category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG
|
2014.09.09
|
http://linux-sinhala.blogspot.com/
|
Shell Scripting #3 - ගණිත කර්ම - Shell Arithmatics
|
Dulanja Subodhana
|
හොඳයි අපි එහෙනම් Shell Scripting වල තවත් එක් වැදගත් මෙහෙයුමක් වන ගණිත කර්ම භාවිතය එහෙමත් නැත්තම් Shell Arithmetic ගැන ඉගෙන ගමු. Computer Programming වලදි අපි ගණිත කර්ම භාවිතා කරන විට එක එක පරිගණක භාෂාවට (Computer Language, Ex: Java, Python, C.. ) අනුව එම ගණිත කර්ම යොදා ගන්නා ආකාරය වෙනස් වෙනවා. Shell scripting කියන්නෙත් හරියට programming වගේ දෙයක්ම තමා. ඒ නිසා shell scripting වලදි ගණිත කර්ම යොදාගන්නේ කොහොමද කියලා අපි දැන් කථා කරමු.Shell scripting වල ගණිත කර්ම භාවිතා කරද්දි අනුගමනය කරන්න ඕනේ මූලික ආකාරය.Syntax:expr var1 math-operator var2var1 = විච්‍යය 1, var2 = විච්‍යය 2math -operator යනු පහත දක්වා ඇති ගණිත කර්මයන්ය.උදාහරණ:ඉලක්කම් සමඟ$ expr 3+ 2 $ expr 5 - 3$ expr 10 / 2$ expr 5 \* 10 විචල්‍යය සමඟ$ x=10$ y=5$ expr $x + $y$ expr $x - $y$ expr $x / $y$ expr $x \* $y$ echo `expr $x + $y`$ echo `expr $x \* $y`✔ සටහන:විධානය විධානය සමඟ භාවිතා කිරීමේදී expr විධානයට පෙර සහ පසුව ( ` ) සංකේතය භාවිතා කිරීමට වගබලා ගන්න. Back quote හෙවත් ( ` ) සංකේතය Single quote ( ' ) සහ Double quote ( " ) සංකේත සමඟ පැටලීමට ඉඩ ඇත.( ` ) සංකේතය බොහෝවිට Tab key එකට ඉහලින් keyboard එකේ පිහිටා ඇත.Single quote හෝ double quote සංකේත භාවිතා කලහොත් ගණිත කර්මය සිදුවනවා වෙනුවට ( ' ) එක හෝ ( " ) එක තුල ඇති සියලු දේ print වේ.විචල්‍යය භාවිතය. || විධාන භාවිතය.
|
BLOG
|
2014.09.04
|
http://linux-sinhala.blogspot.com/
|
Linux සිංහලෙන් Shell Scripting #2.3 - විචල්‍යය භාවිතය.
|
Dulanja Subodhana
|
මුලින්ම අවුරුද්දකට අධික කාලයක් ලිපියක් පළ නොකරාට පාඨක ඔබ සැමගෙන් සමාව ඉල්ල සිටිනවා. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතු සමඟ කාර්‍යබහුල වුන බැවින් මෙතරම් කාලයක් බ්ලොග් එකේ වැඩ කටයුතු අඩාල වුන එකට නැවතත් සමාව ඉල්ලා සිටිනවා. මේ කාලයේදී නැවත ලිපි ලියන්න කියා දිරිමත් කල සියලු දෙනාට බොහෝමත් ස්තූතියි.හොදයි අපි එහෙනම් නවත්තපු තැනින්ම පටන් ගමු. ඔබට මතක ඇති අපි සාකච්ඡා කරමින් සිටියේ ගැන. Shell Scripting වලදි variables define එහෙමත් නැත්තම් විච්‍යය අර්ථ දැක්වීම තමා අපි අවසානයට කථා කරමින් සිටියේ. අද අපි කථා කරන්න යන්නේ මෙම අපි විසින් define කරන ලද variables කොහොමද භාවිතා කරන්නේ කියලා.පෙර ලිපියේදි අපි සාකච්ඡා කරා කොහොමද variable එකක් define කරන්නේ කියලා. Shell scripting වලදි variable define කරන්නේ $ var='linux-sinhala' ආකාරයට, මෙම variable එකේ value එක අපිට මෙම shell එකේදි අවශ්‍යය වෙලාවට භාවිතා කරන්න පුලුවන්. සරලම උදාහරණය තමා echo command එකේ භාවිතය. $ name='linux-sinhala'$ echo $nameසටහන: echo command එක භාවිතයෙන් variables සමඟ ගනුදෙනු කරන විට $ සංකේතය අනිවාර්‍යෙන් භාවිතා කරන්න. එය නැතුව විධාන කරොත් variable එකේ value එක වෙනුවට variable එකේ නම තමා වෙන්නේ.Shell Scripting වලදි ගණිත කර්ම (Shell Arithmatics) යොදාගන්නා ආකාරයත් සාකච්ඡා කරලම අපි shell scripts ලියන්න පටන් ගමු. බොහෝම ඉක්මනට වලදි ගණිත කර්ම භාවිතා කිරීමේදී යොදාගන්නා නීතී රීති පිළිබඳ ලිපියකින් හමුවෙමු.විචල්‍යය අර්ථදැක්වීම. || ගණිත කර්ම.
|
BLOG
|
2013.08.17
|
http://linux-sinhala.blogspot.com/
|
Linux සිංහලෙන් Shell Scripting #2.2 - විචල්‍යය අර්ථදැක්වීම.
|
Dulanja Subodhana
|
විචල්‍යය අර්ථදැක්වීමේදි පිළිපැදිය යුතු නීතී සහ රීතී.විචල්‍යය නමක අක්ෂර, ඉලක්කම් සහ සංකේත යන මේ 3න් වර්ගයම අඩංගු විය හැකි නමුත් එම විචල්‍යය නම ආරම්භ කල යුත්තේ අක්ෂරයකින් හෝ _ සංකේතයකින් පමණි.උදාහරණ ලෙස පහත තිබෙන්නේ වලංගු විචල්‍යය නම් කිහිපයකි.HOMEvar1var_2_numවිචල්‍යය නමකට space හෝ *, . සංකේත භාවිත කල නොහැක. එම නිසා විචල්‍යය නම් කිරීමේදී ඒවා භාවිතා කිරීමෙන් වැළකෙන්න.සමාන ලකුණෙන් එක පැත්තකට හෝ දෙපැත්තටම space යෙදීමෙන් වළකින්න.$ no =10 $ no= 10 $ no = 10ඉහත දක්වා ඇති සියළුම විචල්‍යය නම් කිරීම් වලංගු නොවන අතර නිවැරදි නම් කිරීම වනුයේ,$ no=10විචල්‍යය case-sensitive වේ. පහත දක්වා ඇති විචල්‍යය එකිනෙකට වෙනස් වේ.$ no=10 $ No=11 $ NO=20 $ nO=2විචල්‍යයක අගය NULL වන ආකාරයට කරගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා පහත සඳහන් ක්‍රමය භාවිතා කල හැකිය.$ var=$ var=""විචල්‍යය අර්ථදක්වන ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මීළඟට අපි බලමු කොහොමද අපි මේ විචල්‍යය අපගේ shell scripting වලට යොදාගන්නේ කියලා.විචල්‍යය. || විචල්‍යය භාවිතය.
|
BLOG
|
2013.08.17
|
http://linux-sinhala.blogspot.com/
|
Shell Scripting #2.1 - විචල්‍යය - Variables.
|
Dulanja Subodhana
|
පසුගිය ලිපිය තුලින් shell scripting ගැන මූලික අදහසක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඇත්තටම බැලුවම මේ shell scripting කියන්නෙත් programming කරනවා වගේ වැඩක් තමා. අපි දන්නවා programming වලදි අපිට variables එහෙමත් නැත්තම් විචල්‍යය භාවිතා කිරීමට සිදු වෙනවා. අපි අද කථා කරන්න යන්නේ shell scripting වලදි විචල්‍යය භාවිතා කරන්නේ කොහොමද කියලා.මුලිකවම shell scripting වලදි භාවිතා කරන විචල්‍යය වර්ග 2ක් තියෙනවා.System Variables (SV) - මේවා ලිනක්ස් පද්ධතිය මඟින් නිර්මාණය කර, ලිනක්ස් පද්ධතිය තුලම භාවිතා වෙන විචල්‍යය වර්ගයයි. මේවා Upper-case letters මඟින් නම් කර තිබෙනවා. පහත දක්වා ඇත්තේ බහුලව භාවිතා කරන කිහිපයක්.විචල්‍යයඅර්ථයBASHභාවිතා කරන shell එකේ නම.BASH_VERSIONභාවිතා කරන shell එකේ version එක.COLUMNSScreen එකේ පෙන්නන column ගණන.HOMEපද්ධතියේ Home ඩිරෙක්ටරයේ path එක.LINESScreen එකේ පෙන්නන line ගණන.LOGNAMEපද්ධතියේ logging name එක.OSTYPEපද්ධතියේ os type එක.PATHපද්ධතියේ path සැකසුම.PS1පද්ධතියේ prompt සැකසුම.PWDදැනට වැඩ කරන ඩිරෙක්ටරයේ path එක.SHELLභාවිතා කරන shell එකේ නම.USERNAMEදැන් පද්ධතියට log වී සිටින පරිශීලකයාගේ නම.මේ විචල්‍යය වල තිබෙන අගයන් දැන ගැනීමට අවශ්‍යය නම් ඔබට තිබෙන්නේ සරළවම echo විධානය භාවිතා කිරීම පමණී.උදාහරණයක් ලෙස ඔබට මේ වන විට පද්ධතියට log වී සිටින පරිශීලකයා දැන ගැනීමට අවශ්‍යය නම්,$echo $USERNAMEයනුවෙන් විධාන කර බලන්න.ඒ වගේ ඉහත සඳහන් කරලා තියෙන සියළු විධාන echo විධානය යටතේ ක්‍රියාත්මක කරලා බලන්න.$echo $HOME$echo $SHELL$echo $PATHඅපිට මේ system variables පවා වෙනස් කිරීමේ හැකියාව ලිනක්ස් පද්ධතියක් මඟින් ලබා දෙනවා. නමුත් SV වෙනස් කිරීම පිළිබඳව ඔබට අත්දැකීමක් නොමැති නම් ඉන් වළකින එක වඩා හොඳයි. මොකද SV වෙනස් වීම තුලින් පද්ධතිය අකර්මන්‍යය විය හැකියි. User Defined Variables (UDV) - පරිශීලක විසින් අර්ථ දක්වන විචල්‍යය. එනම් භාවිතා කරන්නාගේ ප්‍රයෝජනය සඳහා අර්ථ දක්වනු ලබන විචල්‍යය. Shell scripting වලදි බහුලවම භාවිතා කරන විචල්‍යය වර්ගය තමා මේ UDV.උදාහරණයක් විදිහට අපි හිතමු අපිට අගය 2ක් වන number කියලා විචල්‍යයක් define කරගන්න අවශ්‍යයි කියලා. එවිට කරන්න තියෙන්නෙ ඉතාමත් සරළව,number=2කියලා UDV එකක් define කරන එක විතරයි.කෙසේ වෙතත් මෙසේ මෙම විච්ල්‍යය භාවිතා කිරීමේදි දැනගත යුතු නීති රීති කිහිපයක් තියෙනවා. ඒවා පිළිබඳවත්, මෙම විචල්‍යය අපගේ shell scripting වලට යොදාගන්නා ආකාරය පිළිබඳවත් අපි මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.හැඳින්වීම || විචල්‍යය අර්ථදැක්වීම.
|
BLOG
|
2013.08.11
|
http://linux-sinhala.blogspot.com/
|
Shell Scripting #1 - හැඳින්වීම
|
Dulanja Subodhana
|
හොඳයි, පහුගිය ලිපියෙන් කථා කරා වගේ අපි මෙතැන් සිට Shell Scripting ඉගෙන ගන්නයි යන්නේ. ඒ සඳහා ආරම්භයක් විදිහට අපි මුලින්ම මේ Shell එක කියන්නේ මොකද්ද කියලා කථා කරමු.අපි හැමෝම දන්නවා පරිගණකයේ භාෂාව 0 සහ 1 කියලා, ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව කියලා හඳුන්වන මෙම පරිගණකයට තේරෙන භාෂාවෙන් අපිට වැඩ කරන්න සෑහෙන්න අමාරුයි. ඒ නිසා පරිගණක තාක්ෂණය දියුණු වෙන මුල් කාලයේ මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයට විධාන ලබාදෙන්නත්, එම විධාන පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට පරිවර්ථනය කරන්න පුලුවන් මෙවලමක් අවශ්‍යය වුනා. Shell එක බිහිවුනේ මෙම අවශ්‍යයතාවය ඉටු කිරීමටයි.Shell එක කියලා කියන්නේ පරිශීලක වැඩසටහනක් (user program), එය විධාන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති කර්නලයේ කොටසක් නොවන වැඩසටහනක්. නමුත් එය කර්නලය පාවිච්චි කරනවා විධාන ක්‍රියාත්මක කිරීමට සහ ෆයිල් සමඟ ගනුදෙනු කිරීමට. කෙටියෙන් කියනවා නම් Shell එක යනු කර්නලය හා පරිශිලකයා අතර ඇති Interface එකක් වැනි දෙයක්.ලිනක්ස් පද්ධති වල නිරතුරව භාවිතා වන Shell වර්ග කිහිපයක් තියෙනවා. මෙය නිදහස් මෘදුකාංගයකි.CSH (C SHell)Bill JoyUniversity of California (For BSD)C භාෂාවේ Syntax වලට හා භාවිත වලට අතිශයින්ම සමාන shell එකකි.ඔබගේ පද්ධතියේ පවතින Shell වර්ග පරික්ෂා කිරීමට පහත විධානය භාවිතා කරන්න.$ cat /etc/shellsඉහත සඳහන් කරන ලද හැම Shell එකක්ම කරන මූලික කාර්‍යය වන්නේ පරිශීලක ලබාදෙන විධාන කියවා, මෙහෙයුම් පද්ධතියට එහෙමත් නැත්තම් කර්නල් එකට ඒ විධාන හරවා යවනවා ක්‍රියාත්මක කරන්න කියලා. විධාන ලබාදෙන්න අපි භාවිතා කර්න්නේ යතුරු පුවරුව නම් එය හඳුන්වන්නේ command line interface කියලා, සාමාන්‍යයෙන් මෙය $ ලකුණෙන් දක්වයි.වින්ඩොස් වල තියෙන Command Prompt එකත් මේ වගේ Shell එකක් තමා. නමුත් වින්ඩොස් එකට වඩා ලිනකස් වල තියෙන එක ගොඩාක් බලගතුයි. ඇත්තෙන්ම ලින්කස් වල තියෙන Shell එකෙන් අපගේ ලිනක්ස් පද්ධතියට කරන්න බැරි දෙයක් බැරි තරම්.දැනට භාවිතා කරන ටර්මිනල් එක එහෙමත් නැත්තම් Shell එක කුමක්ද කියා දැනගැනීමට පහත විධානය භාවිතා කරන්න.කෙටියෙන්ම කියනවා නම් Shell Script එකක් යනු Plain text එකක් මත ලියනු ලබන විධාන සමූහයකි.මෙය වින්ඩෝස් වල භාවිතා කරන Batch File වලට සමානය. නමුත් Batch File වලට වඩා අතිශයින්ම බලවත්ය.Shell Script කුමක් සඳහාද.කෙනෙක්ට හිතෙනවා ඇති, GUI එකක් තියෙද්දි මොකටද මේ Shell එකක් කියලා. නමුත් ලිනක්ස් එක්ක වැඩ කරද්දි UI එකට වඩා ටර්මිනල් එකෙන් වැඩ කරන එක ලේසි කියලා ඉබේම තේරෙයි. එහෙම ටර්මිනල් එකෙන් වැඩ කරද්දි Shell Script මඟින් අපේ වැඩ තවත් පහසු කරගන්න පුලුවන් කියන එකත් ලඟදීම ඔබටම අවබෝධ වෙයි.අපි දැන් බලමු මොකටද, මොකක් සඳහාද මේ Shell Script ලියන්නේ කියලා.පරිශීලකගෙන් ආදාන ගෙන ඒවා ක්‍රියාත්මක කර ප්‍රතිදානයක් ලබාගැනීමට මේ shell script මූලිකව භාවිතා කල හැක. අපගේම විධාන සකසා ගැනීමට shell script භාවිතා කල හැක.Shell script මඟින් කාලය ඉතිරිකර ගැනීමට හැකිය.එදිනෙදා කටයුතු ස්වයංක්‍රියව සිදු කරගැනීමට shell script භාවිතා කල හැකිය.System Administration කටයුතු ස්වයංක්‍රියව සිදුකරගැනීම shell script මඟින් පහසුවෙන් කරගත හැකිය.Shell Script ලිවීම සහ ක්‍රියාත්මක කිරීම.ඔබ කැමති text editor එකක් භාවිතා කර පහත සඳහන් විධාන කිහිපය එහි සඳහන් කර, එය කැමති නමකින්, අගට .sh යන නමින් save කරගන්න.#.sh නමින් save කරගන්න.මීලඟට මෙය ආකාරයට සකසා ගත යුතුයි. ඒ සඳහා පහත විධානය භාවිතා කරන්න.shමෙලෙස අවසර තත්වයන් වෙනස් කිරීම ඔබට ආගන්තුක දෙයක් නම් මෙම ලිපි පෙළ කියවන්න.මීලඟට මෙම එක ක්‍රියාත්මක කිරීම සඳහා පහත විධානය භාවිතා කරන්න.$.shමේ තමා shell script එකක් ලියා ක්‍රියාත්මක කරන සරල ආකාරය. මෙම මඟින් සිදුවන්නේ, දැනට තියෙන shell එක clean කර echo නමින් විධානය යටතේ ඇති වාක්‍ය තිරයේ පෙන්නුම් කරන එක පමණි.මෙම #./bin/sh වාක්‍ය අපි විසින් ලියනු ලබන සෑම එකකම මුලින්ම අඩංගු විය යුතු දෙයකි. එමඟින් අපගේ එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය මූලික දත්ත ඇති ස්ථානය පද්ධතියට දැනුම් දේ. C භාෂාවේන් ක්‍රමලේඛනයක් ලිවීමේදී යොදන #include <stdlib.h> වැනි දෙයක් තමා මේක.shell script එකක comments ලිවීම සඳහා භාවිතා කරන්නෙත් මෙම #. සංකේත දෙකයි.මෙය ඉතාම සරල shell script එකකි. shell script ගැන තවදුරටත් අපි මීළඟ ලිපියෙන් කථා කරමු. shell script භාවිතා කර අපගේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්නේ කොහොමද කියලා ඉදිරියේදී සාකච්ඡා කරමු.ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන විධාන යොදාගෙන ඔබගේම shell script ලිවීමට දැන් පටන් ගන්න.
|
BLOG
|
2013.07.13
|
http://linux-sinhala.blogspot.com/
|
Shell Script ඉගෙනගමු.
|
Dulanja Subodhana
|
පහුගිය මාස කිහිපයේ අධ්‍යාපන කටයුතු සමඟ තිබුන කාර්‍යබහුලත්වය නිසා ලිපි පළකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුලින්ම සමාව ඉල්ලා සිටිනවා.මේ බ්ලොග් එකේ ලිපි පෙළ අනුගමනය කිරීමෙන් ඔබට දැන් ලිනක්ස් පද්ධතිය සමීප වන්නට ඇතැයි සිතමි.හොඳයි, එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන shell scripting ගැන ඉගෙන ගන්න පටන් ගමු.මෙම පාඩම් මාලාව පහත පරිදි කොටස් කිහිපයකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.හැඳින්විම - Introduction. විචල්‍ය භාවිතය - Variables.ගණිත කර්ම භාවිතය - Shell Arithmatics.විධාන භාවිතය - Command Line Processing.තීරණ යෙදීම් භාවිතය - Decision making. මෙම පාඩම් මාලාව මූලිකවම කොටස් 8කින් සහ ඒ ඒ කොටස් වලට අදාල අනු කොටස් තුලින් විස්තාරත්මකව සාකාච්ඡා කිරීම ඉදිරි සති කිහිපය තුල සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.ලිනක්ස් සිංහලෙන් සමඟ මෙතුවක් රැඳී සිටියාට ස්තූතිවන්ත වෙන අතර, ඔබගේ ප්‍රතිචාර සහ අදහස් බලාපොරොත්තු වෙමි.දැනුම්දීමලිනක්ස් කථා බහ හෙවත් Forum එක Linux Lanka Forum එක තුලට ගෙනයන ලදි, එකම ප්‍රශ්න ගැන තැන් තැන් වල කථා කරනවාට වඩා එකම තැනක කථා කිරීම සියල්ලන්ටම වඩා ප්‍රයෝජනවත් වේ. ඔබගේ ගැටළු එම ෆෝරමයට හෝ udsubodhana@gmail.com ලිපිනයට යොමු කරන්න.
|
BLOG
|
2013.01.11
|
http://linux-sinhala.blogspot.com/
|
පුංචි පුංචි දේවල් ටිකක්... - ලිනක්ස් පාඩම් මාලාව #10
|
Dulanja Subodhana
|
ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.යතුරු පුවරුව (Keyboard) භාවිතය.ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්‍රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්‍රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.Debian හෝ Ubuntu / *buntu පද්ධති සඳහා.මෙම අඩවියෙන් බාගත හැකිය.ස්ථාපනය කරගත් පසු භාවිතා කිරීම සඳහා ටර්මිනලයේ gtypist යනුවෙන් සඳහන් කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි හෙවත් ක්‍රියාත්මක වනු දැකගන්න ලැබේවී.මෙම ආරම්භකය තිරයේ දැක්වෙන පරිදි ඔබට Touch Typing ඉගෙන ගැනීම සඳහා මූලික පාඨමාලා 10ක් දකින්නට ලැබේවී. මෙම පාඨමාලා තෝරාගැනීමට යතුරු පුවරුවේ J, K, L හා M යතුරු භාවිතා කරන්න. ඉන්පසු ලබා දී ඇති උපදෙස් අනුව ඉගෙනගන්න පටන් ගන්න.දවසකට විනාඩි 5-10ක් වැනි සුළු කාලයක් මේ සඳහා වැය කර ඉක්මනින් Touch Typing පුරුදු වන්න. එවිට ඔබට ටර්මිනලයෙන් වැඩ කිරීම විනෝදජනක අත්දැකීමක් බවට පත්වේවී.ටැබ් යතුර (Tab Key) භාවිතය.ගොඩාක් දෙනෙක් ටර්මිනලය භාවිතයට අකැමැත්තක් හෝ මැළිකමක් දක්වන්නේ සියළු විධාන හා ෆයිල්ස් ඇති ස්ථාන මතක තබාගත යුතුයි කියන මිත්‍යා විශ්වාසය නිසාය. නමුත් ඇත්ත එය නොවේ. ඔබ ටර්මිනලය භාවිතා කරන විට ඔබට සියළුම විධාන හෝ ෆයිල්ස් පවතින ස්ථාන මතකයේ තබා ගත යුතු නොවේ.විධාන ටයිප් කිරීම සහ ෆයිල්ස් සමඟ ගණුදෙණු කිරීමේදි ටැබ් යතුර භාවිතයෙන් ඉතා පහසුවෙන් එම කටයුතු සිදු කරගත හැකියඋදාහරණයක් විදිහට ඉහත සාකච්ඡා කල gtypist විධානය සලකන්න. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ විධානයම ටර්මිනලයේ ටයිප් කිරීම අවශ්‍යය නෑ. මුල් අකුරු කිහිපයක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ඔබන්න.එවිට එම අකුරු වලින් පටන් ගන්න වෙනත් විධාන නැත්තම් අදාල විධානය කෙලින්ම ටර්මිනලයේ දැක්වේ.නැවත මෙම උදාහරණය සළකන්න. අපි හිතමු අපිට ටර්මිනලය භාවිතයෙන් firefox වැනි විධානයක් ක්‍රියාත්මක කරගන්න ඕනේ කියලා. fi යන අකුරු දෙක පමණක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ක්‍රියාත්මක කලහොත් fi අකුරු වලින් ක්‍රියාත්මක කල හැකි විධාන ලයිස්තුවක් අපිට ලැබෙනවා. පහත රූපය බලන්න.මේ විදිහට කිසිම විධානයක් සම්පූර්ණයෙන් මතකයේ තබාගන්නේ නැතුව බොහෝම ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම තමා කිසියම් ෆයිල් එකක් විවෘත කරගැනීමටත් මෙම ටැබ් සෙල්ලම භාවිතා කරන්න පුළුවන්. ෆයිල් සමඟ වැඩ කිරීමේදී ෆයිල් එකේ සම්පූර්ණ නම ටයිප් කරන්නේ නැතුව ටැබ් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.ෆයිල් වැඩේට උදාහරණ දෙන්න ඕනේ නෑ.. ඔබම අත්හදා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.මූසිකය (Mouse) භාවිතය.මූසිකය එහෙමත් නැත්තම් මවුස් එක භාවිතා කරන්න කියලා දෙන්න ඕනේ නැති වුනත් ලිනක්ස් භාවිතා කිරීමෙදි Copy & Paste කරන්නේ නැතුව Copy & Paste කරන්න මවුස් එක භාවිතා කරන හැටි කියලා දෙන්න වටිනවා.ඔබට අවශ්‍යය වචනයක් මත එක තියලා Double Click කරන්න. එවිට එම වචනය Highlight වේවී. දැන් එම වචනය paste කරන්න ඕනේ තැන Mouse Pointer එක තියලා Middle Click කරන්න. ඔබට පෙනේවී අදාල වචනය Paste වී ඇති බව. යම් කිසි වචනයක් මත තුන් පාරක් ක්ලික් කලහොත් අදාල වාක්‍යයම Highlight වෙනවා ඔබට පෙනේවී. දැන් ආයෙත් වෙන තැනකට ගිහින් Middle Click කරොත් මුළු වාක්‍යයම වෙනවා ඔබට දැකගන්නට ලැබේවී.සැළකිය යුතුයි.මෙය වින්ඩෝස් පද්ධතියක ක්‍රියාත්මක නොවන ලිනක්ස් වලටම ආවේණික වූ කෙටි ක්‍රමයකි.තවද මෙය සාමන්‍යය Copy & Paste කිරීමේ ක්‍රමයෙන් ස්වායක්ත වේ. එනම් ඔබට මෙසේ එක වචනයක් හෝ වාක්‍යයක් වෙනත් තැනක Paste කරනගමන්ම සාමාන්‍යය විදිහට Copy & Paste කරගැනීමද සිදු කරගත හැකිය. ඔබ විසින්ම අත්හදා බලන්න.මීට අමතරව ටර්මිනලයේ සිටියදී Up Arrow Key එක භාවිතා කරන කලින් ක්‍රියාත්මක කල විධානයක් ටයිප් කිරීමකින් තොරව ලබාගත හැකිය.සමහර දිග විධාන භාවිතයේදී නැවත විධානයේ මුලට යන්න අවශ්‍යය නම් Ctrl සමඟ A යතුර තද කරන්න.විශේෂ ස්තූතිය.අනුරාධ රත්නවීර මහතා.
|
BLOG
|
2012.12.12
|
http://linux-sinhala.blogspot.com/
|
ෆයිල්ස් වල හිමිකාරීත්වය - ලිනක්ස් පාඩම් මාලාව #9
|
Dulanja Subodhana
|
ෆයිල්ස් වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය ගැන කථා කරපු ලිපි පෙලේ අන්තිම ලිපිය තමයි මේක. මෙච්චර දවසක් අපි කථා කරේ ෆයිල්ස් වල අවසර තත්වය පිළිබඳවයි, අද අපි කථා කරන්න යන්නේ ෆයිල්ස් වල හිමිකාරීත්වය ගැන.ෆයිල්ස් වල හිමිකාරිත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කථා කරන විට මුලින්ම දැන ගන්න ඕනේ අපි හිමිකාරිත්වය වෙනස් කරන ෆයිල්ස් වල හිමිකාරීත්වය තිබෙන්නේ කාටද කියලා. මොකද අපිට වෙනස් කරන්න පුලුවන් අපිට අයිති/හිමි ෆයිල්ස් පමණයි. එහෙම නැත්තම අපි මේ විධාන භාවිතා කරද්දි රූට් හෙවත් සුපිරි පරිශිලකයා වීම අත්‍යාවශ්‍යයි.අපිට මේ සඳහා chown හා chgrp යන විධාන 2ක භාවිතා කිරීමට පුළුවනි.1. මුලින්ම chown විධානය භාවිතා කරන ආකාරය බලමු.ෆයිල් එකක හිමිකාරීත්වය වෙනස් කිරීම.$ chown user_name file_nameමෙහි user_name යනුවෙන් සඳහන් ස්ථානයේ අපිට හිමිකාරීත්වය ලබා දිය යුතු පරිශීලකයාගේ නමත්, file_name යනුවෙන් සඳහන් ස්ථානයේ හිමිකාරීත්වය වෙනස් කිරීමට අවශ්‍යය ෆයිල් එකේ නමත් ලබා දිය යුතු වේ.පරිශීලක කණ්ඩායමකට එකවර හිමිකාරීත්වය ලබාදීම.$ chown user_name:user_group file_nameහිමිකාරීත්වය ලබාදීමට හෝ වෙනස් කිරීමට අවශ්‍යය පරිශිලක කණ්ඩායමේ නම මෙහි user_group යනුවෙන් සඳහන් ස්ථානයට ලබාදීමෙන් අදාල ෆයිල් එක හිමි පරිශීලක කණ්ඩායම වෙනස් කල හැකිය.ඩිරෙක්ටරයක හිමිකාරීත්වය වෙනස් කීරීම.$ chown user_name directory_nameමෙම විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසුව directory_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ හිමිකාරීත්වය, user_name යනුවෙන් ලබාදුන් පරිශීලකයාට හිමි වේ.ඩිරෙක්ටරයක අන්තරගත සියළුම ෆයිල් වල හිමිකාරීත්වය වෙනස් කිරීම.$ chown -R user_name directory_nameමෙම R යන විකල්ප විධානය භාවිතා කිරීමෙන් මෙහි directroy_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ අඩංගු සියළුම ෆයිල් වල හිමිකාරීත්වය ලබාදුන් user_name එක අයත් පරිශීලකයාට හිමිවේ.මෙම R විකල්ප විධානයේ තේරුම recursive හෙවත් නැවත නැවතත් ක්‍රියාත්මක කිරීම වේ. මෙම R විකල්ප විධානය නිතර නිතර භාවිතා වන බොහෝමත් ප්‍රයෝජනවත් විධානයකි.2. chgrp විධානය භාවිතා කිරීම.මෙහි භාවිතයද, විධානය මෙන්ම වේ. මෙම විධානය භාවිතා කිරීමෙන් කෙලින්ම පරිශීලක කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් කල හැකිය.$ chgrp user_name file_nameමෙහිදීද chown හීදී මෙන් R විකල්ප විධානය භාවිතා කල හැකිය.$ chgrp -R user_name directory_nameඅමතර කරුණු : ඔබට අවශ්‍යය නම් මෙහි user_name වෙනුවට අදාල පරිශීලකයාගේ user id එක වුවද ලබා දිය හැකිය. තවද v යන විකල්ප විධානය භාවිතා කර ක්‍රියාත්මක කල විධානයෙන් සිදුවූ ක්‍රියාව බලාගත හැකිය.උදා:$ chown -v username somefile changed ownership of 'somefile' to username$ chgrp -Rv usergroup somedir changed group of 'somedir/' to usergroup changed group of 'somedir/boringfile' to usergroup changed group of 'somedir/somefile' to usergroupලිනක්ස් හෝ යුනික්ස් පද්ධතියක ෆයිල්ස් හා ඒවාගේ අවසර තත්වයන් හා ඒවායේ හිමිකාරීත්වය පිළිබඳව ඔබ තුල දැන් මනා වැටහීමක් ඇති. මෙම සංකල්ප අධ්‍යනය තුලින් ඔබට ලිනක්ස් තුලදී ෆයිල් සමඟ ඉතාමත් පහසුවෙන් ගනුදෙනු කල හැකිවේ. ලිනක්ස් පිළිබඳව තවත් ආකර්ශණීය ලිපියක් මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
|
BLOG
|
2012.10.11
|
http://linux-sinhala.blogspot.com/
|
ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 3 - ලිනක්ස් පාඩම් මාලාව #8
|
Dulanja Subodhana
|
ලිනක්ස් පද්ධතියක භාවිතා කරන ෆයිල් පර්මිෂන් ගැන හා ඒවා පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අපි කලින් ලිපි දෙකින් සාකච්ඡා කලා. අද අපි අපේ පද්ධතියේ තියෙන ෆයිල් වල අවසර තත්වයන් වෙනස් කරන ආකාරය විස්තරාත්මකව සාකච්ඡා කරමු. මෙම පාඩමේ මුල්ම ලිපියෙන් සාකච්ඡා කල පරිදි මෙම අවසර සැකසීම භාවිතා කරන පාර්ශව තුනටම අදාලව සාකච්ඡා කල යුතුය.මුලින්ම අපි යම් කිසි ෆයිල් එකකට අලුතින් අවසර තත්වයක් ලබා දීම හෝ තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීම කරන්න පුළුවන් සරළම ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.මේ සඳහා භාවිතා කරන්නේ chmod (change mode)කියන විධානයයි. දැන් අපි බලමු මේ විධානය භාවිතා කරලා කොහොමද අවසර තත්වයන් වෙනස් කරගන්නේ කියලා.අවසර තත්වයක් එකතු කිරීම.$ chmod +Permisson_Type filenameමෙහි Permisson_Type කියලා සඳහන් වන්නේ ලබාදෙන අවසර තත්වයයි. ඔබට මතක ඇති අපි භාවිතා කරන අවසර තත්ව. r = read permission කියවීමට ඇති අවසරය. w = write permission ලිවීමට (වෙනස් කිරීමට ඇති අවසරය.) x = execute permission ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය.එනම් ඉහත සඳහන් අවසර තත්වයක් අවශ්‍යය ෆයිල් එකේ නම ඉදිරියෙන් ටයිප් කර එම අවසර තත්වය අදාල ෆයිල් එකට ලබාදිය හැකිය.උදාහරණයක් විදිහට foo කියන ෆයිල් එකට ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදෙන්න අවශ්‍යයි කියලා හිතන්න. ඒ සඳහා විධානය වන්නේ,$ chmod +x fooඅවසර තත්වයක් ඉවත් කිරීම.අවසර තත්වයක් ඉවත් කිරීම සඳහා කල යුත්තේ ඉහත විධානයේ ධන ලකුණ (+) වෙනුවට සෘණ ලකුණ (-) යෙදීම පමණී.උදාහරණයක් විදිහට foo ෆයිල් එකේ ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය ඉවත් කිරීමට භාවිතා කල යුත්තේ පහට විධානයයි.$ chmod -x fooමේ විදිහට බොහෝ ෆයිල්ස් වලට අවසර තත්වයන් එකතු කරන්නටත්, තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීමටත් පුලුවන්. අභ්‍යාසයක් විදිහට ටර්මිනල් එකක් ගෙන විවිධ ආකාරයේ ෆයිල් නිර්මාණය කර ඒවායේ අවසර තත්වයන් වෙනස් කර බලන්න. වෙනස් කල පසු ls -l විධානය භාවිතා කර වෙනස් කම පරීක්ෂා කරන්න.සටහන: මෙම ක්‍රමයේදී අවසර තත්වයන් වෙනස් වන්නේ එම මොහොතේ පද්ධතිය භාවිතා කරන පරිශීලකයාට අයත් අවසර තත්වයන් පමණී. පාර්ශව 3 ටම අදාලව අවසර තත්වයන් වෙනස් කරන ආකාරය ගැන විස්තරාත්මකව පහත සාකච්ඡා කර ඇත.ඉහත අපි සාකච්ඡා කලේ මේ අවසර තත්වයන් තනි පරිශිලකයෙකුට පමණක් බලපාන පරිදි වෙනස් කරගැනීම පිළිබඳවයි. දැන් අපි සම්පූර්ණයෙන්ම මෙම අවසර සැකසීමට අදාල සියළු කොටස් ගැන සාකච්ඡා කරමු. මෙය මූලිකව කොටස් දෙකකට වෙන් කොට සාකච්ඡා කල හැකිය.ඉලක්කම් භාවිතයෙන් අවසර සැකසීම.ලිනක්ස් භාවිතා කරන ගොඩාක් දෙනෙක් භාවිතා කරන ඉතා පහසු ක්‍රමයක් තමා මේක. ඒත් මේක පාඩම් මාලාවකට අයත් ලිපියක් නිසා මේ ක්‍රමයේ මූලික සිද්ධාන්තයේ සිටම කරුණු පැහැදිලි කරන්නම්.මේක ගොඩනැගිලා තියෙන්නේ මෙහෙමයි.පහත පරිදි අවසර තත්වයන් 4 සඳහා වෙන වෙනම සංඛ්‍යාත්මක වටිනාකමක් ලබාදී තිබෙනවා.4 = read (r)2 = write (w)1 = execute (x)0 = no permission (-)මෙම සංඛ්‍යාවල එකතුවෙන් තමා අවසර සැකසීම සිදු කෙරෙන්නේ.උදාහරණයක් විදිහට හිතන්න අපිට යම් කොට්ඨාසයකට කියවීමට හා ක්‍රියාත්මක කිරීමට පමණක් අවසර ලබා දෙන්න අවශ්‍යයි කියලා හිතන්න. එවිට අදාල අංකය වෙන්නේ5 = 4 (read) + 1 (execute) මේ විදිහට ගණනය කරලා හදා ගත්තු වගුවක් තමා පහත දක්වලා තියෙන්නේ.col {text-align:left}අංකයඅර්ථයඅවසර තත්වය0---කිසිදු අවසරයක් නැත.1--xක්‍රියාත්මක කිරීමට පමණක්.2-w-වෙනස් කිරීමට පමණක්.3-wxවෙනස් හා ක්‍රියාත්මක කිරීමට පමණක්.4r--කියවීමට පමණක්5r-xකියවීමට හා ක්‍රියාත්මක කිරීමට පමණක්.6rw-කියවීමට හා වෙනස්කිරීමට පමණක්.7rwxකියවීමට, වෙනස් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට පමණක්.දැන් අපි බලමු කොහොමද මේ ආකාරයෙන් සම්පූර්ණ අවසර සැකසීමක් සිදු කරන්නේ කියලා.උදා 1 :- ෆයිල් එක අයිති පරිශීලකයාට පමණක් සියලු අවසරත්, අනෙක් පාර්ශව සඳහා කියවීමට හා ක්‍රියාත්මක කිරීමට පමණක් අවසර ලබා දීමට නම්, එනම් ආකාරයේ (rwxr-xr-x) අවසරයක්$ chmod 755 file_nameඋදා 2 :- ෆයිල් එක අයිති පරිශීලකයාට පමණක් කියවීමට හා වෙනස් කිරීමට අවසරත්, අනෙක් පාර්ශව සඳහා කියවීමට පමණක් අවසර ලබාදිමට, එනම් ආකාරයේ (rw-r--r--) අවසරයක්$ chmod 644 file_nameපේනවනේ මේ ක්‍රමය භාවිතා කරලා ෆයිල් එකක අවසර සැකසීම සිදු කරන එක හරිම ලේසි වැඩක්.සංකේත (අක්ෂර) භාවිතයෙන් අවසර සැකසීම.මේ ක්‍රමයත් ගොඩාක් ලේසි ක්‍රමයක්. මෙහිදී දැනගන්න ඕනේ අවසර සැකසීමට අදාල අක්ෂර කිහිපයක් තියෙනවා. දැනටමත් r, w හා x කියන අක්ෂර වල තේරුම දන්නවනේ. ඉතිරි ටික පහත දක්වලා තියෙනවා. පරිශීලකයන් අක්ෂරය අර්ථයවිස්තරය u user හිමිකරු g group කණ්ඩායම o other වෙනත් a all සියල්ලන්ම මේ විකල්ප විධාන වල අර්ථයත් දැන ගැනීම ප්‍රයෝජනවත් වේවී. ක්‍රියාව සංකේතය අර්ථය + ලබාදෙන අවසරය එකතු කරන්න. - ලබාදෙන අවසරය ඉවත් කරන්න. = ලබාදෙන අවසර තත්වයට පත්කරන්න. දැන් ඉතින් අපි බලමු කොහොම්ද මේ ක්‍රමයෙන් අවසර සැකසීම සිදු කරන්නේ කියලා.උදා 1 :- සියළුම පාර්ශව සඳහා කියවීමට පමණක් අවසර ලබා දීම.$ chmod a=r file_nameමේ විධානයෙන් අනතුරුව අදාල ෆයිල් එකේ අවසර තත්වය r--r--r-- ආකාරයට සකස් වේ. පරීක්ෂා කර බලන්න.උදා 2 :- පරිශිලක කණ්ඩායම සඳහා ක්‍රියාත්මක කිරීමට හා වෙනස් කිරීමට අවසරය ලබා දීම.$ chmod g+rx file_nameඋදා 3 :- හිමිකරුගෙන් හා කණ්ඩායමෙන් වෙනස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ අවසරය ඉවත් කිරීම.$ chmod ug-rx file_nameෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය පාඩම් මාලා 3න් අපි ලිනක්ස් පද්ධතියක භාවිතා වන ෆයිල් වර්ග පිළිබඳවත්, ඒවායේ අවසර තත්වයන් හා හිමිකාරීත්ය පිළිබඳවත්, එම අවසර තත්වයන් වෙනස් කරන ආකාරය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා. මෙම අවසර තත්වයන් පිළිබඳව දැනීම ඉදිරියේදී ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වේවී. සමහර කාර්‍යයන් සිදු කරගැනීමේදි අපිට අප භාවිතා කරන ෆයිල් වල අවසර තත්වයන් වෙනස් කිරීමට සිදු වෙනවා. ඒ වගේ අවස්ථා ලිනක්ස් එක්ක ඉස්සරහට යද්දි අපිට හම්බවේවී. ඉතින් මේ කියවීමෙන් ලබාගත් දැනුම ඔබේම අත්දැකීමක් කරගන්න. විවිධ විවිධ වූ අත්හදා බැලීම කරන්න. ඉගෙන ගන්න තියෙන වේගවත්ම ක්‍රමය තමා ඒක.සටහන: අපි මෙතනදී සාකච්ඡා නොකල එකම දේ තමයි ෆයිල් එකක හිමිකාරිත්වය හා එය අඩංගු කණඩායම වෙනස් කරන ආකාරය.ඒ පිළිබඳව සම්පූර්ණ ලිපියක් බලාපොරොත්තු වන්න.
|
BLOG
|
2012.10.09
|
http://linux-sinhala.blogspot.com/
|
ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 2 - ලිනක්ස් පාඩම් මාලාව #7
|
Dulanja Subodhana
|
පසුගිය ලිපියෙන් මේ අවසර තත්ව හා හිමිකාරිත්වය එහෙමත් නැත්තම් permissions ගැන මූලික වැටහීමක් ලැබෙන්න ඇතිනේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ එම පාඩමේ දෙවන කොටස. අපි අද බලමු අපේ පද්ධතියේ තියෙන ෆයිල්ස් වල මෙම අවසර තත්ව හා හිමිකාරීත්වය පරීක්ෂා කරන හැටි හා ඒවා වෙනස් කරන්නේ කොහොමද කියලා.අවසර තත්වයන් පරික්ෂා කරමු.දැන් අපි යම් ගොනුවක හෝ ෆයිල් එකක අවසර තත්වයන් හා හිමිකාරීත්වය පරීක්ෂා කරමු. මේ සඳහා මූලිකවම භාවිතා කරන්නේ අපි ලිනක්ස් විධාන ලිපියේ සාකච්ඡා කල ls විධානයයි. මෙසේ හිමිකාරීත්වය හා අවසර තත්වය පරීක්ෂා කිරීම සඳහා විධානයට l යනුවෙන් විකල්ප විධානයක් ලබා දීම අවශ්‍යය වෙනවා.එවිට සම්පූර්ණ විධානය පහත ආකාරයෙන් දැක්විය හැකිය.$ ls -lමෙම විධානය ඔබගේ ටර්මිනලයට copy & paste කර බලන්න.බැලූබැල්මට ටිකක් විතර පැටලලි සහගතයි නේද... හරි පොඩ්ඩක් ඔහොම ඉන්න අපි දැන් ඉහත විධානය අපිට ලබාදුන් ප්‍රථිඵලය විශ්ලේෂණය කර බලමු.අවසර තත්වය අවබෝධ කරගනිමු.දැන් මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු. වර්ගය (Type)ලිපියේ මුලින්ම ලිනක්ස් වල භාවිතා කරන ෆයිල් වර්ග පිළිබඳව හැඳින්වීමක් සිදු කලානේ. මෙතන මේ පළවෙනි අක්ෂරයෙන් දක්වා තිබෙන්නේ අදාල ෆයිල් එක අයත් වර්ගය පිළිබඳවයි.පහත දක්වා තිබෙන්නේ ඒ ඒ අක්ෂර වල තේරුමය. d = ගොනුවක් ෆෝල්ඩරයක්/ඩිරෙක්ටරයක් - = සාමාන්‍යය ෆයිල් එකක්. l = මෘදු සම්බන්ධකයක්. c = character උපකරණ ෆයිල් එකක් b = block උපකරණ ෆයිල් එකක් s = Unix domain socket p = named pipeමෙහි අවසානයට දක්වා ඇති Unix domain socket හා named pipe ෆයිල්ස් පිළිබඳව පසුව සාකච්ඡා කරමු.උදාහරණයක් ලෙස අප ඉහත පරීක්ෂා කල ෆයිල් එක ඩිරෙක්ටරයක් එහෙමත් නැත්තම් ෆෝල්ඩරයක් ලෙස දැක්වීමට d අකුර භාවිතා කර තිබෙනවා.අවසර තත්වය (Permissions)මෙම දෙවන කොටසින් පෙන්වා ඇත්තේ ෆයිල් එකෙහි අවසර තත්වයන්ය. ඇත්තටම පෙර සාකච්ඡා කල පරිදි මෙම අවසර වර්ග 3 භාවිතා කරන කොටස් 3ට වෙන් වෙන් වශයෙන් අවසර තත්ව 9ක් මෙහි දැක්වේ. මුලින්ම අවසර තත්වයන් නිරූපණය කිරීමට යොදාගන්නා සංකේත දැනගනිමු. r = read permission කියවීමට ඇති අවසරය. w = write permission ලිවීමට (වෙනස් කිරීමට ඇති අවසරය.) x = execute permission ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය. - = no permission කිසිදු අවසරයක් නොමැත.හොඳයි රූපයේ 2 කොටසේ මුලින්ම දක්වා ඇත්තේ ෆයිල් එකෙහි අයිතිකරු එහෙමත් නැත්තම් එය නිර්මාණය කල පරිශීලකයාට ඇති අවසර තත්වයයි. මෙම උදාහරණය අනුව අයිතිකරුට තිබෙන්නේ rwx ආකාරයේ අවසරයන්ය. එනම් ෆයිල් එක කියවීමට, ලිවීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති අවසරයයි.මීළඟට ඇති අකුරු 3න් දැක්වෙන්නේ කණ්ඩායමට ඇති අවසර තත්වයන්ය. මෙම උදාහරණය අනුව කණ්ඩායම සඳහා r-x ආකාරයේ අවසරයන් පවතී. එනම් මෙම ෆයිල් එක වෙනස් කිරීමට කණ්ඩායමට අවසර නැත.මෙම අවසර තත්වයන් සංකේතවත් කරන අකුරු 9යෙන් අවසාන අකුරු 3 අදාල වන්නේ වෙනත් පාර්ශවයන්ට තිබෙන අවසර තත්වයන් නිරූපණයටයි. මෙම උදාහරණය අනුව වෙනත් පාර්ශවය සඳහා r-x ආකාරයේ අවසරයක් ලබා දී ඇති බව නිරූපණය කෙරේ. එහි අර්ථය වෙනත් පාර්ශව සඳහා මෙම ෆයිල් එක වෙනස් කිරීමට එනම් මෙම ෆයිල් එකට දත්ත ඇතුලු කරන්න, ඉවත් කරන්න හෝ වෙනස් කිරීමට අවසර නොමැති බවය.සම්බන්ධක ගණන (Links)මෙම 3 කොටසේ දක්වා ඇත්තේ අදාල ෆයිල් එක හා සම්බන්ධ දෘඩ සම්බන්ධක වල එකතුවයි.අයිතිකරු (Owner)මෙම කොටසින් නිරූපණය වන්නේ ෆයිල් එකෙහි හිමිකම ඇති පරිශීලකයාගේ නමය. සාමාන්‍යයෙන් ෆයිල් එකක අයිතිය හිමිවන්නේ එය නිර්මාණය කල පරිශීලකයාටයි.කණ්ඩායම (Group)මෙම කොටසින් අදාල ෆයිල් එක අයිති පරිශීලකයා අයත් පරිශීලක කණ්ඩායම නිරූපණය කෙරේ.ප්‍රමාණය (Size)අදාල ෆයිල් එකෙහි ප්‍රමාණය බයිට්(B) වලින් මෙම කොටසින් දැක්වේ. ඕනෑම ඩිරෙක්ටරයක ප්‍රමාණය බයිට් 4096ක් බව පරික්ෂා කිරීමේදී දැනගත හැකිවේ. මෙයින් දැක්වෙන්නේ ඩිරෙක්ටරයක ප්‍රමාණය මිසක් එහි අන්තර්ගතයේ ප්‍රමාණය නොවේ.දිනය (Date)අදාල ෆයිල් එක නිර්මාණය කල දිනය මෙහි දැක්වේ.වේලාව (Time)මෙම කොටසින් අදාල ෆයිල් එක නිර්මාණය කල වේලාව 24 පැය ආකාරයෙන් දැක්වේ.නම (File Name)අදාළ ෆයිල් එකෙහි නම මෙම කොටසින් දැක්වේ.දැන් ඔබට ඔබගේ පද්ධතියේ පවතින ඕනෑම ෆයිල් එකක අවසර තත්වය හා එහි හිමිකාරීත්වය පරීක්ෂා කල හැකිය. කියවීමෙන් පමණක් මෙවැනි දේවල් නිසියාකාරව ඉගෙනගත නොහැකිය. ඔබ විසින්ම සිදු කරන්නා වූ අභ්‍යාස වලින් දන්න දේ ඔබට තවත් පුළුල් කර ගැනීමට හැකිය. එම නිසා ඉහත ඔබ විසින් ඉගෙනගත්ත දේවල් නැවත නැවත භාවිතා කර බලන්න.මෙම අවසර තත්වයන් වෙනස් කිරීම පිළිබඳව මීළඟ ලිපියෙන් අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු.
|
BLOG
|
2014.09.03
|
http://tharindunirmalgeadawiya.blogspot.com/
|
අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම් ගොඩාක් එක්ක....
|
කෝඩුකාරයා
|
ඔන්න ඉතින් අවුරුදු 2කට විතර පස්සෙ හා හා පුරා කියල බ්ලොග් එක පැත්තට ආවෙ අද තමයි...බ්ලොග් එකට ලියන්නෙ නැතුව හිටියෙ ආසාවෙන් නම් නෙමේ.ඒත් මේකයි කියල කියාගන්න බැරි හේතු ගොඩාක් නිසා ලියන්න බැරි වුනා.සමහරවිට කම්මැලිකම නිසා වෙන්නැති.කොහොමහරි කෝඩුකාරය අවුරුදු 2කට විතර පස්සෙ ආවෙ ජීවිතේ හිතාගන්න බැරි වෙනස්කම් ගොඩාක් එක්ක.මෙ ගෙවුන අවුරුදු 2ක ඇතුලත හීනෙන්වත් හිතන්න බැරි විදිහෙ ගොඩාක් දේවල් වුනා.මම මීට කලින් අන්තිමට දාපු පෝස්ට් එකේදි මම කියපු කෙල්ල මට ගොඩාක් බලාපොරොත්තු දීල මාව අතෑරල වෙන එකෙක් එක්ක යාළු වුනා.තව ඒ පෝස්ට් එකේ කියවුන අර මට කෙල්ල ගැන කේළම් කියපු එකා අද අපෙන් සදහටම සමු අරන් යන්න ගිහින්.හැබැයි අර කෙල්ල මාව දාල ගිය එක ගැන හිතල බලනකොට මට අද සතුටු වෙන්න පුළුවන්.මොකද අද වෙනකොට එදා හිටියට වැඩිය ගොඩාක් හොඳ,ලස්සන,රටක් වටින වස්තුවක් මාත් එක්ක,මගෙ මුළු ආත්මෙත් එක්කම බැඳිල ඉන්න නිසා.අනේ මන්ද..අවුරුදු 2ක් තිස්සෙම කෝඩුකාරයාගෙ අඩවිය පාළුවට ගිහින් තිබුන නිසා බ්ලොග් යාළුවො හැමෝටම කෝඩුකාරයව අමතක වෙලා ගිහින් ද දන්නෑ...එහෙම වෙලා තිබුණත් මට මුකුත් කියන්න බෑ..මොකද වැරැද්ද මගේ අතේ නිසා...ඒ වැරැද්දට මගේ සයිබර් යාළුවො හැමෝගෙන්ම මන් සමාව ඉල්ලනව...හැබැයි අද මම එක පොරොන්දුවක් වෙන්නම්...ආයිත් කෝඩුකාර යාළුව කෝඩුකාර හීනත් අරගෙන,අන්තිමට ලිය ලිය හිටපු නිලඹර වසන්තය කතාවෙ ඉතිරි ටිකත් අරගෙන එනවා...සත්තයි.පරණ යාළුවන්ට ඒ යාළුකම අලුත් කරගන්නත්,අළුත් යාළුවන්ට යාළුකම් ඇතිකරගන්නත් ආදරණීය ආරාධනයක් කරන ගමන් අදට නවතින්නම් යාළුවනේ.
|
BLOG
|
2012.10.05
|
http://tharindunirmalgeadawiya.blogspot.com/
|
මම මෝඩ කාලකන්ණි හරකෙක් කියල හොඳට තේරුනා
|
කෝඩුකාරයා
|
කාලෙකින් බ්ලොග් එකට ලියන්න බැරිවුන එක ගැනවත් කතාවෙ ඉතිරි ටික නොදාපු එක ගැනවත් ඔයාලගෙන් සමාව ඉල්ලන්න මේක සුදුසු වෙලාවක් නොවන නිසාදැන් මම ඒ ගැන කතා නොකර ඉන්නම්.මේ පෝස්ට් එක මම ලියන්නෙ සෑහෙන ආවේගෙකින්.ඒකට හේතුව මම කෙටියෙන් කියන්න හදන්නෙ..... අද උදේ අපිට වඩා අවුරුද්දකින් වැඩිමල් කොල්ලෙක් ඇවිත් මට මම ආදරය කරන කෙල්ල ගැන නරක ආරංචි වගයක් කිවුව.කොටින්ම කිවුවොත් ඌ කිවුවෙ මම ආදරේ කරන කෙල්ල හැම එකත් එක්කම යන බඩුවක් කියල.තව ඒකි ඒ කොල්ලත් එක්ක මම ගැන කියල මට නිතරම බනිනව කියලත් කිවුව.තව තව සෑහෙන කතා ගොඩක් කිවුව.ඒ ඩේවල් බ්ලොග් එකක පල කරන්න නුසුදුසු නිසා මම ඒ දේවල් ගැන කියන්න යන්නෙ නෑ.ඔය වගේ දෙයක් ඇහුවහම කොන්දක් තියන ඕනම එකෙක්ට තද වෙනව කියල දන්නෝ දනිති.ඒ වෙලේ ආව ගැම්මට මමත් අරූ කියපු දේ අහල මෝඩ හරකෙක් වගේ ගිහින් මම ලවු කරන කෙල්ලට බැන්න.ඒ බැන්න බැනිල්ලෙ අවසන් පද කිහිපය උනේ "මට හැම එකා එක්කම යන බඩු යාලු කරගන්න ඕන නැහැ" කියන එක.ඔන්න ඉතින් ඕක අහපු මේකි හොඳටම අඬන්න පටන්ගත්ත.ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකම් ඇඬුව.අඬන ගමන් මෙයා එයාගෙ යාලුවන්ට දිවුර දිවුර කියල තියනව එයා එහෙම කෙනෙක් නෙමේ කියන එක.ඔන්න ඉතින් ටික ටික තරහ අඩු වෙන්න අඩුවෙන්න මටත් සිද්ධිය පැහැදිලි වුනා.මට ඒ වෙලේ හොඳටම තේරුම් ගිය එක දෙයක් තමයි මම කිසිම දෙයක් ගැන දුර දිග හිතල නොබල හදිස්සි ආවේගෙට වැඩකරල පස්සෙ පසුතැවෙන මෝඩම මෝඩ කාලකන්ණි හරකෙක් කියන එක.දැන් මම ඒ කෙල්ලට කියපු එක වැරදි වචනයක් නිසා මම මගෙන්ම පලිගන්නව.ඒ දුක පොඩ්ඩක් හරි අඩු වෙනකම් මම මටම දඬුවම් කරගන්නව.අද පෝස්ට් එකනම් ඔයාලට මෙලෝ වැඩකට නැතුව ඇති.ඒත් මගේ හිතේ තියන දුක පොඩ්ඩක් හරි අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලිවුවෙ.මේකෙ කිසිම වැරැද්දක් හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම පෝස්ට් කරන්නෙ මගෙ අතින් වෙන්න ඕන ලොකුම වැරැද්දක් වෙලා ඉවර නිසා.
|
BLOG
|
2012.04.27
|
http://sinhalenevents.blogspot.com/
|
Chokolaate Mother Daughter Fashion Designer 2012
|
සිංහලෙන් Events
|
CHOKOLAATE Teen Magazineවිසින් ඉදිරිපත් කරන විලාසිතා දැක්මChokolaate Mother Daughter Fashion Designer 2012මැයි මස 12 වැනිදා සවස 5.30 සිත කොළඹSri Lanka Exhibition & Convention Centerහීදි පැවත්වීමට නියමිතය..එදිනදීවිවිධ විලාසිතා නිර්මාණ පාසල් වලින් සහ පුද්ගලික ආරාධනා මත මෙම තරඟයටCasual Wear, Sports Wear සහ EveningWearයන තරඟ අංශ වලින් අවසාන වටයට සුදුසුකම් ලැබු අවසන් 14ගේ නිර්මාණ ඇතුලත්විලාසිතා දැක්මක් සහ සංගීත උත්සවයක් පැවැත්වේ.මෙම ඇදුම් විලාසිතාවන් මවකත සහ දියනියකට සරිලන සේ ඉදිරිපත් කරන අතර ඒ සඳහා සැබෑ මව්වරුන් සහ දියනියන් සහභාගි කරවා ගනේ.වැඩි විස්තර.
|
BLOG
|
2012.04.05
|
http://sinhalenevents.blogspot.com/
|
නුවර එළියෙ trip
|
සිංහලෙන් Events
|
නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න.නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද. නවතින්න හොඳ තැන් මොනවද. යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද. මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක්More Details.
|
BLOG
|
2012.04.02
|
http://sinhalenevents.blogspot.com/
|
Nil Ahase Wasanthaya - ජාතික සරුංගල් උත්සවය
|
සිංහලෙන් Events
|
නිල් අහසෙ වසන්තය -ජාතික සරුංගල් උත්සවය 20123වන වතාවටත් පවත්වනනිල් අහසෙ වසන්තය -ජාතික සරුංගල් උත්සවයට අනුග්‍රහය දක්වන්නේKite Sri Lankaසංවිධානයයි.අගොස්තු මස 25 සහ 26 යන දිනයන් හි කොළඹ ගාලු මුවදොර පිතියේදී පවැත්වීමට නියමිත මෙම උත්සවය ගිය වර පැවතියේ මීගමුවීදීය.දිගම සරුංගලය, නවීකරණය කරන ලද අනුග්‍රහක දැන්වීම් ඇතුලත් සරුංගලය,ස්වභාවිකද්‍රව්‍ය පමණක් යොදා නිර්මාණය කරන ලද සරුංගලය ආදිතරඟ රැසක්සංවිධායකින් විසින් මෙවර ඉදිරිපත් කර ඇත.වැඩි විස්තර සඳහාwa.com/events/251740441564249/හෝwww.
|
BLOG
|
2012.03.26
|
http://sinhalenevents.blogspot.com/
|
Consumer Fair 2012
|
සිංහලෙන් Events
|
සිංහළ හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් එකම වහලක් යට පාරිභොගිකඔබ සැමට අවශ්ය සියළුම භාණ්ඩ ලබා ගනීමට ..වසරේ දැවැන්තම වෙළඳ සැනකෙළියඉන්දියානු තායි වියට්නාම් සහ පකිස්ථානූ විශේෂ කුටි සමගින්අප්‍රේල් 2 සිට 11දා දක්වාපෙ.ව. 10.00 සිට රාත්‍රී 8.
|
BLOG
|
2012.03.23
|
http://sinhalenevents.blogspot.com/
|
Expo 2012
|
සිංහලෙන් Events
|
රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනයEXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන් 300ක් පමණ සහභාගී වන බව පැවසේ.
|
BLOG
|
2012.03.22
|
http://sinhalenevents.blogspot.com/
|
Ripples on Water
|
සිංහලෙන් Events
|
නර්ථන ෂිල්පි කපිල පලිහවඩන ඉදිරිපත් කරන "Ripples on Water"මාර්තු 23 සහ 24 යන දින වල කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීටයේදී පවත්වනු ලබයි. ලොක ජල දිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උත්සවය සඳහා "International Water Management Institute"ආයතනය අනුග්‍රහය ලබා දේ.වැඩි විස්තර.
|
BLOG
|
2012.03.19
|
http://sinhalenevents.blogspot.com/
|
My Wedding 2012
|
සිංහලෙන් Events
|
ඔබෙ විවාහයට සූදානම්ද.විවාහය සැලසුම් කර ගන්න නියම ක්‍රමය.
|
BLOG
|
2012.03.15
|
http://sinhalenevents.blogspot.com/
|
Earth Hour in Sri Lanka
|
සිංහලෙන් Events
|
ලොව පුර මිලියන ගණනකින් සහබාගි වනපරිසරය සුරැකීමෙ වැඩසටහනක් වන Earth Hourවැඩසටහනමෙවර ශ්‍රී ලංකාවේදමාර්තු මස 31 රාත්‍රි 8.30 සිට 9.30 දක්වාඅතිගරුජනාධිපතිතුමාගේප්‍රධානත්වයෙන්පැවැත්විමට නියමිතය.මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමාසංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩයලොවට ලබා දීමට සංවිධානකරුවන් බලාපොරොත්තු වේ. Earth Hourසෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදා දිනයේදී පැවැත්වේ.
|
BLOG
|
2014.07.15
|
http://crazzychar.blogspot.com/
|
අද - 4
|
Char
|
අද දවස සමහර විටහදවතක් එක් කල දිනයක්දහදවතක් වෙනස් කල දිනයක්දහදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..හදවතඔබත් මමත්එකලු කල ආදරයඅද්දරින් ගලා යන ජීවිතයපැණ නැඟුණු දුක් කම්කටොලුවිඳ දරා ඉදිරියටලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමාබලා හිඳින්නටලැබැඳි ඔබ වදන් වෙත කන් යොමාඅසා සිටින්නටලැබැඳි ඔබ කැටුව දෑත් පටලාපිය මනින්නටතව තවත් ඉදිරියටපිය නඟමු ජීවිතයසැබැඳියේ ඔබ සමඟආදරණීය ඔබ ............................................
|
BLOG
|
2012.07.14
|
http://crazzychar.blogspot.com/
|
අද
|
Char
|
අද දවස සමහර විටහදවතක් එක් කල දිනයක්දහදවතක් වෙනස් කල දිනයක්දහදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..හදවතඔබත් මමත්එකලු කල ආදරයඅද්දරින් ගලා යන ජීවිතයපැණ නැඟුණු දුක් කම්කටොලුවිඳ දරා ඉදිරියටලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමාබලා හිඳින්නටලැබැඳි ඔබ වදන් වෙත කන් යොමාඅසා සිටින්නටලැබැඳි ඔබ කැටුව දෑත් පටලාපිය මනින්නටතව තවත් ඉදිරියටපිය නඟමු ජීවිතයසැබැඳියේ ඔබ සමඟආදරණීය ඔබ ............................................
|
BLOG
|
2011.12.04
|
http://crazzychar.blogspot.com/
|
ඔබ තරම් පෙම් කෙරූ
|
Char
|
ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේඔබ වෙන් වී ගිය පසු..........ඔය නෙතු හැඬවූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහේ තිබුනාදෝමේ තරම් ආදරේ....... ♥මේ තරම් ආදරේ....... ♥රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරාමල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවාආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේදිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේඔබ වෙන් වී ගිය පසු..........ඔය නෙතු හැඬවූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහේ තිබුනාදෝමේ තරම් ආදරේ....... ♥මේ තරම් ආදරේ....... ♥ගායනය : තීක්ෂන අනුරාධ.
|
BLOG
|
2011.11.16
|
http://crazzychar.blogspot.com/
|
ටිකෙන් ටික
|
Char
|
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුරකටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැනවිටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොවඅම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්යන්නට ට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්පොත් මිටියක් මල් කලබක් උවා අද ඔබේ දෑතේරන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේමං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේසිතා ගන්න බෑටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවට මේ තරම් දුරමේ තරම් දුර කටින් කට ලෝකය දැනගෙන අපේ ගැනවිටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොවගායනය - Daddy.
|
BLOG
|
2011.11.13
|
http://crazzychar.blogspot.com/
|
ළමා ලොව
|
Char
|
උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියිදිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියිසත්‍යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි.
|
BLOG
|
2011.11.03
|
http://crazzychar.blogspot.com/
|
අණක් නැති පනත් !
|
Char
|
ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.ඔබ - අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.ඔබ - ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.ඔබ - ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.ඔබ - ඔබ ම වන්න.උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.
|
BLOG
|
2011.11.01
|
http://crazzychar.blogspot.com/
|
අහන් ඉන්න අහගෙන ඉන්න - They are differently abled. Not Disable
|
Char
|
අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා... මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති බව මම හිතනවා. ගීතයට අයිතිකරුවන් දෙදෙනෙකු සිටියත් මේකලා ගමගේ සොයුරිය ගායනා කරන මෙම ගීතය මම හිතනවා යම් විශේෂයක් එක් කල හැඟුම්බර ගීතයක් කියලා. ඔබත් රස විදලා බලන්න...අහන් ඉන්න - අහගෙන ඉන්න මගෙ හිත..මොනවද..මුමුණනවාමගෙ හිත..මොනවද..මුමුණනවා....යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා...පොද වැස්සක සීතල ඇවිදින් සිතට එබෙනවා...කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා...ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...අහන් ඉන්න - අහගෙන ඉන්නමගෙ හිත..මොනවද..මුමුණනවා....//සිලි සිලියේ හමන සුලග කොදුරන්නෙ අපටමයි...සතුට මිසක දුක මොකටදසෙනෙහස මහමෙරයි...අමාවකේ දුක දුරලනදහසක් තරුකැට නුඹටයි... ඒ එලියෙන් දැල්වෙන ලෝකයමගෙමයි මටමයි...අහන් ඉන්න - අහගෙන ඉන්නමගෙ හිත..මොනවද..මුමුණනවා මගෙ හිත..මොනවද..මුමුණනවා....ගායනය : මේකලා ගමගේසංගීතය : රුවන් ශ්‍රී වල්පොලපද රචනය : සෝමලතා හේරත් මැණිකේThey are differently abled.
|
BLOG
|
2011.10.25
|
http://crazzychar.blogspot.com/
|
ජීවිතයට ඔවදනක්
|
Char
|
එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින්ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්කන්න - ඔබට ප්‍රමාණවත් තරම්බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්මකියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේඅඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසාසෝදන්න - අනික්වා මෙන්ම හදවතත් ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසායන්න - යා යුතු මග ඉදිරියට නොබියවහදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකුමැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.
|
BLOG
|
2011.10.14
|
http://crazzychar.blogspot.com/
|
දිගු දෑස දුටුවාම.....
|
Char
|
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකදබිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේමට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්නතරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේහිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේමට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේවිදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේදුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේකවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේමඋන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද.... ගායනය : රොමේෂ් සුගතපාල.
|
BLOG
|
2011.10.08
|
http://crazzychar.blogspot.com/
|
වසරක මතක සටහන්.....
|
Char
|
විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් රූප පෙළකින් ඉදිරිපත් කරන්න බලවත් ආශාවක් කාලයක් තිස්සෙම තිබුණා ඒ වුණාට ඒක නිර්මාණය කරන්න වෙලාවක් තිබුණෙ නෑ.වසරක අධ්‍යයන කාලයක් ඉවර වෙලා නිවාඩු ලැබුණ නිසා වසරක මතක සටහන් අලලා රූප පෙළක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා......පාසල් කාලය අවසන් කරලා තවත් වසරක් විතර ගෙදර ඉදලා කැම්පස් ආවම.....ඒක (කැම්පස් ) වෙනම ලෝකයක් වෙනම ජීවිතයක් වෙනම සංස්කෘතියක් .... තේරුම් ගන්න ටික කලක් යනවා..ඒ ටික කාලය තුල අපිගොඩක් දේවල් ඉගෙන ගන්නවා...විවිධ යහලුවෝ අඳුන ගන්නවා.....සම්බධතා ගොඩනැගෙනවා.....ගමන් බිමන් රටතොට සංචාර වැඩිවෙනවා ( Trip නම් වැඩිද මන්දා ) මේ ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්නත් ඕන lolz...........මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් වලට අපි ඒකේදි කරපු සහභාගි වුණු විවිධ අවස්ථා , අමතක නොවන අවස්ථා සහ ගියපු සංචාර ඇතුලත් වෙනවා..රූප පෙළට ඡායාරූප ලබා දුන් සියලු දෙනාට මගේ ස්තූතිය.
|
BLOG
|
2014.07.13
|
http://androgamehome.blogspot.com/
|
Breach & Clear +data for Android
|
dileepa sandaruwan
| null |
BLOG
|
2014.05.28
|
http://androgamehome.blogspot.com/
|
Aralon Sword and Shadow MOD APK+DATA (Unlimited Gold/Karma) free download
|
dileepa sandaruwan
| null |
BLOG
|
2014.05.27
|
http://androgamehome.blogspot.com/
|
Battlefield: Bad Company 2 APK + SD Data
|
dileepa sandaruwan
| null |
BLOG
|
2014.11.25
|
http://uorunionnews.blogspot.com/
|
බොදු බල සේනාවත් එක්ක කිසිම කතාවක් නෑ..
|
Recon
|
බොදු බල සේනාවත් එක්ක කිසිම කතාවක් නෑ. ආණ්ඩුව විපක්ෂේ දෙමල මුස්ලිම් ච්රිසිටන් ක්‍රිස්ටියානි චන්ද කඩා ගන්න කරන බොරු වලට ඇසු නොවන්නබොබසේ මෛත්‍රීට හේත්තු කර කපන්න බැරි අත ඉඹින්න යයි: පොදු අපේක්ෂකයාගේ සුළු ජාතික ඡන්ද කැඩීමට ගෝඨාගේ කුමන්ත්‍රණයක්: නිකම් දුන්නත් බේබදු සිවුරුකාරයන්ගේ සහාය එපා -පොදු සන්ධාන ප්‍රකාශකයෙක් කියයි---(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.25, ප.ව.3.00) ජාත්‍යන්තරය ත්‍රස්තවාදී සංවිධායනයක් ලෙස නම් කර තිබෙන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ඔහුගේ අතුරු හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ කුප්‍රකට සිවුරුකාර අන්තවාදීන් කණ්ඩායමක් වන බොදු බල සේනා සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී සහාය දක්වන බව හෙට ප්‍රකාශ කිරීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.තමන් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දෙන බව අද මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිටි බොදු බල සේනාවට අවසන් මොහොතේ දී රාජපක්ෂ රෙජීමය විසින් උපදෙස් දී ඇත්තේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස හෙට ප්‍රකාශයට පත් කරන ලෙසයි. ඊට හේතුව නම් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධානයක් සහාය දෙන බව කී විට දැනටමත් සුළු ජාතීන් ගේ විශ්වාසය දිනා සිටින පොදු අපේක්ෂකයා කෙරෙහි සුළු ජාතීන් කලකිරවීමයි. විශේෂයන්ම මුස්ලිම් කොන්ග්‍රසය සහ පොදු සන්ධානයේ පක්ෂ අතර මේ වන විටත් සිදුවෙමින් පවතින සාකච්ඡා කඩා කප්පල් කරවීමයි.මෙම කුමන්ත්‍රණයේ පූර්ව ප්‍රචාරයක් ලෙස ඊයේ ආණ්ඩුවේ මඩ මාධ්‍ය මගින් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ බොදු බල සේනා අතර සාකච්ඡාවක් පැවැත්වීමට යන බවකි. ලංකා ඊ නිව්ස් විසින් සොයා බැලූ විට එවැනි සාකච්ඡාවක් ගැන සාංකාවක් මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ පක්ෂ හෝ නොදනී. එය පට්ට පල් කෙබරයකි.පොදු සන්ධානයේ ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ බොදු බල සේනා වැනි අන්තවාදී මිනීමරු මෙන්ම බේබදු චීවරධාරීන්ගේ සහාය පොදු සන්ධානයට අනවශ්‍ය බවයි. එසේ නොවුනද මල්වතු අස්ගිරි පාර්ශවයන් ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේද, මාදුලුවාවේ සෝභිත, අතුරලියේ රතන, ගිරාඹේ ආනන්ද, ආදී අති විශාල බහුතරයක් වන සුජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ සංවිධාන රාශියකගේද සහාය පොදු අපේක්ෂකයා ප්‍රමුඛ සන්ධානයට දැනටමත් ලැබී තිබෙන බව පොදු සන්ධාන ප්‍රකාශකයා කියා සිටියේය.
|
BLOG
|
2014.11.26
|
http://anushka0703.blogspot.com/
|
හිතේ තියෙන ගඟ
|
Anushka Thilakarathne
|
හිතේ තියෙන ගඟ සොයන්නෙමි බොහෝ කල් තුරු වදුලක සැඟව සිට තාලයට ගලාවිත් සිත අද්දරින් බැස යයි ඒ හිතේ තියෙන ගඟ නෙත නොදුටු සාංකාවෙන් සොයමි මම හිතේ තියෙන ගඟ නෙත අද්දරින් ගලා යයි ගඟක් ඒ හිතේ ඇඳි ගඟ නොවේ කොහිද ඒ හිතේ තියෙන ගඟ මහ වැසි ඇද වැටුනු දා හැන්දෑවක හිරුගේ අවසන් සිතුවම තවරගෙන ගලා යයි නෙත අද්දරින් ගඟ තාලයට සීරුවට ඉතින් නුඹමවෙයි අද පටන් හිතේ තියෙන ගඟ.
|
BLOG
|
2014.08.04
|
http://anushka0703.blogspot.com/
|
පුංචි ගිණිකූරු වෙළෙන්දිය
|
Anushka Thilakarathne
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}පුංචි ගිණිකූරු වෙළෙන්දියතවමත් මගේ හිත අද්දරහිම මිදෙන සීතලේඅන්තිම ගිණි කූරත් දල්වාඋණුසුම් වෙන්න හැදුවරස බොජුන් කුස් පුරවනඋණුසුම් අවන්හල් ඉදිරිපිටඈ සිටින්නීහිස්වූ කුසින්මැලවුනු වතින්පුංචි ගිණි කූරු වෙළෙන්දියහිම මිදෙන සීතලේමැදියම් රැය තෙක්මගිණිකූරු විකුණන්න හැදුවකාමරය උණුසුම්යරස බොජුන් මේස මතබැබළෙන විදුලි එළි සමගසියල්ල සූදානම්යජනේලයට එපිටින් ඈ සිටින්නීසීතලේ ගැහෙමින්හිස්වූ කුසින්ඒ දෑස මහ හැරසාදය අරඹන්න.
|
BLOG
|
2014.07.01
|
http://anushka0703.blogspot.com/
|
අබිලිං මාමේ
|
Anushka Thilakarathne
|
ඉක්මනින් ගෙනැවිත් දීපංගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස්අතින් වියදං කරංපිං කං කලත්ඒ පිං මදිලුඋඹේ ණය හිලව්වටපිරිත් කොටු ගැහුවාටපිං කං කලාටබණ පදයක් ඇහුවාදමතක ඇති කාලයකනොදැන හිටියේ ඒකයි උඹබීමත් කමේ ආදීනවඋඹ ඉන්න හින්දද කොහෙදපිචර් එක දිව්වෙත් නෑ හරියටගැලපෙන්නෑ ඕවා මෙහාටසේකරත් ඇඬුවාලු අන්තිමටඅහසට වඩා ලොකු උඹේ හිතඊටත් වඩා ලොකු ණය කන්දඋඹ නැති පාලුව දරාගෙනමඅතීතයෙන් ගඟ ගලා බසී තවම.
|
BLOG
|
2014.04.21
|
http://anushka0703.blogspot.com/
|
අන්තිම නවාතැන
|
Anushka Thilakarathne
|
කෙනෙක් ඉඳ ගියපසුඅන්න තවකෙනෙක් ඇවිදින්කෙමෙන් පියවෙනනෙත් දෙසබලා හිඳීවිසිවිලිමඅවසන් සුසුම්පොද උරා ගෙනතව තවත් දැඩිවේවිබිත්තියහැකි ලෙස ඔබවරැකගනිමිපිටත ඇතිසීතලෙන්ඉතින් පවසන්නමට ඔබේ කතාවත්නිසසලව අසාසිටින්නෙමිඅවසානයේකවුළුව හැර තබමිපිටව යන්නටඔබටඅවහිරයක්නොමැතිව.
|
BLOG
|
2014.01.26
|
http://anushka0703.blogspot.com/
|
සිත්තර පෙම්වතිය
|
Anushka Thilakarathne
|
සුදු පාට කැන්වස් තලය මත කටු සටහනින් ඇඳි මගේ කලු සුදු රූපය නුඹ බියපත් කරයි නුඹ බොහෝ බිය වෙයි පින්සලෙන් පින්සල ගෙන නේක වර්ණ තවරා යුහුසුලුව මතු කරන්නී වර්ණවත් රූපයක් දහඩිය ද හෙළමින් තුටු වන්නී ඉතින් මෙන්න නුඹ බලන් කෙතරම් හැඩද දැන් සැනසුම් සුසුමක් හෙලන්නී කෙතරම් බියකරුද අර කලු සුදු රූපය.
|
BLOG
|
2013.12.17
|
http://anushka0703.blogspot.com/
|
රොබින් හුඩ් අය්යලා
|
Anushka Thilakarathne
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}රොබින් හුඩ්අය්යලාදැන් සටනඅතහැරලාගල්ගුහාවකටවෙලා බුම්මගෙනඉන්නවලුආරංචියේහැටියටජනතාව දැන්හරි වෙනස්ලුඉස්සරවගේ ඒගොල්ලොන්ටසපොර්ට් එකදැන් නෑලුනොටින්හැම්බලකොටුවෙහැමදාමනත්තල්ලුරෑට රෑටහැමදාමමල් වෙඩිපෙන්නනවාලුගිස්බන්ගෙනුත් දැන් කරදරයක් නෑලුසිරියාවබේරෙන්න හිනාවෙන්නත් දන්නවලුබබාලත් වඩාගන්නව්ලු ඉඳ හිටහැබැයි තාමත්එහේ එල්ලලාමරණවාලුඒ උනාට ජනතාවප්‍රීතියෙන්ඉන්නවලුමහ රජාත් ළඟදිඑහේ ඇවිත්ගිහින් ලුරොබින් හුඩ්අය්යලාදැන් සටනඇතහැරලාකණ්ඩායමටබැඳෙන්න ගිය මංෂර්වුඩ් කැලේතනි වෙලා.
|
BLOG
|
2013.12.01
|
http://anushka0703.blogspot.com/
|
හතුරෙකු ගේ මළ ගම
|
Anushka Thilakarathne
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}අදින් පසු මටකෙනෙක් නැතිවේවිමතක් වෙනවිටත්තරහ යනතරහ හිතතබාගෙනමආවෙමි ඔබේමළගෙදරඔබත් මාත් හැරකිසිවෙකුත්නොදන්නා ගානයිඔබ හා මමඅමනාප බවඉතින් ඔබ මියගොස්යපරණ තරහ ඉතිරිකරඔබ යන්නටගොහින්මග තොටේ විටෙකහැදුවා නොවෙද ඔබකතා කරන්නට මාසමගකතා නොකළෙමිඔබටමම තරහාබැවිනිඉතින් දැන් කාසමගතරහෙන් ඉන්නදමමහිස් බවෙන්මිරිකෙමිවේදනාවෙන්තැවෙමිපරණ තරහ ඉතිරිකරඔබ මියගොසිනි.
|
BLOG
|
2013.11.30
|
http://anushka0703.blogspot.com/
|
ඒ බල්ලා
|
Anushka Thilakarathne
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}ඒ වල් බල්ලාහැරිලාවත්බැලුවෙ නෑමං දැම්මඉස්පංචි කෑල්ල දිහාකෑල්ලක් නොදීමංදෙන්නද ඔක්කෝමමංවත් නොකානැත්තං අනික්කඩෙන්ප්‍රයිඩ්රයිස් අරංපිං පිණිසදෙන්නද ඌටඋපන්නා නම් වල්බලු ගොඩේඉන්නට ඕනෑඒවිදිහට දෙන දෙයක්කාලාඅගුපිලේබුදියලාතනියම හොරි කසාගෙනලොරියට බස්එකට අඩ තියාවැලිගම්පිටියන්ඩෝනඅන්න එහෙමයිඋඹලා ඉන්ඩෝනහිතන්නැති අරතඩි විසාලගේට්ටුවෙන්හොම්බ දාගෙනබුරනසුපිරි බල්ලාවගේ කියලාමතක තියාගන්මේටිකබල්ලෙක් වුනත් ඌ පෙට් කෙනෙක්හැබැයි උඹබල්ලෙක් සදහටම නිකන් නෙමෙයිවල් බල්ලෙක්.
|
BLOG
|
2013.11.22
|
http://anushka0703.blogspot.com/
|
ගස් කැච් ඔට්ටුයි
|
Anushka Thilakarathne
|
Normal 0 false false false EN-US X-NONE TA හැන්දෑවෙ හතරටඑකා දෙන්නාඇදෙනවා පාරටකඩේ බංකුවවිකට් එකබැට්ස්මන් ටවඩා උසයි විකට් එකඅර්ජුනලාඅරවින්දලා හෂාන්ලායුනුස් ලා අක්‍රම්ලාලාරලා ඩොනල්ඩ්ලාමේ ඔක්කොමහිටියා අපි එක්කගස් කැච්ඔට්ටුයිබලු වත්තටගියොත් අවුට්හුඹහට උඩින්හතරයිහයක් ගැහුවොත්වීරයෙක්ලොකු අය්යලාගේ බෝල් සැරවැඩියිහැමදාමවැඩිය එන්නැතිපොඩි මල්ලිලා හැමදාම ලාස්ට්මෑන්දැන් නම්පාරටත් තාරවැටිලාවටේටම තාප්පබැඳිලාගස් කැච්ඔට්ටු කල පොල් ගස්ඉඳ හිට බලනවාඅපි දිහා /* Style Definitions */ table.4pt 0in 5.
|
BLOG
|
2012.09.19
|
http://anushka0703.blogspot.com/
|
අන්තිම මලක සුවඳ
|
Anushka Thilakarathne
|
එන්නවිඳගන්නඅන්තිම මලක සුවඳමහා සුළඟකට හසුවීගිලිහී වැටුන අන් හැම මලමඅන්තිම වරට දුටුජීවත්ව සිටිනා එකම මලවැඩි කාලයක් නොමැතනොපෙනේද අර එන කුණාටුවප්‍රමාදය සැමදාමහේතුවේ පසුතැවිල්ලටඉතිරිවේ මහා හිස්කමක්අන්තිම මලත් වැටුනු පසුහිස් අහස් පසුබිමේඅග හිස් අතු ඉති පමණක්ඉතින් කුණාටුවට පෙරාතුවඑන්න විඳ ගන්නමේ අන්තිම මලේ සුවඳප්‍රමාදය සැමදාම හේතුවේ පසුතැවිල්ලට.
|
BLOG
|
2014.11.30
|
http://chathucn.blogspot.com/
|
කථා පොඩිත්තක් - 01
|
Chathuranga Perera
|
සිකුරාදා ඉස්කෝලේ ඇරිලා පාරට ආවේ සෑහෙන්න ආතල් එකකින්... දවස් දෙකක් නිවාඩු නේ... 162 බණ්ඩාරගම බස් එකේ ඇවිත්, මාකන්දන පන්සල ලඟින් බැහැලා මමයි, ගිහානුයි පාර පැන්නා. ඉස්කෝලේ ඇරුණු ගමන්ම ආපු නිසා පොඩි බඩගින්නකුත් නොතිබුණා නෙවෙයි. දැන් ගිහාන්ලගේ ගෙදරට ගිහින්, ඌත් එක්ක කයියක් දාලා, ගෙදර යද්දී කීය වෙයිද දන්නෑ... ඒ මොක වුනත් මට ඉතින් බඩගින්න නුහුරු එකක් නෙවෙයි නේ. ඇත්තම කිව්වොත් බඩගින්න මතක් කලොත් විතරක් බඩගිනි දැනෙන ගානට මේ වෙද්දී මගේ සිස්ටම් එක හැඩ ගැහිලා තිබුණේ. ඉතින් ගිහාන්ලගේ ගෙදර ගියා කියලා දවල් වේල මිසිං වෙන එකට මගේ හිතේ අවුලක් තිබුණේ නෑ...‘‘වරෙන්, මේ පාරේ ගෙවල්...“ගිහාන් එහෙම කියාගෙන ඇතුළුවුනේ සුදර්ශණ මාවතට. ටිකක් ඉහළට නැග්ම වගේ තිබුණු පාරක් ඒක. මීටර් 50 ක් වත් ගියේ නෑ, ඌ කළු පාට ගේට් එකක් ලඟ නතර වුණා...“වරෙන්...“ගිහාන් ආයෙමත් කථා කලේ උගේ සුන්දර, මනහාර හිනාවත් දාලා... මං ඉතින් නොදන්නා තැන් වලදී කොහොමත් පස්ස ගහනවා කියලා ඌ දන්නවා...“ඔන්න මචං ගේ... වාඩිවෙයන්... මං එන්නම්...“ගිහානයා ගෙට ගියා... මම ස්කූල් බෑග් එක තියලා, පෝටිකෝවේ පුටුවක වාඩියක් දැම්මා. ගිහාන්ලගේ අම්මගේ කටේ සද්දේ ගේ ඇතුලෙන් ඇහෙනවා... මොනවා කියනවද කියලා නම් පැහැදිලි නෑ... හැබැයි ඉතින් ගිහානයට බනිනවා වගේ තමා ඇහුණේ නම්. අම්මලගේ, පුතාලගේ වලි මට මොකටද . මම මගේ මීටරේ වෙන චැනල් එකකට ටියුන් කරගත්තා...* * * * * * *ගිහාන්ව මට හම්බවුනේ A/L වලට ආවට පස්සෙයි. නවය වසරේ ඉඳන්ම මගේ බොක්ක වගේ ලඟින්ම හිටිය ගජයා වුනේ දිනිඳු. ඌත් මා එක්කම බයෝ කරන්න ආවා. අලුතෙන් ළමයි එනකල්, අපි දෙන්නත් එක්කම බයෝ ක්ලාස් එකට හිටියේ තව කොල්ලෝ දෙන්නයි. ඒ කසුන් හෙවත් ‘ඔන්නේ‘ සමඟ ගිහාන් විතරමයි. කසුන්ව නම් මම හයේ ඉඳලම දන්නවා. හැබැයි ඉස්සර ඉඳලා ඉස්කෝලේ හිටියා වුනත් ගිහාන්ව නම් මට කලින් සෙට් වුනේම නෑ.උසස් පෙළ පන්තියට ආවට පස්සේ අපෙත් ‘ලෙවල්‘ වැඩි වුන නිසා, මටත් ඕනේ කලේ ටිකක් කොල්ලෙක් වෙන්න. මොකද, O/L වලදී හැමෝම මාව බයිට් කලේ පොඩි එකා වගේ කියලයි. ඉතින් ලොකු පන්තියට ඇවිත්, ලොකු එකෙක් වගේ වෙන්න මම තෝරගත්තේ ගිහාන්ව. මොකද හිටිය අනෙක් කොල්ලෝ දෙන්නටම වඩා ඌ ‘අයියා‘ පාට් එකෙන් හිටිය නිසා...ගිහානුයි, මායි ෆිට් වෙන්න ගියේ ටික කාලයයි. ඌටත් දිනිඳුවයි, කසුන්ටයි වඩා අල්ලලා ගියේ මාව තමයි. ගිහාන් හොඳ ගායකයා... බයෝ ක්ලාස් එකේ ඩෙස් පාටි සංගමයේ ආරම්භය හරහා අපේ යාලුකමත් ගලාගෙන ගියා... A/L මුල් කාලේ ගොඩාක් වෙලාවට අපි හිටියේ නිකම්ම තමා. ඔය වගේ ෆ්‍රී වෙලාවට ගිහාන් සිංදු කියනවා. මම ඩෙස් එකක් හොයාගෙන ඩොල්කි තලනවා. ඒ නැති වෙලාවට අපි දෙන්නා පස්සේ පේලියට වෙලා පුටු දෙකකුත් පද්ද පද්ද, පස්සේ බිත්තියට හේත්තු වෙලා ‘ශාස්ත්‍රීය‘ කයියක් දානවා... මියුසික් ගැන, රටේ තොටේ සීන් ගැන, කෙල්ලෝ ගැන, ලව් සීන් ගැන, ජීවිතේ ගැන ඔය හැම මගුලක්ම අපි දෙන්නා එක්ක කියෝ කියෝ හිටියා. අලුතෙන් පන්තියට ළමයි ආවට පස්සේ කාලේ වුනත් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනසක් වුනේ නෑ... ඇත්තම කිව්වොත් ගිහාන්ගේ පාට්නර්ෂිප් එක නිසා මටත් පොඩි රෙස්පෙක්ට් එකක් ඉබේම ලැබුණා... 11 වසරේ හිටිය පොඩි කොල්ලට ඒකත් මදෑ....උසස් පෙල පන්ති වලට අලුතෙන් ළමයි ආවා. අපේ බයෝ ක්ලාස් එකටත් හිටිය ගාණටම හරියන්න වගේ අලුතෙන් ළමයි ආවා. ඔය අස්සේ පොඩි එකෙක් වුනු මටත්, කොල්ලෙක් වෙන්න තව මාර්ගයක් පෑදුණා...* * * * * * *“අපෝ... අපිට ඇවිල්ලා තියෙන කෙල්ලෝ ටික නම් මෙලෝ රහක් නෑ ඩෝ... බලපන්කෝ... හරි හමන් කෑල්ලක් නෑනේ බං සෙට් කරගන්නවත්...“ගිහාන් ඇඬියාව දාන්නේ අලුතෙන් ආපු ළමයි සෙට් එකේ ඉන්න කෙල්ලෝ ටික දිහා බලාගෙන. අලුත් සෙට් එක ඔක්කොම ක්ලාස් එකෙන් එලියේ, කොරිඩෝව වගේ තියෙන කොට තාප්පෙට එහායින් ඉඳන් ඇතුලේ ඉන්න අපි දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා... යකෝ, අපි සත්තු වත්තේ කූඩු වල දාපු රිලව් වගේ පේනවද දන්නෑ....“නැද්ද කවුරුත් උඹට සෙට් වෙන එකක්...“ ගිහාන් අහන්නේ මගෙන්...මම මුකුත් කියන්න ගියේ නෑ. ඇවිත් ඉන්න එවුන්ට නොදැනෙන්න, හීන් සීරුවේ ස්කෑනර් ඔන් කරගෙන සර්ච් එකක් දැම්මා... හිටිහැටියේ... ඔව්... හිටිහැටියේම මගේ ඇස් නතර වුනේ එයා ගාව......සුදුයි, කෙට්ටුයි... අහිංසක පාටයි... තැන්පත් ළමයෙක් වගේ... ඒ මූණ දැක්ක ගමන්ම පපුව ඇතුලෙන් මොනවා හරි ස්විච් එකක් on වුනා වගේ දැනුනා... ඒ on වුනු ස්විච් එක දිගේ ආපු කරන්ට් එක නිසා හාට් එකේ මෙච්චර කල් වැඩ නොකරපු සර්කිට් එකක් ස්ටාට් වුනා වගේ තේරුණා...මේ වෙනකල්ම කොල්ලගේ පපුවේ කෙල්ලෙක් ගැන අදහසක් තිබුණේ නෑ... දැන් ඉතින් ලෙවල් එක වැඩි නිසාද කොහෙද ආදර හැඟුම් පහළ වෙන්නත් පටන් අරන්. අලුතෙන් ආපු සුදු කෙට්ටු ගෑණු ළමයා දිහා බලන්නම හිතුනත්, මම බලන්න බය වුනා. ගෑණු පාර්ශවයත් එක්ක ගනුදෙනු මට හරිම නුහුරුයි. අනික මම ගෑණු ළමයෙක් දිහා බලන්න වුනොත් බලන්නෙත් තත්පර 5 යි. ඔය තත්ත්වේ තියාගෙන කොහොමද කෙල්ලෙක් සෙට් කරගන්නේ....අනේ ඉතින්, අර ළමයි ටික පන්තියට ඇවිත් සතියක් විතරම ගෙවිලා ගියා. හිත යටින් අදහස තිබුණට තවම මගේ හිතේ කැමැත්ත ගැන ගිහාන්වත් දන්නේ නෑ. හැබැයි ඌ වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්ගෙන් මේ ගැන උපදෙස් ගන්න මට තිබුනේ ලොකු වුවමනාවක්... ඒත් කොහොමද මේ ගැන ගිහාන් එක්ක කථා කරන්නේ....අන්තිමටම, මට මගේ අවස්ථාව ආවා.“චතූ... අද අපේ ගෙදර යමු ද . උඹත් එක්ක ලොකු සීන් එකක් කියන්න තියෙනවා...“ගිහාන් කිව්වේ ඉන්ටර්වල් එකෙන් පස්සේ තිබුණු ෆ්‍රී පීරියඩ් එහෙකදීයි.‘තවත් අජරාමර පාසැල් ප්‍රේම වෘතාන්තයක් කියන්න වෙන්නැති...‘ මට හිතුනා. ඇයි ඉතින් මම හැමදාම වගේ කරන්නේ ඌගේ ශෝකාන්ත ලව් ගැන අහගෙන ඉන්න එකනේ... වෙනසකටත් එක්ක ගිහාන්ලගේ ගෙදර යන්න මම තීරණය කරගෙන ඉවරයි. අනික ඉතින්, ඌ යමුයි කිව්වම බෑ කියන්න පුළුවන් ද . ඌව තරහ කර ගත්තොත් මේ අවස්ථාවේදී මට මාරම පාඩුයි... ඇත්තම කිව්වොත්, මම අනාථයි...* * * * * * *‘‘මොනවද බං කියන්න තියෙනවා කිව්වේ....“ මම ගිහාන්ගෙන් ඇහුවේ ඌ ගෙට ගිහින්, ඇඳුමකුත් මාරු කරගෙන ඇවිත්, මගේ ලඟ පුටුවක වාඩි ගත්තට පස්සේ.‘‘කෙල්ලෙක් ගැන තමයි...“ ඌ කිව්වේ හිමිහිට, හඬ බාල කරලා... මොනව වුනත් ගිහානයා අම්මට ගූ බයයි ද කොහෙද .“කවුද බං ඒ...“ මම ඇහුවේ ගිහාන්ගේ හිත ගිය ස්ත්‍රී පරාණය කවුද කියලා දැනගන්න.‘‘අපේ පන්තියේම එකක්.... කියපන් බලන්න පුලුවන් නම්...“මම බලාගෙන හිටියේ ගිහාන්ගේ මනමාල පාට මූණ දිහා... පැණි බේරෙන හිනාව දිහා... ඒ දිහා බලා ඉන්දැද්දි තමා හිතුනේ ගිහානුත් අපේ අයියා වගේමයි කියලා... අයියත් මේ පාටමයි.... ඔය හිනාවමයි... ඒ ඇස් දෙකමයි.... මම ගිහාන්ට ඇදිලා යන්න ඒ සමානකමත් එක හේතුවක් වෙන්නැති...“චතුවා... කියපන්කෝ...“එතකොටයි මතක් වුනේ මුගේ කෑල්ල කවුද කියලා හොයන්න ඕනේ කියලා... ම්... බලමු මීටරේට දාලා... පහුගිය ටිකේ මුගේ හැසිරීමයි, ඇස් බැල්මයි වැඩ කලේ නම්.... හරි....‘‘සත්සරණි ද....“ මං ඇහුවා...“හ්ම්...“ගිහාන් හිනාවෙලා ඇඹරෙන්න ගත්තා... නොදකින් මුගේ මල කෝලං....සත්සරණි... නොහොත් ‘සතා‘. හය වසරේදී මගේ පන්තියෙම හිටපු ළමයෙක්... ඉස්සර නම් මළ විකාරයක්... කොල්ලෙක් ලඟින් ගියත් ගල් ගැහිලා රවාගෙන ඉන්නවා. හරියට මෙයා සීතා දේවී වගේ.... ඉතින් කොල්ලන්ගේ වැඩේම ඒකිව අවුස්සන එක...A/L වලට සත්සරණි කලේ කෘෂි විද්‍යාව. උන් සෙට් එකත් බයෝ ක්ලාස් එකේමයි හිටියේ. මේ වෙද්දී නම් ඒකිගේ කෝලං ගොඩාක් අඩුයි. ඒත් තාමත් කථාව නම් පූස් පැටියෙක් කෙඳිරි ගානවා වගේ... මට දිරවන්නෙම නැත්තේ කෙල්ලන්ගේ මේ විකාර තමයි....ගිහාන් පහුගිය ටිකේ මුල්ල ගහලා සතා එක්ක ටෝක දාගෙන හිටිය හැටි මට මතක් වුනා... ‘හරි එහෙනම්... ඒකත් ජයසිරි මංගලම්...‘“එළකිරි බං... දැන් ඒකි සෙට් ද....“ මම ඇහුවේ වැඩිදුර විස්තර දැනගන්න.“මං තාම මුකුත් අහන්න ගියේ නෑ බං...“ ගිහාන් ඊට පස්සේ විනාඩි දහයක් විතරම ස්ටෝරිය කියන්න ගත්තා. මටත් දැන් ඕවා අහලම කන් පදම් වෙලා.... මූ මට ඕවා ඔක්කොම කියන්නේ මගෙන් ඇඩ්වයිස් ගන්න. කෙල්ලෝ ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති වුනත්, ජීවිතේටම ගෑණු ළමෙක් එක්ක යාළු වෙලා නැති වුනත් O/L කාලේ ඉඳලම මම ලව් විශාරද වගේ ඇඩ්වයිස් නම් දෙනවා... ඒවා අහන උන්ටත් ඒවා හරි ගිහින් තියෙනවා...“චතූ... උඹට මුකුත් ලයින් එකක් සෙට් වුනේ නැද්ද බං...““පොඩි සීන් එකක් නම් තියෙන..වා....““නෑ.... කියපන්කො යකෝ... කවුද බං ඒ...“මම ටිකක් වෙලා ඇඹරුණා... අම්මපා මේ කෙල්ලෙක් ගැන කා එක්ක හරි කථා කරනවාමයි...“චතුවා... කවුද බං...““අලුතෙන් ආපු එකක්...““අලුතෙන්.... ම්ම්...“අරූ දැන් දත කාගෙන කල්පනා කරනවා...“අර සුදු, කෙට්ටු ළමයා බං...“ මම කිව්වා...“මට මීටර් නෑ බං...““හරි... මං උඹට සඳුදට පෙන්නන්නම්කෝ...“තවත් පැය භාගයක් විතර ලව් සීන්ම කියෝ කියෝ ඉඳලා මම ගෙදර ආවා... අම්මපා, ගිහානයට සීන් එක කියාගත්ත එක නම් හරිම සැනසිල්ලක්. හිතට හරිම සැහැල්ලුවක් දැනුනේ... දැන් ඉතින් උගෙනුත් බොක්කෙන්ම සප් එකක් ලැබෙනවා කියලා මට ෂුවර්...සුදු කෙට්ටු ගෑණු දරුවා ගැන මතක් කර කර මම ගෙදර ආවා... ඒ, සඳුදාට ගිහාන්ට ඩයල් එක පෙන්නලා වැඩේ පටන් ගන්න නොඉවසිල්ලෙන්...ගෙදර ගිහිල්ලත් වෙන සිහියක් තිබුණේ නෑ... නිකං ඉන්න බැරිකමට කොල කෑල්ලක් අරන් මම පොඩි පද වැලක් ඇමුණුවා...දඟකාර යෞවන වයසේ...පිපි රෝස කුසුමක් විලසේ...මල් මන්දහාසය නුඹගේ...මා සිත... චංචල් කලේ...* * * * * * *“ආ.... මෙයාද උඹ කියපු ළමයා... හොඳයි... හොඳයි...““ඇයි බං... අවුල් ද .““නෑ යකෝ... පිස්සුද . මට කැමති එක නෙවෙයි නේ හරියන්නේ... උඹට හිත ගිය එක නේ කෙරෙන්න ඕනේ...““ගිහාන්, අපි තාම එයාගේ නමවත් දන්නෑනේ බං...““ම්ම්..... හිටපන්කෝ... මොකක් හරි ගේමක් ගහමු...“සඳුදා ඉස්කෝලේ වැඩ පටන් ගන්නත් කලින් මම වැඩ පටන් අරන් තිබුණේ. ඒ කොයි හැටි වෙතත් තාම අර ළමයගේ නම දන්නෙවත් නෑනේ... මම ඔය ගැන කල්පනා කර කර හිටියා... මගේ කල්පනාව බිඳුනේ ගිහාන් නම් ලකුණු කරන්න ගත්තාමයි...අපේ පන්ති භාර කෙමිස්ට්‍රී මිස්ට බබෙක් ලැබෙන්න හිටිය නිසා හිටපු ගමන් නිවාඩු වැටෙනවා... ඉතින් බොහෝ දුරට උදේ වරුව මුලු ක්ලාස් එකම පිස්සු මඩුවක් වගේ තමා... එක එකා, එක එක වැඩ....ගිහානයා ගුරු මේසේ පැත්තක ඉඳන්, හේත්තුව දාගෙන, රෙජිස්ටර් එක - ඒ කිව්වේ නාම ලේඛණයත් පෙරලගෙන ඉන්නවා... ඒකේ ගෑණු ළමයින්ගේ නම් ටික මූ හයියෙන් කියවන්නේ ටීචර් නම් ලකුණු කරන්නා වාගේ....“දිනූෂා පතිරණ...“ඔන්න කෙල්ලෙක් අත උස්සනවා...“ඉෂංකා....“ගිහාන් ආයෙමත් කෑගහනවා... අලුතෙන් ආපු, තළේලලු කොට කෙල්ලෙක් බයෙන් වගේ නැගිටිනවා... එයා තමා මගේ හිත ගත් ගෑණු දරුවගේ යාලුවා...“චරිතා...“හරි...... එයා නැගිට්ටා.... ඒ කියන්නේ ඒ ළමයගේ නම චරිතා...ච..රි..තා... එයාටම හරියන නම....ගිහාන් නම් ලකුණු කිරිල්ල අහවර කරලා ආපහු ඇවිත් මගේ ලඟින් වාඩි වුණා... උගේ මූණේ හොර හිනාවක් මට පේනවා. අම්මපා බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා. මට නම් පන්තිය ඉස්සරහ ඔය වගේ වැඩක් කරන්න කොහොමටවත් ගටක් නෑ... ඒ අතින් ගිහාන් නම් මට දෙයියෙක් වගේ....* * * * * * *A/L පන්තියේ වැඩත් එක්ක දවස් ගෙවුණා... ඒ අතරෙදි චරිතා පස්සෙන්ම වගේ මගේ ඇස් ඇදුනා... ගිහාන්ගේ උපදෙස් පරිදි වැඩ කලා වුනත් තාමත් එයා නම් මං ගැන කිසිම ඉන්ට්‍රෙස්ට් එකක් නෑ වගේ... මම එයාට ට්‍රයි කියලා අඟවන්න කියලා තමයි ගිහාන් නම් කිව්වේ... ඒත් ඉතින් ‘මේ... මං ඔයාට කැමතියි...‘ කියලා ගිහින් කනට කරලා කියන්නයෑ... හපෝයි.... එහෙම දෙයක් මතක් වෙනකොටත් ඇස් දෙක බොඳවෙලා, දාඩිය දානවා වගේ දැනෙනවා....කෙල්ල හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්න කෙල්ලෙක්... වැඩ වුනත් පිළිවෙලට කරනවා... කවදාවත් ක්ලාස් එක ඇතුලෙදි හෝ පිටදී මට නම් එයා කනට ඇහෙන්න කථා කරනවා ඇහිලා නෑ... ඇත්තටම චරිතා හරිම නිවුනු ගතිගුණ තිබුණු ළමයෙක්... ඒ ගැන හිතද්දී මං කරන්න යන්නේ හරි වැඩක් ද කියලත් මට නොහිතුණා නෙවෙයි... ඒත් කොලුකම ඊට වඩා ලොකුයි නේ...ඔය අස්සේ ගිහාන්ගෙයි, සතාගෙයි සම්බන්දේ නම් කෙරීගෙන ගියා... දෙන්නා එක්ක මුල්ලට වෙලා මුකුළු කරන එකමයි වැඩේ.... එව්වට ඉතින් ක්ලාස් එකේ අනෙක් එවුන් බයිට් කරන්න ගියෙත් නෑ... එච්චරටම අසහනයක් තියෙන සෙට් එකක් අපේ ක්ලාස් එකේ නොහිටිය එකත් වාසනාවක්... ගිහාන් මගේ වැඩේට සප් එක දෙන එක නතර කලෙත් නෑ... මම එච්චර මේ වැඩේට ෆෝවඩ් නෑ කියලා ඌට තේරිලාද කොහෙද ඌ අලුත්ම ගේමකට අත ගැහුවා...චරිතාගේ හොඳම යාළුවා වුනේ ඉෂංකා... ගිහාන්ගේ අලුත්ම මිෂන් එක තමයි ඉෂංකාට කටුව ගහන එක. ඌට නම් කෙල්ලෙක් එක්ක කථා කරලා, අවශ්‍ය පොයින්ට් එකට එන එක අතිශය සරල කාරණාවක්... ඒත් මට නම්, ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ...‘සිතින් විතරක් පෙම් කරන්නම්... දුරින් ඉඳ ඔබ දෙස බලන්නම්‘ කියලා මගේ කුළුඳුල් ප්‍රේමය තාමත් හිත ඇතුලේ තියෙද්දීම කාලය ගෙවිලා ගියා. ඔය අතරෙදි තමයි අතිශය වික්‍රමාන්විත හා උද්වේගකර වූ ක්‍රියාන්විතයකට ගිහාන් මාවත් ඇදගෙන ගියේ...* * * * * * *“වරෙන් වරෙන්... ඉක්මනට යකෝ... බස් එක මිස් වුනොත් ඉතින් ආයෙත් දවසක් කට්ට කන්න වෙනවා...“ගිහානුයි, මායි මේ යන්නේ චරිතා පස්සේ... ඉස්කෝලේ ඇරුණට පස්සේ දෙන්නත් එක්ක හොරෙන්ම පසුපස පැන්නීමේ මෙහෙයුම දියත් කරා... කලින් ඉඳලම රෙජිස්ටරේ පිහිටෙන් අපි එයාගේ ගෙවල් කොහෙද කියලා හොයාගෙනයි තිබුණේ... ඉතින් ඒක නිසා මෙයා දැන් කොයි බස් එකේද යන්නේ කියලා නම් අපි දන්නවා...නගර සභා පිට්ටනිය ගාවින් යන ඉස්කෝලේ ඉස්සරහ පාරෙන් ඇවිත් චරිතා කොළඹ පාරට ආවා. අපිත් ඒ පස්සේ... එයා හිමිහිට පල්ලෙහාට ඇවිදගෙන යනවා... ගිහින් රතු කැකුළු බත් කඩේ ගාව බස් හෝල්ට් එකේ නතර වුණා. මෙතන නවත්තන්නේ 255 ගල්කිස්ස - කොට්ටාව බස්...මමයි, ගිහානුයි දෙන්නත් එක්කම ගිහින් අහල පහලකට සෙට් වුනා... මගේ පපුව ගැහෙනවා පිටටත් ඇහෙනවද මන්දා... වෙලාවට බස් සද්දේ නිසා ඇහෙන්නැතුව ඇති.... ජීවිතේටම කරපු වැඩක්ද අම්මපා මේ කරන්නේ... කෙල්ලෙක් පස්සෙන් යන එක... අද ගුටි නොකා ගෙදර ආවොත් ඇති......තිබුණු බස් එක ගිහින්, ටික වෙලාවකට පස්සේ තව 255 බස් එකක් ආවා. චරිතා ඒකට නැග්ගා... අපි දෙන්නත් පස්සෙන් නැග්ගා... චරිතා බස් එක මැද්ද හරියේ හිටගෙන ඉන්නවා...“යමං යමං... මෙතන ඉඳලා වැඩක් නෑ හරකෝ... ලඟට යමන්...“ගිහානයා කන ගාව කෑගහනවා... ඉතින්, මමත් ගැහෙන හිතිට ගට අරගෙන ටිකක් ලං වුණා... බෑග් එකත් ගලවලා බස් එකේ රැක් එකට දැම්මා... මම චරිතාගේ මුහුණ දිහා බැලුවේ හොරෙන් වගේ... ඒත්, ඒකිට නම් අපි බස් එකේ ඉන්නවද කියලාවත් ගානක් නෑ... ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නවා...ගිහානුයි, මායි දෙන්නා එක්ක ටික්ක සද්දේ වැඩි කරලා අනම්මනම් කයියක් දාගෙන තමා බස් එකේ ආවේ... ඔය කථා කරපු ඒවායින් භාගයක් විතරම අර ගෑණු දරුවට වහෙන් ඔරෝ කියපුවා තමා... ඒත් ඒ දරුවා නෑහුණ ගානට පාඩුවේ යනවා...අනේ ඉතින්, අපි දෙන්නත් රට හරක් දෙන්නා වගේ කට්ට කාගෙන බස් එකේ තදවෙලා එයා බහින තැනටම ආවා... මමත් ඉතින් හොරෙන් හොරෙන් වුනත් ඒ මූණ දිහාම තමා බලාගෙන ආවේ... බහින තැන ලං වෙලාද කොහෙද චරිතා බෑග් එක අරගෙන කරේ දාගත්තා... ඉන්නේ රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේ කියලා දැනගත්තට, එයා බහින්නේ මොන හෝල්ට් එකෙන් ද කියලා අපි දන්නෑ... මම නම් 255 ක ආවෙත් අදමයි....කෙල්ල බහින කොට තමයි මගේ මූණ දිහා බැලුවේ... ඒ බලලත් දැක්කේ නෑ වගේ බස් එකෙන් බැස්සා... බැහැලා එයා යනකල්ම මමත් බලන් හිටියා... අන්තිමේදී බස් එක අපි දෙන්නා එක්කම ඇද්දුවා... එයා ඈතට ගිහින් බොඳවෙලා ගියා...“දැන් ඉතින් බැහැගමු ඊගාව හෝල්ට් එකෙන්.... නොදකින් තෝ නම්... වචනයක් වත් කථා කලේ නෑනේ හරක් පැටියා....“ඌ නම් කියයි. මම එපෑ කථා කරන්න. මගේ අම්මෝ ... බස් එක මැද්දේ කෙල්ලෙක්ගෙන් බැනුම් අහනකොට කොහොමද සනීපේ... මතක් වෙන කොටත් ඇඟ සලිත වෙනවා....ඉතින්, අපි දෙන්නා ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැලා අනෙක් පැත්තට යන 255 ක නැගලා ආයෙත් පිළියන්දලට ඇවිත් ගෙවල් වලට ආවා... අතේ තිබුණු තුට්ටුව බස් වලට වියදම් කරගත්තට මොකද, හිත යටින් පොඩි කිතියක් වගේත් නොදැනුනා නෙවෙයි....* * * * * * *“චතුවා, උඹ අරකිගෙන් අද අහන්නම ඕනේ... හරි ද....““පිස්සුද බං... මට නම් බෑ.... ඒකි මාව ගණන් ගන්නෙවත් නෑ...““උඹට ඔහොම නං කෙල්ලෙක් දාගන්න වෙන්නෑ බං... ඕක මහ ලොකු සීන් එකක් නැ බං... කෙලින්ම අහපන්...“අට වසරේ ඉඳලා ලව් කරලා, කෙල්ලෝ දහයක් විතර පස්සෙන් ගිහින්, මේ වෙද්දි සැරින් සැරේට ගෑණු ලමයි තුන හතරක් එක්කම යාලුවෙලා හිටිය ඌට නම් ඕක මහ ලොකු දෙයක් වෙන්නැතුව ඇති... ඒත් දෙයියනේ මට.... කෙල්ලෙක්ගේ මූණ දිහා කෙලින් බලන් කථා කරන්න බය මට....මේ වෙද්දි ඉෂංකායි - ඒ කිව්වේ චරිතාගේ යාලුවයි - ගිහානයයි අතර හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබුණා... ඉෂංකා මාව දැක්කම චරිතාව පටලවලා විහිළු කරන තරමටම අපි හොඳ යාලුවෝ වුණා... හැබැයි, ඒකි චරිතා ඉස්සරහදී නම් මගේ නම වත් කියන්නේ නෑ... මොකද, ඉෂංකා කියපු විදියට චරිතා කැමති නෑලු එයාගේ නමට කොල්ලෙක් පටලවලා විහිළු කරනවට...ගිහානුයි, ඉෂංකයි අද උදේ ඉඳන්ම බර සාකච්ඡාවක්... මුන් දෙන්නා මගේ රෙදි ගලවලා තමයි නතර වෙන්නේ... අම්මපා මේ ගිහානයට කිව්වට තේරෙන්නෑ නේ... චරිතා මට කැමති නැත්නම් මොකටද තවත් පස්සෙන් ගිහින් ඒකිට ඇණයක් වෙන්නේ... මේ හරකට ඕවා කිව්වට තේරුම් ගන්නෙම නෑ. ගිහාන් කියන්නේ චරිතා මට කැමතිද නැද්ද කියලා ඒකිගේ කටෙන්ම අහ ගන්න ඕනේ කියලයි...“චතුවා... ඉන්ටවල් එකට එළියට යන්න එපා... පන්තියේ හිටපන්... හරි...“ගිහාන් කිව්වේ බෙල් එක ගහපු ගමන් වගේ... මමත් ඉතින් ඩෙස් එකේම හිටියා... අද නම් මොනවා හරි ගිනි විජ්ජුම්බරයක් වෙන එක ෂුවර්.... මගේ ඔළුවත් එක්කම කැක්කුම් අරන් තිබුණේ... හිතට මාරම අප්සෙට්... කරගන්න දෙයක් නැති කමටම මම ඩෙස් එකේ ඔළුව ගහගත්තා.“මේ...“මම ඔළුව උස්සලා බැලුවේ ඒ සද්දෙට... හත් දෙයියනේ... මගේ ඩෙස් එක ලඟ දකුණු පැත්තෙන් හිටන් හිටියේ එයා.... ඔව්... චරිතා.... මගේ ඩෙස් එක ලඟට ඇවිත් මටම කථා කරනවා... දෙවි සාමිනේ ... මා රැකදේවා....මං ඔළුව උස්සලා හැරිලා චරිතා දිහා බැලුවා... එයා බලන් ඉන්නේ මගේ මූණ දිහා නෙවෙයි, මගේ ඩෙස් එක දිහා... ඒකිත් මං දිහා කෙලින් බලන්න තරම් හිතක් නෑ වගේ....“ඔයා මට කථා කලාද....“අනේ... එයා කථා කරන්නේ මට... මමත් ඒ මූණ දිහාම බලා හිටියා... මෙච්චර කාලයකට ඕනේ කරලා තිබුණේ මේක තමයි... චරිතා එක්ක කථා කරන්න තමයි... මමත් අහක බලාගත්තේ නෑ... ගැහෙන හිතින් වුනත්, මං එයා එක්ක කථා කලා...“ඔව්... මේ... මේ... ගිහාන් හරි, ඉෂංකා හරි ඔයාට මොකක් හරි කිව්වද .“අහන්න ඕනේ දේ කටට එන්නේ නෑ... යාන්තම්, අමාරුවට වගේ තමයි ඔය වචන ටිකත් ගැට ගහගත්තේ... මුළු ක්ලාස් රූම් එකම බොඳවෙලා ගිහින්, වටේටම කළුවර වෙලා වගේ... ඇත්තටම ඒ විනාඩි කීපයේදී මගේ ඇස් දෙකට අහුවුනේ අපි දෙන්නා හිටපු ඒ අඩි ගාණ විතරයි.... අනෙක් හැම දේම වගේ අමතක වෙලා තිබුණේ...“කිව්වා....“චරිතා උත්තර දුන්නේ තනි වචනයෙන්... දැන් මගේ වාරේ... මොනවද දෙයියනේ මං කියන්නේ....“ඉතින් ඔයා මොකද කියන්නේ...““මං ඕවට කැමති නැහැ... මට ඉගෙන ගන්න ඕනේ......“එහෙම කියලා එයා ගියා... මට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා... මට වෙන කිසිම දෙයක් ඇහෙන්නැතුව ගියා... කිසිම දෙයක් පේන්නැතුව ගියා... ඇස් දෙකට හීනියට වගේ තෙත් වෙනවා මට දැනෙනවා...අයියෝ දෙයියනේ... මට මේ මොකක්ද වුනේ... හිතේ තිබුණ හැම දෙයක්ම බිඳිලා ගියා.... හුලං ගිය බැලුම් බෝලයක් වගේ මම ඩෙස් එක උඩට කඩන් වැටුණා... ආයෙත් ඔළුව උස්සන්න තරම් ෆිට් එකක් මට තිබුණේ නෑ......* * * * * * *ඉන්ටවල් එක ඉවරවෙලා අපේ ක්ලාස් එකේ ළමයි සෙට් එකම ආයෙත් ආවා... පන්තියේ තිබුණු නිස්කලංක ගතිය නැතිවෙලා ගියා... මගේ වෙලාවට ඊගාව පීරියඩ් එකත් ෆ්‍රී.... ඉතින් නිදහසේ ඩෙස් එකට ඔළුව තියාගෙන, හිතේ දුක තුනී වෙනකල් සික් ගහගෙන ඉන්න පුළුවන්...“ඔව්වා ගන්න ගන්න එපා චතුවා... කෙල්ලෝ ඔහොම තමයි...“ගිහානයා ලඟට ඇවිත් මොන මොනවද මන්දා කියෝනවා ඇහෙනවා වුනත් මම ඒවට කන් දෙන තරම් සිහියක හිටියේ නෑ... ඇත්තම කිව්වොත් මට දැන් ඔළුව උස්සන්න ලැජ්ජයි... මේ සීන් එක වෙද්දී අනෙක් කිසි දේක සිහියක් නොතිබ්බා වුනත්, ඕක තව කී දෙනෙක් බලන් හිටියද දන්නෑ... එහෙම නම් ඉතින් විලි ලැජ්ජාවයි... වහ කන්න තමා වෙන්නේ... කොහොම හරි මම පැය භාගයක් විතර යනකල්ම වගේ ඔළුව හංගගෙන හිටියේ ඇහේ තිබුණු තෙත ගතිය ගිහානුත්, අනෙක් උනුත් දකියි කියලා....* * * * * * *A/L අවුරුදු දෙකත් ගෙවිලා ගියා... අපිත් වයසට ගියා... තව ටිකක් ලොකු උන් වුනා... ඒ වුනත් වෙනස් නොවුනු එක දේකුත් තිබුණා... ඒ, චරිතා....එදා ‘මං ඕවට කැමති නැහැ... මට ඉගෙන ගන්න ඕනේ...‘ කියලා ගියාට පස්සේ ඒකි මා එක්ක එකම එක වචනයක් වත් කථා කලේ නෑ... විහිළුවටවත්, වැරදිලාවත් මගේ මූණවත් බැලුවේ නෑ... මමත් ඒ සීන් එකෙන් පස්සේ මාසයක් විතර යනකල් ඒකි දිහා බලාගෙන දුක් මූඩ් ගහගෙන හිටියත් පස්සේ දැක්කත් නොදැක්කා වාගේ ඉන්න පුරුදු වුනා...A/L විභාගේ අන්තිම දවසෙදි අපේ බයෝ ක්ලාස් එකේ සෙට් එකම එකට හම්බවුණා... ආයේ ඉතින් කවදා හම්බවෙයිද කවුද දන්නේ... හැමෝටම දුකයි... මොනවා වුනත් අපි කොල්ලෝ, කෙල්ලෝ කියලා නැතුව ෆුල් ෆිට් එකේ හිටියා... ඉතින් දැන් වෙන්වෙලා යන මොහොතේ කවුරුත් වගේ හිටියේ ඩිම් වෙලා වගේ....අපි හැමෝම එකිනෙකාට සුභ පතා ගනිමින් හිටියේ... ඒ අස්සේ autograph සයින් කලා... මමත් කොල්ලෝ ඔක්කොටෝම කථා කරලා, බදාගෙන පිටට තට්ටු කරලා නිළ වශයෙන් සමුගැනීම සටහන් කලා... කෙල්ලෝ සෙට් එකෙත් අපිත් එක්ක ෆිට් එකේම හිටපු එවුන් අත් අල්ලාගෙනම සමුගැනීම දුන්නා... එච්චර ෆිට් එකක නොහිටිය උන් පවා ලඟට ඇවිත් නම කියලා කථා කරලා ‘චතූ යන්නම්... ආයෙත් හම්බෙමු...‘ කියලයි ගියේ...ඒත්... නොවෙනස් වුනු දෙයකුත් තිබුණා... ඒ, චරිතා....මම එයාගේ එහා පැත්තේ හිටිය ඉෂංකාට විශ් කරද්දිත් චරිතා නොදැක්ක ගානට හිටියා... මට එයාටත් කථා කරන්න හිතුනත් මමත් සද්ද නැතුව අනෙක් පැත්ත හැරුණා... ඒ ගැන චරිතාට දුක හිතෙන්නත් ඇති... කවුද දන්නේ.... බෑග් එකත් කරේ දාගෙන මම පාසැල් මාවත දිගේ පිය මැන්නේ බර කරගත් හිසින්... ඉස්කෝලේ ජීවිතේ වගේම, මගේ කුළුඳුල් ආදර මතකයත් අද මං දාලා යනවා...ඉතින්... ආයුබෝවන්.
|
BLOG
|
2014.11.24
|
http://chathucn.blogspot.com/
|
මේ දවස් වල මොකද වෙන්නේ...!!!
|
Chathuranga Perera
|
ඉතින්, කොහොමද.... ආ...... ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...ලියන්න පුරුදුවෙලා හිටි අතකට නොලියා ඉන්න එක වගේම - ලිය ලියා ඉඳලා, නවත්තලා, ආයෙත් ලියන එකත් එක වගේ අමාරු වැඩක්. මටත් ඒ අමාරුව එහෙමම දැනෙනවා. ලියන්න ඕනේ කියලා හිතුවට ලියවෙන්නේ නෑ වගේ...මේ බ්ලොග් එක ඇතුලේ ටෙක්නිකල් පෝස්ට් නම් ඕන තරම් ඔයාලා කියවලා ඇති. ඒත්, ඉස්සරහට නම් එහෙම දේවල් පළ වෙන්නේ නැති වෙයි. ඒ කිව්වේ බ්ලොග් එකේ පළවුනු ලිපි ටිකවත් නැති වෙයි කියලා නම් නෙවේ - බ්ලොග් එක ටිකක් වෙනස් වෙයි කියලා...මම ආයෙමත් ලියනවා... හැබැයි, වෙනස් විදියකට...ඔක්කෝටම කලින් කියන්නම ඕනේ... මේ ලියලා තියෙන ඒවා බලන්න, කියවන්න අප්පිරියයි වගේ නම්, හොඳ ළමයි වගේ මේ මැද ටික අතෑරලා, පෝස්ට් එකේ අන්තිම ඡේද දෙකවත් කියවලා යන්න...හරි... මට ලියන්න පුළුවන් ද . මං හිතනවා පුලුවන් කියලා... මං දන්නෑ බලන අයට, කියවන අයටත් එහෙමම දැනෙනවද කියලා... ඒත් මං හිතන්නේ හිතට හරියි කියලා හිතෙන දේ කරන්න ඕනේ කියලා... ඉතින් මම ලියනවා...හරි ඉතින්... ලියනවාම කියමුකෝ... මොනවද මං ලියන්නේ... මොනවා හරි ලියනවා... හිතට එන හැම දේම ලියනවා... එතකොට කියවන්න වෙන්නේ වල්පල් ද . අනේ මන්දා....බයිලා ඇති... අපි යමු...* * * * *ජීවිතේ මහ පුදුමාකාරයි.... ඔය ටික කියපු පළමුවැනියා මම නෙවෙයි... ඒ වගේම අන්තිමයත් මම වෙන්නෑ කියලා ෂුවර්... පුදුමයි කියන්නේ ඇයි . පුදුම නිසා... අපි හිතන් ඉන්නේ මොනවද - ඒ හැමදේම, ඒ විදියටම වෙන්නේ නම් නෑ... ඉතින් දැන් හිතන්න එපා මේකාට ජීවිතේ කලකිරිලා පිස්සුවෙන් දොඩවනවා කියලා... ඇත්තටම කියන්නේ, ජීවිතේ පුදුමාකාරයි......දන්නවද.... අපේ ජීවිතේම එක්තරා ස්ක්‍රිප්ට් එකක්... ඔව්, වෙන කවුරු හරි කෙනෙක් ලියපු (ලියපු එකා කවුද මන්දා .) තිර පිටපතක්... අපි ඒකට හරියන්න රඟනවා. කවදාවත් එහෙම හිතිලා නැද්ද... අනේ මන්දා... කාලෙත් එක්ක අපිත් සෑහෙන්න වෙනස් වෙනවා. අත්දැකීම් එක්ක ජීවිතේ දිහා වෙනස් විදියට, ගැඹුරු විදියට දකින්න පුලුවන් වෙනවා. මටත් ඒක පොදුයි. ඉතින් මේ කියන ඒවා මීට කලින් කිව්වේ නැතිය - මේකා දැන් හොඳටම වෙනස් ය කියලා කියන්න නම් ඔට්ටු නෑ... මොකද, පරක්කු වෙලා හරි අපි කාටත් ඔය ටික තේරුම් යන නිසා.බලාපොරොත්තු.... ලස්සන වචනයක්... ඒක ඇහුවත් නිකන් හරිම cute ගතියක් එනවා, නේද . ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු. ඒත් ඒක එහෙමද . බලාපොරොත්තුවත් නැතිව ජීවත් වෙන්න බැරිද . ඒ කියන්නේ උපන්නට වැනෙනවා වගේ ඔහේ ජීවත් වෙන එක නෙවෙයි. මට හිතෙන්නේ බලාපොරොත්තුවක් කියන්නෙත් එක්තරා ආශාවක්, තෘෂ්ණාවක්... බලාපොරොත්තු උඩ ජීවත් වෙන එක හරිම භයානකයි. මොකද, එක බලාපොරොත්තුවක් බිඳුනොත්, ජීවිතේ ස්ක්‍රිප්ට් එකත් සෑහෙන්න වෙනස් වෙන නිසා...* * * * *අවුරුදු 20 දී මවාගත්තු ලෝකය, අවුරුදු 30 දී සැබෑ කරගන්නවා නම් එයා ඇත්තටම වාසනාවන්තයි. අපිට කියන්න පුළුවන් එයා වීරියවන්තයි, ධෛර්යයවන්තයි, ඥානවන්තයි, උත්සාහවන්තයි කියලත්. ඒත්, වාසනාව කියන්නේ මොකක්ද . අපේ බලාපොරොත්තුවක් ඉටුවුනොත් අපි වාසනාවන්තයි. හැබැයි නොවුනොත් . එතකොට අපි අවාසනාවන්ත ද . කවුද දන්නේ... ඔව්වා ඔක්කොම අර කිව්ව ස්ක්‍රිප්ට් එක තමයි.මේ අවුරුදු 30 ක ජීවිතේදී දැන් මට හිතෙනවා මම දන්නවා, තේරෙනවා කියලා... මම පරිණතයි කියලා. ඇයි ඒ . ආපස්සට හැරිලා බලද්දී මගේම ගොන්කම් මටම තේරෙන නිසා... ඒ මගේම ගොන්කම් වලට මටම හිනාවෙන්න පුලුවන් නිසා. ඒත් මම පරිනත ද . නෑ... අවුරුදු 60 දී මම මේ පෝස්ට් එක බලද්දී හිතෙයි ‘අවුරුදු 30 දී හිතන් ඉඳලා තියෙන්නේ ඔක්කොම දන්නවා...' කියලයි. ඒ වුනත් මට හිතෙනවා මටත් දැන් යන්තමට හරි ස්ක්‍රිප්ට් එක කියවගන්න පුලුවන් කියලා... මට බාල පරම්පරාවක එකෙක්ට දෙයක් කියලා දෙන්න තරම් මට තේරුමක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම සියල්ල දත් ද . අනේ නෑ... මම දන්නවා... හැබැයි, තව ගොඩාක් දැන ගන්නත් තියෙනවා...ඉතින්, ඇයි මේ අමුතු විදියට ලියන්නේ...මුකුත් නෑ, නිකන්... හිතුනා - ලිව්වා...* * * * *ජීවිතේ කොන්වලින් අල්ලගන්නැතුව මැද්දෙන් අල්ලගත්තම ලේසියි. ඒ කිව්වේ මැද මාවතේ ඉන්න එකට. ලැබුනයි කියලා ඔළුව උදුම්ම ගන්නවත්, නොලැබුණා කියලා ඔළුව හංගාගන්නවත් ඕනේ නෑ. හැමදාම එක විදියට ඔළුව කෙලින් තියාගෙන ඉන්නයි ඕනේ... 'අනේ මට නෑනේ...' කියලා දුක්වෙවී හිටියොත් ජීවිතේ අපරාදේ නේද... නොලැබුනු දේට, නොලැබෙන දේට පසුතැවිලි වෙලා වැඩක් නෑ... මුකුත්ම නැති වුනත් කමක් නෑ... කිසිම දෙයක්, කිසිම කෙනෙක් නැතිව ගියත් කමක් නෑ... සමහර විට, ඔයාට ඕනෙම දේ - ඔයා ආසම දේ - ඔයා බලාපොරොත්තු පොදි බැද ගෙන හිටිය දේම ඔයාට සදහටම නැතිවෙයි... කමක් නෑ... තමන්ට තමන් නැති කරගන්න එපා... එහෙම වුනොත් ජීවිතේ තිත්ත වෙයි...මම වැඩියෙන්ම ආදරේ මට... මොකද මගේ ඇතුලේ ඉන්න 'මම' නිසා තමයි මම මේ තරමින් ජීවත් වෙන්නේ... මම කවදාවත් මට වැටෙන්න දෙන්නේ නෑ. මට පැතූ දේ ලැබුනේ නෑ කියලා මං දුක් නොවුනා නෙවෙයි. අවුරුදු 16-17 කාලේ ඉඳලා මම පතාපු ලෝකයක් තිබුණා... හැබැයි ඒක සැබෑ ලෝකේදී එහෙමම මැවුනේ නෑ. එහෙම හීන ලෝක හදන එක හොඳයි - හැබැයි හීනෙන් ඇහැරුනාම පොලොවේ පය ගහලා ඉන්න පුලුවන් නම් විතරයි. එහෙම බැරි වුනොත් වෙන්නේ හැමදාම පාවී පාවී ඉන්න තමයි...මැද මාවත - මධ්‍යම ප්‍රතිපදාව... ඒක තමයි පාර... ඇත්තටම කිව්වොත් පොඩිම කාලේ ඉඳන්, යාන්තම් තේරෙන කාලේ ඉඳන්ම මගේ ජීවිතේ හිස්තැන් ගොඩායි... ඒ කිව්වේ නොලැබීම්.... සාමාන්‍යතා ගොඩාක් අතරින් එක් අසාමාන්‍යතාවයක් කැපිලා පේනවා. ඒ වගේ අසාමාන්‍ය නොලැබීම් මටත් තිබුණා. තාමත් තියෙනවා.නොලැබීම් නම් දරාගන්න පුලුවන්... අමාරුම දේ තමයි වැටෙන එක... හරියටම කිව්වොත් වට්ටන එක. නැගිටින්න ට්‍රයි කරද්දී, ෆුල් ගේම ගහද්දී, බොක්කෙන්ම කට්ට කද්දී කකුලෙන් ඇදලා ආයෙත් වට්ටන එක....මමත් නැගිටින්න ගොඩාක් ට්‍රයි කරනවා... ඒත්, අඩියක් නැග්ගොත් දෙකක් පස්සට අදිනවා... කවුද අදින්නේ කියලා මං දන්නෑ... මං හිතන්නේ ඒකත් ස්ක්‍රිප්ට් එකේ ලියැවිලා තියෙන විදිය වෙන්නැති. මම නැගිටින්න ඕනේ මට ඕනා වෙලාවට, මට ඕනා විදියට නෙවෙයි - ස්ක්‍රිප්ට් එකට ඕනා විදියට වෙන්නැති....මට නැගිටින්න පුලුවන්... ඒ හයිය මට තියෙනවා... ඒත් මම දන්නෑ මොකක්ද වැරැද්ද කියලා... ට්‍රයි කලාට නැගිටින්නම බෑ.... එකක් වරදිද්දී තව එකක් ප්ලෑන් ගහනවා... ඒත් මම තාමත් වැටිලා. හිතන්නකෝ මෙහෙම... පහනක් තියනවා... ඒකට පොල්තෙලුත් දාලා තියෙනවා... තිරේකුත් තියෙනවා... ඉතින්, ඕක පත්තු කරන්න විතරනේ තියෙන්නේ... පත්තු නොවෙන්න හේතුවක් නෑනේ... ඒ වුනත් හිතන්නකෝ ඔය පහනට පත්තු වෙන්න පුලුවන්කම තිබ්බට ගින්දර නැතුව පත්තු කරන්න බෑනේ... පහන පත්තු කරන්න යනකොට ගිනිකූර පත්තු වෙන්නෑ... යාන්තම් කට්ටක් කාලා ඒක පත්තු කරගත්තොත් තිරේ ඇවිලෙන්නෑ... තිරේ අවුලුවා ගත්තොත් ඒක වැඩිවෙලා තියෙන්නෑ - කොහේවත් නැති හුලඟක් ඇවිත් ඒ දැල්ල නිවිලා යනවා. ඉතින්, ආයෙමත් මුල ඉඳන් කට්ට කාලා පහන පත්තු කරගන්න ඕනේ...මමත් අවුරුදු 30 ක ඉඳන් තෙල් එකතු කර කර පහන පත්තු කරන්න බලාගෙන ඉන්නවා... ඒත්, තාම දැල්ල අවුලුවා ගන්න නම් බැරිවුණා... ඉතින් මොනවා කරන්නද . ස්ක්‍රිප්ට් එකේ තියෙන දවසකට ඒක පත්තු වෙන්නැතෑ... ඒ වෙනකල් මම ඒ වැඩේට උදව් වෙන අනෙක් දේවල් එකතු කරගන්නවා... පොල්තෙල් බැරිවුනොත් භූමිතෙල් දාලා හරි --- හෝව් හෝව්... පොල්තෙල් පහන් වලට භූමිතෙල් දාන්නේ නෑ ළමයෝ... භූමිතෙල් දාන්නේ කුප්පි වලට.... බයවෙන්න එපා... මං මැටි පහන් වලට භූමිතෙල් වක් කරන්නේ නෑ......* * * * *හ්ම්.... ඉතින්, මොකද වෙන්නේ... මං නම් දැන් මගේ පුංචි ෂොප් එකේ තනියම... වැහි කළුවර දිහා බලාගෙන, පොද වැස්සක සිරි සිරිය අහගෙන මේ අකුරු ටික කොටනවා. මේ දවස් වල ජීවිතේ හරි වෙනස් වෙලා... හිතුවේ නැති විදියට, හිතුවේ නැති මොහොතක, මීට මාස තුනකට විතර කලින් මමත් පුංචි ව්‍යාපාරිකයෙක් වුනා. ටෙක්ස්ටයිල් ෂොප් එකක් කරනවා පොඩියට... ඒ කිව්වේ මේ, නිමි ඇඳුම් අලෙවි සැලක්.... :) ඒ අස්සෙන් පරිගණක සේවා සැපයීමත් කරගෙන යනවා... උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් මේ බිත්ති හතර අස්සේ හිරවෙලා ඉඳලා දැන් ටිකක් වෙහෙසයි වගේ... ඒක නිසා ආයෙමත් ලියන්න හිතුණා. ඇත්තම කිව්වොත් දැන් මාසෙක වෙලේ ඉඳන්ම මම ලියනවා... මොනවද කියලද අහන්නේ . මම ලියනවා නව කතාවක්... ඔව් . ඇඩ්වෙන්චරස් ලව් ස්ටෝරි එකක්... තාම ඉවර නෑ... පිටු 190 ක් විතර ලියලා, ටයිප්සෙට් කරලා තියෙනවා... ඉතිරිය තාම ලියාගෙන යනවා... ඔව්.... ඉවර කරලා, ප්‍රින්ට් කරලා, කොහොම හරි - කොහෝ.....ම හරි පබ්ලිෂ් කරනවා......ෂොප් එකේ රාජකාරිත් එක්ක එක දිගට ලියන එක අමාරු වුනත්, ලියන්න නම් වෙලාව තියෙනවා ඇති තරම්... ඒක නිසා අවාරෙට පොල් වැටෙනවා වගේ පෝස්ට් එකක් වැටෙයි.... මගේ වැඩ එහෙමනේ... කිව්වොත් කරන්නෑ... හිතුවොත් කරන්න වෙන්නෑ... ඒක නෙවෙයි... ඔය අස්සෙම මේ දවස් වල සිංදු ඇප් එකකුත් ඩිවලොප් කරමින් පවතිනවා... වැඩි විස්තර ඒක ඉවර කරලම කියන්නම්... ආ... තව සිංදු දෙකක් හදාගෙන යනවා හිමිහිට වගේ... අපි සෙට් එක එයින් එකකට විෂුවල් කරන්න හිතේ තියන් ඉන්නේ... ඒවා ඒ විදියටම කෙරුනොත්, මියුසික් වීඩියෝ එකකුත් ඔයාලට අහන්නට, දකින්නට ලැබෙයි....2014 ත් ඉවර වීගෙන යන්නේ... ලබන්නේ 2015 ට. ඒක මට නම් කඩයිම් වර්ෂයක්... මොකද කියලා එතකොට කියන්නම්... ඉතින් එහෙනම්, ආයෙත් මොනවා හරි ලියන කල්... ජයවේවා.
|
BLOG
|
2014.06.23
|
http://chathucn.blogspot.com/
|
- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -
|
Chathuranga Perera
|
ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.ඊලොන් මස්ක් මනුෂ්‍යයෙක් දැයි සිතෙන්නේ ඔහු අතගසා ඇති වැඩ කන්දරාව ගැන බැලීමේදීයි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට(ISS)භාණ්ඩ ප්‍රවාහනය කරනා SpaceX (ස්පේස්-එක්ස්) නම් අභ්‍යවකාශ සමාගම ඔහුගේය. එහි මෙහෙයුම් නැති විටදී ඔහු සුපිරි විද්‍යුත් කාර් නිපදවන ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස ඛනිජ ඉන්ධනයෙන් තොර, පරිසර දූෂණයෙන් තොර විදුලි බලයෙන් දුවන කාර් රථයක් ලොවට පුද දෙන්නට සිය කාලය, ශ්‍රමය වැය කරයි. එසේම ලොව පුරා ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික මුදල් ආකාරය වූ PayPal හි සම නිර්මාතෘ වරයෙක් වන ඔහු, එය අද පවතින තත්ත්වයට පැමිණෙන බව කල්තියා හැඳින, එය වැඩිදියුණු කල පුද්ගලයායි. වේගවත් ගමනාගමන සේවාවක් සඳහා ඉදිරිපත් කළ Hyperloop සංකල්පය ද ඔහුගේය. දැන් ඔහුගේ අලූත්ම ව්‍යායාමය වී ඇත්තේ පිරිසිදු බලශක්තිය කෙරෙහියි. එ් සඳහා ඔහු ලෝකයේ විශාලතම සූර්ය කෝෂ සංකීර්ණය නිව්යෝක් හි පිහිටුවීමට සැරසෙයි.SpaceX, Tesla යන සමාගම් මෙන්ම, සූර්ය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන SolarCity සමාගම ද ඊලොන් මස්ක් ගේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් වේ. පසුගියදා වාර්තා වූයේ SolarCity සමාගම විසින් Silevo නම් සමාගම මිලදී ගන්නට සැරසෙන බවයි. Silevo සමාගම යනු සූර්ය පැනල නිෂ්පාදනය කිරීම සහ ඊට අදාල තාක්ෂණය පිළිබඳ විශේෂීතාවයක් දිනා ඇති සමාගමකි. ඔවුන්ගේ නවතම සූර්ය කෝෂ තාක්ෂණය මගින් වැඩිම සූර්ය ශක්ති උත්පාදනයක් පෙන්වා ඇති අතර එ් නිෂ්පාදන වියදම අඩුම අගයක පවත්වා ගනිමින් වීම ද විශේෂත්වයකි.Silevo වැනි සුපිරි තාක්ෂණික සමාගමක් ඊලොක් මස්ක් යටතට පත්වීම වැදගත් හේතුවක් වන්නේ, ඔහු මේ වන විටත් නිව්යෝක් බලාධිකාරිය සමගින් සුවිසල් සූර්ය කෝෂ සංකීර්ණයක් ඉදි කිරීමට සාකච්ඡා කරමින් සිටින නිසායි. මේ ගැන මස්ක් ගේ මුවින් ම පවසා ඇති පරිදි : "ගිගාවොට් 1 ක් ඉක්මවා යන ධාරිතාවයක් මීලඟ වසර දෙක ඇතුළත ලබා ගැනීමට අපි ඉලක්ක කරනවා... මෙය ලෝකයේ මෙතෙක් පිහිටවූ විශාලතම සූර්ය කෝෂ නිෂ්පාදනාගාරය වනු ඇති. එසේම ඉදිරි කාලයේදී තවත් විශාල නිෂ්පාදන ධාරිතාවයන් ලබාගත හැකි සුවිසල් නිෂ්පාදනාගාර බිහි කිරීමට අපට හැකිවේවි... "සූර්ය ශක්තිය පමණක් භාවිතා කරමින් මිනිස් විදුලි බල අවශ්‍යතාවයෙන් අති බහුතරයක් පියවා ගැනීම කෙරෙහි ඊලොන් මස්ක් වඩාත් උනන්දුවක් දක්වයි. ඔහුගේ විප්ලවකාරී අදහස් කෙරෙහි බොහෝ දෙනා සරදම් සහගතව බැලූවත්, එ් අදහස් වැරදි බව ඔහුගේ පෙර ව්‍යාපෘති මගින් නැවත නැවතත් ඔප්පු කොට පෙන්වා තිබේ. අභ්‍යවකාශ ප්‍රවාහනයට එක්වූ පළමු පෞද්ගලික සමාගම ලෙසින්ද, තනිකරම විදුලි බලයෙන් ධාවනය කළ හැකි අනාගතවේදී ප්‍රවාහන ක්‍රමයක් වැඩි දියුණු කරමින් ද ඔහු විසින් පෙන්වා ඇති එ් අභිප්‍රායයන්, නව, පිරිසිදු බල ශක්ති ප්‍රභවයක් කෙරෙහි ද එ් ආකාරයෙන්ම සාර්ථක වේවායි යන්න අපේ පැතුමයි. ඒ, ඔහුගේ වෙනත් සොයාගැනීම් මෙන්ම මේ නව ව්‍යාපෘතියෙන් ද, අපේ ලෝක මාතාවට බොහෝ සෙත සැලසෙන නිසාවෙනි.
|
BLOG
|
2013.09.24
|
http://chathucn.blogspot.com/
|
- ලෝකයේ හොඳම පුස්තකාල -
|
Chathuranga Perera
|
දැනුම බෙදා හැරීම සඳහා මිනිස්ලෝකයේ භාවිතා වන සාර්ථකම උපාය මාර්ගය ලෙසින් පුස්තකාල හැඳින්විය හැකියි. අන්තර්ජාලයපැමිණෙන්නට පෙර නොදන්නා කරුණක් සොයා ගන්නට ඔබටත් මටත් අනිවාර්යයයෙන්ම ලඟම පිහිටි පුස්තකාලයවෙත යන්නට සිදුව තිබිණි. දැනුම් ගබඩා ලෙස සැලකෙන පුස්තකාල විශේෂ වන්නේ ඒවායේ ඇති අතිවිශාලපොත් සම්භාරය නිසා පමණක් නොවේ. යම් පුස්තකාලයක ඇති පොත්වල දුර්ලභ හා පැරණි බවත්,පවතින පොත් වල ගුණාත්මකබවත්, පුස්තකාලයේ අනන්‍යබවත් යන සාධක එක්ව ගත් කළ පුස්තකාලයක් යනු වෙනමම සංස්කෘතියක් ලෙසින් ද ගත හැකියි. ලෝකයේඇති විශිෂ්ඨතම පුස්තකාල අතරින් හොඳම පුස්තකාල 10ක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේදැනුම් පොතට තවත් නැවුම් දැනුමක් එක් කරමිනි.ඇලෙක්සැන්ඩ්‍රියාපුස්තකාලයඇලෙක්සැන්ඩ්‍රියාව,ඊජිප්තුවඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතා පුරාණ කාලයේ පටන් පැවතෙනඅති විශාල පුස්තකාලයකි. මෙය ලෝක පුදුමයන් අතරින්එකක් ලෙස පවා ගැනේ. දැනට පවතින පුස්තකාලය මෑතකදී නැවත ගොඩනැගුවක් වන අතර, අතීත ශ්‍රී විභූතිය තවමත්එහි දැකිය හැකියි. ඩොලර් මිලියන 220 ක් වැයකරමින් ඉදිකරන ලද මෙම දැවැන්ත පුස්තකාලය තනා නිම කරනලද්දේ 2002 වසරේදීයි. සංස්කෘතිකමධ්‍යස්ථානයක් ලෙසත් භාවිතායට ගැනෙන මෙහි ග්‍රහලෝකාගාරයක්, පැරණි අත් පිටපත් ප්‍රතිෂ්ඨාපනයකරන පර්යේෂණාගාරයක්, කළා භවනක් හා සම්මන්ත්‍රණශාලා පහසුකම් මෙන්ම කෞතුකාගාරයක් ද අඩංගු වේ. කුඩා දරුවන්ට, තරුණයින්ට, අන්ධ අයට වෙන වෙනම තැනූපුස්තකාල මෙහි ඇත. දැනට මෙහි පොත් ලක්ෂ 05 ක් පමණ තිබේ. - - - - - - - - - - - - - - - -ජෝර්ජ් පීබොඩිපුස්තකාලයබැල්ටිමෝර්,මේරිලන්තයජෝන්ස් හොප්කින්ස් සරසවියේ පර්යේෂණ පුස්තකාලය වන මෙය 1878 සිට 1967 දක්වා පීබොඩි නම් ආයතනයසතු පුද්ගලික පුස්තකාලයක් විය. එයින් පසුව මෙම පුස්තකාලය බැල්ටිමෝර් නගර පාලනය සතුවූ අතර 1982 දී ජෝන්ස් හොප්කින්ස්සරසවියට පවරන ලදී. දැන් එම පුස්තකාලයේ සරසවිය සතු පොත්පත් ද ඇතුළුව විශේෂ හා දුර්ලභපොත් රාශියක් පවතී. ලොව අග්‍රගණ්‍ය පොත් මාලාවක් වන DonQuixote හි සංස්කරණ සඳහා මෙම පුස්තකාලය ප්‍රසිද්ධියක් උසුලයි. එසේම19 වැනි සියවස තරම්පැරණි පොත්පත් පවා මෙහි අඩංගු වේ. මෙම පුස්තකාලය ‘පුස්තක දෙව් මැදුර’ යන නමින් පවා හැඳින්වෙන්නේඑහි ඇති ගාම්භීර හා මහේශාඛ්‍ය නිමාව නිසායි. මෙහි මැද කොටස අඩි 61 ක් උස පුළුල් ආලින්දයකින්සමන්විත වේ. කිරිගරුඬෙන් තැනූ කළු හා සුදු පොළොව පා පහසින් ඔපවත්ව ඇති අතර,ස්වර්ණ වර්ණයෙන් දිලිසෙනකුළුණු අතරින් දිස්වෙන බැල්කනි බොහෝ ගණනක් ඇති මේ පුස්තකාලය රජ මැදුරක් මෙන් තේජාන්විත,පාඨකයන්ගේ නෙත් මෙන්ම සිතත්පිනවන ස්ථානයකි. - - - - - - - - - - - - - - - -ජේ වෝර්කර් පුද්ගලිකපුස්තකාලයකනෙක්ටිකට්ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර්විසින් සිය පෞද්ගලික ධනය යොදා තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි.ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි. මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභපොත් ඇතුළත් වන මෙම පුස්තකාලය ලොව ප්‍රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක්Wired නම් සඟරාව විසින් මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොවවිස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා පුස්තකාලයේ පොත් පරිහරණය සඳහාපොදු ජනතාවට ඉඩ නොලැබුනත්, පුස්තකාලයේ නිමාවහා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.- - - - - - - - - - - - - - - -ශාන්ත ගෝල් ආශ්‍රමපුස්තකාලයසෙන්ට් ගැලන්,ස්විට්සර්ලන්තයමෙය ස්විට්සර්ලන්තයේ ඇති පැරණිතම පුස්තකාලයයි. පොත් 160,000 ක් පමණ අඩංගු වේ. පූජකාරාමයක්සතු ලොව පැරණිතම පුස්තකාලය වන්නේද මෙයයි. ක්‍රි.ව. අටවැනි ශත වර්ෂය තරම් පැරණි කාලයේලේඛන පිටපත් පවා මෙහි අන්තර්ගත වන බව පැවසේ. 1983 දී මෙම පුස්තකාලය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයටපත් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂී බව නිසාමයි. පුස්තකාලය සතු පැරණි ලියකියවිලි අන්තර්ජාලයමගින් පවා කියැවිය හැකි අතර, මෙම පුස්තකාලයමහජනයා සඳහා විවෘතව පවතින එකක් වීම ද විශේෂයකි. කෙසේ වෙතත් 1900 වසරට වඩා පැරණි පොත්පත්බැහැර නොදෙන අතර, පුස්තකාලය තුළදීපමණක් කියවීමට අවසර ලැබේ.- - - - - - - - - - - - - - - -නිව්යෝක් මහජනපුස්තකාලයනිව්යෝක් නගරය,ඇමෙරිකා එක්සත් ජනපදයලෝ ප්‍රකට නිව්යෝක් මහජන පුස්තකාලය එහි සැකැස්ම, නිමාව සහ සුවිශාලත්වය නිසාමදුටුවන් විස්මයට පත් කරවන සුළු පුස්තකාලයකි. උතුරු ඇමරිකාවේ ඇති තෙවැනි විශාලතම පුස්තකාලයවන මෙය සතුව විවිධ ග්‍රන්ථ අයිතමයන් මිලියන 50 ක් ඇතැයි කියවේ. මෙය පුස්තකාල 87 කින් සමන්විත සංකීර්ණයක්වන අතර මිලියන 3.5 ක පමණ ජනතාවක්එය භාවිතා කරයි. අති විශාල ප්‍රධාන කියවීම් ශාලාව හා එහි සිට පොත් කියවන සුවහසක් ජනතාවදැකීම නෙතට මෙන්ම සිතට ද සොඳුරු දසුනකි. මුද්‍රණ යන්ත්‍රයේ පියා වන ගුටෙන්බර්ග් විසින්මුද්‍රණය කරන ලද ලොව පළමු මුද්‍රිත බයිබලයක් ද මෙහි ඇති දුර්ලභ පොත් එකතුව අතර වෙයි.මෙම පුස්තකාලය ලොව පුරා බොහෝ දෙනාගේ ජනාදරයට පත් ව ඇති තවත් හේතුවක් වන්නේ ජනප්‍රියහොලිවුඩ් චිත්‍රපට සඳහා මෙය යොදා ගෙන ඇති නිසාවෙනි. “TheDay After Tomorrow”, “Ghostbusters” යනු එවැනි චිත්‍රපට සඳහා උදාහරණයි. - - - - - - - - - - - - - - - -සියැටල් මධ්‍යමපුස්තකාලයසියැටල් නගරය,වොෂිංටන්2004 වසරේදී මහජනයා සඳහා විවෘත වූ මේ ආශ්චර්යමත්පුස්තකාලය නූතන ඉදිකිරීම් තාක්ෂණයේ විස්මය විදහා පෙන්වයි. වානේ සැකිල්ල මත වීදුරු වලින්නිමවුනු මෙම පුස්තකාලය එහි නිමාව නිසාම සුවිශේෂී වෙයි. ඉඩ ඇහිරුණු, අඳුරු ස්ථාන වශයෙන් සාම්ප්‍රදායිකවමපුස්තකාල සඳහා හිමිව තිබුණු පිළිගැනීම මේ සියැටල් පුස්තකාලය මගින් බිඳ හෙලා තිබේ. මෙයහොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් වන අතර වීදුරු යොදා තිබීම නිසා එලිමහනේ සිට කියවන්නාක් මෙන්හැඟීමක් ලැබේ. මිලියන 1.5 ක් පමණ වූ ග්‍රන්ථප්‍රමාණයක් මෙහි ගබඩා කළ හැකි අතර වසරකට මිලියන දෙකක පමණ පිරිසකට මෙම පුස්තකාලය සියසේවය සපයයි.- - - - - - - - - - - - - - - -බොස්ටන් මහජන පුස්තකාලයඇමෙරිකා එක්සත්ජනපදයමෙම පුස්තකාලය 1848 දී විවෘත කෙරිණි. දැනට මෙහි විවිධ අයිතමයන්මිලියන 22 ක් පමණ ඇති බවකියැවේ. මේ දැවැන්ත අගය නිසාම මෙය එක්සත් ජනපදයේ ඇති දෙවැනි විශාලතම පුස්තකාලය ලෙසහැඳින්වේ. 1895 දී ඉදිකරන ලදමැක්කිම් ගොඩනැගිල්ල දර්ශණීය බිතු සිතුවම් හා බිත්ති කැටයම් වලින් අලංකෘත වේ. එසේමඑහි ඇති බේට්ස් ශාලාව එහි කෝෂමය ආකාරයේ වක්‍රාකාර උස් සිවිලිම නිසා විශේෂත්වයක් ගනී.මධ්‍ය කාලීන යුගයේ ලියවිලි, ආදීතම මුද්‍රණපිටපත්, ශේක්ස්පියර් ගේමුල් කෘතීන් හා තවත් දුර්ලභ කෘතීන් රාශියකින් මේ පුස්තකාලය සමන්විත වේ.- - - - - - - - - - - - - - - -බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේප්‍රධාන කියැවීම් ශාලාවලන්ඩනය,එංගලන්තයලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළ පිහිටි මෙය අතිදැවැන්ත කියවීම් ශාලාවකි. මෙහි වහලය ගෝලාකාර ආකාරයෙන් තනා ඇත. අතීතයේදී මෙම පුස්තකාලශාලාවට පිවිසිය හැකි වූයේ ලියාපදිංචි වූ පාඨකයන්ට පමණි. මේ කියවීම් ශාලාවේ සේවය ලබාගත්කීර්තිමත් පුද්ගලයන් අතර කාල් මාක්ස්, ඔස්කාර් වයිල්ඩ්, මහත්මා ගාන්ධි, රයියාඩ් කිප්ලිං, මාක් ට්වේන්, ලෙනින් හා H. වේල්ස් යන අය කැපී පෙනෙයි. වර්ෂ 2000 දී මෙහි අඩංගු පොත්පත්බොහෝමයක් නව බ්‍රිතාන්‍ය පුස්තකාලයට යැවුණු අතර වර්තමානයේ මෙහි අඩංගු වන්නේ බ්‍රිතාන්‍යකෞතුකාගාරයට අදාලව ඇති ඉතිහාස ලේඛණ සහ එබඳු වෙනත් ලිපිලේඛණයි. - - - - - - - - - - - - - - - -බොඩ්ලියන් පුස්තකාලයඔක්ස්ෆර්ඩ්,මහා බ්‍රිතාන්‍යයලෝ ප්‍රකට ඔක්ස්ෆර්ඩ් සරසවියේ පුස්තකාලය වන මෙය 1602 තරම් ඈත කාලයේදී පිහිටුවනලද පුරාණතම පුස්තකාලයකි. මෙය යුරෝපයේ පැරණිම පුස්තකාලයකි. මිලියන 11 කට අධික පොත්පත් හා ලිපිලේඛණමෙහි අඩංගු බව සඳහන් වේ. ඒ අතර ‘මැග්නා කාර්ටා’ හි පිටපත් හතරක් හා ගුටෙන්බර්ග්බයිබලයක්ද , ශේක්ස්පියර් ගේFirst Folio මුල්කෘතීන් ද අඩංගු වේ. ලොව මුල්ම කවාකාර පුස්තකාලගොඩනැඟිලි අතර මෙය ද ඇති අතර මෙම පුස්තකාල ගොඩනැඟිල්ල “YoungSherlock Holmes”, “The Saint”, “The Red Violin” සහ “The Golden Compass” ආදී සිනමා පට රාශියකට පසුබිම්වී තිබේ.- - - - - - - - - - - - - - - -කොංග්‍රස් පුස්තකාලයවොෂිංටනයඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පුස්තකාලය වන මෙය ලෝකයේ ලොකුමපුස්තකාලය ලෙසද පිලිගැනේ. එය අති විශාල ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ. මෙය මහජනයාටවිවෘත නමුත්, කොංග්‍රස් මන්ත්‍රීවරුහා වෙනත් උසස් රාජ්‍ය නිළධාරින්ට පමණක් පොත් පරිහරණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙයඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙකුත් සියළුම පුස්තකාලයන්හි ප්‍රධාන කාර්යාලය ලෙසින් ක්‍රියාකරයි.මෙහි විවිධ ග්‍රන්ථයන් මිලියන 32 ක්, විවිධ ලේඛණයන් මිලියන 61 ක් සමගින් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශණයේ පිටපතක් ද ඇති අතරලොව ඇති හොඳම තත්ත්වයේ ගුටෙන්බර්ග් බයිබල හතරෙන් එකක් ද මෙහි ඇත. පසුගිය සියවස තුනටඅයත්වන විවිධ පුවත්පත් මිලියනයක් පමණ ද, සංගීත ප්‍රස්ථාරයන් මිලියන 06 ක් පමණ ද, විවිධ ඡායාරූප හා මුද්‍රණයන්මිලියන 14 ක් පමණ ද මෙමපුස්තකාලයේ අඩංගු වන අතර ලොව ඇති හොඳම එකතුවක් ලෙසින් මෙය දැක්විය හැකියි.
|
BLOG
|
2013.08.30
|
http://chathucn.blogspot.com/
|
- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 -
|
Chathuranga Perera
|
පොදුවේ සිංහල භාෂාව හාපරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමකඅමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදනසමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදීතිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම්වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේCorning සමාගමයි.මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණආයතනයේදී පැවැත්වුනු ජංගම උපාංග තාක්ෂණ සමුළුවේදී අදහස් දැක්වූ Corning සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වන ආචාර්ය ජෙෆ්රි එවන්සන් පවසා සිටියේ ජංගම උපාංග සඳහා ගෝරිල්ලා ග්ලාස් හිඇති වැදගත්කමයි. එසේම අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදනය වෙත බැල්මක් හෙලන්නටත් ඔහුමෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව මීලඟ GorillaGlass නිෂ්පාදනයයටතේ එළි දකින ආරක්ෂණ වීදුරුවේ නවතම ගති ලක්ෂණ එළි දක්වනු ලැබිණි.Gorilla Glass ආරක්ෂණ වීදුරුව ඉතා ශක්තිමත් වන අතර සීරුම්වලට ඔරොත්තු දෙන දැඩි භාවයත්, දිගු කාලයක් තත්ත්වයනොවෙනස්ව පැවතීමත් යන කාරණා නිසා දැනටමත් හොඳ නමක් දිනා සිටී. ඒ ගුණාංගයන් තවත් වැඩි දියුණු කරනා ගමන්ම, අළුතෙන් විශේෂාංග කීපයක් හඳුන්වා දෙන්නට දැන් ගෝරිල්ලාග්ලාස් නිපදවන Corning සමාගම අපේක්ෂාවෙන්පසුවේ. ඒ අනුව අනාගත නිෂ්පාදනයවන Gorilla Glass 4 සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංග ඇති, එළිමහනේ පවා හිරු එළියට දිලිසීමක් නොමැතිව, විනිවිදපෙනෙන ආකාරයේ ගුණාංග ඇති වීදුරුවක් නිපදවීම Corning සමාගමේ අරමුණයි.මෙහි ඉහත දක්වා ඇති රූපය දෙස බලන්න. ඔබට සිතෙනු ඇත්තේ එහිඇති වීදුරු තහඩුව මැදින් රවුමක් කපා ඉවත් කොට ඇති ආකාරයටයි. නමුත් සත්‍යය එය නොවේ.ඒ මුළු වීදුරු තහඩුවමකිසිදු විවරයක් නැති එකම සමතල පෘෂ්ඨයකි. එසේනම් මැදින් ඇති වෙනස කුමක්ද . Corning සමාගම පවසන්නේ ඒ ඔවුන්ගේ නවතම ප්‍රති-පරාවර්තක වීදුරුතාක්ෂණය බවයි. සාමාන්‍යයෙන් එළිමහනේදීවීදුරුවක පෘෂ්ඨය මතින් එහා මෙහා බැලීම අපහසු වන්නේ එහි පෘෂ්ඨයට සූර්යාලෝකයවැටී පරාවර්තනය වීමෙන් වීදුරුව යම් තරමකින් දර්පණයක් බවට පත්වීමත්, ඒ නිසා වීදුරුවටපහතින් ඇති දේ විනිවිද දැකීමේ හැකියාව අඩු වී යෑමත් නිසායි. නමුත් රූපයේ පෙනෙනආකාරයේ ‘මැජික්’ වීදුරුවක් ඔබේස්මාට් දුරකථනයේ තිරය වසා ඇති නම්, කිසිදු අපහසුවකින්තොරව, තද අව්වේ දී වුවත් ඔබට දුරකථන තිරය මත ඇතිදේ ඉතා හොඳින් බලා ගැනීමට හැකි වනු ඇත.අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදන සඳහා අඩංගු වන තවත්අපූරු ගුණාංගයක් වන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන ආලේපයක් මෙම වීදුරුව මත ආලේප කරතිබීමයි. ඇත්තෙන්ම ගතහොත් ඔබේ දුරකථන තිරය බැක්ටීරියා ආකරයකි. ඔබ වැඩිදුරනොසිතුවාට ඔබ නිතරම භාවිතා කරන දුරකථනය නිසා ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් කීදෙනෙක් ඔබේශරීරයේ ගැවසෙන්නට ඇති ද . මේ පිළිබඳව සලකා බැලූ Corning සමාගම දැන් ගෝරිල්ලාග්ලාස් වීදුරු මත ක්ෂුද්‍ර ජීවීන් වැඩීම නතර කරන ආලේපයකින් සිය වීදුරු නිපදවිමටසැලසුම් කර තිබේ. පහත රූපය මගින් පෙනෙන ආකාරයට සාමාන්‍ය වීදුරුවකට වඩා බැක්ටීරියාප්‍රතිරෝධී වීදුරුව මත ඇති බැක්ටීරියා ප්‍රමාණය 10,000,000 වාරයක් අඩුය.Corning සමාගම පවසන්නේ මේ ලක්ෂණ රැගත් නවතම ගෝරිල්ලා ග්ලාස් තිරආරක්ෂක වීදුරු ආවරණ ලොව පුරා ඇති ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වල තිරය සරසනආකාරය තවත් වසර දෙකකින් පමණ අපට දැකගන්නට ලැඛෙනු ඇති බවයි. එවිට මේ මැජික් වීදුරුවේ අරුමය ඔබ අප සැවොටමදැක බලාගත හැකි වනු ඇත.
|
BLOG
|
2013.08.27
|
http://chathucn.blogspot.com/
|
- ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2 -
|
Chathuranga Perera
|
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේබඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින්එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට්ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමගතොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි. ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේකලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබීඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගමහා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන්සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කරඇතැයි අසන්නට ලැබුණත්, තවමත්එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watch උපාංගයේ දෙවැනිපියවරත් තබමින් SonySmart Watch 2 නමින් වැඩිදියුණු කරනලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍රවනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණිනිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණයදිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධිකවූ අතර, ජලයට ඔරොත්තුදෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම SmartWatch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලමපාහේ මකා ගනිමින් විශිෂ්ඨස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ. Smart Watch 2 හි නිමාව පිළිබඳව සැලකීමේදීඑහි බඳතනිකරමඇළුමිණියම් ලෝහ මිශ්‍රණයකින් සාදා තිබේ. එමගින් මෙයට උසස්පෙනුමක් ලබාදී ඇත. විශේෂයක් වන්නේ මෙහිඅත් පටිය සම්මත 24mm ප්‍රමාණයෙන් පැවතීමයි. මෙය ඉවත් කර අළුත් එකක් යෙදිය හැකි ලෙසින් ඇති නිසා ඔබටකැමති වර්ණයකින් හෝ නිමාවකින් යුතු වෙනත් අත් පටියක් වුවත් Smart Watch 2 සඳහා භාවිතා කළ හැකියි. තරමක් විශාලව පෙනෙන, රවුම් හැඩයකින් යුතු power බොත්තම පසෙකින් පිහිටා තිබේ. එහි අනෙක් පසින් Smart Watch 2 උපාංගය චාජ්කිරීම සඳහා සපයා ඇතිසම්මත ප්‍රමාණයේ Micro-USB කවුළුව පිහිටා ඇත. මීට පෙර පැමිණි ස්මාට් ඔරලෝසුව සඳහා භාවිතාවූයේ Custom Charging Port එකක් වුවත් Micro-USB යනු වර්තමානයේ සම්මත port එකක් වීම පරිශීලකයාටවඩාත් පහසුවකි. තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේඅඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නවසංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණයවේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.භෞතික ප්‍රමාණය අනුව, SmartWatch 2 උපාංගය සියපළමුවැන්නාට වඩා මඳක් විශාල වනඅතර, බරින් ද ග්‍රෑම්08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු SmartWatch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතිකලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසිඉහිරීම් හාවතුර ගැලීම්වලින්Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානයහා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි. Smart Watch 2 උපාංගය ඉතාපහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහාදැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට SmartWatch app එක ස්වයංක්‍රීයවම download වනු ඇත. ඔබට SmartWatch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගතහැකි අතරම පෙර පැමිණි SmartWatch එකෙහි අඩංගුවූ Apps මෙම නව Smart Watch 2 සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.Smart Watch 2 සඳහා භාවිතාවන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින්සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කරඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුවතිබේ.දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙතකලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමකඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්‍රයේපුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත්කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනුඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ්ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2 උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇතිබව පැවසිය හැකියි.
|
BLOG
|
2013.08.25
|
http://chathucn.blogspot.com/
|
- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -
|
Chathuranga Perera
|
මෙම ලිපිය කියවන ඔබේ අතමේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින්නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි.ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණිකසංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණකපුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලයනිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සියදෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.ඩග්ලස් එංගල්බර්ට් යනු හුදෙක් මවුසයේ නිර්මාතෘ පමණක්නොවේ. ඊ-මේල් පණිවුඩකරණය, ලිපි සැකසුම් මෘදුකාංගහෙවත් word processing programs හා අන්තර්ජාලය යන සංකල්ප වල මූලික අදහස ද ඔහුගේය. මේපුරෝගාමී පරිගණකවේදියා පසුගිය ජූලි 02 වැනිදා රාත්‍රීනින්දේදීම අවසන් හුස්ම හෙලා ඇති බව ඔහුගේ දියණිය වන ක්‍රිස්ටිනා එංගල්බර්ට් විසින්ලෝකයට දැනුම් දෙන්නට යෙදිණි. එංගල්බර්ට් කාලයක් දිස්සේම අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන්පසුවුනු අතර ඔහුගේ මරණය ස්වාභාවිකව, වයස්ගත වීම නිසා සිදුවූවකි.1960 දශකයේ මුල්කාලයේදී එංගල්බර්ට් විසින් පරිගණක මවුසයේ පළමු ආකෘතිය නිපදවන ලදී. කෙසේ වුවත් එයටහිමි පේටන්ට් සහතිකය ලබාගන්නට ඔහුට හැකිවන්නේ තවත් වසර 17 කට පමණ පසුවයි. ඒ සඳහා හේතු වූයේ 60-70 දශකවලදී පිටස්තරව ඈඳූ උපාංගයකින් පරිගණකය පාලනය කිරීමයන්න දුරස්ථ අදහසක් වීමයි. පැහැදිලිවම එංගල්බර්ට් ගේ මවුසය එය නිර්මාණය කළ කාලයටඑහා ගිය නිර්මාණයක් වූ අතර 1984 දී ඇපල් සමාගමේමැකින්ටොෂ් පරිගණකය සමග එක්වපැමිණෙන තුරු පරිගණක මවුසය ලෝකයේ ජනප්‍රිය වූයේ නැත.එංගල්බර්ට් ගේ පළමු මවුසය ලී පෙට්ටියක් ඇතුළත ඇටවූ ලෝහරෝද දෙකක් පමණි. ඒ වන විට එම ලී පෙට්ටිය හා රෝද දෙකෙන් ගත හැකි ප්‍රයෝජනගැන ලෝකයා දැන නොසිටි නිසා ඔහුගේ සංකල්පය පරිගණක ලෝකයේ ජනප්‍රිය නොවීය. ඒ නිසාම පේටන්ට් හිමිකම ලැබෙන විට මවුසයනිර්මාණයේ බුද්ධිමය හිමිකමෙන් වත්කමක් උපයා ගැනීමට එංගල්බර්ට් ට හැකි වූයේ නැත.එසේ හැකි වූවා නම් මෙතෙක් ලොව පුරා විකිණී ඇති බිලියන ගණනක් වන මවුස් වලින්එංගල්බර්ට් හට විශාල ආදායමක් උපයාගත හැකිව තිබිණි.1925 ජනවාරි 30 වැනි දින උපත ලද එංගල්බර්ට්, ඔරිගන් ප්‍රාන්තයේ, පෝර්ට්ලන්ඩ්ප්‍රදේශය ආසන්න කුඩා ගොවිපලක සිය කුඩා කාලය ගත කලේය. කුඩා කළ සිට ඔහුගේ අපේක්ෂාඅතර වූයේ මනුෂ්‍ය බුද්ධිය වැඩි වර්ධනය කරවිය හැකි උපක්‍රම පිළිබඳවයි. 1968 දීපැවැත්වුනු සැන් ප්‍රැන්සිස්කෝ පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් විසින්ඉදිරිපත් කරන ලද මහජන ප්‍රදර්ශණය ඉතා විශේෂ එකකි. එහිදී ඔහු පළමු වරට මවුසය හාපරිගණක ජාලකරණය ගැන ප්‍රසිද්ධියට පත් කරන ලද අතර පරිගණක ලෝකය එයින් කැළඹීමටපත්විය. ඔහුගේ ඉදිරිපත් කිරීම අවසානයේදී සම්මේලනයේ රැස්ව සිටි පිරිස සිය අසුන්වලින් නැගිට එංගල්බර්ට් හට දිගු අත්පොලසන් ප්‍රසාදයක් ලබාදුන්නේ මේ අසහායනිර්මාණකරුවාට කරන ගෞරවයක් වශයෙනි.ඉහත කී පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් ඉදිරිපත්කරන ලද කථාවේදී එක් වැදගත් කොටසක් ඔබට ගෙනහැර දැක්විය යුතුව ඇත. “මම දන්නේ නෑ ඇයි අපි ඒකට මවුසය කියන්නේකියලා... මම සමහරුන්ගෙන් ඒ නම පිළිබඳව සමාව ඉල්ලාතිබෙන අවස්ථා ද එමටයි. මුලදීම ඒකට නම වැටුනේ ඔය විදියට තමයි. අපි කාටවත් ඒක වෙනස් කරන්නවුවමනාවක් තිබුනෙත් නෑ...” යැයි ඔහු එහිදී පවසා තිබිණි. ඩග්ලස් එංගල්බර්ට්ගේ වෙනත් නිපැයුම් හා සංකල්ප අතර hypertext හෙවත් එක් වදනකින්වෙනත් ගොනුවකට පිවිසීමේ සංකල්පය, වීඩියෝ සාකච්ඡාපැවැත්වීමේ සංකල්පය යනාදිය ද වේ. එසේම තමාගේම පර්යේෂණායතනය වන AugmentationResearch Center මගින් සිදුකරන ලද පර්යේෂණ මගින් ARPANet හෙවත් ලොවපළමු පරිගණක ජාලය හා අන්තර්ජාලයේ මුල් පියවර බිහි කිරීමටද ඔහු සියදායකත්වය ලබාදී තිබේ. 1990 දී එංගල්බර්ට් විසින්Bootstrap ආයතනය ආරම්භ කරන ලද්දේ සංකීර්ණ ගැටළු විසඳීමසඳහා දැනුම් සහයෝගීතාවයක්ඇති කරලීම සඳහායි. කෙතරම් උසස් නිර්මාණකරුවෙක් වූවත්, පරිගණක වංශ කථාවේ යෝධ පුරුකක් වුවත් මේ අපූරු මිනිසා ඉතානිහතමානී චරිතයක් විය. වර්ෂ 2000 දී එවකට ඇමෙරිකානුජනාධිපති වූ බිල් ක්ලින්ටන් විසින් ඩග්ලස් එංගල්බර්ට් හට තාක්ෂණය පිළිබඳව වූ ජාතිකපදක්කම පිරිනමන ලදී. ඒ පුද්ගල පරිගණක තාක්ෂණයසඳහා මුල්අඩිතාලම දැමීම අගය කරනු සඳහායි. එසේම ඊටපෙර 1997 දී Lemelson-MIT නම් ඩොලර් 500,000 ක මුදල් ත්‍යාගයක් ද ඔහුට හිමිවිය. මේසියළු ගරු බුහුමන් ලැබුණත්, ඩග්ලස් එංගල්බර්ට්තමාට ලැබුණුගෞරවයන් තනියම බදා නොගෙන ඒවායේ ගෞරවය සිය සගයන්ට ද ලබා දෙන්නට තරම් නිහතමානීවූයේය. එංගල්බර්ට් ගේ දියණිය විසින් රචිත ඔහුගේ චරිතාපදාන කෘතියේදීඑංගල්බර්ට් මෙසේ පවසා තිබේ. “මම බොහෝ සංකල්පයන්මුලින්ම ලොවට ඉදිරිපත් කළ බව ඇත්තයි. නමුත් ඒවායින් බොහෝමයක්ම මා සමග වැඩ කළ කාර්යමණ්ඩලයේ සගයන්ගේ නව අදහස් ඇසුරෙන් උපන් ඒවායි. සමහර විටෙක මා ඉදිරිපත් කළ නවසංකල්පයක් ඔවුන් විසින් මා හට විස්තර කරන තුරුම මට වටහා ගත නොහැකිවුණු අවස්ථා දතිබිණි. ඉතින් ඇත්තෙන්ම මට ලැබෙන ගෞරවයෙන් කොටසක් නිතැතින්ම ඔවුන්ටත් හිමි වියයුතුයි...”ඒ ප්‍රකාශයෙන්මඔහු කෙතරම් නිරහංකාර, මනුෂ්‍ය ගතිගුණ වලින්හෙබියෙක් දැයි වටහාගත හැකි වනු ඇත. බොහෝ විට සිදුවන්නේ පරිගණක සමග වැඩ කරන‘පණ්ඩිතයන්’සියල්ලෝමත් යන්ත්‍රබවට පත්වී මිනිස් ගති නැතිව යෑමයි. ඒ අර්ථයෙන්බැලීමේදී ඩග්ලස් එංගල්බර්ට් ඉතා ආදර්ශවත්පාඩමක් අපට ලබාදෙයි. අනාගත පරිගණක ලෝකයට තව තවත් නවමු අදහස් හා නිපැයුම් තිළිණකරන්නට යලිත් වරක් ලොවට පහළ වේවායි පතමින් මේ පුරෝගාමී පරිගණක ඉංජිනේරුවිශ්මකර්මයා හට ඔබේත්, මගේත් ආචාරය පුද කරසිටිමු.
|
BLOG
|
2013.01.31
|
http://chathucn.blogspot.com/
|
- ලෝකේ වටේ විශේෂ තැන් වලට රවුමක් යමු -
|
Chathuranga Perera
|
අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද . අද්භූත ද . විස්මයජනක ද . කියලා බලාගන්න තිබ්බා. කොහොම වුනත් පෘථිවිය මත ඇති විශේෂම තැන් කීපයක් ගැන අද මං ඔයාලව එක් කරගෙන යනවා... හැබැයි ඇත්තටම නෙවෙයි. ඒ ගැන දැන ගන්න, බලන්නකෝ මේ රූප කථාව... 1. ලෝකයේ උෂ්ණාධිකම ප්‍රදේශයඉරානයේ ලූට් කාන්තාරය - 71°C පෘථීවියේ උෂ්ණාධිකම ස්ථානය ගැන බොහෝ වාද විවාද තිබිණි. සෙල්සියස් අංශක 57.8 ක්වූ ලිබියාවේ එල් අසිසියා ප්‍රදේශය හා සෙල්සියස් අංශක 56.6 ක් වන ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රදේශයේ "මරණයේ නිම්නය" ලෙස හඳුන්වන ප්‍රදේශය පෘථීවිය මත උෂ්ණාධිකතම ස්ථාන ලෙස වාර්තා වී තිබිණි. නමුත් නාසා (NASA) ආයතනයේ සැටලයිට් දත්තයන්ට අනුව ඉරානයේ ලූට් කාන්තාර ප්‍රදේශයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 71 ක් බව වාර්තා වී තිබේ. මෙය පෘථීවි පෘෂ්ඨය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්ව අගය ලෙස පිළිගැනේ. මෙම කාන්තාර ප්‍රදේශය කිලෝමීටර 480 ක් පමණ විහිදෙන අතර මෙහි පවතින අධිකතර උණුසුම නිසා "කරවුණු තිරිඟු යාය" යන අන්වර්ථ නාමයෙන් ද මෙම ප්‍රදේශය හැඳින්වේ.************************2. පෘථීවි මධ්‍යයේ සිට උසම මුදුනඉක්වදෝරයේ චිම්බොරාසෝ කඳු මුදුන - මුහුදු මට්ටමේ සිට උස : මීටර 6310 ලෝකයේ උසම ස්ථානය වන්නේ එවරස්ට් කඳු මුදුන බව සැමදෙනාම දන්නා කාරණයකි. එහි උච්චතම උස වන්නේ මීටර 8848 කි. එවරස්ට් ගැන ලෝකයේ සියල්ලන්ම පාහේ දැන උන්නත් චිම්බොරාසෝ කඳු මුදුන ගැන නම් දන්නේ ස්වල්ප දෙනෙකි. එවරස්ට් වලට වඩා උසින් මඳක් අඩු වුවත් චිම්බොරාසෝ කඳු මුදුන ද ඉතා උසැති කන්දකි. කෙසේ වුවත් එවරස්ට් කන්ද ද පරදා විශේෂ වාර්තාවකට හිමිකම් කියන්නට මෙම කඳු මුදුන සමත්වෙයි. ඒ පෘථීවි මධ්‍යයේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානය ලෙසිනි. පෘථීවිය පරිපූර්ණ ගෝලයක් නොවේ. එය පැතලි ගෝලාභයකි. වඩාත් පැහැදිලි කලහොත් පෘථීවියේ ධ්‍රැව දෙක මඳක් තැලී ගිය ලෙසින් දිස්වන අතර සමකය අවට ප්‍රදේශය මඳක් එළියට නෙරා ආ ස්වභාවයක් පෙන්වයි. මේ නිසා පෘථීවි සමකය ආසන්න ප්‍රදේශයට පෘථීවියේ මධ්‍ය කේන්ද්‍රයේ සිට වැඩිම දුරක් (අරයක්) ඇති අතර සමක රේඛාවට එක් අංශකයක් ඈතින් පිහිටි චිම්බොරාසෝ කඳු මුදුන මේ නිසා පෘථීයි මධ්‍යයේ සිට බැලු විට කිලෝමීටර 6384 ක් උස වන අතර එය එවරස්ට් කන්ද හා පෘථීවි මධ්‍යය අතර ඇති අගයට වඩා කිලෝමීටර 2 ක වැඩි අගයක් ගනී. ************************3. මනුෂ්‍ය වාසය සහිත, වඩාත් දුරස්ථව පිහිටි කොදෙව් දූපත් පෙළට්‍රයිස්ටන්ඩි කන්හා (ඇමෙරිකාව) - ලඟම මහාද්වීපයේ සිට කිලෝමීටර 3218 ක් ඈතින් පිහිටා ඇත. දක්ෂිණ අත්ලාන්තික් සාගරයේ පිහිටි මේ දූපත් රැස පෘථීවිය මත මනුෂ්‍යයින් වාසය කරන දූපත් අතරින්, ප්‍රධාන භූමියට ඈතින්ම පිහිටි දූපත් පොකුර ලෙස පිළිගැනේ. මෙම දූපත් ඉතා කුඩා වන අතර මෙහි ප්‍රධාන දූපත තුළ පවා ගුවන් පථයක් නොමැත්තේ එය එතරම් දිගින් අඩු නිසායි. මෙහි ජනගහනය යාන්තම් මිනිසුන් 300 කට පමණ සීමා වේ. 19 වන ශත වර්ශයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ මේ දූපත් පෙළ තවමත් භාවිතා කරන්නේ බ්‍රිතාන්‍ය තැපැල් සංකේතයි. දියුණු තාක්ෂණයේ මහිමයෙන් මේ දූපත් වැසියන් අන්තර්ජාලය හරහා ලෝකය සමග ගනුදෙනු කරන නමුත් මේ දූපත් වෙත බඩුභාණ්ඩ ලඟා වීමට ඉතා දීර්ඝ කාලයක් ගතවේ.************************4. ලෝකයේ උසම ජල දහර (දිය ඇල්ල)වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ල - උස මීටර 984 යි. මෙය ලෝකයේ වැඩිම උසක සිට කඩා හැලෙන ජල ධාරාවයි. මෙහි සම්පූර්ණ උස අඩි 3260 ක් වන අතර අඩි 2647 ක උසක් මෙය අඛණ්ඩව, සෘජුව හා කිසිදු බාධාවකින් තොරව කඩා හැලේ. මේ දිය ඇල්ල වෙනිසියුලාවේ කැරෝනි ගංගාවේ අතු ගංගාවකින් හට ගනී. පැතලි මුදුනක් ඇති කඳු ප්‍රදේශයක සිට අධික බෑවුමකට මෙම දිය පහර කඩා හැලීම නිසා ඒන්ජල් දිය ඇල්ල නිර්මාණය වී තිබේ.************************ 5. පෘථීවිය මත ඇති ශීතාධිකම මනුෂ්‍ය වාසයරුසියාවේ ඔයිමෝකෝන් ප්‍රදේශය - උෂ්ණත්වය: -71.2 °C රුසියාවේ සකා සමූහාණ්ඩුවට අයත් මෙම ප්‍රදේශය ඉන්ඩිගිකා ගංගාව ආශ්‍රිතව පිහිටා ඇත. මෙම ගම්මානයේ ජනගහනය 800 ක් පමණ වේ. 1926 වර්ෂයේ ජනවාරි 26 වන දින මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 71.2 කි. ස්ථීර මනුෂ්‍ය වාසස්ථානයකින් වාර්තා වූ අඩුම උෂ්ණත්ව අගය මෙය වේ. කෙසේ වෙතත් පෘථීවියේ අධිකම ශීතල ඇති ප්‍රදේශය ද අයත් වන්නේ රුසියාවටයි. ඒ ඇන්ටාක්ටිකාවේ රුසියානු කලාපයේ ඇති වොස්ටොක් නම් ස්ථානයයි. එහි වාර්තා වී ඇති අවම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක -89.5 කි.************************ 6. ලෝකයේ වියළිම ස්ථානයඇන්ටාර්ක්ටිකාවේ වියළි මිටියාවත ඇන්ටාර්ටිකා මහාද්වීපයේ එක් අභ්‍යන්තර ප්‍රදේශයක් වියළි මිටියාවත ලෙසින් නම් කර තිබේ. මෙම ප්‍රදේශයට වසර මිලියන දෙකකින් පමණ වර්ෂාවක් ලැබී නැති බව පැවසේ. ග්‍රීෂ්මයේදී ඇන්ටාක්ටිකාව තුළ ගලා යන ජල ධාරා නිසා මේ නිම්නයේ තැන තැන කුඩා ජලාශ හට ගන්නා නමුත් ජලය, අයිස් හෝ හිම යන කිසිදු ආකාරයක තෙතමනයක් මෙහි දක්නට නොලැබේ. මෙම වියළි මිටියාවතේ ශුෂ්ක ස්වභාවයට හේතුවී ඇත්තේ පැයට කිලෝමීටර 320 ක් තරම් වේගයකින් හමා යන දරුණු සුලං ප්‍රවාහයයි. මේ නිසා මෙම ප්‍රදේශයේ තෙතමනය වාෂ්ප වීම සිදුවේ. ඇන්ටාර්ක්ටිකාව තුළ ඇති අයිස් රහිත එකම භූමිභාගය මෙයයි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශය ද ඉතා වියළි වන අතර මෙම ස්ථාන දෙකෙන් වඩාත් වියළි ස්ථානය කුමක් දැයි තීරණය කිරීමට දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ.************************7. පෘථීවි පෘෂ්ඨයේ පහත්ම ස්ථානයමරියානා ආගාධය (ඉන්දුනීසියාව හා ජපානය අතර) ගැඹුර : මීටර 10,924 ක් මුහුදු මට්ටමෙන් පහතමරියානා ආගාධයේ පිහිටි "චැලෙන්ජර් ඩීප්" නමින් හැඳින්වෙන ස්ථානය පෘථීවි පෘෂ්ඨය මත පිහිටි පහත්ම ස්ථානය වන අතර මුහුදේ පිහිටි ගැඹුරුම ස්ථානය ද වේ. මෙය එවරස්ට් කන්දටත් වඩා කිලෝමීටර දෙකක් පමණ වැඩි උසකි. බටහිර පැසිෆික් සාගරයේ පිහිටි මේ ස්ථානයේ ඇති ජල පීඩනය මුහුදු මට්ටමේ ඇති වායු පීඩනය මෙන් දහස් ගුණයකටත් අධික වේ. ජැක්ස් පිකාර්ඩ් සහ දොන් වෝල්ෂ් මරියානා ආගාධය වෙත ගිය පළමු ගවේෂකයන් ලෙස වාර්තා වේ.************************8. පෘථීවියේ වැඩිම තෙතමනය සහිත භූමි ප්‍රදේශයඉන්දියාවේ චෙරාපුංජි ප්‍රදේශය ඉන්දියාවේ ඊශාණ දිග ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 10,820 කි. මෙම ප්‍රදේශයට කොලොම්බියා තෙත් බිම් වල මෙන් වසර පුරාම වර්ෂාපතනය නොලැඛෙන නමුත්, නිරිතදිග මෝසමෙන් දැඩි වර්ෂාපතනයක් ලැබේ. 1861 වර්ෂයේ ජූලි මාසය තුළ පමණක් මිලිමීටර 9,296 ක වර්ෂාවක් මේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ************************9. විශාලතම සිරස් බෑවුම සහිත කන්ද කැනඩාවේ තෝර් කන්ද කැනඩාවේ නුනාවුට් හි බැෆින් දූපත් හි පිහිටි තෝර් කන්ද අඩි 4,100 ක සිරස් ප්‍රපාතාකාර බෑවුමක් සහිතයි. තනිකරම ග්‍රැනයිට් පාෂාණයෙන් සැදුම් ලත් මේ කන්ද කැනඩාවේ විශේෂිත වූ සංචාරක ආකර්ශණයක් සහිත ස්ථානයකි. කඳු නගින්නන්ගේ සහ ගවේෂකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට ද මෙය පත්ව තිබේ.************************10. පෘථීවියේ උසින් අඩුම ගොඩබිම් ප්‍රදේශයජෝර්දානයේ මළ මුහුද - මීටර 422 ක් මුහුදු මට්ටමෙන් පහළ මළ මුහුදෙහි මතුපිට සහ වෙරළ තීරය මුහුදු මට්ටමට වඩා මීටර 422 ක් පහතින් පිහිටා තිබේ. ජොර්දානය හා ඊශ්‍රායෙලය අතර මායිමේ පිහිටි, මේ මළ මුහුද වටා දිවෙන මාර්ගය ද ලෝකයේ පහතින්ම පිහිටි මහා මාර්ගය ලෙස හැඳින්වේ. සාමාන්‍ය මට්ටමට වඩා දස ගුණයක් ලවණතාවයෙන් වැඩි මෙහි ඒ හේතුව නිසාම කිසිදු ජීවියෙක් වාසය නොකරයි. මළ මුහුද ලෙස මෙයට නම් ලැබී ඇත්තේ ඒ නිසාවෙනි.************************ කොහොමද . සංචාරේ හොඳයි ද . ඔයාලගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා... තවත් ලිපියකින් හමුවන තුරු, හැම දෙනාටම ජයෙන් ජයවේවා .
|
BLOG
|
2013.01.26
|
http://chathucn.blogspot.com/
|
- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -
|
Chathuranga Perera
|
දිනය - 2011 ජනවාරි 24 වැනි දිනනිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීමනිර්මාතෘ - චතුරංග පෙරේරාබ්ලොගයේ නම - චතූගේ කථා ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි. නොදැනිම අවුරුදු දෙකක් ගෙවුනා... පළමු අවුරුද්ද කෙසේ වෙතත් දෙවැනි අවුරුද්ද නම් යනවා දන්නෙම නෑ. පහුගිය පළමු සංවත්සරයේදීලියපු සටහන නම් ගොඩක් ආඩම්බරයෙන් ලියන්න තරම් කරුණු තිබුණා. දෙවැනි අවුරුද්දේ නම් ඇත්තටම කිව්වොත් කොරපු දෙයක් නෑ. බ්ලොග් එක නමට තිබ්බා විතරයි. හිතේ තියෙන දේවලින් කාලක් වත් ලියන්න වුනේ නෑ. අනේ කවුරු හරි ඔය වැඩකාරයෙක් හිතෙන දේ ටයිප් වෙන්න මොකක් හරි ගැජට් එකක් හදනවා නම් පිං සිද්ධ වෙයි. එහෙම ආරංචියක් දන්න එකෙක් ඉන්නවා නම් මටත් ඊයක් එවාපල්ලා ... 2011 අවුරුද්දේ ජනවාරි 24 වැනිදා පටන්ගත්තු මගේ බ්ලොග් රචනාව ආරම්භයේදී නම් මේ වගේ තැනකට ඒවි කියලා මට අදහසක් තිබුනේ නෑ. ඇත්තටම මම බ්ලොග් රචනය පටන් ගත්තේ අළුත් අත්දැකීමක් නිසා. 2011 වෙනකල්ම සිංහලෙන් අන්තර්ජාල කටයුතු කරන්න පුළුවන් බවක් මම දැනං උන්නේ නෑ. ඇත්තටම කිව්වොත් බ්ලොග් කියන්නේ මොනවද . සිංහල යුනිකෝඩ් කියන්නේ මොනවද . කියලාවත් මට අදහසක් තිබුනේ නෑ. ඔයාලට මතක නම් ගිය අවුරුද්ද ආරම්භයේදී සිදුවුනු ජල ගැලීම් තත්ත්වය... අධික වර්ෂාව නිසා සිදුවූ හානි ගැන සිංහලෙන් ලියවුනු ඊ-මේල් පණිවුඩයක් මගේ ගිණුමට ලැබී තිබුණා. එතනින් ඇතිවුනු සිංහල අකුරු ගැන කුතුහලය මත මම සිංහල යුනිකෝඩ් ගැන සෙවුමක් දැම්මා. ඒ තවත් විස්තර හොයාගන්න. ඔන්න එතනදී තමයි, ධනික සොයුරාගේ SETT ඇන්ඩ්‍රොයිඩ් සිංහල බ්‍රවුසරය ගැන තිබුණු ලිපිය මම Google සෙවුම් ලැයිස්තුවේ දැක්කේ...ඒ සබැඳිය දිගේ මම ආවා “ධනිකගේ සිතුවිලි” කියන බ්ලොග් එකට. ඒ තමයි මගේ පළමු සිංහල බ්ලොග් අත්දැකීම. ඊට කලින් මම සිංහල යුනිකේතයෙන් ලියැවුනු අන්තර්ජාල සටහනක් කියවලා තිබුනේ නෑ. SETT බ්‍රවුසරය ගැන තිබුණු ලිපියට පසු ඒ බ්ලොගයේ තිබුණු ගොඩක් ලිපි මම කියෙව්වා. එතැනින් ඇතිවුනු උනන්දුව හා කුතුහලය තමයි මගේම සිංහල බ්ලොග් අඩවියක් දක්වා මාව අරගෙන ආවේ...ධනික සොයුරාගේ බ්ලොග් අඩවිය නිසා සිංහල ගැන ඇතිවුනු ආසාව නිසාම මම ධනික සහෝ එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වුනා. ඊ-මේල් හා Google Chat හරහා ධනික සහෝ එක්ක අදහස් හුවමාරු වුනා. මම නොදන්නා, අසා නොතිබුනු, නොවැටහුනු බොහෝ දේවල් ඒ කථා බස් වලින් මම ඉගෙන ගත්තා. සිංහල යුනිකෝඩ් හා බ්ලොග්කරණය ගැන පැහැදිලි කරලා දීලා, ඒ සඳහා වන ලිපි වෙත සබැඳියන් ලබාදීලා ධනික සහෝ තමයි මෙතනට එන්න පාර පෙන්නුවේ. බ්ලොග් එකක් කරමු කියලා ඔළුවට දැම්මෙත් ධනික සහෝම තමා... ඉතින්, ඒ හැම උදව්වක්ම වෙනුවෙන් සිංහල සයිබර් අවකාශයේ හැමෝම දන්නා හඳුනන චරිතයක් වන ධනික කෞෂල‍්‍ය පෙරේරා සොහොයුරාට මගේ ආචාරය......ඒ පෙන්නපු පාර දිගේ මම සෑහෙන්න දුරක් ආවා. මුල් මාසයෙදි බ්ලොග් ටෙම්ප්ලේට්, Java Script ඉඳන් කමෙන්ට්, ඩිසයින් වෙනකල් ඔක්කොම මම ඉගෙනගත්තා. ගොඩක්ම ඉතින් trial & error ක්‍රමයට තමා . ඒ සඳහාම අන්තර්ජාලයේ සැරිසරපු පැය ගණන නිමක් නෑ. මාසයක් වෙනකොට යම් තරමකට ස්ථාවර බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මට පුළුවන් වුනා. සින්ඩියක් විදියට මුලින්ම මගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගත්තේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට... ආරම්භ කරලා මාසයකට පස්සේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට මාව ඇතුළත් කරගෙන තිබුණා. එතන ඉඳලා වඩාත් වැඩි පිරිසක් බ්ලොග් එකට ඇදෙන්න වුනා. සිංහල බ්ලොග් කියවනය, ලාංකීය සිතුවිලි වගේම හත්මාළුව, කොත්තු ඇතුළු අනෙකුත් සියළුම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගෙන ලබාදුන් සහයෝගයට (විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම ලාභ බලාපොරොත්තුවෙන් තොරව සිදුකළ නිසා...) ඒ අඩවි පවත්වා ගෙන යන, ඒ සඳහා වෙහෙස මහන්සි වෙන සියළුම සහෝදරවරුන්ට ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා.... ඔන්න ඔහොම තමා මම පළමු සංවත්සරයේදී ලියලා තිබ්බේ. මේ දෙවැනි අවුරුද්දේ නම් මට ලොකු දෙයක් කරන්න වුනේ නෑ. ඇයි කියලා දන්නවා ඇතිනේ. දන්නේ නැද්ද . දැන්ම යන්න මෙතනින්, ගිහින් බලලා එන්න... මේ අවුරුද්දේ ලියපු පෝස්ට් වලින් ගොඩක් දෙනෙක් බැලුවේ "ඩිජිටල් කැමරාවක් මිළදී ගැනීමේදී දැනගත යුතු කරුණු" කියන ලිපියයි. ඒකට අමතරව මම තව අළුත් කථා මාලාවක් පටන් ගත්තා. කුමාරතුංග මුනිදාසයන්ගේ ‘ශික්ෂාවතාරය සහ ශික්ෂා මාර්ගය‘ පොතෙන් උපුටා ගත් සිංහල ජනකථා කීපයක් පළ කළා. ඒකත් එහෙමම නැවතුනා ආයුබෝං ... ඊට අමතරව පළ කරපු හැම ලිපියක්ම වගේ මම "රූ පරිගණක" සඟරාව වෙනුවෙන් ලියපු ලිපි වලින් තෝරාගත්තු ඒවා. මෙන්න ඉතින් බ්ලොගේ විශ්ලේශණය... සම්පූර්ණපෝස්ට් 87 යි... ඒ කියන්නේ යාන්තම් ගිය අවුරුද්දටම 28 යි. හිට්ස් 125,000 ක් වෙනවා... එතකොට ෆලෝවර්ලා 274 යි... සම්පූර්ණ කමෙන්ට්ස් (මගේත් ඇතුළුව) 1500 ක් විතර වෙනවා... මෙව්වා ඉතින් බ්ලොග් එක කියවන්න එන අයට වැදගත් නෑනේ. මේ statics දීලා තියෙන්නේ බ්ලොග් කර්තෘට බලන්න මිසක් ඒක කියවන්න එන එවුන්ට බලන්න නෙවෙයිනේ. අනුන් ලියන බ්ලොග් එකකට ඇවිත් කියවන කෙනාට ඒ බ්ලොග් එකට කී දෙනෙක් ආවද, පෝස්ට් කීයද . කමෙන්ට්ස් කීයද කියන එක වැදගත් නෑනේද . බලන්න එන අයට ඕනේ කියවන්න හොඳ දෙයක්... මට ඔය දේ ඔළුවට දැම්මේ මං නිසාම බ්ලොග් එකක් පටන් ගත්තු "මගේ හද ගැස්ම" ලියන දමිත් මල්ලි. ඉතින් ඔන්න මමත් දැන් කාලෙකට කලින්ම හිට්ස් කවුන්ටරේ ගලවලා දැම්මා... මොකටද නිකන් ලොකුකම පෙන්නන්නේ ...බ්ලොගයේ වැඩිම දෙනෙක් බලපු පෝස්ට් 10... තමන්ගේ සහෝදරයෙක් වගේ ලෙන්ගතුකමින් එකතු වුනු බොහෝ දෙනෙක් මම මේ බ්ලොග් කෙරුවාවෙන් අඳුන ගන්න ලැබුණා. සමහරු ජංගම දුරකථනයට SMS එවලා, මූණු පොතේ මුණ ගැහිලා, ඊයක් විදලා එහෙමත් මම ගැන විපරම් කොරලා තිබුණා. බ්ලොග් අවකාශය අමතක කරන්න බැරි - බ්ලොග් එක අත හරින්න බැරි ඒ සම්බන්ධ කම් නිසා... හැමදාම ඇවිත් මගේ බ්ලොග් එක බලන පිරිසක් ඉන්න නිසා... මාස ගාණකින් මුකුත් පළ නොවුනත්, හැමදාකම වගේ 100 ක් විතර ඇවිත් මොනවා හරි බලලා යන නිසා... ඉතින් පුලු පුළුවන් හැටියට ලිපියක් පළ කරන්න තමයි උත්සාහය... කියවන්න දෙයක් නෑ කියලා අමනාපෙන් හැරීගිය හැමදෙනා වෙනුවෙන් ඇත්තටම සමාව ඉල්ලා සිටිනවා...... බ්ලොග් ලෝකෙට පාර පෙන්නපු ධනික සොහොයුරාගේ ඉඳන් මේ සිංහල සයිබර් අවකාශයේ මගේ බ්ලොග් සටහනේ අකුරු අතරින් මුණ ගැසුණු වර්චුවල් මිතුරු මිතුරියන් හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා... හෙමිහිට හරි අවුරුදු 3, 4 පහු කරන්, පුළුවන් තරම් දුරකට චතූගේ කථා ඔයාලාට අහන්න ලැබේවි... දයාබර සහෘද ඔබ සැමටම ගොඩාක් ස්තුතියි ...----------------------------------------------------------------------- දැන් එහෙනම්, මෙන්න මම කියපු බ්ලොග් ආචාරය... මොකක් ද කිව්වේ . තේරුණේ නෑ කිව්වා ...හරි, හරි... කියන්නම්, කියන්නම්... බ්ලොග් එකේ ඇනිවසරි එක වෙනුවෙන් වැදගත් දෙයක් කරන්න කියලා හිතුනා. ඉතින් ඒ නිසා සිංහල බ්ලොග් අවකාශයේ තෙම්පරාදු වෙච්චි ප්‍රවීන බ්ලොග් රචකයින්ටත්, ඊයේ පෙරේදා මේ පැත්තේ ඇවිත් වැඩ පටන්ගත්තු ආධුනික උදවියටත් ඔය කොයි කාටත් දැන ගන්න එක්ක මම පොඩි ප්‍රචාරාත්මක වැඩ සටහනක් දියත් කරන්නයි මේ හදන්නේ... බ්ලොග් අවකාශයේ එක එක ජාතියේ බ්ලොග් තියෙනවා. ප්‍රවෘත්ති, සමාජ හා දේශපාලනික, කලාත්මක, පෞද්ගලික, අධ්‍යාපනික සහ සඟරාමය වශයෙන් ඒවා වර්ග කරන්න පුළුවන්. ගොඩක් දෙනා තමන්ගේ බ්ලොග් එක පාවිච්චි කරන්නේ දිනපොතක් විදියට... එදිනෙදා වුණු දේවල් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒ අතරේ තමන්ගේ දැනුම අනෙක් අයට නොමසුරුව බෙදලා දෙන බ්ලොග් අඩවි මේ අවකාශයේ හරිම විරලයි. තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරලා හිතේ තෘප්තියට විතරක් සිංහල බ්ලොග් පාඨකයන් වෙනුවෙන් දැනුම බෙදා දෙන ඒ උදාර බ්ලොග් රචකයන් වෙනුවෙන් මගෙන් පිදෙන පුංචි උපහාරයක් තමා මේ... හරි එහෙනම් ළමයිනේ... මම මේ කියන්න යන්නේ මේ අවුරුදු දෙක පුරාවට මට මේ සිංහල බ්ලොග් අවකාශයේ සැරි සරද්දීහමුවුනු වටිනා කියන තොරතුරු අඩංගු වුනු, අධ්‍යාපනික වටිනාකමක් ඇති, බලන්නම වටින බ්ලොග් කීපයක තොරතුරු. මේ ලිස්ට් එකේ තම තමන්ගේ බ්ලොග් නැතැයි කියලා හිත අමනාප කොර ගන්න එපා... මට හොඳ ඒවායි මම මේ ලියන්නේ... ඔයාලා දන්න හොඳ බ්ලොග් තියේ නම් කමෙන්ට් කරලා යන්න... එහෙනම් යමු අපේ උත්තමාචාර ලැයිස්තුවට ...සත් සමුදුර දිනේෂ් දීපාල් සහෝදරයා ලියන මේ සඟරාමය බ්ලොග් අඩවිය තමයි මට මුලින්ම මේ ජාතියේ බ්ලොග් එකකට මුණ ගැහුණේ. දිනේෂ් සහෝ යම් තරමකට මගේ සමකාලීනයෙක් වුනත් මගේ පරමාදර්ශයක් වුනා කිව්වත් හරි . ඉතිහාසමය තොරතුරු වගේම බ්ලොග්කරණයට අදාල තාක්ෂණික කාරණාත් මෙහි අඩංගුයි. දිනේෂ් සහෝගේ සමහර ලිපි සෑහෙන තොරතුරු එකතු කරලා, ගොඩාක් මහන්සි වෙලා සකස් කරපු ඒවා. "2012 දී සිදුවන්නේ කුමක්ද" යන තේමාවෙන් ලියවුනු ලිපි මාලාව, "විසිවන සියවසේ මමි" ලිපි මාලාව මෙන්ම "Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම" යන ලිපි මම කැමතිම ඒවායි. ඊට අමතරව තවත් වැදගත් හා රසවත් ඓතිහාසික මෙන්ම අභිරහස් ලිපි රාශියක් සත් සමුදුරේ ඇතුලත් වෙනවා... පරණ අයනම් ගොඩක් දන්නවත් ඇති. ඒත් මහන්සියේ තරමට ඇගයීමක් නැති බ්ලොග් අඩවියක් කියලා කණගාටුවෙන් වුනත් කියන්නම ඕනේ... ගිහිල්ලම බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා...මල් කැකුළු මේ බ්ලොග් අඩවිය නම් පාසැල් යන වයසේ දරුවන් වෙනුවෙන් සැකසූවක් වුනත්, වයස් බේදයකින් තොරව සෑම කෙනෙක්ටම කියවන්නට දේ මෙහි අඩංගුයි. "අපට අවශ්‍ය වූයේ ලොව පුරා සිටින සිංහල කියවන ඔබට, ලොව නන්දෙසින් අසන්නට ලැබෙන නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිර්මාණ, ආදිය පිළිබඳව සිංහලෙන් එසැණ කියවීමට සැලැස්වීමටයි" ඒ මල් කැකුළු කතෘ තුමන්ගේ වචනයි. අවාසනාවකට මට දැන් එතුමාගේ නම මතක නෑ. අපේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වන එතුමාගේ නම මතක කෙනෙක් පළ කරන්න. මේ මල් කැකුළු බ්ලොග් අඩවිය නිතරම අළුත්ම තොරතුරු වලින් යාවත්කාලීන වෙනවා. විද්‍යා, තාක්ෂණික මෙන්ම සමාජයීය ලිපි ද, උපමා කථා, ජන කථා වගේ පොඩි අයගේ ආකර්ශණය දිනා ගන්නා ලිපි ද රාශියක් මෙහි අඩංගුයි...විද්‍යා ගවේෂණවිද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නවතම සොයා ගැනීම් මෙන්ම, පැරණි අභිරහස් ලිපි ද මේ බ්ලොග් අඩවියේ අඩංගුයි. ඉතා සංකීර්ණ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිංහල භාෂාවෙන් සරලව ඉදිරිපත් කරන්නට මෙහි කතෘතුමා හොඳින් සමත්වෙලා තියෙන බව කියන්නම ඕනේ. "Populer Science" වගේ ජනප්‍රිය විද්‍යා සඟරා ආශ්‍රයෙන් එතුමා මෙහි ලිපි සකසා තිබෙන බව සඳහන් වීතිබෙනු මට මතකයි. විද්‍යාත්මක දේවල් වලට ආසා කරන අයට නම් සිංහල බ්ලොග් අවකාශය තුළ මම දුටුව හොඳම බ්ලොග් අඩවිය මේක තමයි...--------------------------------- පළවන තොරතුරු වල තියෙන පුළුල් හා සාරවත් බව නිසාම මම නම් නිතරම වගේ මේ බ්ලොග් අඩවි තුනම පස්සේ පන්නනවා... මොකද, බඩ පිරෙන්නම කියවන්න දේවල් තියෙන නිසා. කියෙව්වට පස්සේ ඔළුව කැරකෙන තරමටම දැනෙන නිසා... බ්ලොග් අවකාශයේ තවත් බ්ලොග් අඩවි කීපයක් මම මෙතැනට සඳහන් නොකලොත් ඒක අඩුපාඩුවක්... මගේ ප්‍රියතම අඩවි තුන ගැන පොඩි විස්තරයක් එක්ක දැම්මේ නොකරම බැරි නිසා. ඒත් මේ කියන ඒවාටත් විස්තරයක් දාන්න බැරි එක ගැන කණගාටුයි. ඒ වුනත් මේ ටිකත් නොදා යන්න හිතට හරි මදි...සෙන්නා ලියන කුරුන්ද සිංහල බ්ලොග් අවකාශයේ දිගම බ්ලොග් ලිපිය වුණු ටයිටැනික් නැව ගැන ලියැවුණු පරිපූර්ණ බ්ලොග් ලිපිය සමගම තවත් ඓතිහාසික සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවියක් ලෙස සෙන්නා සහෝගේ කුරුන්ද නම් කරන්න පුළුවන්.මහ වෙදනා ලියන වෙද ගෙදරආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා හෙළ ඔසු ගැන කියවෙන මේ බ්ලොග් අඩවියත් බොහෝ දැනුමක් ලබාදෙන සාරගර්භ තොරතුරු අඩංගු බ්ලොග් අඩවියක්. පැරණි දැනුම යට යන්නට නොදීබෙදා දෙන්නට වෙදනා දරන උත්සාහය මේ බ්ලොග් අඩවිය බලන කොට පැහැදිලියි.සයුරි ලියන පහන් යායගොඩක් දුරට පෞද්ගලික බ්ලොගයක් වගේ පෙනුනත්, පහන් යායේ වැදගත්ම දේ තමයි ඒකේ පළවන"රාජාවලිය". සිංහලේ රජ පරපුර ඇරඹුණු තැන් පටන් රාජාවලිය කොටසින් කොටස මෙතනින් කියවන්න පුළුවන්.මහේෂ් මහත්මයා ලියන සොඳුරු සුව අසපුවමේ අඩවිය වෙන් වන්නේ වෛද්‍යගැටළු සහ සෞඛ්‍යමය කාරණාවන් ගැන ඔබ දැනුවත් කරන්නයි. වෘත්තියෙන් හෙද නිළධාරියෙක් වන මෙතුමා ඉතා සරලව පළ කරන මේ ලිපි මගින් සෞඛ්‍ය කාරණා ගැන මෙන්ම ලෙඩ රෝග ගැනත් හොඳ දැනුවත් භාවයක් ලබා ගන්නට පුළුවන්.Update : 2013-01-27සමන් මහත්මයා ලියන සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොතවෘත්තියෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය උගන්වන පාසැල් ගුරුවරයෙකු වන සමන් මහත්මයාගේ මේ බ්ලොග් අඩවිය තොරතුරු තාක්ෂණ විෂයය ඉගෙන ගන්නා පැසැල් දරුවන් වෙනුවෙන්ම වෙන් කෙරුණු අඩවියක්. ඒ විෂයයට අදාල විවිධ තොරතුරු සහ ලිපි එක්තැන් කරමින් පාසැල් දරුවන්ට අවශ්‍ය බාහිර දැනුම ලබාදීම මේ බ්ලොගයේ අරමුණ බව එහි සඳහන් කළ තිබෙනවා...--------------------------------- තවත් මේ වගේ වටිනා සිංහල අධ්‍යාපනික වෙබ් / බ්ලොග් අඩවි ගැන ඔයාලත් දන්නවා නම් කමෙන්ට් එකකින් සඳහන් කරලා යන්න. මහන්සියෙන් තොරතුරු හොයාගෙන අනුන් වෙනුවෙන් පළ කරන මේ වගේ බ්ලොග් රචකයින්ට ඇත්තටම ලැබෙන්න ඕනේ අගය කිරීම ලැබිලා නෑ කියලයි මට හිතෙන්නේ. ඔයාලටත් පුළුවන් නම් මේ බ්ලොග් අඩවි පැත්තේ ගිහින් කමෙන්ට් එකක් හරි තියලා මේ උදවියට ශක්තියක් දීලා එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... දෙවන සංවත්සරය වෙනුවෙන් වටිනා දෙයක් කලා කියලා මටත් එතකොට සතුටු වෙන්න පුළුවනි... එහෙනම්, මම ගියා... හැම දෙනාටම ආයෙමත් ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එකත් එක්ක ඉන්නවට . බ්ලොග් අවකාශයේ හැම දෙනාටම ජයෙන් ජයම වේවා .
|
BLOG
|
2013.01.22
|
http://chathucn.blogspot.com/
|
- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -
|
Chathuranga Perera
|
අවුරුද්දක් ගෙවීතවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හරඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා... හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද . ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු .) අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං ... බ්ලොග් අවකාශේ දැන් ඉස්සර වගේ පේන්න නැත්තේ මක්කැයි කියලා දන්නා අඳුනන කීප දෙනෙක්ම මගෙන් විපරම් කොලා... ඇත්ත තමයි . මාස දෙකකින් විතර මගේ බ්ලොග් එක අළුත් වෙලා නෑ. කළාතුරකින් ඇරෙන්න වෙන බ්ලොග් පැත්තේ ගිහිනුත් නෑ. මේ ‘චතූට‘ මොනවා වුනාද කියලා දන්න අඳුනන අයට හිතුනා නම් පුදුමෙකුත් නෑ. ඇත්තම කියනවා නම්, බ්ලොග් එක ලියන්න පුදුම තරම් වුවමනාවක් තිබුනත්, ඒකට නිවාඩුවක් හොයා ගන්න එක - එක පැයක වෙලාවක් හදාගන්න එක - සෑහෙන අමාරු දෙයක් වුනා. එතකොට දැන් ඒ අමාරුව හොඳ ද . නෑ, දැන් ඊටත් වඩා අමාරුයි . ඒත් මේක මෙහෙම වත් කොටා ගත්තේ නැත්තන් වැඩේ කෙරෙන්නෙම නැති වේවි... ඉතින් ඇහැක් විදියට මේ ටික කොටලා දමන්නයි මේ තනන්නේ. අනේ ඉතින් ඇහැක් විදියට කොටන්න ගත්තට ඔය ටික කොටලා දවස් ගාණක් ගියාට පස්සේ තමා මේ ආයේ පටන් ගත්තේ. පහුගිය මාසෙක වගේ කාලේ ගෙදර කොම්පීටරයෙන් සෑහෙන්න දුරට ඈත් වෙලා හිටියේ. හේතු කාරණා කියන්නම්, පිළීවෙලකට එමුකෝ... පහුගිය (2012) ජනවාරියේදී මම මේ බ්ලොග් එකේ ලිව්වා ලිපියක් 2011 මතක සටහන් ගැන. ඒ කාලේදීනම් බ්ලොග් එක හොඳ තත්ත්වයේ තිබ්බා. ඇත්තටම ඒ කාලේ තමා මගේ බ්ලොග් එකේ පීක් එක. ගිය අවුරුද්ද වෙනකොට පෝස්ට් 57ක් ලියපු මම පහුගිය 2012 පුරාම ලියලා තියෙන්නේ පෝස්ට් 28 ක් විතරයි. ඒවගෙනුත් ඔක්කොම වගේ මම රූ පරිගණක සඟරාවට ලියපුවා. ලියන්න කියලා හිතාගෙන හිටපු ලිපි ඔක්කොම මග නතර වුනා. බොරුකාරයෙක් වෙන්න වුනු එකට දුකයි තමා. ඒත් ඉතින් බ්ලොග් එක ලියන්නේ විවේකයක් හම්බුනාම. හම්බුවෙන විවේකයෙදි අනෙක් වැඩ කලාම බ්ලොග් ලියන්නේ කොහොමද . මේ අවුරුද්දේ මුල අපි හිටියේ නෝනිලගේ ගෙදර. මේ පාර පළමුවැනිදා උදාවෙද්දි මමයි, නෝනියි රෑ 12 පහුවෙනකල් ඉඳලා කිරි ඉතිරෙව්වා. බුදුන්ට පහන පත්තු කරලා ගේ පුරාම දුම් ඇල්ලුවා. ඇත්තටම කිව්වොත් 2012 අවුරුද්ද ෆිට් එකේ පටන් ගත්තා කිව්වොත් හරි... 2011 දෙසැම්බරයේ තිබ්බ අපේ කිරි දානෙ ෆොටෝ ගන්න ගෙනාපු පොඩි ඩිජිටල් කැමරාව මේ අවුරුද්ද පුරාම අපේ මතක සැමරුම් තියාගන්න උදව් වුනා.මගේ 28 වැනි උපන්දිනයේ කේක් රාජයා...විශේෂ ස්තුතිය - නෝනිට . මේ පාර පෙබරවාරියේ මගේ උපන්දිනය වෙනදා වගේ සැමරුවේ නෑ. ඇත්තටම මම උපන් දිනය මහ ලොකුවට ඔළුවට අරගෙන තිබුණේ නෑ. බොරුවට එක දවසක් වෙනුවෙන් අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න බැරි නිසා මම මුකුත් ගෙනාවේ වත් නෑ. ඒ වුනත් ගෙදර අය සෙට් වෙලා කේක් ගෙනල්ලා, කිරිබත් උයලා තිබුණා. නෝනි කේක් එක එයාම අයිසින් කරලා හදලා තිබුණා. අන්තිමට ගෙදර අයගේ හිත සතුටු කරන්න වැඩට නොගිහින් ගෙදර නැවතුනා. හවස මම මල්ලිත් එක්ක ගිහින් කැස්බෑවේ "සීගිරි" එකෙන් චයිනීස් ගෙනාවා. කට්ටිය එක්ක කාලා සතුටින් විසිර ගියා... නෑ... නෑ... ගෙදරම තමා හිටියේ ... අප්‍රේල් මාසෙත් ආවා... මම කාලයක් බලන් හිටපු එක දෙයක් යන්තම් මේ මාසේ මුල ඉෂ්ඨ කර ගත්තා. ලංකාබෙල් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තා. ඒකෙ කතන්දරේ මෙතනින් කියවන්නකෝ. අන්තිමට මාස ගාණක බිල් එකතු වෙලා කනෙක්ෂන් එක Disconnet කලා. ඉලක්කම් පහේ ගාණක් එකතුවෙලා තිබ්බා. අන්තිමට හම්බවෙන්න තිබුණු සීට්ටුවකට පටලවලා සල්ලි ටිකක් අරගෙන ඒක ගෙවලා ඉවරකලා... ඊට පස්සේ පරණ පුරුදු ඩොංගලයම තමා. හැබැයි ඉතින් 2012 අන්තිම මාස හයේදීම ගෙදරදීඅන්තර්ජාලය පරිහරණය කරන එක සෑහෙන්න අඩුවුනා. හලාවත පුංචියි, බාප්පයි, කෙල්ලො දෙන්නයි අපි කියලම අවුරුද්දට අපේ ගෙදර ගෙන්න ගත්තා. අන්තිමට ඒක හිසරදයක් සල්ලි දීලා ගත්තා වගේ වුනා. බාප්පා ඩොල්කියත් අරන් ආවේ. මගේ ගිටාර් එකත් අරගෙන කට්ටිය එක්ක අවුරුදු දවසේ සාජ්ජයක් දැම්මා. අවුරුදු ලබන්න තියෙද්දීබාප්පයි, අම්මයි පොඩි වලියක් ගියා. අපි ගෙදර අවුරුදු චාරිත්‍ර අකුරටම කරනවා. වලිය ගියේ පුංචිලට බඩගිනියි කියලා නැකතට කන්න තියෙන කිරිබත් කලින් කාපු නිසා. අන්තිමට 2012 අළුත් අවුරුද්ද ලැබුවේ හිත නොහොඳ කරගෙන. ඊට පස්සේ පුංචිලත් එක්ක තිබුණු ආස්සරේ සම්පූර්ණයෙන්ම නැවතුනා. අවුරුද්දට මායි නෝනියි නෑ ගමන් එහෙමත් ගියා. හැමෝම කිව්වේ අළුත් අවුරුද්දේ වත් දෙක, තුන කරගන්න ලැබේවා කියලයි. ඒ වෙනකොටත් දෙක තුන වෙලා කියලා ඒ ගොල්ලෝ තියා අපි වත් දන්නේ නෑඕං . අපේ අක්කලා, නංගිලා සෙට් එකම එක්ක අපි දෙන්නත් පානදුර ලොකු අම්මලගේ ගෙදර ගියා. ලොකු අම්මලගේ ගෙදර කිව්වට මුලින්ම ගියේ beach එකට. කට්ටිය එක්ක හිතේ හැටියට නෑවා. බීච් එකේ වොලිබෝල් ගැහුවා. හවස් වෙද්දීධාරාණිපාතෙන් වහින්න ගත්තා. අනෙක් උන් ටික 7-8 ක් විතර හොරණ අයියගේ ත්‍රීවිල් එකේ පටවලා ලොකු අම්මලගේ ගෙදර යැව්වා. මමයි නෝනියි තෙමි තෙමීබත් වෙලා බයික් එකේම එහේ ගියා. ලොකු අම්මලගේ ගෙදර සෙට් එකත් එක්කම කැට ගහලා, රෑටත් කාලා එහෙම, රෑ 10 ට විතර වැස්සේම නෝනියි, මමයි තෙමි තෙමි බයික් එකේ ගෙදර ආවා. මැයි මාසේ අපිට කොහොමත් පින්බර මාසයක්....නෝනිටයි මටයි මේ අවුරුද්දේ මැයි මාසේ ජීවිතේට අමතක නොවන සුභ මාසයක් වුනා. මැයි 7 වැනිදා අපේ ටුන්ටි පැටියා අපි ලඟට ඇවිත් කියලා report එක අතට හම්බුවුනු වෙලාව නම් මට අමතක නොවෙන මොහොතක් ... එදා අපේ ගෙදරම මඟුල් ගෙදර වගේ තමයි ... මැයි 15 වැනිදා නෝනියි මමයි හා හා පුරා කියලා ක්ලීනික් ගියා. ඒකත් ජීවිතේ අමතක නොවන අත්දැකීමක්. ඊට පස්සේ අවුරුද්ද ඉවර වෙනකල්ම මාසෙට දෙපාරක් නිවාඩු දාලා ක්ලිනික් දුවන එක තමයි රාජකාරිය වුනේ. ජුනි මාසෙත් ආවා. මේ මාසේ නෝනිටයි මටයි දෙන්නටම වැදගත් මාසයක්. නෝනිගේ උපන් දිනේ ජුනි 06. මේ පාර නම් මුකුත් ගත්තේ නෑ. ඒ වුනත් අපිත් එක්ක ටුන්ටි බබත් උපන් දිනේ සමරන්න ඉන්නවා කියලා ඒ සතුටටත් එක්ක (නෝනිගෙත් favourite නිසා) චොකලට් කේක් ගෙනත් කෑවා. ජුනි මාසේම 30 වැනිදා අපේ විවාහ සංවත්සරය. කසාද බැඳලා අවුරුදු 03 යි. වැඩ ගොඩ අස්සේ මේ පාර ඇනිවසරියට පෝස්ට් එකක් වත් දාන්න බැරුව ගියා. කොහොම වුනත් ගිය අවුරුද්දේ සැමරුම් සටහන් ලියද්දී සහ සංවත්සර සටහන් ලියද්දීකියපු විදියට තුන්වෙනි සංවත්සරේට අපි තුන් වැනියෙක් ගෙනාවා... ජූලි මාසෙදි අපි අපේ පැටියා ගැන හිතලා Specialist කෙනෙක් channel කලා. ඒකට යන්න උපදෙස් දීලා අපිව එතැනට යොමු කරවපු සමිලා නංගිට ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. දැන් හරියටම දවස් මතක නැතත්, මෙච්චර කල් තනියම අපේ සඟරාවේ වැඩ ටික ඇදන් ගිය මට අළුත් සගයෙක් එකතු වුනෙත් ජුනි-ජූලි කාලෙදි... රසිකත් අපේ සඟරාව එක්ක වැඩ කරන්න එකතු වුනා. එතැනින් පස්සේ අපේ සඟරාවේ වැඩ තවත් හොඳට කරගෙන යන්න පුළුවන් වුනා. අපේ සඟරාවේ ප්‍රමාණය විශාල කරලා print කරන්න ගත්තෙත් මේ කාලෙදිම තමා... අපේ බබාගේ වැඩ කටයුතු ටික කරගන්න සල්ලි ටිකක් ගැන හිත හිත ඉන්න වෙලාවේ තමා අගෝස්තුවේදි හදිසියේම අතට සල්ලි ටිකක් ආවේ. බබාට ඕනේ කරන ඔක්කොම රෙදි ටික සැප්තැම්බර් වෙනකොට අපි හදලා තියාගත්තා. බබාගේ බඩු දාන්න baby cupboard එකක් ගත්තා. එයාගේ නැපීස් හා වෙනත් රෙදි මුලින්ම හේදුවෙත් මම තමා ... පවුලට එකතු වෙන අළුත් සාමාජිකයා වෙනුවෙන් අපේ කාමරේට ෆුල් රෙපෙයාර් එකකුත් දුන්නා. හුණු ගාලා, තීන්ත ගාලා, පොඩි සිවිලිමකුත් ගහගත්තා. බිමට කාපට් එකකුත් දැම්මා. කාමරෙත් අස් කරලා පිළිවෙලක් කලා. මගේ අළුත් කොම්පීටර් මේසෙත් මුලින්ම පාවිච්චියට ගත්තේ අද තමා. කාමරේ වැඩ කටයුතු වෙනුවෙන් මම පෝය දවසකත් වැඩ කරලා එක ලඟ දවස් දෙකක් නිවාඩු ගත්තා. අපේ බොස් ට ඒ කාරණේ පොඩ්ඩක් අවුල් වෙලා මම බොස් එක්ක පොඩි කේස් එකකුත් ඇද ගත්තා. ඇත්තම කිව්වොත් මම අයින් වෙනවාමයි කියලා හිතාගත්තා. නමුත් මොකක්ද මන්දා වෙලාවකට ඒක වුනේ නෑ. ඒ කොහොම වුනත් ඒ කේස් එකෙන් පස්සේ බොස්ගෙයි මගෙයි සම්බන්ධකම තවත් වැඩි වුනා කිව්වොත් හරි. අපේ සඟරාවේ වැඩ ටිකත් මේ කාලෙදී හොඳ උනන්දුවෙන් කෙරුණා. රූ පරිගණක සඟරාවට අමතරව ලංකාවේ පළවෙනි වතාවට "දුරකථන" කියලා අළුත් සඟරාවකුත් අපි මේ කාලෙදි පටන් ගත්තා. එක සඟරාව වෙනුවට සඟරා දෙකක වගකීම් පැවරුනත්, අර මුලින් කීකේස් එකෙන් පස්සේ මම මගේ ජොබ් එකට මාර විදියට ඇලුණා... ඉතින් දැන්, මේ වෙන කොට වැඩ දෙකම නැගලා යනවා කියලා තමා කියන්න තියෙන්නේ ... සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාලෙදීතමා ඇඹිලිපිටියේ හිටපු UD ආපහු කොලඹ පදිංචියට ආවේ. ඊට පස්සේ ධනූ, මම සහ UD ආයෙත් ඉස්සර වගේ නිතර සෙට් වුනා. අපේ මියුසික් කටයුතුත් කෙරීගෙන ගියා. අළුතෙන් melody දෙකකුත් හැදුනා. ඒවා record නොවෙච්චි එක වෙනම කාරණාවක්. කොහොම වුනත් ඔය කාරණාව නිසා මගේ යටපත් වෙළා තිබුණු digital Music උණ ආයෙත් මතුවෙලා ආවා. ධනූ සහ UD ආඃ ... කියන්න බැරි වුනානේ. කසාද බැන්දට පස්සේ බෑන්ඩ් ජීවිතේ අත හැරියත් මේ අවුරුද්දේදි ආයෙත් ප්‍රසංග වේදිකාවකට නගින්න ලැබුණා. ඒ මාස දෙකකට විතර සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලා play කරපු නිසා. ප්‍රසංග තුනකට විතර සහභාගි වුනා. නිවාඩු තියෙන ඉරිදා දවසම කාලා ඒකේ practice ගිහින් අන්තිමේදීලැබුනු දෙයක් නෑ. අගෝස්තුවේදි විතර බෑන්ඩ් එකෙන් ආයෙත් අයින් වුනා. ඔක්තෝම්බර් මාසේ අන්තිමදී විතර පවුලේ කට්ටිය සහ ලඟම හිතවත් පවුල් දෙකක් එක්ක අපි කට්ටියම පොඩි ට්‍රිප් එකක් ගියා. අඳුනන වෑන් එකක් කථා කරගෙන කළුතර වැඳලා, අළුත්ගම කන්දේ විහාරෙට ගියා. බබා වෙනුවෙන් බාරෙකුත් වුනා. එන ගමන් පානදුර බීච් ගියා. දවාලට එතැන ඉඳන් කෑවා. නානවා කීවට කවුරුත් ආවේ නෑනාන්න. මම විතරක් ෂෝටට බැහැගෙන වතුරට බැස්සා. පැයක් විතර වතුරේ නටලා ආපහු ගෙදර ආවා. අවුරුදු දවස් වල නෝනියි මායි වතුරේ නටපු හැටි මතක් වුනා. එතකොටත් ටුන්ටි පැට්ටා බඩේ .අපි දන්නවැයි ඔය වගක් ...අපේ ට්‍රිප් එක අතරමග දුටු මාදැලක්... නොවැම්බර්, දෙසැම්බර් මාස දෙක සෑහෙන්න හිතේ බයෙන් ගෙවුනු මාස දෙකක් . අපේ ටුන්ටි පැට්ටාව එළියට ගන්න සීසර් කරන්න වෙයි කියලා ඩොක්ටර් කියලා තිබ්බේ... දින ලං වෙන්න, ලං වෙන්න අම්මා ගැනයි, බබා ගැනයි හිතේ බය වැඩි වෙවීතිබ්බේ. කොහොම වුනත් අවසානයේදීසියල්ල හොඳින් සිදුවුනා. ටුන්ටි බබා හම්බවෙන්න දින දීලා තිබ්බේ දෙසැම්බර් 24... කොහොම වුනත් දෙසැම්බරයේ 17 වැනිදා උදේ වරුවේ අපේ දූ පැටියා මේ ලෝකෙට ආවා. එදා තමයි කසාද බැන්දට පස්සේ උදාවුනු හොඳම දවස...... ගිය අවුරුද්දේ මට කියලා විශේෂ දෙයක් එකතු කරගත්තේ නැති වුවත් අපි වෙනුවෙන්, අපේ පුංචි පවුල වෙනුවෙන් වැඩ කොටසක් කරගත්තා. අපේ දූ වෙනුවෙන් රිපෝට් එකේ ඉඳන්, ක්ලීනික් යනකල්... රෙදි කෑල්ලේ ඉඳන් කබඩ් එක වෙනකල් කාටවත් ණය නොවී මගේ පුංචි පඩියෙන් ෂේප් කරගත්තා. අපේ චූටි දුවා ලෝකෙට එන්නත් කලින් ණය කාරයෙක් නොකර ඉන්න පුළුවන් වුනු ගැන නම් ගොඩක් සතුටුයි. ඉදිරිය ගැන හිතලා අපි තුන්දෙනාටම බැංකු ගිණුම් තුනක් දාපු එකත් ලොකු ඉතිරියක්. සමස්ථයක් විදියට ගත්තොත් මගේ උපන්ගෙයි කම්මැලිකම (.) ගිය අවුරුද්දේ - විශේෂයෙන්ම ටුන්ටි දූ අපි ගාවට ආවට පස්සේ - බොහෝ දුරට අඩුවෙලා ගිය එක ගැන නම් මටත් වඩා අපේ නෝනිට සතුටු ඇති..අවුරුද්ද මුලදීහිතන් හිටපු ඒවගෙන් ගොඩක් කරගන්න ලැබුණා. හැබැයි කෙටිකාලීන බලාපොරොත්තු විතරයි. දීර්ඝකාලීන බලාපොරොත්තු වලින් දෙකක් තාමත් එහෙමමයි. එයින් එකක් නම් 2012 දීසැබෑ වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒක තමා මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුව. ඒ කියන්නේ දෙක තුන කරගෙන මගේ පවුල සම්පූර්ණ කරගන්න එක...... 2012 අවුරුද්දේ මගේ පවුල සම්පූර්ණ කරගෙන අපේ කියලා චූටි පැටියෙක් හදාගන්න පුළුවන් වුනු එක තමා ගිය අවුරුද්දේ ලොකුම ජයග්‍රහණය. වෙන මොනවා නැතත් මට ඒ ඇති... ඔන්න, "දෙක තුන කරගන්න කාලේ හරි...", "අයියෝ, තාම ළමයෙක් හදාගත්තේ නැද්ද ." කියලා අහපු අයට, ඔන්න මම උත්තර දුන්නා... ගිය අවුරුද්දේ පෝස්ට් වලින් දීපු පොරොන්දු ඔන්න මම ඉෂ්ඨ කලා, හරිය ...අප්පච්චියි, ටුන්ටි බබයි... ගිය අවුරුද්දේ priorities වෙනස් කරන්න වුනු නිසා මගේ කොම්පීටරේට සහ බයික් එකට නම් කුඩම්මාගේ සැලකිලි තමා අත්වුනේ. බයික් එක පිළිවෙලකට හදාගෙන, කොම්පීටරේ ලෙඩ ටික හදාගන්න එක තමා 2013 දීකරගන්න ඕනේ. වෘත්තීය ජීවිතේ පැත්තෙන් ගත්තොත් 2012 වඩා 2013 හැම අතින්ම හොඳ වේවි . දැන් මාත් එක්ක වැඩට තව දෙන්නෙක් ඉන්නවා. අපේ සඟරා දෙකම පිළිවෙලකට කෙරීගෙන යනවා. ඉස්සරහට දැනට වඩා හොඳ වේවි කියලා විශ්වාසයක් තියෙනවා... හ්ම්... අවසානයට මේ වල්පල් ඔයාලට කියන මගේ බ්ලොග් එක ගැන කිව්වොත් . අහෝ දුකකි. ගිය අවුරුද්දේ පෝස්ට් දැමිල්ල සෑහෙන පහළ බැහැලා. දැන් ඉතින් පෙරටත් වඩා වගකීම් වැඩි වීම හා විවේකය අඩුවීම නිසා 2013 දී පෝස්ට් වැඩිවේවි කියලා නම් ලොකු බලාපොරොත්තුවක් වෙන්න බෑ. කෙසේ වෙතත්, මාසෙකට පෝස්ට් දෙකක් වත් දාන්න උත්සාහ කරන්නම්.... ඔන්න එහෙනම්, අන්තිමටම මම කියන්නම් මගේ මේ පෝස්ට් එකේ මාතෘකාවට අදාල තේරුම. දෙකහමාරේ 2012 කියන්නේ අපේ පවුල 2 ත් නැතුව, 3 ත් නැතුව 2 1/2 වෙලා තිබ්බ නිසා. අනික ඉතින් 2012 කියන සංඛ්‍යාව ගත්තොත් බලන්න ඕක අස්සෙන් 2 1/2 ක් පේන්නේ නැද්ද කියලා... දෙක තුන වූ2013 ගැන නම් ඉතින් අළුතෙන් පැහැදිලි කරන්න වුවමනා නැතිවෙයි. මගේ ජීවිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි මගේම කියලා පවුලක් හදා ගන්න එක. ඒකෙන් භාගයක් නෝනිත් එක්ක පවුල් කන්න ගත්ත දවසේ ඉටු වුනා. ඉතුරු භාගෙත් සම්පූර්ණ කරගෙන අපේ ටුන්ටි දුවා අපි ලඟට ආවා. දැන් ඉතින් පවුල් කෑමේ බලාපොරොත්තුවත් හරි. දැන් ඉතින් මගේ කියලා ගේ පොඩ්ඩක් හදාගන්න ඕනේ... මියුසික් පිස්සුව නිසා මට උන් හිටි තැන් නැති වුනා කියලා මගේ බෑන්ඩ් කථා සීරිස් එක කියෝපු කට්ටිය දන්නවා ඇතිනේ.... එහෙනම් ඉතින්, මගේ කියවිල්ල මෙතනින් අවසානයි . මෙච්චර වෙලා මගේ 2012 මතක සටහන් පල්හෑල්ල අසා සිටි, බලා සිටි, කියවමින් සිටි ඔබ සැමට බොහොම ස්තුතියි ... අනිවාර්යයෙන් තවත් දවස් කීපයකින් තවත් වැදගත් පෝස්ටුවකින් හමුවෙන තුරු ඔබට ජය .
|
BLOG
|
2014.10.08
|
http://lankafasttrack.blogspot.com/
|
ERGObaby Baby Carrier
|
Dharana Korale Arachchi
|
...86.
|
BLOG
|
2014.08.24
|
http://lankafasttrack.blogspot.com/
|
Download 3574 landscape HD Wallpaper, 1920X1080 Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.24
|
http://lankafasttrack.blogspot.com/
|
Download 2800 Animal HD Wallpaper, Mixed Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.24
|
http://lankafasttrack.blogspot.com/
|
Download 2400 Abstract HD Wallpaper, Mixed Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.22
|
http://lankafasttrack.blogspot.com/
|
Download 1100 Food HD Wallpaper, Mixed Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.22
|
http://lankafasttrack.blogspot.com/
|
Download 830 Cartoon HD Wallpaper, Mixed Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.22
|
http://lankafasttrack.blogspot.com/
|
Download 680 Sci Fi HD Wallpaper, Mixed Dimension, Best Of The Best
|
Dharana Korale Arachchi
|
.....
|
BLOG
|
2014.08.21
|
http://lankafasttrack.blogspot.com/
|
Download My Italian Language Learning Course, Best Of The Best
|
Dharana Korale Arachchi
| null |
BLOG
|
2014.08.21
|
http://lankafasttrack.blogspot.com/
|
Download Icon Collection Package 7184 Icons, Best Of The Best
|
Dharana Korale Arachchi
| null |
BLOG
|
2014.11.26
|
http://wwwmusiclk.blogspot.com/
|
Veedi Kone - Chandrasiri Hettiarachchi
|
Nadun Dissanayake
| null |
BLOG
|
2014.10.02
|
http://wwwmusiclk.blogspot.com/
|
Kassata Kossata Unata Kurumba (Official Music Video) - Lahiru Perera
|
Nadun Dissanayake
|
com/lasignoremusicකැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..වක්කඩ අස්සේ හකුරු හංගලා..නැතිවෙන හකුරට නාහෙන් හඬලා..අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා.
|
BLOG
|
2014.08.09
|
http://wwwmusiclk.blogspot.com/
|
Carlton Super 7's 2014 - Full Event Watch
|
Nadun Dissanayake
| null |
BLOG
|
2014.04.23
|
http://wwwmusiclk.blogspot.com/
|
Sara Sihina REMIX Concert - Dubai
|
Nadun Dissanayake
|
lk/promo-1157.
|
BLOG
|
2014.04.08
|
http://wwwmusiclk.blogspot.com/
|
Sinhala - Tamil New Year Charithra | Nakath - 2014
|
Nadun Dissanayake
|
2014 අලුත් අවුරුදු චාරිත්‍ර★ පරණ අවුරුද්ද සඳහා ස්නානය★ අලුත් අවුරුදු උදාව★ ප්‍රණ්‍ය කාලය★ ආහාර පිසීම★ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය★ හිසතෙල් ගෑම★ රැකිරක්ෂා සඳහා පිටත්ව යාම.
|
BLOG
|
2014.04.04
|
http://wwwmusiclk.blogspot.com/
|
SJS - Sitha Nidi Na (Lyrics)
|
Nadun Dissanayake
|
sitha nidi na mage langa naoba dura aatha giyasitha danna iwasum naoya hitha thama hoyanawaසිත නිදි නෑ මගෙ ළඟ නෑඔබ දුර ඈත ගියාසිත දන්නෑ ඉවසුම් නෑඔය හිත තාම හොයනවාRing in Tone Codes:Mobitel : 14292Dialog : 564172Etisalat : 6589Download Video:http://www.
|
BLOG
|
2014.03.15
|
http://wwwmusiclk.blogspot.com/
|
Thuru Assen Beri (Lyrics) - Sachith Peiris
|
Nadun Dissanayake
|
Thuru Assen Berinilla math wee pinimal watuna wedura enna disveeinna lanwee hima wan warusaweතුරු අස්සෙන් බේරීනිල්ල මත් වී පිනිමල් වැටුනා වේදුර එන්නා දිස්වීඉන්න ලංවී හිම වන් වරුසාවේDownload :http://www.
|
BLOG
|
2014.03.13
|
http://wwwmusiclk.blogspot.com/
|
Husma Sibinnam Pem Pawanalle - Saranga ft. Umali
|
Nadun Dissanayake
|
lk/download-husma-sibinnam-saranga-disasekara-videoHusma sibinnam pem pawanalleAadaren welaaNubalanga innam oya as asseHeenayen pawaaහුස්ම සිබින්නම් පෙම් පවනැල්ලේආදරෙන් වෙලානුබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේහීනයෙන් පවාWatch on Youtube -.
|
BLOG
|
2014.02.04
|
http://wwwmusiclk.blogspot.com/
|
Hawasaka Ma - La Signore (Lahiru Perera) ft Abhisheka Wimalaweera
|
Nadun Dissanayake
|
ab=128&video_id=zK8Vu0X2gz0&h=86692653d6bc6dccd6de780afb30e9d1&r=1391521727646..නිරුදක කතරේ තනුවුදා..තනි තරුවක් නිවැරදි පාරකීවා..කතරින් එනමග මට කීවාහවසක මා.
|
BLOG
|
2013.12.18
|
http://wwwmusiclk.blogspot.com/
|
New Sinhala Christmas Songs
|
Nadun Dissanayake
| null |
BLOG
|
2014.11.25
|
http://msspushpakumara.blogspot.com/
|
Thailand invest
|
suranga pushpakumara
| null |
BLOG
|
2014.11.17
|
http://msspushpakumara.blogspot.com/
|
I will add 1000 genuine twitter followers for $5
|
suranga pushpakumara
| null |
BLOG
|
2014.01.04
|
http://uorunion.blogspot.com/
|
සමසෞඛ්‍ය සත්‍යග්‍රාහය තර්ජන මැද්දේ ඉදිරියට
|
haritha lakmal wijayadasa
|
සිව් අවුරුදු සම සෞඛ්‍ය විද්‍යා උපාධී පාඨමාලාව වසර 3ක් දක්වා කප්පාදුවට එරෙහිව රුහුණ සම සෞඛ්‍ය සිසුන් සංවිධානය කළ අඛණ්ඩ සත්‍යග්‍රහය පොලීසියේ දැඩි බධා කිරීම් මධ්‍යයේ අද ආරම්භ කෙරුනි.අද උදෑසන 10.30ට පමණ ලබුදූව ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයෙන් ඇරඹිණි. විරෝධතා පා ගමන පැය දෙක හමාරක පමණ කාලයකින් ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියට ලගා විය. එහිදී ශිෂ්‍යයන් විසින් මිනී පෙට්ටියක් මල් වඩමක් හා S. දිසානායක ඇමති තුමාගේ රුව සහිත පඹයෙක්ද ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය දක්වන ලදී. විරෝධතාවය අතරතුරදී පොලිස් නිළධාරින්ගේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ පඹයා පුලුස්සා දමන ලදී. මෙහිදි පොලිස් නිළධාරින් විසින් ශිෂ්‍යන් වීඩීයෝ ගත කරමින්ද තර්ජනය කරමින්ද නිල ඇදුම් ඇද ගත් මැරයන් පිරිසක් ලෙස හැසිරිනි. කෙසේ වුවද සියලු බාධා කිරීම් මධ්‍යයේ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහය ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පවත්වා ගෙන යයි.උපුටා ගැනීම.
|
BLOG
|
2013.12.14
|
http://uorunion.blogspot.com/
|
මහපොළ 5000 ක් කරනු! සිසුන් සටන් බිමට..
|
Tiran Randika
|
රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල විරෝධතා පා ගමන හා උද්ඝෝෂණය 2013/12/12 දිනයේදී පැවැත්විණ. “මේ වන විට ලැබෙන රුපියල් 2500 ක් වන මහපොළ මුදල හා රුපියල් 2000 ක් වන ශිෂ්‍යාධාර මුදල විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම් පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර බෝඩිම් කුලිය පමණක් රුපියල් 3000 ක් වෙනවා. එමෙන්ම අනෙකුත් වියදම් ද සලකු විට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ මාසික වියදම රුපියල්10000ක්15000විතර වෙනවා, එම මුදල සොයා ගැනීම සඳහා අධ්‍යාපන කටයුතු වලින් බැහැර වෙලා රැකියා කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදුව තිබෙනවා. වසර 8 ක් තිස්සේ වැඩි වුනු ජීවන වියදමට සාපේක්ෂව මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 කට වඩා ඉහල යා යුතුයි. එවැනි තත්ත්වයක් තුල ආණ්ඩුව තවදුරටත් සිදු කරලා තියෙන්නේ ප්‍රතිපාදන කප්පාදුවක්.”රුහුණු විශ්වවිද්‍යාල ඉදිරිපිටින් ආරම්භ කල පා ගමන මාතර නගරය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව මාතර නගර මධ්‍යයෙදී උද්ඝෝෂණක් පවත්වා විරෝධතාවේ නිරත් විය.
|
BLOG
|
2013.11.26
|
http://uorunion.blogspot.com/
|
මහාපොළ / ශිෂ්‍යාධාර සටන ජපුරෙන් ඇරබේ
|
haritha lakmal wijayadasa
|
මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කර ගැනීමේ සටන අද දින(26) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය. එහිදී මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උද්ඝෝශණය ක්‍රියාතමක විය.2005 වසරේ සිට මේ වන තෙක් මහාපොළ හෝ ශිෂ්‍යාධාර මුදල් කිසිදු මුදලකින් වැඩි කර නොමැති අතර මෙම වසරට උසස් අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කල මුදලද ගිය වසරට සාපේක්ශව රු. මිලියන 2269කින් කප්පාදු කර ඇත.2005 වසට සාපෙක්ශව මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල් මේ වන විට රු.5000ක් පමණ විය යුතු අතර මෙවර අයවැයෙන්ද කිසිදු මුදලක් වැඩි කර නොමැත.1. මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු 2. අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරනු 3. අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව නතර කරනු 4. තවමත් ලබා නොදුන් පළමු වසර මහපොල වහා ලබා දෙනු. 5. අසාධාරණ ලෙස කප්පාදු කරන ලද මහපොල හා ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනුඡයාරූප නැරබීමට.
|
BLOG
|
2013.11.25
|
http://uorunion.blogspot.com/
|
මෙවර අයවැය අධ්‍යාපනය කප්පාදු කරයි
|
haritha lakmal wijayadasa
|
මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.උසස් අධ්‍යාපනයට පෙනී සිට විශ්ව විද්‍යාලයට සුදුසුකම් සපුරන සිසුවාට විශ්වවිද්‍යාල අහිමිවීමත් එසේ අධ්‍යාපනය අතර මග නවතා දැමීමට සිදුවීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව ප්‍රකාශ කරයි. අය- වැය මගින් උසස් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් මෙන්ම පුනරාවර්තන වියදම් ද කප්පාදු කර ඇතැයි කී සංජීව බණ්ඩාර මහතා තව දුරටත් මෙසේද කීහ..ඒ නිසා බලධාරීන් කළ යුත්තේ උසස් අධ්‍යාපනය සදහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමයි. නමුත් මේ අයුරින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අර්බුදය කරා තල්ලු කිරීම මගින් පුද්ගලික විශ්ව විද්‍යාල පුළුල් කිරීමේ සිය අරමුණු ඉටු වන බව බලධාරීන් හොදින්ම දන්නවා. ඒ ඔවුන්ගේ වක්‍රාකාර ඉලක්කයක් යැයි ද තවදුරටත් පවසන ලදි. .උපුටා ගැනීම.
|
BLOG
|
2013.11.25
|
http://uorunion.blogspot.com/
|
ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - සංජීව චෝදනා කරයි
|
haritha lakmal wijayadasa
|
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක් ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක් - නවෝදයක් ද ඇතිවිය හැකි බවය. මේ එස්. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.ප්‍රශ්නය - පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව මොහොතේ රජය ශිෂ්‍යයන්ට ලබාදුන් නිවාඩුවට ඔබ වෙනත් අර්ථකථනයක් සපයනවා. අපි එතැනින් පටන් ගමු.පිළිතුර - චොගම්වලින් රටට හෝ ජනතාවට ලැබුණු දෙයක් නෑ. මේ සමුළුව ආණ්‌ඩුව පවත්වන්නේ කාරනා දෙකක් උඩ. පළමුවැන්න ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම, දෙවැන්න තමන්ගේ බල ව්‍යාප්තිය අනුව මේ රටේ ජනතාව මුළා කරලා තවදුරටත් ආණ්‌ඩුවත් එක්‌ක පවත්වාගෙන යන එක. ඒ නිසාම මේක පැවැත්වූයේ සංදර්ශන දෘෂ්ටි කෝණයෙන්. මේක දේශපාලන අර්ථයකින් පැවැත්වූවා නම් කමක් නෑ. නමුත් ඒක එහෙම වුණේ නෑ.විශ්වවිද්‍යාල සතියකට වැහුවා. පාසල් 34 ක් සතියකට වැඩි කාලයක් වැහුවා. මාසයකට වැඩි කාලයක් බොහෝ පාසල්වල ඉගෙනීමේ කටයුතුවලට වඩා කළේ සංදර්ශන වැඩවලට පුහුණුවීම්. අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ වගේ වැඩකට නැති වැඩක් වෙනුවෙන් රටක අධ්‍යාපනය දෙවැනි තැනට දැම්මේ ඇයි. කියන එක. රටක සංවර්ධනය දියුණුව පවතිනවා නම් රටේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන්න ඕන. මේක ෙ€දවාචකයක්. මේක බරපතළ අපරාධයක් හැටියටයි අපි දකින්නේ.ප්‍රශ්නය - චොගම් පවත්වපු මේ කාලය තුළ කොළඹදී සිසු සහභාගිත්වයෙන් විශාල උද්ඝෝෂණ කරන්න, විශ්වවිද්‍යාල ආචාර්යවරු උද්ඝෝෂණයක් කරන්න හිටිය බව ආරංචි වුණා.....පිළිතුර - අපිට චොගම් එකට පෙර මෙන්ම ඒ අතරවාරයෙත් උද්ඝෝෂණ පවත්වන්න සිද්ධ වුණා. එහෙම වුණේ, ආණ්‌ඩුවේ වරද නිසයි. අපිව එතැනට ඇදලා දැම්මේ ආණ්‌ඩුව. විශ්වවිද්‍යාල වහලා මේ රටේ අධ්‍යාපන වෙළෙඳ කලාප ආරම්භ කරන්න සැලසුම් කළා. එය ක්‍රියාත්මක වීම කියන්නේ මේ රටේ සුවහසක් දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්‌ථාව උදුරාගන්න එක. ධනපති අතලොස්‌සකගේ වරප්‍රසාද වෙනුවෙන් අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක් කරලා. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළත් මේ රටේ ධනපතියන්ට මංකොල්ල කන්න ඉඩ ප්‍රස්‌ථාව සාදන එකයි මේ කරන්නේ. ඒකට විරුද්ධවයි අපි උද්ඝෝෂණය කරන්නේ.ආණ්‌ඩුව සැලසුම් කරලා තිබුණේ චාල්ස් කුමාරයා අතින් අධ්‍යාපනය විකුණන්න. වෙළෙඳ කලාප හයක් ආරම්භ කරන්න. එහි පළමු වෙළෙඳ කලාපය ඔහු අතින් මීරිගමදී ආරම්භ කරන්නයි සැලසුම තිබුණේ. ඒකට විරුද්ධව තමයි උද්ඝෝෂණ පෙළ ගැසෙන්නේ. විවිධ සමාජ කොටස්, බහුජන සන්ධාන තුළ මේකට එරෙහිව විරෝධයක් පෙළ ගැසුනා. ඒක වළක්‌වලා තමන්ගේ අරමුණ ඉටු කරන්න තමයි විශ්වවිද්‍යාල වැහුවේ.ප්‍රශ්නය - මීරිගමදී ආරම්භ කරන විශ්වවිද්‍යාල නිසා රටට විශාල ආයෝජකයන් පිරිසක් එනවා. එසේම, රටින් පිටට ඇදුන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වුණ බව කියෑවෙනවා. එහෙම තිබියදී මේ විරෝධතා කොතරම් සාධාරණද.පිළිතුර - එස්. බී. ඇමැතිවරයාට උසස් අධ්‍යාපනය ගැන කතා කරන්න කිසිම සුදුසුකමක් නෑ. එහෙම තියෙනව නම් මේ වගේ පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරන්නේ නෑ. මේ වෙළෙඳ කලාප ආරම්භ කළා කියලා ලංකාවේ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වෙන්නේ නෑ. මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළා කියලා ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රයට අදාළව උසස් අධ්‍යාපන අවස්‌ථා වැඩිවුණාද. නෑ.... මොකද ලක්‍ෂ හැටපහක් ගෙවන්න පුළුවන් අයට විතරයි මාලබේට යන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, මේ අය කියනවා රටේ අධ්‍යාපනය ගුණාත්මකව, ධනාත්මකව වර්ධනය වෙනවා කියලා.... ඇත්ත කතාව තමයි මේ වගේ zමාර්කට්Z දැම්මට අධ්‍යාපනය දියුණු වෙන්නේ නෑ. ලාභය ප්‍රමුඛ වුණාට පස්‌සේ ප්‍රමිතීන් ආරක්‍ෂා වෙන්නේ නෑ. ගුණාත්මක බව ආරක්‍ෂා කරන්න බෑ.උදාහරණයක් හැටියට නිෂ්පාදනයේ අරමුණ ලාභය නම්, නිෂ්පාදනයේ සිදුවන පාරිසරික හෝ සමාජයීය හානි ගැන නිෂ්පාදකයාට අදාළ නෑ. රතුපස්‌වල සිද්ධ වෙන්නේ ඒක.... ඒ කර්මාන්ත ශාලා හිමිකරුවන්ට අදාළ නෑ තමන්ගේ ලාභය හැරුණු විට නිෂ්පාදනයෙන් බැහැර කරන අපද්‍රව්‍ය නිසා සමාජයට සිද්ධවෙන හානිය.දැන් රජරට වකුගඩු ප්‍රශ්නයත් එහෙමයි. කෘෂි රසායනවලින් වන හානියට වඩා ප්‍රබලයි ලාභය. එතකොට අදාළ සමාගම් වැඩි වැඩියෙන් පලිබෝධ නාශක නිර්මාණය කරනවා. එතකොට වෙන්නේ තියෙන වතුර ටිකත් වහ කරලා තියෙනවා මේ ධනපතියන්ගේ ලාභය වෙනුවෙන්. ඒ වතුර බොන මිනිස්‌සු අවුරුදු 20 - 30 න් මැරිලා යනවා.ප්‍රශ්නය - දැන් අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කොච්චර උද්ඝෝෂණ දියත් කළත් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව නිශ්චිත ඉලක්‌කයන් සපුරාගන්න ඔබට හැකියාව ලැබුණේ නෑ. කලකට ඉහත රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා තරමේ විරෝධතාවක් දියත් කළා. මේ ප්‍රතිඵල රහිත ඉරණම මීරිගමටත් පොදු එකක් වෙයිද.පිළිතුර - අපි හිතනවා අධ්‍යාපනය විකුණනවා කියන එක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය කියලා. ඒක ආණ්‌ඩුවේ විතරක් නොවෙයි රාජ්‍යයේම ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි ආණ්‌ඩු මාරු වුණාට මේක වෙනස් වෙන්නේ නැත්තේ.මේක ලෝක පරිමාණයෙන් ගත්තොත් නව ලිබරල් ධනවාදයේ අවශ්‍යතාවක්. එය පරද්දන්නටයි අපි සටන් කරන්නේ. ඇත්තටම ඒක සරල නෑ. ඒක ලේසි නෑ. ආණ්‌ඩුව ඉන්නේ හොඳින් හරි නරකින් හරි අධ්‍යාපනය විකුණන ෙච්තනාවෙන්. ඒකට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදවලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මත හදන්න, සියලු දේ යොදනවා.අපි විශ්වාස කරනවා අපි කිහිපදෙනෙක් නියෑළී ඉන්න අරගලයකින් මේක පරද්දන්න බෑ. මේක පරද්දන්න නම් මුළු මහත් සමාජයක් ලෙස නැගී සිටිය යුතුයි. සියලු බලවේග ඒ සඳහා ඒකරාශි විය යුතුයි. ඒ නිසා තමයි අපි සටන් කරන්නේ.දැන් ඔබලා ඔය කිව්ව රාගම වෛද්‍ය විද්‍යාලයේ සටන වසර ගණනාවක් දිගටම ගියා, 81 පටන් ගත්ත සටන ජයග්‍රහණය කරන්නේ 89 දී. ඒකත් එක්‌ක විශාල සමාජ මැදිහත්වීමක් ආවා. එවැනි සමාජ මැදිහත්වීමක් සඳහා නායකත්වය දිය යුතුයි. ඒ සඳහා අපි හිතනවා අපිට කළ යුතු දෙයක් තියෙනවා කියලා. ගොවි, කම්කරු, ධීවර සකල විධ පීඩිත බලවේග මේ අරගලය වටා ඒකරාශි කරගත යුතුයි.ප්‍රශ්නය - මේ වෙනකොට ඔබ කියන මීරිගම අධ්‍යාපන වෙළෙඳ කලාපය ආරම්භ කර තිබෙනවා. මොකක්‌ද ඊට එරෙහිව ගෙන යන සටනේ ස්‌වභාවය.පිළිතුර - මේක ආණ්‌ඩුවේ සැලසුමට අනුව චාල්ස් අතින් විවෘත කරගන්න බැරිවුණා. ඇත්තටම ආණ්‌ඩුව ඒ විදියට ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළට පසුබැස්‌සේ ශිෂ්‍යයන්ගේ විරෝධය නිසයි. අපි හිතනවා ඒක අපි ලබපු ජයග්‍රහණයක් කියලා. එතකොට අපි මේ අරගලයේ පළමු පියවර තියලා තියෙන්නේ. ආණ්‌ඩුවත් මෙතැනදී පසු බහින්නේ නෑ. ආණ්‌ඩුවත් මේක කරන්න උත්සාහ කරයි, අපිත් ඒක කරන්න දෙන්නේ නෑ කියන ස්‌ථාවරයේ ඉන්නවා. අපි මොන මර්දනය ක්‍රියාත්මක වුණත් මේකට එරෙහිව සටන් කරනවා. අපි කියන්නේ ඒක ආරම්භ කරන්න, අපි සූදානම් ඒකට මුහුණ දෙන්න කියලා විතරයි. අපි ඒක පරද්දන සටනට අතගහලා තියෙනවා. අපි ජනතාව දැනුවත් කරන්න ගෙයින් ගෙට යනවා. ඉදිරියේදී අපි ගමක් ගමක්, නගරයක් නගරයක් ගානේ මේකට එරෙහිව උද්ඝෝෂණය කරනවා. නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේදී කිසිදු පැරණි දේශපාලනඥයෙක් ඒ වෙනුවෙන් පෙනී හිටියේ නෑ. ඒක සම්මත කරගත්තේ, මේ රටේ ප්‍රගතිශීලී ජනතාව රට තුළ ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒකට මුළු සමාජයම පෙළ ගැසුනා. අපි හිතනවා යළිත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යමක් ඉතුරු වෙලා නෑ. මේක රොඩ්ඩක් බවට පත්වෙලා ඉවරයි. දැන් අපට නැවත සිද්ධවෙලා තියෙනවා ඒ නිදහස් අධ්‍යාපනය දිනාගන්න සටන් කරන්න. ඒකට පුළුල් සමාජයීය මැදිහත්වීමක් අවශ්‍යයි. ඒකට නායකත්වය දෙන්න අපි සූදානම්.ප්‍රශ්නය - ඔබ නිදහස් අධ්‍යාපනය ගැන දිගින් දිගටම සඳහන් කරා. ඔබ නියෝජනය කරන ප්‍රතිපත්ති මතවාද සහිතව ඔබේ දේශපාලන ආගමනය සිද්ධවෙන ජවිපෙ ප්‍රකාශ කරනවා, දැන් නිදහස් අධ්‍යාපනය කියන සටන් පාඨය වෙනුවට, ජනතාව ඉල්ලන "දරුවාට හොඳ ඉස්‌කෝලයක්" කියන සංකල්පය, සටන් පාඨයක් ලෙස ඉදිරියට ගත යුතුයි කියලා. මේක ඔය කියන කාරණා සමඟ ගළපාගන්නේ කොහොමද.පිළිතුර - අපි හිතනවා සටන්පාඨ වෙනස්‌විය යුතුයි. අපි බොහෝ දේ එවැනි වෙනස්‌කම්වලට බඳුන් කරලා තියෙනවා. අපි මුලින් සටන් කළේ "නිදහස් අධ්‍යාපනය රැකගනිමු" කියන සටන් පාඨය යටතේ. අපි ඒක වෙනස් කරලා තියෙනවා "නිදහස් අධ්‍යාපනය දිනාගැනීම" කියලා. ඇත්තටම අද අපිට සිද්ධවෙලා තියෙනවා සමාජයක් විදිහට ඒ නිදහස් අධ්‍යාපනය දිනාගැනීමට නැවත සටන් වදින්න.ඒ අධ්‍යාපනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් අධ්‍යාපනයක් බවට පෙරළ ගන්න. මේකට අපි නායකත්වය දෙනවා. ජනතාව ඉල්ලන සටන් පාඨ මොනවද. දැන් දරුවාට හොඳ පාසලක් කියන්නේ මොකක්‌ද. ජනප්‍රිය පාසලක් කියන එකයි. එතකොට ජනප්‍රිය පාසලක් ගන්නනම් වැඩියෙන් අපිට ගෙවන්න වෙනවා. එහෙම ගෙවන "හොඳ පාසලක්" තමයි ජනතාව ඉල්ලන්නේ. එහෙම පාසලක් ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ රටේ බහුතරයක් මවුපියන්ට අධ්‍යාපනය වෙනුවෙන් වැඩි බරක් දරන්න බෑ. ගෙවන්න බෑ.මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය යටතේ ශිෂ්‍යයාට තමන්ගේ තරුණ ජීවිතය ඒ විදියට විඳින්න හිතන්න අවස්‌ථාව අහිමි කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලින් එළියට එන්නේ, හුදකලා චරිතයක් වෙලා.අනික් කාරණය තමයි මේ අයගෙන් තර්කයක් ගේනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළාම ලෝකයේ නව දැනුම ලංකාවට ගලා එනවා කියන එක, අපි අහන්නේ මේ "නව දැනුම" කියන එක ලෝකයේ කොහේ හරි විශ්වවිද්‍යාලයක නිෂ්පාදනය කරන දෙයක්‌ද. මේ කතාව හරිම ග්‍රාම්‍යයයි. විශ්වවිද්‍යාලයක අරමුණ වෙන්නට ඕන නව දැනුම සහිත පුද්ගලයන්, නිර්මාණශීලී පුද්ගලයන් බිහිකිරීම තමයි. නමුත් දැන් කරන්නේ එවැනි දැනුමක් සහිත පරපුරක් බිහිකරනවා වෙනුවට ඉසෙඩ් ස්‌කෝර් ක්‍රමයක් අල්ලාගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය වරම් ලැබීම කප්පාදු කරන එකයි.මේ වෙනකොට ඒ තුනක් ගන්න ශිෂ්‍යයෙකුටවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරිවෙලා තියෙනවා. අපේ සටන මෙන්න මේ අයිතීන් දිනාගන්නයි.සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර, උදේශ සංජීව ගමගේඋපුටා ගැනීම.
|
BLOG
|
2013.11.25
|
http://uorunion.blogspot.com/
|
ඇත්තටම අධ්‍යාපනය විකුණනවාද? - එස් බී පැහැදිලි කරයි
|
haritha lakmal wijayadasa
|
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අරභයා මේ මොහොත වන විට නැවතත් සංවාදයක් ගොඩනැගී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මේ පිළිබඳව දැඩි විරෝධතාවක නියෑළෙන අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුළින් රටට ආයෝජනයන් ගලා එනවා සේම, මෙරට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනයක් - නවෝදයක් ද ඇතිවිය හැකි බවය. මේ එස්. බී. දිසානායක අමාත්‍යවරයා හා ඊට එරෙහිව විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර අතර ඇතිවූ සංවාදයයි.ප්‍රශ්නය - මීරිගම ආරම්භ කරන්න නියමිතව තිබූ පෞද්ගලික විශ්වවිද්‍යාලය චාල්ස් කුමාරයා අතින් විවෘත කරන්න හිටියත්, අන්තරේ විරෝධය හමුවේ අඩියක් පස්‌සට ගත්තා නේද.පිළිතුර - නෑ... නෑ, වැරදියි. මේ විශ්වවිද්‍යාලය පිහිටුවන්න කටයුතු කළේ බ්‍රිතාන්‍යයේරුක්‌ලාන් විශ්වවිද්‍යාලයේ අයයි. ඒ අයට පොඩි වැරදීමක් වුණා. ඒක අයිති රජයට. රුක්‌ලාන් සරසවියේ චාන්සලර්වරයා රජ පවුලේ ළඟම මිත්‍රයෙක්. ඔහු තමයි කිව්වේ මේ විවෘත කිරීම චාල්ස් මාර්ගයෙන් කරවන්නම් කියලා. නමුත් මේක පාර්ශවීය ගිවිසුමක් හරහා එන එකක් නිසා, ඒ වගේ දේකට රජ පවුලේ අය මැදිහත් නොවන බව කිව්වා. ඒ නිසා විදේශ ඇමැතිවරයා ඇවිත් ඒක කළා. මමයි, එංගලන්ත විදේශ ඇමැතිවරයායි ඒ විවෘත කිරීම කළා. දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. අන්තරය වලිගේ පාග ගත්තා ඒ අය හින්දා වැඩේ නතර වෙයි කියලා.ප්‍රශ්නය - ඒත් ඇමැතිතුමා ඔබ අධ්‍යාපනය විකුණන්න යනවා කියන කාරණයේදී අන්තරය වලිගේ පාගගෙන නෑ නේද.පිළිතුර - හරියටම හරි. ඔබ හරියටම හරි. අපි අධ්‍යාපනය විකුණන්න තමයි යන්නේ. මේ රටේ සල්ලි තියෙන අයට අධ්‍යාපනය විකුණන්න තමයි අපි යන්නේ. ඒකෙන් රටටත් ආදායමක් ලැබෙනවා. අද රටේ එක්‌ලක්‍ෂ පනස්‌දහසක් උසස් පෙළ සමත් වෙනවා. මේ අය උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබනවා. නමුත් මේ අයගෙන් අපි ගන්නේ විසිපන්දහසයි. එතකොට අනිත් අයට ඒකට අවස්‌ථාව අහිමිවෙනවා. මේ හිරවන පිරිසගෙන් කොටසක් උසස් තාක්‍ෂණ ආයතන ආදියට තව පන්දාහක් ගියත්, වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව අහිමි වෙනවා. එතකොට ඒ අයගෙන් තවත් පිරිසක් කරන්නේ විදේශ අධ්‍යාපනය සඳහා රටෙන් පිටව යැමයි. මේකට නිශ්චිත සංඛ්‍යා ලේඛන නෑ, අපි මේ වෙනකොට ඒක තානාපති කාර්යාල හරහා සොයාගෙන යනවා. එතකොට මේ අය අපේ රටේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඒකට වියදම් කරනවා. අපේ රටට විදේශ විනිමය එන්නේ කෘෂිකර්මය, ඇඟලුම්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන සල්ලි වලින්. ඒ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒ සල්ලි ආපහු පිටරටට යනවා අධ්‍යාපනය නිසා. ඒ විතරක් නෙවෙයි අපේ රටට වඩා ආර්ථිකය අතින් පහළ තිබෙන රටවලට පවා සමහරු යනවා, ඒ රටවල වියදම් අඩු නිසා. එතකොට මේ ඉසෙඩ් ස්‌කෝර් අගය යන්තමින් අඩු උසස් අධ්‍යාපනය ලබන්න ආදායමක් නැති අයට "බැංකු ණයක්" අරගෙන හරි මේ රටේ අධ්‍යාපනය ලබන්න අවස්‌ථාව සලසා දීම අපරාධයක්‌ද.රට ගිහිල්ලා පවුල් ගණන් නැතිවෙලා යන්න ඉඩ හරින්නද. මේ අපේ ළමයි, ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා මේ රටේ රාජ්‍ය නොවන පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරලා ඒවාට සල්ලි දීලා ගිහිල්ලා මේ රටේ උපාධි කරන්න ඉඩකඩ සලසා දීම. එතකොට ඉතා අවම වියදමකින් ඕනෑම උපාධියක් මේ රටේදී කරගන්න පුළුවන්. එතකොට මම අහන්නේ මේ ළමයින්ට මේ අවස්‌ථාව දීම වැරැදිද. මේ විශ්වවිද්‍යාල ළමයින් හිතනවනම් අපිට විතරයි මේක කරන්න පුළුවන් වෙන එකෙකුටවත් දෙන්න බෑ කියලා, නෑ... ඒක වැරැදියි. ඒ ළමයින්ටත් අයිතියක් තියෙන්න ඕන ඉගෙන ගන්න. ඒකට ලෝකයම තෝරාගත්ත ක්‍රමය තමයි, රාජ්‍ය නොවන පෞද්ගලික අංශයට මේකට අවස්‌ථාවක් දීම.ප්‍රශ්නය - ඒත් ඇමැතිතුමා දැන් එතන තියෙන ගැටලුව, එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල අරින අතරවාරයේ රටේ උගතුන් බිහිකරන්න දායක වෙච්ච කීර්තිමත්ම විශ්වවිද්‍යාලවලට අඩු සැලකිලි දෙන එකනේ. අඩුම වශයෙන් ඒවා දියුණු කරලා ඔය ව්‍යාපෘතිවලට යන්න තිබුණේ නැද්ද.පිළිතුර - නෑ. ඒ කතාවත් වැරැදියි... ඔබ කතාකරන්නෙත් කරුණු සොයා නොබලා...ප්‍රශ්නය - මේවා සිසු උද්ඝෝෂණවලදී නිතර ඇහෙන කතා.පිළිතුර - ඔය ඉගෙන ගන්නේ නැති අය කිහිපදෙනෙක් එකතුවෙලා කතා ටිකක් කිව්වට ඒවා ඇත්ත නෙවෙයි. ඔබ මම මේ කියන කාරණා අධ්‍යයනය කරන්න. මේ වෙනකොට අපි විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සියයට තුන්සීයකින් වැඩිකරලා තියෙනවා. පසුගිය අයවැයෙනුත් විශාල මුදලක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල 15 ක සිසුන් සඳහා නේවාසිකාගාර ඉදිකරන්න රුපියල් මිලියන 15,000 ක් වෙන් කළා. මඩුවක පටන්ගත්ත රජරට වෛද්‍ය විද්‍යාලයට ලංකාවේ හොඳම මහාචාර්යවරු ලබා දුන්නා. ඊට අමතරව තවත් වෛද්‍ය විද්‍යාල දෙකක් අපි ආරම්භ කරනවා. පේරාදෙණිය පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයක් ආරම්භ කරන්න මේ අයවැයෙන් මුදල් වෙන් කළා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ අලුතින් ඉංජිනේරු පීඨයක් පටන් ගත්තා. යාපනය ඉංජිනේරු පීඨයේ ගොඩනැඟිලි හදාගෙන යනවා. මම මේ අමාත්‍යාංශය බාර ගන්න කොට ත්‍රිකුණාමලය හා වවුනියාවේ මණ්‌ඩප දෙක තිබුණේ ළදරු පාසල් වගේ. අද ඒවා කොච්චර දියුණු මට්‌ටමේද කියලා හොයලා බලන්න පුළුවන්. වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය විශාල දියුණුවක් ලබලා. ලබන වසරේ සිට ශ්‍රීපාලිය සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. ජනාධිපතිතුමා රුපියල් බිලියන 15.8 ක් දුන්නා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න. ඒකේ වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ එක එක වැඩකට නැති කණ්‌ඩායම් එක්‌ක එකතුවෙච්ච කාලකණ්‌ණි කිහිපදෙනෙක් හැරුණු කොට බහුතරයක් ශිෂ්‍ය ප්‍රජාව මේ ගැන අවබෝධ කරගෙන ඉන්නේ. මේ කරන්න හදන්නේ ඒ සාමාර්ථ අරගෙනත් විශ්වවිද්‍යාල වරම් අහිමි වෙච්ච දරුවන්ට අඩු මිලකට උපාධියක් ගැනීමේ අවස්‌ථාව අහිමි කිරීමයි. මේ වෙනකොටත් පෞද්ගලික ආයතන පනහකින් විතර උපාධි පිරිනමනවා. අපි එහෙම කළා කියලා මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටෙන්න ඉඩ දෙන්නේ නෑ.ප්‍රශ්නය - ඇමැතිතුමා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බැංකු ණය හරි හදලා දෙනවා කිව්වට, ඒක ප්‍රායෝගික කාරණයක් වෙයිද. දැනට එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවා කියලා අපි දන්නේ නෑ.පිළිතුර - අපි මේකට විශේෂ පනතක් හදලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා එතනින් අනුමැතිය ලැබුණට පස්‌සේ පාර්ලිමේන්තුවට දාන්න ලෑස්‌තිකරලා තියෙන්නේ. හැබැයි මුදල් අමාත්‍යාංශය මේක ටිකක් පහුකරන්න කියලා කියනවා. මොකද බැංකු මේකට යම් තරමක බයක් තියෙනවා. මොකද බැංකු ණය ගෙවන්න වෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්‌සෙනේ. අන්න ඒ නිසා පොඩි ප්‍රමාදයක් තියෙනවා.ප්‍රශ්නය - ඒ නිසා තමයි මම ඇහුවේ ප්‍රායෝගික නෑ නේද කියලා.පිළිතුර - නෑ වැඩේ ප්‍රායෝගිකයි. ආරම්භ කිරීමේ ප්‍රමාදයක් තියෙන්නේ.ප්‍රශ්නය - ඒත්, මේ මොනතරම් තර්ක ඉදිරිපත් කළත් ඉසෙඩ් ස්‌කෝර් අගය භාවිත කරමින් ආණ්‌ඩුව කරන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් කප්පාදු කිරීමක් කරන්නය කියන චෝදනාව තියෙනවා. ඇත්තටම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් සිසුන් ඇතුළත් කරගැනීමේ උපක්‍රමයක් නේද මේ.පිළිතුර - කිසිම තර්කයක් නැති, මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැතුව ගේන තර්කයක් තමයි ඔය. ඔය චෝදනාව ගේන්නේ "අන්තරය" කියන ගුබ්බෑයමේ ඉන්න පිරිසක්. මම ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වෙලා ඉන්න කාලේ අන්තරය කියන්නේ පනතේ තිබ්බ එකක්. දැන් එහෙම එකක් නෑ. ඒ නිසා ඔය ගුබ්බෑයමේ ඉඳලා ගේන තර්ක අපිට පිළිගන්නත් බෑ, ඒකෙ ශිෂ්‍යයොත් නෑ. එතන ඉන්නේ උපාධිය ගන්න බැරි, හත්අටසැරේ ෙµaල් වෙච්ච කාලකණ්‌ණි ටිකක්.දැන් ඔය කාලකණ්‌ණිම තමයි, ඉසෙඩ් ස්‌කෝර් සම්බන්ධයෙන් දැන් තියෙන ප්‍රශ්නයට වගකියන්න ඕන. මේ මෑතදී මාව හම්බවෙන්න ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සීයක විතර පිරිසක් පෙරටුගාමී එකට ජවිපෙ එකට, අන්තරයට සාප කරනවා. ලංකා ගුරු සේවා සංගමයට සාප කරනවා. අපි අලුත් හා පරණ සිලබස් (විෂය නිර්දේශ) දෙකම එකට අරගෙන එක ඉසෙඩ් ස්‌කෝර් එකක් හැදුවා. ඒක හැදුවේ කටුබැද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ, කැලණියේ, පේරාදෙණියේ, ජයවර්ධනපුර සරසවි වල ගණිතය පිළිබඳව මහාචාර්යවරු පිරිසක් එකතුවෙලා. මේකට අර පේරාදෙණියේ තටිල් සම්බන්ධකර ගත්තේ නෑ කියලා පොඩි ප්‍රශ්නයක් වුණා. ඊළඟට කොහොම හරි මේකට නඩු දැම්මා. එතකොට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක තීන්දුවක් දුන්නා. ඇත්තටම ඒ තීන්දුව වැරදියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් මේ ඉසෙඩ් ස්‌කෝර් එක හදපු මහාචාර්ය කුලතුංග වගේ අය කිව්වා මේ තීන්දුව පිළිගන්න බෑ කියලා. ඒ නිසාම පරණ සිලබස් එක ලියපු ළමයින්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. අපිටත් හරිම වේදනාවක් මේ කාරණය. ඒක කළේ ජේවීපි එක. ඒක කළේ අන්තරය පෙරටුගාමී නඩය, ලංකා ගුරු සංගමය වගේ අය එකතුවෙලා. අද ඒ ළමයින්ට පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නේ. අපි මොකද කරන්නේ මේක අධිකරණ තීන්දුවක්.ප්‍රශ්නය - පරණ නිර්දේශයේ ළමයි නෙවෙයි, ඇමැතිතුමා ඉදිරියට සියලු සිසුන්ගේ කප්පාදුවක් වෙන්නේ නැද්ද.පිළිතුර - නෑ... ඒත් මෙහෙම දෙයක් වෙනවා. ඉසෙඩ් ස්‌කෝර් එක හදලා තියෙන්නේ උසස් පෙළ විභාගයේ තියෙන දැඩි තරගකාරී බව නිසා. සමහර ළමයි ලේසි විෂයයන් හොයාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුල්වෙන්න බලනවා. ඒ අවස්‌ථාව මේ ඉසෙඩ් ස්‌කෝර් එකෙන් වැලකෙනවා. අපි හිතමු කිසියම් වෙලාවක යම් විෂයයන් දෙකක් අමාරු වුණොත් ඒ වෙලාවේ ඒ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට යන්න බැරිවෙනවා. කිසියම් විෂයක් ලේසි වුණොත් ඒ ළමයි විශ්වවිද්‍යාලවලට යනවා. මෙන්න මේ සියලු අවස්‌ථාවන් ඉසෙඩ් ස්‌කෝර් නිසා වැලකෙනවා. හැබැයි මේකෙන් සියයට සීයක් වලක්‌වන්න බෑ.ඒත් සියයට 99 ක් වැලකෙනවා. කිසියම් විෂයක් ලේසි වුණා කියලා අගය වැඩි වෙන්නේ නෑ, විෂයක් අමාරු වුණා කියලා අගය අඩුවෙන්නෙත් නෑ, ලේසි විෂයන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලවලට පනින්න යන අයට ඒ හොරකම කරන්නත් බෑ. දැන් මේ වතාවේ 2000 ක් විතර කළමනාකරණ විෂය හදාරපු ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලවලට තේරිලා නෑ, ඒ අය ගණකාධිකරණ විෂය අතහැරපු අය. ඒ තුනයි හැබැයි විශ්වවිද්‍යාලවලට තේරිලා නෑ, මෙන්න මේ කාරණය මිසක් අපි කප්පාදුවක් කරන්නේ නෑ.ප්‍රශ්නය - හැබැයි විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන සංඛ්‍යාව අවම වෙනවා.පිළිතුර - මෙහෙමනේ, අමාරුම විෂයන් කරනවා කියන්නේ දැනුම තියෙන දරුවන් සරසවිවලට එනවා කියන එක. ඒත් අනිත් අයත් අපි අතහරින්නේ නෑ, ඒකට හේතු ගණනාවක් මම ඔබට කිව්වා. උදාහරණයක් හැටියට අපි තාක්‍ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නේ, ප්‍රායෝගික හා රැකියාවලට සුදුසු ශිෂ්‍යයන් බිහිකිරීමේ අරමුණින්.සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර, උදේශ සංජීව ගමගේඋපුටා ගැනීම.
|
BLOG
|
2014.12.15
|
http://kiriputha.blogspot.com/
|
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය )
|
කිරිපුතා
|
කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.මහින්ද - 614,740 (52.93%)සරත් - 533,022 (45.9%)සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා. මෙවරත් ඊට ආසන්න අගයකින් චන්දය භාවිතාවෙයි. මැතිවරණ කොට්ටාශ ක් අතරින් මහින්ද මහතා 9ක් සහ ෆොන්සේකා මහතා 6ක් ජයග්‍රහනය කර ඇත.2010දි ෆොන්සේකා මහතා ජයග්‍රහනය කල බොරැල්ල, මැද කොළඹ,නැගෙනහිර කොළඹ,උතුරු කොළඹ,බටහිර කොළඹ සහ දෙහිවල යන මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට ඉඩක් පවතී.2010 ජනාධිපතිවරණයේදී මහින්ද මහතා 53%ක් ලබා ජයගත් කොලොන්නාව, 53%ක් ලබා ජයගත් රත්මලාන සහ 52%ක් ලබා ජයගත් කෝට්ටේ මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට යම් ඉඩක් ඇත.හෝමාගම,කඩුවෙල ,කැස්බෑව,මහරගම,අවිස්සාවේල්ල සහ මොරටුව මැතිවරණ කොට්ටාශ මහින්ද මහතා ජයගැනීමට මෙවරද ඉඩකඩ පවතී.හෙළ උරුමයේ බලපෑම මෙහිදී ඉතා වැදගත්වේ.
|
BLOG
|
2013.12.06
|
http://kiriputha.blogspot.com/
|
බඩට එක්සයිස්..........
|
කිරිපුතා
|
බඩ.......කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි මේ උදරය නෙරා ඒමට හේතුවෙනවා ඇත්තෙ. මේක ලෙඩ රෝග ගොඩකට ආරම්භයක් වෙන්නත් පුලුවන්. උදරයට කරන ව්‍යායාම කීපෙකුත් යූ ටියුබ් එකෙන් හොයා ගත්තා. ගෙදරදිම කරන්නත් පුලුවන්.ආයෙම බ්ලොග් එක ලියන්න කියල මාව උනන්දු කරපු සුදීක අයියටත් මගෙ දුරකතන අංකෙ සුදීක අයියට දුන්නු සෑමටත් ගොඩක් ස්තූතියි.
|
BLOG
|
2012.07.16
|
http://kiriputha.blogspot.com/
|
තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....
|
කිරිපුතා
|
කිරිකට් මාමලා නම් හරි අපූරුයගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේයතෝරන උන්ට දැන් නම් අමු කැවිලායමේක අපට තේරෙන්නැති රහසක්යදන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතීපැරශුට් වලින් හැමදම ඇතුලට පනිතීඅතපත ගගා බිංදුවටම දැවී යතීඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතීඒ කණ්ඩායමට සිටියා එක්වීලාබිංදුවටම යනවා මුලදිම දැවිලාඑලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලාජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලාඑස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේඋතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේවැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ.
|
BLOG
|
2012.06.20
|
http://kiriputha.blogspot.com/
|
අම්මව ගස් බැඳපු උක්කුණා.....
|
කිරිපුතා
|
"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.බේබදුකමට කවදත් මුල් තැන ගත්තකසිප්පු බාගයකි හවසට අර ගත්තඅසරණ මවගෙ සැනසුම උදුරා ගත්තමේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්තඅම්මා සිටී හැමදාමත් කඳුලු බිබීනිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබීවනසා දමයි නිවසේ ඇති සියලු බැමීඅසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමීගුටි බැට දෙනව හැමදාමත් අම්මාටවයසක නිසා උහුලන්නට බෑ ඈටවැටහිර ගසක ඈ බැඳලා තිබු දාටකොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැටඋක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත් ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.( අපේ ගමේ වෙච්ච සිද්දියක් )ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.
|
BLOG
|
2012.06.10
|
http://kiriputha.blogspot.com/
|
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය
|
කිරිපුතා
|
අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.චෙන්නායි සුපර් කින්ග්ස්රන්දිව් සමගින් කුලයයි ආවේඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේඅන්තිමේදි බං කවුරුද දිනුවේකවුරු නොදින්නත් දෝනිලු දිනුවේඩෙකෑන් චාජර්ස්අන්න බලන් ඩෙකෑනයට ගිය තාලේඅන්තිමයට උඩින් යන්තම් ආ තාලේනායකකම ගෙන සංගා සිටි වේලේබෝලර්ලාගෙ හිගයෙන් පැරදුනි රාලේදිල්ලි ඩෙයාඩෙවිල්ස්කවදත් කොතැනත් සටනක් දෙන්නේකණ්ඩායම වෙනුවෙනි කැපවන්නේමහේල විතරයි දිල්ලියෙ ඉන්නේඋපරිම සහයයි සැමදා දෙන්නේමුම්බායි ඉන්දියන්ස්කණ්ඩායම ජයටැඹ වෙත ගෙනියන්නමාලිංගගෙ ශක්තිය ඕනෑ ඔන්නඔහුගේ සවිය තව වැඩි කරලා ගන්නතිසරත් එකතුවීලා ඉන්නව මෙන්නපූනේ වොරියර්ස්අවසානය වෙනතුරු සටනක් දෙනවාපිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වනවාමැතිව්ස් නාමෙ පූනෙ තුල රැව්දෙනවාහැකි උපරිමෙන් සහයෝගය දක්වනවාරාජස්තාන් රෝයල්ස්එක තරගයක්වත් ගැහුවේ නැතුවාටඔහුගේ නම තියේ හැමදාමත් යසටලංකා පිලෙන් බැබලෙන තරුවක් ලෙසටචන්දිමාල් නාමය වටිනව අපටරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ලංකා පිලේ කවදත් මුලතැන ගත්තදිල්ශාන්ට ලැබෙනව එහි හිනි පෙත්තදඟ පන්දුවෙන් මුලු ලෝකය ජය ගත්තමුරලි සිටී පන්දුව සුරතට ගත්ත.
|
BLOG
|
2012.06.06
|
http://kiriputha.blogspot.com/
|
සුදු නංගි සහ මනෝපාර
|
කිරිපුතා
|
ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයිඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයිදුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයිමගෙන් වහන්වී ගියොතින් හිතට දුකයිසුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දාඅල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දාඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දාමොනවා කියාවිද මන්දා පොඩි නැන්දාඊයේ හවස ඔබ යනවිට මහ පාරේහිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේඔය රුව දකින්නට පිං මදි සංසාරේකවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේනැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොටනුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකටමනෝ ලෝකයේ සක්මන් කරනකොටඋලුත් කඩන් වැටුනා වහලෙන් බිමට.
|
BLOG
|
2012.05.28
|
http://kiriputha.blogspot.com/
|
මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 )
|
කිරිපුතා
|
පලමු කොටසට.......එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා."මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා."කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ඇහුවෙ හිතේ කොනක තිබුනු බය ඉස්මතුවෙලා ආපු නිසාමයි.මිදුලෙ කෙලවරක තිබුන අඹ ගහ යට මොනවදෝ හාර හාර හිටපු ගෑණි කුසුමා දිහා හැරිලා බැලුවා. ඒ හරියට කරුවල වැටිල තිබුන හින්දා ඒ ගෑණිගෙ මූණ කුසුමට පැහැදිලිව පෙනුනෙ නෑ.මූණ පැහැදිලිව නොපෙනුනත් අඹ ගහ යට හිටපු උන්දැගෙ ඡායාව ටිකක් මැගිලින්ගෙ වගේ කියල කුසුමට හිතුනා.මැගිලින්ගෙ ගෙවල් තිබුනෙ කුසුමාවතීගෙ ගෙවල්වලට ටිකක් දුරින්. උන්දැගෙ වයස අවුරුදු පනහක් විතර ඇති.තැනින් තැන පැහිච්ච කොණ්ඩයක් තිබුණ මැගිලින්ගෙ ඉස්සරහට ආපු දත් ඇන්ද ඈට තරමක විරූපි පෙනුමක් ගෙනාවා. මැගිලින් කුසුමත් එක්ක දෙතුන් වතාවකට වඩා කතා කරලා තිබුනෙ නෑ.ගමේ මිනිස්සු නම් කියන්නෙ මැගිලින් අමුතු ගෑණියෙක්ලු. නිතරම බුලත් විටක් කටේ දාගෙන හිටපු මැගිලින් කතාකරන වචන පවා තරමක් අපැහැදිලියි කියලා කුසුමට හිතුනා.මනෝ ලෝකයේ හිටපු කුසුමා එක පාරටම ගැස්සිලා වටපිට බැලුවා. ඒත් ඒ වෙනකොට අඹ ගහ යට හිටපු ගෑණි එතනින් අතුරුදහන් වෙලා.කුසුමගෙ හිතට තරමක බයක් දැනුනා. ඒත් හිතට දහිරිය ගත්තු කුසුමා ආපහු ගේ ඇතුලට ඇවිත් දඩාස් ගාලා දොර වහගත්තා.ඒ සද්දෙට කුසුමගෙ අම්මටත් ඇහැරුනා."මොකද කෙල්ලෙ මේ මහ රෑ සීරි යකා දැකලා වගේ...." අම්මා එහෙම අහද්දි කුසුමා ඇගේ මූණට නැගිලා තිබුනු දාඩිය පිහිදාගත්තා."මුකුත් නෑ අම්මෙ....." කුසුමා එහෙම කිව්වට ඇගේ හිත පොඩ්ඩක් චංචල වෙලයි තිබුනෙ." එහෙම නම් කමක් නෑ. කොයිකටත් තුනුරුවන් සිහි කරල නිදාගනිං....." අම්මා එහෙම කිව්වා.......................................................පහුවදා එලිවෙන ජාමෙ කුසුමා ඇහැරුනේ කුකුල්ලු අඬලන සද්දෙට. අම්මා තාම නිදි.මූණ කට හෝදගත්තු කුසුමා කේතලේ ලිපේ තියනකොට අම්මත් ඇහැරලා කුස්සිය ගාවට ආවා."කෙල්ලෙ ඊයෙ රෑ මොකද උනේ. මට ඇත්ත කියපං...." අම්මා එහෙම අහද්දි කුසුමා අම්මට ඇත්තම කිව්වා." කොයිකටත් අපි යමංකො බලන්ඩ. ඔය ලාම්පු කුප්පිය ගනිංකො...." අම්මා ඉස්සර උනා.අම්මගෙ පිටිපස්සෙන් කුසුමා අඹ ගහ ලඟට ඇදුනෙ දෙගිඩියාවෙන්. ඊයෙ රෑ දැකපු මූණ ඈට මැවිලා පෙනුනා.ඊයෙ දැකපු මූණ පැහැදිලි නැති උනත් ඒ මැගිලින්මයි කියලා කුසුමට හිතුනා."අපොයි දෙයියනේ........" අම්මගෙ විලාපෙට කුසුමා පියවි සිහියට ආවා."ඇයි අම්මා....." කුසුමා එහෙම අහද්දි අම්මා ඈ දිහා ඔරවලා බැලුවා."මේ බලාපං......." අම්මා අඹගහ යට තිබුණු යමක් කුසුමට පෙන්නුවා.ඒ දිහා බලපු ඇගේ ඇසුත් ලොකු උනා................මතු සම්බන්ධයි.
|
BLOG
|
2012.05.25
|
http://kiriputha.blogspot.com/
|
මිනීවාහිනිය
|
කිරිපුතා
|
මලකුණු වල රස බුදිමින් සැනසෙන්නමහතුනි නුඹලාට හැකිවෙද විමසන්නඅනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්නමිනීවාහිනිය බැහැ නොවැ නරඹන්නකඳුලත් සැපක් විදියට අදහා ගත්තදුක විකුණලා මඩි තව තද කරගත්තසිනහව නගා එය පෙන්වා නම ගත්තමහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්තපෙන්වන්නට මලකුණු විතරද ඇත්තේවෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේරඟපාලා ඒවා පෙන්වති පැත්තේඑලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේඅසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්දසියදිවි නසා ගන්නා එක සැපයක්දඅනතුරු බහුල වනවිට සිත් සැනසේදජීවිතයක අගය ඔබ හට වැටහේදමවකගෙ ඇසින් වැටෙනා උණු කඳුලකටපවුලේ අයගෙ සිත්වල තිබෙනා දුකටසතුටින් ඉපිලෙමින් කරනා ලෙස මිලටමිනීවාහිනිය වැජඹෙනවා යසට(පින්තූරය ගත්තෙ ගොසිප්9 එකෙන්).
|
BLOG
|
2012.05.21
|
http://kiriputha.blogspot.com/
|
කසිප්පු ප්‍රමෝෂන්
|
කිරිපුතා
|
නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.කියුවත් එක එක කතාබිව්වත් රසටම ඉතාසිරිදාසගෙ සුදූ තමයිගමේ උන්නු හිතවතාඅවමගුලට මුල්තැනමංගල්ලෙදි අඩුතැනගමේ උන්ට කොයික වෙතත්සුදූට ලැබෙනව තැනඉස්සර කාලක් හැටයිඉක්මන් කොහොමත් කොටයිගමේ ගොඩේ සමහර උන්බොන්නේ අකුලක් යටයිපොලෝසියෙන් එනවලූඑතකොට හැංගෙනවලූසිරිදාසගෙ ගෝඩ හැලියයහමින් බබලනවලූගමේ ගොඩේ දේ වලින්හදනව මේවා සොඳින්බීවෝතින් ඉන් චුට්ටක්දෙව්ලොව පේනව ලඟින්සවි සක්තිය ලැබෙනවාහැඩි දැඩි බොඩි ලැබෙනවාසුදූගෙ පිහිටෙන් සැමදෙනසතුටින් කල්ගෙවනවාහැමදාමත් මේ ලෙසදිවගට රස දෙන යසඅගනා ඔසුවකි මෙය නම්මකනවා සියලුම දොස(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.).
|
BLOG
|
2012.05.19
|
http://kiriputha.blogspot.com/
|
බොසා සහ බ්ලොග් එක
|
කිරිපුතා
|
බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි මේ.(සේවකයො කියල කිව්වට ඉතිං මේ මට හිතෙන ඒවා තමා)ඉඳහිට වගේ හැරිලා වටපිට බලලාබොසා අසුනෙ නැති බව තහවුරු කරලාගූගල් දෙයියන්ට පොඩ්ඩක් ඉඟි කරලාඑන්ටද ගොසින් මාගේ බ්ලොග් එක බලලාකොමෙන්ට් එකක්වත් අද වැටිලා නැද්දමේල් එකට එන හින්දා නැහැ සද්දරිප්ලයි කරන කල ඇතිවේවිද යුද්දබොසා නැති දාට අපහට හොඳ හොද්දරිප්ලයි කරන්නට වෙන්නෙම පමාවෙලාබ්ලොගේ හිතවතුන් යාවිද තරහවෙලාඅනේ මහතුනේ පොඩ්ඩක් සමාවෙලාපවසමි මගේ දුක මෙලෙසට වැඳ වැටිලාමූණු පොතට ගියොතින් මම අහුවෙනවාවැඩ මහ ගොඩක් මා වටකර කැරකෙනවාදැන්නම් බොසෝ මට පොඩ්ඩක් තදවෙනවාහිතේ දුකට එතකොට කවි ලියවෙනවාහිතේ සතුට උතුරන දවසුත් එනවාඑදා බොසා ඔපීසියෙන් පිටවෙනවාෆීල්ඩ් එකේ මුලු දවසම ගතවෙනවාඔපීසියේ අපි සතුටෙන් හිනැහෙනවාමූණු පොතද සමගින් බ්ලොග් එකට වැදීකියවමි ලියමි කෙතරම් ලියවුනත් මදීසතුටින් සිහින සාගරයක සුවය විඳීඅල්ලපු මේසෙ පොර දැන් හොඳටෝම නිදී.
|
BLOG
|
2014.12.14
|
http://kanaththa.blogspot.com/
|
පරිගණකයය තමන් විසින්ම සොෆ්ට්වෙයාර් දැමීම ඉගෙනගන්න
|
tharaka rupasinghe
|
.
|
BLOG
|
2014.12.14
|
http://kanaththa.blogspot.com/
|
ලේසියෙන්ම ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න
|
tharaka rupasinghe
|
ඔන්ලයින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන හැටි කියල දෙන්නෙ මේ. ඕන අය බලන්න ලේසි ක්‍රමයක් පොඩි දෙයයි..Firefox බාවිතා කරනවනම් Settings යන්න. ඒකෙ තියනව Addons කියල. ඒක ක්ලික් කරල Online Video Helper කියල Search කරන්න.මේක ඉන්ස්ටෝල් කරගන්න.. දැන් දකුණුපැත්තෙ උඩින් එයි, උඩ තියන පාට තුනේ බෝල තුන. වීඩියෝ එකක් ඔයා ප්ලේ කරද්දි ඒක කැරකෙනව. ඒක ක්ල්ක් කරල වීඩියෝ එක බාගන්න පුලුවන්..එහෙම ත් අවුල්නම්http://en.net/මෙන්න මේ සයිට් එකට ගිහින්. වීඩියෝ ලින්ක් එක කොපි කරල පේස්ට් කරල බාගන්න.
|
BLOG
|
2013.11.18
|
http://kanaththa.blogspot.com/
|
Samsung SHW-M110S එකට සුපිරිම ROM එකක්.....
|
tharaka rupasinghe
|
Samsung SHW-M110S එකට සුපිරිම ROM එකක්.....රොම් 8 ක් දාල චෙක් කරල බැලුවෙ... එ 8 න් හොදම එක තමයි මේක....කොරියන් ඇප් නෑ...SMS කේස් නෑ කියල සමහර සයිට්, බ්ලොග් වල 200 MBM110s Fixed Korea එක දාල තියනව.. ඒක හරියන්නෑ...ඒක ඩවුන්ලොඩ් කරන්න එපා ඩේට සහ කාලය නාස්තිවීමක් පමණයි...ඒක කිවුවෙ මම ඒහෙම කටු කාල තමයි මේක හොයා ගත්තෙ.. ඔය පහල තියන්නෙ ලින්ක්එක..htmlප්‍රශ්ණ තියනවනම් කමෙන්ට් කරන්න...
|
BLOG
|
2013.09.28
|
http://kanaththa.blogspot.com/
|
සරුංගල්
|
tharaka rupasinghe
|
හපෝයි.. මේ වැස්ස මදිවට කරන්එකත් කපල. දැන් ඉතින් පැය ගානක් කපනවලුනෙ කරන්ට්එක. මොනාකොරන්නද. මේකත් මේ කනත්තෙ සෙට්එකකගෙ වැඩක්, ඉතින් අපි සරුංගල් අරිනවනෙ. එතන තියනව ඔයක් ඉතින් අපි සරුංගල් උඩ ඇරල ගහක බදිනව නූල. බැදල ඔයෙන් නානව. අපේ සෙට්එකේ නම් කිවුවොත්. සත්තු තව එක එක ජාතියෙ උන් ඉන්නව, මුවා, ඉස්ස, වලය, කනා, කුස්සිය, ලකිය, බක්ක, මේ ටිකක් විතරයි. ඔය වගේ. ඉතින් අපි සරුංගල් අරින තැන තියනව රතු ගොරක ගහක්. ඉතින් කට්ටියම සරුංගල් උඩ ඇරල ඕකෙ තමා ඉන්නෙ. මොකද ඒකෙ ගෙඩි වල මදේ රසයි. මැංගුස් වගේ. මැංගුස් වගේ කිවුවට චූට්ටක් මැංගුස් වලට වඩා රස අඩුයි. ඔන්න ගහේ අයිති කාරය ඇවිත් බැනපි දවසක්. තොපි මොකද බොලවු කොරන්නෙ, පලයවු හැත්ත ගොරක ඔක්කොම ඉවරයි මෙතන හැම .තැනම දාල. කියල පහල හිටපු උන් ඔක්කොම පැනල දිවුව. ඉතින් ගහ මුදුනෙ ඉන්න අපි. මක්කැයි කොරන්නෙ. ඇහුන්නෑ වගේ බැහැල ගිය. මේකි නිකන් බනින්නෙ මේකිගෙ දුව ඇරං ගියා වගේනෙ. එකෙක් කියපි. මොකද්ද බොල තොපි කිවුවෙ කියල අතේ තිබුනු මඤ්ඤොක්ක ලීයත් අරං ආපි නේද මේකි. මොනා උනත් ගෑනුන‍්‍ට ගහන්න බෑනෙ, අපි සෙට් එක දිවුව ඉතිං වෙල මැදට. අයිති කාර ගෑනි දිහා අපි වෙල මැද්දට වෙලා බලන් ඉන්නව. හොද හොද පද කිය කයා.. ඕකිට හෙනම ගහපිය, ගොරකයක් කෑවට මක්වෙනවද. කිය කියා.. ඉතින් මේ අස්සෙ අපේ එකෙක් ගෑනිට ගිහින් මේහෙම ටෝක් කරනව. හෝවු හෝවු ඇන්ටි මෙහෙම කරමු. ඔය හැමතැනම දාල තියන එවුව අපි ඇහිදල දෙන්නම්. මොකද අපි පොත්ත කන්නෑනෙ. අපි මදේ විතරන කන්නෙ. නැ නෑ නෑ ඕන්නෑ මම ඇහිද ගන්නම් තොපි මේ වත්ත පැත්ත පලාතට එන්න එපා කියපි නේද මේකි. ඒකටනම් අපිට අසූ හාරදාහට තද උනි. ගෑනියෙ දැනගනින් ගහ කපල විකුණණව දරට.... අපිට ගොරක පොතු වැඩක් නෑ බොල. මදේ විතරයි කෑවේ. අපේ වැරැද්ද නිසයි ඇහිදල දෙන්න ඇහැවුවෙ. අමාරුවකට නෙවේ. කියල බැනගෙන බැනගෙන ගියා. ගෑනිට කට උත්තර නෑ.ගෑනි ගියා යන්න, ඉතිං අපි අදනම් අර කාලකන්නි ගෑනිගෙ ගොරකෙ කන්න යන්නැතුව ඉමු. මොකටද නිකන් පද අහගන්නෙ කිය කියා කතා වෙල අපි ගියා සරුංගල් අරින්න. සරුංගලේ උඩ ඇරියට පස්සෙ මොන බම්බුවක් කරන්නද. වචනෙ අමතකවෙලා එකෙක් පැන්න ඇලෙන් එහා පැත්තට. ඇලෙන් එහා පැත්තෙ තියන්නෙ ගොරක ගහ ඇ. ඉතින් උ ගහවටේ වැටිල තියන එව්ව කනව. අපිටත් එවනව. රස ඉවසන්නම බෑ දැන්නම්, ඔන්න ඉතිං ෂේප් එකේ එකා දෙකා ගහට නගිනව, හැබැයි අදනම් ගෙඩි ඔක්කොම බිමට කඩල බෙදාගෙන පොතු එක තැනකට දැම්ම. අදත් ගෑනි එනව කැලේ කඩාගෙන. ආපු ගමන් ආ ඇන්ට් කියල දුන්න. වචනයක්වත් කිවුවෙ නෑ මේකි. ආ... ඔහොමනෙ ඉන්න ඕනෙ කියල අපි හොද ළමයි උනා.
|
BLOG
|
2013.09.28
|
http://kanaththa.blogspot.com/
|
වින්ඩෝස් XP Service pack 2 විනාඩි 2 න් Service pack 3 කරගන්න
|
tharaka rupasinghe
|
අද නම් ටිකක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න හදන්නෙ. වින්ඩෝස් XP Service pack 2 දාල තියන අයට තියන ප්‍රශ්ණයක් තමයි සමහර සොෆ්ට්වෙයා ගේම්ස් එහෙම ඉන්ස්ටෝල් කරන්න බැරි එක. මොකද ගොඩක් අලුත් සොෆ්ට්වෙයාර් සපෝට් කරන්නෙ XP SP3 වල සිට උඩට නිසා. එහෙම උනාම XP SP 2 එක SP 3 කරගන්න කැමති ඇතිනෙ විනාඩි 2න්...... නැත්තම් අප්ඩේට් දාගෙන දගලන්න ඕනෙ පැය ගනන්.. එහෙමත් නැත්තම් අලුතෙන්ම වින්ඩෝස් දාන්න වෙනව SP3 සීඩී එකක් හොයාගෙන...හරි මෙහෙමයි....Start > Run එක ගන්නකො.. එහෙම නැත්තම් වින්ඩෝස් කී එකයි.. R අකුරයි ඔබන්නකො..මේ පහල තියන වීඩියෝ එක බලන්න.... ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි.
|
BLOG
|
2014.12.13
|
http://asanka-mind.blogspot.com
|
119 සතිය
|
Asanka Karunarathna
|
කොයිවෙලේ දාලා යන්න වෙයිද දන්නෙ නැති මැරුණම සත පහක් නොවටිනා ශරීරය වෙනුවෙන් අපි කොච්චර දේවල් කරනවද . ඒත් සංසාරය පුරාවට ගෙනයන සිත වෙනුවෙන් අපි මොනවද කරන්නෙ.
|
BLOG
|
2014.12.03
|
http://asanka-mind.blogspot.com
|
118 සතිය
|
Asanka Karunarathna
|
අන්අය වැරදි කිරීම, තමා කල වැරැද්දට නිදහසට කාරණයක් නොවේ.
|
BLOG
|
2014.11.28
|
http://asanka-mind.blogspot.com
|
මගේ කතාව 2 - බලු වෙදා
|
Asanka Karunarathna
|
ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ පනෙල්කන්ද හන්දියෙ සොහොන් බිම අසලින් ඇතුලට ඇති ගුරු පාර කොහාට යන පාරක්දැයි මම නොදනිමි. නමුත් ඒ පාරෙන් අපේ ගෙදරට යා හැකි බව නම් දනිමි. පාර අයිනේ පාරේ නම ගැසූ පුවරුවක් තිබීම සාමාන්‍ය දෙයක් වුවත් මගේ මතකයේ ඇත්තේ එවැනි පුවරුවක සටහනක් නොව "පිස්සු බලු රෝග වෙද මහතා" යැයි කෙටූ ලැලී පුවරුවක්. අපේ ගෙදර පිහිටියේ තරමක් උසින් කදු ගැටයකයි. පල්ලමේ ගෙදර වූයේ මේ වෙද මහතාගේ ගෙදරයි. කවුරුත් 'බලුවෙදා' යැයි ඔහුව ඇමතුවේ ඔහුට නිග්‍රහ කිරීමට නොව භාවිතයේ පහසුවට යි.ඒ වෙදමහතාට අපි සීයා කීවෙමු. නමුත් ඔහුගේ බාල දියණිය නැන්දා නොව දිස්නා අක්කාය. අප කුඩා කල දෙමව්පියන් වැඩට ගිය විට දිස්නා අක්කා සමඟ ඒ ගෙදරට වී සිටිමු. පාසැල් යන දිනවල ගෙදරම්මලාගේ ගෙදර සිටියත් නිවාඩු කාලයට බලු වෙදාගේ නිවසේ කෙළිදෙලෙන් කාලය ගත කලෙමු. දිස්නා අක්කාත් ඇයගේ මවත් ස්වයං රැකියාවක් ලෙස කොහු ලණු අඹරයි. මම ද ඊට සහය වන්නේ බොහොම ආසාවෙනි.හීං ලණු තුනක් ගෙන එකට තබා කෙලවර හිල් පොල්කටුවක් තුලින් යවා ගැටයක් දමයි. ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි. එක් අයෙක් පොල් කටුවෙන් අල්ලා සිටින අතර අනෙකෙක් ලණු ඇදෙන සේ පොල්ල අල්ලාගෙන කරකවයි. එවිට ලණු තුන එකට ඇඹරේ. හොදට ඇඹරුණු පසු ලණුවේ මැදින් කෙනෙක් අල්ලා සිටිය දී කෙලවර දෙක එකට තබා මැදින් අල්ලා සිටින තැන නිදහස් කරයි. එවිට ලණුව හොඳට ඇඹරී කඹයක් බවට පත්වෙයි. බොහෝ විට එහි අවසන් කොටස වන මැදින් අල්ලා සිටින්නා මම වෙමි.අප එහි ගියවිට දහවල් ආහාරය ගන්නේ ද සියාගේ ගෙදරිනි. දිස්නා අක්කා හෝ සීයා අපට ආහාර කැවීම සිදු කරයි. එසේ ආහාර කවන විට කතන්දර කීම සීයාගේ පුරුද්ද කි. මුලින් මුලින් කවන වේලාවට පමණක් කතා කීව ද අපේ කතා ඇසීමට තුබූ ආසාව නිසා සියාට හැකි හෑම අවස්ථාවකම කතාවක් කීමට සිදු විය. අවසානයේ අවසානයක් නැති කතා ද සීයාට කීමට සිදුවිය. ඒ අපගෙන් ගැලවීම උදෙසාය. එවැනි එක් කතාවක් මෙසේ ලියමි."ඔන්න එක කැළැවකට ආවලු කෝච්චියක්, ඉතින් ඒ කෝච්චියට සත්තු ඔක්කොම නගින්න පටන් ගත්තලු. මුලින් අලි නගිනවලු, ඊ ළගට සිංහයෝ, කොටි වල්ස්සු නගිනවලු. ඊ ළඟට නරි නගිනවලු, ඉතින් තාම සත්තු කෝච්චියට නගිනවලු""ඉතින් ඊට පස්සේ ." අපි සීයාගෙන් අසමු. "ඉතින් තාම නගිනවනේ, නැගලා ඉවර උනාම කියන්නම්කෝ" සීයා කියයි. ඔය වගේ ඉවරයක් නැති කතා ද සෑහෙන ප්‍රමානයක් සියා කියා ඇත. සීයාගේ කටේ නිතරම කියැවෙන සින්දු කැල්ලක් ද ඇත. එය මට තාමත් මතක ඇත. "කොස් තම්බා පොල් ගාලා කන්න දුන්නේ මං, මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලූ දැන්" යනු ඒ කවියයි.සීයා ලෙඩුන් අඩු කාලවලට මාළු ඇල්ලීමට යයි. ඒ යන ගමනට මා කවදාවත් රැගෙන නොගියත් අයියා නම් සීයා සමඟ මාළු ඇල්ලීමට බොට්ටුවෙන් ගඟේ යයි. ඒ නිසා බොහෝ දිනවල දවල්ට වෙල් මාළු හෝ ගඟේ මාළු කෑමට ලැබෙයි. ඊට අමතරව ඌරු මස් ද සීයාගේ ගෙදර වෙයි. ඒ පිස්සු බලු රෝගය හඳුනා ගැනීමට රෝගින්ට ඌරු මස් කන්නට දෙන නිසායී.මගේ කූඩා අවදියේ මතකයන් අතරේ සදා අනුස්මරණිය චරිතයකි වෙද සීයා. හේ කියා දුන් කයි කතන්දර තාමත් මට අද ඊයේ වගේ මතකය. දිස්නා අක්කා ද ඒ මතකයේ සිටියත් ඇගේ මවත් අයියලා දෙන්නා ගැනත් ඇත්තේ බොඳ වූ මතකයකි.
|
BLOG
|
2014.11.25
|
http://asanka-mind.blogspot.com
|
ඔබ ඔහුගේ වීමෙ වටිනාකම
|
Asanka Karunarathna
|
ඔහු අහසයි -නුඔ සදවතියයිඒ් අහසේ බබළනඔහු වැස්සයි - නුඔ දේදුන්නයිපිනි බිදුමත දිදුලනමා මහ පොළවයි සද එළියේ සැනහෙනඅහසට වැඩියෙන් අදුනන්නේ පොළවයි සදුගේ සොමිගුණමා වැහි ළිහිණෙකි නුබ ගැඹරේ පියඹනපින්නට නොපෙනෙන දේදුන්නේ විසිතුරු දකිමින් නැළවෙන.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.