category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2012.11.09
http://srilankalyrics.blogspot.com/
යෙහෙලිය (Chinthy Fernando)
අසුරයා
දුකක් මට නැහැ සිතේඔබ මගේ නොවේපැවසූව ආදරේ සත්‍යක් නොවේමගේ මුලු ජීවිතේපැතුවෙ ඔබ නොවේසිහිනයක් වූ ලොවේයෙහෙලියයි මගේආදරෙන් ඔබ මා පතාපැවසුවේ ඒ රස කතාසිහිනයකි ඒ කී කතාහෙලි කලේ නෑ ලොව වටාසමාවෙනු මැන ඒ නිසායෙහෙලියයි මගේවෙන්න මිතුරිය වූ ලෙසේයෙහෙලියයි මගේකිව්වෙ නෑ ඒ කාලෙදී ආදරේ කියාඔබ වෙත ලදේබියක් තිබූ මේ මා සිතේආදරේ කියා පවසන්නෙ මාඒ ඔබ තමා මන් ආදරේකියා සිතූ පෙම්වන්ති ඒකුඩා කල වගේ එසේ නොවේවෙන්න ඔබ මා යෙහෙලියෙගායනය - චින්ති ප්‍රනාන්දුඇල්බමය - Rising from da east.
BLOG
2012.09.09
http://srilankalyrics.blogspot.com/
මා පිය වන්දනා (Ma Piya Wandana)
අසුරයා
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මානම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මාඅම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාපේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මාවම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මාඅම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාටික ටික වතුර අරගෙන පොල් කටුවකටනාවපු අයුරු මතකයි ඇගෙ උකුල මතඅම්මේ ඔබේ පා පියුමන් සිඹින කොටවැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමටඋයලා බත බිමට බෑ සැටියෙම වාගේබෙදලා පිගානට ගෙන රන්තැටිය මගේවෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේකියපු ගමන් මට ගැහුවා අම්මා මගේලේ ටික කිරට හරවා මා හට පෙව්වදිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්වමැදියම් රුයේ දෝතට ගෙන නලවව්වඅම්මේ ඔබයි කප්රුක මගේ සැමදාමඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මාකුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මාකයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මාබුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මාගියා ඈත පිටිසර ගම් වලට පියාසොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියාමෙයාකාර සැපතක් මට දුන්නු පියාසම්මා සම්බුදු සරණයි මගේ පියාඅල්ලා සෙමින් සුරතල් උනු මගේ අතමිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇතසිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අතවාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත.
BLOG
2012.09.07
http://srilankalyrics.blogspot.com/
අපි කවුරුද (Wayo)
අසුරයා
සී සී කඩ විසිරුනු සිතිවිලිදියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැහුදකලාවෙ තනිවී සිටියාමසිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑමෙහොතින් මොහොතට ගෙවනා කාලයදැනෙවා කාටත් එක විදිහටගිනියම් ඉර සඳ සිසිලසඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුදගීයකි ලොව සිතුවම් කරඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුදඉර බැසයන ගොම්මන් යාමේතරු එක එක දිලිසෙන ආකාසේගලා හැලෙන රිද්මේ නැහැවිඇදී යන්නෙ ඈතින් ඈතට පාවි සුලග සේMain Artist - WayoMixing, Mastering - Lahiru PereraStudio - Music OvenMusic, Lyrics - Senaka Batagoda.
BLOG
2012.05.25
http://srilankalyrics.blogspot.com/
වනාන්තරේ පරසතු මල් (DTap)
අසුරයා
වනාන්තරේ පරසතු මල් නිරන්තරේ පිපීයන්ආදරයේ පොද වැස්සට ඒ මල් පෙති තෙමීයන්හෙලන නුඹේ පුංචි බඳට පෙති ගෝමර ඉසීයන්ලඳුනේ මට හැමදාමත් නුඹ සිහිනෙන් පෙනීයන්තන් තන් දෙනා නුඹෙ මුවේ නැගෙන්නේපන්දම් වැලක මුතු ඇමිනුවා වැන්නේසිනා පිරුනු නුඹෙ මුව බබලන්නේමගේ හදට සඳ පෑයුවා වැන්නේකිරි වැදිලා පැසුනු ගොයම මද සුළගෙන් පැහෙන්නේහිමිදිරියේ ගිරා නාද මගේ හිතයි කියන්නේආලවන්ත නුඹෙ බැල්ම් සොඳුරු හැගුම් මවන්නේඅවනත නැති මගෙ නෙත් යුග නුඹෙ රුවමයි සොයන්නේඅඳුරු මගේ පැල කලඑලි වෙන්නේනුඹ කැන්දා එන දාටයි ලන්දේකවදාදෝ නුඹ මට බහ දෙන්නේනෑනේ දෝ නුඹ පිටගං යන්නේMusic - DTapDownload - Wannathare.
BLOG
2012.05.18
http://srilankalyrics.blogspot.com/
Bithakane Hangenawa (Wictor/Sunil)
අසුරයා
බිතක්කනේ හැන්ගෙනවාඅම්මාගෙ හේමලයාමගෙ බාල ටිකිරි මලයාකුරක්කනේ වෙහෙසෙනවාඅප්පච්චිගෙ දෙයියාඅපෙ සවිය නුඹයි අයියා එක ලෙයකට එක කිරකින්පන පෙව්නා දෙන්නාඑක හිතකට එක සුසුමින්පන පෙව්නා දෙන්නාමව් දෙතනේ කිරි වැරුනා නුඹ කුසයට ආ දාමල්ලියෙ කුස ගිනි නිවුනා ඔබ සුරතල් පෑ දාපිය උරුමයෙ වැට බැදුනා මා මෙලොවට ආ දාඅයියේ පැල ඉනි බිඳුනා ලෙන්ගතු කම් හන්දාකෙලි මඩලෙ හිත මුදවා සෙයිලමකට ගිය දා මල්ලියෙ කඳුලක මැවුවා නුඹ සක්විති වන දාදොර මඩලේ මල් ගන්වා නෑන්ඩිය ආ දාඅයියේ කල එලි වූවා මහගේ ඈ හන්දාගායනය - වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහපද - සිසිර දිසානායක බාගන්ට - බිතක්කනේ හැන්ගෙනවා.
BLOG
2014.08.07
http://wasanthayata-aradhanawak.blogspot.com/
භුමිදානය
සචිත්
සුසුම් අතරින් හඩගා කියන අතීතාවර්ජනයක මතක පොදී එක මිටකට ගෙන භුමිදානය කලෙමි හදවතට නුදුරු බිම් කඩක යලිදු සොයා ගන්නට ඇවැසි විට................ ෴෴සචි෴෴ —.
BLOG
2014.03.06
http://wasanthayata-aradhanawak.blogspot.com/
෴෴ෆැන්ටසි කුමරියට෴෴
සචිත්
කදුලු නැනෙතු මත....................නුබත් හරියටෆැන්ටසියක් වගෙහිතුවද.......දුක් වෙන බවමා ,සුසුම් නැසැලෙන්නෙ නුබ වෙනුවෙන්..............එත්,දුකයිනුබ යතාර්තයට ටිකක් දුරින්ඇති මායාව තුල සැගවි ඇති බව........වී කාල වර්ණ කෙස් රොදඅතරින් පෙනෙනෙරන් පැහැති වර්ණ්යටලොබ බදිනමාසිතදවටවන අතැගිලිනුබෙ ගෙල මත................පියමනින්නට අවසරයිෆැන්ටසි කුමරියටවිදින්නටඔබෙ ඔයහිත පුරා ඇතිෆැන්ටසි සිහිනයෙ...........෴෴සචි෴෴.
BLOG
2013.05.16
http://udithame.blogspot.com/
ලංකාවේ(රාජපක්ෂ වරුන්ගේ) අනාගතය, ජේ ආර් සහ මාග්‍රට් තැචර්
Uditha Meeghathenna
ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලය මිට වසර කිහිපයකට පෙර වසර 30ක් තිස්සේ පැවති යුද්ධයට නැවතීමේ ලකුණ තබන ලදී මෙය අපේ ජීවිතකාලය තුල සිදුවූ විශාල පෙරළියකි. ඉන්පසු මේ දක්වා පසුගිය කාලය තුල සිදුවූ දෙය අපි කවුරුත් හොඳින් දනියි. "මොන වැරදි තිබුනත් දැන් අපිට බෝම්බ පිපිරෙනවද කියල හිතන්නේ නැතිව බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන්" යන සරල වැකිය තමන්ටම නැවත නැවත මතුරා ගනිමින් පිරිසක් පවත්නා අවිචාර සමය සමග සම්මුතිගත වෙයි. තවත් පිරිසක් "අනේ මම නම් කතා කරන්න අකමැතිම දේ තමයි දේශපාලනය" කියමින් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියා සැනසෙන්න උත්සාහ කරති. පුළු පුළුවන් අය පිටරට පනිති. බල පුළුවන් අය විල ඉහගෙනම මාළු අල්ලති. බල පුළුවන්කාරයන් වටේ වටේ ඉන්නා අය ලොක්කන් අත නොතියන පොඩි පොඩි මාළු ටික රැගෙන යති. බලය ඇති ලොක්කන් පිරිසක් තැටිය රත්කර රොටි පුච්චා ගෙන කති. වටේ ඉන්නා අය ලොක්කන් රත් කරන ලද තැටියෙන් තමන්ටත් රොටියක් පුච්චා ගනිති.ජාතික ආරක්ෂාව හැර රටේ අනෙකුත් සියලුම දේවල් රටේ නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන සහ රටේ ආර්ථික දර්ශකය වන කොටස් වෙළඳපොල පවා දැන් කිසිම තාර්කික භාවයක් නැති ආයතන බවට පත්වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යනු පාර්ලිමේන්තුව වැනිම තවත් එක් වචනයක් පමණි. මේවා පොළොවට සම්තලාවිම පිලිබඳ වගේ වගක් ජනතාවට නැත. ඒ පිලිබඳ මට ජනතාව සමග ගැටළුවක් නොමැත. ජනතාව දේවල් තේරුම් ගන්නේ ඔලුවෙන් නොව ප්‍රායෝගික ජීවිතය තුලිනි. ජීවිතය කෙසේ හෝ තවමත් ගලා යයි ඉඳ හිට විනෝද චාරිකාවක් යාමට තවමත් හැකියාව පවතී. ඉහත මා නම් කරන ලද කඩා වැටුන ආයතන ලාංකීය පොදු ජනතාවගේ ප්‍රාරායෝගික ජිවිතයේ කිසිමදිනක වැදගත් කමක් අත්කරගත් දේවල් නොවිය. ඉහත කඩාවැටීමෙන් ජනතාවට ගානක් නැති වුවද ජනතාවට දැනෙන එක දෙයක් ඇත. ඒ තමන්ගේ පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණයයි. එදිනෙදා තමන්ගේ ජීවිතය පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ආහාර මිලදී ගැනීමට තමාගේ පසුම්බියේ ඇති මුදලින් කෙතරම් ප්‍රමාණයක් වැය වන්නේද යන ප්‍රතිශත ගැටලුව යම් සීමාවක් කරා එළඹි වහාම රටේ ඉහත ආයතන වල කඩාවැටීම ආර්ථික කඩා වැටීමක් ලෙස රුපන්තරණය වී පොදු ජනයාට දැනෙන්නට පටන් ගනී. පොකැට්ටුවේ එම සීමාව පසුකර ගියවිට ජාතික ආරක්ෂාව කෙතරම් තහවුරු කර ඇතැයි කීවද මිනිසුන්ට වැඩක් නැත. මෙය තවම තේරුම්ගෙන නොමැතිවීම දක්ෂ රජයේ නිලධාරියෙකු ලෙස හඳුන්වනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මෙහි දුර්වලතා ලක්ෂයයි. රාජපක්ෂ වරුන්ගෙන් මම මෙහි ප්‍රථමයෙන් නම් කරන ලද ආරක්ෂක ඇමතිතුමා තමාගේ බලය අනාගතයට දිගටම පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුලික සාධකය ලෙස ජාතික ආරක්ෂාව දිවිහිමියෙන් රැකීම පමණක් ප්‍රමාණවත්ය යැයි සිතුවහොත් එතුමාගේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා කොටින්ට එල්ල කල තුවක්කුව පොකැට්ටුව නිසා අසතුටට පත්වී සිටින පොදු ජනතාව දෙසට හැරවීමට එතුමාට සිදුවනු ඇත. මෙය වළක්වාලීමට හැකියාව ඇත්තේද එතුමාටම පමණි. එතුමා ඔහුගේ දැක්ම ජාතික ආරක්ෂාව යන සිමාවෙන් ඔබ්බට ගොස් ආර්ථිකය දක්වා පුළුල් කරගත යුතුය. මෙහිදී ඔහුට කල හැකි දෙයනම් භය නැතිව යුධකර ප්‍රභාකරන් පරාජය කලාක් මෙන් වහා නොබියව කලයුතු සිවිල් ආයතන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැනට බලයේ සිටින සිය සහෝදර රාජපක්ෂ වරුන්ට අවශ්‍ය සහයෝගය ශක්තිය ලබාදීමයි. ජනතාව විනෝදයෙන් සතුටින් අනේ අපි දේශපාලනයට කැමති නැහැ කියමින් ඉන්නේ තමන් ගේ එදාවේල පිරිමසාගත් පසු තමන්ට විනෝදවීමට කෙතරම් මුදලක් අතේ ඉතිරිවෙනවාද යන සාධකය මතයි. තමන්ගේ විනෝදය සහ සතුට අහිමිවූ පසු මිනිසුන් වෙඩි උණ්ඩ ගණන් ගන්නේ නැත.මා ඉහත දක්වා ඇති සිවිල් ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ කොටස් වෙළඳපොල) තවදුරටත් අතාර්කික ලෙස කඩා බිඳ දැමීම වලක්වා නැවත ඒවා නිවැරිදි නොකෙරුවොත් සහ අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නොකර සිටියහොත් නුදුරේදීම ලංකාව ට මෙන්ම රාජපක්ෂ වරුන්ටද මා මේ අනතුරු හඟවන අමිහිරි සත්‍යයට මුහුණ දීමට සිදුවනු ඇත. අසතුට පත් මිනිසුන් මරා මර්ධනය තුලින් බලය රැකගන්නවාට වඩා රටේ ආර්ථිකය නංවාලීම විධිමත් පරිදි සිදුකර මිනිසුන් සතුටට පත්කිරීම තුලින් බලය රැක ගැනීමට තවමත් රාජපක්ෂ වරුන්ට අවස්තාව විවෘතව ඇත.මෙය කිරීමට මේ මොහොතේ ඇත්තේ එකම ක්‍රමවේදයක් පමණි. මා යෝජනා කරන ක්‍රමය හැර වෙන ප්‍රායෝගික ලෙස කිසියම් රටක සාර්ථක වූ වෙන විසඳුමක් කවුරුන් හෝ යෝජනා කරන්නේ නම් මා සතුටුය නමුත් මා දකින්නේ දැන් පවත්නා තත්වය යටතේ රට ගොඩ ගැනීමට ඇති එකම විසඳුම පහත මා ඉදිරිපත් කරන සමාජ ,ආර්ථික ප්‍රතිසංස්කරණ යුධ මෙහෙයුම පමණකි. රාජපක්ෂවරුන් මේ මා කියන මාවත දිගේ කෙතරම් දුර ගමන් කරනවාද යන්න මත රටේ අනාගතය තීන්දු වනු ඇත.මා දැන් කියන දෙය නිසා හිත හොඳ බොහෝ මිනිසුන්ට මා සමග කේන්ති යනු ඇත නමුත් ඔවුන් ගේ අසතුට නොසලකා මා මෙය කිව යුතුය.පාලකයින්ද ඇතුළුව රටේ ජනතාවගෙන්ද බොහෝ පිරිසක් තවමත් වටහාගෙන නොමැති වුවද පාර වැරදි අපි දැන් යන්නේ විනාශයේ මාවත දිගේය. නුදුරු කාලයේ ආර්ථික ගමනේ පාර වැරදුනේ මංගල සමරවීර උප්පරවැට්ටියක් යොදා රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකළ හන්දියේදීය. එසේ පාර වැරදීම ජාතික ආරක්ෂාව යන කාරණයට සුභවාදී ලෙස බලපෑ බව බොහෝ දෙනාගේ මතයයි, ඒ පොදුජන මතයට මම හිස නමමි. නමුත් දැන් ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති නිසා ආර්ථික විනාශයෙන් ගැලවීමට අපි රටක් වශයෙන් අපේ මාර්ගය නැවත නිවැරිදි කලයුතුය. ඒ සඳහා අපි දැන් රිවර්ස් ගියර් එකේ දමා නැවත රනිල් වික්රමසිංග බැසගිය හන්දියට ආපසු යා යුතුය. ඉන්පසු එතැනින් නිවැරිදි ප්‍රයෝගික ලෙස ආර්ථිකය ජයගත හැකි මාර්ගය වෙත නැවත ප්‍රවිෂ්ඨ විය යුතුය. මෙහි රියදුරා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ ඕනෑ යැයි මම කියන්නේ නැත . ඔහු කොහොමටත් දක්ෂ රියදුරෙකු නොවේ. ඔහු සිතියම් බලා මග පෙන්වන්නෙකු ලෙස සුදුසුය. ගල් මුල් උඩින් රිය පැදවීමේ ජවය ඔහුට නොමැත. මහින්ද රාජපක්ෂ කනෙන් අල්ලා එලියට දැමු මංගල වැනි කපටි දුර්වල මිනිසෙක් ඉතා පහසුවෙන් එදා රනිල් රියදුරු අසුනින් එලවා සුක්කානම ඔහුගෙන් පැහැර ගන්නා ලදී. ප්‍රමාදනොවී ක්ෂණික මුදල් සහ බල තන්හාව පසෙකලා නිවැරිදි මාර්ගය කරා රට මෙහෙයවීමට යහපත් දැක්ම ඇතිකර ගන්නේ නම් රාජපක්ෂ වරු තවමත් රියදුරු අසුනට සුදුසුය. අප පසුකර ගොස් ආ හන්දියට ආපසු රිය පදවාගෙන ගොස් අපි නැවතත් නිවැරිදි මාවතට වැටිය යුතුය. අපට විශ්වාසයෙන් යුතුව යෑමට දැන් ඉතිරිවී ඇත්තේ මේ එකම එක පැහැදිලි මාවත පමණි. මිට කලින් මේ මාවතේ ගිය අය සාර්ථක ලෙස ආර්ථික ව්‍යසන වලක්වා ආර්ථිකය ජයගත් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඇත්තේ මේ මාවතේ නොබියව රිය පැදවිය හැකි මිනිසෙක් සහ වෙනස්වීමට ආකල්ප වෙනස්කර ගැනීමට ඇති ආත්ම ශක්තියයි.වාමාංශික අන්ධ භක්තිකයෝ කොතරම් අකමැති වුවද මා නොබියව කියමි. මේ මාවතේ මිට පෙර රිය පදවාගෙන ගිය රියදුරන් දෙදෙනෙක් නම් අපේ ජේ ආර් පප්පා සහ එංගලන්තයේ මාග්‍රට් තැචර් නෝනායි.ජේ ආර් ට වැරදුනි. ජේ ආර් ට වැරදුනේ ඔහු ගිය පාර වැරදුන නිසා නොව වෙනත් සරල කාරණයක් නිසාය. ඔහු වාහනයේ බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් වැනි දේ හරියට තිබේදැයි නොසලකා වාහනය මේ නිවැරිදි මාර්ගයේ දමා පදවන්න විය. මාර්ගය කෙතරම් නිවැරිදි වුවද මේ අඩුපාඩුව නිසා වාහනය මගදී අබලන් විය. බොහෝ දෙනා වාහනය මගදී අබලන් වීම හේතු නොසලකා ජේ ආර් ගමන්ගත් මාර්ගයේ වැරද්දක් බව සිතති. මෙය නිවැරිදි නොවේ. වාහනයේ තිරිංග සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් යනුවෙන් මා අදහස් කරන්නේ ඉහත මා පෙන්වා ඇති ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ කොටස් වෙළඳපොල) වැනිආයතනිකප්‍රතිසංස්කරණ කිරීම සහ නෛතික රාමුවනිවැරිදි කර ගැනීමයි මෙය වාහනය සර්විස් කර ගමනට සුදූසු ලෙස නවීකරණය කර ගැනීමයි. ඉන්පසු අපි එය අපිට පෙරජේ ආර් පප්පා සහමාග්‍රට් තැචර් නෝනා ගිය මාවතේ දැන්වත් විශ්වාසයෙන් යුතුව පැදවිය යුතුය.මාග්‍රට් තැචර් නෝනා රජය සතු පාඩු ලබන අති විශාල කර්මාන්ත සහ ව්‍යාපාර නොබියව පුද්ගලිකකරණය කරන ලදී. රජය සතු ජාතික ගුවන් සේවා (British Airways), නාවික අංශය , වාහන නිෂ්පාදන, දුම්රිය සහ සියලුම ජාතික උපයෝගිතා සේවා (විදුලි,ගෑස් ,ඉන්ධන,ජල සැපයුම්) සියල්ල යකඩ ගැහැනියක් සේ නිදහස් වෙළඳපොළට විවෘත කරන ලදී." පුද්ගලිකකරණය...බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ගොඩගත් ප්‍රධානතම සංකල්පයයි" යනුවෙන් ඇය ඇගේ මතක සටහන් තුල සටහන් කලදමා සිතන්නේ ඇය කල ලොකුම දෙය නම් අගාධය කරා නිසැකව යොමුවී ඇති අබලන් පාලම් ඇති වල්වැදී ඇති සමාජවාදී පාරෙන් වාහනය රිවස් කර අනෙක් මාර්ගයට ගැනීමයි.ඒ නෝනා කොමිනිස්ට්වාදයට එරෙහිව නොබියව යකඩ ගැහැනියක් සේ හිටගෙන එවකට සුභසාධන රාජ්‍යයක් වූ එක්සත් රාජධානියේ මුල්‍ය වෙළඳපොල නිදහස් කිරීම සහ බයනැති දේශපාලන තීන්දු ගන්නා ලදී.රාජපක්ෂවරුන්ගේ මෙන්ම ලංකාවේද අනාගතය රඳා පවතින්නේ රාජපක්ෂ වරු යකඩ මිනිසුන් මෙන් යුද්ධ කල විලසින් සමාජ ආර්ථික දැක්ම තුලත් කෙතරම් යකඩ මිනිසුන් ලෙස හැසිරෙන්නේද යන කරුණ මත පමණි. ඔවුන් කල යුතු දේ දැන් නොකර සිටියහොත් වෙන්නේ චන්ද්‍රිකා නෝනා මෙන් වට වංගු ගසමින් රට එකතැන කැරකීම පමණි.රාජපක්ෂ වරුන්ට මා දෙන සුත්‍රය ඉතා සරලය. ඔවුන්ට මා කියන්නේ රටේ ජයග්‍රහණයේ මාවත මෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණයේ මාවත බැවින් මා සමග උරණ විය යුතු නැත.මා ඔවුන්ට නොබියව කියමි. දැන්වත් හම්බන්තොට style එකට විල ඉහගෙන මාළු ඇල්ලීම නවත්වන්න (රට ගොඩගත් විට ට්‍රෝලර් දමා මාළු ඇල්ලිය හැක)- ගෝලයන් හිත මිතුරන් ඔබලාද විකුණමින් කරන දුෂණ වංචා වලට තිත තියන්න.2. සමාජවාදී සුභසාධන මාවතෙන් ආපස්සට වාහනය රිවස් කරගෙන රනිල් ගෙන් සුක්කානම උදුරාගත් හන්දියට ආපසු යන්න.3. බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් දමා වාහනය සර්විස් කරන්න (රටේආයතනිකප්‍රතිසංස්කරණ කිරීම සහ නෛතික රාමුවනිවැරිදි කර ගැනීම)4. යකඩ මිනිසුන් ලෙස පැයට සැතපුම් 100 වේගයෙන් රිය පදවා ධනවාදී නිදහස් වෙළඳපොල ආර්ථිකය ක්‍රියාත්මක කරන්න.
BLOG
2014.12.17
http://mathakawasthuwa.blogspot.com
....සතුටු බිඳුවක්..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි. පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ගැන තර්ක කරන්න හිටියෙත් එයා විතරමයි. අන්න ඒ නිසයි මේ වෙලාවත් පවනි නැති අඩුව මට තදින්ම දැනෙන්නෙ.... මට හෙට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි තේරීම් විභාගය. දැන් වෙලාව හවස 6.40යි. හෙට විභාගයට හිටියට පංතියට දාන්න තව විශාල මුදලක් ඕන (මගෙ හැටියට ඒක විශාලයි :) ). තවම මට ඒ ගැන නිශ්චිත තීරණයක් නැහැ. ඊයෙ ඉඳල මම වෙනුවෙන් වියදම් කරන එකත් තාත්ත නැවැත්තුව. දැන් ගෙදරින් කෑම විතරයි. සතයක් වත් දෙන්නෙ නැහැ. මගෙ ලොකුම අඩුව මම ගන්න තීරණ වෙනස්වීමක් ද මන්ද.... එදා (මට මතක ඇති කාලෙ) මම ඉඳගෙන ඉන්නකොට මගෙ ඉස්සරහින් මම දැක්කෙ අර සුපුරුදු අතු සිඳල දාපු ගඩුගුඩා ගහයි තැඹිලි ගහයි. මම ඒ තැඹිලි ගහේ අතු දිහා බලාගෙන විඳපු මනෝභාවයන් කොච්චරක් ද... (click ->බාල බොළඳ) මේ වෙලාවෙ මගෙ ඉස්සරහ මගෙ මේසෙ උඩ විනිවිද පේන පාට පාට බෝතල් වල සෙරමික් ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ආලෝක විමෝචක දියෝඩ පුරවල තියෙනව... හරිම කෘතීම පරිසරයක් වගෙ.. ඒ අතරෙ මම කරපු මගේම නිර්මානත් තියෙනව. ඈතින් පන්සල් පාර දිගේ මල් පුරවපු උරයකුත් අරගෙන බෝම හිමින් ළඟින් ළඟින් අඩිය තිය තිය කවුදෝ මන්ද පන්සල් යනව. පවනි හිටිය නම් කියයි "ඔයත් කවද හරි වයසට ගිය දවසකට ඒ වයසක කෙනා වගෙ ඔයත් ඒ විදියටම මල් පුරවපු උරයකුත් අරගෙන පන්සල් යයි" කියල. ඒත්... මමත් කටකාරයි නෙ.. මම එක පාරටම අනිත් පැත්තට කියාවි, "නෑ... මම ඒ පාරෙන් නෙමෙයි නෙ පන්සල් යන්නෙ, කණිෂ්ක මාමලගෙ වත්තෙන් පැනල නෙ" කියල. අනේ මන්ද මමත් කියවන විකාර... නේද.හරිම නිශ්ශබ්දයි..... පාරෙ පන්සල් යන කෙනෙක් කියවන මොන මොනවදෝ ඈතින් ඇහුන. ඒත් එක පාරටම ආයෙ පන්සලේ කවි බණ වාදනය වෙන්න පටන් ගත්ත හයියෙන්...ඒත් එක පාරටම ආයෙමත්...(වටපිටාවෙ කොයි තරම් සද්ද තිබුනත් හිත් දෙකක්, පුද්ගලයක් දෙදෙනෙක් අතර දැඩි නිහඬතාවක්... විනාඩි දෙක තුනක...) ඔව්.. මම මාම එක්ක කතා කලා. එයා මට ඒ ගාන ගෙවන්න චෙක් එකක් දෙන්න පොරොන්දු උනා. ඒ වෙලාවෙ මට දැනුන සතුටට මගෙ හුස්ම හිර උනෙ නැති ටික විතරයි. ඒ තරමට මම සතුටින්. මාම පත්තු කරපු හඳුන් කූරු සුවඳ මගෙ එක නාස් පුඩුවක් දිගේ තදින්ම ඇදිල ගියා හරියට සිත එකඟ වෙන්න මත් වුනා වගේ... මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන... ඒ මනෝ ලෝකෙ ටිකක් වෙලා අතරමං වෙලා හිටපු මම ආයෙමත් පියවි ලෝකෙට ආවෙ මේ දුන්න ගාණ කවද හරි ගෙවන්න මම දැන් වැඩ කරන්න ඕන නේද කියල මතක් උනාමයි... ණයට හරි සල්ලි දෙන්න වත් කෙනෙක් උන්න එක ගැන සතුටු වෙලා මම ආයෙත් වැඩ පටන් ගත්ත....ප.ලි. - ගොඩක් කලින් ඉඳල ලියල තිබුන පෝස්ට් එකක්... ඒත්... .ඒක හරි හැටි අවසාන කරල තිබුනෙ නෑ. හිත එකලාසයක් නැතුව එක එක බය හිතෙන දේවල් හිත හිත ඉන්න අතරෙ... මේක දැකපුවම.. මට ආයෙමත් ඒ පරණ සිදුවීම මතක් උනා.පෝස්ට් එක ලියන්න කලින් තිබුන හිත කොහෙ ගියා ද කියල හොයාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුන පෝස්ට් එකේ අවසානය ලියල ඉවර වෙනකොට....ප.ප.ලි - පවනි වගෙම විසේකාර, දඟ වැඩ කරන විදියෙ කෙනෙක් ජීවිතේට ළං උනත්... ආ පයින්ම ඈ හැරිල යන ගමන් තමයි දැන් ඉන්නෙ... ඒ නිසා ද කොහෙද හිතත් ටිකක් විකාර වෙලා තියෙන්නෙ...කෝම උනත් පවනි ගෙ අඩුව පුරවන්න බෑ වෙන කාටවත්... මම ඒක තේරුම්ගත්ත හොඳටම.
BLOG
2014.12.16
http://mathakawasthuwa.blogspot.com
..මගේ ආදර කතාව - 5.. [අවසන් කොටස] ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ... ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි.... මට මතකයි... මම මේ කතාවෙ පලවෙනි කොටසෙදිම කිවුව කොහොමද මට එයාව හම්බ උනෙ කියල මුලින්ම... ---> "මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා......" මුලින්ම මම ඈ ව අධ්‍යයනය කලා. ඒ ගැන මම කලින් පෝස්ට් තුනේදිම කතා කරල තියෙනව... ඈ අහිංසක කෙල්ලක්... අදටත් ඈ එසේමැයි.... මම මුහුණු පොත තුළින් කවදාවත් දැකල නොතිබුන හිතකට ආදරය කලා... ඒ හිතත් ඒ තරමටම ආදරය කලා, ඒත්... ඒ හිත ආදරය කියල කරපු නිර්වචනයයි මගෙ ආදරය පිළිබඳ නිර්වචනයයි ගොඩක් වෙනස්.... මුලදි අපිට ඒක නොදැනුනත් අපේ සම්බන්ධතාවෙ යම් යම් ගැටලු ඇති වෙච්ච තැන් වලදි වගෙම අවසන් කාලෙදිත් ඒක අපිට හොඳටම තේරුනා.. මේ කතාව ලස්සන, කියවන්න ආස හිතෙන විදියෙ කතාවක් විදියට ලියන්න කොයි තරම් උත්සහ කරත් මට ඒකට හිත හදාගන්න බෑ... ඒ ගැන නම් කියවන ඔයාල මට සමා වෙන්න ඕන.. :-( අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කරල මුල් වරට අපි හමු උනේ, මීගමුව නගරයෙ එක්තරා ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක ඇතුලුවන ගේට්ටුව ළඟ... :) නෑ නෑ, ඔයා හිතුව විදිය නෙමෙයි.... අපි එකට පංති ගියෙ නෑ.... ඈ ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් පිටත පංතියකට ගිය ආයතනය ඉස්සරහ තමයි අපි හම්බ උනේ... පියවි ඇසින් අපි එකිනෙකාව දැන හඳුනගත්තෙ එදා... මහ වෙලාවක් වගේ දැනුනත් අපි කතා කලේ වචන කීපයයි, විනාඩි කීපයයි....එදා ඉඳන් අපි ගොඩාක් දුර ගමනක් ආව බෝම සතුටින්.... ගැටීම් දෙදරා යෑම් ඇති නොවුනාම නොවෙයි... මගෙ අතින් වැරදි නොවුනාම නොවෙයි, ඇගෙ අතින් වැරදි සිදු නොවුනාම නොවෙයි.... ඒත් ඒ කිසි දෙයක් අපිව ඈත් කරන්න සමත් උනේ නම් නෑ... ඒත් අර ආදරය පිළිබඳ නිර්වචනයෙ වෙනස්කම් නිසා අපි අතර හිත් පළුදු වීම් ගොඩක් සිදු උනා. විශේෂයෙන්ම මේ කතා කරන කතානායකය ගෙ. කතානායකය තමන් ගෙ ආසාවන්, බලාපොරොත්තු වගෙ දේවල් වචන වලින් කිවුවට කතානායිකාව තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු ආදිය වචන වලින් ප්‍රකාශ කලේ බෝම අඩුවෙන්... ඒ ගොඩක් දේවල් ඇගේ හැසිරීමෙන්, කතාබහින් තේරුම් ගනීවි යැයි ඈ බලාපොරොත්තු උනත් කතානායකයා ඒ දේවල් තේරුම් ගැනීමට සමත් උනෙ නෑ... පසුව සිදු වූ දේවල් ඉතාමත්ම කනගාටුදායක උනා. තමන් කොයි තරම් අඟවන්න උත්සාහ කලත් තමන් අඟවන දේ තේරුම් ගන්නට තම ආදරවන්තය සමත් නෑ කියල නයනි ට තේරුනා. ඒත් ඒ අඟවන්නට උත්සහ කරපු දේවල් නයනි ගෙ හිත දිනාගැනීමේ උත්සහයකින් පසු වුනු මේ කතාවෙ තෙවන හා සිවු වන පාර්ශවයට තේරුම් ගන්නට, නයනි අඟවන්නට උත්සහ දරන දේ කුමක් ද යන්න තේරුම් ගන්නට හැකි වුනා.එතැන් පටන් සියලු දේවල් ඉතාමත් කනගාටුදායක් වුනා. මත ගැටුම්... සිත් රිදවාගැනීම් ආදියත් ඇති උනා.මෙහි කතාකල, ඈ අඟවන්නට උත්සහ කල දේවල් වැරදි දේවල් නොවේ, සාමාන්‍ය කෙල්ලෙකුගෙ හිතේ ඇතිවෙන අහිංසක ආසාවන් බව සලකන්න.. ඉන්පසු සිදු වූ සියල්ලෙන්ම ඈ හට ඇගෙ ආදරවන්තයාව විකර්ශනය වීමක් සිදු උනා. තම සතුටට තම ආදරවන්තයාගෙන් ඉඩක් නැති බව තේරුම් ගත් ඈ ඔහුගෙන් වෙන් වීමට උත්සාහ දැරුවා. යහපත් උත්සාහයක් සියල්ල අසාර්ථක වූ තැන ඈ විසින් නොකල යුතු ආකාරයේ අයහපත් උත්සාහයක් දරා ඈ අවසානයේ ජය ගන්නට සමත් වුනා. නමුත් ඈ ජයගත්තත් ඈ ජය ගැනීමට කල අයහපත් උත්සාහය නිසා කීප දෙනෙක්ම ඈ පිළිබඳ කළකිරීමටත්, හොඳම මිතුරන් දෙදෙනෙකු ඇගේ ක්‍රියාව නිසා විරසක වීමකුත් සිදු වූවා....බෝම කෙටියෙන් සංක්ෂිප්තව මේ කතාව අවසන් කරන්න ට සිදු වීම පිළිබඳ සමාවන සේක්වා... මේ කතාව 100%ක්ම සත්‍ය චරිත හා සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු එකක්.. මේ සිදුවීම... එහෙමත් නැතිනම් මේ සම්බන්ධය අවසන් වී මේ වන විටත් මාස හතක් පමණ ගත වී අවසන්..අවසන් වශයෙන් කතානායකයගෙ ඉල්ලීම "සමාවෙන්න.." කියන එක පමණයි....නයනි විසින් අවසාන කාලයේදි වත් තම ආදරවන්තයා තමන් ව තේරුම් ගනීවි යැයි සිතා ඔහු හට එවූ ගීතයක් සමගින් මේ කතාව අවසන් කරනව....සිත නිදි නෑ.... මගෙ ළඟ නෑ....ඔබ දුර ඈත ගිහිල්ලා........සිටිනා තැනක නිදුකින් නිරෝගීව යෙහෙන් බෙලෙන් වැජබේවා.
BLOG
2014.07.10
http://mathakawasthuwa.blogspot.com
..මගේ ආදර කතාව - 4.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ................ඈ විවාහ වන පුද්ගලයා ගැන මම එසේ ප්‍රකාශ කලේ, ඈ උපතින්ම ටිකක් කපටි නිසාවෙනි. ඈට අවශ්‍ය වන්නේ ආදරවන්තයෙක් නොවේ ය. ඈට අවශ්‍ය වන්නේ පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ය. ඈ හට ආදරවන්තයෙක් සිටියද ඈ බලාපොරොත්තු වන්නේ එම ආදරවන්තයාව තමන් සතුව තබා ගනිමින්ම තවත් පිරිමි ළමුන් ඇසුරු කිරීමටයි.ඒ සඳහා ඈ සමඟ යාලු වන ආදරවන්තයා හොඳ ආදරණීය පුද්ගලයෙක් ද, ඈ පිළිබඳ සියල්ල සොයා බලා ඈ හට සලකන කෙනෙක් ද යන්න ඈට වැදගත් නොවේ. (එසේ ඇසුරු කරන අයෙකු තම පෙම්වතාට වඩා හිතට ඇල්ලූ විට පෙම්වතා අත හැර ඔහු හා හාදවීමට මැලි වන්නේ ද නැත.)ඈට තවත් ඇසුරු කිරීමට එතරම් තමන්ට කවුරුන් හෝ සමීපවන තුරු ඈ තමා සමඟ සිටින පෙම්වතා අත්හරින්නේ ද නැත. ඇසුරු කිරීමට හමු වන පිරිමි ළමයා තමන් සමඟ යහළුවනතුරු,සමීප වනතුරු සමහරඅවස්ථා වලදී තාවකාලික ආධාරයකක්(Backup)ලෙස ද තම පෙම්වතා පරිහරණය කරන අවස්ථා ඇත. ඒ තම පෙම්වතා ද අලුත් මිතුරා ද කියා තෝරාගැනීමට නොහැකිව පැටලිලිසහගතව සිටින අවස්ථාවල දී ය. ඈට එසේ තම ආදරවන්තයා සමඟ සිටිමින් තවත් පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ඉඩ දීමට නම් එක්කෝ එම ආදරවන්තයා මෝඩ පහේ කෙනෙක් විය යුතුය, එක්කෝ පෙම්වතිය හොරෙන් කරන කියන කිසිදෙයක් දැනගන්නේ නැති හෝ හොයන්නේ නැති කෙනෙක් විය යුතු ය, ඈ ගැන වැඩි සැළකිල්ලක් නොදක්වන අයෙක් විය යුතුය, එසේත් නැතිනම් සැබෑ ආදරයක් නොකරන, අපේ බාසාවෙන් කියතොත්, "ඈ හට සිරා ලවු නොකරන" විදියේ කොල්ලෙක් විය යුතුය. මන්ද යත් කිසිම ආදරවන්තයෙක් තම ආදරවන්තියට කෙතරම් ආදරය කලත්, කෙතරම් ඈ ව තේරුම් ගත් අයෙක් වුවත් තමන්ට සලකන, කතාබහ කරන, හැසිරෙන තරම් සමීප අයුරින් තම පෙම්වතිය වෙනත් පිරිමින් ඇසුරු කරනවාට තුන් හිතින්ම අකමැති නිසා ය. එසේ කැමති වන්නේ නම් ඔහු අර මම පෙර කී විදියේ පෙම්වතෙකු හෝ සිත දියුණු කල පුද්ගලයෙක් විය යුතුය(ලෞකික ආශා රහිත. නමුත් එවන් කෙනෙකු කිසිවිට බැඳීමක් ඇති කරගෙන්නෙ නැත ).පිරිමි ළමුන් ඇසුරු කිරීම මෙහිදී මා කතා කරන්නේ යහලුවන් ලෙස හෝ සහෝදරයෙකු ලෙස ඇසුරු කිරීම නොවන බව කාරුණිකව වටහා ගන්න. නැතිනම් මෙහි මා ප්‍රකාශ කල "පිරිමි ළමුන්" ඇසුරු කිරීම ඔබ වරදවා වටහාගනු ඇත. එසේම මෙකී පිරිමි ළමුන් ඇසුරු කිරීම යනු ඔවුන් සමඟ යහන්ගතවීම ද නොවන බව කාරුණිකව සලකන්න. (නමුත් දුරදිග යෑම තුළින් එවන් දෑ ද සිදුවිය හැකි බව අමතක නොකරන්න ) ජීවිතේ එක් වරක් හෝ පෙම්වතුන් වී ඇති ඔබ "පෙම්වතුන් සේ හැසිරීම" යනු කුමක්දැයි මටත් වඩා හොඳින්ම මෙය කියවන ඔබ දන්නා බව මා හොඳින්ම දනිමි. ;-) මා මෙහි කතා කරන්නේ පෙම්වතෙකු සිටින විට තවත් පිරිමි ළමුන් සමඟ එසේ "පෙම්වතුන් සේ හැසිරීම" ඇගේ ලක්ෂණයක් බවයි. නයනි එවන් චරිතයකි. ඈ ආලය යනු කුමක්දැයි හරි හැටි නොහඳුනන බව මට හැඟේ. එහෙත් ඈ ඉල්ලා සිටින්නේ ආලයයි. ඈ සිතන ඈ පවසන විදියට නම් ආලය යනු නිතරම ඈ පිළිබඳ සොයා බලා ඈ සමඟ නිතරම මැසේජ් කෝල් කරමින් ඈ සමඟ නිරතුරු සම්බන්ධ වී කටයුතු කිරීම මෙන්ම ඈ සිතන පතන දේවල් සඳහා ඉඩකඩ දීම, ඈට අවශ්‍ය ඇගේ සතුට යමක් ද කිසිදු විරෝධයකින් තොරව ඒ සඳහා නිදහස දීම ආලය කියා ය. නමුත් දෙදෙනෙක් එක් වී අරඹන ආදර සම්බන්ධතාවයකදී එක් අයෙකුට ඕනෑ ඕනෑ පරිදි හිතුමතයේ කටයුතු කල හැකි ද. ආදරයකදී සම්බන්ධය පැවතීමට පෙර තරම් තිබූ විශාල නිදහසක් සහිත හැසිරීම් කලාපයන් (දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් පටන් ගත්පසු ) කොල්ලාට මෙන්ම කෙල්ලට ද දිගටම පවත්වාගෙන යා හැකි ද. එහිදී සතුට යනු ආදරවන්තයා තම ආදරවන්තියගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කල යුතු ද. නැතිනම් ආදරවන්තිය තම ආදරවන්තයාගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කල යුතු ද. මම නම් හිතන්නෙ දෙදෙනා හරියට එකිනෙකාව තේරුම් අරන් තියෙනව නම් ඔය කියපු දෙකම කරන්න ඕන නෑ කියල. මොකද එතකොට ආදරවන්තිය දන්නව ආදරවන්තය සතුටු මොනවට ද කියල, එතකොට ආදරවන්තිය කරන්නෙ තමන්ගෙ සතුට කැප නොකර ඔහුගේ සතුට සමඟ ගැළපිය හැකි දේවල් කිරීම. ඒකෙ අනිත් පැත්තටත් එහෙමයි. දෙන්නටම සතුටු වෙන්න පුලුවන් දේවල් තියේ එක්කෙනෙක් විතරක් සතුටු වෙන දේවල් වලට වඩා... නේද. නමුත් එහෙමයි කියල තමන්ගෙ ආදරවන්තියගෙ සතුට වෙනුවෙන් කියා ඈට ඕනෑ ඕනෑ පරිදි පිරිමි ළමුන් සමඟ මා පෙරකී ආදරවන්තයින් ලෙස හැසිරීමට ඉඩ දිය යුතු ද. එය පෙම්වතියට සතුටක් උනත් පෙම්වතාට දුකක් නම් පෙම්වතා පෙම්වතියගේ සතුට වෙනුවෙන් එය කල යුතු ද."ඔව් ඉතින් ආදරසම්බන්ධතාවයක් තුළ එකිනෙකා තේරුම් අරන් තම තමන්ගේ නිදහසේ සීමාව තුළැ රැඳෙමින් වැඩ කරනව නම් කෝමටත් කිසිම ප්‍රශ්නයක් නෑ නෙ... නිදහස නැති කරනව තියා සීමා කරන්න උවමනාවකුත් නෑ නෙ... නේද.නමුත් දෙන්නගෙන් එක්කෙනෙක්ට තමනුගේ නිදහසේ සීමාව තේරුම් ගන්න බැරි නම්. නමුත් ආදරයි නම්. එහෙම වෙලාවට දෙදෙනාගෙම යහපත තකා එක් අයෙක් අනෙක් කෙනාගෙ නිදහස යම්තාක් දුරට සීමා කිරීම හරි ද වැරදි ද. නෑ, ඇයි එහෙම සීමා කරන්න කියල තේරුම් කරල දීල එහෙම කරන එක." අවංක ආදරය යනු එක් අයෙකුට පමණක් පිදිය යුතු දෙයක් බව දන්නේ නම් ඈ වෙනත් පිරිමි ළමුන් ඇසුරට යාවි ද. මේවා නයනිගේ චරිත ලක්ෂණයි. මා සමඟ ආදරසම්බන්ධයක් ඇති කරගැනීමට පෙර ඈ සමඟ පෙමින් වෙලී සිටි අය පිළිබඳ මා සොයා බලා ඔවුන් සමග මා පෞද්ගලිකව කතා කලෙමි. ඔවුන් සමඟ පැවති සබඳතා බිඳී ගිය ආකාරය ඔවුන්ගෙන් අසා දැනගතිමි, ඒ පිළිබඳව විශ්ලේශනය කලෙමි. ඒ එක් අයෙක් වත් ඈ හමු වී කතා බහ කර නැත. නමුත් මුහුණුපොත හරහා සහ දුරකතන ඇමතුම් මගින් හා ස්කයිප් තාක්ෂණය තුළින් එකිනෙකා සමඟ කතාබහ කර තිබේ. ඒ එකදු සබඳතාවක් වත් අවුරුදු ගාණක් පැවතී නැත, අඩුම තරමින් අවුරුද්දක් වත් පැවතී නැති තරම් ය. අවුරුදු තුනක් පමණ මග බාධක ද සහිතව පැවති ඇගේ එකම සම්බන්ධය පැවතියේ මා සමඟ ය. ඈ මුහුණට හමු වී කතා කල පළමු පෙම්වතා වන්නේ ද මා ය. එමෙන්ම ඈ ගැන මාස ගණනක් සොයා බලා ඈ පිළිබඳවත් ඇගේ පවුල් පසුබිම, ඇගේ දෙමවුපියන් පිළිබඳ මෙන්ම ඈ හැදුනු වැඩුනු පරිසරය ද පිළිබඳ සොයා බලා ඈ ව අධ්‍යයනය කල එකම පෙම්වතා ද මම වෙමි. එය ඇගේ යහළුවන්, ඈ මෙන්ම ඇගේ පියා ද පිළිගත් සත්‍යයකි. ඈ හට කුඩා නිදහසක් ලැබුණු විට එහි උපරිමේට යන දුර්වලතාවය ද ඇගේ යහපත වෙනුවෙන් ඈට ආදරය කරන සමීපතමයන් කියන දෑ නොඇසීම යන දුර්වලතාවය ද මම තරම් ඇගේ පියාවත් තේරුම්ගෙන ඇතැයි නොසිතමි.ඈ පිළිබඳව මගේ අධ්‍යයනය බෝම කෙටියෙන් තාවකාලිකව මෙහෙම නිමා කරනව. මීළඟ කොටස අප එකිනෙකා හමු වී කතාබහ කිරීම හා ආදර සම්බන්ධතාව ඇරඹී පළමු වසර දෙකක කාලය....ප. ලි. - මේ වෙනකම් මගෙ ආදර කතාවෙ පළමු, දෙවන, තෙවන කොටස් කියවපු ඔයාලට ඔන්න මේකට නම් දාන්න කමෙන්ට් එකක් තියේවි කියල හිතනව.අඩු ගානෙ මේ පෝස්ටුවෙ තියෙන ප්‍රශ්න එකකට දෙකකට හරි උත්තර ඔයාගෙ මතයට අනුව කමෙන්ට් එකක් දාවි කියල මම බලාපොරොත්තු වෙනව යාලුවනේ...පළමුකොටස --->..මගේ ආදර කතාව - 1..දෙවනකොටස--->..මගේ ආදර කතාව - 2..තෙවන කොටස--->..මගේ ආදර කතාව - 3.
BLOG
2014.07.02
http://mathakawasthuwa.blogspot.com
..මගේ ආදර කතාව - 3.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ඈ... කුඩා කල සිටම ගැහැණු ළමුන් ආශ්‍රයට වඩා පිරිමි ළමුන් ආශ්‍රයට කැමති කෙනෙක්. ඒ කාලෙ තමයි මම හිතන්නෙ නියම කාලෙ කෙල්ලන්ට කොල්ලන්ට එකිනෙකා ආශ්‍රය කරන්න දිය යුතු. ඒ කිවුවෙ උපරිම 8,9 වගේ වසරවල් වලට එනකම්. මොකද ඒ කාලෙට ඔය පොඩි උන්ගෙ හිත් වල ආදර හැඟීම් හෝ වෙනත් අදහස් නෑ.. ඉතින් ඒ කාලෙදි තමයි කෙල්ලෙක් ඉගෙනගන්නෙ කොල්ලො ගැන, උන් හිතන පතන විදිය ගැන. කොල්ලෙක් නම් ඔය කාලෙදි ඉගෙනගන්නව කෙල්ලො ගැන, හිතන පතන විදිය ගැන එහෙම. ඒත් ඒ කාලෙදි ආසාවල් විතරයි හිතේ ඇති වෙන්නෙ, ඒව ආදරයන් නෙමෙයි. ඉතින් එහෙම එකිනෙකා අධ්‍යයනය කරන වයසකදි ඒ අවස්ථාවන් නොලැබුනාම ඒ අවස්ථාවන් තරුණ වියේදි තමයි ලබාගන්න උත්සහ කරන්නෙ. මේ කතානායිකාවත් එහෙම කෙනෙක්. පිරිමි ළමුන් ආශ්‍රය කරල එයාලගෙ සිතුම් පැතුම්, කොහොමද හැසිරෙන්නෙ, කොයි වගේ අය ද ඉන්නෙ කියන එක එයාට දැනගන්න ලැබුනෙ නෑ, සාමාන්‍යපෙළ කරනකොටත් ඈ දන්නෙ ඇසුරු කරල තියෙන්නෙ පිරිමි අය විදියට බෝම සීමිත පිරිසක්, ඒ එයාගෙ එකම සහෝදරයා සහ ඔහුගෙ යාලුවන්. ඒත් ඔහුගෙ යාලුවන් සමඟ කතාබහ කරන්නත් ඈ බිය උනා. ඈව මට මුහුණුපොත තුළදි හමු වෙලා යම්තාක් දුරට මිතුරු උනාට පස්සෙ මට මෙන්න මෙහෙම කියනව ඈ, "අයියෙ මම පිරිමි ළමයින්ව ආශ්‍රය කරලම නෑ, මට ඒකට ගෙදරින් කිසිම නිදහසකුත් නෑ, ඉතින් ඒ අය හිතන පතන විදිය එයාල කොහොමද කියල මම අඳුරගන්නයි මම මේ විදියට මුහුණුපොතෙන් වත් පිරිමි ළමයි එක්ක කතාබහ කරන්නෙ " කියල. ඇගෙ මේ කතාවෙන්ම මට තේරුනා ඈට පිරිමි ළමුන් ගැන තියෙන දැණුම, ඇයට තියෙන නිදහස හා සමාජ අවබෝධය ගැන. නිදහස කියන එක උපරිමේටම විඳල තිබුන මට මේ කතාවත් එක්ක ඈ කෙරෙහි ලොකූ අනුකම්පාවක් ඇති උනා. මම ඈ ට පොරොන්දු උනා, ඈ සමග නිතර මැසේජ් කරන්න, ඇගේ හොඳම යහලුවෙක් සහෝදරයෙක් විදියට ඈට ඈ නොදත් හැම දෙයක් ගැනම කියා දෙන්න, පිරිමි ළමුන් ගැන, සමාජය ගැන. ඒ වගේම ඇයි ඈ ඔය කියන විදියට නිදහස තුළ සීමා වී සිටිය යුත්තේ කියලත්. ඇගේ නියම මුහුණුපොත තිබියදී ඈ ව්‍යාජ එකවුන්ට් එකකින් තමයි මේ මගෙත් එක්ක කතා කරන්නෙ. ඒකටත් ඈ හේතුව මට කිවුව. ඇගේ නියම එකවුන්ට් එකට ඇගේ සහෝදරය නිතර ලොග් වෙලා බලනව ඈ කා එක්ක ද කතා බහ කරන්නෙ, කාවද ඇසුරු කරන්නෙ කියල.ඒ නිසා ඈ ඇගේ නියම එකවුන්ට් එකට ලොග් වෙන්නෙ නැතුව ව්‍යාජ එකවුන්ට් එකක් හදාගෙන තමයි මේ පිරිමි ළමුන් ගැන අධ්‍යයනය කරන්නෙ කියල. (නමුත් මට හිතෙනව ඇගේ සහෝදරය කරපු දේ 100%ක්ම හරි කියල, පස්සෙ මම කලෙත් ඇගේ යහපත, නිසි මග ගමන් කරවීම සඳහාඇගේ සහෝදරය කරපු දේම නේද කියල අද මටත් හිතෙනව.) ඈට පිරිමි ළමුන් ඇසුරු කරන්නට ඇගේ යහලුවන් මෙන් සමාජය තුළ හැසිරෙන්නට නොලැබූ නිදහස තමයි ඈ මුහුණුපොත තුළින් සම්පූර්ණයෙන්ම නැති උනත් හොයාගෙන ගියෙ. ඈ ට ඒ වෙනකොටත් හොඳ යහලුවන් දෙදෙනෙක් හමු වෙලා තිබුන. එක්කෙනෙක් ඇගේ පාසලේ යෙහෙලියක්, අනෙකා ඒ යෙහෙලියගේ පෙම්වතා. යම්කිසි වාසියක් බලාගෙන ඔවුන්ගෙන් එක් අයෙක් ඈව ඇසුරු කලත් ඔවුන් දෙදෙනාම ඈව හොඳින් බලාගත්ත. ඈට ඔවදන් දුන්න. ඈ කරන්න යන දේවල් පවා ඇගේ යෙහෙලියගෙ පෙම්වතාට කියල තිබුන. ඇගේ යෙහෙලිය කුමුදු ලෙසත් ඇගේ පෙම්වතා මලිත් ලෙසත් ගම්මුකො. මේ මලිත්ට ටිකක් ලෝකෙ ගැන සමාජය ගැන අවබෝධයක් තිබුන. එයා ගොඩක් වටින උපදෙස් නයනි (මගේ ආදරවන්තිය)ට දීලත් තිබුන. කුමුදුටත් වඩා මලිත් ඈට ඔවදන් උපදෙස් දීල පරිස්සම් කලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, ඔහුගෙ පෙම්වතියගෙ හොඳම යාලුව නිසා. නමුත් නයනි කියන්නෙ ටිකක් කියන දේ අහන්නෙ නැති විදියේ චරිතයක්. තමන්ගෙ වරදක් උනත් පිළිගන්න ටිකක් මැළි වෙන විදියෙ චරිතයක්. එදා මලිත් කියපු දේවල් ඇහුව නම් සමහර විට අද නයනි මේ පත් වෙලා ඉන්න තත්වෙට පත් නොවෙන්න ඉඩ තිබුන. ඈට වුවමනා උනේ හැමදේම කරල බලන්න ආසාවක්. ඒ සඳහා ඈට පුංචි නිදහසක් ලැබීම ප්‍රයෝජනයට ගත්ත. ඈ කවදාවත් තේරුම් ගත්තෙ නෑ නිදහසක් ලැබෙන්නෙ ඒකෙ උපරිමේට යන්න නෙමෙයි, ඒ ලැබුන නිදහස තුල තම ආසාවන් තෘප්ත කරගැනීමටයි කියන කාරණය. කවමදාවත් තමන්ට ලැබෙන නිදහසේ උපරිමේට යන්න හොඳ නෑ, මොකද ඒකෙන් ලැබෙන්න පුලුවන් යහපත් ප්‍රතිපල වලට වඩා ලැබිය හැකි අයහපත් ප්‍රතිපල වැඩියි. ඒක නම් මම කියන්නෙ මගේම අත්දැකීමෙන්. ඒ වගේම ඈ කපටියි. ඈ මුලින්ම කෙනෙක්ව අධ්‍යනයන කරනව, "මට මෙයාව අන්ඳන්න පුලුවන් ද." කියල. විස්වාස කරන්න ඔබ ගැන යම්තම් හෝ ඈට එසේ දැනුනොත් ඔයාට ගනන් කරගන්නත් බැරි තරම් බොරු ප්‍රමාණයක් කියල තියේවි ඔබේ ආදර සම්බන්ධතාවය හෝ මිත්‍රකම අවසන් වන විට. :-) ඈ එසේ හඳුනාගත් චරිත තිබුන. ඇගේ යහලුවන්, ඇගේ පියා ඒ අතරින් ප්‍රධානයි.ඈ විවාහ වන පුද්ගලයා පිළිබඳ මගේ දැක්ම1.එම පුද්ගලයා ධනවත් හෝ නොවන එක බාධාවක් නොවේවි, නමුත් එම පුද්ගලයා යම්තාක් දුරට නූගත් හෝ අපේ බාසාවෙන් කියනව නම් මෝඩ පහේ විය යුතුයි. 2. එසේ නොවී බුද්ධිමත් උගත් පුද්ගලයෙක් හා විවාහ වීමට ඇගේ බලාපොරොත්තුවක් පවතී නම් බොරු කිරීම්, රැවැට්ටීම් ආදී වංචනික ක්‍රියා කිසිවක් නොකිරීමට ඈ, ඈ වෙතම සම්බාධකයක් පනවා ගත යුතුය.ඈ පිළිබඳව මගේ අධ්‍යයනයේ ඉතිරි කොටස සහ ඈ විවාහ වන පුද්ගලයා පිළිබඳ මගේ දැක්මට හේතුව මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න... :-).
BLOG
2014.07.01
http://mathakawasthuwa.blogspot.com
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..."මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී..කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී...මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී.." මේ ගීතය කියන්නෙ ටිකක් දුක්පත් කොල්ලෙක්. ඒ කොල්ල යාලු වෙලා ඉන්න කෙල්ලට පණවගේ ආදරෙයි... දෙන්න බොහෝම ආදරෙන් කල් ගෙවනව.... සතුටින් ඉන්නව ටික කාලයක්... මේකාලය තුල තමන්ගෙ පෙම්වතිය ගැන තමන් නොදත් ඇගේ ගති ලක්ෂණ ටික ටික මේ කොල්ලට තේරුම්යනව... කොල්ලට තේරෙනව... කොල්ල වගේ ආදරේ තේරුම් අරගෙන ආදරේ කරන කෙනෙක් නෙමෙයි කියලමේ කෙල්ල... ඒක දැනෙන්නෙ කෙල්ල කරන යම් යම් දේවල් එයාගෙ හදවත ගොඩක් රිදෙන්න පටන්ගත්තම... කොල්ලට දැනෙනව තමන්ගෙ හදවත තරම් අවංක ආදරේ කියන දේ හොඳින් තේරුම්ගත්තුහදවතකට නෙමෙයි තමන් ආදරේ කරන්නෙ කියල... ඒ මොහොතේ එයා උපමා කරනව තමන්ගෙ හදවතමල්යහනාවක් ලෙසට. මේ විදියට තමන්ගෙ හදවත බිඳින කෙල්ලගෙ හද මඩල එයා උපමා කරනව කටුයහනකට. යහනක් කියන්නෙ සනීපෙන් නිදාගන්න වැතිරෙන්න පුලුවන් තැනක්. ඒත් මේ යහන කටුවලින් සැදුනු එකක්... ඒ නිසා නිදාගන්න පුලුවන් උනාට යහනෙ වේදනාවල් වැඩියි කටු ඇනෙනනිසා.. හැබැයි මේ වෙනකොට මේ දෙන්න ආදරෙන් වෙලිල ඉන්නෙ.. ඒ කටු යහනෙ නිදාගෙනඋන්නෙ.. ඒත් තව දුරටත් එහෙම කරන්න බෑ.. ඒ නිසා මේ තරුණය ආයාචනා කරනව තමන්ගෙ මල්යහනක් වගේ තියෙන හද මඩලෙන් කටු යහනක් වූ තරුණියට ඉන් පිට වෙලා යන ලෙස... ඊට පස්සෙ මේ තරුණය තම ආදරවන්තියසම්බන්ධ අතීතාවර්ජනයක් කරනව.. පලමු වර හමු වෙලා දෙන්න ආදරෙන් වෙලිල... සිනා සිසීදෝතින් යහන සැදූ ලියේ කියන එක මම එක්තරා රූපකයක් විදියටත් දකිනව. ඒ තුළින් රචකයගම්‍ය කරන්න හදනව ඈගේ කැමැත්තෙන්මයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. ඈගේ ආසාවනිසයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. මෙතනදි සිනා සිසී දෝතින් යහන තැනූ ලියේකියන එකෙන් කියවෙනව දෙන්න බෝම කැමැත්තෙන්.. ආදරෙන්.. ආසාවෙන්... මේ විදියට ආදරෙන්වෙලිල එකතු වෙන්නෙ..."සිනා සිසී දෝතින් යහනතැනු ලීයේ..මුවාවට ගොසින් ඉකිබිදහැඩුව ලීයේ..මටම නොවයි කාටත් පෙම්බැන්ද ලීයේ..මදෙස බල බලා නාඩන්කුමාරියේ.." ඒ අතරතුර.... තමන්ගෙආදරවන්තිය ටික ටික තමන්ගෙ හිත රිදවන බව තේරුම්ගන්නව. "මටම නොවෙයි කාටත් පෙම්බැන්ඳ ලියේ" කියමින් මේ තරුණය එක එල්ලේම කියා සිටිනව එයාගෙ හිත රිදෙන්න තරම්තමන්ගෙ ආදරවන්තිය කරපු වරද මොකක්ද කියල.. ආදරවන්තිය දන්නෙ නෑ.. ආදරේ කියන්නෙඑක්කෙනෙක් වෙනුවෙන් විතරක්ම ඇති වෙන්න පුලුවන්දෙයක් යකියල.. ඒක වරදක් නෙමෙයි.. ඒකනොදැනීම. ආදරේ ගැන නොදැනීම.. නොවැටහීම විදියටයි මේ තරුණය දකින්නෙ.. ඒත් තමන් එක්කහැසිරෙන විදියට තමන්ගෙ ආදරවන්තිය නොදැනීම නිසා හෝ වෙනත් අයත් සමඟත් හැසිරීම, ඒ අයටත් තමාට මෙන්මආදරය කිරීම මේ සත්‍ය ප්‍රේමවන්තයගෙ හිත ගොඩක් රිදවනව. ආදරවන්තිය මේ තරුණය දිහා බලබල හඬනව.. තවමත් ඈ ට සත්‍යප්‍රේමයතේරුම්ගත නොහැකියි. ඈට අවශ්‍ය පිරිමින් කීපදෙනෙක්ටම ආලය කරන්න, ඈට දැනෙන්නෙ නෑ ආලය යනු එක් අයෙක්ට පමණක් පිදිය යුතු පිදිය හැකිදෙයක් කියා.. කොටින්ම ඈ සිතුවත් ඈ ප්‍රේම කරන බව සිදු වෙන්නෙ ඈ එකිනෙකා ආශ්‍රයකිරීමක් පමණයි. කිසිදු ආලයක් ඈ තුළ නැත. නමුත් ඈ එය ආලය ලෙස සිතයි. තමන්ට ආලය කරනපෙම්වතා මෙන්ම ඈ ආලය කරන අනෙක් තරුණයන් ද එක්ක ගත් කල ඈ ට එක් අයෙක් තෝරාගතනොහැකියි. ඒ නිසා තම ආදරවන්තයා දිහා බලමින් ඈ තීරණයක් ගත නොහැකිව හඬමින් පසු වේ.ඒට හඬන්නට සිදු වන්නේ ඈට ආලය කල මෙම තරුණයා ඈට ඇගේ ආලය තෝරාගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවක්ඈ වෙත ලබා දී ඇති නිසයි. ඒතීරණාත්මක අවස්ථාවට තරුණයා එළැබෙන්නේ පෙර කොටසේදී කතා කල ඇගේ කටු යහනක් වන් වූහදමඩල තුල තව දුරටත් රැඳී සිටිය නොහැකි නිසාවෙනි. එක්කෝ මල් යහනෙන් ඈ බැස යායුතුය. නැති නම් කටු යහන මල් යහනක් බවට පත් කරගතයුතුය."පිල් ගොමුවකින් පිල්ගොමුවට ඇදුණු ලීයේ..මල්වර සුවඳ ඇදී වරලසඉනුව ලීයේ..පවලම් පොටෙන් ගිලිහුණුතාරකාවියේ..කරපු පවට නාඩන්දෙවතාවියේ.." පිල් ගොමුවක් උපතින්මපිහිටන එකම ලස්සනම සතා තමයි මොණරා. මොණරා කියන්නෙ පිරිමි සතා. ඉතින් පිල්ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ කියන උපමාවෙන් තනිකරම කතා කරන්නෙ මේ කතා නායිකාවවෙච්ච තරුණියගෙ අනාගතේ ගැන. මේ වෙනකොට අර පහු ගිය කොටසෙදි වෙච්ච තීරණාත්මකඅවස්ථාවෙදි කටු යහන මල් යහනෙන් බැස යන්න තීරණය කරනව. ඒ කිවුවෙ තමන්ගෙ ආදරවන්තය අතහැරල තමන් ආලය කරපු වෙනත් කෙනෙක් වෙතට ගිහින්. ඈ සෙබඩක්. මොණරාගෙ ගැහැණු සතෙක්.ස්වභාවයෙන්ම සෙබඩ යනු ලස්සනට තටු විහිදිය හැකි ලස්සන සහකාරයන් සොයා යන සත්වකොටසක්. අනික තමයි සෙබඩක් එක සහකාරයෙක් ළඟ දිගටම රැදෙන්නෙ නෑ.. ඉන්න සහකාරයට වඩාලස්සන පිල් කළඹක් හිමි අයෙක් වේ නම් ඈ පසුබට වෙන්නෙ නෑ ඒ මොහොතෙම එම සහකාරයා වෙතයන්න.. ගෙල බැඳි මංගල මාලය ඈට යම් සීමාවක් වී තිබුනත් ඈ එය ගලවා තම නිදහස සොයායනව. ඈත් අර කී සෙබඩ මෙන් සහකාරයන් සොයා යනව. නමුත් සෑ හට එක් සහකාරයෙක් සමග දිගුකලක් සිටිය හැකි වන්නේ නෑ.. ඒ නිසා නිතර ඈ සහකාරයන් මාරු කරනව. ඒ වගේම ඈ ගැන ඇගේහැටි ගැන දන්නා සහකාරයක් ඈ තමන් ළඟ වැඩිකල් තියාගැනීමටයුහුසුළුවෙන්නෙත් නෑ.නමුත් ඈ ට මග වැරදිලා. ඈත් අර සෙබඩිය මෙන් පිල් ගොමුවෙන් පිල් ගොමු සොයා ගොස් යම්දිනක අතරමන් වෙනව, මග වරදාගන්නව....කවුරුවත් ඈ තබාගන්න ට කැමති වෙන්නෙ නෑ.... තමුන්ගැන සියල්ල දැන සිටි, තමුන්ට පණ මෙන් ආලය කර, තමුන් ව ආදරෙන් බලාගත් තම ප්‍රථමආදරවන්තයා ඈ හට එක්කෝ තමන් ගෙන් ඉවත් වෙන ලෙස හෝ කටු යහන මල් යහනක් කර ඒ මත තමන්ටසැතපෙන්නට ඉඩ දෙන ලෙස ඉල්ලූ අවස්තාව මේ තරුණියට සිහි වෙනව. තමුන් ගත් අනුවණ තීරණයවැටහෙනව. ආලය යනු කුමක්දැයි ටිකින් ටික වැටහෙන්නට ගන්නව... නමුත් ඈ ප්‍රමාදවැඩියි. ඈ තේරුම් ගන්නව..ඈහඬනව..මහ මුහුද තරම් කඳුළු වගුරුවමින් ඈ කළ වරද ගැනපසුතැවෙමින් හඬනව..අන්න ඒ මොහොතේ බැස යන කටු යහනට අත වනමින් හදවතින්ම සුභ පැතු තමහිටපු ආදරවන්තය කොහේදෝ ඉඳන් මේම කියනව..... "කරපු පවට නාඩන් දෙවතාවියේ".ඒත් එහෙම කියනව හැර ආදරවන්තයට වෙන කරන්න දෙයක් නෑ, ආදරවන්තිය ඒ වනවිටත්ගොඩක් ප්‍රමාද වෙලා වැඩියි...ගායනය - ගුණදාස කපුගේ මහතාඅහල බලන්න මෙතනින් - https://www.ලි. - මේක මගෙ ආදර කතාවත් එක්කම ලිවුවෙ මම මේ ගීතය තේරුම් කරල දුන්න මේ විදියටම ඇයට. එවෙලෙ ඈ අහනව ඕක කියල දැන් ඔයා කියන්නෙ මම එහෙමයි කියල ද කියල... මම කිවුව ඒක මම කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා කරපු දේවල් එක්ක ඔයාම හිතල බලන්න කියල... මොකද මේ වෙනකොට ඈ මාව අත ඇරල තවත් කොල්ලෙක්ට බලාපොරොත්තු ඇති වෙන විදියට වැඩ කරල ඒ කොල්ලව අත ඇරල දැන් තවත් කොල්ලෙක් එක්කත් යාලු වෙලා ඉන්න නිසා. මම මේ කෙල්ල ගැන හොඳටම දන්න නිසා හොඳයි, ඒත් අර කිසි දෙයක් දන්නෙ නැතුව ආදරෙන් අන්ධ වෙලා ඉන්න අර අහිංසක කපටි කොල්ල පව්. ඒ කොල්ලට හිතන්න තිබුන මාවත් අත ඇරල එයාගෙ හොඳම යාලුවටත් බලාපොරොත්තු දීල අත ඇරපු තමන්ටත් කවද හරි ඒ දේම වෙයි ද කියල... මේ කෙල්ලත් කොල්ලත් මේ දවස්වල ඉන්නෙ මීගමුවෙ. කොල්ලනේ මේ කෙල්ලගෙන් ටිකක් පරිස්සම් උනොත් හොඳයි ඔය මීගමුව පැත්තෙ ඉන්න කොල්ලො.
BLOG
2014.06.11
http://mathakawasthuwa.blogspot.com
..මගේ ආදර කතාව - 2.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්මගේ ආදරවන්තියව මට හමු වීම මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය --> විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.. ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත. ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා.. ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක්, මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම.මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.
BLOG
2014.06.10
http://mathakawasthuwa.blogspot.com
..මගේ ආදර කතාව - 1.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්..."ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ....කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා.තවත් පුදුමයක්.මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය.""ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න.මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද... තාත්තට මෙහෙම නම්..."""අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද.""එයාලටම එයාලව තේරුම්ගන්න බැරි...එයාලටම එයාල ගැන තේරෙනෙ නැති..එයාලටමඑයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවදකියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.)එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව...""සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කරසතුටු වෙනකොටතමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත්වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි....."මුලින්ම මගෙ කතාවෙ එන චරිත වලට ආදර්ශ නම් දෙන්නම්... ඇත්ත නම් කියන එක හරි නෑ නෙ....ප්‍රධානම චරිතය - ආදරවන්තිය නයනිආදරවන්තියගෙ මව - මැණිකේආදරවන්තියගෙ පියා - සමන්ආදරවන්තියගෙ සහෝදරයා - විමල්ආදරවන්තියගෙ යහලු චරිත - කුමුදු, මලිත්, සිතුම්, නිමන්ත, ශ්‍යාමල්, පළිඟු, ශෙහානිමෙන්න චරිත ගැන විග්‍රහය - මේ කතාවට ආදරවන්තියගෙ මව සම්බන්ධයක් නෑ.. මොකද ඇය මෙතන නෑ.. නයනි චූටි කාලෙ, මයෙ හිතේ පහ හය වසරෙ ඉඳන්ම ඈව බලාගන්නෙ ඇගේ පියා සමන් සහ පියාගේ දයාබර මෑණියන් හා ඇගේ සහෝදරයා විමල් විසින්.. පොඩි කාලෙ ඉඳලම නයනි ට පිරිමි ළමුන් ආශ්‍රයට ඉඩක් දෙන්නෙම නෑ ඇගේ පියාණන් හා සහෝදරය..... ඈව පසුව ඇතුලු කරනව ගැහැණු ළමුන් පමණක් විතරක් ඉන්න පාසලකට හත වසරෙදි පමණ මගෙ මතකයට අනුව නම්..කොටින්ම සාමාන්‍ය පෙළ හදාරද්දීවත් ඈව අමතර පංති යැවීමක් කරන්නෙ නෑ. මේ අතරතුර ඇගේ සහෝදරය දෙමවුපියන්ගේත් වැඩි කැමැත්තක් නැති උවත් විවාහ වී විදේශගත වෙනව. ඒ සඳහා වියදම් දරන්නේ නයනිගේ පියාණන් විසින්.මේ කාලය වන විට නයනිගේ පියාණන් හට පදිංචි ස්ථානත් කීපවරක්ම මාරු කරන්නත් සිද්ධ වෙනව යම් යම් ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසාවෙන්..මීළඟ කොටස ඊළඟ පෝස්ටුවෙන්.. අහම්බයකින් මුහුණුපොත තුළදී නයනි ව හමු වීම.
BLOG
2014.04.15
http://mathakawasthuwa.blogspot.com
..වයසට යන අවුරුදු.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද. හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ආසාවෙන් බලන් හිටපු දේවල් නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නෙ.... ඉස්සර අවුරුදු එන්නත් කලින් ඉඳන් රතිඥ්ඥ ගේනකම් බලන් උන්නෙ... නැකත ලං වෙනකකොටත් එක එක පත්තු කරලම පෙට්ටි දෙක තුනක් ඉවරයි. ටින් වලට දාල පොල්කටු වලට දාල ඒව පත්තු කරල එක එක විදියෙ අත්හදාබැලීම් කලා. ඒත් දැන් ඒ ආසාව නෑ.... ඒත් ඉතින් මම තවම ගෙදර පොඩි එකා නෙ... ඒ නිසා රතිඥ්ඥා නම් ගේනවමයි... :) හැමදාමත් ඉස්සර වගේ පුංචි විදියට පුංචි සිතුවිලිත් එක්ක ඉන්න තිබුන නම් කොයි තරම් හොඳ ද කියලත් හිතෙනව... දුකයි නේද..... අවුරුද්දට හම්බ වෙන පුංචි සරම් කොටේකුත් ඇඳගෙන වත්ත පහල දුවන්න, රතිඥ්ඥා පත්තු කරන්න.. එහෙම ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න කොයි තරම් ආසාවක් තිබුන ද... තාමත් ඒ ඇඳුම් ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න තිබුන ආසාව නම් තියෙනව..ඒත් ඉස්සරට වඩා වෙනස්. ඉස්සර නම් ඉතින් ඒකෙ අමුතුම සතුටක් නිසයි එහෙම කලේ. ඒත් දැන් ඒක ඇඳගෙන ලස්සන පෙන්නන්නයි එහෙම කරන්නෙ.. ඒ සිතිවිල්ල පවා කොයි තරම් වෙනස් වෙලා ද. තාත්තයි අම්මයි රණ්ඩු වෙලා නැකතට කිරිබත් වත් කන්න නැතිව අවුරුදු ගෙවිච්ච අඳුරු මතකත් නැතිවාම නෙමෙයි. මට හොඳට මතකයි තාත්ත අවුරුදු දවසට කලින් දවසෙ කොහෙද ගිහින් හොඳටම බීල ඇවිත් අම්ම එක්ක රණ්ඩු වෙලා උදේ වෙනකම් ඇඳේ වමන දාපු දවස. මට ඒ අවුරුද්දෙ රතිඥ්ඥාවත් ගෙනත් තිබුනෙ නෑ. අම්ම වත්ත පහලට යන පඩිපෙල උඩ ඉඳගෙන තාත්ත එක්ක තරහට වීදුරුවකට අරක්කු දාගෙන බිබී හිටිය. තාත්තට එතකොටත් සිහියක් නෑ, සාලෙට වෙලා ඉඳගෙන හිටිය. ඒ කවුරුවත් දැක්කෙ නෑ එවෙලෙ අනිත් හැම ගෙදරකම නැකතට කිරිබත් කනකොට පුංචි මම හිත ගල් කරගෙන වත්තට වෙලා මැරෙන්න තරම් දුකින් වෙච්ච දේ ගැන හිත හිත ඇවිද ඇවිද හිටපු විදිය අහස දිහා බලන්.. :( මාව දැකල ද කොහෙද සුදු මාම වැට ළඟට ඇවිත් රතිඥ්ඥා පෙට්ටියක් ගෙනත් දීල ගියා මගෙ මූණ දිහා බලල. විස්වාස කරන්න රතිඥ්ඥා වලට ඒ තරම් ආස කරපු මම ඒ රතිඥ්ඥා පත්තු කරනව තියා ඒක කඩන්නවත් මගෙ හිතේ තිබුනෙ නෑ.. ඒ පෙට්ටියම මම ඊට පස්සෙ දවසක මගෙ යාලුවෙක්ට දුන්න... අපේ අම්මල කොයි තරම් මට ආදරේ උනත් මගේ හිතේ සංවේදීබව තේරුම්ගන්න පුලුවන් උනේ නෑ මම සෑහෙන වයසකට එනකම්ම... තාත්ත තමයි ඒක ටිකක්වත් දැනන් උන්නෙ.. ඒත් හරියටම නෙමෙයි... අම්මෝ, ඒ අවුරුද්දට වඩා නම් ඊට කලින් නෑ ඒ තරම්ම නැතත් ඊට පස්සෙ ලබපු අවුරුදු නම් හොඳයි. මේ අවුරුද්ද නම් වැඩිහිටි කෙනෙක් විදියට මට ගොඩක් සරුයි. මොකද ආපහු හැරිල බලල හරිගස්සගන්න සතුටු වෙන්න දේවල් ගොඩක් තියෙනව මගෙ ජීවිතේ. ඒත්... ඒ සතුටට වඩා මොකක්දෝ හැංගිච්ච ලොකූ දුකක් තියෙනව හිතේ.. ඒ තමයි "අපි වයසට ගිහිල්ල" කියන දේ.. ඒ අතරෙ අම්ම තාත්ත එක්ක හුරතල් වෙවී ඉන්න පුලුවන් කාලෙත් ටික ටික අඩු වෙනව නේද කියල දැනෙනකොට ඊටත් වඩා දුකක් දැනෙනව... ඒත් අඬන්න ද හිනා වෙන්න ද සතුටු වෙන්න ද කියල හිතාගන්න බෑ.. ඒත් අපි ඒ යථාර්තයට මූණ දෙන්න ඕන නේද.බුදු හාමුදුරුවො කිවුව වෙනස් වීම මේක තමයි. අපිට හැමදාමත් ඒක තේරෙනව. ඒත් ඒක සිහි වෙනකොට දැනෙන දුක නිසා අපි ඒක තේරුම් අරන් විතරක් මඟ හරිනව, ඒ මාර්ගය වෙනස් කරල අපි යා යුතු මාර්ගයට යන්න උත්සහ නොකරම... එහෙම කරන්නෙ ඒක ඒ තරම් කරන්න පහසු දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති. ඒ උත්සහය නොකලත් අපි ඒ තේරුම් ගන්න දේ තුළින් අපි කොහොම හරි යථාර්තයට මුහුණ දිය යුතුයි. මම හිතන්නෙ ඒකයි වෙන්න ඕන... ඒ තරම් හිත ශක්තිමත් නැති අය තමයි ඔය වගේ වෙලාවල් වලට අඬන්නෙ... ඒත් ඇඬුව කියල ඒක වෙනස් වෙන දෙයක් නෙමෙයි.. වෙනස් වෙන හැම දේම වෙනස් වෙනවමයි. ඒක තමයි සත්‍ය... මගෙ බ්ලොග් එක කියවන කමෙන්ට් කරන හැමෝගෙම හිත් වල ඒ ශක්තිය තියෙනව. ඒක මම හොඳටම දන්නව... මොකද මගෙ බ්ලොග් එක හැමෝම කියවන්නෙ කමෙන්ට් කරන්නෙ නෑ.. මොකද මගෙ බ්ලොග් එක මවන සුරංගනා ලෝක, බඩ පැලෙනකම් හිනා යන විහිලු නෑ.. ඒ නිසා හැමෝම මගෙ බ්ලොග් එක කියවන්නෙත් නෑ... මගෙ එක පෝස්ට් එකක හරි එහෙම දේවල් තියෙනව නම්. ඒව කියවපු හැම කෙනෙක්ම හොඳින්ම දන්නව, ඒ හැම දෙයක්ම අපේ සැබෑ ලෝකෙ යථාර්තය එක්ක සම්බන්ධයි කියල. ඒ හැම දේකම ජීවිතේට ගතයුත්තක් තියෙනව කියල... හුඟ කාලෙකට පස්සෙ අද මේ ලියපු පෝස්ටුව විශේෂයි. ඒ ඇයි කියන්න නම් මටත් හරියටම තේරෙන්නෙ නෑ.. ඒත් මේ තරම් දුර මගෙ බ්ලොග් එකත් එක්ක ආපු මගෙ බ්ලොග් එක කියවපු කමෙන්ට් කරපු වගේම කියවල නැති කමෙන්ට් කරල නැති හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනව. ඒ වගේම සයිබර් ලෝක වාසී සෑම සියලු දෙයානටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.. ඒක මේ අවුරුද්දට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.. ඔයාලගෙ ජීවිත කාලෙම එහෙම වෙන්න කියලයි මගෙ නම් ප්‍රාර්ථනාව.
BLOG
2014.03.11
http://mathakawasthuwa.blogspot.com
මා අන්තවාදියෙක්මි??? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්.... මෙන්න ඒක -"මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපුනිසා..මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධනිසා..මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..ඒත්, "ශ්‍රි ලාංකික සිංහලබෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද කියලා මං දැන ගත්තේ මුහුණු පොතේඉන්න, fake profile වලින් සුරංගනා කතා කියන අයියලා නිසා..අනේ වාසනාවන්.."වඩාත් හොඳයි කියල හිතෙනව මෙතන ඉඳන් අපි දෙන්න අතර ගිය කමෙන්ට් සංවාදය ඒ විදියටම දැම්මොත්.මම -"ඔව්... හැබැයි මේවත් අමතක කරන්න එපා නංගො,ඔයාට ඉපදුන දවසෙ ඉඳල සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුනෙඅපේ මුතුන්මිත්තො එහෙම දෙයක් අපිට ඉතුරු කරල දීපු නිසා,ඔයාට බෞද්ධ වෙන්න ඔයාගෙ අම්ම තාත්තටත් එයාලගෙ අම්ම තාත්තටත්අදහන්න බුදුහාමුදුරුවො නිර්වාන මාර්ගය පසක් කරල දුන්න නිසා,නැත්තම් මෙලහකටත් ඔයත් අර අඳුරෙ අතපතගාගෙන පේන සෑම දේ සැබෑව කියනමිථ්‍යාවෙ වෙලිල,ඔයා ශ්‍රී ලාංකික උනේ ඔයාට ඉපදෙන්න ශ්‍රී ලංකාව කියල රටක් ඉතුරුවෙලා තිබුන නිසා,එහෙම නොවී මේ රට ඒ කාලෙම මහ මුහුදට යට වෙලා තිබුන නම් ඔයා අදඇත්තටම මේ ලෝකේ කවදාවත්ම සිදු නොවුන විදියෙ සුරංගනා කතා අහ අහ, මවාගත්තු ලෝකවල සුපර්මෑන් ල ස්පයිඩර්මෑන්ල වෙන්න හීන දැක දැක ලොකුවෙච්ච ලමා කාලයක් ඉතුරු වෙච්ච, කරන්න තියෙන හැම වරදක්මකරල ඒ වැරදි වෙන කෙනෙක්ට පටවල නිර්දෝෂී වෙන හෝ ලෝකෙ වැටෙන්න පුලුවන් පහත්ම තැනකටවැටිච්ච කෙනෙක් වෙලා ඔයා හරිම වාසනාවන්තයි කියල හිතාගෙන ජීවත් වෙයි.ඒත් කඩතුරාවෙන් වැසිච්ච සැබෑ ලෝකයෙ වාසනාවන්තකම මොකක්ද, සතුට කියන්නෙ මොකක්ද කියන එක ජීවත් වෙනව කියන්නෙ මොකක්ද කියන සැබෑයථාර්තය නම් ඔයා කවමදාවත් තේරුම්ගන්න එකක් නැති වෙයි නංගො...ඔය අයියල කියපු සුංගනා කතා මොනවද කියල නම් මම දන්නෙ නෑ, හැබැයි ඔයා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක් වෙච්ච නිසා ඔයාට චූටි කාලෙඉඳලම සුරංගනා කතා වල ජීවත් නොවුනු සැබෑ වීරවරයොයි, සුරංගනාකතා වල එන වීරවරයොයි අතර වෙනස නම් දැනගන්න ලැබෙන්න ඇති වෙන මොනව නැතත්.."ඇය - "අයියේ සිංහල කතා නොකරා නම් මම වෙන භාශාවක් කතා කරයි.. බුද්ධාගම විතරක්ම නෙමෙයි මේ ලොකේ තියෙන එකම ආගම.. මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මෝඩයෙක් කියන එක නෙමෙයි.. මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.. මං "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" වෙච්ච නිසා මට ලැබිච්ච කිසිම දෙයක් නෑ.. මගේ ජීවිතේ තියෙන්නේ මං මනුස්සයෙක් නිසා ලැබිච්ච දේවල් විතරයි.. හා මං මගේ ජීවිතේ හදාගත්ත දේවල් විතරයි.. ඔය කියන විදිහට ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක් වීම පට්ට Luck එකක්.. එත් මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද.. කෝ ඔය කියන "ලාංකික සිංහල බෞද්ධ සතුට" .. අපි හැමොම මිනිස්සු.. අයියගේ කතාවනම් මාර ලස්සනයි, ලොකු ලොකු වචන ගොඩායි..ඒත් කිසිම තෙරුමක් ඒ වචන වල නැති එක ගැන මට දුකයි.."මම - "මනුස්සයෙක් තමන්ගෙ අම්ම තුන් වෙනි පන්තියෙ කුලී වැඩ කරන කෙනෙක් උනත් තමන්ගෙ අම්ම ගැන ගොඩක් ආඩම්බරයි ඒ මනුස්සය ඉංජිනේරුවෙක් උනත්. ඒත් මේ සමාජෙ ඉන්නව තමන්ගෙ මවුන් ගැන එහෙම ආඩම්බරයක් නැති.. ඒ අය ගැන මටත් ඇත්තටම දුකයි... එහෙම අයට තමයි තමන්ගෙ මවුන් පවා අමතක වෙන්නෙත්.."මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මොඩයෙක් කියන එක නෙමෙයි"කියන එකෙන් මිනිස්සු මෝඩයො වෙනව කියල මම කොහෙවත් කියලත් නෑ කියන්නෙත් නෑ.. ඒත් ආගමකට විතරක් සීමා නොවිච්ච විද්‍යාවක් වෙච්ච මේ බුද්ධ ධර්මය තරම් යතාර්ථවාදී සත්‍ය කතා කරන ආගමක් වෙන නැතිම තරම්. ආගම අනුගමනය නොකර ඒ ඇත්ත තේරුම් නොගත්ත "නමට බෞද්ධ" අයට නම් මේ කතාව නිකම් පුස් දෙයක් වගේ තමයි නංගො.."සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුන නිසා" කිවුව මිසක සිංහල නොතිබුනා නම් ඔයා වෙන භාෂාවක් කතා කරයි තමයි. ඒක එහෙම නෑ කියන්නෙ නෑ නෙ මම..ආඩම්බර වෙන්න කිවුවෙ ඔයා ඔය කතා කරන සිංහල භාෂාව ක්‍රිස්තු පූර්ව යුගයටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන, ලියන්න කියන්න දෙකටම භාවිතා කරන්න පුලුවන් ඉතිහාසයක් තියෙන නිසයි. මොකද ක්‍රිස්තු පූර්ව යුග වල බිහිවෙච්ච සමහර භාෂා වල අක්ෂර හෝඩියක් නෑ.. මම ආඩම්බර වෙන්න ඕන ඇයි කියල පැහැදිලි කරා විතරයි.. ආඩම්බර වෙන හෝ නොවෙන එක ඔයාගෙ වැඩක් නංගො...ඔයා දන්නවද නංගො ඇයි ඔයා මනුස්සයෙක් වෙලා ඉපදුනේ කියල... ඇත්තම කියන්නකො බලන්න..."මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.." ඔයා ලංකාවෙ ඉපදුනේ නැත්තම් වෙන රටක ඉපදෙන්නෙ නෑ කියල මම කිවුවෙ නෑ නංගො... ඔව් ඔව්.. මේ යන විදියට මට දැන් නම් හිතෙනව.. ඔයාට ලංකාවෙ ඉපදිච්ච එක ආඩම්බරයක් නෙමෙයි කියල... ලංකාවෙ නෙමෙයි මොන රටේ ඉපදුනක් ඔයාට ඒක ආඩම්බරයක් නෙමෙයි.. සමහර විට...."මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද.." ඔයා හිතනවද නංගො ලාංකික සිංහල බෞද්ධ උන නිසයි එයාලට එහෙම උනේ කියල."ලොකු ලොකු වචන ගොඩායි.." මේ කතාවෙ ලොකු ලොකු වචන දකිනව නම් ඒක නංගිගෙ භාෂාව ගැන තියෙන දැනුමෙ ප්‍රශ්නයක් නංගො... මගෙ කතාව සම්පූර්ණ සරල සිංහල.. ලොකු ලොකු වචන කියල නංගි මේව දකිනව නම් ඇත්තටම නංගි සිංහල භාෂාව කතා කරන එක ගැන ආඩම්බර නෙමෙයි දුක් වෙන්න ඕන තමයි... එතෙනදි මේ භාෂාව ගැන මෙහෙම නම් බොහෝ දුරට වෙනස් භාෂාවක් උනත් එමම වෙන්න ඉඩ තියෙනව නංගි ට... "ඇය - "ඔයා "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" නිසා ඔහොම කතා කරයි.. වෙන ආගමක වුනා නම් එහෙම කතා කියයි.. විහිලුවක් නේද."මම - "අනිත් ඒවට උත්තර නෑ කියන්නෙ මම කියපුව හරි කියල පිලිගත්ත කියන එකද නංගො.ඒක ඔයාට විහිලුවක් උනාට මම නම් හිතන්නෙ නෑ බහුතර අනෙක් අයට විහිලුවක් කියල.. මොකද වෙන ඕනම රටක් ජාතියක් තම තමන්ගෙ රට ජාතිය ගැන ආඩම්බරයි තමන් වදාපු මවුන් සේම... එහෙම නැති නිසයි නංගිට මේක විහිලුවක් වගේ පේන්නෙ.... පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් හොඳයි නේද නංගො."ඇය - "ඔයාට මට වගේම මේ ලොකේ ඉන්න හැමොටම තමන්ගේ ආගම වටිනවා.. මන් බුදු හාමුදුරුවන්ට වගේම, ජේසුටත් ආදරෙයි..මන් ආස නැ.. කිසිම මිනිහෙක්ව පහත් කරලා කතා කරනවට, මන් ඔනෙ තරම් දැකලා තියෙනවා ඔයාලා වගෙ මිනිස්සු ශරෙ කරන දෙවල්.. ඔයාලා තමයි ජාතිවාදය අවුස්සන්නෙ.. මහා ලොකු සිංහලයො..උත්තර තියෙනවා අයියෙ.. ඔයාලා වගේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නැ...."මම - "ඔව්. කාටත් තමගෙ ආගම වටිනව තමයි. බලන්න මම කියල තියෙනව ද උබලට උබලගෙ ආගම වටින්නෙ නෑ කියල කාටවත්.... බෞද්ධයො කියනව එයාලගෙ ආගම ගැන එයාල ආඩම්බරයි කියල, ඒ අතරම ක්‍රිස්තියානි ධර්මය අදහන අය කියනව එයාල එයාලගෙ ආගම ගැන ආඩම්බරයි කියල... ඒකෙ ගම්‍ය වෙන්නෑ ක්‍රිස්තියානිනි ආගම අදහන අය බෞද්ධයින්ව පහත් කරල කතා කලා කියල වත් බෞද්ධයින් ක්‍රිස්තියානි ආගමිකයින්ව පහත් කලා කියලවත්... එතන ප්‍රශ්නෙ තියෙන්නෙ නංගි දාගෙන ඉන්න කණ්නාඩියෙ, දකින විදියෙ ප්‍රශ්නයක්.පුංචි නිවැරදි කිරීමක්. බුදුහාමුදුරුවො කවමදාවත් දේශනා කරල නෑ එතුමන්ට ආදරේ කරන්න කියල. එතුමන් කියල තියෙන්නෙ තමන් මේ දේශනා කරන යතාර්ථය අවබෝධ කරගන්න කියල.... ආදරෙයි කියල කියපු වචනෙන්ම තේරෙනව නංගො ඔයා මේ ප්‍රශ්නෙ දිහා බලන අමුතු කණ්නාඩිය ගැන. බුද්ධ ධර්මය ශාස්තෲන් වහන්සේට ආදරේ කිරීම ධර්මය කියල උගන්වන ආගමක් නෙමෙයි නංගො... ආදරේ කියල වචනයක් නෑ ධර්මයෙ. ඊට වඩා උතුම් වචනයක් තියෙනව මෛත්‍රිය පතුරවන්න කියල. මොකද ආදරේ කියන්නෙ ඇලීමක්. බුදුදහම ඇලීම අනුමත කරන්නෙ නෑ.. මම දන්නෙ නෑ නංගිගෙ අම්මයි තාත්තයි බෞද්ධ උන නිසාවත් නංගි බුද්ධ දේශනාව හරියට ඉගෙනගන තියෙනව ද කියල....ජාතිවාදයයි ජාත්‍යාලයයි කියන්නෙ කතා දෙකක්... නංගිට මොනව නැතත් ඒ දෙක නම් හොඳටෝම පැටලිලා නංගො...සමහර දේවල් තියෙනව, ටිකින් ටික තේරුම් ගනිද්දි ඒක තේරුම් ගන්න බැරි වෙන තරමට සංකීර්ණ වෙනව කියල දැනුනම තමන්ගෙ මනසට තේරුම්ගන්න බෑ කියල දැනුනම ඒක තේරුම් ගන්න දරන උත්සහය අත ඇරල ඒකට මොකක් හරි විකල්ප යොදන අවස්ථා ඒ දේ අත හරින්න... ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක හැමෝටම තේරුම්ගන්න බෑ කියන එක...'"නංගි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ වීම ගැන ආඩම්බර නෑලු. ඒත් වෙන ජාතීන් ඒ තම තමන්ගෙ ජාතීන් ආගම් ගැන ආඩම්බර වෙන බව පිලිගන්නව. ඒක විහිලුවක් ලු... විහිලුවට උනත් පිලිගන්න වෙනව නංගො එහෙනම් ඒ ජාතීනුත් ඒ ආගමිකයිනුත් මම වගේම අන්තවාදීන් කියල නංගි ඔය කියන විදියට.... "මා ජාතිවාදියෙක් ද. මගේ කතාවෙ අඩුපාඩු පහදල දෙන්න පුලුවන් ද. මේ කියන විදියට මම IDIOT ද..
BLOG
2013.12.31
http://mathakawasthuwa.blogspot.com
--වාසනාවට ඇත්ත කතාවක්--" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පවනි
මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්.." ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම... ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ... මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ.. දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..." මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන.. මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..කෙටවල ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ... බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..අලවල හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...අලුත් මිණුවන්ගොඩ පාර බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්-----මතක වස්තුව-- ලියන පවනි තරංගා.
BLOG
2014.12.18
http://techtrickslanka.blogspot.com
අපේ BTC යාලුවන්ට
Razor ­­
කොහොමද යාලුවනේ කාලෙකින් ඔයාලට බිට්කොයින් ගැන අලුත් දෙයක් අරන් එන්න බැරි උනානේගොඩක් අය ඉන්නවා ඉස්සෙල්ලා පොඩියට පටන් අරන් දැන් මහා පරිමනයෙන් BTC හොයන එයලා මාසෙකට සැලකිය යුතු ගානක් හොයනවා BTC හරහා ඔයාලටත් පුලුවන් ඒ වගේ වෙන්න මම මුල ඉදලා දාපු ලිපි කියවන්න ඔන්න අද මම අරන් අවා වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ එහෙනම් ඔන්න පලවෙනි Site එක මේකෙ විනාඩි 10න් 10ට Satoshi දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/7nKq2Jමේකත් අලුත් එකක් දවසට Satoshi 500 සෙනසුරාදා ඉරිදා Satoshi 10000 ගානේ දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/UaUOKdමේ අඩවියේ පැය 4න් 4ට Sathoshi 750 ගානේ දෙනවා මෙන්න ලින්කුව http://goo.gl/KBBHlZමේ අඩවියත් උඩින් කිව්ව එක වගේම තමා මෙන්න ලින්කුව http://goo.gl/DHthRtඔයාලා BTC 0.02 හොයාගත්තම මට කියන්න එතන ඉදන් ඉස්සරහට කොහොමද දියුනු වෙන්නේ කියලා මම කියලා දෙන්නම් මාව සම්බන්ද කරගන්න Facebook - http://goo.
BLOG
2014.12.07
http://techtrickslanka.blogspot.com
සුපිරි වේගෙන් ලොකු ලොකු Torrents Direct බාමු
Razor ­­
දැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී නැත්තම් 2 ජීබී. මේකෙන් පුලුවන් ටිකක් ලොකු සයිස් එකේ ඒවත් බාන්න.20ජීබී වෙනකන් පුලුවන් කියල තමයි උන් කියන්නෙ.සතියකට 50ජීබී දෙනවා. ටොරන්ට් විතරක් නෙවෙයි බැකප් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒත් රීවිව් වල කියන්නෙ පෞද්ගලික ඒවා තියාගන්න එපා කියල. වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නම් පට්ට.මේ ලින්ක් එකෙන් යන්නGet a free account කියන තැනින් ගිහින් කැමති විදිහකින් රෙජිස්ටර් වෙන්න..දැන් බලමු කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා.ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැග්නට් ලින්ක් එකකින් තමයි.ටොරන්ට් එක තියෙන තැනට ගියාම මේ විදිහට මැග්නන්ට් ලින්ක් එක පෙන්නන්නවා.ඒක right click කරලා කොපි කරගන්නඊට පස්සෙ hive එකේ add files to hive කියන තැනට ගියාම මෙහෙම එකක් එනවා.කොපි කරගත්ත ලින්ක් එක paste කියන තැනට paste කරන්න.කරලා get link click කරන්න.මේ විදිහට ටොරන්ට් එක add වෙනවා.ඊටපස්සෙ save වෙනවා බලාගන්න පුලුවන්.download වෙලා ඉවර උනාම in your hive. කියල පෙන්නනවා.එතකොට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි hive එකට.ඩවුන්ලෝඩ් වෙලා ඉවර උන ඒවා තියෙන්නෙ transfers folder එකේ.ransfers folder එකේ තියෙන ඒවාpublic නැහැ.ඒවා drag කරලාvideo folder එකඑකට දැම්මම public.තමන්ගෙ hive එකේ ඉන්න friends ඔක්කොටම බලන්න download කරගන්න පුලුවන්.තාම මේක බීටා වර්ශන් එකේ තියෙන්නෙ.ප්‍රීමියම් ෆීචර්ස් දැනට ෆ්‍රී දෙනවා. අපේ hive එකේ friends ලා 100කට වඩා ඉන්නවනම් ප්‍රීමියම් එක ෆ්‍රී හම්බ වෙනවා. ගොඩ දාගත්ත නම් මටත් request එකක් එවන්ඩ මේන් මෙතන ඔබන්නලාමේක මම elakiri.com එකෙන් උස්සපු එකක්.
BLOG
2014.12.07
http://techtrickslanka.blogspot.com
නොමිලේ බඩු ගන්ඩ එන්නලා
Razor ­­
මේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා අම්බානෙකට මෙතනින් යන්ටකෝ හෝව් හෝව් ඉතුරු ටිකක් බලලම යන්න කරන්න තියෙන්නේ මෙච්චරයි...පහළ තීන ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න..ඊට පස්සේ Email එක Confirm කරන්න...එතකොට ඔයාට $10 ලැබෙනවා...(අනිවාර්යයෙන් ඔයාලා මේ ලින්ක් එකෙන් Register උනොත් $5 ලැබෙනවා...ඊට අමතරව Welcome Bonus එකක් විදියට තව $5 ලැබෙනවා)Signup - http://goo.gl/MZGGMnඊට පස්සේ අඩුවට Freeshipping තීන Item එකක් තෝරගන්න...නැත්නම් අඩූවට තීන Items දෙකක් තෝර ගන්න (එතකොට Freeshipping ලැබෙනවා)ඊට පස්සේ Order එක Process කරන් ගිහින් Complete කරන්න .(Worldwide Shipping)ගන්නා දෙයක් දැන්ම ගන්නලා...ඉවර වෙන්ඩ කලින්.
BLOG
2014.11.03
http://techtrickslanka.blogspot.com
Online Game ගහනවනම් මෙන්න සුපිරි Game එකක්
Razor ­­
මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො මේ තමා Logo එකමේ තමා Rank ටිකමේ තියෙන්නේ Play කරන Button ටිකමෙන්න ලින්කුවඅහ් මෙකේ හැමදාම Log වෙනවට Bonus හම්බවෙනවාපහලින් Screen Shot ටිකකුත් දාන්නම්කෝ බලන්න.
BLOG
2014.10.25
http://techtrickslanka.blogspot.com
සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාලය
Razor ­­
හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ.. අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා.. හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්) වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි... කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් :- Click Here to Join.
BLOG
2014.09.27
http://techtrickslanka.blogspot.com
BTC හොයන්න සුපිරිම Site ටිකක්
Razor ­­
`ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම් ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න. Site 01Site 02Site 03Site 04Site 05Site 06Site 07Site 08.
BLOG
2014.09.23
http://techtrickslanka.blogspot.com
Bitcoin ගැන අලුත් එකක් උස්සන් අවා ඔන්න
Razor ­­
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්නVisit Siteමේ සයිට් එකෙන් විනාඩි 15 15 Free දෙනවා ඔයලාත් ට්‍රයි කරලා බලන්න.
BLOG
2014.09.19
http://techtrickslanka.blogspot.com
Free Bitcoin Game
Razor ­­
ඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි දවසක් යන්න කලින් අයෙමත් වැඩි වෙනවා බිට්කොයින් හොයන්න ඔයාලා බයවෙන්න ඕන නෑ ඔයලගේ බිට්කොයින් මම ගන්නවා ඔයාලට Paypal එකට සල්ලි දීලා ඒක නිසා බය නැතුව BTC වලට බහින්න දැන් කියන්නම්කො අද අරන් අවේ මොකද්ද කියලා මේක Bitcoin Game එකක් මේකේ කැමති කට්ටියට BTC Deposi කරලා Play කරන්නත් පුලුවන් නැත්තම් Site එකෙන් දෙන Free BTC වලිනුත් පුලුවන් Free BTC ගන්නෙ මෙහෙමයි ඔයාලා රෙජිස්ටෙර් වෙලා ලොග් උනාට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති ඒකේ රවුම් කරලා තියන එක Click කරන්න මෙහෙම එකක් ඒවි ඒකේ Captha එක ගහලා Claim කරන්නදැන් ඔයාලට Free BTC ඇවිත් තියෙන්නේදැන් Game එක Play කරන්න ඉස්සෙල්ලා අඩුවෙන් පටන් ගන්න මොකද ඕනම දෙයක් පොඩියට නෙද පටන් ගන්න ඕන මෙන්න ලින්කුවClick HereGood Luck.
BLOG
2014.09.15
http://techtrickslanka.blogspot.com
Facebook නම තනි වචනයකින් දාගමුද?
Doralock Hones
ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම තියෙන්නෙ 'Dora' කියලනේ. අන්න ඒවගේ හදාගන්න සිස්ටම් එක.හරි දැන් බලමු මොනවද අපිට වැඩේට ඕනෙ කියලා.1. Mozilla Firefox Browser එකක් (වඩා හොඳට. නැත්නම් Chrome වගේ එකකුත් අවුලක් නෑ. හැබැයි Opera වගේ ඒව නම් එපා)2. ඉන්දුනීසියන් Proxyයක්.ඉන්දුනීසියන් Proxy එක සෙට් කරගන්න යන්න මෙන්න මේ ලින්ක් එකෙන්. HideMyAss (පල්ලෙහා වීඩියෝ එකේදි ඕනෙවෙයි)වැඩේ ලේසිවෙන්න මම පොඩි වීඩියෝ කෑල්ලක් හැදුවා. විනාඩි 2න් වැඩේ ගොඩ. ඔන්න බලලා ගොඩදාගන්න ඈ.හේනම් දොරා කැපුණා. කට්ටියට ජයවේවා. තව තව වැඩ බලාගන්න LankaMag.com එක පැත්තෙත් ඇවිත් යන්න.
BLOG
2014.09.13
http://techtrickslanka.blogspot.com
Bitcoin Cloud Mining (Free)
Razor ­­
කොහොමද කස්ටියට . ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද . අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :) එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය .
BLOG
2014.10.20
www.pansalhandiya.blogspot.com
Lirik Lagu Raffi Ahmad feat Nagita Slavina - Masih
Fransisca Ben
null
BLOG
2014.10.13
www.pansalhandiya.blogspot.com
Lirik Lagu Armada - Sakitnya Mencintaimu
Fransisca Ben
null
BLOG
2014.12.25
http://sonodilan.blogspot.com/
සුභ නත්තලක් වේවා!!!
ItalyDilan
ලැබුවා වූ නත්තල සියලු ලෝකවාසීන්ටත්,අපේ රටටත්,මගේ බ්ලොගට එන සියලු දෙනාටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා.
BLOG
2014.12.13
http://sonodilan.blogspot.com/
සෙක්සි ජනාධිපතිතුමියක් වත් ආවා නම්....
ItalyDilan
ඒ පැත්තෙන් මේ පැත්‍තට.. මේ පැත්තෙන් ඒ පැත්තට.. මාරු වෙවි එහෙට මෙහෙට.. ඉන්නවාට වඩා හොදනේ... මේ වගෙ කෙනෙක්.. ආවානම් රට කරන්න... ඔක්කොමල්ලා එක පැත්තක.. ඉදිවි යස අපුරුවට....16 වන ඉතාලි ඇමති මණ්ඩලයේ ලස්සනම කාන්තාව තමා මේ,මරිය එලේනා බොස්කි මෙනවිය වයස 33, ඉතා දක්ශ නීතිවේදිනියක්,ඉහත ලස්සන පොටෝවේ ඉන්නෙ ඇය, මුල් පොටෝව තමා එතුමිය පාර්ලිමේන්තු කටයුතු ඇමතිනිය ලෙස ඉතාලි ජනාධිපති ජෝර්ජෝ නපොලිතානෝ මහතා ඉදිරියේ දිවුරුම් දී අත්සන් කල අවස්ථාව,නපොලිතානෝ මහතා අසල සිටින්නේ ඉතාලි අගමැති මතයෝ රෙන්සි මහතා.
BLOG
2014.11.02
http://sonodilan.blogspot.com/
කෙලවල්ලාට කෙලවීම....
ItalyDilan
අන්තිම පෝස්ට් එකේ මම ශ්‍රී ලංකා අපනයනය ගැන ලියද්දී මාළු අපනයනය සහ ඉදිරි කාලයේදී අපේ රටෙන් යුරෝපා වෙළදපොලට මාළු අපනයනයට තහංචි වැටෙන්න යන බව ලිවුවා. ඒ පෝස්ට් එක කියවපු මගේ හිතවතෙක් මේ ප්‍රශ්නය ගැන යම් තොරතුරු කීපයක් එක්ක මාව දැනුවත් කලා. මේ පෝස්ට් එක ලියන්න හේතු උනේ ඒ තොරතුරු සහ මගේ තවත් හිතවතෙක්ගෙන් දැනගත් තොරතුරු. මේ දෙදෙනාම මාළු සම්බන්ධ දැනුවත් දෙදෙනෙක්. කෙලවල්ලාඅපේ රටෙන් යුරෝපා වෙළදපොලට පැමිනෙන ප්‍රධාන මාළු වර්ග කීපයක් ඉන්නවා කෙලවල්ලා, සප්පරු ඊට අමතරව කොරල් පර මාලු විදිහට ගරුප, ගල් කොස්සා, ලවයා ඒ අතරිනුත් කෙලවල්ලා තමා බහුතරවම අපනයනය වෙන්නෙ,මේ බහුතර කෙලවල්ලා මාළු අපනයනය. යුරෝපයට දෙවනියට වැඩිම මාළු සපයීම අපේ රටෙන්, මගේ හිතවත් මීගමු ප්‍රදේශයේ මූදු යන හිතවතෙක් කිවුවෙ ඔවුන් බහුදින යාත්‍රා වලින් කිලෝ1500 ට වඩා කෙලවල්ලන් අල්ලනවා කියලා,ඒ මාලු සියල්ලම අපනයනයට බාර දෙනවා කියලයි ඔහු පැවසුවේ, හිතා ගන්න පුලුවන් නේ එතකොට අපේ රටෙන් පිට වෙන මාළු ප්‍රමානය.සප්පරු අපිට ඇයි මාළු අපනයනයට තහංචි වැටෙන්නේ, ඒ අපේ රටෙන් මේ වෙද්දී සිදු වෙන්නේ නීති විරෝධී ධීවර කර්මාන්තයක්, ප්‍රධාන වශයෙන් ධීවර යාත්‍රාව චන්ද්‍රිකා තාක්ශනය භාවිත කලයුතුයි අපි දන්න විදිහට ජීපීඑස් තාක්ශනය භාවිත කරන්න ඕනා, එම තාක්ශනය ධීවර කර්මාන්තයේ හදුන්වන්නෙ VMS තාක්ශනය කියලා, ඒකෙන් ඒ යාත්‍රාව සාගරයේ කොහෙද තියෙන්නේ කියන එක හොයා ගන්න පුලුවන්, ඊට අමතරව බහුදින යාත්‍රා ලොග් පොතක් භාවිත කරන්න ඕනා, ඒකේ අල්ලන මාලු ගැන සියලුම තොරතුරු ලියන්න ඕනා, එය මාලු අපනයනය එක්ක යැවිය යුතුයි, අපේ අය කරන්නේ බොරු ලොග් පොත් හදා යැවීම, ඔයාලට මතක ඇති සුනාමියෙන් පස්සෙ අපිට ජී එස් පී + බදු සහනය ලැබුනා, එය මාළු අපනයනයටත් අදාල උනා,ඒත් ඒ සහනය අපේ ධීවරයට ලැබුනෙ නෑ, අතර මැදියන්ට මිසක්, අපේ රටේ බලධාරීන් හිතන් ඉන්නේ යුරෝපා බලධාරීන් මේ දේවල් නොදන්නවා කියලා ඒත් මේ දේවල් සියල්ල ඔවුන් නිරීක්ශනය කරනවා. ඉහත කියපු දේට අමතරව ඉතාමත් කැත වැඩකුත් සිදු වෙනවා අපේ දේශපාලුවෝ කියන නරකාදී පිරිසත් එකතු වෙලා, ඒ ශ්‍රී ලංකා කොඩිය යටතේ රහසින් චීන, ජපන් විශාල නැව් අපේ රටේ සහ ජාත්යන්තර මුහුදේ නීති විරෝධී විදිහට මාළු අල්ලා ලංකාවට ගෙනවිත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ යුරෝපයට මාළු යැවීම, මේ යාත්‍රා වලට ධීවර අමාත්යංශෙන් අවසරය දීලා පුරාජේරු ගහනවා අපේ රටට විශාල විදේශ විනිමයක් එනවා කියලා,, ඒත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත, තක්කඩි දේශපාලකයන්ගේ සාක්කුවට ගාන නම් වැටෙනවා, මේ කැත වැඩ පටන් ගත්තු එකා නම් ඒවා කාලා ඇදේ තාමත් පව් ගෙවන බවත් ඔයාලා දන්නවා ඇති, දැන් එකා තමා මේ සෙල්ලම් දාන්නේ ඌටත් ගෙවන්න වේවි මේ රටට කරන දේවල් වලට, තව කවුරු කවුරු ඉන්නවද දන්නෙ නෑ මේ අස්සෙන්.මේ විශාල යාත්‍රා වලින් මාළු ඇල්ලීම සිදු කරන්නේ ලෝකයේ තහනම් මාළු ඇල්ලීමක් වෙන පර්ස් නෙට් පන්නය කියන ක්‍රමය, සිංහලෙන් හැබිලි දැල කියන්නේ මේකට,,ඒකෙන් පලාතකම ඉන්න මාළු පැටියගේ ඉදන් විශාල එකා දක්වා හැම එකාම අහු වෙනවා. මෙතන වෙන අනික් දේ තමා,,මේ නැව් විසින් අපේ රටේ අපනයන කරුවන්ට අඩු මිලට මාළු සැපයීම,,ඒ නිසා අපේ රටේ කුඩා යාත්‍රා කරුවන්ගේ මාළුන්ට දෙවන තැන හම්බෙන්නේ.අනෙක් දේ තමා යම් තහනම් මාළු වර්ගත් මේ නැව් වලින් අල්ලනවා,,ඒ අතර කෙන්දා කියන කෙලවල්ලන් වර්ගයත් ඉන්නවා,ඇස් ගෙඩි කෙලවල්ලා යන නමින් හදුන්වන්නෙත් මේ කෙන්දව,මේ කෙන්ද ලෝකෙන් වදවීමේ තර්ජනයට ලක් උනු මාළුවෙක් එවැනි මාලු අපනයනයෙදි කෙන්දට අදාල විස්තරයක් අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනා,,ඒක හදුන්වන්නේ අයි කැට් නමින්,දැනට සප්පරුවා සදහා මේ ලියවිල්ල අපනයනයෙදි ඉදිරිපත් කරනවා නමුත් කෙන්දා අපනයනය සිදු වන්නේ කෙලවල්ලා විදිහට ඉතින් අර ලියවිල්ල යැවෙන්නෙ නෑ. කෙන්දා දැන් මේ දේවල් යුරෝපයට ලීක් වෙලා තියෙන්නේ,ඉතින් යුරෝපෙන් 2012 දී අපිට මේ වැරදි හදා ගන්න ඕනා කියලා යෙලෝ කාඩ් දෙනවා,,අපේ රටෙන් ඒවා සතේකට ගනන් ගත්තෙ නෑ,,දැන් රෙඩ් කාඩ් ඇවිල්ලා තියෙන්නේ මාස 3ක් කල් දීලා.ඉදිරිය මොනා වේවිද කියලා හිතා ගන්න පුලුවන් නේ.යුරෝපා සංගමෙන් බලාපොරොත්තු වන්නේ අපේ රටට අයිති සාගර කලාපයේ අපේ රටේ යාත්‍රා වලින් නීත්යානුකූලව අල්ලන මාළු මිලදී ගන්න,ඒත් මේ වෙනකොට චීන්නු අපේ රටේ මාළුත් සූරන් කනවා. පහු ගිය දවස්වල අපේ රට කන දේශපාලුවෝ ලොකු කතා නම් කියනවා ඔයාලට ඇහෙන්න ඇති අපේ මාළු ගන්න රුසියාව,චීනෙ ඉන්නවා කියලා,ඇත්ත යම් මාකට් එකක් එහෙත් තියනවා,නමුත් ඒ රටවල් සමග අපේ අපනයනකරුවෝ බිස්නස් කරන්න බයයි,මොකද උන් පල් හොරු නිසා,බොරුකාරයන් නිසා,යුරෝපා වෙළදපොල වගේ ස්තීර නැති නිසා. අපේ රටේ දේශපාලකයෝ බලධාරීන් මේ ප්‍රශ්නය ගනන් අරන් ඉන්නෙ ඉතා සැහැල්ලු මට්ටමකින්,නමුත් යුරෝපා සංගමේට තියෙන්නේ උත්තර දෙකයි Yes හෝ No ඒ මැද උත්තර නෑ,ආන්ඩුව හිතන් ඉන්නේ අතරමැද උත්තරයක්,එහෙම නැත්නම් ලංකා මාළු අපනයන සංගමෙන් මේ ප්‍රශ්නෙ ගොඩ දාගත්තොත් ඕං අපි ඒකත් ගොඩ දැම්මා කියලා ඒ අකවුන්ට් එක දේශපාලකයන්ගේ පැත්තට දාගන්න. මොකද මේ වෙනකොටත් අපනයන සංගමෙන් යුරෝපේ දහ අතේ දුවනවා මේ ප්‍රශ්නෙ විසදන්න හෝ වැරදි හදා ගන්න තව කල් ගන්න. අපේ රට යුරෝපේ දෙවනියට ලොකුම මාළු අපනයන කරුවා උනේ පොඩි කාලෙකින් නෙමේ,ඒත් පොඩි කාලෙකින් ඒ කීර්තිය අපේ රටේ දේශපාලකයෝ නැති කලා.මම ඉස්සල්ලා පෝස්ට් එකේ කියන්න ඇති මම මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ මොන තරම් ටූනා මාලු නොහොත් කෙලවල්ලන් ඉතාලියෙ කුඩා අවන්හල් වල්දී දැක්කද කියලා, මා වැඩ කරපු තැන්වලට ආවෙම අපේ රටේ කෙලවල්ලා,ඒ ඉතා රසවත් වගේම ප්‍රමිතියට ඒ මාළුන් සිටි නිසා,නමුත් මේ යන විදිහට ඉදිරියෙදි අපේ කෙලවල්ලට කුමක් වේවිද.අනෙක් දේ මේ සෑම දේකින්ම තැලෙන්නේ අහින්සක ධීවරයින් මිස වෙන කවුරුත් නෙමේ.මේ ධීවරයින්ට තාක්ශනය සපයන එක ලොකු දෙයක් නෙමේ,ඒවා සපයා ඔවුන්ට හුරු කල යුතුයි.එහෙනම් බලමු ඉදිරි මාස 3න් පසු කුමක් සිදු වේද කියා.
BLOG
2014.10.26
http://sonodilan.blogspot.com/
Made In Sri Lanka කොහෙද දැන්
ItalyDilan
2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ ‍රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ. දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද, ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්‍ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා ‍රැකියාව කරපු රෙස්‍ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්‍ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්‍රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ.
BLOG
2014.10.01
http://sonodilan.blogspot.com/
ගරු අර්නස්ට් පෝරුතොට පියනම
ItalyDilan
අපි පෘතුගීසින්ගෙන් පැවත එන කතෝලිකයෝ නොවෙයි සිංහල කතෝලිකයෝ (අර්නස්ට් පෝරුතොට පියනම) මම ඉතා ගරු කරන කතෝලික පියතුමෙක් තමා අර්නස්ට් පෝරුතොට පියතුමා,මෙතුමා ලාංකීය සිනමාවට කරලා තියන සේවයත් අති විශේසයි.එතුමා පුවත් පතකට කරපු සාකච්ජාවක් මට අහම්බෙන් අන්තර්ජාලෙදි කියවන්න ලැබුනා,,එය මගේ බ්ලොග් එක හරහා ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා,,ගරු අර්න්සට් පෝරුතොට පියතුමාට දීර්ඝායුෂ.....ඔබ වහන්සේගේ සම්පූර්ණ නම. පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. උපන්නෙ. 1931 අගෝස්තු 31. කොහෙද. මාරවිල. තාත්තාගේ ගම බොරලැස්ස. නමුත් අපි ජීවත්වුණේ මාරවිල. ඒක ධීවර ගමක්. අපි ඉස්සර පල්ලියේ පූජාවට ගියේ ගෙවල් දොරවල් ඇරලා දාලා. එහෙම ගියයි කියලා ගෙදර තිබුණු පොල් ගෙඩි ටික නැති වුණෙත් නැහැ. කුකුළන් නැති වුණෙත් නැහැ. ඔබ වහන්සේගේ පියා කවුද. පී. ජේ. ප්‍රනාන්දු, ඒ කියන්නේ පෝරුතොටගේ ජෝකිනු ප්‍රනාන්දු. වෘත්තියෙන් ගුරුවරයෙක්. මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා. ඒ වගේම ඔහු ලේඛකයෙක්. මව. මේරි මාග්‍රට් පීරිස්. අම්මගේ ගම සීදුව. පවුලේ කී දෙනා ද. පහයි. මම තමයි වැඩිමලා. ඊළඟට ස්ටෙලා, මර්ලින්, ක්‍රිස්ටබල් සහෝදරියෝ තිදෙනා. අර්ල් එකම මල්ලි. ඔබ වහන්සේ ඉගෙන ගත්තෙ. හුඟ දෙනෙක් අහනවා මොන කොලේජ් එකේ ද ඉගෙන ගත්තෙ කියලා. ඉතිං මම බොහෝම ආඩම්බරයෙන් කියනවා මම ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල. මට මතකයි තාත්තා එක අතකින් ‘දිනමිණ’ පත්තරේ කියව කියව, අනෙක් අතින් මාව අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියා. තාත්තා තමයි මුල් ගුරුතුමා. තාත්තා පන්ති භාර ගුරුවරයගේ අතට වේවැල දාලා කිව්වා, වරදක් කළොත් මූට හොඳට තළන්න ඕනැ කියල. ඊට පස්සෙ මම ගමේම තිබුණු ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ඉංග්‍රිසි පාසලට ගියා. ජෝ ක්වින්ටස් පෙරේරා පියතුමා හිටියේ එතැන. බොහෝම උගත් ස්වාමි කෙනෙක්. ජූසේ වාස් පියතුමා ගැන ඉතාලි බසින් පොතක් ලිව්වෙ එතුමා. ඒක තමයි බලපෑවේ ජුසේ වාස් පියතුමා භාග්‍යවරයකු ලෙස ඔසවා තබන්න. පාප් වහන්සේ ලංකාවට ඇවිල්ලා උත්සවය පවත්වපු වෙලාවේ කුවින්ටස් ස්වාමිට ආරාධනාවක්වත් නැහැ. ඒ අපේ සභාවේ හැටි. පියා ලේඛකයෙක් කිව්වනේ. මොනව ද ඔහු ලියපු පොත්. ‘කායික විද්‍යාව’, ‘සද්ධර්ම රත්නාවලි දීපිකා’, ‘සිංහල මෝස්තර නිර්මාණ’, ‘ඉගැන්වීමේ මූලධර්ම හා ක්‍රම’ යනාදි වශයෙන් පොත් ගණනාවක් ලියා තිබෙනවා. ඒ වගේම තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මට මතකයි තාත්තා ගෙදර සිමෙන්ති පොළොවේ ලස්සනට හංස පූට්ටුව ඇඳලා තිබුණු ආකාරය. මග්ගොන ඉද්දි තාත්තා එහි පාලක පියතුමා (මැසොං පියතුමා) එක්ක පොඩි ගෝරියක් දාගෙන තියෙනවා. මං හිතන්නේ පොත් ප්‍රකාශනය සම්බන්ධ සිද්ධියක් මත. ඒකට කරපු දඬුවමක් විදියට තමයි තාත්තව මාරවිල ඉස්කෝලෙට මාරු කළේ. තාත්තත් ආඩම්බරයි. මැසොං පියතුමත් ආඩම්බරයි. තාත්තා මාරුව හදාගන්න ගියෙත් නැහැ. උන්වහන්සේ මාරුව හදලා දුන්නෙත් නැහැ. ඇයි ඔබ වහන්සේට පූජකවරයෙක් වෙන්න හිතුණේ. එක වචනයකින් කිව්වොත් ‘සේවය’ සඳහා. ගිහියෙක් වෙලා හිටියනම් මං මේ කරපු දේවල් එකක්වත් මට කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් එකම දේ මේ කළ දේත් ප්‍රමාණවත් නැහැ කියන හැඟීමයි අද මට තියෙන්නේ. පූජකවරයකු සමඟ ගැටුමක් ඇතිකර ගත් ඔබේ පියා ඔබ පූජකවරයෙකු වෙනවට කැමැති වුණා ද. තාත්තා එකපාරටම ඇහැව්වේ “තෝත් ඒ හොර හැත්තට එකතු වෙන්න ද හදන්නෙ” කියලයි. ඒ කාලේ ගෙදර උයන කෑමවලින් කොටසක් පල්ලියට දෙන සිරිතක් තිබුණා. තාත්තා ගෙදර ආවම මුලින්ම අහන්නේ “යක්කුන්ට දොළ පිදේනිය දුන්න ද” කියලයි. ඒ තරමටම තාත්තා පූජකවරුන් එක්ක තරහෙන් හිටියේ. තාත්තා ඉරිදට පල්ලි යනවා. ඒත් ඇතුළට ගන්නේ නැහැ. පල්ලිය වත්ත එළියේ ගේට්ටුව ළඟ ඉඳන් සත්ප්‍රසාදය වැඩම කරන එක පේන තැනකට වෙලා පූජාව අහනවා. තාත්තට විශ්වාසයක් තිබුණේ නැහැ, මාව ස්වාමි කෙනෙක් වෙන්න භාර ගනියි කියලා. මොකද, ඒ වෙනකොට තාත්තාත් එක්ක දබර වුණු මැසොං පියතුමා තමයි කොළඹ රදගුරු. ඉතිං ඇත්තටම එහිදි ප්‍රශ්නයක් ඇතිවුණේ නැද්ද. මම මාරවිල පල්ලියේ ස්වාමිගෙන් ලියුමකුත් අරගෙන බිෂොප් පැලස් එකට ගියා. හේරත් පියතුමා තමයි අගරදගුරු ලේකම්. උන්වහන්සේ ලියුම කියවලා කිව්වා “මේක හරියට ආච්චිගේ වානේ කෑල්ල හංගගෙන පිහිය තළලා දුන්නා වගෙ වැඩක්. වැඩේ නොකෙරෙන්නයි ලියුම ලියලා දීලා තියෙන්නෙ” කියලා. එහෙම කියලා ලියුම විසි කරලා දැම්මා. ඊට පස්සෙ බිෂොප් මැසොං ගාවට මාව යැව්වා. උන්වහන්සේ මගෙන් ඇහැව්වා, බජිරි කන්න පුළුවන් ද කියලා. මොකද ඒ කාලේ යුද්ධ කාලේ. ඊට පස්සේ ‘උඹ කාගේ කවුද කියලා’ ඇහැව්වා. මම කිව්වා ‘මම පී. ජේ. ප්‍රනාන්දු ඉස්කෝලේ මහත්තයගේ පුතා’ කියලා. එතකොටම වගේ උන්වහන්සේ කිව්වා ‘ආ එහෙනම් මූ හොඳ එකෙක් වෙන්න ඕනැ’ කියලා. මොකද මොන ප්‍රශ්න තිබුණත් උන්වහන්සේ තාත්තට ගරු කළා. කොහෙද පූජකවරයෙක් වීම සඳහා ඉගෙන ගත්තෙ. මුලින්ම බොරැල්ල ශාන්ත ඇලෝෂියස් දෙව් සත්හල (1944 - 1950) ඒකට කියන්නේ පුංචි සේමනේරිය කියලා. ඊළඟට ශාන්ත බර්නාදු දෙව් සත්හල (1950 - 1955) ඒක මහ සෙමනේරිය. අවසානයට අම්පිටිය ජාතික දෙව් සත්හල (1955 - 1957). ඔස්වල්ඩ් ගෝමිස්, අබා කොස්තා, ඔස්කා අබේරත්න, ටියුඩර් වනිගසේකර, බෙනඩික්ට් ජයතිලක වගේ පූජකවරු එදා මාත් එක්ක එකට ඉගෙන ගත් අය. රැලෙක්ස් රණසිංහත් සෙමනේරියේ හිටියා. ඒත් ෆාදර් කෙනෙක් වෙන්න බැහැ කියලා එයා ගියා. ඔබ වහන්සේ පූජාත්වරය ලැබුවේ. 1957 පෙබරවාරි 02. මොන මොන මීසම්වල ද ඔබ වහන්සේ වැඩ කරලා තියෙන්නෙ. දෙහියගාත, කැලණිය, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත කිරිමැටියාගාර යන මීසම්වල වැඩ කළා. ඒ වගේම එක එක ටයිටල් දරලා තියෙනවා. ඒ පංපෝරි වැඩක් නැහැනේ. ඒවා වෙන අය ලියපුවාවේ. හැබැයි එක තනතුරක් ගැන මට බොහෝම සතුටින් කතා කරන්න පුළුවන්. ඒ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 - 1982) මං හිතන්නේ ඔබතුමා වඩාත් ප්‍රකට සිනමාව හා සම්බන්ධයෙනුයි. ඔව්. සිනමාවත් එක්ක මගේ ලොකු බැඳීමක් තිබුණා. මං ‘ඥානාර්ථ ප්‍රදීපය’ පත්තරේට සිනමා විචාරත් ලිව්වා. සිනමාව ගැන පොතුත් ලිව්වා. ‘චිත්‍රපට ගැන’, ‘චිත්‍රපට වාර්ෂිකය’ පොත් පෙළ ඊට උදාහරණ. එකල අපිට පුළුවන් වුණා සිංහල සිනමාව වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් කරන්න. කතෝලිකයන්ට සංස්කෘතියක් නැහැ කියලනේ සමහරු කියන්නෙ. අපි තුප්පහි කියලා කියන එවුන්ට වැඩිය සිංහලකමක් පුංචි කාලේ ඉඳන්ම මගේ තියෙනවා. අපි රෝමානු කතෝලිකයෝ නෙමෙයි සිංහල කතෝලිකයෝ. අපි පෘතුගිසියෙන් කතෝලික සමය වැලඳ ගත් අය නෙමෙයි. අපි අනුරාධපුරේ කුරුස පරම්පරාවෙන් එන කතෝලිකයෝ. අනුරාධපුර යුගයෙන් සොයා ගත් කුරුසිය අපේ අතීත උරුමයේ ලාංඡනයයි. හයවැනි සියවසේදී මෙරට කිතුනු දෙව් මැඳුරක් තිබු බව ද සීගිරි යුගයේදී මෙරට කිතුනුවන් සිටි බව ද කියැවෙනවා. පෘතුගිසි, ලන්දේසි හා ඉංග්‍රිසිකාරයෝ මේ රටට ඇවිත් කරපු බලුකම්වලට අපිත් විරුද්ධයි. අපිව පාලනය කරන්න ඔවුන්ට තියා රෝමයටවත් බැහැ. රටක සංස්කෘතියක් පිරිහෙන්නේ එහි අනන්‍යතාවයේ හා පෞරුෂත්වයේ ප්‍රබල - දුබලකම් උඩ. අපේ සංස්කෘතිය පිරිහෙන්න පටන්ගත්තේ ඉංග්‍රිසි, හින්දු, මුස්ලිම් බාහිර බලපෑම නිසා නොව අපේ අනන්‍යතාව හා පෞරුෂය කුමක් ද කියා හඳුනා නොගෙන ඔළුව කෙළින් තියාගෙන හමායන සුළංවලට ගසා නොයන සේ කකුල් මහ පොළොවේ තියාගෙන ඉන්න බැරිකම නිසයි. අද අපි දේශීය වෙලා තිබෙනවා. අපි ලතින්වලින් තිබුණු යාච්ඤා ඒ වගේම ගීතිකා දැන් සිංහලෙන් කියනවා. ඒ කාලේ පල්ලියේ පූජාවල් තිබුණේ ලතින් භාෂාවෙන්. පූජාවට උදව් වුණු මම සිංහලෙන් ලියා ගත් ලතින් වචන කටපාඩම් කරගත් ආකාරය අදත් මතකයි. පල්ලියට මුලින්ම ගොක්කොළ, මඟුල් බෙර ගෙනාවේ ඔබ වහන්සේ බව කියැවෙනවා. ඔව් ඒක සිද්ධ වුණේ 1967 දී මීගමු බෝලවලාන පල්ලියේ පවත්වපු විවාහ මංගල්‍ය උත්සවයක් වෙනුවෙන්. මා එයට බෙරයත් ගොක්කොළත් එක්කළා. මේවට සමහර සිංහල ස්වාමිලා විරුද්ධ වුණා. මං ඒ විරුද්ධත්වය තඹේකට ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ කාලේ හිටපු ෆිලික්ස් මෙවෙල් කියන ප්‍රංශ ස්වාමි මේකට මට අවසර දුන්නා. අපවත්වී වදාළ මාපලගම විපුලසාර හාමුදුරුවෝ ඔබ වහන්සේගේ සමීප මිතුරකුව සිටියා. අපොයි ඔව්. උන්වහන්සේ 1955 දි ජාතික කලා පෙරමුණ කියලා කලා සංවිධානයක් ගොඩනඟා ගත්තා. මාරවිල කේ. ඩී. එල්. ඊ. පෙරේරා නම්වූ චිත්‍ර ශිල්පියා ලවා පල්ලියට, නත්තල් කාඩ්වලට දේශීය චිත්‍ර ශෛලියක් හඳුන්වා දීමෙහිලා උන්වහන්සේ පිටිපස්සෙන් හිටියා. 1972 දී 6 වැනි පාවුළු පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ සියලු සැරසිලි කටයුතු භාරව සිටියේ විපුලසාර හාමුදුරුවෝ. මං කෝට්ටේ ඉද්දි පල්ලියේ පූජාවට උදව් කරපු ළමයෙක් දැන් හාමුදුරු කෙනෙක්. ඒක එයාගේ කැමැත්ත. අදටත් එනවා මාව බලන්න. සමහරුන් කතෝලික ආක්‍රමණයක් ගැනත් චෝදනා නංවනවා. විශේෂයෙන් කතෝලික පාසල් හරහා සිදුවන. මේ ඉන්න කතෝලිකයෝ ටික අපිට හොඳටම ඇති. එක බෞද්ධයෙක්වත් කතෝලිකාගමට හරවගන්න අපිට වුවමනා නැහැ. කතෝලික සභාවෙන් කැඩුණු බයිබල් සමාගම් 600 ක් විතර ලෝකයේ තියෙනවා. ඒ අය නඩත්තු වෙන්නේ ඇමෙරිකාවෙන්. ඔවුන් කරන වැරදිවලට අපි පළි නැහැ. ඔවුන්ට පහරදෙන කොට අපිටත් වඳිනවා. මොකද ඔක්කොමල්ලා අනුගමනය කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ නිසා. ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ගැන ඔබතුමා මොකද හිතන්නෙ. ක්‍රිස්තුන් වහන්සේ විප්ලවවාදියෙක්. පැවතුණු සමාජ, දේශපාලන ක්‍රමයට හා ආගමික සංස්ථාවන්ට එරෙහිව කැරලි ගැසු විප්ලවවාදියෙක්. උන්වහන්සේට ඕනැ කළේ පව්කාරයන්ට ගල් නොගසන සමාජයක් බිහි කරන්න. ක්‍රිස්තු තුමා දඹදිවට වැඩම කළා කියලත් සමහරු කියනව නේද. ඒක ඇත්තක් ද. එසේ පැමිණි බවට සාක්ෂි තවම හොයාගෙන නැහැ. නමුත් අනුමාන කරන්න පුළුවන්. මතයක් වශයෙන් කෙනකුට එවැන්නක් ඉදිරිපත් කරන්න බැරිකමක් නැහැ. ඔබ වහන්සේ සකලවිධ වාරණයන්ට විරුද්ධ කෙනෙක් බව අපි අහලා තියෙනවා. ඔව්. තහනමට විරුද්ධව මා ප්‍රසිද්ධියේම කතා කර තිබෙනවා. ගැලිලියෝ වැනි විද්‍යාඥයන්ට එරෙහිව ගත් වැරදි වාරණ තීන්දු අවුරුදු 450 කට පස්සේ ඉල්ලා අස්කරගන්න ලෝක කතෝලික සභාවට සිද්ධ වුණා. ඒක තමයි යථාර්ථය. තිස්ස බාලසූරිය පියතුමා මරිය තුමි ගැන ලියු පොත තහනම් කරන්න උත්සාහ කළත් අන්තිමෙට වුණේ ඒ තහනම පුස්සක් වීමයි. දේව මෑනියන් පිළිබඳ එතෙක් තිබූ සූකිරි, මී පැණි, මල් පියලි ආකල්පයට ප්‍රබල කුළු පහරක් මේ පොත මඟින් එල්ල කර තිබුණා. මරිය තුමි මැදපෙරදිග, නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරමින් වෙහෙසෙන කාන්තාවක් බව නිර්භයව කියන්න පුළුවන් ශක්තියක් බාලසූරිය පියතුමාට තිබුණා. සාමාන්‍ය පිළිගැනීම නම් කතෝලික පූජකවරුන් ප්‍රතිගාමි පිරිසක් ය යන්නයි. අපිටත් දේශපාලනය වෙනුවෙන් ජීවිතය පූජා කළ මයිකල් රුද්‍රිගු වැනි පූජකවරු හිටියා. නමුත් ඕනැම දේශපාලනයක් කරන්න පූජකත්වය අපිට බාධාවක් නෙමෙයි. ඔබ වහන්සේ දැන් විශ්‍රාමිකයි. ඔව්. මං දැන් මොරටුව ලුනාව ශාන්ත පේදුරු - පාවුලු පල්ලියේ විශ්‍රාමික ජීවිතයක් ගත කරනවා. අපිව නඩත්තු කරන්නේ කතෝලික සභාවෙන්. ඒකට වෙනම අරමුදලක් තියෙනවා. නමුත් කනගාටුවට කාරණය සභාව අපිව අතහැර දාලා තියෙනවා, කොන් කරලා දාලා තියෙනවා. අපෙන් කිසිම දෙයක් අහන්නෙත් නැහැ. අපෙන් කිසිම උපදේශයක් ගන්නෙත් නැහැ. ඔබ වහන්සේගේ දැන් දින චර්යාව කොහොම ද. මං උදේ පහ හමාරට, හයට විතර නැගිටිනවා. නැගිටලා තනියම තේ එකක් හදාගෙන බොනවා. නිවුස් අහනවා. පත්තර බලනවා. පොත් කියවනවා. දවසට පැය දෙක තුනක් ලියනවා, ආගමික මෙහෙයක් තිබෙනව නං ඒකට සහභාගි වෙනවා.....කතෝලික සභාව යනු කතෝලික ජනතාව බව අදහන එතුමාගේ අදහස ඒ ජනතාව ගේ හෘද ස්පන්දනය හා සිතුම් පැතුම් අනුව මුලු මහත් කතෝලික සභාවම ක්‍රියාකළ යුතු බවයි. පුංචි කාලේ හිතූ හැටියටම කොළඹ පදවියේ විතරක් නොවෙයි, ලෝකයේම නම රැන්දූ රටට වැඩදායී පූජක ප්‍රසාදිවරයකු බවට පත් වීමේ වරම් ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමාට එදා උපන්ගමේ පල්ලියෙන් විශාල ලෙස උපහාර ලැබුණා. මුලින් පැවිදි දිවියට අකැමැති වූ ඔහුගේ තාත්තා පසුව තමාගේ උතුම් වූ පුත්‍රයා පිළිබඳ මහත්වූ අභිමානයකින් යුතුව කතා කළා. සුනිල් මිහිඳුකුල ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න.
BLOG
2014.09.21
http://sonodilan.blogspot.com/
#‎SLAmuMirisChallenge අමු මිරිස් චැලේන්ජ්...
ItalyDilan
ඔයාලා සේරම දන්නවා ඇති මේ වෙනකොටත්,බ්ලොග් අවකාශයේ,පේස්බුක් හරහාත් ඉතා කෙටි කාලෙකදී ජනප්‍රිය උනු අමු මිරිස් අභියෝගය.අමු මිරිස් අභියෝගය ගැන මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් වෙන් කලා,,මෙහි අඩංගු කරුනු කීපයක් අමිල චතුරංගගේ අවසරය ඇතුව ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තා..ඇත්තෙන්ම මම මෙම පෝස්ට් එක පලකිරීමේ අරමුන බ්ලොග් අවකාශයට එන ඉතාලියේ පදිංචි ඔබගේ සහයෝගය අමු මිරිස් චැලේන්ජ් එකට ලබා දෙන ලෙස පොඩි ඉල්ල්ලිමක් කරන්න.අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ.පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි.දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද.වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා. අමු මිරිස් චැලෙන්ජ් එකෙන්,SL AIDඅරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්. මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. වකුගඩු රෝගියෙක් මේ යන්තරයක් උපයෝගි කරගෙන ලේ පිරිසිදු කරන අයුරුපහල තවත් විස්තර අඩංගු ජායාරූප තියනවා,,ඒ එක්කම මම අමු මිරිස් කාපු හැටිත් තියනවා,,,අමු මිරිස්ම තමා කෑවේ කියලා මට සුවර්,,එහෙනම් ඔයාලටත් ආරාධනා කරනවා අපත් සමග එකතු වන්න කියලා---.
BLOG
2014.08.16
http://sonodilan.blogspot.com/
ආගමික උත්සව..
ItalyDilan
ඊයේ අගෝස්තු 15,ක‍තෝලික ආගමේ හැටියට ඊයෙ දවස ජේසුතුමාගේ මව මරියතුමිය වෙනුවෙන් කැප උනු දවස,මුලු ලෝකෙම මරිය මවුතුමිය වෙනුවෙන් කැප උනු දේවස්ථාන වල උත්සව දවසක්,,ලංකාවෙත් මඩු පල්ලිය ඇතුල මරියතුමිය වෙනුවෙන් කැප උනු ගොඩක් ප්‍රදේශවල තියන දේවාස්ථාන වල උත්සව පැවැත් උනා..සුපුරුදු විදිහට මා සිටින නගරයෙත් ලක්ශ ගානක ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් උනා.මා මේ වගේම මේ උත්සවය ගැන කීප වරක්ම මගේ බ්ලොග් එකෙන් කියලා තියනවා,,වතාවක් මේ උත්සවේ දවසෙම අපි සේරම උත්සවේ ඉද්දි අපේ ගේ ඇතුලු ගෙවල් කීපයකටම හොරු පැනලා සුද්දයක් දුන්නා අපේ අවට,,,පොලිසි ගිහාම ඒ වෙද්දි එන්ට්‍රි පෝලිමක්,,පික්පොකට් කේස් වලට.කෙටියෙන් උත්සවේ ගැන කිවුවොත් මේ ජායාරූපයේ තිබෙන යකඩ වලින් හදපු මේ විශාල උපකරනය මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා,අනික් පොටෝ එකේ ඉන්න කලු රජතුමා සහ සිඋදු ‍රැජින,,ඒ දෙන්නා තමා මේ නගරේ අම්මයි තාත්තයි,නගරෙට ආපු ලොකු සාගින්නක් වෙලාවෙ,කලු රජා නැවක් පිරෙන්න කන්න බොන්න ගෙනල්ලා,,ඒකට තෑග්ගක් දෙන්න යද්දි පොර සුදු ගෑනියෙක් ඉල්ලලා,,රජතුමාගෙ දුව කැමති වෙලා කලු රජතුමා විවාහ කර ගන්න,,ඉතින් ඒ දෙන්නාගෙන් තමා මේ නගරේ නිර්මාණය වෙලා තියෙන්නෙ.ඉතින් ඊයෙ උත්සවේ එක්කම ඒ දෙන්නවත් සිහි කරනවා.වෙන වසර වල වගේ නෙමේ මේ වසරේ මේ උත්සවේ හරිම චාම්,හරිම සරලයි,ඉතා අඩු වියදමින් ඉතා ලස්සන උත්සවයක් පැවැත් උනා.නගර සභාවෙ සල්ලි නැති කම වගේම අලුත් නගරාධිපතිගේ අඩු වියදම් සැලසුම් අනූව උත්සවේ වැඩ ඉවර කලා,,වෙනදා තියන නොයෙක් නොයෙක් ආටෝප මේ වතාවෙ නෑ,,ඒ එක්කම පැයක් තිස්සෙ තිබුන ගිනි කෙළි සංදර්ශනේ විනාඩි 10 ඉවරයි,මිනිස්සුත් ඉතා කැමති උනා චාම් උත්සවේට,,උත්සවේ පටන් ගන්න ඉස්සල්ල නගරාධිපති කිවුවෙ මින් ඉදිරියට මේ වගේ ආගමික උත්සව වලට මුදල් නාස්ති කරන්න නගර සභාවෙන් මුදල් දෙන්නෙ නෑ කියලා,,දෙන්නත් නෑ කියලා,,මිනිස්සු ඒකට කිසි කෙනෙක් විරුද්ධ උනෙත් නෑ,අනුග්‍රහ මුදල් වලින් උත්සවේ චාම්ව ඉවර කලා.එක අතකින් මේ වගේ උත්සව වලට මුදල් කාබාසිනියා කරන එකත් මෝඩ වැඩක් තමා.අන්තිමෙදි කියන්නෙ නගරාධිපති බුදු දහම අනුව සරල ජීවිතයක් ගෙවන්නෙක්,ඒ එක්කම පොර නගරේ ගොඩ දාන්නත් ඒ සරල කමම යොදාගන්නෙ කියලා ලගදී කියලා තිබුනා,ටිබෙට් ජාතික දලයි ලාමා තුමාව සහ ප්‍රන්සිස් පාප්තුමාව මේ නගරෙට ගෙන්නලා සාමයේ නගරය විදිහට නම් කරන්නයි නගරාධිපතිගෙ සැලසුම,,මොකද එයාගෙ සරල කමට හේතුව අර දෙන්න කියලයි නිරන්තරයෙන්ම නගරාධිපති තුමා කියන්නෙ.ලගදි අපි ගැනත් පොඩි ටෝක් එකක් දුන්නා,,ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවට එයා ගොඩක් සතු‍ටු වෙනවා කියලා.
BLOG
2014.07.16
http://sonodilan.blogspot.com/
ආගමික සහජීවනයද?අනුකම්පාවද? මනුශ්්‍යත්වයද?
ItalyDilan
සිසිලිය.දකුණු ඉතාලියේ පිහිටා තිබෙන විශාලතම දූපත,ලෝක ඉතිහාසයේ සිදුවීම් විශාල ගනනක ආරම්භය සිදු උනු බිමක්,ඒ එක්කම යුරෝපයේ එක් දොර‍ටුවක්,2 ලෝක යුද්දේ අවස්ථාවේ,මිත්‍ර පාක්ශික හමුදාවන් උනු ඇමරිකන් හමුදාව යුරෝපෙට ඇතුල් උනේ මේ බිමෙන්.ඒ එක්කම අතීතයේ සිටම නොයෙක් නොයෙක් ජාතීන්ගේ ආක්‍රමනවලට නිරන්තරයෙන් මුහුන දුන්නු බිමක්,නොයෙක් නොයෙක් ජාතීන් මේ බිමේ උන්නු නිසාද කොහෙද ජාතීන් මිශ්‍ර වීමෙන් යුරෝපෙ ලස්සනම ගැණු ඉන්න බිමක්.ඒ එක්කම යුරෝපෙ ඉතාම මිත්‍රශීලී, ජාතියක් ආගමක් නොබලා ඉක්මනින් උදව් කරන්න හිත උණු වන මිනිස්සු ඉන්න බිමක්.මේ බිමේ ඉන්න බහුතරය ලොකු සල්ලිකාරයෝ නෙමේ කියන එකත් කියන්න ඕනා.සිසිලිය ගැන පොඩි හැදින්වීමක් කලේ ලිපියේ ආරම්භයක් විදිහට.මම මීට ඉස්සල්ලාත් ලියලා තියනවා යුරෝපෙට දිගට හරහට බෝට්‍ටු මගින් නොනැවතී එන සරණාගතයෝ ගැන,තාමත් ඉවරයක් නෑ, අප්‍රිකානු කලාපයේ දිගට හරහට සිදු වන යුද්ධ වලට මේක හේතුවක්,බහුතරය සිරියානුවන්. සිරියාව අද නැත්තටම නැති වෙලා ඉවරයි,,යම් කිසි මුදලක් අතේ තියන මිනිස්සු ඒ මුදල දීලා බෝට්‍ටු වලට නගිනවා යුරෝපෙට පැන ගන්න.යුරෝපෙ දොරක් වෙන සිසිලය තමා මේ වෙද්දි මේ ප්‍රශ්නෙට තදටම මුහුන දෙන්නෙ,මොකද ඒ මිනිස්සුන්ව බේර ගන්න තැන ඉදලා මේ ඉතාලි මිනිස්සු පුදුම කට්ටක් කන්නෙ,කොහෙ හරි බෝට්‍ටුවක් පෙරලුනොත් ලෝකෙන්ම බැනුම් අහගෙන ඒ මළසිරුරුත් ගොඩබිමට ගෙනල්ලා කනත්තවල් වල ගරු සරු ඇතිව අවසන් කටයුතුත් සිදු කරනවා.සිසිලියේ ප්‍රධාන නගර සියල්ලේම මේ ක්‍රියා පටිපාටිය තමා යන්නෙ.පහු ගිය දවසක මා සිටිනා නගරයේ වරායට උදෑසනින්ම ආවේ 200 ගනනකට අධික බේරාගත් සරණාගතයින් පිරිසක් ඉතාලි නාවුක හමුදා නැවක් මගින්, ඒ වෙනකොටත් වරායට තවත් නැව් දෙකක් ඇවිල්ලා තිබුනා ඒ අති සුපෝබභෝගී සංචාරක නැව් දෙකක්.අර සරනාගතයින් බහිනවත් සමගමයි මේ නැව් දෙකේ සංචාරකයින් ගොඩ බැස්සෙත්,, ඇත්තටම මගේ අතේ පෝන් එක තිබුනත් මට හිතුනෙ නෑ ඒ දර්ශන ජායාරූප ගන්න.අර සංචාරකයින්ගෙන් බහුතරය එතන නැවතිලා අර මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා,,තමන්ගේ අතේ තිබුනු වතුර බෝතලේ ඉදන්,ඇදුම් පැලදුම් පවා අර මිනිස්සුන්ට දුන්නා. ඇත්තටම ඒ වෙලවෙත් සරනාගතයින් ගෙනියන්න බස් වගයක් එතනම හිටවලා තිබුනා,,ඒ එක්කම අර සංචාරකයින් ගෙනියන බස් වගයක් ඒ එක්කම තිබුනා. මට එතන වැඩි වෙලාවක් ‍රැදෙන්න බැරි උනු මේ සියල්ල බලා ගන්න.පහු වෙනිදා මම පත්තරේ දැක්කෙ අර මිනිස්සුන්ට නවාතැන් දෙන්න මේ නගරේ තැනක් ලෑස්ති කරන්න බැරි වෙලා තියනවා,එක අතකින් මේක ඉතාලියේ බංකොලොත් උනු නගර සභාවක් තියන නගරයක්,ඒක නිසාමද කොහෙද අර 200 ගාන ආවත් එක්ක ලොකු ගැටලුවකට මුහුන පෑවෙ නවාතැන් ලැස්ති කරන්න කන්න බොන්න දෙන්න සනීපාරක්ශක කටයුතු ලෑස්ති කරන්න,වෙද හෙද පහසුකම් දෙන්න,,මොකද එතන සැහෙන්න පිරිසක් උන්නා අඩු වයස් ළමයින්,ඒ එක්කම කාන්තාවන්.මේ අවස්ථාවේ වෙන කරන්න නැති නිසාම නගරේ ක‍තෝලික බිශොප්වරයා මේ ප්‍රශ්නෙ කරට අරන් අර මිනිස්සුන්ව පල්ලි වල නවත්තන්න කටයුතු කරලා තිබුනා,,කෑම බීමත් සෑහෙන කොටසක් පල්ලිවලින්ම,කොහොමත් මේ නගරේ කන්න බොන්න නැති මිනිස්සුන්ට දිනපතා නොමිලේ කෑම ශාලා කීපයක්ම දවල් සවස කෑම මේස ඇරෙනවා, ක‍තෝලික පල්ලි කීපයකම.මේ නිසාමද කොහෙද අර ගැටලු පැය ගානක් ඇතුල විසදිලා තියනවා.මම පහු වෙනිදා මේ පල්ලියකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න,එතකොටත් අර මිනිස්සු පල්ලිය ඇතුලේ,රතු කුරුසෙනුත් එතන උන්නා,වෙනම ඉතාලි ජාතිකයින් පිරිසක් පොඩි උන්ට සෙල්ලම් බඩු,ඇදුම් පැලදුම් බෙදනවා,,ඒ එක්කම ඉතාලි කාන්තාවක් අර කාන්තාවන්ට ඇදුම්,සනීපාරක්ශක උපකරන එහෙම බෙදනවා,මේ මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයින්,මම දැකපු ලොකුම දේ තමා කීප දෙනෙක්ම මේ ක‍තෝලික පල්ලිය ඇතුලෙම තමන්ගේ ආගමික කටයුතු කිරීම,,ඒකත් පල්ලියෙ අල්තාරෙ පැත්තට හැරිල.ඒ එක්කම වෙනදා පුරුදු විදිහටම පල්ලියට එන ඉතාලි වයසක උදවිය තමන්ගේ ආගමික කටයුතු.ඊලග දවසෙ පත්තෙරේ දැක්කෙ අර මිනිස්සුන්ව වෙනත් නගරෙක පිහිටා තියන එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය,කරිටාස් ආයතනය,රතු කුරුසය එකතු වෙලා කරන කදවුරකට ගෙනිච්චා කියලා.අපේ අසල්වැසියා ගැන,වෙනත් ජාතියක මිනිස්සු ගැන,වෙනත් ආගමක මිනිස්සු ගැන සැකෙන්,බයෙන් නොබැලුවොත් ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බෙ වේවි,,මට මේ සිද්දියෙන් හිතට ආවේ ඒ දේ.
BLOG
2014.05.17
http://sonodilan.blogspot.com/
වාසනාවන්ත මිනිසෙක් ගැන කතාවක්
ItalyDilan
පහු ගිය දවසක පත්තරේ අපූරු පුවතක් දැක්කා,ලෝකෙ වාසනාවන්තම පුද්ගලයෙක් ගැන තිබුනේ,නම ප්‍රේන් සෙලැක් ක්‍රෝඒශියානු සංගීත ගුරුවරයෙක්,මේ දක්වා දරුනු මරණාසන්න අනතුරු 7ක් සිදු වෙලා ජීවිතේ ගැලවිලා තියනවා,ඒ එක්කම ඩොලර් මිලියනයක ලොත‍රැයියක් දිනලා තියනවා.මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි,මම විශ්වාස කරන්නෙත් මරණය වෙන වෙලාව අපි උපතින් ගේන දෙයක් විදිහට එතකන්ම අපිව මොනා කලත් උඩට වීසා එක වදින්නේ නෑ එහෙන් රිජෙක්ට් කරනවා.වීඩියෝ එකක් හම්බුනා යූ බටේ තිබිලා ප්‍රේන්ගේ කතාව කා‍ටුන් අනුසාරයෙන්,මට මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා හිතුනා පුවත දැකපු වෙලේම.අයියෝ ඩේටා වෙන්නෙ නැ පොඩ්ඩක් බලන්න වීඩියෝව.
BLOG
2014.04.21
http://sonodilan.blogspot.com/
වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?
ItalyDilan
මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් ‍රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,‍රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.මේ රටේදී දිවිනසා ගෙන සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් ‍රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු ‍රැකියාවෙත් වැ‍ටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,‍රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර ‍රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.
BLOG
2014.12.23
http://akurublog.blogspot.com
100. ආදිල්
Beetle Bailey
හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා… “මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා….” මම කෑගැහුවා… “පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…” තමන් කරමින් සිටි වැඩය මඳකට නවතා, තෙත බේරෙන රෙදි කැබැල්ල වමතට මාරු කල ඔහු දකුණතේ ඇඟිලි පහ අභිනයෙන් දක්වමින් සිනාසුනා… මුහුණ පුරා වැඩුනු රැවුළත්…. අපිළිවෙල ඇඳුමත් ඔහුගේ මරුමුස් පෙනුමට කදිමට ගැලපුනත්, බුහුටි දරුවෙකුගේ වන් සිනාව ඒ සියල්ල පරදා සැරසිල්ලක් මෙන් ඔහුගේ මුහුණ අලංකාර කලා… ඒ මීට වසර කිහිපයකට පෙර, ආදිල්ව මා දුටු මුල් දිනය… ඔහුව සිතුවමකට නඟන්නැයි දැන් මට කිසිවෙකු පැවසූවොත් අදත් මා සිතුවම් කරණුයේ එදා ඔහු වතුර බාල්දියක් අබියස සිනහාවෙමින් මාදෙස බලාගෙන සිටි දර්ශනය මිස වෙනෙකක් නෙවෙයි… ජීවිතය ඇත්තේ හුස්ම ගන්නට බවත්, අන් සියල්ලට ඒ වෙනුවෙන් පමාවිය හැකි බවටත් අමතකවීම ගැන මටම සාපකරගත් මම, දුරකතන ඇමතුමකින් හමුවීම කල්දමා මෝටර් රථයට වැදී සැහැල්ලුවෙන් අසුනේ දිගෑදුනේ ආදිල්ට ඕනෑතරම් වේලාගන්නට ඉඩදෙමින්.. ඒ අයුරින් අහම්බෙන් එකිනෙකාගේ ජීවතවලට හැප්පුන අපි, දවස් කෙටිවෙද්දී, කතාබහ දික්වෙද්දී, කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා… සුවඳ ගහන ෂැම්පු ස්නානයකිනුත්, අනතුරුව දිස්නේ දෙන වැක්ස් සාත්තුවකිනුත් මෝටර් රථය පිරිසිදුකරගන්න තිබුණු අවස්තාව උවමනාවෙන්ම මඟහැරිය මම ඒ වෙනුවට ආදිල්ට මගේ මෝටර් රථයේ කුණු දුහුවිලි සෝදා අරින්න ඉඩදුන්නේ, ඉන් ඔහු තම ජීවිතයේ ගැටළු රැසකුත් සෝදා හරින බව වැටහුණු හින්දා… අපහසුවෙන් ගැටගහන ඉංග්‍රීසියෙනුත්, ඒ ගැට බුරුල් තැන්වල හින්දියෙනුත්, බැරිම අවස්තාවක අතින් පයිනුත්, ආදිල් මට ඔහුගේ ප්ලාස්ටික් බාල්දියේ අරන් තියාගෙන හිටි සිනා කඳුලු පරිස්සමින් අරගෙන විස්තර කලා… එලෙස මම යන්තමින් දුටු ඔහුගේ ලෝකය සාරාංශ කලොත් මෙවැන්නක්… සුරලොව ඇත්තේ දරුවෙකුගේ සිනහවකත්, යුවතියකගේ කෝල බැල්මකත් බව නොදත් අසංවේදී මෘගයන් රැසක්, සදාකාලික පාරාදීසයක සිහිනය දකිමින් වනසන අවාසනාවන්ත දේශයක් වූ පාකිස්ථානය ඔහුගේ නිජබිම… අඩුවශයෙන් තම දරුවන්ට වත් ඒ අපායෙන් මිදෙන්නට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පහසුවෙනු වස් ආදිල් මැදපෙරදිග කාන්තාරයට ගාටනවා… නමුත් ඔහුගේ දෙවියන්ට ඇත්තේ වෙනත් සැලසුමක්… ආගමනයෙන් කෙටි කලකට පස්සේ, දිනක් තම ආයතනයේදී සිහිසුන්ව ඇදවැටී ගිලන් රථයකින් රෝහලට යැවෙන ඔහු මාස ගනනකට පසු ඉන් එළියට එන්නේ හදවත් රෝගියෙකු ලෙසින්… ඔහුගේ පැහැදිලිකිරීම මා හරියට තේරුම් ගත්තානම් විටින් විට නිකුත්වෙන විද්‍යුත් ධාරාවක් හරහා ඔහුගේ හදගැස්ම නොනවත්වා පවත්වා ගැනීමට දැන් සහාය වෙන්නේ හදවතේ සවිවී ඇති කෘතීම යන්ත්‍රයක්… මිනිස් සබඳතා ආදායම් සහ වියදම් වලින් පමණක් දකින පාලනාධිකාරිය ඔහුව ආපසු ඔහුගේ මව්රටට යවන්නට තීරණය කරනවා… නැවත පාකිස්තානයට යෑම තම දරුපවුල කබලෙන් ලිපට ඇද දමන්නක් බව විශ්වාස කරන ආදිල් තම ගමන්බලපත් ඇතුළු ලියකියවිලි සියල්ල අහිමිකරගෙන ආයතනයෙන්ද, තම නවාතැනින්ද පලායනවා… ඉන්පස්සේ ආයතනයෙන් ඔහුගේ වීසා අවලංගු කරන්නේ නොරටක ඔහු රැකියාවක් අහිමි නීතිවිරෝධී පුරවැසියෙකු බවට පත්කරමින්… තම හදවත් යන්ත්‍රයේ බැටරිය වසර හතරකට පසු මාරු කලයුතු බව ඔහුට මතකයි… නමුත් හැදුනුම්පතක් නැති ඔහු රෝහලකට යෑම කල නොහැක්කක්… හැදුනුම්පතක් නැතිව සුදුසු රැකියාවක්ද සොයාගත නොහැකි ඔහු ජීවිකාව වෙනුවෙන් තෝරාගන්නේ තවත් නීතිවිරෝධී දෙයක්… ඒ මහාමාර්ගයේ වාහන සේදීම… කවදා නවතීදැයි නොදන්න යන්ත්‍රයකින් පණ ගැසෙමින්, නොරටක අනවසරයෙන් දිවිගෙවමින්, පොලිස් සංඥා නාදයක් ගැන විමසිල්ලෙන් අනවසර රැකියාවක යෙදෙන ආදිල්, ඔහු වෙහෙසවී උපයන මුදල සම්පූර්ණයෙන්ම පාහේ පාකිස්ථානයට යවන්නේ තම පවුලේ සුභසිද්ධිය වෙනුවෙන්… තම සැමියා මහමඟ දහදිය හෙලන බව ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ… හැඳුනුම්පතක් නැති නිසාම කළුසල්ලි යවන නියෝජිතයන් හරහා මුදල් යැවීමේදී ගෙවන්නට වන සැලකියයුතු කොමිස් මුදලද ඔහු මෙම අවිනිශ්චිත රැකියාවෙන් උපයාගත යුතුයි… එසේ දුක් මහන්සියෙන් යැවූ මුදල් වියදම්කර, තම වැඩිමල් දරුවා බලවත් ඥාතියෙකු හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කලබව මා සමඟ පවසන්නේ මුවපුරා සිනාසෙමින්… “අලුත් ඉස්කෝලේ හොඳයිද ආදිල්…” “හොඳයි… පරණ ඉස්කෝලෙ හරි දුෂ්කරයි… අපි ඉන්නේ ගොඩක් කඳු තියෙන පලාතක… දවසට කිලෝමිටර් ගානක් කොටළුවා පිටේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ එන්නේ…” “වස කරදරයක්නේ….” “හහ්….. කොටළුවා ලැබෙන්නෙත් මම රට ඉඳලා සල්ලි යවන හින්දා… අනිත් ළමයි ඒ මුළු දුරම යන්නේ පයින්….. ඔය වීදුරු උස්සගන්න මුදීර්…” ඔහු කියන්නේ වින්ඩ්ස්ක්‍රීනය හරහා වේගයෙන් වතුර පහරක් ගසමින් … රබර් තලයකින් වීදුරුව පිසදැමෙද්දී ඉන් ඔබ්බෙහි බොඳවී පෙනුනු ආදිල්ගේ රුව පැහැදිලිව පේන්නට පටන්ගන්නවා… “මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” හියුගෝ චිත්‍රපටියේ හියුගෝ කියන්නේ එහෙමයි… ඒ විදියට විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ මගේ රාජකාරි වලින් එකක් වුනේ අවසර ලද විටෙක ආදිල්ට සවන්දීම වෙන්නැති.. මම ඒ කලේ උදව්වක්නම්, හිලව්වට ආදිල් මටත් ප්‍රතිඋපකාර නොකර හිටියා නෙමෙයි… ඔව්… සමහරවිට ඔහුටත් නොදැනීම… මේ එහෙම දවසක්… අපි යොමුකරන්නට යන ව්‍යාපෘති යෝජනාවක, තුන්වෙනි පාර්ශවයක සහයෝගය ලබාගන්නා කොටසක පැහැදිලි කිරීමේ පුංචි අඩුපාඩුවක් නිසා, අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අවශ්‍යය අවසන් අනුමැතිය ලබානොදෙන්න තීරණය කලා… “කණගාටුයි බීට්ල්… අපිට මේ රිස්ක් එක ගන්න බෑ…” ඔහුගේ පිළිතුරු කවදත් කෙටියි… පිටපතේ හැටියට ඇත්තේ බලාපොරොත්තු කඩවුණු මම නැඟිට ඒම වුනත්, කඩඉම් දිනයට පෙර වෙහෙසවී වාර්තාව සැකසූ කණ්ඩායම් සගයන්ගේ මැලවුණු මුහුණුත්, කාමරයේ ජනෙල් වීදුරුවෙන් දිස්වුනු ඈත කෙලවරක වාහනයක් හෝදන ආදිල්ගේ දසුනත්, පෙර මා නොකළ ස්ටන්ට් එකක් උත්සාහා කරන්නට මට බල කලා… “බොස්… උඹට පේනවද අර ඈත වාහනය හෝදන හාදයා….” තරමක් ව්‍යාකූලව ප්‍රධානියා ඒ දෙස නෙත් යොමුකල පසු, මා ආදිල් ගැන දන්නා කරුණු සියල්ලම පාහේ සීරුවෙන් ඔහුට පැහැදිලි කලා… වචනයකින්වත් බාධාකලේ ඔහු නොවෙයි… “දැන් බොස්…. අන්න ඌ නම් ගන්නේ රිස්ක් එකක්… මේක... මේක ඇත්තටම රිස්ක් එකක් නෙවෙයි… බිස්නස් තීරණයක්….” “උඹ කවුද යකෝ මට බිස්නස් උගන්නන්න....” අඩුම වශයෙන් ඒ ආසන්නයට එන පිළිතුරක්වත් මම බලාපොරොත්තු නොවුනාම නෙමෙයි… නමුත් සමච්චල් සහගත සිනාවකින් මුවසරසාගත් ඔහු තම මේසයේ රඳවා ඇති පෑන වෙත අතගෙන ගියා… ඉදිරියට පිනු මට තිබුනේ “සයින් හියර්” ස්ටිකරය සහිත පිටු පෙන්වාදීම පමණයි… ඒ ආදිල් මට මිළකල නොහැකි උදව්වක් කල එක් අවස්ථාවක්… අවසන්වරට ආදිල් මට හමුවූයේ මීට සති කිහිපයකට කලින්…විසල් අහසට නෙත් යොමාගෙන බැරෑරුම් කල්පනාවක යෙදී ඔහු හිටියේ මෙරටේ ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන්යානා සංදර්ශනයක පුහුණුවීම් කෙරෙන අයුරු ඔහේ නරඹමින්… “ජාතික දිනේට වීසා නැති අයට එමිර්ගෙන් සමා කාලයක් ලැබෙනවාලු… පොලිසියෙ පැමිණීලි නැතිනම් අපිට පුළුවන් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න…” “එහෙම වුනොත් ආදිල් යනවද...” මම අහද්දී ඔහුගෙ ඇස් දිළිසුනා… “යන්න ආසයි… ඒත් මගේ ළමයින්ව ඒ අපායෙන් ගලවගන්න නම් තව කාලයක් මට මෙහේ ඉන්න වෙනවා…” අවදානමට බය නැති ඔහු සමාවට පයින් ගහන්නේ, ඉන්පස්සේ අහුවුනොත් හිරේ ලගින්න වෙන බව නොදැන නෙමෙයි… “අලුතින් ප්ලේන් හයක් මේපාර ෂෝ එකට එමීර් වෙනම ගෙනල්ලා තියෙනවා…” මම සමුගෙන ඉවතට ඇවිදගෙන යද්දී, ඔහු කෑගහලා කියන්නේ කොහෙන්දෝ අහුලගත්ත ඕපාදූපයක්… “කවුද එමීර්ද උඹට කිව්වේ….” මම අහන්නේ සරදමට… “චැහ්…. මේ අලුත් කෙනා මගේ යාලුවෙක් නෙමෙයි,… පරණ කෙනා නම් මගේ යාලුවා…” ආදිල් උත්තර දෙන්නේ පොඩි ළමයෙක් වගේ හිනාවෙවී … ඒ මම ඔහුගේ අහිංසක හිනාව අවසන් වරට දැක්ක දවස… දිනගනනකින් ඔහුව නොදැක්ක නිසා ඔහු සාමාන්‍යයෙන් දිවා අහාරය ගන්නවායැයි පැවසූ පාකිස්ථාන භෝජන ශාලාවට මම ගොඩවැදුනේ සුලෙයිමානියක් රසබලන්න විතරක් නෙමෙයි… “ආදිල් ගෙදර ගියා…” “ගෙදර....” “ඔව්…පාකිස්ථාන්…” මගේ විපරමට මට ලැබුනේ බලාපොරොත්තු නොවූ පිළිතුරක්… “අර වාහන හෝදන ආදිල්….” “ඔව් ඉස්කෝලේ ඇටෑක් එකට එයාගේ පුතෙක් අහුවෙලා…” භෝජනාගාර සේවකයා පිළිතුරු දුන්නේ හැඟීමක් නැතුව… හදවත හිරිවැටුනු මම එතැනින් නික්මුනේ, වසර ගණනාවක් තිස්සේ ප්‍රවේසෙමන් එකතුකරපු ඒ අසරණ හදවත් රෝගියාගේ බලාපොරොත්තු ගොන්න එක මොහොතකින් සුණුවිසුනු කරලා දාපු මෘගයින් දවා අළුකරන තරම් කේන්තියකින්… සද්දන්ත ආදිල්ගේ හඬ පුංචි දරුවෙකුගේ ඉකිබිඳුමක් වගේ මගේ හදවතේ දෝංකාර දුන්නා… “අපේ රට ඉවරයි මුදීර්… ඉවරෙටම ඉවරයි…. දෙවියෝ මේ අපායෙන් මගෙ දරුවන්ව ගලවගන්න ඕනේ…” ප.ලි. : ලියවුනේ අකුරු බ්ලොග් අඩවියේ සියවෙනි ලිපිය…සියයට කෙටිකතාවක් ලියනවා කියලා කාලෙක ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියත් ඒක ගිලිහුනා…මේ ලිපි සියය පුරාවට, මෙම බ්ලොග් අඩවිය කියවන්නට ඔබ වැයකල සෑම තත්පරයක්ම සැබැවින්ම මට ගෞරවයක්… ඔබ සැමට නොවක් තුති…... පිංතූරයේ ඉන්නේ පෙෂාවර්හි කනත්තක භාරකරුවෙක්….
BLOG
2014.12.14
http://akurublog.blogspot.com
99. මම බලපු චිත්‍රපටි
Beetle Bailey
කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට වෙන වෙනම පාට ගාන එකත් ඒ හැටි අමාරුවක් නැහැ… පිලිපීන ජාතිකයින්ව එහෙම පාට කරන්න කියලා මට කිව්වොත්, මම පාට කරන්නේ හැම දෙයක්ම පුදුමාකාර සැහැල්ලුවකින් විඳින අපායේ වුණත් හිනාවෙවී දවස ගෙවන විනෝදමත් පාටකින්… කල්ප විනාශය දවසටත් වියැකෙන එකක් නැහැ කියලා හිතෙන ඒ අරුම පුදුම හිනාව අඳින්නේ බොහෝවිට මහමෙරක් තරම් වෙන දුක් කන්දක් කියලා අන් අයට නොදැනෙන්නට ඒගොල්ලෝ මහ හුඟක් පරිස්සම් වෙනවා… ඒ පරිස්සම මඟහැරුණ ඇසිල්ලක ලැබුණු ඔත්තුවකින්, එකකින් පසු අනෙකක් විදියට බැක් ටු බැක් පිලිපීන චිත්‍රපටි දෙකක් බලන්න මට ඉස්පාසුවක් ලැබුනා… මේ ලිපිය ඒ ආස්වාදය බෙදාගන්න… මගේ මෝඩකම ප්‍රදර්ශනය කරන කතාවක් තමයි මේක… ඒත් අවංකව කිව්වොත් බැංකු මංකොල්ල කන, ගුවන් යානා හයිජැක් කරන වගේ මාරාන්තික ක්‍රියා මට එක්තරා විදියක වීරකම්… වර්ෂ දෙදාහේ මැයි මාසේ විසි පස්වෙනිදා පිලීපීන ගුවන් සේවයේ ෆ්ලයිට් 812 හි මඟියෙක් තමන්ගේ ජීවිතේ එතෙක් කල මාරාන්තිකම ක්‍රියාව ක්‍රියාවට නංවනවා… පිලිපීන ජාතිකයෙකුට ප්ලෑන් එකක් තිබීම නිතර වෙන දෙයක් නෙමෙයි… නමුත් නමින් රෙජිනල්ඩ් චුආ වුණ මේ පිලිපීන ජාතිකයාට තිබෙනවා ප්ලෑන් එකක්…එතරම් සංකීර්ණ එකක් නෙවෙයි… පිස්තෝලයකිනුත්, අත්බෝම්බයකිනුත් සන්නද්ධ වෙන රෙජිනල්ඩ් ගුවන් මඟීන්ගෙන් හැකිතරම් මුදල් සහ ස්වර්ණාභරණ කොට්ට උරයකට එකතු කරගන්නවා… සමහර මඟීන් කිව්වේ එහෙම කරද්දී ඔහු කඳුළු සලනවාත් දැක්කයි කියලා… ඊළඟට ගුවන්යානය අඩි 6000 පමණ පහතට ගැනීමට අණකරන ඔහු කැබින් එක depressurize කර ගුවන් යානයේ පසුපස දොර විවෘත කරන්න අණකරනවා… ඒ තමන්ගේ පියාගේ බංකොලොත් වුන කර්මාන්තශාලාවේ සේද රෙදි යොදාගෙන තමන් විසින්ම ගෙදරදී සාදාගත් පැරෂුට් එකක් ආධාරයෙන් බිමට පනින්නට… රෙජිනල්ඩ්ගේ පැරෂුටය ඔහුව නිරුපද්‍රිතව පොළවට ගෙනාවාදැයි චිත්‍රපටියේ කියන්නේ නැහැ…අවශ්‍යයනම් මිනිත්තු කිහිපයක ගූගල් සෙවුමකින් ඔබට එක දැනගැනීමට හැකිවේවි… තම පවුලේ සමීපතමයන්ට වඩාත් හොඳ හෙට දිනයක් උදාකරන සිහිනය සැබෑකරගනු වස්, හරිහැටි ක්‍රියාත්මකවේදැයි නොදන්නා පැරිෂුටයක් පැළඳ අහසට පිනූ එකම පිලිපීන ජාතිකයා රෙජිනල්ඩ් පමණක් නෙවෙයි…මා නිවැරදිනම් විදෙස්ගත පිලිපීන ජාතිකයන් යනු ලෝකයේ ලොකුම ඩයස්පෝරා වලින් එකක්… මේ හැමදෙනාටම අඩු වැඩි වශයෙන් ඇත්තේ එකම සිහිනයක් බවට සැකයක් නැහැ… Metro Manila චිත්‍රපටය මේ කිසිවක් ගැන නොවෙයි…අඩුතරමින් මේ කියන රෙජිනල්ඩ් මේ චිත්‍රපටියේ කතා නායකයාවත් නෙවෙයි… ලිපියේ මම මෙතෙක් හඳුන්වානොදුන් චිත්‍රපටියේ කතානායකයෙකු සිටිනවා… ඔහුගේ සිහිනය මින් වෙනස් වන්නේ ඔහුගේ කැපකිරීම මෙයිනුත් බොහෝ එහාට යන නිසයි… ඒ කැපකිරීම කුමක්දැයි චිත්‍රපටිය නැරඹුවොත් ඔබට දැනගැනීමට හැකිවේවි… විස්තරයක් ලියන්නට ඉසිඹුවක් නැති, මම සඳහන් කළ අනෙක් අපූරු චිත්‍රපටිය Norte, the End of History… කඩිමුඩියේ නරඹන්නට නොහැකි, පැය හතරකටත් වැඩියෙන් දිවෙන දීර්ඝ සිනමාත්මක නිද්‍රාවක් නිදන්න වෙලාව ඇති කෙනෙකුට පමණයි….
BLOG
2014.12.04
http://akurublog.blogspot.com
98. සුපැතුම්!
Beetle Bailey
සුමුදු පිනිමත පුරුදු උණුසුමඋදා හිරු පතුරන වෙලේඅලුත් දවසක පුරුදු හාදුවසෙනෙහසින් තැවරුනි උදේසත් වසක් ගෙවුණත්, තවත්නුඹ දුටුව මුල් දිනයෙම වගේකෝල ඇස් අතරින් අදත්ආදරයදෝ ඒ දිලිසුණේකාලයාගෙන් සොරාගමු අපිඅපව හමුවුණු මුල් දිනේගෙවුණු හැමදින යළිත් එලෙසමතව වරක් විඳිමුද ප්‍රියේවෙහෙස නොබලා තවත් වටයක්දුවයමුද අපි හිරු වටේදෑත පටලන් මමත් එන්නම්තනි නොතනියට වගෙ නුඹේපුරා සව්දිය ඉතින් සමරමුනුඹ උපන් දිනයම නොවේගෙවුණු වසරෙත් දෝරෙ ගැලුනුඹ ආදරය මිහිරාවියේ……ප.ලි. : මගේ ජීවිතයේ හමුවුණු හොඳම මිතුරියගේ උපන්දින සුභපැතුම් පතේ කුරුටු ගෑ අකුරු කිහිපයක් බ්ලොග් අඩවියේත් පළකරන්න හිතුවා…නිධාන කතාව මෙතැන තියෙනවා…පිංතූරය : Camera360 අනුග්‍රහයෙන්.
BLOG
2014.10.30
http://akurublog.blogspot.com
97. පතිනි
Beetle Bailey
“අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ... හැඩයක් හිටින්න කපන්න...” “හැඩයක්....” “ඔව්..මෙහෙම මෙහෙම…” මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය… “කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ….” හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි… “ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…” තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය… “වැඩේමයි…. බෝරිංය කියලා හැමදේම ඔයා කරන්න කැමති අනිත් අය කරනවට වඩා වෙනස් විදියටද...” සෞම්‍යාද ලේසියන් පරාජය භාරගන්නට සූදානම් වගක් පෙනෙන්නට නැත… “බෝරිං ගෝරිං නෙමේ ළමයෝ… හතරටත් ළඟයි… අර වැහි කළුවරකුත් එනවා… දැන්ම ගියොත් සංජේනගර් වලින් පහේ කෝච්චිය අල්ලගන්න පුළුවනි…” නිත්‍යාට පිළිතුරක් දීමට ඉඩක් නොතබා, පිඟාන සූරා ගත් අන්තිම උප්පමා හැන්දද ඇගේ මුවෙහි වූ කෑම කට උඩටම එබූ මව පැවසූයේ සාලයේ එල්ලුණු පෞරාණික බිත්ති ඔරලෝසුව දෙස බලමිනි… පියා රාජකාරී අවසන් වී නිවසට ළඟාවීමට පෙර තමාව පිටත් කිරීමට අම්මාට ඇති උනන්දුව නිත්‍යාට වටහාගැනිමට අපහසු නැත… අලුත විවාහ වූ කාන්තාවක තනිවම තම නිවසට පැමිණිම අසල් වැසියන්ගේ විමසිලිමත් දෑස් වලට වසන් කළහැක්කක් නොවේ… මව තම කනස්සල්ල පළකිරීමෙන් පමණක් නැවතුනද පියාණන් පැමිණෙන තුරු රැඳුනොත් මෙසේ තනිවම පැමිණිම ගැන ඔහු බැන අඬගසන බවද ඇය දනී…නමුත් ගංඉවුරක නිදහසේ වැවෙන තෘණ ආදී ශාකයෝ ගඟ ගලන අතටම නැවී වැඩෙන්නේ යම්සේද, නිත්‍යාගේ සිතද තම මහගෙදරටම නැමේ… “අද ඉඳලා මම හෙට යන්න බැලුවේ…” නිත්‍යා පවසද්දී… “චිහ්…චිහ්…” බලාපොරොත්තු කඩවූ හඬක් නැඟූ අම්මා හිස් පිඟානද රැගෙන නැඟී සිටියාය… “ගනපති පූජාවට ශංකර් පුතත් එක්කම එන්න… එක දවසට දවස් දෙක තුනක්ම ඉඳලා යන්න බැරුවායෑ…” අනතුරුව මුළුතැන්ගෙයි ජලකරාමයේ හඬ අතරින් මවගේ හඬ නිත්‍යාට යන්තමින් ඇසුණි ශංකර් යනු නිත්‍යාගේ පළමු සැමියා නමුත් ඇගේ දෙවැනි විවාහයයි… බැලූ බැල්මටම විහිළුවක් සේ හැඟෙන මෙම ප්‍රකාශයට අඩිතාලම වැටුණේ මීට අවුරුදු ගණනකට පෙර සිදුවීමකිනි... ++++++++++++++++++++++++++ ජ්‍යෝතිෂ්‍ය ගුරුකම් වැඩ ගැන දැනුමක් ඇතැයි නෑ පරපුර අතර පරසිදු ලාලාජී සීයා දිනක් හිමිදිරියේම නිත්‍යාගේ නිවසට ගොඩවෙද්දී ඇය සිටියේ නංගී සමඟ රංගෝලියක් ඇඳීම සඳහා දොරකඩ සෝදමිනි… රකින්නට පවුලක්ද, රැකෙන්නට රැකියාවක්ද නොවූ ලාලාජී සීයා විටෙක සායිබාබා ආරාමයේද, තවත් විටෙක උතුර බලායන නොයෙක් වන්දනා නඩ වලට දැනමුතුකම් සපයමින්ද දවස ගෙවන බව පියා වරක් පැවසීය… ඉඳහිට එම කටයුතු වලින් වෙහෙසට හෝ කලකිරීමට පත්වෙන ඔහු තම නෑදෑයෙකුගේ ගෙදරකට ගාටයි… නමුත් ඒ දිගුකලකට නොවේ… ටික දිනක් නිවසේ වැඩිහිටි සත්කාරයෙන් සැළකුම් ලබන ලාලාජී සීයා දිනෙක හිමිදිරියේම පැදුරටත් නොකියා පලායන්නේ නිවැසියන් ඔහුගේ ගුණමකුකම ගැන අවලාද නගද්දීය… ලාලාජී සීයා පියාට නෑදෑයෙකු වන්නේ කෙසේදැයි අම්මාද හරිහැටි දැන නොසිටි බව ඇය පවසනු නිත්‍යාට මතක තිබේ… කලකට පසු නෑගම් පැමිණි ලාලාජී සීයාගේ ආගමනය ගැන මෙවර නිත්‍යාගේ අම්මාටද සතුටුවන්නට හේතුවක් තිබුණි… ඒ මීට මාස කිහිපයකට පෙර නිත්‍යා වැඩිවියට පැමිණීමයි… චාරිත්‍රානුකූලව සියලු පූජාවන් කෙරුනද ඔසප් නිමිති අනුව දරුවාගේ විවාහ ජීවිතය ගැන ලාලාජී සීයාගෙන් අනාවැකියක් දැනගැනීමට ඇයට අවශ්‍යයතාවයක් තිබුණි… නිත්‍යාගේ පියාගේ වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව දිනය අවසානයේ ඇය තම අදහස සැමියා හරහා ලාලාජී සීයාට දැන්වූවාය.. ගෙපිළද, මඳවශයෙන් මැද මිදුලද එළිය කල ලාම්පුව යටට වී එදින රාත්‍රියේ ලාලාජී සීයා, පියාගේ පරණ බිල්පොතක පිටපැත්තේ කුරුටුගාමින් ඇගේ අනාගතය විසඳනු නිත්‍යාට මේ දැනුදු මතකයට නඟාගත හැක…බැරෑරුම් මුහුණක් මවාගෙන විටෙක හේ තනිවම මොනවාදෝ මතුරයි, තවත් විටෙක සුළැඟිල්ලෙන් පටන් ගෙන දබරැඟිල්ලටද, පෙරළා දැබරැඟිල්ලෙන් පටන් ගෙන සුළැඟිල්ලටද ඇඟිලි උරුවමින් ගණනය කරයි…ඒ හා සැණින් යමක් වැරදුණ අයුරින් තම සටහනේ ඇති යමක් කපා දමයි…ඊට ඔබ්බෙන් අලුත් යමක් ලියැවෙයි… නැවත කට ඇදකරගෙන හිස දෙපසට වනයි… මවද පියාද දේව වාක්‍යයක් ඇසීමට මෙන් සැදී පැහැදී එකත්පස්ව වාඩිවී සිටිති… “මේ දවස එහෙම වැරදුණේ නෑ කියලා විශ්වාසයි නොවෙද….” ලාලාජී සීයා අසන්නේ නළල රැළිකරගෙන එක් ඇසක් අනෙකට වඩා විශාල කරගෙනය… දෙමාපියන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන ඔහු නැවත ගණනය පටන් ගනී… ශ්ලෝකයක් මුමුණයි… තම ගණනය කිරීම් අවසන් බව පෙන්නන්නට මෙන් කටු පැන්සල බිල් පොත උඩට විසිකළ ඔහු ආසනයේ පසුපසට දිගාවූයේ මෙසේ සෑහෙන වේලාවක් ගතවූ පසුවයි… මෙතෙක් වේලා නැගණිය සමඟ මැද මිදුලේ චිර්පි පනිමින් සිටි නිත්‍යා තම වටය පරාජය වූයෙන් අම්මා අසලින් වාඩිවූවාය,,, “නැකත නම් පාප නැකතක්… කොහොම ගැටගැහුවත් පරහක් හිටිනවා…” බාගෙට හැපූ අම්රිති වළල්ලක් මෙන් කට ඇද කරගෙන ලාලාජී සීයා පැවසීය,,, “කොහොම පරහක්ද ලාලාජී….” “පළමු විවාහෙන් වැන්දඹුවක් වෙන එක නවත්තන්න නම් බෑ ඕං…” “අරේ බාප්රේ…....” ඇස්ගෙඩි ලොකුකරගත් අම්මා එක අතකින් මුව වසාගෙන නිත්‍යා දෙස බැලුවාය…නමුත් නිත්‍යා බලාසිටියේ චිර්පි පෙතේ අවසානයට ළඟාවූ නංගී අනෙක්පස හැරී දෑසම වසාගෙන පෙත්තා පසුපසට විසිකිරීමට සූදානම්වෙන අකාරයයි... “බැරිද ලාලාජී මේකෙන් ගැලවෙන්න….” නිත්‍යාගේ පියා ඇසුවේ බඩ හරහා වැටී තිබුණු ජනෙව්නූල අතගාමිනි… “නැකතයි ක්‍රමෙයි දන්නවානම් කල්ප විනාශෙනුත් ගැලවෙන්න ක්‍රම තියෙනවා…හෙහ්…හෙහ්…” ලාලාජී සීයා පවසද්දී නිත්‍යාගේ දෙමාපියන්ගේ දෑත් ඉබේම එසවී පපුව අබියස රැඳුනි… “දරුවෝ මෙහේ එන්න බලන්න…” ඉන්පසු ලලාජී සීයාගේ කැඳවුමෙන් අකමැත්තෙන් මෙන් නැඟී සිටි නිත්‍යා, මව විසින් පොළඹවනු ලදුව ඔහු අසලට ඇදුනාය… “කීයද දරුවෝ උඹගේ වයස…. දාහතරයි නේද….” ඇගේ හිස සෙමින් අතගාමින් ලාලාජී සීයා ඇසීය… “ඔව්…” “කළවයස හොඳයි… එහෙනම් අපි හෙට දිහාට කසාදයකුත් බඳිමු…” “කසාදයක්… කාවද….” නිත්‍යා ඇසුවේ පුදුමයෙනි… ටික වේලාවක් වටපිට බැලූ ලාලාජී සීයා අවසානයේ තීරණයකට එළඹියාක් මෙන් මුළුතැන්ගෙය ඔබ්බෙහි වූ නාඹර කෙසෙල් ගසක් පෙන්වීය… “අරයව…” “කෙහෙල් ගහක්.....” බකස් ගා එළියට පැන්න හිනහව නංගී ක්ෂණිකව නවතාගත්තේ මෙය විහිළුවක්ද නැත්ද යන්න ඇයට හරිහැටි තේරුම්ගැනීමට නොහැකිවුණ බැවිනි… “ඔව් කෙහෙල්ගහක්… දූගේ පළවෙනි විවාහය වෙන්නේ කෙහෙල්ගහක් එක්ක… ඊට පස්සේ බැරුවයෑ ඕනෑ කෙනෙක් බඳින්න…” නැකතද ක්‍රමයද දන්නා ලාලාජී සීයා නිත්‍යාව ලෝක විනාශයෙන් ගලවාගත්තේ එසේය… පෙරදිනයේ කෙළිදෙලෙන් බට්ටා පනිමින් සිටි නිත්‍යා පසුදින ලාලාජී සීයාගේ වතාවත් මැද කෙසෙල් ගසක් සමඟ යුගදිවියට එළඹුනි…පතිනියක වුවද ඉන් ඇගේ ජීවිතයට අබමල් රේණුවක්වත් වෙනසක් ඇතිවූයේ නැති… එක්තරා හිමිදිරියක සුපුරුදු පරිදි ලාලාජී සීයා කාටත් නොදන්වාම නික්මගොස් තිබුණි… ඉන් දින කිහිපයක් ගතවෙද්දී නිවසේ සියල්ලන්ටම නිත්‍යාගේ විවාහය අමතකව ගියේය… පියාණන් පමණක් විටින් විට කෙසෙල් ගස මියයාදැයි පරීක්ෂා කළ අතර, එය පෙරටත් වඩා සාරවත්ව පඳුරුදමමින් වැඩෙන්නට වූ විට කෙල්ලගේ වාසනාව යැයි පවසා සිත සනසාගත්තේය… ඉන් වසර ගණනකට පසු දෙමාපියන්ගේ යෝජනාවකට අනුව ශංකර් සමඟ යුගදිවියට එළඹෙන තෙක් ඇය විවාහය යනු කුමක්දැයි නොදැන සිටියාය… ++++++++++++++++++++++++++++ නිත්‍යා පියවි සිහියට පැමිණියේ නිවස සිසාරා පැතිරුණු ගොරහැඩි ඝණ්ටා නාදයකිනි … සාලයෙහි ප්‍රධාන බිත්තියේ එල්ලීගෙන නිවසේ පෞරාණික ඔරලෝසුව කෑගසයි… නිත්‍යාට වඩා වයසැති මෙම ඔරලෝසුව ඇයට මතක ඇති කාලයේ පටන් මහගෙදර තිබෙන්නකි… ඒ හා සමානවම ඇය මතක ඇති කාලයේ පටන් දකින තවත් දෙයක් ඇත්නම්, ඒ තම පියා සතියකට හෝ දෙකකට වරක් ඔරලෝසුව ඉදිරියෙන් තැබූ කුඩා ටීපෝවකට නැඟී විටින් විට එය වයින් කරන ආකාරයයි… දේවකාරියක් ඉටුකරන්නාක් වැනි ගෞරවයකින් පියා නොවරදවා එය ඉටුකරන නිසාමදෝ ඔරලෝසුව නැවතී තිබූ දිනයක් ඇයට මතකයට නඟාගත නොහේ… එහි පැයකටුව කැරකෙන අයුරු කුඩා සංදියේදී ඇයට මහත් අරුමයක් විය… ඔරලෝසුව ඉදිරියට වී කොතෙක් ඇස් දල්වාගෙන සිටියද පැයකටුව සෙලවෙන අවස්ථාවක් ඇයට දැකගැනීමට නොහැකි විය… එහෙත් මඳකට අවධානය ගිලිහීමෙන් පසුව බැලූවොත් මැජික් එකකින් මෙන් එය ඉලක්කම් කිහිපයක්ම පසුකර ගමන් කොට තිබේ… නිත්‍යාගේ අලුත් නවාතැන වූ ශංකර්ගේ නිවසේ තිබුණෙ බැටරියෙන් ක්‍රියාකරන ඔරලෝසුවකි… එහෙයින් එය වයින් කිරීමට කිසිවෙකු අවශ්‍යය නොවූ අතර පැයකටුව සැබැවින්ම සෙලවෙන අයුරු ඇය මුලින්ම දුටුවේ එහිදීය…පැයකටුව හතරේ ඉලක්කමට වන් සැණින් මැලවුණු ගතින් අවදිවන ඇය දවසේ වැඩකටයුතු අරඹයි… පාතරසය ගෙන ශංකර් නික්ම ගියපසු ඔහුගේ මහලු දෙමාපියන්ගේ වතාවත් අවසන් කරන ඇයට, පැයකටුව අටේ ඉලක්කම ආසන්නයේ ගිමන් හරින අතරේදී මඳ විවේකයක් ලැබේ… අනතුරුව ඩාබාවල්ලා ගේ බයිසිකල් සීනු නාදයට පෙර ශංකර්ගේ දිවාඅහාරය සකසා අඩුක්කරන ඇය, ඔහු පිටව ගිය පසු වෙද්‍ය උපදෙස්වලට අනුකූලව දෙමාපියන්ගේ දිවා ආහාරය වෙනම පිළියෙල කිරීම අරඹයි… මේ මුළු කාලය පුරාවට තමා හා තරඟයට මෙන් කරකැවෙන පැයකටුවට ඇය විටින් විට විරිත්තයි… තරඟයේ ඇය පරදින්නේ හවස්වරුවේ ශංකර් නිවසට පැමිණෙන කණිසමේදීය… ඉන්පසු ඔරලෝසුව දෙස බලන්නට ඇයට ඉස්පාසුවක් නොවේ… මූසල විලාපයකින් පැයකටුව රාත්‍රී දහයේ කණිසම සටහන් කරද්දී රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ශංකර් කාමරයට ඇතුළුවෙයි… ගැහෙන සිතේද, වෙවුලන ගතේද සියලු ශක්තිය කැටිකරගන්නා ඇය, තම නිදන ගවුම මුදාහැර ඔහුගෙන් ඉවතට නැඹුරුවී තදින් දෙනෙත් පියාගනියි… දීර්ඝ සුසුමක් හෙලූ නිත්‍යා නංගී දෙස බැලුවාය…ඇය තවමත් දිව උරුක්කරගෙන සැරසිල්ල සමඟ ඔට්ටු වෙයි… අම්මාගෙන් සද්දයක් නැත්තේ ඇය මුළුතැන්ගෙටවී පියාගේ සවස තේපානයට රසකැවිලි සකසනවා විය යුතුය… දැන්ම පිටත් නොවූවොත් පහේ කෝච්චිය ඇයට මඟහැරෙනු ඇතැයි නිත්‍යාට සිතුණි… ඊට පෙර දහස්වරක් තම සිත සමඟ තර්ක කර පැමිණි මේ ගමනේ අරමුණ ඉටුකරගෙන යෑම මැනවැයි ඇය කල්පනා කලාය…හොර ගල් අහුලන පූසියක මෙන් ඇය සෙමෙන් හඬ අවදි කළාය… “සම්මු….” “හ්ම්…” “ඔයා අර කෙහෙල් ගහ අඳුනනවද….” “හ්ම්…” ගතත් සිතත් දෙකම තම කාරියට යොමුකරගෙන සෞම්‍යා හිස නොඔසවාම පිළිතුරු දෙයි… “මොන කෙහෙල් ගහද….” නිත්‍යා ඇසීය… එවර කැටයම් පිහිය සැරසිල්ල මත තබාගෙන හිස එසැවූ සෞම්‍යා වික්ෂිප්තව ඇය දෙස බලා සිටියාය… “අර ලාලාජී එකපාරක් මාව කසාද බැන්දුව කෙහෙල් ගහ…” නිත්‍යා පවසද්දී සෞම්‍යාගේ මුවඟට සිනාවක් නැඟිනි… “අර තියෙන්නේ පිටිපස්සේ, කොත්තමල්ලි ගහ ගාව…අම්මා කිව්වා එක උදුරලා දාලා එතන කොම්පෝස්ට් පෝර මැෂින් එක හයිකරන්න ඕනේ කියලා…” අනතුරුව නංගී ප්‍රශ්න වැලක් අසාවියැයි නිත්‍යා බියවුවද ඇය නැවත සැරසිල්ලට හිස ඔබාගත්තාය…නැඟී සිටි නිත්‍යා මුළුතැන්ගෙයි පිටත දොරින් මිදුලට පිවිස කොත්තමල්ලි ගස ඇති පැත්තට ඇවිද ගියාය…. මනරම් පත්‍රයෙන්ද, සහපිරිවරින් එකට බැඳුනු නේක කඳින්ද සුසැදි එය දැන් සාරවත් කෙසෙල් පඳුරකි… සුළඟට ඉරුනු කෙසෙල් පත් හරහා පෙරීඑන සැඳෑ හිරුරැස් වලින් මුවාවීමට අතක් නළලටද අනෙක් අත ඉනට තබාගෙන ඇය තම ජීවිතයේ පළමුවරට ඒ දෙස බලා සිටියාය… “ළමයෝ කෝ අක්කා …දැන් ගියේ නැතිනම් පරක්කු වෙයි… “ ටික වේලාවකට පසු අම්මා හඬගානවා නිත්‍යාට ඇසුණි… “අන්න අම්මා කතාකරනවා…” පිටුපසින් පැමිණි නංගී පැවසුවේ නිත්‍යාගේ බඳවටා දෑත්යවා ඇය බදාගනිමිනි… කිසිත් නොකියා ආපසු හැරුණු ඇය සෞම්‍යා දෙස බලා සැහැල්ලුවෙන් සිනාසුනි…ඉන්පසු ඇගේ අත අල්ලාගෙන පෙරමුණ ගත්තාය… “නෑ…...” එකවරම නිත්‍යා පැවසුවේ නංගී සමඟ අත්වැල් අල්ලාගෙන ආපසු නිවස දෙසට පැමිණෙන අතරේය… “මොකද්ද….” “ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ…” තමා අක්කාගෙන් ඇසූ ප්‍රශ්නය කුමක්දැයි සෞම්‍යා කල්පනාකරන අතරේ මුළුතැන්ගෙට පිවිසුණු නිත්‍යා දණක් නවා තමාගේ දකුණතින් අම්මාගෙ දෙපා ස්පර්ශ කර ආචාරකළේ පිටවයෑමට සූදානමිනි… අම්මා මෘදුව නිත්‍යාගේ හිස අතගෑවාය… “මොකද්ද මම අහපු ප්‍රශ්නේ...” පිටවයාමට පෙර හාදුවක් දෙන අතරේදී සෞම්‍යා නැවත ඇසූවද පිළිතුරක් දුන්නේ නිත්‍යා නොවේ… තම අත් බෑගය කරට දමාගත් ඈ ඔරලෝසුව දෙස බැලීය… පහේ කෝච්චිය අල්ලගන්න පුළුවන් වේවි… ඇයට සිතුණි… අම්මාද, නංගීද දොරකඩට වී බලාසිටියදී ඇවිද ගිය ඇය, ගේට්ටුවෙන් පිටවීමට මොහොතකට පෙර හදිසියේ යමක් සිහිවූවා සේ ආපසු හැරී බැලුවාය… “කෙහෙල් පඳුර ගැලෙව්වොත්, මම නෑ කියලා හිතාගන්න….” ඇය පැවසුයේ ඔවුන් දෙදෙනාටම ඇසෙන පරිදිය… ~නිමි~ චිත්‍රය ඇන්දේ : sanjay14.
BLOG
2014.09.11
http://akurublog.blogspot.com
96. ඇමතුමක දුරින් මම...
Beetle Bailey
තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...ඇතොත් ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම... පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...ඒ නැතත් ඇඟිලිතුඩු වලටනම් පුරුදු ඇති...වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...හෙට උදේ ‘වෙරිමතට’ හිතපුරා බනිමු අපි... කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..’මම කැමති පාට’ නැති සිතුවමක් අඳිමු අපි... හුදකලා රැකියාවන් කරන බොහෝ දෙනෙක්ගේ වගේ මගේත් රාජකාරී කාලය බොහෝදුරට ගෙවෙන්නේ සංගීතයට සවන්දෙන අතරේ... එහෙම වෙලාවක ජීවිතේ පළවෙනිපාරට අද ඇහුන මේ ගීතය ඉවරවෙන්නත් කලින් මගේ හිත පැහැරගත්තේ වැඩියක්ම ඒකේ තියෙන අසාමාන්‍යය පදමාලාව හින්දා වෙන්න ඕනේ...වැඩි ආයාසයක් නැතුවම උඩ තියෙන කවියත් ලියවුනේ මගේ හිතේත් මේ වගේ අදහසක් හොල්මන් කරමින් තිවුන හින්දාද මන්දා… (මට වැටහුණ විදිය වැරදි නැතිනම්) මේ ගීතයේ තියෙන්නේ සම්බන්ධය බිඳුන ප්‍රේමවන්තයෙක් තමන්ගේ හිටපු පෙම්වතියට, සුරාවෙන් මත්වෙලා එක රැයක් පහන් කරන්න කරන ආරාධනාවක්... ඉතිං මට හිතුණේ ඒක ආදරයෙන් පැරදුන ජෝඩුවකට වෙන්න පුළුවන් හොඳම දෙයක් නෙමේද.... වාසනාවකට හෝ අවාසනාවකට එතනින් එහාට මොකද වෙන්නේ කියන එක ගැන ගීතයේ සඳහනක් නෑ.. ඒ ගීතයේ කියවෙන කතානායකයා, අලුතින් සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව පරණ ගෑණුලමයාටම ආරාධනා කරන්නේ ඇයි.... ඊටත් කළින් ඒ දෙන්නාගේ සම්බන්ධය බිඳුනේ ඇයි... එතකොට ඒ ගෑණුළමයාටත් එදා රෑ තනිකමක් දැනුනද... තනිකමක් දැනුනත් එයා මේ ආරාධනාව පිළිගනියිද... ඒහෙම පිළිගත්තත් ඒගොල්ලෝ ආයෙත් හමුවුණාම බලාපොරොත්තු වුන විදියට සතුටින් හැමදේම ඉවර වේවිද... නැතිනම් පරණ දේවල් ගැන එළිවෙනකල් රණ්ඩු වේවිද... එහෙම නැතුව සතුටින් රාත්‍රිය ගතවුනානම් ඒ හැමදේම අමතක කරලා ආයෙත් උදේට වෙන්වෙලා යන්න පුලුවන් වේවිද... තමන් කල දේ ගැන පසුතැවීමක් ඉතුරුවෙයිද... නැතිනම් සතුටක් ඉතිරිවෙයිද.... ඒදෙන්නාටත් නොදැනිම ආයෙත් පරණ සම්බන්ධය පටන් ගනියිද...එදා රෑ ඒදෙන්නා සංවාසයේ යෙදෙයිද. තුරුළු වෙලා නිදාගනියිද... නැතිනම් එළිවෙනකල් කතා කර කර ඉඳියිද... කරමින් හිටිය වැඩෙත් නවත්තලා, තවපාරක් උනන්දුවෙන් සිංදුව අහලා ඉවරවුනාට පස්සේ මගේ හිතට වද දුන්න ප්‍රශ්න ඔන්න ඔයවගේ...ලි. එහාපැත්තේ ඉන්න ඔෆිස් හිතවතියක් මේ සිංදුව අහලා කිව්වේ… "මටනම් තියෙන ප්‍රශ්නේ කොල්ලා ඇයි විස්කි බෝතලයක් අරන් යන්නැතුව ඒකත් කෙල්ලගේ ගෙදර තියෙනවද කියලා අහන්නේ"කියලා.
BLOG
2014.08.11
http://akurublog.blogspot.com
95. දූවිලි…
Beetle Bailey
“ආ මෙන්න…” තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්ප දෙක ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා… “මේක මගේ එක…” හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා මගෙන් එක කෝපි කෝප්පයක් උදුරගන්නවා… “ඇයි ඒ උඹට වෙනම එකක්….” “ඒක ෆ්ලේවර්ඩ්…” “මොකද්ද ෆ්ලේවර් එක….” “හුජ්ජ ෆ්ලේවර්… කට වහගෙන ඕක බීපන්…” ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ… “මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…” මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්… “උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…” නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්… “සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…” එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම… විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි…. “උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…” ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන… “හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“ අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න… ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්… ++++++++++++++++++++++++++++++++++++++++++ “බොකා කියන ඩයල් එක උඹ දන්නවද... ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…” බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්… “දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…” කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ… “මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…” උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි… චටාස්…... “අත පාත දාලා කතා කරපන් කැ…….” ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි… මුගේ අම්… චට…පටාස්… මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි… හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්… රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි… ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්… “Congrats nigga… f*king awesome…” +++++++++++++++++++++++++++++++++++++++++++ “ආ මෙයා කවදද ගොඩබැස්සේ…” මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්… “ආ මෙන්න…” තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා… “සේරම හරියට ෆිල් කළා නේද...” ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්… “ඔව්…” මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්… “උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද... බෑ කියලාද...” කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස… “මම කොහොමද බන් දන්නේ…” “නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…” ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ… ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි… “ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…” “එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…” “හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…” “හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද...” “ඒක තියාගන්න…” “එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “ “බායි…” “බායි බීට්ල්…” සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි… “පොඩ්ඩක් ඉන්න…” මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට… “ඇයි….” ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි… “එච්චරද...” “එච්චරද කියන්නේ….” මෙවර අසන්නේ ඉබ්බා… “දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…. අනේ මට තේරෙන්නෑ බන්…” මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්… “ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද...” කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්… “නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…” “එහෙනම්….” ඒ ඉබ්බා… “නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද... මම යන්නම්… බායි…එච්චරද…. දෙයියනේ උඹලට දුක නැද්ද…. ” මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි… “සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…” මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්… කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි… නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…   Gotye - Eyes Wide Open With our eyes wide open, we With our eyes wide open, we So this is the end of the story, Everything we had, everything we did, Is buried in dust, And this dust is all that's left of us.
BLOG
2014.08.05
http://akurublog.blogspot.com
94. මිනීමරුවා
Beetle Bailey
I “ප්‍රෙග්නන්ට්… .. එහෙම කොහොමද වෙන්නේ….” දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි… “මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…” ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි… “මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් වරදින්න ඇති, දැන් ඔයා ප්‍රෙග්නන්ට්ලු… “ “ඒ ඔයා මට ආදරේ හින්දා… ආදරේ නැතුව කන්සීව් වෙන්නෑ…” සෝෆා ඇන්දේ වාඩිවූ ඇය මට කෝපි කෝප්පය දිඟු කලාය… මේ කිනම් විනාශයක්ද…. ඇයට වගේ වගක් නැති ගානය… “අපි දරුවාව නැති කරමු….” “මම මැරුවත් ඒක කරන්නේ නෑ…” ඇගේ මුරණ්ඩුකමේ තරම මම දැන් හොඳින් දනිමි… “එහෙනම් මොකද්ද අපි කරන්නේ….” “අපි මැරි කරමු… ඔයා ඩිවෝස් වෙන්න.. මේ අපේ දරුවා… අපි මෙයාව හදාගමු…” “ඔයාට පිස්සුද….” “මොකද්ද පිස්සුව… ඔයා කවදාහරි ඒක කරන්නනේ හිටියේ… මේ තමයි හොඳම වෙලාව…” “ඒක ඔයා හිතන තරම් ලේසි නෑ…” “ඇයි ලේසි නැත්තේ…. ඇයි... ඔයා කිව්ව විදියට ගෙදර ජීවිතේ එපා වෙලානම් ඔයා ඉන්නේ, ඇයි ඔයාට ඒක කරන්න ලේසි නැත්තේ…. ඇයි...” මෙම සංවාදය අවසන් කළයුතුයැයි මට සිතේ… අද සවස රිද්මා මා සමඟ කතාකරන්නට අවශ්‍යයයැයි පැවසූ විට එය ඇගේ අනාගතය පිළිබඳ කාරණයක් බව අනුමානයෙන් මම දැන සිටියෙමි… එහෙත් හෙණ පුපුරන්නාක් වැනි මේ ක්ෂණික විනාශය මා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ… රිද්මා හා සම්බන්ධය ආරම්භවෙමින් පැවති අවස්ථාවේදී නිතූ හා මාගෙවන නීරස දිවිය ගැන මම පැවසූ කරුණු වල අසත්‍යතාවයක් නැති නමුත්, නිතූ අතැර ගෙවන අලුත් ජීවිතයක් ගැන මම සිතා නැත්තෙමි… ඒ බව මා රිද්මාගෙන් වසන් කළා නොවෙද... දැන් සියල්ලට පමා වැඩිය… “අපි දැන් පාටි එකට යමු මේ ගැන යන ගමන් කතාකරමු…” කතාකරන්නට දෙයක් නැති බව මම දනිතත්, මෙම අමිහිරි සංවාදය මොහොතකට හෝ කල්දමා ගන්නා අටියෙන් මම පැවසීමි… “මට යන්න මුඩ් එකක් නැහැ… ඔයා යන්න…” ඇය නොපැමිණෙන්නේනම් හොඳයැයි මටද සිතුණි… මේ අප ආයතනයේ වාර්ෂික සුහද සාදයයි… මගේ පුද්ගලික ලේකම්වරිය වන රිද්මාගේ පැමිණිම අනිවාර්ය නොවූවද මගේ නොපැමිණීම අඩුවක් ලෙස ඉස්මතුවනවා නොඅනුමානය… “මම නොගිහින් බැහැනේ…” “කවදද ඔයා නිතූට කියන්නේ….” “මොකද්ද….” “මොකද්ද…..” එසැවුණු දෙබැමට යටින් ඔරවාගෙන සිටින ඇගේ දෑස් මඟහැර මම පැවසීමි… දහවල් රාජකාරිය වෙනුවෙන් මා හැඳසිටි සුදුකමිසය සාදයකට ගැළපෙන්නක් නොවේ…ඒ වෙනුවෙන් සූදානම් කල, ටයි පටිය වෙනුවට බෝ එකක් සහිත සැඳෑ ඇඳුම් කට්ටලයක් වාහනයේ ඇතිබව නිතූ දෙවරක්ම මතක් කලාය…රිද්මාගේ නවාතැනේදී ගත දොවාගෙන එය ඇඟලා සූදානම්වීම මගේ අදහස් වුවත් මේ අමිහිරි වටාපිටාව මඟහැර යන්නට මට වුයේ දැඩි අවශ්‍යතාවයකි… “ළගඳිම… “ නොසතුටක් ඉඟියෙන් දැක්වූ රිද්මා, වීදුරු මේසය මත වු හිස් කෝපි කෝප්පය රැගෙන පසෙක වූ විවෘත කුස්සිය වෙත පියමැන්නාය… “ළගදිම කියන්නේ කවදද...” ඇය සින්ක් එකේ ජල කරාමය හරින තුරු මම පිළිතුරක් දීමට පමාවීමි… එහෙත් එහි ලීවරයට අත තබාගෙන ඇය මා පිළිතුරක් දෙනතුරු බලාසිටී.. “ළඟදිම කියන්නේ ළඟදිම…” “තව සතියක් ඇතුළත ඔයා කිව්වේ නැත්තම්.. මම නිතූට කියනවා…” ස්රූස්… හඬ නගමින් කරාමය විවෘත විය… ඇගේ හැටි මම හොඳින් දනිමි… වසර ගණනක් මා වෙහෙසවී උපයාගත් සමාජ තත්වය වීදුරු පළඟනක් පොළවේ ගැසුවාක් මෙන් සුණු විසුණු කර දැමීමට ඇය සැරසෙයි… මොහොතක සුවයට මෙතරම් මිලක් ගෙවන්නට සිදුවෙනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි… එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය… නිවැරදි කිරීමක් අවශ්‍යව තිබේ… හඬක් නොනැගෙනසේ නැඟීසිටි කුස්සිය වෙත ඇවිදගොස් ඇගේ පිටුපසින් සින්ක් එකට එබුනෙමි… කළුපැහැ කෝපි අවර්ණ ජලය හා මුසුව නිකල් පැහැ සින්ක් බේසම පුරා රටා මවමින් පෙණ නඟයි… සර්පයන් වැනි එම රටාවැල් සින්ක් බේසම මැද පිහිටු කුඩා සිදුරු හයකින් සමන්විත කවුළුව වෙත ඇදීයන්නේ තරඟයට මෙනි… බේසමෙහි වූ අඳුරුපැහැ ජලය සියල්ල කවුළුවෙන් පිටවී අවසන්වූ පසු මට දැනුණේ මහත් සැනසිල්ලකි… “මට සමාවෙන්න...” පිටවීමට පෙර ඇගේ මුව සිපගැනීමට නැඹුරුවෙමින් මම පැවසීමි… ඇය එය මඟහැරියාය… මම පිටවීමි… II වාහනයට නැඟගත් මට දැනුණේ මහත් සැහැල්ලුවකි…එය පණගැන්වීමට මම මඳක් පමා වූයෙමි… හැඳසිටිනා ඇඳුම ඉවත්කර, වාහනයේ පසුපස අසුන අරා එල්ලෙන සැඳෑ ඇඳුම ඇඟලා ගැනීමට දැඩි අවශ්‍යතාවක් වුවද, නැවත රිද්මාගේ නවාතැනට යෑම වේදනාවකි...හෝටලයෙන් පැය කිහිපයකට කාමරයක් සපයාගැනීම අපහසු නොවනු ඇති… සුසුමක් හෙළු මා අවසන් වරට රිද්මාගේ නිවස දෙස හැරී බැලුවෙමි… මා යායුතුව ඇත… වාහන පණගන්වන ස්විචයට ඇඟිල්ල තැබුවා පමණි… කාන්තාවක් මරහඬ දී කෑ ගසන විලාපයකින් මා වෙවුලා ගියේය… ඒ රිද්මාගේ කටහඬයි… භීතියෙන් මුසපත්ව ඈ කෑගෑවේ මගේ නමයි… අසුරු සැණින් වාහනයෙන් එළියට පැනගත් මම ඇගේ නිවස දෙසට දුවන්නට වීමි… කවුරුන් හෝ පිහිපහර දී ඇය මරා දමා ඇත… මා නිවසට ඇතුළුවීමට පෙර ප්‍රධාන දොරෙන් ඉවතට දිව ආ මිනිසෙකු නිසා ගල්ගැසුණු මම මිදුලේ නතරවුනෙමි…ඔහුගේ සුදුකමිසය පුරා ලේ පැල්ලම්ය… එක් අතක මුළුතැන්ගෙයි පිහියකි… “යමු වැඩක් නෑ… යමු…” මාවෙත දුව එමින් ඔහු කෑගසයි… “තමුසේ කවුද...” සිහි එළවාගැනීමට තතනමින් මම කෑගැසුවෙමි… පිළිතුරක් දෙනු වෙනුවට ඔහු මා වෙත දුව ආවේය… මම දෝතින්ම දෑස් වසා ගතිමි… “යමු.. යමු… එනවා යන්න….” දෙනෙත් හැර බලන විට මා දුටුවේ ඔහු මාගේ වාහනයට නැඟගෙන කෑගසන බවයි… නිවස වෙත යෑමට පියවර කිහිපයක් තැබූ මා නැවතත් නතරවීමී… ඇගේ කෑගැසීම අසල්වැසියන්ටද ඇසෙන්නට ඇත… සුළු මොහොතකට පෙර මාගේ අනියම් සම්බන්ධයක් ලෝකයා දැනගනීවි යැයි මම බියවීමි… දැන් මේ එළිවන්නට යන්නේ එය පමණක් නොවේ… මිනීමැරුමකි… තවත් පමා නොවූ මම ආපසු හැරී වාහනයට දිව ගියෙමි… “යං යං…” වට පිට බලමින් මිනීමරුවා කෑගසයි… එකවරම අප දෙදනාටම පසක් වූයේ කලබලය නිසා ඔහු රියදුරු අසුනටද මම අනෙක් පස මඟී අසුනටද නැඟගෙන ඇති බවයි… ඇසිල්ලකින් එළියට බට අපි වාහනය ඉදිරියෙන් එකිනෙකා පසුකර දිවගොස් ආසන මාරුකරගතිමු… ඔහු පසුකර අනෙක් පසට දුවයද්දී, මා ඔහුගේ උරහිසේ ගැටුන අතර “සොරි” යැයි පැවසීමට ඔහු ආචාරශීලී විය… මම හැකිවැර යොදා ඇක්ස්ලේටරය පෑගුවෙමි… කෑගස්සමින් රෝද එකතැන කරකැවුණු රථය ඊළඟ මොහොතේ පිම්මේ රිද්මාගේ නිවසින් ඈතට ඇදෙන්නට විය… මා කෙතරම් වේලා රිය ධාවනය කළාදැයි මම නොදනිමි… රථයට පරිබාහිර සියල්ල කිසිඳු හඬක් නොනගා පරිගණක ක්‍රීඩාවක මෙන් වේගයෙන් අප ඉදිරියට ඇදීවිත්, අප පසුකර යයි… පසුබිමින් ඇසෙන අලාර්ම් ශබ්දයක හඬ සෙමින් දැනෙන්නට පටන් ගනිද්දී මම වාහනයේ වේගය ලිහිල් කළෙමි… ආසන පටි පැළඳ නොමැති බව හඟවන අනතුරු හැඟවීමේ සංඥාව නොනවත්වා හැඬවෙයි… මම අනෙක් අසුන දෙස බැලුවෙමි… එහි වකගසාගෙන වාඩිවී සිටින මිනීමරුවා නොනවත්වා ඉදිරියටත් පසුපසටත් පැද්දෙයි… ඔහුගෙන් මට තර්ජනයක් නොමැති බව දැනුණෙන් මම සෙමින් වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නැවැත්වීමි…චලනය නතර කල ඔහු මා දෙස බැළුවේය… “මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…” පරාජිත හඬකින් ඔහු පැවසුයේය…ඔහු කවුද... රිද්මාගේ නිවසට කොහෙන් කඩා පාත්වූවාද... ඇයව මරා දැම්මේ ඇයි…. යනාදී ගැටලු රැසක් වුවද, මට අවශ්‍යය වූයේ හැකි ඉක්මනින් මේ මිනිසාගෙන් මිදී පළා යන්නටයි… “බහිනවා වාහනෙන්…” එය ළංවූයේ විධානයකට වඩා ආයාචනයකටයි… “මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…” ඔහු මාගේ ඉල්ලීම ගණනකට ගත් බවක් නොපෙනුනි… “දෙයියන්ගේ නාමෙට වාහනෙන් බහිනවා…” ගතේ සියලු ශක්තිය කැටිකොට මම කෑගැසීමි… “මෙහෙම...” සිරුර පුරා විසිරුණු ලේ පැල්ලම් දක්වමින් ඔහු ඇසීය… මම පසුපස කණ්ණාඩියෙන් මගේ අමතර ඇඳුම දෙස බැලීමි.. එය තවමත් පසුපස අසුනේ වෙයි… “පිටිපස්සේ තියෙන ඇඳුම අරගෙන මාව නිදහස් කරලා යනවා මෙතනින්…” “නිදහස් කරන්න මම ඔහේව හිරකර ගත්තේ නෑ…” පසු පසට නැඹුරුවුනු ඔහු හැඟරය වාහනයේ වූ ප්ලාස්ටික් රැඳවුමේ ඉතිරිව තිබියදී, එහිවූ ඇඳුම් සියල්ල තමා වෙතට ඇදගනිමින් පැවසීය… “ඒකිට ලැබෙන්න තිවුණ දේ ලැබුණා…” ඔහු තම කමිසයේ බොත්තම් මුදාහරින්නට පටන් ගති… “තමුසේ කවුද...” ඔහුට කමිසය මාරු කරගන්නට කාලය දෙමින් මම ඇසීමි… “ඔහේ වගේම ඒකිගේ මායම් වලට රැවටුණ කෙනෙක්… දැන් සේරම හරි… මගේ ඇඳුම් ටිකයි පිහියයි ඔය ඉස්සරහා පාලමෙන් ගඟට විසිකරමු… ඊට පස්සේ මම බැහැලා යන්නම්…” ඔහු සන්සුන්ව පැවසීය… මම සෙමින් වාහනය නැවත මහා මාර්ගයට ගත්තෙමි… ලේ තැවරුණු ඇඳුම්ද, පිහියද ගුලිකරගත් ඔහු පාලම අසලදී වාහනයෙන් බැස ගත්තේය…අනතුරුව දොර වැසීමට පෙර මා දෙස තප්පර කිහිපයක් බලා සිට සෙමින් කටහඬ අවදි කලේය… “මේ ගැන කටේ කෙළ පොදක් බිම හෙළන්න එපා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ… හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා...” “දඩස්….” යන හඬින් වාහනයේ දොර වසා දැමූ ඔහු නිහඬව ඇවිද ගියේය… මම සැනසුම් සුසුමක් හෙළුවෙමි… ආසන පටි අනතුරු සංඥාවෙන් නොනවත්වා නැඟෙන ශබ්දය හැරෙන්නට සියල්ල සන්සුන්ය… මේ හීනයක් නොවෙන බව පසක් කර ගැනීමට මම දෑතින්ම වෙර යොදා මගේ හිසකෙස් ඇදගත්තෙමි… ඔහු අවසන් වරට පැවසූ දෙයෙහි අරුත කුමක්ද. ඒ අවවාදයක්ද නැතිනම් තර්ජනයක්ද... මේ මිනිසා කවුද... රිද්මා මට වංචා කළාද... නිමක් නැති ප්‍රශ්න වැලක් මසිතේ නලියන්නට විය… දැන් මට පලා යා හැක.. නමුත් ඔහු අවසන් වරට පැවසූ වදන් තවමත් මාගේ ඔළුවේ රැව් දෙයි… “මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ…හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා...” මම වාහනයේ ඉදිරි වීදුරුවෙන් ඔහුගේ ඉරියව් දෙස බලා සිටියෙමි… බරැති ගලක් වැනි යමක ඔහු තමාගේ ඇඳුම් පටලමින් සිටියි… සැබැවින්ම පලායන්නේ මා නොවේ… සියල්ල සඟවා මගෙන් පලායන්නේ ඔහුයි… මෙතෙක් කිසිවෙකු දැන නොසිටි රිද්මා හා මාගේ රහස දන්නේ ඔහු පමණි… ඔහුගෙන් නවතා ගතහොත් එය ලොවට කිසිදා හෙළි නොවනු ඇති… අනෙක මේ පළායන්නේ මට ආදරය කල රිද්මාගේත්, මට දාව ඇයට පිළිසිඳගත් දරුවාගේත් මිනීමරුවායි... මම වටපිට බැලුවෙමි… හාත්පස පෙනෙනතෙක් මානයක කිසිවෙකු නැත… කලුගලේ එතූ ඇඳුම් ටික සහ පිහිය පාලමෙන් ගඟට අතහැරි ඔහු, මා දෙස වරක්වත් හැරී නොබලා ඇවිද යන්නට විය… දඩයමකට ඉව අල්ලන බළලෙකු සේ මම සෙමින් ආසන පටි පැළඳගතිමි… අනතුරු හැඟවීමේ නාදය නතරවූයෙන් මට දැනුණේ මහත් අස්වැසිල්ලකි… ඒ සමඟම යතුරු පුවරුවේ නිවෙමින් දැල්වෙමින් තිබූ රතුපැහැති මිනිසාගේ රුව නිවී ගියේය… ප්‍රධාන විදුලිපහන් නිවාදැමූ මම හැකි වෙරයොදා වාහනය මිණීමරුවා වෙත පැදවූයෙමි… “දඩස්…” යන හඬින් ඔහු බොනට්ටුවේ ගැටෙන ශබ්දයද, ඉන්පසූ කිසිවක් රෝදයේ පැටලී එන්නාක් වැනි ශබ්දයක්ද නිකුත් විය… අනතුරුව ඉදිරි රෝදයෙන් වරක්ද, පසුපස රෝදයෙන් තවත් වරක්ද වශයෙන් වාහනය දෙවරක් ගැස්සුනි… තවත් අඩි කිහිපයක් ධාවනය කර වාහනය නවතාගත් මම ආපසු හැරී බැලුවෙමි… රතුපැහැ ලාම්පු එළියෙන් සෙල්වීමක්වත් නැතිව බිම වැතිරී සිටිනා ඔහු පෙනේ… ඒ ක්ෂණයෙන් පසුපස ගියරට මාරු කරගත් මා ඇක්ස්ලේටරයට බර දුනි.. මෙවර පසුපස රෝදයෙන් පළමු ගැස්සීම… දෙවැන්න ඉදිරිපස රෝදයෙනි… ගියරය නැවතත් ඉදිරියට මාරු විය… දෙවරක් පුහුණු වූ නිසාදෝ මෙවර මට එය වඩාත් පහසු විය… පෙර පරිදිම එකයි… දෙකයි… නැවතුනි… අවදානමක් නොගන්නට තවත් වරක් පසුපසට ධාවනය කරන්නට මට සිත් විය… එකයි… දෙකයි… මම ප්‍රධාන ලාම්පු දැල්වීමි… පඬරැළක් මෙන් ඇඹරී ගිය ඔහුගේ දූවිලි වැකුණු නිසල සිරුර අහස දෙස බලාගෙන වැතිරී සිටී… ලේ සලකුණකුදු නොපෙනේ… සියල්ල සිදුවූයේ කෙතරම් ඉක්මනින්ද... හනික විදුලි පහන් නිවාදැමූ මම වාහනයෙන් ඉවතට පැනගතිමි… හාත්පස පැතිරුණු අඳුරද, නිවා දැමූ ප්‍රධාන ලාම්පුද හේතුවෙන් ඔහුගේ සිරුරේ ඡායාවක් මිස වෙනත් සලකුණු පැහැදිලිව නොපෙනීම මට මහත් අස්වැසිල්ලක් විය… අනුමානයෙන් හිස පෙදෙස හඳුනාගත් මම ඇඹරීගිය ඔහුගේ දෑත් ග්‍රහනයට ගෙන පාලමේ ඇන්දේ වූ විවරයකින් පහළට තල්ලු කළෙමි... බරැති යමක් වතුරට වැටෙන හඬින් ඔහුගේ සිරුර ගඟට වැටෙන ශබ්දය ඇසීමට මට අවශ්‍යය වුවද එවැන්නක් ඇසුණාදැයි මට සැක සහිතය... බාගදා පාළම හුඟක් උස ඇති... කාර්යාලීය ඇඳුමෙන් සාදයට යන්නට සිදුවීම තරමක ලැජ්ජාවක් බව සැබැවි... එහෙත් එය කිසිසේත්ම රිද්මා හා මාගේ වූ සබන්ධය එළිවීම තරම් ලැජ්ජාවක් නොවේ... වාහනයට නැඟගත් මම, විදුලිපහන් දල්වා අව්ආවරණයෙහි පිටුපස වූ කණ්ණාඩියෙන් කොණ්ඩය යනාදිය සකසාගෙන මාගේ බාහිර ස්වරූපයේ ලොකු ගැටලුවක් නැති බව පසක් කරගතිමි... අනතුරුව මඳක් ඇදවී තිබූ බෝ එක නිසි පරිදි සකස් කරගෙන, රිද්මාගේ මිනීමරුවාගෙන් පළිගත් සතුට සිත තුල නලියද්දී සාදය පැවැත්වෙන හෝටලය වෙත සෙමින් රිය ධාවනය කරන්නට වීමි... ~නිමි~   ප.ලි. : රෝම ඉලක්කම් හෙම දාලා පිළිවෙලකට ලියන්නට ගත්තේ කොටස් හයක දීර්ඝ කෙටි කතාවක්… ටිකක් ලියද්දී දැනුන මහන්සිය හින්දා තමයි වැටහුනේ ඒවගේ ලොකු වැඩ වලට මම දැන් නාකි වැඩියි කියලා… ඒ හින්දා කියවන්න කෙනෙකුට අවම අසාධාරණයක් වෙන විදියට කලින් නවත්තන්න සිදුවුනා… පිංතූර ගත්තේ  නිර්මාණ ශිල්පියෙක් වුන ANDRE WOOLERY නම් මහත්මයෙකුගේ පුද්ගලික වෙබ් අඩවියේ ඇති INVISIBLE HIEROGLYPHICS චිත්‍ර එකතුවකින් … මේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් එකක සටහන් වී ඇති ඇඟිලි පාරවල් අනුසාරයෙන්ලු….
BLOG
2014.07.19
http://akurublog.blogspot.com
93. ගායකයෙක්…
Beetle Bailey
මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි… “නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න...” ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට පුද්ගලික වාසියක් නැති මෙම ගමන තේරුමක් ඇති එකක් කරගන්නට මම උත්සාහා කලෙමි… “ඒ ටවුමේ තියෙනවා ආර්යාස් කියල ඉන්දියන් හෝටලයක්… ඒකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…” මම පවසද්දී ඔහු හිනහාවෙයි… “හරි.. අපි අලබෝලත් කමු… යමු… උඹ වරෙන්කෝ මගෙත් එක්ක…” ඔහු මේ මුනගැහෙන්නට යන්නේ තරමක ජනප්‍රිය චරිතයකි… “දැන් උඹ ලොකු මිනිස්සු එක්ක නේද ගනුදෙනුව….” “ එහෙම ගනුදෙනුවක් නෑ… මට සිංදුවක් ලියලා දෙනවද කියලා මම ඒ සර්ට ලියුමක් යැව්වා…ඊයේ සර්ම මට ලියුමක් එවලා මට සිංදු දෙකක් ලියලා තියෙනවා, ඒක ගන්න එන්න කියලා… මේ ඒක ඉල්ලගන්න යන්නේ…” “හා එහෙනම් යමු…” අදාල නගරයෙන් බැසගත් අපි දුම්රිය නැවතුමෙන් පිටතට පැමිණියෙමු… “අලබෝලයක් කාලා ප්ලේන්ටියක් බීලම යනවද. “ මොහොතක පමාවත් වලකනු රිසියෙන් මම අසමි… “මං කියන්නද... අපි සර්ව හම්බුවෙලා ඉමුද... මගේ අතේ රුපියල් සීයයි තියෙන්නේ… දැන් මෙතන ඒක ඉවරකරගෙන ගිහින්, බැරිවෙලා හරි සර් තේ එකක් බොමු කිව්වොත් දෙන්න උඹ ගාව සල්ලි තියෙනවද….” “ අනේ උඹ ගාව තියෙන සීය මට පෙන්නපන්… මම රුපියල් සීයක් දැකපු කාලයක් මතක නෑ…” “වරෙන් යන්න එහෙනම්…” මගේ අතින් ඇදගෙන ඌ ටියුෂන් පන්තිය කරා දිවයයි… පන්තියට විවේක කාලය ලැබෙන තුරු වූ පමාවකින් පසු අපි එතුමාව හමුවීමු… අපව උණුසුම් ලෙසින් පිළිගත් එතුමා තේ පැන් සංග්‍රහයකට වූ ආරාධනාවක්ද සමඟින් අපව අසල පිහිටි ආපන ශාලාවකට කැඳවාගෙන යන්නට විය… කොතැන හෝ වැරදීමක් ඇතැයි මගේ ටිකිරි මොළයට වැටහෙයි… සැබැවින්ම සංග්‍රහ කළයුත්තේ ඔහුගෙන් සිංදු දෙකක් ඉල්ලාගැනීමට පැමිණි අපයි… මේ උණුසුම් පිළිගැනීම සාමාන්‍ය මිත්‍රශීලීබවකින් ඔබ්බට යන්නකි… එතුමාගේ ඇණවුමෙන් කෙටි ආහාර සහ පැණිබීම මේසයට ඇරෙයි… ලෙටර්හෙඩ් සහිත කිරිසුදු කඩදාසි වල පිළිවෙලට ලියූ ගී පදමාලා දෙකක් සුරැකිව මා මිතුරා අතට පත්කරන එතුමා එහි අර්ථය දීර්ඝ ලෙස විස්තර කරයි… “පින් සිද්දවෙනවා සර්…” මිතුරාගේ ඉහේ මලක් පිපුනා වැනිය… “දහදාහයි…” “මොකද්ද සර්….” “දහදාහයි… එක සිංදුවටක පහයි.. දෙකම දහදාහයි…” තවත් සුළුවේලාවකට පසු අපි දෙදෙනා විතරක් ඉතුරුවී සිටින මේසයට වේටර් ගෙන ආ බිල මත්තේ තැබෙන්නේ මා මිතුරා සතු අන්තිම රුපියල් සියයයි… ගනුදෙනු බේරා අපි ආපන ශාලාවෙන් එළියට පැමිණෙද්දී,  එවෙලේ අවසන් වූ පන්තියක සමනළියන් වැනි තරුණියන් අප ඉදිරියෙන් පියඹා යයි… අපි ඔවුන් පසුපසින් දුම්රිය ස්ථානය දෙසට පියමනිමු… හොරෙන් රිංගා ගත් දුම්රියේ වේදිකාව නොමැති පැත්තේ ඇති පාපුවරුවට අප දෙදෙනා ගොඩවෙන්නේ හදිසියක් වුනොත් බැස දුවන්නට සූදානමිනි… “ආර්යාස් එකේ අලබෝල වලට ගහන්න අලබෝලයක් ඉන්දියාවෙත් නෑ…” දුම්රිය සෙමෙන් නඟරයෙන් ඈත්ව යද්දී මම කොඳුරමි… “වෙන දවසක මම උඹට අරන් දෙන්නම්…” ඔහුගේ සෝබර මුහුනේ හසරැල්ලක් ඇඳේ… මෑත දිනෙක නිවාඩුවට ගමේ ගොස් එන මොහොතේ ඔහු බැහැ දකිනු රිසියෙන් ඔහුගේ නිවස අසල මොහොතකට නැවතීමි… ඔහු තවමත් තනිකඩය… දිරාගිය ඔහුගේ මව්තුමිය මා පිළිබඳ හාංකවිසියක් මතකයට නඟාගැනීමට වෙහෙසෙයි… ඔවුන් දෙදෙනාගේ කුසට අහරක් සරිකරගනු වස් දවසේ මෙහෙවර වෙනුවෙන් ඔහු නික්ම ගොස්ය… කලකින් ආවරණය ඉවත්නොකල ගිටාරය පමණක් ඇඳ අද්දර එල්ලෙයි… Inside Llewyn Davis පට්ට චිත්‍රපටියකි…. Inside Llewyn Davis චිත්‍රපටිය නැරඹිමට ඔබට ඉසිඹුවක් නැතිනම්, සහ ඔබ ෆෝක්, කන්ට්‍රි මියුසික් රසිකයෙක් නම් මේ  එහි එන ගීත එකතුවයි…   ප.ලි. : විස්තරයක් ලියන්න වේලාව නැතත් සඳහනක් හරි කරන්න මට අවශ්‍යය අනෙක් චිත්‍රපටිය The Fault in Our Stars එහි දක්නට ලැබුණු ගීතයක් ඇසුරින් නිමැවුනු මේ මියුසික් වීඩියෝ දෙක මගේ සිත තදින් පැහැරගත්තා… සංගීත කණ්ඩායම Kodaline  .
BLOG
2014.07.14
http://akurublog.blogspot.com
92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන්
Beetle Bailey
“Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු විචාරයක් ලෝක කුසලානය වෙනුවෙන්ම ඇරඹුන Sports අඩවිය බ්ලොග් එකේ  මෙතනින් කියවන්න පුළුවන් මේ අසිරිමත් සැනකෙළිය පැවැත්වෙන්නේ වසර හතරකට වරක්… අවුරුදු 60ක් ආයු වළඳන සාමාන්‍ය මිනිහෙක්ගේ දැන් වයස අවුරුදු 30ක් නම්, ඔහුගේ ඉතුරු ජීවිතකාලයටම ඔහුට බලන්න වෙන්නේ වර්ල්ඩ්කප් 7 යි… ඔබ එවැනි පුද්ගලයෙක් නම්, මේ දැන් මගෑරුන එක අතෑරියාම තව ඉතුරු 6 යි.. පේනවා නේද කොච්චර දුර්ලභද කියලා… ඒ හින්දා වෙන්නැති, “මට පේන්න බැරි දෙයක් ඇත්නම් ඔය පුට්බෝල් තමයි” කියලා ආඩම්බරයෙන් කියන කිහිප දෙනෙක් ඇරෙන්න ලීග මැච් නොබලන බොහෝදෙනෙක් පවා පාපන්දු ලෝක කුසලානය බලන්න උනන්දුවෙන්නේ… එහෙම උනන්දුවෝ කොච්චර ඉන්නවද කියලා මට පුදුම හිතුනේ අන්තර්ජාලයේ මේ වීඩියෝ ක්ලිප් එක දැක්කාම… බ්‍රසීලයේ උපන් කාලෝස් දෑස් අඳ, බිහිරි දරුවෙක්… ඒත් ක්‍රීඩාලෝලීත්වය මේ සීමා හඳුනන්නේ නෑ… දෑස් අඳ තමන්ට ලෝක කුසලානය බලාගන්න ක්‍රමයක් ඔහු දෙවියන්ගෙන් ඉල්ලනවා… ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන දෙවියෝ කාලෝස්ට ආදරණිය යාලුවෝ දෙන්නෙක් දෙනවා… මේ ඒ වීර යාලුවෝ කල හපන්කම… මෙවර ලෝක කුසලානයේ සතුටුවුනු, මා දුටු කායිකව අභියෝගයට ලක්වූ කෙනා කාලෝස් පමණක් නෙවෙයි… ශරීරයෙන් අර්ධයක් පණනැති ජූලියානෝ පින්තු නැමති 29 හැවිරිදි තරුණයා මෙවර ලෝක කුසලානයේ සාම්ප්‍රදායික “kick-off” එක දුන්නේ,  මොළයෙන් යැවෙන සංඥා වලින් ක්‍රියාත්මක වන බාහිරසැකිල්ලක් මඟින් තමන්ගේ අප්‍රාණික පාදය සොලවා පාපන්දු පහරක් ලබාදීමෙන්… වසර තිහක් තිස්සේ කල තම පර්යේශන අනුසාරයෙන් මේ හපන්කමට පාර කැපුවේ Miguel Nicolelis නැමති බ්‍රසීල ජාතික ස්නායු විශේෂඥයෙක්… බ්‍රසීලය නන්නත්‍තාර වුනු අවසන් පුර්ව තරඟයට උඩ වීඩියෝවේ ඉන්න කාලෝස් මුහුණ දුන්නේ කොහොමද කියලා නම් දැක්කේ නෑ… ගෝල 7-1 විදියට බ්‍රසීලය වාර්තාගත පරාජයක් ලබපු මේ තරඟය සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවුන තරඟයක්… ලංකාවේ ජෝයොතිශ තරුවක් මේ ගැන බලාගෙන හිටියානම්, තරඟාවලිය පටන්ගද්දිම මාර්සෙලෝ ගැහුව “own goal” එක බ්‍රසීලෙ අවසානාවට පාර කැපුවා කියලා සාස්තරයක් වුනත් කියන්න තිබ්බා… ඒ පරාජය හමුවේ බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් හඬාවැටුන හැටි දැක්වෙන පිංතූර වලින් අන්තර්ජාලය පිරීගියා… ඒවායින් වඩාත්ම ජනප්‍රිය ජායාරූපයක් වුනේ ලෝක කුසලාන ආකෘතියක් තුරුළුකරගෙන හැඟීම් ගොන්නක් නිහඬව කියපු Clovis Fernandes නැමති මේ අංකල්… තරඟය ආරම්භයට පෙර විනෝදෙන් හිට්ය ෆනෑන්ඩස් අන්කල්… පිංතූරය ජර්මනිය එක පිට එක ගෝල ලබාගනිද්දී, ලෝක කුසලානය තමන්ගෙන් ගිලිහෙන යතාර්ථය අදහාගත නොහැකිව හිටියේ මෙන්න මෙහෙම… පීංතූරය නමුත් වැඩිදෙනෙක්ට මඟෑරුණු ඡායාරූපය නම්, තරඟය අවසානයේ තමන් සතුවූ කුසලාන ආකෘතිය ජර්මානු ක්‍රීඩාලෝලියෙකුට ඔහු තිළිණ කරන අවස්ථාව… තමන්ගේ හිතේ තිබුන බරෙන් වැඩි කොටසකුත් ඔහු මේ සමඟම බිමින් තියන්න ඇති… බ්‍රසීල කණ්ඩායමේ 12th Man විදියට තමන්ව හඳුන්වන මේ hardcore ක්‍රීඩාලෝලියා ගැන වෙලාව ඇතිනම් ලොකු විස්තරයක් කියවන්න මෙතැනින්… ඒ තරඟයට පසුදින මීම කොමික් කෑලි වලින් අන්තර්ජාලය පිරීගියා… ඒ සියල්ල අතරේ මගේනම් වැඩියම සිත්ගත්තේ මෙන්න මේක… :D පිංතූරය මේ පරාජය කොච්චර කැතද කිව්වොත්; PornHub කියන වැඩිහිටි වීඩියෝ වෙබ්සයිට් එකට එක්තරා පුද්ගලයෙක් මේ මැච් එකේ හයිලයිට් අප්ලෝඩ් කරලා තිබුණාලු “Young Brazilians get f**ked by entire German soccer team.” කියලා… ඒකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තියෙන්නේ කරුණාකරලා සමූහ දූෂණය කරන වීඩියෝ PornHub එකට දාන්න එපා කියලයි… PornHub  එකත් මේ විහිළුවට කොච්චර විනෝද වුනාද කිව්වොත් මේ වගේ නිල ට්විටර් පණිවුඩක් දාලා ඒගොල්ලොත් ඒකට සම්බන්ද වුනා… පිංතූරය ආබාධයට ලක්වීම නිසා නෙයොමාරුත්, කහ කාඩ් එක නිසා තියාගෝ සිල්වාත් යන ක්‍රිඩකයන් මෙම තරඟයට සහභාගී නොවුන වාතාවරනය හින්දා එදා තරඟයේ තරුව වෙලා තිබුනේ ඩේවිස් ලුවිස්… බලාපොරොත්තු නොවුන විදියට ඇප නැතිවෙන්න කෑවට පස්සේ ඒ බලාපොරොත්තුවම පාරාවලල්ලක් වෙලා ලුවිස් පස්සෙන් එලවන්න ගත්තා… පූජාසනයේ හිඳවා පුදදුන් ලෝකයම ලුවිස්ට ගරහන්න පටන් ගත්තා… පිංතූරය ලීග තරඟ වලදී ලුවිස් ක්‍රිඩා කරන චෙල්සී කණ්ඩායමේ කලමනාකාර ධූර තැන්පත් ජොසේ මුරිනියෝ ලෝක කුසලානට කලින් ලුවිස්ව විකුණගන්න දතකෑවේ ඊට පස්සේ ලුවිස්ගේ වටිනාකම බින්දුවටම බහින බව දන්න හින්දයි කියලා විචාරකයෝ විචාරේ දුන්නා… ප්‍රචාරකයෝ ප්‍රචාරේ දුන්නා… මේ සේරම රැවුම් ගෙරවුම් මැද්දේ ක්‍රීඩාලෝලීත්වය කියන්නේ මොකද්ද කියලා ලෝකයට මතක් කලේ ඇනා නම්වූ නව හැවිරිදි දැරියක්… ඒ ඩේවිඩ් ලුවිස්ට ලියූ ලිපියකින්… පිංතූරය ඒ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය වුයේ මෙවැන්නක්… Hi David Luiz, My name is Ana Luz. Ana Luz Penna Reale මෙම ලිපියෙන් සතුටට පත් ලුවිස් ඇයට තම ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පිළිතුරක් සටහන් කරන්නට අමතක කලේ නැහැ… Many thanks Princess Ana, loved your letter. මෙම සිදුවීමට දින ගනනකට පෙර ඩේවිඩ් ලුවිස්ගේ නම අන්තර්ජාලයේ කියැවුනේ ක්‍රීඩාවේ ජිව ගුණය රැකි තවත් හොඳවැඩක් නිසා… පිංතූරය අර්ධ අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාව පරදවා ජය ලබන්නට පාර කැපූ ලුවිස්, තරඟය අවසානයේ හඬාවැටෙන කොලොම්බියානු ප්‍රහාරක ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ තරඟාවලිය පුරා පෙන්වූ දක්ශතාවයට ප්‍රශංසා කරන අයුරු, අන්තර්ජාලයේ වයිරල් වුන තවත් පිංතූරයක්… ඒ එක්කම, තරඟාවලියේ ගෝල හයක් ලබාගනිමින් මෙවර රන් සපත්තුව සම්මානය දිනාගත් ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ මැරුන ලොකු බාප්පා ලා තණකොලපෙත්තෙකු වී ජේම්ස්ගේ උරහිසේ හිඳගෙන ඔහුට උපදෙස් දෙන අයුරුත් අපිට දැකගන්න ලැබුණා… පිංතූර මෙවර ලෝක කුසලානයේ ලොකුම වීරයා තෝරන්න ගියොත් ලොකු තරඟයක් තියෙන්න පුළුවන්… නමුත් ලොකුම දුෂ්ඨයා තෝරන්න වුනානම් අවුලක් නැතුව හැමෝම පිළිගන්න ක්‍රීඩකයෙක් හිටියා… ඒ උරුගුවේ කණ්ඩායමේ ලුවිස් සුවාරිස් බවට විවාදයක් නෑ…   එදා සුවාරිස් කීලානිගේ උරහිස කෑව එකෙන් සිද්දවුනු හොඳ දේවල් දෙකක් තිබුණා… 1. එකක් තමයි වෙනදාවගේ පාරම්බාන්නේ නැතුව තමන් කලේ වැරැද්දක් කියලා පිලිගන්න අවංක වුන සුවාරිස් නැවත එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දු වුන එක…ඒ ගැන කණගාටුව පලකරලා ඔහු ප්‍රකාශයක් නිකුත් කලත් අර තරම් ප්‍රසිද්ධියක් ඒකට ලැබුනේ නෑ… පිංතූරය කීලානිත් ඒකට මහත්මා ප්‍රතිචාරයක් දක්වලා තිබුණා… පිංතූරය දීකිරට බලල්ලුත් සාක්කිවගේ හිටපු බොක්සිං ශූර මයික් ටයිසන් සුවාරිස්ගේ හැසිරීම ගැන අනුකම්පාවෙන් කතාකරලා තිබුණා… ඔහු කියලා තිබුනේ ක්‍රීඩාවේ උපරිමයට ලඟාවෙන සමහර අවස්ථාවලදී තාර්කික බුද්ධිය පරදා හැඟීම් ජයගන්නා මෙවැනි බ්ලැකවුට් මොහොතවල් උදාවෙන බවයි… “ඒ වෙලාවට ඔයා ඇතුලේ ඇත්තටම ඉන්නේ ඔයා නෙමෙයි…” ඔහු කියනවා… 2. දෙවනි කාරනය තමයි මාකස් මාටිනස් කියන ඩෙන්මාර්ක් ජාතිකයා තරඟාවලියට කලින්ම මේ ලෝක කුසලානයේදී සුවාරිස් කාව හරි හපාකන බවට අල්ලපු ඔට්ටුව ජයග්‍රහණය කිරීම… ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 7.30ක් ඔට්ටු අල්ලපු ඔහු දිනපු මුදල ඇමෙරිකානු ඩොලර් 1280 ක්… මේ ඉන්නේ මාකස්…   පිංතූරය වඩාත්ම විහිළුසහගත කාරණය මේ ලෝක කුසලානෙදී සුවාරිස් කාව හරි හපාකන බවට ඔට්ටු අල්ලපු එකම කෙනා මාකස් විතරක් නොවීමයි… නෝර්වේ රටේ බුකියකට අනුව ඔවුන්ගේ එහෙම ඔට්ටු අල්ලපු ගනන 167 දෙනෙක්… මෙවර ලෝක කුසලානය පුරාවට තවත් මේවගේ රසබර මතක ගොඩක් පැටලිලා තිබුණත් විස්තර ඇතුව ලියන්න ගියාම ලොකු කාලයක් යනවා… ලෝක කුසලානයේ වෙලඳ දැන්වීමකින් තමන්ගේ යාලු ගෑල්ලමයට විවාහ යෝජනා කරපු මනුස්සයා ලෝක කුසලානය නිසා එකරැයකින් නිරූපිකාවක් වෙලා ලෝරියල් සමාගමත් එක්ක වෙළඳ ගිවිසුමකුත් අත්සන්කරලා මෝඩකම නිසා ඒක නැතිකරගත් ලස්සන තිබුණට මොලේ නැති ගෑල්ලමයා… මැච්එක බලන්න නිවාඩු ඉල්ලලා ආයතන ප්‍රධානීන්ට ලියුම් ලියපු ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණුකරු,   තරඟය අවසානයේ ක්‍රීඩාගාරය පිරිසිදුකරලා ගිය ජපාන ක්‍රීඩා ලෝලීන්, මෙක්සිකෝ පුහුණුකරුවාගේ ආතල්, ඇඟිලි හයේ ගෝල කීපර්, Group of Death කණ්ඩායමෙන් ලෝකය මවිත කරන තරඟයක් දුන්නු කොස්ටරිකා ක්‍රීඩකයන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ දැල රකින හාවඩ්ගේ නිමක් නැති නවතාගැනීම්,  තමන්ගේ රටේ ජනතාවට මැච් එක බලන්න ඝානාව විදුලිය හොයාගත් හැටි,අමතක නොවෙන රැඟුම් රැඟූ කොලොම්බියානු ක්‍රීඩකයන් ඇතුලු මෙකී නොකී නොයෙක් මතක සියල්ලම මෙවර ලෝක කුසලානය කුසලානය සමඟ අපට ඉතුරුවේවි… සමහර දේ ඉක්මනින්ම අමතකවෙලා යාවි… ඒත් එකදෙයක් අමතකවෙන්න දෙන්න එපා… ඒ සමහරවිට ඔබට හෝ මට බලන්න ඉතුරුවෙලා තියෙන්නේ තව වර්ල්ඩ්කප් හයක් විතරක් වෙන්න පුළුවන්… සියළු තොරතුරු සහ පිංතූර අන්තර්ජාලයෙන්.
BLOG
2014.11.21
http://softwarelanthaya.blogspot.com/
Display දෙකක් තියෙන Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 )
Roo Writer
මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ. මට නම් හිතෙන්නෙ ලංකාවෙ අයට තමයි මේ Phone එකෙන් ලොකුම වාසියක් තියෙන්නෙ. මොකද අපේ අයගෙ වැඩේ Selfie ගහලා Facebook දාන එකනේ. ඉතින් Front Cam එකෙන් ගහන චා Photos වලට වඩා Rear Cam එකෙන් HD Photos ගහලා Facebook දැම්මම ලස්සනයිනෙ. මේ Smart Phone එක මුලින්ම Announce කරේ 2014 Feb. 24 වෙනිදා බාසිලෝනා වල තිබ්බ Mobile World Congress කියන Exhibition එකේදි. Yotafon සමාගම කියන්නෙරුසියානු සමාගමක්. එයාල කියන විදියට මේක වෙලදපොලට නිකුත් කරන්නෙ ලබන මාසෙ. ඒ කියන්නෙ 2014 දෙසැම්බර් වල. ඒත් ඔවුන් මේක නිකුත් කරන්නෙ බටහිර වෙලදපොලට විතරයි. 2015 දී මේ Phone එක ආසියාවෙ වෙලදපොලටනිකුත්කරන්න ඔවුන් බලාපොරොත්තුවෙනවා කියලා තමයි Yotafon සමාගම කියන්නෙ.YotaPhone 2 හි පසුපස තිරයYotaPhone 2 හි ඉදිරිපස තිරය මේ YotaPhone 2 එකේ අගල් 5ක Super AMOLED Full HD Display එකක් තියෙනවා. ඒ වගේම මේකෙ SecondaryDisplay එක 960x540 ක Resolution එකක් තියෙන අගල් 4.7 ක එකක්.ඉතින් මේ Display දෙකටම ඇති වෙන්න 2500mAh ක Capacity එකක් තියෙන Battery එකක් යොදන්නත් මේ YotaPhone 2 එකේ නිර්මාපකයො කටයුතු කරලා තියෙනවා.Yotafon සමාගමේ නිල වෙබ් අඩවිය...9x69.4x8.4.4 KitKatඔන්න ඕක තමයි ඉතින් Screen දෙකේ Phoneඑකේ කතාව. ලිපියෙන් ප්‍රයෝජනයක් උනා නම්පහලින් Comment එකක් දාලා ම යන්න...නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු . . .
BLOG
2014.11.20
http://softwarelanthaya.blogspot.com/
Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home
Roo Writer
ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධඅලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ. මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Launcher එකේ නම තමයි Facebook Home. මේක දැම්මම මුලු Phone එක පුරාවටම තියෙන්නෙ Facebook එක තමයි. ඒ කියන්නෙ ඔයාගේ Wallpaper එකේ තියෙන්නෙත් Facebook Photos,තව ඔයාගේ Facebook Messages විතරක් නෙමෙයි ඔයාට එනසාමාන්‍යText Messages ( SMS ) පවා Facebook Messenger එකේ Chat Heads ආකාරයට බලාගන්න පුලුවන්,අනික ඔයාට Lock Screen එකේ ඉදගෙන උනත් ඔයාගේ Facebook Account එක පාලනය කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් මේකෙන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් Phone එක ෆේස්බුක් Phone එකක් බවට පත්වෙනවා. පහලින් බාගෙනම බලන්නකො කොහොමද කියල මේ App එක.apk FileFacebook Home වල එන අලුත් විශේෂාංග☯Facebook Notifications, Updates, Messages, Wheather Informations ආදිය Lock Screen එක මතට ලබාගැනීම සහ ඒවා හැසිරවීමට හැකි වීම - Lock Screen☯Lock Screen එකේ සිට Facebook, Thumblr, Instagram ආදී Photos හැසිරවීමට හැකි වීම - Cover Feed☯Wallpaper එක Facebook Photos ඇසුරින් ඔබට අවශ්‍ය පරිදි Customize කරගත හැක - Wallpaper☯ඔබගේ අනෙකුත් Apps ඔබට පහසු පරිදි හසුරවාගත හැක - App Launcher☯ඔබගේ Facebook Messages පමණක් නොව අනෙකුත් Messages ආදියද Facebook Messenger එක හරහා Chat Heads ආකාරයට භාවිතා කල හැක - Messengerපහල රූප වලින් දැක්වෙන්නෙ Facebook Home එක ඔයාගේ Phone එකේ ක්‍රියාත්මක වන ආකාරයඑහෙනම් Launcher එක දාගෙනම බලන්නකෝ කොහොමද කියලා...පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ඔයාගේ අදහස පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා...එහෙනම් නැවතත් මේ වගේ Post එකකින් හමුවෙමු . . .
BLOG
2014.11.11
http://softwarelanthaya.blogspot.com/
Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )
Roo Writer
හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල.සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් කරලා Enter Key එක press කරන්න (තේරෙන්නෙ නැත්තන් පහල රූපය බලන්න )එහෙම ගියාම පහල රූපයේ විදියට web page එකක් open වේවි.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව ඔයාට video එක download කරන්න පුලුවන් formats සහ qualities.ඒවගෙන් කැමති එකක් උඩ click කරාම ඔයාගෙ video එක download වෙනව.දැක්කනේ,,වැඩේ හරිම ලේසියි.ඔයාට මේ විදියට නැතුව කෙලින්ම http://en.net කියන site එකට ගිහින් ඕනම online video එකක URL එකක්ලබාදීමෙන් ඒ video එක මේ විදියටම download කරගන්න පුලුවන්..මේ ක්‍රමයට ඔයාලට ඔයාගෙ ෆෝන් එකෙන් උනත් videos download කරන්න පුලුවන්.මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
BLOG
2014.11.10
http://softwarelanthaya.blogspot.com/
ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive )
Roo Writer
අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.අන්න එහෙම එකට යතුරක් හදාගන්න විදිය තමයි මං අද කියලා දෙන්නෙ. ඒත් මේකෙ පොඩි වෙනසක් තියෙනවා. මොකද, මේකෙ යතුරු හිල තමයි අපේ USB Port එක.එතකොට යතුර තමයි ඔයාගේ Pen Drive එක. මේකට අපි Use කරන්නෙ Predator කියන Software එක.මුලින්ම පහලින් ඒක බාගෙන ඉන්නකෝ...exe කියන File එක Install කරගන්න ඕන.ඊට පස්සෙ Predator එක Open කරගන්න.එතකොට මේ වගේ Window එකක් එයි. ඒක ආවම ඔයාගෙ යතුර,එහෙමත් නැත්තන් Pen Drive එක PC එකට Connect කරලා OK කියන Button එක Press කරන්න. එහෙම කරාම පහල තියෙනවා වගේ Window එකක් Open වේවි. දැන් ඒකෙ New Password කියන තැනට ඔයා කැමති Password එකක් දෙන්න. මොකද ඔයාගේ Pen Drive එක ඔයාගේ අතින් නැති උනොත් Computer එක Unlock කරන්න ඒ Password එක ඕන වෙනවා. ඊට පස්සෙ Select Drive කියන තැනින් ඔයාගෙ Pen එක තෝරලා දෙන්න. එතන එකේ ඔයාගේ USB Drive එක නැත්තන් දකුණු පැත්තෙ තියෙන List Fixed කියන එකට Tick එකක් දාල ආපහු බලන්න.එතනින් ඔයාගේ Pen Drive එක තේරුවාට පස්සෙ OK කරන්න. දැන් ඔයාගේ Task Bar එකේ පහල තියෙනවා වගේ Icon එකක් මතු වෙයි.ඒ කියන්නෙ දැන් වැඩේ හරි... පොඩ්ඩක් ඉන්න. තාම වැඩේ ඉවර නෑ.ඔයාට තව එක වැඩක් කරන්න ඉතුරුයි.ඒ icon එක උඩ Right-Click කරාම එන Menu එකේතියෙනඒකෙPreference කියන එකට යන්න. ගිහින් AutoStart with Windows කියන එකට Tick එකක්දාලා OK කරන්න. අවුල් වගේ නම් පහල රූපෙ බලන්න.දැන් ඔයාගේ Pen Drive එක නැති උනොත් මොකද කරන්නෙ.ඔයාගේ PC එක Lock වෙලා නම් ඔයාගෙ KeyBoard එකේ කැමති ඕනම Key එකක් එක දිගට 3 පාරක් Press කරන්න. එතකොට එයි පහල තියෙනවා වගේ Screen එකක්.ඒකෙ ඔයා ඉස්සෙල්ලා දුන්න Password එක දෙන්න.ඔයා වැරදි Password එකක් දුන්නොත් ඔයාගේ PC එක ආපහු Lock වේවි පහල තියෙනවා වගේ.මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
BLOG
2014.11.08
http://softwarelanthaya.blogspot.com/
Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )
Roo Writer
අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න. මේක අනිත් Photo Editors වගේ නෙමෙයි හොද Professional Interface එකක් තියෙනවා වගේම Use කරන්නත් ගොඩාක් ලේසියි. මේකෙ නම තමයි Metamorphosa. මේ App එකේ එක එක Photo Filters 50ක් විතර තියෙනවා .තව Lighting Effects 72 කුත් තියෙනවා.ඒ විතරක් නෙමෙයි එක එක Tools විශාල ප්‍රමාණයකුත් තියෙන මේ App එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මම නම් හිතන්නෙ. ඔන්න එහෙනම් පහල ScreenShots ටිකත් බලලම බාගන්නකෝ...මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න .ප්‍රශ්නයක් නැතත් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් ඒ ගැන Comment එක දැමීමට කාරුණික වන්න.එහෙනම් තවත් මේ වගේම ලිපියකින් හමුවෙමු . . .
BLOG
2014.12.20
http://rukshila-wettamuni.blogspot.com/
රාත්‍රිය හරි දිගුයි..........
Rukshila Wettamuni
උදාහිරු රැස් හෙමිංකොහේසැඟවුණිද දැංරාත්‍රියහරි දිගුයිගෙවෙන්නෙමනැති හැඩයිමේවිසල් කතරබිමහිඳිමිමං මග බලංදිනදසුනෙ පිටු අතරනැවතඑන දිනය තෙක්නාස්පුඩු ඉව කරයිඔබෙසුවඳ රැඳුණු තැන්නිදන්නටබැරි හැඩයිදෙනෙත්මගෙ හරි බරයි රුක්ෂිලාවෙත්තමුණි.
BLOG
2014.10.06
http://rukshila-wettamuni.blogspot.com/
උරුමය........
Rukshila Wettamuni
හිරු ගියත් අවරටම සඳ නැගෙයි එළිය දීනුඹ ගියත් දුර ඈත ඔබේ සිහින මටම දී රුක්ෂිලා වෙත්තමුණි.
BLOG
2014.08.19
http://rukshila-wettamuni.blogspot.com/
ආවර්ජනය
Rukshila Wettamuni
එළියඇතිහැමමොහොතකමඅඳුරෙගුලිවෙන්නහීනදකිනඅතීතය රුක්ෂිලා වෙත්තමුණිසිතුවම - මොටාගෙදර වනිගරත්න (අන්තර්ජාලයෙනි).
BLOG
2014.08.14
http://rukshila-wettamuni.blogspot.com/
රජීව් ගාන්ධි ගුවනින් පරිප්පු දමද්දි ජවිපෙ ගුවන් කඳවුරු ආක්‍රමණය කරයි ( ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා)
Rukshila Wettamuni
උතුරේ වඩමාරච්චි ප්‍රදේශය කොටින්ගෙන් මුදා ගැනීම සදහා විමුක්ති මෙහෙයුම 1987 මැද භාගයේදී ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට යමින් පැවතිණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ ජෙරී ද සිල්වා යන යුධ හමුදා අණ දෙන නිළධාරින්ගේ දායකත්වයෙන් ඇරඹුණ වඩමාරච්චි සටනට නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ යුධ හමුදා සෙබළු 4,300ක් එක්ව සිටියහ.මෙම හමුදා මෙහෙයුමට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිය. වඩමාරච්චි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත්වූ මෙම විමුක්ති මෙහෙයුම නොහොත් ඔබරේෂන් ලිබරේෂන් 1987 ජූනි 03වැනිදා ජයග්‍රාහීව නිමාකිරීමට හමුදාවන්ට හැකිවිය.වඩමාරචිචි මෙයෙයුම අතරතුරදී 1987 මැයි 28වැනිදා අගමැති රජීව් ගාන්ධි හමුවූ තමිල්නාඩු මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයේ හමුදා මෙහෙයුම් නිසා උතුරේ ජනයා මියයන බවද ඉන්ධන සහ ඖෂධ නොමැතිව මහත් පීඩාවට පත්ව සිටින බවද කියා සිටියේය. එබැවින් ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉන්දීය රජය වහ වහා පියවරක් ගත යුතු බවට එහිදී බලකර සිටියහ. තමිල්නාඩුවේ සහනාධාර රැගත් බෝට්ටු ශ්‍රී ලංකාවට යැවීමට ඉන්දීය අගමැතිවරයා ගෙන් අවසරද ලබාගත්තේය.මේ අතර 1987 ජුනි 2වැනිදා රාත්‍රී සමස්ත ඉන්දීය ගුවන් විදුලිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමිල්නාඩු රජය ශී්‍ර ලංකාවේ උතුරේ දෙමල ජනයා සදහා සහල්, ධාන්‍ය, පිටිකිරි, ටින් කෑම සහ ඖෂධ රැගත් බෝට්ටු 25ක් එවීමට කටයුතු කරගෙන යන බවය. එම බෝට්ටුවල නිරීක්ෂකයින් ලෙස දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ද රතු කුරුස නියෝජිතයින් ඇතුළු 94 දෙනෙක්ද එවන බවද එහි වැඩිදුරටත් සදහන් විය.මේ පිළිබදව ශ්‍රී ලංකා රජයේ, විපක්ෂයේ සහ ජනතාවගේ සියළු විරෝධයන් තොතකා රාමේෂ්වරම් තොටුපොලේ සිට පැමිණි ඉන්දීය බෝට්ටු 19ක් ජූනි මස 03වැනදා පස්වරු 6.00ට උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර උපදෙස් පරිදි එඩිතර නැවේ සිට නාවික භටයෝ මුහුදේ නැවක සිට එම බෝට්ටු ඉදිරියට ඒම නවතනු ලැබීය. එඩිතර නැවේ අණදෙන නිලධාරි වූයේ කපිතාන් සුරාජ් මුණසිංහය. ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය ලබාදුණි.උතුරට යැවීමට සූදානම් කළ බෝට්ටුවලට සහනාධාර පටවන තමිල්නාඩු ධීවරයින්පැය තුන හමාරක් කාලයක් මුහුදේ නතර වී සිටි ඉන්දීය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ආපසු ගියහ. කොළඹ පදිංචි ඉන්දීය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතර වන ලෙසට ජුනි 03 සහ 04 දිනයන්හිදී ඉන්දිය තානාපති කාර්යාලය නිවේදනය කළේය. ඉන්දියාව අනතුරුව ජුනි 04වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට ආධාර හෙළුවේ බෝට්ටුවලට පැමිණීමට නොදීමට එකට එක කිරීමක් වශයෙනි. මෙය ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නට පවා දැනුම් දුන්නේ පස්වරු 2.30ටය.සහනාධාර මෙ‍හෙයුමට එක්වූ බෝට්ටු උතුරට පැමිණෙමින් තිබූ අයුරුජනාධිපති ජයවර්ධන යුද, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් කැදවා කියා සිටියේ ඉන්දියාව ගුවනින් යාපනයට භාණ්ඩ හෙළා දැමීමට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු හමුදාමය කි්‍රයාමාර්ගයක් නොගන්නා ලෙසය. බැංගලෝරයේ පිහිටි යෙලන්කා හුමුදා ගුවන් තොටුපොළින් ඒ.එන් 32 වර්ගයේ් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක් ටොන් 25ක්ද රැගෙන ගුවනින් භාණ්ඩ හෙලීමට ඉන්දියාව කටයුතු කළේය. ඉන්දියාවේ මිග් ප්‍රහාරක යානා හතරක් මගින් එම සහනාධාර ඛෙදාදීමට ආරක්ෂාව ලබාදෙමින් ඉදිරියෙන් පියාසර කළේය. මෙම මෙහෙයුම හැදින්වූයේ ඔබරේෂන් පුමාලෙයි නමිනි.යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට යානා මගින් පැරෂුට් වල සවිකල භාණ්ඩ පෙට්ටි ගුවනේ සිට මුදාහරින ලදී. පස්වරු 5.30ට භාණ්ඩ හෙලීමේ මෙහෙයුම නිමවිය. එක් භාණ්ඩ ප්‍රවාහනය කල යානාවක මෙය නිරීක්ෂණයට ඉන්දීය මාධ්‍යවේදීන් 17ක්ද රොයිටර්, බීබීසි, ඒ.එෆ්.පී ඇතුළු විදේශ මාධ්‍ය සේවාවන්හි වාර්තාකරුවන් 18ක්ද ගමන් ගත්හ. ශී්‍ර ලංකාවේ ෙසෙවරීභාවය උල්ලංඝනය කල මෙම මෙහෙයුමට එරෙහිව ශ්‍රී ලංකිකයින්ගේ දැඩි අප්‍රසාදයට මෙන්ම ප්‍රබල විරෝධයටද හේතු විය.ගුවනින් සහනාධාර ගෙනා ගුවන් යානයක්මෙම කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් මාලාව වාර්තා කිරීමට විදේශ මාධ්‍යයන් බොහෝ උත්සුක විය. රොයිටර් වාර්තාකරු ඩෝල්ටන් ද සිල්වාට අමතරව ඇන්ඩෘ ටානොවිස්කි ශී්‍ර ලංකාවේ සිට කියාසිටියේ ෙජ්. ආර්. මරමු යැයි රට පුරා සටන් පාඨ ලියා ඇති බවද ප්‍රසිද්ධ වේදිකාවලදී ජනතාව විසින් ලඟදිම ජනාධිපති ජයවර්ධනට ගල්ගසා පන්නා දැමීමට සූදානම්බව කියන බවය.අනතුරුව ජුනි 17වැනිදා අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දීය විදේශ අමාත්‍ය නත්වාර් සිං නවදිල්ලියේදී හමුවූ විදේශ ඇමති ඒ.සී.එස් හමීඩ් යම් එකඟත්වයක් ඇතිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව නොඉල්ලාම ඉන්දියාව ආහාර සහ ඖෂධ ටොන් 681ක තොගයක් ඉන්දියාවේ අයිලන්ඩ් ෆයිඩ් නෞකාවෙන් කන්කසස්තුරේ වරායට ජුනි 22වැනිදා එවන ලදී. මේවා උතුරේ සමූපකාර මගින් ඛෙදාදීමට රජය පියවර ගත්තේය.යාපනය අල්ලා ගැනිමේ ආරක්ෂක හමුදා මෙහෙයුම ජුනි මස මැදදී ආරම්භ වීමට තිබූ අතර රජය මගින් එය නතර කිරීමට හේතු වූයේ මෙම ගුවනින් ආහාර හෙලීමේ සිද්ධියයි. එම තීරණය ජනාධිපති ජයවර්ධන ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිට දැනුම් දුන්නේය. උතුරේ යුධ මෙහෙයුම් නතර විය. ඇමති ඇතුලත්මුදලි විසිවී ඇමති ගාමිණී දිසානායක කරලියට පැමිණියේය.උතුරේ සන්නද්ධ කි්‍රයාකාරිත්වයේ වර්ධනය හමුවේ පමණක් නොව එයට පෙර 60 දශකයේ අවසාන භාගයේ සිට ඉන්දීයානු ආක්‍රමණයක් පිලිබදව නිශ්චිතව පෙර සිටම දැකිමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබිණි. එබැවින් ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කිරීම තුළින් ජනතාව ජවිපෙ දෙසට ආකර්ෂණය වෙමින් තිබිණි.ඉන්දියානු ආක්‍රමණයක් පිළිබදව ජවිපෙ මගින් 1986 අග භාගයේ සිට ජාතික මට්ටමේ පුළුල් උද්ඝෝෂණයක්ද දියත්කර තිබිණි. ජවිපෙ සටන්පාඨ අතර එකල"ජේ. ආර් වියරුවෙන් - ජනතාව සීරුවෙන් ""ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත්කිරීමට ඉඩ නොදෙමු""ජේ. ආර් මරමු"ඉන් කිහිපයකි.ජවිපෙ මගින් 1986දී පණගන්වන ලද දේශප්‍රේමි අරගලය මූලික වශයෙන්ම ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගනු ලැබීය.ගුවනින් බලහත්කාරයෙන් පරිප්පු දමන විට එයට එරෙහිව ති්‍රවිධ හමුදාවට ඒ සදහා බලය පාවිචිච් කිරීමට හෝ විකල්ප කි්‍රයාමාර්ගයක් ගැනීමට ජනාධිපති ජයවර්ධන ඉඩ නොදුන්නේය. සන්නද්ධව එයට ප්‍රතිචාර දැක්වීමට විෂය මූල අවශ්‍යතාවයක් වහා වහා අවශ්‍යව ඇතැයි ජවිපෙ රටටම කියා සිටියේය. එවැනි දේශප්‍රේමි අරගලයකට සහාය වන්නයැයි ඔවුහු ඉල්ලා සිටියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපරයේ සන්නද්ධ කි්‍රයාමාර්ග උත්සන්නකර ගැනීමට එය කදිම අවස්ථාවක්ද විය.නීති විරෝධී, දේශදෝහී එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමල ඛෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජවිපෙ සන්නද්ධ හස්තය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කියා සිටියේය. ඒ අනුව ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින තුනකට පසු එනම් 1987 ජුනි 07 වැනිදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට කඩා පැන ප්‍රහාරයන් දෙකක් දියත් කරන ලදී. ආරක්ෂ හමුදාවන්ට එල්ල කරන ලද මෙම ප්‍රහාරයන් මුළු රටටම අදහා ගත නොහැකි විය.කටුනායක ගුවන් හමුදා සහ රත්මලාන කොතලාවල පීඨයේ ප්‍රහාරයන් සැලසුම් කලේ මෙන්ඩිස් මහත්තයාය. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඔහු ගනේමුල්ලේ පදිංචි කරුවෙකි. නමින් සෙල්ලප්පෙරුම සමන් පි්‍රයසිරි ප්‍රනාන්දුය. නැතහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධානියාවන කීර්ති විජයබාහුය. ජවිපෙ සන්නද්ධ අංශයේ වගකීම් දැරුවේ ඔහුය.එම ප්‍රහාරයන් මෙහෙයවන ලද්දේ සිරිපාල සහ ෂෙල්ටන් රාජපක්ෂය. ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල කොටුගොඩවත්තේ පදිංචි කරුවෙකි. ෂෙල්ටන් රාජපක්ෂ යනු රාගම සෝමේය. ගම්පහ කොස්වාඩියේ පදිංචිකරුවෙකි. දෙදෙනාම සැකපිට ප්‍රශ්න කිරීමට කලින් අත්අඩංගුවට ගත්තද ඉන් මිදී පලාගොස් තිබිණි. සීදුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස කුඩාහෙට්ටිට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද මොවුන් අවශ්‍යව සිටියෝය.කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහරදුන් කණ්ඩායම ප්‍රථමයෙන් 1987 ජුනි 04වැනිදා පස්වරු 5ට හමුවූයේ මීගමුවේ සිරගෙදර ලඟ තිඛෙන පිට්ටනියටය. කණ්ඩායම් හතරක් වශයෙන් ඔවුන් ගෙන්වා තිබිණි. සවස 7.30ට වෑන් රථයක නැඟ මීගමුවේ නිවසකට ඔවුන් කැදවා ගෙන එන ලදි. එහි වූයේ 31 දෙනෙකි. මෙන්ඩිස් මහත්තයා පැමිණ රටේ දේශපාලන තත්ත්වය සහ යෝජිත පළාත් සභා ගැනද විග්‍රහ කළේය. ඉන්දීයාව ඊයේ අහසින් පරිප්පු දැමූ බවද අද හෙටම රට ගොඩබිමින් ආක්‍රමණය කරන බවද එයට එරෙහිව නායකත්වය දීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තීරණය කර ඇතැයිද අවධාරණය කළේය.පසුදින එනම් ජුනි 05වැනිදාද ඔවුන් එම නිවසේම රැදී සිටියේය. ජුනි 06 වැනිදා රාතී්‍ර 10ට ඔවුන්ට මෙන්ඩිස් මහත්තයා කියා සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදී ආයුධ ලබාගත යුතු බවය. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව එම ආයුධ අවශ්‍ය බවය. අතින් අදින ලද කඳවුරේ සිතියමක් පෙන්වා කඳවුරට පහර දෙන ආකාරය විග්‍රහ කර සියළු අයට වගකීම් පවරන ලදී. සියළු දෙනාම ලොරියක නංවාගෙන කටුනායක කඳවුරේ පිටුපස අතුරු පාරක ලොරිය නවතා සියළු දෙනාම බස්සවන ලදී.හමුදා කඳවුරේ වැටෙන් ඇතුළුවී වැඩ භාරගත් අයුරින් විවිධ කාර්යයන් ඔවුන් නිරත විය. නිළධාරින් යටත් කරගෙන බැඳ දමා පැහැරගත් ජීප් රථ වලින් ආයුධ පිටතට ගෙන එන ලදී. ඇතමෙකු මීගමු පාරට පැමිණ කොළඹ ආවේ පාන්දර 4.00 බස් රථයෙනි. කැරලි කරුවන් තිදෙනෙකු මියගොස් තිබිණි. පලායෑමට නොහැකිවූ තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එක් ගුවන් සෙබලෙකු මිය ගොස් තිබිණි.මියගිය කැරලිකරුවන් තිදෙනා අතර රාගම සුමිත්, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති ජ~පුර සරසවියේ කාරියප්පෙරුම අතුකෝරලගේ රනිල් නොහොත් රනිල් රෝයල්ද විය. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමට ෂෙල්ටන් රාජපක්ෂ, නිමල් ජයරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, අහම්පොඩි පියදාස, පුෂ්පමාලි රණසිංහ, උපාලි, කේ.ඒ.පී නිමලරත්න, මහින්ද, එන්.එම්. ශි්‍රයානන්ද, කේ විජිත කරුණාරත්න යන අයද එක්වී සිටියහ.කටුනායක ප්‍රහාරයට සහභාගිවී මෝටර් රථයකින් පලායෑමට කළ උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාචාරයේ ආරම්භක සභාපති රනිල් රෝයල්(ඉහළ ඡායාරූපයේ) සහ ප්‍රහාරය මෙහෙයවූ නායකයින් වමේ සිට( ප්‍රධාන සැලසුම්කරු වූ සමන් පියසිරි නොහොත් මෙන්ඩිස් මහත්තයා, ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් රාගම සෝමේ, ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)කටුනායක සහ කොතලාවල ආරක්ෂක පීඨයට පහරදී ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජුනි 07වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වගකීම භාර ගත්තේය. ආයුධ තිබිය යුත්තේ නියම දේශප්‍රේමින් අතේ බැවින් ඉන්දීය ආක්‍රමනිකයා හමුවේ මුළු ගැන්වූ මව්බිමේ ආරක්ෂාවට නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි ලබාගත් බවද එහි සදහන් විය. මෙහිදී ටී. 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලූ යාන්තී්‍රක තුවක්කු 02, පිස්තෝල 06ක් වෙඩි උණ්ඩ 3,300ක් පැහැරගත් බව කියති. ආණ්ඩු විරෝධී සහ ඉන්දීය විරෝධී බොහෝ කොටස් අතර ජවිපෙ ජනපී්‍රයතාවයට මෙය ඛෙහෙවින් ආකර්ෂණීය තත්ත්වයක් උදා කළේය.මේ අතර තුළ රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජ්‍යෙතින්ද්‍රනාත් ඩික්සිට්, හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම් සහ ඇමති ගාමිණී දිසානායක අතර ඉන්දු ලංකා ගිවිසුමක් ඇතිකර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් පැවතිණි. එයට ජනාධිපති ජයවර්ධනගේද ආශිර්වාදය නොඅඩුව ලැබිණිධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ඉරිදා රිවිර පුවත්පතේ 2014 අගෝස්තු 10 ඉරිදා පලවූ ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා - 07.
BLOG
2014.08.07
http://rukshila-wettamuni.blogspot.com/
ආදරය.........
Rukshila Wettamuni
සඳට පෙම් බැන්දාට හිරු තරහ වුණේ නෑතරු එළියට ලෝබ වීඅයිතිකර ගත්තෙ නෑරිදීවන් රේඛාව අහස් කුස සිඹිනවිටමේඝ දූතයන්විත් ගෝරනාඩු කෙරුවාටකළුවර දෙනෙත් හිමි නිශා කුමරී ළඟටදිව ගිහින් හිමි සඳුනි ඔබේ රැස් දුන්නාටසඳ එළිය රෑ පුරා විහිදුවා හතිලන්නඅඳුර ඇති හැම තැනම එළිය පතුරාලන්නසොමි ගුණය උතුරුවා හදින් හද සනසන්නඔබ නොවෙද හිමි මගේ සදා ළංවී සිටින රුක්ෂිලා වෙත්තමුණිසිතුවම - ජයසිරි සේමගේ (අන්තර්ජාලයෙනි).
BLOG
2014.07.21
http://rukshila-wettamuni.blogspot.com/
බුර්කාවෙන් සැඟවූ ගැහැනුන්ගේ ලෙයින් තෙත්වන "සුදු හිම පලස"........
Rukshila Wettamuni
ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයටහසුව පීඩා විඳින ඇෆ්ගන් කාන්තාවගේ ජීවිතසුවිශාල කැන්වසයක් පුරා දිගහැර පාන්නටමෙහි කතුවරිය වූ පුෂ්පා රම්ලනී 'සුදුහිම පලස' හරහාසමත්වේ.පස් වසරක් මුළුල්ලේඇෆ්ගනිස්තානයේ සේවාකාලයක් ගෙවා දමන ඇය, තමාලද අත්දැකීම් කැටි කොට ඇෆ්ගන් කාන්තාව විඳි දුක්ගැහැට කියා පෑමට ඉතා සංවේදී, හෘදයාංගමහා නිර්මාණාත්මක ලියවිල්ලකින් අප හමුවට එයි.2012 වසර අවසානයේ තොම්සන් රොයිටර්පදනම විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කාන්තාවකට විසීමට නුසුදුසුම රටක් ලෙසඇෆ්ගනිස්තානය නම් කොට තිබේ. ආසියාතික රටක් වූ ඇෆ්ගනිස්තානය දකුණින් හානැගෙනහිරින් පාකිස්තානයෙන්ද, බටහිරින්ඉරානයෙන්ද, උතුරින් තුර්ක්මෙනිස්තානය, තජිකිස්තානයහා උස්බෙකිස්තානයෙන්ද ගිනිකොන දිගින් චීනයෙන්ද වට වූ දේශයකි. මෙහි ජනගහනයෙන් 48% ක්කාන්තාවන් විය.1995 දී තලේබාන් ඉස්ලාමීය අන්තවාදීහූ ඇෆ්ගනිස්තානයේ පාලන බලය අතටගත් අතර 1996 දී එය ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනයවිය.මෙම මූලධර්වාදීන්ගේ පාලනයත් සමඟගැහැනිය වහලියක් බවට පත්විය. ඇය නිවසේ බිත්ති හතරට පමණක් සීමා වූ සිරකාරියක් දදරුවන් බෝ කරන යන්ත්‍රයක් ද විය. එමෙන්ම පිරිමියාගේ හිතු මනාපෙට එහෙට මෙහෙට අඹනමැටි ගුලියක් ද විය.නිල් පැහැති බුර්කාවෙන් සැරසුණු ඇෆ්ගන් ගැහැනුන් මා දැකතිබෙන්නේ "කාබුල් එක්ස්ප්‍රස්" චිත්‍රපටයෙනි. එම කාන්තාවන්ටම සමාන කළුපැහැ දිගු ලෝගුවෙන් සැරසී දෑස් පමණක් විවර වූ ගැහැනුන් නම් මා දැන් ජීවත්වන බහරේන්රටේත් නිතරම දකින්නට හැකිය. ඒ අතර ඇතැමුන් ඇස් දෙක පමණක් විවර වූ සිහින් තීරුවත්, දැලකින්ආවරණය කරගෙන සිටිනු පෙනෙයි. රාත්‍රි වේලාවට කළුවරක ඔවුන් හමු වූ විට නම් හිතටබියක් නොනැගෙන්නේද නොවේ. ඉතාමත් සුන්දර වූ මෙම කාන්තාවන්ගේ සුන්දරත්වය දැක බලාගන්නට ගැහැනියක් වූ මට නම් හැකි විය. තමන්ගේ රූ සපුව කළු ලෝගුවකින් වසාසිටියත් රූපලාවන්‍ය කටයුතු කර ගැනීමට ඔවුන් නිතර සිනමා ශාලාවක හෝ වෙන යම් ස්ථානයකඇති කාමර සඳහා (වොෂ් රූම් එකට) පැමිණෙයි. එවිට තම හිස පැළැඳි ආවරණය ඉවත් කොට හිතුමනාපෙට තම මුහුණු වර්ණ ගන්වන සැටි දැක්කාම මට හිතෙන්නේ මේ ගැහැනුන් කොච්චරඅසරණ ද යන්නයි. ඒ වගේම මට ඔවුන් ගැන ඇති වෙන්නේ දැඩි ආත්මඅනුකම්පාවක්."සුදු හිම පලස" නම්කෙටිකතා සංග්‍රහය ශ්‍රී ලාංකික අපිට නැවුම් අත්දැකීම් සම්භාරයක් එක්කාසු කිරීමටසමත් වේ.දුක් විඳින ගැහැනු ගැන, තවත්ගැහැනියක් කියන මේ හද පාරන කතා ගැන, ගැහැනියක්විදියට මා පත් වූයේ දැඩි කම්පනයකටයි. මෙහි අන්තර්ගත කෙටිකතා දොළොස අතරින් ගැහැනුන්විඳි දුක් ගැහැට දැඩි ලෙස ඔබේ හදත් පාරනු නොඅනුමානයි.මා මෙහිදී කියන්න උත්සාහ දරන්නේ සුදු හිම පලසේ අැතුළත් ඉතාශෝචනීය අවස්ථා කිහිපයක් පිළිබඳයි. එම අවස්ථා කතුවරියගේ චවන වලින්ම උපුටා දැක්වීමසුදුසුම ක්‍රියා පිළිවෙතයි."උණුසුම් ශීතල" නම් වූ කෙටිකතාවේඇතුළත් මෙවැනි කරුණු කාරණා වලින් අපට අනාවරණය කරන්නේ ලෝකය කෙතරම් සංකීර්ණද යන්නයි.ගැහැනු බුර්කා තුළ සඟවාපිරිමි සිය අවශ්‍යතා ඉටු කරවා ගැනීමට මෙන්ම ගැහැනුන්ව අභිසාරීකා වෘත්තියේ යෙදවීමටආගමික සම්ප්‍රදායයන් යොදා ගන්නා බව මෙහි සඳහන් වේ. සමහර හෝටල් වල ලිංගික වෘත්තිකයන් ලෙස සේවයේ යොදවා ඇති ස්ත්‍රීන්ගැනුම්කරුවන් පැමිණෙන තෙක් බුර්කා තුළට වී සිටින බවත්, හදිසියේහෝ පොලීසියෙන් පැමිණෙන බව දැන ගත් විට පිරිමින්ද බුර්කා තුළ සැඟවීසිටිනබවත් ඒ සඳහාම එම කාමර තුළ වැඩිපුර බුර්කා තබාගෙන ඇති බවත්ය. බුර්කා හැඳසිටින ස්ත්‍රීන් පරීක්ෂා කිරීමට පොලිසියටවත් අවසර නැත.එමෙන්ම පුෂ්පාරම්ලනී“උණුසුම්ශීතල”කතාවේදී ප්‍රේමය ගැන අදහස්දක්වන්නේ ඉතා අගනා පද ගැළපීමකිනි.ජෝර්දාන් ජාතික කාන්තාවක වන"අමල්" ගේ දෘෂ්ටි කෝණයෙන් ලියවුණු මේ කෙටිකතාව ආදරයේ උණුසුම හමුවේමොළොක් වන අපගේ සිත් සීතලෙන් කීරී ගැසීමට සමත් වෙයි.“ඔහු පියවරින් පියවර මගේ හදවත ආක්‍රමණය කරන්නේ සූක්ෂමආකාරයටය. පුරා වසරක්ම ඔහු මා වෙනුවෙන්ම බලා සිටියේ ඉතා ඉවසීමෙනි. මේ වසර තුළ මාඔහුව පරික්ෂාවට ලක් කළා යැයි මට සිතේ. ඔහුගේ නිවුණු ගති ගුණ මා සිත ආදරෙන් ඔත්පළකර ඇත. එහෙත් මෙරට තුළ පවතින සංස්කෘතික තහංචි හුදකලාව අපිට හමුවීමට තිබෙන අවකාශඅහුරා ඇත. මෙහි ප්‍රේමය තහනම් වචනයකි. ඔහුට මගේ නවාතැනට ඒමට හෝ මට ඔහුගේ නවාතැනටයාමට හෝ කිසිසේත්ම කළ නොහැකිය.හැඟීම් වලට යදම්, අඟුලුදා හිම තට්ටු යට වැළලිය යුතුව ඇත.”ඇෆ්ගනිස්තානයේ ප්‍රේමය තහනම්චවනයකි. එහෙත් ඉතාලි ජාතික කාන්තාව ප්‍රේමය දකින්නේ වෙනම කෝණයකිනි. ඇය ආසියාතිකගැහැනුන්ගේ ආකල්ප පිළිබඳ දැඩිව විවේචනය කරයි. එසේ ඇය විඳින ප්‍රේමය, පුෂ්පා රම්ලනී අපට පෙන්වා දෙන්නේ මෙයාකාරයෙනි.“ඔයා දන්නවද අමල්, මමමගේ එක පෙම්වතකේව අත්ඇරියේ ඇයි කියල. එයා මට සිගරැට්බොන්න දෙන්නෙ නැති නිසා. තව පෙම්වතෙක් අත් ඇරියේ එයා පාවිච්චි කරන සුවඳ විලවුන් වලසුවඳට මට ඔක්කාරය හැදෙන නිසා. ඔයා දන්නවද..... මගේ තව බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්හිටියා එයාට හරියට කෙල්ලෙකුගේ මූණ ඉඹින්නවත් දන්නෙ නැහැ. ඉතිං එයත් එක්ක ආශ්‍රයකරලා ඇති පලේ මොකක්ද.”“ප්‍රේම නොකර කාව හරි සිපගන්න පුළුවන්ද.”“මොකෝ බැරි . එයාගේසිප ගැනීමේ තියෙන ආකර්ෂණයටම ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්. ඔය දේවල් ඔච්චරසීරියස්ලි හිතල වැඩක් නැහැ බබෝ. එකට ඉන්නකොට ප්‍රේම කරනවා.ඊට පස්සෙ සාමාන්‍ය යාළුවෙක් විතරයි. මම කාට හරි කැමතිනං ගිහින් කෙළින්ම අහනවා, මාත්එක්ක රැයක් ගත කරන්න කැමතිද කියල....”"මොනවා. එහෙම අහන්නෙ කොහොමද.""කැමතිනං එහෙම ඇහුවම මොකදවෙන්නෙ. ඒව ප්‍රශ්න නෙවෙයි, ළමයෝ..........""ජීවිතය ව්‍යාකූලයි නෙවෙයි.ජීවිතය සුන්දරයි. අපි එය විඳින්න බයයි. ජීවිතයෙ සුන්දරත්වය උරා බොන්න ඕනෑප්ලාස්ටික් බටවලින් ද එහෙමත් නැත්නම් ආදරය උතුරන තොල් සඟළකින්ද කියල තීන්දු කරන්නවෙන්නෙත් අපටම තමයි."ආසියාතික හා අරාබි ගැහැනුන් බටහිර ගැහැනුන් තරම් ස්වාධීනවහිතන්නට හෝ හැසිරෙන්නට හෝ මැළි වන්නේ ඔවුන්ගේ ආගමික පසුබිම හෝ හැදියාව නිසාද. නොඑසේනම් සංස්කෘතික ගති පැවතුම් හෝ සම්ප්‍රදායයන් බිඳින්නට ඇති නොකැමැත්ත නිසාද. යනගැටලුව ගැහැනියක් විඳියට පුෂ්පා රම්ලනී මේ කතාව ඔස්සේ අපෙන් ප්‍රශ්න කරයි."සුදු හිම පලසේ", පළමුකතාව වන“දෙවියන්දඅසරණය”කෙටිකතාවේ"නස්රීන්" ගේ චරිතය තුළින්යුද්ධයේදරුණු පලවිපාක වලට මුහුණ දුන් ඇෆ්ගනිස්තානයේ ජන ජීවිතය තලා පෙළා දමන ආකාරය "මනාවපිළිඹිබු කරන්නට කතුවරිය සමත් වේ.නස්රීන්ට යාන්තම් දැනෙනඅවධියේ සිටම බෝම්බ පුපුරන හඬ, වෙඩි හඬ, යුද ගැටුම් මිස සාමකාමී වාතාවරණයක් තුළ කිසි විටෙකත් කල්ගෙවා නැත. රුසියානුවන් යුද්ධ කොට ඇෆ්ගනිස්තානය අල්ලා ගත් කාලයේ නස්රීන් එහා මෙහාදුව ඇවිදන කෙලි පැටික්කියකි. කොන්වෝයි යුද ටැංකි එන හඬින් කලබල වන ඇගේ අම්මා දරුදැරියන් සේරම රොත්ත බුරුත්ත පිටින් මැටි ගේ තුළට ගාල් කරන්නට උත්සහ ගන්නීය.“ඔය අසමජ්ජාති හැත්තට කටේකිරි සුවඳ ගිය නැති පුංචි කෙල්ලක් හරි කමක් නැහැ. උන්ගේ තිරිසන්කම පිරිමහ ගන්න. තු∙විතරක්හිවල්ලු.....”"රුසියානුවන්ගෙන් පස්සේ මුජහිදීන් කාරයෝ. රුසියානුවෝ පිටදේශක්කාරයෝ. මුජහිදීන් කාරයෝ අපේම රටේ අපේම සහෝදරයෝ. ඉවක් බවක් නැතිව සහෝදරයන්ටඑරෙහිව සහෝදරයන් මරා ගන්නවා. පුදුම අවමානයක්. පුදුම බල ලෝභයක්...... ""ඊට පස්සේ තලෙයිබාන්කාරයෝ. එපාම කරපු හැත්ත.....උන් අපිට ඉස්කෝල යන්න තහනම්කළා. හිස සිට දෙපතුල දක්වාම වහගෙන ඉන්න කියල අපට නියෝග කළා. ගැහැනුන්ට රස්සාවල්කරන එක තහනම් කළා. ටී.වී. එළියට වීසි කළා. මොන තරම් නස්පැත්තිදායක කාල පරිච්ඡේදයක්ද ඒක."නස්රීන්, සියඅතීතයට දිව යන්නේ හඬන පොඩි එකා වම් අතට ගෙන දකුණු අතින් දරුවාගේ විවර වුණු කට තුළටසිය ලොට තනපුඩුව ඔබමිනි. තනපුඩුවේ කිරි නොමැති බව දැන දැනත් ඇය එසේ කළේ ළඳරුවාගේහැඬිල්ල නවත්වන්නට වෙන විකල්පයක් ඇයට නොමැති බැවිනි. සහනාධාර සඳහා හාල්, පොල්, තෙල්, අල, ලුනුආදිය ලබා දුන්නද කෙදිනකවත් කිරිපිටි නොලැබුණේ පකිස්තානු නිලධාරීන් ඒවා ඔවුන්ගේගෙදර ගෙන යන බැවිණි.යුද්ධයේ සාපලත් මිනිසුන්ගේශෝකාන්තයයි මේ ආකාරයෙන් කතාව පුරා දිග හැරෙන්නේ.ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට හසුව පීඩා විඳින ඇෆ්ගන්කාන්තාවගේ ශෝචනීය තත්ත්වය ඉතා උග්‍ර ලෙස කියා පාන කෙටිකතාවකි "මැටිබෝනික්කෝ"."මට දැන් මතක් වෙන්නෙ එක්දහස්නවසිය අනූතුනේ අවුරුද්ද. තලේබාන්කාරන්ව අපට පෙනුණෙ අමනුෂ්‍යයන්ටත් අන්ත විදිහට.ගැහැනු කියන්නෙ වෙන ග්‍රහලෝකයකින් පොලොවට පාත් වුණු, කිසිමඅයිතිවාසිකමක් නැති, බල්ලො,කුකුල්ලුතරම්මවත් වටින්නෙ නැති, දුක, වේදනාවදැනෙන්නෙ නැති අසංවේදී මනුස්ස කොටසක් විදිහටයි ඔවුන් හිතන්නේ. ශුද්ධ වූ කුරානයමමත් කියවල තියෙනවා. ගිරා පෝතක න්‍යාය අනුව නෙවෙයි. තේරුමත් හොඳාකාරවම දැනගෙන. මේඅය එහි සඳහන් දේවල් සමහරෙකට අලුත් නිර්වචන, අර්ථකථනදීලා. ඇත්ත නැති කරලා, සත්‍ය විකෘති කරල තමයිපෙන්නල දෙන්නෙ. ඔවුන් හිතන්නෙ ගැහැනු අපි, තිරිසනුන්ටත්වඩා පහත්, උන්ගෙ පයේ දූවිල්ලක් තරම්මවත් වටින්නෙ නැති අබල දුබල ජාතියක්කියල. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන, බුර්කාවඇතුළට හිරවෙලා, මැටි ගෙවල් ඇතුළෙම ගුළි වෙලා බත් තම්බ තම්බ සිටිය යුතු සත්වවිශේෂයක් කියලා."මෙහි කතා නායිකාව එක දිගටම එක හුස්මටම තම ආවේගය පිටකරන්නේහුස්ම ගන්නවත් ඉඩක් නොතියාම කරන කතා බහිනි. මෙහිදී ඇය තම දුක වේදනාව පවසනුයේ කෝනම්තේජාටය. කෝනම් යනුවෙන් කාන්තාවන්ට අමතන්නේ, මැඩම්හෝ නෝනා මහත්තයා යන ගෞරවාන්විත අරුතිනි.ඇගේ නම විමසන කෝනම් තේජාට ඇය දුන් පිළිතුර ඉතා දාර්ශනිකය.ගැහැනියක් විදියට මට ඇය ගැන දැනෙන්නේ ගෞරවයකි.“නමෙන් වැඩක් නැහැ, කෝනම් තේජා.මගේ නම හකීමා වුණත්, සොරායා වුණත් තේරුමක් නැහැ.නමට හරි නමේ තේරුමට හරි කවුරුවත් සලකන්නේ නැහැ. කාගෙවත් නමෙන්වත්, වාසගමින්වත්, පෙළපතින්වත්වැඩක් නැහැ. මම ගැහැනියක්. අනික මම පෂ්ටූන්ද , තජීක්ද, උස්බෙකීද, හසාරාද කියල වැඩකුත් නැහැ.අපි සේරම පාරේ දැක්කොත් බුර්කාවලින් වහපු මැටිරූප වගෙ තමයි පෙනෙන්නෙ. උන්ට ඕනි ඕනිවිදියට අඹා ගන්න පුළුවන්, අවශ්‍ය විදියට කඩලා බිඳලා විනාශ කරන්න පුළුවන් මැටි රූප.තවත් දෙයක්, උන් ගහන ගහන බෙර පදයට නැටිය යුතු, නැත්නම්උන්ගේ අතේ තියෙන නූල්වලට එහාට මෙහොට නටන්න පුළුවන් මැටි රූකඩ බෝනික්කියො. ඔව්කෝනම් .... මැටි බෝනික්කියො කියන නම තමයි, අපිට ගැළපෙන්නෙ. සමාජය අපිවමැටි ගුලි බවට පත්කරලා. ඒත් අපේ ඔළු ගෙඩිවල මැටි නැහැ. අන්න ඒ කාරණය හොඳාකාරවමදන්න නිසා තමයි, මේ ලෝකේ කොහේවත් නැති නීති දමල අපිට නොමිනිසුන්ට වගෙසලකන්නේ.”කාන්තා පීඩනයේ උච්චතම අවස්ථාවන් නිරූපණය කරන තවත් කෙටිකතාදෙකකි“දෙවනබිරිඳ”නමින් එන කෙටිකතාව හා"කුල ගර්වය".“දෙවන බිරිඳ” නම්වූ කෙටිකතාවේ ප්‍රධාන භූමීකාව රඟ දක්වන්නේ"ගුල්නිසාය".දොළොස් හැවිරිදි පාසල් යන වියේ හුන් ගුල්නිසාට විහාහ වන්නටසිදු වන්නේ ඇයට වඩා වසර ගණනාවකින් වැඩිමහලු වූ "රහමතුල්ලා" සමඟය.ඇය, ඔහුට විවාහ කොට දෙන්නේ දෑවැද්ද ලෙස ලක්ෂ දෙකක් ඇයගේදෙමාපියන්ට ඔහුගෙන් ලැබුණු හෙයිනි."කොල්ලා, ගුල්ටපණ ඇරලා. ලක්ෂ දෙකක් දෙනවලු. අල්ලා දෙයියෝ මගේ දිහාත් බැලුවා. කෙල්ලව කසාද බැඳලාපෙෂාවර්වලට එක්ක යනවලු. සල්ලිවලින් අපිට ගේ තව ටිකක් ලොකු කර ගත්තැහැකි.""එතකොට කෙල්ලගෙ ඉස්කෝලෙ. ""මොන කෙහෙල්මල් ඉස්කෝලයක් දගෑනියේ. මෙච්චර සල්ලි කන්දරාවක් උඹ හිතනව ද වෙන කවුරු හරි අපිට ගෙවයිකියලා ගුල්නිසාට. අනෙක කෙල්ලන්ට උගන්නලා මොන කෙංගෙඩියකට ද. රස්සාවටදේස දීපංකරේ යවන්නටයැ. උඹ ගැනම හිතපන්කො. මළපොතේඅකුරක්වත් උඹ දන්න එකක් ද. ඔය යස අගේට පවුල් කන්නෙ. දරුවොහදන්නෙ. මැහුම් ගෙතුම් කරන්නෙ. ගෑනියෙක්වුණහම ඒ ටික දැන ගත්තම මදෑ. "වැඩිවියට පැමිණ අවුරුදු දෙකක් ගත වන්නටත් පෙර ගුල්නිසාටමනාලියක් (අරූස් කෙනෙක් ) වීමට සිදුවූයේ රහමතුල්ලාගේ, ලක්ෂදෙක හේතුවෙනි. ඇෆ්ගන් සමාජය තුළ තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල හිමි වූයේපුරුෂයාටයි. ඒ අනුව ඔහුගේ තීන්දුවට විරුද්ධ වන්නට කවුරුවත් ඉදිරිපත් නොවෙයි.රහමතුල්ලා ඇයව විවාහ කොට ගන්නේ බිරිඳකගේ අවශ්‍යතාවයකට නොවඔහුගේපික්පොකට් ගැසීමේ ව්‍යාපාරයටසම්බන්ධ කර ගැනීමටය. එහෙන්ම ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමටය."ගුල්නිසා, හෙටඅනිද්දම මම උඹව ටවුමට එක්ක යනව. මගෙත් එක්ක පික්පොකට් ගහන්න. අපි දෙන්නම වැඩ කළොත්වැඩිපුර කීයක් හරි හොයා ගන්න පුළුවන් වෙයි. උඹ තාම පොඩි කෙලි පැටික්කිනෙ. මම උඹටඇඳුමකුත් ගෙනාව. කොල්ලො දමන සෙරෙප්පු දෙකකුත් එක්කම. උඹ කෙල්ලෙක් වගෙ නෙවෙයි,ටවුමට යන්නෙ.කොල්ලෙක් වගෙ.......""අද ඉදල උඹේ නම, අබ්දුල්ලා. ටවුමෙදි හොඳට මතක තියා ගනිං. මං උඹට කතා කරන්නේ අබ්දුල්ලාකියල."දවල් වරුවේ 'අබ්දුල්ලා' නමින් පික්පොකට් ගසන ඇය හවස් වරුවේ'ගුල්නිසා' විය. රහමතුල්ලාගේචාරයක් නැති යහළුවන් පිනවීමට ඇයට සිදුවූයේ ඇගේ අන්ත අසරණකම නිසාය.උණුවතුර බෝතල් දෙකකට පිළියෙලකළ කොළ තේ පුරවා ගෙනවිත්රහමතුල්ලාගේයහළුවන්ට සංග්‍රහ කරන විට ඔවුන් හැසිරුණේ උම්මත්තකයන් මෙන්ය. කෙනෙක්ගුල්නිසාගේ තට්ටමට තට්ටු කළ අතර, තවෙකෙක් අතින් අදින්නටත්තවෙකෙක් පියයුරුවලට අනින්නටත් විය. මත්වැටියකින් සප්පායම් වී ඒ දෙස බලා සිටීරහමතුල්ලා සිනාසුණේ මේ සියලු කාරණා අනුමත කරන්නාක් මෙනි.දින කිහිපයකට පසු තත්ත්වයවඩාත් දරුණු වූයේ රහමතුල්ලා ඔහුගේ යාළුවන් සමඟ රමණයේ යෙදෙන්නැයි ඇයට බල කළ හෙයිනි.මෙවැනිම ඉතා අයුක්ති සහගතවිවාහයක් සිදුකිරීමට ගත් උත්සාහයක් ගැන"කුලගර්වය" නම් කෙටිකතාවේ සඳහන් වෙන්නේ මෙසේය."අමීනා" එහි අවාසනාවන්තතරුණියයි. ඇය ආදරය කිරීමේ වරදට මරණය වැළඳගත් තැනැත්තියෙකි. "කරීම්මුල්ලා"ගේ හතරවෙනි භාර්යාව ලෙසට ඇය විවාහ කර දීමට සිතූ පියා, අමීනාවාසනාවන්තකෙල්ලක් ලෙස පවසයි. මෙය ගැහැනු පිළිබඳ ඔවුන් දක්වන තිරිසන් ආකල්පය මනා ලෙසඉස්මතුවන ප්‍රබල අවස්ථාවකි."ලතීෆා, අමිනාහරි වාසනාවන්ත කෙල්ල. අපේ දුව කරීම් මුල්ලාගේ හතරවෙනි භාර්යාව වෙන්නයියන්නේ.""මොනවා. අරසීයා කෙනෙක් වගෙ මිනිහව මං කසාද බඳින්න ඕනැ කියලද කියන්නෙ."“උඹට ප්‍රශ්න අහන්ඩ අයිතියික් නැහැ, මෝඩකෙල්ල. මුල්ලා ඇෆ්ගන් රුපියල් ලක්ෂයක් මට අද ගෙනැල්ලා දුන්නා. ඉතුරු ලක්ෂෙ උඹවකසාද බැන්ද දවසට දෙන්න පොරොන්දු වුණා.උඹලව අපි හදන්නෙ විකුණන්නකියල උඹලා දන්නේ නැද්ද. අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි වෙනසක් නැහැ. පුංචි වෙනසකටතියෙන්නේ වික්කට පස්සේ බැටළුවන්ව මරනවා. උඹලා අලුත් ජීවිතයක් ලබනව.”ගඳ ගහන මුල්ලා කෙනෙකුගේහතරවැනි බිරිඳ වීම මොන තරම් අවාසනාවන්ත සිදුවීමක් දැයි සිතමින් ඇය ළතවිය. අවසානයේඇය තම හිතින් පෙම් කරන පෙම්වතා හමුවීමට ගියාය. වැඩේ වැරදෙන්නේ එතනදීය. ඔවුන්ට ප්‍රසිද්ධියේහෝ හිතු මනාපෙට හෝ කිසිවෙකුට ආදරය කළ නොහැකිය. එමෙන්ම පිරිමියෙකු හා තනිපංගලමේ කතාකරන්නටද තහනම්ය.අමිනා කළ වැරැද්ද කථිකාකිරීමට ගමේ 'ෂූරා' සභාව පසුදින හදිස්සියේරැස්විය. ෂූරාවේ සිටින්නේ පිරිමින් පමණක්ය. ඔවුන් ලෝකයේ වෙනත් රටවල සිදුවෙන දේවල්කිසිවක් ගැන දන්නේ නැත. ඒවා දැන ගන්නට උවමනාවක්ද නැත. ඒ අනුව ඔවුන් හරි යැයිනිතර සිතයි.අමිනා,ෂාරියා නීතිය උල්ලංඝනය කිරීමේ බරපතළ වරදක් කළ හෙයින් ඇයට මරණීය දඬුවමතීන්දු විය. ඇයට අවවාද කිරීම හෝ අනතුරු හැඟවීමක් හෝ සිදු නොවීය. පවුලේ කුල ගෞරවයකෙලෙසීමේ වරදට ඇත්තේ එකම තීන්දුවකි. ඒ මරණීය දඬුවමයි.ඒ අනුව අමිනාව පණ පිටින් ගෙලතෙක් වළ දමා,පස් යට කොට ගල් ගසා මරා දැමීමටත්, ඇය සමඟ තනිපංගලමේ කතාකොටසිටි තරුණයාට කස පහර හතළිහක් ගැසීමටත් ඒකඡන්දයෙන් තීන්දු විණි.ඇගේ දෑත් බැඳ වළට තල්ලු කළඅතර හිස මත ගල් වරුසාවක් වැටෙන්නට විය. පැය දෙකක් ගතවන තුරුත් අමිනා ගල් පහර කාගෙනවිලාප නැඟුවාය. අවසානයේ ඇගේ ඔළුව කඩා වැටිණි. අමිනාගේ මුහුණ හඳුනා ගන්නට බැරි තරමටවිරූපි වී තිබුණි.“නුඹලාගෙන් කිසිම පාපයක් නොකළකෙනෙක් නුඹලා අතර වේ නම් පළමුවන ගල ගසා පල්ලා’යයි කියන්නට ජේසුස් වහන්සේ පහළ වූයේ නැත. ඇය අමීනා මිස මරිය මග්දලේනානොවූවාය. හරි වැරදි කියා දෙන්නට ඇත්ත නැත්ත පහදා දෙන්නට මොහොමද් නබිතුමාද නැත.පටාචාරාට, කිසාගෝතමීට හෝ රජ්ජුමාලාට හෝ පිහිට වන්නටපැමිණි ලෙසින් ගෞතම බුදුන් වහන්සේටද මේ අබුද්දස්ස කාලයේ පහළ විය නොහැකිය. කටපාඩමින් මිස අකුරු ගළපා කුරානය කියවන්නට නොදත් නූගත් නොමිනිස් මුල්ලාගේ අණට සියලුදෙනා ඇහුම්කන් දිය යුතුය”විසි එක් වන ශත වර්ෂයේ දීමෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදු කරතැයි කිසිවකුට හෝ අනුමාන වශයෙන් සිතිය නොහැකිවූවත් ඇෆ්ගනිස්තානයේ දී එය සැබැවින්ම සිදුවිය යනුවෙන් කතුවරිය අපට පසක් කර දෙයි.මෙහි අන්තර්ගත කතා අතරින්"සුදු හිම පලස" කෙටිකතාවේ ගැහැනියගේ භූමිකාව ගෙන හැර පාන්නට කතුවරියයොදා ගන්නේ වැන්දඹු කාන්තාවක් හා තරුණියක්ය. ඔවුන් අස්රා හා ෂෆිනාස්ය. ඉතා කෙටි වූමෙම කතාවේ මාගෙ අවධානය යොමු වන්නේ ෂෆිනාස් ගේ භුමිකාව වෙතටයි. ඇය කියන හද පාරන චවනදෙසටයි.ෂෆිනාස්, අස්රා සමඟ අසම්මත ප්‍රේමයක පැටලෙයි. එය සමාජයේ වපර ඇහෙන්මිදි ඔවුන් රහසිගතව පවත්වාගෙන යයි.පිරිමින් සතුව පවතින නිදහසගැහැනුන්ට අහිමි කර ඇත්තේ ඇය පිරිමියාට වඩා වටිනාකමෙන් අඩු යයි සමාජය තක්සේරු කරනනිසාද. මෙම මිණුම් දඬු සමාජයටනිර්මාණය කර දී නීති රීති ද පනවා ඇත්තේ පිරිමින්ම නොවේද. එයට හේතුව ගැහැනුන් අයාලේ යාවි යයි ඔවුන් සිතන නිසා නොවේද. මේ සියලු ප්‍රශ්න සමාජයෙන් විමසුවහොත් බංගලාදේශයේ, "තස්ලිමා නස්රීන්ට" මෙන් තමාට ද සමාජ අපවාද සමඟ මරණදණ්ඩනය ද නියම කරනු ලැබෙනු ඇතැයි ෂෆිනාස්ට සිතිණි.වැන්දඹුවක් වූ නිසාම කෙනෙකුටප්‍රේම කිරීමට හෝ අයිතියක් නැතිව සියලු හැඟීම් යටපත් කර ගෙන ගෙවූ කාලය කොතරම්අසුන්දර ද කටුක ද කියා ඇය, ඇයගෙන්මප්‍රශ්න කර ගනියි. එමෙන්ම පිරිමින්ට නම් සිය බිරියන් මියගිය විට පමණක් නොව, ජීවත් වන විට පවා වෙනත් විවාහයන් කර ගත හැකි නමුදු, ගැහැනුන්ට එසේ කිරීම තහනම්ය. සියලු හැඟීම් පාලනය කරගෙන සිටීමගැහැනුන්ගෙන් අපේක්ෂා කෙරිණි.ෂෆිනාස්ගේ මෙම කියමෙන්ද අපටඒත්තු ගන්වන්නේ ඇෆ්ගන් ගැහැනුන්ගේ හිතේ තෙරපෙන පීඩනයයි.ඇය විසින්ම තමා වටකොට ඉදිකරගනු ලැබූ සම්මතයේ පවුරු දෙදරා සුණු විසුනුව යන අයුරු ඇයට දැනිණි. අස්රාගෙන් මේකරන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන්නට ඇයට අවශ්‍ය වූ නමුදු, අමුතුම අත්දැකීමකින් විඳින සුන්දරත්වයෙන් ගත සිත මොහොතකට හෝබැහැර කරලන්නට ෂෆිනාස්ට ලෝභ සිතිණි. ගොරෝසු රැවුල් කොට නොඇනෙන, මත්පැන්, සිගරැට් ගඳින් තොර මේ සිප ගැනීම් මොන තරම් මෘදු දැයි ඇයටසිතිණි."අවමානය" යනුවෙන් සඳහන්වන කෙටිකතාවෙන් ගෙනහැර පාන්නේ තරුණියකගේ සිතේ නළියන යෞවනයත්වයි. එමෙන්ම දැඩිඅන්තගාමී පිරිමින්ගේ නොමනා ප්‍රතිපත්තියි."අනීසා" නම් වූ තරුණියඇගේ වයසවත් හරි හැටි නොදන්නා බවත් ඇය ෆාර්සි හෝඩියේ මුල් අකුර වූ 'අලෙෆ්' යන්නවත් නොදැන සිටි බව කතුවරිය ඉතා සුන්දර බස් වහරකින් අපටපෙන්වා දෙයි.නිල් පාට බුර්කාවෙන් හිස සිටදෙපතුලටම වසා ගෙන, ඇස් අසල ඇති අඟල් හතරක් දිගපළල දැල් කඩෙන් පමණක් පෙනෙන සීමාව බලාගෙන හෝ ගෙයින් පිටතට යෑමට ලැබේ නම් එයද භාග්‍යයක්කොට බොහෝ ගැහැනු සිතූහ.ඇමරිකානු සොල්දාදුවන්වබුර්කාවේ පටු තීරයෙන් දකින අනීසාගේ සිතුවිලි යෞවනත්වයේ පසුවන තරුණියකගේ හැඟීම්කවරේදැයි අපට මැනවින් කියාපායි.රැවුල් වවාගෙන, ඔළුවේ ජටා ගැට ගහගෙන හෝ තොප්පි දමාගෙන හෝ කිලුටු ඇඳුම් ඇඳගෙනහෝ ඉන්න ඇෆ්ගන් පිරිමින්ට වඩා මේ සුදු සොල්දාදුවන් හැඩකාර යයි අනීසාට සිතෙයි.බුර්කාවේ දැල යටින් ඇති තරම් වේලා ඔවුන් දිහා බලා සිටිය හැක්කේ කාටවත්ම ඇගේ ඇස්ඇත්තේ කොහේ දැයි නොපෙනෙන නිසාය.එමෙන්ම බුර්කාව ගැහැනියගේලස්සන වහන දිග පඩංගුවක් වැනි යැයි ඇය සිතයි....... තමා සැරසී සිටි ඇඳුමදපබළුවලින් හා සීකුවීන්ස්වලින් හැඩ වැඩ දමා තිබුණත් බුර්කාව ඒ සියලු අලංකාරයන්වසාගෙන සිටියි. බුර්කාව විටෙක වාසියක් සේ දැනුණත් අවාසි නම් රැසක් ඇතැයි ඇයටසිතිණි. බුර්කාව ඉවත් කර සිය ඇඳුම ඔවුන්ට පෙන්වන්නට ඇත්නම් හොඳ යැයි අනීසාසිතුවාය.ඡන්ද දායකයින් ලියාපදිංචිකිරීමේ මධ්‍යස්ථානයේදී ඇගේ මිතුරියන්ගේ පාට පින්තූර කැමරාවෙන් ගෙන කාඩ්පතක අලවාඇති අයුරු දකින අනීසා ඇයට ද පින්තූරයක් ගැනීමේ ආසාවෙන් පෙළුණි. ඒ අනුව තමමිතුරියන් දෙදෙනා සමඟ යන ඇය කැමරාව ඉදිරියේ බුර්කාව හිසින් ඉවත් කොට කැමරාවට මුහුණදෙන්නේ ඉතා බියෙනි. කැමරාව මෙහෙය වූයේ ඇෆ්ගන් ජාතික ළාබාල තරුණියක් වුවද අනීසාගේපපුව ගැහෙන්නට වූයේ ඇය කිසි දිනක එහෙම දෙයක් දැක නොතිබූ බැවිනි.දිගු සිහින් නැහැය, නිල් පාට ඇස් දෙක, ගනට වැඩුණු තද කළු ඇහි බැම, ඇපල් ගෙඩිවල පැහැය සොරාගත් දෙකම්මුල් යනාදියමෙහි එන්නට පෙර බිඳුණු කණ්ණාඩි කැබැල්ලෙන් මුහුණ බලන විට ඇගේමුහුණ සුන්දරව දුටු බව ඇයට මතක් විය. පින්තූරය ගත්තාට පසු කණ්ණාඩි කැබැල්ලටඑබෙන්නේ නැතිව රිසි සේ ඇගේ රූ සපුව දැක බලා ගත හැකි යැයි ඇය සිතුවත් සිදු වූයේ ඇයනොසිතූ දෙයකි.දැඩි අන්තවාදි මතධාරියෙකු වූඅනීසාගේ සොහොයුරා හිත්පිත් නැතිව ඇගේ සියලු සිහිනයන් කීතු කීතු කර දැම්මේ එක්නිමේෂයකිනි. ඒ ඇය තමාගේ සුන්දර ඡායාරූපය සහිත හැඳුනුම්පත ඔහුට පෙන්වන්නට යාමේදීය."කවුද උඹට පින්තූර ගන්නකිව්වේ. මේ මොන අසමජ්ජාති වැඩක්ද. පට්ට බැල්ලි... උඹ දන්නෙ නැද්ද යකෝ ගෑනුන්ට ෆොටෝ ගන්න තහනම්කියල. තාත්තගෙ බුරුල නිසා තමයි මේ සේරම නාඩගම්""එහෙම තහනමක් නැහැ කියල අපේමුල්ලා ළඟදි රේඩියෝ එකෙනුත් කීවා, මොහොමඩ්. දැන් ඉස්සරට වැඩිය ලෝකෙ වෙනස්. මේ දැරිවි ආසාවටෆොටෝ එකක් ගත්තට ඔය තරම් කෑ ගහන්න ඕනැද . ""තාත්තා දන්න කෙහෙල්මල.""මේවා දැන්ම නතර නොකළොත් මේකෙල්ලව හදා ගන්න වෙන්නෙ නැහැ. උඹට ෆොටෝ ඕනෙත් නෑ. ඡන්ද ඕනෙත් නැහැ. ඇමරිකන්කාරයෝඑන්නෙ අපේ සිරිත් විරිත් විනාශ කරල දාන්න. හිටපන් ගෙදරට වලො මොකෙක් හරි මිනිහෙකුටබන්දලා දෙනකල්. "අනීසාගේ සොහොයුරා මෙසේ කෑමොර දෙමින් "හිටපන්කො, උඹගෙ පණ්ඩිතකමට මම හොඳ වැඩක් කරන්න" කියමින් කාඩ්පතගිනි දලු නඟින උදුනට විසි කළේය. උදුනට අත දමා එය ඉවතට ගන්න තරම් අනීසාට උවමනාවූවත් එසේ කිරීමට තරම් ශක්තියක් ඇය තුළ වූයේ නැත.අනන්ත සිහින දැක ජීවිතයේමුල් වරට ගත් පින්තූරයේ තව කොපියක්වත් ඉල්ලා ගන්නට නොහැකි වූවා නොවේදැයි සිතමින්ඇය සුසුම් ලෑවේ තම පින්තූරය පිළිස්සී කරකුට්ටං වී යන අයුරු බලා ගෙනය.පුෂ්පා රම්ලනීගේ "සුදුහිම පලස" කියවා මා දින ගණනාවක්ම කම්පා සිතින් කල් ගෙවූයේ මාත් ගැහැනියක් වූනිසාය. මෙහි ඇති කෙටිකතා දොළොස එකවර එක හුස්මට කියවිය නොහැකිය. එය ඒ තරම්ම අපේසිත් කම්පනයට පත් කරයි. මා මේ අවස්ථාවේදී මෙහි ඇති ඇතැම් කෙටිකතාවල යම් යම් වියරණදෝෂත් ඇතැම් අවස්ථාවන්හීදි දක්නට ලැබුණු වාර්තා ස්වරූපයත් අමතක කරනු ලැබුයේ"සුදු හිම පලස" මගේ හදවතේ ගැඹුරුම තැන් කීරි ගැසූ බැවිණි.මෙහි අන්තර්ගත සියලුමකෙටිකතා පිළිබඳ සඳහන් නොකළත් මගේ සිත තදින්ම වෙළා ගත් කාන්තාවන්ගේ මානසික හාශාරීරික පීඩාවන් පිළිබඳ සඳහන් වන අවස්ථා ගැන අවධානය යොමු කිරීමට මම වග බලාගත්තෙමි.ඉතා නිදහස් පරිසරයක හැදුණුවැඩුණු මට, බුර්කාවෙන් වැසුණු ඇෆ්ගන්අසරණ ගැහැනු ගැන දැනුණේ ඔවුන් කෙතරම් අවාසානවත්තද යන්නයි.ඇෆ්ගන් කාන්තාවන්ගේ දුක්ඛිතතත්ත්වයන්ගෙන් අතලොස්සක් ගෙන ඉන් කතා අහුරක් ඉතා නිර්මාණශීලීව සිංහල පාඨකයා හමුවේ දිගහැරීම පිළිබඳ කතුවරියට තුති.......-රුක්ෂිලා වෙත්තමුණි -2014 - 07 - 21.
BLOG
2014.07.07
http://rukshila-wettamuni.blogspot.com/
අවුකන පිළිමය හදලා තියෙන්නෙ මහා පුරුෂ ලක්ෂ ණ 32ම යොදලා............
Rukshila Wettamuni
ශ්‍රීලංකාවේ කලාකරුවාගේඅද්විතීය නිර්මාණ බොහොමයක් ලෝකප්‍රකට කලාකෘති ලෙස සම්භාවනාවට පත්වී ඇත. මහමෙව්නාවේසමාධි පිළිමය,තොළුවිල පිළිමය,සීගිරි සිතුවම් මෙන්මවෙහෙරගල රන් ආලේපිත අවලෝකිතේශ්වර පිළිමය හා අවුකන පිළිමය එසේ සම්භාවනාවට පාත්‍ර වූකිහිපයක් පමණි. ලෝකය හමුවේ ප්‍රෞඪ ජාතියක් ලෙසින් නැඟී සිටින්න සමත් මෙම නිර්මාණසැබැවින්ම ජාතියේ දායාදයන්ය.මේ අතරින් අපගේ සාකච්ඡාවට බඳුන්වන අවුකන පිළිමය ශ්‍රේෂ්ඨ කලාපරපුරක අතීත සාඩම්බර දක්ෂතාව ලෝකය හමුවේ දිගහැරීමට සමත් කෘතියක් බවට අමුතුවෙන්කිවයුතු නොවේ.අනුරාධපුරදිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලාවැව දෙසට මුහුණලා මහ කළු ගලකමුහුණතේ නෙළා ඇති මෙම පිළිමය අඩි 38ක් අඟල් 10ක් උසින් යුක්තය. ක්‍රි.ව. 5 වැනි සියවසේ ලංකා රාජ්‍ය පාලනය කළ ධාතුසේන නම් මහානරපතියාගේ විශිෂ්ට කෘතියක් ලෙසට ඇතැම් විද්වතුන් සලකන කලා වැව දෙසට මුහුණලා වසරදහස් ගණනක් තිස්සේ මහා කරුණාවෙන් යුතුව වැඩ සිටින මෙම පිළිම වහන්සේ ලංකාවෙන් හමුවනහිටි ආබද්ධ පිළිම අතරින් විශිෂ්ටතම පිළිමය බවට අවිවාදයෙන් යුතුව පිළිගැනේ.‘මෙම පිළිමයේ කාලනිර්ණය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන්හා ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැත. ඊට අනුව බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේනරජතුමා කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙසයි. ඊට අනුව මෙය ක්‍රි.ව. 05 වැනි සියවසට අයත් බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේඅදහසයි. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන එස්.එම්. බරෝස් මහතා මෙය ක්‍රි.ව. 12 වැනි සියවසේදී මහාපරාක්‍රමබාහු රජු කරවූවක් යැයි කියයි.නමුත් මේ කාරණාව සනාථ කිරීමට එතුමා සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. එසේම වින්සන්ට් ඒ.ස්මිත් මහතාද ඉහත මතය පිළිගනී. එසේම අනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ අවුකන බුදුපිළිමය දොළොස්වැනි ශතවර්ෂයේ අග භාගයට හෝ දහතුන්වැනි ශතවර්ෂයේ මුල් භාගයට අයත් වනබවයි.තවද මහාචාර්ය ‍දොහානියන් මෙම පිළිමයේ ඉදිකිරීම් අවධියපිළිබඳ සඳහන් කරමින් මෙය ක්‍රි.ව. 8 වැන සියවසට පමණ අයත් බවපවසයි. ඒ සඳහා මෙම පිළිමයේ දක්නට ලැබෙන අමරාවතී ශෛලියේ ලක්ෂණ උපයෝගි කර ගනී.මෙම සුවිශේෂී ප්‍රතිමාව කුමන කාලපරිච්ඡේදයක දී ඉදිවීදයන්න අනුමාන කළ හැකි ශිලා ලිපියක් 1952 අවුකන පිළිමයේ නැඟෙනහිරබිත්තියේ තිබී සොයාගෙන ඇත. මෙම ශිලා ලේඛනයේ සඳහන් කරුණු හා අක්ෂරවල ලක්ෂණවලට අනුවඑම ලිපිය ක්‍රි.ව. 8 වැනි සියවසට අයත්ය. නමුත් ගැටලුව වන්නේ එමපිළිමයට අයත් පිළිමගේ ඉදිකළ වර්ෂය ලෙසට එය සැලකිය හැකි වීම නිසා පිළිමය ඉදිකිරීමසම්බන්ධයෙන් එයින් එතරම් ආලෝකයක් නොලැබීමයි. නමුත් පිළිමයේ ඉදිකිරීම් මෙම ශිලාලිපියට අනුව ස්ථීර වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවසට වඩා ඈතට ගමන්කරන බවට පැහැදිලි සාක්ෂි දැක්විය හැක්කේ පිළිමය ඉදිකළාට පසු එයට පිළිමගෙය ඉදිකරවනබැවිනි. මේ අනුව මෙම ශිලා ලේඛනය ලැබුණත් පිළිමය ඉදිවූ කාලසීමාව පිළිබඳ පරණවිතානමහතා දෙන කාලය පිළිබඳ ඔහු දක්වන මතය අත්හැරීමට සූදානම් නොවේ.ඒ අනුව එතුමා පවසන්නේ ධාතුසේන රජ සමයේ ඉදි වූ පිළිමයට ඊටවසර 300කට පසු පිළිම ගෙයක් ඉදිකළ බවයි. එසේම තවදුරටත් ඒ පිළිබඳවිග්‍රහයක යෙදෙන පරණවිතාන මහතා පවසන්නේ ක්‍රි.ව. 3, 4, 5 සියවස්වල ලංකාවේ කලාව ඉතාදියුණුව පැවැති බවයි. අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු යුගයක් බැවින් එකල මෙවැනිවිශිෂ්ට නිර්මාණ බිහිවීමට තිබූ ඉඩකඩ ඉතා අඩු බවයි. නමුත් මේ මතය පිළිනොගන්නාමහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා පවසන්නේ අනුරාධපුර යුගයේ අගභාගයේදීද ලාංකිකශිල්පියා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවූ බවයි. ඊට නිදසුන් ලෙස එතුමා පන්කුලියපිළිමය, අභයගිරියේ මහසෙන් මාලිගයේ විශිෂ්ට සඳකඩපහණ, බිසෝමාලිගයේ සඳකඩපහණ, රත්නප්‍රාසාදයේ මුරගල වැනිනිර්මාණ පෙන්වමින් ඒවා සියල්ල ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් කළ හැකිබව පවසමින් ඉහත පරණවිතාන මතය නිෂ්ප්‍රභ කරයි.අවුකනප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ කුමන බුදුන් වහන්සේ කෙනෙකු ද යන්නටද විද්වතුන් අතරඑතරම් පිළිගැනීමක් නැත. මෙම පිළිමයේ ප්‍රතිමා පාදයේ තිබී හමුවූ ලෝකඩ ප්‍රතිමා 5ක් කෙරේ සැලකිලිමත් වූ පරණවිතාන මහතා එම පිළිම පහෙන්ඉන්දු, බ්‍රහ්ම, යම, කුවේර, වරුණ යන දෙවිවරුන් නිරූපණයවන බව පවසයි. මෙයින් බුදුන්ගේ දේවාතිදේවභාවය හා බ්‍රහ්මාතිබ්‍රහ්මභාවය නිරූපණයවන්නේ යැයි එතුමා වැඩිදුරටත් කියයි. මෙම දේවරූප ප්‍රතිමා පාදයේ නිධන් කර තිබී ඇත.මෙම ප්‍රතිමාව ආරම්භයේදී එසේ ආසනයක් නොතිබූ බවත් පසුකලෙක ගල්පතුරුවලින් පද්මාසනයක්කරවා ඉහත කී දේවරූප නිධන් කරන්නට ඇතැයි පරණවිතාන මහතා කල්පනා කරයි.ඉහත කී පිළිම 5 සැලකිල්ලට ගනිමින් මෙමපිළිමයෙන් නිරූපණය වන්නේ දීපංකර බුදුන් වහන්සේ යැයි කඹුරුපිටියේ වනරතන හිමියෝ ප්‍රකාශකරති. ඊට අනුව එහි පාදයේ තිබී හමු වූ ඉන්ද්‍ර, බ්‍රහ්ම, යම පිළිම ඒ අයුරින් ම හඳුනා ගන්නා කඹුරුපිටියේ වනරතනහිමියෝ අනෙක් පිළිම දෙක සුයාම හා සන්තුසිත ලෙස හඳුනා ගනිති. මහාසාංඝිකලෝකෝත්තරවාදීන්ගේ විනය ග්‍රන්ථයක් වූ මහා වස්තුවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේගේපරිවාර දේවතාවන් ලෙස ඉන්දු, බ්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත දෙවිවරුන් සිටින බව කියා තිබේ. ඊටඅනුව බුද්ධ ප්‍රතිමාවේ පාදයේ තිබී හමු වූ එම පිළිම පහට අනුව මෙම පිළිමය දීපංකරබුදුන්ගේ පිළිමයක්ය යන්න උන්වහන්සේ පවසති.අනාගත බුදුවරයා වන මෛත්‍රිය බුදුන්, අප බුදුන්ට විවරණ දුන් දීපංකර බුදුන් යන දෙදෙනාමඅසූරියන් උස යැයි කියා තිබේ. රැස්වෙහෙර පිළිමය මෛත්‍රිය බුදුන් ලෙස අර්ථ නිරූපණයකරන කඹුරුපිටියේ වනරතන හිමියන් මෙම පිළිමයෙන් දීපංකර බුදුන් නිරූපණය වන්නේ යැයිතවදුරටත් කියයි. දීපංකර බුදුන් නාවිකයන්ගේ ආරක්ෂකයෙක් ලෙසටද පිළිගැනීමක් ඇත.ධාතුසේන පුත්‍ර මුගලන් රජු ‘සයුර අරක්බැඳ දීපය නිර්භයකෙළේය යයි’ චූලවංශ කතුවරයා දක්වා ඇත. ඔහු එසේ ලියන්නට ඇත්තේමේ දීපය ආරක්ෂා කිරීම දීපංකර බුද්ධ පිළිබඳ විශ්වාසය තබා විය හැකිය. මෙකල දීපංකර ප්‍රතිමාගෘහයක් ද තිබූ බව කියන උන්වහන්සේ මේ ප්‍රතිමාවේ දකුණත මුද්‍රාව වෙනස් වූයේද එයදීපංකර බුද්ධ වූ නිසා යැයි සිතයි.මහසයුරක්සමාන කලාවේ ආරක්ෂාව පේකඩ හා මේ ප්‍රතිමාව කරවන ලදැයි ජනප්‍රවාදය ඇති වූයේද මේසංකල්පය නිසා බවට උන්වහන්සේගේ නිගමනයයිමෙම ප්‍රතිමාවේ නිර්මාණ ලක්‍ෂණ දෙස බැලීමේදී මුහුණගැඹුරු හැඟීමෙන් බරව නිර්මාණය කර ඇත. එය බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නටගත් උත්සාහයක් වැනිය. පිළිමයේ හිසකෙස් දක්‍ෂිණාවර්තව අක්බඹරු ආකාරයෙන් ක්‍රමානුකූලවපැහැදිලිව නෙළා ඇත. පිරිපුන් හිසක් දක්නට ලැබේ. සිහින් ඇහිබැම, දිගටි ඇස, ස්ථිර ගන දෙතොල්, පුළුල් නළලත මහත් වූ ගෙලයනාදී ලක්‍ෂණ ඉතා වැදගත්ය. දෑස ගැඹුරු හැඟීමක් නිරූපණය කරයි. එසේම මෙහි ආණ්ඩකාරමුහුණ ලම්බකර්ණ හා දිගටි ඇස් යන ලක්‍ෂණයන් ගුප්ත කලා සම්ප්‍රදායට සමාන වුවත් එමශෛලිය අභිභවා යන ලෝකෝත්තර ගුණයක් මෙම පිළිමයේ මුහුණින් පිළිබිඹු වේ.මුහුණේගැඹුරු බව බුදුන්ගේ දසබලධාරීත්වය ඉස්මතු කරයි.අවුකනපිළිමයේ හිසේ දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණය සිරස්පත ලෙස හැඳින්වේ. මෙය පසුකාලයේදීඇද වැටී තිබී නැවත ස්ථාපිත කර ඇත. මෙය ශාඛා 05 කින්යුක්තය. මෙහි මධ්‍ය ශිඛාව ක්‍රමයෙන් උසින් යුක්තව නිර්මාණය කර ඇත. උෂ්ණිෂයක් නැතිනමුත් සිරස්පතත් හිසත් අතර කොටස උෂ්ණිෂයක් මෙන් උස්ව දක්වා ඇත. මෙම සිරස්පතගැලවී බිමවැටී තිබී 1870 දී සොයාගෙනඇත.අවුකනපිළිමයේ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන ලක්‍ෂණයක් වන්නේ ඒකාංශ පාරූපණයෙන් යුතු රැලි සහිතසිවුරයි. මෙහි රැලි එකිනෙකට සමාන්තරව ගලා වැටෙන සේ දක්වා තිබේ. සිවුරේ රැලි ඉතාතීව්‍ර ආකාරයට මතුකර තිබේ. මෙය අමරාවතී ශෛලියට බොහෝ සෙයින් සමාන බවට සමහරවිද්වතුන් කරුණු දක්වයි. පිළිමයේ සිවුර දැක්වීමේදී අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයටවැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය හා අඳනය නිසා දෙපා හා උදර බන්ධනය මතුවීපෙනේ. වම් උරහිසට යොදා ඇති සිවුරුපට පහළට වැටීම වැළැක්වීම සඳහා වම් අත වැළමිටෙන්නවා උරය දෙසට යොමු කර ගෙන සිටියි. එම වම් අතට සිරවූ සිවුරු පට වම් අත දිගේ පහළටකලාත්මකව වැටෙන ලෙස දක්වා ඇත. මෙම සිවුරුපොට නිසා එය පිළිමයට ප්‍රතාපවත් බවක් එක් කරයි. සිවුර බෙහෙවින් දුහුල්ව දක්වාතිබීම නිසා ශරීරයේ හැඩය මනාව ඉස්මතුවී පෙනේ.අවුකනපිළිමය මහාපුරුෂ ලක්‍ෂණවලින් සමන්විත වූ පිළිමයකි. ඊට අනුව කකුල්වල පිටි පතුල් දෙක, දෙඅත්වල පිටි අල්ල දෙකඋරහිස් දෙක හා ශරීරය පිරී තිබෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. පිළිමයේ දකුණතින් ආශිංශනමුද්‍රාව දරන අතර වම් අතින් කටකහස්ත මුද්‍රාව දරයි. දෙකකුල එකිනෙකට ආසන්නයෙන්දක්වා ඇත. ශරීරය ආරෝහපරිණාහ සම්පත්තියෙන් යුක්තය. ඒ තුළින් දසබලධාරීත්වය මැනවින්පෙන්නුම් කරයි. මහාපුරුෂ ලක්‍ෂණ බෙහෙවින් නිරූපණය කර ඇති මෙම පිළිමයශිල්ප ශාස්ත්‍ර න්‍යාය ග්‍රන්ථ හොඳින් අනුගමනය කරමින් නිර්මාණය කර ඇති බව මහාචාර්යචන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි.අවුකනපිළිමය පිහිටුවා ඇත්තේ පද්මපීඨයක් මතය. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ පිළිමයක්ස්ථාපිත කරනුයේ පද්මපීඨයක් මතය. ඉන් බුදුන්ගේ ලෝකෝත්තර බව සංකේතවත් කරන්නේ යැයිවික්‍රමගමගේ මහතා කියයි. මෙම පිළිමයේ පද්මාසනය තුළ තිබී යන්ත්‍ර ගලක් හෙවත්ගර්භපාත්‍රයක් හමුවිය. එය ගර්භ 25 කින් යුක්තවිය. සාමාන්‍යයෙන්බුදුපිළිම යට මෙසේ යන්ත්‍රගල් පිහිටුවීම එකල සම්ප්‍රදාය විය.අවුකනපිළිමය වටා පිළිම ගෙයක් ඉදිකළ බවට ඉහත විස්තර විය. සම්පූර්ණ පිළිමය වැසෙන සේ එකලඑය ඉදිකරන්නට ඇත. මෙම පිළිම ගේ පහළ කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණයකර ඇත. මෙම පිළිම ගෙයි භූමිය මීටර් 7×14 ප්‍රමාණයෙන්යුක්තය. ප්‍රදක්ෂිණාපථයක්ද සහිත මෙම පිළිම ගේ 8 වැනිසියවසේදී ඉදිකළ බවට ඉහත විස්තර විය.කලාවැවඅසබඩ ඉවුරේ සිහිල් මඳනල පහස විඳිමින්ද වරෙක දැඩි හිරුරැස්වල කටුක බව ලබමින්දමහාකරුණා සමාපත්තියෙන් ඒවා සමසිතින් විඳදරා ගනිමින්ද අප වෙනුවෙන් යොමු වූමහාකරුණාවෙන් යුක්තව වසර දහස් ගණනක් තිස්සේ අපගේ දුක සැප සම සිතින් දරමින් අවුකනබුදුන් නොසැලී හිඳී. මහකළුගලකින් මෙතරම් මානුෂීය ගුණාංග මතුකිරීමට සමත්වූ අතීත හෙළකලාකරුවා සැබවින්ම නිවුණු හදවතක් ඇති තැනැත්තෙක් විය යුතුය. ඔහු තුළ තිබූ සංයමය ඔහුතුළ තිබූ තැන්පත් බව ඔහු තුළ තිබූ මානව දයාව මෙම රළු ගිරිකුලට ආරෝපණය කළේආශ්චර්යකින් නොවේ. මෙතරම් රළු කළුගලක් ඔහු ඉදිරියේ සුමට වූ හැටි විස්මයජනකය. මහාකලාකරුවාණනි ඔබ තැනූ මේ විශිෂ්ට උත්කෘෂ්ට නිර්මාණය තවත් වසර දහස් ගණනක් මෙලෙසමපවතිනු ඇත. එසේම ඒ කාලයපුරාවටම අවුකන බුදුන්ගේ මහා කරුණාව අප හට ලැබෙනු නිසැකය.සුන්දරකලා වැවේ දියරැලි අතරින් මතුවන සිසිලසත් අවුකන බුදුන්ගේ මහාකරුණාවත් එකට කැටි වූමඳ සුළඟ මෙම ස්ථානයට සපැමිණෙන කවර නම් තරමේ කෙනකුගේ වුවද සිත සමාධිගත කරවන්නේනිරායාසයෙනි.අවුකන සමිඳුනි ඔබගේ මෙත් දහරින් පුහුදුන් අපගේසිත් සතන් තෙමාලමින් තවත් සහස්‍රකයක් අප වෙනුවෙන් හිඳිනු මැනවි.බුද්ධිනාගොඩවිතාන -පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවඋපුටා ගන්නා ලද්දේ - මව්බිමඡායාරූප - අන්තර්ජාලයෙනි.
BLOG
2014.06.03
http://rukshila-wettamuni.blogspot.com/
සිහින.............
Rukshila Wettamuni
එන්නකෝ එන්නකෝමා වැළඳ ගන්නකෝසාදරයෙන් පිළිගනිමිහනි හනික එන්නකෝනින්දෙන් මා වෙළාතදින් බැඳ ගන්නකෝසොඳුරු වූ සිහිනයන්අනේ පෙන්වන්නකෝසැබෑ වූ ලොවෙහිදීලබාගත නොහැකි දේසිහිනෙන්වත් ඇවිත්මට හනික දෙන්නකෝ- රුක්ෂිලා වෙත්තමුණි -**සිහින ගැන කලකට ඉහතදී පළ කළ ලිපියක්. කියවන්න බැරිවෙච්ච අය පහත ලින්ක් එකෙන් කියවන්නhttp://rukshila-wettamuni.com/2014/03/blog-post_9.
BLOG
2014.05.22
http://rukshila-wettamuni.blogspot.com/
- පුනරාගමනය -
Rukshila Wettamuni
දින ගණනාවකින් අතු නොගෑ මිදුල අඹ කොළ, බෙලි කොළ වලින්වසාගෙනය. සුදු වැලි තලාවේ කොහේ හෝ තැනක තාත්තාගේ අඩි සලකුණක් තිබේදැයි දකින්නටපාලිත උත්සාහ කළ මුත් ගෙයි පිළිකන්නේ හිඳ ගත්තේ එය අසාර්ථක වෑයමක් බව දන්නා බැවිණි.ඈලි මෑලි ගතියෙන් යුතුව මිදුල අමදින සඳමාලි විටින් විට හීල්ලුවාය. බිසෝමැණිකා සුසුම්ලෑවේ දරුවන් පස් දෙනෙකුගේ බර තනිවම දරාගන්නේ කෙසේ දැයි සිතමිනි. තාත්තාගේ මරණයෙන් දෙසතියක්ගත වී තිබුණත් දරුවන් සිටියේ බලාගත් අතම බලාගෙනය. දරුවන්ගේ තාත්තා ජීවත්ව සිටිද්දීත්, බිසෝමැණිකා සුළු මුදලක්සොයා ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දීමෙනි. එහෙත් දැන් ඒ මුදල පවුලේනඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත. “ ලොකු පුතේ, හන්දියේ කඩ දෙක තුනකින් අහගෙන වරෙන්කෝ ඉදිආප්ප ඕනෙද කියලා.නැත්නම් අපිට ඔලුව උස්සන්න වෙන්නෙ නැහැ. දවසින් දවස බඩුවල ගණන් නගින්නේ හරියට මූදේ රළ ගහනවා වගේනෙ” පාලිත ඉගෙනීමට දක්ෂ වූවත් වැඩිදුර අධ්‍යාපනයටමුල නොපිරුවේ ගෙදර අඟහිඟකමින් වෙළාගත් හෙයිනි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහු කුමන හෝරැකියාවක් කිරීමට නිතර උත්සාහ කළේය. පාලිත පත්තර බැලීමට දිනපතාම හේරත් මුදලාලිගේ කඩයට ගියේ පොත් පත් කියවීමට බොහෝ සේ ඇලුම් කළ බැවිණි. පත්තරේ පළ වන රැකියා පිළිබඳදැන්වීම් තීරය දිනපතා ඔහුගේ අවධානයට ලක් වූයේ තාත්තාගේ අකල් මරණයත් සමඟ රැකියාවකඅවශ්‍යතාවය තදින්ම දැනුණ නිසාය. පත්තරේ දැන්වීම් තීරයේ ගිලී සිටි පාලිතටඉමහත් සතුටක් දැනුණේ ඇඟලුම්කම්හලක ලිපිකාර තනතුරක් සඳහා වූ දැන්වීම දැකීමෙනි. හේරත්මුදලාලිගෙන් පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ඔහු කඩයේදීම අයදුම් පතක් සකස් කොට හන්දියටගොස් එය තැපැල් කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීමවිවිධ රැකියා සඳහා අයදුම් කළද ඒ කිසිවකගෙන් ආරංචියක්වත් නොවූවත් ඔහු මේ සඳහාඋනන්දුවෙන් අයදුම් කළේ ඉල්ලා තිබුණාටත් වඩා සුදුසුකම් ඔහුට තිබුණු බැවිණි. පාලිත කඩ කිහිපයකින්ම අම්මා කී පණිවිඩයපිළිබඳව විපරම් කළත් ඉන් ඵලක් නොවූයේ ඒ වන විටත් හන්දියේ කඩ සියල්ලම වෙනත් සැපයුම්කරුවන් විසින් ගිල ගෙන තිබූ නිසාය. රැකියාවක් ලැබෙන තෙක් කුලියක් මලියක්කිරීමට පාලිත උත්සාහ කළත්,ගමේ එවැනි වාතාවරණයකට අවස්ථාවන් දුලබ වූයේ ඉතා සරල ජීවන රටාවකට හුරු වූ ගම් වැසියෝ ස්වයංපෝෂිත ආර්ථික රටාවකින් දිවි ගෙවූ බැවිණි. එකිනෙකාගේ සහායෙන් තිබෙන වැඩක් පලක්සාමූහිකව කිරීම ඔවුන්ගේ පුරුද්දය. පාලිතගේ ලොකු නංගී සඳමාලි, තාත්තාගේ මරණයෙන් මාසයක්ඉක්ම යන්නට පෙර වැඩිවියට පත් වූයේ වයසදොළහ සම්පූර්ණ වීමත් සමඟය.ලොකු අයියා මෙන් ඇයද ඉගෙනීමට ඉතා දක්ෂය. වාරාවසානවිභාගයෙන් සඳමාලි පන්තියේ පළවෙනියා වූයේ සියලුම විෂයයන් වලට වැඩිම ලකුණු ලබාගනිමිනි. තාත්තා ජීවත්ව සිටිද්දිමසා දුන් සුදු ගවුම දිනෙන් දින වැඩෙන ඇගේ සිරුරට හිර වැඩිය. ඒත් ඈ කිසි දිනක ඒපිළිබඳව මැසිවිලි නොකීවාය. සැතපුම් හතරක දුරක් ගෙවා පාසලට ඇවිද යෑමෙන් සඳමාලිගේසෙරෙප්පු කුට්ටම ද පොත්තටම ගෙවී ගොස්ය. සියලුම විෂයයන් වලට වෙන් වෙන්ව අභ්‍යාසපොත් නොතිබුණ බැවින් කිහිප වර ගුරුවරුන්ගේ වේවැල් පහර කෑමට ඇයට සිදුවූයේ එකම පොතවිෂයයන් කිහිපයකටම වෙන් කොට ගෙන තිබූ හෙයිනි. පාලිතට, ගුණදාස අමරසේකරගේ “ අපටත් දවසක ඉර පායාදෝ ” කියන කෙටි කතාවේ එන සිරියාවතීවසිහිපත් වූයේ තමන්ගේ නංගීද දිනක් අම්මාගෙන් චිත්‍ර තරඟයට යාමට පාට කූරු පෙට්ටියක්ඉල්ලු දිනයේදීය. ඇය කිසි දිනක අම්මාගෙන් කිසිවක් නොඉල්ලූවත් පාට පෙට්ටියක් ඉල්ලුවේචිත්‍ර වලට ඇයට තිබූ උපන් හපන්කම නිසාමය. පාසලේ කණිෂ්ඨ අංශයෙන් පළවෙනියා වී පළාත් තරඟයටසඳමාලි තේරී තිබීම පාසලේ ගෞරවයටද හේතුවිය. රස්සාවක් ලැබුණු දවසක මුල්ම පඩියෙන් ඇයටසුදු ගවුම් දෙකක් මසා දීමට පාලිත සිතා ගත්තත් එය සඳමාලි සමඟ නොකීවේ රස්සාවකසේයාවක් තවම දක්නට නොතිබූ බැවිනි. පවුලක තාත්තා මිය ගිය විට එහි ලොකුම බර දැනෙන්නේවැඩිමහල් සහෝදරයාට හෝ සහෝදරියට නොවේ දැයි පාලිතට නිතරම මතක් වූයේ පවුලේ අඟහිඟකම්දිනෙන් දින වැඩි වන විටය. දරුවන් පස් දෙනෙකුජීවත් කරවන්න අම්මා විඳින දුක් කන්දරාව දකින පාලිතට නිතරම දැනුණේ මහත් වේදනාවකි. බිසෝමැණිකාතම්බන ඉදි ආප්ප වලින් කොටසකින් දරුවන්ගේ කුසගින්න නිවන්නට ද සිදු වූ නිසා සිතූතරම් ලාභයක් උපයා ගන්නට නොහැකි විය. ඇයගේ ගත දිනෙන් දින වැහැරී යන්නට පටන් ගත්තේදරාගන්නට සිදු වූ දුක් කන්දරාව හේතුවෙන් වයසට වඩා දෙතුන් ගුණයක තලතුනා පෙනුමක් එක්කරමිනි. ඕපාදූප සේවීමට මහත් සේ රුචිකළ හේරත්මුදලාලි, කඩයට අල්ලපු ඉඩමේ ගේකෑල්ලේ දින කිහිපයකට පෙර අලුතින් පදිංචියට පැමිණි අඹු සැමි යුවල පිළිබඳවිමසිල්ලෙන් පසුවූයේ වඩාත් සැලකිල්ලෙනි. සතියක් හමාරක් ගත වෙද්දී දේවාල කුටියක්අටවා ගෙන මළවුන් ගෙන්වා ඔවුන් සාස්තර කියන්නට පටන් ගත්තේ ගම්මුන් පුදුම කරමින්ය. අදෘශ්‍යමානදෙවි දේවතාවුන්ට පුද සත්තාර කරමින් කල් ගෙවූ ගැමි කාන්තාවන් කිහිප දෙනෙකු සාස්තරඅසා “ කිරි ගහට ඇන්නා වගේ ” යැයිකළ කී දැයින් කාගෙත් සිත් කුතුහලයෙන් යුතුවිය. දිනෙන් දින වැඩිවන සාස්තර අසන්නටඑන්නවුන් නිසා හේරත් මුදලාලිගේ කඩයටද වාසි වැඩිවිය. මේ හේතුවෙන් වෙනදාට වැඩියෙන්ඉදිආප්ප දෙතුන් සීයයක් තැම්බීමට සිදුවීමෙන් බිසෝමැණිකාගේ ද අතමිට සරුවිය. දිනකිහිපයකින් පසු ඇයට ඉදිආප්ප වලට අමතරව ලැවරිය සහ පිට්ටු තැම්බීමට ද හේරත්මුදලාලිගෙන් ඇනවුමක් ලැබුණි. බිසෝමැණිකාගේ දෙවෙනි පුතා වූ උපුල් පාසලට යන විට මුදලාලිගේකඩයට කඩයප්පම් දමා ආපසු දහවලේ ගනු දෙනු බේරාගෙන පැමිණීම ඇයට මහත් පහසුක් විය. අවසන් වරට අයදුම් කළ ඇඟලුම්කම්හලේරැකියාවට තමා තේරී ඇති බව සඳහන් ලිපිය පාලිත කියවූයේ රැකියා කිහිපයකට අයදුම් කළත් කෙදිනකවත් පිළිතුරුලිපියක් නොලැබුණු නිසා ඇති වූ විශ්මයෙනි. “ පුතේ, අද හවසට පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට වැඳලා කාරණේ කියලා වරෙං. උන්නාස්සෙබොහෝම සතුටු වෙයි. උඹව මහන කරගන්න කැමැත්තෙන් හිටියේ. ඒත් මං හිතන් හිටියේ උඹටහොඳට උගන්නලා ලොකු මහත්තයෙක් කරන්න. තාත්තගෙ හදිසි මරණෙන් ඒ හීන ඔක්කෝම බොඳ වුණාමයෙ පුතේ. හ්ම්......ඒකට කාරි නැහැ. උඹේ වාසනාව. ඒකයි කොළඹ රටේ රස්සාවක් ලැබුණේ. ” සන්ධ්‍යා භාගයේ ගම ඉස්මත්තේ වැව, ඉර මල ගිල ගන්නා විටමැවෙන අපූරු සිතුවම බලන්න පාලිත කවදත් ඉතා ආසා කළේය. අද ඒ සුන්දරත්වය දකින අන්තිමදවස බව දැනුණු විට ඔහුගේ දෙකොපුල් තෙමමින් දෙනෙතින් කඳුළු ගැලූයේ ඔහු නොදැනුවත්මය. ජීවිතේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබූ පාලිතටඑහි දිවි ගෙවන්නට සිදුවීම භාග්‍යයක්ද අභාග්‍යයක්ද යන්න නිශ්චිතව සිතාගත නොහැකිවිය. අම්මාගේ දෙපා වැඳ හිමිදිරියේම පාලිත කොළඹබලා පිටත් වූයේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා දුන් සපත්තු ජෝඩුවත් ඇඳුමත් ඇඳ පැළඳගෙනය. කඩුල්ලෙන් පැන නියර දිගේ ඈතට ඇදෙන ලොකු පුතුගේ රූපය නොපෙනී යන තෙක්මබිසෝමැණිකා බලා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගනිමිනි. දේවාලය දිනෙන් දින මිනිසුන්ගෙන් පිරීඉතිරී යන්නට පටන් ගත්තේ කපුවා නොයෙක් දෑ බලා සිටියා සේ කියන්න පටන්ගත් බැවිණි. බිසෝමැණිකාගේසිවු හැවිරිදි බාල පුතු හැර ඉතිරි තිදෙනා දේවාලයේ අත් උදව්වට ගියේ පාසල් නිවාඩුකාලය වූ නිසාය. ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ සාස්තර ඇසීමට පැමිණෙන මිනිසුන්ගේකතා බස් අසාගෙන සිට සාස්තර කියන ගැහැනියට පැවසීමය. පහළොස් හැවිරිදි වියෙහි පසු වූ උපුල් එමරාජකාරිය සඳහා ගජ හපනා විය. දේවාලේ ගැහැනිය දවසේ වැඩ අවසන් කොට කීයක් හෝ අතේගුලිකළේ ඔවුන් තිදෙනා සන්තෝෂ කිරීමටය. බිසෝමැණිකා දරුවන් දේවාලයට යනවාට අකමැතිනොවූයේ දෙවියන්ට ලැබෙන පූජා වට්ටි වලින් උන්ගේ කුස පිරෙන නිසාය. ඉතුරු පහදු වෙච්චපලතුරක්, කැවිල්ලක් අම්මාටත්මල්ලීටත් ගෙන එන්න සඳමාලි අමතක නොකළාය. දේවාලයෙන් ලැබෙන මුදල දවසින් දවස ඉහළයාමෙන් සඳමාලිගේ සුදු ගවුමක් මසා ගැනීමේ සිහිනය ද සැබෑවිය. ඇය එම මුදල් කුස්සියේ පරණටින් කබලක් අස්සේ සැඟවූවේ පොඩි අයියා හොරකම් කරතැයි යන බියෙනි. දේවාලයේ වැඩරාජකාරි කිහිපයක් කළ නිසා උපුල්ට ලැබුණු මුදලේ ප්‍රමාණය වැඩි වූවත් ඔහු ඒවා නාස්තිකළේ ඉන් නිසි ප්‍රයෝජනයක් නොගෙනය. ලොකු පුතා කොළඹ රැකියාවට ගොස් දෙසතියක්ගත වූවත් ලියුමක් නොඑවීම පිළිබඳ බිසෝමැණිකා සිටියේ කනස්සල්ලෙනි. දේවාලයට පින්සිද්ධ වෙන්න පොඩි එවුන්ගේ බඩ ගින්දර නිවීමෙන් ඇය සැනසුණාය. ගෙදරට අවශ්‍ය හාල් තුනපහ ඇය මිලදී ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දී ලැබුණු මුදලෙනි. “ අම්මේ...... අම්මේ මෙන්න ලොකුඅයියාගෙන් ලියුමක් ” ඒ බිසෝමැණිකාගේ නව හැවිරිදි දෙටු දියණියවූ නිර්මලීගේ හඬය. ඇය ලොකු අයියාට බොහෝ සේ ආදරය කළාය. පාලිත කොළඹ රටින් ලස්සනබෝනික්කියක් ඇයට ගෙනවිත් දෙන්නට දුන් පොරොන්දුව නිසා ඒ ආදරය තවත් වැඩි වන්නට විය. තෙරුවන්සරණයි. ආදරණීයඅම්මේ, මම හොඳින් ඉන්නවා. මට ඉන්න තැනක් ලැබුණා.ලියුමක් එවන්න පරක්කු වුණාට සමාවෙන්න. අලුත් රස්සාව නිසා වැඩ ඉගෙන ගන්න ටිකක් කල්ගියා. මං මේ මාසේ අන්තිමට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්නම්. මට කරදරයක් නැහැ. බයවෙන්න එපා. අම්මාත්, නංගිලාත්, මල්ලිලාත් සුවෙන්ඇතැයි හිතනවා. හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.මීට ආදරණීය ලොකු පුතා ලිපිය කියවා අවසානයේ බිසෝමැණිකා දීර්ඝහුස්මක් හෙළුවේ මහත් සැනසීමෙනි. ඇය සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු වලත්කඩයප්පං තැම්බීමේත් නිරතව සිටියාය. දින සති ගෙවෙද්දී පාසල් නිවාඩු කාලය අහවරවූවත් උපුල් පාසල් යාමට මැලිවූයේ ඉගෙනීමට ඇති අකමැත්ත නිසා පමණක් නොව දේවාලයෙන්ලැබෙන කෑමට හා මුදලටත් ලොල් වූ නිසාය. වයසට වඩා මුහුකුරා යමින් කරදඬු උස් මහත් වූහිතුවක්කාරයාව මෙල්ල කිරීමට බිසෝමැණිකා අපොහොසත් වූවාය. දේවාලයෙන් ලැබෙන මුදලට ආස හිතුනත් ඉගෙනීමඊට වඩා වටින නිසා සඳමාලි අලුතින් මැසූ සුදු ගවුමත් හැඳගෙන වෙනදාටත් වඩා උදයෙන්මපාසල් ගියේ ඉමහත් සතුටිනි. බිසෝමැණිකාගෙන් ඇයට ලැබුණු අලුත් සෙරෙප්පු කුට්ටම මැටිපොළොව සිඹ ගත්තේ ඇය එය පළඳමින් සීරුවට හැඩ බලමින් ඇවිද්ද විටය. සඳමාලිගේ ඊළඟ අදිටනවුයේ දේවාලයේ හවස් භාගයේ වැඩ කොට පොත් පැන්සල් මිලදී ගැනීමට යම් මුදලක් එකතු කොටගැනීමය. හදිසියේම දිනක ගමට පොලිස් ජීප් රියක්පැමිණීමෙන් ගම්මූ කලබලයට පත්වූයේ පොලිස් වාහනයක් ගමට පැමිණියේ ඉතා කලාතුරකින්නිසාය. දේවාලය වැටලූ පොලිස් නිලධාරීන් සාස්තර ගැහැනියට හා කපුවාට මාංචු දමා රැගෙනගියේ මීට හත් අට මාසයකට ඉහතදී සිදු වූ මිනී මැරුමක ප්‍රධාන සැකකරුවන් වීමහේතුවෙනි. රැස්ව හුන් මිනිසුන් අතර සිටිබිසෝමැණිකාට දැනුණේ තමාට මාංචු දැම්මාසේය. දේවාලයේ දොර වැසීමත් සමඟ තම දරුවන්ගේ කුසගින්දරේ දොර ඇරෙන බව ඇය සිතුවේ වේදනාවෙනි. දේවාලය වැසීයාම නිසා හේරත් මුදලාලිගේකඩයටද වෙනදා මෙන් සාරයක් නොවූයෙන් බිසෝමැණිකාගේ ඉදිආප්ප තැම්බීමද අඩුවිය. ලොකුපුතා කොළඹ ගොස් තුන් මාසයක් ගෙවී ඇතත් ඔහුගේ නොපැමිණීම ඇයට දරාගන්නට නොහැකිය. දිනෙන්දින ගෙදර අඟහිඟකම් දළු දාන්න පටන් ගත් විට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් තම්බා පොඩිඋන්ගේ බඩගින්දර නිවන්නට ඇයට සිදුවිය. කුස්සිය මුල්ලේ මැටි මුට්ටියක හාල්හුණ්ඩුවක් ඇය සඟවා තැබූයේ ලොකු පුතා පැමිණි දිනක උයා දීමේ චේතනාවෙනි. තුන් වේලටමබත් ඇටයක් නැති දාට ඇය හාල්ටික මුට්ටියෙන් ගෙන අතගා නැවත මුට්ටියටම දැමූයේ සුසුමක්හෙළමින්ය. හාල් හුණ්ඩුවක් දරුවන් හතර දෙනෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවූමුත් ඇය එසේකළේ ලොකු පුතුට ඇති සෙනෙහස නිසාමය. “ මද්දු පුතේ,හිච්චි මාමලාගෙ කොස් ගහෙන් හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩන් වරෙන්කො. අද දවල්ට පොඩිඑවුන්ට කොස් ටිකක්වත් තම්බලා දෙන්න. ඊයේ කෑවෙත් දෙල්නෙ මයෙ පුතේ ” යොවුන් වියට එළැඹිමින් සිටි උපුල් අනුන්ටඅතපාන්නට සිදුවීම පිළිබඳව සිටියේ බඩගින්නට යට වුණු ලැජ්ජාවකිනි. “ අනේ අම්මේ,හැමදාම ඔහොම අනුන්ගෙ ගස්වලින් ගෙඩි කඩාගෙන එන්න පුළුවන්ද. මොකක්ද මේකේ තේරුම. කෝ...අම්මගේමහලොකු පුතා සල්ලි එවුවද. සල්ලි එවන්න තියා මිනිහා ගෙදරවත් ආවේ නැහැ. දැන් මාසපහක් ගියා. මාත් මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. එතකල් සිරාගේ කසිප්පු වාඩියේවැඩට යනවා. හැමදාම කොස් දෙල් කකා ඉන්නද....... ” ** * ගෝල්ෆේස් පිටියේ මුහුද මළහිරු ගිලගනිද්දී නිම්මි, පාලිතගේ උරහිසේ හිස තබා ගත්තේ ඔහුගේ ඇඟිලි තුඩු තදින් මිරිකමිනි.“ අනේ පාලිත,හැමදාම මෙහෙම මුහුද දිහා බලන් ඉඳලා , කඩල ගොට්ටක් එක්කබැදපු ඉස්සෝ කාලා රෑ වුණාම ආයෙත් යනවා. අපි දවසක ගල්කිස්සේ බීච් එකේ තියෙන හට්එකකටවත් යමුකො. ටිකක් නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. මෙතන හතර වටේම මිනිස්සුබලාගෙන ඉන්නවා. මට ඔයාගෙ ආදරය තාම හරියට දැනිලවත් නැහැනේ ” පාලිත ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේනිම්මි විසින් කියල ලද ගල්කිස්ස මුහුදු වෙරළේ ඇති ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැතිකමිනි. ඒ ගැන විමසා දැන ගන්නට ඔහු කළ උත්සාහය ඇයගේ හාස්‍යයට ලක්විය. “ අයියෝ ළමයෝ,ඔයා නම් මහ ගොඩයෙක්. ඒ වගේ දෙයක්වත් දන්නෙ නැද්ද. දැන් කොළඹට ඇවිත් මාස කීයක්ගියාද. ඔයා කමල්ගෙන්වත් අහලා දැන ගන්නකෝ ” පාලිත, නිම්මිව ළඟින් ඇසුරු කරන්න පටන්ගෙනසිවුමසක් ඉක්මවූවා පමණි. හැම මසකම අවසානයේ ගමේ යන්නට සිතා සිටියත් ඇගේ නොයෙක්ඉල්ලීම් ඉටු කිරීමට සිදුවීමෙන් ඔහුගේ අතේ ගමේ යාමට තරම් මුදලක් ඉතිරි වූයේ නැත. නිම්මි සේවය කළේ පාලිත වැඩ කළ ඇඟලුම්කම්හලේමය.ඇය සිනාසෙන විට මුහුණේ දකුණු පස කම්මුල වළ ගැසෙයි. පාලිත ගමේ ඉස්කෝලයට යන විටඔහුගේ පන්තියේ සිටි කුසුම්ගේ දකුණු කම්මුලද සිනාසෙන විට වළ ගැසුණ බව ඔහුට මතක් විය. කුසුම්ගේඅව්‍යාජ බවටත් අහිංසක කමටත් වඩා ඔහු ලොල් වූයේ ඇගේ කම්මුලේ වළ ගැසීමටය. ඇය පිළිබඳආදර හැඟීමක් ඇති වූවත් දිනෙන් දින ඒ ගැන කුසුම්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාලිත කල්දැම්මේ මිත්‍රකම අහිමි වේ යැයි ඇති වූ බියටය. ඒ අතර කාලයේ පන්තියේ සිටි වෙන අයෙක්කුසුම්ට ළං වීමෙන් ඇය පිළිබඳ උපන් සිතුවිලි ඔහු යටපත් කරගත්තේ හිත් වේදනාවෙනි. අතීත සුන්දර මතකයන් මෙනෙහි කරමින් සිටිනවිට නොදැනුවත්වම නිම්මි පාලිතට ළංවිය. ඇය පාලිතට ඉක්මනින්ම ආකර්ෂණය වූයේ මනාපෞරුෂයකින් හෙබි කඩවසම් පෙනුමකින් ඔහු පොහොසත් වීම නිසාය. නිම්මි, පාලිත සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සිටම විටින්විට ඔහුගෙන් නොයෙක් හේතු කියා ණයට මුදල් ඉල්ලා ගත්තද ඒවා නැවත නොදුන් බොල් ණය විය. සති අන්තයේ නිවාඩු දිනවල හා පෝය දිනවලපාලිත කල් ගෙවූයේ නිම්මිගේ ඇසුර ලබමින්ය. ඔවුන් කොළඹින් පිටත්වන පාන්දර කෝච්චියේනැගී නොයෙක් පැති වලට ගොස් කාලය ගෙවා දමන්නට පුරුදු වූයේ අතේ ඇති මුදල රෙස්ටුරන්ට්වලට පූජා කරමින්ය. සතියේ දිනවල රෑ නිදිවරමින් ලබා ගන්නා අතිකාල දීමනාව මෙසේනිම්මිගේ සුඛ විහරණයට ඔහු වියදම් කළේ කිසිම ලෝබ කමක් නොමැතිවය. නිම්මි නොයෙක් පිරිමි රවටා මුදල් ගන්නාබවත් ඔවුන් සමඟ විවිධ සම්බන්ධකම් පවත්වන බවත් කමල් කිහිප විටෙක පැවසුවද පාලිත සිටියේඇයගේ ආලිංගනයෙන් මත් වීය. ඇය වෙනුවෙන් හිතු හිතු ලෙස වියදම් කළේ ගැහැනියකගේ ඇසුර මින්පෙර කෙදිනකවත් නොලැබ සිටි නිසාය. ඔහුට නිම්මිගේ පහසින් මිදෙන්නට නොහැකි වූයේරාගයෙන් මත් වී සිටි බැවිණි. අම්මා ගැන විටින් විට මතක් වූවත් නිම්මිව එක් මොහොතක්හෝ අත්හැර යන්නට නොහැකි තරම් මානසිකත්වයකින් ඔහු පෙළුණු බැවින් ගමේ යාම දිනෙන් දිනකල් යන්ට විය. පාලිත ඔහුගේ ජීවිතයේ අංගයක් ලෙස සලකා නිම්මිට ආදරය කළද ඇය එසේ නොවූයේ ඔහු ඇයට තව එක්පිරිමියෙකු පමණක් වූ බැවිනි. පාලිතගේ අහිසංකකමත් අවංකබවත් අයුතු ලෙසප්‍රයෝජනයට ගන්නා නිම්මි පිළිබඳ ඔහුගේ බෝඩිම් සගයා වූ කමල්ට තිබුණේ වේදනාවකි. කෙසේහෝ මේ මර උගුලෙන් තම මිතුරා ගලවා ගන්නට ඔහු නිතර උත්සාහ කළේ පාලිත කෙරෙහි ඇතිළැදියාවෙනි. “ මචං පාලිත,මං උඹට හිතවත් නිසා කියන්නෙ. ඔය ගෑනිව විශ්වාස කරන්න එපා බං. බලපන් දැන් මාස කීයක්ද..උඹ අම්මව බලන්න ගමේ ගියාද. අඩුම තරමින් අම්මට සල්ලි කීයක්වත් යැව්වද. උඹෙ මුළු පඩියමඒකිට පුදනවා. උඹට මාව විශ්වාස නැහැනේ. දවසක මං පෙන්වන්නංකො උඹේ ඔය උර චක්කරමාලේවැඩ කොහොමද කියලා. ” කමල්ගේ චවන පාලිතට දැනුණේ තියුණු පිහි පහරවල්ලෙසය. පුරා සත් මසක් දුක් මහන්සියෙන් ඉපයූදෑ ගෑනියක් නිසා දිය වී ගොස් ඇති බව ඔහු තේරුම් ගත්තේ නිම්මි ගල්කිස්ස මුහුදුවෙරළේ වෙනත් පිරිමියෙක් සමඟ වෙළී පැටලී සිටි අයුරු දුටු දවසේය. ** * මාසගණනක් තිස්සේ වැස්සක සේයාවක් නොලැබූ ඈත වෙල්යායට ඉහළින් සුදු වළා රොදක් පාවී යනඅයුරු බිසෝමැණිකා බලා සිටියේ සාංකාවෙනි. කසිප්පු වාඩියේ වැඩට ගොස් දෙමාසයකින්උපුල්, මහ උළු ගෙදර බත් කෑමටගියේ චවන හුවමරුවකින් ඇති වූ පිහි ඇනුමෙන් කසිප්පු මුදලාලි සදාතනික නින්දට යැවීමෙනි. කුස්සිය මුල්ලේ සඟවා තිබූ හාල් හුණ්ඩුව‍මේ අවස්ථාව වන විට බිසෝමැණිකා විසිතිස් වතාවක් අතගා නැවත මුට්ටියටම දමා තිබුණි. සත්මසක් ගත වූවත් විටින් විට ගෙදරට හාල් සේරුවක් දෙකක් ගෙනාවද ඇය ලොකු පුතා වෙනුවෙන්වෙන් කළ හාල් හුණ්ඩුව ආහාරයට නොගත්තාය. දවස් දෙකකින් බත් ඇටයක් නොකෑ අනිත් ළමයිතිදෙනාගේ කුසගිනි නිවනු වස් ඇය සැඟවු හාල් හුණ්ඩුව පිටතට ගෙන සුසුම්ළමින්ම ලිප තබාමදි පාඩුවට කොස් ගෙඩියක් ද තැම්බීය. වත්ත පහළ කලපු දියේ සරුවට වැවී තිබුණුකැරන් කොකු දළු ටිකක් කඩාගෙනවිත් ගෙදර තිබුණු අන්තිම පහේ සියල්ල දමා කැරන් කොකුමාලුව ඇය රසට ඉවුවේ ලොකු පුතුව සිහිකරගෙනය. “ ලොකු පුතා හරිම ආසයි කැරන්කොකුමාලුවට ” කුස්සියේ පොල් ගාමින් සිටි සඳමාලිට ඇයඑසේ කීවේ දෙනෙතින් කඳුළු වගුරවමිනි. “ මොනවා කරන්නද අම්මේ, අයියා ගැන අපි කොහෙන් හොයන්නද. ” පොල් සම්බෝලය සාදා අහවරව බත් බෙදන්නටසූදානම් වූ බිසෝමැණිකා පොඩි දියණියගේ කෑ ගැසීමෙන් තිගැස්සිණි. “ අම්මේ...... අම්මේ..... ලොකුඅයියා..........” බිසෝමැණිකාගේ හදවත නතර වූවා සේ දැනිණි. ඇයගෙයි ඉදිරිපසට දිව ආයේ දෑසට නැගුණු කඳුළු දෙකොපුලේ රූ රා වැටෙද්දීමය. “ ලොකු පුතේ,ඇයි මයෙ රත්තරං පුතේ උඹට මොකද වෙලා තිබ්බේ. මං කී දවසක් නම් මේ ගින්දර උහුලන්හිටියද. ඇයි උඹට අම්මව අමතක වුණාද. උඹ ඉන්න ඉසව්වක් දන්නව නම් මං මෙලහකට උඹව හොයාගෙන ඇවිත්. උඹ ඇදිලා ගිහින් මයෙ පුතේ. වැඩරාජකාරි නිසා වෙන්න ඇති මයෙ හිතේ. අනේවරෙං. උඹ බඩ ගින්නෙ ඇත්තෙ. උඹ ආස කෑම අද උයලා තියෙන්නෙ.මට හීනෙන් වගෙ හිතුණා උඹ අදඑයි කියලා..... ” පුරා සත් මසක් මුලුල්ලේ සඟවා තැබූ හාල්හුණ්ඩුවේ උරුමක්කාරයා වූයේ පාලිතමය. අනෙක් දරුවන්ට ලොකු අයියා වෙනුවෙන් තම බත්පතපිදීමට සිදු වූවත් කිසිවෙකුත් මැසිවිලි නොනැගුවේ ඔහුට ඇති සෙනෙහසිනි. සිහියක් පතක්නැතිව බත්පත ගිල දමන ලොකු පුතු දෙස බිසෝමැණිකා බලා සිටියේ සතුටත් වේදනාවත් මුසුබැල්මෙනි. “ අනේ අම්මේ,පුදුම රසක් තියෙන්නෙ. මට තව බත් ටිකක් දෙනවද..... ” ලොකුපුතුගේ අනපේක්ෂිත ඉල්ලීමෙන් අසරණ වූ බිසෝමැණිකා කිසිවක් කියාගත නොහැකිව සිටිද්දීපාලිත බත් පත ඇයට දිගු කොට බලා සිටියේය. “ අයියේ, වෙනබත් නැහැ ගෙදර. අපිත් දවස් දෙකකින් බත් කාලා නැහැ. ” තම පුංචි නැගණියගේ චවන පාලිතගේ දෙසවන්බිහිරි කරන්නට තරම් දෝංකාර දුණි. ඇඳි වත පමණක් රැගෙන ගෙදර ඒමට සිදුවීම ගැන පාලිතමහත්සේ කම්පාවට පත්වූවේ නැගණියට ලස්සන බෝනික්කියෙකු ගෙන ඒමට දුන් පොරොන්දුව දමෙනෙහි කරමිනි.රුක්ෂිලා වෙත්තමුණි.
BLOG
2014.05.15
http://rukshila-wettamuni.blogspot.com/
- මොණරු -
Rukshila Wettamuni
“පත්තර කීයක කියල මංගලදැන්වීම් දැම්මද. අප්පේ..., කොහොම හරි අන්තිමට හොඳ කෙනෙක්ව හොයා ගන්න පුළුවන්වෙච්ච එක ගැන මට නම් හරිම සතුටුයි” “ඒක නම් සහතික ඇත්තඅමාලිලැ අප්පච්චි. මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිම තිබ්බ වගෙ දැනෙන්නෙ. පුදුමසහනයක්. මං බයේ හිටියෙ මේ ළමයට හතලිහ පැන්නොත් කොහොම මඟුලක් කරල දෙන්නද කියල. මොකදදැන් කාලෙ මිනිස්සු හොයන්නෙ විස්සෙ තිහෙ කෙල්ලන්වනෙ. යාන්තම් හතලිහ පෙනි පෙනීවත්බන්ඳලා දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. පියල්ට කියලත් ඉතිං වයසක්යැ. අවුරුදු49 යි නේ. හොඳට සල්ලි භාගෙ තියෙන එකේ කාල බීල සැපවත් ජීවිතයක් ගත කරන්න අපේ ලොකුදුවට බැරියැ” අමාලිගේ දෙමව්පියන්පියල්ට මහත් සේ ආදරය කළේ, ඔහු ඉතා නිර්ලෝබිව වියදම් කරන මුදල් නිසාය. විශ්‍රාමිකරජයේ සේවයකු වූ අමාලිගේ අප්පච්චීට තම වැඩිමහල් දියණියගේ මංගල්‍යය ඉතා සරුවීම මහත්සැනසිල්ලට හේතුවක් වූයේ ද පියල්ගේ මුදල්මය. කුඩා කල ගංගා, ඇල දොළපනිමින් ලියදි දිගේ දිව ගිය අමාලි, දෙමහල් නිවසක අතට පයට සේවයට මෙහෙකාරියන්ගේ දවත්තේ පිටියේ සේවයට මෙහෙකරුවන්ගේ ද සහායයෙන් ගත කළේ ඉතා සැපවත් ජීවිතයකි. දින, සති, මාස ඉක්ම වීවිවාහ දිවියට වසරක් සම්පූර්ණ වුවද ඇය මවක් වීමට වාසනා නොලද්දීය. විවිධ විශේෂඥ නාමපුවරු යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ රැකවරණය පතා නොයෙක් වර ගියත්, බෝධිපූජා පවත්වමින්, හොර සාස්තරකාරයන්ගේ හා හොර වෙද්දු පසු පස ගියත් පලක් නොවූ කලදරුවෙකු ළමා නිවාසයකින් හෝ රැගෙන හදා වඩා ගන්නට කළ ඉල්ලීම ද දෙතුන් වරකදීම ප්‍රතික්ෂේපවීමෙන් පසු ඇය දරුවෙකුගේ සුරතල් බැලීමේ ආශාව දවසින් දවස අත් හැරියේ පොත පතට වඩාත්ළංවෙමිනි. අමාලිගේ දළ පැහැති සමත්රූපශ්‍රීයත් නිසා ඇගේ දුප්පත්කම තමාගේ අනාගතයට බාධාවක් නොවන බව මුදල් මතම සියල්ලතීරණය කරන පියල්ට නිතර සිහිවිය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පියල් බොහෝ සේඇලුම් කළේ ඉක්මනින්ම පොහොසතෙකු වීමටය. සාම්ප්‍රදායික රාමුවටකොටු වී සමාජයේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට කටයුතු කළ අමාලිගේදෙමව්පියන් බරින් නිදහස් වීම සඳහා වැඩිමහල් දියණිය සල්ලිකාරයෙකුට විවාහකර දී උදම්අනිමින් දිවි ගෙවූනමුත්, තම දියණිය විඳින මානසික පීඩාව පිළිබඳ සිටියේ අනවබෝධයෙනි. “අමාලි...... ඔන්න අපිටවාලම්පූරියක් ලැබෙන්න යන්නෙ” “ඒ මොකද පියල්........ ” “මං පොඩි බිස්නස් එකකට අතගැහුව. ඇත්තම කිව්වොත් ඒක හවුල් ව්‍යාපාරයක්. මාත්තෙක්ක තව තුන් දෙනෙක් ඉන්නව. ඔයාදන්නවද, මට ඒකෙන් ලැබෙන පළවෙනි කමිෂන් එක ලක්ෂ දහයක්.හැබැයි මං පොඩි කැපකිරීමකුත්කරනව.” “ඒ කිවුවෙ, ඔයා මොකද්දකරන කැපකිරීම...... ” “ඒක සුළු දෙයක් ළමයො. මමත්සල්ලි කොටසක් දානව. තව පොඩි පොඩි කාරණා කිහිපයක් ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්නව අපෙහවුල් කාරයන්ව සතුටු කරන්න. ඒක නෙමෙ අමාලි, ඔයත් මේ ගෙදර හිර වෙලානෙ ඉන්නෙ. අපියමු නුවර එළියෙ පැත්තෙ පොඩි සංචාරයකට. අපිත් එක්ක තව දෙතුන් දෙනෙක්ම යනව. මං ඔයාටකිව්ව හවුල් කාරයො තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඉන්නෙ නුවර එළියෙ. ඉතිං අපි එහෙදිමීටින් එකක් තියන්න හදන්නෙ. මං හිතුවා ඔයාවත් එක්ක යන්න” අමාලිගේ සිත සතුටින්ඉපිලී ගියේ ඇය රටතොටේ ඇවිදීමට බෙහෙවින්ම ප්‍රියකළ හෙයිනි. නිතරම මුදල් එක්ක ඔට්ටුවන තම සැමියා විවාහ වී වසරක් ඉක්ම වූ පසු යාමට සූදානම් වන ප්‍රථම සංචාරය ගැන ඇයසිටියේ ඉමහත් සතුටිනි. පීඩාකාරි කොළඹ නගරයෙන්මිදී පැමිණි අමාලිට, හරිත වර්ණයෙන් බැබලෙන තේ දළු අතවනා ආචාර කළේ ඉතා සොම්නසිනි.උදුවප් සීතලෙන් ඇගේ ගත මෙන්ම සිතත් හිරිවැටුණේ දළ පැහැති කම්මුල් රෝස පැහැනංවමිනි. අමාලිලාගේ නවාතැන්පොළ වූයේ තේවත්තක හිමිකරුවෙකු වූ අමරසිංහගේ බංගලාවයි. ඔහුගේ පවුලේ සියලු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවේවාසය කරන බව අමාලි දැන ගත්තේ පසු දා උදෑසන තේ මේසයේදී ඇති වූ කතා බහිනි. “මිසිස් බොතේජු කොහොමද .ඊයෙ රෑ හොඳට නින්ද ගියාද . ” “අනේ ඔවු මිස්ටර්අමරසිංහ, ගමන් මහන්සියයි මේ සීතලයි නිසා වෙන්න ඇති දන්නෙම නැතිව නින්ද ගියෙ ” “පියල්, අද කීයට විතරදඅනිත් අය එනව කිවුවෙ . ” “මං හිතන්නෙ අමරෙ, හවසතුන හතර වෙද්දි එයි” “අද එහෙනම් අපි හැමෝටමසුන්දර රාත්‍රියක් වෙයි නේද . ” “ඔව්, ඔව්, ....නැතිව,නැතිව” හිරිගඩු පිපෙන සීතලෙන් ගුලිවීබංගලා වත්තේ ඇවිදීමට අමාලිගේ සිත බල කළත් කූඩැල්ලන්ට තියෙන බියෙන් ඇය එම අදහස උපන්ගෙයිහිම මරා දැමීය. අමරසිංහගේ පොත් ගුලටරිංගු අමාලි පොත් අතර සැරිසරා ‘මහල්ලා සහ මුහුද’ සොයා ගත්තේ පොඩිදරුවෙකු පැණි රස කෑමක් දැකීමෙන් ඇතිවන ගිජුකමිනි. මීට වසර ගණනාවකට උඩ දී විශ්වවිද්‍යාලයේපුස්තකාලයෙන් මේ පොත කියවා තිබුණද ඇයට නැවත කියවීමේ ආසාව ඇති කළේ බංගලාවේ ඇතිහුදකලාවත් සමඟිනි. ‘මහල්ලා සහ මුහුද’ ඇයගේ අතීතයේ සුන්දරදවස් සිහිපත් කළේ නොදැනුවත්මය. විශ්වවිද්‍යාල භූමියේ අමල්ගේ අතේ එල්ලී කුඩාදැරිවියක සේ ආගිය තැන් සහ කළ කතාබස් ඇයට සිහි ගැන්වූයේ හදවතේ මහත් වේදනාවක් ඇතිකරමිනි. “අමාලි, අමල්........ෂානියමෙට ගැලපෙනව. උඹල දෙන්න පතාගෙන ආව ජෝඩුවක් වගෙ. ඇත්තමයි බං, නම් වලිනුයි ගතිගුණයි හැම අතින්ම උඹල දෙන්න ගානට සෙට්” “අනේ නිකං පලයං බං උදලුදාන්නෙ නැතුව. උඹත් අල්ලගනිංකො උඹටම හරියට කෙල්ලෙක්ව. මං ඕන නම් පොඩි පෝස්ටර් ව්‍යාපාරයක්දෙන්නම්” ‘උපුල්ගෙ අත ගැනීමටසුදුසු පෙම්වතියක් සොයයි’ “අපිට කොහිද මල්ලි....එහෙම වාසනාවක්. උඹල ඉතිං පින් කඳන්නෙ” උපුල්ගේ මුඛරි කතාවලටඅමාලිත්, අමලුත් සිනාසුනේ මුලු විශ්වවිද්‍යාල භූමියේම දෝංකාරය නංවමිනි. විශ්වවිද්‍යාලයේ දෙවනවසරට පිවිසෙන විට අමල්ගේ නිහඬ චරිතය ටිකෙන් ටික වෙනස් වන්නට පටන් ගත්තේ අමල්, ‘ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ ’ සාමාජිකත්වය ගැනීමත්සමඟය. වෙනදා මෙන් අත්වැල් පටලවා, පෙම්බස් දොඩමින් පාරක් පාරක් ගානේ ඇවිදින්නට දැන්අමල්ට වෙලාවක් කලාවක් නැත. ඊටත් වඩා එසේ යන්නට කැමැත්තක්ද නැත. “ඇයි අමල්, ඔයාට ඉස්සරවගෙ සැහැල්ලුවෙන් ඉන්න බැරිද.... ” “මාව තේරුම් ගන්න අමාලි.අපේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන. මේ පවතින අසාධාරණ සමාජක්‍රමයට එරෙහිව නැගී හිටින්න ඕන. ඉතිං ඔයයි මායි විතරක් සැප විඳින්න හිතන්න එපා.අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවෙන්න ඕන අමාලි...... ” අමල්ගේ දේශපාලන ජීවිතයත්සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් දිනපතා මුණ ගැහිච්ච අමල්ව සතියකට හමාරකටවත්දකින්නට නොලැබීමෙන් අමාලි කල්ගෙවුවේ ඉමහත් වේදනාවෙනි. දිනෙන් දින රටේ තත්ත්වයඅඳුරු අගාධයකට ඇද වැටෙද්දී විශ්වවිද්‍යාලය වසා දැම්මේ දින නියමයක් නොමැතිවය. පියල් බොතේජුගේ බිරිඳ වීවත්මනේ දිවි ගෙවන්නට ඇයට සිදු වූයේ අමල් නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ගොදුරුවීමෙනි. අමාලිට බාල සොයුරියන් දෙදෙනාම විවාහ දිවියට එළඹුනද ඇය දිනෙන් දින තම කසාදයකල්ඇරියේ අමල්ගේ මතකය විටින් විට ඇගේ සිතේ හොල්මන් කළ බැවිනි. කොළඹින් පිටත්ව නුවරඑළියේ සංචාරයට පැමිණි අමාලිට පසු දා හිරුඋදා වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. “අමාලි, අපි යමුද ටිකක්ඇවිදින්න. ඔයා ඊයෙ හිටන් කාමරයට වෙලානෙ හිටියෙ. දැනට අපි අමරෙ එක්ක යං. අද හවසටඉතිං තව දෙතුන් දෙනෙක්ම එකතු වෙනවනෙ. එතකොට බැරියැ තව තැන්වල ඇවිදින්න යන්න” “අනේ යමු පියල්, ඇත්තටමමං හරිම කම්මැලිකමෙන් හිටියෙ. එළියට බහින්නත් බයයි කූඩැල්ලො නිසා” “අපොයි ළමයො, මොකටද උංටබය වෙන්නෙ. ඔයා ඉතිං ෆොටෝ ගන්න ආසයිනෙ. මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියෙනව කියල අමරෙකිව්ව. අපි එහෙ යං. එතකොට ඔයාට හිතේ හැටියට ෆොටෝ ගන්න බැරියැ.....” අමරසිංහගේ ජීප් රථයේනැගි තිදෙනාම දිය ඇල්ල ඇති ඉසව්වට ගියත් රථයෙන් බැසීමට පියලුත් අමරසිංහත් මැලිවිය. එහෙත් අමාලි නම් සිටියේ උතුරා යන සතුටිනි. පාරෙන් මදක් ඉවත් කොට වාහනය නතර කළසැනින් ඉන් බැසගත් අමාලි වශීකෘත වූයේ පරිසරයේ මනස්කාන්ත දර්ශන දැකීමෙනි . ව්‍යාපාරලෝකයේ සිර වී සිටි පියල්ටත් අමරසිංහටත් ස්වභාය ධර්මයේ ඇති සුන්දරත්වය විඳීමට තරම්සංවේදී බවක් නොතිබුණි. හිතේ හැටියට පරිසරය විඳගත් අමාලි එක් එක් කෝණයන්ගෙන්ඡායාරූප කිහිපයක්ම ගනු ලැබූයේ දක්ෂ කැමරා ශිල්පිනියක ලෙසිනි. විවාහයෙන් පසු සතුටින්මසිටි දවස එදින බව නැවත බංගලාවට පැමිණි මොහොතේම තම දිනපොතේ සටහන් කිරීමට ඇය අමතකනොකළාය. පියලුත් අමරසිංහත් බංගලාවත්තේ පෙයාර්ස් ගස් පේළිය යට ඉදි වූ බංකුවේ හිඳගෙන බැරෑරුම් සාකාච්ඡාවක නිරතවසිටිද්දී මැද සාලයේ ඉතා සුව පහසු සෝපාවේ දිගෑදී අමාලි නැවතත් ‘මහල්ලා සහ මුහුද’ කියවන්නට පටන් ගත්තේකතාබස් කිරීමටවත් එකදු ගෑනු පුළුටක් බංගලාවේ නොසිටි බැවිනි. පොත අතේ තිබෙද්දීම සුවනින්දකට වැටී සිටි අමාලි එක් වරම තිගැස්සී ඇහැරුණේ වාහනයක දොරවල් වැසීමත් කොක් හඬනඟා සිනාසෙන හඬවල් කිහිපයක් එකවර ඇසීමත් සමඟය. අවුල් වූ හිසකෙස් තම ඇඟිලි තුඩුවලින් සකස් කළ ඇය සෝපාවෙන් නැගී සිටියේ තම කාමරය වෙත යාමට වුවද පියල්ගේ ඇරයුමෙන්ඇයට රැදී සිටීමට සිදුවිය. “අමාලි, මේ තමයි සමරවික්‍රම.මේ හැන්ඩියා තමයි විජේපාල. අමරසිංහත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්නෙ මේ දෙන්න. මංඉතිං සහායට ඩැනී නේ .... නේද .” පියල්ගේ කතාවට අනිත්තිදෙනාම මහා හයියෙන් සිනාසුනත් පිරිමි ගොඩක් මැද තනි වූ අමාලි බලා සිටියේ අසරණගැහැනියක් ලෙසය. “මිසිස් බොතේජු, පොත්කියවන්න ආසයි වගෙ. අපි පස්සෙ නිදහසෙ කතා කරමුකො ඉතිං” අමාලි කිසිවක් නොකියා කටකොනින් සිහින් සිනහවකින් සංග්‍රහ කළේ පියල්, සමරවික්‍රමව හඳුන්වා දුන් මොහොතේ ඔහුඇයගේ අත තදින් මිරිකීම හේතුවෙනි. “ ඔය සමරෙ අපේ නංගිගෙ පොතක්. උඹ දන්නවනෙ ඉතිං එයා පොත්පිස්සියක් කියල. කැම්පස් යන කාලේ තමයි එයාගේ පිස්සුව වැඩිවුණෙ. එයා නැතිවුණාටපස්සෙ ඔය පොත් රාක්කයේ පොතක් ඇද්ද පළවෙනි කෙනා තමයි මිසිස් බොතේජු.“ “ ඒ ළමයගෙ වටිනා ජීවිතය අපරාදෙ නැති වුණෙ. දැන් හිටිය නම්මිසිස් බොතේජු වගෙ හිටියි නේද... “ “ඔව් සමරෙ. පොඩි කාලෙ හිටන්ම එයා හරිම වෙනස් විදියට හිතුවෙ.කැම්පස් එකේදී විප්ලව කරන්න ගිහින් ඔය අකරතැබ්බ වුණේ නැත්නම් අද කොච්චර ලස්සනජීවිතයක් ගත කරන්න තිබුණද.....“ අමාලිගේ හිත නැවතත් අතීතය කරා දිව ගියේ එක් සැනින්ය. උණ්ඩ වලටගොදුරු වී වටිනා ජීවිත අහිමි වෙච්ච තරුණ තරුණියෝ අතර අමරසිංහගේ නැගණිය තවත් එක්චරිතයක් පමණි.අපේ සමාජයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන් තරුණ පිරිස කෙතරම් දැයිකිව හැක්කේ කාටද..... “හරි අපි එහෙනම් මුලින්මතේ ටිකක් බීලා ඉමු නේද . මේවා ඉතිං ෆ්‍රෙෂ් ටී. හවස් වෙද්දි බැරියෑ ඇඟ රත්වෙනදේවල් පානය කරන්න” “ඔව්, ඔව් අමරෙ, ඒක නම්ඉතිං නැතුව බැහැනේ. වල් ඌරු මස් කෑල්ලක් එක්ක කොහොමද ගානට සෙට් වෙද්දී........” ඉතා නිහඬ චරිතයක් වූවිජේපාල, සමරවික්‍රමගේ තොරතෝංචියක් නැති කියවීමට කිසිවක් නොකියාම සිනාසුණා පමණි. රාත්‍රි හතට පමණ සිවුයහළු වික්‍රමය බෝතල් මූඩි අරින්නට පටන් ගත් විට, අමාලි සිටියේ ‘මහල්ලා සහ මුහුදේ’ අවසන් භාගයට ළංවෙමිනි. එක්වරම කාමරයේ දොරට සන් කරන හඬක් ඇසීමෙන් තිගැස්සුණු ඇය දොර වෙත ගියේ දෙගෙඩියාවෙනි. “නෝනා, කෑම ලෑස්තියි. අපේමහත්තය කිවුවා නෝනට කන්න දෙන්න කියල. මහත්තයල කද්දි ගොඩාක් රෑ වෙයි කිව්ව” පියල්ගේ ලෝකයේ මේ අවස්ථාවවෙද්දි සිටියේ අමරෙත්, සමරෙත්, විජේත් පමණි. ඇයට කෑමට පවා ආරාධනය ලැබුණේ අමරසිංහහරහාය. ඉතා සතුටින් ආරම්භ කළ දවස රාත්‍රිය උදාවෙත්ම මොකක්දෝ මූසල හැඟීමකින්වෙළාගත් බව අමාලිට දැනුණේ තමා බංගලාවේ හුදකලා වීමෙන් ඇති වූ පාළුවෙනි. උදුවප්සීතලෙන් මුළු ඇඟම ගල් ගැහී ඇතැයි ඇයට දැනුණි. ඉතා රසවත්ව කෑම පිළියෙළ කොට තිබුණත්අනාගත් බත්කට කෑමටවත් ඇයට රුචියක් නොවීය. පෙයාර්ස් ගෙඩි දෙකක් රාත්‍රී ආහාරයට ගත්අමාලි තම කුටියට වැදුණේ ඉක්මනින්ම නින්දට යාමටය. රාත්‍රී නිදන ඇඳුමෙන්සැරසුණු ඇය නින්දත් නොනින්දත් අතර පසුවූයේ පියල් ඇතුළු කණ්ඩායමේ කෑකෝ ගැසීම්නිසාය. පැයකට පමණ පසු යාන්තමට දෑස් පියවී ගෙන එන විටම කිසිවෙක් දොරට තට්ටු කරන හඬඇසුණත් ඇය ඇඳටම වී සිටියේ පියල් නම් දොර ඇරගෙන එතැයි යන හැඟීමෙනි. එහෙත් පියල්වෙනුවට දොරෙන් ඇතුළු වූයේ සමරවික්‍රමයි. “අං......ආ.. ඇයි මිස්ටර්සමරවික්‍රම . ඔයාට කාමරය පැටලුනාද . ” “නැහැ නැහැ ඩාලිං. ඔයාහිතුවද මට වෙරි කියල. අපි තාම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැ. මං මේ ඔයාව හොයාගෙනමතමයි ආවෙ. බය වෙන්න එපා. අයිතිකාරයා ගෙදර නැහැ. ඒ ගොල්ල ටවුමට ගියා මොනාද අරං එන්න” සීතලෙන් හිරිගඩු පිපීතිබුණු ඇගේ මුළු සිරුරම ගිනි ජාලාවක් මැද දැවී ගියේ නිමේෂයකිනි. සමරවික්‍රමගේ හැඩිදැඩි සිරුර සමඟ ඔට්ටු ඇල්ලීමට නොහැකි වූ අමාලි ඔහුගේ ගොදුරට හසුවූයේ ඇගේ දුබල ස්ත්‍රීත්වයහමුවේය. සතර දිග්භාගයේම මිනිස්වාසස්ථානයක් නැති අක්කර තිහ හතලිහක තේ වත්තක් මැද පිහිටි බංගලාවේ තනි වූ ඇයට පියල්ගේව්‍යාපාරික හවුල්කාරයන්ව සතුටු කිරීමට සිදුවූයේ, ඔහු ඇස් කන් නැත්තෙකු සේ සිටීමහේතුවෙනි. පසුදා පාන්දරින්ම බංගලාවෙන් පැන යාමට දෙතුන්වර උත්සාහ කළද ඇගේබලාපොරොත්තු සුන් කරමින් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ අසාර්ථක විය. තෙදිනක් තිස්සේ ගත කළඅපුල ජීවිතයෙන් මිදී නැවත කොළඹ පැමිණි මොහොතේ අමාලි වඩාත් කම්පාවට පත්වූයේ පියල්කිවූ කතාවෙනි. “අයියෝ අමාලි, මොකටද මූණඑල්ලගෙන ඉන්නෙ. ඕක සුළු දෙයක්නෙ. ඇත්තටම මං ඔයාව කසාද බැන්ඳෙ ඔයාගේ ලස්සන හින්ද.මං හිතුව කවද හරි මගෙ ව්‍යාපාර දියුණුකර ගන්න ඔයාව පාවිච්චි කරනව කියල. අන්න ඒනිසා තමයි මං ඔයාගෙ දුප්පත්කම ගණන් ගත්තෙ නැත්තෙ. මට කියන්න, දැන් ඔයාට මොනවයින්දඅඩු කියල. යාන වාහන, ගෙවල් දොරවල්, අතට පයට වැඩකාරයො හැම දෙයක්ම තියෙනව. ඉතිං මංවෙනුවෙන් සුළු උදව්වක් කරාට මොකද වෙන්නෙ...... ” සැදෑසමයට පා තබා සිටින තම දෙමව්පියන්ගේ හිත් අසතුටු කිරීමටඅපොහොසත් වූ අමාලි මෙතරම් නිහීන වැඩක් කළ, නීතියෙන් පමණක් සැමියා වූ පියල් සමඟ කල්යැවුවේ ඉමහත් පිළිකුලකිනි. අප්‍රසන්න නුවර එළි සංචාරයෙන් මාසයක් ඉක්ම යාමෙන් පසු අමාලි හදිස්සියේමඅසනීප වූයේ ඇගේ දෙමව්පියන්ද පැමිණ සිටි මොහොතකය. තදින් හටගත් හිසරදයත් සමඟ නිතරනිතර ක්ලාන්ත වීම හේතුවෙන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමට අමාලිගේ දෙමව්පියන්ටසිදුවූයේ පියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව සිටි නිසාය. වෛද්‍යවරයාගේපරීක්ෂාවෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ වීමෙන් අමාලිගේ හිසේ රුදාව තවත් වැඩිවිය. එහෙත් ඇයගේ ගැබ් ගැනීමේ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේ අමාලිගේ දෙමාපියන් බොහෝසතුටු කරමිනි. ඇය ගැබිනියක් බව දැන ගත් දා සිටම අමාලිගේ දෙමාපියන් ඇයත් සමඟඑම නිවසේ වාසය කිරීම හේතුවෙන් හදිසියේ ගැබ්ගත් කළලය සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගන්නටඅමාලිට නොහැකි විය. දිනෙන් දින වර්ධනය වන ඇගේ දරු ගැබ දෙස බලා ඔවුන් බොහෝ සතුටුවූයේ පවුලේ වැඩිමහල් දියණියගේ කුළුදුල් දරුවා වීම හේතුවෙනි. අමාලිගේ රුචි අරුචිකම්හොඳින් දන්නා මව ඇයට උවමනා සියලු කෑම බීම තමන්ගේ අතින්ම පිළියෙල කර දුන්නේ ඉමහත්සැලකිල්ලෙනි. පියල්ගේ හැසිරීමේ රටාවද වෙනස් වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි.දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක්විය. දරුවෙකුගේසුරතල් බැලීමට පෙරුම් පුරමින් සිටි අමාලි තමන්ට උදා වී තිබෙන්නේ භාග්‍යයක්. දැයිඅභාග්‍යයක්. දැයි යන මහත් පීඩාකාරි හැඟීමෙන්කල්ගෙවත්ම ඇගේ දරු ගැබ මෝරා දරුවා ප්‍රසූත කිරීමේ කාල වකවානු ළංවිය. දහසක් සිත් තැවුල් මත ඇය බිහිකළේ පුතෙකි. “මොණරු“ මතම පියාඹනපියල්ට දරුවා කාගේ වූවත් කම්නැත. සමාජය ඉදිරියේ පාරම්බාන්නට දැන් ඔහුට පුතෙකු ඇත. පියාගේ නම පියල් බොතේජු ලෙසඋප්පැන්නයේ ලියවිණි. එහෙත් මේ දරුවාගේ පියා කවුරුන් විය හැකි දැයි දන්නේ අමාලිත්පියලුත් පමණි. ඒත් ඔවුනුත් නිවැරැදිව නොදන්නා ගානය. පුතාගේ තාත්තා අමරසිංහද.සමරවික්‍රමද. විජේපාලද . යන නොවිසදුණු පැනයෙන් යුක්තව ඇය තම පුතුව තරයේ වැළඳ ගත්තේඉමහත් මාතෘ සෙනෙහසිනි.-රුක්ෂිලා වෙත්තමුණි -.
BLOG
2014.12.20
http://samindikasrimantha.blogspot.com/
නාස්තිය පහදා දීම.. - Explaining Watage !!
sAm (සෑම්)
ඌ දිනපතා ඉරුවසිගරට් කොටයරුපියල් වලින්ම30ක් වෙච්චිඈ දිනපතා ගත්තඊ විටමින් පෙත්තහිසකේ දැවටිච්චිරුපියල් 30ක් වෙච්චිsAm_sRi_Perera.
BLOG
2014.10.30
http://samindikasrimantha.blogspot.com/
උන් තැන නොමැත මාගේ පිංබර අම්මා...!!!
sAm (සෑම්)
පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මාකළු වූ වලා අතරින් එළියක් වැටුණාහිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බාහිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණාසීතල වතුර කැට එක්කොට සිරුර දොවාතෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලාපොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දාතෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවාසිත් නැති වැස්ස පාසල් ගමනට බාධාරත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවාතෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදාමෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණානැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලාඑන්නේ සවස හොදටම විඩා වෙලාඅම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලාතෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවානෙසතුටු සිතින් සීතල සුසුමක් සලලාඅම්මා දෙපා නොවැඳම එළියට බැහැලාදොරටුව අසල සිටි අම්මා දෙස නොබලාපාසල් යන්න ආවා එළියට බැහැලාසත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩියඋස්සා තබන්නට බැරි තරමට වෙහෙසඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසරමොහොතයි තරහ නිවසට විත් යාළු වෙමිපාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවායෙහෙලියො අතර නොගැටී නිසලව සිටියාඋණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දාතෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියාචිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේපොත පත වැඩට සිතුවිලි බාධා මත්තේඅබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේපාසල අතර දිව යයි සිත ගේ පැත්තේසුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනාලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වාකඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වාකලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වානිවස නොපෙනෙනා මානේ සිට බැලුවකිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුවපස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුවදියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිවපුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මාහිත් නැති අහස නිවසක් අතුරා දැම්මාඋන් තැන නොමැත මාගේ පිම්බර අම්මාපතනෙමි අමා සුව බුදු සරණයි සම්මාsAm_ශ්‍රී_Perera_7:02am_30/10/14.
BLOG
2014.10.23
http://samindikasrimantha.blogspot.com/
ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !!
sAm (සෑම්)
බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද. සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහන‍යේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය.මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය.“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.වන මලට ආශාවේ..වන බඹරා ආවාසේ..මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014.
BLOG
2014.10.16
http://samindikasrimantha.blogspot.com/
නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !!
sAm (සෑම්)
අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ජඩ වැඩකට හවුල් නැතැයි සෑමා තරයේ කියන්නේය. ඔහු කළා නම් කළේ කන පාත්වෙන්නට අඩියක් ගසා සෑමාගේ වත්ත මිදුලේ කොහේ හෝ වැටී නිදා ගැනීම පමණක්ය. ඉන් නිවසට අවශ්‍ය මුරකරුවෙකුගේ සහය නොඅඩුව ලැබුණු බව කිව යුතුය. තත්වය එසේ තිබියදී ගමේ අයෙක් නන්දේට හොර ලේබලයක් ගසා ප්‍රසිද්ධ කළ නිසා නන්දේ නිදි පැදුරටත් නොකියාම ගමෙන් පිටත්ව එහා ගමට වී සිටියේය. මුහුණ පුරා වවා තිබූ “නදීක ගුරුගේ“ වැනි රැවුල කපා දමා නන්දේ එහා ගමට වී සිටියේය. මඟතොටදී සෑමා ඔහුව හමුව කතා බහ කළත් ගමෙන් පිටවූයේ මන්දැයි නන්දේ කියුවේ නැත. ඒ ගැන අසනා විටක “නෑ මහත්තයා.. නෑ..“ කියමින් මඟ හැරියා මිසක කිසිවෙකුට වචනයක් නොකිව්වේය.නන්දේ ගමෙන් පිටවූ දා සිට එතැන ගන්නට වලි කෑවේ කුලේය. නන්දේට කලින් ගමේ උපන් එකා කුලේය. නන්දේ නම් අල්ලපු ගමේ සිට සංක්‍රාන්ති වූවෙක්ය. එසේ වුවත් කුලේට වඩා ජනාදරය දිනා ගන්නට නන්දේට කෙටි කලෙකින් හැකි වූයේ කුලේ වවන් කුහක ගති ඇත්තෙක් නොවූ නිසාය. ඒ නිසාම කුලේ සිතේ නන්දේ කෙරේ වැඩුනේ ඊෂ්‍යාවක්ය. විටක ක්‍රෝධයක්ය. එහෙත් විශේෂ කාර්යය බලකායේ සිටි නන්දේ වැනි අයෙක්ට කුලේ තම අතටවත් මදි බවත්, වැඩිහිටියෙකු නිසා ප්‍රතික්‍රියා නොදක්වන බවටත් නන්දේ දිනක් කියා සිටියේය. ඒ කුලේ නන්දේට ගසන්නට ගඩොල් ගලක් ඔසවාගෙන පැමිණි විටකය. නන්දේ නොසැලී නොබියව කුලේට හිස දී බලා සිටිනා විට කුලේ ගල උලුක් කොට ඉවත්ව ගියේය. එතැනදි නන්දේ විශේෂ බලකායේ පුහුණු ලද්දෙක් බව සෑමා සැක හැර දැනගත්තේය.නන්දේ ගිය දා සිට, කුලේ සෑමාගේ ගරාජයට පැන්නේ නන්දේ අනුගමනය කළ ක්‍රම උපායන් අනුගමනය කරන්නටය. නන්දේ නම් සෑමා වැඩ ඇරී නිවසට ආ විගස පාර බලන්නේ, වාහනය පාර්ක් කිරීමට සහය දැක්වීමටය. එන විට ගරාජයේ නිදාගෙන සිටියද, ඔහු ක්ෂණික නැගිට සහයෝගය දී වාහනය ඇතුලට දැමූ පසු ඊට එහා පැත්තේ නිදා ගන්නේය. උදෑසන සෑමාගේ තාත්තා කඩේ විවෘත කරන්නට පැමිණෙන විට, මුහුණට පෙනෙන්නට නොසිටින්නේය. ඒ උදෑසනම තමා මුනිච්චි වේ යැයි සිතාගෙන විය යුතුය. ඒ සියළු ගති සහිත නන්දේ ගිය පසු කුලේ එම ස්ථානය ගන්නට දැගලුවේය. ගරාජය තුල නිදන්නට වූයේය. එහෙත් සෑමා වැඩ ඇරී නිවසට ආ විට ගරාජයට වාහනය දමන්නට සහයෝගයක් නොමැත. සහයෝගයක් තියා නැගිටින්නේ වත් නැතිය. තත්වය එසේ නිසා සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය. ඒ නිසාම නන්දේ නොමැති අඩුව ගමට වඩා දැනෙන්නට වුණේ සෑමාටය. විටෙක සෑමාගේ නිවසේ අයටය.තත්වය එසේ පැවතුණේ කෙටි කාලයක්ය. කුලේගේ ස්ථානය නැති කරමින් නන්දේ නැවත ගමට ආවේය. ඒ පසුගිය සතියේය. නන්දේ ආ තැන සිට කුලේ ආ ගිය අතක් නොමැත. ඔහු තම අක්කාගේ නිවසේ මඩුවක නිදා ගන්නවා යැයි පැවසෙන්නේය. දහවල නම් ගමේ එහේ මෙහේ ඇවිදින්නේය. විටක කන්නේ බොන්නේද සෑමාගේ අම්මා ලබා දෙන බත් පතක්ය. නන්දේ සුපුරුදු පරිදි රෑට නිදන්නට ගත්තේ ගරාජයේය. විටක බියර් බෝතල පදම වැරදුනු විට හෝ රොකට් සැර වෙනස් වූ විට නන්දේ කෙලින්නේ පිස්සුය. එලෙස පදම වැඩි වූ මොහොතක ඊයේ රාත්‍රි යේ නන්දේ නිදාගෙන ඇත්තේ ඉහළ මාලයට නගින පඩිඩපල අවසන් වන තැන, දොර අභියසය. රැය පහන් කළ නන්දේ අද සෑමාට සහ නිවසේ අයට කියා සිටියේ මෙවන් කතාවක්ය.“බලන්න නෝනා මම නිදාගෙන ඉද්දි වතුර බාල්දියක් වගේ එකක් ඇඟට වැටුණා..““ඒ කෝමද එහෙම වෙන්නේ.. මම හිතන්නෙ වැස්සට තෙමෙන්න ඇති..““මොන වැස්සද නෝනා.. මම හිතුවා ලාල් සර් මට වතුර පනිට්ටුවක් ගැහුව කියල..““ඒ මනුස්සයා මොකටද නන්දෙව එළවන්නේ..““නෑ නෝනා.. මේකයි කතන්දරේ.. කවුද එවුන් දෙන්නෙක් ඇවිත් මට වතුර පුරවපු බෑග් දෙකකින් ගැහුවා..““ඒක කෝමද නන්දෙ දන්නේ.. නිදාගෙන නෙවේද හිටියේ..““මට වතුර ගහපු හැටියේ මම නැගිට්ටා.. මේ තියෙන්නෙ හිස් ෂොපින් බෑග් දෙක.. පහළට ඇවිත් බලද්දි බෑග් එකෙන් ලීක් වුණ වතුර සිමෙන්ති පඩිය උඩ වැටිල තිබ්බා. මම එහෙම්මම හන්දිය පැත්තට දිව්වා.. තාර පාර දිගේ වතුර අඩි පාරවල් එහෙම්මම තිබ්බා..““හරි මඟුලක් නේ යකෝ.. අපේ වත්තට ඇවිත්.. එහෙම වතුර ගහල යන්න..“ ඒ අම්මාය.“එහෙම කරන්නෙ කෝමද. මේක හරියට අපිට ගහල ගියා වගේ වැඩක් නේ..“ ඒ නම් සෑමාය.“හරි මහත්තයා.. අද අපි බලමුකෝ.. අද තමා මම නියම අයිස් බකට් චැලෙන්ජ් එකට මූණ දෙන්නේ..“හවස් ජාමයේ නන්දේ ගේ කතාව අහවර වුණේය. සෑමා නන්දේගෙන් ඇහුවේ අද මම රෑට ඇලර්ට් එකේ ඉන්නද කියාය. නන්දේ කිවේ, පිස්සුද මහත්තයා මම බලාගන්නම් වැඩේ කියාය. සියල්ල අවසන සෑමා ඩොංගලය ගසාගෙන බුකි ගත වූයේ සිද්ධිය අමතක කරමින්ය. ඒ අතර අපේ ගමේ හර්ෂයා (ධර්මේ ලෙස අනුවර්ථ නාමයකින් හර්ෂගේ කතාවක් ඉස්සර ලියැවුණේය.) චැට් එකට සැට් වුණේය.හර්ෂ - සෑමා මොකෝ වෙන්නේ..සෑමා - ඉන්නවා මචං..හ - අඩෝ ඊයේ අපි මාර සැපක් ගත්තා..සෑ - මොකෝ කළේ..හ - බෆලෝයි, මමයි, මධුරංගයයි සෙට් වුණා..සෑ - ෂික්.. අපි නැතුව..හ - අහපංකෝ.. උබලගේ පඩිපෙලේ උඩ නිදං හිටපු ඩයල් එකට අපි වතුර පාරක් ගැහුව යකෝ..සෑ - *කනවා.. යකෝ ඒ නන්දේ බං හිටියේ..හ - නන්දේ කියන්නේ/.සෑ - ඇයි බං උබලෑ දන්සලේ එනවුන්සිං පාර දුන්නේ...හ - &කනවා.. අපි හිතුවේ කුළේ ඉන්නෙ කියලා.. ඒත් ලඟට ගියාට පස්සේ ඌ නෙවේ වගේ.. ඒත් ආපු එකේ ඔන්න ඔහේ ගහලා ආව බං.. අවුලක් නෑනේ..සෑ - හුකෑස්.. පොර සීන් එකේ ඉන්නේ.. උබලට කෙලී යකෝ..හ - මායි, බෆයි, මධුවයි ඊයේ මාර ආතල් එකක් ගත්ත ඕයි.. අපි අම්බලමටත් ගියා කුලයව හොයන්න ඌ හිටියේ නැහැ. එතන පැටී හිටියා ඌවත් නාවල තමා උබලගෙ ගෙවල් පැත්තට ආවේ.. කුලේ කොහෙද බං නිදා ගන්නේ.. මට ඌට තමයි දෙන්න ඕනේ පාර...පලි - මා දැන් කළ යුත්තේ හර්ෂයාව, නන්දේගෙන් ගලවා ගැනීමට නිහඩ සිටීම පමණකි.Written_by_sAm_ශ්‍රී_Perera_12:21am_16/10/14.
BLOG
2014.10.12
http://samindikasrimantha.blogspot.com/
නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2)
sAm (සෑම්)
නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. පුක හැර ගිය බොග නැවත ඇතුලට ඔබා ගැනීම වැනි වැඩක් කරපු එකෙක් ලොවෙත් නැතුව ඇත. එසේ නම් කොටසක් දැමූ බ්ලොගක්, ඉතිරිය නොදා පතිවත රැක ගන්නට යන තරම් අවැඩක් ලොව කොහේ තිබෙන්නේද. කෙහේවත් නැතිය. ඉදින් කතාවේ ඉතිරිය මෙතැන් සිට ලියැවෙන්නේය.ජොකා එබූ ෂොපින් බෑග් එක අතට ගත් සෑමා කල්පනා කළේ ජොකා මෙතැනට ආවේ කොතැනින්ද කියාය.එදා සෙනසුරාදා දවසක්ය. උදෑසන හාෆ් ඩේ එක වැඩ කළ යුතුය. හවස ගෙදර යා යුතුය. හාෆ් ඩේ නම් එලෙස විය යුතුය. එහෙත් මීට මාස 6කට පමණ පෙර එදින උදෑසන වැඩ අහවර සෑමා ගොස් ඇත්තේ රාගම පැත්තේ බ්ලොග්කරුවෙකුගේ නිවසටය. එහි උදෑසන සිට කාලය ගත කර තිබුණේ තවත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් පිරිසක්ය. සෑමා උදෑසන වැඩ අහවර කර එහි යන විට මිතුරන් පිරිස දහවල ආහාරයද රැගෙන තවත් බොහෝ දුර ගොස් සිටියෝය. මිත්‍රයාගේ නිවස ඉදිරිපිට සිට සෑමාව ඇතුළට රැගෙන යන්නට දෙතුන් දෙනෙක් ආවෝය. ඔවුන් සිටියේ බොහෝදුර ගොස්ය. ක්ලබ් එකක් ඇතුලට එකෙක්ව බලෙන් රැගෙන යන ආකාරයෙන් පිරිස සෑමාව ඇතුලට ඔබා ගත්තෝය. එතැන් සිට ඔවුන් සහ සෑමා අතර දුර නැති කිරීමට සෑමාට වහා ක්‍රියාත්මක වන්නට සිදු වූවා මතකය. උදෑසන ආහාරය මඳ වූ නිසාත්, දහවල ආහාරය පමා වෙන නිසාත් ඒ අතරට වැටෙන ලෝදිය තරමක් බරපතල බව සියළු ලෝක සත්වයෝ දන්නවා විය යුතුය. එහෙත් සෑමා සිටි මහපොළොව සහ මිතුරන් සිටි චන්ද්‍රයා අතර දුර ඇසිල්ලකින් වෙනස් කළ හැකි බව දත් සෑමා වහා ක්‍රියාත්මක වූයේය.සියල්ල නිසි ලෙස සිදුවූයේය. මිශ්‍ර නොවිය යුතු දෑ මිශ්‍ර වූයේය. සීමාව මායිම සොයා වෙහෙසෙන්නට කළක් නොවූයේය. නොගැලපෙන ගීත, නොගැලපෙන තාල, සහ නොගැලපෙන නර්ථන අතර සෑමා මහ පොළොව සහ අහස අතර දුර මනිමින් සිටියේය. මිතුරන් දහවල ආහාරය ගනිද්දී සෑමා හදේය. හිදගෙන සිටි අසුනින් නැගිට ගත්තේ බොහෝ වෙලාවකට පසුය. නැගිට ගන්න හැකිය. නමුත් ඇසෙනා දේවල් දුර සිට ඇසෙන්නටත්, තමා පවසන දේ තෘවුරතාවය අඩුවෙන් ඇසෙන්නටත් වූ නිසා සෑමාගේ හඬ වැඩි වූයේය. ඇසෙනා හඬ අඩු වූයේය. ඒ අතර ඝෝෂාවය. ස්කයිප් කෝල්ය. බ්ලොග් කළබලය. කාපු බීපු උන් පිටත් වූවෝය. කන්නට තරම් හයියක් නොමැතිව සෑමා වත්ත පහළ වෙල අද්දරට ගොස් කොක්කු ගණින්නට, වූයේය. අප මිත්‍ර බ්ලොග්කරු සෑමා අසල සිටියේය. ගෙදර යන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව සෑමාට දුරකථන ඇමතුමක් ආවේ මස්සිනාගෙන්ය. ජාඇල සිට පොර ගෙදර බලා යන බවත්, සෑමා කොහේ සිටින්නේදැයි ඇසූ විට සෑමා කීවේ උබ මහබාගෙට වරෙන්, මම ගෙනිහින් දාන්නම් කියාය. ඌව ගන්නටත් සෑමා රාගම සිට මහබාගෙට යා යුතුය. කාලය ගත වෙනවාදැයි නිච්චි නැත. ලොවම නැවතී ඇති බවක්, කාලාන්තරයක් ගෙවුනා හා සමාන බවක් සිතට දැනෙන්නේය. ඒ බව හොදින් දැනුනේ අප මිත්‍රයාගේ ඇද මත හිඳ වෙල දෙස බලාගෙන කබරයෙක් ගේ හිස අතගෑ විට පෙනුනු කට්ට කළුවර නිසාය.ඇස පියවෙන, හැරෙන හැගීමෙන් තොර මොහොතක සෑමාගේ දුරකථනය නාද වූයේය. සෑමා තම අත දිග හැර එය තම බ්ලොග් මිත්‍රයා අත තැබුවේය. ඔහු දුරකථනය එසවූවා මතකය. මොහොතින් හුරුපුරුදු කටහඩක් බ්ලොග් මිතුරාගේ නිවසේය. ඒ වන විටත් මිත්‍රයා සෑමාගේ මස්සිනාව නිවසට කැඳවාගෙන විත් තිබුනේ රාගම සිට මහබාගේ දක්වා ගිහින්ය. ඇතුලත කාමරයක සිටි සෑමාට සාලයේ සිදුවන දෙබස ඇසෙන්නේය.මල්ලි කොහෙද හිටියේ..මම ජාඇල හිටියේ..හොඳ වෙලාවට මල්ලිව සෙට් වුණේ මූට යන්න විදිහක් නැතුව හිටියේ..මටත් එච්චර ඩ්‍රයිවින් බැහැ.. ඒත් ෂේප් එකේ යන්න පුලුවන්..අවුලක් නැහැ.. ලයිෂන් තියෙනව නේ..ඔව් ඔව්.. ෂෙප්.. ලයිෂන් තියෙනවා..මල්ලි මොනව හරි කනවද. සෑමා කෑවෙත් නැහැ..බත් නේද.. අවුලක් නැහැ කමු...සෑමා ඇතුලේය. ඇතුලේ එකාට මොනවා වූවාදැයි නොබැලූ මස්සිනා එළියේ කෑම කන්නේය. වෙන එකෙක් තමන්ව රවටා නිවසකට රැගෙන ආවේදැයි වත් නොසිතා බත් එක ගිලදැමූ ඔහු කාමරයට පැමිණ සෑමා ඉන්නවාදැයි නොබැලුවේය.මල්ලි ඩෙසර්ට් ගන්න..අයිස් ක්‍රීම් ටිකක් විතරක් ගන්නම්..මොහොතකින් මිත්‍රයා සහ මෂ්සිනා කාමරය ඔලුව දැම්මෝය.සෑමා නැගිටපං..මට විනාඩි දහක් ඇලවෙන්න දියන්..යකෝ උබ දැන් පැය දෙක තුනක් ඇලවෙලා..මස්සිනා.. යමං යමං.. මම ඩ්‍රයිව් කරන්නම්...හරි හරි පොඩ්ඩක් හිටපල්ලා..හරි.. වරෙන් වොෂ් එකක් දා ගන්න.. වොෂ් එකක් දැම්මම හරි යයි..හරි බං.. විනාඩි දහයකින් දාමු..නෑ නැ වරෙන්.. හිටපං මං ටවල් එකක් අරන් එන්න..ටවල් එක රැගෙන නැගිට ගත් සෑමා වොෂ් එකක් දමන්නට ගියේය. ඊට පෙර දොට්ට යා යුතු බව පවසමින් දොට්ට ගියේය. ඉන්පසුව වතුර නිදහසේ වැටෙන්නට දී මහ වැස්සක් යටට වී සිටින්නාක් මෙන් නිසොල්මනේ සිටියේය. ප්‍රේකෂකයන් දෙපොල මහා බර කතාවකට වැටී සෑමාට උපදෙස් දෙන්නට වූවෝය. සියල්ල අවසන සෑමාව ඔබාගත් රථය නිවෙස බලා පැමිණියේය. ඒ කෙසේ පැමිණියේදැයි සෑමාට මතක නැතිය. පදවාගෙන ආ මස්සිනා දක්ෂ රියදුරෙකු නොවන නිසාම සෑමා දෙනෙත් පියාගෙන සිට වරින් වර ඔහු කොහේ යන්නේදැයි විමසා බැලුවේය. සපුගස්කන්ද හරහා බියගම පාරට වැටෙන ෂෝට් කට් එකෙහි මඟ මහා ප්‍රපාතයක් සමඟ වංගුවක්ය. එතැනදී මස්සිනා හඬ අවදි කළේය.අඩෝ මෙතැනින් කෙලින්ම නේද.නැහැ බං වංගුවක් තියෙනවා..නෑ යකෝ පාර ඉවරයි..හෙමින් පලයන් දකුණට වංගුව..හු^%$ යකෝ කෙලින් ගියානම් පත වලක්..ඒක තමා යකෝ කිව්වේ.. හරවපං කියලා..එම ජවනිකාවෙන්ම සෑමා සිහියෙන් සිටි බවට මස්සිනා තවමත් පිළිගන්නේය. එහෙත් සිදුවූ සියල්ල තැනින් තැන හිස්ය. ඒවා පිරවීමට දවසක් කල්පනා කළත් ලොවෙත් බැරිය. නිවස කිට්ටුවදී සෑමා මස්සිනාගෙන් ඉල්ලීමක් කළේය.මචං ගෙදරට යන්න කලින් පොඩ්ඩක් නවත්තලා මට විනාඩි දහක් නිදා ගන්න දියං..හරි දැන් වෙලාව මෙච්චරයි.. උබ නිදාගනින්.. මම විනාඩි දහයෙන් කතා කරනවා..නැගිටපං.. දැන් හරි..අඩෝ විනාඩි දහයක් ගියෙ නැහැ...පිස්සුද බං විනාඩි පහලොවක් ගියා.. දැන් යමං..අතරින් පතර හිඩැස් ඇතිව, සියල්ල සෑමාට මතකය. එහෙත් නැති වූ ජොකෙක් ඩිකියෙන් මතු වීමෙන් මතකය අලුත් වූයේය. එදා ජලස්නානයේදී හැදගෙන සිටි ජොකා අප මිත්‍රයා අතින් පාර්සල් ගත වී ෂොපින් බෑගයකට බැස, සෑමාගේ ඩිකියේ සැඟවී මෙහි පැමිණ ඇත්තේය. එහෙත් එය හමුවූයේ මාස කිහිපයකට පසුව වීම, මතකය අලුත් කරමින් බ්ලොග් එකක් ලියැවීමට හේතු වූයේය.සෑමාගේ අවවාදය - ජොකා නොමැතිව බාර් ගත වන්න...Written_by_sAm_ශ්‍රී_Perera_10:24pm_12/10/14.
BLOG
2014.10.09
http://samindikasrimantha.blogspot.com/
නැති වූ ජොකා නැවත හමුවෙයි.. - Found the Lost Thing !!!
sAm (සෑම්)
නව පරිපාලන ක්‍රමය නිවසට ඒමට පෙර සෑමාගේ ඇදුම් සෝදා ගත්තේ සෑමාගේම සුරතින්ය. පාසල් කාලයේ නවය වසරට පය තබන තුරු රෙදි සේදීමේ කටයුතු අම්මා කළාය. ඇගේ මහන්සියට විරාමයක් තබන්නට සෑමා තමන්ගේ රෙදි පොට්ටනිය සුරතට ගත්තේ නමය වසරේ සිටය. නමය වසර යනු නව යෞවුන් කාලයයි. පාසල් ඇදුවේ කුණු බිදක් හෝ ගෑවෙනවාට අකැමැති යුගය දහය වසරින් පටන් ගත්තද නමය වසරේ සිට තමන්ගේ ඇදුම පැළදුම සහ කොණ්ඩය පිළිබඳව සැළකිලිමත් වීම පොදු පුරුෂ ශිෂ්‍ය ගතියය. නැතිනම් පාසලේදී, පන්තියේදී, බසයේදී, බස්හෝල්ට් එකේදී කෙල්ලෙකුගේ දිශ්ඨිය ලබා ගත නොහැකි බව පරම සත්‍යයක්ය. මන්ද එදා සිට කෙල්ලෝ ලව් කළේ ඇඳුම ඇතුලේ සිට කොල්ලාට නොව, කොල්ලාගෙන් පිටත ඇති ඇඳුමටය. ඒ පරම සත්‍යයට සෑමා මුහුණ දුන්නේද නමය වසරේ සිටය, එම සත්‍යය එසේ වූ නිසාම නමය වසරේ සිට පස්සෙන් පැන්නූ කෙල්ල, දහය, එකොලහද, දොළහ සහ දහතුනද පසුවෙන තුරු සෑමාට හොඳම මිතුරියක් මිස ආදරවන්තියක් නොවූවාය. එම පරම සත්‍යයට පිං සිදු වන්නට සෑමා ඇගෙන් තොර ලොවක වෙනත් කිරුළක් දැරුවේය. යම් දිනක ඒ ආදර අන්දරය බ්ලොග් ගත කළ යුතු බව සෑමාගේ හැගීමය.කෙසේ හෝ නමය වසරේ සිට නව පරිපාලනයට එනතුරු සෑමා තමන්ගේ රෙදි තමන්ම සෝදා ගත්තේය. බෙහෝ පුරුෂයන් විවාපත් වූ විට කියන්නේ ගෙදරට “වොෂින් මැෂින්“ එකක් ගත්තා මචං කියාය. ඒ කියන්නේ තමන්ගේ රෙදි සියල්ල ගෙදරට ආ කාන්තාව හෙවත් භාර්යාව සෝදනවා කියාය. සෑමාට නම් උක්ත කාන්තාව සමඟම වොෂින් මැෂින් එකක් ලැබුණු නිසා තත්වය වෙනස් වූයේය. එදා සිට රෙදි සියල්ල හෝදන්නේ මැෂිමේය. නමුත් මැෂිමට රෙදි ලෝඩ් කරන්නේ කාන්තා පාර්ශවයෙන්ය. තනිවම රෙදි සෝදා ගන්නා කාළයේදී ඇඳුම් කිසියම් බැලන්ස් කිරීමකින් භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ඔබට ඇත්තේ මේස් කුට්ටම් දෙකක් නම්, සතියේ කාර්යාල දින පහේදී ඔබට දින දෙකක් (සදුදා-අඟහරුවාදා) එකම මේස් කුට්ටම දමා, ඒ දෙක සෝදා දමා අනෙක් කුට්ටම් දෙක ඉතිරි දින දෙක (බදාදා-බ්‍රහස්පතින්දා) දැමිය හැකිය. එවිට ඔබ බදාදා දින මුල් දින දෙක දැමූ කුට්ටම සෝදා දැමිය යුතුය. එවිට සිකුරාදා, සහ සෙනසුරාදා නැවත එම පළමු කුට්ටම භාවිතයට ගත හැකිය. උක්ත ක්‍රම සහ විධි උපයෝගී කර ගනිමින් සීමිත ඇඳුම් ඇති නම් පිරිසිදුව අඳින්නට බැලන්ස් කළ හැක්කේ තමන් විසින්ම තමන්ගේ රෙදි සෝදා ගන්නවා නම් පමණක්ය.එලෙසම සෑමා රෙදි සෝදන කාලයේ ජොක්කු බැලන්ස් කළේය. එක ජොකෙක් සෑමා අදින්නේ එක දිනයක්ය. නැවත අදින්නේ අනිවාර්යයෙන් සෝදලාය. කවදාවත් ජොකා තෙතයි කියමින් අයන් එකේ පුලුස්සා හෝ ෆෑන් එකේ එල්ලා වේලලා භාවිතා කර නැත්තේය. එහෙව් තත්වයක් යටතේ සෑමා අලුත් මැනේජ්මන්ට් එකට පෙර මැනවින් ජොක්කු තුනක් බැලන්ස් කළේය. එය සාධාරණ ලෙස කළ හැකි කටයුත්තක්ය. එහෙත් නව ජීවන ක්‍රමය, නව පරිපාලනය යටතේ මුල් කාලයේ සෑමාට කෙළ වූයේය. ඒ දිනකට දෙතුන් වරක් ජොකා තෙමාගෙන මාරු කරන්නට වූ සිද්ධියක් නිසා නොව පරිපාලනයේ දුර්වලතාවයක් වූ බැවින්ය. ඒ නිසාම නව පරිපාලනය යටතේ සෑමාට ජොක්කු පහක් (සුදු තුනයි - අළු දෙකයි) භාවිතය පවා අපහසු වූයේය. විටක පස් දෙනාම වැලේ එල්ලී සිට සෑමාට ඔච්චම් කළේ “අඩෝ උබ අද සිවිල් පිට හිටපං“ කියාය. ඊට හේතුව සතියේ දින පහක් අදිනා ජොක්කු සැට් එක සෙනසුරාදා හාෆ් ඩේ එකට පසු එක වර මැෂින් ගත කරන නිසාය. එවිට සෙනසුරාදා කලින් ඇඳපු එකක් අදින්නට සිදුවේ. එළෙසම ජොක්කු තෙත නිසා ඉරිදා දින නිවසට වී හිදින්නට වන්නේ සිවිල් පිටය. ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා දැයි සැක සහිතය. එහෙත් අවුල වැඩි වන්නේ ඉරිදා කොහෝ හෝ ගමනක් යන්නට සැට් වුණොත්ය. එවිට පාරට බහින්නට වන්නේ සිවිල් පිටය.උක්ත ක්‍රමය මුල් මාස කිහිපයක් තිස්සේ සෑමාට උග්‍ර ගැටළුක්ව දැනුනේය. විටක දින පහ අතරතුර එකෙක් අස්ථාන ගත වුවහොත් ගැටළු රැසකට මුහුණ දෙන්නට වන්නේය. ඒ අනුව සෑමාට ජොක්කු තුනක් බැලන්ස් කිරීමේ වාසිය තදින්ම දැනුනේය. එදිනම තමන් ඇදන් සිටින වස්තරය සෝදා දැමීමේ වාසිය මහත් යැයි සිතුන අවස්ථා අපමණය. සියල්ල එසේ සිදුවෙද්දී එක ජොකෙක් මිසින් වුණේ සිද්ධ වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. පහක් බැලන්ස් කරන්නට ගොස් සෙනසුරාදා හාෆ් ඩේ එකට කෙළ වූ සෑමාට, අතරතුරදී එකෙක් අස්ථාන ගතව යෑම වාවා ගත නොහැකි පාඩුවක්ය. එලෙසම කිසිම විටක කවර් කර ගත නොහැකි සිද්ධාන්තයක්ය. කාර්ය බහුල වීම් සහ කම්මැලි වීමේ හේතූන් මත නැති වූ එකා සොයා ගන්නට සෑමාට නොහැකි වුයේය. එලෙසම සිද්ධ වුයේ කුමක්දැයි සිත ගත නොහැකිව සයනේ උඩුකුරුව කල්පනා කරන්නට වූයේය. සැට් එකම එකට සෝදා එක දිගට වැලේ එල්ලා දමන විටක එකෙක් මිස් වන්නට හේතුවක් ඇත්තේම නැත්තේය. ඒ නිසා සිදුවූ කිසිවක් නිෂ්චය කළ නොහැක. කළ හැක්කේ කාලයට ඉඩදී බලා සිටීම පමණක් යැයි සිතා සෑමා මුනිවත රැක්කේය. මැරිච්ච එකා පෝස්ටර් ගසාවත් හොයා ගත නොහැකිය. අතුරුදහන් වූවෙක් නම් පෝස්ටරයක් ගැසිය හැකිය. එහෙත් ජොකෙක් නැති වුවා යැයි පෝස්ටර් ගසනවා තියා කටක් ඇර කාටවත් කියන්නට නොහැකිය. කළ හැක්කේ සත්තකින්ම කාලයට ඉඩදී බලා සිටීමය. සෑමා එළෙස කලක් සිටියේය.දිනක් හදිසියේම ඩිකිය අස් කරද්දී ෂොපින් බෑග් එකක ගුලි වූ ටකරමක් වැනි යමක් සෑමා දුටුවේය. වර්ණය නම් පුරුදුය. නහයේ තබා ඉබින්නට බැරි තැන සෑමා එය එළියට ගෙන දිග හැර බැලුවේය. අහෝ අතුරුදහන් වූ එකා ඩිකියේය. දැන් කළ යුත්තේ මේකා මෙතැනට ආවේ කෙලෙසදැයි මතක් කිරීමය.
BLOG
2014.08.23
http://nursinglanka.blogspot.com/
167) ජීවිත රැක දෙන “අයිස් බකට්“
Mahesh Nishantha
මේ දවස් ටිකේ කවුරුත් “නාගන්නවා“ , නිකම් නෙවි , හොඳ සීතලට නාගන්නවා. දැන් මේ කතාව පටන් ගනිත්දිම ඔබ කවුරුත් දන්නව අද කතා කරන්න හදන්නේ “අයිස් බකට්“ ගැන කියල . නොදන්න කෙනෙක් ඉන්නවා නම් , මේ දවස් වල එක්තරා ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ “දාම ක්‍රියාවලියක්“ ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම , මුහුණපොත , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම් වැනි සමාජ ජාල වල බලපෑම් එක්ක , “රැල්ලක් ලෙසින්“ පැතිරී යන “අයිස් බකට්“ අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් ඇත වෙලා තිබෙනවා.නමුත් මෙවන් ක්‍රමවලට “පරිත්‍යාග රැස්කිරීමේ “ ක්‍රියාකාරකම් ටිකක් නුහුරු අපේ රටේ මේ ගැන විවිධ මත පලවෙමින් තිබෙනවා . නමුත් මෙම රටවල නම් මෙවන් පුණ්‍යාධාර රැස් කිරීම් බහුලයි , පාසල් යන පුංචි පැටවුන් පවා , දොඩම් යුෂ විකුණමින් , රථ වාහන සොදා දෙමින් , නැතහොත් කණ්ඩායමක් එක්ව ගී ගායනා කරමින් මුදල් රැස් කර මෙවන් පුණ්‍යාධාර වැඩසටහන් වලට පරිත්‍යාග කරන සුන්දර දර්ශන බොහොම හුරුයි.මේ ලිපිය තුල එම මතවාද පිළීබඳව කතා කරන්න උත්සාහ නොකළත් , මූලිකව මේ කටයුත්ත ගැන සටහනක් නොතිබ්බොත් අඩුවක් වගේ දැනෙනව.මොකක්ද මේ “අයිස් බකට්“ කෙරුවාව. කෙටියෙන්ම කිව්වොත් , අද කියන්න හදන මේ ALS රෝග තත්ත්වයට ප්‍රතිකාර පිළිබඳ පර්යේෂණ වලට පරිත්‍යාග එක් කරන්නට කැමති අයෙක් , “අයිස් බකට්“ අවස්ථාව සූදානම් කරනවා . ඔහු හෝ ඇය අයිස් මිශ්‍ර සීතල වතුරින් නැහැවෙන අතරේ එය වීඩියෝ ගතකර #IceBucketChallenge යොදා අන්තර්ජාලය වෙත සමාජ ජාලා වෙත මුදාහරිනවා . ඒ අතරේ ඔහු හෝ ඇයhttp://www.org/ වෙත ඩොලර් දහයක (හෝ කැමැති ප්‍රමාණයක) පරිත්‍යාගයක් කරනවා. අර වීඩියෝව කරන අතරේ “නාන කෙනා“ අභියෝගයක් කරනවා , ඒ තමන් දන්නා තවත් කෙනෙක්ට මේ අභීයෝගය කළ හැකිදැයි . මේ නම් කෙරුණු කෙනා මෙතැනින් සිට පැය 24ක් තුල අදාල කෙනා “නාන“ අභීයෝගය භාර නොගත්තොත් ඔහු හෝ ඇය ස්වෙච්ඡාවෙන්ම ඩොලර් සියයක මුදලක්http://www.org/ වෙත පරිත්‍යාග (පුණ්‍යාධාර) කළ යුතු වෙනවා . අභියෝගය භාර ගත්තොත් පළමු කෙනා වගේම අයිස් වතුර නාල , තවත් කෙනෙක් නම් කරල , ඩොලර් දහයක් (හෝ කැමති මුදලක්) පරිත්‍යාග කරලා , තැනූ වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිනවා.ඇත්තෙන්ම මේක අර පිරමිඩ ක්‍රමය වගේ , අළුත් පුරුක් තනමින් පරිත්‍යාග රැස් කරන සුන්දර , ඒත් ටිකක් විතර දුෂ්කර ක්‍රියාවලියක්.දැන් ඔබ අහන්න පුළුවන් ඇයි මේ විකාර , ආධාර ඉල්ලුව නම් ඉවරයි නේ කියල , නමුත් ඔබ හිතනවද මාධ්‍ය මඟින් . සමාජ අඩවි මඟින් මෙම ආයතනයට ඩොලර් දහයක ආධාරයක් කරන්න කීව පමණින් එය සක්‍රියව සිදුවේවි කියල , නමුත් මෙවන් ක්‍රියාකාරී , බැඳීමක් සහිත සහ එක්තරා විදියක මිත්‍රත්වයක් , විනෝදයක් වගේම ප්‍රචාරණයක් , ප්‍රසිද්ධ්යක් එන කටයුත්තකදි එම සක්‍රිය බව වැඩියි , ඒ නිසාම අද(අගෝස්තු 22) වෙනකොට ඩොලර් මිලියන 53 ක් දක්වා ආධාර එක් රැස් වෙලා තිබෙනවා.එපමණක්ද . මේ “විශේෂ නෑම“ නිසාම ලොව පුරා මෙතෙක් ALS ගැන කතා නොකළ අය පවා මේ රෝගය ගැන තතු විමසන්නට , දැන ගන්නට සූදානම් වෙලා.ඇත්තටම මේ කටයුත්ත ආරම්භ උනේ 2013 විතර , ඒ MS රෝගය වෙනුවෙන් , රෝගය ගැන දැනුවත් කිරීම සහ පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමට . නමුත් එය 2014 පසුගිය මාසයේ විතර වෙනත් රෝගයක් වෙනුවෙන් නැවත ආරම්භ වුනා. ඒ මෙම ALS කියන ස්නායුක රෝග තත්ත්වය වෙනුවෙන්.දැන් අයිස් බකට් කතාව ඉවරයි. ආරම්භ වන්නේ ALS ගැන කතාව. හැබැයි වෙනද වගේ දිගට ලියන්න ඕන වෙන එකක් නැහැ .මොකද මේ වන විට ALS හුඟක් දුරට සමාන MS .ගැන ලියල තිබෙන නිසා. කෙසේ වෙතත් ලිපියේ ඉස්සරහට යන්නට පෙර පොඩි විවේකයක් ගන්නවා , ඒ ඔබට පහත සබැඳිය ඔස්සේ ගොස් MS ගැන ලියැවුනු පරණ ලිපියක් කියවන්නට , මක් නිසාද ඒ රෝගය ගැන අවබෝධයක් තිබීම ALS ගැන කතා කරන්නට පහසුවක් වන නිසා.මෙන්න ලිංක් එකhttp://www.com/2012/06/107.html (ලිංක් එක මත ක්ලික් කරල යන්න පුළුවන්)හරි මම හිතනවා ඔබ MS රෝගය ගැන දැන් කියවන්නට ඇති කියල . එහෙම නම් දැන් අපි කෙටියෙන් මේ රෝග තත්ත්ව දෙක ගැන කතා කරමු.අපේ ස්නායු පද්ධතිය විනාශ කරමින් , අප දැනුවත්වම ටිකෙන් ටික මරණය කරා රැගෙන යන අවාසනාවන්ත රෝග තත්ත්ව දෙකක් වන MS සහ ALS ස්නායු , ස්නායු සෛල ටිකනේ ටික විනාශ කරමින් , අපේ අතපය චලනයන් , ආහාර ගිලීම , ශ්වසනය වැනි පේෂි සහ ස්නායු එකට වැඩ කරන සියළු පද්ධති ටිකෙන් ටික බිඳිමින් , දුර්වල කරමින් රෝගියා ජීවත්ව සිටියදීම “කායිකව මරණ “ මේ රෝග තත්ත්ව අද ලෝකයේ සුව කළ නොහැකි රෝග අතරේ ඉහළ තැනක ඉන්නෙ .මල්ටිප්ල් ස්ක්ලෙරෝසිස් තත්ත්වයට අපෙ “ස්වයං ප්‍රතිශක්තිය“ කියන , අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන “වැරදි වැටහීමක්“ නිසා , අපේම සෛල මරමින් යන තත්ත්වය හේතු වුනත් ALSහෙවත් Amyotrophic lateral sclerosis ට එහෙම හේතුවක් තවමත් හරියටම කියන්න බැහැ. ඒ නිසාම එහි බරපතල බව MS ට වඩි වැඩියි කියන්න පුළුවන්. අනෙක් අතට MS තත්ත්වය අඩු වැඩි වෙමින් (ඖෂධ ගන්නේ නම්) ක්‍රමයෙන් නරක අතට ගියත් ALS අඩුවීමක් නැතිව ක්‍රමාණූකුලව රෝගියාගේ සියළු පද්ධති අඩපණ කරමින් මරණය කරා රැගෙන යනවා , ඒ රෝගය හඳුනාගැනීමෙ පටන් අවුරුදු පහක් පමණ කාළයක් තුලදි. MS වලදි යම් තරමක පාළනයක් කරන්නට පුළුවන් වුනත් ALS වලදි කළ හැක්කෙ රෝගියාට උපකාර කිරීම පමණයි.මේ නිසාම තමයි අයිස් බකට් අභියෝගය ඔස්සෙ ලෝකයේ ප්‍රජාව ALS රෝගය ගැන දැනුවත් කරමින් , එය සුව කිරීමට , පරියේෂණ කිරීමට පෙළඹවීම වැඩි කිරිමටත් , ඒ සඳහා අවශ්‍ය අතිවිශාල මුදල් ප්‍රමාණය පුණ්‍යාධාර ලෙස රැස් කර ගැනීමටත් උත්සාහ දරන්නෙ. ඉති්න මේ අයිස් බකට් අභියෝගයට ඔබ කුමන මතය දැරුවත් , ඒ පිළිබඳ පර්යේෂණ කරමින් , එය හඳුනාගන්නට , සුව කරන්නට මෙම පර්යේෂකයින් දරණ උත්සාහය අගය කළ යුතුමයි .මක් නිසාද ඉදිරි දිනකදි මේ කියවන ඔබ මෙම රෝග තත්ත්වයට පත් නොවේ යැයි කාටවත් කියන්නට බැහැ.මොකද මේ තත්ත්වයට රට , වයස , ස්ත්‍රි පුරුෂභාවය හෝ වෙනත් සාධකයක් සෘජුව බලපාන්නෙ නැහැ.අනෙක මෙ සියළු පර්යේෂණ කෙරෙන්නෙ ALS තත්ත්වය ලෝකයෙන් තුරන් කිරීමට මිසක , එක රටකින් තුරන් කිරිමටකට නොවෙයි , ඒ නිසා තමයි ලොව පුරා සියළු රටවල මේ කටයුත්තෙදි එක් වන්නෙ.අවසානයේ දුක්මුසු ආරචියක් , ඒ ... තමන්ගේ හොඳම මිතුරා මෙම රෝග තත්ත්වයට පත්වීමේ දුක දරා ගන්නට , මෙම අයිස් බකට් සංකල්පය ඔසේ ALS පර්යේෂණ වෙනුවෙන් , පුණ්‍යාධොර රැස්කිරීමේ “සත්කාර්යය“ ආරම්භ කළ වයස අවුරුදු 27ක කෝරි ග්‍රිෆින් පසුගිය දහසය වන දා මෙලොව හැර ගියා , ඒ දියේ ගිලීමකින් . ඔහු එසේ මෙලොව හැර ගියත් , Ice bucket තවත් දහස් ගණනක් නහවාවි , ස්නායු මරමින් ජීවිත බිළිගන්නා ALS සුව කිරීමේ කාර්යය වෙනුවෙන් ඔහු ඇරඹු පුණ්‍යාධාර රැස් කිරීම , ඩොලර් මිලියන ගණනක් එක් කරමින් ALS නොමැති හෙටත් වෙනුවෙන් ඉදිරියට යාවි.එසේ නම් ලැබුණූ මද විවේකයේ කළබලේට ලියාගෙන ගිය මේ සටහන මෙතැනින් නිම කරනවා , ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.(ඔබ අයිස් වතුර නොනෑවත් , ALS රෝගය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යයට ඔබටත් දායක වන්නට පුළුවන් , ඒ මෙම රෝග තත්ත්වය පිළිබඳ තොරතුරු ඔබේ මිතුරන් අතරේ බෙදා ගනිමින්. )-----------------------------------------------------------------අවුරුදු විසි අටක තරුණයෙක් තමන්ගේ ජීවිතේ ALS අත්දැකීම් අහන්න (අන්තර්ජාල මෙගා බයිට් ප්‍රමාණය ගැන නොසිතා පුළුවන් නම් මේ විඩියෝව බලන්න.)මේ ලිංක් එක දිගේ ගියොත් ALS තත්ත්වයට පත්වූ අයෙක් තමන්ගේ අත්දැකීම් විස්තර කරන හැටි දැක ගන්නට පුළුවන්. ( වීඩියෝවෙන් වසර හතරකට පස්සෙ ඔහු මෙම රෝග තත්ත්වයෙන් මිය ගියා, එයයි මෙහි අවාසනාවන්ත බව)තවත් සුන්දර “අයිස් බකට් “ කිහිපයක් මේ .
BLOG
2014.08.20
http://nursinglanka.blogspot.com/
166) හොර දොස්තරද ? හොඳ දොස්තරද ?
Mahesh Nishantha
“පණ එපා කියල දුවනව“ කිව්වත් , ඒ දුවන්නෙත් පණ බේර ගන්න නෙවැ. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ට වඩාත්ම වටින දේ තමන්ගෙ ජීවිතය. ඉතින් ඒ “පණ වගේ රැක ගන්න ජීවිතයේ “ සාමාන්‍ය රිද්මයට යම් අසාමාන්‍ය වෙනසක් වුනොත් , එතැන ලෙඩක්, කායික හෝ මානසිකව ඇතිවූ මේ ‘‘වෙනස“ රෝගයක් , දුබලතාවක් , සහලක්ෂණයක් ,...ඔය විදියට මොන මොන දේ කිව්වත් ඒක “ලෙඩක්“ .රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් .ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ . කරන දේවල් බොහොමයක් තියෙන්න පුළුවන් , නමුත් යම් අවස්ථාවකදී ,“රෝහල“ නැත්නම් “සායනය“ වෙත යාම සිදුවන්නට පුළුවන්. ලෙඩේ හොඳ කරගන්න යන මේ ගමනේ “රෝගියා “ පැමිණෙන්නෙ “සෞඛ්‍ය ආයතනයකය “ , මේක රෝහලක් , නැත්නම් ඩිස්පැන්සරිය හෝ සායනය වෙන්නත් පුළුවන් . මේ කොතැනක වුනත් රෝගියාට අපේක්ෂීත ප්‍රතිකාරය , උපකාරය ලබා දෙන්නේ “සෞඛ්‍ය කණ්ඩායමක්“ එක්වීමෙන් .මේ සෞඛ්‍ය කණ්ඩායම තුලදි රෝගියාගේ රෝග තත්ත්වය නිර්ණය කිරීම ,ඖෂධ නියම කිරීම කියන මූලික කාරණය ඉටු කරන්නෙ වෛද්‍යවරයා. එහෙම නම් අද මේ ලිපියේ කතා නායකයා වෙන්නේ මෙන්න මේ වෛද්‍යවරයා . මම මෙතැනදි වෛද්‍යවරයා විදියට හඳුන්වන්නේ රජයේ රෝහලේ ඉන්න බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන “දොස්තර මහත්තයා“ විතරක් නොවෙයි , ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයා , නැත්නම් හෝමියෝපති ප්‍රතිකාර කරන “දොස්තර මහත්තය“ ත් එයට එක් කරමින් තමයි මේ ලිපිය තුල කතා කෙරෙන්නේ.(මෙම සටහන තුල පාරම්පරික වෙද මහතුන් පිළිබඳ කිසිවක් කතා නොකරමි)හොර දොස් තරද . හොඳ දොස්තරද .අද ලංකාවේ බොහෝ ප්‍රෙද්ශවල ඉහත කී ආකාරයේ යම් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර නිර්දේශ කරවා ගැනීමේ පහසුකම තිබෙනවා . ඒ රජයේ රෝහලකදි පමණක් නොවේ , බෙහෙත් ශාලාවකදි , සායනයකදි , නැත්නම් සහ බහුලවම පෞද්ගලික වෛද්‍ය ආයතන වලදිත් මෙලෙස වෛද්‍යවරයෙක් හමුවීමේ හැකියාව ලැබෙනවා.නමුත් , අද දවසේ පුවත් පත් ඔස්සේ කියවන්නට ලැබෙන ආරංචි අනුව ලංකාව පුරා හොඳ වෛද්‍යවරුන් ( එ් කීවේ රජයේ නීති රීති අනුව , අදාල වෛද්‍ය සභා තුල ලියාපදිංචිය ලබා වෘත්තීය කිරීමට අනුමැතිය ලත්) වගේම “හොර වෛද්‍යවරුන්“ සෑහෙන ප්‍රමාණයක් ඉන්නා බව කියැවෙනවා . අද මේ ලිපිය ලියන්නට හේතු සාධකය වුනෙත් මේ “හොඳ වෙදුන් සහ හොඳ වෙදුන් ගැන කතාව“හොඳ වෙදා සොයා ගැනීමපිංතූරය www.comදැන් ප්‍රශ්නේ මේකයි කොහොමද අපි “හරි දොස්තර මහත්තයයි“ , “හොර දොස්තර මහත්තයයි “ වෙන් කරගන්නේ . මේක අපේ රටේ බොහොමයක් අයට තිබෙන ප්‍රශ්නයක් . ඒ නිසා අද ලිපිය තුලින් හුඟක් සංකීර්ණ කාරණා ගැන තැනිව මේ “පොඩි ප්‍රශ්නේ ගැන“ කතා කරමු.ඇත්තටම කවුද දොස්තර මහත්තයා .ඉස්පිරිතාලේ බෙහෙත් දෙන මහත්තයා .ඉස්පිරිතාලේදි සුදු පාට කෝට් එක දාගෙන ඉන්න කෙනා .වෙද නලාව බෙල්ලෙ දාගෙන ඉන්න කෙනා .හංදියේ ඩිස්පැන්සරියේ ඉන්න මහත්තයා .අර ටීවී එකේ ඇවිත් බෙහෙත් ගැන කතා කරන මහත්තයා .මේ පත්තරේ ඇඩ් එකේ ඇඟ කෙට්ටු වෙන්න බෙහෙත් එවන මහත්තයා.ඔය වගේ නානාප්‍රකාර මහත්තුරු නෝනලා ඇති . ඒත් අපි කොහොමද හරියටම ඔබ හමුවන වෛද්‍යවරයා ලංකාවේ නීතීරීති වලට අනුකූලව වෘත්තිය කරන්නට සුදුසුකම් ලත් ඇත්තම “දොස්තර මහත්තයෙක්ද කියල “ හඳුනගන්නේ . මේ හඳුනාගැනීමෙදි ඉස්පිරිතාලේ සිටීමවත් , සුදුකෝට් එකක් නැත්නම් වෙදනලාවක් පෙන්වීම හරි , ජනමාධ්‍යයකින් “වෛද්‍යවරයෙක්“ බව කීම පමණින්ම අදාල පුද්ගලයා අපට අවශ්‍ය “සුදුසුකම් ලත් වෛද්‍යවරයා“ කියන නිගමනයට එන්න බැහැ .“හරි දොස්තර“ සහ අංකයලංකාවේ නිතිප්‍රකාරව ,“රෝගී ප්‍රතිකාරයට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ ලෙස නම් කෙරෙන්නෙ , මෙන්න මේ වෛද්‍ය සභාවන් තුල ලියාපදිංචිවී , එම ලියාපදිංචිය පවත්වා ගනිමින් යන වෛද්‍යවරයෙක්ට . එතැනදි ලංකාව තුල මූලිකව වෛද්‍ය සභා තුනක් ක්‍රියාත්මක වෙනවා.ඒ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව පුහුණූව ලත් වෛද්‍යවරුන්ට ලියාපදිංචි වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්(http://www.php), ආයුර්වේද වෛද්‍යවරුනට ලියාපදිංචියට ආයුර්වේද වෛද්‍ය සභාව(http://www.lk/web/) සහ හෝමියෝපති පුහුණුවලත් වෛද්‍යවරුනට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව .මෙන්න මේ ආයතන තුල ලියාපදිංචිවූ , නියමිත සුදුසුකම් සපුරාලූ වෛද්‍යවරුන්ට “වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි අංකයක් “ ලබා දෙනවා. මෙය තමයි අදාල පුද්ගලයා පිළිබඳ රජයෙ නීතිමය වගකීම ඇති කරවන බැඳීම.එහෙම නම් තමන් ප්‍රතිකාර ගැනීමට යොමුවන වෛද්‍යවරයා “සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්“ බව හඳුනාගන්නට මහජනතාවට භාවිත කරන්නට පුළුවන් මෙන්න මේ අංකය , ඒ සඳහා අදාල වෛද්‍යවරයා තමාගේ නම සමඟින් මේ අංකයත් , අදාල වෛද්‍ය සභාව කුමක්ද යන්නත් තමාගේ සේවාලාභියාට ලබා දෙනවා.එය සමහර විට ඖෂධ පත්‍රිකාවේ මුද්‍රාවක් ලෙස , නැත්නම් නාමපුවරුරේ සටහනක් ලෙස වෙන්නට පුළුවන්.මීට පස්සේ ගමේ ඩිස්පැන්සරියට යත්දි , පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා , උදාහරණයක් විදියට එහි දොස්තර මහත්තයගේ නමට පහළින් SLMC කියන අකුරු එක්ක අංකයක් ඇත්නම් එයින් කියැවෙන්නේ , අදාල නම සහිත වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල ලියාපදිංචි බව.අවදානම් කළාපයසාමාන්‍යෙය තත්ත්වය බැලුවොත් , රජයේ රෝහලක , සායනයකදි රෝගියෙක් “සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙක්“ මඟින් රෝග නිර්ණය කරගැනීමේ සහ ප්‍රතිකාර නියම කර ගැනීමේ අවස්ථාව අඩුයි . හේතුව රජයේ සෞඛ්‍ය ආයතන වලට බඳවා ගැනීමේදි යම් නිශ්චිත සුදුසුකම් ගණනාවක් පිළීබඳව සොයාබලන නිසා. නමුත් පෞද්ගලික මට්ටමින් කරන සෞඛ්‍ය ආයතන තුලදි මෙම තත්ත්වයේ වෙනස්කම පවතින්නට පුළුවන්(පෞද්ගලික වෛද්‍ය ආයතන පනත ක්‍රියාත්මක වුවත්). ප්‍රධාන පෞද්ගලික රෝහල් වල මෙම තත්ත්වය , රජයේ රෝහලකට ආසන්න වගකීමක පැවතියත් , කුඩා මට්ටමමින් තැනින් තැන බිහිවන පෞද්ගලික සායන වල තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු ආයතන වගේම ප්‍රජාවත් අවධානය යොමු කළ යුතු වෙනවා.මෙහෙම කියන්නට හේතු සමහරක් මා පෞද්ගලිකවම දැක ඇති , විඳ ඇති සිදුවීම්. උදාහරණ කිහිපයක් ලෙස...සමහර පෞද්ගලික රෝහල් වල , විශේෂීත සායනවල පවා , අදාල සුදුසුකම්ලත් වෛද්‍යවරයා වෙනුවට , වෛද්‍ය සිසුන් රෝග ප්‍රතිකාර නියම කරන අවස්ථා ,වෙනත් වෛද්‍ය සේවාවක පුහුණුව ලබා අදාල නොවන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථා ( උදාහරණයක්, ආයුර්වේද / හෝමියෝපති වෛද්‍යවරයෙක් , බටහිර ඖෂධ ප්‍රතිකාර ලබා දෙන අවස්ථා) ,සමහර පෞද්ගලික වෛද්‍ය සායන වල නාම පුවරුවේ දැක්වෙන නම සඳහන් වෛද්‍යවරයා වෙනුවට , ඔහු/ඇය දැනුවත්ව ඔහුගේ / ඇයගේ දෙවැන්නා ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාරකරණයේ යෙදෙන වෛද්‍ය වෘත්තියේ නොවන වෙනත් පුද්ගලයන් ,ඒ වගේම , කිසිඳු ශල්‍යාගාර තත්ත්වයක් , විෂබීජහරණය කළ පරිසරයක් නැති පෞද්ගලික සායන කාමරයක සමහර සැත්කම් කෙරෙන අවස්ථාවන් ,හදිසි අවස්ථාවකට කිසිදු සූදානමක් (emergency tray ,Oxygen) නැති පෞද්ගලික “කාමර“ තුල ළඳරුවන්ට නික්ෂේපණ ලබා දෙන (යම් ඖෂධයක් දේහ ගත කිරීමේදී , විශේෂයෙන්ම නික්ෂේපණ දේහ ගත කරන අවස්ථාවක ‘‘හදිසි අවස්ථාව අවශ්‍ය ඖෂධ / උපකරණ සුදානම්ව තිබිය යුතු වුවත්) වෛද්‍යවරුන් ,වගේ සිදුවීම් සඳහන් කරන්නට පුළුවන්. මේ කියූ දේ අදටත් එම ස්ථාන වල සිදුවෙනවා ඇති . අපට මේ සියල්ල සොයන්නට බැරි වුනත් අඩුම තරමේ අපේ පරිස්සමට දැනගත යුතු කරුණූ කිහිපයක්වත් කතා කරමු දැන්.ටීවි දොස් තරනමුත් ප්‍රශ්නයක් එනවා , ඒ හැමදාම උදේට ටීවි එකෙන් ගෙදරට එන සමහර “දොස්තරවරු“ යැයි කියා ගන්නා පිරිස නිසා .මොවුන් “සුදුසුකම්ලත් වෛද්‍යවරුන්“ ද කියන එක ප්‍රෙක්ෂකයාට ප්‍රශ්නයක් , තම මාධ්‍ය ආයතනයේ වැඩසටහනින් ඉදිරිපත් කරන පුද්ගලයා “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් බව නාමිකව පමණක් නැතිව අදාල ලියාපදිංචි අංකයත් සමඟ ප්‍රදර්ශනය කරන්නට පුළුවන් නම් “ , රැල්ලක් විදියට නැගී එන , ටීවී දොස්තරවරුන්ගෙන් විය හැකි කරදර අඩුකරගන්නට පූළුවන් වේවි. (මම මේ සටහන තුල ටීවි දොස්තර ලෙසින් හැදින්වුයේ වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කරන්නට සුදුසකම් නැති , නමුත් ජනමාධ්‍ය මඟින් වෛද්‍යවරයෙක් බව කියවා ගන්නා පිරිස පිළිබඳව පමණී , නමුත් මාධ්‍ය ඔස්සේ අතිවිශාල කාර්යයක් කළ මාහාචාර්යය නන්දදාස කෝදාගොඩවැනි වෛද්‍යවරුන් මේ අතරම ගෞරව පූර්වකට සිහිපත් කළ යුතුවේ)නොම්මරෙන් අමතන්න ..අපේ රටේ මේ පිළිබඳව ප්‍රාෙයා්ගික ගැටළු ඇතත් , කෙනෙක්ට තමන්ගෙ “වෛද්‍යවරයා ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයා“ පිළිබඳ සැකයක් ඇත්නම් ඒ පිළිබඳව විමසා දැන ගන්නටත් , නැත්නම් “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ගෙන් සිදු නොවන යම් හානියක් වුනා නම් , අපහසුතාවක් වූවා නම් , මේ විශේෂිත අංකය , නම සමඟින් අදාල වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරිවරයා වෙත දැනුම් දෙන්නට පුළුවන්. එවිට එම පැමිණිල්ල පිළිබඳ විභාග කිරීමක් කෙරෙන්නට පුළුවන්.“වටලන්න නොව හඳුනන්න“නමුත් මේ “හොර වෙද“ අනතුරු වලින් ප්‍රජාව ආරක්ෂා කරගන්නට කළ හැකි උපක්‍රම ගනණාවක් තිබෙනවා .ඒ අතරේ පළමු කටයුත්ත , ප්‍රජාව පටලැවී තිබෙන “වෛද්‍යවරයා යැයි කියා ගන්නා පුද්ගලයා “ සහ “ සුදුසුකම්ලත් වෛද්‍යවරයා“ කියන ආකාර දෙක පිළිබඳව දැනුවත් කිරීම මුලික තැනක් ගනීවි.දෙවැන්න , වෙනත් රටවල මෙන් , සියළුම වෛද්‍ය සභා , තමන් යටතේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන් පිළිබඳව , ඔවුන්ගේ සුදුසුකම් , ප්‍රවීණතා , සේවා සපයන ස්ථාන වැනි කරුණූ පිළිබඳව සාමාන්‍ය ප්‍රජාවට තොරතුරු ලබා ගත හැකි ක්‍රමයක් සකසනවා නම් , රෝගියාට පුළුවන් , දොස්තර මහත්තයාගේ නමින් , නැත්නම් අංකය ඔස්සේ , ඔහු හෝ ඇය , ප්‍රතිකාර කිරීමට සුදුසුකම්ලත් අයෙක්දැ , කිනම් ක්ෂේත්‍ර සඳහා ඔහු/ඇය විශේෂඥතා දරයිද , කිනම් රෝහල් වලදි හමුවිය හැකිය වැනි රෝගියාට අත්‍යවශ්‍ය මූලික කරුණූ විමසා දැනගන්නට. අද අස්සක් මුල්ලක්ම නෑර අන්තර්ජාල පහසුකම් , හෝ ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අවස්ථාවක , අදාල වෛද්‍ය සභා ඉහත කී තොරතුරු වෙබ් පිටුවකට එකතු කෙරෙනවා නම් , හොර වෙදුන් , හොඳ වෙදුන් සොයා ගැනීම පහසුවක් වේවි.වෙන රටවල තත්ත්වේමෙ සංකල්පය ලංකාවෙ කෙසේ වුවත් , මෙම රටවල නම් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙනවා . වෛද්‍යවරුන්ට පමණක් නොවේ , හෙදියන් , ඖෂධවේදීන් , ආදී සෞඛ්‍ය වෘත්තිකයන් සියල්ලන් ලියාපදිංචිවන ආයතන , නම සාමාජිකයන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි , සරළව තොරතුරු සොයා ගත හැකි තත්ත්වයට පත්කෙරෙනවා.උදාහරණයක් විදියටමේ පළාතේ වෛද්‍යවරයෙක් පිළිබඳ සොයනවා නම් http://www.ca/Public-Register/All-Doctors-Searchනිකමට වගේ මේ ලිංක් එකට ගිහින් අහඹු නමක් දීල බලන්න .ඊළඟ පිටුවේ ඔබට ලැබේවි , වෛද්‍යවරයාගේ නම , ගම , මූලික පුද්ගලික තොරතුරු , අධ්‍යාපන සුදුසුකම් , වෛද්‍ය අධ්‍යාපනය , විශේෂඥ පුහුණූ ,කළ හැකි දේ (Dr.......) ප්‍රතිකාර සදහා මුදල් අය කළ හැකි ද නොහැකිද යන්න (Dr. ......... shall not charge a fee for medical services) වැනි රෝගියා දැනගත යුතුම කරුණූ .ටිකක් හිතල බැලුවොත් , මේ කටයුත්ත කරන්න රුපියල් මිලියන ගණනක් මූලිකව යන එකක් නැහැ . නමුත් වාසිය රෝගියාට , මක්නිසාද ඔහුට /ඇයට පුළුවන් තමන් යොමුවන වෛද්‍යවරයා පිළිබඳ වැටහීමක් , අවබෝධයක් සහ එතුලින් විශ්වාසයක් සමඟ ප්‍රතිකාරය සඳහා යොමු වන්නට. එමෙන්ම , වෛද්‍යනිලධාරින්ගේත් වෘත්තීය ගරුත්වය මෙන්ම වගකීම් පිළිබඳ ප්‍රජාව තුල විශ්වාසනීයත්වයක් පවත්වා ගන්නටත් , විශේෂයෙන්ම “දොස් තර“ ලෙස පෙනී සිටින සොරුන්ගෙන් මහජනතාව රැක ගන්නත් මෙය උපකාරයක් වේවි.හෙදියක් ගැන නීතිමය බැඳීම පිළිබඳ සොයනවා නම්https://flo.org/Register/මීට අමතරව , මෙම රටවල නම් වෛද්‍යවරයා සේවය කරන සායනය හෝ එ්කකය තුල , වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට තමන් ඇති නෛතික වගකීම මෙන්ම , පුහුණු සහ විශේෂඥතා පිළිබඳ සහතික පවා රෝගීනට පහසුවෙන් බලාගන්නට පුළුවන් අයුරින් ප්‍රදර්ශනය කෙරෙනවා. එමඟින් රෝගියා සහ සෞඛ්‍ය කණ්ඩායම අතර විශ්වාසවන්භාවය ඉහළ නංවා ගන්නට කටයුතු කරනවා . (මේ රටවල නම් , රෝගියෙක්ට වෛද්‍යවරයෙක්ගෙන් හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයෙක්ගෙන් අවැඩක් සිදුවුනොත් , රක්ෂණ වන්දි ලෙස ඩොලර් දහස්ගණනක් ගෙවන්නට සිදුවෙනවා , ඒ නිසා මේ දැනුවත් කිරීම් බොහොම වගකීමකින් සිදුකරන්න කවුරුත් උත්සාහ කරන්නේ .)දැන් මම මෙම රටවල සෞඛ්‍ය සේවය සහ ලංකාව අතර සසඳන්න යන්නේ නැහැ , නමුත් ලොකු වියදමක් නොවී , දැනට පවතින මේ “හොර වෙද“ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ගන්නට පුළුවන් වෙනත් රටවල භාවිත වන අපේ රටේ යොදාගත හැකි එක් උපක්‍රමයක් ගැන පමණයි මේ සඳහන් කළේ.මේ සටහන මෙතැනින් නිමා කරනවා , ඔබේ අදහස් එකතු කරන්නට ඉඩ හරිමින් .ඔබ සැමට සුව සතුට පිරි දිනයක් .
BLOG
2014.08.15
http://nursinglanka.blogspot.com/
තවම වයලින් ගහන රොජර් !
Mahesh Nishantha
රෝජර් ෆ්‍රින්ච් වෘත්තීමය වයලීන වාදකයෙක් . නමුත් මෑත කාළයක පටන් ඔහුට වයලීනය නිසි ලෙස වාදනය කරගන්නට බැරිව යනවා . හේතුව අතේ ඇතිවූ අසාමාන්‍ය ගැස්මක්. මේ අසාමාන්‍ය ගැස්ම නිසා වයලීනය මත වයලීන අලුව ( bow එක ) ස්වර රටා අනුව නිවැරදි අයුරින් ගෙන යන්නට බැහැ. මෙය ඔහුගේ වෘත්තීය දිවියට කණකොකා හඬලන්නට පෙර මඟ සළකුණක් බව හඳුනාගත් ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට යොමු වෙනවා. මෙතැනදි කළ පරික්ෂණ වලදි හඳුනාගන්නෙ මොළයේ පතුලෙ වර්ධනය වන යම් ගෙඩියක් (Tumour) මඟින් නිකුත් කරන අසාමාන්‍ය විද්‍යුත් කම්පනයක් , ඔහුගේ අතේ ඇති ගැස්මට හේතු වන බව .තීරණය , මේ අසාමාන්‍ය කම්පනය පාලනය කරන්න නම් , මොළය පතුලේ අදාල ස්ථානයට ඇතුළු කරන්නට ඕන. එම ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් මෙම අසාමාන්‍ය විද්‍යුත් ස්ඵන්දනය යථා තත්ත්වය ගන්න ඕන. ප්‍රශ්නය , කොහොමද හරියටම දැන ගන්නෙ මෙම උපකරණය නිවැරදිම ස්ථානයට ගමන් ගත්තා කියල , උත්තරයට , ඒකට නම් ස්කෑනින් පහසුකම් සහිත වෛද්‍ය තාක්ෂණික පරිගණක තිරයක් මඟින් එය කර ගතහැකි . ඒත් අදාල උපකරණය හරියටම මෙම අසාමාන්‍ය ගැස්ම පාලනය කරන්නට හැකි වේද . එහෙම නැත්නම් උපකරණයේ පිහිටීමත් එක්ක ලැබෙන ප්‍රතිපලය වෙනස් වේද . ප්‍රශ්න ගණනාවක් .ගැටළුව පිළිබඳ සාකච්ඡා කරන වෛද්‍යවරුන් , ස්නායු ශල්‍ය කණ්ඩායම , වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම අමුතුම තීරණයකට එනවා .“අපි ශල්‍යකර්මය කරන අතරේ ඔහුට වයලීනය වාදනය කරන්නට දෙමු , ඒ වාදනයට අදාලව වයලීන බෝ එකේ සිදුවන කම්පනයන් තිරයකට ගත්තොත් , අපට බලාගන්න පුළුවන් , මෙ ඉලෙක්ට්‍රෝඩය හරියටම නිවැරදි තැනට ගියාද , ඒ එක්කම මේ අසාමාන්‍ය ගැස්ම කොයිතරමය පාලනය වනවා ද කියන එක. ඒ ඔස්සෙ අපට පුළුවන් වේවි , ඉතාමත් සියුම් විදියට මේ උපකරණය ස්ථාන ගත කරමින් , ටියුමර් එක නිකුත් කරන විද්‍යත් කම්පනය බිඳ දාන්න. “ ,එකඟයි මේ අළුත් අත්දැකීමට මුහුණ දෙන්නට සියල්ලන්.ශල්‍යකර්මය සහ අදාල ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරන දවස . රෝජර් ශල්‍යාගාරයට එන්නෙ සාමාන්‍ය ශල්‍ය රෝගියෙක විදියටම . නමුත් විශේෂයක් . ඒ ඔහුට සිදු වෙනවා , ශල්‍ය ඇඳමත දිගා වෙලා වයලීනය වාදනය කරන්නට පුරුදු ලෙසින්ම.දැන් ඔහු වයලීනය වාදනය කරනවා , ඔහුගේ අතේ , ඇත්තටම වයලීන බෝ එකේ ඇති වන ගැස්ම පරිගණක තිරයක ප්‍රස්ථාර ගත වෙනවා. ඒ ප්‍රස්තාරය දිහා වගේම , මොළය තුලට ඉලෙක්ට්‍රෝඩය ගමන් කරන ආකාරය පෙන්වන තිරයත් දෙකම බලමින් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඉලෙක්ට්‍රෝඩය ඇතුළු කරනවා , සීරු මාරු කරනවා . ඔවුන්ට පෙනනෙවා ඉලෙක්ට්‍රෝඩයේ සීරුමාරු කිරිමත් එක්ක , අතේ තිබුණු අක්‍රමවත ගැස්ම ක්‍රමයෙන් අඩුවී , නැතිවී යන බව . සාර්ථකයි , ශල්‍යකර්මය සාර්ථකයි . සියල්ලලන්ටම සතුටුයි . වැඩියෙන්ම රෝජර්ට සහ ඔහුගේ සංගීත කණ්ඩායමට . මොකද දැන් ආයෙත් රෝජර් වයලීනයේ සුන්දර නාද රටා ලොවට මුසු කරනවා , හිතේ වගේම අතේ තිගැස්මකුත් නැතිව. ( වීඩියෝව බලන්න )මේ කතාව මට කියවන්න ලැබුණේ මෙන්න මෙතැනින්http://www.htmlපසු සටහන : හැමදාමත් “මාගල් වගේ“ ලිපිම එකතු වන නිසා , හිතුන පොඩි “පැදුරු වගේ“ ලිපිත් අතරින් පතර එකතු කරන්න. ( ඒත් “මාගල් ලියන පුරුද්දට“ , පැදුරත් මාගලක් වුනාද මන්දා)තවත් පණිවිඩයක් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුන්දර මානුෂීය කතාබහක යෙදුනු , කතුවරියක ,වෛද්‍යවරියක වූ ඇය , ඒ සොඳුරු කතා බහ සිංහල බ්ලොග් පරිශ්‍රයේ සීමාවෙන් පිටතට ගෙනයමින් “අනිත්කොණ “ නමින් පොතක් එළි දක්වන්නට සූදානම් . සිංහල බ්ලොග් පරිශ්‍රෙයේ හඳුනාගත් සහෘද ලේඛිකාවට, හෘදයාංගම සුබ පැතුම්.එක් කිරීමක් :මේ සිදුවීම හා සමාන වූ Black box කතා මාලාවේ Sing like me කතාංගය මෙතැනට එක් කරන්නෙ , “හිරු“ මේ ගැන කොමෙන්ටුවකින් සඳහන් කළ නිසා. රොජර්ට ඇත්තටම මුහුණ දෙන්නට වන දේට සමාන සිදුවීම පුංචි තිරයේ මතුවූ අපූරුව නරඹන්න. ( මෙම වීඩියෝව සමහර රටවලට නොපෙනනවාදැයි නොදනිමි).
BLOG
2014.08.14
http://nursinglanka.blogspot.com/
165) හිස කළඹණ බඩලොකු වෙන Budd-Chiari
Mahesh Nishantha
සුන්දර Ball's falls ඇරඹුමපොඩ්ඩන්ට නිවාඩු නිසා අපට නිවාඩු නැතිම දවස් ටික (අළුත් පෝස්ට් එකක් පමාවට මේතක් එක හේතුවක්) , හැම සති අන්තයකම වගේ පහුගිය සෙනසුරාදාවක , Ball's falls වෙතට ගිය චාරිකාව නිමා කරන ගෙදර එන ගමන් .“දැන මෙතනම පැය බාගෙකටත් වැඩියි , එක වාහනයක්වත් හෙලවෙන්නේ නෑ , අපරාදෙ මං කීවේ මීට ඉස්සර වෙලා තිබුණු exit එක ගත්තනම් දැන් මෙලහකටත් ගෙදර “ මනෝජගෙන් පොඩි නෝක්කඩුවක් “නියමයි මේ බලන්න පිටිපස්සෙ වාහනේ කට්ටිය පාරට බැහැල , අපිත් බහිමුද . “ අක්කටයි නංගිටත් දැන් නං ඉඳළ ඇති වෙලා වගෙ ...“නෑ , බහින්න එපා , තව ටිකකින් යන්න පුළුවන් වේවි , මට හිතෙන්නේ මෙ exit ramp එකෙත් accident එකක් වගේ. ““තව ටිකකින් . ... නේද ලොකූ ....තාත්තටත් ඕන උනානේ පාළම කැඩිච්ච හැටි ළඟටම ගිහින් බලන්න , නැත්නම් දැන් අපි ගෙදර නේද .“ ලොක්කි පොඩි හිනාවක් දැම්ම , .....අම්මල දූල ඔක්කොම එකයි :)“කමක්නෑ ,අද එච්චර ලොකු වැඩකුත් නෑනේ , අපි මෙහෙම ටිකක් විවේක පාඩුවේ හයිවේ එකේම ඉඳළ යමු , මේකත් වෙනසක් නේ , පැයක්ම හයිවේ එකේ එකම තැන හිටිය කියන එකත් “මේ අවහිර වුනු ගුවන්පාලම“තාත්තේ මුළු පරාම බ්ලොක් වෙලා , අර මං හිතන්නේ කිලෝමිටර් දෙකක් තුනක් විතර ඈතට පේනව මෙතැනට “ පොඩ්ඩි කතාවට එකතු වෙනවා .“හ්ම් මේහෙම උනාම ඉතින් මුළු පාරම විතරක් නොවෙයි , අනෙක් පාරවලුත් බ්ලොක් වෙලා ඇති , ඇයි හයිවේ එකට දාන්න එන වාහනත් දැන් හිරවෙලානේ , කමක් නෑ දැන් ඉතින් වෙන කරන්න දේකුත් නෑනේ ඉවසගෙන ඉමු “පැයකට වඩා හිටිය එකම තැන , කොහොම හරි ගෙදර එත්දි රෑ හත විතර ඇති . මේ සිද්ධිය වුනේ මීට සතියකට විතර ඉස්සර වෙලා , මේ පළාතේ තිබෙන ප්‍රධානම හයිවේඑකේ වැදගත්ම තැනක තිබෙන පාළමක , ට්‍රක් එකක් හැප්පිලා ලොකු විනාශයක් වුනා , ඒ නිසා එම ස්ථානය මගහරින්න අතුරු මාර්ග යොදා ගත්තත් අපෙ වාසනාවට මේ දවසේ ඒ අතුරු මාර්ගයත් අවහිර වුන නිසා තමයි මේ අත්දැකීමට මුහුණු දෙන්න වුනේ , අත්දැකීම නරකම නැතත් , ඒ අතදැකීම ඔස්සේ ටිකක් අවදානම් විය හැකි රෝග තත්ත්වය ගැන පෝස්ට් එකක් සොඳුරු සුව අසපුවට එකතු කරන්න පුළුවන් බව හැඟුනා.ලෙඩේ නම් Budd-Chiari Syndrome සමහර විට අහල පුරුදු නැතිව ඇති. කොහොම වුනත් මම උත්සාහ කරන්නම් මේ වැඩිය ප්‍රසිද්ධ නැති ලෙඩේ ගැන පුළුවන් තරම් සරළව විස්තර කරන්න. ( හැබැයි සොඳුරු සුව අසපුව තුලින් මේ ලෙඩ රෝග ගැන විස්තර කරන්නෙ , හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන්න. එතැනදි බොහොම සරළ තැන ඉඳළ පටන් ගන්න වෙනවා , අන්න ඒ නිසාම මේ ලිපි සිංහල බ්ලොග් අවකාශයේ ඇති බොහොමයක් ලිපි වලට වඩා දිගින් වැඩි වේවි. එ් පිළිබඳව සමාවන්න)මේ රෝග තත්ත්වය කෙළින්ම සම්බන්ධ වෙන්නේ අක්මාවට නිසා මුලින්ම අපට සිදුවෙනවා අක්මාව ගැන දළ අවබෝධයක් ලබා ගන්නට.මේ රූප සටහන පේන විදියට , අපේ උදර කුහරයේ ඉහළ දකුණු පැත්තට බර වෙන විදියට තමයි අක්මාව පිහිටල තිබෙන්නෙ. සම ගාවට ඉන්න විශාලම ඉන්ද්‍රිය විදියට පමණක් නොවේ , මෙයා කරන කාර්යයන් ගැන කතා කළත් , මෙයාගේ ව්‍යුහය ගැන කතාකළත් අක්මාව කියන්නේ සුවිශේෂි ඒකකයක්. හුඟක්ම සවිස්තරව නැතත්, අපි ඒ ගැනත් ටිකක් හරි කතා කරන්න වෙනවා. නැත්නම් කියන්න යන ලෙඩේ ගැන හරි වැටහීමක් ගන්න අමාරුයි.මෙන්න ඒ විශේෂ වෙනස්කම් කිහිපයක්. සාමාන්‍යෙයන් ඉන්ද්‍රියක් වෙතට රැධිරය ගෙන එන්නෙ “ධමනියක්‘ , උදාහරණයක් කිව්වොත් , වකුගඩු වෙතට ලේ අරගෙන එන්නෙ “වෘක්ක ධමනිය Renal artery “ විතරයි, නමුත් අක්මාව වෙතට රැධීරය ගෙන එන්නේ “අක්මා ධමනිය Hepatic artery“ විතරක් නොවෙයි. "ශිරාවකුත්“ අක්මාව වෙතට රැධීරය අරන් එන්වා. ඒ තමයි “ යාකෘතික (අක්මා) ප්‍රතිහාර ශිරාව Hepatic Portal Vein “ .අපේ ආමාශයෙන් , අන්ත්‍රවලින් උරා ගන්නා පෝෂ්‍ය පදාර්ථ / ඖෂධ / මධ්‍යාසාර සහ රසායනික අඩංගු රැධීරය අන්ත්‍ර වල සිට අක්මාවට ගේන්නේ මෙන්න මේ , Hepatic Portal Vein “ එකෙන්. නමුත් , අක්මාවෙන් ඉවතට ,ඒ කිවේ අක්මාවේ සිට හෘදය වෙතට ලේ අරගෙන යන්න තියෙන්නේ “යාකෘතික ශිරාව“ Hepatic vein එක විතරයි . මේ අනුවම හිතා ගන්න පුළුවන් නේද අක්මාව ඇතුලේ කොහොම ලේ සැපයුමක් , ඒ වගේම ඒ ලේවලින් වැඩ ගන්නවා ඇත්ද කියන එක.මේ විදියට දිසා දෙකකින්ම ලැබෙන රැධීරය යොදා ගනිමින් අක්මාව කරන රාජකාරි අතරේ ප්‍රධාන කිහිපයක් විදියට මෙන්න මේව කියන්න පුළුවන්.ආහාර ජීරණයේදි වැදගත් වන ( මේද ජීරණයෙදි) “පිත“ Bile නිශ්පාදනය කිරීමශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් නිශ්පාදනයලේ කැටි ගැසීමට අවශ්‍ය ප්‍රෝටින නිපදවීමලේ වල ඇති වැඩි පුර සීනි ගබඩා කර ගැනීමට උපකාර වීමබිඳුනු රතු රැධීරාණාණ වල හිමොග්ලොබින් වලින් අවශ්‍ය යකඩ ඉවත් කර ගබඩා කර ගැනීමරැධීරයේ ඇති විවිධ ධූලක / විෂ වර්ග / ඖෂධ දුර්වල කරමින් විය හැකි අපදාවන් අඩු කිරීමලේ වල ඇති විෂබීජ විනාශ කිරීමඔය සියළුම කාරණා කරන්නට අක්මාව ඇතුළෙ බොහොම ලස්සන සැකැස්මකට පිළියෙල වුනු සෛල ගණනාවක් තිබෙනවා. ඇත්තටම මේ සෛල ගොණු විදියට , හරියට දූපත් වගේ රටාවකට නිර්මාණය වෙලා. ඔය දූපත් අතරින් ගලායන ගඟේ අතු විගේ තමා අක්මාව තුලින් ලේ ගමන් කරන්නේ . ඔක්කොම දූපත් මැදි කරගෙන , බොහොම පිළීවෙලකට ලේ ගලා ගෙන ඇවිත් , ගෙනාපු දේවල් දූපත් වලට දීලා , දූපත් වල නිපදවපු දේවල් ආයෙත් එකතු කරගෙන අක්මාවෙන් ඉවත් වෙලා යාකෘතික ශිරාව ඔස්සේ , ප්‍රධාන ශිරාව ඔස්සේ හෘදය පැත්තට එන ආකෘතියක් තමයි තිබෙන්න්.මේ කොග්ගල ඔය ..මේ ටික ලියාගෙන යත්දි මට මතක් වුනේ මගේ පාසල්වියේ වැඩිම කාළයක් ගත කළ කොග්ගල ඔය . එදා නම් බොහොම සුන්දර දූපත් ගණනාවක් වට කරමින් සුන්දරව ගලා ගිය කොග්ගල ඔය හරියට අක්මාව තුල ලේ ගලා යාම වගේ .එක් රිද්මයකට ඉහළ ප්‍රෙද්ශ වල ඉඳල අතු ගණනාවක් ඔස්සේ එන වතුර , සියළුම දූපත් වලට එක විදියට සළකමින් ගලාගෙන අවුත් වට පිටවාවෙ ඉන්න බොහොමයකට මාළු , ඉස්සන් අස්වැන්නක් ලබා දෙමින් , කතළුවේ පාළම ගාවින් මුහුදට එකතු වුනා.නමුත් සමහර කාළෙට තකළුවේ මෝය කට වැලි වලින් වැහුණා , ( මම මේ කියන්නේ 1989-90 විතර , මොකද දැන් එතන ගල්පරයක් දාල අළුත් විදියට නිර්මාණය කරල නොවැ) . අන්න එහෙම වැහුණු කාළෙට ඔයේ රිද්මය වෙනස් වෙනවා . වතුර මට්ටම උඩට එනවා , කතළුව , ගිණීවැල්ල පැත්තේ බිම් යටවන්න පටන් ගන්නවා , අර දූපත් වලට වතුර දාල ඔරු පාරු යා ගන්න බැරි තත්ත්වයකට එනවා . අපි මේ කතා කරන්න හද තත්ත්වයේදිත් සිදු වෙන්නේ මෙන්න මේ විදියට “මෝය කට“ බ්ලොක් වීමක් .ඒ කීවේ , අපි කීව අක්මා ශිරාව යම් හේතුවක් නිසා අවහිර වීම. මතකයිනේ අපි කීව අක්මාව දිසාවට අක්මා ධමණියෙනුත් , ප්‍රතිහාර ශිරාවෙනුත් ලේ අරන් ආවට අක්මාවෙන් ලේ ඉවතට (හෘදයට) ගෙන යන්න ඉන්නේ අක්මා (යාකෘතික) ශිරාව විතරයි කියල. ඔන්න මේ ලෙඩේදි එ්ක අවහිර වෙනවා . දැන් මොකද වෙන්නේ . ... හරියට කොග්ගල ඔයේ මෝය කට වැහුණ වගේ , නැත්නම් හයිවේ එකේ Exit ramp එක බ්ලොක් උනා වගේ . මොකද ලේ ගලා ආවට යන්න ක්‍රමයක් නැහැ . ප්‍රතිපලේ අක්මාව තුල සහ එයින් ලේ අරන් එන නාල තුල , ප්‍රධානවම යාකෘතික ප්‍රතිහාර ශිරා පද්ධතිය තුල අසාමාන්‍ය ලෙස පීඩනය වැඩි වීම , අපි ඒක වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්න‍ෙPortal hypertension කියල.පිංතුරය www.comමේ සිදුවීමත් එක්ක රෝග ලක්ෂණ ගණනාවක් මතු වෙනවා , අපි පිළිවෙලටගියෝත් , මේ පෝර්ටල් හයිපර්ටෙන්ෂන් තත්ත්වය නිසා බඩේ වතුර එකතු වෙන්න පටන් ගන්නවා (Ascites) ඇත්තටම මේ එකතු වෙන්නේ , අක්මාවට යන ප්‍රධෘන පාර බ්ලොක් වෙලා පීඩනය වැඩි නිසා , “අතුරු පාරවල් වලින් මාරු වෙලා “ යන රැධීරයේ තිබෙන ප්ලාස්මාව කොටසක් .මේ එක්කම පීඩනයේ බලපෑම ආහාර මාර්ගයට එනවා. මොකද ආහාර මාර්ගයේ ඉවත් වන ලේ අක්මාව වෙතට අරන් ගිය බට වල දැන් පීඩනය වැඩියිනේ . ඒ වැඩි පීඩනය දැන් අන්ත්‍රවල , උගුරේ ගලනාලයේ වගේ තැන්වල ලේ “මළු වගේ “ තනමින් (අර්ශස්වල වගේ) Esophageal varices හදනවා. සමහර විට මේව පුපුරළා ලේ ගලා යාම් සිදුවන්නටත් පුළුවන්.පිංතූරය ගත්තේ illinois-liver.org වෙතින් මේ වෙනකොට ටිකෙන් ටික අක්මාවේ සාමාන්‍ය කටයුතු කරගන්නට බැරිවෙනවා , අක්මාව ටිකෙන් ටික ඉදිමෙන්නට පටන් ගන්නවා Hepatomegaly . ඒ එක්ක බඩේ දකුණු පැත්තේ උඩට වෙන්නට ඉදිමීමක් එක්ක , වේදනාවක් මතුවන්නටත් පටන් ගන්න පුළුවන් . අක්මාවේ ප්‍රෝටින නිශ්පාදන වැඩේ දුර්වල වීමත් එක්ක , ලේ වල ප්‍රෝටින ප්‍රමාණය වෙනස් වෙනවා , ප්‍රතිඵලය විදියට ලේ කැටි ගැහෙන්න ගත වන කාළය හුඟක් වැඩිවෙන්න පුළුවන්.ඒ වගේම පාදයේ විළුඹ හරියේ ඉදිමීමක් මතුවෙන්න (Ankle edema) පටන් ගන්නවා . , ඒ විතරක්ද , බඩේ , කකුල වල ඉහළ මෙතුවක් නොපෙනුුන නහර මකුළු දැල් වගේ පේන්න පටන් ලන්නවා. සමහර විට මේ විළුඹ හරියේ සුව නොවන තුවාල ඇතිවෙන්නටත් ඉඩක් තිබෙනවා.තව ටික දිනක් යත්දි , අක්මාව තුල සෛල මිය යමින් , තුවාල වල කැළැල් හැදෙනව වගේ දෘඩ ස්වභාවයක් අක්මාව තුල නිර්මාණය වෙනවා . දැන් දොස්තර මහත්තය කියනවා ලෙඩාට සිරෝසිස් . . ඇඟ කහපාට වෙලා සෙංගමාලය රෝගයෙදි වගේම ඇස් , නියපොතු පවා කහපාට වෙන්නට පටන් ගන්නවා(Jaundice) .මේ අවස්ථාව වෙත්දි රෝගියා බොහොම දුර්වල , ඇඟ පත කෘශවීගිය ,බඩ , විළුඹ , ඉදිමුණු, වරින් වර වමනය (ලේ සමඟ හෝ නැතිව ) දමන බොහොම දුර්වල “රෝගියෙක්“ බවට පත්වෙලා. සමහ විට තව්ත දින කිහිපයකදි අක්මාවේ ක්‍රියාකාරිත්වම සම්පුර්ණයෙන්ම නැවතිලා Liver failure , මේ සියළු බලපෑම් මොළයට යොමු වීමත් සමඟ Hepatic encephalopathy කියන තත්ත්වය නිසා සිහිකල්පනාවත් නැතිවෙලා බොහොම අවාසනාවන්ත මරණයකට පත්වන්නටත් යම් ඉඩක් තිබෙනවා.ඒත් , මෙතුවක් දුරට යන්න හේතුවුනු , අර යාකෘතික ශිරාව අවහිර වීම වෙන්න පුළුවන් කොහොමද .හේතු ගණනාවක් තිබෙනවා , යම් හඳුනාගත් සහ නොදන්නා හේතු සාධකයක් නිසා ( පසුව මේ සාධක ගැන කතා කරනවා) ලේ කැටියක් අසාමාන්‍ය ලෙස හැදිලා , ශිරාවේ මග හරස් කළොත් . , ඒ විතරක් නොවෙයි ඔය අපි කතා කළ ශිරාව ආසන්නයේ තැනක ලොකු ආසාදනයක් infection එකක් ඇවිත් , ඉදිමිලා ශිරාව අවහිර කළොත් , ඒ වගේම පිළිකාවක් හෝ පිළිකාමය නොවන ගෙඩියකින් tumour මේ යාකෘතික ශිරාව අවහිර කළොත් . , මෙන්න මේ ඕනම අවස්ථාවක අප මෙ කතා කරන Budd-Chiari Syndrome ඇති වෙන්නට පුළුවන්.මේ කාරණා අතරින් පිළිකාමය හෝ නොවන ගෙඩි සහ ආසාදනයක් නිසා අවහිර විය හැකි බව සරළව තේරුම් ගියත් , අර ලේ කැටි මඟින් ශිරාව අවහිර විය හැකි අවස්ථා මොනවද කියල ටිකක් දැන ගන්න එක වටිනවා.මෙන්න මේ තත්ත්ව වල සිටින්නන් මෙ විදියට අනපේක්ෂීත ලේ කැටි මඟින් අක්මා ශිරාව අවහිර වීමට අවදානමක් තිබෙනව. හැබැයි මේ කියන තත්ත්ව තිබෙන හැමෝටම එහෙම වෙන්නේ නැහැ . ඒ වගේම මේ කිසිදු හේතුවක් නැතිව ලේ කැටි හැදිලා මේ අවස්ථාවට පත්වෙන අයත් ඉන්නවා . නමුත් යම් අවදානමක් තිබෙන බව දැන ගන්න එක වටිනවා.කවුද මේ අවදානම් කාණ්ඩ .පොලිසයිතීමියා රෝගය හෝ ඒ ආශ්‍රිත රැධීර රෝග ඇති පුද්ගලයන්(පොලිසයිතිමියා කියන්නේ අසාමානා්‍ය ලෙස රතු රුධිරාණූ නිශ්පාදනය වීම නිසා , ලේ වල රතු රුධිරාණු ඝණත්වය ඉක්මණින් ඉහළ යන තත්ත්වයක්, මේ අයගේ ඇඟෙන් නිශ්චිත කාළයකට වතාවක් ඉවත් කිරීම කරන්නට ඕන වෙනවා .)සිෆිලිස් (කියවන්න 34 වන ලිපිය) , ක්ෂයරෝගය වැනි රෝග වලින් කාළයක් තිස්සේ පෙළන අයඅක්මාව ආශ්‍රිත රෝග හෝ අනතුරු වලට ලක්වූවන්මුඛ උපත්පාලන පෙති ගන්නන්ගර්භනී සහ පශ්චාත් ගර්භණී අවධියේ මවුවරුන්තදබල උදර වේදනාවක් , දුර්වල බවක් එක්ක එන රෝගියා පිළිබඳව තොරතුරු සොයා බැලීමෙන් පස්සේ , කෙරෙන සාමාන්‍ය දේහ පරික්ෂාව සහ රැධීර පරික්ෂණ කිහිපයක් ඔස්සේ රෝගියාට අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇත්දැයි හඳුනාගන්නට වෛද්‍යවරයාට පුළුවන්. ඉන් පසුව , තව දුරටත් කෙරෙන ස්කෑනින් සහ විශේෂිත පරික්ෂණ ඔස්සෙ හරියටම මේ Budd-Chiari Syndrome තත්ත්වයම දැයි නිශ්චිතව දැන ගන්නට පුළුවන්.මේ විදියට රෝග තත්ත්වය හඳුනාගත්තට පසුව කරන ප්‍රතිකාර ක්‍රම , රෝගයේ මට්ටම , අවහිර වී අැති ස්ථානය සහ තවත් කාරණා කිහිපයක් මත වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඖෂධ මඟින් අවහිරය මඟ හරවා ගැනීමට උත්සාහ කිරීම , ශල්‍යකර්මයක් මඟින් අවහිර වුනු ශීරාව මඟ හරිමින් ලේ අක්මාවෙන් හදවතට ගමන් කිරීමට වෙනත් අතුරු මාර්ගයක් සැකසීමක් , (Transjugular Intrahepatic Portal-systemic Shunting) හෝ උපරිම අවස්ථාව විදිටය අක්මා බද්ධයක් සිදු කිරීම කියන ප්‍රතිකාර ක්‍රම දැනට සිදුකෙරෙනවා.හඳුනාගැනීම ප්‍රමාද වීම සහ නිසි ප්‍රතිකාරය මුල් අවස්ථාවේ නොලැබීම අවාසනාවන්ත තත්ත්වයකට මඟ පාදන්නට පුළුවන් වුනත් , මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාරය ලබා ගත්තොත් , එවන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීම සීමා කරගන්නට පුළුවන්.එහෙම නම් කැනඩාවේ , ටොරොන්ටෝවේ ප්‍රධාන අධිවේගී මාර්ගයකින් පටන් අරන් , ලංකාවේ දකුණූ පළාතේ සුන්දර කොග්ගල ඔය දිගේ ගමන් කළ මේBudd-Chiari Syndrome කතාව මෙතැනින් නිමා කරනවා .සොඳුරු සුව අසපුව තුලින් ලියැවෙන මේ ලිපි මඟින් කරන්නට උත්සාහ කරන්නේ , අපට වැළඳිය හැකි රෝග සහ සෞඛ්‍යමය වශයෙන් සැළකිළිමත‍් විය යුතු කරුණූ පිළිබඳව , සිංහල බ්ලොග් කියවන සාමාන්‍ය පාඨකයන් වෙත යම් මූලික අවබෝධයක් ලබා දීම පමණකි. මක් නිසාද සෞඛ්‍ය අධ්‍යාපනය යනු ප්‍රජාවක සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැදගත්ම පියවරක් වන බැවිනි. මෙහි කිසිඳු අවස්ථාවක රෝග විනිශ්චයන් කිරීමට හෝ වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබා ගැනීම් සඳහා දිරි ගැන්වීමක් නොකෙරෙන අතර , ලබා ගත් දැනුම මත හෝ තමාගේ රෝග ලක්ෂණයක් පිළීබඳ සැක සහිත අවස්ථාවක පවුලේ වෛද්‍යවරයා මඟින් නිසි ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම නැවත අවධාරණය කරමි.ඔබ සැමට සුව සතුට පිරි දිනයක් .
BLOG
2014.08.06
http://nursinglanka.blogspot.com/
මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් !
Mahesh Nishantha
පෙර ලිපිය ලියා මාසයකට ආසන්න කාළයක් ගත වුනත් , තවත් ලිපියක් එක් කරන්නට අවසථාවන් ලැබුණත් , සුදානම් වුනත් එය මොහොතෙන් මොහොත කල් යවන්නට හිත පෙළඹවන්නට තරම් , මානසික පීඩාවක් ඇති කරවන්නට සමත් වූ , සිංහල බ්ලොග් පාඨකයෙකුගේ “සත්කාර්යය“ පිළිබඳවයි අද දවසේ කතාව.පිංතූරය www.comකෙනෙකුට හරසුන් දෙයක් ලෙස හැඟෙන්නටත් පුළුවන් , නමුත් අවශ්‍ය තැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතු යැයි හැඟෙන නිසා මම සටහන ලියමි. සටහන තුලින් කිසිවෙකුගේ සිත් රිදවීමක් අපේකෂා නොකරන අතර , අදාල “සත්කාර්යය“ කරන පාඨකයා මෙය කියවන නිසා ඔහුට හෝ ඇයට වටහා ගත හැකි තරමින් සරළව ලියන්නට උත්සාහ කරමි.සත්කාර්යය කුමක්ද . පසුගිය දින කිහිපය පුරා දිනපතාම , සොඳුරු සුව අසපුව සහ ඊට සබැඳි බ්ලොග් පිටු වෙත , එකම අර්ථයක් ඇති ප්‍රකාශයක් යොමු වීම .මොකක්ද මේ අසාමන්‍ය ප්‍රකාශය .“Anonymous has left a new comment on your post“දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ.හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ.වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද.මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්.ඒ වගෙම මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද.“බැලූ බැල්මට කිසිම වැදගත්කමක් නැති ප්‍රකාශයක් ලෙස පෙනුනත් , එය තුල සැඟවුනු යම් අරුතක් ඇති බව කියැවෙන නිසාවෙනි අද දවසේ ලිපිය මේ ගැන කතා කරන්නට අරමුණු කළේ.දන්නවනේ , සොඳුරු සුව අසපුවේ ලිපි කෙටි කතා නොවන බව , එ් ආකරයෙන්ම , අදත් මුල ඉඳළම කතාව පටන් ගන්නයි දැන් මේ හදන්නේ .මොනවද මේ බ්ලොග් .අන්තර්ජාලය තුල සටහන් කෙරෙන , සටහන් පොතක් , දිනපොතක් හෙවත් Web log එකක් , බ්ලොග් එකක් බවයි සරළ හැඳින්වීම . එය වෙනකෙකුට කියවිය , ශ්‍රවණය කළ නොහැකි අතිශ්‍ය පෞද්ගලික ලෙස පවත්වා ගෙන යන්නේ නම් ඇත්තටම එය දිනපොතක් , දිනපතා , නැත්නම් වරින් වර සටහන් එකතු වන විද්‍යුත් දිනපොතක් . නමුත් , එය තවත් පාඨකයන්ට , ශ්‍රාවකයන්ට බෙදා ගත හැකි පරිදි විවෘතව පවතින්නේ නම් එය “දිනපොතක්“ කියන සංකල්පයට වඩා ඉදිරියට ගමන් කරනවා. අද වන විට අන්තරාජාලය පුරා බිලියන ගණනක බ්ලොග් නිර්මාණය වී පවතිනවා .කවුද මේව ලියන්නේ .පෙර පාසල් වයසේ දරුවන්ගේ ඉඳළ ලෝකයේ ඉහළම මට්ටම් විද්‍යාඥයින් දක්වා සියලු මට්ටම් වල රසිකයින් මේ බ්ලොග් පරිසරය තුල බ්ලොග් ලියමින් සිටිනවා. හුදෙක් විනෝදය පමණක් නොවේ , වෙළඳ අරමුණු ඇති , විිවිධ දේශපාලනික මතවාද , කළාව , විද්‍යාව ගැන වගේම , විවිධ සමාජ පර්යේෂකයින් පවා මේ බ්ලොග් පිටු පවත්වාගෙන යනවා. මම මෙතැනදි කතා කරන්නේ සිංහල බ්ලොග් ගැන පමණක් නොවෙයි. ලොව පුරා සියළු භාෂා වලින් පවතින බ්ලොග් සටහන් පිළීබඳවයි.ඇයි බ්ලොග් ලියන්නේ .විවිධ අරමුණූ ඇතිව , අයෙක් තමන්ගේ පාළුව කාන්සිය මකා ගන්නට ලියනව වෙන්නත් පුළුවන් . තවත් අයෙක් , තවත් ප්‍රජාවකට පීඩාව්ක ඇති කිරීමේ අරමුණෙන් ලියන්නත් , වෙන අයෙක් තම නිර්මාණශිලීත්වය නිදහසේ ලොවට යොමු කරන්නටත් මේ මාධ්‍යය යොදා ගන්නවා ඇති. ඔය වගේ විවිධ අරමුණ , අපේක්ෂා මත ලොව පුරාම මේ බ්ලොග් බිලියන ගණනත් සක්‍රියව පවතිනවා අද වන විට.එතකොට සොඳුරු සුව අසපුව කියන්නෙ .ඔව් , සොඳුරු සුව අසපුව කියන්නේ තවත් සිංහල බ්ලොග් පිටුවක් , සිංහල යුනිකේත හඳුන්වා දුන් ශ්‍රී ලාංකික තරුණ තාක්ෂණවේදීන්ට ස්තුති වන්නට , සිංහලෙන් අකුරු කෙරෙන තවත් බ්ලොග් පිටුවක්. මූලිකව සෞඛ්‍ය සහ ඒ සම්බන්ධ මාතෘකා ගැනත් , ඉන් අමතරව ලොවට සුන්දර වූ විවිධ මාතෘකා ගැන කතා කරන්නටත් නිදහසේ ලියන්නට blogger ගෙන නොමිලේ ලැබෙන අන්තර්ජාල ඉඩහසර යෙදා ගත් සිංහල බ්ලොග් සටහනක් ,( අද වාර්ෂිකව මුදල් ගෙවමින් පවත්වාගෙන ගියත් ) . ඇත්තෙන්ම මෙහි මුල්ම අරමුණ වුනේ , මගෙන් දුරස්වන “මගේම සිසු දරුවන් පිරිසකට“ දුර ඈත රටක ඉඳගෙන හරි , තව දුරටත් යමක් කියා දීම වුනත් , පසුව ඒ අරමුණ ඊට වඩා ටිකක් පුළුල් කරන්නට හේතු වුනේ මා ප්‍රිය මිතුරු මිතුරිය ඔබගේ දිරි ගැන්වීම් නිසාමයි. මේ ගැන “මා ගැන “ පිටුවේ http://www.html සටහන්ව ඇති නිසා නැවත ලියන්නට අවශ්‍යතාවයක් නොවන බව දනිමි.එතකොට , මේ පිටුවට ලියන්නෙ “දොස්තර “ කෙනෙක්ද .නැහැ , මේ පිටුව තුල අඩංගු සියළුම ලිපි ලියැවුනේ , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල මාණ්ඩලික හෙද නිලධාරියෙක් ලෙස ලියාපදිංචිය , වෘත්තීමය නෛතික බැඳීමක් ඇති හෙද නිලධාරිවරයෙක්. මේ පිළිබඳව බොහොම විවෘතව “මා ගැන “ පිටුව තුල මෙන්ම , විවිධ ලිපිතුලද මා වරින් වර සටහන් තබා ඇති බව මතකයේ ඇත.වෛද්‍යවරයෙක්ට හැර වෙන අයට අයිතියක් තියෙනවද “ලෙඩ රෝග“ ගැන ලියන්න..බ්ලොග් කියන්නෙ බොහොම විවෘත මාධ්‍යයක් , ඕනම කෙනෙක්ට ඕනම මාතෘකාවක් ගැන ලියන්න පුළුවන්. ඒත් යම් විෂයානුබද්ධ මාතෘකාවක් ගැන ලියැවෙනවා නම් , ඊට අදාල විෂයානුබද්ධ සහ ප්‍රායෝගික දැනුම ඇති අයෙක් එය ලියනවා නම් එහි සාර්ථක බව සහ පරිණත බව වැඩියි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා සම්බන්ධ මාතෘකාවක් ගැන කතා කරත්දි මේ තත්ත්වය හුඟක් වැදගත්. නමුත් එයින් කියැවෙන්නේ නැහැ , “සෞඛ්‍ය ගැන “ ලිපි/ බ්ලොග් ලිවිය හැක්කේ /යුත්තේ වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක්ම පමණක් බව. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඕනෑම වෘත්තිකයෙකුට ( නියමිත සිද්ධාන්ත / ප්‍රාෙයා්ගික පුහුණූව සම්පුර්ණ කළ සහ විෂයානුබද්ධ අත්දැකීම් ඇති) සෞඛ්‍ය ගැන ලෙඩ රෝග ගැන කතා කරන්න , ප්‍රජාව දැනුවත් කරන්නට ආචාරධර්මානුකූල වගේම නෛතික අයිතියකුත් , ඊට වඩා වගකීමකුත් තිබෙනවා. උදහරණයක් විදියට ඖෂධවේදීයෙක් , යම් ඖෂධයක් ශරීරය පුරා ක්‍රියාත්මක වන ආකාරය, රෝග තතත්වය සුව කරගන්නට උපකාර කරන විදිය වගේම , සිදුකරන අහිත කර ප්‍රතිපල ගැනත් ප්‍රජාව දැනුවත් කළ යුතු වෙනවා. වෘත්තීය චිකිත්සකවරයාට පුළුවන් , අදාල වූ රෝග තත්ත්ව , පවතින ප්‍රතිකාර සහ ඊට අදාල කරුණූ ගැන දැනුවත් කරන්නට. (බ්ලොග් පැත්තෙන් උදාහරණ ලෙස කිහිපයක් http://thesportsphysio.ca/)අවාසනාවකට අපේ රට තුල “සියල්ල බදාගත්“ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුනත් , සෞඛ්‍ය අතින් ඉහළ මට්ටමේ ඇති රට වල “සෞඛ්‍ය සේවාව “ කියන්නේ “බදාගත් සේවයක්“ නොවෙයි , එය වෘත්තීන් කිහිපයක් අතරේ බෙදා ගත් සේවාවක්, ඒ සියල්ල නිසි ලෙස එක්වී team work එකක් විදියටයි රෝගියාට ප්‍රතිලාභ ලබා දෙන්නේ. අන්න ඒ කණ්ඩායම් සංකල්පය තුල මේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීමේ කර්තව්‍ය අදාල සියළු වෘත්තිකයන්ට පැවරෙන වගකීමක්.සොඳුරු සුව අසපුව ලියන මම , රජයේ හෙද විදුහලක , වසර තුනක කාළයක් සිද්ධාන්තමය සහ ප්‍රාෙයා්ගික විෂයයන් තිහකට වඩා අධ්‍යයන කර , අදාල පරික්ෂණ සමත්ව , ඊට පසුව ලංකාවේ පවතින ක්‍රමවේදය මත “ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල“ ලියාපදිංචිය ලබන්නේ . ඊට අමතරව , වසර දොළහකට වඩා වැඩි සේවා කාළය තුල , දේශීය වගේම විදේශීය වශයෙනුත් ලබා ඇති පුහුණු ඔස්සේ ලැබුණූ දැනුම සහ පන්නරය මත , සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. කැනඩා දේශය තුලදී මා ලද පාඨමාලාවන් නිසා , නවතම සෞඛ්‍ය දැනුම එකරැස් කරගන්නට ලැබීම වාසනාවක් ලෙස දකින්නට කැමැත්තෙමි. සොඳුරු සුව අසපුව තුල ලියවෙන ලිපි තුල , සාම්ප්‍රදායික දැනුම මෙන්ම , ඒ නවතම සෞඛ්‍ය දැනුමද මුසු කරලන්නට මම හැම විටම උත්සාහ කළෙමි.දිගු ලිපියක් ලියන්නට පෙරවදන් දුන් “ප්‍රකාශනයට“ පිළිතුරු ලියන්නට පෙර එකක් කිව යුතුය . එනම් “සෞඛ්‍යය , ලෙඩ , බෙහෙත් “ යන මාතෘකා , එක් බමුණු කුළයකට පමණක් අයිති වන ලෙස බ්‍රහ්මයා මවා දුන් දේ නොවේ , එය සියල්ලට අදාල මාතෘකා වන අතරේ ඒ ගැන දැනුවත් කිරීමේ මූලික වගකීම රටක සෞඛ්‍ය වෘත්තීක කණ්ඩායමට භාරවේ . හෙද නිලධාරිවරයෙක් ලෙස මගේ වෘත්තිය දිශාවෙන් ඇති වගකීම , ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ Internatioanl Nurses Council අර්ථදැක්වීම ඔස්සේ ගෙනහැර පාන්නට කැමැත්තෙමි. Advocacy (උපදෙස් ලබා දීම) , promotion of a safe environment(ආරකෂිත පරිසරයක් ලබා දීම) , research (පර්යේෂණ) , participation in shaping health policy (සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමට දායකවීම) and in patient and health systems management (සෞඛ්‍ය පද්ධති කළමණාකරණය , and education (සෞඛ්‍ය අධ්‍යාපනය ) are also key nursing roles.ch/about-icn/icn-definition-of-nursing/)දැන් අදාල නිර්ණාමික ප්‍රකාශය වෙත කරුණූ දක්වන්නට කැමැත්තෙමි.දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ.රෝග විනිශ්චය යනු ,සංකීර්ණ පියවර රැසක ප්‍රතිපලයකි,පුද්ගලයෙක්ගේ සායනික /කායික හෝ මානසිකව පවතින අසාමාන්‍යතාවන් , සහ ප්‍රමාණයන් පිළිබඳ තක්සේරු කොට යම් තීරණයක් ලබා දීම ලෙස ඉතා මතු පිටින් එය හඳුන්වා දිය හැකි අතර සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක මේ කාරණා සම්පුර්ණ කර “රෝග විනිශ්චයන්“ ලබා දී නැත . මා කර ඇත්තේ යම් රෝග තත්ත්වයක් පිළිබඳව විස්තරාත්මක සහ සාමාන්‍ය ප්‍රජාවට දැනගත යුතු සහ තේරුම් ගත හැකි මට්ටමේ පැහැදිලි කිරීම් පමණි.හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේඑසේය , හෙද නිලධාරියා කරන්නේ හෙදකම සැපයීමයි , නමුත් හෙදකම සැපයීම යනු හුදෙක් බෙහෙත් පෙත්තක් කටට දැමීම හෝ තුවාලයකට බෙහෙත් දැමීමක් පමණක් නොවන , ඊට වඩා සංකීර්ණ ක්‍රියාදාමයකි. අවාසනාවකට අපේ රටේ ඇති හෙද හිගය සහ තවත් හේතු නිසා ඒ සංකීර්ණ හෙද ක්‍රියාදාමය (Nursing Process) සාමාන්‍ය ප්‍රජාවට හඳුනාගැනීමට අවස්ථාවක් නැති වීම මෙන්ම ඒ පිළිබඳව ප්‍රජාව තුලට අවබෝධයක් ඇති කරවන්නට පෙළඹවීමක් හෙද වෘත්තිකයන් තුලද පෙනෙන්නට නොවීම “බදාගත් සෞඛ්‍ය සේවයක්“ බිහිවීමට හේතු ලෙස මම දකිමි. ඉහත දක්වා ඇති සියළු කාර්යයන් හෙදිය සතු වගකීම් වන නිසා නැවත ඒ ගැන ලියන්නට උත්සාහ නොකරමි.වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද.වෛද්‍ය විද්‍යාව යනු දිනපතා දියුණූ වන , පර්යේෂණ කෙරෙන විෂය ක්ෂේත්‍රයකි. ඒ නිසා යම් රෝග තත්ත්වයක් පිළිබඳව අද ලියන දේ හෙට වන විට වෙනස්වී තිබෙන්නට පුළුවන්. ඒ නිසාම ලෙඩ රෝග ගැන ප්‍රජාව දැනුවත් කිරීමේදි , අදාල අළුත් දැනුම ලබා දිම වඩා ඵලදායී වේ. ඒ නිසාම නොව , ඕනෑම රෝග තත්ත්වයක් ගැන සටහනක් , පොතක් ලිවීමේදි සියල්ලන් ආශ්‍රිත ග්‍රන්ථ ඇසුරු කිරීම ,නව පර්යේෂණ පිළිබඳව පුදුමයක් නොවේ , , එසේ නොමැතිව සාස්තර කියන්නා සේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීම , වගකීමක් ඇති සෞඛ්‍ය වෘත්තිකයෙක් කරන්නේ නැත.මේ සටහන ලිවීමේදී මාද පර්යේෂණ ග්‍රන්ථ ඇසුරු කරමි (එ් පොත්පත් , වෙබ් අඩවි පිළිබඳව “මා ගැන පිටුවේ සඳහන් කර ඇත) , අදාල රෝග තත්ත්වය පිළිබඳ , ඊට අදාල ඖෂධ වල නවතම පර්යේෂණ වල අළුත්ම තොරතුරු විමසා බලමි . ( විශේෂයෙන්ම සායනික පර්යේෂණ ක්ෂේත්‍රය තුල වෘත්තියේ යෙදෙන මගේ බිරිඳගෙන් ඊට ලැබෙන සහය මා නිබඳ අගය කරමි) . සොඳුරු සුව අසපුව තුලට ලිපියක් එන්නේ මේ සියල්ලම එක්වූ පසුවයි , එසේ නොමැතිව හෙද විදුහල තුල විශේෂඥ වෛද්‍යවරයා කියා දුන් කරුණූ , නැත්නම් හෙද ආචාර්යවරයා ලබා දුන් සටහන් පමණක් මේ සඳහා පාදක කරගන්න්ට තරම් නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම මගේ ආකෘතියයි. ඒ නිසා නවතම විෂය කරුණු , ප්‍රාෙයා්ගික සේවය තුල ලබා ගත් දැනුම සියල්ල මුසු කිරීමෙන් ලියැවෙන ලිපියකි සොඳුරු සුව අසපුවට එකවන්නේ. මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද.සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක , මේ සියළු කරුණු හිස්මුදුනින් පිළීගත යුතුයැයි සඳහන් කොට නොමැත්තෙමැයි . මා දැනගත් කරුණූ , අකුරු ගොඩක් කොට ලිපියකට එක් කළත් එය විවෘතය. එහි නිවැරදිභාවය සොයා ගන්නට ක්‍රම කෙතරම් ඇත්ද . ලියැවි ඇති රෝග තත්ත්වය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබෙ පවුලේ වෛද්‍යවරයා හමු වූ විටෙක එය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව ඇත. ඊට අමතරව පුස්තකාළය වෙතින් ලබා ගත් වෛද්‍යාත්මක කරුණූ අඩංගු පොතක් කියවන්න ඉඩක් වෙන් කරගන්නට පුළුවනි. එසේත් නැති නම් ලෙඩරෝග ගැන ජාත්‍යත්තරව පිළිගත් වෙබ් අඩවි ගණනාවක් ඇත . එවන් ලොව පිළිගත් වෙබ් පිටුවක් ඔස්සේ පැන නැගි ගැටළුව විසඳා ගන්නට අද ඔබට අවස්ථාව පවතී.මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්මේ ප්‍රකාශය පිළිබඳව මම තීරණය කරන්නට උත්සාහ නොකරමි . ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙමි . සොඳුරු සුව අසපුව ඔස්සේ වසර තුනකට වඩා වැඩි කාළයක් ඔබ සමඟ කළ කතා බහ නිසරු යැයි ඔබට හැඟේ නම් පවසන්න , නිසරු වෙනම් , තවත් කාළය කා දමමින් දරු පැටවුන් සමඟ සතුටින් ගත කළ යුතු කාළය අන්තර්ජාලය ඉදිරියේ සිංහල අකුරු අමුණන්නට තවත් උත්සාහ කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි.එසේ නිමා කළත් මම සතුටින් මේ සටහන නිමා කරමි , ඒ සතුටට හේතුව නම් , සිරි ලංකාවේ කම්කරුවාගේ සිට මිිලියනපතියා දක්වා එක්වී , නිදහස් අධ්‍යාපනය ලෙස මට ලබා දුන් වටිනාකම , උපන් දේශය තුල මගේ වෘත්තිය කරන කාළ සීමාවේ දී හැකි පමණ සාධාරණව කරමින් ප්‍රතිලාභ ලබා දෙන්නට උත්සාහ කළෙමි , ඒ පිළිබඳව මම සතුටු වෙමි. වෘත්තිය අරගල කෙතරම් තිබුණත් , එදා මට මගේ ඒකකය , රෝගීන් වෘත්තීය අරගල වෙනුවනේ බිල්ලට ගන්නට සිත නොනැමිණි , එය සතුට හැඟිමකි. සනීපාරක්ෂක කම්කරුවාගේ සිට , විශේෂඥ වෛද්‍යවරයා දක්වා සියළු කණෟඩායම් සමඟ වෘත්තීය බැඳිමෙන් , මිත්‍රත්වයෙන් , රජයේ නීති රීති වලට අදාල කාළ සීමාව තුල සේවය කරන්නට හැකිවීමම සතුටක් ලෙස විඳිමි.ලෙඩ රෝග වලට , ජීවිත වලට හොඳ “මිලක්“ නියම කරන අද දවසේ , උපන් රටින් එපිට සිට උපන් රටේ බසින් ලෙඩරෝග ගැන කතා කරන්නට කළ උත්සාහය පිළිබඳ මෙතෙක් ආ දුර පිළිබඳ සතුටු වෙමි . ඒ වෙනුවෙන් මා සමඟ එකවූ , දිරිමත් කළ ඔබ සැමගේ මිත්‍රත්වය පිළිබඳ සතුටු වෙමි.අවසානය , ඊරිෂ්‍යාව පොදු මිනිස් ලක්ෂණයකි, එය පාළනය කර ගන්නට තරම් උසස් හැකියාවක් නැති , නිර්නාමිකයෙකු ලෙස මේ ප්‍රකාශය යොමු කළ මිතුරා හෝ මිතුරිය වෙත යමක් පවසමි. මේ වැඩේ වැරැද්දක් ඇත්නම් , මට අයිති දෙයක් නොවේ නම් , මේ පිළිබඳව නිර්ණාමික ඔබට පෙර අදහස් දක්වන්නේ , සොඳුරු සුව අසපුව සටහන සමඟ නිරන්තරයෙන් එක්වන හිතමිතුරු , වෛද්‍ය නිළධාරින්ය වෛද්‍ය සිසුන්ය . නමුත් මේ වසර තුන පුරාවට මා දිරි ගැන්වීමක් මිස , බාධාවක් කරන්නට ඔවුන් නම් පෙළඹූනේ නැත.එමෙන්ම, මෙය වැරැද්දක් නම් ඒ පිළිබඳව පැමිණිලි කරන්නට නීත්‍යානූකූල ආයතන රට තුල පවතී ශ්‍රී ලංකා හෙද සභාව , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ ආයතනයි . ඔබට මෙන් මට සැඟවෙන්නට අවශ්‍යතාවක් නැත. මගේ තොරතුරු සියල්ල විවෘතව “මා ගැන “ පිටුවේ සටහන් තබා ඇත. ඔබ , ඔබට හැකි දේ කරන්න ,මා මගේ හැකියාවේ තරමට යමක් කළෙමි , නමුත් සොඳුරු සුව අසපුව බ්ලොග් සටහනනේ කිිසිඳු තැනෙක ලෙඩ රෝග විකුණාගෙන කෑමේ හෝ වෙනත් වාණිජ පරමාර්ථ නොතිබිණු අතර එවන් ආයතන / පුද්ගලයන් වෙත පහර ගසන්නටද උත්සාහ නොකළෙමි. මෙය හුදෙක් නිරාමිස සතුටක් වෙනුවෙන් ලියැවුනු තවත් එක් සටහනක් පමණි.සොඳුරු සුව අසපුව කියවන , කියවු බුද්ධිමත් පාඨක ඔබ වෙත නැවත ඔහුගේ / ඇයගේ ප්‍රකාශය යොමු කරමි , “ මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් “ මේ පිළිබඳව ඔබේ අදහස සටහන් කරන්නට ඔබට යෝජනා කරමි , මෙතෙක් කිසිදා කොමෙන්ට් කරන්නට ඉල්ලීම් නොකළත් , අද ඒ සඳහා ඔබට ආරාධනා කරමි .සුව සතුට පිරි දිනයක් ඔබ සැමට .
BLOG
2014.07.13
http://nursinglanka.blogspot.com/
164) ඇගෙ හදවත බිඳ රිදවන බූවල්ලා
Mahesh Nishantha
සෙනසුරාදා... සතියේ හොදම දවස . පොඩ්ඩන්ට “සමර් බ්‍රේක්“ එක නිසා දැන් ඉතින් හැමදාම සෙනසුරාදා වගේ . මොකද දවසේම පොඩි පොඩි යුද්ධ . ඒත් දැන් නම් සෙනසුරාදා විශේෂයි .“ආ පොඩ්ඩි නැගිට්ටද . එන්න ...එහෙම නම් තේ එක බීලා ඉන්න “ අම්ම සුපුරුදු පිළිගැනීමේ ප්‍රකාශය“හ්ම් . තාත්තේ , අරක පබ්ලිෂ් කරලද .“ තේ එකේ උගුරු දෙකක් විතර බීපු පොඩ්ඩි ආව කාමරේට“නැහැ තව ටික වෙලාවක් යාවි ..එතකම් කෑම කාළ , අම්මට ටිකක් උදව් කරන්න උදේ කෑම හදන්න .“උදේ දහයයි වෙලාව ...ගියා දෙරණ එෆ්එම් වෙබ් අඩවියට ...“පොඩී හරි ,වීඩියෝ එක දාල .. එන්න අක්කත් නැගිට්ටවන්න ““නැගිට්ටවන්න ඕන නැහැ මේ ඒන්නේ “ඔක්කෝම ටික දැන් පරිගණකේ ඉස්සරහ . “ශ්‍රී සම්බුද්ධ“ ටෙලි නාට්‍ය මාලාවේ ඊළඟ කොටසට සමවැදිලා ..සිදුහත් චරිතය ගැන හරිම නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක් කියල හිතෙනවා , ඒ නිසාම හැම සෙනසුරාදා , ඉරිදාවක්ම මඟ හරින්නේ නැතිව මෙය නම් නරඹනවාමයි .“අක්කේ , කන්ථක අශ්වයා හරිම ලස්සනයි නේ . ... දුවන්නේ ලස්සන රිදම් එකකට .““හ්ම් .ඒ වුනාම කන්ථක අශ්වයා මැරෙනවා පපුව පැළිලා තව ටික දවසකින් .., සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතඇරල යන දවසේ .“ අක්ක ටිකක් දැනුමුත්තෙක් වගේ කියනවා ..“එහෙම වෙන්නෙ නැහැ , .එහෙම වෙන්නෙ නැහැනේ තාත්තේ ..“ පොඩ්ඩිගේ මුණ හොඳනැහැ ..“ඉස්සර වෙලා මේක බලල ඉන්නකෝ , අපි ඉගෙන ගත්තු සිදුහත් චරිතකතාවල නම් එහෙම කියනව , අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා “ .“එහෙම වෙන්න පුළුවන්ද . “ , දැන් ඉතින් කතාව බලල ඉවරයි :)කොහොම හරි ටෙලි නාටකය නරඹලා අවසන් වුනත් , ඒ අතරේ වුනු කන්ථක අශ්වයගේ ප්‍රශ්නේ...ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද .කන්ථක අශ්වයගේ කතාව කුමක් වුවත් , හදවත බිඳීම හේතුවෙන් මිය යන්න වුනත් පුළුවන්. ඒ කියන්නේ “බිඳුනු හදවත“ කියන තත්ත්වයත් එක්ක මරණය වුනත් ළඟා වෙන්නට හැකි බව වෛද්‍ය මතය. එහෙම නම් දැන් අපි කතා කරන්න හදන්නේ , ඒතරම්ම ප්‍රසිද්ධ නැති නමුත් , අද සිදුවන දේ එක්ක ක්‍රමයෙන් වැඩිවේද කියල හිතෙන තවත් හදවත් රෝගයක් ගැන . ලෙඩේ නම "Broken Heart Syndrome" , බිඳුනු හදවත සංධාවය“ ( සිංහලෙන් යෙදුනු නම වැරදි නම් සමාවන්න , සහ නිවැරදි කරන්න) . වැඩිය කතා නොකළාට මේ රෝග තත්ත්වයට තවත් නම් කිහිපයක් තිබෙනවා. Takostubo Cardiomyopathy , Stress-induced Cardiomyopathy වගේ නම් කිහිපයකින් හඳුන්වන මේ හදවත් රෝගය හැම විටම මාරාන්තික වන්නේ නැහැ , එමෙන්ම , මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර ගත හොත් අනතුර සෑහෙන දුරට අඩු කරගත හැකි තත්ත්වයක් , ඒ නිසාම රෝග තත්ත්වය ගැන ටිකක් දැන ගන්න එක වැදගත්.ඔක්කෝටම ඉස්සර වෙලා ,...සාමාන්‍ය නිරෝගී හදවතක ක්‍රියාකාරීත්වය ගැන කෙටියෙන් කතා කරමු.මිනිස් හදවත වම් දකුණු ලෙස කොටස් දෙකකටත් , එක් පාර්ශවයක් , ඉහළ සහ පහළ කුටීර වලටත් බෙදී තබෙන බව අප දන්නවා. මෙයින් දකුණු පැත්තේ ඇති ඉහළ කුටීර (දකුණු කර්ණිකා) දේහයේ සියළුම ප්‍රෙද්ශ වලින් එන , ඔක්සිජන් අඩු , අපද්‍රව්‍ය වැඩි රැධිරය ගෙන්වා ගෙන පහලට යොමු කරන අතරේ , පහළ ඇති දකුණු කෝෂිකා , එම රැධීරය , පිරිසිදු කිරීමේ කාර්යය සඳහා, පවිත්‍රාගාරය වන පෙනහළු වෙතට තෙරපා යවනවා.පිරිසිදු වන රැධිරය , වම් කර්ණිකාව (වම් ඉහළ කුටීරය) වෙත යොමු වුනාට පස්සේ , ඒ පිරිසිදු රැධිරය දේහය පුරා බෙදා දීමේ කාර්යය වෙනුවෙන් , වම් කෝෂිකාව වෙත තෙරපා හරිනවා. දැන් තමා වැඩිම මහන්සියක් වන කටයුත්ත. ඒ තමයි , පැමිණි , පිරිසුදු වූ රැධීරය , දේහය පුරා තෙරපා හරින්න එක . එය කරන්නේ , වම් කෝෂිකාවේ බිත්තිය . ඒ සඳහා වම් කෝෂීකාවේ බිත්තිය අනේක් කුටීර වල බිත්ති වලට සාපේකෂව ශක්තිමත් බවින් වැඩි වෙන විදියට හදන්නට සොබා දහම කටයුතු කරලා තිබෙනවා.මේ සියළු තෙරපීම් , කම්පනයන් සිදු වන්නට හෘද පේෂිවලට අවශ්‍ය රැධිරය ලබා දීමෙ අතිශ්‍යය වැදගත්ම කාර්යය කරන්නේ කිරීටක ධමනි Coronary Arteries නම් සිහින් නාල පද්ධතියකින්. බොහෝ අවස්ථා වල හදවත් රෝග ඇති වන්නේ , යම් හේතුවක් නිසා මේ කිරීටක ධමනි අවහිර වීම නිසා , එයින් පෝෂණය වන හදවත පටක මිය යාම හෝ දුර්වල වීම. අපි හුඟක් බියට පත්වන Heart Attack කියන්නේ මෙවන් අවස්ථාවක් .නමුත් මෙයා ටිකක් වෙනස් .නමුත් , අද මේ කතා කරන රෝග තත්ත්වයේදි මෙවන්ම රෝග ලක්ෂණ ඇති වුනත් , ඒ කීවේ නියම හෘදයාබාධයක ලක්ෂණ පෙන්වුවත් , පෙර කී ධමනි වල කිසිදු අවහිර වීමක් දැක ගන්නට වෛද්‍යවරයාට ලැබෙන්නේ නැහැ. නමුත් , ලක්ෂණ අතින් ගත්තම , මෙය “හෘදයාබාධයක්“ .රිද්දන්නේ කොහොමද . .දැනට පරියේෂකයින් සොයාගෙන ඇති අන්දමට , Broken Heart Syndrome තත්ත්වය ඇති කරවන්නට , මානසිකව ඇතිවන ක්ෂණික කම්පනයන් ප්‍රධාන හේතුව වෙනවා. ක්ෂිණික බියක් , තදබල වේදනාවක් , දුකක් , ආතතියක් වැනි තත්ත්වයකදි , සිදුවන හෝමෝන වෙනස්වීම් වල බලපෑම හේතුවක් බව හඳුනාගෙන තිබෙනවා. , පිරිසක් ඉදිරියේ කතා කරන්නට බියක් දක්වන අයෙක්ට , එකවර විශාල පිරිසක් ඉදිරියේ කතාවක් පවත්වන්නට වන අවස්ථාවක , නැත්නම් , කෙනෙක් පුදුම කරවන්නට කරන Surprise party එකක්දි ,හිතවන්තයෙක් හදිසියේ වෙන්වී යාමකදි වගේ , අප ඒ තරම් නොහිතන අවස්ථාවක වුනත් මේ තත්ත්වය ආරම්භ වෙන්න පුළුවන්.හේතුව අහේතුවමෙය සිදුවන හේතු කාරකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවුනත් දැනට හඳුනාගෙන ඇති අන්දමට , ඉහත කී ආකාරයේ හදිසි තිගැස්මක් ඇති වන අවස්ථාවක අපේ හෝමෝන පද්ධතියෙන් නිකුත්වන , සමහර හෝමෝන ( ඇඩ්‍රිනලින් වැනි) මඟින් හෘද පේෂිය මතට සිදුවන ,ක්ෂණීක සහ ප්‍රබල බලපැම් නිසා , හෘදයේ වම් කෝෂීකාව සිදු කරන , දේහය පුරා පිරිසිදු රැධිරය තෙරපා හැරීමේ බලය දුර්වල කරනවා , ප්‍රතිපලය වම් කෝෂීකාව වෙත රැධිරය ගලා ආවත් , එය නිසි ලෙස දේහයේ අනෙක් පටක (හෘද පේෂි ඇතුළුව)වලට යොමු වන්නේ නැහැ.ප්‍රතිපල දෙකක් , එක , කෝෂීකාව තුල ක්‍රමයෙන් රැධිරය එක් රැස් වනවා , ඒක හරියට , සෙනඟ පිරිල ඉන්න බස් එකකට , “එන්න එන්න ෂිට් තියෙනවා කියල තව ටික දෙන්ක නග්ග ගන්නවා වගෙ , දැන් බස් එක ඇතුලේ තෙරපීම වැඩියි , බස් එක ඉස්සරහට යත්දි , බස් එකෙන් බහින ගණනට වඩා වැඩි පුර නග්ග ගත්තෝත් දැනෙන දේ , හෘදයේ කෝෂිකාවටත් වෙන්නෙ , එය ක්‍රමයෙන් දුර්වල වෙනවා . දෙවැන්න , ප්‍රමාණවත් රැධිරය නොලැබීම නිසා “රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා“මොනවද රෝග ලක්ෂණ .මුලින්ම කීව නේ මේක හාර්ට් ඇටෑක් එකක් වගේමයි කියල , ඒ කියන්නේ හෘදයාබාධයක ලක්ෂණ සියල්ල මෙහි තිබෙනවා.පපුවේ මැද හරියේ ඇති වන ක්ෂණික සහ තව බල වේදනාවක්මේ වේදනාව පපුව මිරිකනවා වැනි , කටුවකින් අනිනවා වැනි , නැත්නම් පිළිස්සෙන බවක් , හෝ පපුව දෙපසින් අඬුවකින් තදකරන්නාක් වැනි වේදනාවක් / අපහසුවක් වෙන්න පුළුවන්.හුස්ම ගැනීමේ අපහසුවඅත ඔස්සේ හෝ පිට පැත්තෙන් විහිද යන වේදනාවක්අධික ලෙස දහදිය දැමීම සහ වමනයපෙනීම දුර්වල වීමක් සහ කල්පනාව වෙනස්වීමක්රෝග ලක්ෂණ අතින් සමාන කම් තිබුනත් , මේ ලක්ෂණ ආරම්භ වීම අතින් තමයි වෙනස්කම් තිබෙන්නේ . ඒ කීවේ සාමාන්‍යයෙන් හෘදයාබාධයක් මතුවෙන්නේ , යම් තරමක වෙහෙසවීමකට පස්සේ ( පොදු ලක්ෂණයක් ලෙස මෙය ගන්නට පුළුවන් වුනත් , දැනෙන වෙහෙසවීමක් රහිත අවස්ථාවෙත් හෘදයාබාධයක් එන්නට පුළුවන් ) , නමුත් මේ අද කතා කරන හෘදයාබාධය ඇතිවෙන්නේ “වෙහස වීමකට වඩා ‘‘ දැඩි තිගැස්මකට, කම්පනයකට ලක්වුනු අවස්ථාවක . ඒ වගේ අවස්ථා වලට උදාහරණ කිහිපයක් මීට පෙර කතා කළා.අනෙක් වෙනස් කම තමයි , මුලින් කී සාමාන්‍ය හෘදයාබාධයකට පස්සේ , පරික්ෂණ කරත්දි , හෘද පේෂියට ලේ ගේන කිරීටක ධමනි අවහිර වීමක් , පටු වීමක් හඳුනගන්නට පුළුවන් , නමුත්Broken Heart Syndromeදි , එවන් ධමනි වල පැහැදිලි වෙනසක් හඳුනාගන්නට බැහැ .මේ වෙනස්කම් තිබුණත් ,මේ අවස්ථා දෙකම ඉක්මණ් වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු විය යුතු අවස්ථා බව අමතක කරන්න එපා . ආ ඒක ,Broken Heart Syndrome එකක් කියල ගණන් නොගෙන හිටියොත් ලොකු අනතුරක් අතළඟ. ඒ නිසා මේ ඉහත කී පොදු ලක්ෂණ දැන ගත් වහාම , කළබල නොකර , නොවී , සුදුසුකම් ලත් , පහසුකම් ඇති වෛද්‍ය ආයතනයකට යොමු වීම , යොමු කරවිම තමයි මුුලිකම දේ .මේ තත්ත්වයට පත්වුනොත් , මුලික වෛද්‍ය පරික්ණයකින් පස්සේ , හෘදය ආශ්‍රිතව කෙරෙන විශේෂිත පරික්ෂණ කෙරේවි , E. , XRay , විතරක් නොවෙයි , ඇනිජියෝග්‍රැම් පරික්ෂණයකුත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ සියළු පරික්ෂණ වලින් පස්සේ මෙයBroken Heart Syndrome යැයි තහවුරු වේවි. මේ වෙත්දි , අදාල රෝගියා වෙනුවෙන් , හෘදයාබාධයකට කෙරෙන සමහර ඖෂධ ආරම්භ කරල වෙන්න පුළුවන් .රෝග තත්ත්වය මේ යැයි නිගමනය වීමත් සමඟ , තවත් අතිරේක ඖෂධ කිහිපයක් එකතු කරන්නට පුළුවන් , ඒ මානසිකව ඇති වන පීඩනය , ආතතිය තත්ත්වය අඩු කරන්නට , ඊට අමතරව , චිකිත්සකීය උපදේශනයකට යොමු කරන්නත් පුළුවන් . මේ සියළු දේ නිසි ලෙස සැලසුනා නම් , සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ සීමාවකදි , මේ “හෘදයාබාධය“ සුව තත්ත්වයට පත්වෙලා. නමුත් නිසි ප්‍රතිකාර නොගත්තොත් , කෝෂීකාවේ මතුවුනු වෙනස දිගුකාළීන වෙනසක් බවට පත්වෙලා , කාළයක් තිස්සේ ප්‍රතිකාර ගත යුතු හෘද රෝගියෙක් බවට පත් කරන්නට හෝ , ඊට වඩා අවාසනාවන්ත අවස්ථාවකට පත්වන්නටත් ඉඩ තිබෙනවා.මේ තමයි කෝෂිකාවේ වෙනසමේ තමයි බූවලු උගුලලෙඩේ ගැන කතාව නම් ඉවරයි , දැන් ඔබ බලනව ඇති මොකක්ද මේ මාතෘකාවේ තිබෙන බූවල්ලා ගැන කතාව කියල , මෙහෙමයි , මේ කියපු රෝගී අවස්ථාවට පත්වුනු හෘදයේ කෝෂීකාව ලේ පිරිලා , ඉදිමුණාට පස්සේ , ඒක හරියට “කළ ගෙඩියක් වගේ“ , අපට එහෙම පෙනුනට ඒක ජපන් ජාතිකයන් “බූවල්ලන් අල්ලන්නට “ යොදා ගන්න කළ ගෙඩි උගුළක් විදියටයි , ඒ උගුලට ඔවුන් පාවිච්චි කළනම tako-tsubo ඒ නිසා තමයි මේ රෝගයටTakostubo Cardiomyopathy නම යෙදුවේ.ඔන්න එහෙම නම් අද කතාව ඉවරයි , සමුගන්නම් , නැවත හමුවන අපේක්ෂාවෙන්. සුව සතුට පිරි දිනයක් ඔබට .
BLOG
2014.06.23
http://nursinglanka.blogspot.com/
163) සුපර් ග්ලූ වලින් වහනා මොලේ ලෙඩේ
Mahesh Nishantha
කතාව ගෙනාව “පින්කි“ ලෙඩ හොඳ වුනා පස්සේ :D“අක්කේ , මගේ බෝනික්කිගේ කොන්ඩේ ගැලවිලා මේක අලවල දෙන්කෝ ““මට බෑ , මම දැන් වැඩක්““අනේ ....ඔයා මගේ හොඳ අක්කිනේ .....අනෙක ග්ලු ගන් එක ඔයාගෙනේ , අනේ මෙයාව හදල දෙන්නකෝ ....““කෝ ගේන්න , ඔයාගේ බෝනික්කිගේ සපත්තුවත් ගැලවිලා තියෙනව දැක්කා , ඒකත් අලවන්න බලමු‘‘දෙන්නගේ කුටු කුටුව අහගෙන මමත් මගේ වැඩේ කරගෙන ගියා .“තාත්තේ මේ , මේ පින්කි දැන් ලස්සනයි නේ “ පොඩ්ඩි බොනික්කේකුයි තව මොන මොනවදෝ අඩුම කුඩුම වගයක් ගෙනත් තිබ්බා මෙසේ උඩ .දැන් ඉතින් මගේ වැඩේ කරල ඉවරයි ....ජීවිතේම රස කතාවක් කළ මගේ කතාකාරියෝ දෙන්නා“හ්ම් , කවුද කොන්ඩේ කරල් ගෙතුවේ අක්කද. ..““ඔව් , එයාගේ කොණ්ඩේ ගැලවිලා තිබුණේ , අපි දෙන්න සර්ජරි එකක් කළා ““සර්ජරි එකක් . මොකක්ද කළේ දෙන්න එක්ක‘‘‘‘අපි දෙන්න මෙයාගේ කොණ්ඩේ තියෙන ලේයර් එක උස්සල , ඇතුලට ග්ලු ගන් එකෙන් , ග්ලූ ඇතුල කරල , ටිකෙන් ටික ඇලෙව්ව , දැන් මේ ....ඇද්දත් ගැලවෙන්නේ නෑ , “පොඩ්ඩි බෝනික්කිගේ කොන්ඩ කරලකින් ඇදලම පෙන්නනව .“හ්ම් වැඩේ නම් හොඳයි , දැන් අර ගත්තු බඩු ටික අස් කරලද අාවේ ““අක්කි අස් කළා , මං උදව් කළා ......ආයෙත් බඩු මට්ටු ටික කරගහගෙන පොඩ්ඩි යන්න ගියා .පොඩ්ඩි යන්න ගියත් , එයාල “සර්ජරිය“ කළ විදිය විස්තර කළ ආකාරය මට තවත් ලිපියකට ලියන්න දෙයක් මතක් කළා , ඒකත් ඔළුවේ ප්‍රශ්නයක් , බොහොමයක් අවස්ථා වල නොසැලකිල්ල , නැත්නම් හඳුනා ගන්නට ප්‍රමාද වීම නිසා ජීවිත අවදානමකට පවා ලක්වෙන මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ ArterioVenous malformation of the Brain නැත්නම් කෙටියෙන් Brain AVM කියල. අද මේ පුංචි කතාවෙන් පටන් ගන්න හදන්නේ අන්න ඒ අසාමාන්‍යතාවය ගැන .ලෙඩේ ගැන දැන ගන්න ඉස්සර වෙලා , මේ ආශ්‍රිත ජීව විද්‍යාත්මක කරුණූ ටිකක් මතක් කරගෙන ඉන්න එක වටිනවා. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් විතර කතා කරමු .ඔබ දන්නවා අපේ රුධීර සංසරණ පද්ධතිය හැදිල තියෙන්නේ හෘදය කියන “පොම්පයෙන් සහ රුධිරවාහිනි කියන බට පද්ධතියෙන් කියල මූලිකවම. පොම්පෙ ගැන වැඩි කතාවක් නැති වුනත් , බට පද්ධතිය ගැන තමයි ටිකක් වැඩිපුර කතා කරන්න වෙන්නේ මේ රෝග තත්ත්වයේදි. ඔබට මතකද “රුධිරවාහිනී “ගැන කතා කරත්ච එහි වර්ග කිහිපයක් තිබෙන බව . ධමනි (Artery) කියන සාපේක්ෂව ඝණකම වැඩි බිත්තියක් තිබෙන , වැඩි පීඩනයක් දරා ගන්නට පුළුවන් , හෘදයේ සිට දේහයේ අනෙක් ප්‍රෙද්ශ වලට ලේ අරගෙන එන නාල වර්ගය සහ ශිරා ලෙසින් නම් කෙරෙන සාපේෂව බිත්තිවල ඝණකම අඩු , අඩු පීඩනයක් ඇති රුධිරය හෘදය වෙතට රැගෙන එන නාලවලට .ඔය දෙන්න විතරද . ...නැහැ , මේ දෙන්න අතරේ තවත් වර්ග ගණනාවක් ඉන්නව . අපි ධමණිය(Artery)පැත්තෙන් පටන් ගත්තොත් , එය ධමනිකා (Arterioles) කියන තරමක කුඩා නාල වලට අතුබෙදෙනවා , ඊළඟට මේ කුඩා අතු , නැවතත් කේශ නාලිකා ලෙසින් නම් කරන ඉතාම සිහින් බට වලට බෙදී යනවා , මෙන්න මේ සිහින්ම බටතුලින් ලේ ගමන් කරත්දි තමා ලේ වලින් අරගෙන එන කෑම බීම එළියට යවල සෛල වලට කන්න බොන්න දෙන්නෙත් ඒ වේගම සෛල වලින් පාවිච්චි කරල ඉවත දාපු අපද්‍රව්‍ය ටික ඇතුලට ඇතුලට දාගෙන ඒ සියල්ල හෘදය දිසාවට ගෙන යන ගමන ආරම්භ කරන්නෙත්. මේ බෙදා දීමේ කටයුත්ත සම්පුර්ණ කරන කේශනාලිකා තව ටිකක් දුරට යත්දි , තමන්ට වඩා ටිකක් විතර මහත , නාල බවට පත්වෙනවා , මෙයාලට කියන්නේ අනුශීරා කියල , ලොකු පීඩනයක් දරා ගන්න අවශ්‍ය නැති නිසා මෙයාගේ බිත්ති ධමනි වල තරම් ඝණකම් නැහැ. ශක්තිමත් නැහැ , දැන් කේශ නාලිකා වලින් එකතු වුනු ලේ ටිකත් අරගෙන ඉස්සරහට එන අනුශීරා , තවත් ඉදිරියට එත්දි තව ටිකක් විතර ලොකු ශිරා බවට පත්වෙනවා. මෙන්න මේ පිළිවෙල ජීවය පවත්වා ගන්නට හරිම වැදගත්. ටිකෙන් ටික ප්‍රමාණයෙන් කුඩා වෙමින් , ඇතුලේ තිබෙන ලේ වල පීඩනය අඩුවෙමින් , සෛල ළඟටම ගිහින් ආයෙත් ටිකෙන් ටික එකතු වෙලා , ලේ පරිමාව වැඩිවෙමින් , හදවත කරා නැවත එන මේ ගමන , මේ රිද්මය තම ජීවයේ පැවැත්ම. නමුත් ...... අපි මේ කතා කරන්න හදන රෝග තත්ත්වයේදි මේ පිළිවෙල , රිද්මය බිඳ වැටෙනවා.ඒ කීවේ .... මෙහෙමයි , අපි කීවනේ අර ධමනියේ ඉඳන් ක්‍රමයෙන් ප්‍රමාණය පීඩනය අඩුවෙමින් ධමනිකා ඔස්සේ , කේශ නාලිකා වලින් පස්සෙයි අනුශීරාවට එකතු වන්නේ කියලා . ඒත් AVM තත්ත්වයේදි ධමනිකාවක්(Arterioles)එකවරම අසාමාන්‍ය ආකාරයෙන් අනුශිරාවකට බැඳෙනවා.දැන් මොකක්ද ප්‍රශ්නේ . ...මේකයි ප්‍රශ්නේ , ශිරාවන් නැත්නම් අනුශීරාවන් සැකසී තිබෙන්නේ “දැඩි පීඩනයන්“ දරා ගන්නට නොවෙයි , නිවීහැනහිල්ලෙ “ලේ ටික එකතු කරගෙන“ කළබල නැතිව හෘදය වෙතට අරගෙන යන එක. නමුත් ........දැන් මොකද වෙන්නේ , අර අනුශීරාව තුලින් අධීපීඩනය යටතේ එන ලේ දහරාව කිහිම පීඩනය අඩාල වීමක් නැතිව එකපාරටම අනුශිරාවට රිංගන එක . ඒක හරියට හයිවේ එකක එන වාහන සියල්ල හදිසියේම , පොඩි අතුරු පාරකට හරවනවා වගෙ ..දැන් මේ තෙරපීම පීඩනය දරා ගන්නට ශිරාවට පුළුවන් ද . .... ටිකක් පුළුවන් වේවි , නමුත් ඒ දරා ගත හැති සීමාව ඉක්මවා ගිය තැන , ශීරාව පුපුරා යනවා , දැන් මේ පිපිරුම තුලින් ලේ ඉවතට වැගිරෙන එක අහන්න දෙයක්ද . . ප්‍රශ්නේ වෙන්නේ මේ තත්වය මොළය තුල සිදු වෙත්දි ,මෙම රෝග තත්ත්වය (පිංතූරය www.com වෙතින්)පිපිරී ගිය ශීරාවෙන් වෑහෙන ලේ නිසා , මොළයේ අනෙක් ප්‍රෙද්ශ වලට රැධීරය ගෙන යන ලේ නාල අවහිර වෙනවා වගේම , මේ වැගිරෙන ලේ , කැටි ගැසෙමින් හැදෙන ලේ කැටිය නිසා , මොළයේ පටක ටිකෙන් ටික තෙරපෙමින් විනාශ වෙන්න පටන් ගන්නවා . මේ සිදුවීම ක්ෂණිකව හෝ කලක් තිස්සේ ටිකෙන් ටික වැඩි වෙමින් සිදුවන්නට බඩ තිබෙනවා.කෙසේ සිදුවුනත් , මොළයේ සෛල වලට යම් හානියක් , මියයාමක් වුනොත් , එය ස්ථීරයි , නැවත ඒ මිය ගිය පටක වලට පණ දෙන්නට බැහැ , නැත්නම් සමේ සිදුවෙනව වගේ මිය ගිය සෛල වෙනුවෙන් අළුත් සෛල ඇවිත් ඒ අඩුව පුරවන්නේ නැහැ . අන්න ඒ නිසා මේ තත්ත්වයේ භයානක බව වැඩි.කෙසේ වෙතත් , මේ විදියට නහරය පුපුරා යාම සහ එහි ප්‍රමාණය , ලේ ඉවත් වන ප්‍රමාණය , වගේ තවත් සාධක ගණනාවක් මත මේ සිදුවීම , හිස් කැක්කුමක සිට , තාවකාළික අංශභාගය තත්ත්වයක් , අංශභාග තත්ත්වයක් හෝ මරණය වුනත් සිදුවන්නට පුළුවන් . ඒ තරම්ම දරුණූයි මේ අවදානම.ඉතින් කොහොමද මේක හැදෙන්නෙ . ...තවමත් හරියටම ස්ථීර හේතුවක් සොය ගන්නට බැරි වුනත්‍, දරුවා බිහිවීමටම පෙර කළල අවධියේ මොළයේ සිදුවන වර්ධනයේ යම් අසාමාන්‍යතාවක් මීට හේතු වන්නට පුළුවන් බව විශ්වාස කරනවා. ඊට අමතරව එකතරා ආවේණික රෝග තත්ත්වයක් සමඟ ( Hereditary Haemorrhagic Telangiectasia - උපතේ සිටම පැවතිය හැකි , අසාමාන්‍ය ලෙස වරින් වර රැධීරය පිට වීමේ රෝග තත්ත්වයක් ) මෙය ඇති වන්නටත් පුළුවන් . නමුත් වැදගත්ම දේ හිසට සිදුවන දරුණූ අනතුරකට පස්සේ , රෝගියා සුව වුනත් , මේ අවාසනාවන්ත තත්ත්වය හිස තුල ඇති වන්නට පුළුවන් බව අද හඳුනාගෙන තිබෙනවා.රෝග ලක්ෂණ මොනවද .තීව්‍ර මට්ටමේ හිසේ කැක්කුමක් , ක්ෂණිකව උපරිම වේදනාවක මතුවී , ක්‍රමයෙන් දැඩි වේදනාවක් පවතින මේ හිසේ කැක්කුමත් එක්කම ,වමනය යාමක් (ඈතට විදිනව වගේ -projectile vomiting )පෙනීම වෙනස් වීමක් , අවට අඳුරු වීමක් , පෙනෙන සීමාව , ක්‍රමයෙන් අඩුවන බවක් , නැත්නම් එක දෙක වෙලා වගේ පේන්නත් පුළුවන්මේ එන වේදනාව ,ළඟ ඉන්න කෙනාට කියා ගන්න බැරි ගතියක් , එක්කෝ වචන මතකයට එන්නෙ නැති බවක් , නැත්නම් කියා ගන්න වචන එළියට දාගන්න බැරි වගේ ගතියක් දැනෙන්න පුළුවන්ඇඟ අප්‍රාණික බවක් , අසමතුලිත බවක් , හිටගෙන ඉන්නවා නම් කරකැවිල්ලක් සමඟින් කෙළින් ඇවිදින්නට බැරි බවක් දැනෙන්න පුළුවන් . හුඟක් වෙලාවට මේ එක්කම අතක් පයක් නැත්නම් පැත්තක් හිරි වැටිලා වගෙ , නැත්නම් ඒ පැත්ත නැහැ වගේ දැනෙන්නත් පුළුවන් . සමහර විට කටු ඇනෙනව වගේ දිගින් දිගටම දැනෙන්න පුළුවන්.මේ කටු ඇනෙන , හිරි වැටෙන බව මුහුණේ පැත්තක ඇති වෙන එක බහුලව දකින්න පුළුවන්.චර්යාත්මක වෙනස්කම්මතකය අඩුවීම , කතා කරන්නට අපහසුවිම , අසාමාන්‍ය ලෙස පෞරුෂත්වයේ දුර්වලවීම දැනෙන වෙනස්කම් ,කිසිම ලක්ෂණයක නැතිව හැංගිලා ඉන්නත් පුළුවන්මේ ගැනත් දැන ගන්න (පිංතූරයhttp://www.org/ වෙතින්)මේ මුලින් කී ලක්ෂණ කිහිපය දැනුනොත් ,එයම ඇති ඉක්මණින් , අනවශ්‍ය විදියට රෝගියා කළබල නොකර ළඟම තිබෙන ප්‍රමාණවත් පහසුකම් ඇති රජයේ රෝහලකට රැගෙන යන එක. මේ අවස්ථාවේ නම් අත්බෙහෙත් කරන්න වත් , ළඟ තියෙන ඩිස්පැන්සරි එකට ගිහින් කාළෙ නාස්ති කරන්නවත් හොඳ මදි , මොකද පහු පහු වෙන්න මොළයේ සෛල මිය යාමේ අවදානම වැඩි වෙන නිසා.මේ ලක්ෂණ විතරක් නොවෙයි ,ඊළඟට අපස්මාරය වගේ තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන් . රෝගියා රෝහලට ගෙන යන අතරතුර මෙ අපස්මාරය තත්ත්වය ඇති වන්නට පුළුව්න නිසා ඒ පිළිබඳව අවදානයෙන් ඉන්න එක , හදිසියේ හරි අප්සමාරය තත්ත්වය ආවොත් , කටට , දත් අස්සට කිසිම දෙයක් නොදා , කිසිම දෙයක් පොවන්නේ නැතිව , එන සෙම ටික බේරිලා යන විදියට ලෙඩාව පැත්තට හරවගෙන , වැටෙන්න නොදි ආරක්ෂිතව රෝහල ගෙන යන එක තමයි කරන්න ඕන .(අපස්මාරය ගැන ලිපියටhttp://www.com/2012/02/83.html)තව වැදගත් දෙයක් ,මේ රෝග ලක්ෂණ මතුවුනු අවස්ථාව , වෙලාව කොළ කෑල්ලක ලියාගෙන යන එක වටිනවා , මොකද ප්‍රතිකාරය වෙනස් කරන්නට වෙනව ගත වූ කාළය මත සමහර අවස්ථා වල.මේ රෝග තත්ත්වයට පත්වෙලා ඉන්නේ ගර්භණී මවක නම් මේ ලක්ෂණ ටිකක් තදබල මට්ටමින්ම ඇති වන්නට පුළුවන් .ඔය කියල සමහර ලක්ෂණ ඉරුවාරදේ තියෙන අයටත් තියෙනව නේ .ඔව් මේ සමහර ලක්ෂණ මිග්‍රෙන් වලදිත් එන්න පුළුවන් , ඒ නිසා තමයි මීට පෙර ලියූ එ් ලිපියෙදි කීවේ , මිග්‍රේන් තත්ත්වයේදි , නිසි වෛද්‍ය පරික්ෂණයකට ලක්වෙලා තත්ත්වය පිළිබඳ තහවුරු කරගෙන ප්‍රතිකාර ගන්න කියන එක . මොකද මේ තත්ත්වයත් මිග්‍රේන් විදියට නොසලකා හැරෙන්නට ඉඩ වැඩියි.(මෙන්න ඉරුවාරදය ගැන ලිපියhttp://www.com/2011/12/69.html )මේ ලෙඩේ හරියටම හඳුනගන්නේ .මේක ටිකක් විතර සංකීර්ණ ක්‍රියාවලියක් ,මුලික පරික්ෂණ , තොරතුරු , අතීත සෞඛ්‍ය ගැටළු ඔක්කොම හොයල බලල , තත්ත්වය තහවුරු කරගන්නට රෝගියා M. පරික්ෂණයකට භාජනය කරන එක තමා සිදුවෙන්නේ .සමහර විට C.T ස්කෑනින් එකකුත් කෙරෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේ දිම මොළයේ ව්‍යුහමය වශයෙන් ඇති වී ඇති වෙනස් කම් පිළිබඳ ත්‍රිමාණ , පැහැදිලි සටහනක් ලබා ගන්නට පුළුවන්.මේ පරික්ෂණ වලින් පස්සේ , Angiogram පරික්ෂණයක් කරන්නට හුඟක් ඉඩ තිබෙනවා. මේ පරික්ෂණයෙදි සිදුවන්නේ , කකුළේ ඉකිළියි ප්‍රෙද්ශයෙන් ප්‍රධාන ධමණියකට ඇතුළු කරන පුංචි නලයක් , ඒ ධමනිය දිගේ මොළයට යවලා , හරියටම මේ AVM එක තියෙන තැනදි , මේ ප්‍රශ්නය ඇතිවෙලා තිබෙන ධමනිකාව තුලට යම් ඩයි වර්ගයක් ඇතුළු කරනවා . දැන් මේ ඩයි වර්ගය විසිරී යන ආකාරය , එක්ස් රේ ආධාරය සහිත පරිගණක පද්ධතියකින් බලාගෙන ඉන්න පුළුවන්.( ඊට පස්සේ අර ඇතුළු කළ නලය පිටතට ගන්නවා ). එමඟින් හරියටම ගැටළු සහිත ලේ නාල මොනවද කියන එක නිවැරදිවම හඳුනගන්නට හැකියාව ලැබෙනවා .මේ එලෙස ලබා ගත් ඇන්ජියෝග්‍රෑම් ඡායා සටහනක්පිංතූරය neuroangio.org( දැන් හිතන්න එපා මහ භයානක පරික්ෂණයක් නේද , මේව කොහෙද අපේ රටේ , මෙ වෙන රටක කරන පරික්ෂන කියල , නැහැ , ඇන්ජියෝග්‍රෑම් පරික්ෂණ අපේ රටේ සිදු වෙනවා , මගේ සේවා කාළයේ වසර කිහිපයක්ම මේ ඇනිජියෝග්‍රැම් ඒකකය එක්ක කටයුතු කළ නිසා , පරික්ෂණය විස්තර කරත්දි හිතෙන තරමේ අනතුරක් පරික්ෂණය සාර්ථකව කරන විට ඇති වන්නේ නැති බව කියන්න පුළුවන් අත්දැකීම් මත.)දැන් මෙහෙම හඳුනගත්ත කියමුකෝ ඊළඟට .ඊළඟට කෙරෙන දේ තමා රෝගියා , මේ තත්ත්වය පිළිබඳව , සහ ඊට අදාල ප්‍රතිකාර ඒ වගේම ප්‍රතිකාරයේ සුබ අසුබ ගැන දැනුම් දෙන එක . ඒ සියල්ලෙන් අනතුරුව ප්‍රතිකාරය .ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් අද ලෝකය පුරා මෙයට යොදා ගන්නව ,ඒ තමයි ශල්‍ය ප්‍රතිකාරය , මෙතැනදි සිදුවන්නේ හිසේ සිදු කරන විවෘත ශල්‍ය කර්මයක් මඟින් ගැටළු ඇති කරන ලේ නහර ඉවත් කර සැකසීම . ඊට අමතරව විකිරණ ප්‍රතිකාර මඟින් මේ AVM ප්‍රෙද්ශය හකුළුවා ( මේ නිසාම සමහර AVM කියන්නේ පිළිකාවක් කියල බය වෙන අවස්ථාත් නැතිවාම නොවේ ) , විනාශ කරදමන්නත් පුළුවන් . හැබැයි මේ ක්‍රමේ හුඟක්ම සාර්ථක කුඩා ප්‍රමාණයේ AVM වලදි.සුපර් ග්ලූ කතාව ...දැන් තමා මේ කතාවේ මාතෘකාවේ චවන වලට එන්නෙ , ඒ කියන්නේ අර සුපර් ග්ලු කතාව , තුන් වන ප්‍රතිකාර ක්‍රමයෙදි සිදුවන්නෙ (Embolization) , මීට පෙර ඇන්ජියෝග්‍රෑම් පරික්ෂණයෙදි වගේම , ඉකිළිය ප්‍රෙද්ශයෙන් ප්‍රධාන ධමනියකට ඇතුළු කරන පුංචි නාලයක් , ක්‍රමයෙන් ඉහළට ගමන් කරවල , මොළයේ AVM එක තියෙන තැනටම ගිහින් ( මේ සියල්ල පරිගණක තිරයකින් බලාගෙන කරන නිසා ඉතා සියුම්ව මේ යොමු කිරීම කරන්න හැකියාවක් තිබෙනවා) මීට ඉස්සර විද්ද ඩයි වර්ගය වෙනුවට දැන් “සුපර් ග්ලූ“ වගේ ගම් විශේෂයක් , ගැටළුව ඇති කරන නාල පද්ධතියට ඇතුළු කරනවා . දේහයට අනතුරක් ඇති නොකරන , වෙනත් රසායනික සමඟ ප්‍රතික්‍රියා නොකරන මේ ග්ලූ වර්ගය අදාල නහර ඇතුලට ගිහින් අවහිර කරන නිසා , ඊට පස්සේ ඒ ධමණිකා තුලින් ලේ ගලා යන්නේ නැහැ . ඒ කියන්නේ මුලින් කී විදියට නහරට පිපිරීමේ අවදානම අඩුවෙනවා. මේ ප්‍රතිකාරය මීට පෙර කී ප්‍රතිකාර දෙක සමඟින් එක්ව ලබා දෙන්නත් ඉඩ තිබෙනවා.කෙසේ වෙතත් නිසි ලෙසින් ප්‍රතිකාර ලබා ගත්තා නම් , ඒ වගේම රෝගයේ තත්ත්වයට අනුකූලව ලබා දෙන වෛද්‍ය උපදෙස් පිළිපදිනවා නම් , නිවැරදි ලෙසින් පසු අගැයුම් කෙරෙනවා නම් , AVM නිසා මොළයේ රැධිර වහනයක් වීමේ අවදානම සෑහනෙ ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන්. නමුත් වියපත් වීමත් එක්ක මොළයේ රුධිර වහනයක් වීමේ අවදානම යම් තරමක හෝ පවතින්නට පුළුවන් නිසා , මෙවන් ප්‍රතිකාර ලබා ගත් අයෙක් නිරන්තරයෙන් තමන් ළඟ රෝග විනිශ්ච කාඩ් පත , කළ ප්‍රතිකාරයේ තොරතුරු අඩංගු සටහනේ පිටපතක් තබා ගැනීම ඒ වගේම වෙනත් රෝග තත්ත්වයකට වුවත් ප්‍රතිකාර ගනිත්දි , තමන්ගේ AVMතත්ත්වය සහ එයට ලද ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන එක හුඟක්ම වැදගත් .තව දෙයක් අපි මේ කතා කළේBrain AVM ගැන විතරයි , නමුත් දේහයේ වෙනත් තැන්වලත් AVM ඇති වෙන්න පුළුවන් . එතැනදි සිදුවන සිදුවීම මෙයම වුනත් ( නහර පුපුරා යාම ) මතු වන රෝග ලක්ෂණ ස්ථානය අනුව වෙනස් වන්නට පුළුවන්.එහෙම නම් Brain AVM ගැන සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කිරීමක අවසානය මේ . මේ ලිපිය ලියන මොහොතේම , සොඳුරු සුව අසපුවේ මිතුරෙක් T.A සහ Stroke ගැන ලියන්න කියන යෝජනාව ගෙනාවා. ඉදිරි දිනකදි ඒ ගැන සටහනක් එක් කරන්නම් , නමුත් ඊට පෙර මේ රෝගයේ තොරතුරු දැන ගන්න , හේතුව මේ රෝග කිහිපයකම එක පවුලේ සහෝදරයන් වගේ සම්බන්ධකම් තිබෙනවා.නැවත , තවත් ලිපියකින් හමුවන තුරු සමුගනිමි , ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින් .මේ ගැන තවත් දැක ගන්න , දැන ගන්න කැමති නම්http://youtu.
BLOG
2014.06.09
http://nursinglanka.blogspot.com/
හොල්මන් නැති හොල්මන් කතාව
Mahesh Nishantha
භීන්නෝන්මාදය නැත්නම් Schizophrenia නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය ගැන සවිස්තර ඇතිව ලිපියක් සොඳුරු සුව අසපුවේ පළ වුනත් , නැවතත් ඒ ගැන මතකය අළුත් කරන්නට හිතුනේ CNN නාළිකාවේ ඇන්ඩර්සන් කූපර් ඇතුළු කණඩායම අද නිකුත් කළ මේ වීඩියෝව නිසාවෙන්.සමහර විට අපේ උසුළු විසුළුවට ලක්වෙන , සමාජයේ අපවාදයට ලක්වෙන , භින්නෝන්මාද රෝගියෙක් කෙතරම් විඳවීමක් වේදැයි නැවත වටහා ගන්නට මේ වීඩියෝව උපකාර වේවි ඔබටත් .වීඩියෝව බලන්න මෙන්න මෙතැනින්නැත්නම් මෙන්න ලිංක් එකhttp://cnn.htmlරෝගය ගැන කතා කළ ලිපියටhttp://www.com/2012/01/77.
BLOG
2014.11.10
http://bluejeansntshirts.blogspot.com/
125.හො‍ටු! SNOT
Dude
වාරණයෙන් තොර සිතුවිලි.'පට්ට කම්මැලියි' කියන එකේ 'පට්ට' කෑල්ල ලියනකොට මට තේරෙනවා ලොකු, රවුම්, දොඹ ඇස් ගෙඩි දෙකක් මා දිහාට එල්ල වෙලා තියෙන බව. ඒ ඇස් දෙක අයිති ස්ටැලක්ටයිට්ට. මම 'කම්මැලියි' කියලා ලියනකොට ඒ ඇස් මම ලියනදේ කියවන්න උත්සාහ කරනවා උඩුබැලි අතට.'මොන මගුලද ඕයි මම ලියන දේ කියවන්න හදන්නේ' කියන අදහස ගැබ්වුනු මරුමුස් බැල්මකින් මම ස්ටැලක්ටයිට් දිහා බලනවා. ස්ටැලක්ටටිට් වහාම ප්‍රශ්ණ පත්තරේ දිහා බලන්න ඔලුව නවද්දි පොරගේ දකුණු නාස් පුඩුවෙන් එල්ලිලා තිබුණ හො‍ටු දලුව උඩට ඇදිලා අඳුරු නාස් ගුහාවේ ඇතුලට අතුරුදහන් වෙන්න කලින් තදින් පැද්දෙනවා.මම ආයෙම පටං ගන්නවා. පට්ට කම්මැලියි. පිස්සු හැදෙනවා. වාර විභාගේ ලියන මේ කට්ටිය දිහා විනාඩි හතලිහක් තිස්සේ බලා ඉඳලා මට ඇති වෙලා තියෙන්නේ. තවත් ගෙඩි පිටින් විනාඩි 110ක් ගෙවා ගන්න ඕනේ. සීලිමෙන් එල්ලෙන විදුලි පංකා හතරෙන් එකක් වරින් වර ටක-ටක හඬක් නගනවා. හඬ එන්නේ මට ආසන්නයෙම තියෙන එකෙන්. ඒකේ සද්දෙ හරියට සැහැල්ලු මැෂින් තුවක්කුවකින් එන ‍රැට-ටැට්-ටැට් හඬක් වගේ. නෑ. ආසන්නයෙම තියෙන එකෙන් විතරක් නෙවෙයි සද්දේ එන්නේ. මට ඈතින්ම තියෙන පංකාවත් වරින් වර පිළිතුරු වෙඩි මුරයක් නිකුත් කරනවා ‍රැට- ටැට්-ටැට්-ටැට්-ට්ර්ර්ර්ර්ට් හඬින්."රැට- ටැට්-ටැට්-ටැට්-ට්ර්ර්ර්ර්ට්" ආසන්නම පංකාව වෙඩි වැලක් පත්තු කරනවා."ට්ර්ර්ර්ර්ට්-රැට- ටැට්-ටැට්-ටැට්..." ඈත පංකාවෙන් පිළිතුරු ප්‍රහාරයක් එල්ල වෙනවා.නිහඬතාවයක්.නමුත් වැඩි වෙලාවකට නෙවෙයි.සමහර විට පන්ති කාමරයෙ ඇර දමා ඇති ඇලුමිනියම් ජනෙල් තුලින් හමන සුළඟ වෙන්නැති මේ දෙදරීම ඇති වෙන්නේ.පුදුමෙකට වගේ මේ සද්දේ වෙන කාටවත් ඇහෙන බවක්වත්, වදයක් බවක්වත්, වගක්වත් නෑ, මට ඇරෙන්න.යකෝ මටමයි වෙන්නේ.මම ඉඳගෙන ඉන්නේ දොර ලඟ. ස්ටැලක්ටයිට්ගෙ පිටිපස්සෙ බිත්තිය අයිනේ පේලියේ ඉඳගෙන ඉන්න කීප දෙනා හැර අනිත් හැම ලියන්නෙක්ම මෙතනට හොඳින් පේනවා. අර කීප දෙනා පේනවා පොඩ්ඩක් දකුණට ඇල වුනාම. ස්ටැලක්ටයිට්ගේ ඇස් ගෙඩි ආපහු මා දිහා බලාගෙන. ඒ වටකුරු දොඹගෙඩි ඇස් හරියට ලේසර් කිරණ වගේ මගේ හම පසාකරගෙන යනවා. ඒකාගේ දැවැන්ත කෘන්තක දත් දෙක මට සිහිපත් කරන්නේ මීයෙක්ව. මා දිහා බලාගෙන ඉන්න ස්ටැලක්ටයිට් වමතේ වෙදඟිල්ලෙන් දත් අතරේ සිරවුනු පාතරාසයේ සුන් බුන් ගවේශනය කරන්නේ පුරුද්දට වගේ.ස්ටැලක්ටයිට්. අමුතු නමක් නේ. ස්ටැලක්ටයිට් සහ ස්ටැලග්මයිට්. මට ඔය දෙකේ වෙනස මොන ආකාරෙකට වත් මතක තියාගන්න බැරි වුනානෙ අවශ්‍යකාලෙ. ඒත් පස්සේ කාලෙකදි මම කොහේදිද කියෙව්වා ස්ටැලග්මයිට් කියන්නේ, ගුහාවේ උඩ ඉඳලා පහලට එල්ලෙන ස්ටැලක්ටයිට් කවදා හරි මුණ ගැහෙන්න හැකිවෙයි කියලා හිතාගෙන ගුහාවේ බිම ඉඳලා උඩ අතට වැඩෙන හිරි ටැඹ වලට කියලා. ඒක සිංහලෙන් කිව්වම අදහස විකෘති වෙනවා. මෙහෙම බලමු.මට කිට්‍ටුවෙන්ම ඉඳගෙන ඉන්න මේ බුවාට මම හිතෙන් මේ නම දැම්මේ බුවාගේ නහයෙන් නිතරම පහලට ගලලා කොයි වෙලේ ප්‍රශ්ණ පත්තරේ උඩට ' තොහ්ප්' ගාලා වැටෙන්න ඔන්න මෙන්න කියලා එල්ලිලා තියෙන හො‍ටු දළුව නිසා. (ඔව්. නැතුව නැතුව. ළමයි ගුරුවරුන්ට නම් දානවා වගේම අනිත් පැත්තටත් සිද්ද වෙනවා.) මේක හො‍ටු දළුවේ පැත්තෙන් ගත්තොත් හරිම පව් කියලා හිතෙන අවස්තාවක්. ජයග්‍රහණය පෙනි පෙනී, ගුරුත්වාකර්ශන නියමයන්ට අනුව තව මොහොතකින් ප්‍රශ්ණ පත්තරේ කියන දිනුම් කනුවට පතිත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී , පට්ට අසාධාරණ විදියට 'සුරූස්' ගාලා උඩට අදින හුස්මෙන් වරින් වර ආපසු කැඳවන, ඉච්ඡා භංගත්වයේ හො‍ටු දළුවක්. ඒ අපිට පේන හැටි. නමුත් ඒක ඇත්ත වශයෙන්ම හරිම ධෛර්ය සම්පන්න, ධනාත්මක චින්තනයෙන් යුතු, සටන අත නාරින, අනභිභවනීය හො‍ටු දල්ලක් කියලා කියන්න පුළුවන්.ඔන්න කියනකොටම බඩු ආපහු මතුවෙනවා නාස් පොල්ලෙන්. ඔන්න කහපාටට හුරු කොළ පාට (එහෙමද කොළ පාටට හුරුකහපාටද. හරි මොකක් හරි) හො‍ටු දලුව දැන් සෙන්ටිමීටරයක් ඔලුව දාලා. දැන් සෙන්ටිමීටර් 1.5යි. දැන් නම් ආපහු හැරෙන්න බැරි දරම් දුර ගිහින්. ආයේ ආපහු ඒමක් නෑ මේ පාර නම්. යේ. මේ පාර බඩු හරි, ඈ.සෲ...ස්.මොන.මෙන්න අච්චර පහලට එල්ලිච්ච හො‍ටු දළුව අර දකුණු නාස් කුහරේ අඳුරු ගුහාව ඇතුලට ආපහු ඇදිලා ගියා විදිල්ල වගේ. තවත් තාවකාලික උපක්‍රමශීලී පසු බැසීමක්. දකුණු නාස් පුඩුව පේන්නේ ගනකම සෙවල තට්‍ටුවකින් මනාව ස්නේහනය වෙච්ච කුණු කාණුවක් වගේ.දැන් මම මෙතන ඉඳලා තියෙනවා විනාඩිම 58ක්. තව 92ඉ තියෙනවා ගෙවා ගන්න.ස්ටැටික්ටික්ගේ ඇස් ආයෙම මගේ දිහාට දැල්විලා.මමත් තදින් බලනවා.පොර අහක බලාගන්නවා.මම කාමරේ අනිත් කොණට ඇවිදගෙන ගිහින් ආපහු ලියවිල්ල පටන් ගන්නවා. කීපෑඩ් වලටම පුරුදු වෙලා මේ විදියට කඩදාසි කොලේක පෑනකෛන් ලියන එක මහ අමුත්තක් දැනෙනවා. මං ආසන්නෙම ඉන්න කට්ටියට මාර කුතුහලේ මම ලියන්නේ මොනවද කියලා බලාගන්න. උදාහරණයක් හැටියට අර 'පික් ඇන් ෆ්ලික්' ආටිස්ට්ට.පික් ඇන් ෆ්ලික් ආටිස්ට්.කැණීම් සහ විදුම් ශිල්පී.මට තනියෙම හිනාවක් යනවා.Pick & Flick Artist කෙනෙක් කියන්නේ විශේෂඥ booger hunter එහෙම නැතිනම් වියලි හො‍ටු කැබලි දඩයම්කරුවෙක්. වචනෙ ඇහුනාම නම් හිතෙන්නේ ලේසි ජොබ් එකක් කියලා නේ. ඕකට ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වගේ සියුම් වැඩ කරන්න සංවේදී අත් දෙකක් තියෙන්න ඕනේ. ඕක නිකම් පේන තරම් ලේසි නෑ.මේ හො‍ටු කෑල්ල,... හො‍ටු කැබැල්ල කියන එක නිකං කැතයි කැතයි වගේ. හුඟක් සිංහල වචන වෙනුවට ඉංග්‍රීසි වචනේ පාවිච්චි කලාම කැත අඩුවෙනවා කියලා හිතන මානසිකත්වයක් අපිට තියෙන නිසා මේකට booger වලින් හදාගත්ත "බූගරය" කියන වචනේ මෙතැන් පටන් පාවිච්චි කරන්න ඕනේ.ඉස්සෙල්ලම නාස් කුහරේ ගවේෂනය කරන්න ඕනේ.ඊට පස්සෙ සුදුසු බූගරයක් හොයාගන්න ඕනේ.ඊ ලඟ පියවර ඒක ප්‍රවේශමෙන් ගලවා ගන්න එක.ඕක පිටතට ගන්න ඕනෙත් ශල්‍ය වෛද්‍යවරයෙකුට උරුම සංයමයකින්, බොහෝම සීරුවට.ඉන් පස්සෙ තියෙන්නේ ඕකෙ වර්ණය, (සමහර විට) ගන්ධය, සෑදී ඇති ආකාරය වගේ දේ දැනගන්න ඕක දිහා ඔරවලා, ඇඟිලි තුඩින් මිරිකලා, සියුම් පරීක්ෂාවට, විශ්ලේෂණයට භාජනය කරන්න වෙනවා.ඉන් පස්සෙ එන්නේ බූගරය දණ්ඩක් ආකාරයට (boogerbar) හෝ බෝලයක් ආකාරයට (boogerball) රෝල් කරන එක.අවසාන පියවර තමයි, ඇඟිලි තුඩින් බූගරය ඈතට විදින එක.ඔන්න, මේ ලඟම ඉන්න කැණීම් සහ විදුම් ශිල්පිණිය, ඒ පියවර එකින් එක අනුගමනය කරනවා මට පේනවා. ඔන්න මුලින්ම එයා බූගරාපේෂාවෙන් නාස් කුහරය ගවේෂනය කරනවා. ඇඟිල්ල නාස් කුහරයේ ගැඹුරට යන්න යන්න ඇගේ ඇස් වලට එන්නේ හිස් බැල්මක්, හරියට ධ්‍යානයකට සම වැදිලා වගේ.අන්න, ඇයට නහයේ කාටිලේජ අතරද කොහෙද ‍රැඳිලා තියෙන බූගරයක් හම්බවෙනවා. ඇය ඒක එලියට ගන්නේ මොළයේ සැත්කමක් කරන ශල්‍ය වෛද්‍ය වරයෙක් වගේ බොහෝම සීරුවෙන්, පරිස්සමින්. අන්න ඇය ඒක ඇගේ මාපට ඇඟිල්ලයි, දබ‍රැඟිල්ලයි අතර රඳවගෙන රෝල් කරනවා.ඔන්න ඒ ගමන ඈ ඒක දිහා ඔරවගෙන විශ්ලේෂණයේ යෙදෙනවා. ටෙෆ්ලෝන් ක්වොලිටියද., ලෙදර් ක්වොලිටියද., සිලිකෝන් ගම් ක්වොලිටියද.. ඉන් පස්සෙ ඒක චූටි බෝලයක් වෙන්න රෝල් කරනවා.දැන් ඔන්න මාපට ඇඟිල්ලෙනුයි දබෑඟිල්ලෙනුයි O අකුරක් හදලා බූගර බෝලේ මාපට ඇඟිල්ලේ යට පැත්තටයි, දබ‍රැඟිල්ලේ නියපොත්තටයි අතර රඳවනවා.ඔන්න විදිනවා.බූගරය ගුවන සිසාරා ජනේලය දිහාට පියාඹනවා.මේ විදියට දිගින් දිගටම මේ වැඩේ කෙරීගෙන ගියොත් මොනවා වෙයිද.මම ශක්‍යතා අධ්‍යයනයක යෙදෙන අතරේ කැණීම් සහ විදුම් ශිල්පියෙක් බවට පත්වුනු බූගර දඩයක්කාරිය තවත් බූගර සොයා බූගරාපේෂාවෙන් ආපහු නාස්ගත වෙනවා.මේ අතරේ වෙලාවෙන් බාගයක් ගතවූ බව බිත්ති ඔරලෝසුව මට කියනවා.මම නැවත වතාවක් ශක්‍යතා අධ්‍යයනයට හිත යොමු කරන්න පෙර නිකමට පන්තිකාමරය හරහා ඇස් යවද්දි තවත් හො‍ටු දලුවක් ස්ටැලක්ටයිට්ගේ අඳුරු නාස්කුහරාභ්‍යන්තරයට තවත් තාවකාලික පසුබැසීමක යෙදෙනවා පේනවා.මට මතක් වෙන්නේ අර 'පොරවදන'."බූගර දඩයක්කාරිය තවත් බූගරයක් විදිනවාඔන්න මම ශක්‍යතා අධ්‍යයනයට හිත යොමු කරනවා.අවස්ථා අංක එක: තව තවත් බූගර ජනෙල් වීදුරු වල වැදිලා ඇලිලා, දිවා ආලෝකය අවහිර වෙලා, කාමරේ එන්න එන්න අඳුරු වෙනවා. මම ගිහින් ලයිට් ඔක්කොම දානවා.අවස්ථා අංක දෙක: දෙවෙනි මහලේ ජනේලේ ලඟම තියෙන උස ගස්වල පුංචි පුංචි කුරුල්ලෝ පිරිලා. උන් වැහි ළිහිණි. ඉංග්‍රීසියෙන් swallows. උන් බලා ඉන්නේ කැණීම් සහ විදුම් ශිල්පිනිය තවත් බූගරයක් ගුවන් ගත කරනකල් බොහෝම ඉවසිල්ලෙන්. උන් දන්නවා මේ තියෙන බූගර සැපයුමට අනුව කාටවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැති බව. අපේ ශිල්පිණිය විදින බූගරයක් ජනේලෙන් පිටතට පියාඹා ආ සැනින්ම, අතු උඩ වහලා ඉන්න දාස් ගානක් වැහිළිහිණි ත‍ටු සලා බූගරාභිලාශයෙන් ගුවන් ගත වෙන්නේ බූගරය ගුවනෙදිම ඩැහැගන්න. ඒක තමයි මෝඩයෝ උන්ට ඉංග්‍රීසියෙන් swallow කියන්නේ.අවස්ථා අංක තුන: මම ජනේලෙන් එබිලා බලනවා. ජනේලේ ලඟම කොළ පාටට තිබුණු යෝද ගස් තව දුරටත් කොළ පාට නෑ. ඒවා දුඹුරු පාටයි. නෑ නෑ. පුස් වර්ගයක් නෙවෙයි. මේ අපේ කැනීම් සහ විදුම් ශිල්පිණියගේ වැඩ-කිඩ. ප්‍රශ්ණයක් ඇතිනම් උත්තරයකුත් තියෙනවා කියනවනේ. ඔන්න උත්තරේ ප්‍රශ්ණේ හොයාගෙන ගස් බඩ ගානවා. දුඹුරු පාට කූඹි හමුදාවක් ගහේ කඳ දිගේ නැගගෙන එනවා. මුලින්ම ආපු එකා ලඟම තිබිච්ච බූගරය කරගහගෙන ආපහු හැරෙනවා. කූඹි හමුදාවම බූගරය උස්සාගෙන ගුලට ගෙනියන්න යන කූඹියාට, නැවතිලා පාර ඉඩ දෙන්නේ, හරියට ලංකාවේ පාරක විනීත රියැදුරෝ ගිලන් රථයකට ඉඩ දෙනවා වගේ.තවත් විනාඩි තිහක් තියෙනවා යකෝ. මම ආයෙම පාරක් රවුමක් ගහනවා. අන්තිම පේලියේ ඉඳගෙන ඉන්න බුවෙක් කිඹුහුමක් යවනවා. ඒක කිඹුහුම් වලින් හොඳම එකක්. ඒ කිඹුහුමෙන් පිටවෙච්ච ජලවාෂ්ප මීදුමක් වගේ ඒ අවට වසා ගනිද්දී, ආනතව කාමරය ඇතුලට වැටෙන උදා හිරුඑලියෙන් ක්ෂනික දේදුන්නක් මැවෙනවා. කිඹුහුමේ හිමිකරුවා හො‍ටු පිරුණු නාසය පිටිඅල්ලෙන් හොඳින් පොඩි කරලා මූණ පුරා තවරාගන්නවා. මම හොරෙන්ම, නොදැනෙන්න බලන්නේ මූණේ හංගොල්ලො, නැතිනම් ගොලුබෙල්ලෝ ඇවිද්දවගේ දිලිසෙන පාරවල් තියෙනවද කියලා දැනගන්න. ඒක එහෙම වෙන්න ඕනේ, හරි නම්.මම පන්තියෙ ඉස්සරහට ඇවිදගෙන යනවා. පන්තියෙ හරියටම මැද ඉඳගෙන ඉන්න වාරවිභාග රචිකාව නහය පිහදාන්න ටිෂූ පාවිච්චි කරනවා. අඩුම ගානෙ එකෙක් හරි හරි දේ කරනවා. ඒ වුනාට... අම්මෝ. පාවිච්චි කරලා පෙඟිච්ච ටිෂූ වලින් එයාගේ ඩෙස්ක් එකේ ලාච්චුව උතුරනවා. බිමටත් වැටිලා. තව ටිකකින් මම ෂවල් එකක් අරගෙන බිම පාදගෙන පෙඟුණු ටිෂූ සාගරයක් හරහා ප්‍රශ්ණ පත්තර එකතු කරන්න යන හැටි මට මැවිලා පේනවා.මෙහෙම ගියොත් මේ රස්සාව කරන උන්ට ස්ටේප්ලර් එකකට අමතරව ෂවල් එකකුත් නිකුත් කරයි, කාර්යාලෙන්.ෂුවර් එකටම මොකක් හරි විෂබීජයක් මේ දවස්වල මේ පැත්තේ කැරකෙනවා.සීනුව වදිනවා. වෙලාව හරි."ලේසර් බැලුම් සහ හො‍ටුමය පරිසරයෙන් මිදුන මම බිම් මහලේ කාර්යාලයට ගිහින් එකතුකරලා කඩදාසි වලල්ලට රිංගවාගත්ත ප්‍රශ්ණ/උත්තර පත්තර බාරදීලා අත්සන් කරනවා.ගුරුකාමරේ පැන්ට්‍රියට යන මම වතුර කරාමේ අරින්නේ මැණික්ක‍ටුවලින් කරකවලා. දකුණු අතේ මැණික් ක‍ටුවෙන් නොබ් එක ඔබලා වමතට යහමින් මිරිකාගත්ත හෑන්ඩ්වොෂ් දියරයත් මට පේන්නේ හරියට හො‍ටු වගේ.වාරණයෙන් තොර සිතුවිලි.නිර්මාණයකි.
BLOG
2014.10.25
http://bluejeansntshirts.blogspot.com/
124. කළකිරීම
Dude
උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් ක‍ටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක කියලම දානවා කියලා.මම හිතන්නේ මට එතකොට අවුරුදු දොළහක් නැත්නම් පහළොවක් ඇති. බණ්ඩාරෙ වැඩ කලේ අපේ ගේ ලඟ හන්දියේ තිබුණු කඩේක. ඇත්තෙන්ම ඒක නියම නමද අනවර්ථ නමක්ද කියන්න මම දන්නේ නෑ. (අදාල පුද්ගලයාට අපහසුවක් නොවෙන්නෙ මම ඒ අනවර්ථ නම වෙනුවට ඒකට සමාන අනවර්ථ නමක් මෙතනදි යොදලා තියෙන්නේ.)හරි, ආපහු කතාවට ආවොත්, මේ කියන කාලේ වයස අවුරුදු විසි ගානක් ඇති කියලා හිතන්න පුලුවන් බණ්ඩාරේ මගේ යාලුවෙක් නෙවෙයි. අසල් වැසියෙකුත් නෙවෙයි. ගේ ලඟ කඩේක වැඩ කරපු, කඩේට ගියාම විතරක් මුණ ගැහෙන පුද්ගලයෙක්.හවස පහට විතර එක පාරටම ඇහුණු කෑගැහිල්ල නිසා මමත් ගෙදරින් එළියට පැන්නා. කෑ ගහගෙන දුවගෙන ආපු අසල් වැසියෝ රංචුවක් අපේ වත්ත උඩිනුත් දුවලා, ගේ පිරිපස්සේ දොළ පාරෙනුත් එහාට පැනලා ගේ පිටිපස්සේ තියෙන බෑවුම් සහිත රබර් වත්තට පැන්නේ හරියට ගරිල්ලා හමුදාවක් වගේ. "මොකද වෙලා තියෙන්නේ.""මම ඇහුවේ දොළෙන් එහා පැත්තේ කණ්ඩිය නගින්න දඟලමින් හිටි බණ්ඩාරෙගෙන්."දඬු ලේනෙක් පොඩි මහත්තයෝ.""ඉතින් මොකටද ඌව."බණ්ඩාරේ මා දිහා බැලුවේ විමතියෙන්"හදන්න පුලුවන්නේ මහත්තයෝ කූඩුවක දාලා."මේ මොන මෝඩයෙක්ද කියනවා වගේ හැඟීමක් බණ්ඩාරෙගේ ස්වරයේ ගැබ් වෙලා තිබුණා.දඬු ලේනෙක් අල්ලා ගන්න ගමක්ම දුවගෙන එන්නේ ඇයි කියන එක මට ඒ වෙලාවෙත් ගැටළුවක් වුනත්, සමහර විට පරෙවියෙක් අල්ලාගන්න, පාරේ යන වාහන, කම්බිවැටවල්, වීදුරු ක‍ටු, මිනී කන බල්ලො ගැන කිසිම තැකීමක් නොකර උඩ බලාගෙන දුවන මිනිස්සු මතක් වෙලා නිහඬ වුනා.දඬුලේනා පිටිපස්ස වත්තේ දිරාගිය රබර් ගහට නැගපු බව කිව්වේ ඉස්සෙල්ලම දොළ පාර තරණය කරලා කණ්ඩිය බඩගාගත්ත කොලුවෙක්. අන්තිමේදි ගහට නගින්න ඉදිරිපත් වුනේ බණ්ඩාරේ. ඇඳගෙන හිටපු සරමෙන්ම පිට පොට ගසාගත්ත බණ්ඩාරේ, වැල් වලින් වැහිලා තිබ්බ දිරපු රබර් ගහ දිගේ බඩ ගාන්න ගත්තේ වඳුරෙක් වගේ. බණ්ඩාරේ ගහේ මැදක් විතර නගිද්දි, ලඟ එන අනතුර ඉව වැ‍ටුන නිසාදෝ ගහෙන් පැනපු දඬු ලේනා, ආයෙම දුවන්න ගත්තා. දඬුලේන් මෙහෙයුමට ආ සියලුම දෙනා ආයෙම කෑ කෝ ගහගෙන දඬුලේනා පස්සේ දුවන්න ගත්තේ ගහේ හිටි බණ්ඩාරෙව අමතක කරමින්. දඬුලේනා ගැන එච්චර ආසාවක් නොතිබුන මම තවමත් හිටියේ අපේ වත්තේ. "මුන්ට පිස්සු"යි මටම කියාගත් මමත් ගේ දිහාට යන්න ආපහු හැරෙන කොටම මට ඇහුනේ - ඇත්තෙන්ම ඇහුනට වඩා දැණුනේ - දඬුලේන් දඩයක්කාරයින්ගේ කෑ කෝ ගැහිල්ලට යටින්, බර යමක් බිම පතිත වෙන හඬ.ආපහු දොළ අයිනට දුවගෙන ගිය මට බණ්ඩාරෙ ගහේ නැති බව පෙනුනා. "ඒ යකා ගහෙන් බැහැලා දුවන්න ඇති" යයි සිතූ මම ආපහු හැරුනත් ඒ එක්කම යම් කිසි දෙයක් වැරදී ඇති බව මට හිතුනට වඩා දැණුනා කිව්වොත් නිවැරදියි. ආපහු වතාවක් උඩහ වත්ත දිහා බැලූ මම, බණ්ඩාර නැගපු ගහ මුල සරුවට වැඩී තිබුණු පඳුරු ගාල ගැහෙන බව දැක්කා. දෙවරක් නොසිතා ඇළට උඩින් පැන, කණ්ඩියේ සරුවට වැවී තිබූ බෝඹු ගස් වල එල්ලී උඩ වත්තට පැනගත් මම, අඩියට දෙකට පඳුරු ගාලට ලඟා වුනා. ගහේ එහා පැත්තේ පඳුරු ගාල අස්සේ ලේ ගලමින් වැටී සිටි බණ්ඩාරේ, මරු විකල්ලෙන් ගැහෙමින් හිටියේ මීමැස්මොර රෝගියෙක් වගේ. මුළු පඳුරු ගාලම සර-සර ගාමින් ඒ එක්කම ගැහුණා. ගහෙන් ගැලවී ආ දිරාගිය අත්තක් බණ්ඩාරේ අසලම වැටී තිබුණා. "බණ්ඩාරේ, බණ්ඩාරේ"මම බණ්ඩාරේව හොලවමින් කතා කලත් බණ්ඩාරේ හිටියේ සිහි සුන්ව.බණ්ඩාරෙගෙ ජීවිතේ මුළුමනින්ම රඳා පවතින්නේ මගේ අතේ බව මට මොහොතකින් වැටහුණා. තවත් මොහොතක් පමා නොවුන මම යටි ගිරියෙන් කෑ ගසමින් ඒ වන විට බොහෝ දුර දුවගොස් තිබුණු දඬුලේන් දඩයම් කණ්ඩායම කැ‍ඳෙව්වේ ඔවුන් පසු පස දුවමින්. මගේ කෑ ගැහිල්ලට මුලින්ම දඩයම මගහැරීම නිසා මුහුණු පුළු‍ටු කරගෙන පැමිණි සමහරු, පණ අදින බණ්ඩාරේ ගැන ඇසූ වහාම ඔහු වෙත දුව ගියා.මොහොතකින් බණ්ඩාරෙව ඔසවාගෙන පාරට දුව ගිය පිරිස වාහනයකින් බණ්ඩාරෙව රෝහල වෙත ගෙන ගියා. තව විනාඩි කීපයක් පමා වූවා නම් බණ්ඩාරෙගේ ජීවිතය බේරාගත නොහැකි බව වෛද්‍යවරු පවසා තිබුනා.බණ්ඩාරෙගෙගේ ජීවිතය බේරා දීම ගැන අහල පහල කීප දෙනෙකුත්, ඒ වගේම බණ්ඩාරෙගේ පවුලේ අයත්, ඒ සියල්ලටම වඩා සති කීපයකින් ආපසු කඩේ වැඩට පැමිණි බණ්ඩාරත් මට ප්‍රසංසා කලා. කෙනෙකුගේ ජීවිතය බේරා දීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය මම සතුටින් භුක්ති වින්දා. ඉන් පසු බණ්ඩාරේ දකින හැම විටකදීම මේ මනුස්සයා අද ජීවත් වෙන්නේ මම නිසා නේද යන සිතුවිල්ල නිසා මම යටි සිතින් ආඩම්බර වුනා.ඉන් පසු කඩේට ගිය හැම විටම "පොඩි මහත්තයට මොනවද ඕනේ." යයි අසමින් මගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්නත් බණ්ඩාරෙ කටයුතු කලා. කාලය ගෙවිලා ගියා. කඩේ අයිතිය අතින් අතට ගියා. බණ්ඩාරෙත් යන්න ගියා.දශක කීපෙකට පස්සේ මට බණ්ඩාරෙ හමුවුනේ අහම්බෙන්. පරණ පුරුද්දටම මට මතක් වුනේ අර සිද්දිය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසුව වෙන්වී දෙපැත්තට යාමට පෙර මේ ප්‍රශ්ණය මම ඇහුවේ නිකමට."බණ්ඩාරෙට මතකද අර දඬුලේනගේ සිද්ධිය.""මොන දඬු ලේනද."බණ්ඩාරේ ඇහුවේ නලල ‍රැළි කරමින්."ඇයි බණ්ඩාර අර ඔයා දඬුලේනා අල්ලන්න ගහට නැග්ගාම, ඔයා දිරපු අත්තක් කඩාගෙන ගහෙන් ඇදගෙන වැටිලා සිහි නැතුව ගියා...."මට හෝදිසියක් නෑනේ මහත්තයෝ.""ඇයි මනුස්සයෝ එතකොට මමනේ ඒක දැකලා කෑ ගහලා කට්ටිය ගෙන්න ගත්තේ.""හම්ම්, හම්ම්... එහෙම මොකක්දෝ එකක් වුනා වගේ මට යන්තම් මතකයි.""හරි හරි, මම යනවා බණ්ඩාරේ. පරක්කු වුනා." කී මම බණ්ඩාරෙගෙන් සමුගත්තා.තමන් අනුන්ට කල උදව්වක් සිතේ තියාගෙන සිටීමත්, ඇඟිල්ලෙන් ඇන ඇන ඒ බව මතක් කිරීම කැත වැඩක් වෙන්න පුලුවන්. නමුත් මට දැනුනේ කියාගන්න බැරි හිස් බවක්. කළ කිරීමක්.සමහරවිට මම වැරදි ඇති.ප.ලි: හරි හරි බං. පින්තූරේ ඉන්න එකා දඬුලේනෙක් නෙවෙයි තමයි. මම අනුන්ගේ ෆොටෝස් දාන්න කැමති නෑ. මම දඬුලේනෙක්ගේ ෆෝටෝ එකක් අරගෙනත් නෑ. ඉතින් මේ තියෙන එක තමයි දැම්මේ.කොහොමද පරචිත්ත විචාරන ඥානය.
BLOG
2014.08.27
http://bluejeansntshirts.blogspot.com/
123. මාරක අවිය / Lamb to the Slaughter
Dude
මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්‍යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ. කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ කලින් කියවලා තියෙනවානම් කරන්න දෙයක් නෑ.මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා කීපයක් මේ.ක්ලීන් ස්වීප් ඉග්නේෂස්රියට අත ඇල්ලූ මගියා.◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙මාරක අවිය / Lamb to the Slaughterජනෙල් තිර රෙදි වසා, මේස විදුලි පහන් දෙකක්ද දල්වා තිබුනු නිසාදෝ කාමරයේ පැවතියේ උණුසුමකි. ඇය හිඳ උන් අසුනට පසු පසින් වූ කැබිනට්‍ටුව මත වීදුරු දෙකක් සහ මත්පැන් බෝතල කිහිපයක් විය. මේරි මැලනි පෙරමග බලමින් සිටියේ ඇගේ පෙම්බර සැමියා ‍රැකියාව නිමවා නිවසට පැමිණෙන තෙක්ය.ඈ වරින්වර ඔරලෝසුව දෙස නෙත් හෙලුවේ නොඉවසිල්ල නිසා නොවේ. හුදෙක් පසුවන හැම මිනිත්තුවම ඔහු ගෙදර පැමිණෙන මොහොතට ලං වන බව සිතා සතු‍ටු වීමටය. ඇය මැහුමට හිස නැඹුරු කරගත්තේ සිතාගත් නොහැකි සැහැල්ලු සාමකාමී බවකිනි. සය මසක් සපිරි ඇගේ දරුගැබ නිසාමදෝ මෑතකදී පටන් ඇගේ පෙනුම වඩා තැන්පත් විය. ඇගේ මුව සහ දෑස් වඩාත් පිරිපුන්ව පෙණුනි.බිත්ති ඔරලෝසුව පහේ කණිසමට මිනිත්තු දහයක් බව දක්වද්දී ඇය සවන් දොර විවෘත කලාය. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම මිනිත්තු කිහිපයකට පසු මෝටර් රථයේ ටයර මිදුලේ බොරලු මතින් ගමන්කරන චර-චර හඬද, රිය දොරක් වැසන හඬද, කවුලුව පසුකර යන පියවර හඬද, ඉනික්බිතිව යතුරක් දොරගුල තුල කරකැවෙන හඬද ඈ අසා සිටියාය. හුනස්නෙන් නැඟී සිටි ඈ, ඔහුව සිපාචාර කර පිළිගැනීමට පෙරමඟට ගියාය."හෙලෝ ඩාලිං," ඈ ඔහු පිළිගනිමින් කීවාය."හෙලෝ," ඔහු පිළිවදන් දුන්නේය.ඔහු ඉවත් කල කබාය ඈ කබා රඳවනයේ එල්ලුවාය. ඉන් පසුව ඔහුට සැර වැඩියෙනුත්, තමාට සැර අඩුවෙනුත් මත්පැන් බඳුන් දෙකක් මිශ්‍ර කල ඈ, මැහුමත් සමග තම අසුනේ හිඳ ගත්තාය. උස මත්පැන් වීදුරුව අතින් ගෙන අසල වූ අනිත් පු‍ටුවේ අසුන් ගත් ඔහු වීදුරුව රවුමට කරකවද්දී, එහි වූ අයිස් කැට වීදුරුවේ ගැටෙමින් සංගීත ස්වරයක් නිපදවීය.මේ නම් ඇයට දිනයේ වඩාත්ම ප්‍රියකල කාලය විය. පලමු මධු බඳුන හිස් කරන තෙක් ඔහු වැඩි කතා බහක් නොකරන බව අත්දැකීමෙන් දන්නා ඇය එතෙක් ඉවසීමෙන් සිටියේ පාලු නිවසේ හුදෙකලාව ගතකල පැය ගණනාවකට පසු හිමිවන ඔහුගේ ඇසුර රස විඳිමිනි. ඔහුගෙන් වහනය වූ උණුසුම ඇය ප්‍රිය කලාය. ඈ ඔහුගේ මුවේ හැඩයට ඉතා ප්‍රිය කලාය. සාමාන්‍යයෙන් ඔහු වෙහෙස බව කියමින් මැසිවිලි නොනැගීම ගැන ඈ ඊටත් වඩා ප්‍රිය කලාය."මහන්සිද ඩාලිං.""ඔව්," සුසුමක් හෙලූ ඔහු කීය. "මට පණ යන්න අමාරුයි."ඔහු ඉන්පසු කලේ ඇයට නුහුරු දෙයකි. එතෙක්, අඩක්ම ඉතිරිවී තුබූ මධු බඳුන මුවට ඇල කල ඔහු, එක උගුරට බීම සියල්ල හිස් කලේ ඇය විමතියට පත් කරමිනි. ඉන් පසු අසුනෙන් නැඟිට නැවත බඳුන පුරවා ගැනීම පිණිස කැබිනට්‍ටුව දෙසට සෙමින් පියමැන්නේය."ඉන්න මම අරන් දෙන්නම්."යයි හඬ ගෑ ඇය අසුනෙන් වහා නැගී සිටියාය."ඔහොම ඉඳගන්න," ඔහු කීය.ඔහු ආපසු පැමිණි විට, ඔහුගේ අලුත් මත්පැන් වඩිය ඉතා සැරට පිළියෙල කර ඇති බව ඇය දු‍ටුවාය. ඔහු එය සෙමෙන් තොල ගානු ඇය බලා සිටියාය. "ඔච්චර කාලයක් පොලිසියේ වැඩ කරලත්, ඔයාට තවත් පාරවල් දිගේ ඇවිදින්න වෙලා තියෙන එක නම් පුදුම අසාධාරණයක්," ඇය කීවාය. ඔහු නිහඬව සිටියේය. "ඩාලිං, අපි කතා කරගෙන හිටි විදියට රෑ කෑමට එලියට යන්න ඔයාට මහන්සි නම්, මම කන්න මොනවාහරි හදන්නම්. ‍ෆ්‍රීzසර් එකේ ඕනෙ තරම් දේවල් තියෙනවා හදන්න." ඇගේ දෑස් පිළිතුරක් අපේක්ෂාවෙන් ඔහු වෙත යොමු වී තිබිණ. සිනහවක්, හිස් සැලීමක් හෝ මොනයම් හෝ ප්‍රතිචාරක්....නමුත් එවැන්නක් නොවීය."හරි, මම ගිහින් පානුයි චීසුයි ටිකක් හදන් එන්නම්." ඈ අවසානයේදී කීවාය."මට ඕනේ නෑ." ඔහු කීය.ඇය අපහසුවෙන් අසුනේ ඒ මේ අත ඇඹරුනාය. "ඒ වුනාට ඔයා මොනවා හරි කන්නෙපායැ. මම ටක් ගාලා මොනවා හරි හදන්නම්. මම කැමතියිනේ ඔයාට කන්න හදලා දෙන්න. අපි බැටලු මස් කමු. ඒත් එපා නම් ඔයා කැමති ඕනේ දෙයක් කියන්න. ‍ෆ්‍රීzසර් එකේ ඕනේ ජාතියක් තියෙනවා.""අල්ලලා දාන්න කෑම," ඔහු කීය."ඒ වුනාට ඩාලිං. ඔයා මොනවා හරි කන්න ඕනැනේ. ඉන්න මම කොහොමත් මොනව හරි හදනවා. ඊට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න පුලුවන්නේ."අසුනෙන් නැගී සිටි ඈ, සිය මැහුම මේසය මතවූ විදුලි ලාම්පුව අසලින් තැබුවාය."ඔහොම වාඩි වෙන්න. විනාඩියකට ඔහොම වාඩිවෙන්න,"යි ඔහු පැවසූවිට ඇය තැති ගත්තාය."කියන එක අහලා ඔහොම වාඩිවෙන්න පොඩ්ඩක්."ඇය සෙමින් පු‍ටුව මතට පහත් වූවේ තැතිගත් විසල් දෑස් ඔහුගේ මුව දෙසින්මොහොතකට හෝ ඉවතට නොගෙනය. දෙවන මධු බඳුනත් හමාර කර තිබූ ඔහු හිස් වීදුරුව තුලට දෙනෙත් යොමාගෙන මඳ වේලාවක් සිටියේය."මේක අහගන්න. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.""මොකක්ද ඩාලිං. ඇයි මොකුත් කරදරයක්ද."හිස් බිමට නැඹුරු කරගත් ඔහු සෙල් රුවක් මෙන් නිසල විය."මම කියන්න යන දේ ඔයාට ලොකූ කම්පනයක් වෙන්න පුලුවන්," ඔහු කතාව ඇරඹීය. " මේක ඔයාට කියනවද නැද්ද කියලා මම හුඟක් හිතුවා. පස්සේ මම තීරණය කලා, දැම්මම මේක බේරුමක් කරගන්න එක තමයි හොඳම දේ කියලා."මෙසේ ඇරඹුණු ඒ බියකරු ආරංචිය කියා දැමීමට ඔහු වැඩි වේලාවක් ගත නොකලේය. වැඩිම වුනොත් මිනිත්තු තුනක් හෝ හතරක් යන්නට ඇත. ඈ ඒ මුළු කාලය තුලම විශ්මයෙන් ගල් ගැසී බියපත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. "ඔන්න ඕකයි තත්වය" කතාව අවසානයේදී ඔහු කීය. "මම දන්නවා මේක ඔයාට මේවගේ නරක ආරංචියක් කියන්න සුදුසු වෙලාවක් නොවන බව. නමුත් වෙන විකල්පයක් නෑ මේකට. මම ඔයාට සල්ලි දෙන්නම්. ඒ වගේම ඔයාට අනාථ වෙන්න දෙන්නෙත් නෑ. නමුත් මේක ලොකු ප්‍රශ්ණයක්, අවුලක් වෙනකල් දික් ගස්සා ගන්න මම කැමති නෑ. මොකද ඒක මගේ රස්සාවටත් එච්චර හොඳ නෑ."ඇගේ පළමු සිතුවිල්ල වූයේ මේ සියල්ල විශ්වාස නොකර සිටිය සිටියොත් සෑම දෙයක්ම යථා තත්වයට පත්වනු ඇති බවයි. මේ සියල්ල සිතලුවක් පමණයක් බව සිතා සිත හදා ගැනීමට ඈ වෑයම් කලාය. ඔහු පැවසූ කිසිවක් තමාට නෑසුනු බව හඟවා නිහඬව සිටියොත් මේ බියකරු සිහිනයෙන් කොයි මොහොතක හෝ අවදිවනු ඇතැයි ඈ විශ්වාස කලාය."මම කන්න මොනවා හරි හදන්නම්," කෙඳිරූ ඇය අසුනෙන් නැගී සිට මුළුතැන්ගෙය දෙසට ඇවිදගෙන යද්දී, දෙපා බිම ගැටෙන බව ඇයට නොදැනිනි. හාත්පස පැතිරී ඇති මද අඳුර හැර වෙන කිසිවක් ඈයට නොපෙනුනි. ඈ හැම දෙයක්ම කලේ යාන්ත්‍රිකවය. පියගැටපෙල බැස මුළුතැන්ගෙට පිවිසි ඇය ‍අධි ශීතකරණය හැර අතට හසුවූ පළමු දෙය ඔසවා ඉවතට ගත්තාය. එය කඩදාසියකින් ඔතා ඇති බව එදෙස විමසිල්ලෙන් බැලූ ඇය දු‍ටුවාය. කඩදාසිය ඉවත් කල ඈ එය අධි ශීතකරණය වී ගල් ගැසී තිබූ බැටළු ගාතයක් බව දු‍ටුවාය.හරි. රෑට බැටළු මස්. බැටළු ගාතයේ සිහින් පැත්ත දෑතින්ම අල්ලාගත් ඈ පියගැටපෙල නැග විසිත්ත කාමරයට ඇතුල් වූවාය. ඔහු ඇයට පි‍ටුපා ජනේලයෙන් අසල සිටගෙන පිටත බලාගෙන කල්පනාවේ නිමග්නව සිටිනු දු‍ටු මේරි මොහොතක් නතර වූවාය. "මං ඔයාට කිව්වනේ." ඔහු කීවේ ජනේලයෙන් ඉවත බලාගත් වනමය. "මට රෑ කෑම හදන්න එපා. මම තව ටිකකින් එලියට යනවා."ඔහු පසුපසින් ලඟාවූ මේරි මැලනි කිසිදු පැකිලීමකින් තොරව අධිශීතකරනය වී යකඩයක් මෙන් දැඩි වී තිබූ විශාල බැටළු ගාතය දෝත බදා හිස වට කරකවා හැකි වෙර යොදා ඔහුගේ හිස පි‍ටුපසට මරු පහරක් එල්ලකලාය.පියවරක් පසු පසට ගත් ඈ, ඔහු කපාහෙළූ ගසක් සේ බිම ඇද වැටෙන තෙක් බලා සිටියත් පුදුමයකට මෙන් බුමුතුරුණ මතට ඇද වැටීමට පෙර අවම වශයෙන් තප්පර හතරක් හෝ හෝ පහක් හුන් ඉරියව්වෙන්ම නොවැටී සිටගෙන සිටියේය. ඔහුගේ සිරුර බිම ඇද වැටීමෙන් සහ ඒ සමගම අසල වූ කුඩා ටීපෝව පෙරලීමෙන් ඇතිවූ දැඩි කම්පනය ඇගේ ගතට සීතලක්ද සිතට විමතියක්ද ඈතිකරමින් ඇය පියවි සිහියට ගෙන ඒමට සමත් විය. තවමත් බැටලු ගාතය කිටි කිටියේ මිරිකාගෙන අල්ලා සිටි ඈ සිරුර දෙස මඳ වේලාවක් බලා සිටියාය. "හරි" ඈ තමාටම කියාගත්තාය."මම එයාව මැරුවා"එක්වරම, අනපේක්ෂිත අයුරින්, ඇගේ මනස ඉතා නිරවුල් වී වේගයෙන් ක්‍රියා කිරීමට පටන් ගත්තේය. රහස් පරීක්ෂකයෙකුගේ බිරිඳක් හැටියට, තමා කල අපරාධයට ලැබිය හැකි දඬුවම කුමක්දැයි ඇය දැන සිටියාය. නමුත් ඇය ඉන් නොසැලුනාය. ඇත්තෙන්ම ඇයට දැනුනේ සහනයකි. ඒ සමගම ඇයට නූපන් දරුවා සිහිවිය. නූපන් දරුවකු කුස දරාගෙන සිටින මිනීමරුවකුට දෙන දඬුවම කුමක්ද. දරුවා සහ මව දෙදෙනාටම මරණ දණ්ඩනය දෙනවාද. නැතිනම් දරුවා ලැබෙන තෙක් ඔවුන් කල් දෙනවාද. මේරි මැලනි එයට පිළිතුර නොදැන සිටි අතර, අවදානමක් ගැනීමට පසුබට වූවාය.මස් ගාතය ‍රැගෙන මුළුතැන්ගෙයට ගිය ඇය එය බඳුනක තබා, විදුලි උඳුන ක්‍රියාත්මක කර එතුලට දමා උඳුන් දොර වැසුවාය. අනතුරුව දෑත් සෝදාගත් ඈ උඩුමහලට දිවගොස් කැඩපත ඉදිරියේ වාඩිවී මුහුණ හැඩ ගැන්වීමට පටන් ගත්තාය. ඇය කැඩපතට සිනා සී බැලුවත්. ඇගේ සිනහව දියාරු එකක් විය. ඇය නැවත උත්සාහ කලාය. "හලෝ සෑම්," ඈ වඩා ප්‍රබෝධමත් අයුරින් හඬනඟා කීවද කටහඬද ඇසුනේ අමුතුවටය. "මට අර්තාපල් ටිකක් ගන්න ඕනේ, සෑම්. තව බෝංචි ඇට ටින් එකක් ඕනේ." හා, ඒ ගමන කලින්ට වඩා හොඳයි. සිනහවද, කටහඬද පෙරට වඩා සාර්ථකය. ඇය තව කිහිප වතාවක් කැඩපත ඉදිරිපිට පුහුණුවීමෙන් පසු පියගැටපෙල පෙල දිගේ පහලට දිව ගියාය. කබාය ඇඟලා ගත් ඈ, පි‍ටුපස දොරෙන් පිටවී ගෙවත්ත හරහා වීදියට පිවිසුනාය.තවමත් සවස හයට නොමැති වුවත් නිවෙස අසල වෙළඳසැලේ විදුලිපහන් දල්වා තිබුනි. "හෙලෝ සෑම්." ඇය ප්‍රබෝධමත් හඬකින් සිනහමුසුව, කඩ හිමියා ඇමතුවාය."සුභ සැන්දෑවක් මිසිස් මැලනි. ඉතින් කොහොමද.""මට අර්තාපල් ටිකක් ගන්න ඕනේ, සෑම්. තව බෝංචි ඇට ටින් එකක් ඕනේ. පැට්‍රික්ට මහන්සිලු කෑමට එලියට යන්න. අපි සාමාන්‍යයෙන් අඟහරුවාදට කෑමට එලියට යන නිසා, අද ගෙදර උයන්න මොකුත් එළවලුවක් ගේ හරියෙ නෑ.""එහෙනම් මස් මොකවත් ඕනෙද, මිසිස් මැලනි." සෑම් විමසීය."එපා, සෑම්. මස් තියෙනවා ගෙදර. ෂෝක් බැටළු ගාතයක්ම තියෙනවා ‍ෆ්‍රීzසර් එකේ.""මේ අර්තාපල් හොඳයිද මිසිස් මැලනි.""ආ, ඔව්. ඒවා හොඳයි. රාත්තල් දෙකක් දෙන්නකෝ.""තව මොකුත් ඕනෙද." හිස හරවා ඈ දෙස බැලූ වෙළඳසැල් හිමියා ඇසීය. "එතකොට අතුරුපසට. අතුරුපසට මොනවද එයාට දෙන්නේ. ෂෝක් කේක් කෑල්ලක් දුන්නොත් මොකද. මිස්ට මැලනි කේක් වලට කැමතියි නේ.""අන්න ෂෝක්" ඈ කීවාය. "එයා හරි ආසයි කේක් වලට."අවශ්‍ය කළමනා සියල්ල මිලට ගත් ඈ මුදල් ගෙවා වෙළඳසැල් හිමියාට ඇයගේ උණුසුම්ම සිනහවකින් සංග්‍රහ කලාය. "බොහොම ස්තුතියි සෑම්. සුභ රාත්‍රියක්." 'ඔන්න දැන් මම ගෙදර යනවා. මම කෑම ටික හදලා දෙනකල් පැට්‍රික් බලාගෙන ඉන්නේ බඩගින්නේ,' නිවස දෙසට වේගයෙන් ගමන් කරන ගමන් ඈ තමාටම මුමුණාගත්තාය. 'කෑම රසට හදන්න ඕනේ පැට්‍රික් මහන්සි වෙලා බඩගින්නේ ඉන්න නිසා. දැන් මම ගෙදර ගියාම මොනවත් අසාමාන්‍ය දෙයක්, නැතිනම් බියකරු දෙයක් දැක්කොත් ඒකට කම්පනයෙන් ශෝකයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඇත්තෙන්ම එහෙම අසාමාන්‍ය දෙයක් නැතිනම් බියකරු දෙයක් සිදුවෙලා තියෙනවටම නෙවෙයි. මම මේ තවත් අඟහරුවාදා සැන්දෑවක බඩගිනිකාර සැමියට කෑම පිළියෙල කරලා දෙන්න එළවළු ටිකක් අරන් ගෙදර යන ගමන්.''අන්න එහෙමයි කෙරෙන්න ඕනේ,' ඈ තමාටම කියාගත්තාය. 'හැමදෙයක්ම සාමාන්‍ය විදියට. ස්වභාවික විදියට. ආයේ අමුතුවෙන් රඟපෑමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැති විදියට.' ඇය පි‍ටුපස දොර හැර ගෙට ඇතුලුවන විට සිටියේ ගීයක් මුමුණමිනි."පැට්‍රී...ක්." ඈ හඬ ගෑවාය.. "කොහොමද ඩාලිං."බඩු මලු මේසය මත තැබූ ඈ විසිත්ත කාමරයට ගියාය. බිම වැටී සිටි ඔහු දු‍ටු ඈ සැබවින්ම කම්පනයට පත් වූවාය. ඔහු වෙනුවෙන් ඈ තුල වූ ආදරය දෙගොඩ තලා ගියේය. වහා ඔහු වෙතට දිව ගිය ඈ ඔහු අසලින් දණ ගසාගෙන මහ හඬින් හඬා වැ‍ටුනාය. එය දුශ්කර දෙයක් නොවූ අතර අමුතු රඟපෑමක් අවශ්‍ය නොවීය.මඳ වේලාවකට පසු නැගී සිටි ඇය දුරකථනය වෙත ගියාය. පොලිස් ස්ථානයේ අංකය ඈ මතකයෙන් දැන සිටියාය. අනෙත් කෙළවරින් පොලිස් නිළධාරියෙකු පිළිතුරු දුන් විට ඈ හඬා වැ‍ටුනාය. "ඉක්මනින් එන්න. අනේ ඉක්මනින් එන්න. මගේ පැට්‍රික් මැරිලා.""කවුද ඔය කතා කරන්නේ.""මිසිස් මැලනි. මිසිස් පැට්‍රික් මැලනි.""මොනවා. ඔයා කියන්නේ මේ අපේ පැට්‍රික් මැරුණා කියලද.""අනේ, මට පේන්නේ ඒ වගේ," ඈ නැවතත් හැඬුම අලුත් කලාය. "එයා සාලේ වැටිලා ඉන්නවා. මම හිතන්නේ එයා මැරිලා කියලා.""ඉන්න මිසිස් මැලනි. අපි මේ දැන් එනවා."මෝටර් රථය පැමිණීමට වැඩි වේලාවක් ගත නොවීය. ඈ විවෘත කල දොරින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ගෙතුලට පැමිණියහ.ඈ ඔවුන් දෙදෙනාම හොඳින් දැන සිටියාය. ඇත්තෙන්ම ඈ පොලිස් ස්ථානයේ සේවය කල සෑම දෙනාම පාහේ දැන සිටියාය. ජැක් නූනන්ගේ දෑත් අතරට මැදිවූ ඈ හඬා වැ‍ටුනාය. ඔහු ඇයව ඉතා මෘදු ලෙස වත්තම් කරගෙන ගොස් පු‍ටුවක් වාඩි කරවූවේය."එයා මැරිලද." ඈ ඉකිබිඳුම් අතරින් ඇසුවාය."ඔව්. මොකද වුනේ."මඳ වේලාවකින්, ඈ වෙළඳසැලට ගොස් ආපසු පැමිණි විට ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කලාය. ඇය හඬමින් කතාව කියන අතරතුර, මළ සිරුරේ හිස පසුපස වියළි ලේ ඇතිබව සොයාගත් නූනන් වහා දුරකථනය වෙත ගමන් කලේය.මඳ වේලාවකින් වෛද්‍ය වරයෙක්, රහස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් ඡායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු ලබා ගැනීමට අයෙක් යනාදී වශයෙන් තවත් නිළධාරීන් ගණනාවක් නිවසට ලඟාවූහ. රහස් පරීක්ෂක වරු ඇගෙන් දිගින් දිගටම, නමුත් ඉතා කාරුණිකව, ප්‍රශ්ණ කලහ. මස් ගාතය උදුන තුලට දැමූ ආකාරය විස්තර කරමින් සිටි ඈ එක්වරම. "ඒක තවම අවන් එකේ,"යි කීවාය. ඉන් පසු ඇය එළවළු ගෙන ඒමට වෙළඳසැලට ගොස් ආපසු පැමිණෙන විට ඔහු බිම වැටී සිටි අයුරු ඇය නැවත විස්තර කලාය.රහස් පරීක්ෂකවරු දෙදෙන ඇයට විශේෂ කරුණාවක් දැක්වූහ. ඔවුහු නිවස පරීක්ෂා කර බැලූහ. ජැක් නූනන් විශේෂ මෘදු කට හඬකින් ඇය අමතමින් ඇගේ සැමියා හිස පසු පසට වැදුනු දරුණු පහරකින් මරණයට පත්වී ඇති බවත්, දැන් ඔවුන් මරණය සිදුකල අවිය සොයමින් සිටින බවත් පැවසුවේය. සමහර විට මිනීමරුවා එය රැගෙන ගියා වියහැක. එසේ නැතිනම් සමහරවිට ඔහු එය විසි කර දැමුවා හෝ සැඟවූවා විය හැක. "අර කතාවක් තියෙනවනේ," ජැක් කීය. "ආයුදේ හොයා ගත්තොත් මිනීමරුවා හොයා ගත්තා වගේ තමයි."පරීක්ෂාව දිගටම කෙරීගෙන ගියේය. ක්‍රමයෙන් රෑ බෝවී වේලාව රාත්‍රී නවයට ආසන්න විය. කාමර පරීක්ෂා කර සිටි නිළධාරීන් වෙහෙසට පත්වී ඇති බව පෙණුනි. "ජැක්," ඇය කීවාය. "මොනවා හරි බොමුද. දැන් හොඳටම මහන්සි ඇතිනේ.""ම්ම්ම්ම්," ජැක් අදි මදි කලේය. "පොලිස් නීති වලට අනුව නම් ඒක වැරදි වැඩක්. නමුත් ඔයා අපේ යාලුවෙක් නිසා..."මත් පැන් බඳුන් අතින් ගත් නිළධාරීන් සිට ගෙනම සිටියහ. ඔවුහු ශෝකභරිතව සිටි ඈ කෙරෙහි කෙසේ පැවතිය යුතුදැයි සිතාගත නොහැකි නිසාදෝ අපහසුවෙන් සිටි බව පෙණුනි. ඇගේ දුක තුනී කිරීමට විවිධ දේ කීමට ඔවුහු උත්සාහ කලහ. මේ අතර, අරමුණකින් තොරව මුලුතැන්ගෙය දෙසට පියමන් කල ජැක් නූනන්, ඉක්මන් ගමනින් ආපසු පැමිණියේය. "මිසිස් මැලනි. ඔයා දන්නවද අවන් එක තවම ප්ලග් කරපු ගමන් කියලා. ඔයා දාපු මස් තවම ඒක ඇතුලේ.""අනේ, ඔව් නේන්නම්. මම ගිහින් ඒක ඕෆ් කරලා එන්නම්."ඈ ආපසු පැමිණියේ කඳුළු පිරි දෑසිනි. "ඔයාලා මට උදව්වක් කරන්න. දැන් මෙතන ‍රැස් වෙලා, එයාගේ මිනීමරුවා හොයන්න මහන්සි වෙන ඔයාල ඔක්කොම පැට්‍රික්ගේ යාලුවෝ. දැන් කෑම වෙලාවත් පහුවෙලා හුඟක් වෙලා නිසා, ඔයාලා ඔක්කොම බඩගින්නෙනෙ ඉන්නේ. පැට්‍රික් හිටියානම්, මම ඔයාලට බඩගින්නේ යන්න දුන්නාට මට කොහෙත්ම සමාවක් දෙන එකක් නෑ. ඇයි කට්ටියම එකතුවෙලා අර යස අගේට රෝස්ට් වෙලා තියෙන බැටළු මස් එක කන්නේ නැත්තේ.""පිස්සුද. ඕනේ නෑ" නූනන් වහා කීය."අනේ එහෙම කියන්නෙපා," ඈ පෙ‍රැත්ත කලාය. "ඇත්තෙන්ම මට නම් කෑමක් කටට ගන්න පිරියක් නෑ. නමුත් ඔයාලා ඒ කෑම ටික කන එක මට කරන උදව්වක්. ඊට පස්සේ ආයේ වැඩ කරන්න පුලුවන්නේ."මදක් පසු බෑ කුසගින්නෙන් පෙළෙමින් සිටි පිරිස අවසානයේදී මුළුතැන්ගේ වෙත ගොස් බැටළු මස් බෙදා ගත්හ. හුන් තැනම නොසෙල්වී වාඩිවී හුන් මේරි, විවෘත දොර තුලින් ඇසෙන සංවාදයට සවන් යොමාගෙන සිටියාය. කෑම වලින් පුරවාගෙන සිටි කටවල් වලින් එකිනෙකා හා කලකතා බහ තරමක් නොපැහැදිලි විය." තව කන්න, චාලී""එපා, මට ඇති. මම හිතන්නේ අපි ඕක ඉවර කරන එක හරි නෑ.""එයා කිව්වේ අපිට මේක ඉවර කරන්නෙයි කියලා.""ඩොක්ට කියන විදියට, මිනීමරුවා පැට්‍රික්ගේ ඔලුවට හෙන තඩි පොල්ලකින් දීලා ඇදලා තියෙන්නේ . ඔලුකට්ට කෑලි කෑලි වෙලාලු""ඒ නිසාමයි ආයුදේ හොයා ගන්න ලේසි වෙන්න ඕනේ.""මං කියන්නෙත් ඒකමයි.""මිනීමරුවට ඔච්චර ලොකු ආයුධයක් වන වන පාරේ යන්න බෑ.""මම නම් හිතන්නෙම ඕක මේ ගෙයි කොහේ හරි තියෙන්න ඕනේ.""ඇත්තෙන්ම අපේ නහය යටමයි ඕක ඇත්තෙ. මොකද කියන්නේ ජැක්."යාබද කාමරයේ සිටි මේරි මැලනි සිනහව පාලනය කරගත්තේ ඉතා අපහසුවෙනි.නිමි.Roald Dahl විසින් රචිත Lamb to the Slaughter කෙටි කතාවේ සිංහල අනුවාදයකිSimulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
BLOG
2014.08.25
http://bluejeansntshirts.blogspot.com/
122. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?
Dude
ගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට ගිණි තියලා තිබ්බා.එදත් ගමයා හැමෝම ඇත්තටම ගිහිල්ලද කියලා බලන්න පඩි පෙල දිගේ උඩ තට්‍ටුවට නගිනකොට, මෙන්න ජෝඩුවක් පඩි පෙලේ ලෑන්ඩිං එකේ ඉඳගෙන මෙලෝ සිහියක් නැතුව සිප වැළඳ ගන්නවලු. ගමයත් ඉතිං දෙන්නාගෙ නම් ලියාගෙන, කිව්වලු පහුවදා එනකොට අම්මා හරි තාත්තා හරි එක්කයි ඉස්කෝලෙ එන්න ඕනෙ කියලා.කිව්වත් වගෙ ඔන්න පහුවදා අම්මල දෙන්න ඇවිල්ලා. මේ මිනිස්සු හුඟක් එන්නෙ අවට තියෙන වතුවල ඉඳලා. වතු කියන්නෙ, අපි කොළඹ තියෙන පැල්පත් නැතිනම් මුඩුක්කු කියලා හඳුන්වන දේටම ඒවායේ ජීවත්වෙන අය කියන නම. ඒවායේ ඒවාටම ආවේනික සංස්කෘතියක් තමයි තියෙන්නෙත්.ඔන්න ඉතිං පැමිණිල්ල විභාග කරන්න ගමයා, විදුහල්පති, විනය භාර ආචාර්ය වගෙ කට්ටියක් හිටියා. මුලින්ම විදුහල්පති චෝදනා ගොනු කරන්න ගත්තා."මේ ළමයි දෙන්නා ඊයෙ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ පඩි පෙලේ ඉඳගෙන සිප වැළඳ ගෙන තියෙනවා.""මොකක්ද හරියටම උනේ කියල කියන්නකෝ, සර්" එක අම්මෙක් තරමක් ගොරෝසු හඬින් කිව්වා."වෙච්ච දේ තමයි කිව්වෙ." ඒ විදුහල්පති."මොකක්ද ඒ ළමයි ඇත්තටම කලේ." ඒ අනිත් අම්මා."ඊයෙ මං යන කොට මේ ළමයි දෙන්නා පඩි පෙලේ ඉඳන් කිස් කර කර හිටියා." ගමයා කාටත් තේරෙන භාෂාවෙන්ම කිව්වා."ආ ඕකද." අර මුලින් කතා කරපු අම්මා අහපි. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද."අනිත් අම්මත් ප්‍රශ්නාර්ථයක් මූණෙ රඳවගෙන අනිත් අම්මත් එක්ක එකඟ වුනා.ඇත්තටම මම ඔතන හිටියෙ නැහැ. ගමයයි, අනිත් අයයි පස්සෙ හිනාවෙවී ඕක මට කිව්වා. "ඕං බලපංකො මචං. කාට කියන්නද මේවා." කියලා.පස්සෙ ඒකෙ ඇති වැ‍රැද්දක් නැති වුනත් ඉස්කෝලෙදි කිස් කරන එක ඉස්කෝලෙ විනය නීති වලට පටහැනි නිසා, ඉස්කෝලෙදි එහෙම නොකරන්න කියලා අවවාද කරලා සභාව විසුරුවා හැරලා.ප. ලි.:අපිත් එක්ක නිතර පැටලෙන අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් කිව්ව කටේ මසුරං දාන්න වටින කතාවක් මට මතක් වෙනවා. අතන කිංස්ලි එක (සිනමා ශාලාවක්) ඉස්සරහා කොල්ලෙක් ලිස්සලා වැ‍ටුනොත්, ඕක දකින උන් බනින්නේ කොල්ලගේ අම්මට. ඒ මොකටද දන්නවද. කොල්ලට පාරේ යන හැටි උගන්නලා නෑ කියලා. ඒ කොල්ලම ඉස්කෝලේ යුනිෆෝම් එක ගහගෙන ඉන්දැද්දි ලිස්සලා වැ‍ටුනොත් බැනුම් අහන්නේ කවුද දන්නවද. ගුරුවරු. ඒ මොකටද. ඒත් ඒ හේතුවමයි. කොල්ලට පාරේ යන හැටි උගන්නලා නෑ කියලා. දැන් මේ ඉස්කෝලේ සිප වැලඳ ගැනීම සම්බන්ධයෙන් කෙනෙකුට හරි හිතෙන්න පුලුවන් අර අම්මට හිතුන දේම. " ඉතිං මොකක්ද ඕකෙ ඇති වැ‍රැද්ද."ඇත්තෙන්ම පෞද්ගලිකව මට නම් ඕකෙ ඇති වැ‍රැද්දක් නෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනට අදාල නෑ. ලංකාවේ ඉස්කෝලයක් සම්බන්ධයෙන් නම්, ඕක දැකපු පිටස්තරයෙක් බනින්නෙත් උන් දෙන්නට නෙවෙයි. මේවා දැකලත්, ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා ගුරුවරුන්ට. ඉස්කෝලෙත් වේසා මඩුවක් නැතින මගුල් සක්වලක් හැටියට හංවඩු ගැහෙනවා.ඕකට මොනවත් කියන්න ගිහිල්ලා එකෙක් වහ බිව්වොත් හෙම, ඒත් කපෝතිය ගහන්නේ ගුරුවරයමයි.ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් ‍තෝ නසී.මේ පජාත රස්සාවත් ඇත්තෙන්ම අර අතුරේ යනවා වගේ වැඩක් තමයි.Originally published @ මට හිතෙන හැටි.
BLOG
2014.08.14
http://bluejeansntshirts.blogspot.com/
121. ට්‍රැ‍ෆික්!!!/Traffic!!!
Dude
යකෝඅපිහදිස්සියකටකොහෙහරියන්නපාරටබැස්සොත්පාරේවාහනමේ විදියටහිරවෙලාතියෙන්නේඇයිකියලාමමකල්පනාකරන්නේ... නිසාම සිතට පහල වූ සිතුවිල්ලකි.
BLOG
2014.07.28
http://bluejeansntshirts.blogspot.com/
120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2
Dude
අපි ගිය පාර නතර කලේ මෙතන...මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.ඊට පස්සේ...පඩි පෙල දිගේ පහලට එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක. හොඳ වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.ආආහ්හ්හ්හ්හ්.තාත්තා මාව මරයි.අම්මා මාව මරයි.(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.කුණු ලොරිය එච්චර ඈතක වෙන්න බෑ . මොකද ඕක හැම තැනම නවත්ත නවත්ත යන්නේ. මටත් අවශ්‍ය වෙලාවට වේගෙන් දුවන්න පුලුවන්.මම කුණු බක්කිය තල්ලු කරගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා.එහෙම කිව්වට ඇත්තෙන්ම කුණු බක්කිය මාවත් ඇදගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා. ගඳ නැත්නම් පට්ටම රයිඩ් එක ඒකත්. ඇත්තමයි. පල්ලම ඉවර වෙලා තැනිතලා හරියට ආවාම මට ආපහු තල්ලු කරන්න පටං ගන්න වෙනවා. මම වමට හැරිලා ඊලඟ කන්ද නගින්න පටන් ගන්නවා.අම්මෝ මේක කරන්න බැරියෝ.මේක පණ යන වැඩක්.මාර බරක්නේ යකෝ.කන්දේ මාර බෑවුමක්නේ තියෙන්නේ.එතකොටම මට මතක් වෙනවා මීයන්ව.මම මතක්වෙනවා, මට කුණු බක්කිය පාරෙන් තියන්න අමතක වෙච්ච නිසා එකා පිට එකා වැටිලා වේදනා විඳ විඳ මැරෙන ප්‍රදේශයේ ජනතාව. තමන්ට මුහුණ දෙන්න වෙන විපත ගැන හාංකවිසියක් නොදැන, මට මේ කුණු බක්කියක් එලියෙන් තියනවා වගේ සුළු, නොවැදගත් කරන්න අමතක වෙච්ච නිසා, තමන්ට ජීවිතය අහිමි වෙන්න යන බව හාංකවිසියක් නොදැන, නිදි දෙව් දුව තුරුලේ තවම නිදන අහිංසක කිරි දරුවන්ව. ප්‍රදේශවාසීන්ගේ ඉරණම රඳා පවතින්නේ තනිකරම මගේ අතේ. මට මොන ජාතියෙන් හරි වේගය පවත්වාගන්න වෙනවා.මම ඉස්සරහට නැවිලා මගේ ඇ‍ඟේ තියෙන මුළු වෙර යොදලා කුණු බක්කිය කන්ද උඩහට තල්ලු කරනවා. මම කොයි තරම් ඉස්සරහට නැවෙනවද කිව්වොත්, ඒ හා සමාන කෝණයකින් පස්සට ඇලවෙන කුණුබක්කියේ පියන ඉබේම ඇරිලා, 'පටෝරියං' ගාලා මගේ ඔලුවට පාරක් වදිනවා කං දෙකෙන් දුම් විසි වෙන්න. වෙන ඕනැම සාමාන්‍ය පුද්ගලයෙකුට සිහි නැති වෙන්න ප්‍රමාණවත් ඒ පාරටවත් මම නෙවෙයි සැලෙන්නේ. මට තියෙන්නේ බොහොම හයිය ඔලු ගෙඩියක්. මම පියන ආපහු වහලා දාලා පටන් ගන්නවා ආපහු කන්ද උඩට තල්ලුව. ඔය ප්‍රතිගාමී බලවේග වලට මාව නවත්තන්න බෑ.කුණු ලොරියේ සද්දේ දැන් ලඟ ලඟම ඇහෙනවා.ඒ කියන්නේ තව ටිකයි. මම කන්දේ මුදුන පහු කරපු ගමන් යාර සීයක් විතර ඉස්සරහින් නවත්තලා තියෙන කුණු ලොරියේ සුන්දර, අයස්කාන්ත, මනස්කාන්ත දසුන මට පේනවා. " හෝව් හෝව්. ඔහොම ඉන්ඩෝ." මම කෑ ගහනවා. "ඔහොම ඉන්ඩෝ. ඔයාලට මේක අමතක වෙලා."කුණු ලොරියට සමාන්තරව දුවමින් ඉන්න ලුමිනස් කහ ජැකට් ඇඳගත්ත බුවාලා දෙන්නා පාරේ අන්තිම කුණු බක්කි දෙකත් උස්සල ලොරිය පිටි පස්සේ තට්‍ටුව උඩින් තියනවා. තට්‍ටුව ඉස්සිලා, ඇලවෙලා කුණු බක්කිවල තියෙන කුණු, ලොරිය මුදුනේ බලියාගෙන ඉන්න කට ඇතුලට හැලෙනවා මම කුණු බක්කියත් එක්ක පල්ලමේ පහලට ඉගිලෙනවා. බුවාලා දෙන්නා හිස් කුණු බක්කි ආපහු තුබුණ තැන්වල තියලා ලොරිය පිටිපස්සේ එල්ලෙනවා ඊ ලඟ පාරට යන්න."පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්. මම බෙරිහන්දෙනවා. "ඔහොම ඉන්ඩෝ."පිටි පස්ස බලන එක බුවෙක් මාව දැකලා ඩ්‍රයිවර්ට කියනවා නවතින්න.ලොරිය නවතිනවා.මම හති හලමින් ලොරියට ලං වෙනවා."අම්මට හුඩු යකෝ මේ සුපර් මෑන් නේද කුණු බක්කියකුත් තල්ලු කරගෙන එන්නේ." එක බුවෙක් කියනවා."ඔයාලට මේක අමතක වුනා." මම හති හලමින් කියනවා. "...එහා පාරෙදි.""අමතක වුනා. ඒක වෙන්න බෑ. අපි ඒ පාරට එනකොට ඕක පාර අයිනේ තිබුනයි කියලා ෂුවර්ද.""ඔව් ඔව්," මේත් වංකත්වය හොඳම ප්‍රතිපත්තිය බවට පත්වෙන තවත් අවස්ථාවක්. මේ බොරුවෙන් ජීවිතම කීයක් නම් ‍රැකෙනවද.බුවා අනිකා දිහා බලනවා."මේක උඹට අමතක වුනාද, මචං.""පිස්සුද මචං. ඕක පාරේ තිබ්බේ නෑ.""සොරි සුපර්මෑන්," බුවා මට කියනවා. "ඕක පාර අයිනේ තියලා තිබුනා නම් අපි ඕක නොගෙන ඉන්නේ නෑ.""ඔයා කියන්නේ මම බොරු කියනවා කියලද." මට කෑ ගැස්සෙනවා."මම එහෙම මොකුත් කියනවා නෙවෙයි, යාලුවා," පොර ඒ ගමන දෙන්නෙ නීතියෙන්. "මම කියන්නේ අපිට ඕක පටවන්න බෑ කියලයි. ගේ ලඟ එලියේ පාරේ තියලා නැති කුණු බක්කියක් පටවන්න අපිට අවසර නෑ. කවුද දන්නේ ඔයා ඔයා නීති විරෝධීව, අනුන්ගේ ප්‍රදේශයක් කුණු දාන්න උත්සාහ කරන පිටස්තරයෙක්ද කියලා.""මම එහෙම කරනවා නෙවෙයි," මට ඇඬෙන්න ලඟයි (ඇස් දෙකටම). "මම මොකටද එහෙම කරන්නේ.""සමහර පොරවල් කරන වැඩ ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ බොසා, මාර ගේම් දෙන්න ට්‍රයි කරන්නේ," කියන මිනිහා ලොරියේ බඳට අතින් දෙපාරක් ගහලා කෑ ගහනවා,"හරේ මැක්, අපි යං."ලොරිය පිටත් වෙනවා. බුවා පැනලා පිටිපස්සේ එල්ලෙනවා. ලොරිය ඊ ලඟ පාරට හැරෙන වංගුවෙන් අතුරුදහන් වෙන හැටි මම බලා ඉන්නේ පුදුම අසරණ කමකින්.නමුත් එහෙම ලේසියෙන් සටන අතාරිනවද මම.මම දන්නවා එහා පාරට ෂෝට් කට් එකක්. මට කරන්න තියෙන්නේ ලොරිය එන්න කලින් කුණු බක්කිය නියම තැන ගානට තියලා, හැංගිලා බලා ඉන්න එක විතරයි. අරුන් දෙන්න සීන් එක නොදන්න නිසා ඕක ගානට පටවගනී.මම කන්ද පහලට ටික දුරක් දුවලා, දකුණට තියෙන ප‍ටු පාරෙන් හැරෙනවා. මම හැකි වෙර යොදලා කුණු බක්කිය තල්ලු කරගෙන එහා පාරෙන් මතුවෙනවා. මේ පාරට හැරෙන කුණු ලොරියේ නිවෙන පත්තු වෙන කහ එළිය මෙතනට මට යන්තමට පෙනුනත්, බුවාලාට මාව පේන්න තරම් දුර වැඩියි තාම.එළ.මම කුණු බක්කිය පාර හරහා තල්ලු කරගෙන ගිහින් එහා පේව්මන්ට් එකට නග්ගනවා. කරුමෙට ඒකේ එක රෝදයක් කාණුවට ගිහින් කුණු බක්කිය ඇල වෙනවා. සමබරතාවය මාව අතෑරලා වෙනතක් බලද්දි මම ඇදගෙන වැටෙනවා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ. තනියම නෙවෙයි පියන ඇරුණු කුණුබක්කියෙන් එලියට පනින කුණු වරුසාවක් එක්ක.මට ඇස් අදහගන්න බෑ.කුණු බක්කියෙන් බාගෙකට වැඩිය පාරේ හැලිලා. අම්මයි තාත්තයි තවත් කබඩ් එකක් අස් කරලා වගේ. මට පේන්න බෑ එයාලගේ ඔය වැඩේ නම්. එයාලා හොඳ බඩුත් විසි කරලා. එයින් සමහර දේවල් මගේ. මගේ වෝටර් වින්ග්ස්. මම ගිණිකූරු වලින් හදපු ගෙයක්. මගේ ඉලෙක්ට්‍රික් රේසිං කාර් සෙට් එක. හරි හරි ඒකේ කන්ට්‍රෝලර්ස් නැති වෙලා තමයි. ට්‍රැක් එකේ කෑලි අඩුයි තමයි. කාර් වල එක රෝදයක්වත් නෑ තමයි. ඒ එකක්වත් මෙච්චර හොඳ රේසිං කාර් සෙට් එකක් කුණු ගොඩට දාන්න තරම් සාධාරණ හේතු නෙවෙයි. එයාලට වටින්නේ නෑ මේක මටත් හොරෙන් විසි කරන්න. පට්ට අසාධාරණයි.බලන්න ඕනේ තව මොනවද මගේ බඩු මේකට දාල තියෙන කියලා. මම කුණු බක්කිය කෙලින් කරලා ඇතුලට එබිලා බලනවා.මේ මොන අපරාදයක්ද.අම්මා මේ ලෝකෙ මට අයිති වටිනාම වස්තුවත් විසි කරලා. මම නාන කොට තනියට හිටපු මගේ සුවච, කීකරු රබර් තාරා පැටියා විසි කලේ මොන හිතකින්ද මෙයාලා. උගේ කහ පාට හොට කුණු අස්සෙන් එලියට මතුවෙලා. මම ඔලුව උස්සලා බලනවා.කුණු ලොරිය පාරේ බාගයක් දුර විතර ඇවිත්. තාරා පැටියව බේරගෙන ලොරිය එන්න කලින් පැන ගන්න වෙලාව තියෙනවා. "බය නොවී හිටපං. මම උඹව බේරාගන්නවා."මම කුණු බක්කියට එබෙනවා. නමුත් තාරාව ඉන්නේ අඩියේ. මගේ අත දිග මදි. මම තවත් එබෙනවා. ඔහ් ඕහ්හ්හ්. ඒත් දිග මදි. තව ටිකා..යි...මම කුණු බක්කිය ඇතුලට ඔලුව යටට හිටින්න ඇදගෙන වැටෙද්දි, ඔලුව ගිහින් ඇනෙන්නේ, චොර වෙච්ච, ගඳ, මොකක්දෝ ජරාවක් උඩට. ඒකේ රසත් එච්චර හොඳ නැති බව මට මොහොතකින් වැටහෙනවා. ඒ ඔක්කොමත් හරි. මට හෙලවෙන්නවත් බෑ. මට නැගිටින්න බෑ.ඇයි ඔලුවෙන් හිටගෙන නේ ඉන්නේ.ලොරියේ සද්දේ ලඟ ලඟම ඇහෙනවා.මම කකුල් වනලා, දඟලලා, පයින් ගහලා හදන්නේ කුණු බක්කිය පෙරලාගන්න, එතකොට මට එලියට බඩගාගන්න පුලුවන් වෙයි කියලා හිතලා.ඒත් කොච්චර දැඟලුවත්, පයින් ගැහුවත් නෙවෙයි වැඩක් වෙන්නේ. වෙච්ච එකම වැඩේ කුණු බක්කියේ පියන වැහිච්ච එක විතරයි.දැන් මම හිර ගතවෙලා.මම මේක ඇතුලේ හිර වෙලා ඉන්න බව කවුරුත් දන්නේත් නෑ.කුණු ලොරිය කුණු බක්කිය ලඟටම ඇවිත් නතර වෙලා ඉන්න බව සද්දෙන් කියන්න පුලුවන්. කුණු බක්කිය පේව්මන්ට් එකෙන් බිමට තල්ලු වෙලා පාරට බැහැපු බව මට තේරෙන්නේ ඒක 'ඩොහ්ක්' ගාලා බිම වැදුනු කම්පනයෙන්. මම හිතන්නේ මේක උස්සලා අර ලොරිය පිටිපස්සේ තට්‍ටුව උඩ තිබ්බද කොහෙද. ඔව්, ඔව්. ඔන්න මාව ගුවන් ගත වෙනවා. හරියටම ලිෆ්ට් එකක යනවා වගේ. නමුත් ගඳේ වෙනස තියෙනවා.මම කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ. ලොරියේ සද්දේ නිසා මගේ හඬ යටපත් වෙනවා.මම තාරා පැටියා අල්ලා ගන්නවා. එතකොටම කුණු බක්කිය ඇලවෙලා උඩ යට මාරු වෙනවා. අපි දෙන්නත් කුණු එක්කම ලොරිය බලියාගෙන ඉන්න කට ඇතුලට වැටෙනවා. කුණුගඳ.ඈක්..ඇහ්ක්-ඇහ්ක්-ඕහ්ක්හ්අම්මෝ...මට වෙලා තියෙන පජාතම, ගඳම, කුණුම, චාටර්ම, සීන් එක මේ. මාව කුණුත් එක්ක හොඳට මිශ්‍ර වෙමින් ඇනෙන්න ගන්නවා යාන්ත්‍රිකව. මම කෑ ගහන්න කට ඇරියත් පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ 'බහ්' ගාලා වැහෙනවා. තව තව අලුතෙන් කුණු බක්කි මගේ ඇඟ උඩට වැටෙමින් මිශ්‍ර වෙමින් රවුමට ඇනෙද්දි, මට හැම දෙයක්ම බොඳ වෙලා පේන්න ගන්නවා. පුස් කාපු එළවළු, කුණු මාලු, පාචිච්චි කරපු ඩයපර්ස්. විශ්වාස කරන්න බැරි තරම් විකල්ප. එක පාරටම මගේ මූණට මූණ දාලා ඉන්නේ මැරිච්ච පූසෙක්. හැබැයි මොහතකින් ඌ අතුරුදහන් වෙනවා - යාන්ත්‍රිකව මිශ්‍ර වීම නොනවත්වාම සිදු වෙනවා. හොඳ හුස්මක් අරන් කුණු ගොඩ මුදුනට බඩ ගාගන්න හැකි වෙච්ච හැම වතාවෙම නැවුම් කුණු බක්කියකින් හැලෙනකුණු ලෝඩ් එකකට යටවෙන මම ආපහු යට ගිලිලා මිශ්‍ර වෙන්න ගන්නවා.මේකෙන් එලියට පැන ගන්න ඕනේ.මට ප්‍රදේශවාසී මහ ජනතාව බේරාගන්න හැකි වුනාට ඒ කාටත් හොරෙන් මට බඩු බනිස් වෙන්නයි යන්නේ.මට මහාමාරිය හැදෙයි.මට දැනටමත් මහාමාරිය හැදීගෙන එනවා වගේ දැනෙන්න අරන්.තාත්තා හරි."අපිට විහිළුවේ තරම බලාගත්තෑකි කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ එරි ඇවිදින්න වෙලා..."දණක් කුණු වල එරිලා ඉන්න එක විහිළුවක් නෙවෙන එකේ ඔලුවටත් උඩින් යන්න කුණුවල ගිලිලා ඉන්න එක හිතාගනිල්ලකෝ. දැන් මට තේරෙනවා තාත්තේ . නමුත් තාත්තට ඒක කියන්න මම ජීවත් නොවෙන එකයි දුක.මොකද තව දුරටත් සටන් කරන්න මගේ ඇ‍ඟේ ශක්තියක් ඉතුරුවෙලා නෑ.මම මැරෙන්න යන්නේ කුණු වල ගිලිලා. කොහෙත්ම නම්බුකාර මරණයක් නම් නෙවෙයි.මම මගේ තාරා පැටියා පපුවට තුරුළු කරගෙන ඇස් වහගෙන මරණය පිළිගන්න ලෑස්ති වෙනවා.මොකක්දෝ වෙනසක් දැනෙනවා.ලෝකෙම නැවතිලා වගේ. හැමදේම නිහඬයි.ඒ කියන්නේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ නෑ.මම ඉහලින් පේන එළිය දිහාට කුණුගොඩ හාරාගෙන යනවා. මම පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින් ඔලුව එලියට දාලා කුණු ගොඩෙන් මතුවෙනවා.දැන් මට කුණු, කුණු ගඳ ගානක් නැතුව යන ගානට ඇවිල්ලා. මට පේනවා අහස.මම තාරා පැටියව ඔලුවට උඩින් උස්සනවා."අපිට පණ බේරගෙන මෙතනින් පැනලා යන්න පුලුවන් වෙයිද බලමු," මම කියනවා.තාරා පැටියා සතුටින් පීප්-පීප් ගානවා.මම පණුවෙක් වගේ රිංගගෙන කුණුගොඩ හාරාගෙන උඩට මතුවෙලා කුණු ගොඩ මුදුනේ ඉඳගන්නවා. ඉන් පස්සේ ඇස් වැහිලා තියෙන සෙවල ජරාව අතින් සූරලා වටපිට බලනවා. අපි යන්නේ ප්‍රධාන පාරක් දිගේ. මට පේන විදීයට දැන් කට කපලා එකක් කුණු පැටවිලා තියෙන නිසා මේක මේ කුණු හලන්න අර කුණු දාලා ගොඩ කරන වගුරු බිමේ තියෙන ලෑන්ඩ් ‍ෆිල් යනවා. ඊට කලින් මේකෙන් පැනගන්න ඕනේ. මගේ ජීවිතේ ඉතිරි කොටස ලෑන්ඩ් ‍ෆිල් එකක කොටසක් හැටියට ගෙවන්න මට ආසාවක් නෑ.ලොරිය හතරමං හන්දියක රතු එළියට නවත්තනවා.මෙන්න මේකෙන් පැනගන්න අවස්තාව.මම ලොරියේ පිටිපස්සෙන් බිමට බැහැලා අර කුණු බක්කි තියන තට්‍ටුව උඩ හිටගන්නවා. කොළ එලිය වැටිලා ලොරිය පිටත් වෙනකොටම මම පනිනවා. දුවන ලොරියෙන් පනින මම, කකුල් පැටලිලා වැටිලා, කරණමක් ගහලා නතරවෙන්නේ කාණුවේ. ඌයි.ඒක නම් රිදුනා. ඒත් ඒක කුණු ලොරියක් ඇතුලේ කැලැත්තෙමින් ඉන්නවට වඩා දාහෙන් සම්පතයි. "ඔයාට මේ මොකද වුනේ." ලස්සන කට හඬක් අහනවා.දිව්‍යාංගනාවකගේ කට හඬක්.ඒ කියන්නේ මම මැරිලා. ඒ කියන්නේ මට කොහොම හරි අන්තිමේදි මහාමාරිය හැදිලා දිවියලෝකේ ගියා.ඒත්...ඒත් මේ කටහඬේ මොකක්දෝ අහලා පුරුදු ගතියක් තියෙනවනේ.මම ඇස් ඇරලා බලනවා.ලීසා.ලීසා මැක්නී කාණුවේ ලැගගෙන ඉන්න මා දිහා එබීගෙන බලා ඉන්නවා."ඇන්ඩී.""ලීසා. ඔයා මැරුණේ කවද්ද.""මැරුණේ." ලීසා පුදුමෙන් අහනවා. "ඔයා මොනවද මේ කියන්නේ. අපි දෙන්න මුණ ගැහෙන්න කතා කරගත්තා නේද මෙතනදි."මම කාණු ගැට්ටේ ඉඳගන්නවා.වටපිට බලනවා.මේ දිවියලෝකේ නෙවෙයි.මේ අපාය.මම ඉන්නේ පාක් එක ඉස්සරහ.හරියටම මම ලීසාව මුණ ගැහෙන්න පොරොන්දු වුන තැන.මම හරි වෙලාවට හරි තැනට ඇවිත්. නමුත් අනිත් හැම දේම වැරදිලා. ආයේ හදන්න බැරි විදියටම වැරදිලා.එයා හිටගෙන ඉන්නවා පිවිතුරු, නැවුම්, කුමාරිකාවක් වගේ එයාගේ සිනිඳු ලස්සන හිසකෙස් උදේ නැවුම් හිරු එලියෙන් බබලමින්. මම ඉන්නවා මගේ පජාමාස් ඇඳගෙන , කුණු වලින් නාලා, මැස්සෝ පිරිවරාගෙන, රබර් තාරා පැටියා පපුවට තුරුල් කරගෙන, කාණු ගැට්ටේ ඉඳගෙන.පට්ටම රොමෑන්ටික් සීන් එක."ඔයා සීරියස් කියලා මොහොතකට හරි විශ්වාස කරපු හිතපු මමයි මෝඩි," නහය අතින් වහගෙන අඩි කීපයක් පස්සට ගන්න ගමන් ලීසා කියනවා."අනේ මම අහුවුනානේ ඔයාගේ තවත් මෝඩ විහිළුවකට ඔයාගේ හැටි දැන දැනත්.""නෑ නෑ ලීසා. මම විහිළුවක් කලා නෙවෙයි." මම නැගිටලා එයා දිහාට අඩියක් තියන ගමන් කියනවා. මගේ උරහිසේ ‍රැඳිලා තිබුන පණුවෝ නලියන සෙවල මස් කුට්ටියක් ලිස්සලා ගිහින් ලීසාගේ පාමුල වැටෙනවා. එයා අතින් කට වහගෙන පස්සට පනිනවා. "එන්නෙපා මා ලඟට," එයා කෑ ගහනවා. "ඔයා, ඔයා ලඟ ... ගඳේ බෑ."මම තව අඩියක් ඉස්සරහට තියනවා එයාට ලං වෙන්න. මගේ ඇඳුම් වලයි කොණ්ඩෙයි ‍රැඳිලා තිබුන බළල් බෙටි, සිගරට් කොට, බිත්තර ක‍ටු වැස්සක් වගේ බිම හැලෙන්න ගන්නවා.එයා ආපහු හැරිලා දුවන්න ගන්නවා.මම නැවතිලා ගල් ගැහිලා බලං ඉන්නවා, මං පණට වැඩිය ආදරය කරන කෙල්ල, මාව අතෑරලා අප්පිරියාවෙන් ඈතට ඈතට දුවගෙන යන හැටි .මගේ ජීවිතේ අමතක නොවන, සුන්දරම උදෑසන වෙන්න තිබුණ එක, නරකම මූසලම, මුස්පේන්තුම උදෑසන බවට පත් වෙච්ච හැටි. ෂික්.මට කාලම එන්න බැරි, එයා ආයේ කවදාවත් මාව කිස් කරන්න හිතන එකක් නෑ. කණ්නාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කරපුවා ඔක්කොම වතුරේ.නමුත් අඩුම ගානේ, මම මොන කට්ටක් කාලා හරි, කුණු වැඩේ ගොඩ දා ගත්තා. තවත් වතාවක් ප්‍රදේශවාසීන් මහාමාරියෙන් බේරාගත්තා.මම ජීවිත නම් කීයක් බේරාගත්තාද කියලා කාට කියන්න පුලුවන්ද.රබර් තාරා පැටියගේ ජීවිතේ සඳහන් නොකලත්, මම කියන්නේ.බලාපොරොත්තු නැතිම කරගන්න හොඳ නෑ.මම ගෙදර යනවා. ගිහින් මේ මල ඉලව් නූල කපලා දාලා හොඳට නාගන්නවා. ඔව් හොඳ...ට. හුඟාක් වෙලා ෂවර් එක යට ඉන්නවා. අවශ්‍ය වුනොත් අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් තව ටිකකුත් ගහ ගන්නවා - ඒක සෑහෙන පවර්ෆුල් ඈ. ඊට පස්සේ ඉස්කෝලෙට ගිහින් එයාට කරුණු පැහැදිළි කරනවා. එයා එතකොට තේරුම් ගනීවි. ඔව් මට මැවිලා පේනවා.මම දීපු ගේම ගැන ඇහුවම එයා තේරුම් ගනීවි මම මොනතරම් වැඩ්ඩෙක්ද කියලා. ඊට පස්සෙ මා ලඟ ගඳයි කිව්ව එකට එයා සමාව ඉල්ලයි. බැගෑපත්ව සමාව ඉල්ලයි. මම එයාට සමාව දෙනවා. දීලා කිස් එකකුත් දෙනවා.හොඳ වෙලාවට මම කණ්නාඩියෙන් බලාගෙන ප්‍රැක්ටිස් කලේ, ඈ.නිමි. ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි.
BLOG
2014.07.25
http://bluejeansntshirts.blogspot.com/
119. කුණු! -පළමු කොටස/ Trash! Part 1
Dude
ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්. අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ එක නිසා නෙවෙයි.අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම.අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.ඒක වෙන්නෙ මෙහෙමයි.මට මොන කරුමෙට හරි, වැරදිලාවත්, අඟහරුවාදා රෑට කුණු බක්කිය පාර අයිනෙන් තියන්න අමතක වුනොත්, බදාදා උදේට එන කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව යනවා.කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව ගියොත්, කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව යනවා. කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව ගියොත්, කුණු උතුරලා ගිහින් බිමටත් හැලෙන්න ගන්නවා.කුණු බිමට හැලෙන්න ගත්තාම, මීයෝ එන්න ගන්නවා.මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක වසංගත රෝග බෝවෙලා, එකා පිට එකා වැටිලා මැරිලා යනවා.ඒ ඔක්කොමත් හරි. කාලා එන්න බැරි වැඩේ ඕකේ වැ‍රැද්ද මට පැටවෙන එක.අන්න ඒකයි 'කුණු රාත්‍රිය' සතියේ අනික් හැම රාත්‍රියකටම වඩා වැදගත් වෙන්නේ.අහල පහල හැම කෙනාගෙම ජීවිත ‍රැඳිලා තියෙන්නේ මගේ අතේ. හැම පිරිමියෙක්ම, හැම ගැහැණියක්ම, හැම පොඩි එකෙක්ම, මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වේවායි කියන පරම අපේක්ෂාවෙන්, පරම විශ්වාසයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ.මෙතුවක් කාලෙකට මම එයාලගේ අපේක්ෂාවන් බිඳ හෙලලා නෑ. විශ්වාසය කඩ කරලා නෑ. මට අමතක වෙලත් නෑ.හැම සතියෙම මම මගේ සුළඟිල්ලේ සුදු නූලක් ඕතලා ගැටයක් ගහ ගන්නවා කුණු බක්කිය පාර අයිනෙන් තියන්න තියෙන බව මතක් වෙන්න.අද නම් පු‍තෝ නූල ගැට ගැහිලා තියෙනවා තද වැඩියි. මගේ ඇඟිල්ලේ ලේ පිරිලා, චෙරි ගෙඩියක් වගේ ඉදිමිලා, රතු වෙලා නාඩි වැටෙන ගානට ඇදුම් කනවා දැනෙනවා. ගැටේ තද වැඩි නිසා ඒක ගැලවෙන්නෙත් නෑ. මේක කතුරෙන් කපන්නයි වෙන්නේ.මම පඩිපෙල බැහැලා යනවා කුස්සියට.මට යන්න වෙන්නේ සාලේ ඉඳගෙන ඉන්න තාත්තව පහු කරගෙන."අද මොන දවසද කියලා මතකයි නේද." තාත්තා අහනවා."ඔව් තාත්තේ.""කුණු එළියෙන් තිබ්බද.""තාම නෑ.""හරි, ඔන්න අමතක කරන්න එපා, "තාත්තා පටං ගන්නවා. " කුණු බිම හැලෙනවා කියන්නේ මීයෝ එන්න ගන්නවා...""මං දන්නවා තාත්තේ. ෆූෆ්..." මම සුසුමක් හෙලන ගමන් කියනවා."මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක වසංගත රෝග බෝවෙලා හැමෝම එකා පිට එකා වැටිලා මැරිලා යනවා.""හුහ්, මේක විහිළුවකට ගත්තා නේද." තාත්තා ඉස්සරහට නැවිලා මගේ දිහාට ඇඟිල්ල දික් කරගෙන කියනවා. "හරි අපිට විහිළුවේ තරම බලාගත්තෑකි, කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ දණක් එරි එරි ඇවිදින්න වෙලා, මහාමාරිය හැදිලා, ඇඟ පුරා ගඩු දාලා එනකොට. අපිට හොඳට හිනා වුනෑකි කහින කොට පෙනහලු කෑලි කටින් විසිවෙන්න ගත්තාම...""හරි තාත්තේ, හරි. මට ෂෝක් එකට පැහැදිළිවුනා. මම කුණු එක එලියෙන් තියන්නම්. එතකොට ඔය කිසි අවුලක් නෑනේ...""මේ දැන්.""තව විනාඩියකින්." මම කියනවා." මේ ඇඟිල්ලේ බැඳපු නූල කපාගත්ත ගමන්ම.""අමතක කරන්නේ හෙම නෑ ඔන්න.""හයියූඌඌ...හ්... අමතක වෙන්නේ නෑ. දෙයියම්පල්ලා."තාත්තගේ අන්දොස් ගතිය එන්න එන්නම, දවසෙන් දවස බලා ඉන්දැද්දී වැඩි වෙනවද කොහෙද.මම කුස්සියට ගිහින් දෙවෙනි ලාච්චුව ඇරලා කතුර හොයන්න ගන්නවා. එතකොටම අම්මා එනවා කුස්සියට."කුණු එළියෙන් තිබ්බද ඇන්ඩි.""තාම නෑ අම්මෙ. තියන්න තමයි යන්නේ."හරි, ඔන්න අමතක කරන්න එපා," අම්මා කියන්න ගන්නවා."අපිට...""...මීයෝ ගෙන්න ගන්න ඕනෙ නෑ." මම වාක්‍ය සම්පූර්ණ කරනවා."ඔයා කොහොමද දන්නේ මම ඒකයි කියන්න ගියේ කියලා."අම්මා අහනවා."මම දැනගෙන කිව්වා නෙවෙයි. වෙලාවට හරි එක කියවුනේ. ලකි ගෙස්."ඔන්න ෆෝන් එක වදින්න ගන්නවා. මම යනවා ෆෝන් එක ලඟට."අල්ලන්නේ නෑ ෆෝන් එක." ජෙන් කියන්නේ මාව තල්ලු කරගෙන, පෙරලගෙන ෆෝන් එකට පනින ගමන්. "ඔය ක්‍රේග්. ඒ නැතත් තමුසෙට කුණු එලියට දාන්න තියෙනවා නේද. දැනටමත් ගඳේ බෑ. මගේ කාමරේට එනවා ගඳ.""තමුසෙගේ ගඳට ඉහලින් තව ගඳක් දැනෙනවා කිව්වාම පුදුමයි," මම කියනවා. ජෙන් මට ඔරවලා රිසීවරේ අතට ගන්නවා.මම ෆෝන් එක ලඟින් නොහෙල්ලී එතනම හිටගෙන ඉන්නේ ජෙන් ෆෝන් එකේ ඉන්න කොට මම ලඟ ඉඳගෙන එයා කියන දේ අහගෙන ඉන්න එක එයාට පේන්න බැරි බව මම දන්න නිසාමයි."අම්මේ,"ජෙන් රිසීවරේ අතින් වහගෙන කෑ ගහනවා. " මෙන්න ඇන්ඩි මගේ කතාව අහගෙන ඉන්නවා.""තමුසෙට පිස්සුද ඕයි. තමුසේ කතාව පටන් ගත්තෙත් නැතුව කොහොමද කියන්නේ මම අහගෙන ඉන්නවයි කියලා.""තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ.""මොකක්ද කිව්වේ.""මම කිව්වේ තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ කියලා," ජෙන් බෙරිහන් දෙනවා."මොකක්. මට ඇහෙන්නේ නෑනේ තමුසේ කියන එක. මම බීරි වේගන එනවද කොහෙද.""අම්මේ," ජෙන් කෑ ගහනවා."ඇන්ඩී" අම්මා මැදිහත් වෙනවා."ඔයාට කරන්න වැඩක් තියෙනවනේ. ඔයා ගිහින් ඒ වැඩේ කරන්නකෝ.""හරි හරී," මම කිව්වත් මම ෆෝන් එක ලඟින් හෙලවෙන්නේ නෑ."ඇන්ඩි," ජෙන් කියනවා."හරි, හරි ඕයි. මම මේ යනවා.""ඔහොම ඉන්නවා," ජෙන් රිසීවර් එක මගේ දිහාට දික් කරගෙන කියනවා. "කෝල් එක තමුසෙට.""මට.""ඔව්. පුදුමයි ඒත් ඇත්තයි. නොසිතූ දේ සිදුවෙයි. තමුසෙටත් කෝල් දෙන්න අය මේ ලෝකේ ඉන්නවා.""කවුද." මම අහනවා "කවුද මට කතාකරන්නේ.""කවුරු කතා කරනවා කියලද කියන්නේ." ජෙන් රිසීවරෙන් අත අරන් අහනවා.ජෙන් ඉඟිමරනවා.'ලීසා මැක්නී කතා කරන්නේ," ජෙන් මට කියනවා."ලීසා මැක්නී. තමුසෙට ෂුවර්ද.""මොකද මම අහන්නද එයා ලීසා මැක්නී කියලා එයාට ෂුවර්මද කියලා. ජෙන් අහනවා."එපා, එපා" මම පැනලා රිසීවර් එක ඩැහැගන්නවා.ලීසා මැක්නී. වාව්. ෂුවර් එකටම මම අද උදේ එයාගේ බෑග් එකට හොරෙන් දාපු වැලන්ටයින් කාඩ් එක එයා දකින්න ඇති. ඒත් එයා කොහොමද දැනගත්තේ ඒක මගෙන්මය කියලා. සමහරවිට කවරේ සුවඳින් වැඩේ මාට්‍ටු වෙන්නැති. ඇත්තෙන්ම ඒක සෙන්ට් එකක්ම නෙවෙයි. මට සෙන්ට් එකක් හොයා ගන්න බැරි වෙච්ච හන්දා මම කලේ බාතෲම් එකට පාවිච්චි කරන පයින් සුවඳ එයා ෆ්‍රෙෂ්නර් එකෙන් කවරෙට සාත්තුවක් දුන්න එකයි. ඒක මගේ ඇඟ පුරාමත් ඉහිලා මුලු දවස පයින් ගඳ ගගහා හිටියේ මම. ඒකයි ලීසාට වැඩේ මාට්‍ටු වෙන්න ඇත්තේ.ජෙන් තවම ෆෝන් එක ලඟ හිටගෙන."අම්මේ, මෙන්න ජෙන් මගේ කතාව අහගෙන ඉන්නවා." ඒ පාර බෙරිහන් දෙන්නේ මම."අනේ තමුසෙගේ අඳබාල ෆෝන් කෝල් අහගෙන ඉන්නවට වඩා වෙන වැඩක් නෑ මට," කියන ජේන් ගස්සගෙන යන්න යනවා."හෙලෝ," මම රිසීවරයට කියනවා."හායි ඇන්ඩි. මම ලීසා.""ඕ..., අම්ම්.... ආආආ...,"කියන්න සුදුසු දෙයක් හිතා ගන්න බැරුව මට ගොත ගැහෙනවා. "හායි" "මම ඔයාට කතා කලාට ප්‍රශ්ණයක් නෑ නේද." ලීසා අහනවා.ඇත්තටම එයා මේ මොනවා අහනවාද. මේ තමයි ලෝකේ බිහිවෙච්ච දා ඉඳලා ලෝකේ වෙච්ච හොඳම සිදුවීම. ඒ වුනාට මට එහෙම කියන්න බෑනේ. එයා ෂුවර් එකටම හිතයි මම විහිළු කරනවා කියලා. මේකට බොහොම කූල් පිට හැන්ඩ්ල් කරන්න ඕනේ."නෑ," මම කියනවා. පුදුමේ කියන්නේ මට කියන්න දේවල් මෙච්චර තියෙද්දි, ඊට වඩා දෙයක් කියන්න මට මතක් වෙන්නේම නැති එක. මට කියන්න ඕනේ එයා කොච්චර ලස්සනද කියලා, මම එයාට කොච්චරනම් ආදරේද කියලා, එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා මම දවසකට කී පාරක් නම් ප්‍රාර්ථනා කරනවද කියලා. නමුත් වචන එන්නේ නෑ."ඇන්ඩි ඔයා මුකුත් වැඩක්ද." ලීසා අහනවා." මම එහෙනම් පස්සේ කතා කරන්නම් ප්‍රශ්ණයක් නැති නම්"මේකට මොකද කියන්නේ. මට මොකුත් වැඩක් නෑ කිව්වොත් එයා හිතයි මම ඔහේ වැඩක් නැතුව ගෙදර වැනි වැනි ඉන්න, මෙලෝ රහක් නැති ඩයල් එකක් කියලා. මම කිව්වොත් එහෙම මම මේ කුණු අදින ගමනුයි ඉන්නේ කියලා එයා හිතයි මම කුණු අදිනවට වඩා කරන්න වැදගත් වැඩක් ගෙදර නැතුව නැතුව ඉන්න චාටර් පොරක් කියලා.මම දන්නවා අවංක භාවය තමයි හොඳම ප්‍රතිපත්තිය කියලා. නමුත් මේ වෙලාවේ මම හිතන්නෙ වංක භාවය ඊටත් වඩා හොඳ ප්‍රතිපත්තියක් කියලා."නෑ මං මේ පොඩි බ්‍රේක් එකක් ගත්තා." මම කියනවා." මම මේ වෙයිට් ට්‍රෙයිනිං කර කර හිටියේ. අර රාත්තල් පන්සීයේ වෙයිට්ස් ටිකක් අමාරුයි.""ඔයා වෙයිට් ට්‍රෙයිනිං කරනවා.""වැඩිය නෙවෙයි. ටික ටික. දන්නේ නැද්ද.""ටිකක්." රාත්තල් පන්සීය කියන්නේ හොඳ ටික.""එච්චරම නෑ," මම කියනවා. "ඒ වෝම් අප් එකට. රාත්තල් දාහේ වෙයිට්ස් උස්සනකොට තමයි ඇත්තෙන්ම තනි ඇහැට ඇඬෙන්නේ."ලීසා 'හෑහ්' ගානවා මට ඇහෙනවා. මම හිතන්නේ මම ලීසාව හොඳ ගානට ඉම්ප්‍රෙස් කලා කියලා. "ඇන්ඩි," ලීසා කියනවා. "අනේ ඔයාට එක මොහොතකටවත් පොඩ්ඩක් සීරියස් වෙන්න බැරිද.""හහ්, ලීසා, මම ෆුල් සිරා."හොරා, නමුත් සිරා. "මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. වැදගත් දෙයක් ගැන," ලීසා කියනවා. " මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සීරියස් ප්‍රශ්නයක්.""හරි" මම කියනවා. "ඉතින් අහන්නකෝ. මොකක්ද ප්‍රශ්ණේ.""ඔයා මට කාඩ් එකක් එව්වා නේද.""මොන කාඩ් එකක්ද." මම පොඩි බබා පාට් එකක් දාලා බලනවා මුලින්ම."වැලන්ටයින් කාඩ් එක.""ආ ඒකද." මම එච්චර ගණනකට නොගෙන වගේ කියනවා. "ඔව්, එව්වා තමයි.""මං හිතුවා."ඉන් පස්සේ එන නිහඬතාවය මට ගෙන එන්නේ පුදුම අපහසුතාවයක්. දැන් මොකද කියන්නේ මම."මට ඒකට ස්තුති කරන්න ඕනේ.""සුළු දෙයක්නේ." මම කියනවා."නෑ, එහෙම නෙවෙයි. ඔයාව මුණ ගැහිලා. මම කල්පනා කලේ හෙට උදේට ඔයාව මුණ ගැහෙන්න පුලුවන්ද කියලා ඉස්කෝලේ පටන් ගන්න කලින්."මට මේක අදහගන්න බෑ. ලීසා මට, මේ මට, ඩේයිට් එකකට කතා කරනවා."ඇන්ඩි," ලීසාගේ හඬ. "කෝ ඔයා."මම ඇත්තෙන්ම පෘථිවියත්, හඳත් අතර පාවෙවී ඉන්නේ සතුට වැඩි කමට. වහාම ආපහු මහ පොළොවට බහින්න ඕනෙ ලීසාට උත්තර දෙන්න."මේ ඉන්නවා ලීසා. මේ ඉන්නවා. ඉතින් අපි කොහෙදිද මුණ ගැහෙන්නේ.""ඉස්කෝලේ ගාවා පාක් එකේ ගේට්‍ටුව ලඟදි හමුවෙමුද." ලීසා අහනවා. " හෙට උදේ අට හමාරට.""ඕකේ ලීසා," මට දැන් ඕනේ ෆෝන් එක තියන්න මම මොකක් හරි ගොං කතාවක් කියලා මෙච්චර හොඳට නැගලා යන වැඩේ අංජබජල් කරගන්න කලින්. "එහෙනම් හෙට උදේ හම්බවෙමු.""එහෙනම් හරිනේ. මේ ඒක නෙවෙයි ඇන්ඩි...""ආ ලීසා.""ඒකත් ඔයාගේ විහිළුවක් නෙවෙයි නේද.""ම්ම්ම්...මොකක්ද.""කාඩ් එක.""අ...අයියෝ නෑ.""එහෙම නම් කමක් නෑ. ඔන්න එහෙනම් වරද්දන්නෙපා. මම බලාගෙන ඉන්නවා. ""ඇයි මමත් බලාගෙන ඉන්නවා," මම කියනවා. "ඔයා ලස්සනයි. මම ඔයාට ආදරෙයි" කියලා මට එතනට එකතු කරන්න ඕනෙ වුනත්, මගේ කට ඇරෙනවා වැහෙනවා විතරයි. සද්දේ පිට වෙන්නේ නෑ. හරියට මාලුවෙකුගේ වගේ.මම රිසීවරේ තියනවා.මට මේක අදහන්නත් බෑ. මේක හීනයක්ද.ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මට කතා කරලා හෙට මුණ ගැහෙමු කිව්වාම, ආයේ වෙන මොනවද. එයා මට කිව්වොත් එයා මට කැමතියි කියලා. කෙල්ලෝ කොල්ලන්ගෙන් එහෙම අහනවද. ඇයි නැත්තේ. එයා මගෙන් කිව්වොත් එයාව කසාද බඳින්න කියලා. ඇත්තෙන්ම අපිට එහෙම කරන්න පුලුවන්ද. අපිට වයස ඇතිද කසාද බඳින්න. මුද්දකුත් ගන්න වෙයිද. එයා කිව්වොත් එයාව කිස් කරන්න කියලා. මම ජීවිතේට කෙල්ලක්ව කිස් කරලා නෑ. කොහොමද ඒක කරන්නේ. කණ්නාඩියෙන් බලාගෙන කිස් කිරිල්ල ප්‍රැක්ටිස් කරන්න ඕනෙ වහාම.මම පඩි පෙල නැගගෙන යනවා නෙවෙයි, පාවෙලා යන්නේ උඩ තට්‍ටුවට.ලීසා මට කතා කලා.ලීසා මට කතා කරලා හෙට මුණ ගැහෙමුද ඇහුවා.එයයි මට කතා කලේ.මටම මේක අදහා ගන්න බැරි නිසා, මම දිගින් දිගටම මටම කියා ගන්නේ, මටම මේක ඒත්තු ගන්නා ගන්න.ලීසා මට කතා කලා.එයා මට හෙට මුණ ගැහෙමු කිව්වා.මම නෙවෙයි කතා කලේ. එයයි කතා කලේ. ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකනේ. මගේ නරක කාලේ ඉවරයි වගේ. මම කාමරේට පාවෙලා ඇඳට පාත්වෙනවා.එයා මට ආදරෙයි.එයා මට ආදරෙයි.මම ඇඳේ වැටිලා හෙට උදේ ගැන හිතනවා.මට මැවිලා පේනවා මම පාරදිගේ ඇවිදගෙන යනවා පාක් එක දිහාට. මගේ අතේ ලස්සන රෝස මල් පොකුරක්.ලීසා ඉන්නවා හිටගෙන මලක් වගේ සුන්දරව.ඇගේ වටේට හැම දෙයක්ම බොඳ වෙලා. හරියට ඔය ස්ටූඩියෝ වල ඉස්සරහා ගහලා තියෙන රොමෑන්ටික් ෆෝටෝස් වල වගේ. නමුත් ලීසා ඉන්නවා මැද්දෙ නියමෙට ෆෝකස් වෙලා.ඈ හිනා වෙලා අත වනනවා."හායි ලීසා," මම කියන්නේ ගැඹුරු, ප්‍රභල, ආත්ම විශ්වාසයෙන් පිරිණු කටහඬකින්.ඈ මගේ ඇස් වලට එබෙනවා.මගේ දෑස් ඇගේ දෑස් වල ගිලෙනවා. මාව ඉටිපන්දමක් වගේ උණු වෙලා වැගිරෙන්න ආසන්නයි."හායි," ඈ කියන්නේ සුරංගනාවියකගේ වගේ මෘදු ලස්සන හඬකින්.මම ඈට රෝස පොකුර දෙනවා."මේ ඔයාටයි"ඈ රෝස පොකුර දිහා බලනවා. ඇගේ දෑස් කඳුලින් පිරෙනවා."ඒවා හරී ලස්සනයි," ඈ ඉකි බිඳිනවා. "හරී...ම ලස්සනයි...""ඒත් ඔයා තරම් ලස්සන නෑ," කියන මම මගේ දෑත් ඈ වටා යවනවා.මම මගේ මූණ ඇගේ සිනිඳු හිසකේ අතරේ සඟවා ගන්නවා. ඇගේ හිසකේ හරියට සේද වගේ දිලිසෙනවා."අනේ ඇන්ඩි," ඈ කියනවා. "ඔයා කොයි තරම් කල්පනාකාරී, කොයි තරම් උතුම් , කොයි තරම් මහත්මා...""ඔයාට 'කඩවසම්' අමතක වුනා," මම මතක් කරලා දෙනවා."ඔව් කොයි තරම් කඩවසම්...""පිරිමි කම....""නියම පිරිමි කමක් ඇති""ශක්තිමත්....""අනේ ඇන්ඩි පොඩ්ඩක් සීරියස් වෙන්නකෝ දැන්වත්.""මම සීරියස් තමයි."ඈ මා දිහා ඇසිපිය නොහෙලා ටිකක් වෙලා බලා ඉන්නවා."අපි තව දුර යන්න ඉස්සෙල්ලා මට තියෙනවා ඔයාගෙන් අහන්න ප්‍රශ්ණයක්.""අහන්න ඕනෙ ප්‍රශ්ණයක්.""ඔයා මට ඇත්තම කියනවා කියලා පොරොන්දු වෙන්න, මගෙ රත්තරං.""මං පොරොන්දු වෙනවා."ඈ ඉස්සරහට නැඹුරු වෙලා මගේ කනට කොඳුරනවා.ඇගේ හුස්ම මගේ ඇ‍ඟේ වදිද්දී මගේ ඇඟ දිගේ විදුලි සැරයක් වගේ වගේ වෙව්ලුමක් උඩ ඉඳන් පහලට ගමන් කරන්න ගන්නවා. මට කලන්ත ගතියක් දැනෙනවා. මගේ ලේ නහර දිගේ මොළයට ලේ ගමන් කරනවා මහා ඝෝෂාවට නගාගෙන. ඒ සද්දෙට මට ඈ කියන දේ ඇහෙන්නේ නෑ. මග ඇහෙන්නේ 'කර කරාස්...ග්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්...' සද්දයක් විතරයි.ලීසා අඩියක් පස්සට ගන්නවා.ඉන් පස්සේ මගේ මූණ දිහා බලා ඉන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් වගේ."ඔව්." ලීසා අහනවා"ඔව්, මොකක්ද.""ඔයා මොකක්ද කියන්නේ ඒකට.""මොකකටද. මොකක්ද ඔයා අහපු ප්‍රශ්ණේ.""මම ඇහුවේ," ඈ අර ඝෝෂාව යටපත් වෙන්න තරම් කට හඬ උස්සලා අහනවා,"...ඔයා කුණු එළියෙන් තිබ්බද.""මොනවා එළියෙන් තිබ්බද.""කුණූඌඌඌ." ඈ කියන්නේ යටි ගිරියෙන්.කුණු. කුණු. මොන කුණුද."අහ්-ඕඕඕහ්හ්.... බඩුම තමයි. කුණු..... චාටර්.එක වරම ඉර වලාකුලක් පිටිපස්සේ හැංගෙනවා. අප අවට පාරේ මිලියනයක් මීයෝ නලියනවා. ලීසාගේ අර සිනිඳු සේද කෙස් වැටිය එක පාරටම මකුළු දැලක් වෙනවා. ඇගේ මූණේ හම ගැලවිලා හැලෙනවා. ඈ මමියක් වගේ කුඩුවෙලා බිමට කඩං වැටෙනවා. මම යටි ගිරියෙන් කෑ ගහනවා.මුළු පාරම උණුවෙලා, දියවෙලා යනවා. ලීසා අතුරුදහන් වෙනවා.මම ඇස් ඇරලා බලනවා. කාමරේම එලියයි. ඒක වෙන්නේ කොහොමද. මම ඔරලෝසුව දිහා බලනවා. උදේ 7.30යි. මට නින්ද ගිහින්. පාරේ හරවන කුණු ලොරියේ ඝෝෂාවෙන් කාමරේ පිරිලා. මගේ ඇඟිල්ල තවම ලේ පිරිලා ඉදිමිලා ඇදුම් කනවා. මට අමතක වුනානේ නූල කපලා දාන්න. ඒ ඔක්කොටම හපං, මට අමතක වුනානේ කුණු බක්කිය පාරඅයිනෙන් තියන්න.මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා...දෙවෙනි කොටසට මෙතනින්ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි..
BLOG
2014.07.19
http://bluejeansntshirts.blogspot.com/
118.ප්ලාස්ටරේ - Band-Aid – Part 2
Dude
අපි නැවැත්තුවෙ මෙතනින්නෙ. ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $.$%##$%@ @#හයියයියූඌඌඌඌ.. ....*..... Grrrrrrrrrrrrrමතක නැතිනම් කියවලම එන්නකො මෙතන ඔබලා.ඊට පස්සෙ..හපොයි ඇති, ඇති, ඇති. හොඳටම ඇති.මේකනෙ මම විඳලා තියෙන පට්ටම දරුණු වේදනාව.පට්ටම දරුණු වේදනා පිළිබඳ ඉතිහාසයේත් පට්ටම දරුණු එක.හයියෝ.ඉතින් බලන්නකො, මම තාම ගලවලා තියෙන්නෙ චූටි කොටසයි.තව ඒ වගෙ කොටස් හැට අටහමාරක් ඉතුරු වෙලා තියෙනවා ගලවන්න.‘චිරිස්‘ ගාලා ඇදලා දාන එක නෙවෙයි විසඳුම.හැබැයි ස්ලෝ මෝෂන් මෝඩ් එකත් නෙවෙයි.මේක තියෙන්න ඇරලත් බෑ,ගලවන්නත් බෑ.ගලවනවද නැත්ද.ඕකනෙ වැඩේ.ඕකයි අවුල.ඇත්තට ඒකමද අවුල.ඇත්තටම අතින් ගලවලා දානවට වඩා හොඳ ක්‍රමයක් ඇත්තෙම නැත්ද.ඇදලා දාන එක නම්, ෆූඌඌ… අයියෝ… වාතයක්.වාතයක්.වාතය.වාතය නැති තැන.රික්තය.ආන්න උත්තරේ.වැක්‍යූම් ක්ලීනරේ .මට පුලුවන්නෙ අපේ අලුත්ම වැක්‍යූම් ක්ලීනර් එකෙන්, මේ උලව් ප්ලාස්ටරේ වැක්‍යූම් කරල දාන්න.අපේ පරණ වැක්‍යූම් ක්ලීනරේ මේ ලඟදී කැඩුන නිසා, අම්මයි, තාත්තයි අලුත්ම ‘සුපර් පවර්‘ වැක්‍යූම් ක්ලීනර් එකක් ගෙනාවා. ඒක නම් පට්ටම භාණ්ඩයක්. ඒක කොච්චර සුපිරිද කියනවානම් ඒකෙන් පුලුවන් හඳ මතුපිට තියෙන දූවිල්ල වුනත් ඇදලා ගන්න පොලොවෙ ඉඳන්. මම කරලා බැලුවෙ නම් නෑ, නමුත් මට හිතන්නෙ බැරිවෙන එකක් නෑ. ඒ තරම් පට්ට භාණ්ඩෙ.දෙන්නම් පොරි හැලෙන්න.දෙන්නම් වැඩේ ප්ලාස්ටරේට ඇඩ්‍රස් නැතුව යන්න. හිටපංකෝ.වැක්‍යූම් ක්ලීනරේ නොසල් එක ප්ලාස්ටරේට ලං කරපු ගමන් පට් ගාලා ගැලවෙයි.ඇදලා දාන්න ඕනෙත් නෑ.රිදෙන්නෙත් නෑ.මොකුත් නෑ.වැක්‍යූම් ක්ලීනරේ පෙන්නන්න විතරයි තියෙන්නෙ.මම යනවා සාලේ බිත්ති කබඩ් එකේ තියෙන වැක්‍යූම් ක්ලීනරේ අරන් එන්න. ඒක දඩාර් සයිස්. මම ඒක ඇදගෙන ඇවිත් නාන කාමරේ ප්ලග් එකට ගහනවා. මම නොසල් එකට හයි කරලා තියෙනබ්‍රෂ් එක ගලවනවා. මට ඕනෙ නෑ ඔය අනං මනං කෑලි වලින් මේකෙ සැර බාල කරගන්න.මම ස්විච් එක දානවා. හම්මෝ මේකෙ සද්දෙ. හරියට ජෙට් එංජිමක් වගෙ.කල්පනාවෙන් කරන්න ඕනෙ වැඩක්.මේක ලේසි නෑ හිතපු තරම්. කණ්නාඩියෙන් බලාගෙන ඕනෙ, නොසල් එකේ කොණ හරියට ප්ලාස්ටරේ උඩට ගේන්න. නමුත් හෝස් එකයි, නොසල් එකේ දිගයි නිසා වැඩියෙම කණනාඩියට ලංවෙන්නත් බෑ.මම නොසලය හෙමීහිට ප්ලාස්ටරය ලඟට ගේනවා. මට තේරෙනවා හමත් එක්ක ප්ලාස්ටරේ ඉස්සෙනවා, නමුත් කම්මුලෙන් ගැලවෙන්නෙ නෑ.මම තවත් චූට්ටක් ලං කරනවා.ඒත් මදි.මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ වෙනකොට ප්ලාස්ටරේ ගැලවිලා ගිහින් නැත්තෙ ඇයි කියලා. නොසල් එකේ මොනවා හරි හිර වෙලාද.මම නොසලය ප්ලාස්ටරෙන් අහකට උස්සලා, නොසල් එක ඇතුලට එබිලා බලනවා. මොකුත් පේන්න නෑ. ඇතුල කලුවරයි.මම නොසලය ඇහැට තව ටිකක් ලං කරනවා.ම්හ්ම්.තවත් ටිකක්.ම්හු.තවත් චූට්ටක්.ග්බ්ලොග්බ්ක්ග්.මගෙ ඇහැ.හපෝයි වැක්‍යූම් ක්ලීනරේ මගෙ ඇහේ ඇලිලා, ඇස් බෝලෙ උගුල්ලන්නයි හදන්නෙ.හම්මෝ, රිදෙන තරං.ආආආආආආආආආආහ්, ඒ වේදනාව විස්තර කරන්න වචන නෑ.ඒක A4 කඩදාසි වලට ඇඟිල්ල කැපුනට, පිහියට දිව කැපුනට, ඇඟිල්ලට මිටි පාරක් වැදුනට වැඩිය වේදනයි.මේක අනිවා පණ පිටින් තම්බනවට, උලේ ගහලා පුව්ච්චනවට, කාන්තාරේ බාවලා කූඤ්ඤ වල ගැට ගහලා තියෙනවට, ඇ‍ඟේ පැණි තවරලා කූඹින්ට කන්න දෙනවට වඩා දරුණු වේදනාවක්.කොටින්ම මූණෙ අලවලා තියෙන ප්ලාස්ටරයක් ගලවනවටත් වඩා වේදනාවක්… ම්ම්ම්ම්… සමහරවිට එච්චරටම නෙවෙයි. ඔයාලා දන්නවාමම අදහස් කරන දේ.මේක නිකම්ම නිකං වේදනාවක් විතරක් නෙවෙයි.මේක මාරාන්තිකයි.මේකෙන් මගෙ ඇස් බෝලෙ ඇස් කුහරෙන් ඉදිරිලා එන්න පුලුවන්.මගෙ ඇස් බෝලෙ මගෙ මොලේට සම්බන්දයිනෙ.ඉතින් මගෙ මොලේත්, ඒත් එක්කම ඇස් කුහරෙ අස්සෙන් එලියට ඇදිලා එන්න පුලුවන්.මගෙ මොලේ මගෙ ඇ‍ඟේ තියෙන හැම දේකටම සම්බන්ධයිනේ.කොයි වෙලේ හරි මගෙ ඇඟ ඇතුලෙ තියෙන භැම දෙයක්ම හිස්කබල ඔස්සේ ඇස්කුහරේ හරහා ‘ග්බ්ලොග්බ්ක්ග්’ ගාලා ඇදිලා ඇවිත් වැක්‍යූම් ක්ලීනරේ ඇතුලට යන්න පුලුවන්.හපෝයි මොනවා හරි කරන්න එපායැ වහාම.මේ දැං.මම කකුල දික්කරලා, ස්විච් එක නිවනවා.මෝටරේ ඝෝෂාව ක්‍රමයෙන් අඩුවෙලා නවතිනවා.මම නොසලය ඇහෙන් අහකට ඇදලා දාලා, බාත්ටබ් එකේ ගැට්ටෙ ඉඳගෙන හති හලනවා.ඔය ඇති.හොඳටෝම ඇති.පිස්සු කෙලියා හොඳටෝම ඇති.වැක්‍යූම් ක්ලීනරේ නෙවෙයි විසඳුම.ප්ලාස්ටරේ හොඳටම ඇලිලා තියෙන්නෙ.මේක අතින්ම කරන්න ඕනෙ වැඩක්.මම ප්ලාස්ටරේ මැදින් අල්ලලා, පුලුවන් තරම් හයියෙන් කොනිත්තලා, ‘චරස්‘ ගාලා අදිනවා.හේයි.ගැලවුනා.නරකම නෑනෙ.ඇත්තම කිව්වොත් රිදුනෙම නෑ.ඕකෙ රහස තමයි, මේවගෙ වැඩක් කරනකොට හැකි ඉක්මනින් කලයුතු දේ කරලා ඉවරයක් කරන එක.මම ප්ලාස්ටරේ සාක්කුවට දාගන්නවා.පස්සෙ ඕනෙ වෙන්න පුලුවන් ජෙන්ව ඔරොප්පු කරන්න. අක්කිට පරණ ප්ලාස්ටර් පේන්න බෑනෙ. මාර වැඩක් තමයි. පාවිච්චි කරපු ප්ලාස්ටර් වලට එයාගෙ මාර අප්පිරියාවක් තියෙන්නෙ. විශේෂයෙන්ම එයාගෙ සැන්විච් එකක් අස්සෙ තිබිලා හැපුනාම.මම නැගිටලා කණ්නාඩියෙන් බලනවා.පිස්සු හැදෙන සඳ.මාස හයක්. ඒ වුනාට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ තියෙන්නෙ සුදු පාට කොහොල්ලෑ රේඛාවකින් වටවෙච්ච ලා රෝසපාට සෘජු කෝණාශ්‍රයක් විතරයි.පැල්ලමක් නෑ. මොකුත්ම නෑ, හම විතරයි. සාමාන්‍ය නිරෝගී හම.හයි…යෝ…..දෙයියනේ. මේ මොකද.ප්ලාස්ටරේ නම් ගැලවිලා. ඒ වගෙම තුවාලෙත් සනීප වෙලා.නමුත් දැං, මේං මගෙ වම් ඇහැ වටේටම තියෙනවා, රතු-කලු වලල්ලක් හිටලා අර නොසල් එක තද වෙච්ච පාරට. ඒක තැල්මකුයි, දියපට්ටෙකුයි දෙකේම සංකලනයක්.දැන් කොහොමද ෆෝටෝ එකට ඉන්නෙ.විලි ලැජ්ජා සන්තෝසෙ බෑ.මම දැන් මොකද කරන්නෙ.දැන් මාව ප්ලාස්ටර් එකක් අලවගෙන ඉන්න ගොබ්බසේන කෙනෙක් වගෙ නම් පේන එකක් නෑ තමයි, කන්නාඩි කුට්ටමකින් බාගයක් දාගෙන ඉන්න පිස්සු හුටං කෙනෙක් වගේ මිසක.හ්ම්ම්ම්…කණ්නාඩි කුට්ටමක්, ආ.කණ්නාඩි කුට්ටමක්.අඩ් ඩඩ් ඩා… ෆෝටෝ එකකට ඉන්න ඊට වඩා හොඳ විදියක් තව කොයින්ද.දැන් ගෲප් ෆෝටෝ එක දකින කවුරුත් හිතයි, “අඩේ කවුද අප්පා අර කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න පට්ට බුද්ධිමත් ලුක් එකක් තියෙන ඩයල් එක. පොර නම් පේන හැටියට මාර මීටරයක් වෙන්න ඕනෙ, හුම්.” කියලා.ඒ වුනාට මම දාගෙන ඉන්නෙ කන්නාඩි කුට්ටමෙන් බාගයයිනෙ.තනි ඇහැට ඇඬෙනවා.සික්, වැඩේ චාටර්නෙ. වැඩෙන් බාගයයි.මම දන්නව කරන්න ඕනෙ දේ.ටිකක් රිදෙන්න පුලුවන්, නමුත් වැඩේ පාඩු නෑ. අමාරුවෙන් හරි ගොඩ දාගත්තොත් කාටද ආඩම්බර.අර මම ඉස්සෙල්ලත් කිව්වෙ, ඔය චූට්ටක් රිදෙන එක නම් මට ගානක්වත් නෑ.මම ආයෙම වැක්‍යූම් ක්ලීනරේ ස්විච් එක දානවා.ඒක මහා ඝෝෂාවක් එක්ක වැඩ අරඹනවා.මම නොසලය දකුණු ඇහැට තියලා තද කරනවා.ඕං.ග්බ්ලොග්බ්ක්ග්.නොසලය මගෙ ඇස් බෝලෙ උගුල්ලන්න පොර කනවා. මේ පාර අනිත් පාර තරම්ම අමාරු නෑ. මොකද මම දැන් මේකට පුරුදු නිසා. ඒකෙන් කියවෙන්නෙ නෑ, මේකෙන් ඇහැ කිති කැවෙනවා වගෙ විතරයි, රිදෙන්නෙ නෑ කියලා. මම නොසලය එහෙමම තියෙනෙ අරිනවා වේදනාව ඉවසන්න බැරුව යනකල්.ආ, දැං ඇති.මම ආපහු හැරෙනවා ස්විච් එක නිවන්න හිතාගෙන.නමුත් වැක්‍යූම් ක්ලීනරේ හෝස් එක වදිනවා ඇරලා තියෙන කැබිනට් එකේ තට්‍ටුවේ.ඒකෙ තියෙන හැමදේම පෙරලෙනවා බිමට.ටයිල් පොලොව පුරාම වීදුරු ක‍ටු, ෂැම්පූ, රේසර්, පර්ෆියුම්, සබන්, පෙති ජාති, අර ගඳ ක්‍රීම් සහ මෙකී නොකී සෑම දෙයක්ම.වැක්‍යූම් ක්ලීනරේ නොසලය තාම මගේ ඇහැට ඇලුණු ගමන්මයි. අන්න ඒ ගමන නම් වේදනාව ඉවසන්න බැරි වේගනයි එන්නෙ.මම තව පාරක් උත්සාහ කරනවා ස්විච් එකට ලං වෙන්න, නමුත් ඒකෙන් වෙන්නෙ මම ලිස්සලා වැටෙන එකයි. මම ටවල් රේල් එකේ එල්ලෙන්නෙ නොවැටී බේරෙන්න, නමුත් අතර අහුවෙන්නෙ ටවල් එකක් විතරයි, රේල් එක නෙවෙයි. ටවල් එක රේල් එකෙන් ඇදිලා අතට එනවා. මම මහ හඬින් බිම පතිත වෙනවා. මූණෙ දකුණු පැත්ත වදිනව ටයිල් පොලොවෙ.ඌයි.මට තේරෙනවා තියුණු යමක් මූණෙ ඇනුනු බව.අයියෝ.මම ඔලුව උස්සනවා.රේසර් එකක්.ඒ මදිවට ලේ.ලේ.මගෙ ලේ ටයිල් පොලොවෙ.වැක්‍යූම් ක්ලීනරේ තවමත් මගෙ ඇහැ උගුල්ලන්න හදනවා.මම නැගිටින්න උත්සාහ කරනවා. වළලු කරින් ඉවසන්න බැරි වේදනාවක් එනවා. මට නැගිටගන්න බැහැ.මට ස්විච් එකට ලං වෙන්න බැහැ.මමනොසල් එක අත් දෙකෙන්ම අල්ලගෙ අදිනවා පුලුවන් හයියෙන්. නමුත් ගැලවෙන්නෙ නෑ.මගෙ ඇඟට පණ නෑ වගෙ.ලේ ගලන නිසා වෙන්නැති. සික්, මම මෙහෙමද මැරෙන්න යන්නෙ.මම බඩ ගාගෙන යනවා වැක්‍යූම් ක්ලීනරේ ලඟට.ස්විච් එක නිවනවා.ඝෝෂාව අඩුවෙලා නවතිනවා. නොසල් එක නිකම්ම ගැලවිලා වැටෙනවා.මම සින්ක් එකේ එල්ලිලා අමාරුවෙන් නැගිටගෙන එබෙනවා කණ්නාඩියට.දෙයියනේ.විනාසයි.දකුණු ඇහැ වටේටමත් වම් ඇහැ වටේට තියෙන රතු-කලු වලල්ලට ගැලපෙන වලල්ලක් ඇඳිලා තියෙන බව ඇත්ත.මම හීනෙකින්වත් ලබාගන්න හැකිවෙයි කියලා නොහිතපු “පට්ට මීටර් ඩයල් එකක” පෙණුම මට ලැබිලා තියෙන බවත් ඇත්ත.ඒ වුනාට මේ පාර හරියටම දකුණු ඇහැ යටින්, අර වම් ඇහැ යටින් වුනා වගෙ කැපුමක්, අර රේසර් එක ඇනිලා.ඒකෙන් ලේ ගලනවා.හෝ ගාලා.හ්ම්ම්… ආයෙම ප්ලාස්ටරයක් අලවන්න වෙලා.නිමි.ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියපු, Just Wacky. කියන පොතේ, BAND-AID කතාවේ සිංහල අනුවාදයක් තමයි ඔබ මේ කියෙව්වේ.◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ඔබ මින් පෙර ඇන්ඩිගේ කතා කියවා නැතිනම් මෙන්න මගේ ඩෙනිමේ මේ තාක් පළවූ ඇන්ඩි කතා වලට මග පෙන්වීමක්.දැන් ලඟද තාත්තේ.ඇන්ඩියාට වෙන්නේ අකරතැබ්බමයි. එක පාරක් මේ කොහෙද යන මැස්සෙක් හන්දා මේ අහිංසකයා කාපු කට්ට ගැන කියවන්න. ප්ලාස්ටරේ / The Band-Aidඅම්මලා හිතන්නේ වෙනම විදියකට. ප්ලාස්ටරයක් කියන්නේ මොකක්ද අප්පා. අම්මලා හැසිරෙන්නේ හරියට ප්ලාස්ටරයක් කියන්නේ මහානර්ඝ වස්තුවක් වගේ. එහෙම ඇ‍ඟෙන් ඇටයක් යනවා වගේ දෙන ප්ලාස්ටරේ උපරිම ප්‍රයෝජනය ගන්න ගිහින් අහිංසක ඇන්ඩිට වෙච්ච තවත් අකරතැබ්බයක් තමයිදැන් ඔබ කියෙව්වේ.කැරපොත්තා / Cockroach සලාදෙක හිටපු කොහෙද යන චාටර් කැරපොත්තෙක් හන්දා රෙදි ගැලවෙන්නේ අහක හිටපු හිත හොඳ කොල්ලෙක්ගේ. කොල්ලා කවුද කියලා කියන්න ඕනේ නෑනේ.මළා හා සමානයි / Playing Deadඉස්කෝලේ යන්න කම්මැලි කමට හොර ලෙඩ ගත්තා මතකයි නේද. ඇන්ඩි තවත් පියවරක් ඉස්සරහට ගිහින් මැරිලා වගේ රඟපාන්න ගිහින් තව පොඩ්ඩෙන්...හයියෝ කියවලාම බලන්න.මාරක කේක් වට්ටෝරුව Cake of Doomමෙන්න වෙනස්ම මගක් ගත්ත ඇන්ඩිගේ කතාව. කතාවේ ගලායාම තීරණය කරන්නේ කියවන ඔබමයි.. ඒත් කොයි තීරණය ගත්තත් ඒක නරක තීරණයක්ම වෙන්නේ කොහොමද.බෝම්බයද ඔබද Beat The Bombඇස් රතුවෙන විහිළු කරන්න ගිහින් ඇන ගන්න එක ඇන්ඩියා ලබා උපන් හැටියක්ද කොහෙද. නමුත් ඇන්ඩිගේ ඔබ නොදු‍ටු පැත්තක් ගැන කියවන්න මෙන්න කතාව.පච්චේ Live or Dieපච්චයක් කොටා ගත්තාම හිතට එන්නේ මාර ගැම්මක්, නැද්ද. ඔන්න ඒ හන්දමයි ඇන්ඩි පච්චයක් කොටාගන්න හිතුවේ. නමුත් කතාව කෙළවර වෙන්නේ හීනෙකින් වත් නොහිතපු විදියකට.
BLOG
2014.07.15
http://bluejeansntshirts.blogspot.com/
117. ප්ලාස්ටරේ / Band-Aid
Dude
ඔයාලා කවදාහරි ඇ‍ඟේ ප්ලාස්ටරයක් අලවගෙන ඉඳලා තියෙනවද, ප්ලාස්ටරේ ඉවරවෙන තැනයි, හම පටන් ගන්න තැනයි අඳුනාගන්න බැරුව යනකල්.මම ඉඳලා තියෙනවා.ම්ම්ම්… ඇත්තෙන්ම මේ දැනුත්.අද වෙනකොට, මම මේ ප්ලාස්ටරේ ගහන් ඉඳලා තියෙනවා එක දිගටම මාසම හයක්.කොහොමද වැඩේ.බොරු කියන්නෙ මොකටද, ප්ලාස්ටරේයි, මමයි අතර දැන් අන්‍යෝන්‍ය බැඳීමක් ඇතිවෙලා. සංසාරගත බැඳීමක්.ඕං මම කලා පොඩි ගණනය කිරීම් ටිකක්, මේක තවත් පැහැදිලි වෙන්න.මම මේ ප්ලාස්ටරේ අලවං ඉඳලා තියෙනවා:දවස් 182 1/2ක් . ඒ කියන්නෙ පැය 4380ක්. නැත්නම් විනාඩි 262,800ක්.හෝ තප්පර 15,768,000ක්. තවත් නිවැරදිව කිව්වොත් …,හ්ම්ම්, ඒකට නම් පු‍තෝ ටිකක් වෙලා යයි, මොකෝ ඕං කැල්කියුලේටරේටත් කෙල වුනා වගෙ, බින්දුවලට ඉඩ නැතුවද කොහෙද, මම තප්පරේකින් දාහෙන් පංගු බලන්න ගියාම.හරි ඒකෙන් වැඩක් නෑ. දැන් කොහොමින් හරි, ප්ලාස්ටරේට මාව දරුණු විදියට ග්‍රහණය කරගන්න මේ කාලය හොඳටම ඇති කියලා ඔයාලට පැහැදිලියිනෙ.මම මේ ප්ලාස්ටරේ මෙච්චර කල් අලවං හිටියේ කාගෙ වැ‍රැද්දෙන් කියලද ඔයාලා හිතන්නෙ.ඒක තනිකරම අපේ අම්මගෙ වැ‍රැද්ද.අපේ අම්මා නිකං බර බර ගාන්නෙ, හරියට මේ ප්ලාස්ටරයක් කියන එකක් ඩොලර් මිලියන් තුනක් විතර වටිනවා වාගෙනේ. ආන්න ඒකයි, මට මෙච්චර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ, එකම ප්ලාස්ටරේ අලෝගෙන. අම්මා ප්ලාස්ටර් හංගලා අරන් තියලා තියෙන්නෙ, මට ගන්න බැරිවෙන්න. මම තුවාලයක් කරගත්ත වෙලාවට, තුවාලෙ කොච්චර දරුණු වුනත් කමක් නෑ, එයා දෙන්නෙ එකම ප්ලාස්ටරයයි. එච්චරයි.ඒ කියන්නෙ එකමයි, ඒකමයි.මම බැරිවෙලාවත් ඕක ගලවලා දාලා වෙන එකක් ඉල්ලුවොත්, ඕං කියනවා:“හුහ්. මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද.”“ප්ලාස්ටර් ගස් වලින් කඩනවා කියලා හිතුවද.”“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද.”කොච්චර ඉල්ලුවත් නෙවෙයිනෙ තව එකක් දෙන්නෙ. අනේ ඉතින් මමත් ප්ලාස්ටරයක් අලවාගත්තම ඔහේ තියෙන්න අරිනවා. හැබැයි මෙදා පාර නම් මම ටිකක් ඕනෙවට වඩා වැඩිපුර තියෙන්න ඇරියාය කියලයි මටත් හිතෙන්නෙ.දැන්නම් මේක ගලවන්නත් ලේසි වෙන එකක් නෑ.ඒ වුනාට දැන් මේක ගලවන්න වෙලා තියෙන්නෙ. ඇයි දන්නවද.අද ඉස්කෝලෙ අපේ ගෲප් ෆෝටෝස් ගන්නවා.මේ ප්ලාස්ටරේ තියෙන්නෙ මගෙ මූණෙ. හරියටම වම් ඇහැ යට .මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ෆෝටෝ එකට හිටියෑකිද, ගොබ්බසේන වගෙ.ගිය අවුරුද්දෙ ෆෝටෝ එක ගන්න කොටම, ගානට වෙලාවට ඇහි පිල්ලමක් වැදුනා . ඕං ඒකෙ මම ඉන්නවා නිදාගෙන.ඊට කලින් අවුරුද්දෙ ගෲප් ෆෝටෝ එක ගන්න කොටම, මම හිටගෙන හිටපු බංකුව හරියටම, ඒ වෙලාවටම, පෙරලෙන්න වගෙ ගිය හන්දා, බය වෙච්ච පාර කට ඇරිලා, ඕං මම ඒකෙ ඉන්නවා යකෙක් දැකලා වගෙ කට ඇරගෙන.මේ පාර ගනිංකො ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන . එතකොට, මුංට තව අවුරුදු ගානක් යනකල්, මාව මතක තියෙන්නෙ අර උනුත් එක්ක හිටපු හෙන මීටරේ හැටියට නෙවෙයි, අර ප්ලාස්ටරයක් මූණෙ අලෝගෙන ඉන්න මොංගල් ඩයල් එක හැටියටයි.මටමනෙ වෙන්නෙ.මේක මාර පජාත වැඩක්නෙ. මට හම්බ වෙන්නෙම නිකම්ම නිකම් ප්ලාස්ටර්. අනිත් උන්ට, හැම එකාගෙම අනුකම්පාව, අවධානය ලැබෙන, අර හැම එකාම අස්සන ගහන්න පොරකන, P.P කාස්ට් එක අත පය වලට දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න ලැබෙන, පට්ට ආතල් ඇක්සිඩන්ට් වෙනකොට මට මාර ජෙල. සික්. මට වෙන්නෙ නෑනෙ ඒ වගෙ ආතල් තුවාලයක් ආසාවටවත්. මට මාර ආසයි අර මගෙ ඇ‍ඟේ හැම ඇටයක්ම කැඩිලා, ඉස්පිරිතාලෙ නැවතිලා, අර කාස්ට් එකත් දාගෙන, මුළු දවසම ෆුල් ආතල් එකේ, අයිස් ක්‍රීම් කකා, ටීවී බලබල ඉන්න ලැබෙන ඇක්සිඩන්ට් එකක් වෙනවා නම්. මට නම් තියෙන්නෙ පුදුම නොලැබීමක් අප්පා.ඕං මට එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා, ඇ‍ඟේ ඇට ඔක්කොම කැඩුනයි කියලා හිතමු. එතකොට ඩොකා මා දිහා බලලා කියයි, “මෙයාට එච්චර අමාරුවක් නෑ. ඔන්න ඔය ප්ලාස්ටර් දෙක තුනක් ගැහුවාම ඕක හරියයි,” කියලා.එතකොට අපේ අම්මා අත් දෙක ඉනට තියාගෙන, ඩොකා දිහා ඔරවලා බලලා කියාවි,“මොනවා. ප්ලාස්ටර් දෙක තුනක්.”“හුහ්. මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද.”“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද.”“ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද.”, කියලා.ඩොකාත් එතකොට කියාවි,“ඔව් ඔව්, ඔයා හරි. එක ප්ලාස්ටරයක් හොඳටෝම ඇති,” කියලා.ඔය ඇක්සිඩන්ට් සම්බන්දයෙන් මගෙ නොලැබීම නම් ඔන්න ඔය වගෙයි.වැඩිය ඕනෙ නෑ. හරි නම් පට්ට, ෆුල් ඔප්ෂන් ඇක්සිඩන්ට් එකක් වෙන්න තිබ්බ මට මේ අන්තිමට වෙච්ච ඇක්සිඩන්ට් එක බලන්නකො.ඕං මම දවසක් ගෙදර එනවා ඉස්කෝලෙ ඇරිලා. මම දකිනවා කාගෙන්ද වැටිච්ච, රත්තරං පාට ෆ්‍රේම් එකක් තියෙන කන්නාඩි කුට්ටමක් පේව්මන්ට් එකේ දිලිසි දිලිසි තියෙනවා. මට කරුමෙට ඔය වෙලාවෙ, අර ලඟදී මම පත්තරේක කියවපු ‘කන්නාඩි දාන බුවාලා, නොදාන බුවාලට වඩා මීටර්’ කියන සමීක්ෂනයක ප්‍රතිඵලේ මතක් නොවුනා නම් මම ඕක දිහා බලන්නෙ වත් නෑ ඕං. මටත් හිතෙනවා මේ කන්නාඩි කුට්ටම දාගෙන ගියොත් , මගෙ ටීචර්ස්ල මම හෙනම මීටරයක් කියලා හිතලා, මට ලකුණු හෙම වැඩියෙන් දෙයි කියලා. මමත් මොකද කරන්නෙ, අර කන්නාඩි කුට්ටම අහුලගෙන දාගන්නවා.හපෝයි. ඒක දාපු ගමන්, මුළු ලෝකෙම බොඳවෙලා යනව මදිවට, ඇස් වල දැල්ලක් බැඳලා වගෙ වෙනවා. කපලා දාපු ගහක් වගෙ මම ඇදගෙන්න වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, මට ඇහෙනවත් කවුදෝ කෑ ගහනවා, “හා, හා, බලාගෙන බලාගෙන.” කියලත්. මම කොන්ඩෑරුමක් ගහලා නතර වෙන්නෙ අර පාර හදන එවුන් පාරෙ හාරලා තිබ්බ කාණුව පල්ලෙ.අනේ ඒවුනාට :කැඩියං කකුලක්වත්.ම්හු. මොන.අතක් කැඩියං.ම්හු. මොන.පැලියං ඔලුව, හිස් කබලට බරපතල තුවාල වෙන්න, මතකයටත් හානි වෙන්න.මොන.අඩුම ගානෙ හොඳ කැලලක් හිටින ආතල් තුවාලයක්වෙන්න තිබ්බ නේද.නොදෝකිං.කැඩිච්ච එකම දේ කන්නාඩි කුට්ටම විතරයි. වෙච්ච එකම තුවාලෙ, මේ වම් ඇහැ යට පොඩ්ඩක් කැපිච්ච එක විතරයි.කන්නාඩි දාලා, බුද්ධිමත් පෙනුමක් ගැනීම කෙසේ වෙතත්, මූණෙ ප්ලාස්ටරයක් අලෝගෙන ඉන්න මොංගල් පෙනුමක් නම් ලැබුනා.හිටපංකෝ.මේ ප්ලාස්ටරේ අද ගලවන්න ඕනෙ මොන ජාතියෙන් හරි.තවත් නම් කල් දාලා හරියන්නෙ නෑ.මම දත් මිටි කාගෙන, ගැඹුරු හුස්මක් අරගෙන, දෙන්න යන්නෙ වැඩේ.ෆූ… දැවිල්ල.පිච්චෙනවා වගේ.අම්මෝ, රිදෙනවෝ.ඉන්න බැරියෝ.හයි යයියෝ.කෝ මම තාම ප්ලාස්ටරේට අතවත් තියලා නෑ..ඒ ගැන හිතුවාමත් වේදනාව ඉවසන්න බෑ.දෙයියනේ, හම ගැලවිලා ආවොත් මොකද කරන්නෙ.ලේ නවත්තන්න බැරුව ගියොත්.ලේ ගලලා, ගලලා, ගලලා නාන කාමරේ ලේ වලින් පිරුනොත්.හැබෑටම මොනවා වෙයිද, මම නාන කාමරේ මගේම ලේ විලේ බැහැලා ඉන්නකොට, අම්මා ඇවිත් දොර ඇරියාම, නාන කාමරේ පිරිලා තිබ්බ ලේ, මුහුද ගොඩ ගලනවා වගේ ලොකූ ‍රැල්ලක් එක්ක එලියට ගහලා, අම්මයි මායි ලේ ගංගාවෙ පාරවල් දිගේ ගහගෙන ගියොත්.එතකොට අම්මා කෑ ගහලා අහවි,“මොනවද ළමයො මේ වෙන්නෙ.”මම කෑ ගහලා කියාවි,“මම මේ ප්ලාස්ටරේ ගැලෙව්වා විතරයි, අම්මේ.” කියලා.එතකොට අම්මා කියාවි,“මොනවා ළමයො. ප්ලාස්ටරේ ගැලෙව්වයි කිව්ව.”“හුහ්. මම ගෙදර ප්ලාස්ටර් හදනවා කියලා හිතුවද.”“ප්ලාස්ටර් ගස්වලින් කඩනවා කියලා හිතුවද.”“මෙතන මේ ප්ලාස්ටර් දන්සැලක් දාලා කියලා හිතුවද.”“නෑ අම්මෙ,” මම කියාවි,”ඒ වුනාට එහෙම වුනානම් කොච්චර හොඳද. එතකොට එකම ප්ලාස්ටරේ මාස හයක් අලෝගෙන ඉන්න වෙන්නෙ නෑනෙ,” කියලා.පිස්සු හැදෙන සඳ.මේ වගෙ දේවල් ගැන හිතුවමත් පිස්සු හැදෙනවා තමා.හොඳ නෑ හිතන්න.මම දන්නවා කරන්න ඕනෙ දේ.හිතිල්ල නවත්තලා වැඩට බහින්නයි ඕනෙ. වහ්…හාම.ඉවරයක් කරලා දැම්මාම, ඉවරෙටම ඉවරයි.මේ හුඟාක් මිනිස්සු නිකාං වේදනාව දික් ගස්සා ගන්නවා, මේ නිකාං බොරුවට ඒ ගැන ඕනෙවට වඩා හිතලාම.මම නං එහෙම නෑ.මම නම් යමක් කිව්වොත්, ඒක කරලම තමයි ආයෙ පස්ස බලන්නෙ.ඕව්, ඔව්, ඔව්. මගේ හැටි එහෙම තමයි. මගේ නෑනෙ ඔය බයිලා. මම කිව්වොත් කෙරුවා.සිරාවටම.ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඕන්න බලන්න එහෙනං.මම මේක කරන්නයි යන්නෙ දැන්.මේ දැන්.තව මොහොතකින් පටන් ගන්නවා.මේ දැන් ඉඳලා තව මොහොතකින්.ඒ කියන්නෙ තව චුට්ටකින්.එහෙම වෙන්නෙ, මම මේක හිතන්න ගිය අතරෙ, ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙලා. මම ‘මේ දැං’, ‘තව චුට්ටකින්’ බවට පත්වෙච්ච එක ගැන හිතන්න ගිය අතරේ, ‘තව චුට්ටකින්’, ‘තවත් චුට්ටකින්’ බවට පත්වෙලා. අන්න ඒ නිසා තමයි මට තවත් චුට්ටකින් පටන් ගන්න විදියක් නැත්තෙ. මොකද ඒක දැනටමත් පහුවෙලා නිසා.අන්න ඒක නිසා මම මේ දැන් පටන් ගන්නයි යන්නෙ.තුනට ගැනපු ගමන්.එක්..කා…යි.දෙක්…කා…යියි..දෙකහමාරයි…දෙකයි තුන්කාලයි…දෙකයි පහෙන් හතරයි…දෙකයි හයෙන් පහයි…දෙකයි අටෙන් හතයි…මේක හරියන මංගල්ලයක් නෙවෙයි.ගණින වැඩේ හරියන්නෙ නෑ.නිකම්ම අමුවටම කරන්න ඕනෙ.මේක ගැන කතා කරන එකයි, හිතන එකයි දෙකම නවත්තලා, වැඩේට බහින්න ඕනෙ.වැඩේනෙ කෙරෙන්න ඕනෙ.ඕං එහෙනං.ඒ වුනාට මේ වැඩේට අර ඇහිබැම ගලවන ට්වීසර් එකක් ඕනෙ වෙනවා, ප්ලාස්ටරේ කොණේ ඇඟිල්ලට අහුවෙන්න දෙයක් නැති තරමට තදින් ඇලිලා තියෙන නිසා.මම නාන කාමරේ කැබිනට් එක ඇරලා හොයනවා ට්වීසර් එකක්.මගෙ අම්මෝ. මේකෙ තියෙන ජාති.බේබි ෂැම්පූ, ඇපල් ෂැම්පූ, ඉස් හොරි වලට ගාන ෂැම්පූ (වෙන කාගෙවත් නෙවෙයි තාත්තගෙ), හෙයා ස්ලයිඩ්, බ්ලේඩ්, ඇන්ටි රිංකල් ක්‍රීම් බෝතලයක් (අම්මගෙ. වෙන කාගෙද.), සන්ස්ක්‍රීන්, කොට්න් බඩ්, කුරුළෑ ක්‍රීම් (ඒක ජෙන්ගෙ. දැන් ඕං ඔයාලා ඒක ගැන කල්පනා කරනවා නම්, ඒක වැඩක් නැති ක්‍රීම් එකක්, ඒකට කුරුළෑ වැඩි වෙනවා වගේ මට නම් පේන්නෙ), ඩිස්ප්‍රින්, විටමින් සී පෙති, පණුවන්ට දෙන පෙති, (මම හිතන්නෙ අපේ බව්වා, සූටියාගෙ වෙන්න ඕනෙ), තාත්තා සමහර වෙලාවට එයාගෙ කකුලෙ ඇඟිලි වල ගාන අමුතු ගඳක් තියෙන ක්‍රීම් ජාතිය. ඉවර වෙන්න ඔන්න මෙන්න නමුත් තව චූට්ටක් තියෙන, රෝල් කරපු ටූත් පේස්ට් ටියුබ් දහයක් විතර… කොටින්ම කිව්වොත් ට්වීසර් එක හැර අනිත් සෑම දෙයක්ම තියෙනවා.දැන් ඔයාලා හිතනවා නම් මම මේ නාන කාමරේ කැබිනට් එකේ තියෙන හැම දේම ගැන ලැයිස්තුවක් හදන්නෙ නිකං කාලෙ මරන්න කියලා, ඒක නම් ලොකුම වැරදීමක් ඕං. ඒ මොකද මම තවම පර්ෆියුම්, මවුත් වොෂ් (ජෙන්ගෙ, හරි.), ලිප් බාම්, නේල් පොලිෂ්, ලිප්ස්ටික් ගැන සඳහනක් වත් කලේ නැති නිසා. මට ඇත්තෙන්ම, මේවා ගැනත් කියන්න තිබ්බා. නමුත් එහෙම නොකලේ, මට ඕනෙ කරන්නෙ ට්වීසර් එක හොයාගන්න මිසක්, නිකරුනේ වෙලාව නාස්ති කරන්න නොවන නිසා.බලමු ප්‍රථමාධාර පෙට්ටිය ඇරලා.ආහ්. මේ තියෙන්නෙ බඩුව.මම ට්වීසර් එක එලියට ගන්නවා.මට දැන් පුලුවන් ප්ලාස්ටරේ ගලවලා දාලා ඒ කරදරෙන් සදහටම මිදෙන්න.පොඩී ප්‍රශ්නෙකට තියෙන්නෙ ට්වීසර් එක. ඇබීන්දක් විතර අපිරිසිදුයි වගෙ පේන්නෙ. මේක උණු වතුරෙ දාලා විෂබීජ මරලම ගත්තොත් මොකද. විෂබීජ ගැන කියන්න බෑනෙ.මම උණුවතුර කරාමෙ ඇරලා ට්වීසර් එක හොඳට සෝදනවා.දැන් ඔයාලා හිතනවා නේද නම් මම මේ කාලෙ ගතකරන්න විකාර කරනවා කියලා.ඇත්තෙන්ම නෑ.මට ඔය පුංචි වේදනාවක් කියන එක ගානක් නෑ.ඇත්තෙන්ම මම කැමතියි වේදනාවට.ඒකෙත් තියෙනවා යම් ආතල් එකක්.ඇත්තෙන්ම මට නම් වේදනාව වැඩිවෙන තරමට තමා ගතිය.සමහර වෙලාවට ලීයකට ඇණයක් ගහනකොට, මම කැමතියි ඕනැ කමින්ම ඇඟිල්ලටත් මිටි පාරක් ගහලා තලාගන්න. මොකටවත් නෙවෙයි, අර ඇදුම් කන වේදනාව විඳින්න.මම A4 කඩදාසිත් එක්ක වැඩක් කරනකොට, මම කැමතියි කඩදාසියකට ඇඟිල්ලක් පොඩ්ඩක් කපාගන්න, මොකද ඒකෙන් මාර වේදනාවක් දැනෙන නිසා.පිහියකින් වැඩක් කරනකොට මම පිහිය පොඩ්ඩක් ලෙවකනවාමයි, මොකද පිහියට දිව පොඩ්ඩක් කැපුනාම, අර A4 කඩදාසියට ඇඟිල්ල කැපුනට වැඩිය පට්ට ආතල් වේදනාවක් දැනෙන නිසා.දැන් ඔයාලා හිතනවද මේවා මහා චාටර් වැඩනෙ කියලා.හෙහ් හෙහ්හෙහ්. ඕවා මොනවද. මා ගාවා තියෙනවා පොතක්. ඒකෙ නම ‘මරණීය දණ්ඩණ විශ්ව කෝෂය‘ (Encyclopedia of Executions). අන්න පට්ට භාණ්ඩේ.. ඒකෙ තියෙන සමහර වධ ගැන ඇහුවොත්, ඔය මං කලින් කිව්ව ඒවා නිකං මොනවද කියලා හිතෙයි.ඕං අහගන්නකො කීපයක්.මිනිස්සුන්ව උණු වතුරෙ දාලා පණපිටින් තම්බනවා.උලක ගහලා ගින්නට අල්ලලා පුච්චනවා.කාන්තාරේ මැද්දෙ බිම දිගාකරලා අතපය හතර අතට ඇදලා කූඤ්ඤ වලට ගැට ගහලා තියනවා.ඇඟ පුරාම මී පැණි තවරලා, කූඹි ගුලක් ලඟ ගැට ගහලා තියනවා.ඔය ඔක්කෝම, මාස හයක් ඇ‍ඟේ අලවාගෙන හිටපු ප්ලාස්ටරයක් ගලවනකොට දැනෙන වේදනාවට යටයි.මේ වැඩේ කොහොම හරි කරන්න ඕනෙ.ඒක කරන්න ඕනෙ මේ දැන්.ට්වීසර් එක ලෑස්තියි.මම උණු වතුර කරාමේ වහනවා.ෆුල් ඩම් එක ගන්නවා.ට්වීසර් එකේ එක අණ්ඩක් ප්ලාස්ටරේ කොනකින් ඇතුලට රිංගවලා, අඬු දෙකෙන්ම අල්ලලා, අදිනවා.ආආආආආආආආආආආආආහ්හ්හ්.@%*.........@ @##**@ $.$%#%#$%....ඌඌඌඌඌඌඌඌඋයි.@##**@@.@%#%#$ @@ ඈව්. ආආආආආව්ව්.#....*..... ....#%#$% ආආආආආආආආආආආආආ හූඌඌඌඌඌඌඋ $.$%##$%@ @#හයියයියූඌඌඌඌ.. ....*..... Grrrrrrrrrrrrrමී ලඟ කොටසින් ප්ලාස්ටරේ ගලවා ගත්ත හැටි.පසු වදන: ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියපු, Just Wacky. කියන පොතේ, BAND-AID කියන මුල් කතාවෙ මේ කෑගැහිල්ල තියෙනවා පි‍ටු තුනක්. හිතාගන්න පුලුවන්නෙ වේදනාව. පව් පොඩි එකා.මේ ළමයෙක් හිතන හැටි. වරදවා තේරුම් ගන්න එපා. ළමයි අතිශයෝක්තියෙන් හිතන බව විතරක් මතක තියාගන්න.දෙදාස් දොළහෙදි මම මට හිතෙන හැටි බ්ලොග් අඩවිය වෙනුවෙන් පරිවර්තනය කරපු මේ කතාව මගේ ඩෙනිමේ නැවත පළ කරන්නේ විශේෂයෙන්ම ඇන්ඩියාව නොහඳුනන මගේ අලුත් රසිකයන් වෙනුවෙන්මයි. මේ කතාව කියවලා තියෙන අය ඉවසා වදාරන සේක්වා. මේ කතාව ඉවර වුනු ගමන් අලුත්ම කතාවක් දාන්න තමයි මේ පෙර හුරුව.Originally published @ මට හිතෙන හැටි. in 2012.
BLOG
2014.07.11
http://bluejeansntshirts.blogspot.com/
116.හේයි ජූඩ් Hey Jude
Dude
දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි. මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙ‍රැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා වෙන්නැති. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්.“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ.” මම ඇහුවා.“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.“මේ බස් එක කොට-කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න, ජූඩ්.”“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”ඔන්න ජූඩ්ගෙ කතාව.“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකො‍ටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාගන පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”“ඉතිං ඉතිං.”“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”“මටත් ඔයවැඩේ වෙලා තියෙනවා ජූඩ්.”“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකො‍ටුවෙ.”"ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”“අද ඉරිදනෙ සර්.”“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා, නින්ද ගිහින් හිටියොත් හෙම මතක් කරන්න කියලා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩ්ඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද.Originally published @ මට හිතෙන හැටි.
BLOG
2014.11.08
http://gonawala.blogspot.com
හමුවීම.....
සුරේන්ද්‍ර ගෝනාවල
පැමිණෙන තුරා ඔබ මා වෙතමග බලාගෙන සිටි කාලයදැනේ මට කල්පයක් විලසටඔබ ළඟ සිටි ඇසිල්ල මහමෙරක් වූ විටපැමිණ ඔබ කියාදුන් ජීවන ගීතයගයමි මම ඔබ යලි එනතුරාවටඉදින් කල් නෑර යලිත් පැමිණෙන්නඔබේ මල ඇත පෙරමන් බලාගෙන.
BLOG
2014.10.08
http://gonawala.blogspot.com
පරම්පරා වෙනස (Generation Gap)
සුරේන්ද්‍ර ගෝනාවල
මවුන් වම බලන සඳපුතු නෙත් යොමයි දකුණතදුන්නත් රිදුම් හද මේ දකින සඳමෙයයි නව පරපුරෙහි ආරය.
BLOG
2014.10.02
http://gonawala.blogspot.com
ඔබ සහ මම....
සුරේන්ද්‍ර ගෝනාවල
මඩ ගොහොරුවේ ඉපිදඉන් මිදී ඉපිල්ලීපියවි ලොව බලන්නටවෙර දරන මල්ලියේඔබට මන් පවසමිමාද ඔබ මෙන්මඒ දුක් ගැහැට විඳපැමිණියෙමි ගෙවා දුර කතරඒ දුක් ගැහැටවිඳ දරා අවසන්වවැජඹුනෙමි පියුමක්වකරමින් ලොව සුවඳ නමුදු දැන් එළෙඹෙමින්පවතී මගේ සැඳෑ කලනොවී කිසි පැකිලඒ සොඳුරු වගකීමවහා ගනු මැන භාර.
BLOG
2013.02.15
http://wandelakmani.blogspot.com
කොකාගේ වාරය
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,මට පස්සෙ තේරුම් යනව මාස පොය දවසට, දවල්ට හඳ පායන්නෙ නෑ කියල,උඹනම් මාර කෙකියෙක්.
BLOG
2013.02.08
http://wandelakmani.blogspot.com
අඩුද වින්දේ, ආදර සැනසුම බොලා
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
මීදුම් රොදේ වැහි බර වැඩි වූවාම,ගිඟුරුම්, විදුලි අඩු නැත මීදුම සේම,සුදු, මෘදු, සිතෙහි රළු කටරළු පිපුනාම,මා අමතකද පෙම් කළ, මහ මෙර සේම.දිනකි වින්ඳේ කිසගිණි, නුඹ කුස පුරවා,සැමදා නින්දේ, නුඹ සාගිණි, දුක නිවලා,වෙරකි ගත්තේ, යන්නට ඉදිරිය බලලා,අඩුද වින්දේ, ආදර සැනසුම බොලා.මගෙ සොඳ ගුණ ඇතත්, නුඹ හට එය නිච්චි නැත,නැතිනම් නරක ගුණ වල බර අඩු නොමැත,හොඳ හැටි ගනින් මෙ දෙක විමසා හිතට,කබරය තලගොයා වූවද මැණිකෙ බොට.ඉන්ට නොහැකිනම් එක සිත් දරාගෙන,යන්ට ඕනිනම් සැනසුම හොයාගෙන,අඩු නැතඑහෙත් අඩු නම් සැනසුම මෙතැන,පලයන් යන්න මා ඉන්නම් දරාගෙන.
BLOG
2012.07.15
http://wandelakmani.blogspot.com
අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබව කරනවා.
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා කෙතරම් ලොල් වීද යත්, සතියක් නොඉවසා බලා සිඳ, මවටත්, පියාටත් හොරෙන් වහලයට නැඟ, රූප පෙනෙන මානයකට ඇන්ටනාව හරවා ගන්නේ මහත් වූ අයාසයකිනි. එත් අරුමය නම්, රාවණා රජු සතුරන් පරදාලක්දිව ජයගන්නවා බැලීමටනම් නොව. රාමාට, රාවණා රජු පරදා, සීතා රැගෙන යාමට අදවත් හැකිවේදැයි බැලීමටය.පාසල් යන්නට පටන්ගත් දා සිට ඔහු ගැන විමසන්නට හෝ, ඔහු ගැන සිතන්නටවත් ලැබුනේ, සීතාඑළිය හනුමා දේවාලය පසුකර යන විටක පමනි. මුල් වරට මා එකී හනුමා දේවාලය පසු කරමින් ඒ අසලින් බසයෙන් ගිය දිනක, පියා විසින් මා හට, එම ස්ථානයේ රාවණා රජු විසින් සීතාව රැගෙනවිත් සඟවා සිටි බවට පුරාවෘත්තය කීවා මතකය. එදින මා හට මුල්වරට, රාවණා අපේ රජෙකියි, අපේ එකා යකෙකියි, ඒකා වෙන රටකට ගෙහුන්, කුමරියක මෙහි දැහගෙන ඒමට පවා හපනෙකියි, කියා අඩම්බර කාර හැඟීමක් ආවා මතකය.එදා මෙදා තුර මා හට රාවණා රජු ගැන, විමසන්නට ඇසිල්ලක්වත්, ඔහු ගැන නීත්‍යානුකූලව හැඳෑරීමට පාසල් පොතේ ඉඩහසරක්වත්, සොයාගන්නට නොතිබිණි. කොටියකු පිටුවස එනවිට දුවන මුව රැලක් සේ අකුරු කරන්නට දිව අවුත් එයින් ජයගෙන හුස්මක් කටක් ගත්තා පමණකි. රාවණා රජු ගැන වං හුං, කණින් කොනින්, සවනට, නෙතට වැටෙන්නට විය.අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබ කරනවා. අහෝ පරයින්... තම වෙබ් පිටුවේ හිට් කව්න්ටරය වැඩිකර ගන්නට ඒ මහා නිරිඳාගේ දඬුමොණරය අනුබව කරනවා. අහෝ පරයින්... ඒ මහා නිරිඳා තුළ තිබූ නොතුබූ ගුණ අතික්ෂයොක්තියෙන්, අතාත්විකත්වයට ගෙනවුත් ඒ මහා නිරිඳා උසුළුවට, විසුළුවට ලක් කරනවා.
BLOG
2011.02.27
http://wandelakmani.blogspot.com
පීතෲ මූලික...
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
අප අවට පරිසරයේ සිටින ඕනෑම පිරිස් ඒකකයකට තම පැවැතම රදා පවත්වා ගැනීමට මනා නායකත්වයක් තිබිය යුතුය යන්න වන්දේ ලක් මෑණී සමඟ එකතුවන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසා පමනක් නොව සතා සිව්පාවා පවා මෙකී මූලධමයට යටත් වන අතර බුදු බනේ පවා මේ බව සදහන්ව ඇත.අප පවුල යනුවෙන් හදුනා ගන්නේද මෙවැනිම පිරිස් ඒකකයකි.මෙම පවුල යන ඒකකයේ වුවද යහ පවැත්ම රදා පවතින්නේ පවුල මත බලගැන්වෙන මනා නායකත්වය මතය. අද වන්දේ ලක් මැණී ඔබ වෙත කියනුයේ මෙකී නායකතවය පවුලට දෙන පීතෲ මූලිකත්වය පිළිබඳවය.වර්ථමානය වන විට ලෝකය පුරා පවතින ආර්ථික පසුබිම මත ඒ ඒ රට වල පවුල් ඒකකය උඩුයටිකුරු වී අති බව සත්‍යයකි. මෙකී විපර්යයාසයේ විශාලතම ගොදුර බවට පත්ව අත්තේ ඇමරිකානු හා යුරෝපා රටවල්ය. මෙය කොතෙක් දුරට මෙම රට වලට බලපාද යත්, එම රට වල නීතියෙන් විවාහ ගිවිසගෙන අති ඇතැම් පවුල්, පවුලක් වීමට ඇති මූලික අවශ්‍යතාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකතුවීම යන අවශ්‍යතාවයවත් තෘප්ත නොකරයි. මෙලෙස බටහිර රටවල පවුල් ඒකකයට අති වී අති කළබැගෑනිය ඔබට මා තවදුරටත අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් පූරුවේ කල පිංවල ආනිසංසයෙන්, ආසියානුවෙකු වී ඉපඳුනු ආනුභාවයෙන්, ආසියාව පුරා තවමත් ස්ථාවරව විසිරී පැතිරී පවතින ආගමික පසුබිම හේතුවෙන්, ආසියානු පවුල් තවමත් බටහිර අංශහීනත්වයට පත් වූ පවුල් මෙන් පත් නොවී සවිමත්ව නැගීසිටී.ආසියානු පවුල් ඒකකයේද බලතල බෙදී ගියේ අතීතයේ සිට පැවතුනු ආර්ථික පසුබිම මතය. ඒ අනුව පවුලේ ආර්ථිකය සවිමත් කළ පියාට පවුලේ ගෘහමූලිකත්වය හිමිවිය. ඒ අනුව පවුලේ තීරණ ගැනීම පිළිබදව විශාල බලයක් හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ විශාල ගෞරවයක් ඔහුට හිමි වී තිබිණි.මෙකී ගෞරවය පියා පිළිබදව ළමුන් හමුවේ ගොඩ නැඟූ, මුළු ආසියානු සමාජයේම ගෞරවයට, පූජනීයත්වයට, පත් වූ උතුම් චරිතයක් මෙම ඒකකයේ සිටී. ඒ වෙන කවුරුත් නොව, නම අසූ පමණින් ඕනෑම ගොරහැඬි අළුගෝසුවකුගේ පවා හිත උනු වන මිහිපිට ජීවමාන දේවතාවිය අම්මාය. අම්මා සෑම විටකම ළමුන් තුළ පියා පිළිබදව බයක්, ගෞරවයක් අතිකිරීමට වගබලාගනී. ඇය කිසිවිටකත් මෙකී පාර්ශව දෙකට සෘජුව වාද විවාද කිරීමට ඉඩ නොදේ. සෑම විටකම මැදිහත් කරුවකුව දෙපාර්ශවයේම සීමාව ආරක්ෂා කරමින් දෙපාර්ශවයේම ගෞරවය සුරකී. මේ අනුව ඇය නිරායාසයෙන්ම පාර්ශව දෙක අතර සන්නිවේදන මාධ්‍යය බවට වත් වේ. තවද ළමුන් තම ඉල්ලීම් පියා වෙත ගෙන යන්නේද මව හරහාය. තවද පියා ළමුන්ට සෘජුව ආදරය නොදැක්වූ අතර, තමා තුල ළමුන් කෙරෙහි ඇති ආදරය මව විසින් ළමුන් වෙත සන්නිවේදනය කරන බවද හොඳිනම දැන සිටියේය. මෙලෙස අතීතයේ සිට මව පියාගේ සංවේදීබව ළමුන් වෙත ගෙන යන සංවේනිදකයා බාවට වත්ව සිටියාය.මෙසේ අනුන් කෙරේ ගෞරවයක් ඇති කිරවීමට උත්සාහ කරන ආදරණීය මවුතුමිය කෙරේ මුළු පවුල් ඒකකයේම ගෞරවය, පූජනීයත්වය, නිරායාසයෙන්ම ගොඩනැගේ. ළමුන්, තම සොඳුරු බිරිඳ සමඟ එකට එක කියනු දුටු විට, පියා ඔව්න්ව කෝටුමස් කරයි. එවිට සියළු දුක් විඳ දරාගන්නා ගන්නා මවු තුමිය මැද්දට පැන, කටකාර ළමුන්ව බේරා ගනී. මෙලෙස ආදරයෙන් හා ගෞරවයෙන් එකිනෙකා හා බැඳුනු පවුල් ක්‍රමයක් අතීතයේ සිට මේ දක්වා තිබී ඇත. මෙකී ක්‍රමය පීතෲ මූලික පවුල් ක්‍රමය කියා හදුන්වනු ලබයි.නමුත් වර්ථමානය...වර්ථමාන්යේ බලපවත්නා අර්ථික රටාව හාත්පසින්ම වෙනස් බව කවුරුත් දන්නා කරුණකි. මේ අනුව පීතෲ මූලිකත්වයට හේතු වූ කරුණ වන, පවුල ආර්ථිකය සවිබල ගන්වන කාර්යභාර්ය මවද සමසේ හෝ වැඩිපුර හිස දරයි.....ඉතින් අපේ ආදරණීය මවුවරුන් මෙතෙක් ඇයට හිමිවී තිබූ ගෞරවනීයත්වය, පූජනීයත්වය අමතක කර අයිතිවාසිකම් ඉල්ලනවාද ....ඉල්ලන්නේ කා හට හිමිව තිබෙන ගෞරවයද ....ඇයට මෙතෙක් හිමිව තිබූ ගෞරවය පූජනීයත්වය ඇයට සුදුසු නැද්ද .... මෙකී ප්‍රශ්න හමුවේ, පවුල් ක්‍රමය අති අසාර්ථක බටහිර රටවල්වල හැඳුනු කාන්තා විමුක්ති සංවිධාන එම ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.ඔවුන් අයිතිවාසිකම් ඉල්ලයි ...ඉල්ලන්නේ පියාට හිමිව තිබූ ගෞරවය ...මවට හිමිව තිබූ ගෞරවය අනුගාමිකයන්ට මතක් නොවීමට වග බලා ගනී ...මෙකී සටන් පාට, ක්‍රම උපායන්, පෙරදැරි කොටගෙන කාන්තා විමුක්ති සංවිධාන, පවුලක පරම පරමාර්ථය වන පවුලක් වශයෙන් එකට සිටීම යන්න පවා අමතක කර වෙන්ව හෝ අයිතිවාසිකම් දිනා ගනීමට උත්සාහ කරයි. වෙන්වූ කල පවුලක් නැති බවත්, පවුලක් නැති කල විමුක්තියක් අනවශ්‍ය බවත් අමතක වේ. එපමණක්ද නොවේ , පවුලක් නැති කල තමා හට ගෞරවයක් පිරිනැමීමට කවුරුවත් නැතිබවත්, දිනාගත් අයිතිවාසිකම් බුක්තිවිදීමට පවුලක් නැති බවත් අමතක කර වෙන්වීමේ අයිතිය ඉල්ලාසිටී. එකිනෙකා කෙරේ පීතෲ මූලික සමාජය තුල හිමිව තිබුනු ස්ථානයේ උස් මිටි කම් තිබුනේ නැත. එම ස්ථානය සෑම විටකම අනන්‍යය ස්ථානයක් විය. පියාට අති ගෞරවය ළමුන් හිත තුළ ඇති වූයේ, පියා විසින් ඔවුන්ව කෝටුමස් කළ දවසේය. මවට අති ගෞරවය ඔවුන් තුළ ඇති වූයේ මව විසින් පියාව වර්ණනා කළ දිනයේය. එයට උපයන මුදල ප්‍රමාණය වැදගත් වූයේ නැත.
BLOG
2011.02.18
http://wandelakmani.blogspot.com
රතනෙ මාමගෙ නහරයක් පුපුරල...
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ."ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්...""ඉතිං හොඳයිනෙ""මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා.."අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."කියල වැලහිනියක් වගේ අඬාගෙන.ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, ‍යැයි සිතින් සිතුවේය.එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා."ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."කියල කියනකොට,"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ." කියා රං පුතාට ඉබේටම කියවුනි.
BLOG
2010.09.21
http://wandelakmani.blogspot.com
උඩු ගම් ගොහිං...
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
.
BLOG
2010.06.06
http://wandelakmani.blogspot.com
පර හ‍ටන...
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි "වන්දේ ලක් මෑණී" කියන්නෙ, සංගීතය ගැන විතරක් ලියන ලිපි එකතුවක්නම් නෙමෙයි."පර හටන" ලාංකීය සංගීතය බුදුන්ගේ සරණින්, දෙවුන්ගේ ආශිර්වාදයෙන් දිනෙන් දින දියුණු වූ සැටිත්, ලාංකීය රුධිරයෙන් මෙලොව එළිය දකින මතු පරපුරේ අවාසනාවට, එයට හෙණහුරා පාත් වූ සැටිත්, හෙණහුරාගේ ආනුභාවයෙන් එය ලොප් වූ සැටිත්, මම පෙර ලිපියේ(අපිම කෙළිය, අපේ සංගීතේ...) සටහන් කළෙමි. මේ හෙණහුරා දිනෙන් දින අතුපතර වැඩෙමින්, යෝධ රුක්ෂයක් සේ ශ්‍රී ලංකාව තුල මුල් බැසගෙන කාලයක් ම වැජබිණි.ලංකාවේ පාසල් වල, සංගීතය විෂයෙහි ලා, ශ්‍රී ලංකීය ජන සංගීතය උගන්වනවා වෙනුවට, හින්දුස්ථානීය සංගීතය උගන්වා, සර්පයා රෙද්ද අස්සේ දමාගත් ශ්‍රී ලංකා විශාරද ඇත්තෝ, කනවෝ කන්වෝ කියා කෑ ගසන්නේ, හයක් හතරක් නොතේරෙන හයවසරේ ළමුන්ට අපේ දේ නොඋගන්වා, ඉන්දියාවේ සංගීතයක් උගන්වා අපේ කම අමතක කරවීමේ ආදීනව හේතුවෙනි. පසු කාලීනව බටහිර සංගීතයද, විශය මාලවට එකතුකර උවුන්, තව දුරටත් වැඩ වරද්ද ගත්තේය. මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ, අපේ දෙය හරියටම මොකද්දැයි නොදන්නා තරුණ ‍පරපුර බටහිර සංගීතය, කරලියට ගෙන ඒමට පටන් ගැනීමත් සමඟ, විශරද ඇත්තෝ සටන් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. ඒ, පිට රටින් එන එන දේ අනුකරණය කරනවා යැයි තරුණ ‍පරපුරට චෝදනා කරමිණි. නමුත් එම චෝදනාව අපට කරන්නේ රෙදි ඇඳගෙනදැයි ඇසීමට අභිනව තරුණ සංගීත කාරයෝ උත්සුක නොවූවද, මොන මොනවාදෝ මුමුණා චෝදනාවට එරෙහිව සටන් ප්‍රකශ කළෝය. මෙලෙස, අපේ සංගීතය වලපල්ලට යවා, පරයන්ගේ සංගීතය අපේ රටට ගෙනා පරයින් දෙකොට්ඨාශයක් සටන් ඇරභීය. තාලම් පොටක, ගැට බෙරයක, උඩැක්කියක, වන්නමක, ජනගීයක හඬ ඇපයෙන් බේරීමට තමාගේ නිර්මාණ වලට එකතුකර ගන්නා මොවුන්, මමයි ශ්‍රී ලාංකීය, මමයි ශ්‍රී ලාංකීය, කියමින් පුරවැසි බාවය තහවුරු කිරීමට උත්සහා කරයි.ලාංකීය ලේබලය ගසා ගැනීමට පොර කන විශාරද ඇත්තනේ, ඔබ තමුන්නාන්සේලගේ ආනුභාවයෙන් අද වන විට වසර විස්සක පමණ පසු බෑමක්, නියම ශ්‍රී ලංකා සංගීතයේ ඇතිවී ඇත. ඔබ අතපසු කළ එම කාලය, නැවත ඇද්දවීම, ඔබ බිහිකළ වල් බූරු සංගීත අධ්‍යාපන ක්‍රමයෙන් උත්පාදනය වූ, පෙර අපර දෙදිග පරගැති සංගීත ඥාණයක් ඇති තරුණ ගැටයන් ලවා කළ නොහැක.සංගීත ඥාණය යමෙකුට පැමිණෙන්නේ තම රුධිරයෙනි. ශ්‍රී ලාංකීය රුධිරය ඇඟේ දුවනා සංගීත කරුවනි, ඔබ ඔබේ රුධිරය හඳුනා ගත යුතුය. ඔබ එක්ව පරයන් විසින් අතරමං කළ නියම ශ්‍රී ලාංකීය සංගීතය අහු මුළු වලින් සොයාගෙන, ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ශ්‍රී ලාංකීය හඬකින් පිට කොඳු කෙළින් සිටුවා ගැයීමට, වන්දනීය මාතෲ භූමියේ, වන්දනීය සංගීතය නැවත ස්ථාපනය කළ යුතුය.
BLOG
2010.05.22
http://wandelakmani.blogspot.com
අපිම කෙළිය, අපේ සංගීතේ....
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
4pt 0cm 5. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද, සංගීතය “හූවකින්” ආරම්භ කල මිනිසා, ඒ මොහොතේ ඔහු සතුව තිබෙන්නට ඇත්තේ මානසික වියවුල් සහගත බවක් වන්නට ඇත. එම හූවෙන් ඔහු යම් සහනයක් ලබන්නට ඇත. ඒ හේතුවෙන් ඔහු කීප වරක් හූ කියන්නටද, විවිද තාල වලට හූ කියන්නටද, සිනහ වෙමින් එයට හඬ එක් කරන්නටද ඇත. කුමන ආකරයකින් සංගීතය ආරම්භ වුවද, එය මෙවැනි,සරල මානසික තත්වයක්, නිසා ඇති වූවක් විය යුතුමය. කාලයාගේ අවැමෙන් මෙයට ඔවුන් එවකට බාවිතා කරන ලද නොදියුණු භාශාව එක්කර ඔවුන්ගේ අලුත සොයාගත් මිතුරාගෙන් වෙනස් අකාරයේ රස විදීම් එක්කර ගැනීමට උත්සහ දැරීය. තමා අවට ඇති යම් යම් ද්‍රව්‍ය එකට ගැටීමෙන් එයට නව ශබ්ද එකතු කරන්නටද, තාලයක් එකතුකරන්නටද සමත් විය. මේ ආකරයට ඔවුන් සංගීත භාණ්ඩ භවිතය ආරම්භ කළේය. මේ වන විට සර්ව සම්පූර්ණ සංගීතය බිහිවී අවසානය. මේ අනුව සංගීතයට, අදී ජනයා තම ජීවන චර්යයාව හා අනුබද්ධිත් සංවර්ධනයක් ලබා දුන්නේය. මෙවකට පැවති රැකියා අනුව සංගීතය කාණ්ඩ වන්නට පටන් ගත්තේය. අනුගාමී භාශා සංවර්ධනයත් සමඟ, නුදුරු අතීතය වනවිට, කාලයගේ ඇවෑමෙන් උපමා රූපක, ලෝප සන්ධි, එළි සමය ඇති, අපූර්ව පද මාලාවක් ඇති, දියුණු ලෙස ඛාණ්ඩ වුණු සරල ජන සංගීතයක් ලංකාවේ සංවර්ධනය විය. එපමණක්ද නොව, යම් යම් දේ එකට ගැටීමෙන් ආරම්භ කළ සංගීත භාණ්ඩ භාවිතයද මීට සමකාලීනව වර්ධණය විය. මෙහි දෙවන පියවර ලෙස, ඔවුන් සතු බඳුන් වල විවිද ද්‍රව්‍ය බැඳ, ශබ්ද උත්පාධනය කල ඔවුන් එය සංවර්ධනය කරමින් මේ සදහා විවිද හැඩයන් ඇති බඳ කොටස් නිර්මාණය කළේය. මේ අනුව මොවුන් විවිද වර්ගයේ බෙර වර්ග භාවිතයට ගත් අතර, බෙර භාවිතයද නුදුරු අතීතය වන විට ඉතා දියුණු තත්වයකට පැමිණ තිබුණි. මේ අයුරෙන්ම ලාංකීය සංගීතය තුල, ආතත, විතත, විතතාතත, ඝණ, සුසර යනාදී වශයෙන් විවිද වර්ගයේ සංගීත භාණ්ඩ නිර්මාණ්ය විය. මෙලෙස දියුණු වුණු ශ්‍රී ලාංකීය සංගීතය, විවිද දේශපාලනික කාරණා සහා සංස්කෘතික කාරණා හේතුවෙන් ආගන්තුක සංගීත වල බලපෑම් වලට ලක්විය. කුමන බලපෑම් ආවද, ලාංකීය සංගීතය සංවර්ධනය වීම නොනැවතුනු අතර 80 දශකය වන තෙක් භාවිතයේද පැවතුණි. 80 දශකයෙන් පසුව ලංකාවට පැමිණි විවිද ආකාරයේ සංගීත ක්‍රම ලංකාවේ පැලපදියම් වූවා පමණක් නොව, පෙර කී ලංකීය සංගීතයේ ක්‍රමික සංවර්ධනය අඩාල කිරීමටද සමත් විය. මෙහිලා ප්‍රමුක වැඩ කොටස කරනු ලැබුවේ අසල්වසි ඉංදියාවෙන් පමිණි, හිංදුස්ථානීය සංගීතයයි. වර්ථමානය වනවිට ශ්‍රී ලංකා පාසල් වල, සංගීතය විශයෙහි ලා, හින්දුස්තානීය සංගීතය ඉගැන්වීමට, ඉංදියාවට ගොස් විශාරද පට්ටම් ගත් ඈයෝ සමත්වී ඇත. පෙර කී ශ්‍රී ලංකා සංගීතය අනු මාතෘකාවක් ලෙස උගන්වනු ලබයි. ඉතා දියුණුලෙස සාදනීය මාර්ගයක් ඔස්සේ දියුණු වෙමින් ආ ලාංකීය සංගීත භාණ්ඩ නැටුම් විශයෙහි ලා උගන්වනු ලබයි.4pt 0cm 5. මේ කියන්නට යන්නේ, පෙර කී ක්‍රමික සංවර්ධනය ලොප් වීමට හේතුවයි. ඉහත කියමන සනාත කරමින් වෙනත් රටවල සංගීතය මෙන්ම, ලංකාවේ සංගීතයද අත්හදා බැලීම් කරමින් දියුනු විය. මේ අයුරින් ගල් කැට එකට ගසමින් පටන් ගත් බෙරය, යක් බෙරය, ගැට බෙරය, උඩැක්කිය, දක්වා දියුණු වී, ඉලෙක්ට්‍රික් බෙරයක් නොසදා, සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.
BLOG
2010.05.17
http://wandelakmani.blogspot.com
මුව හැඩ කල වන්දනීය දවස......
:;;;:_€ⱤḀᾓԌᾎ_::;;;
හෙට බුදුන් උපන් වෙසක් මාසයේ 18 වනදා. සුවහසක් ලාංකීය ගැහැණුන්ගේ තම වීරත්වයේ පිරිමි පුලුට වෙනුවෙන් මහමෙරකට වැඟුරූ කඳුලු දූරින්භූත වූ පමණක් නොව, සුවහසක් ලාංකීය පිරිමින්ගේ පූජනීයත්වයේ සංඛේතය වූ අදරනීය ගැහැණුන් වෙනුවෙන් පිපී නොතිබුණු රෝස පොහොට්ටු පිපී දෙපා මුල පූජා කල කඳුලු සමඟින් සිනහව සටන් කරමින් අපේ මුව හැඩ කල වන්දනීය දවස.