ම සිතුවිල්ල........ අත්නොහැරියආදරයක පුනරාගමනය, ප්‍රේමණීය පුනර්භවය.මම දර්ශණී. ගොඩක් අය මටකිවුවෙ දර්ශි කියල. ‍මගේ විවාහෙන් අවුරුද්දකට විතර පස්සෙ මට පුතෙක් ලැබුණ. පුතාටඅපි අකිල කියල නම් තිබ්බ. පුතා ලොකු වෙනව බලල මමත් මගේ මහත්තය සුනිල්ත් ගොඩක්සතුටිනුයි කල් ගෙවුනෙ. පුතා ලොකු වෙනකොට එයා තාත්තව මගඅරින්න පටන් ගත්ත. මේ ප්‍රශ්නෙතව වැඩි වුනේ. එයාට නින්ද යනකම් පුංචි කාලෙ ඉඳන්ම එයාගෙ දකුණු කණ උඩින් මගේ අතතියන් ඉන්න ඕනෙ. ඒ විතරක් නෙමෙයි එයා මට කථා කරෙත් දශී කියල. පුතාගෙ වැඩ වලින් මගේහිත ගොඩක් අවුල් වුණා. එයා තාත්තව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරල මට ගොඩක් ළංවුනා. මේ අතරෙදි මට මගේ යාළුවෙක් කිවුව මේ විදියට පුතා කරන්නෙ සමහර විට මානසික ප්‍රශ්ණයක්නිසාද දන්නෙ නෑ කියල. ඒ නිසා අපි පුතාව මානස සම්බන්ධ දොස්තර කෙනෙක්ට එයාව පෙන්නුව.පුතාව මෝහන ප්‍රතිකාරයක් කරන්න ඕනි කිවුව. අපිත් ඒකට කැමති වුනා.පුතාව ඇඳක හාන්සි කරවලභාවනාවක් වගේ එකක් කරා. ඊළඟට පුතාව ටික ටික පෙර භවයට අරන් ගියා. එයා පෙර ආත්මය ගැනකිවුවෙ මෙහෙමයි.“මගේ නම සමන්ත. මමඉස්කෝලෙ 12 වසරෙදි දවසක් උදේ ඉස්කෝලෙ එනකොට මට ඉස්සරහින් බස් එකෙන් බැහැපු ගෑනුළමයෙක් ලිස්සල වැටෙන්න ගියා. මම එක පාරටම එයාව අල්ල ගත්ත. ඒත් ඒකෙන් වුනේ මගේඇගෙයි එයාගෙ ඇගෙයි මඩ වැදුනු එක. සුදු අඳුම් වල මඩ පාරවල් දුඹුරු පාටට පෙනුන. ඒත්දෙන්නම බිමටම නම් නොවැටි බේරුනා. එයා මගේ දිහා බලල මට නොතේරෙන විදියෙ බැල්මක් මගේදිහා බලල ගියා. ඒ බැල්මෙ දුකක් වගේම සතුටත් තියෙනව කියල මට හිතුන. ඒ අපේ පළවෙනිහමු වීම. ඒක මට තව එක සිදුවීමක් විතරක් වුනා. සතියක් ගෙවිල ගියා කිසිම වෙනසක්නැතිවම.මම එදා ඉස්කෝලෙ ඉස්සරහකඩෙන් පොතක් ගන්න ඇවිත් හිටිය. ඒ වෙලාවෙම ඒ ගෑනු ළමයත් ඒ කඩේටම ආව. මම යන්තම්පොඩ්ඩක් හිනා වෙලා එලියට ආවත් එදා එයාට ඒක මදි වුනා. එයා එලියට ඇවිත් මට පිටිපස්සෙන්ඇවිත් පිටට තට්ටුවක් දැම්ම.“එදා මාව වැටෙන්න ගියාමඅල්ල ගත්තෙ ඔයා නේද.”“ඔවු”“එදා මට කතා කර ගන්න වචනආවෙත් නෑ. අනේ Thank you very much”“ඒකට මොකද අනේ.”“මට උදවු කරන්න ගිහින්ඔයාගෙ කලිසමෙත් මඩ වැදුන නේද.”“අනේ ඒකට කමක් නෑ නංගි.”“අයියෙ ගොඩක්ම තෑන්ක්ස්ඇන්ඩ් සොරි. මට දැන් යන්න ඕනි යාළුවො මං එනකන් බලන් ඉන්නව. බායි”“බායි.”ඒ අපේ පළවෙනිම කථා කරපුවචන ටික. ගොඩක් දවස් වල බස් එකේ එකට ආවත් කෙල්ලෙක් එක්ක මුලින්ම තනියම කථා කරේඑදා. මට ටිකක් බයත් හිතුන. වැඩේ නරක අතට හැරුනෙ ඉස්කෝලෙපන්තියට ගියාට පස්සෙ. යාළුවො මම කථා කරනව බලන් ඉඳල. උදේ තිබුනු විෂයන් දෙක අහගෙනහිටිය මිසක් කිසි අවධානයක් තිබුනෙ නෑ. මං වෙනමම ලෝකෙක අතරමං වෙලයි හිටියෙ. මංඇත්තටම ඒ ළමය ගැන හිතන්න පටන් අරන් තිබුණ. ඉන්ටර්වල් එකෙන් පස්සෙ ප්‍රැක්ටිකල්තිබුණ. යාළුවො කරන දේවල් දිහා බලන් හිටිය විතරයි මම හිටියෙ එදා වෙනමම ලෝකෙක.යාළුවොන්ගෙ කථා තවත් මාව ඒ ලෝකෙ අතරමං කෙරෙවුව.අදට මෙතනින් සිතුවිල්ල නවතිනව. තවත් අළුත් කොටසකින් ආපහු මුණගැහෙමු.
BLOG
2013.06.24
http://nextstepcherub.blogspot.com
පටලැවිල්ල
මගේ සිතුවිල්ල
සමා වෙන්න යාළුවනේ ළඟදි පෝස්ට් එකක් දාන්න බැරි උනා. මේ දවස් වල මම ලොකු වැඩ ගෙඩක පැටලිලානෙ. නිදහසක් ලැබුනෙම නෑ. සිතුවිල්ල ආයිමත් බ්ලොගිය අතඇරල ගියාද කියල ඊයක් එවල අහල තිබුණ සිතුවිල්ල කෝ කියල. සිතුවිල්ල තාම ඉන්නවා කියන්න තමයි මේ පෝස්ට් එක ලිවුවෙ. ඉක්මනටම ආපහු මුණ ගැහෙමු.
BLOG
2013.05.24
http://nextstepcherub.blogspot.com
ප්‍රීති වෙසක්....
මගේ සිතුවිල්ල
අද උතුම් වෙසක් පුන් පොහොය. වෙසක් එකට මුළු ලංකාවටම තොරන් දෙක තුනක් විතරක් හදපු කාලයක් තිබුණ කියල දැන් කී දෙනෙකුට මතකද කියල සිතුවිල්ලට හිතා ගන්න බෑ. ඒත් ඒක මුලින්ම මතක් කරල ඒ වෙනුවෙන් තමන්ගෙ ලේ, ඇස්, ඉස්, මස්, ජීවිතය දන් දුන්නු අපේ රටේ සියළු හමුදා වල සහ ඒ වෙනුවෙන් කැප උණු සෑම දෙනෙක්ට පිං දෙනව. අද හැම තැනම දන්සැල් තොරන්. හරිම ලස්සනයි. මිනිස්සු හිනා වෙවී යනව.අද වෙන කොට වෙසක් එකත් මාකට් කරන තත්වයට අපේ සමාජය පහතට ඇද වැටිල කියල පොඩි දුකකුත් හිතට එනව. මොනව කරන්න කියලද බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ ඔය වගේ දේවල් අනාගතේදි වෙනව කියල. අද දන්සල ෆැෂන් එකක් වෙලා. දන්සලක් කියන්නෙ පිං කරන්න තියෙන තැනක්. එහෙම් එකකින් කෑවම බඩ යනව නම් ඒ දන්සල ගැන කියන්න ඕන නෑනෙ. මේකකොච්චර දුර දිග ගියාද කිවුවොත් දැන් දන්සලක් දෙන්න අවසර ගන්න වෙන තත්වෙටම පත් වෙලා.අද වෙසක් දවසෙ සිතුවිල්ල ප්‍රාර්තනා කරන්නෙ ඔයාල හැමෝම පතන බෝධියකින් හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගන්න ලැබෙන්න කියල.
BLOG
2013.05.18
http://nextstepcherub.blogspot.com
ආදරයක කඳුලු බිංදු....
මගේ සිතුවිල්ල
මේ දවස් වල හරියට වැඩ. පොඩි විවේකයක් ලැබුණ. ඒකෙන් ඔන්න සිතුවිල්ල ඔයාල බලල යන්න ආව. මේ පහුගිය දවස් ටිකට අළුත් අය ගොඩක් අළුතින් අඳුන ගත්ත. දැන් නම් හිනාවෙන් ජීවත් වෙනව. අද කියන්න හැදුවෙ තවත් ආදර කථාවක්ම තමා. මේකත් කියවල ඔයාලගෙ අදහසුත් කියන්න අමතක කරන්න එපා.******මීට අවුරුදු 3කට ඉස්සර දවසක මම මගේ කළුඳුල් ආදරේ මං ගයාට දුන්නෙ. එයාට මම ආදරේට ගයා කිවුවත් එයාගෙ ඇත්ත නම ගයානි. මම මගේ පණටත් වඩා එයාට ආදරේ කරා.ඒකට කිසිම බාධකයක් දා ගත්තෙ නෑ. ඒ මම එයාට ඒ තරමටම ආදරය කරපු නිසා.මම ගයාව මුලින්ම දැක්කෙ එක හැන්දෑ වරුවක. හවස පහට විතර ඇති ඒ වෙලාවෙ. පුංචි ලස්සන සුරංගනාවියක් වගේ ගෑණු ළමයෙක් මගේ ඉස්සරහින් යනව දැක්ක. එයා එදා ඇඳන් හිටපු සුදු පාට දිග ස්කර්ට් එකයි ලා නිල් පාට ලස්සන බ්ලවුස් එකටයි, එයාගෙ මූණට රන් පාට ඉරේ රැස් වැදිල හරිම ලස්සනයි. මං එයාව දැකපු වෙලාවෙ මට හිතුනෙ එයා ඇත්තටම සුරංගනාවියක් කියල. පස්සෙ දවසෙ මම උදෙන්ම පන්ති යනකොට පන්තියෙ හිටපු ගෑණු ළමයි 3ට තවත් කෙනෙක් එකතු වෙලා. ඒ එකතු වෙලා තිබුනෙ අර ඊයෙ දැකපු පුංචි සුරංගනාවිය කියල මම දැක්කෙ පන්තියෙ වාඩි උනාටත් පස්සෙ. ඒක ICT පන්තියක්. පන්තියෙ හිටියෙ ගෑණු ළමයි 4යි පිරිමි අය 2යි. පන්තිය දවල් 2 ඉඳන් 5වෙනකන් තියෙනව. මැද පොඩි ඉන්ටවල් එකකුත් ලැබෙනව. ඒ වෙලාවට සමහර දවස් වලට සමහරු කෑම ජාති හදන් ඇවිත් තිබුනොත් හයදෙනා බෙදාගෙන කනව. එදා අළුත් කෙනාගෙ විස්තර කථා කරන්න තමා ඉන්ටවල් එක එදා වෙන් වුනේ. අළුත් නගරෙකට ආපු එයා, මගේ ළඟම යාළුවෙක් වුනා. ඒ යාළුනමත් එක්කම ටික කලකින් අපි දෙන්න හොඳම යාළුවො දෙන්නෙක් වුනා.ඊට මාස දෙකකට පස්සෙ එක සෙනසුරාද දවසකදි හවස බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ අයිස් ක්‍රීම් කඩේදි මං එයාට මගේ ආදරේ කිවුව. ඊට දවස් දෙකකට පස්සෙ සඳුද උදේ 7.22ට එයා මට කැමතියි කියල මැසේජ් එකක් එවුව. ඒ වෙලාවෙ මගේ හිතට ආපු හැඟීම විස්තර කරන්න වචන මගේ ළඟ නෑ. ඒ වෙලාව වෙනකම් මං හිටියෙ ඇත්තටම බයෙන්. එදායින් පස්සෙ අපි දෙන්න ජීවත් වුනේ වෙනමම ලෝකෙක. අපි අපේ ජීවිතේ දෙන්නත් එක්ක බෙදාගත්ත. අපි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් විදියට හිතන්න පටන්ගත්ත. මම කැමතිදේට එයත් එයා කැමති දේට මමත් කැමති වෙන්න පුරුදු උනා. ඒ ලස්සන අතීතෙ හරිම මිහිරි අත්දැකීමක් වුනා.ඒත් ඒක අතීතයම විතරක් වෙයි කියල මම කවදාවත්ම හිතුවෙ නෑ. ඒත් ඒක වුනේ එහෙම්ම තමයි. ඒක මගේ නොලැබීමද නැත්නම් ලැබීමද ද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් අදෙවෙනකොට අපි දෙන්න ඉන්නෙ දෙපැත්තක. අද එයා මම පාරෙදි අනන්තවත් දැක්කත් එයා මාව නොදන්න විදියට යන එක මට හිතට උහුල ගන්න බැරි තරම් දුකක්. ඒ මම ගයාට මගේ මුලු ආත්මයම දීල තිබුණු නිසයි. මම හිතුවෙ ගයා මට ඇත්තටම ආදරය කරයි කියල. ඒ මම ජීවිතේට ගත්තු වැරදිම උපකල්පනයක් කියල තේරුනේ එදා මම ගයාගෙ ඇඟිල්ලට දමාපු මුද්ද ගලවල මගේ අතින් තියල“මම යනව අපේ සම්බන්දෙ අද මෙතනින් නවත්තමු. අපි දෙන්න පොඩ්ඩක් වත් ගැලපෙන්නෙ නෑ.“ කියල ගයා ගියපු වෙලාවෙ. ඒත් ඊට දවස් දෙකකට පස්සෙ ගයා මගේම යාළුවෙක්ගෙ අතේ එල්ලිලා යනව දැක්ක වෙලාවෙ ගයා මට කිවුවෙ ඇත්තමද නැත්නම් හේතුවක් කියන්න ඕනෙ නිසා කියපු එකක්ද කියල හිතුන. ඒත් දැන් වෙන්න ඕනෙ ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ගයා ගියා. මම මේ ලෝකෙ තනි වුනා කියල හිතෙනව.ඒත් ගයා මාව දාල ගියත් එයා සතුටින් ජීවත් වෙනව නම් මට ඒක හොඳටම ඇති. ඒත් ඒ පරණ මතක ආයිත් මගේ හිතට ඇවිත් මාව අඬවන එක නම් තව ගොඩක් කල් කරාවි. ඒත් ගයා මේ ලෝකෙ කොහේ හරි තැනක ලස්සනට ජීවත් වෙනව නම් මට ඒ ඇති. ගයා ඔයාට බුදු සරණයි.***************මෙය හුදෙක් කථාවක් පමණි. කාගේවත් සිත් රිදවීමට හෝ කාගේ හෝ පරණ දේවල් මතක් කිරීමක් නොවේ. කාගේ හෝ සිතට දුකක් ඇති වුනි නම් සමා වෙන්න.
BLOG
2013.04.28
http://nextstepcherub.blogspot.com
IET පැණි අඹ....
මගේ සිතුවිල්ල
අපි වගේමහිමිදිරි උදේ පාන්දරම, පැණි බේරෙන රස අඹ කන්න...මේ අඹ ගහ ගාවට, හත් ගව්වක් දුර දුවලා...අමාරුවෙන් එන්න තවත් කට්ටියක් ළඟ එනවා.ඔන්න ආයිමත් සිතුවිල්ල ආව. මේ දවස් වල විභාගෙ නිසා බ්ලොගිය පැත්තෙ එන්නත් බැරි උනා. අද නිවාඩු දවසනෙ ඉතින් සිතුවිල්ලට හිතුන පෝස්ට් එකක් දාන්න. විභාගෙ කියන්නෙ අනිත් අපිට ගෙඩක් භයානක කාලයක්. සබ්ජෙක්ට් 7ක් මේ සෙමෙස්ටරේට කරන්න වෙලා. වෙලාවකට මොන කරුමයක්ද කියල හිතෙනව. අද තිබුන් එක නම් ෆුල් සැටිස්. අපේ අයට මේ විභාගෙ ටිකක් විසේසයි. කවදාවත් වුනු නැති දේවල් මේ පාර උනානෙ. විභාගෙ පටන් ගත්තු දවසෙ උදේ හවස සබ්ජෙක්ට් 2ක් තිබුණ. ඒ දෙකෙන් එකක් හැමෝම තමන්ගෙ ෆීල්ඩ් එක අනුව තෝර ගන්න ඕනි. ඒක ඇර අනිත් එක කරන එක කොච්චර තමන්ට චර්ම රෝග තියද කියන එකේ නිදර්ශකයක් වගේ. ටික දෙනෙක් කරා. අපිට මේ තියෙන ටික කර ගන්න බැරුව දඟලනව. ඒකට තව එකක් ඉල්ලං කරන්න අපිට නම් ඕනෙ නෑ. ඔහොම කරපු මුල්ම අවුරුද්ද මේක. ඉතින් අවුල් වියවුල් ගොඩයි. කට්ටියක් කියනව ළමයි වැරදිලු තව කට්ටියක් කියනව උගන්නපු සර් වැරදිලු. මේව පුදුම කථා. අන්තිමට මේකෙන් තැලුනෙ අර චර්ම රෝගීන් ටිකදෙනා තමයි. පැය භාගයක් පරක්කු වෙලා විභාගෙ ලියන්න කට්ටියට අවසරේ ලැබුණ.
BLOG
2013.04.16
http://nextstepcherub.blogspot.com
පිළිතුරක්............
මගේ සිතුවිල්ල
IET එක ගැන ලියපු දේට ඇනෝ කෙනෙක් ඇවිත් කොමෙන්ටුවක්විදියට අහපු ප්‍රශ්ණයක් තිබුණ බලපු අය දකින්න ඇති. නම වෙනස් කරන්න හේතුව මොකක්දකියල. ඒකට උත්තර දෙන්නත් මේ අවුල ගැන තවත් විස්තර කරන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්නහිතුන.TTI කියන නම IET වුනුහැටි ගැන මම ඉස්සෙල්ල ලිවුව. ඒත් දැන් IET කියනඑක UNIVERSITY COLLEGE OF GAMPAHA කියල වෙනස්කරන්න හදනව කියල කියල ඔයාල දන්නව ඇති. ඒකට ප්‍රධානම හේතුව තමයි අද වෙනකොට UNIVOTECකියන උපාධි දෙන්න ඇති කරපු ආයතනය සඳහා අවශ්‍ය කරනශිෂ්‍යයන් සැපයීමට ක්‍රමයක් නැති වීම. ඒ වගේම දේශකයන් පිළිබඳ ගැටළු සහ විෂය මාලාවේගැටළු මත විෂ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අනුමැතිය නොලද තත්වයක් මත UNIVOTEC උපාදිය කිසිදු ආයතනයක් පිළිනොගන්නා තත්වයක පවතී. මේ ගැටළුව මත එහි මේ වන විට උපාදි සිහිනය සැබෑ කරගැනීමට UNIVOTEC හි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ NDES,HNDE, NDT ඩිප්ලෝමා ධාරී පිරිස් පවා එම පාඨමාලාවන් අත්හැරයන තත්වයක් ඇති වී තිබේ. ඒ සඳහා ලංකාවේ දිස්ත්‍රික්කයකට එක බැගින්UNIVERSITYCOLLEGE කියන තවත් UNIVOTECහි පාඨමාලා සඳහා අවශ්‍ය පිරිසක් නිපදවීම ඉලක්ක කර ගත් ආයතන සමූහයක් ආරම්භ කිරීමේව්‍යාපෟතියක් ආරම්භ කර UNIVOTEC නැවත පුරවාලීමේ මේ වැඩසටහනට අප කිසිදු විරෝධතාවක්නැත. අපි ඉල්ලන්නෙ මේ වසර 30කට ආසන්න කාලයක් තුල NDES අවසන්කළ කිසිදු අයෙකුට රැකියා අර්බුදයක් ඇති නොවූ අතර UNIVOTEC වෙත ඔවුන් බොහෝ දෙනා යොමු නොවීමට හේතුව එයයි. අපිටමේ වෙනකොට NVQ Level එකක් එක්ක සහතිකයක් දෙන්නේ නෑ. ඒත් කාට හරි අපේ NVQLEVEL එක ඕනි නම් NVQ මට්ටමකටසමගාමී කරල තියෙනව NVQ 6+ කියල. ඒක අපිට මේ වෙනකම් රස්සාවල් ලැබුනෙ මේ NVQමට්ටමක් නිසා නෙමෙයි. අපේ සීනියර් අය NDESඅයට තියෙන හැකියාවන් ලෝකෙට පෙන්නල අපිට අරන්දුන්නු තැන නිසයි.නමුත් මෙම නවUNIVERSITYCOLLEGEක්‍රමය තුලින් UNIVOTEC වෙතයොමු වන පිරිස වැඩි වනවා නම් ඇත්තටම එහි අරුත පොඩ්ඩක් හිතල බලන්න. ඒ ආයතනයට NDESඩිප්ලෝමාධාරියෙකුගේ හැකියාවන් හෝ සුදුසුකම් ඇතිඅයෙකු බිහි කරන්න හැකි වෙයිද කියල. ඇත්තටම ඒක විය නොහැක්කක් නේද.එසේ නම් අපි හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ අපේ පුංචිආයතනය නැති කරන්නේ නැතිව වෙන කොතනක හරි තැනක යුනිවර්සිටි කොලේජ් ගම්පහ ශාඛාවනොහොත්UNIVERSITYCOLLEGE OF GAMPAHA අරබන්න.ඒකට ඕනි නම් අපිත් උදවු කරන්නම්. මේ අඩුපාඩු තිබුණත් කොහොම හරි ලස්සනට දුවන අපේ ආයතනයත්අපේ NDES ඩිප්ලෝමාවත් ඉදිරි පරපුරටත් ඉතිරි කරන්න.
BLOG
2014.09.10
http://samakayawate.blogspot.com
මොහාන් රාජ් අපට තිළිණ කරන ආදරණිය වික්ටෝරියා
Naleen Dilruksha
මා සිත් ගත් ගත් කතුවරයකු වන මොහාන් රාජ් මඩවල සොයුරාගේ ආදරණිය වික්ටෝරියා කෘතිය මේ වන විට පාඨක සුරතට පත්කර ඇත. ඒ මාහැගි කෘතිය කියවා තිබුණ ද මේ දිනවල මා අත ගසා ඇති අමුමිරිස් අභියෝගය හා පුද්ගලික කරදර කීපයක් හේතුවෙන් ඒ පොත ගැන මා සිතේ හටගත් අදහස් ගොන්න අකුර කරන්නට වෙලාවක් නොවීය. නමුත් ඔහුට කරන ගෞරවයක් ලෙස මිරර් ගර්ල් අඩවියේ පළ වූ මේ සටහන සමකය වටේ අඩවියට උපුටා එක් කරමි.mohanrajmadawala ලාංකේය සාහිත්‍යයයේ නමක් තැබු ඔහු මාගම් සෝලිය, ලොවීනා යන නවකතා වලින් ඔහු අපව සාහිත්‍යමය වශයෙන් සන්තර්පණය කළා. ඔහු මොහාන් රාජ් මඩවල. මේ කතා බහ ඔහුගේ ආදරණිය වික්ටෝරියා ගැන කතා කරන්නමයි.කවුද මේ වික්ටෝරියා කියන්නෙ.'ආදරණිය වික්ටෝරියා' පොතේ වික්ටෝරියා කියල චරිත දෙකක් තියනවා. එක්කෙනෙක් අන්දිරිස් නමැති පොතේ ප්‍රධාන චරිතයේ දියණිය. අනිත් කෙනා 1837 සිට 1901 දක්වා එංගලන්තයේ මහා රැජින ලෙස සිටි වික්ටෝරිය රැජින. මේ චරිත දෙකෙන් ආදරණිය වික්ටෝරිය කවුද කියල පොත බලන අයට තීරණය කරන්න පුළුවන්.'පානදුරාවාදය' ඔබ මේ පොතේ ඍජූ ලෙස ප්‍රශ්න කරනවා. ඔබ කියන විදියට පානදුරවාදයට එදා සහයෝගය දුන්නෙ ඔය කියන විදියට අරක්කු රේන්ද ව්‍යාපාරයේ සිටි ධනපතියන්ද.පැහැදිලිවම ඔව්. සමහරු ඒ ගැන විවෘතව කතා බහ කරන්න බය උනාට ඉතිහාසයේ ඒ පිළිබඳ ව පැහැදිලි සාක්ෂි තියනවා නම් ඇයි අපි බයවෙන්නේ ඒ ගැන කතා කරන්න.ඔබේ කතාව පටන් ගන්නේ මුල්ම දුම්රිය කොළඹ සිට මහනුවරට ගිය ඓතිහාසික සිද්ධියෙන්. එකට විශේෂ හේතුවක් තියනවද.ඔව් අරක්කු බීම රටපුරා පැතිරෙන්න බලපාපු ප්‍රධාන කරණා දෙක තමයි මේ දුම්රිය ගමනාගමනය ආරම්භ වීම සහ තේ වගාව හඳුන්වා දීම. මේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකේම වැඩ කල කම්කරුවන් තර මුදල් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ කරගත් සබ්බ සකලමනාවම ඔවුන් එදා පුජා කලේ තැබෑරුම් වලට ගිහින් අරක්කු බොන්න.1860 දශකයේ මුල්ම දුම්රිය ඔබ හඳුන්වා දෙන්නේ 'දුම් කරත්ත' කියල. ඒ විදියටද එදා මිනිසුන් එය හඳුන්වා දෙන්නෙ.ඔව් එදා ලාංකිකයන් ඕනෑම ගමනකට පාවිච්චි කළේ කරත්ත. බක්කි කරත්ත, ගොන් කරත්ත, අස්ස කරත්ත විදියට ඒවා හැඳින්වුවා. ඒ නිසා ගමනාගමනයට එකම විකල්පය මේ කරත්ත පමණයි. ඒ නිසා මේ කෝච්චියත් ඔවුන් දැක්කේ දිග කරත්තයක් විදියට. ඒකට හේතුව වුණේ ඒක ඔවුන්ට අර්ථ දක්වන්න බැරි ගල් අඟුරු වලින් ගමන් කිරීම සහ ඒකෙන් 'දුම්' පිටවීම. ඒ නිසා තමයි ඔවුන් කෝච්චියට 'දුම් කරත්තය' කියල නම් කළේ.'ආදරණිය වික්ටෝරියා ' තුලින් ඔබ කියන විදියට ලංකාවේ මුල්ම ධනපතියන් එකතු වෙන්නෙ අරක්කු රේන්ද ව්‍යාපාරය හරහා. එය සත්‍යක්ද.ඔව් ඒ විතරක් නෙමෙයි. ඒ ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය සහ අද ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය අතර පුදුමාකාර සමාන කමක් තියනවා. ඒ අර්ථයෙන් මම කියන්න උත්සාහ කරන්නෙ වර්තමාන ධනපතියන්ගේ සැබෑ වර්තමාන කතාව.ඔබ ඔය කියන්නේ ඔබ ඉතිහාසය ගැන ලියන නවකතාකරුවෙක් නෙමෙයි කියලද.ඇත්තටම ඔව්. ඉතිහාසය කියන්නෙ මට කියන්න හදන දේට මං පාවිච්චි කරන Backdrop එකක්. තවත් අර්ථයකින් කිව්වොත් මං කියන වර්තමාන කතාවේ fantasy එකක්.මාගම් සෝලිය , ලෝවීනා, වගේම ආදරණිය වික්ටෝරියා ලියන්නත් ඔබ යම් ගවේෂණයක් කරලා තියෙන බව පේනවා.ඔබට එවැන්නක් දැනෙනවානම් මට සන්තෝෂයි.ඔබේ මුල් නවකතා තුලදී වගේම මේ මේ තුලත් ඉතිහාසයේ සිටි සැබෑ චරිත ඔබ ඍජූ ලෙස පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ජෙරමියෙස් දියෙස්, චාල්ස් ද සොයිසා , අනගාරික ධර්මපාල, මහමුදලි බණ්ඩාරනායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක වැනි චරිත . අයි ඔබ ඒ චරිත ඍජූ ලෙස භාවිත කරන්නෙ.නවකතාව කියන්නේ සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන දෙයක්. ඒ නිසා මම මට අවැසි විදියට සත්‍ය හා කල්පිතය මම මගේ නවකතා තුල පාවිච්චි කරනවා. අනගාරික ධර්මපාල හරහා මතුවන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ගැනත් ඔබ මේ තුලින් කතා කරන්න උත්සාහ කරලා තියනවා. ඒ ගැන මට වෙනම විවේචනයක් තියෙන්නේ... 'ආදරණිය වික්ටෝරියා' තුලින් ඔබට එය බාගවිට අල්ලාගන්න පුළුවන් වේවි.ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය යම් තරමකට මේ පොතෙත් දක්නට ලැබෙනවා. ඔබ එය ඔබේ අනන්‍යතාවය විදියටද පාවිච්චි කරන්නෙ.එක නම් මට කියන්න තේරෙන්නෙ නැහැ. හැබැයි අපේ ජාතක පොත , සද්ධර්ම රත්නාවලිය හරියට කියවලා තියෙන අයට මේ භාවිතාව අගන්තුකයි කියල මට හිතෙන්නේ නැහැ. අනෙක් අතට පවතින යථාර්ථය සුක්ෂමව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මේ ඉන්ද්‍රජාලික භාවිතාවේ තියන බව මම විශ්වාස කරනවා. ඒ අනුව එය මට හුදු ඉන්ද්‍රජලිකයක් නොව පවතින යථාර්ථයයි.එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගේ පියා මහමුදලි බණ්ඩාරනායක ඉංග්‍රීසින්ට බරපතල ලෙස ගැතිකම් කළ පුද්ගලයෙකු ලෙස ඔබ ඔබේ පොතේ හඳුන්වා තිබෙනවා නේද.සැබෑ සත්‍ය එය නම් එය කතා කිරීමේ වැරැද්ද මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. අනෙක් අතට 1948 අප ලැබූ 'නිදහස', නිකම්ම නිකම් හතරක් උනේ මේ ඉංග්‍රීසින්ට විරුද්ධව ගැතිකම් කළ කළු සුද්දන් නිසා.මහා මුදලි බණ්ඩාරනායක සිට ඩී එස් සේනානායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අද බොහෝ දේශපාලනඥයන් ක්‍රියා කළේ දේශීයත්වය ගැන පෙනී සිටින බවට බොරුවට පෙන්නමින් බටහිරට ගැතිකම් කරමින්. ශ්‍රී ලාංකීය දේශපාලනය අද පවා මේ තරම් මස්තබාල්දු වී තිබෙන්නේ මේ පුර්වාදර්ශය නිසා.ආදරණිය වික්ටෝරියා තුලින් ඔබ යම් තරමකට ලිංගිකත්වය භාවිතා කරලා තියනවා.ඔබ ඔබේ ජීවිතයෙන් ලිංගිකත්වය සහමුලින් ඉවත් කල දාට මට දැනුම් දීමක් කරන්න. අන්න එදා සිට සහතික ලෙසම මම මගේ පොත්වල ලිංගිකත්වය ලිවීම නතර කර දානවා.
BLOG
2014.08.26
http://samakayawate.blogspot.com
සඳ පහනේ ප්‍රසාද්ගෙන් 'කවියක් බිමින් තබමි'
Naleen Dilruksha
නව පරපුරේ කවියකු මෙන්ම සහෘද බ්ලොග් කරුවකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.කාව්‍යකරණයෙහි ලා ප්‍රසාද් කුසලතා පළකළේ පාසල් සමයේ පටන්මය. මාතෘකානුකූල පද්‍ය රචනාකරණය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙන් අනතුරුව සිය නිර්මාණ පළ කිරීමේ අවකාශය ලෙස ඔහු 'තොටුපොළ' බිත්ති පුවත්පත තෝරාගත්තේය. අනතුරුව, www.com තම බ්ලොග් අඩවිය ඔස්සේ සහ අනෙකුත් සාහිත වෙබ් අඩවි හරහා කාව්‍ය නිර්මාණ සයිබර් අවකාශයට එක් කළේය. දිවයින, රාවය, ලක්බිම, පුවත්පත්වල කවි පිටු ද ප්‍රසාද්ගේ කවියෙන් සැරසිණ.සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.
BLOG
2014.12.23
http://siragekamare.blogspot.com
දෙණියායේ බේබඳු කථාව
සිරාගෙ කාමරේ
ඉංග්‍රීසි සෑර්ගේ කථා මාලාව කියවා තිබෙන සිරාගේ කාමරයේ පාඨක ප්‍රජාවට දැන් ඒ චරිතය ආගන්තුක නොවෙයි. ඉංග්‍රීසි පන්තිය අතරතුර දළුලා වැඩුන පරම පවිත්‍ර හිතවත්කම නිසාම සෑර්ගෙන් අපට නොමිලේ ලැබුන රහමෙර පදම ඉක්මවා යද්දී ගෙදරින් තහංචි වැටුන ආකාරයත්..සිරා කොලුවාගේ පියා එල්ල කල අනුකම්පා විරහිත කනේ පහරත් බොලාට මතක ඇතුවාට සැක නැත.වේලාසන නොතිබූ ආකාරයේ විරෝධතාවක් ඇතමෙකුගේ නිවෙස් වලින් එල්ල වන කල සෑර්ට කලින් මෙන් නිදහසේ බෝතලයක් හිස් කොට තමාගේ තරුණ අවධියේ කොරන්නට නොහැකි වූ දෑ වර්තමානයේ තරුණයන් කීප දෙනෙකු සමග ආවර්ජනය කොට ඒ මිහිර විඳගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය. මේ කාරණය නිසාදෝ දවසේ දෙකේ විනෝද චාරිකා සංවිධානය කිරීමට එතුමා කටයුතු යෙදීය.එලෙස අප ගිය අභිමංගල චාරිකාව වූ හපුතලේ ගමන ගැන ඔබ දැන් කියවා අහවරය. එයින් පසු දැරණියගල ප්‍රදේශයේ ඇළිහත ආශ්‍රිත වනාන්තරයේ රැයක් පහන් කල අතර ඒ ගමන සැබවින්ම ත්‍රාසය භීතිය පිරුණ එකකි. ඒ මතක සටහන් මම වෙනත් දිනයක ඔබ වෙත තිළිණ කරන්නෙමි.මේ කියූ චාරිකා දෙකට අමතරව තවත් චාරිකා කීපයකට එක් වූ ඉංග්‍රීසි පන්ති නඩය ඒ වන විටත් සෑර් සමග යන චාරිකා පිළිබද හොඳ අවබෝධයකින් සිටි කාලයක අද ඔබට කියනා දෙණියායේ ගමනට අවස්ථාව එළඹුනි.තමුසෙලා දෙණියායෙ ගිහින් තියෙනවද .දෙණියායේ විසිතුරු....පින්තූරය මෙතැනින්හෙණ ගැහුවා මෙන් මධුවිතකට සැට් වී සිටි සවස් වරුවක සෑර් අපෙන් විචාලේය.නෑ සෑර්...අපි සියල්ලෝම කීවෙමු. නෑදෑයෙක් මිත්තරයෙක් මෙලෝ යකෙක් නැති දෙණියායට අප කිසිවෙක් ඒ වනතුරුත් ගොස් තිබුනේ නැත.එහෙනම් අපි දෙණියායෙ යමු ඊලග ට්‍රිප් එක විදියට...එහෙ මොනවද බලන්න තියෙන්නෙ...මොනවා බලන්නද අයිසෙ..අපි කොහෙ ගියත් කරන්නෙ වතුර තියෙන තැනක නැවතිලා බොන එකනෙ...ඒකට තමයි අපි දෙණියායෙ යන්නෙත්...සෑර්ගේ හඬින් පසුබා ගිය අපි ඉන් එහාට කිසිවක් විමසන්නට ගියේ නැත.ඒ වන විට අපේ ඉංග්‍රීසි සෑර් වෑන් රථය විකුණා පැරණි පන්නයේ කාර් රථයක හිමිකරු වී සිටියේය. දැන් මේ ගමන යන්නට නියමිතව තිබෙන්නේ මේ රථයෙනි. නියමිත දිනයේ උදෑසනම අපි ඒ කාලයේ නිතර අනුමත වූ සන්නාමයෙන් මිළදි ගත් බ්‍රැන්ඩි බෝතල් වලින් රථයේ ඩිකිය පුරවා දැම්මෙමු. බ්‍රැන්ඩි වලට අමතරව සැන්ටිං වලට තවත් පාන වර්ගද...අයිස් කැට කවරයක්ද...ප්ලාස්ටික් කෝප්ප සහ අත් පිසින්නට ටිෂූ කොලද ආදී වශයෙන් ඩිකිය තුල ජංගම ස්කාගාරයක් සකසන්නට අපට ගම්පහ නගරයේදීම හැකියාව ලැබුනි.ඒ වෙද්දි නගා කොලුවා හැර මමත්, පුෂ්පයාත් රැකියාවන්හි නිරත වීම අපේ චාරිකාවේ ආර්ථික බර හෑල්ලු කරගන්නට සෑර්ට සහාය විය. ජංගම ස්කාගාරයේ වැඩ නිමවා, ටැංකිය පිරෙන්නට පෙට්‍රල් ගසා, අලිපැටියෙකුද ඇතුලත් අප තිදෙනා සහ සෑර් රථයේ අසුන් ගත් පසු එය පොළවේ ගෑවෙන නොගෑවෙන තරමට පහත් වී තිබුනි.එදිනෙදා යෙදෙන රාජකාරී හමුවේ ඇතමෙකුට සමහර විටෙක චාරිකාවේ යෙදෙන්නට හැකියාවක් නොලැබෙයි. වනිගයාට රාජකාරී කටයුත්තක් නිසා මේ ගමන යන්නට අප සමග එක්විය නොහැකි විය.දෙණියාය බලා යන ගමනේ බොහෝ කථා රථය තුලදී දිග හැරෙයි. රියදුරුට යාබද ඉදිරි අසුනේ සිටින්නේ නගා කොලුවායි. ඒකා එහි තබා ඇත්තේ සිතියම් කියවීම උදෙසායි. GPS නොතිබූ ඒ කාලයේ අප බොහෝ විට මාර්ගය සොයාගන්නට අති විශාල සිතියමක් උපකාරී කරගත්තෙමු. සෑර් තමන් දන්නා තරම් දුරට රථය පදවා අහවර කල පසු එතැන් සිට සිතියමේ පිහිටෙන් අපේ ගමනේ ඉතිරිය ක්‍රියාත්මක වෙයි.ගුරුකමට එන්නට පෙර ලංකාවේ ජාතික උද්‍යාන වල වගකීම් සහගත රැකියාවක නිරත වූ අපගේ සෑර් සතුව අති විශාල ප්‍රමාණයේ ලංකා සිතියමක් විය. මෙය සම්පූර්ණයෙන් දිග හැරිය විටෙක අඩි හයක් පමණ දිගු වෙයි. දැන් අප පසුකරන ප්‍රදේශය මතුපිටට පැමිණෙන ලෙස අඩියක තරම් වන පරිදි සිතියම නවා එහි මාර්ග දෙස සුපරීක්ෂා සහගතව බලා ඉන්නට ඉදිරි අසුනේ සිටින නගා කොලුවාට නියම වී තිබේ. මේ සිතියමේ ඉතාම හොඳින් අතුරු මාර්ග පවා දක්වා තිබූ බව මට මතකය.මම දෙණියායෙ අන්තිමට ආවෙ අවුරුදු 20 කට විතර කලින්..ඒකයි ආයෙම සැරයක් එන්න හිතුනෙ.සෑර් රථය පදවන ගමන් කියයි. මෙවැනි ගමනකදී කිසි දිනෙක රාත්‍රී නවාතැන කුමක්දැයි වේලාසන සැලසුම් කරන්නේ නැත. අප හැමදාමත් කලේ රාත්‍රිය උදාවන්නට මොහොතකට කලියෙන් නතර වෙන්නට තැනක් ඒ වන විට සිටින ප්‍රදේශයෙන් සොයා ගැනීමයි.රථය නගරාශ්‍රිත පෙදෙස් පසුකරවිත් සොබා සුන්දරත්වයෙන් අනූන ගම්බද පෙදෙසක් පසු කරමින් සිටියි. මාර්ගයට යාබදව තිබූ කුඩා කඩයකින් මිළදී ගත් පාන් ගෙඩි දෙක තුනක් පෙති කපා..නගා කොලුවා නිවසින් සාදවා ගෙනවිත් තිබූ පරිප්පු සහ සීනි සම්බල් සමග ගිල දැම්මේ රථය නිස්කලංක රබර් වත්තක් අසල නවතා බව මට හොඳින් මතක තිබේ. ඇගපත නැති ගැරඩියකු බඳු නගාගේ බොක්කේ හිඟන ජනපදයක් සිටිනා බව අපට ඒ වන විටත් එත්තු ගොස් සෑහෙන කලක් ගත වී තිබුනි. නගා කොලුවා තනිව පාන් ගෙඩි එක හමාරකට ආසන්නව වගකියූ පසු අපගේ උදෑසන ආහාරය අහවර වූයෙන් නැවතත් දෙණියාය බලා පිටත් වීම ආරම්භ කළෙමු.අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුරය පසුකරමින් පැමිණි අප කහවත්තේදී රථය නැවැත්වූවේ පුෂ්පෙ කොලුවාගේ කැමරාවට දළ සේයාපටයක් මිළදී ගැනීම සඳහාය. ඩිජිටල් කැමරා නොතිබූ ඒ යුගයේ මේ චාරිකාවේ ඡායාරූප ලබා ගැනීමට 36 රෝලක් දමන්නට තරම් ආර්ථික ශක්තියක් අප සතුව තිබුනි.ඉංග්‍රීසි සෑර්ට එදා සිටම රහමෙර ඩිංගිත්තක් පානය කරන්නට ජලාශයක් හෝ වෙනත් ජල මූලාශ්‍රයක් ලඟ පාතක තිබිය යුතු විය. සුළගේ දිය රැළිති නංවන ජල තලාවේ සුන්දර දසුන දෙස බලා සිටින විට නෙතට කිසිඳු විඩාවක් නැත. ඒ නිසාම වර්තමානයේ උවද පණු බෙහෙත් සුට්ටක් බොන්නට චාරිකාවක් අතර තුර අප නතර වෙන්නේ ජලය පේන මානයේ තැනකය.මාර්ගය ආසන්නයේම එවැනි ස්ථානයක් ජනශූන්‍ය පෙදෙසක හදිසියේම දුටු රථයේ රථාචාර්ය සෑර්...රථය මාර්ගයෙන් අයින් කොට නවත්වා පොඩියක් අනුමත වෙන්නට හැමටම ආරාධනා කලේය. එහි වූ ජලයද ඉතාම පිරිසිදු නිසා ජලය ස්නානයටද අප හට දොළදුකක් ඇති විය. දරට ගිය ළඳුන් කීප දෙනෙකුගෙන් විමසූ කල එතැන අවධානමක් නැති බව දැනගන්නට ලැබුනි.කලිසම් කොට වලින් සැරසුන අපේ චාරිකා නඩය අතින් කටින් බෝතල් රැගෙන මාර්ගයට එතරම් නොපෙනෙන ඉසව්වක තිබූ කුඩා ඇළ මාර්ගයේ සිත්සේ දිය කෙළින අතරතුර නැටුම් තෙල් සුට්ටක්ද ආමාෂ ගත කලේ ආගිය තොරතුරු වලින් සභාව කුල්මත් වූ පසුබිමක සිටය.උපන් ගෙයි ලෙඩෙකු වන නගා කොලුවා දහවල් 1 කණිසම පැන ඇතිනම් ඒ කාලයේ ස්නානය කරන්නේ නැත. මොන දහං ගැටය ගැහුවත් මේකා වතුරට බහින්නේම නැත. ඇළ මාර්ගය ආසන්නයේ ගල් ගෙඩියක් මතට වී බ්‍රැන්ඩි වීදුරුවක් පැය ගානක් තිස්සේ තොල ගෑමට ඒකා කැමතිය. දිවා ආහාරය අතර මග ස්ථානයකින් මිළදී ගෙන පාර්සල් කර කටගැස්මටද යමක් මිළදී ගෙන පැමිණ තිබූ නිසා එහිදීම දිවා ආහාරය භුක්ති විඳින්නට අපට හැකි විය.මධුවිත නිමවා දැන් නැවතත් රථය පිටත් වෙයි. ඒ වනතෙක් සිතියම කියවූ නගා කොලුවා ඒ කාරිය කොරන්නට තවත් බැරි බව පවසා රථයේ පිටුපසට පැමිණ සිටි නිසා දැන් ඉදිරි අසුනේ පුෂ්පෙ කොලුවා විරාජමානව සිටියි. රථය කෙමෙන් කෙමෙන් රක්වාන පසුකරන විට නගා කොලුවා ඔන්දස්පොට් වන ලකුණු පෙන්වීය.අපේ අසරණ නගාට බඩු පැකට් වී ඇති බවත් කබරයා මග එන බවත් දන්නා නිසාම සෑර් රථය අතර මගක නවතා පුංචි විවේකයක් ගන්නා විටෙක නගා කබරයා දිගේලි කලේය. කීප වතාවක්ම කබරයා දැමීමෙන් බොක්කේ තිබූ අවසන් බත් ඇටයද පොළවට මුදාහැරි නගා කොලුවා රථයේ පසු පස ආසනයේ සුව නින්දකට වැටුනි.මේකා මෙහෙම නිදියද්දි කොහොමද තව කෙනෙක් පිටිපස්සෙ ඉඳගන්නෙ...හොරට බීලත් මේකව ඇඳගෙන වැටුනනෙ හැබෑට...සෑර් සිටින්නේ විස්සෝපයෙනි.දෙහිගෙඩියක්වත් යටි පතුල් දෙකේ උලලා මේකව කෙලින් කරගමු...නැත්තං දෙණියායට යන්න වෙන්නෙ නෑ කළුවර වැටෙන්නට කලියෙන්...සෑර්ගේ යෝජනාව අනුව ගෙයක් දොරක් නොපෙනෙන ඉසව්වක බේබදු නගාට දෙහි ගෙඩියක් සොයා මහා මෙහෙයුමක් ආරම්භ කළෙමු.නගා සමග රථය තනිකොට අප හුදෙකලා ඉසව්වක නිවෙසක් සොයා ඉදිරියට ඇදෙමින් සිටින්නෙමු. ඒ මාර්ගයේ වාහනයක් ධාවනය වූයේ කළාතුරකින් නිසා හාත්පස බොහෝ සේ නිශ්චලය. හමනා සිහිල් සුළග ගතට එක්කරන්නේ අමුතුම මිහිරකි. දහවලේ හලාගත් බ්‍රැන්ඩි වල කික් එක තවමත් සම්පූර්ණයෙන් අප හැර දමා ගොස් නොතිබූ නිසා නගා නිසා අප කන කට්ට උවද අති සුන්දර සෙයකි.කිලෝමීටර් භාගයක පමණ දුරක් පා ගමනින් පැමිණි පසු අපට කුඩා නිවෙසක් හමුවිය. වත්තේ කොණට වෙන්නට දෙහි ගසක් තිබෙන බව දැකීමෙන් අපගේ චිත්ත සන්තානයම ඔකඳ වී ගොසිනි.සුදු අක්කෙ....ඈත පළාත් වල චාරිකාවක් ගිය කල ප්‍රදේශවාසී ගැමියන්ට සෑර් ආමන්ත්‍රණය කරන්නේ ඒ අයුරිනි. මහළු කාන්තාවක් නම් සුදු ආච්චී කියා අමතයි.මේ පළාත් වල තිබෙන දුක්ඛ දෝමනස්සයන් මේ යැයි කියා පානා කැඩපතක් බඳු, දිරාගිය ශරීරයකින් යුතු වූ කෘෂ ගැහැණියක් අප ඉදිරියේ දිස්විය.මහත්තයලා මොනවද බලන්නෙ...අක්කා අපි මේ දෙහි ගෙඩියක් තමා හෙව්වෙ... සෑර්ගේ කට අපට ඉස්සර විය.ඒ මොකටැයි මහත්තයො....එකනැට්ටෙ ඒවද ඕනෙ .එක නැට්ටෙ හරි නැටි දෙකක හරි අක්කෙ...අපි එක්ක ආපු කෙනෙක්ට පොඩියක් වැඩි වෙලා...එයාගෙ යටි පතුලෙ ගාන්න කියලා...කෝ මහත්තයො දැන් ඒ කෙනා...එවිට අපි දඟර ගැහුන මාර්ගයේ ඈත වංගුවක පෙනෙන සුදු පැහැති මෝටර් රථය පෙන්වීමු.මිනිහා තද නින්දක ඉන්නෙ...අපි ඇහැරවන්නෙ නැතුව පයින්ම ආවා දෙහි හොයාගෙන...අක්කා හරිම අහිංසක එකියකි. දෙහි ගහෙන් දෙහි කඩා ගන්නට අපටම පැවරුවාය. හොඳින් පැහුනු ගෙඩි තෝරා දෙහි ගෙඩියක් දෙකක් කඩන්නට පටන් ගන්නවාත් සමගම මාර්ගය අද්දර සිටි මට සෑර්ගේ කාරය අප සොයා එන බවක් පෙනුනි. එය නයිට්රයිඩර් වර්ගයේ එකක් නොවන වග මට ඉන්තේරුවෙන්ම දනිමි.දෑස් පිසදමා මම මේ දකින්නේ සිහිනයක් නොවන බව නැවත නැවතත් තහවුරු කරගතිමි. සැබෑවකි...ඒ සෑර්ගේ එකම තමයි. මේ මහා විශ්ම කර්මය සෑර් වෙත සැළ කල විට ඔහුද මගේ පසෙකින් සිටගෙන මේ පුදුමය දෙස බලා සිටියි.ඉබිගමනින් අප කරා ආ රථය අප ආසන්නයේ නතර විය. රියදුරු අසුනේ සිටින්නේ මෙතෙක් වේලා පසුපස අසුනේ දපාගෙන සිටි නගා කොලුවාය. සෑර් අප සියල්ලන්ටම ඒ කාලයේ රියදුරු පුහුණුව ලබා දී තිබූ නිසා හැම එකාටම රිය පැදවීමට හැකියාව තිබුනි. රියදුරු අසුන පැත්තේ දොර විවෘත කර බිමට බට නගා විසි වී ගියේය.උඹලා මාව දාලා යන්න නේද...ඕක්..... මට ඇහැරුනා..උඹලා පේන්න නැති නිසා මම කල්පනා කලා ආයෙමත් බෝතලයක් කඩලද කියලා මාව හලලා...උඹ කොහොමද බොල කාර් එක ස්ටාර්ට් කලේ...යතුර මගේ ලඟනෙ...සෑර්ගේ ඇස් ගෙඩි දෙක එළියට පනින්නට ඔන්න මෙන්නය.ඇතුලෙ පොඩි කතුරක් තිබුනා...මම ඒක දාලා කැරකුවා..ස්ටාර්ට් උනා...බමන මතින් සිටින නගා කොලුවා දෙපසට වැනෙයි...මෙන්න මෙතනින් ඉද ගනිං.....උඹට පොඩි සාත්තුවක් කරන්න...පාර අයිනේ නගා හිදුවාගත් අපි දෙහිගෙඩි දෙක තුනක් ඒ ඔලුවේ ඇතිල්ලීමු. ඔලුවේ ඇතිල්ලී හැලෙන රේණු දෙස, නගා තේරුම් ගත නොහැකි යමක් දිහා බලා සිටින ආකාරයෙන් බලා සිටියි.මහත්තයලා දෙණියායට යනවා නම් ඉක්මනින් යන්න...සුනංගු වෙන්න එපා...ඔය පාරෙ තනියෙක් කැරකෙනවා...පහුගිය මාස වල ඉඳලා හිටලා වාහන වලට ගහලා තිබුනා රෑ වෙලා ගිය...මේ කඳුකර ශීතල පළාතෙ වල් අලියෙක් . කවුරු විශ්වාස කලත් අක්කාගේ ඒ කථාව මම නම් විශ්වාස නොකලෙමි.වටින් ගොඩින් අඳුර වැටීගෙන එන නිසාම තවත් ප්‍රමාද නොවී දෙණියායට යන්නට සෑර් තීරණය කලෙන් අක්කාගේ කාරුණික භාවයට නොසෑහෙන සේ ස්තූති කොට අප එතැනින් පිටත් වීමු. රියදුරු අසුන පුෂ්පෙ කොලුවාට බාර දී සෑර් අනෙක් පසට විය. සෑර්ගෙන් පසු අපට සිටි හොඳම රියදුරා පුෂ්පයා වීම එයට හේතුවයි.දෙණියාය නගරයට පිවිසෙන විට වේලාව රාත්‍රී 9 ට ආසන්න වන්නට ඇත. නගරයට පිවිසෙන්නට තිබෙන මාර්ගයේ අවසන් කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණය තනිකරම පල්ලමකි. මේ මාර්ගයේ අපට වාහන කිසිවක් දකින්නට නොලැබුනු නිසාම ඇඳිරි නීතිය වත් දාලද දන්නෙ නෑ . යනුවෙන් අපේ සිත් සතන් වල සැකයක් මෝදු වී තිබුනි. එහෙත් නගරයේ රථය නවතා නවාතැනක් සොයන විට......මේ වෙලාවට තනියා පාරට එන වෙලාව...මහත්තුරු දන්නෙ නැතුවද ආවෙ....ගිය සතියෙත් වෑන් එකකට ගහලා පොඩි පට්ටම් කරලා තිබුනා...නගරයේ හාදයෙක් එසේ කියනා විට අපි සියල්ලෝ මුහුණට මුහුණ බලාගත්තෙමු. වෙනත් වාහන මාර්ගයේ ධාවනය නොවූ හේතුව දැන් පැහැදිලිය. අප පසුකර පැමිණ ඇත්තේ තරමක අවධානමකි.නගරයේ තිබූ කෝවිල අසලදී හදුනාගත් දමිළ තරුණයෙකු මාර්ගයෙන් අපට කදිම නවාතැනක් ලැබුනි. දෙමහල් නිවසක් වූ එහි හිමිකරුවා අගනුවර වෙසෙයි. මේ කියන කොලුවාත් තවත් කෙනෙකුත් මේ නිවස බලා කියාගෙන සිටියි. ඒ අය අප සමග හිතවත් වූ පසු ඉතාම සාධාරණ මිළකට නවාතැන් දීමට එකඟ විය. අපට කාමර දෙකක් ලැබුනි...ඒ නිවසේ වෙනත් ආගන්තුකයන් සිටියේ නැති නිසා..මුළු නිවසම අපේ වැනිය.නගරයේ වූ රාත්‍රී ආපන ශාලාවකින් රාත්තිරියට බුඳින්නට පරාටා පාර්සල් කරගෙන නිවසට පැමිණි පසු...සෑර් මදි හරියට නැවතත් බෝතලයක් සභාවට කැඳවාගෙන ආවේය. දහවලේ සාටර් වී සිටි නගා...බෝතලය දුටු විගසම හොර නින්දකට වැටුනි.මතු සම්බන්ධයි....මම කාමරේ අරින සිරා කොලුවා.
BLOG
2014.12.20
http://siragekamare.blogspot.com
මාකස් සහ ඇලිස් නෝනා සමග අතීතයට ගියෙමි
සිරාගෙ කාමරේ
සිරා කොලුවා වන මම අද ඔබට දෙසන්නට යන කථාවට දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබේ. පාසල් යන වයසේ සිටි මා මෙන්ම මගේ ගමේ අසල්වැසි කොලු කුරුට්ටන්ද ජීවිතය පිළිබද මෙලෝ සංසාරයක බරක් නැති, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මේ සුන්දර අතීතය ඉතාමත් රසබර එකකි. ගමක ඉපදුන එකෙක් ලෙස මම ඉතාමත් සුන්දර ළමා කාලයක් අත් විද්දෙමි. වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නටත්, ඇලේ දොලේ පනින්නටත් අපට එකල තහංචි තිබුනේ නැත. අද කාලයේ දරුවෙකුට මේ සුන්දර අත්දැකීම් බොහෝ සේ දුරස්ථ බව දනිමි.පාසල් නිවාඩුවේදී අපි ගුඩු විද්දෙමු, කොහි කිරිල්ල ගෙඩි යොදා බට තුවක්කුවෙන් වෙඩි තිබ්බෙමු, සරුංගල් උඩ අරින සමය උදා වූ විට එය රෝගයක් ලෙස ගමටම බෝ විය. සරුංගලයක් තනිව සාදා ගත නොහැකි උන් ඒ කාරිය කරන්නට හැකි කෙනෙකු වෙත පාප්ප, සව්කොල, ඉරටු ගෙනැවිත් දී සරුංගල් සාදවා ගත්තෝය. සිරා කොලුවා වන මට කපුටා සහ නයා යන වර්ගයේ අතුරු ආපදාවකින් තොරව උඩ යන සරුංගල් සෑදීමේ පුංචි කීර්තිනාමයක් තිබුන නිසා පුංචි එකෙක් දෙන්නෙක් සමහර දවස් වලට අපේ නිවසට පැමිණෙයි...සරුංගලයේ සැකිල්ල සකසා දුන් විට සමහරෙක් තම සහෝදරියකට කියා එයට සවුකොල අලවා ගත්හ. සරුංගලය වැඩ නිමවා උඩ යවන විට ඒ දෙස බලා විදි සතුටත්..සරුංගලයක් නූල කැඩී කඩාගෙන යන විට එකාවන්ව ඒ පසුපස දිව ගිය අයුරුත් මට තවමත් මතක් කරන්නට අපහසු නැත.මේ කෙහෙල්මල් සරුංගලයක් හින්දා මේ ළමයි අව්වෙ වේලෙනවා...සමහර දිනෙක අම්මා දෙස් තියන්නේ උදෑසන සිටම අපි සරුංගලය සමග වෙල් ඉපනැල්ලේ කාලය ගත කරන නිසාවෙනි. අප එකල නිදාගන්නේ එළිවෙනතුරු සිටින්නට බැරි ඉස්පාසුවකිනි. නව දවසක් උදා වූ පසු සරුංගල් අරින්නට තරමේ සුළගක් හමන්නට පැය කීපයක් ගත වෙයි. පොල් ගස් වල මුදුන් අතු සෙලවෙන විට සුළං හැමීම ආරම්භ වී ඇති බව අපි දනිමු. එතැන් සිට අපේ සරුංගල් උඩු ගුවනට යවනකං අපට මෙලෝ සිහියක් නැතිය.මම කාලා එනකං මේක බලාගනින්..දිවා ආහාර සමය එළඹෙන විට අහල පහල සිටිනා එකෙක් වෙත සරුංගලය පවරන්නත්...කෑමෙන් පසු නිවසේ මිදුලේ සිට සරුංගලය දෙස බලා එය අම්මාට පෙන්වන්නත් එකල මමත් මලයාත් මහත් සේ රිසි වීමු.කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වෙන විට සරුංගලය අපෙන් කෙමෙන් කෙමෙන් ඈත් විය. සිස්සත්ත කඩඉමෙන් පසු බොහෝ දෙනෙකුට පා පැදියක් ලැබීම එයට හේතුභූත වූ කාරණය වන්නට ඇත. බයිසිකල් මගින් වෙසක් බලන්නට යන්නත්....පොසොන් සමයේ දන්සැල් සොයා යන්නටත් සරුංගලයෙන් පසු අපි ප්‍රිය කළෙමු. මේ ක්‍රියාකාරකම් නිසාම සම වයසේ උන් අතර කදිම සමගියක් දළු ලා වැඩිනි.විදේශගතව සිටි මගේ පියා නැවත සියරට පැමිණි පසු අපේ නිවාස කිට්ටුවෙන් ගලා යන අත්තනගළු ඔයේ පිහිනුම් පාඩම් කියා දුන් අන්දම මම අතීතයේ දවසක ලියා තිබේ. මටත් මයෙ මලයාටත් ඇරඹුන මේ පිහිණුම් පාසලට දවසක් දෙකක් ගත වන විට පිහිනීම ඉගෙනගැනීමට ආසාවෙන් සිටි ගමේ තවත් උන් එකතු විය.අනේ මල්ලියෙ මෙන්න මේකටත් ඔය පීනන හැටි කියලා දෙන්න..දෙමාපියෝ උන් මගේ පියා වෙත බාර දුන්නේ එසේ පවසමිනි.හිරු මුදුන් වන විට අප තාත්තාට කරදර කොට ඔයට යන්නෙමු. එතැන් සිට පැයක් දෙකක් දිය කෙළියද පිහිණුම් පුහුණුවද සිදුවෙයි. එදා අපේ කෙළි කවට සිනා හඩින් නිම්නාද වූ ගමේ නාන තොටුපල අද වල් වැදුන තැනකි. වතුර මලෙන් නිවසේ සිට නාගන්නවා විනා ඔයට ගොස් රෙදි ටික සෝදා නාගන්නට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. කාලය මැව් වෙනස අතරතුර අත්තනගළු ඔය හුදෙකලා වී ගලා බසියි.ඡායාරූපය මෙතැනින්මාසයක දෙකක ඇවෑමෙන් අපි සියල්ලෝම පිහිණීමේ දක්ෂයන් වීමු...ඔය හරහා දෙපසට පිහිනන්නත්...තරගයට පිහිනන්නත්, දිය යට කිමිදෙන්නත් අපට වෙනත් අයෙකුගේ ගුරු හරුකම් අවශ්‍ය වූයේ නැත. තවත් ටික දවසකට පසු පාලම් ඇන්දේ සිට ඔයට පනින්නට අපි පුරුදු වීමු. සෑහෙන උසක සිට ජල තලයට වැටුන පසු ඔයේ අඩිය දක්වාම ගමන් කර නැවත ඉහළට පැමිනීම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් විය.අපේ හැකියාවන් ගැන සෑහීමට පත්වූ පසු තාත්තා අප සමග ඒම නවතා දැමුවේය. දැන් පාසල් නිවාඩු කාලයට කොල්ලන් සරුංගල් යවන්නේ නැත. දිවා කාලයේ අත්තනගළු ඔයේ ජල තලයට එකතු වෙන අපි එතැන් සිට ඇස් ගෙඩි ගොරකා මද මෙන් දිස් වෙනතෙක් දිය කෙලින්නෙමු. පාලම යටින් ගොස් පාලමේ කොන්ක්‍රීට් කණු දිගේ ඉහළට බඩගා පාලම මතට පිවිසීමත්...එතැනින් නැවත ජලයට පැනීමත් අපට එදා කජු කනවා මෙන් වුවත් මේ තඩි බඩ ගෙඩිය උස්සාගෙන අද සිරා කොලුවා ජලයට පැන්නොත් බඩ පැලී එතැනම යටියන්තොට යනු ඇත.අපේ පිහිණුම් නඩය බොහෝ සේ එකමුතුය. පාසල් නිවාඩු කාලයේ දිනපතාම දිය කෙළියේ යෙදෙන විට ඇතැම් ක්‍රියාකාරකම් නීරස වන විට අප අලුත් දේ කරා යොමු වීමු. එකල අපි හැන්දෑ කොරේ ක්‍රිකට් ක්‍රීඩා කලේ වෙන්දේසිවත්ත නම් කට්ටි කර විකුණූ පොල් වත්තක සිටය. ඉඩම් අළෙවිය පිළිබද ප්‍රසිද්ධ සමාගමක් මේ ඉඩම විකුණා අහවර කර තිබූ නමුත් එහි බිම්කොටස් මිළදී ගත්ත උන් ඒවායේ නිවාස තැනීම ඒ වනතෙක් අරඹා තිබුනේ නැත. ඒ නිසාම එහි වූ පොල් ගස් වලට මෙන්ම තැඹිල් ගස් වලටද අයිතිකරුවන් සිටියේ නැත.අත්තනගළු ඔයේ සිට කුඹුරු ඉඩම් වෙත ජලය රැගෙන ගිය තරමක් විශාල ඇළ මාර්ගයක් මේ ඉඩමට පහළින් වැටී තිබුනි. පහළ සිට ඉහළට ජලයේ පිහිනා විත් ඒ ආසන්නයේම ඇති ගස් වලින් කුරුම්බා කැඩීමේ අපූරු සැලසුමක් වතාවක් සභාවට ඉදිරිපත් කලේ අපේ පිහිණුම් සංගමයේ සිටි ප්‍රබල සාමාජිකයෙකු වූ මාකස් විසිනි. ඒකාගේ නම වෙනත් එකක් වුවද ගමේ කොල්ලන් අතර ප්‍රසිද්ධ වූයේ මාකස් යන නමිනි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඔහු රාහුල් ද්‍රාවිඩ් වැනිය. පන්දුවට තට්ටු දමමින් සිටිනවා විනා විශාල පහරකට යන්නේ ඉඳහිට හෙයින් දවා ගැනීම පහසු නැත. පාසල් නිවාඩු සමයේ අප උදෑසනම ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වූ නිසා මේකාගේ තට්ටු දැමීම අපට හිසරදයක් වී තිබූ කාල වකවානුවක්ද විය. පොල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන කරන විට පන්දුව පොල් ගස් මුදුනේ ඇතැම් විටෙක රැදෙයි. එවන් විටෙක පන්දුව නැවත ලබා ගැනීමට ෆයිලට් කෙනෙකුගේ අවශ්‍යතාව අපට ඇතිවේ. ඒ අවශ්‍යතාව ඇතිවූ දිනක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වළල්ලක ආධාරයකින් තොරව පොල් ගස මුදුනට ලගා වූ මාකස් තම හැකියාව හා පුරා කියා අපට පෙන්වූවේය.ඔහුට ඇත්තේ අපූරු හැකියාවකි. පොල් ගස අත් දෙකෙන් අල්ලාගෙන ඒ මත ඇවිදිනවා මෙන් කකුල් දෙක තබමින් ඉහළට යන ආකාරය බලා සිටින්නට ආශා හිතෙන එකකි. එදායින් පසු පොල් ගහක පන්දුවක් රැදුන සෑම විටෙකම එය ලබාගන්නට ගුවන් ගත වූයේ මාකස්ය. නමුත් ටික දිනක් යන විට මේ කාරිය පිනට කරන්නට මාකස් කැමති වූයේ නැත.මට කුරුම්බයක් කඩා ගන්න දෙනවා නම් විතරයි මම නගින්නේ....මාකස් තම ඉල්ලීම් එලෙස ඉදිරිපත් කරන විට ක්‍රීඩා කරන තැන සිටින වැඩිහිටි එකෙක්...හා කඩාගනින්කො... කියන්නේ වෙන්දේසිවත්තේ පොල් ගස් එකාගේ දේපොළ යයි සිතාගෙන විය යුතුය.වෙන්දේසිවත්තට යාබදව තිබුනේ ඇලිස් උපාසිකා මාතාවගේ නිවසයි. බොහොම සැර පරුෂ කාන්තාවක් වූ ඇය, අප හොර කුරුම්බා කඩනවා දුටුවහොත් කනේ ඇගිලි ගහගන්නට බැණුම් අහන්නට වන බව දන්නා නිසාම අපේ කුරුම්බා කැඩිල්ල ඇයට හොරෙන් කල යුතු එකකි.දිනය උදාවිය. ඇළ මාර්ගය දිගේම අපි උඩුගං බලා පිහිනමින් වෙන්දේසිවත්ත ආසන්නයට පැමිණියෙමු. ඇළ ඉවුරේ සිට බලන විට තම මිදුල අමදින ඇලිස් නෝනාගේ දසුන අපට සමීප වෙයි. ඒ නිසාම ඇය වසන් වන තුරු අප කල්මැරිය යුතුය. වරින් වර පන්දු ලබාගන්නට පොල් ගස් බඩ ගා ඒවායින් කුරුම්බා බී තිබූ මාකස් රසැති කුරුම්බා සහිත ගස් මොනවාදැයි දැන උන්නේය.අන්න අර ඇලිස් ආච්චිගෙ ගේ කිට්ටුව තියෙන ගහේ කුරුම්බා නම් මාර රහයි...මාකස් එසේ කියයි. එය එතරම් උස නැති එකකි. ඒ නිසා වැඩේ දෙන්නට අපහසුවක් නැත.හෝරාවක් පමණ ගත වන විට තම මහළු සැමියා සමග නිවසේ සිටින ඇලිස් නෝනා දවල්ට කන්නට යමක් රත් කරන්නට කුස්සියට වැදෙයි. නිවසේ දුම් කවුළුවෙන් දුම් වළාවක් ඉහළට නැගෙන විට ඇය දැන්ම නිවසින් පිටතට පැමිණෙන්නේ නැති බව දන්නා අපි මාකස් දියෙන් ගොඩට කැඳවන්නෙමු. තෙත බරිත කලිසම් කෙටියත්..වතුර බේරෙන දෙපා සහිත වුවත් මාකස්ට ගහට බඩගාන්නට කිසිම අපහසුතාවක් නැත. ඒකා වදුරු පැටියෙකු මෙන් වේගයෙන් ගහේ කරටියට ඇදෙයි. සැනෙකින් ලපටි කුරුම්බා ගෙඩි හත අටක් දෝයි දෝයි හඩින් බිම පතිත වෙයි. ගහ යට රැකගෙන සිටින අනෙක් උන් ඒවා ඇලට විසිකරන්නේ ඉතාම වේගයෙනි. ගෙඩි වැටෙනා ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණෙන ඇලිස් උපාසිකා මාතාවට ගහෙන් බිමට බඩගානා මාකස්ව පෙනෙයි. මාකස්ට ටිකක් ඈතට වන්නට කුරුම්බා අහුලන්නට ආ උන් ඇළ දෙසට දුවන දසුන පෙනෙයි.අවලං හැත්ත...තොපි හොරෙන් කුරුම්බා කැඩුවද...මට මේ අදුනගන්න බෑ ...නැත්තං මම ගෙදරටම ඇවිත් තොපේ මහ උන්ට කියාදෙන්නෙ...වල් හැත්ත....ඇලිස් නෝනාගේ කටින් පිට පනින්නේ එවැනි වදන් පෙළකි. ඇයට අනුන්ගේ වත්තක කුරුම්බා කැඩීම මේ තරම් කෝපයක් ගෙන දෙන්නට ඇත්තේ වෙන්දේසිවත්තේ ගස් වලින් වැටුන පොල් බොහොමයක් ඇගේ කුස්සියේදී පොල් කුඩු බවට පත්වූ නිසා විය යුතුය.පහළට ගලා යන ජල පහර ඔස්සේ අපද දැන් පහළට යන්නෙමු. අපට ඉදිරියෙන් කුරුම්බා පා වෙයි. අපේ නාන තොට අසලදී ජලයෙන් ගොඩ එන මේ කුරුම්බා අප වෙත මහත් රසයක් ගෙන දුන්නෝය. හොර කුරුම්බා කොහොමත් ඉතා රසවත් බව ඒවා එලෙස පානය කල උන් දන්නවා ඇත.සතියකට දවසක් මාකස් මාර්ගයෙන් හොර කුරුම්බා ගෙඩියක රහ බැලීමත්...ඇලිස් උන්දෑගේ ලෝඹු කටෙන් බැනුම් ඇසීමත් පාසල් නිවාඩු සමයට ඉතා සුුපුරුදු කාරියක් විය.ඇලිස් ආච්චිගෙ වත්තෙ තියෙනවා රන්තැඹිලි ගහක්...මම දැක්කා හොද පැහිච්ච ගෙඩි තියෙනවා....දෙමුද ඒකට වැඩක්...අත්තනගළු ඔයේ පිණුම් ගසනා දවසක මාකස් එවැනි යෝජනාවක් කළේය.කොහොමද බොල ඒ වැඩේ කරන්නෙ..උන්දැ දවල්ට ගෙදර ඉන්නවා නොවැ.උන්දැ ඉන්නෙ ගේ ඇතුලෙනෙ...අපි ගෙඩි ටික සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න පහලට දාමු...මාකස්ට එවැනි සැලසුමක් තිබේ.සුපුරුදු පරිදි ඇළ දිගේ ඉහළට පිහිනා පැමිණි කුරුම්බා නඩය ඇළිස් උපාසිකාවගේ වත්ත පිටුපසින් රන් තැඹිලි ගස ඉලක්ක කොට ඉදිරියට ඇදෙයි. නිවසේ දුම් කවුළුවෙන් ඉහළට ඇදෙනා දුම් රොටු ඇය ආහාර පිසින බව අපට සැළකරයි.මාකස් තෙත බරිත කලිසම් කොටය පිටින් තැඹිලි ගහේ කඳ මත ඇවිදියි. සැනෙකින් තැඹිලි ගහේ මුදුනට සැපත් වෙන ඔහු අතින් කරකවා තැඹිලි ගෙඩියෙන් ගෙඩිය බිම සිටිනා උන් වෙත එවයි. ඒවා කිසිදු හඩක් නොනගා බිම සැතපෙයි.එහෙත් තැඹිලි අල්ලන්ට සිටි එකෙකුගේ අත් වැරදීමකින් දෝයි යනුවෙන් මහ හඩක් නගාගෙන තැඹිලි ගෙඩියක් බිම පතබෑවිනි.පෙර වැරදි තිබෙන නිසාම මේ හඩ කුමක්දැයි හොඳින් හදුනන ඇලිස් නෝනා එදා එළියට පැන්නේ අතට අහුවුන ඉඳලද සමගය. වෙනදාට වෙන්දේසිවත්තේ කුරුම්බා කඩන උන් අද තමන්ගේ වත්තේ ඇති රන් තැඹිලි ගහේ ගෙඩි කරකවනවා දුටු උන්දැට සිටිනා තැන අමතක වෙන්නට ඇත. අමු තිත්ත කුණු හරුප වැස්සක් වහින්නට විය.තොපි කාගෙන් අහලද යකෝ මගේ තැඹිලි ගහට බඩගෑවෙ...අවලං හැත්ත...හිටපියව් මම තොපිට හොඳ වැඩක් කරන්න. අනුන්ගෙ ගහක ගෙඩියක් තියාගන්න දෙන්නෙ නෑනෙ මේ හු........ පුතාලා.ඇලිස් උන්දෑ කෝපයෙන් පරල වී අපේ උන් පසුපස ඉඳල වන වනා පහරදෙන්නට එලවයි. එහෙත් ඇයට සැනෙකින් මතක් වූයේ ගහට බඩ ගෑ එකා තවමත් ගහේ බවයි. ගහ බදාගෙන සිටින මාකස් දැන් තැඹිලි කරටියේ සිටී. ගස් නගින්නට වළල්ලක් පාවිච්චි නොකරන නිසා කොටියාට මෙන්ම මාකස්ටද ගහෙන් බැසීම නගිනවා තරම් පහසු නැත. ඉඳලක් අතින් ගත් කුණු හබ්බයෙන් පළාත නැති කරන ඇලිස් නෝනා ගහ යට සිටියි.තෝ වරෙංකො පහලට...මම තොගෙ කොන්ද කඩනවා අද ආයෙ ගස් බඩගාන්න බැරි වෙන්න. මම මෙතනින් යන්නෙ නෑ උඹ ගහෙන් බිමට බහිනකං...මහත් සේ තැතිගෙන සිටින මාකස් කකුල් දෙක පටලවාගෙන ගහ බදාගෙන සිටින අයුරු දුටු විට ඒකා ගැන අපට දුකක් ඇතිවෙයි. අපි සියල්ලෝ වෙනුවෙන් තැඹිලි කරකවන්නට ආ මාකස් මේ උවදුරෙන් ගලවා ගත යුතුය.අප්පට සිරි තඩි නයෙක්...රිංගුවා රිිංගුවා මෙන්න ඒකා කුස්සිය ඇතුලේ....ඇලිස් ආච්චියේ මෙන්න කලු නයෙක් කුස්සියේ..අපේ එකෙක් අපේ නොවන ලෙසින් නිවසේ පිටුපස සිට මරහඬ දෙයි. ඒ හඩින් උන් හිටි තැන් අමතක වූ ඇලිස් නෝනා මාකස් අත හැර නිවසට දිව්වේ නයා බලන්නටය. ඒ අතර තුර සුරුස් ගා ගහෙන් බිමට ලෙස්සූ මාකස් තැඹිලි ගෙඩියක්ද රැගෙන ඇළ ඉවුරට පැමිණ ජලයට පැන්නේය. කලු නයා දකින්නට අපහසු වූ කෝපයෙන් ඉඳලත් ඔසවාගෙන මාරාවේශයෙන් ඒකා පසුපස එළවාගෙන පැමිණි ඇලිස් නෝනා ඇළ ඉවුරේ නැවතී...අප සියල්ලන්ගේම මව්පිය වරු සෙනෙහසින් මතක් කලාය.අපේ පිහිනුම් නඩයේ සිටි අනිත් කටකාරයා කිත්තාය...ඒකාට කාන්තා කටහඬකින් කථා කිරීමේ අපූරු හැකියාවක් තිබුනි. එකල අපේ පළාතේ බොහොමයක් යුවතියන් ඇඟලුම් කම්හල් වල සේවයට එකතුව සිටි හෙයින් අපට යාබද ගමට ගමන් ගන්නා සේවිකාවන් බොහෝ විට අප කරණම් ගසනා පාලම මතින් එගොඩට ගියෝය.තරුණියන් පිරිසකට පාලම මතට එන්නට ඉඩ දී පාලම යට සිට කිත්තා නගන්නේ මර හඬකි.අනේ අයියා මාව අත අරින්න...මගෙ ඇදුම් මට දෙන්න..මාව අනාථ කරන්න එපා අයියා...අනේ පින්සිද්ධ වෙයි මට යන්න දෙන්න...පාලම යටින් ඇසෙන්නේ යම්කිසි අතවරයකට ලක් වූ යුවතියකගේ හඬ යැයි සිතා කෙල්ලන් විදුලි වේගයෙන් ආපසු හැරී ඒ ආසන්නයේ තිබෙන මහතු මාමාගේ කඩයට දුවයි. කිත්තාද පාලම යටින් ඔයට පැන විදුලි වේගයෙන් අතුරුදන් වන නිසා අතවරයට පත්වූ යුවතිය සොයා එන උන්ට කිසිදිනක විත්තිකරුවන් සොයාගන්නට හැකියාව ලැබුනේ නැත.දියකෙළිය අතරතුර සිදුවූ තවත් රසබර සිදුවීම් තිබේ. ඒවා ඉදිරි දිනයක ලියන්නෙමි. සිරා කොලුවාගේ හිත හදිසියේම අතීතය කරා ගොස් තිබූ වේලාවක මේ සටහන ලියවුන බව ඔබට කියන්නට රිසි වෙමි.මම කාමරේ අරින සිරා කොලුවා.
BLOG
2014.12.15
http://siragekamare.blogspot.com
තවත් එක් විරහා කථාවක්
සිරාගෙ කාමරේ
මේ ලගදි දවසක මූණු පොතේ මිත්‍රයෙක් මට දුන්න ඔත්තුවක් නිසා තමයි ඒ අදුරු වේදනාත්මක මතකය ආයෙත් සැරයක් 2006 අවුරුද්ද දක්වා පල්ලං බැස්සෙ. උඹේ පරණ කෑල්ල අන්න ෆේස් බුක් එකේ ඉන්නවා...එහෙම තමයි ඒකා කිව්වෙ. බැලින්නම් ඒ කථාව සහතික ඇත්ත. මට ඒ සීදේවී මූණු පොඩ්ඩ දැක්ක ගමන් එයාව හාපුරා කියලා මුලිච්චි වෙච්ච අපේ දහම් පාසලේ පිංකම තමයි කරදරයක් නැතුවම මතක් උනේ. එදා මේ කෙල්ලව දැක්ක ගමන් මගේ හිත කාන්දමකට අහුවුන යකඩ ඇණයක් වගේ එයා ලගටම ඇදිලා ගියේ සංසාරයේ කොතැන හරි තැනක අපි මීට කලින් හමුවෙලා තිබ්බ නිසා වෙන්න ඇති.මුල්ම දැක්මෙන් පස්සෙ...මම ටිකෙන් ටික මේ දැරිවි ගැන හොයලා බැලුවා. ඒ වෙද්දිත් සෑහෙන පිරිසක් එයාව දිනාගන්න පොර කනවා. ඒ අතර මගේ යාලුවෙකුත් හිටියා. මේ දැරිවි මගේ යාලුවට තමන්ගෙ අකමැත්ත කියලා අහවර වෙලා තිබුන නිසා ඒ මිත්තරයා , තමන් විසින් හොයාගත්ත විස්තර ටික මට දුන්නෙ හිතේ කිසිම කහටක් නැතුව.පවුලෙ විස්තර, ඉගෙන ගන්න පාසල, බස් එකට නගින්න එන යන වෙලාවල් වගේ දේවල් ඒ තොරතුරු ඇතුලෙ තිබුනා. ඔය කියන සන්ධියෙ මමත් පන්ති යනවා. හිතේ කොනක හීනියට පැළ පදියම් වෙච්ච මගේ අහිංසක ආදර සිතිවිලි මට බල කල හින්දම කෙල්ල උදේට බස් එකට ගොඩවෙන වෙලාව බලලා මමත් ඒ බස් එකටම නගින්න පුරුදු උනා. තවත් ටික දවසකින් එයා ලගින් හිටගෙන යන්න පටන් ගත්තා. තවත් කල් ගියාම ඉරිදට දහම් පාසල ඇරෙන වෙලාව බලලා ඒ හරියෙ කැරකුනා. දවසක් දෙකක් යද්දි ඒ පුංචි හිත දැනගත්තා මම එයාව දිනාගන්න වෙහෙසෙනවා කියලා.කාලය ටිකෙන් ටික ගත උනා. ඒ වෙද්දි මගේ හිත ඇතුලෙ පුංචි ධෛර්යයක් ඇති වෙලා තිබුනා. මගේ අදහස ඇයට කියන්නට ඕනෙ කියලා..ඒ හින්දම එකතු කරගන්න පුලුවන් අන්තිම පුරුෂ දහිරිය බින්දුවත් එකතු කරගෙන එක දවසක් මම කෙලින්ම මගේ අදහස ප්‍රකාශ කලා. නමුත් මම මගේ හිතේ මෙච්චර කාලයක් හිරවෙලා තිබුන දේ කියන්න ගන්නවාත් එක්කම එයා මාව මග ඇරලා යන්න ගියේ මම කියන දේ වලට අවධානයක් දක්වන්නෙ නැතුවමයි.එහෙම කලාම මම මගේ උත්සාහය අත හරියි කියලා මේ මෝඩ කෙල්ල හිතන්න ඇති....ඒත් ඒවා කොහෙද මා එක්ක....මම තව තවත් උත්සාහවන්ත උනා. වෙනත් පාසලක ඉගෙන ගත්ත, බස් එකේ නිතර යන එන...මගේ හිත ගිය කෙල්ලගෙ යෙහෙලියො දෙන්නෙක්ට මම කිට්ටු උනා. ඒ හරහා ආයෙත් සැරයක් කැමැත්ත ඇහුවා...අපි කථා බහ කරන වෙලාවට මේ දෙන්නත් අපි එක්කම හිටියා. මගේ ආදරී මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ මට නෙමෙයි. එයාගෙ යාලුවො දෙන්නට.තවත් කාලයක් ගත උනා. එක දවසක් මගේ ආදරේ මට ලියුං කරදහියක් දික් කලා එක පාරටම වාගෙ. මේක දැන්ම කියවන්න කියලත් එයා කිව්වා....ඔව් එහෙම කිව්වා කියලා මට තවමත් හොඳට මතකයි. අපේ අක්කා අද බස් එකේ යන නිසා අපි එක්ක කථාවට එන්න එපා අද...අක්කා නැත්තං කමක් නෑ. ලියුමෙ තිබ්බෙ එහෙමයි...මම ඒ මුතුකැට වගේ පුංචි වටකුරු අකුරු වලින් දැනගත්තා ඒ පුංචි හිතේ මං වෙනුවෙන් ආදරයක් ඉපදිලා කියලා. එදායින් පස්සෙ උදේට, දවල්ට අපි එකම බස් එකේ එකටමයි ආවෙ ගියේ.තවත් ටික කාලයකට පස්සෙ අපි එකම අසුනෙ එකටම ඉඳගෙන යන තැනට දියුණු උනා. ඒ කාලෙ එයාගෙ යාලුවො අපි දෙන්නව අත ඇරලා වෙනම පන්ති ආවෙ ගියේ. ඒ උනාට මටයි කෙල්ලටයි මහ මග දෙනෝ දහක් ඇස් වහලා කථා බහ කරන්න සිදුවෙච්ච නිසා...ලියුම් කරදහි වලින් තමයි ගොඩාක් වෙලාවට හිතේ හිරවෙලා තිබුන දේවල් කිව්වෙ. සමහර වෙලාවට අපි ආව ගිය බස් රථයෙත් ඇයව හඳුනන අය හිටියා.වර්තමානයේ පන්ති යන ළමයින්ට වගේ ජංගම දුරබණුවක්, ෆේස් බුක් වගේ දේවල් එදා තිබුනා නම් අපිට මේ තරම් දුක් විදින්න වෙන්නෙ නෑ නේද කියලා අද මට හිතෙනවා.දවසක් හිතපු නැති දෙයක් සිද්ධ උනා. මම කෙල්ලට දීපු ලියුමක් එයාගෙ ගෙදරට අහු උනා කියලා කෙල්ල බස් එකේදි මට කිව්වා. එයා එහෙම කිව්වට මම නම් ශත පහකට ඒ කථාව ගනන් ගත්තෙ නෑ. ඒත් එදා හවස බස් නැවතුමේදි දැරිවිගෙ අම්මා මාව මුලිච්චි වෙන්න ඇවිල්ලා ලොකු දේශනයක් දුන්නා. අම්මා පුන පුනා කිව්වෙ දැරිවිගෙ තාත්තා පොලිසියෙ රාජකාරී කරන කෙනෙක්, එයා මේවා දැනගත්තොත් ලොකු කරදරයක් වෙනවා කියලයි.ලියුං හුටපටෙන් පස්සෙ මගේ ආදරේ පාසල් වෑන් රථයක එන්න යන්න පටන් ගත්තා. ඒත් මගේ ආදරය නැවතුනේ නෑ. ඒ රථයෙම නංගියෙක් අල්ලගෙන එයා අතේ ලියුම් යැව්වා. කෙල්ල උත්තර ලියලා එව්වා. මේ විදියට කාලය ගතවෙද්දි මේ කෙල්ල නොදැක ඉන්න බැරි තරමට මගේ ආදරය දැඩි වෙලා. දවසක් මම උදේ පාන්දරම නැගිටලා කෙල්ල පාසල් වෑන් රථයට ගොඩවෙන්න එන පුංචි මොහොත හරි බලන්න ආශාවෙන් ඒ කිට්ටුවට ගියා. ඒ වගේම ඒ දැරිවිගෙ පාසල ලගටත් ගියා.මම නොදැන හිටියට ඉස්කෝලෙ ලගට මම එන වග පාසලේ ගුරුවරියක් දැකලා කෙල්ලගෙ තාත්තට ඒ වෙද්දිත් කනේ තියලා ඉවරයි. මම එදත් පුරුදු විදියට ඉස්කෝලෙ ලගට ගියා. මට හොරෙන් දැරිවිගෙ අම්මා තාත්තා පාසල ලගට ඇවිල්ලා ඉඳලා.මාව දැක්ක ගමන් පොලු පාරක් කාපු නයෙක් වගේ කෙල්ලගෙ තාත්තා මගෙ ඇගට කඩා පැනලා බෙල්ලෙන්ම අල්ලගෙන ඉස්කෝලෙ තාප්පෙට හේත්තු කර ගත්තා. මහා සද්දෙන් චට පට ගාලා මගෙ මූණට අකුණු ගහනවා විතරයි මට එතැනින් පස්සෙ දැනුනෙ. තෝ නේද අපේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න පර බල්ලා....ඒ විදියට බොහොම ගෞරවනීය ආකාරයට මම එදා සැලකුම් ලැබුවා.ඉස්කෝලෙ ඇරිලා යන කෙල්ලො දිහා බලාන ඉන්නවා කියලා චෝදනා කරලා කෙල්ලගෙ තාත්තා එදා මාව ඒ ඉස්කෝලෙ විදුහල්පති ලගට අරගෙන ගියා. ආයෙත් ඉස්කෝලෙ ලගට ආවොත් මගෙ ආදරී ඉස්කෝලෙන් අයින් කරනවා කියලා කිව්ව නිසා මම හිතාගත්තා ආයෙමත් මේ ගමන එන්නෙ නෑ කියලා. මම ඉතින් ඇතිවෙන්න ගුටිකාලා සරණාගතයෙක් වගේ ගෙදරට ආවා. ඒ වෙද්දිත් අපේ ගෙදර අය සිද්ධිය දැනගෙන ඉවරයි. නමුත් ඒ අය මට දඬුවම් කරන්න ආඩපාලි කියන්න ගියේ නෑ. මම ආයෙමත් වතාවක් කෙල්ලගෙ ඉස්කෝලෙ ලගට ගියේ නෑ. මේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ දෙමාපියො අපේ ගමේ නිවාස අත ඇරලා කෙල්ලව අරගෙන මගෙන් ඈතට ගියා. මේ විදියට මොන තරම් බාධක ආවත් අපි අතර සබඳතාව දිගටම තිබුනා.පාසල් වෑන් රථයෙ නංගිලා හරහා දිගින් දිගටම ලියුම් හුවමාරු කලා. මගේ ආදරේ නොදැක ඉන්න බැරි තරමට මම අසරණ උනා. මේ වේදනාව ඉවසන්නම බැරි තැන මම එයාගෙන් අවසර ඉල්ලුවා ගේ ලගට එන්න. කෙල්ල අවසර දුන්නා. එයාගෙ අම්මා වැඩට ගියා...අක්කා සමහර දවස් වලට පන්ති ගියා. ඉතින් අපි නිදහසේ කථා බහ කලා. මුල්ම දවසෙ මට ගේ හොයාගන්න ගොඩාක් අමාරු උනා. මම කෙල්ලගෙ ගෙදරට ගොඩාක් ඈත ඉදලා තිබුනෙ. ඒ වෙලාවෙම මගේ ආදරේ වෑන් එකක වෙන ගමනක් යමින් ඉදලා මාව දැකලා මගේ ලගට ආවා. එදා අපි දෙන්නා එකටම වගේ ගේ ලගට ගියේ.කාලය ටිකෙන් ටික ගලාගෙන ගියා. මම මගේ මුළු හදවතින්ම අවංකව මේ කෙල්ලට ආදරය කලා. අතින් ඇල්ලුවත් හරිම පරිස්සමෙන් ඒ අත ඇල්ලුවෙත්, ගෙවල් ලග මේ විදියට මුණ ගැහෙන්න පටන් ගත්තට පස්සෙ මම ලියුම් ලිවිල්ල නතර කලා.එක දවසක් පාසල් සේවයෙන් බැහැලා කෙල්ල මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඊලග දවසෙත් ඒ දේම උනා. කාලයට සාපේක්ෂව මේ ආදරය දිහා බැලුවොත් එදා මට මොන තරම් රිදෙන්න ඇතිද කියලා ඔයාලට වැටහේවි.මම ආයෙමත් ලියුම් යැව්වා...පාසල් සේවයේ නංගිලා අතේ. ඇයි මට මෙහෙම කරන්නෙ .....මම ඇහුවෙ එහෙමයි.එයා ඉස්සර වගේම උත්තරයක් එව්වා. ආයෙමත් ගෙදරට අහු උනා...ගෙවල් ලග ගෑණු කෙනෙක් අම්මට කියලා.අම්මා හැම වෙලේම මට බණිනවා හොඳටම.ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්තලා දාමු.කෙල්ල එහෙම ලියලා තිබුනා.මට මොනවා උනාද මම දන්නෙත් නෑ. මට මොන තරම් රිදුනද...කාට කියන්නද මේ දුක...එදායින් පස්සෙ මම කෙල්ලගෙ ගේ ලග ආයෙමත් කැරකුනේ නෑ. 2007 අවුරුද්දෙ මැද වෙද්දි ලියුම් ලිවිල්ලත් නතර කලා. එදායින් පස්සෙ මගේ ප්‍රේමය මම දැක්කෙම නෑ. 2010 අවුරුද්දෙදි මම ලංකාව අත ඇරලා විදේශගත උනා. මගේ මිත්තරයො මගේ ආදරීව අතනදි දැක්කා...මෙතැනදි දැක්කා කියලා මට පණිවිඩ එව්වා. ඒ උනාට මගේ කෙල්ලව මූණු පොතෙන් මම ඉස්සෙල්ලාම දැක්කෙ 2014 වර්ෂයෙදි.මට ආස හිතුනා කාලෙකට පස්සෙ ආයෙමත් කථා කරන්න. මාව මතකද . මම එහෙමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් තිබ්බෙ. විශ්වාස කරන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට ඇය පුන පුනා කිව්වෙ මාව හඳුනන්නෙ නැති බවක්. මම පුදුම උනා...අවුරුදු 7 කට පස්සෙ උනත් එදා වෙච්ච ගොඩාක් දේ මට අඩියෙන් අඩිය මතක් කරන්න පුලුවන් උනාට එයාට අඩුම ගානෙ මාව හදුනාගන්නත් බැරි තරමට අතීතය අමතක වෙලා. දවසකට දෙකකට පස්සෙ ඇය මුහුණු පොතේ මාව Block කර තිබුනා.අපි බස් එකේ ගිය කාලෙ මම මගේ ජංගමයෙන් කෙල්ලගෙ පින්තූරයක් ගත්තා. දවසක් මගේ ආදරේ මට ටොෆියක් දුන්නා. එයා මට දුන්න පළවෙනි තිළිණය ඒක නිසා මම ඒ ටොෆී කොලේ එදා අරගෙන තියාගත්තා. මම ගත්ත පින්තූරෙ. ටොෆී කොලේ, කෙල්ල මට එව්ව ලියුං...වෙසක් කාඩ් ..තවමත් මම පරිස්සම් කරලා අරන් තියලා තියෙන්නෙ මගේ හිතේ ඇතිවුන ආදරය බොහොම අවංක එකක් නිසා කියලයි මට හිතෙන්නෙ.ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක්දැයි සිරාගේ කාමරයට එන යන බොහෝ දෙනා දනිති. ජීවන ගමන් මගේ සරතැස නිවන්නට අපූරු හැකියාවක් එහි අන්තර්ගතව තිබේ. ජීවිතය දිනන්නට සමහරෙකුට ධෛර්යය දෙන්නේද මේ කියන ආදරයයි. ලොවම තමාට එරෙහි වුවත් ඊට එරෙහිව සටන් කරන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේත් ආදරය නිසායි. නමුත් තවත් සමහරෙකුගේ ජීවිත ආදරය නිසා විදින්නට ලැබෙන දුක නිසාම අඩපණ වෙයි. ඇතමෙක් ජීවිතයෙන් පලා යයි. ඒ අර්ථයෙන් ගත් කල ආදරය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එය දුක හා සතුට අතර දෝලනය වෙයි.දුක වෙනුවට ආදරය නිසා සතුටම ලැබේවා .මම කාමරේ අරින සිරා කොලුවා.ප.ලිපසුගිය දිනෙක මා ලියූ අරලියා සෙවනක ඔබ සෙව්වෙමි නැමති ලිපියට අදහස් දැක්වූ ඇනෝ මිත්‍රයෙක් තමන්ගේ ආදර කථාව යම් තරමකට එහිදී හෙළිකල අතර ඔහුගේ කථාව අවසානයේ සිරාගේ කාමරය සමග බෙදාගැනීමට එකඟ විය. ඔහුගේ භාෂාවෙන් මවෙත එවූ මේ ලිපිය මගේ භාෂාවට හරවා මෙලෙස පල වෙයි. ඇනෝ මිත්‍රයාගේ පෙම්වතියගේ නම මෙහි පල කරන ලෙස හෙතෙම මගෙන් ඉල්ලා සිටියත් එය අවශ්‍ය නොවන බව මගේ අදහසයි. මේ ලිපිය සඳහා මගේ නම යොදා ඇත්තේ ඇනෝ කොලුවා ඔහුගේ නම යොදනවාට විරුද්ධ වූ නිසා බැව් සැළකුව මනාය.ඇනෝ මිත්තරයාගේ පළමු හෙළි දරව්ව.
BLOG
2014.12.11
http://siragekamare.blogspot.com
රබානකට පෙම්බැඳි සිරා කොලුවා
සිරාගෙ කාමරේ
සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද .උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ජෝති, ලොකු අයියා, වැනි චරිත සිරාගේ කාමරය තුලදී ඔබට වරින් වර හමුවී තිබේ. අදින් දශකයකටත් එහා අතීතයේදී අපි සියල්ලෝම එක පවුලක උන් මෙන් දුක සැප සමව වළඳා තූර්ය වාදක ඛණ්ඩයේ දියුණුවට ඇප කැප වූ අන්දම මම කීප විටක් ලියා ඇත්තෙමි. ඒ නිසා ඒ දේවල් නැවත නැවත ලිවීම අවැසි නොවේ.අපේ පාසලේම කොල්ලන්ගේ හූ හඩ මැද සාටර් ජීවීන් පිරිසක් වී සිටි අප බෑන්ඩ් මාස්ටර්ගේ ආගමනයෙන් පසු අළුත් ගමනක් ඇරඹූ අන්දමද මම වේලාසනින් ලියා තිබේ. විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල බ්‍රහස්පතින්දා දිනයන්හි සන්ධ්‍යා යාමයේ කෙමෙන් කෙමෙන් නැගුන සංගීත නාද රටා වඩ වඩාත් විධිමත් වෙමින් කණ්ඩායමක් ලෙස ශක්තිමත් වෙද්දී අපේ කණ්ඩායමේ කීර්තිනාමයද පාසල් භූමියේ සීමාව සළකුණු කොට තිබූ තාප්පය පැන ඉන් එහා දුරකට ඉගිල ගියේය.බෑන්ඩ් මාස්ටර්ගේ අනුපමය කැපකිරීම් /මහන්සිය අාදියේ ප්‍රතිඵලයක් ලෙස මේ කියන දවස වන විට අප බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ලෙස සීඝ්‍ර දියුණුවක් ලබා සිටියෙමු. ඒ නිසාම කෙමෙන් කෙමෙන් පාසලට පරිභාහිර තූර්ය වාදන අවශ්‍යතා වෙනුවෙන් විවිධ අය අප සොයා ඒමට පටන් ගෙන තිබුනි.බොහෝ විට මෙවැනි ඉල්ලීම් අප විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම පැරණි ශිෂ්‍යභට සාමාජිකයෙකුද වූ ආනන්ද අයියා විසින් ගෙන ආ එවැනි ආරාධනාවක් අප විසින් අනුමත කලේ ඔහු අප විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වැඩිමහල් සොයුරෙකු වූ නිසාමය.සිරා කොලුවාගේ වාදන භාණ්ඩය වූයේ ට්‍රම්පට් නලාවයි. අතීතයේදී තැඹිලි වලු පිටින් හොරා කෑ ජෝතියා වාදනය කලේද මේ වාදන භාණ්ඩයමය. ත්‍යාග ප්‍රදානෝත්සවයන්හිදී ට්‍රම්පට් මගින් නගන කෙටි සංගීත නාදය Fan Fare ලෙස එකල අපි හැදින්වීමු. ආනන්ද අයියා අපිට සැට් කරන්නට යන්නේ Fan Fare ගහන්නට චෑන්ස් එකකි.ඒ වෙද්දී හෙතෙම ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස ගම්පහ නගරයට දුරින් පිහිටි එක්තරා මිශ්‍ර පාසලක සේවය කරමින් සිටියේය. මේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යම් වෙනස්කමක් කරන්නට පාසලෙන් ඔහුට ලැබුන යෝජනාව මත ඔහු දැන් අප හමුවන්නට පැමිණ සිටියි.මල්ලි....මේක දුප්පත් ඉස්කෝලයක් බං...ඒකෙ උන් ට්‍රම්පට් එකක් ඇහැට දැකලා නෑ. උඹලා ඇවිල්ලා මේ වැඩේ කරලා දුන්නොත් ඒක ලොකු පිනක් එක පැත්තකින්....ඒ ළමයි සතුටුවෙනවනෙ බං...ලස්සන කෑලි එහෙම නැද්ද අයියා.....වැඩකට බහින්නට හොඳ උත්තේජනයක් තිබිය යුතුය. අන්න ඒ උත්තේජනය සෙවීමේ අරමුණින් මම කට ඇරියෙමි.ලස්සන කෑලි මොනවටද බොල...සම්පූර්ණ ඒවා පෙන්වන්නම් අාවම...ලස්සන කෙල්ලො ගොඩාක් ඉන්නවා ඉස්කෝලෙ....බෑන්ඩ් එකේ තමයි හුගදෙනෙක් ඉන්නෙ....උඹලා ආවම බලහල්ලකො මම කියන්නෙ බොරුද කියලා.එහෙනං මල්ලිලා අහවල් දවසෙ අහවල් වෙලාව වෙද්දි..අහවල් තැනට බස් එකේ වරෙල්ලා...එතැන ඉඳන් මම ප්‍රවාහන පහසුකම් දෙන්නම්. ආනන්ද අයියා වැඩේ පංගරාර්තු කොට වාෂ්ප වී ගියේය.Fan Fare රාජකාරිය සඳහා පිටත් වෙන්නට ඛණ්ඩයේ එවකට සැරයන් වරයා වූ ලොකු අයියා යෝජනා කලේ සිරා කොලුවා, ජෝතියා, සහ තරින්ද්‍ර නම් තවත් එකෙකි. අප තිදෙනාම එක් වී පුහුණුවීම් කොට එකිනෙකට වෙනස් සංගීත ඛණ්ඩ තුනක් පුරුදු පුහුණු වූයෙමු.බෑන්ඩ් මාස්ටර් දැන් සිටින්නේ සතුටෙනි. තමන්ගේ ගෝලයන් තිදෙනෙක් පාසලට පරිබාහිර තැනක ශිල්ප දක්වන්නට හා හා පුරා යන ගමන පිළිබඳ එතුමා සිටින්නේ තෘප්තියෙනි. කොල්ලො වැඩේ දෙන්න ඕනෙ සුපිරියට...ඒ සතුට වචන වලට පෙරළෙයි.නියමිත දිනය උදා වූ පසු...අපට එන්නට නියම කල වේලාව අනුව ට්‍රම්පට් නලා තුනක් ට්‍රම්පට් පෙට්ටි වල ඇසුරුම් කොටගෙන අප තිදෙනා පාසල ඉදිරිපසින් කිරිඳිවැල බසයකට ගොඩවෙන්නට තූර්ය වාදක කාමරයෙන් පිටත් වෙන විටත් අපේ සගයෝ පිටියේ පුහුණුවීම් වල නිරතව සිටියහ.හොඳ කෑල්ලක් ගොඩ දාගනියව්...අයිය බඩා මෙන්ම ලොකු අයියාද අපට සුභ පතා සමුදුන්නෝය.කිරිඳිවැල බස් රථය ගම් නියම් ගම්, වෙල් යාය පසුකරමින් ඉදිරියට ඇදෙයි. පාර අයිනට වෙන්න දකුණු අත පැත්තෙ තියෙනවා බෝධියක්...එතනම තමයි බස් හෝල්ට් එක.අන්න එතැනින් බහින්න...ආනන්ද අයියා පැවසූ අයුරින්ම බෝධිය සොයාගෙන අප බස් රථයෙන් බිමට බසින විට විද්‍යාලයේ වැඩිහිටි සිසුන් කීප දෙනෙකු සමග අප පිළිගන්නට ඔහු එහි රැදී සිටියේය.එතැන් සිට පාසල වෙත තවත් මාර්ගයකි. එහි සිටි ශිෂ්‍යයෝ තිදෙනෙක් ඔවුන්ගේ බයිසිකල් වල අප හිඳුවාගෙන පාසල බලා එක් පිම්මේ පාගන්නට විය. ට්‍රම්පට් පෙට්ටිය වැටෙන්නට නොදී අල්ලාගෙන අප තිදෙනා බයිසිකල් හරස් පොල්ලට පශ්චාත් භාගය තදකර ගෙන විනාඩි 10 ක පමණ දුරක් යන්නට ඇත.පින්තූරය මෙතැනින්පාසලට ලගා වන විට එහි පැවතියේ මගුල් සිරියකි. ප්‍රධාන ආරාධිතයා පිළිගැනීමට ඇති පදම් රෝස පවුඩර් උලා ගත් දැරිවියන්ගෙන් සමන්විත වූ තූර්ය වාදක කණ්ඩායමක් එතැන සැදී පැහැදී සිටියහ. ඉතාමත් උණුසුම් අන්දමින් අප තිදෙනා පිළිගත් ගුරු භවතුන් කීප දෙනෙකු අපට රැදී ඉන්නට ස්ථානයක් නියම කොට විසිර ගියහ.ඉතා විසිතුරු හැට්ටයකින් හා චීත්තයකින් සැරසුනු මේ යුවතියන් බහුතරයක් සැබෑ ලෙසම ලස්සන උන්ය. උන්ගේ සුන්දරත්වය මගේ මෙන්ම අනිත් උන් දෙදෙනාගේද හෘදය වස්තු කම්පොනය කොරන්නට සමත් වූහ. යුවතියෝ ආරාධිත අමුත්තා පිළිගෙන විද්‍යාලය තුලට කැඳවාගෙන විත් අප සමීපයට පැමිණියහ.අපේ විද්‍යාලයේ කීර්තිනාමයත්, අප තිදෙනාද තූර්ය වාදක ඛණ්ඩයක සාමාජිකයන් වීමත් යන කාරණා හේතුවෙන් ඒ ඇත්තියෝ අප සමග දොඩමළු වන්නට අර අදින බව පෙනෙයි. යුවතියන් රැසක් අතර අතරමං වූ සිරා කොලුවා වන මම අවසානයේදී රබන් වැයූ සුන්දර එකියක් කෙරෙහි ආශක්ත වූයෙමි. ලව් තියා ඉලව් වත් නැති අසරණයෙක් වූ ජෝතියාද තවත් එකියකට ලයින් වූයේය. තරින්ද්‍රයා ඒ වෙද්දිත් පෙම්බරයෙක් වී සිටි නිසා කිසිවෙකුට ලයින් දමන්නට ගියේ නැත...හොඳ දරුවෙක් මං චරිතය රඟ පෑවේය.ඉතින් කොහොමද .හොඳයි අයියා....ඔයාලා අද එනවා කියලා ආනන්ද සර් කිව්වා...ඉතිං අපි එනකං බලාන හිටියද .ඉඳා....අපිට වෙන වැඩක් නෑනෙ...කෙල්ලන්ගේ කිච් බිචිය අස්සේ ගුරු මණ්ඩලයේ කීප දෙනෙකු පැමිණ අප සංග්‍රහ කරන කලාපයට කැටුව ගියෝය.එහෙත් සංග්‍රහ භූමියෙන් පලාවිත් රබානට මුවා වෙන්නටම මට සිතෙයි...ජෝතියො ඕක ලෙව කකා ඉන්නෙ නැතුව ඉක්මනට යමං යකෝ....අර කෑල්ලක් කොහොම හරි සැට් කරගමු.මගේ වචනයෙන් පුරුෂ දහිරිය ඉපදුන නිසාදෝ දුම් දමන තේ කෝප්පය එක හුස්මට බොක්කට හලා ගත් ජෝතියාද සංග්‍රහ කලාපයෙන් නික්මී මා සමග නැවතත් දැරිවියන් අභියසට පැමිණෙන්නට විය.අප එහි යන විට තරින්ද්‍රයා මල් පාත්තියකට මැදිව සිටියේය...කොයි අයියද ජෝතියා කියන්නෙ....එකියක් එළියට පනින්නට පොර කන හිනාව අතින් තදකරගෙන ඇසුවාය. අප සංග්‍රහය භුක්ති විද පැමිණෙන ටිකට ජෝතියාගේ භෞමික අඛණ්ඩතාව මොට වීම සැබවින්ම ඛේදජනකය.ලැජ්ජාව නිසාම සෝ බරව සිටි ජෝතියා පසෙක සිටියත් සිරා කොලුවා වන මම රබානට ඇහැ දුන්නෙමි.රබන් නංගියාද මගේ ඉඟි බිඟි තේරුම් ගත් නිසාදෝ රබාන කරකවමින් විළියෙන් ඇඹරුනාය. මේ ආකාරයෙන් අපේ පිළිසදර හෝරාවක් දෙකක් පමණ තිබෙන්නට ඇත. අපේ මුහුණු වලින් පිටතට බේරෙන පෙම් පාට නිසාදෝ විද්‍යාලයේ ගුරු මව්වරුන් මේ කෙල්ලන් සහ අප දෙස විමසිල්ලෙන් බලා සිටින බව ඒ වන විටත් මගේ අක්මාවට දැනී තිබුනි.ප්‍රේමයට කොහෙදෝ නැති බාධා.....යන කියමන සිහිපත් කරමින් ආනන්ද අයියා හදිසියේම එහි පැමිණ අපේ අාතොල් එක මොට කලේය.මල්ලිලා වැඩේ හරි පළවෙනි සෙට් එකට තෑගි දෙන්න යන්නෙ...ඉස්කෝලෙ නම හිටින්නත් එක්ක දීහල්ලා වැඩේ තිතට...Fan Fare ගැහිල්ලට කළුවා මාරපන ගියා වගේ යන්නේ නැත. තිදෙනාම එකම ආකාරයකින් පියවර තබමින් ගමනේ ගොස් එකටම නැවතී දකුණට හැරී නතර විය යුතුය. අපගේ වාදන භාණ්ඩයන් ඔසවන්නේ මෙන්ම පහත් කරන්නේද එකටමය. මේ සදහා අණ දෙන්නේ මැද්දෙන් සිටි ජෝතියාය.ගමන පිටත් වීමට ප්‍රථම අප පුහුණුවීම් කර තිබෙන සංගීත ඛණ්ඩ වලින් වාදනය කරන්නේ කුමන එකදැයි කථිකා කර ගතිමු. ඒ නිසා වැරදීමක් නැත. වැඩේ ලස්සනට ගලාගෙන යයි. ආනන්ද අයියා ත්‍යාග ප්‍රධානයක් සිදුවන විට අප කරා පැමිණ දැනුම් දෙයි..ඒ වනතෙක් රබන් වයන්නට අපට අවසර තිබේ.මේ අයුරින් වාර 10 කට පමණ ආසන්නව අප විසින් වාදනය කළෙමු. තවත් එක් අවස්ථාවක් පමණක් ඉතිරිව තිබේ. ජෝතියා ලයින් කල දැරිවිය මේකාගේ සීදේවි මුහුණ දැක පසුබා ගිය නිසාදෝ ඒකා සන්තාපයෙනි. නමුත් මගේ රබාන එසේ නැත. ඇය මට ප්‍රාර්ථනාවේ එළි දල්වන්නීය.වැඩක් නෑ බං....මුන් නලලට අරගෙන...නරියා මිදි තිත්තයි කිව්වා සේ ජෝතියාට ලව් කිරීම එපා වී ඇති සෙයකි.මල්ලිලා...අන්තිම එක...මේකත් ගැහුවම උඹලා නිදහස්...ආනන්ද අයියා මොර දෙයි. පෙර පරිදිම ගමනේ ගොස් ජෝතියාගේ අණ අනුව වාදන භාණ්ඩ ඔසවාගෙන වාදනය අරඹන්නට අපි නැවතත් සූජානමෙනි. වාදනය අරඹන්නේද ජෝතියාගේ විධානය අනුවය.මමත් තරින්ද්‍රයාත් ගිවිස ගත් සංගීත ඛණ්ඩය වයන විට ජෝතියා පෙම් මරගාතේ වෙන රෙද්දක් වාදනය කළේය. වැඩේ සාටර් බව ඒකාගේ පුංචි මොළයට වැටහෙන විට ජෝතියා වාදනය නවතා අප දෙදෙනාට අවස්ථාව දුන්නද ඒ වන විටත් සායම හේදී අවසන්ය.ලොකු බෑන්ඩ් එකක ලොකු අයියලා ලෙස නංගිලාට පොරවල් වී සිටි අප ක්ෂණිකව මහපොළවට ඇඳ වැටී තිබේ. බෑන්ඩ් කෙල්ලන් අපට නොපෙනෙන්නට කිචිබිචි ගෑවාට...අප සැලුනේ නැත.මොන රෙද්දක්ද බොල තෝ ගැහුවෙ...මම ජෝතියාව මරාගෙන කන්නට හදන විට ඒකා කිව්වේ එතැනට ගිය පසු අප යන්නට පෙර කල කථිකාව අමතකව ගිය බවකි.රබන් නංගී රෝස පැහැ වත දරාගෙන මා දෙස බලා සිටින්නීය. ටවුමෙ ඉස්කෝලෙ අයියා කෙනෙකු සමග යාලු වෙන්නට ඇය කැමැත්තෙන් ඇතිවාට සැක නැත. එහෙත් මුරුංගා ගහට මන්නෙන් කෙටුවා සේ එක් වරම කැමැත්ත අහන්නට ක්‍රමයකුත් නැත. ඒ දිනවල ජංගම දුරබණු හෝ මූණුපොත තිබුනා නම් මේ කාරිය බොහෝ පහසු වන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් අද වන විට සිරා කොලුවා සිව්දරු පියෙකු වන්නට ඉඩ තිබුනි.දැන් ඉතින් සියල්ලෝ විසිර යන්නට සූජානමෙනි. නමුත් සිරා කොලුවාගේ හිත රබාන මැද තනිවී තිබේ. රබන් කෙල්ල ඈතට වී මා දෙස බලා සිටියි. මමද ඈ දෙස බලා සිටිමි. අපේ නෙත්යුග එකිනෙකා හා කථා කරයි.ජෝතියා අර කෙල්ල මට කැමතියි වගේ බං....මොකද කරන්නෙ....මම ජෝතියාගෙන් ඇසීමි.මොනවා කරන්නද....ගිහිං අහපං....ඒකා විනිශ්චය දුන්නේය.එහෙත් ඒ දිනවල සිරා කොලුවාගේ පුරුෂ දහිරිය අද මෙන් වර්ධනය වී තිබුනේ නැති නිසා මම ඒ කාරිය කලේ නැත.ක්‍රීඩා උළෙලේ සියලු කාර්යයන් නිමවී තවත් සංග්‍රහ වටයකට සහභාගි වී අපට එතැනින් සමුගන්නට කාලය පැමිණ තිබේ.ලියුම් කවර වල බහා අපහට තුටු පඬුරක් පිළිගන්වන්නට ආනන්ද අයියා සූජානමෙනි.මේක ගන්න මල්ලි...උඹලා මහන්සි උනානෙ...පිස්සුද අයියා....අපිට සල්ලි එපා...අපි මේ වැඩේ කලේ ඔයා නිසා....අපි තිදෙනා මුදල් නොගෙන ඉන්නට තීරණය කළෙමු. එහෙත් ආනන්ද අයියා මුදල් දෙන්නටම වෙර දරයි. කෙසේ හෝ අප තිදෙනා දිගින් දිගටම මුදල් නොගත් නිසා ඒ උත්සාහය අවසානයේ අත් හරින්නට ඔහුට සිදුවිය.කෙමෙන් කෙමෙන් අඳුර උදාවන පැයේ පාසල් භූමියේ රැදෙන්නට තවත් අවසර නැත. එතෙක් කල් දෙනෙත් මායිමේ සිටි රබාන මටත් නොකියාම සමුගෙන ගොසිනි. සෑම හමුවීමකම වෙන් වීමක් තියෙනවා නේදැයි මම කල්පනා කළෙමි.මල්ලිලා බොහොම ස්තූතියි....ස්තූතියි අයියා....ස්තූතියි පුතා....නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් අප තිදෙනාට ස්තූති කළෝය...අප මේ ගමන පැමිණෙන විට අප රැගෙන ආවේ ට්‍රම්පට් පෙට්ටිය පමණි...එහෙත් ආපසු යන්නේ එයට අමතරව සොඳුරු මතකයක් හිත දරාගෙනය. රබන් කෙල්ලගේ රෝස පැහැති වත කමල චිත්ත රූපයකට නගමින් මම පා පැදියේ හරස් පොල්ලට බර දුනිමි. තවත් මොහොතකින් අපි බෝධිය අසල බස් නැවතුමට පිවිසියෙමු.අප එදා පාසලට නැවත යන විටත් ලොකු අයියා සහ අයිය බඩා ඇතුළු කීප දෙනෙකු පාසලේ සිටියහ. තරින්ද්‍රයා සිදුවූ සියලු දේ නොවලහා කීවෙන් ලොකු අයියා කෝචොක් සිනහවක් නගයි.තොපි තුන්දෙනාම වටවෙලා රබාන පලන්න හැදුවද යකෝ.....දුන්න සල්ලි නොගෙන....අපරාදෙ ගල් බෝතලයක් ගහන්න තිබුන චෑන්ස් එක..තොපි එනකං මෙතන මදුරුවො තැලුවටත් පාඩුයි. ලොකු අයියා විස්සෝප වද්දී මම නැවත වතාවක් රබාන සිහිපත් කළෙමි.මම කාමරේ අරින සිරා කොලුවා.
BLOG
2014.12.07
http://siragekamare.blogspot.com
ඇපල් ගැන කථා
සිරාගෙ කාමරේ
රෝස පවුලට අයත් Malus Domestica නැමති කුළය යටතට ගැනෙන ඇපල් නැමති පළතුර ලොකු කුඩා සැමගේ ආදරය දිනාගත්, පළතුරු ලෝකයේ ඉහළම තැනක තිබෙන පළතුරකි. ඇපල් ගෙඩියේ ඇති වර්ණයත්, එහි සුවඳත්, එයටම ආවේණික රසයත් සෑම කෙනෙකුම මේ පළතුර වෙත ආකර්ශනය කරගන්නට සමත් වී තිබේ. වර්තමානය වන විට ලෝකය පුරාම මහා පරිමාණයෙන් අැපල් වෙළඳාම සිදුවන අතර ලෝක ඇපල් නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ චීනයයි. චීනයට පසුව ලෝක ඇපල් නිෂ්පාදනයේ දැවැන්තයින් ලෙස ඇමරිකාව, තුර්කිය සහ ඉතාලිය යන රටවල් දැක්විය හැකි වෙයි.ඇපල් පළතුරේ ඉතිහාසය ක්‍රිස්තු උපතටත් පෙර කාලයකට දිවෙන අතර මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නාමයද ඒ ඇතැම් තැනක දක්නට ලැබේ. බොහෝ දෙනා පිළිගන්නා කාරණය නම් මධ්‍යම ආසියාවෙන් ඇපල් ලොව පුරා පැතිරුන බවකි. එය ඇමරිකාවට ගෙන ගොස් ඇත්තේ ආසියාවේ සිට එහි ගිය ජනපදිකයන් විසිනි. පළතුරක් ලෙස ආහාරයට ගැනීම, විවිධ පාන වර්ග සහ වෙනත් ආහාර වර්ග ලෙස පසු සැකසුම් කිරීම සහ මත්පැන් නිෂ්පාදනය යන ආකාර 3 ලෝක ඇපල් නිෂ්පාදනය භාවිතා කරන ප්‍රධාන විධි ක්‍රම වෙති.ආදම් සහ ඒවා තහනම් ගහේ ඇපල් කෑ කථාව බොහෝ දෙනා අසා ඇති එකකි. අයිසැක් නිව්ටන් මහා විද්‍යඥයාගේ හිසට ඇපල් ගෙඩියක් නොවැටෙන්නට අප තවමත් ගුරුත්වාකර්ෂණය පිළිබද මූලධර්මයන් නොදැන ඉන්නටත් ඉඩ තිබුනි. ස්ටීව් ජොබ් විසින් හොයාගත් ඇපල් මගින් මේ ලිිපිය ඔබ දැන් කියවනවා වන්නටත් පුලුවන. ඒ අනුව ඇපල් යන නාමය ජන ජීවිතයට ඉතාම සමීප එකකි.ඇපල් ගෙඩිය වටා යුරෝපයේදී බිහි වී ඇති මිථ්‍යා කථා සංඛ්‍යාවද විශාල අගයක් ගනී. ජර්මන් මිථ්‍යා කථාවකට අනුව Iduna නම් දෙවඟන දෙවිවරුන්ට සදාකාලික තරුණ බව ලබාදීමට ඇපල් සැපයූ තැනැත්තිය බව කියවෙයි. ග්‍රීක ආගමික කථා බොහොමයක එය ගුප්ත හෝ තහනම් පළතුරක් ලෙස දැක්වෙයි.Iduna දෙවඟනලංකාවේ වාණිජ ලෙස ඇපල් වවන්නේ නැති වුවත් ඇපල් ගෙඩියට මුවාවී ජීවිතය ගැට ගහගන්නා චරිත සිය දහස් ගනණක් ලක් පොළවේ ජීවත් වෙති. රෝහලකට රෝගියෙකු බලන්නට ගියත්...බස් රථයක දුර ගමනක් ගියත් ඇපල් රැගෙන යන්නට බොහෝ අය කැමතිය.දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම හදවත් රෝග වලින් ඔබ ඈත් කර තැබීමට ඉවහල් වන බවක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් මෑතකදී සොයාගෙන තිබුනි. ඒ නිසාම ඇපල් යනු හදවතේ මිතුරෙක් ලෙසද හඳුන්වයි. එහෙත් ලංකාවේ බොහෝ තැනක අළෙවියට තබා ඇති විවිධ රසායන ද්‍රව්‍ය මගින් එළදායී ජීව කාලයෙන් පසුවද ආයුෂ දිගුකරගත් ඇපල් භාවිතයෙන් නම් ඒ ප්‍රතිලාභය ලබාගත හැකි වේ දැයි සැක සහිතය. ඒ කාරණා කෙසේ වෙතත් ඔබ නිතරම හපනා මුත් ඇපල් ගැන නොදන්නා කාරණා කීපයක් ගැන ජාලයෙන් පෙරලා ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි.ඇපල් පෝෂ්‍ය දායක ආහාරයක්ද .ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අපගේ ඉන්ද්‍රියන් තුල විටමින් සහ වෙනත් පෝෂක වර්ග ප්‍රති ඔක්සිකරණය වීම ග්‍රීන් ටී හෝ බ්ලැක් ටී මෙන් දෙගුණයක අගයක් ගන්නා බව පෝෂණවේදීන් මේ වනවිට සනාථ කොට තිබේ. එහෙමත් නැති නම් බ්ලූබෙරි වට්ටියකින් භාගයක පෝෂණය එක ඇපල් ගෙඩියක අන්තර්ගතව තිබේ. මේ තොරතුරු පුදුම සහගත වුවත් එය සත්‍යයකි.ඔස්ට්‍රේලියානු සමීක්ෂණ සමූහය (CSIRO) මගින් වසර 10 පුරාවට ඇපල් පිළිබඳ සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵල ඔවුන්ගේ 2010 ඇපල් වාර්තාවට එකතු කොට තිබේ. එයට ඔවුන් දායක කරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේදී වවන ඇපල් විශේෂයි.සාමාන්‍ය පරිදි ඇපල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩුකරගත හැකි බවත්, විශේෂයෙන් උදරය ආශ්‍රිත මේදය අඩුකරගත හැකි බවත් ඔවුන් පවසති. නවීන විද්‍යාව තුලින්ද ඇදුම, ආසාත්මිකතාව වැනි තත්වයන් ඇපල් ආහාරයට ගැනීමෙන් අඩු කල හැකි බව සොයාගෙන තිබේ. ඇපල් තුල අන්තර්ගත ස්වභාවික රසායනික සංඝටක විශාල ප්‍රමාණයක් අතරින් Polyphenol නැමති රසායනිකය අපගේ සම කෙරෙහි බලපෑම් ඇති කරන එකකි. ඇපල් ගෙඩියේ පොත්ත ඉවත්කර ආහාරයට ගැනීමෙන් මෙම රසායනය නොලැබී යන අතර කුඩා දරුවන්ට ඇපල් ලබා දීමට පෙර ඒවා කැබලි වලට කපා වෙන් කිරීමේදී,පොත්ත වැඩිපුර ඇතුලුවන සේ කැපීම යෝග්‍ය බව පිළිගැනීමයි.ඇපල් නැමති පළතුර ශීතාගාර තුල බොහෝ කල් තබා ගත හැකි එකකි. එය දිගුකාලයක් එසේ ගබඩා කර ඇති ශීතාගාරයකට ඇතුලු වීම අනතුරුදායක වෙයි. එහි විෂ සහිත වායූන් නැත. නමුත් ශීත කල ඇපල් ගබඩාවක් තුල ඔක්සිජන් නැත. ඒ නිසාම ඒ තුලට ඇතුලුවන අයෙක් ඔක්සිජන් රහිත නිසා මරු වසගයට යා හැකිය. සෙල්සියස් අංශක දශම 5 ක උෂ්ණත්වයක් ඇති මේ ගබඩාවක ඇපල් ගෙඩි ආශ්වාස (Respiration) කරන්නේත්, මේරීමට ලක් වෙන්නේත් ඉතා සෙමිනි. ඒ නිසාම ඇපල් ගෙඩියේ ජීවකාලය දිගු වී තිබේ.සම්ප්‍රදායිකව ශීත කල ගබඩා තුල ඇපල් ගබඩා කොට තබා..ඇපල් ඵලදාව හට නොගන්නා කාලයට ඒවා පරිභෝජනය කිරීමට මිනිසුන් අතීතයේ සිටම හුරුව තිබේ. ඇපල් වල අඩංගු ආහාරමය තන්තු පෝෂ්‍යගුණයෙන් මෙන්ම ආහාරයට ගත් පසු ශරීරය තුල ප්‍රතිඔක්සිකරණ කර්තව්‍යයටත් දායක වන අතර මේ තන්තු කල්තබා ගැනීමේ ක්‍රියාවලියේදී හානියට පත් නොවීම සුවිශේෂී කරුණකි.1873 දී ඔස්ට්‍රේලියානු ඇපල් තොගයක් වාෂ්ප නැවක් මගින් වියානාවේ ප්‍රදර්ශනයක් වෙත ගෙන ගිය අතර, ඒ අවස්ථාවේදීද ඒ නෞකාවේ ඇපල් ගබඩා කිරීමට ශීත කාමර ඉඳිකොට තිබුනි. මේ ආකාරයෙන් ගබඩා කරන ඇපල් ගෙඩියක් මාස 9 කට පසු වුවද නැවුම් බවින් යුතු වන අතර රසයෙන්ද අනූනය.අැපල් ගෙඩි මේරීමට ලක්වන වේගය ඒ ඒ දේශගුණික කලාපය සහ ඇපල් වර්ගය අනුව වෙනස් වන එකකි. ඇපල් ගෙඩියක මේරීම අවස්ථා 6 අනුව වර්ග කොට තිබේ. ඇපල් ගෙඩියක තද බව විනිවිදුම් මානය (penetrometer) නැමති උපකරණයක් මගින් මැනගනියි. මෙවැනි කාරණා ඇපල් ගෙඩිය සමග බද්ධවන්නේ වාණිමය වශයෙන් ඇපල් සමග ගණුදෙනු කරන විටදීය. ඇපල් ගෙඩියේ පැණිරස, එහි ඇති පිෂ්ඨය ප්‍රමාණය, රතු සහ කොළ පැහැය අතර තීව්‍රතාවය වැනි කාරණාද ඇපල් ගෙඩියේ මේරීම වර්ග කරන අවස්ථා 6 ට ඇතුලත් වෙති. රසවත් මෙන්ම පහසුවෙන් හපන්නට පුලුවන් ඇපල් ගෙඩියක් වන්නට නම් ඇපල් ගෙඩිය තුල සීනි මෙන්ම පිෂ්ඨයද සමපාත විය යුතුය. මේ තත්වය ඇපල් ඵලදාව නෙලන්නට කලියෙන් මෙන්ම නෙලාගත් පසුවද පරීක්ෂා කරනු ලබයි.ඔබ ආහාරයට ගන්නා ඇපල් ගෙඩිය පරිගණක තාක්ෂණය සහිත විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නෙලාගත්තේ යැයි ඔබ සිතනවා නම් ඔස්ට්‍රේලියන් ඇපල් සම්බන්ධව එය නිවැරදි නොවේ. ඔස්ට්‍රේලියානු ඇපල් ගෙඩියක් ගෙඩියක් පාසා මිනිස් දෑතින් නෙලාගනු ලැබේ. නෙලාගන්නා ඇපල් ගෙඩිය එය නෙලන පුද්ගලයාට සම්බන්ධ කල බෑගයක් තුල තැන්පත් කොට පසුව ඇපල් ගබඩා කිරීම සඳහා දැවයෙන් නිර්මිත විශේෂ භාජන විශේෂයක් වෙත හිස්කරයි. මේ ඇපල් වතු වෙත කාබනික කෘමිනාශක එකතු කරන්නේ පිලවුන් සහ වෙනත් කෘමීන්ගෙන් එල්ලවන හානිය නැති කොට ඒ කෘමීන් ඇපල් වගාවෙන් සහමුලින් ඉවත් කිරීම සඳහාය. ඔස්ට්‍රේලියානු ඇපල් වල කාබනික රසායනික මට්ටම ඉතා පහළ අගයක් ගන්නා අතර එය සම්මත ආරක්ෂාකාරී තත්වයන්ට අනුකූල වෙයි.ඔස්ට්‍රේලියාවේදී ඇපල් ඵලදාව නෙලන අන්දමඇපල් එකතු කර තබන ලෑලි පෙට්ටියක්ඔබ මිළදී ගන්නා ඇපල් ගෙඩියේ පොත්ත මත ඉටි විශේෂයක් තවරා තිබෙනු ඔබ ඇතැම් විටෙක දැක තිබෙනවා වන්නට පුලුවන. ඇපල් ගෙඩියේ ලෙල්ල මත ස්වභාවිකව ඇති වෙන ඉටි විශේෂයෙක් වෙයි. ඇපල් ගසකින් ඔබ විසින්ම නෙලාගන්නා ලද ඇපල් ගෙඩියක් ඔබේ කලිසමේ තදින් ඇතිල්ලූ විට එහි පොත්ත දිලිසෙන බවක් ඔබට අත්දකින්නට හැකිවෙනු ඇත. ඒසේ වන්නේ ඒ ස්ථානයේ වූ ස්වභාවික ඉටි ආවරණය ඉවත් වී තිබෙන නිසාය. අළෙවිය සඳහා පළදාව නෙලීමෙන් අනතුරුව වෙළදපොල වෙත යැවීමට ප්‍රථමයෙන් සිදු කරන සැකසීමේ ක්‍රියාවලිය තුලදී ඇපල් වල ස්වභාවික ඉටි ආවරණය ඉවත් වන නිසා ඒ වෙනුවට එළවළු තෙල් ආශ්‍රයෙන් නිපදවන ඉටි විශේෂයක් ඇපල් වෙත එකතු කරයි. එය නොමැතිව ඇපල් කල්තබා ගත හැකි කාලය අවම වෙයි.ඇපල් ගැන කථාව අහවර කරමින් වඩා වැඳගත් කථාවක් ඔබට කියන්නට මේ හොඳම වේලාව යැයි මගේ අක්මාවට දැනෙයි. චෙරි,පීච්,ආමන්ඩ් වැනි රෝස පවුලට අයත් වෙනත් පළතුරු වල මෙන්ම ඇපල් ගෙඩියේද ඇට ආහාරයට නුසුදුසු වෙයි. ඇපල් ඇට තුල විෂ සහිත සයිනයිඩ් විශේෂයක් කුඩා ප්‍රමාණයෙන් අන්තර්ගත බව නවතම පරීක්ෂණ මගින් සහතික කොට තිබේ. කුඩා දරුවන්ට ඇපල් ආහාරයට ලබා දෙන විට ඇට ඉවත් කර දෙන්නට හැම විටෙකම උත්සුක වන්න. මේ ඇට හපා ගිලීමෙන් ආහාර ජීරණ පද්ධතිය තුලදී එහි විෂ ශරීරයට එකතු වෙයි. එය විවිධ සංකූලතා ඇති කරන්නට සමත් වන්නට පුලුවන.අපි නැවතත් ලංකාව දෙසට හැරෙමු. පිටකොටුවේ ඇපල් වෙළෙන්දන් රාශියකි. මොවුන් ඇපල් අළෙවි කරන අතර තුර ගණුදෙනුකරුගේ ඇස වසා හොඳ ඇපල් අතරට තැලී පොඩිවී ගිය ඇපල්ද, කල් ඉකුත්ව ගිය ඇපල්ද එකතු කරන බවට කලෙකට ඉහතදී රාවයක් පැතිරුණි. එය ඇතමෙකු විසින් පිටකොටුවේ ඇපල් මාෆියාව නම් හැඩකාර නමකින්ද හඳුන්වන ලදී.හැඩකාර තරුණියක් මෙලෝ රහක් නැති තරුණයකු සමග ආලයෙන් වෙළුන විටකද....හොඳ ඇපල් කන්නෙම පණුවො යනුවෙන් පවසා පපු කැණැත්ත සැහැල්ලු කරගැනීමටද සිරි ලංකාවේ තරුණයා සමත් වෙති.අද ලිපියට මූලාශ්‍රයමම කාමරේ අරින සිරා කොලුවා.ප.ලිමේ ලිපිය සඳහා ප්‍රස්තූතය බවට පත්කරගෙන ඇත්තේ තත්වයෙන් උසස් ඔස්ට්‍රේලියන් ඇපල්ය. නමුත් ශ්‍රී ලංකා වෙළඳ පොලේ වැඩි වශයෙන් දකින්නට ඇත්තේ තත්වයෙන් බාල චීන ඇපල් බව මා අසා තිබේ. ඒවා භාවිතයෙන් මේ කියන ප්‍රතිලාභම අත්කරගත හැකිදැයි මම නොදනිමි.
BLOG
2014.11.30
http://siragekamare.blogspot.com
මා දුටු ඉන්දියාව
සිරාගෙ කාමරේ
මම වසර 6 කට මඳක් වැඩි කාලයක් අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගර කීපයකම සේවය කලෙමි. ඉන්දියාව යනු රටක් නොව මුළු ලෝකයම යැයි සමහරු කියනවා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අති විශාල මේ රට පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.මට ඉන්දියාව බල යාමට සිදු වූයේ මා සේවය කරන ශ්‍රී ලංකා සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් අනුවය. එහි යන්නට පළමුව ඉන්දියාව පිළිබඳ නොයෙකුත් කතා මා අසා තිබුනෙමි. දඹදිව යන උදවිය නම් කියන්නේ එය ගූ ගඳ ගහනා රටක් බවකි.මෙය මාගේ පළමු විදේශ සවාරිය විය. මුලින් තනිව යාමට සිදු වේ යයි සිතුවත් මා සමග තවත් මිත්‍රයෙක් ගමනට එකතු විය . එම නිසා කිසිදු බියක් නොමැතිව මම ගමනට පිටත් උනෙමි. ප්‍රථමයෙන් අපි චෙන්නායි බලා පියාසර කළෙමු. කිසිදු අපහසුවකින් තොරව චෙන්නායි ගුවන් තොටුපලෙන් ඉවතට ගිය අපි ඒ වන විටත් ඉන්දියාවේ සේවයේ නිරතව සිටි අපගේ මිත්‍රයා සොයා ගියෙමු. සිහින් සිනහවක් නගාගත් ඔහු “උඹට මුම්බායි යන්න කිව්වා, මෙන්න ටිකට් එක” යයි පැවසිය. එතෙක් දැන සිටි මිත්‍රයන් සමග එකට ඉන්නට වරම් නොලද මම තනිවම මගේ ගමන ආරම්භ කළෙමි. කෙසේ හෝ යන්තම් මුම්බායි ගුවන්තොටුපලෙන් ඉවතට පැමිණ එහි රැදී සිටි අපගේ සේවා ස්ථානයේ සේවයේ නියුතු පුද්ගලයා සමග නවාතැන බල පිටත් උනෙමි.මාර්ගයේ සංඥා එළියක රථය නැවතුනු පසු වාහනය වටකරගත් , හත් අවුරුද්දකින්වත් දිය බිඳක් දැක නැති පොඩි කොල්ලෝ කුරුට්ටෝ සහ කෙල්ලන් අපගෙන් මුදල් ඉල්ලන්නට වුහ. “ මෙහෙ ඉතින් ඔහොම තමා...මගේ ඉන්දියානු ජාතික සහායකයා සැහැල්ලුවෙන් පැවසුවේය.පසුදින උදෑසන නවාතැන් ගත් හෝටලයෙන් උදේ ආහාරය ඇනවුම් කිරීමට කථා කලෙමි. ආහාර මෙනු එකක් තිබුනේ නැත. ඇමතුම ගත් පසු අනෙත් පසින් මොනවදෝ වට්ටෝරුවක් කියවන්නට පටන් ගත්තේය. මට වැටහුනු ලබ්බක් නැත. ඕන එකක් කියා මම මසාල දෝසා එකක් ඕඩර් කලෙමි.. විනාඩි 20 කට පමණ පසු ඇනවුම ලැබුණි. අල ගුලියක් මැදට දැමු ආප්පයක් වැනි ආහාරයක් ගෙනැවිත් තිබේ. මෙලෝ රහක් නැත.. ගෙදරදී අම්මා විසින් සකසන බත් පතේ අගය මැනවින් වැටහුනි. කුසගින්න නිවා ගත යුතු නිසා ආප්පයෙන් අඩක් පමණ කුස තුලට යවා ගත්තෙමි.. ඒ කෑවේ මසාල දෝසයකි. එදා එපා වූ මසාලා දෝසා ලංකාවට නැවත පැමිණෙන අවස්ථාව වන විට නම් මගේ ප්‍රියතම ආහාරය විය...මෙසේ ආරම්භ වූ මගේ ඉන්දියානු ගමන වසර හය හමාරකට පසු පසුගිය ජූලි මාසයේදී නිමා විය.ඒ කාලය අතර තුර මා හට චෙන්නායි , කොචින් , කොයිම්බතුර් , බැංගලෝර්, නෙල්ලුර්, කල්කටා, මුම්බායි, පූනේ, නාසික් , අහමදාබාද් , ඔරන්ගබාඩ් , අම්රිට්සාර්, චන්දිගර් , යන ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. ඒ මගේ සේවා ස්ථානයට පින් සිදු වන්නටය. මේ ස්ථාන අතරින් වැඩි වශයෙන් මාගේ සිත් ගත් තැන් වූයේ බැංගලෝර් හා චන්දිගර් බව කිව යුතුය. මා මුම්බායි වෙත පැමිණියේ 2008 පෙබරවාරි මාසයේදීය. ඒ වන විටත් දුඹුරු පැහැයට හැරී තිබූ ගස් කොලන් එහි පැවති ග්‍රීස්ම සෘතුවේ තරම මා හට කියා පෑවේය. කෙසේ හෝ මාස දෙකකට පසු මට කොචින් බලා යාමට සිදු විය.ඉන්දියාවට ආ පසු හරිත පැහැය මුලින්ම දැක්කේ එදාය. එහි සිටින මිනිසුන් ලාංකිකයන්ට හැඩරුවින් සමානකමක් දක්වති. කරුණාවන්ත කම අතින්ද ඔවුන් යහපත්ය. කේලාම් කීමෙන්ද අග තැන්පත්ය. අපගේ ආයතනයේ සේවය කරන ඇත්තෝ ඒ සදහා විශේෂත්වයක් දක්වයි. වරක් එහි සංචාරය කල මට පුරාණ රජ මාළිගාවක් සහ ඒ හා බැදුණු ස්ථාන දැකබලා ගත හැකි විය.රජ මාළිගයේ තිබු අන්තඃපුරයට යාමටද අමතක නොකළෙමි. වර්තමානයේ එහි කිසිවෙකු නොමැත. නමුත් මේ ගොඩනැගිල්ල පිටුපස පඳුරු අස්සට වන්නට නම් පොඩි පොඩිඅන්තඃපුරදැක ගත හැක. සුළගක් හමන්නේ නැති වුවද පඳුරු සෙලවෙති.ඉන්දියාවේ මා සංචාරය කල ප්‍රාන්ත අතුරින් පොල්තෙල් භාවිතයෙන් ආහාරපිසින්නේ කේරළ ප්‍රාන්තයේ පමණි. අනෙකුත් ප්‍රාන්තවල වෙනත් තෙල් වර්ග භාවිත කරති. තල තෙල්, ඔලිව් තෙල්, අාර්මන්ඩ් තෙල් යනාදී නොයෙකුත් තෙල් වර්ග භාවිතයේ පවතී. කේරළ පරාටා ඉතා රසවත්ය. බත් සහ ව්‍යාංජන උවත් ලංකාවේ රසමය.. අප්පම් (ආප්ප) , ඉඳිඅප්පම් (ඉදි ආප්ප) ද එහි සුලභය.මා පැමිණීමට පෙර සිදුවූ රසවත් සිදුවීමක් වතාවක් මට දැනගත හැකිවිය. එක් දිනක් ලංකාවේ සිට එහි සේවය කිරීමට පැමිණෙන ශ්‍රී ලංකික පවුලක අයවළුන් කැඳවාගෙන ඒමට ආයතනයේ සේවකයෙක් ගුවන් තොටුපලට පිටත් කොට තිබේ. එදින එම පුද්ගලයාට ලංකාවේ කෙනෙක් කියා ඇත්තේ ඔවුන් පිළිගනිද්දී “ සොල්ල වලවාන් “ ලෙස කියන ලෙසත්, එය ලංකාවේ පිළිගන්නා ආචාර විධි ක්‍රමයක් ලෙසත්ය. එය අකුරටම පිළිගත් මේ කියන සේවකයා ඔහුගේ අමුත්තා කී අයුරින්ම ගුවන්තොටුපොළේදීම දෙ අත් එක්කොට “සොල්ල වලවාන්” කියා තිබේ. හෙතෙම තවමත් මේ සිදුවීම නිසා ඉන්දියානුවන් වෙතින් නව නිංගිරා විඳියි. කේරළ ප්‍රාන්තයේ භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ “මලයාලම්” ය. එය දෙමළ භාෂාවට සමාන කමක් දක්වයි. මේ ගීතය මලයාලම් එකකි.කේරළයේ මාස 6ක් පමණ සිටි මට බැංගලෝර් වෙත යාමට දිනය උදා විය. ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් සහ කාළගුණයකින් යුතු බැංගලෝරය මා සිත් ගත් ප්‍රදේශයක් විය. තොරතුරු තාක්ෂණයේ ඉහළ පෙළේ සමාගම් බොහොමයක් මෙහි පිහිටා තිබේ. ඒ නිසාම මෙම ප්‍රාන්තය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ඉන්දියාවේ සෑම පෙදෙසකින්ම පාහේ පැමිණෙන පිරිස් මෙහි සේවය කරති. තොරතුරු තාක්ෂණ ආයතන වල සේවය කරන නිසා බොහොමයක් දෙනා මුදල් අතින්ද ඉතා පොහොසත්ය. නගරයද ඉතා පිරිසිදු මට්ටමක පවතී. ආහාර සඳහා ලංකාවේ පරිදිම බත් සහ ව්‍යංජන මෙහිද ඇත. පිඟාන වෙනුවට ලබා දෙන්නේ කෙසෙල් කොලයයි. එයට බත් සහ ව්‍යාංජන තුනක් අතුරුපස වර්ගයක් සහ මුදවපු කිරි අඩංගුය. අවශ්‍යනම් කිරි වලින් සකසන ගී ද ඒ සදහා එක් කර ගත හැක. බැංගලෝරය අයත් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නඩ නම් වෙයි.මාස 6කට පසු නැවතත් මා හට ස්ථාන මාරුවකි. මම නෙල්ලුර් බල පිටත් උනෙමි. ඒ මසක කාලයක් සදහාය. දුර ගමන් සදහා සැප පහසු බස් රථ බොහොමයක් එහි පවතී. වායුසමීකරණය කරන ලද ඒවා නිදාගැනීමේ පහසුකම්ද සහිතය. එතරම් විශාල නගරයක් නොවන එය තවමත් දියුණු වෙමින් පවතී.නෙල්ලුර් වෙත මා ඇරලවීමට මා සමග ගිය රියදුරු මහතා පඩ ඇරීමට පුදුමාකාර හපනෙකි. ඔහුගේ නම සුබ්බයියා නම් විය. සුබ්බයියා සහ පඩය අතර ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සම්බන්ධයකි. කොහේ ගියත් පඩයක් යැවීමට නම් අමතක කරන්නේම නැත. මඳ දුරක් යන ඔහු රථය නවතා මාර්ගය අයිනේ පඳුරක් වෙත දුවන්නේ පඩයට තිත තබා බොකක් දැමීමටය. මෙවැනි දසුන් මේ නගරයේ සංචාරය කරන අතර තුර බොහෝ විට දැකගත හැකිවෙයි. සමහරු පඳුරු අස්සෙන් එක වරම තම කාර්යය අවසන්ව නැගී සිටියි. එවන් ඇතමෙකුගේ එක පුලියේය.නෙල්ලුර් හිදී අපගේ ආයතනයේ භාණ්ඩ ගබඩාවේ බඩු පැටවීමට වෙනම සේවකයන් පිරිසක් පිටතින් ලබා ගත්තෙමු. ඔවුන් ඒ සඳහා එන්නේ සොල්ල වලවා ගෙනය.එය ඔවුන්ගේ දුප්පත් කමත් දැනුමක් නැති කමත් විය යුතුය. මේ නගරය ආශ්‍රිතව භාවිතා වන ප්‍රධාන භාෂාව වන්නේ “තෙලිඟු” බසයි.. තෙලිඟු බසින් ගැයෙනා මේ ගීතය මට රසවිදීමට මුලින්ම අවස්ථාවක් ලැබුනේ බස් රථයකින් ගමනක් ගිය විටෙකය.නෙල්ලුර් හි සේවය කිරීමෙන් අනතුරුව මගේ නවාතැන වූයේ කල්කටා නගරයයි. කල්කටාව නව නගරය සහ පැරණි නගරය යනුවෙන් නගර දෙකකින් සමන්විතය. පැරණි නගරයට ගිය මට සිහියට නැගුනේ මල්ගුඩි දවසැ රූපවාහිනී නාටකයේ අප දැක තිබු නගරයයි. මිනිසුන් විසින් ඇදගෙන යන රික්ෂෝ, පාර අයිනේ ඇති වතුර පයිප්ප වලින් නාන මිනිසුන්, පැරණි ගොඩනැගිලි වැනි නොයෙකුත් දේ මට දැක ගත හැකි විය. එහි තිබු මහාබෝධි විහාරයටත් , නයිටින්ගේල් වාසය කල පල්ලියටත් අපට යාමට හැකි විය. ඒ අතර පැරණි රජ මාළිගයක් නැරඹීමටද ගියෙමි. එය සාදා ඇත්තේ පාෂාණ භාවිත කරමින්ය.මහා බෝධි විහාරයරජ මාළිගයකල්කටාහි දිවා කල උෂ්ණත්වය ග්‍රීෂ්ම කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 45 ක් වුවද එය රාත්‍රී කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 5 ක් පමණ වන තෙක් පහල බසී.යම් කාල සීමාවකට පසු කල්කටාවට සමුදී මා මුම්බායි බලා පැමිණි අතර එතැන් සිට 2014 ජුලි වනතෙක්ම එහි රැදී සිටියෙමි. මුම්බායි කියා කීවද මා සිටියේ මුම්බායි සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරින් වූ තානේ නම් නගරයකය. ඔවුන්ට එය එතරම් දුරක් නොවේ. ඒ ඔවුන්ගේ රටේ මාර්ග සහා නගර පිහිටන දුර අනුවය. ප්‍රධාන නගර අතර බොහෝ දුරට අධි වේගී මාර්ග පිහිට ඇත. නමුත් ඒවායේ තත්වය අපේ රටේ තරම් නොවේ.. ඉන්දියානුවන්ගේ මා දුටු ලක්ෂණය වුයේ පිළිවෙලක් නැති කමය. මුත්‍රා බරක් ඇති කළෙක එය තැන නොතැන නොබලා නිදහස් කරති.ප්‍රධාන මාර්ග අද්දර සුපිරි ගොඩනැගිලි පිහිටියත් අතුරු මාර්ග වලට පිවිසෙන අපට දැකිය හැක්කේ මුඩුක්කු සහ අපිරිසිදු දසුන්ය. උදෑසනම සහ රාතී‍්‍ර දහයෙන් පමණ පසු එවන් මාර්ගයක ගමන් කරනා අයෙකුට දක්නට හැක්කේ කුඩා ටින් එකකට වතුර තියාගෙන තවකෙකු සමග දොඩමලු වෙමින් පුක රැවටෙන තුරු ඉඳගෙන සිටින උදවියයි. මෙවැනි දසුන් අපිරිසිදු කමේ තරම අපට කියා දෙයි.කොණ්ඩය කැපීමට අවශ්‍ය වූ විටෙක ගසක් යටට ගොස් වුවද කොණ්ඩය කැපීමේ පහසුකම් ඇත. ඉතා සුලු මුදලකට සේවය සලසන බැවින් ආර්ථික තත්වයෙන් පහල සිටින උන් මෙහි පැමිණෙති. ඒ වාගේම මා සිටි නගරය මෙන්ම බොහෝ නගර වලත් පුද්ගලික බස් සේවා නොමැති තරම්ය. ඒ වෙනුවට ඇත්තේ තුන් රෝද රථ සමූහයකි . එය ඔවුන් හදුන්වන්නේ ඔටෝ කියාය. ඕනෑම වෙලාවක ඔනෑම තැනකදී මෙම සේවය ලබා ගත හැකිය. නගරබද මීටර් ඔටෝ ඇතත් නගර සීමාවෙන් පිටතදී මීටර් නැත.බොහෝ විටෙක තුන් රෝද රථයකට කිහිපදෙනෙකු නංවාගෙන ගමන් කරයි. ඒවා ෂෙයාර් ඔටෝ ලෙස හදුන්වයි. සාමාන්‍යයෙන් එහි පිටුපස ආසනයේ තිදෙනාට අමතරව ඉදිරි පස රියදුරු අසුනේ දෙපස තවත් දෙදෙනෙකු නංවාගෙන යයි. එහි හිඳගෙන ගමන් කරන විටෙක පු යන්නේ ක යන්න ඉවතට බරව පවතී. මමද එහි බොහෝ විටක් ගමන් කර ඇත්තෙමි. මා විදේශිකයෙකු ලෙස නොසිතන ඔවුන් මා සමග කථාවට වැටෙන්නට උත්සාහ කල වාර ගණනාවකි.ඉන්දියාවේ අමුතුම දේ තිබේ. දිනෙක මා දුටු මෙවන් කොමඩ් එකක් නිසා කරන්නට ගිය කාර්යයද අමතක වී සිනහා වෙන්නට මට සිදුවිය.සිනහාවෙන් සහ හ්ම් හ්ම් වලින් ඇග බේරා ගෙන මාරුවෙනවා විනා වෙන කොරන්නට අහවල් දෙයක් නැත. කතාවට ගියොත් ඔවුන් අනිවාර්යෙන් පිටස්තරයෙක් බව හදුනා ගනී. එවිට හතරවෙනි තට්ටුවට ගියා හා සමානය.ඕනෑම රජයේ කාර්යයක් කිරීමට පගාව ලබා දිය යුතුය. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ මටද පිහිට වුයේ පනහේ සහ සීයේ නෝට්ටු පමණි. ඒ පොලිසියේ හැටිය . ඔවුන්ට එම රැකියාව ලබා ගැනීමට බොහෝ සේ මුදල් නැතහොත් පගාව දිය යුතුය. එසේ ලබා දුන් පගාව නැවත උපයා ගැනීමට ඔව්හු එළිපිට පගාව ගනිති. එය වැඩි වශයෙන් සිදුවන්නේ ලොරි රියදුරන්ට එරෙහිවය. ලොකු මුදලක් නොවූවත් සුළු සුළු වශයෙන් ජරාව එකතු කරති.. එක්වරක් ට්‍රැෆික් පොලිසියේ සේවය කරන්නෙක් උසස්වීමක් ලබා ගැනීමට ඔහුගේ ලොක්කට ලෙදර් සොෆාවක් (රුපියල් ලක්ෂයක් පමණ වටිනා) ලබා දුන් අයුරු මා හට දැන ගත හැකි විය. ඒ මාගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙනි. මා විසින්ද පෙර කියූ පරිදි මුදලක් අතමිට මොලවා ඇත්තේ ඉතා පහසුවෙන් මගේ කාර්යය ඉටු කර ගැනීමේ මාර්ගය එය නිසයි.ඉපැරණි බෞද්ධ රාජ්‍යයක් වූ ඉන්දියාවේ බෞද්ධ පන්සල් වල නටඹුන් සැම තැනකම පාහේ දැක ගත හැක. අද ඒවා ආශිතව හින්දු කෝවිල් ඉදිවී හමාරය. නමුත් නටබුන් වලින් එහි ඉතිහාසය මනාව පිලිබිබු වෙයි. පහත රූප දකින ඔබට එකල තිබු ප්‍රෞඩත්වය වටහා ගත හැකි වනු ඇත.Elephanta cavesElephanta cavesElephanta cavesElephanta cavesමෙවන් දර්ශනීය නටබුන් බොහෝ තැන්වල දැක ගත හැකි වෙයි.Karla Cavesදුර්ගන්දය , අපිරිසිදුකම ඇතත් ඉන්දියාව දියුණු තත්වයක පවතී.. ඉතා මෑතක නවීකරනය කරන ලද මුම්බායි ගුවන්තොටුපල එ් බව මැනවින් කියා පායි. ඉතා සුපිරි තත්වයෙන් නිමවූ නව පර්යන්ත ගොඩනැගිල්ල ඉතා අලංකාරය. එය ප්‍රවේශ පත්‍ර කවුන්ටර 192 සහ ආගමන විගමන කවුන්ටර් 136 (පිටවීම් 60 ක් හා පැමිණීමේ 76 ) , බැගේජ් බෙල්ට් - 12 කින් සමන්විතය . මෙහි ගුවන් යානා 72ක් එකවර නවතා තැබිය හැක.එසේම ප්‍රධාන නගර ආශිතව ගැහැණු පිරිමි කාණ්ඩයට අයත් නොවන නපුංසක ජනතාව ඇතිවෙන තුරු දැක ගත හැක. එවන් අයකු උදැසන දැකීමද සුබ දසුනක් ලෙස ඉන්දියානුවන් සලකති. ඔවුන් වෙළද සැල් වලට ගොස් මුදල් ලබා ගනිති. වාහන සංඥා එළි ආශ්‍රිතව බොහොමයක් නපුංසකයෝ සිටිති. එලෙස සිටින පිරිමි පාර්ශවයද නැතිව නොවේ. ඒ මුදල් ඉපයීමේ අරමුණින් ය. නපුංසක තාලෙට අත්පුඩි ගසා ඔවුන් මුදල් ඉල්ලීමට පැමිණෙයි. මේ අයට සරණ වන විවිධ සංවිධාන බිහිවී තිබේ.බුදුන්ගේ කාලයේ සිටි නිඝන්ටයන්ගෙන් පැවත එන අය තවමත් ඉන්දියාවේ ජීවත් වෙති. ඒ අතර රාජ්‍ය අනුග්‍රහය ලබනනිඝන්ටයෝද සිටිති. . ඔවුන්ගේ දේශනා පෙන්වන වෙනම රුපවාහිනී නාලිකාවක්ද ඇත. නිඝන්ටයන් ආරාම තුලට වී බැතිමතුන්ගේ පුද සත්කාර ලබමින් වාසය කරති. මා එක් වරක් තම අනුගාමිකයන් සමග යන නිගන්ඨයෙකු දුටුවෙමි. අතීතයේ දවසක මාගේ ගුරුවරයෙකු පැවසූවේ ලංකාවේ මෙවැනි නිඝන්ටයෝ සිටියානම් මෙලහකටත් බලට්ටක් දාලා ඇදලා යනුවෙනි.මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයටලියා එව්වේ චමීර අබේකෝන්.ප.ලිචමීර අබේකෝන් යනු සිරා කොලුවාගේ පන්ති සගයෙකි. වසර හය හමාරකට ආසන්න කාලයක් ඉන්දියාව තුල තම රැකියාව උදෙසා ගෙවා දැමූ චමීර ඔහුගේ අත්දැකීම් වලින් බිඳක් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියමනකට එක් කොට තිබේ. ඒ වෙනුවෙන් සිරා කොලුවා වන මගේ හෘදයාංගම ස්තූතිය මගේ මිතුරා වෙත පළකරමි.
BLOG
2014.11.26
http://siragekamare.blogspot.com
ජැක් කාරයෝ
සිරාගෙ කාමරේ
අද මා බොලාට කියන්නට යන්නේ ජැක්සන්ලා ගැනයි. ජැක්සන් කියූ පමණින් ඔබට පළමුව මතකයට එන්නේ පොප් සංගීත ලොව කිරුළු පලන් මයිකල් ජැක්සන් ලොකු අයියා විය යුතුය. අනේ නැත. මා මේ කියන්නට යන්නේ ඔහු ගැන නොවේය.එහෙනං සිරා කොලුවා කියන්නට තනන්නේ මහ රජතුමාගේ දෑත ශක්තිමත් කරනා පනාපුත්‍ර කුහුඹු පැනියා ගැන විය යුතු යැයි තවෙකෙකු කියනු ඇත. නැත පින්වත, ඔබද නිවැරදි නොවේ. සකලවිද කාන්තා සනුහරය පිළිබද හදිසියේ මා හදවතේ පැන නැගි අකලංක මෙව්වා එකක් නිසා මේ ඇත්තියන්ට පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් බිමන් යන විටෙක දස වද දෙන ජැක්සන්ලා හෙවත් ජැක් කාරයෝ ගැන කියන්නට මෙතැන් සිට සිරා කොලුවාට අවසර දෙනු මැන. තත්වය එසේ වුවද සිරා කොලුවාද ජැක් කාරයෙක් යැයි බොලා කියන්නට බැරි නැත. ඒ නිසාම මම වේලාසනින්ම කියන්නේ මා අහිංසකයෙකු බවයි.බස් රථයක, දුම්රියක නිදහසේ කාන්තාවකට ගමනක් බිමනක් යන්නට බැරි බවට මැසිවිලි නැගෙන්නේ අදක ඊයක සිට නම් නොවේය. සාරියේ පොටට සැමියා ලවා කට්ට ගස්සාගෙන සංවර ලෙස රැකියාවට යන ඇත්තියන්ද, කොට්ට උරයක් වැනි කොට ගවුම් ඇඳගෙන යන බාල මහළු නංගිලාද, පොල්තෙල් බැරිනම් තල තෙල් හෝ උලා හිරට හිරේ කකුල් දෙකටම ඩෙනිම් කලිසම් ඇඳගෙන යන නැන්දලාද, බිම ගෑවෙන තරම් දිගට සායක් ඇද එය කලවා දක්වා පලාගෙන සුදු කකුල පෙන්නාගෙන යන අක්කලාද වෙනසක් නැතිවම මේ කියන ජැක්සන්ලාගේ ගොදුරු වන්නේ පූරුවේ කල ණයක් ගෙවන්නට වාගේය.ජැක්කාරයින්ට වයස් භේදයක් නැත, තැනක් නොතැනක් නැත, ගොදුරට ගන්නා කාන්තාව කළුද සුදුද කියා වර්ග කිරීමක් නැත. උදෑසන සවස දහවල් කියා වෙනසක් නැත. බස් රථයේ සෙනග කට කපලා නම් හිතුන හිතුන තැන ජැක් ගසති. ඒ සඳහා ගොදුරු වන කාන්තාවෝ ජැක් කාරයාගේ පරම්පරා කීපයක ඥාතීන්ට තිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කිරීම ජැක් ගැසීමකින් පසු ඇතැම් විටෙක දකින්නට ලැබෙයි.ඇතැම් කුල කතුන් ලැජ්ජා භය නිසා කිසිත් නොදොඩා ජැක් කාරයාගේ කරදරය ඉවසා වදාරති. තවත් ඇත්තියක් සැමියා ලගදි ගෙදර නොආ නිසා ජැක් කාරයාට තම පසුපස කලාපය සිතා මතාම දන්දෙති. මෙවැනි විටෙක ජැක් කාරයින් අමන්දානන්දයට පත් වී බස් රථය හෝ දුම්රිය තුලම දිව්‍ය සැප වළඳති. එහෙත් කටකාර එකියකට වැරදීමකින් හෝ ජැකක් වැදුනොත් එවැනි දිනයක උදේ පාන්දරම දවස සුභ වන ලකුණු දැකිය හැකි වෙනු ඇත. මනෝරම්‍ය වචන සමූහයකින් කන් බෙරය කම්පොනය කර ගෙන යන ගමනක් යන්නට සාමාන්‍ය ජනතාව ලෙස අපට ගින්දර චෑන්ස් එකක් එදාට වදින්නේය.මොකද යකෝ මගෙ ඇගට හේත්තු වෙන්නෙ....මගෙ මිනිහා ගෙදර ඉන්නවා.....ඇතැම් විටෙක ප්‍රතිචාරය එබඳුය. නෙදකින් කාලකන්නි...වයසට ගිහිල්ලත් මඟුල් විසේ අඩුවෙලා නැති හැටි...තවත් විටෙක එහෙමය. මේ කොයි ආකාරයෙන් පරිභව කලත් ජැක් කාරයෝ සැලෙන්නේ නැත. ඊළග දවසේද ජැක් එකක් නොවැරදීම ගහනවාමය.මා දන්නා වැඩිමල් සහෝදරියක් ජැක් කාරයින්ගෙන් බේරීම සඳහා අපූරු උපක්‍රමයක් භාවිතා කලාය. ඇය පළමුව නගරයට පැමිණ එතැනින් දුම්රියට ගොඩ වී රැකියාවට යා යුතුය. නගරයට පැමිණෙන බස් රථයේ නම් දැරූ ජැක් කාරයෙකි. මැදිවියේ පුද්ගලයෙකු වූ මේ මිනිහා කෙල්ලන් විසින් ඇමතූයේ ජැකියා යන අන්වර්ථ නාමයෙනි.අන්න අක්කෙ ජැකියා අදත් බස් එකට නැගලා යනුවෙන් වෙනත් එකියක් කී කලට පෙර කී සහෝදරිය දිග හරින ලද හැට්ට කට්ටක් තම පසු පස කලාපයට ආසන්නයෙන් පිටුපසට වන්නට සඟවා තබා ගනී. කාන්තාවන් මැද තෙරපෙමින් බස් රථයේ මැද පොල්ල අල්ලාගෙන පසුපසට එන ජැකියා වට පිට බලා අක්කාට හේත්තු වෙයි.එසැනින් ඌහ් යන අනුකරණයෙන් විදුලි සැර වැදුනාක් මෙන් ආතභූත වෙන ජැකියා කෙල්ලන්ගේ සිනා හඬ මැද කුජීත වී බස් රථයෙන් පිටතට පැනගනියි..මෙයටත් වඩා සාටර් සිදුවීමක් වරක් සිදුවූයේ අපේ අල්ලපු ගමේ බන්ටියාටයි. එකල ඒකා උසස් පෙළ විභාගය වෙනුවෙන් අමතර පන්ති ගිය කාල සමයයි. කට කපලා තිබූ බස් රථයක ජැක් එකක් ගැසීමට බන්ටියාට සිත් වී ඒකා තමාට වඩා වයසින් වැඩි එකියක් වෙත හේත්තු වී තිබේ. බන්ටියා ජැක් මිහිරෙන් මත්වී ගතකල කාලසමය තුල බස් රථයේ බහුතර මගීන් බැස ගොස් තිබුනද බන්ටියා ඒ බව දන්නේ නැත. ඒකා තවමත් අක්කාට හේත්තු වූ ගමන්මය.මල්ලි....තමුසෙ මොනවද කරන්නෙ...අක්කා විමසයිම..ම...මම A/L කරනවා අක්කෙ. බන්ටියා ගොත ගසයි.නමුත් මේ සිදුවීම දෑහින් දුටු ගමේ තවත් කකුලක් එතැන සිටි හෙයින්ම බන්ටියාගේ ඇඳිවත පසුකලෙකදී ගම මැද්දේ ගිලිහී ගිය බව මට මතකය.අද උදෑසන ඩුබායි හි සිටිනා මා මිතුරියක් අමුතුම කථාවක් කීවාය.ඊයෙ මාර වැඩේනෙ උනේ අයියෙ. මම වැඩ ඉවරවෙලා වාහනේ ගන්න පාක් එකට යද්දි කාර් එක ලග මිනිහෙක් එයාගෙ ආයුදේ එළියට අරගෙන අත ගගා හිටියා. මම භය වෙච්ච පාර දුවලා ගිහින් ඒ අහල පහල තියෙන මම නිතරම යන ග්‍රොසරියෙ අයට කිව්වම ඒ අය 4 දෙනෙක් දුවලා ඇවිත් අර මිනිහව බිත්තියකට හේත්තු කරලා විස්තර ඇහුවා ඒ කවුරුවත් ලංකාවෙ අය නෙමෙයි....දැක්ක ගමන් මම හිතුවෙ මේ මිනිහා බංගලියෙක් වෙන්න ඇති කියලා. අනේ බැලින්නම් ලංකාවෙ එකෙක්...මට පොළොව පලාගෙන යන්න හිතුනා ග්‍රොසරියෙ උන් ඉස්සරහා. අන්තිමට අර යකා මට වැඳලා, හදිස්සියෙ කැසිල්ලක් ආවා මට සමාවෙන්න මැඩම් කියලා යන්නත් ගියා.ජැක් කාරයින්ට ලැජ්ජාවක් කියා දෙයක් නැත. ලැජ්ජාවක් තිබුනා නම් ගෑණුන්ගෙ අහනා කුණු බැනුම් වලට, කුඩ කැඩෙන තුරු කන ගුටි බැට වලට නැවත ජැක් ගසන්නේද නැත. ඉස්සර දවසක සිරා කොලුවා ගම්පහ සිට මරදාන දක්වා දුම්රියෙන් ගමන් ගත් බොහෝ අවස්ථාවල ජැක්සන්ලා වැඩ පෙන්වනු දැක තිබේ. ඇතැම් විටෙක කාන්තාවකගේ කෑ කොස්සන් හඬට මොරාල් අප් වෙන අවට සිටින පිරිමි පාර්ශවය ජැක් කරුවාට බඩකට පුරා සළකති. එලෙස ගුටිබැට දෙන උන් අතරද ඇතැම් විටෙක ජැක් කාරයෝ සිටිති.අල්ලපු ගමේ රොෂාන් කොලුවා මම කලක සිට දන්නා හඳුනන එකෙකි. ඒ අරමුණක් නොමැතිව පාපැදියද සමග සිරා කොලුවා හන්දියේ රැදී සිටි හැන්දෑවකි.ගම්පහ සිට ජා-ඇල දෙසට ධාවනය වන පුද්ගලික බස් රථයක් හන්දියේ නතර වෙයි. රොෂාන් කොලුවා වෙඩි කෑ ඌරෙකු ලෙස එයින් බැස එක එල්ලේ මා වෙතට පැමිණෙයි.ගනිං ගනිං ඔය බයිසිකලේ ඉක්මනට යමං බස් එක පිටිපස්සෙ...මොකද බොල තොට උනේ...කවුරු හරි ගැහුවද .නෑ නෑ බං බස් එකේ ජැක් කාරයෙක් ඉඳලා මම ඌ එක්ක ජල්ලියක් ඇල්ලුවා. අපි දෙන්නා බස් එකේ මරාගනිද්දි මිනිස්සු කෑ ගැහුවා තොපි දෙන්නම බැහැපියව් කියලා...වෙලාවට අපේ හන්දිය. නැත්තං මට බහින්න වෙන්නෙ මගින්...පාගපං යකෝ හයියෙන්...ඊලග හෝල්ට් එකෙන් අරූ බහිනවා ෂුවර් ඇන්ඩ් සොට්.ඉතිං ඒකා මොකද කලේ...වයසක එකෙක්ද.ඔව් බං වයස 40 කට විතර කිට්ටු ඇති. ඒකා මල්ලිව එළියට අරගෙන සීට් එකක ඉදගෙන හිටිය අපේ අම්මගෙ වයසෙ වගේ ගෑණු කෙනෙකුගෙ ඇගේ අතුල්ලනවා...ඒ ගෑණි දන්නෙත් නෑ. මට බලාගෙන ඉඳලා යකා වැහුනා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා රණ්ඩුව ඇල්ලුවෙ.අප ඉදිරියෙන් තරමක් දුරින් උස පුද්ගලයෙකු මහා මාර්ගයේ ඉදිරියට ඇවිදින අයුරු පෙනෙයි.අන්න අර ඉන්නෙ...ඕකා ගැන තමයි මම කිව්වෙ...නවත්තහං බයිසිකලේ..රොෂාන් කොලුවා බයිසිකලය නවතාලන්නටත් කලියෙන් බිමට පැන ඒකා කරා මාරාවේෂයෙන් දුවයි.අඩි 6 කට වඩා උසැති මේ හාදයාට දැන් දැන් වෙන්නේ කුමක්දැයි මගේ දෙනෙත විමසිල්ලෙනි.තෝ තමයි මම හෙව්වෙ...වල් පරයා...අනිත් දවසෙවත් පාඩුවෙ පලයං බස් එකේ...රොෂානයා උඩ පැන ජැක්කාරයාගේ කම්මුලට සැර පහර ගසයි...පටාස් යන ශබ්දයෙන් පළාත ගිගුම් දෙන විට නැවත නැවත උගේ මුහුණටම පහර පිට පහර කීපයක් ලැබුනි. මේ ශබ්දයට අහළ පහල ජනතාව රැස් වන විට ජැකාගේ කටට පණ එයි. මෙතෙක් වේලා ගහන්න එපා යැයි පිංසෙන්ඩු ඌ ජැකා...ගහන්න මල්ලි තව ගහන්න.....ගුටිකාලා මට මොනවා හරි උනොත් මල්ලි තමයි වගකියන්න ඕනෙ...මම ලෙඩෙක් මල්ලි...රොෂාන් කොලුවා ආයාසයෙන් නවතාගෙන මම එදා ජැක් කාරයා බේරා ගතිමි. ඉන් සතියකට පසු මට නැවතත් මගේ මිත්තරයා මහ මගදී හමු උනි.මාර වැඩක් බොල උනේ....අර එදා මගෙන් ගුටි කාපු ජැක් කාරයා අද ජා-ඇලදි දැක්කනෙ. මිනිහා ට්‍රැෆික් පොලිස් පොරක්...මල මගුලයි කියන්නෙ මගේ බයික් එක උගෙ ලගමයි කහඉරේ නතර උනේ...මාව අඳුන ගත්තා නම් තවම ගුටි කනවා යකෝ.සිරා කොලුවාගේ පර්යේෂණ අනුව ඇතැම් විටෙකජැක් කාරයාපිළිගත් වෘත්තිකයෙකි. ඇතැම් විටෙක විවාහක අයෙකි. එහෙත් ජැක් ගැසීමෙන් පමණක් ලිංගික තෘප්තිය සොයන්නෙකි. මෙවැනි පුද්ගලයන් මනෝ උපදේශනය සඳහා යොමු කිරීමෙන් මේ ගැටළුව විසඳිය හැකි වෙතැයි මට සිතේ. එහෙත් මේ උන්දැලා ඒ සඳහා ප්‍රතිකර්මයක් ලබාගන්නවා වෙනුවට ගෑණුන්ගේ ඇණුම් බැනුම් අසමින් කුඩ පහර, සෙරෙප්පු පහර කමින් ඔබ යනෙන පොදු ප්‍රවාහන මාධ්‍යයක තව දුරටත් යන්නෝ වෙතිමම කාමරේ අරින සිරා කොලුවා.
BLOG
2014.11.22
http://siragekamare.blogspot.com
අරලියා සෙවනක ඔබ සෙව්වෙමි
සිරාගෙ කාමරේ
ඉඳින් හිතවතිය / මිතුරිය / සොයුරිය ඔබ එදා පැතූ ලෙස සුදු අරලියා සෙවනකමමඅදනැවතී සිටින්නෙමි. හිරිගඬුනංවන නත්තල් සුළග එදාටත් වැඩියෙන් අද දැනෙනා බවක් මට සිතෙයි. තරුණයකු සන්දියේ මහත් අභිරුචියෙන් විඳගත හැකිව තිබූ මේ සොභාව සෞන්දර්යයට දැන් මගේ ගත අවනත නැති බවක් මට දැනෙයි. බොඳ වූ දෑස් අග්ගිස්සෙන් මම හඳුනන රූප කායක සිහිලස සොයමි. නමුත් හැම තැනකම ඇත්තේ මුලාවයි. යම් ඇදුනුම්කමක් ඇති බව මුලින් දැනුනත් ඒ රූපකාය මා අසලට බිඳෙන් බිඳ ලං වන විට මා එතෙක් වැටී උන් මුලාවේ තරම සිහිපත් වෙයි. ජීවිතය යනු කුමක්ද . කිසිවෙකුටත් එය කිමෙක්දැයි අර්ථවිවරණයක් කරන්නට නොහැකි වේ යැයි මම තරයේ අදහමි.අගක් මුලක් නැති කථාවක මුල මැද අග ගලපන්නට දැන් මම වෙහෙසෙමි. අඳින් වසර ගනනාවක ඉතිහාසයකට මගේ සිත ගෙනයන්නට අවස්ථාව එළැඹී තිබේ. මා නිවී සැනසිල්ලේ නැවතී මගේ හිතට නිදහසේ දුවන්නට ඉඩ දුන්නෙමි. මිටින් හල කුරුල්ලෙකු සේ එය අපේ ළමා කාලය තෙක්ම පිම්මේ දුව ගොස් අවසානය.එකම ගමේ ළගපාත කිට්ටුව නිවෙස් දෙකක අප කුඩා කල සිට අැති දැඩි වූයෙමු. පවුල් දෙක අතර පැවති හිතවත්කමටත් වඩා හිතවත්කමක් අපේ පුංචි හිත්වල තියෙන්නට ඇත. අපි ගුඩු විද්දෙමු. ඔට්ටු දිව්වෙමු. බට්ටො පැන්නෙමු. පෝය දිනයට වැඩිහිටියන් සමග පන්සලටත් ගියෙමු. ඇය වසරකින් පමණක් මා හට බාල වූවාය. ඇගේ අක්කලා තිදෙනාගේ සෙනෙහස ඇය පමණක් නොව මමද ලැබීමි.පුංචිම කාලයෙන් ඉක්බිති ළමයින් යනුවෙන් හඳුන්වන අලුත් නාමයක හිමිකරුවෝ වූ පසු ඇයත් මමත් තවත් සමීප වීමු. මේ සමීපත්වයට මේ හාද කමට කියන්නේ කුමන නමක්දැයි කියන්නට මම නොදැන සිටියෙමි. එකේ දෙකේ පන්ති පසුකර මා පහ වසරටද පැමිණියෙමි. කර දඬු උස් මහත් වෙමින් පැවතුනත් අප තවමත් පෙර පරිදිමය.ඇය දැන් ඉරිදාට දහම් පාසල් යන්නේ මා සමගයි. ඇගේ මැණියන් ඈ මට බාර කලේ පුතේ නංගිව පරිස්සම් කරගෙන එක්කගෙනයන හැටියටයි. කැලෑ පාර නමින් හැඳින්වූ සිහින් සුදු වැලි සහිත මාවතක අප පිය නැගුවෙමු. දහම් පාසල් යන නොයෙක් දෙනා අතර අපි දෙදෙනා තවත් දෙදෙනෙකු වීමු.හැමදාමත් සුදු මල් වට්ටියක් අතැතිව දහම් පාසල් යන්නට නිවසින් පිටතට එන ඇය අද කඳුලෙනි. ඇගේ මල් ගහේ මල් කවුදෝ සොරාගෙන ගොසිනි. මල් නොමැති හෙයින් විළියෙන් ඇඹරෙන වතු සුද්ද ගහද ඇගේ ශෝකයට එකතු වූවාක් මෙනි. අතු ඉති මඳ සුළගේ නැළවෙන්නේ ඕනෑවට එපාවටය.මම ඇය සමග අපට සුපුරුදු සුදු වැලි මගට අවතීර්ණ වීමි. තුරු ලතා සෙවනේ අපේ පටුමග වැටී තිබේ. හදිසියේ මා යමක් දුටුවෙමි. එය ඇයට පෙන්වීමි. ලස්සනයි...ඇය දෙවරක් නොසිතා කීවාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බබලයි. කදුලින් රතු වූ තැන් සිනහාවෙන්නට පොර කයි.කඩා දෙන්නද . මම ඇගේ මුහුණට එබෙමින් ඇසුවෙමි.පුලුවන්ද . ඇය පුංචි කොණ්ඩ කරල් දෙක දෙපසට පද්දා ලාලිත්‍යයෙන් විමසුවාය.බලාගෙන අයියේ...ඇය මගේ වමත ඇගේ දෑතින් තරයේ අල්ලා ගත්තාය. මේ නිස්කලංක උදෑසනේ නෙතට රසඳුනක් බඳු ඕලු මලක් මම ඈ අත තැබීමි. මුළු විලටම තිබුනේ ඒ මළ පමණකි. ඕලු මලේ සුවඳ ඇගේ නාස් කුහර තුලට යන්නට ඇත. ලස්සනයි....ගොඩාක්....ඇගේ දෙනෙත් සිනාසෙන අරුමය මම විඳගත්තෙමි........................................................................................................අයියට පෙන්නන්න දහම් පාසලෙන් හම්බවුන තෑග්ග.ඇගේ මැණීයන් එලෙස පැවසූයෙන් ඇය ඈ ලද ත්‍යාගය සමග මා කරා දිව ආවාය.මල් වට්ටියක්...හැමදාම දහම් පාසලට මල් ගෙනාවා කියලා මේක හම්බවුනේ...අයියා එදා අර ඕලු මල කඩලා දුන්නෙ නැත්තං මට මේක ලැබෙන්නෙ නෑ. මතකද .මතකයි...මම පිළිවදන් දුන්නෙමි.කාලයට සමපාතව අප නව යොවුන් වියට එළඹුනෙමු. අලුතින් පීදුනු පොල් මලක් මෙන් ඇගේ ගත මෙන්ම වතද බලා ඉද්දී ඔප වැටුනි. ඇය දැන් රූමත් යුවතියකි. එහෙත් ඇය තවමත් මා අසලම දඟ පාන්නීය. නව යොවුන් වියේ සිටි අප ගමේ ඇරඹුන යෞවන සමාජයක් නිසාවෙන් තව තවත් කිට්ටු වීමු. ගමේ පොදු වැඩ වලදී මෙන්ම දන්සැල් වැනි කාරණාවන් වලදීද අපි එක ලඟ ගැවසුනෙමු. අපේ බැඳීමට තවමත් නමක් නැත.යෞවන සමාජයෙන් ශ්‍රමදානයක් දියත් කලේ වල් වැදී තිබූ මාර්ගයක් මගී ගමනාගමනයට පහසු වන ලෙස සැකසීමේ අටියෙනි. ඇයත් මමත් එක සේ දහඩිය වැගුරුවෙමු. කැපී වෙන්වුන තණකොළ අතුගෑවෙමු. පස් තුනී කලෙමු. සාමාජික සාමාජිකාවන් අතර අපි තවත් දෙදෙනෙකු පමණක් වීමු.අපි මේ පාර අයිනේ අරලියා හිටවමුද . ඇගේ යෝජනාව සියල්ලෝම එකෙනහිම සම්මත කලෝය. සුදු අරලියා දඬු පාර අයිනේ ඉන්දවන විට ඇය ආශා දෑසින් එදෙස බලා සිටියාය.කවදා හරි දවසක අපි වයසට ගියාම මේ අරලියා ගහක් යට ඉඳන් පොඩි උන් සෙල්ලං කරනවා බලන්න හැකි වෙයි නේද අයියේ...ඇය මා දෙස බලා තෙපලුවාය........................................................................................................ඒ මා මිත්‍ර අයිය බඩාගේ වැඩිමල් සහෝදරියගේ විවාහ මංගල උත්සවයයි. එහි ජයමංගල ගාථා ගයන්නට වතුර ටැංකිය ලග කොළපැහැති ටයි පටි පාසලේ ඉගෙනුම ලැබූ ඇයටද ආරාධනා කර තිබුනෙන් මා එහි යන විට ඇයද එහි පැමිණ සිටියාය.තමන්ගේ රාජකාරිය අහවර කොට ඇය කොළ පැහැති දිගු සායකින් සහ කදිම බ්ලවුසයකින් සැරසී අප ඉදිරියට ආවාය. ඇගේ රූ සපුව එතරම් හැඩට මින් පෙර දිනෙක මම දැක නැත. බැලූ බැලූ අත බඹරුන්ගේ නෙත් මේ මළටම යොමු වී තිබේ. මධුවිත බිඳක් තොලගානා විට ඇය ඈතක සිට දෙනෙත් දල්වා මදෙස බලා උන්නාය.මචං...පොඩි උදව්වක් කරපං...අර උඹලගෙ ගමේ ලස්සන නංගිව ගෙදරට ගිහින් දාලා වරෙන් අනිත් කෙල්ලො ටිකත් එක්ක මේ වාහනේ...මගුලට ගහපු බෑන්ඩ් එකත් මේකෙම යනවා....මට කෙල්ලව තනියම යවන්න බෑ මචං...හැමෝම ඒකිට ට්‍රයි...අයියා බඩා එසේ කීවේය.මංගල උත්සවයකට සහභාගි වී සිටියත් දිවා ආහාරය ගන්නට ඉඩක් ලැබුනේ නැත. ඇගේ ආරක්ෂාව මගේ වගකීමක් බවට පත් කොට තිබේ. ඇය සහ ජයමංගල කණ්ඩායමේ තවත් යුවතියන් දෙදෙනක් රථයට නැගුනෝය. ඇගේ ආසනයේ තවකෙකුට ඉඳගන්නට ඉඩ තිබේ. වෙනකෙකුට ඒ අවස්ථාව නොදී මම වහා එහි අසුන් ගත්තෙමි.මා පිටුපසින් සිටින තරුණයන් සියල්ලෝ මෙන්ම වාහනය පදවන තරුණයාද වරින් වර ඇගේ රූ සපුව දෙස බලයි. මට මා ගැනම ආඩම්බරයක් ඇති වෙයි. උන්ට ලං වෙන්නට බැරි මලක් වෙත මම ලං වී සිටිමි. මධුවිතෙන් විකල් වූ මගේ මනෝභාවයන් අද අමුතුම හැගීම් ඇති කරයි. ඇගේ රෝස පැහැ වමත මම මගේ දකුණතින් තරයේ අල්ලා ගතිමි. රිදෙනවා.... ඇය මා දෙස බලා සිනාසුනා පමණෙකි. යුවතිය මගේ කැමැත්තට ඉඩ දුන්නාය. මම ඇය රථයෙන් බසින තුරාවට ඒ අත අත්නොහැරියෙමි. මේ බැඳීමට කියන්නට නමක් තවමත් මම නොදනිමි.ඇයි අනේ ...........අයියා මේ වෙනකං මට ආදරෙයි කියලා කිව්වෙ නැත්තෙ...එහෙම උනා නම් මම අරයා එක්ක යාලු වෙන්නෙ නෑනෙ...ඇය එදායින් පසු තවත් එකියකට එලෙස කියා තිබුනාය. අප පාසල් ගිය සමයේ බස් රථයේ සිටි ඇගේ යෙහෙලියන් ඇය මා වෙතම පවරා තිබූ බවක්ද ඇය කියා තිබුනාය........................................................................................................මම දැන් වෘත්තිකයෙකි. මේ කියන කාල සමයේදී ඇය තම ප්‍රේමවන්තයා සමග හොර රහසේම වහං වූවාය. තවත් මඳ කාලයකින් ඇය කුලී නිවෙසක වෙසෙන බව මා හට සැළ විය. ඇගේ මෑණියන් දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් තම බාල දියණියට ශාප කලාය. පවුලට කල මේ නව නිංගිරාව නිසා ඇයව දැඩිව පිළිකුල් කලාය.ඇගේ ස්වාමියා ජාත්‍යන්තර නැවක රාජකාරී කල තැනැත්තෙකු නිසා ඉතා ඉක්මනින් විශාල මුදලක් ඉපයුවේය. නව නිවසක් තනා අවසන ඇයට නවීන මෝටර් රථයක් පරිත්‍යාග කරන්නට තරම් ඔහු ආර්ථික ශක්තියෙන් යුතු වූවේය.ඇය වෙත දෝශාරෝපණය කල කිසිවෙකු දැන් නැත. ඇය නවතම මෝටර් රථයෙන් සිය සහෝදරියන්, දෙමාපියන් බලන්නට එන කලෙක මා හා ඇගේ නෙතු සම්මුඛ වෙයි. ඇගේ රථයට සහ මගේ දුප්පත් ස්කූටරයට අපගේ නිවෙස් වෙත ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයේ එකවර දෙපසට මාරු වෙන්නට නොහැක. මම බිම බලාගෙන ඉඩ ඇති තැනක් සොයා පසු පසට යන්නෙමි. ඇය සිනාමුසු මුහුණින් මා දෙස බලා ඉදිරියට ආවාය.කාලයේ ඇවෑමෙන් ඇය දියණියක සහ පුතෙකු මෙලොවට දායාද කලාය. නිතරම සිනාමුසුව සිටි ඇගේ වත තවමත් පෙරදා වාගේමය. ඇගේ රූ සපුව තවමත් එලෙසමය. එහෙත් මා ඇගේ අතින් ඇල්ලූ දා සිටම ඇය සමග වචනයක් දොඩන්නට මගේ සිතට දිරියක් නැත.කාලය අස්ප වේගයෙන් ඉගිලී ගොසිනි. මම මැදින් මසකදී ලංකාවට ආයුබොවන් කිීවෙමි. ඇය පෙනෙන මානයෙන් නික්මුනෙමි. වසරක දෙකක සිට කුමක්දෝ රෝගී තත්වයකට ඇය ප්‍රතිකාර ලබන බවක් මා ඒ වෙද්දී අසා තිබුනෙමි.දන්නවද වැඩක්, .....................නංගි නැති උනානෙ හදිස්සියේ....මගේ මව ශෝක ජනක පුවතක් ඒ වසරේ වෙසක් මස මා හමුවේ තැබුවාය. දියණියක්, පුත්‍රයෙක්, සැමියෙක් තනිකොට ඇය ජීවන ගමනෙන් සමුගෙන ගොසිනි. ඇගේ අවසන් කටයුතු වලට හෝ සහභාගි වන්නට නොහැකි තැන මම නොරටක සිට චිත්ත රූප මැව්වෙමි. කුඩා උන් සන්දියේ සිට අප කල කී දෑ, එක්ව දහම් පාසල් ගිය අතීතය මෙනෙහි කලෙමි.එදායින් පසු වසර තිහ හතලිහක් ගෙවෙන්නට ඇත. පාර අද්දර සුදු අරලියා ගසේ සුදු මල් පොකුරු දෙපසට වැනෙයි. කවදා හෝ දිනක අරලියා සෙවණක හිඳ මිත්තණියක ලෙස කුඩා උන් කෙලිදෙලෙන් පසුවන අයුරු දකින්නට හීන මැවූ අැය, අරලියා ගස පාර අද්දරට කැඳවූ ඇය, ඒ හීන සමගින්ම පස් යට සැතපෙන බව අරලියා ගස දන්නේ නැත. එය එසේ වී නම් ඒ සුදු මල් පොකුරු ඇය වෙනුවෙන් අරලියා ගසෙන් උපන්නේ යැයි ලෝකයා කියනු ඇත.මේ බියකරු සංසාර ගමනේ තවත් එක් නැවතුමකදී ඔබ මා හමුවිය. නැවත මතු දිනෙක, අලුත් ඉසව්වකදී නැවුම් යුවලක් සේ ඔබ මා යලිත් හමුවනු ඇත. එතෙක් ඔබට සුභ ගමන් හිතවතිය / මිතුරිය / සොයුරිය.මම කාමරේ අරින සිරා කොලුවා.
BLOG
2014.11.19
http://siragekamare.blogspot.com
ඉංග්‍රීසි සෑර් නිසා කුජීත වූ සිරා කොලුවා
සිරාගෙ කාමරේ
ඉංග්‍රීසි සෑර් සමග සිරා කොලුවාට තිබුනු ගණුදෙනුව කවර ආකාරයේ එකක්දැයි මම දැන් ඔබට තරමක් දුරට වටහා දී හමාරය. එහෙත් මේ සටහන් කියවාගෙන යන ඇතමෙකුට ඇති වී තිබූ ගැටලු අතර සිරා කොලුවා රහමෙර පානය කර නිවසට පැමිණෙන විට මාපියන්ට හසු වූයේ නැතිද යන්න ප්‍රධාන විය. ඒ සඳහා පිළිතුරක් මෙන්ම ඉංග්‍රීසි සෑර් හා සම්බන්ධ තවත් මතක සටහන් සමගින් මේ ලියවිල්ල අරඹන්නට කැස කවමි.කලින් පලවූ කොටස් මෙන්න. 1 කොටස 2 කොටසඉංග්‍රීසි පන්ති යාමෙන් පසු කොලුවා නිවසට එන්නට ප්‍රමාද වන බව මගේ දෙමාපියන්ට සෑහෙන දොහක සිට වැටහී තිබුනි. බොඳවූ දෑසින් නිවස පේනතෙක් මානයට පැමිණි පසු එතැන් සිට පුරුෂ ශක්තිය සිරුරට කාවද්දාගෙන වැනෙන්නේ නැතිව නිවසට යන්නට මා උත්සාහ කල අයුරු මට මැවී පෙනෙයි. එහෙත් පියා මෙන් නොව මගේ මව ඉතාම සූක්ෂම කෙනෙකි. ඇය නිවසට පැමිණි පසු මා හට තනිවන්නට ඉඩ නොදුන්නාය. ප්‍රමාදයට කාරණා ආදිය විමසා මගේ මුහුණ අසලට ඇගේ මුහුණ ගෙනවිත් ඉව අල්ලයි. නැතිනම් ඇසිපිය හෙළන වේගය දෙස බලා සිටියි. එවැනි වෙලාවට මම හුස්ම නොගෙනම සිටියෙමි.අපේ නිවසේ මගේ කාමරය පිහිටා ඇත්තේ නිවසේ ප්‍රධාන දොරට හසුනොවන සේ එයට පිටතින් ඉස්තෝප්පුවට යාබදවය. කාමරයේ දොර වසා දමා එහි යතුර මා අත තිබෙන නිසා ප්‍රමාද වූ විටෙක දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්නට ප්‍රමාද වන බව දන්වා තිබූ කලෙක මා වෙනුවෙන් දොර විවෘත කරන්නට කිසිවෙකු අවදියෙන් රැදී සිටිය යුතු නැත. ඇතැම් දිනෙක මධ්‍යම රාත්‍රිය පසුවී නිවෙසට පැමිණෙන විට කිසිවෙකු අවදියෙන් නොමැති නිසා මා පැමිණියේ කුමන වේලාවටදැයි දකින්නට කිසිවෙකු සිටියේ නැත. එහෙත් පසුදා උදෑසනම මවගේ ප්‍රශ්න වැළකට උත්තර බඳින්නට සිදු වේ.නගා කොලුවාගේ පියා මගේ පියාගේ හිතවතෙකි. එක් දිනක් මහ මඟ මේ දෙපල හමුවීමෙන් පසු නඟාගේ පියා පවසා ඇත්තේ සෑර් සමග ගිය බව පවසමින් නඟා ඇතැම් දිනෙක රෑ බෝ වී පැමිණෙන බව හා මත්පැන් ගඳක් වහනය වන බවකි.මේ කියන දිනයද සෑර්ගෙන් Where Are You . කෙටි පණිවිඩය ජංගම දුරබණුවට ලැබූ දිනයකි. වල නමින් හඳුන්වන ගම්පහ නගරයේ පිහිටා ඇති ප්‍රසිද්ධ ආපන ශාලාවේ සිට මම ඉංග්‍රීසි සෑර් සමග තුන් කාලක් පමණ හිස් කලෙමි. භාගයෙන් ආරම්භ කලද ඒ වන විට අපේ බේබඳුකම උඩුදුවා තිබූ නිසා තුන්කාලක් උව අපහසුතාවකින් තොරව බොක්කට හලාගත හැකි තරමට සිරා කොලුවා දියුණු වී සිටියේය.සාදය අවසන් වූ පසු අපේ හන්දිය දක්වා වෑන් රථයෙන් ප්‍රවාහන පහසුකම් දීම සෑර්ගේ සිරිතයි. මම බොඳවූ දෑස පොඩිකරමින් නිවෙස බලා ඇඳුනෙමි. පුදුමයකි. මධ්‍යම රාත්‍රියට ආසන්න වුවද එදින කිසිවෙකුත් නිදි නොමැතිව මගේ ආගමනය බලා සිටින සෙයක් දුරතියා දුටුවෙමි. මගේ හදගැස්ම තීව්ර වෙයි.මේකාව හදන්න බෑ...මේ සෑර් එක්ක තියෙන ආශ්‍රය නැති කරලා දාන්න ඕනෙ...අර නඟාගෙ තාත්තත් කිව්වා සෑර් එක්ක ගිහින් ඒකා බීලා එන කථාවක්...තාත්තාගේ කටහඬ මට දුරතියා ඇසෙයි.කොහෙද ගියේ...ගෙට ගොඩවෙන්නට ලැබුනේ නැත. වෙනදාට තාත්තා මේ තරම් රෞද්‍ර නැත. එහෙත් අද අම්මා විසින් විෂපොවා තාත්තා පෙරමුණට එවා ඇත.බස් පරක්කු උනා...මම වෙනදා අරින තඩි මුචලින්ද නාගයෙකු අත හැරියෙමි.බොරු කියන්න එපා. ඔය බස් ඕනෙ තරම් ගියේ....අපේ හන්දියේ බස් රථයක් නවතා, නැවත එය ධාවනය වන්නට පටන් ගන්නා විට එන්ජිමෙන් නැගෙන සැර හඬ රාත්තිරියට නිවෙසට හොඳින් ඇසේ.බොරු නෙමෙයි..මම ගොඩාක් වෙලා හිටගෙන හිටියා කොළඹ ඉඳන් ඇවිල්ලා.තාත්තා මා කරා අවුත් මගේ සියොලග විනිවිද යන බැල්මක් හෙලා මගේ පුසුඹ බැලීය.මේකා බීලා ඉන්නෙ. තාත්තා අවසන් නිගමනය අම්මාට දුන්නේය. ඇය දැන් පරල වී සෑර්ගෙන් පටන්ගෙන නඟා දක්වාම බැන වදින්නීය.කොච්චර කිව්වත් රෑ ගමන් නවත්තන්න බෑ...අම්මා දෙස් දෙයි.තාත්තා මා කරා ක්ෂණිකව ලං වී දකුණත ඔසවනවා යන්තමට දුටිමි. අසල සිටි මයෙ මලයා ඊළගට සිදුවෙන්නට යන දේ වේලාසනින් දැක ඉක්මනින් ඉදිරියට පැණ තාත්තාගේ බාහුවක එල්ලුනත් ඔහුද සමග තාත්තාගේ හැඩිදැඩි දකුණත මා කරා ආවේය. තරු පොකුරක් පනින තරමේ දැවැන්ත පහරක් මගේ වම් කම්මුල මත පතිත විය. සිරා කොලුවාට ඉතාම කලාතුරකින් දඬුවම් කර ඇති තාත්තා විසින් එදා මෙදා තුර මා හට එල්ල කල දරුණුම පහර එයයි. තරුණ කල කරාටේ ක්‍රීඩකයෙකු වූ තාත්තා වර්තමානයේ වුවද අපට වඩා ඉහළ බාහු බලයකින් යුතු කෙනෙකි.නෙප්චූන් කෝකද, ප්ලූටෝ කෝකද, හේලිගේ වල්ගාතරුව කෝකදැයි මට නිච්චියයක් නැත. මන්දාකිනී එකට පැටලී වල්ගාතරු සමග පෙම් කරනවා වැනිය. මම අපහසුවෙන් කාමරයට වැදී දොර වසාගතිමි. තාත්තා සමග අම්මා දැඩිව බැණ වදින ආකාරය ඇසෙයි.ගන්න කෝල් එකක්...කියන්න සෑර්ගෙ ගෙදරට අම්මා යෝජනා කරයි.ඒ අවසරයෙන් තාත්තා නිවසේ දුරබණුවේ රිසීවරය අතට ගන්නා හඬ මට යන්තමට ඇසෙයි. එහා කොනෙන් සම්බන්ධ වන්නට ඇත්තේ අපේ සෑර්ගේ ප්‍රිය බිරිඳ විය යුතුය.කෝ සෑර් ගෙදර නැද්ද...මට සෑර්ට කථා කරන්න ඕනෙ...ආ...පන්ති ගිහින් තාම ආවෙ නැද්ද....මම මේ කථා කලේ ........ ගෙ තාත්තා සෑර් අපේ ළමයි එක්කගෙන ගිහිල්ලා බොන්න දෙනවනෙ....ඒක හරිම වැරදි වැඩක්...පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න.සිරා කොලුවා කුජීත වූ දිනයක් ඒ ආකාරයෙන් අවසන් වුවද අපේ රාත්‍රී මධු සාදවල අවසානය එය නම් නොවීය. සෑර් නිසා භාෂාව පැත්තෙන් අප ලද දියුණුවක් වූයෙන් සෑර් නැති තැන කෙසේ කීවත් ඔහු හදිසියේ හෝ අප නිවෙසට ගොඩවැදුනු වේලාවට අම්මා වෙනසකින් තොරව කථා බහ කලාය.සෑර්ගේ බෙංගො වෑන් කොටයේ පින්තාරු කර තිබූ නියෝන් කොළ පැහැයෙන් යුතු වාහන ඉතා දුලබ විය. ඒ නිසා වාහනය දුරතියා එනවිට එහි ශබ්දයෙන් මෙන්ම දර්ශනයෙන්ද සෑර් පැමිණෙන බව දැනගන්නට ලැබෙයි.එය සතියේ මැද දිනයකි. නිවාඩු දවසකි. වේලාව සවස 6 පමණ වන්නට ඇත. සෑර් නිවෙසට පැමිණ තිබේ.සෑර් වාඩි වෙන්න අම්මා පෙරමගට ආවාය.නෑ කමක් නෑ...මම මේ ආවෙ අපේ ටීවී එක කැඩිලා....මේ ලග ටීවී හදන හොඳ කෙනෙක් ඉන්නවා කියලා මෙයා කිව්වා. එයාව හම්බවෙන්න යන්න...සෑර් වැඩි හොදට රථයේ පිටුපස තබා තිබෙන රූපවාහිනී යන්ත්‍රය පෙන්වයි. අම්මාද රථය තුලට වීදුරුවෙන් එබී බලා ඇත්ත ලෙසම එහි රූපවාහිනියක් තිබෙන නිසා මට ඔහු හා යන්නට අවසර දෙයි. සෑර් රථය හන්දියෙන් හරවන්නේ රූපවාහිනී අලුත්වැඩියාවන් සිදු කරනා පුද්ගලයා සිටිනා දෙසට නොවෙයි.ඔහෙට නෙමෙයි අනිත් පැත්තට හරවන්න...ටීවී හදන කෙනා ඉන්නෙ අනිත් පැත්තෙ...මම සෑර්ට කීවෙමි.මොන ටීවී ද අයිසෙ..මම මේ ඩ්‍රින්ක් එකක් දාන්න යන්න ආවෙ. බලනවකො ඔය ටීවී එකේ මදයක් නෑ...සෑර්ගේ මුවෙන් හීන් හිනාවක් මතුවෙයි.සැබෑ ලෙසම රූපවාහිනියේ මඳය නැත. සිරාකොලුවා නිවසින් පිටතට ගැනීමට සෑර් කර ඇති රඟපෑමක තරම හැබෑට.තවත් දිනෙක ඔහු ආවේ වෑන් රථයට ටයර් කීපයක් මිළදී ගැනීමට යන බව පවසමිනි. එදාද ඔහු මිළදීගත් ටයරයක් නැත.සිව්දෙනාම එක්වරකට සැට් වෙන අවස්ථාවක් උදාවූ කල තත්වය වෙනස්ය. එවන් විටෙක අපි ගම්පහින් තරමක් දුරට ගියෙමු. බොහෝ විට මෙවැනි ගමන් වලදී මත්පැන් පානය අතරතුර සෑර් වනිගයා සමග පැටලෙයි. ඒ විවිධ වාද විවාද නිසාය. කෙසේ හෝ මත්පැන නිමවා නැවත නිවෙස් බලා එන අතරතුරද වෑන් රථයේදී වනිගයා සමග උණුසුම් වාද විවාද ඇති වෙයි. කෝපය ඉහවහා ගිය තැන සෑර් රථය නවත්වයි.බැහැපං බිමට...ඒ වෙලාවට සෑර්ව අස්වසන්නට තැත්කර පළක් නැත.වනිගයා බිමට බසියි..දැන් උඹට කැමති එකක වරෙං....එසේ පවසා සෑර් රථය ඉදිරියට ධාවනය කරයි. මඳ දුරක් යන විටඅරූ පව් නේද...ත්‍රී වීල් එකකවත් එන්න සල්ලි තියෙනවද දන්නෙ නෑ...එසේ කියන සෑර් අප නිවෙස් වලින් බස්සවා නැවත වනිගයා සොයා යයි.වරක් අප ගම්පෙදෙස ගිලගත් දරුණු ගංවතුරකි. හතර අතින් ජලයෙන් වටවී තිබෙන වටපිටාවක ප්‍රධාන මාර්ගයේ බස්රථ ධාවනය වන්නේද නැත.මොකද වෙන්නෙ ඔය පැත්තට...සෑර්ගෙන් මගේ ජංගම දුරබණුවට ඇමතුමකි.මොනවා වෙන්නද සෑර් අපිට හොඳටම ගං වතුර....ඇඟ රත්කරගන්න මම මොනවා හරි අරගෙන එන්නද . අරුන් තුන්දෙනාටත් මම කථා කරන්නම් සෑර් එසේ පවසයි...මගෙන් පිළිතුරක් නැත.පැයක් දෙකක් ගත වෙන්නට ඇත. නඟාගෙන් ඇමතුමකි. මෙන්න සෑර් ඇවිල්ලා බෝතලේකුත් අරගෙන...වරෙන් ඇනිකට් එක ලගට....මා එහි යන විට සෑර් නත්තල් සීයා මෙන් අපට තෑගි භෝගද රැගෙන පැමිණ සිටියේය. වයිට් ලේබල් බෝතලයක්...ආනමාලු ඇවරියක්...බිත්තර ආප්ප කීපයක් එහි විය. කලිසමේ කකුල් දෙක උඩට නමාගෙන ගංවතුර මැද ගම්පහ නගරයේ සිට කිලෝමීටර් 4 කට මඳක් වැඩි දුරක් පාද යාත්‍රාවෙන්ම ගෙවාදමා සෑර් එහි පැමිණ තිබුනි.අතීතයේදී අපි නිවාඩු දින බොහොමයකදීම අඩියක් ගැසුවෙමු. එයට පොහෝ දින පවා ඇතුලත් විය. එක් වසරක වෙසක් උත්සවයද උදා වූවේය. මට මතක විදියට වෙසක් දිනයට පසු දිනයයි. සෑර් අපට කිව්වේ රාත්තිරියට වෙසක් බලන්නට කොළඹ යන්නට රථයෙන් එන බවත් සූජානම් වී සිටින ලෙසත්ය.සෑර්ගේ පෙර වැරදි තිබුනද වෙසක් සඳ යට වැරැද්දක් සිදු නොකරනු ඇතැයි යන විශ්වාසයෙන් අපේ නිවෙසින් ගමනට අවසර ලැබුනි. රථය තුල මට අමතරව නඟා, පුෂ්පයා, වනිගයා සහ මයෙ මලයාද විය. මයෙ මලයා අපට පසුව සෑර්ගේ පන්ති ගිය නිසා හිතවත්කමක් තිබුනි. නමුත් මධුවිත සඳහා මලයාට ආරාධනාවක් ලැබුනේ ඉතාම කළාතුරකිනි.කොළඹ නගර මධ්‍යයේ ඒ වන විට ඉඳිකර තිබූ තොරණ නැරඹීමට අප කථිකාවේ යෙදෙමින් තිබූ වටපිටාවක රථය ගාළු මුවදොරට සේන්දු විය.ඇයි සෑර් තොරණ් බලන්න යන්නෙ නැද්ද . අපි විමසුවෙමු.මොන තොරණ්ද...අඩියක් ගහලා ගෙදර යනවා මිසක...ගාළු මුවදොර පිටියේ මත්පැන් පානය තහනම් නිසා අඳුරු මුල්ලක බෝතලය හිස්කොට අප දැන් නැවත නිවෙස් බලා යන්නෙමු. නමුත් හැමටම බඩු මදිය.මගේ බාස්කට්බෝල් කෝච් සුනිල් අයියා හිටියෙ කඳානෙ. මම ඉස්සර ගෙදර ගිහින් තියෙනවා..සෑර් පවසයි. සුනිල් අයියාගෙන් කොටයක් ඉල්ලාගන්නට සෑර් තීරණය කර තිබෙන්නේ වෙසක් නිසා තවමත් බාර් වසා දමා ඇති හෙයිනි.සුනිල් අයියාගේ නිවෙස සොයාගන්නට අපට සෑහෙන වෙලාවක් ගතවිය. සෑර් එහි මෙවර පැමිණෙන්නේ වසර 18 කට පසුවය. එයද කොටයක් ලබා ගැනීමටය.අප යන විට නිවැසියන් සිටියේ තද නින්දේ වුවද සුනිල් අයියේ යනුවෙන් වාරයක් දෙකක් කථා කල විට විදුලි පහනක් දැල්විනි. නිවසේ දොර විවෘත කර ඉවතට ආ තැනැත්තා සුනිල් අයියා විය.අම්මේ බං උඹව දැක්ක කල්....කොච්චර කාලෙකට පස්සෙද....මේ මහ රෑ කොහෙ යන ගමන්ද...සුනිල් අයියා අපේ සෑර්ව එක එල්ලේ හඳුනාගත්තේය.ආගිය තොරතුරු කථා කිරීමෙන් පසු සෑර් මාතෘකාවට බැස්සේය.සුනිල් අයියා කොටයක් නැද්ද . බඩු මදි උනා....වෙසක් නිසා හැමතැනම වහලා...පොඩ්ඩක් ඉඳහංකො...පෙරේදා කඩපු ගල් භාගයක් තිබුනා දෙන්න...සුනිල් අයියාගේ ගල් භාගයෙන් මඳි හරිය පුරවාගෙන, වෙසක් අසිරියෙන් නෙතු පුරවාගෙන බමන මතින් අපි එදිනත් නිවෙස් වෙත සේන්දු වූයෙමු.මම කාමරේ අරින සිරා කොලුවා.ප.ලිඑක හුස්මට අපේ ඉංග්‍රීසි සෑර් පිළිබඳව ලිපි 3 ලිව්වෙමි. මේ ලිපි කීපය පුරාවටම ඇත්තේ සුරාවයි. සිරා කොලුවා වන මට හංගන්නට දෙයක් නැත. අපි අතීතයේ සැබෑ ලෙසම කල කී දෑ ලියන නිසා සුරාව වැඩි වී තිබේ. අතීතයේදී නිතර නිතර මධුවිතෙන් සප්පායම් වුවද පසුකාලයේ එය මසකට වතාවක් තරමට සීමා විය.සිරා කොලුවා අද තනිකඩ ජීවියෙකු ලෙස නොරටක සිටියද, මත්පැන් පානයෙන් පසු බැණ වදින්නට, ගුටිබැට දෙන්නට දෙමාපියන් ලග සිටියේ නැති වුවද මධුවිත සමග මගේ ළඟ ආශ්‍රයක් දැන් නැත.මධුවිතක් හැමවිටම රසවත් වන්නේ, බෝතලය හිස්වන අතර තුර මිතුරන් සමග කරනා කථා බහෙනි. බොක්කෙ මිතුරන් නැති මැලේසියාවක සිට තනිව රහමෙර පානයට සිරා කොලුවා අකමැති නිසා මේ ශීලය සමාදන්ව සිටිමි.සෑර් ගැන ලියන්නට තවත් බොහෝ දේ තිබේ. වර්තමානයේදී වුවත් එතුමා සහ අප අතර සුහදතාව ගිලිහී නැත.ඇතැම් විනෝද චාරිකාවක් අතරතුර සිදු වූ රසවත් සිදුවීම් මේ ලිපියට ලියන්නට නොහැකි විය. ඒවා සහ තවත් දෑ ඉදිරි දිනයක ලියමි. එතෙක් අපේ ඉංග්‍රීසි සෑර්ට සමුදෙමි.
BLOG
2014.11.17
http://siragekamare.blogspot.com
හපුතලේ ගමන සහ ඉංග්‍රීසි සෑර්
සිරාගෙ කාමරේ
කලින් ලිපියෙන් බොලා අපේ ඉංග්‍රීසි සෑර් ගැන කියවූ නිසාම දැන් මේ චරිතය ගැන යම් දැනුමක් කියවන ඇත්තන්ට එකදු පහදු වී ඇති යැයි මගේ අක්මාව මට සන් කරයි. ඒ ඔස්සේ අතීතයට සිත මෙහෙයවමින් ඉංග්‍රීසි සෑර් සහ අප අතර තිබූ ඒ අකලංක ගුරු ගෝල සබඳතාවේ නැවුම් තොරතුරු සමුදායක් ඔබට තිළිණ කරන්නට කාමරයේ ලෑලි දොරට පයින් ගසා විවර කළෙමි.දැන් දැන් ඉරිදා දිනයන්හි පන්ති ගියද පන්තියේ ඉගැන්වීමක් නැත. සෑර් අපගේ ආගමනය බලාගෙන සිටින්නේ වාහනයට අප පටවාගෙන කොහේ හෝ තැනක නැවතී මධුවිතෙන් සප්පායම් වීමේ පරම පිවිතුරු චේතනාවෙනි. ඒ සඳහා සියලු බරපැන ඒ උත්තමයා දරන කල්හි අපගේ කැඳ නැති මුදල් පසුම්බි එළියට අදින්නට උවමනා වූයේ නැත.සෑර් හැමදාමත් කැමති වූයේ ජලාශයක් අසබඩ සිට මධුවිතෙන් බොකු බඩවැල් සනහාගන්නටය. මඳ පවනේ දඟ පානා දියරැලිති දෙස කෙතරම් වේලා බලා සිටියත් නෙතු දෑල විඩාවට පත් නොවෙති. ඒ දසුනට මම දැනුදු පෙම් කරමි. සෑර්ගේ කැමැත්ත අපේ කැමැත්ත වීමට වැඩි කාලයක් ගියේ නැත. අපටද ජල තලයක් ලග නැති එළිමහනේ තැනක රහමෙර පානය අලස අත්දැකීමකි.කීකරු සිසුන් මෙන් සෑම ඉරිදා දිනකම අපි පන්ති යන්නෙමු. අප ගේට්ටුවෙන් ඇතුලු වෙන විටෙම සෑර්ගේ මුහුනේ මන්දස්මිතියක් පැන නැගෙයි. එතැනින්ම අපගේ ගමන අඩපණ කරන හෙතෙම තාප්පයට පිටතින් නවතා තිබෙන නියෝන් කොළ පැහැති මැස්ඩා බොංගො කොට මොඩලයට අප පටවති. එයින් අනතුරුව රථය නවතින්නේ ගම්පහ නගරයේ සුපිරි වෙළඳසැලක් අසලයි. එයින් මිළදී ගන්නා ද්‍රව්‍යයන්ගෙන් අපගේ ඉරිදා සන්ධ්‍යාව වර්ණවත් වෙයි.යක්කල පසුකර නිට්ටඹුව දෙසට යන විට හමුවෙන මහවිට ජල යෝජනා ක්‍රමය අසල අප රුපියල් ලක්ෂයකට වඩා සෑර්ගේ මුදල් වියදම් කර ඇතුවාට සැක නැත. ඒ තරම් වාර ගනනක් අප එහිදී මධුවිතෙන් සන්තර්පණය වී ඇත්තෙමු. අද මේවා මතක් කරන විට මගේ අක්මාව, වකුගඩු ඒ කාලයේ මේකා දුන් වදයක් යැයි සිතමින් වැළපෙනවා විය යුතුය.ඉරිදා දිනයේ සවස 2 කණිසමට පැවැත්වූ අපගේ ඉංග්‍රීසි පන්තිය බෝතලයට යට වී ක්‍රියා විරහිත වන තැනට පත් වූ පසු බොහෝ වෙලාවට අප සිව්දෙනාම පන්ති පැමිණියේ එහෙමත් දවසක බැව් මට මතකය. ඉරිදාට නිවෙසට වී අක්කාගේ කටයුත්තකට සහාය වීමට වනිගයා ප්‍රිය විය. නිවසේ එකම පිරිමියා වූ පන්සල් හන්දියේ පුෂ්පෙ නිවසේ දර අවශ්‍යතාව වෙනුවෙන් ලොකු දර කොටයක් පැලීමට ඉරිදා සන්ධ්‍යාව යොදා ගත්තේය. මෙවැනි වගකීම් තිබුනේ නැති මමත් නගාත් ඉංග්‍රීසි පොත කිහිල්ලේ ගසාගෙන පන්ති ගියෙමු.එවන් විටෙක අනිත් උන් දෙන්නා කෙසේ හෝ එකතු කරගෙන ගමන යන්නට සෑර් රිසි විය. අප දෙදෙනා රථයේ නංවාගෙන පන්ති නොපැමිණි උන්ගේ නිවෙස් අසලට පැමිණ මධුවිත සොයා යන යුගය ඇරඹුනේ ඒ අකාරයෙනි. මෙලෙස කාලය ගත වෙද්දී අප හදවත් තුල බුර බුරා නැගුන ගැටලුව වූයේ සෑර් කොලු කාරයෙකුද යන්නයි. කෙදිනකවත් එවැනි උත්සාහයක් දරා නොතිබුනද අපගේ සිත් ඒ ගැන සැකයෙන් පෝෂණය වී තිබුනි.තවත් මඳ කාලයක් ගත වන විට වෘත්තීය ජීවිත වලට එළැඹුනු අප හතර දෙනා එක් තැනකදී අල්ලාගන්නට තිබූ අපහසුතාව නිසා සෑර් සියල්ලන් සමග බෝතලයක් හිස් කරනවා වෙනුවට අහුවෙන එකෙකු සමග භාගයක් හිස්කිරීමේ අලුත් පිම්මක් පැන්නේය. අද මා සමග මේ ගමන ගියා නම් ඊලග සතියේ යන්නේ වෙනත් එකෙකු සමගිනි. එවැනි දවසක සෑර්ගෙන් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් ලැබේ. යනුවෙන් එහි සටහන් වෙයි. ඒ පණිවිඩය දුටු පමණින් ඊලඟ ජවනිකාව සිතා ගැනීමට අපට අපහසු වූයේ නැත.සෑර් සමග වෑන් රථය තුල තනිව ගමන් ගන්නා විටෙක මගේ හදවත පෙර කියූ සිතුවිල්ලෙන් පීඩාවට පත්වූ වාර ගණනාවකි. භාගය හිස් කොට මහ රෑ නැවත නිවෙස බලා පැමිණෙන විට වාහන මෙන්ම පදිකයන්ද අඩු මහා මාර්ගයක් අභියස ඔහුට බොහෝ නිදහස තිබේ.මේ සිතුවිල්ල අනිත් උන්ටත් පොදු වූ නිසාම අප එක්වූ තැනක කථා කලේ ඉංග්‍රීසි සෑර්ගේ මේ අමුතුම ක්‍රියාකලාපය ගැනමය.ඇයි බං මේ වගේ සල්ලි වියදම් කර කර අපිව ගෙදරටම ඇවිල්ලා එක්කගෙන ගිහිං බොන්න අරං දෙන්නෙ. සෑර්ගෙ හිතේ මොනවා තියෙනවද දන්නෙ නෑ...එවැනි විටෙක අප එලෙස කථිකා කලෙමු.කෙසේ හෝ ඒ වන විට අපගේ ඉංග්‍රීසි සෑර් අප නිවෙස් හතරේම හිතවතෙකු වී සිටි නිසා නිවෙස් වෙත පැමිණීමට බාධාවක් තිබුනේ නැත. එවැනි වටපිටාවක සෑර් පුංචි පහේ චාරිකාවක් සංවිධානය කලේය. ඔහුගේම රථයේ මේ ගමන යන්නට තීන්දු විය. සෑර් පිළිබඳ පැවති විශ්වාසය නිසා නිවෙස් වලින් තහනම් නියෝග පැමිණියේ නැත. අප තිදෙනෙකු සහ සෑර් පමණක් ගමනට සහභාගි වන්නට නියමිතය.කොළඹ බදුල්ල මාර්ගයේ දැන් රථය ධාවනය වෙයි. රාත්‍රිය ගත කරන්නට නිෂ්චිත ස්ථානයක් සැලසුම් කොට නැත. ඒ අවස්ථාවට අනුව තැනක් තෝරා ගැනිම සෑර්ගේ බලාපොරොත්තුවයි. හපුතලේ නගරයට පිවිසෙන්නට කලියෙන් සෑර්ගේ ආරාධනයෙන් සියල්ලන්ටම ලැබුනේ තෝසෙ සංග්‍රහයකි. මේ ගමනටද සියලුම බරපැණ සෑර්ගෙන් නිසා අපේ සාක්කු වලට බරක් නැත.සාම්බාරු සමග ආමාෂ ගත වූ තෝසෙ අපේ නගා කොලුවා තුල ඇතිකර තිබුනේ කදිම විපර්යාසයකි. ඒකාට බොක සිග්නල් වැදී තිබේ.සෑර් පොඩ්ඩක් අල්ලන්කො වාහනේ බොකක් දාන්න පුලුවන් තැනකට...නගා දෙපසට ඇඹරෙමින් වෑන් රථයේ පසුපස කලාපයේ සිට හඬ අවදි කරයි. එහෙත් ඒකාගේ බස කිසිවෙකු කනකට නොගනියි. රථය එක එල්ලේ හපුතලේ දෙසට ධාවනය වෙයි.විනාඩියෙන් විනාඩිය නගාගේ මුහුණ විළියෙන් බර වෙයි. අත මිට මෙළවෙයි. නැවත දිග හැරෙයි. තොල් සඟල උල් වෙයි...නැවත හැකිලෙයි.මට අමාරුයි බොල කොහෙ හරි තැනක නවත්තපංකො වනිගෙ....සෑර් සමග ඉදිරි අසුනේ සිටින වනිගයාගෙන් නඟා කොලුවා සහනයක් අයදියි.එහෙත් කිසිම හාවක් හූවක් නැත. රථය තවමත් ධාවනය වෙයි. ඉවසාගෙන සිට ඉන්නම බැරි තැන නඟාට මහ සොහොනා ආරූඩ විය.තොපි වාහනේ නවත්තන්නෙ නැත්තං මම මේ සීට් එක උඩ රෙනවා....උක්කුටික ඉරියව්වෙන් පසුපස ආසනය උඩ නැග සිටින නඟා දුටු සෑර් භූමිතෙල් පොල්කට්ටක් වැදුන ගැරඩියෙකු සේ භයෙන් භීරාන්තව ඒ අසන්නයේම තිබූ කුඩා හෝටලයක් බදු තැනක වාහනය නතර කරන අයුරුත්...උසේන් බෝල්ටත් වඩා වේගයෙන් ඉනෙන් පහලට කඩා හැලෙන ඩෙනිමත් අල්ලාගෙන කසිප්පු සොයන්නට ආ පොලෝසිය මගහැර යන කසිප්පු කාරයෙකු සිහිපත් කරමින් හෝටලය කරා දුවනා නගා කොලුවාගේ දසුනත් අප වෙත එකතු කල උපහාසයේ රස මිහිර මට තවමත් දැනෙනවා වාගේය.නගාගේ බොකට පින්සිදු වෙන්නට අපට රාත්‍රී නවාතැන හමුවී තිබේ....එකල එහි බිම් මහලේ තිබුනේ කාමර 3 පමණි. උඩු මහල අවන්හලකි. කාමරය ඉදිරියේ කුඩා කොරිඩෝවකි. දුම්රිය ස්ථානවල ඇති පැරණි පන්නයේ හාන්සි පුටු සිහිපත් කරනා දිග පුටුවක් බැගින් සෑම කාමරයකටම ඉදිරියෙන් තබා තිබුනි. කොරිඩෝවට එපිටින් ක්‍රම ක්‍රමයෙන් බෑවුම් වන තේ වත්ත විශාල දුරකට විහිදෙයි. මා මෙතෙක් විනෝද චාරිකාවකදී නවාතැන්ගෙන ඇති ස්ථාන වලින් ඉතාම සොඳුරු තැන මේ යැයි කීම වරදක් නැත. හැන්දෑවේ 6 කණිසම වන විට වලාකුළු පාවෙන්නේ අතේ දුරිනි. එහි ඇති සිසිලත්...ස්වභාව ධර්මයේ චමත්කාරයත් නිසාම මේ ස්ථානයේ කීප වතාවක්ම මේ ගමනින් පසු නවාතැන් ගෙන තිබේ.දැන් ඉතින් අපගේ භීතිය උත්සන්න වන අවස්ථාවට අප එළැඹී තිබේ. කාමරයේ ඇත්තේ ඇඳන් දෙකකි. පුෂ්පයා ගමනට සහභාගි නොවූ නිසා පිරිස 4 දෙනෙකි. ඒ අනුව දෙන්නා බැගින් යහන් දෙකේ නිදාගත හැකිය. මමත් වනිගයාත් සෑර්ගේ ඇඳ වෙත නගා කොලුවා පන්නා දමන්නට උත්සාහ කලද ඒකා කූඩැල්ලෙක් කකුලේ එල්ලි ලේ බොන ආකාරය සිහිපත් කරමින් අප සිටි ඇඳ බදාගත් වනමය. ඉංග්‍රීසි සෑර් අපගේ පතිවත කෙළසාවි යැයි ඇති භීතිය නිසාම අපි තිදෙනාම එක ඇඳක රැදී ඉන්නට තීරණය කළෙමු. මේ දසුනින් සෑර් හට අධික කෝපයක් උපන්නේය.තොපි 3 දෙනා එක ඇඳක මැරෙන්න හදන්නෙ යකෝ මම මොකෙක් කියලා හිතලද...සෑර් ඉංග්‍රීසි සිංහල ද්වි භාෂාවෙන්ම බැණ වදියි. ඔහුගේ කෝපය ඉහවහා ගොසිනි. අපේ අැඳ මත තිබූ වැල් ජොකුන් සෑර්ගේ හස්තයේ බලයෙන් කොරිඩෝවෙන් එපිට මහා ප්‍රපාතයකට විසිවෙයි. එහෙත් ඒ වෙලාවේ තිබූ ප්‍රචණ්ඩ සුළඟ නිසාම ඒවා බූමරංගයක් මෙන් නැවත කාමරය වෙතම නිරුපද්‍රිතව ලගා වෙයි. සෑර්ට දැන්නම් මල උපරිමයෙනි. සිරා කොලුවා වන මට මේ දසුන දැක හඬන්නටදැයි සිනා වෙන්නටදැයි සිතා ගත නොහැකි වූ බැව් මතකය.කෙසේ හෝ සෑර් සන්සුන් වන තෙක් සිට දවාලේ මිළදී ගත් බ්‍රැන්ඩි බෝතලයට බැට දීම ආරම්භ වූයෙන් චාරිකාව නරක එකක් වූයේ නැත. රහමෙරින් මඳින් මඳ සන්තර්පණය වන විට මෙතෙක් කල් අපේ උන්ගේ සිත් පෙලූ කාරණය සෑර්ගෙන් එක එල්ලේ විමසන්නට තරමේ දහිරියක් සිරා කොලුවාගේ සිත වෙළාගෙන ඇති සෙයකි.ඇයි සෑර් අපිට මේ විදියට වියදම් කරලා බොන්න දීලා ට්‍රිප් අරගෙන ඇවිල්ලා සෑර් මොනවද බලාපොරොත්තු වෙන්නෙ...සෑර් කොලුකාර-----.මගේ ප්‍රශ්නයෙන් සෑර් හපමින් සිටි රට කජ්ජක් මුවෙන් ඉවතට පැන්නේය. ඔහු තිගැස්සී සිටියේය.මෙච්චර කල් මාව ආශ්‍රය කරලා තමුසෙලා එහෙමද හිතාන ඉන්නෙ....හෙක් හෙක්...සෑර් ඔලොක්කුවට මෙන් සිනහා වෙයි.එහෙම එකක් නෑ අයිසෙ...මට එහෙම උවමනාවක් තියෙනවා නම් මෙච්චර වියදම් කරගෙන බොන්න දෙන්න, ට්‍රිප් අරගෙන යන්න උවමනා නෑ.මම ඉස්කෝලෙ යන කාලෙ හොස්ටල් එකේ නතර වෙලා ඉගෙන ගත්තෙ. මගේ දෙමාපියො ගොඩාක් නීති දාලා මාව හැදුවෙ. මම තරුණ වයසට එද්දි උඹලට වගේ කිසිම විනෝදයක් තිබුනෙ නෑ. කොටින්ම මට බොන්න කන්න යාලුවො මුණ ගැහෙන්න ඒ වයසෙදි ලැබුනෙම නෑ.මගේ පන්තියට ඇවිල්ලා ටික කාලයක් ගත වෙද්දි...මට උඹලව දැනුනෙ පුතාලා නැති මට පුතාලා වගේ....තව ටික කාලයක් යද්දි දැනුනා යාලුවො ටිකක් වගේ. අන්න ඊට පස්සෙ තමයි මට ඒ කාලෙදි කරන්න බැරිවෙච්ච දේවල් උඹලා එක්ක කරන්න හිතුනෙ. මම ඔයාලා එක්ක ඉන්න වෙලාවට හිතින් මගේ අතීතයට යනවා. නැතුව ඔය උඹලා හිතාගෙන ඉන්න දේවල් හින්දා නෙමෙයි.අපට සෑර් ගැන අැතිවූයේ අනුකම්පාවකි. මෙවැනි පුද්ගලයෙකු දෙස වපර ඇසකින් බැලූ අප ගැන කළකිරීමකි. එහෙත් අපේ සමාජයේ මෙවැනි ගුරු ගෝල හැසිරීමක් බාහිරව දකිනා කවරෙකු වුවද අප එල්බගත් මතයේම සිටිනවා නියතය.පන්ති කාමරයෙන් ඉැගැනීමට නොහැකි වූ බොහෝ දේ ඔහු අපට කියා දුන්නේය. අප සියල්ලෝම වාහන පැදවීමේ මූලිකාංග උගනිමින් ඒ සඳහා අත්පොත් තැබුවේ සෑර්ගේ රථයෙනි. විටෙක ඔහු වැඩිහිටියෙකි. විටෙක ගුරුවරයෙකි. විටෙක මිතුරෙකි. අපගේ ප්‍රේම කථා වල විප්‍රයෝගය මෙන්ම රස මුසු තැන්ද අසා සිටිමින් අපට උපදෙස් දුන්නේද මේ කියන සෑර්මය. සමාජය පිළිබද, වෘත්තීය ජීවිතය ගැන, පවුලක් තුල අපගේ වගකීම් ගැන අප හොඳ දැනුමක් ලබා ගත්තේ මේ චරිතය නිසාය. ඇතැම් විටෙක රැකියාවක් සඳහා අප මුහුණ දිය යුතු වූ සම්මුඛ පරීක්ෂණ කරා වුව ඔහු අප කැටුව ආවේය.හපුතලේ චාරිකාවෙන් පසු සෑර්ගේ පවුලේ ප්‍රිය සම්භාෂණ ආදියට අප කැඳවාගත් හෙතෙම ඔහුගේ ඥාති ජන සමූහයා වෙත මෙන්ම මහනුවර ප්‍රදේශයේ වෙසෙන බිරින්දෑගේ පාර්ශවයේ ඥාතීන් වෙතද අප සැම හඳුන්වා දුන්නේය. ඉන් ඉක්බිති ඔහු හා අපේ ඇසුර වඩාත් ශක්තිමත් වූ හෙයින්ම අපට විනෝද චාරිකා වලින්ද අඩුවක් වූයේ නැත. එවැනි චාරිකා කීපයකි. එහෙත් සෑර් සමග එක්වී අපේ කොල්ලන් රහමෙර පානය කරන බව අපේ මහ උන්දැලාට වැටහෙමින් තිබුනි. ඒ සඳහා ඒ අය ගත් ක්‍රියාමාර්ග සහ විනෝද චාරිකා ආශ්‍රිත රස මුසු තැන් පිළිබද මීළග ලිපියෙන් කියමි. අදට හමාර කරමි.මම කාමරේ අරින සිරා කොලුවා.ප.ලිහපුතලේ අපේ නවාතැන වර්තමානයේ එය පවතින ආකාරයෙන් එකල මොඩ් වී තිබුනේ නැත.
BLOG
2014.12.22
http://mamaiarui.blogspot.com/
කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය "
පොඩි මෑන්
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං .....කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් .. පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....ඉදිරිපත් කිරීම හා බෙදා හැරීම ......✿•* සාදර නුග්‍රහයෙන්....ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං ....." නූතන මහින්දාගමන පජාතකය ..... "ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං .....දේශකයානෝ ... .. ගූගල් ලන්තේ බ්ලොගර් යායේ පොඩිමෑන් සූස්ථිකයානෝ .......ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංටර රක්ට,, ඩිංටර රක්ට ,, ඩිංටර රක්ට ,,, ඩිගටං ඩිගටං ඩිංංංංංංං .....යටගිය දවස ඉන්දියන් සාගරේ අමුතු ඇට දීපයේ .. හද්ද පිටිසර ඩොටේ ගමක මහින්ද මහ සහතන් වහන්සේ හිච්චි ඇබින්දන් කොළුවෙක් ලෙස උපත ලැබුවේය ... උන්නාන්සෙගේ කොළු කාලය හා අනිත් කතාවලින් උපාසක උපාසිකාවන්ට ජාතක කතා පොඩ්ඩ බෝරින් වෙන්නට ඇහැකි නිසා කථාව පොඩ්ඩක් පාස් පෝවඩ් කරනවාය ...උන්නාන්සේ පැවදි වී හීනියට ලාවට පිඬු සිඟා පාරක් වැඩගෙන වැඩගෙන ...බනක් බාවනාවක් කරගෙන හීන් සීරුවේ වැඩගෙන සිටින අවස්ථාවෙ. පෙර සසරෙ කල මහා කුසල කර්මයන් හිටගෙන පඩිසන් දෙන්නට දෙන්නට පටන් ගත්තේය ...දෙවුදත්තර ඝන්ඨාර සිංහ පරම්පරාවේ බඩේ බායිලා සෙට් එකක් ඒ කාලේ අමුතුඇට දීපයේ තිබූ තඩි සයිස් ගලක් පෙරලන්න හොද මුක්කුවක් හොයන කොට හොයන කොට ... හිටගෙන පින පඩිසන් දෙන වෙන්ඩ මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ මොකද්දෝ මෙවුවා එකකට සෙට් විය ... ඔය දෙවුදත්තරලා සෙට් එක ඊට කාලෙකට ඉහතදී ගල් පෙල්ලන්නට සංඝායනා පවත්තලා පවත්තලා ... අමුතු ඇට දීපය තවත් අමුතුකොට පස්සෙ පස්සෙ...... පුක බිම ඇනී ලාචෝරුවි සිටි බායිලා සෙට් එකකි ... පස්සෙ පස්සෙ බායිලා ජටාව වෙනස් කොට රැවුල් මොඩ් කර අමුතුම ධර්මෙකින් ගල් පෙරලන ගේමට බැස්සේය ... ගල් පෙරලන්නට කියා උදේ හවස පාන් ගේන්නට පක්කලි කමේ යන්නට උන් හොයා ගන්නට හිමාල වනෙන් ගෙනා බලගතු තෙලක් පාවිච්චි කලේය ... තෙල් බිංදුවක් හිසට දාගන්න පූස් පැටවු උවද මාහා දරුණු බෙන්ගාල වියාග්‍රයන් සේ කෑ මොර දීගෙන දීගෙන කඩේ යන්නේය ... පෙරලෙනා ගලේ ආතල් එක පෙන්නා දෙවුදත්තර බායිලා උන්ගේ සීනුව ලාවට හොල්ලන්නෙය වනන්නේය ... පූසෝ කොටි වී කඩේ යන්නේය ... එහෙම පූසෝ කඩේ යද්දී ගල පෙරලන්නට මුක්කුව විදියට පොඩ්ඩක් පොඩ්ඩක් එහෙන් මෙහෙනුත් ලල් වී සිටි මහින්ද වෙන්ඩ සහතන් වහන්සේ කැරට් පෙන්නා මුක්කුවට ගෙනත් යන්තං යන්තං ගැසුවාය ... බායිලාගේ ගේම හරි ගියාය ... හැබැයි පොඩි පුංචි හිච්චි .. මේම් මෙතෙක්කිතර අප්සැට් එකක් හිටියාය ...බායිලා ලුලුම්බා වලින් ගෙනා කැරට් අලේ පිටින් ගිල්ලා ගිල්ලා වගේ උනාට අමුතු ඇට දීපයේ ඩොටේ සිට ආ ගමේ බයියා වහන්සේ අලේ දිරවා තනි බෙට්ටට රුන්නාය .. බායිලාගෙ රෙද්දෙ ගියේ ඒ වෙලාවේය ...බායිලා දෙකට නැමී බුරිය විකාගෙන විකාගෙන පල්ලන් බැස්සාය ... පල්ලන් බහින බායිලාට ලුලුම්බා වලින් ගෙනා කැරට් වලට වඩා අමුතු ඇටේ දීපයේ ගමේ බයියා වහන්සේගේ ගමේ හේනෙ කැරට් පෙන්නා බායිලාගේ සීනුවේ සද්දෙ දාන පුංචි කෑල්ල වෙන්න සහතන් වහන්සේ බා ගත්තාය ... එකෙන්ම බාගත්තාය එදා බාපු සීනුවේ සද්දෙ එන කෑල්ලත් චාටර් වෙවී වෙවී හෝ තාමත් සද්දෙට උන්නාන්සේගෙ බනේ තාලෙට හෙලවෙනවාය ... උන්නාන්සෙ ගානට බන තලනවාය සීනුවේ ගැලවිච්ච කෑල්ල හෙලවෙනවාය ... බන තලනවාය සීනුව ගැලවිච්ච කෑල්ල හෙලවෙනවාය ... හෙලවි හෙලවී තවුතිසාවේ වැඩ වාසය කරන ගූගල් මහා දිව්‍ය පුත්‍රයාටත් ගේම දාන්නට ගොස් බැරිම තැන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ වටා පතේ මිටෙන් පුංචි කෑල්ලට ටොක්කක් ඇන්නාය ...ඒක නිසා දැන් කෑල්ල හෙලවෙන්නට කලින් වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ දිහා පොඩ්ඩක් පොඩ්ඩක් බලනවාය ...කොහොම කොහොම හරි මුක්කුවට ගහපු වෙන්ඩ සහතන් වහන්සේ මුල් ඇදලා පැලවෙද්දි .. ආයෙත් හිටගෙන පෙර පින පලදීගෙන පලදීගෙන ගියාය ... අමුතු ඇටේ දීපයේ ඇටේ උඩ කෑල්ල ඉල්ලා සද්දෙ දාගෙන දාගෙන ආව එළාර අංකල්ට ගේමක් දෙන්නට පැළවේගෙන යන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ කම්පනාවට ආවාය ...උන්නාන්සේ වහාම ගමේ චන්ඩියා මරුමුස් කලවැද්දා මාමාව චැනල් කරේය ... කොටන තුවක්කුව වෙනුවට පතුරන් තුවක්කුවක් දී ... අමුඩෙ වෙනුවට මඩකලපුවේ එලකිරි බතික් සරමක් ඇන්ඳුවාය .... එකෙන්ම ඇන්ඳුවාය ...කල්වැද්දා මාමා සැර වැඩ්ඩාය ... සැර වැඩ්ඩා කලවැද්දා මාම සරම ගැහුවට පස්සේ තට්ටම් වැසී පුල් සැටිස් වී ගේමට බැස එලාර අංකල්ගේ වෙලට පැන සිල්ප දක්වාගෙන දක්වාගෙන ගොස් හොම්බ රිවට් වෙන්න ඇන බෝක්කුවේ ඔබාගෙන ඔබාගෙන ගේම දුන්නාය ... එලාර අංකල්ට ඇඩ්‍රස් නැති වී බෝක්කුවේම හොත්තේය ...එලාර අංකල්ගේ බලු පැටවු ටික එහෙ මෙහෙ වාශ්ප වෙද්දී වෙද්දී .... ගේම කම්පනාවට ආ වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ... ලාවට පැලවේගෙන පැලවේගෙන ආ මුක්කුව..., වහා අහසට පැන පෙලහර පා .. රශ්මී විහිදුවා .... දහසකුත් ජහමනයාගේ සාදුකර මැද මහා ජිජ්ජකූට පර්වතයේ සේ මහා විසාල කලු ගලක්ව.... උතුම් වූ මහරහත්බව ලැබ අමුතු ඇටදීපයේ මද්‍යයේ අරලිය පවුවේ හොත්තේය .... ජහ මනයා සාදු කාර දුන්නේය.... එකෙන්ම ....දුන්නේය ... ...බායිලාගේ කට ඇරී දිව හැපී දෙඇස් මොරගෙඩි සේ දොට්ට පැනන අතරේ ... දළ හැලී ගිය නාකි අලි සෙට් එක නැට්ට පෑගී වසුරු වගුරවා මුමුනමින් මුමුනමින් බලා සිටි මළ සේක .... ඔය අල්ලෙ පනල්ලේ එලාර අංකල්ට ගේම ගැසූ කළවැද්දා මාමා,,,, මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේම දීපු මඩකලපු සරමම උස්සාගෙන උස්සාගෙන පුක පෙන්නාගෙන පෙන්නාගෙන පැවදී වී ... එලාර අංකල්ට ගේම ගැසූ පිනෙන් තමා උතුම් වූ අරහත් ඵලයට පත්වෙන බව කියා අමුතු ඇට දිපයේ එහේ මෙහේ යමින් දුෂ්කරක්‍රියාව ඇරඹුවාය .... අමුතු ඇට දීපයේ සිටින්නෙ අමුතු ජහමනයාය .. පරණ ඇටේ පරන වෙද්දි පරණ වෙද්දී ඕනෑම ඇටේකට ජිල්මාට් වීම අමුතුඇට දීපයේ ජහමනයාගෙ හැටිය ... ඒක නිසා සරම උස්සාගෙන පුක පෙන්නා පැවදි කල්වැද්දා මාමාට එකෙන්ම එක දෙන්නට ලාවට පටන් ගත්තාය...පෙර සසර පුරුදු කර ඇත්තා වූ ගල් පෙරලීමේ මහා අකුසලයම මුල් කරගත්තාවූ ලුලුම්බාවේ කැරට් කෑ රැවුල් ජී බඩේ බායිලා ආයෙත් ගල පෙරලන්නට මුක්කුවක් හොය හොයා යන අවස්ථාවේ කලවැද්දා මාමාගෙ රැස්පොට් දැක පෙර පරිදිම කැරට් පෙන්නා සෙප්පඩ නාකි වේගෙන යන අලිද කැන්දා මහත් වූ උත්සවත්ශීයෙන් පෙරහැර කරවා මුක්කුවට ගැසුවාය .... එකෙන්ම ....ගැසුවාය .....එපමනක්ද නොව පොකුනක් සාදවා ... කලවැද්දා මාමාට මඩ කෙලින්නට කෙලින්නට හැර පාලුවට පොඩි හංස පැටියෙකුත් ගෙනත් දැම්මාය ... එහෙත් ....දත විකා බඩ උලා ගැසූ ගේම ලාචෝරුවෙන බව මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ ලෝකවිදූ ... තුන්කල් දක්නා ණුවනට ඊට කලින්ම ලාවට පෙනී පෙනී ගියේය .... එවකට පහලවී සිටි බඩ බැදගෙන ආවා වූ අගසවුවන් වහන්සේලාද මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේට පෝර දැම්මාවූ මළ සේක ......එකල්හි ....අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තමාගෙ අමුතු ඇට දීපෙම පදිරි... එරිදි බලෙන් හීන් සීරුවමේ නූලක් මතුරවා කලවැද්දා මාමට මළපෙරේතයෙක් බන්දවා බෝතලේක සිරකොට ඇඩ්‍රස් නැති කරාය .... එකෙන්ම .....කලවැද්දා මාමාට හොදටම කරාය .... රැවුල් ජී බඩේ බායිලා මැද කෑල්ල නැති සීනුව හොලවද්දී හොලවද්දී .. නාකි අලි තටමද්දී තටමද්දී ... ජහමනයාද පොඩ්ඩක් අබ්ලික් වේගෙන වේගෙන ආවේය ...මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ ඒ පුර පසලොස්වක පෝය දා ... සෙට් එක ගෙන අරලිය පවුවට වැඩමවා අප්සට් වී කවදත් එදා වේලට මොණර දඩයමේ යමින් සිටි ජහමනයා ඇමතුවාය ..... මුලදී මුලදී බඩේ බායිලාගෙ තෙලෙන්ද අලි මන්තරෙන්ද කුලප්පුවී සිටි ජහමනයා ...අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ බණ අසා සෝවාන් ගානට කිට්ටුවට ආවාය ...එහිදී ජහ මනයාගේ දැණුම පරික්සා කර බලන්නට සිතූ උන්නාන්සේ මහින්ද මහ සහතන් වහන්සේ මෙසේ මොණර දඩයමේ යමින් සිටිනා ජහ මනයාට ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කල සේක ..." ජහ මනය ... මේ අලය කුමක්ද ... .. "" ස්වාමීනී මෙය කැරට් අලයක් .... "" මේ කැරට් අලය හැර වෙනත් කැරට් අල දැක තිබෙනවාද ... .. " .." අම්බානෙක ස්වාමීණී ... අපිට එක එක උන්නාන්සේලා අම්බානෙක කැරට් අල පෙන්නා තියෙනවා ... "" මේ කැරට් අලයත් ඒ කැරට් අලත් හැර වෙන අල දැක තිබෙනවාද .... .. "" කොඬලල.. බතලල ... හින්නල .. ගෝනල ... අපෝ සොවාමීනි දැකල නෙවෙයි කාලත් තියෙනවා .... එකෙන්ම හොද නැතුව ගිලල තියෙනවා .... "" ඒ කැරට් අලත් වෙන කාල තියෙන අලත් හැර ... වෙනත් අල තිබෙනවාද .... .. ..." ඇයි ස්වාමීනි ... ඔබතුමාගෙ මේ කැරට් අලේ ... " ..එයින් සෑහීමක පත් නොවූ මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තවත් ඒ ජහමනයාගේ දැණුම පරික්සාකිරීමට සිතා ඉදිරිපත් කල අනිත් ප්‍රස්නාවලියට මත්තෙන් ...දේශකයානෝ .. සූස්ථියක් සදහා මද විරාමයික් ලබගන්නා මළ සේක .
BLOG
2014.12.20
http://mamaiarui.blogspot.com/
මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....
පොඩි මෑන්
මල් පිපෙන්නෑ අපේ පැත්තේ ... වෙනද වගෙ දැන් රෑවෙලා ... පාලුවට ගිය පාර අයිනේ ගෙම්බො ටිකනං රජ වෙලා ...උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ තෝරු මෝරුන් යන නිසා .. පහල දෙවැටේ බෝක්කුවෙ හිටි හාල් මැස්සො හැංගිලා ...කොටි වලස්සුයි සිංහයොයි ටික ලයිට් කනුවල එල්ලිලා ... උන්ට බුර බුර බල්ලො සේරම පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...මලුත් තියලා බණත් අහලා පිං කරපු උන් විසිරිලා ... මිනිස් පුලුටක් නෑ රෑට දැන් සත්තු සර්පයො බෝ වෙලා ..කන්න දගලන කාල බුදියන තිරිසනුන් හට ඉඩ තියා ... කරපු පිංවල බලේ මහිමෙන් එකෙක් දැන් දෙවුලොව ගියා .....
BLOG
2014.03.06
http://mamaiarui.blogspot.com/
පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට .....
පොඩි මෑන්
ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ අයියල මල්ලිල කරපු සිංහල මියුසික් වීඩියෝ බල බල යනවට වඩා නැචුරල් දර්සනේකින් හිත පිරිසිදු කරගෙන දෙයියගේ කියල ගෙදර ගිහින් ගතත් පිරිසිදු කරගන්න ඇහැකි එකේ රු 500 දෙගුනයක් වාසියි . මම් ලගින් වාඩි උන ගමන් ත්මයි ඇදගෙන ආපු ඇදුමෙ විසාලෙ ඒකිට මතක් උනේ ... අරෙහෙන් අදිනවා .. බෑග් එක තියනවා ආයෙ හදනවා .... පට්ට ඩ්‍රාම එක ... හරියට හොරු සමග හෙළුවෙන් වගේ ....මේ ආතල් ගිතෙල් මැද්දෙ හිතේ හැටියටම පැතුම් මල් පිපීගෙන එනකොට එනකොට එනකොට ඔන්න මේකිට ආවනෙ නිදිමතක් ...බොහොම සිරා විදියට හිනාවක් දාල කටට අත තියල ඈනුමක් යන්න ආපු එකත් නවත්තගෙන කෙල්ල එහා පැත්තට හැරුනා. මට තේරුනා ඒකි ඉන්නෙ පට්ට නිදිමතෙන් කියල ... නින්ද යාගෙන එනවා ... ආයෙ ගැස්ස්සිල ඇහැ අරෙනවා ... සාය අදිනවා ... බෑග් එක තියනවා ... ඉස්සර නයිට් කාලාස් ඉවරවෙලා එනකොට ගෝමස් බාර් එකෙන් ගල් කාල අරගෙන එක හුස්මට ගහල රු 5ක කඩල කටේ දාගෙන කැප්ටන් එකක් බාගෙට බීල ඒකෙ ඉතුරු කොටස කනේ ගහගෙන එන නාකි බූඩ අංකල් කෙනෙක් අන්තිම බස් එකේ ඉස්සරහම ශීට් එකේ යන විදියෙයි ඒ නිදිමත පොශ් කෑල්ලගෙයි වෙනසකට තිබුනෙ අංකල් කාරය ගාව එන මල පෙරේත ගදට හරියන්න මේකිගෙන් එන්න නහය ගලවගෙන යන සුවදක් ... නිදිමතට කිරන්නෙ එකම විදියට .... මෙච්චර නින්ද යන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන මෙයා මේ වලි කන්නෙ මම ඉන්න නිසා කියල මට තේරිලයි තිබුනෙ ...කොච්චර උනත් අනියම් විදියකින් හරි ගෑනුලමයෙක්ගෙ නින්දට බාදා කොරන්න හොද නැති නිසා සිට් එකට හේත්තුවෙලා මමත් පොඩි ඇලට් එකක් දැම්මා ...විනාඩි 10 විතර යන්න ඇති ... සද්දයක් හැල හොල්මනක් නෑ ... බස් ටීවී එකේ මොකද්දෝ ටකරන් බෑන්ඩ් එකකට සුප්‍රියා වන්ගෙඩි නැටුමක් දාන ගමන් මොකද්ද සින්දුවක් කියනවා .. මමත් මගේ ලග තියෙන වංගෙඩි කඩෙ පැත්තට ඇහැ රබර් රබර් පටියෙන් පන්නල නෝමල් පාක් එකට දාලචැනල් එක ට්වුන් කරා ...මෝල් ගහක් ගිලල වගේ ඉස්සර කෙලින් ඉදපු කෙල්ල වීදුරුවට හේට්තුවෙලා පට්ටෙට නිදි .. ඒත් නින්දෙන් හැම විනාඩියකටම සැරයක් කෙල්ල සාය අදිනවා .... මේ විකාරෙට හිතින් හිනාවෙන ගමන් වට පිට බලනකොට එහා පැත්තෙ ඉන්න අංකල් කෙනෙක් බල බල හිටපු පත්තරේ නවල උකුලෙන් තියාගත්ත .... පත්තරේ දැක්ක ගමන් මට ආව ඉතා කුප්ප අදහසක් ....මම අංකල්ගෙන් පත්තරේ ඉල්ල ගත්ත ... ඉල්ලගෙන එක නැම්මක් දිග ඇරල නින්දෙන් සාය ඇද ඇද නිදි කෙල්ලගෙ මට හංගන්න හදන සුදු කෙහෙල් බඩයක් වගේ කකුල් දෙක වැහෙන විදියට තිබ්බා ... ඒකි දන්නෙ නෑ ඒකි නිදි ... නින්දෙන් අදිනකොට පත්තරේ අහු වෙලා නැගිටීවි කියල මම බලාපොරොත්තු උනත් එහෙම උනේ නෑ ... හයි වේ එකෙනුත් බස් එක එලියට දාල මහරගම කිට්ටුවටම ආව ...." කට්ටිය මෙතනින් බැහැගන්න අපි ස්ටෑන්ඩ් යන්නෙ නෑ .. "කොන්ද කෑගැහුවා ... ඒ සද්දෙට කෙල්ලත් නැගිට්ටා .. එතකොටම අංකලුත් " පුතා පත්තරේ .... "මම හැරුනා කෙල්ලගෙ පැත්තට .. එතකොටත් ඒකි බලනව උකුලට පත්තරයක් ආවෙ කොහොමද කියලා ...මමත් බොහොම සිරා විදියට හිනා වෙලා " එක්ස් ක්වුස් මී ... පත්තරේ .... " එහෙම කියල ඒකිගෙ උකුලෙන්ම පත්තරේ අරගෙන අංකල්ට දුන්නා ... කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නව බහින එකත් අමතක වෙලා ...." නෑ ඔයා සාය අදිනවා බෑග් තියනවා ඒත් හරියට වැහෙන්නෙ නෑනෙ ... ඔයාට නිදාගන්නත් නෑ ඔය සුදු කකුල් දෙක පේනකොට මට නින්ද යන්නෙත් නෑ ... ඒක නිසා පත්තරේ අරන් මමම වැහුවා ..... "මම බොහොම සිරා විදියට මම කරපු සත් ගුනවත් දානපති යහපත් ක්‍රියාව විස්තර කලා ... ටිකිරි මාරි අංකල් දැක්කනං " යහ ගුනෙන් ඉදිරියට " කියල ඇඩ් එකක් ගහන්න පුලුවන් සත් ක්‍රියාවක් උනත් මෙන්න යකෝ මේකි මට ඔරවල ගස්සගෙන හොල්ලගෙන බැහැපි .... ආයෙ ඔය සාය ඇදගෙන බස් එකේ යනවනම් ඒකිම පත්තරයක් අරගෙන යාවි මයෙ හිතේ ... ආයෙ හෝදන්න දෙයක් නෑ .... කොහොමද මගෙ ටිකිරි මොලේ ....බස් වල යනකොට දැක්ක දර්සනයක් ගැන මම කලිං ලිවුව මතක ඇති ...මතක නැතිනං ගිහින් බලන්න ...ලංගම රියේ ... ඇගෙ බුරියේ ....ලයිෆ් ඉස් ... පකින් awesome කියනෙ නිකන්‍ යැ .... .
BLOG
2014.02.28
http://mamaiarui.blogspot.com/
M I L F ( එම් අයි එල් එෆ් ) ... 18+ නොවේ
පොඩි මෑන්
M I L F ඔය අකුරු 4 මුලින්ම දැක්කෙ මට මතක විදියට වැල සයිට් එකක ... ඕකෙ තේරුමක් මුලින්ම දන්නෙ නැති උනාට පස්සෙ පස්සෙ ඔය කැටගරියෙ ෆේවරිට් ලිස්ට් එකට වැටුනා .. මොකද කියන්න දන්නෙ නෑ ..පස්සෙ පස්සෙ තමයි මට හිතුනෙ ඕක සාමාන්‍යයි කියල .. ඒකට මුලින්ම හේතු උනේ දිනේශ් කොලබගේගෙ " සුළග වගේ ඇවිදින් " කතාව කියෙවුවට පස්සෙඒකෙ තියෙන්නෙ මේ වගේ කේස් එකක් නොවුනට තමන්ට වඩා වැඩුමල් කෙල්ලෙක්ට ලවු කරන්න කොල්ලොන්ගෙ පොඩි ලල් එකක් තියෙනවා ..එතකොට ඒ ඒ වයස අනුව කැටගරි බෙදෙනවා ... ඒ කැටගරි එකත් එක්ක පටන් ගන්න් එෆෙයාර් එකට එක එක නීඩ්ස් පයොරිටි වෙනව ...1.) කොල්ලෙක් තමන්ගෙ වයසෙ හරි ඊට වඩා බාල හරි කෙල්ලෙක් එක්ක සෙට් වීමමෙතනදි කොල්ල කෙල්ලව බලාගන්නව පනවගේ ... හීන බලනව කසාද බදින හැටි ... වෙඩින් ගන්න හැටි ... හදන ගේ ... ළමයි ... අම්මල තත්තලගෙ කැමැත්ත ගන්න හැටි ... බැදල එහේ මෙහේ යන ඒව ඔන්න ඕව තමයි .. කෙල්ල බොහෝවිට හුරතල් වෙනවට කොල්ල කැමතියි. සුදූ .. පැටියෝ.. සුදු මැනික.. බබා.. ඩාලින්.. ආදර වචන කෝටියයි කෙල්ල බොහෝ වෙලාවට කියන්නෙ අයියේ .. සුදු අයියේ .. මම අහල තියෙන ආතල්ම එක තමයි කෙල්ල කොල්ලට තාත්ති.. අප්පච්චි .. කියනව. කොල්ල කියන දේ කෙල්ල අහන්න ඕනෙ .. ඔයවගේ කතන්දර තමයි ..2.) කොල්ල තමන්ට වඩා වැඩුමල් කෙලෙක් එක්ක යාලු වීම ( අක්ක කෙනෙක් )ඔතන්දි සම්පූරණයෙන් නැති උනාට පලවෙනි කැටගරියෙදි වඩා කොල්ල කෙල්ලට ලවු කිරීමේ සම්බවිතාව අඩුයි මෙතන කොල්ල කැමති පොඩ්ඩක් හුරතල් වෙන්න .. කෙලත් කැමතියි ගෙදර ඉන්න අර පොඩි බූල් බූල් බලුපැටිය වගේ කොල්ලව තියාගන්න .. කසාද බදින ෆ්වුචර් ඩ්‍රීම්ස් එහෙමත් තියෙන්න පුලුවන් .. හැබැයි සාපේකශව අඩුවෙන්මෙතනදි කෙල්ල කියන දේවල් අහන්න වෙනව කොල්ලට ටිකක් වැඩියෙන් ... කොල්ලෙක් වැඩුමල් කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා තමන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාලුවෙන්න අක්කලගෙ පොඩි ලල් එකක් තියෙනව ... නේත්‍රා දෙක් පල්ල මූත්‍රා ගදත් දැනෙන තරමට ඔහොම මෙහෙම ශුවර් කෑල්ල ඒක ... ඒක කොල්ලො දන්නව කෙල්ලො දන්නෙ නෑ .. ඔය බුකියෙ එහෙම මල්ලිල පුදුම ආදරයක් තියෙන්නෙ අක්කලට .. අක්ක පැටියෝ.. අක්කියෝ.. මගේ අක්කියෝ .. සුදු අම්මියෝ.... කතා ගොඩයි .. ඒ වුනාට ලවු එකේදි ආදරවචන ඇඩිපුර කියන්නෙ අක්කි තමයි .. මල්ලි ආරක්ශා කරන්නෙ අක්කි පැටියා .. අක්කි පැටියල මල්ලි පැටියල වෙලා මුලින් සහෝදර ප්‍රේමෙන් පටන් අරගෙන මල්ලි පැටිය අක්කි පැටියට කබ්බ ජිලේදාල කක්කි ගොඩක් ගාගෙන තමයි බොහෝ කේස් සෙටල් වෙන්න .. එච්චර ගැටලුවකුත් නෑ මොකද ඔය මල්ලි පැටියලත් එක්ක පට්ට සහෝදර ප්‍රේම පටන් ගන්න අක්කිලා බොහෝ වෙලාවට තාත්තිලා අප්පච්චිල එක්ක අස්පයගෝන් ටික් ටික් ටික් ගියපු අය ..3.) පොස්ට් එකේ ටයිටල් එකට ගැලපෙන කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාලුවීම ( එම් අයි එල් එෆ් )ඔතනදි අර පලවෙනි කැටගරියෙදිටත් වඩා ආදර වචන වැඩියි .. ඒව නිකන් අර අනර්කලී ඉස්සර සිංහල ෆිල්ම්වල දෙබස් කියනව වගේ අහන් ඉන්න ආසයි ..... බොහෝ වෙලාවට ඇන්ටිගෙ ලොම්බ විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ .. ඒක ඇන්ටිත් එක්සෙප්ට් කරන දෙයක් .. බොහෝ වෙලාවට ඇන්ටි ලැන්ටි කාලෙ ඔය තාත්තිල අප්පච්චිලගෙ සුරංගනාලෝක වලට රැවටිලා .. පස්සෙ ඒව කාටුන් කියල දැනගෙන ඇරියස් එක කවර් කරගන්න ටිං ටිං කෑලි වෙච්ච ඇන්ටිල අමයි සබ්ජෙට් එකට එන්ටර් වෙන්නෙ .. කොල්ලො ඒකට පට්ට කැමතියි ... මොකද එල් බෝඩ් පීරියඩ් එකක් නෑ .. පලවෙනි දවසෙ ඉදලම ප්‍රාඩෝ එකක් හයි වේ දැම්ම වගේ .... ඇන්ටිගෙ අංකල් රාලහාමි හයිස් පීඩ් අලන්නවද කියල පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනෙ .. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා .. ප්ලවෙනි දවසෙ කොෆි ශොප් ඊලගට මූදු වෙරල ෆිල්ම් හෝල් බැල්කනි බොක්ස් රූම් කියන අහාරදාමෙ පිලිවෙලට යන්නත් ඕනෙ නෑ. මුල්ම දවසෙම සර්ව බක්ශකයගෙ කටට ... පේමට් වෙනුවට එර්නින්ග්ස් ....ඉතිං කවුද අකමැති .....ඔය නෝටි ඇමරිකාවල ඔය අපි කැමති ෆැන්ටසිය මවල දෙනවා .. මගේ යලුවගෙ රස්නෙ අම්මා ..මගේ සහෝදරියගෙ රස්නෙ යාලුවඑම් අයි එල් එෆ් බොස් ඔය වගේ ...ආ මගෙ පලවෙනි කාමේසුමිච්චාචාරා ගුරුතුමීකොල්ලො ඔව බැලුවට පරිණත බවලත්තො ඕව නොබලන එකයි ගැටලුව .. ඉතිං කොල්ලොන්ට සෑහෙන වගකීමක් තියෙනව එතනදිබුකියෙ එහෙම පස්ට් කැටගරියට වඩා දෙවනි තුන්වෙනි කැටගරියෙදි ඒව බලාගන්න පුලුවන් සෑහෙන්න ... කැටගරිය හරියට දැනගෙන සර්ෆ් කරන්න ඕනෙ ... නැතිනම් සාරි තමයි .. දැනගෙන දෙපාර්සවේම හරියට කරනවනම්පකින් ඕසම් ... ......වැඩිදුර උපදෙස් අවශයනම් මහාචාර්‍ය පොඩි මෑන් මහතා ප්‍රයිවෙට් කොන්ටෑක් කොරන්නපාරිබාශිත වචන__________________ලල් එක = ආතල් සහ ලොල් යන වචන ස න්දී වී .. බිදී සෑදුන වචනයකිසාරි තමයි = සියදිවි හානිකරගැනීමට සිදුවීමකබ්බ ජිලේ දානවා = ප්‍රසිද්ද මාද්යේ බාවිතා කිරීමට නොහැකි වචනයකි ... 11 වසර විද්‍යාව පලවෙනි පාඩම හා බැදේ ( ජීවයේ අඛන්ඩතාවය )අස්පයගෝන් ටික් ටික් ටිකක් = ගෝන් /gone , go වල පාස්ට් පාටිසිපල් එක වේ . ( අතීත කෘදන්ත ස්රූපය .. went , Gone තේරුම යති , ගියා , ගිහිල්ලා .. එතකොට අස්පය ගෝන් ටික් ටික් ටික් යනු .. අස්පය ඉහිල්ල ටික් ටික් ටික් කියලා ... ( ස්තාලෙ ඇරල ) MILF / මිල්ෆ් = මදර් අයි වුඩ් ලයික් ටු ෆක්.
BLOG
2014.01.30
http://mamaiarui.blogspot.com/
ගූගල් එකේ සෙක්ස් සොයන ලෙඩේට පියාබන මාලු , ඉගුරු, සහ තවත් දේ එකතු කොට සැදූ මහින්ද මාමිගේ බේත ....
පොඩි මෑන්
ඉස්සර පොඩි කාලෙ චන්දයක් එනව කියන්නෙ පුල් ආතල් ...ඇයි අලුත් ෆිල්ම් පෙන්නන්නවා ... නිදිමරාගෙන ගෙදර කට්ටියම ඒව බලනවා ඇයි චන්ද ප්‍රතිපල යනකොට ඒව කොලවල ලියනවා ..පුල් ආතල් ...එත් දැන් ආතල් එක ඔය ෆිල්ම් එකවත් චන්දෙ ලියන එකවත් නෙවෙයි ...ඉල්ලන අපේක්ශකයො ටිකනෙ හත්වලාමෙ ... ... දැන් කට්ටිය උඩ දාගෙන කෑගැහුවට අපේ මහින්ද මාමිගෙ පරිණත දේදපාලන දැනුම උපයෝහී කරගැන තමයි මේවගේ අපේක්ශ අපේක්ශකියො ටිකක් ගේමට බස්සන්නෙ .... අනිත් පක්සවල අයත් ඒව අනුගමනය කරනවා ...සින් කෝන් එක මෙහෙමනෙ ...කොච්චර වැල වල දැගලුවත් රංජන රාමනායක උදේකාන්ත වර්නසූරියලගෙ ෆිල්මවල බුරි ටිකයි ගල් ටිකයි තරන් ආතල් එකක් දෙන්න සනී ලියෝනි අක්කටවත් සොපියා ලොමේලි නැනදටවත් බැරි උනානෙ .... අපේ කොල්ලො හොරෙන් හොරෙන් ෆාස්ට් 6 , මැට්‍රික්ස් , ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ෆිල්ම් අස්සෙ ආසයි මම පියාබන්න , ජීවිතේ ලස්සනයි වගේ ෆිල්ම් තියාගෙන ඉන්නෙත් දේශීය සිනමාවට අත හිත දෙන්න නෙවෙයි දේශීය සිනමාව අතට ගන්න.. ඒක ඉතිං විස්වාසයිනෙ ඔහොම මෙහෙම ලගටම ආව වගේ ... ඉතිං ඕව ගැන වැඩි තේරුමක් නැති දේශීය දේවල් අගය නොකරන් අපේ ගොන් හැත්ත ගූගල් එකේ සෙක්ස් කියල ගහල ලෝකෙන්ම එක වෙනවා ... ඉතිං ඔන්න ඔය අසමජ්ජාති වැඩේ නවත්තල දේසීය බුරිවලට ගල් අලට වටිනාකමක් දෙන එක .. අවවාදෙට වඩා ආදර්සෙ උතුම් කියල පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන පෙන්නන්නයි හදන්නෙ ...ඔය බෝක්කු පාලම් පාර්වල්ම හදල හරියන්නෙර් නෑ ... ඒකම නෙවෙයි ජනතාවට සේවේ කරනව කියන්නෙ ... බඩ් ගිනි ඇතුලු ඔය ගූගල් එකේ සර්ච් කොරන ගින්න නිවන එකත් ජනතාවට සේවය කිරීමක් තමයි ...ජනතාවට සේවය වෙන අතරෙ තමන්ගෙ පක්සෙට වැඩි දෙනෙක් කැමති ලොකු පස්සක් ගෙනල්ල් පක්සෙත් ගොඩ යනවා ....ඔය හිලුනික නංගිල... පියාබන මාලු ගයේසල .. විසේ ජිංජර්ල .... පලාත් සභාවට ආවම ඔය ගූගල් ගහන වෙලාවෙ රතු ඉර හරි තුලාව් හරි දේසපාලන වැඩ සටහනක් බැලුවම ඉවරයිනෙ ...කොහොමද මහින්ද මාමිගෙ ටිකිලි මොලෙ ....හැබැයි පොරට වැරදිච්ච එක තැනක් තියෙනවා දැන් ඔය මනාප තුනෙන් කොහොමද අපි ඔය ඔක්කොම කරන්නෙ ... ඒක නිසා මේක ඇස ගැටෙන වගකිය යුතු පුග්ගලයෙක් පුග්ගලියක් ඉන්නවනං මේක ඒ මහින්ද මාමිට පෙන්නන්න ...මිනිහ ගාව මගේ අංකෙ තිබුනට මගේ ගාව එයාගෙ අකෙ නෑනෙ අයියො ....මටන බෑ එක්කෙනෙක්වත් තරහ කරගන්න ... අපිට මනාප 3 වෙනුවට මනාප 10වත් දියවු ....එතකොට අයි අපිට පකින් Awesome පලාත් සභාවක් හදාගන්න පුලුවන් වෙන්නෙ ... වරෙල්ල මචංලා මැචියලා අපි පාරට බහිමු .... අපිට මනාප 10 දියවු ...දියවු ....දියවු .....දියවු .
BLOG
2014.01.29
http://mamaiarui.blogspot.com/
කිස් කරද්දි තමන්ගෙ කෙල්ල ඇස් පියාගන්නවද ... ?? ( පිරිමින්ට පමණයි )
පොඩි මෑන්
කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්න් ඇයි ... .. ඕක බුකියෙ කාලයක් ප්‍රසිදධ වෙලා තිබුන ප්‍රස්නයක් ... ඇත්තටම කෙල්ලො කිස් කරද්දි ඇස් පියාගන්නවද ... ඕක පොයින්ට් එකටම අහනවනන් කොල්ල කිස් කරද්දි කෙල්ල ඇස් පියාගන්නවද කියලයි අහන්න ඕනෙ ... නිකන් කිස් එකකදි නෙවෙයි ඒකත් ඉතිං ලිප් කිස් එකකදි ..ඕක අපේ කොල්ලොන්ට දැවන් ප්‍රස්නයක් වූ නිසාම විසාරද තැම්පත් පොඩිමෑන් මහතා මේ පිලිබද අවදානය යොමුකරා ...සොයාබලා විමර්ශනයකොට ප්‍රායෝගික පරීක්සන විසාල සංඛ්‍යාවකට පසු ඉදිරිපත් කරන වාර්ථාවයි මේ ...දැම් මෙහෙමනේ .. කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙලා ටීනේජස්ලනං පස්ට් කිසි එක දෙන්නෙ බොහෝ වෙලාවට කම්මුලකට ... ගොඩක් වෙලාවට එනදි කෙල්ල ඇස් පියාගන්නෙ ලැජ්ජාවට බයට ... ලිප් කිසි එකකදි ඇස් පියාගන්නෙ ලැජ්ජ කාරියො . ලිප් කිස් එකකදි කෙල්ලෙක් බොහෝ වෙලාවට ලිංගිකව පිබිදෙනවා ... ඒ හැගීම තමන්ගෙ සහකරුවට දැනේවි කියන ලැජ්ජාවයි එතන තියෙන්නෙ ටීනේජස්ලගෙන් එහාට යනකොට ඒ කියන්න් ඔය තරුණ වයසෙ කෙල්ලො ලිප් කිස් එකකට එද්දි ඇස් දෙක පියාගන්නවනං දෙන්න සෙක්ස් කරද්දි ආත්මාර්තකාමීයි ... සෙක්ස් වලදි වැඩිහරියක් අත්මාර්තකාමී වෙන්නෙ පිරිමි උනාට කෙල්ලෙක් ආත්මාර්තකාමී වෙනව කියන්න් හොදද නැද්ද කියල තමනම තීරනේ කරන්න ඕක ඔය ආත්මාර්තකාමී කම උපරිමේටම යනකොට තමන් එක්ක හිටියට ඉන්නෙ ශිහාන් අයිය එක්ක කියල කෙල්ලො හිතාගන්න බැරි නෑලු .. ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා .... එතනදි පොඩ්ඩක් පහලට ආවොත් එ කියන්නෙ ආත්මාර්තකාමි ටිකක් අඩු කෙල්ලෙක් ඒ ලැබෙන ෆීලින් එක බෙදාගන්න කැමති නෑ කියන එක ... එහෙම කෙල්ලෙක් න්න අපල් අල බොහෝ වෙලාවට සෙක්ස් පොශිෂන් එක ඔන්ලි මිශනාරී වෙන්න බොහෝ ට ඉඩ කඩ වැඩියි ...ඇස් පියාගන්නෙ නැතුව අයි කන්ටෑක්ට් තියාගන්න පුලුවන්නම් ලිප් කිස් එකක එකක් දෙන වෙලාවට ( පලවෙනි කිස් එකෙන් පස්සෙ ඒව ) අන්න මරු .. ඊට පස්සෙ එතනින් උඩට ගියාම ඒ ඉයන්නෙ වුරුදු 30 වැඩි කෙල්ලො ( කෙල්ලො කිවුවෙ අර හිත රිදෙනවට ඇත්තටම කියනවනං ඇන්ටිලා )බොහෝ වෙලාවට එයාල ඇස් පියාගන්නෙ නැති තරම් ... පියාගන්නවනවනං ඒ කලින් එක්ස්පීරියන් මතක් කරගෙන ඊටවඩා මේ ක්ස්පීරියන් එක් හිතට දැනෙනවනම් ... කලිං එක තරං හොද නැතිනං අහක බලනවාලු ...සමහර වෙලාවට ඔය ගේතු නොවෙන්නත් පුලුවන් .... කවුද දන්නෙ මහා පුවක් ලෙලි පල් ගදක් එහෙම කටින් අවොත් ... මොකාටද ඕයි ඇස් පියවෙන්නෙ නැත්තෙ ... ..දත් ටික හොදට මැදල මවුත් ස්ප්‍රේ එහෙම ගහල කෙල්ලට හොද රොමෑන්ටික් කිස් දෙක තුනක් දීල බලන්න ...දිගටම කිස් කරද්දි ඇස් පියන කෙල්ලොන්ට වඩා අනිත් කෙල්ලො හොදයි කියලයි මමනං කියන්නෙ ...ංදැන් කොච්චර පිරිමින්ට විතරයි කිවුවට කියවන කාන්තා පාර්සවේ අය මේක බලල කිස් කරද්දි ඇස් ඇරගෙන ඉදීවිද දැන්නෙ නෑ ... ඒ වෙලාවට කට කෑවත් දිව බොරු කියන්නෙ නෑ කියල මතක තියාගනිල්ල දිව වැඩ නැතිනං බොරු කරන්නෙ ...එහෙන ගිහිල්ල එන්නං හැමෝටම ඇස් පියන්නෙ නැති පකින් ඕසං කෙල්ලෙක් ලැබේවායි පොඩි මෑන්ගේ පැතුමයි ....ලැබිල නැතින කියල දීල හදාගනිල්ල බන්ස්ලා .
BLOG
2014.01.05
http://mamaiarui.blogspot.com/
ලංගම රියේ .... ඇගෙ බුරියේ ...
පොඩි මෑන්
මේ ලගදි දවසක කාර් එක සර්විස් එකට දාල එන වෙලාවක බස් එකෙ මට වෙච්ච ඩිකිබිරිං එකක් මට හදිසියේම මතක් උනා .. .... මම ගියපු ජනතා සංතක ලංගමේ හවස් ජාමෙ නිසා කට කපල එකයි සෙනග ... ඒත් දෙයියනේ කියල බස් එක ආපු ගමන් සෙට් වෙච්ච නිසා මට පස්චාත් ප්‍රදේෂය නූර් මංජීතෝ කරගන්න චාන්ස් එක ලැබිලයි තිබුනෙ ... එහා පැත්තෙ අංකල් කාරය ලංකදීපයක් දිගෑරගෙන බලන්න ගනිපු නිසා වැඩකුත් නැති එකේ මමත් ඔලුව දැම්ම එ පැත්තට ... අංකල් කියවනවා කියවනවා ඉවරයක් නෑ .. හෙඩ් ලයින් ඔක්කොම ටික කියවල ඉවර උනාම කියවන්න දෙයක් නැති කමට මම බෙල්ල හැරෙවුව අනිත් පැත්තට ...එක සැරේට මගේ ඇහැට අගල් හයක් දුරින් තිබුන දර්ශනේ දැකල තව පොඩ්ඩෙන් ඇහෙ බබා බේබි වෙනව එකෙන්ම .... ලංකදීප පැත්තක දාල.. රබර් ඇහෙන් මම දියත් කරා පට්ට නිරීක්ෂක මෙහෙයුමක් ... යුද්දෙන් පස්සෙ නන්දිකඩාල කලපුවේ බිම් බෝම්ම හොයන්න ආමි එක කරපු විමර්සනේටවත් නොදැවෙනි නිරීක්සන මෙහෙයුමක් ... බස් එකෙන් බහිනකන්ම ...නිරීක්සන වාර්තාව මෙන්න මෙහෙමයි ....තැඹිලි පාට හැට්ටෙක දාරයක් .... ඒ දාරෙට රතුවෙච්ච ඉරි පාරවල් තුනහ මාරක් ...වඩා සුදු පාට පෙති හෝමර ඉහිච්චි සුදුපාට හමක් ඒ හමේ ... ලා බන්ඩක්ක කරලක වටේ තියෙනව වගේ ... ලා.. කලුත් නැති තඹත් නැති ජීවිතේට කියගන්න බැරි පාටකින් ජනේලෙ වීතුරුවෙන වර්තනය වෙලා එන ඉරේ කිරණෙන් දිස්නෙ ගහන හීනි බූවක් තුබුනා .. ලතාවකට එක පැත්තකට කැරකිලා අන්අයිඩෙටිෆයි ෆලයින් ඔබ්ජෙක්ට් එකක් ඇවිත් බඩ ඉරිගු යායක ඇදිච්චි ක්‍රොප් සර්කල් එකක් වගේ අංශක තිස් එකයි කලා දහතුනක් .. අර සුදු හමටආරෝහණ කෝනෙකින් .......උදේට නිදිකුම්බ මලක රේණු අගිස්සෙ තියෙන පිනි බිංදු වගෙ ඒ බූව වලින් සීයට හතලිහකත් වඩා වැඩි ගානක අගිස්සෙ පුංචි දාඩිය බිංදු .... එහෙමම පහලට එනකොට එනකොට එනකොට එනකොට .............හඳේ තියෙන කලු ආවටයක් වගෙ පුංචි උපන් ලපයක් ... ලදු කැලේවක ඔය පොඩි පොඩි පලු ...ඉපිල් ඉපිල් වගේ ගස් මැද්දෑවෙ තියෙන යෝද කුඹුක් ගහක් වගේ ඒ උපන් ලැපෙ මැද්දෙ අර බංඩක්ක බූවට වඩා තේජාන්විත ලොකු කලු මහත කෙස් ගහක් ... ඒකටත් පහලින් ...කලූ පාටට හුරු රෝස පාටින් පටන් ගෙන වඩා තද පාට ගැහැනෙ රැලි වලින් ආරම්බ වෙලා නුවර එලියෙ හෝටන් තැන්නෙ හැන්දෑවෙ 6ට පුංචි ලෝකාන්තෙ වගේ .. නිමක් කොනක් නොපෙනෙන පතුලක් අගක් නොදකින... සත පනෙගෙ කාසියක විස්කම්බෙට වඩා චුට්ටක් ලොකු .. ඒ තරම් රවුම් නැති ... 10 වසරෙදි විද්‍යාවට පොලව සූරියා වටේ කැරකැවෙන ගමන් මගේ හැඩේයි කියල කියප දීපු ඉලිප්ස්සාකාර හැඩේ ......." බුරියක් .... "එතන අපි සෑහෙන වෙලා නැවතිලා හිටියා ... අපි කිවුවෙ මමයි හිතයි .. ඇස් දෙකයි ...ඊට යටින් ගුරුපාරක යද්දි වැදිච්ච ට්‍රැක්ටර් කෝද සලකුණක් හැඩේට පහලට පහලට ,,,, ආයෙත් ... අර බන්ඩක්ක ඹුව ... ඒ ට්‍රැක්ටර් රෝද පාරෙ පහලට පලට යනකොට ඇහැ හැපුනෙ ආයෙමත් තදවෙච්ච සාරියට රතුවෙච්ච ඉරි තියෙන අර පෙති ගෝමර ගොඩේ ... ඊට උඩින් සාරියේ රැලි ටික අල්ලල ගහපු කට්ට තව පොඩ්ඩෙන් මගේ ඇහෙ බබා මරනවා ...."වලහනන්දූව හංදිය බැහැගන්න .. ....එ අක්කම කොන්ද කෑ ගැහුවා ... .....ඒක නිසා රු 20 දුරට නිරීක්සන වාර්තාව ඔච්චරයි ... බස් එකෙන් බැහැල ගෙදර එන ටිකට ම කල්පනා කර කර ආවෙත් මෙ ගැනමයි ...ස්ත්‍රී සිරුර පුරුස පාර්සවේ ඇස් වලට රස දුනක් කියනවනෙ ... ඒක නිසාම දැන හෝ නොදැන අපේ ස්ත්‍රී කස්ටිය ඒ රසදුන තම විරුද්ධ ලිංගික පාත්ත වර්ගයාට දෙන්න පට්ටෙට මංන්සි වෙනවා ... ... එකසි ගානට සොපින් කොරාගෙන ... සැන් පවුඩර් පාට කලර් උලාගෙන ... හදිස්සියකට ගලවල හරි උස්සගෙන හරි දොට්ට පිලට යන්න බැරි තරමෙ ගිරි ගිරි තදේ ඇඳුම් ඇඳගෙන ... කිහිලි වල ... කකුල් වල වැවෙන රෝම දාතුව සේවු කොරාගෙන ... ඒවයි ඔය එක එක ක්‍රීම් ජාති උලාගෙන .... එහෙම කෙහෙල් බඩෙ වගේ සුද්ද කරපු කකුල් දෙක එකට ඇතිල්ලිලා ගිනියං වෙනව කියල ගානක් නැතුව පූස් ගමන පැට්ටිස් කොරාගෙන ... හදිස්සියකට හයියෙන් යන්න බැරි ගාට ඇදුම් කොට කොරාගෙන ඔය විදින දස මහ දුක් විදින්නෙ අපේ පුරුස පක්සෙට අර කියන රසඳුන දෙන්න තමයි ... ඉතිං රසදුනෙන් ට්වුන් උනා කියලා ඕවට ඇගිලි ගහන්න මිරිකන්න ඔබන්න වෙන වෙන දේ කොරන්න නරකයි ... මමනං කරන්නෙ අපි 7 වසරෙදි පේරාදෙනියෙ පාක් එකේ ට්‍රිප් එකක ගියපු වෙලාවෙ අපේ සර් දීපු උපදෙස් පිලිපදින එකයි ..." ඔය ලස්සන්න ලස්සන මල්ජාති හිටවල එව හැඩට කපල ඔය ලස්සන්න කරල තියෙන්නෙ අපිට බලන්න විදින්න විතරයි ... ඒව දැක්කාම කඩන්න හිතන්නෙ ගෙදර ගෙනියන්න හදන්නෙ නරක ළමයි .. ඕව පොදු දෙපල .. අපි අයිතිකරගන්න හදන්න හොද නෑ .. ලස්සන බැලුව වින්ඳ .. අනිත් මිනිස්සුන්ටත් ඉතුරු කරන්න ඕනෙ ... අපි කඩාගෙන යන්න හැදුවොත් එයාලට නෑ .. එතකොට ඒ මිනිස්සුන්ට දුකයි..වැඩියෙන්ම ඕනෙනං ඔය ෆොටෝ එකක දෙකක අරගෙන ගෙදර ගිහින් සුද්ද කරගන්න .... "ඔන්න ඒක නිසාත් මම නරක ළමයෙක් වෙන්න අකමැති නිසාත් මමනං කරන්නෙ පොටෝ එකක් කාරිය ගන්න එක විතරයි ... ඕව පොදු දේපල කියන එක අපි නිතර හිතේ තියාගන්න ඕනෙ ...එතකොට හැමදාම ... පකින් ඕසං තමා .... ගිහින් එන්නං .
BLOG
2014.01.03
http://mamaiarui.blogspot.com/
පොඩි මෑන් රිටන්ස් විත්.. පකින් Awesome .. !!!
පොඩි මෑන්
බ්ලොගේට කෙලවෙලා .. ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ... ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත් නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ ... ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ... අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම හිතන්නෙ ලිවුවෙ නෑ ... ඒත් ඉස්සර හිතල හිතල ලියපුවට වඩා .. නිකන්ම ලියවෙන ඒවා පට්ට නැචුරල් කියල හිතෙන්න ගත්තෙ ලගකදි ඉදල ...බ්ලොගෙට බැහැපං බ්ලොගේට බැහැපං ... කට්ටිය එකසිය ගානට කියපුවත් ආයෙ අහගෙන ඔන්න බහින්නයි කල්පනාවා ...ඉස්සර ඉදල කට්ටිය ගේමට ආවෙ මේක ලියාගෙන ගියපු බාසාව අන්තිම සවුත්තුයි කියල ... මොනව කරන්නද ලොක්කා ... දකුණෙ වැල්ලෙ ඉපදිලා .. වැල්ලට එලිබැහැල .. රැල්ලට පුක අල්ලපු අපිට ඕව හරියන්නෙ නෑ.. ඔය බාසා විලාසෙ ඉතිං උප්පත්තියෙන් අරගෙන ඒවා .. මලාට වෙනස් කොරන්න බෑ ... ඔය බාස විලාසෙ ලංකාවෙ එක එක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ ... ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම් වචන සෙට් එකක් තියෙනවා ... මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ..." ඔහේට පොල් ඔයන්න ඇහැක ... . . "මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට ... මූ ගත් කටටම කියාපි .. "පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල ... ඒ වගේම තමයි ඔය දකුණෙ පැත්තෙ පොරක් ආමි ඉන්ටවු යන්න වේලි වේලි පෝලිමේ ඉන්නවලු ... පට්ට සෙනග නිසා ඉන්ටවීවු කරන බුවාලටත් පට්ට කට්ට... ඉතිං පොඩ්ඩක් උස්මක් කටක් ගන්න කියල හිතාගෙන මද විරාමෙකට එන්ටර් වෙලා වතුර පොඩ්ඩක් බොන්ඩ කියල හදනකොටම අරූ පෝලිමෙ ඉදගෙන කට දැම්මලු ..." සර් ... අපිට දොඩන්නැතෙයි ... .. "මේ පැත්තෙ දොඩනවා කියන්නෙ කතා කරනවනවට ,.... ඇතුලෙන් මූට කතා කරල .. පොර ඇතුල්ට ගියපු ගමන් කින්ද සකපෝනා කනේ පාරක් වැදුනලු ඇස් දෙක පත්තු වෙන්න .... " ඈ බොල බල්ලො ... උදේ ඉදල වේලි වේලි ඉන්න අපිට දැනුයි වතුර උගුරක් ලැබුනෙ ... තොට දොඩං නේ ... . .නුවර පැත්තෙ භාසාව ... කන්ඩ.. එනඩ... බොන්ඩ... නිදන්ඩ ... ඔක්කොටඩ්ම ඩ ඩ ඩ අර කොළබ කොල්ලෙක් නුවර කෙල්ලෙක් යාලුකරගෙන කොහේටද උස්සලා කිස් කරගෙන කරගෙන යනකොට කෙල්ල කිවුවලු ...." තොලම කන්ඩ තන්නෙ මක්කැයි අයියා.....හාද්දකුත් දෙන්ඩකෝ ... කියල ... ආ.. දකුනෙ ආතල්ම සිද්දියනං පට්ට ෆේමස් ඇත්තම සිද්දියක්ය කියනවා ... ඔය දකුණෙ බාසා විලාසෙන් ආතල්ම බාසාව තියෙන්නෙ ගාල්ලෙ රත්ගම .... බසාවෙ විශේසත්වෙ තමයි වැඩිපුර කන්ජන්සන්ස් බාවිතා කිරීම හා අනවස්ස විදියට වචන රබර් කිරීම ....කොහෙද බොල තීතීතී මේ යන්න තනන්නෙඑඑඑ .. දැන් නොවැ ආආඅවෙග් .. ඔන්න ඔය ආකාරයි ...දවසක් රත්ගම බුවාල බුවීල සෙට් එකක් වෙසක් එකට වෙස්සන්තර නාඩගම පෙන්නුවලු .. ඉතිං නලු නිලියොත් රත්මග කරාල තමයි ...ඔන්න සාලියි කිරිස්නජිනයි ජූජක බමුනට දන්දීල වැඩේ සපෝරු කරගෙන වෙසන්තර ආතල් එකෙ ඉන්නකොට එනව අර මන්තරී දේවි .... ...ජාලියයයයයයයය ..... ක්‍රිස්නජිනාආආආආආ .........බැරිම තැන ආවලු වෙසන්තර ගාවට ...." කෝ බොල වාහේඑඑඑඑ .. දරු දෙන්නානානානා ......" මොර නොගහ ඉදින් යෝදියේ ... බුදු බව පතා දන් දුන්නානනාආආආ ... "" හුකා බොලේ මේ මටත් නොකියා ..... .. . . පොල්කෝම්බ ටිං බෙලෙක් වේදිකාව සිසාර ගියාය කියනවනෙ .... ඔන්න එහෙමයි සත්තලංලා අපේ පැත්තෙ පකින් ඕසම් බාසාව .. ඉතිං ඒ බාසාවෙන්ම ඉස්සරහට හිතල නෙවෙයි හිතෙන ලයිෆ් එකේ පට්ට සින් කෝන් ලියල දාන්නයි කල්පනාව .. ආයෙ හිටියිද දන්න්නෑ ... රන්ඩු කරන්න මරාගන්න අඩන්න වෙලාවක් නැති මේ කොට ජීවිතේ අපි පොඩ්ඩක් ආතල් එකේ ඉමු ... එවුරි නවු ඇන්ඩ් දෙන් .. ලයිෆ් ඉස් පකින් ඕසම් ........ගිහිල්ල එන්නං ඈ .
BLOG
2013.07.03
http://mamaiarui.blogspot.com/
පිරිමි සිත් මත් කෙරූ.... හැහැණුන්ගෙ පියයුරූ... / Her Boobs
පොඩි මෑන්
ෆේස් බුක් එකේ දසුන් වානගුරු සහෝදරය ලස්සන පෝස්ට් එකක් ලියල තිබුන කාන්තාවන්ගෙ පියයුරු ගැන .... ඒක දැකල තව ටිකක ඒ ගැන සවිස්ථරාත්මකව ලියන්න හිතුනා...ස්ත්‍රී ශරීරයේ අනෙත් සෑම තැනටමත් වඩා විරුද්ධ ලිංගිකයාගෙ ආකර්ෂනය දිනාගැනීමට සමත් වෙච්ච අවයවයක් පියයුරු ... ජනනේන්ද්‍රියට පවා මෙවැනි ආවධානයක් කෙලින්ම යොමුකිරීම බෙහෙවින්ම සීමාන්තිකයි.. මෙ මවිත කරවන සුළු ආකර්ෂණය හේතුවන් සියවස් ගනනක සිට සිත්ගන්නා සුළු නාමයන් 74කට නොඅඩු ප්‍රමානයක් ඒවාටා අරෝපණය කරගෙන කරගන්න පුලුවන් වෙලා තියෙනවා...කෙට්ල් ඩ්‍රම්ස් ( මල්සරාගෙ බෙරය ) ගෝල්ඩන් ඇපල්ස් ( රන් ඇපල් ) මූන් ඔෆ් පැරඩයිස් ( පාරාදීසේ චද්‍රයන් ) වැනි ලංකාර සටෝපයෙන් යුතු නම් වලින්ද ... බුස්ම් ( 16 වන සියවස ) බබීස් , ටිටීස් ( 17 වැනි සියවස ) බස්ට් ඩිඩීස් ( 18 වැනි සියවස ) ඩගස් ( 19 වැනි සියවස ) බූබ්ස් , බ්‍රස්ටල් , ගැසුන්ගාස් , හුවර්ස් , ජග්ස් , නොකර්ස් , මැමරීස් ,මෙලෝන්ස් (20 වැනි සියවස ) වැනි නම්වලින් විවිද කාල පරාස වලදීද... රණ හසුන්, රණ මොනරුන් වැනි නම්වලින් ලාංකීය පුරාණ සාහීත්‍යේද පියයුරු හදුන්වල තියෙනවා ...මනුෂ්‍ය පියයුරු වලට ජීව විද්‍යාත්මක කාර්‍යන් දෙකක් හිමිවෙලා තියෙනවා... එකක් මාතෲමය වන අතර අනික ලිංගිකයි..මාතෲමය වශයෙන් කිරි ලෙස හදුන්වන විකිරණය වූ දහඩිය නිපදවන විශාල දහඩිය ග්‍රන්ථි දෙකක් ලෙස ක්‍රියා කරන අතර මෙම කිරි නිපදවන ග්‍රන්ථි පටකයන් ගැබ්බර සමයේ තරමක් පියයුරු ලොකු කරමින් විශාල වෙනවා...තන පුඩුව වඩා ඇති දුඹුරු පැහැති පදාසයන්ට පිටුපසින් මේවා පිහිට ඇති අතර ගැබ්බර සමයේ විශාල පියයුරු මතුපිට මේවාට රුධිරය සපයන රුධිර නලිකා පැහැදිලිව දැකගන්න පුලුවන්...මේ දුඹුරුපාට තන මඩල ප්‍රදේෂය නොඉඳුල් කාන්තාවන්ගේ හා නව යවුවනියන්ගෙ ලා රෝස පැහැයක් ගන්නා අතර (යුරෝපා රටවල ) ආසියා කරේ ඊට වඩා මද දුඹුරු පැහැයක් ගන්නවා... මෙයට ආසියාත්කයන්ගෙ ඇගේ ඇති මෙලනින් වර්ණකය බලපෑ බව හිතන්න පුලුවන්මෙම ලා දුඹුරු පැහැති අදුරු රෝස පැහැති තන මඩල ප්‍රදේශය ස්ත්‍රිය ගැබ්බර වී පලමු මාස දෙකෙන් පසුව වඩා අදුරු පැහැයට හැරෙන අතර කිරිදීමෙන් අනතුරුව බිළිදා කිරි වරන විට යලි කිසිම විටක මුල් පැහැයට හැරෙන්නේනන් නෑ .... මෙයට හේතුව තන මඩල ප්‍රදේසය තුල මේදයමය ද්‍රව්‍යන් ස්‍රාවය කරණ (ස්ථන ග්‍රන්ති ආරක්ෂා කිරීමට ) විශේෂිත වූ ග්‍රන්තීන්ගෙන් පිරී තිබීමයි... පියවි ඇසට තන මඩල මත කුඩා ගැටිති හිරිගඩු පිපීම් ලෙස දැක ගත හැක්කෙ මේවායි... කිරිදෙන ස්ත්‍රීන්ගේ මෙම තන මඩලේ වෙනස නව යොවුන් ස්ත්‍රියකගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන්...නමුත් තම බිළිදා පෝෂණය කිරීමට කිරි දීමට මාතෲ මය කාර්‍ය භාරයක් පැවරුන පියයුරු... කිරිදීමට වඩාත්ම උචිතහැඩය ගන්නේ නෑ... අනිත් සිලුම සතුන්ගෙ... ( මිනිසාට වඩාත්ම සමීප වදුරා උදාහරණයට ගෙන බලන්න ) ස්ථන ග්‍රන්ති එල්ලා වැටෙන, බිලිදාට පහසුවෙන් මුව තුලට ගැනීමට පුලුවන් හැඩයකටයි වර්ධනය වන්නේ... (සූපුවක හැඩය ) නමුත් මනුෂ්‍ය ස්ත්‍රියගෙ මාතෲ කාර්‍ය අභිබවා ලිංගික කර්‍ය වන විරුද්ද ලිංගිකයා අකර්ෂණය කරගැනීමේ අර්ධ ගෝලාකරා හැඩය පරිණාමීය වශයෙන් පියයුරු වලට හිමි වෙලා තියෙනවා... ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීමයි...හතර ගාතයෙන් ඇවිදින සියලුම ප්‍රිමාටෙස් සතුන්ගේ තම වර්ගයා බෝ කිරීමට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමේ කාර්‍ය මිනිසා සේම ස්ත්‍රියට පැවරී තිබුනත් ... ඔවුන් හතර ගාතයෙන් යන නිසා පසුපස තට්ට්ම ඉස්සී ජනනේන්ද්‍රිය කෙලින්ම පිරිමියාට දර්ශණය වීම මගින් ඔවුන් ඒ ඈ වෙත ආකර්ෂණය කරගත්තත් ... දෙපැයින් ඇවිදින ස්ත්‍රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා සිටියදී පමණයි.. එම නිසා මුහුණට මුහුණලා සිටින විට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට පරිණාමීය වශයෙන් පියයුරු ඒවයෙ මාතෲමය කාර්‍යි අභිබවා යන්න සමත් උනා...පියයුරුවල ලිංගික භූමිකාවේදී... ඒවා මුලින් දෘෂ්‍ය උත්තේජකයක් ලෙසත් පසුව ස්පර්ශමය උත්තේජකයක් වශයෙන්ද ක්‍රියා කරනවා... බොහෝ දුරකදී පවා පියයුරු වැඩිහිටි පිරිමි හා ස්ත්‍රීන් අදුමා ගැනීමට සාදකයක් වන අතර සමීපයේදී ඒවා ක්‍රියා කරන්නෙ ස්ත්‍රීන්ගේ වයස් දර්ශකයක් විදියට...ස්ත්‍රී පියයුරු වයස් සීමාවන් හතකට සරළව වෙන කරන්න පුලුවන්...1.ළමා විය නිපල පයෝදර ( අවු 7 - 8 පමණ දක්වා )2.වැඩිහිටි පයෝදර අංකුර ( 8 - 12 )3.තරුණ වියේ උල් පයෝදර (12 - 18)4.තරුණ වැඩිහිටි වියේ තද පයෝදර ( 18 - 25 )5.මාතෲමය පයොදර (25 -34 )6.මැදිවියේ එල්ලා වැටෙන පයෝදර (34 -44 )7.මහලු වියේ හැකිළුන පැද්දෙන පයෝදර (44 -පියයුරු වල මෙම ආදර්ශ වයස් සීමාව විවිධ අවදි වල බොහෝ විචලණය වෙන්න පුලුවන්.. සිහින් සිරුරැති කාන්තාවකගෙ මෙහි නැඹුරුතාව අඩුයි... රූපලාවන්‍ය සැත්කම් මගින් කෘතීමව තරුණ කල තද ස්භාවය දීර්ග කාලීනව තබා ගන්න එකත් දැන් විලාසිත ගනයට වැටිලා... ඒ වගේම විවිධ වර්ගයේ යට ඇදුම් වලින් ( මෙතන තියෙනව හැම වර්ගයක්ම වගේ අපේ මාතල්න් ලොක්ක ලියල ) එහි හැඩය තමන්ට කැමති විදියට පවත්වාගන්නත් ( මිනි බිකිනි , පුෂප් බ්‍රා වැනි යට ඇදුම් වලින් ආකර්ෂනය වැඩි කිරීමටද.. බොස්තැරැක්ක වැනි අදුම් වලින් එහි ආකර්ෂණ්ය අඩු කිරීමටද ) පුළුවන්...ත්‍රී පයෝදරේ දෘෂ්‍ය ඉඟි හා අනෙත් මානසික කායික වසගයන් පිරිමි සහකරුවෙකු වසගයට හෙන ලිංගික ස්පර්ෂය පටන් ගත් විට පියයුරුවල ස්පර්ෂක ගුණයන් කිර්යාත්මක වීම පටන්ගන්නවා... පූර්ව සංසර්ගමය අනුක්‍රමයන් තුල පිරිමියා පියයුරු හස්ථමය හ මුඛමය වශයෙන් ස්පර්ශ කරවීම් නිතරම සිදුවන්නක් ..... මෙය ස්ත්‍රියට වඩා පිරිමියා උත්තේජනය කිරීමක්... එය සිදුවන්නෙ අර කලින් සදහන් කල තනමඩල වටා ඇති මෙදමය ස්‍රාවය පිටකරන ග්‍රන්ථීන් පිටකරණ කාමුක ගන්ධයෙන් පිරිමි නොදැනුවත්වම උවත් එයට අකර්ෂණ වීමයි.. ( ලිංගේන්ද්ය හ කිහිලි ඉකිලි වැනි ප්‍රදේෂ වලත් ඇපොක්‍රීන් නම් මෙම ග්‍රන්ථය සිනි ඇති කරණ ගන්ධයන් ලිංගික ක්‍රියාවලියට පිරිමියගේ ලිංගික පද්දතියට රුධිරය හොදින් ගලායැවීමේ ක්‍රියාවලියට රුකුලක් වෙයි )ආදි මානවයගේ සිට වත්මන් හතරගාතයෙන් ඇවිදින පිරිමි සතුන් ( බල්ලන් වදුරන් ) තම සහකාරියගෙ සිරුර වටා ඉව අල්ලමින් බොහෝ වෙලා ගතකරණු දැකල ඇති.. ඒ ප්‍රිමාටෙස් වර්ගයට පොදු වූ ලිංගික ක්‍රියවලියෙ කොටසක්...ලිංගික උත්තේජනයේදී ස්ත්‍රී පියයුරු වෙනස් වීම කිහිපයකට භාජනව වෙනවා ... තන පුඩු සමස්ථ ප්‍රමණයෙන් සියයට 25කට වඩා විශාල වෙමින් සෘජු වන අතර පියයුරු රුධිරයෙන් පිරී විශාල වෙනවා... මෙම පිම්බීමෙන් සංසර්ගයේ යෙදෙන යුවලගේ සිරුරු වෙලී තිබීමට සංවේදක හ ප්‍රතිචාරක ලෙස ක්‍රියා කරනවා...සුරතාන්තයත් සමග තවත් වෙනස් කම් දෙකක් දැකගන්න පුලුවන්... සෘජු වූ තන පුඩු ගිල්වමින් පියයුරේ තන මාඩල ප්‍රදේශ පිම්බීමට පටන් ගන්න අතර සියයට හැතෑ පහක් පමන දෙනාට සරම්ප බිබිලි වැනි රතු පැහැයට හුරු බිබිලි විශේෂයක් ( sex flush ) මතු වීමද සිදුවෙනවා... සුරතානතයට මොහොතකට ප්‍රථම මේවා ශණිකව ඇතිවිය හැකි අතර ප්‍රභල ලිංගික උතේජණයකින් තොරව මේවා හට ගන්නේ නැහැ... ඒ වගේම අනිවාර්‍යත් නැහැ... මොකද මේ සදාහා උෂ්ණත්වය බලපනවා... ..තවත් පියයුරු සමබන්ද වැදගත් කරණයක් නම් ... පොහෝ දෙනා සිතන පරිදි ස්ත්‍රීයකට ඇත්තේ පියයුරු යුගලක් පමණක් උවත් සෑම ස්ත්‍රින් 200 කෙගෙන් කෙනෙකුටම පියයුරු දෙකට වඩා පිහිට තිබෙනවාලු....එම තත්වය පොලිමැස්ටියා ( polymastia) ලෙස හදුන්වන අතර මෙම අතිරේක පියයුරු සාමන්‍කාර්‍යෙන් තොරයි... මෙය සාමාන්‍ය තත්වයක් වන අතර අපේ ආදීතමයා වන වදුරාගෙන ඉතිරිවී එන පරිණාමීය සාදකයක් ....තව තියෙනවා...පස්සෙ ලියන්නං.
BLOG
2014.04.19
http://sinhala-catholic.blogspot.com
ඉටිපන්දමේ උනුසුම
Sandamal
ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබඅපට කෑම ලබා දිය යුතුයි." කිව්වලු.අභියෝගය බාරගත් මුල්ලා නගරය මැද කුලුන අසල රැය පහන් කලාලු. පසුදා උදේමමුල්ලාතමන්ට අභියෝග කලමිතුරන් සොයා ගියාලු.මිතුරෙක් පැවසුවාලු " මුල්ලා, අප ඔබට පැවසුවේ කිසිඳු උනුසුමක් නැතිව රැය පහන් කරන්න. නමුත්, ඔබ අභියෝගය ආරම්බකරන අවස්ථාවේදීම මම දුටුවා මීටර් පන්සියයක් පමන ඈතින් වූ නිවසක ජනේලය අසල ඉටිපන්දමක් දැල්වෙමින් තිබුන අයුරු. ඔබට එයින් උනුනුසුම ලැබුනා. ඉතින් ඔබ අභියෝගය පරාදයි. "මඳක් නිහඬව සිටි මුල්ලා තම පරාජය බාරගත්තාලු. " හොඳයි , එහෙනම් පොරොන්දු පරිදි අද රෑ කෑම අපේ ගෙදරින් " මිතුරන්ට ආරාධනා කල මුල්ල පිටව ගියාලු.රාත්‍රියේ මීතුරන් නිවසට පැමිනියාලු. මිතුරන්ට ආසන පැනවූ මුල්ලා , ආහාර පිසීමට මුලුතැන්ගෙට ගියාලු.පැයක් ගතවුනාලු, පැය දෙකක් ගතවුනාලු.. කිසිඳු කෑමක් නැතිව මිතුරන් බඩගින්නේ සිටිනවලු.ඉවසීම ඉක්මවූ මිතුරෙක් මුල්ලා සොයා මුලුතැන්ගෙට ගියාලු.ඔහු දුටුවාලු, කෑම බාජනය ලනුවක ගැටගසා වහලයේ එල්ලා , ඊට යටින් ඉටිපන්දමක් දල්වා ඇති ආකාරය. මුල්ලා පසෙකින් ඉඳගෙන බලන් සිටිනවා ලු.කෝපයට පත් මිතුරා ඇසුවාලු " මුල්ලා , මොකක්ද මේ කරන්නෙ. ඔබ අද අපට කන්න දෙන්නෙ නැද්ද . "මුල්ලා පිලිතුරු දුන්නලු " මඳක් ඉවසන්න, මීටර පන්සියයක් දුරින් වූ ඉටිපන්දමකට මට උනුසුම දෙන්නට පුලුවන් උනානම්, වහලයේ ඇති කෑම හැලිය රත්කිරීමට මේ බිම ඇති ඉටිපන්දමට හැකිබව මට විශ්වාසයි. කෑම පිසුණු සැනින් මම පිළිගන්වන්නම්"රැවටීමට ආයුශ කෙටිය. ( ලාංකීය දේශපාලනයට අදාල නොවේ :) ).
BLOG
2014.04.06
http://sinhala-catholic.blogspot.com
ඉතුරු කිරි ටික
Sandamal
අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්‍රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් (Akbar and Birbal)ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.දවසක් රජතුමා ලොකු රාජ භෝජනයක් සූදානම් කරල බිබල් ඇතුලු පිරිසකට ආරාධනා කලා ලු. බිබල් උත්සවයට ආවෙ අන්තිමටම ගොඩක් පරක්කු වෙලා ලු. මේ ගැන රාතුමා බොහොම කෝප වුනාලු.රජතුමා කෝපයෙන් ඇහුවලු " ඇයි ඔබ පරක්කු වුනේ . " කියල.බිබල් පිළිතුරු දුන්න ලු " මගේ පොඩි එකා හරියට අඬනව, ඌව නළවල එන්න උන නිසයි රජතුමනි ප්‍රමාද වුනේ.. " කියල.රජතුමා මෙම පිළිතුරෙන් සෑහීමකට පත් වුනේ නෑලු. බිබල්ට පාඩමක් උගන්වන්න හිතපු රජතුමා කිව්වලු "පොඩි එවුන් නළවන්න ඔච්චර අමාරුද බොල. උඹ පොඩි එකා අඬපු විදිහට අඬපන්. මම පෙන්නන්නන්නළවන හැටි" කියල.බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනක් ඕනෑ.."රජතුමා අණකලා ලු එළදෙනක් ගෙනෙන්න.බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනගෙන් කිරි ඕනෑ.."රජතුමා අණකලාලු එළදෙනගෙන් කිරි දොවා බිබල් ට දෙන්න.රජතුමාට විශ්වාසයි ලු බිබල් ඉල්ලන ඕනෑ දෙයක් තමාට දිය හැකි බව.බිබල් ට දුන්නු කිරි වීදුරුවෙන් අඩක් බිබල් බිව්ව ලු. ඉන් පස්සෙ බිබල් ආයෙ ඇඬුවලු." ඔහෑ ඔහෑ.. මේ ඉතුරු කිරි ටික ආයෙ එලදෙනගෙ අස්සට දාන්න ඕනෑ..".
BLOG
2014.03.30
http://sinhala-catholic.blogspot.com
හිඟාකෑම
Sandamal
කාලයක් තිස්සේ පල්ලිය ඉදිරිපිට සිඟමන් යදිම යාචකයෙක් කාටත් සුපුරුදු දසුනක් වුනාලු. අසලින් යන සැමට තම අත දිගුකර යමක් ඉල්ලා සිටීම මොහුගේ පුරුද්ද වුනාලු.මෙම පල්ලියට නිතර පැමිනෙන පුද්ගලයෙක් දිනක් මෙම සිඟමන් යැදීමේ වෙනසක් දැක්කලු. වෙනදා මෙන් නොව මෙම යාචකයා අත් දෙකම දික් කරමින් , වෙනදාටත් වඩා තම දුක කියමින් සිඟමනේ යෙදෙනවා ලු.යාචකයාට කිට්ටුකරපු මෙම තැනැත්තා ඇසුවාලු " වෙනදාට එක අතක් දිගුකරමින් සිඟාකන ඔබ ඇයි මේ අද අත් දෙකම දිගුකරමින් වෙනදාටත් වඩා විලාප තියන්නේ . " කියල.සිඟන්නා උත්තර දුන්නා ලු " ව්‍යාපාරය සාර්ථක නිසා මම තවත් ශාකාවක් විවෘර්ත කලා .." කියල.
BLOG
2014.03.13
http://sinhala-catholic.blogspot.com
ඉන්න්න විදිහටම එන්න
Sandamal
" ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න.ඇයි එහෙම කියන්නෙ .සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..."නැද්ද .තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො "තවත්සමහරුකියනව මම අර සල්ලි හොයන්නෙ වැරදි විදිහට. පොඩි පගාවක්ගන්නව.. බොස්ට බොරුවක් කරනව. පොඩි හොරයක් කරල.. නැත්තං ජීවත් වෙන්නත් බෑනෙ මේ දවස් වල....එහෙම නැත්තං මට ඉන්නත් බෑ. මම ඒක ළමයි ලොකු වෙලා අත් ඇරපු දවසට .. මමඑන්නං.එදා වෙනකං තමයි ගොඩාක් අය බලාගෙන ඉන්නෙ.ඒත් ජේසු කියනව, මොකක්ද කියන්නෙ . .. ඉන්න විදිහට එන්න. මම ඔබට ගොඩාක් ආදරෙයි.උන්වහන්සේ මොකක්ද කියන්නෙ . දැං එන්න. හැත්තැ පහ වෙනකන් ඉන්න ඕනෙ නැහැ. පිරිමි අය කොන්තෙ කියන්නෙ හැත්තැ පහෙන් පස්සෙ. එතකන් වෙන ඒව කියන්නෙ...ඇයි මැරෙන්න බයයි. අයියෝ.ඔබට පෙනෙයි ස්වාමීන් වහන්සේ කියනව.. දැං, මේ දැං ඉන්න විදිහට එන්න , මම ඔබට ගොඩාක් ආදරෙයි. ඉතිං සාධාරනව අහන්න පුලුවන් දෙයියනේ මේව කිව්වෙ නැත්තෙ ඇයි .අවුරුදු ගනන් කවුරුත් මේක කිව්වෙ නැත්තෙ ඇයි .අපිට වෙන දෙයක් කියල දීලයි තියෙන්නෙ. මං කියන්නං කියල දීල තියෙන දේ.. මොකක්ද ඒ .මම කියනකොටම ඒක තේරෙනව ඒක, ඇයි ඒ . පොඩි කාලෙම මේව ඉගෙන ගත්තෙ.මම පොඩිකාලෙ හිටියෙ බදුල්ලෙ, ඔක්කොම එකම දේ තමයි අපි ඉගෙන ගත්තෙ..මං කියන ඒවට උත්තර දෙන්න ඕනෙ ආ..ජේසු ආදරේ කරන ළමයි ජාතියක් ඉන්නව.. නැද්ද .. මොන ළමයින්ටද ජේසු ආදරේ .. . ( පසුබිමෙන් පිළිතුරු දෙයි.. :) ) දැක්කනෙ..ජේසු කැමති නැති ළමයි ජාතියක් ඉන්නව. මොනළමයිටද කැමති නැත්තෙ . නරක ළමයින්ට.. ඒ නිසා ජේසුගෙ ආදරේ ලබන්න නන් මොකක්ද කරන්න ඕනෙ .ඔන්න ඕක තමයි (කතෝළික) හැම කෙනාගෙම ආධ්‍යාත්මයේ පදනම. පොඩි කාලෙම ඒක දාල තියෙන්නෙ. නැත්තං මුන්ව පාලනය කර ගන්න බෑ.. නටනව, දඟලනව..අර ජේසු බලනව.. දඟලන්න ඒපා ජේසු ආදරේ හොඳ ළමයින්ට විතරයි..ඒ නිසා පරම්පරාවක් හැදුනා.. මොකක්ද ඒ පරම්පරාව . පල්ලියෙන් එලියෙ පරම්පරාව. දන්නවද ඒගොල්ලො කව්ද කියල. මෙහෙත් ඇති ශුවර් එකටම.. කව්ද ඒ .. .ආගම වෙනුවෙන් මේ අය මැරෙන්නත් ලෑස්තියි. අවශ්‍යනං මරන්නත් ලැස්තියි. ගහන්නත් ලැස්තියි, ගුටිකන්නත් ලෑස්තියි, කර ගහන්නත් ලැස්තියි, හැබැයි පූජාව පටන් ගත්තු වෙලේ ඉඳං එලියෙ ඉන්නෙ.කව්ද ඒ . ඒ අය තමයි පොඩි කාලෙ ඉගෙන ගත්තෙ ,ජේසුආදරේ මොන ළමයින්ටද .. .ඒගොල්ලි කියනව අපි කුහක මිනිස්සු නෙමේ, අපි අවංක මිනිස්සු, අපි පව්කාරයො. අපි ජේසුට ආදරෙයි, හැබැයි අපිට පල්ලිය ඇතුලට එන්න විදිහක් නෑ..අපි එලියෙ ඉඳල පුලුවන් සේවය කරන්නෙ.... "" ඉන්න්න විදිහටම එන්න " යන තේමාව යටතේ මෙහෙයවන පියවර හතරේ ඥානකාන්තිය මේ වකවානුවේ කතෝළික පල්ලිය මගින් මෙහෙයවන ප්‍රසිද්ධ ආධ්‍යාත්මික වැඩසටහනක්. ඉහත මම උපුටල තියෙන්නෙ පළමු පියවරේ දේශනාවෙන් කුඩා කොටසක්. ප්‍රධාන දේශකයා "ලලිත් තාත්තා" නම් ගිහි පුද්ගලයෙක්. සම්පූර්ණ ඥානකාන්තියම අහන්න උවමනා කෙනෙකුට මෙම ලින්ක් එකෙන් ( http://www.html ) සියලුම කොටස් වලට සවන් දෙන්න පුලුවන්.ජේසු පිහිටයි .
BLOG
2014.03.07
http://sinhala-catholic.blogspot.com
වැරදිකරු ස්වාමීනී
Sandamal
විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්‍රධාන විනිසුරු අහනව ලු" නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්‍රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද. නිවැරදිකරු ද . "විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "නැවතත් විනිසුරු අහනව ලු " අප ආගම අනුගමනය නොකරන විජාතිකයන්, ගණිකාවන්, ප්‍රසිද්ධ පව්කාරයන්, පගා කරුවන්, හොරුන් යන සමාජ විරෝදී පුද්ගලයන් ලඟින් ඇසුරු කිරීම සම්භන්දයෙන් ඔබ වැරදි කරුද . නිවැරදිකරු ද . "විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී ""අවසාන වශයෙන්, අපගේ ශුද්දවූ ආගම ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම, අපගේ විශ්වාසයන්ට අභියෝග කිරීම යන ක්‍රියා සම්භන්දයෙන් වැරදි කරුද . නිවැරදිකරු ද . "විනිසුරු ඇසුවලු" වැරදිකරු ස්වාමීනී "විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලුවිනිසුරු ඇසුවාලු " ඔබගේ නම කුමක්ද . "" මගේ නම ජේසුස් "පරිවර්තනයට උපුටා ගැනීම :- Fr Anthony de Mello's Prayer of the Frog.
BLOG
2014.02.27
http://sinhala-catholic.blogspot.com
ගල් ගෝනිය
Sandamal
කඳු මුදුනක තිබූ ගමක ජීවත් වුන ළමයෙකු තම පියා සමග කන්දෙන් බැස පහලට එමින් සිටියාලු. ඔවුන් දෙදෙනා ඉදිරියට හමුවුනාලු බෑවුම දිගේ ඉහලට ගමන් කරන මහල්ලෙක්.ඔහුගේ කරේ තිබ්බලු තරමක් ලොකු ගෝනියක්.ඉතා විඩාපත්ව සිටි ඔහු ගමන් කලේ ඉතා අපහසුවෙන් ලු.ළමයා ඇසුවලු " මොනවද මාමෙ ගෝනියෙ තියෙන්නෙ . " කියල. මහල්ල පිළිතුරු දුන්න ලු " ගල්.. මගෙ ගෙදර චිමිනිය කැඩිල, ඒක හදන්න පහලින් ගල් අරන් යනව "ළමය පැවසුවලු " ටිකක් වැඩිපුර ගල් අරන් ගිහිල්ල කලින් තිබ්බට වඩා ලොකු චිමිනියක් හදා ගන්න, එය ඔබව වඩාත් උනුසුම් කරාවි"" පිස්සුද ළමයො, මේ ගල් ගෙනියන එක ඉතා අපහසු වැඩක් " කේන්තියෙන් පැවසූ මහල්ලා අමාරුවෙන් තම ගමන ඇරඹුවා ලු.ළමය තව ටිකක් පහලට පැමිනෙන විට, බෑවුම දිගේ ඉහලට එනවලු තවත් මහලු මිනිසෙක්.වයස , ශරීර ප්‍රමාණය කලින් මහල්ලා වගේමයි ලු. කරේ තියෙනව ලු කලින් මහල්ලා සතුව තිබ්බ තරමේම ගෝනියක්.නමුත් මෙම මහල්ලාගේ ගමන ඉතා උද්යෝගකරයි ලු. කඩිසරයි ලු. ඔහු ඉතා ප්‍රබෝදමත් ලු.ළමයා ඔහුගෙනුත් ඇසුවාලු " මොනවද ගෝනියෙ "මහල්ල සිනා සී පිළිතුරු දුන්න ලු, " දියමන්ති,.. මට දියමන්ති නිධියක් හමුවුනා.. මම මේ ඒ සියල්ල එකතු කරන් ගෙදර යන ගමන්.. "මේ කතාව මගේ ජීවිතයට ගලපාගත් ආකාරය : අපි කරන පෙලක් ආගමික වතාවත් වුනත් වෙලාවකට මහා වදයක් වගේ හිතිල තියෙනව මට, ඒ සමහර අවස්ථා වල අපි ඒ දේවල් වල නියම වටිනාකම නොදන්නා නිසා වෙන්න පුලුවන්.
BLOG
2014.02.24
http://sinhala-catholic.blogspot.com
මෝඩ මාලුවා
Sandamal
එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.මිනිසුන් දැල් එලා අනෙක් මාලු දෙදෙනා දැලට කොටුවුනාලු.අඩක් බුද්ධිමත් මාලුව සිතුවලු " අපරාදෙ, මටත් කලින්ම මුහුදට පිහිනා යන්නයි තිබුනෙ.. මම මැරුන මාලුවෙක් ලෙස හැසිරෙනව. එවිට යම් ගැලවීමක් ලැබේවි." මෙසේ සිතා ඌ උඩබෙලි අතට දියේ පාවෙන්නට ගත්තාලු.මෙම මාලුවා දුටු මිනිසෙක් ඌ මළ එකෙකු බව සිතා වලිගයෙන් ඔසවා ඈතට විසි කලා ලු. මාලුවා මුහුද ට පිහිනා ගියාලු.දැලට කොටුවූ මෝඩ මාලුවාව රත් වූ තැටිය කරා රැගෙන ගියාලු, රත්වූ තැටිය මතදී ඌ සිතුවාලු " මම මෙයින් මිදුනහොත් නැවත ජීවත් වීමට කිසිදා මෙම විල තෝරා නොගනිමි. මම නැවත ජීවත් වන්වා නම් මුහුද මාගේ නිවහන කොට ගනිමි.. ".
BLOG
2014.07.10
http://www.chamiths.blogspot.com/
ගනන් බැරි අයට සුබ ආරංචියක්
චමිත්
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව විෂයන් 03ක් සමත්වීම අනිවාර්යය බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පළමුවර ගණිතය අසමත් වන දරුවෙකුට එය ඊලඟ වසරේ සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම මෙතෙක් පැවති ක‍්‍රමයයි. එහෙත් මෙම නව කැබිනට් පත‍්‍රිකාවට අනුව ගණිතය සමත් වීමට වසර දෙකක කාලයක් ලබා දෙනු ඇති.
BLOG
2014.04.05
http://www.chamiths.blogspot.com/
Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?
චමිත්
අනෙක් ඉලෙක්ට්‍රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල් (Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගමසතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්‍ය, මාධ්‍ය, රසායනද්‍රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී. 1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්‍රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා. 1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට. 1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන "Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේමෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්‍රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිපලයක් ලෙස 1998 දී බ්‍රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා. 2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්‍රතිශතයක් වුනා. අද වන විට..., 2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳ ජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්‍රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා. මම ඉතිහාසය ගැන ලියන්න හිතුවෙ වෙන මොකවත් නිසා නෙවෙයි, ලංකාවේ අපේ අය හිතන් ඉන්නේ Samsung කියන්නේ Vietnam වල හෝ China වල පටන් ගත්ත සමගමක් කියලා. කොරියන් එකක් විකුණන්න දැන්වීමක් දාලා තිබුනම "හපොයි කොරියන්ද....., එහෙනම් එපා" කියලා කියන අය ඕන තරම් ඉන්නවා. එහෙම මතයක් රටේ තියෙන්නේ Samsung ඉතිහාසය ගැන දන්නේ නැති නිසා. ඒත් Copy හැමතැනම..., අදවන විට Samsung Galaxy Smart phone series එකේ Copy එහෙම නැත්නම් replica/Clone හැමතැනම විකුණන්න දාලා තියෙනවා.lk එකේ ඕන තරම් ads දාලා තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණ විදියට S4, Note 3, S4 mini, S3 mini ජයටම විකුණනවා මේ දවස් වල. S4 එක මුලින්ම ආපු දවස් වල 25,000-30,000 මුදලකට විකුණුවා, එත් දැන්නම් 13,000-20,000 ත් විකුණනවා. Korean Version කියන්නේ copy නෙවෙයි..., ඉහත සඳහන් කල ගොඩක් වෙලාවට විකුණන්නේ "Korean Version", "Original Korean" කියන නම් වලින්. මේවා දැක්කම හිනාත් යනවා.ඒත් මේවා ගන්න අයට sorry තමයි. මේවයේ බැටරි එක අයින් කලාම housing එකේ අලවල තියෙන sticker එකේ තියෙනවා කියලා "Made in Samsung by Korean" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ කොරියාවේ නෙවෙයි, චීනයේ. මේවාට යොදාගෙන තියෙන්නේ ඉතාමත් බාල තත්වයේ Hardware parts.ඒක නිසා තමයි ඉතාමත් අඩු මුදලකට මේවා විකුණන්නේ. චිනයේ නිෂ්පාදනය කරන නිසා Labor cost එකත් අඩුයි. Original Korean Version දුරකතන හඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න, අදවන විට බහුලව තිබෙන Copy, 1. Samsung Galaxy S4 S4 එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි "Made in Samsung by Korea" කියලා තියෙන එක. අනෙක් එක තමයි "Made in Samsung by Vietnam කියලා තියෙන එක. මේ දෙකේම Model No. එක තියෙන්නේ GT-i9500 කියලා. එක. එක වෙන්නේ SHV-E300S/K/L. මේවා දැනට 13,000-20,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 80,000-90,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 45,000-65,000තරම් මිල වෙනවා. 2. Samsung Galaxy Note 3 මේවා දැනට 20,000-25,000 අතර මිලකට විකුණනවා. Brand-new Original International version, Koren version එකක් 105,000-115,000 අතර වන අතර පාවිච්චි කරන ලද එකක් 75,000-90,000තරම් මිල වෙනවා. 3. Samsung S3 Mini මුලින්ම කියන්න ඕනේ S3 mini එකේ Korean Version එකක් නැතිබව. ඒ නිසා කවුරුහරි Korean කියලා විකුණනවනම් අනිවාර්යයෙන්ම Copy එකක් වියයුතුයි. 4. Samsung S4 Mini මේකත් S3 mini එක වගෙම තමයි, මේකෙත් Korean Version එකක් නැහැ. මීට අමතරව S3, S2, S, Note 2, Note 1සෑම එකක්ම අඩු වැඩි වශයෙන Copy තියෙනවා. ඉහත සඳහන් කල හැම model එකකම තියෙන්නේ International එකේ model no. එකෙන්. ඒ කියන්නේ model no. එක GT- i වලින් පටන් ගන්න ඒවා. නමුත් SHW හෝ SHV වලින් Model No.එක පටන් ගන්න Korean Version වල එකක්වත් copy නැතිබව කිය යුතුයි. ඒ නිසා SHW,SHV වලින් model no.එක පටන් ගන්න phone එකක් මිලදී ගන්න බයවෙන්න දෙයක් නැහැ. කළ යුත්තේ කුමක්ද..., මේ විදියට වංචාවෙන් Original කිය කියා බාල Copy විකුණන ads Facebook group ඕන තරම් දැකලා ඇති. සමහර විට ඔබ ඒවා copy බව දන්නව වෙන්නත් පුලුවන්. ඒත් ඔබ ඒවා copy බව දැන දැනත් ඒ බව ප්‍රකාශ නොකිරීම තුල සිදුවෙන්නේ මෙවැනි වංචනිකයන් තව තවත් දිරිමත් වෙන එක. අනෙක් අතින් මේව ගැන නොදන්න කෙනෙක්, මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි නිරපරාදේ වියදම් කරලා අමාරුවේ වැටෙන්න පුලුවන්. සමහර විට ඔබ මෙවැනි දේට හසුවි ලැජ්ජාව නිසා තමන්ට එවැනි දෙයක් සිදුවු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේන් වැළකෙන්න පුලුවන්. නමුත් අපි කළයුත්තේ එය නොවෙයි....., 1. පලමුවෙන්ම දැනුමත් වෙන්න 2. අන් අය දැනුමත් කරන්න 3. මෙවැනි Ads දුටු වහාම Admin ට Report කරන්න 4. තමන් මෙය Copy බව දන්න බවට Comment කරන්න. එවිට ads එක දැමු තැනැත්තා දැන ගනිවි මේවා ගැන දන්න අය සිටින බවට. වැදගත්ම දේ තමයි නොදන්නා අය දැන ගනිවි මෙය copy එකක් බව. එසේ කිරිමට පැකිලෙන්න එපා. එය ඔහුගේ businessඑක කඩාකප්පල් කිරීමක් නොවෙයි, වංවාවට එරෙහි වීමක් පමණි. Copy, copy ලෙසම විකුණනවා නම් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් කරන්නේ Copy, Original ලෙස විකිණීමයි.මෙම post එකත් තනිකරම facebook page එකකින් උපුටා ගන්නා ලදි.
BLOG
2013.04.30
http://www.chamiths.blogspot.com/
ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට
චමිත්
පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත. මෙම විෂය ඒකක ඉවත් කරන බව 2011/9 අංක දරන චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතාය. පසුගිය වසරේ නිකුත් කළ 2012/12 චක්‍රලේඛයෙන් ද හිටපු ලේකම්වරයා දන්වා සිටියේ 2012 වසරේදීත් එම විෂය ඒකක ඉවත් කර ඇති බවය. එම විෂය කොටස්‌ 2013 වසරේ විභාගයට අදාළ වන බව ද එම චක්‍රලේඛයේ සඳහන් විය. ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පතිවරුන්ට කර ඇත්තේ එහි සිහිකැඳවීමකි. එම විෂය කොටස්‌ ඉවත් කිරීමට හේතුව කුමක්‌දැයි අමාත්‍යාංශයෙන් විමසූ විට දැනගැනීමට ලැබුණේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්‌ අනුව ඒවා ඉවත් කළ බවය. මේ පිළිබඳව විමසීමට ජාතික අධ්‍යාපන ආයතනයේ රසායන විද්‍යා අංශයේ හෝ ජීව විද්‍යා අංශයේ කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
BLOG
2013.04.23
http://www.chamiths.blogspot.com/
ඔබ අහලා බලලා තියෙනවාද රන් සදි (ran sandi) song එක
චමිත්
මෙන්න audio එකhttps://www...mp3.
BLOG
2013.02.21
http://www.chamiths.blogspot.com/
ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌
චමිත්
ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත. චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය. මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය. වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, 'කවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය. යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.
BLOG
2013.01.14
http://www.chamiths.blogspot.com/
තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි
චමිත්
ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය. ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම තරග ප්‍රතිඵලයට විශේෂත්වයක්‌ හිමිවේ. ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී සත්කාරක කණ්‌ඩායම පන්දුවාර 46.5 කදී ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වූහ. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය මෙන්ම හයවැනියට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අදාළ පහසු ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දු 59 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී සම්පූර්ණ කර ගැනීමට සමත්වූහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ දියත් කළ ළහිරු තිරිමාන්න ඔස්‌ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත හසුරුවනු ලැබුවේ කුමාර් සංගක්‌කාරගෙන් පසු අංක 3 පිතිකරණ ස්‌ථානයට තමාට වඩා සුදුස්‌සකු තවත් නොමැති බව මොනවට විදහා දක්‌වමිනි. සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා කර ගත් තිරිමාන්න හතළිස්‌ එක්‌ වැනි පන්දුවාරයේ පළවැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයද සනිටුහන් වීය. පන්දු රකින්නන් නොමැති ස්‌ථාන අතරින් අලංකාර කවර් ඩ්‍රයිව් පහර කීපයක්‌ම එල්ල කළ තිරිමාන්න සිය නොබිඳුණු ඉනිම හතරේ පහර 12 කින් අලංකාර කරගෙන තිබිණි. මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඔස්‌ට්‍රේලියාවේදී ශතකයක්‌ රැස්‌ කරන ලද සිව්වැනි පිතිකරුවා බවටද තිරිමාන්න ඊයේ පත්විය. ඔහුට පෙර ඔස්‌ට්‍රේලියාවේදී ශතක රැස්‌ කර ඇති පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය (සිඩ්නිහිදී දෙවතාවක්‌), මාවන් අතපත්තු(සිඩ්නිහිදී) සහ ටී. එම්. ඩිල්ෂාන්(ඇඩිලේඩ්හිදී) යන පිතිකරුවන් පමණි. ශ්‍රී ලංකා ලකුණු හඹා යැමේදී සුපුරුදු පරිදි උපුල් තරංග දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණක්‌ හෝ වාර්තා වීමට ප්‍රථමය. මැකේ විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී, පන්දුව පැමිණෙන රේඛාවට අවතීර්ණ නොවී පහර එල්ල කිරීමට තරංග උත්සුක වීම මත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව යළිත් අසාර්ථක වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සාර්ථක සම්බන්ධතාවක්‌ එක්‌ කිරීමට ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සමත්වූහ. පන්දු 199 කදී වාර්තා වූ එම ලකුණු සම්බන්ධතාවට ඩිල්ෂාන් පන්දු 88 කදී ලකුණු 51 කින් දායක විය. ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් මඳකට මිදුණු ඩිල්ෂාන් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 29 වැනි අර්ධ ශතකයට ඇතුළත් කරගෙන තිබුණේ හතරේ පහර 4 ක්‌ පමණි. ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී මංගල එක්‌දින තරග වරම් ලද කුසල් පෙරේරා, පන්දු 14 කදී ලකුණු 14 ක්‌ ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහරද කුසල් පෙරේරා විසින් එල්ල කරන ලද අතර ඊට අමතරව හෙතෙම කඩුලු රකිමින් උඩ පන්දු 4 ක්‌ද රැක ගත්තේය. ඕවල් ක්‍රීඩාංගණය අවට පැවැති තරමක වැහි සහිත කාලගුණික තත්ත්වය සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි අදහස පෙරදැරිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරා ගන්නා ලදී. ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ උප නායක මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර ඔස්‌ටේ්‍රලිsයානු ආරම්භක පිතිකරුවන් වූ පළමු තරගයේ ශතක ලාභී පිලිප් හියුස්‌ (03) සහ ඇරන් µsන්ච් (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්‌ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යෑවීමට සමත් වූහ. ලබා දුන් සාර්ථක ආරම්භය මතම අනුගත වූ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඕවල් තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට දක්‌වන ලද සහය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ අවසන් වීමටත් කණ්‌ඩායමේ සිටින ප්‍රධාන පිතිකරුවන්ගෙන් 6 දෙනෙකුම ලකුණු 83 කට දවා ගැනීමට සමත්වූහ. ඔස්‌ට්‍රේලියානු පිලේ තරමක්‌ දුරට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින් වන අතර හෙතෙම පන්දු 67 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් ලකුණු 50 ක්‌ රැස්‌ කර ගත්තේය. ඔස්‌ට්‍රේලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ඩීප් මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩ පන්දුවක්‌ දී දැවී යැමට ප්‍රථම හත්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කටින්(27) සමග එම ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවටද හැඩින් දායක වී තිබුණේය. මනා පන්දු පාලනයකින් යුක්‌තව පන්දු යෑවූ මැතිව්ස්‌ නියමිත පන්දුවාර 10 අවසනදී නිලකුණු පන්දු වාරයක්‌ සමගින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ද, තිසර පෙරේරා ලකුණු 40 කට කඩුලු 2 ක්‌ද දවා ගත්හ. පසුගිය තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වුවද මෙම තරගයේදී තරමක්‌ දුරට සාර්ථකතාවක්‌ දැක්‌වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 32 කට කඩුලු 3 ක්‌ දවා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ලබන 18 වැනිදා බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා පිටියේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වේ.
BLOG
2012.12.26
http://www.chamiths.blogspot.com/
විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමට ආරක්ෂාව පුළුල් කෙරේ.
චමිත්
විභාගවල රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විධි විධාන යෙදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ CCTV කැමරා පද්ධතිය පුළුල් කර සියලු අංශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලයට කිසිවක්‌ සඟවාගෙන යා නොහැකි අන්දමේ නිල ඇඳුමක්‌ හඳුන්වා දීමටත් පියවර ගැනීමට සැලසුම් කර ඇත. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ සිද්ධියෙන් පසුව මෙම පියවර ගැනෙන අතර ප්‍රශ්න පිට කළ බව කියන රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ නමැත්තාගේ වැටුප් නතර කර විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව රටින් පිටවීම ද තහනම් කර ඇත. මේ වන විට වැඩතහනමට ලක්‌ව සිටින ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්‌ පවත්වා සේවයෙන් පහකිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. විභාගවල රහස්‍යභාවය රැක ගැනීම සඳහා තවත් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. රහස්‍ය මුද්‍රණ අංශයේ කාර්ය මණ්‌ඩලය වෙත තබා තිබූ විශ්වාසය කඩවූ හෙයින් මින් ඉදිරියට විශ්වාසය මත නොව නීතිය අනුව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
BLOG
2012.12.22
http://www.chamiths.blogspot.com/
ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය
චමිත්
තරහා නැතිව ඔබ කැමතිම ජංගම දුරකතන වර්ගය නම් කරන්නසහයොගය ලබා දුන් සැමට ස්තූතිය.
BLOG
2012.12.20
http://www.chamiths.blogspot.com/
හෙට ග්‍රහලෝක එක කෙලින් පිහිටන්නේ නෑ
චමිත්
ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.අවුරුදු ගණනාවකට සැරයන්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා කීය.මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරුමතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන් ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය. මේ අතර හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් අධ්‍යනයේ නිරත විද්‍යාඥයින් නව මන්දාකිණි 7ක් හඳුනාගෙන තිබේ.ඔවුන් පවසන්නේ,මීට වසර බිලියන 13.7 කට පමණ පෙර විශ්වය බිහිවී කෙටි කාලයකින් එම මන්දාකිණිවල සම්බවය සිදු වන්නට ඇති බවය. මේ අතරින් එකක් දැනට හඳුනා ඇති වයස්ගතම මන්දාකිණිය ලෙස සැලකෙන අතර විශ්වයට වයස අවුරුදු මිලියන 380 පමණ වන විට එය බිහි වන්නට ඇතැයි, අනුමාන කෙරේ. අධ්‍යනයේ නිරත විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ, විශ්වය බිහිවීම සඳහා පදනම් වූ බවට සැලකෙන මහා පිපිරුම සිදුවීමෙන් වසර මිලියන 200කට පමණ පසු කාලයේ එනම් අඳුරු යුගයේදී සිදු වූ ක්‍රියාකාරිත්වයන් අධ්‍යනයට නව සොයාගැනීම් ඉවහල් වනු ඇති බවය.ඒ අතර මෙම දිනවල විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ ගමන්කරන බව තාරකා විද්‍යාඥයෝ පවසති. ටෝටටිස් ලෙස නම් කර ඇති මෙම ග්‍රහයකය පෘථීවියට සමීපව කක්ෂගතවූවක් වන අතර සෑම සිව් වසරකටම වරක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නකි. කෙසේ වෙතත් වසර 400ක් යනතුරු එමඟින් පෘතුවියට තර්ජනයක් නැතැයි, විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවර එය චන්ද්‍රයා සහ පෘථිවිය අතර පවතින දුර මෙන් 18 ගුණයක් තරම් එනම් කිලෝමීටර් මිලියන 7ක් තරම් පෘථිවියට සමීප වනු ඇති.
BLOG
2012.12.19
http://www.chamiths.blogspot.com/
අයහපත් කාලගුණය නිසා විභාගය අහිමිවූ සිසුන්ට පසුව නැවත විශේෂ විභාගයක්‌
චමිත්
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඊයේ (18 වැනිදා) සහ පෙරේදා (17 වැනිදා) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන්ට ඒ වෙනුවෙන් විශේෂ විභාගයක්‌ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පෙරේදා (17 දා) පැවැති ගණිතය I හා II ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටීමට නොහැකි වූයේ සිසුන් 18 දෙනකුට පමණක්‌ වුවද ඊයේ (18 දා) පැවැති සෞන්දර්ය ප්‍රශ්න පත්‍රවලට සිසුන් සැලකිය යුතු පිරිසකට පෙනී සිටීමට නොහැකි වූ බවට දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. කුලියාපිටිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්‌ථාන දෙකක සිසුන් ඊයේ (18 දා) විභාගයට නොපැමිණි අතර මධ්‍යම හා ඌව පළාත්වලද අම්පාර ප්‍රදේශයේ තවත් සිසුන්ට විභාගයට පැමිණීමට නොහැකි වී තිබිණි. එම සිසුන් සංඛ්‍යාව කෙතෙක්‌ද යන්න පිළිබඳව ඊයේ (18 දා) දහවල් වනතුරුත් විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී නොතිබූ අතර මෙම සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයයන්ට හා ගණිතයට අදාළ විභාගය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී විශේෂ විභාගයක්‌ ලෙස පැවැත්වීමට දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. විභාගයට පෙනී සිටීමේදී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් 1911 දුරකථන අංකයට වහාම දන්වන ලෙස ද සියලුම අයෑදුම්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
BLOG
2014.06.11
http://pavithra994.blogspot.com/
මෝචරියක වැඩ කිරීමට සුදුසුකම් ඇත.
සුළඟිල්ල | pinkie
කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි.පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා.. දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක්.. මිනිහා මගෙන් ඇහැවා ඇයි උබ දැන් බ්ලොග් එක ලියන්නැත්තෙ කියාලා. මයෙ "වෙලාවක් නෑ බං සහ කම්මැලී" කියන උත්තරේට මිනිහාගෙ ප්‍රතිඋත්තරේ උනේ "අනේ නිකන් පලයං බං. පඩයක් ගියත් පේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. බ්ලොග් ලියන්න වෙලාවක් නෑ." කියන එක... ඇත්තම කියනවනං පේස් බුක් ස්ටේටස් එකකුයි බ්ලොග් පෝස්ට් එකකුයි අතරේ ලොකූවෙනසක් තියෙනවා.. බ්ලොග් පොස්ට් එකක් උනාම හරවත්, නැනවත් හොඳ මං කලින් ලියපුවා වගේ ගුණාත්මක බාවයෙන් යුතු වෙන්ඩ ඔනෑ.. හා නැද්ද..කොහ්මින් හරි ඒ කතාව ඉවරයි..ඕං මෙට්ටේ අස්සේ කැරපොත්තො වගයක් බෝවෙලා නිසා පොඩ්ඩක් අස්පස් කරන්ඩ හිතාගෙන ඇඳ යට තියෙන බඩු ටික අදිද්දි පැන්සල් පෙට්ටියක් හම්බුනා.මං පොඩිම කාලෙන් පස්සෙ 6, 7, පන්තිවලට එනකොට පැන්සල් පෙට්ටි පාච්චිය නැවැත්තුවා. අන්තිමටම පාවිච්චි කලේ ටයිටෙනික් නැව ඇඳලා තියෙන තට්ටු දෙකේ නිල්පාට පැන්සල් පෙට්ටියක්. එකත් 5 වසරටත් කලිං. පස්සෙ 5, 6 පන්ති වලදි අම්මා මහලා දුන්න "පෙන්සිල් කේස්" තමා ඉස්කොලෙ ගෙනිච්චේ.. පස්සෙ 7 පන්තියට එනකොට යෞවනෝදයත් එක්කලා වටේ පිටේ ඉන්න එවුන් විහිළුකරන්න ගත්තා ගෑණු පර්ස් පාවිච්ච් කරනවා කියලා.. ඒක තමයි මං ඉස්කොලෙට "පෑන් පැන්සල් රදවන ආදාරකයක්" ගෙනිච්ච අවසානය. (පස්සෙ වරින් වර කව කටු පෙට්ටි අනම් මනං වයෙ ගෙනිච්චට එවා වැඩි කාලයක් තිබුනෙ නෑ.) පෙට්ටි ගැන කතා කලේ අද අස්පස් කරද්දි හම්බුන පෙට්ටිය මං පාවිච්චි කරපු එකක් නොවන නිසා..:Dඅපේ ඉස්කෝලේ ළමයි ගහනය වගේ දෙගුණයක් කාක්කෝ ඉන්නවා.. ඒ වගේ දෙගුනයක් මීයෝ ඉන්නවා. කොළඹ තදාසන්න ප්‍රදේශයක තියෙන හැම ඉස්කොලේකම තත්වය ඕක වෙන්නැති මට හිතෙනේ..කොහොම හරි අපි ඉස්කොලෙට ඇතුල් වුනායින්පස්සේ මීයන්ගේ මළ කුණු කියන්නෙ එච්චර දුර්ලඹ දර්සනයක් නෙවෙයි අපිට.:D ඒත් දවසක් 7 හරි 8 හරි පන්තියෙ ඉන්දිද්දි මගේ ඇහැ ගැටුනා ලස්සන මී කුණක්. :D ඇත්තම කියනවන්ම් ඌ මොන හේතුවක් නිසාද කියන්න බෑ (සමහර විට පෑගිලා වෙන්ටැති) ඌ කරෝල වෙලා.. අර හූණො ජනේලේට තියලා තදකරාම වගේ ඇට සැකිල්ල ඉතිරි වෙන විදියට ඌ චප්ප වෙලා මමී කරණය වෙලා. මට තාමත් ඒකේ ලස්සන ඇස් පියාගත්තාම හිතේ මවාගත්තෑකි. ඉතින් මට ඔනෑ උනා මූව ගෙදර එක්කරගෙන යන්ඩ. ඒ වෙලාවෙ හැටියට වෙන හිතට අදහසක් ආවේත් නෑ. ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා. ඇත්තම කියනවනම් ග්‍රවුන්ඩ් එකේ දි තිබ්බ ප්‍රස්සන භාවය ඌව පන්තියට අරන් යනවත් එක්කම නැති උනා. පන්තියට යන පඩිපෙළ නගින්න නගින්න ගඳ වැඩි උනා.. ග්‍රවුන්ඩ් එකේ විවෘත අවකාසෙ ගඳ හොදට පැතිරිලා ගියාට පංතිය ඇතුලෙ එහෙම පැතිරිලා තුනීවෙලා යන්ඩ ඉඩක් නැති නිසා වෙන්ටැති. කොහොඅ හරි මට ආයෙ විසික් කරන්නත් හිත දුන්නෑ. මං කලේ ඌව පොඩ්ඩකට පැත්තකින් තියලා අල්ලපු පන්තියෙ මේසයක් උඩ තිබ්බ පැන්සල් පෙට්ටියක පෑන් පැන්සල් ටික හලලා ඒ පෙට්ටියට මීයව දාල බෑග් එකට දාපු එක. එතනින් පස්සෙ සාමකාමීව පාසල් වැඩ නිම උනා.ඊගාවට ඉතිං වෑන් එකේ ගෙදර එන වෙලාව.. මටත් ඉතින් නිකා ඉන්න බැරි කමට අර පංසල් පෙට්ටිය එලියට ගත්තා..මුලින්ම පෙට්ටිය උස්සපු එක මාට්ටු.. අල්ලපු පංතියෙහිටියට වෑන් එකෙ මගෙත් එක්ක ම හිටපු එකාගෙයි පැන්සල් පෙට්ටිය.:Dඅරූ පෙට්ටිය ඉල්ලුවාම මං මීයාව අතට අරන් පෙට්ටිය ඌට දුන්නා.. මිනිහා තොම තියා ගනින් කියලා අයෙ මට පෙට්ටිය දුන්නා.. කොහොම උනාත් ඒත් එක්කම වෑන් අංකල් මහ සද්දෙන් බෙරිහන් දෙන්න ගත්තාමයි මට මතක් උනේ, පන්තිකාමරේට වඩා වෑන් එක ගොඩක් පුන්චී කියලා.. මුලු වෑන් එක ඇතුලම එකම ගන්දස්කාරයයි..com/photos/33572408@N00/8598700057ප.ව.වෑන් කාරයා බනිද්දි මෝචර්යක වැඩකරන්ඩද ආසා කියලා ඇහුවා මතකයි.. අර එදා අරූ එපා කියපු පෙට්ටිය තමයි අද මට ඇඳ යට තිබිලා හමුබුනේ.. ^_^සැ. යු.මං කැමරාවක් ගත්තු දවසකට මේක ඇතුලු අනික් පොස්ට් වලටත් ඇත්ත පින්තුර දානං. එතකං ඉන්ඩ බැරි එකක් ඉන්නවනම් කැමරාවක් අරදියං. ඇයි යකෝ මුන්චුල්ලසෙට්‌ටි ජාතකේ මී කුණ විකුණලා පොහොසත් වුනා කියද්දි ආනේ සාදු කියනවා. අපි දෙයක් ලිවාම තමා මුන්ට පොටො ඔනෑ. මේ බලව කැමරාව තිබ්බ කාලෙ ලිව පොස්ට්..(ටු දෙමල 'න' යන්නා, නලීන් අයියා).
BLOG
2014.05.08
http://pavithra994.blogspot.com/
දකුණ තියෙන්නෙ ලංකාවේ නෙවේ ලංකාවෙ අතන...
සුළඟිල්ල | pinkie
ඔන්න මිත්‍ර වරුනි පොරොන්දු විච්ච විදියටම මං ආවා.. වෙසක් ළඟ ළඟ එන හන්දා ඒකටත් ලෑස්ති වෙන්ට තියේ.පහු ගිය ටිකේ මං දැක්ක ඔය බුකි පැත්තෙ ඉද්දි ඉහත නමට සමාන නමක් තියෙන පේජ් කෑල්ලක්. ඒත් එක ගැන නෙවෙ පොස්ට් එක ලියන්නෙ. ඒත් එක නිසා තමයි මට අද කියනවා වගේ කාරණා ටිකක් හිතුණේ.විනෝදෙටත් එක්ක අදාළ පේජ් එක පොඩ්ඩක් බලමුකො..ඉස්සර රේඩියො එකට ලිවුන් දැම්මා. (ඉස්සරම ටෙලි ග්‍රෑම් වගේ එව්වා පාවිච්චි කරාද දන්නෑ.) පස්සෙ පෝන් එක පොදු පරිහරන්යට ආවායින් පස්සෙ ලිවුන් පොස්කාඩ් ටික ටික පැත්තකට යන කොට රේඩියො ටිවි වල වැඩසටහන් වලට පොන් කෝල් දෙන සිස්ටම් එකක් ආවා.. දැන් දැන් ෆේස් බුක් එකෙන් එව්වාට අදහස් දක්වන අතරේ ලියුං පොස්ට් කාඩ් වලට විච්ච දෙයක් නෑ...ටිවි රේඩියො උදාහරණෙට ගත්තෙ මේ දවස්වල පේස්බුක් එකෙත් හොඳ ජනප්‍රිය මාතෘකාවක් හන්දා.කොහොම හරි පේස් බුක් කියන එක දැන් මිනිසුන්ගේ මේවා එකක් නේ.. ඒ අතරින් පේජ් ගෲප් එහෙම ගත්තාම යුදමය වටිනාකමක් හිටං තියෙනවා..දැන් මං කලින් කිව්ව පේජ් එකේ නම ගැන කියනවනම් මට මතක "දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවෙ පුකේ" කියලායි... ඒත් ලංකාවෙ හරියටම පුක හරියෙ තියෙන්නෙ හම්බන්තොට වගේ. ඔව් මාගම්පුර අර කැට ඇරිලා වගේ තියෙන්නෙ ගුද මාර්ගෙ වගේ හරිය. එතකොට ගාල්ල හරිය තියෙන්නෙ ඉස්සරහට වෙන්න... මුත්‍ර මාර්ගය හරිය විවෘත වෙන්නෙ ඒ හරියෙන්.අදාළ පේජ් එකේ අන්තර්ගතය බැලුවාමත් ඒ නමට හොඳට ගැල පෙනවා. ඇතුළෙ තියෙන එව්වා හරියට මොනාද කියලා දාන්න මං අද ඒ පේජ් එක හෙව්වා මට ඒක හොයාගන්න නම් බැරුව ගියා.. කොහොම හරි ඕකේ තිබ්බා ඔය කවුද අපේ මහින්ද මමා වගේ ශ්‍රේෂඨ පාලකයෝ එහෙන් බිහි උනාය කියලා.. බලන්න ඒ කතාව කොච්චර හරිද කියලා. ඒ වගේ නායකයො බිහි වෙන්නෙ එහෙන් තමයි.. මොකද කියනවනම් අපේ ලංකාව හාන්සි වෙලා නෙවේනෙ ඉන්නේ හිටගෙන.. ඉතින් ඔක්කොම සාරය බහින්නෙ පල්ලෙහාට. එකනේ අර ලංකාවෙ යට හරිය හොඳ පෘෂ්ටිමත්ව වැඩිලා තියෙන්නේ.ඒ පේජ් කෑල්ල ගැන කිව්වා හොදටම වැඩී. එහෙනම් ප්‍රස්තාවනාව දැන් අපි ඇත්ත කතාව දිහාට හැරෙමුකෝ.කියවන ඔබ ලියන මම ඇතුලුව අපි හැමොම මොකක් හරි බෙදුම් වාදියො. හෝව්.. කැති මන්නා ගන්නෙපා සේපෙ හිතලා බලන්න. අපි හැම තිස්සෙම බලනවා මොන විදියකින් හරි බෙදෙන්න.. හැබැයි ඒකත් හෙන ආතල් සහ ගත වැඩක්...මම දැක්ක උදාහරණ ටිකක් කියන්නම්,දැන් ඔන්න අලියෙක් ගහක් පෙරළලා කඩලා දානවා. මනුස්සේක් ගහක් කපනවා..ම්ම් කුරුල්ලෙක් ගහක කූඩුවක් හදනවා. මනුස්සෙක් කොහෙ හරි ගෙයක් හදනවා..අලියෙක් පෙරළන ගහයි කුරුල්ලෙක් හදන කූඩුවයි ස්වාභාවිකයි. මනුස්සෙක් කපන ගහයි හදන ගේයි කෘතීමයි. මනුෂයා කියන්නෙත් මනසෙන් උසස් සතෙක් නම් ඌ කරන වැඩ කෘතිම වෙලා අනික් එව්වා ස්වාභාවික වෙන්නයි හේතුව මොකද්ද. මිනිස්සු ගාව තියෙන බෙදුන්වාදය නැත්තන් වෙන මොකද්ද.මං කියන්න ගියෙ එහෙමයි කියලා අපි ගස්කපන එක හොදයි කියලා නෙවෙ... එතන තියෙන බෙදුන්වාදේ නැත්තන් එක්කො අපිත් තාම ගෙවල් නැතුව කූඩු හදනවා.:Dදැන් ගොඩක් ප්‍රසිද්ද සීං එකක් ගැන බලමු.ජාතිවාදේ. මිනිස්සු තමන්ගේ ජාතිය හොඳම එකයි කියලා කියලා බෙදෙනවා.. තමන්ට හොදම එක නෙවෙයිනම් තමන් තව දුරටත් ඒ ජාතිකයෙක් විදියට ඉන්නෑනේ.ඔය අතරෙ ජාතිවාදෙ එපයි කියලා කට්ටියක් කෑගහනවා. හොදට බැලුවොත් ඒගොල්ලොත් බෙදිලා.මේක නිකනක් පොකුරු බෝම්බයක් වගේ.. නැත්තන් ඡේදන කුලක, තුල්‍ය කුලක, කුලක මේලය ඔය වගේ සිය දහස් ගනන් කුලක ජාතිවලට බෙදිලා බෙදිලා දයනවා මේ බෙදුන් වාදයක්..ජාති වාදී ආගම්වාදී, (ගොඩක් වෙලාවට මේ දෙකම එකකට එකක් උපකුලක) සර්වාගමික, රාජපක්ෂ වාදී, රාජපක්ෂවිරෝදී, යූඇම්පී, වාමාන්ශික, එතකොට හේතුවාදි, නලීන් වාදී දකුණු වාදි කොළබ වාදි, ග්‍රාමීය, නාගරික, උගත් නූගත්.... ඔහොම ඔහොම ඇදිලා යනකොට...නන්දාමාලනීට උමාරා එක්ක හැරෙන්න පුලුවන් බැරි, නර්ස්ලාට සූතිකා පුහුනුව දෙන්ඩ ඔනෑ එපා ඔය වගේ බෙදුම් ටිකකුත් තියෙනවා...ප.ව.දැන් මං පොඩ්ඩක් මඩෙන් එලියට ආපු නෙළුම වගේ එලියෙ ඉදන් පොස්ට් එක ලිව්වාට ඔය අතරින් පතර මඩ ගෑවුන තැන් එහෙමත් ඇති.. කොහොම කරත් අපේ අභිමතය මත අර උඩ කියපු ලයිස්තුවෙන් කැමති කැමති බෙදීම් ටිකක් කැමති ප්‍රමාණෙන් අරගෙන හොඳ සංකලනයක් කරලා පට්ට වාදියෙක් වෙන්න පුළුවන්.ප.ප.ව.දකුණ ගැන ගොඩක් ගොඩක් දේවල් වර්ණනා කළ හන්දා අනික් පැතිවල කට්ටිය තරහා ගන්නෙපා.. මං ඉතින් එහෙම කිව්වෙ අපේ ඥාති හිතාදින් ගොඩක් ඒ පැත්තෙ ඉන්න නිසා..නැතුව මගේ ගම අමතක වෙලා නෙවේ. අපි ඉන්නෙ ලංකාවෙ අක්මාව හරියෙනේ. :D මං කිව්වනේ මාත් අර ඉහත ලයිස්තුවෙන් කෑලි කෑලි අරන් හදාගත්තු පට්ට වාදියෙක්..------------------------------------------------ප්‍රේක්ෂක ප්‍රතිචාර හා පසුව මතක් වුන කරුණු අනුව ඉහත බෙදුම් ලයිස්තුවට එක් කර යුතු වෙනත් බෙදුම්,ඕපන් සෝස් වාදී-කෝකත් එකයි වාදී, බොලිවුඩ් වාදි, හොලිඋඩ් වාදී,PMC ඔනෑ කියන කට්ටිය එපා කියන කට්ටිය, කැසිනෝ හරි ශෝක්,එතකොට ගනිකා වෘතිය නීති ගත කරන්ට ඔනෑ/එපාබ්ලා බ්ලා.. (2014.05.10).
BLOG
2014.04.26
http://pavithra994.blogspot.com/
පොස්ට් එකක් නෙවේ!
සුළඟිල්ල | pinkie
කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න.:Dමෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද.ප. ව.හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ.